........ධර්ම දේශණා එකතුව....... ( Audio - Video - Text - Download ) under construction......
භාවනාව 1
පහසු ඉරියව්ව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බතී
පස්සද්දකායෝ සුඛං වේදියතී
සුඛිනෝ චිත්තං සමාධියතීතී"
පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කර ගනිමින්, පස්යාල බෝලන්කන්ද තපෝ අරණේ පැවැත්වෙන භාවනා උපදෙස් මාලාවේ දෙවනි අදියරේ ආරම්භයයි මේ සනිටුහන් වෙන්නේ. මෙවර වැඩසටහන පසුගිය වර වැඩසටහනට වඩා මදක් වෙනස් විදියකට කරන්නට අපි සැලසුම් කලා. පසුගිය වාරයේ දේශනාව කරලා, ඊට පස්සේ අපි කෙටි ධර්ම සාකච්ඡාවක් කරලා, කමටහන් සුද්ධ කරලා, වැඩසටහන නැවැත්තුවා. මෙවරදී අදහස තියෙන්නේ භාවනාවේ මූලිකම කොටසේ ඉඳලා භාවනාව ගැන එක් මාතෘකාවක් ඔස්සේ කෙටි දේශනාවක් පවත්වල, ඒ දේශනාව අවසානයේදී ඒ දේශනාව මූලාශ්‍රය කර ගත්ත විදිහට ප්‍රායෝගික වූ භාවනාවක් විනාඩි පහළොවක් විස්සක් විතර හැමෝම එක්ක එකතු වෙලා කරන්නටයි. ඒ කාලය තුලදී ස්වාමීන් වහන්සේ හැටියට මම උත්සාහ කරනවා මේ පැත්තේ ඉඳලා ඔය ඇත්තන්ට භාවනා ගමන තුල ඒ යන්න ඕන අවධීන් පිළිබඳව උපදෙස් දෙන්න කියලා.
ඉතින් ඒ උපදේශයන් එක්ක මම හිතනවා භාවනාව විනාඩි පහළොවකට විස්සකට වගේ කාලයකට අපට සිදු කරගන්නට පුළුවන් වෙයි වගේම, ඒ දවසේදී කරන දේශනාව ප්‍රායෝගිකව පුරුදු කරන්නට එවෙලේම අවස්ථාවක් හම්බ වේවි කියල. ඉන් අනතුරුව ඒ දවසේදී සිද්ධ කරගත්ත භාවනාව ආශ්රයෙන් ලබපු අත්දැකීම් මොකද්ද කියලා කර්මස්ථාන වාර්තාවක්, නැත්නම් කමටහන් විස්තරයක් අපි සාකච්ඡා කරල ඒ ඒ දිනයේදී තමන්ගේ භාවනාව තුලදී තමන්ට තිබ්බ අත්දැකීම මොකද්ද? ඒ අත්දැකීම විදහා ගන්නකොට, තේරුම් ගන්නකොට, තමන්ගේ තිබුනු මොනව හරි අඩුපාඩුකම් තිබ්බ නම් ආන් ඒ ටික සකස් කර ගන්නට අවස්ථාවක් තියනව.
ඉතින් මේ දේශනා පෙළ සමගාමීව යූ ටියුබ් නාලිකාව ඔස්සේත් ප්‍රචාරය වෙනවා. නමුත් අර zoom කියන ඒ තාක්ෂණය ඔස්සේ ඉන්න ඇත්තන්ට තමන්ගේ ගැටළු අහන්නට අවස්ථාවක් තියනවා. සමහරක් වෙලාවට ගැටළු අහන වෙලාවේදී යූ ටියුබ් තුලින් නරඹන අයට වුනත් වැදගත් වෙන ප්‍රශ්ණයක් අහල තිබ්බොත් උත්තරයක් දෙන්න අවස්ථාවකුත් තියනව.
ඉතින් ඒත් එක්කම ඉල්ලා හිටින්න අවසරයි මේ පාර වැඩසටහන කරගෙන යනකොට අපි භාවනාව ගැනම කතාබහ කරන්න බලමු. ඔය ඇත්තන් ප්‍රශ්ණ අහනකොටත් මම ආරාධනා කර සිටිනවා තමන්ට භාවනාවේ තියන ප්‍රායෝගික ගැටළු අහන්න ඕනෙයි කියලා. ස්වාමීන් වහන්සේලා මේ මේ විදියට කියල තියනවා, ඔබ වහන්සේගේ අදහස කොහොමද කියල අහන්න නරකයි. ඒක එපා කියල මම ආරාධනා කරනව බොහොම නිහතමානීව ගෞරවයෙන්. ඒ වගේම අහවල් සූත්‍රයේ නම් මෙහෙම තියනවා, මේ සූත්‍රයේ නම් මෙහෙමයි ස්වාමීන් වහන්ස, එහෙම කිවුව නම් හොඳයි කියල ඒ විදියට යෝජනා කරන්නත් එපා කියල මම බොහොම නිහතමානීව ඉල්ලා සිටිනව.
ඉතින් මේ භාවනාව ගැන විශ්වාසයක් තියාගෙන, සතිපට්ඨානය කියන මාතෘකාව ඔස්සේ විශ්වාසයක් තියාගෙන, මම ආරාධනා කරනවා ඔය ඇත්තන්ට අද දවසේදී නැත්නම් එක දවසකදී කියල දෙන භාවනාව ඒ සතිය පුරාවට පුළුවන් නම් විනාඩි පහළොව ගානෙ පුරුදු කරන්න කියල. මේ එක එක මාතෘකාවලින් කතා වුනාට මේක අස්සේ යන්නෙ, සම්පූර්ණ සතර සතිපට්ඨානය නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රයයි ආවරණය කරන්නට මගේ බලාපොරොත්තුව තියෙන්නේ. අපි බලමු ඒක කොච්චරක් දුරට සාර්ථක වේවිද කියල. ඉතින් එහෙම නම් අපේ දේශනාවේ ආරම්භයයි මේ සිද්ධ වෙන්නේ. අද දවසේ මාතෘකාව තමයි 'පහසු ඉරියව්ව'.
පින්වතුනි අපි ගමනක් යනකොට වුනත්, වාහනයක යනකොට වුනත්, පුටුවක වාඩි වුනා වුනත්, අපි එක්තරා විදියකට පහසු ඉරියව්වක් සකස් කරගන්නවා. පහසු ඉරියව්වකට වෙනවා. එහෙම වුනාම අපිට හරි ලේසියි කාලයක් තිස්සේ ඒ ඉරියව්ව තුල ඉන්න. භාවනාව කියන විෂයත් එක්තරා විදියකට කියනව නම් ඉරියව්වක පැවැත්වීමක් කියල කියන්නත් පුළුවන්. අපි සකස් කර ගත්ත නිවැරිදි වූ ඉරියව්වක් හින්දා දීර්ඝ කාලයක් භාවනාවත් එක්ක ඉන්න අපිට අවස්ථාව හම්බ වෙන්න පුළුවන්.
මේ ඉරියව්වක තියන වැදගත්කම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උන් වහන්සේ දේශනා කරන භාවනාව සම්බන්ධයෙන් තියන දේශනාවල පටන් ගන්නකොටම කියන්නෙම ඕක ගැනමයි.
"නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය"
ඔන්න ඔය වගේ වචන ටිකක් නිතර නිතර නිතර නිතරම යෙදෙනව. තථාගතයන් වහන්සේ එතකොට අපිව යොමු කරනවා එක ඉරියව්වකට ඉන්න කියල. මහ ලොකුවට ඉතින් ඒක ගැන විස්තර කරන්නෙ නැති වුනාට.
උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව අවධියේ කුස තණ මිටි අටක් තියාගෙන භාවනාව වැඩුව කියල කියනව. උන් වහන්සේට තිබුනා ඒ වුනාට නිකම්ම නිකං පොළොවේ වාඩි වෙන්නත්. උන් වහන්සේට තිබුනා. නමුත් එහෙම කලේ නෑ. යම්කිසි වූ පහසුවක ස්වභාවයක් එතන පින්වතුනි අපිට මේ හැම කාරණාවකින්ම එළියට එන්නෙ. ඉස්මතු වෙන්නෙ. ඔප් නැංවෙන්නෙ. ඒක හින්දා අපි කරන භාවනාවට ගොඩක්ම වැදගත් වෙනවා අපි ඉන්න ඉරියව්වේ තියන සමබරතාවය.
අනික් එක තමයි ඉරියව්ව මාරු කරන එක. උදාහරණයක් වශයෙන් කියනව නම් අපි විනාඩි පහළොවක් පර්යංක භාවනාවේ හිටියා නම් විනාඩි පහක් විතර කාලයක් වත් අඩුම තරමේ සක්මන් භාවනාව කරන එක අතිශයින්ම වැදගත් වෙනව. මේක අනිවාර්ය නැහැ නමුත් නැත්තෙත් නෑ කියල කියන්න පුළුවන්. මොකද ඔය තායිලන්තෙට වැඩම කරලා එහෙදී භාවනාවටම යෙදිච්ච හාමුදුරුවරු මුණ ගැහෙන්න වුනාම උන් වහන්සේලා අපිට දුන්න උපදේශය තමයි ඔන්න ඔය කියාපු කාරණේ. මොකද්ද?
"ඔය ඇත්තො භවනාවක් කරනව නම් අනිවාර්යයෙන්ම ඉරියව්ව මාරු කරන්න"
කියල කිවුව. පර්යංකයෙ ඉන්න වෙලාව හා සමාන වෙලාවක් හෝ යම්කිසි වූ වෙලාවක්, (අඩු වෙලාවක් වුනාට කමක් නැහැ) සක්මනටත් යොදා ගන්න කියල කිවුව. එහෙම නොකරපු ස්වාමීන් වහන්සේලාට පස්සෙ කාලෙකදී සිද්ධ වෙච්ච ඇබැද්දිය තමයි, උන් වහන්සේලා ඒ කාලෙ පර්යංක භාවනාවම සිදු කරමින් ඉඳලා, සක්මන් කරන්නෙ නැතුව ඉඳලා, දැන් වෙනකොට පින්වතුනි උන්වහන්සේලාට පර්යංක භාවනාවට යන්න බැරිකමක් තියනව. අපි සාමාන්‍ය භාෂාවෙන් කියන වචනයෙන්ම කිවුවොත් එරමිණියා ගොතාගෙන වාඩි වෙන්න බැරි තත්ත්වයක් උන් වහන්සේලාට තියනවා.
ඒකට හේතුව තමා අර එකම ඉරියව්වකම ඉඳලා ශරීරයේ මේ තියන අඟපසඟ මොනව හරි දුර්වලතාවයකට පත් වෙලා තියන හින්ද. ඉතින් අපි අනාගතයක් ගැනත් හිතන්න ඕන හන්දා මගේ යෝජනාව තමයි අපි කරන භාවනාවක් අතර පින්වතුනි ඉරියව් මාරු කිරීමක් දාගන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කාරි නැහැ, අපි කරන භාවනාව ඒකාකාරී විදියටම පැයක් එක දිගටම ඉන්නවද පර්යංකයෙම ඉන්නවද කියන එක නෙවෙයි මේකෙන් කියවෙන්නේ. සතිපට්ඨානය පුරුදු කරන කෙනා නැත්තං සතිමත්භාවය පුරුදු කරන කෙනාගේ ඒ ඉලක්කය තමයි, ඒ යන මාවත තමයි කියල දෙන්නේ, ඉන්න කාලය කොච්චර හෝ වේවා ඒක ප්‍රශ්නයක් නැහැ, ඒ ඉන්න කාලය තුල සිහියෙන් ඉන්නවද කියන එකයි වැදගත් වෙන්නෙ. සතිමත් භාවයෙන් ඉන්නවද කියන එකයි වැදගත් වෙන්නෙ.
ඉතින් ඒක හින්ද පින්වතුනි භාවනාවක් අතරතුර ඉරියව්වක් මාරු කරන එක විශේෂම කාරණාවක් හැටියට සලකන්න ඕන. අනිත් එක තමයි අපිට කරන භාවනාව දීර්ඝ හැටියට කරගෙන යන්න ලැබෙන ප්‍රධානම සාධකයන් අතරින් එකක් තියනවා ශරීරයේ තියන සැහැල්ලු බව. අපේ ශරීරය පුළුවන් තරමක් සැහැල්ලු හැටියට තියාගන්න උත්සාහ කරනවා නම්, භාවනාව ලේසියි ඇත්තටම කියනව නම්. භාවනාව තුල ඒ පර්යංක කාලයේදී හෝ ඒ ඉන්න භාවනා වාරය තුලදී රැඳෙන්න ඉන්න ලේසියි.
ඊළඟට අපි භාවනා කරන්න භාවිතා කරන හැඩය සමබර වෙන්න ඕන. උදාහරණයක් හැටියට ලංකාවේ සාමාන්‍යයෙන් කියල දෙන ක්‍රමය තමයි, අර පිරිමි ඇත්තන්ට නම් එරමිණිය ගොතාගෙන ඉන්නටත් කාන්තාවන්ට කියල දෙනව අර්ධ පර්යංකයේ ඉන්නටත් කියල. අර්ධ පර්යංකය හොඳයි නරක නැහැ, නමුත් ඉන්න ටිකක් අමාරුයි. දීර්ඝ කාලයක් දීර්ඝ වෙලාවක් ඉන්න ටිකක් අමාරුයි. ඒක හින්ද සමබර විදිහට තියන පහසු ඉරියව්වක් සකස් කරගන්න එක හොඳයි.
අපි අහල තියන මතයක් නම් තියනවා කාන්තාවන්ට එරමිණිය ගොතාගෙන ඉන්න හොඳ නැහැ හරි මොකක් හරි කියලා. නමුත් තායිලන්තෙට ගියාට පස්සේ එහේ ධර්ම දේශනා කරන වෙලාව තියෙන්නෙ පෝය දවසට රෑ නමයහමාරට විතර. ඔය දේශනාව ඉවරයක් වෙනකොට පාන්දර දෙක තුන විතර වෙනව. හැබැයි ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න එන මෑණිවරු (මේ අතදරුවො ඉන්න උපාසක අම්මල එන්නෙ) තමන්ගෙ දරුවො ටික නලවලා, දරුවො නිදිකරවල තමයි ඔන්න බණ අහන්න පටන් ගන්නෙ. හැබැයි වාඩි වෙන්නෙ පද්මාසනයෙන්. මමත් හරි පුදුම වුනා දැක්කට පස්සේ, මොකද මටත් එච්චර කාලයක් ඉන්න බැරි හින්දා. මේ පැය හතර පහ හය ඒ ඇත්තො පද්මාසනයෙම ඉන්නව ඒ පුරුදු වෙලා ඉන්න හින්ද. ඒ ඇත්තොන්ගෙ අදහස අහනකොට කියන්නෙ ඒ විදිහේ ඉරියව්වකට පුරුදු වෙලා ඉන්න හින්ද ඒගොල්ලන්ට ඉන්න ලේසියි. දීර්ඝ කාලයක් භාවනාව වඩන්න, භාවනාව පුරුදු කරගන්න ලේසියි කියලයි ඒ ඇත්තො කියන්නෙ. ඉතින් ඒක හින්ද සමබරව තියන ඉරියව්වක් හදා ගන්න එක, සකස් කරගන්න එක වටිනව.
මට මතකයි අපේ නායක හාමදුරුවො ඉංගිරියෙ හිටපු කාලයේ කියාපු කාරණාවක් තියනව. "භාවනාවකදී පළවෙනියෙන්ම, වැඩියෙන්ම ඉගෙන ගන්න ඕනම දේ සමබර ඉරියව්ව" කියල. "ඒක ඉගෙන ගන්නකොට භාවනාවත් ඉගෙන ගන්නවමයි" කියල. ඉතින් කෙසේ හෝ වේවා භාවනාව තුල අපි සමබර ඉරියව්වක් හදාගෙන සැහැල්ලු වෙන්න ඕන. ඒකත් එක්කම පහසුවක් තියන බොහොම ලොකු නිදහසක් තියන විදිහේ හැඩහුරුකමකට ඉරියව්වකට යන්න ඕන.
ඒත් එක්කම ඔය කියන මූලික කාරණා ටික සකස් කරගත්තට පස්සේ, ඊළඟට අපි උත්සාහ කරන්න ඕන පින්වතුනි, එකපාරටම ආනාපානයට පනින්න යන්නෙ නැතුව හෝ ආශ්වාසය ප්රාශ්වාසය හොයන්න යන්නෙ නැතුව, මේ මොහොත තුලදී තමන්ට දැනෙන තේරෙන දේ මොකද්ද කියල පොඩ්ඩක් තේරුම් ගන්න.
ඒකෙ පළවෙනි ඉලක්කය හැටියට අපි උත්සාහ කරන්න පටන් ගන්නවා අපි ගාව තියන මේ ශරීරය, මේ ශරීරය තුල තියන ස්වභාවය ටිකක් තේරුම් බේරුම් ඇති කර ගන්නට. අත තියෙන්නෙ කොහොමද? කකුල තියෙන්නෙ කොහොමද? මුහුණ තියෙන්නෙ කොහොමද? හෝ බෙල්ල තියෙන්නෙ කොහොමද? අපිට පුළුවන්කම තියෙනව දෑස පියාගෙනම, දෑස විවර කරන්නෙ නැතුවම අපේ සිරුර දිහා ටිකක් ඔබ මොබ හැසිරෙන්න පුළුවන්කමක් තියනව. යන්න පුළුවන්කමක් තියනව.
ඒත් එක්ක අපිට හම්බ වෙන්න පුළුවනි දැන් අපි ශරීරයට අපේ හිත ගන්න උත්සාහ කරන හින්දා, ඔන්න තේරෙන්න ගන්න පුළුවන්, අපි ඇඳන් ඉන්න ඇඳුම් ආයිත්තම්වල ගොරෝසු තැන් ලේසි තැන් අන්න ඒ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. සමහර තැන් කිටි කිටියේ තද වෙලා හිර වෙලා තියෙන්න පුළුවන්. සමහර තැන් ගොඩාක්ම ලිහිල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට හොඳම දේ පින්වතුනි, ඒව හිතා මතාම ඉස්සෙල්ල පොඩ්ඩක් සකස් කර ගන්න ඕන තමන්ට ලේසි වෙන ප්‍රමාණයට. ඒව හිතා මතාම ටිකක් හදා ගන්න නිදහස් වෙන ප්‍රමාණයකට කොහොමද කියල. ඒ වගේ දෙයක් කරන්නට තත්පර දහයක් පහළොහක් මිඩංගු කරන එක ලාභයි. මොකද සමස්ථ භාවනාවකදී අපිට ලොකු වේදනාවක් එන්න පටන් ගත්ත නම් ඇඳන් ඉන්න ඇඳුමේ තද තැනක් තියන තැනකින් කොහේ හරි, ඒක ඊට කලියෙන් අපිට වෙනස් කරන්න නවත්තන්න පුළුවන්කමක් තියනවා නම්, ආ ඒ දේ කරන එක ලාභයි. ඒ දේ පළවෙනියෙන්ම කරන එක මහා ලාභයක් ඇත්තටම කියනව නම්.
ඉතින් මෙහෙම කලාට පස්සේ අපිට ශරීරයෙ අභ්‍යන්තරයට යන්න පුළුවන්කමක් හම්බ වේවි, මොකද දැන් අපි භාවනාවේදී මුලින් ශරීරයේ හැඩය බලන්න, අත කකුල් තියෙන හැටි බලන්න, ඒත් එක්කම ඇඳුම් ආයිත්තම් තියෙන හැටි, ඒවා මෘදු සැහැල්ලු කරගන්න ආදී දේවල් උගන්වල තියෙන හින්දා දැන් අපිට පුළුවන්කමක් තියෙන්න පුළුවන් ශරීරය අභ්‍යන්තරයට චුට්ටක් යන්න. එබිකම් කරල බලන්න.
නමුත් තාමත්ම අපි ආනාපානය ගැන එච්චරම අදහසක් ඇති කරගත්තෙ නැහැ. හදිස්සි වෙන්නත් නරකයි.
මේ වගේ අවස්ථාවකදී ඊළඟට ශරීරය දිහා බලන්න පුළුවන් වුනාම, අපි හොඳට බලන්න ඕන නිරීක්ෂණය කරලා දැන් තමන්ට මේ ශරීරය තුල කොහෙද තේරෙන්නෙ? පළවෙනියෙන්ම අපි හිසෙන් පටන් ගත්තොත් එහෙම, හිසේ ඉඳලම චුට්ට චුට්ට තමන්ට මේ ශරීරය තුල තේරෙන දේවල් ටික මෙනෙහි කරගෙන, මෙනෙහි කරගෙන, මෙනෙහි කරගෙන, මෙනෙහි කරගෙන යන්න පටන් ගන්නව. මෙනෙහි වෙන්නෙ නැත්නම් චුට්ටක් ඉතින් ඔය පොඩ්ඩක් හොලවලා, ඇස් දෙක ඇරල බලල හරි කමක් නෑ, ඒ දේවල් හඳුනා ගන්න උත්සාහ කරන එක හොඳයි. වැරැද්දක් නැහැ මේ සිහියක්නෙ ඇති කරගන්නෙ.
මේ විදියට ඇති කරගත්තාට පස්සේ අපිට හම්බ වෙනව පින්වතුනි අර ඇඳුම් ආයිත්තම්වල රළු තැන් සියුම් තැන් තිබ්බා වගේම, මේ ශරීරයෙත් තියනවා අපි රළු කරගෙන ඉන්න සියුම් කරගෙන ඉන්න තැන් කියල. ඕව තමයි භාවනාවෙදි ඇත්තටම කියනව නම් මූලිකවම තියන මහා කරදර. ඔව්ව විසඳන්න මොනවත්ම අපි කරන්නෙ නැති හින්ද තමයි භාවනාව දමල ගහල නතර කරන්නෙ. අරෙහෙ රිදෙනවා, මෙහෙ රිදෙනවා කියල හිතල ඊට පස්සෙ ඕව ගැන කල්පනා කරන්න පටන් ගත්තහම, භාවනාව ඇත්තටම විගහටම නතර කරන්නයි අපි කල්පනා කරන්නෙ.
නමුත් භාවනාව කියල කියන්නේ ඊට වඩා හරීම සැපදායක දෙයක්. සංතෝසදායක දෙයක්. ඉතින් ඒ සංතෝසදායී දේට යන්න අපිට හම්බ වෙනවා, ඔය සංතෝසය අයින් කරල දාන මේ රළු දේවල් මොනවද ගොරෝසු තැන් මොනවද කියලා හඳුනා ගත්තොත් මේ ශරීරය අභ්‍යන්තරය තුල තියන.
හා එතකොට අපි මොකද කරන්නේ? ඒ අභ්‍යන්තරය තුල තියන රළු ගොරෝසු තැන් ටිකත් මෘදු සැහැල්ලු කරගන්නවා බොහෝමත්ම හිමීට හිමීට. උදාහරණයක් හැටියට කියනවා නම් අපේ අත් දෙක බොහොම තදින් තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. මේ උරහිස් එහෙම බොහොම හිර කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැතුව මේව පුළුවන් තරම් බුරුල් කරගන්න. පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. මේක ආමි එකට ගිහිල්ල කරනව වගේ ව්‍යායාමයක් නොවෙන හින්දා පුළුවන් තරම් සැහැල්ලුවෙන් මේ ගමන යන එකයි වටින්නෙ සහ ලේසි වෙන්නෙ.
ඉතින් එහෙම කරනකොට අපිට සමහරක් වෙලාවට පින්වතුනි හිතාගන්න අමාරු වෙන්න පුළුවන් මෘදු සැහැල්ලුකම කියන්නෙ මොකද්ද කියල. අපි දන්නෙ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒක හොයා ගන්නත් එක ක්‍රමයක් තියෙනවා. අපි ශරීරය පුරාම යන්න ඉගෙන ගත්තා නම්, ශරීරය තුල තියෙන සමහර කොටස් අපිට දැනෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, කාරි නෑ. එතකොට ඒ දේවල්වල සමහර තැන් තියෙන්න පුළුවන් මෘදු සැහැල්ලු. සමහර තැන් තියෙන්න පුළුවන් ගොරෝසු. තද. ආන් ඒ මෘදු සැහැල්ලු තැන්වල තියනව වගේ ස්වභාවයක් තමයි අර ගොරෝසු තැන්වලටත් අපි ඇති කරගන්න ඕන හෝ වඩා වර්ධනය කරගන්න ඕන.
මෙන්න මේ කියන පුහුණුව තමයි අපි භාවනාව තුලදී පින්වතුනි පළවෙනියෙන්ම අපේ ජීවිතේට කියල දෙන්න ඕනෙ. අපේ චිත්ත සන්තානයට උගන්වන්න ඕන වෙන්නෙ භාවනාවක් පටන් ගන්න යනකොට. එහෙම නැතුව එක පාරටම ගිහිල්ලා ආනාපානයක් කරනවා කියල වැඩේ පටන් ගන්නකොටම අපේ ශරීරය තුල සමබරතාවයක් නැතිනම්, අපි ඉන්න ඉරියව්වේ පහසුවක් නැතිනම්, අපි ඉන්න ඉරියව්ව දෙපැත්තට සමබර නැත්නම්, අපි ඇඳගෙන ඉන්න ඇඳුම්වල කිසීම කිසි පහසුවක් අපිට ගෙනැල්ල දෙන්නෙ නැතිනම්, ශරීරයෙ තියන අඟපසඟවලත් පහසුවක් නැතිනම්, අපිට ශරීරයක් තියනවද කියලවත් අපිට තේරෙන්නෙත් නැතිනම්, ආනාපානයක් හොයන්නෙ කොහෙන්ද? කියල ඉතින් අහන්න වෙනව. අපි දන්නෙ නෑ ඒක කොහෙද තියෙන්නෙ කියලවත්.
අන්න ඒක හින්ද අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන පළවෙනියෙන්ම, මේ ශරීරය තුලට ඇවිල්ල, මේ ශරීරයත් එක්ක ඉඳල, මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන, අපිට දැනෙන කරන දේවල් එක්ක මොහොතක් නැවතිලා ඉන්නෙ කොහොමද? කියල ඉගෙන ගන්න ඕන. ඒ තියන ස්වභාවයත් එක්ක වඩා වැඩි කාලයක්, පුළුවන් තරම් උපරිම කාලයක් නැවතිලා ඉන්නේ කොහොමද? පැලපදියම් වෙලා ඉන්නෙ කොහොමද? කියල ඉගෙන ගන්න පටන් ගන්නව. අන්න එහෙම කරන්න වුනාම අපේ භාවනාව තුල පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට,
"පීති මනස්ස කායෝපි පස්සම්බති
චිත්තම්පි පස්සම්බතී
පස්සද්දකායෝ සුඛං වේදියතී
සුඛිනෝ චිත්තං සමාධියතීතී"
අපේ මනස ප්‍රීතිමත් වෙයි. එමෙම වුනාම "කායෝපි පස්සම්බති" කය පිනා යනව. කය මෘදු සැහැල්ලු වෙනව. අපි ඒ මෘදු සැහැල්ලු වෙන තැන් ටික හොය හොයා, බලබලා ගිහින් තියෙන්නෙ. අපිට හම්බ වෙන්න පටන් අරන් තියනව චුට්ට චුට්ට. පොඩ්ඩ පොඩ්ඩ. ඩිංග ඩිංග. පස්සද්දකායෝ සුඛං වේදියති" ඒ විදියට මෘදු සැහැල්ලුවක් කියන ශරීරයක් හරීම සැපතක්.
එතකොට භාවනාව කියල තියෙන්නෙ ඇත්තම කියනව නම් සංතෝසයක් අපිට ලැබෙන්න ඕන දෙයක්. බොහොම අමාරුවෙන් කරගෙන යන්න ඕන දෙයක් නෙවෙයි. අමාරු අවස්ථා තියෙන්න පුළුවන් ඒක වෙනයි, නමුත් අපිට මේ ගමන තුල මේක කරගෙන යන්න යම්කිසි විදිහක උත්තේජනයකුත් තියෙන්න ඕන. මනාපයකුත් එන්න ඕන. කැමැත්තකුත් එන්න ඕන. ඒක ඇති කරගන්නෙ කොහොමද? අර මෘදු සැහැල්ලුකම් ටික හොයාගෙන හොයාගෙන වඩා වර්ධනය කරගත්තහම තමයි.
"පස්සද්දකායෝ සුඛං වේදියතී
සුඛිනෝ චිත්තං සමාධියති"
ඒ විදියට මෘදු කයක් තියනව නම් ඒක හරීම හරි සැපතක්. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නෙ. "සුඛිනෝ චිත්තං සමාධියති" ඒ විදියට සැප සහගතව තියන ශරීරයක් තියන කෙනා, සංතෝසදායී හිතක් තියන කෙනෙක් වෙනවා. එහෙම හිතක් තැන්පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි පින්වතුනි හිත තැන්පත් කරගන්න යන්න තියන මාර්ගය. යන්න තියන ක්‍රමය.
අපි භාවනාව පටන් ගන්නකොටම අපේ මූලිකම අදහසක් තමයි හිත තැන්පත් කරගන්න එක. ඒක හරි අහිංසකයි. හැබැයි අපි දන්නෙ නැති නම් හිත තැන්පත් වෙන්නෙ කොහොමද? සහ හිත තැන්පත් වෙන්නෙ නැත්තෙ ඇයි? කියලා, එහෙම නම් අපිට මේක කරන්න අමාරුයි. ඒ කියන ඉලක්කයට අපිට යන්න ඇත්තටම මඟ ඇහිරෙන්න ඕන. පාර වැහිල යනව.
ඉතින් මේ වැඩසටහන් පෙලේදි මම කතා කරන්නෙ භාවනාව කියන මාතෘකාව ඔස්සේ, සතර සතිපට්ඨානය කියන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍රගත කර ගනිමින් කොටස් වශයෙන් ඒ දේශනා පෙලෙහි තියන දේවල් චුට්ට චුට්ට අපේ ජීවිතේට ප්‍රායෝගික කර ගන්නෙ කොහොමද? කියල. ඉතින් ඔන්න ඔය කියන කොටසේ මූලිකම අවස්ථාවයි අද දවසේ ඔය ඇත්තන්ට කියන්න කියල කල්පනා කලේ 'පහසු ඉරියව්ව' කියන මාතෘකාව යටතේදී. ඉතින් මං හිතනව යම්තාක් දුරට පහසු ඉරියව්වක තියන වැදගත්කම, වටිනාකම ඔය ඇත්තන්ට තේරෙන්න ඇතියි කියලා. ඉස්මතු වෙන්න ඇතියි කියල.
ඉතින් අපි මේකෙදි කරන කටයුතු වෙන මොනවත්ම නෙවෙයි ඉස්සෙල්ලාම වාඩි වෙලා, සංඥා හොඳට තේරුම් බේරුම් ඇති කරගෙන, අපේ ශරීරය තුල තියන දේවල් ටික තේරුම් අරගෙන, ඒ ශරීරයත් එක්ක යන්නෙ කොහොමද? ශරීරය ඇතුලෙ ඉන්නෙ කොහොමද? කියල පොඩ්ඩක් තේරුම් බේරුම් ඇති කරගෙන, රළු ගොරෝසු තැන් ටික මනාකොට අවබෝධ කරගෙන, එව්වත් එක්ක ඇලෙන්න යන්නෙත් නෑ, ගැටෙන්න යන්නෙත් නෑ එව්ව සකස් කරගන්න ඕන නම් ඔන්න පොඩ්ඩ පොඩ්ඩ සකස් කරගන්න පටන් ගන්නව. සකස් කරගන්න ඕන නැති තැනක නම් ඒව පවතින්නේ, හා ඒකට එහෙම තියෙන්න දෙනව. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි භාවනාව අපි මූලිකව පුරුදු කරන්නෙ.
ඒත් එක්කම විශේෂම කාරණය තමයි පින්වතුනි කරන භාවනාවක් කරලා, ඉරියව්වත් මාරු කරලා ඊළඟට තවත් ඉරියව්වකින් තවත් පොඩි වෙලාවක් කරන එක වැදගත් වෙනව. විශේෂයෙන්ම පර්යංකයේ හිටියා නම් යම්කිසි කාලයක් ඒ හා සමාන කාලයක් හෝ අඩුම වශයෙන් ඊට කිට්ටුවෙන් යන කාලයක් හෝ සක්මන් භාවනාවත් සිදු කරන එක අනිවාර්ය අවශ්‍යතාවයක් කියල මම සඳහන් කරන්න කැමතියි.
කෙසේ හෝ වේවා භාවනාවක් කරලා, ඒ භාවනාව නවත්තල වෙනත් වැඩකට යන්න කලියෙන් මං කරන බොහොම බරපතලම ඉල්ලීම තමයි ආපස්සට මතක් කරන්න. අද දවසේදී භාවනාවේදී මම මොකද්ද කලේ? මොකක්ද වුනේ? මොන විදියටද ඒ දේවල් මම තේරුම් ගත්තේ? ඒ දේවල්වලට මොන විදිහේ ප්රතිචාරයක්ද මම දැක්වුවේ? කියන ආපස්සට බැලීම, පසු විපරම කරන්න අමතක කරන්න එපා.
මෙන්න මේ කියන කාරණාවල් ටික ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ හිතේ තියාගෙන, ඔය කියල දුන්න භාවනාව මේ එන සතිය තුල ක්‍රියාත්මක කලොත් ලබන සතිය වෙද්දි ඔය ඇත්තන්ට සිහියට ප්‍රධාන තැන දෙන්නෙ මෙහෙමයි කියන එක ගැන ලොකු කාරණාවල් ගොඩක් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙලා තියේවි කියල. එය එසේම වේවා කියල මං බලාපොරොත්තු වෙනව. එහෙම කියන ගමන්ම අද දවසට කරන භාවනා උපදේශය මං මෙතකින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනව. සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනාව 2
නිදිමත, අලසබව සහ භාවනාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා තීති"
පූජනීය මහ සංඝරත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වෙන ඒ සැදැහැවත් පිරිස වගේම බෝලන්කන්ද තපෝ අරණට නිරන්තරයෙන්ම තමන්ගේ දායකත්වය දක්වන මේ පින්වත් පිරිසත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා.
සැදැහැවතුනි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කර ගනිමින් භාවනා වැඩසටහන් මාලාවක් පැවැත්වීමේ අවශ්‍යතාවය බොහෝ දෙනෙකුගේ යෝජනාවක් වෙච්ච හින්දා, කලින් වතාවේ තිබුනු වැඩසටහන ටිකක් නව්‍ය ස්වරූපයකින් පවත්වන්නට අපි උත්සාහවන්ත වුනා. කල්පනා කළා. ඒ අයුරින් අපක්ෂපාතී නිරීක්ෂණය මාතෘකාව යටතේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව, කොටස් වශයෙන්, විස්තර සහිතව ප්‍රායෝගික අත්දැකීම් ආශ්රයෙන්ම, භාවනාවල් සිදු කර ගනිමින්ම සිදු කරන දෙවන භාවනා වැඩසටහන තමයි අද මේ යෙදිල තියෙන්නෙ. අද දවසේ මාතෘකාව නිදිමත, අලස ගතිය සහ, භාවනාව.
සාමාන්‍යයෙන් අපි බණක් අහනකොට හෝ වේවා භාවනාවක් කරනකොට හෝ වේවා පළවෙනියෙන්ම අපි ගාවට එන නීවරණය මොකක්ද? ගොඩක් වෙලාවට ඔය කියන නිදිමත තමයි අංක එකටම එන්නෙ. ඒක එක්තරා විදියකට මට එක හාමුදුරු කෙනෙක් විහිළුවටත් කිවුවා, පංච නීවරණ පහ නිකං එක ඉරකට ලිවුවොත් එහෙම කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ උඩම තියෙන්නෙ. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ විදියට ප්‍රධාන පෙළේ බලපෑමක් තියන නීවරණයක් මේක.
කෙසේ හෝ වේවා පින්වතුනි ඔය කියන නීවරණය, නැත්නම් ඔය කියන කාරණාව, භාවනාව තුල කොච්චරක්, නැත්නම් මේ ධර්ම මාර්ගය පුරුදු කිරීම තුල කොච්චරක් අපේ ජීවිතයට සම්බන්ධද කියනව නම්, බුදුරජාණන් වහන්සේ වෙනම සූත්‍ර දේශනා පවා කරල තියනවා ඔය කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඒ තරමටම මේ කියන කාරණේ අපේ ජීවිතේට ගොඩක් බලපෑමක් එල්ල කරන බවකුයි එතකොට ඒ කියන දේවල්වලින් කියවෙන්නෙ.
ඉතින් ඒ අතින් බලනකොට පින්වතුනි අපි ගොඩක් වෙලාවට නිදිමතක් හැදෙනවා නම් කරන දේ තමා අපේ ඉරියව්ව මාරු කරන්න යනවා, විශේෂයෙන්ම කියනව නම් භාවනාව නතර කරල දානව. ඒක වෙන්නෙත් ඇත්තටම කියනව නම් අපිට ඔය කියන නිදිමත ආවා හෝ පැමිණියා හෝ තියනවා හෝ කියල දැනුනොත් තමයි. අපිටත් හොරා නිදිමත ඇවිල්ල තිබුනොත් එහෙම, කරන්න දෙයක් නැහැ.
එතකොට මේ වගේ ස්වභාවයකට අපිව පත් වෙන්නෙ, යටපත් වෙන්නෙ මොකක් හින්දද කියන කාරණේ අපි චුට්ටක් සලකා බැලුවොත් එහෙම පින්වතුනි, භාවනාවක් කරන්න හෝ බණක් අහන්න කියන දේකට අපි සම්බන්ධ වෙනකොට, ඒ වගේ කාරණේකට අපිව යොමු වෙන්නේ ඇත්තම කියනව නම් සාමාන්‍ය ජීවිතේ බොහෝමයක් විදිහේ කටයුතු කාරණා කරන අතරෙයි. ඒ වගේ දහසකුත් එකක් කටයුතු කාරණා කරන අතරේ, දාහෙන් එකක් කියල කියන්න පුළුවන් බණ අහන එකත් භාවනා කරන එකත්. දාහෙන් පන්සියයක් නෙවෙයි මේ, දාහෙන් එකක්.
එතකොට සාමාන්‍ය ජීවිතය තුල අපි කරන බොහෝමයක් කටයුතු තියෙන්නේ හිත දුවවන ස්වභාවයකට නම්, හිත දුවවනවයි කියල කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට ඇහෙන් රූප බලන්න වෙනව නිතර නිතර. කනට ශබ්ද අහන්න වෙනව නිතර නිතර. ඒ අහනව විතරක් නෙවෙයි ඒ අරමුණු ඔස්සේ අපිට යන්නත් වෙනව. ඒ අරමුණු ඔස්සේ අපිට හඹාගෙන යන්න වෙනව. ඒ අරමුණු ඔස්සේ අපිට පැලපදියම් වෙලා ඉන්නත් වෙනව. ඉතින් මේ වගේ කටයුතු කාරණා කරන අතරේ තමයි අපි භාවනාවක් කරන්න හෝ බණ අහන්න කියල වාඩි වෙන්නෙ.
අන්න ඒ වෙලාවෙදි පින්වතුනි හිතට අර පුරුදු විදිහේ ගමන, හිතට පුරුදු විදිහේ ඒ තියන විලාසය, ඒ තියන ස්වභාවය හිතට නැති වෙලා යනව. මොකද්ද හිතට පුරුදු විලාසය? පැන පැන, පැන පැන යන එක. තැන තැන, තැන තැන තියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ ගාථාවකින්ම දේශනා කරන්නේ,
"දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා තීති"
මේ හිත කියන දේ බොහොම දුර ගමනක් යන එකක්. බොහෝම දුර ගමනක් යන එකක් වගේම තනිව හැසිරෙන එකක්. මේ හිත තනිවයි හැසිරෙන්නේ, තනිවයි තියෙන්නේ වගේම බොහොම දුර ගමනක් යනව. ඒකෙ තේරුම සාමාන්‍ය ජීවිතයේදී පවා අපිට එක විදියකට හෝ එක ස්වභාවයකට එහෙම රැඳෙන්නට, පැවතෙන්නට තියන අවස්ථාව බොහෝම අඩුයි. බොහොම අල්පයි.
ඉතින් ඒක හින්දා ඒ කියන වටපිටාව එක්ක ජීවත් වෙච්ච අපි, ඒ කියන වටපිටාව සමඟින් ජීවත් වෙච්ච අපි, භාවනාවකට යන්න වුනාම හිතට ඒ ලැබිච්ච ඒ දුවන ස්වභාවයන් ටික, ඊළඟට දුවන්න පුළුවන් ස්වභාවයන් ටික, අරමුණු ඔස්සේ හඹාගෙන යන්න පුළුවන් ස්වභාවයන් ටික නැති වෙලා යනව. කොහොමද නැති වෙන්නේ?
භාවනාවේදී අපි මොකද කරන්නේ ඇස් දෙක පියාගන්නව. මේකෙ තේරුම අපි දැකපු ලස්සන ලස්සන හරි අමනාප ඇති වෙන හරි මොනව හරි කමක් නෑ රූප ටික බලන්න තියන අවස්ථාව නැති වෙලා යනව. සද්ද බද්දත් අහන එකට අපි එච්චර කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඒක හින්දා ඒ සද්ද ඔස්සේත් අරමුණු අරගෙන යන්න හිතට තිබිච්ච අවස්ථාව වැහිල යනව, මඟ ඇරිල යනව, ඉඩ ඇහිරිල යනව. ඊළඟට ශරීරය තුල තියන වේදනාවල්. අපි ඇත්තටම සාමාන්‍ය ජීවිතේදි නම් ඒ වේදනාවල් මඟ හරින්න, බැහැර කරල දාන්න, අයින් කරල දාන්නයි උත්සාහ කරන්නේ. ඉතින් භාවනාවෙදි ඔය දේ මතු වෙන්න වුනාම ගොඩක් වෙලාවට ප්‍රකට වෙන්නෙ ඔය දේ විතරක් වෙන්නත් පුළුවන්.
කෙසේ හෝ වේවා ඒ විදිහේ ස්වභාවයක් තියන අපේ හිතට ඇත්තටම කියනව නම් පවතින්න පුළුවන්, එක අරමුණක් එක්ක ඉන්න පුළුවන් තත්පර කිහිපයක් විතරයි. සාමාන්‍ය ජීවිතේදී පවා පින්වතුනි ඔය ඇත්තො හොඳට මතක් කරල බලන්න, රූපයක් දිහා අපි බලාගෙන ඉන්නවා නම් ඒ දේ දිහා අපිට බලාගෙන ඉන්න පුළුවන් ස්වභාවයෙ තියෙන්නෙ තත්පර කිහිපයක් විතරයි. ඊට පස්සෙ අපිට අපේ ඒ බලන අරමුණ වෙනස් කරගන්න ඕන, මාරු කරගන්න ඕන. නැත්නම් ඒක හරි ඒකාකාර වෙනව. ඒකාකාර වුනාම අපිට ඒක තුල තියන රසයක් තේරෙන්නෙ නැති වෙලා යනව. එපා වෙනව.
ඉතින් භාවනාව තුලදී මේ ඒකාකාර හැඩයක් තියන ශරීරයක් පේන්න පටන් ගත්තහම, ඒකාකාර හැඩයක් තියන හුස්මක් අපි කියමුකො දකින්න වුනාම, තත්පර කිහිපයක් අපේ හිත ඕක දිහා බලාගෙන ඉඳියි. අපේ අවධානය ඕක දිහා බලාගෙන ඉඳියි, ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ තත්පර කිහිපයෙන් පස්සේ එයාට ඒ දේ කරන එක එපා වෙලා යනව. ඒ දේ කරන එක නතර වෙලා යනව. ඔන්න ඔය වගේ අවස්ථාවකදී තමයි නින්ද කියන දේ ඉක්මණටම එන්න පටන් ගන්නෙ.
අපේ හිතේ සාමාන්‍යයෙන් තියන ස්වභාවය තමයි, ඒකාකාර විදියට යම්කිසි කාරණාවක් එක්ක රැඳෙන්න වුනාම නීරස වෙනවා නම්, ඒ නීරස වීමත් එක්කම ඊළඟට තියෙන්නේ අරමුණු අරගන්නෙ නැතුව ඉන්න ස්වභාවයකුයි. අරමුණක් අරගන්නෙ නැතුව ඉන්නවා කියල කියන්නේ ඒ වෙලාවට තමයි අපි නිදා ගන්නවා කියල කියන්නෙ. ඒ වෙලාවට අරමුණු නෑනෙ. අපිට සද්ද ඇහෙනවද කියල එච්චර දන්නෙ නෑ, රූප පේන්නෙ නෑ කොහොමටවත්ම. ඉතින් අපි හොඳටම නිදි.
කෙසේ හෝ වේවා එක තැනක ඔය විදියට තියනවා නම්, එක තැනක තියාගන්න පුළුවන් හිත කියල කියන්නේ දීර්ඝ කාලයක් තුල හිතේ තැන්පත්කමක් නැතුව දැනුවත්භාවයක් නැතුව තියන හිතක් නම් ඒ හිත අලසකමට යන්න තියන ඉඩකඩ වැඩියි. අලස වෙන්න තියන ඉඩකඩ වැඩියි. අන්න ඒක හින්ද පින්වතුනි, අපි ඉගෙන ගන්න ඕන භාවනාව තුලදී ඔන්න ඔය මනසේ තියන ඔය දිශා ආනතිය, ඔය වැඩපිළිවෙල හොඳට හඳුනාගන්න ඕන. මොකද්ද හඳුනා ගන්න ඕන එක?
මනසට එක මොහොතක රැඳෙන්න පුළුවන් එක අරමුණක එක කාරණාවක තත්පර කිහිපයක් විතරයි. තත්පර කිහිපයක් විතරයි. සාමාන්‍ය මනසක රැඳෙන්න පුළුවන් ප්‍රමාණය, කාලය තත්පර කිහිපයක් විතරයි. අපි බලාපොරොත්තු වුනාට භාවනාව තුලදී පැයක්ම ආනාපානය බලනවා හෝ පැයක්ම පර්යංකයේ හෙල්ලෙන්නෙ නැතුව ඉන්නවා කියල, කරන්න අමාරුයි. ඊට පස්සෙ ඒක එපාවෙන එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේ.
ඒක හින්ද අපි භාවනාවෙදි භාවිතා කරන්න ඕන පින්වතුනි, සාමාන්‍ය ජීවිතේ අපි අපේ හිත දිවෙව්වා නම් ඒ විදිහේ ආකාරයකටම එක්තරා මට්ටමකින් අපේ හිතට ගමනක් හදල දෙන්න, ක්රියාකාරීත්වයක් හදල දෙන්න, යම්කිසි වූ ජවයක් හදල දෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුනොත් විතරක් භාවනාවේදී හිතට අලසකමක් එන්නෙ නෑ. අලසකමක් ආවෙ නැත්නම් නිදිමතකට යන්නෙ නෑ. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන්ම තියන සරලම උපායමාර්ගය.
ඒ හැරෙන්න පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මොග්ගල්ලයාණන් වහන්සේට දේශනා කරන සූත්‍රයක ඔය ආලෝක සංඥාව ඇති කර ගන්න කියලත් කතාවක්. සමහර ඇත්තො දෑස විවර කරන එකකුත් කරනව. ඒකත් හොඳයි නරක නෑ. ඉරියව්ව මාරු කරන්නත් පුළුවන්. ඒකත් හොඳයි නරක නැහැ.
කොහොම නමුත් භාවනාවක් කරගෙන යනකොට දෑස පියාගෙන ඉන්න වෙලාවක අපිට හිතේ විවෘතභාවය ඇති කරගන්න නැත්නම් මේ කරන භාවනාව තුල යම්කිසි කාලයක් හෝ ඉදිරියට, දීර්ඝ විදියට කටයුත්ත කරගෙන යන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි, හිත හොඳට හඳුනාගෙන, හිතේ තියන සාමාන්‍ය ස්වභාවය මෙන්න මේකයි කියල හොඳින් හඳුනාගෙන, ඒ ස්වභාවයට අනුව අපි අපේ හිත පොඩ්ඩ පොඩ්ඩ හසුරුවන්න පටන් ගන්න එක. භාවනාව තුලදී හිත හසුරුවන්න පටන් ගන්න ඕන අපේ හිත අකුසලයකට යන්නෙ නැති ස්වභාවයක, නැත්නම් අකුසලයක පවතින්නෙ නැති වූ ස්වභාවයක, නැත්නම් ඒ වගේ ප්‍රමාණයක, ප්‍රදේශයක තියලා අපි පුළුවන් තරමක් හිතට ගමන් කරන්නට හෝ හිතට ඔබ මොබ යන්නට පාර හදල දෙන්නට ඕන.
අන්න එහෙම ස්වභාවයක් කරගන්න පුළුවන්කමක් තියනවා නම් පින්වතුනි, භාවනාව තුල අලස ගතියට යන එක, අලසබවට යන එක නතර වෙන්න පටන් ගන්නව. ඒ අලසභාවයට යන එක නතර වුනාට පස්සෙ නිදිමතට යන එක නතර කර ගන්න අපිට පුළුවන්කමක් තියනව. එහෙම නැතිනම් වෙන්නෙ මොකද්ද? භාවනාව පටන් ගත්තා හෝ බණක් අහන්න පටන් ගත්තා, බොහොම ඉක්මණට නිදා ගන්නව.
සමහරක් වෙලාවට අපේ කට්ටිය භාවිතා කරනව ඒක උප්පරවැට්ටියක් හැටියටත්. බණ අහන්නෙ නිදා ගන්න ඕන වුනාම. අර පොතක් කියවනව නිදා ගන්න ඕන වුනාම. ආන් ඒ වගේ තමයි. ඇත්තම කතාව කියනව නම් මං ඒ කාලෙ භාවනා කලෙත් නිදාගන්න ඕන වුනාම තමයි. වැඩ කරපු කාලෙ නින්ද යන්නෙ නැතිකොට ටිකක් භාවනා කලා, එතකොට විගහට නින්ද යනවනෙ. ඒක හින්ද ඉක්මණට නිදා ගත්තා. ඒකෙ ප්‍රශ්නෙ ආවෙ පස්සෙ තමා. ඒක ඉතින් පසුකාලීනව තමයි බලන්න වුනේ.
කෙසේ නමුත් අද දවසේදී මම ඔය ඇත්තොන්ට කියන්න යන්නෙ, කතාබහ කරන්න යන්නෙ, නිදිමත සහ අලස ගතිය කියන දේ භාවනාවට කොච්චරද බලපාන්නෙ? කොහොමද බලපාන්නෙ? කියන කාරණාවයි. ඉතින් ඒ කාරණාව අතරින් බලනකොට පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු කාරණාවක් වගේම මේ දෙයින් අපිට බැහැර වෙන්න පුළුවන්කමක් තියනවා. ඒ බැහැර වෙන්න පුළුවන්කම තියෙන්නෙ කොහොමද?
අපේ හිතේ නිමිත්ත හොඳින් හඳුනාගැනීම මතයි. හිතේ ස්වභාවය මොකද්ද දුවන එක නම්, ඒ හිත ඒ දුවන්නෙ ඇයි? දුවන්න ඕන හින්ද. හිත දුවන්නෙ මොකටද? දුවන්න ඕන හින්ද. හිතට දුවන්න ඕන නැත්නම් හිත නොදුවා ඉන්නව. දුවන එක නතර වෙනව. මේ දුවන්නෙ දුවන්න ඕන හින්ද. ඒක හින්දා භාවනාව තුලදි පවා අපි උත්සුක වෙන්න ඕන පින්වතුනි, හිතට ඒ දුවන විදිහේ අරමුණු ටිකක් දෙන්න.
සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න ඔය ඇත්තෝ, බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කරන සමහර සමහර කොටස් තියනව කාරණා මහ බර ගාණක් තියන ඒව. විශේෂයෙන් අසුභය ගැන බලන්නකො. මේ ශරීරය කෑලි කෑලිවලට ගලවනව. කොටස් කොටස් වලට ගලවනව. තිස් ගණන් වලට ගලවනව. එතකොට මේ එකක නවතින්න නෙවෙයි අපිට කියල දෙන්නෙ. මේ පොදුවේ තියන තනි ශරීරයක් දිහා, එක එක රූපයක් දිහා, දෘඨ හැටියට තියන දෙයක් දිහා නිකං ඔහේ බලන් ඉන්න නෙවෙයි අපිට මේ උගන්වන්නේ. මේක තුල තියන, වෙන වෙනම තියන සංඝටකයන් ටික චුට්ට චුට්ට, චුට්ට චුට්ට හඳුනා ගන්නටයි, අළුතෙන් අළුතෙන් දේවල් හඳුනා ගන්නටයි මේ අපිව යොමු කරන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ පින්වතුනි අපේ හිත දුවනවා නම් ඒ හිතට දුවන්න දෙන්න ඕන කියන එකයි. මේක බලෙන් නතර කරන්න ගියොත් එහෙම, මං මේ අත්දැකීමෙන් කියන්නේ ඒක අසාර්ථක වෑයමක්. ඒ හිත ඊළඟට අපිව තලා පෙලා දානකොට ඒ වෙලාවේදී අපිට ඒ දේ පාලනය කරගන්න බැරි තත්වයක් තියෙන්න පුළුවන්.
ඊට වඩා තියන හොඳම උපක්‍රමය තමයි, සාමාන්‍ය ජීවිතයේදී අපි අරමුණු ගන්න අය හැටියට, අරමුණුත් එක්ක ඉන්න අය හැටියට, ඒ අරමුණුත් එක්ක ඇලෙන ගැටෙන එහෙම අය හැටියට, හඳුනාගත යුතුයි එහෙම නම් මාගේ භාවනාව තුල මේ වකවානුවේදී හිතට ඕනකම තියෙන්නෙ දුවන්න නම් දුවන්න දෙන්න ඕන. ඕක නතර කරන්න ගියාම තමයි හිත අලසකමට පත් වෙන්නේ. ඒකාකාර වෙන්නේ. එක සීමාවක කොටු කරන්න ගියාම අන්න එතනයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ.
ඉතින් ඔන්න ඔය කියන කාරණාව අපි හොඳින් හඳුනා ගත්තා නම්, මනාකොට තේරුම් ගත්තා නම්, භාවනාව තුලදී අපිට ඒකාකාර දෙයක් හැටියට මේ භාවනාව නොතේරේවී. ඒ භාවනාව තුල තියන සංඝටක, නැත්නම් දැනෙන සංඝටකවල විවිධ විවිධ විවිධ අවස්ථා අපි දකින්නට උත්සාහවත් වේවි. මෙන්න මේ අවධියකින් තමයි පින්වතුනි සිහියේ උපරිමස්ථයට යන සම්පජානන කියන නුවණ අපිට ඇති වෙන්නෙ.
උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙක්ට පුළුවන්කම තියෙන්නෙ හුදෙක් හුස්ම දිහා විතරක් බලාගෙන ඉන්න නම්, හුස්ම වාර හතරක් පහක් දිහා බලාගෙන ඉඳීවි උපරිම. ඊට පස්සෙ නිදා ගන්නව. ආයෙ දෙකක් නෑ ඒකෙ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ මොකද? හුදෙක් හුස්ම දිහා විතරක් බලන හින්ද. නමුත් දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට, අපිට ආලෝක සංඥාවක් ඇති කර ගත්ත වෙනව මේ හිතේ අලසකම නැති කරගන්න. හිත දකින දේ ඒකාකාර වුනාම හිත අලස වෙනවා. ඒ අලසකම නැති කරගන්න අපි විශේෂයෙන් දකින්න පටන් ගන්න ඕන. ඊළඟට කොහොමද කරන්නේ?
ඒ දකින හුස්මේ අපි පුළුවන් තරම් ග්‍රහණය කර ගන්න යනවා මේ හුස්මේ මුල කොහොමද? මැද කොහොමද? අග කොහොමද? ආදී වශයෙන්. මේ හුස්ම රස්නයද? සීතලද? තදද? ගොරෝසුද? සුමටද? මෘදුද? සැහැල්ලුද? ඒ හුස්ම කොහෙන්ද පටන් ගන්නෙ? කොහෙන්ද අපිට තේරෙන්නෙ? කොහෙන්ද තේරෙන්නෙ නැත්තෙ? එන හුස්ම කොහොමද? යන හුස්ම කොහොමද? එන හුස්මේ ස්වභාවය කොහොමද? යන හුස්මේ ස්වභාවය කොහොමද? ආදී වශයෙන් අපිට මේක අස්සෙ තියන අළුත් අළුත්, අළුත් අළුත් සංඝටක හොයාගෙන යන්න පුළුවන්කමක් තියනව.
මේ ඉන්නෙ භාවනාව ඇතුලෙ. මේ ඉන්නෙ සතිපට්ඨානය ඇතුලෙ. මේ ඉන්නෙ අලසකමේ කෙවෙයි. මේ ඉන්නෙ සිහිය ඇතුලෙ. මේ ඉන්නෙ හිත විවෘත කර ගැනීම තුලයි. හිත ප්‍රභාෂ්වර කරගැනීම තුලයි.
ඒ විදියට හිත විවෘත කරගන්න විවෘත කරගන්න, ප්‍රභාෂ්වර කර ගන්න අපිට පුළුවන්කමක් හම්බ වෙනව පින්වතුනි ඔය කියන අලසකමෙන් නිදහස් වෙන්න. අලසකමෙන් නිදහස් වෙනව නම් භාවනාව තුලදී නිදිමතෙන් නිදහස් වෙනවා. ඒ කියන නීවරණයෙන් අපිව අයින් වෙලා යනවා. සුවදායක විදිහේ බොහෝම දැනුවත්කමක් තිබිච්ච භාවනා වාරයක් සිදු කරගන්නට පුළුවන්කමක් ඔය ඇත්තන්ට හම්බ වෙනවා.
එතකොට මේ කටයුත්ත කරන්න මූලිකවම තියන බාධකයක් ගැන තමයි අද මම කියන්න උත්සාහ කලේ. මාතෘකාව වුනේ මොකද්ද? නිදිමත, අලස ගතිය සහ භාවනාව. ඉතින් ඔය කියන කාරණාවල් ටික ටිකක් හිතල බලල, අද දවසේදී අපි දැන් ඊළඟට කරන්න යන මේ භාවනාවත් මේ එන සතිය තුලදි පුළුවන් තරමක් පුරුදු කරන්න ඕන. අපි වැඩි වෙලාවක් භාවනාව කරන්නෙත් නෑ. විනාඩි පහළොවක් විස්සක් විතරයි කරන්නෙ. ඒ වගේ කාලයක් දවසකට මිඩංගු කරලා පුළුවාන් තරම් ප්‍රමාණයක් ඒ වගේ භාවනාවක් සිදු කරන්න ඔය ඇත්තන්ට පුළුවන්කම හම්බ වේවි කියල විශ්වාස කරනව පින්වතුනි සිහිය තුල තවදුරටත් කිමිදෙන්නට.
භාවනාවේදී නින්ද කියන නීවරණය ඇති වෙනවා නම් ඒ නීවරණයෙන් නිදහස් වෙන්නට ඔය ඇත්තන්ට ක්‍රමයක් හම්බ වේවි. ඉඩක් හම්බ වේවි. පහසුවක් හම්බ වේවි. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනාව 3
හඳුනා ගැනීම, ගැටීම සහ අනුමත කිරීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පක්ඛංදතී
පසීදතී
සංතිට්ඨතී
විමුච්ඡතී තීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ ආරණ්‍යය භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න පැමිණිච්ච ඔය ඇත්තන්වත් බොහොම සාදරයෙන් පිළිගන්නව. ඒ වගේ අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන ඒ සෑම සියළු දෙනාමත් සාදරයෙන් පිළිගනු ලබනව.
ශ්රද්ධාවන්ත පින්වතුනි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කර ගත්ත අපක්ෂපාතී නිරීක්ෂණය කියන අපේ මේ භාවනා වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේ දෙදහස් දහනමය වර්ෂයේ. ඒ පළවෙනි කොටස. ඉතින් දෙවනි වැඩසටහන හැටියට තමයි, දෙවනි අදියර හැටියට තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. අද අපේ වැඩසටහනේ තුන් වෙනි දවසයි. අද දවසේ මාතෘකාව හඳුනා ගැනීම, එරෙහි වීම, සහ අනුමත කිරීම. එහෙම නැතිනම් හඳුනා ගැනීම, ගැටීම සහ අනුමත කිරීම.
පින්වතුනි භාවනාව කියන දේ භාවනාව කියන විශය භාවනාව කියන ඒ කොටස හරි පුදුමාකාරයි ඒ මාතෘකාව. හේතුව තමයි සතිපට්ඨානය කියන මේ අදියර නැත්නම් මේ කොටස තමයි අපිව යොමු කරවන්නෙ, අපිට කියල දෙන්නේ, අපිව ගවේශණය කරන්න. ඒ හින්ද භාවනාවට මං හිතනව ආත්ම ගවේශණය කියල කිවුවත් කමක් නැහැයි කියල. ඇත්තටම කියනව නම් ආත්මය ගවේශණය.
තමන්ගේ චිත්ත සන්තානය තුල, තමන්ගේ ජීවිතය තුල පවතින්නා වූ ස්වභාවය අවබෝධ කර ගන්නා වූ ප්‍රමාණයට, අපිව බැඳල තියන රැහැන්, අපිව බැඳල තියන අපිව හිර වෙලා තියන ඒ කාරණාවලින් නිදහස් වෙන්න අපිට පුළුවන්කමක් හම්බ වෙනව කියලයි බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ. ඔය එක තැනකදි එක දෙවි කෙනෙක් ඇවිල්ලත් කියනවා "මේක ඇතුලෙත් ගැට, පිටත් ගැට, ගැහෙන්නෙත් ගැට, ගැලවෙන්නෙ කොහොමද?" කියල.
ඒ ගැලවෙන විදිහ තමයි බුදු හාමුදුරුවො එතකොට දේසනා කරන්නේ සිහියෙන් ඉන්න ඕන. සිහිය පුරුදු කරගන්න ඕන. සීලය දියුණු කර ගන්න ඕන. අන්න එතකොට තමන්ට තේරෙන්න ගන්නවා කියල. හේනෙපොල ගුණරතන හාමුදුරුවොන්ගෙ පොත අරගෙන බලනකොට උන් වහන්සේ එක තැනක හරි ලස්සනට කියනවා,
"අපි දුක හදාගෙන තියනවා, දුක ඇති කරගෙන තියනවා, දුක බුක්ති විඳිනවා, ඒ අපිම හදා ගත්ත අපේම සීමා පවුරු අතරෙ හිර වෙලා. අපිම හදා ගත්ත, අපිම සතස් කරගත්ත, අපේම සීමා පවුරු සමූහයක් ඇතුලට වෙලා අපිම කියනවා දුක් විඳිනවා" කියල.
ඔය ටික අයින් කරන්න තමයි බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ හැබැයි අපි කැමති නෑ කරන්න. හේතුව මොකද්ද දන්නවද? අපිට මොනවද ඉතුරු වෙන්නෙ ඊට පස්සෙ? ඒ අපේ සීමා ටික තමයි 'මගේ' කියල කියන්නෙ. 'මම' කියල කියන්නෙ. ඒව හින්ද තමයි මාව හදල තියෙන්නෙ මම. මගේ හැටි, මගේ ක්‍රමය, මගේ විදිහ, මගේ ස්වභාවය, මගේ වටිනාකම, මගේ බලාපොරොත්තු, මගේ උවමනාවල් ආදී මේ හැම එකක්ම සකස් වෙලා තියෙන්නේ. ඒ දේවල් වලින් තමයි මේ මම කියන කෙනාව අපි හදාගෙන ඉන්නෙ.
එතකොට ඔය දේවල් අයින් කරන්න වුනාම සාමාන්‍ය ලෝකයා හිතන්නේ මට මොනවද තියෙන්නෙ? ප්‍රශ්නෙ සාධාරණයි. මට මුකුත් නෑ තමයි. හැබැයි ඕක අයින් කරන්න ඔය තරම් ඉක්මණටත් බෑ. එහෙම එකකුත් තියනව. ඒක හින්ද තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරන සතිපට්ඨාන භාවනා ක්‍රමය නැත්නම් ඒ දර්ශණයත් එක්ක කියල දෙන ක්‍රමය තුල තියෙන්නේ, තමන් හඳුනා ගත්ත ප්‍රමාණය මත තමන්ට නිදහස ලබා ගන්න පුළුවන්කම හම්බ වෙනව කියල. හැබැයි ඒක තමන් දකින්න ඕන.
සරලම උදාහරණයක් කියන්නම්. ඔය ඇත්තො දැන් බෝලන්කන්ද පිට්ටනිය පහු කරන්න ඇතිනෙ. ඕකෙ තුත්තිරි තියනව හරියට. ඕකෙ එනකොට එනකොට, ඔය තුත්තිරි ගෑවෙනකොට පොඩ්ඩක් කසනව. චුට්ටක් කසනව. තැන් තැන් වලින් ගෑවෙනකොට කස කස ඉන්නව. සමහරක් ඒව බලන්න නැති වෙන්නත් පුළුවන්. කසනව කියල කියන්නෙත් මොකද්ද?
දැන් එක තැනක, චුට්ටක් තිතක වගේ තැනක, පොඩි වේදනාවක් එනව අපිට එක්තරා මට්ටමකට. අපි කරන්නෙ මොකද්ද? පහුරු ගානව හතර වටේටම. අර ආවට වඩා වෙනත් වේදනාවක් හතර වටේටම ඇති කරවනවා. එතකොට ආපු අර චූටි තිත වගේ වේදනාව අපිට අමතක වෙලා යනව. මදුරුවෙක් කෑවත් ඕකම තමයි. මදුරුවා එක බොහොම පොඩි තිතක් වගේ තැනක පොඩ්ඩක් විදිනවා. එතකොට අපි මොකද්ද කරන්නෙ, හතර වටේම පහුරු ගානව, හූරනව. එතකොට අර මදුරුව කාපු එකේ වේදනාව ඇත්තටම අපිට දැනෙන්නෙ නැතුව යනව.
පහුරු ගාන එකෙන්, හූරන එකෙන් වෙන්නේ ඊට වඩා වෙන වේදනාවක් දීල ඒක වහල දානව. කොහොම නමුත් ඔය ඇනිල තියන තුත්තිරි ටික අපිට දැනෙනකොට කොහෙන් කොහෙන් හරි අපි කරන්නෙ කසන එක. ඒක තමයි සාමාන්‍ය විදිහ. හැබැයි ඕක දැකලා අයින් කරලා දැම්මා නම් එහෙම ආයෙ එහෙම ඇනෙන බවක් දැනෙන්නෙ නෑ. නමුත් වැඩේ තියෙන්නෙ මේකයි. ඒක කරන්න නම් පින්වතුනි අපි ඒ තුත්තිරි එක කෑල්ල හරි කමක් නෑ ඒක දිහා බලන්න ඕන. ඒක හොඳට දැකල අපිම පැත්තකින් ගලවල අයින් කරන්න ඕන. එහෙම කලොත් විතරයි අපිට ඒ එක තුත්තිරි කෑල්ලක තියන ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නෙ.
භාවනාව කියන මාර්ගය තුලදි බුදුරජාණන් වහන්සේ කියල දෙන හරිම සරල ගමනත් ඔන්න ඕකම තමයි. අපි ගාව තියන නා නා ප්‍රකාර වෙච්ච, නා නා විද වෙච්ච, කෙලෙස් එක එක, එක එක, එක එක, දැක දැක හදා ගන්නයි තියෙන්නෙ. සමහරක් වෙලාවට මා පුතා ඒ වගේ ක්ලේශයක් එක පාරක් දකින එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. එක පාරක්ම දැක්කොත් ඇති. සමහරක් අවස්ථා තියෙන්න පුළුවන් ඒ ක්ලේශය අපි ගාව තියන රළු පරළු තද ස්වභාවයෙ ප්‍රමාණයට බාගදා එක පාරකට වඩා වැඩි කාලයක් ඒක තියන විත්තිය, ඒව එන විත්තිය බලන්න වෙන්න පුළුවන්.
භාවනාව කියල කියන්නෙ ඒකයි මම කිවුවෙ ආත්මය ගවේශණයක් කියල. එතකොට මේ භාවනාවේ කියල දෙන මේ ක්‍රමය තුල පින්වතුනි මේ හැම තැනකම සතිපට්ඨානයත් එක්ක කතා කරනවා නම්, අපිට උගන්වන එකම එක දෙය තමයි සතිමත් වීම. සිහියෙන් ඉන්න එක. මේකෙදි එතකොට කරපු භාවනාව මොකද්ද? කරන්න හිතාපු භාවනාව මොකද්ද? ආදී වශයෙන් ඒ අදහස් මොනවත්ම අදාල නෑ. ඒ එකක්වත්ම මේකට අයිති නෑ. මේකෙදි තථාගතයන් වහන්සේ අපිට කියල දෙන්නෙ, අපිව යොමු කරවන්නේ හුදෙක් සතිවන්ත වෙන්න විතරයි. සතිමත් වෙන්න, සිහිමත් වෙන්න උගන්වනව.
එතකොට සතිපට්ඨාන භාවනාවේ මුල කියල කියන්නෙත් සිහියකට යන එකමයි. මැද කියල කියන්නෙත් සිහියමයි. අග කියල කියන්නෙත් සිහියමයි. නමුත් සතිපට්ඨාන භාවනාවේ මුලදි තියන සිහිය, ආරම්භයේදී තියන සිහිය නෙවෙයි මැදට යනකොට අපි හදා ගන්නෙ. භාවනාව කියන මාර්ගයේදී අපි ගැඹුරට යනව තව ටිකක්. අපිට සිහිය හදා ගන්න පුළුවන් ප්‍රමාණයන්, සීමාවල් අපි තව ටිකක් වැඩි කර ගන්නව. වර්ධනය කර ගන්නව. වපසරිය විශාල කර ගන්නව. ඒ වගේමයි සතිපට්ඨාන භාවනාවේ අගට යනකොට ඕක තව තව තව තව ගැඹුරට යනව.
උදාහරණයක් හැටියට කියනව නම් භාවනාවෙ අපිට මුලින්ම පුළුවන්කම තියෙන්නෙ වාඩි වෙලා ඉන්නවා කියන එක විතරක් දැන ගන්න නම්, ඒ ඇති. ඒක හොඳයි ආරම්භයක් හැටියට. හැබැයි අපිට තව තව තව තව සතිමත් වෙන්න වෙන්න තේරෙනවා ඇයි මම වාඩි වෙලා ඉන්නවා කියල කියන්නෙ? මොකද්ද හේතුව? මොන විදිහේ අදහසක් හින්දද මොනවා හින්දද මම මේ වාඩි වෙලා ඉන්නවා කියන එක මට තේරෙන්නෙ?
අන්න ඊළඟට අපි තේරුම් ගන්න බලනවා, හා වාඩි වෙලා ඉන්නවා කියනකොට අත මෙහෙමයි, කකුල මෙහෙමයි, මේවා තියන හැඩය මෙහෙමයි ආදී වශයෙන් අපිටම පේන්න ගන්නව. මේක තව ටිකක් ගැඹුරකට යන්න පුළුවන්. මුල් තිබුන ප්‍රමාණයට වඩා තව ටිකක් ගැඹුරකට ගිහිල්ල. ඒ වගේ අපි ඔය වාඩි වෙලා ඉන්න ස්වභාවය තුල ඒ තියන ඉරියව්ව හෝ ඒ තියන ශරීරයෙ ප්‍රමාණය, ස්වභාවය අපිට ඒකාකාර වුනා නම් ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑනෙ අළුතෙන්. ඕකම තමා. ඔච්චරයි. වෙන දෙයක් බලන්න නැති වෙනව.
එහෙම වුනාම අපි යනව තව ටිකක් මේකෙ අස්සට. ඔන්න පේන්න පටන් ගන්නව මේකෙ ඇතුලෙ ක්රියාකාරීත්වයක් තියනව. හුස්මක් යනව තේරෙන්න පුළුවන්. වේදනාවල් එනව යනව තේරෙන්න පුළුවන්. හිත දිහා හැරිල බැලුවොත් එහෙම සිතුවිල්ල එහේ එනව යනව පේන්න පුළුවන්. ආදී වශයෙන් මේකෙ ඇතුලෙ තියන ක්රියාකාරීත්වයන් ටිකත් ශරීරය දැන ගත්තා කියපු එකට වඩා ශරීරයෙ හැඩය මෙහෙමයි කියපු එකටත් වඩා තව ටිකක් ඇතුලට ගිය එකක් නෙව.
ඕකෙත් නැවතීමක් නෑ. තව ඇතුලට යන්න පුළුවන්. ඔය දැනෙන්නා වූ දේවල් කොහෙද දැනෙන්නෙ? මොන තැනේද දැනෙන්නෙ? මොන ආකාරයෙන්ද දැනෙන්නෙ? ඒ දැනෙන එක අපිට දැනෙන්නෙ කොහොමද? අපිට දැනෙන දේ අපි බාර ගන්නෙ කොහොමද? ආදී වශයෙන් අපේ ප්රතිචාරයන් හඳුනා ගන්නටත් අපිට පුළුවන්කම තියනව. ඒ වගේමයි ඒ දැනෙන එව්වගේ අපිට හමු වෙන්නෙ හට ගන්න කොටසද? පවතින කොටසද? නැති වෙන කොටසද? ඒ දැනෙන ඒවගෙ අපිට දරා ගන්න පුළුවන් හට ගන්න කොටසද? පවතින කොටසද? නැති වෙන කොටසද? ආදී වශයෙන් මේ ශරීරය තුල සිද්ධ වන්නා වූ, නැත්නම් අපිට භාවනා වාරය තුලදී දැනෙන සෑම සියළු දෙයක්ම ගැඹුරෙන් ගැඹුරට, ගැඹුරෙන් ගැඹුරට අධ්‍යනය කරන්නට පුළුවන්කම හම්බ වෙනව.
හැබැයි මේ කියන හැම කටයුත්තක්ම කරන්න හම්බ වෙන, ලැබෙන එකම එක විදිහ තමයි සතිමත් වීම. සිහියට ප්‍රධාන තැන දීම. අපි ඊට වඩා අපේ ජීවිතය තුල පුරුදු කරල තියන පුරුදුවලට තැන දුන්නොත් එහෙම, උදාහරණයක් හැටියට බොහෝ පිරිසක් පුරුදු වෙලා තියනව විචාරශීලීත්වයට. විවේචනයට. එහෙම නැතිනම් ඕනෑම කාරණාවක් දිහා සැක මුසු වූ ස්වභාවයෙන් බලන්න. ඒක විශ්වාස කරන්නා වූ ස්වභාවයකට වඩා සැක ඇති කර ගන්නා වූ ස්වභාවයකට බලනව.
අපි හිතමුකො මේවගේ හිතක් තියෙන කෙනෙක් නම් භාවනාවට වාඩි වුනේ, සාමාන්‍ය ජීවිතය තුලත් ගත කරන පැය විසිහතරෙන් එක දවසක, පැය විසි තුනක්ම ජීවත්වෙන්නෙ අර වගේ අදහස්වල නම්. මොන වගේද? ගැටෙන, සැක සහගත අදහස්වල නම්, ඒ හිතම තමා මෙයා එක්කරගෙන යන්නෙ භාවනාවටත්. සාමාන්‍ය ජීවිතේ තුල සැකෙන් හිතන හිතන වාරයක් එකහාම සමාන වෙනවා ආනාපානයක පොඩ්ඩක් දකිනව වගේම. මේක පුහුණු කිරීමක් තියෙන්නෙ. නැවත නැවක හිතට ආරෝපණය කරල දීමකුයි තියෙන්නෙ.
වැඩේ තියෙන්නෙ මෙන්න මේකයි. සාමාන්‍ය ජීවිතය තුල ගැටීම්වලින් වැඩිපුර හිටියා නම්, ඒ මනසමයි භාවනාවටත් යන්නෙ අර ගැටීම් මනසත් එක්ක. ඒ ගැටීමේ පුරුද්දත් එක්ක. ඔන්න ඕකයි බරපතල තත්ත්වය. එහෙම වුනාම, අපිට ආනාපානය තේරෙන්න වුනාට පින්වතුනි ආනාපානය පේනව. පේනව වුනාට ඕක පිළිගන්න කැමති නෑ. ඇයි අර අපි පුරුදු කරල තියන ගැටීම් මානසිකත්වය හින්දා ඒ පේන දේ අනුමත කරන්නෙ නෑ. ඒ පේන දේට සාදර වෙන්නෙ නෑ. කැමති වෙන්නෙ නෑ.
එතකොට දැන් ශරීරය බලද්දි කියල කිවුවයි කියන්නකො උදාහරණයක් හැටියට. ශරීරය පේනවා. ඒත් ඒ පේනවා කියන එක අනුමත කරන්න හිත දෙන්නෙ නෑ. ඒක විශ්වාස කරන්න හිත දෙන්නෙ නෑ. ඊට වඩා විචාරය ඉස්මතු වෙනව. ඊට වඩා එයා ඒක ගැන කල්පනා කරන ස්වභාවය ඉස්මතු වෙනව. සැකය ඉස්මතු වෙනව.
මේක එතකොට සතිය ඉස්මතු වීමක් නෙවෙයි, විචාරය ඉස්මතු වීමක්. මේව ඔක්කොම ටික පින්වතුනි හාමුදුරුවො බණට කිවුවට වැඩක් නැහැ අපේ ජීවිතය තුල අපිට මෙහෙම සිද්ධියක්, නැත්නම් මේ වගේ නස්පැත්තියක් වෙනවා කියල අපි දකින්නම ඕන. ඕක දකින්නෙ නැති තාක්කල්, ඕක හරියටම කියනවා නම් අර තුත්තිරි කටුවක් වගේම තමයි. අනෙනවම තමයි. අපි මොකද කරන්නේ පහුරු ගගා ඉන්නව. අනිවාර්යයෙන් ඕක ඇනෙන එකත් ඇනෙනව.
භාවනාව කරන්න යනකොට ආනාපානය පෙනිච්ච ගමන්ම, විවේචනය තියන හින්ද ඔන්න අපි විවේචනය කරන්න පටන් ගන්නව. ඒ විවේචනය කරල ඔන්න ආපහු ටික වෙලාවක් යනකොට ඔන්න විවේචනයත් එපා වෙනවා. ආපහු ආනාපානෙ පේන්න ගන්නව. පේන්න ගන්නකොටම ආපහු විවේචනය කරන්න ගන්නවා. මේක එක හා ම සමානයි, තුත්තිරි කටු ඇනෙනවා වගේම තමයි. තුත්තිරි කටු ඇනෙනවා කියන්නෙ හරියට විවේචනය වගේ. හා ඔන්න එතකොට කසන්න පටන් ගන්නව.
ඉතින් මේ වගේ ස්වභාවයකුයි පින්වතුනි සාමාන්‍යයෙන් අපි සතිමත් වෙන්නෙ නැතිනම් අපිට සිද්ධ වෙන්නෙ. ඒක එතකොට සතිමත් වීම කියල කියනවාට වඩා විතර්කමත් වීම කියල කිවුවට කමක් නෑ. සැකමත්වීම කියල කිවුවට කමක් නෑ. සිහියට මත් වෙනවාට වඩා, සිහියට මනාප කැමති වෙනවාට වඩා, නැමෙනවාට ඇලෙනවාට වඩා, ඒ හිත විතර්කයටයි මත් වෙලා තියෙන්නෙ.
ඒ කාලය තුල ස්වභාවයෙන්ම දැනෙන, ඒ කාරණාව දැනගන්නවා කියන එකට වඩා, එයා මනාපයක් දක්වනවා, රුචිකත්වයක් දක්වනවා තමන් හිතන ස්වභාවය තුල මොනවද තේරෙන්නෙ කියලා හඳුනා ගන්න එක. ඉතින් අපිට අපේ භාවනාව තුල අපේ ස්වභාවයේදී ඔය වගේ කරදරයක් තියනවා, ඔය වගේ උගුලක් තියනවා කියන එක දකින්නම සිද්ධ වෙනවා. දකින්න ඕන මොකද්ද එතකොට?
ඕනෑම දෙයක් ගැන ප්‍රතික්ෂේප කරන්න බර වෙන විදිහේ මනසක් තමන්ට තියනව. ප්‍රතික්ෂේපයට ගරු කරන විදිහේ, ප්‍රතික්ෂේපයට රුචි කරන විදිහේ මනසක් තමන් ගාව තියනවා කියල. සරල උදාහරණයක් ගත්තොත් එහෙම, කිහිප දෙනෙක් එක්ක කතා බහ කර කර ඉන්නව නම් එහෙම, ඔතන ඔය කරන කතා බහට එකඟ වෙන වගේම එකඟ නොවෙන පිරිසකුත් ඉන්නව. ඒ එකඟ නොවෙන පිරිස ඒ එකඟ නොවෙන්නෙ ඇත්තටම හේතු සහිතවත් නෙවෙයි. ඒක තමයි ඒ ගොල්ලන්ගෙ හැටි. ඔන්න ඕක තමයි කියන්නෙ ප්‍රතික්ෂේපයට රුචියි කියල, එකඟ වෙනවාට වඩා ප්‍රතික්ෂේප කරන්න රුචි වෙනව. ප්‍රතික්ෂේපයට කැමති වෙනව.
එතකොට පින්වතුනි මේක අර ඉස්සෙල්ල කිවුව වගේ අර තුත්තිරි කටුවක්. මේක තුත්තිරි කටුවක්. ඔය කටුව ඇනෙන එකත් ඇනෙනවාමයි දෙකක් නෑ අපේ ජීවිතය තුල. අපි ඒක ඇනෙන විත්තිය දැනගෙන ඉන්න. මොකද්ද දැන ගන්න ඕන? මම ප්‍රතික්ෂේපයට ගරු කරන චරිතයක්. මං ගාව සැකය තියනව, මම සැකයට කැමති කෙනෙක්, මං ගාව තරහ තියනව, තරහට කැමති කෙනෙක්, ආදී වශයෙන් තමන්ට තියන ක්ලේශය දැකලා ඒක අයින් කරන තාක් කල් දැක්කොත් විතරයි ගලවන්න පුළුවනි. ඒ තාක් කල් ඕක ඇනි ඇනී ඇනි ඇනී තියනව, අපිත් පැලැස්තර බැඳ බැඳ තියනව.
සතිපට්ඨානය තුල පින්වතුනි අපි ඉගෙන ගන්නේ ඔය කියන දේවල් තමන් ගාව තියන විත්තිය හඳුනාගෙන, ඒ දේවල් තියන බව අනුමත කරන්නටයි ඉගෙන ගන්නෙ. එතකොට අපි කවුරුත් භාවනාවට එන්නෙ, හිතා ගන්න ඕන පෘථග්ජනයො හැටියට කියල. මේක ගැන දන්නෙ නැති, මේකට ආධුනික මූලිකම අය හැටියටමයි එන්නේ කියල හිතා ගන්න ඕන. ඒක භාවනාවට යන හැමදාකමත් තියා ගන්නත් ඕන. ඒක තමයි හොඳම දේ.
මං මහණ වෙන්න එනකොට මට හම්බ වෙච්ච උපදෙස් අතර හොඳම උපදේශය තමා මට කිවුව,
"පුතා ඔයා අද මහණ වෙන්න යන හේතුවක් තියනවනෙ. ඒ හේතුවම තියාගන්න අවුරුදු සීයක් ගිහිල්ල අද නම් අපවත් වෙන්නෙ ඒ දක්වා. හැමදාම අළුතෙන් පටන් ගන්න"
භාවනාව තුලදි පින්වතුනි අපි උත්සුක වෙන්න ඕන දැකගන්න තමන් තුල තියන ඔය ආදී වශයෙන් වෙච්ච තමන්ගේ දුර්ගුණයන් තමා මේ ගමන අහුරුවන්නෙ. ඒව හින්ද තමා තමන්ට භාවනාව හරියට සිද්ධ නොවෙන්නෙ. ගොඩක් වෙලාවට කට්ටිය කමටහන් වාර්ථාවටත් ඒ කාලෙ මට මතකයි කියනව
"මේ දැන් මේ කියන ක්‍රමේ වෙන්නෙ නෑ. ශරීරය බලන්න කිවුවට ශරීරයට වෙලා ඉන්න බෑ. වෙන ඒව බලන්න යනව."
ඊට පස්සෙ මං අහනකොට,
"දැන් ශරීරයට වෙලා ඉන්න බැරි ඇයි?"
"නෑ ඉතින් මම කැමතියිනෙ අනිත් එකට යන්න."
දැන් එතකොට එයා කියන්නෙ නැහැ, "ශරීරය පේනව හාමුදුරුවනේ ඒ වුනාට මගේ කැමැත්ත ඉස්මතු වෙලා මං වෙන එකක් බලන්න යනව" කියල කියන්නෙ නෑ. ඒක හරියට හාමුදුරුවන්ගෙ වැරැද්දක් වගේ. එහෙම එකක් නෑ මෙතන. මෙතන තියෙන්නේ තමන්ගේ චෛතසිකත්වය තුලට, තමන් මේක අභ්‍යන්තරයට හිතට ඔබාපු අදහස්වල තියන වැරැද්දයි. ඒකයි හිත සකස් කර ගන්නවා කියන එකට සමාන වචනයක් කියල කිවුවෙ භාවනාව. සතිපට්ඨාන භාවනාව. ආත්මය පිරිසිදු කර ගන්නවා කියල කියන්නෙ ඒකයි.
අපේ චිත්ත සන්තානයට පින්වතුනි ඇනිල තියන දේවල් ඔය ඇඟට ඇනිච්ච තුත්තිරි කටුවකට වඩා එහා ගිය දෙයක්. තුත්තිරි, ඒක තේරෙනව පේනව. ඒව හොඳට ඇහැට පේනව. හිතට ඇනිච්ච එක පේන්න නම් භාවනා කරන්න ඕන. එතකොට විතරමයි මේක තේරෙන්නෙ. මං ආයෙත් කියනව සමහරක් වෙලාවට එකපාරක් දැක්කට ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මදි වෙන්නත් පුළුවන්.
ඒ හින්ද නැවත නැවත නැවත නැවත භාවිතා කරන එක, පුරුදු කරන එක තමයි ඉතාම වැදගත් කාරණාව. පුළුවන් තරම් කාලයක් භාවනාවට මිඩංගු කරන්න ඕන. භාවනාවට යොමු වෙන්න ඕන. යෙදෙන්න ඕන. එහෙම වුනොත් විතරයි පින්වතුනි දෛනිකව අපි හිර වෙලා ඉන්න, මේ තියන ඔය කෙලෙස් මල වලින් චුට්ට චුට්ට අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නෙ.
මේක බෝධි පූජාවකින් කොරන්න බෑ. මේක දේවාලෙකට කාටවත් කියල කොර ගන්නත් බෑ. සර්වබලධාරී දෙයියන්ටත් බෑ. ආයෙ බෑම තමයි.
මේක තමන්ට පුළුවන්. තමන්ට පුළුවන්.
අපි හිතන ගොඩාක් දේවල් තියනව, මේ ලෝකෙ විශේෂයෙන්ම පාලනය කරන්න පුළුවන් කියල හිතන්නෙ පාලනය කරන්න බැරි දේවල්. තමන් එක්ක ඉන්න අය වෙන්න පුළුවන්, ගහකොළ වෙන්න පුළුවන්, කොණ්ඩෙ වෙන්න පුළුවන්, හැඩේ වෙන්න පුළුවන්, උස මහත වෙන්න පුළුවන්, මෙවුව තමයි අපි බලන්නෙ පාලනය කරන්න පුළුවන් කියල. ඕව කවම කවදාවත් පුතා පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඕව ජරාවට පත් වෙනවමයි. වෙනස් වෙනවමයි.
හැබැයි හිත පාලනය කර ගන්න පුළුවන් අපිට. අපි හිතන්නෙ නෑ හිත පාලනය කරගන්න පුළුවන් කියල. ඔන්න ඕකයි තියන ගැටළුව. අපි විශ්වාස කරන්නෙ නෑ.
"මේ හිත නම් පාලනය කරගන්න බෑ හාමුදුරුවනේ මේ හිත දුවනවාමයි."
ඒක තමයි දැනට තියන ස්වභාවය. එච්චරයි. ඒ තරමටම සරලයි.
ඉතින් අපිට පුළුවන්කමක් තිබ්බොත් පින්වතුනි අපේ චිත්ත සන්තානය තුල, අපේ ජීවිතය තුල, මේ වෙලාවේදී තියෙන්නෙ මේ දෙයයි කියල හඳුනා ගන්න, ඒ හඳුනා ගත්ත දේ ප්‍රතික්ෂේප කරනවාද කියල බලන්න ඕන. එහෙම නැතිනම් මේ තියන දේ අනුමත කරනවාද කියල බලන්න ඕන. මෙන්න මේ විදියටයි අපි තවදුරටත් භාවනාවෙ ගැඹුරකට යන්නෙ. තවදුරටත් භාවනාවෙ අභ්‍යන්තරයට යන්නෙ.
උදාහරණයක් හැටියට ශරීරය තේරෙනවා නම් ඒ තේරෙන එකත් එක්ක තමන්ට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ඒ තේරෙන ශරීරයත් එක්ක එකතු වෙලා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ඊට කලින් තමන්ගේ තියන විවේචනය ඉස්මතු වෙනවාද? සැකය ඉස්මතු වෙනවාද? බැහැර කිරීම ඉස්මතු වෙනවාද? ගැටීමක් ඉස්මතු වෙනවාද? ඇලීමක් ඉස්මතු වෙනවද? මෙන්න මේ ටික තමයි හොයාගන්න ඕන. මේ දේවල් බලාගෙන කරගෙන තමන්ට කොච්චර වෙලාවක් ඉවසා වදාරාගෙන ඉන්න පුළුවන්ද? කියන එකයි හොයන්න ඕන.
අන්න ඒව තුලින් තමා තමන්ගේ ආත්මය තමන්ට පේන්න පටන් ගන්නෙ. ඒකයි මේ ධර්මයට කියන්නෙ කැඩපතක් කියල. තමන්වමයි පේන්නෙ. ඒක පේන්නෙ භානවාවෙදි, ඇත්තටම කියනව නම් සතිපට්ඨානයෙදි තමයි. ඉතින් ඔය කියන ක්‍රමයයි පින්වතුනි අපි මේ වැඩසටහනේදී පුරුදු කරන්නට නැත්නම් කතාබහ කරන්නට, සාකච්ඡාවට ලක් කරන්නට උත්සාහවත් වෙන්නෙ. කාළගුණයෙ බොහෝ ආශිර්වාද තියනව. හිටී ගමන් බොහෝම සද්දෙන් වැස්ස එනව. ඒක හොඳයි නේ එක අතකට, කාරි නෑ. ඉතින් කොහොම නමුත් කමක් නෑ අපි උත්සාහවන්ත වෙමු සතිපට්ඨානය කියන තමන්වම හඳුනා ගන්නා වූ මේ භාවනා ක්‍රමයෙන් තමන්වම තේරුම් ගන්න.
ඒ දේ තුලින් තමන්ව තේරුම් ගන්න පටන් ගත්තාට පස්සේ තමන් හිර වෙලා ඉන්න, තමන් දුක් විඳින ඒ දුක් දොම්නස්වලින්, අදෝනාවලින් තමන්ට නිදහසක් අත්වෙන්නෙ කොහොමද සැනසීමක් ලබාගන්නෙ කොහොමද කියන එක තමන්ම තේරුම් ගනීවි. ඒ දේවල් එළියට එනව අනිවාර්යයෙන්ම. ඒ දේවල් චුට්ට චුට්ට හරි එළියට එනවාමයි භාවනාව තුලින්. ඒක භාවනාව පටන් ගන්න මුල් මොහොතේ ඉඳලම සිද්ධ වෙන දෙයක්මයි හැමෝටම.
අන්න ඒකයි මං යෝජනා කරන්නේ තමන්ගේ භාවනාවේ අත්දැකීම කියන්න කියල. ඒ තමන්ගේ භාවනාවේ අත්දැකීම කියන තරමටයි තමා තමන්ගේ අභ්‍යන්තරය තුල මේ දේවල් වලට දක්වන ආකල්පය තේරෙන්නෙ. තමන් කොහෙද හිර වෙලා ඉන්නෙ, කොහෙද නැත්තෙ කියන එක තේරෙන්න පේන්න පටන් ගන්නෙ. ඒකයි භාවනාවේ අත්දැකීම එළියට ගන්න එක ඔය තරම් වැදගත් වෙන්නෙ. තමන්ටත් මේක කරගන්න පුළුවන් බැරිකමකුත් නෑ නමුත් කාලයක් ගන්නව. සමහර විට තියන කාලෙ මදි වෙන්නත් පුළුවන්. එහෙම එකකුත් තියනව.
කෙසේ හෝ වේවා අද දවසේදී මම කතා කරන්න උත්සාහවන්ත වුනේ භාවනාව තුලදී අපි හඳුනා ගන්නවා වුනාට ඒ හඳුනා ගැනීම තුල නතර වෙලා ඉන්න බෑ. බැරි වෙන කාරණා කිහිපයක් ගැනයි. මොනවද බැරි වෙන කාරණා? ප්‍රතික්ෂේපයට ගරු කරන එක, සැකයට බර වෙච්ච එක, ඊළඟට විචාරශීලීත්වය, විවේචනය කරන මේ අදහස් හින්දා තමා අපිට ඒ කියන ස්ථරය තුල රැඳිල ඉන්න බැරිකමක් තියෙන්නෙ. ඉතින් අපි අද හඳුනා ගන්න උත්සාහවන්ත වෙමු ඔය කියන ලක්ෂණයන් තමන්ට තියනවද? තියනවා නම් ඒව බැහැර කර ගන්නෙ කොහොමද? කියල.
ඉතින් මම බොහොම සංතෝස වෙනව අද දවසේදී මේ කාරණා ටික මට ඔය ඇත්තන්ට කියන්න අවස්ථාව සැලසීම පිළිබඳව. ඒ කාරණාවලින් ඔය ඇත්තන්ගෙ ජීවිතවලට යහපතක් සැලසුනා නම් එය එසේම වේවා.
සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
අපක්ෂපාතී නිරීක්ෂණය දෙවන අදියර යටතේ 2023 ජුලි මස 2 වන ඉරිදා පැවැත්වූ තුන් වන භාවනා වැඩසටහනේදී පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද භාවනා උපදේශ දේශනාව මෙතකින් අවසන්.
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා 04
භාවනාව සහ ශබ්දය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛයං තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච සැදැහැවත් පිරිස වගේම අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වෙන ඔය ඇත්තො සෑම සියළු දෙනාමත් බොහොම සතුටින් යුක්තව පිළිගනු ලබනවා. ශ්රද්ධාවන්ත පින්වතුනි,
සතිපට්ඨානය කියන, සිහිය පිහිටුවා ගැනීම උදෙසා කියල දෙන මේ භාවනා ක්‍රමය කතාබහ කෙරෙන දහම් සාකච්ඡා මාලාවේ අද සිද්ධ වෙන්නේ හතර වැන්නයි. මේ සාකච්ඡා මාලාව අපි උත්සාහ කරනවා, ප්‍රායෝගිකව භාවනාව කියන විෂය තමන්ට නොතේරෙන, නොහැඟෙන ප්‍රමාණයක තියා ගන්නවාට වඩා ඒ භාවනා කරන සම්පූර්ණ කාලය තුලම තමන්ගේ අවධානය, තමන්ගේ දැනුවත් බව පවත්වා ගන්නට පුළුවන් ක්‍රමයක් සතිපට්ඨානය ඔස්සේ කියල දෙන්නට, හුරු කරවන්නට උත්සාහවන්ත වෙනව.
ඉතින් මේ කියන අදහසත් එක්ක පහුගිය සති තුන ඇතුලේම අපි කතාබහ කරන්නට යෙදුනේ සිහිය කියන දේට, එහෙම නැතිනම් වර්තමාන මොහොතට මුල් තැනක් දෙන්න ඉගෙන ගන්නෙ කොහොමද කියන පාඩම. මේ සාකච්ඡා මාලාවේ තියන සුවිශේෂත්වය තමා දේශනාව කරන්නේ ඒ දවසට අදාල වෙන විදිහේ, භාවනාවට උපයෝගී වෙන ආකාරයට වීමයි. ඒත් එක්කම අපි පොඩි භාවනාවකුත් සිද්ධ කරනවා. ඒ කෙසේ හෝ නමුත් අද දවසේදී මාතෘකාව තමයි භාවනාව සහ ශබ්දය.
සාමාන්‍ය ලෝකයේදී පින්වතුනි අපේ හිත ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන කාලය තුලදී අපේ ඔළුව ඇතුලෙමයි තියෙන්නෙ. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්න, හිතන්න යන එක. ඒ කල්පනාව කියල කියන ලෝකය තුල අපි මේ තරම්ම නිමග්න වෙලා ඉන්න රුචිකත්වයක් කැමැත්තක් දක්වන්න ප්‍රධානම හේතුව තමයි, අපි කැමති කැමති විදියට, අපේ අභිමතය පරිදි ඒ ලෝකයේදී අපිට සැරිසරන්න පුළුවන්. අපි කැමති කැමති චරිත නිරූපනය කරන්න, ඒ චරිතවලට කැමති කැමති විදිහේ ආයෝප සාටෝප දෙන්න අපිට පුළුවන්කමක් තියනව චෛතසික ලෝකය තුලදි.
ඒකෙදි අපි වීරයෙක් වෙන්න මනාපයි නම් අපි වීරයෙක් වෙනව. අපි දුෂ්ටයෙක් වෙන්න මනාපයි නම් අපි දුෂ්ටයෙක් වෙනව. ඒ තමයි සාමාන්‍යයෙන් හිතක් ඇතුලෙදි යන්න පුළුවන් ක්‍රමය. රාගය නම් රාගය, ද්වේශය නම් ද්වේශය, මෝහය නම් මෝහය. හැබැයි ඔය කියන විදියට හිත එහෙ මෙහෙ දුව දුවා දුව දුවා හෝ දුවමින් පවතින අපිට භාවනාවක් කරන්න වුනාම අර අපේ පරණ පුරුද්දට වඩා ඒ භාවනාව තුලින් අපට ලැබෙන දිශානතිය හරිම වෙනස්. සමහරක් වෙලාවට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. හේතුව සාමාන්‍ය ජීවිතය තුලදී අපේ සිතුම් පැතුම් අභිමතාර්ථයන් ඔස්සේ ඇවිදගෙන ගියපු අපිට භාවනා කරන කාලය තුලදී එහෙම යන්න තියන ඉඩකඩ ඇහිරෙනව. නැති වෙනව.
උදාහරණයක් හැටියට අපි කල්පනා කරනකොට කවුරු හරි කෙනෙක් එක්ක අපි කතා කරන බවක්, අපි කල්පනා කරනව නම් අපිට සිහිපත් වෙන්නෙ පින්වතුනි ඒගොල්ලන්ගෙ කටහඬෙන්මයි. එහෙම නේද? අපිට සිංදුවක් මතක් කරන්න ඕන නම් අපිට ඒ සිංදුව ඒ හඬෙන්ම ඇහෙනව. සංගීතයක් ඇහෙනව නම් ඒ හඬෙන්ම ඇහෙනව. යම් තැනකට අපි යනව කියල කල්පනා වෙනව නම් අපිට මානසිකව තේරෙන්නෙ අපි එතනට ගිහිල්ල ඉන්නව වගේ. හැබැයි ගිහිල්ල නෑ.
ඉතින් මේ වගේ ස්වභාවයක හුරු වෙච්ච අපි භාවනා කරන්න වුනාම භාවනාවේදී ඔය කියන වටපිටාවෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනව. මේ වගේ වෙලාවක් දකින්න වුනාම, මුණ ගැහෙන්න වුනාම, භාවනාව කියල කියන්නේ ටිකක් කරදරකාර දෙයක් වෙනව. මොකද තමන්ට ඒක සංතෝසය දනවන දේකට වඩා, සතුට ගෙනැල්ල දෙන දේකට වඩා, ටිකක් අප්‍රසන්න අමනාප ඇති වෙන දෙයක් වෙන හින්ද.
ඉතින් ඒක හින්ද වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට භාවනාවට complain තියෙන්නෙ. භාවනාව ගැන කිවුවහම විරෝධතා වැඩිපුර තියෙන්නෙ භාවනාවට රුචි වීම්වලට වඩා. ඕක හරි යන්නෙ නැහැ, ඕක කරන්න බැහැ, අරකයි මේකයි කියල. ඒ කියන කාරණා අතර, ප්‍රශ්න අතර තියන ප්‍රධාන පෙළේ එක ප්‍රශ්නයක් තමයි මේ ශබ්දයෙන් අපිට සිද්ධ වෙන කරදර ටික.
හිත එකලස් කර ගන්නටයි භාවනා කරන්නේ. නමුත් ඒක කරගන්න විදියක් නැහැ අපේ හිත පිට යනව. ඒකෙන් එක පැත්තක් තමා, හිත යන එක පැත්තක් තමා මේ ශබ්දයෙන් වෙන කරදර.
මට මතකයි මෙහේ භාවනා වැඩසටහනක් කරපු එක දවසක ටික කාලෙකට කලින් කමටහන් වාර්ථාවක් ඉදිරිපත් කරන්න කිවුවහම එක මහත්තයෙක් මට කියනව,
"හාමුදුරුවනේ මම භාවනා කරන්න පටන් ගන්නකොටම තමයි අර අහවල් පැත්තෙ ගෙදරක සිංදු දාන්න පටන් ගන්නෙ. මට හරියටම මේක ඇහෙනව. හරියටම භාවනා කරන්න වාඩි වෙච්ච ගමන්මයි මේක කරන්නෙ."
දැන් මෙයාගෙ කමටහන් වාර්ථාවෙ මෙයා මට කියන්නෙ. එතකොට හිතන්න ඒ ගෙදර කට්ටිය මේ ඇත්තො මේ වෙලාවට භාවනා කරනව කියල දන්නෙ නෑ නෙව. දකින්නෙ නෑ නෙව. හැබැයි ඕකෙදි වෙන්නෙ මෙන්න මේකයි. අපේ දුවන හිත, අපි දුවවන හිත ඇත්තටම කියනව නම් නතර වුනාට පස්සේ ඊළඟට මේ තියන දේවල් තේරෙන්න පටන් ගන්නව. අපිට බාහිරින් ඇහෙන දේවල් තේරෙන්න පටන් ගන්නව. ඒක තවත් විදියකට කිවුවොත් එහෙම, භාවනා කරන්න වාඩි වුනහම අරෙහෙ මෙහෙ කැක්කුම්, රිදීම්, වේදනාවල්, නිදිමත, අලසකම්, ඔව්ව පුදුමාකාර විදියට එනව. හේතුව මොකද්ද දන්නවද?
සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට පින්වතුනි අපිට ඔය රිදීම්, කැක්කුම්, වේදනා, අලසකම්, නිදිමත, ඕව ඔක්කොම ටික තියනව. නැත්තෙ නෑ. හැබැයි මේකයි නැත්තෙ. ඒවට එන්න දෙන්නෙ නෑ අපි. ඒ වෙනුවට කම්මැලිකමක් ආවොත් එහෙම තේ ටිකක් හරි බොනව. ඉන්න තැන මාරු කරනව. වෙන තැනකට යනව. ඊට පස්සේ ඇඟේ කොහේ හරි රිදෙනව නම් පැනඩෝල් පෙත්තක් හරි බොනව. බෙහෙත් ටිකක් හරි ගාගන්නව. ඉරියව්ව මාරු කරනව. හැබැයි භාවනාව තුලදී ඔය කියන එකක්වත් අපිට සිදු කරගන්නට අවස්ථාවක් සැලසෙන්නෙ නැති එක ප්‍රධාන පෙළේ ගැටළුවක් වෙන්න පුළුවන්.
එහෙම වුනහම බුදුරජාණන් වහන්සේ, මේ දේශනා කරන සතිපට්ඨාන ක්‍රමයේදී තමයි කියල කියනවා, අපිට අපේ තියන මේ දුක් දොම්නස්වලින්, ප්රශ්නයන්ගෙන්, කරදරයන්ගෙන් නිදහස හම්බ වෙන්නෙ. ඒ නිදහස සැනසීම කියන එක ලබා ගන්න අහුරන, පාර වහල දාන, ඔය කියන සංඝටකයන්, ඔය කියන කාරණාවලින් නිදහස් වෙන්නෙ කොහොමද එතකොට?
පින්වතුනි සතිපට්ඨානය කියල කියන දේ තුල උගන්නවන ප්‍රධානම ලක්ෂණය තමයි, අපිට දැනෙන, අපිට හැඟෙන, තේරෙන යම්කිසි දෙයක් තියනවද? ඒ ඔක්කෝම සතිපට්ඨානයට ඇතුලත් වෙනව. සිහිය පිහිටුවා ගැනීමට ඇතුලත් වෙනව. අපි හිතනවා නම් භාවනාව තුලදී නින්ද යන්න බෑ කියලා, අපි හිතනවා නම් භාවනා කරනකොට ඇඟ රිදෙන්න බැහැ කියලා, අපි හිතනවා නම් භාවනා කරනකොට හිත දුවන්න බැහැ කියලා, සතිපට්ඨානය තුලදී නින්ද යන්න පුළුවන්. ඇඟ රිදෙන්න පුළුවන්. හිත පිට යන්නත් පුළුවන්. හැබැයි දැනුවත්ව.
මේකෙන් කියන්නෙ නෑ නිදා ගන්න කියල. මේ හැම එකක්ම දැනුවත්භාවයකින් සිදු කරන්න ඉගෙන ගන්න එකයි, හුරු වෙන එකයි, පුරුදු වෙන එකයි තමයි සතිපට්ඨානයෙන් කරන්නෙ. ඉතින් ඒ අතින් පින්වතුනි බලනකොට ශබ්දය කියන එක අපේ හිත තැන්පත් වේගෙන තැන්පත් වේගෙන තැන්පත් වේගෙන එනකොට එකපාරටම කොහෙන් හරි සද්දයක් ඇහුනොත් එහෙම, අපේ තියන සම්පූර්ණම අර හිතේ හදාගත්ත තැන්පත් භාවයන් ටික ඔක්කෝම නැති වෙලා යන්න පුළුවන්. ඒක හන්ද තමා බුදුරජාණන් වහන්සේ ඔය එක තැනකදි දේශනා කරනව "සද්දෝ කණ්ටඛෝ" කියල. සද්දය කියල කියන්නෙ කටුවක් කියල කියනව භාවනාවට.
භාවනාවේ මූලිකවම, පළවෙනියෙන්ම භාවනා කරනකොට තියන ප්රශ්නයන්ගෙන් පළවෙනිම එක තමයි මේ සද්දෙන් වෙන කරදරේ. සද්දය කියල කියන්නෙ පුදුමාකාර කටුවක්. පුදුමාකාර ප්‍රශ්නයක්. එහෙම නම් මේ ශබ්දයෙන් වෙන ගැටළුව විසඳාගන්නට අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද?
තථාගතයන් වහන්සේගේ සතිපට්ඨාන සුත්‍රය තුල දැන් ඉස්සෙල්ලමත් කිවුවා වෙන්න බැරි දෙයක් නැහැ. වෙන්න බැරි දෙයක් නැති නම් සද්දත් ඇහෙන්න පුළුවන්, ඇහෙන්නෙ ශබ්ද නම්. එහෙම නම් පින්වතුනි අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන මේ ඇහෙන ශබ්දය අහගෙන ඉන්න. ඒ ඇහෙන ශබ්දය අහගෙන ඉන්න අපි හිතට කියල දෙන්න ඕන. හිතට උගන්වන්න පටන් ගන්න ඕන. මේක ටිකක් අළුත් අත්දැකීමක් වෙන්න පුළුවන්.
සමහරක් වෙලාවට අපි හිතනවා නම් භාවනාව තුල ආනාපානයක්මයි බලන්න ඕන, එහෙම නැතිනම් ශරීරයමයි හඳුනා ගන්න ඕන කියල අපි හිතනව නම්, හරි අහිංසකයි ඒ අදහස. ඒ වුනාට ඒ අනාපානය පේන එකට වඩා, ශරීරය පේන එකට වඩා, හිත හඳුනා ගන්නවා කියන දේටත් වඩා, ශබ්දය නම් පෙරටු වෙන්නේ, ඉහළට ඉස්මතු වෙන්නේ, ඒ වගේ වෙලාවට අපි එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒ ඉහළට ඉස්මතු වෙන දේ හඳුනා ගන්න එකයි කරන්න ඕන.
එතකොට මේ කියන ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වල දෙනව පින්වතුනි, අපිට වැඩිමනක් ගැටළුවක් කියන දේ ගැටළුවක් කරගන්නෙ නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියල. අපිට වැඩිමනක් ගැටළුවක් තියන දේ ගැටළුවක් නැතුව පවත්වා ගන්නෙ කොහොමද? කියන එකයි බුදු හාමුදුරුවො මේකෙන් උගන්වන්නෙ. තේරුනා නේද? සාමාන්‍යයෙන් ගැටළුවක් වුනාමනෙ අපිට ප්‍රශ්නෙ තේරෙන්නෙ. ඒකයි ඔය සතර සතිපට්ඨාන සූත්‍රයෙ දේශනා කරන්න පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැටළු ගැනම කියන්නෙ.
"සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය"
ඔන්න ඔහොමයි සතිපට්ඨානය පටන් ගන්නෙ. අපිට තියන ප්‍රශ්ණවලින්, කරදර වලින්, ඒ බාධකයන්ගෙන් නිදහස් වෙන්නටයි මේ සතිපට්ඨානය දේශනා කරල දෙන්නෙ. ඒවාගෙන් බැහැර වෙන්නටයි මේ සතිපට්ඨානය දේශනා කරල දෙන්නෙ.
එතකොට පින්වතුනි මේක ඇතුලෙ තියන හරිම ලස්සනම න්‍යාය තමයි, තියන දෙයත් එක්ක සාමයෙන් ඉන්න හිත හදාගන්න එක. ඒ තියන දේ සතුටින් බාර ගන්න හිත හදා ගන්න එක. මට උවමනා දේ නෙවෙයි මෙතන තියෙන්නෙ කොහොමත්. නමුත් ඒ තියන දේ සතුටින් බාර ගන්න, ඒ දේ සතුටින් පිළිගන්න හිත හදාගන්න එකයි සතිපට්ඨානයෙදි උගන්වන්නෙ.
එහෙම වුනාම පින්වතුනි අපේ ජීවිතයට මොනයම් වූ කාරණාවල් ආවා හෝ අපේ හිත කම්පා නොවෙන තත්වයක පවතීවි. සාමාන්‍යයෙන් අපේ හිත් අපේ ජීවිතයට සංතෝසයක් ලැබෙනකොට බොහෝම උද්දාමයට පත් වෙනව, ප්‍රීතියකට පත් වෙනව වගේම අපිට කරදරයක් එනකොට, බාධකයක් එනකොට, ඒකෙ අනික් පැත්තට පත් වෙනව. බොහොම දුක් ඇති කර ගන්නව. බොහොම සන්තාපයන් ඇති කර ගන්නව. උපායාස ඇති කර ගන්නව.
හැබැයි ඔය දෙකෙහෙදීම ඒ දෙකටම ඇලෙන්නෙ නැති විදිහේ හිතක් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා නම්, සංතෝසයට උද්දාමයට ඕනෑවට වඩා පත් වෙන්නෙත් නැති සහ දුක් වෙන කාරණාවට ශෝකයට පසු තැවීමට පත් වෙන්නෙත් නැති විදිහේ හිතක් හදා ගන්න පුළුවන් නම්, අපිට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මධ්‍යම වූ මාර්ගය තුල අපි එහෙම නම් මේ කටයුතු ගෙවා ගත්තා හෝ ඉතුරු කර ගත්තා වෙනව.
ඉතින් ආන් ඒ ආකාරයට කටයුතු කරන හැටියකුයි පින්වතුනි අද දවසේදී මං ඔය ඇත්තන්ට මේ කියන්නට කියල දෙන්නට උත්සාහවන්ත වෙන්නෙ. ඉතින් ඒ අතරින් බලනකොට මේ ශබ්දය කියන දේ අපේ භාවනාවට ප්‍රශ්නයක් වෙන එක කොච්චර කාරණයක්ද කියනව නම්, සමහර ඇත්තෝ සද්දෙ ඇහෙන්නෙ නැති විදියට කාමර පවා හදා ගන්නව භාවනා කරන්න.
මට මතකයි එක කාලයක් එක හාමුදුරුවරු වගයක් මේ ආරංචියක් තිබ්බ පිරමීඩයක් ඇතුලට වෙලා භාවනා කරනකොට සද්ද බද්ද එන්නෙ නැහැ, නීවරණ එන්නෙ නැහැයි කියල. ඒක ඉතින් එක මතයක්. අපේ කට්ටිය හදන්න පටන් ගත්ත පිරමීඩ. සමහර ඇත්තෝ පිරමීඩ වගේ කූඩාරම් හදා ගත්තා. සමහර ඇත්තෝ පිරමීඩ වගේ තොප්පිත් හදා ගත්තා. එව්ව දාගෙන ඒකෙත් භාවනා කලා. ඒකට ඔය විදිහෙ දේවල් වෙන්නෙ නැහැයි කියන අදහසින්. නමුත් ඉතින් ඉන්ද්‍රියන් කියන්නෙ එක හා සමාන දේවල්. ඒ දේවල්වල හිටියත්.
මට මතකයි එක හාමුදුරු කෙනෙක් කැලෑවට යන්න කියල (මේක මේ චරිත ඝාතනය නෙවෙයි) සූදානම් වෙලා බලනකොට, මේ ඇවිදගෙන එනකොට නිකං මහ සද්දයක් ඇහෙනව ලකට ලකට ගාල. අපි ඇහුව මොනවද කියල. මෙයාගෙ මේ කූඩාරම අරන් ඇවිල්ල. කූඩාරම මොකද්ද බලනකොට පිරමීඩයක් හදල. ඇලුමිනියම් වලින් හදන්න ඕනෙයි කිවුව. ඒකට මොනවදෝ වෙනම විදිහේ මොනවදෝ වගයක් දාන්න ඕනෙයි කිවුව. ඒක ඇතුලට වෙලා භාවනා කරනකොට සද්ද බද්ද ඇහෙන්නෙ නෑ, නීවරණවලින් කරදරයක් නෑ කියල. මං දන්නෙ නෑ ඉන්නවද නැද්ද කියලවත්.
ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන ක්‍රමයට පින්වතුනි අපි බාහිරින් උත්තර හොයන්න ගියාට ඒ උත්තරේ සාර්ථක නෑ. බාහිර උත්තරේ සාර්ථක නෑ අභ්‍යන්තර පිළිතුර මිසක. මේ ධර්ම මාර්ගය තුලදි අපිට උගන්වන්නෙ පින්වතුනි බාහිර උත්තරයක් හොයන්න නෙවෙයි. අභ්‍යන්තර උත්තරයක් හොයා ගන්න. ඒ අභ්‍යන්තර උත්තරය, ඒ අභ්‍යන්තරයෙන් කියල දෙන පිළිතුර, ඒක අපේ සංසාර ජීවිතේ තිබිච්ච සාංසාරික දුක නිවන්න හේතු වෙනව. සාංසාරික ගැටළුව නිමා කරන්න හේතු වෙනව.
පහුගිය සතියේම අපි කතා කලේ සිහියත් එක්ක මේ ශරීරයට වෙලා ඉන්නෙ කොහොමද? සිහිය තියනකොට, නැත්නම් භාවනාව කරනකොට නිදිමතෙන් ගැලවෙන්නෙ කොහොමද? භාවනා කරන්න පටන් ගන්නකොටම තමන්ගෙ අභිමතාර්ථයට හිත යනවද? වෙන දේකට හිත යනවද? මොනවාත් එක්කද ඇලෙන්නෙ ගැටෙන්නෙ? කියන මේ කාරණා ටිකයි.
ඉතින් ඒත් එක්ක මතු වෙච්ච ගැටළුවක් තමයි ශබ්දයෙන් භාවනාවට සිද්ධ වෙන ප්රශ්නය. ඉතින් අද දවසේදී මම කල්පනා කලේ මේ ශබ්දය කියන එක අපිට කරදරයක් හැටියට ගන්නවාට වඩා, ඒක භාවනා අරමුණක් හැටියට ගන්න පුළුවන්කමක් තියනවා නම් ඒක තවදුරටත් ගැටළුවක් වෙන්නෙ නෑ.
අපේ ජීවිතය තුල පින්වතුනි ඔන්න ඕකයි තියන පුදුමාකාර රහස. අපි යම්කිසි දෙයක් දිහා බලන කෝණයක් තිබ්බා කියන්නකො. ඒ බලන කෝණයෙන් පේන්න පටන් ගන්නව.
උදාහරණයක් හැටියට ඔය ඇත්තො මං දිහා සැකෙන් බලන්න පටන් ගත්තා කියන්නකො. සැකෙන් හිතන්න පටන් ගත්තා කියන්නකො. ඒ විදියට පේනව. ඔය ඇත්තො මං දිහා තරහෙන් හිතන්න පටන් ගත්තයි කියන්නකො. තරහෙන් පේනව. ඔය ඇත්තො මං දිහා බොහොම කරුණාවෙන් හිතන්න පටන් ගත්තය කියල හිතන්නකො. ඒ විදියට පේනව. අපි බලන කෝණය අනුව පින්වතුනි අපි පේන්න පටන් ගන්නෙ.
ඒකයි "මනෝ පුබ්බංගමා ධම්මා" වෙන්නෙ. මේ හැම එකක්ම මනසයි ප්‍රධාන වෙන්නෙ. ඉතින් ඒ අයුරින් තමයි අපිට මේ දේශනා කරන්නේ, අපේ ජීවිතය තුල අප වටා තියන හැම එකක්ම ගැටළු ස්වරූපයකින් ගන්නවාද? කමටහන් ස්වරූපයකින් ගන්නවාද? කියල. හැම එකක්ම කමටහනක් කරගන්න, හැම එකක්ම භාවනා අරමුණක් කරගන්නටයි සතිපට්ඨානයෙන් කියල දෙන්නෙ.
එහෙම වුනාම පින්වතුනි අපි අපේ ජීවිතය තුල වචනයකින් අපේ ජීවිතයේ තියන සංතෝසය හොයාගෙන යන්න උත්සාහ කරනවාට වඩා, අවබෝධය තුලින්ම, පරිනතභාවයෙන්ම, ජිවිතය තුල තියන සැනසීම අත්දකින්න පටන් ගන්නව.
මේ ලෝකෙ කොහොමත් කරදරයක් තියනව. ප්‍රශ්නයක් තියනව. දුකක් තියනව. ඒක සමාන්‍යයි. ඒ දේට මුහුණ දෙනකොට අපිට කරන්න පුළුවන් විදිය තමයි ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න එක. ඒ හැම එකක්ම සතුටින් බාර ගන්න එක. ඉතින් මෙන්න මේ කියන කාරණාවයි පින්වතුනි සතිපට්ඨානය තුලින් උගන්වන්නේ. සතිපට්ඨානය තුලින් කියල දෙන්නේ.
ඉතින් ඔය කියන කොටස තමා මම බලාපොරොත්තු වෙන්නෙ ඔය ඇත්තන්ට අද දවසේදී කතාබහ කරන්න කියලා භාවනාව සහ ශබ්දය කියන මාතෘකා යටතේ. එතකොට මේ ශබ්දයෙන් අපට භාවනා කරනකොට සිද්ධ වෙන ගැටළුව වෙනුවට, ඒ දේ භාවනා අරමුණක් හැටියට හදා ගන්නෙ කොහොමද? ඒ දෙය තුලින් අපේ හිත කැළඹෙන එක වෙනස් කර ගන්නට අපිට කරන්න පුළුවන් උපක්‍රම මොනවද? කියන එකයි අද දවසේදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
ඉතින් අද දවසේදී මෙතෙකින් දේශනාව සමාප්ත කරන්න කියලා කල්පනා කරනවා. උත්සාහ කරල බලමු මේ අනුසාරයෙන් අපේ ජීවිතේ මේ කියන භාවනාවල් කොහොමද සිදු කරන්නෙ කියලා, සමහරක් වෙලාවට මේක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එහෙම වුනොත් එහෙම මං හිතනව ඔය ඇත්තන්ගෙ ජීවිතයට මහානීය ප්‍රයෝජනයක් අත්වේවි කියල. මේක තමයි බුදුහාමුදුරුවො දේශනා කරන හැටියට තණ්හාවම හේතු කරගෙන තණ්හාවෙන් නිදහස් වෙන ක්‍රමය.
තණ්හාවම හේතු කරගෙන තණ්හාවෙන් නිදහස් වෙන ක්‍රමය.
ඉතින් අද දවසට ධර්ම දේශනාව මෙතෙකින් සමාප්ත වෙනවා. මේ දේශනාව තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිතවලට යම්කිසි වූ ඵලයක් දැනුමක් ලැබුනා නම්, එය ඔය ඇත්තන්ගේ යහපත පිණිසම හේතු වාසනා වේවා කියල මම බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධිවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා 05
භාවනාවේ තණ්හාව හෙවත් වීර්යාධිකබව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"කාමාතේ පඨමා සේනා
දුතියා අරති උච්චතී
තතියා කුපප්පිපාසාතේ
චතුත්ති තණ්හා පවුච්චතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. අන්තර්ජාලය හරහා අප හා සම්බන්ධ වෙන පින්වත් පිරිස වගේම බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච ඔය ඇත්තන්වත් බොහොම සාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත අපක්ෂපාතී නිරීක්ෂණය මාතෘකාව යටතේ පැවැත්වෙන භාවනා උපදෙස් වැඩසටහනේ දෙවැනි අදියරේ පස් වෙනි වැඩසටහනයි අද දවසට යෙදිල තියෙන්නෙ.
පහුගිය සතියෙදි පින්වතුනි අපි කතා කරන්නට උත්සාහවත් වුනේ භාවනාවක් කරනකොට අපිට බාහිරින් ඇහෙන ශබ්දය ගොඩක් වෙලාවට කරදරයක්. බුදුරජාණන් වහන්සේ ඔය පළවෙනි ධ්‍යානය ගැන කියනකොට තථාගතයන් වහන්සේම දේශනා කොට වදාළ උතුම් වූ මානසික ස්ථරයට යන්න තියන ප්‍රධානම බාධකය හැටියට (කණ්ටඛී කියලත් කියනව) කටුව හැටියට සඳහන් කරන්නෙ සද්දෙ. භාවනාවක් කරන්න හිත හදාගන්න, හිත එකලස් කරගන්න යන අයට පළවෙනියෙන්ම මුහුණ දෙන්න වෙන ප්‍රධානම ගැටළුවක් තමා එතකොට ශබ්දය.
ඉතින් පහුගිය සතියෙදි අපි උත්සාහවත් වුනේ භාවනාවක් කරනකොට ශබ්දයක් ඇහෙනවා නම්, ශබ්දයකින් කරදරයක් වෙනවා නම්, සතිපට්ඨානය කියන මේ මාතෘකාව ඔස්සේ යමින් ඒ දේට විසඳුමක් හොයන්නේ කොහොමද? ඒ දේ යහපත් විදියට සකස් කරගන්නේ හදාගන්නේ කොහොමද? කියන එක කතාබහ කරන්නයි උත්සාහවන්ත වුනේ.
ඉතින් පින්වතුනි සතිපට්ඨානයේදී උගන්වන ප්‍රධානම ඉලක්කයක් තියනවා, හැම එකක්ම කමටහනක් කියල. ඒකයි මේ භාවනාවට විශේෂ වූ ඉරියව්වක්, විශේෂ වූ හැඩයක්, විශේෂ වූ තැනක් අවශ්‍ය නොවෙන්නෙ. නමුත් මේ දේ පටන් ගන්නට නම් ඒ වගේ තැනක් තියන එක වටින්න පුළුවන්. ඒ වුනාට හැම වෙලාවකම ඒකෙ ඒ වගේ ස්වභාවයක් නැහැ.
අනික් එක තමයි භාවනාවට වෙන්න වුනාම, සතිපට්ඨානය වඩන්න වුනාම සිද්ධ වෙන්න බැරි දේකුත් නෑ. ප්‍රධාන වශයෙන්ම ඔය කියන මූලධර්මය මූලික කරගෙන, කේන්ද්‍රගත කරගෙන අපි පහුගිය සතියෙදි ඉගෙන ගත්තා, සද්දය කමටහනක් කරගන්නෙ කොහොමද කියල. ඉතින් අද දවසේදී මම උත්සාහවන්ත වෙනව පින්වතුනි භාවනාවට ඊළඟට බලපාන, ඊළඟ අවස්ථාව හැටියට හඳුන්වල දෙන්න පුළුවන් ප්‍රධානම පෙළේ ගැටළුවක් ගැන කියල දෙන්න. මේක සාමාන්‍ය ජීවිතේටත් අපිට බොහෝම කරදර කරන දෙයක්. අපි කතාව මෙහෙම පටන් ගමු.
අපි බුද්ධ ශාසනේ ගැන කියද්දී අපි අහල තියනවා මාරයාගේ සංකල්පයක් ගැන. බුදුරජාණන් වහන්සේටත් මාරයා ඇවිල්ල කරදර කලා. හාමුදුරුවරු භාවනා කර කර ඉන්නකොට, "මෙහෙම කරදර කරනවා, අරකයි මේකයි" අපි අහල තියනව හොඳටම. දැන් බාහිර අනිත් ආගම් ගත්තත් ඔය වගේ සංකල්පයක් ගැන කතා වෙනවා.
තථාගතයන් වහන්සේ මේ දේශනා කරන සද්ධර්මය තුල පින්වතුනි අපිට උගන්වන ප්‍රධානම කාරණයක් තමයි මේ ජීවිතය තුල සත්ත්වයෙක් සහ පුද්ගලයෙක් සොයා ගන්න බැහැ කියන එක. මේ ඔක්කොම හේතුන්ගේ ඵල. සත්ත්වයා පුද්ගලයා ඉන්නවා කියන එකේ තේරුම එයා සදාකාලික ජීවිතයක් තියන කෙනෙක් වෙන්න ඕන. එහෙම එකක් නෑ මේකේ. මේකෙ තියෙන්නෙ යම්කිසි හේතු සමුදායකින් ඇති වෙච්ච ඵල සමුදායක්. ඒ හැරෙන්න ස්ථිර ආත්ම භාවයක් මේ ලෝකෙ තුල නෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම.
එතකොට ඔය ස්ථිර ආත්මභාවයක් නැති වෙච්ච මේ ලෝකය තුල මාරයෙක් කියන කෙනෙක් ඉන්නෙ කොහොමද කියන ප්‍රශ්නාර්ථය අපිට එන්න පුළුවන්. ඔන්න ඕකට බුදු පියාණන් වහන්සේ දෙන ලස්සන උත්තරයක් තියනවා 'පධාන' කියන සූත්‍රයේදී සුත්ත නිපාතයේ. හරි ලස්සනයි. ඒ මාරයාගේ කාරණාව තියන කොටස විතරක් මම උපුටල ගත්තොත් එහෙම,
"කාමා තෙ පඨමා සෙනා, දුතියා අරති වුච්චති
තතියා ඛුප්පිපාසා තෙ, චතුත්ථී තණ්හා පවුච්චතී"
ඔහොම ඔහොම තව ටිකක් යනව. මම මෙතනින් නතර කරනව මොකද ඕන ප්‍රමාණය එතනින් ඇති හින්ද. මාරයාගේ සේනාව අපි හිතුවට බාහිර මොකක් හරි කෙනෙක් සතෙක් කියලා ඔය කාටූන්වල නම් ඇදල තියෙන්නත් පුළුවන්. ලොකු මූණක් තියන ඔළුවෙ අං තියන කටෙත් දත් එල්ලිච්ච අන්න ඒ වගේ අමුතු විදිහේ මහ ලොකු ඇඟක් තියන චරිතයක් කියල. එක අතකට එහෙම පින්තූරෙකුත් සාධාරණයි මොකද පළවෙනි මාර සේනාව වෙන්නෙ කාමය. කැමැත්ත. අපිට තියන ආශාවල් ටික. මේ තමා මාරයාගේ සේනාව, මාරයාගේ පිරිවර, මාරයාගේ දරුවො ටික.
දෙවෙනි එක තමා 'අකමැත්ත.' "දුතියා අරති වුච්චති" ඕනෑම දේකදී හෝ බොහෝවිට අපිට තියන අකමැත්තක් තියනවනෙ. මේ වැඩසටහන ගැන කිවුවම, භාවනා කරන්න කිවුවම, "හා" කියන පිරිසට වඩා "බෑ" කියන පිරිස වැඩියි. සීලයක් සමාදන් වෙන්න කිවුවහම "හා හොඳයි" කියන පිරිසට වඩා "බෑ ඕන නෑ" කියන පිරිස වැඩියි. ඒක ඒ වගේ දෙයක්. "දුතියා අරති වුච්චති"
තුන්වෙනි එක තමා, "තතියා ඛුප්පිපාසා තෙ" බඩගිනි ගතිය. පිපාසය එන ගතිය. ආන් ඒව. මේක තමයි තුන්වෙනි මාර සේනාව. සමහරක් වෙලාවල් තියනවා අපි කනවා. ඇඟට ඕනවට නෙවෙයි. අපේ හිතට ඕනවට. ඇඟට ඕනවට දවසකට එක වේලක් කෑවත් ඇති ඉතින්. අපිත් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණක්. ඒ වුනාට හිතට ඕන හින්දා "හා මේ තියෙන්නෙ" ඒක කන්නත් ඕන වෙනව. "හා අර තියෙන්නෙ, ලස්සනයි ඒක රහට ඇති, ඕකත් කාල බලන්න ඕන." ඔන්න ඔහොම එකක් තියනව.
හතරවෙනි එක තමයි තණ්හාව. මේ තණ්හාව පින්වත්නි අපි සාමාන්‍යයෙන් කතාබහ කෙරෙන ඔය පටිච්ච සමුප්පාදයෙ කියවෙන තණ්හාවට වඩා චුට්ටක් වෙනස් විදිහේ ලක්ෂණයක් තියන එකක්. භාවනාව තුලදී අපිට ඔය කියන කාරණාවන්ගෙන් ඔය තණ්හාව කියන දේ අපිට ඇඟිලි ගහන්නෙ කොහොමද කියන එකයි අද මට කියල දෙන්න ඕනකම තියෙන්නෙ.
විශේෂයෙන්ම භාවනා කරන ඇත්තෝ භාවනාවක් කරන්න පටන් ගත්තහම හිතන එකක් තමයි, දැන් පහුගිය දවස්වලදි වෙච්ච ධර්ම සාකච්ඡා වලදි වුනත් ඇහෙන්න වුනා "ස්වාමීන් වහන්ස මින් එහාට මොකද්ද? මින් එහාට මේකෙ ප්‍රතිඵලය මොකද්ද? මීට පස්සෙ ලබා ගන්න තියෙන්නෙ මොකද්ද?" අන්න ඒ වගේ ප්‍රශ්නයි ඇහුවෙ.
එතකොට ඇත්තටම ඒ වගේ ප්‍රශ්න අහන එක වැරදි නෑ. එව්ව ප්‍රකට වෙන්න ඕන. මේ තමා අපේ තණ්හාව භාවනාව ආශ්‍රයේදී එළියට එන විදිහ. අපිට තියන මේකට වඩා වෙන එකකට අපි කරන ඇලීම, මේ තියන දේට වඩා වෙනත් දෙයක් හොඳයි කියල අපි හිතන ස්වභාවය ප්‍රකට වෙන වෙලාව තමයි භාවනාවෙදි ඔන්න ඕක.
එතකොට මේ වගේ දෙයක් වෙන්න බලපාන විදියේ ප්‍රධානම හේතුවක් ගැන කියනවා නම් පින්වතුනි උදාහරණයන් හැටියට අපි ආශ්වාසය ප්රාශ්වාසය දකින්න පටන් ගත්තොත් අපේ හිත් හරියට නිකං කිකිළියො වගේ එක වෙලාවකට. බිත්තර දාපු ගමන් ඕක උඩ වාඩි වෙලාම ඉන්න ඕන. ඔහොම එකක් තියනව. ඒක හරි පුදුමාකාර බවක්. එක දෙයක් අපිට අහු වුනොත් එහෙම, අපි හරි කැමතියි ඒකටම ඒකටම ඒකටම වෙලා ඉන්න.
නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ එකම කාරණාවක් තුල හිතට ඉන්න පුළුවන් තත්පර කිහිපයයි. ඒත් එක්කම තමා, මේ එක දෙයක් එක්ක ඉන්න තියන බලවත් වූ ආශාව, උවමනාකම හින්දාම තමා ඒ දේ ඒකාකාර වුනාම තත්පර කිහිපයක් යටතෙදි තවත් එකක් හොයන්නෙ. එක විදිහක කෑමක් කන්න වුනොත්, එක විදිහෙ කෙනෙක්ව මුණ ගැහෙන්න වුනොත්, එක විදිහෙ ඇඳුමක් අඳින්න වුනොත්, අපිට ඔය ප්‍රශ්නෙ තියනවනෙ? මීට වඩා වෙන එකක් ඕන වෙනව. ඒක සාමාන්‍යයයි ඇත්තටම.
එතකොට ඔය වගේ තියන තත්වයක් ප්‍රකට වෙන්නෙ භාවනාවෙදී අපි භාවනා කරන ඉරියව්වක් තුල හෝ භාවනා අරමුණක ඉන්නකොට ඒ අරමුණ අපිට ඒකාකාර වෙනව. ඒ අරමුණ ඒකාකාර වෙලා අළුත් අළුත් අරමුණු හොයා ගන්න යනව. එහෙම නැතිනම් භාවනාවේදී අපි හිතනවා ලැබෙන්න ඕන ප්‍රතිඵලය විගහට ලැබෙන්න ඕන කියල. ඒක හරියට ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ පේපර් එකකට නැත්නම් උසස් පෙළ පරීක්ෂණයකට මුහුණ දෙන්න කියලා ඔය ඇත්තන්ට තේරෙනව ඇති ඒක කොච්චර ප්‍රායෝගික නැද්ද කියල. ආන් ඒ වගේ තමයි භාවනාව තුලත්.
අපි භාවනාවට ආගන්තුක නම් පින්වතුනි අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන ඒ ආගන්තුක මට්ටමේදී කරන්න පුළුවන් කාරණාවල් ටික කරගෙන ඉන්න. ඒ මට්ටමේදී අපිට පුරුදු කරන්න පුළුවන් ස්වභාවයන් ටික පුරුදු කරන්න. එතකොට මේ තියන ඒකාකාර භාවය නම් අපිට බලපාන ප්‍රධානම කාරණේ, අපිට එහෙම නම් විවිධ අළුත් අළුත් විදිහේ දිශානතිවලට අපේ හිත හසුරුවන්න පුළුවන්.
සිහිය කියන දේ ඇත්තටම කියනව නම් අපි මේ පුරුදු කලාට හිතාමතාම, සත්තුන්ට වුනත් තියන දෙයක්. උදාහරණයක් හැටියට කියනව නම් පූසවයි මීයවයි ගත්තොත් එහෙම මීයෙක්ව දකින පූසා ඒ මීයව අල්ලන්න තමන්ගේ වාරය එනකං බොහෝම හොඳ අවධානයකින් ඉන්නෙ. බොහෝම හෙඳට යොමු වෙච්ච, යෙදිච්ච, බොහෝම තියුණු අවධානයකින් ඉන්නව. ඒකත් එයාගෙ සිහියක් තමයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි. එයාගෙ ඒ සිහියෙන් එයා ප්‍රයෝජනය ගන්නේ මොන දේකටද කියන එකයි.
ඒ වගේම අපි හිතමුකො අපිත් එක්ක අමනාප කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, නැත්නම් අපිට සැක සහගත කෙනෙක් ඉන්නවා නම් හෝ අපි සැකෙන් හිතන කෙනෙක් ඉන්නවා නම්, ඒ කෙනා දිහා අපි බලනකොට, ඒ කෙනාව අරමුණු කරනකොට, අපි හැම වෙලාවකම වගේ සැකෙන් යුක්තව, මොකක් හරි අමනාපයකින් යුක්තව ආදී විදියටම එයා දිහා බලන ස්වභාවයක් තියෙන්න පුළුවන්.
හැබැයි මේ තියෙන්නෙත් සිහියක් තමයි. හැබැයි මේ සිහියට එකතු වෙලා තියෙන්නෙ මොකද්ද? සැකය එකතු වෙලා තියනව. මේ සිහියට එකතු වෙලා තියෙන්නෙ මොකද්ද? අමනාපය එකතු වෙලා තියනව. තේරුනා නේද? මේ සිහියට ක්ලේශයක් එකතු වෙලා තියනව. එතකොට පින්වතුනි එවන් වූ සිහියක් අපේ ජීවිතේ තුල මේ තරම් කාලයක් පුරුදු කරලත් තියනව අවස්ථාවෙන් අවස්ථාවට අවංකවම කිවුවොත්.
අපිට තරහ යන්න පුළුවන්. අපි සැක හිතන්න පුළුවන්. අමනාප ඇති වෙන්න පුළුවන්. එවන් වූ වෙලාවන් වලදී, එවන් වූ අවස්ථාවන්වලදී අපි ඔය කියන ආකාරයෙන් අපේ පුරුද්ද අපේ අවධානය පවත්වල තියනව. දැන් ඉගෙන ගන්නෙ මොකද්ද? ඒ විදියට කෙලෙස් සහිතව පවත්වපු පුරුදු කරපු සිහිය එහෙම පුරුදු කරපු අවධානයට, ඒ කෙලෙස් සහිත ස්වභාවය නැතුව ඒ ටික අයින් කරලා නිකෙලෙස් විදිහේ පරම පිවිතුරු විදියේ සිහියක් පවත්වන්නෙ කොහොමද? කියල.
මෙන්න මේකටයි පින්වතුනි අපි සතිපට්ඨානය නැත්නම් භාවනාව කියන දේ පුරුදු කරගෙන යන්නෙ. ඉතින් මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාරණාවල් එතකොට අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන පින්වතුනි අපි කරන භාවනාව තුලදීමයි. අපි කරන භාවනාව තුලදීමයි.
එතකොට අපි කරන භාවනාව තුල අපේ හිත යම්කිසි දේකට අමනාපයක් ඇති කරගන්නවද? යම්කිසි දේකට ඕනවට වඩා මනාපයක් රුචිකත්වයක් ඇති කරගන්නවද? යම්කිසි දෙයක් දකිනකොට නැත්නම් ආශ්වාසය ප්රාශ්වාසය තුල ඉන්නව නම් මේකට වඩා වෙන එකක් ඕන හොඳයි කියල හිතන ඒ විදිහෙ අදහසකට අපේ හිත යනවද? ආදී වශයෙන් අපිට අපේ හිත යොමු කරවන ඒ බලපෑම අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන. මේ දේ ඉගෙන ගත්තොත් විතරයි අපිට ඒ දෙයින් නිදහස් වෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නෙ. ඒ දේ ඉගෙන ගත්තොත් විතරයි.
ඔය ඇත්තොන්ට මතක ඇති පළවෙනි දවසෙම මම කිවුවා තුත්තිරි කට්ටක කතාවක්. මේක තමයි තුත්තිරි කටුව කියල කියන්නෙ. අපේ සිහියත් එක්ක එකතු වෙච්ච අපේම නැමියාවල් තියනව පින්වතුනි. අපේම උවමනාවල් තියනව. අපි අපේ ජීවිතය තුල එක එක ඇත්තන්ව ආශ්‍රය කරනකොට ඒ ඒ අයට අපි දාපු එක එක විදිහේ චරිත ලක්ෂණ තියනව. අපිම හිතෙන් හදාගත්ත ඒව. ඒ ගොන්නත් එක්ක තමා අපි බලන්නෙ. මේ තමා අපි අපේ සිහිය සාමාන්‍ය ජීවිතේදි පුරුදු කරන විදිහ. මෙහෙම කරනවනෙ අපි. නේ? ඒක තමා අපේ සාමාන්යම ස්වභාවය.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරම පවිත්‍ර වූ නිවන් සුවය සාක්ෂාත් වෙන සිහිය ඒක නම් නෙවෙයි. ඒක හින්දනෙ අපි තාම සංසාරෙ ඉන්නෙ. තවම මේ දුක් විඳින්නෙ. නේ? එතකොට සතිපට්ඨානයෙන් තමයි මා පුතා අපිට උගන්වන්නේ මම දැනට මේ පවත්වන සිහිය පවත්වන්නේ මොන දිශා ආනතියකින්ද? මොන ස්වභාවයෙන්ද? මොන විදියටද? කියල තේරුම් අරගෙන ඒ දේ තුල තියන ක්ලේශය අයින් කරල දාලා, නිකෙලෙස් වූ සිහිය එළියට ගන්නෙ කොහොමද කියල. නිකෙලෙස් වූ අවධානය එළියට ගන්නෙ කොහොමද කියල. මේකයි භාවනාව හිත පිරිසිදු කරන දෙයක් කියල කියන්නෙ. භාවනාවෙන් වෙන්නේ හිත පිරිසිදු වෙන එක, නැත්නම් තමන්ගේ ආත්මය පිරිසිදු වෙන එක කියල කියන්නේ මේක හින්ද.
මෙහෙම කෙරෙනකොට අපි අපිවම අවබෝධ කරගන්න පටන් ගන්නවා, කොහොමද? අපි ගාව තියන යහපත සහ අපි ගාව තියන අයහපත මැනවින් හඳුනා ගන්නා නිසා. එතකොට පින්වතුනි භාවනාවේදී අපිට තියන තණ්හාව තියෙන්න පුළුවන් යම්කිසි දේකට අමනාප වෙන්න. භාවනාවේදී අපිට තණ්හාවක් තියෙන්න පුළුවන් මේ දේ නෙවෙයි වෙන දෙයක් හොයාගෙන යන්න ඕන කියල. භාවනාවේදී අපිට තණ්හාව තියෙන්න පුළුවන් මොකක් හරි දෙයක් අහුවුනොත් එහෙම ඒකටම වෙලා ඉන්න.
උදාහරණයක් හැටියට හාමුදුරුවො කිවුවොත් එහෙම, "හොඳයි දැන් අත කොහොමද තියෙන්නෙ බලන්න" කියල ඒකෙ විතරක්ම ඉන්න විතරක් හිත තියෙන්න පුළුවන් වෙන කොහේවත් යන්නෙ නැතුව. හැබැයි මේකෙ විතරක් ඉන්න පුළුවන් තත්පර කිහිපයයි අපිට. තත්පර කිහිපයයි. ඊට පස්සෙ නිදාගෙන වැටෙනව. එහෙම නිදා ගන්න වුනාම ඔන්න අපිට බොඳ වෙලා යනව, නොපෙනී යනව, ඊළඟට අපි භාවනාවෙ නෑ ඇත්තටම. අපි දන්නෙ නෑ මොකක්ද වුනේ කියල. දන්නව ආරම්භය. ඊළඟට සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා කියන්න අපි දන්නෙ නෑ.
ඉතින් ආන් ඒක හින්ද පින්වතුනි අපි අපේ භාවනාව තුලදී තමයි ඉගෙන ගන්න පටන් ගන්නේ, තමන්ට හැබෑවටම මේ කියන ක්ලේශයන් මොන ආකාරයෙන්ද තියෙන්නේ? මොන විදියෙන්ද තියෙන්නේ? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? කියල. ඉතින් ආන් ඒ ටික හඳුනා ගන්න විදියට අපිට හිත යොමා ගන්න පුළුවන් නම්, අපේ අවධානය ඇති කරගන්න පුළුවන්කමක් තියනවා නම්, එක අවස්ථාවකට එක ගානේ අපි ගාව තියන කෙලෙස් නිදහස් කරගන්න පුළුවන්.
ඒක හින්ද තමයි පින්වතුනි කියන්නේ භාවනාවක් කරන්න වාඩි වෙන කෙනා නෙවෙයි, හරියට සතිපට්ඨානයක් වැඩුවොත් එහෙම භාවනාවෙන් නැගිට්ටෙ කියල. මොකද ඒ කෙනා භාවනාවට වාඩි වුනාට වඩා නිකෙලෙස් වෙච්ච, ඒ නිකෙලෙස් විදියට අවධානය පවත්වන්න දන්න හෝ ජීවත් වෙන්න දන්න කෙනෙක් හැටියටයි නැගිටින්නෙ. එයා ගාව තියන අර හිතේ ඇමිනිච්ච කෙලෙස් ටිකක් අයින් කරලයි එයා නැගිටින්නෙ. හරියට භාවනාව වඩනවා නම්, එයා නිදහස් වෙච්ච නිවිච්ච කෙනෙක් හැටියටයි භාවනාවෙන් නැගිටින්නෙ ඒ භාවනා වාරයෙන් ඉවත් වෙලා යනකොට.
ඉතින් මෙන්න මේ කියන ස්වභාවයන් ටික ඇති කරගන්න ඉගෙන ගන්න එකයි පින්වතුනි අපි සිදු කරන්නේ සතිපට්ඨානය තුලදී. ඒකයි මේ කියන භාවනාව එක්තරා විදියකට කියනව නම් සුවිශේෂම වෙන්නෙ. දැන් ඔය ඇත්තන්ට තේරෙනව ඇති බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නකොට,
"සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය"
කියලා, ශෝකයක් තියනව නම් දුකක් තියනව නම් කායිකව හෝ මානසිකව, ඒකෙන් නිදහස් වෙන්නටත්, මොකක් හරි සන්තාපයක් තියනව නම්, කරදරයක් බයක් තියනව නම්, කායික වද වේදනාවක් තියනව නම්, මානසික වදවේදනාවක් තියනව නම්, ඒකෙන් නිදහස් වෙන්නටත්, ඉන්නවාට වඩා, ගත කරනවාට වඩා ඥානවන්ත විදිහේ ජීවිතයක් ගත කරන්නටත්, අවසානයේදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටත් හේතුභූත වෙන එකම එක ක්‍රමය මේ සතර සතිපට්ඨානයයි කියල කියාපු එක කොයි තරම් නම් සාධාරණද කියල ඔය ඇත්තන්ට දැන් තේරෙනව.
හේතුව පින්වතුනි අපි ඒ කියන නිවන විඳගන්න ගමනුයි මේ භාවනාව කරගෙන යන්නෙ. මං ඒකයි ඉස්සෙල්ලම කිවුවේ භාවනාවට වාඩි වෙන කෙනා නෙවෙයි භාවනාවෙන් නැගිටින්නෙ. ඒ කෙනා තමන්ව තව ටිකක් හඳුනාගත්ත, තමන්ව තමන්ගේම දුකෙන් අයින් කරල දාගත්ත, තමන්ගේම දුකෙන් නිදහස් වෙච්ච චරිතයකුයි භාවනාවෙන් නැගිටින්නෙ. ඒ භාවනා අවස්ථාවෙන් නිදහස් වෙලා යන්නෙ. ඉතින් ඒකට අපි භාවිතා කරන ක්‍රමයක් තමා, උපක්‍රමයක් තමා මේ කතාබහ කෙරෙන්නෙ.
එතකොට මේ කියල දෙන ඔය කියන විදියට කායානුපස්සනාවට ඇවිල්ලා, ඒ අනුව තේරුම් අරගෙන, ඊළඟට වේදනාව තේරුම් අරගෙන යන, එහෙම ස්වභාවයක් ගැනයි කතා කරන්න මේධාවි හාමුදුරුවො බොහොම රුචි වෙන්නෙ. ඕක තම තමන්ට අවශ්‍ය නම් වෙන වෙන විදියට භාවිතා කරන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ එක සූත්රයකවත් ඕක ඉතින් අර පටලවලත් දේශනා කරල නැති හින්දා මං හිතනව ඒකෙ මොකක් හරි විශේෂ හේතුවක් ඇති කියල.
එහෙම එකක් තියනවා නම් සතර සතිපට්ඨානය කියන වෙලාවෙදි තථාගතයන් වහන්සේට අඩුම තරමේ නිකං හරි කියන්න තිබ්බා "මහණෙනි මෙහෙමත් කරන්න පුළුවන්. වේදනානුපස්සනාව පළවෙනියෙන්ම පටන් අරගන්න, ඊළඟට යන්න චිත්තානුපස්සනාවට. නැත්නම් චිත්තානුපස්සනාව පළවෙනියෙන්ම පටන් ගන්න" කියල එහෙම දේශනාවක් මට නම් හම්බ වෙලා නෑ.
ඉතින් ඒක හින්ද මං බලාපොරොත්තු වෙනව පින්වතුනි කය පිළිබඳව අපි දැනගන්න ඒ අභ්‍යාසයන් වලින් පුරුදු කරන ක්රමයන්ගෙන් වේදනාව හඳුනා ගන්නා වූ ඒ තැනට අපිව පත් කරගන්න. ඒ තුලින් අපි හිත හඳුනාගන්න තැනට පත් වේවි. මේ ඔක්කෝමත් එක්ක අවසානයේදී අපිට පුළුවන් කමක් හම්බ වේවි කියල මම විශ්වාස කරනවා, අපි ජීවත් වෙන ස්වභාවය නැත්නම් මේ ධර්මතාවයන් ටික කෙලෙස්වලින් තොරව හදා ගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න.
ඒ අතින් බලනකොට පින්වතුනි භාවනාව කියන මේ විෂය, භාවනාව කියන මේ විෂය ක්ෂේත්රය ඇත්තටම කියනව නම් පෙරහන්කඩක් වගේ හරියට. අපේ හිතේ තියන වැරදි ටික පෙර පෙරා, පෙර පෙරා, පෙර පෙරා අයින් කරන පෙරහන්කඩක් කියල කියන්න පුළුවන් සතිපට්ඨාන භාවනාව. ඒ ටික පෙරන හැටි තමයි මේ චුට්ට චුට්ට කතාබහ කරන්නෙ.
හැබැයි ඉතින් මේක සාම්ප්‍රදායානුකූලව කවියක් කියනවා භාවනාවක් හැටියට තව මොකක් හරි එකක් තාලෙට කියනවා වගේ එහෙම අර සංතෝසදායක නැති වෙන්න පුළුවන්. හැබැයි මේක කරල බැලුවොත් එහෙම ඒක තුලින් ලැබෙන නිදහස ඔය ඇත්තන්ගෙ ජීවිතයට බොහෝම සහනයක් ගෙනැල්ල දේවි. මගේ බලාපොරොත්තුවත් ආන් ඒ කියන දිශානතියට මේ ටික අරන් යන්නටයි. මනාප වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒ අතලොස්සක් පිරිස එක්ක මේ ගමන යන්න බලාපොරොත්තු වෙනව.
ඉතින් මම බොහොම සංතෝස වෙනවා අද දවසේදීත් ඔය ඇත්තො අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පැමිණීම ගැන. ඉතින් මෙතකින් මම කල්පනා කරනවා අද දවසේ භාවනා උපදේශය සමාප්ත කරන්න කියල. අද දවසේ අපේ මාතෘකාව වුනේ භාවනාවේ තණ්හාව හෙවත් වීර්යාධික බව. ඉතින් මේ දේශනාව තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිතේ භාවනාව සම්බන්ධයෙන් යම්කිසි විදියකට දහම් දැනුමක් සැලසුනා නම්, එය බොහෝ කාලයක් ඔය ඇත්තන්ගෙ යහපත හිතසුව පිණිසම වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සිහිය, අසිහිය සහ සම්පජානය, අසම්පජානය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සතෝ වෝ භික්ඛවේ විහරේය්ය සම්පජාණෝ"
පුජනීය මහා සංඝරත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියල කියන ඔබ අප සෑම සියළු දෙනාගේම කායික සහ චෛතසික සියළුම දුක් වලට නිදහස සලසන, කායිකව විඳින වේදනාවන්ට සහ චෛතසිකව විඳින පීඩාවන්ට නිදහස සලසන, ගුණ නුවණින් යුක්ත වූ ජීවිතයක් හදා ගන්නට පාර කියල දෙන, අවසානයේදී කෙළවර අමා මහ නිවන සාක්ෂාත් වෙන හෝ නිවන සාක්ෂාත් කරගන්නට මඟ කියල දෙන එකම ක්‍රමය හැටියටයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරන්නෙ. ඉතින් ඔය කියාපු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කර ගත්ත හය වෙනි භාවනා වැඩසටහනයි අද දවසට සිද්ධ වෙන්නේ.
අද දවසේ මාතෘකාව සිහිය, අසිහිය සහ සම්පජානය, අසම්පජානය.
ඔය වචන දෙකේ පින්වතුනි සිහිය අසිහිය කියන එක නම් අපිට ටිකක් තේරෙනව. අපි නිකං සරල හැටියට විස්තර කරගත්තොත්, සිහිය අසිහිය කියන එක දැනුවත්බව සහ නොදැනුවත්බව කියල කියන්න පුළුවන්. ඔය සම්පජානය කියන එක පාලි වචනයක් ඇත්තටම කියනව නම්. නමුත් අපේ භාෂාවෙත් ඕක තියනවා. ඕක පරිවර්තනය වෙන්නෙ සිහි නුවණ හැටියට. සිහියත් එක්ක තියන නුවණ. එතකොට සිහි නුවණ ඇති බව සහ සිහි නුවණ නැති බව තමයි අද මාතෘකාව.
සාමාන්‍ය දෛනික ජීවිතයක් ගෙවන ඔය ඇත්තන්ටත් මටත් පින්වතුනි මේ අවධානය පවත්වනවා කියන එක සාමාන්‍ය පුරුද්දක්. අපි අනිවාර්යයෙන්ම අවධානයක් පවත්වනවාමයි. පඩිපෙලකින් ඇවිදින්න ගියත්, වතුර එකක් බොන්න වුනත්, ඇඳුමක් අඳින්න වුනත්, ගමනක් බිමනක් ගියත්, කතාබහක් කලත්, වෙන කෙනෙකු දිහා බැලුවත්, මොනව හරි දෙයක් ශ්‍රවනය කලත්, මේ ආකාරයේ හැම අවස්ථාවකදීම, හැම වෙලාවකදීම අපි අවධානයක් පවත්වනවාමයි. ඒ අවධානය පවත්වන එක අපි භාවිතයට ගන්නව.
එහෙම අවධානයක් පවත්වන්නෙ නැත්නම් ඇත්තටම අපිට සාමාන්‍ය ජීවිතය තුල ජීවත් වෙන්නත් හරි අමාරුයි. හැබැයි ඒ වගේම අවධානයක් පවත්වන්න අමාරුකමක් තියනව නම්, නොහැකියාවක් තියනව නම් තමා ඔන්න අපි වැටෙන්නෙ අර අසිහිය කියන ගණයට. ඒ තරමේවත් අවධානයක් නෑ කියන ස්වභාවයට.
නමුත් සාමාන්‍ය ජීවිතය තුල දැන් ඔය ඇත්තො දන්නවා සහ තේරෙනව ඔය ඇත්තන්ට අපිට යම්කිසි විදියක අවධානයක් තියනව. ඒ තියන අවධානය භාවනාව පැත්තෙන් කතා කලොත් පින්වතුනි අපි කවුරුත් එතකොට සාමාන්‍ය ජීවිතය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව සිහිය වඩන අය. සතිය පුරුදු කරන අය. මේ සිහිය වඩන, සතිය පුරුදු කරන කාරණාව අපි ඒ විදියට භාවිතා කලා වුනාට අනෙක් පැත්තෙන් බුදු හාමුදුරුවො දේශනා කරල දෙන ඔය කියන නිවන් සුවය අපිට සාක්ෂාත් වෙලා නැති වෙන්නත් පුළුවන්. තිබිච්ච අවස්ථාත් තියෙන්නත් පුළුවන්. ඒ වුනාට තාම එහෙම නැති අවස්ථාත් තියෙන්න පුළුවන්.
එතකොට අපි හිතන්න, බලන්න ඕන එහෙම නම්, අපි මේ පවත්වන සිහිය, පුරුදු කරන සිහිය, තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ මට්ටමට පැමිණිලා නැද්ද කියල. සාමාන්‍ය ජීවිතේදී පින්වතුනි අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳගන්නවා, ගමන් බිමන් යනවා, ඇසුරු කරනවා, වැඩකටයුතු කරනවා ආදී හැම එකක්ම කරනවා. මේ හැම එකක්ම කරන අතර ඒ ඒ අවස්ථාවන්වලදි අපි හදාගත්ත, ඇති කරගත්ත, අපේම අදහස් සහ මතවාද රාමුවක් එක්කයි ඔය ඔක්කොම ටික කරන්නෙ.
උදාහරණෙකට කියනව නම්, සමහර කෙනෙක් එක්ක අපි කතා කරන්න කැමති වෙනව වගේම සමහර කෙනෙක් එක්ක අපි කතා කරන්න අකමැති වෙනව. සමහර දෙයක් දිහා අපි බලන්න කැමති වෙනව වගේම සමහර දෙයක් දිහා අපි බලන්න අකමැති වෙනව. අර කතා කරන්න කැමති කෙනත් එක්ක කැමැත්තෙන් කතා කරනව වගේම කතා කරන්න අකමැති කෙනත් එක්ක කතා කරන්න සිද්ධ වෙනවා නම් අකමැත්තෙන් කතා කරනව. ඒකෙ එහෙම ස්වභාවයක් තියනව. බලන්න කැමති දේ කැමැත්තෙන් බලනව වගේම බලන්න අකමැති දේ පේනව නම් අකමැත්තෙන් බලන ස්වභාවයකුත් තියනව.
එතකොට මේ දෙකේම පින්වතුනි අපි අවධානයක් පවත්වනවා. පළවෙනි එකේ තියෙන්නෙ අවධානය, එකතු කිරීම, කැමැත්ත කියල කියන්න පුළුවනි සමීකරණයකින්. දෙවනි එකේ තියන අවධානය තමයි අවධානය, එකතු කිරීම, අකමැත්ත කියල කියන්න පුළුවන්. මේ දෙකේම සිහියක් තියනවා. අවධානයක් පවත්වනවා.
හැබැයි එකක කැමැත්ත කියන එක ගොනු වෙලා තියනවා. එකකට කැමැත්ත ඒ දෙයට ශ්‍රාවය වෙලා, එකතු වෙලා තියනවා. දෙවනි එකේ අකමැත්ත ඒ දෙයට ශ්‍රාවය වෙලා එකතු වෙලා තියනවා. අපේ ජීවිතය තුල දෛනිකව ගත කරන ස්වභාවයේදී, වැඩ කටයුතු කරන ස්වභාවයේදී, ඔය කියන කැමැත්තෙන් අකමැත්තට, අකමැත්තෙන් කැමැත්තට පැන පැන නේද අපි ජීවත් ගෙවන්නෙ?
මම ඒකයි කිවුවේ සාමාන්‍ය ජීවිතේදී අපි සිහියක් පුරුදු කරන අය. භාවනා කරන්න අපේ රටේ ගොඩක් අය කැමති නෑ නෙව. බෝධි පූජාවක් තියනවා කිවුවොත් එහෙම, කවි බණක් තියනවා කිවුවොත් එහෙම, ඔන්න හෝ ගාල එනව. භාවනාවකට එන්නෙ නෑ. ඒ වුනාට සාමාන්‍ය ජීවිතේදී කවුරුත් සිහියක් වඩනව, හැම වෙලාවකම.
"අර කෙනාව දකිනකොට මට තරහක් ආව. මම තරහෙන්මයි කතා කලේ."
මේ වගේ වචන අපි ඕන තරම් කියල ඇති.
"අර කෙනාව දකිනකොට මට පුදුමාකාර එපාවීමක් තියෙන්නෙ. ඒ කෙනාව මතක් වෙනකොට මට පුදුමාකාර අසංතෝසකමක් තියෙන්නේ"
ඔයිට වඩා දරුණු වචන භාවිතා කරන්නත් පුළුවන්. මේ වගේ දේවල් අපි දෛනිකව කොච්චර නම් අහනවද? එහෙම නැතිනම් අපිට කොච්චර නම් හිතෙනවද? මේක තමයි පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් සුවය සාක්ෂාත් කරගත්ත ඇත්තන්ගෙ සහ සංසාර ජීවිතයක් ගෙවන ඔබගෙත් මගෙත් තියන පරතරය. තියන වෙනස. අපි තාමත් සමහර සමහර දේවලට බෙදීම් කරනවා. කොටස් කිරීම් කරනවා. නමුත් තථාගතයන් වහන්සේලාගේ, නිවන් දැකපු උත්තමයන්ගේ අර අපි කරන විදිහේ බෙදීමක් නැහැ. ඒ ඇත්තො පොදුවේ ලෝකයා දිහා එක කෝණයකින් බලනව. එක විදියකට බලනව.
මෙන්න මේ ආකාරයෙන් ගත්තහම කියන්න පුළුවනි අපි සාමාන්‍ය ජීවිතය තුල ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය, හිතට දැනෙන අරමුණ, කරන කතාව, කරන වැඩේ, සිතන සිතුවිල්ල, ආදී මේ හැම දෙයක්ම භාවිතා කරන ක්‍රමයට අනුව, ඒ දේ අපි පුරුදු පුහුණු කරන විදිහට අනුව, අපි කොච්චරක් නම් දුක් පීඩාවක් විඳිනවද නිදහසක් සැනසීමක් බුක්ති විඳිනවද කියන එක තීරණය වෙනව.
ගොඩක් වෙලාවට අපේ ජීවිතේ තියන හැම කාරණාවකටම අපි ඇඟිල්ලක් දිගු කරනව බාහිරට. ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ හදා ගන්න කියල කියන්නෙ බාහිර හිත නෙවෙයි තමන්ගෙ හිතයි. තමන් ගාව තියන හිතයි. එතකොට තමන් ගාව තියන අපි ඒ හදාගෙන තියන අර ආටෝප සාටෝප හැටියට දාගෙන තියන ටික බැහැර කරගත්තා නම් පිරිසිදු හිත එළියට එන්න පටන් ගන්නව. පිරිසිදු හිත එළියට පතිත වෙන්න පටන් ගන්නව.
උදාහරණයක් කියනව නම් ඔය පහුගිය කාලෙ මාත් එක්ක සමහර ඇත්තො කතාබහ කලා. කතාබහ කරනකොට ඒ ඇත්තො නිතර නිතර, නිරන්තරයෙන්ම වගේ යටිහිතේ යමක් තියාගෙන කතා කරන්න හදන ස්වභාවයක් මට තේරුනා. ඒ ඇත්තො කතා කරන ස්වභාවයෙන්, වචනයකින් හරි කමක් නෑ, අර අපි කියන්නෙ හින්ට් ගහනව කියල, එහෙම කරන්න හිතෙන ස්වභාවයක්, වචනයකින් හරි කමක් නෑ කොනිත්තන්න හදන ස්වභාවයක් එහෙම එකක් තියනව.
එතකොට බලන්න කල්පනා කරලා, බලනකොට ඒ ඇත්තො කරන දේ මොකද්ද කියලා ඒ අය සිහියක් පුරුදු කරනව. භාවනා කරන්න කැමති නැති වුනාට සිහියක් පුරුදු කරනව. මනාකොට සිහියක් පුරුදු කරනව. "මේධාවි හාමුදුරුවන්ට කතා කරනකොට මෙහෙම කියන්න ඕන. මේ වගේ හින්ට් එකක් ගහන්න ඕන. මේ වගේ කොනිත්තවන විදියට කතා කරන්න ඕන" මේ අදහසින් තමයි මේ ඇත්තො කරන්නෙ. මේ වචනය සිහියෙන් නෙවෙයිද ගලාගෙන යන්නෙ. සිහියෙන් යන්නෙ. හැබැයි ඒ සිහිය පිරිසිදුද? අන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
ඒ සිහිය පිරිසිදු නැති නිසා මයෙ පුතා ඒ ඇත්තො දුක් විඳිනවා. ඒ වගේම මටත් දුකක් දැනෙනව. සිහිය පුරුදු කරන්නෙ නැති හින්ද තමා අපි දුක් විඳින්නේ. අනික් අයට දුක් හදල දෙන්න. ඒකයි මේ කෙලෙස් වලට 'රජස්' කියල කියන්නේ. මේක හරියට මළකඩක් වගේ. අපි කරන ක්‍රියාව, වචනය, ජීවිතේ ගෙවන විදිහ, අපේ හිත කෙලෙස් සහිත නම්, ඒව ඔක්කෝම අර කෙලෙස් එක්ක එකතු වෙලා නම් තියෙන්නේ, කෙලෙස් එක්ක කැටි වෙලා නම් තියෙන්නේ, කෙලෙස්ම මේකට ගිහිල්ල නම් තියෙන්නේ, (හරියට ස්පොන්ජ් එකකට පාට වතුරක් වැටුනොත් එහෙම සම්පූර්ණ අර ස්පොන්ජ් එක අර පාට වෙනව වගේම, එහෙම නැතිනම් පිරිසිදු රෙද්දකට වෙන මොනව හරි පාටක වතුරක් වැටුනොත් එහෙම පිරිසිදු රෙද්ද ඒ පාටේ පැහැයට හැරෙනව වගේම) තමන්ගේ හිත කොහොමත් දුකට ඇදගෙන යනව.
ඒ වගේම අපිට ඒ වචනය තනියම කතා කරන්න බෑනෙ. කතා කරන්න කෙනෙක් ඉන්නම එපැයි. බාහිර කෙනාට නම් අපි ඒ කෙලෙස් ස්වභාවයත් එක්ක අපි කතා කරන්නේ, බාහිර කෙනාට නම් ඒ කෙලෙස් ස්වභාවයත් එක්ක අපි කතා කරන්නේ, බාහිර කෙනාට නම් ඒ කෙලෙස් ස්වභාවයත් එක්ක ඒ වැඩකටයුත්ත කරන්නේ, ඒ කෙනාවත් දුකට ඇදල දානව. ඒ කෙනාවත් දුකට පත් වෙනව.
මෙන්න මේක හින්ද පින්වතුනි අපිට කියන්න පුළුවන් අපේ ජීවිතේ හරියට පැන් භාජනයක් වගේ කියල. උප්පත්තියෙන්ම අපිට ලැබිච්ච හිත ඇත්තම කියනව නම් එක්තරා මට්ටමකට පිරිසිදුයි. පොඩි කාලෙ ළමයෙක් ඕනම කෙනෙක් දකිනකොට හිනා වෙනව, කාටත් කතා කරන්න හදනව, කාටත් කෝලිත්තං කරනකොට සතුටුයි. ඒ හැම එකක්ම අනුමත කරනව. වැඩිහිටි අවධියට පත් වෙන්න පත් වෙන්න අර එයාගෙ තියන උවමනා එපාකම් හරි කමක් නෑ, බාහිරින් පේන දේවල් හරි කමක් නෑ, එළියට ඇවිල්ල හැමෝත් එක්කම කතා කරන්නෙ නෑ. බෙදා ගන්නව. මෙයාත් එක්ක කතා කරනවා මෙයාත් එක්ක නෑ.
තමන් ගාව තියන දෙයක් පොඩි කාලෙ නම් ඕන එක්කෙනෙක්ට දෙනව. කටේ තියන එක හරි කමක් නෑ කෑලි කඩල දෙනව. ඊට පස්සෙ නෑ නෑ එව්ව නෑ. වැඩියෙන් තිබුනත්, නරක් වෙලා විසි කරත් දෙන්න නම් හිතන්නෙ නෑ. ඒ කාලයක් එක්ක සිද්ධ වෙන දේවල්. කාලය එක්ක තමන් තමන්ගේ සිහිය පුරුදු කරන ස්වභාවය.
අපි හැම වෙලාවෙම account එකට, ගිණුමට මුදල් වගේ දෙයක් බැර කරන කට්ටිය මෙහෙම හිටියට. සංසාරය තමයි account එක. අපි කෙලෙස් කියන ඒව තමයි account එකට බැර කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ හරි කමක් නෑ. එහෙම වුනහම පින්වතුනි තියන ප්‍රශ්නෙ තමයි අපේ හිත කියල කියන පැන් භාජනය විවිධාකාර පාටවලින් පිරෙන්න පටන් ගන්නව. කෙලෙස් වලින් පිරෙන්න පටන් ගන්නව.
අපි කතාබහ කරන වචනය කියන්නෙ ඊර්ෂ්‍යාවක් එක්ක නම්, තරහවක් එක්ක නම්, මොකක් හරි කුහකකමක් එක්ක නම්, මාන්නයක් එක්ක නම්, ඒ වචනය එළියට යන්නෙ අර අපිරිසිදු වතුර හැටියට තමයි. පිරිසිදු වතුරක් හැටියට නෙවෙයි. නිදහස් නැහැ. එතකොට ඒ විදිහෙ නිදහස් නැති වතුරක් එළියට යනව නම්, ඒ වගේ නිදහස් නැති දෙයක් නම් එළියට යන්නේ, බාහිර කෙනාටත් ඒ ලැබෙන දේ තුලින් නිදහසක් ලැබේවි කියල හිතන්න පුළුවන්කමකුත් නැහැ. ඒකයි අද සමාජයේ මෙච්චර ප්‍රශ්න.
සමාජයෙ ඇත්තො ඇත්තම කියනව නම් භාවනාවක් කරනව පර්යංකයට යන්නෙ නැති වුනාට, සක්මන් කරන්නෙ නැති වුනාට, කවුරුත් හැම වෙලාවකම භාවනාවක් කරනව, සිහියක් වඩනව. කෙලෙස් හැටියට. කෙලෙස් පැත්තෙන්. ඒකයි අපිට මේ පඹගාලෙන් ගැලවෙන්න, ඒක ලිහාගන්නෙ කොහොමද කියල හිතාගන්න අමාරු වෙන්නෙ. ඒකයි සතිපට්ඨානයට කට්ටිය කැමති නැත්තෙ. ඇයි මේකෙ පළවෙනියෙන්ම පේන්නෙ තමන්ගෙ වැරැද්දනෙ.
ඒක හින්දයි දුක විඳින්නෙ. ඒක දැක්කා නම් තමන්ව ඒ දුකෙන් නිදහස් වෙනවා. සැනසීමක්ම ලබනවා. ඒක හින්දයි පින්වතුනි බුද්ධ ශාසනය තුල කියල දෙන්නෙ,
"යං නතුම්හාකං තං පජහත"
"යමක් ඔබගේ නොවන්නේද එය බැහැර කරන්න"
ඔහොම කිවුවහම අපි හිතන්නෙ,
"හා..මම මේ ඇසුරු කරන අයව අයින් කරන්න ඕන, මගේ තියන රත්තරන් බඩු ටික අයින් කරන්න ඕන, ඇඳුම් ටික අයින් කරන්න ඕන"
ඔහොමත් කියන අය ඉන්නව. බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් ඔය කියන දේ කියල දුන්නට පස්සෙ, සමහර හාමුදුරුවරුන්ට ඔය කියන දේ කියල දුන්නට පස්සෙ, උන් වහන්සේලා බුදු හාමුදුරුවන් ඉස්සරහ "හා..හොඳම අතහැරීම එහෙනම් මෙන්න මේක තමයි" කියල ඇඳුම් ටික ඔක්කොම ගලවල දාල හිටගත්තලු. "මේ කෙනා වහාම එළවල දාන්න" කිවුවලු ආනන්ද හාමුදුරුවන්ට මේ සිහියක් බුද්ධියක් නැති අය කියල.
එතකොට පින්වතුනි බුදු හාමුදුරුවො මේ අයින් කරන්න කියල කියන්නේ අපිට තේරෙනවා අර කියාපු රජස් කියන මළකඩ. නැත්නම් කෙලෙස්. ඒ ටික අයින් කලාට පස්සේ සුපිරිසිදු වූ හිතක්, සුපිරිසිදු වූ ජීවිතයක් අපිට හදා ගන්න පුළුවන්කම හම්බ වෙනව. මේකෙන් බැහැර කරන්න කියල කියන්නෙ වැරදි. කෙලෙස් වලිනුයි නිදහස් වෙන්න කියල කියන්නෙ. මේකෙන් කියල දෙන්නෙ හිත පිරිසිදු කරගන්න එකකුයි. නිකෙලෙස් වෙන්නෙ කොහොමද කියලයි මේ කියල දෙන්නෙ.
ඒ කියන ක්‍රමය තමයි අපි මේ භාවනාවේදී ඉගෙන ගන්නෙ. ඒකයි මේ භාවනා පුහුණුව, සතිපට්ඨානය වඩන එක, මේ තරමටම වැදගත් වෙන්නෙ. ඒකයි භාවනා කරන එක මම මේ පහුගිය දවසකත් කිවුවා ආත්මය ගවේෂණය කිරීමක් කියල කියන්නෙ. තමන්ගෙ ජීවිතේ පිරිසිදු කිරීමක් වෙන්නෙ. භාවනාවට වාඩි වෙන කෙනා නෙවෙයි පින්වතුනි භාවනාවෙන් නැඟිටල යන්නෙ. ඒකයි කමටහන් වාර්ථාව කියන්න කියල මෙච්චරටම මම කුළු ගන්වන්නෙ.
මොකද ඒකෙ කියන එකේ තියන ලාභෙ තමා තමන් කොහෙද හිර වෙලා ඉන්නේ? මොන තැනෙන්ද හිර වෙලා ඉන්නේ? තමන්ට මොන දේද වැටහුනේ? ඒක එළියට එනව.
ඕකෙ කාරණාව තියෙන්නෙ වැටහුනේ කියන එක නෙවෙයි, ඒ වැටහෙන ඒව ඔක්කොම අපි ගන්නෙ ස්ථිර හැටියට, මේකමයි කියලමයි. පහුගිය සතියක උපාසක අම්මා කෙනෙක් මට දුන්න කමටහන් වාර්ථාවක් තිබ්බා, මම බොහොම අගය කළා ඒක. ඒක ඇත්තටම බොහොම අගය කලා කියන්නෙ බණකුත් කිවුව ඒකට මම. මොකද ඒක ඒ තරම්ම වටින කතාවක්. ඒ තරම්ම ඒකෙ ඇත්ත තියෙන්නෙ.
ඔය දේ අපි එළියට ගත්තෙ නැත්තම් මොන විදියකින් හරි, ඊළඟ වතාවකත් භාවනා කර කර ඉන්නකොට, හිත තැන්පත් වෙනකොට, සද්දයක් ඇහෙනකොට, එපා වෙනව. තරහ යනව. දෙතුන් පාරක් ඕක වෙයි, ඊළඟට භාවනා කරන්න එපා වෙනව. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට ලෝකයේ තියන සාමාන්‍ය හැටි මේකයි. අපි ඒ දේවල් හරියට එළියට ගන්නෙ නැති හින්ද. ඒකයි කමටහන් වාර්ථාව ඉදිරිපත් කරන එක ඔය තරම්ම වටින්නෙ. ඔය තරම්ම වැදගත් වෙන්නෙ. එතුමියට අනේක පින් ඒක කිවුවට ඇත්තටම. බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනයක් වෙනව ඒක ප්‍රයෝජනයක් ගන්න ඇත්තන්ට.
ඉතින් කෙසේ හෝ වේවා ඒකයි මගේ පොදු ආරාධනාව තියෙන්නේ ඔය ඇත්තන්ගෙ භාවනාවේ අත්දැකීම අද මේ කරන ටිකනෙ. ඒ ටික කියන්න ඕන. අද මේ දේ වුනා අද මෙහෙම මෙහෙම එකක් වුනා කියල කියන්න ඕන. එතකොට තියන වැදගත්කම තමා, අපි හිර වෙන තැන හිර වෙලා ඉන්නෙ අපිට තාම ඒකෙ විශේෂයක් වෙනසක් දකින්න බැරි හින්දයි. බලන්න පුළුවන්කමක් තියනව නම් අතහැරගන්න පුළුවන්කමක් තියනව නම් මේ ක්ලේශයක් කියල හිතලා, අපි නිදහස්නෙ. නිදහස් නෑනෙ තාම. ආන් ඒ නිදහස් වෙන විත්තිය හෝ නිදහස් වෙන ක්‍රමයයි ඉගෙන ගන්න පුළුවන්කම හම්බ වෙන්නෙ.
ඒ නිසා පින්වතුනි සහජයෙන් අපිට ලැබිල තියන සුපිරිසිදු පැන් භාජනයක් තියනවා, ඒ තමයි අපේ හිත. නමුත් ආගන්තුකව ඇවිත් තියන උපක්ලේශ හින්දා ඒක දැන් කැළඹිලා තියෙන්නේ, අඳුරු වෙලා තියෙන්නේ, ජරා වෙලා තියෙන්නේ. මේකෙ සම්පූර්ණ ගල් බොරළු, රොඩු, ජරාව, නා නා ප්‍රකාර දේවල්වලින් පිරිලයි තියෙන්නෙ. ආන් ඒ දේ පිරිසිදු කරගන්න එකයි සතිපට්ඨානයෙන් අපිට කියල දෙන්නෙ. ඒ හිර වෙලා තියන කෙලෙස්, ඒ හිර වෙලා තියන ජරාවල්, කායිකව අපිට දුක් ගෙනැල්ල දෙනවා, මානසිකව අපිට දුක් ගෙනැල්ල දෙනවා. කායිකව පීඩාවල් හදල දෙනවා, මානසිකව පීඩාවල් හදල දෙනවා. නුවණක්කාර විදියට ජීවත් වෙන විදිය අමතක කරවල දානවා. අවසානයේදී සැනසීම කියන එක අපෙන් අයින් කරල දානවා.
නමුත් සතිපට්ඨානය පුරුදු කරන්න වුනාම, සිහිය පුරුදු කරන්න වුනාම, අපි ඉගෙන ගන්න පටන් ගන්නවා "ආ..මේ විදියට ආනාපානය බලාගෙන යනකොට දැන් මට මේ අවස්ථාවක් එනව. සද්දයක් එනකොට මගේ හිත අමනාපයට යනව. දැන් එතකොට මම ආනාපානය දිහා බලන්නෙ අර ඉස්සෙල්ල බලපු විදියට වඩා අමනාපයත් එක්ක එකතු වෙලා."
ඔන්න තේරුම් ගන්න පටන් ගන්නවා අපේ අර පිරිසිදුවට බලන්න පුළුවන් අවධානයට අපිරිසිදුකම කොහොමද එකතු වෙන්නෙ කියල. මොකද්ද මේකෙ අපිරිසිදුතාවය කියල තේරුම් ගන්න පටන් ගන්නව. ඊට පස්සෙ අපි ඉගෙන ගන්න පටන් ගන්නව පින්වතුනි එහෙම නම්, ඒ අවධානය ඔය කියන අමනාපය මුසු නොවිච්ච අවධානයක් හැටියට පවත්වන්නෙ කොහොමද කියල. ඒ අමනාපය ස්ථිර හැටියට ගන්නෙ නැතුව, මගේ හැටියට ගන්නෙ නැතුව, ඒක බැහැර කරල දාන්නෙ කොහොමද කියල.
ඇලීමත් ඔය වගේම තමයි. මේ ඇලීම තදට කරන්නෙ නැතුව බැහැර කරල දාන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න පටන් ගන්නව. වරදවා තේරුම් ගන්න එපා මේ කියාදෙන එව්ව. ඉතින් මේ කියන අභ්‍යාසයන් ටික තමා අපි පුරුදු කරන්නේ සතිපට්ඨානය වඩනකොට.
ඉතින් ඒකයි මං කිවුවේ භාවනා කරන්න වාඩි වෙන කෙනා නෙවෙයි භාවනාවෙන් නැඟිටින්නේ, ඊට වඩා ජීවිතේ ගැන යථාර්තය අවබෝධ කරගත්ත, පරිනත අවබෝධයක් තියන කෙනෙක්.
ඒකයි මේක පරීක්ෂණාගාරයක් වෙන්නෙ. ඒකයි භාවනාව කියන්නෙ හොඳ ගුරුවරයෙක් වෙන්නෙ. ඒකයි සතිපට්ඨානය ඇත්තටම කියනව නම් හොඳ පෙරහන්කඩක් වෙන්නෙ. අපේ ජීවිතේ අයහපත බැහැර කරල දාල යහපත පෙන්නල දෙන මාර්ගය හැටියට.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවක් මම ඔය ඇත්තන්ට කියල දෙන්න උත්සුක වෙන්නෙ. අපි බලාපොරොත්තු වෙමු මේ කාරණාව ඔස්සේ අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න විදිහක් ගැන අභ්‍යාසයන් කරන්නට. ඒ කෙසේ හෝ වේවා අද දවසේ මේ කළ දේශනාව තුලින් ඔය ඇත්තෝ යම්කිසි දහම් දැනුමක් සලසා ගත්තා නම්, ඇති කරගත්තා නම්, මේ ජීවිතය තුල සැනසීමක් තියනවා කොහේ හෝ තැනක.
ඒ සැනසීම හදාගන්න, සකස් කරගන්න, අපි මෙන්න මේ විදියට අපේ හිත හෝ අපේ ජීවිතය අරගෙන ගියොත් ක්‍රමයක් හම්බ වේවි කියන අදහස ඔය ඇත්තන්ට ආවා නම්, සාදු සාදු එය එසේම වේවා කියල මම බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පරාජය බාර ගනිමු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ පසංසේතී
හිත්වාජය පරාජයංතීතී"
පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍රගත
කරගත්ත අපක්ෂපාතී නිරීක්ෂණය යන මැයෙන්, සතිමත් බව වැඩීමේ භාවනා වැඩමුළුවේ අද හත් වෙනි දවස. අද දවසේ මාතෘකාව 'පරාජය බාර ගනිමු.'
සාමාන්‍ය ජීවිතයක් ගෙවන ලෝකයා ඕනෑම දෙයක් කරන්නෙ ජයග්‍රහණයක් කරන්න. දිනන්න බලාගෙන. කවුරුත් පරාජය වෙනවා කියන එක අත්දකින්න, බුක්ති විඳින්න එච්චර මනාපයක් නෑ, සූදානමක් නෑ. තථගතයන් වහන්සේගේ කුළුදුල් දේශනයේදී පවා ඕක ගැන මැනවින් කියලම දෙනවා. උන් වහන්සේගේ පළවෙනි දේශනාවටත් මේ දේ ඇතුලත් කරන්න ඇත්තේ "පියේහි විප්පයෝගෝ අප්පියේහි සම්පයෝගෝ" කියන ආකාරයට පරාජයන් බුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන කාරණාව ගැනම තමයි.
එතකොට පින්වතුනි අපේ සිතුවිල්ල, අපේ අභිලාශය, උවමනාව, කැමැත්ත නිරන්තරයෙන්ම යොමු වෙලා තියෙන්නේ, කැමති වෙලා තියෙන්නේ, රුචි වෙන්නේ, ජයග්‍රහණය හඹාගෙන යන්නට, ජයග්‍රහණය පසුපස්සේ එක්කාසු වන්නට. හැබැයි අවාසනාවට සාමාන්‍ය ජීවිතේ අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන්, බලාපොරොත්තු වෙන සියළුම දෙයක්ම සඵල කරගන්නට අපිට අවස්ථාවක් නෑ. ඒක ඔය ඇත්තන්ටත් එකයි, මටත් එකයි, මේ ලෝකෙ ඕනෑම කෙනෙක්ටත් එකයි. සාමාන්‍යයයි, සරලයි.
එතකොට පින්වතුනි පරාජය කියන එක අපිට ජීවිතය තුල නිරන්තරයෙන්ම ලැබෙන බුක්ති විඳින දෙයක් නම්, තථාගතයන් වහන්සේ වැනි වූ උත්තමයන් වහන්සේලා ඔය කියන ස්ථරයට, ඔය කියන කාරණාවට භාවිතා කරපු උප්පරවැට්ටියක් තියෙන්නත් ඕන. ක්‍රමයක් තියෙන්නත් ඕන. පරාජය කියන එකෙන් ඇති වෙන හිත් වේදනාවෙන්, ඒ දුකෙන් නිදහස් වෙන්න.
හරි ලස්සන ගාථාවක් තියනවා ධම්මපදයේ, "ජයං වේරං පසවතී දුක්ඛං සේති පරාජිතෝ" කියල. ජය ලබනවා කියල කියන්නෙ පින්වතුනි වෛරක්කාරයෙක් ඇති කරනවා කියන එකයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. හරි ලස්සනයි බලන්න, කොහේ හෝ තැනක ජයග්‍රහණය කරපු කෙනෙක් ඉන්නව නම් එයාගෙ ප්‍රතිවාදියා අනිවාර්යයෙන්ම පරාජය වෙලා තියෙන්න ඕන. ඒ ජයග්‍රහණය කරපු කෙනා කෙරෙහි ඒ ප්‍රතිවාදියා හෝ ඒ ප්‍රතිවාදියාට අයත් පිරිස රුචි වෙන්නෙ නෑ. කැමති වෙන්නෙ නෑ. වෛරක්කාරයො ඇති වෙනවාම තමයි.
කලහ වෙන, ප්‍රශ්න වෙන තැන් ඕන තරම් අහල ඇති සෙල්ලම් කරන තැනේදි. ගෙදරක් ගත්තත් ළමයි දෙන්නෙක් බෝල ගැහුවත් ඕකම තමයි තියෙන්නෙ. ඒක ඒ තරම්ම පැතිරිච්ච ප්‍රශ්නයක්.
"දුක්ඛං සේති පරාජිතෝ" ඒ වගේමයි තරඟයට ඉදිරිපත් වෙලා, තරඟයකට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න බැරි වෙනවා කියල කියන්නෙ මහා දුකක්. ඔබ අප සෑම සියළු දෙනාම ඕකෙ කොටස්කාරයො. ඒ සමිතියේ නොමිලේම සාමාජිකත්වය ලබා ගත්ත අය. මොකද අපි කවුරුත් පරාජය වෙලා තියනව අපේ ජීවිතේ තුල එක වාරයක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක්.
එතකොට රහතන් වහන්සේලා වැනි වූ උත්තමයාණන් වහන්සේලා ඔය කියන ගැටළුවට භාවිතා කරපු පිළියම මොකද්ද? අන්න එතනටයි පින්වතුනි හරි ලස්සන කාරණාවක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ, "හිත්වාජය පරාජයං"
ප්‍රශ්නෙ මොකද්ද? "ජයං වේරං පසවතී" ජයග්‍රහණය කරනවා කියල කියන්නේ වෛරක්කාරයෝ ඇති කරනවා. "දුක්ඛං සේති පරාජිතෝ" පරාජය වෙනව කියල කියන්නෙ ඒක මහා දුකක්. මානසික වේදනාවක්. "උපසංතෝ පසංසේතී" උපශාන්තයන් වහන්සේලා කියල කියන්නේ රහතන් වහන්සේලා හෝ තථාගතයන් වහන්සේ වැනි වූ සහමුලින්ම නිවිච්ච ඇත්තො. උන්වහන්සේලා භාවිතා කරන ක්‍රමය තමයි, "හිත්වාජය පරාජයං"
තරඟයකට යන්න එන්නෙ නෑ. තරඟයට ඉදිරිපත් වෙන්නෙ නෑ. නිතරඟයෙන්ම තරඟයෙන් අයින් වෙනව. අපි අපේ ජීවිතය තුල පින්වතුනි අපේ හැකියාවන්ගෙන් ප්‍රයෝජනය ලබා ගන්නට උත්සාහවන්ත වෙනවා නම්, ඔය ඇත්තොත් මමත් අපි අපේ හැකියාවන්ගෙන් සතුටු වෙනවා නම්, "මට මේ ප්‍රමාණය තියනව ඒ ඇති" කියලා ඔය ඇත්තොත් මමත් පින්වතුනි මීට වඩා බොහොම සංතෝසදායකයි. හරිම සැනසිලිවන්තයි.
හැබැයි රැල්ලක් තියනවා නම්, ඇදගෙන යන ස්වභාවයක් තියනවා නම්, ලෝකයා ජයග්‍රහණයක් පසුපසම යන්නට, හඹාගෙන යන්නට, ප්‍රතිවාදීන් හදා ගන්නට ඔය කියන ඉලක්කයට අපි අඩිය තියන්න වුනාම ඔය කියන ප්‍රශ්ණ ටික අපිට ඇති වෙනවාම තමයි. අපි දිනුවොත් වෛරකාරයො ඇති වෙනවා. අපි පැරදුනොත් දුක් පැමිණෙනව.
එතකොට සාමාන්‍ය ජීවිතය තුල අපි දෛනිකව නිරන්නතරයෙන්ම පරාජයට ලක්වෙන අවස්ථා තියනව. මේ කියන්නෙ මේ තරඟයක් දුවල පැරදෙන එක ගැන විතරක්ම නෙවෙයි. උදාහරණයක් කියනව නම් අපි කතාබහ කරගෙන යනකොට කියාගෙන කියාගෙන කියාගෙන ගියපුහම, ඊට පස්සෙ කියල ඉවර වුනාම තමයි තේරෙන්නේ "ආ..ආ..ඕක නම් මම කියන්න ඕන එකක් නෙවෙයි" කියල. අපිට ගොඩක් වෙලාවට වෙන දෙයක් මේක. ඒ වගේ වෙලාවකදි අපි ඉගෙනගෙන තියන දේ තමයි සමහරක් වෙලාවට "ආ..මේක මට කියවුනා නේ. මාර වැඩක් නේ. කියන්න ඕන එකක් නෙවෙයි නේ"
ඔහොම හිතලා ගොඩක් වෙලාවට වෙන කෙනෙක් එක්ක කියනව වෙන්නත් පුළුවන් සමහර වෙලාවට නැත්නම් තමන්ම තමන්ගේ හිත ඇතුලෙන් ඒක වහල දාගන්න විදියට මොකක් හරි සිතුවිල්ලක් ඇති කරගෙන, වෙන මතකයක් දාගෙන, පැලැස්තරයක් අලවගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නෙ. හැබැයි මේ අපි පැහැදිලිවටම පරාජය වෙලා නේද? වචනය කතා කරල නෑ නෙ හරියට.
එතකොට තථාගතයන් වහන්සේ ඔන්න ඔය වගේ අවධායකදි අපිට කියල දෙන රටාව අපි ඔය පුරුදු කරන රටාව නෙවෙයි. අපි පුරුදු කරන්නෙ මොකක් හරි වැරැද්දක් වුනොත් එහෙම "හා හා කමක් නෑ ඒක ගණං ගන්න දෙයක් නෑ" කියල වහල දාන එක වුනාට බුදුරජාණන් වහන්සේලා ඔය කියන කාරණාව ඔය තියන ස්වභාවයෙන් නතර කරන්න නෙවෙයි අපිට උගන්වන්නෙ.
ඒකට හේතුව අපි එක්තරා අවස්ථාවකදි එක්තරා කෙනෙක් එක්ක කතාබහ කරනකොට, අපේ වචනය අසංවර වෙලා අපි නොසරුප් දෙයක් කිවුව කියන්නකො. පළවෙනි වතාවෙ නම් ඕක 'කෝඩු' කියල කියනව. සිරීපාදෙ නම්, පළවෙනි වතාවෙ යනව නම් කියන්නෙ කෝඩුකාරයො කියලනෙ. ඒ හුරු නැති අයට. ඕනෑම දෙයක් පළවෙනි වතාවට කරනකොට අපි කෝඩුකාරයො තමයි. අපිට හුරු නෑ. නමුත් පුරුදු වුනාම දෙවනි වතාවෙදි ආයෙ කෝඩු කියන්නෙ නෑනෙ. හුරුයි. ඒ විදිහට කතා කරන්න පෙළඹෙනව.
දැන් පළවෙනි වතාවෙදි එහෙම කතා කරද්දී අපිට තේරුමක් ආවා නම් මේ විදියට කතා කරන එකේ වැරැද්දක් තියනවා කියලා, අපි ඒ දේ සකස් කරගන්නට උත්සාහවන්ත වුනා නම්, නිවැරදිව සකස් කරගත්තා නම්, දෙවනි වතාවේදී අපෙන් ඒ වගේ වචනයක් එළියට යන්න කලින් අපේ හිත අපිට මතක් කරල දෙනවා "නෑ ඕක වෙනස් විදියකට කියන්න තිබ්බා" කියල. ඔය කාරණේ වෙනත් ආකාරයකට කියන්න තිබුනාය කියල.
එතකොට පින්වතුනි සාමාන්‍ය ජීවිතය තුල අපි පරාජය කියන එක ඇත්තටම කියනව නම් සාමාන්‍යයෙන් කරන්නේ ඒක පැලැස්තරයක් දාල වහනව වුනාට, ධර්ම මාර්ගය තුලදී කියල දෙන්නේ වැරදි වූ වචනයක් කිවුවා නම් ඔව් මම වැරදි වචනයක් කිවුවා කියල තේරුම් අරගෙන එතනට නිවැරදි වචනය ආදේශ කරන්නට.
අපිට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන සමාවෙන්න ඕන, ඕක නෙවෙයි මම කියන්න ගියේ කියල. "මං කියන්න ගියේ මෙන්න මේ කතාව මට කියවුනේ මෙන්න මේක" කියල. වෙච්ච වැරැද්ද කාරි නෑ. අපි හිතන්නෙ වෙච්ච දේ වුනා ආයෙ කරන්න දෙයක් නෑ කියලනෙ. නෑ මා පුතා එහෙම එකක් නෙවෙයි. වෙච්ච දේ වුනාට ඒක සකස් කරන්න පුළුවන්.
බුද්ධ දර්ශනය කියල කියන්නෙ වැරැද්දම හංවඩු ගහ ගහ ඉන්න තැනක් නෙවෙයි. එහෙම නම් අංගුලිමාල වගේ ඇත්තන්ට මං හිතන්නෙ කල්ප ගාණක් යයි අර්හත්වය ලබා ගන්න කියල. නමුත් උන් වහන්සේ ඒ ජීවිතේදිම රහත්භාවය ලබා ගත්තනෙ. ඒ ජීවිතේදීමනෙ උන් වහන්සේ අර ගිහි කාලෙ මහා අධාර්මික විදිහේ වැඩ කලේ. මහා නොසන්ඩාල විදිහේ ජීවිතයක් ගෙවුවෙ.
ඒ වුනාට එයාගෙ තිබිච්ච වැරැද්ද එයාට පිළිගන්නට, ඒ වැරැද්ද තේරුම් ගන්නට තථාගතයන් වහන්සේ අවස්ථාවක් අරන් දුන්න. එයාටම ඉගෙන ගන්න කියල දුන්නා ඔයාගෙ වැරැද්දක් තිබ්බ තමයි නමුත් වැරැද්ද නැති ජීවිතේකුත් තියනව කියල. අන්න ඒකයි වැදගත්කම තියෙන්නෙ.
අපි පින්වතුනි අපේ ජීවිතේ තුල පරාජයක් ලබපුහාම සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියන රටාව, දුක් දොම්නස් ඇති කරගන්නට, පශ්චත්තාප වෙන්නට, අඬන්න දොඩන්න වෙන්න වුනාට, තථාගතයන් වහන්සේ උගන්වනවා, ඒ පරාජයට මුහුණ දීල ඒ පරාජය වෙච්ච විදිහ ඉගෙනගෙන නිවැරදි විදියට හිත හදාගන්නෙ කොහොමද කියලා අපිව සකස් කරගන්නට. අපිව යොමු කරගන්නෙ කොහොමද කියල.
අන්න ඒකෙ පළවෙනි ඉලක්කය, පළවෙනි අදියර තමයි අපේ වචනය පැත්තෙන් වැරැද්දක් වුනා නම්, වැරදි දෙයක් කියවුනා නම්, එහෙම ඊළඟට අපි උත්සාහ කරන්න බලනවා ඒ වැරැද්දෙන් කියවුනු දේ නිවැරදි ආකාරයෙන් කියවෙන තැනට ආපහු යොමු කරගන්න. ඒ වගේමයි අපි අතරින් වැරදි වැඩක් කෙරුනා වුනත්. ඔය වගේමයි පින්වතුනි අපේ හිතට වැරදි විදිහේ සිතුවිල්ලක් ආවා වුනත් අපි ඉගෙන ගන්නවා නම්, අපි පුරුදු කරනවා නම් මේ හිතට ආපු සිතුවිල්ල වැරදියි, මේක මෙහෙම හිතන්න නරක සිතුවිල්ලක් කියලා, හොඳ නැති සිතුවිල්ලක් කියලා, ඒ ආකාරයෙන් අපිට සලකන්න පුළුවන්කමක් තියනවා නම්, ඒ ආකාරයෙන් සලකනවා නම්, ඊළඟ අවස්ථාවකදී හිතට එවන් වූ සිතුවිල්ලක් පැන නඟින්න කලින් හිතම අපිට කියල දේවි නෑ මේ විදියට හිතන එක එච්චර හොඳ නැහැ කියලා.
හැබැයි වැඩේ තියෙන්නෙ මෙන්න මේකයි. අපි හිතමුකො වැරදි වචනයක් කියෙව්වහම අපේ පැත්තට පශ්චත්තාපයක් එනවා මං මේ වැරැද්දක් තමයි කිවුවෙ කියල. ඕක හදා ගන්න පළවෙනි වතාවෙ උත්සාහවත් වුනා කියන්නකො, "නෑ නෑ මං මේ මේ දේයි කියන්න ගත්තෙ" කියල. දෙවනි අවස්ථාවෙදි ඔය වගේ වචනයක් කියවෙන්න එනකොට අපේ හිත අපිට විසඳුම් දෙකක් පෙන්නලා දෙනවා. බොහොම ක්ෂණයකින් වෙන දෙයක්. ඔය ඇත්තන්ට ඕක කරොත් තේරෙයි ඇත්තම කියනව නම්.
අපේ හිත මතක් කරල දෙනව "මම අර පරණ පුරුදු පැරණි තාලෙට කතා කරනවද? පස්සෙ ඉගෙන ගත්ත ධර්මානුකූල විදියට කතා කරනවද" කියල. මේකෙ තියන ප්‍රශ්නෙ තමයි අපි හදිස්සියෙ හරි, ප්‍රමාදයට වැටිල, කම්මැලිකමට වැටිල, කෙලෙස්වලට වැටිල, නෑ මම අර පරණ පුරුදු තරහ විදියටම කතා කරනව කියල ගියා කියන්නකො. ආයෙ ඊළඟ වතාවෙදි ඔය වගේ වචනයක් කියද්දි අපේ හිත අපිට මතක් කරල දෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට ඕකට භාවිතා කරන්න පුළුවන් කුසල සිතුවිල්ලක් තියනවා කියල.
හේතුව තමයි අපි අපේ හිතට අවසාන වශයෙන් එකතු කරල තියන, තැන්පත් කරල තියන, ඒ වගේ වටපිටාවකදි තැන්පත් කරල තියන, මතකය තුල තියෙන්නෙ අධාර්මික බවක් නිසා. අපිට පින්වතුනි ධර්මය තුලින් කියල දෙන්නෙ ඒ දේ වහල දාන්න නෙවෙයි, ඒ දේ වහල දාන්නෙ නැතුව නැවතත් සකස් කරගන්න විදිහේ ක්‍රමයකට යන්නටයි.
මේ වගේ අවධියක් පින්වතුනි එතකොට අපේ භාවනාවෙදි වැදගත් වෙන්නෙ ඇයි? ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන හේතුව තමයි අපි අපේ සිහිය පුරුදු කරන්න පටන් ගන්නේ, අපිව පිරිසිදු කරන්න පටන් ගන්නේ, භාවනාව කරන වාරයෙදි විතරක් නොවෙන හින්ද. සාමාන්‍ය ජීවිතේදී පවා අපේ වචනයේ ඉඳලම අපි පිරිසිදු වෙන්න පටන් ගන්නව.
ඔය ඇත්තන්ට මතකද දන්නෙ නෑ ගිය සතියෙ අපි කතා කලේ සිහිය සහ අසිහිය කියන මාතෘකාව යටතේ. අපිට භාවිතා කරන්න පුළුවන් සිහිය කොයි තරම් පිරිසිදු ආකාරයටද නැත්නම් අපිරිසිදු ආකාරයටද මේ දේ භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ කියල. එතකොට පින්වතුනි මේ තාලෙන්ම තමයි සාමාන්‍ය ජීවිතය තුලත් අපේ වචනය අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියනව. අපේ වචනය කොයි තරම් නම් පිරිසිදුව භාවිතා කරන්න පුළුවන්ද, කොච්චර නම් අපිරිසිදුව අපේ වචනය ගලාගෙන යනවද කියන එක අපිටම තේරුම් බේරුම් කරගන්න පුළුවන්කමක් හම්බ වේවි.
තථාගතයන් වහන්සේ දේශනා කරන නිවී සැනසෙන මාර්ගයේ ක්රමයන් මෙව්ව තමයි. එතකොට පින්වතුනි මේ දේවල් කරන්න දැන් ඔය ඇත්තො දන්නව ඔය ඇත්තන්ට තේරෙනව. පූජාවකින් කරන්න පුළුවන් වෙයිද? දෙයියන්ට කිවුවොත් හරියයිද? ඒ කාටවත් තේරෙන්නෙ නෑ අපි මොකද්ද හිතන්නෙ කියල. අපේ හිත ඇතුලෙ මොකද්ද තියෙන්නෙ කියලා උඩ ඉන්න දෙයියොවත් දන්නෙ නෑ ඇත්තටම කියනව නම් අපි මිසක්. වචනෙට නම් කියන්නෙ මට එන දේවල් ඔක්කොම දන්නෙ කවුද? උඩ ඉන්න දෙයියො විතරයි කියලයි. නෑ දෙයියන්ට තේරෙන්නෙ නෑ. එයාට වෙන වැඩ තියෙන්න පුළුවන්නෙ අපි දිහා බලනවට වඩා. නේද?
ආන් ඒ වගේ පින්වතුනි අපේ ජීවිතය තුල අපි ඇති කරගන්නට බලන්න ඕන, නිරන්තරයෙන්ම සතිමත් විදිහේ පැවැත්මක් හදා ගන්න. එතකොට ඒ විදියට පුරුදු කරන සිහියක් තියන කෙනා පර්යංකයට ආවොත් එහෙම, භාවනාවකට ආවොත් එහෙම, අන්න ඒ කෙනාගේ භාවනාව නිසියාකාරයෙන් සිද්ධ වෙනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි. මොකද එයා සිහිය පුරුදු කරන එක, සතිමත් වෙන එක, තමන්ව පිරිසිදු කරගන්න එක "සචිත්ත පරියෝ දපනං" කියන එක, තමන්ගේ හිත කෙලෙස්වලින් නිදහස් කරගන්න එක, දමනය කරගන්නවා කියන එක කරන්නෙ පරියංකයේදී විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේදී පවා.
එතකොට හිතල බලන්න ඒ කෙනාගේ ජීවිතේ කොයි තරම් නම් සැහැල්ලු ඇද්ද කියල. කොයි තරම් නම් නිවී සැනසිලා ඇද්ද කියන්නකො. අපිට නිකං හිතා ගන්න පුළුවන්නෙ. ආන් ඒ වගේ ජීවිතේකුයි පින්වතුනි මේ හදාගන්න කියන්නෙ. ඒකයි මේ ධර්ම මාර්ගය තුල යන කෙනා ඒ කෙනාගේ ගමන ගැන, ඒ කෙනාගේ දිශානතිය ගැන තේරුමක් ඇතිව යනවා කියල කියන්නෙ. එයාට තේරෙනව එයා යන්නෙ කොහෙද කියල. එයා ගමන් කරන්නෙ මොන දිශාවටද, මොකද්ද එයාගෙ කටයුත්ත කියල එයාට හොඳට තේරෙනව. හේතුව තමයි ඒ කෙනා එයාගෙ ජීවිතේ දිහා නැවත නැවත, නැවත නැවත, හැරි හැරී බලන විදිහේ රටාවකට හුරු වෙලා තියෙන්නෙ. පුරුදු වෙලා තියෙන්නෙ.
ඉතින් පින්වතුනි අරමුණු පසුපස්සෙ අපි හඹාගෙන යන්නෙ නැතුව, අපේ හිත අපට කියන කියන දේවල් ඔස්සේ හඹාගෙන යන්නෙ නැතුව, අපි ඉගෙන ගන්නට පටන් ගත්තොත් එහෙම "ඔව් මගේ අතින් වැරැද්දක් වුනා" කියල ඇත්තටම ඔව් මගේ අතින් වැරැද්දක් වුනා, ඔව් මම වැරැද්දක් කලා කියන ආකාරයෙන් අපි අපේ ඇත්ත කතාව තේරුම් ගන්න වුනොත් එහෙම, අන්න ඊට පස්සෙ අපිට පුළුවන්කමක් හම්බ වෙනවා නිවැරදි වූ විදියට පිළියම් යොදන ක්‍රමය භාවිතා කරන්න.
නමුත් සාමාන්‍ය ලෝකයා ගොඩක් වෙලාවට කරන්නෙ මොකද්ද දන්නවද? "පිස්සුද? මම කිවුවෙ නෑ ඔහොම එකක්. එව්ව කොහෙද" අන්න එහෙමයි සාමාන්‍ය ලෝකයාගේ තියන සාමාන්‍ය රටාව. එතකොට පින්වතුනි අපි මේ උත්සාහවත් වෙන්නේ ඒ සාමාන්‍ය ලෝකයෙන් එතෙර වෙලා නිවන් සුවය සාක්ෂාත් කරගන්නා වූ ක්‍රමයට යන්න නම්, ඒ දිශානතියට යන්න නම්, අපි අපේ සිහිය භාවිතා කරන්න පටන් ගන්න ඕන, භාවනාව කරන්න පටන් ගන්න ඕන සාමාන්‍ය ජීවිතේදී පවා.
ඕක හන්දයි මට අර කෝප්පෙ තියන එක මේ තරමටම ප්‍රයෝජනවත් වුනේ. මං බොහෝම ආසා උදාහරණයක් තමා ඒක. කට්ටිය ගොඩක් ඉන්න තැනක කෝප්පයක් අරගෙන 'ඩග්' ගාල තිබ්බොත් එහෙම, ඒකෙන් කියවෙන කතාව තුල තියනවා යම්කිසි වූ අමනාපය ගැබ් වෙච්ච බවක්. දොරක් වහන්න පුළුවන්, රෙද්දක් තියන්න පුළුවන්, ජනේලයක් වහන්න පුළුවන්, කාරල කෙළ ගහන්න පුළුවන්, එක්කො හුස්ම ගන්නත් පුළුවන්, අඩිය තියන්න පුළුවන්, සෙරෙප්පු දාන්න පුළුවන් මෙකී නොකී දාහකුත් එකක් තියනව ඔය තාලෙන් කරන්න.
ඒකෙ අභ්‍යන්තරයෙ තියනව ද්වේශය මුසු වෙච්ච බවක්. ඒකෙ අභ්‍යන්තරයෙ තියෙන්නෙ ධර්මය මුසු වෙච්ච බවක් නෙවෙයි අධර්මය මුසු වෙච්ච බවකුයි. එතකොට සතිපට්ඨානය පුරුදු කරන කෙනා එයාගේ භාවනාව පර්යංකයට හෝ සක්මනට විතරක් සීමා කරගන්නෙ නැතුව සාමාන්‍ය ජීවිතේටත් අරගෙන යනව. ඩග් ගාල තියන්න යන්නෙ නැතුව කෝප්පෙ බොහෝම උවමනාවෙන් තියනව.
ඇත්ත කියනව නම් ඒ කාලෙ මේධාවි හාමුදුරුවන්ගෙ හිතේ කොච්චර ද්වේශයක් තිබ්බද කියනව නම් (අවංකවම කියන්න එපැයි) කෝප්පෙ තිබ්බෙත් තරහෙන්. කෝප්පෙ තිබ්බෙත් තරහෙන්. කාටද තරහ වෙන්නෙ කියන එක අදාල නෑ. අහුවෙන ඕන එකක් එක්ක තරහයි. සමහරක් වෙලාවට බුදු හාමුදුරුවො එක්කත් තරහයි. හේතුවක් නෑ, උන්වහන්සේ කරපු දෙයක් නෑ ඒ වුනාට තරහයි. මේ තමයි අපේ තියන වැරැද්දේ ස්වභාවය.
නමුත් කාලයක් ගියා මටත් තේරුම් ගන්න "නෑ මට තරහ යනව" කියල. මොකද මහණ වෙනකොටම අපි හිතාගන්නෙ නැත්නම් මේ ධර්මය පුරුදු කරන්න වුනාම කෙලින්ම හිතාගන්නෙ පළවෙනියෙන්ම රහත් කියලනෙ. ආයෙ ඉතින් ඉහළ ලංසුවෙන්ම තමයි දාගන්නෙ. උඩින්ම. ආයෙ පල්ලෙහාට බහින්න කැමති නෑ.
හැබැයි ධර්මයේ උගන්වන්නේ "හිත්වාජය පරාජයං" තරඟයට ඉදිරිපත් නොවී ඉන්න. කරුණාකරලා තමන්ගේ තියන නොහැකියාව පිළිගන්න. තමන් අසාර්ථක වුනා නම්, අසාර්ථක වීමක් තියනව නම්, තමන්ගෙ අසාර්ථක වීම අනුමත කරන්න. එච්චරයි. ඒක සාර්ථකත්වයට මාවතයි.
ඉතින් පින්වතුනි ඔන්න ඔය කියන කාරණාව තමයි අද දවසේදී මට ඔය ඇත්තන්ගෙ හිත්වල තියන්න ඕනකම වුනේ. අපි මේ භාවිතා කරන ධර්මය, අපි මේ පුරුදු කරන ධර්මය අපේ ජීවිතේට ගැලපෙන්න ඕන. ඒ ජීවිටත්ට ගලපා ගන්නා වූ ක්‍රමය තමයි මේ. මේක එතකොට පොතේපතේ තියෙන්න ඕන එකක් නෙවෙයි. මේක අපේ හිතේ තියෙන්න ඕන එකක්. මේක අපේ වචනයේ තියෙන්න ඕන එකක්. මේක අපේ ඇහේ තියෙන්න ඕන එකක්. ඇහෙන් රූපෙ බලනකොට තියෙන්න ඕන එකක්. මේක අපි කෝප්පයක් බිම තියනකොටත් තියෙන්න ඕන එකක්. අඩියක් තියනකොටත් තියෙන්න ඕන එකක්. එහෙම නේද? බැල්ම හෙළනකොටත් තියෙන්න ඕන එකක්.
ඒ හැම වෙලාවකම අපේ ජීවිතේ තුල, අපේ චිත්ත සන්තානය තුල, අපේ ආත්මය තුල, තියෙනවා නම් පිරිසිදු භාවයක්, සතිමත් භාවයක්, නිවී සැනසුනු භාවයක්, සාදු සාදු එය බොහෝ යහපත පිණිසමයි හේතු වෙන්නෙ. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 08
සිහිය සහ සැකය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"චිත්ත සංඛාර පටිසංවේදී
අස්සසිස්සාමීති සික්ඛති
පස්සසිස්සාමීති සික්ඛතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච පින්වත් පිරිස වගේම අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන ඔය ඇත්තො සෑම සියළු දෙනාමත් බොහෝම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනව. 'අපක්ෂපාතී නිරීක්ෂණය' කියල කියන මාතෘකාව යටතේ, මහා සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත මේ භාවනා වැඩමුළුවේ අද අට වෙනි දවස.
මේ තරම් කාලයක් අපි මේ භාවනා වැඩසටහන, වැඩමුළුව කරගෙන ආවේ, එක්තරා වූ ක්රමානුකූල රටාවකටයි පින්වතුනි. පළවෙනියෙන්ම අපි සාකච්ඡාව පටන් ගත්තේ භාවනාවක් කරනකොට අපි ඉන්න ඉරියව්ව සකස් කරගන්නෙ කොහොමද කියන ඒ ආකාරයත් එක්කයි. ඊට පස්සේ ඒ තමන්ගේ ඉරියව්වේ භාවනාව කරගෙන ඉන්නකොට තමන්ට අත්දකින විඳගන්න ලැබෙන කරදර බාධක වෙන කාරණාවන් එකින් එක එකින් එක විසඳා ගනිමිනුයි මේ දක්වා දුර අපි ඇවිල්ල තියෙන්නෙ.
'මහා සතිපට්ඨාන' කියන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත මූලික කරගත්ත මේ වැඩසටහනට අද දවසේදී මම තෝරගත්ත මාතෘකාව වුනේ 'සිහිය සහ සැකය' කියන මාතෘකාවයි.
සාමාන්‍ය ලෝකයේදී අපිට ජීවත් වෙනකොට පින්වතුනි විවිධාකාර විදිහේ කරුණු කාරණාවන්වලට, අවස්ථාවන්වලට, අවධීන්වලට මුහුණ දෙන්නට, මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. සරලයි. ඒ මුහුණ දෙන්නට, මුහුණ පාන්නට සිද්ධ වෙන කාරණාවන්ගෙන් එකක් තමයි සැකය කියල කියන්නෙ.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට සැකය කියල කියන විචිකිච්චාව, නැතිනම් දෙගිඩියාව, හරි අදහසකට එන්න බැරිකම, නීවරණයක් වශයෙනුයි සඳහන් කරන්නෙ. නිවන අහුරුවන, යහපත අයහපත වහල දාන, තමන්ගේ වගේම අනිත් අයගේත් සුභසිද්ධිය මකා දමන කාරණාවක් හැටියටයි සැකය කියන දේ සඳහන් වෙන්නෙ. ඉතින් ඔන්න ඔය කියන දේ අපේ භාවනාවෙදි අපිට බොහෝවිට කරදර කරන, බාධා කරන, වද දෙන කාරණාවක්.
සාමාන්‍ය ජීවිතයේදී අපි විඳින කායික හෝ වේවා මානසික හෝ වේවා කරදරවලින් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායන වූ ක්‍රමය සතිපට්ඨානයයි කියල. එතකොට ඒ කියන ඉලක්කය සම්පූර්ණ වෙනවා නම්, අපේ සන්තානය තුල තියන සැකයෙනුත් අපිට නිදහසක් හම්බ වෙන්න ඕන මේ කියන සතිපට්ඨානය වැඩීම ඔස්සේ. ඉතින් අද දවසේදී ඔන්න ඔය කියන කාරණාව ගැන යම්කිසි දෙයක් කතාබහ කරන්නටයි මගේ බලාපොරොත්තුව, උත්සාහය.
පින්වතුනි අපි භාවනාවක් කරන්න වුනා හෝ වේවා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වුනා හෝ වේවා ඔය කියන දෙගිඩියාව ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න මඟ අහුරුවනව. විශේෂයෙන්ම භාවනාවකදී තමයි අපිට මේ කියන දේ ප්‍රකට කරගන්න, හොඳටම බලාකියා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඒත් එක්ක අපිට දැනෙන ඊළඟ විපරියාසයන් ටික තමයි, භාවනාව කරගෙන යනකොට ඒක කරන්න අකමැත්තක් එනව. මේක කරන්න බැරිකමක් හිතට එන්න පුළුවන්. මේකට එච්චර ඕන නැතිකමක් එන්න පුළුවන්. ඒ වගේම මේ කරන දේ ගැන ඒ තරම් විශ්වාසයක් නැති බවක් එන්න පුළුවන්.
ඔය කියන කාරණා ඔක්කොම සාමාන්‍ය ජීවිතේදිත් අපි අත්දකිනවාමයි. ඒක සරලයි, සාමාන්‍යයයි, හැම අවස්ථාවකදිම. ගොඩක් වෙලාවට. එතකොට භාවනාව කියන විශයේදී, භාවනාව කියන අවධියේදී, මේ මාතෘකාවේදී, ඔය කියන ගැටළුව අපේ අභිමුඛයට එනකොට පින්වතුනි, අපි වඩන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, හැබැයි ශබ්දයකට හිත යනකොට අපේ හිතට සැකයක් එන්න පුළුවන් (ගොඩක් වෙලාවට එනවා) මම මේ කරන්නේ ඇත්තටම බුදු හාමුදුරුවො දේශනා කරපු දේශනාවමද? කියපු විදියද? නැත්නම් වෙන මොකක් හරි එකක්ද?
ආශ්වාසය තේරෙනවා නම්, නැත්නම් හුස්ම තේරෙනවා නම්, ඒක තුල අපිට විමතියක් සැකයක් තියෙන්න පුළුවන් මේ තියෙන්නෙ හුස්ම එන එකද? මේ තියෙන්නේ හුස්ම යන එකද? ආදී වශයෙන්. ශරීරය තේරෙනකොට අපිට කොහේ හරි තැනක ඒ තේරෙන වින්දනය හඳුනා ගන්නකොට, අපිට හරි අදහසක් නැති වෙන්න පුළුවන් මේක
සැප වේදනාවක්ද? දුක් වේදනාවක්ද? සැපක් දුකක් නැති වේදනාවක්ද? කියල.
මෙන්න මේ අවධියත් එක්ක තමයි පින්වතුනි, මේ වගේ කොටස් එක්ක තමයි සැකය කියන කාරණේ ඉස්මතු වෙන්න පටන් ගන්නෙ භාවනාව තුල පවා. උදාහරණයකට කිවුවොත් අද දවසේ භාවනාවේදී අපිට හරියට හිතක් ආවෙ නැතිනම් මම මේ කරන දේ ආනාපානයම තමයි කියලා, නැත්නම් ඒ හුස්මක දැනෙන ස්වභාවය ආනාපානයක්මයි කියන අදහස අපිට තිබ්බෙ නැත්නම්, එහෙම ඒ තේරෙන ආනාපානය හෝ ඒ තේරෙන ආශ්වාසය අපි විඳ දරා ගනීවි, දැක ගනීවි, යම්කිසි වූ සැක මුසු ස්වභාවයකින්. එච්චර ඒක ගැන විශ්වාසයක් නැහැ.
