බෝලන්කන්ද තපෝඅරණ කේන්ද්‍රගත කරගනිමින් විවිධ පිංදහම් සිදුකර මියපරලොවගිය සුපින්වතුගේ ගුණ පුණරාවර්ජනය
රත්නායක රාජපක්ෂ මුදලිගේ නිමල් රත්නායක මහත්මා උපත 1955.01.29 වියෝවීම 2026.02.20
සෙනසුන උදෙසා සිදුකල මෙහෙය
🌻සතිපට්ඨාන භාවනාවගැන සිදුකෙරෙණ භාවනා උපදෙස් වැඩසටහෙනහි සියලු මූලිකත්වය ගැනීම සහ බරපැන දැරීම
🌻අප සේනාසනයේ භාවනා වැඩසටහනහි අද දිනය දක්වාම භාවිතාවන නම අපක්ෂපාතී නිරීක්ෂණය ලෙසින් හදුන්වාදීම
🌻මූල්ම භාවනා වැඩසටහනේ සියලු දේශණා සහ දහම් සාකච්ඡා පටිගතකොට https://www.youtube.com/@DAMMADAYAKA2023 චැනලය ඔස්සේ ඉලිදැක්වීම
🌻සේනානසයෙන් නිර්මිත ප්‍රථම පොත ලෙස අරුණැල්ලේ දහම්සිසිල 01 පොත මුද්‍රණය කිරීමෙහි සම්භන්දීකරණය සිදු කිරීම
🌻අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශණයට යොමු කිරීම
🌻දැනට භාවිතා වන තපෝඅරණ යූටියුබ් චැනලයෙහි මූලික අඩිතාලම සකසා දීම
🌻සෙනසුනේ නඩත්තු කටයුතු වෙනුවෙන් තම ධන පරිත්‍යාගය
🌻නිරන්තරයෙන්ම මාසිකව දන් පිරිණැමීම
🌻ධර්මයෙහි රසමුසුතැන් නිරන්තරයෙන්ම අපහාද, බෙදාහදාගැනීම.
🌻අවසන් වරට හමුවීම 2026 වර්ශයේ දී දුරකථනය ඔස්සේ
සෙනසුන උදෙසා සිදුකල මෙහෙය
🌻කොරෝනා උවදුර සමයේ දාන පිරිණැමීම
🌻සෙනසුනේ නඩත්තු කටයුතු වෙනුවෙන් තම ධන පරිත්‍යාගය
🌻සතිපට්ඨාන භාවනාවගැන සිදුකෙරෙණ භාවනා උපදෙස් වැඩසටහනේහි ප්‍රයෝජනය සදහා වන පරිඝණකය පූජා කිරීම (වර්ශ 2020 සිට අද දක්වාම බෝලන්කන්ද සේනාසනයෙන් විකාශයවන සියලුම දහම් කටයුතු මෙම පරිඝණකය ඔස්සේ සිදුවේ.)
🌻ධර්මයෙහි රසමුසුතැන් නිරන්තරයෙන්ම අපහාද, බෙදාහදාගැනීම.
🌻අවසන් වරට හමුවීම 2023 අප්‍රියල් මස දිනක දුරකථනය ඔස්සේ. (සාකච්ඡාවේ මාතෘකාව - සංයුත්ත නිකාය වේදනා සංයුත්තය - විභංග සූත්‍රය )
මෛත්‍රී කපුගම මහතා උපත 1942.02.18 වියෝවීම 2023.05.26
සෙනසුන උදෙසා සිදුකල මෙහෙය
🌻මෙතුමන්ගේ දියණීය විසින් සෙනසුනේ නඩත්තු කටයුතු වෙනුවෙන් තම ධන පරිත්‍යාගය
🌻අද දින දක්වාම පැවැත්වෙන අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා වැඩසටහන නිවැරදි දිශා ආනතියකට යොමුකරවීම
මල්ලිකා සපරමාදු මහත්මිය උපත 1954.12.08 වියෝවීම 2022.12.05
සෙනසුන උදෙසා සිදුකල මෙහෙය
🌻කොරෝනා උවදුර සමයේ දාන පිරිණැමීම
🌻කොරෝනා උවදුර සමයේ මහරගම සිට පාණීය ජලය සෙනසුනට එවීම, එසේ නොහැකිවන දිනවලදී ඒ වෙනුවෙන් නිට්ටඔුව කාගිල්ස් ආයතනය හරහා දානයට අවශ්‍ය සියලු දේ ලැබීමට සැලැස්වීමට අප්‍රමාණ වෙහෙසක් දැරීම.
🌻සෙනසුනේ නඩත්තු කටයුතු වෙනුවෙන් තම ධන පරිත්‍යාගය
🌻ආවාසයෙහි දොර ජනෙල් ආවරණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම
🌻මවක මෙන් කාරුණිකබව දැක්වීම
🌻අවසන් වරට හමුවීම 2022 දෙසැම්බර් මස මියපරලොව යෑමට දින 3කට පෙර දුරකථනය ඔස්සේ. (සාකච්ඡාවේ මාතෘකාව - සිහියතුලින් වේදනාව සමනයවන අත්දැකීම් - කමටහන් වාර්ථාවක් ලෙසින් )