ආරණ්‍යවාසී ලොකුස්වාමීන් වහන්සේ නමකගේ මගපෙන්වීම යටතේ බටලීය ප්‍රදේශයේ පදිංචි පින්වත් මහත්මයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට අනුව 2019 වර්ශයේ වස් කාලයේදී පටන් බෝලන්කන්ද තපෝඅරණ වනවාසී සෙනසුනක් ලෙසින් පවත්වාගෙන යයි.
ප්‍රදේශයේ පිනැතියන්ගේ සාදර අනුග්‍රහය හා දහඩිය මහන්සියෙන් ඇරඹි මෙම ස්ථානය වෙනුවෙන් පසුව තවත් ඉඩම් කැබලි සැදැහෙන් පූජා කිරීම සිදු විය.වනවාසී සෙනසුනක ලොකු ස්වාමීන් වහන්සේ යොමුකල දායක පිරිස් සෙනනසුන ගොඩනැංවීම සදහා දායකත්වයද දරති.
නිහඩ පරිසරයක පිහිටි සෙනසුනේ, මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදිකතෘ අපවත් වී වදාළ අතිපූජනීය අම්පිටියේ මංගල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වැඩවෙසෙති. පසලොස්වක පොහොය දිනයන් හිදී භාවනාවට රුචිකත්වයක් දක්වන පිරිස් සීල සමාදානයට පැමිණේ. මීට අමතරව භාවනා උපදෙස් ලබාදීම සහ ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වේ.
සතිමත් බව දියුණු කිරීම තුළින් ආධ්‍යාත්මික මෙන්ම සාමාජීය සංවර්ධනයක් ඇතිකිරීම මෙම සෙනසුනහි ප්‍රධාන පරමාර්ථයයි.
වසර 1984 මාරුතු 17 වන දින උපතලද පදියතලාවේ මේධාවී හිමියන් හෝලිකේ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අරඹා පසුව පිළිවෙලින් පදියතලාව මධ්‍යමහා විද්‍යාලයෙන් සහ මහියංගනය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූවෙකි. උසස්පෙළ හදාරණ සමයේ මුණගැසුණු සිරිපාවනයේ වනවාසී ස්වාමීන් වහන්සේ නමකගේ ඇසුර නිසාවෙන් සසුනට පෙම්බැද වර්ෂ 2009 මාර්තු 22 ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ එවකට ආරණ්්ය සේනාසනාධිපතිත්වය දැරූ පූජනීය අම්පිටියේ මංගලනාහිමියන් යටතේ පැවිදි බිමට පත්වූහ.
වර්ෂ 2010 ජූනි මස 06 වන දිනඋපසම්පදාව ලද උන්වහන්සේ. වසර ගණනාවක් වනවාසීව තනිව කල්ගෙවූහ. පසුව උපාද්්යායන්වහන්සේගේ උපදෙස්මත වසරකිහිපයක් ආරණ්‍ය සේනාසනයක භාරකාරත්වය දරා කටයුතු කල අතර තායිජාතික අජාන් චා සුබද්දෝ මහතෙරුන් වහන්සේගේ දේශණාවට මහත්සේ ඇළුම්කල උන්වහන්සේ වර්ෂ 2015 අවසානයේදී මඩකඩ ආරණ්‍යයේ නායකහිමි ප්‍රධාන දූතපිරිසක් සමගින් තායිලන්තයට වැඩමකර ඌබෝන් නගරයෙහි පිහිටි අන්තර් ජාතික භාවනා මධ්‍යස්ථානයේ වසර කිහිපයක් තායිලන්ත වනවාසී භික්ෂු පුහුණුව ලැබූහ. පසුව ලංකාවට වැඩමකල මුන්වහන්සේ නායක හිමිපාණන් වහන්සේගේම උපදේශයකට අනුව පස්යාල බෝලන්කන්ද ග්‍රාමයේ කදුකර වනලැහැබක නවාතැන් ගත්හ. උන්වහන්සේ විවිධ සාසනික සේවාවන් සිදුකරමින්බෝලන්කන්ද තපෝ අරණෙහි මේදක්වාම වැඩ වාසය කරති.
🌻🌻🌻🌻🌻🌻