බුදුරජාණන් වහන්නේ අපිට දේශනා කරනව පින්වතුනි, විශේෂයෙන්ම උපසම්පදා හාමුදුරුවරුන්ට, උපසම්පදා වෙච්ච ඇත්තෝ යම්කිසි වූ දෙයක් කරනවා නම් සැකයක් එක්ක, මොනව හරි අපි හිතමුකෝ අපිට දුන්න කෑමක් කියන්නකො, ඒ කෑමක් සාමාන්‍යයෙන් උගන්වල තියන හැටියට නම් පිළිගන්වන්න ඕන. හැබැයි පිළිගන්වපු නැති දෙයක් අපි මේක පිළිගන්වලද තියෙන්නෙ නැද්ද කියන ඒ සැකයත් එක්ක ප්‍රයෝජනයට ගන්නව නම්, බුක්ති විඳිනව නම්, එතන ආපත්ති දෙකක් තියනව. එකක් තමයි සැකය හින්ද තියන ඒ ඇවත. ඒක ඒ තරමටම බුදුරජාණන් වහන්නේ අපිට කියල දීල තියනව පින්වතුනි වැඩිපුරම හඳුනා ගත යුතු කාරණාවක් කියල.
මටත් මතකයි මගේ භාවනාවේදී මුල් කාලේ ඔය පොතේ දැනුම භාවනාවට දාගන්න වුනාම තිබුන ප්‍රධානම ප්‍රශ්නයක් වුනා, දැන් මට මේ තේරෙන්නෙ කායානුපස්සනාවද, වේදනානුපස්සනාවද, චිත්තානුපස්සනාවද, නැත්නම් ධම්මානුපස්සනාවද කියල මේ ගැටළුව තිබුන. ඉතින් අවාසනාවට වගේ මට හම්බ වෙච්ච උපදේශවලත් තිබ්බේ දැන් ඔය කරන දේ ඔය ගොඩවල් හතරෙන් එකකට දාන්න බලන්න කියලයි.
මට හිතාගන්න අමාරු වුනා මේක කය ඔස්සේ දැනෙන එකක්ද, වේදනාව හින්ද තේරෙන එකක්ද, හිතේ ස්වභාවය හින්ද තේරෙන එකක්ද කියල. (ධම්මානුපස්සනාව ඒ කාලෙ තේරුනෙත් නෑ මොකද්ද කියලවත්) මේත් එක්ක පින්වතුනි මගේ හිත එකකවත් පිහිටන්නෙ නැති ස්වභාවයක් තිබ්බ. ඕක තමයි සාමාන්‍යයෙන් අපිට වෙන්නේ. අපේ හිත එකකවත් පිහිටන්නෙ නැහැ භාවනාව තුලදී අපිට ඒ කාරණාව ගැන විශ්වාසය නැති වුනාම. ඒ දේ තුල විශ්වාසය නැති වුනාම.
ඉතින් මෙන්න මේ ගැටළුව විසඳන්නටයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී අපිට කියල දෙන්නෙ පින්වතුනි අපිට පොඩි හුස්මක් නම් තේරෙන්නේ, හුස්මෙ ඩිංගිත්තක් නම් තේරෙන්නේ, උන් වහන්සේ අපිට දේශනා කරනව දැන් මම මේ කෙටි හුස්ම ගන්නෙ කියල. ඒක අනුමත කරන්න කියල. සැකයක් හදා ගන්න අපිට උගන්වන්නෙ නැහැ මේක නෙවෙයි අනාපානය කියලා, මේක නෙවෙයි ආශ්වාසය කියලා.
නමුත් දැනට තියන එක චුට්ටක් මේ චූටි දෙයක් මෙතන තියෙන්නෙ කියල තේරුම් ගන්න කියල කියනව. මෙතන චූටි ආශ්වාසයක් තියෙන්නෙ, චූටි ප්රාශ්වාසයක් තියෙන්නෙ, පොඩි වෙලාවක ආශ්වාසයක් තියෙන්නෙ, පොඩි වෙලාවක ප්රාශ්වාසයක් තියෙන්නෙ. ඊට වඩා අපි කරන පැත්ත තමා, ඕක ගැන හිතන්න, කල්පනා කරන්න, අරෙහෙ මෙහෙ ගිහිල්ලා අපි සැක හදා ගන්නව. සැකය වැඩිදියුණු කර ගන්නව. අන්න එහෙම වෙන්න වුනාම ඊට පස්සෙ තියන ගැටළුව තමයි, ඊළඟට අපිට ආශ්වාසය පොඩ්ඩක් දැනුනා හෝ ප්රාශ්වාසය පොඩ්ඩක් දැනුනා හෝ අපි අනුමත කරන්නෙ නැහැ පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කියන ධර්ම මාර්ගයට අයිති කාරණයක් කියල. මොකද අපි අර ප්‍රායෝගිකව අත්දකින දේ විශ්වාස කරනවාට වඩා අපේ සැකය විශ්වාස කරන හින්ද. අපේ හිතේ තියන විමතිය විශ්වාස කරන හින්ද.
සාමාන්‍ය ජීවිතේ වුනත් මේක තියෙන්න පුළුවන්, මං දන්නෙ නෑ කොහොමද මේක දාගන්නෙ කියල. කෙසේ හෝ වේවා භාවනාව තුලදී පින්වතුනි අපි ඩිංග ඩිංග ඉගෙන ගන්න පටන් ගන්නවා, හුස්ම ගන්න එක හුස්ම ගන්නවාමයි කියල විශ්වාසය ඇති කර ගන්නව. ඒ දෙයත් එක්කම ජීවත් වෙන්න පටන් ගන්නව. මේකත් එක්ක සම්බන්ධ වෙන්න යන චිත්ත සංඛාරයකට යන්න දෙන්නෙ නැතුව, ඒ දේ දැන ගන්නකොට අපේ හිත කතා කරල කියන වෙනම කතාවක් තියනව නම්, මේක හරි හෝ වේවා වැරදි හෝ වේවා මේක හොඳද දන්නෙ නෑ නරකද දන්නෙ නෑ ආදී වශයෙන් අර සැක මුසු අදහස් එළියට එනව නම්, ඒ දේට ඉඩ දෙන්න යන්නෙ නැතුව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනව මෙහෙම අදහස් හිතට එන බව තේරුම් ගන්න කියල. ඒක තමයි හිතේ තියන සාමාන්‍ය ස්වභාවය. තේරුම් අරගෙන ආපහු අර සාමාන්‍ය වූ ප්‍රකෘති වූ තියන දේ අනුමත කරන්න පටන් ගන්නව.
එතකොට පින්වතුනි භාවනාවේදී තමයි, සතිපට්ඨානයේදී තමයි, ඔය සැකය කියන කාරණේ අපිට විද්‍යාමාන වෙන්නෙ. පේන්න පටන් ගන්නෙ. හැබැයි මේක අපි ප්‍රාර්ථනාවක් කලාට හෝ කාට හරි වැඳුම් පිඳුම් කලාට හරි බාරයක් ඔප්පු කලාට හරි පූජාවක් කලාට හරි අපේ හිතෙන් අයින් වෙන්නෙ නැහැ, අපි ඒ අනුසාරයෙන් වැඩකටයුතු කලොත් විනා.
එතකොට පින්වතුනි සතිපට්ඨානය කියන මාතෘකාව ඔස්සේදී තමයි අපිට අපේ අභ්‍යන්තරයේ තියන මෙවන් වූ සත්‍ය පැතිකඩවල් ටික පේන්න පටන් අරගන්නෙ. හැබැයි සාමාන්‍ය ලෝකයා සැකය කියන දේට ලොකු වැරදි අදහසක් දීල තියෙනවා. ඒක තියෙන්න බැරි දෙයක් හැටියට. ඒක තිබිය නොයුතු දෙයක් හැටියට. තියෙන්න හොඳ නැති දෙයක් හැටියට. බුද්ධ ශාසනය තුල සැකය වර්ණනා කරන්නෙ නැහැ හැබැයි තියන විත්තිය දැන ගන්න එක අනුමත කරනව. මං ආයෙත් කියන්නම්,
"බුද්ධ ශාසනය තුල සැකය වර්ණනා කරන්නෙ නැහැ, නමුත් සැකය තියනවා කියන එක දැනගන්න බව අනුමත කරනව."
තමන්ට සැකයක් තියනවා නම් ඒ දේ එහෙම එකක් තියෙන විත්තිය හඳුනා ගන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. හරි ලස්සනයි පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන සතිපට්ඨානය සූත්‍රය. ඇත්තටම ඒකෙනුත් ආනාපාන සූත්‍රය අරගත්තොත් එහෙම අපේ ජීවිතේ පෙරන්න කියල දෙන පෙරහන්කඩවල් ගොඩක් වගේ හරියට.
පහුගිය කාලෙ පුරාවට ඔය ඇත්තො භාවනාවට සම්බන්ධ වෙච්ච අය හැටියට දන්නව ඇති, භාවනාවේදී අපිට තියන කරදර බාධක (ඒව ඇත්තටම ජීවිතේ තියන ඒව) හඳුනා ගන්නෙ කොහොමද, ඒවා මිදෙන්නෙ නිදහස් වෙන්නෙ කොහොමද කියන එක ඩිංග ඩිංග ඉගෙන ගන්න පටන් ගත්ත. හුරු වෙන්න පටන් ගත්ත. ඒ යන ගමනෙදි තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් අපිට උගන්වන්නේ, හිතේ ඇති කරගන්නා වූ අදහස් වගයක් තියෙනව. ආනාපානය දකිනකොටම ඒ දේත් එක්ක ඇතුලෙන් එන තව එකක් තියෙනව, මේකද දන්නෙ නෑ හරි ආනාපානය? මේක මේ විදියට දැනෙන එක වැරදිද දන්නෙ නෑ? මේකෙ මේ කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියපු එකක්ද දන්නෙ නෑ? එහෙම නැත්නම් මේ විදියට ආනාපානය බලනකොට මට නිවනක් හම්බ වෙයිද දන්නෙත් නෑ?
මේ ආකාරයට එන කුකුස් සහගත අදහස් ටික අපි දැන් හඳුනා ගන්න පටන් ගන්නව. ඊට කලින් කලේ පින්වතුනි ඒ වගේ දෙයක් මතු වෙනකොට අපි ඒකට තැන දුන්න. ඒ දේ සිහියෙන් දැකල, ඒ දේ බැහැර කරල, ආපහු ආනාපානයට පතිත වුනා නෙවෙයි. ආශ්වාසයට හෝ ප්‍රාශ්වාසයට පතිත වුනා නෙවෙයි. අපි සැකයට පතිත වුනා. සැකයට නැඹුරු වුනා. ඒ සැක සහගතව හිතිච්ච කාරණාව ස්ථිර අදහසක් හැටියට හිතේ තැන්පත් කරගත්ත. ඒක හින්ද අපි සැකවන්තයො වුනා. ඥාණවන්තයො නෙවෙයි අපි සැකවන්තයො වුනා. එහෙම එකක් තියනව.
සාමාන්‍ය ජීවිතේදී පවා සැක සහගතව යම්කිසි දෙයක් දිහා බලන්න පටන් ගත්තොත් එහෙම, ඒ දේ අපි හඳුනා ගත්තෙ නැතිවුනොත් පින්වතුනි, මම මේ දේ දිහා සැකයෙනුයි මේ බලල තියෙන්නෙ කියල ඒව ඔක්කොම ටික අපි තියාගන්නෙ ස්ථිර හැටියටම තමයි. කොහොමද හිතාගන්නෙ?
"මං දැකපු විදිහ හරියටම හරි."
ඕකම තමයි වෙලා තියෙන්නෙ. මගේ ජීවිතේ ඇත්තටම කියනව නම් දැන් හතළිහකට කිට්ටුයි. මං අරන් තියන තීන්දු තීරණවලින් ගොඩක්ම අරගෙන තියෙන්නේ වැරදි තීන්දු තීරණ. දැන් මං ඒක ඇත්තටම අනුමත කරනව. යම්කිසි දෙයක් දිහා සැකෙන් බලලා, මට ඒක සැක හැටියට තේරිලා, සැකෙන් ඒකට උත්තර දෙන්නත් ගිහිල්ලා. ඕකත් එක්ක එන තව යාළුවෙකුත් ඉන්නවනෙ තරහ කියල. සැකේම ඊළඟ යාළුව. අමනාපය, ප්‍රතික්ෂේප කිරීම, කෝපවීම. ඒ ඔක්කෝම බුක්ති වින්ඳා. විඳලා දැන් අවසානෙට කල්පනා කරල බලනකොට පින්වතුනි ආපස්සට හැරිලා, නෑ ඒව ඔක්කෝම වැරදියි.
මුලින්ම මම හඳුනාගෙන තිබුනා නම් මම මේක දිහා බලන්නෙ සැකෙන් කියලා, එච්චරයි. එතනින් නවතින්න බැරි වුනා මට. එතනින් නවතින්න බැරි වුනා. එතකොට සතිපට්ඨානය වඩද්දි තමයි පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නෙ, සාමාන්‍ය ජීවිතේදී පවා අපි ගාව තියන ඔය ක්ලේශය, ඔය අකුසලය කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ කියල.
සාමාන්‍ය ජීවිතේදී අපි දේවල්වලට සැකෙන් බලනව නම්, ගැටීමෙන් බලනව නම්, ආදී විදිහට ස්වභාවයක් තියනව නම්, භාවනාවේදී ආශ්වාසය සහ ප්රාශ්වාසය දිහා බලන්නෙත් ඔය විදියටම තමයි. ඕකම තමයි බලන කෝණය. ඒ හේතුව මොකද දන්නවද?
ඒක තමයි බලන්න මේ හිත දන්නෙ. භාවනා කරන්න එක හිතකුයි සාමාන්‍ය ජීවත් වෙන්න තව හිතකුයි නැහැනෙ. මේ එකම හිත තමයි මේක අස්සෙ දුවන්නෙ. ඒකයි භාවනාව කියන දේට මම කියන්නෙ ආත්ම ගවේශණය කියල. අපේ ජීවිතේ දිහා අපිටම පේන්න පටන් ගන්නව. ඒක හින්දම තමයි සතිපට්ඨානයට කට්ටිය එච්චර කැමති නැත්තෙ. ඇයි ඉතින් තමන්ගෙ වැරැද්දමනෙ එළියට එන්නෙ මුල් කාලෙදි.
හැබැයි ඒ වැරැද්ද හඳුනා ගත්තා කියන්නකො මනාකොට හරියටම. ආයෙ සංසාරෙ කවම කවදාවත් එයා ඒ වැරැද්ද කරගන්නෙ නෑ. එයා ඒ වැරැද්දෙන් නිදහස් වෙනව. මේක පැලැස්තර ඇලවිල්ලක් නෙවෙයි. සියයට සියයකම විසඳුම ලැබෙන ඒක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලයි.
ඉතින් පින්වතුනි මේ වගේ කාරණාත් එක්ක අපේ භාවනාව පුරුදු කරගෙන යන්න වුනාම අපිට එක අත්දැකීමක් දෙකක් හම්බ වෙනකොට ඒ අත්දැකීම ස්ථිර හැටියට ගන්නෙ නැතුව අපි කාලයක් අරගෙන තීන්දු තීරණ ගන්න යනව. උදාහරණයක් හැටියට භාවනා කරගෙන යද්දි සමහර ඇත්තො කියනව, හාමුදුරුවනේ එළි දැක්ක කියල. එක්කො පා වුනාය කියල කියනව. නැත්නම් කවුරුහරි ඇවිල්ල කතා කරා කියල කියනව. දැන් එකපාරක් මොනව හරි වුනා කියන්නකො. නින්ද ගියපුහමත් ඔය වගේ දේවල් වෙන්නත් පුළුවන්. කොහොම හරි කමක් නෑ, හරි අහිංසකයි.
ඉතින් එක පාරක් දෙකක් වගේ ඔය වගේ දෙයක් වුනාම මෙහෙම එකක් වෙනවාමයි කියල ස්ථිර අදහසක් ගන්නෙ නැතුව භාවනාව කියන්නෙ මෙහෙම එකක්මයි කියල හිතට අදහසක් ගන්නෙ නැතුව, අපි කාලයක් තිස්සෙ පුරුදු කරන්න වුනා නම්, ඒ කාරණාව ගැන විනිවිදභාවයක් ඇති කරගන්න පුළුවන්.
සැකය ඇති කරගන්න ප්‍රධානම හේතුව තමයි පින්වතුනි එක කෝණයකින් බලන එක. එක පැත්තකට විතරක් දකින එක. ඒ දිහා තවත් තවත් තවත් තවත් පැතිවලින් දකින්න උත්සාහවන්ත වුනා නම් මේකෙ වෙනම කතාවක් තියනව කියල තේරෙන්න පුළුවන්, අපි හිතාපු පැත්තට වඩා. ඉතින් භාවනාවෙන් ඇති කරගන්නා වූ විපස්සනාව, විදර්ශනාව කියල කියන ඒ දේ තමයි අපිව කරුණු කාරණා වෙනත් වෙනත් පැතිවලින් දකින්න යොමු කරවන්නෙ, වෙනත් වෙනත් පැතිවලින් දකින්න. අපි මේ දකින පැත්තට වඩා තවත් පැත්තකින් දකින්න යොමු කරවනව. ඉතින් මෙන්න මේ කියන දිශානතිය තමයි පින්වතුනි අපිට ඉවසීම ගෙනැල්ල දෙන්නෙ. ඉක්මන් තීරණයකට නොඑන තැනට අපිව අරන් යන්නෙ.
එහෙම නැතිනම් අපි ආනාපානයෙදි පොඩ්ඩක් ආනාපානය දැක්කොත්, මට ඕන එක තිබ්බෙ නැති වුනොත්, හිතට අදහසක් ගන්නව, "මේක හරියන්නෙ නෑ භාවනාව හැටියට ආයි මං මේක කරන්නෙ නැහැ"යි කියල. නමුත් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් සම්පූර්ණම කාරණාව ඒ වෙලාවෙදි සිද්ධ වෙනව. මම ඒක ගැන සැක කරලා ඒ සැකය මත පිහිටලා ඉන්න එක විනා. ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ.
ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනව අපේ මූලික කමටහනටම එන්න කියල නිතර නිතර. ඒක තමයි අපේ ක්ෂේමභූමිය. ඒක තමයි අපේ නිදහස තියෙන තැන. ඉතින් ඔන්න ඔය කියන දිශානතියටයි පින්වතුනි අපි අපේ භාවනාව අරගෙන යන්න ඕන. චිත්ත සංඛාරය කියන දේට තැන දෙන්නෙ නැතුව හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න ඕන. හිත ඇතුලෙ මෙහෙම කතාවක් වුනා කියල තේරුම් ගන්න ඕන. ඒක වහල දාන්න බෑ පින්වතුනි.
හැබැයි ඒක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව
"පස්සං භයං චිත්ත සංඛාරං" කියල.
ඒක බැහැර කරගන්න ඉගෙන ගන්න ඕන. හැබැයි ඒ බැහැර කරගත්තා වුනත් ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනව,
"අස්සසිස්සාමී’ති සික්ඛති, පස්සසිස්සාමී’ති සික්ඛති"
ඒ දේ තියෙද්දිත් මෙයා කලේ හුස්ම දැකපු එකයි. මේ දේ නැති කරගනිමින් මෙයා කලෙත් හුස්ම දැකපු එකයි. එතකොට මෙයාගේ කමටහන මාරු කරන්න ගියේ නැහැ චිත්ත සංඛාරයේ හැටියට. ආනාපානයෙන් අයින් වෙලා ඒ සිතුවිල්ල එයාගෙ ප්‍රධාන කමටහන කරගන්න ගියේ නැහැ. මෙන්න මේකයි මේකෙ තියන රහස.
එතකොට පින්වතුනි අපි නිරන්තරයෙන්ම අපේ මූලික කමටහනට එන්න ඉගෙන ගන්න ඕන. ඒක හරියට පොඩි කාලෙ (දැන් ඔය ඇත්තන්ටත් දරුවො ඉන්නවනෙ) ළමයි බය වුනා කියල කියන්නකො සෙල්ලම් කර කර ඉද්දි. කෑගහගෙන දුවගෙන එන්නෙ ගෙට. එක්කො අම්ම ගාවට නැත්නම් තාත්ත ගාවට. ආන් ඒ වගේ අපි නිතර නිතර අපේ මූලික කමටහනට පැමිණෙන්නට, කිට්ටු වෙන්නට පුරුදු වෙන්න ඕන. එතකොට අපි අර අළුත් අළුත් අරමුණුවලට යන්න උත්සාහවත් වෙන්නෙ නැහැ.
මෙන්න මේ කියන කාරණාවයි පින්වතුනි අද මට ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ. අපේ හිතට අකුසල් සහගත අවස්ථා එන්න පුළුවන්. ඒව ආවට අපි ඒවගේ නවතින්න නරකයි. අද දවසේ මම ඒකයි මාතෘකාව කරගත්තේ සැකය. හැබැයි චිත්ත සංඛාර කියන එක සැකයක් විතරක් නෙවෙයි. මේක මහා පුළුල් මාතෘකාවක්. මේකට ගොඩාක් කාරණා ඇතුල් වෙනවා, අන්තර්ගත වෙනවා. අද දවසේදී අපි මේක ගැන කතා කරමු. ඊළඟ දවසකදී මේ එක්ක සමගාමීව යන තවත් මාතෘකාවක් ගනිමු.
කෙසේ හෝ වේවා පින්වතුනි ඒ මතුවෙන කුමන හෝ ආකාරයේ අකුසලයක් හෝ එවන් වූ කෙලේසයක් වේවා, ඒ හැම දේකදිම අපිට කරන්න තියන දේ තමයි ඒ දේ අඳුනාගෙන ආපහු ආනාපානයට එනව. කාලයක් තිස්සේ මේ දේ පුරුදු කරලා ඊළඟට අපට බුදු හාමුදුරුවො දේශනා කරනවා, තියෙන බව තේරුම් අරගෙන ඒ ක්ලේශය බැහැර කර ගනිමින්ම ආපහු ආනාපානයට යනව. ඒ ක්ලේශයට නතු වෙන, යට වෙන ඒ දෙයට වෙලා ඉන්න කාරණාවක් නෙවෙයි අපිට උගන්වන්නෙ. ඒකයි අපි ඉගෙන ගන්න ඕන.
මොකද අපේ ක්ෂේමභූමිය, නිදහස, ආශ්වාසයක ප්රාශ්වාසයක තියන හින්ද. සැනසීම එතන තියන හින්ද.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ. මම හිතනව පුළුවන් තරම් මම ඒක සම්ප්‍රේශණය කලා කියල. ඒ තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිතයට යහපතක් සැලසෙනවා නම් එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 09
චිත්ත රීති 01
අරමුණු ග්‍රහණය කර ගැනීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතීයස්ස
පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා
යථා බුද්ධේන දේසිතා
සෝමං ලෝකං පභාසේතී
අබ්භාමුත්තෝව චංදිමාතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨානය කියන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත, අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන, නමවෙනි භාවනා වැඩසටහනයි අද පැවැත්වෙන්නේ.
ඔය ඇත්තොත් මමත් සරණ ගිය තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන අතිදීර්ඝ කාලයක් පාරමිතා ධර්ම පුරලා අවබෝධ කරගත්ත ඒ සුවිශේෂී ඥානයේ මුදුන් මල්කඩ තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ දේශනාව කියන්න පටන් ගන්නකොටම, ඒ සූත්‍ර දේශනාව දේශනා කරන්න පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ කියන පාඨය තමයි,
"සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය" කියල.
ශෝකයක් තියනවා නම්, හැඬීමක් වැළපීමක් තියනවා නම් ඒ දෙයින් නිදහස් වන්නටත්, දුකක් දොම්නසක් තියනවා නම් ඒ දෙයින් නිදහස් වන්නටත් "ඥායස්ස අධිගමාය" නුවණක්කාර විදිහේ ජීවිතයක් ලබා ගන්නටත් "නිබ්බානස්ස සච්චකිරියාය" නිවන කියල කියන සැනසීම සාක්ෂාත් කර ගන්නටත් භාවිතා කරන්න තියන එකම එක ක්‍රමය තමයි සතර සතිපට්ඨානය. සතිමත් බව වැඩීම. සිහියෙන් ඉදීම.
මේ කියන ක්‍රමයෙනුත් පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය කියාපු සූත්‍රයේ තියන සම්පූර්ණ සාරය, ඒ සූත්‍රයේ තියන සම්පූර්ණම වටිනාකම කැටි කරගත්ත තව එක දේශනාවක් තියනවා, තථාගතයන් වහන්සේම දේශනා කරන. ඒක තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සතිය කියල කියන කාරණා දාසයකින් යුක්ත වෙච්ච ඒ භාවනා ක්‍රමය සම්පූර්ණම සතර සතිපට්ඨානය ආවරණය කරන එකක් කියලයි කියල දෙන්නෙ.
එතකොට පින්වතුනි මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියන සියළුම කාරණා ආනාපාන සති භාවනාව තුල, ආනාපාන සතිය කියල කියන ඒ සූත්‍ර දේශනාව තුල කැටි වෙලා තියනව. අපි දැන් සති අටක් වගේ ඇවිල්ල තියන මේ ගමනෙදී ආපස්සට හැරිල බැලුවොත් එහෙම, අපිට දුකක් සන්තාපයක් ඇති වෙච්ච, ඒ වගේම අපි ශෝක කරපු කරදර වෙච්ච ඒ දේවල්වලට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක අපි ඩිංග ඩිංග පුරුදු කරමින් ආව.
මුල් කාලෙදි අපිට හරියට භාවනාවෙ වාඩි වෙලා ඉන්න ඉරියව්වක් නොතේරෙන කමක් තිබ්බ. මේ ශරීරයත් එක්ක ඉන්නෙ කොහොමද කියල දන්නෙ නෑ වගේ හරියට. ඒ ටික අපි හෙමීට හදා ගත්ත. ඊළඟට භාවනාව ගැන තිබිච්ච අදහස් උදහස්, තිබිච්ච ඇද පළුඳුකම් අස් කරල ඒව හෙමීට හදා ගත්ත. ඒත් එක්කම භාවනාවත් එක්කම අපිට පැන නැඟිච්ච, ඇති වෙච්ච විවිධාකර මතිමතාන්තරත් තිබුන. බලපෑම්. එව්වත් අපි ඩිංග ඩිංග හදා ගත්ත.
එතකොට මේ යන ගමනේ තථාගතයන් වහන්සේ ඔය දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි කමටහන හැටියට තියන්නෙ ආනාපාන සති භාවනාව. මේකෙදි පින්වතුනි ආපහු වතාවක් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මුළු සතර සතිපට්ඨානයම ආවරණය කරගන්න.
ඉතින් ඒ විදියට කතා කරනකොට දහම් දැනුමේ හැටියට අපි අහල තියනවා මේ සංසාරගත ජීවිතයකට මඟ හදල දෙන්නෙ තණ්හාව කියල. තණ්හාව කියන දේ ඇති වෙන්නටත් හේතුව හැටියට සඳහන් වෙන්නේ උපාදානයයි. ඉතින් අපි මේ උපාදානය කියන දේ සිද්ධ වෙන්නෙ කොහොමද කියල හඳුනා ගත්තා නම්, හඳුනා ගන්නවා නම්, ඒ උපාදානය කියන අල්ලා ගැනීම හෝ ග්‍රහණය කරගැනීම සිද්ධ කරන්නෙ කොහොමද කියන එක ගැන අවබෝධයක් ඇති කරගන්නවා නම්, පින්වතුනි අපිට තණ්හාවෙන් නිදහස් වෙන මාර්ගයේ පොඩි පැත්තක් හම්බ වෙන්න පටන් ගන්නව.
සතර සතිපට්ඨානය තුල අපිට කියල දෙන දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙන්න මේකයි. මේ භාවනාව කියන එක පින්වතුනි සිතුවිල්ලක් පුරුදු කරනවා කියන එකට වඩා ටිකක් වෙනස් දෙයක්. සාමාන්‍යයෙන් අපි දන්න භාවනාවට මොනව හරි මෙනෙහි කිරීමක් කරන්න ඕන වෙනවා. සිතුවිල්ලක් ඕන වෙනවා. ඒ වුනාට සතිපට්ඨානයට සිතුවිලි මෙනෙහි කිරීමක් නැහැ. හැබැයි තියන සිතුවිල්ල හඳුනා ගැනීමක් තියනව. මේ විදියට අපේ හිත අරමුණු ග්‍රහණය කරගන්න හැටි හඳුනා ගන්නට ප්‍රායෝගිකව යොදා ගන්නා වූ අභ්‍යාසය හැටියටයි සතිපට්ඨානයේ ආනාපාන සති කොටසේදී,
"චිත්ත සංඛාර පටිසංවේදී
අස්සසිස්සාමීති සික්ඛති
පස්සසිස්සාමීති සික්ඛතීතී"
කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ. ඒක හරීම සරලයි පින්වතුනි. සරල විදියටම කිවුවොත් එහෙම, අපි පර්යංකයකට යන්න වෙන වෙලාවට එක හුස්මක් අපිට දැනුනා නම් පහසුවෙන්, ඔය හුස්ම අපි ආයෙත් බලාපොරොත්තු වෙනව. ඊළඟ හුස්මත් මේ වගේම පහසුවෙන් තියේවි, ලේසියටම තියේවි, මනාපෙන්ම තියේවි, හොඳටම දැනේවි කියලා අපි අපේ හිතේ කැමැත්තක් ඇති කර ගන්නව.
ඊට පස්සේ අර පළවෙනි ආනාපානය දකිනකොට අපි දැකපු, ඒ අනාපානයෙ අර පිවිතුරු විදියටම දකින්න උත්සාහ කරපු, ඒ ස්වභාවයෙන් නෙවෙයි දෙවනි ආනාපානය අපි දකින්නේ. අර හිතේ ඇති මූලිකවම කරගත්ත අදහසත් එක්කයි. ඒ අදහස තමයි,
"පළවෙනියෙන්ම මේ ඇති වෙච්ච ආනාපානය හරිම හොඳයි. හරිම මටසිළුටුයි සැහැල්ලුයි. ඊළඟ ආනාපානයත් මෙසේම වේවා"
කියල එහෙම හිතල ගන්නව. එතකොට පින්වතුනි ගැටළුව වෙන්නේ මුල් ආශ්වාසය සහ ප්රාශ්වාසය සහ ඊළඟ ආශ්වාසය සහ ප්රාශ්වාසය වෙනයි. මේක දෙකක්. මේ දෙකේ අත්දැකීම් දෙකක් තියෙන්නෙ. මේ දෙකේ අත්දැකීම් දෙක අපිට ඕන වෙනවා එක අත්දැකීමක් බවට පත් කරගන්න. ඔන්න ඔතනයි ගැටළුව එන්නෙ.
එක එක ආනාපානයන් වලට, නැත්නම් අපේ ජීවිතේ තුල තියන එක එක සිද්ධීන්වලට, එක එක රහවල් තියනව. එක එක වටිනාකම් තියනව. හැබැයි අපේ හිතේ අපිට ඕන කරන දේ මොකද්ද දන්නවද?
මේ හැම එකකටම එක හා සමාන විදිහේ වටිනාකම් තියෙන්න ඕන. හැම දෙයක්ම එක විදියටම තියෙන්න ඕන හැම කාලෙකම.
මේකෙ මෙහෙම එකක් නැහැ.
අපි භාවනා කරන්න පටන් ගත්තහම තමා ඉගෙන ගන්න පටන් ගන්නේ, එක ආනාපානයක් බලාගෙන ඉන්නකොට, නැත්නම් අපේ ශරීරයේ තියන වේදනාවක් දිහා අවධානය යොමු කරනකොට, එක්කො කැමැත්තක් එක්ක එන්න පුළුවන්, නැත්නම් අකමැත්තක් එන්න පුළුවන්. ඒ මොකක් ආවත් කමක් නෑ ඒ එන එක අපි අල්ලගන්නව නම්,
"මේක නම් හොඳයි, මේකෙ නම් හොඳක්මයි තියෙන්නෙ, මේක නම් නරකයි, මේකෙ නම් නරකක්මයි තියෙන්නෙ"
කියලා අපි එහෙම හඳුනා ගන්නවා නම්, ඒ විදියට ග්‍රහණය කරගත්තා නම්, ඊළඟට ආනාපානය දකින හැම වෙලාවකම හෝ අර වගේ වේදනාවක්, වින්දනයක්, ස්පර්ශයක්, දකින ඕනෑම වෙලාවක අපේ හිත අපිට මතක් කරල දෙන්නෙ පරණ සිතුවිල්ලම තමයි. අර පරණ අදහසම තමයි. එතකොට කවදා හෝ දවසක සංසාරයේ ඒ වගේ ක්රියාකාරීත්වයක් අපි සිද්ධ කරනකොට අපේ හිත මතක් කරල දෙන පරණ පුරුදු සංස්කාර ටික තමයි, අර අපි හදා ගත්ත නිත්‍ය කරගත්ත ටික, ග්‍රහණය කර ගත්ත ටික. ඒ අල්ල ගත්ත අරමුණු ටික, ග්‍රහණය කරගත්ත අරමුණු ටික එක්ක තමයි අපි ඊළඟට යන්නෙ.
සරල උදාහරණයක් හැටියට කඩේට ගියාපුහාම කඩේ මුදලාලි එක දවසක හොඳින් කතා කරා කියන්නකො. කඩේ මතක් කරද්දිත් මුදලාලිගෙ හොඳක් ඔළුවට එනව. නැද්ද? යම්කිසි දවසක හදිස්සියට හරි මොකක් හරි වෙලා මුදලාලි අමනාපෙන් කතා කරා කියල හිතමුකො. ඕව වෙන්න පුළුවන්නෙ. ඊට පස්සෙ කඩේට ගියත් යන්නෙ කොහොමද? මුදලාලි මට මෙහෙමයි කතා කලේ කියන අදහසත් එක්ක. මේකෙ මෙහෙම එකක් තියනවා නේද?
මේක තමයි පින්වතුනි ග්‍රහණය කරගැනීම. අපි නැවත නැවත නැවත නැවත කඩේට යන යන යන යන තාක්කල් අපි අර සිතුවිල්ල නම් බෝ කරගන්නේ, එකතු කරගන්නේ, අපේ අමනාපයට බර වෙච්ච අදහස වැඩි වෙනවා මිසක ඒක අඩු වෙන්නෙ, නැති වෙන්නෙ නෑ. අමනාපය බහුල නම් අපේ හිතේ කියවෙන වචනය මනාපයට බරවෙයිද? ඒකත් අමනාපයට බරයි. දැන් අමනාපය බහුල හිතක් නම් තියෙන්නේ, අමනාප බහුල වචන නම් කියවෙන්නේ, එහෙනම් මනාපවන්ත විදිහේ වැඩකටයුතු කරයිද? එහෙම වෙන්නෙ නෑ.
මෙන්න මේකයි සංසාරයේ මේ ගැටේට හේතුව. එතකොට ආනාපාන සති භාවනාවෙදි පින්වතුනි අපිට හදාරන්න කියල බුදුරජාණන් වහන්සේ උගන්වනවා, හුස්මක් ගන්නකොට ඒ හුස්ම එක්ක තියන ආකල්පය මොන විදියටද ග්‍රහණය කරගන්නෙ කියල. ඔය ඇත්තන්ගෙ
කමටහන් වාර්ථාවලට ලස්සනට දාන්න ඕන දේවල් මේව. ආවර්ජනය කරන්න ඕන හොඳ කාරණාවල් මේව.
"අපේ හාමුදුරුවනේ, අද හුස්ම දකිනකොට මට හරි කැමැත්තක් ආවා ඊළඟ හුස්මත් මෙහෙම වේවා කියල."
ඕක අපිට හිතෙන්නෙ නැද්ද? එක දවසක් අපි සංතෝසෙන් හිටිය නම්, ප්‍රාර්ථනා කරන්න පටන් ගන්නව හෙටත් මේ වගේම වේවා කියල. වෙයිද? නෑ වෙන්නෙ නෑ.
හැබැයි ඊළඟ දවසේදී සංතෝසයක් නැද්ද? තියෙන්න පුළුවන්. හැබැයි අපිට සතුටු වෙන්න බෑ. හේතුව මොකද්ද? පරණ සතුටනෙ අපිට ඕන වෙන්නේ. අපිට මේකෙ නිත්යතාවයක් ඕන පින්වතුනි. මේ ජීවිතේ තුල ලබන අත්දැකීම්වල අපිට නිත්යතාවයක් ඕන.
හැබැයි මේ ලෝකෙ මොකක්වත් නිත්‍ය නෑ. ආන් ඒක ඉගෙන ගන්න පාඩම තමයි ආනාපානයෙන් උගන්වන්නෙ අපිට. තේරුනාද?
අපි හදාරන්න පටන් ගන්න ඕන භාවනාව කරගෙන යද්දිම, මගේ හිතේ මේ මේ අවස්ථාවන්වලට මේ මේ වෙලාවල්වලදී ලබා ගන්නා වූ අරමුණුවලට මගේ තියන ග්‍රහණය කරගැනීම මොකද්ද? කියල. මොන පැත්තෙන්ද මම මේක දරා ගන්නෙ? මොන විදියටද මම මේක මගේ හිතේ තියාගන්නෙ? කියල අපි හඳුනා ගන්න ඕන.
අපේ හිතේ එතකොට ඒ තියාගන්න දේවල්, හඳුනා ගන්න දේවල්, එන්න එන්න එන්න එන්න අකුසලයට බරයි නම් කොච්චර සාදු කිවුවත් නිවන් දකීද? නිවනක් නෑ අපිට. ඉන්නෙම දුකකමයි එහෙම වුනොත්. එතකොට පින්වතුනි මේකට ප්‍රධානම හේතුව තමා අපි ඉස්සරහට හම්බ වෙන හැම අරමුණක්ම ග්‍රහණය කර ගන්නා වූ ආකාරය.
"චිත්ත සංඛාර පටිසංවේදී
අස්සසිස්සාමීති සික්ඛති
පස්සසිස්සාමීති සික්ඛතී"
කියලා ඔය ඇත්තන්ගෙත් මගෙත් බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්තෘන් වහන්සේ අපිට දේශනා කරල දෙනවා පුදුමාකාර පෙරහන්කඩයක්. අපිටම අවස්ථාව දෙනව පින්වතුනි අපේ ජීවිතේ තුල සිද්ධ වෙන කාරණාවන්ගේ අභ්‍යන්තර බලපෑම මොකද්ද කියල හොඳට තේරුම් ගන්න. අභ්‍යන්තර තියන කතාව මොකද්ද කියල. ඒ කතාව එළියට එනකොට අපේ ඒකට තියන ප්‍රතික්‍රියාව මොකද්ද කියල.
ධර්මයේ ගැඹුරට යනව කියන්නේ මෙන්න මේකයි. අභිධර්මය කියනවා කියන එක නෙවෙයි. අපි දකින දේ තුලයි මේ ඇතුළට යන්නෙ. කිමිදෙන්නෙ. කිඳා බහින්නෙ. තව තව තව තව තව යටට යන්නෙ.
මං හිතන්නෙ නෑ මෙච්චර සංකීර්ණ වුනා කියල අපි භාවනාව පටන් ගත්ත මුල් දවස්වල. මහ දෙයක් තිබ්බෙ නෑ. හාමුදුරුවො කිවුවෙ, වාඩි වෙන්න කිවුවා. ඇඟ අතපය තියෙනවද බලන්න කිවුවා. ඔළුව තියෙන්නෙ කොහෙද, බෙල්ල තියෙන්නෙ කොහෙද ඔව්ව බලන්න කිවුවා. මෙහෙමයි. සමහර ඇත්තො මට කිවුවා ප්‍රාථමිකයි ඔය කියන භාවනා ක්‍රමය කියල. දැන් කොහොමද වැඩේ?
බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වතුනි හරියට මහා සාගරය වගේ. සාගරයක තියන ලක්ෂණය වෙරළෙදි පාගන්න පුළුවන් රැල්ලයි පොළවයි දෙක එකට. එහෙම නේද? වෙරළෙදි අපි වතුරත් පාගනවා පොළවත් පාගනවා දෙක එකට. කොහොමද තව ටික ටික ඇතුලට යන්න වුනාම?
අපි අහල තියනවා, ගිහිල්ල නැති වුනාට, මේ ලෝකෙට වඩා ලස්සන ලෝකයක් තියනවා කියල වතුර ඇතුලෙ. බුදුරජාණන් වහන්සේත් ඕක ඔය විදියටම කියනව. මේ දහම තුල ගැඹුරට යන්න ගැඹුරට යන්න තියන ටික ලස්සනයි වගේම, සාගරයෙත් අපිට පේන ප්‍රදේශයට වඩා නොපෙනෙන ප්රදේශයෙත් හරි ලස්සනක්, විචිත්‍රත්වයක් තියනවයි කියල.
ඒ වගේමයි පින්වතුනි මුහුදේ ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න, පිටත ජලයේ නැත්නම් මතුපිටට පේන්න තියෙන වතුර නිශ්චලයි. වෙරළට කිට්ටු වෙන්න තමයි ඔය රැළි ගහන්නෙ. නමුත් මූදෙ මැද එහෙම රැළි නෑ. මහ පොළොව වගේ සමහරක් විට ඒ තරම් හොඳට තැනිතලා ඇති. කිසීම කිසි කැළඹිල්ලක් නෑ.
අපි අපේ ජීවිතේ තුල භාවනාවෙදි මුල් කාලෙ තමයි හැලහැප්පිලි වැඩි මයෙ පුතා. ඕකෙ මුල බලන්න වුනාම, සද්ද බද්ද කරදරයි, හිත දුවන එවුවගෙ ප්‍රශ්නයි, ආනාපානය එක්කො තේරෙනවා එක්කො නෑ, ඊළඟට ඇඟ රිදෙනවයි, ඔන්න ඔය වගේ හුටපට තමයි තියෙන්නෙ. ඒ වුනාට ඒ දේවල් එක්ක සාමයෙන් ඉන්න, ඒ දේවල් හොඳයි කියල ගන්න, "තිබිච්චාවයි" කියල ගන්න, හිත හදා ගත්තට පස්සේ අපි තව ටික ටික මේකෙ ඇතුලට යන්න පටන් ගන්නව.
ඒ ඇතුලට යන්නෙ වෙන කොහෙවත් නෙවෙයි තමන්ගේ ආත්මය තුලයි. මං ඒකයි කියන්නෙ මේ භාවනාවට ආත්ම ගවේෂණයක් කියල.
අපි අපේ ජීවිත තුල තම තමන් පුද්ගලිකව ඇත් කරගෙන තියන තණ්හාව, ඒ තණ්හාවට හේතු වෙලා තියන උපාදානය, මෙව්ව තමා අපි හොයන්නෙ මේ. මෙව්ව තමා අපි තේරුම් ගන්න යන්නෙ. මේකට තියන තෝතැන්න තමා පින්වතුනි සතිපට්ඨානය වැඩීම.
බොහෝ වෙලාවට ලෝකයා ආනාපාන සති භාවනාව කරනවා කියලා කරන්නේ හුස්ම එනව නම් එනවා. යනව නම් යනවා. එහෙම නැත්නම් විවේචනය කරන්න පටන් ගන්නවා නාසිකාග්‍රය මත තියාගෙන ඉන්න ඕන, වෙන කොහේවත් බැරිද? කියල. ඊට පස්සෙ ඉතින් "ඔව්" කියන තැනට එනවා.
එහෙනම් නහය කෙළවරට අරන් එන්න ඕන කියල ඇස් දෙකත් තද කරගෙන, කටත් පූට්ටු කරගෙන, දිවත් උඩට තද කරගෙන ඔන්න ඉතින් බලන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට ඔළුවෙ කැක්කුම හැදෙනවා. හැදෙන්නෙ නැද්ද කියන්නකො. හැදෙන්නෙ නැත්නම් තමයි පුදුමෙ.
මට මතකයි එක භාවනා මධ්‍යස්ථානයකට ගිහින් ඉන්නකොට (හරියට වීර්යය වඩනව ඒ ඇත්තෝ, හරි ක්‍රමේට නෙවෙයි) බෙල්ල දික් කරගෙන ඉන්නව හොඳට. එහෙදි ඉගැන්නුවෙ නහය කෙළවරේ හිත තියාගෙන ඉන්න කියල. "පරිමුඛං" කියන එක "නාසිකග්ගං" කියල තමයි ඒ ඇත්තො පරිවර්තනය කලේ. ඕක ඉතින් නාසිකාග්‍රයේ නම් බලන්න ඕනකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට තේරෙන භාෂාවෙන් කියන්නත් තිබ්බ ඉතින්. "නාසිකග්ගං සතිං උපට්ඨපෙත්වා" කියල.
උන් වහන්සේ එහෙම දේශනා කලේ නෑ. "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල කිවුවෙ. අරෙහෙ ඉතින් භාවනා කරපු ඇත්තෝ බෙල්ල කෙළින් කරගෙන, උඩට උඩට උඩට කරගෙන, හරි වීර්යයක් යොදවනව. හැබැයි ඊට පස්සෙ කොහොමද ඒ ඇත්තො "සබ්බ කාය පටිසංවේදී" කරන්නෙ? මුළු ශරීරයම දැන ගන්න ගමන් ආශ්වාසය සහ ප්රාශ්වාසය බලන්නෙ කොහොමද?
ඒකට විදිහක් නැහැ. ඇයි බලන්නෙ නාසිකාග්‍රය විතරයි. ඒකෙන් අයින් වෙන්න එයාලට බැහැ. හේතුව ඔළුවට ගිහිල්ල තියෙන්නේ මෙතන මේක බලන එක විතරයි ආනාපානය වෙන්නෙ. එහෙම හිතන හිතක් කෝණිකයි. ඒ ඇත්තො අදහසක් ගත්තොත් ගත්තම තමයි. ඒකෙන් අයින් වෙන්නෙ නෑ.
නමුත් බුදුරජාණන් වහන්සේ පින්වතුනි සංසාරෙ හිර වෙච්ච අපේ ජීවිතේ සංසාරයෙන් ගලවල දානව. අපි දන්නෙත් නෑ ඒක වුනාම. අපිට තේරෙනව අපි ඒකෙන් නිදහස් වුනා කියල. හිර වෙලා තිබිච්ච, කෝණයකට වෙලා තිබිච්ච, කෝණික වෙලා තිබිච්ච, මුළු ගැන්විලා තිබිච්ච, කුළු ගැන්විලා තිබිච්ච හිත ප්‍රභාෂ්වර කරල දෙන්නෙ බුදුරජාණන් වහන්සේයි. විවෘත කරල දෙන්නෙ බුදුරජාණන් වහන්සේයි.
අපි හිතාගෙන හිටියෙ අපේ ජීවිතේ කියල කියන්නෙ සැකය කියලයි. තරහ කියලයි. ඊර්ෂ්‍යාව කියලයි. ක්‍රෝධය කියලයි. එක්කො පින්කම් විතරමයි කියලයි. මේ ඔක්කොගෙන්ම නිදහස් වෙලා, සැනසීම කියල කියන්නෙ මොකක්ද කියන එක හරියට අපිට පෙන්නල දුන්නෙ බුදුරජාණන් වහන්සේ තමයි. ආන් ඒ ටික ක්‍රියාත්මක කරන්න ඉගෙන ගන්න විදියයි සතිමත් බව වැඩීම, අපක්ෂපාතී නිරීක්ෂණය කියල කියන්නෙ අපි.
ඉතින් මේ කියන කාරණාවල් ටික තමයි පින්වතුනි පහුගිය කාලෙදි අපි මේ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරගෙන යන්නෙ. කාලයක් ගන්නවා මේව තේරෙන්න. අපි බලමු හෙමි හෙමීට මොන මොනව හරි කරන්න නේ. කාලයක් යයි ඉතින්. ගැටළු කරදර හරියට තියෙනව.
අදත් මං හිතන්නෙ මේ යූ ටියුබ් එකේ වීඩියෝ එක වැඩ කරන්නෙ නෑ. කාරි නෑ ඉතින් මොනව කරන්නද අර එක්කෙනෙක් කැමරාව අරන් ගියානෙ. පස්සෙ තමයි මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ. කොරන්න දෙයක් නෑ ඉතින්. ඒ ඔක්කෝම හොඳට කියල හිතමු නේ. මං පුළුවන් තරමක් උත්සාහ ගන්නවා මේක හරියට කරගන්න කියල නමුත් ප්‍රශ්නයක් තියනව. කරන්න දෙයක් නෑ ඉතින්.
කෙසේ හෝ වේවා අද දවසේදී මට ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ පින්වතුනි අපේ හිතේ තියන චිත්ත රීතියක් ගැනයි. හිතේ තියන සකස් කිරීමක්, හිතේ තියන මානසික පුරුද්දක් ගැනයි කියන්න ඕනකම තිබ්බෙ. ඒ පුරුද්ද මොකද්ද?
එක දෙයක් එක සිද්ධියක්, එක අවස්ථාවක්, අපි අපේ ජීවිතේට මුහුණ දෙන්න වුනාම ඒකෙදි ගන්නා වූ අදහස ස්ථිර හැටියට ගන්නව. ඒ ස්ථිර හැටියට ගන්න අදහස වගේ සිද්ධියක්, ඒ වගේ අරමුණක්, ඒ වගේ වටපිටාවක් ඇති වෙච්ච ගමන්ම අර පරණ පුරුදු මතකය අපේ හිතට ඇවිල්ල කියල දෙනවා "මෙන්න මේක තමයි ඕකෙන් වෙන්නෙ" කියල. මෙන්න මේ අදහස අපි හඳුනා ගන්න ඕන.
අපේ හිත අපිට මවාපාල දෙනව පින්වතුනි වර්තමානය තුල තියන රසය බුක්ති විඳිනවට වඩා, අතීතයක තියන කල්පනාවක රසය බුක්ති විඳින්න උගන්වනව. මෙන්න මේකෙයි අවුල තියෙන්නෙ. මෙන්න මේකෙන් නිදහස් වෙන්න ඕන. අපි එතකොට ඇත්තටම දුක් ඇති කරගන්නෙ වර්තමානය තුල බුක්ති විඳින එකටත් වඩා, අතීතය තුල බුක්ති විඳින්න වෙලා තියන දේවල් ගැනනෙ. ඕව ගැනනෙ හිතන්නෙ.
"සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය" කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලේ බොරුවක් නෙවෙයි. ශෝකයක් තියනව නම් පරිදේවයක් තියනව නම් ඒකෙන් නිදහස් වෙන්නටත්, දුකක් දොම්නසක් තියනව නම් ඒකෙන් බැහැර වෙන්නටත් හේතුභූත වෙන ප්‍රධානම ක්‍රමය තමයි සතිපට්ඨානය කියල කියන්නෙ කියල කියල දුන්නෙ නිකමට නෙමෙයි.
එතකොට පින්වතුනි මේ අපි කරගෙන යන්නෙ ඒ කියන වැඩපිළිවෙල හඳුනාගෙන යන ගමනක්. ඒ කියන පාරිතෝශිකය ලබා ගන්න ගමනුයි අපි මේ භාවනාව කරගෙන යන්නෙ. අන්න ඒකයි සතිපට්ඨානය තුල තියන විශේෂත්වය. භාවිතා කරන වෙලාව කොච්චරක්ද? ඒ ප්‍රමාණයෙන් පඩිය හම්බ වෙනව. මාස් පඩි නෙවෙයි දෙන්නෙ. සති පඩි, මාස් පඩි නෑ. එවෙලෙ එවෙලෙ පඩි තියෙන්නෙ, දවස් පඩිත් නෑ. දවස් පඩි ගන්න ඉතින් හවස් වෙනකං ඉන්න එපායැ. මේකෙ එහෙම එකක් නෑ. එවෙලෙ එවෙලෙ පඩි.
ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි මට ඔය ඇත්තන්ට අද දවසේදී කියන්න ඕනකම තිබ්බෙ. මං විශ්වාස කරනවා අද කරන භාවනාවත් එක්ක ඔය කියන අදහස් ටික අපිට තව ටිකක් කුළු ගැන්වේවි කියල. හිතට යාවි කියල. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහතාට ගෞරවණීය පුණ්්යානුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 10
චිත්ත රීති 02
ශෛලගතවීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
"බහුලමනුවිතක්කෙති අනුවිචාරේතී
තතා තතා නතීහෝති චේතසා තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
ඔය ඇත්තො අද දවසේදීත් සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍ර කර ගත්ත භාවනා වැඩසටහනටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ තාක් දුරට අපි, භාවනාව කියන විෂය සවිස්තරව ප්‍රායෝගිකව අත්විඳිනකොට, බුක්ති විඳිනකොට ඇති වෙන ගැටළු සහ ඒවාගෙන් නිදහස් වෙන්නෙ කොහොමද? ඒ භාවනාවේදී ඇති වෙන ගැටළු සාමාන්‍ය ජීවිතේදී අපිට කොහොමද බලපාන්නේ? භාවනාවේදී ඒ දේට පිළිතුර හොයාගන්නකොට සාමාන්‍ය ජීවිතේ තියන ගැටළුවත් විසඳෙන්නෙ කොහොමද? කියන කාරණාව ගැනයි මේ පහුගිය කාලය තුලදී සාකච්ඡාවට ලක් කලේ.
චිත්ත රීති කියන මාතෘකාව යටතේදී අද දවසේදී කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ පින්වතුනි, 'ශෛලගතවීම' කියන අංශය ගැනයි. ඔය ඇත්තොත් මමත් අපේ ජිවිත තුල ජීවත් වෙනකොට මගේ අය, අපේ අය, මම දන්න අය, මම කැමති අය, මම අකමැති අය, මට නුරුස්සන අය, මම කැමති රූප, මම අකැමැති රූප, මට හොඳ රූප, මට නරක රූප, ආදී වශයෙන් මම කැමති සහ මගේ ග්‍රහණයේ තියන, මම අකැමැති මගේ ග්‍රහණයේ නැති ආදී වශයෙන් අපේ ජීවිත තුල අපිට බුක්ති විඳින්නට ලැබෙන අත්දැකීමට අපි යම්කිසි විදියකට වටිනාකමක්, ලේබල් එකක් සනිටුහන් කරගැනීමක් එකතු කරනව.
මේ කියන සනිටුහන් කරගැනීම, ලේබල්ගත කිරීම අපේ ජීවිත තුල පින්වතුනි නොදැනුවත්වම අපි සිද්ධත් කරනව. යම්කිසි කෙනෙක් කතාබහ කරන වචනයකට අපේ රුචියක්, මනාපයක්, කැමැත්තක් ඇති වෙනවා නම් ඒ දෙයට අපි වඩා වැඩිපුර නැමෙන්නටත් යම්කිසි කෙනෙක් ගැන කතාවට අපේ රුචිය මනාපය යන්නෙ නැත්තං ඒ දේත් එක්ක ගැටෙන්නටත් අපේ හිත අපිව යොමු කරනව.
මෙහෙම කියන අපේ මානසික තලයක, අපිට හිතේ තියන සැකැස්මක කැමැත්ත ඔස්සේ අපි හඹාගෙන යනව වගේම ඇත්තටම කියනව නම් අකමැත්ත ඔස්සේත් අපි හඹාගෙන යනව. අපි හිතුවට අපි අකමැත්තෙන් බැහැර කරන්න හෝ අකමැත්ත බැහැර කරන්න හෝ අකමැත්තෙන් අයින්වෙන්න උත්සාහ කරනවා කියල සැලකුවාට, ඒ අකැමැත්ත ගැන නිතර නිතර මෙනෙහි කරන්න, සිතුවිලි බෝ කරන්න අපි තව තවත් කිට්ටු වෙන්නේ ඒ අකැමැත්ත ගාවටමයි.
කැමැත්තට යන ප්‍රශ්නෙත් ඕකම තමයි, ප්‍රශ්නාර්ථයත් කැමැත්ත කියන කාරණේ ගැනත් ඒ දේ ගැනත් නිතර නිතර හිතන්න මෙනෙහි කරන්න අපි නැවත නැවත චුට්ට චුට්ට කැමැත්ත ගාවට කිට්ටු වෙන්න පටන් ගන්නවා. ළං වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන 'ද්වෙධා විතක්ක' කියන සූත්‍රයේ මෙන්න මෙහෙම පාඨයක් තියනවා,
"බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසා" කියල.
පින්වතුනි අපි දන්නෙ නැහැ අපේ හිතට මේ වගේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන්නෙ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ කියල දෙන තාක් කල්. තථාගතයන් වහන්සේ අපිට කියල දෙනව චිත්ත රීතියක් හැටියට, මේ අපේ හිත්වල තියන සාමාන්‍ය ස්වභාවයක් හැටියට මෙන්න මෙහෙම කාරණාවක්. ඒ කොහොමද? එක්තරා කාරණාවක් දිහා අපි නැවත නැවත නැවත නැවත බලනවා නම්, නැවත නැවත හිතන ආකාරයක් තියනවා නම්, හිතන ස්වභාවයක් තියනවා නම්, ඒ කාරණේ දකින්නට උත්සාහවන්ත වෙන විදිහක් තියනවා නම්, ඒ ආකාරයට ඒ පැත්තට ඒ දිශාවට අපේ හිත නැමෙනව.
"බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසා"
බහුල හැටියට හිතනවා නම් යම්කිසි වූ කාරණාවක් ගැන එක්තරා වූ රටාවකින්, "අනුවිචාරේති" ඒක හා සම්බන්ධ ඒ හා සමගාමීව යන තව තව කුඩා කුඩා විතර්කත් ඇති කරගන්නවා නම්, ඒ අනුවත් අපි කල්පනාව කරනවා නම්, සිහිය යොදවනවා නම්, අපේ වීර්යය යොදවල ඒ විදියට මෙනෙහි කරන්න උත්සාහ කරනවා නම්, ඒ හිතන හිතන ආකාරයට හිත නැමෙන්න පටන් ගන්නව. "තථා තථා නති හොති චෙතසා"
භාවනාව පැත්තෙන් ගත්තහම ඔය දේ සිද්ධ වෙන්නෙ මෙන්න මෙහෙමයි. අපි භාවනාවට වාඩි වෙලා ආශ්වාසය දැක්කා නම්, යම් පමණක අපි ඒ ලබා ගත්ත අත්දැකීම ආයෙත් ලබා ගන්නට, නැවත නැවත ලබා ගන්නට, ඒ අත්දැකීමමයි ඇති කරගත යුත්තේ කියල කල්පනා කරනවා නම්, මෙනෙහි කරනවා නම්, අපිට අපේ භාවනාව තුල පින්වතුනි වෙනයම් වූ දෙයක් සනිටුහන් වීම කරදරයක් වෙන්න පුළුවන්. බාධකයක් වෙන්න පුළුවන්. අපි රුචි නෑ ඒකට.
මොකද අපේ කැමැත්ත තියෙන්නේ ආනාපනය බලන්න විතරයි. හුස්ම බලන්න විතරයි, හුස්ම දකින්න විතරයි. එතකොට තථාගතයන් වහන්සේගේ මේ සතර සතිපට්ඨානය කියන සූත්‍ර දේශනාවේ ආනාපාන සතිය කියන භාවනා කොටස ඒ දේ විස්තර කරන්නෙ කාරණා දාසයක් යටතේ. ඒ කාරණා දාසයට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන මේ කොටස් හතරම අයිති වෙනවා, අදාළ වෙනවා, එක්රොක් වෙනවා.
හැබැයි අපි අපේ හිතේ ශෛලගතවීමක් සකස් කරගෙන තිබුනෝතින් අසවල් දේ පමණයි මට අවැසි වෙන්නේ කියලා, මම භාවනාව හැටියට පුරුදු කරන්නේ හුස්ම දිහා බලන එක පමණයි හෝ යම්කිසි වූ දෙයක් හිතන එක පමණයි ආදී වශයෙන් අපි ග්‍රහණය කරගත්ත යම්කිසි වූ රටාවක් තියනවා නම්, කාලයාගේ ඇවෑමෙන් අපි මෙනෙහි කරන්නෙත් (අනුවිචාරේති කියල කියනවා) කතාබහ කරන්නෙත් ජීවිතේ පුරුදු කරන්නෙත් ඒ අපේ හිතේ හදාගත්ත ඒ අදහස ස්ථිර හැටියට පරිවර්තනය කරගන්නට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන්ම තමයි.
අපි අපේ හිතට ඇති කරගන්න අදහස ස්ථිර කරගන්නට, ඒකම පවත්වා ගන්නටමයි කල්පනාව ඇති කරගන්නෙ. එතකොට එහෙම වුනහම පසුකාලීනව තියන ගැටළුව තමයි, අපේ හිත ඒ දේ විතරක් දරාගන්නට ඒ දේ විතරක් හරියි සහ නිවැරදියි කියල හිතන්නට පෙළඹෙනව.
සාමාන්‍ය ජීවිතය තුලදි පින්වතුනි අපි අනිත් ඇත්තො එක්ක ඇසුරු කරද්දි පවා අපි අපේ හිතේ ඇති කරගන්නා වූ අදහස් ඒ ඒ අදහසට යන විදියට අපි අපේ හිතට දා ගන්න තව තව සිතුවිලි තියනවා නම්, කතාබහ කෙරෙනවා නම්, ඒ හැම එකක්ම හින්දා තමයි ඊළඟ කාලයකදි වෙනකොට අපි ඒ හිතපු ස්වභාවටම පරිවර්තනය වෙන්න පටන් ගන්නෙ.
යම්කිසි කෙනෙක් කෙරෙහි තරහකින් බලනවා නම්, ඒ තරහට අනුකූලව නැවත නැවත හිතනවා නම් කල්පනා කරනවා නම්, සිතිවිලි බඳිනවා නම්, පින්වතුනි කාලයක් යනකොට ඒ කෙනා දිහා බලනකොට අපේ හිතට තරහක් එනවා කියන එක නතර කරන්න බැහැ. අපි තරහකින් කතා කරනවා කියන එක, අපේ වචනය තරහක් හැටියට පිට වෙනවා කියන එක වෙනස් කරන්න බැහැ. හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා තියනව, පුරුදු කරල තියනව, ඒ විදිහෙ තරහ ඇති වෙන ස්වභාවයකින්ම කතා කරන්න හෝ දකින්න හෝ බලන්න.
ඔය ආකාරයම තමයි පින්වතුනි අනික් හැම ක්ලේශකටම. ඉතින් එවන් වූ හිතක් එක්කයි අපි භාවනාවට වාඩි වෙන්නේ, පර්යංකයකට යන්නේ. මේ හිතේ තියන සකස් කිරීම, තරහ හැටියට බලනව කියන එක නෙවෙයි ශෛලිගත වෙනවා කියන එකයි. ඒකාකාර ස්වභාවයක් දැක්කාට පස්සේ, ඒකාකාර ස්වභාවයක් හඳුනා ගත්තාට පස්සේ, ඒ කාරණය දිහා වෙනත් විදියකට බලන්න විශේෂ ආකාරයකට බලන්න හිත යොමන්නෙ නෑ කියන එකයි මෙන්න මේකෙදි සිද්ධ වෙන්නෙ.
එතකොට එහෙම වුනාම පින්වතුනි අපි හිතන දේ තමයි ඊයෙ පර්යංකයෙදි ලබාපු අත්දැකීම අද පර්යංකයේදී ලබන අත්දැකීම හා ම සමානයි කියලයි හිතන්නෙ. ඊයෙ භාවනාවෙදි අපි බුක්ති විඳපු අත්දැකීම අද භාවනාවේදී ලබන අත්දැකීමට සමානයි කියලයි හිතන්නෙ.
මේ අත්දැකීම කියන දේ කුළු ගන්වා ගන්නට අපිට උපකාරී වෙන කාරණා තුනක් තියනවා. පළවෙනි එක තමයි ඒ අත්දැකීම හඳුනා ගන්නට අපි භාවිතා කරන සංඥාවල් ටික. කෙනෙක් වුනොත් එහෙම, ඒ කෙනාගේ හැඩය වෙන්න පුළුවන්, පාට වෙන්න පුළුවන්, ඒ කෙනාගේ ගමන් විලාසය වෙන්න පුළුවන්, කතාබහ කරන ස්වරූපය වෙන්න පුළුවන්, මෙන්න මේව සංඥා වගේ වෙන්නෙ.
කොහේ හරි බුරන සද්දයක් ඇහුනොත් එහෙම අපි දන්නවා දැන් මේ බල්ලෙක් බුරන්නෙ කියල. එහෙම නැතුව ළමයෙක් කෑ ගහනව වගේ සද්දයක් ආවොත් එහෙම අපි දන්නව මේ බල්ලෙක් බුරනව නෙවෙයි, මේ ළමයෙක් කෑ ගහනවයි කියල. අන්න ඒ වගේ ඕනම සිද්ධියකට, අවස්ථාවකට, අත්දැකීමකට අදාල වෙන විදිහේ හඳුනා ගැනීම් සමුදායක් තියනව. ඒ හඳුනා ගැනීම් සමූහය එක්ක අපි ස්ථිර අදහසකට ගන්නවා ඊයේ තිබිච්ච දේ තමයි, ඊයේ තිබිච්ච අත්දැකීමම තමයි අදත් මේ තියෙන්නෙ කියල.
ඊළඟට තමයි ඒ හඳුනා ගත්ත දේ අපි වින්දනය කරන ස්වභාවය. භාවනාවකදි නම් ආශ්වාසය දකිනකොට අපිට ඒ ආශ්වාසය ඊයෙත් පෙනුනේ භාවනා කරද්දි ඉස්සෙල්ලම ආශ්වාසයක් නම් අදත් හිතනවා අනිවාර්යයෙන්ම ආශ්වාසයක්ම පෙනෙන්න ඕන, දකින්න ඕන කියල. ඒ වගේමයි ඊයෙ ආශ්වාසය මෘදුව තිබුනා නම්, සැහැල්ලුව තිබුනා නම්, අදත් බලාපොරොත්තු වෙනවා අපේ ආශ්වාසය මෙන්න මේ විදිහේම ස්වභාවයකින්ම තිබිය යුතුමයි කියල.
ඊළඟ එක තමයි පින්වතුනි ඔය ලබා ගත්ත අත්දැකීම කෙරෙහි අපි ඇති කරගන්නා වූ සිතුවිලි. ඒ ලබා ගත්ත අත්දැකීම අපි ආපහු මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ අපි ඒ ඇති කරගත්ත, කිට්ටු කරගත්ත, ළං කරගත්ත, අර අත්දැකීම් ගොන්නත් එක්කම තමයි. ඒ අත්දැකීම් ගොන්නේ තියන සංඥා ටිකත් එක්කම තමයි, වින්දනයන් එක්කම තමයි. මෙන්න මේවා ඊළඟට ඊළඟට ඒ හා සමානව වගේ තියන සංඥාවල් සමූහයක්, වින්දනයන් සමූහයක් සහ විතර්කයන් සමූහයක් අපි අත්දකිනකොට, අපිට ඇති වෙන අදහස තමයි ඊයෙ තිබිච්ච අත්දැකීමම තමයි අද මං මේ බුක්ති විඳින්නෙ කියල.
හැබැයි ඊයෙ ලබාපු, ඊයෙ අත්දැකපු, ඊයෙ බුක්ති විඳපු ආනාපානය නෙවෙයි අද අපේ ශරීරයෙන් ගලාගෙන යන්නෙ. ඕකට පාලියෙන් කියනව ඇත්තටම කියනව නම් "අනිච්චේ නිච්ච සංඥේ" කියල. මේ ලෝකය තුල වෙනස් වීමක් කියන කාරණාව අපි නිත්‍ය හැටියට දකින්න උත්සාහ කරනව. ඒ නිත්‍යතාවය හදල දීල තියෙන්නෙ වෙන මොකක්වත් හින්ද නෙවෙයි අපි හදාගත්ත සංඥා සමූහය හින්ද. අපි ඒ දේ බුක්ති විඳින වින්දනයන් සමූහය හින්ද. අපි ඒ කියන අත්දැකීම ගැන කල්පනා කරන ස්වභාවය තමයි නිත්‍ය සංඥාව හදල දෙන්නෙ. නිත්‍ය ස්වභාවය, නිත්‍ය ක්‍රමය හදල දෙන්නෙ.
ඒ වුනාට පින්වතුනි අපි මේ ජීවිතේ ලබන හැම අත්දැකීමකටම, හැම අවස්ථාවකටම මුහුණ දෙන්නේ පළවෙනි සහ අවසාන වතාවට. පළවෙනි සහ අවසාන වතාවට. ඒ අත්දැකීම හෝ ඒ කෙනා හෝ ඒ අවස්ථාව හෝ ඒ අකාරයෙන්ම ඒ ස්වභාවයෙන්ම අපිට ජීවිතේ ආයෙ කවම කවරදාකවත් හම්බ වෙන්නෙ නැහැ. ඒ ස්වභාවයේ තියන දෙයක් හම්බ වෙනවා නමුත් ඒ අත්දැකීමම, ඒ ස්වභාවයම අපිට හම්බ වෙන්නෙ නෑ. ඒ කෙනාවම අපිට හම්බ වෙන්නෙ නෑ. යම්කිසි හෝ පරිවර්තනයක ලක් වෙලා තියනව.
මේ කියන දැනුම අපිට නැති හින්දා තමයි අපි මේ ලෝකයේ තියන අත්දැකීම් කෙරෙහි, අවස්ථාවන් කෙරෙහි, පුද්ගලයන් කෙරෙහි නිත්‍ය වූ සංඥාවක් ඇති කරගන්නෙ. ඒ නිත්‍ය සංඥාවට හේතු භූත වෙලා තියෙන්නෙ ඒ කෙනා හෝ ඒ සිද්ධිය කෙරෙහි අපි ඇති කරගත්ත සංඥා සමූහය හෝ වින්දනයන් සමූහය හෝ හිතන විදිහ. විතර්ක ටික.
ඔන්න ඔය කියන කාරණාවල් ටික හඳුනා ගන්න අපිට අවස්ථාවක් හම්බ වුනා නම් පින්වතුනි, භාවනාවෙන් සාමාන්‍ය ජීවිතයේදී අපිට දුක හදල දෙන හෝ අපිව කරදරයට පත් කරවන නිත්‍ය සංඥාව මොකද්ද කියල තේරුම් ගන්න අවස්ථාවක් එනවා. මේක තුලින් එතකොට අනිත්‍යයයි කියල කියන්නෙ මෙන්න මේකයි කියල මෙනෙහි කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ, තමන් නිත්‍ය හැටියට ගන්න කාරණය මොකද්ද කියල හඳුනා ගැනීමකුයි වෙන්නෙ. එතකොට අනිත්‍යතාවය අවබෝධයක් බවට පත් වෙනව.
අනිත්‍යතාවය හැටියට බලන්න ඕන මොනවද? අනිත්‍යය හැටියට දැකල තියෙන්නෙ මොනවද? අනිත්‍යය හැටියට දකින්නෙ නැත්තෙ මොනවද? කියන එක අපිට විද්‍යාමාන වෙන්න පටන් ගන්නව. එතකොට මේ ජීවිතය තුල යම්කිසි කාරණාවක් කෙරෙහි අපි දැඩි විදියට ඇලීමක් හදාගෙන තියනව නම්, දුකක් සන්තාපයක් ඇති වෙන ප්‍රමාණයෙන් අපි ඒ දෙයින් නිදහස් වෙන්න මඟ හදාගනී, පාර හදාගනී. මේ දේ කරන්න මඟ අහුරන එකම එක කාරණේ තමයි පින්වතුනි අපි අර විදියට ශෛලගතවීම.
මේ ස්වභාවයෙහි, නැත්නම් මේ අත්දැකීමෙහි, මේ කෙනාගේ තියෙන්නේ මෙන්න මේ ස්වභාවයමයි කියල ස්ථිර අදහසකට පැමිණීම. ඒ දෙයින් නිදහස් වෙන්න ලේසි නැහැ ඔය දේ ගැන නිකං කතා කල පලියට. ඒ දෙයින් නිදහස් වෙන එක ඒ තරම් සරල නැහැ.
ඒකට හේතුව තමයි ඒ සිද්ධිය හෝ ඒ කෙනා හෝ ඒ අවස්ථාවට එක්ක එකතු වෙච්ච ඔය කියන නිත්‍ය සංඥාව ස්ථිර හැටියට ගන්න අදහස අපි ගාව තියෙන්නේ අපි ඇති කරගත්ත සංඥා සමූහය හින්දයි. අපි ඒ සංඥා සමූහයයි ස්ථිර හැටියට අරන් තියෙන්නෙ. ඒ සිද්ධිය හෝ ඒ කෙනාව වින්දනය කරන වේදනා සමූහයක් තියනව සැප, දුක්, උපේක්ෂා හැටියට. අන්න ඒ ටිකයි අපි නිත්‍ය හැටියට අරන් තියෙන්නෙ.
ඒ දේ කෙරෙහි අපි, ඒ කෙනා කෙරෙහි අපි කල්පනා කරන, හිතන ස්වභාවයක් තියනව හිතන්නෙ "මේ කෙනා මෙහෙමමයි, මේ සිද්ධිය මෙහෙමමයි" ආදී වශයෙන්. මෙන්න මේ කියන හේතු හින්දයි පින්වතුනි අපිට මේ කියන උගුලෙන් ගැලවෙන්නට නිදහස් වෙන්නට බැරි වෙන්නෙ.
සතිපට්ඨාන භාවනාවේදී තමයි අපිට ඉඩහසර හම්බ වෙන්නේ, අපි තුල තියන නිත්‍ය සංඥාව මොකක්ද? ඒ දෙයින් බැහැර වෙන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? කියල. ඉතින් අන්න ඒ දේ අපි භාවනාවක පුරුදු කරන ස්වභාවයකට යන්න පුළුවන්කම තියනවා නම්, අපි හඳුනාගන්න පටන් ගනීවි ඊයෙ අපි භාවනාව පටන් ගත්තේ අසවල් දෙයකින් නම් අදත් ඒ දේම ඉන්න බලාපොරොත්තු වෙනවාද? කියන අදහස.
මේක ඒ තරම්ම සරලයි. ඒ වගේ සරල තැනකින් ඉඳලාම තමයි මේ ගමන ඉස්සරහට ඇදීගෙන යන්නෙ. තව තව ගැඹුරටත් ඕක ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, අපිට විඳදරාගන්න අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. නමුත් භාවනාව තුල පින්වතුනි ඊයේ ලබාගත්ත, නැත්නම් ඊට කලින් ලබාගත්ත අත්දැකීමම අපි අදත් ලබා ගන්න හිතනවා නම්, අන්න ඒක තමයි නිත්යතාවයෙ තියන හිතක සාමාන්‍ය ලක්ෂණය.
ඉතින් මේ විදියට අපි බාහිරින් බලනකොට අර කියන සංඥාවල්, යම්කිසි පුද්ගලයෙක් හරි කමක් නෑ අපිට තේරෙන්න පුළුවන් අර ඊයෙ හිටපු කෙනාම තමයි අද මේ ඉන්නෙ කියල. ඒ වුනාට ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම කායිකව සහ මානසිකව ඒ කෙනා බොහෝම පරිවර්තනයකට ලක් වෙලා, බොහෝදුරට වෙනස් වෙලා, ගොඩක් වෙලාවට වයසට ගිහිල්ලා ආදී හැටියට ජරා ජීර්ණත්වයට පත් වෙමින් ඉන්න කෙනෙකුයි අපි දකින්නෙ.
මෙහෙම බලනකොට පින්වතුනි ඊයෙ හිටපු කෙනාට අපි දක්වපු ඒ ප්රතිචාරයන් අදත් දක්වනවා නම්, ඒ ස්වභාවයෙන්ම ඒ තරම් සාර්ථක වෙන්නෙ නැහැ සාධාරණ වෙන්නෙ නැහැ. මෙන්න මේ කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ. භාවනාව සිදු කරනකොට අපි ඊයෙ ලබාගත්ත අත්දැකීම සාපේක්ෂ වෙනව පින්වතුනි, ඊයේ දවසේදී අපේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්රීයත් භාවිතා කරපු ස්වභාවයට. ඒ වගේම අත්දැකීමක් අද අපි බලාපොරොත්තු වුනාට ඒ වගේ අත්දැකීමක් අද අපිට ලබාගන්න පුළුවන් වෙන්නෙ නෑ. මෙන්න මේකයි සරල සාමාන්‍ය යථාර්තය.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවටයි අද මට ඔය ඇත්තන්ගේ අවධානය යොමු කරන්න පුළුවන් වුනේ. අපි තවම කතා කරන්නෙ ආනාපාන සති සූත්‍රයෙ, "චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති පස්සසිස්සාමී’ති සික්ඛති" සහ "පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, පස්සසිස්සාමී’ති සික්ඛති" කියන මේ කොටස් ටික.
මං විශ්වාස කරනව මේ කියල දීපු කාරණාවල්වලින් අද මේ කරන කටයුතු කාරණාවලින් ඔය ඇත්තන්ගෙ භාවනාවට නැත්නම් ඔය ඇත්තන්ගෙ ජීවිතවලට යම්කිසි විදියකට ආලෝකයක් හම්බ වේවි කියල. එසේම වේවා !
ඒ වගේම අද දවසේ සිදු කරන භාවනාවෙන් අද අපි මේ කරපු දේශනාව පිළිබඳව ඒ තියන කාරණාවල් ටික තවත් කුළු ගැන්වේවි කියලත් බලාපොරොත්තු වෙනව. ඉතින් ඒක කල්පනා කරල ධර්මශ්‍රවනය ආදී වශයෙන් අද මේ සිදු කරගත්ත කුසලය ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත පිණිසම වේවා කියල බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 11
ප්‍රපංච
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පූජාරහේ පූජයතේ බුද්දේ යදිව සාවකේ
පපංච සමතික්ඛංතේ
තින්නසෝක පරිද්දවේ තීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි ! බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච ඔය ඇත්තො සෑම සියළු දෙනාම වගේම, අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වෙන සෑම සියළු දෙනාවමත් බොහොම සාදරයෙන් පිළිගනු ලබනවා. පින්වතුනි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත අපක්ෂපාතී නිරීක්ෂණය දෙවන අදියර යටතේ පැවැත්වෙන භාවනා උපදෙස් වැඩසටහන් මාලාව අද සිද්ධ වෙන්නේ එකොළොස් වෙනි සැසියයි. එකොළොස් වෙනි වාරයයි.
මේ තාක් දුරට අපි මේ සතිපට්ඨාන භාවනාව කියන දිශානතිය ඔස්සේ ඔය ඇත්තන්ව රැගෙන ආවා භාවනාවට මූලිකත්වයක්ම දරන, ආරම්භකයක්ම තියන කෙනෙක්ගේ පටන්ම මේ ගමන ඉදිරියට අරන් යන්නෙ, ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු වෙන්නෙ කොහොමද කියන උපදේශයන් එක්කම. ඉතින් පහුගිය සති දහය ඇතුලත අපි කතාබහට ලක් කලේ, භාවනාවක් කරනකොට අපේ හිතේ නිතර නිතර රැව් පිළිරැව් දෙන, අපිට කරදර බාධක වෙන, ගැටළු වෙන, භාවනාවකට විතරක් නොවුනත් සාමාන්‍ය ජීවිතයේදී පවා අපිට මහත් සේ කරදර බාධක පමුණුවන කාරණාවල් හඳුනා ගන්නෙ කොහොමද? ඒ කාරණාවලින් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන මාතෘකාව ඔස්සේදී අපිට කියල දීල තියන ක්‍රමය ගැන යම්කිසි විදියකට ඔය ඇත්තො රැගෙන යනනනයි උත්සාහ කලේ.
ඉතින් අද දවසේ මාතෘකාව අපි ආරම්භ කරපු චිත්ත රීති කියල කියන ඒ අංශය යටතේ යන, ගිය සතියේ කතා කරපු ශෛලගතවීම කියන ඒ අංශයටම ඉතාම කිට්ටු මාතෘකාවක්. අද මාතෘකාව තමයි 'ප්‍රපංච'.
මේ වචනය ඇත්තටම කියනව නම් ධර්මය පැත්තෙන් අපි අහල තියෙන්නේ ටිකක් ගැඹුරු සහ විස්තර කරන්න අමාරු වචනයක් හැටියටයි. මාත් ඒක ඒ විදියටම පිළිගන්නවා. හැබැයි සතර සතිපට්ඨානය කියල කියන දේශනාව ඔස්සේ අපේ මේ ගමන අරන් යනකොට පින්වතුනි අපිට අවස්ථාවක් හම්බ වෙන්න ඕන ඔය කියන ප්රපංචයන් හඳුනා ගන්න.
අපේ සාමාන්‍ය ජීවිතයක් ගත්තහම දවසක් ඇතුලත අපිට හිතෙන සිතුවිලි ප්‍රමාණය මෙච්චරකැයි කියන්න අමාරුයි. එච්චර අපිට සිතුවිලි හිතෙනව. කල්පනා කෙරෙනව. යම්කිසි දෙයක් දැක්කහම හෝ යම්කිසි දෙයක් ඇහුනහම, යම්කිසි ගඳ සුවඳක් දැනුනහම යම් ස්පර්ශයකදී යම්කිසි රසයක් දැනුනහම සහ හිතටම මොකක් හරි අදහසක් ආපුහම තමයි අපි හිතන්න පටන් ගන්නෙ. ඇහැට දකින රූපයත්, ඇසත් මේ හඳුනා ගැනීම කියල කියන (චක්ඛු විඥ්ඥාණය කියල කියනව ඕකට) මේ කාරණා තුනෙහි ආරම්භයක් වුනා නම් ඔතන අපි සමවැදිල තියනවා, අපි කිට්ටු වෙලා තියනවා, යා වෙලා තියනවා අපි දකින රූපය ගැන හිතන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙ පින්වතුනි
"චක්ඛුං පටිච්ච රූපේසූ උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං"
මේ චක්ඛු විඥ්ඥාණයත් නිකං ඇති වෙන්නෙ නැහැ. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි.
දැන් මේ බෝලන්කන්දෙ ඉන්න ඔය ඇත්තො වෙන්නත් පුළුවන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න ඇත්තො වෙන්නත් පුළුවන්, ඔය ඇත්තන්ට හාමුදුරුවො දිහා බලන්න පුළුවන් හැබැයි ඔහේ බලාගෙන ඉන්නව විනා හරියට දකින්නෙ නැතුව. අපේ හිත හරියාකාරව බැසගෙන නැතිනම් හාමුදුරුවො කියන කෙනා කෙරෙහි, (අපි කියමුකො උන් වහන්සේගේ ශරීරය කෙරෙහි කියල) එහෙම හිත බැහැගෙන නැතිනම් අපිට ඒ රූපෙ හරියට පේන්නෙ නැහැ.
ඔය ඇත්තන්ට හොඳ උදාහරණයක් කියන්නම්. ඔය ඇත්තො මම දිහා දකිනකොට බලනකොට මගේ වම් අත පැත්තෙ තියන මේ පිළිම වහන්සේලා හරි මගේ ගුරු හාමුරුවරුන් වහන්සේලාගෙ පින්තූර හරි බොඳ වෙලා පේන්න පුළුවන්. පේනවා, නැතුව නෙවෙයි. බොඳ වෙලා තියෙන්නෙ. ඒක එච්චර පැහැදිලි නැහැ.
"චක්ඛුං පටිච්ච රූපේසූ උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං"
ඇහැට රූපය කියන දේ හරියාකාරව ගොනු වුනාට පස්සෙ විතරයි මේ තුන සම්බන්ධ කරන්න පුළුවන් විඥ්ඥාණය උපදින්නෙ. ඔය ඇත්තො මං දිහා බලපුහාම හරියට මාව හඳුනාගන්න ඔය ඇත්තන්ට හිතට ඇති වෙන අදහසත් එක්ක, ඒ අදහස පහළ වෙච්ච ගමන් තමයි ඔන්න චක්ඛු විඥ්ඥාණය ඇති වෙන්නෙ. හිතේ සම්බන්ධතාවය ඇති වෙන්නෙ. අපි කියනව ඕකට connection එක කියල අද කාලෙ. Signal එනව කියල කියනව. එහෙත් ෆෝන් එකක් තියනව, මෙහෙත් ෆෝන් එකක් තියනවා අපි රින් කරනකොට මේක හරියටම ඒ අංකෙට ගිහිල්ල වැටිච්චහම මොකද වෙන්නෙ ආ සද්දෙ එනව. කෝල් එකක් යන්නෙ මෙහෙමනෙ. ඔය තාලෙම තමයි.
"චක්ඛුං පටිච්ච රූපේසූ උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං" "තින්නං සංගති පස්සෝ"
මේ තුන නිකම්ම තිබිලත් බෑ. අපි මේ ඇහැට දකින රූපයයි, අපේ මේ ඇහැයි, මේ බලන්න උවමනාකම කියන මේ කාරණාවයි එකතු වෙච්ච තැන තමයි ස්පර්ශය ඇති වෙන්නෙ. පැත්තක තිබිලත් බෑ. හරියට එකතු වෙන්න ඕනෙ.
"තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා"
ඊළඟට බලන්න අපි ස්පර්ශ වුනාට පස්සේ (ඕකට කියනව අපේ භාෂාවෙ වචනයක් දැහැන් ගත වෙනවයි කියල) සම වැදුනට පස්සෙ අන්න පේන්න පටන් ගන්නව. මං දැන් ඔය ඇත්තො දිහා බලාගෙන යනකොට ඔය එක්කෙනෙක් දිහා බලන්න ඕන නම්, ඇත්තටම ඒ කෙනා රෛහිම අවධානය යොමු කරල නතර වෙන්න ඕන මොහොතක්. ඔන්න දැහැන් ගත වෙනවා කියන එක.
"තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා"
හා.. ඒ විදියට මනාකොට හඳුනාගෙන නතර වෙලා බලනකොට තමයි ඒ රූපය වින්දනය කරන්න පටන් ගන්නෙ අපි. ඔය ඇත්තො මේ පින්තූර දිහා ඔහේ බලාගෙන යන්න පුළුවන්. නමුත් මොහොතක් නතර වෙලා බලන්න වුනොත් තමයි ඒ ස්වභාවය නැත්නම් ඒ තියන පින්තූරෙ මොකද්ද? හැඩේ මොකද්ද? ලස්සනද? කැතද? ඔය කියන ආදී වශයෙන් අදහස් පහළ වෙන්නෙ.
"යං වේදේති තං විතක්කේති"
අපි ඒ විදියට වින්දනය කරනවා නම් ඒක ගැන තමයි හිතන්නෙ.
"යං විතක්කේති තං පපංචේති"
මේ කියන ස්වභාවයට එනකං අපි අපේ හිත් මෙහෙයවලා නම් තියෙන්නෙ, (අනිවාර්යයෙන්ම මෙහෙයවනවමයි දැන හෝ නොදැන) ආ ඒක ඊළඟට ප්‍රපංච කරන්න ගන්නව. ප්රපංචය කියල කියන්නෙ ආයෙ ආයෙ අර හඳුනාගත්ත ස්වභාවයෙන් යුක්තවම නැවත නැවත නැවත නැවත හිතන්න අපිව තල්ලු කරවනව, අර හිතට ගත්ත අදහසට අනුව. ඒ හිතට ගත්ත අදහසට අනුව.
දැන් ඔය ඇත්තො ඔහේ ඉඳල බලනකොට මං දිහා, "අද හාමුදුරුවො තරහෙන් ඉන්නෙ" කියල හිතුවයි කියන්නකො. "අමනාපෙන් ඉන්නෙ" කියල හිතුවයි කියන්නකො. "සතුටින් ඉන්නෙ" කියල හිතුවයි කියන්නකො. මේ ඕනම පැත්තකින් ඔය ඇත්තන්ට ඊළඟට පේන්න පටන් ගන්නව. ඒක එතකොට හාමුදුරුවො අමනාපයෙන් ඉන්න හින්දද හාමුදුරුවො සතුටින් ඉන්න හින්දද ඔය ඇත්තන්ට පේන්නෙ? ඔය ඇත්තො ඒ විදියට හිතා ගත්ත හින්දද ඒ විදියට පේන්නෙ?
ඔය ඇත්තො ඒ විදියට හිතා ගත්ත හින්ද. මේ විදියට හිතා ගත්ත දේට නැවත නැවත නැවත නැවත අපිව තල්ලු කරල දාන ඒ ධර්මතාවයටයි කියන්නෙ පින්වතුනි ප්‍රපංච කියල. එතකොට ඒක ඒ පැත්තට පෙරලෙනව නම් ඒ පැත්තෙ තියන විදියට හිතනව, මේ පැත්තට පෙරලෙනව නම් මේ පැත්තෙ තියන විදියට හිතනව. මේ කියන උගුලේ ඔය ඇත්තොත් මමත් එක දවසක් ඇතුලෙ කොච්චර නම් වෙලාවක් ගත කරල ඇද්ද. නේ? වරු කීයක් නම්, අවුරුදු කීයක් නම් ගත කරල ඇද්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට පින්වතුනි සාංසාරික ජීවිතයක් ගෙවන ලෝකයා, ඔබත් මමත්, (අපි ඔක්කොම) මේ සංසාරෙ ගෙනියන්නෙම ඕක හින්ද තමයි. යම්කිසි කෙනෙක් කෙරෙහි අපි හොඳයි කියල හිතනව, යම්කිසි දෙයක් කෙරෙහි අපි හොඳයි කියල හිතනව, ඒ දේ හොඳ හැටියට දරාගෙන ඉන්නව අපි හිතපු හින්ද. යම්කිසි කෙනෙක් කෙරෙහි අපි හොඳ නැහැයි කියල හිතාගෙන ඉන්නව, යම්කිසි අවස්ථාවක් සිද්ධියක් කෙරෙහි අපි හොඳ නැහැයි කියල හිතාගෙන ඉන්නව, යම්කිසි සුවඳක් වෙන්න පුළුවන්, යම්කිසි ශබ්දයක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්, අපි හොඳ නැහැයි කියල හිතුවොත් එහෙම ඒ අනුසාරයෙන් ඒ අනුසාරයෙන් ඒ විදියට හිතන්න අපිව යොමු කරවනව.
මේක තමයි හිතක තියන සාමාන්‍ය රටාව. සාමාන්‍ය විදිහ. විලාසය. ඔය කියන උගුලේ ඔය ඇත්තොත් මමත් පින්වතුනි හිර වෙලා ඉන්න තාක්කල් මේ ලෝකෙ කොහේ හරි හොඳක් තියනකොට අපේ හිත අපිට ඒ හොඳ දකින්න නෙවෙයි පාර පෙන්නන්නෙ. ඇයි අපි බලන්නෙ කණ්නාඩිය දාගෙනනෙ. නේද? එතකොට ඒ තියන කාරණේ තියන විදියටම දකින ස්වභාවයට අපිව ගොනු කරල තියන, තල්ලු කරල දාන මේ ධර්මතාවයට තමයි කියන්නේ ප්‍රපංච කියල.
මේ ප්‍රපංච කියල කියන දේ, නැත්නම් මේ විදියට තල්ලු කරල දාන එක පින්වතුනි, ඇහැට දකින රූපයට කනට අහන සද්දයට නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, ශරීරයට දැනෙන ස්පර්ශයට වගේම හිතට එන අරමුණටත් බලාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා.
අපි නිකං දවසක් අරගෙන බැලුවොත් එහෙම, අපි සමහර කාරණා ගැන අදහස් ඇති කරගෙන තියෙන්නෙ, එල්ඹගෙන තියෙන්නෙ, සිතුවිලි හදාගෙන තියෙන්නෙ, හුරු වෙලා තියෙන්නෙ ඇහැට දැකපු රූප හින්දාම නෙවෙයි නේද? ඒව හින්ද විතරක්ම නෙවෙයි නේද? කනට අහපු සද්දයටත් එහෙමයි.
සමහර දේවල් ගැන අපි නිමග්න වෙලා තියනව පින්වතුනි නාසයට දැනිච්ච ගඳ සුවඳෙන්. සමහර ඒව දිවට දැනිච්ච රසය හින්ද. සමහර ඒව ශරීරයට දැනිච්ච ස්පර්ශය හින්ද. හිතට ආපු අරමුණු හින්දත් ඒ වගේම තමයි. මේ කියන දේවල්වල තියන හැම දේකම පින්වතුනි තියනවා තල්ලු කිරීමක්.
දැන් පහුගිය දේශනාවේ මාතෘකාව වුනේ ශෛලගතවීම. මේ සතියේ ප්‍රපංච. ශෛලගත වීම කියල මට කියන්න ඕනකම තිබුනේ එක විදියකට විතරක්ම හිතන්න බලනවා කියලා. ප්‍රපංච කියල කියන්නේ මොන විදියකට හිතුවත් කමක් නෑ ඒ ඕන දේකට තල්ලු කරනව. ඒ ඕනම දේකට තල්ලු කරනව. එයා ගාව තමයි වින්දනය තියෙන්නෙ. ඒ ඕන පැත්තකට හිතනව. ඇලි ඇලී ඇලි ඇලී ඒ අනුසාරයෙන් හිතනව. කවදාවත් ඒ අනුසාරයෙන් හිතද්දි කල්පනා කරද්දි සැනසීමක් හම්බ වෙයිද?
අපිට දැන් තේරෙනව නෑ කියල. හැබැයි අපි මේක කරන්නෙ නැද්ද? අපි මේක කරනව. මේකෙන් අයින් වෙන්න අපිට තේරෙන්නෙ නෑ. ඔන්න ඔය කියන තැනටයි පින්වතුනි අද මට ඔය ඇත්තන්ව අරගෙන යන්න ඕනකම තිබ්බෙ. මේ කියන ප්‍රපංචගත වීමෙන් අපේ හිත නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට කියල දීල තියන මාර්ගය මොකද්ද කියල කියල දෙන්න.
ඔය ඇත්තො දැන් පිළිගන්නවා ඇත්තටම අපේ ජීවිතය තුල අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියන මේ පංචස්කන්ධය උපාදාන කර ගන්න භාවිතා කරන ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ආයතනයන් ටික භාවිතා කරනකොට ඔය විදිහෙ තල්ලු කිරිල්ලක් තියනවා තියනවාමයි. ඒ විදියට හිතේ හදා ගත්ත, ඇති කරගත්ත, සටහන් කරගත්ත, තැන්පත් කරගත්ත කාරණාවල් එක්ක අපි අපේ ජීවිතේ ගෙවනව.
තථාගතයන් වහන්සේ ඕකට කියනව අවිද්‍යාව කියල. හේතුව සංසාරයක් තියන හින්ද. සංසාරය තියෙන්නෙ කොහොමද? අපි ඒ හිතේ හදා ගත්ත, ඇති කරගත්ත අදහසෙන් අපි නිදහස් වෙලා නැති නම්, අපිට නිවීමක් තියනවද එහෙනම්? අපිට නිවීමක් නෑ. හැබැයි වැඩේ තියෙන්නෙ මොකද්ද? අපි නිවීමක් නෑ කියල දැක්කා වුනාට ඒකෙන් අපිට අයින් වෙන්නත් බෑ. ඇයි අයින් වෙන්න බැරි? මට මොනවද තියෙන්නෙ එහෙම නැත්නම්?
ඇත්තටම කියනව නම් අපිට කියල තියාගෙන තියෙන්නෙ ඔය කියන ප්‍රපංච ගොඩ තමා. ඔය කියන තණ්හාවේ ලාටුව තමයි පින්වතුනි. මේක අයින් කරනවා කියන එක පුදුමාකාර උප්පරවැට්ටියකින් වෙන්න ඕන දෙයක්. මොකද අපේ ජීවිතේ අපි හැම දෙයක්ම කරන්නෙ තණ්හාවෙන් යුක්තව. සරල උදාහරණයක් කියන්නද?
එක අතකින් මේක සංස්කෘතියක් තමයි, ඒ වුනාට ඔය ඇත්තො පන්සලකට සුදු පාට ඇඳුම් ඇඳන් එන්නෙ. ඒක අපිට ඕන දැන්. නේ? ඒක අපි කරන්න ඕන දෙයක්. මම ඒක වැරදියි කියන නෙවෙයි මේ. නමුත් මේ තමයි අපි පුරුදු වෙලා තියන විදිය. ඔය ඇත්තො නාන්න යනකොට මං හිතන්නෙ නෑ මඟුල් ගෙදරකට වගේ ඇඳුම් අඳියි කියල. ඒ ඒ තැනට සුදුසු විදියට. ඒක ඒ තරමටම සරලයි. නමුත් සිද්ධ වෙන්න යුතු කාරණාව ගැන නෙවෙයි මම මේ කියන්නේ අපිව දුකට ඇදල දාන සිතුවිල්ල නැවත නැවත නැවත නැවත හිත හිතා, කල්පනා කර කර, අපිව මේ උගුලේ පටලවන, මේකටම අලවල තියන ධර්මතාවය තමයි ප්‍රපංච කරනව කියල කියන්නෙ. ප්රපංචය.
අපි කැමතියි ඒ විදියට හිතන්න. ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්, කාරණාවක් නැති වෙන්න පුළුවන්, අපි හරි කැමතියි ඒ විදියට හිතන්න. ඕක සංතෝසයක් ගෙනදෙන කාරණාවක් කෙරෙහි කල්පනා කරනව නම්, මෙනෙහි කරනව නම් තව එක අතකින් හොඳයි. එහෙම නැති එකයි තියන ප්‍රශ්නෙ.
කාරණය තියෙන්නෙ පින්වතුනි දේශනාවක් කරනකොට ඔය ඇත්තන්ටත් අවබෝධයක් එන්න පුළුවන්, තේරෙනව, ඇත්ත තමයි මේ හාමුදුරුවො මේ කියන්නෙ කියල. වැඩේ තියෙන්නෙ මොකද්ද දන්නවද? ඕක ඔහොම තියන එක අපේ ජීවිතේට හරියට භාවිතා කරන්නෙ කොහොමද? කියල ඉගෙන ගන්න එකයි රහස. ඉගෙන ගන්න එකයි රහස.
ඔය ඇත්තො ඕන තරම් බණ අහල ඇති. දේශනාවලට සවන්දීල තියනවා. ඒ දේශනා කරනකොට හරි හොඳට ගොඩක් ධර්ම ඥානය එනවයි කියල හිතෙනව. හරී සංතෝසත් වෙනවා. හැබැයි ගෙදර ගියාට පස්සෙ? හෝද හෝද මඩෙත් දානව. නේ?
එතකොට සතිපට්ඨානය කියන මේ ක්‍රියාකාරීත්වයෙන් තමයි පින්වතුනි අපිට කියල දෙන්නේ, ඔය කියන දේශනාව තුල තියන ඒ වැඩකටයුත්ත කොහොමද අපේ ජීවිතේට ගලපා ගන්නෙ? කියල.
එතකොට මට ඇත්තටම ඕනකම තිබ්බෙ ප්රපංචය කියන්නෙ ඇත්තටම මෙන්න මේකයි කියන අදහස පළවෙනියෙන්ම ඔය ඇත්තන්ගෙ ඔළුවට දාන්න. ඒකෙන් අපිට කොච්චර වදයක් තියනවද, කරදරයක් තියනවද කියන එක ගැන කියල දෙන්න. ඊට පස්සෙ පින්වතුනි අපි බලමු, අද දවසේදී ඊළඟට කරන භාවනාව තුලින් අපිට හම්බ වෙන්න පටන් ගනීවී ඔය ප්‍රපංච කියන එකට අපි කොච්චර යට වෙලාද කියල.
සරල උදාහරණයක් ගත්තොත් භාවනාවට වාඩි වෙලා පොඩ්ඩක් යනකොට මොකක් හරි වේදනාවක් ආව කියන්නකො. මතකයක් ආවොත් එහෙම ඊට කලින් වතාවෙත් භාවනා කරද්දි මේක තිබ්බාමයි කියලා, අපි මේක ඊළඟට හැමදාම හිතන්නෙ ඔය තාලෙන්ම තමයි. අපි මෙහෙම එකක් ගමුකො. මේක නම් ටිකක් අමුතු කතාවක්.
කොහෙට හරි ගිහිල්ල කතා කරන්න හිතුනොත් පළවෙනි වතාවෙදි නිකං ආගන්තුක වෙන්න පුළුවන්. දෙවනි වතාවෙ අපි නිකං ඒ විදියට කතා කරන්නත් පටන් ගන්නව. ඒ අනුසාරයෙන්.
හිතන්නකො කෙනෙක්ට 'ඔයා' කියල කතා කරන්නත් පුළුවන්. නැත්නම් බනිනින්නත් පුළුවන් 'උඹ' කියල. පළවෙනියෙන් නම් ඒ විදියට කියනකොට හරි අමාරුයි වගේ. නමුත් ඊළඟට ඊළඟට ලේසියි. පුරුදු වෙනව. හිත තල්ලු කරවන්නෙ අර විදියටම කතා කරන්න. ඒ විදියටම වැඩ කරන්න. ඒ විදියටම හිතන්න. මේක කරන්නෙ ප්‍රපංච තමයි. ඒ විදියට අපිව මේ උගුලේම හිර කරවල තියන්නේ ප්‍රපංච තමයි.
එතකොට පින්වතුනි භාවනාවක් කරනකොට අපේ හිතට ඔය කියන දේවල් නැඟෙන්න පටන් ගන්නව. "මේ දැනෙන ආශ්වාසයමයි මට ඊයෙත් දැනුනෙ හෝ ඊට කලිනුත් දැනුනෙ, මේ දැනිච්ච වේදනාවමයි මම ඊට කලිනුත් බුක්ති වින්ඳෙ" කියල. මේකෙ මෙහෙම එකක් නෑ.
බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන්න හදන පණිවිඩේ තුල තියෙන්නෙ පින්වතුනි හැමදේකම තියනවා ආරම්භයකුයි පැවතීමකුයි නැතිවීමකුයි. හැබැයි ප්‍රපංච වලින් අපිට උගන්නන්නෙ මොකද්ද දන්නවද? ප්‍රපංචවලින් අපිට කියල දෙන්නෙ මොකද්ද දන්නවද? මේ අර පරණ එකමයි තියෙන්නෙ කියල. මේ අර පරණ දේමයි තියෙන්නෙ කියල. අපි අළුත් නෑ. ඔන්න ඔතනයි ගැටළුව.
අද දවසේදී අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන් පින්වතුනි ඊයෙ විදියට ඊයෙ හිතේ හදාගත්ත විදියට කතා කරන්න. ඊයෙ හිතා ගත්ත නම් මේ විදියට කතා කරන එක හරියි කියල, මේ විදියට හිතන එක හරියි කියල, අදත් ඒ විදියට හිතනව වෙන්න පුළුවන්, අදත් ඒ විදියට කතා කරනව වෙන්න පුළුවන්. එතකොට අපි ඇත්තටම අද ජීවත් වෙනව කියල කියනවට වඩා තාමත් ඊයෙ ජීවත් වෙනව කියල කියන එක සාධාරණයි නේද? මොකද ඇඟ අද වුනාට, ඇඟ වර්තමානයෙ වුනාට, හිත තියෙන්නෙ අතීතයෙ. හිත වෙන කොහේ හරි තියෙන්නෙ.
ඔය වගේ තියන පුරුදු ගණන් කරොත් එහෙම ඉහේ කෙස් ගාණට වඩා අඩු වෙයිද වැඩි වෙයිද? අන්න ඒකයි ගැටළුව. ඒකයි මේ සංසාරය කියන මේ උගුල එච්චරටම ලිහා ගන්න අමාරු පින්වතුනි. එච්චරටම ගලව ගන්න අමාරු වෙන්නෙ. අන්න ඒකෙන් නිදහස් වෙන්නටයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සතර සතිපට්ඨානය. ඒ දේශනා කරන දේශනාව තුලින් ලැබෙන සාරයෙන්, ඒ ලැබෙන අවබෝධයෙන් අපේ ජීවිත ඔය කියන දුකෙන් නිදහස් කරවන්නටයි මඟ හදල දෙන්නෙ, පාර හදල දෙන්නෙ.
එතකොට අපි හඳුනා ගන්න ඕන ප්‍රධානම කාරණා ටික තමයි පින්වතුනි, අපේ ජීවිතය තුල යම්කිසි කාරණාවක් කෙරෙහි අපිට ඕනවට වඩා තල්ලු කිරීමක් තියනව නම්, බලපෑම් කිරීමක් තියනව නම්, ඒ විදියටම අපි හිතනවා නම්, අපි ඉන්නේ අපේ සිහිය කියන පරාසයේ නෙවෙයි.
අපි ඇහෙන් රූපය දකිනව වෙන්න පුළුවන්, හොඳට කනට සද්දය අහනව වෙන්න පුළුවන්, මේක හොඳට තැන්පත් වෙලා තියනව කියල තේරෙන්නත් පුළුවන්, මං අර ඉස්සෙල්ල කතා කරා වගේ දැහැන් ගත වෙන්නත් පුළුවන්, සම වදින්නත් පුළුවන්, හැබැයි ඊට පස්සෙ හිතන්න පටන් ගත්ත ගමන් ඊළඟට අපිව යන්න ගන්නෙ කොහොමද? අර විදියටම හිතන්න ඕන, අර විදියටම බලන්න ඕන, ඒ විදියටම ස්පර්ශ කරන්න ඕන, මේ රටාවටම තමයි. ආයෙ ගැලවිල්ලක් නෑ අපිට.
මේක හරියට කොම්පියුටර් එකක මද(ර්) බෝඩ් එක වගේ. අපේ හැම අවස්ථාවකටම හැම කාරණයකටම මේක තියනවාමයි. මේ කියන වැඩපිළිවෙල, උගුල තියනවාමයි පින්වතුනි. එතකොට අපි අපේ ධර්ම මාර්ගය තුල හදාරන්න පටන් ගන්න ඕන තමන්ගෙ ජීවිතයේ තමන්ට දුක ඇති කරවල දෙන, තමන්ට කරදරය ඇති කරවල දෙන, බාධකය ඇති කරවල දෙන, ඒ කාරණා මොනවාද? ඒවගෙන් නිදහස් වෙන්නෙ කොහොමද? කියල. අන්න ඒ ටික හදා ගන්න ඕන.
එහෙම කරන්න පුළුවන්කමක් තිබුබොත් ඊයෙ හිතා ගත්ත විදියට අද කතා කරන්නෙ නැති වේවි අපි. ඊයෙ අදහස් දරන්න පටන් ගත්ත විදියට අද අදහස් දරන්නෙ නැති වේවි. අපි අළුත් වෙන්න පටන් ගන්නව. අපි නව්‍ය වෙනව. අපි වෙනස් වෙනව. ඒ අළුත් වෙන්නෙ, නව්‍ය වෙන්නෙ, වෙනස් වෙන්නෙ වෙන මොකෙන්වත් නෙවෙයි ඊයෙ හදා ගත්ත දේ, ඊයෙ හිතාගත්ත දේ දුකක් නම් ඒ දුකෙනුයි නිදහස් වෙන්නෙ. තේරුනාද? ඒ කරදරයෙනුයි නිදහස් වෙන්නෙ. ඒ බාධකයෙනුයි නිදහස් වෙන්නෙ.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියල දෙන්න ඕනකමක් තිබ්බෙ. අද දවසේදී අපි මේ කතා කරපු කාරණාවෙනුත් ඔය ඇත්තන්ගෙ ජීවිතේට යම්කිසි වූ අවබෝධයක් ලැබුනා නම්, එය බොහෝ කාලයක් යහපත පිණිස පවතීවා කියල මම බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 12
චිත්ත රීති 04
උපක්කිලිට්ඨංති (ග්‍රහණයට නතු වීම)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පබස්සර මිදංවෝ භික්ඛවේ චිත්තං
ආගංතුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨංතිතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන කරගත්ත මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත අපේ භාවනා වැඩසටහන් මාලාවේ දෙවනි අදියරේ දොළොස්වෙනි අදියරයි අද යෙදිල තියෙන්නේ.
මෙවර භාවනා වැඩසටහන් මාලාවේ අපි ප්‍රායෝගික භාවනා අත්දැකීම්වලට ප්‍රධාන තැනක් දෙන්නට උත්සාහවන්ත වෙන අතරම මේ තාක් දුරට අපි සාකච්ඡාවට බඳුන් කලේ භාවනාවක් පටන් ගන්නකොට අපිට තියන බාධාවල් මොනවද? ඒ වගේ බාධාවන්ගෙන් නිදහස් වන්නට අපි මොන විදිහේ ක්‍රියාමාර්ගයක් ගත්තොත් හරිද? ඒ වගේම හොඳද? කියන අදහස අපි පළවෙනියෙන්ම මුදුන් පමුණුවාගෙන ඉන් අනතුරුව භාවනාවල් සිදු කරනකොට, එයට සමගාමීව අපේ හිත පැත්තෙන්, තමන්ගේම සිත පැත්තෙන් තමන්ට ඇති වන කරදර සහ බාධක වගේම අපි හඳුනා ගත යුතු සිතේ කොටස් තමා ඊළඟට සාකච්ඡා කරන්නට පටන් ගත්තේ.
අන්න ඒ කොටස තමයි පින්වතුනි චිත්ත රීති හැටියට හිතෙහි ක්රියාකාරීත්වයන් කියන අදහසින් ආරම්භ කරන්නට යෙදුනේ. ඒ අනුසාරයෙන් අද යෙදිල තියෙන්නෙ හතරවෙනි කොටසයි. අද දවසේ මාතෘකාව තමයි ග්‍රහණයට නතු වීම. ග්‍රහණය කර ගැනීම කියන මාතෘකාව යටතෙත් අපි එක වැඩසටහනක් සිදු කලා. අද චුට්ටක් ඒකෙ තවත් පැත්තක් කතාබහ කරන්න මම උත්සාහ කරනව.
භාවනාව කියන මාතෘකාව ගත්තහම ඒක හරිම සුවිශේෂී පළල් මාතෘකාවක්. ඒක හරියට ලේසියකට විස්තර කරලා ඉවරයක් කරන්නත් අමාරුයි කියල කියන්නත් පුළුවන් එක්තරා මට්ටමකින්. ඔය භාවනාව කියන මාතෘකාව ඔස්සේ යනකොට අපිට හමු වෙන, නෙත ගැටෙන ප්‍රධානම කාරණාවක් තමයි හිත. චිත්ත හැටියට හඳුන්වන ඉන්ද්රිය කියල කියන්න පුළුවන්. සිත සකස් කර ගැනීම, සිත දමනය කර ගැනීම, බුද්ධ ශාසනයෙහි ගැඹුරාර්ථය, ඉලක්කය සහ ප්‍රමේයය සාධනය කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනව. "සචිත්ත පරියෝදපනං" හැටියට.
ඔය කියන කාරණාවන්වලට කේන්ද්‍රගත ගත වෙච්ච මේ හිත පින්වතුනි බොහෝම දුර ගමනක් යන, තනිව හැසිරෙන කෙනෙක්. බොහොම දුර ගමනක් යන, තනිව හැසිරෙන දෙයක්. ස්වභාවයෙන් තියන හිතක් ඇත්තම කියනව නම් කිසිම කිසි ආරෝපණයක් නැහැ. ඒ දේට කිසිම කිසි උත්තේජනයකුත් නැහැ. බැහැර කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි හිතක තියන සාමාන්‍ය ඔය ලක්ෂණය වගේම ඒක හින්දාම හිතින් ජනිත වෙන, හිතින් ප්‍රකට වෙන, කියාපාන ප්‍රධානම ලක්ෂණයක් තථාගතයන් වහන්සේගේ ගථා රත්නයක සඳහන් වෙනවා
"පබස්සර මිදං" කියල.
හිත ප්‍රභාෂ්වරයි. හිත හරි විවෘතයි. හිතෙහි ස්වභාවය පින්වතුනි මොකක් හෝ කාරණයකට ඇලිලා, ගැටිලා හෝ රදවාගෙන තියාගෙනම ඉන්න, එහෙම එකක් හිතේ නැහැ. හිත හරි ප්‍රභාෂ්වරයි.
සරලම විදිහේ උදාහරණයක් ගත්තොත්, ඔය ඇත්තෝ සුවඳ විලවුන් පාවිච්චි කරනව ඇති. ඔය සුවඳ විලවුන් පාවිච්චි කරනකොට පොඩ්ඩක් අපේ ඇඟට ලා ගත්තොත් අළුතෙන් ඒක ශරීරයට ආපු, අපේ ළඟට ආපු, කිට්ටුවට ආපු දෙයක් හින්දා ඒ සුවඳ විලවුන්වල තියන සුගන්ධය අපිට දැනෙන්න පටන් ගන්නව. හැබැයි ඒ සුගන්ධය දැනුනා වුනාට, ඒ පුසුඹ දැනුනා වුනාට, ඒ සුවඳ දැනුනා වුනාට, ඒ සුවඳ ඒකාකාරවම, දීර්ඝ කාලීනවම අපිට දැනෙන්නෙ නෑ. යම් වෙලාවකට පස්සේ ඒ දැනෙන පුසුඹ නැවතිලා යනව.
හිත කැමති නැහැ මොනවාත්ම දේක කුළු ගැන්වෙන්න. මුළු ගැන්වෙන්න. අයිනකට යන්න. හිත ප්‍රභාෂ්වර වෙනව යම්කිසි කාරණාවක් ප්‍රකට වුන ගමන්ම, ඒ දේ ප්‍රකට වෙලා එයාව තියාගන්න එක්තරා කාලයක් විතරයි තියෙන්නෙ හිතේ. ඊට පස්සේ ඒ දේ තුල තියන ප්රභාෂ්වරත්වය නැති වෙලා ගියාට පස්සේ හිත ප්‍රභාෂ්වර නෑ වගේ තමයි. හිත ඒ දේ ප්‍රභාෂ්වර කරල පෙන්වන්නෙ නෑ ඇත්තටම කියනව නම්.
වෛද්‍ය විද්‍යාවේදී සඳහන් වෙනවා මං දන්න හැටියට, සාමාන්‍ය කෙනෙක්ට එක්තරා දෙයක් කෙරෙහි අවධානය පවත්වාගෙන ඉන්න පුළුවන් වෙන්නෙ තත්පර අටක් දහයක් වගේ කාලයක් කියල. මේකම තමයි පින්වතුනි මේකෙ තියන සිද්ධාන්තය එතකොට, අපිට ඇත්තම ඇසිපිය හෙළන්න ඕන වෙන්නෙ.
කොච්චර ලස්සන දෙයක් වුනත් කමක් නැහැ ඒ දේ දිහාම බලාගෙන ඒකාකාරවම අපිට ඇති තරම් කල් ජීවත් වෙන්න ඔය ඇත්තන්ටත් මටත් හැකියාවක් ලැබෙන්නෙ නෑම තමයි. ඒ වෙනුවට අපිට ඇසිපිය හෙළන්න වෙනව. ඇහැට අළුතෙන් රූපයක් හදල දෙන්න වෙනව. එහෙම වුනොත් විතරයි ඇහැ මනාප වෙන්නේ, කැමති වෙන්නේ ඒ රූපය බලාගෙන ඉන්න. එහෙම නැතිනම් ඇහැට විඩාවක් (කඳුළු එන්න බලනව මං හිතන්නෙ) ඇති වෙනව. ඇහැ බලන, ඇහැ දකින ඒ අවස්ථාවන්වලින් නිදහස් වෙනව.
එතකොට පින්වතුනි හිතක් කොච්චර ප්‍රභාෂ්වර වුනත්, කොච්චර ලස්සන වුනත් ඒ ලස්සනකම සහ ප්‍රභාෂ්වර භාවය සාමාන්‍යයෙන් පවතින්නේ පොඩි වෙලාවක් විතරයි. ඒ පවතින පොඩි වෙලාව තමයි ඔප් නැංවෙන්නේ අපිට යම්කිසි දෙයක් හිතේ තැන්පත් වෙලා, රැඳිලා, එකඟ වෙලා, ඒකාත්මික වෙලා ඉන්න පුළුවන් කාලය.
යම්කිසි කෙනෙක් එක්ක කතාබහ කරනකොට, යම් කෙනෙක්ව ඇසුරු කරනව නම් එක්තරා කාලයකදි, ඒ කෙනෙත් ඒ කියන ඇසුර පවත්වන්නට (කාන්තා හෝ පිරිමි මොකක් වුනත් කමක් නැහැ මේ උදාහරණයකට ගන්නේ) ස්වභාවයෙන්ම අපේ මනාපය තියාගෙන, මනාපය පවත්වාගෙන, කැමැත්ත තියාගෙන, මධ්‍යස්ථ මතධාරී විදියට ඇසුරු කරන්න පුළුවන් කාලයක් ඔය ඇත්තො දන්නව ඇති අපිට හම්බ වෙලත් තියනව. අපි අත්දැකලත් තියනවා, අත්දැකීම් විඳලත් තියනවා. ඉන් එහාට අපිට අමාරුයි. ඒක තමයි හිතට දරා ගන්න පුළුවන් ප්‍රමාණය, පරිමාව, සීමාව.
එතකොට පින්වතුනි මේ වගේ ප්‍රභාෂ්වර වෙන, එන එන අරමුණ ලබා ගන්න හිත, එන එන අරමුණ දකින හිත ප්‍රභාෂ්වර භාවය තියාගන්නෙ ඒ එන එන අළුත් අරමුණු ගන්න හින්දයි.
"ආගංතුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨංති"
කියලයි කියන්නෙ මේකට. ආගන්තුකව එන, අළුතෙන් එන, අළුතෙන් පැමිණෙන අරමුණු වලින් හිත ආලෝකමත් වෙන හින්දයි, හිත ඒ දේවල් අල්ලගන්න හින්දයි, හිත ඒ දේවල්වලට නතු වෙන හින්දයි, මනාප වෙන හින්දයි, කැමති වෙන හින්ද තමයි හිතේ ප්‍රභාෂ්වරභාවය මේ තරමටම පවත්වන්නට පුළුවන්කමක් තියෙන්නෙ.
නමුත් සමස්ථයක් හැටියට ගත්තහම හිත කියල කියන්නේ නිෂ්ක්‍රීය දෙයක්. කිසිම කිසි බලයක් නැති, ආරෝපණයක් නැති දෙයක්. අපි මොහොතකට දැන් අපේ භාවනාව පැත්තට ආවොත්, අපි භාවනා කරද්දී බලාපොරොත්තු වෙනවා පළවෙනියෙන්ම හුස්ම බලන්න කියලා. (ගොඩක් අය ඉපදිලාම තියෙන්නෙ ආනාපානෙ බලන්න වගේනෙ) අපි හිතෙන්නෙ "හරි හුස්ම බලන්නම ඕන" කියලා.
අපේ හිතට එන ආගන්තුක අදහසක් තියාගන්න පුළුවන්, පවත්වා ගන්න පුළුවන්, රඳවා ගන්න පුළුවන් තත්පර කිහිපයක් විතරයි කියන අවබෝධයට, දැනුමට, ප්‍රායෝගික අත්දැකීමට ලක් නොවිච්ච කෙනෙක් ඉන්නව නම් පින්වතුනි, ඒ කෙනා ආනාපානය දිහා බලාගෙන ඉන්නකොට ඕක බොඳවෙලා යන්න පටන් ගන්නව. ආනාපානය බලන එක හැරෙන්න වෙන අරමුණක් එයා එයාගෙ ජීවිතේට පුරුදු කරල නැත්නම්, භාවනාව කියන්නෙ මෙන්න මේ වගේ එකක් කියන අදහස හිතට දීල නැතිනම්, කාවද්දල නැතිනම්, උගන්වල නැතිනම්, ආයෙ වෙන දෙයක් කරන්න එයාට තේරෙන්නෙත් නෑ.
ධර්මයෙ එහෙම කියල දෙනව මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ දැනගෙනමයි, දැනුවත් කමෙන්ම තමයි, උවමනාවෙන්ම තමයි කියල. ඒ විදියට භාවනා කරද්දි අපි අපේ හිතට උගන්වල තියෙන එකම එක අදහස හුස්ම දිහා බලාගෙන ඉන්න විතරක් නම්, එක්කො නහයෙ කෙළවර බලාගෙන ඉන්න විතරක් නම්, ඕක දිහා බලාගෙන ඉන්න එක හිතට එපා වුනාම අර කියන තත්පර ගාණක් ඇතුලතදී, අපිට ඊළඟට කරන්න දෙයක් නැති වෙනව භාවනාව තුලදී නිදා ගන්න එක හැරෙන්න.
ගොඩක් කට්ටිය ඒක කියා පානවා බොහෝ වෙලාවල්වලට,
"ස්වාමීන් වහන්ස, හුස්ම නැති වේගෙන ගියානෙ විගහට"
මේ ආකාරයෙන්. එතකොට හුස්ම නැතිවේගෙන යන එකක් එන්න පුළුවන්, නෑ නෙවෙයි. හැබැයි අහනකොට ඒ හුස්ම නැතිවෙන එකට කොහොමද ගියේ? එතකොට තිබිච්ච අනික් දේවල් මොනවද? කියලා එයාට ඒක තේරෙන්නෙත් නැහැ වෙන මොනවද තිබිච්ච අරමුණු, තමන්ට තේරිච්ච, දැනිච්ච ඒව කියලා දන්නෙත් නෑ. මේකෙ තේරුම පින්වතුනි එවන් වූ මනසක් ආරෝපණය වෙලා තියෙන්නෙ හෝ භාවනාව කියන දේ පරිවර්තනය කරල තියෙන්නෙ හෝ කියල දීල තියෙන්නේ, හිතට දාල තියෙන්නෙ, හුස්ම දිහා බලාගෙන ඉන්න එක විතරයි කියලයි.
ආනාපාන සතිය කියල කියන්නෙ හුස්ම දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි කියන එක මං හිතන්නෙ දැන් ඔය ඇත්තො පිළිගන්නව, විශ්වාස කරනව. මේ පහුගිය කාලෙ අපි කතා කලේ ඔය මාතෘකාව ගැනම තමයි. බුදුරජාණන් වහන්සේගේ ඒ අසහාය ගණයේ සූත්‍ර දේශනාව, 'ආනාපාන සති සූත්‍රය' අරගෙන බැලුවොත් කාරණා දහසයක් තියනවා. ඒ දහසයෙන් විදහා පාන්නේ නිකංම නිකං හුස්ම දිහා බලාගෙන ඉන්න විතරක්ම නෙවෙයි. එහෙම කොටසකුත් තියනවා ඉන් එහාට ගිය තව කොටසකුත් තියනවා.
එතකොට පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕන ඇත්තටම තමන්ට එක අරමුණක් කෙරෙහි හිත තියාගෙන ඉන්න පුළුවන් කාලය මෙන්න මෙච්චරයි කියල හඳුනා ගන්න. ඒක තමයි තමන් තමන්ට සෘජු වෙන බව. තමා තමාව හරි හැටි හඳුනාගන්න ප්‍රමාණය. ඒක වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් එක්ක සැසඳෙන්නෙ නැති වෙන්න පුළුවන්, සමාන නොවෙන්න පුළුවන්, කාරි නෑ. හැබැයි තමන් තමන්ව දැකල තියනව යම්තාක් දුරට හෝ.
අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන පින්වතුනි අපේ ප්‍රමාණය, පරිමාව සහ (අපේ capacity එක කියල කියනව) දරන්න පුළුවන් ධාරිතාවය මොකද්ද කියල. ඒ ප්‍රමාණය තේරුම් බේරුම් ඇති කරගත්තා නම් භාවනාව තුලදී, අපිටම තේරෙන්න බලනව, පේන්න බලනව, තේරෙන්න පටන් ගන්නව ආශ්වාසය දිහා බලන් ඉන්නකොට ඒ ආශ්වාසය බොහොම තදට, දැඩිව, තියුණුව දැනිලා යම්කිසි වෙලාවක් ගියාට පස්සේ ඒ ආශ්වාසය අපිට පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ බොඳ වෙවී යන, නොපෙනී යන්න ඔන්න මෙන්න යන විදියෙ ස්වභාවයකට පත් වෙන්න පටන් ගන්නව. මෙව්ව අපි දැනුවත්භාවයට පත් වෙන්න ඕන කාරණා. මේව අපි හොඳාකාරයෙන්ම තේරුම් බේරුම් ඇති කරගන්න ඕන කාරණා.
යම් අවස්ථාවක් එනවා අපේ භාවනාවේදී, අපි කරන අරමුණ අපේ හිතට එපා වෙන. ඒකෙ තේරුම එයාගෙ ප්‍රභාෂ්වර භාවය, ඒ ගත්ත අරමුණ තුල තිබිච්ච ප්‍රභාෂ්වර භාවය ඒ වෙනකොට බොඳ වෙවී යන්න පටන් අරන් තියනව. මේකෙන් නිදහස් වෙන්න ඕන. අපි එතකොට ඉගෙන ගන්න පටන් ගන්න ඕන මොකද්ද පින්වතුනි?
"දැන් එහෙම නම් මේ හිතට අසවල් අරමුණම දෙන එක වැරදියි. එහෙම නම් මම අළුත් එකකට යන්න බලන්න ඕන, තේරුම් ගන්න පටන් ගන්න ඕන" කියල.
මෙන්න මේ විදියට අපි අපේ හිත ආලෝකමත් කරගන්න, ක්‍රියාකාරී මට්ටමක පවත්වා ගන්නට උත්සුක වෙන්න ඕන, උත්සාහ කරන්න ඕන, වෙර වීර්යය වඩන්න ඕන, වෑයම් කරන්න ඕන. එහෙම වුනොත් තමා පින්වතුනි අපිට හිතේ තියන ප්‍රභාෂ්වර භාවය රඳවා ගන්න පුළුවන් වෙන්නෙ. පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒකාකාරවම තියාගන්න පුළුවන්කමක් හම්බ වෙන්නෙ.
එහෙම නැතිවුනොත් එහෙම භාවනාව තුලදී හෝ සාමාන්‍ය ජීවිතයේදී අපිට ඔය කියන ඒකාකාරීත්වය තුල හිර වෙන්නට, ඒ ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න බැරි වෙන්නට හේතු වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ විදියට අපි අපේ ජීවිතයට ලබා ගන්න අදහස් වුනත් පින්වතුනි පැති දෙකක් තියනව.
එකක් තමයි තමන් කාගෙන් නමුත් ඉගෙනගෙන ලබා ගන්නා වූ, ග්‍රහණයට නතු කරගන්නා වූ කාරණා. අනිත් එක තමයි අපි අපේ ජීවිතය තුල, විශේෂයෙන්ම භාවනාව ගැන කතා කරද්දී මේ භාවනා මාර්ගය තුල, තමන් හැබෑවටම අත්දැකීම් ලබලා, බුක්ති විඳලාම, පිරිසිද දැකලාම තේරුම් බේරුම් ඇති කරගෙන තියන කාරණාවල්.
අපේ ජීවිතේ ගොඩක් වෙලාවල් වලදී අපිව අරගෙන යන්නෙ, අපිට පාර පෙන්නන්නෙ සහ අපිට දිශානතිය මෙන්න මේකයි කියල යොමු කිරීම සිදු කරන්නේ බොහෝ අවස්ථාවන්වලදී පින්වතුනි අපි ලබා ගත්ත අපේ ස්වකීය අත්දැකීමට වඩා වෙන කොහෙන් හරි ඉගෙන ගත්ත, වෙන කාගෙන් නමුත් අහගත්ත, එහෙම කාරණාවක් ඔස්සේ අපේ ජීවිතේ මෙහෙයවනව වෙන්න පුළුවන්. එහෙම මෙහෙයවන එකේ වැරැද්දක් කියන්න බෑ. නමුත් ඒක හරියි කියල කියන්නත් හොඳ නෑ.
එතකොට භාවනාව තුලදී අපි ලබන අත්දැකීම දිහා අපි හැරිල බලන්න ඕන පින්වතුනි, තමන් මේ ලබාගන්නා වූ අත්දැකීම හැබෑවටම හෝ තමන් මේ ලබා ගන්නා වූ හෝ මේ ග්‍රහණය කරගන්නා වූ අදහස තමන් හැබෑවටම අත්දැකීම් ලබපු දෙයක් කියල ප්‍රායෝගිකව බුක්ති විඳපු දෙයක්ද? එහෙම නැතිනම් වෙන මොකක් හරි සදහනක තිබිච්ච දෙයක් මේ හොයනවාද? කියල. අත්දැකීමක් ලබල ඒ දේ තේරුම් ගන්නවාද? තේරුම් කරගත්ත දෙයක් අත්දැකීම් ලබන්න උත්සාහ කරනවද? කියල අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන.
මොකද හිතක ස්වභාවය ඕනෑම කාරණාවක් විගහට අල්ල ගන්නව. එයා ඒ දේ තුලින් තමයි හිතේ ප්‍රභාෂ්වර බව, හිතේ ලස්සන පවත්වා ගන්නෙ එක්තරා කාලයක් තුල. අපි අපේ හිතට ඇති කරගත්ත අදහසක් නම් හඹාගෙන යන්නෙ, ඒ අදහස අපේ හිතේ පැන නැඟිල ක්‍රියාත්මක වෙලා තියන කාලය හිතේ ප්‍රභාෂ්වර භාවයක් ඒ කාරණාව ඔස්සේ තියෙන්න පුළුවන්, නමුත් ඒ දෙයින් අයින් වුනාට පස්සේ ආයෙ හිතට දුවන්න ක්‍රමයක් නැති වෙනව ප්‍රායෝගිකත්වයක් නැති නිසා.
ඉතින් අන්න ඒක හින්ද පින්වතුනි අපි අපේ භාවනාව තුලදි තමයි හඳුනාගන්න පටන් ගන්නේ තමන් ඇත්තටම ස්වාධීනව අඩිය තියන අඩි ප්‍රමාණය කීයද? තමන් ස්වාධීනවම මේ දේවල් තේරුම් ගන්න ප්‍රමාණය කොච්චරද? ස්වාධීන නැති කාලය කොච්චරද? කියල.
තථාගතයන් වහන්සේ දේශනා කරන මේ දහම් මාර්ගය පින්වතුනි, අපි පළවෙනියෙන්ම ඇවිදගෙන යනකොට අපිට හම්බ වෙන කාරණාවල් තමයි 'ශ්‍රද්ධාව.' විශ්වාසයක් ඇති වෙනව බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උන් වහන්සේ දේශනා කරල තියන ධර්මස්කන්ධය කෙරෙහිත් ඒ මාර්ගයෙ ගිහිල්ල ප්‍රයෝජනය ගත්ත ඇත්තො කෙරෙහිත්.
ඊට පස්සෙ අපිත් උත්සුක වෙන්න පටන් ගන්නවා මාත් එහෙනම් මේක කරල බලන්න ඕන කියල. ඉන් අනතුරුව තමයි අපි සැක හැරගෙන අඩිය තියන්න පටන් ගන්නේ තමාගේ රැකවරණය තමාම සලසා ගන්නා වූ ප්‍රමාණයට.
එතකොට පින්වතුනි මේ ගමන ඔය විදියට යන්න අපිට 'පරතෝඝෝෂය' ඕන වෙනව. අන් අදහස් ඕන වෙනව. හැබැයි යම් අවස්ථාවකට පස්සේ ඒ අදහස් අපිට අපේ අත්දැකීමක් හැටියට බුක්ති විඳින්න පටන් ගන්න වෙනව.
හිත කියන දේ අළුත් අළුත් අදහස් අල්ල ගන්නවා තමයි. රඳවා ගන්නව, තියා ගන්නව තමයි. ඒ වුනාට ඒව අත්දැකීම් නෙවෙයි. අත්දැකීම් ලබන්න ප්‍රායෝගිකව බුක්ති විඳින්න ඕනෙ. භාවනාවෙදි තමයි අපිට හම්බ වෙන්නේ තමන් මේ ලබා ගන්නා වූ දෙය, එහෙම නැතිනම් කමටහන් වාර්ථාව, සැබෑවටම අත්දැකීමක්ද එහෙම නැති නම් වෙනත් මොකක් හරි කාරණාවක සබැඳියාවක් තියන සිද්ධියක්ද, දෙයක්ද කියල.
මෙන්න මේ වගේ දේවල්වලින් තමයි පින්වතුනි අපිට අපේ චිත්ත සන්තානය තුල, අපේ ආත්ම භාවය තුල ප්‍රභාෂ්වර භාවය, පිරිසිදු භාවය, ලස්සන ඔප් නංවාගන්නෙ මොන දේකින්ද කියන එක තේරෙන්න පටන් ගන්නෙ. අපි ඇත්තටම අපිට ස්වාධීනද තවමත් අපි පරාධීනද කියන අදහස එළියට ගන්න පුළුවන්කම තියෙන්නෙ. ඒකයි මේ කියන සතිපට්ඨානය පුදුමාකාර දේශනාවක් වෙන්නේ.
"සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය"
සෝකයක් සන්තාපයක් තියනව නම් එව්වයින් නිදහස් වෙන්නටත් දුකක් දොම්නසක් තියනව නම් එව්වගෙන් නිදහස් වෙන්නටත්,
"ඥාණස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය"
නුවණක් ඇහැරවන්නටත්, නිර්වාණය කියල කියන මාර්ගඵල ලැබීමේ අවසානය, සංසාර දුකෙන් අත්මිදෙන සැනසීම අත්කර ගන්නටත් අපිට පාර කියල දෙන්නේ. ඔය කියන මඟ යන්න කියල දෙන එකම එක පාඩම, එකම එක කතාව, එකම එක මූලධර්මය, ප්‍රමේයය නම් සතර වූ සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානය හකුළුවල තියන දේශනාව නම් ආනාපාන සති සූත්‍රය. ඒ කියන දේශනාව ඇතුලේ ඔය කියන සම්පූර්ණ කාරණාවන්වල යථාර්තය පෙන්නන විදිහේ මූලධර්මය කැටි වෙලා තියෙන්න ඕන.
ඉතින් අද දවසේදී මට කියන්න ඕනකම තිබ්බේ අපේ හිත ප්රභාෂ්වරව තියෙන්නේ ආගන්තුකව එන උපක්ලේශ හින්දයි. ඒ හිත කොච්චර ප්‍රභාෂ්වර වෙලා තියනවද කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ හිත ප්‍රභාෂ්වර වෙලා තියෙන්නෙ තමන් ඇත්තටම ලබා ගත්ත අත්දැකීම හින්දද? ආගන්තුකව ආපු උපක්ලේශ හින්දද? නැත්නම් ආගන්තුකව ආපු අදහස් හින්දද? කියන එක අපිම ඉගෙන ගන්න පටන් ගන්න ඕන.
තමන් තමන් තුලින්ම තමාවම දූපතක් කර ගන්න යනවද? තමන් තාමත් වෙනත් දූපතකට ඇල්ම බැල්ම දාගෙන, අත දික්කරගෙන ඉන්නවද? කියන එක තේරුම් ගන්න අපිම දක්ෂ වෙන්න ඕන. එහෙම වුනාමයි පින්වතුනි අපිට අපේ ජීවිතය තුල නිදහස සහනය හොයා ගන්න පුළුවන් වෙන්නෙ.
මේ තරම් කාලයක් ඔය ඇත්තොත් මමත් අන්‍ය ආගම් ඕන එකක ඉන්න ඇති. වෙන වෙන දේවල්වල යන්නත් ඇති. වෙන වෙන අයට අපේ ජීවිතය තුල සංතෝසය, සතුට ඇති කරන්න වගකීම් බාර දෙන්නත් ඇති.
"මගේ ජීවිතේ සතුට ඔයා ගාවයි, මගේ ජීවිතේ සැනසීම අහවල් දේ හින්දයි, අහවල් කෙනා ළඟයි" ඒ ආදී වශයෙන්.
අපි මේවයි බලාපොරොත්තු වෙන්නත් ඇත්තේ. නමුත් අවසානයේදී ඔය කියන හීනය පස්සෙ දුවගෙන දුවගෙන ගිහිල්ල, ඒ කියාපු උපක්ලේශය පස්සෙ දුවගෙන දුවගෙන ගිහිල්ල, හිත බොහොම සංතෝසයෙන් තියාගන්න උත්සාහ කරල කරල, අවසානයෙදි අපිට එපා වෙලත් ඇති මේ වෙනකොට.
දැන් අපි දන්නවා අත්දැකීම් හැටියටම, උපක්ලේශ පස්සෙ යන එක ඒ ආගන්තුකව එන දේවල්වලින් හිතට ලොකූ සංතෝසයක්, සහනයක්, සැනසීමක් වගේ දෙයක් ගෙනල්ල දුන්නට එව්ව ඇත්තටම හැමදාටම නැහැ, තියාගන්න බැහැ කියල. අපිට හැමදාම තියන සැනසීම ඇති කරගන්න පුළුවන් ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරල දෙන්නේ, කියල දෙන්නේ, උගන්වන්නේ, භාවිතා කරන්න කියල අපිව යොමු කරවන්නෙ. ආන් ඒකයි සතර සතිපට්ඨානය ගැන, ආන් ඒ දේශනාව ගැන අපි මේ කතාබහ කරන්නේ අපක්ෂපාතී නික්ෂණය කියන මාතෘකාව යටතේ.
ඉතින් අද දවසේදී ඔන්න ඔය කියන දිශානතිය තමයි පින්වතුනි මට ඔය ඇත්තන්ට කියන්න ඕනකම තියෙන්නෙ. ඇත්තටම තවමත් සූත්‍රය සූත්‍රය හැටියට විස්තර කරන්න අපි කිට්ටු කරල නැහැ. තාමත් අපි යන්නෙ සිහියට ප්‍රධාන තැන දෙන්නෙ කොහොමද? සිහියට ප්‍රධාන තැන දිය යුත්තේ මොන මොන කාරණාවන්වලටද? කියන මෙන්න මේ පාඩම් ටිකෙයි අපි යන්නෙ.
අපි සමස්ථයක් හැටියට භාවනාව කරනකොට, එක පාරටම ආනාපානය කරන්න යනව. ටික දවසක් කරනව. නැති වුනහම ඇස් දෙක අරෙහෙ මෙහේ තද කරගෙන හොයන්න පටන් ගන්නව. නාහෙ කෙළවර හොයන්න පටන් ගන්නව. ඊට පස්සෙ පොතෙන් හොයනව. අවසානෙට සැක සංකා, ගැටීම්, අනං මනං මහා ගොඩක් මැද ඉන්නව. පස්සේ ඔය ටික ඔක්කෝම අතහැරල දාලා කල්පනා කරන භාවනාවක් කරන්න පටන් ගන්නව.
නමුත් දැන් මං හිතනව අපිට යම් අවස්ථාවක් හම්බ වෙලා තියනවා අපේ ජීවිතය තුලම තොරතෝංචියක් නැතුව කෑ ගහපු හිතට, තොරතෝංචියක් නැතුව ගමන් බිමන් කරපු, තනිව හැසිරිච්ච, පුදුමාකාර දුරක් ගියපු හිතට ලොකු නිදහසක් දෙන්න.
බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කියන දේශනාව කරන්නෙම විතක්ක ඡේදනයට. විතර්කයන් සංසිඳුවා ගන්නට. අවිද්‍යාව නැති කරවන්නට. ඒ කියන දිශානතිය මං හිතනව දැන් අපිට පොඩ්ඩ පොඩ්ඩ පේන්න පටන් ගන්නව ඇති කියල අත්දැකීම් හැටියට. දේශනාව අනුසාරයෙන් නෙවෙයි.
එවන් වූ අත්දැකීමක් ලබාගන්න, අදත් මේ කියල දුන්න කාරණාවල් හේතු වාසනා උපකාර වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 13
චිත්ත රීති 05
පාලනයෙන් බැහැරවීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුංකරෝති මේධාවී
උසුකාරෝව තේජනංතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්දට එකතු වෙච්ච පින්වත් පිරිස වගේම අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වෙන ඔය ඇත්තො සෑම සියළු දෙනාමත් බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත අපේ සතිපට්ඨාන භාවනා වැඩමුළුවේ අදට යෙදිල තියෙන්නෙ පින්වතුනි දහතුන් වෙනි වාරයයි.
මේ තාක් වෙනකං අපි භාවනාව කියන මාතෘකාව ඔස්සේ බොහෝ කාරණාවල් සාකච්ඡාවට ලක් කලා. මූලිකව මම උත්සාහවන්ත වෙනවා, උත්සාහවන්ත වුනා භාවනාවක් කරනකොට අපිට තියන කරදර සහ බාධකවලට මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා හසුරුවා ගන්නෙ කොහොමද? කියන මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න, ඒ විදිහ ගැන කියල දෙන්නයි උත්සාහවන්ත වුනේ.
ඒ තුලින් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය කියන දේශනාවේ කියල දෙන "සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය" කියල කියන අපිට තියන ශෝකයන්ගෙන්, පසුතැවීම්වලින්, කළකිරීම්වලින් නිදහස් වෙන්නටත්, කායිකව සහ මානසිකව තියන දුක් දොම්නස්වලින් නිදහස් වෙන්නටත්, මේ කියන සතර සතිපට්ඨානය භාවිතා කරන්න පුළුවන්කමක් තියනවා නම්, මේ ලෝක සත්ත්වයා වන ඔබත් මමත් දෛනිකව එදිනෙදා මුහුණ පාන ජීවිතේ කටයුතු කාරණාවන්වලට අපිට යම්කිසි වූ අස්වැසිල්ලක්, සැනසීමක්, නිවීමක් හොයා ගන්නට, සාක්ෂාත් කරගන්නට, ළඟා කර ගන්නට අවස්ථාවක් සැලසෙනු ඇතැයි කියන බලාපොරොත්තුවයි කේන්ද්‍රගත වුනේ, මුදුන් පමුණුවා ගන්නට උත්සාහවත් වුනේ.
මෙනයින් පින්වතුනි පසුගිය සතිය වෙනකොට අපි සාකච්ඡාවට ලක් කලා චිත්ත රීති කියන මාතෘකාව යටතේ, හිතෙහි තියන සකස් කිරීම් නැත්නම් හිතෙහි තියන පුරුදු, හිතෙහි තියන ක්‍රම හැටියට පහුගිය සතියෙදි අපි කතාබහට ලක් කලේ අපි අත්දැකීම් ලබලා විශ්වාස කරන කාරණාත් අපි අත්දැකීම් නොලබා (වෙන විදියට වෙන ඇත්තන්ගෙන් ආපු කාරණා තියනව අපි ගාව) දේවල් විශ්වාස කිරීමත් කියන මෙන්න මේ කොටස් දෙක ගැන.
උදාහරණයක් හැටියට වෙන කෙනෙක් ගැන කිවුවොත් එහෙම, වෙන තැනක් ගැන කිවුවොත් එහෙම අපි ඒ තැනට ගිහිල්ල තියනව නම්, ඒ කෙනාව ඇසුරු කරල තියනව නම්, අපි දන්නව පුද්ගලිකවම, අත්දැකීම් තුලින්ම, ඒ තැන කොහොම තැනක්ද ඒ කෙනා කොහොම කෙනෙක්ද ආදී වශයෙන්. හැබැයි ඒ කියන තැනට නොයා, ඒ කියන කෙනාව ඇසුරු නොකර, අපි වෙනත් කාගෙන් හරි වෙනත් මූලාශ්රයන්ගෙන් ලබා ගත්ත දැනුම තුලින් අදහස් දරනවා නම්, හිතේ යම්කිසි වූ මැනීම් මාත්‍ර හදාගෙන තියනවා නම්, ඒක පින්වතුනි අපි ලබා ගත්ත අත්දැකීමට සාපේක්ෂ දෙයක් නෙවෙයි. ඒක වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් අපේ අත්දැකීමක් කර ගැනීමකුයි තියෙන්නෙ.
අපි එතකොට ස්වාධීනද? අපි ස්වාධීන නෑ. අපි පරාදීනයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ අපිට කියල දෙන්නේ තමන්ට තමන් දූපත වෙන්න, තමන්ට තමන් ස්වාධීන වෙන්න කියන මෙන්න මේ පාඩමයි. ඒ කියන ඉලක්කය සපුරා ගන්නට නම් පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕන අපේ ජීවිතය තුල අපි ඇත්තටම මේ දේවල් ස්වාධීනව බුක්ති විඳපු දේවල්ද, ස්වාක්ඛාත කර ගත්ත දේවල්ද නැද්ද කියන එක තේරුම් ගන්න.
ඔන්න ඔය කියන ඉලක්කය සම්පූර්ණ කරගන්න භාවනාව තුලදිත් අපිට සමහර සමහර අවස්ථාවන්වලදී අවස්ථාව හම්බ වෙනව. ආන් ඒ දේ ගැනයි මේ සතියෙ කතා කරන්නෙ. මේ සතියේදී චිත්ත රීතිය කියන තේමාව යටතේදී එහි පස්වෙනි කොටස හැටියට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනව පින්වතුනි පාලනයෙන් තොරවීම කියන මාතෘකාව ගැන. මේ වෙනුවෙන් මාතෘකා කරගත්ත ගාථා රත්නය තියෙන්නෙ දහම් පදයේ චිත්ත වර්ගයේ පළවෙනි ගාථාව.
"ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං"
ඔය ඇත්තන්ටත් මටත් තියන හිත, සාමාන්‍ය මට්ටමේ තියන හිත පින්වතුනි චපලයි. සාමාන්‍යයෙන් අපි කියනවනෙ අර කෙනා චපලයි මේ කෙනා චපලයි කියල. සමස්ථයක් හැටියට කියනව කාන්තාවො චපලයි කියල. මං දන්නෙ නෑ ඇත්තද බොරුද කියල. ඇයි එහෙම කියන්නෙ කියලත් මං දන්නෙ නෑ. කොහොම නමුත් තථාගතයන් වහන්සේ මේකට පුද්ගල බේදයක් ඈදා ගන්නෙ නැතුව සාමාන්‍ය හිතක තියන ස්වභාවයක් පෙන්නල දෙනවා
"ඵන්දනං චපලං චිත්තං".
හිත කියන්නෙ හරි චපල දෙයක්. විශ්වාස කරන්න අමාරු දෙයක්. නිතර නිතරම වික්ෂිප්ත වෙනවා. හරිම චංචලයි. එක විදියකට තියෙන්නෙ නෑ. මේ ගාථා රත්නයට පස්සෙ තියන ගාථා රත්නයෙ කියල දෙන උදාහරණයෙ තියෙන්නෙ ඒක හරියට වතුරෙ ඉන්න මාළුවව ගොඩට අරන් දැම්මට පස්සේ ඌ දඟලන්න පටන් ගන්නව. ඌ දඟලන්නෙ මොනව කරනවද, මොනව වෙන්න යනවද, කොහාටද යන්න ඕනෙ ඒ මොනවත් දන්නෙ නෑ. මෙයා දන්න එකම දේ තමයි එහෙට මෙහෙට එහෙට මෙහෙට එහෙට මෙහෙට එහෙට මෙහෙට දඟලන එක. සමහරක් විට වතුර තියෙන්නෙ වෙන අහක වෙන්න පුළුවන්, මෙයා දඟල දඟල දුවන්නෙ වෙන පැත්තකට වෙන්නත් පුළුවන්.
අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය පින්වතුනි දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ තමයි කියල කියනව. ඒ තරමටම චංචලයි. නිරන්තරයෙන්ම දුවනවාම තමයි. හැබැයි ඕක පාලනය කරගත්ත කෙනාට තමයි 'මේධාවි' කියල කියන්නෙ. මාත් ඉතින් උත්සාහ කරනවා තාම බැරි වුනාට සමහර වෙලාවට. ඉතින් දක්ෂ කෙනා, ඥාණවන්තයා, ප්‍රඥාවන්තයා (එයාට තමයි පාලියෙන් කියන්නෙ මේධාවි කියලා) මොකද කරන්නේ.
හරියට අර වේලිච්ච ලීයක් රත් කරල රත් කරල කෙළින් කරල ගන්නව වගේ, එහෙට මෙහෙට නැමිල තිබිච්ච ලීයක් හොඳ වඩුවෙක් තමන්ට උවමනා වන ප්‍රමාණයට සකස් කරල සකස් කරල ගන්නව වගේ තමන්ගෙ හිත හසුරුවා ගන්නව. මොන හිතද හසුරුවා ගන්නෙ? චපල හිතයි හසුරුවා ගන්නෙ. මේ විදියට චංචල හිතයි හසුරුවා ගන්නෙ.
එතකොට පින්වතුනි අපි හඳුනාගන්න ඕන ප්‍රධානම කාරණා කිහිපයක් තියනව අපේ හිතේ. අංක එක තමයි මේ හිත නිරන්තරයෙන්ම දඟලනව. ඒක තමයි හිතේ තියන ස්වභාවය. ඒ දැඟලීම මොකටද සමාන වෙන්නෙ? වතුරෙන් ගොඩට දාපු මාළුවෙක්ට. ඌ වතුර හොයාගෙන යනවද, වෙන මොනවද කරන්න යන්නෙ, ඒ මොනවත්ම දන්නෙ නෑ. වතුරෙ ඉන්නකොට පීනන්න දන්නවා. ගොඩ දැම්මට පස්සේ පණ තියනකං දඟලන්න දන්නව.
ඔන්න ඔය වගේ එකක් තමයි අපේ හිත. නිරන්තරයෙන්ම දඟලනව. එක තැනක තියෙන්නෙ නැහැ. ඒක පොඩි ළමයෙක්ට විශේෂ දෙයක් හෝ වෙනත් කෙනෙක්ට විශේෂ දෙයක් හෝ කාන්තාවකට විතරක් විශේෂ දෙයක් නෙවෙයි. ඒක කාටත් පොදු දෙයක්. ඒකට කාන්තා, පිරිමි, බාල, මහළු, ගිහි, පැවිදි කියල බේදයක් නැහැ. හැබැයි හිත සකස් කරගන්නකං.
ඒ හිත සකස් කරගන්න පුළුවන්කමක් තිබ්බා නම් ආන් ඒ කෙනාට කියනවා ඥාණවන්තයාය කියල. ඒ ඥාණවන්තයා අර විදියට දඟලන හිත සකස් කරගන්නව. එතකොට අපිට සමහර අවස්ථා තියනව පින්වතුනි අපේ ජීවිතය තුල අත්දැකීම් ලබන කාරණා ගොඩක් වෙලාවට එක පාරටම නිකං මහ පුදුමාකාර දේවල් ඔළුවට එන්න පුළුවන්. එක පාරටම එක එක අදහස් හිතට එන්න පුළුවන්. එහෙම වුනාම අපි ඇත්තටම කියනව නම් වික්ෂිප්ත වෙනව. මොකද්ද කරන්නෙ? මොකද්ද මේ වෙන්න යන්නෙ? කියල අපි දන්නෙ නෑ.
ඕක සමාන කරනව මම, අපි භාවනාව කරනකොට හිටි ගමන් කොහෙවත් නැති සිතිවිල්ලක් එනව. කොහෙවත් නැති මතකයක් එනව. කිසිම කිසි සම්බන්ධයක් නෑ, කිසිම කිසි ගැලපිල්ලකුත් නෑ, මේ වෙලාවටවත් මේ කාලයටවත් මොකකටවත් සම්බන්ධයක් නැති මොකක් හරි එකක් ඔළුවට ඇවිල්ල පාත් වෙනව. අපි ඕකෙන් වික්ෂිප්ත වෙනව ගොඩක් වෙලාවට.
ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඕක ගැන හිතන්න පටන් ගන්නව. නේ? අපි හිතන්න ගන්නව මේක මොකක් හින්දද වුනේ? දැන් අපිට ඕන මේකෙ අවස්ථා සම්බන්ධය සම්පූර්ණ කරගන්න. මේ ආපු සිතුවිල්ල අපි දන්න මොකක් හරි භාජනයක් තිබ්බ කියන්නකො. අපි දන්න භාජන කිහිපයක් තියනව බහාලන්න, දැන් ධර්මයත් දන්න හින්ද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එක්කො තියනව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථින මිද්ධ, උද්දච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා ආදිය හැටියට. තව මොනව හරි තියෙන්නත් පුළුවන්. කාරි නෑ.
මේ තියන මොහොකට හරි අපිට දැන් මේක දාන්න ඕන. වැඩේ තියෙන්නෙ දාන්න එකක් නෑ. තේරෙන්නෙ නෑ මොකකටද දාන්නෙ කියල. ඉතින් අපි මොකද කරන්නෙ? ඕකෙ අස්සක් මුල්ලක් නෑර හොයන්න පටන් ගන්නව. මේ වගේ දෙයක් වෙනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන ප්‍රධානම දේ තමයි අපි අපේ භාවනාවට පින් සිද්ධ වෙන්න භාවනාවේ යම්කිසි අවස්ථාවක් අපේ හිත තැන්පත් කර ගන්නවා කාලානුරූපීව කරන පුහුණුව හින්දා.
ඒක අර ගොඩට දාපු මාළුවා ආපහු වතුරට දානව වගේ වැඩක්. හැබැයි වතුරට දැම්මා කියලා මේ මාළුව එක තැනක ඉඳීද? මූ එක තැනක ඉන්නෙ නෑ. ඉන්න බෑ. මෙයාට පීනන්න ඕන, එහේ මෙහේ යන්න ඕන. අපේ හිතටත් ඔන්න ඕකම තමයි තියන සිද්ධිය.
අපේ හිත සාමාන්‍යයෙන් තියනකොට ගොඩ දාපු මාළුවෙක් වගේ තමයි නිතරම දඟලනව. අර අරමුණ පස්සෙ යනව, මේ අරමුණ පස්සෙ යනව, අර අරමුණ ගැන කතා කරන්න ඕන, මේ දකින දේ ගැන විවේචනය කරන්න ඕන, මේක පාලනය කරන්න ඕන, මේකට ඕන නෑ කියන්න ඕන, මේක ඕන නෑ කියන්න ඕන ආදී හැටියට එහෙට මෙහෙට එහෙට මෙහෙට පැන පැන තමයි තියෙන්නෙ. මේ ගොඩ ඉන්න වෙලාව.
ඕක යම්කිසි අවස්ථාවකදි භාවනා කරනකොට ආපහු වතුරට වැටෙනව. වැටෙනව කියන්නෙ අර තියෙන දැඟලිල්ල ටිකක් සාමකාමී වෙලා නිශ්චල වෙන්න පටන් ගන්නව. හැබැයි මෙහෙම වුනා කියල මාළුව නිකං ඉන්නෙත් නෑ. සමහර මාළුවො දැකල ඇති ඔය ඇත්තෝ, වතුරෙ ඉන්නෙ, ගොඩට පනිනව. දැකල ඇති සමහරක් වෙලාවට.
ආ එහෙම එකක් අපේ හිතටත් වෙනව. ඉඳල හිටලා අර වගේ කිසිම කිසි සම්බන්ධයක් නැති මොනව හරි සිතුවිලි පහළ වෙන්න පුළුවන් සමහරක් විට ධාර්මික සිතුවිලි, සමහරක් විට අධාර්මික සිතුවිලි. මේක ඥාණයක් වුනා, මේක ලොකු කාරණාවක් වුනා ආදී හැටියට එහෙමත් ඔළුවට එනව. සමහරක් විට අපේ ඇත්තො හිතනව එහෙනම් මාර්‍ගඵලයකුත් ලබාගත්ත කියල.
මේක තමයි මේ චපල හිතේ තියන මාකාකාරී ස්වභාවය. චපල වූ ස්වභාවය. හිත අපේ පාලනයට නතු කරලාම තියාගන්න බැරි කතාවයි මේ කියන්නෙ. එයා එයාගෙ පාලනයෙන් මිදිල ගිහිල්ල එයාට කැමති මොනව හරි එකකට ආපහු වැටෙනව හෝ වට්ටවා ගන්නව. මේක තමයි හිතක තියන සාමාන්‍ය ස්වභාවය හැබැයි අපි ඔය කියන අත්දැකීමට හුරු වෙලා නැත්නම්, පුරුදු වෙලා නැත්නම්, අපි දන්නෙ නැත්නම් මේකෙ මොකද්ද වෙන්නෙ කියල, එහෙනම් අපි හිතන්න පටන් ගන්නව මේ ආපු සිතුවිල්ල මොකද්ද කියල.
එතකොට වෙන්නෙ මොකද්ද? අපි ගොඩේ හිටපු එක්කෙනා භාවනා කරපු හින්ද වතුරට වැටුනා. වතුරට වැටිච්ච එක්කෙනා ආපහු ගොඩට වගේ ඇවිල්ල ඔන්න හිතන්න පටන් ගත්තා. දැන් ඒක ගොඩේම තියාගන්නවා අපි අර විදියට නැවත නැවත නැවත නැවත හිතන්න පටන් ගත්තහම. එතකොට පින්වතුනි අපිට කරන්න තියන හොඳම දේ තමයි ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුනහම ඒ තුලින් වික්ෂිප්ත වෙන එක නෙවෙයි. ඒකත් එක ආශ්වාසයක ඇති වීමකුයි පැවතීමකුයි නැති වීමකුයි වුනා වගේම එහෙම එකකුත් අපේ ඔළුවට පැමිණිලා තිබිලා යට වෙන්න ඕන. යන්න දෙන්න ඕන. එහෙම එකක් ඔළුවට එන්න දෙන්නත් ඕන, යන්න දෙන්නත් ඕන, තියාගන්නෙ නැතුව. මොනව කරන්නෙ නැතුවද? තියාගන්නෙ නැතුව.
අපි ගොඩක් වෙලාවට කරන්නෙ මේක තියාගන්නව. තියාගන්නෙ කොහොමද? හිතන්න පටන් ගන්නව,
"මේක කොහොම හිතිච්ච එකක්ද මේ? කවද්ද මේක වුනේ? මට මතක නෑනෙ අප්පා"
දැන් එයාට කාලයක් දීල තියෙන්නෙ. දැන් එයාට ඕන කරන වේදිකාව හදල දීල තියෙන්නෙ ඔය විදියට හිතන්න වුනාම. අපි අපේ හිතට එන අදහසට දැම්ම කියල "මට හරි කළකිරීමක් තියෙන්නෙ දැන් හිතේ" ඒ වගේ අදහසක් දැම්මොත් එහෙම දැන් හිතෙන් අපි එයාට හදල දීල තියනව වේදිකාවක්. මේ කාරණේ කෙරෙහි දුකක් තියනව කියල අපි හිතට දුන්නොත් එහෙම ඒක ආපු සිතුවිල්ලක් විතරක් නෙවෙයි පවතින්න පුළුවන් සිතුවිල්ලක්. ඇයි මේ? මේක දුකක් තියන සිතුවිල්ලක්නෙ. දැන් අපි ඒකෙ දුක කෙරෙහි හිතන්න පටන් ගන්නව. දුක ආශ්රයෙන් හිතන්න පටන් ගන්නව. එහෙම එකක් මේකෙ තියනව.
එතකොට පින්වතුනි සාමාන්‍ය ජීවිතය තුල දැන් ඔය ඇත්තන්ට තේරෙනව ඇති දෛනිකව ඔය කියන උගුලේ, ඔය කියන දුකේ දවසකට කී වාරයක් නම් අහු වෙනවද කියන්නකො. කොච්චර නම් පැටලෙනවද කියන්නකො. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට හඳුනා ගත්තොත් අපේ හිත තැන්පත්කමෙන් මිදිලා මේ වෙන මොකක් හරි එකක් පෙන්වනවා, හේතුව තමයි මෙයාට හිතන්න ඕන.
හිතේ ස්වභාවය තමයි චංචල බව. ඒක හින්ද මොකක් හරි එකක් දානව. හැබැයි අපි ඒකට හිතා මතා වෙනම විදිහේ ඉන්ධන සපයන්න ගියොත් එහෙම අර ආපු සිතුවිල්ල වඩා වර්ධනය වෙනව. ඕක පරණ එකක් එක්ක සංසන්දනය වෙන්නත් පුළුවන්. සැසඳෙන්නත් පුළුවන්.
"මේ වගේ එකක් මට මීට කලිනුත් වුනානෙ අප්පා. හරි පුදුමයිනේ බලන්නකො" ඕක ගැන ඉතින් කෙනෙක් හේතුවකුත් කියන්න පුළුවන්. මළගිය ඥාතියෙකුත් ගලපල කියන්නත් පුළුවන්. විනාසයි ඊට පස්සෙ. ආයෙ බේරෙන්න වෙන්නෙ නෑ කවම කවදාකවත්. එතකොට පින්වතුනි අපි උත්සාහවත් වෙන්න ඕන, අපි දක්ෂ වෙන්න ඕන භාවනාව තුලදි විශේෂයෙන්ම පැන නඟින ඔය ගණයේ කාරණාවන් වලට එන්න දෙන්න වගේම යන්න දෙන්න. තියාගන්න නෙවෙයි යන්න දෙන්න. ඒ දේට එච්චර වටිනාකමක් වැදගත්කමක් නොදී ඉන්න උත්සාහ කරන්න ඕන.
අන්න එහෙම කරන්න පුළුවන්කමක් තිබුනොත් එහෙම අපිට අවස්ථාව තියනව පින්වතුනි මේවගෙන් නිදහස් වෙන්න පුළුවන් වටපිටාවක් හදා ගන්න. එහෙම නැතිනම් ඒ එන එන සිතුවිල්ල අපි අනුමත කරන්න තියාගන්න පටන් ගත්තොත් මේක අපේ පාලනයට ගන්න බැරි වෙනව. අපිට පාලනය කරන්න පුළුවන් ස්වභාවය හිත අපෙන්ම අරගෙන යනව. අපේ හිත අපිට පාලනය කරන්න පුළුවන් ස්වභාවය අරගෙන යනව. මේවට චිත්ත උපක්ලේශ කියලත් කියනව. එහෙම නැත්නම් විපස්සනා උපක්ලේශ කියල කියන්නත් පුළුවන්. හිතෙහි අපි හඳුනා ගත යුතු විශේෂිත කාරණා මේව.
මේව තමයි පින්වතුනි අපිට නිකං ඉන්න වෙලාවට වෙන එක්කෙනෙක් ගැන තියන මොකක් හරි එකක් ඇවිල්ල ඔළුවට පනින්න පුළුවන්. ඊට පස්සේ අපි ඕක ගැන හිතන්න පටන් ගත්තොත් එහෙම, මේක වෙච්ච දේකුත් නෙවෙයි, හැබැයි ඒක ඇත්ත වගේ තමයි. ඒක හරියට හීනයක් දැකලා ඒ හීනය ඇත්ත කියල හිතාගෙන කල්පනා කරනව කියල හිතන්නකො. ආන් ඒ වගේ වැඩක්.
අපි උත්සාහවත් වෙන්න ඕන භාවනාව තුලින් ඔය කියන විදිහේ වටපිටාවට උත්තර බඳින්නේ කොහොමද කියල අපේ හිතට උගන්වන්න. භාවනාවක් කරනකොට අපේ ජීවිතේ තියන ප්‍රශ්න ටික නිකං ස්විච් එකක් ඕෆ් කරනව වගේ නැති වෙලා යනව නෙවෙයි. අපි අපේ හිතට උගන්වනවා ඒ විදියට පහළ වෙන කාරණාවලට කොහොමද මම ප්‍රතිචාර දක්වන්න ඕන කියල. ධර්මාවලේපනයෙන්. ධර්මය තුලින් කියල දෙනවා මෙන්න මේ විදියටයි ඔයා බලන්න ඕන කියල. මෙන්න මේ විදියටයි මේක දකින්න ඕන කියල.
ඒ විදිහෙන් බැලුවාම සාමාන්‍ය ජීවිතයෙදිත් අර වගේ අත්දැකීමක් ලබනකොට අපේ හිතේ එතකොට අළුත් සකස් කිරීමක් එකතු වෙලා තියනව. පැලපදියම් වෙලා තියනව. ධර්මයක් හැටියට. අන්න එතනිනුයි පින්වතුනි සතිපට්ඨානය තුලින් ඔය "සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය" කියන ඒ කොටස් සම්පූර්ණ වෙන්නෙ කියල අපිට පොඩ්ඩක් හිතාගන්න පුළුවන්.
ඉතින් අද මට කියන්න ඕනකම තියෙන්නෙ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ගත කරනකොට ඔය එක පාරටම කොහේවත් නැති සිතුවිලි ඇවිල්ල, කොහේවත් නැති මතකයන් ඇවිල්ල, ආවර්ජනයන් ඇවිල්ල, ධර්ම කාරණා ඇවිල්ල අපේ හිතට තට්ටු කරල මහා ලොකු දේවල් මවාපාල පෙන්නනකොට මේවට මහා ලොකු විදිහේ අගය කිරීමක් දෙන්න නරකයි. ඒ දේවල් හැම එකක්ම සිහියකට ගන්න ඕන. ඒ හැම එකක්ම මතින් සතිමත් වෙන්න ඕන.
සිහියක තියන ස්වභාවය තමයි එන බව දැන ගන්නව, තියන බව දැනගන්නව, යන බව දැනගන්නව. ඔය තමයි සම්පජන්‍යය ගුණය. ඒ හැම එකකටම එන්නත් ඉන්නත් යන්නත් දෙන්න ඕන. හැබැයි තියාගන්න නරකයි. ඔය ඉන්න කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් එහෙම, එන්න දෙන්න, යන්න දෙන්න, ඒකට වඩා වර්ධනය වෙන්න පොහොර දෙන්නෙ නැතුව. එහෙම වුනොත් තමා අපේ හිත අර එක පාරටම පාලනයෙන් බැහැර වෙලා ගිහිල්ලා එයාට ඕන ඕන දේවල් කරන්න යන අන්න ඒ ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ.
එතකොට මේ වගේ මට්ටමක් අපි කාගෙත් හිත්වල තියනව. ඒක සාමාන්‍යයයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒක කවුරුත් අත්දකින දෙයක් වගේම කාටත් නිදහස් වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඔන්න ඔය කියන දෙයයි පින්වතුනි මට අද ඔය ඇත්තන්ට අද දවසේදී කියල දෙන්න ඕනකම තිබ්බෙ.
අපි බලමු මේ අනුසාරයෙන්, අද දිනයේදී දේශනාව අනුසාරයෙන් කරන භාවනාව තුලදී ඔය කියන කාරණාව තවදුරටත් ක්‍රියාත්මක වෙන හැටි. අභ්‍යාසයක් පොඩ්ඩක් කරන්න බලමු සතිපට්ඨානය ඇසුරෙන්. මම විශ්වාස කරනව එතකොට පුළුවන්කම හම්බ වේවි කියලා තවදුරටත් මේ කියන කාරණාව තුල බැසගෙන ඉන්න.
ඉතින් අද කියාපු දේශනාවෙන් ඔය ඇත්තන්ගෙ ජීවිතේට යහපතක් වුනා නම්, අනේ සාදු සාදු එය බොහෝ කාලයක් හිතසුව පිණිසම වේවා !
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 14
චිත්ත රීති 06
සටකපටබව සහ මායාකාරී බව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝතීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධානකොට ගත්ත මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච වගේම අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වෙන ඔය ඇත්තො සෑම සියළු දෙනාමත් බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත 'අපක්ෂපාතී නිරීක්ෂණය' කියන මාතෘකාව යටතේ පැවැත්වෙන දහම් දේශනා මාලාවේ, දහම් වැඩසටහනේ, අද දහහතර වෙනි දවස.
පහුගිය කාලෙ පුරාවටම භාවනාව කියන විෂයට රුචිකත්වයක් තියන, මනාපයක්, කැමැත්තක් තියන පිරිසට භාවනාව කියන ප්‍රායෝගික දැනුම ලබාදෙන්නට, ඒ භාවනාව කියන විෂය ප්‍රායෝගික වූ ස්වරයකින් ප්‍රායෝගික වූ දිශානතියකින් ඔය ඇත්තො ගාවට අරගෙන එන්න අපි උත්සුක වුනා. ඒ යටතේදී කතාබහ කරන්නට යෙදුනේ භාවනාව කියන විෂයට ආගන්තුක කෙනාගේ ඉඳලම තියන, මුණ ගැහෙන, ගැටළු වලට මුහුණ දෙන්නෙ කොහොමද? ඒ ගැටළු නිවැරදි ආකාරයට සකස් කරගන්නෙ කොහොමද? හසුරුවා ගන්නෙ කොහොමද? ඒ තුලින් තමන්ගෙ සතිපට්ඨාන පුහුණුව ඉදිරියට සිදු කරගෙන යන්නෙ කොහොමද? කියන එකයි උගන්වන්නට උත්සාහ කලේ, කියල දෙන්නට උත්සාහ කලේ.
ඉතින් මේ වැඩසටහනේ තියන සුවිශේෂත්වය විදියට භාවනාව ගැනම වෙච්ච සුවිශේෂ මාතෘකාවක් පදනම් කරගත්ත දේශනාව කෙටියෙන් කරලා, ඒ දේශනානුසාරයෙන් ඒ දවසට භාවනාවකුත් ප්‍රායෝගිකව වඩන්නට යොමු කිරීම ප්‍රධාන අංගයක් හැටියට මම සලකනව. ඉතින් අද දවසේදී මේ කරන දේශනාව කරන භාවනාව සහ දහම් සාකච්ඡාව තුලින් ජනිත වෙන කුසලය මූලිකවම මම බලාපොරොත්තු වෙනවා අනුමෝදනා කරන්න, මීට දින කිහිපයකට පෙරාතුව මිය පරලොව යන්නට යෙදුන අනුරුද්ධ ප්‍රියන්කර ඒ පින්වත් මහත්මයාට. එතුමාගේ ධන පරිත්‍යාගයෙන් ලැබිච්ච පරිගණකයෙන් තමයි මේ තාක් දුරට කාලයක් බෝලන්කන්ද තපෝ අරණේ සියළුම දහම් කටයුතුවල සංස්කරණ කටයුතු සිද්ධ කලේ.
අපක්ෂපාතී නිරීක්ෂණයේ දෙවන අදියරේ පින්වතුනි අද දවසේ තියෙන්නේ දහහතර වෙනි දේශනයයි. චිත්ත රීති කියල කියන හිතෙහි සකස් කිරීම්, හිතේ තියන අපි හඳුනා ගත යුතු කොටස් ආකාරයට ගන්න හයවෙනි කොටසේ අද මම කල්පනා කලා සාකච්ඡාවට බඳුන් කරන්න කියලා 'සටකපට බව සහ මායාකාරී බව' කියන මාතෘකාව.
ඔය ඇත්තො දන්නවද අපි සටකපටයි කියල? මායාකාරයි කියල දන්නවද? අපේ හිතේ පැලපදියම් වෙලා තියන, තැන්පත් වෙලා තියන, අපි මෙච්චර කාලයක් පුරුදු කරල තියෙන (ඒක ගුණයක් කියන්නත් බෑ) මොකක් හරි එකක් තමයි ඔය සටකපට බව. තවත් එකක් තමයි මායාකාරී බව. තථාගතයන් වහන්සේගේ දේශනාවේ පින්වතුනි "සටෝහෝති මායාවි" කියන වචනය භාවිතා කරන්නේ.
මේ දෙකේ සම්බන්ධතාවයක් පෙන්වනව. සටකපට බව සහ මායාකාරී බව කියන මේ දෙකේ සබැඳියාවක් පෙන්වනව. සටෝහෝති මායාවි කියලයි කියන්නෙ. ඒක නිකං මේධාවී වගේ තමයි මේ මායාවී නමුත් මේ අර්ථ දෙකක් හොඳේ ළඟින් ගියාට වචන දෙක. ඉතින් සටකපට බව කියල කියන්නේ තියන දේට වඩා වෙනත් දෙයක් පෙන්නන වගේ අර්ථයක් වගේ වෙන්න පුළුවන්. මායාකාරී බව කියල කියනකොට ඕක තව ටිකක් ඉලිප්පිලා එනව. එළියට එනව හොඳට තේරෙනව අපිට.
මායාවකින් නැත්නම් මැජික් එකකින් කරන්නෙ නැති දෙයක් තියන හැටියට පෙන්නනවා. ඒකෙ විශේෂම ස්වභාවය තමයි අල්ලල ගැට ගහල තියාගන්න පුළුවන් විදියට තමයි මායාවකින් යම්කිසි දෙයක් සිද්ධ වෙන්නෙ. සමාජයේ බොහොම ප්‍රසිද්ධ මායා වගයකුත් තියනවනේ නේද? ඔය හැට හතරක්ද කොහෙද කියන්නෙ. මම දන්නෙ නෑ ඔය ඇත්තද බොරුද කියල කෙසේ හෝ වේවා නිකං ගත්තොතින් එහෙම, ඒවගෙන් කියන්නෙ මොකක් හරි දේකට ඇඳ බැඳ තබාගන්නට යොදව ගන්නා වූ උපක්‍රමයක් වගේ හරියට.
මේක අපේ හිතේ තියන දෙයක්. මේක මේ කාන්තාවන්ට විතරක් තියන දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මනුෂ්‍ය හිතක තියන ස්වභාවයක් තමයි සටකපට බව සහ මායාකාරී බව. එතකොට මේක හරි පුදුමාකාරයි භාවනාවෙදි අපිට මුහුණ පාන්න වුනාම.
අපි භාවනාවට වාඩි වෙලා ආනාපානය බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට අපි තියන ආනාපානයට කැමති නෑ. ඒ තියන ස්වභාවයට කැමති නෑ. කම්මැලි හදා ගන්නව නිදිමත හදා ගන්නව. සමහර වෙලාවල් තියනව ඒ තියන ස්වභාවයට හරිම කැමතියි. එක දවසකදි අපි භාවනාවට මනාපයි, එක දවසකදි අමනාපයි. එතකොට සමහර වෙලාවට ආනාපානයෙ කිසි වැරැද්දක් ඇත්තෙ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අර දකින ආකල්පය තුල මොකක් හරි එහෙම දෙයක් තියනව වෙන්න පුළුවන්.
සමහරක් විට ආනාපානය හොඳට තේරෙනවා, ශරීරයත් හොඳටම තැන්පත් වෙලා තියනවා, ඒ වුනාට අපි කැමති නෑ වෙන්න පුළුවන් මේ තියන දේට. නැත්නම් අපේ හිත මනාප නැති වෙන්න පුළුවන් ඒ තියන වටපිටාවට. මේක ඇත්තටම ජීවිතය තුල අපිට පේන්න තියන, අපි බුක්ති විඳින අවස්ථාවක් ගත්තහම ඇත්තටම ඔය තියන ස්වභාවය ඔය වගේම තමයි.
සමහර වෙලාවල්වල අපේ ජීවිතය තුල පින්වතුනි අපිට මුහුණ පාන්න තියන වටපිටාවල් කිසීම ගැටළුවක් නැති විදියට තියනවා. හැබැයි අපිට ඒ විදිහ හරි යන්නෙ නෑ. අපිට ඒක හරි යන්නෙ නෑ වෙන විදියකට මාරු කරන්න ඕන. සකස් කර ගන්න ඕන. කෙසේ හෝ වේවා භාවනාවක් කරගෙන යනකොට අපි සාමාන්‍ය ජීවිතේදී කරන්නෙ අපේ තියන වැරැද්දක් හරි මොකක් හරි දෙයක් තියනව නම් ඒක වහල දාන එක, පැත්තකට කරල තියන එක, ඒ දෙයට එළියට එන්න දෙන්නෙ නැති එක වගේ හරියට.
උදාහරණයක් හැටියට ගන්නව නම් අපි කතා කරගෙන යනකොට වැරදි වචනයක් කියවුනොත් එහෙම, ඒ කියවිච්ච වැරදි වචනය අපේ හිත පාරනව වෙන්න පුළුවන් මං වැරදි වචනයක් කිවුවාය කියලා. ඒ වුනාට ඒක සකස් කරගන්න හිතන්නෙ නෑ අපි බොහෝ වෙලාවට. ඒ වෙනුවට ඒ වචනය එහෙමම තැන්පත් වෙන්න දෙනව. හැබැයි ඒක එළියට අරගෙන, සකස් කරල, තැන්පත් කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නෙ. උන් වහන්සේගේ උපදේශය වෙන්නෙ.
එතකොට පින්වතුනි භාවනාවෙන් අපිට කියල දෙන්නෙ මොකක්ද? හිතේ තියන ඔය වගේ වූ ස්වභාවයන් අපේ හිතෙන් මතුවෙන, අපිටම වංචා කරන, අපිවම රවටන එවන් වූ ස්වභාවයන්, ඒකමයි කියල තේරුම් බේරුම් ඇති කරගන්න ඕන. සමහර කාරණා තියනව අපේ හිත පොඩ්ඩක් තැන්පත් වුනාට පස්සෙ, ශරීරය තැන්පත් වුනාට පස්සෙ අපිට තේරෙන්න පුළුවන්, හිතට යන්න පුළුවන්, "එහෙනම් මම සමාධියටවත් පත් වුනාදෝ" කියල. ශරීරයේ බොහොම පහසුවක් දැනෙන්නත් පුළුවන්. එතකොට ශරීරයට දැනිච්ච පහසුව වෙනයි. අපි හිතාගන්න එක වෙනයි. තේරුනාද හිතේ තියන සටකපටකම?
දැන් අපේ හිත තමයි අපිට මෙහෙම හිතන්න කියලා පාර හදල දෙන්නෙ, අදහස දෙන්නෙ, කාරණාව දෙන්නෙ, ඒ හිතන පැත්තට අපිව යොමු කරවන්නෙ. නමුත් අපිට ප්‍රායෝගිකව දැනිච්ච දේ මොනවද? රළු ඇඟක් තිබ්බා භාවනාව කරගෙන යනකොට, ඒ රළු ස්වභාවයන් ටික තේරෙන්නෙ නැතුව ගිහිල්ලා අර මෘදු සැහැල්ලු වෙච්ච ස්වභාවය විතරක් තේරෙන්න කියල. හැබැයි මේක තථාගතයන් වහන්සේගේ සතිපට්ඨානය තුල තියන භාෂාවෙන් කතා කලොත් පින්වතුනි, මේ පඨවි ධාතුව ගැන තිබිච්ච අවබෝධය ආපෝ ධාතුව හෝ වායෝ ධාතුව බවට පරිවර්තනය වීමක් පමණයි වෙලා තියෙන්නෙ.
මේක විතරයි සතිපට්ඨානයේ කෝණයෙන්, සතිපට්ඨානයට ඇසුරු කරගෙන බලන්න තියන විදිහ. නමුත් අර විදියට හිතන කෙනා කොහොමද හිතන්නෙ? හිත පොඩ්ඩක් තැන්පත් වුනහම, මෘදු සැහැල්ලු වුනාම, පාවෙන්න වගේ වුනාම, "දැන්නම් මාව සමාධියකට ගියා, දැන් නම් අසවල් දේ ලබාගත්තා" කියල හිතාගත්තහම එයාව අයින් වෙන්නෙ සතිපට්ඨානයෙන්. තේරුනාද? අපේ හිත අපිට පොඩ්ඩක් අළුතෙන් යමක් පෙන්නල දීල තියනවා. අළුත් සළකුණක් නැත්නම් අළුත් ලාංඡනයක්, අළුත් කුසලානයක් දීල තියනවා. මොකද්ද?
"හා..ඔයාට දැන් සමාධියක් තියනව. ඔයා භාවනා කරනකොට පාවෙනව. ඔයාට දැන් අහවල් අහවල් දේවල් මතු වෙන්න ගන්නව."
නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම පින්වතුනි මේ මතුවෙන කාරණේ සතිපට්ඨාන භාෂාවෙන් දකින්න. මං ඒක එහෙම කියන්නං. මේක අපිට තේරෙන අර කුසලාන භාෂාවෙන් දකින්න නෙවෙයි උගන්වන්නේ, කියල දෙන්නේ, අපි මේ දැනගත්ත තේරුම් ගත්ත දේ සතිපට්ඨානයට අදාල වන භාෂාවකින් දකින්න. ඔච්චරයි එතකොට තියෙන්නෙ. එතකොට අපි සතිපට්ඨානුකූලගත වෙනවා, සතිපට්ඨානයට පැමිණෙනවා සිහිය පිහිටුවා ගැනීමට පැමිණෙනවා, හිතාගන්නෙ නැතුව මවා ගන්නෙ නැතුව.
එතකොට මීට කලියෙන් අපේ ජීවිතය තුල අපි ලබාගත්ත මොනවා හරි අත්දැකීමක් සාමාන්‍ය ජීවිතයකදී හෝ වේවා පින්වතුනි අපි ලබා ගන්නකොට, ඒ දේ බුක්ති විඳිනකොට, අපිට සිද්ධ නොවිච්ච දේවල් තමයි මේව. අපේ හිත අපිට කපටිකම් කලා. වෙන අය නෙවෙයි. අපේ හිතම අපිට දේවල් මවාපාල පෙන්නුවා. වෙන අය නෙමෙයි. අපි අහු වුනේ කාටද පළවෙනියෙන්ම? අපිට. තේරුනාද? අපි පළවෙනියෙන්ම අහු වුනේ අපිට. අපි පළවෙනියෙන්ම රැවටුනේ අපිට. අන්න එතනයි මේකෙ අල්ලගන්න ඕන දේ.
ඒකයි මගෙන් මාව අයින් කරන දහමක් වෙන්නෙ බුද්ධ දර්ශණය. මමත්වයයි අයින් කරන්නෙ. මමත්වය අයින් කරාම ලෝකයාට තේරෙන්නෙ මට මොනවද තියෙන්නෙ කියල. මම මේ ලෝකෙ දුක් විඳින්නෙ මොකක් හින්දද? මමත්වය හින්දයි. මට මේ තියාගෙන ඉන්න මේ දේවල් හින්දයි. මගේ උවමනාවල් හින්දයි.
මම සරල උදාහරණයක් ගන්නං. මම කෙනෙක්ට කතා කරනව නම්, දුරකතනයෙන් ඒ කතා කරන වෙලාවෙදි මං එයාට යමක් කියනකොට මගේ හිත ඇතුලෙන් යමක් බලාපොරොත්තුවෙන් නම් මම කියන්නෙ? දැන් අපි හිතමු මේ ඇත්තො එනව අතුපතු ගාන්න. දැන් අපි හිතමු ඔය මෑණියන්ට කතා කරනව නම් මං කිවුවොත් එහෙම, "මේ අතුපතු ගාන්න තියනවා" වගේ මොකක් හරි කිවුව කියන්නකො. මගේ හිත ඇතුලෙන් මම අදහසක් (ඕක ක්ෂණයෙන් වෙන්න පුළුවන් දෙයක්) හදාගත්තොත් එහෙම, ඇති වුනොත් එහෙම, "මේ දැන්ම මෑණියො ඇවිත් අතුපතු ගාල දෙන්න" කියන ඒ අදහස ඇතුව නම් මම වචනෙ කියන්නෙ, මම ඒ කියන වචනෙ පින්වතුනි පිරිසිදුව කියන එකක්ද?
පිරිසිදු නෑ. මම නිදහස්ද? මම නිදහස් නෑ. එයාට මම මගේ හිතෙන් නිදහස් වෙන්න දෙනවද? එහෙම දෙන්නෙත් නෑ. හේතුව තමයි ඒ මෑණියො කියන්න පුළුවන් "අපෙ හාමුදුරුවනේ මට අද නම් එන්න වෙන්නෙ නෑ අතුපතු ගාන්න. ලබන සතියෙ නම් පුළුවන්. මේ සතිය පුරාවටම වැඩ තියනව" ඒ උත්තරේට මම කැමතිද? ඒ උත්තරේට මම කැමති නෑ.
ඔන්න බලන්න පින්වතුනි අපේ හිත අපිට කපටිකම් කරලා, මවාපාල, පෙන්නල දීල තියනව ඔයා මේ විදිහේ අදහසක් දරන්න, ඔයා මේ විදියට ප්‍රාර්ථනා කරන්න, ඔයා මේ විදියට හිතන්න, ඔයා මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න ලෝකයාගෙන් කියල. මෙන්න මේකයි වැරැද්ද. අපි ලෝකෙන් බලාපොරොත්තු වෙන්න ඕන පින්වතුනි අපිට ලෝකයාට දෙන්න පුළුවන් දෙයක් විතරයි. වෙන දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.
මේ උගුලෙන් ගැලවෙන දේ ඉගෙන ගන්න, භාවිතා කරන්න තියන උපක්‍රමය තමයි භාවනා කරන එක. සතිපට්ඨානය වඩන එක. හැබැයි අපි මෙනෙහි කරන භාවනාවල් කරනව නම් වැරදි නෑ, නරක නෑ, නමුත් මම ඕක ධ්‍යාන භාෂාවෙන් කිවුවොත් එහෙම, පළවෙනි ධ්‍යානයට විතරක් එනකං භාවනා කරල හරියන්නෙ නෑ. බුද්ධ ශාසනය තුල කියල දෙනව දෙවනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියල මේ හතරම.
ධ්‍යාන කියන ඒව විශ්වාස කරන්නෙ නැත්නම් ඒ කෙනා සම්මා සමාධිය විශ්වාස කරන්නෙත් නෑ. සම්මා සමාධිය විශ්වාස කරන්නෙ නැත්නම් ඒ කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ කරුණු අටක් තියනව කියල විශ්වාස කරන්නෙත් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ කරුණු අටක් තියනව කියල විශ්වාස කරන්නෙ නැති කෙනා ධර්ම මාර්ගය පිළිගන්නෙත් නෑ. ධර්ම මාර්ගය පිළිගන්නෙ නැති කෙනා සෝතාපන්න වෙන්නෙත් නෑ. අන්න එහෙම එකක් තියනව.
පින්වතුනි, අපි මේ දහම පුරුදු කරගෙන යනකොට අපේ ජීවිතය තුල හොයන්න පටන් ගන්න හෝ දකින්න පටන් ගන්න දේවල් අපේ ජීවිතේම විනිවිද දකින, අපේ ජීවිතේම හාර අවුස්සා හාර අවුස්සා බලන්න උත්සාහ කරන කැඩපත වෙනවා අපේ අත්දැකීම. ඒ කැඩපත වෙන මොකක්වත්ම නෙවෙයි අපේ අත්දැකීමමයි. සතිපට්ඨානයෙන් අපිට කරල දෙන ප්‍රධානම කාරණාවක් තමයි අපිව අපිට කිට්ටු කරල දෙනව. මම කවුද කියන එක මට පෙන්නල දෙනව.
මම තරහ ගන්නව නම්, ඊට කලින් මම කලේ වෙන කවුරු හරි කෙනෙක් කියනකොට ඔයා තරහෙන්නෙ කතා කරන්නේ කියල, තව ටිකක් තරහ ගත්ත එක. "පිස්සු කතා කරනව මඟුලක් කියනව මෙතන" අපි ඔහොමනෙ කියන්නෙ. නමුත් දැන් මට තරහ ගියා නම්, මං අනුමත කරන්න ගන්නව, මගේ තරහ වෙන කෙනෙක් මට කියන්න කලින්. තේරුනාද? ඊට කලින් අපි දන්නෙ, අපිට තරහ ගියා කියල වෙන කෙනෙක් කිවුවට පස්සෙ, ඔයා මේක කරන්නෙ මෙහෙමයි කියල. හැබැයි දැනට මෙහෙම එකකුත් වෙන්න පුළුවන්. වෙන කෙනෙක් නොදැනුවත්කමින් කියන්නත් පුළුවන් ඔයා තරහෙන් ඉන්නෙ කියල. හොයල බලන්න ඕන මම ඇත්තටම තරහෙන්ද නැද්ද කියල. එච්චරයි. නැත්නම් නෑ.
නමුත් ඇත්තටම තරහෙන් නම් ඉන්නේ අනිත් කෙනා ඒක මට කියන්න කලින් මම දැනගෙන ඉන්න ඕන. අනිත් කෙනාට කලින් මම ඒක හඳුනාගෙන ඉන්න ඕන. නමුත් අපේ හිත අපිට මවාපාල දෙන්නෙ පින්වතුනි, "නෑ මම එහෙම කෙනෙක් නෙවෙයි. මම ඊට වඩා හරීම වෙනස් චරිතයක්" කියල. භාවනාවේදී එතකොට අපිට පේන ආනාපානය වෙන්න පුළුවන්, පේන වේදනාව වෙන්න පුළුවන්, පේන සුඛය වෙන්න පුළුවන්, පේන දුක වෙන්න පුළුවන්, පේන උපේක්ඛාව වෙන්න පුළුවන්, හැබැයි මේ හැම එකක්ම අපි හොඳට හොයල බලන්න ඕන හිත මවාපාන දෙයක්ද? අපි ඇත්තටම දකින දෙයක්ද? කියල. මං මෙතනින්මයි මේ දේවල් කියල දෙන්න යන්නෙ.
තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති සූත්‍රයේ මුල ඉඳන් අගටම තියන පොදු වචනයක් තියනව ඔක්කෝම ටික අල්ලගත්තොත් එහෙම,
"අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති"
ඔය ටික තියනවාමයි. හුස්ම ගන්න බවත් යන බවත් දැන ගන්නවා. හැබැයි ඒ අස්සට දානව විවිධාකාර සංඝටක ගොඩක්. අන්න ඒ අතර තමයි පින්වතුනි අපි හොයන්න පටන් ගන්න ඕන අපි මේ ගන්න හුස්මක වුනත් ඔය කියන සටකපට බව යුක්ත වෙලා තියනවද කියල. මායාකාරී බව එකතු වෙලා තියනවද කියල. මං හිතෙන් හිතාගෙන ඉන්න පුළුවන් මං ගන්නෙ ආශ්වාසය කියල, නමුත් ආශ්වාසයෙ අවසාන කොටස තියෙන්න පුළුවන් ඒක සම්පූර්ණ ආශ්වාසය නෙවෙයි. එහෙම නේද? ඒ ආශ්වාසයෙ අග. මං ආශ්වාසය කියල හිතන්න පුළුවන් නමුත් ප්රාශ්වාසය තියනකොට. මේක දෙකක්.
ඊට පස්සෙ මට ඕන වෙන්න පුළුවන් දීර්ඝ හුස්ම ගන්න. නමුත් ඇඟට බැරි වෙන්න පුළුවන් දීර්ඝ හුස්ම ගන්න. මං ඊළඟට අර මයින හම අඳිනව වගේ හුස්ම අඳින්නත් පුළුවන්. එහෙම ඒව තියනව. භාවනා වැඩසටහන් වලට ගියාම ඔය වගේ ලස්සන සිද්ධි දැකබලා ගන්න පුළුවන්. සමහර වෙලාවල් තියනව ආනාපානය කියන දේ නාසිකාග්‍රය තුලම බලන්න ඕන කියන අදහසසේ ඉඳලා බල බලා ඉන්නකොට ඕක නොපෙනී යනව. ඒක සාමාන්යයයිනෙ.
අර ඒ කාලෙ එකක් තිබ්බ දැන් නම් හරි අඩුයි හැබැයි, (මට එක්කො තේරෙන්නෙ නැත්තෙ ගමන් බිමන් යන්නෙ නැති හින්දද දන්නෙ නෑ) ඔය වාහනවලට නඟිනකොට සමහර කෙනෙක් ඉස්සරහ දොරෙන් නඟිනකොට මෙහෙන් ඉන්න බෑ ඒ තරම් අර පවුඩර් හරි සුවඳ විලවුන් හරි නාල. ඒ නාන්නත් හේතුව මේකයි. ඕක චුට්ටක් ගහපුහම ඒක චූටි වෙලාවක් නහය ගන්නවා. අරගෙන නහයට එපා වෙනවා. ඕකෙ සුවඳ ගන්න එක එයාට එපා වෙලා යනව. ඊට පස්සෙ සුවඳ දැනෙන්නෙ නැති වුනාම හලාගන්නව ඇඟේ. එතකොට එයාට සුවඳ දැනෙනවා මොකද නහය කඩාගෙන යන හින්දා. හැබැයි ඒකත් නැතුව යනව ටික වෙලාවක් යද්දි. හැබැයි ටිකක් වැඩිපුර වෙලාවක් මතකයෙ තියනව. හැබැයි හතරවටේ ඉන්න අයට තමයි ඊට පස්සෙ ප්‍රශ්නෙ තියෙන්නෙ.
ඕකම වෙනව භාවනාවෙදි. අපි ආනාපානය බලන්නෙ නාසිකාග්රයෙමයි කියන අදහසේ ඉන්නකොට අපිට පේනව නැතුව නෙවෙයි, හැබැයි ඕක බලාගෙන ඉන්න එක හොඳටම පේන්න වුනාම ඕකෙ මොනවා වුනත් තියෙන්නෙ පින්වතුනි, අපි ආශ්වාසයක් තියෙයි, ප්රාශ්වාසයක් තියෙයි, ඔය දෙක අතරමැදක් තියෙයි, ඔච්චරයි. ඔච්චරමයි තියෙන්නෙ. ඔය කියන එකට විතරම නම් අපි අපේ අදහස යොමු කරගෙන තියෙන්නෙ, ඕකෙ ගැඹුරට කිඳා බහින්න අපි ඉගෙනගෙන නැති නම්, හිතට මේක ඒකාකාරයි. අර සෙන්ට් එක පොඩ්ඩක් ගහගත්ත වගේ තමයි.
ඊට පස්සෙ ආයෙ මේක තේරෙන්නෙ නෑ. ඊළඟට අපි මොකද කරන්නේ දැන් ඉතින් නාන්න පටන් ගන්නවා. භාවනා වැඩසටහන් වලට ගියපුහම කට්ටිය බෙල්ල දික් කරගෙන ඉන්නව. ටික වෙලාවක් ගිහිල්ල, කොහොමද කියල කමටහන් වාර්ථාවල අහපුහම කියනව, "හාමුදුරුවනේ නළල රිදෙන්න ගත්තනෙ, ඔළුව රිදෙන්න ගත්තනෙ." රිදෙන්නෙ නැත්නම් පුදුමයි. රිදෙන්නෙ නැත්නම් පුදුමයි.
මොකද ඒ වෙනකොට හුස්ම තුල නහයේ දැනෙන ඒ සංවේදනාව හිතට දැනගන්න පුළුවන් එක නතර වෙලා තියනව. මං නතර වෙලාද? මං නතර වෙලා නෑ. හැබැයි මගේ අර අභ්‍යන්තරයෙන් කියන මවාපෑම තුලින් කියල තියනව, උගන්වනව, මාව යොමු කරවනව, නෑ ඔයා අරකම බලන්න, නාසිකාග්රයම හොයන්න, එතනම බලන්න යන්න කියල.
මේ වගේ පින්වතුනි අපිවම රවටන, අපිවම මේ උගුලේ පටලවන හිතකුයි මේ තියෙන්නෙ. හැබැයි මෙහෙම කිවුව කියලා හිතන්න එපා හැම වෙලාවකම අපේ හිත ගැන සැකෙන් බලන්න ඕන කියල. එහෙම එකකුත් නෑ. මොකෝ දන්නවද?
අපේ හිත අපිට කියන සමහර කාරණා තියනවා ඇත්තටම ඒව බොහොම හොඳ යහපත් දේවල්. "මේ වගේ වෙලාවට මේ විදියට කතාබහ කරන්න ඕන, මේ විදියට හැසිරෙන්න ඕන, මේ විදියට හිතන්න ඕන" කියලා අපේ හිත ධර්මානුකූල විදියට අපිව යොමු කරවනව නම්, ඒක ඇත්තටම හිතේ තියන හොඳ පැත්තක්. ඒක හින්දා වෙන්න ඕන තථාගතයන් වහන්සේ සතර සෘර්ධිපාද වලට සැකය දාන්නෙ නැතුව විමංසාව දැම්මෙ.
විමංසාව කියන්නෙත් සැකයේම වර්ගයක්නෙ. මේ විමසිලිමත්භාවය. සැකය කියල කියන්නේ මොකද්ද ඒක තමයි සැකය නමුත් තථාගතයන් වහන්සේ ඔය වචනය භාවිතා කලේ නැහැ සෘද්ධිපාද වලදි. භාවිතා කලේ විමංසාව. එතකොට පින්වතුනි අපි කරන්න ඕන දේ තමයි හොඳ විමසීමකින් ඉන්න එක. තේරුනාද? තමන්ට මේ තියන ස්වභාවය මොකද්ද? නිවැරදිද නැද්ද? කියන එක හොඳට බලාගෙන ඉන්නත් ඕන.
එතකොට මේ ගමන යන්න අපි අපිටමයි කිට්ටු වෙන්න ඕන. අපි අපිවමයි හඳුනාගන්න ඕන. අපි අපෙන්මයි නිදහස් වෙන්න ඕන. අපි අපෙන් නිදහස් වුනා නම්, අපි අපේ උවමනා එපාකම්වලින් නිදහස් වුනා නම්, අපිට මේ සංසාරෙ හදල තියන අපේම ඒ පුරුදු ගොඩන් නිදහස් වෙන්න පුළුවන්. ඕවට කියනව 'සංඛාර' කියල. අපිම හදාගත්ත ක්‍රමයක් තියෙන්නෙ.
"මගේ හැටි මෙහෙමයි මට මේක ඕන හොඳේ. නැත්නම් හරියන්නෙ නෑ." අපිට එහෙම අදහස් ඇති වෙනව නේ? "මේක මගේ පෑන, මේක මගේ පුටුව" ඉස්කෝලෙ යන කාලෙ. "මේක මගේ පිඟාන" කියයි. "මං මෙතනින් යන්නෙ" කියයි.
මට මතකයි කට්ටියක් සිල් සමාදන් වෙන්න ගිහිල්ල පන්සලක. එක පොඩි ළමයෙක් කණුවක් ගාව වාඩි වෙලා ඉන්නවලු. වයසක උපාසක අම්ම කෙනෙක් ආවලු. "තී මොකද මෙතන" කියල ඇහුවලු. "කවුරුත් හිටියෙ නෑනෙ, මම වාඩි වුනා" කියල ළමය කිවුවලු. එතකොට උපාසක අම්ම "ඔතන ඔයිට කලින් වාඩි වෙලා හිටියෙ අපේ අම්ම. ඊට පස්සෙ වාඩි වෙන්නෙ මං. ඊට පස්සෙ අපේ දුව. තෝ නෙවෙයි. පලයන් යන්න" කිවුවලු.
ඉතින් ඔන්න වැඩේ. ටිකක් හිතන්නකො. බුද්ධ දර්ශණය ගැන මොනවද එතකොට අපි මේ හොයන්නෙ. මොනවද දන්නෙ. හැබැයි දැනට මේ ඉන්න අයට තියන දැනුම බැලුවොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් එහා යන දැනුමක් තියෙන්න පුළුවන් සමහර විට. එච්චරට සූත්තර දන්නව. කොහෙන් බැලුවත් පටලවල පටලවල කියන්නත් පුළුවන්. ප්‍රායෝගික දැනුම අතින් ගත්තහම හොස්ස ළඟින් මැස්ස නෙවෙයි, මැස්ස කිලෝමීටර් ගාණක් එහායින් යන්න බෑ ඒත් ඉවරයි.
මේකෙ කතාව තියෙන්නේ අපි මේ දහම පමුණුවා ගන්න ඕන අපි ගාවට. මේක තථාගතයන් වහන්සේගේ දහම කටපාඩම් කරගැනීමකට වඩා අපේ ජීවිතයට ගලපා ගැනීමක් තියෙන්නෙ.
'ඒහි පස්සිකෝ'
මේකට ඇවිල්ල බලන්න ඕන. ඇවිල්ල කියන්නෙ ධර්ම කාරණා ඔළුවට දාගෙන බලනව කියන එක නෙවෙයි. මේව අපේ ජීවිතේට පුරුදු කරන්න ඕන. මම ආපහු යනව දේශනාවෙ මුලට.
අනුරුද්ධ මහත්තය ඇත්තටම කියනව නම් ඔය කියන දේ කරන්න පුදුමාකාර විදියට උත්සාහවන්ත වුනා. ඒ කරපු ධර්ම සාකච්ඡා වලින් තේරුනා අපි මොකක් හරි එකක් කිවුවොත් ටිකක් වැදගත් වෙන ධර්ම කාරණයක් එහෙම, ආයෙත් අහනව හාරඅවුස්සල. එයාගෙ අත්දැකීමක් දාන්න බලනව ඒ කතාවට. දාල අහන්න බලනව, "හාමුදුරුවනේ මේකද ඒ කිවුවෙ ඔබ වහන්සේ? මෙහෙම එකක්ද මෙහෙමද මෙහෙමද?" කියල ගලප ගන්න බලනව. මම දකිනව ඒකත් ගුණයක් හැටියට.
ඉතින් ඒ වගේ පින්වතුනි අපි අපේ ජීවිතයෙ හුරු කරල තියන මේ අපේ පුරුදු, මේ අපේ නැමියාවල්, මේ අපේ ගමනාන්තයන්, නැත්නම් අපේ උපාදානයන් අපි හොඳින් හඳුනා ගන්න ඕන. අපේ හිත ඇතුලෙ තියන සටකපටකම්, අපේ හිත ඇතුලෙ තියනව මායාකාරීකම් එවුව අපි තේරුම් ගන්න ඕන. ගොඩක් වෙලාවට අපි කරන්නේ බාහිර කෙනාගේ මේ තියන දේවල් හොයන එකයි බලන එකයි ඒවා ගැන විමර්ශනය කරන එකයි කතාබහ කරන එකයි.
නමුත් තායිලන්තයේ ඔය වනවාසී සම්ප්‍රදායෙ උගන්වන ප්‍රධානම කාරණයක් තමයි,
"සියයට අනූපහක් තමන් දිහා දකින්න, සියයට පහක් බාහිර දිහා බලන්න" කියල. ඒකෙනුත් කියනවා "තව සියයට තුනක් විතර අතහැරල දාන්න" කියල. තේරුනානේ?
එහෙම බලනකොට පින්වතුනි අපි ධර්මය පැත්තෙන් ගත්තහම, ඒ ධර්මය අපි තුලට පමුණුවා ගන්න පමුණුවා ගන්න මං පිළිගන්නව අපේ තියන කැත තමයි පේන්නෙ. හැබැයි අපේ තියන ඒ අවලස්සන හරි ඒ කැත හරි අපි සාංසාරිකව පුරුදු අඩුපාඩුකම් ටික දකින්න දකින්න, එව්වාට අපි ධර්මාවලේපනය එකතු කරන්න එකතු කරන්න, එව්ව විදර්ශනාවෙන් දැකලා අයින් කරන්න උත්සාහවන්ත වුනාම, එව්ව නිත්‍ය හැටියට තියාගන්නෙ නෑ අපි. තේරුනාද?
එහෙම නොදකින තාක්කල් මයෙ පුතා අපේ සටකපටකම් නිත්‍යයිද අනිත්‍යයිද? එව්ව නිත්‍යයි. එව්ව මමය මාගේය මගේ ආත්මයය තමයි. මේක තමයි මගේ විදිහ. අර උපාසක අම්මට අර වාඩි වෙච්ච තැන මගේ වුනා වගේම තමයි. මගේ ආත්මය වුනාම තමයි. ඒක මම වුනා වගේම තමයි. ඒක සැපයි. අපි නොදකින තාක්කල් ඒක සැපයි. හැබැයි දැක්කොත් එහෙම මේකෙ මෙන්න මෙහෙම අවැඩක් තියෙන්නෙ කියලා, මේක තුලින් මට කරන හානිය වෙන කාටවත්ම කරන්න බෑ කියල තේරුනොත් එහෙම අපි අපෙන් නිදහස් වෙනව. මම මගෙන් නිදහස් වෙනව.
මේ ලෝකෙ පින්වතුනි අපි හිතාගෙන ඉන්නෙ අපිට හානි කරන්නෙ, අපිට කරදර පමුණුවන්නෙ බාහිර අය කියල. බාහිර කෙනා කියලයි. අල්ලපු වත්තෙ කට්ටිය, කඩේ යද්දි බැනපු එක්කෙනා එහෙම, නැත්නම් මට විහිළුවකට වගේ කියන්න පුළුවන් ඒ කාලෙ බීපු අපේ මහත්තය, එහෙමත් හිතන්න පුළුවන්. ඒ වුනාට ඇත්තටම කියනව නම් අපිට මේ ගමනේදී මේ කරන කරදරය කරල තියෙන්නෙ අපේ හිතමයි කියලයි බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ.
අපි මේක හොඳින් හඳුනා ගන්න ඕන. මේ දේ හඳුනාගෙන අපිට අපෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තිබ්බොත්, අපෙන් බැහැර වෙන්න පුළුවන්කමක් තිබ්බොත් එහෙම, අපිටත් සැනසීම තියේවි. අපිත් එක්ක ඉන්න ඇත්තන්ටත් සැනසීමක් තියේවි. ඒ වගේම ඒක තුලින් සාංසාරිකව අපිට නිදහස් වෙන්නත් පුළුවන්කමක් හම්බ වේවි.
දැන් ඔය ඇත්තන්ට යම්තාක් දුරට තේරෙනව මං හිතන්නෙ, අපි ඇත්තටම දුක් වෙන්නෙ අපි හින්දයි කියල දැන් තේරෙනව නේ? බාහිර රූප තියෙන්න පුළුවන්, සද්ද තියෙන්න පුළුවන්, ගන්ධ රස ස්පර්ශ තියෙන්න පුළුවන්, ඒ වුනාට ඕව උපාදාන කරගෙන ඉන්න විදිය අනුවයි අපි දුක් වෙන්නෙ. ඒ උපාදානය කියන විදියට, අල්ලාගෙන ඉන්න විදියට, අපේ හිත අපිට මවල පෙන්වනව "මෙහෙම කියහං, මෙහෙම හිතහං, මෙහෙම කරහං" කියල. ඒ අනුව අපි ජීවත් වෙනව.
ඊයෙ පෙරේදා මම බණක් කිවුවා 'වඳුරු උගුල' කියන මාතෘකාවෙන්. වඳුරො අල්ලන විදිහ දන්නවද? පොල් ගොඩියක් අරගෙන ලෙල්ල ගහන්නෙ නැතුව ඕකට කූරක් ගහලා ලණුවක ගැට ගහනව. ගැට ගහල ඒක ගැට ගහනව ගහක. අර පොල් ගෙඩියෙ පොඩි හිලක් හදල ඕක අස්සට දානව කෙසෙල් ගෙඩියක්. සමහර විට කෙසෙල් ගෙඩිය අස්සට කූරකුත් ගහනව. මේ වඳුරො අල්ලන අය කරන වැඩේ මේ. වඳුර හරි රිළව හරි මොකද කරන්නෙ (රිළව තමයි හරියට අහුවෙන්නෙ ඔය වැඩේට) ඇවිල්ල එක ඇහැකින් බලනකොට මෙහෙම පේනව කෙසෙල් ගෙඩියක්. සුවඳත් එනවනෙ.
දානව අත. අහුවෙනව කෙසෙල් ගෙඩිය. අල්ලනව. අත ගන්න යන්නෙ කොහොමද? කෙසෙල් ගෙඩියත් එක්කයි. ගන්න පුළුවන්ද? කවම කවදාකවත් ගන්න බෑ. හැබැයි මූ මේක අතහරිනවද? අතහරින්නෙත් නෑ.
අපි වගේම තමයි පින්වතුනි. අපි අද වෙනකං හිතාගෙන ඉන්න අපේ සිතුම් පැතුම් දිහා ආපස්සට හැරිල බැලුවොත් එහෙම, අපිත් කෙසෙල් ගෙඩියක් කියල හිතාගෙන ලී කෝට්ටක් අල්ලගෙන දැඟලුව වෙන්න පුළුවන් නේ? එහෙම එකක් තියෙන්නෙ නේ? මේ හිත අපිට මවාපාල පෙන්නනව මා පුතා, මේ හිත මවාපාල පෙන්නල දීල තියනව, "මේක සුභයි, මේක යහපත්, මේක හොඳයි, මේක ඔයාට හරි"යි කියල. අවසානයට බලනකොට ඒ හැම එකකින්ම ලොකු දුකක් ගෙනැල්ල දීල තියනව. මේකෙන් නිදහස් වෙන විදිහයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ.
ආන් ඒක කරන්නයි අද මට කියල දෙන්න ඕනකම තිබ්බෙ යන්තම් දුරට හරි. මං හිතනව යම් විදියකට සාර්ථක වුනා කියල. ඉතින් අද දවසේදී මේ සිදු කරගත්ත ඒ ධර්ම දානමය කුසලය තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිතවලට සියළු යහපත සැනසීම උදා වේවා කියල බලාපොරොත්තු වෙනව. සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 15
චිත්ත රීති 07
සිත විසිරීම සහ හැකිලීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අස්සද්ධෝ අකතංඤුත
සංදිච්ඡේද යෝ නරෝ
හතෙවකාසෝ වංතාසෝ
සවේ උත්තම පෝරිසෝ තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට සුදුරුදු පරිදි පැමිණිච්ච ඔය ඇත්තො වගේම අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වෙන ඔබ සෑම සියළු දෙනාමත් බොහෝම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත සතිමත්බව වැඩීමේ ප්‍රායෝගික භාවනා වැඩපිළිවෙලේ, වැඩමුළුවේ, වැඩසටහනේ, පහළොස් වෙනි දවසයි අදට යෙදිල තියෙන්නේ.
අපි මේ වැඩසටහනට භාවිතා කරන පොදු ව්‍යවහාරය තමයි 'අපක්ෂපාතී නිරීක්ෂණය දෙවන අදියර' කියල. පහුගිය සතිය වෙනකොට පින්වතුනි අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වෙච්ච මහ විශාල ප්‍රමාණයක් තිබ්බා, ප්‍රදේශයක් තිබ්බා භාවනාව කියන විෂයේදී අපි හඳුනා ගත යුතු, තේරුම් ගත යුතු, පැති, දිශානතීන් මහ විශාල කොටසක් අපිට හම්බ වෙන්න පටන් ගත්තා.
ඒ අතරින් ගන්නකොට අපිට මේ මෑතක් වෙනකංම සාකච්ඡාවට ලක් කරන්න සිද්ධ වුනේ යම්කිසි දෙයක අපේ හිත නතර වුනොත්, අපේ හිත කිට්ටු වුනොත් එහෙම, ඒකෙන් වෙනත් දේකට යන්නයි ගොඩක් වෙලාවට කියල දුන්නෙ. උදාහරණයක් හැටියට කියනව නම් අපේ හිතට නිදිමතක් ආපුහම, ඒ නිදිමත කියන දේට එක්තරා විදියකින් සටන් කරන්න, තවත් විදියකින් නිදිමතට බැහැර වෙච්ච විදිහේ වෙනත් අරමුණකට හිත ගෙනියන්නටයි කියල දෙන්නට උත්සාහවන්ත වුනේ මේ පහුගිය දේශනා දහහතරෙදිම.
හැබැයි ඔය අතර ඉදල හිටල අහම්බෙන් වගේ වේදනාව කියන කොටස ගැන කතා කරද්දී, ඒ පරිච්ඡේදය ගැන කතා කරද්දී විතරක් සමහර අවස්ථාවන්වලදී කියල දෙන්නට අවස්ථාවක් යෙදුනා, උත්සාහ කලා, ඔය වේදනාව දිහා චුට්ටක් බලාගෙන ඉන්න කියල. වේදනාවට විතරක්.
ඊට පස්සේ අද දවස වෙනකොට මම කල්පනා කරනව පින්වතුනි, භාවනාවේ අපේ ඉදිරියට යනකොට හුරු කරන්න ඕන තවත් එක ක්‍රමයක්, එක පැත්තක් ගැන කතා කරන්න. අපේ හිතේ තියන විවිධාකාර සංඝටක, විවිධාකාර ලක්ෂණ, ක්‍රම, ප්‍රමේයයන්, මූලධර්මයන්, රීති අතර තවත් ප්‍රධාන පෙලේ දෙයක් තමයි හිත විසිරෙන එක සහ හිත හැකිලෙන එක.
හිත විසිරෙනවා කියල කියන්නෙ, එක අරමුණක දීර්ඝ කාලයක් හෝ යම්කිසි කාලයක් රැඳිල ඉන්න එයා මනාප නෑ. සූදානම් නෑ. කැමති නෑ. රුචි නෑ. අකමැතියි. ඒ වෙනුවට නිරන්තරයෙන්ම ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණුවල එල්ලි එල්ලී එල්ලි එල්ලී, ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණුවලට කැමැත්ත, රුචිකත්වය ඇති කරගනිමින් හෝ අකමැත්ත, ප්රතික්ෂේපය ප්‍රකට කරගනිමින් එහාට මෙහාට දුවනව.
ඔය වගේමයි තවත් අවස්ථාවක් තියනවා ඒ එන අරමුණු අපිට පේනවා. අපි දන්නවා ඒ එන අරමුණුත් එක්ක යන්න හිතට ඕන වෙන්නෙ නෑ. ඒ දෙවනි කොටස. ඒ වගේම තවත් එක කොටසක් තියනවා පින්වතුනි. අපේ හිත බොඳයි. පහුගිය ටිකේම ඔය බොඳ කියන කතාව මම හරියට පාවිච්චි කලා. අපිට ආනාපානය දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් තේරෙනව දැන් ඒක තියනවද නැද්ද කියල හිතාගන්න අමාරුයි වගේ. අපේ සිහිය චුට්ට චුට්ට චුට්ට චුට්ට නැති වේගෙන යන්න පටන් ගන්නව. බොඳ වේගෙන යන්න පටන් ගන්නව. අපෙන් බැහැර වේගෙන යන්න පටන් ගන්නව.
ඔය කියන ස්ථර තුනම, අවස්ථා තුනම අපි භාවනාවේදී පුද්ගලිකව අත්දකිනවා, අත්විඳිනවා. ඇත්තටම කියනව නම් භාවනාවේදී විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේදී පවා ඔය කියන වටපිටාවන්ට අපි මුහුණ දෙනවාමයි. ඒක සාමාන්‍යයයි.
එතකොට පින්වතුනි මීට කලින් භාවනා උපදේශවල ඔය ඇත්තන්ට කියල දෙන්නට යෙදුනේ ඒ වගේ වටපිටාවකට මුහුණ දෙනකොට, අර කියන 'භික්ඛුනූපස්සය' සූත්‍රයේ කියල දෙන ආකාරයෙන්, හිතාමාතාම තමන්ට රුචිකත්වය ඇති කරවන, කැමැත්ත ඇති කරවන අරමුණක හිත බහා තබන්නයි කියල දුන්නෙ.
"පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං"
කියන ආකාරයට තමන්ට අකුසලයක් එනව නම්, කුසලයක හිත තැන්පත් කරල තියාගන්නයි කියල දුන්නෙ. නිදිමතක් එනව නම්, ඒ නිදිමත මැඬ පවත්වා ගන්නට පුළුවන් වෙන වෙනත් අරමුණක, වෙනත් කාරණාවක හිත බහා තබන්නටයි කියල දුන්නෙ. ඒක ඒ කාලෙදි අපි ඉගෙන ගන්න ඕන එකක්. තේරුනාද? ඒක ඒ කාලෙදි අපි ඉගෙන ගන්න ඕන එකක්.
තථාගතයන් වහන්සේගේ හරී ලස්සන සූත්‍ර දේශනාවක් තියනවා පින්වතුනි 'රථවිනීත' කියලා. මේ දේශනාවේ කියල දෙනවා වාහන හතක් ගැන. සාර්ථක ගමනක් යන්නට නම්, දීර්ඝ විදියට තියන දීර්ඝ ගමනක සාර්ථකත්වයක් ලබා ගන්නට නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ගමන යන කෙනා එක වාහනේකින් නෙවෙයි කියනව යන්නෙ. වාහන හතකින් යනව කියල කියනව. වාහන කීපයකින් යනව කියල කියනව.
ධර්ම මාර්ගය සරසා ගන්න කෙනා, ධර්ම මාර්ගය තමන්ගේ ජීවිතේට ඈදා ගන්න පුරුදු කරන ඒ අනුව කටයුතු කරන්න උත්සාහ කරන කෙනාට කියනවා වාහන හතකින් යන්න කියල. එකකින් නෙවෙයි. එකකින් යන්නේ එක සීමාවකට විතරයි එතනින් එහාට යන්න තවත් වාහනයක් භාවිතා කරන්න වෙනව.
ඒක එක හා ම සමාන වෙනව පින්වතුනි, පහුගිය කාලෙදි භාවනාව සම්බන්ධයෙන් ඔය ඇත්තන්ට අපි කියල දෙන්නට යෙදුනා (එන එන අරමුණ දරාගන්න පුළුවන් නම් නෙවෙයි, එහෙම නම් කාරි නෑ) දරා ගන්න බැරිකමක් තියනවා නම් තමන්ට ඊට වඩා මනාපය ඇති කරවන, රුචිය ඇති කරවන වෙනත් අරමුණකට යන්න කියල. ඔය ඇත්තොන්ගෙ හිත පිට ගියාට පස්සෙ ඔය ඇත්තො කිවුවා,
"හාමුදුරුවනේ හිත අරගෙන ආව අපි. ශරීරයට ගෙනාවා."
