මේසා දුරක් පැමිණිමට උපකාරවූ සියලු දෙනාම ඉතාමත්ම ගෙෘරවයෙන් යුතුව සිහිපත්කරමි
ආරණ්‍යවාසී පැවිදි දිවියගැන කියාදී
පැවිදි දිවියක වටිනාකම සහ වපසරීය කියාදුන්
අජාන් චා දුබද්දෝ මහතෙරුන් වහන්සේ
මා පිළිබදව විස්වාසය ඇතිකරගත් පළමු උතුමා මේ දක්වාම ආ පැවිදි දිවිය ගෙවියයුතු ආකාරය කියාදී මා සාසනයට දායාදකල අපවත්වී වදාල ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදීකතෘ වතුරුවිල සංඝ සභාවේ අනුනායක ශාසන සෝබන වනරථන පණ්ඩිත අම්පිටියේ මංගල ගුරුපියාණන් වහන්සේ
සතිමත්බව පිළිබදවූ වැටහීම ස්ථිරකරදුන් මාගේ භාවනා ආචාර්ය හේනේපොල ගුණරතන මහනායක මහතෙරුන්වහන්සේ
වනවාසී කල පටන්ම ගුරුවරයෙකු වැනිවූ නායක හිමියන් අපවත්වීමෙන් පසු ගුරුවරයාවූ කළ්‍යාණමිත්‍ර අස්ගිරිවල්පොල විමලඥාණ මහතෙරුන්වහන්සේ
නිහඩ පිළිවෙතක් අනුගමන කරමින් මානොදුටු දෙය දකින්නට මා යොමුකල අජාන් ලියම් මහතෙරුන්වහන්සේ
තායිලන්ත අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයට ඇතුලත්වීමට අවසරය ලබාදී තායි වනවාසී සම්ප්රදාය හැදෑරීමට සියලු පහසුකම් සැපයූ මගේ තායිලන්ත ගුරුවර අජාන් කේවලී මහතෙරුන්වහන්සේ
භාවනාව පිළිපදවූ ගැටළු නිරාකරණය කරදී මාගේ පුහුණුවේ අඩුපාඩු පෙන්වාදුන් උඩඊරියගම ධම්මජීව මහතෙරුන්වහන්සේ
මාහට භාවනාව පිළිපදව උවමනාවක් පැවති කුඩාකල සිටම ප්‍රායෝගික පුහුණුවක සිතියම පෙන්වාදුන් අජාන් බ්‍රහ්මවන්සෝ මහතෙරුන්වහනසේ
තායලන්ත ඝණවනාන්තර පැවිදි සම්ප්රදාය හැදෑරීමට මාහට බොහෝවෙහෙස මහන්සිවී අවස්ථාව සලසාදුන් අජාන් සිරිපඥ්ඥෝ මහතෙරුන්වහන්සේ
බෝලන්කන්ද ග්‍රාමයට පැමිණිමට ප්‍රධානම උපකාරය සදුකරමින් තපෝඅරණ සාසනයට පූජාකිරීමට යොමුකල සෙනසුන තැනීමට අපට ආරාධනාව සිදුකල කහටලියැද්දේ අමිත මහතෙරුනවහන්සේ
- ආරාම පූජාව සදහා ප්‍රධාන මූලිකත්වය ගෙන තමාසතු ඉඩම සාසනයට පූජාකිරීමතුලින් තපෝඅරණ සෙනසුන ආරම්භයට කටයුතුකල පස්යාල කජුගම බටලීය පදිංචි පද්මසිරි මහතා -