පස්සෙ කාලෙකදි හිත පුරුදු වෙන්න පටන් ගත්තා ඉබේටම එන්න. හිත පිට ගියාද, අපි ඒක හඳුනා ගත්තද, ඉබේටම හිත ආපහු අපේ ශරීරය මත පතිත වුනා. ඒක සාමාන්‍යයෙන්ම සිද්ධ වෙච්ච දෙයක් වුනා. ඒක අපි අර යන දීර්ඝ සංසාරික ගමනේ නිවන හොයාගෙන යන ඒ කොටසේ එක වාහනයක් කියල කියන්න පුළුවන්. ඒත් ඒක නෙවෙයි ඒ සම්පූර්ණ ගමන නිමා කරන වාහනේ. මට ඒකයි මේකෙන් කියන්න ඕන වුනේ. ඒක ඒ කාලෙදි අපි පාවිච්චි කරපු, භාවිත කරපු එක මෙවලමක් විතරයි. එක විදිහක් විතරයි.
ශාසනය තුල පින්වතුනි අපිට කියල දෙන මේ මාර්ගය තුලදී ලැබෙන අවසාන ඵලය රහතන් වහන්සේ නමක් බවට පරිවර්තනය වීම නම්, ඒ ඵලයට පෘතග්ජන කෙනා එකපාරටම ගිහිල්ල වැටෙන්නෙ නෑ. පෘතග්ජන කෙනා අවබෝධ කරගන්නව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕන කියල. 'ශ්‍රද්ධානුසාරී' කියල කියනව එයාට. ඊළඟට ධර්මයට අනුව කටයුතු කරන්න පටන් ගන්නව. එයාට කියනව 'ධම්මානුසාරී' කියල.
ඊට පස්සෙ එයා මේ මාර්ගය පිළිගන්නව, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව යනව, ඒක අනුමත කරනව. ඒ කෙනාට කියනව සෝතාපන්නයි කියල. ඊට පස්සේ සෝතාපන්න කෙනා තමන් තුල තියන කෙලෙස් දකින්න පටන් ගන්නවා. එව්වා අඩු කරන්න, අයින් කරන්න උත්සාහවන්ත වෙනව. ඒ කෙනාට කියනව සකෘදාගාමී මාර්ගය සකෘදාගාමී ඵලය.
ඊළඟට එයාට හදා ගන්න තියන, ඇති කරගන්න තියන ගුණයන් එකතු කරගන්නව, විශේෂයෙන්ම ඉවසීම වගේ දේවල්. ආන් ඒ ක්‍රමයට යන කෙනා අනාගාමීත්වය ඊළඟට අනාගාමී මාර්ගය අනාගාමී ඵලය සාක්ෂාත් කර ගන්නව. අවසාන වශයෙන් ඉතුරු වෙනව මාන, උද්ධච්ච, අවිජ්ජා කියන අකුසලයන් ටික. ඒ ටික හඳුනා ගන්න කෙනා අරහත් මාර්ගය ඒ ටික සාක්ෂාත් කරගෙන, නැත්නම් ඒවගෙන් නිදහස් වෙච්ච කෙනා අරහත් ඵලය ඇති කරගන්නව.
එතකොට පින්වතුනි බලන්න, මේ යන ගමන පුදුමාකාර විදිහේ දීර්ඝ ගමනක් තියනව. අපිටම තේරෙන විදිහේ මහා විශාල වටපිටාවක් තියන, හරි ලස්සන ගමනක් තියනව. එතකොට ඒ කියන ගමන මුල ඉඳලා අග දක්වාම ගිහිල්ල නතර වෙන්නේ ඔය කියන එක භාවනා ක්‍රමයකින් නෙවෙයි වෙන්න පුළුවන්. එක විදියකින් නෙවෙයි වෙන්න පුළුවන්. අපි පරිනත වෙන්න ඕන, අපි පාණ්ඩිත්‍ය වෙන්න ඕන අපි ගාව තියන ක්ලේශය හඳුනාගෙන එයින් නිදහස් වෙන්න මොන විදිහේ දෙයක් භාවිතා කලොත් හොඳද කියල.
මේක ටිකක් අනික් පැත්තට කියනවා නම් ටිකක් පටලැවිලි සහගත වෙන්න පුළුවන් මම මේ කියන්න යන වචනේ. අනිත්‍ය සංඥාව තමයි බොහොම හොඳ සහ වැදගත් කියල අපි අහල තියෙන්නෙ. මොහොතක් අනිත්‍ය සංඥාව වඩන එකත් හොඳයි. හැබැයි අනින්ය සංඥාව ගැනත් අනිත්‍ය හැටියට දකින්න අපිට හිතක් තියෙන්න ඕන. ඒ දේ භාවිතා කරන්න ඕන ප්‍රමාණය, සීමාව, පළල අපි තේරුම් ගන්න ඕන.
ඒ වගේම තමයි පින්වතුනි භාවනාව තුලදී අපිට එන අරමුණ, සතිපට්ඨානයේදී අපි සතිපට්ඨානය පුරුදු කරනකොට අපේ අභිමුඛයට එන ක්ලේශය, එහෙම නැති නම් උදාහරණයකට කියනව නම්, ඇහෙන සද්දය අපි උත්සාහ කරනවා නම් ඒ දේට තියන අවධානය අයින් කරල දාල ආපහු ශරීරයට එන්න, ඒක මේ ගමන තුල භාවිතා කරන එක උපක්‍රමයක් විතරයි. ඒක හැමදාම භාවිතා කරන්න ඕන උපක්‍රමය නෙවෙයි. මං ඒකයි මේ කියන්න උත්සාහ කරන්නෙ. ඒක එක උපක්‍රමයක් විතරයි.
හැබැයි ඔය එක උපක්‍රමය, නැත්නම් ඔය කියන උපක්‍රමය මුලින්ම භාවිතා කරන්න ඕන. භාවිතා කළ යුතුමයි. එක පාරටම ඒ එන ඕන එකක් එක්ක ඉන්නවා කියන ඒ අදහසට යන්නෙ නැතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කියල දෙන්නෙ මාර්ගඵලයකට යන්න තියන දිග පාර. ඒ රටාව. ඒ ඔක්කෝම ටික සම්පූර්ණ කරන්න ඕන.
ඉතින් කොහොම හෝ වේවා භාවනාවේදී දැන් අපිට හම්බ වෙන ඊළඟට අපිට කතාබහ කරන්න සුදුසු වෙන කොටස තමයි පින්වතුනි, හිතේ විසිරීමට සහ හිතේ හැකිලීමට අපි මොනවද කරන්න ඕන දේ කියල. හිත විසිරිලා ගිය වෙලාවට, ඊට කලියෙන් හිත පිට ගිය වෙලාවට, ඊට කලියෙන් අපි භාවිතා කරපු එක ක්‍රමයක් තමයි ආපහු හිත අරගෙන ආවා අපිට හිත සංතෝස ගන්වන අරමුණකට. එක්කො ආනාපානයට නැත්නම් ශරීරයට. එහෙම නැත්නම් සද්ද අහගෙන හිටිය. මොනව හරි විදිහේ ප්‍රසාදනීය අපි කැමති අරමුණකට. මේ වෙලාවෙ හිත දුවන එකට වඩා මම අසවල් දේ කරන්න කැමතියි මනාපයි කියල හිතන ඒ දේට කිට්ටු වුනා. ඒ දේට අපි ආපහු ආවා.
හැබැයි ඒක විතරක් නෙවෙයි පින්වතුනි අපිට භාවිතා කරන්න, පුරුදු කරන්න පුළුවන් එකම එක ක්‍රමය වෙන්නෙ. ඔය දේ දැක දැක ඒ දේට එහෙමම තියෙන්න දෙන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේක වෙන්න නම් අපිට හිත තැන්පත් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඔය කියන හිතේ විසිරීමත් දැකලා ඒ හිතේ විසිරීම බලාගෙන ඒකට තියෙන්න දෙන්න.
හැබැයි තමන්ට තේරෙනවා නම් තමන්ගේ භාවනාව තුල, තමන්ගේ පුහුණුව තුල, හිතේ විසිරීම තියෙන වෙලාවක ඒ විසිරීමට ලක් වෙලා තමන් තව තව තවදුරටත් හිත විසුරුවා ගන්නවා කියන ඒ තැනේ නම් ඉන්නේ, එහෙම නම් අනිවාර්යයෙන්ම ආපහු තමන්ගේ හිත අරගෙන එන්න ඕන උවමනාවෙන්ම ප්‍රසාදය ගන්වන අරමුණකට. ඒක උවමනාවෙන්ම කරන්න ඕන දෙයක්. කැමැත්තෙන්ම කරන්න ඕන දෙයක්. කළ යුතුම දෙයක්.
නමුත් කාලයක් තිස්සේ භාවනාව කරනකොට, පුරුදු කරගෙන යනකොට, අපිට අහුවෙන්න පටන් ගන්නව පින්වතුනි, තේරෙන්න පටන් ගන්නවා, කොච්චර අරමුණු ආවත් කොච්චර කොච්චර අරමුණු ඉස්මතු වෙන්න පටන් ගත්තත් ඒවා එච්චර කරදරයක් නොවෙනවා කියන ගණයට. ඒ දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් කියන ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන්.
මෙවන් වූ මට්ටමකට මෙවන් වූ ප්‍රදේශයකට අපිට පා තබන්නට පුළුවන්කමක් තියනවා නම් අවස්ථාවක් හම්බ වුනොත් එහෙම, ඒ වගේ වෙලාවකදි අර පරණ පුරුද්දටම හිත දීලා ආපහු හිත තමන්ට කැමති අරමුණකට අරන් එන්න උත්සාහවත් වෙන එක ඕන නැති වෙන්නත් පුළුවන්. අපි අර පළවෙනි යානයෙන් ඇවිල්ල බැහැල ඊළඟට වෙනම වාහනයක යනව වගේ වැඩක්. මේ දැන් යන්නෙ දෙවනි වාහනේ.
ඒ වගේමයි පින්වතුනි මේ මෑත කාලයේදී ඔය ඇත්තන්ගෙ කමටහන් වාර්ථාවල් අතර විශේෂයෙන් භාවනාව ගැන කියල දෙන ඒ කමටහන කරන වෙලාවෙදි මම ගොඩක් වෙලාවට කියපු එකක් තමයි හිත බොඳ වේගෙන යනව නම්, හිත විසිරීගෙන යනව නම්, තමන්ට දැනට වෙන විශේෂ හැටියට තේරෙන අරමුණකට එන්න කියල. මතක ඇතිනෙ ඔය ඇත්තන්ට.
හිත බොඳ වේගෙන යනව නම් ඒ තියන අරමුණේ තියෙන්න පුළුවන් කාලය ඉවරයි. ඒ හින්ද දැන් එතනින් අයින් වෙලා අළුත් අරමුණකට යන්න කියන එන මම නිතර නිතරම කියන්න උත්සාහ කලා. හැබැයි හිතන්න එපා ඒක විතරමයි තියන එකම එක විසඳුම කියල.
අපි හිත මුලින්ම අර විදියට පුරුදු කරලා ප්‍රසාදය ගන්න අරමුණක හිත තැන්පත් කරවලා (පනිදාය භාවනාව කියල කියනව භික්ඛුනුපස්සය සූත්රයෙදි ඕකට) පුරුදු කරලා අපි පස්සෙ කාලෙකදි මොකද්ද කරන්න පටන් ගන්නේ, ඒ හිතේ තියන විසිරීමම අරමුණක් කරගන්නව. සමස්ථ විසිරීමම අරමුණක් කරගන්නව.
මේකෙදි එතකොට පින්වතුනි ඒ ඒ අරමුණු ඔස්සේ හඹා යෑම නෙවෙයි කරන්නේ. සමස්ථයක් හැටියට මේක එක කමටහනක් හැටියට ගන්න එකයි කරන්නෙ. හැබැයි අපි ඕක අස්සෙ තියන එව්ව හොයන්න බලන්න යනව නම්, එහෙනම් අපි තාමත් ඉන්නෙ අර වෙනත් කොටසක තමයි. මෙහෙම වුනා කියල කමටහන් වාර්ථාවට එකතු කරන්න හදන්න එපා
"හාමුදුරුවනේ දැන් මට මෙහෙම එකක් පුළුවන්. මේ මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් මෙහෙම" කියල.
මොකද මේ හැම එකක්ම මාන්නය ඇති වෙන්නත් පුළුවන් දේවල්. ඒක හින්ද තමන් උත්සාහවන්ත වෙන්න ඕන, තමන්ගේ නිහතමානීත්වය තියාගෙන ඒක තුලින් මේකෙ තියන ඇත්තම කතාව එළියට ඇදල ගන්න. ඇත්තම කතාව.
අපිට වෙන මොකක් හරි මුසාවක් එළියට දාන්න පුළුවන්. මේ තියන කාරණේ වෙනුවට වෙනත් කතාවක් කියන්න පුළුවන්. නමුත් තියන සත්‍ය ස්වභාවය නෙවෙයි එළියට යන්නෙ.
අපි ගොඩක් වෙලාවට පින්වතුනි උත්සාහ කරන දෙයක් තියනවා (අද අර එක් කෙනෙක් එක්ක කරපු ධර්ම සාකච්ඡාවකින් මේක එළියට ආවෙ) මිනිස්සු ලෝකෙ මොනව හරි දෙයක් කරනකොට බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණය තමයි මොකක් හරි මාන්නයක්. මට කියල දෙයක්. මං මෙහෙම කෙනෙක්. අන්න එහෙම එකක් පෙන්නන්න පුදුමාකාර රුචිකත්වයක් තියනව. හරි කැමතියි. "මම දන්නවනෙ, මම මෙහෙමනෙ" ආදී වශයෙන්.
හැබැයි ඇත්තටම තමන් දන්නෙ නැතුව දන්නවා කියන එක තරම් මුලාවක් තවත් නෑ.
ඒක හින්ද අවංකවම අපි තේරුම් ගන්න ඕන පින්වතුනි, අපි දැනට කරන පුහුණුව මත, ඒ කරන පුහුණුව හින්දා අපිට දැනට තේරෙන ප්‍රමාණය මොකක්ද, අපිට දැනුම් තේරුම් යන ප්‍රමාණය මොකද්ද කියල. අපිට ඇත්තටම පුළුවන්කම තියෙන්නෙ හිත විසිරෙන බව හඳුනා ගන්න විතරක් නම්, ඒ දිහා බලාගෙන ඉන්න බැරි නම්, ඒක තමයි දැනට කරන්න පුළුවන් දේ.
ඒ වෙනුවෙන් තමයි මගේ අර නිරන්තරයෙන්ම කරන යෝජනාව හැටියට කරන්නේ පුළුවන් තරමක් භාවනාවට කාලය යොදව ගන්න කියල. පුළුවන් තරමක් දවසකට විනාඩි පහළොවක් හරි කමක් නෑ පුළුවන් තරම් මේ කියන දේට කාලය යොදව ගන්න කියල. හේතුව අපිට මේක කරන්න තව කොච්චර වෙලාවක් ඉතුරු තියනවද කියල කියන්න දන්නෙ නැති හින්ද.
ඒක හින්ද අපි උත්සාහවන්ත වෙන්න ඕන පින්වතුනි අපි තුල තියන යථාර්තය යථාකොටම දකින්න. 'යථාභූත ඥාණ දස්සන' කියලයි කියන්නෙ ඕකට. අපි ගාව තියන ඇත්ත ඇති සැටියෙන්ම දකින්න උත්සාහවත් වෙන්න ඕන.
මේක ගොඩක් වෙලාවට අපේ ශ්‍රාවකයෝ, ලාංකිකයො විශේෂයෙන්ම හිතාගෙන ඉන්න එකක් තමයි "සූත්‍රය තුල මෙන්න මෙහෙම කාරණයක් කියනවා, ඕක තුල තියෙන්නෙ ධාතු, ඕක තුල තියෙන්නෙ මෙව්වා. ඕක හට ගන්නෙ මෙන්න මෙහෙමයි. ඕක දකින එක තමයි යථාර්තය" කියල. මං පිළිගන්නව ඒක යථාර්තයේ මූලධර්මය. ඒක යථාර්තය තමයි නමුත් ඒ යථාර්තයේ මූලධර්මය.
ඔය මූලධර්මය අපි ගාව සිද්ධ වෙන්නෙ කොහොමද කියන එකයි දකින්න ඕන. මූලධර්මය ඉගෙන ගන්න එක අන්‍යාගමික කෙනෙක්ට වුනත් කරන්න පුළුවන්කමක් තියනව, අන්‍ය ආගමක අදහස හිතේ තියාගෙන. වෙන ආගමක් කරපින්නාගෙන බුද්ධ දර්ශණය තුල තියන ඔය කියන යථාර්තය ගැන අපිට තේරෙන්නෙ නැති විදිහට කතාබහ කරන්න පුළුවන් ඇත්තො වෙනත් රටවල්වලත් ඉන්නව. ඒ තරමටම ඒ ඇත්තො මේවගෙන් පරිනතයි. හොයල තියනවා.
හැබැයි ඒගොල්ලො ආගම වෙනස් කරන්න යන්නෙ නෑ. හැබැයි ඒ ගොල්ලො බුදුරජාණන් වහන්සේ කියන විදියට තමන්ගෙ ජීවිතේ පුරුදු කරන්න යන්නෙ නෑ. ඒක එතකොට යථාර්තය අවබෝධ කරගැනීමක් නෙවෙයි. මේ කියන යථාර්තය අවබෝධ කරගන්න අපි අපිට කිට්ටු වෙන්න ඕන. අපි අපිව තේරුම් ගන්න ඕන. අපි අපේ අභ්‍යන්තරය තුල ඔය සිද්ධ වෙන දේ දකින්න ඉගෙන ගන්න ඕන.
ඔය 'අභි' කියන වචනය හින්දියෙත් පාවිච්චි කරනවා මගේ කියන්න. තමන්ගෙ කියන්න. අභිධර්මය කියනකොට මං දන්නෙ නෑ එහෙන් ආපු වචනයක්ද කියන්න කොහොම නමුත් සංස්කෘතනෙ ඕව. තමන් තුල කියන ධර්මයයි මේ කියල දෙන්නෙ.
හරි ලස්සනයි ඇත්තටම ඒ තියන කතාවල් ටික. අපි ඒවා ඒ පොතේ තියන භාෂාවෙන් ඉගෙන ගන්න එක වෙනමම දෙයක්. හැබැයි තමන් තුල සිද්ධ වෙනකොට ඒ දේ තේරුම් ගන්න එක වෙනමම කතාවක්. උත්සාහවන්ත වෙන්න ඕන පින්වතුනි භාවනාව තුලදී තමන්ගේ හිත විසිරීගෙන යනකොට පළවෙනියෙන්ම හඳුනා ගන්න පටන් ගන්න ඕන, "ඔව් මගේ හිත දැන් විසිරීගෙන යනව." තවත් අවස්ථාවක් තියනව හිත විසිරෙන්නෙ නැහැ. අරමුණු ඔස්සේ ගියා වුනාට, හිතට ඒ අරමුණු බලාගෙන ඒව දිහා, අර හුරතල් වචනය අපක්ෂපාතී විදියට නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියනව. තවත් අවස්ථාවක් තියෙනවා මොනව වුනත් හිතට කිසිම කිසි අරමුණක් හරියට තේරෙන්නෙ නෑ, ඔක්කොම බොඳ වෙලා ගිහිල්ල හිත හැකිළිලා තියෙන්නෙ.
එතකොට මූලිකව අපි කරපු දේ තමයි ඔය කියන අවස්ථාවන් වලදී ඒවා දරාගෙන ඉන්න බැරිකොට, අපි ආපහු අපිට ආරක්ෂාකාරී වෙච්ච, පහසු වෙච්ච, ලේසි වෙච්ච, අරමුණකට විගහට එන්න පටන් ගත්ත. ඒක හරියට සෙල්ලම් කර කර ඉන්නකොට පොඩි කාලෙ මොකක් හරි බයක් වුනාම ගෙදරට දුවගෙන එනව, එක්කො අම්ම තාත්ත ගාවට දුවගෙන එනව වගේ වැඩක් කරන්නෙ.
නමුත් දැන් අපි වයසට ගිහිල්ල තියන හින්ද දැන් මොකක් හරි සද්දයක් ඇහිල බය වුනොත් එහෙම ඒ කාලෙ වගේ කෑ කොස්සන් ගහගෙන රෙදි පෙරෙදි ගලවගෙන දුවගෙන එන්නෙ නෑ. දැන් බලනව මොකද්ද මේ තියෙන්නෙ කියල. මේකත් ඒ වගේම වැඩක්.
භාවනාව තුලදිත් අපි දැන් උත්සාහවත් වෙන්න ඕන මේ කියන වටපිටාව තුල මොහොතක් රැඳිල ඉන්න. මේ තියන වටපිටාව තුල මොහොතක් රැඳිලා ඒ දේ භාවනා අරමුණක් කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. දැන් තියෙන්නෙ කම්මැලිකම නම්, දැන් තියෙන්නෙ හිත හැකිළිච්ච බව නම්, බොඳ වෙලා යන ස්වභාවය නම්, ඒක තමයි දැන් මගේ කමටහන. ඒක තමයි දැන් මගේ භාවනා අරමුණ. අයින් කරගන්න යන්නෙ නෑ.
හැබැයි අපිට පුළුවන්කමක් තියනවා නම් විතරයි ඔය කියන දේ කරන්න යන්න ඕන. එතකොට අවංකවම අපි ඉගෙන ගන්න ඕන පින්වතුනි, තමන්ට මේ මාර්ගය තුල කොච්චර දුරක් යන්න පුළුවන්ද කියල. කමටහන් වාර්තාවෙදිත් හිතෙන්න පුළුවන් මෙහෙම කිවුවනං හරි නේද කියල. නෑ ඇත්තටම එහෙම එකක් නෑ. තමන්ගෙ තියන ඇත්ත එළියට ගත්තට පස්සේ ප්‍රශ්නයක් නැති වෙනව. ආයෙ ඒ දේ එළියට එන්නෙ නැති වෙනව.
අද ඇත්තටම වෙච්ච ලස්සන සාකච්ඡාවක එක කතාවක් මෙන්න මෙහෙම වුනා. පහුගිය දවසක එක මල්ලි කෙනෙක් ඇවිල්ල මට කිවුවා පච්ච කොටන්න ඕන කියල. ඊට පස්සෙ මම කල්පනා කරා මෙයා ජීවිතේටම ඔහොම එකක් ගැන හිතපු කෙනෙක් නෙවෙයි. ඇයි මෙයාට පච්ච කොටන්න ඕන වෙන්නෙ කියල. ඊට පස්සෙ එක පාරටම මට හිතුනා දැන් මෙයා ඇසුරු කරන්නෙ පච්ච කොටපු අය. මෙයාගෙ දැන් වීරයො පච්ච කොටපු අය. ඒකයි මෙයාට එයාල වගේ වෙන්න ඕන වුනේ. මං ඕක එකපාරටම කිවුව.
ඊට පස්සෙ දැන් අද කතාවෙදි මම ඇහුව එයාගෙන්,
"මල්ලි දැන් ඔයාට පච්ච කොටන්න ඕන නැද්ද?"
"නෑ නේ හාමුදුරුවනේ."
තේරුනාද සිද්ධිය. අපි අපේ හිතේ ඇතුලෙ තියන ඇත්ත කතාව ඇත්ත ඇති සැටියෙන් දැක්කා නම් ආයෙ ඒකට යන්නෙ නෑ. ආයෙ ඒ ක්ලේශයට අත තියන්නෙ නෑ. ඒ වෙනුවට බොරුවක් එළියට දැම්ම කියන්නකො. අර කෙනා ආයෙත් පුපුරු ගගහ නඟිනව. ආයෙත් පැල වෙනව. චුට්ට චුට්ට බෝ වෙන්න පටන් ගන්නව. අන්න එහෙම හිතක් මේක.
ඒක හින්ද අපි අපේ ඉස්සරහ තියන කැඩපතයි ඇත්තටම කියනව නම් ධර්මය වෙන්නේ. සතර සතිපට්ඨානය වෙන්නේ. අපි අපිට පේන්න පටන් ගන්නෙ පින්වතුනි සතිපට්ඨානය වඩද්දි විතරයි. සිහිය පුරුදු කරද්දි විතරයි. අනික් හැම වෙලාවල්වලම අපි කණ්නාඩිය තියාගෙන ඉන්නෙ අර වාහනවල හයි කරල තියන විදියට. එහා පැත්තෙ එන වාහනේ වේගෙන් එනවද, ළඟින් එනවද, දැන් කවුද එන්නෙ, හැප්පෙනවද, ඕව තමයි බලන්නෙ ඒ වෙලාවට.
මේ සතිපට්ඨානය වඩන වෙලාවෙදි විතරයි, අපක්ෂපාතී විදියට නිරීක්ෂණය කරන වෙලාවට විතරයි අපි අපිව දකින්න පටන් ගන්නේ. අපේ කෙරුම මොකද්ද කියල තේරුම් ගන්න පටන් ගන්නේ.
අන්න ඒකෙදි අපි පළවෙනියෙන්ම භාවිතා කරන ක්‍රමය තමයි, භාවිතා කරපු ක්‍රමය තමයි තියෙන ප්‍රශ්නෙට පැලැස්තරේ ඇලෙවුවා. ඒක එක ක්‍රමයක්. ඒක කරන්නත් ඕන අනිවාර්යයෙන්ම, මූලිකවම. නමුත් දැන් අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තියනව තව එකක්.
මේ තියන දේට තියෙන්න දෙනවා. ඒ දේට ගොජ දාන්න දෙනවා. අපි ඒ දේ අරමුණක් කරගන්නව.
ඔන්න ඔය කාරණාවයි මට කියන්න ඕනකම තිබ්බෙ. අන්න ඒ අතින් බලනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියල දෙන ලස්සන ගාථා රත්නයක් තියනවා. මේක හරියටම සැසදෙනවා අද කාරණාවටත්.
"අස්සද්ධෝ අකතඤ්ඤූ ච
සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ
ස වේ උත්තමපෝරිසෝ"
දැන් අපි ඊට කලින් භාවිතා කරපු මූලධර්මයට පයින් ගහන්න වෙලා තියනව ඊළඟට. එහෙම නේ? මීට කලින් අපි ස්වකීය අරමුණකට ආපහු ගියා. කැමැත්තෙන් ගියා. අපිට හිත දුන්න හොඳ අරමුණකට ආපහු ගියා. ආපස්සට ගියා. නමුත් රහතන් වහන්සේලාගේ ලක්ෂණයක් තියනවා කියල කියනවා
"අස්සද්ධෝ අකතඤ්ඤූ ච"
ශ්‍රද්ධාවක් නෑ කෙළෙහි ගුණ සලකන්නෙ නෑ. මේකෙ තේරුම මේ එන එන කෙනාට කෑ ගහනව, බනිනව, කුණුහරුප කියනව, ගහල පන්නනව කියන එක නෙවෙයි. තමන් තුල තිබිච්ච දේටත් තමන් තුල හදාගත්ත දේටත් මහ ලොකු ඇලීමක් නෑ. මං ඒකයි කිවුවෙ අනිත්‍ය සංඥාව දිහාත් අනිත්‍ය හැටියට බලන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒකත් බැහැර කරන්න ඕන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ දේ භාවිතා කරන්නේ ඒ කාලයට විතරයි. ඊට පස්සෙ ඒකෙන් අයින් වෙන්න ඕන.
ඔය කියන කතාව ලස්සනට ගැලපෙනව දහම් පදයෙ ඊළඟට තියන ඊළඟ වචනෙත් එක්ක.
"සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ"
හන්දිය කඩනවා. මේක ඒකාකාර හැටියටම පුරුදු කරගෙන යන්නෙ නැහැ. අයින් කරන්න ඕන වෙලාවට ආයෙ කෙළෙහි ගුණ සලකන්න මේක තියාගන්න, "මගේ එකනෙ, මම පුරුදු කරපු එකනෙ, මට ඕන වෙච්ච එකනෙ, අනේ බෑනෙ" කියල එහෙම එකක් නෑ. ඒක අයින් කරල දානව එතනින් හන්දිය කඩල දානව.
"හතාවකාසෝ වන්තාසෝ"
කාපු දේවල් තියනව මීට කලින් අපි කෑව මේක. මේ භාවනා කරනකොට අපිට භාවිතා කරන්න සිද්ධ වුනා පින්වතුනි, තමන් කැමති අරමුණකට යනවා කියන එක භාවිතා කරන්න වුනා අපිට. හැබැයි දැන් මම ඒක වමනෙ දාන්න ඕන. පස්සෙ කාලෙකදි වමනෙ දාන්න ඕන. කන කන දේ වමනෙ දානව. දිරවන්න තියාගන්නෙ නෑ. මගේ සන්තකයේ තියාගන්න උත්සාහ කරන්නෙ නෑ.
"ස වේ උත්තමපෝරිසෝ"
බුදු හාමුදුරුවො කියනව අන්න ඒ කෙනා තමයි උතුම් පුරුෂයා කියල. පින්වතුනි අපි මේ පුරුදු කරන්නෙ ඔය කියන තැන ගැන ඉගෙන ගන්න. මේ යන මාර්ගය තුල සකස් වෙලා තියන ක්‍රමය තියෙන්නෙ ඔය කියන තාලයට, ඔය කියන දිශානතියට තමයි. හැබැයි මේකෙන් එක පාරට රහත් වෙන්න බෑ කියල දැන් තේරෙනවනෙ. අපි ඉන්න මට්ටම අපි හරියට හඳුනා ගන්න ඕන.
පහුගිය කාලෙදි සමහර ඇත්තො මට කියපු එක තමයි, "ඔබ වහන්සේ දැන් රහත් වෙලානෙ ඉන්නෙ, දැන් ඔය ඔහොම කියන්නේ" කියල. මම ගත්ත කටටම කියපු කතාව තමයි "මම හොඳ පෘතග්ජනයෙක්" කියල. ඒක අවබෝධ කරාට පස්සෙ, තේරුම් ගත්තට පස්සෙ, ඇත්තටම බිමට බැහැල ඉන්න පුළුවන්. තමන්ගෙ වැරැද්ද හොඳ හැටි තේරුම් ගන්න පුළුවන්. හිතාගෙන ඉන්න තරමක්, හිතාගෙන ඉන්න තාක්,
"නෑ මම මෙහෙම දන්න කෙනෙක්, මෙච්චර දේවල් දන්න කෙනෙක්, මට මෙහෙම කියන්න ඕන, මෙහෙම සලකන්න ඕන, මෙහෙම හිතන්න ඕන"
කියල ඔය ඔක්කෝම ටික එන්නෙ අර ලේබල් එක දාගත්තට පස්සෙ තමයි. මම මෙහෙම දන්නව කියල හිතාගත්තට පස්සෙනෙ මට මෙහෙම සලකන්න ඕන කියල කියන්නෙ. නෑ මං දන්නෙ නෑ කියන තැනට ගියාට පස්සෙ කොහොම සැලකුවත් කාරි නෑ. ගාණක් නෑ.
එදා මෙදා තුර ඇත්තටම කියනව නම් මගේ පැත්තෙන් මම කල්පනා කරන්නෙ මාර්ගඵල ලැබුවාද නැද්ද කියන එකට වඩා, මොන වෙලාවෙදි මට සිහිය තියෙන්නේ, මොන වෙලාවෙද හට සිහිය නැත්තෙ කියල. ඒ වගේමයි ඒ තියන සිහිය මොන වෙලාවෙදි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන දේවල් කැටි වෙලා තියෙන්නෙ, මොන වෙලාවටද මගේ සිහියට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව නැතුව ක්ලේශය එකතු වෙලා තියෙන්නෙ.
ඕකට තියෙන්න පුළුවන්නෙ තරහ. තරහෙන් සිහියෙන් ඉන්න පුළුවන් මට. එහෙම එකක් තියනව. කවුරු හරි එනව නම්, එයාට ගහන්න ඕන නම්, බනින්න ඕන නම්, බලාගෙන එනව වෙලාව එනකං. එහෙම තියනව. මෙහාට පැනපු අර හොරා මං ඉතින් මෙහෙන් වහං වෙනකං බලාගෙන ඉන්න ඇති නෙව. නේ? ඒක තමයි එයාගෙ සිහිය. සම්මා නෑ. ඒකයි මිච්ඡා සතියක් තියෙන්නෙ. සම්මා සතියක් වගේම මිච්ඡා සතියක් තියෙන්නෙ.
මම ඇත්තටම හොයන කාරණාව ඔච්චරයි. ලබපු මාර්ග ඵලය මොකද්ද කියන එක ඇත්තටම අදාල නෑ. ඉතින් මම කියන්න උත්සාහවන්ත වුනේ පින්වතුනි අද දවස තුලදි අපි භාවනා කරනකොට අපේ පුහුණුවට දා ගන්න ඕන තවත් ක්‍රමයක් ගැනයි. අප්පනිධාය භාවනාව. හිතාමතාම හිත පන්නවන්නෙ නැතුව, තියෙන දේත් එක්කම හිත තියාගෙන ඉන්න හිත පුරුදු කරන එක. මේකෙදි මෙතන සැප තියෙන්න පුළුවන්, දුක තියෙන්න පුළුවන්, අදුක්ඛමසුඛය තියෙන්නත් පුළුවන්. කාරි නෑ. ඒ ඔක්කෝටම තියෙන්න දෙනව.
මම විශ්වාස කරනව මේ දේශනාව තුලින් ඔය ඇත්තො තම තමන්ගේ භාවනාව ගැන, භාවනා ගමන සාර්ථක කරගන්න මොකක් හරි ඉස්පාසුවක් ලැබෙන්න ඇති කියල. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 16
චිත්ත රීති 08
සමාහිත බව සහ අතහැරීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයේ අපරිමාණං තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච මේ ඇත්තො වගේම අන්තර්ජාලය ඔස්සේ අප හා සම්බන්ධ වෙන ඔය සුපින්වත් සෑම සියළු දෙනාම බොහොම සාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා.
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත, අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන, සතිමත් බව වැඩීම කියන තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ, මේ සම්බුද්ධ ශාසනය තුල තියන මුදුන් මල්කඩ ගැන විවරණය කෙරෙන වැඩසටහන් මාලාවේ දාසය වෙනි දවසයි අදට යෙදිල තියෙන්නේ. අද දවසේ මාතෘකාව පින්වතුනි, හිතෙහි හැඩතල නැත්නම් චිත්ත රීති කියන ආකාරයට අනුව ගත්ත මාතෘකාව ඔස්සේ යමින් අද කතාබහ කරන්නට උත්සාහ කරනවා සමාහිත බව සහ අසමාහිත බව කියන මේ කොටස ගැන.
භාවනාව කියන විෂයට ඔය ඇත්තොත් මමත් ආගන්තුක නැහැ. අපි හැදිච්ච වැඩිච්ච බෞද්ධ සංස්කෘතිය තුල භාවනාව කියන දේ අපේ ජීවිතේම එක්තරා කොටසක්. ඉස්කෝලෙ පටන් ගන්නකොට මෛත්‍රියෙන් වැඩ කටයුතු පටන් ගත්ත අපි, ඉස්කෝලෙ අවසාන කරනකොට ඡත්ත මානවක ගාථා කියලයි ගෙදර එන්නෙ. මෙකී කාලය තුල පින්වතුනි අපි පුරුදු කරන්නට යෙදුනා එක්තරා විදිහක සිතුවිලි ක්‍රමයක්.
ඒ පුරුදු කරපු ක්‍රම අතරින් සතිපට්ඨානයට කිට්ටු වෙනකොට අපිට අහු වෙන්න ගත්තා අපි අපේ ජීවිතය තුල නොදැකපු තවත් කාරණා කිහිපයක්, පැති සමූහයක් තියනවා කියල. භාවනාව කියන මාතෘකාව සතිපට්ඨානය පැත්තෙන් ගලාගෙන යනකොට කමටහන් වාර්ථාව ආශ්රයෙන් අපි බුක්ති විඳින, අපි අනුමත කරන, අපි අනුගත වෙන, අපි අගය කරන වටිනා යි කියන කාරණා ටික එළියට එනකොට, කියා හිටිනකොට, අපිට අහු වෙන්න ගත්තා මුලින්ම හුස්ම ගැන විතරක්.
පස්සෙ කාලයක් යනකොට හුස්ම නැති එක කතාබහ කරන්න පටන් ගත්තා. කාලයක් යන්න යන්න තමා නිදිමත කියන දේ වෙන්න පුළුවන් කියන එක අපි අනුමත කරන්න පටන් ගත්තෙ. ඊට කලියෙන් භාවනාව තුල අපි හදාගෙන හිටපු රටාව, අපි මවාගෙන හිටපු ක්‍රමය තමයි අසවල් දේ පමණයි භාවනාවේ විය යුත්තේ කියල.
අද මාතෘකා කරගත්ත ගථා පාඨයෙ තියෙන්නේ කරණීය සූත්‍රය ඇත්තටම. ඕක මෙත්ත සූත්‍රය කියලත් කියනව. කරණීය මෙත්ත කියන්නෙ මෛත්‍රිය කරන සූත්‍රය කියලයි කියන්නෙ. මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනව මෙන්න මෙහෙම හරි ලස්සන පාඨයක්. උදාහරණයක් වශයෙන් කියන්නෙ,
"මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ"
අම්ම කෙනෙක් තමන්ට ඉන්නෙ එකම දරුවෙක් නම්, ඒ දරුවව ආරක්ෂා කරනව තමන්ගේ පණ වගේ. අපිට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථා පාඨයෙන්,
"එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයේ අපරිමාණං" කියල.
ඒ වගේ විදිහකට සියළු ලෝකයා දිහාම බලන්න පුළුවන් ඇහැ හදා ගන්න කියල. ඕක තව ටිකක් කෙටි කර කර කෙටි කර කර, ළං කර කර ළං කර කර බැලුවොත්, අපි අපේ කරන භාවනාව තුළදී වත් අපිට තියන, අපිට දැනෙන, අපි බුක්ති විඳින දේවල්වලට වත් එක හා සමාන විදිහේ අගය කිරීමක් දීල, එක හා සමාන විදිහකට දකින්න මීට කලින් ඉගෙනගෙන තිබ්බෙ නැහැ. අපි හිතාගෙන හිටියේ අපි රැක ගන්න ඕන දේ හුස්ම විතරයි. නේද?
අපි අයින් කරන්න ඕන දෙයක් කියලයි දාගෙන හිටියේ නින්ද යන එක. අපිට තරහ එන එක. අකමැත්ත එන එක. කම්මැලිකම හැදෙන එක. එපා වෙන එක. මේ දේවල් අපි බැහැර කරල තිබ්බ. අර උවමනායි, හොඳයි, යහපත් කියල කියන කාරණා ටික ළං කරගන්න, තුරුල් කරගන්න, උත්සාහ කරපු අපි විශ්වාස කරන, භාවනාව හැටියට නෙවෙයි කියල හිතන කාරණා ටික ඉස්මතු වෙනකොට, බැහැර කරන්නට උත්සාහ කළා.
හැබැයි අපක්ෂපාතී නිරීක්ෂණය කියන ඔය වචනයත් එක්ක, ඒ දිශානතියත් එක්ක යන්න වුනාම චුට්ට චුට්ට අපි හඳුනා ගන්න පටන් ගත්තා භාවනාව කියල කියන්නේ මේක මහ සමූහයක් කියල.
ඒක හරියට පින්වතුනි අපේ ජීවිතය වගේ. අපි හැමදාම හිනා වෙවී ඉන්න අය නෙවෙයිනෙ. නේද? අපිට අඬන්නත් වෙනව. දුක් වෙන්නත් වෙනව. පසුතැවිලි වෙන්නත් වෙනව. උත්සාහ කරන්නත් වෙනව. කම්මැලිකමෙන් ඉන්නත් වෙනව. එහෙම හිටියෙ නැත්නම් ඒ ජීවිතේ ගත කරන්න අමාරුයි.
හැබැයි ඔය අතරින් අපි වටිනාකමක් දෙන්නේ අපි අර සංතෝසයෙන් හිටපු, ප්‍රීතියෙන්ම හිටපු, ලොකූ දියුණුවකින්ම හිටපු, අපිට ලොකු වටිනාකමක්ම හම්බ වෙච්ච අවස්ථා විතරයි. අනික් එව්වා අපි බැහැර කරනවා, මෙව්වා අපිට අදාළ නැහැ, වැදගත් නැහැයි කියල. අර ගාථා පාඨයට ගියොත් ආපහු,
"මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයේ අපරිමාණං"
අපරිමාන වෙච්ච, ප්‍රමාණයක් කරන්න බැරි විදිහේ සිතුවිල්ලක් මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක් කෙරෙහිම භාවිතා කරන්න කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මං ටිකක් ඕක ආදේශ කරනවා භාවනාවට. අපි ඒ වුනාට අපේ ජීවිතය තුල සිද්ධ වෙච්ච හැම දේකටම එක හා සමාන විදිහේ සිතුවිල්ලක් මෙතරම් දුර කාලයක් භාවිතා කරල නෑ. සමහර දෙයක් හොඳයි කියල තියාගත්ත වගේම අනික් දේ අයින් කරන්නත් උත්සාහ කලා.
ඒ වුනාට ඔය ඇත්තො මේ අද වෙනකොට ඉන්න ජීවිතේට ඇවිල්ල තියෙන්නේ සතුට නිසාම පමණක්ම නෙවෙයි. දුක නිසාම පමණක්මත් නෙවෙයි. හැබැයි අපි හැම වෙලාවෙම වටිනාකම දුන්නෙ මොකටද? සතුටට විතරයි.
සතුටට විතරයි.
සතිපට්ඨානය කියන මාතෘකාවේදී පින්වතුනි උගන්වන ප්‍රධානම රහස තමයි, 'විය නොහැක්කක් නොමැත' කියන එක. ඔය වචනේ මම ගොඩාක් පාවිච්චි කලා මේ වැඩසටහනේදී.
'වෙන්න බැරි දෙයක් නෑ'
අපිට දැනෙන දෙයක් තියනව නම්, තේරෙන දෙයක් තියනව නම්, අපි භාවනාව තුලදි බුක්ති විඳින යම්කිසි දෙයක් තියනව නම්, ඒක අපි හිතුවට පුද්ගලිකව වෙන්න බැරි දෙයක් කියලා, ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි.
කාරණාව තියෙන්නේ සති පට්ඨානයක් කර ගන්නවාද? ඒ තුල සිහිය පිහිටුවා ගන්නවාද? ඒ දේ දැකපු ගමන් බැහැර කරන්න, අයින් කරන්න, විසික් කරන්න, එළවල දාන්න උත්සාහ කරනවද? කියන එකයි.
සති පට්ඨානයක් කර ගත්තා නම්, ඒ දේ සිහිය පිහිටුවා ගන්න තැනකට පත් කරගන්න අපිට පුළුවන්කම හම්බ වුනා නම්, නිදිමත කියන්නෙත් කමටහනක්. හිත කලබල වෙනව කියන්නෙත් කමටහනක්. තරහ කියල කියන්නෙත් කමටහනක්. ඒ වගේමයි හිත තැන්පත් වෙනව කියල කියන්නෙත් කමටහනක්.
මේ කියන දේ අපිට ඉගෙන ගන්නට කාලයක් වුනා. ඊට කලින් අපේ කමටහන වුනේ ආශ්වාසය හෝ ප්රාශ්වාසය දිහා බලාගෙන ඉන්න එක විතරයි, සමහරක් වෙලාවට නාසිකාග්‍රයේ. ඕක කරන්න බැරි වුනා ගොඩක් වෙලාවට. අවසානෙට අපි ඒක හින්ද කල්පනා කරන්න පටන් ගත්තා. සතිපට්ඨානය තුලින් උගන්වන විපස්සනාව මොකක්ද කියන එක ඇත්තටම අපිට මහ පුදුමාකාර විදිහේ අඳුරු භාවයක් තිබ්බේ. තේරෙන්නෙ නැහැ මොකද්ද මේකෙන් අපිට කියල දෙන්න හදන විපස්සනාව කියල.
හැබැයි සිහියට ප්‍රධාන තැන දීලා පුරුද්ද කරගෙන යන්න වුනාම, මේ විදියට කටයුතු කරගෙන යන්න උත්සාහවත් වෙන්න වුනාම, අපිට හම්බ වෙන්න වුනා ආනාපානය දිහා බලාගෙන ඉන්නකොට හැබැයි ඒක අයින් වෙලා යනව කියලා. අපි අපේ හිතෙන් ඊට පස්සේ අනුමත කරන්න පටන් ගත්තා, අපි අපේ හිතෙන් යම්කිසි අගයක්, වටිනාකමක්, කැමැත්තක් වගේම එකඟතාවයක් දෙන්න පටන් ගත්තා, ආනාපානයට දැනෙන්න තේරෙන්න වගේම බැහැර වෙලා යන්නත් ඉඩ දෙන්න ඕන.
නින්දට එන්න වගේම ඉන්න වගේම යන්නත් ඉඩ දෙන්න ඕන. තරහට එන්න වගේම ඉන්න වගේම යන්නත් ඉඩ දෙන්න ඕන. අපි අනුමත කරන්න පටන් ගත්තා, තේරුම් ගන්න පටන් ගත්තා, නින්දත් එනවා, ඉන්නවා, යනවා කියලා. ආශ්වාසයත් එනවා, තියනවා, බැහැර වෙනවා කියල. ප්රාශ්වාසයත් පටන් ගන්නවා පවතිනවා නැති වෙනවා කියල.
මෙන්න මේ ආශ්රයෙන් අපි තේරුම් ගන්න පටන් ගත්තා පින්වතුනි, මේ ලෝකෙ තුල තියන පුදුමාකාර යථාර්ත වූ ධර්මතාවය නිරන්තරයෙන්ම වෙනස් වන ස්වභාවය කියල.
ඒ නිරන්තරයෙන්ම වෙනස් වන ස්වභාවය අපි හඳුනා ගත්තේ සතිපට්ඨානය පුරුදු කරන කෙනා දේශනාවක තියන මොකක් හරි වචනයක් ආශ්රයෙන්ම නෙවෙයි. එයා පාරිශුද්ධවම අවබෝධ කරන්න පටන් ගත්තා, විනිවිද දකින්න පටන් ගත්තා, තමන්ගෙ අත්දැකීමම, තමන්ගෙ අත්දැකීම තුලම පේන්න පටන් ගත්තා, මෙන්න මෙහෙම ස්වභාවයක් තියනවා ය කියල. ඔය ඇත්තො පහුගිය කාලෙදි කරපු කමටහන් වාර්ථාවල හරි ලස්සනට මේක ගැන කිවුවා. ඒකෙ තිබ්බේ,
"අපේ හාමුදුරුවනේ හුස්ම දැනෙන්න වුනා. මම හුස්මෙ හිටපු බවත් දන්නවා, අවසානෙදි හුස්මෙ නැති බවත් දන්නවා"
කියන මේ කතාව කිවුවා. ඒත් එක්ක කියන්න පටන් ගත්තා,
"මට අමනාපය ආවා. මම අමනාපයෙන් හිටියා. හැබැයි ඊට පස්සෙ අමනාපය නැති වුනා."
අපි අනුමත කරන්න පටන් ගත්තා පින්වතුනි අපි අසමාහිත වෙනව වගේම සමාහිතත් වෙනව කියල. ඒ හැම අවස්ථාවක්ම අපි අංග හැටියට නැත්නම් කොටස් හැටියට වෙනස් කරන්න දකිනවා වෙනුවට පසුකාලීනව ඉගෙන ගන්න පටන් ගත්තා, බුදුරජාණන් වහන්සේ අර මෙත්ත සූත්‍රයේ නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ කියන හැටියට, හැම දේ කෙරෙහිම එක හා සමාන හැටිම බලන්න ඔන්න අපි ඇහැක් හදා ගත්ත.
එහෙම වෙන්න වුනාම අපේ ජීවිතේ තුල අපිට හම්බ වෙච්ච, මුණ ගැහිච්ච හැම අවස්ථාවක්ම, සිද්ධ වෙච්ච හැම අවස්ථාවකටම මේ කියන විපර්යාසය දාගන්න, මේ කියන අවස්ථාව දාගන්න අපිට ලේසි වෙනව.
එතකොට අපි මනින්න යන්නෙ නෑ මේ දේ හොඳයි හෝ මේ දේ නරකයි කියල. අපි දකින්න පටන් ගන්නවා සිද්ධියක ඇති වීමක් වුනා, ඒ සිද්ධිය පවතිනවා, ඒ සිද්ධිය නැති වෙලා ගියා. අන්න එහෙම වෙනකොට අපිට හම්බ වෙන්න පටන් ගන්නවා භාවනාව තුලදිත්, අපේ හිත අල්ලා ගන්න, අපේ හිත පවත්වා ගන්න තියාගන්න දේවල් වගේම අපේ හිත යම්කිසි දෙයක් අතහැරල දාන්න, බැහැර කරල දාන අවස්ථාවලුත් තියනව යි කියල.
යම් අදහසක් එනකොට අපේ හිතට, අපිම තේරුම් ගන්න පටන් ගත්ත හිත අභ්‍යන්තරයෙන් ඒ අදහසට තියන මනාපය රුචිකත්වය වගේම, ඒක අල්ලගන්න දරන වෑයම වගේමත්, කරුණු කාරණා හරිහැටි අවබෝධ වුනාට පස්සේ මොකද්ද මේකෙ තියෙන්නේ, මේක තුල තියන ස්වභාවය මට අල්ලාගෙන ඉන්න බැරිකමක් තියනවා කියන මේ අදහස අපි දකින්න වුනාම, ඒ ලබාපු අත්දැකීම අපේ හිතෙන් ඔන්න බොඳ වෙලා යන්න පටන් ගත්ත, අයින් වෙලා යන්න පටන් ගත්ත, අපි අතහැරිය.
මට මතකයි මීට කාලෙකට කලින් එක උපාසක අම්ම කෙනෙක් මා අතින් ඇවිල්ල කිවුව, (මේක වුනේ ගාල්ල පැත්තෙ මට මතක හැටියට. එහෙ භාවනා වැඩසටහනක් කරනකොට)
"හාමුදුරුවනේ, මම දවසක් බුදු ගුණ වඩ වඩා ඉන්නකොට හිත හොඳට තැන්පත් වුනා. ඒක හරීම ප්‍රියකරුයි. පුදුමාකාර සංතෝසයක්, සැහැල්ලුවක් දැනිච්ච දෙයක්. මට වචනයෙන් විස්තර කරන්න බෑ හාමුදුරුවනේ."
කියල අඬන්න ගත්ත. මං ඇහුව ඇයි කියල.
"දැන් ඒක නෑනෙ හාමුදුරුවනේ" කියන්න වුනා. "දැන් ඒක නෑනෙ"
ඇයි ඒ නැත්තෙ? දැන් ඒක නැත්තෙ, නැති වෙන්න පුළුවන් හින්ද. නමුත් දැන් තියන දෙයක් තියනවා. ඒ තියන දේ මං අනුමත කරන්නෙ නෑ අර වගේ දෙයක් කියල.
හැබැයි මම අර හිතේ හැදිච්ච, ඒ විදියට දැනිච්ච, ඒ විදියට තේරුම් බේරුම් ඇති කරගත්ත, ඒ සමාධිය හරි මොකක් හරි කමක් නෑ හිතේ තැන්පත්කමට දීල තියන වටිනාකමක්, අගය කිරීම හා සමාන අගය කිරීමක්, ඒ දේ බැහැර වෙලා ගිය එකට මම දෙන්න කැමති නෑ. ඒ සිතුවිල්ලට දෙන්න කැමති නෑ.
සතිපට්ඨානය තුලින් පින්වතුනි උගන්වන්නේ හැම එකක්ම කමටහනක් කර ගන්න නම්, හැම දෙයක්ම කමටහනක් කරගන්න නම්, අපි පරිවර්තනය වෙමින් පවතිනවා බුදුරජාණන් වහන්සේ අර දේශනා කරපු කරණීය මෙත්ත සූත්‍රයේ තියන අර වචන පෙළට. අපිව කිට්ටු වෙමින් පවතිනව. අපි හඳුනා ගන්න පටන් ගන්නවා අපි හැමෝම දෙමව්පියෝ. අපි හැමෝම අම්මල වගේ තමයි කියල.
මේ භාවනා ලෝකය තුලදී හම්බ වෙන හැම දේකටම ඔන්න අපි පටන් ගන්නවා එක හා සමාන අගය කිරීම් ටිකක් දෙන්න. අන්න එතකොට අපිට හම්බ වෙනවා අපේ හිත තැන්පත් වෙච්ච අවස්ථාවලුත් තියනවා, තැන්පත් නොවෙච්ච අවස්ථාවලුත් තියනවා. මීට කලින් ඔය ඇත්තන්ගෙ කමටහන් වාර්ථාවල්වල වැඩමනක්ම තිබුනේ සමහරවිට අපිට සංතෝසමත් වෙච්ච අවස්ථා වගේම අසංතෝසමත් වෙච්ච අවස්ථා විතරක් වෙන්න පුළුවන්. දැන් මං හිතන්නෙ මේ ටික ඔක්කොම අපිට එකතු කරන්න පුළුවන් අවස්ථාවක් තියනව. මේ ඔක්කොම එකට එකතු කරන්න පුළුවන් අවස්ථාවක් තියනව.
අපේ හිත ඔප් නැංවෙච්ච, සතුටු වෙච්ච අවස්ථා වගේම ඒ සතුට නැති වෙලා ගිය අවස්ථාවත් අත්දැකීමක් හැටියට කියන්න දැන් අපිට හැකියාවක් තියනව. හා...මෙන්න මේකටයි කියන්නෙ සතිපට්ඨානය කියල.
ආනාපාන සති සූත්‍රයේ බලන්න මේ චිත්ත සංඛාර කියන කොටස් ඉවර වුනාට පස්සෙ, චිත්ත පටිසංවේදී ත් ඉවර වුනාට පස්සෙ, ඊට පස්සෙ කියනව සමාහිත බව තේරුම් ගන්නව, විමුක්ත වෙච්ච භාවය තේරුම් ගන්නව, ඒත් එක්ක ආශ්වාසය බලනව ප්රාශ්වාසය බලනවයි කියල. අපි අපේ භාවනාව තුල පින්වතුනි ඔය කියන රටාවල්, ඔය කියන ලක්ෂණයන් බුක්ති විඳ ගනිමිනුයි මේ භාවනාව කරගෙන යන්නෙ.
එක පර්යංක වාරයක් කියල කියන්නෙ හුදෙක් ආනාපානයම, නැත්නම් ආශ්වාසය සහ ප්රාශ්වාසයම දකිනවා කියන එක විතරක් නෙවෙයි. අපි දැන් ඒක පිළිගන්නවනෙ. ඇත්තටම අපේ ජීවිතය වගේමයි. මොකද්ද සමානකම?
අපේ ජීවිතේට හැමදාම සංතෝසය, දුක, ප්‍රශ්ණ, කරදර, එව්වගෙන් නිදහස් වෙන එව්ව, එව්වගෙන් බැහැර වෙන එව්ව, තව ප්‍රශ්ණ වැඩි කරගන්න එව්ව, අනං මනං ඔය ඔක්කොමත් එක්ක තමයි මේ ජීවිතේ ගලාගෙන යන්නෙ. ඒ වගේම තමයි අපේ භාවනාව කියන මේ ගමනත් ගලාගෙන යන්නෙ. කොහොමද?
හිත පල්ලෙහාට වැටෙන ඒව, සමාහිත වෙන ඒව, අසමාහිත වෙන ඒව, නින්දට යන ඒව, කාමයට යන ඒව, රාගයට බර වෙන ඒව, ඒවගෙන් නිදහස් වෙන ඒව, ආනාපානය තේරෙන ඒව, තේරෙන්නෙ නැති ඒව, ශරීරය මෘදු සැහැල්ලු වෙන ඒව, මෘදු සැහැල්ලු වෙන්නෙ නැති වෙන ඒව, ඒවට මම කැමති වෙන ඒව, ඒවට මම අකැමති වෙන ඒව ආදී මේ හැම එකක් එක්කමයි පින්වතුනි අපේ භාවනා වාරයක් සකස් වෙලා තියෙන්නෙ. භාවනා වාරයක් සම්පූර්ණ වෙන්නෙ.
ඊට කලියෙන් ඕව අපේ කමටහන් වාර්ථාවෙ හෝ අපේ අභිලාශය තුලදී අපි කියල දුන්නෙ, අපේ හිතට උගන්වන්න පටන් ගත්තේ,
"හා...හුස්ම බලන එක විතරයි. මං කරන්නෙ මෙනෙහි කිරීම විතරයිනෙ. මට මේක තමයි මගේ භාවනාව වෙන්නෙ."
හැබැයි මම ගැටෙනවා කියන එක හඳුනා ගන්න ගියේ නෑ. මම ඇලෙනවා කියන එක හඳුනාගන්න ගියේ නෑ. ඒක තිබ්බා යටින්. එහෙම නේ? මේ තියන දේට වඩා මේ දේටයි මම කැමැත්ත තියෙන්නේ කියන මේ කතාව තිබ්බා මේක යට. අපි මීට කලින් ඒක හඳුනා ගන්න ගියේ නෑ.
නමුත් සතිපට්ඨානය කියන මේ වචනයටම පින් සිද්ධ වෙන්න, බුදුරජාණන් වහන්සේගේ මේ අසහාය ගණයේ දේශනාවට පින් සිද්ධ වෙන්න දැන් අපිට හම්බ වෙන්න පටන් ගන්නව අපි කොහෙද මේ පඹගාලෙ පැටලුනේ කියල. අපි කොහෙද පැටළුනේ කියල.
වෙන කොහෙවත් නෙවෙයි පින්වතුනි අපිම හොඳයි හොඳයි, සැපයි, නියමයි, යහපත්, අද කාලෙ වචනයක් තියනව මේක බණට නම් හරියන්නෙ නැහැ නමුත් කිවුවාම කාටත් තේරෙනවා "පට්ට" කියල හිතපු අන්න ඒ දේවල් හින්ද තමයි මේ වැඩේ වුනේ. එව්ව ගන්න ගිය හින්දයි මේ අවුල. මේ ප්‍රශ්නෙ.
අපි ගත්ත ඒ දේවල් ගන්නෙ මම හැටියට. මගේ හැටියට. මගේ ජීවිතේ, මගේ ආත්මය හැටියට. බලන්න ඔය අනාත්මය ගැන කියල දෙන සූත්‍රවල හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
"යංදුරේ සංතිකේවා"
ළඟ තියන දෙයක් හරි, දුර තියන දෙයක් හරි, වෙච්ච දෙයක් හරි, වෙමින් පවතින දෙයක් හරි, පොඩි දෙයක් හරි, ලොකු දෙයක් හරි, ප්‍රණීත දෙයක් හරි, ප්‍රණීත නැති දෙයක් හරි, විශාල දෙයක් හරි, පොඩි දෙයක් හරි කමක් නෑ ඒව මම හැටියට ගන්නව නම්, 'ඒක තමයි මම,' 'ඒක තමයි මට තියෙන්න ඕන' කියල ගන්නව නම්, 'මේක තමයි මගේ විදිහ' කියල ගන්නව නම් 'මේක තමයි මගේ ජීවිතය' නැත්නම් 'මගේ ලෝකය' කියල ගන්නව නම්, 'මට වෙන්න ඕන දේ' හැටියට ගන්නව නම්, ඒ කෙනා දුකක් හදා ගන්නවා කියන එක ඉතින් නතර කරන්න වෙන්නෙ නෑ. ඕක ඔය විදියට නොගන්න ස්වරූපයයි අපි මේ ඉගෙන ගනිමින් යන්නෙ.
අපි මුලින් 'මම' හැටියට ගත්තා.
"ආනාපානය විතරයි මම"
"ආනාපානය විතරයි මගේ භාවනාව"
"කාමය මට තේරෙන එක මට නින්ද යන එක භාවනාව නෙවෙයි"
එහෙම මමක් අපිට තිබ්බා. එහෙම නේද? දැන් එව්ව අපි බැහැර කරන්න පටන් ගන්නව. දැන් අර මමත්වයකින් තොරව අපි ආනාපානය දිහා බලන්න පටන් ගන්නව. අපිට නින්ද යන එක දිහා බලන්න පටන් ගන්නව. මගේ දෙයක් හැටියට නැතුව මේක ධර්මතාවයක් හැටියට.
අන්න එතකොට පින්වතුනි අපි කිට්ටු වෙනවා අර කරණීය මෙත්ත සූත්‍රයේ තියන අර ලස්සන වචනෙ ගාවට. අපිත් හරියට අම්ම කෙනෙක් වගේ වෙනවා, හැම දෙයක් කෙරෙහිම එක හා සමාන ඇහැකින් බලලා ඒ හැම දේකටම එක හා සමාන විදිහේ වටිනාකමක් ගරුත්වයක් දෙන්න උත්සාහ කරන කෙනා හැටියට.
මේක හරි ලස්සන ජීවිතයක්. ඒක හරි සැනසිලිදායක ක්‍රමයක්.
මෙහෙම වෙනකොටයි තේරෙන්න පටන් ගන්නේ සතිපට්ඨානය තුලින් කියල දෙන විපස්සනාව, ඇස අනිත්‍යයයි හෝ කන අනිත්‍යයයි, අසවල් දේ තුල තියෙන්නෙ ධාතු හැටියට, කියලා මෙනෙහි කරන එකට වඩා ටිකක් උසස් තලයක දෙයක් කියල. ඒ තුලින් ලැබෙන අවබෝධය පින්වතුනි ඒක අපි මෙනෙහි කරල ගන්න එකක් නෙවෙයි ඒක අපි ස්පර්ශ කරල ලබන දෙයක්.
"කායේන චේව පරම සච්චං සච්චිකතංති"
කියලයි කියන්නෙ පාලියෙන්. ඔය 'චංකි සූත්‍රයෙ' එහෙම තියනව ඔය වචනෙ. අපි මේ දේවල් ස්පර්ශ කරන්නෙ මේ වෙන කෙනෙකු කියන හින්ද නෙවෙයිනෙ. අපිම දකින්න පටන් ගන්නව. අපිම තේරුම් ගන්න පටන් ගන්නව. අපිම බුක්ති විඳිනව.
ඒ දේවල් බුක්ති විඳින හින්දා, ඒ දේවල්වලට අපි සම වදින හින්දා, අපි දේවල් දැන් අනුමත කරනව මේ තාලෙන්. ඊට කලියෙන් අපිට භාවනාව කියල කියන්නේ එක්තරා ක්‍රමයක් විතරක් වුනාට, දැන් තේරෙනවා ඒ දේවල් වලින් නිදහස් වෙන එකත් අපි හඳුනා ගත යුතුයි.
අපේ හිත අසමාහිත වෙලා තිබිලා ඒ අසමාහිත භාවයෙන් නිදහස් වෙන වෙලාව සමාහිත භාවයට පත් වෙන අවස්ථාවල් අපි මැනවින් හඳුනා ගත යුතුයි. අපේ හිතේ ආශාව, රාගය, උවමනාකම, කැමැත්ත, ලෝභය, දෝසය ආදී දේවල් තිබිලා ඒවගෙන් නිදහස් වෙන වෙලාව අපි පැහැදිලිවම හඳුනා ගත යුතුයි. ඒවගෙන් බැහැර වෙන අවස්ථාව, නිදිමතින් පවා, මම දැන් මෙයින් බැහැර වුනාය කියල.
මේ හැම එකක්ම පින්වතුනි එතකොට සතිපට්ඨානයට අයිති දේවල්. මුලින් අපි මේකෙ බැලුවෙ ඇත්තටම කියනව නම් හුස්මක් තියනවද කියන එක විතරයි. ඇඟක් පේනවද කියන එක විතරයි. දැන් බලනවා ඒකෙ ඇතුලෙ තියන කතා මොනවද කියල. මං ඒකයි කිවුවේ මේ කියන සතිපට්ඨානය මේ කියන ආනාපාන සති සූත්‍ර දේශනාව පුදුමාකාර පෙරහන්කඩක් කියල.
අපේ ජීවිතේ තුල අපි දැකපු නැති විදිහේ කෙලෙස් හැංගිලා තියන තැන් ටික ඔක්කෝම හාර අවුස්ස අවුස්සා, හාර අවුස්ස අවුස්සා අපිව පිරිසිදු කරල දෙනව. භාවනාවට වාඩි වෙන කෙනා නෙවෙයි භාවනාවෙන් නැඟිටින්නෙ. හේතුව එයා දකිනවා, තේරුම් ගන්නවා, මං අසවල් දේට වැඩිපුර ඇලීමක් දක්වනවා, මං අසවල් දේට ගැටීමක් තියනව කියල.
ඇලීමක් තියනවා නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාගෙ ගැටීමකුත් තියෙන්න ඕන. හේතුව හිතක සමබරතාවය රැඳෙන්නෙ එහෙම. හිතක් නම් සමබර වෙන්න රාගය සහ ද්වේශය කියන මේ දෙකම තියෙන්න ඕන. ඒකයි ඔය දෙකම එක හා සමාන විදියට මං හිතන්නෙ විනිර්මුක්ත වෙලා යන්නෙ, නිරෝධ වෙලා යන්නෙ ඔය මාර්ගඵල වලදි පවා.
සකෘදාගාමී කෙනාට තදංග හැටියට තියන රාග දෝස අයින් වෙනවයි කියලයි කියන්නෙ. බරට තියන දේවල්. අනාගාමී කෙනාට තමා අනුශය හැටියට තියන රාග දෝස අයින් වෙනව කියන්නෙ. හැබැයි මේ එක තැනකවත් දේශනා කරන්නෙ නෑ එක් කෙනෙක්ට රාගය අයින් වෙලා එයාට අනික් මාර්ග ඵලයෙදි තමයි ද්වේශය අයින් වෙන්නෙ කියල.
මං හිතනව මේකට හේතුව තමයි හිතේ මේ පැතිකඩේ තියන සමානකම. අපිට තියන ඇලීමේ තරමටම අපිට ගැටෙන්නත් පුළුවන්. ඒකයි පින්වතුනි අපි හදා ගන්න ඕන, අපේ ජීවිතය තුල මගේ ඇලීම මෙන්න මේ සීමාවෙන් මෙහාටයි තියාගන්නෙ කියල. අන්න එහෙම වුනාම අපි නිදහස් වෙනවා. කොහොමද? මගේ ගැටීමත් මෙන්න මේ සීමාවෙන් මෙහාටයි තියෙන්නෙ කියන මේ මධ්‍යස්ථ වූ ප්‍රමාණයකට අපි අපේ හිත පුරුදු කරන්න පටන් ගන්නව.
ඒක කාටවත් අඟිල්ලෙන් ඇනල කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනම දෙයක් කෙරෙහි ඇති කර ගන්නා වූ ඇලීම සහ ඇති කර ගන්නා වූ ගැටීමෙහි ප්‍රමාණය තීන්දු තීරණය කරගන්න එකේ ස්වාධීන අයිතිය තමන්ට තියනව. මේකෙ අයිතිකාරය තමන්. ඇත්තටම කියනව නම් අපේ ජීවිතේ මැවුම්කාරයා වගේම විනාස කාරයාත් අපිම තමයි.
ඉතින් අපේ ජීවිතය තුල ඔය කියන ලක්ෂණ දකින්න පින්වතුනි, ඔය කියන ලක්ෂණ දකින්න සතිපට්ඨානය කියන මේ භාවනා ක්‍රමය පුදුමාකාර අස්වැසිල්ලක්, මඟ පෙන්වීමක් ලබා දෙනව වගේම පුදුමාකාර තල්ලුවක් දෙනව. අපි අපේ ජීවිතේ තුල මෙච්චර කාලයක් දැකපු නැති විදිහේ, අහුමුළුවල හිර වෙලා තිබිච්ච, ඒ දේවල් ටික එළියට අරගෙන ඒවට එලව එලවා ගහන්න නෙවෙයි, ඒව අවබෝධයෙන් දැකල බැහැර කරන්න අපි දැන් ඉගෙන ගන්නව. ඒව අවබෝධයෙන් දැකල ඒවගෙන් නිදහස් වෙන්න අපි ඉගෙන ගන්නව. අපි දැන් තේරුම් අරගෙන තියනව.
"යං නතුම්හාකං තං පජහත" කියල
"යමක් මගේ නෙවෙයි නම් ඒක අතහරින්න ඕන"
කියල දැන් අපි ඉගෙනගෙන තියනව. ඊට කලින් අපි දන්නෙ නැහැ ඇත්තටම. අර උපාසක අම්ම ගත්තොත් හරි අහිංසකයි එයා. එයා දන්නෙ නෑ එයාට ආපු ඒ භාවනා අත්දැකීම, සමාධියක් හැටියට හරි මොකක් හරි හැටියට ඒ දැනිච්ච අත්දැකීම, මගේ නෙවෙයි කියල දන්නෙ නෑ. ඒ හින්ද ඒක බැහැර කරන්න බෑ. ඒක මගේ කියල ගත්ත. ඒකයි වෙන්නෙ.
ඉතින් දැන් අපි තේරුම් අරන් තියනව පින්වතුනි මේ හැම එකක්ම සංඛත සකස් කිරීම් කියල. ඒ සකස් කිරීම වෙන්නෙ මොකක්ද? යම්කිසි දෙයක් පවතිනව නම් අපි දැන් දන්නව ඒක නැති වෙලත් යනවමයි අනිවාර්යයෙන්ම කියල. ඒක අපිට පේන්න පටන් අරගෙන තියනව. පොතේ හැටියට නැතුව.
ඊට කලියෙන් ඒ තියන දේවල්වල අපිට උවමනා කරපු විශේෂ කාරණා විතරක් අපි අවධානයට ලක් කරා වෙනුවට, දැන් ඒ තියන සමස්ථ සම්පූර්ණම කාරණා ටික ග්‍රහණය කරගන්නට අපි උත්සාහවන්ත වෙනව. උත්සුක වෙනව. මෙන්න මේ විදියට යනකොට පින්වතුනි අපේ හිතේ හැංඟිලා තිබිච්ච, අපිට මේතාක් දුරට දුකක් ඇති කරල දුන්න ඒ කාරණා ටික අපිට හම්බ වෙන්න පටන් ගනීවි. අපි අවබෝධ කරාවි, තේරුම් බේරුම් ඇති කරගනීවි, එක භාවනා වාරයක් තුලදි අපිට සිද්ධ වෙන්න පුළුවන් විපර්යාස මහා විශාල ප්‍රමාණයක් තියනව යි කියල.
එතකොට කමටහන් වාර්තා වුනත් හරි ලස්සන වේවි. හරි චිත්තාකර්ශණීය වේවි. මොකද නිදිමත, කරුණාව, මෛත්‍රිය, තරහ, බය, ආශාව, ඊර්ෂ්‍යාව, තැන්පත්කම, කල්පනා කරන එක, කල්පනා කරන්නෙ නැති එක, විවේචනය, විවේචනය නොකරන එක ආදී මේ වගේ තියන ඔක්කොම කැටි වෙච්ච දෙයක් මේක. හැබැයි මේ තියන ටික හරියට හඳුනා ගත්තට පස්සේ පසුකාලීනව පුළුවන්කම තියනවා, අපිට ඕනකම තියන, උවමනාව තියන, උවමනාම කරන ටික විතරක් අරගෙන ලස්සනට ගමනක් යන්න.
මං හිතනව ඒ ටික කරන්න මේ කියල දුන්න කාරණා ටික ප්‍රයෝජනවත් වෙයි කියල. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 17
චිත්ත රීති 09
සිහිය සහ මමත්වය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"යංදුරේ සංතිකේවා
නේතංමම නේසෝහමස්මි
නමේසෝ අත්තාති
සම්මා පඥාය දට්ඨබ්බංතීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශණාව කේන්ද්‍ර කරගත්ත, අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන, දහහත් වෙනි භාවනා වාරයයි අදට යෙදිල තියෙන්නේ. දහසය වෙනි භාවනා වාරය වෙනකංම අපි සාකච්ඡාවට භාජනය කලේ චිත්ත රීති නැතිනම් හිතෙහි සකස්කඩ නැත්නම් හිතෙහි ක්‍රියාදාමයන් සුළු සුළු වශයෙන් හෝ අධ්‍යනය කරන ආකාරයයි. භාවනාවේදී ඒ දේවල් ග්‍රහණය කරගන්නා වූ ආකාරයයි අපි ඉගෙන ගන්නට පුරුදු කරන්නට උත්සාහවත් වුනේ.
ඒ මාතෘකාව යටතේදීම අද දවසේදී මම කල්පනා කලා කතාබහ කරන්න කියලා 'සිහිය සහ මමත්වය' කියන මාතෘකාව ගැන.
ඔය ඇත්තො දන්නවා මේ භාවනා වැඩසටහන් මාලාව අපි ආරම්භ කලේ සතිපට්ඨානය කියන බුදුරජාණන් වහන්සේගේ ඒ අසහාය ගණයේ භාවනා ක්‍රමය, දේශණාව කේන්ද්‍රගත කරගෙනයි. ඒ අනුසාරයෙන් යන ගමනේදී පින්වතුනි අපිට භාවනාව තුලදී මුණ ගැහෙන, හම්බ වෙන කාරණාවන් අතර එකක් හැටියට හඳුන්වන්න පුළුවන් සතිමත් වීම.
නිරතුරුවම අපිට අවස්ථාවක් හම්බ වෙනවා, සත්පට්ඨානයට අනුකූලව භාවනාවක යෙදෙනකොට, සතිමත් වෙන්නට අවස්ථාවක් තියනවා, මේ මොහොතේදී මම දැන් මෙතන, එහෙම නැතිනම් දැන් මේ දෙයයි තියෙන්නේ ආදී වශයෙන්. ඒ විදියට හිත හදා ගන්න එක සතිපට්ඨාන භාවනාවේ පළවෙනි පියවර, පළවෙනි අඩිය කියල කියන්න පුළුවන්.
හැබැයි භාවනාව කියන විෂය තවදුරටත් බුදුරජාණන් වහන්සේ විකාශනය කරගෙන යනවා, ඔය ඇත්තො පෙල දහම ගැන දැනුමක් තියන හින්දා, ඔය බොජ්ජංග වලට එහෙම කතා කරන්න වුනොත් එහෙම, සිහිය කියන ඉන්ද්රිය, බොජ්ජංගය, ඒ ගුණය වැඩුනු කෙනාට සම්පජන්‍ය ලක්ෂණ ටික මතු වෙන්න පටන් ගන්නවා. තේරෙනවා.
අපේ භාවනාවේදී ඔය ටික වෙන්න සමහර වෙලාවල් වලදී අවස්ථාව හම්බ වුනා, ඔය ටික ග්‍රහණය කරගන්න, බලාගන්න, දැකගන්න. ඒ කොහොමද කියනවා නම්, වේදනාවක් එනවා නම්, වේදනාව මුලින් ඔහේ වේදනාව ආවා නැත්නම් තියනවා කියල දකින අපි, පස්සෙදි දකින්න පටන් ගත්තා වේදනාවේ අඩුවැඩි වීම් තියනවා කියල.
එක්කො ඒක වැඩියෙන් පටන් අරගෙන, අඩුවෙලා, නැති වෙලා ගියා. එහෙම නැතිනම් හෙමීට පටන් අරගෙන, වැඩි වෙලා වැඩි වෙලා, අඩු වෙලා, නැති වෙලා ගියා. ආදී වශයෙන් අපි සතිමත් වෙන අරමුණේ ජීවත් වෙන්නට ඒ සතිමත් වෙච්ච අරමුණ තුල තිබිච්ච සංඝටකයන් ටික, ධර්මතාවයන් ටික, විනිශ්චය කර ගන්නට අපිට ඉඩහසර හම්බ වෙන්න පටන් ගත්තා.
ඕක සිතුවිල්ල දකින්න සිතුවිල්ල බලන්න ඉගෙන ගත්තා නම්, එතනදිත් ඒකම තමයි. ආශ්වාසයක් හෝ ප්රාශ්වාසයක් දිහා බලන්න ඉගෙන ගත්තා නම්, එතනදිත් ඕකම තමයි. ඒ අනුසාරයෙන් බලනකොට පින්වතුනි, අපි මේ යන භාවනා ගමන තුල කොහෙවත් තැනක හිර වෙන්න කාරණාවක් නැහැ, මොකද අපිට අපිව පේන්න පටන් ගන්න හින්දා.
මීට කලියෙන් අපිට හොරෙන්, අපිට වහං කරලා, අපි ඉස්සරහට ආපු අපේම කෙලෙස් පසුකාලීනව අපි ඉගෙන ගත්තා හඳුනා ගන්නට. මට තරහා එනවා නම්, "ඔව් මට තරහ එනවා." මට තරහ වැඩි වෙනවා නම්, "ඔව් මට තියන තරහ දැන් වැඩි වෙනව." හැබැයි ඒ තිබුන තරහ නැති වෙලා යනවා නම්, විශේෂයෙන්ම ඔන්න ඔය කොටසත් හඳුනා ගන්නට අපි උත්සාහවත් වෙන්න පටන් ගත්තා, හිත පුරුදු කරන්න පටන් ගත්තා, "ඔව් දැන් ඒ තිබිච්ච තරහා නැති වෙලා යනවා" කියලා.
මොකද සාමාන්‍ය ලෝකයාට ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් දැනුමක් තමා, ඇති වීම සහ පැවතීම. නමුත් නැතිවීම කියන දේ ඒ අයගේ චිත්ත සන්තාන වලට හුරු නැති දෙයක්. මං හිතන්නෙ ඒක හන්දා වෙන්න පුළුවන්,
"විරාගෝ සෙට්ඨෝ ධම්මානං"
කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙත්. ධර්මතාවයන් අතර බලන්න වටින, තේරුම් ගන්නට වටින, ඉතාම වැදගත්ම ධර්මතාවය තමයි විරාගය කියල තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගාථා පාඨයක.
ඒ අතරින් බලනකොට පින්වතුනි අපි අපේ ජීවිතය තුල විවිධාකර දේවල් දැක බලාගන්න තේරුම් බේරුම් ඇති කරගන්න තැනට අරන් එන අපේ මේ සතිපට්ඨානය, සිහිය තුල අපි ලබා ගන්නා වූ අත්දැකීම අපි ලබාගන්නා වූ භාවනාවේ ඒ ප්‍රායෝගිකත්වය තුලින් අපේ ජීවිතවල තියන ගැටළු ප්‍රශ්න නිරාකරණය වෙන බවයි තථාගතයන් වහන්සේගේ දේශණාවේ කියල දෙන්නේ.
ඒ ගමන යන්නට අපිට පාර කියල දෙන මේ සතිපට්ඨානයට අහු වෙන්න ඕන තව පැත්තක් තමා එතකොට අපි ගාව තියන මේ මමත්වය කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර සූත්‍රවල තියනවා මෙන්න මෙහෙම. අද මාතෘකා පාඨය කරගත්ත ගාථාවත් එහෙම දේශනාවකින් තමයි.
ළඟ හෝ වේවා දුර හෝ වේවා කුඩා හෝ වේවා විශාල හෝ වේවා ප්‍රණීත හෝ වේවා කටුක හෝ වේවා ඕනෑම දෙයක් අපිට උගන්වනවා පින්වතුනි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියල ගන්න.
තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තමයි අතීතයේ වෙච්ච හෝ මේ දැන් සිදු වෙමින් පවතින, ළඟ දෙයක් හරි කමක් නෑ, දුර දෙයක් හරි කමක් නෑ, ප්‍රණීත දෙයක් හරි කමක් නෑ, ප්රණිත නැති දෙයක් හරි කමක් නෑ, මටසිළිටු දෙයක් හරි කමක් නෑ, ගොරෝසු දෙයක් හරි කමක් නෑ, රසවත් දෙයක් හරි කමක් නෑ, කර්කශ දෙයක් හරි කමක් නෑ, හොඳ දෙයක් හරි කමක් නෑ, නරක දෙයක් හරි කමක් නෑ, අපි තියාගෙන ඉන්නවා නම් මයෙ පුතා මගේ කියලා, මේක තමයි මගේ ක්‍රමය, මේක තමයි මගේ විදිහ, මේ විදිහ තමයි මට තියෙන්නේ, මේ විදිහේ ක්‍රමයක් තමයි මට උරුම මගේ උරුමය, මේ අනුසාරයෙන් තමයි මම කියන චරිතය ගොඩ නැඟිල තියෙන්නෙ, මට හැමදාම තියෙන්න පුළුවන් විදිහ හැඩතලය මෙන්න මේකයි කියලා අරගන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ.
හැබැයි සතිපට්ඨානය පුරුදු නොකරන තාක්කල් අපි ඔය කාරණා දේශනා ආශ්රයෙන් අහල තියෙන්න පුළුවන්. පරිශීලනය කරල තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට හාමුදුරුවන්ටත් වඩා විස්තර තේරුම් කරල දෙන්න වෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය ජීවිතය තුලදි මයෙ පුතේ අපිට වෙන අත්දැකීම් ඔක්කොම ගන්නෙ මට වුනා කියල නේද?
මට මෙහෙම එකක් වුනා, මට මෙහෙම එකක් කලා හෝ භාවනාව තුලදි නම්, මම මෙහෙම අත්දැකීමක් ලබාගත්තා, ඊයෙත් මට මේ විදිහයි තිබ්බේ, පෙරේදත් මේ විදිහයි තිබ්බේ, අදත් මේ විදිහයි තියෙන්නේ, එහෙනම් හෙටත් මේ විදිහයි කියලා අපි මේ විදියට නේද ගොඩක් වෙලාවට ගන්නෙ?
එතකොට තථාගතයන් වහන්සේ ඔය දේශනා කරන ඒ ක්‍රමය ඒ මානසික වූ තලය සියළු දේකින්ම නිදහස් වෙච්ච නිර්මල වූ හිතක ස්වභාවය. ඒ නිර්මල හිතක ස්වභාවය අපි හදාරන්න පුළුවන් සූත්රානුකූලව, නමුත් ප්‍රායෝගිකව අත්දැකීම් ලබන වෙලාවටයි කියන්නෙ සතිපට්ඨාන භාවනාව කියල.
මේ සතිපට්ඨාන භාවනාව සිදු කරන මොහොතේදීම පමණයි, ඒ අවස්ථාවේදීම පමණයි අපි හඳුනා ගන්න පටන් ගන්නේ මේ ලබා ගන්නා වූ අත්දැකීම හුදු අත්දැකීමක් ගණයට දානවාද, එහෙම නැති නම් ඒක තමයි මට තියන දේ හැටියට මාව එකතු කරලා, මගේකම එකතු කරලා, මගේ ලෝකය, මගේ චිත්ත සන්තානය (ඕකට දේශනාවෙම කියනව මගේ ආත්මය කියලා) අනුසාරයෙන්ද මේක ගන්නෙ කියන එකයි හොයන්න ඕනෙ.
සම්පජන්‍යය කියන ලක්ෂණයේ තේරුම,
"උප්පජ්ජංති උපට්ටහංති
අබ්බත්තං ගච්චංති"
"විදිතා වේදනා උප්පජ්ජංති
විදිතා උපට්ටහංති
විදිතා අබ්භත්තං ගච්චංති"
"විදිතා සංඥා උප්පජ්ජංති
විදිතා උපට්ටහංති
විදිතා අබ්භත්තං ගච්චංති"
"විදිතා විතක්කා උප්පජ්ජංති
විදිතා උපට්ටහංති
විදිතා අබ්භත්තං ගච්චංති"
ඔච්චරයි. සම්පජානනය ඇති කරගන්න පුළුවන් කාරණා ත්‍රිත්වයක් තමයි අපේ ජීවිතය තුල තියෙන්නෙ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් විතර්ක. අනික් එක තමයි සංඥා, විවිධාකාර හඳුනාගැනීම්. ඊළඟ එක තමයි වේදනා, වින්දනයන්. ඔය කියන දේවල් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හඳුනා ගන්න කියලා, එන බව, තියන බව සහ යන බව.
හැබැයි අපි බොහෝ වෙලාවල්වලට හඳුනා ගන්නව පින්වතුනි, එන එක අල්ල ගන්න දක්ෂ වෙන්න පුළුවන් හෝ තියන එක ගොඩක් වෙලාවට අල්ලනව, නමුත් අතහැරිල යන එක දැක්කා වුනාට හිතන්න පුළුවනි, හිතේ තියාගෙන ඉන්න පුළුවනි, තාමත් මේ දේ තියනවා කියන අදහසක්. ඒ තිබිච්ච කාරණේ හෝ අත්දැකීම හෝ ගැටළුව හෝ මොකක් හරි කමක් නෑ තියෙන දේ තාමත් තියන හැටියට නම් අපි අදහස් දරාගෙන ඉන්නේ, ඒ අනුසාරයෙන් නම් හිතේ තැන්පත් කරගෙන ඉන්නේ, ඒක වැටෙන්නෙ නෑ සම්පජන්‍යය ගණයට.
ඒ දේ වැටෙන්නෙ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය අනාත්මය හොයාගෙන යන ඒ ඉසව්වට. ඒ අනාත්මය දකින ස්වභාවයට ඒක අහු වෙන්නෙ නැහැ. අපි තුල තාමත් අපි ආත්මයක් හදාගෙන තියනවා මගේ වේදනාව, මගේ සංඥාව, මගේ සිතුවිල්ල හැටියට. ඔය දේවල් තියෙන්න පුළුවන් ලොකු දෙයක් හැටියට හෝ පොඩි දෙයක් හැටියට, ප්‍රණීත හැටියට හරි ප්‍රණීත නැති හැටියට හරි කර්කශක දෙයක් හැටියට හරි රසවත් දෙයක් හැටියට හරි ළඟ දෙයක් හැටියට හරි දුර දෙයක් හැටියට හරි මොනව හරි කමක් නෑ ඒක අපි තියාගන්නවා මම හැටියට. මගේ හැටියට. මගේ ජීවිතය හෝ මගේ ආත්මය හැටියට.
මෙන්න මේකයි අපිට දුක ගෙනැල්ල දෙන හේතුව. හැබැයි සතිපට්ඨාන භාවනාවේදී අපි භාවනාව පුරුදු කරනකොට දකින්න පටන් ගන්නවා, තමන්ගේම අත්දැකීම තමන් දකින්නේ මොන කෝණයෙන්ද කියල. නිත්යතාවයට මුසු වෙච්ච කෝණයකින්ද, අනිත්‍යතාවය රජයන අනිත්‍යතාවයෙන් යුක්ත වෙච්ච අදහසකින්ද, එවන් වූ දැක්මකින්ද අපි දකින්නේ? කියල ඔන්න අපි බලන්න පටන් ගන්නව.
මේකට එතකොට පින්වතුනි, "අනිත්‍යයයි අනිත්‍යයි අනිත්‍යයයි" කියල මෙනෙහි කිරීමක් නෙවෙයි තියෙන්නෙ කියල දැන් තේරෙනව ඇතිනෙ. එහෙම මෙනෙහි කිරීමක් නෙවෙයි මේ තියෙන්නේ, තමන් තුල තියන රටාව හැබෑවටම තියෙන්නේ නිත්‍ය සංඥාවකින් නම්, නිත්‍ය හැටියකට ගන්න බවක් නම් තියෙන්නේ, මේක තමයි මට තියන අත්දැකීම, මේක තමයි මගේ අත්දැකීම ආදී වශයෙන් අන්න එතනිනුයි නිදහස් වෙන්න ඕන.
ආනාපාන සති සූත්‍රයේ දහතුන් වෙනි කාරණාව වගේ අරන් බැලුවොත් එහෙම, අනිත්‍යතාවය දැක ගනිමින් ආශ්වාසය දැක ගන්නවා හෝ ප්රාශ්වාසය බලනවා. මෙහෙමයි කියල දෙන්නෙ. එතකොට මේකෙ කතාව අනිත්‍යයි කියල මෙනෙහි කරල ආශ්වාස කරනවා හෝ අනිත්‍යයි කියල හිතලා ප්රාශ්වාස කරනවා කියන එක නම් නෙවෙයි කියල නම් මම කියන්න ඕන බොහොම නිහතමානීව.
මොකද ආනාපාන සති සූත්‍රයම ගත්තහම ගලාගෙන යන්නේ විතක්ක ඡේදනයට. විතර්කයන් සංසිඳුවන්නටමයි. එහෙම දේශනාවක අපි අනිත්‍යයි කියල හිතලා මෙනෙහි කරන එක නෙවෙයි සිද්ධ වෙන්න ඕන දේ. මේ ගන්නා වූ අත්දැකීම තමන් නිත්‍ය හැටියට ගන්නවද කියල බලල හුස්ම බලන එකයි වෙන්න ඕන දේ. ඒකයි මේක "සම්මා පංඥාය දට්ඨබ්බං" වෙන්නෙ. යහපත් වූ ප්‍රඥාවෙන් යුක්තව දැකගත යුතු දෙයක් වෙන්නෙ.
ඒ විදියට දැක ගන්න ක්‍රමයක් නෙවෙයි අපි සාමාන්‍ය ජීවිතේදී නම් නිරන්තරයෙන්ම පුරුදු කරන්නෙ හෝ මෙච්චර කාලයක් තුල පුරුදු කරල තියෙන්නේ වුනාට, දැන් අපිට අවස්ථාවක් එනවා සතිපට්ඨානය හින්දා, අපේ චිත්ත සන්තානය තුල වේදනාවකට අපි දක්වන ආකල්පය මොකද්ද, ප්‍රතිචාරය මොකක්ද කියල හඳුනා ගන්න. අපි ඉගෙන ගෙන තියෙන්නෙ, වේදනාව එන බව හඳුනා ගන්න, තියෙන බව හඳුනා ගන්න, යන බව හඳුනා ගන්න වෙන්න පුළුවන්. ඒක නිවැරදියි පැහැදිලිවටම. නමුත් ඒක එතනින් නවතින්නෙ නැහැ. තව එක අඩියක් ඉස්සරහට තියන්න වෙනවා අපිට, මේ වේදනාවේ ඇති වීම, පැවතීම, නැතිවීම තමන් අල්ලගෙනද ඉන්නෙ කියල බලන්න ඕන.
ඒ අත්දැකීම තමයි තමන්ට තියෙන්නේ. ඒ අත්දැකීම තමන්ටම වෙච්ච දෙයක්. ඒ විදිහේ දේකින් තමයි තමන්ගේ ජීවිතය, තමන්ගේ ලෝකය, තමන්ව සකස් වෙලා තියෙන්නෙ කියන ස්ථිර අදහසකින් ගන්නවද, මමායනයකින් ගන්නවද, ඒ ඇති වෙන වේදනාවට වේදනාවක ගරුත්වය දීලා, වේදනාවක වටිනාකම දීලා, වින්දනයක වටිනාකම දීලා, ඇති වෙන්නට දෙනවද, පවතින්නට දෙනවද, නැති වෙලා යන්නට ඉඩ දෙනවද කියන එකයි අපි හොයා ගන්න ඕන වෙන්නෙ.
එහෙම කරන්න පුළුවන්කම තිබුනා නම් පින්වතුනි, සතිපට්ඨානයේ ඊළඟ කාරණය, නැත්නම් සතිමත් බව නැත්නම් සප්ත බොජ්ජංගවල සති සම්බොජ්ජංගයේ ඊළඟ කාරණාව හැටියට කතා කෙරෙන 'ධම්මවිජය සම්බොජ්ජංගය' අපේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව. හැබැයි ඒක වෙන්නේ සිහියේ අග්‍රස්ථානයට හිත හිත කෙනාට විතරයි. මොට සිහිය තියන කෙනාටත් නෙවෙයි සිහියේ අග්‍රස්ථානයට හිත ගන්න පුළුවන් කෙනාට.
එතකොට සිහියේ අග්‍රස්ථානය කියල කියන්නේ මේ තාක් දුර කාලයක් අපි අර කතාබහ කරපු හැම ලක්ෂණයක්ම අපේ හිතේ පුරුදු කරන්න වෙන්න පුළුවන්, ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.
රේරුකානේ නායක හාමුදුරුවො කියන හැටියට අපිට තියනව කෙලෙස් එක්දාස් පන්සියයක්. එතකොට මා පුතා එක භාවනා වාරයක් තුලදී ඔය කෙලෙස් එක්දහස් පන්සියයෙන් එක්දහස් පන්සියයම නැතා බොහෝම ප්‍රමාණයක් අපිට ප්‍රකට වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි එවුව අපි භාවනා අත්දැකීමක් හැටියට හෝ කමටහනක් හැටියට ඒ මොහොතේ ජනිත වෙච්ච, පැවතිච්ච, නැති වෙච්ච දෙයක් හැටියට ගන්නවද, ඒව තාමත් තියන දෙයක් හැටියට ගන්නවද? කියන එකයි හොයන්න ඕන වෙන්නෙ.
එතකොට ගිය සතියේ මම අර කියල දෙන්න උත්සාහවත් වුනේ, අපි හිතනව නම් භාවනා වාරයක ආනාපානය බලන එක විතරයි භාවනාවට අයිති වෙන කාරණාව කියලා, ඒක සතිපට්ඨානය පැත්තෙන් ලොකු වැරැද්දක්. වෙනත් භාවනාවල් ආශ්රයෙන් නම් ඉතින් මම දන්නෙ නෑ. සතිපට්ඨාන සූත්‍රයට අනුකූලව බලනකොට වෙන්න බැරි දෙයක් නෑ.
එහෙම නම් මේ දේ තුලදී, අපි මේ කරන භාවනාව තුලදී, අපිට සැබෑ වටිනාකමක්, සමාන අගය කිරීමක් දෙන්න පුළුවන් වෙන්න ඕන ආනාපානය දකින එක වගේම කාම සිතුවිල්ලක් එන එකටත්. නින්ද යන එකටත්. කම්මැලිකමක් හිතෙන එකටත්. වේදනාව දැනෙන එකටත්. හිත තැන්පත් වෙන එකටත් ආදී මේ හැම එකකටම එක සමාන අගයක් දීල බලන්න පුළුවන් වෙන තරමේ දියුණු තියුණු හොඳ සිහියක් තියෙන්න ඕන.
එක එක පැත්තක් ගන්නෙ නැතුව, මේ දේ තමයි හොඳ, මේ දේ තමයි නරක ආදී වශයෙන් වෙන් වෙන් හැටියට දාගන්න යන්නෙ නැති විදිහේ දියුණු තියුණු සිහියක් තියෙන්න ඕන. ඔන්න ඕක හන්ද තමා හේනෙපොල නායක හාමුදුරුවො මං හිතන්නෙ මෙන්න මේ නම ඔය සතියට නැත්නම් සිහියට දාල තියෙන්නේ 'අපක්ෂපාතී නිරීක්ෂණය' කියල. මාත් ඒක හින්දයි ඔය නම පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඒ නම, ඒ වචනය, ඒ තරම්ම සාර්ථකයි.
අපේ පරීක්ෂාව, අපේ නිරීක්ෂණය, පක්ෂපාතී වෙන තරමට අපි මමත්වයට අහු වෙලා තියෙන්නෙ. හැබැයි අපි අපක්ෂපාතී වෙන තරමට අපිව දුකෙන් නිදහස් වෙනව. එතකොට සාමාන්‍ය ජීවතේදී පවා අපි ඇහැට දකින රූපයට, කනට අහන ශබ්දයට ආදීකොටගෙන මේ හැම දේකටම තියන ලක්ෂණයන් ටික තමයි භාවනාවේදී අහු වෙන්න පටන් ගන්නේ පින්වතුනි, ඒ ඒ අත්දැකීම්වලට අපි දරණ ආකල්පය කොහොමද කියල.
ඒ වෙලාවේ ඒ එන අත්දැකීම අත්දැකීමක් ගණයට දාලා ඒ දේට පවතින්නටත් ඒ දේට නැති වෙලා යන්නටත් ඉඩ දෙනවාද, ඒ දේ රඳවා ගන්නවාද, නැවත නැවතත් කොනිත්ත කොනිත්ත හිත හිතා මගේ දේ මෙහෙමයි මට වුනේ මෙහෙමයි ආදී වශයෙන් සලකනවද, කල්පනා කරනවද, හිතේ තැන්පත් කර ගන්නවද, මමායනයකට යනවද? කියන එකයි අපි දැන් හොයල බලන්න පටන් ගන්නෙ.
භාවනාව ඒකයි තමන්ගේ චිත්ත සන්තානයම උපුටල දක්වල, තමන්ගේම ජීවිතය ගවේෂණය කරන්නට භාවිතා කරන දෙයක් හැටියට සඳහන් වෙන්නෙ. ආත්ම ගවේෂණයක් කියල කියන්නෙ ඒකයි භාවනාවට. මේ ගවේෂණය කරන්නෙ මා පුතා අපේ ආත්මය. තමන් පුද්ගලිකව දරන මතය, දරන ආකල්පය මොකද්ද, තමන් පුද්ගලිකව දුක් විඳන්නේ කරදර විඳින්නේ, කරදරයට ලක් වෙන්නෙ මොන එකෙන්ද, මොන කාරණෙන්ද? කියන එකයි මේ හොයාගෙන යන්නෙ. ඒ දෙයයි අපි හඳුනා ගන්නට උත්සාහ කරන්නෙ. ඒ දෙයයි අපි තේරුම් බේරුම් ඇති කරගන්නට උත්සාහ කරන්නෙ.
හැබැයි අපි හඳුනා ගත්තට පස්සෙ මම මමායනයට ලක් වෙලා තියෙන්නෙ හෝ මම හැටියට ගන්නෙ අසවල් කාරණාව කියල තේරුම් ගත්තා නම්, අන්න ඒ දේට අපිට පුළුවන්කමක් තියනවා මමත්වය නැති සංඥාව එකතු කරන්න. "නේතං මම නේසෝ හමස්මි හමේසෝ අත්ථාති" ආදී වශයෙන් අපිට ඉගෙන ගන්නට පටන් ගන්නට සිද්ධ වෙනවා, ඒ අත්දැකීම මම හැටියට ගන්නෙ නැතුව, මගේ හැටියට ගන්නෙ නැතුව, මගේ ජීවිතය හැටියට ගන්නෙ නැතුව, හුදෙක් අත්දැකීමක් හැටියට ගන්නෙ කොහොමද කියල.
හුදෙක් වෙච්ච සිද්ධියක් ගණයට විතරක් දාන්නෙ කොහොමද කියල. හුදෙක් ඇහිච්ච සද්දයක් හැටියට විතරක් දාන්නෙ කොහොමද කියල. හුදෙක් දැනිච්ච වින්දනයක් හැටියට විතරක් දාන්නෙ කොහොමද කියල. හුදෙක් හිතට ආපු සිද්ධියක් හැටියට විතරක් දාන්නෙ කොහොමද කියල අපිට ඉගෙන ගන්නට සිද්ධ වෙනව. අන්න ඒ දේ ඉගෙන ගන්න පාඩම, අන්න ඒ දේ ඉගෙන ගන්නා වූ වැඩපිළිවෙල සිදු කරන තැනටයි කියන්නේ සත්පට්ඨාන භාවනාව කියල.
මේක ඇත්තම කියනව නම් විද්‍යාගාරයක් වගේ තැනක්. අපේ ඉස්සරහ අපි කණ්නාඩියක් තියල තියනව සතිපට්ඨාන භාවනාව වඩනවා නම්. ඒක හරියට කරගෙන යනකොට අපිට අපිව පේන්න පටන් ගන්නව. අපේ සිහිය දියුණු වෙන තරමට අපිව පේන්න පටන් ගන්නව. අපේ වැරැද්ද පේන්න පටන් ගන්නව. අපි අපෙන් නිවැරදි වෙන්නෙ කොහොමද කියල පේන්න පටන් ගන්නව.
ඊට කලියෙන් මමත්වයෙන් අයින් වෙන්න කියල දෙනකොට මට මාව නැති වෙනව කියල තේරුම් ගත්ත ලෝකයාට, සතිපට්ඨානය තුලින් මමත්වය ගැන කියල දෙනකොට තේරෙන්න වුනා, ඇත්තටම මම මගේ දුකෙනුයි අයින් වෙන්නෙ කියලා.
අපි ප්‍රාර්ථනා කලේ මයෙ පුතේ හැමදාම දුක. අපි පැතුවෙත් ප්‍රාර්ථනා කලෙත් බලාපොරොත්තු වුනෙත් අපිට ලැබුනෙත් දුක. හැබැයි දැන් අපි ඉගෙන ගන්නවා ඒ දුක කොහෙද හිර වෙලා තිබ්බෙ කියල. ඒව අපේ සංඥාව තුල හිර වෙලා තියෙන්න පුළුවන්. අපේ වින්දනය තුල හිර වෙලා තියෙන්න පුළුවන්. අපේ සිතුවිල්ල තුල හිර වෙලා තියෙන්න පුළුවන්.
ඕවගෙත් හැම සිතුවිල්ලකම හිර වෙලා නැහැ. හැම සංඥාවකම හිර වෙලත් නැහැ. හැම වින්දනයකම හිර වෙලත් නැහැ. එතකොට තමන් පුද්ගලිකව හඳුනා ගන්න පටන් ගන්න ඕන තමන් මමත්වයෙන් හඳුනා ගන්නෙ හෝ මමත්වයෙන් අල්ලගන්නෙ මොන කාරණයද, මමත්වයට දාගන්නෙ නැත්තෙ මොන කාරණයද? කියල. මේ ටික පුද්ගලිකව හඳුනා ගන්න අවස්ථාවටයි සතිපට්ඨාන භාවනාව කියල කියන්නෙ.
ඒකයි සතිපට්ඨාන භාවනාවට වාඩි වෙන කෙනා භාවනාවෙන් නැඟිටල යනකොට අර තිබුන අත්දැකීමට වඩා බොහොම පිවිතුරු වෙච්ච, පිරිසිදු වෙච්ච, අත්දැකීම් ඇති කෙනෙක් බවට පරිවර්තනය වෙන්නෙ. හිත දමනය වෙන්නෙ. ඒ අතින් බලනකොට පින්වතුනි අපි නැවතත් කිට්ටු වෙන්නෙ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට අර පටන් ගත්ත ගාථා රත්නය ගාවටම තමා.
"සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය"
කතාව ඇත්ත නේ. මේ භාවනාව වඩනකොට, මේ අනුව ජීවිතය ගෙවනකොට, මේ අනුව ජීවිතේ පුරුදු කරනකොට, අපේ ආකල්ප හදා ගන්නකොට, සකස් කර ගන්නකොට, අපි කායිකව වින්ඳ දුක් වේදනා, චෛතසිකව වින්ඳ දුක් වේදනා, කායිකව තිබ්ච්ච පීඩා, චෛතසිකව තිබිච්ච පීඩා, ඇයි තියෙන්නෙ? කොහොමද තියෙන්නෙ? මොකක් හින්දද ඒක පීඩාවක් වෙලා තියෙන්නෙ? කියල අපි හඳුනා ගනීවි. අපිව ඒවගෙන් නිදහස් වේවි.
ඥනවන්තව ජීවත් නොවිච්ච කාලය තුල එහෙම නම් ඥානවන්තව ජීවත් වෙන්නෙ කොහොමද? ඥානවන්තව බලන්නෙ කොහොමද? ඥානවන්තව අහන්නෙ කොහොමද? ඥානවන්තව ගමනක් බිමනක් යන්නෙ කොහොමද? ඥානවන්තව කතාබහ කරන්නෙ කොහොමද? ඥානවන්තව වැඩක් කරන්නෙ කොහොමද? ආදී වශයෙන් අපේ ජීවිතේ තුල ඥානවන්ත භාවයක් ඇති කරගන්න අපි ඉගෙනගෙන තියේවි.
ඒක සතිපට්ඨානය වැඩීමෙන් ලැබෙන අතුරු ඵලයක් නෙවෙයි ප්‍රධානම ඵලය. ඒක ලැබෙන්නෙ නොමිලේ. ආයෙ කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ කාගෙන්වත් අහන්න දේකුත් නැහැ. තමන් දන්නව. තමන් තමන්ට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න, තමන් තමන්ට අපක්ෂපාතී වෙන්න අපක්ෂපාතී වෙන්න, තමන් තේරුම් ගන්න පටන් ගන්නවා අසවල් වූ දුකෙන් දැන් තමන් නිදහස් කියල. ඒක තමන්ට කායික සහ මානසික සහනයක්. ඒක ඇත්තටම නිවනක් තමයි නේද?
එවන් වූ නිවනකට යන්න, එවන් වූ සැනසීමකට යන්න අද දවසේදීත් මේ කියල දුන්න කාරණාවල් ඔය ඇත්තන්ට මහෝපකාරී වේවා කියල මම බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 18
ආනාපාන සති භාවනාව 01 කොටස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතීයස්ස
පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බා පරිච්චතා
යථා බුද්ධෙව දේසිතා
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භාමුත්තොව චන්දිමා තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. බෝලන්කන්ද තපෝ අරණට පැමිණිච්ච ඔය ඇත්තො වගේම අන්තර්ජාලයෙන් අප හා සම්බන්ධ වෙන ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත, අපක්ෂපාතී නිරීක්ෂණය මාතෘකාව ඔස්සේ පැවැත්වෙන, භාවනා වැඩසටහන් මාලාවේ දෙවනි අදියරේ දහ අටවෙනි දවසයි අදට යෙදිල තියෙන්නේ.
මේ පහුගිය වාර දහ හත තුලම ඔය ඇත්තෝ ආපස්සට සිහිපත් කරල බැලුවොත් හමු වේවි, සතිපට්ඨාන සූත්‍ර දේශනාව අපේ ජීවිතයට කිට්ටු කරගන්න යනකොට ඒ දේශනාව තුල කියල දෙන පළවෙනි භාවනා ක්‍රමය හැටියට කියල දෙන්නේ ආනාපාන සතියයි. ඒ කියන භාවනා ක්‍රමයට යන්න, ඒ කියන භාවනාව වඩන්න අපි පුරුදු වෙනකොට, අපිට හම්බ වෙන, මුණ ගැහෙන වගේම අපි අපේ භාවනාව අතරමඟදි නතර කරල දාන්න කල්පනා කරන, භාවනාව නීරස වෙන කාරණා මොනවද? එව්ව එහෙම තියෙන්නෙ ඇයි? ඒ වගේම ඒ දේවල් විසඳාගන්නෙ කොහොමද? හරියට සකස්කර ගන්නෙ කොහොමද? කියන එකයි පහුගිය වාර දාහත තුලදී අපි කතා කලේ.
ඒ කියන අවස්ථාවල් පින්වතුනි අපි හරියට හඳුනා ගන්නෙ නැති වුනොත් භාවනාව තුල අපිට යන්න තියන ගමන ගොඩාක් සීමාසහිත කරගන්න හිතන්න පුළුවන්. ඒක හන්දාම තමයි මට තේරෙන හැටියට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කියන භාවනාව ගැන කතාබහ කෙරෙනකොට ඒ දේට එකපාරම යන්නෙ නැතුව, උන් වහන්සේ මූලිකවම කියාපු වචනයක් තිබ්බා, මගෙත් භාවනා ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න හේතු වුනු වචනය ඔන්න ඕකයි,
"පරිමුඛං සතිං උපට්ඨපෙත්වා"
සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්න කියල.
සාමාන්‍යයෙන් අපි භාවනාවක් කරන්න යනකොට හෝ මොනවා හරි දෙයක් කරනකොට අපේ ඉලක්කය එන්නෙ, පරමාර්ථය එන්නෙ, අපි බලාපොරොත්තු වෙන දෙයම සිදු කරන්න ඕන කියන ඒ අභිලාශයයි. හැබැයි භාවනාව කියන විෂය ඊට වඩා චිත්තාකර්ශණීයයි. ඊට වඩා හරි වෙනස්.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සතර සතිපට්ඨානය කියන ක්‍රමය තුල අපිට උගන්වන්නෙ පින්වතුනි, ඔය ඇත්තොත් මමත් එදිනෙදා ජීවිතේදී හෝ ආධ්‍යාත්මික ජීවිතේදී දුක් විඳින්නෙ කොහොමද? දුක තියෙන්නෙ කොහොමද? සතුටු වෙන්නෙ කොහොමද? සතුට තියෙන්නෙ කොහොමද? දුක හට ගන්නෙ කොහොමද? ඒ දුක නැති කරන්නෙ කොහොමද? සතුට හට ගන්නෙ කොහොමද? ඒ සතුට පවත්වාගන්නෙ කොහොමද? කියලයි.
මේ දේවල් ටික අපි හඳුනාගත යුතු වෙනවා අපේ භාවනා ගමන ඉදිරියට කරගෙන යන්න. හැබැයි ආනාපාන සතිය කියන, හුස්ම දිහා බලාගෙන ඉන්න භාවනාව කරන්න කැමති වෙන කෙනා එකපාරටම හුස්ම දිහා බලන්න වැඩේ පටන් ගන්න යනවා, පුළුවන්, බැරිත් නෑ හුස්ම වාර කිහිපයක්. ඊට පස්සේ කොහොමත් හිත එහේ මෙහේ දුවනවා මහ කලබගෑනි ගොඩක.
එහෙම වෙන්න වුනාම අවස්ථාවක් දෙකක් උත්සාහ කරයි. ඊට පස්සෙ හිතට ගන්න අදහස තමයි, "මේක මට හරියන භාවනාවක් නෙවෙයි, මේක කරන්න මට බෑ." ඇයි බැරි? හුස්ම වාර දෙක තුනකට වඩා බලන්න බැරි හින්ද. පේන්නෙ නැති හින්ද. කල්පනාවල් එන හින්ද. ඇඟ රිදෙන ඒවට හිත යන හින්ද. සද්ද බද්ද වලට හිත යන හින්ද. සැක එළියට එන හින්ද. තරහ යන හින්ද. ආශාවල් ඇති වෙන හින්ද.
මීට වඩා ලේසියි එතකොට අද කාලෙ වෙනකොට බොහෝම ප්‍රසිද්ධ අර මෙනෙහි කරන භාවනා ක්‍රම. කල්පනා කරන්න තිබ්බහම, ඔය රේඩියෝ එක වගේ ඕක දා ගත්තහම, ඕක ඉතින් හිත හිතා ඉන්න පුළුවන්. මෙනෙහි කරනවා කියලයි කියන්නෙ. හැබැයි ඒ කරන මෙනෙහි කිරීම තුල යම්කිසි දෙයක් තේරුම් යන්නටත් පුළුවන් හෝ තියන දේම ආපහු ආපහු චක්කරේ වගේ කැරකි කැරකී තමන් ළඟ තියෙන්නත් පුළුවන් එක තැනම වගේ.
ගොඩක් වෙලාවට මෙනෙහි කිරීමක් කරන්න පුරුදු වෙච්ච මනසක තියන ගැටළුව තමයි, (මේක සාමාන්‍ය ලෝකයෙත් තියන සාමාන්‍ය පොදු ගැටළුවක්) ඒ හිතට එන අදහස ස්ථිර හැටියටයි ගන්නෙ. තමන් මෙනෙහි කරන්නෙත් තමන් ඒ අදහස ස්ථිරයි කියල හිතලනෙ. එතකොට ඒ ස්ථිර අදහස ආයෙත් ආයෙත් ආයෙත් ආයෙත් හිතනව, මෙනෙහි කරනව, බෙද බෙදා දකිනව. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය.
බැලූ බැල්මට වැරැද්දකුත් නෑ. ඒ වුනාට වැඩේ තියෙන්නෙ හිත පැත්තෙන් හිත ඉගෙන ගන්නේ මොකක් හරි දෙයක් අහු වුනොත්, හිතන්න වුනොත්, මෙනෙහි කරන්න වුනොත්, ඒක ස්ථිර හැටියට අල්ලගෙනයි මෙනෙහි කරන්න ඕන කියල.
ඒ වගේ චරිතයක් සාමාන්‍ය ජීවිතේදී ජීවත් වෙනකොට පසුකාලීනව තියන අර්බුදය තමයි, එයාට සැකයක් ආව කියන්නකො, එයාට තරහක් ආව කියන්නකො එයාට ආශාවක් ආව කියන්නකො, ඒ ආශාව ඔස්සේ එයා යනවා. ඒ සැකය ඔස්සේ එයා යනවා. ඒ තරහ ඔස්සේ එයා යනවා. ඒකට අනුව එයාගෙ තියන ඇස, කන, නාසය, දිව, කය, මනස පාවිච්චි කරනව. සිත, කය, වචනය භාවිතා කරනව අනිවාර්යයෙන්ම. හේතුව ඒක තමයි එයාගෙ ජීවිතේ තුල තියන අභ්‍යන්තර සැකැස්ම.
අන්න එතනටයි සතර සතිපට්ඨානය කියන, සිහිය පිහිටුවා ගැනීම චුට්ට චුට්ට වෙන පැත්තකට තට්ටු කරන්නෙ. මෙතනදි අපිට උගන්වන්නෙ පින්වතුනි, සිහියට ප්‍රධාන තැන දෙන්න මිසක් මට ඕන දේට ප්‍රධාන තැන දෙන්න නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී අපි කරන අනෙකුත් සෑම භාවනා ක්‍රමයක්ම අන්තර්ගත වෙන්නේ මට ඕන දේ කරනවා කියන දේට. භාවනා ක්‍රමයක් තමයි ඒක, මම පිළිගන්නවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න හෝ ඒක ගෙනියන්න ඕන ප්‍රමාණය, මට්ටම, අපි දන්නෙ නැති එකයි තියන අර්බුදය.
ඔය පහුගිය දවස්වල කිහිප දෙනෙක්ම අහපු ප්‍රශ්න වගයක් තිබ්බා,
"හාමුදුරුවනේ සතිපට්ඨානය එතකොට පුරුදු කරද්දී එහෙම නම්, මෙනෙහි කරන්නෙ නැත්නම්, මේ මෙනෙහි කරන එකයි මෙනෙහි නොකරන එකයි දෙකක්ද?"
ඕක කිහිප දෙනෙක්ම අහපු ප්‍රශ්ණයක් වුනා. මෙනෙහි කරනවා කියන දේ අපි කරන්න උත්සාහ කරන්නෙ පින්වතුනි, මෙනෙහි කිරීමක් කරන්න ඕන කාලෙදි විතරයි. ඕන නම් පමණයි. හැබැයි අපේ හිතේ එක තත්වයක් එනවා, එක තැනක් එනවා, එක මට්ටමක් එන්න පුළුවන්, මෙනෙහි කිරීම ඕන වෙන්නෙ නැති වෙන. මෙනෙහි කිරීම නුවමනා වෙන. ඒක බර වැඩි වෙන, මෙනෙහි කරනවා හෝ කල්පනා කරනවා කියන එක.
නමුත් මෙනෙහි කිරීමටම පුරුදු වෙච්ච ශ්රාවකයාට, යෝගාවචරයාට ඒ මෙනෙහි කිරීමෙන් බැහැර වෙලා ඉන්න ඉසව්වක් නැති වෙන්න පුළුවන්. ඉඩක් නැති වෙන්න පුළුවන්. පුරුද්දක් නැති වෙන්න පුළුවන්. මොකද එයාට ඕන එයාගෙ අර මෙනෙහි කරන ලෝකය. භාවනාව තුල ඔය මෙනෙහි කිරීම කියන එක කතාබහට ලක් වෙන අවස්ථාවකුත් තියනවා. හැබැයි ඒ මෙනෙහි කිරීමෙන් තොරව ඉදිරියට යන තවත් බොහෝ අවස්ථාත් තියනව.
තථාගතයන් වහන්සේ ඕක විස්තර කරල දෙන්නෙ පින්වතුනි ධ්‍යාන කියන මාතෘකාව හරහා. අවසනාවකට අපේ රටේ ධ්‍යාන කියන වචනය භාවිතා කරන්නේ ධර්මයට පටහැනි දෙයක් හැටියටයි. ඒක බොහෝම ලොකු අභාග්‍ය සම්පන්න බවක්.
සමාධිය කියන වචනය අපේ රටේ බොහෝමයක් පිරිස් පිළිගන්නේ ධර්මයට විරුද්ධ වැරදි දෙයක් කියලයි. හැබැයි ඒ කියන ගමන් මේ ඇත්තො සෝතාපන්න භාවයක් ගැනත් විශ්වාස කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් විශ්වාස කරනවා. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියල කියන්න වුනාම, ඒක කියාගෙන කියාගෙන ගිහිල්ල, සම්මා සමාධිය එච්චර විස්තර කරන්න කැමතිත් නෑ. හේතුව බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය යටතේදී පැහැදිලි කරල දෙන්නෙ ඔය ධ්‍යාන හතර ගැන තමයි. පළවෙනි ධ්‍යානය, දෙවනි ධ්‍යානය, තුන් වෙනි ධ්‍යානය, හතර වෙනි ධ්‍යානය කියල.
ලාංකිකත්වය තුල තියන අර තාර්කික බුදු දහමේ ඇත්තෝ එතකොට හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සම්මා සමාධි කියන දේට මේ කියන ධ්‍යාන කියන එක ඇතුලත් කරල තියනව නම්, ඒක මේකට තියෙන්න ඕන දෙයක් කියල හිතන්නෙ නෑ. ඒ වෙනුවට තමා අපේ ඇත්තෝ අර මෙනෙහි කරන භාවනාව විතරක් කරන්න උත්සාහ කරන්නේ, මේ ධ්‍යාන හරි යන්නෙ නෑ, සමාධියට පත් වෙන්න ඕන නෑ, ඒ වෙනුවට හරියන සූත්‍ර පවා එළියට ඇදල ගන්නත් උත්සාහ කරනවා එහෙම කර කරත් ඇත්තටම ධ්‍යානයම තමයි අනුමතත් කරන්නෙත් එක්තරා මට්ටමකින්.
කෙසේ හෝ වේවා පින්වතුනි ඔය කියන හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ උගන්වාකොට වදාලේ තියන දේ හඳුනා ගන්න, ඒ දේට ඇලෙන්නෙ නැතුව ඉන්න, අතහරින්න ඉගෙන ගන්න කියලයි.
යමක් ඔබගේ නොවන්නේද ඒ දේ බැහැර කරන්න කියන උපදේශය වගේ දේවල් තථාගතයන් වහන්සේගේ දේශනාවේ හැම තැනකම තිබ්බා. අපේ දේශනාවෙත් හැම තැනකම තියෙන්න ඕන. අපි භාවනාවට එන්න කලියෙන් අපි ගාව තියෙන දේවල් ටික හඳුනා ගන්නවා, අල්ලා ගන්නවා, නැතුව නෙවෙයි. හැබැයි අතහරින්න පුළුවන් වෙන මට්ටමේ. මේ භාවනාව, සතිපට්ඨානය, අන්න ඒකයි වෙනස් වුනේ.
සතිපට්ඨානය වඩන්නෙ නැතුව ආනාපානය කරන්න උත්සාහ කරන ඇත්තෝ හුස්මම හොයාගෙන හොයාගෙන උනාම, එයාලට සිතුවිල්ල හෝ වේදනාව හෝ සංඥාව හෝ ආදී වශයෙන් තියන මේ අනික් දේවල් එකක්වත් හසුරුවා ගන්න අවස්ථාවක් එන්නෙ නැහැ, තේරුමක් ඇති කර ගන්නෙ නැහැ, ඒ ඔක්කෝම ටික පලවා හරින්න උත්සාහ කරනවා විනා. හැබැයි සතිපට්ඨානය පුරුදු කරන ඇත්තන් ඉගෙන ගන්න පටන් ගන්නවා අප වටා තියන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ හැම දෙයක් එක්කම සාමයෙන් ඉන්නෙ කොහොමද කියල. ඒ හැම දෙයක්ම භාවනා අරමුණක් කරගන්නෙ කොහොමද කියලයි පළවෙනියෙන්ම ඉගෙන ගන්නෙ.
මෙයාට එතකොට හදිස්සියක් නැහැ හුස්ම බලන්නම ඕන කියන ඒ ඉසව්වට යන්න. මෙයා දන්නව අත්දැකීම තුලම දැක බලාගන්න වුනාම, මෙයාගෙ තියන පරිනත කමත් එක්ක තේරුම් ගන්නවා හුස්මක පේන්නේ හුස්ම වාර කිහිපයක් තමයි. ඔහොම නෙමෙයි මොන තාලෙන් කලත් පෙනෙන්නෙ ඔච්චරයි ධ්‍යානයකට යන්න කලින්. සමාධියකට යන්න කලින්. ඒ වගේ තැනකට හිත පත් වුනොත් විතරයි හුස්මකටම වෙලා ඉන්න පුළුවන් වෙන්නෙ.
මේක හින්දයි මම අද මේ ධ්‍යාන කියන වචනය මෙච්චර කතා කරන්න කියලා කල්පනා කලේ. ඊට මෙහා තමයි පින්වතුනි අපි ඉගෙන ගන්න ඕන වෙන්නේ අපේ තියන විතර්ක ටික අයින් කර ගන්න ක්‍රමය මොකද්ද කියල. කල්පනා කරන්න හිතන, හීන දකින්න බලන්න හිතන, ඕවාට විවේචනය කරන්න හිතන ආදී මේ හැම එකක්ම තියෙන්නේ තාර්කික මනස තුලයි. කල්පනා කරන්න රුචි මනස තුලයි. අන්න ඒ මනසෙන් අපි අයින් වෙන්න ඕන හරියකට ආනාපානයක් දකින්න නම්.
හේතුව ආනාපාන සති සූත්රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ පින්වතුනි විතක්ක ඡේදනයට තියන එකක් කියලයි. විතර්කයන් නැති කරන්න, සංසිඳුවන්න තියන එකක්. නමුත් අපේ රටේ තියන සාමාන්‍ය ක්‍රමෙත් එක්ක, අනාපාන සතියත් එක්ක, විතර්කයත් අරගෙන යන බවකුයි පේන්න තියෙන්නෙ. විවේචනයක් නෙවෙයි මේක සාමන්‍යය දේ.
එතකොට දැන් අපිට අවස්ථාවක් එනව පින්වතුනි, සිහියට ප්‍රධාන තැන දෙන්න වුනාම අපි දකින්න පටන් ගන්නවා, අපිට දැනෙන වේදනාව, අපිට දැනෙන සංඥාව, අපිට දැනෙන සිතුවිල්ල ආදී හැම එකක්ම මොහොතක පවතින, පැවති පැවති නැති වෙන, ඊට පස්සෙ අළුත් එකක් බවට පරිවර්තනය වෙන මෙන්න මෙහෙම රටාවක් තියනවයි කියල.
සද්දයක් ඇහුනොත් එහෙම, අපි භාවනා කරන්න වුනාම ඊට කලින් නම් ඔය සද්දයට අමනාප වුනා. එලවන්න උත්සාහ කලා. නමුත් දැන් ඉගෙන ගන්නවා, නෑ ඒ දේ නම් වැඩිමනක්ම තියෙන්නේ ඒක තමයි එහෙම නම් ප්‍රධානත්වය ගන්න ඕන දේ. ඒ විදියට තේරුම් අරගෙන ඒ දේට අපි යා වුනාට පස්සේ, ඒ සද්දෙ අහගෙන ඉන්නවා කියන ඒ අදහසට කැමති වුනාට රුචි වුනාට පස්සේ, අපිට තේරෙන්න පටන් ගන්නව පින්වතුනි අපේ හිතේ ගත්ත ස්ථිර සංඥාව සාර්ථක නෑ කියල.
හේතුව ඒ සද්දය මුලින් තිබ්බ සද්දයට වඩා ඊළඟ සද්දෙ වෙනස්, ඊළඟ සද්දෙ වෙනස්, ඊළඟ සද්දෙ වෙනස් ආදී වශයෙන් මේක වෙනස් වෙවී යන ප්‍රවාහයක් තියෙන්නෙ. අපිට හරි ලස්සන රටාවක් පේන්න පටන් ගන්නව මේකේ ස්ථිර හැටියට මම අල්ල ගන්න උත්සාහ කරනවා අපි උත්සාහ දරනව මොකක් හරි දෙයක් ස්ථිරයි කියල කර ගන්න. හැබැයි මේකෙ නෑ මොකක්වත්ම දෙයක් ස්ථිර හැටියට. ඔන්න ඕකයි සතිපට්ඨානයෙන් උගන්වන ලස්සන පාඩම.
අපේ හිතට සිතුවිල්ලක් ආවම අපි කියනව, "මට සිතුවිලි එනව අපේ හාමුදුරුවනේ" කියල. හරි මම පිළිගන්නව සිතුවිලි එනව. හැබැයි මේ සිතුවිල්ල කියන දේ එක තැනක තියන එකක් නෙවෙයි මේක. මේ හිතනවා කියන එකත් එක එක එක එක හැටියට මාරු වෙවී මාරු වෙවී මාරු වෙවී මාරු වෙවී යන ප්‍රවාහයක්.
මෙහෙම වුනහම ඔය දේ හරියට බලාගෙන ඉන්න ඉගෙන ගත්ත ශ්රාවකයට, හිත තැන්පත් කරගත්ත කෙනාට, ආපහු කල්පනා කරන්න වෙලාවක් නෑ ඇත්තටම. ආපහු හිතන්න වෙලාවක් නෑ.
අනික් එක තමයි අර සිතුවිල්ල ගැන, මම හැටියට හරි මගේ හැටියට හරි මේ සිතුවිල්ල අල්ල ගන්නව හරි මොකක් හරි කියල අදහසකට යන්නත්, එහෙම තැනකුත් ඒ සිතුවිල්ලෙ නෑ. හේතුව ඒක එක තැනක තියන දෙයක් නෙවෙයි. ඒකත් වෙනස් වෙවී යන ප්‍රවාහයක්. මෙන්න මේ වගේ අත්දැකීම් ටිකක් අපි ලබා ගන්න වුනාම පින්වතුනි අර මෙනෙහි කරන භාවනාවට වඩා විශාල විදිහේ, මහ පුළුල් අත්දැකීමක් අපිට ගලාගෙන එන්න පටන් ගන්නවා අපි වටා තියන හැම දෙයක් එක්කම.
ඔන්න ඕක ගැනයි මේ පහුගිය වාර දාහතේදී අපි කතා කලේ. ඔය ඇත්තන්ට මතක ඇති. අපි දැක්කා සද්දයක් ඇහුනත් අපිට නින්දක් ආවත් අපිට තරහක් ආවත් අපේ හුස්ම වුනත් අපිට සිතුවිල්ලක් ආවත් ශරීරයේ වේදනාවක් තිබුනත් අපි ඉගෙන ගන්න පටන් ගත්තා ඒක තුල තැන්පත් වෙන්න. ඒක තුල දැහැන්ගත වෙන්න. (හරි ලස්සන වචනයක් ඒක.) ඒක තුල දැහැන් ගත වෙන්න අපි ඉගෙන ගත්තා. ඒ මතු වෙච්ච දේ කමටහනක් කර ගන්න අපි ඉගෙන ගත්තා. කමටහනක් කරගෙන අපි ඒකට වෙලා තැන්පත් වෙලා ඉන්න වුනාම අපිට තේරෙන්න වුනා මම මේක ඒකකයක් කියල ගන්නව තමයි. ඒ වුනාට මේකෙ අල්ල ගන්න දෙයක් නැහැයි කියල. මේකෙ අල්ලන්න තැනක් නැහැයි කියල. ඒක හරි ලස්සන පාඩමක් වුනා අපිට.
එහෙම වුනාම අපේ හිතේ අර ස්ථිර හැටියට ගන්න අදහස් ටික පින්වතුනි පොඩ්ඩ පොඩ්ඩ බොඳ වෙවී යන්න පටන් ගත්තා අත්දැකීමක් හැටියට. මෙනෙහි කිරීමක් හැටියට නෙවෙයි. අත්දැකීමක් හැටියට. සිහියට අපි ප්‍රධාන තැන දෙන්න වුනහම අපිට තේරුම් යන්න පටන් ගත්තා සිහිය කියල කියන්නෙ අතීතයෙ තියන දෙයක් නෙවෙයි, අනාගතයට යන්න පුළුවන් දෙයකුත් නෙවෙයි, වර්තමානය තුල තියන එකක්.
හැබැයි අතීතයට ගියා නම් අපේ මතකය, හා...එතන සිහිය තියනව. අපි දන්නවා අපි දැන් අතීතයට ගිහිල්ලයි ඉන්නෙ කියල. හැබැයි සිහිය අතීතයෙ තිබිච්ච එකක් නෙවෙයි වර්තමානය තුල විතරයි තියෙන්නෙ, අනාගතයට යන්න පුළුවන් දේකුත් නෙවෙයි. හැබැයි අනාගතය ගැන කල්පනා කරනව නම් ඒක දැන ගන්න එක සිහියක්. මේ ආකාරයෙන් පින්වතුනි අප වටා තියන සියළුම දේවල් හඳුනා ගන්න වුනාම අපි ඉගෙන ගන්න පටන් ගත්තා මම කරන දේට නෙවෙයි, ඒ වෙන්නෙ මොකක්ද කියන එක දැනගන්න දේට ප්‍රධාන තැන දෙන්න.
ඕකට ඉතින් අපි එක පැත්තකින් හුරතලේට පාවිච්චි කරපු වචනය තමයි අපක්ෂපාතී නිරීක්ෂණය. එහෙම වුනහම අපි අනුමත කරන්න පටන් ගත්තා අපිට තරහ යන විත්තිය. අපිට සැක එන විත්තිය. භාවනාවක් කර කර ඉන්නකොට හුස්ම දැනෙන විත්තිය වගේම නොදැනී යන විත්තිය. භාවනාවක් කර කර ඉන්නකොට අපිට ලොකු පහසුවක් දැනෙන බව සහ නොදැනෙන බව. හැබැයි ඒ කාලෙදි අපි එව්ව අල්ලගත්තා. මුලදිම. ඊට කලින්.
දැන් දැන් භාවනාවෙදි ඔය දේවල් දකින්න පටන් ගත්තහම අපිට තේරෙන්න පටන් ගන්නවා, ඒව හුදු අත්දැකීමක් විතරයි, ඒ වෙලාවේ ජනිත වෙන, පවතින නැති වෙලා යන, අල්ල ගන්න බෑ මේකෙ මොකක්වත්ම, අල්ල ගන්න තැනක් නෑ කියල.
අපි ඊට පස්සෙ තේරුම් ගන්න පටන් ගත්තා භාවනා වාරයක් කියල කියන්නෙ ඒ වගේ මහා විශාල පරිමානයක සිද්ධ වෙන සිද්ධි දාමයක ඒකරාශී අවසානයක් කියලයි. ඒ සිද්ධි දාමය වෙනුවට බුදුරජාණන් වහන්සේ පොදුවේ දීල තියන වචනය තමයි භාවනාව.
අපි සිහියට ප්‍රධාන තැන දෙන්න වුනාම පින්වතුනි අපිට මේ දේවල් තේරුම් යන්න පටන් ගත්තා. අපි වාඩි වෙලා ඉන්න වෙලාව හෝ සක්මනේ ඉන්න වෙලාව කොච්චරද කියන එක ඇත්තටම අදාල නැති කතාවක් වුනා ඊට පස්සෙ. අපි තේරුම් බේරුම් ඇති කර ගන්න පටන් ගත්තා මේ කාරණාවක් එක්ක මට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද, ඒ දේ නැති වෙලා යන්න කලින් මට නැති කරල දෙන්න ඕනද, ඒ දේ නැති වෙලා යන්න කලින් හෝ වෙනස් වෙලා යන්න කලින් මම හිතන්න පටන් ගන්නවද, හා.. එව්ව අපි ඉගෙන ගන්න පටන් ගත්ත.
අපේ සිහිය අපිට උගන්වන්න පටන් ගත්තා ඔය ඇත්තෝ ඇත්තටම සිහියෙන්මද ඉන්නේ? සිහියෙන් ඉඳල අසිහියට යනවද? අසිහියෙන් ඉදල සිහියට එනවද? ආදී වශයෙන් මේ ඔක්කෝම අපි හදාරන්න පටන් ගත්තා සතිපට්ඨානය හින්දා. මෙහෙම වෙන්න වුනාම අපිට දැන් අවස්ථාවක් තියනවා භාවනාවක් පටන් ගත්තහම, අපි ඉන්න තැන හරියටම හඳුනා ගන්න. අපි දැන් ඉන්න මට්ටම තුල ඉන්නේ විතර්ක කරන්න ඕන මනසකද? විතර්ක නොකර ඉන්න පුළුවන් මනසකද? කියන එක දැන් අපි දන්නවා. දැන් අපි දන්නවා.
දේශනාව අරගෙන බැලුවොත් එහෙම භාවනාව වඩන ඇත්තො ගැන කියන්නෙ, ඒ ඇත්තෝ පළවෙනි ධ්‍යානයට සම වදිනවලු බුදුරජාණන් වහන්සේ පවා. බුදුරජාණන් වහන්සේ, සාරිපුත්තයාණන් වහන්සේ, මොග්ගල්ලානයන් වහන්සේ, ආනන්ද, නන්ද, රාහුල ආදී මේ ඇත්තො හැමෝම ගැන කියල දෙන සූත්‍රවල තියෙන්නේ, ඒ ඇත්තො පළවෙනි ධ්‍යානයට දැනගෙනම සම වදිනවලු. ඊට පස්සෙ දෙවනි ධ්‍යානයට දැනගෙනම සම වදිනවලු. ඉන් එහාට ඕන නම් යනවලු. ආපස්සට එනකොටත් ඒ වගේමයි. දෙවනි ධ්‍යානයට සම වදින එක දැනගෙනම සම වදිනවලු. පළවෙනි ධ්‍යානයට දැනගෙන සමවදිනවලු.
ඔය ඇත්තන්ට දැන් තේරුනාද ඒක කරන්න පුළුවන් දෙයක් කියල. ඒක කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? අපි සිහියට අවධානය යොමු කරන්න, නැත්නම් සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගත්තාට පස්සේ අපි ඉගෙන ගන්න පටන් ගන්නවා, මේ මොහොත තුල මං ගාව තියන මේ කමටහනට, මේ කාරණාවට, මට කල්පනාව දාන්න ඕනද ජීවත් වෙන්න, ඕන නැද්ද? ඔච්චරයි තියන කතාව.
මේ විතර්කය තියාගන්න ඕනද නැද්ද කියන මේ ටික විතරක් විශ්ලේෂණය කරගන්න අවශ්‍ය වන ප්‍රමාණයට. අපිට විතර්කය දාගෙන නම් ඒ දේ ඒ කුසල සිතුවිල්ල පවත්වා ගන්න ඕන විතර්කයක් එක්ක නම් හා..එහෙම නම් ඉන්න මට්ටම අපිට තේරුම් යන්න පුළුවන්. මම මේ ධ්‍යාන දෙනවවත් මාර්ගඵල දෙනවවත් නෙවෙයි නමුත් අපි භාවනාව තුල ඉන්න අවස්ථාව මොකද්ද කියල අපි හඳුනා ගන්න ඕන.
අපි දැනගන්නවා හෝ දැක ගන්නවා මට ඒකාකාර විදියට ආනාපානය දිහා බලාගෙන ඉන්න බෑ, ඊට වඩා වෙනස් එකක් මම කරන්න පටන් අරගෙන ඉන්නෙ. කල්පනා කරන එකක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සැබෑ ආනාපානය නැතුව බාහිරින් හිතල ආනාපානයක් පවත්වනවා හෝ ඒ දිහා බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන් ඇත්තටම මේක තුල ක්‍රියාත්මක වෙන දේ දකින්නෙ නැතුව.
මෙන්න මේ හන්දා තමයි අපි ශරීරය බලන්න පටන් ගත්තෙ. අපිට සාක්කියක් හදන්න පටන් ගත්තා අපේ හිත දුවන එක දුවාපුවාවයි කාරි නෑ අපිට ආරක්ෂා කරන්න පුළුවන් මට්ටමක කියල. ඒක හින්දයි ශරීරය පවත්වා ගන්න උත්සාහ කලේ.
මෙන්න මේ ටික පුරුදු කරන්න වුනාම පින්වතුනි අපිට ඇති වෙච්ච වීර්යයක් තියනවා. ඒ වීර්යය සැලෙන්නෙ නැති එකක් වෙන්න ඕන. යම් අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේමයි ඇති වෙන සිහිය මොට නෑ. ඒ වගේමයි යම් අවස්ථාවකදි අපිට පුළුවන්කම හම්බ වෙනවා මුළු ශරීරයම දැන ගන්න පුළුවන් වෙන විදිහේ හොඳ අවධානයක් වගේම මුළු ශරීරයෙම තියන මෘදු සැහැල්ලු බවක්.
මෙවන් වූ අවස්ථාවක් ආවොත් එහෙම අපි විතර්ක කරන්න ඕනද නැද්ද කියන එක අපිට හොඳට තේරෙන්න පටන් ගන්නව, එහෙම වුනොත් එහෙම අපිට ආනාපානය බලන්න හොඳ වටපිටාවක් හම්බ වෙනව. හුස්ම දිහා බලාගෙන ඉන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනව.
හැබැයි මේ ටිකට යන්න බැහැ වේදනාවත් එක්ක අපි කල්පනා කරනව නම්, ඔට්ටු වෙනව නම්. මේ දකින්නෙ මොකද්ද කියලා සූත්‍රයෙන් හොයන්න හිතෙනවා නම්, මේක අභිධර්මයට ගැලපෙනවද කියලා කල්පනා කරන්න යනව නම්, ඕව ගැන කවි කියනව නම්, මේව අල්ලන්න ඇත්තටම බැහැ.
නමුත් අපි ඉගෙන ගන්න පටන් ගත්තා සිහියට ප්‍රධාන තැන දෙන්න වුනාම කතාබහ කරන මනසේ ඉඳලා නිහඬව ඉන්න මනස දක්වාම අපිට යන්න පුළුවන් ගමනක් තියනවාය කියල. හැබැයි ඒ ගමන යනකොටත් පින්වතුනි අපිට අල්ල ගන්න තැනක් තිබ්බෙ නෑ. ඒකයි මහ පුදුමාකාර දේ වුනේ මේ දර්ශණයේ.
අපි හිතාගෙන හිටියට අනිත්‍යයි කියන වචනය තුල මම අනිත්‍යය වඩන එක තමයි හරි එහෙනම් කියලා, ඒක දිහා බලාගෙන ඉන්න වුනාම අපිට තේරෙන්න වුනා ඒකෙත් අල්ලන්න තැනක් නැහැයි කියලා. ඒක අල්ලගත්තොත් එහෙම එතන මම නිත්‍ය කරගෙන ඉන්නව. ඒ වගේ අපිට හම්බ වෙන්න ගත්තා අත්දැකීමක් දැක දැක, අත්දැකීමක් බුක්ති විඳ විඳ, ඒක අත්දැක දැක, අත්හරින මනසක් හදා ගන්න පුළුවන් විත්තිය හුදෙක් අත්දැකීමක් විතරක් බවට පත් කරගන්න ගමන්.
මෙහෙම වෙන්න වුනාම පින්වතුනි අපිට අපේ ජීවිතේ දිහාට හැරිල බලනකොට අපේ ජීවිතේ තියන ප්‍රශ්න ගැටළු දිහාත් අපි මීට කලින් හිතාපු විදිහ පොඩ්ඩක් පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඔය ඇත්තො කිවුවා මේ කතාව. ඊට කලින් බොහොම ස්ථිර හැටියට තියනවා කියලා තියාගෙන හිටියා වුනාට පස්සෙ කාලෙකදි තේරෙන්න වුනා තියාගන්න එකක් නෑ මේකෙ කියල.
මට ඕන විදියට මෙනෙහි කර කර, හිත හිතා, කල්පනා කර කර, පුපුර පුපුරා ඉන්නවා නම් ඒක ඉතින් අපේ තියන මෝඩකමක් තමයි. හැබැයි ඊට වඩා පැහැදිලිව මේක දිහා සතිමත් වෙලා බලන්න වුනාම තේරුනා සාමාන්‍ය ජීවිතේදී පවා ඇත්තටම අල්ලගන්න දෙයක් නෑ, තියාගන්න දෙයක් නෑ, ග්‍රහණය කරගන්න දෙයක් නෑ, බැහැර කරන දෙයක් මිසක කියල. ඇත්තටම කියනව නම් අපිට බැහැර කරන්න දේකුත් නෑ බැහැර වෙලා යන එකක්. ඒ දේට බැහැර වෙලා යන්න දෙන්න අපි ඉගෙන ගන්න පටන් ගත්තා සතිපට්ඨානය හින්දා. සිහියට පින් සිද්ධ වෙන්න.
අන්න එහෙම වුනාම අපිට හම්බ වුනා භාවනා කරද්දි වටපිටාවක් අවධියක්, එන ඕනෑම අරමුණකට එන්න දෙන්නත් ඉන්න දෙන්නත් යන්න දෙන්නත්. ඒ දේවල්වලට ඒ විදියට සලකන්න වුනාම ඒවගෙ තියන අර ඝන, රළු, බර, ඒ වගේ අරමුණු වලට එන්න ඉන්න යන්න දෙන්න පුළුවන් වුනාට පස්සේ, විශේෂයෙන්ම යන්න දෙන්න ඉගෙන ගන්න වුනාට පස්සේ, අවසානයේදී අපිට මේ ශරීරය තුල තියන ඝන ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා මෘදු බව දැනෙන්න පටන් ගත්තා. අවසානයේදී අපි හුස්මක නවතින්න වුනා. වායෝ ධාතුවක වගේ.
අන්න එතනින් පටන් ගන්නවා ආනාපාන සති සූත්‍රය හරි ලස්සනට. මෙතනට එනකනුත් අපි කරේ ඔය සූත්‍රය තුල තිබිච්ච කාරණාවල් හඳුනා ගන්න එකම තමයි. ඊට පස්සේ දැන් අපි හඳුනා ගන්න යන්නේ ඒ හිටපු මට්ටමට වඩා තව ටිකක් ගැඹුරු මට්ටමකින් ආපහු සූත්‍රය කරගෙන යනවා. එතකොට මේ කතා කරන මට්ටම තුල බොහොමක් වෙලාවට ඔය ධ්‍යාන කියන මට්ටම කියන දේවල් තියෙන්න පුළුවන්. මහ දෙයක් නෙවෙයි මෙව්ව ඈ. මහ බලගතු මහ විශාල එහෙම ඒව නෙවෙයි මෙව්ව.
නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරපු හැටියට ධර්මය භාවිතා කරනව නම් (මේ ධර්මය නෛර්යානිකයි නේ) මේ දේ වඩනකොට ඒ දේ ලැබෙන්න ඕන. ඒ ප්‍රතිඵලය ලැබෙන්න ඕන. ඒක සාමාන්‍යයි. අන්න එහෙම වුනාම පින්වතුනි අපිට ආනාපාන සති සූත්‍රය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා (හරි ලස්සනයි සූත්‍රය පටන් ගන්නකොටත්)
"පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල.
ඊළඟට පටන් ගන්නෙ,
"සෝ සතෝ අස්ස සති" කියලයි.
"සෝ" කියල කියන්නෙ කවුද? සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගත්ත කෙනයි දකින්නේ ආශ්වාසයක් එනව නම් ආශ්වාසය තියනවා, ප්රාශ්වාසය නම් ප්රාශ්වාසය. ඒ ආශ්වාසය කෙරෙහිම නැඹුරු වෙලා ඉන්න පුළුවන්කමක් තිබුනොත් එහෙම, ඒ හුස්මත් එක්ක ඇත්තටම තේරුම් ගනීවී මුල ඉඳල මැද සහ අගට යනකංම ඉන්න පුළුවන්කමක් තිබ්බොත්, හැම ආශ්වාසයකම වෙනස්කමක් තියනව කියල. අද දීර්ඝවම ගන්නවා අද කෙටිව ගන්නවා කියල එහෙම එකක් නෑනෙ මේකෙ. සමහර හුස්ම දීර්ඝයි සමහර හුස්ම කෙටියි. එච්චරයි.
හැබැයි අපි ඉගෙන ගත්තා ඒ හැම එකක් එක්කම මොහොතක ඉපදිලා ඒ මොහොත තුල ජීවත් වෙලා ඊට පස්සෙ මියැදිලා යන්න. ඒක හරි ලස්සන ඉගැන්වීමක් වුනා. හැබැයි මේ වෙද්දි අපිට හදාරන්න සිද්ධ වෙලා තිබ්බා ශරීරය තුල තියන වේදනාවල් සමනය කරගන්නෙ කොහොමද? සිතුවිලි සමනය කරගන්නෙ කොහොමද? සැකසංකා සමනය කරගන්නෙ
කොහොමද? සද්ද බද්දවලට හිත යන එක සමනය කරගන්නෙ කොහොමද? ආදී වශයෙන් තියන මේ ගැටළු ඔක්කෝම ඉගෙන ගන්න ඕන වුනා.
ඔන්න ඔය ටික තමයි මේ පහුගිය වාර දහහත තුලදී අපි ඉගෙන ගත්තේ. දැන් අපි ඊට පස්සෙ හිත පුරුදු කරන්න පටන් ගන්නවා අර කරදර බාධකයන් හඳුනා ගත්ත හිතත් එක්ක, ඒවාගෙන් නිදහස් වෙන්න පුළුවන් අත්දැකීම් තියන හිතත් එක්ක හුදෙක් තියන ආනාපානය දකින්න. හුදෙක් තියන හුස්ම දකින්න.
අද දවසට දේශනාව මෙච්චරයි.
තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 19
ආනාපානසති භාවනාව 2
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මුට්ඨස්සති අසම්පජානස්ස
ආනාපානසති සමාධිං නවන්නේමිතිතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි ! ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත, අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන, සතිපට්ඨාන භාවනා වැඩමුළුවේ දහ නමවෙනි වාරයයි අදට යෙදිල තියෙන්නේ.
වාර දහහතක් වගේ කාලයක් අපි සාකච්ඡාවට බඳුන් කලේ, සතිමත් බව වැඩීමේදී අනාපාන සතියට සේන්දු වෙනකොට, අපිට අවබෝධ කරන්න ඕන වෙන, අපි ස්පර්ශ කළ යුතු වෙන, අපි දැක බලාගත යුතු වෙන, හඳුනා ගත යුතු වෙන වගේම ඒ බාධකයන් ජයග්‍රහණය කරන්න උවමනා වෙන ක්‍රම ගැනයි.
මේ කියන කාරණාවන්වලින් අත්දැකීම් ලබාගත්ත භාවනා යෝගාවචරයා සතිමත් බව වැඩීම කියන මේ පරිච්ඡේදය පහු කරගෙන යනකොට, එයාට හම්බ වෙන්න පටන් ගන්නවා අනාපාන සතිය නැත්නම් ආශ්වාසය සහ ප්රාශ්වාසය, වායෝ ධාතුව, සුසුම් පොද. ඔය ගලාගෙන යන හුස්ම පොද පින්වතුනි, සාමාන්‍යයෙන් අපේ තියන පියවි ඇහැට පේන්නෙ නැහැ. පේන එක එච්චර ගෝචර නැහැ. හැබැයි ඔය ඇත්තොත් මමත් කොච්චර දුරකින් හිටියත් ඔබත් මමත් යා කරන, සම්බන්ධ කරන හෝ අපි අතර තියන මහා අවකාශය පිරිල තියන දේටයි වායෝ ධාතුව කියල කියන්නේ. හැබැයි ඒක අපේ ඇහැට පේන්නෙ නැහැ භාවනාවේදී ස්පර්ශ කරන්න හම්බ වුනාට.
අපි බොහෝමයක් භාවනා කරන්න මනාප වෙන, රුචි වෙන ඇත්තෝ එක පාරටම අනාපාන සතිය කරන්නටම, හුස්මටම අවධානය යොමු කරල ඉන්නටම බලාපොරොත්තු වුන හින්දා තත්පර කිහිපයක් ඇතුලතදී ඒ දේ කරගන්න පුළුවන් වටපිටාවකුත් සකස් කරගෙන ඒ දේ කර ගන්න බැරි වුනාට පස්සේ, අමනාපය මුසු වෙච්ච ස්වාභාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ආනාපාන සතිය අපිට හරි යන්නෙ නැහැයි කියල හිතන ඒ විදිහේ ස්ථිර, දැඩි වූ අධිෂ්ඨානයකට නැත්නම් අදහසකට පැමිණෙනවා වෙන්නත් පුළුවන්.
හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන අද මාතෘකා පාඨය කරගත්ත ගාථා රත්නය අරගත්තොත් එහෙම,
"මුට්ඨස්සති අසම්පජානස්ස
ආනාපානසති සමාධිං නවන්නේමි"
කියලා දේශනා කරල තියනවා. මේ වචනයේ පින්වතුනි අවරෝහණ පැත්ත, නැතිනම් වෙනත් හැඩතලයකින් අපි ඔය වචනය දිහා බැලුවොත් එහෙම, අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම ලස්සන පාඨයක්. සිහිය මොට, ඒ තරමේ සම්පජානන නුවණක් නැති ශ්‍රාවකයෙක්ට ආනාපානය කියන ආශ්වාස ප්රාශ්වාසයක සිහිය පිහිටුවන්නට බැරිකමක් නෑ. හැබැයි ආශ්වාසය ප්රාශ්වාසය කියල කියන ඔය කාරණාවෙහිම ගිලිල ඉන්න බෑ. මේ කතාවේ කියවෙන්නේ,
"මුට්ඨස්සති අසම්පජානස්ස ආනාපානසති සමාධිං"
කියලයි. එතකොට ආශ්වාස ප්රාශ්වාසයකම ගිලිලා වෙන මොනවාත්ම දේකට හිත යවා ගන්නෙ නැතුව, අනෙක් හැම දෙයක්ම විපස්සනාවෙන් දැක දැක අතහරින්න පුළුවන් තරමේ හිතක් ඇති වෙන්නේ, දියුණු තියුණු සිහියක් තියන, සම්පජානන නුවණ නැතිනම් සිහි නුවණ හොඳාකාරවම තේරුම් බේරුම් ඇති කරගත්ත පුරුදු කරගත්ත භාවනා යෝගාවචරයාට කියන එකයි ඔය ගාථා පාඨයේ තේරුම.
ඊට මෙහා භාවනා ජීවිතයක් ගත කරන අපිට, දැඩි වූ තියුණු වූ සිහියක් ඇති කරගන්න එක ටිකක් අමාරු කාරණාවක් තමයි. සම්පජානන නුවණ නැතිනම් ඇති වීම, පැවතෙමින් වෙනස් වීම සහ නැතිවීම කියල කියන උප්පාද, වය, ඨිතස්ස, අඤ්ඤතත්ත කියල කියන මේ පාලි වචනයෙන් තියන මෙන්න මේ කාරණාවල් අපිට හඳුනා ගන්න එක සමහර විට අමාරුයි.
ඒකෙ තේරුම තව ටිකක් විස්තර කලොත්, අපිට වේදනාවක් එන වෙලාවට ඒ වේදනාව අල්ලන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නත් තාමත් අමාරු වෙන්න පුළුවන්. ඒ වේදනාව බැහැර වෙලා යනකොට බැහැර වෙලා යන විත්තිය තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්.
සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ල එනවා කියන එක තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. සිතුවිල්ල පවතිනකොට ඒක දුව දුව දුව දුව එහෙට මෙහෙට පැන පැන පවතිනකොට, ඒ පවතින ස්වභාවය තේරුම් ගන්නට බැරි වෙන්නත් පුළුවන්. ඒ සිතුවිල්ලේ තියන විශේෂිත බව, ජව සම්පන්න බව අඩු වෙලා ගිහිල්ලා ඒකෙ තියන බලය අඩු වුනාට පස්සේ සිතුවිල්ල වියැකෙමින් වියැකෙමින් බොඳ වෙලා යන බව බලාගන්න සමහරක් වෙලාවට නොහැකි වෙන බවක් තියෙන්නත් පුළුවන්.
ඒ වගේ කෙනාට කියනවා තියුණු සිහියක් නැති කෙනා, දියුණු සිහියක් නැති කෙනා කියලා. හැබැයි මේ කෙනාට පුළුවන්කම තියනවා ඉදල හිටල හෝ එන ආනාපානයක් දකින්න. ඒ දකින හුස්ම පොඳ පවත්වා ගන්නට නොහැකි වෙන කාරණා ටික තමයි පහුගිය වාර දහහත ඔස්සේ අපි සාකච්ඡාවට භාජනය කලේ, ඔය ඇත්තන්ගේ භාවනාවෙන් ඔය ඇත්තන්ගෙ
සාකච්ඡාවෙන් එළියට ආපු කාරණා හැටියට.
ඒවගෙන් තමයි අපිට අහු වෙන්න පටන් ගත්තේ, අපි යම්කිසි දේවල් වලට ඇලෙනවා, යම් දේවල්වලට ගැටෙනවා, හිත තැන්පත් වේගෙන යනකොට ආපහු මෙනෙහි කරන්න පටන් ගන්නවා, මෙනෙහි කර කර ඉඳල මෙනෙහි නොකර ඉන්න එක ගැන ඊළඟට සැක කරන්න ගන්නවා. වේදනාව ආපුහම පලවා හරින්න උත්සාහ කරනවා. බොහෝම ප්‍රීති සහගත අත්දැකීමක්
බුක්ති විඳිනකොට, දැක බලා ගන්නකොට, තේරුම් බේරුම් ඇති කරගන්නකොට, ඕක
තියාගන්නට, පවත්වා ගන්නට වෙර වෑයම් දරනවා කියන එක පේන්න පටන් ගත්තා.
මේව තමයි පින්වතුනි අපේ සම්පජන්‍යයට අහු වෙන්න ඕන කාරණා. සිහිනුවණට අපිට අහු වෙන්න ඕන අපිට මේ දැනෙන වින්දනය මම දැන් තියාගන්න බලාපොරොත්තු වෙන ආකාරයෙන් තමයි මේ ස්පර්ශ කරල තියෙන්නෙ කියල. තණ්හාවක් ඇතිව, තණ්හාවෙන් යුක්තව. මගේ කරගන්න හැටියටයි මට ඕන හැටියට තියා ගන්න හැටියටයි මගේ ක්‍රමය හැටියටයි ඒ දේවල් දකින්නේ, ඒ දේවල් ඇසුරු කරන්නේ කියන එකයි අපි හඳුනා ගන්න ඕන වෙන්නේ.
ඒ විදිහට වේදනාව දිහා බලන එක, වේදනාව දකින එක, සිතුවිල්ල දිහා බලන එක, සිතුවිල්ල දකින එක, සංඥව දිහා බලන එක, සංඥාව දකින එක කරන්න ටිකක් අමාරුයි. නමුත් ඒ අමාරු කාරණාව තමයි, ඒ අමාරු පරිච්ඡේදය, කොටස තමයි අපි හිමිහිට හිමිහිට හිමිහිට හිමිහිට පුරුදු කරන්න පටන් ගන්නේ සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්න ඒ අවධියේදී. ඒ කොටස්වලදි මයෙ පුතේ අපිට දැඩි සිහියක් නෑ තමයි. අපේ සිහිය කැඩෙනවා තමයි. ඒක සාධාරණයි.
ඒ සාධාරණ භාවය අනුමත කරලා අපි භාවනාව කරගෙන යන්න වුනහම තේරුම් ගන්න පටන් ගත්තා, එක භාවනා වාරයක් කියල කියන්නේ මූලිකව මුල්ම කාලයේදී නිදිමතට යන, නැඟිටවෙන, අපිටම බැණ ගන්න, රාග සිතුවිලි හිතෙන, හිතන, ද්වේශ සිතුවිලි මතු වෙන, හිතන, හිතෙන, මෝහ සිතුවිලිවලටත් ඔය විදියටම මුහුණ පාන, කම්මැලිකම ඇති වෙන, අලසකම ඇති වෙන, පීඩාවල් තේරෙන වගේම හිතේ තැන්පත්වීම අත්දකින, මේ ශරීරය තුල තියන මෘදු සැහැල්ලුකම් අත්දකින ආදී වශයෙන් තියන මහා සිද්ධි සමුදායක එකතුවක් තමයි අපේ එක භාවනා වාරයක් කියල හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.
ඔය කියන භාවනාවේදී අපිට මෙවන් වූ අවධියක් තියනවා කියන එක අහු වෙන්න පටන් ගත්තේ මා පුතා, කමටහන් වාර්ථාව කියන එක අපි කියන්න පටන් ගත්තහමයි, ලියන්න පටන් ගත්තහමයි. එහෙම වුනාමයි අපි දැක්කේ, හඳුනා ගත්තේ, තේරුම් ගත්තේ, අපේ භාවනාවේ මෙහෙම ගොඩක් තියනවා කියලා.
ඒත් එක්ක තමා අපිට පේන්න පටන් ගත්තේ මේ එන යන දේවල් අපි හඳුනා ගන්නා අවධියක් තියනවා, ස්ථානයක් තියනවා, ක්‍රමයක් තියනවා, කාලයක් තියනවා කියලා. අන්න එතනින් අල්ලන්න ගත්තා සම්පජානනය කියන එක නැත්නම් සිහි නුවණ කියන එක අපි ගාව දැනට තියෙන්නේ මොන මට්ටමකින්ද කියලා.
සිතුවිල්ල එනවා, අල්ලන්න බැරි වෙන්න පුළුවන්. තියනවා, අල්ලනවා වෙන්නත් පුළුවන්. එනවා, අල්ලන්න බැරි වෙන්න පුළුවන්. තියනවා, අල්ලන්න බැරි වෙන්නත් පුළුවන්. යනකොට අල්ලනවා වෙන්න පුළුවන්. ගියාට පස්සෙ අල්ලනවා වෙන්න පුළුවන්. කාරි නෑ. මේ හැම එකක්ම ලක් වුනා සතිපට්ඨානයට. සිහිය පිහිටුවා ගැනීමට. හේතුව අපි කරන්න පටන් ගත්තේ "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන උපක්‍රමයයි. සිහියට ප්‍රධාන තැන දුන්නා. ඔච්චරයි. එන්නෙ මොකද්ද, තියෙන්නෙ මොකද්ද කියන එක අපිට අදාල වුනේ නෑ.
මේ විදියට එන එන ඕනෑම දේකට, හොඳ හෝ වේවා, නරක හෝ වේවා, ඒ ඕනෑම දෙයක් එක්ක සාමයෙන් ඉන්න (ධම්මජීව හාමුදුරුවන්ගේ වචනයෙන් කියනවා නම්) සාදර වෙන්න ඉගෙන ගත්තට පස්සේ, අපිට ඒ එන හැම එකකටම පින්වතුනි හිතාමතාම සාදර වෙනවා නැතිනම් හිතාමතාම එව්වා එන්න දෙන්න, තියෙන්න දෙන්න, යන්න දෙන්න කියන මේ ඉගැන්වීම නිතර නිතර මූලිකව කරන්න වුනාට පස්සෙ, කාලෙකදී ඒ වගේ බලපෑම් කිරීමකින් තොරවම අපේ හිත ඉගෙන ගන්න පටන් ගත්තා, එන ඕනෑම දෙයකට එන්න දෙන්නත් ඕන, ඉන්න දෙන්නත් ඕන, යන්න දෙන්නත් ඕන කියලා.
මේ අවධිය පුරුදු කරගෙන කාලයක් අපි භාවනාව පුරුදු කරනකොට, වඩනකොට, අපිට අහු වෙන්න ගත්තා එක්තරා මට්ටමකින්, එක හා සමාන විදිහේ අපි අත්දකින සංඥා, වේදනා හෝ චේතනා ඒ තරමටම විග්රහ කරන්න, ඒ තරමටම දැක දැක බලා බලා ඉන්න ඕන වෙන්නේ නෑ නේද කියලා. මොකද අපි අත්දැකීම තුලින්ම තේරුම් ගන්න පටන් අරගෙන තිබ්බා මේ එන ඕනෑම එකක් ආවොත් වෙනස් වෙවී තියේවී, වෙනස් වෙවී තිබිලා අවසානෙට බැහැර වෙලා නැති වෙලා යාවි.
ඔය කියන ධර්මතාවය හඳුනා ගන්න, තේරුම් බේරුම් ඇති කරගන්න අපි පටන් ගත්තා. එහෙම වුනාම ආනාපානය හැර අනික් ඕනෑම දෙයක් අපිට බාධාවක් වුනේ නෑ තවදුරටත්. ඒවා ඒවී යාවී. අපි හුස්ම පොද තුල රැඳී ඉදීවි.
මෙන්න මේ චරිතය, මෙන්න මේ අවස්ථාව, මෙන්න මේ වටපිටාව තියන කෙනා, භාවනා යෝගාවචරයාට හැකියාවක් තියනවා පින්වතුනි, දියුණු සිහියක්, තියුණු සිහියක් අත්දකින්නට, බුක්ති විඳින්නට, තේරුම් බේරුම් ඇති කරගන්නට. ඒ කෙනා සම්පජානනය කියන සිහි නුවණ මනා කොට බුක්ති විඳින්නට පටන් ගන්නවා. එයාට එන දේවල් දැක බලා ගන්නට, තියන දේවල් දැක බලා ගන්නට, වෙනස් වෙමින් පවතින දේවල් දැක බලා ගන්නට වගේම නැති වෙන දේවල් නැති වෙලා යන විත්තිය තේරුම් බේරුම් ඇති කරගන්නට හැකියාවක් එනවා. යථාර්තයක් අවබෝධ වෙන්න පටන් ගන්නවා.
කුඩා දේට කුඩා අගයක් දෙන්න වගේම විශාල දේට විශාල අගයක් දෙන්න මෙයා ඉගෙන ගන්නවා. කුඩා දේ විශාල හැටියට කරගන්නටත් විශාල දේ කුඩා කර ගන්නටත් කියන විපරීත සංඥාවට යන්නෙ නැති මනසක් ඇති වෙනවා. යන්නෙ නැති සිතුවිල්ලක් ඇති වෙනවා. අදහසක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා.
මෙන්න මෙවන් වූ අවස්ථාවකදි පින්වතුනි අපිට හැකියාවක් ලැබෙනවා හුස්ම පටන් ගත්ත තැනේ ඉඳලා මැදටත්, මැද ඉඳලා අවසානයටත් කියන හැම අවස්ථාවකම රැඳී ඉන්න. ඒ හැම මොහොතකම හුස්මකටම වෙලා තැන්පත් වෙලා ඉන්න පුළුවන් වෙනවා. මෙවන් වූ වටපිටාවකට අපි පරිවර්තනය වුනාට පස්සේ, පත් වුනාට පස්සේ, ඒ හුස්මෙහි තියන දිග හෝ කොට ආදී කාරණා අපිට ඇත්තටම කාරියක් නෑ. අපි ඒ හුස්මෙහි තියන ප්‍රමාණයත් එක්ක රැඳී ඉන්නවා විනා.
ඒ දේ දිගට තිබ්බා හෝ කොටට තිබ්බා හෝ අපිට පුළුවන්කම හම්බ වෙනවා අනික් හැම දෙයක්ම අපි නිශ්ප්‍රභා කරගෙන තියන හින්දා, අනික් හැම දෙයක් එක්කම අපි සාමයෙන් ඉන්නෙ කොහොමද, මධ්‍යස්ථ මතධාරීව, උපේක්ෂා සහගතව ඉන්නෙ කොහොමද කියලා දන්න හින්දා, හදාරල තියන හින්දා, පුහුණු කරල තියන හින්දා, පුරුදු වෙලා තියන හින්දා, ඒ හැම දේකටම ඉන්න වගේම යන්න දෙන්න පුළුවන්.
අන්න එතකොට අවස්ථාවක් ඒවි පින්වතුනි සමුදය වය කියන කතාව ගැන යම්කිසි අදහසක් ගන්න, පවතිනවා කියන අදහස අයින් කරලා. දේශනාව අරගෙන බැලුවොත් එහෙම,
"සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා"
කියලයි සඳහන් වෙන්නේ. මෙතන නැහැ සම්පජානනයෙ කියල දෙන අර පැවති පැවති වෙනස් වෙනවා කියන කතාවක්. හැබැයි ඒ කියන කාරණාව මේ කියන කොටස අස්සේ අන්තර්ගත වෙලා තියෙන්නත් ඕන අනිවාර්යයෙන්. හැබැයි අපි අර තරමේ හිත තැන්පත් කරගන්න මට්ටමකට ආවාට පස්සේ අපිට තේරෙන්න පටන් ගනීවී, එන සිතුවිල්ල යන බවත් හෝ ඒ එන සිතුවිල්ල පවතින්නෙත් වෙනස් වෙවී බවත්.
දැනෙන සංඥාවටත් දැනෙන වේදනාවටත් තියන තත්ත්වය ඕකම වේවි. මෙවන් වූ මට්ටමකදි පින්වතුනි අපේ සිහිය බොහොම දියුණුයි තියුණුයි කියන බව දැන් ඔය ඇත්තන්ට තේරෙන්න පුළුවන්. එවන් වූ අවස්ථාවකදි අපිට ආනාපාන සතිය නැත්නම් සුසුම් පොද තේරෙනවා නම්, ඒ දේ දිහා ඕනෑ තරම් විදියට අපේ අවධානය යොමු කරගෙන ඉන්නත් අවස්ථාවකුත් හම්බ වේවි, නිදහස් මනසකින් යුක්තව. සාමකාමී හිතකින් යුක්තව.
මොකද මේ වෙද්දී අපි අපේ ශරීරය මෘදු සැහැල්ලු කරගෙන තියනවා, දැක බලාගෙනම. තේරුම් බේරුම් ඇති කරගෙනම. ඒ මෘදු වූ සැහැල්ලු වූ ශරීරයක් තුලයි අපිට මේ කොටස් ටික දරන් පෙනී යන්න පටන් අරන් තියෙන්නෙ. අන්න ඒ වගේ අවධියකදි තමයි පින්වතුනි අපි ආනාපාන සතිය කියන භාවනාව තුල තියන හිතේ තැන්පත්කම අත්දකින්න පටන් ගන්නේ.
දැන් ඔය ඇත්තන්ට තේරෙනව ඇති ඒ කියන හිතේ තැන්පත්කම ඇති කරගන්න විපස්සනාවයි පාදක වුනේ. ඇති නැති වීම දැකපු බවයි පාදක වුනේ. ඒ ඇති නැති වීම කියන දේ දකින්න, ඇතිවීම, පවතින ස්වභාවය වෙනස් වීම වගේම නැතිවීම කියන එක දකින්න ඕන වුනා මූලිකව. ඒක නොදැක මේ කියන තැනට දකින්න බෑ. ඒක කරන්න පුළුවන් පොතෙන් විතරක්. නමුත් ප්‍රායෝගිකව ඕක කරන්න බෑ.
නමුත් සම්පජානනය තේරුම් ගත්ත කෙනා ඊළඟට ඒ සම්පජානනය තුල තියන කාරණා ත්‍රිත්වයත් කාරණා දෙකක් හැටියට තේරුම් ගන්න පටන් ගන්නව. ඔය ඇත්තන්ට මතකද දන්නෙ නෑ පහුගිය වැඩසටහන් මාලාවේ සම්පජානනය විස්තර කරද්දී අර කාටූන් එකක චිත්‍ර දහයක උපමාවක් මම කිවුවා. ආපහු ඒක කිවුවොත් එහෙම, ඕකට එදා ගත්තෙත් සූර පප්පගෙ කතාව.
සූර පප්පා හිනා වෙන පින්තතුරයක් ඒ කාලෙ ඇන්ඳා නම් පින්වතුනි එයාල ඒක අඳින්නෙ කොළ බර ගාණක. අපි නිකං ගමු කොළ දහයක කියලා. එයාලා කොළ දහයක අඳිනවා සූර පප්පා හිනා වෙන්නෙ නැතුව ඉන්න එකයි, පොඩ්ඩක් හිනා වෙන එකයි, ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් හිනා වෙන එකයි, ඊටත් වඩා පොඩ්ඩක් වැඩියෙන් හිනා වෙන එකයි, පස්වෙනි කොළේ හය වෙනි කොළේ එනකොට (කොළ දහයක් නම් තියෙන්නේ) උපරිම හිනා වෙන තැනට ඇඳලා හත් වෙනි කොළේට එයාල අඳින්නෙ මොකද්ද අර උපරිම හිනාවට වඩා චුට්ටක් අඩුවෙන්. ඊළඟ එක අඳිනවා තව ටිකක් අඩුවෙන්. ඊළඟ එක අඳිනවා තව ටිකක් අඩුවෙන් හිනා වෙලා.
අවසානයට දහවෙනි කොළය නම්, ඒ හිනාව සම්පූර්ණ කරන කොළ දහය, ඒ කොළේ අඳින පින්තූරේ අර මුලින් ඇඳපු පින්තූරෙ වගේම සාමාන්‍ය මූණ තියන පින්තූයක්. හැබැයි මේ කොළ දහය ඒකාකාර හැටියට, එක පාරට පෙරලගෙන පෙරලගෙන යද්දී, අන්න පේන්න පටන් ගන්නවා මේ කෙනා හිනා වෙනවයි කියලා.
ඒ වගේම තමයි පින්වතුනි සම්පජානනය කියන කාරණාව තුල බලාගෙන ඉද්දී අපිට තේරෙන්න පටන් ගන්නවා, ඕනෑම දෙයක් ඇති වුනා නම් ඒ දේ වැඩිවීමකට යනවා, ඊට පස්සේ අවසානයේදී වෙනස් වීමකට, අඩු වීමකට ගිහිල්ලා නැති වෙලා යනවාය කියලා.
මේකෙදි තියන ලස්සනම කොටස තමයි, අර සූර පප්පගෙ කතාවෙදී අපි ඒ දැකපු චිත්‍ර දහයේ පළවෙනි චිත්‍රය පෙන්නන්නම ඕන අනිවාර්යයෙන්ම දෙවනි චිත්‍රය පෙන්නන්න කලියෙන්. හැබැයි දෙවනි චිත්‍රය පෙන්නනලා ක්ෂණයක් ඇතුලත ඒක අයින් කරලා තුන් වෙනි චිත්‍රය පෙන්නන්නත් ඕන. තුන් වෙනි චිත්‍රයත් පෙන්නල මහා කාලයක් තියන්න බෑ. ක්ෂණයක් ඇතුලත මොහොතකින් ඒ දේත් පෙන්නල ඊළඟ දෙයත් පෙන්නන්න ඕන. එහෙම එහෙම එකේ ඉඳල දහය දක්වා අර චිත්‍ර ටික මාරුවෙන් මාරුවට, විගහට පෙන්නුවම තමයි හිනා වෙන කෙනෙක්ව පේන්න පටන් ගන්නෙ.
මේකෙදි එතකොට පළවෙනි චිත්‍රය පෙන්නුවා, අයින් කලා. ඒක හරියට ඇති වුනා නැති වුනා වගේ තමයි. ඒක ඇති කරල නැති කරන්න ඕන තාත්විකත්වයක් ගන්න නම්. අපිට තේරෙන මානසිකත්වය තුල සම්පජානනය තුලත් අපි දකින්න පටන් ගන්න 'උදයව්‍යය' කියන එක, තිබීම සහ නැති වීම කියන එක, ඔන්න ඔහොම කතාවක් පින්වතුනි.
අපේ වේදනාව දිහා බැලුවත් සංඥාව දිහා බැලුවත් සිතුවිල්ල දිහා බැලුවත් ඔන්න ඔහොම රටාවක් තියනවා මේක අස්සේ. ඒවා එකිනෙකට එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට එකිනෙකට නෑදෑකම් කියනවා. හැබැයි ඒ එකකටවත් මහ කාලයක් රැඳිල ඉන්න බෑ. අපිට අල්ලාගන්න තැනක් නෑ කියල තේරෙන්නේ ඔන්න ඕවත් එක්ක තමයි.
අපි මේ ප්‍රවාහය තුල බලාගෙන ඉන්නකොට අපිට පේන්න පටන් ගන්නවා, මේ හැම එකක්ම ඇති වෙවී නැති වෙවී යන අන්න එහෙම ස්වභාවයක් තියෙන්නෙ. හැබැයි හිනා වෙනවා කියන සම්පූර්ණ කතාව ගත්තොත් එහෙම ඒක අර සම්පජානනයට අයත් වෙන සමස්ථ කතාව තමයි. මොකද්ද? ඇතිවීමක් තියනවා, පවතින ස්වභාව වෙනස් වීමක් තියනවා, අවසාන වශයෙන් නැතිවීමක් තියනවා.
ආන් ඒ වගේමයි එක වේදනාවක් ගත්තත් පින්වතුනි, ඒ සමස්ථ කතාව සම්පජානනයට ගන්න පුළුවන් ඇත්තම කියනවා නම්. සමස්ථ වේදනාව නැත්නම් සමස්ථ සිතුවිල්ල සමස්ථයෙන් තියන එක සිතුවිල්ලක්, සමස්ථයෙන් තියන එක සංඥාවක්, සමස්ථයෙන් තියන එක වේදනාවක් අපිට ගන්න පුළුවන් සම්පජානනයක් හැටියට.
නමුත් මේක අස්සට තව ටිකක් කිඳා බැහැල බැලුවට පස්සේ ඒ හැම එකකම තියන ස්වභාවය තමයි අර ඇති වීම සහ නැති වීම කියන සත්‍යය. මේක එතකොට පොතෙන් හොයන එකක් නෙවෙයි අපි දකින එකක්. අපිට පේන්න පටන් ගන්න එකක්. මේක දැක්කා කියල අපිට මහ ලොකු කරදරයක් නෑ. අපි තේරුම් ගන්න පටන් ගන්නවා පොඩි දේට මහ ලොකු වටිනාකමක් දෙන්න ඕන වෙන්නෙ නැහැයි කියලා.
ලෝක සත්ත්වයාගේ තියන සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි දේ ලෝකයක් කරගන්නවා. ලෝකය ලෝකයක් හැටියට කරන්න ඕන දේ පොඩි දෙයක් කරගන්නව. ඒ වුනාට අපි ඉගෙන ගන්න පටන් ගන්නවා සතිපට්ඨානය වඩන හින්දා, ඇති වෙලා නැති වෙන දේට ඇති වෙලා නැති වෙන්න දෙන්න. එහෙම වුනාම පින්වතුනි හුස්මට තියන ආලය, තියන කැමැත්ත හෝ සුසුම් පොද බලන්න අපේ තියන ඒ අනුග්‍රහය ඒ විදියටම රැඳිල තියේවී.
අනික් පැත්තෙන් ඔය මතුවෙන කාරණාවල් ඇති වෙලා නැති වෙලා යාවි. මෙවන් වූ හිතක් ඇති කරගන්න පුළුවන් වූ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති සමාධිය වඩන්න පුළුවනියි කියල. අන්න ඒ කෙනා තමයි ආශ්වාසයක මුල, මැද, අග කියන ඔක්කෝම ටික බලලා ප්රාශ්වාසයක මුල, මැද, අග කියන මේ ඔක්කෝම ටික තේරුම් ගන්න පුළුවන් තරමේ හොඳ හිතක් තියෙන්නේ.
ඒ කෙනාට පුළුවන්කම තියෙන්නේ "පස්සං භය කාය සංඛාර" කියල කියන සම්පූර්ණ කාය සංස්කාර ටික දැක දැක, මෘදු සැහැල්ලු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. මේවා අපි අපේ භාවනාවේ අත්දකින්න ඕන කාරණා. අත්විඳින්න ඕන කාරණා. මෙන්න මේ කොටස් ටික ගැන කියන්නයි මම අද දවසේදී බලාපොරොත්තු වුනේ.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 20
ආනාපානසති භාවනාව 03 කොටස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මුට්ඨස්සති අසම්පජානස්ස
ආනාපානසති සමාධිං නවන්නේමිතිතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත, සතිමත් බව වැඩීමේ භාවනා වැඩමුළුවේ විසිවෙනි දවසයි අදට යෙදිල තියෙන්නේ. මේ පහුගිය වාර දහනවය තුලදීම අපි නිතර නිතර සාකච්ඡාවට බඳුන් කලේ, ඇත්තටම අපිට භාවනාවක් කරන්න, ඒකාකාර හැටියට භාවනාවක් තුල රැඳී ඉන්න හැකියාවක් නැතුවා වගේම, අපිට හැකියාවක් තියන ඒ ස්වභාවයෙන් භාවනාව කරගෙන යන්නෙ කොහොමද කියන ඒ උපාය මාර්ග ගැනයි.
එනයින් ගත්තහම පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ආනාපාන සතිය කියල කියන අපි කවුරුත් බොහොම ආදරයෙන් වැළඳ ගන්න, කරන්න මනාප වෙන, ඒ වුනාට හරි හැටියකට කරගන්න අමාරු වෙන මේ භාවනාවේදී, අපිට මූලිකව මුණ ගැහෙන ගැටළු සහ කරදර, ප්‍රශ්න බොහෝමයක් තියනවා.
මේ ගැටළුවලට කරදරවලට මුහුණ දෙන යෝගාවචරයා සමහර වෙලාවට, ඇත්තම කියනව නම් ගොඩක් වෙලාවට ඒ අය කරන්න යන සිහිය පුරුදු වීමේ භාවනාව පසෙකලා, පැත්තකින් තියලා, වෙනත් මෙනෙහි කිරීමකට යොමු වෙන, වෙනත් මෙනෙහි කිරීමකට සම්බන්ධ වෙන භාවනාවක් කරන්න ඊළඟට සිත් සකස් කරගන්නවා. කැමැත්ත ඇති කරගන්නවා.
මේකට ප්‍රධානම හේතුව තමයි පින්වතුනි, වැඩි වෙලාවක් ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන දෙක අපිට දකින්න නොහැකි හින්ද. තථාගතයන් වහන්සේගේ දේශනාව අරගෙන බලනකොට හරි ලස්සන පාඨයක් තියනවා. අද මාතෘකා පාඨය කරගත්තෙත් ඒකමයි.
"මුට්ඨස්සති අසම්පජානස්ස
ආනාපානසති සමාධිං නවන්නේමි" කියල.
මේකෙදි කියල දෙනවා, මොට සිහියක් තියන, සම්පජානනය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට ආනාපාන සතිය කියල කියන භාවනාව තුල තැන්පත් වෙන්නට, සමාධිමත් වෙන්නට හෝ අපිට තේරෙන්න තවත් විදියකට කිවුවොත් ආනාපාන සතියම එක දිගටම වඩාගෙන ඉන්න, වඩන්න, පුරුදු කරන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. "නවන්නේමි" කියලයි කියන්නේ. ඒ ඇත්තන්ට මේක කරන්න පුළුවන් කියලා මං වර්ණනා කරන්නෙ නෑ කියලයි ඒකෙ අදහස.
ඔය කියන කතාව සියයට සියයක්ම ඇත්ත නේද අපේ පැත්තට හැරිල බලනකොට? අපිට ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන එක දැකබලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි. ඒ වුනාට අපේ හිතේ බලාපොරොත්තුවක් තියනව මේකම කරන්න ඕන කියලා. ඒක කරන්න බැරි වුනාම වැඩේ නතර කරල දානව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මුට්ඨස්සති" ඒ කියන්නේ අපේ සිහිය මොට නම්, දියුණු තියුණු නැති නම්, "අසම්පජානස්ස" සම්පජානයක් කියල කියන ඕනෑම කාරණාවක ඇති වීම දැකගෙන ඉන්න පුළුවන්, පවතින ස්වභාවය තුල වෙනස් වීම දැකගෙන ඉන්න පුළුවන්, වියකී යාම නැති වී යාම දැකගෙන ඉන්න පුළුවන් විදිහේ අවබෝධයක්, හැකියාවක් නැතිනම් ආනාපාන සතිය කියන දේ දිහා ඒකාකාර විදියට බලාගෙන ඉන්න හෝ රැඳීගෙන ඉන්න ඒ කෙනාට නොහැකියි කියලයි කියන්නෙ. යම් කාලයක් ඉඳියි දරන්න පුළුවන් ප්‍රමාණයක්. ඊට පස්සෙ මොකද වෙන්නෙ? ආපහු අර පරණ පුරුදු චින්තන ලෝකයටම යනව.
කල්පනා කරනවා කියන පුදුමාකාර පුරුද්ද ලෝකයාට ඇති වෙලා තියෙන්නෙ කවද්ද කියන එක අපි දන්නෙ නැහැ. නමුත් තාමත් අපි ඒ දේ කරනවා කියන එක නම් අපි දන්නව. ඒ අතරින් බලනකොට පින්වතුනි ආනාපාන සතිය කියන භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ සිතිවිලි රහිත කරගන්නටයි. හිතන එකෙන් අයින් වෙන්නයි.
මෙන්න මේ දේ කරන්න අපිට ටිකක් අමාරුයි. ඒ අමාරුකම පහල වෙන්නේම අපේ හිතේ තියුණු සිහියක් නැති හින්දාමත් සිහි නුවණ අපි එච්චර භාවිතා කරන්නෙ නැති හින්දාමත් කියලයි බුදු හාමුදුරුවො කියල දෙන්නෙ. එතකොට ඔය කියන සම්පජානනය නැත්නම් සිහි නුවණ ඇති කරගන්න තථාගතයන් වහන්සේ අපිට කියල දෙන පාඩම මොකද්ද?
මෙන්න මේක ගැනයි අද මට කතා කරන්න හිත තියෙන්නේ. ඒක මහා ලොකු අමාරු දෙයකුත් නෙවෙයි. නමුත් අපි ඒ විදියට දකින්නෙ නැති එකයි තියන වැඩේ. දේශනාව අරගෙන බලනකොට ඒ දේශනාවෙ තියනව හරි ලස්සනට, තමන් අඳුරක ඉන්නව නම් අපිට තේරුම් ගන්න කියල කියනව මං දැන් අඳුරෙයි ඉන්නෙ කියල. මේක මේ මහ ගැඹුරු අඳුරක් නෙවෙයි. ලයිට් එකක් නැති තැනක ඉන්න එකක් කියන්නෙ. එළියක ඉන්නව නම් එහෙම.
ඊට පස්සෙ ඉදිරිය බලනව නම් එහෙමයි. පිටුපස බලනව නම් එහෙමයි. තමන් ඉදිරිය දිහා නම් බලන්නෙ මේක මේ ව්‍යංගාර්ථයෙන් කියන වෙනත් ඉදිරියක් ගැන නෙවෙයි කියන්නෙ. තමන්ට තියන ඉදිරිපස බලනව නම් තේරුම් ගන්න කියල කියනවා, තමන් දැන් ඉදිරිය බලන්නෙ. තමන්ගෙ ඉදිරිපසයි බලන්නෙ. වෙන දිශාවක් දිහා බලනව නම් තමන් වෙන දිශාවක් දිහායි බලන්නෙ.
තමන් නිදාගෙන නම් ඉන්නෙ අපිට තේරුම් ගන්න කියල කියනව මං දැන් නිදාගෙන ඉන්නෙ. තමන් කෑම කනවා නම් මං කෑම කනවා. මේ කෑම කන වෙලාව. කතා කරනවා නම්, ඔව් මම කතා කරන වෙලාව. කතා නොකරනවා නම්, ඔව් දැන් මම කතා නොකර ඉන්නෙ හිතාමතාම. දැන් ඔය ඇත්තො කතා නොකරනෙ ඉන්නෙ මේ බණ අහ අහනෙ ඉන්නෙ. ඔය ඇත්තො දැන් වාඩි වෙලා ඉන්නෙ. බණ අහගෙන ඉන්නෙ. මේ ආකාරයට තමයි.
ඕක තවදුරටත් එහාට අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් උපමාවටත් අරගෙන,
"සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති" කියල.
සංඝාටය කියල කියන දෙපට සිවුර අඳිනවා නම්, දරනවා නම්, තේරුම් කරගන්න කියනවා මම මේ දරන්නෙ හෝ අඳින්නේ, පැළඳගන්නේ, පොරවන්නෙ තනිපට සිවුර නෙවෙයි දෙපට සිවුර. ඔය ඇත්තො කලිසමක් අඳිනව නම් හෝ ගවුමක් අඳිනව නම් සාරියක් අඳිනව කියල හිතන්න නරකයි කියලයි මේකෙන් කියල දෙන්නෙ. මම මේ අසවල් දේ තමයි ලා ගන්නෙ.
හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ පින්වතුනි මම දැන් කලිසමක් අඳිනවා හෝ මම දැන් සංඝාටියක් අඳිනවා, මම දැන් සංඝාටියක් අඳිනවා කියල ඒ ආකාරයෙන් මෙනෙහි කර කරම කරන්න කියනව නෙවෙයි මේ. හැබැයි ඔය යම්කිසි ඇඳුමක් ලා ගන්නවා හෝ යම්කිසි වැඩක් කරනවා කියන ඒ දේ කරන්න පටන් ගන්නකොට, අපි අපිටම තේරුමක් ඇති කරගත්තහම, අපි මම දැන් මේ දේ කරන්න පටන් ගත්ත කියල ඊළඟට ඒ සිද්ධියෙ නැත්නම් ඒ කාරණාවෙ ගමන් කරන බවක් තියනවනෙ. මම දැන් දැනගත්තහම මම දැන් කතා කරනවයි කියලා මං එතකොට කතා කරන දේ හඳුනාගෙන කතා කරන්න ඉගෙන ගන්න පටන් ගන්නව.
අද සමාජය තුලත් ගොඩක් වෙලාවට තියෙන්නෙ කටට එන වචනය කියනවා හිතන්නෙ පතන්නෙ නැතුව. තේරුම් බේරුම් ඇති කරගන්න යන්නෙ නැතුව. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට සම්පජානනය නැත්නම් සිහි නුවණ කියන දේ භාවිතා කරන්න කියල කියනවා කරන කතාවට පවා. නිහඬව ඉන්නව නම් ඒ නිහඬව ඉන්න එකට පවා.
එතකොට ඒක තමන්ට මුමුණාගන්නව නෙවෙයි, ආපහු හිතනවා නෙවෙයි, "මම නිහඬව ඉන්නවා, මම නිහඬව ඉන්නවා, මම නිහඬව ඉන්නවා" කියල.
ඕක තව ටිකක් එහාටත් අරගෙන යනවා.
"උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති" කියලත් කියනවා.
වැසිකිළි කැසිකිළි කටයුතු කරනකොට පවා. එතකොට නම් කොහොමත් ඕක කියන්න යන්නෙත් නෑනෙ අපි, නේද? "මම දැන් ඉතින් අංක එක කරනවා, දෙක කරනවා" කියල. මම හිතන්නෙ නෑ ඕක කිය කියා ඉඳියි කියල. නමුත් අපිට දැනගන්න පුළුවන්. ඒ මොහොත තුල ජීවත් වෙන්න පුළුවන්.
තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට පින්වතුනි මේ හැම දේකම දිහා බලාගෙන ඉන්නකොට පෙනී යන කාරණය තමයි, අපි ඒ ඕනෑම දෙයක් තුල රැඳිල ඉන්නෙ නෑ. අපිට තියන පුරුද්ද තමයි ඒ ඕනෑම දෙයක් සමහරක් වෙලාවට දැක ගන්න පුළුවන්කම තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
පහුගිය දවස්වල කිහිප දෙනෙක් මාත් එක්ක කරපු කතාබහවල තිබ්බා,
"හාමුදුරුවනේ මම මේ ගමනක් යන්නෙ කියල දන්නෙ ගියාට පස්සෙ" කියල.
දැන් මම කොහාටද යන්නෙ? මොකටද යන්නෙ? කියල ගියාට පස්සෙ කල්පනා කරනවලු. "ඇයි මං ආවෙ මේ?" ඒකට නෙවෙයි සිහිනුවණ කියන්නෙ. අපිට උගන්වනව පින්වතුනි අපේ ජීවිතේ මේ කරන කියන හැම දේකටම නුවණ භාවිතා කරන්න කියල. සිහිය විතරක් නෙවෙයි. මනා දැනුවත්බව භාවිතා කරන්න කියල. අවධානය පමණක්ම නෙවෙයි.
ඒ දේ ඒ විදියට භාවිතා කරනකොට අපිට තේරෙනවා දැන් මං මේ කරන ක්‍රියාවලිය තුල සජීවීව ජීවත් වෙනවයි කියලා. එහෙම නැතිනම් ඇත්තටම අපි ඔහේ කරල තියනව මිසක ඒ හරිය නෑ. එතන ජීවත් වෙලා නෑ. මෙන්න මේකම තමයි සිද්ධ වෙන්නෙ භාවනාවට ආපුහම. එක හා ම සමානයි.
භාවනාවට වාඩි වුනාට පස්සේ ආනාපානෙ පේන්න ගන්නවා, ටික වෙලාවක් ඉන්නවා, තව තව තව තව කොහෙට කොහෙට කොහෙට කොහෙට හරි ගිහිල්ල අවසානෙදි මතක නෑ මං ඇත්තටම මොකද්ද දැන් කරන්න ආවෙ? මේක මතකත් නෑ. සාමාන්‍ය ජීවිතෙත් මේකම නේද? එතකොට සම්පජානයක් නෑ, සිහිය මොටයි කියල කියන එක. සාධාරණයි නේද?
එතකොට හිතන්න නරකයි මේ කියන මොට සිහියෙන් නිදහස් වෙන්නේ හෝ තියුණු සිහියක් ඇති කරගන්නේ වගේම සම්පජානනය කියල කියන සිහිනුවණින් යුක්ත වෙන්නේ භාවනාවෙදි විතරයි කියල. භාවනාවෙදි විතරක් නෙවෙයි. මේක එතනදි විතරක් කරන්න පුළුවන් හපන්කමක් නෙවෙයි.
අපි දක්ෂ වෙන්න ඕන අපේ සාමාන්‍ය ජීවිතය තුලදී පවා කරන කියන හැම දෙයක්ම පවා සිහියෙන් යුක්තව, සිහිනුවණින් යුක්තව කරන්න. දැනගෙන කරන්න, දැනුවත් භාවයකින් කරන්න. එහෙම නැතිනම් අපි එක දෙයක් කරන ගමන් නින්දත් බාගෙට අපිත් එක්ක යන්න පුළුවන්. කිට්ටුවෙන් යන්න පුළුවන්. පොතක් කියව කියව ඉන්නකොට ඇහැ බාගෙට වගේ පියවිලා තියෙන්න පුළුවන්. භාවනාවෙදි මේ වගේ අවස්ථා ඕන තරම් තියනවා හා නැද්ද? හරියට තියනව. බණ අහනකොටත් ඒක ඒ වගේම තමයි.
ඒ වුනාට වීඩියෝ එකක් බලනකොට, රූපවාහිනිය බලනකොට, නාට්‍ය බලනකොට එව්ව නෑ. වැඩ දෙක තුනක් හරි කර කර ඒකත් කරන්න පුළුවන්. ඒක තමයි කෙලෙස්වල ස්වභාවය සහ නිකෙලෙස්වල ස්වභාවය.
හැබැයි මේ කියන අයුරින්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයුරින් අපි අපේ ජීවිතයට පින්වතුනි, සිහිය සහ සිහිනුවණින් යුක්තව කටයුතු කරන්න ඉගෙන ගන්න වුනහම ඒ ලබන පෙරහුරුව ඇති කෙනා තමයි පර්යංකයට යන්නෙ. අන්න ඒකයි වැදගත් වෙන්නෙ.
ගොඩක් ඇත්තො කියන කතාවක් තමයි අද කාලෙ පහුගිය ටිකේ හරියට මට මේ කතාව කිවුව.
"හාමුදුරුවනේ භාවනා කරන්න පර්යංකයට යන්න නම් මට වෙලාවක් නෑ. නිවාඩුවක් නෑ. හැබැයි මම සිහියෙන් නම් ඉන්නව" කිවුවා.
මේක නිකං හරියට මගෙන් "හා" කියව ගන්න වගේ. "හා ඔය ඇති එහෙනම් පුතේ ඈ. නියමයි. ඒ ගාණ ඇතිනෙ ඉතින්. ඔය මදෑ." ඒක කියවගන්න වගේ මේ අහන්නෙ. මට ඉතින් අර බනින්න හිතෙන්නෙත් නෑ මූණට. මොකද්දෝ වගේ. ඕකත් නැති වෙනවනෙ. ඒ නිසා මං ඉතින් "හොඳ විදිහක්" කියනව. "කැමති නම් හොඳ විදිහක්. කැමති නම් විනාඩි පහක්වත් ඉන්න කියල ආපහු අර පරණ තැනටම අරන් දානව. ඒ වුනාට ගොඩක් වෙලාවට කියනව,
"පර්යංකයට යන්න නම් වෙලාවක් නෑ හාමුදුරුවනේ ඒ වුනාට සිහියෙන් ඉන්නව. සිහියෙන් ඉන්න උත්සාහ කරනව සාමාන්‍ය ජීවිතය තුල"
කොහොමද කියල අහපුහම ඒකට උත්තරත් නෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිතය තුලදී ලබාගන්නා වූ සිහියේ අත්දැකීම ඇත්තටම අපි ගාව තියනවද කියලා, කොච්චර ප්‍රමාණයක්ද තියෙන්නෙ කියන එක දැක බලාගන්න, තේරුම් බේරුම් ඇති කරගන්න වෙන්නෙ භාවනාවක් වඩනකොට තමයි.
එතකොටයි අපිටම තක්සේරුවක් හම්බ වෙන්නෙ පින්වතුනි, ඇත්තටම කියනව නම් පඩි හම්බ වෙන්නේ. අපි මෙච්චර කාලයක් කරල තියන එකේ පාරිතෝෂිකය හම්බ වෙන්නේ භාවනාව තුලින්.
ඔය ඇත්තො දන්නවද අජාන් චා හාමුදුරුවොන්ගෙ එක ලස්සන කතාවක් තියනවා. අපි මමත්වයට යුක්ත වෙලා මමත්වයට බර වෙලානෙ සාමණ්යයෙන් කටයුතු කරන්නෙ. ඒක සාමාන්‍යයිනෙ. මමත්වය කියල කියන්නෙ, "මට ඕන විදියට තමයි ඔක්කොම කරන්නෙ. මට ඕන නම් ඕන, එපා නම් එපා. ඔච්චරයි කතාව. ගොඩක් වෙලාවට මෙහෙමයිනෙ නේ? එහෙම හින්දනෙ මේ ප්‍රශ්නත් තියෙන්නෙ.
කොහොම හරි ඔය කියන මමත්වයෙන් අපි මොහොතකට නිදහස් වුනා නම් උන් වහන්සේගේ උදාහරණයක් තියනවා, ඒක හරියට කවුරු හරි කෙනෙක් ඉපදුනොත් එහෙම බෙල්ලට ලණුවක් දාල තදින් ගැට ගහලා එයාට ඒක අසාමාන්‍යයක් කියල තේරෙන්නෙ නැහැනෙ. ඒක එයාට සාමාන්‍යයි. මොකද මේ හාදය ඉපදිලා තියෙන්නෙම බෙල්ල මිරිකෙන විදියටමයි. හැබැයි මොකක් හරි දේකට කවදා හෝ දවසක එයාගෙ අර බෙල්ලෙ තිබිච්ච හිර කරල තිබිච්ච ලණුව හරි මොකක් හරි අයින් වුනා කියන්නකො. එතකොට එයාට කොච්චර නම් සහනයක් තේරේවිද?
ආන් ඒ වගේ කියල කියනවා පින්වතුනි අපි මේ මමත්වයෙන් යුක්තව ජීවත්වෙන මේ රටාවෙන් එක අංශු මාත්‍ර මොහොතක් නිදහස් වුනා නම් ඒක හරියට මුළු ජීවිතේම අපේ බෙල්ල මිරිකගෙන හිටපු එකක් මොහොතකට අයින් වුනා වගේ දෙයක්. මං ඒකයි කියන්නෙ පාරිතෝෂිකයක් කියල මේකට, අපේ හිත් තැන්පත් කරගන්න පුළුවන්කමක් ලැබුනා නම් තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට.
එතකොට සාමාන්‍ය ජීවිතය තුලදී අපි භාවිතා කරන සිහිය, අවධානයෙන් යුතුව වැඩ කරන එක සහ සිහිනුවණ, ඒ කාරණාව කරල ඉවර වෙනකංම ඒ කාරණාව කෙරෙහි පවත්වන්න උත්සාහවත් වෙන අවධානය කියන දේ අතිශයින්ම වැදගත් වෙනවා භාවනාවේ දියුණුවට. අතිශයින්ම වැදගත් වෙනවා.
අද කාලෙ වෙනකොට අපි බොහොම කාර්යබහුල ජීවිත ගෙවනව වෙන්න පුළුවන් ඔය ඇත්තෝ. ඒක හින්දා කාලය අවමයි කියල හිතන්නත් පුළුවන්. කවදත් මේක මෙහෙමම තමයි. හිතන්නකො බලන්න දැන් ඒ කාලෙ හිටපු බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ශරීරයේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියල හතරක් කියල. ඕක එතකොට ඒ කාලෙ හිටපු අයට විතරද තිබ්බේ? අපිටත් තියෙන්නෙ ඕකම නේ? ආයෙ කඩනවා කෑලි තිස් ගාණකට කෙස්, ලොම්, නිය, දත් කියල. ඊට වඩා අමුත් දෙයක් පහල වෙලා තියනවද නැහැනෙ.
එහෙම නම් අපි එනයින් හිතමු, ඒ ආකාරයෙන් බැලුවොත් එහෙම, ඒ කාලෙ හිටපු අයටත් මේ කාලෙ ඉන්න අයටත් තියන කරදර, ප්‍රශ්න, ගැටළු කියන ඒව එක හා ම සමානයි. ඕකට තව ලේසියට දාගන්න එකක් තමයි ඒ අයට පින් තිබ්බා අපිට නෑ කියල. නෑ ඒ මිනිස්සුන්ටත් කරදර තිබ්බා. ඒ අයටත් වද වේදනා තිබ්බා. ප්‍රශ්නත් තිබ්බා. ලෙඩ රෝගත් තිබ්බා. ඒ හැම එකක්ම මැදයි මේවත් කලේ.
ඉතින් අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන මේ හැම එකක්ම අතරින් ධර්ම මාර්ගය තුල තියන මේ කාරණාවල් පුරුදු කරන්න. මොකද මෙව්ව කල් දදා කල් දදා කල් දදා ඉඳලා අවසානයේදී මං දන්නෙ නෑ මොකක් කරන්නද කියල. නේද? හිතා ගන්න අමාරුයි. මොකද තමන් වෙනුවෙන් මේක වෙනත් කෙනෙක්ට කරන්න අමාරුයි.
ඇඳුමක් අඳිනකොට තමන් දැනගන්නෙ නැතුව මේක තමන් තමයි ලා ගන්නෙ, මම අසවල් දෙයයි ස්පර්ශ කරන්නෙ, අසවල් විදියටයි මගේ වින්දනයන් හෝ වේදනාවන් හඳුනා ගන්නෙ කියන එක තමන්ට විනා වෙන කෙනෙක්ට තේරුම් ගන්න බෑ කොහොමටවත්ම. ඒකට අපි අර පුද්ගලික ලේකම්වරයෙක් හරි ලේකම්වරියක් හරි දාගෙන හිටියත් කරන්න බෑ ඒ ගොල්ලන්ට. එහෙම එකක් මේකෙ තියෙන්නෙ.
ඒක හින්ද පින්වතුනි අපි සාමාන්‍ය ජීවිතය තුල සිහිය සහ සම්පජානනය කියන මේ කාරණා දෙක දිහා හොඳ හැටි බලාගෙන ඉන්න වුනාම, තේරුම් ගන්න පටන් ගත්තහම, අපිට හඳුනා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා අතීතය සහ අනාගතය කියන දෙක. ඊට කලියෙන් වචනයක් කතාබහ කරනකොට අපි අසිහියෙන් කතා කරා නම් අපි දන්නෙ නැහැ ඒ වචනයෙන් ලැබෙන ප්රතිවිපාකය හෝ අනාගතයේදී ඇති වෙන ඵලය මොකද්ද කියල.
නමුත් සිහියෙන් යුතුව කතා කරන කෙනා, සම්පජානනය නැත්නම් සිහිනුවණ භාවිතා කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා, මේ අයුරින්, මේ විදියට, මේ ස්වරයෙන් කතාව කලොත් ඕකෙන් අහවල් විදිහේ ප්‍රයෝජන හම්බ වෙන්න පුළුවන්. ඒක සුභ විපාකයක් වෙන්නත් පුළුවන්, අසුභ විපාකයක් වෙන්නත් පුළුවන්. යහපත් වූ විපාකයක් වෙන්නත් පුළුවන්, අයහපත් වූ විපාකයක් වෙන්නත් පුළුවන්.
මේක මෙයාට තේරෙන්න හේතු වුනේ සිහියෙන් වැඩ කරපු හින්ද තමයි. එතකොට සිහිනුවණ සිහිය භාවිතා කරන කෙනාට අනාගතය යම්තාක් දුරට තේරුම් ගන්නටත් අතීතය තේරුම් ගන්නටත් අවස්ථාව තියනව. එතකොට එයා ජීවත් වෙන රටාව පින්වතුනි, සාමාන්‍යයෙන් තිබුනු රටාවට වඩා හොඳ බුද්ධිමත් රටාවකට පත් වෙනව. අපි කියමු බුද්ධිමත් මට්ටමකට එනවයි කියල, මේ කෙනා ජීවත් වෙන ස්වභාවයේ ඉඳලා.
කමටහන් වාර්ථාව කියන එක කිට්ටු වෙන්නෙ මෙන්න මෙතනටයි. ආපස්සට මතක් කරල ගන්නකොට මෙයාට හම්බ වෙන්න ගනීවි මම අද දවස තුල බුද්ධිමත් විදියට මොනවද කලේ? එහෙම නැති විදියට මොනවද කලේ? කියල. මෙන්න මේවත් එක්ක තමා අපේ කෙලෙස් දැක දැක ඒවාගෙන් අපිට නිදහස් වෙන්න අපිට අවස්ථාව හම්බ වෙන්නෙ. එහෙම නැතිනම් අපි හැමදාමත් ඉන්නෙ අපේ උවමනා එපාකම් කියන හීනයේ, ඒ මානසික අවශ්යතාවයේම වහලෙක් බවට පත් වෙලා.
නමුත් සිහියෙන් ඉන්න කෙනා කරදර බාධකයන් ටික හඳුනා ගන්නවා. ඒ බාධකයන් ටිකට හසු නොවී භාවනාව කරගෙන යන්නෙ කොහොමද කියල තේරුම් බේරුම් ඇති කර ගන්නවා.
අපි ගොඩක් වෙලාවට භාවනාවේදී අපිට හරි යන්නෙ නැති දෙයක් ආපු ගමන් ඕකත් එක්ක ඔට්ටු වෙන්න පටන් ගන්නවනෙ. සාමාන්‍යයෙන් වෙන්නෙ ඒකම තමයි. එහෙම නැතිනම් භාවනාවේදී අපි කවදාවත් දැකල නැති විදිහේ සංතෝසයක් දැක්කොත් එහෙම, ප්‍රීතියක් පස්සද්ධියක් වගේ මොකක් හරි ගුණයක් ආවොත් එහෙම ඒකට අහු වෙන එකනෙ වෙන්නෙ.
හැබැයි මේ දෙකටම පැන්න ගමන් වෙන්නෙ මොකද්ද? අපේ තිබුන අර සිහියේ රටාව නැති වෙලා යනව. නමුත් භාවනාව නිතර නිතර පුරුදු කරන්න වුනාම, එහෙම නැති නම් සිහිය සහ සම්පජානනය කියන මේ දෙක නිතර නිතර පුරුදු කරන්න වුනාම අපිම හඳුනා ගන්නව පින්වතුනි, මේ එන හැම එකකටම ඇති වීමකුයි පවතින ස්වභාවයක වෙනස් වීමකුයි නැති වීමකුයි තියනව කියල.
හේතුව තමා සාමාන්‍ය ජීවිතයේදීත් අපි සම්පජානනය කියන එක පුරුදු කරන හින්ද. එතකොට මේ වගේ ජීවිතයක් ගෙවනකොට අපි ගොඩක් වෙලාවට තැන්පත් වෙන්න පුළුවන්. සමහරක් විට අපි කතාබහ කරන ප්‍රමාණය අවම වෙන්නත් පුළුවන්. මොකද අපි උත්සාහවන්ත වෙනවා අපේ වචනයට වටිනාකමක් දෙන්න. අපේ වචනයට වැදගත්කමක් දෙන්න. අපේ ක්‍රියාවට වැදගත්කමක් දෙන්න උත්සාහවන්ත වෙනව.
මෙන්න මෙහෙම වුනාම පින්වතුනි අපිට ක්ලේශය කියන දේ බැහැර කරල දාලා නිකෙලෙස් වෙච්ච ස්වභාවය තුල රැඳී ඉන්න පුළුවන්කමක් ලැබෙනව. භාවනාව තුලදි වුනත් ආනාපානය බලන අතරතුර වෙන මොකක් හරි දෙයක් ඉස්මතු වුනා වුනාට, ආනාපානය කියන දේ මොහොතකට පැත්තකින් තියලා ඒ හිත කඩා ගන්නෙ නැතුව, අනිත්‍යය තේරුම් අරගෙන, ඒ දේ බැහැර කරල ආපහු ආනාපානයට නිරුපද්‍රිතව එන්න අපිට පුළුවන්කමක් තියනව.
මේක හින්ද වෙන්න ඕන "සබ්බකාය පටිසංවේදී" කියන එකත් එක්ක තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ "පස්සංභය කාය සංඛාරං" කියල. මුළු ශරීරය දැනගන්න පුළුවන් කෙනා ඊළඟට උත්සාහවන්ත වෙනව පින්වතුනි මේ ශරීරය තුල තියන සංස්කාරයන් ටික, සකස් කිරීම් ටික, තද ගොරෝසු රළු ටික බැහැර කරල දාල මෘදු සැහැල්ලු කරගන්න.
ඒ ටික කරන්න පුළුවන් වුනාම ඒ ටික කරගන්න ප්‍රමාණයෙන් ප්‍රමාණයට එයාට ප්‍රීතිය අත්දකින්න පුළුවන් වෙනව. සුඛය අත්දකින්න පුළුවන් වෙනව. ශරීරය තුල තියන මෘදු සැහැල්ලු බව අත්දකින්න පුළුවන් වෙනව.
වැඩේ තියෙන්නෙ අපිට ඔය දේවල් අත්දකින්න හම්බ වෙන්නෙ නෑ නෙවෙයි. අපි හදිස්සි වෙනව. ගොඩක් ඇත්තො කියන එක තමයි,
"ශරීරයෙ ඉනෙන් ඉහළ නම් හාමුදුරුවනේ ගොඩක් දේවල් දැනුනා. කකුල නම් රිදෙන්න පටන් ගත්තා."
දැන් ඉනෙන් ඉහළ දේවල් මෘදු සැහැල්ලු කරගන්න මෙයාල අවධානය යොමු කරල තියනවා. අත රිදෙනව නම් අරෙහෙ මෙහෙ වෙනව නම් හිතා මතාම සකස් කරගන්න, මෘදු කරගන්න උත්සාහවන්ත වෙලා තියනවා. එහෙම වුනාම ආනාපානයත් හොඳට පේන්න පටන් ගන්නවා. දැන් තමන් අර බලාපොරොත්තු වෙන ට්‍රැක් එකේ ඉන්නවා. ඊළඟට ආයෙ කකුල් දෙක දිහා බලන්න එහෙම හිතන්නෙ නෑ එව්ව මෘදු සැහැල්ලු කරගන්න හිතන්නෙ නෑ. මොකද තමන් බලාපොරොත්තු වෙන කෑම ටික ඔක්කොම හම්බ වෙනවනෙ. හැබැයි ඔන්න පොඩ්ඩක් ඇති කකුල් රිදෙන්න පටන් ගන්නව. ඊට පස්සෙ කියනව,
"හාමුදුරුවනේ භාවනාව බොහෝම හොඳට කරගෙන ගියා. ඉනෙන් ඉහළ පුදුමාකාර සැහැල්ලුවක් තිබුනා දණහිස නම් පුපුරන්න රිදෙන්න ගත්ත. භාවනාව නැවැත්තුව."
මේකට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කයෙහි කොටසක් පටිසංවේදී කියල නෙවෙයි, "සබ්බකාය පටිසංවේදී" කියල. සබ්බකාය කියල කියන්නේ මුළු ශරීරය පුරාම කියන එකයි. හැබැයි අපි ශරීරයේ කොටසක් දැක ගන්න පුළුවන් වුනාට පස්සේ ගමන නතර කරනව. අපි ඇත්තටම කියනව නම් හරි ලස්සන වැඩක් කරනව. දිවීම මැදදී සපත්තු මාරු කරන අය වගේ තමයි. මීටර් සියය දුවන්නේ. තරඟෙ මැදදි සපත්තු දෙක මාරු කරල ආයෙත් දුවන්න පටන් ගන්නව. අන්න ඒ වගේ වැඩක් අපි කරන්නෙ. ඉතින් ඒක නරකයි.
සාමාන්‍ය ජීවිතේදී පවා පින්වතුනි අපි පුරුදු කරන්න ඕන සම්පජානනය කියන දේ. මේ සම්පජානනය කියන එකේ තියන ලක්ෂණය තමයි, "උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති" පමණක් නෙවෙයි "ඨිතස්ස අඤ්ඤථත්ත පඤ්ඤායති" මේ සම්පූර්ණ කාරණාව දැනගන්න පටන් ගන්නව.
අපි ගොඩක් වෙලාවට හඳුනා ගන්නේ උපත සහ නැතිවීම විතරක් වෙන්න පුළුවන්. මේ පවතින ස්වභාවය තුල වෙනස කියල කියන මේ දේ හඳුනා ගන්න අපි එච්චර කාලයක් යොදවන්නෙ නෑ. අන්න ඒකයි මං හිතන්නෙ භාවනාව තුලදී පවා අපිට ඒ තරමේ ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාවක් නොලැබෙන්නෙ.
අපිට ප්‍රීතිය හම්බ වෙනව. අපිට සුඛය හම්බ වෙනව. ඒ දේවල් හඳුනාගෙන ඒ දේට වෙලා රැඳිල ඉන්න අපි හිත හදාගන්න ඕන. ඒ දේට වෙලා රැඳිල ඉන්න අපි හිත හදාගන්න ඕන. ශරීරයක් මතුපිට කොහේ හරි තේරෙන්න ගන්නව නම්, "ඒක විතරක් දැනුනා, හා හරි දැන් මට ශරීරය තේරෙනවනෙ. දැන් ආනාපානය බලන්න පටන් ගන්නවා" කියන ඒ තැනටම යන්න නරකයි. මේ තැනටම යන්න නරකයි.
මොකද ශරීරයෙ කොටහක් දැක්කා කියන එකෙන් කියවෙන්නෙ නැහැ සබ්බකාය පටිසංවේදී කියන මේ සම්පූර්ණ කතාව, නැත්නම් මුළු ශරීරයම දැක්කා කියන වචනය එළියට එන්නෙ නැහැ නේ? අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න පුළුවන් මේ එක අතක් හෝ උරහිසක් හෝ හිසේ පැත්තක් හෝ එක්කො පපුව, කොන්දක් නෑ.
එහෙම වුනා කියල අපි ඊළඟට ආනාපානය පේන්න වුනාම පටන් ගන්නව දැන් එහෙනම් වැඩේ හරි ඒක පටන් ගන්න ඕනෙයි කියල. ටික දවසක් හෝ ටික වෙලාවක් කරගෙන යනකොට ඕක කායික අනාපානයකට වඩා මානසික ආනාපානයක් ඊළඟට කරන්නත් පටන් ගන්නව. ඊට පස්සෙ ඉතින් ආයෙ මොකක්වත් නෑ හොඳටම දන්නව ආනාපානය එන්න එන්කම සැර වෙනව ඊළඟට. මුලින් තිබ්බ එකට වඩා ඊළඟට තියන ආනාපානය සැරයි. තදයි. ප්‍රභලයි. ඇයි?
මේ කායිකව තියන එකක් නෙවෙයි. මේක චෛතසිකව තියන එකක්. මෙන්න මෙව්වයි හොයාගන්න ඕන. හැබැයි සම්පජානනය කියන මානසිකත්වයට ගියාපුහම, සිහිනුවණට ආපුහම අපි අපිවම තේරුම් ගන්න පටන් ගන්නව, මොන දේද මේ පැවතිලා තියෙන්නේ, මොන පැත්තටද මේක අරගෙන යන්නෙ කියල.
මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ගොඩක්ම වටින කතාව. මේ කියන අවස්ථාව අපිට හඳුනාගන්න නොහැකි හින්ද තමයි අද වෙනකං භාවනාවෙ ඒකාකාර විදියට ඉන්න අමාරු වෙන්නෙ. ඉතින් මේක අපේ වැරැද්දක් නෙවෙයි. අපි මේව ඉගෙන ගන්න ඕන කාරණා. උත්සාහ කරල බලමු.
එහෙනම් සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 21
ආනාපාන සතිය 04 කොටස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ
සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨංති චිත්‍රානි තතේව ලෝකේ
අතෙත්ත ධීරා විනයංති චංදංතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත භාවනා වැඩමුළුවේ අද අපිට තියෙන්නේ විසි එක් වෙනි වාරයයි. මේ පසුගිය කාලය පුරාවටම අපි සාකච්ඡාවට බඳුන් කරනකොට, ඒ සාකච්ඡාවට බඳුන් කරන දේවල් ප්‍රායෝගිකව භාවනාව හැටියට පුරුදු කරනකොට, වඩනකොට, (ඇත්තටම භවානාව කියල කියන්නේ ඒ වචනයේම තේරුමත් වැඩීම, පුරුදු කිරීම තමයි) අපිට හම්බ වෙන්න ගත්තා, මුණ ගැහෙන්න වුනා, අපි හිතාගෙන හිටියට භාවනාව කියල කියන්නේ එක අරමුණකම ඒකාකාරවම දීර්ඝම කාලයක් ඉන්නවා කියලා, ඇත්තටම මේක දිහා පැත්තක ඉඳන් බලාගෙන ඉන්න වුනාම අපිට තේරෙන්න වුනා, අපි අර විදියට හිතාගෙන හිටපු එක කරන්න බැරි දෙයක් කියල.
බොහෝමයක් වෙලාවල්වලදී අපිට භාවනාව නීරස වෙන්නටත් අතහැරල දාන්නටත් වගේම සාමාන්‍ය ජීවිතයේදී පවා අපි කරන කටයුත්ත වෙනස් කරල දාන්න තරම් අපේ මනසට, අපේ හිතට, අපේ චිත්ත සන්තානයට අපිට හේතු වෙන ප්‍රධාන කාරණාව තමයි බලාපොරොත්තු වෙලා තියන දේ ක්‍රියාත්මක කරගන්න බැරිකම.
මෙනයින් ගත්තහම අපිට පේන්න ගත්තා භාවනාව පුරුදු කරගෙන යද්දී, වඩාගෙන යද්දී, අපි සංතෝසයි කියල ගත්ත දේවල් වගේම අපිට අසංතෝසය ගෙනල්ල දුන්න දේවල් එකතු වෙච්ච, කැටි වෙච්ච වගේම බැහැර වෙලා ගියපු එවන් වූ වටපිටාවක්, අත්දැකීමක් ලබා ගන්නට පටන් ගත්තා. එහෙම අත්දැකීමක් ලබාගන්න අපිට සිද්ධ වුනා.
මේ වගේ අත්දැකීම් බහුල වෙනකොට කෙමෙන් කෙමෙන් අපේ හිතේ තිබුනු එක අරමුණක ඒකාකාරවම කාලයක්ම තිස්සේ ඉන්නවාම කියන එක හෝ තමන්ට සුවදායී, තමන්ගේ මන වඩන, කැමැත්ත, රුචිය ඉස්මතු කරවන, උවමනාව, ඕනෑකම ප්‍රකට කරවන කාරණයේම ඉන්නවා කියන එක, ඒක හුදෙක් අදහස් විතරයි නේද කියලා.
භාවනාවේදී මේ වගේ දේවල් අපිට තේරෙන්න තේරෙන්න, පේන්න පේන්න, අත්දැකීම් ලබා ගන්න ලබා ගන්න, අපි තවදුරටත් භාවනාව තුල තේරුම් බේරුම් ඇති කරගන්න පටන් ගත්තා, මං හිතාගෙන ඉන්න එක මෙතන ඇත්තටම නැහැයි කියලා. මං බලාපොරොත්තු වෙලා තියන දේ මෙතන පවත්වා ගන්න හැකියාවක් නැහැ කියල.
නමුත් යම්කිසි වෙලාවක භාවනාව තුලදී අපි යම් දෙයක් තියාගන්න උත්සාහ කරල තියනවා නම්, මේ දේ ලඟා කරගන්න එක හෝ මේ විදිහේ අත්දැකීමක් ලබාගන්න එක හරි හෝ නිවැරදියි කියන අදහසට ආවා නම්, ඔය දේ ඒ කරපු කාරණාව දිහා ආපස්සට හැරිල බලනකොට විතරක්, ආපස්සට සිහිපත් කරල බලනකොට විතරක් අහු වෙන්න ගත්තා, ඒ දේ මම නිත්‍ය හැටියට අරන් තියනවා, ඒ දේ මම සුඛ හැටියට අරන් තියනවා, ඒ දේ මට පාලනය කරන්න පුළුවන් නැතිනම් ආත්ම හැටියට අරන් තියනවා කියල.
මේ වගේ ගමනක් අපි පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න වුනාම ඊළඟට අපිට හම්බ වෙන්න ගත්තා, තේරුම් යන්න ගත්තා, භාවනාවේදී අපි යම් වෙලාවක යම් මොහොතක හෝ යම් යම් කාරණාවන්වලට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල කියන ත්රිලක්ෂණය සහජයෙන්ම, ස්වයංවම, ස්වාධීනවම භාවිතා කරනවා වුනාට, තවත් කාරණාවල අපි නිත්‍ය සුඛ ආත්ම කියන සංඥාවල් පුරුදු කරනවා කියල.
මෙන්න මේ ටික හඳුනාගන්න එක, මේ ටික මෙහෙමම තියන එක, තේරුම් බේරුම් ඇති කරගන්ක එක, අපේ භාවනා ගමන ඉදිරියට කරගෙන යන්න ලේසි වෙන්න පටන් ගත්තා.
භාවනාවක් කරගෙන යන ඕනම කෙනෙක්ට මේ වැඩේ පටන් ගන්නකොට මූලිකවම හිතක් තැන්පත් වෙනවා, ශරීරයක් තේරෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඊළඟට සමහර වෙලාවල්වලදී ශරීරය තුල තියන ඝන දේවල් ටික සැහැල්ලු වෙලා, තැන්පත් වෙලා, ඉතින් ඔය මොන මොනව හරි සංතෝසදායී හැඟීමක් දැනෙන එක, ඒක පළවෙනිම අඩිය කියල කියන්න පුළුවන් හෝ මූලිකම අඩිවලින් එකක්. හැබැයි ඊළඟට තියන අනෙක් කොටස්වලට යන්න අපිට අර මුලින් භාවිතා කරපු මෙවලම් වලට වඩා තව තව මෙවලම් භාවිතා කරන්න සිද්ධ වෙනවා.
තථාගතයන් වහන්සේ දේශනා කරපු දේශනාව තුල තියන ඒ ධර්ම කාරණා ඇත්තටම කියනවා නම් එක එක අවස්ථාවන්වලදි භාවිතා කරන්න තියන මෙවලම් වගයක්. අපි හදාරන්න පටන් ගන්නේ, පුරුදු කරන්න පටන් ගන්නේ, මොන මෙලවලම මොන වෙලාවෙදිද නිසියාකාරව භාවිතා කරන්න උත්සාහවන්ත වෙන්නෙ කියන එකයි.
භාවනාවෙදි ඊළඟ ඊළඟ කොටස්වලදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ ඉවසීම කියන දේ අපිට තේරෙන ඉවසීම වෙන්නත් පුළුවන්, ඊට එහා ගියපු, වෙනත් දේකට අත නොපා ඉන්නවා කියල කියන විදිහේ ගැඹුරත්වයකට යන කාරණාවක් වෙන්නත් පුළුවන්.
හැබැයි මෙවන් වූ අවධියකට එන භාවනා යෝගාවචරයාට (අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා ඉවසීමේ සීමාව පනිනවා කියලා) දරාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය ඉවර වෙනවා. ඊට පස්සේ එයා දරාගෙන ඉන්න එක නතර කරල දානවා. ඊළඟට භාවනාව වෙනස් කරනවා. ආපහු හිතන්න ගන්නවා. හැබැයි හිතන ලෝකය තුල, කල්පනා කරන ලෝකය තුල ආපහු එයා වැටෙනවා මුලකට.
ඒ වැටෙන මුල වෙන මොකක්වත්ම නෙවෙයි. තමන් බලාපොරොත්තු වෙන එකක් හිතනවා. බලාපොරොත්තු නොවෙන දේ නොහිතා ඉන්නවා. හිතේ තියන එකක් බලහත්කාරයෙන් අයින් කරන්න වෙනත් මොකක් හරි දෙයක් භාවිතා කරනවා. මේ වගේ එකක් කර කර යනවා.
හැබැයි කාලාන්තරයක් තිස්සේ ඔය කියන දෙකේ එහෙට මෙහෙට එහෙට මෙහෙට පැන පැන පැන පැන යනකොට අපිට තේරෙන්න ගනීවි, මම අර දේශනාවේ මුලින් කිවුව වගේ මං මේ කැමතියි කියල හිතාගෙන ඉදල තියෙන්නෙ මේක සංකල්පයක් විතරයි කියල. මං හිතාගත්තට මේ දේ තුලින් අහවල් අහවල් ඵල ප්‍රයෝජන හම්බ වෙයි කියලා, අවසානයට බලනකොට ඇත්තටම ඒක හීනයක් වගේ දෙයක් විතරයි.
හරියට භාවනාව පටන් ගන්නකොට එක අරමුණකටම වෙලා ඉන්න හිත තියාගෙන හෝ එක අරමුණක් විතරක්ම බලාගෙන ඉන්නවා කියන අදහසට ඇවිල්ල භාවනාවට වාඩි වෙනව වගේ. ඒක අපිට කරගන්න ඒ විදියට ගෙනියන්න බැරි වෙලා තියනවා.
අපේ ජීවිතේ වුනත් අපි බලාපොරොත්තු වෙච්ච ගොඩාක් ඉලක්ක, ගොඩාක් අභිමතාර්ථයන් අද වෙනකොට ඇත්තම කියනව නම් ඔය ඇත්තොත් දන්නව මමත් දන්නව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියනවද බැරි වෙලා තියනවද කියල. ඒ වෙනුවට අපිට හිත හදාගන්න සිද්ධ වෙලා තියනවා එක්තරා විදියකට 'වැල යන පැත්තට මැස්ස ගහන්න'.
නමුත් එන එන විදියට මුහුණ දෙන්න ඒ ඉගෙන ගන්න ජීවිතය තුල වුනත් අපි අපේ හිත නතර කරගන්න, කැමති ඇති කර ගන්න, මනාපය ඇති කරගන්න කාරණා තියෙන්න පුළුවන්. ඒ තියනවා කියල කියන්නේ ඒව නිත්‍ය, සුඛ, ආත්ම හැටියට ගන්නවා කියන එකම තමයි.
මෙවන් වූ ගැඹුරක් අපේ ජීවිතය තුල තියනවා කියන එක අංශු මාත්‍රයක් පාසා, එක ක්ෂණයක් පාසා ඔය කියන වැඩපිළිවෙලට එනවා සහ යනවා, එහෙම නැත්නම් නිත්‍ය සුඛ ආත්ම හැටියට ගන්නවා හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට තේරුම් බේරුම් ඇති කරගන්නවා කියන එක හඳුනා ගන්න එක පින්වතුනි හරීම සූක්ෂම වැඩක්.
ආනාපාන සතිය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මූලිකවම මේ භාවනා යෝගාවචරයා සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා තමන්ට උවමනා කරන එකට වඩා කියල. එහෙම එහෙම වෙන්න වෙන්න එයාට හම්බ වෙන, හරියටම කියනව නම් පෙරහන්කඩ ගොඩක් වගේ තමා ආනාපාන සති සූත්‍රයේදී මේ හඳුන්වල දීල තියන දේවල් ටික. කාරණා දහසය.
පොඩ්ඩ පොඩ්ඩ එයා ඉගෙන ගන්න පටන් ගන්නවා එයා එයාගෙ ජීවිතය තුල නිත්‍ය හැටියට තියාගෙන තියෙන්නෙ මොනවද? නැත්නම් භාවනාව තුල ස්ථිර හැටියට තියාගන්න උත්සාහ කරන්නේ මොනවද? ඇත්තටම ඒක කරන්න පුළුවන් දෙයක්ද? කියලා.
බලාපොරොත්තු වෙච්ච දේට වඩා තියෙන දේට අනුමත වෙන්න හෝ අනුගත වෙන්න පටන් ගත්ත භාවනා යෝගාවචරයට තේරෙන්න වුනා, එක භාවනා වාරයක් කියල කියන්නේ හිත පළුඳු වීම්, ආපහු නැඟිටීම්, සිහියට පැමිණීම්, සිහියට නොපැමිණීම්, නින්දට යෑම්, නින්දෙන් නැඟිටීම්, කල්පනාවට බර වීම්, කල්පනාව නැවැත්වීම්, කල්පනාව හඳුනා ගැනීම්, වේදනාවල් දැනීම්, වේදනාවෙන් නිදහස් වීම් (ඒ වේදනාව සැප හැටියට වෙන්නත් පුළුවන් දුක හැටියට වෙන්නත් පුළුවන්) ආශ්වාසය හෝ ප්රාශ්වාසය තමන්ගේ භාවනා අරමුණට පැමිණීම, භාවනා අරමුණේ නියැලීම සහ භාවනා අරමුණෙන් ඉවත් වී යෑම කියන මෙන්න මේ කාරණා සමූහයේම එකතුවක් තමා අපේ තනි භාවනා වාරයක් වුනේ. එක භාවනා වාරයක් වුනේ.
කමටහන් වාර්ථාවක් හැටියට ඇත්තම කියනවා නම් එළියට ගන්න අත්‍යවශ්‍යම වෙන කතාව ඔන්න ඕකයි. ඕකෙ අස්සෙයි තියෙන්නේ ඒ එක එක කාරණාවකින් තමන් දැනගෙනම නිදහස් වෙලාද? හිතට ඒ දේ එපා වුනාට පස්සෙ නිදහස් වෙලාද? කියන එක හොයාගන්න හම්බ වෙන්නෙ කමටහන් වාර්ථාවෙන්.
හිතට මේ දේ එපා වුනාට පස්සෙ නිදහස් වෙනවා නම් අපි නොදැන, ඒක හරියට සිංදුවක් අපි හිත හිතා හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා, ඊළඟට ඕක ඕන වෙන්නෙ නෑ කියල හිතෙනවා, ඒ පාර වෙන එකක් හිතනවා. හැබැයි ඒකෙ තේරුම ඒ සිංදුව අපි ආයෙ ජීවිතේටම කියන්නෙ නෑ කියන එක නෙවෙයිනෙ. ඒ වෙලාවෙදි එපා. ඕක ආයෙ පස්සෙදිත් ඕන වෙනව අනිවාර්යයෙන්ම.
අන්න ඒ වගේ අපි හඳුනා ගන්න පටන් ගන්න ඕන අපි අතහැරපු දේ දැනුවත්කමෙන්ම, සිහිබුද්ධියෙන්ම, මනා හඳුනා ගැනීමෙන්ම අතහැරියෙ මොන වෙලාවෙදිද? හෝ අතහැරියෙ මොන කාරණාවල්ද? එහෙම කරන්න තරම් පුළුවන් කමක් තිබ්බෙ නැත්තෙ මොන දේටද? කියල.
භාවනාවල් වඩන ගොඩාක් ඇත්තොන්ට තියන ගැටළුව ඔන්න ඕකයි. ඒ ඇත්තො අතහරින්නෙ නෑ නෙවෙයි. ඒ අතහරිනව වගේම මේගොල්ලො අල්ලත් ගන්නවා. අල්ල ගන්න දෙය, තබාගන්න දෙය සමහරක් වෙලාවට ස්ථිර හැටියට හිතන හෝ තිබිය යුතුයි යනුවෙන් හිතන හින්දා ඉන් එහාට එයාලගෙ හිත නොයනවත් වෙන්න පුළුවන්.
මෙවන් වූ සූක්ෂම තත්ත්වයක් ගැන ඉගෙන ගන්න එක අර අපි මූලිකවම සිහියෙන් ඉන්නවා එහෙම නැත්නම් ඕන දෙයක් දිහා මධ්‍යස්ථ මතධාරීව බලනවා කියන එකට වඩා ටිකක් එහා ගියපු එකක්. මෙවන් වූ අවස්ථාවන් හඳුනා ගන්නකොට තමයි චිත්ත සංඛාරයන් වල තියන සැබෑම කතාව අපිට තේරෙන්න පටන් ගන්නෙ. භාවනාව කරගෙන යනකොට ඒ දකින හැම දෙයකටම හෝ ඒ දැන ගන්න හැම දෙයකටම අපි දක්වන ආකල්පය හෝ ඒකෙ පිටිපස්සෙ ඉඳලා ඒ දකින දේට දකින්න තල්ලුව දෙන, ඒ දකින දේට මෙන්න මේ විදියට දකින්න කියල බලපෑම් කරන අල්ල ගන්නව නම්, අල්ලගන්න බැහැර කරනවා නම් බැහැර කරන්න ආදී වශයෙන් අපිට කතා කරල කියන දේ අපි හඳුනා ගන්න පටන් ගන්න ඕන.
ඒක ඇත්තටම භාවනාව මේ වැඩසටහනෙදි මම කියනවා මෙන්න මෙහෙම එකක් කලොත් හොඳයි කියන උදාහරණයකින් වගේ නිකං. හැබැයි එහෙමවත් කියන්න බැහැ බාහිර කෙනෙක්ට ඔයා අහවල් දේ ඔන්න දැන් නිත්‍ය හැටියට අල්ලගන්නවා, අහවල් දේ නම් ඔයා අනිත්‍ය හැටියටයි ඔය ඇල්ලුවේ ආදී වශයෙන් කියන්න බෑ. මොකද මේ හැම එකක්ම මා පුතා එක ක්ෂණයක් පාසා සිද්ධ වෙන සිද්ධි හින්දා.
හැබැයි සමස්ථයක් හැටියට ගලාගෙන යන මේ ලෝකය තුල අපි හඳුනා ගන්න පටන් ගන්නවා, මං බලාපොරොත්තු වෙලා තියන එක ඇත්තටම කියනවා නම් ඒක සංකල්පයක් විතරයි කියලා. ඒක නිකංම නිකං මවා ගැනීමක් කියලා. එහෙම එකක් විතරයි කියලා.
භාවනාව කරගෙන යනකොටත් අපිට යම් යම් කාරණා හම්බ වෙන්න ගන්නවා, යම් යම් ඥාන මතු වුනා වෙන්න පුළුවන්, යම් යම් රූප දැක්කා වෙන්න පුළුවන්, එළි පහළ වුනා වෙන්න පුළුවන්, දෙයියො කනට ඇවිල්ල කිවුවා වෙන්න පුළුවන්, ඔය මොනව වුනත් කමක් නෑ ඔය හැම එකක්ම වැටෙන්නෙත් ඔය ගණයටම තමයි.
ඒ ඒ තැන්වල, ඒ ඒ අවස්ථාවන්වල, ඒ ඒ වෙලාවන්වලදී ඒවා ස්ථිරයි, (ඒ කියන්නේ නිත්‍ය) හොඳයි, (ඒ කියන්නෙ සුඛ) මට පාලනය කරගන්න පුළුවන්, (ඒ කියන්නෙ ආත්ම) හැටියට ගත්තොත් එහෙම අපි ආපහු ඉන්නේ අපේ ගමනේ මුලම තමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය ඇත්තටම කියනවා නම් එන්න එන්න ගැඹුරට යන මුහුදකට සමාන කරනවනෙ. ඒ සමාන කිරීම තුල ඇත්තටම තියන කතාව අපිට නිකං හිතෙන්න පුළුවන් මූදෙ ගැඹුරට යන්න යන්න හුස්ම හිර වෙනවනෙ කියල. නෑ එහෙම එකක් නෙවෙයි මේකෙ ගැඹුරට යන්න යන්න ඇත්තටම කියනව නම් හුස්ම අඩු වෙනව. හුස්ම ගන්න ඕන වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.
භාවනාවේදී අපිට තේරුම් බේරුම් යන දේවල් එක්ක, අපේ ජීවිතේ ඇත්තටම කියනවා නම් නොදුටු මහ විශාල පැතිකඩක් පේන්න පටන් ගන්නවා. මොන දේද මම පටලවාගෙන තියෙන්නෙ? කියල. මේ තාක් මගේ ජීවිතය තුල දුක ඇති කරගන්නට, සන්තාපය ශෝකය ඇති කරගන්නට හෝ ඒක අනික් අයටත් ලබා දෙන එක දක්වාම, අපි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් ටික පවත්වලා තියන විදියයි හම්බ වෙන්න ගන්නෙ.
ඒකෙදි එක එක අවස්ථාවල එක එක මට්ටම්වලින් අපිට තේරෙන්න පුළුවන් ඒ අරගෙන තියන සංකල්පනාව, ඒ දැකල තියන කාමය හෝ මන වඩනවා, ප්‍රියයි, හොඳයි, නියමයි, ශෝක්, සාදු කියල ගත්ත එක සංකල්පයක් විතරයි කියල. මේක ඇත්තටම මවා පා ගත්ත දෙයක් විතරයි කියල.
භාවනාව තුල අපි යම්කිසි අවස්ථාවකදි හිතා ගන්නවා නම් හෝ හඳුනා ගත්තා නම් අසවල් අසවල් දේ දැන් මට තේරෙනවා ය කියලා, ඒකටත් ඉතින් ඕකම තමා උත්තරේ වෙන්නේ. හැබැයි මේ දේවල් දැකපු ගමන්ම, එහෙම නැතිනම් ශරීරයට සුවපහසුවක් දැනිච්ච ගමන්ම, මේ දේවල් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල හිතන්න පටන් ගත්තා කියන්නකෝ සිතුවිල්ල දාලා. ඒ යන්නෙත් භාවනාව මුලටම තමයි.
ඒකයි මම කිවුවේ මේ ගමන තුල මූලික කොටසක් තියනවා සිතුවිල්ලෙන් පාලනය කරගන්න පුළුවන් හෝ අපි කවුරුත් කරගන්න ටිකක් තියනවා මොන තාලෙන් හරි. හැබැයි ඊට පස්සෙ වෙනස් වෙන්න තියෙන්නේ, ඊට පස්සෙ මේක කරගෙන යන්න තියෙන්නේ ඉවසීම ප්‍රධාන කරගෙනයි. ඒ කොටසට ආපුහාම ගොඩක් දෙනෙක් හැලෙනවා. බොහෝ පිරිසක් හැලෙනව. හේතුව කැමති වෙන්නෙ නැහැ හෝ තේරෙන්නෙ නැහැ.
ඇත්තටම කියනව නම් තේරෙන්නෙ නැහැ නෙවෙයි එයාලට එයාලගෙ දුක් හොඳට පෙනිල තියනව. ඒ දුකත් එක්ක කොහොමද ජීවත් වෙන්නෙ කියන එක ඉගෙන ගන්න කැමති නැහැ. ඒ දේ හදාරන්න කැමති නැහැ.
බුද්ධ දර්ශණය තුල හරි ලස්සන පැතිකඩක් පෙන්නනව පුතේ. වේදනාව කියන දේට අපිට දක්වන්න පුළුවන් ප්‍රතිචාර දෙකක් තියනව. එකක් තමයි අඬන එක, ප්‍රශ්නයකට හෝ කරදරයකට. අනිත් එක තමයි ඒ දේ සතුටින් භාර ගන්න එක. හැබැයි බුදු හාමුදුරුවන්වත් වෙන කවුරුවත් කෙනෙක්වත් බලපෑමක් කරන්නෙ නැහැ අපිට ඔය මේ දේමයි කරන්න ඕන කියල. අපිට ස්වාධීනව අපේ තීන්දුව ගන්න අපිට අයිතියක් දෙනව. ඒ දේ කරන්න අපිට අවකාශයක් දීල තියනව.
ඉතින් භාවනාවෙදී අපිට හම්බ වෙන්න ගන්නේ මොන දේ ද මම නිත්‍ය හැටියට ගන්නේ? මොන දේ ද මම සුඛ හැටියට ගන්නේ? කියල. එහෙම නැතුව ඉන්න කෙනාට 'ධීර' කියල කියනවා. ඒ කෙනා මේ දේවල්වලට ඇලීමක් හදා ගන්නෙත් නැහැ ගැටීමක් හදා ගන්නෙත් නැහැ. හැබැයි ඒක මුලින් හදා ගත්ත ඇලීම සහ ගැටීමට වඩා ටිකක් ගැඹුරට ගිය එකක් වෙන්න පුළුවන්.
භාවනාවෙදී අපිට යම් යම් අවස්ථා තියනව පින්වතුනි, යම් යම් කාරණා තියනවා, එක්තරා එක්තරා කාලෙකට පවත්වා ගන්න ඕන තියා ගන්න ඕන. උදාහරණයකට ශරීරයට සුව පහසුව දැනෙන එකට එකපාරටම අනිත්‍යයයි, දුකයි, අනාත්මයි කියල දාන්න යන එක ඇත්තටම එච්චරම සුභදායී ලක්ෂණයක් නෙවෙයි මූලිකව.
ශරීරයේ කොටසකට ඒ දේ දැනුනා වෙන්න පුළුවන්. අනිත් කොටසට දැනුනෙම නැති වෙන්නත් පුළුවන්. එතකොට එක පැත්තක් නිශ්ප්‍රභා කරගෙන අනිත් පැත්ත තුල වේදනාවල් දකින්න යන එක මේකෙ මහා ලොකු පටලැවිල්ලක්. මේ ටික ඔක්කෝම එකට අරන් යන්න ඕන ගමනක්.
ඒක හරියට භාවනාව ගැන කියල දෙන උපමාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වතුර වැටෙනකොට හෝ වතුර පිරෙනකොට වළකට ඒ වලේ හාත්පසම තියන කොටස් එක හා සමානව පිරීගෙන යන්නෙ. එක වළකට එක එක කැඩි කැඩී කැඩි කැඩී තියන වතුර පිරෙනව නම් ටිකක් හිතල බලන්න ඒකෙ එක පැත්තකට පිරෙනවා අනික් පැත්ත පස්සෙ පිරෙනවා, එහෙම එකක් නෑ. වතුර කියල කියන්නෙ සමබර දෙයක්.
මේ වගේම තමයි අපේ භාවනාව තුල අපි අත්දකින ඒ කාරණාවල් ටික හැම පැත්තකටම එක හා සමානව දකින තාක් කල් පුරුදු කරන්න ඕන. අන්න ඒකට ඉවසීම ඕන වෙනව. ඒකට අපේ හදිස්සිය කියන දේ අතහරින්න උවමනා වෙනව. ඒ දේ කරගන්න බැරි වෙන ප්‍රධානම අදහස තමයි අපි අර ඇති කරගත්ත ප්‍රීතියට, මොහොතකට හෝ ඒ දේට ඇලෙන්න ගන්නව මේක විතරක් හරි හෝ ඊට පස්සෙ මෙන්න මේ දේ කළ යුතුයි කියන අදහසට එනවා. ඊට පස්සෙ ආපහු ගිහිල්ල මුලට වැටෙනවා.
මෙහෙම වුනාම අර එක තැනක හෝ බොහොම පොඩි රවුමක කැරකෙන ජීවිතයක් හෝ කැරකෙන භාවනාවක් තමා අපි ගාව තියෙන්නෙ සමහරක් වෙලාවට. ඊට වඩා මේ හැම එකක් තුලම අපිට මොහොතක් ජීවත් වෙන්න පුළුවන් කියලා හෝ මොහොතක් ජීවත් වෙන්න පුළුවන් නම් කියන එක ඉගෙන ගන්න වුනා නම්, ඒ මොහොතට අදාල මොහොතේ ලෝකය, මොහොතක වටිනාකම අපි දේවී, මොහොත ලෝකයක් කරගන්නෙ නැති වේවි.
සාමාන්‍ය ලෝකයෙ තියන ප්‍රශ්නෙ පින්වතුනි, එක සිද්ධියක් ලෝකයක් කරගන්නව. ලෝකය කරගන්න ඕන දේවල් සිද්ධියක් කරගන්නව. මොහොතක් හැටියට දකින්න ඕන දේවල්, එහෙම නැති නම් බොහොම සුළු දෙයක් හැටියට දකින්න ඕන දේවල් මහා පරිමාණයෙන් විශාල දෙයක් හැටියට කල්පනා කරනවා, හිතනවා. හැබැයි මහා පරිමාණයෙන් විශාල හැටියට හිතන්න ඕන හෝ දකින්න ඕන දේවල් බොහොම සුළු, ගානකට ගන්න ඕන නැති දෙයක් හැටියට ගන්නව.
මෙවන් වූ හිතක් එක්කයි ඔය ඇත්තොත් මමත් භාවනාවට වාඩි වෙන්නෙ. සාමාන්‍ය ජීවිතේ වැඩකටයුතු කරන්නේ. අපේ හිතේ තියන එවන් වූ අදහස් තමා, දර්ශණයන් තමා භාවනාව තුලදි පවා එළියට එන්නෙ. ඉස්මතු වෙන්නෙ. ඔප් නැංවෙන්නෙ.
ඔය දේවල් ටික හඳුනා ගන්න කෙනා, තේරුම් ගන්න කෙනා මොහොතක් තුල ජීවත් වෙන්න පටන් ගන්නව. මේක නිත්‍ය හැටියට ගන්නෙ නැතුව, සුඛ හැටියට ගන්නෙ නැතුව, ආත්ම හැටියට ගන්නෙ නැතුව, පවත්වාම ගන්නවා කියන අදහසට එන්නෙ නැතුව.
ඒ වෙනුවට එයා තේරුම් ඇති කරගන්නවා මේ ඇති කරගත්ත ආශාවත් හෝ කැමැත්තත් ඇත්තටම සංකල්පයක් විතරයි නේද කියලා, අත්දැකීම් බහුලව තේරුම් බේරුම් ඇති කරගන්නව. ඒ සංකල්පය ඇත්තටම කියනව නම් කැමැත්ත කියල කියන ඕනෑ කියන එකට විතරක්මත් නෙවෙයි අයිති වෙන්නේ. යම්කිසි දෙයක් එපා කියල කියනව නම් එතන තියෙන්නෙත් කැමැත්තක්ම තමයි. එපාවට කැමතියි. අකමැත්තට කැමතියි.
මෙන්න මේ කාරණාවල් ටික හඳුනා ගන්න වුනාම පින්වතුනි, හෝ එවන් වූ දේවල් හඳුනා ගන්න නම්, ඇත්තටම කියනවා නම් ශරීරය තුල අපිට කිසිම කිසි කරදරයක් නැතුව, මෘදු හැටියට, සැහැල්ලු හැටියට දැනකියා ගන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕන නේද?
එහෙම තිබ්බොත් තමා අපි දකින දේවල්වලට තේරුම් ගන්න දේවල්වලට තියන බාහිර බලපෑම, නැත්නම් තණ්හාවේ තියන ඇඟිලි ගැහීම හොයා ගන්න පුළුවන් වෙන්නෙ. චිත්ත සංඛාරයන් ටික තේරුම් බේරුම් ඇති කරගන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
"ප්‍රීති පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති
පස්සසිස්සාමීති සික්ඛති
සුඛ පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති" කියල.
කායිකව තියන සැහැල්ලුව, සංතෝසය, ඒ දේ බුක්ති විඳ ගනිමින් එයා ආශ්වාසය දකිනවා, ප්රාශ්වාසයත් දකිනවා. ඒ වගේමයි චෛතසිකව එයාට තියන සැහැල්ලුව සහ නිදහස අර ඊට කලින් තිබ්බ වගේ තියන මානසික කලහකාරී බව නැති, "අර දේටත් යන්න ඕන මේ දේටත් යන්න ඕන" එහෙම නැති නම් "අර දේත් මට එපා මේ දේත් මට එපා" ආදී වශයෙන් ගත්ත, නැත්නම් "ඒක ඕන මේක එපා, මේක ඕන අරක එපා" එහෙම ගත්ත දෙයින් නිදහස් වෙච්ච, බොහොම නිකැළැල් හිතක් එක්ක භාවනාවට අඩිය තියනවා කියන ඒ අවධානයට ආවට පස්සෙ තමයි චිත්ත සංඛාරය ගැන තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙ.
හේතුව තමා එවන් වූ අවධියකදි තමයි අපිට තේරෙන්න ගන්නේ මේ කාරණාවන් වලට හිතේ තියන බලපෑම් ටික මොනවද කියල. හරි ලස්සනයි මේ යන විදිහ.
හැබැයි මේ කියන විදියට ශරීරය මෘදු සැහැල්ලු කරගත්තා වුනාට පින්වතුනි, ඒක සියයට සියයක් අපේ චිත්ත සන්තානය මෘදු වුනා සැහැල්ලු වුනා නම් නෙවෙයි. ආන් ඒ කොටස් ටික කරගන්න තමා ඊළඟට තථාගතයන් වහන්සේ අපිට භාවනාවෙදි කියල දෙන්නෙ.
ඒ ටික අපිට හරියට කරකියා ගන්න හම්බ වුනොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෛතසිකව එක එක දේවල්වලට අපි හදාගෙන තියන අල්ලා ගැනීම, තියාගන්න උවමනා කරන බව, මගේ කරගන්න ඕන බව අපිම හඳුනා ගනීවි. පස්සෙදි ඒවා හඳුනා ගනිමින් බැහැර කරල දාවි.
මේකෙන් කියවෙනවා යම්කිසි දෙයක් හඳුනා ගන්න බව වගේම ඒ දේ පසුකාලීනව බැහැර කරන බව. හැබැයි මේකෙන් කියන්නෙ නෑ හඳුනා ගත්ත සැනින්ම බැහැර කල යුතුයි කියලත්. සූත්‍රයේ දේශනා කරන්නේ,
"චිත්ත සංඛාර පටිසංවේදී
අස්සසිස්සාමීති සික්ඛතී
පස්සසිස්සාමීති සික්ඛතී"
කියල ඉස්සෙල්ල කියලා ඊළඟටයි කියන්නේ,
"පස්සං භය චිත්ත සංඛාරං" කියල.
ඔය වගේමයි ඔය සමාන අත්දැකීමක් අපි මීට කලින් අත්වින්ඳා කායිකව තියන "සබ්බකාය පටිසංවේදී" කියල. ඊට පස්සෙ කිව්වා "පස්සං භයං කාය සංඛාරං" කියලා. එතකොට මූලිකව මේ ශරීරය තුල සංඛාරයක් තියනවා, සකස් කරගැනීමක් තියනවා, ධරත, රළු බවක් තියනවා හෝ අන්න ඒ වගේ තියන කරණාවල් ටික හඬුනා ගන්න ඕන ඉස්සෙල්ලම, බැහැර කරල දාන්න කලියෙන්.
මේ ටික හඳුනා ගත්තට පස්සෙ තමා බැහැර කරල දාන වැඩේ පටන් ගන්නෙ. ඇත්තටම කියනව නම් ඒකෙ බැහැර කරල දාන්න තියෙන්නෙත් අපි හඳුනා ගත්ත හින්ද තමයි. එහෙම නැති වුනොත් අපි මොකද කරන්නේ කල්පනා කරන්න පටන් ගන්නව. "හා...මේ දේ අනිත්‍යයි, මේ දේ අනාත්ම කර ගන්න හෝ මේ දේ දුකයි, මේ දේ මෙහෙම මෙහෙමයි, නාම රූපයි" ආදී වශයෙන්. කොහොම හරි කමක් නෑ. එහෙම වුනාම ආපහු ගිහිල්ල වැටෙන්නේ අපි හිටපු අර මුල්ම ලෝකෙට තමයි. කල්පනා කරන සාමාන්‍ය තැනට.
හැබැයි ඊට ගොඩාක් මෙහා, ඒ අවධීන් ටික ඔක්කෝම වගේ පහු කරලා තමයි යම්කිසි දෙයක් දිහා මධ්‍යස්ථ වූ මතධාරීත්වයෙන් බලාගෙන ඉන්නව කියල කියන නිකැළැල් තැනකට අපි ඇවිල්ල තියෙන්නේ. මේක ඇතුලෙත් කැළැල් තියෙන්න පුළුවන් කාරි නෑ.
හැබැයි මේකෙන් කියන්නේ කල්පනා කරන එක නෙවෙයි වැදගත් වෙන්නේ, ඉවසන එකයි. බලාකියාගෙන ඉන්න එකයි. ඒක එතකොට අර මූලිකව බලාගෙන හිටියා කියන එකට වඩා ටිකක් ක්‍රියාන්විත වුනා. වැඩකටයුතු ගොඩක් කරන්න ඕන. මහා කාරණා සමුදායක් තියනවා. මෙන්න මේ ටික හඳුනා ගන්න එක පින්වතුනි අපේ තියන ඉවසීමට බාරයි.
මේ දේවල් ගැන අපි කොච්චර ශ්‍රද්ධාවක් ඇති කරගන්නවද? හෝ තමන් මේ දකින දේ ඒ දේමයි කියල තේරුම් ගන්න තමුන් කොච්චර උත්සාහ කරනවද? තමුන්ට කොච්චර ඒ දේ ගැන විශ්වාසයක් තියනවද? කියන එක මත තීරණය වෙනව.
තමන් වඩන වීර්යය මත මේ දේ තීරණය වෙනව. තමන්ට තියන සිහිය මත, තමන්ගේ හිතේ තියන තැන්පත්කම මත වගේම තමන් මේ කාරණාවල් දිහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හැටියට බලන, දකින ස්වභාවය හෝ ප්‍රමාණය මත ඒක තීරණය වෙනව. අපි ඉතින් ඒක අනාගතයට බාර දෙමු, කොච්චරක් අපිට තීරණය වෙයිද කියන එක. අදට අපි භාවනාව ගැන හිතන්න බලමු. මූලිකව අපි ඒ කරපු ඒවටත් එහා ගියපු, මේකෙ අභ්‍යන්තරය තුල තව තවත් දකින්න ඕන කාරණා සමූහයක් තියනවාය කියල.
ඔන්න ඔය කාරණාවයි පින්වතුනි මට අද කියන්න ඕනකම තිබ්බෙ. මේක ටිකක් සංකීර්ණයි වගේ තේරෙන්න පුළුවන් එක්තරා මට්ටමකින්. අපි බලමු තව ටිකක් මේක විස්තර කරගන්න අනාගතයේදී.
තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භාවනා උපදෙස් 22
ආනාපානසති භාවනාව 05 කොටස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතීයස්ස
පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බා පරිච්චතා
යථා බුද්ධෙව දේසිතා
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භාමුත්තොව චන්දිමා තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගත්ත අපක්ෂපාතී නිරීක්ෂණය මාතෘකාව යටතේ පැවැත්වෙන විසිදෙවෙනි භාවනා වාරයයි අද දවසට යෙදිල තියෙන්නේ.
මේ පහුගිය විසි එක්වෙනි වාරය දක්වාම අපි සාකච්ඡාවට ලක් කලේ, සාකච්ඡාවට බඳුන් කලේ සතිමත් බව වැඩීම තුලින් භාවනාවේදී ආනාපාන සතිය පුරුදු කිරීමේදී අපිට මුණ ගැහෙන කාරණාවල් සහ ඒ මුණ ගැහෙන බාධකයන් හරිහැටි හඳුනා ගන්නෙ කොහොමද? ධර්මානුකූලව විසඳගන්නෙ කොහොමද? කියන කතාවයි අපි ඉගෙන ගන්නට උත්සාහවන්ත වුනේ.
ඉතින් සූත්‍රයත් එක්ක කතා කරල බැලුවහම අපිට පුළුවන්කමක් හම්බ වුනා පසුගිය වාරය වෙනකොට සාකච්ඡාවට බඳුන් කරන්නට "සබ්බකාය පටිසංවේදී" කියන කොටසත් "පස්සංභය කාය සංඛාර" කියන කොටසත් කියන මේ කාරණාවල් දෙකෙහි අවසානයක් වගේ දකින්න අපිට අවස්ථාව හම්බ වුනා.
ඉතින් අද දවසට ගන්න ප්රස්ථුතයත් පහුගිය සතියෙන්ම ගත්තොත් පින්වතුනි තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සද්ධර්මය උන් වහන්සේ දේශනා කලේ එක අරමුණක් අරඹයාමයි. එක දිශානතියක් දෙසට යොමු කරගෙනමයි. එක ඉලක්කයක් සඳහාමයි. ඒ දේ නම් නිර්වාණ ශාන්තියයි. එවන් වූ නිවනක් සාක්ෂාත් කරගන්නට, එවන් වූ සැනසීමක් ලඟා කරගන්නට කියාදෙන දහම කොහෙන් ඇල්ලුවත්, කොහෙන් ස්පර්ශ කලත්, ඒ දහම තුලින් ලැබෙන හරය, ලැබෙන ප්‍රයෝජනය, ඵලය නිවන කියන අවසානය දක්වා ගමන් කරන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ධර්මයෙහි සඳහන් වෙන්නේ.
එතකොට මේ කියන දහම කවුරුහරි කෙනෙක් පුරුදු කරන්න පටන් ගන්නවා නම් තමන්ට තේරෙන යම් වූ ප්‍රමාණයකින්, ඒ ඒ ප්‍රමාණයෙන් ඒ ඒ කෙනාට විශාරද වෙන්නට, විචක්ෂණ වෙන්නට, විශේෂඥ වෙන්නට අවස්ථාවක් හම්බ වෙනවා. ඉස්පාසුවක් ලැබෙනවා. ඒක ස්වභාවිකයි.
තථා තථා විහරංතං තථත්තාය උපනිස්සතී
කියන ගාථාවෙ හැටියට අපි පුරුදු පුහුණු කරන ස්වභාවයේ හැටියට අපේ ඊළඟ තත්වයකට අපේ හිත අපිව පත් කරනවා. ඒක සාමාන්‍යයි. ඒක ස්වභාව ධර්මය. හැබැයි මේ දේට තථාගතයන් වහන්සේ එකතු කරනවා විචක්ෂණභාවය කියන දේ. අත්දැකීමත් එක්ක ලබා ගන්නා වූ දැනුම කියන මේ කාරණේ එකතු වුනහම, ඕක තවත් විදියකින් කියනවා නම් සම්පජන්‍යය එකතු වුනාට පස්සේ, එහෙම නැතිනම් යෝනිසෝමනසිකාරය එකතු වුනාට පස්සේ අපි තේරුම් බේරුම් ඇති කරගන්න පටන් ගන්නවා මේ කාරණාවන්හි තියන සත්‍ය අසත්‍යතාවය හෝ වැරදි නිවැරදි බව මොකද්ද කියලා.
සතිමත්බව වැඩීම කියන කාරණාව ගත්තහම ඔය දේ පුරුදු කරන්න පටන් ගත්තට පස්සෙ තමයි පින්වතුනි කාලයක් යනකොට අපිට තේරෙන්න පටන් ගන්නේ, අපි අනිත්‍යතාවය කියන දේ හදාරල තියෙන්න පුළුවන්, ඉගෙනගෙන තියෙන්න පුළුවන්, දැනගෙන තියෙන්න පුළුවන්, පොතේ පතේ භාෂාවෙන් දුක්ඛතාවය කියල කියන දුක ගැන අහල තියෙන්න පුළුවන්, කියවල තියෙන්න පුළුවන්, ඇහැට දැකල තියෙන්නත් පුළුවන්, අනාත්මය පිළිබඳ මහා ලොකු විශ්ලේෂණ කරන්න පුළුවන්, හැබැයි සතිපට්ඨානය වඩනකොටයි අපිට අහු වෙන්න පටන් ගන්නේ එක ක්ෂණයක් පාසා මම ගොඩක් වෙලාවට කරන්නේ දේවල් නිත්‍ය විදියට ගන්න එකයි, සැප හොයාගෙන සුඛ හොයාගෙන සැපයක් බලාපොරොත්තු වෙන එකයි, මට ඕන විදියට මේ දේවල් පාලනය කරන එකයි කියන එක තේරෙන්න ගන්නවා කාලයක් යනකොට.
ඒ දේ තේරෙන්න කාලයක් තිස්සේ එකම කාරණාවක් මත තමන්ගේ අවධානය පවත්වාගෙන ඉන්න පටන් ගන්න ඕන. එහෙම වෙනකොටයි අපිට තේරෙන්න පටන් ගන්නේ මේවාගේ සමහර සමහර කොටස්වලට හෝ බොහෝමයක් දේවල්වලට මම නිත්‍ය සංඥාවයි එකතු කරල තියෙන්නේ, මම බලල තියෙන්නේ නිත්‍ය සංඥාව තුලිනුයි, අනිත්‍ය සංඥාව තුලින් නෙවෙයි. මම සැපතකුයි හොයල තියෙන්නේ. මම මේ දේවල් පාලනය කරන අදහසකුයි හිත යට තියාගෙන ඉඳල තියෙන්නේ කියල තේරෙන්න, පේන්න, දකින්න පටන් ගන්නව.
තථාගතයන් වහන්සේගේ දේශනාවේ පින්වතුනි තියන සුවිශේෂත්වය තමයි, මේ දහමට එන කෙනාට හෝ මේ දහම තුල ජීවත් වෙන කෙනාට උත්තරයක් දෙන්නෙ නෑ. උත්තර නෑ ප්රශ්නය මෙන්න මේකයි කියල මනාකොට පෙන්නල දෙනව විනා. ඒකයි නිවන කියල කියන එක අවබෝධයක් වෙන්නෙ. ඒක දැනීමක් නෙවෙයි, ඉගෙනීමක් නෙවෙයි, නිවන අවබෝධයක්.
අපි අවබෝධ කරන්න පටන් ගන්නවා මම අසවල් කාරණාව නිත්‍ය වශයෙන් ගන්නවා, අසවල් කාරණාව සැප හැටියට ගන්නවා, අසවල් කාරණාව මගේ හැටියට ගන්නවා, ඒ වගේමයි අසවල් කාරණාව අසවල් ප්‍රමාණය තාක් අනිත්‍යය වශයෙන් බලන්න ස්වභාවයෙන්ම ඉගෙනගෙන තියනවා, ඒ දේ සැපතක් හොයන්න හෝ මට ඕන විදියටම පාලනය කරන්න මම උත්සාහ නොකරන මට්ටමකුත් තියනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා.
මෙවන් වූ අවධියකට අපේ හිත පත් වුනාට පස්සේ තමයි අපිට අවස්ථාව හම්බ වෙන්නේ පින්වතුනි, ඔය කියන සංස්කාරයන්ගේ නිරෝධයක් දකින්න. කායිකව ඇති කරගෙන තියන යම්කිසි වූ සකස් කිරීමක් තියනවා නම් බුදුරජාණන් වහන්සේ භාවනා යෝගාවචරයාට මුලින්ම උගන්වනවා ඔය කායිකව කරගෙන කියන සකස් කිරීම්, නුවමනා සකස් කිරීම් ටික හදා ගන්න කියල, මට තේරෙන හැටියට ආනාපාන සති සූත්‍රයේ.
ඒක ඒ විදියට කරන්න ඉගෙන ගන්න හාදයාට ඊළඟට තමන්ගේ ශරීරය තුල පුදුමාකාර සැහැල්ලුවක් සහ ඉස්පාසුවක් දකින්න හම්බ වෙනවා, අර ඊට කලින් තිබ්බ තරම් වද වේදනාවල් දුක් දොම්නස්වලින් නිදහස් වෙච්ච ශරීරයක් එක්ක.
මෙවන් වූ අවධියකට අවතීර්ණ වෙනකොට කය දිහා බැලුවත් බොහොමම පස්සද්ධිය සහ මෘදු ගුණයක් පවතින, මෘදු ගුණය පිටාර ගලා යන තරමේ පවා ඉස්පාසුවක් සතුටක් ගලාගෙන යන්න පුළුවන් ප්‍රීතියක්. එවන් වූ ප්‍රීතියක් එක්ක තමන්ගේ හිත දිහා බැලුවා වුනත් එහෙම නැතිනම් චෛතසික ස්වභාවය හඳුනා ගන්න උත්සාහ කළා වුනත් එවන් වූ අවධියක තමන්ටම තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ චෛතසික ස්වභාවය පවා බොහෝම මෘදු, සැහැල්ලු, මටසිළුටු, සාමකාමී, සංතෝසදායි මට්ටමක, ස්ථරයක පවතිනවාය කියලා.
හැබැයි මේ දේ වෙන්න නම්, මේ දේ ඇති කරගන්න නම්, අපිට හැකියාවක් තියෙන්න ඕන, තිබිය යුතුමයි අපි නිත්‍ය හැටියට ගන්න හෝ මේ විදියටම තිබිය යුතුයි කියල හිතන, අදහස් කරන කාරණා අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙන්න ඕන.
හැබැයි මෙවන් වූ තත්ත්වයකට අපේ හිත පරිවර්තනය වෙනකොට, ඒ දැනෙන වේදනාව නැත්නම් ඒ දැනෙන සුඛය, ප්‍රීතිය මේ දෙක අපි එක්තරා මට්ටමකින් නිත්‍ය හැටියට අල්ලනව වෙන්න පුළුවන් ආපහු. අර කලින් තිබිච්ච දේට අනිත්‍යතාවය හෝ දුක්ඛතාවය නැත්නම් අනාත්මතාවය දාන්න අපිට පුළුවන්කමක් හම්බ වුනාට, අපි හිතට කියල දීල තිබුනාට, අළුතෙන් එන මට්ටමට මේ දේ දාන්න මේ දේ ක්‍රියාත්මක කරන්න හෝ අළුතෙන් දකින මේ ස්ථරයත් අනිත්,ය දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය හරහා දකින්න අපි අපේ ඇහැට, අපේ ජීවිතයට, අපේ සන්තානයට තාමත් අපි හුරු කරල දීල නැති වෙන්න පුළුවන්.
මේක හින්දා ඒ මතුවෙන දේවල් අපි නිත්‍ය වශයෙන් ගනීවී. සැප හැටියට ගනීවී. පාලනය කරන්න පුළුවන් කියල ගනීවී. මේක හන්ද තමයි ගොඩාක් භාවනා යෝගාවචරයෝ ඔය භාවනා කමටහන් වාර්ථා ඉදිරිපත් කරනකොට කියන්නේ,
"හාමුදුරුවනේ එක්තරා දවසක භාවනා කරගෙන යද්දී බොහෝම ලොකු සංතෝසයක් දැනුන ශරීරයට. බොහෝම ලොකු ප්‍රීතියක් දැනුනා. මගේ ජීවිතේට ඒක දැනිල තිබුනෙ නෑ. හරීම ෂෝක්. ඇහෙන් කඳුළු කඩාගෙන වැටෙන්නත් පටන් ගත්ත."
සමහර විට ඔහොමත් කියනව. ඊළඟ දවසෙදි මේ ගොල්ලො කියනවා,
"හාමුදුරුවනේ එදා ඒක වුනාට ඊළඟ දවසෙ නම් මේක වුනේ නෑ."
ඔන්න ඔතනයි මේකෙ තියන ගැටළුව. මුලින් දවසේදී අපි මේ ඇති වුනු කායික ස්වභාවය හේතුවක ඵලයක් හැටියට දැක්කා වුනාට, ඊළඟ දවසේදී ඒ හේතුව ගැන හිතන්න යන්නෙ නෑ, ඒ ඵලය ගැන විතරක් හිතනවා. හේතුව මොකද්ද?
ධරත හැටියට තිබිච්ච, රළු හැටියට තිබිච්ච, සකස් කරගෙන තිබිච්ච අපහසුතාවකින් යුක්ත වෙච්ච ශරීරය පහසුවකට ඇති කරගන්න, මෘදු කරගන්න, සැහැල්ලු කරගන්න ඒ යොදවපු පරිශ්රමය හින්දා තමා, ඒ යොදවපු උත්සාහය හින්දා තමා ඒ ප්‍රීතිය නිරාමිසව ඇති වෙන්න පටන් ගත්තේ. සුඛය නිරාමිසව ඇති වෙන්න පටන් ගත්තේ. ඒක අපිට හිතාමතා කරන්න පුළුවන් සීමාවෙන් එහා තියෙන එකක්.
හැබැයි දෙවනි වටයෙදි මොකද වුනේ? නිරාමිසව ඇති වෙන්න දෙනවා වෙනුවට ඒක මගේ උවමනාවෙන් කරන්න ආපහු පටන් ගත්තා. හැබැයි අර මුලින්ම තිබිච්ච කායික ස්වභාවයෙන්, කායික රළු ස්වභාවයෙන් අයින් වෙන්න අපි අනාත්මය භාවිතා කරා තමයි, අනිච්චතාවය භාවිතා කරා තමයි, නමුත් මෙතනදි ආපහු අමතක වෙනවා අර කියන මූලධර්මය මම පාවිච්චි කල යුතුයි කියල. ඒක හින්ද භාවනාවෙ ආපහු මුලට ඇදිල වැටෙනව.
මෙන්න මේක හින්ද පින්වතුනි එක්තරා මට්ටමකින් අපි සූක්ෂම වෙන්නත් ඕන භාවනාවෙදී. ඒ සූක්ෂමතාවය ඇත්තටම බුදුරජාණන් වහන්සේ විස්තර කරල දීල තියන විදියට විස්තර කරන එක ලේසියි වෙන එක එක දේවල් කියන්නෙ නැතුව. උන් වහන්සේ දේශනා කරන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම වටපිටාවකදී භාවිතා කරන්න ඕන ක්‍රමය හැටියට,
"භාවේති බහුලීකරෝති ස්වාධීතිතං අධිට්ඨාති"
කියන න්‍යායයි. අපිට ඉස්සෙල්ලාම ශරීරයක ධරත නැත්තං රළු ඝන ස්වභාවය තේරෙන්න වුනාම ඒ දැනෙන ඝන රළු ස්වභාවය හඳුනාගෙන ඉන්න ඉගෙන ගන්න ඕන හෝ එවන් වූ ස්වභාවයක් මුළු ශරීරය පුරාම තියනවා කියල බලන්න මම කියන හැටියට නම් මුළු ශරීරය පුරාම බලන්න. මේධාවි හාමුදුරුවො කියන හැටියට නම් මේ ශරීරය සිසාරාම ඒ දේවල් තියනවා කියන එක දකින තාක් කල් සිහිය පුරුදු කල යුතුමයි.
අපි ඒකට බොහොම ඉක්මන් වෙලා, හදිස්සි වෙලා ඔය දේ අනිත්‍යයයි කියල දාන්න උත්සාහවන් වුනොත් පින්වතුනි අපිට හොයාගන්න බැරි වෙනව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය
"සබ්බ කාය පටිසංවේදී"
කියන එක කොහොමද සිද්ධ වෙන්නේ සහ
"පස්සංභය කාය සංඛාර"
කියල කියන එකට කොච්චර වටපිටාවක්, වපසරියක් තියනවද කියල. ඉතින් ඒක හින්දා අපි භාවනාව තුලදී, මේ වැඩසටහනේදී නම් භාවනාව ගැන මම ඔය ඇත්තන්ට කියනවා "හා දැන් අහවල් තැන බලන්න, හා අහවල් තැන හිතාමතාම මතු කරගන්න" ආදී වශයෙන්. හැබැයි අහවල් තැන බලන්න හෝ අහවල් තැනට හිත ගන්න කියූ පමණින් ඔය ඇත්තොත් දන්නවා හිත එහෙම යන්නෙ නෑ කියල.
හිතට එතනට යන්න, හිතට එතනට කිට්ටු කරන්න, පැලපදියම් වෙලා ඉන්න ඒ හරියෙ තියන කාරණා ටික ධාරණය කරගන්න, ජීර්ණය කරගන්න යම්කිසි කාලයක් ගන්නව. මේක තමයි තථාගතයන් වහන්සේ දේශනාවෙදි දේශනා කරන්නෙ "ස්වාධීතං අධිට්ඨාති" කියල. එයාට මේක ස්වාධීනව කරන්න පුළුවන් වෙලාවක් වෙනකං අපි නැවත නැවත පුරුදු කළ යුතුයි. උත්සාහවන්ත වෙන්න ඕන. වීර්යය වඩන්න ඕන. අප්රමාදී වෙන්න ඕන.
මෙහෙම කරනකොට තමයි පින්වතුනි තේරෙන්නෙ අපි තුල වීර්යය කියන දේ ඇති වෙන්න පටන් ගන්නව කියල. තේරුනාද? මේවා කොහේදෝ ඉඳල ඇවිල්ලා එකපාරටම හිස මත කඩා වැටෙන ධර්මතා නෙවෙයි. මේවා අපි නිරන්තරයෙන්ම, උවමනාවෙන්ම, මනා දැනීමෙන් යුක්තවම භාවිතා කළ යුතු, පුරුදු කළ යුතු, හුරු කළ යුතු ධර්ම කාරණා. ගුණාංගයන්. අපිට තේරෙන්න පටන් ගනීවී ඒ විදියට කටයුතු කරනවා නම් අපි වීර්යය ඇත්තටම වඩන ස්වභාවය මොකද්ද කියල.
සාමාන්‍ය ලෝකයේදී කතා වෙන වීර්යයට වඩා භාවනාව තුලදී භාවිතා කළ යුතු වීර්යය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එවන් වූ වීර්යයක් භාවිතා කරන්න අපි අපේ හිතට උගන්වන කතාවක් තියෙන්න පුළුවන් උගන්වන රටාවක් තියෙන්න පුළුවන්. ඒකෙ එකක් තමා,
"භාවේති බහුලීකරෝති ස්වාධීතිතං අධිට්ඨාති"
ඒ තැනට වෙලා ඉන්න, ඒ තැනේ තියන දේට නැවත නැවත එන්න, ඒ තැනට ස්වාධීනවම ඇති වෙන්න හෝ පතිත වෙන්න කියන මේ කාරණාවල් සිදු කරන්න උගන්වනව වගේම ඊළඟට අපි ඉගෙන ගන්න ඕන ඒ දේවල් අතහැරල දාන්නෙ කොහොමද කියල, බැහැර වෙලා යන්නෙ කොහොමද හෝ බැහැර කරන්නෙ කොහොමද කියල.
මේක හරියට අපි කොහේ හරි ගමනක් යනව නම් එල්ලෙන තැනකින්, එක දෙයක් අල්ලගන්නෙ අනිත් දෙය අල්ලගන්න උවමනා හින්දයි. ඒ දේ හරියට අල්ලාගත්තා කියල තේරුනාට පස්සේ මේ දේ අතහැරල යනව වගේ වැඩක් මේක.
භාවනාව තුලදිත් පින්වතුනි අජාන් චා හාමුදුරුවෝ හරි ලස්සන කාරණාවක් කියල දෙනවා. ඕනෑම දෙයක් අල්ලගන්න කියල කියනවා අතහරින්න පුළුවන් ගාණට. අපි උත්සාහ කරන්න ඕන ඔන්න ඔය කියන කතාවේ තියන ගැඹුරාර්ථය හඳුනා ගන්න. භාවනාව තුල අපි ලබා ගන්නා වූ අත්දැකීම් අපි නැවත නැවත නැවත නැවත උරගාල බලන්න ඕන ආයෙ ආයෙ ඒ අත්දැකීම්වලට අපිට යන්න පුළුවන් වෙනවද කියලා.
ඒ වගේමයි ඒ අත්දැකීමට ස්ථිර හැටියටම නැතිනම් යම් විදියකට ස්වාධීනත්වයකින් එන්න පුළුවන් වෙන තත්ත්වයක් ආවට පස්සේ, ඊළඟට තේරුම් බේරුම් ඇති කරගන්න පටන් ගන්න ඕන මේ කාරණාවේ මොන කොටස්වලටද මම නිත්‍ය සංඥාව දාල තියෙන්නෙ. මේ කාරණාවේ මොන කොටස්ද මම සැප හැටියට දකින්නේ හෝ දරන්නෙ, මේ කාරණාවේ මොන අංගයන්ද ආත්ම හැටියට මම බුක්ති විඳින්න උත්සාහවන්ත වෙන්නෙ කියලා තේරුම් ඇති කරගන්න ඕන.
මේ විදියට තේරුම් බේරුම් ඇති කරගත්තාට පස්සේ අපිට පුළුවන්කම හම්බ වෙනවා පින්වතුනි ඒ තියන කාරණාවලින් නිදහස් වෙන්න. එතකොට ධර්මය භාවිතා කිරීම කියන දේ එන්න එන්න එන්න එන්න ගැඹුරු වෙනවා තමයි, නමුත් අනිත් පැත්තෙන් අපිට පුදුමාකාර විදිහේ විචක්ෂණ ඥාණයක් ගෙනැල්ල දෙනවා. දැනුමක් ගෙනැල්ල දෙනවා.
අපි හඳුනා ගන්න පටන් ගන්නවා මේ කරන කියන කටයුත්ත තුල තියන බැරෑරුම්කම මොකද්ද, සරල බව මොකද්ද කියල. ඒ ආකාරයට පුරුදු කරගෙන යන භාවනාවක් තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට ඊළඟ ඊළඟ අවධීන් වලට පත් වෙනව.
"තතා තතා විහරංතං තතත්තාය උපනෙස්සතී"
යම් යම් ආකාරයට ඒ ඒ විදියට ජීවිතය පවත්වනකොට, පුරුදු කරනකොට ඒ අනුසාරයෙන් ඊළඟ තැනට හිත පැන්නවීම හිත ගමන් කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක ස්වභාවිකවම ස්වභාව ධර්මය තුලින්ම සිද්ධ වෙන කාරණාවක්. ඉතින් මෙන්න මේ වූ කාරණාව සිද්ධ වෙන්නට අර අපේ දැනුවත්භාවය එක්කම මේ දේ සිද්ධ වෙන්නට දෙන අධ්‍යයන කාලයයි භාවනා කාලය තුලින් සිදු කරන්නෙ. අන්න ඒ පුරුදු කිරීමයි අපි භාවනාවක් හැටියට පුරුදු කරන්නෙ.
ඉතින් මෙන්න මේ වගේ කාරණාවල් සිදු කරන්න අපිට පුළුවන්කමක් හම්බ වෙනකොට අපි දනීවි හෝ අපි දැක ගනීවි අපිට හිත එකඟ කරගන්ක ඕන ප්‍රමාණය කොච්චරක්ද අපිට මේ කාරණාවල් විදර්ශණා කරන්න ඕන නැත්නම් විශේෂයෙන් දකින්න ඕන ප්‍රමාණය මොකද්ද කියල.
ඒකයි සතිපට්ඨාන භාවනා ක්‍රමයට කියන්නෙ යුගනන්ද කියල. මේකෙදි සමථය සහ විපස්සනාව කියන දෙක ඇත්තටම වැඩ කරන්නෙ එක හා සමාන කාලෙකදි කියල කිවුවොත් බොහෝ විට සමානයි නැත්නම් බොහෝවිට නිවැරදියි.
සතිපට්ඨාන භාවනාවේදී අපිට සමථය කියල කියන හිත තැන්පත් කර ගැනීමත් විපස්සනාව කියල කියන කරුණු කාරණා මැනවින් තේරුම් ගැනීමත් වටහා ගැනීමත් කියන කාරණා දෙකම අවධියෙන් අවධියට භාවිතා කළ යුතුම වෙනවා අනිවාර්යයෙන්ම. එකකට පස්සෙ එකක් හෝ එකක් විතරක් භාවිතා කරන්න පුළුවන්කමක් සතිපට්ඨාන සූත්‍රයේදී කොහෙවත්ම නෑ.
මේ මාර්ගයේ ඉහළට ඉහළට ගලාගෙන යනකොට අපේ හිත තැන්පත් වෙලා තියන ප්‍රමාණයට අපිට විපස්සනාවක් හැටියට කරුණු කාරණා විශේෂයෙන් දකින්න පුළුවන් නුවණ ඇතිවීම වළක්වන්නත් බැහැ. අපේ හිතේ තැන්පත්කමක් නැති ප්‍රමාණයට විශේෂයෙන් කරුණු කාරණා නොතේරෙන බව කියන එක, ඒක සිද්ධ නොවෙන්න පුළුවන් තත්ත්වෙකුත් නෑ.
ඒක හින්දා අපි මේ කියන තථාගතයන් වහන්සේ දේශණා කරපු ආනාපාන සති සූත්‍රය භාවිතා කරනවා නම් (උන් වහන්සේ දේශණා කොට වදාළ ආකාරයට "අනුපුබ්බං පරිචිතා යථා" කියලයි කියන්නේ) එහෙම නම් ඒ කෙනාට හම්බ වෙනවා තමන්ගේ ජීවිතය තුල තිබිච්ච ඒ කඩතුරාවල් ටික අයින් කරගෙන, ඊළඟට යහපත් වූ ආලෝකයක් බුක්ති විඳින්න.
"සෝ මං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිමා"
මුල් කාලයේදී අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්න පුළුවන් වළාකුලක් වගේ දෙයක්. අර ඉස්සෙල්ල කිවුව වගේ සාමාන්‍ය හුස්ම පොඩ්ඩක් පේන කෙනාට ශරීරයම හඳුනා ගන්න හිත හදාගන්න වෙනව. ශරීරයම හඳුනා ගත්ත කෙනාට තේරෙනව මේකෙ තියනවා ඕනාවට වඩා සකස් කරගැනීම් සමූහයක්. ඒ ටික බැහැර කරන්න සිද්ධ වෙනව.
ඒ ටික බැහැර කරගන්න කෙනාට ඊට වඩා පිවිතුරු වෙච්ච, ඊට වඩා සැපවත් වෙච්ච භාවනා ස්ථරයකට යන්න, අඩියකට යන්න, ගැඹුරකට යන්න අවස්ථාවක් හම්බ වෙනව. මේ දේ කරන්න මෙයාට සමථයත් එක්තරා වෙලාවක භාවිතා කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. විපස්සනාවත් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න සිද්ධ වෙනව.
මේක නිකං එක විදියකට හිටියා කියල ඇති වෙන හෝ කවුරු හරි කෙනෙක් ගෙනැල්ල දෙන ධර්මතාවයක් හෝ ගුණයක් නෙවෙයි. මේක තමන් විසින් ප්‍රගුණ කරගත යුතු දෙයක්. හිතාමතාම උවමනාවෙන්ම දැනුවත්කමෙන්ම. අන්න ඒකයි ධර්මයෙහි තියන ගැඹුරාර්ථය. ධර්මයෙහි තියන ලස්සන.
මෙන්න මේ කියන කාරණාවල් පින්වතුනි අපිට පුරුදු කරන්න අවස්ථාවක් ලැබෙන එක බොහොම භාග්‍යයක් හැටියට සළකනවා. ඒ දේ ලබාගන්නටත් හැකි වෙන එකම එක භාවනා ක්‍රමය සතිපට්ඨානය විතරයි කියන එකත් මම කියන්න කැමතියි. අනිත් හැම එකකින්ම අපි මුලාශ්‍ර හදාගෙන, සීමා මායිම් හදාගෙන අපේ චින්තනය එක්තරා එක්තරා වටපිටාවල්වල, එක්තරා එක්තරා මටිටම්වල තියාගෙන, රඳවාගෙන ඉන්නව. ඉන් එහාට යන්න දෙන්නෙ නෑ.
හැබැයි සතිපට්ඨානය අපිට උගන්වනවා සීමාසහිත භාවයෙන් නිදහස් වෙලා අසීමාන්තික විදියට මේ හිතට ඉඩක් දෙන්න. හිත ඉල්ලන, හිතට අවශ්‍ය කරන විචිත්රත්වය දෙන්න. විවෘතත්වය දෙන්න. ඒ විදියට විවෘතව දකින දේ ගැනයි අපි මේ අපක්ෂපාතී නිරීක්ෂණය කියන වචනය යටතේ කතා කරන්නෙ.
ඒ විදියට අපිට විවෘතභාවයක් හිතට දෙන්න පුළුවන්කම තියනවා නම්, එතකොට කරුණු කාරණා මනාකොට හඳුනා ගන්න අවස්ථාවක් හම්බ වේවි, යම් වෙලාවකද හිතට ඕන සමථය, යම් වෙලාවකද හිතට ඕන විපස්සනාව කියල.
මේක එතකොට අපි පුරුදු කරගෙන යන්නේ යුගනන්ද ක්‍රමයක් හැටියටයි. මේක හරියට කාසියක් උඩ දානව වගේ වැඩක්. කාසියේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියල කියන දෙකමයි උඩට යන්නේ. එක පැත්තක් බිම තියනකං අනිත් පැත්ත විතරක් නෙවෙයි. අන්න ඒ වගේ ගමනක් මේක.
ඉතින් අන්න ඒ විදියට සළකනකොට පින්වතුනි අපි අපේ හිත වඩාගෙන යන මේ ගමනේදී උත්සාහවන්ත වෙන්න ඕන මේ කරගෙන යන පුහුණුව තුල සජීවී වෙලා, කරුණු කාරණා මනාකොට හඳුනාගෙන කටයුතු ටික ඉදිරියට සිදු කරගෙන යන්න.
ඉතින් ආන් ඒ කියන කටයුත්ත කරගන්න රුකුලක් වෙන කාරණාවකුයි අද මට කියන්න ඕනකම තිබ්බේ. අපි බලමු අද කරන භාවනාවේදී සමහරක් විට මේ කාරණා අපිට කුළු ගන්වා ගන්න පුළුවන්කමක් හම්බ වේවි. එහෙම නැති වුනත් ඔය ඇත්තෝ ඔය ඇත්තන්ගෙ භාවනාවට චුට්ටක් මේක එකතු කරල බලන්න ඕන. තමන්ගේ භාවනාවේදී මේක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්නට උත්සාහ කරල බලන්නට ඕන. ඒ තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිතයට යහපතක් සැලසෙනවා නම්, සාදු සාදු එය එසේම වේවා කියල මම බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
| භාවනාව 01 | පහසු ඉරියවුව | 18.06.2023 |
| භාවනාව 02 | නිදිමත, අලසබව සහ භාවනාව | 25.06.2023 |
| භාවනාව 03 | හදුනාගැනීම, ගැටීම සහ අනුමතකිරීම | 02.07.2023 |
| භාවනාව 04 | ශබ්දය සහ භාවනාව | | 09.07.2023 |
| භාවනාව 05 | භාවනාවේ තණ්හාව හෙවත් වීර්්යාධිකබව |16.07.2023 |
| භාවනාව 06 | සිහිය අසිහිය සහ සම්පජානය අසම්පජානය | 23.07.2023 |
| භාවනාව 07 | පරාජය බාරගනිමු | අපක්ෂපාතී නිරීක්ෂණය 02 අදියර | 30.07.2023 |
| භාවනාව 08 | සිහිය සහ සැකය | 06.08.2023 |
| භාවනාව 09 | චිත්ත රීති 01 | අරමුණු ග්රහණයකරගැනීම | 13.08.2023 |
| භාවනාව 10 | චිත්ත රීති 02 | ශෛලගතවීම | 20.08.2023 |
| භාවනාව 11 | චිත්ත රීති 03 | ප්‍රපංච | 27.08.2023 |
| භාවනාව 12 | චිත්ත රීති 04 | ග්රහණයටනතුවීම | 03.08.2023 |
| භාවනාව 13 | චිත්ත රීති 05 | පාලනයෙන් බැහැරවීම | 10.08.2023 |
භාවනාව 14 | චිත්ත රීති 06 | සටකපටබව සහ මායාකාරීබව 17.09.2023
භාවනාව 15 | චිත්ත රීති 07 | සිත විසිරීම සහ හැකිලීම | 24.09.2023
භාවනාව 16 | චිත්ත රීති 08 | සමාහිතබව සහ අතහැරීම 01.10.2023
භාවනා 17 | චිත්ත රීති 09 | සිහිය සහ මමත්වය 08.10.2023
| කමටහන් සාකච්ඡාව සහ දහම් ගැටළු 01 | පහසු ඉරියවුව | 18.06.2023 |
| කමටහන් සාකච්ඡාව සහ දහම් ගැටළු 02 | නිදිමත, අලසබව සහ භාවනාව | 25.06.2023 |
| කමටහන් සාකච්ඡාව සහ දහම් ගැටළු 03 | හදුනාගැනීම, ගැටීම සහ අනුමතකිරීම | 02.07.2023 |
| කමටහන් සාකච්ඡාව සහ දහම් ගැටළු 04 | ශබ්දය සහ භාවනාව | 09.07.2023 |
| කමටහන් සාකච්ඡාව සහ දහම් ගැටළු 05 | භාවනාවේ තණහාව හෙවත් වීර්්යාධිකබව | 16.07.2023 |
| කමටහන් සාකච්ඡාව 06 | සිහිය අසිහිය සහ සම්පජානය අසම්පජානය | 23.07.2023 |
| කමටහන් සාකච්ඡාව 07 | පරාජය බාරගනිමු | අපක්ෂපාතී නිරීක්ෂණය 02 අදියර | 30.07.2023 |
| කමටහන් සාකච්ඡාව 08 | සිහිය සහ සැකය | 06.08.2023 |
| කමටහන් සාකච්ඡාව 09 | චිත්ත රීති 01 | අරමුණු ග්රහණයකරගැනීම | 13.08.2023 |
| කමටහන් සාකච්ඡාව 10 | චිත්ත රීති 02 | ශෛලගතවීම | 20.08.2023 |
| කමටහන් සාකච්ඡාව 11 | චිත්ත රීති 03 | ප්‍රපංච | 27.08.2023 |
| කමටහන් සාකච්ඡාව 12 | චිත්ත රීති 04 | ග්‍රහණයට නතුවීම | 27.08.2023 |
| කමටහන් සාකච්ඡාව 12 | චිත්ත රීති 05 | පාලනයෙන් තොරවීම | 27.08.2023 |
කටමහන් සාකච්ඡාව 14 | චිත්ත රීති 06 | සටකපටබව සහ මායාකාරීබව 17.09.2023
කටමහන් සාකච්ඡාව 15 | චිත්ත රීති 07 | සිත විසිරීම සහ හැකිලීම 24.09.2023
කටමහන් සාකච්ඡාව 16 | චිත්ත රීති 08 | සමාහිතබව සහ අතහැරීම 01.10.2023
කටමහන් සාකච්ඡාව 17 | චිත්ත රීති 09 | සිහිය සහ මමත්වය 08.10.2023
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 1
සතිමත්බව වැඩීමේ පූර්ව කෘත්‍යය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං ති "
පින්වතුනි, මූලිකව ගත්තහම අපි දන්න මේ දහමේ අපි දැකල තියනව, අහල තියනව, සමථය සහ විපස්සනාව කියල දෙකක් ගැන සඳහන් වෙනව කියල. එතකොට පළවෙනියෙන්ම මම කියන්න සංතෝසයි, කියන්න ඕන, ඔය සමථය සහ විපස්සනාව කියන දෙකම සතිය වැඩීම තුලින් දියුණු වෙන විත්තිය බුදුරජාණන් වහන්සේ කියල දීල තියනවා සූත්‍රවල. ඔය ඇත්තන්ට කැමති නම් හොයල බලන්න පුළුවන්.
ඒ කියන ගමනේදී එහෙම නම්, සතිය වැඩීමේ මූලාරම්භයේ ඉඳලම හිතේ තැන්පත්බව කියන සමථයත්, කරුණු කාරණා නිවැරදි ආකාරයෙන් දැන ගන්නවා, දැක ගන්නවා, තේරුම් ගන්නවා, අවබෝධ කරනවා, කියන විදර්ශනාව හෝ විපස්සනාවත්, එහෙම නැත්නම්, අනිත්‍යතාවය, දුක්ඛතාවය සහ අනාත්මතාවය අපි තේරුම් ගන්නට පටන් ගන්නවා. ඒ කොහොමද?
සිහිය වැඩීමේ මුල ඉඳලම යන අවධානය හින්දා.
එතකොට සතිපට්ඨානය කියන මේ ක්‍රමය තුලදී ප්‍රධාන තැන දෙන්නේ පින්වතුනි, සිහියටයි. ප්‍රධාන තැන දෙන්නේ, අවධානය යොමු වන දෙයටයි.
නමුත් මීට පෙරාතුව අපේ ප්‍රධාන අවධානය හෝ අපේ මූලික අභිප්‍රාය, අපේ මූලික උවමනාකම අපේ උවමනාවට සිද්ධ වුනා වෙන්න පුළුවන්. මගේ කැමැත්තට සිද්ධ වුනා වෙන්න පුළුවන්. මගේ මනාපයට සිද්ධ කලා වෙන්න පුළුවන්. 'මගේ' කියන ඒ තැනිනුත් නිදහස් වෙලා, 'මගේ මනාපය' කියන එකෙනුත් නිදහස් වෙලා, බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙනවා, උගන්වනවා උන් වහන්සේගේ අර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ තියන අත්දැකීම් ගොන්නත් එක්ක එක්කාසු කරගෙන, වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුළුවන් නම්, එහෙම නම් මගේ කියල දෙයක් වර්තමානයේ නැහැ කියල කියනවා.
මීට කලිනුත් කිවුව වගේ අපි මේ වැඩසටහන පටන් ගන්න කලියෙන් ඔය ඇත්තො ධර්ම සාකච්ඡාවක් කලා. දැන් එව්ව අතීතයට ගිහිල්ල තියෙන්නෙ. අපිට ඒක පනවන්න පුළුවන් අතීතයක් හැටියට. ඒක වෙනම හදල පෙන්නන්න පුළුවන්. මේ වැඩසටහන නැත්නම් ධර්ම සාකච්ඡාව ඉවර වුනාට පස්සෙ තව යම්කිසි වෙලාවකින් එතකොට අනාගතයක් තියනවා. හෙට කියල දවසක් තියනවා. තියෙන්න පුළුවන්. කොහොම නමුත් ඒක අතීතයට වැටෙනවා එතකොට.
හැබැයි වර්තමානය කියන එක තුල අර කියන විදිහෙ පැනවීමක් කරන්න විදියක් නැහැ. මොකද ඒක ගලාගෙන යන ප්‍රවාහයක් හින්ද. අතීතයක් සහ අනාගතයක් අතර තියන ඉතාම සුළු කාල පරිච්ඡේදය තමයි වර්තමානය කියල කියන්නෙ. ඔන්න ඔය වර්තමානය අපිට අල්ල ගන්න බැහැ, ගැට ගහගන්න බැහැ, මගේ කියල තියාගන්න බැහැ. පුළුවන් නම් ලොකු හපන්කමක්.
ඒ වර්තමානය තුල සිහිය පිහිටුවා ගැනීමේදී එහෙම නම්, ඔය කියන අනාත්මය එහෙම නැත්නම් ආත්මභාවයක් නැති ඒ අවබෝධය, ස්ථිරතාවයක් නැති එහෙම නැත්නම් අනිත්‍ය වූ ස්වභාවය තේරුම් ගන්නා බව, මේ ලෝකෙ දේවල් අල්ලගෙන ඉන්න බැහැ ඒ දේවල් වෙනස් වෙනවා කියන ඒ දුක් සහිත බව, දුක්ඛතාවය කියන මේ කාරණා, අපි අවබෝධ කර ගනිමින්මයි භාවනාව ඉදිරියට සිදු කරගෙන යන්නෙ. එහෙම නැත්නම් සිහිය ඉදිරියට පුරුදු කරගෙන යන්නෙ.
එතකොට පින්වතුනි, මං අර මුලින් කිවුව වගේ අපි ඉගෙන ගන්නකොට සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඒක නම් අපේ භාවනාව වෙන්නෙ, එහෙම නම් අපි ඒ විදියට සිහියට ප්‍රධාන තැනක් දෙන්න දෙන්න දෙන්න දෙන්න, ඒකට යොමු වෙන්න යොමු වෙන්න, නැඹුරු වෙන්න නැඹුරු වෙන්න, අපේ ජීවිතය තුල සමථ ගුණයත් විපස්සනා ගුණයත් කියන මේ කාරණා දෙකම වැඩන්න පටන් ගනීවි. ඕකට ධර්මයේ කියනවා 'යුගනන්ද' කියල.
එතකොට මූලිකව ඉඳලම අනාත්මයට තට්ටු කරනවා නම්, අනාත්මය ස්පර්ශ කරනවා නම් මේ කියන සිහිය, අපි වර්තමානය තුල කරන කියන දේවල් වලට අවධානමත් වෙන එකයි ඊළඟට අපිට කරන්න තියෙන්නෙ. එහෙම නැත්නම් මට වරහන් ඇතුලෙ කියන්න පුළුවන්, අපි සිහිය පුරුදු කරනවා කියල ඇත්තටම මේ කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ අර දුකෙන් නිදහස් වෙන ඒකායන මාර්ගය වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා කියන එකයි.
එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියන කාරණා අටම මේ සතිය තුල, සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් අපේ ජීවිතවල ගොඩ නැංවෙන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් බලමු ඒක වෙන්නෙ කොහොමද කියල.
පළවෙනිම ක්‍රමය තමයි ඇත්තටම කියනව නම් අපේ ජීවිතවල යම්කිසි විදියක සංවරභාවයක් තියෙන්න ඕන. යම්කිසි විදියක සුරක්ෂාත භාවයක්, සීමා සහිත භාවයක් තියෙන්න ඕන. අන්න ඒකට සීලවන්ත වෙනව නම් හොඳයි ඉතින්. ඒක ලේසියි. සීලවන්ත වීමත් එක්ක හරි ලේසියි මේ සිහියට යන්න. සිහිය සම්බන්ධයෙන් වැඩකටයුතු කරන්න, සතිමත් වෙන්න හරිම ලේසියි.
ඔය සිහිය එතකොට ගලාගෙන යන්න පුළුවන් පැති සාමාන්‍ය ජීවිතේ ඉඳලම අපි කරන්න පටන් ගත්තොත් එහෙම, අපි හිතනවා භාවනාව තුලදි විතරයි, එහෙම නැත්නම් පර්යංකයට වාඩි වුනහම නැත්නම් ආසනේක නැත්නම් වාඩි වුනාම විතරයි, පර්යංකයෙදි විතරයි හෝ සක්මන් මළුවේදි විතරයි අපි මේ භාවනාව කරන්නෙ, එහෙම නැත්නම් සිහිය පුරුදු කරන්නෙ කියල හිතනවා නම්, ඒක එතකොට ඒ කියන අවස්ථාවට විතරක් ආවේණික වෙච්ච කාරණාවක් විතරක් වෙනවා. ඒ වුනාට බුදු පියාණන් වහන්සේගේ දේශනාව තමයි
"ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්ථානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය"
එතකොට අපි හිතන්න නරකයි අපිට දුක් දොම්නස් ඇති වෙන්නේ, සෝක සන්තාපයන් ඇති වෙන්නේ භාවනාව තුලදීම කියල. සාමාන්‍ය ජීවිතයේදී අපි ඕනෑ තරම් ඒ වගේ දේවල් වලට මුහුණ දෙනව. එතකොට ඒ හැම එකක්ම තුලින් නිදහස් වෙන්න පුළුවන් බව, ඒ හැම එකකින්ම විමුක්තියක් ලබන්න පුළුවන් බව, නිදහසක් නිවීමක් සැනසීමක් ලබන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ අපිට ඉඟි කරල පෙන්නල දෙන්නෙ හරියට දරුවෙක්ට කතා කරනව වගේ
"පුතා ඔයා මෙන්න මේක කරන්න. මේක කරොත් එහෙම ඔයාට දුකක් නැතුව තැවුලක් නැතුව ඉන්න පුළුවන්. ඔයාට හිතේ දුකක් හරි ශාරීරික දුකක් හරි තියනව නම් ඒවගෙන් නිදහස් වෙලා ඒවගෙන් බැහැර වෙලා සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවනි"
කියලා අපිට ආරාධනා කරල දෙනවා. ඒ වෙන මොකක්වත් කරන්න නෙවෙයි. සිහියෙන් ජීවත් වෙන්න කියල. එතකොට සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරද්දී ඔය ඇත්තන්ට මම යෝජනාවක් කරනවා, අපි කතාබහ කරනකොට අපේ කතාව සමහරක් වෙලාවට හැඟීම්බර භාවයක් එක්ක එකතු වෙලා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉරිසියාවක්, තරහක්, වෛරයක්, ප්‍රතික්ෂේප කිරීමක් විශේෂයෙන්ම, අකමැති බවක්, ආදී කියන හෝ ඊටත් වඩා වෙනස් විදිහේ මාන්නයක් වෙන්නත් පුළුවන්, අන්න ඒ වගේ කෙලෙස් එක්ක යට වෙලා කතාබහ වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ වැඩකටයුතු කරද්දි හරි අපි යම්කිසි දේකට නුරුස්සනා බවක් තියනව නම් එතකොට කතා කරන වචනවල ස්වභාවය ඊට වඩා චුට්ටක් වෙනස්. ඒ නුරුස්සනා ස්වභාවය හා සම්බන්ධ වෙච්ච ඒ හා යන වචන කතා කරන්න අපි හුරු වේවි, පුරුදු වේවි.
මේ සිහියේ දියුණුවත් එක්ක මයෙ පුතා, අපේ අවධානය අපි ගාවට එන්න එන්න අපි අවධානමත් වෙන්න පටන් ගනීවි, අපි කතාබහ කරන වැඩ ගැන කතාබහ කරන වචන ගැන පවා. එතකොට මගේ යෝජනාව තමයි මේ සතිපට්ඨානය පුරුදු කරන්න පටන් ගන්න විදිහට කතාබහ කරන ඇත්තො හැටියට, ඒ දේ පුරුදු කරන්න උත්සාහවන්ත වෙන ඇත්තො හැටියට, මම මුලදිම කිවුවා සතිය පුරුදු කරනකොට, මේ සිහිය පුරුදු කරනකොට, සතිපට්ඨානය වැඩීම තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වෙනවා කියල කතාවක්.
එතකොට සිහිය පුරුදු කරගෙන අපිට පුළුවනි අපේ වචන මිත්යාවාචා හැටියට තියෙනවා කියල හිතමුකො. අපි හිතමුකො අපි නොහිතා නොදැන අපේ අතරින් අපි අමනාප වෙච්ච වෙලාවකට හරි අමනාපය ඇති වෙන විදියට කතාබහක් එළියට ගියා කියල. මගේ යෝජනාව මේකයි මේ භාවනාව කියල දෙන හාමුදුරුවො හැටියට ගුරුවරයා හැටියට එක පැත්තකින්, මා පුතා ඒ වචන ටික ආපහු කියන්න. සමාව ඉල්ලල ඒ වැරදියට කියපු වචන ටික ආපහු කියන්න. මේකට කියමු 'ලත් තැන ලොප් කරනව' කියල. මිත්‍යා වාචාව සම්මා වාචාවෙන් වහල දානව.
මිත්‍යා අෂ්ටාංගික මාර්ගය සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට පරිවර්තනය කර ගන්නවා. එතකොට ඔය ඇත්තෝ භාවනාව කියන දේ පුරුදු කරල තියෙන්නෙ භාවනා මෙට්ටෙදි විතරක් නෙවෙයි. සාමාන්‍යය ජීවිතේදි පවා සිහියට ප්‍රධාන තැන දීල තියෙනවා. අර 'ආතාපි' කියන එකේ තේරුම වෙන අර 'කෙලෙස් වලින් නික්මීම', ඒ 'කෙලෙස් වලින් විනිර්මුක්ත වීම', එහෙම නැත්තම් තිබිච්ච අකුසල් තියෙනව නම් ඒ අකුසල් කුසලයෙන් වහල දැමීම, කියන ආන් ඒ අර්ථයට අපිව ටික ටික ටික ටික කිට්ටු වෙන්න පටන් ගනීවි.
එතකොට මගේ යෝජනාව තමයි, ඔය ඇත්තො දෛනිකව කරන කතා බහේදි, මොකක් හරි අවස්ථාවකදි තේරුනොත් එහෙම මගෙ වචනය පොඩ්ඩක් වැරදුනා කියලා, කාට වුනත් කමක් නැහැ ආයෙත් වතාවක් ඒ වචනය නැවතත් අරගෙන කියන්න.
පහුගිය කාලෙ ගැන ඇත්තටම කියනව නම් අපේ අම්මත් එක්ක කතා කරනකොට කාලයක ඉඳල පුරුදු වෙච්ච අර අමනාපයට කතා කරන ස්වභාවයක් මගේ තිබුනා. ඉතින් මම මේක විවෘතව කියන්න ඇත්තෙන්ම ලැජ්ජ වෙන්නෙ නැහැ. ඒක ඇත්ත කතාව හින්දා. පස්සෙ ඕක මම දන්නව අම්මාට කතා කලාට පස්සේ ඒ කතා කරන වචනවලින් අම්මත් දුක් වෙනවා. ඒ වචනෙ කිවුවහම මටත් දුකයි. ඒත් මම භාවනා කරන කෙනෙක් පැහැදිලිවටම. සිහිය ගැනත් කතාබහ කරන කෙනෙක්. නමුත් අර පුරුද්දෙන් මට නිදහස් වෙන්න බැරි වුනා. මෙන්න මේ කියන කාරණාව කරන තාක් කල්.
ඒ වචන ටික මෝඩ වචනයක් හැටියට එළියට ගියාට කමක් නැහැ, ලෝකෙට මෝඩකම කෙරෙන්න ප්‍රශ්නයක් නැහැ. "කුසලේන ඵිටීයතී" කියලයි කියන්නෙ බුදු හාමුදුරුවෝ. අපි ඒක කුසලයෙන් වහල දාන්න පටන් ගත්තොත් එහෙම, කුසල සහගත දෙයින් වහන්න උත්සාහ කලොත් එහෙම, අන්න ඊළඟ අවස්ථාවෙදි අපිට අවස්ථාවක් එනවා, opportunity එකක් එනවා අර විදියටම අකුසල් විදියටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවද? කුසල් ආකාරයට නැත්තං යහපත් විදියට වචනය කතා කරනවද? කියන එක. ඒක අපේ හිත අපිටම කතා කරල කියයි මොකද සිහිය දියුණු කරන හින්දා.
ඊළඟට දෛනිකව කතාබහ කරන වචන අතර ඔය ඇත්තන්ට කුළුපග විදියට කතා කරන ඇත්තන් ඉන්නව නම්, පුළුවන් නම්, සිහිය සම්බන්ධයෙන් කරන්න පුළුවන් කතාවක් දෛනික කතාවක් හැටියට අතරමැදට එකතු කර ගන්න බලන්න. සිහිය ගැන කතා කරන එක දෛනිකව කරන එක් දෙයක් බවට පරිවර්තනය කර ගන්න බලන්න. මේ කාරණාව මම කියන්නෙ අද සත්පට්ඨානය ගැන අපි මුල ඉදලම කතා කරමු කියල යෝජනා කරපු හින්දා. මට හිතුනා මේ විදියටම මේ මෙහෙම මෙහෙම ආකාරයෙන්ම ගියොත් එහෙම, මේකෙ හොඳ start එකක්, හොඳ ආරම්භයක් වගේම හොඳ ගමනක් අපිට යන්න පුළුවන් වේවි කියලා.
ඒත් එක්කම පුළුවන්කමක් තියෙනව නම් අනිත් අයවත් යොමු කරවන්න ඕන. සිහියෙන් වැඩ කටයුතු කරන එක, එහෙම නැත්තම් උවමනාවෙන් කතාබහ කරන එකේ තියෙන ආනිසංස පවා කියල දෙන්න. එතකොට තමන් දරන අදහස තුල තියෙන සෘජු භාවය "දිට්ඨිං උජ්ජුංකරෝති" කියල කියනව ඕකට, ඒ දෘෂ්ටිය සෘජු වෙන්න පටන් ගනීවි. තියෙන අඩුපාඩුකං තියෙනව නම් ඒව අයින් වෙලා යන්ට යාවි. නමුත් මේකෙන් කියන්නෙ නෑ, ඔය ඇත්තන්ටත් භාවනා වැඩසටහන් කරන්න කියල නෙමේ මේ කියන්නෙ හොඳේ. ඒ වුනාට තමන් එක්ක කුළුපගව ඉන්න ඇත්තන්ටත් පුළුවන් නම් උගන්නන්න බලන්න.
බුදු හාමුදුරුවො ඔය අංගුත්තර නිකායෙ හතරෙ සූත්‍රවල මං හිතන්නෙ, උගන්නනව මෙන්න මෙහෙම
"තමන් කවුරු හරි කෙනෙක්ට ආදරයක් කරනව නම්, මෛත්‍රියක් දක්වනව නම්, සේවයක් කරන්න ඕන නම්, සලකන්න ඕනකමක් තියෙනව නම්, ඒ අයව වහ වහාම සතර සතිපට්ඨානයට යොමු කරවන්න, සතර සතිපට්ඨානය හුරු කරන තැනට නැඹුරු කරවන්න"
කියල තියෙනවා. එහෙම නැත්තම් පිහිටුවන්න කියල තියෙනවා. ඉතින් ඔය ඇත්තෝ මේ කියන සත්පට්ඨානය, නැත්නම් සිහිය පුරුදු කරන්න, පුරුදු වෙන ඇත්තො හැටියට බලන්න ඒවගේ යුතුකමක් කරන්න.
ඊළඟ එක තමයි දෛනිකව කරන වැඩකටයුතුවල සිහිය පුරුදු කරන එක. ඕකට පහුගිය ටිකේම මම යෝජනා කරපු ටික තමා, වැඩක් කරනකොට අර සමහර දවස්වල නම්, අර සමහර ඇත්තෝ ධර්ම සාකච්ඡාවෙදි පවා ස්තුති කරන්නත් වුනා, ඒ විදියට කරනකොට අර වැඩේ කරනකොට ඒ කරන දේ ගැන අහගෙන කරනව වගේ වුනාම හරි නිස්කලංකභාවයක් තියෙනවා වගේම හිත එහෙ මෙහෙ දුවන එක ගොඩක්ම අඩුයි. අපි ඊට වඩා අපේ ශරීරයට, නැත්තං අපි මේ වර්තමාන මොහොතේදී කරන දෙයට අවධානමත් වෙනව කියල.
ඉතින් මේ පාරත් කරන යෝජනාව එහෙමම තමයි. ඔය ඇත්තන්ට ඒ ඒ ආකාරයෙන් මොකක් හරි වැඩක් කරනකොට තමන්ගේ අතපය හැසිරෙන විදිය, ඒක තේරුම් ගන්න බලන්න. අත දිගහැරෙනකොට අපට දැනෙන විදියක් තියෙනවා. අත නැමෙනකොට අපිට දැනෙන විදියක් තියෙනවා. මොනව හරි උස්සනකොට දැනෙන විදියක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන්. මං මේ කියන්නෙ සියට සීයක් මේකට එන්න කියල නෙවෙයි. නමුත් පුළු පුළුවන් හැටියට, මේක මතකයෙ තියෙන හැටියට, මේකට නිතර නිතර එන්න බලන්න. මේ කියන සිහියට නිතර නිතර පැමිණෙන්න බලන්න.
මේකෙන් වැරැද්දක් වෙන්නෙ නෑ. මං බොහොම වගකීමෙන් කියන්නෙ. ඒත් එක්ක තමන් කරන වැඩේ මොකක් හරි, ඒ වෙලාවෙදි සද්දයක් එනව නම්, ඒ සද්දෙ අහගෙන ඒක කරන්න. ඒ සද්දෙට සවන්දීල ඒ වැඩේ කරන්න. එහෙම නැත්තං යම්කිසි දෙයක් ස්පර්ශ කරනකොට, ඒ ස්පර්ශ කරන එක, නැත්තං ඒ අල්ලන එක තමන්ට අතට දැනෙන විදිහක් ඇති, තද ගතියක් හරි බුරුලක් හරි කමක් නැහැ. ඕක ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. නමුත් ඒ තද ගතිය හරි බුරුල් ගතිය හරි, ඒක දැනගෙන ඒක කරන්න. ඒ වැඩේ කරන්න. අන්න ඒ ආකාරයට අර තමන් කරන වැඩවලටත් පුළුවන් තරම් සිහිය අරගෙන යන්න බලන්න. එතකොට මේ අපි ආවරණය කරන්නේ අර සම්මා කම්මන්ත කියන ආන් ඒ කාරණාවල් ටිකයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පුරුදු කරන්නෙ.
ඊළඟට කල්පනා වෙනව නම්, කල්පනාවකට හිත යනව නම්, ඇත්තටම කල්පනා කරන්න උවමනාවක් තියෙනව නම්, වෙන වැඩ කරන ගමන් කල්පනා කරන එක, මං හිතනවා එච්චර සුදුසු නැහැ කියලා. නමුත් අපි පුරුදු වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට පහුගිය කාලෙකට කලින් මට පුරුද්දක් තිබ්බා මොනවා කල්පනා නොවුනත් දානෙ වළඳන්න පටන් ගත්තහම මොනවා හරි හිතෙන්න පටන් ගන්නවා. ලෝකෙ නැති දේවල්. කාලයක් යනකොට තමයි තේරුනේ මේක පුරුද්දක් වෙලා තියෙනව කියල. අන්න ඊට පස්සෙ තමයි අර එක වෙලාවකට එක වැඩක් කරනව වගේ, දානෙ වළඳනකොට වළඳනව විතරයි, ඇනුවෙ නැහැ. ඊළඟට වළඳන්නෙ මොනවද කියල plan කලේ නැහැ. අන්න ඒ විදියට ටික කාලයක් අරගෙන දානෙ වළඳන්න ගත්තා.
ඔය ඇත්තන්ට කරන යෝජනාව තමයි, කෑම කනකොට, මං දන්නව ගොඩක් busy වෙන්න පුළුවන්. කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ වුනාට මේ කරන්නෙ ඔය ඇත්තන්ගෙ සංසාරය වෙනුවෙන්. ඒක හින්ද මං හිතනවා කාලයක් මේකට යොමු කරන්න පුළුවන් වෙයි කියලා. රූපවාහිනිය බල බලා කෑම කනව නම් කරුණාකරල ඒක නතර කරන්න. දුරකතනය ඔබ ඔබා, කාට හරි කතා කර කර කෑම කනව නම් කරුණාකරල ඒව නතර කරන්න. ඒව අයින් කරල තමන් කන කෑම එක දැනගෙන කන්ට. කන්නෙ මොනවද කියල දැනගෙන කන්ට. එහෙම නැත්තං ගල් කැටයක් හැපෙනකොට තමයි අපි දන්නෙ, එහෙම නැත්තං දිව හැපෙනකොට තමයි අපි දන්නේ, ඕන් ඉතින් මොකක් හරි වුනා කියල.
ධම්මජීව ස්වාමීන් වහන්සේ උන් වහන්සෙගෙ අර දේශනාවලත් කියනවා, ආරණ්‍යවල අපිට උගන්නන ක්‍රමේ එක බත් ඇටෙත් හොඳට කුඩු කරල කන්න කියල. අපිට ඕන තරම් කාලෙ ගන්න කියල තියෙනවා දානෙ වළඳනකොට. ඉතින් ආන් ඒ ආකාරයට තමන් එක්ක ජීවත් වෙන්න බලන්න. තමන්ගෙ තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න බලන්න. තමන් කරන වැඩෙත් එක්ක ජීවත් වෙන්න බලන්න.
ඊළඟ එක තමයි හිතනකොට අර ඒ කල්පනා කරන එක, කල්පනා කරන්න ඇත්තටම උවමනා නම් ඒ කරන වැඩේ පොඩ්ඩක් නතර කරල කල්පනා කරන්න බලන්න. ඒක ඇත්තටම කල්පනා කරල, හිතා මතා හොඳින්ම කල්පනා කරල ඒ කල්පනාව, කල්පනා කරන්න ඕන කාරණය අපි හිතමුකො සැලසුම් කරන්න තියෙන දෙයක් නම් ඒක හොඳට සැලසුම් කරල ඉවරයක් වෙලා ඒ වැඩේ කරන්න පටන් ගන්න.
මම හිතනවා මේ විදියට හිත පුරුදු කරන්න වුනොත් කාලයක් යනකොට අපිම ඉගෙන ගනීවී කල්පනා කරන්න ඕන දේට කල්පනා කරන්නත්, ඒ කල්පනාව නතර කරල නිදහසේ කටයුතු කර ගන්න ඕන වෙලාවට කටයුතු කරන්නත්. දැනට අපිට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නෙනෙ මේ කල්පනාව හසුරුවා ගන්නෙ කොහොමද කියන එක. ඉතින් ඔය දේවල් එක්ක අපි පුරුදු කරන්නෙ අර 'සම්මා සංකප්ප' කියන කාරණාව තමයි. මේ පුරුදු වෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
එතකොට ඕකෙන් ඇත්තටම අපි කරගෙන තියෙන්නෙ, කරගන්න පටන් අරගෙන තියෙන්නෙ, තියෙන අකුසල් ටික කුසලයෙන් වහන්ට යනවා. 'සම්මා වායාම'ම තමයි. ඉතින් ඔය කියන ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පුරුදු කරන්නේ, සිහිය පුරුදු කිරීම මත. අනිත් කාරණා මං විස්තර කලේ නැති වුනත්.
කොහොම නමුත් ඔය විදියට දෛනිකව කටයුතු කරන කෙනාට බුදු හාමුදුරුවො ආරාධනා කරනවා නිස්කලංක තැනකට එන්න කියලා. නිස්කලංක වටපිටාවකට. උදාහරණයන් හැටියට කියනව නම් අපි හිතමුකො රූපවාහිනියක් දාලා තව කැසට් එකකුත් දාලා කට්ටියක් සෙල්ලනුත් කරන තැනක භාවනාවට වාඩි වෙනවාට වඩා මම හිතනවා ගොඩක් හොඳයි තමන්ට නිහඬ නිස්කලංක තැනක, තමන් මේ වේලාවේ භාවනාවට ආධුනික කෙනෙක් හැටියටම හිතලා, භාවනාවට අළුතෙන්ම යන කෙනෙක් හැටියට හිතලා, වාඩි වෙන්න පුළුවන්, ටික වෙලාවක් නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන් ලේසිම විදියකට පොඩ්ඩක් වාඩි වෙන්න.
ඒ වාඩි වෙන්නත් කලින් පුළුවන්කමක් තියෙනව නම් කැමැත්තක් තියෙනව නම් ගොඩක්ම හොඳයි ඇත්තටම මම යෝජනා කරන්නෙ, පොඩ්ඩක් සක්මන් කරලා පර්යංකයට නැත්තම් වාඩි වෙන්න එන්න පුළුවන් නම් බොහොම හොඳයි. මං 'පර්යංකය' කියන වචනෙ පාවිච්චි කරන්නම් ආයෙ වාඩි වෙනව කියන්නෙ නැතුව.
සක්මන කෙරෙනකොටත් ඒක සිද්ධ වෙන්නෙ හරි සරල විදියකට. මහා දෙයක් නැහැ. අඩි කීපයක් අරගෙන චුට්ටක් ඉස්සරහට සහ ආපස්සට ඇවිදගෙන යන්න. ඒ ඇවිදගෙන යනකොට තමන්ට හොඳටම තේරේවි තමන්ගෙ ඇඟේ මොනව හරි ඈදගෙන ඉන්න රෙදි ගෑවෙනව නම් ඒව තේරේවි. සද්ද බද්ද ඇහෙනව නම් ඒ දේවල් තේරේවි. අඩිය තියෙන එක සමහර වෙලාවට තේරෙන්න පුළුවන්.
ඒ කොහොම නමුත් කමක් නැහැ භාවනා කරන්න පටන් ගන්නකොට හොඳම දේ තමයි තමන්ගෙ අදහස්, ආකල්ප, උවමනාවන්, බලාපොරොත්තු, එහෙම නැත්තං ආකල්ප හැටියට ගත්තහම අපිට කියන්න පුළුවන් සුභවාදී ආකල්ප සහ අසුභවාදී ආකල්ප කියල. ඒ කියන්නෙ භාවනාව කියන්නෙ මෙහෙමයි, මෙහෙම විය යුතුමයි, අන්න ඒ වගේ තියෙන හැම එකක්ම අයින් කරල දාන්න.
විශේෂයෙන්ම කට්ටිය අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි, නාසිකාග්රයේම හුස්ම තියා ගන්න බැහැ, හුස්ම හැම වෙලාවෙම බලන්නම බැහැ, භාවනාවට වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්නම බැහැ. ඇත්තටම එහෙම මොකක්වත්ම එකක් මෙතන නැහැ. මේක අර ආමි එකේ වගේ ඉරියව්ව පුරුදු කරන ප්‍රශ්නයක් හෝ එහෙම වැඩපිළිවෙලක් හෝ එහෙම ව්‍යායාමයක් නෙවෙයි. මේක ඊට වඩා සිහිය දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. ඒ තියෙන අදහස්, උදහස්, ආකල්ප ටික ඔක්කෝම පැත්තකින් තිබ්බට පස්සේ නිදහසේ ඇවිදින්න පුළුවන්කමක් හම්බ වේවි. හිතේ බරක් නැතුව.
එහෙම ඇවිදිනකොට තේරුන දේවල් ගැන භාවනාව ඉවරයක් වෙලා, පර්යංකයත් ඉවරයක් කරලා පොතක් අරගෙන කරුණාකරල ලියන්න.
"සක්මන් කරද්දි අඩිය තියන එක තේරුනා. අඩි දෙක තුනක් තියනකං තේරුනා. සමහරක් විට හතරක් පහක් යනකං තේරුනා. ඊට පස්සෙ හිත දුවන්න පටන් ගත්තා." මීළඟට ලියවෙන්න පුළුවන්, "අපරාදෙ මං මටම බැණ ගත්තා. ආයෙ මං පුළුවන් තරම් ගන්න බැලුවා සක්මනටම හිත, නමුත් එනවා, යනවා ඔහොම එකක් තමයි තිබ්බෙ. ඔහොම ඉතින් පැන පැන තිබුනා."
අන්න එහෙම වුනත් කමක් නැහැ. ඒක ඇත්තටම හොඳ කමටහන් වාර්තාවක්. අවංකව කියනව නම් මං ඔය කියපු විදිහෙ එකක්මයි. කොහොම වුනත් භාවනාවට වාඩිවෙනකොට හෝ සක්මනට යනකොට හිතක් තියාගන්න ඕන, මේකට මට ඕන තරම් කාලය තියෙනවා කියලා. තමන් කාර්යබහුල, කොහොමද කියන්නෙ, කාලසටහනකට වැඩ කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුනාට කමක් නැහැ. තත්පරවලින් ගමුකො. පැයවලින් ගත්තහමනෙ මේකෙ ලොකු අවුල තියෙන්නෙ දවස්වලින් ගත්තහමනෙ. තත්පර කියන්නකො. මට තත්පර ඕන ගාණක් තියෙනව කියල හිතන්න.
මේ හිත රවට්ටගන්නව නෙවෙයි. මම කියන්නෙ භාවනාවට යනකොට අපි relax වෙන්න ඕනෙ කියල. පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕන. පුළුවන් තරම් සහනශීලී හැටියට හිතන්න පතන්න පටන් ගන්න ඕන. පුළුවන් තරම් නිදහස් වෙන්ට, නික්මෙන්ට පුළුවන් වෙන විදියට කල්පනා කරන්න, අදහස් ඇති කර ගන්ට පුළුවන්කමක් තියෙන්ට ඕන. එහෙම නැති වුනොත් එහෙම අර තියෙන අසුභවාදී හෝ ඒ වගේ ආකල්පයන්, උවමනාවන්, බලාපොරොත්තු එහෙම නැත්තම් තමන්ගේ අරමුණු, ඉලක්ක, ආන් ඒවගේ දේවල් තමයි භාවනාවට ගොඩාක් කරදර කරන්නෙ.
ඊට පස්සෙ භාවනාවට වාඩි වුනාම, පළවෙනියෙන්ම සමහර විට ශරීරයට හිත එන්නත් පුළුවන්. බාගදා ඔය හතර වටේ තියෙන සද්ද බද්දවලට හිත එහෙ මෙහෙ යන්නත් පුළුවන්. තමන්ගේ ශරීරයේ වේදනාවල් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිතුවිලිවලට හිත යන්නත් පුළුවන්. මොකක් වුනත් කමක් නැහැ, මගේ යෝජනාව වෙන්නේ මේකයි. ඒ හැම එකක් දිහාම මෛත්‍රීමය සිතින් බලන්න. ඒ හැම එකක්ම මෛත්‍රීමය සිතින්, ඒ කියන්නෙ ප්‍රතික්ෂේපයක් ඇති කර ගන්නෙ නැති සිතින්, කුළුණු සිතින්, කැමතිභාවයෙන් ඒ හැම එකක්ම අනුමත කරන්න.
ඒ හැම එකක්ම දැක ගන්න බලන්න. සද්දයක් ඇහෙනව නම් "ආ....ඒක හොඳයි" කියන තැනට හිත ගන්න. එහෙම නැතුව අපිට හිතන්න පුළුවන් "හෝ....මේක අදත් පටන් ගත්ත" කියල. ඒ දැනෙන මොනව හරි දෙයක් තියෙනව නම්, දාඩිය දාල තියෙනව නම්, ඒ දේවල්වලට එහෙම තියෙන්න දෙන්න. හිත දුවනව නම් දුවන්න දෙන්න. ප්‍රශ්නයක් නැහැ. මගේ යෝජනාව තමයි හැකි පමණක් ඔය විදියට තමන්ට දැනෙන, එහෙම නැත්නම් ගැටෙන දේවල් එක්ක නොගැටී ඉන්න හිත හදා ගන්න බලමු අපි පළවෙනියෙන්ම.
මේකෙන් අපි දියුණු කරන්නෙ අර "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන ආන් ඒ කාරණාවයි. සිහියට ප්‍රධාන තැනක් දෙන්ට ඉගෙන ගැනීමයි මේ කරන්නේ. අපේ උවමනාවට නෙවෙයි මතු වෙන දේට ප්‍රධාන තැන දෙන්න.
ඇත්තටම වැදගත්ම වෙන වෙලාව මේ වෙලාව. මේ වර්තමාන මොහොත.
ඊළඟ ප්‍රශ්නයත් ඕකටම ගොඩක්ම කිට්ටුයි. මොකද්ද වැදගත්ම වැඩේ. හා....ඒකට උත්තරේ හම්බ වෙනවා, 'දැන් කරන වැඩේ.'
තුන්වෙනි ප්‍රශ්නෙ ටිකක් සූක්ෂමයි. ඉංග්‍රීසියෙන් කියනව tricky කියල. කවුද වැදගත්ම කෙනා? අපි හිතන විදියට වැගත්ම කෙනා අපි. තමන්. හැබැයි බුද්ධ ශාසනේ හැටියට තමන් කියල කියන්නෙ, මමත්වය කියල කියන්නෙ ඇත්තටම ධර්මයට පටහැනි කෙනෙක්. එතකොට වැදගත්ම කෙනා වෙන්නෙ අපිත් එක්ක ඉන්න කෙනායි. අපිත් එක්ක තියෙන දෙයයි. සිහියෙන් උගන්වන්නෙ පින්වතුනි, අපිට ප්‍රධාන තැන දෙන්ට නෙවෙයි. අපිත් එක්ක තියෙන දේට ප්‍රධාන තැන දෙන්ට. අපිත් එක්ක කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට ප්‍රධාන තැන දෙන්ට.
හැබැයි මේකෙන් කියවෙන්නෙ නෑ අනිත් අය හැමෝටම අපේ ඔළුවට අත හෝදන්න කියල. ඒ වුනාට මේකෙන් කියවෙන්නෙ වෙන මොකක්වත්ම නෙවෙයි, අපි ඉගෙන ගනීවි, බාහිර ලෝකයා අපිව තේරුම් ගන්නවට වඩා අපි ඒ ඇත්තන්ව තේරුම් ගන්ට.
හුස්ම අපි ගාවට එනකං බලන් ඉන්න අපි පුරුදු වේවි. වේදනාව අපිට රිද්දවන්ට තිබුනට, ඊට කලින් අපි හිතුවට මේක මහ කරදරයක් කියල ඊට වඩා මේ වේදනාවේ ස්වභාවය ඇති වෙනවා, හෙමීට පටන් ගන්නවා, ඊට වඩා චුට්ටක් වැඩි වෙනවා, නැති වෙලා අඩු වෙලා යනවා කියන එක දකින්න පටන් ගනීවි, අපි ඒ දේට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගත්තා නම්. එතකොට මතු වෙන සද්දයට වුනත් ඔය කියන බවක් තියෙන්න පුළුවන්. අපිට තියෙන සිහියට වුනත් ඔය ලක්ෂණය තියෙනවාමයි.
නාසිකාග්‍රය වෙන්න පුළුවන්. හුස්ම දැනෙන්න පුළුවන්. ඒ දැනෙන එක ටික වෙලාවක් දැනිල නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය අපි තේරුම් ගන්න යන්නේ මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි කල්පනා නොකලා වුනත්. හිතුවේ නැතුවා වුනාට. ඉතින් සතිපට්ඨානය තුළ උගන්නන්නේ අර අතීතයට සහ අනාගතයට දුවන හිත, අකුසලයට නිතර නිතර බර වෙන හිත, වර්තමාන මොහොතේ තියෙන දේත් එක්ක ඉන්න උගන්වන පාඩමයි. වර්තමාන මොහොතේදී තියෙන්නෙ මොකද්ද, ඒ තියෙන දේ දැන ගන්න පාඩමයි. වර්තමාන මොහොතේදී කරන්නෙ මොකද්ද, ඒ කරන දේ සතුටින් බාර ගන්න පාඩමයි.
මේකට අර මෛත්‍රිය කියන දේ ලං කරගෙන තියෙන එක ලාභයක්. හැම දේකටම මෛත්‍රිය මුසු සංඥාවකින් ආරාධනා කරන එක හොඳයි. හැම දෙයක්ම මෛත්‍රිය මුසු වෙච්ච අදහසකින් බාර ගන්න එක, ඒ හැම දේකටම මෛත්‍රිය මුසු වෙච්ච විදිහේ සිතුවිල්ලක් එක්ක වැඩකටයුතු කරන එක හොඳයි. කතාබහ කරද්දි මෛත්‍රිය මුසු වෙච්ච විදියට කතාබහ කරන එක හොඳයි. වැඩකටයුතු කරනකොට මෛත්‍රිය මුසු වෙන විදියට වැඩ කටයුතු කරන එක හොඳයි. හිතන පතනකොට මෛත්‍රිය මුසු වෙන විදියට හිතන පතන එක හොඳයි. ඒ හැම එකක්ම අපිව යොමු කරාවි, සිහිය ඇති කර ගැනීම කියන කාරණයට.
එතකොට මෙතන කියන්නෙ නෑ පින්වතුනි, නිරන්තරයෙන්ම හුස්ම තුල ඉන්ට කියල කතාවක් මේකෙදි කියන්නෙ නෑ. හිත දුවනවානං කමක් නෑ. හිත දුවන්ට අවසර දෙන්ට. හිත කියන්නෙ හරියට ඇත්තටම ඔය අපි හරියට හසුරුවා ගත්තෙ නැති හිතක්නෙ මේක. සාංසාරිකව ඉතින් දුවාපු හිත්නෙ මෙව්ව. ඔය ඇත්තන්ගේ අතීතය දිහා පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් අපි කවදාකවත් හිත එක තැනක තියාගෙන ඉන්න උත්සාහ කරපු අය නෙවෙයිනෙ.
ලස්සන ලස්සන රූප දැක්කනං එව්ව ඉතින් බලන්ට යනව. ලස්සන ලස්සන ඇඳුම් දැක්කනං එව්ව ඉතින් ගන්ට යනව. ලස්සන ලස්සන අය දැක්කනං ඒගොල්ලන්ව හම්බ වෙන්න යනව. ලස්සන ලස්සන කෑම දැක්කනං ඒව කන්ට යනව. අවලස්සන දෙයක් තියෙනවනං එව්ව විසික් කරන්න යනව. කැත දෙයක් තියෙනව නම් ඒක අයින් කරන්න යනව. එක්කො ඒක විනාස කරන්න හිතනව. අන්න එහෙම පුරුදු කරපු හිතක්නෙ මේක.
ඉතින් ආනාපාන සතියට හෝ ශරීරයට එන්න කල්පනා කලා වුනාට ඒක ලස්සන නැහැ මූලිකව. එතකොට හිත ඉතින් එහෙ මෙහ දුවනව. කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඒ සිද්ධ වෙන දේවල්වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න.
ඒ සිද්ධ වෙන දේවල්වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒවට "හා" කියන්න. ඒවට කැමැත්තක් ඇති කරගන්න. අන්න එතකොට හිත ඔය බාහිරට දුවන එක මූලිකව අපිට කරදරයක් වුනාට, පස්සෙදී අපි ඒ දේ අනුමත කරන්න ගනීවි. සද්ද ඇහෙන එක මූලිකව අපිට කරදරයක් වුනාට, පස්සෙ අපි ඒව අනුමත කරන්න ගනීවි. සද්ද ඇහෙන්න පුළුවන්. කන තියෙනවනෙ. කමක් නෑ. අචාන් චා හාමුදුරුවො කියන්නේ,
"සද්දවලට අපි කරදර නොකරන තාක් කල් සද්ද අපිට කරදර කරන්නෙ නෑ."
අන්න ඒකයි උන් වහන්සේගේ උපදේශය. අපි ඒ සද්දෙ ඇත්තටම කරදරයක් කරල ගන්නෙ නැතිතාක් කල් අපිට ඒ සද්දෙන් කිසිම කිසි කරදරයක් නෑ. ඔහේ ඇහෙන දෙයක් විතරයි. සද්දෙට කිසිම කිසි හැඟීමක් දැනීමක් නෑ. අපි තමයි මේකට හැඟීම දාන්නෙ. හේතුව සිහිය නැතිවීම.
ඉතින් ඔය කියන ආකාරයට පොඩ්ඩක් නැවත නැවත තමන්ගෙ හිත දුවනවා නං, හිත දුවන එකට දුවන්න දෙන්න. ඒකට සාදර වෙන්න. ස්වාමීන් වහන්සේගෙ වචනයෙන් කියනවා නං ඒ දේට "සාදර වෙන්ට." ඒ දේට කැමති වෙන්ට. ඒක අනුමත කරන්ට. එහෙම කරල මොහොතක් නිවී හැනහිල්ලෙ වාඩි වෙලා ඉන්ට. අන්න එතකොට සමහරක් වෙලාවට තේරෙයි ඔය ඇත්තන්ගෙ අවධානය, ඔය ඇත්තන්ගෙ සිහිය, තමන්ගේ ශරීරයට, කොහේ හරි තැනකට පතිත වෙන්න පටන් ගනීවි.
එක්කො ශරීරයෙ බාහිරට. ඒ කියන්නෙ වාඩි වෙලා ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි. සක්මන් කරනව නං සක්මන් කරගෙන ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි. අඩිය බිම තියනව නං අඩිය බිම තියන එක තේරෙන්න පටන් ගනීවි. සමහරක් වෙලාවට ආනාපාන සතියටත් හිත යන්න පුළුවන්.
ඒ ගියා කියල හිතේ හදාගන්න එපා පින්වතුනි "හා....මේන් මං මේක මං අල්ලා ගත්තා දැන් මං මේකෙ ගොඩාක් වෙලා ඉන්නවා" කියල එහෙම සිතුවිල්ලක් හදාගන්න එපා. ඒක දැනෙන්න පුළුවනි. ඒකත් විමර්ශනාත්මක ඇහින් බලාගෙන ඉන්න.
සිහිය කියල කියන්නෙ ඇත්තටම 'අපක්ෂපාතී නිරීක්ෂකයෙක්'. හොඳට මතක තියාගන්න,
'අපක්ෂපාතී නිරීක්ෂකයෙක්'.
මේ ගමන තුල හදිසිතාවයක් නම් ඇති කර ගන්න එපා. හදිස්සියක් හදා ගන්න එපා. ඉක්මන් කරන්න ඕනෙ. ඉක්මනට යන්න ඕනෙ. එහෙමනං හිතන්න යන්න එපා. කොහොමත් හදිස්සි වුනාම අර කොරොස් කටෙත් අත දා ගන්න බෑ කියලයි සිංහලයො උගන්නන්නෙ. භාවනාව ගැන කියනවනං ඔය ඇත්තන්ට හදිස්සිනං පුළුවාන් තරම් හිමීට යන්න.
හදිස්සි නං පුළුවන් තරම් හිමීට යන්න.
ඉතින් ඔය කියන හැටියට අර බාහිර දේවල්වලට හිත එහෙ මෙහෙ දුවන්ට අවසර දුන්නහම, වේදනාවල්වලට දැනෙන්න අවසර දුන්නහම, අපි ඉගෙන ගනීවි ඒ දේවල් එක්ක සාමයෙන් ජීවත් වෙන්න. එහෙම සාමයෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තහම අපි ජීවත් වෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි, අපේ ශරීරය එක්කයි. මේ ශරීරයට දැනෙන කියන දේවල් එක්කයි.
ඔන්න ඔය ඇති කරගන්න මූලික අභ්‍යාස ටික මේ ඊළඟ දවස් හත තුළ, මේ සතිය ඇතුළත, කරුණාකරල නැවත නැවත පුරුදු කරන්න බලන්න ඔය ඇත්තො හැමෝම දවසකට විනාඩි පහක්වත් අඩුම තරමෙ. නමුත් මම හිතනව, දවසකට විනාඩි පහක් අපි හැමෝටම වියදම් කරන්න බැරි නැහැ කියල. අවසානෙදි නින්දට මොහොතකට කලින් හෝ ටිකක් මේක පුරුදු කරන්න බලන්න.
එහෙම පුරුදු කරලා තමන්ට දැනිච්ච දේ මොකද්ද, තේරිච්ච දේ මොකද්ද කියල කරුණාකරල පොතක් අරගෙන ලියන්න. ඒ වෙලාවෙම ලියන්න. ඕව නැත්තං අමතක වෙනවා. අන්න ඊට පස්සෙ අපි කතාබහ කරමු, සාකච්ඡාවට ලක්කර ගනිමු. සාමාන්‍ය ජීවිතේදි අර කියන විදියට සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගන්න ගමන්, භාවනාවට අර වගේ යොමු වුනාම, අපිටම තේරෙන සම්මා දිට්ඨිය ඇති වෙන බව මේ ලෝකේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන විත්තිය අපිටම තේරෙන බව අපි ඉදිරියෙදි කල්පනා කරන්න උත්සාහ කරමු.
ඉතින් අදට මේ සතිපට්ඨානය ගැන කරන පළවෙනි අවවාදය හැටියට මං මේ කාරණා ටික ඔය ඇත්තන්ගෙ මතකයෙ තැම්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කියාපු දේවල් ඔය ඇත්තන්ගෙ ජීවිතේ මේ සංසාර ගමන නැති කරගන්ට උපකාරයක්ම වේවා කියල, බලාපොරොත්තුවක් ඇති කර ගනිමු.
සාදූ ! සාදූ ! සාදූ !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 2
සතිපට්ඨාන භාවනාවේ මුල්ම අදියර
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි.
"ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ පසංසේතී
හිත්වා ජය පරාජයං තීතී"
(සංයුක්ත නිකාය - දේවතා සංයුක්තය)
ඉතින් පුරුදු පරිදි අදත් අපි සතිපට්ඨානය කියන මාතෘකාවට අදාල වෙන විදිහේ, නැත්නම් ඒ කියන මාතෘකාව ඔස්සේ යමින්, භාවනාව පුරුදු කරන අතර, සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන අතර, ඒව ගැන විමර්ශනය කරන, කතාබහට ලක් කරන, දැන කියාගන්න වෙලාවයි මේ. පහුගිය සතියේදී සතිපට්ඨානය ගැන කතා කරන එක මුල ඉඳලම කරමු කියන යෝජනාවත් එක්ක, දැනුම් තේරුම් තියන හැටියට ඒ කටයුත්ත පටන් ගත්තා. ඉතින් අද ඒකෙම ඊළඟ දිගුව හැටියටයි මේ අවවාදය ඔය ඇත්තන්ට කියන්න කල්පනා කලේ.
පහුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්, ඒ සතියෙදි අපි කතා කරන්න උත්සාහ කලේ භාවනාව කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ, එහෙම නැත්තම් සිහිය සහ සතිපට්ඨානය කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ, ඒ වගේම අපේ ජීවිතයට ගලපා ගන්න ලැබුනෝතින් මහා ප්‍රයෝජන අත්කරගන්නට පුළුවන් වෙන දෙයක් හැටියටයි. ඉතින් මූලිකවම මේ භාවනාව තුල, සතිපට්ඨානය වැඩීම තුල, හිතේ තැන්පත් වීම කියන සමථයත්, කරුණු කාරණා විමර්ශනය කරන්න තේරුම් ගන්න පුළුවන් බව, හැකියාව කියල කියන විපස්සනාවත් කියන දෙකම එකට සම සේ වැඩෙමින් යන විත්තිය ඔය ඇත්තන්ට කියල දුන්න බව මතක ඇති බාගදා.
ඉතින් ඔය කියන භාවනාවට වාඩි වෙන්නට හෝ සක්මනට යන්නට පෙරාතුව මගේ යෝජනාවක් තිබුනා, සාමාන්‍ය ජීවිතේ කරන කටයුතුවලට පවා සිහිය අරගෙන යන්නට උත්සාහ කරන්න කියලා. කතාබහ කරනකොට සිහියෙන් කතාබහ කරන්න, වැඩ කටයුතු කරනකොට සිහියෙන් වැඩ කටයුතු කරන්න, හිතන පතන කොට දැනගෙනම හිතන්න පතන්න පුරුදු වෙන්න, කියන ඒ යෝජනාවල් ටික ගිය පාර ඉදිරිපත් කලා. ඉතින් ඔය කියන සාකච්ඡාවෙදි ඒක පටිගත කෙරෙන හින්දා, ඒක අන්තර්ජාලයටත් මුසු වෙන හින්දා, ඒක අහගෙන අහගෙන යනකොටත් එතකොට තමයි මගෙත් කමටහන සුද්ධ වෙන්න ගත්තේ.
හැබෑවටම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ප්‍රධානතම හේතුවකුත් ඒකයි. මගේ කමටහන මට සුද්ධ කරගන්න පුළුවන් වෙන හින්දා. ඒ වෙන මොකක්වත් හින්ද නෙවෙයි, අර ප්රත්යවේක්ෂාව නැත්නම් ආපසු බැලීම කියන කාරණේ නිසයි. ඒක හන්දයි ඔය ඇත්තන්ට එච්චරටම මම අර තල්ලු කරනව වගේ කරන්නේ, භාවනාව සිදු කරල ඒ කියන කමටහන හොඳට මතකයේ තියා ගන්න ඒක සටහනක් තියාගන්න කියලා.
ඉතින් අර මගේ කමටහන ගැන කිවුවොත් එහෙම, ගිය සතියෙදී මම කතාබහ කරපු කාරණා යහපත් වෙන්න පුළුවන්. ඒ යහපත් කාරණාව එළියට ගන්න, ඒක විදහා දක්වන්න, විකාශනය කරන්න භාවිතා කරපු වචන සමහරක් විට පාවිච්චි කරල තියනවා නුසුදුසු ආකාරයේ වචන. ඊට වඩා ඒක ගරු ගාම්භීරත්වයකින් කියන්න ඕන අවස්ථාවල් එහෙම ගරු ගාම්භීරත්වයකින් කියන්න බැරි වෙන තැනට මගේ හිත මාව අරන් ගිහිල්ල තියනවා . ඇත්තටම මම පිළිගන්නව එතනදි මම සතිය ගැන කතා කලා වුනාට, ඒ මොහොතේදී නම් මම සතියෙන් නෙවෙයි කතා කරල තියෙන්නෙ කියල. ඉතින් අන්න ඒ වගේ කාරණා අපිට භාවනාව තුලදී බොහොමයක්ම ලැබෙන බොහොමයක්ම හම්බ වෙන අවස්ථා. නැත්නම් සිහිය දියුණු කිරීම තුලදී, සිහිය දියුණු කිරීම තුලින් ප්‍රකට වෙන දැනෙන්න තේරෙන්න පේන්න පටන් ගන්න කාරණා හැටියට කැමතියි.
ඉතින් ඒ කියන අවස්ථාවෙම ඊළඟ දිගුව හැටියටයි අද දවසේදී මේ කියන කාරණේ ගැන කතා කරන්න යන්නේ. ගියපාර මං ඔය ඇත්තන්ට මතක් කලා, කතාබහ කරද්දි මොකක් හරි වචනයක වැරැද්දක් සිදු වුනොතින් අපිට තේරුනොත් එහෙම ඒ කතාබහ කරපු එක නුසුදුසු ආකාරයේ දෙයක් කියල, ඒ තේරිච්ච ගමන්ම ඒකෙන් නිදහස් වෙන්න, ඒකෙන් අයින් වෙන්න කටයුතු කරන්න කියල, මොකද ඊළඟ අවස්ථාවෙදිත් වටපිටාව සකස් වුනහම අපේ හිතේ සකස් වෙලා නැති නම් මේකට, නිවැරදි විදිහේ 'සම්මා වාචා' කියන ආකාරයට යහපත් වූ වචනයක් එතනට අපි පිහිටුවල නැතිනම්, හදල දීල නැතිනම්, අර පරණ පුරුද්දට යන්න යාවි.
ඉතින් ඒ ආකාරයෙන් ගත්තහම, අර භාවනාව තුල අපි හැමදාමත් කතාවෙන අර මෛත්‍රිය කියන දේ සිහියටත් ගොඩාක් වෙලාවට උපකාරයක් තියන විත්තිය ගිය පාර කතා කලා. ඉතින් ඒත් එක්කම ඕක අර වැඩ කටයුතු කරනකොටත් තමන්ගේ දැනුවත්භාවයෙන්ම වැඩකටයුතු කරන එක, ඊළඟට ඒ කරන කියන කටයුතු දැනුවත් භාවය කියන එක තව දුරටත් විස්තර කලා අපිට ඒක කරන්න පුළුවන් වෙන අවස්ථා ආකාර කොහොමද කියල. ඉතින් ඒ කාරණා ගැනයි ගිය පාර කතා කලේ.
අද ඊළඟ කොටසකට වගේ යන්න උත්සාහ කලොත් එහෙම, ඔය කියන විදියට වර්තමාන මොහොතට නැතිනම් සිහියට ප්‍රධාන අවධානයක් දෙන්නට උත්සාහවත් වෙනවා නම්, ඇත්තම කියනව නම් පින්වතුනි අපිට භාවනාව නිසි ආකාරයෙන් කරගෙන යන්නට පුදුමාකාර සැහැල්ලුවක්, පුදුමාකාර රුකුලක් හම්බ වෙනව. හැබැයි අපි ඔය කියන විදියට ප්‍රධානත්වය අපේ සිහියට නැත්නම් අවධානයට වර්තමාන මොහොතට දෙන්නෙ නැතුව භාවනාවට වාඩි වෙන්න වුනොත් එහෙම, අපේ ජීවිතේ සාමාන්‍යයෙන් තියන ඒ අදහස් අපේ ජීවිතේ සාමාන්‍යයෙන් පුරුදු කරල තියෙන ඒ ආකල්පයන් එක්කයි ඒ ආකල්පයන් තියන කෙනාමයි භාවනාවට වාඩි වෙන්නෙ හෝ සක්මනට යන්නෙ. අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය ජීවිතේදි අපිට තියන ආකල්ප මොනවද කියල.
ප්රධානයෙන්ම පොඩි කාලෙ ඉඳලම කතා කලොත් එහෙම, අපි හැමදාම යම්කිසි දෙයක් කරන්නෙ යම්කිසි දෙයක් ලබා ගන්නයි. විභාගයක් ලියන්නෙ ඒකෙන් සමත් වෙන්නටයි. සමහර විට සමත් වීමම ප්‍රමාණවත් නැහැ ඉහළින්ම සමත් වෙන්නටයි. ඉතින් ඔය කියන විදිහේ ඉහළින්ම සමත් වීමක් අපි හිතමුකෝ අපේ හිතේ තිබ්බ කියල. එහෙම වුනොත් එහෙම අර විභාගයක් ලියන්නට කලියෙන් බොහොම මෛත්‍රීසහගතව කාරුණිකව හිටපු කෙනෙක්, ඒ කියන කටයුත්තට ඒ කියන විභාගය ලියන අදහසට නැත්නම් ඔය කියන විභාගය ඉහළින්ම සමත් වෙන්න ඕනමයි කියන අදහසට ආවට පස්සේ, ඒ කෙනාගේ තිබිච්ච අර මෛත්‍රීමය ගතිගුණ, අර නිහතමානී ගති ලක්ෂණ ටික එයාගෙන් ඈත් වෙන්නට පටන් ගන්න පුළුවන්, හේතුව තමන්ගෙ හිතේ තියන අර අදහසයි.
ඉතින් ඒ දෘෂ්ටිය, ඒ දැක්ම, නිදහස් වෙනකම් එයාට ඇත්තටම පුළුවන්කමක් නැහැ සැනසිල්ලක් ලබන්න අර හඹා යෑම තියන හින්දා. හැබැයි ඒ හඹා යෑම කියන අදහසින් ඒ හඹා යෑම තියන කෙනෙක්ම ඒ අදහස් තියගෙනම භාවනාවට වාඩි වුනොත් පින්වතුනී, වර්තමාන මොහොතට අපි අවස්ථාව දෙන්නෙ නැති නම්, අනිවාර්යයෙන්ම ඒ කෙනා වර්තමාන මොහොතට සවන් දෙන්නෙ නැති වේවි. වර්තමාන මොහොත කියන දේ අනුමත කරන්නෙ නැති වේවි. වර්තමාන මොහොත මේ තමයි කියල විශ්වාස කරන්නෙ නැති වේවි. එහෙම නැති නම් වෙනත් විදියකට කිවුවොත් තමන් තරහෙන් ඉන්නව නම් තරහෙන් ඉන්න විත්තිය අනුමත කරන්නෙ නැති වේවි. සැකෙන් ඉන්නව නම් සැකෙන් ඉන්න විත්තිය අනුමත කරන්නෙ නැති වේවි. ආසාවට බැඳිල, රාගයට බර වෙලා ඉන්නව නම් ඒ ඉන්න විත්තිය අනුමත කරන්නෙ නැති වේවි. කල්පනාවට බර වෙලා කල්පනාවට නැඹුරු වෙච්ච හිතකින් ඉන්නව නම්, ඒ බව විශ්වාස කරන්නෙ හෝ අනුමත කරන්නෙ නැති වේවි.
ඉතින් මෙවන් වූ වාතාවරණයක් ඇති කෙනෙක් භාවනාවකට වාඩි වුනොත් එහෙම, ඒ කෙනාට ඇත්තටම උවමනා වෙන්නෙ තමන්ට උවමනා කරන දේ කරන්නටයි. බාගදා එයාගෙ අභිප්‍රාය, අදහස ආනාපාන සතිය බලන්න නම්, ඒක බලන්නටයි උවමනාව තියෙන්නෙ. ඉතින් ඒක පේන්නෙ නැති වෙන්න පුළුවන්. අන්න එතන ප්‍රශ්නයක් හදා ගන්නව. ඒක ඊට පස්සෙ අමනාපයකට බර වෙන්නත් පුළුවන්. මොකද ජීවිතේ වැඩි වෙලාවක් පුරුදු කරල තියෙන්නෙ අමනාප මේ ස්වභාවය නම් භාවනාවත් එච්චරටම සතුටුදායක, සාමකාමී වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතය තුලදී අර ජයග්‍රහණය කරනවාම කියන අදහසින් අපිට ඉවත් වෙන්න පුළුවන් නම්, සාමාන්‍ය ජීවිතය තුලදී පවා ඒ ජයග්‍රහණයම ලබනවා කියන අදහසින් බැහැර වෙන්න පුළුවන් නම්, අන්න පින්වතුනි අපිට අවස්ථාවක් හම්බ වෙනවා ඒක නැති මේ ප්රශ්නය විසඳගන්නට පුළුවන් ලේසි පාර. මේ ප්රශ්නය විසඳගන්න පුළුවන් ලේසි පාර හැටියට බුදුරජාණන් වහන්සේ කියන ගාථාවකුයි අද ඔය මං මාතෘකාවට ගත්තේ.
"ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ පසංසේතී
හිත්වා ජය පරාජයං තීතී"
ජයග්‍රහණයක් ලබනවා කියල කියන්නේ, තරඟයකට මුහුණ දෙනවා කියල කියන්නේ, ඒ ජයග්‍රහණය ලබන කෙනා පරාජය වෙන අයව හඳුනනවා අනිවාර්යයෙන්ම. ඒකෙ තේරුම වෛරක්කාරයන්ව නිෂ්පාදනය කර ගන්නවා, ඇති කර ගන්නවා, වැඩි කර ගන්නවා. තරඟයකට මුහුණ දීල පරාජය වෙනවා කියල කියන්නේ ඒක මහා දුකකට හේතුවක් වෙනවා.
බුදුරජාණන් වහන්සේලා වැනි වූ උපශාන්තයන් වහන්සේලා, දුකෙන් නිදහස් වූ උත්තමයාණන් වහන්සේලා අපිට කියල දෙන ක්‍රමයක් තියනවා.
"හිත්වා ජය පරාජයං."
ජයක් නැති, පරාජයක් නැති තැනකට හිත හදා ගන්න පුළුවන් නම් හොඳයි කියල. ඕක අපිට ඉඟි කරන්නෙ ඇත්තම කියනව නම්, හිතා මතා කැමැත්තෙන්ම පරාජය බාර ගන්නවා කියන තැනටයි. හිතා මතා කැමැත්තෙන්ම තරඟයෙන් අයින් වෙනවා කියන අවස්ථාවටයි.
එහෙම නැතිනම් භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම හිතා මතා කැමැත්තෙන්ම තමන්ට උවමනාම දේ, තමන් රුචි කරනම දේ, කරන්න හිතන්නෙ නැතුව, කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැතුව, තියන දේ අනුමත කරන්න, පේන දේ දකින්න, ස්පර්ශ වෙන දේ දැන ගන්න ඉගෙන ගන්නවා කියන එකයි.
එතකොට මේ අපි කිට්ටු වෙන්නේ අපි ගාව තියන අර සක්කාය දිට්ඨිය, නැත්නම් මමත්වය, එහෙමත් නැත්නම් ආත්ම සංඥාව කියන මේ කාරණේටයි මේ තට්ටු කරන්නේ පොඩ්ඩ පොඩ්ඩ චුට්ට චුට්ට.
මමත්වය වැඩි කෙනා මේ ලෝකය තුල මහා විශාල ප්‍රශ්න සමුදායක් ඇති කරනවා වගේම, මමත්වය අඩු වෙන්න අඩු වෙන්න මමත්වය අඩු කෙනා, මේ ලෝකෙ බොහොම සාමකාමී වටපිටාවක් තියන ලස්සන සුන්දර සොඳුරු තැනක් බවට පරිවර්තනය කරනව. ඒක අපේ සමාජයට කරනවා වෙන්න පුළුවන් අපේ පවුලට කරනවා වෙන්න පුළුවන්. තවත් අභ්‍යන්තරයට ගියොත් තමන්ට සිදු කරගන්නවා වෙන්නත් පුළුවන්.
ඉතින් පින්වතුනි, භාවනාවෙදී දැන් ඔය ඇත්තෝ කමටහන් වාර්ථාවල් ඉදිරිපත් කරන අය හැටියට, මං මේ කාරණාව අද කියන්න කියල කල්පනා කරා. ඒ වාර්ථාවත් එක්ක අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්, අර මමත්වය කියන එකෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහක් මුලදි හදාගත්තට, ඒ කියන්නෙ වර්තමාන මොහොතට ජීවත් වෙන්න වර්තමාන මොහොත තුල ඉන්න හිත හදා ගත්ත වුනාට, කමටහන් වාර්ථාවෙන් පස්සෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක හරි ඊළඟට මොකද්ද කියල. මේක නම් හරි මේ කොටස නම් සම්පූර්ණ වුනා, ඊළඟට එහෙනම් මොකද්ද තියෙන්නෙ?
අන්න ඒ වගේ අර පරිලාහමය ස්වභාවයකට, ඒ කියන්නේ 'මේක මදි, තවත් දෙයක් මට ලැබෙන්න ඕන.' ඒ කියන්නෙ 'මේ ස්වභාවයට එහා ගිය තවත් දෙයක් තියනවා, මීට වඩා තවත් එකක් ලබාගන්න ඕන' අන්න ඒ වගේ කියන අර තණ්හාවකට බැඳිච්ච අදහසකට අපිව කෙමෙන් කෙමෙන් අරන් යැවෙන්න පුළුවන්
මොකද භාවනාව කියල කියන්නෙ, සිහිය දියුණු කිරීම කියල කියන්නෙ, ඇත්තටම හිතට කතා කරන්න පුළුවන් ලේසිම සහ ඉක්මන්ම මාර්ගයක් මෛත්‍රියෙන් යුක්තව කරනවා නම්. ඉතින් එහෙම වුනොත් එහෙම හිතට අපි මේ දෙන ආරෝපණයන්, දීර්ඝකාලීනවයි ඒවගෙ බලපෑම අපිට දැක ගන්න දැන ගන්න තේරුම් ගන්න වෙන්නෙ.
ඉතින් ඒත් එක්ක මම අද තව කාරණාවක් ඔය ඇත්තන්ගෙ හිත්වල තියන්න කැමතියි. පින්වතුන් භාවනාවෙදි මූලිකම අභිප්රායක් වෙන්නේ යම්කිසි දෙයක් ලබා ගැනීමට වඩා තියන දෙයක් අතහැරීමයි. අතහැරෙන හැටි ඉගෙන ගැනීමයි. තියන දෙයත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගැනීමයි. සරල විදියටම කියනව නම් ඉවසීම පුරුදු කිරීමයි.
ඔය කියන කාරණා තමයි බුදු පියාණන් වහන්සේ, උන් වහන්සේගේ අර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ තිබිච්ච අත්දැකීම් වලින් අපිට කියල දෙන්නේ, මේ භාවනාව තුලින් ලැබෙන්නේ මේවයි කියල. නමුත් අපි අර එක එක දේවල් ඉගෙන කියාගෙන ඉන්න ඇත්තො හැටියට, අපේ ජීවිතයෙ තියන අර පුරුදු කාරණාත් එක්ක මේ දේවල්වලට අත ගහන අය හැටියට, සමහර විටක අදහස් එන්න පුළුවන් භාවනාව තුලින් හෝ, 'යම්කිසි දෙයක් ලබා ගන්නට තමයි මේ සැරසෙන්නේ, යම් කිසි දෙයක් අත්කර ගන්නටයි මේ සැරසෙන්නේ' කියන ආන් ඒ අර්ථයෙන්.
ඇත්තටම කියනව නම් අපි ඉපදිලා තියෙන්නේ, සාරිපුත්තයන් වහන්සේගේ අර දේශනාවට අනුව අංගුත්තර නිකායේ අටේ තියන 'අං තියන හරක්' හැටියට.
මේ ඉගෙන ගන්නෙ ඒ අං කඩා ගන්නටයි.
එතකොට ඇත්තටම කියනවා නම් අපි මේ ඉගෙන ගන්නේ, අපි ගාව තියන හැදියාවන් ටික බැහැර කරල දාන්නටයි. අපිට තියන උවමනාවන් ටික බැහැර කරල දාන්නටයි. ඒ ඒ උවමනාවන් ටික, ඕනෑකම් ටික අයින් කරල දැම්මහම, ඇත්තටම කියනව නම් ඕනෑ එපාකම් ටික අයින් කරල දැම්මාට පස්සේ, ඒ ඇති වෙන මනස, ඒ ඇති වෙන හිත, මමත්වයක් නැති, මගේ කියල ගන්නට දෙයක් උවමනාවක් නැති, බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී සූදානම් වෙන විදිහේ හිතක් තියන, බැහැර කල යුතු දේ බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී හැකියාවක් පුළුවන්කමක් තියන, නිහතමානී හිතක් හදා ගනී.
ආන් ඒ තැනටයි පින්වතුනි, අපි මේ භාවනාව තුලින් යන්නට උත්සාහ කරන්නේ. ආන් එතනට යන්නට අපිට හැකිවෙන ක්‍රමය හැටියටයි ඔය කියන සාමාන්‍ය ජීවිතයේදී පවා අපි කරන කියන කටයුතු වලදී සිහිය පුරුදු කිරීම තුලින් අපිට ඒ මූලික අභ්‍යාසයන් ටික හම්බ වෙන්නෙ. සාමාන්‍ය ජීවිතයේදී අපි අනතිමානී වෙලා ඒ කියන්නෙ නිහතමානීත්වයක් නැතුව අපි මෛත්‍රියක් නැතුව කතාබහ කලා නම් මේක හරි සරල වැඩපිළිවෙලක් තමයි මම පිළිගන්නවා. බොහොම ප්‍රාථමිකයි කියල හිතෙන්නත් පුළුවන්, මං ඒත් පිළිගන්නවා.
ඒ වුනාට මගේ විශ්වාසය තමයි, අවුරුදු ගාණක ලංකාවේ සහ තායිලන්තයේ වගේම, බුරුමයේ ස්වාමීන් වහන්සේලාත් ආශ්‍රය කරල ඒ ලබාපු අත්දැකීම්වල හැටියට, මට තේරෙන හැටියට, අපි මේක මුල් තැනේ ඉඳලමයි චුට්ට චුට්ට හදාගෙන යන්න ඕන. එහෙම කරගෙන ගියා නම්, එහෙම කරගන්න පුළුවන්කමක් අපිට ලැබුනා නම්, ඊළඟට එන කාරණාවන්වලදී ඒව හසුරුවාගන්නෙ කොහොමද? කියන එක ගැන අපිට මහා ලොකු ප්‍රශ්නයක් මතු වෙන්නෙ නැහැ, මොකද අපේ මූලාරම්භය අත්තිවාරම හොඳට සකස් වෙලා තියන හින්ද.
ඉතින් මේ ආකාරයෙන් බලනකොට පින්වතුනි, මේ කියන සතිපට්ඨානය අර සම්මා දිට්ඨිය ඇති කර ගන්නට පාර පෙන්නනව වගේම, ඒ සම්මා දිට්ඨිය යහපත් වූ සංකල්පනා ඇති කර ගන්නටත්, ඒ යහපත් වූ සංකල්පනාවෙන් සිටින කෙනා යහපත් වූ වචන කතා කරන්නටත්, යහපත් වචන කතාබහ කරන කෙනා යහපත් වැඩකටයුතු කරන්නටත්, යහපත් වූ වැඩකටයුතු කරන කෙනා යහපත් විදියට වෑයම් කරන්නටත්, යහපත් විදිහේ ජීවිතයක් පවත්වන්නටත්, යහපත් වූ සිහියක් ඇති කරගන්නටත්, යහපත් වූ විදියට හිත තැන්පත් කරගන්නටත්, එහෙම නැත්නම් නිවැරදි ආකාරයට හිත තැන්පත් කරගන්නටත්, ඉගෙන ගන්නා වූ කෙනෙක් බවට පරිවර්තනය වේවි.
එවන් වූ මාර්ගයක ගමන් කරන කෙනාට සම්මා ඥාණ සහ සම්මා විමුක්ති කියන කාරණා දෙක සලසා ගන්නට පුළුවන් වෙන විත්තියයි බුදුරජාණන් වහන්සේ අපිට කියල දීල තියෙන්නෙ. ඉතින් ඔන්න ඔය කාරණා සිදු කරන එකයි අපි සතිපට්ඨානය තුලින් නැත්නම් ඔය කාරණාවන් ඇති කරගන්නට පාර හදාගන්න එකයි, සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් අපි කරගෙන යන්නෙ.
ඒකෙ තවත් පැත්තක් කියනවා නම් තමන්ගෙ සිතැඟියාවන් පසුපස හඹා යන්නෙ නැතුව, තමන්ගෙ සිතැඟියාවන් ඔස්සේ ජීවිතය මෙහෙයවන්නෙ නැතුව, කරන්න පුළුවන් දේ කරනවා, නමුත් ඒක තුලත් යම්කිසි විදියක සීමාවක් පනවාගෙන තමන්ට දරන්න පුළුවන් සීමාවක් සහ අනික් අයට කරදරයක් නොවෙන විදිහේ සීමාවක් හදාගෙන, මේ ජීවිතේ ගමන් කරන්නට උත්සාහවන්ත වෙනවා. අන්න ඒක පුරුදු කරන කෙනාට සතිපට්ඨානය වඩනවා කියල කියනවා නම්, අන්න ඒක ඇත්තටම කියනවා නම්, කොහෙටවත් බර වීමක් නැති, කොහෙටවත් එල්ඹීමක් නැති, අපක්ෂපාත වෙච්ච නිරීක්ෂකයෙක් බවට පරිවර්තනය වෙන්නට, පරිවර්තනය කරගන්නට, අපිට පුළුවන්කම ලැබේවි.
ඒක ඇත්තටම අපක්ෂපාත වගේම නිහඬ නිරීක්ෂණයකුත් වේවි. මේ පරීක්ෂණාගාරය තුල අපි අපිවම නිරීක්ෂණයට ලක් කරාවි. අපේ කතාවම, අපේ වැඩකටයුතුම, අපේ සිතුවිල්ලම, අපි නිරීක්ෂණයට ලක් කරාවි. අපේ විවේචකයා අපිම වේවි. අපේ පරීක්ෂකයා අපිම වේවි. අපිව හදන්න, අපිට දඬුවම් කරන්න උත්සාහ කරන කෙනා අපිම වේවි. ඒක අසාධාරණ විදිහට නැතුව, සාධාරණ වූ සාමකාමී විදියකට කරන්නට අපිම ඉගෙන ගනීවි.
ඉතින් ආන් ඒ කාරණාවයි සතිපට්ඨානය තුලින් අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් එවන් වූ ආකාරයකට හිත් සකසාගෙන, මධ්‍යස්ථභාවයකින් යුක්තව භාවනාවට යන්න පුළුවන්කමක් තියනව නම්, ආනාපානය දැනෙන එක හෝ නොදැනෙන එක, සද්ද ඇහෙන එක හෝ නොඇහෙන එක, ඇඟේ තියන වේදනාවල් ටික දැනෙන එක හෝ නොදැනෙන එක, ශරීරය දැනෙන එක හෝ නොදැනෙන එක, ආනාපානය දැනෙන එක හෝ නොදැනෙන එක කියන ඔක්කෝම ටික, එකක් බවට පරිවර්තනය වෙන්නට පටන් ගනීවි. මොකද්ද ඒ හැම එකක්ම අපිට සිහිය දියුණු කරගන්නට උපකාරයක් වෙනවා හැරෙන්නට, වෙන කිසීම කිසි රාජකාරියක්, වෙන කිසීම කිසි කර්තව්‍යයක්, ඒ දේවල්වලින් සිදු නොවෙන හින්ද.
අන්න එහෙම බවක් අපිට ඇති කරගන්න පුළුවන් වුනොත්, අපිට මේ ලෝකයේ තියන මේ හේතුඵල දහම කියන එක තේරුම් ගනීවි. හේතුවක් හින්දා ඒ දේවල් ඇති වෙනවා, හේතු නැති වුනාම නැති වෙනවා කියන අර්ථය අපි තේරුම් ගන්නට පටන් ගනීවි. එහෙම වුනොත් එහෙම, අපිට මේ ජීවිතේ නිදහසේ සැනසිල්ලේ ඉන්නට පුළුවන්කම සැලසේවි කියලා මං විශ්වාස කරනවා.
ඉතින් එවන් වූ සැනසීමක් ඇති කරගන්නට අදත් මේ කියල දුන්නා වූ අවවාදය, ඔය ඇත්තන්ගේ සිත් සතන්වල බොහෝ කාලයක් මතකයේ රැඳේවා කියල මම බලාපොරොත්තු වෙනවා.
සාදූ සාදූ සාදූ !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 3
ආනාපානසති භාවනාවට අවතීර්ණ වීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි !
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්ථුනො
නත්ථි ඒතා දිසං මිත්තං
යථා කායගතාසතීතී"
( ආනන්ද මහරහතන් වහන්සේ ථේරගාථා )
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අපි මීට සති කීපයකට කලින් ඉඳලා පටන් ගත්ත, ධර්ම සාකච්ඡාව කරන අවස්ථාවටයි මේ එළඹිලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි අපේ භාවනා ගමන දියුණු කර ගැනීම පිණිස තියන ගැටළු, එහෙම නැත්නම් අපේ ජීවිතේට මේ ධර්මය භාවිතා කරනකොට, පුරුදු කරනකොට, අන්න එතනදි අපිට තියන ගැටළු මොනවද? කියල සාකච්ඡා කරන්න යොදවගෙන තියන වෙලාව හැටියට දක්වන්න, මතක් කරන්න පුළුවන්.
ඉතින් පහුගිය සති දෙක තුලදී මූලාරම්භයක් වශයෙන්, සතිපට්ඨාන සූත්‍රය පාදක කරගත්ත විදියට කතා කරමු කියල යෝජනා වෙච්ච හන්දා ඒකට අදාලව කතා කලා. බාගදා ඔය ඇත්තන්ට මතක ඇති භාවනාව කියන දේ අපිට අර එක්තරා විදියක කාරණාවක් භාවනා මෙට්ටෙදි විතරක් මේ කියන සතිපට්ඨානය හෝ සිහිය දියුණු කිරීම හෝ විපස්සනාව කියන දේ දියුණු කරගන්න අපි හිතාගෙන හිටිය නමුත්, අපිට හැඟෙන, අපිට තේරෙන නමුත්, යෝජනාවක් හැටියට මං කලා සාමාන්‍ය ජීවිතේදී පවා ඔය සිහිය භාවිතා කරන එක, සිහියෙන් ඉන්න එක, එදිනෙදා ජීවිතේදී භාවිතා කරන, පාවිච්චි කරන, පුරුදු කරන මෙවලමක් තරමට පුරුදු වුනා නම් හොඳයි, එහෙම වුනා නම් ලේසියි කියල භාවනාවට යන්න.
ඉතින් ඔය අර්ථයෙන් පහුගිය ටිකේම, ඇත්තම කිවුවොත් එහෙම කතා කලේ සාමාන්‍ය ජීවිතයට මේ සිහිය අරගන්නෙ කොහොමද? සාමාන්‍ය ජීවිතයේදී සිහිය භාවිතා කරන්නේ කොහොමද? පාවිච්චි කරන්නෙ කොහොමද? පුරුදු කරන්නෙ කොහොමද? යනාදියයි. මේකෙ එතකොට මූලිකවම මං බලාපොරොත්තු වෙච්ච කාරණේ තමයි පින්වතුනි, අපි ඔය ධර්ම කාරණා සූත්රානුකූලව හෝ දේශනා ආශ්රයෙන් අහලා දැනගෙන තියන විත්තිය මං පිළිගන්නවා. එනමුදු අපේ හිත් තාමත් ඒ දේ ඒ විදියටම අනුමත කරන්නෙ, පිළිගන්නෙ නැතිවෙන්න පුළුවන්.
සිහිය කියන දේ නම් අපි මෙතනදි කතා කරන්නේ, සතිපට්ඨානය නම් අපි සාකච්ඡාවට ලක් කරන්නේ, එතකොට සතිපට්ඨානය කියන දේ, සිහිය පිහිටුවා ගැනීම කියන දේ, ඒ කියන කාරණාව, මගේ වැටහීමේ හැටියට අපි නිතර නිතර භාවිතයට ගන්න දෙයක් වුනොත් මේක අපිට කරගන්න ලේසියි. එහෙම නැතිනම් ඒකේ තියන මූලික අභ්‍යාසයන් භාවනාවේදී සිදු කරන්න සිද්ධ වීම, ටිකක් රළු පරළු සහගත වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්ද තමයි පහුගිය ටිකේම මං ඔය ඇත්තන්ට කිවුවේ අර කියන වචනවලදි, කරන වැඩකටයුතුවලදි, තමන්ගෙ සිහිය, තමන්ගෙ අවධානය භාවිතා කරන්න පුරුදු වෙන්න කියල. ඒක එක පැත්තකින් අපිට සිහියක් ගෙනැල්ල දෙනව වගේම තවත් පැත්තකින් අපේ ජීවිතේ අපි නොදැකපු පැත්තක්, නොහිතාපු පැත්තක් තේරුම් ගන්න අපිව යොමු කරන අවස්ථාවකුත් සැලසේවි කියල මං බලාපොරොත්තු වෙනවා.
ඉතින් කොහොම නමුත් ඔය කියන ආකාරයට, අපි සිහියෙන් ඉන්නට නැත්නම් අවධානයෙන්ම කතාබහ කරන්න, අවධානයකින්ම උවමනාකමකින්ම වැඩකටයුතු කරන්න හිත හදාගත්තහම, ඒ කියන පළපුරුද්දෙන් යුතු වුනහම, එතනදී අපි අවධානයට ලක් කරල තියෙන්නෙ මේ මොහොත තුල අපි කරන දේ හන්දා. ඒ මොහොත තුල අපි කියන වචනය හන්දා. ඒ කියන මොහොත තුල අපි හිතන සිතුවිල්ල හන්දා.
අපේ හිත එතකොට ටික කාලයක් යනකොට ඉගෙනගෙන තියේවී, ඉගෙන ගන්නට පුරුදු වේවී, වර්තමාන මොහොත තුල ජීවත් වෙන්නට. අතීතය සහ අනාගතය කියන ඒ කාරණා දෙකෙන් නිදහස් වෙලා, මේ අල්ලන්නට බැරි ගැට ගහගන්නට බැරි නමුත්, වර්තමාන මොහොත තුල ඉන්නට, යම්කිසි විදියකට ඉගෙන ගන්නට පටන් ගනීවි.
ඉතින් එවන් වූ ආකාරයක පෙර පුහුණුවීම් සකස් කරගන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන්, තමන්ගෙ අතින් යහපතක් වුනා නම්, නැත්නම් හරි දෙයක් සිද්ධ වුනා නම් හෝ වැරදි දෙයක් සිද්ධ වුනා නම්, ඒක ඒ වෙලාවෙදිම අපිට තේරෙන්න පුළුවන්. හැබැයි සිහිය තිබුබොත් විතරයි. අවධානය තිබුනොත් විතරයි.
බාගදා අපිට අපි අතින් වෙන වැරදි මතක් වෙනව නැතුවාම නෙමෙයි, ඒක වෙලා ඉවර වුනාට පස්සෙ හෝ ඉවරවෙලා කාලයක් ගියාට පස්සෙ. නමුත් සිහියෙන් කරන්නේ, අපේ ඒ තියන පරක්කු වීම වගේ කියන කාරණේ, නැත්නම් ඒ දේ මතක් වෙන්නට තියන (අර කියනව delay එක කියල ඕකට) ඒ ප්‍රමාදය, අන්න ඒ දේ නැති කරල දාන්නට අපිට උගන්වන හැටියටයි. ඒ උගන්වන කාරණයක් වශයෙනුයි. ඉතින් මේ අතරින් බලනකොට සරල හැටියට කිවුවොත්, ආයෙත් පොඩ්ඩක් මතක් කලොත් එහෙම, අපේ අතරින් කතාබහේදි හෝ වචනයක් වැරදි විදියට වුනොත් මම යෝජනාවක් හැටියට කලා ඔය ඇත්තන්ට, ඒ වචනය වැරදි විදියට කියවුනා කියල තේරුනා නම් කාට හෝ වේවා ප්‍රශ්නයක් නැහැ, නිහතමානීත්වය කියන දේ පෙරදැරි කරගෙන ආයෙත් ඒ වචනයම කියන්න. හැබැයි අර කියාපු අමනාප ස්වභාවයෙන් නෙමෙයි යහපත් වූ ස්වභාවයෙන්, මෛත්‍රිය පෙරදැරි වෙන විදිහට.
ඉතින් ඔය කියාපු ඒ විදිහම භාවිතා කරන්න කියල ආරාධනා කලා, තමන් කරන වැඩකටත් ඒ විදියටම දෙයක් සිද්ධ වුනෝතින්. ඉතින් මේ අවස්ථාව ගැන මේ කාරණාව ගැන පාලියෙන් පොඩි වචනයකුත් කිවුවා 'කුසලේන පිථීයතී' කියල. අකුසලයක් වුනා නැතුවාම නෙවෙයි, ඒ වුනාට ඒක කුසලයකින් වහල දාන්න, කුසලයක ආරෝපණයක් බවට පරිවර්තනය කර ගන්න, අවස්ථාවක් අපිට සලසා ගන්නට හැකියාවක් හම්බ වෙනවා සිහිය දියුණු වෙනවා නම්, සිහිය දියුණු කරනවා නම්.
ඉතින් ඒ කියන කාරණාවලින් යුක්ත වෙච්ච කෙනා භාවනාවට වාඩි වුනා නම්, අන්න ඒ කෙනාට පුළුවන්කමක් හම්බ වෙනවා මේ මොහොත තුල තියන දේ ඇත්තටම මොකද්ද කියන එක තේරුම් ගන්නට. හිත දුවනවා නම් ඒ හිත දුවන එක සාමාන්‍යයන් තමයි ඒ හිත දුවනව. ඒක මගේ කැමැත්තටද සිද්ධ වෙන්නෙ? අකමැත්තටද සිද්ධ වෙන්නෙ? කියන එක නෙවෙයි ඒක තමයි සාමාන්‍ය හිතේ ස්වභාවය.
එහෙමත් නැතිනම් ශරීරය තේරෙනවා නම්, ඒ ශරීරය තේරෙනකොට, මේ ශරීරයෙ වේදනාවක් තියන විත්තිය, මේකෙ ඇතුලෙ වේදනාවල් තියන විත්තිය, තේරෙන්න පුළුවන්. ඉතින් අර භාවනාවේ මුල ඉඳලම ඉගැන්වෙන සතිපට්ඨානයෙ මුල ඉඳලම කියල දෙන මමත්වයෙන් නිදහස් වීම, නැත්නම් මමත්වයෙන් නිදහස් වීම, ආත්ම සංඥාවෙන් බැහැර වීම කියන කාරණේට තට්ටු කරන්න පටන් ගන්නෙ ඔන්න ඔය තැනේ ඉඳලමයි. ඒ කොහොමද?
අපිට උවමනා වෙන්නෙ වේදනාවල් නැති, හරීම සැපදායක, සහනශීලී, බොහෝම නිහඬ, නිස්කලංක, කිසීම කරදරයක් නැති, හුස්මත් හොඳට තේරෙන, සමහරක් වෙලාවට ඇඟේ බරක් තේරෙන්නෙ නැති, පාවෙනවා වගේ ස්වභාවයකම තියන, මහ අමුතු ගුඨ ස්වභාවයක් වගේ කියල. හැබැයි සතිපට්ඨානයට අනුකූලව කතා කලොත් එහෙම අපිට පේන, දකින, දැනෙන, දැනගන්න, ඒ හැම එකක්ම මේ සතිපට්ඨාන සූත්‍රයට බුදුරජාණන් වහන්සේ දාල තියනවා. ඒ හැම එකක්ම හේතු වෙනවලු,
"ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය නිබ්බානස්ස සච්ච කිරියාය" කියල කියන මේ ඕනම පැත්තක.
ශෝකයන්ගෙන් නිදහස් වෙන්නට, එහෙම නැත්නම් දුක් දොම්නස්වලින් නිදහස් වෙන්නට, එහෙමත් නැතිනම් නිවන් දකින්නට කියන මේ හැම කාරණාවක්ම සිද්ධ කරගන්නට පුළුවන්, සිද්ධ වෙන, එක දෙයක් තියනවද? ඒ හැම එකක්ම සිද්ධ කරන්න පුළුවන් එකම මාර්ගයක් තියනවද? කියල ඇහුවොත් එහෙම, අන්න එතනයි බුදුහාමුදුරුවො කියල දෙන්නෙ,
"ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ සත්ථානං විසුද්ධියා"
මේ එකම මාර්ගයක් තියනවා, ඒ එකම මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානයේ යෙදීම කියල. ඉතින් ඔය කියන සතිපට්ඨානයේ යෙදෙන්න, අර කියන විදිහට සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට අවධානයක් දෙන විදියට උත්සාහ කරන කෙනා, ඇත්තටම දියුණු කරන්න පටන් ගන්නෙ ඔය කියන සතිපට්ඨානයම තමයි. අපිට ඉතින් මූලිකව බැරි වෙන්න පුළුවන් ඒක සතිපට්ඨාන සූත්‍රයෙ කොහෙටදෝ මේක දාගන්නෙ කියල හිතන්ට. ප්‍රශ්නයක් නැහැ.
තමන් ඉන්නෙ දෙගිඩියාවෙන් නම් එකක් තේරුම් ගන්න ඕන මම දැන් ඉන්නෙ දෙගිඩියාවෙන් සැකෙන් කියල. එච්චරයි. ඒක දැන ගන්න පමණින්ම, ඒක දැන ගත්ත ස්වභාවයෙන්ම, අපිට ඒ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් හැකියාවක් තියනව, නමුත් අපි කැමති නැහැ ඒක ඒ විදිහට සිද්ධ වෙනවට ගොඩක් වෙලාවට. මොකද භාවනාවට වාඩි වුනහම සිතුවිලි තියනව නම් ඒකට මනාප නෑ. ඇඟේ වේදනාව තියනව නම් ඒකට මනාප නෑ. සමහර විට හොඳ හුස්ම තියනව නම් ඒකට මනාපත් නෑ. සමහරක් විට නින්ද යනව නම් ඒකට මනාපත් නෑ. සමහරක් විට නින්ද යන්නෙ නැත්නම් ඒකට මනාපත් නෑ.
මේ තමයි අපේ මේ හැම දේකටම පිටිපස්සෙන් ඉඳලා අපිව අර තල්ලු කරන අර අපේ පිටිපස්සෙ ඉන්න දෙවනි පුරුෂයා. තණ්හාව කියන දේ.
"තංහාය දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං..."
කියලයි පාලියේ තියෙන්නෙ.
ඉතින් අපිව මේ දුකට ඇදල දාන තණ්හාව තේරුම් අරගෙන, ඒකෙන් නිදහස් වෙන මාර්ගයයි, ඔය කියන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරල තියන ආකාරයට පුරුදු කරන්න වුනහම අපි අපේ ජීවිත ක්‍රියාත්මක වේගෙන යන්නෙ. ඉතින් කොහොම හරි කමක් නෑ ඔය කියන ආකාරයෙන් අපි මේ කියන සතිපට්ඨානය පුරුදු කරගෙන යනකොට, ඒ පුරුදු කරගෙන යෑමට ඊළඟට එන බාධකයන් හැටියට මම දකින්නෙ ගොඩක් වෙලාවට අපි ගාව තියන අදහස් ඇත්තම කියනව නම්.
සමහරක් වෙලාවට අපි ගාව තියන අදහස් වලින් අපි ඇත්තටම දන්නවා වෙන්න පුළුවන්, මට සිහිය මෙහෙම දියුණු වීමක් තියනවා කියල. ඒ වුනාට කවුරු හරි කෙනෙක් මේක ගැන සමීක්ෂණයක් කරල නැතිනම් හෝ පරීක්ෂණයක් කරල නැතිනම් හෝ කියල නැති නම් හෝ අර තමන් දකින දේ හෝ දැන ගන්න දේ විශ්වාස කරන්න මැලි වෙන ස්වභාවයක් තියනවා. ඒක විශ්වාස නොකර. ඒ දේ කොහොම වුනත් වෙන කෙනෙක්ගෙනුත් අර ඕකට ඉංග්‍රීසියෙන් කියනව verify කර ගන්නව කියන වචනෙ මං හිතන්නෙ, අන්න එහෙම එකක් අවශ්යභාවයක් වගේ අපේ තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනව නම් හේනෙපොල නායක හාමුදුරුවන්ගෙ පොතෙත් තිබ්බ මෙන්න මෙහෙම වචනයක්.
"අපේ ජීවිත තුල ඇත්තටම අපි දුක් විඳින්නෙ අපි හදාගත්ත අපේම පවුරුවල හිර වෙලා. අපි ඒ පවුරු අයින් කරන්න කැමති නැහැ. හේතුව එහෙම අයින් කෙරුවොත් එහෙම අපි හිතන්නේ, අපිට තේරෙන්නේ, අපිට තිබිච්ච දේවල් ටික නැති වුනා කියල. නමුත් අපි දුක් වෙන්නේ ඔය කියන පවුරු අතර හිර වෙලා ඉන්න හින්දමයි."
ඉතින් කොහොම නමුත් අර අපි ගාව තියන අදහස් ගොඩක්ම කියනව නම්, අපේ ඒ අත්දැකීම්වලට පාදක වෙච්ච අදහස්වලට වඩා වෙනත් අයගෙන් හෝ වෙනත් දේශනාවලින් හෝ වෙනත් පොතපතින් ගත්ත අදහස් වීමයි තියන ලොකුම ප්රශ්නය. එහෙම වුනාම අපි අර දෙගිඩියාව කියන කාරණේටයි වැටෙන්නෙ ඇත්තටම කිවුවොත් ස්ථිරත්වයකට වඩා. අන්න එහෙම දෙගිඩියාවකට පත් වුනහම තමයි මේ ගමන යන්න හරිම අමාරුවක් වෙන්නෙ. ඒ දෙගිඩියාව කියල කියන ඕකට 'විචිකිච්චාව' කියල කියනවා.
ඔය සැකය මේ ධර්ම මාර්ගය වහල දාන්න පුළුවන් වෙන තරමේ මහා ලොකු බාධකයක්. ඉතින් අපි කැමතියි ඒ වුනාට කොහොම නමුත් මේ ධර්ම මාර්ගය තුල කවුරු හරි කෙනෙක්ව මේ ධර්ම මාර්ගයේදී කිට්ටු කර ගන්නට, ලං කර ගන්නට, ආශ්‍රය කර ගන්නට. එක්තරා තැනකදි ආනන්ද හාමුදුරුවො බුදු හාමුදුරුවන්ටත් කියනවා,
"බුදුරජාණන් වහන්ස, මේ ධර්ම මාර්ගයේ භාගයක්ම තියෙන්නේ කළ්‍යාණ මිත්‍රයා මතනෙ."
එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, "හා...හා මාහේවං ආනන්ද මාහේවං" "ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. මේ ධර්ම මාර්ගයෙ සම්පූර්ණම ගමන යන්නෙ කළ්‍යාණ මිත්‍රයා මතයි" කියල.
ඉතින් ඔය කියන කාරණාව ඉන් එහාට විස්තර වුනේ නෑ, හරියකට මට හම්බ වුනෙත් නැහැ පෙලේදි. පස්සෙදි ඉතින් ගොඩක් හොයන්න කරන්න වුනා ඒ ගැන. අවසානයේදී ආනන්ද මහ රහතන් වහන්සේ, ඔය ඇත්තොත් දන්නව ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස කිහිපයකට පස්සේ රහතන් වහන්සේ නමක් බවට උන් වහන්සේගේ හිත පත් කර ගත්තා. අන්න ඊළඟට කියාපු ඒ ගාථාවල, ථේර ගාථාවල එක ගාථාවක් තමයි මං අද මාතෘකාව කර ගත්තෙ. ඒ ගාථාව මෙහෙමයි,
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්ථුනො
නත්ථි ඒතා දිසං මිත්තං
යථා කායගතාසතීතී"
"අබ්භතීත සහායස්ස" මට සහයට හිටපු යාළුවො දෙන්න නැති වුනා. "අතීතගත සත්ථුනො" ශාස්තෘවරයාණන් වහන්සේ අතීතයට ගියා. "නත්ථි ඒතා දිසං මිත්තං" මොන පැත්තකවත් මට යාළුවෙක් නැහැ. "යථා කායගතාසතීතී" හැබැයි මේ කියන කායානුපස්සනාව හැරෙන්න.
අන්න ඒකයි පින්වතුනි, මේ කියන සතිපට්ඨානය මේ තරමටම අපිට වැදගත් වෙන්නෙ. මොකද මේ ශරීරය අපෙන් අයින් වෙලා යන්නෙ ඇත්තටම අපි මේ ශරීරයෙන් අයින් වෙන වෙලාවට තමයි. අතක් කකුලක් කැඩෙන්න පුළුවන්, ඒව වෙනයි. ඇඟිල්ලක් කපන්නත් පුළුවන්, ඒකත් වෙනයි. නමුත් සම්පූර්ණයන්ම මේ ශරීරයෙන් අපිව බැහැර වෙන්නේ අපි මියැදෙන වෙලාවටයි. මේකෙන් අයින් වෙන වෙලාවටයි. එතකං මේ ශරීරය තමයි අපිත් එක්ක මේ ගමන යන්නෙ. අපි කොහාටද යන්නෙ, මේකත් ඒ තැනේ තියනව. ශරීරය තියන හින්දම තමයි අපි යන්නෙ. එතකොට අපි ඉගෙන ගත්තොත් එහෙම මේ ශරීරයත් එක්ක මේ ගමන යන්න මිතුරෙක් හැටියට සලකලා, මේ ගමන යන්න අපිට ලේසියි.
අන්න ඒකයි පහුගිය දවස් ටිකේම මං ඔය ඇත්තන්ට කියන්න උත්සාහ කලේ, ඔය එන වේදනාවල් ටික බෙහොම මිත්‍රශීලී ලීලාවෙන් බාර ගන්න. ඔය දැනෙන දැනීම් ටික, සුඛ හෝ වේවා, දුක්ඛ හෝ වේවා, අදුක්ඛම සුඛ හෝ වේවා, එහෙම නැත්නම් සැප ගහගත වේදනාවක් හරි වින්දනයක් හරි හරි වේවා, දුක් සහගත වේදනාවක් වින්දනයක් හෝ වේවා සැපත් නැති දුකත් නැති හරියට නිකං ආනාපානය වගේ ඉන්ද්‍රීය වේදනාවක් හෝ වේවා, ඒ හැම එකක්ම සම සිතින් දකින්න ඉගෙන ගන්න ඕන කියල. ඒ හැම එකක්ම අර මෛත්‍රිය මුසු වෙච්ච, මෛත්‍රිය පෙරදැරි වෙච්ච අදහසකින්, ඒ විදිහේ බැල්මකින් අනුමත කරන්න.
ඊළඟට මේ ශරීරය පාදක කර ගත්ත මේ ජීවිතය තුල අපිට තේරෙන්න පටන් ගනීවි, සිතුවිලි තියනවා, එව්ව එහෙ මෙහෙ දුවනවා, එහෙට දුවනවා, ආයෙ එනවා, ඒ සිත පැත්තට ගියොත් එහෙම අන්න ඒ පැත්ත ගැනත් කිව්වෙ කොහොමද? ඒ හැම එකකටම 'සාදර වෙන්න' අර ස්වාමීන් වහන්සේගේ වචනයෙන් කියනව නම් ඒ දේට සාදර වෙන්න, ඒ දේට මනාප වෙන්න. මනාප වුනාට පස්සෙ, සාදර වුනාට පස්සෙ අපිට පුළුවන්කමක් හම්බ වෙනවා ඒ දුවන හිත දුවනකම්ම මධ්‍යස්ථව ඉන්න. මේ හිතේ ස්වභාවය දුවනව තමයි කියල දැනගෙනම, දැක දැකම, මධ්‍යස්ථ වෙන්න.
එතකොට අපි අපේ අර මිතුරාව දැන් ටික ටික ප්‍රකට කරගන්න අවස්ථාවටයි මේ කිට්ටු වෙන්නෙ. ඒ කියන්නෙ මොකද්ද? මේ ශරීරයට කිට්ටු වෙන්න යනව, අපි මේ ශරීරය දැන ගන්න යනව, මේ ශරීරය දැන ගන්න වුනාම, ඒක තේරෙන්න වුනාම, ඒක තුල තියන දේවල් තේරෙන්න පටන් ගන්නව. ඒක තුල තියන දේවල් මීට කලින් අපිට තේරුනා නැතුව නෙවෙයි. ඒ වුනාට මීට කලින් ඒ දේවල් තේරෙනකොට අපි එව්වට අමනාප වුනා. අපි ඒවට අකමැති වුනා. ඒවා ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, අයින් කරල දාන්න, පුළුවන් තරම් උත්සාහ කලා වගේම, තවත් පැත්තකින් අපිට මනාප දෙයක් ඇස ගැටුනොත් හරි, ආශ්‍රයට ආවොත් එහෙම, ඒ දේ අපේ කරගන්න අපි උත්සාහ කරන්න පටන් ගත්තා.
දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුවයි අපිට කියල දෙන්නේ
"නෑ පුතේ ඒව ඔක්කෝම ටික තියෙන්නේ ඔයගොල්ලන්ට සිහිය ඇති කර ගන්න."
බලන්න ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඔය කියල දෙන හැම භාවනා ක්‍රමයකම අවසානයේදී තියනවා,
"පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය"
ඔන්න ඔහොම කියල
"නච කිඤ්චි ලෝකේ උපාදියති." මේ එකක්වත් උපාදාන කරගන්න තියන ඒව නෙවෙයි.
අපිට මේ ශරීරය දැනෙනව නම්, වේදනාව දැනෙනව නම්, ආනාපානය දැනෙනව නම්, ඊට පස්සේ සිතුවිලි එහෙ මෙහෙ දුවනව නම්, ඒ හැම එකක්ම මේ සිහිය ඇති කරගන්න තැනට ගන්නටයි බුදු හාමුදුරුවන්ගෙ යෝජනාව තියෙන්නෙ. නමුත් අද වෙනකොට අපි, නැත්නම් මේ තාක් අපි අපේ ජීවිත තුල, සමහරක් වෙලාවට පුරුදු කරල තියෙන්න පුළුවන්, සමහර සමහර කාරණා උපේක්ෂාවට එන්න. ඔය වගේ එහෙම කියන කාරණාවකට එන්නත් දැන හෝ නොදැන. නමුත් සමහර ගොඩක් කාරණා වගේ උපේක්ෂාවකට එනවාට වඩා ඒ වගේම දුක ඇති කර ගන්නට, ශෝකයත් වැඩි කර ගන්න තරමට පුරුදු කලා වෙන්න පුළුවන්.
ඉතින් සතිපට්ඨානයෙන් පින්වතුනි උගන්වන්නේ, අපි ඒ දුක් ඇති කරගන්න, දුක් ඇති වෙච්ච ස්වභාවයන් මොනවද කියල තේරුම් අරගෙන, ඒ දුක් ඇති වෙච්ච ස්වභාවයන් දුක් ඇති නොකරගන්නා ස්වභාවයන් බවට පරිවර්තනය කර ගන්න. මෙන්න මේ හැකියාව හදා ගන්න එකයි සතිපට්ඨානය පුරුදු කිරීම තුලින්, සිහිය පුරුදු කිරීම තුලින් අපිට ලඟා කර ගන්න පුළුවන්කම හම්බ වෙන්නෙ.
ඇත්තටම කියනව නම් අපි ගාව තිබිච්ච අර මමත්වයෙ අදහස් හින්දයි, මේ විදියට අපිව මේ කාරණාවල් දුකට ඇදල දැම්මේ මොකද? ඒවා අපිට ඕනෑ හැටියට පාලනය කරන්න, වෙනස් කරන්න, හසුරුවන්න ගිය හන්දයි. නමුත් දේශනාවෙදි කියල තියන හැටියට අපේ තියන ඒ අදහස් ටික, අර කරන්න 'ඕනකමට' යන්න දෙන්න පුළුවන් නම්, කරන්න ඕනභාවයට අයින් වෙන්න දෙන්න පුළුවන් නම්, ඒ දෙයින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියනව නම්, ඒ දේ බැහැර කරන්න පුළුවන්කමක් තියනව.
අපේ තියන උවමනාවල් ටික, ඒ අත්යවශ්යකම් ටික, නැත්නම් මනාපයන් ටික, මගේ කියන කම් ටික, ඔක්කෝම අයින් කරන්න පුළුවන්කමක් තියනව නම්, අන්න අපිව පත් වේවි, බුදු හාමුරුවො දේශනා කරන, ඒ සතිපට්ඨානය පුරුදු කරන සිහියෙන් සහ සම්පජන්යයෙන් යුක්ත වෙච්ච, සම්පජන්‍යය තේරුම් ගන්න තේරෙන්න පටන් ගන්න පුද්ගලයෙක් හැටියට.
ඉතින් ඇත්තටම කියනව නම්, එහෙම වුනා නම්, එහෙම සැප සහගත වේදනාවක් අපේ ශරීරයට දැනුනත්, නෑ... පළවෙනියෙන්ම දුක්ඛයෙන් පටන් ගමු. දුක් සහගත වේදනාවක් අපිට දැනෙන්න පටන් ගත්තොත්, අපි ඊට පස්සේ ඒ කාලෙකදි අපි කියාවි,
"ඔව්, දුකක් තියනව තමයි. අහවල් තැන තමයි තියෙන්නෙ. නමුත් කමක් නැහැ."
නමුත් දැන් වෙනකොට කියන්න හෝ එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඊට වඩා අපිව පෙරලල දාන දෙයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්, හෝ එහෙමත් නැත්නම් තවත් පැත්තකට ගියොත් එහෙම, සැප සහගත වේදනාවක් ආවොත්, අපි ඒකට ඇලෙන්න වුනා නම්, සිහිය පුරුදු කිරීමත් එක්ක අපි තේරුම් ගනීවි,
"නෑ ඒකට ඇලෙන්න දේකුත් නෑ. මං දන්නව ඒක තියන විත්තිය. ඔහෙ තිබිච්චාවයි."
ඒ වගේමයි උපේක්ෂාවකටත්. ඉතින් ඔය ආකාරයටමයි අර සිතුවිලි ගලන ස්වභාවයත්, මේ ලෝකෙ තියන දේවල් ටික අපිට දැනෙන්න තේරෙන්න පටන් ගන්න ස්වභාවයෙදිත් ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ඒව ගැන පස්සෙදි කතා කරන්න හොඳයි කියල මම කල්පනා කරනවා.
අදට කල්පනා කර ගන්න ඕන පින්වතුනි, පළවෙනියෙන්ම අපි අපේ මේ මිත්‍රයාව මිතුරාව තේරුම් ගත යුතුයි. කවුද අපේ මිතුරා ආනන්ද හමුදුරුවෝ උන් වහන්සේ කියන හැටියට, අපේ මිතුරා තමයි මේ ශරීරය. අපිට මේ ලැබිල තියන ශරීරය. එහෙම නම් මේ ශරීරය තුල තියන මේ දේවල් එක්ක අපි... යෝජනාව තමයි මගේ පුද්ගලිකව, මේ දේවල්වලට මිත්රශීලීභාවයෙන් ඒ දේවල් හසුරුවා ගන්න, එහෙම නැත්නම් ඒ දේවල් දැකබලා ගන්න අපි පුරුදු වුනා නම්, අපි ඉගෙන ගත්තා නම්, මම හිතනවා ඔය කියන කළ්‍යාණ මිත්‍රයා අපිට ප්‍රකට කර ගන්නට පුළුවන්කමක් හම්බ වේවි, මේ ජීවිතය තුල කවදාවත්ම අපිව අතහැරල යන්නෙ නැති විදියට. එහෙම නැත්නම් ධර්ම මාර්ගයෙ සම්පූර්ණම ගමන අපිත් එක්ක ඉන්න කළ්‍යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය කර ගන්න පුළුවන්කමක් හම්බ වේවි.
ඉතින් ඒ දේ කරන්න මූලිකවම උවමනා වෙන්නෙ අර සාමාන්‍ය ලෝකයේදී, සාමාන්‍ය ජීවිතයේදී, අපි කරන කියන දේවල්වලට පවා සිහිය පුරුදු කරන එක යොදව ගන්න එකයි. සිහියෙන් යුක්තව කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන එකයි. එහෙම කරල පර්යංකයට හෝ සක්මනට එනකොට, අපි ඒ හැම දේකටම මිත්රශීලීභාවයත්, නැත්නම් මෛත්‍රිය මුසු වෙච්ච ඒ ස්වභාවයත් පුරුදු කරල තියනව නම්, මෛත්‍රිය මුසු සිහියක් පුරුදු කරල තියනව නම් සරල හැටියටම කිවුවොත්, අපේ මේ ශරීරය තුල තියන වේදනාවක් හෝ වේවා දැනීමක් හෝ වේවා ආනාපානය දැනීමක් හෝ වේවා නැති වීමක් හෝ වේවා ශරීරය දැනීමක් හෝ නැතිවීමක් නැත්නම් කම්මැලිකමක් ඇති වීමක් නැති වීමක් හරි මොකක් හරි කමක් නෑ ඒ හැම දේකටම අපේ හිත නැමේවි, බොහෝ මිත්‍රශීලී ලීලාවකින් මේ හැම දේකටම ඉන්න අවසරය දෙන්න.
අන්න එහෙම වුනහම තමයි පින්වතුනි, අපේ මේ මාතෘකාවෙ තියන අර 'අපක්ෂපාතී නිරීක්ෂකයා' කියන තැනට අපිව චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ. එහම වුනහම අපි එක දේකටවත් පක්ෂපාතීත්වයක් දක්වන්නෙ නැතුව, "මේ දේ නම් හොඳයි අරක නරකයි" කියල එහෙම සලකන්නෙ නැතුව, අපි හැම දේකටම උපේක්ෂා සහගත වෙච්ච නිරීක්ෂණයක් විතරක් යොදවන්නට පටන් ගනීවි. ඒ උපේක්ෂා සහගත නිරීක්ෂණය යොදවනවා නම් අන්න ඒ කෙනාට දැන ගන්න පුළුවන් වේවි, තේරුම් ගන්න පුළුවන් වේවි, මේ කාරණාවන්වල මොකද්ද තියන ඇත්ත ස්වභාවය කියලා. අපි හිතාගෙන හිටියට මේව හැමදාම පවතින කාරණා හැටියට, ඊට වඩා හරි වෙනසක් තියන විත්තිය අර සම්පජන්‍යය කියන කාරණාවන් ටික ඉස්මතු වුනහම දැන ගන්න තේරුම් ගන්න පුළුවන්කමක් හම්බ වේවි.
ඉතින් මම බලාපොරොත්තු වෙනව ඔය ඇත්තන්ටත් ඔය කියන විදියට, සතියට නැත්නම් සතිපට්ඨානයට, සිහියට, වර්තමාන මොහොතේ අවධානයට එන්න තියන මූලික වැට කඩොළු ටික, කටු කොහොල් ටික, අයින් කර ගන්න උත්සාහවන්ත වෙනකොට වෙනකොට, අපිව චුට්ට චුට්ට කිට්ටු වේවි ඔය කියන කළ්‍යාණ මිත්‍රය ගාවට.
එහෙම කිට්ටු වෙන දවසකට, කිට්ටු වෙච්ච වෙලාවකට, ඔය ඇත්තන්ටම මේ ජීවිතේ තුල තියන සත්‍යය ස්වභාවය හෝ එහෙම නැත්නම් ඔය කියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියන පංචඋපාදානස්කන්ධයේ තියන ඇත්ත ස්වභාවයන් ටික ප්‍රකට වෙන්නට තේරෙන්නට පටන් ගනීවි.
සතිපට්ඨානය තුල උගන්වන්නෙ නැහැ ගොඩක් වෙලාවට, මේව මෙනෙහි කරන්න හෝ කියන්න කියල. නමුත් ඒ දේවල් තේරෙන්න වැටහෙන්න පටන් ගනීවි. ඉතින් එවන් වූ දවසක් ඇති කර ගන්න, එවන් වූ නුවණක් ඇති කරගෙන නිදහසේ සැරිසරන්න, නිදහස බුක්ති විඳින්න හැකි වෙන අවවාදයක් වේවා කියල, මේ කියපු වචන ටික, මම බලාපොරොත්තු වෙනවා.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
සාදූ සාදූ සාදූ
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 4
ආනාපානසතිය සහ කළ්‍යාණ මිත්‍රයා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්ථුනො
නත්ථි ඒතා දිසං මිත්තං
යථා කායගතාසතීතී"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
දැන් සති කීපයක පටන් සතිපට්ඨානය කියන ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ වෙච්ච දේශනාව පදනම් කරගෙන, ඒ සුවිශේෂ වෙච්ච ඉගැන්වීම මත පිහිටාගෙන, භාවනාව සිදු කරන අතර, ඒ භාවනාවේදී අපිට තියන ගැටළු හෝ ඒ භාවනාව කොහොම කළ යුතුද? කියන කාරණාවල් ගැනත්, ඒ කරන සතිපට්ඨාන පුහුණුව, ඒ සිහිය පිහිටුවා ගැනීම නම් වූ පුහුණුව, සාමාන්‍ය ජීවිතයට අපිට කොයි තරම් දුරට බලපවත්වල තියනවද? ක්‍රියාත්මක වෙලා තියනවද? කියන ආන් ඒ කාරණාවල් ගැන කතා කරන මොහොතයි මේ.
ඉතින් අද දවසටත් ඒ කියන මාතෘකාවට සම්බන්ධ යම්කිසි කාරණාවල් කිහිපයක්, ඔය ඇත්තන්ට මතක් කරන්න කියල මම බලාපොරොත්තු වෙනව. පින්වතුනි, පහුගිය කාලය පුරාවටම, සති කීපය පුරාවටම, මම ගොඩක් උත්සාහ කලා බාහිර භාවනාවට පෙරාතුව තියන කාරණාවල් ගැන වැඩිපුර විමර්ශනයක් කරන්න, නැත්නම් වැඩිපුර කතාබහට ලක් කරන්න. හේතුව අපි අර ගොඩක් වෙලාවට සලකන, හිතන දෙයක් තමයි, එකපාරටම භාවනාවට වාඩි වෙලා මේක කරගෙන යන්න පුළුවන්කමක් තියනවා වගේ කියන හැඟීම.
නමුත් භාවනාව කියන දේ ඇත්තටම අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නම්, ඒ හිත අපිට තියෙන්නේ භාවනාවේදී විතරක් නම් නෙවෙයි. ඕක සාමාන්‍ය ජීවිතයේදී පවා සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතේ සිද්ධ වෙන හැලහැප්පිලිවලට අපි දක්වන ප්‍රතිචාරය, අපි ඒ දේවල්වලට මුහුණ දෙන ආකාරය මත, භාවනා ගමනත් ඇත්තටම කිවුවොත් එහෙම තීරණය වෙනව.
ඉතින් ඒක හන්ද පහුගිය ටිකේම ගොඩක් වෙලාවට, ඔය භාවනාවට පෙරාතුව කරන වැඩවලදී, කියන වචනවලදී, හිතන සිතුවිලිවලදී, පොඩ්ඩක් සතිමත් වන්ට, යම් විදියකට උපදෙස් දෙන්න හෝ අවවාදයක් කරන්න මං බලාපොරොත්තු වුනා. ඒක ඒ විදියට කලා. ඉතින් ඒත් එක්ක ඔය ඇත්තන්ට මතක ඇති, භාවනාවට තියන මූලිකම කරදර හැටියට, අර අපිට වටපිටාවෙන් තියන බාධක ජය ගන්නට නොහැකි වෙන තත්ත්වයක් මත භාවනාව සිදු කරන්න යනවා නම්, අන්න එතනදී අපේ අර 'මමත්වය' කියන දේට අපි යට වෙලා, අර අපි කරන්න ඕන දේට යට වෙලා, බාහිර තියන දෙය හින්දා, භාවනාව නතර කරන හෝ භාවනාවෙන් ඉවත් වෙන ස්වභාවයකට අපේ හිත් පත් වෙන්න පුළුවන්.
ඒක හරියටම කියනව නම් භාවනාවට වාඩි වුනහම ගොඩක් වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි, "අපේ හාමුදුරුවනේ, සද්ද ඇහෙනවා, හිත දුවනවා, ඇඟ රිදෙනවා" එහෙම නැත්නම්, "මේ විදියට වාඩි වෙලා හිටියොත් හොඳද? බිම වාඩි වුනොත් කමක් නැද්ද? මට අමාරුයි කොන්ද රිදෙනවා පුටුවක වාඩි වුනොත් කමක් නැද්ද?" එහෙම නැත්නම්, "ඉස්සෙල්ල සක්මන් කරන්නම ඕනද? නැත්නම් සක්මන් කරන්නෙ නැතුව වාඩි වුනාට කමක් නැද්ද?"
අන්න ඒ වගේ, අර අපි දරන අදහස් සහ ආකල්ප, මතවාද, එහෙම නැත්නම් අපේ තියන දැනුම සහ ඊළඟට අපි හිතාගෙන ඉන්නවා නම්, මේ කාරණය තුල තමන් මේක කරන්න දන්නවා, මේක හරියටම සිදු කරන්නෙ මෙන්න මෙහෙමයි, ආන් ඒ ආකාරයට හිතාගෙන ඉන්නවා නම්, ඊළඟට, බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම්, තවත් පැත්තකින් අර තියන හදිස්සිය වගේ දේවල්, ආන් එව්ව තමයි භාවනාවේදී මූලිකවම අපිට තියන ප්‍රධානම බාධකයන් හැටියට සලකන්නට, පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නෙ.
ඉතින් පින්වතුනි, ඔය ඇත්තන්ට පහුගිය ටිකේම මම ආනාපානයක් ගැනවත්, මොකක්වත් ගැන වැඩියෙන් කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට කිවුවෙ ඇත්තටම ඔන්න ඔය කියන කාරණාවල් ගැන. ඒ කියන්නේ සද්ද ඇහෙන එක, හිත විසිරෙන එක, හිත පිට යන එක, ඊළඟට කල්පනා කරන්න හිතෙන එක, අමතක වෙන එක, නින්ද යන එක, සැලසුම් හදන එක, මතවාදයන්ගෙන් අපේ හිත වැහෙන එක, දැනුම අපිට තට්ටු කරන්න පටන් ගන්න එක, සැක ඇති කර ගන්න එක, තමන්ගෙ තියන උගත්කම එහෙම නැත්නම් තමන් මේක ගැන දන්නවා කියල හිතන් ඉන්න, අන්න ඒ දේවල්, බලාපොරොත්තුවීම් සහ හදිස්සි කියන, ආන් ඒ වගේ කාරණාවන් වලදී අපි මොනවද කරන්නේ කියන එකයි කතා කලේ.
ඕක වරහන් ඇතුලෙ කිවුවොත් එහෙම, අර
"පරිමුඛං සතිං උපට්ඨපෙත්වා"
කියන වචනෙට තමයි දාන්න වෙන්නෙ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භාවනාවට කලියෙන් අපිට කියල දෙනවා, සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියල. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියල කිවුවහම, සිහියට එතකොට අහුවෙන්නේ, වර්තමාන මොහොතෙදි පැන නඟින, පැන නැඟෙන දේ. ඒ පැන නඟින, පැන නැඟෙන දේවල් තමයි, ඔය මං අර නිකං ලිස්ට් එකක් වගේම අනුපිළිවෙලකට වගේ, කොහොම හරි කමක් නෑ කියාගෙන කියාගෙන ගියේ.
ඉතින් මූලිකවම උපදෙස් හම්බ වුනා ඔය ඇත්තන්ට මතක ඇති, ඔය කියන දේවල් වලට 'සාදර වෙන්න' කියලා. මේ තියන උගත්කම ඇවිල්ලා අපිට තට්ටු කරල කිවුවම, "ඕක ඔහොම නෙවෙයි, මෙහෙම වෙන්න ඕන" කියලා, බලාපොරොත්තු ඇවිල්ල කිවුවත්, "මට මේ සද්ද ඇහෙන එක නෙවෙයි, ආනාපානය තමයි බලන්න ඕන" කියල, එව්ව ගණන් ගන්න යන්න එපා. එව්ව එහේම්ම ම තියන්න. ඒවට යට වෙන්න යන්න එපා.
අන්න ඒ ආකාරයෙන් කියල තමයි තවත් පැත්තකින් තවත් ටිකක් විස්තර කලොත් එහෙම, සද්ද ඇහෙනකොට ඒ සද්ද අපට කරදරයක් කරගන්න එපා කිවුව. ඊට පස්සෙ හිත විසිර යනව නම්, හිත පිට යනව නම්, ඒක පිට යන්න ඉඩ දෙන්න. ඒ හිත පිට යන එක, ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය. අපි ඒක අනුමත කරන්න වුනහම, ඒකට එකඟ වෙන්න වුනහම මෙතන දබරෙ නෑ. මෙතන 'අපිට කරන්න ඕන දේ' කියන එක අයින් වෙලා යනව.
ඒ වෙනුවට වර්තමානය තුල තියන දේ දකින්න, පේන්න, බලාගෙන ඉන්න, අපි ඉගෙන ගන්න පටන් ගන්නව. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් එක්ක අපි අර "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" නැත්නම් සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන මූලික අඩිතාලමට පොඩ්ඩක් කිට්ටු වෙන්න උත්සාහ කලා පහුගිය කාලෙදී. ඒක තව දුරටත් මං විස්තර කලා, අර කතා බහ කරනකොටත් වැඩකටයුතු කරනකොටත්, සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන්න කියල.
ඉතින් ඔය කියන කාරණාවල් එක්ක පින්වතුනි, අපි මූලිකවම වටපිට තියන දේවල් වලට, අර කියාපු හැම කාරණාවකටම, සාදර වෙන්න, එහෙම නැත්නම් ඒව මහා ලොකු ප්‍රශ්නයක් හැටියට පත් කර නොගන්න, උත්සාහ කරන්න පටන් ගත්තහම, භාවනාව තුල අපේ හිත් තැන්පත් වෙලා තියනවා, අතහැරීම පුරුදු කරපු හින්ද. ඒවා අර, 'මට ඕන හැටියට' ක්‍රියාත්මක කරන්න නොගිය හන්ද. 'ආත්ම සංඥාව' කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ කරපු හින්ද.
එහෙම නැත්නම්, ඔය කියන විදිහේ හිත තැන්පත් වෙලා තියෙන්නෙ, විපස්සනාවක් කියන දේ, විදර්ශනාවක් කියන දේ පුරුදු කරපු හන්දයි. ඒ කියන විදර්ශනාව, ඒ කියන අතහැරීම, ඒ කියන අනාත්මය, ඒ කියන මට්ටම තුලදී හෝ අයින් කරගන්න බැහැර කරගන්න පුළුවන්කම ලැබිල තියෙන්නේ, හිත තැන්පත් කරගන්න පුළුවන් වෙච්ච හින්දයි.
එතකොට මේ දෙක, එක හා සමාන යන කාරණාවක් වශයෙන් පහුගිය ටිකේම මම කියල දෙන්න උත්සාහ කලා සතිපට්ඨානය ආශ්රයෙන් කතා කරනකොට. ඉතින් එහෙම ඔය තියන හතර වටේ තියන දේවල්වලට, අපි බාධා කරන දේවල් එක්ක, සාමදානයෙන් ඉන්න, සාමයෙන් ඉන්න, හිත හදාගන්න කෙනා ඊළඟට කිට්ටු වෙනව ශරීරයට. ආන් එතනට කිට්ටු වුනාට පස්සේ, අවසාන වතාවෙදි මම අර කරපු දේශනයේදි කියන්න උත්සාහ කලා, අර ආනන්ද හාමුදුරුවෝ එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල කියාපු කතාවක් ආශ්‍රය කර ගත්ත ගාථාවක්.
ඒ කතාව මං අදත් මතක් කලොත් එහෙම. දවසක් ආනන්ද හාමුදුරුවෝ, මං හිතන්නෙ පටිච්ච සමුප්පාදය වගේ දෙයක් මෙනෙහි කරලා වෙන්න ඕන මට මතක හැටියට, ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල වන්දනා කරල එක පැත්තකින් ඉඳල කියනවලු බුදුරජාණන් වහන්ස,
"මේ ධර්මය හරිම ආශ්චර්යයි. හරිම පුදුමාකාරයි. මට හරි සංතෝසයක් තියනව ඒක ගැන."
බුදු හාමුදුරුවොත් අහන්න ඇති,
"මොකක් ගැනද ආනන්ද කියන්නෙ එතකොට."
එතකොට ආනන්ද හාමුදුරුවො උත්තර දෙනවලු,
"බුදුරජාණන් වහන්ස, මේ ශාසනෙන් බාගයක්ම තියෙන්නෙ මේ කළ්‍යාණ මිත්‍රයා මතනෙ. මට ඒ කාරණෙන් හරි ආශ්චර්යයක් දැනෙනව මේ ශාසනේ ගැන. හරි පුදුමයක් දැනෙනව"
කියල කිවුවලු. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දීල තියනවා,
"එහෙම කියන්න එපා ආනන්ද, ඔහොම හිතන්න එපා. මේ ශාසනේ සම්පූර්ණ ගමනම යන්නෙ කළ්‍යාණ මිත්‍රයත් එක්කම තමයි."
එහෙම නැත්තං අපි හිතන්න පුළුවන්, "මේ ශාසනේ බාගයක් යන්නෙ කළ්‍යාණ මිත්‍රයා මත, අනිත් බාගෙ යන්නෙ මං හින්ද" කියල. ඔන්න ඕක, ඕක අස්සෙ තියෙන්න පුළුවන් බොහොම, ඉතා සූක්ෂම ගැටයක් වෙන්න පුළුවන්. මං හිතන්නෙ බුදුරජාණන් වහන්සෙ එතනට තමයි මේ තට්ටු කරන්න ඇත්තෙ කියල මං විශ්වාස කරනවා.
කොහොම නමුත් ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන කළ්‍යාණ මිත්‍රයා මත යනවා කියල කිවුවහම, පුද්ගලිකව මගේ පැත්තෙන් මට ආපු ප්‍රශ්නාර්ථයක් තිබුන, එතකොට එහෙම නම් ඔය කියන කළ්‍යාණ මිත්‍රය කවුද? කියල. මොකද අපි ගුරුවරු ආශ්‍රය කලා වුනාට, සමහර විට කාලයක් ඒ ඇත්තොත් එක්ක කතා බහ කලා වුනාට, සමහර විට ඒ ඇත්තො අපි ධර්මය අවබෝධ කරන්න හරි මොකක් හරි කරන්න කලින් මියැදෙන්න පුළුවන්. අපිට ආශ්‍රය කරන්න අවස්ථාවක් සැලසෙන්නෙ නැති වෙන්න පුළුවන්. අපිට උන් වහන්සේලාගෙන් ටිකක් ඈතට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම වුනොත් එහෙම කළ්‍යාණ මිත්රයන්ව ආශ්‍රය කරන්න තියන අවස්ථාව නැති වෙලා යනව. දැන් අපි කළ්‍යාණ මිත්‍රයා කියල හිතන කෙනාව, හිතන ඇත්තන්ව, ආශ්‍රය කරන්න තියන වටපිටාව නැති වෙලා යනව.
ඔය කියන කාරණෙත් එක්ක මාව ලොකු ප්රශ්නාර්ථෙකට වැටුනා, එහෙම නම් මේ බුදුරජාණන් වහන්සේ ඉඟි කරාපු මේ කියන කළ්‍යාණ මිත්‍රයා කවුද කියල.
පස්සෙ ඕකට උත්තර හොයාගෙන හොයාගෙන, හොයාගෙන හොයාගෙන යනකොට, ඔය ප්‍රශ්ණෙට මුහුණ දුන්නු ආනන්ද හාමුදුරුවෝ, ඔය කියන කාරණේ අහපු ආනන්ද හාමුදුරුවොම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මාස තුනකින් විතර, අර නිර්වාණය සාක්ෂාත් කර ගත්තහම, එහෙම නැත්නම් තමන්ගෙ හිත රහතන් වහන්සේ නමක් බවට පාරිශුද්ධත්වයට පත් කර ගත්තට පස්සේ කියාපු උදානවල, එක උදානෙක තිබුනු ගාථාවක් තමයි ඔය මම මාතෘකා කර ගත්තේ. ඒක තමයි,
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්ථුනො
නත්ථි ඒතා දිසං මිත්තං
යථා කායගතාසතීතී"
ආනන්ද හාමුදුරුවන්ට ඉඳල තියනවා, බොහෝම කිට්ටුවෙන් හිටපු යාළුවෝ දෙන්නෙක්. කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ. අනික් එක්කෙනා මොග්ගල්ලානයන් වහන්සේ. මට මතකයි අපි මහණ වෙනකොට අපිටත් කියනවා, අපේ අම්මයි තාත්තයි හැටියට හිතන්න කියලා කියනවා මහණ කමේදී, සාරිපුත්තයන් වහන්සේවත් මොග්ගල්ලානයන් වහන්සේවත්.
කොහොම නමුත් ආනන්ද හාමුදුරුවො කියනව ඔය කියන ගාථාව කියනකොට, ඔය කියන කාලය වෙද්දී, සාරිපුත්තයාණන් වහන්සේයි මොග්ගල්ලානයන් වහන්සේයි පරිනිර්වාණයට පත් වුනා. දැන් එතකොට අපි අර හිතන තාලෙට අපි හිතමුකො, අපේ ගුරුවරු නැත්නම් අපේ කළ්‍යාණ මිත්‍රයො හිටියා කියල, ඒ වගේ කට්ටියක්. දැන් එතකොට ආනන්ද හාමුදුරුවොත් හිතාපු තාලේ ඒ හිටපු කළ්‍යාණ මිත්‍රයො දෙන්න නැති වෙලා ගිහිල්ල තියනව. "අබ්භතීත සහායස්ස."
"අතීතගත සත්ථුනො" ඒ වගේම තවත් දෙයක් වුනාලු ආනන්ද හාමුදුරුවො කියනවා. ශාස්තෘන් වහන්සේ නමක් හිටිය මට. උන් වහන්සේත් දැන් අතීතයට ගිහිල්ල තියෙන්නෙ. උන් වහන්සේ ගැනත් දැනට තියෙන්නෙ සිතිවිලි මාත්‍රයක් විතරයි. මතකයක් විතරයි. උන් වහන්සේ දැන් ජීවමාන නැහැ. උන් වහන්සේ මේ ලෝකෙන් ගිහිල්ල ඉවරයි.
ඊළඟ වචනෙ තමයි "නත්ථි ඒතා දිසං මිත්තං" දැන් මට තේරෙන හැටියට, පේන හැටියට, මොන පැත්තකවත් යාළුවෙක් මට ඇත්තටම නැහැ.
"යථා කායගතාසති"
ඔන්න ඔතනයි මං අර හොයාපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බෙ. කායානුපස්සනාව හැරෙන්න වෙන යාළුවෙක් මට මේ කිසීම පැත්තක දැන් හොයා ගන්න නෑ. අන්න ඒ කියාපු වචනයත් එක්ක පින්වතුනි, අපිටත් එතකොට හිතෙන්න පුළුවනි, ඔය ඇත්තන්ටත් තේරුම් ගන්න පුළුවනි, අර පහුගිය ටිකේම ඔය තියන දේවල්වලට අර මම මිත්‍රයෙක් වෙන්න කියල ඉගැන්නුවා. කියල දුන්නා. ඒ වේදනාවල්වලට, ඒ හිත යන දේවල්වලට, මෛත්‍රීසහගත වෙන්න, මිත්‍රශීලී වෙන්න, මේ ශරීරය තුල දැනෙන තේරෙන දේවල්වලට මිත්‍රශීලී වෙන්න, ඔන්න ඔහොම කියල. ඒ හදාගෙන ආපු පාරේ තමයි මෙන්න මේ කතාව අවසානෙට වගේ තියෙන්නෙ.
අපි මේ ඉගෙන ගන්නෙ, අපිට මේ උප්පත්තියෙන් හම්බ වෙච්ච ශරීරය අපේ මිත්‍රයාව කර ගන්නෙ කොහොමද? කියල ඉගෙන ගන්න එක. ඉතින් ඒ කියන තැනට එන්න පින්වතුනි බැරි වෙනවා, අර මූලික විදිහට අපි ගාව තියන අදහස් හින්දා, ආකල්ප හින්දා. අපේ තියන දැනුම හින්දා. අපේ තියන බලාපොරොත්තු හන්දා. විශේෂයෙන්ම අපිට තියන හදිස්සිය හන්දා. ඕකෙ අනිත් පැත්ත, අපිට තියන කම්මැලිකම හන්දා.
ඊළඟට සමහරක් විට, සද්ද ඇහෙන හන්දා, හිත දුවන හන්දා, අපි කල්පනා කරන හන්දා, අපි සැලසුම් අඳින හන්දා, "මේව හොඳ නෑ, අරක හොඳයි" මෙහෙම කියල අර විවේචන කරන හන්දා, ඒවා කරන හින්දා, ඔය කියන කළ්‍යාණ මිත්‍රයාව ප්‍රකට කර ගන්නට හරිම අමාරුයි.
විශ්වාස කරන්න ඔය "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන වචනෙ මට හම්බ වුනේ ලග්ගල කැලේදි. ඊට පස්සේ ඕකම මම අවුරුදු ගාණක් පුරුදු කලා. ආනාපාන සතිය දිහා ඒකාකාර විදියට අධ්‍යනය කරනවා කියන තැනට එනකල්ම. මේ ඇත්තම කතාව කියන්නෙ.
හේතුව තමයි, ඊට මෙහා අර සිහියට ප්‍රධාන තැන දෙන්න ඕන කාරණා ඕන තරම් තියනවා. ඊට වඩා අපි උත්සාහ කරන්නෙ අර, 'මට ඕන දේ' කරන්න කියන එකයි. එතකොට මගේ උවමනාවට, මගේ බලාපොරොත්තුවට, මට ඕන දේ කරන්න යනවා නම්, තියන වර්තමානය තුල පැන නඟින, පෙනෙන, දැනෙන, දැනගන්න තියෙන කාරණේ පල්ලෙහාට දාල හෝ ඒක තල්ලු කරල විසි කරල දාල පින්වතුනි, අපි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නෙම 'වැරදි ගඩොල' පාවිච්චි කරල.
වැරදි ගඩොලේ නම තමයි 'මමත්වය' කියන එක.
එතකොට මමත්වය, නැත්නම් 'මට ඕන දේ' කරනවා කියන එක. අපිට උගන්වන්නේ, 'මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ', කියලනෙ. ඇත්තටම කියනව නම් අපි හොයල බලන්න ඕන 'මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මය වෙමි' යි කියල හිතන කාරණා මොනවද කියන එකයි අපි දකින්න පටන් ගන්න ඕන.
ඕකෙන් නිදහස් වුනාට පස්සෙ ලැබෙන ප්‍රතිඵලය තුල, ඒ කෙනාගෙ චිත්ත සන්තානය වැඩ කරන, ක්‍රියාත්මක වෙන, සිතුවිලි සමුදායයි ඔය ඔය පොතේ, නැත්නම් දේශනාව තුල අපිට කියල දෙන්නෙ. හැබැයි අපි වැඩේ අපි පටන් ගන්න ඕන අපි ගාව. එතකොට අර පොතේ සඳහන් වෙන, අර දේශනාවෙ සඳහන් වෙන, ඔය 'මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ' කියන එක ඉලක්කය මිසක ආරම්භය නොවේ.
හොඳට මතක තියාගන්න ඕන. ඒක අපි මේ භාවනා කරන්න යන ගමනේ එක්තරා ඉලක්කයක් මිසක, ඒක මේ භාවනා ගමනේ ආරම්භයක් නෙවෙයි. ඔන්න ඔතනයි ලොකුම පටලැවිල්ල අපි කරගන්න, මම හිතන හැටියට, මට තේරෙන හැටියට, මොකද අපි හිතනව ඉස්සෙල්ලම මම මේක දන්නව. දන්නව කියල හිතාගෙන කරගෙන යනව. එතකොට අවබෝධ කරන්න තියන එක දැන් දන්නවා. එතකොට අවබෝධ වෙන්නෙ මොකද්ද? කියන එකයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
ඒකයි අර අදහස් සහ බලාපොරොත්තු කියන ඒ හැම දේකටම ඉස්සරහ, ඒ හැම දෙයක්ම බැහැර කරන්න පුළුවන් වෙන විදිහේ මනසක් හදා ගන්න කියල පළවෙනියෙන්ම කිවුවෙ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇති වුනාට පස්සෙ පින්වතුනි, අපි හිමීටම අර ස්වාධීනව, එහෙම නැත්නම් ස්වයංවම වගේ, අපේ අවධානය ගලාගෙන ඒවී මේ ශරීරයට.
මේ ශරීරයෙ තියන කොහේ හරි. ගොඩක් වෙලාවට ඒක ශරීරය තුල, ශරීරයෙන් බාහිර පැත්තට එන්න පුළුවන් සමහරක් විටක. සමහරක් වෙලාවට ශරීරය අභ්‍යන්තරයට යන්නත් පුළුවන්. ඒක තවත් විදියකට විස්තර කලොත් එහෙම, ඉස්සෙල්ල අපේ හිත භාවනාවේදී මුල අර දේවල් වලට සාදර නොවී, ඒ දේවල්වලට සානුකම්පිත නොවී, ඒවත් එක්ක මෛත්රීශීලීව නැත්නම් මිත්රශීලීව ඉන්නෙ නැති වෙනකොට, අපේ හිත යන්න ඇති සද්ද ඔස්සේ. අපේ හිත විසිරෙන්න ඇති සිතිවිලි ඔස්සේ, අපේ බලාපොරොත්තු ඔස්සේ, අපේ හැඟීම් දැනීම් ඔස්සේ, ශරීරයෙ තියන වේදනාව ඔස්සේ කියන මේ හැම දිශාවකටම වගේ. එක එක දිශාවකට වගේ.
නමුත් අර බාහිර තියන දේවල් ටික, අපේ ශරීරයෙන් බාහිර තියන දේවල් ටික, අපි හඳුනාගත්තට පස්සේ, ඒ දේවල් එක්ක වැඩකටයුතු කරන හැටි ඉගෙන ගත්තහම, ඒ දේවල් හසුරුවා ගන්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තාට පස්සේ, ඒ සද්දෙ ඇහේවි. හිත දුවාවි. නමුත් ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා හිත දුවන විත්තිය. අපි ඒකට අමනාප නෑ, මනාපයි. අපි හිත දුවන එකත් එක්ක දුවන්න යන්නෙ නෑ. දන්නව හිත දුවන විත්තිය. ඒක සිහියෙන් දැනගන්නව. එච්චරයි. ඒක තේරුම් ගන්නවා, මම භාවනා කරන්න තමයි වාඩි වුනේ. ඒ වුනාට දැන් හිත පිට ගිහිල්ලයි තියෙන්නෙ. එතකොට හිත පිට යනවා කියන එක දැනගත්තා නම්, ඒ දැන ගැනීම ම සතිපට්ඨානයට ඇතුලත් වෙලා තියනවා.
ඔන්න ඔතනට තමයි ප්‍රශ්නෙ එන්නේ අර, 'මට ඕන දේ' කරන්න යන එක. මොකද්ද මට ඕන දේ? මේ හිත පිට යන එක නෙවෙයි, සිතුවිලිවලට යන එක නෙවෙයි මට ඕන වෙන්නෙ. මට ඕන වෙන්නෙ ආනාපානය. මට ඕන වෙන්නෙ පාවෙනව වගේ දැනෙන එක. මට ඕන වෙන්නෙ චතුරාර්ය සත්‍යය ගැන මෙනෙහි කරන්න. මට ඕන වෙන්නෙ පංචඋපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න හෝ සජ්ජායනා කරන්න. නමුත් ඒ වෙලාවේ තියන හිතේ ස්වභාවයට ඒ දේවල් ටික කරන්න බැරි නම්, ඔන්න ඔතනයි අපි මේ ප්‍රශ්නෙ හදාගන්නෙ.
දැන් ඔය ඇත්තන්ට තේරුනාද මොහොතකදී, චුට්ටක් වගේ, මේ මමත්වය කියන කෙනාගේ තියන බලපෑම හින්දයි අපි මේ අවුල් ටික ඔක්කොම දාගන්නෙ කියල. ඔන්න ඔය කියන ගැටේ අල්ලගන්නයි, මමත්වය කියන දේට අපි කොච්චර නම් අහු වෙනවාද කියන එක තේරුම් ගන්නයි, උපක්‍රමයක් හැටියෙන් අර මං යෝජනා කලේ කමටහන් වාර්ථාව ඉදිරිපත් කරන්න කියල.
කමටහන් වාර්ථාවෙදි භාවනාව සිදු කරල, ඒ සිදු කරන භාවනාවේ තමන්ට දැනුනෙ මොනවද? තමන් දැනගත්තෙ මොනවද? ඒවට දැක්වුව ප්‍රතිචාර මොනවද? කියල මේක තුලින් එළියට එනවා, එක එක මට්ටම්වල තියන ඔය ආත්ම සංඥාව, වැඩි වෙලා තියනවද අඩු වෙලා තියනවද කියන රහස.
ඉතින් කොහොම නමුත් කමක් නැහැ, භාවනාවට දැන් සක්මනකට හෝ වේවා පර්යංකයකට හෝ වේවා අර කියන විදිහේ බාහිර දේවල්වලට හිත නොයන තාක්, නැත්නම් හිත ගියාට ප්‍රශ්නයක් කර ගන්නෙ නැති තාක්, ඒ නැති විදිහට හිත හදා ගත්ත කෙනා ආවට පස්සේ එයාගෙ හිත කොහොමත් කිට්ටු වෙන්නෙ ශරීරයටයි.
හැබැයි පින්වතුනි, මෙහෙම වුනා කියල හිතන්න නරකයි, බලාපොරොත්තු වෙන්න නරකයි, එක තැනකටම වෙලා ඉන්නවා කියල. ඒ කියන්නෙ ආනාපානයම බලාගෙන ඉන්නවාමයි කියල එහෙම හිතන්න නරකයි. මේ හිත දුවන එක, අර බාහිර දැන් අර කිලෝමීටර් දස දහස් ගණනක් දුවන එක, නතර වෙලා තියෙන්න පුළුවන්.
උදාහරණයක් හැටියට, අර හිත පිට යනකොට අපිට හිටි ගමන් ඕන නම්, එංගලන්තෙට යන්න පුළුවන්. ඇමරිකාවට යන්න පුළුවන්. ලංකාවට එන්න පුළුවන්. මට අපේ ගෙදරට යන්න පුළුවන්. මේ හිතන්න ඉඳල. එතකොට ඒ යන පරතරේ ඒ යන දුර මහා විශාලයි. හැබැයි ඒ ටික ඔක්කොම එක ගොන්නකට දාල, මේ හිත දුවනවා, හිත පිට ගිහිල්ල තියෙන්නෙ, නැත්තම් ශරීරයෙන් හිත පිට ගිහිල්ල තියෙන්නෙ, නැත්නම් භාවනා අරමුණෙන් හිත පිට ගිහිල්ල තියෙන්නෙ, කියන ඒ එක විදියකට හිතන්න ගත්තොත් එහෙම, අර ටික ඔක්කෝම ප්‍රශ්නෙ එක තැනක නැවතිල යනව.
අපි දන්නව හිත දුවනව. හිත පිට ගිහිල්ල තියෙන්නෙ. ප්‍රශ්නයක් නෑ. අපි ඒකට සාදරයි. මං ඒකට කැමතියි. මේ හිත පිට ගිහිල්ල තියන වෙලාව. ඔය පිට යන්න පිට යන්න අපි ඒක ඒ විදියටම දැනගෙන, දැනගෙන, සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම්, ඉවසන්න ඉගෙන ගත්තා නම්, ඇත්තටම කියනව නම් සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම්, භාවනාව තුල අර වැඩෙන ප්‍රතිඵලයත් ගෙන ඉවසීම දියුණු වෙන්න පටන් ගන්නව.
අපි හිතුවට මේක තුල ලැබෙන ප්‍රතිඵල වෙනයි කියලා, අපි අපේ තියන ඒව තියෙන්නෙ ඇත්තටම කිවුවොත්, අර පාවෙනව වගේ ලක්ෂණයක්, එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් තොර භාවනාවක්, නැත්නම් පර්යංකයක් තියාගන්න පුළුවන්කමක්, එහෙම නැතිනම් හොඳ මටසිළුටු විදිහේ, ශරීර සැප පහසුවට ඉන්න විදිහේ ස්වභාවයක්, අන්න ඒ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඒ වුනාට භාවනාව තුලින් බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලැබෙනවා කියල,
"ඛංතී පරමං තපෝ තිතික්කා"
ඉවසීමක් නම් ලැබෙනවා කියල කියල තියනව.
ඉතින් අන්න ඒ වගේ, අපි අර කියන හිත දුවන දේවල්වලට සානුකම්පිත වෙන්න වුනහම, ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්නෙ නැති වුනහම, ඒවත් එක්ක ගැටෙන්න යන්නෙ නැති වුනහම, ඔන්න අපේ පැත්තෙන් අපි ඉවසීමක් හදා ගන්න පටන් ගන්නව. ඉවසීමක් හැදෙන්න පටන් ගන්නව. අපි වටා තියන බාහිර දේවල් වලින් අපිට කරදර වුනාට, ඒව අපිට කරදරයක් කරගන්නෙ නැති තැනට හිත හදා ගන්න පටන් ගන්නව.
ඉතින් ඒ විදිහේ පෙර පුහුණුවක් කරන කෙනෙක් භාවනාවට වාඩි වුනොත් එහෙම, එයාගෙ හිත අච්චර මහ විශාල විදිහේ දුරකට යන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වුනාට ශරීරය ඇතුලෙ එහෙ මෙහෙ දුවන්න පුළුවන්. සමහර විට සද්දයක් ඇහෙනව වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් කරගන්නෙ නැති තැනකට හිත පත්කරගෙන තිබුනොත්, ප්‍රශ්නයක් නෑ.
හැබැයි කවුරු හරි කෙනෙක් හිතනව නම්, "නෑ, ඒක එහෙම වුනාට මට මේක කරගෙන යන්න පුළුවන් වෙනත් විදියකට. මං ආනාපානෙම බලනව. හාමුදුරුවො ඔය කිවුවට මට පුළුවන්නෙ" කියල හිතුවයි කියන්නකො. එහෙම වුනානම්, අපිට හැමදාම ප්‍රශ්නෙ තියෙන්නෙ අර ඇහෙන සද්දෙට අපි තාම දන්නෙ නැති හින්දයි, ඒ හිත දුවන එකට තාම මොකද්ද කරන්නෙ කියල හරියට දන්නෙ නැති හින්දයි භාවනාව නීරස වෙන්නෙ. අනිවාර්යයෙන්ම නීරස වෙනව දෙකක් නෑ. මොකද ඒ කියන ස්ථරයන්, ඒ කියන අවස්ථාවන්, අපි තවමත් සම්පූර්ණ කරල නැති හන්ද.
ඉතින් පින්වතුනේ, ඔය කියන ලක්ෂණත් එක්ක අර ශරීරයට ආපුහාම, ඒ ශරීරය තුල තියන ඔය කියන දේවල්වලට, ඊළඟට අපි සාදර වෙන්න ඉගෙන ගනීවි. හරියට අර හිත එහෙට මෙහෙට දුවන එක, සද්ද ඇහෙන එක, ඒ දේවල්වලට සාදර වුනා වගේ, සානුකම්පිත වුනා වගේ, ඒව එච්චර ලොකු දේවල් කරගන්නෙ නැතුව, ලොකු ප්‍රශ්නයක් කරගත්තෙ නැති තැනකට හිත ගත්තා වගේම, ඊළඟට ශරීරය ගැන තේරෙන්න පේන්න පටන් ගන්නකොටත් අපි අර 'අපිට කරන්න ඕන දේ' අයින් කරගෙන නැත්තම්, "ආ..දැන් මං ශරීරය ඇතුලෙයි ඉන්නෙ, දැන් මට ආනාපානය බලන්නට ඕන" කියල එහෙම තැනකට යන්නෙත් නැතුව, එහෙම සලකන්න යන්නෙත් නැතුව, ප්‍රකට වෙන දේ දැනගෙන ඉන්න හිත හදා ගන්නව.
ඔය ශරීරය දැනගෙන ඔහොම ඉන්නවා කියල කිවුවම, ඕක ගැන කියන්න පොඩි සාධකේකුත් මට හම්බ වුනා. ඔය 'කච්චාන' කියල සූත්‍රයක් තියනව උදාන පාලියේ. කච්චාන කියන රහතන් වහන්සේ, මහා කච්චාන ඇත්තටම උන් වහන්සේව අපි හඳුන්වන්නේ. උන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගෙ ආරාමෙ ගහක් යටට වෙලා භාවනා කරගෙන ඉන්නවලු. පොතේ පතේ සඳහන් වෙන්නෙ කායානුපස්සනාව තුල යෙදිල ඉන්නෙ කියල. එතන හරි ලස්සන වචනයක් තියනවා,
"අජ්ජත්තං පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල.
අපි මෙච්චර කාලයක් අහල තිබ්බා නම් වචනයක් "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන එක, ගොඩක් වෙලාවට අර නාසිකාග්‍රයේ අන්න එහෙම කතාවකට අපි අර නිකං බාහිර දෙයක් හැටියට ගත්ත වුනාට, මෙතන කියනවා "අජ්ජත්තං පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල ආන් එහෙම කතාවක්. ඉතින් ඒ විදිහට කච්චායනයන් වහන්සේ භාවනා කරගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ කියනවලු,
"යස්ස සියා සතී සතතං කායගතා උපට්ටිතා
නෝ චස්ස නෝචමේ සියා
න භවිස්සති න විසත්තිකං
අනුපුබ්බ විහාරී සතිමා
කාලේනේව තරේ විසත්තිකං ති"
ඒක ටිකක් දිගයි ගාථාව නම්. කොහොම නමුත් කමක් නෑ. කවුරු හරි කෙනෙක් මේ කියන කායානුපස්සනාව තුල හිත පිහිටුවාගෙන ඉන්න දක්ෂ නම්, කායානුපස්සනාවට වෙලා ඉන්න පුරුදු කරල තියනව නම්, ඒ පුරුදු කරපු හිත තියන කෙනා "නෝ චස්ස නෝචමේ සියා" එයා මීට කලින් ජීවත් වෙලත් නෑ. අනාගතේ දිහා පහල වෙන්නෙත් නෑ.
මේක ටිකක් අර ධර්මයේ තියන බොහොම ගැඹුරු තත්වයක්. මොකද එයා ඉඳල තියෙන්නෙ වර්තමාන මොහොත තුල විතරක් හින්ද. එයා පහළ වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ, ප්‍රාර්ථනා කරන්නෙත් නෑ, ප්‍රාර්ථනාවක් කරන්නෙ නැති වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ ප්‍රාර්ථනා කරන විදියක් ගැන ආයෙ හිතන්න උවමනාකමකුත් නෑ. ඒ විදියට කායානුපස්සනාව තුල ඉන්න කෙනා, සුදුසු කාලයේදී තණ්හාව ඇති වෙන දෙයින් නිදහස් වෙනවා කියල, බුදුරජාණන් වහන්සේ දේශනා කරනව.
එතකොට පින්වතුනි, මෙතන අර තියන මට කියන්න ඕන වෙන වචනෙ තමයි, අර "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන වචනේ. මේක ඇත්තටම ලොකු ගැඹුරක් තියන වචනයක් බුද්ධ ශාසනය තුල. මේ අපේ සංසාර ගමන තුල, අපි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියන ඒ කාරණේ, පුදුමාකාර විදිහේ පුළුල් පරාසයක් තියන, පුදුමාකාර විදිහේ දාර්ශනික භාවයක් තියන, ලොකු වටපිටාවක් තියන වචනයක් මේක. එතකොට අපි ඔය කියන වචනය, අපේ ජීවිතය තුල නිතර නිතර පුරුදු කරන්න පටන් ගත්තා නම්, ඒ කියන දේවල් අපිට සිහියක් ඇති කර ගන්න, සිහියක් ලබා ගන්න, සිහියක් උපද්දවා ගන්න ම ඒක උපකාර වේවි.
හැබැයි ඕක ඔන්න ඔය හරියෙදි තමයි අපිට අර තට්ටු කරන්න පටන් ගන්නෙ, අර මම මුලින් කියාපු, අපි දන්න දේවල්, අපිට උවමනා කරන දේවල්, අපේ තියන අදහස්, මතවාද, විවේචන, ආන් ඒ වගේ තියන මමත්වයේ කඩතොලුකං ටික.
ඒ දේවල් වලින් නිදහස් වෙච්ච හිතක් හදා ගන්න පුළුවන්කමක් තියනවා නම්, ඒ දේවල් දැක දැක, බල බලා, ඒ දේවල්වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියනවා නම්, අන්න එතකොට පින්වතුනි, අපිට මේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, මේ සතිපට්ඨානයට අනුකූලව ඒ සතිපට්ඨානය ආශ්‍රය කරගෙනම, ජීවත් වීමේ පුළුවන්කමක් හම්බ වෙනව.
ඔය ඇත්තන්ට මතක ඇති මම මේ දේශනාව පටන් ගන්නකොට, මුලදි වගේ එක තැනකදි කිවුවා, අර "ගොඩක් දුර යන්න නම් බොහොම හෙමින් යන්න" කියල. "හදිස්සි නම් බොහොම හිමින් යන්න" කියල. ඔන්න ඕකෙ තේරුම තමයි, ඔය අද පොඩ්ඩක් විස්තර කරන්න මං උත්සාහ කලේ.
අපිට මේ භාවනාව තුල ඔය කියන කාරණාව ආනාපානය තුල දැනගෙන, නැත්නම් සංසාර ගමනෙන් නිදහස් වෙන්න උවමනාවක් තියනව නම්, අර තියන වටපිටාවල්වල තියන හැම දෙයක්ම දැනගෙන, දැක දැකම, ඒ දේවල්වලින් නිදහස් වෙන විදිහ ඉගෙනගෙනම, ඒ දේවල් ඇති වෙන්නෙ කොහොමද? පවතින්නෙ කොහොමද? ඒවට වෙන ආහාර මොනවද? අනාහාර මොනවද? කියල ඉගෙනගෙනමයි මේ ගමන යන්න තියෙන්නෙ.
ඉතින් එහෙම කල්පනා කරල පින්වතුනි, මේ කියන ධර්ම මාර්ගය තුල අපි පුළුවාන් තරම් උත්සාහ කරමු සිහිය දියුණු කරගන්න. ඒ සිහිය දියුණු කර ගැනීම මත, ඒ සිහිය දියුණු කර ගැනීමේ පුරුද්ද මත, අපේ ජීවිතයේ ඔය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන, ඒ නිවන් සුවය සාක්ෂාත් කර ගන්න පුළුවන්කමක් අපිට හම්බ වේවි.
කොහොම නමුත් මම මෙහෙම දේකුත් කියන්න කැමතියි. ඔය මොන ක්‍රමයක් ඉගෙන ගත්තත් පින්වතුනි, අවසානයෙදි සතිපට්ඨානයට එන්න වෙනවා මේ මාර්ගය තුල වැඩෙන හැටි ඉගෙන ගන්නනං. මොකද බණ පොතේ තියෙන්නෙ "ඒකායනෝ යං භික්ඛවේ මග්ගෝ" කියලයි. මේ ඕනම දෙයක් කරන්න තියන එකම එක මාර්ගය මේක විතරයි කියලයි කියන්නෙ.
අපිට වෙන වෙන ක්‍රම ඕනම එකක් කරන්න පුළුවන්. ප්‍රශ්ණයක් නැහැ. ඒ ඕනම, කියමුකෝ ඔය, වට වන්දනාවෙ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ වුනාට, තමන්ගේ මේ සංසාර ගමන ගැන ඉගෙන ගන්න නම් අවසානයෙදි සතිපට්ඨානයට එන්න වෙනව.
ඉතින් ආන් ඒකට එන හැටි ගැනයි පහුගිය ටිකේ ඉදලම මේ කතා කරන්නෙ. අද දවසේදිත් යම්කිසි කාරණාවක් ඔය ඇත්තන්ට මම කියන්න උත්සාහ කලා. ප්රස්තුථයක් හැටියට වගේ "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන කාරණයට අපි නැවත නැවත යොමු වීමේ තියන වැදගත්කම සහ ඒක ශරීරය පාදක කරගත්ත දෙයක් ඔස්සේ කරන එක කොයි තරම් නම් සාර්ථකද කියන එකයි, මම කියන්න උත්සාහ කලේ.
මොකද අපිට දැන් අපේ ශරීරය කියන එක කළ්‍යාණ මිත්‍රයා කරගන්න පුළුවන් නම්, අපිට අපි ගාව තියන හොඳ උදාහරණයක් තියනව, සාධකයක් සාක්ෂියක් තියනව. යම්කිසි වෙලාවක අපි මේ ශරීරයට වෙලා ඉන්නව නම්, මේ ශරීරය දැනගෙන ඉන්නව නම්, ඒ වෙලාව තුල ඔය කියන කෙලෙස් ඇති වීමේ ස්වභාවයක් තියෙන්න විදිහක් නෑ. ඔය 'සකුනග්ගි' කියල සූත්‍රයක් තියනව. අන්න ඒ වගේ වුනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ අපිට ඉන්න කියල කියන ආරක්ෂිත තැන තමයි කය කියල කියන්නෙ. මේ කායානුපස්සනාව කියල කියන්නෙ.
ඉතින් පින්වතුනි, එතනට එන්න හිත හදා ගන්න ඕන. එතනට එන්න හිත හදා ගන්නකොට අර මූලිකව තියන ඒ බාධකයන් ජය ගන්න විදිහ හොඳට ඉගෙන ගන්න බලන්න. ඒවා දකින්නෙ කොහොමද? ඒවා හසුරුවා ගන්නෙ කොහොමද? කියන කාරණාව හොඳට හොඳට අධ්‍යනය කරන්න බලන්න. ඒවා අධ්‍යනය කර කර තමන්ගෙ භාවනා කටයුතු කර ගන්න. එහෙම කටයුතු කරන ගමන්, තමන්ගෙ භාවනාව ඉවරයක් වෙලා, අනිවාර්යයෙන්ම එදා භාවනාවට මොකද්ද කලේ? මොකද්ද සිදු වුනේ? කියන එක නැවත මතක් කරන එක නම් අනිවාර්යයි කියල මම කියන්න කැමතියි.
එහෙම කරලා, ඒ දේවල් ටික පොතකත් ලියල, මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වුනොත් එහෙම, පොඩ්ඩක් කියන්න "මෙන්න මේ වගේ දෙයක් තමයි ස්වාමීන් වහන්ස සිද්ධ වුනේ" කියල. එතකොට අර තියන දැනුමේ හැටියට, තේරෙන හැටියට, ඒවට මොනව හරි සකස් කරගන්න ඕන නම්, නැත්නම් ඒ වගේ හොඳ කාරණා තියනව නම්, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව. ඉතින් කෙසේ හෝ වේවා ඒව අනාගතයට තියමු. ජීවිතය රැකෙන හැටියට ඕව වේවි.
අද දවසේදීත් මේ කරපු මේ දේශනාව, නැත්නම් මේ අවවාදය, ඔය ඇත්තන්ට ඔය ඇත්තන්ගෙ භාවනා ගමන තුල ඉදිරියට යන්න, උපකාරයක්ම වේවා ! කියල මම බලාපොරොත්තු වෙනව.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 5
ආනාපානසතිය සහ යෝනිසෝමනසිකාරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා තීති"
ශ්රද්ධාවන්ත, භාවනාවට කැමති පින්වතුනි,
අදත් අපි මේ සුපුරුදු පරිදි කරන දහම් සාකච්ඡාවටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඒ පුදුමාකාර සොයා ගැනීම වෙච්ච, හැම දුකකින්ම, හැම ශෝකයකින්ම, නිදහස ලබන්න පුළුවන් එකම මාර්ගය හැටියට කියල දෙන, මේ සතිපට්ඨානය ගැන කතාබහ කරන, වර්ණනා කරන, දහම් සාකච්ඡා කරන අවස්ථාවටයි අපි මේ සම්බන්ධ වෙන්නෙ.
පහුගිය වාර ගණනක් තුලම, ගොඩක් වෙලාවට සතිපට්ඨානය වඩන ඇත්තො හැටියට, භාවනාවට පැමිණෙන ඇත්තො හැටියට, භාවනාවට උත්සාහවන්ත වෙන ඇත්තො හැටියට, පුද්ගලිකව අර තියන අත්දැකීමුත් එක්ක, උපදෙස් දෙන්න උත්සාහ කලා සාමාන්‍ය ජීවිතය හා සම්බන්ධ කර ගත්ත කාරණාවක් කර ගන්නටයි කියල, ඔය කියන සිහිය පුරුදු කිරීම. ඒකෙ තේරුම මේ 'සතියෙ' අඩිතාලම සාමාන්‍ය ජීවිතයෙ පටන්ම පවත්වා ගන්නට කියල තමයි උපදෙස් දුන්නෙ ඇත්තම කියනව නම්. මේව තමයි මටත් හම්බ වෙච්ච උපදේශයන් මගේ ගමන තුලත්.
ඉතින් ඒ විදිහට අර සාමාන්‍ය ජීවිතයේදී පවා භාවිතා කරන පොදු කාරණාවක්, සාමාන්‍ය කාරණක් බවට, සතිය හෝ සිහිය හෝ මේ මොහොතේදී කරන කියන දේ ගැන තියෙන මනා අවධාකය කියන දේ ඇති කර ගන්නට, පුරුදු කර ගන්නට ඔබ ඇත්තන්ටත් මටත්, අපිට පුළුවන්කමක් ලැබුන. එවන් වූ අත්දැකීමක් තුලින් එන භාවනාව, එවන් වූ අත්දැකීම් සමුදායක් සමඟින් එන භාවනාව, බොහෝම හිතකර, බොහොම ලේසි සහගත, පහසු වෙන්න පුළුවනි.
මොකද සතිපට්ඨානය තුලදි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට අර එක දෙයක් එල්ල කරල හෝ එක දෙයක් අරමුණු කරලා සිහිය දියුණු කර ගන්නට හෝ මේ පුහුණුව කරගෙන යන්නට කියල දෙනවට වඩා උන් වහන්සේ අපිට හරි විවෘත මනසක් හදල දෙනවා අර,
"පභස්සර වෝ මිදං භික්ඛවේ චිත්තං"
කියන ඒ වචනයත් එක්ක වගේ මේ හිතේ තියන ප්‍රභාෂ්වර භාවය තේරුම් ගන්නට අපිට මනා වටපිටාවක් මනා වපසරියක් හදල දෙනව.
ඉතින් ඒ ආකාරයෙන් භාවනාවට එන්න පෙරාතුව අර පහුගිය ටිකේම කතා කලේ, සාමාන්‍ය ජීවිතය තුලදී කරන කියන දේවල් වලදී සිහිය ඇති කර ගන්නෙ කොහොමද? කියන එක. ඉතින් ඔය විදියට සිහිය පුරුදු කර ගත්ත කෙනා අපි හිතමුකො භාවනාවකට වාඩි වුනා හෝ සක්මනකට ගියා නම් හෝ, එයා එතකොට දන්නවා ඒ මොහොත තුලදී ඒ කෙනා වටා තියන දේත් එක්ක සතිමත් වෙන්නෙ කොහොමද? නැතිනම් අවධානමත් වෙන්නෙ කොහොමද? කියල. ඒක මහ ලොකු අමාරුවක් වෙන්නෙ නැහැ.
ඉතින් ඒත් එක්ක මං උපදෙස් දුන්නා ඒ වටපිටාවේ තියන මොන දෙයක් හෝ වේවා, ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. තමන් කැමති දෙයක් වෙන්නත් පුළුවන්, අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. තමන්ට හිතකර දෙයක් වෙන්නත් පුළුවන්, අහිතකර දෙයක් වෙන්නත් පුළුවන්. ඒකෙ තේරුම තමන්ගෙ භාවනාවට හිතකර දෙයක් වෙන්නත් පුළුවන් අහිතකර දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඕන එකක් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්න කියල. එහෙම නැතිනම් මේ හැම දේකටම ඉන්න අවසර දෙන්න, තියෙන්න අවසර දෙන්න කියල.
සද්ද බද්ද ඇහෙන එක නම් ප්‍රශ්නෙ, ඒකට ඇහෙන්න දෙන්න. හිත එහෙ මෙහෙ දුවන එක නම් ප්‍රශ්නෙ, ඒකට දුවන්න දෙන්න. ඒකට හිතේ අවකාශය දෙන්න, අවසරය දෙන්න ඒ විදිහට පවතින්න. ඉතින් එහෙම පවතින්න දෙන්න ඒ උපදෙස් හම්බ වුනාට අපේ හිත මැලි වෙනවා ඔය කියන කාරණේ කරන්න. ඔය කියන හපන්කම කරන්න. මොකද හේතුව?
ඒකට හේතුව තමයි, මේ අපි ගාවම තියන ආකල්ප තියනව. අපේ දැනුම අපි බලාපොරොත්තු වෙන දේවල් වගේම භාවනාව තුලින් අපි ලබාගන්න උත්සාහ කරන අභිමතාර්ථ තියනව. සමහරක් වෙලාවට ඔය ඇත්තො කියන්න පුළුවන්,
"ස්වාමීන් වහන්ස ආනාපානෙ මට නාසිකාග්රයෙ නං දැනෙන්නෙ නෑ. ඊට කලින් නම් දැනුනා. දැන් ඒක වෙන ඔය ශරීරය ඇතුලෙ නම් දැනෙනව. නාසිකාග්‍රයට හිත යොමු කරන්න බැලුවට එතන පේන්නෙ නෑ. ඉතින් හාමුදුරුවනේ මගේ භාවනාව අසාර්ථකයි. මං හරී උත්සාහයක් යොදන්න ඕන නාසිකාග්‍රයට හිත ගන්න. ඒ ඉතින් එහෙම හින්ද මට මේ සමාධියක් හදා ගන්නව කියන එක, හිත තැන්පත් කර ගන්නව කියන එක හරිම අමාරුයි"
කියල කියනව. ඒක වෙන්න පුළුවන්, හේතුව භාවනාව ස්වාභාවික විදියට ගලාගෙන යනව. භාවනාව කියන්නෙ, එක තැන තියන දෙයක් නෙවෙයි. ඒක හරියට මේ මුහුද ඇතුලට යනව වගේ ලස්සන පාරක්. හරි ලස්සන විදිහක්. හරි ලස්සන ගමනක්.
අර මූද පටන් ගන්න මුලදී, වෙරළයි මුහුදයි ඒ දෙකම අපිට එකපාර පාගන්න පුළුවන් වෙනව වගේ, යන්න යන්න, යන්න යන්න මූද පැත්තට, ඒකෙ ගැඹුර වැඩි වෙනව. ඩිංග ඩිංග ගැඹුර වැඩියි. වගේම මුහුද ඇතුලෙ ඔය ඇත්තොත් අහල ඇති, මේ මනුස්ස ලෝකෙ අපිට මේ ඇහැට පේන ලෝකෙට වඩා හරි විචිත්‍ර ලස්සන ලෝකයක් තියනව කියල. හරි චිත්තාකර්ශනීය, හරි දැකුම්කළු ලෝකයක් තියනව කියල. දැකුම්කළු වටපිටාවක් පරිසරයක් තියනව කියල.
හැබැයි අපි හැමදාම උත්සාහ කරන්නේ අර වෙරළ ගාවට වෙලා ඉන්න නම්, නමුත් හිතට පුළුවන්කම තියනව නම් භාවනාව තුල ඇතුලට ඇතුලට යන්න, අන්න හරස් වෙලා තියනවා ඒ ස්වභාවික ගමනට අපේ ආකල්ප. අපේ බලාපොරොත්තු. අපේ නැමියාව. අපේ උවමනාව. ඉතින් මෙන්න මේවත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ අර මහා දාර්ශනික වචනය වන 'දෘෂ්ටිය' කියන වචනය 'දැක්ම', 'අදහස' කියන එක ඉස්මතු වෙන්න පටන් ගන්නෙ.
මං අර පුන පුනාම කියන වචනය තමයි, සතිපට්ඨානය වැඩීම තුලින් අපි අර කියන සමථ කියන කොටසත් විපස්සනා කියන කොටසත් කියන දෙකම එක හා සමානව වැඩෙනවා කියන දේ. ඉතින් අපේ තියන ආකල්ප තමයි ඇත්තම කියනව නම්, ඔය මමායනයෙ තියන බැමි ටික. ඒ මමායනයට සම්බන්ධ වෙලා තියන බන්ධන ටික. එව්ව ටික අයින් කරගන්න පුළුවන්කම තියනවා නම්. ඒ කියන්නෙ මොනවද?
තමන්ගේ තියන ආකල්පයන්, තමන්ගේ තියන දැනුම්, තමන්ගේ තියන බලාපොරොත්තු, පොතපතින් ඉගෙන ගත්ත දේවල්, වෙන වෙන ගුරුවරුන්ගෙන් අහගත්ත දේවල්, අඩුම තරමෙ මේධාවි හාමුදුරුවො මේ කියන දේවල් පවා, පැත්තකින් තියලා ඔය ඇත්තන්ට පුළුවන්කම තියනව නම් මා පුතා සිහියට මුල් තැන දෙන්න, ඔන්න ඔයගොල්ලො දිනන්න පටන් ගන්නව. එහෙම නම් භාවනාව හරියාකාරයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොකද, අපි අපේ ජීවිතවල තියන දේ විනිවිද දකින්න පටන් ගන්න හන්ද.
එතකොට තමන්ගෙ තියන දෘෂ්ටිය තුල තියන, හිර වෙලා තියන, තමන්ව දුකට පත් කරන කාරණා, අතහැරීමට ඉගෙන ගන්නකොට, එහෙම නැත්නම් ඒවා අතහරින්න ඉගෙන ගන්න අනුකූල වෙනකොට, නැත්නම් ඒවා අතහරින්න, ඒ තියන අදහස් බැහැර කරන්න මාර්ගයක් පෑදෙනකොට, අන්න ඒක තුලින්මයි මේ අතහැරීම කියන එක
"යං නතුම්හාකං තං පජහත"
"යමක් ඔබගේ නොවන්නේ නම්, එය බැහැර කරන්න"
කියල බුදුරජාණන් වහන්සේ ඒ කියන ආරාධනාව, ඒ කියන දහම් පණිවිඩය, අපේ ජීවිතවලත් පැහැදිලිවටම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව. අපේ ජීවිත පින්වතුනි ගොඩක් වෙලාවට, අපගේ වෙන දෙයක් බැහැර කරනවා තබා අපේ නොවෙන දෙයක් බැහැර කරන්නත් අපි අකමැති අවස්ථාවල් තියනව. හැබැයි ඔය හැම එකකටම බෙහෙත් දෙන ඒ බෙහෙත් වට්ටෝරුව තමයි සතිපට්ඨානය කියල කියන්නෙ. ඒකයි බුදුරජාණන් වහන්සේට කියන්නෙ,
"වෙද්දූපමෝ ජිනවරෝ"
කියල. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් ඇත්තටම කියනව නම්. ධර්මයේ සඳහන් වෙනව,
"සල්ල කත්තෝ අනුත්තරෝ"
කියලත් කියනවා. අනුත්තර වෙච්ච අතිශ්‍රේෂ්ට වෙච්ච ශල්‍ය වෛද්‍යවරයෙක්.
"වෙද්දූපමෝ ජිනවරෝ
සද්දම්මෝ ඕසදූපමෝ"
එතකොට උන් වහන්සේගේ බෙහෙත් වෙන්නෙ මොනවද? සද්ධර්මය.
ඒ සද්ධර්මය අපේ ජීවිතවලට ගලපගන්නෙ කොහොමද?
සිහිය පිහිටුවා ගැනීම තුලින්.
ඒ සිහිය පිහිටුවා ගැනීම තුලින් අපිට හම්බ වෙන බෙහෙත් මොනවද? බෙහෙතටත් වඩා අපිට අහුවෙන ලෙඩ ටික මොනවද?
අර අපේ තියන ආකල්පයන් ටික. දෘෂ්ටියන් ටික.
ඒ දෘෂ්ටියන් ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ ඇත්තම කියනව නම් මිත්‍යා හැටියටමයි. සම්මා හැටියට නම් නෙවෙයි. ආ..ඒකට අර දහමේ තියන බෙහෙත, නැත්නම් සතිපට්ඨානය, ආලේප කරන්න ආලේප කරන්න, ඔන්න අපි මාර්ගය යහපත් පැත්තට පුරුදු වෙන්න පටන් ගන්නව. පුරුදු කරන්න ගන්නව. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ සතිපට්ඨානයට පින් සිද්ධ වෙන්නටයි.
ඔය ඇත්තොත් මමත් ඕක තේරුම් ගන්න බැරි, නැත්නම් ඕක තේරුම් කරල දෙන්න කවුරුවත් නැති ප්‍රදේශයක ඉපදුනා නම්, පින්වතුනි අපිත් අර අහසට අත් දික් කරගෙන අයදියි. අද වෙනකොට එක කණගාටුවකුත් තියනවා, අර බෞද්ධයො අතරෙනුත් පොඩ්ඩක් අර එහෙම බලාපොරොත්තු වෙන බවක් පෙනීගෙනත් යනව.
කොහොම නමුත් සතිපට්ඨානය කියන දේ පුරුදු කරන එක, නැත්නම් සිහියෙන් ඉන්නවා කියන දේ තමන්ගෙ ජීවිතේට ඈද ගන්න උත්සාහ කරන කෙනාට, තමන්ටම තේරෙන්න ගන්නවා ජීවිතේ තමන් දැකපු නැති දේවල් දකින්න පටන් ගන්නව කියල. මීට කලින් එක කාරණාවක් දිහා, එක දෙයක් දිහා, එක සිද්ධියක් දිහා, එක පුද්ගලයෙක් දිහා, දැකපු එක කෝණයක් තිබුනා නම්, ඔය විපස්සනාවට පින් සිද්ධ වෙන්න විශේෂයෙන් දකිනවා කියන, වෙනස් ආකාරයෙන් දකිනවා කියන, එහෙම නැත්නම් දුකක් නැති විදිහට දුකෙන් නිදහස් වෙන විදියට දකිනවා කියන එක, මට ඕන විදියටම දකිනවා කියන එකෙන් බැහැර වෙන විදියට අපි ඉගෙන ගන්න පටන් ගත්තහම, මේ ලෝකෙ ඇත්තොත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. ඒක ඔය ඇත්තන්ටම තේරෙයි.
ඒකෙ තේරුමක් නැහැ හැම වෙලාවකම අනික් අයට අපේ හිසට අත හෝදන්න දෙනවා කියන එක. ඒක නෙවෙයි. ඒ වුනාට අපි දන්නවා මේ සමාජය ලස්සන තැනක් බවට පරිවර්තනය කරගන්නෙ කොහොමද? ඒක කරන්න අතිශයෙන්ම අමාරු අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට, ඒ වටපිටාවෙන් බැහැර වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියල මම යෝජනා කරන්නත් කැමතියි. කෙසේ හෝ වේවා අපේ ඔය තියන අර මූලිකවම හිත යන තැන් ටික එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගත්තට පස්සේ, ඒව සාමයෙන් විසඳා ගන්න, ඒව හින්ද හිතේ කැළඹිල්ලක් ඇති කරගන්නෙ නැති වෙන්න, ඇති නොකර ගන්න, ඒව හින්ද භාවනාව අතරමඟ නතර කරල දාන්නෙ නැතිව ඒව තියනකංම සාමයෙන් ඉන්න හිත හදා ගන්නට, අර හිත දුවන තැන් ටික තවදුරටත් අපිට දුක් කාරණාවක් නොවෙන්න පටන් ගන්නව.
ඒ කියන්නෙ දුක් ඇති කර ගන්න විදිහේ සිද්ධියක් හෝ සිද්ධි දාමයක් හෝ අරමුණක් හෝ මොනයම්ම ආකාරයකින් හෝ කාරණාවක් නොවෙනව. හිත දුවන එක ඊට කලින් ප්‍රශ්නයක් වුනා තමයි. පසුකාලීනව අපි හිත දුවන එකට සාදර වෙන්න වුනාම, මනාප වෙන්න, කැමති වෙන්න වුනාම තවදුරටත් හිත දුවන එක මට කරදරයක් නෙවෙයි. මගෙ භාවනාවට බාධාවක් නෙවෙයි. මං දන්නව මේ හිතේ හැටි මෙහෙම තමයි. මේ හිත
"දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං"
ඔහොමනෙ කියන්නෙ. ඒක ඇත්ත. අපි ඒක අර බුදු පියාණන් වහන්සේ උන් වහන්සේගේ අර ධර්ම දේශනාවෙදි කියල තියන කාරණේ අපි දකින්න පටන් ගන්නව, අපේ ජීවිතය තුලිනුත්. "ඔව්, ඒක ඇත්ත" කියල. අපිට පේන්න පටන් ගන්නව "ඇත්ත", මේ හිත දුවන එක නම් දුවනවම තමයි.
ඊට කලින් ඒ දුවන හිතත් එක්ක අපි ඔට්ටු වෙන්න වුනා. අපිට ඕන වුනා මේක ගැටගහල තියා ගන්න මට ඕන තැනින්. එහෙම නැත්නම් මට ඕන වුනා මට ඕන දේ විතරක් හිතන්න. මේ හිත මනාප නෑ ඒක කරන්න. නමුත් දැන් ප්‍රශ්නයක් නෑ. අපි සතිපට්ඨානය පුරුදු කරන්න එන අය හැටියට මේකෙ නැහැ විශේෂය තිබිච්ච සිතුවිලි සමුදායක්. සතිපට්ඨානය ඇතුලෙ නැහැ පින්වතුනි, විශේෂිත වෙච්ච සිතුවිලි රාශියක්, හෝ මේ සිතුවිලි විතරයි හිතන්නෙ හෝ හිතෙන්නෙ, එහෙම මොකක්වත් එකක් මේකෙ නෑ. යමක් හිතෙනවාද? ඔව්, ඒක හිතෙනව. ඊට කලින් හිතිච්ච එක දැන් හිතෙන්නෙ නැද්ද? ඔව්, දැන් හිතෙන්නෙ නෑ. ඒක ඒ තරමටම සරලයි.
හැබැයි අපේ පුරුද්ද තියෙන්නෙ ඔයිට වඩා වෙනස්නෙ මා පුතා. හිතන්නෙ නැති වුනාම අපි හිතල දාගන්නවනෙ හිතුවිල්ලක්. ඉතින් කොහොම නමුත් ඔය කියන මූලික හිත දුවන දේවල්වලට, මේ මූලික දේවල් එක්ක, සාමයෙන් ඉන්න ඉගෙන ගත්තහම, ඒ සාමයෙන් ඉන්න විදිහ පුරුදු කරන්න වුනහම, තවදුරටත් හිත එහෙ මෙහෙ දිවුවට අපි කලබල නැති වෙයි. අර,
"ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති"
කියන්නෙ. ඔව් ලෝකෙ තියන දේවල්, මේ හතර වටේ තියන ඒව, කැළඹෙන්න පුළුවන්. සද්ද ඇහෙන්න පුළුවන්. හිත දුවන්න පුළුවන්. රස්නෙ තේරෙන්න පුළුවන්. සීතල එන්න පුළුවන්. කවුරු හරි කෑ කොස්සන් ගහන්න පුළුවන්. ඔය වගේ මෙකී නොකී මොන දේ තිබ්බත්, අපි හිත හදා ගත්තා නම් ඒ තියන ඕනම එකක් දැනගෙන, දැකගෙන, ඒවත් එක්ක නොඇලී, නොගැටී ඉන්න, අන්න අපි දියුණු වෙන්න පටන් අරන් තියනව. අන්න අර 'මට උවමනා දේ' කරනවා කියන තැනින් මොහොතකට නිදහස් වෙලා මේ ලෝකෙ තියන දේ මොකද්ද කියල දැකගෙන සාමයෙන් ඉන්න ඉගෙනගෙන. ඕක කරන්න හරි අමාරුයි.
මම අවංකවම කියනව ඕක කරන්න හරි අමාරුයි. ඉතින් කොහොම හරි, ඒ වටපිට තියන දේවල් තියනකංම, එව්වත් එක්ක ඔට්ටු වෙන්න යන්නෙ නැතුව, එව්වත් එක්ක අමනාපය ඇති කරගන්න යන්නෙ නැතුව, ගැටෙන්න යන්නෙ නැතුව, ඉන්න ඉගෙන ගත්තහම, ඊළඟට පින්වතුනි තමන්ගේම හිත, තමන්ගේම සිහිය, තමන්ගේම අවධානය, අපිට විශ්වාස කරන්න පුළුවන් ලේසි තැනකට අපිව අරන් යනව.
ඒ විශ්වාස කරන්න පුළුවන් ලේසි තැන තමයි අපේ ශරීරය.
අනිවාර්යයෙන්ම බාහිරට ඔය හිත යන එක, අනං මනං ටික බැහැර වුනාට පස්සෙ තමන්ට බාගදා, මේ ශරීරය වාඩි වෙලා නම් ඉන්නෙ, ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තේරේවි. අතපය තියන විදිහ තේරේවි. තමන්ගෙ බර සමහරක් විට තේරේවි. ඔය ඇඟේ තියන දේවල් අපි නවාගෙන කරගෙන ඉන්නෙ, මේ අඩුබඬු වගේ දේවල්, ඕව නැවිල තියන විදිහ තේරේවි. බාගදා ඒවා අර රෙදි වලට හිර වෙලා තියනව නම්, ඔව්ව තේරේවි. වේදනාවක් හරේ මෙහෙ තියනව නම්, සමහරක් විට වැඩිපුර නැමිල, වැඩිපුර හිර වෙලා, තද වෙලා තියන ගතියක් තියනව නම් ඔව්ව තේරෙන්න පටන් ගනීවි. මේක තමයි හිත අපිට මතක් කරල දෙන ඉඟිය, අර බාහිරට හිත යන ඒවට සාමයෙන් හිටියට පස්සෙ ඊට වඩා තියන ආරක්ෂිතම තැන මේ ශරීරය කියල.
ඒක තමයි අපිට තියන ඉඟිය. ඒක තමයි ශරීරය කතා කරන ශරීරයෙ භාෂාව ඇත්තම කියනව නම්. ඕකට 'ධර්මයේ භාෂාව' කියලත් කියනවා.
තායිලන්තයෙ නම් ඒ වචනෙ පාවිච්චි කරනව. ධර්මයේ භාෂාව කියල. ඉතින් ඒත් එක්ක අපි අර කොහේ ගියත්, මොනවා වුනත්, කවුරු අපිට ලං වුනත්, කවුරු අපෙන් ඈත් වුනත්, ජීවිතයට මොන දේ වුනත්, මේ ශරීරය අපිත් එක්ක ඉන්නවා වගේ. අර ආනන්ද හාමුදුරුවන්ගෙ අත්දැකීමෙන් උන් වහන්සේ කියන ඒ හොඳම යාළුවා ඒ හොඳම මිත්‍රයා, අපිට පුළුවන්කමක් තිබ්බොත් මේ ශරීරය කියලා හිතා ගන්න, පුරුදු කරන්න, ඒ කියන අදහසට එන්න, අපේ හොඳම මිත්‍රයා අපේ ශරීරයයි කියන ගරුත්වය ඒකට දෙන්න පුළුවන්කමක් තියනව නම් පින්වතුනි, ඒක එකහාම සමාන වෙනවා, අර අපි සාමාන්‍යයෙන් භාවනාව කරන්න පටන් ගන්නකොට හිත එහෙ මෙහෙ දුවනකොට ඒකට මනාප වුනා වගේම කියන ලක්ෂණයට.
එතකොට මේකෙ ඇතුලෙදි, භාවනා කියන ගමන තුලදී, මේ ගමන සිද්ධ වෙන්නෙ ඒකාකාර න්‍යාය පත්රයකට අනුකූලවමයි. ඒක සාමාන්‍ය ජීවිතයේ අපිට තණ්හාව අපි අල්ලගන්න ඒ ක්රමයම තමයි මේ. හැබැයි අරන් යනව අපි මේක අනිත් පැත්තට. ඉතින් මේ ආකාරයට අර තමන්ගේ ශරීරය හොඳම මිතුරා හැටියට, නැත්නම් හොඳම සාක්ෂිය හැටියට තබා ගැනීම මතින්ම අපිට මහා ආරක්ෂාවක්, මනා රැකවරණයක් වගේම හොඳ ආරම්භක ලක්ෂ්‍යයක් හම්බ වෙනවා අපිට ඕනෑම වෙලාවක භාවිතා කරන්න පුළුවන් වෙන තරමේ.
ආන් ඒකයි ඔය සක්මන් කරනකොට වගේ උපදෙස් දෙන්නේ, "මේ සක්මන තේරෙනවද පොඩ්ඩක් බලන්න, තමන්ගෙ හිත ශරීරයට එනවද කියල චුට්ටක් බලන්න" කියල. මොකද සක්මනේදී ඕක තේරුම් ගන්න තියන අවස්ථාව ගොඩාක්ම වැඩියි. මොකද සක්මනේදී අපිට හිත යන එකත් තේරෙන්න ඕන, තේරෙන්න පුළුවනි, වගේම ශරීරයට හිත එනවා කියන එකත් හොඳට තේරෙන්න පුළුවනි. ශරීරයට හිත ආවොත් තමයි සක්මන් කරන විත්තිය පවා තේරෙන්නෙ. අඩිය පොළොවේ තියවෙන එක, ගල් කැටයක් ඇනෙන එක පවා තේරෙන්නේ සක්මන් කරනකොටයි. දැන් පර්යංකයේදී සමහරක් විට ඕක අල්ලන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්.
කෙසේ හෝ වේවා මේ කියන තැනට පින්වතුනි, අපිට එන්න පාර පෙන්නුවේ, මේ තාක් දුරටම අපිව එක්කරගෙන ආවේ, අපේ උවමනාව හෝ ඕනෑකමට වඩා, අපි අර පුරුදු කරපු සිහියට ප්‍රධාන තැන දෙනවා කියන ඒ අදහසයි. "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන ආකල්පයයි. සිහියට ප්‍රධාන තැන දීලා, සිහියට මූලිකත්වය දීලා, මගේකමට, දන්නකමට, උවමනාකමට, කියන මේ හැම කමකටම යන්න දීලා ඉන්න පුළුවන් වෙච්ච තරමට.
ආන් ඒ දේ කරගන්න පුළුවන් වුනහම අපිට හම්බ වෙනවා, මං මේ සිහිය පුරුදු කරන, නැත්නම් සිහියට ප්‍රධාන තැන දෙන්න වුනහම, ඒ සිහිය පවතින්න පුළුවන් පැති දෙකක් තියෙන්න පුළුවන් කියල. කොහොම නමුත් අපේ ශරීරය තමයි පාදක වෙන්නෙ මේකෙ, බැම්ම වෙන්නෙ, නැත්නම් සීමාව වෙන්නෙ. එකක් බාහිර හැටියට අනිත් එක අභ්‍යන්තර හැටියට.
පහුගිය සතිවල කතා කරා ඕක සම්බන්ධයෙන් තියන අර සාධක පවා සූත්‍රවල. "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන එක බාහිර වශයෙන් වගේම, බුදු පියාණන් වහන්සේ වුනත් වර්ණනා කරල තියනව අභ්‍යන්තර "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන එකකට. "අජ්ජත්තං පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල පාලියෙ සඳහන් වෙනව.
එතකොට මයෙ පුතේ, අපිට පුළුවන්කම තියෙනව නම් භාවනාවට පෙරාතුව බාහිර අපිට ඔය දැනෙන, අපිට බාධා කරන දේවල් එක්ක සාමයෙන් ඉන්න, අන්න ඒ කෙනා තමයි අභ්‍යන්තරයෙ තියෙන දේවල් එක්කත් සාමයෙන් ඉන්න හිත හදා ගන්නෙ, ඉගෙන ගන්නෙ. එයාට ඒක මහ ලොකු අමාරුවක් වෙන්නෙ නෑ. එයාට ඒක මහා ලොකු බාධාවක්, කරදරයක් වෙන්නෙ නෑ.
මොකද මෙයා මේ කියන දේ කරන්න පටන් අරන් තියෙන්නෙ ආනාපානය දකින වෙලාවෙදි නෙවෙයි. ඊට පෙරාතුව ඉඳලම සිහියට ප්‍රධාන තැන දෙන්න එයා පටන් ගන්නව. එයා එතකොට එයාගෙ භාවනාව ආරම්භ කරල තියෙන්නෙ සමථය සහ විපස්සනාව කියන දෙක මත ඉඳල. සමථය වැඩිල තියෙන්නෙ විපස්සනාව හන්දයි. විපස්සනාව වැඩිල තියෙන්නෙ සමථය හන්දයි.
ඒක හරියට අර කකුල් දෙකක් තියනව වගේ වැඩක්. අපිට ගමනක් යන්න නම්, කකුල් දෙකක් තියනව නම්, ඒ කකුල් දෙකම හොල්ලන්න වෙනව. එක කකුලක් පොඩ්ඩක්වත් හොල්ලන්නෙ නැතුව, ඒක පොළවේ එක තැනකම තියාගෙන, ඒක කොහෙටවත් ගෙනියන්නෙ නැතුව, අනිත් කකුල විතරක් ගෙනියන්න උත්සාහ කලොත් එහෙම, අපිත් යයි ගමනක්. එක තැන රවුමක්. ඕන නම් කරල බලන්නත් පුළුවන් මේ විදියට. නමුත් සාර්ථක ගමනක් යන්න නම් අර කකුල් දෙකක් ඕන වෙනව වගේ මේ සමථය සහ විපස්සනාව කියන දෙකමයි අපිට උවමනා වෙලා තියෙන්නේ ප්‍රයෝජනවත් වෙලා තියෙන්නෙ ඔය කියන තැනට එන්න.
ඒ කෙසේ හෝ වේවා, සිහියට ප්‍රධාන තැනක් දෙන කෙනාට තේරෙන්න ගන්නව, භාවනාව තුලදී බාහිර වශයෙන් තමන්ට සිහියට ප්‍රධාන තැනක් දීල ඉන්න පුළුවන් වගේම, අභ්‍යන්තරික වශයෙනුත් තමන්ට සිහියට ප්‍රධාන තැනක් දෙන්න පුළුවන් කියල. දැන් අපි දැකපු නැති අළුත් පිටුවක්, පරිච්ඡේදයක් අපේ ජීවිතය තුල පේන්න පටන් ගන්නව. මොකද්ද?
මේ බාහිර සහ අභ්‍යන්තර කියල.
සතිපට්ඨාන කියන සූත්‍රයේදී ඔබ ඇත්තො අරගෙන බැලුවොත් බොහෝමයක් තැන්වල බුදු පියාණන් වහන්සේ කියන වචන දෙකක් ඕක. අපිට කියනව බාහිර හැටියට සිහිය පිහිටුවාගෙන, අභ්‍යන්තර හැටියට සිහිය පිහිටුවාගෙන කියල. මට මතකයි කටුකුරුන්දෙ ස්වාමීන් වහන්සේගේ ඔය 'නිවනේ නිවීම' කියන දේශනා පෙලේදි මට මතක හැටියට, උන් වහන්සේ කියනව හරියට ඔය බාහිර සහ අභ්‍යන්තරේ කියන දෙක අර පිහියක් මුවහත් කරන්න ඒ වගේ එකක්.
පිහියක් මුවහත් කරනකොට පින්වතුනි, අපි පිහියේ එක පැත්තක් ගානවා. වම් පැත්ත නම් වම් පැත්ත ගාල, ඊට පස්සෙ දකුණු පැත්තත් ගානව. මේ බාහිරට බාහිරට බාහිරට බාහිරට ගාල ඊළඟට, අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට කියල ගානව වගේ. උන් වහන්සේ කියනවා හැබැයි ඔය බාහිර සහ අභ්‍යන්තර කියන ඒ දෙපැත්ත, එහෙම නැත්නම් පිහියේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියන ඒ පැති දෙක, කොහොමද කියන්නෙ ඒ පැති දෙකම සුමට කරගෙන, ඒක තීව්ර කරගෙන, sharp කියල කියනව ඉංග්‍රීසියෙන්, එහෙම කරගෙන ආවහම එළියට ඉස්මතු වෙන තලය වමට අයිතිත් නෑ දකුණට අයිතිත් නෑ. ඒක අභ්‍යන්තරයට අයිතිත් නැහැ බාහිරට අයිතිත් නෑ.
අන්න ඒකයි මේ ධර්මයෙ තියන ආශ්චර්යය.
ඉතින් කොහොම හරි, ඔය භාවනාව පටන් ගන්න කලියෙන් අර මූලිකවම තියන දේවල් එක්ක සිහියෙන් ඉන්න, සාමයෙන් ඉන්න, හෝ ඒවා අතහරින්න ඉගෙන ගන්න කෙනාට ලේසි වෙනවා, අභ්‍යන්තරයෙ තියන ඒව ගැන සිහියෙන් ඉන්න. ඒව දකින්න. ඒවත් එක්ක සාමයෙන් ඉන්න. වගේම ඒවා අතහරින්න.
බාහිර වශයෙන් ඒ ඒ තියන දේවල් ටික හොඳට පුරුදු කරපු කෙනෙක්ට අභ්‍යන්තර ගමන මාරම ලේසියි කියල කියන්නෙ.
එතකොට ඇත්තටම එයාට කරන්න තියෙන්නෙ, අර බාහිර වශයෙන් පුරුදු කරපු න්‍යාය අභ්‍යන්තරයට දාන එක විතරයි. හැබැයි මම අවධාරණයෙන් කියන්න ඕන තවත් කාරණයක් තියනවා. ගොඩක් වෙලාවට අපේ භාවනාව අපිට නීරස වෙනව නම්, භාවනාවෙන් අරතිය වැඩි වෙනව නම් මූලිකවම (ගොඩක් වෙලාවට ඕක තියෙන්න පුළුවන්) භාවනාව අපිට එපාවෙලා යනව නම්, ඒකට ප්‍රධාන හේතුව තමයි අර අපේ බාහිර දේවල් එක්ක අපේ සාමයෙන් ඉන්න ඉගෙන ගෙන නැතිකම. මම ඒක නම් අවධාරණයෙන් කියන්න ඕන.
මොකද අපිට භාවනාව එපා වෙන්නෙ, ආනාපානය දැනෙනව නම්, පේනව නම් නෙවෙයි. ආනාපානය හොඳට සුමටව තියනව නම් භාවනාව ඇත්තටම එපා වෙන්න උවමනාවක් ඇත්තේම නැත. නමුත් ඕක තිත්ත වෙන්නෙ, ඕක මහා වදයක් වෙන්නෙ, මේක නම් මං ආයෙ කරන්නෙම නෑ කියන තැනට පවා හිත එන්නෙ, බාහිරට හිත යන ඒව, සද්ද ඇහෙන ඒව, මේ ඇඟ රිදෙන්න පටන් ගන්න ඒව, ඒ කියන ඔය වගේ කාරණාවන් එක්ක සාමයෙන් ඉන්නෙ කොහොමද? නැත්නම් ඒවා හරියට පාලනය කර ගන්නෙ කොහොමද? ඒවා හසුරුවා ගන්නෙ කොහොමද? එහෙමත් නැතිනම් ඒ දුකෙන් නිදහස් වෙන්නෙ කොහොමද? කියල දන්නෙ නැති අයට. ඒක දන්නෙ නැති හින්ද තමයි භාවනාව ගොඩක් දුරට නීරස වෙන්නෙ. භාවනාව ගොඩක් දුරට තමන්ට අපථ්‍ය වගේ. මේක නම් මට හරියන එකක් නෙවෙයි කියල හිතෙන්නෙ.
ඉතින් ඒක පුරුදු කරන එක ලේසි නෑ. අර තමන්ගෙ තියන අභිලාෂයන් පැත්තකින් තියන්න වෙනව. ඒක නිසයි සතිපට්ඨානයට ගොඩක් වෙලාවට කැමතිත් නැත්තෙ.
කවුරු හරි අපිට කියනව නම්, "ඔය ඇත්තන්ට මෙහෙම මාර්ගඵල තියනවා. දැන් ඔන්න ධ්‍යාන මතු වෙලා තියෙන්නෙ ඈ.." කියල එහෙම කිවුව නම් එහෙම ඉතින් ගොඩක් මනාප වෙන්න පුළුවනි. නමුත් සතිපට්ඨානය තුල එහෙම එකක් නෙවෙයි මා පුතා එළියට එන්නෙ.
මේකෙ පෙන්නන්නෙ ඇත්ත ඇති සේ.
තියෙන්නෙ මොකද්ද තියෙන්න දෙන්න. තියෙන්නෙ තරහද? "ආ..තරහ තමයි තියෙන්නෙ." නමුත් අපි හිතන්නෙ එහෙම නෙවෙයි. අපේ තරහ තියනව නම් අපි හිතන්නෙ "නෑ..මං තරහෙන් නෑ, පිස්සුද?" එහෙමනෙ අපි හිතන්නෙ. "ඔයා සිහියෙන් නෙවෙයිනෙ" කියල කවුරු හරි කිවුවොත් එහෙම, "පිස්සුද? මං සිහියෙන් ඉන්නෙ, විකාර කතා කරනව මේ. මං සිහියෙන් ඉන්නෙ. මං දන්නවනෙ මං ඉන්නවද නැද්ද කියල." එහෙම එකක් තියෙන්නෙ.
නමුත් අපි තුල තියන ඇත්ත, අපි ගාව තියන සත්‍යය, දකින්න පේන්න වගේම දරාගන්න ඉගෙන ගන්නවා කියන එකයි, අනුමත කරන්න ඉගෙන ගන්නවා කියන එකයි, අපක්ෂපාතී නිරීක්ෂණය තුලින් කෙරෙන්නෙ. සිහිය පිහිටුවා ගැනීම තුලින් කෙරෙන්නෙ.
එහෙම නැති නම් ඔය නිරීක්ෂණය පක්ෂපාතයි. මට ඕන දේ මොකද්ද? ඒක තමයි මං බලන්නෙ. ඒකට අපි කියමු 'ආත්මය' කියල. ඒකට අපි ඉතින් කියමු ආත්ම සංඥාව පුරුදු කරනවයි කියල. මිත්‍යා දෘෂ්ටිය වඩනව කියල කියමු.
ඉතින් තමන්ට උවමනා දේ නම් කරන්නේ, ආත්ම සංඥාව නම් වඩන්නේ, මිත්‍යා දෘෂ්ටිය නම් ඇති කර ගන්නේ, ඒ කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට කිට්ටු වෙනව වත්ද? (ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ සම්මා පැත්ත තමයි කෙහොම නමුත්) ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුරස් වෙනවද? කියල ඔය ඇත්තොම තීරණය කරන්න ඕන.
ආර්ය අෂ්ටාංගික මාර්ගයට කිට්ටු වෙනවා කියන්නෙ සෝතාපන්න ආදී මාර්ගඵල සාක්ෂාත් කර ගන්න කිට්ටු වෙනවා නම්, ඒකෙන් බැහැර වෙනවා කියල කියන්නේ, එහෙනම් ඉතින් සංසාරයට කිට්ටු වෙනවා කියන එක නේද? කියන ඒ අවවාදයත් අපි හිතට ගන්න ඕන.
ඉතින් පින්වතුනි, මේ කියන හපන්කම කරන්න පුළුවන් වෙන්නෙ අපි මේ හිතේ නිමිත්ත ඉගෙන ගත්තොත් තමයි.
"සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගංහාති"
හිත දැකීම සහ හිත ක්‍රියාත්මක වෙන ආකාරය ඉගෙනීම කියන දෙක ඉතාම වැදගත්, අතිශයින්ම වැදගත්, මේ භාවනාව තුල. අපි ඇත්තටම කියනව නම් හිත් කියවන්න ඉගෙන ගන්නෙ. අවංකවම ඒක කියන්න ඕන. වෙන කාගෙවත් නෙවෙයි හැබැයි තමන්ගෙ.
ඉතින් මේ හිත දැකීම සහ ඒක සිදු කරන්නෙ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ උගන්වපු දේශනාවක් තියනවා සංයුක්ත නිකායෙ පහේ. සූත්‍රයේ නම 'සූද'. සූද කියල කියන්නේ අරක්කැමිය කියලයි කියන්නේ. නමුත් මේ අරක්කැමියා කෑම හදලා රජ්ජුරුවන්ට දෙන එක්කෙනෙක්. එයාම තමයි හදන්නෙත්, එයාම තමයි ඒවා රජ්ජුරුවන්ට පිළිගන්වන්නෙත්.
දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රජ්ජුරුවන්ට කෑම දීල තමන්ට කන්න ඕන ටික රජ්ජුරුවන්ට කිට්ටු කරනව එක දවසකදි. ඉන්න අරක්කැමියෙක් මොකද කරන්නේ, මේ මනුස්සයා උයනවා මිනිහට ඕන ටික. වර්ග ගොඩක් ඉතින් උයන්න ඇතිනෙ. රජ්ජුරුවොනෙ. තියන කෑම ටික ඔක්කොම උයන්නත් වෙන්න පුළුවන්නෙ බාගදා. මං දන්නෙ නෑ එව්ව ගැන. හාමුදුරුවො වගේ නෙවෙයිනෙ. අපිට නම් ඉතින් ලැබෙන්නෙ මොකද්ද ඕක කන්න වෙනව ඉතින්. හා හෝ වේවා, නෑ හෝ වේවා, ගල් දාල තිබ්බත් එකයි, ලුණු දාල තිබ්බත් එකයි, නැතත් එකයි, අපිට වළඳන්න වෙනව. රජ්ජුරුවො එහෙම නෑ නෙ. එයාට විශේෂයෙන් තියන්න ඕන.
ඉතින් අර පළවෙනි අරක්කැමිය මොකද කරන්නෙ. එයා කෑම හදලා රජ්ජුරුවන්ට තියනව. රජ්ජුරුවො කන්නෙ මොනවද? කැමති මොනවද? කියල හොයන්නෙ බලන්නෙ නෑ. මෙයා කිට්ටු කරන්නෙ මෙයාට කන්න ඕන එක රජ්ජුරුවො. මෙයා හිතනව බණ්ඩක්ක කන එක හොඳයි රජ්ජුරුවො ඇඟේ අමාරුවකුත් තියනවනෙ. හන්දි අමාරුවට බණ්ඩක්ක හොඳයි, දැන් දෙනව මෙව්ව කියල. නමුත් රජ්ජුරුවො එදාට බණ්ඩක්ක කන්න කැමති නැති වෙන්න පුළුවන්.
ඉතින් පස්සේ ඊළඟ දවසෙ ඉන්නවා තවත් අරක්කැමියෙක්. එයා අර පරණ අරක්කැමිය වගේ නෙවෙයි, එයා වෙනම විදිහෙ කෙනෙක්. එයා මොකද කරන්නෙ? රජ්ජුරුවො කෑම කන දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳල යම්කිසි කෑමකට රජ්ජුරුවො අත යොමු කරනව ද කෑම අතින් ගන්නව ද ආ..ඒ කෑම එක තව ටිකක් ගෙනැල්ල පුරවනව. ඒ කෑම එක රජ්ජුරුවන්ට කිට්ටුවෙන් තියනව. යම්කිසි කෑම එකකට රජ්ජුරුවො අකමැති වෙනව වගේ යමක් පෙන්නනව ද ඒකට මනාප නෑ වගේ, ඒක නොගන්නව වගේ ද ඒ කෑම එක රජ්ජුරුවන්ගෙන් පොඩ්ඩක් බැහැර කරල තියනව. ඈත් කරනව. ඔය ඇත්තො මොකද හිතන්නෙ? කවුරු මොන අරක්කැමියද වැඩිපුර සංතෝසම් ගන්නෙ? අපි කියනව අද කාලෙ ඕකට tip එක කියල. කවුරු වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම දෙවනිය. මොකද එයා,
"සකස්ස භත්තං නිමිත්තං උග්ගංහාති"
කියලයි කියන්නෙ පාලියෙන්. එයා රජුජුරුවො ආහාර ගන්න කැමති වෙන දේ මොනවද කියල ඉගෙන ගත්ත කෙනෙක්. පළවෙනි එක්කෙනා ඇත්තටම කලේ තමන්ට ඕන දේ රජ්ජුරුවන්ට කන්න දෙන එක. ඒක ඉතින් එයාගෙ දැනුමෙන් මොනව හරි කරන්න පුළුවන්. "මේව කන එක හොඳයි අඟහරුවාදට. Research එකක් කරල තියෙනවා, ඒකෙ හැටියට මේවත් එක්ක මේව තමයි හොඳටම තියෙන්න. මේක සී විටමින් තියනව, අනිත් එකේ නම් ඩී තියෙන්නෙ. මේකෙ ඉසෙඩ් හරි මොනව හරි තියනව. ආ ඒ හින්ද මේ ටික හොඳයි" හිතන්න පුළුවන්. නමුත් රජ්ජුරුවො කැමති නෑ වැඩේට.
ඔතනදි පින්වතුනි ඔය රජ්ජුරුවො තමයි අපේ හිත. අරක්කැමිය තමයි අපි. අපේ භාවනා ගමන තුලදි අපිට තියන ලොකුම බාධකය තමයි අපි ඔය 'හිතේ නිමිත්ත' ඉගෙන ගන්නෙ නැතිකම. අපි ගොඩක් වෙලාවට රඟ දක්වන්නෙ අර වැරදි අරක්කැමියගෙ චරිතයයි අපේ භාවනාව තුලදී. ඒ මොකද්ද?
රජ්ජුරුවො ඉන්නවා. එයාට එදාට කරන්න පුළුවන්, කන්න පුළුවන් දේ තමයි 'හිත එහාට මෙහාට දුවවන' එක. නමුත් අපි කැමතියි 'ආනාපානය' කවන්න. මං 'ආනාපාන' භාජනේම ලං කරනව රජ්ජුරුවන්ට. ඉතින් කයිද? කන්නෙ නෑ. දික් කරනව කන්නෙ නෑ. රජ්ජුරුවන්ට තරහ යන්න පුළුවන්..අන්න හරි. ඒකත් අනිවාර්යයෙන් වෙලා තියනව. අපිටත් ඕක වෙලා තියනව. රජ්ජුරුවො නැඟිටල යනව. අපිත් එහෙම තමයි නැඟිටල යනව භාවනාවෙන්. ඒකට හේතුව තමයි,
"සකස්ස භත්තං නිමිත්තං න උග්ගංහාති"
එහෙම නැතිනම්,
"සකස්ස චිත්තස්ස නිමිත්තං න උග්ගංහාති"
හිත එදා ඇත්තටම ඒ වෙලාව තුලදී මොකද්ද මනාපය? හිතේ කැමැත්ත තියෙන්නෙ මොකද්ද? කියන එක ඉගෙන ගත්තෙ නැති හින්දා, තේරුම් ගත්තෙ නැති හින්ද, මට ඕන දේ කරන්න ගිය හන්ද, වැඩේ..., ඕකට සිංහල භාෂාවෙ වචනයක් තියනව 'අන්ජිබජල් වුනා' කියල. සම්පූර්ණ මේක කඩාකප්පල් වුනා.
හැබැයි ඊට වඩා අපි අර සිහියට ප්‍රධාන තැන දීලා, අපේ ඕනකමට යන්න දීලා, සිද්ධ වෙන දේ තේරුම් අරගෙන, ඒ සිද්ධ වෙන විදියට අපේ ආකල්ප සකස් කරගන්න උත්සාහවන්ත වුනා නම්, හිතේ නිමිත්ත, ඒ හිතේ අදහස දකින්න තේරුම් ගන්න උත්සාහවන්ත වුනා නම් පින්වතුනි, හිත දුවනකොට ආ..ඒකට මනාප වෙනව. මනාප වෙලා ඒකත් එක්ක සාමයෙන් ඉන්න පටන් ගන්නවා. අමනාප වෙලා හෝ ඒකට විරුද්ධය පාලා, මට ඕන තැනට ගන්න හදන්නෙ නැතිව. අන්න ඒ ස්වභාවයකට අපේ හිත පත් කර ගන්න පුළුවන්කමක් හම්බ වෙනව. එහම වුනෝතින් එහෙම හිත තැන්පත් වෙනවා කියන එක, අපි මේ වෙනකොට හිතාගෙන ඉන්නව නම්, මේ ආනාපානය බලන එකේ විතරයි මගෙ හිත තැන්පත් වෙන්නෙ කියල, ඕකෙ තේරුම ඊට වඩ වෙනස් විදිහකින් තෙරෙන්න පටන් ගන්නව.
හිත දුවන එක දැනගන්න එකත් හිතේ තැන්පත්කමක් තමයි. ඇත්තටම කියනව නම් ආනාපානය දිහා බලාගෙන හිත තැන්පත් කර ගන්නවටත් වඩා හරි ලොකු වටපිටාවක්, හරි ලොකු විශේෂ අගයක් තියෙන්න පුළුවන් අර හිත දුවන වෙලාවට තමන් ඒකත් එක්ක නොදුවා, දුවන්නෙ නැතුව, තැන්පත් වෙලා ඉන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවට කිට්ටු කරලා මං අද දවසේදී දේශනාව සමාප්ත කරන්න කල්පනා කරනවා. අද මේ දේශනාව තුලින් යම්කිසි කාරණාවක් ඉගෙන ගත්තා නම් ඔය ඇත්තන්ගෙ භාවනා ජීවිතය සාක්ෂාත් කර ගන්න හෝ යහපත් අතට පරිවර්තනය කරගෙන යන්න, එය ඒ ආකාරයෙන්ම සිදු වේවා කියල මම බලාපොරොත්තු වෙනව. සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 6
ආනාපානසති භාවනාවට අවතීර්ණ වීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතී යස්ස
පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා
බුද්ධේන දේසිතා
සෝමං ලෝකං පභාසේතී
අබ්භාමුත්තෝව චංදිමා තීතී"
ශ්රද්ධාවන්ත, භාවනාවට හිතානුකම්පී පින්වතුනි,
අදත් අපි සතර සතිපට්ඨානය කියන බුදුරජාණන් වහන්සේගේ අසහාය ගණයේ සොයාගැනීම කේන්ද්‍රගත කරගෙන සිදු කරන ධර්ම සාකච්ඡාවටයි මේ එළඹිලා තියෙන්නෙ. පහුගිය සති කිහිපය පුරාවටම ඔය ඇත්තොත් බලන්නත් ඇති හාමුදුරුවො සතිපට්ඨානය කියනව වුනාට භාවනාවක් ගැන නම්, තාම නම් හරියටම මුකුත්ම කියවුනේ නැහැ කියල. ඔව් ඒක ඇත්ත.
පහුගිය සති කිහිපය පුරාවටම උපදෙස් දෙන්න උවමනා වුනා, අපි හිතනව නම් මේ සතිපට්ඨානය කියන එක භාවනා මෙට්ටයට හෝ පර්යංකයට විතරක් සීමා වෙන දෙයක් කියලා, ඒකේ ඊට වඩා බරක් පතලක් තියෙන විත්තිය කියන්නයි අපිට උවමනා වුනේ. ඒක ඊට වඩා විකාශනය වෙන්න පුළුවන් කාරණාවක් කියන එකයි කියල දෙන්න ඕන වුනේ.
මොකද සාමාන්‍ය ජීවිතයෙදිත් ඔය කියන සතිය කියන වචනය හෝ සතිය කියන ලක්ෂණය, එහෙම නැත්නම් සිහිය කියන ලක්ෂණයට, සිහිය කියන කාරණයට අපිට නිවැරදි තැනක් දෙන්න පුළුවන් නම්, අපිට තියන අර පුරුද්දට තියන සිහිය දැනුවත් භාවයකින්ම තියන සිහියක් බවට නැත්නම් සම්මා සතියක් බවට පරිවර්තනය කර ගන්නට හැකියාවක් ඉඩ ප්‍රස්ථාවක් ලැබේවි.
එහෙම වුනා නම් පින්වතුනි, භාවනාව තුලදිත් අපිට භාවනාව ඉදිරියට කරගෙන යන්න තියන රුකුල, තියන අභිලාශය, තියන තල්ලුව ඉතා වැඩි වෙන්න පුළුවනි. ඉතින් ඔය කියන කාරණේ මූලිකවම කතා කරලා පහුගිය සති කිහිපය පුරාවටම ඔය ඇත්තන්ට අර භාවනාවට පෙරාතුව තමන් කරන කියන දේවල්වලට සතිමත් වෙන්න දැනුම ඇති කර ගන්න, වර්තමානය තුල පුළුවන් තරම් පිහිටුවන්න, පුළුවන් තරම් වර්තමානයට වෙලා ජීවත් වෙන්න, ඒ කරන කියන දෙයත් එක්ක ජීවත් වෙන්න, උපදෙස් දෙන්න යෙදුන. මම විශ්වාස කරනවා ඒව මතක ඇති කියලා. ඒ දේවල් පුරුදු කරන්න ඇතියි කියල.
කොහොම නමුත් ඒ කියන කාරණාවල් මා පුතාල ටික පුරුදු කරල තියනව නම්, භාවනාවට කලින් එහෙම නම් ඔය ඇත්තන්ගෙ භාවනාව බොහොම සාර්ථකව සිද්ධ වුනා කියන වචනය කමටහන් වාර්ථාවෙදි ඇහෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඉතින් අර මූලික කාරණාවල්වලට ඒ තරම් අවධානයක් නොදක්වපු බව තමයි, කියන එකයි, කියන්න තියෙන්නෙ කමටහන හරියට සිද්ධ නොවෙනවා නම්.
කෙසේ හෝ වේවා පහුගිය සතියේ සාකච්ඡාව අවසාන කරන තැනට, නැතිනම් ධර්ම දේශනාව අවසන් කරන තැනට එනකොට අර නිදහස් තැනකට ගිහිල්ල වාඩි වෙන කෙනා සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියන කාරණාවට මම ඔය ඇත්තන්ව අරගෙන ආපු විත්තිය බාගදා මතක තියෙන්න පුළුවන්. ඉතින් එයාට ඒ සිහියට ප්‍රධාන තැන දෙනවා කියන එක භාවනාවට වාඩි වුනාට පස්සේ කරන්න මහ ලොකු අමාරුවක් නෑ. ඒක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ එයාට.
මොකද සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට එයා ප්‍රධාන තැන දෙන්න ඉගෙනගෙන තියනව. ඒ සිහියට ප්‍රධාන තැන දෙන්න, නැත්නම් වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේට ප්‍රධාන තැන දෙන්න, මුල් අකුරු කියවන්නෙ, මුල් පොත් කියවන්නෙ, පළවෙනි පාඩම කරන්නෙ, ඔය කියන විදියට එයා භාවනාව තුලදී නෙවෙයි. ඒක සාමාන්‍ය ජීවිතයේදීත් කරල තියනව. එතනදි තියෙන්නෙ ඒක භාවිතයට ගන්න එක විතරයි. ඕක අපි කියමු "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල.
සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්න කෙනාට තේරෙන්න ගන්නවා, කාරණා තුනක් ප්‍රධාන වශයෙන්ම වගේ ගන්න පුළුවන්. එකක් තමන්ගේ අවධානය, තමන්ගේ සිහිය, සතිය, මනස, තමන්ගේ ශරීරයෙන් බාහිරට යන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ ශරීරය මතට පතිත වෙන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ ශරීරයෙන් අභ්‍යන්තරයට එන්න පුළුවන්.
තමන්ගේ ශරීරයෙන් බාහිරට සිහිය යනවා කියල කියන්නේ පින්වතුනි, ඔය සද්ද බද්ද ඇහෙන එක, හිත වටපිටාවෙ දුවන එක, ඒක සිතුවිලිවල දුවන ඒවා, ඒ වගේ දේවල් සලකන්න පුළුවනි. ශරීරය මතට තමන්ගේ සිහිය, අවධානය එනවා කියන එක, ඒක තේරෙන්න ගන්න ඕන අපිට අපේ ශරීරයේ සමහර විට බර තේරෙනව නම්, ශරීරය උඩ මැස්සො නැත්තං, මේ හමේ මැස්සො හරි මොක්කු හරි සත්තු හරි කූඹි හරි කමක් නෑ ඒ ගොල්ලො ඇවිදිනව නම්, ඒ වගේ දේවල් තේරෙනව නම්, දාඩිය ගලන හැටි තේරෙනව නම්, හුළඟක් වදින විදිහක් තේනෙව නම්, රස්නෙ තේරෙනව නම්, වෙන කවුරු හරි ළඟින් ඇවිදිනව නම්, ඒ ඇවිදිනකොට එයාගෙ ඇඟේ තියන රස්නෙ අපිට තේරුනා නම්, එහෙම නැත්නම් සක්මන් කරනකොට අවකාශයක් තුල සක්මන් කරල බිත්තියකට කිට්ටු වෙනකොට තේරෙන්න පුළුවන්, (ඒ බිත්තිය කිට්ටු වෙද්දි ඒ බිත්තියේ තියන රස්නෙ ඇඟේ ස්පර්ශ වෙන විදිහ අර අවකාශය තුල ඉඳල යනවාට වඩා) අන්න ඒ වගේ සංඥාවලින් තමයි අපිට කියවෙන්නේ, කියල දෙන්නේ, අපි අපේ හිත මේ වෙනකොට ශරීරය මත පිහිටල තියනව කියල.
ඉතින් අර සිහියට ප්‍රධාන තැන දෙන භාවනා යෝගියාට උවමනාවක් නෑ ආනාපානෙ හොයන්න. ආනාපානයම බලන්න. මොකද එයා ප්‍රධාන තැන දෙන්නෙ සිහියට මිසක තමන්ගේ සිතැඟියාවට නොවෙන හින්ද. ඔන්න ඔය කියන කාරණාවත් එක්ක තමයි මම කියන්න උත්සාහ කලේ, උපදෙස් දෙන්න හිතුවේ, සතිපට්ඨානය තුල සමථය සහ විපස්සනාව කියන දෙක එක හා සමාන වෙලාවක එකට එකතු වෙලා අපේ ජීවිතේ ඉස්සරහට අරන් යනව කියල.
අපි ආත්ම සංඥාව කියන එක දකින්නේ හිතේ තැන්පත්භාවය තිබිච්ච හින්දයි. හිතේ තැන්පත්භාවය හදා ගත්තේ ආත්මභාවය නැත්නම් ආත්ම සංඥාව පුළුවන් තරම් අයින් කරපු හන්දයි කියන කාරණා ද්විත්වය අපිට තේරෙන්න ගනීවි.
කෙසේ හෝ වේවා බාහිරට නම් හිත යන්නේ, තමන්ගේ ශරීරයෙන් ඒ වග මනාව තේරුම් ගන්න අපි ඉගෙන ගනීවි තමන්ගෙ තියන අභාමතාර්ථයට එන්නෙ නැතුව. ශරීරයට මත නම් අපේ සිහිය පිහිටවෙන්නේ, ඒක තේරුම් ගන්න ගනීවි අර බාහිර තියන සද්ද බද්දවලට නැතිනම් ඒකට කොච්චර රුචියක් කැමැත්තක් තිබුනා හෝ නැතා ඒවට එල්ඹෙන්නෙ හෝ ඒව ප්‍රාර්ථනා කරන්නෙ හෝ බලාපොරොත්තු වෙන්න ඉටා ගන්නෙ නැතුව ලැබෙන දේ තුලින් සංතෝස වෙන්න හිත හදා ගන්න කෙනෙක් බවට පරිවර්තනය වේවි.
ඔය වගේමයි අපේ හිත, අපේ අවධානය, සිහිය, සතිය, අපේ ශරීරය ඇතුලට අරගෙන යනව නම්, මේ ශරීරය ඇතුලෙ තියන වේදනාවල්, රිදීම්, කැක්කුම්, නලියන දේවල්, සීතල තැන්, රස්නෙ තැන්, හුස්ම තියෙන තැන්, හුස්ම තියෙන වෙලාවල්, ඔය අනං මනං මොන මොනව හරි කමක් නෑ තේරෙන්න ගනියි. එතකොට ඒවගෙන් හැඟෙන්නේ අපේ සිහිය තියෙන්නෙ දැන් ශරීරය ඇතුලෙ කියන එකයි.
හැබැයි ඔතන පොඩි සූක්ෂමභාවයක් තියනවා ශරීරයෙ බාහිරට යනකොට ඒ බාහිරට ගිය හිත හඳුනා නොගත්ත කෙනාට, ඒ බාහිරට ගිය හිත තේරුම් ගන්න බැරි වෙච්ච කෙනාට, උවමනාව තියනවා හිත අරගෙන එන්න ශරීරය අභ්‍යන්තරයට. ශරීරය අභ්‍යන්තරයට එන්න නම් මේ ශරීරය මතුපිටත් පහු කරල එන්න ඕන. එතකොට අර බාහිරට තියන, බාහිරට ගියපු හිත කියන එක තේරුම් ගන්නෙ නැතුව එකපාරටම ආනාපානයකට එන්න දඟලනවා නම් පහුගිය සතියෙදි ඔය ඇත්තන්ට මං කියල දුන්නා මතක ඇති අර අරක්කැමියො දෙන්නෙක්ගෙ කතාවක්.
එක්කෙනෙක් ඉන්නව රජ්ජුරුවන්ට කෑම දීල, මේසෙට ඒ කෑම ටික ඇරල, රජ්ජුරුවො මොනවද කන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවටද වැඩිපුර අත යොමු කරන්නෙ? මොනවද අද එච්චර වළඳන්න නැත්නම් අද කන්න අකමැත්තක් දක්වන්නෙ? කියල බලාගෙන ඉන්නෙ. බලාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නව බලාගෙන ඉන්නෙ නැති කෙනෙකුත් ඉන්නව. බලාගෙන ඉන්න කෙනා රජ්ජුරුවො කන්න කැමති කෑම තව තව ඒ භාජනයට එකතු කරනවා. එහෙම බලාගෙන ඉන්නෙ නැති කෙනා, නිමිත්ත ඉගෙන ගත්තෙ නැති කෙනා, අර ඕන නැති දේවල් භාජනේට පුරවන්න දඟලනව.
අපේ ජීවිතේ තුලත් භාවනාවේදී අපි කරන්නෙ ඔය වගේ දෙයක්. භාවනාව හරියට සිද්ධ වෙලා තියනව නම්,
"සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගංහාති"
කියන එක, හිතේ නිමිත්ත දන්නවා කියන එක, අපි මනාකොට කරල ඇති. හිත බාහිරට ගියා නම්, ඒ බාහිරට හිත ගිය විත්තිය අපි අනුමත කරල ඇති. හිත බාහිරට ගිහිල්ල ශරීරය මතට ආව නම් හෝ ශරීරය අභ්‍යන්තරයට ආව නම් අපි ඒකත් අනුමත කරල ඇති අර බාහිරට ගිය එක ප්‍රාර්ථනා කරන්නෙ හෝ බලාපොරොත්තු වෙන්නෙ හෝ ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව.
ඉතින් ඕන් ඔය කියන නිමිත්ත ඉගෙන ගත්ත කෙනා මනාකොට දන්නවා මේ වෙලාවෙදි මගේ හිතේ වැඩිපුර බලයක් තියෙන්නේ බාහිරට යන්නටයි. එහෙම නැතිනම් තවත් වෙලාවකදි, මේ වෙලාවෙදි නම් හිතේ වැඩිපුර යොමුවක් තියෙන්නෙ ශරීරය මත ඉන්නටයි. තවත් වෙලාවකදි තේරෙන්න පුළුවන් මේ වෙලාවෙදි නම් අර බාහිර සද්ද බද්ද ඇහුනට, ශරීරය මතුපිටත් තේරුනා වුනාට, දැන් නම් හිතේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙන්නෙ ශරීරයටයි. ශරීරය ඇතුලෙත් වේදනාවලුත් තියනවා. ඒ තිබ්බා වුනාට ඒ වේදනාවල් වුනත් දැක දැක ඒවත් තියනකම්ම හුස්මක් බලන්න පුළුවන් තැනකට කිට්ටු වෙලා තියෙන්න පුළුවන්.
දැන් හිතල බලන්න මයෙ පුතා ඔය කියන ආනාපානෙ දකිනවා කියන තැනට එන්න අපේ ගාව කොයි තරම් නම් සංවරකමක් අපි හදාගන්න ඕනද කියල. මතක ඇති මේ සතිපට්ඨාන දේශනා පෙලේ පළවෙනිම දේශනයෙදි මං කලේ සංවරභාවය හදා ගන්න ඕන කියන එක. ඇත්තටම කියනව නම් ඔය දේශනා පෙළ හරි පිළිවෙලක් තියන එකක්. ඒක ඒ විදියට කරන්න මං කල්පනා කලා. කෙසේ හෝ නමුත් හරියට ඔය නිමිත්ත නොදන්න කෙනා හිත බාහිරට ගියපුහම අභ්‍යන්තරයට ඇදල දා ගන්න යනවා. අභ්‍යන්තරයට ආපුහම බාහිර ප්‍රාර්ථනා පටන් ගන්නත් පුළුවන්. ඒ නිමිත්ත දන්නෙ නැති හින්ද. අර වැරදි අරක්කැමිය වගේ.
වැරදි අරක්කැමිය කවදාවත් රජ්ජුරුවන්ගෙන් වැඩිපුර සංතෝසම් ලබා ගත්තෙ නෑ. එයාට කවදාවත් දියුණු වෙන්න පුළුවන් වුනෙත් නෑ. අපිත් අපේ භාවනාව තුල අවුරුදු විස්ස තිහ සමහරක් විට එක තැනක හිර වෙලා ඉන්නව වෙන්න පුළුවන්, ඔය කියන කාරණේ හඳුනා නොගත්ත හින්ද. වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියනවා. ඒ දේශනාවෙදි අපිට මේකෙන් නිදහස් වෙන ක්‍රමය කියල දීල තියනව.
ඉතින් අපි ඉගෙන ගත්ත නම් දැනට අවධානය තියෙන්නෙ අසවල් ප්‍රදේශය තුලයි කියල, අසවල් කාරණාව තුලයි කියල, ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්නව. ඒ තියන දේ මොකක් හෝ වේවා, ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්නව. අන්න එහෙම වුනහම ශරීරය අභ්‍යන්තරයටත් එන්න පුළුවන්කම තිබ්බ නම්, ආශ්වාසය හෝ ප්රාශ්වාසය තේරෙන්න ගනීවි. සමහරක් විට ආශ්වාසය මැද වෙන්න පුළුවන්. සමහරක් විට මුලම වෙන්න පුළුවන්. සමහරක් විට අඟම වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් තේරේවි. සමහරක් විට ආශ්වාසය නෙවෙයි ප්රාශ්වාසය තේරෙන්න පුළුවන් පළවෙනියෙන්ම.
හැබැයි මගේ යෝජනාවක් හැටියට කරන්න කැමතියි පළවෙනියෙන්ම භාවනාවට යනකොට ඔය ආශ්වාසය ප්රාශ්වාසය කියන දෙකම අල්ලගන්න හිතනවට වඩා අපි බලමු අපිට දරන්න පුළුවන් ප්‍රමාණයක් ස්පර්ශ කරන්න. අපි එකක් පටන් ගනිමු. එක්කො ආශ්වාසය විතරක් තේරුම් ගන්න බලනවා. නැත්තම් තේරුම් ගන්න ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ප්රාශ්වාසය විතරක් දැනගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. එහෙම වුනාම ඒක අපිට දරන්න පුළුවන් විදිහේ ඉලක්කයක්.
ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන දෙකම දැනගෙන ඉන්නවා කියන එක තමයි මා පුතා මේ ගමනේදී ඔය ආනාපානය කියන එකේ තියන ඉලක්කය. ඒක ආරම්භය නෙවෙයි.
මං ආයෙත් කියන්න කැමතියි.
ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන එක දැනගෙනම අපි භාවනා කරන වාරය, සම්පූර්ණම භාවනා වාරය තුලදීම පැයක් නම් විනාඩි විස්සක් නම් කොහොම හරි කමක් නෑ එහෙම නැත්නම් විනාඩි පහක් වුනත් කමක් නෑ විනාඩියක් වුනත් කමක් නෑ, ඒ කාලය ඉන්න එක සම්පූර්ණ ආශ්වාසය තුලම දැනගෙන ඉන්නවාම කියන එක ඉලක්කය කර ගන්න. ඒක ආරම්භය නොවෙන විත්තිය හොඳ හැටි මතක තියාගන්න.
ආරම්භය තුල කඩතොලුවීම් තියෙන්න පුළුවන්. ආරම්භය තුල හැලහැප්පිලි තියෙන්න පුළුවන්. ආරම්භය තියෙන්නෙ ඇත්තම කියනව නම් අපිට දරන්න පුළුවන් ප්‍රමාණයෙන්ම තමයි. එතකොට ආරම්භය හැටියට මම කියන්න කැමතියි අපිට දරන්න පුළුවන් සුළු දෙයක් අල්ල ගන්න. සම්පූර්ණ භාවනා වාරය තුලම ආනාපානයම දකිනවා කියන එකට වඩා, අර වර්තමානය තුල සිහිය පිහිටුවා ගන්නත් අඩුම තරමෙන් එක ආශ්වාසයක්වත් දැක ගන්නවා කියන අදහසට අරගෙන, ඒ අදහසට එල්ඹිලා, භාවනාවට පැමිණෙන්න පුළුවන් නම්, අඩුම තරමෙන් එක අඩියක් තියන විත්තියවත් දැන ගන්නවා කියල තැනට එන්න පුළුවන් නම්, මං හිතනවා ඒක ලොකු දක්ෂකමක්. ඒක සැබෑවටම ලොකු දක්ෂකමක්.
මේකට මම කිට්ටු කරන්න කැමතියි බුදුරජාණන් වහන්සේගේ අර දාර්ශනික උපමාව. ඔය කියතක කතාවක් තියනව. ඔය ඇත්තො කියතෙන් කපල තියනව නම්, මට ඒක පොඩ්ඩක් ඒ විදියට අර්ථකතනය කරන්න වෙනව මේ කාරණේදී. දැන් මමත් මෙහේදි ඔය කියත්වලින් එක එක දේවල් කරනවා. බාසුන්නැහේ වුනත් කපනකොට මම බලාගෙන ඉදල තියනවා, එයා ඉස්සෙල්ලා ඒ කපන්න ඕන ලක්ෂ්‍යය තේරුම් අරගෙන, ඉස්සෙල්ල එක පැත්තකට ටිකක් ඇදල දානව. කියතෙන් පොඩ්ඩක් එක පැත්තකට අදිනව. එක්කො තමන්ගෙ පැත්තට, එක්කො එළියට. මං ඇහැවුව,
"ඇයි බාසුන්නැහේ ඔහොම කරන්නෙ?" කියල.
"හාමුදුරුවනේ එතකොට මෙතන මේ ලකුණ හොඳට හදා ගන්න පුළුවන්නෙ" කියල කිවුව.
අන්න ඒ වගේ එකක් මං හිතනවා අපි භාවිතා කලොත් භාවනාවෙදිත්, ඔය කියත අදිනවා සහ එළියට දානවා කියන දෙතැනෙදිම, තැන් දෙකේදීම සිහියෙන් ඉන්නවා කියල හිතනවාට වඩා අපි ඉස්සෙල්ල පටන් ගන්න බලමු එක්කො හුස්ම ගන්නකොට සිහියෙන් ඉන්න. එහෙම නැතිනම් හුස්ම පල්ලෙහාට හෙළනකොට සිහියෙන් ඉන්න. මොකද ඒක අපිට දරන්න පුළුවන් හින්ද. ඉතින් අන්න ඒ විදියට පුරුදු කරන කෙනාට, ඒ විදියට භාවනාවට සපැමිණෙන කෙනාට, භාවනාවේදී ආනාපානය දකිනකොට, ආනාපානය පේනකොට, ප්‍රකට වෙනකොට, බාහිර සද්ද බද්ද ඇහේවි. නමුත් ප්‍රශ්නයක් නෑ. හිත දුවන්න හදාවි. ගාණක් නෑ. වේදනාවල් දැනේවි. කිසි ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ ?
ඒවත් එක්ක වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල මේ හාදය ඊට කලින් ඉගෙනගෙන තියනව. හැබැයි අපි අර පළවෙනි වසරට ළමයෙක්ව බාර දෙන්න යන්නෙ නැතුව, එකපාරම ගිහිල්ල සාමාන්‍ය පෙළ විභාගෙට තිබ්බ කියන්නකො. ආන් ඒ වගේ එකක් වෙන්න පුළුවන් එකපාරම ආනාපානෙ බලන්න ගියොත්. ආන් ඉතින් ඔන්න එතකොට කියනව,
"අනේ හාමුදුරුවනේ හරි වැඩේ, හිත දුවනවමයි. කිසි කෙළවරක් නෑ. භාවනාවක් කරගන්න බෑ. හරි අමාරුයි මේක. යන්තම් භාවනා වාර තුනක් හතරක් නම් දැක්කා. නාසිකාග්‍රයට ගන්න නම් කොහොමවත්ම බෑ. හරි අමාරුයි මේකට ගෙන්න ගන්න. බොහොම බලහත්කාරෙන් තමයි කරන්න තියෙන්නෙ. ඒක කරද්දි පස්සෙදි ඔළුවෙ කැක්කුමත් හැදෙනව. වමනෙ යන්නත් එනව. භාවනාව එපාත් වෙනව."
ඉතින් මේ ඔක්කොම ටික වෙනව. ඇයි ඒ?
'පරිමුඛං සතිං උපට්ඨපෙත්වා' නැති හින්ද.
සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන ආකල්පය, ඒ දේ අපි කරල නැති හින්ද. බුදුරජාණන් වහන්සේ උගන්වන්නෙ ඒ විදිහයි. ඕක ඉතින් එක එක විදිහට පරිවර්තනය වෙලා තියෙන්නත් පුළුවන්. අපි දැනට හිතමුකො මේකත් ඉතින් අළුත් එකක් කියල. මනුෂ්‍යාගේ හිතට ඉතින් කැමතිනෙ අළුත් අළුත් දේවල්වලට යනවනෙ ආසයිනෙ. මේකත් එහෙම එකක් කියල හිතමු. කෙසේ හෝ භාවනාවේදී ඔය කියන හැටියට, අර ආනාපානය ආශ්වාසය දකිනව නම් ආශ්වාසයේදී, ප්රාශ්වාසයෙදි නම් ප්රාශ්වාසය හෝ ඒ දෙකම දකින්න පුළුවන් නම්, ඒකෙදි තමන්ට වැඩිපුර කරදර බාධක වෙන්නෙ මොකෙන්ද කියන එක පොඩ්ඩක් හඳුනා ගත්තොත් හොඳයි.
ඒ කියෙන්නෙ වැඩිපුරම කරදර බාධක තියෙන්නෙ ශබ්දයෙන්ද? එහෙම නැති නම් හිත දුවන එකෙන්ද? ශරීරයෙ වේදනාවල් දැනෙන එකෙන්ද? කියල. ඒකට හේතුව තමයි එහෙම නම් පළවෙනියෙන්ම ආනාපානය දකිනව කියන එක පැත්තකින් තියලා අර දේවල් වලට ඉස්සෙල්ල ප්‍රතිකර්ම ටිකක් දෙන්න ඕන.
මට මතකයි, ඥානදීප හාමුදුරුවො කැලෑවෙ හිටපු කාලෙ දවසක් උන් වහන්සේ පිණ්ඩපාතෙ වඩිනකොට, පිණ්ඩපාතෙ වැඩල ආපහු කුටියට යනකොට, ඉතින් බිම බලාගෙනනෙ එන්නෙ, මඩුමානෙදි මේක වෙලා තිබ්බෙ අලියෙක් ඉස්සරහ ඉඳල තියනව. හාමුදුරුවො දැකලත් නෑ ළඟටම යනකං. පස්සෙ හාමුදුරුවො අලිය ගාවට ගියාලු. අලිය ඉස්සරහ පැත්ත බලාගෙන ඉදල තියෙන්නෙ. ළඟට යනකංම දැකල නෑ. හාමුදුරුවො අලියව දැකලා ආපහු පිටිපස්සට එන්න හදනකොට සෙරෙප්පුව ගිහිල්ල තියනවලු මුලක. හාමුදුරුවො එතනම වැටෙනව.
ඒ වැටුන සද්දෙටලු අලිය දන්නෙ කවුරු හරි එක්කෙනෙක් ඉන්නව කියල. අපි වගේ අලියට අර එක පාරම හැරෙන්න බැහැ. ඌ හැරෙන්නෙ අඬු හතරෙන්මයි. කකුලක් මෙහෙම තියල මෙහෙම තියල, අර වංගෙඩි කකුල් වගේ ලොකු එව්ව තියල තියල ඉතින් හැරෙනව. කකුලක් තියල තියෙන්නෙ හාමුදුරුවන්ගෙ උකුල උඩ. අලිය මුකුත් කරල නෑ හාමුදුරුවන්ට. අනේ මේ අහිංසක හාමුදුරුවන්ගෙ උකුල් ඇටේ කැඩුන. ඊට පස්සෙ, දානෙ වළඳලත් නෑ එදා, හාමුදුරුවො අත් දෙකෙන් පොළොවට ගහ ගහ ආපස්සට ආපස්සට ගම පැත්තට යන්න ආවලු.
ලග්ගල කැලේ පින්වතුනි, කුටියෙ ඉඳලා දාන ශාලාවට කොහොමත් තියනව විනාඩි හතළිහක පැයක දුරක්. ඥානදීප හාමුදුරුවො හිටියෙ ඊටත් වඩා දුරින්. උන් වහන්සේ ගමට කිට්ටුවෙ හිටියෙ නෑ. කොහොම හරි උන් වහන්සේට ගම ගාවට එන්න බැරි වෙනවා. වේදනාව වැඩියි, මොකද ඇඟ තුවාලයි, ඇටකටු ඔක්කොම පොඩි වෙලා. ලේ එනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිවුව ඒ ලේ පාරවල් දිගේ ඇවිල්ල කඩිත් කන්න පටන් ගත්තයි කියල. කොහොම හරි අවසානෙට හාමුදුරුවො ගලක් උඩට නඟිනව. නිකං ඇඟ ඇදගෙන ඇදගෙන වගේ ගිහිල්ල. එදා රෑ ඉදල තියෙන්නෙ ඒක උඩ.
ඉතින් අනික් පහුවදා කට්ටිය හාමුදුරුවො දානෙට ආපු නැති වුනාට පස්සේ බලනව සාමාන්‍යයෙන් පැයක් විතර. හතට තමයි සාමාන්‍යයෙන් හාමුදුරුවරු වඩින්නෙ. හතට නැත්තතං අට වෙනකං බලනව. නැත්තං ආපහු දුවනව. දන්නව මොකක් හරි කරදරයක් වෙලා කියල. මොකද ඉතින් අසනීපයක් වුනත් කවුරුවත් නෑ. ඊට පස්සෙ ඇවිල්ල බලනකොට හාමුදුරුවො අරහෙම ඉන්නවලු. ඊළඟට ඉතින් මොකද කරා කියන්නෙ ඉතින්, ඔය කැලෑවෙ තියන අර ලී කොට එහෙම එකතු කරල මැස්සක් හදාගෙන හාමුදුරුවො උස්සගෙන ගිහිල්ල. හෙට්ටිපොල ඉස්පිරිතාලෙ තමයි තිබ්බයි කියන්නෙ.
වෛද්‍යවරු කීපදෙනෙක් ඉන්න හින්ද මේකෙ ඔය ඇත්තො දන්නව ඇති උන් වහන්සේගේ, දැන් කවුරු හරි කෙනෙක්ගේ අස්ථිවල මොනව හරි බේදනයක් කණ්ඩනයක්, කැඩිල තිබුනොත් එහෙම ඊටත් එහා හමෙත් මොකක් හරි රෝගයක් නැත්තම් හමත් තුවාල වෙලා තිබ්බොත් ඉස්සෙල්ල බෙහෙත් කරනව කියල කියන්නෙ අර හමේ තියන ලෙඩේට. ඒ හමේ තියන තුවාල ටිකටලු බෙහෙත් කරනව කියන්නෙ. අර ඇටකටු ටික එහේමම තියනකං අර ටිකට බෙහෙත් කරාලු.
අන්න ඒ වගේ අපි අර ආනාපානය බලන්න යනකොට බාහිර කරදරවලින් අපිට ගොඩක් ප්‍රශ්න තියනව නම්, ඒ බාහිර කරදර වලට ඉස්සෙල්ල බෙහෙත් දෙන්න ඕන ආනාපානයට කලින්. එව්වත් එක්ක සාමයෙන් ඉන්න හැටි ඉගෙන ගන්න ඕන. ආන් එහෙම ඉගෙන ගත්තහම, ආනාපානයට කිට්ටු කරගෙන ඉන්න පුළුවන්කමක් හම්බ වෙනව. ඒ ආනාපානයට කිට්ටු වෙලා ඉන්නේ අපි අර හිත තැන්පත් කර ගන්න ගුණයත්, අර තියන ප්‍රශ්නවලට විසඳුමක් දෙන නැත්නම් ඒවා විශේෂයෙන් දකින තැනට හිත ගත්ත හින්ද.
විශේෂයෙන්ම කියනව නම් වේදනාව කියන එක නැවත නැවත අපිට කරදර කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිතුවිල්ල කියන එක නැවත නැවත කරදර කරන්න පුළුවන් අපි ඒක පලවා හරින්න දඟලන තාක් කල්. ඒ පලවා හරින්න දඟලනව කියල කියන්නෙ ඇත්තටම ඒක අල්ලගෙනයි අපි දඟලන්න වෙන්නෙ. ඒක හරියට නිකං අර වාහනයක් අපි ගාව තියනව නම්, වාහනේ අයින් කරන්න නම්, අපි මොකද්ද කරන්නෙ? ඒ වාහනේ අතින් තද කරල එහාට තල්ලු කරනව වගේ වැඩක්. එතකොට අපි ඉන්නෙ වාහනේ ගාවමයි. ආන් ඒ වගේ වැඩක් තියෙන්නෙ මෙතනත්.
එතකොට අපිට ඉගෙන ගන්න වෙනවා විශේෂිත වූ ඥානයකින්, කොහොමද මේ වේදනාවල් එක්ක, කොහොමද මේ සිතුවිලිත් එක්ක, කොහොමද මේ සද්ද බද්දත් එක්ක කටයුතු කරන්නෙ කියල. ඒ ඔක්කොමත් එක්ක තේරුනා කියන්නකො අපිට හුස්මත් එක්ක හුස්ම වාර කිහිපයකුයි ඉන්න පුළුවන් කියල. අන්න එතන තියනව පින්වතුනි සැබෑ සත්‍යයක්. ධර්ම රසයක් තියනවා. ඒ මොකද්ද?
ඒ ඉන්න පුළුවන් ඒ පොඩි කාලය තමයි අපේ ඉවසීමේ තියන උපරිම මට්ටම. අපේ දරා ගැනීමේ තියන උපරිම මට්ටම. දැනට අපිට ඉවසන්න පුළුවන් එච්චරම තමයි. ඉන් එහාට බෑ. ඕකයි ඕකෙ ඇත්තම කතාව.
කොහොම නමුත් ඉගෙන ගන්න ඕන හොඳම දේ තමයි, මොන බාහිර කරදර වලින්ද මොන බාහිර කාරණාවන්වලින්ද අපේ භාවනාවට කරදර සිද්ධ වෙන්නෙ? වගේම මොන මොන වගේ කාරණාවලින්ද බාහිර අරමුණු වලින්ද බාහිර නිමිතිවලින්ද භාවනාවට කරදර නොවෙන්නෙ? කියල. ඕක දැන් ඔය ඇත්තන්ට තේරෙනව ඇති මේ වගේ තැනකට එනකොට භාවනාව කියල කියන්නෙ නින්දට වැටෙන්න ලේසි දෙයක් නෙවෙයි. භාවනාව කියල කියන්නෙ බොහෝම හොඳ අවධිමත්භාවයක්. එතකොට මේ වගේ තැනකට එද්දි තේරෙනව ඇති අර අපි කියන 'ඒකාත්මිකවීම' කියන වචනය ඇත්තටම බැහැර වෙලා ගිහිල්ල තියෙන්නෙ. මේකෙදි හිත විවෘත වීමක් මිසක හිත කෝණික වීමක් කොහොමකටවත් වෙලා නැහැ. හිත විවෘත වීමක් මිසක්.
ඉතින් මේ කියන කාරණාවල් දැනගෙන ඉගෙන ගන්න පුළුවනි. ඒ දැන ගත්තාම ඉගෙන ගන්න පුළුවනි අර බාහිර කරදර වලට අපේ තියන අභිලාෂය, අපේ තියන නැමියාව, අපේ තියන මනාපය සහ අමනාපය කියන කාරණේ කොයි තරම් දුරට තියනවාද කියල. ඒකෙ තියන මනාපය සහ අමනාපය, නැත්නම් මනාපය සහ ප්රතික්ෂේපය එක්ක තමයි අපේ තියන තණ්හාවේ මට්ටම කොච්චරද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නෙ.
අපි ඇත්තටම අර ධර්මයේ කැඩපතට මුහුණ දීල ඉන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි. ඕකෙදි ඉතින් තියන ඇත්ත ටිකක් තිත්තයි. ඒක හින්ද ඒකට කැමති නැති වෙන්න පුළුවන්. කෙසේ හෝ නමුත් ඔය කියන විදියට හුස්ම යන්තං යන්තං දැනි දැනී, අර තියන ප්‍රශ්න කරදරත් එක්කත් එව්වත් දැක දැක, එව්ව තියනකං ආපහු හුස්මට වෙලා ඉන්න පුළුවන් වෙන විදිහේ හිතක් හදාගත්ත කෙනාට අර ප්‍රශ්න කරදර නැත්නම් අර බාහිරට හිත දුවන එව්වා වේදනාව තියෙන එව්වා සද්ද බද්ද ඇහෙන එව්වා, එව්ව තියනකම්ම එව්ව දැක දැකම, ඒවා තියෙද්දිම, හුස්මත් එක්ක පැලපදියම් වෙලා ඉන්න පුළුවන්කමක් තේරේවි.
එතකොට හිත දුවන්න හදනවා තමා. ඒ වුනාට එයාම ස්වභාවයෙන්ම, ස්වාභාවිකවම මනාප වෙලා තියනවා තමන්ගෙ හුස්මත් එක්කම ජීවත් වෙන්න කියන තැනට හිත ඇවිල්ල තියෙන්න පුළුවන්. අන්න එහෙම වුනාම සුදුසුකමක් ලැබෙනව පින්වතුනි, අනිත් හුස්ම ගැනත් තේරුම් ගන්න. ආශ්වාසය තුලදි නම් ඔය කාරණය තේරුනේ, එහෙනම් ප්රාශ්වාසයටත් ඔය දේ අනුමත කර ගන්න සුදුසු වටපිටාවක් ඇති වෙලා තියනව. මොකද ඒ වෙනකොට හිත වැඩ කරන විදිහ, හිත ක්‍රියාත්මක වෙන විදිහ, තමන්ගේ කෙලෙස් එක්ක තමන් කටයුතු කාරණා සිදු කරන විදිහ, ඒ කෙලෙස් තමන් හසුරුවා ගන්න විදිහ හෝ කෙලෙස් අපිව නැත්නම් තමන්ව යටපත් කරන විදිහ හොඳට ඉගෙනගෙන ඇති.
ඉතින් මෙන්න මේ කාරණාවල් එක්ක ඊළඟට අර කියන බාහිර දේවල්වලින් හිත බැහැර වෙලා, අයින් වෙලා ගිහිල්ලා, අළුත් දෙයක් පේන්න වගේ පටන් ගනීවි. ඔය හුස්මත් එක්ක ශරීරය තවත් විදියකින් තේරෙන්න, අරමුණු වෙන්න වගේ ගන්න පුළුවන්. ඒ හුස්ම ගැටෙන තැන්, ස්පර්ශ වෙන තැන්, ආන් ඒ වගේ දේවල් අරමුණු වෙන්න පුළුවන්. අර මූලිකව තිබිච්ච තණ්හාව නැත්නම් අර බාහිර දේවල් වලට තිබිච්ච මනාප අමනාපකම් වලින් නිදහස් වුනාට ඔය වගේ අවස්ථාවකදි තණ්හාවේ තවත් මට්ටමක් තියෙන්න පුළුවන්. ඒකෙදී අර හොඳ හුස්මට මනාප වෙන, හොඳක් නැති හුස්මට අමනාප වෙන, ආන් ඒ වගේ ස්වභාවයකට අපේ හිත් පත් වෙන්න පුළුවන්. හිතන්ට නරකයි අර මූලිකව තියෙන කොටහින් හිත හදාගත්තට, නැත්නම් ඒකෙන් පනින විදිහ ඉගෙන ගත්තට, ඒකෙන් නික්මෙන නිදහස් වෙන විදිහ ඉගෙන ගත්තට, ඊළඟ අවස්ථාවෙදි නැත්නම් අපි සියයට සියයක්ම තණ්හාවෙන් නිදහස් වුනා කියල හිතන්න නරකයි. එහෙම වෙලා නෑ නමුත් නිදහස් වෙලා තියනව යම් ප්‍රමාණයක්.
ඉතින් ඒ ඊළඟ ප්‍රමාණය තුලදී වැඩකටයුතු කරන්නෙ කොහොමද? කියන එක මං හිතනව අපි ඊළඟට කතා කලොත් හොඳයි කියල. කොහොම නමුත් මේ හැම දේකින්ම ඔය ඇත්තන්ට තේරෙනව ඇති භාවනාව තුලදි අපිට ඇත්තටම හරි ලස්සන ගමනක් තියනව. කවදාවත්ම ඉගෙන ගත්තෙ නැති, අපි ගැන, පුද්ගලිකව තමන් ගැන, ඉගෙන ගන්න මහා විශාල පාඩමක් තියනව. මහා විශාල පොතක් තියනවා, මහා විශාල ගැඹුරු ධර්මයක් තියනවා අපිට තාමත් ඉගෙන ගන්න.
ආන් ඒක ඉගෙන ගන්නකොට ඒකෙන් එළියට එන කාරණාවන් වල තියෙන්නේ ලද දෙයින් සැනසෙන ගතියකුයි. තියෙන දේ ඇතියි කියල හිතෙන ගතියකුයි. මට උවමනා දේ කරන්න ඕන නැහැ, මේ ලැබෙන දේ හොඳයි, කියල හිතෙන ස්වභාවයකුයි. හදිස්සියක් නැති ඉවසීමකුයි. අල්ලාගැනීමක් නැති අතහැරීමකුයි. කිසිම කිසි දෙයක් කලබලයට ලක් කර ගන්නෙ නැති මනා සතිමත් භාවයකුයි.
ඉතින් මේවා අමුතු විදිහේ ලක්ෂණ. ඕවා අපේ ජීවිතයට අළුත් ලක්ෂණ. අළුත් පාරවල්. අළුත් දේවල්. ආන් ඒ අළුත් පාරවල් ටික, අපිව බුදුරජාණන් වහන්සේ, ඔය කියන නිර්වාණයට, නිවන් සාක්ෂාත් කර ගන්න ගමනට රැගෙන යාවි කියල මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එවන් වූ ගමනක්, එවන් වූ දෙයක් කර ගන්නට, එවන් වූ තැනකට යන්න (අපි කියමුකො තැනක් කියල) අද දවසේදීත් මේ කරපු මේ අවවාදය උපකාරයක්ම වේවා කියල මම බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 7
ආනාපාන සතිය සහ මනසිකාරය හැඳිනීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතීයස්ස පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුදුධේන දේසිතා
සෝමං ලෝකං පභාසේතී අබ්භාමුත්තෝව චංදිමාතීතී"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අදත් අපි මේ විවේකී ඉරිදාවේ කල්පනා කරන්නෙ අපේ අර සුපුරුදු සතිපට්ඨානය කියන මාතෘකාව යටතේ සිද්ධ කෙරෙන අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නයි.
ඉතින් බුදු පියාණන් වහන්සේ කුරුරට කියන ඒ පැත්තේදී දේශනා කොට වදාළ මේ දේශනාව 'බුද්ධ ශාසනයේ හදවත' කියලත් හඳුන්වනව. බුද්ධ ශාසනය තුල ධර්ම මාර්ගය දියුණු වීගෙන යනකොට ඒ දියුණුව ලබා ගන්නා වූ ඒකායන ක්‍රමය වශයෙනුත් බණ පොතේ පවා මේක ගැන සඳහන් වෙනව. ඔය ඇත්තොත් ඒක අහල ඇති. ඒක ඒ විදියටම අනුමත කරාවි.
ඉතින් පහුගිය වාර කිහිපය තුලදීම ඔය ආනාපාන සතිය කියන භාවනාවට හෝ එවන් වූ භාවනාවකට යන්නට පෙරාතුව, මටත් අර උපදෙස් ලැබිල තියන හැටියට, මමත් ඉගෙනගෙන තියන හැටියට, ඔය ඇත්තන්ට කරුණු කාරණා ටිකක් කියල දෙන්නට උත්සාහ කලා මේ අපක්ෂපාතී නිරීක්ෂණය කරගෙන යන්න ලේසි වෙන විදිහක් ගැන, ලේසි වෙන ස්වභාවයක් ගැන. ඒකෙදී අර සාමාන්‍ය ජීවිතේදී පවා සිහිය ඇතුව කටයුතු කරන්නට පුළුවන්කමක්, නැත්නම් කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් සකස් කරගන්න එකේ වැදගත්කම පහුගිය වාර කිහිපය තුලදීම නිතර නිතර කතා කරන්නට යෙදුන.
ඉතින් ඒකෙ අවසානම අවස්ථාවක් හැටියට, ගිය සතියේදී භාවනාවට පැමිණෙන කෙනා, සිහියට ප්‍රධාන තැන දෙන්නට ඉගෙනගෙන තියන කෙනෙක් භාවනාවට වාඩි වෙනවා නම් හෝ සක්මනට යනවා නම්, ඒ කෙනාට ඒක විදහාගන්න, ඒක උකහා ගන්න, අල්ල ගන්න, ඉතාමත්ම ලේසියි කියන කාරණේ ගැන කියන්න උත්සාහ කලා. ඒත් එක්කම ආනාපාන සතිය කියන එකට එනකොට, ඒකට එන්න තියන ලේසිම විදිහක් ගැන බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කරල තියන විදිහක් ගැන පොඩ්ඩක් කුළු ගන්වන්නට උත්සාහ කලා.
ඒක ගැන නැවත මතක් කලොත් එහෙම, අපි ගොඩක් වෙලාවට අර කියන,
"ස්වාමීන් වහන්ස, භාවනා කරනකොට මේ හිත එහෙ මෙහෙ යනවා. එහෙම නැත්නම් මේ සද්ද බද්ද වලින් මට හරියට ප්‍රශ්න තියනවා. ඒක හින්ද හිත හරි කලබලයි. චංචලයි. එහෙම නැතිනම් වාඩි වෙලා ඉන්න ඉරියව්වේ, නැත්නම් මේ ඇඟේ හරියට වේදනාවල් තියනවා. ඇඟ ඇතුලේ, එහෙම නැත්නම් මේ ශරීරය මතුපිට එක එක දේවල් නලියන ගති අනං මනං දැනෙනව. ඒත් එක්ක භාවනාවකට යන්න බැරිකමක් තියනවා"
කියන කාරණාවන් වලට පිළිතුරු සපයන්නට, ඒ කියන කාරණාවල් ඒ විදියට සිද්ධ වෙන්නේ මන්දැයි කියලා, ඇයිද කියලා කතා කරන්නට උත්සාහ කලා. ඒකෙදි ඇත්තටම මම උත්සාහ කලේ, ඒ විදියට හිත ගලාගෙන යන එක, එහෙම නැත්නම් සිතුවිලිවලට හිත යන එක, සද්ද වලට හිත යන එක අපි දැනගෙන නම් කරන්නේ, ඒක ගැන අපිට දැනුවත්භාවයක් තියනව නම්, අන්න ඒක සිහියක් විත්තිය පොඩ්ඩක් සනිටුහන් කරවන්නටයි උත්සාහ කලේ.
ඒ වගේම බාහිර සද්ද බද්ද තියනකං, බාහිරට සිත යවන්න සිතුවිලි තියනකං, ඒව දැනි දැනී, ඒව දැක දැක, ඒවට හිත නොයා, මේ ශරීරය මතුපිට තියන ඔය හුළඟක් වදින එකක් හරි දාඩිය යන එකක් හරි සත්තු ඇවිදිනව වගේ හරි එහෙම නැත්නම් හම මතුපිට නලියනව වගේ හරි ඒ වගේ මොනව හරි කමක් නෑ, සම ආශ්‍රය කරගෙන තියන දේක දැනීමක් අපිට තියනව නම්, ඒකෙන් අපිට කියල දෙන්නේ, ඉඟි කරන්නේ, අපේ සිහිය දැන් මේ ශරීරය වටේ තියනව කියන එකයි.
ඉතින් ඊළඟට ඔය ශරීරය වටා තියන ඒවත් දැනුම් තේරුම් අරගෙන, ඒවටත් සාදර වෙලා, ඒවගෙනුත් කම්පා වෙන්නෙ නැතුව, කම්පිත වෙන්නෙ නැතුව ඉන්න හිත හදාගන්නකොට, හිත හදාගත්තහම, හිත ස්වාධීනවම, ස්වයංවම ශරීරය අභ්‍යන්තරයට ගලාගෙන යන්නට පටන් ගනීවි. ඒක ස්වභාවිකයි. එහෙම වුනහම අපිට ගොඩක් වෙලාවට ආනාපානය තේරෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඔය ශරීරයෙ තියන වදවේදනාවල් වගේ දේවල් තේරෙන්නත් පුළුවන්.
හැබැයි සමහර කෙනෙක්ට ඕක ඔය කියන හැටියට අනුපිලිවෙලකට නැතුව, අර තැනින් තැනින් වගේ, හිත පැන පැන යනව වගේ, අන්න ඒ වගේ දැනුමක්, ඒ වගේ අවධානයක් ඇති වෙන්නටත් පුළුවන්කමක් තියනව. පහුගිය සතියෙ නැත්නම් ඒ කාලය පුරාවටම මං කියල දුන්නේ සහ සාකච්ඡා කලේ ඔය කියන අවස්ථාවන්වලදී සිහිය ඇති කර ගන්නෙ කොහොමද? එහෙම ඇති කර ගන්නව නම් කළ යුතුවන යෝජනාවල් මොනවද? කියන එකයි කියන්න උත්සාහ කලේ.
ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම බාධාවක් වෙන්නේ අර අපේ මූලිකවම අභිප්‍රාය වන, බලාපොරොත්තු වන, 'ආනාපානයම දකිනවා' කියන ඒ අදහස අපිට ගොඩක් වෙලාවට ඔය කියන අරමුණට යන්න, ඒ කියන බලාපොරොත්තුව ලබා ගන්නටම, බරපතල විදිහේ ප්‍රශ්නයක් වෙන විත්තියක් පිළිඹිබු කරන්න උත්සාහ කලා. අර
"යේන යේහි මඤ්ඤංතී තතෝ තං හෝති අඤ්ඤතා"
කියන ඒ බණ පදයේ හැටියට, යම්කිසි දෙයක් උවමනාවෙන්, බලාපොරොත්තුවෙන් ලබා ගන්න උත්සාහ කරනවා නම්, පසුපස යනවා නම්, ඒ බලාපොරොත්තු වෙන දේ හින්දම, ඒ බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන ස්වභාවයෙන් නොලැබෙන්නට අවස්ථාවක් අපට සැලසෙන්නට පුළුවන් කියන එක අපි ඇස් පනාපිට දකින්නට පටන් ගන්නවා, භාවනාව තුලදී ඔය කියන මට්ටම්වලට එනකොට.
ඉතින් අන්න ඒ විදියට දැන ගත්තා නම්, අපේ මමත්වයට සෘජුවම ස්පර්ශ කරන්න, මමත්වය කියන සංසාරගත බැඳීමට, නැත්නම් මට උවමනාම දේ කරන්නට ගිහිල්ලා අර කරදරේ වැටෙන හිත තේරුම් ගන්නට ලැබෙන අවස්ථාවල් හැටියට භාවනාව උපයෝගී කර ගන්නවා කියන කාරණේ ගැන කතා කරන්නට ගියපාර ගොඩාක් උත්සාහ කලා.
ඉතින් අද ඒකෙම ඊළඟ දිගුව හැටියට වගේ මම කියන්න උත්සාහ කරනවා, භාවනාව කියන එක පින්වතුනි, 'අපිව කියවන්නට' අපිට උගන්වනව. භාවනාව නැත්නම් මේ භාවනා පුහුණුව, සිහිය දියුණු කිරීම, මොනයම් හෝ භාවනාවක් කරනව නම් ඒක අපිව කියවන්නට උත්සාහ කරනවා. නැත්නම් අපිට ඒක අපිව කියවන්නට අපිව පොළඹවනවා වගේ අර්ථයක් තියනවා. ඒක වෙන්නෙ කොහොමද?
අපි හිතමු අපිට බාහිර සද්දයක් ඇහෙනව නම් හෝ හිත බාහිරට යනව නම්, ඒ හිත බාහිරට යන එකට සාදර වෙන්න කියල අර උපදෙස් හම්බ වුනහම ඒකට මනාප වෙන්න කියලා, ඒකෙ තේරුම ඒ බාහිරට යන හිතත් එක්ක එකතු වෙලා හිතන්න කියන එක නෙවෙයි. ඒකෙ තේරුම තමයි
'මේ හිත දුවනවා, ඒ දුවන හිතත් එක්ක මම ඔට්ටු වෙන්න යන්නෙ නෑ. මොකද ඒක හිතේ ස්වභාවය. ඒක මගේ ස්වභාවය නෙවෙයි. මේක මම හිතනවා නෙවෙයිනෙ. මට හිතෙනවා' කියන එකයි.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ මම හිතනවා නම් තමයි. මේකෙ අපේ ප්‍රශ්නයක් නැහැ. අපේ අතගැහිල්ලක් නැහැ. මට හිතෙනවා නම් ඔය දෙකේ වෙනසක් තියනවා. මම හිතනවා කියන්නේ ඒක ඇත්තෙන්ම මගේ උවමනාවෙන්, මගේ වීර්යයෙන් මම කරන එකක්. නමුත් මට හිතෙනවා කියල කියන්නේ ඒක මම කරන එකක් නෙවෙයි, ඒක හිතේ එකක්. මේක හිතට සිතුවිලි එන එක. එතකොට එතනදී සාදර වෙන්නෙ අර මම හිතනවා කියන එකට නෙවෙයි. මට හිතෙනවා කියන එකටයි.
සිතුවිලි එන එකට අපි මනාප වෙන්න ගන්නවා. මොකද සාමාන්‍ය ජීවිතේදී අපි දහසකුත් එකක් වැඩ කටයුතු කර කර ඉන්න අතර ඒවගෙන් මොහොතකට මිදිල භාවනාවට එනව නම්, ඒ වෙලාවන් වලදි ඇත්තටම අපේ අවධානය ඒකාකාර විදියකට තියා ගන්න උත්සාහ කලේ නැතිනම් ඉතින්, ඒකෙ තේරුම් කොහොමත් අපේ හිත පිටට ගලාගෙන යන්න පුළුවන්.
අන්න ඒකයි උපදෙස් දෙන්න කියල උත්සාහ කලේ. සාමාන්‍ය ජීවිතේදී පවා, කරන කියන කටයුතුවලදී සතිමත් වීම භාවිතා කරන්න, සාමාන්‍ය ජීවිතවලදී පවා සිහිය ඇති කරගැනීමට උත්සාහ කරන්න කියල. ඒක ඒ විදියට පුරුදු කරගන්න. අන්න එහෙම වුනාම, ඔය කියන හිත දුවන එක එකපාරක් වුනාම අපිට සාදර වෙන්න බාගදා පුළුවන්. හිත හදාගත්ත කියමුකො. දෙවනි පාරත් වුනොත්?
එතනදිත් කරන්න තියෙන්නෙ ඒ දේම තමයි. තුන්වෙනි පාරත් වුනොත්? හා එතනදිත් කරන්න තියෙන්නෙ ඒ දේම තමයි. හතරවෙනි පාරත් වුනොත්? ඒ දේම තමයි.
නමුත් අපේ වෙනස තමයි අපිට එකම දෙයක් ඒකාකාර විදියට කීපවතාවක් කරන්න ටිකක් අමාරුයි. අපි මනාප නෑ. බාගදා එක වතාවක් කරන්න පුළුවන් වේවි. නමුත් ඊට පස්සෙ නම් කරන්න මනාප නෑ.
හැබැයි 'කරන්න මනාප නෑ' කියන එකත් එක්ක ඊළඟට එන්නෙ අමනාපය. ඒ කියන්නෙ සිතුවිලි දුවනවා මං ඒකට සාදර වෙන්නෙ නෑ, ඒ සිතුවිලි දුවන එකට අවසරය දෙන්නෙ නෑ. ඒ වෙනුවට මම ඒකට ඔට්ටු වෙනවා. ඔට්ටු වෙනවා කියල කියන්නේ එතන මම එකතු වෙලා ප්‍රශ්නයක් හදාගෙන තියනවා. කොහොමද? හිත විසුරුවා ගන්න උවමනා වෙන විදියට. දැන් අර හිත ගිය එක, හිතේ ස්වභාවයක් බවට පරිවර්තනය වෙච්ච එක, මම හිතන තැනකට මං පරිවර්තනය කරගෙන තියනවා. අන්න මං හිතන්න පටන් ගන්නවා. ආපහු ඉන්නේ අර පරණ ලෝකයේමයි. අර පරණ චක්රයේමයි.
ඉතින් භාවනාව අපිව කියවනව කියල කියන්නේ අන්න ඒකයි. අපිට තියන ඉවසීම, අපිට කොච්චර දරා ගැනීමක් තියනවද? අපේ හිතේ තැන්පත් බව කොච්චරද? කියලා අපි කරන භාවනාව තුලින්ම අපිට පෙන්නන්න පටන් ගන්නව. ඒක කියල දෙනව. ඒ භාවනාව ඇත්තටම කිවුවොත් අපිට උගන්වනව. ධර්මය කියන කැඩපතට සෘජුව මුහුණ දෙන වෙලාවක් තමයි භාවනාව කියල කියන්නෙ. ඒකයි භාවනාව සුවිශේෂී ගුරුවරයෙක් කියල කියන්නෙ.
ඉතින් ඕක අපක්ෂපාතී විදියට කරගන්න පුළුවන්කමක් ලැබුනා නම්, ඒකෙන් ලැබෙන ඥාණ සමුදාය තුලින් සංසාරගතව අපි ගාව තිබිච්ච දුක් දොම්නස්වලට හේතුව අපිට හම්බ වෙනව. ඕක අපි දන්නව බෞද්ධයො හැටියට, විශේෂයෙන් ලාංකික බෞද්ධයො හැටියට අපි දන්නවා තණ්හාව තමයි මේකෙ ප්‍රශ්නේ, මේකෙ තියන මමත්වය තමයි ඇල්ම තමයි මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ, මෙහෙම මෙහෙම උපාදානය තමයි, කියල එක එක දේවල් අපි දන්නව. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන වෙලාව අල්ලගන්න පුළුවන් වෙන එක තවත් එකක්.
ආන් ඒක ක්‍රියාත්මක වෙන එක අල්ලගන්නෙ භාවනාව තුලදි.
ඉතින් කෙසේ හෝ නමුත් එකම කාරණාවකට කොච්චර වෙලාවක්, එකම කාරණාවක් දිහා බලාගෙන, එකම කාරණාවකට එකම විදියට ප්‍රතිචාර දක්වමින් කොච්චර වෙලාවක් අපිට ඉන්න පුළුවන්ද? කියන එක අපි ඉගෙන ගන්න පටන් ගන්නව. හිත එකම වැරැද්ද කරනකොට, එහෙ මෙහෙ දුවනකොට, එයාට කරුණාවෙන්ම කී වතාවක් නම් උත්තර දෙන්න, කරුණාවෙන්ම එයාට මතක් කරල, මෛත්‍රියෙන්ම එයාට කතා කරල, ආපහු සතියේ පිහිටුවන්න අපිට කියල දෙන්න පුළුවන්කම කොච්චර වතාවක් තියෙයිද? කියන එක අපිම ඉගෙන ගන්න පටන් ගන්න.
එහෙම නැතිනම් එකම න්‍යාය, එකම ක්‍රමය, එකම ක්‍රමවේදය, අපිට එපාවීමක් නැතුව කොච්චර වතාවක් නම් පුරුදු කරන්න පුළුවන්ද? කියන එක අපිම ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නෙ එතකොට අපි ගැනයි. තමන්ට තියන දරාගැනීමේ ප්‍රමාණය ගැන, තමන්ගේ තියන ඉවසීමේ ප්‍රමාණය ගැන, තමන්ගේ හිතේ තියන තැන්පත්භාවය ගැනයි මේ ඉගෙන ගන්නෙ. තමන්ට කරුණු කාරණා විශේෂයෙන් දකින්න පුළුවන් ප්‍රමාණයයි මේ ඉගෙන ගන්නෙ.
ඊට පස්සෙ පින්වතුනි ඕක තමන්ගෙන් බාහිරට දාල බැලුවොත් එහෙම, බාහිර ලෝකයාටත් තියෙන්නෙ ඔය දුක ඔය විදිහටමයි. සමහරක් වෙලාවට ලෝකයත් එක්ක වැඩකටයුතු කරනකොට අපි හිතන්න පුළුවන්, එක පාරක් එක්කෙනෙක්ට යමක් කිවුවට පස්සේ එයා ඒක, එක්කො අපි කියමුකො යමක් නොකර ඉන්න කිවුවයි කියල, එයා ඒක නොකර ඉදියි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හැබැයි අපේ ජීවිතය තුලිනුත් අපිටත් එහෙම දෙයක් කරන්න බැරි විත්තිය, නැත්නම් අපේ ජීවිතයේවත් එහෙම දෙයක් සිද්ධ කර ගන්න අපොහොසත් වෙන විත්තිය අපි දැක ගන්නට පටන් ගනීවි ඇත්තටම මේක ඇතුලෙ සිද්ධ වෙන කාරණය දිහා අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත්. එහෙම වුනොත් අපිට තේරේවී අර කට්ටිය කියනව වගේ,
"හාමුදුරුවනේ භාවනා කර කර ඉන්නකොට හුස්ම වාර හතරක් පහක් නම් දැනෙනවා. ඊට පස්සෙ හිත දුවනවා."
මේකෙදි අපිට මතක තියන එක තමයි හිත දුවන එක. හැබැයි හුස්ම වාර හතරක් පහක් දැනගන්න තරමට ඉවසීමක් තියන විත්තිය අපිට අමතකයි. හුස්ම වාර හතරක් පහක් දැනගෙන, හුස්ම වාර හතර පහට යන ඒ කාලය තුලදී ඒ කියන අරමුණෙ ඉන්න, අර බාහිර තියන දේවල් දැක දැක, ඒව බල බල, ඒවට යට වෙන්නෙ නැතුව ඉන්න තරමේ හිතේ තැන්පත්කමක්, ඒ ඒ දේවල් දැක දැක අතහරින්න පුළුවන් විදිහේ විපස්සනාවක් තමන්ට තියනවා කියන එක අපි දැක ගන්න අපොහොසත් වෙනව. මතකයට එන්නෙ මොකද්ද? ආපහු අර හිත දුවනවා කියන එක විතරක් වෙන්න පුළුවන්.
ඉතින් අපේ මේ වගේ ආකල්පත් එක්ක සාමාන්‍ය ලෝකයට ආවහම, සාමාන්‍ය ලෝකයේ අපි අර අනික් ඇත්තො දිහා පවා බලන විදිහ, බලන කෝණයයි මේ භාවනාවෙදි අපිට එළියට ඇදල අරගෙන පෙන්නන්නෙ. ඒකයි ගොඩක් වෙලාවට මේ සතිපට්ඨානයට කට්ටිය එච්චර මනාප නැත්තෙ. මොකද මේක හරි තිත්තයි ඇත්තම කිවුවොත් එහෙම. මේකෙ එළියට එන්නේ අපේ වැරැද්ද මුල් කාලයේදී. පස්සෙදි ඕක වෙනස් වෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි මුලදි නම් අපේ වැරැද්දක්ම තමයි එළියට එන්න පටන් ගන්නෙ. තනිකරම ඒ වගේම දේවල් තමයි.
ඉතින් කොහොම හෝ අපි ඉගෙන ගත්තා නම් අපේ තියන ඉවසීමේ මට්ටම කොච්චරද? දරා ගැනීමේ ප්‍රමාණය කොච්චරද? කියලා, අර තියන සද්දයත් එක්ක අමනාප නොවී ඒකත් එක්ක ඉන්න අපි හිත හදා ගනීවි. ඒ ඇහෙන ශබ්දය හෝ සිතුවිල්ල ස්ථිර හැටියට ගන්නෙ නැතුව, සැප හැටියට ගන්නෙ නැතුව, ඒක විරාගයෙන් දැකලා, ඒකට රාගයක් නැතුව දැකලා, ආනාපානයට වෙලා ඉන්න අපි ඉගෙන ගනීවි.
ඒකට ඇලීමත් එක්ක දැකලා ආනාපානය බලන්න වුනොත් පින්වතුනි, ටික වෙලාවකට පස්සේ අපි යයි ඒ සිතුවිල්ල ගැන හිතන්න. අපි යයි ඒ සද්දය අහගෙන ඉන්න. හැබැයි ඒක රස විඳින තැනකට ගේන්න නම් අහගෙන ඉන්නේ, ඒ සිතුවිල්ලට ගිහිල්ල අපි ආයෙ හිතන්න පටන් ගන්නව නම්, "ඔන්න අපේ සිහිය කඩාගෙන වැටෙනව."
එහෙම නැතුව ඒ සිතුවිල්ල යනකොට දන්නව නම් මේ සිතුවිල්ල යන විත්තිය, සද්දෙ ඇහෙනකොට නම් දන්නව නම් මම බොහොම අවධානයකින්ම සද්දෙ අහගෙන ඉන්න විත්තිය, ඒක සතිපට්ඨානයට වැටෙයි. ඒක සිහියට වැටෙයි. එයා එතකොට ඒක හැඟීම්බරතාවයකින්, සැප හැටියට හරි මොකක් හරි අල්ලාගැනීමේ ස්වභාවයකට, අල්ලා ගැනීමේ ස්වරූපයකට ඒක ග්‍රහණය කරගන්නෙ නැති හින්ද.
ඉතින් ඒ විදියට කරන්න පුළුවන්කමක් තියනවා නම්, අන්න ඒ කෙනාට පුළුවන්කමක් තියනව පින්වතුනි
"අජ්ජත්තං පරිමුඛං සතිං උපට්ඨපෙත්වා"
කියන ඒ තැනට එන්න. ඒ කියන්නෙ අභ්‍යන්තරිකව එයාට සිහිය තියාගෙන ඉන්න පුළුවන් බාහිර දේවල්වලට හිත එච්චර නොයවා. බාහිර දේවල් තියන විත්තිය දන්නව, නැතුව නෙවෙයි. ඕනෙ නම් එයාට ඒව නිශ්ප්‍රභා කරන්නත් පුළුවන්. අයින් කරල දාන්නත් පුළුවන්. අහක් කරල දාන්නත් පුළුවන්. ඔය එක තැනකදී බුදුරජාණන් වහන්සේගෙන් (මං හිතන්නෙ එතකොට ගොඩාක් වයස කාලේ) ආනන්ද හාමුදුරුවෝ (මං හිතන්නේ උපස්ථාන කරන වෙලාවකදි) අහනවා
"බුදුරජාණන් වහන්ස, ඒ කාලෙ ඔබ වහන්සේගේ ශරීරය හරී පෘෂ්ටිමත්. දිලිසෙනව, බබලනවා.(මට මතක නෑ ඒ වචන නම්) දැන් ටිකක් අර වයස පාටයි. දැන් මේ වගේ ගොඩක් වේදනාවක් තියන විත්තියක් මට තේරෙනව. ඔබ වහන්සේ කොහොමද ඔය කියන වේදනාවල් දරා ගන්නෙ?" කියල අහනව.
බුදුරජාණන් වහන්සේ ගත් කටටම උත්තර දෙනවා,
"ආනන්ද, අනිමිත්ත සමාධියට යම්කිසි වෙලාවක තථාගතයන් වහන්සේ පැමිණුනාද, ආන් ඒ වෙලාවෙදි ඔය කියන (වේදනා පහීයන්තති කියල කියනව) වේදනා පහ වෙනව."
එතකොට ඔය කියන අනිමිත්ත කියන තැනට ගිහිල්ල හිත තැන්පත් කර ගන්න අපි නිමිත්ත කියන එකත් ඉගෙන ගන්න එපායැ. ඔය කියන වේදනාව කියන එක මෙනෙහි නොකර ඉන්න බුදුරජාණන් වහන්සේ හිත පුරුදු කරල තියෙන්නෙ. ඒකයි ක්‍රමේ. එතකොට ඒ වගේ දේකට යන්න තමයි පින්වතුනි අපි මේ ඉගෙන ගන්නෙ. අර ශබ්දය තියනකං ඒ ශබ්දය මෙනෙහි නොකර, ඒක දැනගෙන, ඒකට හවුල් නොවී, ආනාපානය දකින්න. ඊළඟට අර සිතුවිල්ල යන එක දැක දැක, ඒ සිතුවිල්ලට නොයා, ආනාපානයෙ ඉන්න. හැබැයි මේ කියන තැනට එන්න පෙරාතුව කවුරු හරි කෙනෙක්ට අර මූලිකව හිත දුවනවා නම්, තාමත් ඒ වෙලාවෙදි හිත නැවතත් අරගෙන ශරීරයෙ කොහේට හරි ගන්න පුළුවන් නම්, ඒක තමයි හොඳ ක්‍රමේ. ඒකත් මම කියන්න ඕන.
හිත යන එකට සාදර වෙලා එයා මොකද කරන්න ඕන? ශරීරයෙ කොහේ හරි තමන්ට තේරෙන තැනකට ගේන්න ඕන. කොනිත්තල එතනට ගෙනාවත් කමක් නෑ. ඇත්තටම කියනව නම් මං ඕක කරලත් තියනව. කන අදිනව අපි. අපිට ඇත්තටම කියල දෙනවා, ඇත්තටම පෙලෙත් තියනවා සමහර දේශනාවලදිත්, කනෙන් ඇද ගන්න කියල කියනව ඔය නින්ද යනව නම් එහෙම. සමහර හාමුදුරුවරු ඉන්නව ගහ ගන්නව චටාස් ගාල මූණට. මාත් කරල තියනව නැතුවත් නෙවෙයි. ඉතින් මොනව හරි කමක් නෑ, (රිදවගන්න හොඳ නැහැ ඒක නෙවෙයි මේ කියන්නේ) ශරීරයට ගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් හදා ගන්න ඕන.
මේක අර භාවනාව ගැන කියල දෙන කෙනෙක් හෝ කතාබහ කරන කෙනෙක් කිවුවොත්, ඒ කියන විදිහටම කරනවා කියන එක මං හිතනව එච්චර සුදුසු නැහැයි කියල. හැබැයි ඒ විදියට පටන් ගත්තට කමක් නෑ. තමන්ටම ආවේනික වෙච්ච විදියකට මේක හදාගෙන යන්න ඉගෙන ගන්න ඕන.
හිත දුවනව නම් මගේ පැත්තෙන් මං ඊට කලින් පාවිච්චි කරපු ක්‍රමේ තමයි, සද්ද අහගෙන ඉන්න පටන් ගත්තා. මොකද හිත දුවනකොට දුවන්න පුළුවන් ගොඩක් තැන්වල. ඒව පඹගාලක පැටළුනා වගේ. ඊට වඩා ඔය කැලෑවෙ ඉන්නකොට කුරුල්ලෙක් කෑ ගහන සද්දයක්, ඊට පස්සේ ගහක අත්තක් කඩාගෙන වැටෙන සද්දයක්, හුළඟ හමාගෙන එන සද්දයක්, ඒක තුල තියෙන්නෙ වර්තමානයක් විතරයි. ඒව අල්ලගන්න තැනකුත් නෑ, තියාගන්න විදියකුත් නෑ. එතකොට ඉගෙන ගත්තා එක මොහොතකදි එක ඉන්ද්‍රියක් භාවිතා කරගෙන චුට්ටක් ඉන්නෙ කොහොමද කියල. අන්න ඒක ලොකූ මානසික නිදහසක් බවට පරිවර්තනය වුනා භාවනා ගමන තුලදි පුද්ගලිකව මට.
ඉතින් අන්න ඒ වගේ යම්කිසි දෙයක් භාවිතා කරන්න පුළුවනි ඔය ඇත්තන්ටත් අර තරමට බාධක තියනවා නම්. කෙසේ හෝ නමුත් ආනාපානය කියන එක පේන්න පටන් ගත්ත කෙනෙක් ඉන්නවා නම්, අන්න ඒ කෙනාට තේරෙන්න ඕන ඒ කෙනාගෙ හිත මේ කියන ආනාපානයට ආවෙ ඇත්තටම අර බාහිර තියන සද්ද බද්ද පහු කරලා, ශරීරය මතුපිට සමහරක් විට තේරිලා, ශරීරය අභ්‍යන්තරයත් තේරිලා, ඊට පස්සෙ ආනාපානයට එන්න පුළුවන්. ඒ තේරිලා තියන මූලික කාරණා ඔක්කෝටම වගේ, ඒ හැමදේකටම වගේ එයා සාදර වෙන්න ඉගෙනගෙන තියනවා නම්, ඒවා මතින් ශක්තිමත් වෙන්න ඉගෙනගෙන තියනවා නම්, එයා ඇත්තටම සැබෑ දක්ෂයෙක්. ප්‍රශ්නයක් නෑ එයාට.
මොකද එතකොට එයා සතිමත් වෙලා තියෙන්නෙ, සිහිය ඇති කරගෙන තියෙන්නෙ, ඒ බාධකයන් හන්දාමයි. එතකොට ඒ බාධක කියල කියන්නෙ ඇත්තටම ධර්මය තුල බාධකයක් නෙවෙයි. ජීවිතේ දිනන්න, භාවනා ගමන දිනන්න හේතු වෙච්ච කාරණා.
අන්න එහෙම වුනහම ආනාපානය කරගෙන යනකොට තමන්ට තේරෙයි, සමහරක් විට තේරෙන්න පුළුවන්, චෛතසික ආනාපානයකුත් තියනවා කායිකව සිද්ධ වෙන තව ආනාපානයකුත් තියනවා. සමහරක් විට චෛතසිකව අපි බලාපොරොත්තු වෙනව ප්රාශ්වාසය. නමුත් සැබෑ ලෝකය තුල සිද්ධ වෙලා තියෙන්නෙ ආශ්වාසය. අන්න එහෙම පොඩි වෙනසක් බාගදා තේරෙන්නත් පුළුවන් සමහරක් විට. මොකද ඒ තරමටම හරි සූක්ෂමයි වගේම කපටියි. හරි මායාකාරයි.
ඉතින් ඔන්න ඔය කියන කාරණා පවා තුලනය කරගන්න පුළුවන්කමක් තියනව නම්, ඒ කියන කාරණා පවා සම සමව හදා ගන්න, නැත්නම් ඒ කියන කාරණා පවා එකකට ගොනු කරගන්න පුළුවන්කමක් තියනව නම්, අපිට පුළුවන්කම තියේවි පින්වතුනි හුස්මක් දකින්න. ඒ හුස්ම දකිනකොට අර බාහිර තියන ප්‍රශ්නවලින් ඇතිවන කරදරවලට අපි දැන් මුලින්ම උත්තර දීල තියෙන්නෙ. ඒක හින්ද ආයෙත් ඒව ගැන මහා ලොකුවට කලබල වෙන්න කාරණාවක් නැති වෙන්න පුළුවන්.
ඊළඟට ඔය කියන හුස්මට වෙලා ඉන්නකොට තවමත් තියෙන්න පුළුවන් හුස්මේ කොහෙද පේන්නේ, තියනව නම්? ඒවට ඉතින් මුලින්ම බෙහෙත් හම්බ වෙන්න ඕන. බෙහෙත් දෙන්න ඕන. එහෙම වුනාම අපිට තේරෙයි හුස්මෙ මුල සමහරක් විට තේරෙන්න පුළුවන්. මැද තේරෙන්නත් පුළුවන්. බාගදා අග තේරෙන්නත් පුළුවන්. කොහෙත් එකයි. ඒක
'හුස්මක් තේරුනා.'
ඒ තේරෙන ඕනම එකක් එක්ක මොහොතක් රැඳිල ඉන්න පුළුවන්කමක් තිබ්බොත් එහෙම, අන්න එතකොට තේරේවි ඒ හුස්මට දෙපැත්තක් තියනවා. එකක් එන පැත්තට. අනෙක් එක යන පැත්තට. එතකොට ඒ එන පැත්තේ හුස්ම හෝ යන පැත්තේ හුස්ම සමහරක් විටක අපිට අපේ හිතේ තියන මධ්‍යස්ථභාවයත් එක්ක, තැන්පත්කමත් එක්ක තේරෙන්න පටන් ගනීවි සමහරවිට ඒ හුස්ම පටන් ගන්නකොටම ඒ හුස්මත් එක්ක ඒකාත්මික වෙන්න, ඒකත් එක්කම පියාඹගෙන යන්න අපිට පුළුවන්. සමහර විටදි ඒ හුස්ම ගිහිල්ල මැද හරියකදි අල්ලගන්න පුළුවන් වේවි. සමහර විට හුස්මේ අගකදි අල්ල ගන්න පුළුවන් වේවි. සමහර විට හුස්ම දෙකක් අතරකදි අල්ල ගන්න පුළුවන් වේවි. අහු වේවි.
එක එක අවස්ථාවන්වලදි ඒ ඒ ලැබෙන ලැබෙන විදිහන් වෙනස්. අද ආනාපානය කරන්න යනකොට ආශ්වාසයෙන් වුනානම්, හෙටත් ආශ්වාසයෙන්ම හම්බ වෙන්නම ඕන කියන එහෙම නියාමයක් ඇත්තටම නෑ. කොහෙවත් නෑ. කැමති නම් ආශ්වාසය විතරක් බලන්න ප්රාශ්වාසය අතෑරල. කෙසේ හෝ නමුත් මෙහෙම වුනහම අපි ඉගෙන ගන්න ඕන, අපි ඉගෙන ගනීවී, අර අපේ තියන බලාපොරොත්තුව කියන එක මුලදී අයින් කරා. මොකද්ද? අර සද්ද ඇහෙනකං ආනාපානය බලන්න ඕන කියන ඒ බලාපොරොත්තුවෙන් අපි නිදහස් වුනා. ඒ ආත්ම සංඥාවෙන් අපි නිදහස් වුනා. නැත්නම් ඒ ආත්ම සංඥාවේ ඒ කියන ප්‍රමාණයෙන් නිදහස් වුනා. නමුත් දැන් තවත් මට්ටමක් තියෙන්න පුළුවන් ඒ මොකද්ද?
"දැන් ආනාපානය කොනක ඉදන් බලන්නත් එපැයි."
ආන් ඒ වගේ එකක්. මේ අතර පොඩි කාලය තුලදිත් අපි මේකත් එක්ක ඔට්ටු වෙන ගතියක් තියෙන්න පුළුවන්, නැතුවාම නෙවෙයි. ආන් ඒවා ඊළඟට දකින්න පටන් ගන්න අපිට හම්බ වේවි කියල මං විශ්වාස කරනවා. ඒ දේවල් බැහැර කර කර, ඒ තියන මානසිකව යොමු කරවන කාරණාවන් ටිකෙන් බැහැර වෙවී, ආනාපානය දකින්න එන්න පුළුවන් වෙන තැනකට අපි පත්වේවි කියල මම විශ්වාස කරනව.
කෙසේ හෝ නමුත් අවසානයේදී අපිට පුළුවන්කමක් ඒවි හුස්ම පටන් ගන්නකොට කොහෙන් හෝ වේවා, ඒ හුස්මත් එක්ක පටන් අරගෙන ඒ හුස්මත් එක්කම ජීවත් වෙලා, ආශ්වාසය නම් ඒ ආශ්වාසය නැතිවෙලා යනකොට ඒකත් එක්ක නැතිවෙලා ගිහිල්ලා, ප්රාශ්වාසය පටන් ගන්නකොට යම්කිසි තැනකදි ඒ පටන් ගන්න තැනින් ආරම්භ වෙලා, ඒ ප්රාශ්වාසයත් එක්ක ජීවත් වෙලා, ඒ ප්රාශ්වාසය නැතිවෙලා නිරුද්ධ වෙලා යනකොට එතකින් නික්මිලා යන්න අපේ හිත ඉගෙන ගන්න තැනක් එන්න පටන් ගනීවි.
අන්න එතකොට පින්වතුනි, අපිට මේ ආශ්වාසය තුල තියන ආශ්වාදය වගේ දෙයක් එළියට එන්න පුළුවනි. මේ ආශ්වාසය එක්ක ජීවත් වෙන්න වුනාම මේ ආශ්වාසය (ඕකට කියනව පාලියෙන් අභිරමණය කරනව කියල) අභිරමණය කරන්න වුනහම අපි ඉගෙන ගන්න පටන් ගනීවි ඒ ආශ්වාසය තුල තියෙන ආශ්වාදය මොකද්ද කියල.
ඒත් එක්ක අපිට තේරෙන්න ගනීවි ශාරීරිකවත් මේකට යම්කිසි විදියක සම්බන්ධතාවක් තියන විත්තිය. සමහර විට ආශ්වාසයේදී ඒ ආශ්වාසය ශාරීරිකව දැනෙන විදිහත්, ප්‍රාශ්වාසයේදී ප්රාශ්වාසය ශාරීරිකව දැනෙන විදියත් අතර තියන පරතරය අපිට මනාකොට දකින්න තේරෙන්න පේන්න පටන් ගනීවි. ඒ දෙක අතර සංසන්දනාත්මකව යම්කිසි වෙනසක් තියන විත්තිය තේරෙන්න ගනීවි.
හැබැයි මේ වෙනකොට අපි ඉගෙන ගෙන හිටියෙ නැතිනම් අර කියන විදියට හිත දුවන එකට උත්තර සපයන්නෙ කොහොමද? සද්ද ඇහෙන එකට උත්තර හොයන්නෙ කොහොමද? වේදනාවන් එන ඒවට උත්තර හොයන්නෙ කොහොමද? අර සත්තු දුවනව වගේ දේවල්වලට උත්තර හොයන්නෙ කෙහොමද? ඔය කියන මූලික කාරණාවල්වලට අපි උත්තර සපයන්න ඉගෙනගෙන හිටියෙ නැතිනම් එහෙම, අපේ භාවනාව කඩාකප්පල් වෙන්න තියන අවස්ථාව ඉතා අධිකයි. එපා වෙන්නත් පුළුවන්. තිත්ත වෙන්න පුළුවන්.
නමුත් එයාගෙ භාවනාව හොඳට සිද්ධ වෙනව ඇත්තටම කිවුවොත් එහෙම. හොඳට සිද්ධ වෙනව. ඉතින් ඔය කියන ආකාරයට ආශ්වාසය තුලදී ඒ ශරීරය දැනෙන ස්වභාවයත්, ප්රාශ්වාසය තුලදී ශරීරය දැනෙන ස්වභාවයත් ප්‍රකට වෙන්න ගනීවි. එතකොට අපිට කොහොමටත් හිතේ නිමිති දෙකක් වගේ ඉතුරු වේවි එක අවස්ථාවකදී, හිතට දුවන්න උවමනාකමක් තියන හින්ද වගේ හරියට, ශරීරය දැන ගන්නව සහ ආශ්වාසය දැන ගන්නව. ශරීරය දැනගෙන ප්රාශ්වාසය දැන ගන්නව. ආන් ඒ වගේ දේකට හිත කිට්ටු වෙන්න පටන් ගනීවි. අද අර පාවිච්චි කරපු ගාථාවෙන් කියන්නේ,
"ආනාපාන සතීයස්ස පරිපුන්නා සුභාවිතා"
ආනාපාන සතිය කියන භාවනාව, නැත්නම් ආනාපාන සතිය පරිපූර්ණ හැටියට පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම්, ඒ කෙනා කොහොමද කරල තියෙන්නෙ?
"අනුපුබ්බං පරිචිතා යථා බුදුධේන දේසිතා"
බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන හැටියට අනුපූර්ව හැටියට කරන්න. පිළිවෙලකට කරගෙන යන්න. අන්න ඒ පිළිවෙලකට කෙරෙන විදිහයි මේ චුට්ට චුට්ට කියල දෙන්න කල්පනා කරන්නේ. කතා කරන්න කියල කල්පනා කරන්නේ.
ඉතින් මේ වගේ ස්ථරයකට එනකොට අපි ආනාපානය තුල තියන අර කෙටි ස්වභාවයන් ටික හඳුනාගන්නත් පටන් ගනීවී. කෙටි ස්වභාවයන් සමහරක් විට ආනාපානය පටන් ගන්න වෙලාවෙ ඉඳල ආනාපානය කෙටි වීමක් වෙන්නත් පුළුවනි. ඒ කියන්නෙ කෙටි හුස්මක් ගන්නවා හෝ දීර්ඝ හුස්මක් ගන්නවා වෙන්නත් පුළුවනි. එහෙම හෝ ආනාපානය අපිට දකින්නේ අපිට පේන්නේ ආනාපානයෙ මැදේදි හෝ අගේදි වෙන්නත් පුළුවන්. එතකොටත් කෙටියි. කොහොම නමුත් ඒ ඕනෑම මොහොතකදී ඒ දැනෙන එකත් එක්ක විතරක් දැනගෙන ඉන්න අපි ඉගෙනගෙන තියෙන්නෙ. අන්න ඒකයි වැදගත් කාරණේ.
ඒත් එක්ක ඊළඟට ශරීරය ප්‍රකට කරගෙන, ශරීරයත් දැනගෙන, මේ ශරීරයෙ තියන සංවේදන (අපි එහෙම කියමුකො) වේදනාවන් වින්දනයන් දැනගෙන, ආශ්වාසය සහ ප්රාශ්වාසය කරන තැනකට හිත එන්න පටන් ගනීවි. හිත පුරුදු වෙන්න පටන් ගනීවි. අන්න එහෙම වුනහම අපිට තේරේවි අපි මෙච්චර කාලයකට ජීවිතේ දැනගෙන තිබුනෙ නැති, දැකල තිබිච්ච නැති, සතුටක්, තෘප්තියක්, සංතෝසයක්, සැනසීමක් සහ පුදුමාකාර ප්රමුදිතභාවයක් මේ හුස්මත් එක්ක ජීවත් වෙනකොට අපිට දැනගන්න දැකගන්න ලැබෙනවා කියල.
ඉතින් මේ කියන කාරණා හැම එකක්ම කරන අස්සෙ අපි අතහැරල ඇති අර සද්ද බද්ද. අතහැරල ඇති සිතුවිලි. අතහැරල ඇති වේදනාවල් ටික දැනගෙනම, දැක දැකම, බල බලාම. ඒවාට රාගයක් ඇති කරගන්නෙ නැතුව හෝ ඒවාට පටිඝයක් ඇති කරගෙන ප්‍රතික්ෂේප සහගත වෙන්නෙ නැතුව, උපේක්ෂා සහගත භාවයෙන් ඇවිල්ල ඒ දේවල්වලට ඒ කියන තැනේ ඉන්න දීල, අපි අපේ පාඩුවෙ අපේ වැඩේ කරගෙන ඉදීවි.
ඉතින් මේ අතරින් බලනකොට පින්වතුනි භාවනාව කියල කියන්නේ, මේක හරියට අර ඉබි ගමන වගේ වැඩක්. බොහෝම හිමීට යන්නෙ. සෙමින් ගමනක් යනව නම් ඉතින් ගොඩක් දුරට යන්න පුළුවන් කියලයි උගන්වන්නෙ භාවනාව ගැන කියල දෙනකොට.
ඉතින් එවන් වූ සෙමින් ගමනක් ගිහිල්ල මේ දීර්ඝ සංසාරය කෙටි කරගන්න අද මේ කියල දුන්න දෙයත් ඔය ඇත්තන්ට අපක්ෂපාතී නිරීක්ෂණය යටතට ගන්න හේතු වාසනාම වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 8
ආනාපාන සතිය සහ මෘදු සැහැල්ලුව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආනාපාන සතීයස්ස
පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා
යථා බුදුධේන දේසිතා
සෝමං ලෝකං පභාසේතී
අබ්භාමුත්තෝව චංදිමාතීතී"
ශ්රද්ධාවන්ත, භාවනාවට මනාපයක් දක්වන පින්වතුනි,
අදත් අපේ සතිපට්ඨාන කියන මාතෘකාව ප්‍රධාන කරගෙන සිදු කරන ධර්ම සාකච්ඡාවටයි මේ ඔය ඇත්තො සම්බන්ධ වෙලා ඉන්නෙ සුපුරුදු පරිදි. පහුගිය සති කිහිපය තුලම සතිපට්ඨානය කියන දේ ගැන හඳුන්වන්න උත්සාහයක යෙදුනා, ලොකු වෑයමක යෙදුනා ඔය ඇත්තොත් ඒක හොඳට දන්නවා. මං ඒකට සති කිහිපයක්ම අරගත්තා. ඉන් අනතුරුව බුදු පියාණන් වහන්සේගේ අර සුවිශේෂීම භාවනා ක්‍රමය වෙන අනාපාන සතිය සම්බන්ධයෙන් කතා කරන්නට පටන් ගත්තා.
ඉතින් ඒක කරගෙන යන අතර ගිය සතියේදී මගේ මතකයේ හැටියට, අපි කතා කලා අර ආනාපානයට සපැමිණෙන කෙනාට, මූලිකව එන කෙනාට ඒ ආනාපානයේ තියන ස්වභාවය එක්කම ඉන්නට පුළුවන්කමක් හම්බ වෙන වටපිටාව කොහොමද සකස් කරගන්නෙ? වගේම ඒකට තියන බාධකයන් මොනවද? ඒ බාධකයන් එක්ක ආශ්වාසයක තියන ආශ්වාදය විඳින්න, ප්රාශ්වාසයක තියන ආශ්වාදය විඳින්න ඉගෙන ගන්නෙ කොහොමද? කියන එක ගැන යම්කිසි විදියක යෝජනා මාත්‍ර කිහිපයක් ඉදිරිපත් කරන්න උත්සාහයක යෙදුන.
ප්‍රායෝගිකව භාවනාවට මුහුණ දෙන ඇත්තෝ ඔය කියන කාරණාවල් මං නොකිවුවාට ඔය විදියට දැන කියා ගනීවි කියන එකයි අපේ විශ්වාසය. මොකද ස්වාමීන් වහන්සේලාත් එක්ක කතාබහ කරනකොට, මහ තෙරුවන් වහන්සේලාත් එක්ක කතාබහ කරනකොට, උන් වහන්සේලා කියන සහ පොතේ පතේ තියන විදියයි මේක. ඒකයි අර මහා කොට්ඨිතයන් වහන්සේගේ ථේර ගාථාවෙත් සඳහන් වෙන්නේ
"ආනාපාන සතීයස්ස පරිපුන්නා සුභාවිතා"
කවුරුහරි කෙනෙක් ආනාපානය කියන භාවනාව, නැත්නම් හුස්ම පෙරටු කරගන්නා වූ භාවනාව පරිපූර්ණ හැටියට පුරුදු කරනවා නම්, එයා කරන්නේ ඒක
"අනුපුබ්බං පරිචිතා යථා බුදුධේන දේසිතා"
ඒක කරන්නෙ එයා අනුපූර්ව හැටියට කරනවා. තැනින් තැනින් මැදින් මැදින් නෙවෙයි පිළිවෙලකට වැඩේ කරගෙන යනවා. මොකද මේ බුද්ධ ශාසනය පින්වතුනි, ආදිකළ්යාණ, මජ්ජේකළ්යාණ, පරියෝසාන කළ්‍යාණ කියන ලක්ෂණ වලින් යුක්තයි. මේ ශාසනය තුල මේ ධර්ම මාර්ගය තුල මුල හරිම පැහැදිලියි, පිරිසිදුයි, අපිට තේරෙනව, පේනව. මැද හරිම පැහැදිලියි, පිරිසිදුයි, අපිට තේරෙනව. අගත් එහෙම්මම තමයි. හැබැයි මුල නොකර අග හොයන්න ගියොත් ටිකක් අවුලක වැටෙනව. ඇත්තටම කිවුවොත් ලොකු අවුලක වැටෙනවා.
ඕක අර දේශනාවෙ සඳහන් වෙන්නෙ නයාව නැට්ටෙන් අල්ලනව වගේ වැඩක්. ඉතින් නයාව බෙල්ලෙන් අල්ල ගත්ත නම් සර්පයාව අපිට අල්ල ගන්න පුළුවන්. කොහොම නමුත් මේ සංසාරගත නයාව, අපි මේ දුකට ඇදල දාන තණ්හාවවයි මේ බෙල්ලෙන් අල්ලන්න උත්සාහ කරන්නෙ. ගොඩක් වෙලාවට මේක හරි ක්‍රමය නොදන්නා හින්දා බොහෝ විට අල්ලන්නෙ උගේ නැට්ටෙන්මයි. අල්ලපු ගමන් අපිටමයි ගහන්නේ. ඉතින් ඒකයි ගොඩක් වෙලාවට කට්ටිය භාවනාව කරගෙන ගිහිල්ල කාලයකට පස්සෙ කියන්නෙ "ආපෝ මං ඕව කරල තියනව මෙච්චර කාලයක්. ඕකෙන් වැඩක් නැහැ, කිසි ප්‍රයෝජනයක් නෑ" ආන් ඒ තාලෙට. ඒකට හේතුව තමයි එතකොට,
"අනුපුබ්බං පරිචිතා යථා"
කියන කොටසට පැමිණිලා නැහැ වෙන්න ඕන. මොකද අනුපූර්ව හැටියට කරන්න ඕන, පිළිවෙලකට පුරුදු කරගෙන යන්න ඕන, කියන එක නැතුව තමන්ගෙ හිතූ මනාපෙට මේක කරන්න ගිය හින්දයි, ආත්ම සංඥාව මත පිහිටවා කරන්න ගිය හන්දයි, මේ පඹ ගාලේ පැටලිලා ඉන්නෙ කියන එකයි අපේ දැනුම.
ඉතින් බුදු පියාණන් වහන්සේ කියල දීල තියන හැටියට පුළුවන්කම තියනවා නම් පිළිවෙලකට කොණකට කරගෙන යන්න, පුරුදු කරනකොට ඕකෙ කොණක් තියනවා නමුත් පසුව අපි ඕකෙ විචක්ෂණ වුනාට පස්සේ, විශාරද වුනාට පස්සේ, උවමනා තැනකට යන්න පුළුවන්කමක් තියෙන්නත් පුළුවන්. ඒක පසුකාලීනව සිද්ධ වෙන දෙයක් වේවි. ඊට මූලිකව අපි මේ ආනාපාන සතිය කියන එකට යන්නෙ කොහොමද කියන එක සහ ඒ දේවල් හසුරුවා ගන්නෙ තේරුම් ගන්නෙ කොහොමද කියන එකයි පහුගිය සති කිහිපය පුරාවටම කියන්න උත්සාහ කලේ.
ඉතින් ඔය ඇත්තන්ටත් මතක ඇති අර ඉස්සෙල්ල කිවුව වගේ, ආනාපානය අපිට බාගදා මුල තේරෙන්න පුළුවනි. මුලින්ම නැත්නම් ආශ්වාසය පටන් ගන්නකොටම අහු වෙන්න පුළුවනි, මැදදී අහු වෙන්න පුළුවනි හෝ ඒක අගදි අහු වෙන්නත් පුළුවනි, ප්‍රශ්නයක් නෑ. ඒ වෙද්දි අපි ඉගෙනගෙන තියනවා නම් අර ඒක අනුමත කරන හිතක් හදා ගන්න, ඒ ලැබෙන එක මොකද්ද, පේන එක මොකද්ද, මොනව වුනත් කමක් නෑ ඒ ලැබෙන, දැනෙන, තේරෙන දේ ඒ විදියටම අනුමත කරන්න අපි හිතක් හදාගෙන තියනව නම්, ඒක විශ්වාස කරන්න හිතක් හදාගෙන තියනවා නම්, අපේ ඉස්සරහට හරියට අපේ අර පංච ඉන්ද්‍රියන් ටික පේන්න පටන් ගන්නව වගේ වැඩක් වෙන්නෙ.
ධර්මය තුල පංචඉන්ද්‍රියන් ටිකක් වෙනස් විදිහකිනුත් කියවෙනවා. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා කියල. ඉතින් ඔය කියන ආකාරයට අපිට විශ්වාසයක් තියනවා නම් ආශ්වාසයේ මුල දැක්කා හෝ ආශ්වාසයේ මැද දැක්කා හෝ ආශ්වාසයේ අග දැක්කා හෝ මේ ආශ්වාසයක් තමයි කියල හිත තියනවා නම්, ආ..එහෙනම් ප්‍රශ්නෙ හරි.
හැබැයි වැඩේ තියෙන්නෙ අපිට බාගදා උවමනා වෙන්න පුළුවන් ඔය කියන ආශ්වාසයේ මුල ඉඳලාම දකින්න. නමුත් හිත තාම ඒක දකින තරම් සුසර නොවෙන්න පුළුවන්. එහෙම වුනොත් ඒක බලන්න බෑ. ඒක දකින්න බෑ. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් වලදි ගොඩක් වෙලාවට අපිට කරදර බාධක ඇති කරන්නෙ අපි අර හිතේ හදාගෙන තියන අපේ දැනුම් ස්වභාවයන්, අනං මනං.
ඉතින් භාවනාවට යන්න කලින් ලොකු කුණු බක්කියක් තියාගන්න කියල තායිලන්තෙදි අපිට උගන්වනවා. වෙන මොකක්වත් නෙවෙයි, දන්න කියන ඔක්කෝම ටික ඕකට දාන්න කියල කියන්නෙ. ඒ වගේම කියනව ඒක යට අඩිය කපන්න කියල. මොකද නැත්නම් යන යන තැන කුණු බක්කිය අරන් යන්නෙ කුණුත් එක්කනෙ. එහෙම නෙවයි. යට අඩිය කපපුහම, තියන කුණු ටික දැම්ම, එතන ඒක හැලුව, ගියා යන්න බක්කිය විතරක් අරගෙන. ආන් ඒ විදියට.
ඉතින් කෙසේ හෝ වේවා භාවනාවට ඔය කියන ආකාරයට පැමිණෙන කෙනාට, ඊට පෙරාතුව කතා බහ කලා ඕකට කලින් තියන ප්‍රශ්න මොනවද අරෙහෙ මෙහෙ කියලා. මං හිතනව ඔය ඇත්තන්ට ඒව මතක ඇති කියලා. සිහිපත් වේවි කියලා. එහෙම නැති කමක් තියනවා නම් කාරුණික වෙලා පහුගිය දේශනා ටික අහන්නත් ඕන. මොකද ඒව විස්තර කරන්න ඇත්තටම දැන් කාලය නොවෙන හින්ද.
ඉතින් භාවනාවට ඔය විදිහට සපැමිණෙන කෙනාට දැනෙන්න පටන් ගනියි, පේන්න පටන් ගනියි මේක නම් හැමදාම නම් ඔහොම නෙවෙයි කොහොම කිවුවත් ඒකාකාර විදියකට නම් සිද්ධ නොවෙන බව. සමහරක් දවසට හුස්ම හොඳට පේනවා. සමහරක් දවසට නෑ. සමහරක් දවසට හුස්ම බාගෙට දැනිල නවතිනවා. සමහරක් වෙලාවට ආශ්වාසය විතරයි ප්‍රකට. සමහරක් වෙලාවට ප්රාශ්වාසය විතරයි ප්‍රකට. ආන් ඒ වගේ මහා කලබගෑනි ගොඩක් තියනව මේක අස්සෙ.
නමුත් අපි අර අපේ මමායනය කියන දේට මමත්වය කියන දේට, මගේ උවමනාව කියන දේට යන්න දීල තියනව නම්, අර මතු වෙන දේ මොකක් හෝ වේවා ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න අපි හිත හදාගන්නව. අර දන්න කියන දේවල් ටික ඔක්කොම කුණු බක්කියට දාල ඇවිල්ල තියනව නම්, කිසි ප්‍රශ්නයක් නෑ මේ වෙලාවෙදි ඕක විස්තර කරන්න හෝ විචාරය කරන්න ඒවගෙ දෝෂ දකින්න ඒ මොනවත් කරන්න යන්නෙ නැති වේවි.
"ආ..හා..තියෙන්නෙ මේකයි එහෙනම්. හ්ම්..කමක් නෑ"
කියන තැනට එන්න පටන් ගනීවි. එහෙම නැති තාක් ඔන්න ඉතින් ප්‍රශ්න හදා ගන්නව. එහෙම වුනාම ප්‍රධාන වශයෙන්ම හැදෙන ප්‍රශ්න අතර මං කියන්න කැමතියි, ආනාපානය දකිනකොට තේරෙනකොට සමහරක් විට තේරේවි, උඩ තල්ලයි යට තල්ලයි හොඳට කිටි කිටියෙ තද කරගෙන ආනාපානය හොයන බව. බලන්න අපේ ශරීරයට අපේ සිහිය ආවහම, අර බාහිරට යන සද්ද බද්ද වලට සිතිවිලිවලට යන්න තියන ඒ දේවල් ටික ආවරණය කරගෙන එව්වා කරන හැටි ගැන ඉගැන්වුවා. ඉතින් ඒ ක්‍රම ටික පාවිච්චි කරගෙන ශරීරය මතුපිටටත් ඇවිල්ල ඉඳලා, ඊළඟට ශරීරය අභ්‍යන්තරයටත් ඇවිල්ල ඉඳලා, ඊටත් පස්සෙ ආනාපානය බලන්න පටන් ගන්නකොට තේරෙයි ආනාපානයත් තේරෙනව, නැතිවෙනකොට පොඩ්ඩක් මේක හොයන ගතියකුත් තියනවා.
ඒ හොයන ගතිය ප්‍රකට වෙන්නෙ කොහොමද? දත් ටික පූට්ටු වෙනකං හොඳට තද කරගෙන ඇති. බලන්න හොඳට හොයල. එහෙම නැත්නම් දිව උඩු තල්ලට හොඳට තද කරගෙන ඇති, බෙල්ල දික් කරගෙන ඇති. මටත් මතකයි ඔය භාවනා වැඩසටහන් වලට එහෙම ගියාම සමහර ඇත්තො ඉන්නව ආනාපානයෙ අර නාසිකාග්‍රය හොයන්න ජිරාෆ්ල වගේ ඉතින් බෙල්ල දික් කරගෙන ඉන්නව නහය උඩහාට තියාගෙන. ඉතින් හොඳයි. එක්තරා පැත්තකින් ඉතින් මොකක් හෝ විදිහේ වීර්යයක් තියනව. 'සම්මා' ද? කියන එකයි ප්‍රශ්නේ. ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්.
කොහොම කොහොම නමුත් සුසුම් පොද අපි නිසොල්මනේ දකිනවා නම්, ඒ නිසොල්මනේ දකිනකොට ඔය කියන කායික සකස් කිරීම් ටික ලිහිල් වෙන්න පටන් ගන්නව. මොකද ඒ සුසුම් පොදට කියන තියන විදියට තියෙන්න අපි අවසර දෙන හින්ද. ඕකෙ මූලික අඩිතාලම් ටික අපි ඉගෙන ගත්තෙ අර හිත දුවන එකට දුවන්න අවසර දීල. සද්ද ඇහෙන එකට ඇහෙන්න අවසර දීල. එතකොට ඒ දේවල් ටික හුරු නොකර කවුරු හරි කෙනෙක් හිතනව නම්, අන්න අර මුල කරන්නෙ නැතුව මැද කරන්න කල්පනා කරන කෙනෙක්.
එතකොට ඔය ඇත්තොම තමන් දිහාවට හැරිල බලන්න ඕන දැන් එහෙනම් මං හිතන්නෙ මොන තාලෙන්ද? මං ඉන්නෙ ඔය හාමුදුරුවො කියන එකේ මොන ගොඩේද? කියල. ඒකයි ගිය සතියෙ මං අර කියන්න ගොඩක් උත්සාහ කලේ, සතිපට්ඨානය කියල කියන්නෙ මූලිකව අපිට කනට ගහන භාවනාවක්. මේකෙ අපේ වැරැද්දමයි පෙන්නන්නෙ. එපාම වෙනව ඒක හින්ද. ඒක හින්ද ගොඩක් කට්ටිය මේකට මනාපත් නෑ. නමුත් ඕක කරන්නෙ නැතුව නිවන් දකින්නත් බෑ.
කෙසේ හෝ නමුත් අපිට ආනාපානය දකින්න ඉගෙන ගත්තහම, ආනාපානයත් එක්ක ඉන්න ඉගෙන ගත්තහම, ඊළඟට අපේ ශරීරය ආනාපානය තුලින් ප්‍රකට වෙන්න පටන් ගනීවි. ඊට කලින් වුනේ ශරීරයේ තියන වේදනාවල් ප්‍රකට වෙලා ආනාපානය බලන එක ටිකක් අඩුලුහුඬු වුනා. ටිකක් හොයාගන්න අමාරු වුනා වගේ වුනා නමුත් දැන් හිත ප්‍රභාෂ්වර වෙන්න පටන් ගන්න පුළුවන්, හිත විවෘත වෙන්න පටන් ගන්න පුළුවන්, හිත අවදිමත් වෙන්න ආලෝකමත් වෙන්න පටන් ගන්න පුළුවන්.
දැන් ආනාපානය දකිනවා. ඒත් එක්කම ශරීරයත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේක ගොඩක් විට එක හා සමාන වෙලාවකදි වගේ වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් ආනාපානය තුල තියන සිහිය කඩ කරගන්නෙ නැතුවම ශරීරය තුල තියන ඔය පස්සද්ධි ගුණ හෝ අර මෘදු සැහැල්ලු ගුණ හෝ ඒ වගේ නැති ගුණයක් දැකල ආපහු ආනාපානයටත් නිරුපද්‍රිතව එන්න පුළුවන් වෙන විදිහේ තැන්පත්බවක් අපි හදාගෙන තියෙයි.
හැබැයි ඕක හදා ගන්න බෑ අර අපේ උවමනාවකට අත ගහන්න පටන් ගත්තොත්. "ආනාපානය විතරක්ම බලනවා, මේ වේදනා අනං මනං ඔක්කොම බැහැර කරනවා" කියන ඒ ස්වභාවයට ගියොත් නම් බැරි වෙනව. ඉතින් කොහොම නමුත් ශරීරයේ ලිහිල් වීම, ඉහිල් වීම කියන ටික අපි මූලිකව සිදු කරන්න උත්සාහ කරාවි. පින්වතුනි ආනාපානය දකිනකොට ඔය කියන විදිහේ ශාරීරිකව කොහේ හරි තද කරගෙන තියනව නම් හුස්ම දකින්න ඕන කියන අදහසින්, හුස්ම බලන්න ඕන කියන අදහසින්, හුස්ම දැනෙන්නෙ මෙන්න මේ විදියට කරගත්තොත් තමයි කියන අදහසින්, අපිට ඇත්තටම කරන්න පුළුවන් එකම එක දේ මානසිකව ඕකට කරුණු කාරණා එකතු කරන එක බැහැර වුනොත් එහෙම, ශාරීරිකව පොඩ්ඩක් අර යම්කිසි විදියක බලයක් යොදවන කාරණාවක් වගේ වෙන්න පුළුවන්.
අන්න ඒව තමයි ගොඩක් විට ප්‍රකට වෙන්නේ ඔය දත් ඇදි දෙක හොඳට තද කරගෙන ආනාපානය බලන්න හදනව. දිව උඩ තල්ලට තද කරගෙන ඉන්නව. සමහර විට උරහිස හිර කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. බාගදා අත් දෙක හොඳට කිටි කිටියෙ තද කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඊළඟට අර බෙල්ල දික් කරගෙන සහ ඉස්සරහට ඇදල වගේ ආනාපානයම හොයන්න යනව වගේ අන්න ඒ වගේ කාරණා අපිට පේන්න පටන් ගනීවි.
හැබැයි අර ආනාපානය ස්වභාවික විදියට තියන ඒ ස්වභාවයම, ඒ ආශ්වාසය හෝ ප්රාශ්වාසය ඒ තියන ස්වභාවයෙන්ම දකින්න පුළුවන්කම තියනවා නම්, ඔය කියන ලක්ෂණයන් ටික ප්‍රකට වේවි. ප්‍රකට වෙනකොට අපි බොහෝ දුරට කරන්නේ පළවෙනියෙන්ම ඕවා අයින් කරන්න උත්සාහ කරන එක තමයි. හදන්න හදන එක තමයි. ඒක ඉතින් අහිංසකයි ඇත්තටම කියනව නම්. ඒක එක්තරා විදියකට හරියි කියල කියන්නත් පුළුවන් මූලිකව. පුළුවන් තරම් සකස් කරගන්න එක හොඳයි. නරක නෑ හැබැයි බොහොම සිහියෙන් හොඳ උවමනාවකින් කරන්න ඕන.
කොහොම නමුත් කාලයක් අපි මේක කරගෙන කරගෙන යනකොට, ශරීරයට ඇවිල්ල අර විදියට බාහිර සද්ද බද්ද, සිත දුවන ඒවට උත්තර සපයල, ඒවා එක්ක නොසැලී අකම්පිතව ඉන්නෙ කොහොමද කියල ඉගෙනගෙන, ශරීරය මතුපිටටත් හිත අරගෙන එහෙම නැත්නම් ශරීරය අභ්‍යන්තරයට හිත යනව නම් ඒකත් හොඳට තේරුම් අරගෙන ඒ යන පැත්තට අනුව අපේ අවධානයත් යොමු කරගෙන යොමු කරගෙන ඉඳල, ආනාපානයට ආපුහම ඔය විදිහේ ශාරීරිකව තියන කාරණාවල් ටික තේරෙන්න ගත්තහම අපි ආනාපානය දැක දැක ශරීරය දකින්න පටන් ගන්නවා කියන ස්වභාවයකට එන්න ගනීවි.
ඒත් එක්කම ආනාපානය සම්පූර්ණව අල්ල ගන්න, දැනගන්න පුළුවන් විදිහේ බවකුත් අපිට පුරුදු වෙලා තියෙන්නත් පුළුවන්. ඒ එක්කම ශරීරයත් යම්කිසි විදිහකට ප්‍රකට වෙවී, ප්‍රකට වෙවී පවතිනවා කියන එකත් පේන්න පුළුවන්. එතකොට ශාරීරිකව අපි හදාගෙන තියන සකස් කිරීම් ගොන්නක් තියෙන්නත් පුළුවන් ඔය අස්සේ. අර ඉස්සෙල්ල කිවුව වගේ මේ ආනාපානය දකින්න ඕන හින්දා සකස් කරගත්ත දේවල් වගයක් වගේ කාරණා ගොඩක් තියෙන්නත් පුළුවන්. ඔය සකස් කරනවා කියන වචනයට සංඛාර කියන වචනයත් භාවිතා කරනවා.
ඉතින් කෙසේ හෝ ඔය කියන කායිකව සකස් කරගෙන තියන දේවල් ටිකත් දැක දැක, ආනාපානය දකින්න අපි ඉගෙන ගනීවි. ඒවා පෙනි පෙනී ආනාපානයත් දකින්න අපි ඉගෙන ගනීවි. ඒව තියනකං ආනාපානයත් දකින්න. එතකොට ආනාපානයෙන් බැහැර වෙලා අර කියන කායික සකස් වීම් දැක්කා කියල හිත නොකැඩෙන තැනකට අපි පත් වෙනවා. ඊට කලින් නම් ඕවා විස්තර කරන්න ඕන වේවී. විචාරය කරන්න ඕන වේවි. නමුත් අර දන්න කියන දේවල් ටික පැත්තකින් තියල භාවනාවට ගියාට පස්සේ එහෙම නැතුව, ඒකෙ වැරැද්දක් දෝෂයක් තියනව නම් ඒ වැරැද්ද දෝෂය දැක දැක ආනාපානය දකින්න අපේ හිත නැඹුරු වේවි, කිට්ටු වේවී, ආසන්න වේවී, ළං වේවි.
ඉතින් ඔයත් එක්ක අපි ඉගෙන ගන්න පටන් ගනීවි මූලිකව, මේ ශාරීරිකව කරගෙන තියන සකස් කිරීම් ටික බාධාවක් වෙනවා මේ වෙලාවේදී, මෙයා ආනාපානයේ නැත්නම් ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන එක දැක ගන්නට යන ගමනෙදි. මොකද ඒක අපිට අර එක්තරා විදියකට බලපෑමක් ඇති කරවනවා, අපේ හිත මොහොතකට පන්නවනවා අර තැනින්. චුට්ටක් එළියට ඇදල ගන්න. පොඩ්ඩක් බැහැර කරවන්න උත්සාහ කරනව වගේ දෙයක් තියනවා.
ඒක හින්දා අපි ඉගෙන ගන්න පටන් ගනීවි කායිකව කරගෙන තියන සකස් කිරීම් ඔක්කොම ටික වගේ පුළුවන් පුළුවන් තරම් නිරුද්ධ කරගන්න. ඒව පුළු පුළුවන් තරම් බැහැර කර ගන්න විදියට සකස් කරගන්න ශරීරයේ සමහර විට හැඩ ගස්වාගන්න පුළුවන්. කොහේ හරි දැඩි කිරීම් තද කිරීම් කරගෙන තියනව නම් ඒව ලිහිල් කරගන්න, ඉහිල් කරගන්න වෙන්න පුළුවන්. ආන් ඒ වගේ අර යම්කිසි විදියක වෑයමක් දරන බවක් ඊළඟට තේරෙන්නත් ගනීවි.
කෙසේ හෝ නමුත් මූලිකව ඔය කියන වෑයම් ටික කරන එක භාවනාවෙදි යම්කිසි විදියකට ප්‍රගතියක් හැටියට අපිට තේරෙන්නත් පුළුවන්. ඒක හොඳයි නරක නෑ. නමුත් කාලාන්තරයක් හෝ කාලයක් යනකං ඔය දේ ඔය විදියට කරගෙන යන්න වුනොත් තේරෙන්න පටන් ගනීවි, තවමත් සිහිය කියන එක යම්කිසි විදියකට ඡේදනය වීමක්, කැඩීමක්, යම්කිසි විදියකට සිහියට අස්ථිර ස්වභාවයක්, සිහිය පවත්වා ගැනීමේ යම්කිසි දුබලතාවයක් වගේ දෙයක් ඔය කියන බාහිර හැටියට කරන අර උත්සාහයෙන් කරන පස්සද්ධි ගුණ ඇති කර ගැනීම හේතු වෙනව කියල. ආන් ඒක හින්දා අපි දැනගනීවි ඔය කාය සංඛාර ටික නිරුද්ධ කර ගන්න ඕව දැක දැක මුකුත් නොකර ඉන්නවා කියන තැනට එන එක තමයි හොඳම පියවර කියල. ආන් ඒ වගේ දේකට. මොකද,
"න චේතනාය කරණීයං ඒසෝ ධම්මාති"
ඕකයි ධර්මයෙ තියෙන්නෙ. ධර්මයේ අපිට උගන්වන්නේ, බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ,
"පුතේ ඕක හිතාමතා කරන්න ඕන එකක් නෙවෙයි ඕක ධර්මතාවයක්. හැබැයි දකින්න ඕන."
අපිට ඔය චතුරාර්ය සත්‍යයේ උගන්වන්නෙ දුක, දුක ඇති වීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. එතකොට සූත්‍රවල කියල දෙන්නෙ දුක දකින්න හොඳට. ඔබතුමා දුක දැක්ක නම්, ඒ දුක දැක්ක වෙලාවෙදිම ඒ දුක ඇති වීමත්, ඒ දුක ඇති වෙන්න හේතුවත්, නැති කරන්න තියන අවශ්‍යතාවයත්, මොනවද කරන්න ඕන කියන එකත් හොයා ගන්න පුළුවන්.
කොහොම නමුත් අපි ඔය ශාරීරිකව තියන ඒ සකස් කිරීම් ටික දැක්කා නම් මූලිකව ඕව වෙනස් කරාවි. ඒක අපේ අහිංසකකම නිහතමානීකම වෙන්න පුළුවන්. නමුත් පසු කාලීනව ඒව දැක දැක අපේ හිත හදාගන්න, ඒව දැක දැක ඒවට අයින් වෙලා යනකං අපිට හදිස්සි නොවී ඉන්න, අපි හිත හදා ගනීවි. ඕකට අර කියනව 'පනිධාය' සහ 'අප්පනිධාය' කියල වචන දෙකක් තියනව මට මතක හැටියට. ඒ කියන්නෙ බාහිර යම්කිසි විදියක උවමනාවක් යොදවල භාවනාව ඉදිරියට කරගෙන යන්නත් පුළුවන්. එහෙම නොකර තියන දේත් එක්කම හිත හදාගෙන ඉදිරියට යන්නත් පුළුවන්.
ඔය තියන දේත් එක්කම හිත හදාගෙන ඉදිරියට යනවා කියන වචනයට ගොඩක් සමානයි 'ඉවසීම' කියන එක. අන්න එතකොටයි අර ඉවසීමේ ලක්ෂණ ටික භාවනාවෙන් අපිට උගන්වන්න පටන් ගන්නෙ. අපිට වැරැද්ද පේනවා, අවුල පේනවා. හදන්න පුළුවන් කියල හිතන ක්‍රමේකුත් තියනව. මීට කලින් හදලත් තියනවා. හැබැයි දන්නව ඒක හදන්න වුනාම සිහිය පොඩ්ඩක් එහෙ මෙහෙ පැටලෙනව කියල. ඒක හින්දා දැන් ඕකට අත ගහන්න යන්නෙ නෑ. ඒ තියන දේට ඒක දැක දැක එහෙම තියෙන්න දෙනව. ඒ තියන ප්‍රශ්නයට ඒ විදියට තියෙන්න ඉඩ දෙනව.
මෙන්න මේ විදියට කරන්න වුනහම, අර තියන කායිකව කියන සකස් කිරීම් ටිකත් අයින් වෙලා ගියපුහම, ශරීරය තුල තියන සැහැල්ලුව, ශාරීරික නිදහස කියන එක ඔන්න අපිට ප්‍රකට වෙන්න පේන්න පටන් ගන්නව. මොකද දැන් හිතට පනින්න අර නිකං රළු අරමුණක් නැති හින්ද. රළු අරමුණකට තිබ්බා ශරීරය තද කර ගන්න එව්වා, හිර කරගන්න එව්වා අනං මනං ටික. ඒව දැන් නෑ. හැබැයි ශාරීරික සැහැල්ලුව ආවට පස්සේ, අර විදිහේ සකස් කිරීම් ටිකෙන් බැහැර වුනාට පස්සේ, ඒ ශාරීරික සැහැල්ලුවත් එක්ක ඔන්න පේන්න පටන් ගනීවී අපේ ශරීරය තිබ්බට සැහැල්ලුවක් තියනව. අර ඊට කලින් තරම් ධරත නැත්නම් බර ස්වභාවයක් නෑ. ඊට වඩා බොහෝම සාමකාමී, නිස්කලංක බවක් තියන විදිහක් තේරෙන්න පේන්න පටන් ගන්නව.
කොහොම නමුත් ඔය කියන හැම කාරණාවක් අස්සෙම අපි ආනාපාන සතිය කියන එකට නිතර නිතර පැමිණෙනව. ආනාපාන සතියට නිතර නිතර එබිකම් කරල බලලා, ඒ බලන අතර තමයි ශරීරය තුල තියන ඔය දේවල් ටිකක් ප්‍රකට කරගන්න යන්නෙ. හැබැයි මං කියන්න ඕන පින්වතුනි, ඕක හිතා මතා නම් කරන්න යන්න හොඳ නෑ. එහෙම වුනොත් එහෙම මම හිතනවා ඒක ලොකු අවුලකට පත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
ඒ හින්දා අර මූලිකවම සිහිය දියුණු කර ගන්න ඒ ලක්ෂණ ටික ඇති කරගත්තහම, මේ කියන දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නව. මං මගේ පැත්තෙන් මේ කියන්නෙ ලැබිල තියන උපදෙස් වලටත් අනුව, මේක මේ විදියට නම් ගලාගෙන යන්නෙ ඒක තුල අපිට ශ්‍රද්ධාවක් ඇති කරගන්න හොඳ අවස්ථාවක් එන්න පුළුවන් තවත් කෙනෙක් කිවුවහම. ඉතින් සූත්‍රයේ වුනත් අර දේශනා කරල තියන ස්වභාවයෙ ටිකටයි මේ අරගෙන යන්න බලන්නෙ.
එතකොට අපි ප්‍රීතිය කියන එක, ශාරීරිකව දැනෙන ඒ සැහැල්ලු භාවය දැනගෙන, අර ඊට කලින් තිබුන රළු ස්වභාවය නැතුව, ඒ සංස්කාර ස්වභාවය නැතුව, දැන් ප්‍රීති ස්වභාවයකින් හුස්ම දකින්නෙ අපි. ඒ ප්‍රීති ස්වභාවයත් දැකගෙන, ආශ්වාසය සහ ප්රාශ්වාසය දකින්නටත් ඒ දෙක අතර ජීවත් වෙන්නට අපි හිත හදාගෙන ඉන්නෙ. ශාරීරිකව තියන සැහැල්ලු භාවය මානසික සැහැල්ලු භාවයකටත් මඟ පෙන්වාවි. ඒ ශාරීරිකව තියන නිදහස මානසික නිදහසකටත් මඟ පෙන්වාවි. අන්න එතකොට පින්වතුනි අපිට අර පිවිතුරු හුස්මක තියන පිවිතුරු භාවය තවදුරටත් ප්‍රකට වෙන්නට පේන්නට පටන් ගන්නව.
මේ හැම එකක්ම කරන්න හේතු වුනේ අපි ඔය පරීක්ෂණය අපක්ෂපාතී විදියට කරන්න උත්සාහවත් වුනොත් විතරයි. මූලිකව ඉඳලම මේ දේශනා මාලාවෙ අර වචනයක් හැටියටත් පාවිච්චි කරන මේ අපක්ෂපාතී නිරීක්ෂකයා කියන ලක්ෂණයට අපි චුට්ට චුට්ට එනකොට, අපි ගාව තිබුන අර මමත්වයේ බැමි, මමත්වයේ රැහැන් ටික අපි පොඩ්ඩ පොඩ්ඩ අයින් කරගන්න උත්සාහ කරනව. උවමනාවට කරන, ඕනෑකමට කරන දේවල් ටිකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. අපි හිතාමතා මේව සකස් කරගෙන, මෙහෙමයි මේක කරොත් හරි යන්නේ කියල තමන්ගේ දැනුමට කරගෙන තියන දේවල් වලින් බැහැර වෙන්නට උත්සාහ කරනවා.
ආන් ඒවගෙන් බැහැර වුනහම අපි මීට කලින් දැකල නැති මහ පුදුමාකාර විදිහේ අළුත් ලෝකයකට අපිව පා තබන්නට පටන් ගන්නව. ඉතින් භාවනාව හරියට, නැත්නම් සිහිය දියුණු කිරීම හරියට සිද්ධ කරගෙන ගිය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඔය කාරණා එකකට පස්සෙ එකක් වගේ හරියට සිද්ධ කරගන්න විදිහ ගැන මනා අවබෝධයක් වැටහීමක් එයි. හේතුව අර "අනුපුබ්බං පරිචිතා යථා" කියන බුදු හාමුදුරුවන්ගේ ඒ අවවාදයට අනුව වැඩ කටයුතු කරල තියනවා නම් තමයි.
නමුත් ඕක පුරුදු කරාට පස්සෙ, ඕකෙ විශේෂඥ වුනාට පස්සෙ, ඕකෙ විශිෂ්ට නැත්නම් පාණ්ඩිත්‍ය වුනාට පස්සේ, ඒව තමන්ට කැමති අවස්ථාවකදි හසුරුවා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අදට අපි කතා බහ කරමු, අදට අපි ඉගෙන ගනිමු අපි දන්නෙ නැති මේ හුස්ම තුල යම්කිසි අවස්ථාවක් තියනවා, මේ ශරීරයේ තුල තියන මේ වද වේදනාවල් ටික දැනගෙනත් හුස්ම පේන්න පටන් ගන්න පුළුවන්. හැබැයි පින්වතුනි යම්කිසි අවස්ථාවක් අපිට භාවනාවෙදි හදා ගන්න පුළුවන්, මේ ශරීරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරල දාල ඒ අතුරුදහන් වෙච්ච එකේ තියන ඒ ප්‍රීතියයි, ඒ ශරීරය තුල තිබිච්ච අර වේදනාවල් නැති බව, දුක් කම්කටොළු රිදීම් ඒ දේවල් නැති බව දැනගෙන, නමුත් ආනාපානයත් දැනගන්න පුළුවන් මහ පුදුමාකාර ස්වභාවයක් අත්දකින්නත් පුළුවන්කමක් හම්බ වේවි.
හැබැයි ඒක චිත්‍රයකට නඟන්න නම් බැරි වේවි. මොකද එතන ශරීරයක් පේන්නෙ නැහැ ආනාපානයක් තිබ්බට. ප්‍රීතියක් තියනව, තියන කෙනෙක් නැති වෙලා යනව.
ඉතින් ඔන්න ඔය වගේ කියන ලක්ෂණයන් ඇති කරගන්නට හෝ භාවනාවේදී ප්‍රකට කරගන්නට මේ දේශනාවත් නැත්නම් මේ අවවාදයත් හේතු උපකාර වෙන විදිහේ දේශනාවක් අවවාදයක් වේවා කියලා මං බලාපොරොත්තු වෙනවා.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 9
ආනාපාන සතිය සහ ඉවසීම හෙවත් ප්‍රීතිය සහ සුඛය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"දුක්ඛ මේවාහි නකෝචි දුක්ඛිතෝ
කාරකෝන කිරියාව විජ්ජතී
අත්ථි නිබ්බුතී නනිබ්බුතෝ පුමා
මග්ග මත්ති ගමකා නවිජ්ජතීතී"
"දුකක් තිබුනට දුක විඳින කෙනෙක් නෑ. ක්‍රියාවක් තිබුනට ඒ ක්‍රියාව කරන කෙනෙකුත් නෑ. නිවනක් තිබුනට ඒ නිවනට පැමිණි කෙනෙකුත් නෑ. මාර්ගයක් තිබුනට ඒ මාර්ගයෙ ගමන් කරන කෙනෙකුත් නෑ."
ශ්රද්ධාවන්ත, භාවනාවට හිතානුකම්පී පින්වතුනි,
සුපුරුදු පරිදි අදත් අපි අපේ සතිපට්ඨාන කියන දේශනාව පදනම් කරගත්ත, ඒ නිවන් සාක්ෂාත් කරගන්න බලපාන එකම එක මාර්ගය වූ ඒ ඒකායන ක්‍රමය ඉගෙන කියාගන්න අවස්ථාවටයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දේශනාව අවසාන කරනකොට මෙන්න මෙහෙම සඳහනක් මතක් කලා.
භාවනාව අපි කරගෙන යද්දී මූලිකව හිත දුවන අවස්ථාවන්වලට, සද්ද බද්ද වලට, හිත කැඩෙන අවස්ථාවන්වලට, අමනාප ඇති වෙන අවස්ථාවන්වලට, ශරීරයේ මතුපිට දැනෙන දේවල්වලට, සියුම් හෝ ගොරෝසු දේවල් වලට, මනාප හෝ අමනාප වෙන අවස්ථාවන්වලට සහ ශරීරයෙ අභ්‍යන්තරිකව තියන ඒ වද වේදනා සියුම් හෝ ගොරෝසු දේවල්වලට, සිහිය බිඳෙන අවස්ථාවන්වලට, සාර්ථකව මුහුණ දීල ඒව හසුරුවා ගන්න ඉගෙන ගත්ත කෙනා පමණක් සාර්ථක විදියට භාවනාවක් ඉදිරියට කරගෙන යාවි.
ඒ ඉදිරිය කෙසේ වෙතත් එයා මාර්ගයේ මුලම පාදවා ගනීවි. මුල කියල කියන්නෙ සිහියට ප්‍රධාන තැන දෙන්න අර "සතෝච සම්පජානෝ" කියන තැනට එන්න උත්සාහ කරාවි, ඉගෙන ගනීවි, වෑයම් කරාවි, වීර්යය වඩාවි. ඉතින් ආන් එහෙම කෙනාට ශරීරයේ හුස්ම දැනෙන්න ඕන කියන, හුස්ම දැනගන්න ඕන කියන බලාපොරොත්තුව හන්දාම හදා ගත්ත සකස් කිරීම් ටික දකින්නටත් පුළුවන් වුනා නම්, දැන ගන්නටත් දැක ගන්නටත් ස්පර්ශ කරන්නටත් පුළුවන් වුනා නම්, කායිකව සකස් කරගෙන තියන ඒ සංස්කාරයන් ටික නිරුද්ධ කරගන්න අවස්ථාවක් උදා වේවි කියන කාරණාවයි මතක් කලේ ගිය සතියේ අවසානයේදී.
ඉතින් අන්න එතනදී ඒක චිත්‍රයට නඟන්න බැරි විදිහේ මහ පුදුමාකාර සිතුවමක් එතන තියේවි කියන එක මතක් කලා. ශරීරයක් තියනව තමයි නමුත් නෑ. හුස්මක් තියනව තමයි නමුත් හුස්ම තියන ඇඟක් නෑ. ඔන්න ඔය වගේ කියන ඒ අදහසට කිට්ටු වෙන ගාථාවක් විගහට මගේ මතකයට ආපු හන්දා මේක අද කියන්න කියල කල්පනා කලා. මේක තියෙන්නෙ 'විශුද්ධි මාර්ගය' කියන ග්‍රන්ථයේ.
ඉතින් කෙසේ හෝ නමුත් අර බාහිර තියන සාධකයන්වලට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගත්ත භාවනා යෝගියා හුස්මට වෙලා ඉන්න ඉගෙන ගනීවි. ඒ හුස්ම තුලට වෙලා ජීවත් වෙන්න, ඒත් එක්ක සැරිසරන්න, ඒත් එක්ක පියාඹන්න ඉගෙන ගනීවි. හුස්මත් එක්ක ඉපදිලා, හුස්මත් එක්ක ජීවත් වෙලා, මේ ආශ්වාසය නම් එක ආශ්වාසයක් ඉවරවෙලා අහක් වෙලා යනකොට ඒකත් එක්ක මියෑදෙන්න පුළුවන් විදිහේ හිතක් හදා ගනීවි.
ඔය කියන අදහස අපිට ප්‍රකට කරගන්න පුළුවන් නම් ඒ දකින හුස්ම අපේ අවසාන හුස්මයි කියන එක තේරේවි, පෙනේවි අපි නොමැරුනාට. කෙසේ හෝ ඔය ආකාරයේ දැඩි සිහියක්, අර මූලිකව තිබුනාට වඩා දියුණු තියුණු සිහියක් ඇති කරගත්ත භාවනා යෝගියාට, ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ කියන දෙකේ තියන සංඝටක දැන් එළියට එන්න ගනීවි. පේන්න පටන් ගනීවී. මොකද එයාට ශරීරයත් දැන් ප්‍රකට වෙන හින්දා.
කලියෙන් ශරීරය ප්‍රකට වුනා, නැතුව නෙවෙයි. හැබැයි ඒක බාධාවක් වෙන විදියටයි ප්‍රකට වුනේ. මොනවද අර වද වේදනාවල් තියන. ආන් ඒ වගේ දේවල්. ඊටත් කලියෙන් අර හිත දුවන එව්වා. ඔය වගේ දේවලුත් තිබුනා. නමුත් ඔය කියන පාඩම් ටික පහු කරලා ඒ කියන විභාග ටික පහු කරන්න හේතු වුනා. හේතු වෙනවා අනිවාර්යයෙන්ම අර ප්රත්යවේක්ෂාව කියන දේ ආපස්සට බැලීම කියන දේ.
මේක ඇත්තටම කියනව නම් භාවනා කරනවාටත් වඩා පසුවිපරම කියන එකයි අතිශයින්ම වැදගත් වෙන්නෙ. භාවනාව අනිවාර්යයෙන්ම වැදගත් වෙනව. නමුත් භාවනාව සහ ආපස්සට බලනවා කියන එක, ප්රත්යවේක්ෂාව කියන එක මතක් කලොත් ඇත්තටම කිවුවොත් එහෙම, භාවනාව පුරුදු කරන වෙලාවට අංක දෙක තමයි දෙන්නෙ.
කොහොම නමුත් මේ විදියට ආශ්වාසය සහ ප්රාශ්වාසය වෙන වෙනම දකින්න ඉගෙන ගත්තු භාවනා යෝගියාට, යෝගාවචරයට, ආශ්වාසය හා සම්බන්ධ ක්‍රියාවලීන් සහ ප්රාශ්වාසය සම්බන්ධ ක්‍රියාවලීන් දැනෙන්න, තේරෙන්න, පේන්න පටන් ගනීවි ඇහෙන් බැලුවෙ නැති වුනාට.
ආශ්වාසය එක්ක ශරීරය ඇතුලට හුස්ම එන බවත් ඒත් එක්ක ශරීරයෙ තියන සමහර සමහර පැති ටිකක් පිම්බෙන, තද වෙන, හිර වෙන, ප්‍රසාරණය වෙන බවකුත් ප්‍රාශ්වාසයේදී හරියට අර රෝදයක හුළං බහිනවා වගේ එක පාරම ඒ තිබිච්ච හිර වෙච්ච ස්වභාවයන් ඔක්කෝම ටික ලිහිල් වෙලා මෘදු සැහැල්ලු අන්න එහෙම ගති ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්න බවත්, විනිවිද දකින්න පුළුවන්කමක් හම්බ වේවි.
මේත් එක්ක තමා අර ශරීරය තුල තියන ඝන ස්වභාවයන් ටික අපිට පේන්න පටන් ගන්නේ ඒව මෘදු විය යුතුයි සහ මෘදු කරගත හැකියි කියල. ඔය විදිහෙ වටපිටාවකට ආපු කෙනෙක් ඉන්නව නම් මං යෝජනා කරන්න කැමතියි එයාට හැකිතාක් ශරීරය ප්‍රකට වෙනකම්ම ඔය කියන මට්ටම තුල ඉන්න ඕන. ඇස් දෙක පියාගෙන මේ ඇඟ ඇතුලෙ යන්න පුළුවන් උපරිම දුර යන්න ඕන. නියපොත්තෙ කෙළවරට පියාඹන්න පුළුවන් නම්, කිමිදෙන්න පුළුවන් නම් ඒක හොඳයි. වෙන කොහෙවත් නෙවෙයි මේ අපි ඉන්නෙ සතිපට්ඨානය තුලයි.
ඒත් එක්ක හිත දුවනවා නම්, දැන් වෙන එකකට පනිනවා නම්, පනින එක බවට පරිවර්තනය වෙලා ඇති ආශ්වාසය. හෝ ප්රාශ්වාසය. හෝ ඒ දෙක අතරමැද. හෝ ආශ්වාසය හෝ ප්රාශ්වාසය නැතිබව. ඒ වෙනුවට අර සිතිවිලි වලට යන එක හෝ ඒක විවේචනය කරන, හිතන, කල්පනා කරන, පද ගොතන, තමන් ඉගෙන ගත්ත දේවල් දාගන්න යන, ඒ මොනවවටවත් මෙයා අත ගහන්න යන්නෙ නැති වේවි.
මොකද අත්දැකීමෙන්ම දන්නවා ඒ ඔක්කොම ටික ගිනිගොඩවල් විත්තිය. ඒ ඔක්කොම හරිනම් මස් කටු වගේ තමයි බල්ලට. ඌට කන්න දුන්නම හපනව ඒක. හපනකොට ලේ රහක් එනවලු. ඒත් තව හපනවලු. ලේ රහ තියන හින්ද. බලනකොට හපන්නෙ උගේ ලේ ටිකට. ලෙවකන්නෙ උගේ ලේ ටිකට. ආන් ඒ වගේ තමා.
මූලිකව අපි ශරීරය තුල තියන ඒ ඒ ලක්ෂණයන්ට මනාපය ඇති කරගෙන ඒවා වෙනස් කරන්න අරෙහෙ මෙහෙ කල්පනා කලා වුනාට පසුකාලීනව ඕව වෙනස් වෙලා යනකං ඉන්න හිත හදාගෙන ඉදීවි සකස් කරන්න යන්නෙ නැතුව. ඒව දන්නවා ගිනිගොඩවල් කියලා. ඒව දන්නවා තමන්ගෙ සිහිය කැඩෙන්න හේතු වෙන්න පුළුවන් දේවල් කියලා. ආන් ඒ වගේ අවස්ථාවක් වෙනකොට තමයි මේ හුස්ම බොහෝමයක් සියුම් වේගෙන සියුම් වේගෙන යන්න පටන් ගන්නෙ.
ඒක ස්වභාවිකයි මොකද ඇඟට මහ ලොකු වැඩක් කරන්න නෑ. මුළු දවස පුරාම, නැත්නම් මුළු ජීවිත කාලය පුරාම විවේකයක් ගත්තෙ නැති කෙනෙක්ට ඔය වගේ මානසික මට්ටමකට, ඔය වගේ වටපිටාවකට එන්න පුළුවන් නම් එක ක්ෂණයක් මුළු ජීවිතේම ලබාගත්ත ඒ තිබිච්ච මහන්සියට ලොකූ අස්වැසිල්ලක් වේවි ඒක. ලොකූ සහනයක්, ලොකූ නිදහසක්, සැනසීමක් වේවි.
ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ හුස්ම අඩු වේගෙන යනකොට, ශරීරයත් මෘදු සැහැල්ලු කරගන්න එක යෙදෙන්න වුනාම, අපේ සිහිය ඔය හා සමාන සංඝටකයකට ඉබේටම වගේ යන්න පුළුවන්. ඒකට කියන්නෙ ථිනමිද්ධය කියල පාලියෙන්. සිංහලෙන් කියනව නින්ද කියල. හේතුව ඔය වගේ සැහැල්ලු කාන්සියයක් අපේ ජීවිතේ තුල ලැබෙන්න ඇති, ඒ ලැබිච්ච වෙලාවක අපි ගොඩක් වෙලාවට ගොරවන්නත් ඇති.
එතකොට අපි දැන් අපි භාවනාව තුලිනුත් ශරීරය තුල තියන පස්සද්ධි ලක්ෂණ ටික මතු කරගෙන, මතු වෙන්න දීගෙන, එව්ව එන විදිහ වෙන විදිහ ඉගෙනගෙන, එනකොට ඔය වගේ තැනකට ආපුහම, මනස ඊට සමාන කිට්ටු ඊළඟ දේට එයා අපේ හිතට සම්බන්ධතාවය හදල දෙනව. ඒක සාමාන්‍යයයි.
ඒකනේ අපි අර හාමුදුරු කෙනෙක් දැක්කහම "ස්වාමීන් වහන්සේ" කියන අය ස්වාමීන් වහන්සේ කියනවා. "අවසර" කියන අය අවසර කියනවා. "සාදු" කියල කතා කරන අය සාදු කියනවා. "ඔයා" කියල කතා කරන අය ඔයා කියනවා. මේ පුරුදු කරල තියන දේට ළං වෙනව. බිත්තියෙ වැදුනහම "අම්මෝ" කියන අය අම්මෝ කියනවා. "අහ්" කියන අය අහ් කියනව. කුරුහරුප කියන අය කුණුහරුපයක් කියනව. ඒ පුරුදු කරල තියෙන දේ එතෙනට එකතු වෙනව.
කොහොම නමුත් ඔය කියන හිත තැන්පත් කර ගන්න, ශරීරය තැන්පත් කරගන්න අවස්ථාවට එනකොට අපේ සිහිය හොඳට දියුණු තියුණු වෙලයි තියෙන්නේ. ඒ වෙලාවෙ නින්දට වැටෙන්න පුළුවන්. ඒක අපේ අහිංසකකම කියල හිතමුකො මූලිකව. ඒක හින්දා මේකට සාදර වෙලා යන්න ඕන. මේකට සූදානමෙන් යන්න ඕන. මේ වගේ මට්ටමක් එන්න පුළුවන්. ඒ එන්නෙ නිදා ගන්න නෙවෙයි කියන මූලික අදහස හිතට දීලා භාවනාවට යනව නම් හොඳයි.
හැබැයි ඕක අහුවෙන්නේ අර ආපස්සට බලන කෙනාට නම් විතරයි. ඒක නම් පැහැදිලිවටම කියන්න ඕන. මොකද මේ වගේ තත්වයක් එනකොට ඔය ප්රත්යවේක්ෂාව කරන එක, නැත්නම් කමටහන කමටහන් වාර්ථාවක් හැටියට කියන්න තරම් දක්ෂ වෙන එක අනිවාර්ය අංගයක් වෙනවාමයි. මොකද චිත්තානුපස්සනා කොටස්වලට නැත්නම් මම හිතන්නෙ නෑ ලේසි වෙයි කියල. ප්‍රීතිය දැක ගන්න සුඛයෙදි දැක ගන්න කාරණා පවා අල්ල ගන්න එක ඇත්තටම මහා අමාරු වෙනව. ඇත්තටම බැරි වෙනවා ආපස්සට බලන්න දන්නෙ නැති කෙනාට හෝ ඒක කරන්නෙ නැති කෙනාට.
ඒ කෙසේ හෝ මේ හුස්මත් අඩු වේගෙන යන වෙලාවෙදි ශරීරයත් සැහැල්ලු වේගෙන යන වෙලාවෙදි අපිට සිහිය පවත්වාගන්න තියන අරමුණු දෙකක් තියනව තාමත්. එකක් හුස්ම අඩුවේගෙන යනවා. අනිත් එක ශරීරය සැහැල්ලු වේගෙන යනවා. තාමත් අපිට හිත පනවන්න කාරණා දෙකක් තියනවා. බුදු හාමුදුරුවො ඒක පෙන්නල දීල තියනව සූත්‍රයෙ ලස්සනට.
ඉතින් ඔය කියන සැහැල්ලුවට වෙලා දැන් ඉන්න පුළුවන්කමක් හම්බ වේවි, මොකද හුස්ම නැති වුනාම ඒ හුස්ම නැති බව සහ සැහැල්ලුව කියල කියන්නෙ දෙක එකක් වගේ වෙන හින්ද. මොකද ක්රියාකාරීත්වයක් නෑ වගේ කියන එකක් තේරෙන්න පුළුවන්. එහෙම වුනාම හිත හදා ගන්න බලන්න ඕන ඔය කියන සැහැල්ලුවට වෙලා හිතේ මොකක්වත් බලාපොරොත්තුවක් නැතුව. අන්න එතනයි තියන ලොකුම ප්‍රශ්නේ.
අපිට ඔය වගේ තැන්වලට යන්න බැරි නෑ. නමුත් බලාපොරොත්තුව ඉස්සරහමයි. පැනපු ගමන් විනාසයි. සම්පූර්ණම ඔක්කොම භාවනාව විනාස වෙනවා භාවනාවට ඔය කියන බලාපොරොත්තුව පැනපු ගමන්. අපි දන්නෙ නෑ නෙව තාමත් ඔය බලාපොරොත්තුව කියන එක මොන මට්ටමේ තියා ගන්න ඕනද කියල.
ඒක හරියට තාම අපි මේ කෑම එක හදන්න ඉගෙන ගන්න අරක්කැමියො වගේ කට්ටියක්. තාම දන්නෙ නෑ මේකට බලාපොරොත්තුව කියන ලුණු හැන්ද කොච්චරක් දාන්න ඕනද කියල. ගොඩක් වෙලාවට වැඩියෙන් තමා දාගන්නෙ. කන්න බෑ මෙලෝ විදියකට. කන එක නතර කරනව. කට්ටිය ඒකයි කියන්නෙ,
"මං ඔය භාවනාව කරල තියනව. දැන් කරන්නෙ නෑ. වැඩක් නෑ, හරි යන්නෙ නෑ."
ඒ වගේ ඒව එළියට එන්න ප්‍රධාන හේතුවක් ඒක. වෙන මොකක්වත්ම නෙවෙයි තමන් ගාව තියන පංච ඉන්ද්රියයන්හි ප්‍රමාණය, මට්ටම නොදන්නාකම. ඕක අල්ලගන්න ප්රත්යවේක්ෂාව කළ යුතුමයි. ඒක නොකරන එකයි එතකොට ප්‍රධානම හේතුව.
කොහොම නමුත් ඔය කියන සැහැල්ලුවට වෙලා ඉන්නකොට, ඉඳල ඉඳල වගේ හුස්මක් එන්න යන්න පුළුවන්. එතකොට ඊට කලින් අපේ හිත පනින්න, හිත පිට යන දේකට තිබුනේ සිතුවිල්ලකට යන එකක්, සද්දයක් එන එකක්, ආන් ඒ වගේ. නමුත් දැන් හරි වෙනස්. දැන් ශරීරයට වෙලා ඉන්න පුළුවන් තරම් ශරීරයේ අභ්‍යන්තරයේ හිස අරාගෙන පීනන්න පුළුවන්, යන්න පුළුවන්, පියාඹන්න පුළුවන්, සිසාරා ඉන්න පුළුවන්. ඒ අතර හිත යනව නම් යන්න තියෙන්නෙ හුස්මට තමයි. සැහැල්ලු ශරීරයක් සහ හුස්මකට තමයි.
ඉතින් ඔය කියන සැහැල්ලුවටම වෙලා ඉන්න නම් අර බලාගෙන ඉන්න පුළුවන්කම කියන එක අනිවාර්ය අංගයක්. නිහඬ පරීක්ෂාව නැත්නම් අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකට අනිවාර්ය අංගයක්. ඉවසීම කියන එක ප්රධානයෙන්ම තියෙන්න ඕන සාධකයක් වෙනවාමයි. ඕව පොතේ පතේ ඉගෙන ගත්තාට තමන්ගේ ජීවිතය තුලින් අභ්‍යාන්තරිකව ඉවසීමක් නැති නම්, පක්ෂපාතී විදියට නිරීක්ෂණය කරන්න බැරි නම්, හුදෙක් බලාගෙන ඉන්න බැරි නම්, පැමිණිලි කරන්නෙ නැතුව, ඕව ගැන කතාබහ හදන්න යන්නෙ නැතුව, විස්තර විචාර කරන්න යන්නෙ නැතුව, බලාගෙන ඉන්න බැරි නම්, ඒ දේවල්වලින් හොඳ හෝ වේවා නරක හෝ වේවා සතුටු වෙන්න බැරි නම්, ඔය කියන තැනක් හදා ගත්තට ඕකෙ ඉන්න බෑ.
ඒකට අර එන්න පුළුවන් ඉන්න බෑ කියන එකට තමයි කියන්නෙ 'උට්ඨාන කුසලය' තියනවා 'ථිති කුසලය' නෑ කියල. ඒ කියන ථිති කුසලයත් ඇති කරගත්තා නම්, ඔය කියන තැන්පත්භාවය තුලම ඉන්න හිත හදාගත්තා නම්, හිත බාහිරට යනව නම්, සියුම් හෝ අති සියුම් ආකාරයෙන් තියන හුස්ම පොදකට විතරක් යන බවක් තියේවි. නමුත් ඒක ප්‍රශ්නෙකුත් නෑ එයා අපේ මූලික කමටහන.
එහෙම තියන තැනකට පැමිණ හෝ නැතුව, අර කියන මෘදු සැහැල්ලු භාවය තුල ශරීරයට වෙලා සිසාරා ඉන්න පුළුවන්කම තියනව නම්, ඒ දේ දිහා නොකඩවා බලාගෙන ඉන්න පුළුවන්කම තියනවා නම්, අන්න එතකොට තේරෙන්න ගනීවි ඔය කියන සැහැල්ලුවටත් දෙපැත්තක් තියනව කියල. ඒ කියන සැහැල්ලුවත් ප්‍රකට වෙන ආකාර දෙකක් තියනව කියල.
ආන් ඒ කියන ආකාර දෙක දකින්න නම් අපේ සිහිය නොකඩවා පවත්වා ගන්න පුළුවන් වෙන තරමේ හොඳ සෘජු බවක් තිබිය යුතුමයි. අපි අපේ සිතැඟියාවන් වලට යට නොවී, එන දේ මොකද්ද, වෙන දේ මොකද්ද, වෙන දේ සතුටු සිතින් අනුමත කරන්න පුළුවන් වෙන විදිහේ දැක්මක් තිබිය යුතුයි.
එහෙම නැතිනම් තමන්ගේ බලාපොරොත්තුවට තමන්ගේ සිතැඟියාවන්වලට යන්නෙ නැතුව, ඒවාට ඇලෙන්නෙ නැතුව, තියන දේට අනුගත වෙන්න, ඒ දේ අනුමත කරන්න පුළුවන් වෙන විදිහේ ආන් එහෙම එකක් කරගන්න පුළුවන්කමක් හම්බ වුනා නම්, ඒ වගේ වටපිටාවකට පැමිණෙන්න පුළුවන්කමක් තිබුනා නම්, ඔය ශරීරය ඇතුලෙ තියන ඔය පස්සද්ධිය කියන මෘදු සැහැල්ලු ගුණය අස්සෙ තියන තව තවත් සංඝටක පේන්න පටන් ගනීවි.
හැබැයි මෙතනට එන්න නම් අනිවාර්යයෙන්ම අපිට අර නොකඩවා ගලාගෙන යන සිහිය පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේකෙන් කියවෙන්නෙ නැහැ (අහන්න පහුගිය දේශනා ටික) හැමවෙලාවෙම ආනාපාන සතියේම ඉන්න ඕන කියල. එහෙම නැත්නම් හුස්ම දැනගෙනම ඉන්න ඕන කියල කියන්නෙ නෑ. නමුත් සිහියේ ඉන්න ඕන කියන එක නම් කියනව.
ඒ සිහියේ හිඳීම තුල මමත්වයේ සංඥාවක් නැති වෙන්න ඕන. මමත්වයේ බලපෑමක් රහිත වෙන්න ඕන. ඒ මමත්වයේ බලපෑමෙන් නිදහස් වෙනව නම්, අන්න අපි පා තබල තියනව පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා හැටියට වඩන්න යන්තම් පොඩ්ඩක්. ඉතින් ආන් ඒ විදියට පුරුදු කරගෙන යන්න පුළුවන්කම තිබ්බොත්, ඔය කියන ලක්ෂණයන් ඇති කරගන්න පුළුවන්කමක් හම්බ වුනොත්, හදිසි වෙන්න එපා ඊළඟට තියන ඒව මෙව්වා වෙන්න ඕන, නැත්නම් පොතේ තියෙන්නෙ මෙහෙමයි මෙහෙම මෙහෙම කරන්න ඕන කියන ඒව ඕන නෑ. ආපහු ඒක කරන්න.
හේනෙපොල නායක හාමුදුරුවන්ගෙ පොතෙත් ලස්සන උදාහරණ කිහිපයක් තියනව. ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොච්චර දක්ෂ වුනත් එයා හැමදාම බෝලය විසික් කරන හැටි ඉගෙන ගන්නවලු. බැට් එකෙන් ඒකට ගහන හැටි ඉගෙන ගන්නවලු. බේස් බෝල් ක්‍රීඩකයොත් ඒ වගේමයි. බෝලෙ බම්ප් කරන එකත් ඉගෙන ගන්නව.
ආන් ඒ වගේ තමයි අපි කොච්චර මේක ඉගෙන ගත්තා කියල හිතුව වුනාට අපි කොච්චර එහාට ගියා කියල හිතනව නම් (ඇත්තටම එහාට ගිහිල්ලත් නෙවෙයි එයා ඉන්නෙ කෙලින්ම මමත්වය තුලම තමයි. ඒක ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ.) අපි ආපහු මේ ගමනෙ මුල හොඳට සුද්ධ කරගන්න පටන් ගන්න ඕන. මූලික අභ්‍යාසවලට නැවත නැවත එන්න ඕන.
මේ තාමත් අපි සුද්ධ කරමින් පවතින්නේ අර "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියන කාරණාවමයි. ඒකටයි අපි මේ තාමත් එන්නේ. මොකද තාමත් අපේ හිත කොච්චර ඔය කියන ලක්ෂණ තිබුනා වුනත් තවමත් අපේ හිත පනින අවස්ථා තියනව. ඒක හරියට කියනව නම්, කවුරු හරි කෙනෙක් මෛත්‍රියෙන් කතා කරනකොට ඒකට සාදර වෙන්න, ඒක අනුමත කරන්න පුළුවන් තරමේ සිහියක් තියෙන්න පුළුවන්.
කොහොමද කියන්න කවුරු හරි කෙනෙක් බැනල කතා කරද්දී? එහෙම නැත්නම් කවුරුහරි කෙනෙක් බනින එක හොඳ වචනයක් හැටියට කිවුවොත්? එහෙම නැත්නම් හොඳ වචනයක් බනින හැටියට කිවුවොත්? මොකද කියන්නෙ? ආන් ඒ වගේ අපිට මේක අස්සෙ ඉගෙන ගන්න තියන දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒක හන්දා,
"අලං වායතුමිං තත්ත අත්ථකාමේන ජංතුනෝතී"
මේකට පුළුවන් තරම් වෑයම් කරන්න. අපිට ලැබිල තියන අවස්ථාවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගන්න. මේ ලෝකෙ තියන හැම එකක්ම තියෙන්නෙ අපේ තියන මේ වැඩේ කඩල දනේන. සිහිය කඩල දාන්න. පැහැදිලිවම මේක නම් මං කියනව. අපි කරන කියන හැම එකක්ම. අපිට තියන දේවල් මදි, අළුත් එකක් ගන්න ඕන කියල කියන්නෙ ඇත්තටම සිහිය තියාගන්න නෙවෙයිනෙ. ඒ විදිහේ දේවල් තියෙන ලෝකෙක අපි මේ ඉන්නෙ.
ඉතින් මේ සතිය කියන එක පුළුවන් තරම් තමන්ගෙ ජීවිතේට යා කරගන්න බලන්න. කිට්ටු කරගන්න බලන්න. එහෙම වුනාම අසනීපයක් හැදුනත් ඔය කියන මට්ටමකට යන්න පුළුවන්කමක් තිබුනොත් ඒ කියන නිදහස් ගුණය තියන වෙලාවල්වලදී, ශරීරයක් නැති නම් මෙතන වේදනාවක් කොයින්ද? කියන ප්‍රශ්නේ මම ඔය ඇත්තන්ගේ ඉදිරියේ තියලා අද දවසට දේශනාව සමාප්ත කරන්න කල්පනා කරනවා.
දේශනාව තුලින්, මේ අවවාදය තුලින්, ඔය ඇත්තන්ගේ දහම් දැනුම වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබේවා කියල බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 10
මුලට පැමිණීම හෙවත් ප්රත්යවේක්ෂාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පූජාරහේ පූජයතේ බුද්දේ
යධිව සාවකේ
පපංච සමතික්ඛංතේ
තිංනසෝක පරිද්දවේතීතී"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
සතිපට්ඨානය කියන බුදු පියාණන් වහන්සේගේ ඒ දේශනාව කේන්ද්‍රගත කරගත්ත අපේ ධර්ම සාකච්ඡාව කරන වෙලාවයි මේ. ඉතින් පහුගිය සතියේදී අපේ භාවනාව ගැන කරපු ඒ අවවාදයේදී, ඒ අවවාදය අවසාන වෙනකොට මෙන්න මේ වගේ කොටසකට කිට්ටු වුනා. ඒ කොහොමද?
අර බාහිර තියන සද්ද බද්ද හෝ සිතිවිලි හෝ චිත්ත රූපවලට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගත්ත යෝගාවචරයා ශරීරය ඇතුලට ඇවිල්ලත් නැත්නම් ශරීරය මතුපිටට ඇවිල්ලත් ප්රධානයෙන්ම අපි පිළිවෙලකටම ගියොත් එහෙම, මතුපිටට ඇවිල්ලත් ඔය කියන බාධකයන් තියනව නම්, එයා හඳුනා ගනීවී දැන් එයාගේ සිහිය, අවධානය ශරීරය මත පතිත වෙන නමුදු අර බාහිර කාරණාවන්වලට යන බවකුත් තියනවා කියලා. ඒ ටික කොහොම හරි නිශ්ප්‍රභා කරගෙන ඒව ඒ විදියට හසුරුවා ගන්නා ආකාරයන් පහුගිය සති කිහිපය තුලම කතා කලා.
ඒව නිශ්ප්‍රභා කරගෙන ආනාපාන සතියට එන්න පෙරාතුව ශරීරය අභ්‍යන්තරයත් හොඳට නිරීක්ෂණය කරලා, අර බාහිර වශයෙන් වේදනාවන් ආදිය ගොරෝසු කාරණාවල් ටිකත් මෙනෙහි කරගෙන, ඊළඟට එයා ආනාපානය දකින්න හිත හදා ගන්නකොට ඔය කියන තැනට එන්න එයා බොහෝම කාලයක් පුහුණුවීම් කරල තියෙන්න පුළුවන් වගේම, තියෙන්න ඕන තිබිය යුතුමයි.
ඔය කියන සිතුවිලි කියන්නෙ මොනවද? චිත්ත රූප කියන්නෙ මොනවද? ආන් ඒ වගේ එතනත් දෙකක් තියනව. ඒක එකක් නෙවෙයි ඒක දෙකක්. ඒව හඳුනා ගන්න, ඒවත් එක්ක කටයුතු කරන්න, ඒක සිහියකට ගන්නෙ කොහොමද? එතුලින් සතිමත් වෙන්නෙ කොහොමද? කියන එක ඉගෙන ගන්න ගොඩාක් වෑයම් කරල තියෙන්න ඕන.
කොහොම නමුත් ඔය කියන හැම වෑයමකම අවසාන ප්‍රතිඵලයක් හැටියට මෙයාට පිවිතුරු හුස්ම කියන එක දකින්න පුළුවන්කමක් හම්බ වුනා නම්, ඊළඟට අර එයාගෙ යාළුවා සම්පජන්‍යය සතිමත් භාවය සිහිය සහ සිහි නුවණ කියන දේ කිට්ටු වෙන්න පටන් ගන්නවා. ආන් ඒකත් එක්ක මෙයාට ඉන්න පුළුවන්කමක් හම්බ වේවි ඒ කියන හුස්මත් සමඟම ඉපදිලා, හුස්මත් සමඟම ජීවත් වෙලා, ඒ හුස්මත් සමඟම මියදිලා යන්න.
ඔය තායිලන්තයේ 'අජාන් පසන්නො'ගේ ලස්සන දේශනාවක් තියනවා 'The last breath' කියල හරි ප්‍රසිද්ධයි ඒ දේශනාව. ඒකෙදි කියන්නෙ ඇත්තටම කියනව නම් ආනාපාන සතිය ගැනම තමයි. කෙසේ හෝ ඔය කියන විදියට හුස්ම දැන ගත්ත, දැක ගත්ත කෙනාට ඒ හුස්ම තුලට වෙලා ඉන්න බැරි වෙන විදිහේ කාරණාවල් ටිකක් තියනව පැහැදිලිවම අපේ මමත්වය හන්දා, අපේ තියන ආත්ම සංඥාව හන්දා, නිත්‍ය ස්වභාවය හන්දා, සැප හොයන හින්දා, තමන්ට උවමනා හැටියට පාලනය කරන්න බලාපොරොත්තු වෙන හන්දා.
ඉතින් ඒ කියන බාධකයනුත් දැකගෙන, ජයගන්න ඉගෙන ගන්නකොට, අන්න ඒ කෙනාට ආනාපානය තුලින් ශරීරය ප්‍රකට වෙන්න පටන් ගන්න පුළුවන්. මුලින් ශරීරය දැකල ඒක අස්සෙ අනාපානය තියනව දැක්ක. නමුත් දැන් ඊළඟට අනාපානයත් එක්ක ශරීරය තුල සිදු වන යම්කිසි වූ ක්රියාකාරීත්වයන් පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්කමක් හම්බ වෙලා තියනව හිත විවෘත වෙන්න විවෘත වෙන්න. එහෙම වෙනකොට එයාට ඔය ආශ්වාසය සහ ප්රාශ්වාසය කියන දෙකේ වෙනස් ලක්ෂණ ඉස්මතු වෙන්න ගනීවි.
ඒ ලක්ෂණත් එක්ක ශරීරය තුල තියන යම් යම් කොටස් ඇහෙන් දැක්කෙ නැතිවුනාට පේන්න පටන් ගනීවි. ප්‍රකට වෙන්න පටන් ගනීවි. ඒ විදිහේ ප්‍රකට වීම ඒ එක්ක ඉන්න හිත හදා ගත්තහම සමහරක් වෙලාවට ආනාපානය නිශ්ප්‍රභා වෙලා යන්නත් පුළුවන්. හැබැයි අර ප්‍රකට වෙච්ච ශරීරය තුල අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි මේ හරිය බොහොම සූක්ෂමයි. අද දේශනාව අන්න ඒක ගැනයි කියන්න යන්නේ.
මෙතන හරිම සූක්ෂමයි. අපි සමහරක් වෙලාවට (ඇත්තටම කියනව නම් ගොඩක් වෙලාවට) ඔය වගේ කියන වටපිටාවකට ආපුහාම අපේ ඉවසීමේ මට්ටම නැති වෙලා යනව. සතියෙන් ඉන්න භාවය නැති වෙලා යනව. මේ යන්නෙ තණ්හාවෙන් නිදහස් වෙන්න කියන ඒ සංඥාව අපෙන් බැහැර වෙන්න පටන් ගන්න පුළුවන්. කොහොම නමුත් මූලිකව ඔය කියන ප්‍රීතියට අනුගත වෙන්න වෙනව, ඒකට කැමති වෙන්න වෙනව. ඔතන ප්‍රශ්නෙ තමයි අපිට ඔය කියන ප්‍රීතිය සහ ඒ කියන ප්‍රමුදිතභාවය, පස්සද්ධි ගුණය, සැහැල්ලුව (ඉංග්‍රීසියෙන් කියනව relax කියල) ඒක දැනෙන කොටසක් තියෙන්න පුළුවන් ශරීරය තුල. එක්තරා කොටසක් විතරක්.
එතකොට යෝගාවචරයා ගොඩක් වෙලාවට සලකන දේ තමයි ඒ කොටස ඉන් එහාට දියුණු කරගන්න හිත යොමු කරන්නෙ නැහැ වගේ එකක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකට ආපුහාම කට්ටිය කියන්න පුළුවන් ආනාපානයත් නෑ, ශරීරයත් නෑ, මොකක්වත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ, මෙතනම තමයි. නමුත් ඔය කියන වටපිටාව තුල තව හොඳට එබිකම් කරල බැලුවොත් ඔතනට එනකොට නිශ්ප්‍රභා වෙන්න පටන් ගත්ත, අතුරුදහන් වෙන්න පටන් ගත්ත ශාරීරික කොටස් මොනවද කියලා දැක්කොත්, දැන ගත්තොත්, ඒක තුල තියේවි තමන් අධ්‍යයනය කරල තියෙන්නෙ, තමන් දැනගෙන තියෙන්නෙ ශරීරය තුල තියන (ගොඩක් වෙලාවට මේක වෙන දෙයක්) යම් යම් කොටස් විතරයි අනික් දේවල් ටික අහුවෙලත් වෑ. දැකලත් නෑ.
නමුත් සූත්‍ර අරගෙන බලන්න සංයුක්ත නිකාය වගේ විශේෂයෙන්ම. කේවට්ට වගේ සූත්‍ර වල විශේෂයෙන් (මහ ගොඩක් සූත්‍ර තියනව). ඔය ප්‍රීති සුඛ කියන, පස්සද්ධි ගුණ තියන ඒ ලක්ෂණ අපිට භාවනාව තුල ලබා ගත යුතු කාරණා. මොකද මේවා බොජ්ජංග ධර්ම හැටියට බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නල දීල තියනව. ඒව වැරදි නෑ එව්වත් තිබිය යුතුමයි අනිවාර්යයෙන්ම. හැබැයි කාරණේ අපි ඒ බොජ්ජංග ධර්ම ඇති කරගන්නේ, ඔය කියන ප්‍රීති සුඛ කියන කොටස් මේ ශරීරය තුල තියන බව තේරුම් ගන්නේ, අර එක්තරා සීමාවකට විතරක් වෙන එකක් කියල. අන්න ඒකයි අවුල තියෙන්නෙ.
ඔන්න ඔතනදි තමයි අපේ අර ඉවසීම කියන එක නැත්තටම නැති වෙන්නෙ. ඔය හරියට එන්න පුළුවන් සමහරක් විට, ඒක දැනුවත්වත් නෙවෙයි හැබැයි යම් විදියකට භාවනාවේ කාලයක් යෙදිල තියන පුරුද්ද හැටියට නිකන් ස්වභාවික වශයෙන්ම පැමිණෙනවා වෙන්නත් පුළුවන්.
හැබැයි යෝනිසෝමනසිකාරය කියන එක තියන යෝගාවචරයෙක්ට නම් ඕක ගැන කියන්න පුළුවන්කමක් තියනව. භාවනාව පටන් ගත්ත ගමන් මේ හරියට යනවා කියන එකට වඩා,
"ස්වාමීන් වහන්ස, මේකට යන්න මෙහෙමයි. මෙන්න මේකයි සිද්ධ වුනේ. මං ගාව තිබ්බා (අපි කියමුකො ධර්මය කතා කරන්න කැමති කෙනෙක් නම් පංචඋපාදානස්කන්ධය මෙන්න මේ විදියට තිබ්බා) රූප මෙහෙම තිබ්බ වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ මෙන්න මේ වගේ තිබ්බා. හැබැයි ඒවා මෙන්න මේ විදියට හසුරුවාගන්න පුළුවන්කමක් හම්බ වුනා"
කියල කියන්න දක්ෂ වෙනවා. එහෙම නැති නම් තමයි මේක ගැන කියන්න බැරි වෙන්නෙ. ආන් ඒක හන්ද තමා මං අර මුල ඉඳලම මේ කමටහන් වාර්ථාව සකස් කරගන්න එක ගැන කුළු ගැන්වුවෙ. එතකොට භාවනාව තුල ඔය කියන පස්සද්ධි ගුණය ඇති කරගන්න මොහොතට පැමිණෙනකංම කවුරුහරි කෙනෙක් කමටහන් වාර්ථාවල් ටික සකස් කරා නම්, මේ තරම් දුරට, මේ තාක් දුරට භාවනාව තුල මේ ගමන ආවේ මොකක් හින්දද කියන එක පේන්න තියේවි.
අර දහසකුත් එකක් වැඩ කටයුතු කරන අය ඕක කරන්න වුනාම බාගදා ඔතනට යන්නත් පුළුවන්. අර 'ගාවීඋපමා' සූත්‍රයේ කියනවා වගේ එක එළදෙන්නු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට තියනවා නියමිත අරමුණක් වගේම එයා දන්නවා යන්නෙ මෙන්න මේ විදියටයි. අනිත් එක්කෙනා එහෙම නෑ. එයාට නියමිත අරමුණක් නෑ. මොකක් හරි කරගෙන යනව, කොහොම කොහොම හරි වෙනවා, අවසානෙට තැන්පත්කම හම්බ වෙනවා, ආපු විදිහ දන්නෙ නෑ. ආපහු යන්න දන්නෙත් නෑ.
මතකයක් තියනව මෙන්න මෙහෙම එකක් තියනව කියල සමහරක් විට හිතෙන් ඒක මවාගෙන ඉන්නව වෙන්න පුළුවන් ඊළඟ භාවනා අවස්ථාවන් වලදීත්. ඒකෙ තියන වටපිටාව මොකක්ද? මේකෙ තියන කොටස් නිරික්ෂණය කරන්න පුළුවන්ද? කියල අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න බැහැ. අරගෙන බලන්න ගාවීඋපමා සූත්‍රය අංගුත්තර නිකායෙ නමය.
නමුත් ඔය කියන පරීක්ෂණය කරන අනිත් එක්කෙනා දන්නව මුලක ඉඳලම, කොණක ඉඳලම, මේක කොහොමද සිද්ධ වෙන්නෙ? සිද්ධ වුනේ මොන මොන දේවල්ද? අඬුලුහුඬුකම් පැවතුනේ මොන මොන කාරණාවන්වලදිද? මම ඇත්තටම හොඳට මේ ප්‍රශ්නෙ විසඳගෙන හෝ විසඳගන්න දන්නෙ කියලා එයා දන්නව. ඕක මතකයෙ තියනව නම් ගොඩක් හොඳයි, නැති එකයි ප්‍රශ්නෙ.
ඉතින් ඔය කියන පස්සද්ධි ගුණයට ආපු කෙනාට ඊයෙ දවසෙ කමටහන් වාර්ථාව සහ අද දවසේ කමටහන් වාර්ථාව භාවනාවට පස්සෙ එක්ක අරගෙන බලනකොට තේරෙන්න, පේන්න ගනියි එයා ඇත්තටම භාවනාව තුල දැන් කොයි වගේ කාරණාවක් කරගෙන ඉන්න කෙනෙක්ද කියන එක. එහෙම වුනාම එයාගෙ භාවනාව ඇත්තටම එයාට එයාවම තේරුම් කරවල දෙනව. මේකයි භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්නෙ.
එයා එතකොට තේරුම් ගනීවි, ඒ කාලෙ කරපු එකක් ආපහු කරන්න ඕනද නැද්ද කියන එක තමන්ම තේරුම් ගනීවි. අපේ ඇත්තො සමහරක් වෙලාවට හිතන්න පුළුවන් "මම කාලෙකට කලින් ඔය දේ කලා. දැන් ඒක ඕන නෑනෙ" කියන ආන් ඒ වගේ ස්වභාවයකට යන්න. නමුත් පහුගිය වතාවෙ අර දේශනාවෙදිත් මම මතක් කලා අර ක්‍රිකට් ක්‍රීඩකයො කොච්චර දක්ෂකම් දැක්වුවත් මූලික ව්‍යායාම් ටික තාමත් කරනවාමයි. ඒක කළ යුතුමයි. පියානෝව ගහන සාමාන්‍ය කෙනා අර ඒකෙ තියන ස්වර හරි මොනව හරි කමක් නෑ ඒවාගේ මූලික ටික ගහන්න ඉගෙන ගන්නවමයි, ඇඟිලි පුරුදු කරනවාමයි.
ඉතින් අන්න ඒ වගේ අපි භාවනාව පුරුදු කරන ඇත්තො හැටියට හිතන්න නරකයි, ඊට කලින් ආනාපානය බලනකොට ශරීරය ඇතුලෙ නිරීක්ෂණය කළා. සමහරක් වෙලාවට සමහර සමහර කොටස් තද කරගෙන, හිර කරගෙන තිබුනා. ඒ කාලෙ ඒ ටික හදා ගන්න හැටි ගැන හිතුවා, ඉගෙන ගත්තා, දැන් ඕන නෑ කියන එක ඇත්තටම පදනම් විරහිතයි. එහෙම කියනව නම් ඒක ප්‍රායෝගික බවක් නැතිකමක් කියල මම පැහැදිලිවටම කියන්න ඕන.
මොකද අපේ හිත කියන එක මහ පුදුමාකාර දෙයක්. මොහොතෙන් මොහොත වෙනස් වෙන එකක් මේක. මේ තාක් දුරට කමටහන් වාර්ථාව හැටියට ඒ කාරණා ටික එකතු කරගෙන තිබුනා නම් මින් එහාට මොකද්ද කරන්නෙ කියන එක ගැන ඇත්තටම දෙගිඩියාවක් තියෙන්න විදියක් නෑ. මොකද ආපු ක්‍රමයක් තියෙනවා.
"අත්තං ගංහාති අනත්තානං රිංචති"
කියන්නා වගේ අර්ථය අරගෙන අනර්ථය බැහැර කරනව. ඔන්න ඔය වගේ දර්ශණයකට නැතිනම්,
"ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති"
මේ ලෝක ධර්මතාවයන් වෙනස් වෙන කල්හී හිත නොවෙනස්ව පවත්වා ගන්නව. අන්න ඒ වගේ අදහසකට, දර්ශණයකට හිත යොමු වෙලා තියෙන්න ඕන මේ වෙනකොට. ලද දෙයින් සැනසෙන්න, ඒ දේ ගැන විවේචනයක් හෝ විචාරයක් නොකරන්න, ඒක තුල ඒකාකාරීත්වයකින් බලනවට වඩා විවිධත්වයක් වෙනසක් දකින්න පුළුවන් වෙන තරමට හිත මටසිළුටු වෙලා තියෙන්න ඕන.
එහෙම සිද්ධ වෙන්නෙ නැතිනම් ඒකෙ තේරුම තමා පැහැදිලිවටම කියන්න ඕන, කමටහන් වාර්ථාව කියන එක සකස් කරගෙන නෑ. ඒක නම් මම අවධාරණයෙන් කියනව. ඒ තරමට හිතුවක්කාරයි. ඒක කියන්න ඕන. ඉතින් අපි කියමුකො කමටහන් වාර්ථා ටිකක් සකස් කරගත්ත කෙනෙක් කියල මේ කියන වචනෙත් අහලම. අන්න එහෙම වුනහම එයාට තේරෙන්න පේන්න ගනීවී තමන් කනට අහල තියන දහම ප්‍රායෝගිකව අත්දකිනකම් මේක පුරුදු කරන්න ඕන නේද කියල.
අපි හරි කැමතියි අළුත් අළුත් දේවල් අහන්න. ඒකයි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා මාරු කර කර, අළුත් කර කර, අළුත් අළුත් බණ අහන්නේ. ඒ වුනාට ඒවා භාවිතා කරන්නෙ නැති ආයුධ නම් ඇති පලක් නැත. ඒවා අපි භාවිතා කරන්න පටන් ගන්න ඕන අපේ ජීවිතය තුල.
අන්න එතකොටයි අපිට තේරෙන්න ගන්නේ මේ ශරීරය ඇතුළ මේ විදියට මෘදු සැහැල්ලු වෙනකොට, ඒ මෘදු සැහැල්ලු වෙලා තියන කොටස් ප්‍රමාණයක් තේරෙන්න ගනීවි. වගේම තවත් සමහර කොටස් ශරීරය ඇතුලේ හරියට නිකං අදෘෂ්‍යමාන වගේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ඒව තාම අපි දැනගෙනත් නැහැ. එහෙම කොටහක් තියනවද කියල දන්නෙත් නැහැ. හොයන්න බලන්නෙත් නැහැ.
ඒ වුනාට සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේගේ ඉගැන්වීම තමයි හරියට හතර වටින්ම කඳු තියන තැනක මැද විලක් තියනවා. ඒ විලට වෙන කොහෙන්වත් වතුර එන්නෙත් නැහැ. මේ විලේ මැදින් බුබුලක් තියනවා. ඒ බුබුලෙන් හට ගන්න වතුර ටික අර හතර පැත්තෙම තියන කඳු පන්ති ටික ඔක්කෝම තෙත් කරනව වගේ මුළු ශරීරය පුරාම එයා ඒ ප්‍රීතිය සහ සුඛය කියන එක තෙත් කරනව කියල කියනව.
නමුත් අපිට හදිස්සියක් කියනව. ඔන්න ඔතනටයි අර
"ඛන්තී පරමං තපෝතිතිකා"
කියන එක උවමනා වෙන්නෙ. බලන්න ඕන දේ තමයි මේ ශරීරය මෘදු වෙනව නම් ඒ මෘදු වෙන තැනට ආවෙ කොහොමද? මෘදුයි කියල කියන්නෙ ඇයි? සැහැල්ලුයි කියන්නෙ ඇයි? ඒ සැහැල්ලුයි කියන තැනට ආවෙ කොහොමද?
අපිට හැමදාකම මතක තියෙන්නෙ ඵලය. නමුත් බුද්ධ දර්ශනයම මේක ලබා ගැනීමක් මත නෙවෙයි හේතු ඵලයක් මතයි තියෙන්නෙ. මට මෙහෙම දෙයක් උවමනා වෙනව එහෙම දෙයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම දේවවාදී සංකල්පයක්. බුද්ධ ශාසනයෙ එහෙම එකක් ගැන කියන්නෙ නෑ.
අද වෙනකොට බෞද්ධයොත් එහෙම තමයි බෝධි පූජා තියල බලාපොරොත්තු වෙනව. ඒක ඉතින් හරි සෝචනීයයි. කොහොම නමුත් භාවනාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එතනදි තමයි අපි ගාව තියන ඔය ගැටේ ලිහා ගන්න පුළුවන්. ඒක ලිහෙන්නෙ කොහොමද?
අපි මේකට ආපු හේතුව ඉගෙන ගන්නකොටයි. ඒ හේතුව ඉගෙන ගන්නෙ කොහොමද? ප්රත්යවේක්ෂාව කරනකොටයි. ප්රත්යවේක්ෂාව කියන්නෙ මොකද්ද? කමටහන සුද්ධ කරගන්න එකටයි. එහෙම නැත්නම් කමටහන් වාර්ථාවක් සකස් කරගන්න එකටයි. එහෙමත් නැති නම් භාවනාව අවසානයේදී කලේ මොකද්ද කියල මෙනෙහි කරන එකටයි.
ඔය ටික නොකර පස්සද්ධි ගුණයක් ඇති කරගත්තහම අපිට හදිස්සි වෙනවා, "හා දැන් මේක හරි, ඊළඟ එක මොකද්ද?" කියන එකට යන්න. ඔන්න ඉවසීම නැති කරගන්න තැන.
මෙච්චර තාක් කාලයක් අපේ මමත්වය කියන එක බැහැර කරගෙන බැහැර කරගෙන ආවා. නමුත් දැන් එක්තරා විදියක ප්‍රීති මට්ටමකුත් තියනවා. ඒකයි මම කිවුවෙ මෙතන හරිම සූක්ෂමයි කියලා. ඒකත් එක්ක මාන්නයක් එන්නත් පුළුවන්, "ඔය කිවුවට මට තියනවනෙ මං දන්න එක. ඉන් එහාට ගියා නම් දැන් හරි"යි කියල. ඔන්න පාර වරද්ද ගන්න තැන.
මොකද ඔය ප්‍රීතියට වෙලා ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් අයගෙන් අහල බලන්න ඒගොල්ලො කියාවි ඒක. නමුත් ඒගොල්ලන්ට ඒක මදි. එහෙම එකකුත් තියනව ඒකයි ප්‍රශ්න තියෙන්නෙ තව.
"ස්වාමීන් වහන්ස මෙතනට යන්න පුළුවන්. මෙතනට ගියා කියල මොකද්ද ඊළඟට කරන්න තියෙන්නෙ?"
ඒකෙ තේරුම ප්‍රීතියක් තියනවා, නමුත් ඒක තුල එයා දන්නව මේකෙ කෙළවරකුත් නැහැ කියල. තාමත් තණ්හාවක් තියන විත්තියකුත් තේරෙනව. නමුත් අයින් වෙන්න දන්නෙ නැහැ. හේතුව තමයි ආපස්සට බලන්නෙ නැතිකම. අන්න ඒකයි මයෙ පුතා මේ ධර්මයේ මෙන්න මෙහෙම කතාවක් බුදු හාමුදුරුවෝ කියන්නේ,
"පඥ්ඥාවන්තස්ස අයං ධම්මෝ
නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස" කියල.
මේක මේ ඥානවන්තයන්ට තියන දහමක්. මේක හැඟීමට වැඩ කරන ඇත්තන්ට නෙවෙයි. එහෙම නෙවෙයි. මේකට අඩිය තියන්න තියන්න, මේකෙ ගමන් කරනකොට මේකෙන් අපේ ඥානය වැඩෙන්න ඕන. අපි හිතනවනෙ සීල, සමාධි, ප්‍රඥා කියල කිවුවම සීලය ඉස්සෙල්ල වඩලා, ඊට පස්සෙ සමාධිය වඩලා, ඊට පස්සෙ ප්‍රඥාව වඩන්න කියල.
ඒකනෙ ඔය මෝඩ තාලෙ ප්‍රශ්න අහන්නෙ "හතර වෙනි ධ්‍යානය වඩල ඊට පස්සෙද විපස්සනාව කරන්නෙ?" කියල. එහෙම එකක් මේකෙ නෑ. එහෙම නම් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ මට තේරෙන්නෙ නෑ බුදු හාමුදුරුවො ඇයි සම්මා දිට්ඨිය කියන එක පළවෙනියට දැම්මෙ කියල.
සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රය කර ගත්තොත් නම් මේක තුල සමථය සහ විපස්සනාව කියන දෙක එකටමයි වැඩෙන්නෙ. ආනාපානයෙ මුල මැද අග කියන එක තේරෙනව නම් ඔය තියෙන්නෙ සම්පජන්‍යය තමයි. ඕක තමයි අපිට අර ඇති කරගන්න කියන ඇතිවීම පැවතීම සහ නැතිවීම කියන සත්‍යය. ඒක තමයි විපස්සනාව කියලත් කියන්නෙ එතකොට. ඇතිවීම සහ නැතිවීම. 'උදය වය' කියල කියනවනෙ ඕකට.
නමුත් අපි හිතනවා මීට වඩා වෙන මොකක් හරි ගූඨ දෙයක් මේක අස්සෙ තියෙන්න ඕන කියල. සමහරක් විට අපි නිවනටත් පයින් ගහන ජාතියෙ අය. ඒකත් අකමැතියි. කොහොම නමුත් මුළු ශරීරයම අර කියන විදිහේ මෘදු සැහැල්ලු ගුණයකින් පුරව ගන්න විදිහක් ඉගෙන ගන්න වෙනව කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒක සිදු කරන්නෙ නැතුව ඊළඟ කොටස්වලට මම හිතන්නෙ නෑ යන්න පුළුවන් වෙයි කියල. මොකද ඒ වෙනකොට ශරීරයේ යම් යම් කාරණා අපිට ප්‍රකට වෙලා තියෙන්න පුළුවන්. සමහරක් විට ආපහු රිදෙන ගති එනව කියන්නකො. උදාහරණයක් හැටියට ඔප්පු කරල පෙන්නන්නං ඒ මොකද්ද කියලා.
කොහෙ හරි තැනක රිදෙන ගතියක් එනව නම්, ඒ රිදෙන ගතිය එන එකට හේතුව අපි ඒ තැන තාම notice කරල නෑ. ඒක ස්පර්ශ කරල නෑ, ඒක දැකල නෑ, ඒ වගේම එතන ඒ තියන ප්‍රශ්නෙ විසඳගන්න විදිහ ගැන අපි තාම ධර්මානුකූලව ඒකට ප්‍රතිකර්ම කරල
නෑ. වෙන පැත්තක ප්‍රීතියක් තියනව, මම පිළි ගන්නව. ඒක හරියට අර 'කොළඹට කිරි ගමට කැකිරි' කියනව වගේ තමයි. ඒ පැත්තෙ තියන දේවල් ටික හදනවා ගමේ තියන දේවල්වලට මුකුත් වැඩක් නෑ. ආන් ඒ වගේම හරි සරලයි.
නමුත් ධර්මය තුල මේ මාර්ගය සකස් වීගෙන යනකොට මේකෙ සකස් වෙන්න ඕන, මේකෙ මේවා ගොඩ නැඟීගෙන යන්න ඕන, නිර්මාණය වීගෙන යන්න ඕන මේ හැම පැත්තක් එක්කමයි. හැම පැත්තක්ම සම්පූර්ණ වෙන්න ඕන. ආන් ඒකටයි කියන්නෙ 'යුගනන්ද ක්‍රමය' කියල.
මේ දෙක එකට යන්නෙ. සමථය සහ විපස්සනාව කියන දෙක. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන් දෙනාම එකට එකතු වෙලා යන යාළුවො තුන් දෙනෙක්. එකිනෙකාට උදව් කරනව. අපි හිතුවට කොහේ හරි තැනකින් පස්සෙ තමයි මේක තියෙන්නෙ කියල එහෙම වෙන්න පුළුවන් ඉතින් සාමාන්‍ය ජීවිතේ තියන ඒව. සාමාන්‍ය ජීවිතේ තියන විදිහ නෙවෙයි මයෙ පුතා ධර්මය තුල තියෙන්නෙ.
ඉතින් මුළු ශරීරයම දකින්න පුළුවන් වෙච්ච කෙනෙක් ඉන්නව නම් ශරීරයම පේනව එයාට. නමුත් ශරීරය තුල තියෙන්නෙ හිස් බවක් නම්, අන්න එතනදි ඔය කියන සැහැල්ලුව, අර වේදනාවන්ගෙන් බැහැර වෙච්ච සැහැල්ලුවකුත් තියනව. ඒකත් එක්ක ඇති වෙච්ච ඊට වඩා තව පොඩ්ඩක් වෙනස් විදිහේ එකකුත් තියෙන්න පුළුවන්. ඒක තමයි, ශරීරය තියනවා. ශරීරය තියනකං අර ඊට කලින් වේදනාවල් ටික නැහැ. ඒ වේදනාවල් නැතිබව අපිට තේරෙනව. ඔය ඇත්තන් කමටහන් වාර්ථාවල්වල කියනව ඕව නැතුව නෙවෙයි.
නමුත් මයෙ රත්තරන් පුතාල මේක සම්පූර්ණ ශරීරයටම අරගෙන යන්නෙ නෑ. ඔයගොල්ලො බලාපොරොත්තු වෙනව මෙතනට ගියාට පස්සෙ හාමුදුරුවො කියයි කියල තව එකක් කරන්න කියල. අන්න ඒක මං කියන්නෙ නෑ. ඒක කියනව නම් මං වැරදියි. ඕක තුල ඉන්න ඉගෙන ගන්න. ඕක මුළු ශරීරය පුරාම වර්ධනය කරගන්න ඉගෙන ගන්න. ඒ ඇති කරගත්තු පස්සද්ධි ගුණය, සැහැල්ලු ගුණය මුළු ශරීරය පුරාම පතුරුවා ගන්න ඉගෙන ගන්න. මං මේ කියන්නෙ මගේ ක්‍රමය නෙවෙයි බුදු හාමුදුරුවන්ගෙ ක්‍රමය. මාව විශ්වාස නැති නම් අරගෙන බලන්න සූත්‍රය.
අන්න එහෙම කරගන්න පුළුවන් වුනා නම්, එක වෙලාවකදි ඔය ඇත්තන්ට තේරෙයි අර වේදනාත්මක, නැත්නම් ධරත කියල කියනව, රළු පරළු ගුණ නැති වෙච්ච ශරීරයක් තියනව, හැබැයි ඒ රළු පරළු ටික නැහැ ශරීරය තියනව. තවත් වෙලාවක තේරෙයි ඔය ශරීරයත් පොඩ්ඩ පොඩ්ඩ අන්තරස්ධාන වෙන්න පටන් අරගෙන යනව. අන්න එතකොට එතන තියන සැනසීම හරි එතන තියන ලක්ෂණයි අර ශරීරය තියනකොට තිබිච්ච ලක්ෂණයි එකක් නෙවෙයි. එතන දෙකකුයි තියෙන්නෙ. එතන කාරණා දෙකක් තියනව.
ඉතින් අර ශරීරය තියනකංම, ශරීරය ගැන දැනීම තියනකංම, ඒකෙ ඇතුල මෘදු සැහැල්ලු කරගෙන ඉන්න පුළුවන් කියන දැනීමත් එක්ක, ඉඳල හිටල ආනාපානය දැනගන්නවා කියන කාරණාවත් ඔය ශරීරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුනාට පස්සේ අන්න එතන තියන ඒ හිස් භාවයත් එක්ක ඉඳල හිටල හෝ ආනාපානයක් පේනවා නම් ආන් ඒක දැනගන්නවා කියන එක පින්වතුනි දෙකක්. ඒක එකක් නෙවෙයි.
ඉතින් ඔය ටික අල්ලගන්න නම් අපේ සිහිය දැන් තේරෙනවද කොයි තරම් දියුණු තියුණු වෙන්න ඕනද කියල. අපේ තියන නැමියාවල් මහ ගොඩක් ඔය අස්සෙ තියෙන්න පුළුවන්. අපේ තියන බලාපොරොත්තු මහ ගොඩක් තියෙන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දේවල් ටික, ඕකට ඇඟිලි ගහන ඒව ඕන තරම් තියෙනව.
පොතේ තියනවනෙ මොකද්ද අර දණ්ඩාභිඥා, අන්න ඒ වගේ දේවල්. හිතන්න පුළුවන් මං එහෙනම් වැටෙන්නේ මේක ඉක්මණට කරගෙන යන ඉක්මණට නිවන් දකින කෙනෙක් කියල. තවත් වෙලාවක විනිශ්චයකට යන්න පුළුවන් මං මේක අමාරුවෙන් කරගෙන යන, අමාරුවෙන් නිවන් දකින කෙනෙක් කියල. ඔය හැම එකකින්ම වෙන්නේ භාවනාවෙ ආයෙ ආපස්සට වැටෙන එක තමයි. අර නයාගෙ කටට යන එක තමයි වෙන්නෙ. හරියට අර 'ඉනිමඟ සහ නයා' කියන ඒ සෙල්ලමම තමයි මේකෙ තියෙන්නෙ. ආපහු මේක හිතන්න ගත්තද විචාර කරන්න ගත්තද වැටෙන්නෙ මුලටමයි.
හැබැයි ඕකෙ ඔහොම දෙයක් වෙනවා කියන එක අල්ලගන්න බැහැ කමටහන් වාර්ථාවක් ලියන්නෙ නැත්නම්. ඒක සකස් කරන්නෙ නැත්නම්. මොකද තමන්ට තේරෙන්නෙත් කියන්න තේරෙන්නෙත් මේකනෙ.
"ස්වාමීන් වහන්ස භාවනාවට වාඩි වුනා. මොකක්වත් නෑ. ආනාපානෙත් නෑ ඇඟත් නෑ."
ඔච්චරයි. කමටහන් වාර්ථාව එච්චරයි. අද මොනවද කන්න තියෙන්නෙ කිවුවහම බතුයි පරිප්පුයි වගේ තමයි. ඉතින් අන්න ඒක හින්දා භාවනාවෙ අභ්‍යන්තරයට යනව කියන්නෙ පින්වතුනි මේක අර ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙ තැනට යනව වගේ වැඩක් ඇත්තටම කියනව නම්. මං ඇත්තටම මුලින්ම කියන්නෙ ඔය ඇත්තන්ට අල කපන්න, කැරට් අල කපන්න, තක්කාලි කපන්න ඔව්වනෙ. අතු ගාන්න, ඔව්වගෙ සද්ද අහන්න ඕවනෙ. දැන් එහෙම නෙවෙයි කියල දෙන්නෙ. ශරීරය නැති කරගන්න නැති වුනාට පස්සෙ ස්වභාවය තේරුම් ගන්න. ඒව ඇත්තටම හරි සියුම්. අතිසියුම්.
ඒ සියුම් තැනට යන්න, ඒ සියුම් තැනට වෙලා ඉන්න ඉවසීම තියෙන්න ඕන. වයස ගිහින් තියෙන්න පුළුවන්, වැඩි වෙලාවල් නැති වෙන්න පුළුවන්, තව මොනව මොනව හරි වැඩ තියෙන්නත් පුළුවන්, ප්ලෑන් තියෙන්නත් පුළුවන්, කොරන්න දෙයක් නෑ බුද්ධ ශාසනය තුල මේ හිත වැඩ කරන එක්තරා වේගයක් තියනව. ඒ රිද්මය අපි හඳුනා ගන්න ඕන. ආන් ඒක හඳුනා ගත්තොත් හරියටම හරි.
ඒවා හඳුනාගෙන ඒවා ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බොත් "මං පල්ලෙහාට වැටෙන්නෙ මෙන්න මේකෙන්." තාමත් මේ මට්ටම තුලදි සිතුවිලි එනවා නම් "ඒ එන්නෙ මෙන්න මේ වගේ සිතුවිලි." මේ වගේ අදහස් මතු වෙනවා නම්, මේ වගේ චිත්ත රූප පේනවා නම්, පේන්නෙ මෙන්න මේ වගේ චිත්ත රූප. "මේ චිත්ත රූපවලට ඒ කාලෙ මං මෙහෙමයි කලේ, දැන් මෙහෙමයි කරන්නෙ." ඕක අස්සෙ අනන්ත අප්‍රමාණ කාරණා මහ ගොඩක් කියන්න තියනව.
ඉතින් ආන් ඒ විදියට ඉගෙන ගන්න පුළුවන්කමක් තියනවා නම්, අපි ඔය ප්‍රීතිය දැනගෙන ආනාපානය දකිනවා කියන එකත්, සුඛය දැනගෙන ආනාපානය දකිනවා කියන එකත්, හොඳට ස්පර්ශ කරල තියේවි. හැබැයි ඒ ටික කරගන්න සම්පූර්ණ ශරීරය තුල තියන අර ධරත ස්වභාවයන් ටික නිශ්ප්‍රභා කරන්න විදියක් ඉගෙනගෙන තියෙන්න ඕන. අර කාය සංඛාර ටික නිරුද්ධ කරගන්න හැටි ඉගෙනගෙන තියෙන්න ඕන. ඒකට ආනාපානයත් එක්ක මේ කාය සංඛාරයත් දැන් තියනවා, මේ ශරීරයක ලක්ෂණ මතු වෙනවා කියන එක ඉගෙනගෙන තියෙන්න ඕන.
ඒක කරන්න ආනාපානය පටන් ගන්න වෙලාවෙ ඉඳල මැදට, එතන ඉඳල අගට, ආශ්වාසය නම් ආශ්වාසය, ප්රාශ්වාසය නම් ප්රාශ්වාසය යන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක කරන්න නම් මේකෙ ආශ්වාසයක් තියෙනවා ප්රාශ්වාසයක් තියෙනවා කියන වෙනස තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් වෙන්න ඕන.
ඒක තේරුම් ගන්න නම් ශරීරයට එන්න පුළුවන්කමක් තියන කෙනෙක් වෙන්න ඕන. ඒක තේරුම් ගන්න නම් ශරීරයක් තියනවා කියල තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕන. ඒක තේරුම් ගන්න නම් ශරීරය තුල කොටස් කිහිපයක් තියනවා, මේ හිත වැඩ කරන ආකාරයන් ගොඩක් තියනවා, ඒ ආකාරයන් ටික හඳුනාගත්ත කෙනෙක් වෙන්න ඕන.
මං මේ පුන පුනා කියන්නේ කමටහන් වාර්ථාව ලියන එක අතිශයින්ම වැදගත් කියලයි.
ඉතින් අද දවසේදී කරන අවවාදය මං මෙතකින් සමාප්ත කරනවා. අද දවසේ කරපු මේ දේශනාව, ඒ අවවාදය ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත පිණිසම පවතීවා කියල බලාපොරොත්තු වෙනවා.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 11
ආනාපාන සතිය, ප්‍රීතිය සහ සුඛය වෙන්කොට හඳුනා ගැනීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තණ්හාය දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරංතීතී"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අදත් අපි අපේ අර සතිපට්ඨානය කියන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත ධර්ම සාකච්ඡාවක් කරගෙන යන වෙලාවයි මේ.
ඉතින් පහුගිය සති කිහිපය පුරාවටම දැන් අපි මාස තුනකට කිට්ටු හෝ ඒ වගේ කාලයක් වෙනවා මේ කටයුත්ත මෙහෙමම කරගෙන යනවා.
ඉතින් කෙසේ හෝ පහුගිය සතිය අවසාන කරනකොට ඔය අනුශාසනාව කරගෙන යද්දි අපි කිට්ටු වුනා, ආනාපාන සතිය කියන භාවනා ක්‍රමය පුරුදු කරන අයට ඒක කරගෙන යන්න පුළුවන් විදිහ ගැන අත්දැකීම් තියන විදියටත් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියන විදියටත් සූත්‍රයේ සඳහන් වෙන විදියටත් කියන මේ ආකාර තුනම එකට එකතු කරලා කතාබහ කරන්න.
ඉතින් කෙසේ හෝ නමුත් පුද්ගලිකව මම සූත්‍රයට ගොඩක් ගරු කරනවා. ඒ හින්දා ඒකම කුළු ගන්වන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම ඒකට තියන සාධකත් ඉදිරිපත් කරන්න යුහුසුළු වෙනවා. පහුගිය කාලය පුරාවටම ඒ වගේ කාරණාත් ඉදිරිපත් කලා ඔය ඇත්තන්ට බාගදා මතක ඇති.
ඉතින් ගිය සතියේ අර ගාථාවක තියන කාරණාවක් අවසානෙට අරගෙන එනකොට වගේ ඒ ගාථාවේ තිබ්බේ මෙහෙමයි.
"ආනාපාන සතීයස්ස
පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා
යථා බුද්ධේන දේසිතා"
ඉතින් ඔය කියන, ආනාපාන සතිය කියන භාවනාව අනුපූර්ව හැටියට කරනවා නම්, (ඒ කියන්නෙ පිළිවෙලකට. ආන් ඒ පිළිවෙලක් ගැන ඇත්තටම කියනව නම් මේධාවි ස්වාමීන් වහන්සේ විශ්වාස කරනවා මේක තැනින් තැන කරන එකකට වඩා) එවන් වූ පිළිවෙලක් ගැන කතා කරපු වාරවල අවසාන සතිය හැටියට ගිය සතියේ ආනාපානය දකින කෙනෙක්ට, අර පිවිතුරු හුස්ම පේන්න වුනාම ශරීරය තුල තිබිච්ච වේදානාත්මක රළු ස්වභාවයන් (ඕවට ධරත කියලත් කියනවා) ඒ වගේ දේවල් ටික මෘදු සැහැල්ලු කරගන්න පුළුවන් විත්තියත්, ඒ වගේ තැනකට ආවහම අපිට අපේ අර ඉවසීම වගේ දේ ඒ වගේ අවස්ථාවකදී අපෙන් බැහැර වෙන්න පුළුවන් කියන කතාවත් කියන්න උත්සාහ කලා.
ඒකට යෝජනා කරපු උපක්‍රම තමයි අර සූත්‍ර දේශනාවල සඳහන් වෙන ආකාරයට ඔය කියන ප්‍රීතිය ඒ ඇති කරගත්ත, පස්සද්ධි ගුණය ඒ ඇති කරගත්ත, ප්‍රීති සුඛ කියන ලක්ෂණ මුළු ශරීරය පුරාවටම වඩා වර්ධනය කරගන්නකං දියුණු කරගන්න ඕන කියන එකයි උපදේශය වුනේ. අපේ හිත එකකට කිට්ටු වුනාම ඊළඟ දේකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියනවා ඒක සාමාන්‍යය හිතේ ස්වභාවය. නමුත් අපි ප්‍රායෝගිකව මේ අධ්‍යයනය කරල නැතිනම්, මනාකොට මේ කාරණාව හරියට ස්පර්ශ කරල නැති නම්, ඒ ඊළඟට යන එකට වල්මත් වෙන්න පුළුවන්.
ඕක ගැන කියන්න තියන ලේසිම සූත්‍රය තමයි 'ගාවීඋපමා'. ගිය සතියෙත් කිවුවා ඕක ගැන. ඕක ඇත්තටම කතා කරන්න ලේසි වෙන්නෙ පින්වතුනි ඔය ධ්‍යාන කියන මාතෘකාව යටතේ තමයි. මොකද මේ මානසික තල ගැන වෙන විදියකට ඇඳල පෙන්වන්න චිත්‍ර අඳින්න විදිහක් නෑ. නමුත් තථාගතයන් වහන්සේ ලෝකවිදූ හින්දා උන්වහන්සේ අවබෝධ නොකරපු දෙයක් නැති හින්දා උන් වහන්සේට පුළුවන්කම තියනවා මේක ගැන අපිට සඳහන් කරල දෙන්න කියල දෙන්න උගන්වන්න.
එතකොට ඔය ගාවිඋපමා සූත්‍රයේ අංගුත්තර නිකායෙ නමයේ කියනවා, සමහර කෙනෙක් භාවනා කරනකොට ඒ කෙනාට විතක්ක විචාර රහිත, ඒ කියන්නේ විතක්ක විචාර නැතිව අර ප්‍රීතිය සහ සුඛය කියන එක දැනගෙන, උපේක්ෂාවක් සහිතව ඉන්න පුළුවන්කමක් හම්බ වෙන්න පුළුවන් කියන එක එකපාරටම. මොකක් හරි භාවනාවක් කර කර හිටියා, කුසල් සිතිවිලිත් තිබුනා. ඒ තියන අතර අර වගේ අවස්ථාවකට යන්න පුළුවන් කියල.
එතකොට එයා පළවෙනි ධ්‍යානය කියන එක තුල වැඩි වෙලාවක් ඉඳපු කතාවක් නෑ. හැබැයි කාරණේ තියෙන්නෙ, මෙයාට මතක තියෙන්නෙ ඒ වගේ අවස්ථාවකට ආපු විත්තිය විතරක් නම්, ඒකට ආවා කියන ඵලය ගැන විතරක් නම් අදහස තියෙන්නේ, මේ හාදයට තේරෙන්නෙ නෑ ඊළඟ වෙලාවෙදි ඕකට යන්නෙ කොහොමද කියල. මංමුලා වෙනවා.
ඉතින් ආන් ඒක හන්දයි අපි මේකට ආපු මාර්ගය, පාර කොහොමද කියන එක හොයන්න උත්සාහවත් වෙන එකේ වැදගත්කම තියෙන්නෙ. ඉතින් ඒ කෙසේ නමුත් අන්න ඒ විදියට හරියාකාරව, පිළිවෙලකට, මේක ගැන ඩිංග ඩිංග ඉගෙනගෙන, සමහර තැන්වලට අපි රුචියක් නොදැක්වුවාට ඒ රුචියක් හෝ කැමැත්තක් නොදක්වන කාරණා අතහරින්නෙ නැතුව, මේ හැම එකක්ම ඉගෙනගෙන, ඒ හැම එකක්ම ස්පර්ශ කරලා භාවනාව තුලින් ආවා නම් එහෙම, අපිව කිට්ටු වෙයි ඔය ශරීරයෙ තියන රළු ස්වභාවයන් ටික නිශ්ප්‍රභා කරගෙන ඒ සැහැල්ලු ස්වභාවයකට වෙලා ඉන්න පුළුවන් ගතියකට.
සමහර විට ඒ කියන ස්වභාවය වඩා වර්ධනය කරගන්න පුළුවන් නම්, හරියට අර කරණවෑමියෙක් නැත්නම් කොණ්ඩේ කපන කෙනෙක් පොඩි කාලෙ මතක ඇති ඔය ඇත්තන්ට කොණ්ඩෙ කපනකොට, එක පැත්තකට පොඩ්ඩක් "චීස් චීස්" ගාල වතුර ගහපුවාම ඔළුවට, ඒ පැත්ත හීතල වෙලා යනව. ඇඟේ හිරිගඩු පිපෙනව. ඊළඟට මේ හාදයා මොකද කරන්නේ ඒ ටික ආයෙ මුළු ඔළුව පුරාවටම වතුර ගහගෙන ගහගෙන තෙත කරල දානව. මං දන්නෙ නෑ දැන් කොණ්ඩෙ කපනකොට එහෙම එකක් තියනවද කියල. හාමුදුරුවො හැටියට අපි නම් කරනව සතියකට සැරයක්.
ඉතින් ඔය වගේ අපිට දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ, ඒ ඇති කරගත්ත ප්‍රීතිය, ඒ ඇති කරගත්ත සැපය, ඒ ඇති කරගත්ත මෘදු සැහැල්ලු ගුණය, මුළු ශරීරය පුරාම වර්ධනය කරගන්න කියල හරියට අර කරණවෑමියා අපේ කොණ්ඩෙ කපනකොට අර කරනව වගේ. ඉතින් ඒ ආකාරයට තමන් පළවෙනියෙන්ම මේ ශරීරය ආනාපානය දකිනකොට දැක්කෙ කොහෙද කියල බලන්න.
අර ඊට කලින් අපි ශරීරය තුලින් ආනාපානයක් අපි දැක්ක වුනාට, දැන් ශරීරය පේන්නෙ ආනාපානය හින්දා. ඒ කියන්නෙ ආනාපානය හින්දා ප්‍රකට වෙන, දැනෙන, තේරෙන්න පටන් ගන්න කොටහ ශරීරයෙන් එළියට එන්න ගන්නවා.
සමහර ඇත්තෝ මේක අර ආමාශයට දාගන්නවා පිම්බීම හැකිළීම වගේ. සමහර ඇත්තොන්ට තේරෙන්න පුළුවන් පපුව වගේ. හැබැයි අපි තවත් ඕක තුල ඉවසීම වර්ධනය කරගෙන ඒ කියන දැක්ම තුලම, ඒ කියන දැනගැනීම, හඳුනා ගැනීම තුලම, ඒ කියන සිහිය සහ සම්පජන්‍යය තුලම රැඳිල හිටියෝතින් අපිට තේරෙන්න ගනීවී අපේ හැම හුස්මක් එක්කම මුළු ශරීරයේම යම්කිසි විදියකට චලනයක් වෙනව කියල. හැබැයි ඒක අල්ලන්න ලේසි නෑ එව්ව හරි සියුම් හන්ද. ඒ තරමට අපේ හිත් සියුම් වුනා නම් මෘදු සැහැල්ලු වුනා නම් තමයි ඔය ඔක්කෝම අල්ලන්න පුළුවන්.
පහුගිය සතිවල ඔය ඇත්තන්ට මම කිවුව මතක ඇති අර ශරීරය පුරාම පියාඹන්න ඉගෙන ගන්න ඕන කියල. කිමිදෙන්න ඉගෙන ගන්න ඕන කියල. ඔය ඇත්තො ඕක ඉගෙන ගත්ත නම් පින්වතුනි, ශරීරය මෘදු කරගන්නෙ කොහොමද, සැහැල්ලු කරගන්නෙ කොහොමද කියන එක ඔය අසනීපයක් දුකක් වේදනාවක් ආපු වෙලාවට, ශාරීරිකව මොකක් හරි එකක් ආපු වෙලාවට, භාවනාවට යන පමාව විතරක් තියෙන්න පුළුවන්.
සාමාන්‍ය ජීවිතේදී දුක තියන විත්තිය මම පිළිගන්නව. නමුත් භාවනාවට ගියාට පස්සේ එයාට පුළුවන්කම හම්බ වෙනවා ඒ කියන නිදහස බුක්ති විඳින්න. ඒ කියන වේදනාවන් වලින් නිදහස් වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි ඒ තරමටම මුළු ශරීරයම මෘදු කරගන්න පුළුවන් නම්, සැහැල්ලු කරගන්න පුළුවන් නම්, ඒ මෘදු සැහැල්ලු ලක්ෂණත් තියෙන්නෙ මේ ශරීරය කියන සංඥාව ඇතුලේ කියන එක තේරෙන්න ගනීවි. පේන්න ගනීවි.
අන්න ඒකෙනුත් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. අන්න එහෙම වුනාම මේ ශරීරයත් නිෂ්ප්රභා වෙන්න පටන් ගනීවි. අතුරුදහන් වෙන්න ගනීවි. එතකොට ඇත්තටම අපි හිටියා වුනාට නෑ වගේ. මැරිලත් නැහැ නමුත් ඒ තරම් රළු විදියකට ඇත්තෙත් නෑ. ඔය වගේ අවස්ථාවන් චිත්රවලට අඳින්නත් බෑ. අඳින්න කිවුවොත් නිකම්ම නිකං ෂීට් එක තමයි පෙන්නන්න වෙන්නෙ.
ඉතින් ඔය කියන අවස්ථාවන් දෙකේදී අපිට දැනෙන වින්දනයන් (ඕවට වේදනා කියල කියනව පාලියෙන්) දෙයාකාරයි. එකක් සාපේක්ෂ වෙනවා ශරීරය තියන එකට. අනිත් එක මොකක්වත් නෑ. අන්න ඒ ස්වභාවයට. ඔය වගෙග ලක්ෂණ ඔය ඇත්තන්ගෙ භාවනාවල ඔයගොල්ලො කියනව. ඔය ඇත්තන්ගේ භාවනාවන්වලදී සමහර සමහර වෙලාවන්වලදී කියනව. ඊළඟට මොකද්ද කරන්නෙ කියන එකෙත් තියෙන්නේ ඔය තැනට ඇවිල්ල තියෙන්නේ අර මූලිකම කාරණාවන් ගැන මනා අවධානයකින් ඉන්න වෙනවා කියන එක.
ඒක එතකොට වැරැද්දක් කියල නෙවෙයි මම කියන්නේ. ඒ ගමන තුල තව දුරටත් සකස් කරගන්න ඕන කාරණා තියෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නෙ. මොකද අපි ගොඩක් වෙලාවට ප්‍රීතියක් වගේ දෙයක් ආවනං එහෙම, ලොකු වේදනාවක් තියන වෙලාවකදී ඒ ප්‍රීතියට වෙලා ඉන්න උත්සාහ කරන්න පුළුවන් හෝ සමහර විට ඉගෙන තියෙන්න පුළුවන් මේක බැහැර කරගන්න කියල.
එහෙම වුනොත් අපි මොකද කරන්නේ ඒ දැනෙන ප්‍රීතියට, ඒ දැනෙන සුඛයට, ඒ දැනෙන මෘදු බවට, සැහැල්ලුවට හෝ පස්සද්ධි ගුණයට අපි සාදර වෙන්නෙ නෑ. ඒ දැනෙන මෘදුකමට ඒ දැනෙන සැහැල්ලුවට අපි එකඟ වෙන්නෙ නෑ. ඒක අනුමත කරන්නෙ නෑ.
අන්න එහෙම වුනාම මොකද වෙන්නේ. ඊළඟ දොර ගාවට අපි ඇවිල්ල ඉන්නව. නමුත් එතනට ඇතුලත් වෙලා නෑ වගේ තමයි ඒක හරියට. ඉතිනි ඒක හන්දා අපි ඉගෙන ගත යුතු කාරණා ගොඩක් තියනව පින්වතුනි මේ ධර්මය තුල.
ඔය 'සක්කපඤ්හ' වගේ සූත්‍රයක් අරගත්තොත් දීඝ නිකායේ, ඒකෙ තියනවා,
"නීවරණං නිස්සාය නීවරණං පරික්ඛයං"
කියන කතාව. මෙතන තව තැනක තියනවා,
"තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛයං"
කියන කතාව. අපිට සිද්ධ වෙනවා තණ්හාව කියන එක භාවිතා කරන්න තණ්හාවෙන් නිදහස් වෙන්න.
මේක පුදුමාකාර අපබ්රංසයක්. මම පිළිගන්නවා. ඒත් එක්කම අපේ පැත්තට අපිට තියන සිරිතක් තමයි සාමාන්‍ය ජීවිතවල අපි තනි වෙච්ච අය. සාමාන්‍ය ජීවිතවල අපි හුදකලා වෙච්ච අය. අපේ අදහස්වල, අපේ උවමනාවන්වල, අපේ බලාපොරොත්තුවල, ඒවා අපිට සංසිඳුවාගන්න හෝ ක්‍රියාත්මක කර ගන්න හෝ කියන්න, කතා කරන්න කවුරුවත් නැතුව, අපි තනියෙන් ඉන්න ඇත්තො හැටියට අපි හැමෝම වගේ හිතන්න පුළුවන්.
හැබැයි ධර්මානුකූලව බැලුවොත් හැම කෙලෙස්වලින්ම නිදහස් වෙච්ච රහතන් වහන්සේලා හැර අනික් සියළුම දෙනා තනියෙන් නෙවෙයි ඉන්නෙ. අනික් සියළුම දෙනා තනියෙන් නෙවෙයි ඉන්නෙ. ඒක ඔප්පු කරන්නෙ කොහොමද?
"තණ්හාය දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරංතීතී" කියන වචනෙන්.
අපේ පිටිපස්සෙන් අපිව තල්ලු කරන කෙනෙක් ඉන්නවා.
කවුරු හරි කෙනෙක් එක්ක කතාබහ කරනකොට, ඒ කතාබහේදී අපේ ඇතුලෙන් කතාබහ කරල කියන්න පුළුවන්,
"මෙයා එක්ක කතාබහ කරද්දි මෙහෙම මෙහෙම වෙන්න ඕන. මේ විදියට මෙයත් එක්ක කතාබහ කරන්න ඕන. මෙයාට මේ විදියටයි සළකන්න ඕන."
මේක හොඳ පැත්තට යන්නත් පුළුවන් නරක පැත්තට යන්නත් පුළුවන්. තමන් ගාව තියන අදහස ගත්තොත්, ඒ අදහස ගැන වුනත් හිත ඇතුලෙන් කතා කරල කියන දෙයක් තියෙන්න පුළුවන්,
"මේක තමයි ඔයාගෙ ජීවිතේට තියන එකම එක දේ. ඔයා හැමදාම ඔය කියන ගැටේ හිර වෙලා ඉන්නෙ. ඔයා කවදාවත් ඕකෙන් නිදහස් වෙන කෙනෙක් නෙවෙයි."
නමුත් බලාගෙන යනකොට ප්‍රශ්ණයක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ අස්සෙ ඉඳලා සතෙක් පුද්ගලයෙක් නැති වුනත් මේක අවුල් කරන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ආන් ඒකට කියනව තණ්හාව කියල. හැබැයි අපි දන්නෙ නැහැ ඕක අල්ලන්න, ස්පර්ශ කරන්න.
නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා, මේ සතර සතිපට්ඨානය තමයි සත්ත්වයාගේ ශෝකයන් නැති කරන්න, දුකෙන් නිදහස් වෙන්න, ඥාණය උපදවා ගන්න වගේම නිවන් දකින්නත් හේතුවෙන එකම එක මාර්ගය කියල.
ඒත් එක්කම තවත් පැත්තකින් කියනවා ආනාපාන සතිය කියන ඒ භාවනාව තමයි සතර සතිපට්ඨානයම පුරුදු කරන්න පුළුවන් වෙන භාවනාව කියල. එහෙම නැත්නම් ආනාපාන සතිය කියන ඒ භාවනාව වඩනකොට සතර සතිපට්ඨානය කියන භාවනාවම වැඩෙනව කියල. සප්ත බොජ්ජංගම වැඩෙනව කියල කියනව. මඟඵල සාක්ෂාත් වෙනව කියලත් කියනව. 'අරහත්ත සමාධි' කියලත් කියනව මේ ආනාපාන සති සමාධියට.
එතකොට ඔය අපේ ඇතුලෙ තියන අපිව (ඉංග්‍රීසියෙන් කියනව drive කරනව කියල) පාලනය කරන ලක්ෂණයක් අල්ලගන්න තැනක් තවමටත් අපිට භාවනාව තුල හරියටම පෙනුනෙ නෑ වගේ පහුගිය කාලෙදිම. එහෙම මොකක් හරි එකක් තියනවා කියන එක හරියටම අල්ලගන්න පොටක් පෑදුනේ නෑ වගේ. මොකද ඒක චෛතසිකයි.
ඒක සිතුවිලිවලටත් වඩා ඒක හරියට නිකං, ඔය ධර්ම සාකච්ඡාවකදි මට මතක් වෙච්ච උදාහරණය තමයි මේ අර ස්පොන්ජ් කියල කියන්නෙ. ඒකක් වතුරට දැම්මොත් එහෙම පාට වතුරකට, ඒ ස්පොන්ජ් එකම ඒ වතුරවල පාටට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ වතුර වලින් අර හැම තැනම තෙත වෙලා ගිහිල්ල තියනව. ආන් ඒ වගේ එකක්.
මේ බලන එක තුල අපි හැමදාම කැමති වෙන්නේ අපි කැමති විදියට දකින්න. අහන එක තුල අපි හැමදාම කැමති වෙන්නෙ අපි කැමති දේ අහන්න. කෑම ගන්න එක තුල අපි හැමදාම කැමති වෙන්නෙ අපි කැමති දේ කන්න. කතාබහ කරන එක තුල අපි හැමදාම කැමති වෙන්නෙ අපේ කැමති දේ කතාබහ කරන්න. මේ හැම තැනකම කැමති කැමති කැමති කැමති කියන එකයි තියෙන්නෙ.
ඒක අපි හදාගෙන තියනව ධර්මානුකූල විදියට මෙහෙම මෙහෙම ස්වභාවයකට කියලා. ඊට පස්සේ අපි සලකන්නත් ගන්නව මේක එහෙම නම් ධර්මානුකූලයි කියල. නමුත් කැමැත්ත කියන එකමයි මේ ඇදන් යන්නෙ. ඒකමයි මේක අස්සේ අපිට මේ පාර පෙන්නන්නෙ. හැබැයි තාමට අහු වුනේ නෑ ඔය කියන කැමැත්ත අපිව දුකෙන් නිදහස් කරනවද කියල නම්.
මොකද ඔය කැමැත්ත සමහරක් වෙලාවට අපේ හිත සමාහිත කරන්නටත් තැන්පත් කරන්නටත් මෘදු සැහැල්ලු කරන්නටත් ඥාණවන්ත කරන්නටත් තවත් වෙලාවකදී ඒ කියන අදහසම අපිව මෘදු සැහැල්ලු නොකරන්නටත් අසමාහිත කරන්නටත් ප්‍රශ්ණ හදන්නටත් යොමු කරන එහෙම ලක්ෂණයක් තියෙන්න පුළුවන්. අපි දන්නෙ ඒක සිද්ධ වුනාට පස්සෙ ගොඩක් වෙලාවට.
හරියට අපි දන්නෙ අර පටිච්ච සමුප්පාදයේ "අවිජ්ජා පච්චයා සංඛාරා" කියන එකෙන් පටන් ගත්තහම අපිට තේරෙන්නෙ අවසානෙට අර "දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති" කියන ඔන්න ඔය තැනට ආවාම තමයි. ගොඩක් වෙලාවට. මේකෙ අස්සෙ හැංඟිලා තියෙද්දි නැත්නම් මේකෙ අතර මේ ගමන එනකොට අල්ලන්න අපි දන්නෙ නෑ තාම.
එහෙම නම් මේ කියන සිහිය දියුණු කිරීම අපේ ජීවිතේ ඔය කියන, අපිව පාලනය කරන, අපිව යොමු කරන, අපිව අන්දවන, අපිව දුකට ඇදල දාන ඔය කියන ලක්ෂණය, අල්ලගන්නෙ කොහොමද? ඒක අල්ලගන්න බැහැ මං විශ්වාස කරන හැටියට පින්වතුනි, අපි භාවනාව තුල අපේ හිත අර ශාරීරික වේදනාවකට හෝ හොඳ හෝ නරක එහෙම නැතිනම් සිතුවිල්ලකට, එහෙම නැතිනම් ශබ්දයකට ඇලෙන විදිහේ හිතක් තියාගෙන නම් බෑ මේක කරන්න.
උදාහරණයක් හැටියට මං කිවුවොත් ආශ්වාසය සහ ප්රාශ්වාසය අතර අපි ගත්ත කියන්නකො ආශ්වාසය. ඒ ගන්න ආශ්වාසය මටසිළුටු නම්, මෘදුවට එනවා නම්, අපි මේ ආශ්වාසය එතකොට ගනීවි ඒ මෘදු කියන භාවයට ලොල් වෙලා. ඒ මෘදු කියන ස්වභාවයට මනාපය ඇති කරගෙන. හැබැයි මම මේ කිවුවට අපි තණ්හාව භාවතා කළ යුතුයි මූලිකව. ඒක මූලිකව භාවිතා කලා. මේ තැනට එන්න කලියෙන් මම ඔය ඇත්තන්ට කිවුවා ප්‍රීතියක් දැක්කොත් එහෙම ඒ දකින ප්‍රීතියට කැමති වෙන්න කියල. ඒ ප්‍රීතිය වඩාගන්නත් දැන් ගිය සතියෙ කියලත් දුන්නා. නමුත් මේ පාර කියන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් කතාවක්.
ඒ කියන ඇලීමත් එක්ක තමයි මම මේක විඳින්නේ කියන එක අල්ලගන්න දැන් දක්ෂ වෙන්න පුළුවන් හෝ යුතුයි. චෛතසිකව සකස් කරගත්ත ඒ අවශ්‍යතාවය දැක
දැක, චෛතසිකව සකස් කරගෙන තියන ඒ උවමනාව දැක දැක, අපි ආශ්වාසය හෝ ප්රාශ්වාසය තියනව නම් දකින්න ඉගෙන ගන්නයි.
එහෙම වුනාම තමයි භාවනාවේදී අපි ආවනං එහෙම යම්කිසි මට්ටමකදී ශරීරය නැති තැනකට, මොකක්වත්ම නැති තැනකට, අන්න එතකොටයි ඔය චිත්ත සංකාරය මොකද්ද? මේක අස්සෙ මේකට තියන චිත්ත සංඛාරය මොකද්ද? මේකට තියන හිතේ තියන බලපෑම මොකද්ද? කියන එක තේරෙන්න ගන්නෙ. පේන්න ගන්නෙ.
හැබැයි ඒක වචනයෙන් පරිවර්තනය කරල කියන්න පුළුවන්, නෑ මං මේකෙ ඇලෙන්නෙ නැහැයි කියලා. නමුත් ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට තමන් තමයි දන්නෙ ඇත්තටම හැබෑවටම මම මොකද්ද කරන්නෙ කියල. හැබෑවටම මට මොකද්ද වෙන්නෙ මේකෙ කියල.
පින්වතුනි මෙහෙම මම කියන්න හේතුව, අපි මේ යන්නේ ඇත්තටම කියනව නම් රහත් වෙන මාර්ගයේනේ. රහතන් වහන්සේලා කියන උත්තමයන්ගේ ලක්ෂණයක් තියනවා උන් වහන්සේලාට පුළුවන්ලූ අර හංසයෝ කරන වැඩේ කරන්න. මොකද්ද හංසය කරන වැඩේ?
කිරි භාජනයක් දුන්නොත් එහෙම හංසයන්ට, හංසයා දන්නවලූ වතුර ටික ඉතුරු කරල කිරි ටික විතරක් බොන්න. සාමාන්‍ය ලෝකය තුල අපි ආනාපාන සතිය කියන භාවනාව කරන්න පටන් ගත්තෙ කොහොමද? අර තියන සද්ද බද්ද අහගෙන ඉඳලා. ඒ හිත දුවන එකට සාදර වෙලා. ශරීරයට ඇවිල්ලා. ඒ ශරීරය මතුපිට තියන දේට සාදර වෙලා. ඒක අනුමත කරලා. ඒකට කැමති වෙලා.
ඊට පස්සෙ අපි ශරීරය අභ්‍යන්තරයට ආවා. අභ්‍යන්තරයට ඇවිල්ල ශරීරය අභ්‍යන්තරයෙ තියන වේදනාවල් ටික දැක ගන්න ගත්තා. එවුවට සාදර වෙන්න ගත්තා. ඒ සාදර වුනාම තමයි ඔන්න අපිට පේන්න පටන් ගත්තේ ආශ්වාසයක් සහ ප්රාශ්වාසයක් තියනවා කියල ඇඟ ඇතුලෙ. ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තිබ්බා.
ඊට කලියෙන් ආශ්වාසය සහ ප්රාශ්වාසය දැක්කා. ඒ වුනාට ඉන්න පුළුවන්කම තිබ්බෙ නෑ. මොකද අරවට තිබ්බ ඈලියාවක් තිබ්බා. ඕව තමයි චිත්ත සංඛාර. නමුත් අපිට අහු වුනේ නෑ ඒව. දැන් භාවනාව තුල අපි ශරීරය නිෂ්ප්රභා කරගෙන ඉන්න හින්දා දැන් අපිට බොහොම විවේකී වටපිටාවක් තියනවා ඒ දැනෙන හුස්මක් තියනවා නම් ඒ දැනෙන හුස්ම තුල ඒ හුස්මට තමන්ගේ තුල තියන ප්‍රතිචාරය මොකක්ද කියන එක ඉගෙන ගන්න.
මේක හිතාමතා කරන්න පුළුවන් දෙයක් කියල නම් මම විශ්වාස කරන්නෙ නෑ. පැහැදිලිවටම කියන්න ඕන. මොකද ඔය තියන එක අල්ලන්න බැහැ ශරීරය ගැන අපිට සංඥාවල් තියනව නම්. මොකද හුස්ම ගන්න අතරතුර ශරීරය ගැන සංඥාවල් මතු වෙනව නම්, එහෙම නම් අපිට මේක විමර්ශණය කරන්න තියන වටපිටාව ගොඩක් ඇහිරෙන්න පුළුවන්. සද්ද බද්ද වලට යන හිතක් නම් තියෙන්නේ, මෙහෙම දෙයක් හොයනවා කියන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්.
හැබැයි මේක ඉගෙන ගන්නෙ මෙතනදි තමයි. ඉගෙනගෙන ඉවර වුනාට පස්සේ සාමාන්‍ය ලෝකයට යනකොට සාමාන්‍ය ලෝකය තුලදී අපි ඉගෙන ගන්න ගනීවී අපිව පිටිපස්සෙන් ඉඳල තල්ලු කරන්නෙ කවුද කියල.
මං ඒකයි කිවුවේ අපි කවුරුවත් තනියෙන් නැහැයි කියලා රහතන් වහන්සේලාට යට. අනික් හැමෝටම කෙලෙස් තියනව. අනික් හැමෝටම කෙලෙස් තියනව. ඒ අය ඒ ඒ අයගෙ මට්ටම්වල ඒ ඒ අය රුචි කරන ආකාරයට ජීවිතේ හසුරුවන්න බලනව. සමාජය හසුරුවන්න බලනව. කරුණු කාරණා කරනවා, කතා කරනවා, සිතුවිලි බඳිනවා, සමහර විට ඒව දාගන්නව ධර්මානුකූලයි කියල හැබැයි අස්සෙන් ඉඳල තියනව මාරයා.
ඒක හරියට තැන්පත් වෙච්ච හිතක් හදාගත්තම අපේ හිතේ තියනව අදහසක්, (ගියපාර මම ටිකක් සමච්චලේට වගෙත් මේක කිවුවේ, ඒ විදියට වුනා නම් සමාවෙන්නත් ඕන) ඔය ධ්‍යානවල අවසානෙදි විපස්සනාවක් කරන්න හිතෙනව කියන එක.
හිතන්න ඒ තරමට අපේ හිත උපේක්ෂා සහගත තත්ත්වයට පත් කරගත්තා නම්, අපි ඊට පස්සේ ආපහු කල්පනා කරන්න නම් පටන් ගන්නේ, ඇත්තටම මාරයා අපි දිහා බලල හිනා වෙනව ඇති. මොකද මාරයාට අපි වෙනුවෙන් ආපහු අපිව කචල් කරන්න දෙයක් නෑ. අපිම කරගන්නව ඒක. ඇත්තටම මාරයා වෙන කොහේවත් නෑ. මේකෙ අස්සෙම තමයි. දසමාර සේනා කියල සූත්‍රයකුත් ඇති සුත්ත නිපාතෙ ඕන නම් අරන් බලන්න.
ඉතින් ඔය කියන කවුරුහරි කෙනෙක් හෝ කවුරු හරි දෙයක්, පිටිපස්සෙ ඉඳලා අපිව මේකට කැමති නම් කැමති පැත්තට, අකමැති නම් අකමැති පැත්තට යොමු කරවන අදහස් වගයක් තියනවා, හරියට අර ස්පොන්ජ් එක අස්සට ගිය අර පාට වතුර ටික වගේ. ඒ පාට වතුර ටික ස්පොන්ජ් එක අස්සට ගිය හන්ද තමයි අර සුදු පාටට තිබිච්ච ස්පොන්ජ් එකක් පාට බවට පරිවර්තනය වෙන්නෙ.
අපේ ජීවිතෙත් ඔය වගේම තමයි පින්වතුනි. අපි හරියට දන්නෙ නෑ මේක තුල සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා, ඒ මොකද මේක අස්සෙ තියන කාරණාව අපිට හරියට අල්ලගන්න තේරෙන්නෙ නැති හින්දා. ඒ වෙනුවට අපි මොකද කරන්නෙ භාවනාව තුල අපි කතා කලොත් සමහර ඇත්තෝ සද්ද බද්ද ඇහෙන හින්ද භාවනාව නතර කරනව.
සමහර ඇත්තෝ සිතුවිලිවලට දුවන හින්ද භාවනාව නතර කරනව. ඒකට මනාප නෑ. සමහර අය ශරීරයෙ අර සත්තු දුවන හින්දා ඒකට මනාප නෑ. සමහර අය ඇඟ රිදෙන හින්ද මනාප නෑ. සමහර අයට අර මොකක්වත් නෑ ඇඟ ඇතුලෙ වේදනාවල් තියනවා එව්වට මනාප නෑ. සමහර ඇත්තොන්ට ආනාපානයෙ නාසිකාග්‍රය තේරෙන්නෙ නෑ ඒ නිසා බෑ. සමහර අයට ආනාපානයෙ නාසිකාග්‍රය තේරෙනවා සමහර අයට නෑ. ඕකත් ප්‍රශ්නයක්. සමහර අයට ශරීරයක් නෑ ඒකත් ප්‍රශ්ණයක්.
බලන්න මේ හැම තැනකම අපි හිර වෙලා තියනව අපේ අර නැමියාවල් එක්ක. අපේ නැමියාවක් එක්ක. ඕක අල්ල ගත්ත නම් අපිට තේරුම් ගන්න පුළුවන් වේවී ඒ තියන නැමියාව, ඒ තියන බලාපොරොත්තුව, ඒ තියන අර ඇදිල්ල, අපිව මෙහෙයවන්නේ අපිව සමාහිත කරන්නද, නැති කරන්නද, ආන් ඒ ටික අල්ලගන්න එකයි ආනාපානය තුල තියන අතිසූක්ෂම කාරණාව. සතිපට්ඨානය තුලත් තියන අතිසූක්ෂම කාරණාව.
හැබැයි ඕක අල්ලගත්ත නම් එහෙම සැබෑ ජීවිතේදී බලන්න පුරුදු කරන්න, බලන්න සූත්‍රය අරන් ධම්මානුපස්සනාව කියන කොටස සතිපට්ඨාන සූත්‍රයේ බුදු හාමුදුරුවො දේශනා කරනවා අපි කොහෙන්ද දුක හදා ගන්නේ? ඇහැ තියන තැන. කොහෙන්ද එහෙනම් දුක නැති කරගන්නෙ? ඇහැ තියන තැනින්ම තමයි කියල දේශනා කරනව. නමුත් අපි ඕක වෙන කොහේට හරි අරන් යනවා. කල්පනා කරන්න, ඒ වගේ දේවල්වලට. අපි දන්නෙ නැහැ මේක ගලව ගන්න.
මං ඒකයි කිවුවේ මේ අපි ඉගෙන ගන්නේ රහතන් වහන්සේලාගේ ඒ ගුණයට යන්නෙ කොහොමද කියල. උන් වහන්සේලාගේ ගුණය මොකද්ද? අර හංසයෝ කිරි වතුරවල තියන වතුර ටික අයින් කරලා කිරි ටික පානය කරනවා වගේ අපි මේක තුල තියන නිසරු දේ බැහැර කරලා සරු දේ ගන්නයි මේ හදන්නෙ. අපේ පිටිපස්සේ ඉඳලා අපිව තල්ලු කරන තණ්හාව කියන දේ දකින්නයි මේ උත්සාහ කරන්නෙ.
ඒක දකින්න පුළුවන්කම තිබ්බා නම්, ඒක ස්පර්ශ කරන්න පුළුවන්කම තිබ්බා නම්, අපේ මනසට පුදුමාකාර නිදහසක් වේවි. අපි තේරුම් ගනීවි මේ ලෝකෙ කොයි තරම් නම් සතුටුදායක තැනක් කරන්න පුළුවන්ද කියල. ඒ අපේ මමත්වය කියන එක හැංගිලා තිබ්බ සාධක ටික පේන්න පටන් ගත්ත හින්දා.
මං විශ්වාස කරනවා යම් තරම් දුරට හෝ අද මං මේ කතාව කරන්න උත්සාහ කලා, ඒක සාර්ථක වුනා කියල. මං දන්නෙ නෑ ඒක හරියට තේරුනාද නැද්ද කියලා. කොහොම නමුත් පැය භාගය දැන් ගිහිල්ලත් තියනවා. ඒක හින්දා මම කල්පනා කරනවා අදට කරන අවවාදය මෙතෙකින් සමාප්ත කරන්න කියලා.
භාවනාව තුලදී ඔය ඇත්තොන්ට පුළුවන්කමක් තියනවා නම් හිත තැන්පත් කරගන්න අර කියන විදිහේ ශරීරය තුල තියන ඒ ධරත ස්වභාවයන් ටිකටත් සමාව දීලා, එව්වටත් ඉන්න අවසර දීලා ඉන්න එන්න, එතකොට ඒ මොහොතවල්වල අපි ඔය තල්ලු කරපු අපිව පාලනය කරන්න දඟලපු අදහස පේන්න පටන් ගනීවි.
ඒකත් එක්ක මම කියන්න උත්සාහ කරන්නෙ පින්වතුනි, අපිට සමාජය තුල හම්බ වෙනවා නොයෙකුත් කරදර කරන, වද හිංසා දෙන පුද්ගලයො. හැබැයි ඒ අයගෙ නෙවෙයි වැරැද්ද තියෙන්නෙ. ඒ අය ඇත්තටම අහිංසක අය. නමුත් ඒ ගොල්ලො දන්නෙ නැහැ මේ කියන මමත්වයට යට වෙලා ඉන්න හින්දා, මොකද්ද නිවැරදි දේ මොකක්ද වැරදි දේ කියල.
දැන් තේරෙනවද කරණීය මෙත්ත සූත්‍රයේ බුදු හාමුදුරුවො දේශනා කරන අර කතාව කොයි තරම් සාධාරණද කියලා. මොකද්ද කතාව? එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවව ආරක්ෂා කරනව වගේ මේ මුළු ලෝකෙම ඉන්න ඔක්කොම ආරක්ෂා කරනව කියල. අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන.
ඇත්තටම බුදු හාමුදුරුවො කනට ඇවිල්ල කියන්නෙ නැහැ මෙහෙම කරන්න මයෙ පුතා කියල. අපි ඉගෙන ගන්නවා මේක තේරෙන්න පටන් ගත්ත දාට. ඉතින් එවන් වූ දෙයක් ඔය ඇත්තන්ටත් ලඟා කරගන්න අද මේ අවවාදයත් හේතු වාසනා වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අපක්ෂපාතී නිරීක්ෂණය
දේශනා අංක 12
ආනාපාන සතිය සහ චිත්ත සංඛාර
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛයං තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
සුපුරුදු පරිදි අදත් අපි අපේ අර සතිපට්ඨානය කියන, බුදු දහමේ හදවත වගේ තියන මේ දේශනාව පදනම් කර ගත්ත, අපේ ධර්ම සාකච්ඡාව කරන අහිංසක වෙලාවයි මේ. ඉතින් ඔය ඇත්තන්ට මතකයක් ඇති පහුගිය සතිය වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනියෙන්ම අපිට කියල දෙන ආනාපාන සති කියන භාවනාව, නැත්නම් සතර සතිපට්ඨානයම සම්පූර්ණ කරන පරිපූර්ණ කරන ඒ භාවනා ක්රමයේ ඔය,
"ප්‍රීති පටිසංවේදී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති සුඛ පටිසංවේදී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති"
කියන දෙකෙන් පොඩ්ඩක් එහාටත් ගිහිල්ලා,
"චිත්ත සංඛාර පටිසංවේදී"
කියන තැනට අඩිය තියන්න පොඩ්ඩක් පාර හදා ගත්ත විත්තියක් සමහර විටක ඔය ඇත්තන්ට මතකයේ ඇති. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔය කියන ප්‍රීතිය සහ සුඛය කියන කාරණා දෙක අපිට දෙකක් හැටියට දේශනා කරල තියනවා නම් ඒකෙ තේරුම, ඕකෙ මොකක් හරි වෙනසක් තියෙන්න ඕන කියන එකයි මේධාවි හාමුදුරුවන්ගේ වැටහීම.
එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ ඔය වගේ වචනයක් නැත්නම් ඔය වගේ වචන දෙකක් වෙන වෙනම භාවිතා කරන්නේ නැත. අපි වගේ නෙවෙයි පින්වතුනි උන් වහන්සේ ජීවිතය තුල සිහියෙන් හිටියෙ නෑ කියන වෙලාවක් නෑ. ඒ තරමටම සතියෙන්ම කතාබහ කරපු වැඩකටයුතු කරපු උත්තමයෙක්. ඒකයි උන් වහන්සේ පාරිශුද්ධ වෙන්නේ ඇත්තටම කියනවා නම්. අපි වගේ නෙවෙයි.
ඉතින් එතකොට ඔය කියන ප්‍රීතිය සහ සුඛය කියන දෙක අර අත්දැකීම් පැත්තෙන් මම තේරුම් අරගෙන තියෙන්නේ සහ අර ධර්ම සාකච්ඡා කරල තියෙන හැටියට, කතාබහ කරල තියෙන හැටියට, භාවනාවට කැපවෙච්ච මහ තෙරුන් වහන්සේලාත් එක්ක සහ දේශනාව පොතපතේ තියෙන හැටියට, සඳහන් වෙන හැටියට, ඔය දෙක මම මෙන්න මේ විදියට කියන්න උත්සාහ කරනවා.
එකක් තමයි සූත්‍රය අරගෙන බැලුවොත් ඔය ඇත්තන්ට පේනවා ඇති,
"ප්‍රීති පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති"
කියන ඔය ආකාරයටමයි හැම තැනකදීම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලේ. ඒකෙ තේරුම මම හිතන හැටියට ඕක සිද්ධ වෙන්නත් ඕන ඔය කියන හැටියට අනුපිළිවෙලකටමයි.
ඇත්තටම කියනව නම් මම පුද්ගලිකව බුදුරජාණන් වහන්සේට ඔච්චරටම මනාප වෙන්න, රුචි වෙන්න ප්‍රධානම එක හේතුවක් තමයි උන් වහන්සේගේ තියන මේ පිළිවෙල. පුදුමාකාර පිළිවෙලක් තියනවා. ඒක සඳහන් වෙනවා ධර්මයේ මෙන්න මෙහෙම. අර, ආදිකළ්යාණ, මජ්ජේ කළ්‍යාණ, පරියෝසාන කළ්‍යාණ කියනව, මුලත් පිරිසිදුයි, මැදත් පිරිසිදුයි, අගත් පිරිසිදුයි. එහෙම නැත්නම්, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා, අනුපූර්ව හැටියට සිද්ධ වෙන ක්‍රියාවලියක්, වැඩසටහනක්, ප්‍රතිපත්තියක් මේක තුල තියනවා කියන එක උන් වහන්සේ ම දේශනා කරල තියනව.
මගේ ඇත්තටම කියනව නම් පුද්ගලිකව සිත් ගත්ත ප්‍රධානම තැන් මෙව්වා. එතකොට ඔය ඇත්තො භාවනා කරද්දී සමහර වෙලාවට කමටහන් වාර්ථාවල කියනවා,
"අපේ හාමුදුරුවනේ, මේ ඇඟේ වේදනාව තියනකොට ඒ අස්සෙන් ආනාපානය දැක්කා වුනාට සමහර වෙලාවල් තියනවා ඔය වේදනාවල් ටික සමතික්‍රමණය කරලා, ඒ වේදනාවල් ටික යටපත් කරගෙන නෙවෙයි ඒ වේදනාවල්වලින් බැහැර වෙලා, ඒ වේදනාව වේදනාත්මක බවින් තොරව දකින්න හිත හදාගෙන, ආනාපානය බලන්න මට පුළුවන්කමක් හම්බ වුනා" කියල.
හැබැයි එතකොට ඔය කියන කෙනාට ඒ වේදනාවෙන් බැහැර වුනා කියනවා මිසක, එහෙම වෙන ඇත්තෝ එහෙම වෙන වෙලාවක ආපස්සට මතක් කරල බලන්න, තමන්ට ශරීරයක් කියන එකක් ගැන අදහසක් තියනව මෙතනදි. ශරීරය ගැන සංඥාවක් තියනවා. ඒක තියනවා වුනාට මේකෙ වේදනාත්මක බවක් නම් නෑ. මං වාඩි වෙලා ඉන්න විත්තිය දන්නවා, ඉරියව් තියන විත්තිය දන්නවා, හැබැයි මේක ඇතුලෙ වේදනාවක් නෑ. හිස්කමක් තියෙන්නෙ. හැබැයි ශරීරය තියන විත්තිය මම දන්නවා. ඔය කතාව කියනවා ගොඩක් වෙලාවට.
එතනදී දෙන උපදේශය තමයි, තමන්ට ඔය ප්‍රීතිය කියන එක නැත්නම් ඔය දැනෙන නිස්කලංක ස්වභාවය දැනෙන ප්‍රමාණය මුලදි ශරීරය පුරාවට වඩා වර්ධනය කරගන්නකං වෙන මොනවාත් ගැන හිතන්න නරකයි. වෙන මොනවාත්වලට සම්බන්ධ වෙන්න, යොමු වෙන්න නරකයි. ඒක වැරදියි. එහෙම වෙච්ච කෙනාට තමා තේරෙන්න පටන් ගන්නේ, දැන් මුළු ශරීරයම අස්සේ මේ ප්‍රීතිය කියන එක නැත්නම් මේ තියන මෘදු සැහැල්ලුකම, එහෙම නැත්නම් මේ කියන පස්සද්ධි ගුණය වර්ධනය වෙලා තියනව කියල.
ඔහොම වුනාම තමයි මේ ශරීරයක් නැතුව අවස්ථාවක් එනවා, මෙතනදි ආනාපානය තියෙන්නත් පුළුවන්, බාගදා නැති වෙන්නත් පුළුවන්, ශරීරයත් පොඩ්ඩ පොඩ්ඩ අන්තරස්දාන වෙලා යන්න පටන් ගන්න විත්තියක් තේරෙන්න පුළුවන්. මොකක්වත්ම නෑ. අන්න එහෙම තැනකට එන්නත් පුළුවන්. හැබැයි ඒ මොකක්වත්ම නැති තැනක් අර වගේ බොහොම පොඩි කොටසකින් පටන් ගන්න පුළුවන්.
ඔය කියන එක පින්වතුනි අපි පුරුදු කරන්න පටන් ගත්තේ ඔතනදි නෙවෙයි. ඕකෙ මූලික අභ්‍යාසයන් ටික කලේ කොහේදිද දන්නවද? සිහියට ප්‍රධාන තැන දීලා ඉන්න පටන් ගන්න කෙනාට තේරෙන්න ගන්නවා හිත දුවනවා සද්දෙට කියල. එයාට තේරෙන්න ගන්නවා හිත දුවනවා සිතිවිලිවලට, චිත්ත රූප වලට කියල. ඔන්න ඔහේ ඉඳල තමයි මෙව්ව ඉගෙන ගන්න පටන් ගන්නෙ.
ඊටත් අභ්‍යන්තරයට ආපුහම ඒවට යොමු වෙන්නෙ නැති වෙන්න හිත හදා ගත්තහම අන්න ප්‍රකට වෙන්න ගන්නව ශරීරය මතට මේ හිත ඇවිල්ල පතිත වෙන විත්තිය. ඒකට මේ ශරීරය මතුපිට තියන නලියන ගති අනං මනං මතු වෙන්න ගන්නෙ. අන්න එතකොට තේරෙන්න ගන්නවා දැන් අපේ අර උවමනාව, ඈලියාව කතා කරල කියනවා පිටිපස්සෙන්, ඕක නෙවෙයි මං කරන්න ආවෙ ආනාපානය. යන්න ඕන හුස්ම බලන්න කියලා. නමුත් හිතට පුළුවන්කම තියෙන්නේ ශරීරය මතුපිටට වෙලා ඉන්න.
අපි ඕක අනුමත කරන්නෙ නැත්නම් මේකේ මේ කචල් එක හදන කෙනා වෙන කවුරුවත් නෙවෙයි මාරයා වනාහි ඔබ තමුන්නාන්සේලාමයි. මොකද හිත තැන්පත් වෙන්න එන ගතිය, මේ දේවල් තේරෙන්න එන ගතිය ස්වභාවිකව සිද්ධ වෙනවා. අපි ඒ ස්වභාව ධර්මය අභිබවා යනවා. යනවත් නෙවෙයි ඇත්තටම කියනවා නම් යන්න දඟලනවා. යන්නෙත් අපිත් නෙවෙයි ඒක ගැන පස්සෙ කියන්නම්.
ඉතින් අන්න ඒ වගේ අභ්යාසයන්වලින් තමයි ප්‍රීතිය වඩා වර්ධනය වුනාම තමා සුඛත්වය කියන එක තේරෙන්න ගන්නෙ කියන එක ප්‍රකට වෙන්නෙ. තවත් පැත්තකින් කියනවා නම් තවත් අවස්ථාවක් ගත්තොත් ඕලාරිකම තැන නම්, ආශ්වාසය තේරෙනවා නම්, නිකම්ම නිකං ප්රාශ්වාසය තේරෙනවා නම්, ඒ දෙක තේරී තේරී තේරී තේරී කාලයක් තිස්සේ හිත හදාගෙන ඉන්න වුනාම අනිත් දේවල්වලට ඇඟිලි ගහන්න තියන ඒ අවස්ථාවන් අඩු කර කර, අන්න එතකොට යම් වෙලාවකදි අපිට පුළුවන්කමක් හම්බ වෙන්න පුළුවන් ආශ්වාසය පටන් ගන්නකොටම ඒකත් එක්ක මෝදු වෙලා, ඒකත් එක්කම හා වෙලා, යා වෙලා, ඒකත් එක්කම පාවෙලා, ආශ්වාසයේ මැදට එනකොට එතනට ඇවිල්ලා, ආශ්වාසයේ අගට එනකොට එතනට ගිහිල්ලා, ආශ්වාසය ඉවරයක් වෙලා යනකොට නැති වෙලා යන්න තරම් සුමට හිතක් හදාගන්න පුළුවන්.
ඔන්න "සතෝච සම්පජානෝ" කියන තැනට කිට්ටු වෙන ආකාරය. ඔය කියන විදියට ආශ්වාසයේ මුල මැද අග කියන තැන් තුනේ (තැන් තුන නෙවෙයි අනන්ත අප්‍රමාණ තැන් තියෙන්න පුළුවන් නිකං සරල හැටියට ගත්තොත් එහෙම) හිත හදාගෙන ඒ තැන් ත්‍රිත්වය දිහා බලාගෙන වෙන මොනවටවත් ඇලෙන්න කරන්නෙ හෝ දඟලන්නෙ පනින්න යන්නෙ නැතුව, තමන්ගෙ තියන මමත්වයට අනුව කටයුතු කරන්නෙ නැතුව, ඔය පේන එක දිහා, ස්වභාවිකවම සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන කෙනාට තේරෙන්න ගන්නව, පේන්න ගන්නවා, ඒත් එක්ක සම්බන්ධ වෙච්ච ශාරීරික ක්රියාකාරීත්වයක් තියනවා කියල.
අන්න ඒ වගේ මූලික අභ්‍යාසයන් ටික හරියට කරල තියන යෝගාවචරයෙක්, මනාකොට ඉවසීම ප්‍රගුණ කරගෙන මේ යන ගමන පුළුවාන් තරම් හිමීට යන්න උත්සාහ කරන කෙනෙක්, ධර්ම මාර්ගය තුල බොහෝම ඉක්මනින් වැඩ ඉවර කරනව. හදිස්සි කෙනා ඉක්මනට කකුල පටලවගෙන වැටෙනව.
කෙටි පාරවල් හොයන කෙනා බොහෝම ඉක්මනට වැඩේ අතෑරල දානව. පැහැදිලිවටම මං ඒක කියන්න ඕන. හැබැයි ඉබ්බටත් වඩා හෙමීට යන්න හිතන කෙනා මේ ගමන බොහෝම ඉන්මණින් යනව හාවටත් වඩා ඉක්මනින්. එහෙම එකක් තියනව. සමහර විට අද කාලෙ වාහන හදනව අශ්ව බල දාහයි දෙදාහයි කියලා. ධර්ම මාර්ගය තුල හෙමීටම යන කෙනාට සමහර විට අශ්ව බල හිතාගන්ක බැරි තරම් ලොකු ගුණයක් තියන ඉන්ජින් එකක් හම්බ වෙනව වගේ වැඩක් වෙන්න පුළුවන් මේ ටික තුල.
ඉතින් ඔය කියන ප්‍රීතිය නැත්නම් ශාරීරිකව තියන ධරත ස්වභාවයන් ටික, රළු පරළු ස්වභාවයන් ටික දකින්න, තේරුම් ගන්න කෙනාට මගේ උපදේශය තමයි ඒ රළු පරළු ස්වාභාවයන්මද මේ ඇඟේ තියෙන්නෙ කියල හොඳට බලන්න ඕන ඇඟ පුරාවටම ගිහිල්ල. දැන් හිතල බලන්න අපිට භාවනාවෙදි නින්ද යන්න තියන හැකියාව කොයි තරම් නම් අවමද කියල. මොකද අපි අර එකකට ගිහිල්ල ඒකට වෙලා ඔහේ ඉන්න වුනාමයි මේ ඔක්කොම අවුල තියෙන්නෙ. මේක තුලදි බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන්නෙ නෑ එහෙම දෙයක්.
අපිට කියල දෙන්නෙ මේකෙදි හිත ප්‍රභාෂ්වර කර ගන්න, විවෘත කරගන්න, ආලෝකමත් කරගන්න කියල. අන්න එහෙම වෙන්න වුනාම, එහෙම කරගෙන යනකොට, ඊට පස්සෙ එයාට තේරේවි, වේදනාත්මක භාවයන් තැනින් තැන ප්‍රකට වෙන සහ වේදනාත්මක භාවයක් නැති නමුත් ශාරීරිකව සංඥාව තියන, එහෙම ශරීරයක් එක්ක ආශ්වාසයට එන්න පුළුවන්කමක් තියේවි.
ඒ කියන්නේ ඒ වෙලාවේදී එයාට ඔය දේවල් ටික නිරීක්ෂණය කරන්න පුළුවන් හිත දුවනව නම්, දුවන්න දැනට ඉතුරු වෙලා තියෙන්නෙ ආශ්වාසයට හෝ ප්රාශ්වාසය කියල කියන ඒ සුසුම් රැල්ල පමණක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදි තමයි මේ ප්‍රීතිය දැකගෙන, ආශ්වාසය සහ ප්රාශ්වාසය දැකගන්නවා කියන එක අල්ලන්න පටන් ගන්නෙ. ස්පර්ශ කරන්න පටන් ගන්නෙ.
හැබැයි හදිස්සි කෙනාට මොකද්ද වෙන්නෙ? එයාට ඊළඟ එක කරන්න ඕන වෙනව. එයා හරියට අර 'ගාවීඋපමා' සූත්‍රයේ කියනව වගේ අර නරක එළදෙන වගේ තමයි. හදිස්සි එළදෙන වගේ තමයි. මේ කාන්තා වෙන්නත් පුළුවන් පිරිමි වෙන්නත් පුළුවන් මොනව වුනත් බුදුරජාණන් වහන්සේගේ උදාහරණයේ එන්නෙ එළදෙනක් තමයි.
කොහොම නමුත් අපි හිතමුකෝ ඉවසීමත් හදාගෙන මෙයා මේ කියන ප්‍රීතිය මුළු ශරීරය පුරාවටම වර්ධනය වෙනකං ඉවසුව කියල. ඇත්තටම කියනව නම් ඕක වර්ධනය කරගන්න බෑ. දැන් එතකොට මේ කරන්නෙ මොකද්ද? අපි දන්නවා මේ ප්‍රීතියට ඇලෙන එක අහල තියනවා, සුඛයට, මේ ප්‍රීතිය කියන වේදනාවට ඇලෙන එක තණ්හාවක් එන්න පුළුවන් කියල. හදිස්සි වෙන්න එපා මයෙ පුතා. ධර්මයේ මෙන්න මෙහෙම වචනයක් තියනවා අහල තියනවද? හොඳට මතක තියාගන්න
"තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛයං"
තණ්හාවෙන් නිදහස් වෙන්න භාවිතා කරන මෙවලම තණ්හාවම තමයි. අපි තණ්හාවෙන් නිදහස් වෙන්න භාවිතා කරන මෙවලම තණ්හාවම තමයි. අන්න ඒකයි මේ ගමන හරි සූක්ෂම වෙන්නෙ. ඒකයි මේක අර ඥානවන්තයන්ට තියන ගමනක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව අපි මොකද්ද මේ භාවිතා කරන තණ්හාව? ඇත්තටම කියනව නම් මුලින් මේ ප්‍රීතියට ඇලෙන්න ඕන. අජාන් චා හාමුදුරුවො වුනත් කියනව, ඒ එන ප්‍රීතියට ඉස්සෙල්ල හිත ඇලෙන්න ඕන කියල. අලවගන්න ඕන කියල. එහෙම ඇලුනෙ නැත්නම් අපිට ඔය ප්‍රීතිය මුළු ශරීරය පුරාම වර්ධනය කරගන්න බෑ.
සමහර ඇත්තො කියනව,
"ස්වාමීන් වහන්ස අපිට ලැබිල තියන උපදේශයන්ට අනුව ඕව අතහරින්න පටන් ගන්නව දැකපු ගමන්" කියල.
හොඳයි ඉතින් ඊට පස්සෙ මොකද කරන්නෙ? එකපාරටම ඔක්කොම අතහරින්න පුළුවන් නම් අපි ඉපදෙනකොටම රහත් වෙලා මං හිතන්නෙ. ඒක කරන්න අපි ඉගෙන ගන්න ඕන මා පුතා. ඒ ඉගෙන ගන්නෙ කොහොමද? ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගය ඔස්සේ ගිහිල්ලා. ඒ මාර්ගයේදී අපිට කියනව ඔය කියන ප්‍රීතිය ඇති කරගන්න පුළුවන් නම්, ඒ සැහැල්ලුව ඇති කරගන්න පුළුවන් නම්, ඒක වර්ධනය වෙනකම් මුළු ශරීරය පුරාවටම, ඉවසාගෙන ඉන්න වෙනව.
මේක එතකොට වචනයෙන් කියන එකක් නෙවෙයි ඇත්තටම කියනවා නම්. ධර්ම මාර්ගයේ දියුණුව කියන එක 'අවංකකම' කියන වචනය මතම පිහිටල තියනව. විපස්සනාව කියන එක ගලාගෙන යන්නෙ අවංකකම මතමයි.
වංකත්වය තුලින් තමන්ගේ මොකක් හරි දෙයක් හුවා දක්වන්න, එළි දක්වන්න, ප්‍රචාරය කරවන්න, පෙන්නන්න හදනවා නම් වැටෙන්නේ ආපස්සට මුලටමයි. පැහැදිලිවම මම ඒක කියන්න ඕන බොහෝම නිහතමානිත්වයෙන් වගේම අවධාරණයෙන්. මේකෙදි අපිට උගන්වන්නෙ පින්වතුනි අං කැඩිච්ච හරක් වෙන්න. අපිට උගන්වන්නේ අං කඩාගත්ත හරක් වෙන්න.
නමුත් අපි හැමදාම කරන්නේ අපේ අං ටික පොලිෂ් කරගන්නව. හොඳට උල් කරගන්නව, "ඕකට මං මෙහෙමයි කියන්නෙ මේකට මං මෙහෙමයි කියන්නෙ" කියල. මේකෙදි අපිට උගන්වන්නෙ පාපිස්සක් වෙන්න. මේකෙදි අපිට උගන්වන්නෙ මහ පොළොව වගේ වෙන්න. මේකෙදි අපිට උගන්වන්නෙ වතුර වගේ වෙන්න. නමුත් අපි එහෙම නෑ. අපිත් ගොඩක් වෙලාවට ඉන්නෙ පොළොවෙන් උඩ.
ඉතින් මේකෙදි ඇත්තම කතාව ධර්ම මාර්ගය තුල ඔය කියන අවංකකම කියන එකත් එක්ක තමා අපි ප්‍රකට කරගන්න යන්නෙ. ඕක අල්ලගන්න අමාරු හන්ද තමයි මම යෝජනා කලේ කමටහන් වාර්ථාව කියන එක ඒ තරම්ම අතිශයින්ම වැදගත් කියල. මට වැදගත් නෑ ඇත්තටම මීට කාලෙකට කලින් සිද්ධ වෙච්ච දේවල්. අද භාවනාවේදී මොකද්ද වෙච්ච දේ කියන එක ගැන තමන් පොඩ්ඩක් හොයල බලන්න. තමන් මතක් කරල බලන්න. ප්‍රශ්නෙ අහනකොට අද වෙච්ච දේ ගැන කියන්න.
"ස්වාමීන් වහන්ස, මෛත්‍රී භාවනාව කලා. ඊට පස්සෙ ආනාපානයට යන්න හිතුවා. ඒ වුනාට හිත තිබ්බේ, මට වැඩිපුරම දැනෙන්න පටන් ගත්තේ අර පණුවො දුවනව වගේ ටිකක්. නමුත් මම උවමනාවෙන් ආනාපානය බලන්ක බැලුවා. බෑම තමයි මේක කරන්න. එපා වුනා. දමල ගහල නතර කලා."
මං ඇත්තටම පිළිගන්නව ඕක හොඳ කමටහන් වාර්ථාවක් කියල. ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණ වෙනවා. ඕක ලිවුවොත් විතරයි පින්වතුනි අපිට අපිට අහු වෙන්නේ, අපිට හරියට අපේ සිහිය වැඩ කරල තියනවා. නමුත් අපේ මමත්වය ඇඟිලි ගහල තියනවා අපේ සිහියට. මොකද්ද?
ඒ සිහියට දරාගන්න පුළුවන්, දැනගන්න පුළුවන්කම තිබිල තියෙන්නේ මෛත්‍රී භාවනාවෙන් පස්සේ ශරීරය මතුපිටට එන එක විතරයි . නමුත් මට ඕන වෙලා තියනවා හුස්ම බලන්න. ඒක කරන්න බැරි වෙච්ච හින්දා මට මේ වැඩේ අවුල්. මොකද්ද බැරි වෙන්න හේතුව? මට ඕන දේ ලැබිච්ච නැති හින්ද.
අන්න ඒකයි මම කියන්නේ අවධාරණයෙන්ම මේ කමටහන් වාර්ථාව කියන එක අතිශයින්ම වැදගත්. නමුත් වැදගත් වෙන්නේ අද දවසේදී භාවනාව තුලදී සිද්ධ වෙච්ච දේ මොකද්ද කියන එක විතරයි. ඒක නම් මම බොහෝම නිහතමානීව කියන්න ඕන.
අපි හිතමුකෝ ප්‍රීතිය කියන එක දැනගත්ත කෙනා ඉඳල හිටල හරි ආනාපානයක්, ආශ්වාස ප්රාශ්වාසයක් දැක ගන්නකොට, ඒකට නිදැල්ලේම පතිත වෙලා ඒකත් එක්ක ඉඳලා ආපහු මේ ශරීරය අස්සේ ප්‍රීතියක් තියනවද? නැත්නම් අර මෘදු ස්වභාවයක්ද තියෙන්නේ? රළු ස්වභාවයක්ද? කියල නිරීක්ෂණය කර කර කර කර, විමර්ශනය කර කර, හරියට අර පොතෙන් පිටු පෙරල පෙරලා පෙරල පෙරලා යනව වගේ හොයන්න පටන් ගන්න පුළුවන්.
මෙයා එතකොට ඇත්තටම යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ කරනවා. මෙතන මෙයා ඉන්නේ අර සංසාරයේ අපිව පල්ලෙහාට ඇදල දාන අර සිතුවිල්ල එක්ක නෙවෙයිනෙ. ආනන්ද මහ රහතන් වහන්සේගේ වචනයට අනුව නම් ඉන්නෙ කළ්‍යාණ මිත්‍රයත් එක්ක. මේ ශරීරයට වෙලා නම් ඉන්නේ ඕක තමයි කළ්‍යාණ මිත්‍රයා කියල කියන්නේ. අන්න එයා තමා කළ්‍යාණ මිත්‍රයා.
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්ථුනො
නත්ථි ඒතා දිසං මිත්තං
යථා කායගතාසතී"
යාළුවො දෙන්න නැති වුනා සාරිපුත්තයාණන් වහන්සේ සහ මොග්ගල්ලානයන් වහන්සේ ඔක්කොටම කලින්. දැන් බුදුරජාණන් වහන්සේත් පරිනිර්වාණයට පත් වුනා. මට යාළුවො නෑ දැන්. එහෙම කුළුපග විදියට ආශ්‍රය කරන්න කෙනෙක් නෑ දැන්. "යථා කායගතාසතී" කායගතාසතිය හැරෙන්න. කය ගැන තියන සිහිය හැරෙන්න.
දැන් බලන්න අපි ශරීරයට ඇවිල්ල තියනව, නමුත් අපේ මනාපෙ තියනවා, "නෑ කයට ආවට මට බලන්න ඕන ආනාපානයනෙ." ඔන්න අපේ අර මමත්වය ඇඟිලි ගහන තරම. තාම අපිට පේන්නෙ නෑ මේක එන්නෙ කොහෙන්ද කියල. ඒකට යන්න තමා මේ පාර හදා ගන්නෙ.
කොහොම හරි මේ හාදයට පුළුවන් වුනා කියන්නකො යෝගාවචරයට, ඔය කියන මෘදුකම දැනුනට පස්සේ ඒ දැනෙන මෘදුකමත් එක්ක ශරීරයට වෙලා ඉන්න. එහෙම ඉන්නකොට මේ ප්‍රීතියෙන් මුළු ශරීරයම පුරවා ගන්නකංම ඒක පුරුදු කරාවි අස්සක් මුල්ලක් නෑරම. හරියට හිතන්නකො අපේ ඇඟ, ඔය ඇත්තන්ට මතකද දන්නෙ නෑ පොඩි කාලෙ තිබුනා, අපේ තාත්ත මටත් ගෙනැල්ල දුන්න අර හුළං පුම්බන මිකී මවුස් කෙනෙක්. ඒකෙ තිබුනා හුළං පුම්බන්න තැනක්. එතනින් පුම්බනකොට මුළු ඇඟමයි පිම්බෙන්න පටන් ගන්නෙ. එක පැත්තක් පිරිලා අනික් පැත්ත නෑ කියල එහෙම එකක් නෑ.
අන්න ඒ වගේ අපිට පුළුවන්කමක් තියෙන්න ඕන පින්වතුනි මුළු ශරීරය පුරාවටම ඔය දැනගන්න ප්‍රීතිය වර්ධනය කරගන්න. ඒ වර්ධනය කරගන්න ප්‍රීතිය තුලින් ඒක නිරීක්ෂණය කරනකොට, ඒකට වෙලා ඉන්නකොට, අන්න ඒකයි ස්වාමීන් වහන්සේලා ඔය ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ ඔතනට වෙලා ඉන්න මමයා අයින් වෙනකං කියල. මොකද ඕක හරියට, පුළුවන් තරම් හොඳට නිරීක්ෂණය වෙනකං හිටියහම විතරයි මේකෙ තියන අර රළු ස්වභාවයන් ටික පේන්න පටන් ගන්නෙ. ඕක වෙනකං අපි මේක කරන්නත් ඕන.
ඒක හන්දයි ධර්මයේ සඳහන් වෙන්නෙ,
"කායේන ඵස්සිත්වා විහරති" කියල.
මේ අහන දහමක් කායිකව ස්පර්ශ කරනකං අළුත් එකක් අහන්න යන්න හොඳ නෑ කියන එකයි බුදු හාමුදුරුවන්ගේ යෝජනාව.
නමුත් මං දන්නෙ නෑ ඔය ඇත්තෝ අපේ මේ බණ දහම් අහන ඇත්තෝ ඔය විදියටද කරන්නෙ කියල. මං දන්න සමහර ඇත්තො ඉන්නවා දවසට බණ දහය පහළොව අහනව. ඒව කායිකව ස්පර්ශ කරන්නෙ මොන වෙලාවෙද කියන එක තමයි තියන ලොකුම ප්‍රශ්නාර්ථය.
මොකක් හරි ප්‍රශ්ණයක් වුනාම කේන්දරේ ගන්නවා, බෝධි පූජා කරනවා, දෙස් දෙවොල් තියනවා, යදිනවා, බාරහාර වෙනවා, ඉතින් මට තේරෙන්නෙ නෑ කවදා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උත්තරයක් හම්බ වෙයිද කියල මේකට.
ඉතින් ප්‍රීතිය කියන එකට වෙලා ඉන්න ඉගෙන ගන්න කෙනා ඉස්සෙල්ලම ඉගෙන ගනියි ඒ ඉවසීම කියන ඒක ඒ හරියෙදි, ඒ මාර්ගය තුලදි වර්ධනය කරගන්න, මුළු ශරීරය පුරාම ප්‍රීතිය පතුරුවා ගන්න. එහෙම ඉන්නකොට එයාට පේන්න පටන් ගනීවි මේ ශරීරය ගැන තියන සංඥාව දැන් බරයි.
ප්‍රීතිය නෙවෙයි දැන් බර ශරීරය ගැන තියන සංඥව බරයි. මොකද ශරීරය කියන සංඥාව තුල තියනව යම්කිසි සීමාසහිත බවක්. ඒ සංඥාව දැන් නිශ්ප්‍රභා වේවී කියන අදහසක් එන්න පුළුවන්. කොහොම නමුත් ඒ අදහස ආවා හෝ නාවා ඊළඟට තේරේවී ඊළඟ අවස්ථාවක් තියනවා ශරීරයත් ඩිංග ඩිංග ඩිංග ඩිංග පොඩ්ඩ පොඩ්ඩ අතුරුදහන් වේගෙන යන්න පටන් ගන්නවා කියල.
ඒ අතුරුදහන් වීමත් සමහර ඇත්තෝ කමටහන් වාර්ථාවල කියනවා. ඔය තිබිච්ච දේශනා අහල බැලුවොත් එහෙම ඕවට සාක්කි හම්බ වෙයි. මේ මහ අත්භූත ආශ්චර්ය දේවල්ම නෙවෙයි. කරන්න පුළුවන් දේ. ඔය සමහරක් වෙලාවට කියනව අපිට පින් නෑ ඔය මොන මොනවදෝ තියෙන්න ඕන කියල. මං දන්නෙ නෑ ඒව ගැන.
කොහොම හරි ඒ විදියට ඔය කියන ප්‍රීතියට වෙලා ඉවසා වදාරාගෙන ඉන්න පුළුවන් භාවනා යෝගියා ඇත්තටම උතුම් කෙනෙක්. හොඳ කෙනෙක් එයා. එයාට තේරෙන්න පේන්න පටන් ගන්නවා මේ තියන රූප ලෝකය අතුරුදහන් වේගෙන යන්න පටන් ගන්නව කියල. එතකොට එයාට කියවෙන්න පුළුවන් මොකක්වත් නැහැ කියන සංඥාව. ශරීරයක් පේන්න නෑ වගේ. අන්න එතනින් තමයි පින්වතුනි අපි මේ චෛතසික ලෝකයට අඩිය තියන්නෙ, ඇත්තටම කියනව නම් මට තේරෙන හැටියට, මේධාවි හාමුදුරුවන්ට තේරෙන හැටියට.
හැබෑවටම කියනව නම් දේශනාවෙත් අපිට අවසර දීල තියනවා මේ මේ කාරණාවල් මට තේරෙන හැටියට නම් මෙන්න මෙහෙමයි කියල උත්තර දෙන්න. බලන්න රහතන් වහන්සේලා වුනත් උත්තර දෙන්නෙ ආන් ඒ විදියටයි. අපි ඉතින් එතකොට පෘතග්ජන හාමුදුරුවො හැටියට අපිට උන් වහන්සේලාගේ පාරෙ යන එක නැත්නම් ඒ විදියට අනුගමනය කරන එක තමයි මම හිතන්නේ හොඳම පිළිවෙල කියල.
ඉතින් ඔය කාරණාවෙදී ඔය චෛතසික ලෝකය කියන එකට යන්න තියන දොර හැටියට මම දකින්නේ ඔය කියන සුඛය කියන ස්වභාවයයි. ඒ සුඛය කියන ස්වභාවය තුල ශරීරය පිළිබඳ තියන සංඥාව නැති වෙලා තියනවා. ප්‍රීතිය ගැන තියන සංඥාවක් නැති වෙලා තියෙන්න පුළුවන්. හුස්මත් නැති වෙලා තියෙන්නත් පුළුවන්. සමහරක් විට පොඩ්ඩක් වගේ ඕන නම් ඉඳල හිටල එන්න යන්න පුළුවන්.
හැබැයි මෙයා දැන් ඉන්නෙ චෛතසික ලෝකය තුල. බුදුරජාණන් වහන්සේගේ භාවනාව තුල ඔය ඇත්තෝ ආනාපානය සතියේදී බලන්න ඇති "චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛතී" කියල තියනව ඊට පස්සෙ. ඕක තියෙන්නෙ සුඛයට පස්සෙ. හිතේ තියන සංඝටකයන් දැකගෙන, ආශ්වාසය දකිනවා සහ ප්රාශ්වාසය දකිනවා කියල කියන අවස්ථාවක් තියනවා.
බලන්න අර එකක් තිබුනා "සබ්බ කාය පටිසංවේදී" කියලා මුලින්ම. ඒකට යන්න හේතු වුනේ මොකද්ද? අර ආශ්වාසය සහ ප්රාශ්වාසය මුල, මැද, අග කියල කියන්න පුළුවන් වගේ, සරල හැටියට කිවුවොත් ඒ මුල, මැද, අග කියන ඒ ස්ථරයන්වල, ඒ ස්ථානවලට වෙලා, නැත්නම් ඒ තැන් තුනෙහිදිම මනාකොට සිහියක් පුරුදු කරන්න පුළුවන් වෙච්ච කෙනාට තමයි පුළුවන්කමක් හම්බ වෙනවා කියලා ඔය ඇත්තන්ට උපදෙස් හම්බ වුනේ ශරීරය තුල ඊළඟට සිද්ධ වෙන කම්පන චංචල තේරෙන්න ගන්නවා කියල. මේකත් එක්ක සිද්ධ වෙන දෙයක්. මේ ආනාපානයත් එක්ක සිද්ධ වෙන කම්පන චංචල.
සමහර ඇත්තන්ට ඔය උදරය පිම්බීම හැකිළිම හම්බ වෙන්න පුළුවන්. සමහර ඇත්තන්ට හම්බ වෙනව පපුව. හැබැයි ඒ පොඩ්ඩ අහු වුනා කියල හදිස්සි වෙන්න එපා ඊළඟ එක කරන්න. ඔය දැනෙන කම්පන චංචල ටික මුළු ශරීරය පුරාවට දැනෙනකං අවුරුදු දහයක් වුනත් කමක් නෑ ඒ ටිකම පුරුදු කරන්න. අවුරුදු දහයක් වුනත් කමක් නෑ. විශ්වාස කරන්න මම මේ කියන දේ.
ඕක විශ්වාසයක් නැත්නම් ථේර ථේරී ගාථා අරන් බලන්න සමහර රහතන් වහන්සේලා ඉන්නවා අවුරුදු විසිපහ තිහ ඔය වගේ බොහොම පොඩි තැනක් කර කර කර කර කර කර කර කර ඉඳල තියනව. හැබැයි ඒගොල්ලන්ට විශ්වාසයි ඒ ගොල්ලන්ගෙ පුහුණුව ගැන. අපිට වගේ නෙවෙයි. මොකද ඒ ගොල්ලො දන්නවා "ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ" කියල. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි, මේකෙ කවදා හෝ දවසක ප්‍රතිඵල තියනවාමයි කියල.
අපි ඒ දහම අහල තිබ්බ වුනාට ඒකෙ එහෙම අදහසක් තියන විත්තිය පිළිපදින්නේ නැති ඇත්තො වෙන්න පුළුවන්. ඕකෙ තව පැත්තක් තමයි මම අද අර කිවුවෙ "කායේන ඵස්සිත්වා විහරති" කියල.
අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියනවා කියල කියන්න පුළුවන්. බුදු හාමුදුරුවො ගැන අහන්න වුනොත් එහෙම ඇහෙන් කඳුළු කඩාගෙන ඉතින් අඬාගෙන වැටිල දේවල් කියන්නත් පුළුවන්. හැබැයි උන් වහන්සේගේ අවවාදය තමයි, යමක් ඇහැවුවොත් එහෙම, ඉගෙන ගත්තොත් එහෙම, ඒක කායිකව ස්පර්ශ කරනකම්ම පුරුදු කරන්න කියල.
අපි ඔහොම නෑ. අපිට උදේට එක බණක් අහන්න ඕන දවල්ට තව එක්කෙනෙක්ගෙ බණක් අහන්න ඕන හවසට තව එක්කෙනෙක්ගෙ බණක් අහන්න ඕන. තරහ ගියොත් එහෙම හිනා යන බණක් අහන්න ඕන. ඔන්න ඔය වගේ මොකද්දෝ එකක් තියෙන්නෙ.
අවසානයට කොහොම හරි මට තේරෙන්නෙ නෑ අර ඒ කාලෙ තිබ්බ කෑමක් දැන් තියනවද දන්නෙ නෑ ඔය තෝසෙ වලට හදන හොද්දක් තියනව. ඒකට දාන්නෙ නැති දෙයක් නෑ. ඉතුරු වෙන කෑම ඔක්කෝම ටික ඒකට දානව. ඕක බාල්දියකට තමයි දාගෙන අරගෙන එන්නෙ කඩේට ගියාට පස්සෙ.
මට මතක නෑ ඉස්කෝලෙ යන කාලෙදෝ කොහෙදෝ අපි ගියා කන්න. රොටියක් වගේ එකක් පිඟානට දානවා ඊට පස්සෙ අරක (අමුතු හැන්දක් තියෙන්නෙ පොල්කට්ටක් වගේ) හැන්දෙන් අරගෙන දානව. ඒකෙ නැති දෙයක් නෑ ඔක්කෝම ටික තියනව. බඩගින්නට ඉතින් කනව, මම දන්නෙ නෑ රහයිද කියල.
සමහරක් විට අපේ පැත්තෙන් හැරිල බැලුවොත් පින්වතුනි අපේ ජීවිතවලත් ඔය වගේ නේද? අපි ධර්ම කරුණු අරහෙන් හොයනවා මෙහෙන් හොයනවා. දේවල් එකතු කරගන්නවා. අවසානෙදි අපිම අපේ තියන අදහස්වල මංමුලා වෙලා ඉන්නවා නේද?
බුදුරජාණන් වහන්සේ ගාවට එක්කෙනෙක් ඇවිල්ල ඇහැවුවයි කියන්නකො, ඒක බුදු හාමුදුරුවන්ට තේරුනා කියන්නකෝ, මෙයා පාරෙ යන්නෙ වම් අත පැත්තට කියල. වම් අත පැත්තට ගිහිල්ල කාණුවට වැටෙන කෙනාට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනව වෙන්න පුළුවන් "පුතේ ඔයා යන්න දකුණට පොඩ්ඩක් බර වෙලා." තව එක්කෙනෙක් යනවා දකුණට බරවෙලා. එයාට කියනවා "පුතේ ඔයා වම් අත පැත්තට බර වෙලා යන්න" කියල.
අද කාලෙ අපි මොකද කරන්නේ, ඔය සූත්‍ර දෙකම අහනවා. දෙකම ඉගෙන ගන්නවා. දැන් මොකද වෙන්නෙ අපිට? අපි දැන් මොකද්ද කරන්නෙ? මොන සූත්‍රයද කරන්නෙ. වමට ගියොත් දකුණට හැරෙන්න කියන එකත් දන්නවා, දකුණට ගියොත් වමට හැරෙන්න කියන එකත් දන්නව. මොන සූත්‍රයද දැන් අපි ක්‍රියාත්මක කරන්නෙ?
අන්න ඒක හින්දයි මගේ යෝජනාව අපි තථාගතයන් වහන්සේ මේ කියන අවවාදයන් පිළිගන්න ඕන පින්වතුනි. ධර්ම මාර්ගය පුරුදු කරගෙන යනකොට අපි ගැන තියන අදහස නෙවෙයි ප්‍රකට වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඇත්තටම කියන එක ඇත්ත නේද කියන එකයි ප්‍රකට වෙන්න ඕන.
උන් වහන්සේ යම්කිසි විදියකට දීල තියනව නම් අවවාදයක්, ඒ අවවාදය අපි දැනගෙන හෝ නොදැනගෙන අපි තුලින් ක්‍රියාත්මක වෙන බව අපිට පේන්න පටන් ගන්න ඕන. උදාහරණයක් හැටියට,
"යථා ලාභ සංතුට්ඨි" කියන්නෙ.
මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් ඕක. ලද දෙයින් සැනසෙනවා කියන එක කවුරුවත් අපිට ඇවිල්ලා කියන්න ඕන දෙයක් නොවෙන්න පුළුවන්. මේ ධර්මය පුරුදු කරගෙන යන්නෙ. මෛත්‍රී සහගත වෙනවා කියන එක, කරුණා සහගත වෙනවා කියන එක, මුදිතාවන්ත වෙනවා කියන එක, උපේක්ෂාවන්ත වෙනවා කියන එක ධර්ම මාර්ගය වැඩීගෙන යනකොට ලැබෙන අතුරුඵල. අද කාලෙ තියන වචනයක් කිවුවොත් එහෙම 'බෝනස්' වගේ.
අන්න එහෙම මේ මාර්ගය පුරුදු කරගෙන යනකොට අපිට මේක තුල ලැබෙන ඒ නිහතමානී ප්‍රතිඵල ටිකයි ඒ එළියට එන්න ඕන. හැබැයි ඊට වඩා වෙන්නේ අර කෙලෙස් ස්වභාවයන් ටික එළියට එන බවක් නම්, එහෙම නම් අපි සර්පයා අල්ලල තියෙන්නේ නැට්ටෙන් කියන එක ඉතින් කියන්න වෙනව.
ඉතින් ඒකයි මේ මාර්ගය පුරුදු කරගෙන යනකොට අපි මේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියන ඒ ශ්රද්ධාවමයි, ඒ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි තියන ශ්‍රද්ධාවම පෙරටු වෙන්න ඕන. තථාගතයන් වහන්සේ මොකක් හරි දෙයක් කියල තියනව නම් ඒක ඇත්ත. ඒක ඉතින් ඒ විදියට පිළිගන්න ඕන.
අපි අර හදිස්සිකාරයො හැටියට, ඉක්මණ් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අය හැටියට අපි බලනව ඒකත් කරලා, මේකත් කරලා. හරියට අර අද කාලෙ කට්ටිය ඒ කෑමත් කනවා, මේ කෑමත් කනවා, හවසට ගෑස්ට්‍රික් කියල කියනවා ඒකට බෙහෙත් බොනවා. ඕන් ඔය වගේ වැඩක් තියෙන්නෙ අවසානෙට බඩට මොකක්වත් ගිහිල්ල නෑ තෙල් ජාති සහ පිටි ජාති ඇරෙන්න.
ඉතින් මගේ යෝජනාව එක භාවනා ක්‍රමයක් කාලයක් තිස්සෙ කරන්න. ඒ කරන භාවනා ක්‍රමය ගැන ආපස්සට විමර්ශණය කරලා, හදිස්සි වෙන්න යන්න එපා කිසිම ප්‍රශ්ණයක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොහොතක් හරි වැඩ කරල තියනව නම්, ජීවත් වෙලා තියනව නම් ඒක අපිට ආරක්ෂාවක් දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනවා.
ඒක හින්දා තමන් කරන දේ ගැන හොඳ විශ්වාසයක් තියාගන්න. මේ කරන්නෙ බුදු හාමුදුරුවො කියාපු එක තමයි කියල. ඒක තමන්ට තේරෙන්න පටන් ගනීවි. මේක ඇත්තටම කරන්න පටන් ගන්න. සිහියට ප්‍රධාන තැන දීල කරන්න වුනාම තේරේවි තමන් මමත්වයට යනවද නැද්ද, එව්ව ඔක්කොම තේරෙන්න, පේන්න ගනීවි.
එහෙම නැතිනම් අපි අර විපස්සනාවක් හැටියට යම් දෙයක් හිතල කරා කියන්නකො. ඔය පහුගිය සතියක මගෙන් අහපු ප්‍රශ්ණයක් තිබ්බා එක්කෙනෙක්. "සද්දෙ ඇහෙන හින්දා භාවනාව නතර කරන්න වුනා. නතර කරන තැනට ආවා. ඒක හින්ද මොකද කලේ විදර්ශනාව කරන්න පටන් ගත්තා." යටින් ලියල තිබ්බා විදර්ශනාවත් මෙහෙමයි කියලා. "ශබ්දය, කන, ශ්‍රෝත විඥ්ඥාණය මේ තුන තමයි මෙතන තියෙන්නෙ." ඒක එහෙම හිත හිතා හිටියලු. ඒ වුනාට ටික වෙලාවකින් භාවනාව එපා වුනා කියලත් කියනව.
මං පිළිගන්නව මේක තුල තියන රහතන් වහන්සේ දකින කාරණා තුන තමා ඕක. ශබ්දය, කන සහ ශ්‍රෝත විඥ්ඥාණය කියන තුන. ඇත්ත මං පිළිගන්නවා. ඒ වුනාට අපි දකින්නේ ශබ්දය කියන එක එහෙමම තමයි, කනත් ඉතින් කිසි ප්‍රශ්ණයක් නෑ මොකක් හරි ඇහෙන්න තියනව නම් ඇහෙනවා. නමුත් අපේ ශ්‍රෝත විඥ්ඥාණය තුල තියෙන්නෙ ඒකට මනාපයක් නෙවෙයි අමනාපයක්. අපි අහලත් තියෙන්නෙ අමනාපමය අදහසක් එක්ක.
ඕක අපිට අහු වෙන්නෙ නෑ අර විදියට විපස්සනාවක් කියල එකක් කල්පනා කරන්න පටන් ගත්තොත්. ඒක අහු වෙන්නේ සිහියෙන් බලන කෙනාට විතරයි. අපක්ෂපාතීව නිරීක්ෂණය කරන කෙනාට විතරයි. ඉතින් අන්න ඒකයි සිහිය ප්‍රධාන කරගෙන කරන භාවනාව අපිව මේ තරම්ම විනිවිද දක්වන්නෙ. මේ තරම්ම අපිව එළියට ඇඳල දාන්නෙ. අපිව ගොජ දාවන්නෙ.
අන්න ඒක හින්ද පින්වතුනි ඒ තියන ප්‍රීතිය දැක්කා නම්, ඔය ඇත්තෝ කොයි විදියෙන් හරි හදිස්සි වෙන්න එපා ඉන් එහාට යන්න. ඒක පුළුවන් තරම් මේ ශරීරය පුරාම වර්ධනය කරගන්න. ඔයිට කලිනුත් ආනාපානය මුලට යන්නෙ ශාරිපුත්තයන් වහන්සේ පවා කියනවා සමහර කාලවලදී උන් වහන්සේ පළවෙනි ධ්‍යානයට වෙලා හිටියලු. සමහර කාලවල දෙවනි ධ්‍යානයට වෙලා හිටියලු. සමහර කාලවල තුන්වෙනි ධ්‍යානයට වෙලා හිටියලු. සමහර කාලවල හතරවෙනි ධ්‍යානයට වෙලා හිටියලු. ඔය වගේමයි බොජ්ජංග පළවෙනි එක වැඩුවලු. දෙවනි එක වැඩුවලු.
අපි හිතන්න නරකයි අපි මීට කලියෙන් කරපු මොනව හරි දෙයක් තියනව නම්, මං කියන්නෙ නෑ ධ්‍යානවලට ගිහිල්ල තියනව කියල, එහෙම නෙවෙයි, පුරුදු කරපු මොකක් හරි දෙයක් තියනව නම් හිතන්න නරකයි දැන් මට ඒක ඇති ආයෙ ඕන නෑ කියල. එව්ව ආයෙ ආයෙ පුරුදු කරගන්න බලන්න. එක ස්වාධීනවම, ස්වාභාවිකවම සිද්ධ කරගන්න පුළුවන් තැනට එනකම්ම කරන්න. ඒ තරම්ම ඒක පුරුදු කරන්න. ඒ තරම්ම ඒක කිට්ටු කරගන්න.
ආන් එහෙම කිට්ටු කරගත්තට පස්සේ අවසානයේ ඒ ප්‍රීතිය ශරීරය තුල තියන එක තේරේවි. ඒ ප්‍රීතියට එතකොට අපි සීමාවක් පණවගෙන ඉන්න බවත් තේරේවි. ඒ ශරීරයේ තියන සංඥාවත්, අපි අතරින් ඕක තේරුනාට පස්සෙ ගිලිහෙන්න පටන් ගනීවී. ආන් එහෙම වුනහම අපි මානසික ලෝකයකට, චෛතසික ලෝකයකට ඇතුලත් වේවි.
ඒ චෛතසික ලෝකය තුලදි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නෙ මොකද්ද? "චිත්තං නමති" කියල වචනයකුත් සඳහන් වෙනවා. සිත යොමු කරල බලන්න කියල වගේ එකක්. අන්න ඒ වගේ අවස්ථාවකට නම් ඔය කමටහන් වාර්ථා සකස් කරන එක, ආපස්සට බලන එක අතිශයින්ම තිබිය යුතුම කාරණාවක් කියන එක නම් මම මතක් කරන්න කැමතියි.
ඉතින් ආන් ඒ කියන අවස්ථාවන්වලට කිට්ටු කරල කල්පනා කරනවා අද දවසේ දේශනාව අවවාදය මෙතකින් සමාප්ත කරන්න. ඉතින් ඒක ඔය ඇත්තන්ගෙ ජීවිතේ දුකින් නිදහස් වෙන්න යම්කිසි විදියකට හේතුවක් වේවා කියල බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
වැටුනොත් නැඟිටිමු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පුරිමාපාදං සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්චිමපාදං උද්දරෛය්ය"
පූජනීය මහා සංඝ රත්නයෙන් ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි.
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව තමයි, වැටුනොත් නැගිටිමු.
මට මතකයි, ඉංඟිරියෙ අපි මහණ වෙච්ච කාලෙ, නායක හාමුදුරුවොත් එක්ක ඒ හිටපු කාලය හරි ලස්සනයි, ඇත්තටම කියනව නම් හරි සුන්දරයි. නායක හාමුදුරුවො, අපවත් වෙන්න පෙරාතුව අපිට හිටිය පතාක යෝධයෙක් වගේ. හැමදේකදිම අපේ පිටිපස්සෙන් ඉඳලා, හොඳ නරක කියල දුන්න කෙනා.
මුල් කාලෙදි නම් මට මතකයි ඇත්තටම කිවුවොත්, එහෙම ඒ දුන්නු උපදේශයන් කරදරයක් වුනා. කරදරයක් හැටියටමයි ගත්තෙ. ඒකට හේතුව මොකද? අපේ වැරැද්දමයි එළියට ආවෙ. වැරැද්දක්මයි නායක හාමුදුරුවො දැක්කෙ. අතු ගානකොට වෙන්න පුළුවන්, දානෙ වළඳනකොට වෙන්න පුළුවන්, පාත්තරේ හෝදනකොට වෙන්න පුළුවන්, කතා කරනකොට වෙන්න පුළුවන්, ඇවිදිනකොට වෙන්න පුළුවන්, බණ කියනකොටත් ඒ වගේම තමයි.
මට මතකයි ඉංඟිරියෙ අපේ ආරණ්‍යයෙ හැම සිකුරාදාම තිබ්බා 'සමිතිය' කියල වැඩසටහනක්. ඒකෙදි නායක හාමුදුරුවො, පොතකුයි පෑනකුයි තියාගෙන, ඩෙස් එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අපිට නායක හාමුදුරුවො දිහා බලාගෙන හරි, ඒ ළඟ ඉඳල හරි, බණ කියන්න කියනව, බුද්ධ පූජා තියන්න කියනව, බෝධි පූජා තියන්න කියනව, මළ ගෙදරකට ගියාපුවහම කියන විදිහේ බණ කියන්න කියල කියනව. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත්, ඒකට දෙන උත්තර මොනවද? කියල ඔහොම අහනව.
ඒ කාලෙදි නම් හරි බයක් තිබ්බ ඒවට. ඒ වුනාට දැන් මතක් වෙද්දි හරිම සුන්දරයි ඒ අතීතය. පොඩි හරි වැරැද්දක් වෙච්ච ගමන්, නායක හාමුදුරුවො විගහට ඒක කියනව, බණ කියන ගමන් වුනත් කමක් නෑ. මට මතකයි එහෙම දෙයක් වුනහම, ඒ දවස පුරාවටම, ඒ සතිය පුරාවටම හරි, මතක තියන තාක් කල්ම ඕකම හිතේ තිබුන. ඒ වැරැද්දම හිතේ දිවුව. මොන දේ කරත් ඒ වැරැද්දම ඔළුවට ආව.
පස්සෙදි මට හිතන්නත් හිතුනා වැරදි නැතුව ඉන්නෙ කොහොමද කියල. මොකද, වැරැද්ද කියන දේ ඒ තරමටම මාවත් යට කරල දැම්ම. මං දන්නවා ඔය ඇත්තන්වත් යට කරල දානව. ඒකට විසඳුම මොකද්ද? කියන එකයි හොයල බැලුවෙ. පෙලේ මෙන්න මෙහෙම ලස්සන කතාවක් තියනවා.
එක්තරා දවසක සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩම කරල, දානෙ වළඳල, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල වන්දනා කරල කියනවලු,
"බුදුරජාණන් වහන්ස, මේ දහම හම්බ වෙච්ච දවසෙ ඉඳල මා අතින් වැරැද්දක් වුනා නම් ඒක බොරුවක්"
කියල. මේ දහම හම්බ වෙච්ච දවසෙ ඉඳල මං මොකක්වත් වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි, කියල සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනව බුදුරජාණන් වහන්සේට. බුදු පියාණන් වහන්සේ ඕක අහගෙන ඉඳලා, සාදු කියල අනුමත කරන්නෙ නෑ. උන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේට,
"සාරිපුත්ත ඔහොම කියන්න එපා." "මා හේවං සාරිපුත්ත" කියල කියනව. "හා එහෙම කියන්න එපා. මේ සද්ධර්මය ලොකෙ පහළ වෙච්ච කාලෙ ඉඳලා හීනෙකින්වත් වැරැද්දක් වුනේ නැත්නම්, හීනෙකින්වත් කරදරයක් කලේ නැත්නම්, ඒ තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණයි. අන් කිසිවෙකු නෙවෙයි"
කියල කියනව. ඔය කියන ඉගැන්වීම දැක්කට පස්සෙ පින්වතුනි, මට මගේ පැත්තෙන්...එක පැත්තකට ඇත්තටම කියනව නම් ලොකු සහනයක් ආව. එහෙම නම් වැරදි වෙන්න පුළුවන් නේද? කියල. වැරදි වෙන්න පුළුවන් නේද? කියල මට හිතුන.
අපේ ජීවිතේ වැරැද්දක් වුනාම සාමාන්‍යයෙන් අපි හිතන ස්වභාවය තමයි, මම ඒ වැරැද්ද කරන කෙනා කියල. වැරැද්ද කියන එක අපිව යට කරල දාන දෙයක් හෝ මම ඒ වැරැද්දෙන්මයි ජීවත් වෙන්නෙ කියන එකයි, අපි ගොඩක් වෙලාවට හිතන්නෙ. අපේ අදහස තුල තියෙන්නෙ මම වැරදිකාරයෙක් කියන එකයි. නමුත් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් භාවනා කරන්න ආවට පස්සේ, හුස්ම දිහා බලාගෙන ඉන්න ඕනකම, 'අහිංසක වැරැද්ද' තේරිච්ච හින්දා අපිට දවස් කීයක් නම් භාවනාව කරගන්න බැරි වුනාද?
ඒක වැරැද්දක් කියල දන්නෙ නෑනෙ. අපි හිතන්නෙ ඒක හරියි කියල. මොකද මූලිකවම හිතට පුළුවන්කම තියෙන්නෙ හුස්ම බලන්න නෙවෙයි නම්, සද්ද අහන්න නම් පුළුවන්කම තියෙන්නේ, ඇඟ තේරුම් කරල දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ, වේදනාවල් දැනෙන එක හඳුනාගන්න විතරක් නම් පුළුවන්කම තියෙන්නේ, හිත දුවන එක තේරුම් ගන්න විතරක් නම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ, අපිට ඕනකම තිබ්බට හුස්ම බලන්න, අපේ අවධානයට ඒක කරන්න බැහැ.
නමුත් අපේ අපේ ජීවිතය තුල ඔය කියන විද්හේ අත්දැකීමක් ලබා ගත්තට පස්සේ, හිතට අදහසක් ගන්නවා, මට එහෙම නම් මේ දේ කරන්න බැහැ කියල. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. බුද්ධ ශාසනය කියල කියන්නෙ පින්වතුනි, වැරැද්ද හින්ද ජීවිතේ නතර කරන තැනක් නෙවෙයි. අපි කරන කියන කාරණාව තුල තියෙන්නෙ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක තේරෙන්නේ, කාලාන්තරයක් තිස්සෙ ඒ දේ පුරුදු කරාට පස්සෙයි.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම, ඔය ඇත්තො සක්මන් මළුවක් කියල දෙයක් හිතාගෙන අපි හිතමුකො එළිමහනෙ සක්මන් කරන්න පටන් ගත්ත නම්, නිකං ඉරක වගේ ඇවිදල බලන්න. මූලිකව අපි හිතනවා ඒ ඇවිදින්නෙ තනි ඉරක කියල. නමුත් යම්කිසි වෙලාවක් හෝ දවස් කීපයක් හරි කමක් නෑ, එක දිගට නැතත් සක්මන කරාට පස්සෙ තේරෙන්න පුළුවන්, මං ඒ තනි කෙලින් කියල හිතාගෙන ඇවිදල තියෙන්නෙත් චුට්ටක් ඇදේට කියල.
ඒකෙ තේරුම පින්වතුනි, අපි කරල තියෙන වැඩේ වැරදියි කියන එක නෙවෙයි. ඒකෙ තේරුම තමයි, අපි කරල තියන දේ තුල තියන, හරි වැරැද්ද තේරෙන්න ගත්තේ, කාලයක් තිස්සෙ මේක කලාට පස්සෙ කියලයි. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම තුල මම දකින ලස්සනම ලක්ෂණය ඔන්න ඕකයි.
අපිට කියන්නෙ එක පාරක් කරල හිතේ ස්ථිර අදහසක් හදා ගන්න කියල නෙවෙයි. අපිට හැමදාම දේශනා කරන්නේ නැවත නැවත කරන්න. වැටි වැටී නැඟිටින්නයි අපිට උගන්වන්නෙ.
අපි වැටුනොත් නැඟිටින අය.
ලෝකෙ ගොඩාක් වෙලාවල් වලට පින්වතුනි, තමන්ගෙ ජීවිතේ හිතාගෙන ඉන්න දෙයක්, බලාපොරොත්තු වෙච්ච දෙයක්, සිද්ධ නොවුනාට පස්සේ බහුතර ලෝක සත්ත්වයා හිතන බහුතර මතය තමයි, තනි මතය තමයි, තනි අදහස තමයි, එක පාරයි කරන්නෙ. ඒ පාර සාර්ථක වුනේ නැත්නම් අතහැරල දානව. ආයෙ කරන්න හිතන්නෙ නෑ.
නමුත් ඔය ඇත්තො දන්නවද බෝධි සත්ත්වයො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකම එක කාරණාවක් කරන්න අත්හදා බැලුව. මොකද කියන්නෙ, එහෙම කිවුවොත්. උන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝධිසත්ත්වයෙක් හැටියට පාරමිතා ධර්ම පිරුවා කියන්නෙ බුද්ධත්වයට පත් වෙන්නෙ කොහොමද කියන එක ගැන ඉගෙන ගත්තා. සුළු පටු කාලයක්ද? සුළුපටු කාලයක් නෙවෙයි.
එතකොට අපේ ජීවිතය තුල සමහරක් වෙලාවල්වලදි පින්වතුනි, අපි අතින් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපි අතින් නොහිතා වැරදි වැඩක් කෙරෙන්න පුළුවන්. වැරදි විදිහේ සිතුවිල්ලක් හිතන්න පුළුවන්. එහෙම වුනහම අපේ පැත්තට, අපිට ගොඩක් ඉතුරු වෙලා තියන පොදු ප්‍රතිලාභය තමයි, පොදු ප්‍රතික්‍රියාව තමයි, ආයෙ නම් මං එයත් එක්ක කතා කරන්නෙ නැහැයි කියල හිතන එක. ආයෙ නම් අර වගේ වැඩක් කරන්නෙ නැහැයි කියල හිතන එක. ආයෙ නම් අර වගේ සිතුවිල්ලක් හිතන්නෙ නැහැයි කියල හිතන එක. නමුත් අපි එහෙම හිතුවාට ඒ දේ එහෙම සිද්ධ වෙන්නෙ නැහැ.
නමුත් බුද්ධ ශාසනයෙ අපිට කියල දෙනව පින්වතුනි, ඊට වඩා සාර්ථක ක්‍රියාවලියක්. සාර්ථක වැඩපිලිවෙලක්.
මේ බුද්ධ ශාසනය තුල වැරදි කරපු කෙනාව දඬුවමට ලක් කරන්නෙ නැහැ. වැරදි කරපු කෙනාට නිතර නිතර ඇඟිල්ලෙන් ඇන ඇන, ඒ කෙනාව තව දුරටත් ඒ වැරැද්දෙම ඔබල තියන්න, ඒ කියන මානසික පීඩනය තුල හිර කරන්න, බුද්ධ ශාසනයෙ ඉඩක් නෑ කවදාවත්ම. කොතනකවත් නෑ. බුදු හාමුදුරුවන්ගෙ දේශනාව තියෙන්නේ, යම්කිසි කෙනෙක් වැරැද්දක් කරනව නම්, ඒ වැරැද්ද කරන්නේ එයා ඒක හරි දෙයක් හැටියට හිතාගෙන ඉන්න හින්දයි. වැරැද්ද මේකයි, නිවැරැද්ද මේකයි කියල හරියට දැක්කා නම්, මනාකොට හඳුනා ගත්තා නම්, අවබෝධ කලා නම්, ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම.
පින්වතුනි, අපේ අතින් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපිට දැන් අවස්ථාව තියනවා බුදු පියාණන් වහන්සේ හින්දා, ඒ වැරදියට කියාපු වචනය හරි ගස්සවල ආපහු කියන්න. පිරිසක් එක්ක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. පුද්ගලිකව කවුරු හරි එක්ක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. තමන් අතින් කියන්න ඕන දේකට වඩා, නොකියන්න ඕන දෙයක් කියවුනොත් එහෙම, අපේ සමාජය අපිට හුරු කරල තියෙන්නෙ, අපේ සංස්කෘතිය අපිට හුරු කරල තියෙන්නෙ අපි ඉගෙන ගෙන තියෙන්නේ, ඒක වහල දාන්න කටයුතු කරන්නයි.
ඒක වහල දාන්න කටයුතු කරපුවහම තියෙන ප්රශ්නය තමයි අපේ හිත පැත්තෙන්, අපේ හිත අපිට කතා කරල කියනව, හෘද සාක්ෂිය කතා කරල කියනව, ඔයා මෙහෙම වැරැද්දක් කලා කියල වගේම, සමාජය තුල අපිට දෝෂාරෝපණයක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එනව. ඊළඟ අවස්ථාවකදි වුනත් මම ඒ විදිහේ වැරදි වචනයක් කියන්නෙ නැහැ කියන අදහසක් අපෙ හිතට ගත්තා වෙන්නත් පුළුවන්. ඒ වුනාට අපේ ශබ්දකෝෂය තුල, පුද්ගලිකව තමන්ගේ වචී සංඛාර තුල, වචනයෙහි සකස් කිරීම තුල, එවන් වූ අවස්ථාවකදි භාවිතා කරන්න සුදුසු වචනයක් උගන්වල නැත්නම්, අපේ හිතට කියල දීල නැතිනම් අපේ හිතට, අපි කොච්චර ප්‍රාර්ථනා කලත් පින්වතුනි, එහෙම වචනයක් කියන්න හිතට තේරෙන්නෙ නැහැ.
ඒක හරියට පොඩි ළමයෙක් මොකක් හරි වැඩක් කරනකොට, එයා ඒ වැඩේ වැරදියට නම් කරන්නේ, පොඩි ළමයට අපි කොච්චර බැන්නත් වැඩක් නැහැ. කොච්චර ගහල කරල කිවුවත් වැඩක් නැහැ ඔය වැඩේ කරන්න එපා කියල. හේතුව තමයි ඒ දරුව දන්නෙ නැහැ ඒක කරන්නෙ කොහොමද? කියල.
ශාසනයෙ අපිට උගන්වන ක්‍රමය තමයි පින්වතුනි, 'අර්ථචර්යාව' කියන එක. යහපත් විදියට ජීවත් වෙලා පෙන්නන්න කියන එක. අපි අපිටම යහපත් වූ උදාහරණයක් වෙන්නෙ කොහොමද?
වැරදි වචනයක් අපි අතින් එළියට ගියොත්, දැන් අපි සිහිය පුරුදු කරන ඇත්තො හින්දා අපිට පුළුවන්කම තියනවා, මේ සිද්ධ වෙන කාරණාවේ හරි වැරැද්ද තේරුම් ගන්න. ඒ හරි වැරැද්ද තේරුම් අරගෙන, පිරිසක් ඉදිරියේ වෙන්න පුළුවන්, නැතිනම් පුද්ගලිකව තව කවුරු හරිත් එක්ක විතරක් වෙන්න පුළුවන්, කාරි නෑ අපි කියන්න පටන් ගනිමු පින්වතුනි, මම ඕක නෙවෙයි කියන්න ගිය වචනේ. හැබැයි මට කියවුනේ මෙන්න මේකයි. එහෙම කියලා නිවැරදි වචනයක් අපි එතනට ආදේශ කරමු. වැරදි වචනය කියවෙච්ච තැනට නිවැරදි වචනයක් අපි ආදේශ කරමු.
ඔයිට වඩා වෙනස් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් මේ ලෝකෙ ජීවත් වෙනකොට, මෙච්චර තාක් කාලයක්, ගොඩක් වෙලාවට අපි පුරුදු කරල තියන රටාව. වැරැද්දක් වුනා නම් ඒ වැරැද්ද වහන්න අපි ඉගෙන ගත්තා මිසක හෝ අපිට සමාජයෙන් උගන්නල තිබුනා මිසක ඒ වැරැද්ද වහන්න, ඒ වැරැද්ද මකල දාන්න, අළුත්ම සංස්කෘතියක් බිහි කරන්න උගන්වල තිබුනා මිසක, ඒ වැරැද්දෙන් නිදහස් වෙන්න අපිට කියල දුන්නෙ නැහැ.
ඒ වැරැද්දෙන් නිදහස් වෙන තාක් කල් අපිට අපේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න පුළුවන් වුනෙත් නෑ. කවම කවදාක්වත් අපි නිදහස් වුනෙත් නැහැ. නිදහසක් බුක්ති වින්දෙත් නැහැ.
දැන් අපිට අවස්ථාවක් තියනව පින්වතුනි, ඒ නිදහස බුක්ති විඳින්න ඉගෙන ගන්න හිත හදා ගන්න. වැටුනොත් නැඟිටිනවා අපි දැන්. වැරදි වචනයක් කියවුනොත් එහෙම, අපි උත්සාහ කරමු ඕක නැවතම කියන්න. වැරැද්දක් වුනා කියලා, ඒ කෙනාව අර අපේ භාෂාවෙ වචනයක් තියනවා හංවඩු ගහන්න කියල, එහෙම උවමනාවක් නෑ එතකොට.
මේ ලෝකෙ කවුරුවත්ම සුපිරිසිදු නැහැ බුදුරජාණන් වහන්සේ හැරෙන්න. දේශනාවේ ඒ බව තියනවා. අපි අද දේශනාවෙත් ඒක කතා කරල තියනව. අඩුම තරමෙ මේ ශාසනයෙ ඉහළම ස්ථරයෙ හිටපු ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේවත් නෑ. එහෙම නම් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් ගැන කවර කතාද? මේ දහම අහපු නැති කෙනෙක් ගැන කවර කතාද?
අපිට එතකොට පුළුවන් කමක් තියනවා වැරැද්දක් සිද්ධ වුනා නම්, ඒ වැරැද්දට සමාව දීලා, ඒ වැරැද්දෙන් නිදහස් වෙන විදිහ ගැන කතා කරන්න. ඒ වැරැද්දට ඔච්චම් කරන්න නෙවෙයි, ඒ වැරැද්ද කරපු කෙනාගෙ හිත පාරවන්න නෙවෙයි, එයාට කරදර කරන්න නෙවෙයි, එයාට නැඟී හිටින්න තවත් අවස්ථාවක් දෙන්න අපිට දැන් අවස්ථාව තියනව.
භාවනාවෙදිත් ඕකම තමයි වෙන්නෙ. අපි භාවනාවට වාඩි වුනාට පස්සේ අපිට කරන්න ඕන ආනාපානය බලන එක. හිත දුවනව. ඉතින් අපි හිතනවා, අපි හිතල හදා ගන්න අදහස තමයි, මගේ නම් භාවනාව හරි යන්නෙම නෑ. හිත දුවනවාමයි. මට මේ භාවනාව කර ගන්න බෑ. නමුත් අනිත් පැත්තෙන් බලනකොට, ඒ කියන කෙනාගේ ඒ අත්දැකීම තවත් පැත්තකින් බැලුවොත් එහෙම, තවත් පැත්තකින් විග්රහ කලොත් එහෙම, එයාට මේ හිත දුවන විත්තිය තේරුනේ කොහොමද?
ශරීරයට එන්නෙ නැති බව මෙයාට තේරිලා තියනවා. අනාපානයට එන්නෙ නැති බව තේරිලා තියනවා. නැත්නම් මට කරන්න ඕනකම තිබ්බ දේ කරන්න බැරි වෙච්ච බව තේරිලා තියනවා. සිතිවිල්ලටම හිත ගිය බව තේරිලා තියනව. මේ ටික තේරුනේ කොහොමද?
මේ ටික තේරුනේ සිහිය තිබ්බ හින්ද.
අපි හඳුනා නොගත්ත පැත්ත මේකයි. සමාජය තුල පින්වතුනි, අපිට හැමදාම උගන්වල තියන දෙයක් තමයි පින්වතුනි, හුඟක් වෙලාවට වැරැද්දටම ඇඟිලි ගහන්න. පොඩි හෝ වැරැද්දක් සිද්ධ වුනාට පස්සේ ඒ වැරැද්දම ආයෙ ආයෙ, ආයෙ ආයෙ උපුටා අරගෙන, සමච්චලයට ලක් කරන්න. ඒ කෙනාට ඒකෙන් හැදෙන්නෙ කොහොමද කියල කියල දෙන්න නෙවෙයි, සමච්චල් කරන්නයි මේ සමාජ ස්ථරය, සමාජ තලය, සංස්කෘතිය අපිට උගන්වල තියෙන්නෙ.
බුද්ධ ශාසනය කියල කියන්නෙ පින්වතුනි පටිසෝතගාමිණී වැඩපිළිවෙලක්. ආපස්සටයි යන්නෙ. අපි ආපස්සට යනව කියල කියන්නේ, මේ පුරුදු කරල තියන රටාවෙන් ආපස්සටයි අපි යන්න ඕනෙ. භාවනාව පටන් ගන්නකොට අනේක විදිහේ කරදර එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්, හිත කඩාගෙන වැටෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ වුනත් එහෙමමයි. අනේක විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. විවිධාකාර විදිහේ ගැටළු එන්න පුළුවන්. බලාපොරොත්තු හදාගෙන තියාගෙන, කරන්න හිතාගෙන හිටපු හැම එකක්ම සුනුවිසුනු වෙලා යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ පින්වතුනි ඒක කරන්න බෑ කියල.
අර වගේ කරදර වෙච්ච වෙලාවට, ඒ වගේ අසරණකං වෙච්ච වෙලාවට, කැඩිල බිඳිල ගිය වෙලාවකට, ඒ කරපු කාරණාව තුල අපිට යන්න පුළුවන් ප්‍රමාණය පෙන්නුවා මිසක, අපි ඒ යන්න ගිය ඉලක්කයට යන්න අපිව නුසුදුසුයි කියන එකක් ඉගැන්නුවෙ නැහැ. නුසුදුසුතාවය මොකද්ද?
ඒ ඉන්න මට්ටම තුලින් අපිට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඉන්න මට්ටම තුලින්, ඒ තියන දැනුමත් එක්ක, ඒ තියන වටපිටාවත් එක්ක, ඒ තියන අත්දැකීමුත් එක්ක, අර කියන සාර්ථකත්වයට යන්න තාම බැරි වෙන්න පුළුවන්. එච්චරයි.
අපේ ජීවිතය තුල පින්වතුනි, අපි හදා ගන්න ඕන ලේසි ඉලක්කයක්. අමාරු ඉලක්කයකට වඩා. ඔය ඇත්තො භාවනාවට යනකොට, මගේ යෝජනාව තමා මුළු පැයම භාවනාවක් කරනවා හෝ සිහියෙන් ඉන්නවා හෝ ආනාපානයම බලාගෙන ඉන්නවා කියන ඒ අදහසට යනවට වඩා වටිනවා, එක හුස්මක් බලන්න මම මේ යන්නෙ කියලා, එහෙම අදහසකින් භාවනාවට යන එක වටිනවා.
මොකද පින්වතුනි, ඒක අපිට කරන්න පුළුවන් එකක්. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. ගෙදර ලොකූ මිදුලක් තියනව නම්, මිදුල දිහා දැක්කට පස්සෙ හිතෙන්න පුළුවන්, "අප්පා...මේක නම් අතුගාන්න බෑ අප්පා මට" කියල. නමුත් මොකද හිතන්නේ එක ඉඳල් පාරකුයි, තව එකකුයි, ඊට වඩා තව එකකුයි එකතු කරනව කියල හිතුවොත්. එක පාරක් ඉඳලෙන් අතුගානවා. ඒකට තව එක පාරක් එකතු කරනවා. එහෙම හිතුවොත් මොකද කියන්නෙ? මං හිතනවා අර බර ඔළුවෙන් අයින් වෙයි කියල.
ගැටළු සහ ප්‍රශ්න කියල කියන්නෙ පින්වතුනි, අපේ හිතට බරක් ගෙන දෙන දේවල් වෙලා තියනවා. හේතුව තමයි අපි ඒකෙන් නිදහස් වෙන විදිහ දන්නෙ නැති හින්ද. ඔන්න ඔය කාරණාව හන්දයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව, විපස්සනාව කියන දේ අපිට උගන්වලා දෙන්නේ. ඒක ගැන උන් වහන්සේ උදාහරණ දක්වනවා, උදාහරණ වලින් පෙන්වල දෙනවා, විශේෂයෙන් දකින්නෙ කොහොමද? වෙනස් ආකාරයකින් දකින්නෙ කොහොමද? කියල කාරණා කීපයක් යටතෙ අපිට පෙන්නල දීල තියනව.
ඒකෙන් එකක් තමයි විවේකයක් ඇති වෙන විදියට හිතන්න. අතහැරෙන විදියට හිතන්න. නතු නොවෙන විදිහට හිතන්න. අදහස් දරන්න. කතා කරන්න. වැඩ කටයුතු කරන්න, ජීවිතයක් පවත්වන්න, කියල අපිට උගන්වනව. මේකයි පින්වතුනි, ජීවමාන බුදු දහමේ තියන හරය සහ ලස්සන.
මේ කියන දහම, ඔය ඇත්තන්ගෙත් මගෙත් ජීවිතයට පමුණුව ගන්න පුළුවන් නම්, ඒක කරන ප්‍රායෝගික අභ්‍යාසයන් ටික කරන්නෙ අපි පර්යංකයෙදි තමයි. නමුත් ඒ තුලින් ලැබෙන ප්රතිලාභවලින් සැරසෙන්නෙ පින්වතුනි, අපේ සාමාන්‍ය ජීවිතයයි. අපේ සාමාන්‍ය ජීවිතය තුල අපි අතින් වැරදි වැඩක් වුනොත් එහෙම, ඊට කලියෙන් අපි "හා..මගෙ අතින් මේක වුනා" කියල එහෙම හිතන ඇත්තො වුනාට, අපි ආපහු කරමු ඒ වැඩේ.
උදාහරණයක් හැටියට, මම හැමදාම ගත්ත උදාහරණයක් තමයි මගේ භාවනා ආචාරයවරයා 'කෝප්පෙ තියන එක'. ඒ කෝප්පෙ සිහියෙන්ම තියන්න, බොහොම හිමින් සීරුවෙම තියන්න, මම උත්සාහ කලා වුනාට, මගේ අසිහිය වැඩි වෙලා, ඉවසීමට වඩා කලබලකම ඉස්මතු වෙලා, හදිස්සිය ඉස්මතු වෙලා, සන්සුන්කමට වඩා නොසන්සුන්කම ඉස්මතු වෙලා, මේ කෝප්පෙ විගහට දඩෝං ගාල තිබ්බා වෙන්න පුළුවන්.
එහෙම වෙච්ච වෙලාවට හතර වටේ කට්ටිය හිටියොත් එහෙම, මට ඇත්තටම මතකයි මම මේ දේ කලා. මම ඒ ඇත්තන්ගෙන් සමාවත් ඉල්ලලා, ආපහු අර කෝප්පෙ අරගෙන හිමීන් සීරුවෙ තියල හිතට ඉගැන්වුවා, හිතට පුරුදු කරන්න පටන් ගත්තා, මේ දේ නිවැරදිව කරන්නත් තවත් විදිහක් තියනවා කියල.
ලෝකෙ පින්වතුනි, හැමදාම වැරැද්ද කියන දේ අපිට කටු අනින දෙයක් වුනාට, එහෙම කටු අනින දෙයක් හැටියට අපිට පෙන්නල තිබුනා වුනාට, බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා, වැරැද්ද කියල කියන්නේ අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්න අපිට පාර පෙන්වන ගුරුවරයෙක් කියල.
මම එක උදාහරණයක් කියන්නං ඒකට. බුදු පියාණන් වහන්සේ බෝධිසත්ත්වයෙක් හැටියට දුෂ්කරක්‍රියා කරල, ආහාර ගන්නෙ නැතුව ඉන්න පුළුවන් උපරිම කටුක ජීවිතේ ගෙවල හිටපු කාලෙදි කියනව, උන් වහන්සේගේ බඩ ස්පර්ශ කරනකොට කොඳු ඇට පෙළ හම්බ වුනාලු. ඒකලු අත ගෑවුනේ. ඔළුව අතගානකොට කෙස් ටික ගැලවිලා වැටුනලු. හේතුව කෙස් ටික තියාගන්න තරම්වත් හමට හයියක් නැහැ. ඔහොම වෙලා අවසානෙට ඇදගෙන වැටුනලු. ඇදාගන වැටුනට පස්සේ මාරය ඇවිල්ල කියනවලු, "දැන් ඉතින් ඔයාගෙ සෙල්ලම් ටික ඉවරයි. යං. දැන් මැරෙන්න කිට්ටු වෙලා තියෙන්නෙ" කියල.
එතකොටයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ බෝධිසත්ත්වයෙක් හැටියට, එහෙනම් මං මේ කරපු වැඩේ තුල, කරපු වැඩපිලිවෙල තුල, මොකක් හරි වැරැද්දක් තියනව. ඒ වැරැද්ද සකස් කර ගන්න ඕන කියල.
අපේ ජීවිතය තුල පින්වතුනි, අපි අපේ හිත කඩාගෙන වැටිච්ච, සාර්ථකත්වයට යන්න ගියපු කාරණාව සිදු කර ගන්න බැරි වෙච්ච, හිතින් දුක් වෙච්ච, කායිකව දුක් වෙච්ච, මානසිකව දුක් වෙච්ච, අවස්ථා අනන්තව ඇති. අප්‍රමාණව ඇති. ඒ අවස්ථාවන් ටික අපි අපේ ජීවිතේ තුල ඉතුරු කරගෙන තිබුනා නම්, "ඔව් මාව මේ තැනට වැටුනා, ආයෙ නම් මොනවත් කරන්න බැහැ"යි කියල, ඒ විදිහේ සිතුවිල්ලක් බෝධිසත්ත්වයන්ට එදා තිබුන නම් පින්වතුනි, ඔබ ඇත්තන්ටත් මටත් අද මේ විදියට කතා කරන්න දහමක් මේ ලෝකෙ පවතින්නෙ නෑ. ඒක ඔය ඇත්තන්ටත් තේරෙනව.
නමුත් බුදුරජාණන් වහන්සේ, බෝධිසත්ත්ව අවධියේ ඉඳලම තේරුම් අරගෙන තිබ්බ දෙයක් තමයි මනුෂ්‍යයා කියන කෙනාට මේ අතපය ඇඟිලි නැති වුනාට, හිතේ උත්සාහය ඉතුරු වෙනව. ඒ දේ තියනව. අපිට උත්සාහය තියනව නම්, වීර්යය තියනව නම්, මේ ලෝකෙ කරන්න බැරි වැඩක් නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් කවුරු හරි කෙනෙක් බැන්නා කියල හෝ තමන්ගේ ජීවිතයට වැරදි විදිහේ නිර්වචනයක් දුන්නා කියල, ආයෙ නම් මං කවම කවදාක්වත් මෛත්‍රියෙන් නම් කතා කරන්නෙ නැහැ කියල හිතන්න පුළුවන්. ආදරයක් නම් දක්වන්නෙ නැහැ කියල හිතන්න පුළුවන්. කරුණාවක් නම් දක්වන්නෙ නැහැ කියල හිතාගන්න පුළුවන්. හිතට ස්ථිර අදහසක් ගන්න පුළුවන්.
ඒ වුනාට පින්වතුනි, වෙන කෙනෙකුගේ වචනයක් හින්දා නෙවෙයි අපේ ඒ තියන ගුණාංගයන් නැති වෙන්නෙ. ඇත්තටම ඒ ගුණාංගයන් නැති වෙන්නෙත් නැහැ. අපි ඉපදුන දා ඉඳලම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඒවා අපි අරගෙනයි එන්නෙ. හැබැයි කාලයක් යනකොට ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මේකයි. අපිට අමතක වෙනවා ඒව අපි ගාව තියනවා කියල. විශේෂයෙන්ම උත්සාහය.
බුද්ධ ශාසනයෙදි තමයි බුදුරජාණන් වහන්සේ කියල දෙන්නෙ, අපිට උගන්වන්නෙ, වැටෙන්නෙ නැඟිටින්න කියල. භාවනා මාර්ගය තුල ඔය ඇත්තො ගණන් ගන්න එපා, කාරි නෑ, හැමදාම වැටෙන්න පුළුවන්. හැමදාම වැරදි වෙන්න පුළුවන්. අපි හිතාගෙන යමක් කරන්න ගියා වුනාට, ඒ දේට වඩා වෙනස්ම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙ තේරුම අපි එක විභාගයක් සමත් වෙලා තියනව. මොකද්ද විභාගේ?
වැටුනොත් නැඟිටින්න වෙනවා කියන විභාගෙ. එච්චරයි.
බුදුපියාණන් වහන්සේ අපිට දේශනා කරනව පින්වතුනි, ඔය විදියට නැවත නැවත, නැවත නැවත, පුරුදු කරලා පුරුදු කරලා, අපිට ඒ කියන කාරණේ ස්ථිර හැටියටම සිදු කරන්න පුළුවන් වෙලාව වෙනකං අතහරින්න එපා කියල කියනව. ඒ දේ ප්‍රගුණ කරන එක නතර කරන්න එපා කියල කියනව.
"භාවේති බහුලීකරෝති ස්වාධීටිතං අධිට්ඨාති"
අපිට ස්ථීර හැටියටම ඕනම සභාවක් ඉස්සරහ, ඕනම අවස්ථාවකදි, ඕනම කලබල වෙච්ච වෙලාවක, යහපත් වූ වචනයම කතා කරන්න පුළුවන් වෙන තාක් කල්ම, වැරදි වචනය කිය කිය සමාව අරගන්න ගමන්, නිවැරදි වචනය කියන්න ඕන. ඕනම සභාවක් ඉදිරියෙදි, ඕනම පිරිසක් මැදදි, ඕනම අවස්ථාවකදි, අපි වැරදි වැඩක් කරනවා නම්, සමාව අරගෙන ඒ වැරදි වැඩේ නිවැරදි කරල, නැවතත් සකස් කරල කරන්න ඕන.
අපිට තේරෙනව නම් අපි හිතන සිතුවිල්ල තුල වැරදි විදියට හිතන බවක් තියනවා කියල, වැරදි විදියට හිතනවා කියන්නෙ ධර්මයේ භාෂාවෙන්ම කිවුවොත් එහෙම, පංච නීවරණවලට යට වෙලා හිතන බවක් තියනව නම්, කෙලෙස් වලට යට වෙලා හිතන බවක් තියනවා නම්, හිතටම කියල දෙන්න ඕන, "නෑ නෑ නෑ මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඔය විදියට හිතන එක වැරදියි. ඕක වැරදි සිතුවිල්ලක්. ඔයිට වඩා හිතන්න ඕන මෙන්න මේ විදියටයි" කියල හිතට උගන්වන්න පටන් ගනිමු.
අන්න එතකොටයි පින්වතුනි, වැරැද්ද කියන දේ අපේ ජීවිතෙන් නිදහස් කරගන්නේ කොහොමද? කියන එක ගැන අදහස අපිට පහළ වෙන්න පටන් ගන්නෙ. අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ. හැබැයි ඔය දේවල් ටික බණක් හැටියට අහල තියෙන්න පුළුවන්. පොත්පත් වලින් කියවල තියෙන්න පුළුවන්. දැනුම තියෙන්න පුළුවන්. ඒ වුනාට ඒ ලබා ගත්ත දැනුම හෝ අපි ගාව තියන ඒ ධර්ම කාරණා අපි භාවිතා කරන්න දන්නෙ නැත්නම්, පුරුදු කරන්න දන්නෙ නැත්නම්, පාවිච්චි කරන්න දන්නෙ නැත්නම්, ඒවා කල් පැනපු ආයුධ වගේ තමයි. කිසීම කිසි ප්‍රයෝජනයක් නැහැ.
ධර්මයේ සඳහන් වෙනවා රත්තරන් භාජන තියෙනවලු, බුදු පියාණන් වහන්සේමයි කියන්නෙ. අපේ ගෙදර තිබ්බොත් එහෙම රත්තරන් භාජන, අපි ඒව පිහදාන්නෙ නැතුව, සුද්ධ පවිත්‍ර කරන්නෙ නැතුව, එහෙම දාල තිබුබොත් එහෙම, කාලයක් යනකොට ඒවගෙ දිස්නෙ නැති වෙලා යනව. දිලිසෙන්නෙ නැති වෙලා යනව. දිලිසීම නැති වෙලා යනව.
ඒ වගේමයි පින්වතුනි, අපේ ජීවිතය තුල තියන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, කියල කියන යහපත් වූ ගුණාංගයන්, අධිෂ්ඨානය, සීලය, සිහිය, හිතේ තැන්පත්කම, ඥාණය, ආදී කියල කියන ගුණ නුවණ, අපේ ජීවිතෙන් අපි නැවත නැවත එළියට ගන්නෙ නැති නම්, ඒ වෙනුවට සිද්ධ වෙච්ච වැරැද්ද හෝ සිද්ධ වෙමින් පවතින වැරැද්ද ම මෙනෙහි කර කර ඉන්නව නම්, ඒ මත්තේ හිත හිතා ඉන්නව නම්, කටයුතු කරනවා නම්, අපේ තියන අර ගුණවලත් දිස්නෙ නැති වෙලා යනව.
නමුත් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නෙ පින්වතුනි, අපි ගාව තියන වැරැද්දම, ඒ වැරැද්දෙන් නිදහස් වෙන්නම මාර්ගෝපදේශකයෙක් බවට පරිවර්තනය කර ගන්න කියලයි. අන්න එහෙම වුනහම අපිට අපේ භාවනාවේදී වුනත් ඉතා සාර්ථක ගමනක් යන්න පුළුවන්.
හිත පිට දුවාවි. කාරි නෑ. ඒ දේට අනුමත වෙලා, ඒ දේ අනුමත කරල, අපි හිතට කියල දෙමු, "හිත පිට ගියා නම් තමයි. මං කරන්න ආවෙ ශරීරය දිහා බලාගෙන ඉන්න එක." අපි හිතට පොඩ්ඩ පොඩ්ඩ උගන්වමු. සද්දයක් ඇහෙනකොට ඒ සද්දයට හිත වැඩිපුර යන්න පුළුවන්. කාරි නෑ. අපි හිතට උගන්වමු, "ඔව්, සද්දයට හිත යනව නම් තමයි. නමුත් මම දැන් මේ කරන්නෙ භාවනාවෙන් ශරීරය දිහා බලාගෙන ඉන්න එක. සද්දෙ අහගෙන ඉන්න එක නෙවෙයි." අපි හිතට කරුණාවන්තව උගන්වන්න පටන් ගමු.
ඒ කරන වැරැද්දට අපි සමාව දෙන්න පටන් ගනිමු. ඒ වැරැද්ද දැක දැක, ඒ වැරැද්ද අනුමත කරලා, ඒ වැරැද්ද නිවැරදි කරන විදිහේ මාර්ගෝපදේශනය අපි සලසන්න පටන් ගනිමු. අන්න එහෙම වුනහම පින්වතුනි, අපේ ජීවිතේ වැරැද්දම අපිට නිවැරැද්දට යන්න පාර පෙන්වාවි.
මේකටයි කියන්නේ වැටුනොත් නැඟිටිනවා කියල.
ඉතින් මම බොහොම සංතෝසයි, අද දවසේ මට ඔය කියන කාරණා ටික කියන්න අවස්ථාවක් හම්බ වෙච්ච එක ගැන. මේක තමයි අපේ නිවීමේ කලාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා, මං හිතනවා, මේ කියපු දේශනාවෙන් ඔය ඇත්තන්ගෙ ජීවිතය තුල, තමන්ගේ තියන දුක් කම්කටොළු වලින් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් සකස් වුනා නම්, ඒක ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත හිතසුව පිණිසම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
වැටුනොත් නැඟිටිමු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පුරිමාපාදං සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්චිමපාදං උද්දරෛය්ය"
පූජනීය මහා සංඝ රත්නයෙන් ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි.
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව තමයි, වැටුනොත් නැගිටිමු.
මට මතකයි, ඉංඟිරියෙ අපි මහණ වෙච්ච කාලෙ, නායක හාමුදුරුවොත් එක්ක ඒ හිටපු කාලය හරි ලස්සනයි, ඇත්තටම කියනව නම් හරි සුන්දරයි. නායක හාමුදුරුවො, අපවත් වෙන්න පෙරාතුව අපිට හිටිය පතාක යෝධයෙක් වගේ. හැමදේකදිම අපේ පිටිපස්සෙන් ඉඳලා, හොඳ නරක කියල දුන්න කෙනා.
මුල් කාලෙදි නම් මට මතකයි ඇත්තටම කිවුවොත්, එහෙම ඒ දුන්නු උපදේශයන් කරදරයක් වුනා. කරදරයක් හැටියටමයි ගත්තෙ. ඒකට හේතුව මොකද? අපේ වැරැද්දමයි එළියට ආවෙ. වැරැද්දක්මයි නායක හාමුදුරුවො දැක්කෙ. අතු ගානකොට වෙන්න පුළුවන්, දානෙ වළඳනකොට වෙන්න පුළුවන්, පාත්තරේ හෝදනකොට වෙන්න පුළුවන්, කතා කරනකොට වෙන්න පුළුවන්, ඇවිදිනකොට වෙන්න පුළුවන්, බණ කියනකොටත් ඒ වගේම තමයි.
මට මතකයි ඉංඟිරියෙ අපේ ආරණ්‍යයෙ හැම සිකුරාදාම තිබ්බා 'සමිතිය' කියල වැඩසටහනක්. ඒකෙදි නායක හාමුදුරුවො, පොතකුයි පෑනකුයි තියාගෙන, ඩෙස් එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. අපිට නායක හාමුදුරුවො දිහා බලාගෙන හරි, ඒ ළඟ ඉඳල හරි, බණ කියන්න කියනව, බුද්ධ පූජා තියන්න කියනව, බෝධි පූජා තියන්න කියනව, මළ ගෙදරකට ගියාපුවහම කියන විදිහේ බණ කියන්න කියල කියනව. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත්, ඒකට දෙන උත්තර මොනවද? කියල ඔහොම අහනව.
ඒ කාලෙදි නම් හරි බයක් තිබ්බ ඒවට. ඒ වුනාට දැන් මතක් වෙද්දි හරිම සුන්දරයි ඒ අතීතය. පොඩි හරි වැරැද්දක් වෙච්ච ගමන්, නායක හාමුදුරුවො විගහට ඒක කියනව, බණ කියන ගමන් වුනත් කමක් නෑ. මට මතකයි එහෙම දෙයක් වුනහම, ඒ දවස පුරාවටම, ඒ සතිය පුරාවටම හරි, මතක තියන තාක් කල්ම ඕකම හිතේ තිබුන. ඒ වැරැද්දම හිතේ දිවුව. මොන දේ කරත් ඒ වැරැද්දම ඔළුවට ආව.
පස්සෙදි මට හිතන්නත් හිතුනා වැරදි නැතුව ඉන්නෙ කොහොමද කියල. මොකද, වැරැද්ද කියන දේ ඒ තරමටම මාවත් යට කරල දැම්ම. මං දන්නවා ඔය ඇත්තන්වත් යට කරල දානව. ඒකට විසඳුම මොකද්ද? කියන එකයි හොයල බැලුවෙ. පෙලේ මෙන්න මෙහෙම ලස්සන කතාවක් තියනවා.
එක්තරා දවසක සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩම කරල, දානෙ වළඳල, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල වන්දනා කරල කියනවලු,
"බුදුරජාණන් වහන්ස, මේ දහම හම්බ වෙච්ච දවසෙ ඉඳල මා අතින් වැරැද්දක් වුනා නම් ඒක බොරුවක්"
කියල. මේ දහම හම්බ වෙච්ච දවසෙ ඉඳල මං මොකක්වත් වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි, කියල සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනව බුදුරජාණන් වහන්සේට. බුදු පියාණන් වහන්සේ ඕක අහගෙන ඉඳලා, සාදු කියල අනුමත කරන්නෙ නෑ. උන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේට,
"සාරිපුත්ත ඔහොම කියන්න එපා." "මා හේවං සාරිපුත්ත" කියල කියනව. "හා එහෙම කියන්න එපා. මේ සද්ධර්මය ලොකෙ පහළ වෙච්ච කාලෙ ඉඳලා හීනෙකින්වත් වැරැද්දක් වුනේ නැත්නම්, හීනෙකින්වත් කරදරයක් කලේ නැත්නම්, ඒ තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණයි. අන් කිසිවෙකු නෙවෙයි"
කියල කියනව. ඔය කියන ඉගැන්වීම දැක්කට පස්සෙ පින්වතුනි, මට මගේ පැත්තෙන්...එක පැත්තකට ඇත්තටම කියනව නම් ලොකු සහනයක් ආව. එහෙම නම් වැරදි වෙන්න පුළුවන් නේද? කියල. වැරදි වෙන්න පුළුවන් නේද? කියල මට හිතුන.
අපේ ජීවිතේ වැරැද්දක් වුනාම සාමාන්‍යයෙන් අපි හිතන ස්වභාවය තමයි, මම ඒ වැරැද්ද කරන කෙනා කියල. වැරැද්ද කියන එක අපිව යට කරල දාන දෙයක් හෝ මම ඒ වැරැද්දෙන්මයි ජීවත් වෙන්නෙ කියන එකයි, අපි ගොඩක් වෙලාවට හිතන්නෙ. අපේ අදහස තුල තියෙන්නෙ මම වැරදිකාරයෙක් කියන එකයි. නමුත් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් භාවනා කරන්න ආවට පස්සේ, හුස්ම දිහා බලාගෙන ඉන්න ඕනකම, 'අහිංසක වැරැද්ද' තේරිච්ච හින්දා අපිට දවස් කීයක් නම් භාවනාව කරගන්න බැරි වුනාද?
ඒක වැරැද්දක් කියල දන්නෙ නෑනෙ. අපි හිතන්නෙ ඒක හරියි කියල. මොකද මූලිකවම හිතට පුළුවන්කම තියෙන්නෙ හුස්ම බලන්න නෙවෙයි නම්, සද්ද අහන්න නම් පුළුවන්කම තියෙන්නේ, ඇඟ තේරුම් කරල දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ, වේදනාවල් දැනෙන එක හඳුනාගන්න විතරක් නම් පුළුවන්කම තියෙන්නේ, හිත දුවන එක තේරුම් ගන්න විතරක් නම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ, අපිට ඕනකම තිබ්බට හුස්ම බලන්න, අපේ අවධානයට ඒක කරන්න බැහැ.
නමුත් අපේ අපේ ජීවිතය තුල ඔය කියන විද්හේ අත්දැකීමක් ලබා ගත්තට පස්සේ, හිතට අදහසක් ගන්නවා, මට එහෙම නම් මේ දේ කරන්න බැහැ කියල. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. බුද්ධ ශාසනය කියල කියන්නෙ පින්වතුනි, වැරැද්ද හින්ද ජීවිතේ නතර කරන තැනක් නෙවෙයි. අපි කරන කියන කාරණාව තුල තියෙන්නෙ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක තේරෙන්නේ, කාලාන්තරයක් තිස්සෙ ඒ දේ පුරුදු කරාට පස්සෙයි.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම, ඔය ඇත්තො සක්මන් මළුවක් කියල දෙයක් හිතාගෙන අපි හිතමුකො එළිමහනෙ සක්මන් කරන්න පටන් ගත්ත නම්, නිකං ඉරක වගේ ඇවිදල බලන්න. මූලිකව අපි හිතනවා ඒ ඇවිදින්නෙ තනි ඉරක කියල. නමුත් යම්කිසි වෙලාවක් හෝ දවස් කීපයක් හරි කමක් නෑ, එක දිගට නැතත් සක්මන කරාට පස්සෙ තේරෙන්න පුළුවන්, මං ඒ තනි කෙලින් කියල හිතාගෙන ඇවිදල තියෙන්නෙත් චුට්ටක් ඇදේට කියල.
ඒකෙ තේරුම පින්වතුනි, අපි කරල තියෙන වැඩේ වැරදියි කියන එක නෙවෙයි. ඒකෙ තේරුම තමයි, අපි කරල තියන දේ තුල තියන, හරි වැරැද්ද තේරෙන්න ගත්තේ, කාලයක් තිස්සෙ මේක කලාට පස්සෙ කියලයි. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම තුල මම දකින ලස්සනම ලක්ෂණය ඔන්න ඕකයි.
අපිට කියන්නෙ එක පාරක් කරල හිතේ ස්ථිර අදහසක් හදා ගන්න කියල නෙවෙයි. අපිට හැමදාම දේශනා කරන්නේ නැවත නැවත කරන්න. වැටි වැටී නැඟිටින්නයි අපිට උගන්වන්නෙ.
අපි වැටුනොත් නැඟිටින අය.
ලෝකෙ ගොඩාක් වෙලාවල් වලට පින්වතුනි, තමන්ගෙ ජීවිතේ හිතාගෙන ඉන්න දෙයක්, බලාපොරොත්තු වෙච්ච දෙයක්, සිද්ධ නොවුනාට පස්සේ බහුතර ලෝක සත්ත්වයා හිතන බහුතර මතය තමයි, තනි මතය තමයි, තනි අදහස තමයි, එක පාරයි කරන්නෙ. ඒ පාර සාර්ථක වුනේ නැත්නම් අතහැරල දානව. ආයෙ කරන්න හිතන්නෙ නෑ.
නමුත් ඔය ඇත්තො දන්නවද බෝධි සත්ත්වයො සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකම එක කාරණාවක් කරන්න අත්හදා බැලුව. මොකද කියන්නෙ, එහෙම කිවුවොත්. උන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝධිසත්ත්වයෙක් හැටියට පාරමිතා ධර්ම පිරුවා කියන්නෙ බුද්ධත්වයට පත් වෙන්නෙ කොහොමද කියන එක ගැන ඉගෙන ගත්තා. සුළු පටු කාලයක්ද? සුළුපටු කාලයක් නෙවෙයි.
එතකොට අපේ ජීවිතය තුල සමහරක් වෙලාවල්වලදි පින්වතුනි, අපි අතින් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපි අතින් නොහිතා වැරදි වැඩක් කෙරෙන්න පුළුවන්. වැරදි විදිහේ සිතුවිල්ලක් හිතන්න පුළුවන්. එහෙම වුනහම අපේ පැත්තට, අපිට ගොඩක් ඉතුරු වෙලා තියන පොදු ප්‍රතිලාභය තමයි, පොදු ප්‍රතික්‍රියාව තමයි, ආයෙ නම් මං එයත් එක්ක කතා කරන්නෙ නැහැයි කියල හිතන එක. ආයෙ නම් අර වගේ වැඩක් කරන්නෙ නැහැයි කියල හිතන එක. ආයෙ නම් අර වගේ සිතුවිල්ලක් හිතන්නෙ නැහැයි කියල හිතන එක. නමුත් අපි එහෙම හිතුවාට ඒ දේ එහෙම සිද්ධ වෙන්නෙ නැහැ.
නමුත් බුද්ධ ශාසනයෙ අපිට කියල දෙනව පින්වතුනි, ඊට වඩා සාර්ථක ක්‍රියාවලියක්. සාර්ථක වැඩපිලිවෙලක්.
මේ බුද්ධ ශාසනය තුල වැරදි කරපු කෙනාව දඬුවමට ලක් කරන්නෙ නැහැ. වැරදි කරපු කෙනාට නිතර නිතර ඇඟිල්ලෙන් ඇන ඇන, ඒ කෙනාව තව දුරටත් ඒ වැරැද්දෙම ඔබල තියන්න, ඒ කියන මානසික පීඩනය තුල හිර කරන්න, බුද්ධ ශාසනයෙ ඉඩක් නෑ කවදාවත්ම. කොතනකවත් නෑ. බුදු හාමුදුරුවන්ගෙ දේශනාව තියෙන්නේ, යම්කිසි කෙනෙක් වැරැද්දක් කරනව නම්, ඒ වැරැද්ද කරන්නේ එයා ඒක හරි දෙයක් හැටියට හිතාගෙන ඉන්න හින්දයි. වැරැද්ද මේකයි, නිවැරැද්ද මේකයි කියල හරියට දැක්කා නම්, මනාකොට හඳුනා ගත්තා නම්, අවබෝධ කලා නම්, ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නැහැ කියන එකයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම.
පින්වතුනි, අපේ අතින් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. අපිට දැන් අවස්ථාව තියනවා බුදු පියාණන් වහන්සේ හින්දා, ඒ වැරදියට කියාපු වචනය හරි ගස්සවල ආපහු කියන්න. පිරිසක් එක්ක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. පුද්ගලිකව කවුරු හරි එක්ක කතා කර කර ඉන්නකොට වෙන්න පුළුවන්. තමන් අතින් කියන්න ඕන දේකට වඩා, නොකියන්න ඕන දෙයක් කියවුනොත් එහෙම, අපේ සමාජය අපිට හුරු කරල තියෙන්නෙ, අපේ සංස්කෘතිය අපිට හුරු කරල තියෙන්නෙ අපි ඉගෙන ගෙන තියෙන්නේ, ඒක වහල දාන්න කටයුතු කරන්නයි.
ඒක වහල දාන්න කටයුතු කරපුවහම තියෙන ප්රශ්නය තමයි අපේ හිත පැත්තෙන්, අපේ හිත අපිට කතා කරල කියනව, හෘද සාක්ෂිය කතා කරල කියනව, ඔයා මෙහෙම වැරැද්දක් කලා කියල වගේම, සමාජය තුල අපිට දෝෂාරෝපණයක් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එනව. ඊළඟ අවස්ථාවකදි වුනත් මම ඒ විදිහේ වැරදි වචනයක් කියන්නෙ නැහැ කියන අදහසක් අපෙ හිතට ගත්තා වෙන්නත් පුළුවන්. ඒ වුනාට අපේ ශබ්දකෝෂය තුල, පුද්ගලිකව තමන්ගේ වචී සංඛාර තුල, වචනයෙහි සකස් කිරීම තුල, එවන් වූ අවස්ථාවකදි භාවිතා කරන්න සුදුසු වචනයක් උගන්වල නැත්නම්, අපේ හිතට කියල දීල නැතිනම් අපේ හිතට, අපි කොච්චර ප්‍රාර්ථනා කලත් පින්වතුනි, එහෙම වචනයක් කියන්න හිතට තේරෙන්නෙ නැහැ.
ඒක හරියට පොඩි ළමයෙක් මොකක් හරි වැඩක් කරනකොට, එයා ඒ වැඩේ වැරදියට නම් කරන්නේ, පොඩි ළමයට අපි කොච්චර බැන්නත් වැඩක් නැහැ. කොච්චර ගහල කරල කිවුවත් වැඩක් නැහැ ඔය වැඩේ කරන්න එපා කියල. හේතුව තමයි ඒ දරුව දන්නෙ නැහැ ඒක කරන්නෙ කොහොමද? කියල.
ශාසනයෙ අපිට උගන්වන ක්‍රමය තමයි පින්වතුනි, 'අර්ථචර්යාව' කියන එක. යහපත් විදියට ජීවත් වෙලා පෙන්නන්න කියන එක. අපි අපිටම යහපත් වූ උදාහරණයක් වෙන්නෙ කොහොමද?
වැරදි වචනයක් අපි අතින් එළියට ගියොත්, දැන් අපි සිහිය පුරුදු කරන ඇත්තො හින්දා අපිට පුළුවන්කම තියනවා, මේ සිද්ධ වෙන කාරණාවේ හරි වැරැද්ද තේරුම් ගන්න. ඒ හරි වැරැද්ද තේරුම් අරගෙන, පිරිසක් ඉදිරියේ වෙන්න පුළුවන්, නැතිනම් පුද්ගලිකව තව කවුරු හරිත් එක්ක විතරක් වෙන්න පුළුවන්, කාරි නෑ අපි කියන්න පටන් ගනිමු පින්වතුනි, මම ඕක නෙවෙයි කියන්න ගිය වචනේ. හැබැයි මට කියවුනේ මෙන්න මේකයි. එහෙම කියලා නිවැරදි වචනයක් අපි එතනට ආදේශ කරමු. වැරදි වචනය කියවෙච්ච තැනට නිවැරදි වචනයක් අපි ආදේශ කරමු.
ඔයිට වඩා වෙනස් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් මේ ලෝකෙ ජීවත් වෙනකොට, මෙච්චර තාක් කාලයක්, ගොඩක් වෙලාවට අපි පුරුදු කරල තියන රටාව. වැරැද්දක් වුනා නම් ඒ වැරැද්ද වහන්න අපි ඉගෙන ගත්තා මිසක හෝ අපිට සමාජයෙන් උගන්නල තිබුනා මිසක ඒ වැරැද්ද වහන්න, ඒ වැරැද්ද මකල දාන්න, අළුත්ම සංස්කෘතියක් බිහි කරන්න උගන්වල තිබුනා මිසක, ඒ වැරැද්දෙන් නිදහස් වෙන්න අපිට කියල දුන්නෙ නැහැ.
ඒ වැරැද්දෙන් නිදහස් වෙන තාක් කල් අපිට අපේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න පුළුවන් වුනෙත් නෑ. කවම කවදාක්වත් අපි නිදහස් වුනෙත් නැහැ. නිදහසක් බුක්ති වින්දෙත් නැහැ.
දැන් අපිට අවස්ථාවක් තියනව පින්වතුනි, ඒ නිදහස බුක්ති විඳින්න ඉගෙන ගන්න හිත හදා ගන්න. වැටුනොත් නැඟිටිනවා අපි දැන්. වැරදි වචනයක් කියවුනොත් එහෙම, අපි උත්සාහ කරමු ඕක නැවතම කියන්න. වැරැද්දක් වුනා කියලා, ඒ කෙනාව අර අපේ භාෂාවෙ වචනයක් තියනවා හංවඩු ගහන්න කියල, එහෙම උවමනාවක් නෑ එතකොට.
මේ ලෝකෙ කවුරුවත්ම සුපිරිසිදු නැහැ බුදුරජාණන් වහන්සේ හැරෙන්න. දේශනාවේ ඒ බව තියනවා. අපි අද දේශනාවෙත් ඒක කතා කරල තියනව. අඩුම තරමෙ මේ ශාසනයෙ ඉහළම ස්ථරයෙ හිටපු ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේවත් නෑ. එහෙම නම් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් ගැන කවර කතාද? මේ දහම අහපු නැති කෙනෙක් ගැන කවර කතාද?
අපිට එතකොට පුළුවන් කමක් තියනවා වැරැද්දක් සිද්ධ වුනා නම්, ඒ වැරැද්දට සමාව දීලා, ඒ වැරැද්දෙන් නිදහස් වෙන විදිහ ගැන කතා කරන්න. ඒ වැරැද්දට ඔච්චම් කරන්න නෙවෙයි, ඒ වැරැද්ද කරපු කෙනාගෙ හිත පාරවන්න නෙවෙයි, එයාට කරදර කරන්න නෙවෙයි, එයාට නැඟී හිටින්න තවත් අවස්ථාවක් දෙන්න අපිට දැන් අවස්ථාව තියනව.
භාවනාවෙදිත් ඕකම තමයි වෙන්නෙ. අපි භාවනාවට වාඩි වුනාට පස්සේ අපිට කරන්න ඕන ආනාපානය බලන එක. හිත දුවනව. ඉතින් අපි හිතනවා, අපි හිතල හදා ගන්න අදහස තමයි, මගේ නම් භාවනාව හරි යන්නෙම නෑ. හිත දුවනවාමයි. මට මේ භාවනාව කර ගන්න බෑ. නමුත් අනිත් පැත්තෙන් බලනකොට, ඒ කියන කෙනාගේ ඒ අත්දැකීම තවත් පැත්තකින් බැලුවොත් එහෙම, තවත් පැත්තකින් විග්රහ කලොත් එහෙම, එයාට මේ හිත දුවන විත්තිය තේරුනේ කොහොමද?
ශරීරයට එන්නෙ නැති බව මෙයාට තේරිලා තියනවා. අනාපානයට එන්නෙ නැති බව තේරිලා තියනවා. නැත්නම් මට කරන්න ඕනකම තිබ්බ දේ කරන්න බැරි වෙච්ච බව තේරිලා තියනවා. සිතිවිල්ලටම හිත ගිය බව තේරිලා තියනව. මේ ටික තේරුනේ කොහොමද?
මේ ටික තේරුනේ සිහිය තිබ්බ හින්ද.
අපි හඳුනා නොගත්ත පැත්ත මේකයි. සමාජය තුල පින්වතුනි, අපිට හැමදාම උගන්වල තියන දෙයක් තමයි පින්වතුනි, හුඟක් වෙලාවට වැරැද්දටම ඇඟිලි ගහන්න. පොඩි හෝ වැරැද්දක් සිද්ධ වුනාට පස්සේ ඒ වැරැද්දම ආයෙ ආයෙ, ආයෙ ආයෙ උපුටා අරගෙන, සමච්චලයට ලක් කරන්න. ඒ කෙනාට ඒකෙන් හැදෙන්නෙ කොහොමද කියල කියල දෙන්න නෙවෙයි, සමච්චල් කරන්නයි මේ සමාජ ස්ථරය, සමාජ තලය, සංස්කෘතිය අපිට උගන්වල තියෙන්නෙ.
බුද්ධ ශාසනය කියල කියන්නෙ පින්වතුනි පටිසෝතගාමිණී වැඩපිළිවෙලක්. ආපස්සටයි යන්නෙ. අපි ආපස්සට යනව කියල කියන්නේ, මේ පුරුදු කරල තියන රටාවෙන් ආපස්සටයි අපි යන්න ඕනෙ. භාවනාව පටන් ගන්නකොට අනේක විදිහේ කරදර එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්, හිත කඩාගෙන වැටෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ වුනත් එහෙමමයි. අනේක විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. විවිධාකාර විදිහේ ගැටළු එන්න පුළුවන්. බලාපොරොත්තු හදාගෙන තියාගෙන, කරන්න හිතාගෙන හිටපු හැම එකක්ම සුනුවිසුනු වෙලා යන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ පින්වතුනි ඒක කරන්න බෑ කියල.
අර වගේ කරදර වෙච්ච වෙලාවට, ඒ වගේ අසරණකං වෙච්ච වෙලාවට, කැඩිල බිඳිල ගිය වෙලාවකට, ඒ කරපු කාරණාව තුල අපිට යන්න පුළුවන් ප්‍රමාණය පෙන්නුවා මිසක, අපි ඒ යන්න ගිය ඉලක්කයට යන්න අපිව නුසුදුසුයි කියන එකක් ඉගැන්නුවෙ නැහැ. නුසුදුසුතාවය මොකද්ද?
ඒ ඉන්න මට්ටම තුලින් අපිට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඉන්න මට්ටම තුලින්, ඒ තියන දැනුමත් එක්ක, ඒ තියන වටපිටාවත් එක්ක, ඒ තියන අත්දැකීමුත් එක්ක, අර කියන සාර්ථකත්වයට යන්න තාම බැරි වෙන්න පුළුවන්. එච්චරයි.
අපේ ජීවිතය තුල පින්වතුනි, අපි හදා ගන්න ඕන ලේසි ඉලක්කයක්. අමාරු ඉලක්කයකට වඩා. ඔය ඇත්තො භාවනාවට යනකොට, මගේ යෝජනාව තමා මුළු පැයම භාවනාවක් කරනවා හෝ සිහියෙන් ඉන්නවා හෝ ආනාපානයම බලාගෙන ඉන්නවා කියන ඒ අදහසට යනවට වඩා වටිනවා, එක හුස්මක් බලන්න මම මේ යන්නෙ කියලා, එහෙම අදහසකින් භාවනාවට යන එක වටිනවා.
මොකද පින්වතුනි, ඒක අපිට කරන්න පුළුවන් එකක්. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. ගෙදර ලොකූ මිදුලක් තියනව නම්, මිදුල දිහා දැක්කට පස්සෙ හිතෙන්න පුළුවන්, "අප්පා...මේක නම් අතුගාන්න බෑ අප්පා මට" කියල. නමුත් මොකද හිතන්නේ එක ඉඳල් පාරකුයි, තව එකකුයි, ඊට වඩා තව එකකුයි එකතු කරනව කියල හිතුවොත්. එක පාරක් ඉඳලෙන් අතුගානවා. ඒකට තව එක පාරක් එකතු කරනවා. එහෙම හිතුවොත් මොකද කියන්නෙ? මං හිතනවා අර බර ඔළුවෙන් අයින් වෙයි කියල.
ගැටළු සහ ප්‍රශ්න කියල කියන්නෙ පින්වතුනි, අපේ හිතට බරක් ගෙන දෙන දේවල් වෙලා තියනවා. හේතුව තමයි අපි ඒකෙන් නිදහස් වෙන විදිහ දන්නෙ නැති හින්ද. ඔන්න ඔය කාරණාව හන්දයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව, විපස්සනාව කියන දේ අපිට උගන්වලා දෙන්නේ. ඒක ගැන උන් වහන්සේ උදාහරණ දක්වනවා, උදාහරණ වලින් පෙන්වල දෙනවා, විශේෂයෙන් දකින්නෙ කොහොමද? වෙනස් ආකාරයකින් දකින්නෙ කොහොමද? කියල කාරණා කීපයක් යටතෙ අපිට පෙන්නල දීල තියනව.
ඒකෙන් එකක් තමයි විවේකයක් ඇති වෙන විදියට හිතන්න. අතහැරෙන විදියට හිතන්න. නතු නොවෙන විදිහට හිතන්න. අදහස් දරන්න. කතා කරන්න. වැඩ කටයුතු කරන්න, ජීවිතයක් පවත්වන්න, කියල අපිට උගන්වනව. මේකයි පින්වතුනි, ජීවමාන බුදු දහමේ තියන හරය සහ ලස්සන.
මේ කියන දහම, ඔය ඇත්තන්ගෙත් මගෙත් ජීවිතයට පමුණුව ගන්න පුළුවන් නම්, ඒක කරන ප්‍රායෝගික අභ්‍යාසයන් ටික කරන්නෙ අපි පර්යංකයෙදි තමයි. නමුත් ඒ තුලින් ලැබෙන ප්රතිලාභවලින් සැරසෙන්නෙ පින්වතුනි, අපේ සාමාන්‍ය ජීවිතයයි. අපේ සාමාන්‍ය ජීවිතය තුල අපි අතින් වැරදි වැඩක් වුනොත් එහෙම, ඊට කලියෙන් අපි "හා..මගෙ අතින් මේක වුනා" කියල එහෙම හිතන ඇත්තො වුනාට, අපි ආපහු කරමු ඒ වැඩේ.
උදාහරණයක් හැටියට, මම හැමදාම ගත්ත උදාහරණයක් තමයි මගේ භාවනා ආචාරයවරයා 'කෝප්පෙ තියන එක'. ඒ කෝප්පෙ සිහියෙන්ම තියන්න, බොහොම හිමින් සීරුවෙම තියන්න, මම උත්සාහ කලා වුනාට, මගේ අසිහිය වැඩි වෙලා, ඉවසීමට වඩා කලබලකම ඉස්මතු වෙලා, හදිස්සිය ඉස්මතු වෙලා, සන්සුන්කමට වඩා නොසන්සුන්කම ඉස්මතු වෙලා, මේ කෝප්පෙ විගහට දඩෝං ගාල තිබ්බා වෙන්න පුළුවන්.
එහෙම වෙච්ච වෙලාවට හතර වටේ කට්ටිය හිටියොත් එහෙම, මට ඇත්තටම මතකයි මම මේ දේ කලා. මම ඒ ඇත්තන්ගෙන් සමාවත් ඉල්ලලා, ආපහු අර කෝප්පෙ අරගෙන හිමීන් සීරුවෙ තියල හිතට ඉගැන්වුවා, හිතට පුරුදු කරන්න පටන් ගත්තා, මේ දේ නිවැරදිව කරන්නත් තවත් විදිහක් තියනවා කියල.
ලෝකෙ පින්වතුනි, හැමදාම වැරැද්ද කියන දේ අපිට කටු අනින දෙයක් වුනාට, එහෙම කටු අනින දෙයක් හැටියට අපිට පෙන්නල තිබුනා වුනාට, බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා, වැරැද්ද කියල කියන්නේ අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්න අපිට පාර පෙන්වන ගුරුවරයෙක් කියල.
මම එක උදාහරණයක් කියන්නං ඒකට. බුදු පියාණන් වහන්සේ බෝධිසත්ත්වයෙක් හැටියට දුෂ්කරක්‍රියා කරල, ආහාර ගන්නෙ නැතුව ඉන්න පුළුවන් උපරිම කටුක ජීවිතේ ගෙවල හිටපු කාලෙදි කියනව, උන් වහන්සේගේ බඩ ස්පර්ශ කරනකොට කොඳු ඇට පෙළ හම්බ වුනාලු. ඒකලු අත ගෑවුනේ. ඔළුව අතගානකොට කෙස් ටික ගැලවිලා වැටුනලු. හේතුව කෙස් ටික තියාගන්න තරම්වත් හමට හයියක් නැහැ. ඔහොම වෙලා අවසානෙට ඇදගෙන වැටුනලු. ඇදාගන වැටුනට පස්සේ මාරය ඇවිල්ල කියනවලු, "දැන් ඉතින් ඔයාගෙ සෙල්ලම් ටික ඉවරයි. යං. දැන් මැරෙන්න කිට්ටු වෙලා තියෙන්නෙ" කියල.
එතකොටයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ බෝධිසත්ත්වයෙක් හැටියට, එහෙනම් මං මේ කරපු වැඩේ තුල, කරපු වැඩපිලිවෙල තුල, මොකක් හරි වැරැද්දක් තියනව. ඒ වැරැද්ද සකස් කර ගන්න ඕන කියල.
අපේ ජීවිතය තුල පින්වතුනි, අපි අපේ හිත කඩාගෙන වැටිච්ච, සාර්ථකත්වයට යන්න ගියපු කාරණාව සිදු කර ගන්න බැරි වෙච්ච, හිතින් දුක් වෙච්ච, කායිකව දුක් වෙච්ච, මානසිකව දුක් වෙච්ච, අවස්ථා අනන්තව ඇති. අප්‍රමාණව ඇති. ඒ අවස්ථාවන් ටික අපි අපේ ජීවිතේ තුල ඉතුරු කරගෙන තිබුනා නම්, "ඔව් මාව මේ තැනට වැටුනා, ආයෙ නම් මොනවත් කරන්න බැහැ"යි කියල, ඒ විදිහේ සිතුවිල්ලක් බෝධිසත්ත්වයන්ට එදා තිබුන නම් පින්වතුනි, ඔබ ඇත්තන්ටත් මටත් අද මේ විදියට කතා කරන්න දහමක් මේ ලෝකෙ පවතින්නෙ නෑ. ඒක ඔය ඇත්තන්ටත් තේරෙනව.
නමුත් බුදුරජාණන් වහන්සේ, බෝධිසත්ත්ව අවධියේ ඉඳලම තේරුම් අරගෙන තිබ්බ දෙයක් තමයි මනුෂ්‍යයා කියන කෙනාට මේ අතපය ඇඟිලි නැති වුනාට, හිතේ උත්සාහය ඉතුරු වෙනව. ඒ දේ තියනව. අපිට උත්සාහය තියනව නම්, වීර්යය තියනව නම්, මේ ලෝකෙ කරන්න බැරි වැඩක් නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් කවුරු හරි කෙනෙක් බැන්නා කියල හෝ තමන්ගේ ජීවිතයට වැරදි විදිහේ නිර්වචනයක් දුන්නා කියල, ආයෙ නම් මං කවම කවදාක්වත් මෛත්‍රියෙන් නම් කතා කරන්නෙ නැහැ කියල හිතන්න පුළුවන්. ආදරයක් නම් දක්වන්නෙ නැහැ කියල හිතන්න පුළුවන්. කරුණාවක් නම් දක්වන්නෙ නැහැ කියල හිතාගන්න පුළුවන්. හිතට ස්ථිර අදහසක් ගන්න පුළුවන්.
ඒ වුනාට පින්වතුනි, වෙන කෙනෙකුගේ වචනයක් හින්දා නෙවෙයි අපේ ඒ තියන ගුණාංගයන් නැති වෙන්නෙ. ඇත්තටම ඒ ගුණාංගයන් නැති වෙන්නෙත් නැහැ. අපි ඉපදුන දා ඉඳලම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඒවා අපි අරගෙනයි එන්නෙ. හැබැයි කාලයක් යනකොට ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මේකයි. අපිට අමතක වෙනවා ඒව අපි ගාව තියනවා කියල. විශේෂයෙන්ම උත්සාහය.
බුද්ධ ශාසනයෙදි තමයි බුදුරජාණන් වහන්සේ කියල දෙන්නෙ, අපිට උගන්වන්නෙ, වැටෙන්නෙ නැඟිටින්න කියල. භාවනා මාර්ගය තුල ඔය ඇත්තො ගණන් ගන්න එපා, කාරි නෑ, හැමදාම වැටෙන්න පුළුවන්. හැමදාම වැරදි වෙන්න පුළුවන්. අපි හිතාගෙන යමක් කරන්න ගියා වුනාට, ඒ දේට වඩා වෙනස්ම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙ තේරුම අපි එක විභාගයක් සමත් වෙලා තියනව. මොකද්ද විභාගේ?
වැටුනොත් නැඟිටින්න වෙනවා කියන විභාගෙ. එච්චරයි.
බුදුපියාණන් වහන්සේ අපිට දේශනා කරනව පින්වතුනි, ඔය විදියට නැවත නැවත, නැවත නැවත, පුරුදු කරලා පුරුදු කරලා, අපිට ඒ කියන කාරණේ ස්ථිර හැටියටම සිදු කරන්න පුළුවන් වෙලාව වෙනකං අතහරින්න එපා කියල කියනව. ඒ දේ ප්‍රගුණ කරන එක නතර කරන්න එපා කියල කියනව.
"භාවේති බහුලීකරෝති ස්වාධීටිතං අධිට්ඨාති"
අපිට ස්ථීර හැටියටම ඕනම සභාවක් ඉස්සරහ, ඕනම අවස්ථාවකදි, ඕනම කලබල වෙච්ච වෙලාවක, යහපත් වූ වචනයම කතා කරන්න පුළුවන් වෙන තාක් කල්ම, වැරදි වචනය කිය කිය සමාව අරගන්න ගමන්, නිවැරදි වචනය කියන්න ඕන. ඕනම සභාවක් ඉදිරියෙදි, ඕනම පිරිසක් මැදදි, ඕනම අවස්ථාවකදි, අපි වැරදි වැඩක් කරනවා නම්, සමාව අරගෙන ඒ වැරදි වැඩේ නිවැරදි කරල, නැවතත් සකස් කරල කරන්න ඕන.
අපිට තේරෙනව නම් අපි හිතන සිතුවිල්ල තුල වැරදි විදියට හිතන බවක් තියනවා කියල, වැරදි විදියට හිතනවා කියන්නෙ ධර්මයේ භාෂාවෙන්ම කිවුවොත් එහෙම, පංච නීවරණවලට යට වෙලා හිතන බවක් තියනව නම්, කෙලෙස් වලට යට වෙලා හිතන බවක් තියනවා නම්, හිතටම කියල දෙන්න ඕන, "නෑ නෑ නෑ මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ඔය විදියට හිතන එක වැරදියි. ඕක වැරදි සිතුවිල්ලක්. ඔයිට වඩා හිතන්න ඕන මෙන්න මේ විදියටයි" කියල හිතට උගන්වන්න පටන් ගනිමු.
අන්න එතකොටයි පින්වතුනි, වැරැද්ද කියන දේ අපේ ජීවිතෙන් නිදහස් කරගන්නේ කොහොමද? කියන එක ගැන අදහස අපිට පහළ වෙන්න පටන් ගන්නෙ. අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ. හැබැයි ඔය දේවල් ටික බණක් හැටියට අහල තියෙන්න පුළුවන්. පොත්පත් වලින් කියවල තියෙන්න පුළුවන්. දැනුම තියෙන්න පුළුවන්. ඒ වුනාට ඒ ලබා ගත්ත දැනුම හෝ අපි ගාව තියන ඒ ධර්ම කාරණා අපි භාවිතා කරන්න දන්නෙ නැත්නම්, පුරුදු කරන්න දන්නෙ නැත්නම්, පාවිච්චි කරන්න දන්නෙ නැත්නම්, ඒවා කල් පැනපු ආයුධ වගේ තමයි. කිසීම කිසි ප්‍රයෝජනයක් නැහැ.
ධර්මයේ සඳහන් වෙනවා රත්තරන් භාජන තියෙනවලු, බුදු පියාණන් වහන්සේමයි කියන්නෙ. අපේ ගෙදර තිබ්බොත් එහෙම රත්තරන් භාජන, අපි ඒව පිහදාන්නෙ නැතුව, සුද්ධ පවිත්‍ර කරන්නෙ නැතුව, එහෙම දාල තිබුබොත් එහෙම, කාලයක් යනකොට ඒවගෙ දිස්නෙ නැති වෙලා යනව. දිලිසෙන්නෙ නැති වෙලා යනව. දිලිසීම නැති වෙලා යනව.
ඒ වගේමයි පින්වතුනි, අපේ ජීවිතය තුල තියන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, කියල කියන යහපත් වූ ගුණාංගයන්, අධිෂ්ඨානය, සීලය, සිහිය, හිතේ තැන්පත්කම, ඥාණය, ආදී කියල කියන ගුණ නුවණ, අපේ ජීවිතෙන් අපි නැවත නැවත එළියට ගන්නෙ නැති නම්, ඒ වෙනුවට සිද්ධ වෙච්ච වැරැද්ද හෝ සිද්ධ වෙමින් පවතින වැරැද්ද ම මෙනෙහි කර කර ඉන්නව නම්, ඒ මත්තේ හිත හිතා ඉන්නව නම්, කටයුතු කරනවා නම්, අපේ තියන අර ගුණවලත් දිස්නෙ නැති වෙලා යනව.
නමුත් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නෙ පින්වතුනි, අපි ගාව තියන වැරැද්දම, ඒ වැරැද්දෙන් නිදහස් වෙන්නම මාර්ගෝපදේශකයෙක් බවට පරිවර්තනය කර ගන්න කියලයි. අන්න එහෙම වුනහම අපිට අපේ භාවනාවේදී වුනත් ඉතා සාර්ථක ගමනක් යන්න පුළුවන්.
හිත පිට දුවාවි. කාරි නෑ. ඒ දේට අනුමත වෙලා, ඒ දේ අනුමත කරල, අපි හිතට කියල දෙමු, "හිත පිට ගියා නම් තමයි. මං කරන්න ආවෙ ශරීරය දිහා බලාගෙන ඉන්න එක." අපි හිතට පොඩ්ඩ පොඩ්ඩ උගන්වමු. සද්දයක් ඇහෙනකොට ඒ සද්දයට හිත වැඩිපුර යන්න පුළුවන්. කාරි නෑ. අපි හිතට උගන්වමු, "ඔව්, සද්දයට හිත යනව නම් තමයි. නමුත් මම දැන් මේ කරන්නෙ භාවනාවෙන් ශරීරය දිහා බලාගෙන ඉන්න එක. සද්දෙ අහගෙන ඉන්න එක නෙවෙයි." අපි හිතට කරුණාවන්තව උගන්වන්න පටන් ගමු.
ඒ කරන වැරැද්දට අපි සමාව දෙන්න පටන් ගනිමු. ඒ වැරැද්ද දැක දැක, ඒ වැරැද්ද අනුමත කරලා, ඒ වැරැද්ද නිවැරදි කරන විදිහේ මාර්ගෝපදේශනය අපි සලසන්න පටන් ගනිමු. අන්න එහෙම වුනහම පින්වතුනි, අපේ ජීවිතේ වැරැද්දම අපිට නිවැරැද්දට යන්න පාර පෙන්වාවි.
මේකටයි කියන්නේ වැටුනොත් නැඟිටිනවා කියල.
ඉතින් මම බොහොම සංතෝසයි, අද දවසේ මට ඔය කියන කාරණා ටික කියන්න අවස්ථාවක් හම්බ වෙච්ච එක ගැන. මේක තමයි අපේ නිවීමේ කලාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා, මං හිතනවා, මේ කියපු දේශනාවෙන් ඔය ඇත්තන්ගෙ ජීවිතය තුල, තමන්ගේ තියන දුක් කම්කටොළු වලින් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් සකස් වුනා නම්, ඒක ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත හිතසුව පිණිසම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
නිදහස්වීම
(සංයුක්ත නිකාය සකුණග්ඝී සූත්‍රය ඇසුරින්)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අතීතං නාන්වාගමෙය්ය
නප්පටිකඞ්ඛෙ අනාගතං
යදතීතං පහීනං තං
අප්පත්තඤ්ච අනාගතං.
පච්චුප්පන්නඤ්ච යො ධම්මං
තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං
තං විද්වා මනුබ්රූහයෙ."
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අම්පාර කියල කියන්නේ වියළි කලාපයේ තියෙන්නේ. මටත් හොඳට මතකයි. ඒ කාලේ මං පදියතලාව ඉස්කෝලෙට ගියේ. ඒ යනකොට අපිට තිබ්බ කිලෝමීටර කීපයක් ඇවිදින්න. ඔය එන අතරමඟ ඒ කාලෙ හරිම ලස්සනයි. දැන් නම් මට එච්චර මතකත් නෑ වගේ. කාලෙකින් ගමේ එහෙම ගියේ නැති හින්ද පයින්.
අතරමඟ හරියට වෙල් යායවල් තිබ්බ. එක්කෙනෙක්ගෙ ඉඩමක් පහු කරල තවත් එක් කෙනෙක්ගෙ ඉඩමකට යනකොට ඒක තවත් වෙල් යායක් වගේ. කොහොම නමුත් ගොවිතැන් කරන තැනක්. ඒ පැත්තෙ තියන විශේෂම ලක්ෂණය තමා සී සාන්නෙ එක හා කාලෙක. ඒ කාලෙ තිබුනා ක්‍රමයක් 'අත්තම්' කියල. මං දන්නෙ නෑ දැන් ඒක තියනවද කියල. ඒ කියන්නෙ අහල පහල කට්ටිය ඔක්කෝම එකතු වෙලා එක් කෙනෙක්ගෙ ඉඩමෙ තියන දේවල් ටික කරල දෙනව. ඊට පස්සෙ ඒ ගොල්ලො අනික් කෙනාගෙ ඉඩමට යනව. ආන් ඒ විදියට එකතු වෙලා කරන එකක් තිබ්බ. හරීම සුන්දරයි ඒ ගම. බොහොම ලස්සනයි.
ඉතින් මට මතකයි, ඉස්කෝලෙ ගිහිල්ල එනකොට අපි ඔය අහල පහල තියන ගඩා ගෙඩි කකා තමයි එන්නෙ. කිලෝමීටර කිහිපයක් ඇවිදින්න තිබ්බනෙ. නංගිගෙයි මල්ලිගෙයි බෑග් දෙකත් උස්සන් එන්න සමහර වෙලාවට මට සිද්ධ වුනා. කොහොම හරි ඒ මහන්සීන් ඔක්කොම යනව ඔය තියන ගඩා ගෙඩි මොනව හරි කන්න වුනහම. සීසෑවට පස්සේ, කුඹුරක් හෑවයි කියලයි කියන්නේ, හෑවට පස්සේ ඒ හරියෙන් අපි යනකොට දකිනව ඔය කැපිල ඉන්න කෘමි සත්තු අල්ලන්න කුරුල්ලො ඇවිල්ල මාන බලනව, හොයනව. එහෙම එහෙම ලස්සන දර්ශණ තිබුන.
හරි සුන්දරයි අපිට ඒ වගේ කුරුළු රෑනක් පේන්න වුනාම. සමහරක් වෙලාවට පොඩි කාලෙ අපිත් නිකං උත්සාහ කරල තියනවා කුරුල්ලෙක්ව අල්ල ගන්න. කරන්න බෑ. ඒ වුනාට උත්සාහ කරල තියනව. ඒ කුරුල්ලො ටිකක් ඈතට පියාඹගෙන යනවා. පියාඹගෙන ගිහිල්ල අර පස් පිඬැල්ලක් අස්සෙම හැංගෙනව. පියාඹගෙන ගිහිල්ල පස් පිඬැල්ලක් අස්සෙම හැංගෙනව ගොඩක් වෙලාවට.
ඔන්න ඔය කියන කාරණේට සමාන විදිහේ සිද්ධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, සංයුක්ත නිකායෙදී. එක දවසක් කැට කිරිල්ලියක් ඉඳල තියනව. ඔය ඇත්තො දන්නවනෙ කැට කිරිල්ලි කියන්නෙ කවුද කියල. අර හාපු පසේ සතුන් හොය හොයා කන එක්කෙනා. කීචි බීචි ගගා ඇවිදින්නෙ. රංචු පිටින් ඉන්නෙ. එහෙම කුරුල්ලෙක් හරි කිරිල්ලියක් හරි දවසක්, ඔය වගේ සීසාපු තැනක ඉන්නවලු එළිමහනෙ. අහසේ මහ විශාල අත්තටු තියන උකුස්සෙක් යනවලු. මේ උකුස්සා මාන බල බලා යන්නේ අද දවසේ මගෙ ගොදුර මොකද්ද කියල තමයි. අද දවසේ ආහාරයට ගන්නෙ මොකද්ද කියල තමයි හොය හොයා යන්නෙ. උකුසු ඇස දාගෙන යනවා කියලයි අපි අහල තියෙන්නෙ.
ඉතින් ඔය වෙලාවෙ උකුස්ස දකිනවලු අර කැට කිරිල්ලිව. දැකල වේගෙන් පියාඹගෙන එනවලු ඒ කිරිල්ලි ගාවට. එහෙම වේගෙන් පියාඹගෙන ඇවිල්ල, අර කැට කිරිල්ලි හිතන්නත් කලියෙන් එකපාරටම, උකුස්සගෙ අර කකුල් දෙකෙන් මේ කැට කිරිල්ලිව අල්ලගෙන අහසට පියාඹගෙන යනවලු. මේක බුදුරජාණන් වහන්සේ කියල දෙන උපමා කතාවක්.
එහෙම යනකොට කැට කිරිල්ලි දැන් තමන්ටම කියා ගන්නවලු
"අපෙ තාත්ත කියාපු දේ ඇහුව නම් මට මේක වෙන්නෙ නෑ නෙ"
කියල කිවුවලු. මොකද්ද කිවුවේ?
"අපෙ තාත්තා මට කියල දුන්න දේ කරල තිබ්බ නම්, ඒක ඇහුව නම්, මට මේ දේ වෙන්නෙ නෑනෙ"
කියල කිවුවලු. උකුස්සට මේකට ටිකක් සැකයක් ආවලු. මොකද්ද එතකොට මේ මගෙනුත් බේරෙන්න පුළුවන් වෙන විදියට තාත්ත දුන්න උපදේසය? කියල. උකුස්ස ඇහුවලු "මොකද්ද ඒ" කියල. ඊට පස්සෙ කැට කිරිල්ලි කියනවලු,
"මාව පොළොවට දාන්න. අතාරින්න පොළොවට. එතකොට මං පෙන්නන්නං" කියල.
උකුස්ස මේ යෝජනවට කැමති වෙනව. උකුස්ස ගොඩක් විශාල සහ දරුණු සතෙක් හින්ද ඌ බය වෙන්නෙ නෑ. ඊට පස්සෙ කැට කිරිල්ලිව ආපහු අතහරිනව. කැට කිරිල්ලි මොකද කරන්නෙ, ආපහු අර සීසාපු තැනටම එනව. හරියට අර අපි ඉස්කෝලෙ යනකොට පේනව වගේ වටපිටාවෙ. එතනටම ඇවිල්ල මේ හාල තියන පස් ගොඩේ ඉන්නව. ඒ ඉන්නකොට උකුස්ස ආපහු රවුමක් දෙකක් කැරකිල, දැන් ආපහු එනව මේ කැට කිරිල්ලිව අල්ලන්න. උකුස්සා කිට්ටු වෙනකංම ඉඳලා කැට කිරිල්ලි මොකද කරන්නෙ?
එකපාරටම අර පස් පිඬැල්ලක් අස්සට රිංගනව. උකුස්ස අල්ලන්නෙ අර පස් පිඬැල්ල. කැට කිරිල්ලිව නෙවෙයි. කැට කිරිල්ලි බේරෙනව.
එයාගෙ පිය උරුමය වුනේ පින්වතුනි, 'පස් පිඬැල්ල ඇතුලේ ඉන්න' කියන එකයි.
ඔය ඇත්තොත් මමත් අපේ ජීවිතය තුල දුකට පත් වෙන වාර අනන්තයි. අපි හිතන්නත් කලියෙන් අපි ගාවට දුක එනව. හරියට කැට කිරිල්ලි තමන්ගෙ පිය උරුමයට කිට්ටුව හිටියෙ නැති හින්දා උකුස්සා අල්ල ගත්ත වගේ, අපිත් අපේ ජීවිතය තුල දුක් සන්තාපයන්ට ලක් වෙන්නේ අපිත් නොහිතන ඉක්මණකටයි. නොහිතන විගහකටයි. ඒ දුක පින්වතුනි, අපි මීට කලින් කරපු දේක තියන වැරැද්දක් හින්දා දුක් වෙනව වෙන්න පුළුවන්. අනාගතේ අපිට යම්කිසි දෙයක් වෙනවා කියල හිතන හින්දා දුක් වෙනවා වෙන්නත් පුළුවන්. අතීතයෙ අපි අතින් වෙච්ච වැරැද්දක් කල්පනා කරල දුක් වෙනව වෙන්නත් පුළුවන්. අනාගතේ අපිට යම්කිසි දුකක් අත්පත් වේවි හෝ දුකකට මුහුණ දෙන්න වේවි කියල හිතලා දුක් වෙනවා වෙන්නත් පුළුවන්.
ඔය ඇත්තොත් මමත් අතීතය සහ අනාගතය කියන දෙක තුල ඉන්න තාක් කල්, අපි දුකේමයි ජීවත් වෙන්නෙ. අපි පුරුදු වුනහම ඔය කියන අතීතයෙ සහ අනාගතය තුලම රැඳිල ඉන්න, ඒ අතීතය සහ අනාගතයම අරමුණු කරන්න අපි පුරුදු වුනහම පින්වතුනි, අපි කතාවක් කලත්, වැඩක් කලත්, සිතුවිල්ලක් හිතුවත්, ඒ හැම එකක්ම අපිට මෙනෙහි වෙන්නේ, අපිට මතක් වෙන්නේ දුකක් හැටියටමයි. හේතුව අපි ඒ හැම එකක්ම ඉගෙනගෙන තියෙන්නේ, දුකක අනුසාරයෙන් කල්පනා කරන්න විතරක් වෙන හින්ද.
එතකොට ඔය දුක කියන දේ ඔය ඇත්තන්වත් මාවත් රඳවල තියන්නේ, ගැට ගහල තියන්නේ, හිර කරවල තියන්නේ, අතීතය තුලයි. අනාගතය තුලයි. අපි සිද්ධ කරපු යම්කිසි වූ කාරණාවක් මේ වෙනකොට අතීතයට ගිහිල්ල තියෙන්න පුළුවන්. අපි කරපු හැම දෙයක්ම. මේ මොහොත තුල ඉන්න එක හැරෙන්න. ඒ වුනාට අතීතය දිහා අපි එබිකම් කරල බලනකොට අපේ මතකයේ තියෙන්නේ, අපිට මතක් වෙන්නේ, අපි දුක හදා ගත්ත දේවල් නම්, ඒ තමයි අතීතයේ ස්වභාවය.
එක පැත්තකින් පින්වතුනි, අපි මෙනෙහි කරන්න දාන්නේ ඒ දුක් ඇති වෙන පැත්ත විතරක් කියන එකයි සාමාන්‍ය කාරණේ. තවත් පැත්තකින් අපි අතීතයෙ වහලෙක් වෙන එකයි ඊළඟ කාරණේ. අපිට මුහුණ දෙන්න තියන කාරණාවල් එක්ක ජීවිතේ ඉදිරියට මුහුණ දෙන්න තියන කාරණා හෝ එහෙම දේවල් සිද්ධ වේවි කියන අදහසින් අනාගතේ ගැන අපි කල්පනා කරනව නම්, හිතනව නම්, ඒක තුලත් අපිට දුකක් ගෙනත් දෙන්නම පුළුවන්. හේතුව, හට ගත්තෙ නැති අනාගතයක් ගැනයි අපි කල්පනා කරන්නෙ.
ඔය ඇත්තන්ගෙත් මගෙත් ජීවිත අවබෝධය තුල බලනකොට අපි මෙච්චර කාලයක් දැනුම් තේරුම් ඇති කරගෙන තියන දේවල්වල තියෙන්නේ, අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබුනා නම් ලැබුනෙ ඊට වඩා වෙනස් දෙයක්. අවසානෙදි අපි හිත හදා ගත්තා මේ තියන දෙයත් එක්ක ඉන්න. එහෙම හිත හදා ගන්න බැරි වුනාම අනාගතේ ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. අතීතය අතහැර අතහැර, අතීතයට දෙස් දෙවොල් තිය තිය, ඒ අතීතය තුල ලබා ගන්න බැරි දේ අනාගතයේදීවත් ලබා ගන්න උත්සාහ කරනවා කියන අදහසටයි අපි අපේ හිත මෙහෙවුවේ හැමදාකම. හැම මොහොතකම. හැම අවස්ථාවකම.
ප්‍රශ්නයක්, කරදරයක් ආවහම, හිතට වද වේදනා වෙන්න වුනහම, අපි උත්සාහ කරන්න පටන් ගත්තා ඒ දේවල් වලින් නිදහස් වෙනවා කියන ඉලක්කයට යන්න. ඒ නිදහස් වෙනවා කියන අරමුණට යන්න. අපේ භාවිතා කරපු කාරණාව තුල තිබ්බෙත් තවත් දුකක් හදා ගැනීමක්මයි. දුකෙන් නිදහස් වෙන්න අපි භාවිතා කරපු ක්‍රියාමාර්ගය අපිව දුකකටම ඇදල දාන්න යොමු කරල තිබුන. අපිව අරගෙන ගිහිල්ල තිබුන. හසුරුවල තිබුන. අතීතය සහ අනාගතය කියන දෙක තුල ඔය ඇත්තොත් මමත් හැමදාම හිර වෙලා හිටිය.
අපි වචනයක් කතා කලොත් අපේ හිත මතක් කරල දෙන්නෙ, මං මේ වචනය කිවුවෙ වැරදියට කියලයි. අපි වැඩක් කලොත් අපේ හිත මතක් කරල දෙන්නේ, මම ඒ වැඩේ කලේ වැරදියට කියලයි. අපි සිතුවිල්ලක් හිතුවොත් අපේ හිත අපිට මතක් කරල දුන්නේ, ඔය හිතාපු විදිහ වැරදියි කියලයි. කවම කවදාකවත්, බොහෝ වෙලාවට, අපේ හිත්, අපිට ගරුසරුවක් දක්වන විදියට හෝ අපිට වටිනාකමක් දෙන විදියකට හෝ සංතෝස වෙන්න පුළුවන් වෙන විදියකට අපිව අරගෙන ගියේ නැහැ.
ඒක හින්දයි ඔය ඇත්තොත් මමත් අද වෙනකොට සංසාරයෙ ඉන්නෙ. ඒක හින්දයි ඔය ඇත්තොත් මමත්, අද වෙනකොට වචනයක් කතා කලාට පස්සේ දුක හදා ගන්නෙ. ඒක හින්දයි ඔය ඇත්තොත් මමත් වැඩ කටයුත්තක් කලාට පස්සෙ පීඩාවල් ඇති කර ගන්නෙ. ඒක හින්දයි සිතුවිල්ලක් හිතුවාමත් පීඩාවල් හදා ගන්නෙ. මේකට ප්‍රධානම හේතුව පින්වතුනි, ඔය ඇත්තොත් මමත් අතීතයේ සහ අනාගතයේ වහලෙක් වෙලා ඉන්න එක.
අපි දන්නෙ නෑ අපි එහෙම එකකද මේ ඉන්නෙ කියලත්. ඒ වුනාට අපි කතා බහ කරන වචනවල බලන්න තියන හැම අවස්ථාවක්ම වගේ, සියයට අනූ නමයකටත් කිට්ටු අවස්ථාවල් තියෙන්නෙ අතීත සිද්ධියක් ගැන කතා කිරීමක් ගැන නේද? එහෙම නැති නම් අනාගත සිද්ධියක සිද්ධ වෙන්න ඕන විදිහක් ගැන කතා කිරීමක් නේද? මේ දෙකම අපිට අල්ලන්න බැරි පරාසයකයි තියෙන්නෙ. හේතුව අතීතය කියල කියන්නෙ ඉවර වෙච්ච එකක්. අනාගතය කියල කියන්නෙ හට නොගත්ත එකක්.
අපි ඔය දෙකම ඇති කරවන්න බලන්නෙ කල්පනා කරලයි. හිතලයි. ඒක සිද්ධ කරන්න බැරි දෙයක්. ඒක හන්දයි අපිට දුක තියෙන්නෙ. ඒක හන්දයි අපි තැවුල් හදා ගන්නෙ. ඔය කියන අතීතය සහ අනාගතය කියන දුකෙන් අපිට නිදහස් වෙන්න බැරිද එතකොට. අන්න ඒ කියන අතීතය සහ අනාගතය කියන දුකෙන් නිදහස් වීමටයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ සතිපට්ඨානය.
සතිපට්ඨානය කියල කියන්නේ වර්තමාන මොහොත. වර්තමාන මොහොත කියල කියන්නේ, මේ මොහොත තුල ඔය ඇත්තොත් මමත් සිදු කරන කාරණා. ඊට කලියෙන් අපි අතීතය ගැන මෙනෙහි කරනකොට, අතීතය ගැන කතා කරනකොට, අනාගතය ගැන මෙනෙහි කරනකොට, අනාගතය ගැන කතා කරනකොට, අපි තේරුම් ගත්තෙ නැහැ මම දැන් මේ කල්පනා කරන්නෙ අතීතය ගැනයි හෝ අනාගතය ගැනයි. මේ කතා කරන්නෙ අතීතයෙ තියන දේකුයි හෝ අනාගතයෙ තියන දේකුයි කියල අපි අවබෝධ කර ගත්තෙ නැහැ. අපි අවබෝධ කර ගත්තෙ නැහැ. ඒ වෙනුවට අතීත සිද්ධිය හාර අවුස්සාගෙන අපි කතා කලා විනා.
ඒ සිද්ධිය තුලින් අපිව දුකකට ඇදල දාන්න පුළුවන්. අපේ වචනය තුලින් වෙන කෙනෙක්ගෙ හිතට දුකක් දෙන්නත් පුළුවන්. ඒක ගැන අපිට තේරීමක් නැහැ. අපි නිකං අතීතයම හාර ඇවිස්සුව. දැන් සතිපට්ඨානය හන්ද අවස්ථාවක් තියනව පින්වතුනි, අපි නොදැන කරපු ඒ කාරණාවට දැනුවත්භාවය කියල කියන අවබෝධය එකතු කරන්න. අතීතයෙ තියන දෙයක් කතා බහ කරනකොට අපි අපිටම කියාගමු, අපිම තේරුම් ගනිමු, මං මේ අතීතයෙ දේකුයි කල්පනා කරන්නෙ කියල. සිද්ධ වෙච්ච දේකුයි මේ කල්පනා කරන්නේ කියල අපි තේරුම් ගනිමු. ඒක පින්වතුනි වර්තමානය තුල අපි සිදු කරන දේ ගැන විශේෂ වශයෙන් දැන ගැනීමකුයි. විශේෂ වශයෙන් දැන ගැනීමකුයි අපි ඒ කරන්නෙ.
ඊට කලියෙන් අපි ඒ දේට විශේෂ තැනක් දුන්නෙ නැහැ. අතීතය ගැන හිතනකොට ඔව් අතීතය ගැන හිතනව. එච්චරයි. අපි ඒක දන්නෙත් නෑ අතීතය ගැන හිතනවද කියල. ඒ ගැන හිතනව. අතීතයෙ දෙයක්, ඒ ගැන කල්පනා කර කර ඉන්නව. අනාගතයට මොනව හරි හීනයක් මව මවා ඉන්නව. අතීතය ගැන කතා කරනවා නම්, ඔව්, අතීතයෙ දෙයක් හාර අවුස්සාගෙන ඉතින් කතා කර කර ඉන්නව, මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියල. අනාගතයෙ මෙහෙම කරන්න හිතාගෙන ඉන්නව කියල හිතාගෙන ඉන්නව නම්, හා...ඒ විදියට එහෙනම් කතා කරනව, කරනව, කරනව, කරනව. අපි දන්නෙ නැහැ මම මේ ඉන්නෙ අතීතයෙද ඉන්නෙ අනාගතයෙද කියල.
නමුත් සතිපට්ඨානය හන්දා අපිට පැහැදිලි වර්තමානය හම්බ වෙනවා. නිදහස හම්බ වෙනවා පින්වතුනි. ඒ කොහොමද? මේ මොහොත තුල මම මේ කටයුත්ත කරන්නේ අතීතයට නැඹුරු වෙලා කියන එක තේරුම් ගත්තා නම්, ඒක සතිපට්ඨානය තමයි. ඒ සිහිය පිහිටුවීම තමයි. මං මේ කරන කටයුත්තට මේ කරන්නේ අනාගතයට නැඹුරු වෙලා අනාගතයට බර වෙලා කියල තේරුම් ගත්තා නම්, ඒක සිහිය තමයි.
වෙනස තියෙන්නේ, මම දැන් මේ මොහොත තුල කරන්නෙ මේකයි කියල හඳුනා ගන්නවාද නැද්ද කියන කාරණාව මතයි සිහිය තියනවාද නැද්ද කියන එක තේරුම් ගන්නෙ. මම දැන් මේ මොහොත තුල කරන කියන කාරණේ දැනුවත්භාවයකින්මද කරන්නේ? පුරුද්දකටද කරන්නේ? කියන එකයි හොයාගන්න ඕන වෙන්නෙ. ඒ කරන දේ හෝ කියන දේ දැනුවත්භාවයකින්ම කරනවා නම්, දැනුවත්භාවයකින්ම කියනවා නම්, දැනුවත්භාවකින්ම සිතනවා නම්, අපි ඉන්නේ සතිපට්ඨානය තුලයි. අපි ඉන්නේ සිහිය තුලයි. වර්තමානය තුලයි.
ඒකෙ ඉන්නකොට තියන වාසිය මෙහෙමයි. යම් වෙලාවකදි පින්වතුනේ, අපි අර අතීතය ගැන හිතන එක හෝ අතීතය ගැන කරන කතාව හෝ අපිව දුකකට අරගෙන යනවා කියන අවස්ථාවට යන්න වුනොත්, ඒ බව අපිට තේරුනොත් එහෙම, අපි බොහෝම ඉක්මනට ඒ දුක හිතෙන බවෙන් හෝ ඒ දුකකට අරන් යන භාවයෙන් අපිව රැක ගනීවි. තමන්වම ආරක්ෂා කරාවි.
ඒක හරියටම සමාන වෙනවා අර කැට කිරිල්ලී සෙල්ලම් කර කර ඉන්නවා, නැත්නම් කෑම හොය හොයා ඉන්නවා අර පස් පිඬලි ගොඩේ. ඒ හිටියා වුනාට උකුස්සෙක් එනව දකිනකොටම ගිහිල්ල රිංගනවා, හැංගෙනවා, අර පස් පිඬැල්ලක් අස්සක. ඒ පස් පිඬැල්ලක් අස්සට ඇවිල්ල උකුස්සට මෙයාව අල්ලන්න අමාරුයි. අල්ලන්න පුළුවන්කමක් නෑ. එතන එයාගේ රැකවරණය තියනවා, ආරක්ෂාව තියනවා. වගේ පින්වතුනි.
අපිට අතීතය ගැන මෙනෙහි කරන්න එපා කියල බුද්ධ ශාසනයෙ උගන්වන්නෙ නැහැ පින්වතුනි. අනාගතය ගැන සැලසුම් හදන්න එපා කියල බුද්ධ ශාසනයෙ උගන්වන්නෙ නැහැ. නමුත් කියල දෙන කාරණාව තමයි, අතීතයෙ වහලෙක් වෙන්න එපා කියන එක. අනාගතයෙ වහලෙක් වෙන්න එපා කියන එකයි උගන්වන්නෙ. හැබැයි අපි දන්නෙ නැහැ ඔය කියන දේ කරන්නෙ කොහොමද? කියල. ආන් ඒ කරන විදිය තමයි සතිපට්ඨානයෙන් අපිට උගන්වන්නෙ.
ඒක වෙන්නෙ කොහොමද?
අතීතයෙ කාරණාවක් අපි කතා කරනව නම්, අතීතයක් ගැන මෙනෙහි කරනවා නම්, අතීතයක් ගැන හිතනවා නම්, කල්පනා කරනවා නම්, අපි හඳුනාගන්න පටන් ගනිමු, ඔව් මම මේ අතීතය ගැන හිතන්නෙ. අතීත සිද්ධියක් ගැන කතා කරනවා නම්, අපි අපිම තේරුම් කරන්න බලමු, අපිම සනිටුහන් කර ගනිමු, හඳුනා ගනිමු, "ඔව්...මම මේ අතීතයෙ දේකුයි කතා කරන්නේ" කියල.
එහෙම වුනාම තියන වාසිය පින්වතුනි, යම් වෙලාවක අර 'දුක' කියන උකුස්සා අපි ගාවට එනකොට එන්නෙ කොහොමද? අපි කතා කරන වචන ටිකම, මේ අතීතයෙ කතාවක්නෙ මේ කතා කරන්න යන්නෙ, උදාහරණයක් හැටියට ගත්ත විදියට, ඒ අතීත සිද්ධිය තුල අපිව දුකට අරන් යන ස්වභාවයක් තියනව නම්, ඒ කියන්නෙ කුපිත කරවන, අපිව නොසන්සුන් කරවන, අපේ ඉවසීම නැති කරවන, අපිව බයට පත් කරවන, අපිට කරදර ඇති කරවන, ආදී වශයෙන් ඒ විදිහේ ස්වභාවයකට අපිව පමුණුවනව නම්, යොමු කරවනව නම්, අරගෙන යනවා නම්, අන්න අපි හඳුනා ගන්න පටන් ගන්නවා පින්වතුනි, 'උකුස්සා' තමයි මේ එන්නේ කියල.
සිහියේ තියන වෙනස මෙන්න මේකයි. අපි ඒ කතා කරන වචනය තුලම අපිටම තේරෙන්න ගන්නවා, මම මේ කතා කරන වචනය දැන් යන්නෙ දුකක් හරහා, දැන් යන්නෙ දුකක් පැත්තකටයි. මේ කතාව පටන් ගත්තෙ හොඳ එකකින් තමා, ඒ වුනාට දැන් වෙනකොට නම් කතාව යන්නෙ දුකක් පැත්තකටයි කියල තේරුනා නම්, අන්න අපි අර සිහියේ ආරක්ෂිත ස්ථානයට එන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතට. මොකද්ද වර්තමාන මොහොත?
මම දැන් මේ කතා කරන වචනය දුකක් පැත්තටයි යන්නෙ කියල. කියල ඒ වචනය එතනින් නතර කරන්න බලනව. ඒ වැරදි විදියට යන වචනය නිවැරදි විදියට කතා කරන්න ඉගෙන ගන්නව. අපේ වචනය පුරුදු කරනව. අපේ දිව නමනව. මේක කරන්න
එතකොට වයස් භේදයක් ඕන වෙන්නෙ නෑ. අපේ ජීවිතවල අත්දැකීම්වල භේදයක් ඕන වෙන්නෙත් නෑ. උවමනා වෙන්නේ සිහිය පැවැත්වීම විතරමයි. අනාගතයට යම්කිසි දෙයක් ගියත් ඒ දේ තුලිනුත් ඔය විදියමයි.
මේ මෑත කාලයේදී අපිට සිද්ධ වෙච්ච කාරණාත් එක්ක බලනකොට, සමස්ථයක් හැටියට රටත් එක්ක ඒව ගැන අපි කතා කරනකොට මොකද කියන්නෙ? හාමුදුරුවො කියාපු එක ඇත්තද බොරුද? අපි කතා කරන්න පටන් ගත්තෙ එක දේකින් වෙන්න පුළුවන්. පස්සෙ බහින් බස් වෙන, දොඩමළු වෙන, තරහ මරහ ඇති කර ගන්න තරමට අපේ වචනය යනවා නේද? අපේ වචනය ගියා නේද? ඒකට හේතුව අපි හඳුනා නොගත්ත නිසයි මම මේ අතීතය ගැනයි කතා කරන්නේ කියල. අපි අතීතය වර්තමානය හැටියට හිතාගෙන, අපි එතන ඉන්නවා කියල හිතාගෙන, අපි ඒ දේ හරියටම දන්නවා කියල හිතාගෙන, කතා කරන්න යන්නෙ. නමුත් අපි එතන ඉඳලත් නැහැ. දන්නෙත් නැහැ. ඒ අතීතයෙ තියන දේ ගැන කතා කලාට පලකුත් නැහැ.
සතිපට්ඨානය කියන දේ තුලින් තමයි පින්වතුනි, කවදාවත් මවන්න බැරි, හදලාවත් පෙන්නන්න බැරි, අතීතය සහ අනාගතය කියන දෙක තුලින් අපිව නිදහස් කරල දෙන්නෙ. ඒ හපන්කම කරන්නෙ සතිපට්ඨානයෙන් විතරයි. සතිපට්ඨානය කියල කියන්නේ පැහැදිලි වර්තමානය. ඒ වර්තමානය කියල කියන්නේ, මම දැන් මෙතන මේ මොහොත තුලදී සිදු කරන, සිදු කෙරෙමින් පවතින කාරණාවයි. ඒ කාරණාවයි අපි ඉගෙන ගන්න පටන් ගන්නේ. මං දැන් මොකද්ද කරන්නෙ? කියලා. ඒ කාරණාවයි අපි තේරුම් ගන්න පටන් ගන්නේ මම දැන් මොකද්ද කරන්නේ? කියල.
ඔය ඇත්තො අද දවසෙ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලයි ඉන්නේ. භාවනාවට වාඩි වෙලා චුට්ටක් බලන්න ඕන, මේ මොහොත තුලදී මට ඇත්තටම මොනවද තේරෙන්නෙ කියල. ඇඟ රිදෙන්න පුළුවන්. හිත දුවනව වගේ සමහරක් විට තේරෙන්න පුළුවන්. සද්ද ඇහෙන්න පුළුවන්. රස්නෙ වැඩියි කියල තේරෙන්න පුළුවන්. නිදිමත වැඩියි කියල බෙල්ල කඩාගෙන වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ පාත ඉන්න කෙනෙකුට නින්ද ගිහිල්ල ගොරවන සද්දෙ ඇහෙන්නත් පුළුවන්. කාරි නෑ. මේ ඔක්කොම සිහියක් තමා.
මේ ඔක්කොම ටික සිහියක් තමා.
ඒ හැමදෙයක් තුලින්ම තමයි පින්වතුනි, අපේ වර්තමානය සකස් වෙලා තියෙන්නෙ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඇඳුමක් අඳිනකොට, ඒ අඳින ඇඳුම දැනගනිමින් අඳින්න කියලයි. තේරුම් ගනිමින් අඳින්න කියලයි. අපිට තියනව සිවුරු වර්ග තුනක්. සංඝාටිය කියල කියන්නෙ මේකට. මේ තනිපට සිවුර, උත්තරාසංඝය. අනික එක තමා අඳනය. ඉතින් අපිට කියනවා, අඳනය අඳිනකොට දැනගන්න කියල මම මේ අඳනය අඳින්නෙ කියල. මේකෙ තේරුම නැහැ, "මම මේ අඳනය අඳිනවා, මම මේ අඳනය අඳිනවා, මම මේ අඳනය අඳිනවා" කියල කියන එක නෙවෙයි ඒකෙ තේරුම.
ඒ ඇඳුම අඳින එකත් එක්ක අපිට සජීවී වෙන්නයි කියල දෙන්නෙ. ඔය ඇත්තො ඇඳුම් ඕන තරම් ඇඳල තියනව මේ ජීවිතය තුල. කවදාවත් ඇඳුමක් ඇඟට යනකොට, ඇඳුමක් අපි අපේ ඇඟේ දා ගන්නකොට, ඒ ඇඳුම තුලින් අපිට දැනෙන ස්පර්ශය දැනගෙන තියනවද? අපි බොහෝම මිල මුදල් වියපැහැදම් කරනවා, බොහෝම හොඳ සිනිඳු මටසිළුටු ඇඳුම් ගන්න ඕනෙයි කියල. එහෙමත් ගන්නව. ඒ වුනාට ඒක තුල තියන ඒ මටසිළුටු භාවය අපි බුක්ති විඳල තියනවද? අපි ගොඩක් වෙලාවට ඒක බුක්ති විඳින්නෙ නෑ නේද?
හේතුව තමා ඊට වඩා අපිට අතීතය ගැන මෙනෙහි කරන්න තියනව. කතා කරන්න තියනව. පද ගොතන්න තියනව. කතාන්දර හදන්න තියනව. අනාගතේ ගැන මෙනෙහි කරන්න තියනව. හිතන්න තියනව. ඕකයි හේතුව. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම තමයි, ඉගැන්වීම තමයි, මේ මොහොත තුලදී මේ සිදු කරන කාරණාවත් එක්ක රැඳිලා ඉන්න කියන එක.
මේ මොහොත කියල කියන්නෙ පින්වතුනි ගලාගෙන යන දෙයක්. ඔය ඇත්තො භාවනාවට වාඩි වෙලා බලන්නකො. සද්ද බද්ද කියන ඒවා ඇහුනා, ඉවරයි. නමුත් අපි ඒව මතක් කරනව. අතීතයෙ ඇහිච්ච සද්දෙ, අපියි මතක් කරල ගේන්න බලන්නෙ වර්තමානය තුලට. අන්න ඒකයි කිවුවේ අතීතය මෙනෙහි කරනවා කියල.
වර්තමානය තුල ඉන්නවා කියල කියන්නේ මේ මොහොතේ දැනෙන දේත් එක්ක ඉන්නවා. භාවනාවට ගියපුවාම අපි ඕක කරන්න පටන් ගත්තොත් "මේ තියන සද්ද බද්ද ඔක්කෝම අල්ලනවා, මේ තියන දැනෙන වේදනාවල් ඔක්කෝම අල්ලනවා" කියල හිතුවොත් එහෙම කරන්න අමාරු වේවි. මම මේ අත්දැකීමෙන් කියන්නෙ.
නමුත් අපි කොටහ කොටහ පටන් ගන්න බලමු. භාවනාවට පොඩ්ඩක් වාඩි වෙලා හිතන්න එපා මම පැයක්ම ඉන්නවා කියල. කාරි නෑ. එච්චර ඉන්න ඕනත් නෑ. තමන්ට ඉන්න පුළුවන් උපරිම වෙලාව තත්පර පහළොවද, ඒ හොඳටෝම ඇති එක වතාවකට. ඒ තත්පර පහළොවෙන් පස්සෙ ඇඟ වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඊළඟට සමහරක් වෙලාවට ඉරියව්වම මාරු කරන්න වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ වාඩි වෙලා ඉඳල නැඟිටින්න හිතෙන්නත් පුළුවන්. කාරි නෑ. කලාට කම් නෑ.
නමුත් අර හිටපු වෙලාව තුල හොඳ අවධානයක් පවත්වල බලන්න, ඒ වර්තමානයෙ තියන දේවල් එක්ක තමන් සාමයෙන් ඉන්නවාද නැද්ද කියල. ඔච්චරයි. මේ ලැබෙන වර්තමානය තුල, අපි මුහුණ දෙන වර්තමානය තුල, අපි බලාපොරොත්තු වෙච්ච නැති දේ, අපිට හම්බ වෙන්න පුළුවන් පින්වතුනි.
අපිට ඕන වෙන්නෙ කිසීම කිසි වේදනාවක් නැති ඇඟක් තියාගන්න වෙන්න පුළුවන්. ඒ වුනාට මේ ඇඟේ ස්වභාවය වේදනාවල් තියන එක නම්, ඒ තියන දේ එයා අපිට පෙන්නනව. එහෙම වුනාම කරන්න ඕන හොඳම දේ තමා, ඒ තියන වේදනාවත් එක්ක සාමයෙන් ඉන්න එක. ඒක හොඳයි කියල සලකන එක. නමුත් අපි අපේ පුරුද්ද ඇති කරල තියෙන්නේ මීට වඩා හොඳ විදියට දැනුනා අහවල් කාලයේදී, කියල හිතලා ඒ අනුව මෙනෙහි කරන්නටයි. ඒ අනුව කල්පනා කරන්නටයි. කතා කරන්නටයි. අන්න ඒකයි අපිට වර්තමානය කියන එක බැහැර වෙලා තියෙන්නෙ. වර්තමානය කියන එක අපිට අල්ලන්න බැරි වුනේ.
සතිපට්ඨානය හන්දා, මේ මොහොත තුල දැනෙන ඕනෑම දෙයක් එක්ක අපි මොහොතක් සාමයෙන් ඉමු. තත්පර කිහිපයක් සාමයෙන් ඉමු. එච්චරයි. ඒ දේ ඒවි. අපි ගාව ඉඳීවි. ඉඳල යාවි. ඔච්චරයි, මේක තුල තියෙන්න ඕන ස්වභාවය සහ තියන ස්වභාවය. අපි අපේ හිත හදා ගත්තා නම් ඒ තියන සාමකාමීත්වයත් එක්ක රැඳිල ඉන්නවා කියල, අන්න එතනයි නිදහස තියෙන්නෙ. අන්න එතනයි විමුක්තිය තියෙන්නෙ. අන්න එතනයි පින්වතුනි, අපිට අතීතයට සහ අනාගතයට කියන දෙකට යන්නෙ නැතුව ඉන්න හිත හැදෙන්නෙ.
වර්තමානය තුල දැනෙන එකත් එක්ක අපි සාමයෙන් ඉමු. ඒ අතර අපිට ඕන තරම් වටපිට රූප බලන්න පුළුවන්. සද්ද අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් වෙලාවකදි ඔය ඇත්තන්ට තේරුනොත් එහෙම, "දැන් නම් මං මේ කරන කටයුත්ත මාව අරගෙන යන්නෙ, දුකක් ඇති කරගන්න, දුකක් වැඩි කරගන්න, දුකකට පමුණුවන පැත්තකට" කියල තේරුනොත් එහෙම අපි විගහට පස්පිඬැල්ල අස්සෙ හැංගෙමු. එතනට ගිහිල්ල අපේ ආරක්ෂාව සලසා ගනිමු.
අන්න එහෙමයි පින්වතුනි, අපි අපේ ජීවිතය තුල සතිපට්ඨානයෙ රැකවරණය සලසා ගන්නෙ. සිහිය කියල කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි අපේ සාමාන්‍ය ජීවිතයම තමයි. නමුත් දැනුවත්භාවයක් පිරිච්ච ජීවිතයක්. අපි මීට කලියෙන් කතාබහ කරනකොට, නොදැනුවත්කමින් කතාබහ කළා වෙන්න පුළුවන්. නමුත් අද දවසේ ඔය ඇත්තෝ සිල් සමාදන් වෙන හින්දා, අද ඔය ඇත්තො කෑම කනකොට දැනුවත්කමින්ම කන්න ඕන. අපි සාමාන්‍යයෙන් පුරුදු කරන ක්‍රමය තුල තියෙන්නෙ කෑම පත අරගන්නවා, අනනවා, කන ගමන් අනනවා, ඊළඟ එක සැලසුම් කරනවා. එහා පැත්තෙ කෙනා මටත් වඩා වැඩියෙන් කනවද කියල පොඩ්ඩක් හොරෙනුත් බලනවා. එහෙම නැත්නම් එයාගෙ කෑම පතේ තියන මොකක් හරි එකක් මට තිබ්බ නම් හොඳයි කියල එහෙමත් හිතනව. එයා මං කැමති දෙයක් කන්න අකමැති නම් ඒක පැත්තකට කරල තිබුබ නම් එහෙම අපි හිතනවා අපරාදෙ ඕක මට දීල තිබ්බ නම් ඕක මං ප්‍රයෝජනයක් ගන්නව, අවහල් ලෙඩේටත් ඕක හොඳයිනේ කියල.
සාමාන්‍යයෙන් අපි හිතන ස්වභාවය මෙහෙමයි. අපි හැමදාම අපේ හිත් මෙහෙයවන්නේ, පුරුදු කරන්නේ, මේ තියන දේ තුලින් සංතෝස වෙන්න නෙවෙයි. මේ තියන දේ තුලින් සංතෝසය ඇති කර ගන්න නම් නෙවෙයි. අද දවසේදී ඔය ඇත්තො කෑම කන්න පටන් ගත්තට පස්සේ, දානෙ වළඳනකොට, ඉස්සෙල්ල අනන්න ඕන. වැඩි වෙලාවක් ගන්න. හොඳට අනන්න අනනකොට. ඊට පස්සෙ දානෙ හපන්න පටන් ගන්න. ඒ හපනකොට ආයෙ අනන්න පටන් ගන්න එපා. අදට විතරක් මේක කරන්නකො. අද ඉතින් එක වේලයිනෙ වළඳන්න වෙන්නෙ. දැන් මං මේ කිවුවට පස්සෙ. හපල ඒක ගිලිනකං ආයෙ අනන්න යන්න එපා.
අන්න එතකොට ඔය ඇත්තො ඉගෙන ගනීවි පින්වතුනි, අපි කන කෑමක තියන රසය මොකක්ද කියල. මේක මේ රහට ඇලෙනවා කියන එක නෙවෙයි මේකෙන් කියන්නෙ. නමුත් මෙච්චර කාලෙකට අපි දැනගත්තෙ නැති දෙයක් දැන ගන්නවා කියන එකයි මේකෙන් කියන්නෙ.
අපේ ජීවිතය තුල නිවීම සහ සැනසීම කියන එක අපි ගාව තියනව හැම වෙලාවකම. අපි දන්නෙ නෑ ඒක උපුටා ගන්නෙ කොහොමද කියල. නිවන කියන දේ මරණින් මත්තෙ තියන එකක් නෙවෙයි මේ මොහොත තුල අපි ගාව තියන එකක්. හැබැයි අපි දන්නෙ නෑ නිවන ළඟ නවතින්න. අපි නිවනට එහා යනව. අපි නිවනෙන් ඔබ්බට යනව. ඒකයි අපිට නිවීම හොයාගන්න අමාරු වෙන්නෙ.
අද දවස අපි උත්සාහ කරල බලමු පින්වතුනි, එක වෙලාවකට එක වැඩක් කරන්න. කෑම කන වෙලාවට නිහඬව කෑම ටික කන්න. කෑම අනන වෙලාවට හපන්න එපා. වෙන කෙනෙක් එක්ක කතා කරන්නත් එපා. තමන්ගෙ අතට තේරේවි බත් අනනකොට දැනෙන විදිහ තේරේවි. වෑංජන අනන විදිහ තේරේවි. ඒව තෙතට තියනව නම් ඒව ඇනෙනකොට දැනෙන විදිහත් තේරේවි. එහෙම ගොඩාක් දේවල් තියනව. අද පොඩ්ඩක් මම මේ කියන එක කරල බලන්න. ස්වාමීන් වහන්සේ කියන එක කරල බලන්න. ඔය ඇත්තො මොහොතකට වර්තමානය තුල රැඳුනට පස්සේ තියන නිදහස තේරේවි.
වෙන මොකක්වත් නෙවෙයි පින්වතුනි නිදහස වෙන්නේ. අර අතීතය සහ අනාගතය කියන දෙකෙනුයි අපි නිදහස් වෙලා තියෙන්නෙ. මේ ජීවිතයෙ ඔය ඇත්තොත් මමත් අතීතයෙ සහ අනාගතයෙ වහලෙක් හැමදාකම. ඒ වුනාට වර්තමානය කියන සිහියට ආවට පස්සේ, සතිපට්ඨානයට ආවට පස්සේ, අපි නිවී සැනසිච්ච ඇත්තෝ වෙනව. නිවී සැනසීම ලබා ගන්න ඇත්තෝ වෙනව. මේකයි සතිපට්ඨානයේ ඉලක්කය. සතිපට්ඨානය තුලින් අපිව අරගෙන යන්න හදන තැන.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
ගේදොර කටයුතු සහ දුවා දරුවන්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සකස්ස නිමිත්තං උග්ගංහාතීතී"
පූජනීය මහා සංඝ රත්නයෙන් ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි.
ශ්රද්ධාවන්ත පින්වතුනි,
සුපුරුදු පරිදි අපේ දහම් සාකච්ඡාව කරන වෙලාවටයි ඔය ඇත්තො මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේ මාතෘකාව 'ගේදොර කටයුතු සහ දුවා දරුවන්'
මම මහණ වුනේ දෙදහස් නමය අවුරුද්දේ. ඒ ඉංගිරියේ මඩකඩ කියන ආරණ්‍යයේ. මගේ ගුරුවරයා, උපාධ්‍යායන් වහන්සේ වුනේ අපවත් වෙච්ච අම්පිටියේ මංගල කියන අනුනායක හාමුදුරුවොයි. උන් වහන්සේ මට ගොඩාක් දේවල් කියල දුන්නා. අපි වැඩිය කතා බහ කරල තිබුනෙ නැති වුනාට ඒ කතා කරපු හැම වෙලාවකම වගේ දුන්නු උපදේශයන් මගේ ජීවිතයට ලැබිච්ච අළුත්ම පන්නරයක්. අපවත් වෙන්න කලියෙන් අවසානයටම දුන්නු උපදේශය තමයි, "දැන් මේධාවි එක තැනකට වෙලා ඉන්න ඕන" කියන එක. ඒක හන්ද තමා මම බෝලන්කන්දට වැඩියෙ.
කොහොම නමුත් නායක හාමුරුවෝ ජීවත් වෙලා හිටිය කාලයේ ගමනක් හැටියට ගියපු, මං හිතන්නෙ අවසානම ගමන වෙන්න ඕන, අපි ගියේ තායිලන්තෙට. එහෙට වැඩම කරල නායක හාමුරුවො මාව 'උබෝන්' නඟරයේ තිබිච්ච 'වට් පා නනචට්' කියන ආරණ්‍යයෙ නතර කලා. එහෙ නතර කරල මට කිවුව මේ රටේ තියන බුද්ධ දර්ශනය ඉගෙන ගන්න. මේ රටේ තියන සංස්කෘතියත් එක්ක හැදිච්ච ඒ දහම ඉගෙන ගන්න කියල.
මොකද පුද්ගලිකව 'අජාන් චා' කියන මහ තෙරුන් වහන්සේ ගැන මගේ හිතෙත් ලොකූ පැහැදීමක් තිබ්බා, පිළිගැනීමක් තිබ්බා. ඒකට ප්‍රධානම හේතුව තමයි මට අවුරුදු දාහතේදි හෝ දහඅටේදි වගේ මගේ තාත්ත මට දුන්නු පොතක් හින්ද. ඒ පොතේ නම තමා 'සිතට ආහාර' (food for the heart).
ඔය නනචට් කියන ආරණ්‍යය හරි ලස්සන තැනක්. තැන්නක තියෙන්නේ. ඊට කලින් ඒක එහෙ තිබිච්ච සුසාන භූමිය. එතන තමයි හාමුදුරුවරු ඇවිල්ල නතර වෙලා තියෙන්නෙ. පළවෙනියෙන්ම මෙහෙ හිටපු ලොකු හාමුදුරුවො වුනේ 'අජාන් සුමේධෝ' කියන මහ තෙරුන් වහන්සේයි. උන් වහන්සේත් 'අජාන් චා සුභද්ධෝ' කියන මහ තෙරුන් වහන්සේගේම ගෝල නමක්. මේ ආරණ්‍යයේ විශේෂය තමයි පින්වතුනි, එහේ ඉංග්‍රීසි භාෂාවෙනුයි ඉගැන්වීම් කටයුතු කරන්නෙ. මහ දෙයක් නැහැ. සතිමත් බව වඩන්න අපිට උගන්වනවා. ගිහි පැවිදි කාටත් ඉන්න පුළුවන්. ඒ ආරණ්‍යයෙ වැඩකටයුතු පටන් ගන්නෙ පාන්දර තුනට. වන්දනාව තුනහමාරට තමයි ආරම්භ කරන්නෙ. නැඟිටින්න ඕන තුනට. පිණ්ඩපාතෙ කොහොමත් යන්න තියනවා අඩුම තරමෙ කිලෝමීටර දෙකක්. උපරිම කිලෝමීටර අටක්. පාරවල් කීපයක් යටතේ අපි යන්න ඕන.
එහේ හිටපු ගමන එහේ හිටපු ජීවිතය මට හරිම සුන්දරයි. හේතුව වෙන වෙන රටවල්වල ඉන්න වෙන වෙන හාමුදුරුවරුන්ව ආශ්‍රය කරන්න හම්බ වුනා. එහෙම හම්බ වෙච්ච හාමුදුරුවො කෙනෙක් ගෙ කතාවක් තමා අද මං හිතුවෙ ඔය ඇත්තන්ට කියන්න කියල. උන් වහන්සේ ජර්මන් ජාතික හාමුදුරු නමක්. උන් වහන්සේටගේ නම 'තිරචිත්තෝ'. අපි දෙන්නම එක අවුරුද්දෙයි උපන්නෙ. එක වයසෙ. මහණකං කරන්නෙත් මං හිතන්නෙ එක හා සමාන කාලයක්. ඒ කියන්නෙ අපි දෙන්න අතර බොහොම ලොකු සමානකම් වගයක් තිබ්බ. ඒ හින්දා අපි අපේ ජීවිතේ ජීවන අත්දැකීම් හරියට බෙදා හදා ගත්ත.
ඔහොම කතා කර කර යන ගමන් දවසක් තිරචිත්තො මට මෙන්න මෙහෙම කතාවක් කිවුවා. එහෙදි අපිට අජාන් කියලනෙ කතා කරන්නෙ. අජාන් මේධාවී, කියල කිවුවා එයා එයාගේ වයසේ අවුරුදු දාහත දහඅට වගේ කාලෙ මං හිතන්නේ, trip එකක් ගියාලු යාළුවො කට්ටියක් එක්ක. ඒ trip එක ගිය පැත්තෙ තිබ්බලු පච්ච කොටන තැනක්. මෙයත් මොකද කරා කියන්නේ, කකුලේ පහළ වෙන්න පච්චයක් කොටල. පස්සෙ trip එක ඉවරයක් වෙලා ගෙදරට ඇවිල්ල, දැන් අම්මගෙන් අහන්නෙ නැතුවනෙ වැඩේ කලේ. ඒ නිසා අම්මට පේන විදියට කලිසමක් ඇන්දලු. ඇඳලා කුස්සියෙ අම්ම වැඩ කර කර ඉන්නකොට ගිහිල්ල ඉතින් ළඟ කැරකි කැරකි හිටියලු. කකුල ටිකක් වැඩිපුර ගස්සල පද්දල නිකං පෙන්නන්න උත්සාහ කලාලු.
අම්ම වැඩි ගාණකට ගන්නෙ නැතුව පිඟන් ටික හෝදනවලු. මේක හාමුදුරුවො මා අතින් කියනව, "මට නිකං upset වගේ" කියල කිවුව. මොකද අම්ම හරි නම් බනින්න ඕන. මට සමහරක් විට ගහන්නත් ඕන. මෙහෙම කියල කිවුව, යම් වෙලාවක් ළඟ කැරකි කැරකි හිටියට අම්මගෙන් කිසිම කිසි ප්‍රතිචාරයක් ආපු නැති හින්ද මෙයා මොකද කරල තියෙන්නෙ අම්මට කකුල පෙන්නලලු "අම්මෙ මේ" කියල. "මොකද කියන්නෙ?" කියල ඇහුවලු.
ඒ වෙලාවෙ අම්ම හරි ලස්සන කතාවක් කියල තියනව. "ඔයාට හොඳ නම් මට හොඳයි. ඕක ඔයාගෙ ඇඟ ඔයාට කැමති දේ ඔයාට කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ." තිරචිත්තො මා අතින් කියනවා "හාමුදුරුවනේ අම්ම ගහල තිබ්බ නම් ඊට වඩා හොඳයි එහෙම කියනවට වඩා" කියල. අන්න ඒ වගේ ගේ දොර කටයුතු කරද්දී ගොඩක් වෙලාවට අපේ සමාජය සහ සංස්කෘතිය හුරු වෙලා තියන එක්තරා එක්තරා රටාවල් තියෙන්න පුළුවන්. ඒක එක්තරා විදියකට හොඳයි. නමුත් කෙනෙක්ව ඇඟෙන් අල්ලනවට වඩා හිතෙන් අල්ලන එක මං හිතනවා සාර්ථකයි කියල.
මං ආයෙත් කියන්නම්, කෙනෙක්ව නතර කරන්න, එයාගෙ ඇඟෙන් අල්ලල නතර කරනවට වඩා එයාගෙ හිතෙන් අල්ලල නතර කරන එක සාර්ථකයි. හේතුව එයාගෙ ජීවිතේ එයාට දෙනවා, නමුත් එයාට එයාගෙ සීමාව තේරුම් ගන්නත් ඉඩ දීල.
මේක එක හා ම සමාන වෙනව පින්වතුනි, අපි භාවනා කරනකොට අපේ හිත දුවනව. සද්ද බද්ද වලට යනව. සිතිවිලිවලට යනව. මෙකී නොකී මහා ප්‍රශ්න ගොඩක් හදල දෙනව. අපිට භාවනා කරන්න එපා හිතෙනව. සමහරක් වෙලාවට ආනාපානෙ හිතටත් තේරෙනව. සිහියත් හොඳට වැඩෙනව. ඒ වගේ හැම අවස්ථාවක්ම තියෙන්න පුළුවන්.
හැබැයි ඔය හිත යන එක අපි පාලනය කරන්න පටන් ගත්ත ගමන්ම, ඒක අපිට ඕන විදියට නතර කරන්න පටන් ගත්ත ගමන්ම, එයා දරුණු වෙන්න පටන් ගන්නව. එයා තිබුනාට වඩා සැර වෙන්න පටන් ගන්නව. ඇට්ටර වෙන්න පටන් ගන්නව.
ඊට වඩා ගොඩක්ම ලේසි බවක් තියනවා, පහසුකමක් තියනවා, එයාව බලෙන් නතර කරනවට වඩා එයා කරන දේ අනුමත කරන එක. මේ මොහොත තුල එයා කරන දේ අනුමත කරල දානව. ඒකෙ තේරුම එයා කරන වැරදිවලටත් හා කියනවා කියන එක නෙවෙයි. අපි කරන්නෙ මොකද්ද? වැරදි දේ අහක බලාගෙන ඉන්නවා හරි දේ දැක්කහම ඒකට ස්තුති කරනව.
භාවනාව තුල අපේ හිත දුවන අවස්ථාවක් තිබුනොත් එහෙම, අපි ඒකත් එක්ක ඔට්ටු වෙන්න යන්නෙ නෑනෙ. අපි මොකද කරන්නේ ඒ හිතට දුවන්න ඉඩ දෙනව. නමුත් එක මොහොතක් හරි මේ ශරීරය තුල හෝ ආශ්වාසය ප්රාශ්වාසය තුල හෝ මේ හිත පැලපදියම් වෙලා ඉන්න වෙලාවක් තියනවද අන්න ඒ අවස්ථාවට අපි ස්තුති කරනව හිතට. ඒ අවස්ථාව නැවත ඇති කර ගන්න උත්සාහ කරනව.
ඔය ඇත්තොත් එක්ක කතාබහ කරපු අවස්ථාවන්වල ඔය ඇත්තො මට කිවුවහම,
"අපේ හාමුදුරුවනේ, අද නම් කමටහන් වාර්ථාවෙ තියෙන්නෙ හිත දුවාපු එකම තමයි."
මං ඇහැව්වා,
"ඊට පස්සෙ මොකද වුනේ?"
ඔය ඇත්තො කිවුවා,
"හාමුදුරුවනේ අද භාවනාවෙදි හිත දිවුව. ආපහු මට අරගෙන එන්නත් සිද්ධ වුනා."
"හැම වෙලාවකම අරගෙන ආවද? නැත්නම් ඉඳල හිටල හිතටම තේරිලා හිතම ආවද?"
"ආ...හාමුදුරුවනේ හිතම ආපු අවස්ථා තිබුනා."
ඔන්න ඔය වගේ අවස්ථාවක් ගැන තමයි මම මේ කියන්නෙ. වැරදි තියෙන්න පුළුවන්. නමුත් ඒ අතර නිවැරදි දේවලුත් තියනව. හොඳම වාසිය වෙන්නේ මට තේරෙන හැටියට ඒ වැරදි දේවල් ටිකටම අපි රුකුල් දෙන්න හෝ ඒව සකස් කරන්න හෝ හදන්න යනවාට වඩා හොඳ තියන අවස්ථාව තේරුම් අරගෙන ඒ හොඳ ඔප්නංවා ගන්න, වැඩිදියුණු කරගන්න, යම්කිසි තල්ලුවක් දෙන එකයි.
තායිලන්තයේ ඔය උගන්වන භාවනා ක්‍රමය තුල මම දකින සුවිශේෂී වෙනස ඔන්න ඕකයි අපේ රටට වඩා. අපේ රටේ භාවනා ක්‍රම පින්වතුනි, යම්කිසි කෙනෙක් පිටිපස්සෙන් ඉඳල තල්ලු කරනව වගේ වැඩක් තියෙන්නෙ. ඒ ක්‍රමය තුල අපි කවම කවරදාකවත් ස්වාධීන නෑ. අපි පරාදීනයි. ඒක හන්ද වෙන්න ඇති අපේ රටට අද වෙනකොට මේ තරමේ ගැටළු මතු වෙලා තියෙන්නේ. වෙන කෙනෙකුගෙන් යමක් බලාපොරොත්තු වෙන හින්දා. ඒ කෙනාම ඒ දේ කරල දෙයි. අර කෙනාම ඒ දේ කරල දෙයි ආදී වශයෙන් හිතන තැනට අපේ මනස, අපේ සංස්කෘතික මනස පරිවර්තනය වෙලා තියනවා, නැමිල හැරිල ගිහිල්ල තියනවා.
තායිලන්තය තුල මම දකිනවා ඔයිට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්. එහේ කවුරු හරි කෙනෙක් මහණ වෙන්න ආවම, අපේ රටේ වගේ "අටසිල් කියන්නෙ මෙන්න මේව, දසසිල් රැක්කොත් ඔයාට ඔයිට වඩා හොඳට පින් ලබාගන්න පුළුවන්" එහෙම කියල කියල දෙන්නෙ නෑ. පළවෙනියෙන්ම එයාට තේරෙන විදියට ජීවත් වෙන්න කියල චෙනව. "මේක ආරණ්‍යයක්, මේකෙ වැරදි වැඩ කරන්නෙ නෑ. වැරදි වැඩ කියන්නෙ මොනවද? සත්තු මරන්නෙ නෑ. හොරකම් කරන්නෙ නෑ. කාමයේ හැසිරෙන්නෙ නෑ. බොරු කියන්නෙ නෑ. රහමෙර පානය කරන්නෙ නෑ. ඔච්චරයි."
එහෙම කියලා ඒ කෙනාට ඒ කියල දුන්න එක තුල ඉන්න ඉඩ දෙනව. අපි කියන්නෙ play එකක් තියනව කියල. Play වෙන්න දෙනව. අජාන් චා මහ තෙරුන් වහන්සේගෙන් කෙනෙක් දවසක් ප්‍රශ්නයක් අහනව,
"ඔබ වහන්සේ කොහොමද ගෝලයන්ට උගන්වන්නෙ?"
"ඒගොල්ලො හරි දෙයක් නම් කරන්නෙ මං උගන්වන්න ඕන නෑනෙ. ඒගොල්ලන්ට ඒ හරි දේ කරන්න ඉඩ දීල මං පැත්තකට වෙලා ඉන්නව. වැරදි කරන වෙලාවට විතරක් වැරැද්ද නිවැරදි ආකාරයෙන් කරන්නෙ කොහොමද කියල උගන්වනව. ඔච්චරයි."
මම දකිනවා ඒ කියන ක්‍රමය, තායිලන්තය තුල ඔය කියන සම්ප්රදාය තුල අපිට හරීයට කියල දෙනව. ඒක අතුගාද්දි වෙන්න පුළුවන් දානෙ වළඳද්දි වෙන්න පුළුවන්. කාරි නෑ. එක පාරක් වැරැද්දක් වුනා කියලා ඒ ඇත්තො තරවටු කරන්න යන්නෙ නෑ. විනය පිටකය අරගෙන බැලුවොත් පින්වතුනි, අපිට කියල දෙනවා යම්කිසි කෙනෙක් වැරැද්දක් කරනව නම් ඒ අයට ඉස්සෙල්ලම මිත්රශීලීව කියන්න කියල. එක පාරක් නෙවෙයි. කිහිප වතාවක්.
ඒ වගේ මං හිතනව එදිනෙදා ජීවිතයේදී පවා අපිට පුළුවන්කම තිබ්බොත් එහෙම ඒ කෙනාගේ වැරදි ගණන් නොගෙන නිවැරදි දේවල් ටික ස්පර්ශ කරන්න, ඒවට ස්තූති කරන්න, ඒව අගයන්න, පසුකාලීනව අර භාවනාවේදී අපේ හිත ඉගෙන ගත්තා වගේ, හිත යනවාට වඩා මේ ආනාපානෙට වෙලා ඉන්න එක හොඳයි කියල හිතම තේරුම් ගත්තා වගේ, අපි අවට ඉන්න අනික් ඇත්තොත් තේරුම් ගනීවී එහෙම නම්, වැරැද්ද කරනවට වඩා නිවැරදි දේ තුලින් ජීවත් වෙන එක හොඳයි කියල.
මෙන්න මෙහෙමයි අපි ඇඟෙන් අල්ලල නතර කරන එක නවත්තලා හිතෙන් අල්ලන්න පටන් ගන්නෙ.
එයාලට එතකොට එයාලගෙ ජීවිතේ හම්බ වෙනව. එයාලගෙ ලෝකය. අපි ඒගොල්ලොන්ව පාලනය කරන කෙනා, බලධාරියා වෙන්නෙ නැහැ. ඊට වඩා ඒගොල්ලන්ව අරගෙන යන මාර්ගෝපදේශකය විතරයි වෙන්නෙ.
"අක්ඛාතාරෝ තථාගතා"
ඇත්තටම කියනව නම් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා කියල අපි කියනව. නමුත් උන් වහන්සේ මාරගෝපදේශකයා විතරයි. අපේ ගුරුවරයා අපිම තමයි. භාවනාව තුල මං දකිනවා පින්වතුනි, අපි ඔය කියන ඉලක්කය සම්පූර්ණ කර ගන්න පුළුවන් නම්, එහෙම නම් අපිට භාවනාව හොඳින් කරගෙන යන්න තියන ඉඩ හසර ඉතාමත්ම වැඩියි. ඉතාමත්ම වැඩියි. ඒකට හේතුව තමයි හිතේ වැරැද්ද අපි නිවැරදි කරන්න හදන්නෙ නැති හින්ද. හිත වැරැද්ද කරන්නේ එයාට නිවැරදි දේ කරන්න තේරෙන්නෙ නැති හින්ද. එයා නිවැරදි දේ කරන්නේ ඒ දේ නිවැරදිව කරන්න දන්න හින්ද.
හිත කියල කියන්නෙ ඇත්තටම කියනව නම් අරමුණක් නැති දෙයක් වගේ එකක්. ඒකට කිසි බලයක් නෑ. කිසි අගය කිරීමකුත් නෑ ඇත්තටම කියනව නම්. අපි තමයි ඕකට අගය දෙන්නෙ. අපි තමයි ඒ දේට බලය දෙන්නෙ. හොඳ හෝ නරක, කැමති හෝ අකමැති, ආසා හෝ නැති, ආදී වශයෙන් අපි තමයි ඒ දේට විවිධාකාර විදිහේ එක එක එක එක ආටෝප අලවන්නෙ. අපි අවට ඉන්න දේවලුත් ඒ වගේම තමා. වැරැද්ද කියන දේ දැක්කහම, අපි ඒ වැරැද්ද හිත තුල තියගෙන, ඊයෙත් වුනා අදත් වෙනවා, අනිවාර්යයෙන් මම දන්නවා හෙටත් ඕකමයි. තියන ස්ථිරත්වයට යන එක හොඳ මදි.
අපි අපේ හිත තුල හදාගන්න පුළුවන්කමක් තියනව නම් "ආ...ඊයෙ කලා, අදත් ඒ වගේ එකක් වුනා නමුත් අසමානයි. බලමු හෙට." ඒක එතකොට පටිඝයක් ආශ්රයෙන් යන එකකට වඩා ඒ දේත් එක්ක සමීප වෙන්න පුළුවන්කමක් තියනව නම්, දුරස් වෙනවාට වඩා කිට්ටු වෙන්න පුළුවන්කමක් තියනවා නම්, යම්කිසි දෙයක් කියල දෙන්න පුළුවන්කම තියනව. හිත පිට යන එක අපි අමනාපයකට ගත්තා නම්, සද්ද වලින් කරදර වෙන එක අපි අමනාපයකට ගත්තා නම්, නින්ද යන එක අපි අමනාපයකට ගත්තා නම්, ආනාපානය දැනෙන්නෙ නැති එක ආශ්වාසය ප්රාශ්වාසය දැනෙන්නෙ නැති එක අපි අමනාපයකට ගත්තා නම්, ශරීරය පහසුවක් නැති එක වද වේදනාවල් වැඩියෙන්ම දැනෙන එක අපි අමනාපයකට ගත්තා නම්, අපි ඒ අරමුණත් එක්ක දුරස් වෙනව පින්වතුනි. අපි ඒ අරමුණත් එක්ක දුරස් වෙනව.
නමුත් ඒ හිත පිට යන එක, ආශ්වාසය හෝ ප්රාශ්වාසය දැනෙන්නෙ නැති එක, ශරීරය හොඳට මටසිළුටුව නැති එක, වද වේදනාවල් තියන එක, අපි අනුමත කරන්න පටන් ගත්තා නම්, ඒකට එරෙහි වෙන්නෙ නැතුව එකඟ වෙන්න පටන් ගත්තා නම්, අපිට ඒ දේට යමක් කියල දෙන්න පුළුවන්කම තියනව, හෝ ඒ දෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්කම තියනව.
ඕනෑම කාරණාවක් තුලින් යම්කිසි වූ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම හම්බ වෙනව. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ලැබෙන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වන ප්‍රමාණය ද කියන එකයි.
මං ආයෙත් කියන්නම්. ඕනෑම කාරණාවක් තුලින් හෝ ඕනෑම කෙනෙක් කරන දෙයක් තුලින්, අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් තියනවාමයි. නමුත් ඒ ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොවුනොත් තමා අපිට දුකක් ඇති වෙන්නෙ. ඒකට හොඳම දේ මම හිතනවා ඒ ප්‍රතිඵලයට යන්නෙ කොහොමද කියල කියල දෙන එක. හිතට උගන්වන එක.
භාවනාවෙදි වැඩිමනත් කාලයක් අපි නින්දට යනවා නම්, භාවනාව කරන්න කලියෙන් (ඔය ඇත්තන්ට මතක ඇති අපේ සාකච්ඡාවෙදි කතා කලා මේවා) හිතට පොඩ්ඩක් මතක් කරල දෙනවා, දැන් මම භාවනා කරන්නයි යන්නෙ නිදා ගන්න නෙවෙයි. ශරීරය තැන්පත් වේවි. ඒකෙ තේරුම නිදා ගන්නවා කියන එක නෙවෙයි. තව ටිකක් සතිමත් වෙනවා කියන එකයි.
මේ විදිහේ ධනාත්මක අදහස්, යහපත් වූ සංකල්පනා අපේ හිතට අපිට දෙන්න පුළුවන්කම තියනවා නම් පින්වතුනි, හිත මේ කියන දේවල් අල්ලනව. අපිට ඕන විගහට නොවෙන්න පුළුවන්. නමුත් ඩිංග ඩිංග හෝ ඒ දේවල් අල්ලනව.
මට මතකයි එක නංගි කෙනෙක් මං ඔය වැඩ කරපු කාලෙ මහණ වෙන්න කලියෙන්, මයෙ අතින් කිවුව එයා පාඩම් කරනකොට ඊට කලින් නම් පොත් මේසෙ ගාවට යනකොට හොඳට පාඩම් කරන්න පුළුවන්ලු. දැන් පොත් මේසෙ ළඟට යනකොටම නින්ද යනවලු. මහා නිදිමතක් එනවයි කිවුව. ඊට කලියෙන් එයා පොත් මේසෙ ළඟට යනකොට හිතේ තිබ්බා මං මේ පාඩම් කරන්න යන්නෙ කියල. නමුත් අත්දැකීමක් මෙයාට තියනව එක පාරක් දෙකක් තුනක් හතරක් ආදී වශයෙන් කීපයක්, පාඩම් කරනකොට නින්ද ගිහිල්ල. අවසානෙදි මෙයා මෙයාගෙ හිතට හදා ගත්ත ස්ථිර අදහසක් තියනව. ස්ථිර සකස් කිරීමක් තියනව, සංස්කාරයක් තියනව, පාඩම් කරන්න මේසයට යනකොට නින්ද යනවා කියල.
මං දන්න සමහර මෑණිවරු ඉන්නව ඒ ඇත්තො නිදා ගන්න ඕන වෙලාවට පොතක් කියවනව. මාත් ඔය වැඩේ කරල තියෙනව. මහණ වෙන්න කලින් මට ඔය දිවා රාත්‍රී දෙකේම වැඩ කරන්න වෙන රස්සාවකුයි කලේ, ඒක හන්ද මොකද වුනේ රෑට නින්ද යන්නෙ නෑ. ඔය පරිඝණකත් එක්ක වැඩ කරපු හින්ද ඔළුව දුවනව වැඩියි. ඒක හන්ද මොකද කරන්නෙ ඇඳට ගිහිල්ල භාවනා කරන්න පටන් ගත්ත. විනාඩි දෙක තුනයි හොඳට නින්ද යනව. ඒකෙ ප්‍රශ්නෙ ආවෙ මහණ වුනාට පස්සෙ, ඇත්තම කතාව.
කොහොම නමුත් අපි අපේ හිතට දීල තියන ආරෝපණයන් පින්වතුනි නිත්‍ය හැටියට සලකන තාක්කල්, ඒවා අපේ හිතේ තැන්පත් වෙලා තියෙන්නෙ නිත්‍ය ස්වරූපයෙන්මයි. අන්න ඒකයි වෙනස් කරන්න ඕන වෙන්නෙ.
ගෙදරදොරේ ඉන්න ඇත්තන්ගෙ හිතේ වුනත් තියෙන්න පුළුවන් සමහරක් විට ඒ ඇත්තො එක දෙයක් කරල අසමත් වුනා වෙන්න පුළුවන්. ඒ අසමත් වෙනකොටම කවුරු හරි කෙනෙක් ඔයා අසමත් කෙනෙක් කියල කිවුවා වෙන්නත් පුළුවන්. තව දෙයක් වෙනකොටත් ඒ වගේම සිද්ධියක් වෙන්න පුළුවන්. ආයෙත් වතාවක් එයාට ඒ කියන දෝෂාරෝපණය එන්නත් පුළුවන්. ඔය වගේ කීපයක් වුනාට පස්සේ හිතට යන අදහස තමයි මම එහෙනම් අසමත් කෙනෙක්. අසමාර්ථ කෙනෙක්. නොහැකියාවක් තියන කෙනෙක්. නිකමෙක් කියල. ඒක නෙවෙයි ඇත්ත කතාව.
ඒක නෙවෙයි ඇත්ත කතාව. ඒකෙ තේරුම තමා තව ටිකක් උත්සාහ කරන්න ඕන කියන එක. හෝ වෙනස් පැත්තකින් දකින්න ඕන කියන එක. මේකටයි බුදුරජාණන් වහන්සේ විපස්සනාව දේශනා කරන්නෙ, විදර්ශනාව දේශනා කරන්නෙ. විශේෂයෙන් දකින්න කියල අපිට කියල දෙන්නෙ. මේ දකින ඒකාකාර කෝණයෙන් බැහැර වෙලා චුට්ටක් වෙනස් ආකාරයකින් දකින්න කියල කියල දෙන්නෙ ඒකයි. ඉතින් අපේ ජීවිතය තුල පින්වතුනි, මේ වගේ අවස්ථාවන්ට අපිට නිරන්තරයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම එතකොට අංක එක වෙන්නෙ මොකද්ද? ඒ දේට සමීපතාවයම තියා ගන්නව.
ඒ සමීපතාවය තියා ගන්න එක හින්දම අපිට ලැබෙන වාසිය තමයි එයාගෙ වැරැද්ද සහ නිවැරැද්ද කියන දෙක වෙන් කරල හඳුනා ගන්න අවස්ථාවක් එනව. ඊට පස්සෙ අපි මොකද කරන්නෙ වැරැද්ද නොසලකා හරිනවා, නිවැරැද්දට ස්තුති කරනව. ඒකට නැවත නැවත ස්තූති කරනව. ඒ කෙනාට ඒ කෙනාගෙ ජීවිතේ තේරුම් ගන්න ඉඩ දෙනව. ඒ කෙනාට ඒ කෙනාගෙ ජීවිතේ තේරුම් අරගෙන මුහුණ දෙන්න ඉඩ දෙනව.
'අජාන් බ්‍රහ්ම්' කියල කියන්නෙ මම බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක්. ඔස්ට්‍රේලියාවෙ පර්ත් නුවර මං හිතන්නෙ වැඩ ඉන්නෙ. උන් වහන්සේත් අජාන් චා කියන මහ තෙරුන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ නමක්. උන් වහන්සේගේ එක පොතක් තිබුබා 'Open the door of your heart' කියල. හරිම ලස්සන පොතක්. අන්න ඒ පොතේ එක කතාවක් තිබ්බ මෙන්න මෙහෙම.
එයා පොඩි කාලෙ (මං මේ කතාව ලංකාවෙ කෙනෙක්ට සමාන කරනව) ඉස්කෝලෙ යනකොට ගෙදර කට්ටිය කිවුවලු "ශිෂ්‍යත්වෙ පාස් වෙන්න ඕන හොඳේ. ඊට පස්සෙ ඔයාට පුළුවන් හොඳ ඉස්කෝලෙකට යන්න." ශිෂ්‍යත්වෙ ලිවුවට පස්සෙ ඊළඟට කිවුවලු, "සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙන්න ඕන හොඳේ. කොල්ලොත් එක්ක රංචු ගහන්න යන්නෙ නෑ, බෝල ගහන්න යන්නෙ නෑ. අරෙහෙ මෙහේ නෑ, ඒ මොනවත් නෑ, ගෙදර එන්න ඕන. මොකක්වත් කරන්නෙ නැතුව ඉන්න ඕන. හෙඳට ඉගෙන ගන්න ඕන." ගෙදර ඔක්කෝම කට්ටිය ඒ විදියට උපදෙස් දුන්නලු, තාත්ත හැර.
සාමාන්‍ය පෙළින් පස්සෙත් ඔය කතාවම කිවුවලු, "යන්නෙ නෑ, බයිසිකල් පදින්නෙ නෑ, රංච ගහන්නෙ නෑ, බෝල ගහන්න යන්නෙ නෑ, හවස හතරෙන් පස්සෙ ගෙයින් එළියට අඩියක් තියන්නෙ නෑ මෙහෙට වෙලාම ඉන්න ඕන. ඉන්ටනෙට් එක වැඩිපුර පාවිච්චි කරන්නෙත් නෑ. ෆෝන් එහෙම අයින් කරන්න ඕන, ඕව හරියන්නෙ නෑ." ගෙදර කට්ටිය ඔක්කොම ඒ විදියට කියනව.
උසස් පෙළත් පාස් වුනාට පස්සේ කැම්පස් එකට යනකොට ගෙදර කට්ටිය කිවුවලු, "යාළුවොත් එක්ක රවුම් ගහන්නෙ නෑ විශේෂයෙන්ම කාන්තාවොත් එක්ක. ගෑනු ළමයි එක්ක යන්නෙ නෑ කොහෙවත්. බොන්නෙ එහෙම නෑ හොඳේ. ඒ මොනවත් කරන්නෙ නෑ හොඳට පාඩම් කරන්න ඕන හොඳට ඉගෙන ගන්න ඕන. මොනවත් එහෙම වැඩ කරන්නෙ නැතුව ඉන්න ඕන."
මේ හැම වෙලාවකම තාත්ත නිහඬයි. අවසානෙට තාත්ත උත්තරයක් දෙනවලු, "ඔයා මොන වැරැද්දක් කලත් පුතේ, ඔයා මොනව කලත් පුතේ, මගේ ගෙදර දොර ඔයාට ඇරල තියෙන්නෙ. ඕන වෙලාවක එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ."
මේ කතාවෙන් මම ඉගෙන ගත්ත පාඩම තමයි පින්වතුනි, අපිව පාලනය කරන්න හෝ අපිට උපදෙස් දෙන්න ඒ ඇත්තො හොඳයි, ආදරයට තමයි කියන්නෙ ඒක. නමුත් ඒ කියන්නෙ ඒ ඇත්තන්ට කරන්න ඕන දේ. ඒ ඇත්තන්ට කරවන්න ඕන දෙයයි ඒ ඇත්තො කියන්නෙ. ඒක තුල තියනව ඇත්තම කියනව නම් හරි භීතියක්. හරි බයක් තියෙන්නෙ. මොකද ඒ කියන task එකට, ඒ කියන ඉලක්කයට, ඒ කියන අරමුණට යා යුතුමයි කියලා හිතේ ලොකු බයක් තියනව. හිතේ ලොකු පීඩනයක් තියනව. ඒ පීඩනයත් එක්කයි මුහුණ දෙන්නෙ.
ඒක හරිම හරිම අහිංසකයි. මේක ලෝකෙ කාටත් තියෙන්න පුළුවන් දෙයක්. මං අහල තියෙනව ඉන්දියාවෙ හැම ළමයෙක්ම තමන්ගෙ ජීවිතේ හානි කරගන්න කල්පනා කරනවලු. ඒ තරමටම පීඩනයක් තියෙන්නෙ. ඒ තරමටම පීඩනයක් තියනවලු අධ්‍යාපනය කෙරෙහි. තරඟයක් හදල තියෙන්නෙ. ඒකයි ඒ.
තාත්ත කියාපු කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. "පුතා ඔයා ඕන එකක් කරන්න. ඔයා ඕන එකක් කරල ගෙදර එන්න. මගේ ගෙදර දොර ඔයාට ඇරල තියෙන්නෙ." මං හිතනව ඒක හන්ද වෙන්න ඕන අජාන් බ්‍රහ්ම් අද වෙනකොට හාමුදුරු කෙනෙක් හැටියට මුළු ලෝකයේම සුපතල වෙලා ඉන්නෙ. හේතුව තාත්ත ඇල්ලුවෙ ඇඟෙන් නෙවෙයි හිතෙන්. තාත්ත කියල දුන්න පාඩම තුල තිබුනේ එයා බල කරන බවක් නෙවෙයි. එයාට එයාගෙ ජීවිතේ තේරුම් ගන්න ඉඩ දෙන බවක්. එයාගෙ හොඳ නරක තේරුම් ගන්න ඉඩ දෙන බවක්. හරි දරුවෙක් නම් එතකොට තේරුම් ගන්නවා තාත්තා මොනව කලත් මට දොර ඇරල තියනවා කියල කියනව නම්, මම එහෙනම් එයාගෙ හිත රිදවන්නෙ නැති විදියට වැඩ කටයුතු කරන්න ඕන කියල.
මං ඒකයි ඉස්සෙල්ලම කිවුවේ ඇඟෙන් අල්ලනවට වඩා හිතෙන් අල්ලන එක ලාභදායකයි කියල. සමීප වෙන එක හොඳයි. සමීප වුනාට පස්සෙ තියන වාසිය තමා, අපි සහ එයා කියන දෙන්නෙක් නෑ. සමීප කලාට පස්සෙ, අනුමත කලාට පස්සෙ, එකඟ වුනාට පස්සෙ, තියන වාසිය තමයි ලාභය තමයි, ප්‍රධානම එක තමා අපි සහ එයා කියල දෙන්නෙක් නෑ මෙතන.
එහෙම දෙකක් නැති වුනහම ඒ කෙනා ඊළඟට විශ්වාස කරන්න පටන් ගන්නවා මමම තමයි මෙතන මේ ඉන්නෙ. මෙයා කියල වෙන කෙනෙක් නෙවෙයි එයා හිතන්නෙත් මං හිතන විදිහමයි. මාව හොඳටම තේරුම් ගන්නවාමයි හෝ මාව හොඳට තේරුම් ගත්ත කෙනාමයි කියල. අන්න එහෙම අවස්ථාවකට එන්න පුළුවන්.
භාවනා කරනකොට පින්වතුනි, හිත යන එක, සද්ද ඇහෙන එක, ඕවනෙ අපිට තියන ප්‍රශ්න ඇත්තටම. සමහරක් විට ඔය ඇත්තන්ට මේක අහලම එපා වෙලා වෙන්නත් පුළුවන්. කාරි නෑ ඒ වුනාට. මං ඒත් කියන්න සංතෝසයි. මොකද ඕක ඒ තරම්ම තියන ප්‍රශ්නයක් නිසා.
ඒ දේවල් වෙන එකත් එක්ක අපි අමනාප වෙන තරමට අපිට ඒ දේවල් හසුරුවා ගන්න බැරි වුනා නේද? නමුත් ඔය කියන දේවල් වලට අපි අනුමතභාවය පෙන්නන්න වුනාම එව්වට එකඟ වෙන්න පටන් ගත්තට පස්සේ, ඒවට හා කියන්න පටන් ගත්තට පස්සේ, ඒ දුවන හිත අපි කියන එක අහන්න පටන් ගත්තා. අපිට නැමෙන්න පටන් ගත්තා.
ඔය කියන සංසිද්ධිය කරන්න බැරි අපේ රටේ ඇත්තෝ හෝ මේ ලෝකේ ගොඩක් ඇත්තෝ මොනව හරි මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒකත් මම කියන්න ඕන. විපස්සනාව කියන මොකක් හරි මෙනෙහි කරනවා. සමථය කියල තව මෙකෙක් හරි මෙනෙහි කරනවා. අවසානෙට බලනකොට කල්පනා කරනව ඇරෙන්න වෙන මොකක්වත් කරල නෑ. තේරුම් ගත්ත දේකුත් නෑ තේරිච්ච දේකුත් නෑ. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට උත්තරේකුත් නෑ.
නමුත් මේ හිතේ හැසිරීම අපි හරියාකාරව තේරුම් ගත්තා නම්, ඒ හිතේ හැසිරීම වගේම තමයි අපි වටා ඉන්න අනිත් ඇත්තොත්. එක හාම සමානයි. කිසිම කිසි වැරැද්දක් නෑ. කිසිම කිසි වෙනසක් නෑ. එක හා සමානභාවයකුයි තියෙන්නෙ. අන්න එතකොට පින්වතුනි, අපි ඊළඟට මේ කියන හැම කාරණාවක් එක්කම පතිත වෙන, කිට්ටු වෙන, නැඹුරු වෙන, ළං වෙන, ප්‍රධානම කාරණාවක් තියනවා. ඒක තමයි කියන කෙනාට වඩා සවන්දෙන්නෙක් බවට පරිවර්තනය වෙනව.
කියන කෙනාට වඩා සවන්දෙන්නෙක් බවට පරිවර්තනය වෙනව. ඒක හරි පුදුමාකාර දෙයක්.
ඒක හරිම පුදුමාකාර දෙයක්.
සවන් දෙන්නා බවට පරිවර්තනය වුනාම අපිට පාලනය කරන්න ඕනකමක් නැහැ. අපි මොකද කරන්නේ? ඒ කියන කතාව අහගෙන ඉන්නව. ඒ කියන කතාව අහගෙන ඉඳලා, ඒ නොහැකියාවට අපි යන්න ඉඩ දීලා, හැකියාවට උත්තර දෙන්න පටන් ගන්නව.
'විතක්ක සණ්ඨාන' කියන සූත්රයෙදි බුදු හාමුදුරුවො දේශනා කරනව පින්වතුනි, ක්‍රම කිහිපයක් අපේ හිත දමනය කර ගන්න භාවිතා කරන්න පුළුවන් කියල. සැකවින් මම කියන්නම්. එකක් තමයි බරට උත්සාහ කරන එක අඩු කරන්න කියල කියනව. ගොඩාක් තදින්ම උත්සාහ කරන එක අඩු කරන්න කියල කියනව. භාවනාවෙදිත් අපිට මේක ඇත්තටම ප්රධානයෙන්ම හේතු වෙන දෙයක්.
ඊළඟට කියනවා ආපස්සට ගිහිල්ල බලන්න කියල. මේ වගේ ප්‍රතිඵලයක් එන්න හේතුවක් තියෙන්න ඕන. මොකද්ද ඒ හේතුව කියල බලන්න කියල කියනව. ඒ දෙවෙනි එක. සැකවින් මම මේ කියන්නෙ සම්පූර්ණම කතාව නෙමෙයි.
තවත් අවස්ථාවක් ගන්න පුළුවන් ඒ තියන වැරැද්ද හරි නොමනා කාරණාව හරි නොසලකා හරින්න පුළුවන්. අපි අර ඉස්සෙල්ල කතා කරා වගේ. ඒ නොසලකා හැරීම තුලින් අපිට වැරැද්ද බැහැර කරලා, නිවැරදි දේ මතු කර ගන්න අවස්ථාවක් එනව. වැරැද්ද ගැන එතකොට අපි එච්චරටම කතා කරන්න යන්නෙ නෑ.
මට මතකයි එක මල්ලි කෙනෙක් මීට කාලයකට කලියෙන් ආව. ඇවිල්ලා ඉතින් කතා කර කර හිටිය. මං ඇහුව, "කොහොමද දැන් ඉතින් ගෑනු ළමය එහෙම හොඳින්ද?" කියල.
"හා..හාමුදුරුවනේ හොඳින් ඉන්නව. හරියට තරහ ගන්නවනෙ" කිවුව.
පස්සෙ මම ඇහුව "ඇයි ඒ මොකටද?" "නෑ මං කියන කිසි එකක් පිළිගන්නෙ නැහැ"යි කිවුව.
"එයා කියන විදියට ඔක්කොම කරන්න ඕනෙ"යි කිවුව.
ඊට පස්සෙ මං ඇහුව "මොකද්ද ඒකෙ තියන වැරැද්ද?"
"මෙහෙමනෙ හාමුදුරුවනේ ඒ කියන විදියට වැඩේ සම්පූර්ණ ඒක අසාර්ථකයිනෙ."
ඊට පස්සෙ මං ඇහුව "එහෙනම් ඒ අසාර්ථකභාවය ඔයා හිතනවද සියයට සීයක්ම අසාර්ථකයි කියල නැත්නම් සියයට හැත්තපහක්ද, සියයට පනහක්ද, සියයට විසිපහද කීයක්ද?" කියල ඇහුව. "ආ...සමහරක් ඒව සියයට හැත්තපහක් වගේ, සමහරක් ඒව සියයට පනහ, සමහර ඒව විසිපහක්, දහය, ඒ වගේ තියෙන්න පුළුවන්" කියල කිවුව.
මං කිවුව ඊට පස්සෙ "ඒ අසාර්ථකත්වය කියන එක මල්ලි දැන් ඔයානෙ දකින්නෙ. ඒ අසාර්ථකත්වයක් මේක තුල තියනවා කියන එක ඔයා නම් තේරුම් ගන්නේ, ඔය අඩුවෙන් අසාර්ථකත්වය ලැබෙන දේ සියයට පහක් විතර අසාර්ථක වෙන දේට සියයට දහයක් විසිපහක් වුනත් කමක් නෑ පනහක් වුනත් කමක් නෑ, ඒකත් ඉතින් සමානකමක් තියනවනෙ, එහෙම දේකට අනුමත වෙන්නකො. එකඟ වෙන්නකො. එයාගෙ අදහසත් අනුමත කරන්නකො" කියල. මං හිතන්නෙ අද වෙනකොට ඒගොල්ලො විවාපත් වෙලා ඉන්නෙ.
ඉතින් අපේ ගමන තුල පින්වතුනි, අපිට වඩන්න සහ පුරුදු කරන්න තියෙන වැඩකටයුතු බහුලයි. ගොඩයි. ඒ අතර අපේ සමාජය අපිට හුරු කරල තියෙන්න පුළුවන්, හැම එකක්ම සකස් කරන්න ඕන, හදන්න ඕන, වෙනස් කරන්න ඕන, පරිපාලනයකට නතු කරන්න ඕන කියල. එහෙමම එකක් නැහැ. නමුත් විතක්ක සණ්ඨාන සූත්‍රයෙ අවසානෙට නම් කියනවා, කියන දේ අහන්නෙම නැති නම් ඒ කරුණු කාරණා පොඩ්ඩක් සලකලා බලන්න කියල. ඒක ඉතින් තම තම නැණ පමණින් දැනගත යුතු. මම එහෙමයි කියන්න කැමති.
නමුත් ඒක අවසාන තීන්දුව මිසක පළවෙනි එක නෙවෙයි. අපිට ඊට කලින් භාවිතා කරන්න පුරුදු කරන්න ක්‍රම ගොඩාක් තියනව. සමහර විටක ඒ ඇත්තො කරන දේ අපි දකින කෝණය ටිකක් වෙනස් කරගන්න ඕන වෙන්න පුළුවන්. අපි ඒකාකාර මට්ටමකින්ම දකිනව වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියනව. උදාහරණයක් කියන්නම්.
එක ගෙදරක අළුතෙන් බැඳපු, නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවලු. විවාපත් වෙච්ච දෙන්නෙක්. මේ ගොල්ලො මේ ගෙදරට අළුතෙන් ඇවිල්ල තියනව කියන්නෙ. දෙන්න කෑම කන මේසෙ ඉස්සරහ පැත්තෙ තියනවලු ලොකු ජනේලයක්. ඒ ජනේලෙන් එහා පැත්තෙ පේනවලු එහා ගෙදර ඉන්න ඒ ගෘහණිය රෙදි වනනව. අළුතෙන් විවාපත් වෙච්ච ගෙදර ඉන්න මේ නෝන මේක කිවුව වෙන්නත් පුළුවන් මහත්තය කිවුව වෙන්නත් පුළුවන් කවුරු හරි කමක් නෑ කැමති විදියකට හිතා ගන්න ඕන. මං කොහොම හරි නෝන කිවුව කියල කියන්නම්. මෙයා කෑම කන වෙලාවෙ අරය අර රෙදි වනනව දැකල කිවුවලු,
"හ්ම්...බලන්න එපායැ අර රෙදිවල කුණුනෙ පේන්නෙ අර" කියල.
මහත්තය මුකුත් කිවුවෙ නැහැලු. දෙවනි දවසෙත් කෑම කන කොට ඔහොමමයිලු. ආයෙත් අරය රෙදි වනනවලු මෙයා එදත් බැන්නලු. තුන් වෙනි දවසේ කෑම කනකොට අර එහා ගෙදර එක්කෙනා රෙදි වනනවලු. නමුත් ඒ රෙදිවල අර තිබිච්ච කුණු පේන්න නැතිලු දැන්. මේ අළුත බැඳපු අර නෝන කියනවලු,
"හහ්...වොෂින් මැෂින් එකක්වත් අරගෙන ඇති නැත්නම් මොකක් හරි ඒ වගේ විදියට කරල වෙන්න ඇති. එක්කො මං කියපු ටික ඇහුනද දන්නෙ නෑ අද නම් රෙදි ටික හොඳට හෝදල තියනව" කිවුවලු.
මේ දවස් ටිකේම මොකක්වත්ම කියන්නෙ නැතුව හිටපු මහත්තයා ඒ වෙලාවෙ කතා කරල කිවුවලු,
"නෑ මං රෙද්දක් තෙත කරල අපේ වීදුරු ටික පිහල දැම්ම" කියල.
ඒ වගේ. අපේ ජීවිතේ අපි සමහරක් වෙලාවට හිතන කෝණයේ වෙනස් කරගන්න ඕන අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථා අපේ ජීවිතේට ඕන තරම් හම්බ වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් පින්වතුනි, යම්කිසි කෙනෙක්ව හසුරුවනව නම් හොඳම කාරණේ තමයි ඒ දේ හඳුනා ගන්න එක. ඒ දෙයට දාල තියන weight එක, බර පුළුවන් තරම් අඩු කරන එක. පුළුවන් තරම් අඩු කරල අඩු කරල අඩු කරල අඩු කරල එයාට තේරෙන ප්‍රමාණයෙන් ඒ දේ කියල දෙනව.
ඊළඟ එක තමයි වැරැද්දම බලන්නෙ නැතුව ඒ වැරැද්ද පැත්තකට තියල, ඒක නොසලකා හැරලා, නිවැරදි දේට ස්තූති කරන්න පටන් ගන්නව. එයාට යන්න පුළුවන් දුර හෝ එයා කරන්න දක්ෂ දේට ඉඩ හසර ලබල දෙනව. ඒ දේ කරන්න අවස්ථාව හදල දෙනව.
මේක තමයි නිමිත්ත ඉගෙන ගන්නවා කියල කියන්නෙ. ඒ අරමුණ ඉගෙන ගන්නව. දක්ෂ පක්ෂකම ඉගෙන ගන්නව. මට යම්කිසි දෙයක් කරන්න උවමනාකම තියෙන්න පුළුවන්. නමුත් කාරි නැහැ. මං දන්න ගොඩාක් ඇත්තො ඉන්නවා ඒ ඇත්තො සමහරක් විට ගොඩක් හොඳ නිලතල දරන අය වෙන්න පුළුවන්, නමුත් දුවා දරුවො ඉන්න පුළුවන්, ඒ දෙමව්පියො ඉන්න ඒ ක්‍රමයට වඩා, ඒ ඇත්තො හිතන ක්‍රමයට වඩා, දක්ෂ පක්ෂකම් වෙනත් කාරණාවකට තියෙන්නත් පුළුවන්. ඒක හින්දා ඒ ඇත්තො ඒ වෙනස් පැත්තකට යන්න හදනකොට අර තවත් පැත්තකට යවන්න උත්සාහ කරන එක ටිකක් මං හිතනව බලපෑමක් කියල.
භාවනාව තුලදි නම් ඇත්තටම අසාර්ථක භාවනාවක් සිද්ධ වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. ඉතින් කොහොම හරි කමක් නෑ කියල කියල බැරිම තැනක් තියනව නම් සැර වැර කරන එකත් මං හිතන්නෙ නෑ වැරදියි කියල. නමුත් ඒක අවසානම තීන්දුව. ඒක අවසානම කාරණාව. ඊට වඩා ගොඩක් වෙලාවට වටින දෙයක් තමයි එයාට කියල දෙන එක. ඕක නිවැරදිව කරන්නෙ මෙන්න මෙහෙමයි කියල. ඒක හරියට අර භාවනාවෙදි අපේ හිත පිට යනකොට, නැවත නැවත පිට දුවන්න බලනකොට, නැත්නම් නින්දටම යනකොට, අපි හිතට කියල, හිතට ඉස්සෙල්ල මතක් කරල දීල, මං මේ යන්නෙ භාවනා කරන්නයි නිදා ගන්න නෙවෙයි ආදී වශයෙන්, එයාට ඒ ඒ අරමුණ ගැන කියල දෙන එක වටිනවා. මේක කරන්නෙ මෙන්න මෙහෙමයි කියල උගන්වන එක වටිනව.
ලෝකෙ ඇත්තටම බලාගෙන ඉන්නව යමක් කරන්නෙ කොහොමද කියල. ඒ හැකියාව එළියට දෙන එකයි වඩා වැදගත් වෙන්නෙ. අන්න එහෙම වුනොත් මම හිතනවා අපි අසන්නන් බවට පරිවර්තනය වෙලා තියනව කියල, පාලනය කරන්නාගෙන් අයින් වෙලා.
මං හිතනව එහෙම වුනොත් එහෙම, අපි මමත්වය කියන දේ බැහැර කරන්නෙ කොහොමද කියල එක ඉගෙන ගන්න පටන් අරගෙන තියනව සාමාන්‍ය ජීවතයේදී පවා.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ. ඒ තුලින් ඔය ඇත්තන්ගෙ ජීවිත තුල යම්කිසි විදියක සාර්ථකත්වයක් ලබා ගන්න, ජීවිතේ සකස් කරගන්න, යම්කිසි අදහසක් ආවා නම් අනේ සාදු සාදු එය එසේම වේවා ! සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සතුට තමා තුලින්මයි
(අංගුත්තර නිකාය භාර සූත්‍රය ඇසුරෙන්)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"නසියා ලෝකවඩ්ඩනෝ තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව සතුට තමා තුලින්මයි.
බුද්ධ ශාසනය කියල කියන්නෙ පින්වතුනි, අත්දැකීම් ගොන්නක්. සාමාන්‍ය ජීවිතයක ගත කරන කාලය අවුරුදු කිහිපයක් මහණ ජීවිතේ එක දවසක් වගේ කියල කියන්න පුළුවන්. ඒ තරමටම අත්දැකීම් ගොන්නක් තියනවා. මේ ගමන තුලදී අපට කියල දෙන්නේ, අපේ තියන උවමනාව පසෙක ලා, තමන්ගේ තියන මනාපය පැත්තකින් තියලා, සිදු කල යුතු දේ උගන්වන රටාවකුයි. ඉතින් ඒ ක්‍රමය කරගෙන යන්න අපේ උවමනාව කියන දේ හරස් වෙනව අනිවාර්යයෙන්ම.
කොහොම වුනත් ශාසනය කියල කියන්නෙ හරි සොඳුරු ලස්සන තැනක් හැමදාම. ආරණ්‍යවාසීව මහණ වුනාට පස්සේ සමස්ථයක් වශයෙන් අපේ තියන බලාපොරොත්තුව තමයි කැලෑවක, ගල්ගුහාවක භාවනා කරන්න, වනාන්තරයක තනියම හැසිරෙන්න, තනියම ඉන්න, චාරිකාවේ යන්න, පිණිඩපාතේ යන්න, සිවුරු අතින් මහල පළදින්න. ඒව තමයි ශාසනේ තුල අපිට තියන අහිංසක අදහස් සහ අහිංසක බලාපොරොත්තු.
මට මතකයි ඉංගිරියේ අපි මහණ වෙච්ච කාලේ නායක හාමුදුරුවො අපිට කියල දීපු ඒ ක්‍රමය තුල තිබුනේ ඔය කියන හැම කාරණාවක්ම එකතු කර ගත්ත, කැටි වෙච්ච ස්වභාවයකුයි. අපිව නිතර නිතර උනන්දු කලා අධ්‍යනය කරන්න, පොතපත කියවන්න වගේම තනි තනියෙන් භාවනා කරන්න පවා.
මට මතකයි ආරණ්‍යයෙන් ගියාට පස්සේ ලග්ගල කැලේ හිටපු කාලේ, මේ මගේ පළවෙනි අත්දැකීම, එහෙදි තමයි හාමුදුරු කෙනෙක් හැටියට උපසම්පදාත්වය තුල කටයුතු කරන්නෙ කොහොමද කියන එක ඇත්තටම තේරුම් ගත්ත කාලෙ. ඔය අතර සිහිය හම්බ වුනාට පස්සේ මං උත්සාහ කලා මේක ගැන කතා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න කාව හරි හොයා ගන්න ඕන කියලා. එහෙම කියල හිතාගෙන චාරිකාවක් පටන් ගත්තා.
චාරිකාව කියල කියන්නෙ පින්වතුනි, අටපිරිකර ගන්නවා. වැඩිපුර එකතු වුනේ කුඩෙයි නෙට් එකයි තමා. ඒ ටික අරගෙන එළියට බහිනවා. පාන්දර පහට විතර හැමදාම උදේට ඇවිදින්න පටන් ගන්නෙ. දවසකට කිලෝමීටර විස්සක් විතර ඇවිදින්න පුළුවන්. උපරිම විසි පහක් වගේ සාමාන්‍ය වේගයෙන් ගියොත් එහෙම. මොකද දහය එකොලහ වෙද්දි අව්ව රස්නෙ වැඩියි.
අනිත් එක අපි චාරිකාවෙ යනකොට භාවිතා කරන්නෙත් ඔය ගම්වලින් තියන පාරවල්. ප්‍රධාන පාරවල් නෙවෙයි. පාන්දර පහට විතර පිටත් වෙන්න හේතුවත් ඒ වෙලාවට කට්ටියගෙන් කරදරත් නැහැ බල්ලොන්ගෙන් හැරෙන්න, සහ හරි සෞම්‍යයයි තියන වාතාවරණය. කොහොම හරි ඒ වෙලාවට චාරිකාව පටන් ගත්තහම හය හයහමාර වෙනකං එහෙමම ගිහිල්ලා ගම්මානයක් හම්බ වුනාට පස්සේ පිණ්ඩපාතය එකතු කරන්න ගන්නව.
ඒ කාලෙ රාත්‍රියෙ නවතින්නෙ ගොඩක් වෙලාවට සමිති ශාලාවක. වැව් ඉස්මත්තක් හරිම ෂෝක්. පරණ පන්සලක වෙන්න පුළුවන්. ආරණ්‍ය තිබ්බොත් ඒවගෙත් පුළුවන්. විශේෂයෙන් සුසාන භූමි නම් හරිම ෂෝක්, කවුරුවත් එන්නෙ නෑ. කිසීම කරදරයක් නෑ.
කොහොම නමුත් පිණ්ඩපාතේ අපිට යන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි එක සීමාවක් හදාගෙන ඒ සීමාව තුල නැවත නැවත දින කීපයක් යන්න පුළුවන්. එහෙම නැතිනම් ගෙයින් ගෙට යන්නත් පුළුවන්. ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩිනකොට අපිට බුදුරජාණන් වහන්සේගේම උපදේශයක් තියනවා. මේක හරියට නීතියක් වගේම තමයි.
ඒක තමා එක ගෙදරකට පිණ්ඩපාතේ වැඩලා ඊළඟ ගෙදරට පිණ්ඩපාතේ නොවැඩ යන්න බැහැ. අපි ඊට එහා පැත්තේ ගෙදරටත් පිණ්ඩපාතේ වඩිනවා නම් මේ මැද තියන ගෙදරටත් යන්නම ඕන. හැබැයි කිට්ටු පාත නැති දුරක් නම් ඒකට අවසරයක් තියනවා. ගොඩක් දුර යන්න තියන තැනක් නම් උවමනා නැහැ, නමුත් ඇහේ පෙනි පෙනී නොයා ඉන්න බෑ.
මට මතකයි ඔය ඇඹිලිපිටිය දිහාවේ එක දවසක් මම හිටියා වැව් කෙලවරක තිබුනු සුසාන භූමියක. ඒ ලඟ ගෙදර කට්ටිය හවස ගිලන්පස එහෙම ගෙනැල්ල දුන්නා. පහුවදා උදේම අවදි වෙලා (වතුර එහෙම තිබ්බා වැව හින්දා), ඒ කටයුතු ටික කරගෙන චාරිකාව පටන් අරගෙන ගමකට කිට්ටු වුනා උදේ හයයි හතලිස් පහ වගේ වෙනකොට.
ඒ වෙලාවෙ ඉඳල පිණ්ඩපාතෙ එකතු කරන එක හොඳයි කියල හිතිච්ච හින්දා එක පොඩි පාරක් තිබ්බා. මම හිතුවා අද මේ පාරෙ පිණ්ඩපාතෙ එකතු කරනවා කියල. යනකොට යනකොට එක ගෙයක් තිබ්බා. ඒ ගෙදරට ගිහිල්ල හිටගෙන හිටිය. ඉද්දි ඒ ඇත්තො දන්නෙ නෑ ඇයි හාමුදුරු කෙනෙක් පාත්තරයක් තියාගෙන ඉන්නෙ කියල. ඇහැවුවා "ඇයි හාමුරුවනේ?" කියල. ගොඩක් වෙලාවට අහනව ඒක.
සාමාන්‍යයෙන් අපි ගෙදර කවුරුහරි පේන්න නැති නම් මගේ පැත්තෙන් මං ඒ කාලෙ කලේ තුන් සූත්‍රය සජ්ජායනය කරනකං හිටිය. කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනකං හිටිය. ආ ඒ වගේ දෙයක් තමා.
කොහොම හරි පළවෙනියෙන්ම හම්බ වෙච්ච ගෙදර දානෙට මුකුත් තිබ්බෙ නැහැ. ඒ ගෙදරින් ඊළඟ ගෙදරට මට පාර පෙන්නලා දුන්නා. ඒ ගෙදරට වැඩිය. එහෙන් දානෙට යමක් හම්බ වුනා. මට ඒ මතකය අද වගේ මතකයි. මීට අවුරුදු එකොළහකට දොළහකට කලින් සිද්ධ වුනේ, නමුත් අදත් මතකයි. දෙවනියට ගිය ගෙදරින් දානෙ හම්බ වුනා.
තුන්වෙනියට තිබ්බ ගෙදරක්. හරීම දුප්පත් ගෙදරක්. ඒ ගෙදර වහලෙ පොල්අතු දාල තිබ්බෙ. ඒකට යටින් මං දැක්ක ඉටි රෙද්දක් පේනවා. බිත්ති ටික කටුමැටි ගහල තිබ්බෙ. දෙමැට්ට ගහලත් නෑ කටුමැට්ටක් ගහල තිබ්බෙ. ඒ කටුමැටි අතරින් පොඩි ළමයිගෙ මූණු කීපයකුත් දැක්කා. ගෙයි ඉස්සරහ ප්ලාස්ටික් පුටුවක් තිබ්බා. එක දොරක් තිබ්බ ගෙදර මං දැක්කෙ නෑ ජනේලයක් නං.
ඒ පුටුව උඩ වාඩි වෙලා හිටිය තරුණ අම්ම කෙනෙක්. පිඟානක් අතේ තියාගෙන පොඩි ළමයි රොත්තක් වට කරගෙන හිටිය. මාව දැක්ක විතරයි මේ අම්මා "හ්" ගාල බය වුනා. තරුණයි. ඒ හින්ද අර ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරි මං ගාවට ආව පිඟානත් තියාගෙන. ඇවිල්ල කිවුව,
"අපේ හමුදුරුවනේ, අපේ ගෙදරට කවම කවදාවත් හාමුදුරු කෙනෙක් වැඩල නෑ. මගේ ජීවිතේට මං කවම කවදාවත් දානයක් දීලත් නෑ. අපේ ගෙදර දානෙට දෙන්න වෙන මොනවත් ඇත්තෙත් නෑ. හාමුදුරුවනේ මම මේ කන රොටියක් තියනවා. මේකෙන් කෑල්ලක් දුන්නොත් ඔබ වහන්සේ පිළිගන්නවද?"
කියල ඇහුව. මං කිවුව "එහෙමයි" කියල. ඒ අම්ම එක අතකින් පිඟාන අල්ලගෙන අර ආහාරයට ගත්ත ඒ රොටී කොටස කඩල කඩල කඩල පැත්තකින් තියල නොකාපු පළුව මගේ පාත්තරේට පූජ කලා. "මම සුවපත් වේවා" කියල කිව්ව. පොඩි ළමයි ටිකත් ඇවිල්ල වන්දනා කලා.
ඊළඟ ගෙදරත් කවුරු හරි කෙනෙක් හිටිය නිසා මම ගියා එහෙටත් පිණ්ඩපාතෙට. ඊට පස්සෙ මම කල්පනා කලා අර මෑණියන්ට අර රොටී කෑල්ල කාල දරුවන්ට කිරි දෙන්න පුළුවන් නම්, දවස ගෙවන්න පුළුවන් නම්, ඇයි මහණ වෙච්ච මට බැරි? කියල. ඊට පස්සෙ ඒ දවසට පිණ්ඩපාතෙ එකතු කලේ නෑ.
මේක මගේ අවංක අත්දැකීමක්. ඒකයි මේ කියන්නේ. ඒ වගේම අවුරුදු දහතුනක් වෙන මගේ මහණ ජීවිතේ මං ගත්ත මට හම්බ වෙච්ච හොඳම දානයත් ඒකයි. අහිංසකම දානය ඒකයි.
පින්වතුනි සංතෝසය කියන දේ අපි හැමදාම හොයාගෙන යන අය. සතුට කියන දේ අපි හැමදාම බලාපොරොත්තු වෙන අය. නමුත් ඒ සංතෝසය අපි ගාව තියනවා කියන එක, අපි අසලම ඒ සංතෝසය ලැඟුම්ගෙන තියනවා කියන එක අපි හඳුනාගත්තෙ නැති අය. අපිට තේරෙන්නෙ නෑ ගොඩක් වෙලාවට.
කුසලයක් කරන්න පිනක් කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඒ දේ කරන එකයි සුදුසු වෙන්නෙ. යුතු වෙන්නෙ. කරන්න අවස්ථාවක් හම්බ වුනාද එවෙලෙම ඒ දේ කරන එකයි හොඳ වෙන්නෙ. පස්සට කල් දාන්න හොඳ නෑ.
ඥානදීප ස්වාමීන් වහන්සේ අවසානයට අසනීප වුනහම මට පණිවිඩයක් එවල තිබ්බා උන් වහන්සේගේ උපස්ථායක හාමුදුරුවො අතේ මේධාවිට එන්න කියන්න කියල උපස්ථාන කරන්න ස්වාමීන් වහන්සේට. මං ඒක ඇත්තටම එච්චර බරපතල විදියට හිතුවෙ නෑ. මං හිතුවා ඒ දවස්වල මම කර කර හිටිය මේ කුටියෙ වැඩේ ඉවරයක් කරල වඩිනවයි කියල. වැඩිය, නැතුව නෙවෙයි, උන් වහන්සේගේ අපවත් වීමට. මට උන් වහන්සේට උපස්ථානයක් කරන්න බැරි වුනා.
අපේ ජීවිතේ පින්වතුනි, අපිට කුසලයක් කරන්න, පිනක් කරන්න ලැබෙන අවස්ථා අනන්තයි සහ අප්‍රමාණයි. දෛනිකව. සමහර ඇත්තො අපි ගාවට එන්නෙ ඇත්තම කියනව නම් දෙයක්ම බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපේ ජීවිතේට යම්කිසි වටිනාකමක් දීලා, ඒ තියන වටිනාකමෙන් ඒ ඇත්තන්ගෙ හිත සනසවා ගන්න වචනයක් අහන්නයි ඒ ඇත්තො අපි ගාවට එන්නෙ. එක වචනයක් ඇති.
සමහර ඇත්තො අපි ගාවට එන්නේ එයාලට කියන්න තියන දෙයක් කියන්න කෙනෙක් නැති හින්ද. අපි ඒ දේ තේරුම් අරගෙන අහගෙන හිටියා නම් ඒකමත් ඇති, ඒකමයි උත්තරේ. ඒකමයි වෙන්ටත් ඕන.
අපේ ජීවිතේ පින්වතුනි, අපි එක එක දේවල් මාරු කරනවා. අපේ සම්බන්ධතා මාරු කරන්න පුළුවන්, යාළුමිත්රකම් මාරු කරන්න පුළුවන්, ඉන්න තැන් මාරු කරන්න පුළුවන්, රට රටවල් මාරු කරන්න පුළුවන්. මොකද හිතන්නෙ?
ඇතුලෙ තියෙන්නෙ එකම එක දේ නම්, ඒ එකම එක දේ තුල තියෙන්නෙ අතෘප්තිකරභාවය නම්, කොතන ගියත් තෘප්තියක් තියෙයිද? සන්තෝසය කියන එක ලබා ගන්න අපි අපේ හිතට උගන්වන්න ඕන.
අද උදේ එක පුතෙක් ආවා. මං ඇහුවා "මොකද්ද පුතේ මේ දවස්වල කරන්නෙ?" "විභාගෙකට සූදානම් වෙනව හාමුදුරුවනේ"
"විභාගෙ ගැන මොකද හිතන්නෙ?" "stressful හාමුදුරුවනේ"
මං ඇහුව "ඇයි?"
"ඒකෙ එහෙම එකක් තියනවනෙ."
ඊට පස්සෙ ආයෙත් ඇහැවුවා,
"ඔයා දවසකට වචන දහයක් කතා කරනව නම් අම්මත් එක්ක, ඒ කතා කරන ඒවයින් නමයක් හොඳ ඒව කතා කරනව නම්, එකක් නරක වචනයක් හැටියට කතා වෙනව නම්, ආපස්සට මතක් කරල බලද්දි ඔයාගෙ හිත මතක් කරල දෙන්නෙ අර හොඳ වචන ගැනද? නරක වචනය ගැනද?" කියල.
එකපාරටම දුන්නු උත්තරේ ඔය ඇත්තන්ගෙ හිතටත් එන්න ඇති. "නරක වචනයයි හාමුදුරුවනේ"
පින්වතුනි අපේ හිත, ඉපදුන කාලෙ ඉඳල අපි පුරුදු කරල තියෙන්නෙ පරාජිත වූ ස්වභාවයම මෙනෙහි කරන්නයි. වැරදි ස්වභාවයම දකින්නටයි. නොහැකි වූ ස්වභාවයම මෙනෙහි කරන්නටයි. අසමාර්ථ වූ ස්වභාවයම හිතන්නටයි අපි පුරුදු කරල තියෙන්නෙ. ඒ කරල තියන මානසික රටාවේ ඉන්න ඔය ඇත්තොත්, මමත්, මේ ලෝක සත්ත්වයාත්, කවුරුත් හැමදාම හිර වෙනවා 'සන්තෝසය මොකද්ද?' කියන තැනින්.
අපේ ජීවිතේ හැම වෙලාවකම අපිට නිදහස සහ සාමය සලසාගන්න, නිවන සලසාගන්න දෙයක් අපි ගාව තියනවා. හැබැයි අපි හැම වෙලාවකම ඒ දේ ප්‍රතික්ෂේප කරලා වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවා. භාවනාවට වාඩි වුනහම අපි කැමතියි එක එක භාවනා ක්‍රම මාරු කර කර කරන්න. අළුත් අළුත් භාවනා ආචාර්යවරු හොයාගෙන ගිහිල්ලා ඒ ඇත්තන්ගේ භාවනා ක්‍රම හදාරන්න අපි මනාපයි. හැබැයි කරන්නෙ ටික කාලයයි. ඇයි ඒ ?
ඕනම භාවනාවක් තුලින්, ඕනම ක්රියාකාරීත්වයක් තුලින්, අපේ හිතේ වර්ධනයක් සිද්ධ වෙනව. ඒක සාමාන්‍යයයි. ස්වාභාවිකයි. නමුත් ඒ වර්ධනය තුලින් අවසානයකදී හෝ එක්තරා මට්ටමකදී එනවා ඉවසීම දියුණු කරගන්නා වූ තැනකට. සංවරභාවය දියුණු කරගන්නා වූ තැනකට. මෙනෙහි කරන එක නතර කරන තැනකට. මෙනෙහි කරන එක නතර කරන්න සිද්ධ වෙන තැනකට අපිව පතිත වෙනව. අන්න එතනට අපි කැමති නෑ. හේතුව මොකද්ද?
අපි හිතන සංතෝසය තුල තියෙන්නෙ වෙනමම දෙයක්. මං පිණ්ඩපාතෙ ගන්න ගියෙ ඒ මෑණියන්ගෙ හිතේ තිබ්බ නං තමන් ආහාරයට ගත්ත දේ දෙන එක වැරදියි කියලා, අද වෙනකොට පින්වතුනි ඔය ඇත්තන්ටත් මටත් කතාබහ කරන්න මෙහෙම කතාවක් ඉතුරු වෙන්නෙ නෑ ලෝකයට. නමුත් සංතෝසය හදා ගන්න දේ අපි ළඟ තියනවා කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන් නම්, ඕනෑම වෙලාවක ඒ සතුට බුක්ති විඳින්න, නිවී සැනසීම බුක්ති විඳින්න අපි කාගෙත් නුසුදුසුකමක් නැහැ.
භාවනාවට වාඩි වුනාට පස්සේ අපිට දකින්න පුළුවන්, තේරෙන්න පුළුවන්, පේන්න පුළුවන්, ධර්මයේ භාෂාවෙන් කිවුවොත් නීවරණම තමයි වෙන්න පුළුවන්. කාම සිතුවිලි, ද්වේශ සිතුවිලි, නිදිමත අලසකං, හිතේ විසිරීම් සහ සැක. ඕවගෙන් තොර හිතක් අපිට කොහෙවත් ඇත්තෙ නෑ. හොයා ගන්න අමාරුයි සමාධියෙ ගැඹුරට ගියාට පස්සෙ මිසක.
අර කියන දේවල් දකින අපි රුචි වෙන්නෙ නැහැ, මනාප වෙන්නෙ නැහැ, භාවනාවක් කරගෙන යන්න. ඇයි ඒ?
අපි බලාපොරොත්තු වෙනව ඊට වඩා දෙයක් තියෙන්න ඕන කියල. ඒක හින්ද අළුත් භාවනා ක්‍රමයක් ඉගෙන ගන්නව. ඒකෙනුත් එනවා ඔය කියන දේ හඳුනාගන්න තැනට. ඊට පස්සෙ ඒ භාවනා ක්රමයටත් පරණ එකට සිද්ධ වෙච්ච සංගෙඩියම තමයි සිද්ධ වෙන්නෙ. මේකත් ඕන වෙන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එකක් කරන්න යනව. ඔහොම ඔහොම ඔහොම ඔහොම ඔහොම ඔහොම අපි එක්තරා එක්තරා මට්ටම්වලින් ඇවිල්ලා හිත හඳුනා ගන්න තැනට එනකං ජීවත් වෙනවා, පුරුදු කරනවා, වඩනවා. එතනින් අතෑරල දානවා. මොකද කියන්නෙ ඕක වෙන්නෙ නැද්ද?
හැබැයි තමන්ට තරහ යන විත්තිය අනුමත කලා නං, තමන්ට රාග සිතුවිලි එන විත්තිය අනුමත කලානං, තමන්ට නිදිමත එන විත්තිය අනුමත කලානං, තමන්ගෙ හිත විසිරෙන විත්තිය අනුමත කලානං, තමන්ගෙ හිතේ සැකය තියන විත්තිය අනුමත කලානං, සංතෝසය එතනමයි. සතුට එතනමයි. බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේ අරගෙන බලන්න උදාහරණ ඇති ඕවට.
නිවී සැනසීම කියල කියන්නෙ පින්වතුනී, නීවරණයන්ගෙන් බැහැර වෙච්ච දෙයක් නෙවෙයි, ඒ නීවරණ හඳුනාගත්ත දෙයයි. නිවී සැනසීම කියල කියන්නේ නීවරණයන්ගෙන් බැහැර වෙච්ච දෙයක් නෙවෙයි, ඒ නීවරණයන් හඳුනා ගැනීමයි. එතනයි සැනසීම තියෙන්නෙ. එතනයි සංතෝසය තියෙන්නෙ.
මේකෙ තේරුම පින්වතුනි මේ ලෝකෙ ඉන්න ඔය ඇත්තොත් මමත් කියන අපි හැමෝම එක හා සමානයි. බුක්ති විඳින දේවල් වලින් එක හා සමානයි. නමුත් අපි සතුටු වෙන්නෙ නැති නම් මේ මොහොත තුල තියන දෙයින් ඒත් අපි සමානයි. ලෝකෙ ගොඩක් ඇත්තො ඒ වගේම තමයි.
අපි ඉගෙන ගන්න ඕන මේ මොහොත තුල අපි බුක්ති විඳින දෙයත් එක්ක සාමයෙන් ඉන්නට. සංතෝස වන්නට. එහෙම නැතුව අපි හොයන සංතෝසය සැපත හොයාගෙන ලෝකෙ වටේ යන්න පුළුවන්. ඒක හරියට අර හොල්මනකට බය වෙලා දුවනවා වගේ වැඩක්.පිටිපස්ස බලනකොට අඳුරක් පේනවා. ආන් හොල්මන මගේ පිටිපස්සෙ තියනවා. ඉතින් දුවනවා. හොල්මනත් එක්කයි අපි දුවන්නෙ. සංතෝසය හොයාගෙන අපි දුවනවා. නමුත් අපි ගාව සංතෝසය තියනවාමයි.
ආශ්වාසය සහ ප්රාශ්වාසය දැනෙන්න ඕන කියන උවමනාකම පැත්තකින් තිබ්බ නං, දැනෙන්නම ඕන කියන උවමනාකම පැත්තකින් තිබ්බ නං, ආශ්වාසයේ කොටහක් දැනෙන එක ප්‍රාශ්වාසයේ කොටහක් දැනෙන එක, නහයෙ හිරවෙන එක, ඇඟ රිදෙන එක, හිත දුවන එක අපේ කමටහන බවට පත් වෙනවා. එහෙම නං අපි ඒකට සංතෝසයි. එතනින් සැනසෙනව. එතනම නිවී සැනසෙනව. නමුත් අපිට ඒ දේ කරන්න බැහැ. මොකද?
ඒක අත්දැකීමක් වුනාට පස්සේ අපි ඔය අත්දැකීමත් එක්ක අතීතය ගැටගහ ගන්නව. කකුල රිදෙන්න වුනානං හිතන්නෙ කොහොමද? "ඊයෙත් ඕක වුනා. පෙරේදත් ඕක වුනා. ගිය සතියෙත් තිබ්බ මං අහන්නෙ. ඕක වෙන්න ප්‍රධානම හේතුව අහවල් එක්කෙනා ඇඟේ හැප්පිච්ච එක තමා." ඔන්න ඔහොමයි අපි කල්පනා කරන්නෙ. හා නැද්ද? ඕකයි ඇත්තම කතාව.
හැබැයි එහෙම හිතනකොට අපි අපේ සිතිවිල්ලේ රසය විඳින්න හිත හුරු කරනවා මිසක මේ මොහොත තුල තියන දේ තුල රසය විඳින්න නෙවෙයි හිත පුරුදු කරන්නෙ. මොකද ඒ වේදනාව වින්දනය එනකොට අර වගේ සිතුවිලි අරගෙන අරගෙන අරගෙන ඒ වේදනාව සහ ඒ වේදනාව හෝ ඒ වින්දනය කියන එක දැනගන්ට බැරිවෙන තරමට දාගන්න සිතුවිලිවල බර වැඩි කරගන්නව. අවසානෙට අපිට තේරෙන්නෙ නැහැ, අපිට මතක නැහැ මොකද්ද කරගෙන ගියේ කියල මොකද්ද කලේ කියලා.
'වනේ අන්ධ ගජෝ' වගේ තමා. වල්මත් වෙනවා අපේම සිතුවිලිවල එක්කො අතීතයෙ නැත්නම් අනාගතයෙ. පැහැදිලි වර්තමානය තුල රැඳෙන්ට අපිට බැරි වෙන ප්‍රධානම හේතුව තමයි අතීතය සහ අනාගතය කියල කියන සිතුවිලිවල හිරවීම. ඔය දෙකෙන් බැහැර වෙන්න පුළුවන්කම තිබුනා නම් සංතෝසය කියන එක, තමන් හොයන දෙය තමන් තුලමයි නේද කියල අපිට තේරෙන්න ගනීවි. ඒක හරිම ලස්සනයි.
මට තව එක කතාවක් මතක් වුනා. මේ වෙනකොට අපේ රටේ තෙල් නෑනෙ. මේක තෙල් කතාවක්. එක්තරා මහත්මයෙක් ඉඳල තියනව පිටරටක. මැදපෙරදිග වගේ. එයාට ලොකු උවමනාවක් තිබිල තියනවා තෙල් නිධියක් හොයා ගන්න. තෙල් නිධියක අයිතිකාරයෙක් වෙන්න. මෙයා දේශ ගවේශකයො ඔක්කොම ටික මුණගැහිලා, අන්තර්ජාලය පීරලා, හොයල තියනව හොඳ ඉඩමක් හොඳ නගරයක.
තමන්ගෙ ඉඩම, පාරම්පරිකව මෙයාට හම්බ වෙලා තිබ්බ සුවිශාල ඉඩම කුණු කොල්ලෙට විකුණනව. පලක් නෑ නෙ මේකෙ. ඇති වැඩක් නෑනෙ ඒක හින්ද. මොකද එයාට හොයන දේ හම්බ වෙච්ච හින්ද මෙයා මේ ඉඩම විකුණල දානව. විකුණලා එයාගෙ පාරම්පරික ධනයත් අරගෙන එයා බලාපොරොත්තු වෙච්ච ඒ ඉඩම තිබුනු තැනට ගිහිල්ල ඒ ඉඩම මිලදී ගන්නව.
ලෝකයේ තියන සුවිශාලම යන්ත්‍රෝපකරණ ගෙනැල්ල හාරන්න පටන් ගන්නව. කැණීම් කරන්න පටන් ගන්නව. හොයාගෙන යනව. හම්බ වෙච්ච දේ බිංදුවයි. මොකක්වත් හම්බ වුනේ නෑ.
අර ඉඩම වික්ක හින්ද අඩු ගාණට දුප්පත් මනුස්සයෙක් මේ ඉඩම ගත්තෙ. මහ ලොකු සල්ලියක් තිබුනෙ නෑ. මෙයා මොකද කරන්නෙ වැසිකිළි වලක් කැපුව. මේක ඇත්ත කතාවක්. වැසිකිළි වලක් කපනකොට වතුර වෙනුවට වෙන මොනවදෝ වගයක් එළියට ආව. අද වෙනකොට ලෝකයේ තියන ප්‍රධානම තෙල් නිධියකින් එකක්ලු ඒ ඉඩමේ තියන තෙල් නිධිය.
හැබැයි මේක අර ඇත්තටම පාරම්පරිකව අයිතියක් තිබ්බ කෙනාට උරුම වුනේ නෑ. ඒකට හේතුව සංතෝසය තමා තුල නෙවෙයි තියෙන්නෙ කියල එයා විශ්වාස කරපු නිසා.
අපේ ජීවිත තුලත් පින්වතුනි, අපි හැමදාම ඔය වගේ තමයි නේද? අපි ගාව ඉන්න අය, අපි ඇසුරු කරන අය, ඒ ඇත්තන්ට පුළු පුළුවන් විදියට ඒ ඇත්තන්ගෙ ජීවිතවල සාර්ථකත්වය ලඟා කරගන්න පුළුවන්. නමුත් අපි සතුටු නැති නම් ඒ ප්‍රමාණයට. ඒ ඇත්තන්ගෙ අහිංසක හිත්වලට අපි දෙන්නෙ අසාර්ථකත්වයෙ වචනයක්. ඒක දුවා දරුවන්ට වෙන්න පුළුවන්, අපි ආශ්‍රය කරන අයට වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට වුනත් වෙන්න පුළුවන්.
ඒ ඇත්තන්ගෙ සුළු හෝ ජයග්‍රහණයක් අපි සලකන්නෙ අවතක්සේරුවෙන් නම් මේක තමයි අපි සමාජය තුල අපි ඉගෙනගෙන තියන මානසික රටාව. අනුමත කරන්න නෙමෙයි විවේචනය කරන්නයි අපි ඉගෙනගෙන තියෙන්නෙ. එවන් වූ හිතක් එක්ක නම් අපි භාවනාවට වාඩි වෙන්නෙ ආශ්වාසය ප්රාශ්වාසය කොහොම පෙනුනත් අපි මනාප නෑ ඒ දේට. අපි මනාප නෑ ඒ දේට.
හේතුව, අපි හොයන සතුට ප්‍රායෝගිකත්වය තුල නෙවෙයි අපි දකින්න බලන්නෙ, සිතුවිල්ල තුලයි අපි දකින්න බලන්නෙ. ඔන්න ඕකයි වැරැද්ද. කල්පනා කරන්න, මෙනෙහි කරන්න, හීන මවන්න පුරුදු වෙච්ච ලෝකයා ස්වභාව ධර්මය තුලින් කියල දෙන, පෙන්නල දෙන, මතු කරල දෙන, මේ ස්වභාව ධර්මයෙ තියන සත්‍යයට රුචි වෙන්නෙ නැහැ. මනාප වෙන්නෙ නැහැ.
නිවන කියන එක පින්වතුනි ඔය ඇත්තොත් මමත් අතරමයි තියෙන්නෙ. අපි ජීවත් වෙන මේ මොහොත තුලමයි තියෙන්නෙ. හැබැයි මයෙ පුතේ අපිට මේ මොහොතෙ ජීවත් වෙන්න බැරි එකයි තියන එකම එක ප්‍රශ්නෙ. නිවන තියනව අපි ගාව නමුත් අපි දන්නෙ නෑ එතන ඉන්නෙ කොහොමද කියල. අපිට මේ මොහොතේ මොහොතක් ඉන්න බැහැ.
ඒ හේතුව මේ මොහොතට ආපු සැනින්ම අපිට ඒ මොහොත ගැන කල්පනා කරන්ට ඕන, මෙනෙහි කරන්ට ඕන, හීන මවන්ට ඕන, සසඳන්ට ඕන, බලන්ට ඕන, විවේචනය කරන්ට ඕන. මේත් එක්ක අපි ගාව තියන සංතෝසය අපෙන් බැහැර වෙලා යනව.
හැබැයි භාවනාව හන්දා තමයි බුදුරජාණන් වහන්සේ ඔය වගේ හිත් තියන ලෝක සත්ත්වයාට උගන්වන්නේ 'යථාලාභ සංතුට්ඨිය' කියන වචනයත් එක්ක ලෝකය වර්ධනය කරන්න නෙවෙයි, ලෝකය කියල කියන අතීතය සහ අනාගතය කියන මේ දෙක වර්ධනය කරන්න නෙවෙයි, සංස්කාරයන් ටික ගොඩ නඟන්න නෙවෙයි, සංස්කාර බැහැර කරන්නයි උගන්වන්නෙ. මේ මොහොත තුල තියන දෙයින් සැනසෙන්නයි උගන්වන්නෙ. බර බැහැර කරන්නයි උගන්වන්නෙ. අතහරින්නයි උගන්වන්නෙ.
අපි අතහරින්නෙ මොකද්ද පින්වතුනි එතකොට? බරයි අතහරින්නෙ. බර කියන එක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ 'භාර' සූත්රයෙදි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥ්ඥාණ කියලයි.
අර පරණ උදාහරණෙටම ගියොත් එහෙම වේදනාවක් දකිනකොට ඒ වේදනාවට අපි ඈඳ ගන්න රූප ගොඩක් තියනව නේද? "ඊයෙත් ඔය වගේමයි ඔතනමයි රිදුනෙ." ඒකටම ඈද ගන්න වේදනා ගොඩකුත් තියනව නේද? "ඊයෙත් ඕක ඔය විදියටමයි දැනුනෙ." සංඥා ගොඩකුත් තියනව. සංස්කාර ගොඩකුත් තියනව.
"ඕක වෙන්නේ මීට අවුරුදු ගාණක ඉදල. අහවල් කෙනා තමයි මේකෙ අයිතිකාරය. එයා අහවල් වැඩේ කරාට පස්සෙ තමයි මේ වේදනාව තියෙන්නෙ." එහෙම නැත්නම්, "අහවල් කෙනා මේ වේදනාවෙන් ඉන්නකොට අසවල් කෙනා මට මෙහෙම හිනා වුනා." ඕවත් අපේ හිතේ මතකයේ තියනවා.
එක ක්ෂණයක් තුලදි මේ ඔක්කෝම ටික එනව. අපේ විඥ්ඥාණය තුල පතිත වෙනව. එතකොට බර වුනේ පින්වතුනි මේ මොහොත තුල දැන් ගත්ත වේදනාවෙද? අර රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාණ පහේද? මොකේද වැඩියෙන් බර තිබ්බෙ?
අපි බරයි එකතු කරන්නෙ සංසාරයක් හැටියට. බරෙන් නිදහස් වෙලා ඒ නිවී සැනසුම සෞම්‍ය දේ ඉගෙන ගන්න එකයි හදාරන එකයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය ඔස්සේ අපිට කියල දෙන්නෙ බරෙන් නිදහස් වෙන්ටයි. බැහැර කිරීමෙන් සැනසීමක් ලබා ගන්නටයි අපිට උගන්වන්නෙ. බැහැර කරන්න තියෙන්නෙ වෙන මොකක්වත්ම නෙමෙයි, පංචඋපාදානස්කන්ධයමයි.
අවසානයේදී අපිට හම්බ වෙයි වර්තමාන මොහොත තුලත් රූපයක් තියනව, වේදනාවක් තියනව, සංඥාවක් තියනව, සංස්කාරයකුත් තියනව සහ විඥ්ඥාණයකුත් තියනව නමුත් උපාදානයක් නෑ කියල. එච්චරයි.
මේ මොහොත තුල තියෙන්නෙ මොකද්ද? ඔව් ඒ දේ තියනවා. මේ මොහොත තුල නැත්තෙ මොකද්ද? ඔව් ඒ දේ නෑ. එච්චරම තමයි.
ඒ අනුසාරයෙන් අපිට හිතන්න පුළුවන්කම තියනව නම් අපේ සතුට අපි ගාවමයි. නමුත් වර්තමාන මොහොතට අපි අපේ සිතුවිල්ල, අපි අපේ මෙනෙහි කිරීම, විවේචනය, සංස්කෘතිය ආදී දේවල් එකතු කරගන්න පටලැවුනොත් එහෙම, පුරුදු වුනොත් එහෙම, වර්තමාන මොහොත තුල ලබාගන්න පුළුවන් සැනසීමෙන් අපිව බැහැර වෙනව. නිවනෙන් අපිව බැහැර වෙනව.
හිතන්න එපා නිවීම සැනසීම කියන එක එකපාරට ගිහිල්ල වැටුනට පස්සෙ හරියට අර හිර කූඩුවකට වැටුනම වගේ ආපහු එළියට එන්නෙ නැති එකක් කියල. එහෙම නෑ. අරගෙන බලන්න ඕන සල්ලේඛ සූත්‍රය. අපේ ජීවිතේ අපි නිවීම සැනසීම කියන එක පින්වතුනි, එක එක කාරණා වලින් ඇති කරගන්නෙ කොහොමද කියන එක ඉගෙන ගෙන ඇති. නමුත් තවත් කාරණාවලින් අපි අන්ත විදියට දුක් වෙනව වෙන්නත් පුළුවන්.
ඉගෙන ගන්න තියන ක්‍රමය තුල තියෙන්නෙ දුක ඇති කරගන්නෙ මොකද්ද කියන එක හඳුනාගෙන එයින් නිදහස් වෙන දේ කොහොමද කියන එක තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන එකයි. අපේ ජීවිතේ අපි වැඩිමනත් කාලයක් පුරුදු කරල තියෙන අර දුකම මෙනෙහි කරන එක, සැපත අතහරින එක.
යහපත සිද්ධ වුනු ආකාරය මෙනෙහි කරන්නෙ නැතුව සිද්ධ වුනු අයහපතම මෙනෙහි කරන ඒ සිත අපි චුට්ට චුට්ට වෙනස් කරගන්න ඕන. හිතට කියල දෙන්න පටන් ගන්න ඕන යහපත් වූ ස්වභාවයන් තියන කාරණා නැවත නැවත මෙනෙහි කරන්න පටන් ගන්න. අයහපත් වූ ස්වභාවයන් ගැන කතාබහ කරන එක, මෙනෙහි කරන එක, ඒ අනුසාරයෙන් වැඩකටයුතු කරන එක, ඒක හුරු කරන එක, පුළුවක් තරම් අපේ ජීවිතෙන් ඈත් කරන්න ඕන. අයින් කරන්න ඕන. නතර කරල දාන්න ඕන. අන්න එතකොටයි අපි සැනසීමකට ලක් වෙන්නෙ. සැනසුනු ඇත්තෝ බවට පරිවර්තනය වෙන්නෙ.
මෙවන් වූ ගමනකුයි අපිට පින්වතුනි බුදුරජාණන් වහන්සේ යන්ට කියල කියල දෙන්නෙ. බර බහා තැබුවාට පස්සේ ඒ සැනසීම අපිට බුක්ති විඳින්න පුළුවන්කම තියේවි. ඉතින් එවන් වූ ගමනක් යන්නටයි අපි මේ කියන සතිපට්ඨානය පුරුදු කරන්නෙ.
ඒ අනුසාරයෙන් බලනකොට ධර්මයට භාෂාවක් නැහැ. වෙලාවක් නැහැ. හැඩයක් නැහැ. පාටක් නැහැ.
සැනසීමට හැඩයක් නැහැ පාටක් නැහැ භාෂාවක් නැහැ වෙලාවක් නැහැ.
ඒක අපි යම්කිසි විදියකට බුක්ති විදින උතුම් වූ දෙයක්. මේ මොහොත තුලදී බුක්ති විඳින උතුම් වූ දෙයක්. අපි කල්පනා කරානං, උත්සාහවන්ත වුනානං, තේරුම් ගත්තා නම්, මොන විදියට කටයුතු කරන එක හොඳද, කතාබහ කරන එක හොඳද, හිතන එක හොඳද, අදහස් දරණ එක හොඳද, වැඩ කටයුතු කරක එක හොඳද ජීවිතේ පවත්වන එක හොඳද, කියල ඉගෙන ගත්තා නම්, තේරුම් ගත්තා නම්, ඒ සැනසීම අපි ගාවත් තියේවි. අපෙන් අනික් ඇත්තන්ටත් ගලාගෙන යාවි.
මේ ලෝකයට යහපතක් සිද්ධ කලානම් පින්වතුනි වචනයකින් හෝ, ඒක මේ ලෝක ධාතුව තුල ඉතුරු වේවි. හරියට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කියල දුන්නු බණ පදයක් වගේ. ඒක ලෝක සත්ත්වයාවත් අපිවත් නිවී සනසවන්න හේතු වාසනා වේවි. ඒ සැනසීම ඇති කරනවා කියන එක වෙන කෙනෙක් අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන කෙනෙකුගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි.
ඒක අපි ගාව තියන වචනයකින් එළියට යන්න ඕන දෙයක්. අපි ගාව තියන සිතුවිල්ලෙන් එළියට යන්න ඕන දෙයක්. අපි කරන ක්‍රියාවලියෙන් එළියට යන්න ඕන දෙයක්. ඒක හන්දයි මම මේකට කියන්නෙ 'සතුට අපි තුලින්මයි' කියල. මේක තමයි අපේ නිවීමේ කලාව.
ඉතින් මම බොහොම සංතෝස වෙනවා අද දවසේදී 'භාර සූත්‍රය' ආශ්රයෙන් තමයි ඔය කියන කාරණා ටික ඔය ඇත්තන්ට කියන්න කල්පනා කලේ. ඉතින් මේ කියපු කාරණාවලින් ඔය ඇත්තන්ගෙ ජීවිතය තුලත්, තමන්ගේ ජීවිතයේ තියන දුක් කරදරවලින් නිදහස් වෙන්න යම්කිසි අස්වැසිල්ලක් වූවා නම් සාදු සාදු එය එසේම වේවා !
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
මේ වස්සාන කාලයයි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අයං වස්සාන කාලෝ තීති"
පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව මේ වස්සාන කාලයයි.
වස්සාන කාලය කියල කියන්නේ බුද්ධ ශාසනයට සුවිශේෂී කාලයක්. මීට බොහෝම කාලයකට කලියෙන්, අද අපි ඉන්නව වගේ කුටි ගෙවල් එහෙමම තිබ්බෙ නැහැ කියලයි කියන්නේ. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා චාරිකාවේ වැඩම කරමින් තමයිලු උන් වහන්සේලාගේ ශාසන චර්යාව සිදු කර ගත්තේ. ඒ ගියා වුනාට වැස්ස කාලෙදි වැස්ස වහිනකොට, උන් වහන්සේලා එහෙම චාරිකාවේ වඩින්න වුනාම, විවිධාකාර අනතුරුවලට, විපත්ති වලට මුහුණ දුන්නලු. ඒක හන්දා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසර ගණනාවකට පස්සේ මේ වස්කාලය කියන කාලය දේශනා කරල තියනව.
වස්සානය "වස්සං උපගන්තුං" කියලයි කියන්නෙ. වස් කාලයේදී වස් සමාදන් වෙන්න ඕනෙයි කියල. ඉතින් ඒ කාලයට පින්වතුනි, ශාසනයෙ මහණ වෙච්ච ඇත්තො හැටියට අපිට අළුතෙන් ශික්ෂා පදයකුත් එකතු වෙනව. ඒකට කියන්නෙ වස් ශික්ෂා පදය කියල. ඉතින් ඔය කියන වස් කාලය තුලදී, වස් ශික්ෂා පදය කියන එක ආරක්ෂා කරගෙන ඉන්න, උපසම්පදාව තුල ඉන්න ඇත්තෙක්ට අළුතෙන් සිවුරු පිරිකර පූජා කරන බවකුත් තියනව. ඒක ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒ ඇත්තට සිවුරක් උවමනා නම් තමා.
කෙසේ හෝ නමුත් තායිලන්තයට ගිය කාලයේ එහේ වස්කාලයක් එන්න පෙරාතුව, කාලයකට කලියෙන් සිද්ධ කරන විශේෂම කටයුත්තක් තිබුනා. ඒක මං ලංකාවේදී දැක්කෙ නෑ. ඒ විශේෂම කටයුත්ත තමයි වස් කාලයට කලින් ඒ ඇත්තො මුණ ගැහිලා සමිතියක් වගේ තියනව. සාමාන්‍යයෙන් සතියකට දවස් දෙකක් විතර ඒ සමිති තියනවා. රැස්වීම් වගේ දේවල්.
කොහොම නමුත් මේ වස්සානයට පෙරාතුව තියන සමිතියෙදි ඒ ඇත්තො කතා කරන්නේ වස් කාලයේදී තමන් වහන්සේලා කරන්න බලාපොරොත්තු වෙන අළුත් අළුත් වැඩපිළිවෙලවල් මොනවද කියලයි. ඒකට ආදර්ශය ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවෙනුයි. උන් වහන්සේ ඇසුරු කරගෙන ධර්මයෙන් පෝෂණය ලබා ගත්ත මහ රහතුන් වහන්සේලාගේ චරිතාපදානවලිනුයි. අපිට පෙරාතුව මේ ලෝකයේ වැඩ හිටපු මහ තෙරුන් වහන්සේලාගේ ගුණාංග වලිනුයි.
එහෙදි පිනවතුනි, ලොකු හාමුදුරුවෝ ගොඩක් වෙලාවට (එහේ මං හිටපු කාලෙ ලොකු හාමුකුරුවො හිටියේ අජාන් කේවලී.) උන් වහන්සේ කියල දෙනවා මීට කලියෙන් වස් කාලයේදී වැඩිහිටි හාමුදුරුවරු කලේ මේවයි කියල. ඒව පෙල ගස්වල කිවුවොත් එහෙම, සමහර ශික්ෂා පද තියෙන්න පුළුවන් අපි එච්චර හිතන්නෙ නැති ඒව. විශේෂයෙන් සේඛියා වගේ දේවල් අපි එච්චර ගාණකට ගන්නෙ නැහැ, විනය පිටකයේ තිබ්බා වුනාට. ඒව සාමනේර ඇත්තන්ටත් තියනවාමයි. වගේම මට මතකයි අපේ අම්මයි තාත්තයි ගිහි ගෙදරදිත් ඉගැන්නුව.
කෑම කනකොට කතා කර කර කෑම කන්නෙ නැහැ. කෑම කනකොට සද්ද බද්ද එන විදියට කෑම කන්නෙත් නැහැ. කෑම කනකොට කකුල හොල්ල හොල්ල කෑම කන්නෙත් නැහැ. කෑම කනකොට වෙනත් වැඩක් කර කර කෑම කන්නෙ නැහැ. කෑම කනකොට පිඟාන හූර හූර කන්නෙ නැහැ සද්දෙ එන විදියට. කෑම විසුරුව විසුරුවා කන්නෙ නැහැ. ඕව අපි ගිහි ගෙදර ඉන්න කාලෙම ඉගෙන ගත්ත දේවල්. අවසානෙට මහණ වෙලා බලනකොට බුදුරජාණන් වහන්සේත් එව්ව අපිට කියල දීල තියනව විනය හැටියට.
ඒ කාලේ මට මතකයි තායිලන්තයෙ ඉන්නකොට, හාමුදුරුවරු උන් වහන්සේලාගේ වස්කාලයෙ කරන්න හිතන දේවල් මොනවද කියල අහපුවහම ලොකු හාමුරුවො දෙන උපදේශය තමයි, තම තමන්ගේ ජීවිතේ හදා ගන්න තියන අඩුපාඩුවක් තියනව නම්, තම තමන්ගෙ ජීවිතේ නිවැරදි කර ගන්න තියන මොනව හරි කාරණාවක් තියනව නම්, අන්න ඒ කාරණේ මේ වස් කාලය තුලදී සම්පූර්ණ ක්‍රියාත්මක කරලා හමාර කර ගන්නවා කියන අදහසට එන්නයි උගන්වන්නේ.
සරල උදාහරණයක් අරගත්තොතින් එහෙම කියන්න පුළුවනි, සමහර කෙනෙක්ට සෙරෙප්පු ගලවනකොට මතක නැති වෙන්න පුළුවන් ඒ සෙරෙප්පුව එක තැනක ගලවන්න. එකක් ගලවලා තව එකක් වෙනම පැත්තක ගලවනව වෙන්න පුළුවන්. යතුර ගත්ත තැනක තියන්න අමතකයි වෙන්න පුළුවන්. ටෝච් එක එක තැනක නැතුව වෙන්න පුළුවන්. ෆෝන් එක එක තැනක නැතුවා වෙන්න පුළුවන්. ඒ වගේම කුඩය විශේෂයෙන්ම, කුඩය නැතුවා වෙන්න පුළුවන්. ඒ වගේ නිතර නිතර අපෙන් ගිලිහිලා යන කාරණාවලට නැවත නැවත අධ්‍යනය කරන්න කියල, නැවත නැවත පුරුද්දක් ඇති කර ගන්න කියල මේ වස්සාන කාලය තුලදී එහෙ ලොකු හාමුදුරුවරු අපිට උපදෙස් දෙනව.
එතකොට අපි වැඩේ පටන් ගන්නෙ සෙරෙප්පු දෙක එක පිළිවෙලකට ගලවල තමයි. ඇඳුම ගලවන එක පිළිවෙලකට කරල තමයි. ඒ ඇඳුම ගලවන එකත්, මීට කලින් අපි වෙන දෙයක් කල්පනා කර කර කලා වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් එක්ක කතා කර කර කලා වෙන්න පුළුවන්, මොනව හරි කමක් නැහැ නමුත් උන් වහන්සේලා අපිට කියල දෙනවා,
"හාමුදුරුවනේ සිවුර අඳිනකොට ඒ සිවුර අඳින එකේ දැනෙන බවක් තියනවා."
ඔය ඇත්තො මේ පූජ කරල තියන රෙදි වලින් සමහරක්ව ගොරෝසු රෙදි තියනව. සමහරක්ව මටසිලිටු රෙදි තියනව. අපි කියනවා මං ගාව තියෙන්නෙ නං අසවල් ආකාරයේ ඇඳුමක් හරි රෙද්දක් හරි මොකක් හරි කියලා. ඒ වුනාට ඒ තියන රෙද්ද තුලින්, ඒ අඳින ඇඳුම තුලින්, අපි අර කියනකොට එන මටසිලුටු ඒ සුවය අපි විඳින්නෙ නැති වෙන්න පුළුවන්. ඉතින් වස්සාන කාලයේදී අපිට කියල දෙනවා, අන්න ඒ වගේ එක එක ක්‍රියාවන්වල සිහිය පවත්වන්න, මේ කටයුත්ත ඒ විදියටම කරනවා කියන අධිෂ්ඨානයකට යන්න පාවිච්චි කරන්න කියල.
මේ වස්සාන කාලය තුලදි තමන්ගෙ ජීවිතේ අළුත්ම විදිහේ ඉලක්කයකට යන්න, අළුත්ම විදිහේ ඉලක්කයක් සම්පූර්ණ කර ගන්න, මේ වස්සාන කාලය භාවිතා කරන්න කියන එකයි අපිට කියල දෙන්නේ. අපිට දෙන උපදේශය වෙන්නේ.
ඊළඟට භාවනා කරන වාර ගණනත් බැලුවොත් එහෙම, එහිදී අපිට කියල දෙන තවත් විශේෂම කාරණාවක් තමා වස් තුන් මාසය තුලදී භාවනා කරන, අපි කියමුකො පර්යංකය කියල, පර්යංකයෙ අසවල් පැය ගණනක් සම්පූර්ණ කරනවා කියන අදහසට එන්න කියල කියනව. උදාහරණයක් හැටියට වස් තුන් මාසයක් නම් දවස් අපි හිතමුකො තිහක් කියල, තිහක් නම් අනූවක් වෙනවනෙ මාස තුන වුනහම. එතකොට ඒ මාස තුනට අපිට දෙන උපදේශය තමයි, එහෙනම් පැය අනූවක භාවනා වාරයක් සම්පූර්ණ කරනවා කියන අදහසට යන්න, අධිෂ්ඨානයට යන්න. සක්මන් කරනවා නම් ඒත් ඒ වගේමයි. සක්මන සහ පර්යංකය කියන දෙකටම යනවා නම් ඒත් ඒ වගේමයි.
තායිලන්තයේදී නම් ඒ වස් තුන් මාසය තුලදී අපි වන්දනා කරන්න වෙන වෙන වෙලාවල් දාගෙන තිබ්බා. ඊට කලියෙන් උදේටයි හවසටයි වන්දනා කරපු ඇත්තෝ පසුකාලීනව උදේට විතරක් වන්දනා කලා, දවල්ට සමූහ භාවනාවක් කලා. හවසට තමන්ගේ විවේකය ගත කරන්න ඉඩ දුන්නා. එතකොට ඒ වගේ සිද්ධි වලින් අපේ ජීවිතේට අපි ඇති කර ගත්තෙ නැති විදිහේ ගුණාංග එකතු කර ගන්නට උත්සාහවන්ත වුනා. පුරුදු කර ගන්නට උත්සාහවන්ත වුනා.
තවත් එකක් මං කියන්නං. ඔය ඇත්තො දත් මදිනකොට මීට කලින් දකුණු අත පුරුදු කෙනා දකුණු අතින්මයි මැදල තියෙන්නෙ. නමුත් දකුණු අතින් මදිනකොට තියන කාරණාව මෙන්න මේකයි. ඒක අපිට වෙන වැඩක් කර කර වුනත් කරන්න පුළුවන්. මොකද දැන් වෙනකොට ඒ දේ අපිට හුරු වෙලා තියන හින්දා. මොකද කියන්නෙ ඕකෙ අත මාරු කලොත් එහෙම? අන්න එතකොට අපිට ඒ කරන ක්‍රියාවත් එක්ක සිහිය පුරුදු කරන්නම සිද්ධ වෙනව. එහෙම නැති නම් තුවාල වෙනව හරි කරදරයක් වෙන්න පුළුවන්.
අන්න ඒ වගේ ඔය ඇත්තන්ටත් මට කරන්න හිතෙන යෝජනාව තමයි මේ වස්සාන කාලය තුලදි පින්වතුනි, පුරුද්දට කරන ක්‍රියාවල් පුරුදු නැති විදියකට කරන්න බලන්න.
අද උදෙත් අර දානෙ ගෙනාපු ඒ මෑණියන්ටත් මං කිවුවෙ, උයනකොට ඒ එළවළු කපන්න ඒ පිහිය පාවිච්චි කරන විදිහක් තියනවනෙ. ඕක පොඩ්ඩක් අනිත් පැත්තට කරල බලන්න කියල කිවුව. අත මාරු කරල කපල බලන්න කිවුව. එහෙම වුනහම අපි මේ මොහොත තුල රැඳිල ඉන්න උත්සාහවන්ත වෙනව.
එතකොට මගේ යෝජනාව තමයි ඔය ඇත්තන්ට අළුත් ඉලක්කයක් හදා ගන්න පුළුවනි. අළුත් අරමුණක් හදා ගන්න පුළුවනි. තමන්ගේ ජීවිතේ මොනව හරි ආකාරයකට තමන්ට තේරෙනව නම් යම්කිසි අඩුපාඩුවක් අඩුලුහුඩුතාවයක් තියනවා කියලා, එහෙනම් උත්සාහ කරන්න පුළුවනි, ඒ අඩුලුහුඩුතාවය මඟ හරවා ගන්න විදියට මේ වස් තුන් වාසය මං පුරුදු කරනවා කියන අධිෂ්ඨානයට යන්න පුළුවන්. තමන්ගේ සිහිය දියුණු කර ගන්නට තමන්ට උපකාර වෙයි කියල හිතන ඒ විදිහේ මොනව හරි කාරණාවක් තියනවා නම්, අන්න ඒ දේ සර්ව සම්පූර්ණයෙන්ම මං ඉවරයක් කර ගන්නවා, නැත්නම් පුරුදු කරනවා කියන අධිෂ්ඨානයට මේ වස් තුන් මාසයේ යන්න පුළුවනි.
මේකෙ ආදර්ශය අපි ගන්නෙ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙනුයි. ඒ උත්තමයා තමන් වහන්සේගේ ජීවිතය තුල ඒ කරපු කාරණා බලනකොට උන් වහන්සේගේ හැම කාරණාවකම තිබුනා සතිමත් වීමක්, පිළිවෙලක්, ඒකාකාර වෙච්ච ක්රමානුකූල ක්‍රියාපටිපාටියක් වගේ දෙයක්.
සරල විදියට උදාහරණයක් හැටියට කිවුවොත් තථාගතයන් වහන්සේ ඕනෑම ගමනක් යන්න ඉස්සෙල්ලම තිබ්බෙ දකුණු කකුල. ගොඩක් වෙලාවට අපි එළියට ගිහිල්ල මොනව හරි මතක් වෙලා ආපහු ඇතුලට ඇවිල්ල ආපහු යන, අන්න එහෙම කට්ටියක්. දකුණු කකුලද වම් කකුලද කියන එක එතකොට ප්‍රශ්නාර්ථයක්. සමහරක් විට පස්සටයි යන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ ඕනෑම ගමනක් යන්න කකුල ඉස්සරහින් තිබ්බ නම් ඒ තිබ්බෙ දකුණු කකුලමයි.
තථාගතයන් වහන්සේ සැතපෙනකොට උන් වහන්සේ විවේක ගන්න එක ඉරියව්වක් තිබ්බා. පරිනිර්වාණයට පත් වෙන්න භාවිතා කරපු එක ඉරියව්වක් තිබ්බ. කොහොම නමුත් සැතපුනේ එක අංශයකින්මයි. මේ දකුණු අත පැත්තට. දකුණු ඇලයෙන් කියලයි කියන්නෙ. ඒකට කියනව සිංහ සෙය්යාවෙන් කියල. ඒ විදියට පුරුදු කරපු බවක් තිබ්බ පින්වතුනි.
එතකොට මේ වස්සාන කාලය කියන එක මම විශ්වාස කරනව අපිටත් භාවිතා කරන්න පුළුවනි ඒ වගේ අපේ ජීවිතේ තුල යන්න ඕන උතුම් වූ අරමුණකට යන්න. අපේ ජීවිතේ සිහිය පවත්වන්න පුළුවන්, සිහිය ඇති කර ගන්න පුළුවන්, සිහිය වඩා වර්ධනය කර ගන්න පුළුවන් විදිහේ අළුත් අරමුණකට යන්න අපිට පුළුවනි.
තායිලන්තයේ ඉන්න කාලෙදි සිද්ධ වෙච්ච තවත් දෙයක් තමයි, එහෙ හරියට දාන මාන තිබුනා පිණ්ඩපාතෙ යන හින්ද. මොකද අපි නගරයකට කිට්ටුවයි හිටියේ. ඒ ආරණ්‍යය තිබ්බෙ, 'වට්පන් නනචට්' කියන ආරණ්‍යය. ඒක හන්ද ඔය පැණි රස කෑම බීම එහෙම හරියට හම්බ වෙනව. සමහර වෙලාවල්වලට අපි ඒවට වැඩිපුර රුචිකත්වයක් දක්වන්නත් පුළුවන්. එහෙම වුනාම අපි හදා ගන්න අදහස තමයි, අපේ අධිෂ්ඨානයක් තමයි, සමහර ඇත්තො මෙහෙම කලා, ඒක වුනේ කොහොමද? මේ වස් කාලය තුලදී පැණි රස වර්ග ආහාරයට ගන්න එක මං සියයට මෙච්චරකින් සීමා කරනව. ගන්නෙ නැහැ.
ඊට පස්සෙ ඒ කාලෙ අපි තවත් එකක් කලා. අපේ පාත්තරේ දෙනව වෙනත් එක්කෙනෙක්ට. වෙන හාමුදුරු නමකට. උන් වහන්සේගේ පාත්තරේ අපි ගන්නව හෝ වෙන කෙනෙක්ගෙ පාත්තරේ අපි ගන්නව. අරගෙන අපි එතකොට දානෙ බෙදා ගන්නෙ ඒ කෙනා වෙනුවෙන්. ඕක බොහොම හොඳ අවස්ථාවක් තිබ්බ තමන්ට අමනාප හාමුදුරු කෙනෙක් ඉන්නව නම් එයාගෙ පාත්තරේම විශේෂයෙන්ම ගන්න ඕන. ලොකු හාමුදුරුවො තමයි මේව අපට කියල දෙන්නෙ. මොකද එතකොට තරහෙන්ද බෙදා ගන්නෙ? නැද්ද? කියන එක අපිට ඉගෙන ගන්න වෙනවයි කියල. හරිම සාර්ථකයි ඇත්තටම. ඒ වස් තුන් මාසය තුලදී අපි ගොඩක් වෙලාවට එහෙමත් කලා.
විශේෂයෙන්ම අර පර්යංකය වගේ දේවල්වලට යන එක, සක්මන කරනවා කියන එක, වන්දනාව කරනවා කියන එක, ධම්මපදයේ ගාථාවක් හෝ දවසකට සැරයක් පාඩම් කරගන්නවා කියන එක, සූත්‍රයක් කියවනවා කියන එක, සූත්‍රයක තියන කාරණා මතක් කර ගන්නවා කියන එක, සූත්‍රයක තියන කාරණා තමන්ගේ ජීවිතයට පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරනවා කියන එක, ආදී කාරණා සිදු කරපු කාලයක් පින්වතුනි වස් කාලය.
මේ වස් කාලයෙදි තමයි අපි වැඩිහිටි ඇත්තන්ව මුණ ගැහිලා, ඒ කියන්නේ අපිට වඩා දහම් දැනුමක් තියන හිතේ තැන්පත්කමක් තියන සහ සීලවන්තභාවයක් තියන ඇත්තන්ව මුණ ගැහිලා, අපේ ජීවිතය තුල තියන ප්‍රශ්න මේවයි තමන්ගේ ජීවිතයට සෘජුව බලපාල තියන කාරණා මේවයි, ඒකෙන් නිදහස් වෙන්නෙ කොහොමද? ඒවාගෙන් නිදහස් වෙන්නෙ කොහොමද? කියලා අහලා දැනගත්ත, දැනකියාගත්ත ඉගෙන ගත්ත කාලයටයි කියන්නෙ වස් කාලය කියල.
ඒකයි මේ වස්කාලය පින් පිරෙන වස් කාලයක් කියල කියන්නෙ. නිකමටම නෙවෙයි ඒක පිනෙන් පිරෙන්නෙ කොහොමද? අපි අපේ ජීවිතේ ධර්මයෙන් පෝෂණය කර ගන්න හින්දයි.
ඉතින් මේ සාකච්ඡාව අපි මේ කරගෙන යන්නෙ සතිපට්ඨානය දියුණු කිරීම පැත්තෙන් හින්දා, ඒ මාතෘකාව ඔස්සේ හන්දා, මට ඊයෙ හවස අදහසක් ආවා ඔය ඇත්තන්ට මෙහෙම එකක් කියන එක හොඳයි නේද? කියල. ඉතින් මේ වස්සාන කාලය කියල කියන්නෙ පින්වතුනි, අපි උත්සාහවන්ත වෙන්න ඕන අපේ ජීවිතේ මීට කලින් තිබ්බ ගුණ ධර්මයකට තවත් ගුණ ධර්මයක් එකතු කර ගන්න කාලයක් බවට පත් කර ගන්න ඕන කියල.
විශේෂයෙන්ම කිවුවොත්, කතාබහ කරද්දි ඒ කාලෙ මගේ තිබිච්ච එක ලක්ෂණයක් තමයි මං බොහෝම ඉක්මනට කතා කරපු කෙනෙක්. බොහොම වේගෙන් වේගෙන් වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන ගියපු කෙනෙක්. පස්සෙ එක වස් කාලෙකදි මං උත්සාහ කලා, මං හිතාගත්තා මේ වස් කාලයෙදි මම කතා කරනකොට ඒ වචන අතර යම්කිසි හිඩැසක් තියනවා කතා කරද්දි කියල. ඒ හිඩස තිය තියා විඩා ඇර ඇර කතා කරන්න පුරුදු වුනා. වස් තුන් මාසෙන් පස්සේ ඒක මගේ ජීවිතේ බවට පරිවර්තනය වුනා. දැන් ගොඩක් වෙලාවට මට පුළුවනි විඩා ඇරල කතා කරන්න. ඒක මං හිතනව මගේ පැත්තට ලැබෙන ලොකු නිදහසක් කියල. ඊට කලින් කියන්න තියන දේවල් කියල ඉවරයක් වෙනකංම පුදුමාකාර හදිස්සියක් තිබ්බා. නමුත් දැන් එහෙම එකක් නෑ.
මීට කලින් තව එකක් තමයි මට තිබුනු තවත් එකක්, හිතට ආපු අදහසක් තිබ්බොත් ඒක කියන්නම ඕන. ඒක සිද්ධ නොවෙන තාක් කල් හරිම කරදරයි, අර ඇහැට කටු අනිනව වගේ. නමුත් පසුකාලීනව ඕක හඳුනා ගත්තට පස්සේ ඒ දැකපු දුර්වලතාවය සිද්ධ නොවෙන තාක් කල් වැඩ කටයුතු කරන්න හිතට කියල දුන්නා. විශේෂයෙන්ම ඒ කියල දෙන උගන්වන කාලය බවට වස් කාලය පරිවර්තනය කර ගත්තා. එහෙම වුනාම නිකම්ම නිකං වස්සානය පින්බර වස්සානයක් වෙන්න පටන් ගත්තා. ඒක හරි ලස්සනයි ඇත්තටම කියනව නම්.
තායිලන්තයෙදි අපිට කියල දෙන එකක් තමයි පින්වතුනි, කුටියට එන්න කලියෙන් තුන් පාරක් වන්දනා කරන්න කියල. කුටියෙන් යන්න කලියෙන් තුන් පාරක් වන්දනා කරන්න කියල. මේ පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නේ ඒකයි. අද නම් උන් වහන්සේව භාගයයි පේන්නෙ. කාරි නෑ. ඉත්න ඕවා ලාංකික අපිට හරි ප්‍රශ්නාර්ථ ඇත්තටම කියනව නම්. නමුත් සිහිය පැත්තෙන් බලපුවාම, අපේ සංවර භාවය පැත්තෙන් බලපුවාම, හැදිච්ච මැදිච්ච පැත්තෙන් බලපුවාම, ඒව පුදුමාකාර වටිනාකමක් තියන දේවල්.
අපි ඊට කලින් පුරුදු වෙලා තිබ්බා වුනාට වැසිකිළියක් කැසිකිළියක් පාවිච්චි කරපුවාම විගහට එන්න, එහෙදි උගන්වපු දෙයක් තමයි පුරුදු වෙන්න කියල ආපස්සට සුද්ධ කරල එන්න. තායිලන්තෙදි උගන්වපු විශේෂම කාරණාවක් තිබුනා පින්වතුනි, ඕනෑම වැඩක් කලාට පස්සේ ඒ වැඩේ කරපු තැන එහෙම වැඩක් කරපු විත්තියක්වත් තේරුම් ගන්න බැරි වෙන විදියට පිරිසිදු කරන්න කියල ඉගැන්නුව.
අපේ ගෙදරදොරේ වැඩකටයුතු කරද්දී වුනත් ඔය ඇත්තොම මතක් කරල බලන්න තමන්ගේ කටයුතුවල එහෙම අදහස් තියෙන්න පුළුවන්. තමන් කතාබහ කරන වචනවලදී සමහරක් වෙලාවල්වලට ස්තුතියක් දනවන විදියට කතා නොකරන්න පුළුවන්. අද උදේ මගේ එක යාළුවෙක් ආව. එයා ඉස්ලාම් ජාතිකයෙක්. ඉතින් එයත් එක්ක කතා කර කර ඉන්නකොට එළියට ආපු එකක් තමයි "ස්තුතිය කරන් නෑනෙ සාදු" කියල. පස්සෙ මම කියපු එක තමයි "අපි ඒක අළුතෙන් උගන්වන්න පටන් ගමු" කියල. අපේ ශබ්දකෝෂයට නැති, අපේ ශබ්දකෝෂයේ නැති දෙයක් අපේ ශබ්දකෝෂයට ඇති කර ගන්න කාලයක් බවට මේ වස් කාලය පමුණුවා ගමු.
මේ කාලයෙදි අපි දුරකතන භාවිතය පුළුවන් තරම් අඩු කරමු. මේ සමාජ මාධ්‍ය ජාලා, රූපවාහිනිය, ඊළඟට ප්රවෘත්ති, ඒ වගේ දේවල් නරඹන එක පුළුවන් තරම් අඩු කරමු. පුහුගිය දවසෙ එක මහත්තුරු දෙන්නෙක් මට කෝල් එකක් ගත්තා.
"අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නම් නැතුව ඇති අපි නම් මේ ප්රවෘත්ති එහෙම බලන හින්ද සම්පූර්ණ කචල් වෙලා ඉන්නෙ" කිවුව.
එතකොට ඒ ඇත්තන්ට සහ මට කියන අපි දෙගොල්ලොටම බැලුවොත් එහෙම, අපිට තියෙන්නෙ එක ඇට ලේ මස් නහර කියන ඔය දෙතිස් කුණුප තමා. වෙනස තියෙන්නෙ අපි මේව භාවිතා කරන විදියත් එක්කයි. අර හැම එකම පුරුද්දක්.
වැරැද්දක් නෙවෙයි ඒක. ඒක පුරුද්දක්.
එතකොට ඒ පුරුද්දට පිටුපාල යන විදියක් ඉගෙන ගන්න කාලයක් බවට අපි මේ වස් කාලය පරිවර්තනය කර ගනිමු. සූත්‍රයක් කියවන්න දා ගනිමු. දවසකට සැරයක් හෝ එක සූත්‍රයක් අරගෙන කියවන්න බලමු. ඒ සූත්‍රයෙ තමන්ට තේරෙන තරම එනකම්ම හොඳට කියවමු. ධම්මපදයේ ගාථාවක් අරගෙන ඒ ගාථා රත්නයක් කටපාඩම් කර ගනිමු. ඒකෙ තේරුමත් එක්ක අපි තේරුම් ගන්න බලමු. වැරදි නැහැ. ඒ එකක් පාඩම් කර ගත්තා නම්, ඒකෙ තියන ධර්ම සාරය කොයි තරම් නම් තමන්ව සංසිඳවීමකට පත් කරයිද කියල ඔය ඇත්තන්ටම තේරේවි.
අපේ ජීවිතයේ අපි ගෙදරදොරේ වැඩකටයුතු කරනකොට අපි අතින් ගිලිහෙන, අනික් ඇත්තොත් අපිට ඇනල ඇනල හරි කියන, ඔයාගෙ මේ අඩුපාඩුව නම් තියනව හරි මොකක් හරි එකක් තියනව නම්, එවන් වූ අඩුපාඩුවක් අපි මතක තියාගෙන ඉදල මේ වස් කාලය දා ගනිමු ඒ වගේ අඩුපාඩුවක් හදා ගන්න කාලයක් හැටියට. ඒ වගේ අඩුපාඩුවක් සකස් කර ගන්න කාලයක් හැටියට පරිවර්තනය කර ගනිමු. අන්න එහෙම වුනහම වස්සානය පින්බර වස්සානයක් බවට පරිවර්තනය වෙනව.
කොහොම නමුත් පින්වතුනි, වස්සානයක් ඉවර වුනාට පස්සේ අපිට හාමුදුරුවරු ඉස්සරහ කියන්න කියල කියනවා,
"දිට්ඨේනවා සුතේනවා පරිසංඛායවා
වදංතුමං ආයස්මංතෝ පස්සංතෝ පටිකරිස්සාමීතී."
කියල. තුන් පාරක් නමස්කාරය කියලයි මේක කියන්න ඕන. ඒ කියාපු වචනයේ තේරුම තමා,
"ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි, ඔය ඇත්තො දැක්ක නම්, ඔය ඇත්තන්ට ඇහුන නම්, ඔය ඇත්තන්ට තේරුනා නම් මගේ මොකක් හරි වැරැද්දක්, ඒක මට කියන්න ඕන දැන්.
"පස්සංතෝ පටිකරිස්සාමීතී"
ඒ වැරැද්ද මම හදා ගන්න කටයුතු කරනවාමයි."
අන්න එහෙමයි පින්වතුනි බුද්ධ ශාසනය තුල තියන මේ වස්සානයෙන් ප්‍රයෝජනය ගන්නෙ. මේ වස්සානය අවසානයේදී එක තැනකට එකතු වෙලා ඉන්නව නම් සමූහයක්, ඒ ඇත්තො ධර්ම සාකච්ඡා කරනවා. සමූහයක් එකතු වෙලා භාවනා කරනවා. තනියම භාවනා කරනවටත් වඩා සමූහයක් එකතු වෙලා භාවනා කරන එකේ සාමූහික ශක්තියක් තියනව. මොකද තමන්ට එපා වෙලා වටපිට බලනකොට අනිත් එක්කෙනා භාවනා කරනව වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ වස් කාලයෙදි සමූහ භාවනාවල් හරීයට සිදු කරනව.
සූත්‍ර සාකච්ඡා කරනව නම් ඒ දේවල් හරීයට සිදු කරනව. තමන්ගේ ආධ්‍යාත්මික පැත්තෙන් තමන්ට දියුණු කර ගන්න තියෙන මොනවා හරි ගුණාංගයක් තියනව නම්, සිල් පදයක් ආශ්රයෙන් වෙන්න පුළුවන්, ගුණාංගයක් ආශ්රයෙන් වෙන්න පුළුවන්, ඒ දේවල් වලට නැවත නැවත නැවත නැවත යෙදිල ඒවා අපි සිදු කරනව.
අවසානයේදී හාමුදුරුවරු ඔක්කෝම කතා වෙලා බලනවා මොන හාමුදුරුවන්ටද සිවුරක අඩුපාඩුවක් තියෙන්නේ කියල. ඒක අඳනයක් වෙන්න පුළුවන්. තනිපට සිවුරක් වෙන්නත් පුළුවන්. දෙපට සිවුරක් වෙන්නත් පුළුවන්. රෙදි හම්බ වෙලා තියනව නම් රෙදි ටික ඔක්කෝම එකතු කරල හාමුදුරුවරු ටික ඔක්කෝම එකට එකතු වෙලා අපි ඒ සිවුරු මහනව. අතින් මහන්නෙ. මහල පූජ කරනව, පඬු ගහල. ආන් ඒකටයි කඨින සිවුර කියල කියන්නෙ. එච්චරයි.
ඉතින් වස්සානය කියල කියන එක අද වෙනකොට අර පින්කමක් කරන තැනකට ඇවිල්ල තියනව. සමහරක් වෙලාවට මොනව හරි ගොඩනැගිලි වගේ හදල. නරක නෑ ඒකත් හොඳයි. හැබැයි මේ කියන ක්‍රමේ ඒකට තව දෙයක් එකතු කිරීමක් හැටියට හිතට ධාරණය කර ගන්නට ඕන. තමන්ගේ ජීවිතේ තමන්ට මෙච්චර කාලයක් තිබුනු ගුණදහම්වලට වඩා මෙච්චර කාලයක් තමන් තමන්ගේ ජීවිතේ දැකපු දේවල්වලට වඩා, අළුත් දෙයක් එකතු කර ගන්න විදිහේ අළුත් කාලයක් බවට පරිවර්තනය කර ගනිමු. ඒක පුළුවන් තරමක් ධර්මානුකූල භාවයකට එන කාරණාවක් බවට පත් කර ගන්න බලන්න. එහෙම වුනාම මේ වස්සාන කාලය ධර්මයෙන් පෝෂණය වෙච්ච වස්සාන කාලයක් බවට පරිවර්තනය වේවි.
උදාහරණයක් හැටියට ආයෙත් මතක් කලොත් එහෙම, දවසකට සැරයක් ධර්ම දේශනාවක් අහන්න. ගාථාවක් පාඩම් කර ගන්න. සූත්‍රයක් කියවන්න. සිල් පදයක් තමන්ගේ ජීවිතේට එකතු කර ගන්න විශේෂයෙන්ම සේඛියාවල වගේ තියන සිල් පද බොහොම හොඳයි. හරිම හොඳ දේවල් ඒව. කතා කරන වචනවලට තව එක මෛත්‍රී සහගත වචනයක් තමන්ගේ ශබ්දකෝෂයට එකතු කර ගන්න. තමන් ගාව තියන වැරදි වචනයක් වෙනුවට හොඳ වචනයක් එතනට ආදේශ කර ගන්න.
තමන්ට හිතන්න පුළුවන් මෙහෙම. තමන් කලබල වෙච්ච වෙලාවට මීට කලියෙන් කතාබහ කරන හෝ කියවෙන වචනය හොඳට මතක තියෙනව නම්, ඒ වචනය වෙනුවට වෙන වචනයක්, වෙන ධර්මානුකූල හිත රිදෙන්නෙ නැති හොඳ වචනයක් කියනවා, කියන ඒ අදහසට යන්න බලන්න ඕන. අපි අන්න ඒ විදියටයි පින්වතුනි වස්සානය සුභ කර ගන්නෙ. වස්සානය යහපත් කර ගන්නෙ.
ඉතින් ඔන්න ඔය කියන කාරණය මට ඔය ඇත්තන්ට කියන්න කියල හිතුනා. මොකද මහණ වෙලා අපිත් සිදු කරන්නෙ ඔය කියන කර්තව්‍යම තමයි. ඔය විදියටම තමයි. වෙන විශේෂයක් නැහැ. වෙනසක් නැහැ. ඒ කාලයේ හිටපු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව අනුගමනය කර ගනිමින් මහතෙරුන් වහන්සේලාගේ ජීවිතවල තිබිච්ච ගුණයන් අපේ ජීවිතේට පුරුදු කර ගන්න කාලයටයි අපේ පැත්තෙන් අපි කියන්නෙ වස්සාන කාලය කියල. ඉතින් ඒකයි ඒ කාලය ඒ තරම් පින්බර වෙන්නෙ.
හිතන්න එපා මේ වස්සාන කාලය සහරානීය පින්කම කරන්නෙ සල්ලි තියන අය විතරයි කියල. ඊට වඩා ලොකූ පින්කමක් තමන්ට තමන් කර ගන්නව අර කියාපු විදියට තමන්ගේ ජීවිතේට ගුණයක් එකතු කර ගන්න, යහපතක් එකතු කර ගන්න කල්පනා කරොත්. වැඩිය නෑ අපිට මේකට මාස තුනයි තියෙන්නෙ. ඒ මාස තුන කියන කාලය තුල තමන්ට කරගෙන යන්න ඕන මොකක් හරි කාරණාවකට හිත හදා ගන්න බලන්න. තමන්ට, කොහොමද කියන්නෙ, තමන්ට දියුණු කර ගන්න ඕන මොකක් හරි විශේෂ කාරණාවකට හෝ කාරණා කිහිපයකට තමන් අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මේ වස්සාන කාලය තුලදී මං මේ කියන කාණාවල් ටික සම්පූර්ණ කර ගන්නවා කියල.
ඉතින් ආන් ඒ වගේ උතුම් වූ විදියට ගෙවන්න පුළුවන් වෙන කාලයක් වේවා කියල මම බලාපොරොත්තු වෙනව. විශේෂයෙන් මේ කාලයේ තියන මේ ප්‍රශ්න අනං මනං දේවල් එක්ක අපේ හිත හරීයට බාහිරට ගිහිල්ල තියන බවක් තේරනවා පින්වතුනි. ඒ කාලෙ ධර්ම සාකච්ඡාවක් වුනත් කරද්දි හරි හාදයාංගම බවක් තිබුනා. හරියට හිතට දැනෙන තේරෙන බවක් තිබුනා. දැන් ඒක ටිකක් රත්වෙන උණුවෙන බවක් වෙලා තියනව. ඒක හින්දා අපි පුළුවාන් තරම් ධර්මානුකූල වෙන්න බලමු. අපි පුළුවාන් තරම් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලමු.
අර ඊට කලින් එක දවසකත් මම කිවුව වගේ ධර්මයේ තියෙන්නෙ අපි හරියට කඳු හතරක් යට ඉන්න අය වගේ කියලයි. මහා විසාල කඳු හතරක් යට අපි ඉන්නව නම්, බුදු හාමුදුරුවො දේශනා කරනවා ඒ කඳු හතරෙන් නිරන්තරයෙන්ම ගල් කඩාගෙන පෙරලෙන්න පටන් අරගෙන තියනව නම් අපේ පැත්තට, කොහෙටද දුවන්නෙ? බේරෙන්නෙ කොහොමද? කියල. ඇත්තටම අපිට දුවන්න විදියක් නෑ. අපි ගාව තියන ගුණයක් දහමක් හදාගෙන ජීවත් වෙනවා විනා.
කවදා හෝ දවසක ජාති ජරා ව්‍යාධි මරණ කියල කියන ඔය කඳු හතරෙන් එකකට ඔය ඇත්තොත් මමත් මේ ලෝකෙ ඉන්න කවුරුත් යට වෙනවාමයි. ඒ යට වෙන දවසට අපි අපේ හිත පෝෂණය කරල තියෙන්නෙ පුරුදු කරල තියෙන්නෙ වෛරයෙන් නම්, අධර්මයෙන් නම්, ඒ අනුසාරයෙන් ඒකේ ප්‍රතිඵල හම්බ වේවි. ධර්මයෙන් නම්, යහපතින් නම්, සැනසීමෙන් නම්, ඒ අනුසාරයෙන් ඒකේ ප්‍රතිථල හම්බ වේවි. ඉතින් අපි භාවිතා කරන්න බලමු පින්වතුනි මේ වස්සාන කාලය අපේ ජීවිතේ ධර්මයෙන් පෝෂණය කර ගන්න කාලයක් හැටියට.
කවුද දන්නෙ ඔය ඇත්තන්ටත් මටත් ගෙවන්න තියන අවසාන වස් කාලය මේකද කියල. කවුද දන්නෙ? කියන්න බෑ. ඒක වෙන්න පුළුවන්. මේක නිකං අනියමාර්ථ බයක් ඇති කර ගන්න කිවුවා නෙවෙයි. නමුත් අපි ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනිමු. ඔය ඇත්තන්ගෙ ජීවිතය තුල තියන තවත් මොකක් හරි දියුණුවකට යන්න බලන්න ඕන. මීට කලින් ඔය ඇත්තෝ රාත්‍රී නින්දට කලියෙන් දවස මතක් කලේ නැත්නම්, කල්පනා කරන්න ඕන එහෙනම්, මම මේ වස් කාලයේදී රාත්‍රී නින්දට කලින් අනිවාර්යයෙන් දවස මතක් කරනවා. අනිවාර්යයෙන් දවසකට විනාඩි පහක් හරි භාවනා කරනව. අනිවාර්යයෙන් දවසකට විනාඩි පහක් හරි සක්මන් භාවනාව කරනව. කමටහන් වාර්ථාවක් ලියනව. අනිවාර්යයෙන්ම මං ඒක කරනව.
මගේ ශබ්දකෝෂයට අළුත් වචනයක් එකතු කර ගන්නව. ස්තුති කරන වචනයක් එකතු කර ගන්නව. වැරැද්ද අතහැරල දාල වැරැද්දට අඟිල්ලෙන් ඇනල වගේ කියන්නෙ නැතුව, පොඩි හරි ගුණයක් දැක්කට පස්සෙ ඒ දේට මම ස්තුති කරන්න පටන් ගන්නව. තියෙන දේට තියෙන්න දෙනව. සාදර වෙනව. ආන් ඒ වගේ තමන්ගේ ජීවිතේ භාවිතා කරන ක්‍රියාත්මක කරන කාරණාවන් වලටම නැවත නැවත, නැවත නැවත හිත යොමු කරන්න පුළුවන් වෙන විදිහේ කාලයක් බවට මේ වස් කාලය පරිවර්තනය කර ගනිමු.
එහෙම කර ගන්න පුළුවන්කමක් තිබුනොත් පින්වතුනි, ඔය ඇත්තන්ටත් අපි හැමෝටමත් මේ ලබන වස් කාලය තුලින්, මේ ලබන්නා වූ වස් කාලය තුලින් උපරිම වූ ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකි වේවි. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
මේ මොහොත
(මූලපරියාය සූත්‍රය ඇසුරෙන්)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"උට්ඨානේනප්පමාදේන
සංඥමේන ධමේනත
දීපං කයිරාත මේධාවී
යං ඕගෝ නාභිකීරතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත මෑණිවරුනි,
අද දවසේ මාතෘකාව 'මේ මොහොත'
වනාන්තරය කියල කියන්නෙ, නිහඬ නිස්කලංක පරිසරය කියල කියන්නෙ, බුදුරජාණන් වහන්සේ වගේ ලෝකෝත්තරත්වය ගැන කල්පනා කරපු ඇත්තෝ බොහොම වර්ණනා කරපු ස්ථානයක්. ඒ වගේ තැනක ඒ තියන නිස්කලංකත්වය දැක්කහම අපි කවුරුත් වුනත් කල්පනා කරන දෙයක් තමයි, උත්සාහවත් වෙන කාරණාවක් තමයි, මොහොතක් භාවනා කරන්න ඕන කියල. මොහොතක් නිදහසේ නිස්කලංකෙ ඉන්න ඕන කියල.
ඔය නිස්කලංකෙ ඉන්න බව හිතට ආවට පස්සෙ, නිස්කලංකෙ ඉන්න ඕන කියන එක අපේ හිතට පැන නැඟුනට පස්සෙ, ඒ වගේ විවේක වටපිටාවකට ගිහිල්ල අපි මොහොතක් ඉන්න උත්සාහ කරනව. නිදහස් තැනක වාඩි වෙලා තමන්ට පහසු ඉරියව්වකට ගිහිල්ල දෑස් පියාගෙන මොහොතක් ඉන්නව. සමහර කෙනෙක් මනාප වෙනව දෑස් ඇරගෙන වටපිටාවෙ තියන දේ දැකල සුන්දරත්වයක් දැන ගන්න, සුන්දරත්වයක් විඳගන්න. ඒකත් හොඳයි.
කොහොම නමුත් අපි ඒ හැම වෙලාවකදිම පුරුදු කරන්නේ, සතිපට්ඨානයක් වඩන පැත්තෙන් කතා කලොත් වර්තමාන මොහොත තුල, මේ මොහොත තුල ඉන්නටයි. එහෙම ඒකාත්මික වෙලා එක මොහොතක් ඉන්නකොට අපිටම තේරෙන්න පටන් ගන්නව, දහසකුත් එකක් කටයුතු කරගෙන හිටපු අපි අර වගේ නිස්කලංක පරිසරයකට ඇවිල්ල දෑස් පියාගත්තට පස්සේ, මීට කලින් අපි ගියපු තැන්, කාපු බීපුවා, කරපු කියපුව, අපි සාර්ථකත්වයට පත් වෙච්ච තැන් වගේම අසාර්ථකත්වයට පත් වෙච්ච තැන් වැල නොකැඩී එන්න පටන් ගන්නව. මොහොතකදි මේක වෙන්න පුළුවන්.
ඕකට කියනව 'වඳුරු මනස' කියල.
වඳුරු මනස කියල කියන්නෙ, වඳුරගෙ ස්වභාවය තමයි ඌට අරමුණක් නැහැ. තියන හැම අරමුණක් එක්කම සම්බන්ධ වෙන්න බලනව. මේකයි කරන්නෙ කියල නිශ්චිත අදහසක් නැහැ. නිශ්චිත ඉලක්කයක් නැති වුනාට මොකක් හරි දෙයක් කරනව.
හරියට අපි එක අරමුණක් ගත්තෙ නැති වුනොත් එහෙම අපේ හිතට, හිතත් ඒ වගේ තමයි. පරිසරය කොච්චර නිස්කලංක වුනාට කාරි නැහැ, වැඩක් නැහැ, අපේ හිත ඒ නිස්කලංකභාවය දැන ගන්න දක්ෂ නැත්තං. එහෙම වුනොත් එහෙම අර වඳුරු මනස කියන එක අපි ඇතුලෙ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව.
ඇත්තටම කියනව නම් පින්වතුනි, ඔය කියන හිත දුවන එක සිද්ධ වෙන්නෙ භාවනා කරනකොට විතරක්මත් නෙවෙයි. ඕකෙ රහස තමයි ඒක අපිට තේරෙන්නෙ භාවනා කරනකොට විතරයි. ඒකෙදිත් තේරෙන්නෙ මේ සතිපට්ඨානය වගේ 'මුකුත් නොකර ඉන්නවා' කියන භාවනාවකට සමවඳින්න උත්සාහ කලොත් විතරයි.
වෙන මොනව හරි කරන, වෙන මොනව හරි හිතන, ඒ වගේ කමටහනකට යන්න නම් හිත තියෙන්නේ, මනාපය තියෙන්නේ, රුචිකත්වය තියෙන්නේ, එහෙම වුනොත් ඔය කියන සංසිද්ධිය තේරුම් ගන්න තියන අවස්ථාව ගොඩක් දුරට ගිලිහෙන්න පුළුවන්. පස්සෙ කාලෙකදි හම්බ වෙනව අනිවාර්යයෙන්ම. මුලදි නම් ගිලිහෙනව අනිවාර්යයෙන්ම.
කෙසේ හෝ ඔය අපේ හිත දුවනවා කියන එක සාමාන්‍ය ජීවිතේදී පවා අපිට තියන දෙයක්. ඔය ඇත්තොත් මමත් වගේම මේ ලෝකේ හැමෝම නිරතුරුවම ඇහැට රූප බලන අය. බලන්න උවමනා අය. කනට සද්ද අහන්න ඕන අය. නාසයට ගද සුවඳ දැන ගන්න උවමනා අය, මනාප අය. දිවට රස විඳින්න කැමති අය, රුචි අය. ශරීරයට ස්පර්ශය විඳින්න ප්‍රාර්ථනා කරන අය, බලාපොරොත්තු වෙන අය. හිතට අරමුණු හිතන්න රුසියි. මේ වගේ සංකීර්ණ කටයුතු රාශියක යෙදිල ඉන්න අපිට යම් අවස්ථාවකදී තේරෙන්න පුළුවන් මේ ජීවිතේ හරිම ඒකාකාරයි, දවනවා මිසක කිසිම කිසි නැවතිල්ලක් නැහැයි කියල.
එතකොටයි අපි භාවනා කරන්න හිතන්නෙ.
හැබැයි ඒ වෙද්දි තියන ප්‍රශ්නෙ තමයි අපි පුරුදු කරපු වඳුරෙක් ඉන්නවා අපි ඇතුලේ. එයාට අපි දෛනිකව පුරුදු කරල තියෙන්නේ යම්කිසි දෙයක් පටන් අරගෙන, ටිකක් කරල, නතර කරල, ඊළඟ එක පටන් ගන්න නම්....
උදාහරණයක් හැටියට ගෙදරදොරේ කටයුතු කරනකොට එක කටයුත්තක් පටන් අරගෙන, ඒක කරලා මඟක් ගියාට පස්සෙ, තව එකක් කරන්න හිතුනොත්, බහුතරය මොකද කරන්නේ? කර කර ගිය වැඩේ පැත්තක, තව එකක් පටන් ගන්නව. ඔය ඇත්තො මේක අනුමත කරයි මං හිතන්නෙ. ඒ වගේ මනසක් තිබ්බ කියල අපි හිතමුකො. තියෙන්න පුළුවන්නෙ.
ඒ වගේ මනසක් එක්ක කටයුතු කාරණා කරපු අපි, භාවනාවට ගියාට පස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන් පර්යංක වාරය සම්පූර්ණයෙන්ම ඉවරයක් කරල දානවාමයි, මම හිතාගෙන ඉන්න වෙලාව ඉවරයක් වෙන්න කරනවාමයි කියල. හැබැයි අපේ හිතේ ඇතුලෙ ඉන්න වඳුරාව, වඳුරු මනසව අපි පුරුදු කරල තියෙන්නෙ එක කාණාවක් තුල දීර්ඝ වෙලාවක් ඉන්න නම් නෙවෙයි. එයාට ඒක කරන්න බෑ.
අපි නිරතුරුවම ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට ස්පර්ශය වගේම හිතට අරමුණු හඹාගෙන ගිය අය නම්, හොයාගෙන ගිය අය නම්, ප්‍රාර්ථනා කරපු අය නම්, බලාපොරොත්තු වෙච්ච අය නම්, නැවත නැවත, නැවත නැවත, නැවත නැවත ඒ දේ ලබාගන්න උත්සාහවත් වෙච්ච ඇත්තො නම්, භාවනාවේදී තමයි පින්වතුනි ඔය කරගෙන ගිය සංහිදිය 'ගොජ දාන්න' පටන් ගන්නෙ. ඒක පේන්න පටන් ගන්නෙ භාවනාවෙදි තමයි.
ඒකෙන් කියවෙන්නෙ නැහැ අපි අසාර්ථක කෙනෙක් කියල. අපිට මේ දේ කරන්න බැහැයි කියල. හිතක තියන සාමාන්‍ය ස්වභාවය ඒකයි. ඇත්තම කියනව නම් අපි පුරුදු කරල තියන හිතේ සාමාන්‍ය ස්වභාවය ඒකයි. හැමෝගෙමත් එහෙම නෑ. හැමෝගෙමත් එහෙම නෑ.
අපේ හිතට එන අරමුණු අපි ග්‍රහණය කරගන්නා වූ ස්වභාවය මත ඒ ඒ අරමුණු අපේ හිතේ තැන්පත් වෙනව. නිවන කියල කියන්නෙත් ඇත්තටම කියනව නම් අපි පුරුදු කරන්න ඕන දෙයක්. භාවිතා කරන්න, බහුල හැටියට පුරුදු කරන්න, වාහනයක් පදවනව වගේ පුරුදු කරන්න, ඉඩමක තියන වපසරිය දැන ගන්නව වගේ පුරුදු කරන්න, ආදී වචන තමයි තථාගත බුදු පියාණන් වහන්සේ මේ දහම පුරුදු කරන ඇත්තන්ට කියල දෙන උදාහරණ හැටියට තියෙන්නෙ.
ඔය ඇත්තොත් මමත් අද වෙනකොට මේ කියන 'වර්තමාන මොහොත' පින්වතුනි සරසාගෙන තියෙන්නේ අතීතයෙන් සහ අනාගතයෙන්. බලාපොරොත්තුවෙන් සහ පසුතැවීමෙන්. උවමනාවන්ගෙන් සහ එපාවීම්වලින්. ප්‍රතික්ෂේප කිරීම්වලින්. ඕකට 'පටිඝ සම්පස්සය' කියලත් කියනව.
ඒක තරහ නෙවෙයි. නමුත් ප්රතික්ෂේපය. අනුමත නොකිරීම.
අපි වර්තමානය තුල ඇහැට දකින රූපයට සමහරක් විට මනාපයි, සමහර විට අමනාපයි. හේතුවක් නෑ. සමහර විට රුචියි. සමහර විට අරුචියි. හේතුවක් නෑ. හේතුව මොකද්ද කියල අහපුවම බොහෝ වෙලාවට දෙන උත්තරේ
"මං කැමති නෑ. ඒ මගේ හැටි."
නෑ මං කැමති නෑ නෙමෙයි. ඒක තමයි අපි පුරුදු කරල තියන විදිහ.
එකඟ නැහැ. විවේචනයි. අනුමත කිරීම් නැහැ. ප්‍රතික්ෂේප කිරීම් වැඩියි. ඔන්න ඔය වගේ මොනව හරි දෙපැත්තක්ම තියනව. එක්කො ඒ පැත්තට බරයි. එක්කො අනික් පැත්තට බරයි. අපේ වර්තමානය කියන එක පින්වතුනි, සකස් වෙලා තියෙන්නෙ ඔන්න ඔය ආකාරයෙනුයි. ඇලීම් සහ ගැටීම් කියලයි ඕකෙ සරල හැටියට කිවුවොත් කියන්න පුළුවන් දෙක.
මේ දේවල්වලින් පුරුදු පුහුණු වෙච්ච මනස තියන කෙනා වනාන්තරේකට ගිහිල්ල වාඩි වුනාම, ඇලීම් සහ ගැටීම් කියන දෙක හැරෙන්න එයාගෙ ආරක්ෂාවට වෙන කවුද ඉන්නෙ? ඒක සාමාන්‍යයි. නිදහස හොයාගෙන එයාට යන්න පුළුවන් බොහෝම දුර ඈතකට. බොහෝම දුර රටකට. ගොඩාක් සැප සම්පත් තියන නිවසකට. එහෙම නැත්නම් හිර ගේකට හරි කමක් නෑ. ඒ හැම තැනකම එයාගෙ හිත අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන හෝ පුරුදු පුහුණු කරල තියන රටාව, ක්‍රමය තුල තියෙන්නෙ ඇලීම සහ ගැටීම කියන දෙක නම්, ඒ ඔස්සේ විතරක් නම් කරුණු කාරණා කරන්නට දන්නේ "අහෝ ඛේදයකි, ඉරකි, තිතකි, ශෝකයට පත් කොමාවකි"
සිද්ධ වෙන්නේ ඒකම තමයි.
සුවිසල් මන්දිරයක සිරගත වෙන්නත් පුළුවන්. මොකද, තමන්ගේම සිතුවිල්ල, නැත්නම් තමන්ගේම අල්ලාගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම කියල කියන වඳුරු මනසේ සිරකාරයෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක ඔය ඇත්තන්ටත් මටත් වෙලත් තියනව, වෙන්නත් පුළුවන්.
බුද්ධ ශාසනයෙ පින්වතුනි, සෘජුව උත්තර දෙන්නෙ අපේ ජීවිතය තුල මේ මොහොත තුලදී අපි අත්දකින, අත්විඳින, අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියන ප්රශ්නයටයි. අපි ඒ මුහුණ පාන ප්රශ්නය තුල තියන කාරණාවයි හදාරන්න කියල අපිට කියල දෙන්නෙ. අපි මුහුණ දෙන කාරණාව තේරුම් ගන්නට අපේ හිතේ සංයමයක් හදා ගන්න ඕන එහෙම නම්.
අන්න එතනටයි වර්තමාන මොහොතට එන්න වෙන්නෙ. වර්තමාන මොහොතට පැමිණීම තුල සම්පූර්ණ ප්‍රශ්නයට විසඳුමක් තියනවා කියන එක ඔය ඇත්තො දේශනාවෙන් අහල තියෙන්නත් පුළුවන්. වෙනත් මොනව හරි මුලාශ්රවලින් අහල තියෙන්නත් පුළුවන්. ඒ කතාව සියයට සීයක්ම හරි. සතිපට්ඨානයට පැමිණීම, සිහිය පිහිටුවා ගැනීම, සියළුම කරදරයන්ගෙන් සියළුම දුකෙන් නිදහස් වීමේ එකම එක මාර්ගයයි. හේතුව මොකද්ද?
ඒක තුල විවේචන නැති හින්ද. සතිපට්ඨානය තුල කල්පනා කරන්නෙ නැති හින්ද. අතීතයට හෝ අනාගතයට යන්නෙ නැති හින්ද. මනින්න යන්නෙ නැති හින්ද. බෙදන්න යන්නෙ නැති හින්ද. මේ මොහොත තුල විතරක් ජීවත් වෙන හින්ද.
සතිපට්ඨානය වඩන ඇත්තෝ ජීවත් වෙන කාලය පින්වතුනි, ක්ෂණයයි. ඉන් එහාට ජීවිතයක් ගැන ඇත්තටම හිතන්න ඕන නැහැ. වර්තමානය තුල සංතෝසයෙන් ඉන්නවා. වර්තමානය තුල සතුටින් ජීවිතය ගත කරනවා. වින්දනය කරනවා වර්තමානය. එහෙම වුනාට පස්සේ ආයෙ කනස්සලු වෙන්න අතීතයක් හෝ ප්‍රාර්ථනා කරන්න අනාගතයක් අපිට උවමනා වෙන්නෙ නෑ. ඔච්චරයි මේකෙ සරලම ප්‍රමේයය. සරලම මූලධර්මය.
නිවන කියන දේ ඔය ඇත්තො සහ මං ගාව තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකට ගිහිල්ලත් තියෙන්න පුළුවන්. හැබැයි අපිට ඒකෙ ඉන්න හැටියි තේරෙන්නෙ නැත්තෙ.
සැනසීම කියල කියන වර්තමාන මොහොත තුල අපිව අර පඹගාලේ ගැටගහන, අතීතයේ හෝ අනාගතයේ හෝ මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න මමත්වය ආදී කාරණාවන් හෝ අල්ලාගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ ආදී කියන මොනවාත්ම කාරණාවක් ඇත්තෙ නැහැ. හැබැයි වර්තමානයේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා නම් අපි තේරුම් ගන්න පටන් ගන්නවා අර දේවල්වලට නොයා, අර කියාපු කෙලෙස් වලට නොයා, සිද්ධ වෙන දේ මොකද්ද කියල තේරුම් ගන්නට.
වර්තමානය තුල අපි සිද්ධ කරන්නෙ පින්වතුනි, මෙච්චර කාලයක් සාංසාරිකව පුරුදු කරපු අපේ හිතයි. පුරුදු කරපු අපේ වචනයයි. පුරුදු කරපු ඇහැයි. පුරුදු කරපු කනයි. පුරුදු කරපු දිවයි. පුරුදු කරපු නහයයි. පුරුදු කරපු ශරීරයයි. පුරුදු කරපු හිතයි. ඒක ක්‍රියාත්මක වෙන වෙලාවයි මේ වර්තමාන මොහොත කියල කියන්නෙ.
සාමාන්‍ය ජීවිතය තුල කතාබහ කරනකොට, රූප බලනකොට, වැඩ කටයුතු කරනකොට, හිතනකොට, සද්ද අහනකොට, ඇවිදිනකොට, ආදී අපි කරන හැම කාරණාවක් එක්කම අපි පුරුදු කරල තියෙන අපේ හිතයි ක්‍රියාත්මක වෙන්නෙ. ඔය හිතත් එක්කම තමයි අපි භාවනාවට යන්නෙ. වාඩි වෙන්නෙ හෝ සක්මනට යන්නෙ. සාමාන්‍ය ජීවිතේදි අපි අපේ හිත පුරුදු කරන්නෙ අර කියන විදියට ඇලීමට ඇලෙන්න නම්, ගැටීමට ගැටෙන්න නම්, භාවනාව සාර්ථක වෙන්නෙ නෑ.
එහෙම වුනාම අපි භාවනාවට අපි මනාපත් නෑ. මොකද ඇලීමට ඇලෙන, ගැටීමට ගැටෙන අපි හිතනවා භාවනාවෙන් නම් මේකට විමුක්තියක් හොයා ගන්න පුළුවන් කියල. ඔව් පුළුවන් බැරි නෑ, නමුත් අපි දන්නෙ නැහැ භාවනාවෙදි භාවිතා කරන්න ඕන මූලධර්මය මොකද්ද කියල. ඒ මූලධර්මය හරියට හඳුනා ගත්තා නම් අපිට මොහොතක් නිස්කලංකයේ ඉන්න පුළුවන්. මොකද්ද ඇත්තටම ඔය මූලධර්මය?
බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇත්තටම කියනව නම් පින්වතුනි, හරි පුදුමාකාරයි වගේම හරිම ලස්සනයි. උන්වහන්සේගේ ඒ දේශනා ක්‍රමය, ඒ ශෛලිය අපේ ජීවිතේට ගැලපෙන්න ගන්නෙ අපි ඒ දේ හඳුනා ගැනීම තුලිනුයි. මේ ධර්මයට එන කෙනාට පමණයි, මේ ධර්මය තමන්ගෙ ජීවිතේට පුරුදු කර ගත්ත කෙනාට පමණයි ධර්මයෙ පිළිසරණ හම්බ වෙන්නෙ.
"ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ"
මේ ධර්මය තමන්ගේ ජීවිතයට භාවිතා කරපු කෙනාට විතරයි. ඒක සිල් පදයක් හැටියට වෙන්න පුළුවන්. භාවනා අරමුණක් හැටියට වෙන්න පුළුවන්. අපි මේ කතා කරනව වගේ සතිමත් බව එක මොහොතක් වැඩීම වෙන්නත් පුළුවන්.
එවන් වූ කාරණාවක් අපිට කරන්න පුළුවන්කමක් තියනවා නම්, එක මොහොතක් සිහියට ප්‍රධාන තැන දීලා ඉන්න පුළුවන්කම තියනව නම්, අන්න ඒ කෙනා පින්වතුනි ඒ මොහොත තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තමා.
එයාට පාලනය කරන අදහසින් නිදහස් වෙලා එක මොහොතක් ඉන්න පුළුවන්කම තියනව නම්, මම මේක නෙවෙයි කරන්න යන්නෙ මීට වඩා වෙනස් එකකුයි කරන්න ඕන වෙන්නෙ කියන අදහසින් එයාට බැහැර වෙන්න පුළුවන්කම තියනව නම්, අන්න ඒ මොහොතේදී විතරක් එයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඊට පස්සෙ නෑ.
අපිටත් අපේ හොඳ භාවනාවක් වුනාට පස්සේ මතකයේ රැඳෙනවා,
"අහවල් දවසේ නම් අප්පා මට හොඳ භාවනාවක් තිබුනා. හරී හොඳට හිතත් වැඩුනා. හරීම ෂෝක්. දැන් ඒක නෑ."
ඔය ඇත්තො ගාව ඔය වගේ අත්දැකීම් ඕනෑ තරම් ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත තැන්පත් කර ගන්න අවධියට, නිවී සැනසෙන හිත හදා ගන්න ඒ ස්වභාවයට පත් වෙන්න, ඔය ඇත්තන්ටත් මටත් බැරිකමක් නෑ පින්වතුනි, පත් වෙලත් තියනව. හැබැයි කාරණාව තියෙන්නෙ අපි ඒකෙ ඉන්න දන්නැති එක විතරයි.
හේතුව අපි සාමාන්‍ය ජීවිතේදී පවා දේවල්වලට ප්‍රතිචාර දක්වන විදිහේ තියන බරපතල ස්වභාවයයි. ආදරය, කරුණාව දක්වන දෙයකට අපි ගොඩාක්ම ඇලීමක් ඇති කර ගන්නවා නම්, ඒකෙම අනික් පැත්ත තමයි ගැටීමත් ඒ හා සමානව තියෙන්න පුළුවන්. ඒක අපේ මනසේ තියන සාමන්‍ය ස්වභාවය. හිතේ එහෙමයි සමතුලිතතාවය හදා ගන්නෙ. උදාහරණයක් හැටියට මං මෙහෙම එකක් කියන්නම්.
ඔය ඇත්තො බලන්න රාග සිතුවිල්ලක් ඔය ඇත්තන්ගෙ සිතට ආවහම (එන්න පුළුවන්, එන්න ඕන, එව්ව සාමාන්‍යයි කාටත්) ඒ රාග සිතුවිල්ල අපි හිතමුකො යම්කිසි මට්ටමක් දක්වා වර්ධනය වුනා කියල. වැඩි වුනා කියල. ඊට පස්සෙ යම් මොකක් හරි ක්‍රමයකට ඒ රාග සිතුවිල්ල අපි යටපත් කර ගන්න හරි, මොකක් හරි ක්‍රමයක් යෙදිලා ඒ අවස්ථාවෙන් නිදහස් වුනොත්, අයින් වුනොත්, බැහැර වුනොත් එහෙම ඊළඟට බලන්න පින්වතුනි ද්වේශ සිතුවිල්ලකුත් ඒ හා සමාන තරමේ ප්‍රමාණයක් අපිව අර වගේ දුකකට අරගෙන යනව. ඒක තමයි හිතේ තියන සාමාන්‍ය ස්වභාවය. අපිට ඇලීම තියන තරමට ගැටීමකුත් තියනව.
ධර්මයේ උගන්වන ක්‍රමය තමයි මධ්‍යස්ථ වූ භාවයකට මධ්‍යම වූ ප්‍රමාණයකට හිත හදා ගන්න කියල. සාමාන්‍ය ලෝකයේදී අපිට මධ්‍යස්ථභාවය කියන එක යම් වෙලාවකදි හම්බ වෙනවා. අවාසනාවකට එතනට වෙලා ඉන්න අපි දන්නෙ නෑ. එතනට වෙලා ඉන්න එක අපිට තේරෙන්නෙ නෑ. ඒක හන්ද තමයි සාමාන්‍ය ජීවිතේ තියන දේවල්වලට වුනත් මධ්‍යස්ථ මතධාරීත්වයෙන් යුක්තව කටයුතු කරන්න ඉගෙන ගන්න එකේ වැදගත්කම තියෙන්නෙ.
හිතන්න නරකයි ඉන්ද්‍රීය සංවරය කියන එක, ලැජ්ජාව බය තියා ගන්නව කියන එක, සීලය සමාදන් වෙනව කියන එක, පෝය දවසට විතරක් කරන්න ඕන දෙයක් කියල. එහෙම නැතිනම් ස්වාමීන් වහන්සේලා විතරක් කරන්න ඕන දෙයක් කියල හිතන්නත් නරකයි. එහෙම එකක් නැහැ. නිවී සැනසීමක් දකින්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක්ට, මේකට ජාති ආගම් භේදයක් නැහැ කරල බලන්න පුළුවන්. මොකද ඇස, කන, නාසය, දිව, කය, මනස ඔය ඇත්තො ගාවනෙ තියෙන්නෙ. එව්වට ජාති ආගම් භේදයක් නෑනෙ.
අපි ඒ දේවල් දකිනකොට, ඒ දේවල් භාවිතා කරනකොට, හදා ගන්නා වූ, ඇති කර ගන්නා වූ ඇලීම සහ ගැටීම කොච්චර ප්‍රමාණයක් තියනවද කියල හඳුනා ගැනීමයි වටින්නෙ. ඇලීම ගැන කතා කරද්දි පින්වතුනි ගැටීම ගැන කතා කරද්දී සාමාන්‍ය ලෝකයේ ලෝක සත්ත්වයා ඇලීම සහ ගැටීම කියන එක තියා ගන්නා වූ ක්‍රම තුනක් තියනව කියල බුදුරජාණන් වහන්සේ කියල දෙනව.
පළවෙනි ක්‍රමය තමයි ඕනෑම දෙයක් හඳුනා ගත්තොත්, දැක්කොත්, අදහසක් දැරුවොත්, ඒ අදහස තුලම බැසගෙන ඉන්නව. මොන විදියකටවත් වෙනස් කරන්න මනාපයක් නෑ, රුචිකමක් නෑ, වෙනස් කරන්නෙත් නෑ. ඒක යහපතටත් එහෙමයි අයහපතටත් එහෙමයි. ඒ කාරණය තුල අධ්‍යනයක් කරලත් නෙවෙයි ඒ විදිහේ ස්ථිර අදහසකට යන්නේ ඒ අය. ඒ හැටි. හැටියෙන්ම දරණ අදහස තුල මොකක් හෝ වේවා ඒ අදහස ස්ථිර හැටියට ගන්නව. ඔය අයට කියනව පෘථග්ජනයි කියල.
ඒ ඇත්තො තමන් දකින දේ හෝ තමන් දරණ අදහස ස්ථිර හැටියට මිසක වෙනත් කිසිම කිසි විදියකට දරන්න දන්නෙ නෑ. ස්ථිර හැටියට ඒක ගන්නවා හෝ අල්ලනවා මිසක වෙන කිසිම කිසි ආකාරයකට තේරුම් ගන්නට, වටහා ගන්නට උත්සුක වෙන්නෙ නෑ. ඒ ඇත්තන්ට ධර්මයෙම කියනව පෘථග්ජනයි කියල.
ඒ ඇත්තො ආර්ය ධර්මයට එන්න කැමති නෑ, මනාප නෑ, ආර්යයන් වහන්සේලාව හම්බ වෙන්න යන්න කැමති නෑ, මුණ ගැහෙන්න කැමති නෑ, කතාබහ කරන්න මනාප නෑ, රුචි නෑ. මේ ආර්ය ධර්මය තුල හැසිරෙන්න, ඒ අනුව කටයුතු කරන්න හිතක් නෑ. එව්වට කැමති නෑ. ඒ වෙනුවට තමන්ගේ අදහස ඉස්මතු කර ගන්න බලනවා. "මම දන්නවනෙ. මට වෙන මොනවත් ඕනෙ නැහැ"යි කියල. නමුත් අවාසනාවකට ධර්මයෙ සඳහන් කරනවා ඒ පෘථග්ජනභාවය කියල.
ඒ කෙනාට හොඳයි කියල හිතාගෙන නරකක් කරන්න සුළු මොහොතයි යන්නෙ. ඒ එයාගෙ අදහස. හරි අසරණයි. කොරන්න දෙයක් නෑ. එයා හිතන සිතුවිල්ලට වෙන්න පුළුවන්, කරන කතාවට වෙන්න පුළුවන්, කරන වැඩේට වෙන්නත් පුළුවන්. දකින රූපයට, අහන ශබ්දයට, ඇහෙන සද්දයට, ඇහිච්ච සද්දයට, දැකපු රූපයට, කාපු දේට, දැනිච්ච දේට, හිතිච්ච දේට, ස්ථිරභාවයම සදනවා මිසක ස්ථිර ස්වභාවයම දීලා හඟිනවා තේරුම් ගන්නවා මිසක, හිත තුල පැලපදියම් කර ගන්නවා මිසක, ඕකට පාලියෙන්ම කිවුවොත් සංස්කාර ගොඩ නංවාගන්නවා මිසක, ඒකෙන් නිදහස් වෙන්න හිතන්නෙ නෑ. නිදහස් වෙන්න දන්නෙ නෑ ඇත්තටම කියනව නම්.
මේ ලෝකෙ ඉන්න බහුතරයක් පින්වතුනි ඔය කියන ගොඩේ තමයි ඉන්නෙ. බහුතරයක්. ගන්න අදහස තුලම තමයි, ඒකෙමයි මොන විදියකටවත් වෙනස් වෙන්න හිතක් නැහැ. මනාපයක් නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය අතර තවත් පිරිසක් ඉන්නවා කියල. ඒ ඇත්තො අර ගොඩේ තමයි හිටියෙ. ස්ථිරයි කියල හිතපු ගොඩේ තමයි හිටියෙ, නමුත් මොකද්දෝ දේකට යහපත් වූ දහමක් අහන්න කන් නැමෙනව. හිත දෙනව. මනාපය ඇති වෙනව. ඒ දහම අහලා ඒ කාරණා කීහම තමන්ට ඒ කියන කාරණාවලින් භාවිතා කරන්න පුළුවන්, පුරුදු කරන්න පුළුවන් යම්කිසි කාරණාවක් තියනවද පුළුවන් තරම් උත්සාහ කරනව, කල් දාන්නෙ නැතුව.
උත්සාහ කරලා, ඒ කාලෙ එයාට තිබිච්ච අර ස්ථිර හැටියට දැකපු පෘථග්ජන කෙකාගෙ තිබිච්ච ඒ සංඥා එන්න පුළුවන් එයාටත්. ආවට කාරි නෑ. මේවා තුලනාත්මකව හිතන්න බලනව. මෙයා මොකද කරන්නෙ ඒ දේවල් දිහා ස්ථිර හැටියට දකින්න යන්නෙ නැහැ. ඒ කාලේ ස්ථිර අදහසක් ගත්ත දෙයක් තිබ්බ නම්, මේක මේකමයි කියල හිතා ගත්ත එකක් තිබ්බ නම්, මං දන්නවමයි කියල හිතා ගත්ත එකක් තිබ්බ නම්, පස්සෙදි එයා එයාටම උගන්ව ගන්නවා, ඉගෙන ගන්න පටන් ගන්නවා, උගන්වල දෙන්න පටන් ගන්නවා, "නෑ මේකෙ තවත් ක්‍රමයක් තියෙන්න පුළුවන් නේද?" කියල.
ඕකට සරල උදාහරණයක් මං කියන්නම්. මේක සාමාන්‍ය ලෝකෙ තියන කතාවක්. පොඩි කාලෙ ළමයෙක්ගෙ වීරයා හෝ රජා කියන්නෙ තාත්ත සහ අම්ම. අවුරුදු දහය පහලොව වෙනකොට අම්ම තාත්ත කියල කියන්නෙ,
"අනේ මේ...ඔයිට වඩා මං දන්නව"
දරුවන්ගෙ අදහස ආන් එහෙමයි. පහළොව විසිපහ කියල කියන්නේ
"ඕගොල්ලො කට වහගෙන ඉන්න. මගේ දේ කරන්න දෙන්න. මං දන්නව කරන්න ඕන විදිහ"
ආන් එහෙමයි. විසිපහ පැන්නට පස්සේ ටිකක් හිතනවා,
"මං කරපු විදිහේ මොකක්ද වැරැද්දකුත් තියනවා" කියල.
තිහ තිස්පහ වගේ පනිනකොට කතා කරන්න හිතෙනවා ඕනෑම දෙයක් කරන්න කලියෙන් තාත්තට හරි අම්මට හරි. කතා කරල අහන්න හිතෙනවා.
"මේ මේකෙ මෙහෙම කරොත් කොහොම වෙයිද?"
ආන් ඒ ආකාරයට. ඊට පස්සෙත් අහන්න, හිතන්න පුළුවන් නමුත් ඒ වෙනකොට දෙමව්පියො ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. මේ ධර්මය තුලත් පින්වතුනි, අර පෘථග්ජන මනස කියන එක ඔය ඇත්තන්ටත් මටත් තිබිල තියනවා. අදටත් තියෙන්නත් පුළුවන් සමහර සමහර කාරණාවන් වලදි.
ඒ තියන කාරණාවන්වලදි අපිට අවස්ථාව හම්බ වුනොත් මේ මේ කාරණාව මම අරගෙන තියෙන්නේ මෙන්න මේ ස්ථිර හැටියට කියලා, එහෙනම් හිතාගන්න ඕන වයස් පිළිවෙල අනුව මොන වයස් කාණ්ඩයට අනුවද තාම කල්පනා කරන්නෙ කියල. තාම හිතින් ඉන්නෙ මොන වයසේද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඕන.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර දෙවැනි කෙනා, ධර්මය පිළිපදින්න පුරුදු කරන්න පටන් ගත්ත කෙනා, තමන් ගුරුත්වයේ තියා ගන්නෙ නැහැ. ඒ කියන්නෙ තමන් දන්නවා කියන ස්ථිර අදහසට යන්න යන්නෙ නැහැ. තමන් අහගෙන කරන්න පටන් ගන්නව. තමන් විවෘත කෙනෙක් වෙන්න පටන් ගන්නව. තමන්ගේ මතය තුලම ගිලිලා රැඳිලා හිරවෙලා ඉන්න කෙනෙක් වෙන්නෙ නැතුව, එහෙම ඉඳලා දුක් පීඩාවන් ඇති කර ගන්නෙ වැඩි කරගන්නෙ නැතුව, තමන්ගෙ ජීවිතය තුල තියන අඩුපාඩුව සෘජුව ප්‍රකාශ කරනව. ඒ දේ කතාබහ කරල විසඳගන්නට උත්සාහවත් වෙනව.
ඒ අතර එයාට තියෙන්න පුළුවන් ස්ථිර ප්‍රශ්නත්. මොකද එයාට අර පෘතග්ජනභාවයෙන් චුට්ට චුට්ට නිදහස් වුනා වුනාට තාම සම්පූර්ණායන් අයින් වුනේ නැති වෙන්න පුළුවන්. ඒකෙ ස්වභාවය එහෙමයි. ඔය ඇත්තන්ගෙත් මගෙත් ජීවිතවල පින්වතුනි, සමහර කාරණා අපි හොඳට විසඳගන්න අවස්ථා වගේම සමහර කාරණා අපි තාමත් කරදර ඇති කර ගන්න ඒවත් තියනව නේ? එතකොට අපි ගාව තාමත් පෘථග්ජන ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ආර්ය මාර්ගයට අදාල වෙච්ච ලක්ෂණ තියෙන්නත් පුළුවන්. තියෙනවා අනිවාර්යයෙන්ම.
ඔයිටත් එහා තවත් ලක්ෂණයකුත් තියනව. සමහර කාරණාවක් කරනකොට අපි දෙගිඩියාවෙන්, ඒ දේ ගැන ඉගෙන ගන්න අය හැටියට ස්ථිරතාවයක් නැතුව, නමුත් විමර්ශණාත්මක කෝණයෙන් ඒ දේ මෙහෙම කලොත් හොඳද මෙහෙම කලොත් හොඳද ආදී වශයෙන් හිතාගෙන කරන ස්වභාවයක් අපේ තියෙන්නත් පුළුවන් වගේම තවත් එක ක්‍රමයක් තියෙනවා.
මේ ලෝකෙ තියන දේවල් එහෙම ස්ථිර හැටියට ගන්නෙ නැති, අතහරින ස්වභාවයෙන් අල්ලන්නත් පුළුවන්. මොකද මීට කලින් තිබිච්ච හැම කාරණාවක්ම අර තිබිච්ච කොටස් දෙක තුලම තිබ්බේ මගේ හැටියට ගන්නා වූ යම්කිසි ප්‍රමාණයක් හෝ තිබ්බා. යම් මට්ටමක් තිබ්බා. අර පළවෙනි කෙනා තුල නම් මමම තමයි හිටියේ. නමුත් දෙවනි කෙනා ගාව මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ පොඩි නිකං ස්වභාවයක් තමයි තියෙන්නෙ. එයා උත්සාහවන්ත වෙනවා, උත්සාහ කරනවා මේ ගිරිදුර්ගය පහු කරගෙන යන්න.
තුන්වෙනි කෙනා, මේ ගිරිදුර්ගය පහු කරපු කෙනා එයාට සාමාන්‍ය ජීවිතේ ගැන හෝ සාමාන්‍ය ලෝකයා ගැන හෝ අර ලෝකයා හිතන පතන විදියට ('මඥ්ඥනා' කියලයි කියෙන්නෙ ඕවට) මනින්න මිමි හදා ගන්න, ඒ විදිහේ ස්ථිර අදහසක් ඇති කර ගන්න කාරි නෑ, උවමනා නෑ. ඒක හන්දා අතහරින සිතුවිල්ලෙන්, අතහැරෙන විදිහෙන්, අතහැරෙන ස්වභාවයෙන් ජීවත් වෙනවා.
මා පුතා, අතහැරෙන්නෙ මොන වෙලාවෙදිද? වර්තමානයේදී විතරයි. මේ මොහොතේදී විතරයි. ඒ කෙනයි සතිපට්ඨානය තුල ඉන්නෙ. එයාට කියනව රහතන් වහන්සේයි කියල.
දෙවනි කෙනා 'සේඛ'. පළවෙනි කෙනා පෘථග්ජනයි.
අපේ ජීවිතවල පින්වතුනි, අපි නිවන කියන තැනට යනවා කියල මම කිවුවෙ ඒකයි. නිවී සැනසීම කියන එක අපේ ජීවිතවලට යම් යම් අවස්ථාවලදි අපිට හම්බ වෙලා තියනව. නමුත් දන්නෙ නැහැ ඒකට වෙලා ඉන්නෙ කොහොමද කියල. ඔය ඇත්තන්ට භාවනාවෙදි හෝ ඒ කාලෙ ලැබිච්ච මොකක් හෝ සිතුවිල්ලක් ඇති. මොකක් හෝ මතකයක් ඇති. ඒක හන්ද වෙන්න පුළුවන් අදටත් භාවනාව හොයාගෙන යන්නෙ.
ධර්මය ඇහෙනකොට ඔය ඇත්තන්ට දැනිච්ච ඔය ඇත්තන්ට ඇහිච්ච හරි ලස්සන මොනව හරි කාරණාවක් ඇති. තමන්ගෙ හිත නිදහස් වෙච්ච, හිත සංතෝෂමත් වෙච්ච, හිතට සාමකාමීත්වය ඇති වෙලා තිබිච්ච, ඇති වෙච්ච ,මොකක් හරි කාරණාවක් තමන්ට ඇහෙන්න ඇති, දැනෙන්න ඇති, තේරෙන්න ඇති, දැනගන්න ඇති. නමුත් අද වෙනකොට වෙනත් දුක් විඳිනව. ඒ වුනාට අර මතකය තියනව අපිට, "මම ඒ කාලෙ නම් මේ වගේ නිදහසක් බුක්ති වින්ඳ" කියල.
අපේ ජීවිත තුල තියන සමහර ප්‍රශ්න අපි හොඳාකාරෙන් විසඳගෙන තියෙන්න පුළුවන්. සියයට සීයක් නිවැරදි වෙන විදියට, කිසීම කිසි ගැටළුවක් ආකාරයකට පතිත වෙන්නෙ නැති වෙන විදියකට, අපි හොඳට විසඳපු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ස්ථිර හැටියටම හොඳට විසඳල තියෙන්න පුළුවන්. නමුත් එහෙම නැති ප්‍රශ්නත් අපි ගාව තියෙන්න පුළුවන්. මධ්‍යම වූ ප්‍රතිපදාවට අනුකූලව කටයුතු කරලා මේ ජීවිතේ යහපත් විදියට සකස් කර ගත්ත, සරසවා ගත්ත අවස්ථා අපි ගාව සමහරක් වෙලාවට අනන්ත අප්‍රමාණව තියෙන්නත් පුළුවන්.
නමුත් ඒ දේට යන විදිහ ගැන හරියට වැටහීමක් නැතුව, ධර්මයට අනුකූලව වැඩ කරන්න ඕනය කියන ඒ අදහසට එන්නෙ නැතුව, මට ඕන විදියට මම කරනවා කියන ඒ අදහසට ගිහිල්ලා, පෘථග්ජන භාවයට පැමිණිලා, ඒ අනුව වැඩ කරන්න ගිහිල්ලා, ඒ තියන ප්රශ්නය වැඩි කරගත්ත අවස්ථාත් අපි ගාව තියෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණව.
'මූල පරියාය' සූත්‍රය පින්වතුනි පුදුමාකාර දේශනාවක්. ඒකටම බොහොම කිට්ටුවක් තියනවා 'සල්ලේඛ' සූත්‍රයත්. අපි හිතන නිවන කියන එක, ඒක හරියට නිකං අපිට තේරෙන්නේ වෙන රටකට යනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. වෙනත් ග්‍රහලෝකෙකට යනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් නෑ. සල්ලේඛ සූත්‍රය ආශ්‍රය කර ගත්තොත් මේ දේශනාවට, අපේ ජීවිතේ අපි දුක් විඳින දෙයක්, දුක් ඇති කර ගන්න දෙයක් මනාකොට අවබෝධ කරලා ඒ දුක නැති කර ගන්නා වූ තැනට හිත හදා ගත්තා නම්, ඒ අනුව වැඩ කරන්නට පටන් ගත්තා නම්, කරුණු කාරණා කරන්නට පටන් ගත්තා නම්, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා එක දුකකින් පරිනිර්වාණයට පත් වුනා කියල. එක දුකකින්. තව දුක් තියනව.
ඔය ඇත්තන්ගෙ ජීවිතය තුලත් පින්වතුනි, කල්පනා කරල බලන්න අපි පෘථග්ජන විදියට ප්‍රශ්න විසඳන අවස්ථා කොච්චරක් තියනවද කියල. මේකෙ වැරැද්දක් නෑ එතකොට. නමුත් ඇත්තටම ධර්මානුකූල විදියට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට, උන් වහන්සේගේ අනුගාමිකයෙක් හැටියට, මේ ප්‍රශ්න විසඳන්නට ධර්මය භාවිතා කරන, ඒ අනුව කටයුතු කරන අවස්ථා කොච්චරක් තියනවද කියල ඔය ඇත්තොම මතක් කරල බලන්න.
ඒ වගේම තවත් එකක් තියෙනවා. මේ ලෝකෙන් අතහැරිල යන්න ඕන, නික්මිලා යන්න ඕන, එහෙම කියල හිතලා ඒ ප්රශ්නය ඇත්තටම ස්ථිර හැටියටම විසඳල දාපු අවස්ථා අපි ගාව කොච්චරක් තියනවද? එකක් දෙකක් හරි තියෙන්නම ඕන අනිවර්යයෙන්ම. නිවීම සහ සැනසීම කියන එක පින්වතුනි, ඔය ඇත්තොත් මමත් ගාව තියෙනව. අපි කතා කරන වචනවල තියෙනව. තියෙන්න පුළුවන්. අපි කරන වැඩවල තියෙනව. අපි හිතන සිතුවිල්ලෙ තියනව. අපි දකින රූපයේ තියෙනව. අපි අහන ශබ්දයේ තියෙනව. නාසයට දැනෙන ගඳ සුවඳේ, දිවට දැනෙන රසයේ, හිතට එන අරමුණේ, ශරීරයට දැනෙන ස්පර්ශයේ තියනව. නමුත් අපිට ඒකෙ නවතින්න බැහැ. ඊට වඩා වැඩ අපිට තියනව. ඊට වඩා කරන්න දේවල් අපිට තියනව.
සතිපට්ඨානය පුරුදු කරන ඔය ඇත්තන්ට මගේ ආරාධනාව, යෝජනාව, වෙන මොනවත් පරසක්වල අල්ලන්න නෙවෙයි වර්තමාන මොහොතේ මොහොතක් ඉන්න කියන එකයි. එතනදි අතහරින්නේ අතීතයයි. එතනදි අතහරින්නේ අනාගතයයි. අතනදි අතහරින්නේ තණ්හාවයි. එතනදි අතහරින්නේ තණ්හාවට යට වෙන ස්වභාවයයි.
එහෙම වුනාම ඒ මොහොත අපි ඉන්නෙ සැනසීම තුලයි.
මගේ අහන්න නම් එපා, "හාමුදුරුවනේ මම මෙච්චර වෙලාවක් සැනසීමෙ හිටියා මම ඒ රහත් වෙලාද හිටියේ?" කියල අහන්න නම් එපා හොඳේ. නමුත් නිවීම සහ සැනසීම කියන එක පින්වතුනේ, අපෙන් බාහිරව තියෙන දෙයක් නෙවෙයි. 'ඒහිපස්සිකෝ' මේ දෙයට ආපුහාමයි තේරෙන්නේ බුදු හාමුදුරුවො නිකමට නෙවෙයි අර උදාහරණය කියන්නේ. හරි ගාම්භීරයි ඇත්තටම කියනව නම් ඒ උදාහරණේ.
අපි මැණික් කන්දක් ගාවට යනවලු. අපිට මැණික් කන්දත් හමු වෙලා තියනවලු. ඒකෙ තියන මැණික් ඕනම කෙනෙකුට ගෙනියන්නත් පුළුවන්ලු. අපි ඒ උඩ වාඩි වෙලත් ඉන්නවලු. සමහර අය ජරා කරනවත් ඇති. අවසානෙට ගෙදර යන ගමන් මැණිකක් අරන් යන්න පුළුවන්කම තිබ්බා වුනාට මඟ තියන වැලි කැටයක් අරගෙන යනවා වෙන්න පුළුවන්. නිකම්ම නිකං ගල් පතුරු කෑල්ලක් අරගෙන යනව වෙන්න පුළුවන්. අපි එහෙමයි නේද ගොඩක් වෙලාවට.
වර්තමාන මොහොත අපේ තියනව. ඔය ඇත්තො ජීවත් වෙනවනෙ. හුස්ම ගන්නවනෙ. ඇඳුම් අඳිනවනෙ. වැඩකටයුතු කරනවනෙ. කතාබහ කරනවනෙ. රූප බලනවනෙ. ඇයි භාවනා කරන්න වෙලාවක් නැත්තෙ? හරි පුදුමයි ඒක.
සතිපට්ඨානය කියල කියන්නෙ පර්යංකය විතරක් නෙවෙයි. සක්මන විතරක් නෙවෙයි. වනාන්තරේකට ගිහිල්ල විතරක් නෙවෙයි මේක කරන්නෙ. වඳුරු මනස කියන එක අපට තියෙන්නෙ භාවනාවට වාඩි වුනාට පස්සෙ විතරක් නෙවෙයි. හැම වෙලාවකම ඒක අපි ගාව තියනව.
අපිට තේරෙන්නෙ ඔය දේ හම්බ වුනාට පස්සේ දිගට හරහට පහර දෙන්නටයි. අනිත්‍යයෙන් ගහනව, අනාත්මයෙන් ගහනව, දුකෙන් ගහනව, සංස්කාර කියල ගහනව, වෙඩි තියනව ඔක්කෝටම. නමුත් හිත තිබුනාටත් වඩා කරදරකාරයෙක් වෙනව ඊට පස්සෙ. හේතුව හිත දුවන ප්‍රශ්නෙට අපි දීල තියන විසඳුමත් හිත දිවිල්ලක්මයි.
හිත දුවන බව තේරුම් ගන්න එකයි හිත දුවන එකට දෙන්න තියන එකම එක විසඳුම. මේ වෙලාවෙ හිත දුවනවා කියන එක අනුමත කරන එකයි, ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් විත්තිය අනුමත කරන එකයි, ඒ දේට එකඟ වෙන එකයි, ඒ දේ දිහා නිහඬව පරීක්ෂා කර කර ඉන්න පුළුවන්කමයි එකම එක විසඳුම වෙන්නෙ.
ඕකට අපි හුරතලේට වගේ කියාපු වචනය තමයි 'අපක්ෂපාතී නිරීක්ෂණය'. හිත දුවන පැත්තට පක්ෂපාතී නොවී, මම හිතන පැත්තටත් පක්ෂපාතී නොවී, සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්නව. අපි එතකොට නිරීක්ෂකයෙක් විතරයි පරීක්ෂකයෙක් විතරයි. එහෙම වුනාම මොහොතක් අපිට නිදහසේ ඉන්න පුළුවන්. නිස්කලංකයේ ඉන්න පුළුවන්.
ගහක් යටට යන්නත් පුළුවන්. කාමරේක ඉන්නත් පුළුවන්. වැසිකිළියෙ වෙන්නත් පුළුවන්. ටැෆික් එකේ ඉන්නකොට වාහනේ ඇතුලෙ වෙන්නත් පුළුවන්. උද්ඝෝෂණේකදි වෙන්නත් පුළුවන්. මහා ලොකු ප්‍රශ්නයක් තියන ලොකූම ලොකූ සංවාදයක් මැද්දෙදි වෙන්නත් පුළුවන්. අපිට සිහියට එන්න පුළුවන්.
එහෙම සිහියට එන විදිහ අපි පුරුදු කරල තියනව නම්, ඒ සැනසීම එතන තියනව. නමුත් අපි අපේ හිතේ ඇති කරගෙන තියන අදහස් තුල තියෙන්නෙ, හැම එකක්ම ස්ථිර හැටියට ගන්නවද, එහෙනම් එයාට දුක උරුමයි. වැරැද්දක් වුනාට ඒ වැරැද්ද හදා ගන්න හිතනවද, අන්න එයා දියුණු වෙන්න පුළුවන් කෙනෙක්.
අවසාන එක්කෙනා කවුද? ඒ විදිහේ ප්‍රශ්න තියන තැනක වුනත් සිහියකට වෙලා නිහඬ වෙලා ඉන්නව. ඒ කෙනා නිවී සැනසෙනව.
ඔන්න ඔය කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනෑකම තිබ්බෙ. 'මූල පර්යාය සූත්‍රය' ආශ්රයෙනුයි අද දේශනාව කලේ. මම බලාපොරොත්තු වෙනවා අද මේ කියල දුන්න කාරණාවලින් ඔය ඇත්තන්ගෙ ජීවිතවලත් ධර්ම මාර්ගය දියුණු කර ගන්නටත් සාමාන්‍ය ජීවිතේ සාර්ථක කර ගන්නටත් මේ කියල දුන්න දේවල් හේතු වාසනා වේවා කියල බලාපොරොත්තු වෙනවා. එය එසේම වේවා !
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
ඒකට කමක් නෑ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පිංවතුනි
මේ වස් කාලයයි.
වස් කාලෙ පටන් ගත්තා කියන්නෙ වැස්ස වහිනවා. මේ වස් කාලෙදි අපිට සිරීපාදෙ යන්න බැහැ. ඒකට කියන්නෙ අවාරෙ කියල. වාරෙ නෙවෙයි අවාරෙ. වාරෙත් අවාරෙත් කියන මේ හැම කාලෙම සිරීපාදෙන් එන වතුර පාරවල් නම් පල්ලෙහාට ගලාගෙන යනවා.
අපි නිවාඩුවක් වුනාම ඕව බලන්ටත් යනවා. සමහර සමහර තැන්වල වතුර පාර නිස්කලංකේ ගලාගෙන යනවා. සමහර සමහර තැන්වල වතුර පාර එකපාරම කඩාගෙන වැටෙනව. නිස්කලංකේ ගලාගෙන යන එක මං හිතනවා ඒ වතුර පාර පැත්තෙන් බැලුවොත් නම් එයාට ලේසියි. පහසුයි. ඒක හරියට අපේ ජීවිතේටත් හැමදේම තියනකොට හැම පහසුකම්ම තියනකොට, අපේ අභිමතාර්ථ වලට යන්න ලේසි වෙනකොට, අපේ උවමනා එපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න තියන ඉඩ වැඩි වෙනකොට, අපිට හැම එකක්ම හරි ලස්සනයි. හැමදේටම අපි මනාපයි. රුචියි. ප්‍රිය කරනව.
හැබැයි සිරීපාදෙන් පටන් ගන්න අර වතුරත් පල්ලෙහාට පල්ලෙහාට එන්න වුනාම එක්තරා එක්තරා තැන්වලින් කඩා වැටෙනව. එක්තරා එක්තරා තැන්වලින් අනතුරුවලට මුහුණ දෙනව. එහෙම වුනාම ඒක ඒ දිය පාර පැත්තෙන් ගත්තහම ඒ දිය පාරට ලොකු කරදරයක්. ලොකු පීඩාවක්. නමුත් ලෝකයා ඒ පීඩාව බලන්න මනාපයි. අපි කියනව ඕකට දියඇල්ල කියල.
අර තැනිතලාවේ ගිය දියපාර කඩාගෙන වැටිච්ච වෙලාවේ තමයි ඒ දියපාරෙ තිබිච්ච සුන්දරත්වයක් එළියට ඇවිල්ල තියෙන්නෙ. අපේ ජීවිතවලටත් පින්වතුනි කරදර බාධක කියන ඒවා එන්ට වුනහම, අපිට උවමනා විදියට අපේ දේවල් ටික කරගන්න බැරි වෙනකොට, අද කාලෙ තියන හැටියට ගමනක් බිමනක් යන්න උවමනාව තියනවා වුනාට යන්න බැරි වෙනකොට, හරියට කෑමක් බීමක් කන්ට උවමනාකම තිබ්බාට ඒක කරන්න බැරි වෙනකොට, විශ්වාසවන්තදායක විදියට යම් කෙනෙක්ව ඇසුරු කරන්න හිත තිබ්බාට, ඒක කරන්න බැරි විදියට වටපිටාව සකස් වෙනකොට, අපි අපේ අභිමතාර්ථවලට යන්න ලෝකය හරස් වෙනකොට, අපිට ඒක දරන්න අමාරුයි නේ?
ඒක හරියට තැනිතලාවේ ගිය දියපාර එකපාරටම කඩාගෙන වැටුන වගේ වැඩක්. අපේ ජීවිතේට තිබිච්ච සාමාන්‍ය ගති ලක්ෂණවලින් යන්න බෑ. ඒ දේවල් කරන්න බෑ. ඒ විදියට හැසිරෙන්න බෑ. ඒ විදියට අපේ ජීවිතේ ජයග්‍රහණවලට යන්න බෑ. එහෙම වුනාම අපිට තේරෙන්නෙ අපි කඩාගෙන වැටුනා කියල තමයි.
ඒ වගේ කඩාගෙන වැටිච්ච වෙලාවට පින්වතුනි, අපි ගත කරන ක්‍රමය ගැන ලෝක සත්ත්වයාට කරන්න සිද්ධ වෙන කාරණාව ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කාරණා අටකින්.
ජීවිතේ කඩාගෙන වැටුනහම එකම මනසක් තියන කෙනා සමහර වෙලාවට තමන් ගාව ඉන්න කෙනාවත් රකින්න හිතන්නෙ නැතුව, ආරක්ෂා කරන්න හිතන්නෙ නැතුව, විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන්. හරියට නිරි සතෙක් වගේ. එකම මනස තියන කෙනා සමහර වෙලාවල්වලට තමන් ගාව තියෙන දේවල්වලට තියන ආශාව ඉක්මවල ගිහිල්ල අනික් අයගෙ දේවලුත් ආශා කරන, අනික් අයගෙ දේවල්වලටත් මාන බලන, අපි කියනව පෙරේතකං කරන කියල, ඒ වගේ හිතක් හැදෙන්නත් පුළුවන්. තවත් සමහරක් වෙලාවල්වලට ආහාර, බය, මෛථුන්‍ය, නිද්‍රාව කියල කියන කාරණා හතර විතරක් ඇතුව තිරිසන්ගත සත්ත්වයෙක් වගේ ලෝක සත්ත්වයා වැඩ කරන්නත් පුළුවන්. ඔය ඇත්තන් ගාව උදාහරණ ඇති ඕන තරම්.
එකම මනස ඇති කෙනාටයි මේක වෙන්නෙ. තවත් අවස්ථාවල් තියනව ජීවිතේ කොච්චර යහපත් වූ කාරණා එළියට ගන්න පුළුවන්කම තිබුනා වුනාට, කොච්චර යහපත් දේවල් කියල දුන්නා වුනාට, ඒ යහපත් වූ දේවල් ක්‍රියාත්මක කරන්න හිතේ මැලිකමක් ඇති වෙන හිතක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන් මේ හිතම. ඕකට ධර්මයේ කියනව මිත්‍යාදෘෂ්ටිකයි කියල.
තවත් අවස්ථාවකදී කියන කිසීම කිසි දෙයක් තේරුම් බේරුම් කරගන්න උවමනාවක් නැති විදිහේ අලස, නොතේරෙන ජාතියේ හිතක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන් මේ හිතම.
තවත් අවස්ථාවකදි මේ හිතට පුළුවන්කම තියනවා යහපත කියන දේ තුලින් බොහොම ඈතට වෙලා ජීවත් වෙන්න. යහපතට සවන් නොදෙන තරමේ හිතක් හදන්නත් පුළුවන්කම තියනව. කොච්චර යහපතක් කිව්වා වුනාට ඒ යහපත අහන්නේ නැත්නම් ඒ යහපතට කන් යොමන්නෙ නැත්නම්, සවන් දෙන්නෙ නැත්නම්, යහපත කියල කියල දෙන කාරණා එක්ක සම්බන්ධ වෙන්න හිත නැමෙන්නෙ නැත්නම්, එයා බොහොම දුර ඈත ඉන්න කෙනෙක් වගේ තමයි.
අක්ඛණ සූත්‍රය අරගත්තහම පින්වතුනි, පහුගිය දවසක මම දැක්කා, ඒකෙ අපි සාමාන්‍යයෙන් අහල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුනාට පස්සේ කවුරු හරි කෙනෙක් තිරිසන් ලෝකෙ හිටියොත්, පෙරේත ලෝකෙ හිටියොත්, නිරි සතෙක් වෙලා හිටියොත්, දුර ඈත ප්‍රදේශයක ඉපදිලා හිටියොත්, බුදු හාමුදුරුවරු වඩින්නෙ නැති ප්‍රදේශයක හිටියොත්, මිත්‍යාදෘෂ්ටික වෙලා හිටියොත්, අවබෝධ කරන්න බැරි විදිහේ බුද්ධි හීන කෙනෙක් වෙලා හිටියොත්, සහ ධර්මය ඇහෙන්නෙ නැති කාලයක ඉපදිලා හිටියොත් මේ ධර්මය අහන්න තියන අවස්ථාව නැති වෙනවා කියල.
හරියටම හරි කතාව. අද කාලෙ හැටියට බලන්න අපි බලාපොරොත්තු වෙන දේවල් කරන්න බැරි වකවානුවක් අපිට දැන් ඇවිල්ලත් තියනව, එමින් පවතිනව. ඒකේ කවදාදෝ අවසානයක් කියලා ඇත්තටම අපිට පේන්නේ නෑ. ක්ෂිතිජයක් වගේ හරියට. පේන්න පේන්න එන්න එන්න දුරට යනවා මිස ළඟට ඒමක් පේන්න නැහැ. අපේ අභිමතාර්ථවලට, අපේ සැලසුම්වලට, අපේ දියුණුවට යන්නෙ කොහොමද කියන එක ගැන අපි හැමදාම හීන මැවූවා වුනාට තවදුරටත් ඒක හීනයකම හැඟවිලා කියන අවස්ථාවක් මිසක අපට ඒක සඵල කරගන්න, සම්පූර්ණ කර ගන්න අවස්ථාවක් ලැබේද කියන එක ගැන ඇත්තටම හිතා ගන්නත් අමාරුයි.
මේ වගේ වටපිටාවක් වුනහම මාධ්‍ය නරඹන අය හැටියට ඔය ඇත්තොත් දන්නවා, ලෝක සත්ත්වයා වැඩ කරනවා නේද පින්වතුනි අර කියාපු කාරණා හැටියට? අපේ හිත් පරිවර්තනය වෙනව නේද අර හැටියට? ධර්මය තිබිලා වුනත්, ධර්මය ඇහිලා වුනත්, ඒ ධර්මයෙන් ප්‍රයෝජනයට ගන්න බැරි විදිහේ හිතක් බවට අපේ හිත් පරිවර්තනය වෙනවනේ? ඒ වගේ වකවානුවක් එක්ක, ඒ වගේ වටපිටාවක් එක්ක, එක තත්පරයක් හිත නිස්කලංක කරගන්නෙ කොහොමද නේද?
මං පිළිගන්නවා අපේ ජීවිතේට කඩා වැටීම් තියනවා කියල. ඒක පින්වතුනි දුප්පත් පොහොසත් කියල භේදයක් නැහැ. උස් මිටි කියල භේදයකුත් නැහැ. ජාති බේදයකුත් නැහැ. රටවල්වල භේදයකුත් නැහැ. කවදා හෝ දවසකදි අපිට ඒක සිද්ධ වෙන්න පුළුවන්. කවදා හෝ අවස්ථාවකදී අපිට ඒ දේට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.
හැබැයි ඒකට කමක් නෑ.
බුදු හාමුදුරුවො දේශනා කරනවා අක්ඛණ සූත්‍රයේ, යහපතට යන්න, දියුණු වෙන්න, දුකෙන් නිදහස් වෙන්න, උවමනාවක් මනාපයක් කැමැත්තක් තියන කෙනෙක් ඉන්නව නම් එයාට තියෙන්න ඕන සුදුසුකම් දෙකයි. එකක් මනුෂ්‍යයෙක් වෙලා ඉන්න ඕන. ඔබත් මමත් වගේ. අනික් එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලෙක, එහෙම නැතිනම් යහපත් වූ දහමක් කියල දෙන කාලෙක, අපේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙන්නත් ඕන. මේ තියනව වගේ. මේ කියන කාරණා දෙකම අපි සම්පූර්ණ කරල තියනව.
මේ බාහිර හැම කරදරයක් එක්කම ඇහැට දකින්න තියෙන්නෙ අපිට, හිත තැන්පත් කරන දේවල් වලට වඩා හිත ඇවිස්සෙන දේවල්. ඇහැ කැළඹෙන දේවල්. ඇහැ හින්ද ඇඟ රත්වෙන දේවල්. ඇහැ හින්ද සැරෙන් කතා කරන්න හිතෙන දේවල්. ඇහැ හින්ද හිත වැඩිපුර දුවන දේවල්. ඇහැ හින්ද ඇඟේ ක්‍රියාශීලීත්වය වැඩි වෙන වෛර ගැන්වෙන දේවල්. කනත් එහෙමයි. කනට ඇහෙන සද්දත් එහෙම තමයි.
අපි ඇසුරු කරන සමාජය තුල ඉන්න ඇත්තො අතර වුනත් ඒ කාලෙ තිබුනු මෛත්‍රී ගතිගුණ, ඒ කාලෙ තිබිච්ච කරුණාවන්තකං, අද වෙනකොට හීනියට ඉතුරු වෙලා තියනව. ඒව අහන්න ආසයි. ඒව තිබ්බ කාලෙ සුන්දරයි, ලස්සනයි. නමුත් දැන් වෙනකොට ඒව ගොඩාක් ඈතට ගිහිල්ල තියනව.
ඒ කාලෙ යමක් කියනකොට මෛත්‍රියෙන් අහපු ලෝකයා, කරුණාවන්තව අහපු ලෝකයා, දයානුකම්පාවෙන් අහපු ලෝකයා, මධ්‍යස්ථ මතධාරීත්වයෙන් අහපු ලෝකයා, සරල විදියටම කියනව නම් සතර බ්‍රහ්ම විහරණයෙන් ලෝකයේ සැරිසරපු ඇත්තෝ අද වෙනකොට නීවරණවලින් ඒව ප්‍රකට කරගන්න බවක් තේරෙනවා.
කියන කාරණා නීවරණයක් හැටියට අල්ලගන්නවා. තරහක් හැටියට අල්ල ගන්නවා. හිත උලුප්පන දෙයක් හැටියට දා ගන්නවා. සැකයක් හැටියට අල්ලගන්නවා. එක්කො කාමයක් හැටියට අල්ලගන්නවා. එක්කො මේ කිසිම කිසි දේක ඵලක් නැහැ කියල කම්මැලිකමකට අල්ලගන්නවා. අපේ ජීවිතේ කඩාගෙන වැටිල තමයි තියෙන්නෙ. මං පිළිගන්නව ඒක.
ඒ වුනාට දිය ඇල්ලක් බලන්න අපි යනව. ඇයි ඒ ? ඇළ පාර ගලාගෙන යන ඒ මධ්‍යස්ථ මාර්ගය, අර තැන්නෙ ගලාගෙන යන එක බලන්න යන්නෙ නෑ අපි. ඒව පහුකරගෙන ගිහිල්ල කඳු ගැටවල නැඟල කකුල් තුවාල කරගෙන දණ ගගා බඩ ගගා හරි ගිහිල්ල කමක් නෑ මඩ ගොඩේ හරි ගිහිල්ල කටු ඇනි ඇනී ගිහිල්ල දිය ඇලි බලනව. ඇයි ? ඒ වතුර පාරෙ තියන සුන්දරත්වය, ආකර්ශණය එළියට ආවෙ එයාට ප්‍රශ්නෙ වෙච්ච වෙලාවෙදි.
ඒ වගේ වෙච්ච වෙලාවෙදි බුදු හාමුදුරුවො අක්ඛණ සූත්රයෙදි මට තේරෙන්නේ අපිට පෙන්නල දෙනව පැති දෙකක්. පින්වතුනි ඔය ඇත්තන්ට ඕන නම් අර කියාපු සංසාරය පැත්තට යන්න පුළුවන්, කාරණා අටක් තියනව. එහෙම නැති නම් එක පැත්තක් තියනවා. ඒ පැත්තට ගිහිල්ල දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන්.
හරි ලස්සනයි.
ඔය දේශනාව දිහා මම බලාගෙන ඉන්නකොට, කල්පනා කරනකොට, මට හිතුන මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශනාවක්වත්ද අප්පා කියල. ගොඩක් වෙලාවට අහල තියන දේශනාත් ඒ වගේ තමයි, මං හිතනව මේක අළුත්ම කතාවක් වෙන්න ඇති. ගණං ගන්න එපා කොහොමත් මේධාවි හාමුදුරුවො කියන්නෙ වෙනම කතානෙ. ඒ හින්ද කාරි නෑ.
අක්ඛණ සූත්‍රයෙ තියන හැටියට පින්වතුනි, අපිට ඕන නං සංසාරෙ පැත්තට යන්නත් පුළුවන්. අපිට ඕන නං සංසාරෙන් නිදහස් වෙන පැත්තට යන්නත් පුළුවන්. මේකට යන්නෙ ක්ෂණයයි. අක්ඛණ කියල කියන්නෙ ඒකයි. එක ක්ෂණයක් තුලදි අපිට අපේ හිත මේ මනස පරිවර්තනය කර ගන්න පුළුවන් ඒ වුනමනා කරන ඕන පැත්තකට. අපිට යන්න හිතෙන ඕනම පැත්තකට යන්න පුළුවන්. මනසේ ස්වභාවය ඒකයි.
මනස කියන්නෙ ඇත්තටම නිෂ්ක්‍රීය දෙයක්. එයාට බලයක් නෑ හයියක් නෑ. අපි තමයි ඒකට බලය දෙන්නෙ. අපි දෙන බලය ඔස්සේ මනසට අපි බලයක් දුන්නොත් එකිනෙකා හඳුනාගන්නෙ නැති තරමේ දරුණු හිතක් හදා ගන්න ඕන කියල, දරුණු වෙන්න ඕනෙ කියල, ඒ විදියට වැඩකටයුතු කරන්න ඕන හිතන්න ඕන කියලා අපේ හිතට අවවාදය දුන්නොත්, උපදේශය දුන්නොත් ඒ පැත්තට නැඹුරු කෙරෙවුවොත් එහෙම, හිත ඒ පැත්තට යනව. ඒක සාමාන්‍යයි.
නමුත් ඒ කාරණාව අපි ආපස්සට අරගෙන ඇවිල්ලා, ඒ විදිහෙ දරුණු හිතක් හදාගන්නෙ නැති දරුණු විදියට වැඩ කටයුතු නොකරපු දරුණු විදියට කතාබහ නොකරපු තැනට ආපස්සට මතක් කරගෙන ගියොත් හිත නිශ්චලයි නේද? හිත සාමකාමියි නේද?
ඒ සාමකාමීව තිබුනු හිතට අපි උවමනාවෙන්, අපේ මනාපයෙන්, අපේ කැමැත්තෙන් තමයි ඔය කියන කෙලෙස් ටික ඔබල තියෙන්නෙ. අර කියන කෙලෙස් ටික දාල තියෙන්නෙ. මූලාශ්‍රය ගත්තෙ ඇහැ හරහා, කණ හරහා. මූලාශ්‍රය ගත්තෙ සමාජය තුලින් අපි ආශ්‍රය කරනකොට.
අචාන් චා හාමුදුරුවො කියපු එක්තරා කාරණයක් තියනවා. උන් වහන්සේ දේශනා කරනවා මනස කියල කියන්නේ හරියට කොළයක් වගෙයි. ඒ කොළේ හෙල්ලෙන්නෙ හුළඟ හැමුවොත් විතරයි. කතාව හරියටම හරි.
මේ තියන කාරණා අස්සේ අපේ හිත නැවෙන නැවෙන පැත්තට අපේ මනස බර වේවි. අපි වැඩිපුර ආශ්‍රය කරන දේවල්වල අනුසාරයෙන්, වැඩිපුර බලන දේවල් අනුසාරයෙන්, වැඩිපුර අහන දේවල් අනුසාරයෙන්, වැඩිපුර හිතන දේවල්වලට අනුසාරයෙන්, අපේ හිත නැමෙනවා. අපි කතාබහ කරන වචන නැමෙනවා, අපි කරන වැඩකටයුතු නැමෙනවා, අපේ ජීවිතේ නැමෙනවා, අපේ අදහස් නැමෙනවා, අපේ සිහිය නැමෙනවා, අපේ හිත තැන්පත් කරගන්න විදිහ නැමෙනවා. මෙන්න මේකයි පින්වතුනි අපි හඳුනා ගන්න ඕන දේ.
භාවනාව කියල කියන්නෙ සුවිශේෂී ගුරුවරයෙක් වෙන්නෙ ඒකයි.
සාමාන්‍ය ලෝකෙ තියන ඔය හැම එකකටම යට වුනහම අපි හිතනව අපිට බැහැයි කියල මේකෙන් නිදහස් වෙන්න. අපිට හිතෙන දේ තමයි කවම කවදාවත් මේකෙන් සැනසීමක් නැහැයි කියල නමුත් පුතා, කටු අත්තක අපි පැටලෙන්නේ කටු අත්ත අපි ගාවට ආපු නිසාද කටු අත්ත ගාවට අපි ගියපු හින්දද?
මං ආයෙත් කියනවා, කටු අත්තක අපි පැටලෙන්නේ හෝ කටු කම්බියක අපි පැටලෙන්නේ, කටු කම්බිය අපි ගාවට ආපු හින්දද? අපි කටු කම්බිය ගාවට ගිය හින්දද? අපි කටු අත්තක් ගාවට ගිය හින්දද?
ඔන්න ඕකයි ජීවිතේ රහස.
අන්න ඒකයි වෙනස. ඒකයි කිවුවේ අපිට මොන ප්‍රශ්නයක් වුනත් ඒකට කමක් නැහැයි කියල. හේතුව, ඒ දේවල්වලින් නිදහස් වෙලා, ඒ දෙවල්වලින් බැහැර වෙලා ඉන්න ජීවන ක්‍රමයක් තියනව. ඒ හැමදේකින්ම නිදහස් වෙච්ච, විමුක්තියක් ලබා ගත්ත අවස්ථාවක් තියනව.
මේ කියන කරදර, මේ කියන බාධක පින්වතුනි, ඔය ඇත්තන්ටත් මටත් විතරක් නෙවෙයි පින්වතුනි මුහුණ දෙන්ට වුනේ. විශ්වාසය තියාගෙන හිටපු කෙනා අපේ විශ්වාසය බින්ඳෙ මේ පාර විතරක් නෙවෙයි. ඒක හැමදාකම සිද්ධ වුනා නමුත්, බුදු හාමුදුරුවො ඒකයි කියන්නේ, අපේ විශ්වාසය අපි කෙරෙහි තියාගන්න කියල. අපේ පුහුණුව කෙරෙහි තියා ගන්න කියන්නෙ ඒකයි. තමන්ට තමන්ව විශ්වාස කරගන්න කියන්නෙ ඒකයි. තමන් තමන්ගේ ආරක්ෂකයා කරගන්න කියන්නෙ ඒකයි. තමන් තමන්ගේ රැකවලා කරගන්න කියන්නෙ ඒකයි.
එහෙම වුනා නම් අපේ ආරක්ෂාව අපි රැක ගන්නව. එහෙම වුනානම් ලෝක ධර්මතාවයන් ටික වෙනස් වේවි. ලෝක ධර්මතාවයන් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පෙරලි පෙරලි යාවි, නමුත් අපිට කමක් නෑ. අපිට ඒකෙන් කමක් නැති වේවි. අපිට අපේ ජීවිතය තුල ලබන්න පුළුවන් සැනසීම ලැබිල තියේවි. අපිට අපේ ජීවිතය තුල නිදහස හම්බ වෙලා තියේවි.
ජීවිතේ තියන කරදර බාධක ඒ මොන දේ තිබුනා වුනත් අපි එතනින් පටන් ගමු. හිත හැම එකකටම යන්න පුළුවන්. භාවනාවකට වාඩි වෙන්න බෑ හිතක් නෑ කියල හිතෙන්න පුළුවන්. භාවනාවක් ගැන කතාබහ කරනකොට ඕකෙන් ඇත්තටම පලක් තියනවද කියල හිතෙන්නත් පුළුවන්.
නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ ඔය දේ කරලනෙ. නේද? එතකොට උන් වහන්සේ පහු කරගෙන ගිය ඒ හැම දුකකම, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ තිබිච්ච අත්දැකීම් ගොන්නෙ මේ වගේ දුක් ඇතිනෙ.
ඒ හැම එකකින්ම නිදහසක් තියනව පින්වතුනි. ඒ හැම දේකින්ම නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවක් තියනව.
කටු අත්තෙ අත තියාගෙන අපි දුක් වෙනවා නම් කටු ඇනෙනවා කියලා, අපි ඒ කටු අත්ත දිහා බලලා අපේ අත් එළියට ගන්නෙ කොහොමද කියල ඉගෙන ගනිමු. මේකට අත දාගත්තෙ අපිම තමයි. මේකෙන් අත ගන්න ඕන විදිය තේරුම් ගන්න වෙන්නෙත් අපිටම තමයි.
මේ දුක්වලින් නිදහස් වෙන්න බැරිකමක් නැහැ. අහස කියන්නෙ පුදුමාකාර හිස් තැනක්. නිස්කලංක තැනක්. පුළුවන්කමක් තියනව නම් තටු ගහල පියාඹන්න, නිදහස බුක්ති විඳින්න පුළුවන්.
භාවනාව කියන්නෙ අපේ හිතට අපේ ශරීරයට, ඔය කියන නිදහස ලබල දෙන වෙලාවයි.
ඒ දේ කරන්න වුනාම අර සාමාන්‍ය ලෝකේ අපි ළඟ තියන ඒ මතක, පුරුදු ඒ දේවල් ඔක්කෝම එකට ඇවිල්ලා රත් වෙච්ච ඇඟක් අපිට තේරේවි. කැළඹිච්ච ඇඟක් අපිට තේරේවි. මොහොතක් වාඩි වෙලා ඉන්න අකමැත්තක් තියන ඇඟක් අපිට තේරේවි. එක පොඩ්ඩක් එක තැනක ඉන්නෙ නැති හිතක් අපිට තියේවි.
ඒකට කමක් නෑ.
ඒ දේට එහෙම තියෙන්න දෙන්න. ඒ දේට එහෙම මොහොතක් තියෙන්න දීල, ඒ තියන හැම දෙයක්ම අපි අනුමත කරන්න පටන් ගනිමු. මේ ලෝකෙ ප්‍රශ්න වුනහම අපේ තියන ප්‍රශ්නෙ පින්වතුනි, ඉගෙනගෙන තිබුනෙ නෑ ප්‍රශ්නයක් වුන වෙලාවට සිහියෙන් ඉන්නෙ කොහොමද කියල. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට කොහොමද ධර්මානුකූලවම ඉන්නෙ කියල. එතනයි මේකෙ ප්‍රශ්නෙ වුනේ. මෙතන වෙන කිසිම කිසි ප්‍රශ්නයක් නැහැ.
අපි අපේ හිත් පුහුණු කරල තිබ්බේ ජයග්‍රහණය ලබන වෙලාවට ඒ දේ සමරන්න විතරයි. පරාජය බාර ගන්න අපි අපේ හිත් පුහුණු කරල තිබ්බෙ නෑ. පරාජය වෙන වෙලාවට, අපිට ඕන දේවල් සිද්ධ නොවෙන වෙලාවට, ඒ මොහොතේදී සතුටෙන් ඉන්නෙ කොහොමද සාමයෙන් ඉන්නෙ කොහොමද කියන එක අපි හදාරල තිබ්බෙ නෑ. අපි ඉගෙනගෙන තිබ්බෙ නෑ. ඒකයි මේකට හේතුව.
ඒකයි මේකට හේතුව.
කවුරුහරි කෙනෙක් භාවනාවට ගිහිල්ලා විනාඩි පහක් වාඩි වෙලා ඉන්නකොට වේදනාව දැනිල තියනව නම්, ඒ වේදනාවත් එක්ක මනාපයෙන් ඒ විනාඩි පහ ඉඳල තියෙනව නම්, අන්න ප්‍රශ්නයක් එක්ක සාමයෙන් ඉන්න චුට්ටක් ඉගෙනගෙන තියන කෙනෙක් කියල මට කියන්න පුළුවන්. මහතෙරුන් වහන්සේලාත් මේ කතාව කිවුව. මං මේ මාතෘකාව කතා කලා උන් වහන්සේලා එක්කත්. හැබැයි අපිට ඒ පුරුද්ද නැති එකයි ප්‍රශ්නෙ. එහෙම නේ?
අපිට වෙලාව නෑනේ භාවනා කරන්න. බුදු හාමුදුරුවො දේශනා කරන සතිපට්ඨානය පින්වතුනි, හැම දුකකින්ම නිදහස් වෙන්න තියන මාර්ගයක්. හැම ප්‍රශ්නෙකින්ම හැම දුකකින්ම නිදහස් වෙන්න තියන මාර්ගයක්. බුද්ධිමත්කමක් නැතුව ජීවත් වෙච්ච ලෝකයාට බුද්ධිමත්කම කියල දෙන මාර්ගය ඒකයි. ගිනි අරගත්ත, රත් වෙච්ච ලෝකයට සැනසීම, නිදහස, නිවීම කියල දෙන මාර්ගය ඒකයි. ඒකටයි කියන්නෙ සතිපට්ඨානයයි කියල.
අපි ඕකට කිව්ව අපක්ෂපාතී වූ නිරීක්ෂණය කියල. මේ මොන කරදරේ තිබ්බත් මොහොතක් අපිට දැනෙන වේදනාවල් එක්ක, අපිට එන යන සිතුවිලිත් එක්ක, අපේ හතරවටේ තියන සද්ද බද්දත් එක්ක, ඒ දේවල් එහේමම තියෙද්දි මොහොතක් අපිට සාමයෙන් ඉන්න පුළුවන් නේද? ඒ දේ කරන්න බැරි නෑ.
ඒ දේ කරන්න බැරි නෑ.
අර කියන කටු ගාලෙන් අත එළියට එන්නේ, අපි ඒක දිහා බලල ඒකෙන් නිදහස් වෙන ක්‍රමේ ඉගෙන ගත්තට පස්සෙ විතරයි. අපිට උවමනා විදියට අත ගන්න ගියා කියන්නකො කටු ගාලෙන්, ඒ දිහා බලන්නෙ නැතුව. තිබ්බාටත් වඩා අත තුවාල වෙන එකයි තව දුරටත් ඒ කටු ගාලේ පැටලෙන එකයි සිද්ධ වෙන්නෙ.
නමුත් අපි උත්සාහවත් වුනොත් පින්වතුනි, මේ මොහොත තුල අපිට තියන ගැටළුව මොකද්ද? ප්‍රශ්නෙ මොකද්ද? කියල බලන්න, අපි උත්සාහ කරලා මේ මොහොතේ තියන ගැටළුව දිහා හොඳට බැලුවොත්, හොඳට විමර්ශනය කලොත්, එහෙම වුනොත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්කම අපිට හම්බ වේවි. අපි ඉගෙනගන්න පටන් ගනීවි ගැටළුවක් තියනකොටත් සාමයෙන් ඉන්නෙ කොහොමද කියල.
අපි අපේ ජීවිතේ මෙච්චර කාලයක් ජයග්රහණයෙන් විතරක් සතුටු වෙච්ච අය. සාර්ථකත්වයෙන් විතරක් සංතෝෂ වෙච්ච අය. අභිමතාර්ථයන් සම්පූර්ණ කර ගැනීමෙන් විතරක් සංතෝෂ වෙච්ච අය. අපි හිතමු මේක අළුත් මාතෘකාවක් කියල, අළුත් පරිච්ඡේදයක් කියල. අපේ ජීවිතේට අළුත් දෙයක් උගන්වන කාලයක් කියල හිතමු.
අර වගේ අපිට හැමදෙයක්ම ලැබෙන කාලයකදි පින්වතුනි, අපිට ඇත්තම කියනව නම් ඉගෙන ගන්න දේකුත් නෑ. ඉගෙන ගන්න දෙයක් ඕන වෙන්නෙත් නෑ. නමුත් මේ වගේ කාලයකිනුයි ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ. මේ වගේ වටපිටාවක් එනකොට අපේ වචනවලට මොනවද වෙන්නෙ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ සිතිවිල්ලට මොනවද වෙන්නෙ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ ක්‍රියාවන්වලට මොකද වෙන්නෙ කියන එකයි ඉගෙන ගන්න ඕන. අපේ අදහසට, අපි ගත කරන ජීවිතේට, වෑයම් කරන විදියට අපි සිහිය පවත්වන දේ පිළිබඳව, අපි හිත තැන්පත් කරන ගන්න දේ පිළිබඳවයි ඉගෙන ගන්න ඕන වෙන්නෙ.
ඒ වෙනුවට අපි මේ හැම එකක්ම පාලනය කරන්න හිතනව නම් අසාර්ථක වෑයමක්නෙ. අසාර්ථක වෑයමක් ඒක. නමුත් මේ තියන දේවල්වලට ඒ විදියට තියෙන්න දීල, එක මොහොතකදි අපි ඒ දකින දේවල් දැකල, "ඒකට කමක් නෑ" කියල ඒක අනුමත කරන්න පුළුවන්කම තියනව නම්, ඒ තියන වේදනාව හන්දම අපිව සතිමත් වේවි. අපි ඒ වේදනාව හන්ද ඒ දේට පනින, ඒ දේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පරිවර්තනය නොවේවි.
නමුත් දැනට ඒ තියන සිද්ධිය ඊට වඩා වෙනස්නෙ නේද? සමාජය තුල වුනත් කතාබහ කරන්න ගියාම බලන්න එක්කෙනෙක් කියන ආකාරයට මනාප සහ අමනාප ආකාරයට, රුචි කරන සහ අරුචි කරන විදියට, අනුමත කරන සහ ප්‍රතික්ෂේප කරන විදියට, වචන කීයක් නම් එළියට යනවද? කාරණා කීයක් නම් කියවෙනවද? හේතු නෑ.
නමුත් අපි වර්තමාන මොහොතට ඉඩ දෙන්න වුනොත් මේ මොහොත තුල තියන දේ අනුමත කරල නිහඬ වෙන්න ඉගෙන ගත්තොත්, රළු පරළු හැටියට ගල් බොරළු වගේ අදහස්වලින්, වචනවලින්, ක්රියාකාරීත්වයන්වලින්, සිතුවිලිවලින්, දර්ශනයන්ගෙන්, වෑයම් කරන ආකාරයට මේ ජීවිතයට මුහුණ දෙනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට, මුහුණ දෙන්න පුළුවන් ක්‍රම තියනවා නේද කියන එක අපිට තේරෙන්න පටන් ගනීවි.
තාමත් ඒකට ඉඩ තියනව.
ජීවිතේ කරදර ප්‍රශ්න තියන වෙලාවක හෝ ඒ වෙලාවට ධර්මයේ පිළිසරණ යන්න බැරි නම් පටාචාරාවට රහත් වෙන්න බෑ. ඛේමාවට රහත් වෙන්න බෑ. සුනීත සෝපාක කියන නමක්වත් මේ ලෝකෙ තියෙන්න බෑ. ඒ ඇත්තො හැමෝම මඩේ තිබිච්ච දේවල්. කරදර මත හිටපු අය. සමහරක් විට අපිට තියන කරදරවලට වඩා වැඩියි ඒව. අපිට ඇත්තටම ඒ අතින් බලනකොට කරදරයක් නැහැ. නැති කාරණාවල් අරගෙන අපි අපේ හිත් දූෂණය කරන්න ඕනත් නෑ. එහෙම නේද?
හැබැයි අපේ හිත් කැළඹුනාට කමකුත් නෑ. අපි ප්‍රමාදයට වැටුනු හින්ද, හරියට ඒ දේ හඳුනාගන්න බැරිවුන හින්දා ඒ වගේ දුකකට පත් වෙලා තියෙන්න පුළුවන්. කාරි නෑ.
ඒකට කමක් නෑ.
මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියනව. නිදහස තියන තැනක් තියනව. නිදහස තියන ලෝකයක් තියනව. නිදහස තියන වචන තියනව. නිදහස තියන සිතුවිලි තියනව. නිදහස තියන ක්රියාකාරීත්වයන් තියනව. අපි ගාවමයි තියෙන්නෙ. වෙන කොහේවත් නෙවෙයි. අපි ගාවමයි.
සතිපට්ඨානය පින්වතුනි අපිට කියල දෙනවා, අපේ ජීවිතේ අපි දකින මේ දේ තුල නොදකින පැත්ත මොකද්ද කියල. ආපස්සට බලන එක අපිට කියල දෙනවා, "අසවල් කාරණාව ගැන මම හිතාපු විදිහ මෙන්න මෙහෙමයි, හැබැයි මට මේ විදිහටත් ඒ ගැන හිතන්න තිබුන නේද?" කියල. "අසවල් අවස්ථාවෙදි මම කතා කරපු විදිහ නම් මෙන්න මෙහෙමයි, ඒ වුනාට මට මෙහෙමත් කතා කරන්න තිබුන නේද?" කියල ප්රත්යවේක්ෂනාව අපිට මතක් කරල දෙනව. සතිපට්ඨානය මතක් කරල දෙනව. සිහිය මතක් කරල දෙනව.
ඒකයි භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්නෙ.
ඒ විදියට අපිට පුළුවන්කම තියනවා නම් අපේ ජීවිතේ සරි කරගන්න, පුරුදු කර ගන්න, ඒ අනුව කටයුතු කරන පැත්තට යොමු කර ගන්න, අපේ ජීවිතේ කඩාගෙන වැටේවි, අර වතුර පාර වැටෙනව වගේ කන්දෙන් පල්ලෙහට. ගාණක් නෑ. ඒකෙන් පුදුමාකාර ලස්සනක් වගේම සුන්දරත්වයක් වගේම ලොකු ආකර්ශනයක් අපේ ජීවිතේට හම්බ වේවි. අපි අපේ ජීවිතවල වටිනාකම එළියට ගන්න තැනක් බවට පරිවර්තනය වේවි.
එහෙම නැති තාක් පින්වතුනි, ලෝකයා කොච්චර වටිකාකමක් දුන්නත් අපි හඳුනාගත්තෙ නැත්නම් අපේ වටිනාකම මෙපමණයි කියලා, අපි දන්නෙ නෑ ඒක ආරක්ෂා කරගන්න. ඒක හරි අභාග්‍යයක්.
සතිපට්ඨානය හින්දා අපිට අපිව පේන්න පටන් ගන්නවා. අපි දරණ අදහස තුල තියන හරි සහ වැරැද්ද පේන්න ගන්නව. මේ වෙලාව තුල අපි කරන කියන දේ ගැන තියන අවධානය හන්දා, මේ වෙලාවෙ අපි හිතන පතන විදිහ තුල තියන තුලනාත්මක අවබෝධය අපිට එනව. අපි මේ හිතන්නෙ ඇත්තටම බුදු හාමුදුරුවන්ගෙ ශ්‍රාවකයෙක් හැටියටද? නැතිනම් අර කියාපු කාරණා අයටන් එකකට වැටෙන හැටියටද? කියල අපිටම තේරෙන්න පටන් ගනීවි.
මං මේ කතා කරන්නෙ, වැඩ කටයුතු කරන්නෙ, අදහස් දරන්නෙ, හිතන්නෙ, සිහියක් පවත්වන්නෙ, හිත තැන්පත් කරගෙන ඉන්නෙ, මේ හැම එකක්ම, මොන පැත්තටද කරන්නෙ මොන ආකාරයටද කරන්නෙ කියලා සත්පට්ඨානය, සිහිය අපිට කියල දේවි. මතක් කරල දේවි.
ඒ දේ තේරුම් ගන්න එක විතරයි පින්වතුනි අපිට කරන්න කියල බුදු හාමුදුරුවො කියල දෙන්නෙ.
කටු පඳුරක අපේ අත තියන විදිය අපි තේරුම් ගත්තා නම්, ඒ දිහා බලල අපේ අත හෙමීට එළියට ඇදල ගනීවි. කටු පඳුරකටයි මේ අත ගහන්නෙ කියල නොදන්නා තාක් කල්, නොබලන තාක් කල්, තව දුරටත් ඒ දේම හඹාගෙන හඹාගෙන යාවි.
එච්චරයි ජීවිතේ.
කරදර බාධක කොච්චර තිබුනත් මේ හැම දේකින්ම නිදහස් වෙන්න පුළුවන්කමක් තියනව. මේ හැම එකකින්ම නිදහස් වෙලා විමුක්තියක් සලසාගන්න පුළුවන්කමක් තියනව. අඩුම තරමෙ එක ක්ෂණයක්වත්. ඔය ඇත්තො ගාවම. ඒක තියෙන්නෙ වර්තමානය තුලයි. ඒක තියෙන්නෙ සතිපට්ඨානය තුලයි. ඒක තියෙන්නෙ සිහිය පිහිටුවා ගැනීම තුලයි. අපක්ෂපාතී වූ නිරීක්ෂණය කරන වෙලාවටයි.
ඉතින් ඒ කටයුත්ත කරගන්න අද දවදේදීත් මේ කියල දුන්න කාරණාව හේතු උපකාර වේවා කියල මම බලාපොරොත්තු වෙනව. සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අතහැරීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සබ්බේ ධම්මා නාලං අභිනිවේසායාතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව අතහැරීම.
මේ ව්‍යවහාරික දෙදහස් විසිදෙක අවුරුද්ද. අපි මේ සාකච්ඡාව පටන් අරගෙන දැන් ලොකු කාලයක් වෙනව. අළුතෙන් ආරංචියක් ආවා අළුත් කොරෝනා ප්‍රභේදයකුත් එළියට එනව කියල. ඒක අර තිබුන එකටත් වඩා බරපතලයි කියල තමයි කට්ටිය නම් කියන්නෙ. කොහොම වුනත් පින්වතුනි, මේ තියන ව්‍යවසන, මේ තියන කරදර බාධක එක්ක අපි ජීවත් වෙන්න එපායැ. මම කල්පනා කරා අද ඒක ගැන කතා කරන්න ඕන කියල. මේ මාතෘකාව හම්බ වුනේ කුසුමා මෑණියන්ගෙන්.
ඉතින් අපේ කාලය මෙහෙම ගලාගෙන යනකොට, ගෙවීගෙන යනකොට, බෙහෝ වෙලාවට අපි දේවල් එකතු කර ගත්තා වුනාට, සමහර අවස්ථා තියනවා අපිට දේවල් නැති වෙච්ච අවස්ථා. ඒ නැති වෙන අවස්ථාවට හෝ ඒ නැති වෙන අවස්ථාවෙදී ඒ දේ අපිට බලපාන විදිහ මතයි, ඒ නැති වෙන දේ තුලින් අපිට දුකක් එනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.
සාමාන්‍ය ලෝකයේ ඉන්නකොට අපිට දේවල් මුණ ගැහෙනවා. කට්ටියව මුණ ගැහෙනව සහ ඒ දේවල් බැහැර වෙනව, අයින් වෙනව. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුනාට ඒ දේ බැහැර වෙනකොට, ඒ දේ බැහැර වෙලා යන්න හදනකොට, අපි ඒකට සූදානම්ද? නැද්ද? කියන එක මතයි අපේ ඊළඟ භවය තීරණය වෙන්නෙ කියල බුදු හාමුදුරුවො කියල දෙනව.
මගෙ ජීවිතේ මටත් එක අත්දැකීමක් තියනවා, මං හිතනවා ඔය ඇත්තන්ට ඊට වඩා අත්දැකීම් තියෙන්නත් පුළුවන්. මං දන්න එක්කෙනෙක්ගෙ පවුලක ඥාති කෙනෙක්ට අසනීප වෙලා ඉස්පිරිතාලෙකට එන්නෙයි කියල ආරාධනාවක් ආවා විගහට. පස්සෙ එහාට ගියා. යනකොට ඒ කෙනාගේ මූණට දාල තිබුනා අර හුස්ම ගන්න ලේසි වෙන්න කියල මොකක් හරි යන්තරයක් හයි කරල. ළඟ හිටපු අර සාත්තු සේවක කෙනෙක් ඇවිල්ල කිවුව කකුල් දෙක සීතලයි හොඳටෝම කියල. මමත් අල්ලල බැලුව ඇත්ත ඒ කතාව. සීතලයි. හැබැයි ඒ කෙනාට කරන්න පුළුවන් දෙයක් වෙලා තිබ්බෙ හුස්ම ගන්න එක.
එයා බොහෝම උත්සාහයෙන් හුස්ම අඳින බවක් තේරුනා. ඒ වුනාට ශරීරයට පුළුවන්කමක් තිබ්බෙ නෑ ඒ ගත්ත හුස්ම එළියට දාන්න. ලබා ගන්න උවමනාකම තිබ්බා වුනාට බැහැර කරන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ ඇඟට. මට හොඳට මතකයි ඒ අසරණ රෝගියා උත්සාහ කලා කතා කරන්න. නමුත් අර හුස්ම එළියට යන්න හයි කරල තියන මැෂින් එක හන්දා එයාට කතා කර ගන්නත් බැහැ. එයාට කරන්න පුළුවන්කම තිබ්බෙ හුස්ම උඩට අඳින එක විතරයි.
මහ දෝංකාර දෙන සද්දෙකින් උඩට අඳිනව. ඒ සද්දෙ හරියට වතුරෙ ගිලිච්ච වෙලාවක කවුරු හරි කෙනෙක් එකපාරටම හුස්ම ගන්න උත්සාහ කලා කියන්නකො. අන්න ඒ වගේ සද්දයක් ඒක. මට අදටත් මතකයි. අපි එතනට ගිහිල්ල පිරිත් කියල, පිරිත් නූල් බැඳල, ඇවිල්ල විනාඩි පහක් ගියේ නැහැ පණිවිඩයක් ආව ඒ කෙනා කළුරිය කලා කියල.
ඔය සිද්ධිය මට ඇත්තටම ගොඩාක් හිතට වැදිච්ච සිද්ධියක් වුනා. ඔය සිද්ධිය ගැන ගොඩාක් කල්පනා කලා. ඒ අසරණ කෙනාට කරන්න පුළුවන්කම තිබ්බ දේ වුනේ හුස්ම උඩට ගන්න එක විතරයි. අනිත් එක ශරීරයට කරන්න බැහැ. හැබැයි බලාපොරොත්තු සමූහයක් තිබ්බ. කතා කරන්න ඕනකම තිබ්බ, හැබැයි කතා කරන්න බැහැ. හුස්ම ටික එළියට දාන්න ඕනකම තිබ්බ, නමුත් ඒක කරන්න බැහැ. තමන්ගේ දුක කියන්න ඕනකම තියෙන්න ඇති, නමුත් ඒක කරන්නත් බැහැ.
පින්වතුනි, අපි කාටත් කොරෝනාව තිබ්බා හෝ නැතා, කරදර තිබ්බා හෝ නැතා, කවදා හෝ දවසක යන්නත් වෙනව. ඊටත් එහා මෙහා අපේ ජීවිතේ දේවල් අපේ අතරෙන් බැහැර වෙලත් යනව. ඒකත් සාමාන්‍යයි. ඒ බැහැර වෙලා යන වෙලාවට, ඒ දේ බැහැර කරන්න බැරි තැන හදල තියන කාරණාවකුත් තියනව. ඒ දේ හෝ ඒ කෙනා හෝ ඒ කාරණාව අපෙන් බැහැර වෙලා යනකොට ඒ දේ බැහැර කරන්න බැරි වෙන විදිහේ දෙයක් අපි ගාව තියනවා. ඔන්න ඕකටයි කියන්නෙ අල්ලාගැනීම කියල.
ඔය කියන අල්ලගැනීම අපි හිතනව තියෙන්නෙ ධනය ගැන කියල. සමහරක් විට ශරීරය ගැන කියල. සමහරක් විට වත්පොහොසත්කම් ගැන. එහෙම කියල හිතන්නත් පුළුවන්.
නමුත් හැබෑවටම කියනව නම් ඔය කියන අල්ලා ගැනීම කියන එක තියෙන්නෙ, අප වටා තියන ඕනෑම දෙයක් කෙරෙහි අපි හැඟීම්බරතාවය දාල තියන ප්‍රමාණය මතයි.
අපි අල්ලගෙන තියෙන්නෙ ඇත්තම කියනව නම් හැඟීම්බරතාවය. ඕකට කියනව 'Emotional attachment' එකක් කියල. මේ ලෝකෙ දේවල් බැහැර වෙලා යනකොට, ඒ බැහැරවෙලා යන දේ බැහැර වෙලා යන විත්තිය අපි දන්නවා. නමුත් ඒක අනුමත කරන්න හිත දෙන්නෙ නැහැ. ඒ දේ බැහැර වෙලා යද්දි හිත හදා ගන්න ඉඩ දෙන්නෙ නැහැ. හේතුව තමයි අපි ගාව තියන අර කියන විදිහේ emotional attachment එක.
අපි ඒ දේවල් වලට හැඟීම්බරතාවයෙන් රුචි කරන හින්දා, හැඟීම්බරතාවයෙන් බැඳීම් හදාගෙන තියන හින්දා, ඒ දේ අපිට බැහැර කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාදය හරි පුදුමාකාර ලස්සන දේශනාවක් වගේම අපිට කියල දෙනව පින්වතුනි, අපේ ජීවිතේ ඔය කියන සම්බන්ධතාවය, ඔය කියන හැඟීම්බර වූ අල්ලාගැනීම අතහරින්න පුළුවන් අවස්ථා බර ගානක් ගැන. බර ගානක් ගැන කියල දෙනව. තමන්ට තියන දක්ෂ පක්ෂකම අනුව ඒ ඒ අවස්ථාවන්වලදී අපිට අවස්ථාව තියනවා ඒ දේ බැහැර කරන්න.
හැබැයි ඒ බැහැර කරන්න බැරි විදියට අපිව ගැට ගහල තියන, අපිව සම්බන්ධ කරල තියන ධර්මතාවය තමයි හැඟීම්බරතාවය. අපේ ප්‍රාර්ථනා, අදහස්, බලාපොරොත්තු, අරමුණු, ඉලක්ක, මෙව්ව තමා අපිව රඳවල තියෙන්නෙ. මේව තමා අපිව ගැට ගහල තියෙන්නෙ.
කාරණාව තියෙන්නෙ ඔය කියන අවසාන මොහොතට අපි එනකොට අපේ තියන අදහස හෝ බලාපොරොත්තුව හෝ ප්‍රාර්ථනාව ඉස්මතු වුනොත් මීට වඩා සැපවන්තභාවයක් ලබන්න ඕන, මීට වඩා රූපවන්තභාවයක් ලබන්න ඕන, මීට වඩා ඥානවන්තභාවයක් හරි ලබන්න ඕන කොහොමහරි කියල අපේ හිතේ අදහසක් තිබුනොත්, හිත මියෑදෙන්නෙ මේ අදහසත් එක්කයි. මේ ශරීරය මියෑදෙන්නෙ හිතේ තියන අදහසත් එක්කයි. අන්න එයයි අපිට ඊළඟ ජීවිතේකට, නැත්නම් ඊළඟ අල්ලගැනීමකට පාර පෙන්නන්නෙ.
එතකොට පින්වතුනි, මේ කියන හැඟීම්බරතාවයෙන් යුක්ත වූ අල්ලා ගැනීමයි අපි අපේ ජීවිතේ අයින් කරන්න ඉගෙන ගන්න ඕන වෙන්නෙ. අපි අපේ ජීවිතෙන් බැහැර කරල දාන්න ඉගෙන ගන්න ඕන වෙන්නෙ. ඒක එක අතකට කියනව නම් කියන්න ලේසි කතාවක් තමයි. නමුත් අනික් පැත්තට මොකද්දෝ පටලැවිල්ලකුත් තේරෙනව. හේතුව, අපිට හිතුනහම අපිට කවුරු හරි කෙනෙක් කියල දුන්නොත් හැඟීම්බරතාවයෙන් කටයුතු කරන්න එපාය කියලා, ඇත්තටම අපිට තේරෙන්නෙ නැති වෙන්න පුළුවන් එහෙම නම් මේ ලෝකෙ කොහොමද කටයුතු කරන්නෙ? කියල.
අන්න එතනට තමයි පින්වතුනි, බුදු හාමුදුරුවො අපිට කියල දෙන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවය කියන මේ කාරණා හතර. මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව කියල කියන බ්‍රහ්ම විහාර හතර. අපිට දේශනා කරනව ඔය කියන කාරණාවලින් මේ ජීවිතේ සරසවා ගන්න, පුරුදු කර ගන්න. ඒකෙ තේරුම සාමාන්‍ය ජීවිතේ තුල වැඩ කටයුතු කරද්දි, හැසිරෙද්දි, අපිට කරන්න පුළුවන් සේවය සැලසෙන විදිහේ ජීවිතයක් පවත්වන්න. ඒත් එක්කම බැහැර වෙලා එන්න යන වෙලාවෙදී අතහැරල දාන්න ඉගෙන ගන්න කියල.
අපි අල්ලගෙන තියන දේවල් අල්ලගෙන තියෙන්නෙ මොන මොන ආකාරයෙන්ද කියල හොයා ගෙන ගිහිල්ලා ඒව එකින් එක එකින් එක බැහැර කරන්න පුළුවන්කමක් තියනව නම්, මං හිතනව අපිට මේ ආපු සංසාරය වගේම කාලයක් යාවි ඔය වැඩේ කරල ඉවරයක් කරන්න. මොකද ඒ තරම් අල්ලාගැනීම් සමූහයක් ඔය ඇත්තොත් මමත් කරල තියනව සංසාර ගමන තුලදී. එහෙනම් මේකට තියන සරල ක්‍රමය මොකද්ද? ලේසි ක්‍රමය මොකද්ද?
හැඟීම්බරතාවය කියල කියන මමායනය, මගේකම, මට ඕන විදිහ, මම පාලනය කරන විදිහ, මට පාලනය කරන්න උවමනා කරන විදිහෙන් බැහැර වෙන සරල වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය කියල කියන්නෙ.
භාවනාව අපිට කියල දෙනව පින්වතුනි, මේ මොහොත තුල තියන දේ දැක බලාගන්න. මේ මොහොත තුල තියන එකත් එක්ක යා වෙලා ජීවත් වෙන්න. සතිපට්ඨානය හරියට සූරියකාන්ත මලක් වගේ. සූරියකාන්ත මල පිපෙන්නෙ ඉර දිහා බලාගෙන. දවස ගෙවන්නෙත් ඉර දිහා බලාගෙන. හවසට ඉර බැහැල යනකොට එයත් ඒ වගේ බැහැල යනව. ඊළඟ දවසෙ ආපහු ඉපදෙන්නෙ, ආපහු විකසිත වෙන්නෙ, ඉර දිහා බලගෙනමයි. ඉර කොහෙද ඉන්නෙ සූරියකාන්ත මල එයා දිහා බලාගෙන ඇති.
අන්න ඒ වගේ ලක්ෂණයකුයි සිහියෙන් කෙරෙන්නෙ. අපට බැරිකම තියෙන්නේ, සාමාන්‍ය ලෝකයාට බැරිකම තියෙන්නේ, එක මොහොතක එක කාරණාවක ඉන්න එකයි කරන්න අමාරු. අන්න ඒකටයි අපේ හිත අපි පුරුදු කර ගන්න ඕන වෙන්නෙ. අපිට අපේ හිත පුරුදු කර ගන්න පුළුවන්කමක් තියනව නම් මේ මොහොත තුල තියන කාරණේ දැනගෙන, ඒ කාරණාව තුල තියන හොඳ නරක ස්වභාවයත් දැනගෙන ජීවත් වෙන්න, අන්න පින්වතුනි අපිට අවස්ථාවක් එනවා හැඟීම්බරතාවයට නතු නොවී, යට නොවී, ඒ දේට ග්‍රහණය නොවී, මේ මොහොත තුල තියන එකත් එක්ක එක මොහොතක් සාමයෙන් ඉන්න.
ඒ දෙය බැහැර වෙලා යන්න හදන දෙයක් නම්, බැහැර වෙන්න යන දෙයක් නම්, ඒ දේ අනුමත කරලා හිත හදා ගන්න අපේ හිත සූදානම් වේවි.
භාවනාවෙන් කරන්නේ අතහරින්න අපේ හිත සූදානම් කරන එකයි.
වර්තමාන මොහොත කියල කියන්නෙ පින්වතුනි, අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. කවදාවත් මවන්න පුළුවන් එකකුත් නෙවෙයි. අතීතය කියල කියන්නෙ අපිට මවන්න පුළුවන් එකක්. කතා කරන්න පුළුවන් එකක්. අල්ලගන්න පුළුවන් එකක්. අනාගතේ කියල කියන්නෙ මවන්න පුළුවන් එකක්. හදන්න පුළුවන් එකක්. කියන්න පුළුවන් එකක්. අල්ලගන්න පුළුවන් එකක්. හැබැයි වර්තමානය එහෙම බෑ. එතකොට ඔය කියන අල්ලගන්න බැරි වර්තමානය තුල මොහොතක් නිස්කලංකයෙ ඉන්න එකයි භාවනාවෙන් කියල දෙන්නෙ.
එතකොට පින්වතුනි, බුද්ධ ශාසනයෙන් අතහරින්න උගන්වන්නෙ අතීතය සහ අනාගතයයි. ඒ අතීතය සහ අනාගතය කියන දෙක ඔබ සහ මම කියන මේ ලෝකයා අල්ලාගෙන ඉන්නේ, තියාගෙන ඉන්නේ, හැඟීම්බරතාවය මතයි. ප්‍රාර්ථනාව මතයි. අදහස් මතයි. අරමුණු මතයි. බලාපොරොත්තු මතයි. අභිප්රායන් මතයි. ඉලක්ක මතයි. මේ ලෝකෙ දේවල් වෙනස් වෙලා යද්දි පින්වතුනි, අපිට තියන ප්‍රශ්නෙ ඒ දේවල් වෙනස් වෙන එක නෙවෙයි. අපේ අභිමථාර්තයට අපිට යා ගන්න බැරි වෙන එකයි තියන ප්‍රශ්නෙ. අපේ අභිමථාර්තයට අපිට යන්න පාර වැහෙන එකයි තියන ප්‍රශ්නෙ.
හැබැයි භාවනාව කරන කෙනා, සතිපට්ඨානය පුරුදු කරන කෙනා ඉගෙන ගන්නවා, වර්තමානය තුල ඇහෙන සද්දය හොඳ හෝ වේවා නරක හෝ වේවා ගාණක් නෑ. ඒ ඇහෙන එක තුල මොහොතක් ඉන්න. දැනෙන වේදනාව සැප හෝ වේවා දුක් හෝ වේවා සැපත් නැති දුකත් නැති මොකක්වත් නැති එකක් හෝ වේවා (උපේක්ෂා කියල කියනව ඕකට) ඒකත් එක්ක මොහොතක් ඉන්න.
ඊළඟ මොහොත තුල එයාට ප්‍රකට වෙන්න පුළුවන් තව අරමුණක්. සතිමත් බව තියනව නම් ඒ අරමුණත් එක්ක මොහොතක් ඉඳීවි. ඒ බාහිරින් තියන අරමුණ මොන හෝ දෙයක් වෙන්න පුළුවන්. ඒකෙ කාරණාවක් නෑ. ඒකෙ කාරණාවක් නෑ. අපිට පුළුවන්කම තියනවා නම් මහා නිධාන සූත්‍රයෙ කියන හැටියට, පටිච්චසමුප්පාදයෙ තියන කාරණාවල් අපිට තේරෙන අවස්ථාවෙන් ඊළඟ දේකට පරිවර්තනය වෙන්න කලින් බැහැර කරල දාන්න පුළුවන්කම තියනව නම්, එයයි දක්ෂතාවය. ඒකයි නිදහස.
අතහරින්න පුළුවන්කම තියෙන්නෙ පින්වතුනි, වර්තමානයට පැමිණුනොත් පමණයි. අනාගතය ගැන මෙනෙහි කරල හෝ අතීතය ගැන මෙනෙහි කරලා ඇත්තටම අපිට අතහරින්න දෙයක්, හරි අමාරුයි. ඒ ගැන හිතන්නත් හරි අමාරුයි. ඒ වුනාට වර්තමානය තුල තියන දේ හරියට හඳුනා ගත්තොත් අපිට ඥාණයක් ඒවි, මේ විදිහට තියන එකේ මොකක් හරි සකස් කිරීමක් කර ගන්න වෙනවයි කියල.
මේ වෙනකොට අපි අපේ ජීවිතේ පුරුදු කරගෙන යන්නෙ, ක්‍රියාත්මක කරමින් පවතින්නේ, අපි මෙච්චර කාලයක් පුරුදු කරපු විදිහයි. ඒ විදිහ තුල තියන අල්ල ගැනීම, ගැට ගහ ගැනීම, මගේ කියල තියාගැනීම, ආදී කාරණා තමා අපි එකින් එක, එකින් එක බැහැර කරන්න ඉගෙන ගන්නෙ. ඒ දේ බැහැර වුනාට පස්සේ, ඒ කියන දේ අතහැරියට පස්සේ, අපි හිත හදා ගනීවි වර්තමාන මොහොත තුල රූපය තිබුනා හෝ වේදනාව තිබුනා හෝ සංඥාව තිබුනා හෝ සංස්කාරය තිබුනා හෝ විඥ්ඥාණය තිබ්බා, ඒ තියන එකත් එක්ක මොහොතක් ඉන්න. ඒක ගැන අළුතෙන් ප්‍රාර්ථනා හදා ගන්න, සිතුවිලි බෝ කර ගන්න, අදහස් දක්වන්න, වෙනත් විදියකට හරවල පෙරලල ඉගෙන ගන්න, අපිට උවමනා කරන්නෙ නැති වේවි.
මහා පරිනිබ්බාන සූත්‍රයෙ බුදු හාමුදුරුවො දේශනා කරනවා, ජිවිතේ අවසාන කාලයට ආවට පස්සේ, අවසාන මොහොතට කිට්ටු වුනාට පස්සේ, ආරක්ෂා කරන්න මොනවත්ම දෙයක් නැති වුනාම,
"කතංමේ සරණ මත්තනෝ"
"මොකද්ද තියන සරණ කියල?" අහනවා.
උත්තරේ මේ සිහිය විතරයි.
අපි ඉගෙන ගෙන තියනව නම් වර්තමානය තුල ජීවත් වෙන්නෙ කොහොමද? කියල, අපි කතාබහ කරන වචනයක් එක්ක සජීවී වෙලා ජීවිතේ පවත්වන්නෙ කොහොමද? කියල, අපි ඉගෙනගෙන තියනව නම් කනට ඇහෙන ශබ්දයක් එක්ක සජීවී වෙලා ජීවත් වෙන්නෙ කොහොමද? කියල, අපි ඉගෙනගෙන තියනව නම් ඇහැට පේන රූපයක් එක්ක සජීවී වෙලා ජීවත් වෙන්නෙ කොහොමද? කියල, අපි ඉගෙනගෙන තියනව නම් ඇඟේ තියන ඕනෑම වින්දනයක් එක්ක සජීවී වෙලා, හාද වෙලා, ඒකත් එක්ක යා වෙලා, සම්බන්ධ වෙලා, ජීවත් වෙන්නෙ කොහොමද? කියල ඉගෙන ගෙන තියනව නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක තමයි අපිට තියන පිළිසරණ කියල.
අවසාන මොහොතේදී අතහැරල යන්න කිට්ටු වෙනකොට සාමාන්‍ය ලෝකයා පින්වතුනි, වෙන කෙනෙක්ගෙ පිහිටක් පතනවා. ඒක හරියට මම අර ඉස්පිරිතාලෙ ගිය වෙලාවෙ ඒ අසරණ රෝගියා එයාගෙ දුක කියන්න උත්සාහ කලා වගේ වැඩක්. එයා එයාගෙ තියන අසරණකම ප්‍රකාශ කරන්න, උදව් ඉල්ලන්න උත්සාහ කලා වගේ වැඩක්. අතහරින එකට වඩා, මට යන්න බැහැ කියන එක කියන්න උත්සාහ කලා වගේ වැඩක්. බුද්ධ ශාසනේ කියල දෙන්නෙ අතහැරෙන දෙයක් එක්ක සාමයෙන් ඉන්න දෙයක්. අතහැරිල යන දේට යන්න දෙන කාරණාවක්.
ශාසනයේ අතහැරීම කියන වචනය ඇත්තටම පුදුමාකාර විදිහේ වපසරියක් තියන එකක්. මේක අපේ ජීවිතේට ගොඩාක් ලේසිය සහ පහසුව ගෙනැල්ල දෙනව. ඔය කියන හැඟීම්බරතාවයෙන් අල්ල ගන්නෙ නැතුව අපිට පුළුවන්කම තියනව නම්, අපේ තියන ගරුත්වය සහ වටිනාකම තේරුම් අරගෙන, අපේ තියන වැදගත්කම තේරුම් අරගෙන, ඒ වැදගත්කමට ඔබින හැටියට කටයුතු කරන්න පුළුවන්කම තියනව නම්, මෛත්‍රියෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව, මුදිතාවකින් යුක්තව, සහ උපේක්ෂාවෙන්, දන් දෙන්න ඕන වෙලාවට දන් දීලා, ප්‍රිය වචනය කතා කරන්න ඕන වෙලාවට ප්‍රිය වචනය කතා කරලා, සමානාත්මතාවයෙන් සලකන්න ඕන වෙලාවට සමානාත්මතාවයෙන් සලකලා, අර්ථචර්යාවෙන් අදහස් දක්වන්න නැත්නම් අර්ථචර්යාවෙන් ලෝකයට උදාහරණ ඕන වෙලාවෙ ඒ විදියට කටයුතු කරලා, අපි අපේ ජීවිතේ ගෙවනවා නම් පින්වතුනි, අන්න ඒ ජීවිතේ සාර්ථකයි.
එවන් වූ ජීවිතයක් හදා ගන්න එකයි, බුද්ධ ශාසනය තුල බුදු පියාණන් වහන්සේගේ ඉලක්කය හැටියට මට පේන්නෙ සහ තේරෙන්නෙ. උන් වහන්සේ අපිට කියල දෙන්නේ, කවදා හෝ මේ දේවල් අපට අතහැරල (යන්න වෙනවා, අනිවාර්යයෙන්ම) ඒ යන වෙලාවට අපි ඒ දේට සූදානම්ද? කියල. ඒ බැහැර වෙන්න යන දේට, බැහැර කරන්න යන දේට මම සූදානම්ද? ඔන්න ඔය සූදානමයි පින්වතුනි බුදු පියාණන් වහන්සේ අපිට කියල දෙන්නෙ. අපිට හදල දෙන්නෙ.
ඒ සූදානම ඇති කර ගන්න පුළුවන් කෙනා මහා නිධාන සූත්‍රයේ තියනව වගේ අවිද්‍යාවෙන් පටන් ගත්තහම
"දුක්ඛ දෝමනස්ස සම්භවන්තී"
කියන තැනට යනකං කරුණු කාරණා රාශියක් පහු කරන්න ඕන. හැබැයි එක ක්ෂණයකින් මේක වෙනවා. ඒක වෙනයි. නමුත් අපි දක්ෂ වුනොත්, දක්ෂ පක්ෂකම් තිබුනොත්, සිහිය තිබ්බොත්, අපිට මේ වෙලාවේදී දුක හදා ගන්නෙ හෝ අල්ලා ගැනීම කරන්නේ මෙන්න මේ මට්ටමෙනුයි, මෙන්න මේ කාරණාවෙනුයි කියල තේරුම් ගත්තා නම්, ඉන් එහාට තියන දුකකට යන එකෙන් අපිව නිදහස් වෙන්න පටන් ගන්නව. මොකද අපිට මේ කියන දුක හදා ගන්න විදිය බුදු පියාණන් වහන්සේ උගන්නලනෙ තියෙන්නෙ.
අවිද්‍යාව හින්දා සකස් කිරීම් හදා ගන්නවා. සකස් කරන හින්දා (සකස් කරනවා කියල කියන්නේ උවමනාවල්) විඥ්ඥාණය හදා ගන්නවා. විඥ්ඥාණය හින්දා නාමරූප ඇති කර ගන්නවා. නාමරූප කියල කියන්නේ (ඔය ඇත්තො අහල ඇති මේව) මේ ශරීර කූඩුව වගේ සතර මහා ධාතූන්ගෙන් හට ගත්ත දේවලුත්, ඒ සතර මහා ධාතූන් ක්‍රියාත්මක කරන්න උවමනා කරන අනිත් මෙවලම් ටිකත්. ඒ මෙවලම් වලින් අපිට මේ කියන ආයතන හය හැදෙනවා. සලායතන. ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන හය තියන හින්දා අපි ස්පර්ශ කරනවා. එක එක දේවල් හඳුනා ගන්නව. ඇහැට රූපය, කනට සද්දය, නාසයට ගඳ සුවඳ ආදී වශයෙන්. එහෙම දේවල් හඳුනා ගන්න හන්දා, ස්පර්ශ කරන හන්දා අපි වින්දනය කරනවා.
ශරීරය විතරක් නෙවෙයි වින්දනය කරන්නේ, ඇහැට දකින රූපයත් වින්දනය කරනවා. කනට අහන සද්දයත් වින්දනය කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳත් අපි වින්දනය කරනවා. දිවට දැනෙන රසයත් අපි වින්දනය කරනවා. කයට එන ස්පර්ශය නම් කොහොමත් වින්දනය කරනවා. හිතට එන අරමුණත් අපි වින්දනය කරනවා. ඒ වින්දනය කරන හින්දයි තණ්හාව හට ගන්නෙ. උවමනාකම, ඕනෑකම, මගේකම, ලෝභකම, ලොල්කම හට ගන්නෙ. ඒ ලොල්කම හට ගත්තට පස්සේ අපි ඒ දේ අල්ලගන්නව.
මේ අල්ලගන්න හේතු වුනේ පින්වතුනි, ලෝභකම හට ගත්ත එකයි. ලෝභකම හට ගන්න හේතු වුනේ අපි ඒ දේ ඒ විදියට ස්පර්ශ කරපු හින්දයි. එතකොට සතිපට්ඨානය තුලින් උගන්වන ජීවන ක්‍රමය තුල අපිට කියල දෙන්නේ, මේ කියන ඉන්ද්‍රියන් හයම පාවිච්චි කරන්න තමයි. හැබැයි බුද්ධිමත් විදියට. "අවිජ්ජා පච්චයා සංඛාරා" කියල නෙවෙයි එතනදි උගන්වන්නේ. "විජ්ජා පච්චයා" කියල.
යහපත් වූ නුවණ ඇති වුනාට පස්සේ එයාටත් සංස්කාරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වුනාට ඒක දුක හදා ගන්න දෙයක් නෙවෙයි. මේ ජීවිතේ ජීවත් වෙන්න උවමනා කරන ප්‍රමාණයේ විතරක් කටයුතු කාරණා කරනවා. එයා කරන වින්දනය, තණ්හාවකට යට වෙන්නේ නැති විදිහේ වින්දනයක් කරන්න ඉගෙන ගන්නව. මේක තුල තියන අර හැඟීම්බර කොටස බැහැර කරලා, ඒ හැඟීම්බර කොටස අතහැරල දාල, එයා හිතත් එක්ක විතරක් ජීවත් වෙනව. ක්‍රියාත්මක වෙන විදිහේ ජීවිතයක් පාවිච්චි කරන්න පටන් ගන්නව. බැහැර කරන්න ඕන දේ දුක හදන දේ නම්, ඒ දුක හදන දේ අනිවාර්යයෙන්ම බැහැර කරනව. ඒ දුක හදන දේ බැහැර කරල දුකක් නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නව.
සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙනකොට අපිට දුක හදල දෙන්නෙ තරහ නම්, තරහ බැහැර කරල ජීවත් වෙන්න ඉගෙන ගන්නව. සාමාන්‍ය ලෝකෙ අපිට ජීවත් වෙනකොට ජීවිතේට දුක හදල දෙන්නෙ සැකය නම්, සැකය බැහැර කරල ජීවත් වෙන්න හිත හදා ගන්නව. ඉගෙන ගන්නව. සාමාන්‍ය ජීවිතේදී අපිට දුක හදල දීල තියෙන්නෙ පාලනය කරන එක නම්, පාලනයෙන් තොර වෙලා ජීවත් වෙන්න හිත හදා ගන්නව. ඉගෙන ගන්නව. ඇස, කන, නාසය, දිව, කය, මනස පුරුදු කරනව. මේකටයි භාවනාව කියල කියන්නෙ. මේකටයි පුරුදු කිරීම කියල කියන්නෙ.
එතකොට පින්වතුනි අපි අතහරින්නෙ කෙලෙස්. බුද්ධ ශාසනයෙ ඇත්තටම කියනව නම් අතහරින්න තියෙන්නෙ කෙලෙස් තමයි. ඒ කෙලෙස් තියන වෙලාවට අපේ සිහිය අපිට නෑ. කෙලෙස් රජ කරනකොට, කෙලෙස් වර්ධනය වුනාට පස්සේ, කෙලෙස් අපිව පාලනය කරන්න ගියාට පස්සේ, අපිට සිහියක් නෑ කොහොමටත්.
නමුත් මේ තියෙන්නෙ ක්ලේශය තමයි කියල හඳුනා ගත්තට පස්සේ අපිට අතහරින්න ලේසියි. අපි ඉගෙන ගන්නව අතහරින්නෙ කොහොමද කියල. අපි දන්නව අතහරින හැටි. අපි විඳිනව අතහැරීමේ තියන නිදහස. ඒ දේ මොහොතක් සිද්ධ කරලා, නැවත නැවත වාරවල්වලදී ඒ විදිහේ අතහැරීමක් සිදු කරමින් ජීවත් වෙන්න බුදු හාමුදුරුවෝ අපිට උගන්වනව.
මේක කරන්න දැන් ඔය ඇත්තන්ට තේරෙනව නේද පර්යංකයක්ම ඕන වෙන්නෙ නැහැ. සක්මන් මළුවක්ම ඕන වෙන්නෙත් නැහැ. සාමාන්‍ය ජීවිතේ තුල අපිට ඕනෑ තරම් අවස්ථාවල් එනවා. සාමාන්‍ය ජීවිතේ තුල අපි දුක හදා ගන්නා වූ කාරණාව හඳුනාගෙන, දැකලා, ඒක නැති විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්නව. එහෙම වුනාම සැනසීම ලැබෙනව.
අපි අතහරින්නෙ ක්ලේශයයි. බාහිර කෙනාව නෙවෙයි. කෙලේසයයි අපි අතහරින්නෙ. මේ ඇඟ නෙවෙයි අපිට අතහරින්න ඕනකම තියෙන්නේ. මේ ඇඟ කෙරෙහි තියන අල්ලා ගැනීමයි. ඒ දේ කරන්න ඉගෙන ගත්තට පස්සේ ඒ ඇඟට සිද්ධ වෙන දේ සිද්ධ වෙයි. අපිට කාරි නෑ. අපිට කමක් නෑ.
මහා නිධාන සූත්රයෙදි පින්වතුනි, අපිට කියල දෙන බුදු හාමුදුරුවන්ගේ නිවීමේ කලාවේ පුදුමාකාර ලක්ෂණය මේකයි. අපිට අපේ ජීවිතය තුල දකින්න පුළුවන් පුළුවන් පුළුවන් මට්ටම දක්වා අපිට ඒ දෙයින් නිදහස් වෙන්න පුළුවන්කම තියනව. ඒක හරියට කවුරු හරි කෙනෙක් දුවගෙන දුවගෙන යනවා කන්දකින් පල්ලෙහාට පනින තැනකට වගේ. එයා දන්නෙ නැහැ කන්දකින් තියෙන්නෙ කියලා. හැබැයි කන්දට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මෙයාට තේරෙනව නම් තව පොඩ්ඩෙන් මාව වැටෙනව දැන් දුවන එක නවත්තන්න ඕන කියල, මේක ආන් ඒ වගේ වැඩක්. සමහර කෙනෙක්ට ඕක තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්. පැනල තුවාල වුනාට පස්සෙම තමයි එයා ඊළඟ වතාව ගැන කල්පනා කරන්නෙ. ගොඩක් වෙලාවට ඔය ඇත්තොත් මමත් වගේ.
නමුත් අපිට අවස්ථාව තියනව පින්වතුනි බුදුහාමුදුරුවො හන්දා, මේ ජීවිතේ තුල අතහරින්න ඕන දේ මොකද්ද? කියන එක ඉගෙන ගන්න. මේකෙන් කියන්නෙ නෑ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව අතහරින්න කියල. මේකෙන් කියන්නෙ නැහැ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය අතහරින්න කියල. එව්ව තියා ගන්නව. කෙලෙස් අතහරිනව. කෙලෙස් නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නව. කෙලේසය අතහැරලා අර හැඟීම්බරතාවය කියල කියන, අපිව මේ උගුලෙ ගැට ගහල තියන දේ අතහැරල, සතුටෙන් සාමකාමීව ජීවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නව.
මේක ඉගෙන ගන්න ඕන දෙයක්. ඕව ඉගෙන ගන්න ඉස්කෝල තියනව නම් හොඳයි. නැති එකනෙ වැඩේ. ඒ දේ ඉගෙන ගන්න එකටයි භාවනාව කියල කියන්නෙ. ඒ දේ ඉගෙන ගන්න එකටයි ධර්මය පුරුදු කරනවා කියල කියන්නෙ. ඒ දේ ඉගෙන ගන්න පරීක්ෂණාගාරය පින්වතුනි, ඔය ඇත්තන්ගෙ සාමාන්‍ය ජීවිතේම තමයි. කරන කතාබහම තමයි. කරන වැඩේම තමයි. හිතන සිතුවිල්ලම තමයි.
මේ හැම එකක් තුලින්ම අපි ඉගෙන ගන්න බලමු අපි අල්ල ගැනීමකටද මේ යන්නෙ? තමන්ගෙ වටිනාකම තේරුම් අරගෙන හැබෑවටම ජීවත් වෙන්න ඕන විදිහේ උතුම් වූ ජීවිතයක් හැටියටද මේ ජීවත් වෙන්නේ? අතහැරිලද ජීවත් වෙන්නේ? කියල. මොකද අපිට අතහරින්න ඉගෙන ගන්න වෙන්නේ කෙලෙස් කියන්නෙ මොනවද කියන එකයි. බාහිර කෙනාව නෙවෙයි බාහිර දේම නෙවෙයි. ඒ දේ තිබිච්චාවයි තියනව නම්. නැත්තං ඒත් කාරි නෑ. හැබැයි මේ හැම දේකටම තියන අර අල්ලගැනීම, Emotional attachment එක, හැඟීම්බරතාවය බැහැර කරන එකයි සිහියට සහ නිවනට පාර වෙන්නෙ.
ඉතින් ඒ දේ කරන්න පින්වතුනි, මේ ලැබිල තියන වටපිටාව මං හිතනව ඉතාම උචිතයි කියල. එමින් පවතින කරදර තියෙන්න පුළුවන්, ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. ගණං ගන්න එපා මොකකටවත්. කිසි දේකට ගණං ගන්න යන්න එපා. මේ ලෝකෙ තියන දේවල් කොහොමත් එහෙමයි. කොහෙත් එහෙමයි. මේ හැම එකකින්ම දෙයක් ඉගෙන ගන්න බලන්න. යමක් හදාරන්න බලන්න. හිතේ නිදහස හදා ගන්නෙ කොහොමද? කියන එක ඉගෙන ගන්න, මේ සිදුවෙන හැම කාරණාවක්ම තමන්ට අරමුණු වෙන, තමන්ට ගැටෙන, තමන්ට වැඩිපුර දැනෙන, හැම කාරණාවක්ම ඉගෙන ගන්න බලන්න. දාගන්න බලන්න. තමන්ගෙ පරීක්ෂණාගාරයටම උපයෝගි කර ගන්න විදිහේ මෙවලමක් බවට පත් කර ගන්න.
අන්න ඒකට කියන්නෙ සතිපට්ඨානය පුරුදු කරනව කියල. මොකද සිහියට අරමුණක් නෑනෙ. කමටහනකුත් නෑ මේකට. මුකුත් නොකර ඉන්නවා වෙන දේ තේරුම් ගන්නවා. එච්චරයි.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බේ. අපි අතහැරීම කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපෙක්ඛාව හෝ සත්ත්වයෝ හෝ අනික් අයව අතහරින්න ඕනෙයි කියල. ඒක නෙවෙයි. අපි කෙලෙස්නුයි අතහරින්න ඕන. මේ දේවල්වලට හැඟීම්බරතාවයෙන් අල්ලගෙන ඉන්න ස්වභාවයයි අත හරින්න ඕන. එහෙම වුනාට පස්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපෙක්ඛාවෙන් ලෝකයේ ජීවත් වෙන්න අපිට පුළුවන්කම තියනව. ඒක පුදුමාකාර සංතෝසයක්. පුදුමාකාර නිදහසක්. දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවයෙන් මේ ලෝකය සරසවන්න පුළුවන්. මේ ලෝකයට සංග්‍රහ කරන්න පුළුවන්. ඒක පුදුමාකාර නිදහසක්. පුදුමාකාර සංතෝසයක්.
ඒ දේ කරන්න අපිට පුළුවන්. අවස්ථාව තියනව.
ඉතින් ඔන්න ඔය කාරණා ඇති කර ගන්න අද දවසේ මේ කියල දෙන කාරණාවලුත් හේතු වාසනා උපකාර වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
සජීවී දහම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ඉතෝපරං සක්කච්චං ධම්මෝ වෝදපෝ තීතී"
අද දෙදහස් විසි දෙක අවුරුද්දේ වස් කාලයේ දෙවනි පෝය. අද සිල් සමාදන් වීමට පැමිණීම ගැන මම බොහොම සංතෝස වෙනව. වස් කාලය කියල කියන්නේ කවුරුත් බොහෝමයක් පින්කම් කර ගන්න (පින්කම් කියන වචනය තව දුරටත් විස්තර කලොත් බොහෝමයක් දෙනා මාර්ගඵල ලබා ගත්ත) කාලයක්. සංසාර ගමනෙන් නිදහස් වෙන්න මාර්ගය හොයා ගත්ත කාලයක් ඔය වස් කාලය කියල කියන්නෙ.
එතකොට මේ වස්කාලය තුලදී ඔය මාර්ග ඵල ලබා ගන්න නම්, ඒ ඇත්තො මොනව කරන්න ඇද්ද? අපි පොතපතේ අහල තියනවා හාමුදුරුවරු පන්සීයක් හිටියා, දාහක් හිටියා, උන් වහන්සේලා ගුරු හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. ගුරු හාමුදුරුවො මෙහෙම මාර්ගයක් කිවුවා, ඒ ඇත්තෝ අරහත් ඵලයට පත් වුනා කියල. අපේ පැත්තෙන් ගත්තහම අපි ඔය සූත්‍ර අහලත් තියනව, ඔය කතා අහලත් තියනව, වස් කාල ගොඩක් ගත වෙලත් තියනව, නමුත් අපිට තාම දුකත් තියනව.
එතකොට මේකෙ මොකක් හරි අපිට අහුවෙච්ච නැති පටලැවිල්ලක් තියෙන්න ඕන කියල මම හිතනව. මට තේරෙන හැටියට ඔය පටලැවිල්ල ගැන අද මම පොඩ්ඩක් කතා කරන්න කියල කල්පනා කරනව.
බුදුරජාණන් වහන්සේ පින්වතුනි, දේශනා කරන ධර්මයේ සාරාංශය අරගත්තොත් හරියට අපේ ඇඟිලි පහ වගේ තමයි ඒ කතාව. මේ ලෝකෙ තියන හැම එකක්ම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියන පහට දාන්න පුළුවන් කියල කියනව.
ලෝකෙ තියන ඕනෙම එකක් රූපයක් හැටියට අඹන්න පුළුවන්. යම්කිසි දෙයක් (ඒක රූපයක් ඒක නිකං සරලව ගනිමුකො) ඒක සතර මහා ධාතු කියල කියන පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදෙන්නත් පුළුවන්. ඒවා එකකින් හරි, ඒවා එකතු වෙලා හරි, මොනව හරි විදිහට හැදෙන්න පුළුවන්. කොහොම නමුත් රූපය කියල කියන්නෙ එක්කො අඳින්න පුළුවන් සිතුවමකට හරි, එහෙම නැත්නම් අඹන්න හරි පුළුවන් දෙයක්. මේ ලෝකෙ අපි ඇලෙන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරනවා ඔය කියන එකකට.
අපේ ඇහැ ගැටුනොත්, ඒකට මං කැමති නම් කැමති හැටියට ඇලෙනව. ඒකට මං අකමැති නම් අකමැති හැටියට ඇලෙනව. ඕක තමයි මේකෙ පින්වතුනි සරලම සිද්ධාන්තය. එදිනෙදා දෛනික ජීවිතේදි පවා ඕක තමයි සිද්ධ වෙන සාමාන්‍ය ස්වභාවය. දැන් වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියල කියන ඒ අනික් හතර ඒව හරියට ඔය කියන රූපය අපි තේරුම් ගන්න අල්ල ගන්න භාවිතා කරන ක්රමෝපායන් කියල කියන්න පුළුවන්.
එක්කො ඒක වින්දනය කරනවා,
"මේක තුල ගොරෝසු කමක් තියෙන්නෙ අප්පා. ආ..මේක නම් ගොරෝසු නෑ. මේකෙ බරක් චුට්ටක් තියනව. හා..මේක පොඩ්ඩක් සැහැල්ලුයි" ආන් ඒ විදියට.
එතකොට අපි ඒව වින්දනය කරනවා. ඒ වින්දනය කරන්නෙ අර බාහිර රූපය තමයි. ඒ රූපය වින්දනය කරන, ඒ රූපය ග්‍රහණය කරගන්න එක් පැත්තක් තමයි වේදනාව කියල කියන්නෙ.
සංඥාව කියල කියන්නෙ හඳුනා ගැනීමට. උදාහරණයක් හැටියට මෙහා පැත්තෙන් "බුහ්..බුහ්" ගාන සද්දයක් ඇහුනොත් එහෙම අපි දන්නව බල්ලෙක් බිරුව මේ පැත්තෙන්. සමහරක් වෙලාවට මේ පැත්ත ගැන අපේ තියන දැනීමත් එක්ක, අපිට චිත්ත රූප පවා මතු වෙන්න පුළුවන් අහවල් තැන ගලක් තියනවා. ඊට පල්ලෙහා ඉඳල මේ සතා බිරුවෙ. සංඥාව කියල කියන්නෙ හඳුනා ගැනීමක්. එතන රූපයක් නැහැ. අපිට දකින්න ඕන නැහැ. ඒ වුනාට අපි හඟිනවා මේක තමයි මේ තිබ්බෙ කියල. ඕකෙ වැඩේ තියෙන්නෙ මේ දේ දැක්කොත් තමයි අපි සංඥාව ගන්නෙ. මේ දේ නොදැක්කොත් ගන්න සංඥාවක් නැහැ.
මහණකමට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට ගොඩක් වෙලාවට තියන ප්‍රශ්නයක් මේක. උන් වහන්සේලා උන් වහන්සේලාගේ ජීවිතය තුල, සමහර ඇත්තෝ කාමය කියන කාරණාව සම්බන්ධයෙන් දන්නෙ නැහැ. මේ අවංකවම ඇත්ත කතාව කියන්නේ. උන් වහන්සේලා ඒ කාමය කියන එක, සාමාන්‍ය ලෝකයා කියන ඔය මෛථුන්‍ය සේවනය කියන දේ, ඕක ගැන දන්නෙ නෑ. අඩුම තරටම දැකලත් නෑ. පින්තූරෙකින්වත් බලපු නැති අය ඉන්නව මහණ වෙලා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි. පසුකාලීනව උන් වහන්සේලාට සිතිවිලි එන්න බලනව. සාමාන්‍යයිනෙ සිතිවිලි එන එක. මොනව හරි, කාමුක හරි මොනව හරි සිතුවිලි එනව. හැබැයි මේ ඇත්තො දන්නෙ නෑ ඒ සිතුවිලි මොකද්ද කියලවත්. ලොකු අවුල්වල වැටෙනවා අන්න ඒ කාරණාව හින්දා.
කොහොම නමුත් මම කියන්න යන්නේ සංඥාව කියන එක අපි ගන්නේ මේ රූපය කියන එක බලාපු හින්දයි. මේ සතර මහා ධාතූන්ට අයිති වෙන යම්කිසි දෙයක් දැකපු හින්දයි. බල්ල කියන සතාව අපි දැකල තියන හින්දා, ඌව අපේ ඇහැ ගැටිල තියන හින්දා, අපි එයාගෙ ස්වභාවය දන්න හින්ද, මේ වෙනකොට අපිට මතක තියන, අපේ මතකයේ තියන, උගේ හැඩය, උගේ පාට, සමහරක් විට උගේ සුවඳ, ඌව අතට අහු වෙන විදිහ, බල්ල දුවන්නෙ මෙහෙමයි, ඇවිදින්නෙ මෙහෙමයි, කතා කරන්නෙ මෙහෙමයි, කන්නෙ මෙහෙමයි, නිදා ගන්නෙ මෙහෙමයි ආදී වශයෙන්. ඕවා තමයි අපේ හිතේ තැන්පත් වෙලා තියෙන්නෙ.
සංඛාර කියල කියනවා අපි මේ ගොඩ ගහගෙන තියන අපේ ඔය කියන අදහස් සමූහයට. එතකොට ඒ සංඛාර ටික, ඒ අනං මනං මේ ඔක්කෝම ටික, තැන්පත් වෙලා තියන තැන තමයි විඥ්ඥාණය වෙන්නෙ. ඒක හන්ද ඒ විඥ්ඥාණය මහපටැඟිල්ලට සමාන කරන්නෙ. මහපටැඟිලලලෙන් මේ අනිත් ඇඟිලි ඔක්කෝම අල්ලන්න පුළුවන් වගේ, විඥ්ඥාණය වේදනාව, සංඥා, සංඛාර සහ රූප කියල කියන මේ හැම එකක් එක්කම සම්බන්ධකමක් කරන්න පුළුවන් කියල කියනව, මොකද මේ ගන්න හැම එකකම තැන්පත්භාවය තියෙන්නෙ විඥ්ඥාණයෙ කියල තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නෙ.
එතකොට බුදු හාමුදුරුවො ඒ කාලෙ ඔය කියන කාරණාව කීහම ඒ ඇත්තො දුකෙන් නිදහස් වෙන්න ඇත්තේ පින්වතුනි, ඒ ඇත්තො හඳනාගෙන තියෙන්න ඇති තමන්ගේ භාවනා ගමන තුල තමන් රූප අල්ලගන්න විදිහ. රූපවල නතරවෙන විදිහ. වේදනාවල් අල්ලගන්න විදිහ. වේදනාවල්වල නතර වෙන විදිහ. සංඥාවල් සහ සංඛාර සහ විඥ්ඥාණ කියල කියන මේ ටික. මේ දේවල්වල තමයි තමන් ගැට ගැහිල තියෙන්නේ කියන එක, තමන් භාවනාව තුලින් තමන්ගේ අධ්‍යනය තුලින්, ඒ ඇත්තෝ හදාරල ඇතියි කියල මං විශ්වාස කරනව.
එතකොට භාවනාව පැත්තෙන් අපිට කරන්න තියෙන කාරණේ, ඔය කියන දේ අපි ගාව කොච්චර තියනවද කියන එක හඳුනා ගන්න එක. ඕක තුලට කොච්චර ඇලිල තියනවද? වේදනාවල්වලට කොච්චර ඇලිල තියනවද? සංඥා, සංඛාර, විඥ්ඥාණ, කියන මේ දේවල්වලට කොච්චර නම් සම්බන්ධතාවයක් තියනවද කියන එකයි හොයාගන්න ඕන වෙන්නෙ.
ඒක කරගන්න දක්ෂ වුනා නම්, රූපය දකිනකොට අපි ඉගෙන ගනීවි මම මේ රූපය දකින්නේ අල්ලාගැනීමක් එක්කද? එහෙම නැතිනම් පහවීමක් එක්කද? එහෙම නැති නම් අවබෝධයෙන්ම කළකිරිලා ඒ රූපය තුල බලන්න ඕන ඒ ඇලීමකුත් නැති ගැටීමකුත් නැති ස්වභාවයෙන්ද මේක බලන්නේ? කියල අපි ඉගෙන ගනීවි.
බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි, එක් ගුණයක් තිබ්බ 'අරහං' කියල. අරහං කියන ගුණයේ තේරුම තමයි උන් වහන්සේ ඇහැට රූප දැකල ඇලුනෙත් නැහැ ගැටුනෙත් නැහැ. ඕක සාමාන්‍යයෙන් අර බුද්ධ වන්දනාවෙදි නම් කියනව, මොකද්ද කියන්නෙ?
"මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක.(එකයි) නොගැටුන සේක.(දෙකයි) මුලා නොවුන සේක.(තුනයි) ආශාව දුරු කළ සේක. (හතරයි)"
එතකොට මේ කියන හපන්කම බුදු හාමුදුරුවො කරපු හින්ද තමයි තාත්තේ, උන් වහන්සේ දුකක් නැතුව ඉන්නෙ. එතතොට අපිට ඉගෙන ගන්න තියන කතාව වෙන්නේ, ඇහැට රූපය දකිනකොට ඇලෙන්නෙ මොනවටද? ඇහැට රූපය දකිනකොට ගැටෙන්නෙ මොනවටද? කනට සද්දෙ අහනකොට ඇලෙන්නෙ මොනවටද? ගැටෙන්නෙ මොනවටද? ආශාව ඇති කර ගන්නෙ මොනවටද? දුක හදා ගන්නෙ මොනවටද? දුකක් නැතුව භාවිතා කරන්න, පාලනය කරන්න ඉගෙන ගන්නෙ මොනවද?
මෙන්න මේ ටික තමයි ඉගෙන ගන්න ඕන. මෙන්න මේ ටික තමයි හදාරන්න ඕන වෙන්නෙ. භාවනා කරනව කියල අපි ඇත්තටම කරන්නෙ ඔන්න ඕකයි. 'ආනාපානෙ බලනවා' කියන එක තමයි අපි හිතන හැටියට අපේ භාවනාවෙ අරමුණ. ඒ වුනාට අපි ඇත්තටම කරන්නේ, ඒ ආනාපානය දකිනකොට මම ඔය ආනාපානයට කැමතිද? මැලි වෙනවද? අකමැතිද? ඒ ආනාපානය හින්දා මට සංතෝෂයක් එනවද? මාව දුකකට අරගෙන යනවද? ඒ ආනාපානය මට මගේ හිත තැන්පත් කරවන්න හේතු කරවනවද? හිත විපිළිසර කරවන්න, නැත්නම් හිත කඩාගෙන වැටෙන්න හේතු කරවනවද? මෙන්න මේව තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ. එහෙම ඉගෙන ගත්තට පස්සෙ අපිට බුද්ධිමත් මනසක් එනව. ධර්මයේ සරණ යන කෙනා, ධර්මයේ පිළිසරණ ගන්න කෙනාට කියනව ඥාණවන්තය කියල.
"පඤ්ඤාවංතස්සායං ධම්මෝ
නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස"
කියලයි කියන්නෙ. මේ ධර්මය ඥාණවන්තයන්ට තියෙන්නෙ. ඒකෙ තේරුම ඥාණවන්තයව හදනව. ඥාණවන්තයෙක්ව දහම තුලින් හදනව. ඒ හදන හැදිල්ල තමයි පින්වතුනි, භාවනාව තුලින් අපි ඉගෙන ගන්න බලන්නෙ. අපි වෙන මොනවත්ම නෙවෙයි ඉගෙන ගන්නෙ, ඔය කියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියන පහම තමයි ඉගෙන ගන්නෙ. වෙන මොකක්වත් මේක අස්සෙ නැහැ.
හැබැයි ඒක ඉගෙන ගන්න අපි විවිධාකාර ක්රමෝපායන් පාවිච්චි කරනව. එතකොට මේ වස් කාලය තුලදි ඒ ඇත්තෝ ඒ විදියට ප්‍රතිපත්ති පූර්ණය කරා නම්, කරල තියන ප්‍රතිපත්තිය වෙන්නේ ඇහැට රූප දකින්න ඇති. කනට සද්ද අහන්න ඇති. නාසයට ගඳ සුවඳ, දිවට රසය වගේම කතාබහ වුනත් කරන්න ඇති. වැඩකටයුතු වගේම හිතන්නත් ඇති. හැබැයි කාලයෙන් කාලයට ඒ ඇත්තෝ හොඳට අධ්‍යනය කරන්න ඇති, ඇහැට රූප දකිනකොට ඇලෙනවද? ගැටෙනවද? කනට සද්දෙ අහනකොට ඇලෙනවද? ගැටෙනවද? අන්න ඒ ආකාරයෙන් ඉන්ද්‍රියන් ටික හසුරුවන ආකාරයයි ඉගෙන ගත්තෙ.
එතකොට භාවනාව හැටියට අපිට කරන්න තියෙන්නෙ මේ ටික තමයි. හැබැයි ඒක අපිට කර ගන්න බැරි වුනා කියන්නකො. මැරෙන මොහොතක් ආව කියන්නකො. ඇහැට රූපය දකිනකොට ඇලුනොත් මොකද වෙන්නෙ මා පුතා? ඒකට අනුව වැඩේ වෙනව. ඇහැට රූපය දකිනකොට ගැටුනොත්? ඒකට අනුව වැඩේ වෙනව. කනට සද්දය අහනකොට ඇලුනොත්? ඒකට අනුව ඊළඟ ජීවිතේ තීරණය වෙනව. කනට සද්දය අහනකොට ගැටුනොත්? ඒකට අනුව ඒ ජීවිතේ තීරණය වෙනව. ඒ වගේමයි නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට ස්පර්ශය (විශේෂයෙන්ම වේදනාව, අපි කියනවනෙ වේදනාවක් ගැන) සහ හිතට එන අරමුණු.
මේ ටික අපි හදාගෙන තිබුනේ නැතිනම්, එහෙනම් අපි දන්නවා ඊළඟට අපි කොහාටද යන්නෙ කියල. අපි දැනගෙනමයි යන්නෙ. ඒක මේ ජීවිතේ තුල අපි පුරුදු කරන දෙයක්. මේ ජීවිතේ තුල අපි හිතාමතාම පුරුදු කරන විදියක් ඒක.
"මේක මට ඕනෙ...මේක මට ඕනෙ...මේක මට එපා...මේක මට ඕනෙ...ඕක තියපන්කො...මේක නම් මට එපාමයි."
ඒ හැටියට අපිම තමයි මේව බෙදල, කිරල, මැනල, අපේ හිතට මේ කියන ආරෝපණය දීල තියෙන්නෙ. ඕක ඉගෙන ගන්න තියන කාලෙ, මැරෙනකං තමයි. ඉන් එහාට අපි ඇත්තටම දන්නෙ නෑ මේ වගේ දහමක් අපිට හම්බ වෙයිද? මොට්ටක්කිලි තියන තැනක ඉපදෙයිද? එහෙම කියන්න කවුරුවත්ම දන්නෙ නෑ.
ඊටත් එහා මනුස්ස චින්තනය තුල එක මොහොතකදි පින්වතුනි, අපිට ඕන නම් හිතන්න පුළුවන් නේද දෙවි කෙනෙක් හැටියට? මොකද කියන්නෙ තිරිසනෙක් හැටියට හිතන්න බැරිද? ඒත් පුළුවන්. දේවල්වලට ලෝභකම හදාගෙන ඒකටම ඇලිච්ච, ඒකම ඕන කියන (අපි ඕකට සාමාන්‍ය භාෂාවෙන් කියනව පෙරේතකම් කරනව කියල) ඒ විදියට හිතන්න බැරිද?
මේ එක හිතක්, එක ක්ෂණයක් තුලදී මේක වෙනස් වෙනව. එක තත්පරයක් තුලදි කරුණාවෙන්, මෛත්‍රියෙන් කතා කරන අපි හෝ ලෝකයා, ඊළඟ ක්ෂණයේදී යකා නැඟල (මල පැනල සාමාන්‍ය භාෂාවෙන් කියනව නම්) කෝපාවිෂ්ට වෙලා, නිරිසතෙක් වගේ වැඩ කරන්නත් පුළුවන්. මේ එක තත්පරෙන් වෙන්නෙ. එක තත්පරෙන් වෙන්නෙ. අපේ හිත නම්මගෙන තියාගන්න ඕන, ඒ හැම වෙලාවකදීම ඒ දේවල්වලට ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැති හිතක් හදාගෙන තියා ගන්න.
මේක බෝධි පූජාවට කරන්න බැරි විත්තිය දැන් තේරෙනවනෙ. ඒක කරන්න බෑනෙ කාටවත්. වෙන කාටවත් කරන්නත් බෑ. අඩුම ගානෙ බුදු හාමුදුරුවන්ටත් බෑ. අප විසින් අපම කර ගන්න ඕන දෙයක්. මේ පුහුණුව කියන එක තමන්ගෙ ජීවිතේට පමුණුවාගෙන, මේක තමන් තුලින් අවබෝධ කරගත්තට පස්සේ එයාට ආයෙ ප්‍රශ්ණයක් නෑ, නිදාගත්තත් එකයි නැඟිටල හිටියත් එකයි. මොකද එයාට තේරෙනවා එයාට කරන්න පුළුවන් ප්‍රමාණය සහ එයාට යන්න පුළුවන් මට්ටම ගැන. එයා දන්න ප්‍රමාණය ගැන.
මේකෙ කතාවක් නෑ තාත්තේ, තමන්ට මේ දේ පුළුවන්, මේ දේ බැහැ කියන දේ නෙවෙයි මේ කතාව. තමන්ට තරහ යනවද? නැද්ද? අලෙනවද? නැද්ද? කියන එක හඳුනාගැනීම විතරයි මේක තුල තියන කතාව. ඕක පවත්වාගන්න අමාරුයි නම්, එතකොට ඒකට හේතුව වෙන්නේ අපි තවත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
උදාහරණයක් හැටියට භාවනාවට වාඩි වුනා කියන්නකො. ආනාපානෙ දැක්ක කියන්නකො. මම කැමතියි ආනාපානෙ බලාගෙන ඉන්න. හැබැයි ඒක වෙන්නෙ නෑ. ඊළඟ වතාවකදි තව මොකක් හරි අරමුණක් මතු වෙනවා. මට පවත්වාගන්න අමාරු වෙන්නේ සිහිය නෙවෙයි. මගේ උවමනාව. මගේ උවමනාව මොකද්ද? 'ආනාපානයම විතරක් බලනවා' කියන එක. ඔන්න ඕකයි අමාරු වෙන්නෙ.
නමුත් මට සිහිය පවත්වන්න පුළුවන්. සිහිය ස්වාභාවික විදියටම පැවතිලත් තියනවා. ඒක තමයි භාවනා කර කර ඉන්නකොට ආනාපානය පේනවා. ඊළඟ වතාවෙදි වේදනාව දැනෙනවා, ආනාපානය නෑ. මට එපා වෙනවා, මොකද ආනාපානය දැනෙන්නෙ නැති හින්ද. නමුත් සතිපට්ඨානය කියල කියන බුදු හාමුදුරුවෝ අපි ගාවට ඇවිල්ල තියනව, උන් වහන්සේ අපිට පෙන්නනව, වේදනාව තේරෙනව. මං මගෙ හිත හදාගෙන තිබ්බ නම්,
"ආනාපානය තිබිච්චාවයි, දැන් දැනෙන්නෙ මේ දේ නම්, මං ඒ දේත් එක්ක ඉන්නව"
කියලා ඔන්න ඕකටයි කියන්නෙ වර්තමාන මොහොත. අපි ඇත්තම කියනව නම් මේක තුල පැවතිල ඉන්නව. හැබැයි ඒ පැවතෙන ස්වභාවයට මනාප නෑ. ඒ කියන්නෙ සද්දයක් ඇහෙනව භාවනා කර කර ඉද්දී. මම ආනාපානෙ කර කර ඉන්නේ.
"මට මේක හරි යන්නෙ නෑ. මොකද මට ඕනෙ නෑ ඒක."
ඒ වුනාට ඒ වෙලාවෙදි මතු වෙන්න පුළුවන් දේ මතු වෙලා තියනව. සිහියට අල්ලන්න පුළුවන් දේ අල්ලල තියනව. මට කරන්න ඕන වෙන දෙයක්. බුදු හාමුදුරුවො කියන හැටියට සිහිය අල්ලපු දේ "හා" කියල භාර ගන්නව. ඕකට කියනව 'සාදර වෙනව' කියල. නමුත් අපි හැමදාම බලාපොරොත්තු වෙන ස්වභාවය තුල තියෙන්නෙ එකක් තුලම ඉන්න.
උදාහරණයක් හැටියට කන්න කැමති නම් ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් රයිස්ම කන්න කැමතියි අපි හැමදාම. ඒ වුනාට කන්න බෑ. ටික දවසකට පස්සෙ හරි අපිට හිතෙනව වෙන මොනව හරි වෙනසක් කරන්න ඕනෙයි කියල. මේ හිතේ ස්වභාවය ඒක. ඒකයි මේක හිත අධ්‍යනය කිරීමක් කියල කියන්නෙ.
අපි ඉගෙන ගන්න බලන්නෙ මේ ලෝකෙ ගැන. බුදු හාමුදුරුවො දේශනා කරනවනෙ, "ලෝකයෙ අවසානයට යන්නත් බෑ, නොයත් බෑ" යි කියල මේක අවබෝධ කරන්න. ලෝකය කියල උන් වහන්සේ කියන්නෙ මේ ශරීර කූඩුව අස්සෙ තමයි.
එතකොට අපිට මේ අහුවෙලා තියන සතිපට්ඨානය කියන එක තුල, එක එක ස්ථර තියනවා. මං පිළිගන්නවා කමටහන් හැටියට ස්වාමීන් වහන්සේලා ඔය සමසතළිස් කියල එහෙමත් ලොකුවට පොත් එහෙමත් ලියල තියනවා, මං පිළිගන්නවා. ඒව හරියටම හරි. හැබැයි ඒක තමයි සතිපට්ඨානයේ මුල. නමුත් සතිපට්ඨානයෙ ගැඹුරාර්ථයට යනකොට ඒකෙ තියනවා,
"පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති." කියල.
මේ එන හැම එකක්ම මූලිකව අපි ගන්නවා (හැම එකක්ම කියන්න කලින්, මූලිකව අපි ගන්නවා) මේක ආනාපානයක්, මේක අසුභයක්, මේක ධාතු මනසිකාරයක්, මේක මරණ සතියක්, මේක නවසීවථිකයක්, මේක වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක්, ඔහොම ඔහොම කියල. එතකොට බුදු හාමුදුරුවො ඒ ඔක්කෝම කියල එක තැනක කියනවා, මේ හැම එකක්ම තියෙන්නෙ සිහිය පිහිටුවා ගන්න විතරයි.
ඒ කියන ස්ථරයට එනකොට, ඒ කියන මට්ටමට එනකොට, අර කියන ආනාපානය හෝ ධාතු මනසිකාරය, නවසීවථිකය, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ඔක්කෝම එකක් විතරයි. ඉන් මෙහා තමයි මේව අපි වෙනස් කරල දාන්නෙ.
ඒක හරියට බෑග් එකකට පොත් දාන්න කලියෙන්, මේවා කොටු රූල්, මේවා තනි රූල්, මේවා චිත්‍ර පොත්, පැන්සල්, පෑන්, තව මොනවද කවකටු පෙට්ටි, ඔය අනං මනං ඔක්කෝම ටික තියනව. නමුත් මේ ටික ඔක්කොම එකතු කරල අරකට එකට දැම්මට පස්සෙ 'පොත් බෑග් එක.' ඉන්ජින් එකක් විදියට ගලවල ගත්තොත් ඒ මාතෘකාව, ඕකෙ තියනවා නට් තියනවා, වොෂර් තියනවා, වීල් තියනවා, චේන් තියනවා, ඊළඟට ඔයිල් තියනවා, කෑලි තියනවා, අනං මනං ඔක්කෝම තියනව. ගලවල ගත්තට පස්සෙ මස් කඩේ වගේ. නමුත් මේ ටික ඔක්කෝම එකතු කරල ගත්තට පස්සෙ ඕකට කියනව 'ඉන්ජින් එක' කියල.
බුදු හාමුදුරුවො දේශනා කරන්නේ අන්න ඒ වගේ ස්වභාවයක් ගැන. සතිපට්ඨානයෙ ගැඹුරාර්ථය තුල තියන කමටහන තමයි, 'මොකක්වත් නොකර ඉන්නවා' කියන එක. එතකොට මේක තුල තියන ගැඹුරාර්ථයේ, 'නොකර ඉන්නවා' කියන ඒකේ තේරුම තමා යම්කිසි ඕනෑම දෙයක් දැක්කට, ඇහුනට, දැනුනට, දැන ගත්තට, ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මුලා වෙන්නෙත් නෑ, ආශාව ඇති කර ගන්නෙත් නෑ. තමන් ඒ තමන්ගේ ස්වභාවය තුල ඉන්නව. හැබැයි ඒ දේ හඳුනගෙන.
එතකොට ජීවිතේ පවත්වන්නෙ ඒ දේ හින්ද තමයි. ජීවිතේ පවත්වනව කියල කියන්නෙ වර්තමානය සරි කරගන්න, වර්තමානය තුල රැඳිල ඉන්නෙ, ඒ සද්දෙ ඇහෙන හින්ද තමයි. නමුත් ඒකට ඇලිල නෙවෙයි. 'දැක්කොත් දැක්කා පමණයි'. ඔන්න ඕකයි මේක තුල තියන අවසානම තැන. ඒ කියන තැනට යන විදිහයි මේ සතිපට්ඨානය තුලින් මේ සකස් කරගෙන යන්නෙ.
එතකොට ඔය කියන දැක්කොත් දැක්කා පමණයි, ඇහුනොත් ඇහුනා පමණයි, දැනගත්තොත් දැන ගත්තා පමණයි, කියන මේක අපිට ඕන එක විතරක් නෙවෙයිනෙ දකින්නෙ. ඒක එක වෙලාවකට දකිනවා, දකිනවා, දකිනවා, කියන මේක විතරක් නෙවෙයිනෙ සිද්ධ වෙන්නෙ. නමුත් අපි හිත හදාගෙන තියනවා නම් දැක්කොත් දැක්කා, ඇහුනොත් ඇහුනා, දැනගත්තොත් දැන ගත්තා කියලා, ඕන එකක් දැකපුවාවයි, ඕන එකක් ඇහිච්චාවයි, ඕන එකක් දැනිච්චාවයි.
එහෙම වුනොත් විතරයි අපි එදත් නැත්තේ, හෙටත් නැත්තේ, ඇත්තම කියනව නම් මෙතන විතරයි. මේ හරියෙත් ගිලෙන්නත් ඕන නෑ අපිට. මෙතනත් නෑ ඇත්තම කිවුවොත්. ඒ හිත හරි වෙනස්. එයාට උවමනාවල් නැහැ. අරඇඳිලි නැහැ එයාට ක්‍රියාත්මක කරන්න.
දැන් මෙහෙම කිවුවහම තේරෙන්න පුළුවන් හාමුදුරුවනේ හරි වැඩේනෙ එතකොට ජීවත් වෙන්නෙ කොහොමද? කියල. නමුත් ජීවත් වෙන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව එක්ක. බුදු හාමුදුරුවො දේශනා කරල තියනව, ඒ අනුසාරයෙන් ජීවත් වෙන එක ලොකු සහනයක් කියල. මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ඛාවෙන්, කතාබහ කරනව, වැඩකටයුතු කරනව, හිතනව.
ලෝභයත් එක්ක ජීවත් වෙනකොට එහෙනම් කරන්නෙ කොහොමද? කියල කිවුවොත් එහෙම, දානය, ප්‍රියවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය. මේවගෙන් ලෝකයත් එක්ක සැරිසරන්නෙ. එහෙම වෙනකොට අපේ ජීවිතේ අර කියන විදිහේ සතිපට්ඨාන පූර්වගත වෙන්න පටන් ගන්නව. සතිපට්ඨානයට අනුසාර වෙච්ච හිතක් හැදෙන්න පටන් ගන්නව.
ඒ හිත හරි නිශ්චලයි. ඒ හිත ක්‍රියාත්මක වෙන වෙලාවෙදි, ක්‍රියාත්මක වෙන බව දැන ගන්නව. ක්‍රියාත්මක නොවෙන වෙලාවෙදී, ක්‍රියාත්මක නොවෙන බව දැන ගන්නව. ඔච්චරයි මේක තුල තියන රහස. ඔච්චරයි. ඔච්චරයි මේක තුල තියන එකම එක ක්‍රියාවලිය හෝ ක්‍රියාදාමය.
අපි එතකොට භාවනාව තුලින් හදාරන්නෙ අපේ හිත ක්‍රියාත්මක වෙන්නෙ මොන වෙලාවෙද? ක්‍රියාත්මක නොවෙන්නෙ මොන වෙලාවෙද? ඕක තමයි මේක තුල තියන ගැඹුරාර්ථය. ඊට කලියෙන් තමා අපි මේ ආනාපානයක් හොයලා හිත තැන්පත් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිත එක අරමුණක මොහොතක් තියාගෙන ඉන්න පුළුවන්ද? කියල ඉගෙනගන්නෙ. කොච්චර වෙලාවක්ද තියාගෙන ඉන්නෙ? කියල ඉගෙන ගන්නෙ.
එතකොටම තමයි, ඒ හරියෙ ඉඳලම තමයි, අපේ හිත පනින්න පටන් ගන්නෙ. ඒ පනින එකත් එක්කම තමා අපි ඉගෙන ගන්නෙ සතිපට්ඨානය කියන එකේ රහස, නැත්නම් රසය මොකද්ද කියල.
මේ හිත එක තැනක තියාගෙන ඉන්න බෑ. ඕක තමයි ඉගෙන ගන්න පළවෙනිම පාඩම භාවනා තුලදී. මේ හිත් දුවනවාමයි.
"දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං"
කියල කියන බුදු බණ පදය අපි අපේ අත්දැකීමක් හැටියට විඳගන්න පටන් ගන්නව. අපේ අත්දැකීමක් හැටියට අපි දැන ගන්න, දැන ගන්න පටන්ගන්නව භාවනාව තුලදි. හැබැයි අපි ඒකට කැමති නැහැ. අන්න ඒකයි සිද්ධිය තියෙන්නෙ. නමුත් තේරිලා තියෙන්නෙ බුදු හාමුදුරුවොන්ගෙ බුදු නුවණට තේරිච්ච දේ. අපිට මේ තේරෙන්න පටන් අරන් තියෙන්නෙ.
'එක තැනක තියාගන්න බෑ හිත.'
ඉතින් මේක තමයි ඥාණය කියල කියන්නෙ. හැබැයි ඒක අපි බලාපොරොත්තු වෙන ඥාණය නෙවෙයි. ඕකයි මේක තුල තියන ප්‍රශ්ණය. අපි බලාපොරොත්තු වෙන ඥාණය තුල තියෙන්නෙ මොකද්ද?
"ආනාපානයෙන් පැයක් මම භාවනා කරන්නෙ පැයම තේරෙන්න ඉන්න ඕන."
මේ සතිපට්ඨානයේ උගන්වන ක්‍රමය තුල තියෙන්නේ, සිද්ධ වෙන දේ මොකද්ද? හොඳ හෝ වේවා, නරක හෝ වේවා, ඒ දේ සාදරයෙන් භාර ගන්න. එතකොට භාවනාවෙ වෙන්නෙ මොකද්ද? අපි ඇලෙන්නෙ මොනවටද? ගැටෙන්නෙ මොනවටද? කියල හඳුනාගෙන, ඊළඟ වතාවේදී ඒ දේවල්වලට මුහුණ පාන්න අපිව කිට්ටු වෙනකොට, අපේ හිතට මතක් කරල දෙනව චුට්ට චුට්ට,
"ඔය දේට ඊට කලින් නම් මම ඇලුන. ඊට කලින් නම් ඔය දේට මම ගැටුන."
ඒකයි ධර්මය පිළිසරණ කරගෙන යනවා කියල කියන්නෙ මට තේරෙන හැටියට. එහෙම වුනහම ඕක අහුවෙන තැන තමයි අර 'කමටහන් වාර්තාව' කියන එක. ආපස්සට මතක් කරන එක. මං මේ දේවල්වලට කොහොමද මුහුණ දුන්නෙ? මේ දේවල් එක්ක මම වැඩකටයුතු කලේ කොහොමද? ඒ දේවල්වලට මම දක්වපු ප්‍රතිචාරය මොකද්ද? කියලා මතක් කරන එකයි කමටහන් වාර්තාව කියල කිවුවෙ.
ඒ කමටහන් වාර්තාවෙන් එළියට ආපු ඒ මතකයත් එක්ක අපි ඊළඟ වතාවෙදි භාවනාවට යනකොට, අර වගේ සද්දයක් ඇහෙද්දි, ඊට කලින් ඇලුන නම්, හිත මතක් කරල දෙයි, "කලින් පාර ඒකට ඇලුන ඔයා." මේක අභ්‍යන්තර කතාවක් වෙන්න පුළුවන් මුලදී. කාරි නෑ වෙච්චාවයි. පස්සෙදි අපිට ඒක අයින් කරන්න වෙලාවක් එයි.
එතකොට භාවනාවෙන් ඇත්තටම අපි කරන්නේ හැමදේකටම සාදර වෙලා, මොහොතක් සාමයෙන් ඉන්න එක. ඒ තියන ඕනෑම දෙයක් එක්ක ඒකට "හා" ඒ කියන්නෙ, දාඩිය දැම්මා වුනත්, නින්ද ගියා වුනත්, නැඟිට්ට වුනා වුනත්, ආනාපානය දැනුනා වුනත්, නැතා වුනත්, වේදනාව දැනුනා වුනත්, වේදනාව ගියා වුනත්, හිතට මොනව හරි අරමුණු පහළ වුනා වුනත්, මේ තමයි අනිත්‍යය හරි මේ තමයි දුක හරි මොනවා හරි මතක් වුනා වුනත් කාරි නෑ. මට රහත්භාවය ලැබුනා කියල හිතුනා වුනත්, ඒත් කාරි නෑ.
ඒ හැම එකකටම තියෙන්න දීල, හැබැයි ඒ හැම එකක්ම ආපු විත්තිය, හිටපු විත්තිය, ගිය විත්තිය, තමන්ට දැනිච්ච ඒ කාරණාව එහෙම මොකක් හරි එකක් සනිටුහන් කරගෙන ඉන්න පුළුවන් නම්, අපි ඒ මොහොතෙ සාමයෙන් නේද? ඔච්චරයි මේක තුල ඉගෙන ගන්න තියෙන්නෙ.
ඔච්චරයි මේක තුල ඉගෙන ගන්න තියෙන්නෙ.
අන්න එයාට කියනව සතිපට්ඨානය වඩන කෙනා කියල. මේ කරල තියන දේවල් ටික ආපස්සට මතක් කරල බැලුවොත් එහෙම අර සූත්‍රයෙ තියන, කොහේ කොහේ කොහේ කොහේ හරි තැනවලට වැටෙයි. අපිට දැන් ඕනකම තියෙන්නේ, අපි ඉස්සෙල්ල සූත්‍රය ඉගෙනගෙන, කටපාඩම් කරගෙන, මේකෙ තියන එක, දෙක, තුන, හතර, ආදී වශයෙන් පේන ටිකට දාන්න ඕන. ඕකයි කරන්න බැරි.
හිත වැඩ කරන එක්තරා වැඩපිළිවෙලක් තියෙනව. ඒ වැඩපිළිවෙල හඳුනාගෙන ඒකට "හා" වුනා නම්, ආපස්සට මතක් කරල බලනකොට තේරෙනවා, ඉඳල තියෙන්නෙ සතිපට්ඨානයෙ තමයි. බුදු හාමුදුරුවො දේශනා කරනවා උදාහරණයක් හැටියට ගත්තොත්,
ථිනමිද්ධය එනව නම් එන බව දැන ගන්න. මේ සතිපට්ඨානය. ථිනමිද්ධය තියනව නම්, නිදිමත තියනව නම්, තියන බව දැන ගන්න. මේකත් සතිපට්ඨානය. නිදිමත නැත්නම් නැති බවත් දැනගන්න. මේකත් සතිපට්ඨානය.
වේදනාව එනව නම් එන බව දැනගන්න. මේ සතිපට්ඨානය. වේදනාව තියනව නම් තියන බව දැන ගන්න. මේ සතිපට්ඨානය. වේදනාව නැත්නම් නැති බව දැන ගන්න. මේ සතිපට්ඨානය.
ආනාපානය දැනෙනව නම් දැනෙන බව දැනගන්න. මේ සතිපට්ඨානය. ආනාපානය දැනෙන්නෙ නැති නම්, නැති බව දැන ගන්න. මේකත් සතිපට්ඨානය.
ඉතින් ඔය කියන දේවල් ඕකකොම අපිට වෙනවනෙ. සිතිවිලි එනව නම්, එන බව දැනගන්න. සරාග සිතිවිලි, සදෝස සිතිවිලි, කියල තවදුරටත් කියනව කඩල කරල. අපි දැන ගන්න ඕන මට රාග සිතුවිල්ලක් එනව දැන්. මට රාග සිතුවිල්ලක් ආව. ඒකත් සතිපට්ඨානය. රාග සිතුවිල්ලක මම මේ හිත හිතා ඉන්නව. ද්වේශ සිතුවිල්ලක හිත හිතා ඉන්නව. ඒක මම දන්නව. ඒකත් සතිපට්ඨානය. හැබැයි ඉස්සෙල්ල තිබිච්ච රාග සිතුවිල්ල දැන් නම් නෑ. ඒ ඉන්නෙ සතිපට්ඨානයෙම තමයි.
හැබැයි මට ඕන සතිපට්ඨානය ඕක නෙවෙයි. අන්න ඒකයි සිද්ධිය.
මේ තියන හැම එකක්ම හඳුනාගෙන, ඒ දේ අනුමත කරලා, ඒ දේ බැහැර කරන්න කල්පනා කරන්නේ සිතන්නේ සැලසුම් කරන්නේ නැතුව, තියන දෙයත් එක්ක මේ මොහොතේ සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එකයි භාවනාව වෙන්නෙ. සතිපට්ඨානය වෙන්නෙ. අන්න එයාටයි කියන්නේ මොනවත් කරන්නෙ නැහැ, වෙන දේ බලාගෙන ඉන්නවා කියල.
අන්න එයාටයි මම කියන්නේ 'අපක්ෂපාතී නිරීක්ෂකයා' කියල.
ඒ කෙනා පක්ෂපාතීත්වයක් දක්වන්නෙ නෑ කිසිම කිසි දේකට. හුදෙක් බලාගෙන ඉන්නව පමණයි. මුලින්ම අපිට කරන්න තියෙන්නේ ඒ දේට එන්න දෙන එක තමයි. තියෙන්න දෙන එක තමයි. මතු වෙන්නෙ වේදනාව නම්, "හා හොඳයි." මතු වෙන්නෙ සද්දෙ නම්, "හා ඒක හොඳයි." තව මොකක් හරි එකක් නම්, සිතුවිල්ලක් නම්, "හ්ම්..ආ..ඒකත් කමක් නෑ." එච්චරයි. මතුවෙන්නෙ නින්ද නම්, "හා..ඒත් කමක් නෑ."
ඕන කෙනෙකුට නින්ද යන්නෙ පළවෙනියෙන්ම. නින්ද ගැන ඉගෙන ගන්න වෙන්නෙ නින්ද යන වෙලාවටම තමයි. පොත් දාහක් කියෙව්වත් ඒක වෙන්නෙ කොහොමද කියල අපිට හඳුනාගන්න බෑ. රාගය කියන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ, රාගය දිහා බලාගෙන හිටියම තමයි. ඒක පළවෙනියෙන්ම එන්නෙ කොහාටද? මං නම් හොයන්නෙ ඕව තමයි. නින්ද යනව කිව්වහම කොහාටද නින්ද යන්නෙ පළවෙනියෙන්ම? අතද, කකුලද, බඩද, ඔළුවද, පපුවද ඇඟේ තියන කෑලිනෙ එව්ව. කොහේටද නින්ද යන්නෙ? කියල. මොකද්ද වෙන්නෙ? මොකක්ද මේක තුල තියන සංසිද්ධිය? කියල.
බුදු හාමුදුරුවො අපිට දේශනා කරන්නෙ ථිනමිද්ධය කියන දේට ආලෝක සංඥාව ඇති කරගන්න කියල. ආලෝක සංඥාව කියල කියන්නෙ ඒක ආලෝකමත් විදියට දකින්න කියලයි. අපි ඇත්තටම ඕකට ඉංග්‍රීසියෙන් කියනව drowsy කියල. වැහිල යනව වගේ අදහසක් තියෙන්නෙ මං හිතන්නෙ. එතකොට සාමාන්‍යයෙන් නින්දකදි වෙන්නෙ ඔක්කොම ටික නිකං blur වෙනව එක්කො. බොඳ වෙලා යනව නැත්නම් අඳුරු වෙලා යනව. මොකද කියන්නේ නින්ද යන්නෙ කොහාටද කියල බැලුව නම්? ඒ අඳුරුතාවයට වඩා හොඳ ආලෝකමත්භාවයක් ඒක.
පළවෙනියෙන්ම මං නිදාගන්නෙ කොහෙන්ද? කියල බැලුවොත්. අන්න එතනම තමයි නින්දෙන් ගොඩ යන්න තියන අවස්ථාව. හරියටම හරි බුදුහාමුදුරුවො කියල තියෙන සූත්‍රය. නිදිමතට ආලෝක සංඥාව භාවිතා කරන්න කියල කියල තියන එක හරියටම හරි. අපේ ඇත්තො මොකද කරන්නෙ? අහසෙ තරු ගණන් කරනව. එළි දිහා බලනව. වැරදි නැහැ ඉතින්. තේරෙන ආලෝක සංඥාව ඕකනෙ.
එතකොට මේ සතිපට්ඨානය කියල කියන්නෙ ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේමයි. වෙනසකට තියෙන්නෙ 'හඳුනා ගත්ත' සාමාන්‍ය ජීවිතේ. බුදු හාමුදුරුවො දේශනා කරනව සම්පජන්‍යය පබ්බයෙ
"උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති" කියල.
වැසිකිලි කැසිකිලි කරද්දී පවා භාවනාවක් කරන්න පුළුවන් කියල කියනව. අපේ ඇත්තන්ට ඕක කිවුවනම් එහෙම මොකක් කියයිද කියන්නකො. "හාමුදුරුවනේ මොනවද මේ කියන්නෙ" කියල අහයි. නමුත් ඒක තමයි ඒ වෙලාව තුල කරන ක්‍රියාව. ඇයි අපිට බැරි ඔය කියන සිහියෙන් ඉන්න. අපි අපේ ශරීරයට කොයි තරම් නම් නිදහසක් දෙන වෙලාවක්ද? කොයි තරම් නම් අතහැරීමක් දෙන වෙලාවක්ද? කොයි තරම් සැහැල්ලුවක් දෙන වෙලාවක්ද? ඒ සැහැල්ලුව බුක්ති විඳින්න බැරිද අපිට? අන්න ඒ සැහැල්ලුව බුක්ති විඳින එකයි බුදු හාමුදුරුවො උගන්වන්නෙ, සැනසීමෙන්.
එතකොට අපි වචනයක් කතා කලා වුනත්, ඒ වචනය කතා කරන්නෙ විඳගෙන ඒ වචනයට. ඒ වචනය වින්දනය කරමින් කතා කරන්නෙ.
උදාහරණයක් හැටියට ඊයෙ මට මේ වැඩේ වුනේ. හරි තිබහක් තිබ්බ. පස්සේ අර හාමුරුවොත් කිවුව ගිලන්පස වගයක් තියනව. කෝප්පෙට දා ගත්ත. බීගෙන බීගෙන ගියා. උගුරු තුනක් විතර එක දිගට බිව්වා. පිපාසෙ සංසිඳෙනවා. නමුත් දැන ගත්ත මං මේකෙ රහ දැනගත්තෙ නැහැයි කියල. එහෙමම නැවැත්තුව වැඩේ. නවත්තල චුට්ට චුට්ට වැළඳුව ඊළඟට. එතකොටයි මේකෙ රස දැනගෙන, ඒ රසත් එක්කම යන විදිහ ඊළඟට හොයා ගත්ත. නැත්නම් ඕනකම තියෙන්නෙ අර ගුඩු ගුඩුස් ගාල මේක ඔහේ ගිලල දාන්න.
ඉතින් අන්න ඒ වගේ අපිට බුදු හාමුදුරුවො දේශනා කරන්නේ හැම මොහොතක්ම සිහියෙන් ඉන්න තමයි.
"පනස්ස සති පච්චුපට්ඨිතා" කියල කියනව, මට හරියටම මතකයි මෙන්න මෙහෙම ගාථාවක් තියනව, මේක ඇවිල්ලා 'පරිනිබ්බාන' සූත්‍රයෙ තියෙන්නෙ.
"පරිපක්ඛෝ වයෝමයිහං
පරිත්තං මම ජීවිතං
පහායංවෝගමිස්දාම
කතංමේ සරණ මත්තනෝ"
බුදු හාමුදුරුවො දේශනා කරනව,
"දැන් මම වයසට ගිහිල්ල තියෙන්නෙ. ජීවිතේ සැදෑ සමයට ඇවිල්ලයි තියෙන්නෙ. අවසාන කාලෙට කිට්ටු වෙලා තියෙන්නෙ.
"පරිත්තං මම ජීවිතං පහායංවෝ ගමිස්දාම" යන්න කිට්ටුයි දැන්.
"කතංමේ සරණ මත්තනෝ" මොකද්ද මට තියන සරණ? පිළිසරණ, මට තියන පිහිට මොකද්ද? කියල කියනව.
උන් වහන්සේගේ උත්තරේ වෙන්නේ, සිල් සමාදන් වෙලා, ඒ ආරක්ෂා කරගන්න සීලයත්, තමන්ට තියන සිහියත් තමයි කියල. එච්චරයි. වෙන දෙයක් නෑ, වෙන බලවේග නෑ මේක තුල අපිව ආරක්ෂා කරන්න. අපේ සිහියම තමා.
අපිට සිහිය තියනව නම්, අපි මේ කරන කතාව අපි රස විඳගෙන කරාවි. කන දේ රස විඳගෙන කාවි. සාමාන්‍ය ලෝකයා උගන්වන දෙයක් තියනවනෙ ගොඩක් වෙලාවට රස විඳින්න හොඳ නෑ, ඒ රසයට තණ්හාව හදා ගන්නව, අරකයි මේකයි කියල. බුදු හාමුදුරුවන්ගෙ ඒ දේශනාවෙ එහෙම එකක් නෑ. ඒව මේ අළුතෙන් හදාගත්ත කතා.
අපිට කියන්නෙ මේ ලෝකෙ තුල ජීවත් වෙන්න කියල. හීන ලෝකෙක නෙවෙයි, මේ ලෝකෙ අඩිය තියල ජීවත් වෙන්නයි උගන්වන්නෙ. මේ ලෝකෙ තුල සජීවී වෙන්නයි කියල දෙන්නෙ. ඒ සජීවී වීම තුල අර අපි ඉස්සෙල්ල කතා කරපු, 'දැක්කොත් දැක්කා පමණයි' කියන ඒ ධර්මතාවය ක්‍රියාත්මකයි. ඒ සජීවී වීම තුල, 'ඇහුනොත් ඇහුනා පමණයි' කියන ධර්මතාවය ක්‍රියාත්මකයි. 'දැනුනොත් දැන ගත්තා පමණයි' කියන එක ක්‍රියාත්මකයි.
මොකද මේ දේ දැන ගත්තට පස්සෙ ඊළඟට එන්නෙ, අර දැනගෙන තිබිච්ච දේට වඩා වෙනත් එකක් වෙන්න පුළුවන්නෙ. අපි හිත හදාගන්න ඕන මේ ක්ෂණයෙන් මේක, "තත්ථ තත්ථ විපස්සති" කියල කියනව, මේ එන දේ මේ මොහොතේම අතහරින්න, විදර්ශණාවට ලක් කරන්න, බැහැර කරල දාන්න, අපි අපේ හිතේ මනාපය හදා ගන්න ඕන. ඒක නැති වුනාම තමයි අපිට හිතෙන්නේ මේක ඒකාකාර විදියට පවත්වන්න අමාරුයිනෙ කියල.
පවත්වන දෙයක් තියනව ඒ සිහිය. පවත්වන්නෙ සිහිය. ඒ සිහියයි අපේ සතුටට අපේ නිවනට සැනසීමට අරගෙන යන්නෙ. ඒක හරීම සරල වගේම පුදුමාකාර ගාම්භීරයි, ගැඹුරුයි. ඒ දෙකම තියනව.
හැබැයි බැරි නෑ මේක කරන්න. අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ, සක්මන් කරල, ගලක් ඇනෙන එක වින්දනය කරලයි මේක හදාරන්න. නින්ද යන එක වින්දනය කරලයි මේක හදාරන්නෙ. සිතුවිල්ලට හිත යන එක වින්දනය කරලයි, ඒක දිහා බලාගෙන ඉඳලයි මේක ඉගෙන ගන්නෙ.
හැබැයි ඒ කාලෙ ඉඳල මං කියනව වගේ, කෝප්පයක් බිම තියන එක ඉගෙන ගෙනයි මේක හදාරන්නෙ. වතුර උගුරක් බොනකොට ඒ වතුර වලින්, මේ කටේ රස්නෙ හරි, සීතල හරි, වෙන එක ඒකත් එක්ක ජීවත් වෙලයි අපි මේක හදාරන්නෙ. වස් කාලෙ තුලදී ඒ ඇත්තෝ කරල තියෙන්නෙ ඔය වගේ එක task එකක් අරගෙන එක කොටසක් අරගෙන, උන් වහන්සේලා ඒ දේ පුරුදු කරන්න ඇති. අළුත් අළුත් කමටහන් ගන්න ගියේ නැහැ එක දෙයක් විතරයි.
සරල උදාහරණයක් කියන්නම්. එක හාමුදුරු කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ දුන්න කමටහන වුනේ රෙද්දක් අරන් පිහදාන්න කියල. අද කාලෙ කෙනෙක්ට ඔහොම එකක් කිවුව නම් මොනව වෙයිද කියන්නකො. "බුදු හාමුදුරුවො ඕක ත්‍රිපිටකයෙ නෑනෙ" කියයි. "සතිපට්ඨානයෙත් නෑ" කියයි. බුදු හාමුදුරුවො දුන්නෙ එතකොට සතිපට්ඨානයෙ තියෙන එකක්යැ. නමුත් ඒක තමයි අරමුණ. ඒ තුලින් තමයි එයා අනිත් දේවල් ටික ඉගෙන ගත්තෙ.
එතකොට ඒ වගේ, ඔය ඇත්තො කරන මොනව හරි කමක් නෑ ක්‍රියාවලියකට, එක දේකට හිත දා ගන්න. වතුර බොන එක නම්, වතුර බොන එකට දාගන්න. කෑම කන එක නම්, කෑම කන එකට දාගන්න. ඇඳුම අඳින එකට නම්, ෂර්ට් එක අඳින එකට දාගන්න. ඒ වෙලාවෙ විතරක් සිහියෙන් ඉන්න. කතා කරන එක නම්, කතා කරන වචනවලට සිහියෙන් ඉන්න. ඇවිදින එක නම්, ඇවිදින එකට සිහියෙන් ඉන්න.
මේ ඔක්කොම එකට කරන්න නෙවෙයි මේ උගන්වන්නෙ. එකක් අල්ලගන්නව. ඒ එක පුරුදු කරනව තමන්ට තේරෙන තාක්කල්. දැන්නම් මට මේක හිතුවා හෝ නැතුවා, අනිවාර්යයෙන්ම මං මේක සිහියෙන්මයි කරන්නේ කියල දැනෙන තේරෙන තාක්කල්ම ඒක කරනව. අන්න ඒකටයි පුහුණුව කියල කියන්නෙ.
එහෙම සිද්ධ කරන පුහුණුවක් අපෙන් බැහැර වෙන්නෙ නෑ කොහොමටවත්. ඒක අයින් කරන්න බෑ කාටවත්.
බස් එකක ගහල තිබ්බා 'ආදරේට බ්රේක් නෑ ජීවිතේට රිවස් නෑ' කියල.
ආදරේට බ්රේක් තියෙන්නත් පුළුවන් ජීවිතේට රිවස් තියෙන්නත් පුළුවන්. මොකද අංගුලිමාල කියල කියන්නෙ ජීවිතේ රිවස් කරපු කෙනෙක්. පටාචාරාව වගේ අය කියල කියන්නෙ ජීවිතේ රිවස් කරගත්ත කට්ටිය.
හැබැයි නිවනට රිවස් නෑ. එහෙම එකක් තියනව. ඒ නිවී සැනසීම කියන එක අපි තේරුම් ගත්තට පස්සෙ ආපහු ආපස්සට යන්න බෑ. ඒකයි සෝතාපන්න වෙච්ච කෙනා ආයෙ සංසාරෙට වැටෙන්නෙ නැත්තෙ. එයාට ආපහු මේ ලෝකෙට එන්න ඕන නැහැ ඇත්තටම කියනව නම්. එයා දන්නව දුක හදාගන්නා වූ මට්ටම, ප්‍රමාණය කොච්චරක්ද කියල. ඒ මට්ටම දන්න හින්ද ආයෙ ඒකට අතගහන්න යන්නෙ නෑ. ඒ තුල නිවී සැනසීම ළඟා කරගන්නව.
අමාරු නෑ නමුත් ගාම්භීරයි.
අපි උත්සාහ කරමු කරන්න. අමාරු දෙයක් නෙවෙයි. ගලක් ඇනෙන එක අධ්‍යනය කරන එකයි කරන්නෙ. අඩිය බිම තියනකොට, ඒක තමන්ට තේරෙන විදිහ බලාගෙන ඉන්න එකයි කරන්නෙ. මුලින්ම කරන්නෙ ඕක judgment ටික කරනවනෙ. හොඳ හෝ නරක, සීතල, උණුසුම ආදී වශයෙන් අපිට හිතන්න ඕනනෙ. මේක වෙනම review එකක් ලියන්න ඕනනෙ. මේකට වෙනම කතන්දරයක් හදන්න ඕනනෙ.
ඒ හැම එකකින්ම හම්බ වෙන්නෙ, අපේ අභ්‍යන්තරය තුල තියන හැබෑ කෙනාගේ ලක්ෂණය මේකයි කියන එක. සාංසාරික 'තණ්හාව' කියන වඩුවාව මොන මොන ආයුධවලින්ද සන්නද්ධ කරල තියෙන්නේ? කියන එකයි ඒකෙන් එළියට එන්නෙ. ඕක එළියට එන්නෙ කමටහන් වාර්තාවෙන්. ආපස්සට මතක් කරන එකෙන් තමයි. ඒකයි මේක එච්චරටම වැදගත් වෙන්නෙ.
ඉතින් මම හිතනවා අද දවස ඔය ඇත්තන්ට ඔය කියන කාරණාව යම්තාක් දුරට හරි උරුම කරන්න, මේ ලැබිල තියන වටපිටාව බොහොම ප්‍රයෝජනවත් කියල. එය එසේම වේවා. ඉතින් අද සවස තුලදී ඔය ඇත්තන්ගෙ භාවනා කටයුතු කරගෙන යන්න ඕන. ඒ වගේම නොදන්න කාරණාවක් තිබ්බොත් අපි ඒක සාකච්ඡාවට ලක් කරමු. එතකං මේ අවවාදයන් ටික ඔය ඇත්තන්ගෙ මතකයේ බොහෝ කාලයක් යහපත පිණිසම මතකයේ තියේවා කියල මම බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
යථාභූත ඤාණ දර්ශනය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"රූපං දිස්වා සතිමුට්ඨා
පියං නිමිත්තං මණසිකරෝතෝ
සාරත්ත චිත්තං වේදේතී
තංචේ අජ්ඣාසාය තිට්ඨතී
තස්ස වඩ්ඩංති වේදනා
අනේකා රූප සම්භවා
අභිජ්ඣාච විහේසාච
චිත්තමස්සූපහඤ්ඤතී"
(මාළුංඛ්යපුත්ත ථේරගාථා)
අද පෝය දා. වස් කාලය අදින් ඉවරයි. ඉතින් වස් කාලයක් වුනාම ගොඩාක් ගුණධර්ම පුරන්න පුළුවන් කාලයක් හැටියටයි. අපි අහල තියෙන්නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම මේ වස් කාලවලදි තමයි බොහොමයක් මාර්ගඵලලාභීන් කියන ඇත්තෝ බිහි වෙන්නෙ කියනව. ඒකට ප්‍රධානම හේතුව තමයි වස් කාලයකදි සාමාන්‍යයෙන් සමූහයක් හැටියට එකතු වෙලා කිට්ටුවෙන් ඉන්නෙ. ඊට පස්සෙ තමයි ඒ ඇත්තෝ තම තමන්ගෙ පුද්ගලික පුහුණුවට වනාන්තර හරි කොහෙට හරි ඈතවල්වලට වැඩම කරන්නෙ.
කොහොම හරි අද මට හිතුනා ඔය ඒ කියන කාරණේට ටිකක් සමගාමීව යන, එක කාරණාවක් කියල දෙන්න ඕනෙයි කියල. සාමාන්‍යයෙන් අපි හැමෝටම මේ ලෝකයේ තියන දේවල් දකින්න අවස්ථාව තියනවා, අහන්න අවස්ථාව තියනවා, ආදී කොට ඇති අපේ ආයතනවලින් ඒවා ගන්න අවස්ථාව තියෙනව. සමහර ඇත්තන්ට ඒ අවස්ථාව යම් යම් හේතූන් මත ඇහිරිලා තියෙන්නත් පුළුවන්, නැති වෙලා තියෙන්නත් පුළුවන්. සමහර ඇත්තන්ට ඇහෙන්නේ නෑ, එක්කෝ බලන්න බෑ ආදී වශයෙන්.
කෙසේ හෝ වේවා අපි ඔය අහන හෝ බලන හෝ මොනව හෝ කරන ඒ කාරණාවක් මත පිහිටල තමයි කටයුතු කරන්නේ කියල බුදු හාමුදුරුවො අපිට කියල දෙනව. ඒක ගැන කියවෙන කතාවක් තමයි අද මට කියන්න හිතුනේ.
"රූපං දිස්වා සතිමුට්ඨා
පියං නිමිත්තං මණසිකරෝතෝ"
අපි මොකක් හරි රූපයක් දැක්කහම දේශනාවෙ තියෙන්නෙ මෙහෙමයි, මේ මාළුංඛ්යපුත්ත කියන රහතන් වහන්සේ කියන්නෙ,
"සතිමුට්ඨා පියං නිමිත්තං මණසිකරෝතෝ"
අපි ඒ දකින රූපය කෙරෙහි මෙනෙහි කරන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න ගන්නවා අපි කැමති විදියට. ඒ දේ ගැන අපි හිතන්න ගන්නෙ අපි කැමති විදියට. ඒ කියන්නෙ තමන් රුචි කරන විදියට. ඇත්තම කියනව නම් තමන් ඒ වෙලාවෙ රුචි කරන විදියට.
ඒකට හේතුව හැටියට බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ "සති මුට්ඨං" සිහියක් තියනවා, නැතුව නෙවෙයි. නමුත් එයාගෙ සිහිය මොට සිහියක් තියෙන්නෙ. ඒක දියුණු තියුණු සිහියක් නෙවෙයි.
"රූපං දිස්වා සතිමුට්ඨා පියං නිමිත්තං මණසිකරෝතෝ"
මොට සිහිය තියනකොට (තියනවා අනිවාර්යයෙන්ම) ඒ වෙලාවෙ අපි මෙනෙහි කරන්නෙ "පියං නිමිත්තං මණසිකරෝතෝ" මම මෙනෙහි කරන්න ප්‍රිය වෙන ස්වභාවයට. මම මෙනෙහි කරන්න ප්‍රිය කාරණාව ගැන විතරයි මම මෙනෙහි කරන්නෙ. ඒ කාරණාව තුල තියන සත්‍ය අසත්‍යතාවය කෙසේ හෝ වේවා, ඒ කාරණාවෙන් එළියට එන කතාව මොකක් හෝ වේවා කාරි නෑ, ඒකට කමක් නෑ. අපි මෙනෙහි කරන්නේ අපි මෙනෙහි කරන්න මනාප විදියට. මොකද්ද ඒකට හේතුව?
සිහිය මොට වීම.
සිහිය තියනවා කියල කියන්නේ, යථාර්තය අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙතන තියන සත්‍ය වූ ස්වභාවය. සිහියට කියන තවත් වචනයක් තමයි 'යථාභූත ඤාණ දර්ශණය' කියල කියන්නෙ. මේ ඇත්ත ඇති හැටියෙන් බලන දැක්ම. තේරුම් ගන්න එක.
නමුත් මොට සිහිය තිබ්බහම ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි පේන්න පටන් ගන්නේ, නැත්ත ඇති සැටියෙනුයි පේන්නෙ. ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි නැත්ත ඇති සැටියෙනුයි පේන්නෙ.
"සාරත්ත චිත්තං වේදේතී
තංචේ අජ්ඣාසාය තිට්ඨතී"
එතකොට ඒ විදියට අර මොට සිහියෙන් බලලා, අපි කැමති විදයට මැනලා, හිතේ තැන්පත් කර ගන්නවා,
"සාරත්ත චිත්තං වේදේතී"
ඒ මම හිතන්න කැමති ස්වභාවයෙන් තමයි මං ඒක වින්දනය කරන්නෙ. මම හෝ අපි හෝ කවුරු හෝ වෙන්න පුළුවන් මේ ලෝකෙ ඉන්න හැමෝම.
"තංචේ අජ්ඣාසාය තිට්ඨතී"
ඒ මෙනෙහි කරපු විදියට තමයි හිතේ තැන්පත් වෙන්නෙ.
"තස්ස වඩ්ඩංති වේදනා අනේකා රූප සම්භවා"
ඒ දැකපු රූපය අර හිතේ තැන්පත් කර ගත්ත ආකාරයක් තියනවනෙ. ඒ ආකාරයට අනුව "තස්ස වඩ්ඩංති වේදනා අනේකා රූප සම්භවා" වින්දනය කරනවා මොනව හරි දේවල්. සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියල කියන මොනව හරි කමක් නෑ වින්දනය කරනවා අර හිතේ තැන්පත් කරගත්ත දේට සාපේක්ෂව.
"අභිජ්ඣාච විහේසාච
චිත්තමස්සූපහඤ්ඤතී"
ප්‍රශ්ණය ඔතනයි තියෙන්නෙ. ඒක හින්ද තමයි මෙයාට දුක්ඛ දෝමනස්සය කියන එක ඇති වෙලා තියෙන්නෙ. ඒ විදියට හිතේ තැන්පත් කරගත්ත හින්දයි දුක්ඛ දෝමනස්සය කියන එක මෙයාගෙ පස්සෙන් පන්නන්නෙ. බැලුවෙ සැකෙන් නම් හිතන්නෙ සැකෙන්මයි. හිතන්නෙ සැකෙන් නම් හිතේ තැන්පත් කරගන්නෙ සැකෙන්මයි. හිතේ තැන්පත් කරගත්තෙ සැකෙන් නම්, හිතේ තැන්පත් වෙලා තියෙන්නෙ සැකෙන් නම්, අනිවාර්යයෙන්ම ඒක තුලින් දුකක් හට ගන්නවා කියන එක ඉන් තේරුම් වෙන්න පුළුවන් දෙයක්.
ඒක හරියට කරිවිල ඇටයක් හිටෙව්වොත් එහෙම අඹ ගෙඩියක් ගන්න බෑනෙ. කරවිල ගෙඩියක් තමයි එන්නෙ. කරවිල ඵලයක් තමයි එන්නෙ. ආන් ඒ වගේ කාරණාවක්. එතකොට සමස්ථයක් හැටියට අපේ ජීවිතය තුල සිහිය කියන එක නැතුවාම නෙවෙයි අපි කාටත්. තියනව. හැබැයි ඒ කියන සිහිය ඔය කියන විදිහේ ධර්මාවබෝධයකට යන්න තරම් ප්‍රමාණවත් නෑ. ඒකයි ඇත්ත කතාව.
එවන් වූ මොට සිහියක පවතින තාක් කල්, අපි ඒ මෙනෙහි කරන හැම කාරණාවක්ම අපේ හිත්වල තැන්පත් වේවි, තැන්පත් කර ගනීවි කෙලෙස් ආශ්‍රය කරගත්ත හැටියට. ක්ලේශයක් හැටියට. එතකොට ප්‍රශ්නෙ තියෙන්නේ ඒ විදියට කෙලෙස්, දවසක් ඇතුලත ඇහැ ඔස්සේ විතරක් කොච්චර ගාණක් අපි තැන්පත් කර ගන්නවා ඇද්ද? කොච්චර ගාණක් අපි හිතේ පුරවගන්නවා ඇද්ද?
සාමාන්‍යයෙන් ෆෝන් එක වගේ නම් ඕක අර storage කියල කියනවා. ඉඩ පහසුකම් මදි වුනොත් එහෙම එයා message එකක් එවනවා දැන් මේක ඉඩ පිරිල තියෙන්නෙ, මකන්න කියල. අපි අර පරණ වැඩක් නැති ඒව අරගෙන මකල දානව. නමුත් මේ ඔළුවෙ තියන ඒව මකන්නෙ කොහොමද? ඔන්න ඔතෙන්ටයි මට එන්න ඕනකමක් තියෙන්නෙ. ඒවා මකනවා කියන එකටත් වඩා කතාව වෙන්නෙ ඇත්තටම ඒවා මැකිල යන්න ඉඩ දෙනවා කියන එක.
සාමාන්‍යයෙන් අපේ හිතක ස්වභාවය තමයි, ඒ තැන්පත් වෙලා තියන කාරණාවක් නැවත මතක් කරල දෙනව. ඒක අපි දැන් හිතන්නකො ඔය ඇත්තො කවුරු හරි කෙනෙක්ව දකිනකොට හිතාපු විදිහක් තියනව නම්, හිතිච්ච විදිහක් තියනව නම්, මෙනෙහි කරන්නෙත් ඒ හිතිච්ච විදියට අනුවමනෙ. එතකොට හිතේ තැන්පත් වෙන්නෙත් ඒ හිතාපු විදියට අනුවමනෙ. ඒ වගේ කෙනෙක්ව දැක්කොත් හෝ ඒ වගේ වටපිටාවකට කිට්ටු අවධියක් අපිට ආවොත් එහෙම, අපේ හිතේ තියන අර පරණ මතකය හිත ඈදල දෙනව අපිට. හිත කිට්ටු කරල දෙනව, මොකද එයා හරි හොඳ සේවකයෙක් වගේ ඇත්තම කියනව නම්.
එයා වැරැද්දක් නෙවෙයි කරන්නෙ. අපිම හිතේ තැන්පත් කරගෙන තියන දේ, සාංසාරිකව අපි මේක ඇතුලට දාගත්ත දේ, එයා එළියට අරගෙන ගෙනැල්ල දෙනව ඒ වෙලාවට. අපිට සිහියක් නැති නම් මේ මතක් වුනේ, අර අතීතයේ මතකයක් මේ එළියට ආවෙ කියල කියන එක, ඒක අපිට ආවෙ නැත්නම් එහෙම, අර වර්තමානයේ බලන දේට අතීත අර සිදුවීම ඈදගෙන, අපි ඊළඟට අළුත් කතාවක් මෙතෙන්දි හදා ගන්නවා ක්ලේශාරෝපණයක් එක්ක තියන විදිහේ.
අන්න ඒක හන්ද තමා ඇත්ත ඇති සැටියෙන් බලනවා කියන එක අපිට වැහිල යන්නෙ. අපි ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි බලන්නෙ. අර හිත ඇතුලෙ තිබිච්ච කතාවක් එළියට ඇවිල්ල අපිට මතක් කරල දුන්නහම ඒ අනුසාරයෙනුයි බලන්න යොමු වෙන්නෙ. ඊට පස්සෙ අපි කතාබහ කරන්න පුළුවන්, වැඩකටයුතු කරන්නත් පුළුවන්, නැවත නැවත හිතන්නත් පුළුවන් අර කියන කෙලෙස් ස්වභාවයට අනුකූලව හෝ හිතේ තැන්පත් කරගත්ත අර ස්වභාවයට අනුකූලව. ඕක තමයි සාමාන්‍ය හිතක තියන සාමාන්‍ය වූ වැඩපිළිවෙල. මේකෙන් අපිට ඇත්තටම පනින්න පුළුවන්කමක් නෑ. අවංකවම කියන්න ඕන.
අපි හැමදාම හිතන එකක් තමයි එහෙනම් නිවන කියල කියන දේ මේ හැම එකකින්ම අයින් වෙන මොකක් හරි එහෙම එකක් කියල. නෑ එහෙම එකක් නෙවෙයි. මේ හිතේ වැඩපිළිවෙල අපි තේරුම් ගත්තා නම්, හිතේ ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවය හොඳට තේරුම් ගත්තා නම්, අපේ හිතේ තැන්පත් කෙරෙන හෝ කරගන්න අර අකුසල් කාරණාවල් ටික වෙනුවට, අපි කුසල් කාරණාවක් ඕක තුල තැන්පත් කරන්න පටන් ගන්නව. ඒ කුසල් කාරණේ තැන්පත් කරන්න වුනාම ඊළඟ අවස්ථාවකදී, අර කියන අකුසල් කාරණේ හිතට මතු වෙනවාට වඩා කුසලය මතු වෙන්න ඉඩ තියනව.
ඒ මතු වෙන කුසලයත් එක්ක තමයි අපේ ජීවිතේ එතකොට, අර ප්‍රශ්න නැති, කරදර නැති, දුක් සන්තාප නැති, කියන ඒ තැනට පැමිණවෙන්න යන්නෙ. ඒ තැනට අපිව යොමු කරගෙන ඉන්නෙ. මේක වෙනම බලවේගෙකින් වෙනවා නෙවෙයි එතකොට. මොනවත්ම බලවේගයක් නැහැ. තියන එකම එක බලවේගය තමයි අපේ තියන හිතේ බලවේගය. අපේ තියන හිතේ හයිය කියන එක. අපි කරන පුහුණුව, අපි කරන මේ ප්‍රායෝගික අභ්‍යාසයන් ටික තමා අපිට ඔය කියන දැනුමකට පාර හදල දෙන්නෙ. ඒ කියන තැනකට අපිව අරගෙන යන්නෙ.
එතකොට වැදගත් වෙන්නෙ මොකද්ද අද වගේ දවසක? ඇහැට දකින රූපය බලන විදිහ ගැන චුට්ටක් තේරුම් ගන්න ඕන. මේක මං බලන්නෙ මනාපයෙන්ද? අමනාපයෙන්ද? එහෙම නැතිනම් කනට අහන සද්දය ඇහෙද්දි චුට්ටක් බලන්න ඕන ඒකෙ ප්‍රතික්‍රියාව මොකද්ද? කියල. මේ සද්දයට මට මනාපයද අමනාපයද තියෙන්නෙ? එහෙම නැත්නම් නාසයට ගඳ සුවඳ. එහෙම නැතිනම් දිවට රසය. එහෙම නැතිනම් ශරීරයට ස්පර්ශය. එහෙමත් නැතිනම් හිතට එන අරමුණු.
මේ ටික ගැන අධ්‍යනය කරන එකට අපි කිවුව පුහුණුව කියල. හැබැයි හිතන්න එපා මෙහෙම කිවුව කියලා එක දවසක් ඇතුලත ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන ඔක්කෝටම ඔය කියන වැඩපිළිවෙල දාලා, ඔය කියන සිහිය පිහිටුවීම දාලා, ඔක්කෝම ටික එක දවසකින් ඉවරයක් කරනව කියල හිතන්න නරකයි. ඒක කරන්න ඕන නැති දෙයක්. ඒක කරන්න නුවමනා දෙයක්.
නමුත් තමන්ට තේරෙනවා නම් යම්කිසි ප්‍රමාණයක දරා ගැනීමක් කරන්න පුළුවන් කියල එක විනාඩියක් හරි කමක් නෑ, ඒක නම් කරන්න පුළුවන් ප්‍රමාණෙ, ඒ ප්‍රමාණෙන් කරන එක සාධාරණයි. අනික් ප්‍රමාණෙන් හිතට යන්න දෙන්න ඕන, මොකද හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි අර විදියට වැරදියට දේවල් අල්ලන එක. ඒක එයාට ඕන. ඒක ඒ හිතට තියෙන්න ඕන දෙයක්. එහෙම නැතිනම් මේ සංසාරෙ ආව වගේ මේ කියන ගමනක් තියන හිතට කරන්න දෙයක් නැති වෙනව.
මේ අළුත් දේ දුන්නා කියල එයා ඒ අළුත් දේට එච්චර රුචි නැත්නම්, මනාප නැත්නම්, ඒ දේ තුල පිහිටන්නෙ නැත්නම්, එයාට පවතින්න බෑ. එහෙම වුනාමයි අපි කියන්නෙ උමතු වෙන්නෙ කියල. ඒක හින්ද මේක චුට්ට චුට්ට, යාප්පුවෙන් යාප්පුවෙන්, කියල දෙන්න ඕන කාරණාවක්. හැබැයි එහෙම කියල දෙන්න පුළුවන්කමක් තිබ්බා නම්,
"රූපං දිස්වා පතිස්සතො"
එයා ඊළඟට බලයි රූප දැකලා සතියෙන් බලයි, සිහියෙන් බලයි. ඒ සිහියෙන් බලන හින්දා එයා සිහියෙන් බලන ඒ කාරණාව වින්දනය කරන්නෙ යථාභූත හැටියටමයි. යහපත් වූ හැටියටමයි. අයහපත් හැටියකට නෙවෙයි. ඕක සැකයක් හෝ මොකක් හරි ඈඳගෙන ඒ අනුසාරයෙන් කල්පනා කරන්න යන්නෙ නෑ. තියෙන විදිහෙන්ම දකින්න. තියෙන්නෙ සැකය නම්, "ආ..සැකයක් තියනව" කියල දකින්න.
අතනදි ප්‍රශ්ණෙ තියෙන්නෙ, සැකයක් තිබ්බට අපි දන්නෙ නෑනෙ සැකයක් තියෙන්නෙ කියල. තරහක් තිබ්බට දන්නෙ නෑ තරහක් තියෙන්නෙ කියල, තරහෙන් කතා කරනව විනා. සැකයෙන් කතා කරනව විනා. නමුත් සතිපට්ඨානයෙන් වෙන වෙනස තමා ඒ තියන දේ අනුමත කරන්න පටන් ගන්නව. එතකොට මෙතනදී අපි හැමදාමත් හොයන කතාවක් තියනවා.
ප්‍රශ්නෙට උත්තරයක්.
ඒ කියන්නෙ මෙතන සැකයක් තියනව නම් අපිට ඕන උත්තරේ. මෙතන තරහක් තියනව නම් අපිට ඕන උත්තරයක්. තරහ තමයි ප්‍රශ්නෙ කියල අපි හිතන්නෙ. ඇත්තම කියනව නම් මෙතන තියන එක තමයි පින්වතුනි උත්තරේ. ඒ තියන එක තරහ වෙන්න පුළුවන්. ඒ තියන එක සැකය වෙන්නත් පුළුවන්. ඒ තියන එක සැකයක් නැති එක වෙන්නත් පුළුවන්. ඒ තියන එක තරහක් නැති එක වෙන්නත් පුළුවන්. මොකක් වුනත් කමක් නෑ ඒක තමයි උත්තරේ. අපි හිතුවට ඒක ප්‍රශ්නෙ නෙවෙයි.
ඒකයි බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ඕක දුක හැටියට. අපි හැමදාම හිතන එක මයෙ පුතා, තරහක් තියනව නම්, මට හෝ අපිට සැකයක් තියනව නම්, මේ සැකයෙන් නිදහස් වෙච්ච මොකක් හරි පිළිවෙලක් තියෙන්න ඕන. මොකක් හරි වෙන එකක් තියෙන්න ඕන කියල අපි හිතනව. ඕකට අපි බෞද්ධානුකූලව දාගෙන තියන නමකුත් තියෙනව නිවන කියල. නේ?
එතකොට අපි හැමදාම හිතනව එහෙම නම්, මේ තියන ස්වභාවයෙන් විනිර්මුක්ත වෙච්ච වෙනමම වූ මොකක් හරි අන්‍ය මොකක් හරි දෙයක් තියෙන්න ඕන කියල. ඒක ඇත්තම කියනව නම් blank. ඒක වැහිච්ච එකක්. අපි කවුරුවත් තාම ස්පර්ශ නොකරපු එකක්. අපි දන්නෙ නෑ ඒක හින්ද ඒක ගැන කියන්න.
ඒකෙ තේරුම තමයි අනික් පැත්තකට කතා කරොත් එහෙම, අපි හැමදාම හිතනව මේ තියන ප්‍රශ්නයට වෙන තැනක උත්තරයක් තියෙන්නෙ කියල. මේ තියන එක ප්‍රශ්ණය. උත්තරේ වෙන එකක්. ඕකනෙ මේ හිතන්නෙ.
නමුත් සතිපට්ඨාන සූත්‍රයට අනුකූලව ගත්තොතින් පින්වතුනි, මෙතන තියන එක තමයි උත්තරේ. අපිට සැකය නම් තියෙන්නේ සැකය තමයි උත්තරේ. මට සැකය තියනවා කියන එක දැන ගන්න එකයි උත්තරේ. තරහ තියනවා කියන එක දැන ගන්න එකයි උත්තරේ. රාගය තියනවා කියන එක දැන ගන්න එකයි උත්තරේ. රාගය නැහැ කියන එක දැන ගන්න එකයි උත්තරේ. එච්චරයි.
මේ කියන උත්තරේ එන්න ප්‍රශ්නෙ හැදිල තියෙන්නෙ වෙන අහකට, වෙනත් පැත්තකට. අපි හිතුවට මේක ප්‍රශ්නයක් කියලා, අපි දන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වුනාට පස්සෙ විතරයි. නමුත් මේක නෙවෙයි මේකෙ මුල. මේක නෙවෙයි මේකෙ ආරම්භය. මේක නෙවෙයි මේකට ආපු හේතුව. අන්න ඒ හේතුව තමයි අපිට මේ අහුවෙන්නෙ.
ඇහෙන් බලනකොට, කනෙන් අහනකොට, නාසයෙන් දැනගන්නකොට, දිවෙන් දැන ගන්නකොට, ශරීයෙන් දැන ගන්නකොට, සහ හිතෙන් හිතනකොට. එතකොට අපි දැනට සතිපට්ඨානයක් හැටියට පුරුදු කරනකොට යමක් අපේ අභිමුඛයට එනව නම්, ඒක තමයි ඇත්තටම වෙන්න පුළුවන් දේ. අපිට තියන ගොඩක් ඇත්තො අහන ප්‍රශ්නෙ තමයි,
"හාමුදුරුවනේ භාවනා කරනකොට රිදෙනවා. භාවනා කරනකොට ඇඟ නොදැනී යනවා. භාවනා කරනකොට නින්ද යනවා. භාවනා කරනකොට කල්පනා වෙනවා. භාවනා කරනකොට එපා වෙනවා. භාවනා කරනකොට සද්ද එනවා. එතකොට මොකද්ද මං කරන්නෙ?"
සමහර අය කියනව,
"ආනාපානය විතරයි තේරෙන්නෙ. මං මොකද කරන්නෙ එතකොට?"
මෙයාල හැමදාම හිතන එකක් තමා මේ තියන එක නෙවෙයි හරි දේ. මේ තියන එක නෙවෙයි තියෙන්න ඕන දේ. වෙනත් එකක් තියෙන්න ඕන. නමුත් බුදු හාමුදුරුවොන්ගෙ යථාභූත ඤාණ දර්ශණය ඒක නෙවෙයි. මේ ඇත්ත ඇති හැටියෙන් මේ මොහොත තුල තියෙන්නෙ මොකද්ද? ඒක තමයි තියෙන්නෙ. ඒකයි යථාර්තය. අපිට ඊට වඩා වෙනත් එකක් ඕන.
ඒ කාරණාව සෙන් කතාවක තිබ්බා. හරක් දෙන්නෙක් හිටියලු. එක්කෙනෙක් ගඟෙන් ඒ පැත්තෙ. අනික් එක්කෙනා ගඟෙන් මේ පැත්තෙ. දෙන්නම ගස්වල ගැට ගහලයි හිටිය කියන්නෙ. මෙහා පැත්තෙ හරකා එහා පැත්ත දිහා බලනකොට, ගඟෙන් එගොඩ දිහා බලනකොට, ලස්සනට තියනවලු ඉතින් අර කොළ පාටට මේ ලස්සන තණකොළ තියනවලු. ඌ කල්පනා කලාලු වැඩක් නෑ මේ පැත්ත නම් කිසි කමකට නෑ. අර පැත්තෙ හරි ෂෝක් ලස්සන තණකොළ ටික තියනව. ගියා නම් හරි ඒ පැත්තට, කියල පැන්නලු වතුරට. වතුරෙ ගහගෙන ගියා. පීනගන්නත් බෑ ලණුවකුත් ගැට ගහල තියනව, ඌ මළා. අර පැත්තේ එක්කෙනා හිතනවලු එහෙ ඉඳල මෙහෙ බලනකොට, මෙහෙ මං මේ කනාටු කකා ඉන්නෙ අර පැත්තෙ නම් තියනව හොඳ ඒව යන්න ඕන ඕක කන්න කියල. එයාටත් ඉතින් අර සංගෙඩියම තමයි වුනේ වතුරට පැන්නට පස්සෙ.
අපේ ජීවිතේ සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ එකක් තියෙන්නෙ. යථාර්තය කියන එකට අපි හැමදාම, හැම වෙලාවකම මුහුණ දෙනවා. නමුත් ඒකට පයින් ගහනවා. ඒකට අපි කැමති නෑ. ඒකට අපි මනාප නෑ. ඒක භාර ගන්න තරම් අපේ හිතේ අපිට තැන්පත්කමක් නෑ. ඒක භාර ගන්න තරම් අපි නිහතමානී නෑ. ඒක භාර ගන්න තරම් අපි හිතනවා අපි සුදුසු නැහැයි කියල.
නමුත් තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා වගේ ඇත්තන්ට මොනව හරි ප්‍රශ්නයක් ආපුහම ඒ ප්‍රශ්ණෙ ගැන විතරයි කතා කරන්නෙ.
සාරිපුත්ත හාමුදුරුවන්ට අර එක මනුස්සයෙක් ඇවිල්ල ගහනව. ලොකු වේදනාවක් තියෙන්නෙ. ඊට පස්සෙ උන් වහන්සේ හිතනවලු, මේ ඇඟ තනල තිබිච්ච හින්දනෙ මේ ගුටි කෑවෙ. රිදෙන්නෙ මේ. මෙහෙම නැත්නම් රිදෙන්නෙ නෑනෙ. අපි එහෙම නම් හිතන්නෙ ඔයිට වඩා වෙනත් විදියකට.
ඉතින් එතකොට සතිපට්ඨානය කියන මේ වැඩපිළිවෙලින් කියල දෙන්නෙ ඇත්තම කියනව නම්, ඔය කියන යථාර්තය දැක දැක ඉන්නෙ කොහොමද? කියන එකයි. අපි පුරුදු කරන්න ඕන කාරණාව වෙන්නේ, යථාර්තය කියන ඔය සිද්ධිය දැක දැක කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? කියන එකයි.
මේ තියන හුස්ම දිගට වෙන්නත් පුළුවන්, කොටට වෙන්නත් පුළුවන්, හොඳට දැනෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ හොඳට දැනෙන එක හරි, නැති එක හරි, දිගට තියෙන එක හරි, නැති එක හරි, මොක හරි කමක් නෑ, ඒක දැනගෙන "හා..මං මේකට කැමතියි" කියල, කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? කියන එකයි වැදගත් වෙන්නෙ. ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව. විවේචනය කරන්නෙ නැතුව. ඒකට පිරිහිලා හිතන්න යන්නෙ නැතුව.
ඒක අද කාලෙ තියනවා වචනයක් analysis කරන්න කියල. එහෙම නැත්නම් comment ලියන්නෙ නෑ. කොච්චර වෙලාවක් මේ තියන එක දිහා බලාගෙන ඉන්න පුළුවන්ද? කියන එකයි හොයන්න වටින කාරණාව වෙන්නෙ. ඕක හන්දා සතිපට්ඨානය කියන එකට මං කියන්නේ 'මොකක්වත් නොකර ඉන්නවා' කියන එක කියල. අපිට හැමදාම කරන්න ඕන දෙයක්. එතකොට සාමාන්‍ය ජීවිතේදි පවා ඔය කියන ක්‍රමය තුලින් ප්‍රයෝජනවත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම.
ශෝක නැති කරගන්න නම්, දුකෙන් නිදහස් වෙන්න නම්, ඥාණවන්ත විදියට ජීවත් වෙන්න නම්, නිවී සැනසුනු කෙනෙක් හැටියට ඉන්න නම්, බුදු හාමුදුරවො දේශනා කරන ඒ එකම එක වැඩපිළිවෙල ඔච්චරයි. ඒකට කියන්නෙ සතර සතිපට්ඨානය කියල.
ඒක තුල කියල දෙන කාරණාව තියෙන්නේ, තියෙන්නෙ මොකද්ද? වෙන එකක් ගැන හිතන්න යන්න එපා. මේ තියන එක දැක දැක ඉන්න. ප්‍රශ්නයමයි දකින්න කියල අපිට උගන්වන්නෙ. ඇත්තම කියනව නම් ඒ අපි දකින්නෙ ප්රශ්නය නෙවෙයි ඒ දකින්නෙ. ඒක තමයි උත්තරේ.
වේදනාව නම් දැනෙන්නෙ ඇත්තම කියනව නම් වේදනාව දැනෙන්නෙ වේදනාව දැනෙන්න පුළුවන් හන්ද. ඒ වේදනාව කියල කියන්නෙ යම්කිසි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිඵලය. ඒ අවසාන ප්‍රතිඵලය විතරයි අපිට තේරෙන්නෙ. ඒක හින්දයි ඒක අපිට ගෝචර වුනේ. රාගය කියල කියන්නෙ යම්කිසි වූ ක්‍රියා සිද්ධි දාමයක අවසාන වූ ප්‍රතිඵලය. ද්වේශය කියල කියන්නෙ ඒ වගේම එකක්.
එතකොට ඒ ද්වේශය හට ගන්න මොකක් අහපු සද්දයක් ඇති, දැකපු රූපයක් ඇති, මොකක් හරි සිතුවිල්ලක් හරි මොකක් හරි කාරණාවක් ඇති. අපේ හිතේ අදහසක් හරි ඇති. ඒක හින්දා මේ බුර බුරා නැඟෙන ද්වේශයක් වගේ එකක්, තරහක් වගේ එකක් ආවහම අන්න ඒක අපිට තේරෙනවා. අපි හිතනවා මේක තමයි එහෙනම් ප්‍රශ්නෙ කියල. ඇත්තටම මේක ප්රශ්නය නෙවෙයි මේක ඵලය. ප්රශ්නය කියල කියන්නෙ හේතුවනෙ. මේක හේතුව නෙවෙයි මේක ඵලය. මේ හේතුඵලයයි අපි දකින්න පටන් ගන්නෙ පින්වතුනි.
සතිපට්ඨානය කියන ඒ කාරණය පුරුදු කරනකොට අපේ ජීවිතේ සකස් වීගෙන යන්නේ, මේ තියන එකට වඩා වෙනත් විදියක දෙයක් තියනවා කියන අදහසිනුයි අපි බැහැර වෙන්නෙ. මේක තමයි තියන සතුට. හැබැයි මේක දරන්න හරි අමාරුයි. මං පිළිගන්නව. අපි හැමදාම උත්සාහ කරන්නෙ මීට වඩා වෙනත් උත්තරයක් හොයන්න.
අද කාලෙ හැටියට ගත්තොත්, මේ රට හොඳ නෑ වෙනත් රටකට යන්න. මේ ගම හොඳ නෑ වෙනත් ගමකට යන්න. මේ කෑම හොඳ නෑ වෙන කෑම එකක් කන්න ඕන. මේ කෙනා හොඳ නෑ වෙන කෙනෙක්ව හොයා ගන්න ඕන. අපි හැමදාම තණ්හාවමයි වඩන්නෙ. ඒ වඩන්නෙ තණ්හාව. අපි හිතනවා මේකෙන් තමයි අපි සාර්ථකත්වය යන්නේ හෝ මොකක් හරි කියල. නමුත් අර හිතිච්ච දේවල් ටික ඔක්කොම කරල ආපස්සට හැරිල බලනකොට, ඇත්තටම මූලික කාලය ඊට වඩා හොඳින් ඉඳල තියෙන්න පුළුවන්.
මේ අපි දුවන්නේ තණ්හාවේ දාසයෙක් හැටියටයි, ඔය කියන සිහියට එන්නෙ නැති තාක්කල්. එතකොට සිහිය දියුණු කර ගන්න නම්, තියුණු කරගන්න නම්, මේ මොහොත තුල තියන දේ අපි අනුමත කරන්න පටන් ගන්න ඕන. මේ දේ තියෙන්න බැරි එකක් හැටියට නෙවෙයි, මේ දේ තියෙන්න පුළුවන් එකක් හැටියට. මෙතන ප්රශ්ණාර්ථය වෙන්නෙ ඒ තියෙන්න පුළුවන් දේත් එක්ක කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? කියන එකයි. ඒ තියෙන දේ කොච්චර දුරට මම අනුමත කරනවද? කියන එකයි.
අපි හරියට රංග ශාලාවක ප්‍රේක්ෂකයෙක් වගේ තමයි. අපේ ඉස්සරහට ආනාපානයෙන් කොටහක් එනව. ආනාපානය දිගට එන්නත් පුළුවන්. සිතුවිල්ල වැඩිපුර තියන එකක් වෙන්නත් පුළුවන්. රාගයක් එන්නත් පුළුවන්. ද්වේශයක් එන්නත් පුළුවන්. වේදනාවක් එන්නත් පුළුවන්. සැප දුක උපේක්ඛා මොනව හරි කමක් නෑ. මෙතන කතන්දරේ තියෙන්නේ, ඔය එන ඕනම එකක් එක හිතින් අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? කියන එකයි. ඒක හින්දයි මං මෙයාට කියන්නේ 'අපක්ෂපාතී නිරීක්ෂකයා' කියල. ඒ දේ වෙන්න පුළුවන් නම් ගොඩ.
නමුත් අපි එකකට කැමතියි අනෙක් එකට අකමැතියි. ඒක හින්ද අපිම අපේ හිතේ හදා ගන්නවා, "මේවා විතරයි තියෙන්න ඕන, මේවා තියෙන්න බැහැ" කියල ස්වභාවයක්. ඒක තියන හින්දම තමයි මේ දෙක තියෙන්නෙ. මේ ලෝකෙ කවුරු හරි කෙනෙක් සුදු පාටට කැමති වෙන්නෙ ඇයි? කළු පාටට අකමැති හින්ද. එළියට කැමති වෙන්නෙ ඇයි? අඳුරට අකමැති හින්ද. එතකොට එළියට කැමති තාක්කල් එයා අනිත් පැත්තෙන් අඳුරට අකමැතියිමයි. නමුත් ඔය කැමැති අකමැති කියන එක අයින් කරල දැම්මම, එළිය තිබ්බත් එකයි අඳුර තිබ්බත් එකයි.
ධර්මයෙන් හදන ශ්‍රාවකයාගේ හිත අන්න ඒ විදිහේ අචලත්වයකටයි අරන් යන්නෙ. මේකෙ කියන කාරණාව ඒ කියන කෙනාගේ හිතට රාගය එන්නෙ නෑ, ද්වේශය එන්නෙ නෑ, මෝහය එන්නෙ නෑ, එව්ව නෙවෙයි. එව්ව ආවට කාරි නෑ කියන එකයි. ඒ ආපුහාම ඒ හැම එකක්ම දකින, බලන, දැනගන්න, තේරුම් ගන්න, හිතේ තැන්පත් කරගන්න, ක්‍රමය, මට්ටම, ප්‍රතිපදාව එකයි. එච්චරයි.
වෙන තියන කෙලෙස් ඔක්කෝම ටික අතහැරල දානව. ඒ අතහැරීමෙන් ලැබෙන සැනසීම තුල එයා ඉන්නෙ. ඒ එන හැම එකක්ම එයාට එකක් විතරයි. ඒක හරියට මලක් හම්බ වුනත්, ගලක් හම්බ වුනත්, දෙකටම එක හා විදියට හිනා වෙන්න පුළුවන් නම්, සතුටු වෙන්න පුළුවන්. ඒ දෙකම එක හා විදියට භාර ගන්න පුළුවන් නම් එච්චරයි. ඒකයි ලඟා කරගත යුතු ජීවිතය වෙන්නෙ. ඇති කරගත යුතු ජීවිතය වෙන්නෙ. ශක්තිය වෙන්නෙ.
ඇත්තටම කියනව නම් ඒක පුදුමාකාර හයියක් වේවි ජීවිතේට. ඒ විදියට තැන්පත් කරගන්නා වූ මතකය අපේ ජීවිතේ ඊළඟ ඊළඟ අවස්ථාවන් වලදී, අපේ ජීවන ප්රශ්නය විසඳන්න හෝ අපේ ජීවිතේට සාර්ථකව මුහුණ දෙන්න අපිට පාර කියල දේවි.
මේකට පටිසෝතගාමිණි වැඩපිළිවෙලක් කියලයි කියන්නෙ. මේ ගමන අනිත් පැත්තටනෙ යන්නෙ. ධර්ම මාර්ගය කියන එක යන්නෙ අපි හිතන පැත්තට වඩා අනිත් පැත්තට. මගේ යෝජනාව අද දවසේදී ඇස, කන, නාසය, දිව, කය, මන කියල කියන මේ ආයතන ඔක්කෝටම ඔය කියන මූලධර්මය දාන්න හෝ ඒ ඇස, කන, නාසය, දිව, කය, මන කියල කියන ආයතන ඔක්කෝම පුරුදු කරන්න භාවිතා කරන එක එච්චර සුදුසු මදි. ඒ කියන්නෙ ගොඩ බර වැඩියි.
ඔය ඇත්තන්ට පුළුවන් නම්, කැමති නම් හිතා ගන්න හරි, මම අහවල් වෙලාවෙදි ඇහැ ගැන තේරුම් ගන්න බලනව. අහවල් වෙලාවෙදි කන ගැන. එහෙම කරන්න ඕනම නම්. එහෙම නැතිනම් වැඩිපුරම තමන්ට අහුවෙන්නේ ගැටෙන්නේ මොකද්ද? තේරෙන්නේ මොකද්ද? ඒ දේත් එක්ක ඔය කියන සිහියෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා කියල හිත පුරුදු කරන්න ඕන. එහෙම වඩනකොට හැදෙන්නෙ එක හිතක්. ඇහෙන් කලත්, කනෙන් කලත්, නාසයෙන් කලත්, දිවෙන් කලත්, ශරීරයෙන් කලත්, මේ ටික ඔක්කොම යන්නෙ එක හිතකට.
එතකොට මේ කොහෙන් කලත් කාරියක් නැහැ. ප්‍රශ්නයක් නෑ. මේ පුරුදු කරන්නෙ එක හිතක්. Training කරන්නෙ එක හිතක්. හඳුනාගන්නෙ එක හිතක්. ඒ කෙනාව තේරුම් ගත්තා නම්, ඇහැ ඔස්සේ ඒක කනටත් භාවිතා වේවි. නාසයටත් භාවිතා වේවි. නමුත් හරියට අපි භාවිතා කරන්න ඕන. හැබැයි ඒ විදියට හරියට භාවිතා කරල සමාජගත වුනා කියන්නකො. එතනට තැන බලපාන්නෙ නෑ මොකද අපේ හිත වෙනස් වෙලා තියන හින්ද.
අපි හැමෝම හදා ගත්ත එක්තරා එක්තරා සංස්කාර ගොඩක් තියනව (ඕකට බුදු හාමුදුරුවො සංස්කාර කියල කියන්නෙ) ගෙදරදි කතා කරන වචන සෙට් එකක් තියනව. යාළුවන්ට කතා කරන වචන සෙට් එකක් තියනව. ඊළඟට තව කොහේදි හරි කතා කරන විදිහක් තියනව. ඔෆිස් එකකට ගියපුහම කතා කරන විදිහක් තියනව. අපි ඕකට සංස්කෘතිය කියලත් කියනව.
නමුත් ඇත්තම කියනව නම් අපි රඟපානව. නේ? ඒ ඒ තැනට අදාල විදියට ඒ විදියට කතා කරනව. අපි හිතමුකො ගෙදරදි අර ඔෆිස් එකකට ගිහිල්ල කතා කරන විදියට කතා වුනා කියන්නකො මොකක් හරි විදියකට. කට්ටිය සමච්චල් කරන්න පටන් ගන්නව. මොකද වෙලා තියෙන්නෙ කියල. මේක තමයි අපි හදාගෙන තියන අපේ රටාව.
ඔන්න ඔය රටාවලින් තමයි නිදහස් වෙන්න ඕන. මේකෙන් කියවෙන්නෙ නෑ සමාජයෙ ඔක්කොමත් පෙරලගෙන මේ කියන තැනට යන්න කියල. කරන්නත් බෑ කවම කවදාකවත්. මේ කියන්නෙ තමන් ඒ ඒ දේවල්වලට යන දුර, පුළුවන් තරම් සීමා සහිත කරගන්න කියල. ඉතින් මේක තමන් හඳුනාගෙන වර්තමානයට වෙලා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? වර්තමානයේ තියෙන දේත් එක්ක කොච්චර මනාපද? කියන එක තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ.
ඕක ඇත්තටම භාවනාවට පළවෙනියෙන්ම එන කෙනාට උගන්වන්නෙ අඩිය පොළොවෙ තියලා ගල් කැට උඩ ඇවිදින්න කියලයි. ඒ ගල් කැටේ ඇනෙන එක කොහොමද දැනෙන්නෙ? ඕකනෙ අහන්නෙ. ඒ ඇනෙන එකට කැමතිද? එපාද? කැමති නම් ඒ කැමැත්ත තියාගෙන කොච්චර වෙලාවක් යන්න පුළුවන්ද? අකමැති නම් ඒ අකමැත්ත තියාගෙන කොච්චර වෙලාවක් යන්න පුළුවන්ද? ඕක තමයි ඉගෙන ගන්න තියෙන මුල්ම එකත්, මැද එකත්, අවසාන එකත්. එහෙම එකක් තියෙන්නෙ. මේක ඒ තරම්ම සරලයි. ඒ වගේම ඒ තරම්ම ගාම්භීරයි.
එකම තැනක තමයි අපි ගිලෙන්නෙ. විපස්සනාව කියල කියන විදර්ශනාවෙන් ලැබෙන චරිතය එයා දකින්න පටන් ගන්නෙ. වෙනම අළුත්ම කතාවක් නෙවෙයි. මේ තියන කාරණාවෙම නොදැකපු අනන්ත අප්‍රමාණ පැති තියනව. ඒ අනන්ත අප්‍රමාණ පැති ටිකයි මෙයා දකින්න පටන් ගන්නෙ. අපි තාම දැක්කෙ නැති වෙන්න පුළුවන් වර්තමාන ජීවිතේදි පවා, ප්‍රශ්නවලදි ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙන කෝණයක් තියනව කියල. ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙන වචනයක් තියනව කියල.
බලන්නකො බුදු හාමුදුරුවන්ගෙ ජීවිතේ. පටාචාරාව ආවා. එයාට එක වචනයයි කිවුවෙ. අච්චර මිනී මරපු කෙනෙක් හිටියා අංගුලිමාල කියලා. එක වචනයයි කිවුවෙ. අපි හිතනව බුද්ධ බලය, ඒ රශ්මිය අනං මනං කියල. නෑ උන් වහන්සේගේ සිහිය.
උන් වහන්සේ දැනගෙන හිටිය තක්කෙටම, හරියටම, මොකද්ද මෙයාට හරියන උත්තරේ කියල. අපි තාම උත්තරයක් දන්නෙ නෑ හේතුව මෙතන ප්‍රශ්නයක් තේරුම් ගත්ත විදිහ. අර ඛේමා ආවා දරුවෙක් අරගෙන එයාට දුන්න උත්තරයක්, ප්‍රශ්නෙ ඉවරයි. ආයෙ එක උත්තරයයි දුන්නෙ ප්‍රශ්නෙ ඉවරයි.
අපි හදාගත්ත වෙනම සෙට් එකක් තියනව. අපේ තියන ප්‍රශ්නෙ ඒකයි. බුදු හාමුදුරුවො හදා ගත්ත උත්තර සෙට් එකක් තියාගෙන හිටියෙ නෑ. උන් වහන්සෙ නිදහස් කෙනෙක්. උන් වහන්සේ අර අපි වගේ සංඛාර කියන ඒව තියාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. හිතේ මොනවත්, "හා..මං මෙයාට කතා කරන්නෙ මෙහෙමයි. මෙයා මෙහෙම කෙනෙක්. අරය මෙහෙම කෙනෙක්. මෙයාට මෙහෙමයි. මේ අයට මෙහෙමයි." කියල එහෙම හිතේ ගොඩ ගහගෙන හිටපු කෙනෙක් නෙවෙයි. උන් වහන්සේ කාටත් මෛත්‍රියයි කාටත් කරුණාවයි කාටත් මුදිතාවයි කාටත් උපේක්ඛාවයි.
අපිට බැරි ඒකයි. අපි හදාගත්ත එකක් තියනවනෙ. ඒකට අනුව තමයි අපි ඇත්තටම කියනව නම් රඟපාන්නෙ. ඕකයි මේකෙ කාරණේ. ඇයි ඉතින් හිතේ තැන්පත් කරන් ඉන්නෙ ඒවනෙ. ඒ තැන්පත් කරගෙන ඉන්නෙ මොකක් හින්දද දන්නවද? ඒව සැපයි කියල හිතෙන හින්ද. ප්‍රියයි කියල හිතෙන හින්ද. සහ එව්ව තමයි ස්ථිර කියල හිතෙන හින්ද. සහ ඒක තමයි මගේ ජීවිතේ කියල හිතෙන හින්ද. ඉතින් මේ තුනම ආත්ම සුඛ නිත්‍ය කියන තුනනෙ.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට සම්පූර්ණම පටහැනියි අපි හිතන අපේ ධර්මය. ඒ උත්තමය දේශනා කරන්නෙ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපි හිතන්නෙ කොහොමද? නිත්‍ය, සුඛ, ආත්ම. මේකයි මේක තුල තියන ප්‍රශ්නෙ. ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙන විදිහයි ඔය හම්බ වෙන්න ගන්නෙ සතිපට්ඨානය ඔස්සේ. එතකොට සතිපට්ඨානය කියන වැඩපිළිවෙලත් එක්ක අපිව අරගෙන යන ඒ මාර්ගය සකස් වෙන්නෙ, ඔන්න ඔය කියන තැන හරහායි.
බැරි නෑ මේක හදා ගන්න. අමාරු නෑ මේක හදාගන්න. මේ මොහොත තුල ඉන්න ඉගෙන ගන්න එකෙන්මයි කරන්නෙ. ඒකයි මේකට 'සාදර වෙනවා' කියල කියන්නෙ. 'මනාප වෙනවා' කියනව. ඒ තුලින් චුට්ට චුට්ට, චුට්ට චුට්ට අපි ඉගෙන ගන්න පටන් ගන්නවා මේ මොහොත තුල තියෙන්නෙ මොන දේ වුනත් කමක් නෑ, ඒ දේත් එක්ක ඉන්න.
ඒ දේත් එක්ක "හා මට කමක් නෑ ඉන්නංකො" කියල නෙවෙයි. සාමයෙන් ඉන්න ඉගෙන ගන්න ඕන. මොනවත් නොකර ඉන්න ඉගෙන ගන්න ඕන. පක්ෂයක් ගන්නෙ නැතුව, පැත්තක් ගන්නෙ නැතුව, නිරීක්ෂණය කරන්න ඉගෙන ගන්නව. අපක්ෂපාතී වූ නිරීක්ෂකයා වෙන්න ඉගෙන ගන්නව. මෙහෙම වෙනකොටයි සැනසීම ළඟා වෙන්නෙ කියල අපි අහල තියෙන්නෙ.
ඉතින් බොහොම සංතෝසයි ඔය ඇත්තො අද සිල් සමාදන් වෙන්න ආවා. ඉතින් අද දවසේදී ඔය කියන කාරණාව සිද්ධ කරගන්න මේ තියන වටපිටාව ඉහටත් උඩින්. ඒ තියන වටපිටාවෙන් ප්‍රයෝජනය ගන්න ඕන. අපි හවස ධර්ම සාකච්ඡාවකුත් කරමු. භාවනා අත්දැකීම් කතා කරමු. එහෙනම් විවේකයෙන් ඉන්න ඕන.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
ඇති - නැතිවීමේ අතරමැද
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ධම්මපීතී සුඛංසේතී
විප්පසංණේන චේතසා
අරියප්ප වේදිතේ ධම්මේ
සදාරමති පණ්ඩිතාතීතී"
අද ඇවිල්ලා පෝය දවස. වස් කාලෙ ඉවර වෙන අවසාන පෝය. අද තමයි ගොඩක්ම පින්කම් තියන පෝය. නේද? ඉංගිරිය ආරණ්‍යයෙත් මං හොඳටම දන්නව අද තමයි කඨින පිංකම. නායක හාමුදුරුවො ඉන්න කාලෙ අද තමයි නායක හාමුදුරුවො එළියට ඇවිල්ල බණක් එහෙම කියන දවස.
කෙසේ හෝ වේවා, මේ කාලෙ අපි පාවිච්චි කරනවා අපේ භාවනාව තුලින් ජීවිතේ ගැන තේරුම් ගන්න. භාවනාව කියල කියන මාතෘකාව ඔස්සේ, ඒ මාධ්‍යය ඔස්සේ යමින් අපේ ජීවිතේ තියන ස්වභාවය, යථාර්තය හඳුනාගන්න අපි උත්සාහවන්ත වෙනව.
ධර්ම මාර්ගය එතකොට ඇත්තටම කියනව නම්, ගලාගෙන යන ස්වභාවය කවදත් කොතැනත් එක හා සමානයි. ඒක ධර්මතාවයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ හෝ අපේ හෝ ගන්න තියන මමත්වයක් හෝ ස්ථිර කාරණාවක් නෙවෙයි නමුත්, ඒ දේ තමයි ලෝකයේ ස්වභාවය. ස්වාභාවිකත්වය. උදාහරණයක් හැටියට කවුරුහරි කෙනෙක් ඉපදුනොත් එයාට මැරෙන්න වෙනව. ඒක නියතයක්. ඒක අනිවාර්යයයි. ඒක නිත්‍යයයි ඇත්තම කියනව නම්. නමුත් ඕක අනිත්‍යය වෙන තැනක් තියනව, නිවන. ඒක වෙනම කාරණාවක්. ඉතින් ඒ වගේ සාමාන්‍ය ස්වභාවය තුල තියන ලෝක කාරණාවල් එක්ක කටයුතු කරන්නෙ කොහොමද? කියල ඉගෙන ගන්න, ඒ කොටස හඳුන්වන වචනය තමා භාවනාව.
ඉතින් අපි භාවනා කරන්න වුනාම සාමාන්‍යයෙන් පළවෙනියෙන් බුදු හාමුදුරුවො අපිට කියල දෙන්නෙ ඇත්තම කියනව නම්, තියන දේ ගැන විශ්වාසය ඇති කර ගන්න කියල. මේ තියෙන්නෙ මේක කියල හෝ තමන් මේ කරන දේ ගැන විශ්වාසයක් ඇති කර ගන්න කියලයි. කරන්නෙ සක්මන නම් හෝ කරන්නෙ පර්යංකය නම්, සක්මන මට ප්‍රයෝජනයි අංක එක හෝ පර්යංකයෙන් මේ කරන දේ ප්‍රයෝජනයි කියල විශ්වාසය දෙන්න ඕන. අංක එකටම. එතකොට තමන්ට මේක ගැන කරන්න යම්කිසි විදියක උද්‍යෝගීභාවයක් එන්නෙ. එහෙම කරනකොට ඔය විශ්වාසය තව තවත් වර්ධනය වෙන්න පටන් ගන්නව.
සක්මන් කරද්දි අපිට මුලින්ම තේරෙනව ඔය මොන මොනව හරි ඇඟේ වදින ඒව හරි කමක් නෑ, ඇඟේ ගෑවෙන ඒව හරි කමක් නෑ, එහෙට මෙහෙට යන ඒව හරි කමක් නෑ, අඩිය තියවෙන ඒව හරි කමක් නෑ, ඔහොම ඔහොම තේරෙන්න ගන්නව. ඒවා මුලින් එක එක හැටියට හඳුනා නොගත්තා වුනාට, චුට්ට චුට්ට හිත තැන්පත් වෙන්න තැන්පත් වෙන්න, අපි ඒකට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න, ඔන්න දකින්න පේන්න ගන්නවා, සැක හැර අපි දැන ගන්නවා, මේ හුළඟ වැදුනා නෙවෙයි, මේ නම් ඇඳගෙන ඉන්න ඇඳුම ඇඟේ ගෑවුනාමයි කියල. මේ හුළඟ වැදුනා නෙවෙයි ඇඳගෙන ඉන්න ඇඳුම ගෑවුනාමයි. මේ කකුලේ විළුඹ තිබුනාමයි ඇඟිල්ල තිබ්බා නෙවෙයි.
අන්න ඒ ආකාරයකට සැක හැර දැන ගන්න තැනකට අපි එනව. සැකයෙන් නිදහස් වෙනව. වම් කකුල තියනකොට අපි දැන ගන්නව මේ තියන්නෙ වමමයි, දකුණ නෙවෙයි. සමහර අවස්ථා තියෙන්න පුළුවන් මේ වමද දකුණද කියල හිතා ගන්නත් අමාරු. ඒ තරමටම අපිව ටිකක් දුරට ගිහිල්ල තියෙන්න පුළුවන්. ආනාපානය බලද්දි වුනත් ඕක ඔහොමමයි. ඇඟ තේරෙනවාද? වාඩිවෙලාද ඉන්නෙ? කියන එකත් සමහරක් විට තේරෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඒ තරමටම හිත දුවල තියෙන්නත් පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.
මගෙත් භාවනාවෙ මුල් කාලෙ තිබුනා, භාවනාවට වාඩි වෙලා හිටිය වුනාට ටික වෙලාවක් යනකොට ඔය හරේ මෙහේ ඉතින් කල්පනා කරන්න හිතන්න පටන් ගත්තහම, මට මතක නෑ මම මොකද්ද කරන්නෙ කියල. අවසානෙට ඇස් දෙක ඇරල බලනකොට තමයි තේරෙන්නෙ "ආහ්..මම මේ භාවනා කරන ශාලාවෙයි ඉන්නෙ" කියල.
කෙසේ හෝ අපි භාවනාවට ඔන්න ඔහොම කිට්ටු වෙලා, යම්කිසි කාලයක් උත්සාහයෙන් වීර්යයෙන් යුක්තව කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන්න පේන්න ගන්නව, වාඩි වෙලා නම් ඉන්නෙ වාඩි වෙලා ඉන්නෙ කියල. ඒ වාඩි වෙලා ඉන්න එකේ හැඩේ තේරෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නකොට අපිට ඇඟ තේරෙන විදිහ තේරෙන්න පුළුවන්, අපේ ඇඟේ ගෑවෙන දේවල් තේරෙන්න පුළුවන්, තෙරපෙන දේවල් තේරෙන්න පුළුවන්, ලිහිල් වෙච්ච දේවල් තේරෙන්න පුළුවන්, අමාරු වෙන දේවල් තේරෙන්න පුළුවන්, හිර වෙන දේවල් තේරෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධාකාර කාරණා ගොඩාක් හම්බ වෙන්න ගන්නව.
මුලදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්, සැකයක් එන්න පුළුවන්, මේ මොන කාරණාවක් එක්කද මම මගේ අවධානය දැන් පවත්වන්නෙ? කියල. මේ සැකය කියන එකෙන් නිදහස් වෙන්න තියන ස්ථරයන් මං මේ කියන්නෙ. මුලදි අපිට ප්‍රශ්නයක් තියනව, ගොඩක් කට්ටියත් අහනව,
"ස්වාමීන් වහන්ස භාවනාවට වාඩි වුනහම වේදනාවත් දැනෙනව, හිතත් දුවනව, ආනාපානයත් එහෙ මෙහෙ තේරෙනව, ඇඟත් තේරෙනව, සද්දත් ඇහෙනව"
දැන් ඒගොල්ලො නිකං හරියට අර ඉංග්‍රීසියෙන් කියනව confuse කියල. නිකං කලබල වෙලා වගේ. අර අතරමං වෙලා වගේ.
"මොකද්ද කරන්නෙ? මේ ඔක්කොම තියනව. මොකද්ද මම දැන් අවධානයට ලක් කරන්නෙ?"
හැබැයි කාරණාව වෙන්නෙ ඔය කියන ටික ඔක්කොම අපිට එකපාරට හම්බ වෙච්ච ඒව නෙවෙයි. ඕව එක පාරකට එකයි අපි තේරුම් ගන්නෙ. අන්න එතනයි මේකෙ වැදගත්ම දේ. මේ එකපාරකට එකක් දැනගන්නවා කියන එක සැකයක් නැතුවම දැන ගත්තා නම්, දැන් මම මේ දැනගත්තේ ආනාපානය බලන එක නෙවෙයි හිත දුවන එකමයි කියල, අන්න සැකෙන් නිදහස් වෙලාම බැලුව. මං මේ දැන් හෝ මීට මොහොතකට කලින් නම් හිත් දුවන එක නම් මට තේරුනේ, දැන් තේරෙන්නෙ වේදනාවක් තියන එක නම්, වේදනාවක් තියනවා කියන එක නම්, හා..එහෙනම් ඒ දෙක අතර සැකයක් නැතුවම, සැකයක් රහිතවම, නීවරණයන් වලට යට නොවීම, අර තියන දේ දැකල තියනවා.
නමුත්, මේ තියන දේ තුල ක්ලේශයක් තියෙන්න පුළුවන් හෝ නික්ලේශයක් තියෙන්න පුළුවන් කියන එක, ඒක වෙනම කතාවක්. මේවාගේ තියන කෙලෙස් නිකෙලෙස් බවවත් හොයන්න තියෙන්නේ තව එහාට. දැනට අපිට ඉස්සෙල්ලම තියෙන්නේ,
තියන දේ මොකද්ද ?
ඒ තියන දේ හොඳට හඳුනාගන්නවද?
ඒ හඳුනා ගන්න දේත් එක්ක ඉන්නෙ කොහොමද?
කියන එක ඒක හදා ගන්න එක විතරයි. හදිස්සි වෙන්න නරකයි රහත් වෙන්න. රහතන් වහන්සේලනෙ කෙලෙස් ඔක්කොම අයින් කරන්නෙ. එතකොට අපි ඊට කලින් කල්පනා කරන්න ඕන ඇත්තම කියනව නම්, ශ්‍රද්ධානුසාරී වෙන්න. සෝතාපන්න වෙන්න. ඉතින් ඔය කියන කාරණාවට තමයි අපිට මේ සැකෙන් නිදහස් වෙන විදිහේ වැඩපිළිවෙලකට අපේ හිත අරන් යන්න පුළුවන් වෙන්නෙ.
එතකොට අපි සාමාන්‍ය ජීවිතේදී වුනත් යම්කිසි කටයුත්තක් කරනකොට අපිට හොඳ සිහි බුද්ධියක් එනවා,
"මම දැන් මෙන්න මේ දෙයයි කරන්නෙ" කියල. "මේ අරමුණටයි මට යන්න ඕන, මෙන්න මේ දේ කරන්නයි මම මේ දේ කරන්නෙ" කියල.
එතකොට සමහර සමහර අවස්ථා තියෙන්න පුළුවන්, අපි ගන්න වෑයම හෝ වීර්යය හෝ උත්සාහය හෝ ඒ කරන ක්‍රියාදාමය අපි ඒ කරන්න යන වැඩේට ඇත්තටම නිෂ්ඵලදායක වෙන්නත් පුළුවන්. ඵල ප්‍රයෝජන නැති වෙන්නත් පුළුවන්. ඔහේ කරන්නං වාලෙ කරනව වෙන්නත් පුළුවන්. ඊට වඩා භාවනා කරලා ලබා ගන්නා වූ ඒ අත්දැකීමත් එක්ක අපිව එනව එතකොට දැන් බුද්ධිමත් මට්ටමකට වගේ, කොහොමද? සැක රහිතවම අපි ඒ දේ කරන තැනට හිත පත් වෙනව.
කෙසේ හෝ කාලයක් ඔහොම භාවනාව කරගෙන යද්දී අපිට හම්බ වෙනවා, ආනාපානෙ තුල, ආශ්වාසය තුල තියනව, මේ එක හුස්මක් එනවා එකක් යනව. කාලයක් අපි ඕකෙ ඉන්න වුනාම මුලින් තේරෙන්නෙ හුස්මක් තියන විත්තිය විතරයි. පස්සෙදි තේරෙනවා, නෑ මේකෙ හුස්මක් එනවා, යන එකකුත් තියනව. ඕකෙ තව තව ඉන්න බලනකොට තේරෙනව, එන හුස්මට වඩා යන හුස්මෙ මොකද්දෝ වෙනසකුත් තියනව. එන හුස්ම ඇඟට දැනෙනවට වඩා වෙනයි යන හුස්ම ඇඟට දැනෙන විදිහ. එන හුස්මෙන් දැනෙන සංවේදනාව හෝ වින්දනය වෙනයි යන හුස්මෙන් දැනෙන සංවේදනාව හෝ වින්දනය වෙනයි.
ඒ ආකාරයට අපිට මේක තුල යම්කිසි විදියක විභේදනයක්, වෙනසක්, මොකද්දෝ පරතරයක් පේන්න ගන්නව. තව ටිකක් අපි ඕකට කිට්ටු වෙලා බලාගෙන ඉන්න පුළුවන්කම තිබ්බොත් හම්බ වෙනවා, ඔය හුස්මටත් තියනවා ආරම්භයක් සහ යම්කිසි ගමනක් සහ මොකද්දෝ තැනක අවසානයක්. මේක ඕන්නං අපිට ගන්න පුළුවන්, ආශ්වාසයේ ආරම්භයේ ඉඳල ප්‍රාශ්වාසයේ අවසානය කියලත්. එහෙම නැත්නම් ආශ්වාසයයි ආරම්භය මැද සහ ආශ්වාසයේ අවසානය. ඊළඟට ප්‍රාශ්වාසයේ ආරම්භය මැද අවසානය කියල එහෙම ගන්නත් පුළුවන්.
කෙසේ හෝ වේවා මේ ඕනම එකක තියන සාමාන්‍ය රටාව තමා මෙන්න මෙහෙම තියන ගමන. මොකද්ද මෙහෙම තියන ගමන කියන්නේ? ආරම්භය පැවතීම සහ ඒකෙ අවසානයක් තියනව. ඒක හරියට අපේ ජීවිතේ තියන සාමාන්‍ය කාරණාවල් වගේම තමයි. මට අද කියන්න ඕනකම තියෙන්නෙ ඔන්න ඕකයි.
අපි උදාහරණයක් හැටියට ගත්තොත් තරහ යනව කියන එක කාටත් වෙන්න පුළුවන්. අනාගාමී වෙනකම්. තරහ යන කෙනෙක්ට සමහරක් විට තේරෙනව නම්, මේ ධර්මානුකූල කාණාව ඉගෙනගෙන තියෙනව නම්, එයා පිළිගන්නව එයාට තරහ යනව කියල. මේ ලෝකෙ ගොඩක් ඇත්තො ඉන්නෙ, විශ්වාස කරන්න මං මේ කියන එක, පිළිගන්නෙ නෑ තමන්ට තරහ යනව කියල.
තමන්ට තරහ යනව කියන එක පිළිගන්නව නම් එයා බුද්ධිමතෙක්. අංක එකට මං කියන්න ඕන. තරහ ගන්නව එයා. තරහ ගත්ත වුනාට එයා පිළිගන්නව ඒක. ලෝකෙ බෙහෝ පිරිසක් ඉන්නෙ, පිළිගන්නෙ නෑ. ඔය නඩුහබවල එහෙම පොඩ්ඩක් බලන්නකො. වැරදි කරාද කියල අහපුවම වැරදි කරල තියනව. සියයට සීයක් ඔප්පුත් වෙලත් තියනව. නෑ මං වැරැද්ද කරල නෑ. පිළිගන්න මනාප නෑ එයා. ඒක සුසුදුයි කියල කියනව. අද වෙනකොට හිත හදල තියනව, "නෑ එයා ඒක කරන්න ඕන" කියල.
කොහොම හෝ වේවා අපිට තේරෙනවා නම් මම තරහෙන් ඉන්නෙ කියලා, ඕක දිහා බලාගෙන ඉන්න එකත් අර ආනාපානෙ දිහා බලාගෙන ඉන්න හාම සමානයි. කවුරු හරි කෙනෙක් භාවනාව කරනකොට මං ඒකයි මුලින්ම කිවුවෙ, එයා මේ ඉගෙන ගන්නෙ සාමාන්‍ය ජීවිතය තුල තියන අර සාංසාරික ප්‍රශ්නයට මුහුණ දෙන ස්වභාවයයි මේ භාවනාවෙදි ඉගෙන ගන්නෙ. ඕක සාමාන්‍ය ලෝකයාට ලේසියකට හම්බ වන එකක් නෙවෙයි.
අපි මේ ආනාපානයක් බලාගෙන ඉන්නවා කියලා ඒ කරන්නෙ මේ නිකම්ම නිකං එකක් නෙවෙයි. ඒකෙන් වෙන ඔය සිද්ධියම තමයි සාමාන්‍ය ජීවිතය තුල තරහටත් සිද්ධ වෙන්නෙ. අපිට ආනාපානය පොඩ්ඩක් හරි බලාගෙන ඉන්න පුළුවන්කම තියනව නම්, ඒ වගේ පොඩි වෙලාවක් අපිට පුළුවන්කම තියනවා අපේ ජීවිතයෙ තියන ඕනෑම කාරණාවක් දිහා බලාගෙන ඉන්න.
ආශ්වාසයෙ ඉඳලා, ඒ ආශ්වාසය ඉවර වෙලා, ප්රාශ්වාසය ඇවිල්ලා, ප්රාශ්වාස ඉවරයක් වෙලා, ඒ බලාගෙන ඉන්න පුළුවන් කාලය තියනව නම්, ඒ හා කාලයක් අපිට සාමාන්‍ය ජීවිතය තුල වුනත් ඕනෑම කාරණයක් දිහා බලාගෙන ඉන්න පුළුවන් තරමෙ හිතේ තැන්පත්කමක් තියනව. ඕකටයි 'සමාධිය' කියල කියන්නෙ. ඒ තැන්පත්කම තියනව.
එතකොට ඔය තැන්පත්කමේ ඉන්න අපිට පුළුවන් නම් ඊළඟට අපිට බලාගෙන ඉන්න පුළුවන්කමක් තියනව නම් තරහ දිහා, මේකත් ගොඩක් වෙලාවට තේරෙන එකක්, සමහර අවස්ථා තියනව අපේ තරහ ටිකක් වැඩිවේගෙන වැඩි වේගෙනත් යනව. සමහර අවස්ථා තියනව තරහ අපෙන් අඩු වේගෙන අඩු වේගෙනත් යනව. හැබැයි සාමාන්‍ය ලෝකයේ ඔය තරහ තියනවා කියන එක විතරක් හඳුනා ගත්ත කෙනෙක් හිටියොත්, තරහක් තියනවා කියල විතරක් හඳුනා ගත්ත කෙනෙක් හිටියොත් එහෙම, එයාට හම්බ වෙලා තිබ්බෙ නැත්තම් මේකෙ තියන අර වැඩි වීමයි අඩු වීමයි කියන පැති දෙක, මෙයා හිතා ගන්නව, මෙයා හඟිනවා, මෙයා මම හැටියට ගන්නවා, "මට තරහක් තියනවාමයි" කියල.
මේ තරහ සිතුවිල්ල එනවා. හට ගන්නවා. හටගෙන වැඩි වෙනවා. තරහ උපරිමස්ථයට යනවා. ඉංග්‍රීසියෙන් කියනව peak එකට කියල. උපරිමයට ගිහිල්ල ආපහු ඒක අඩු වේගෙන අඩු වේගෙන අඩු වේගෙන, නැත්තට නැති වෙලා යනව. එක්කො තරහ හට ගන්නකොටම උපරිම තැනට ගිහිල්ලම තියෙන්නත් පුළුවන්. කොහොම හරි කමක් නෑ අඩු වේගෙන අඩු වේගෙන යනව. නමුත් මේ අඩු වේගෙන යන ඒ ස්වාභාවය කවුරු හරි කෙනෙක් හඳුනා ගත්තෙ නැත්තම් දැන් මට ඒක අඩු වේගෙන යන්නෙ කියල, එයා හිතාගන්නෙ මොකද්ද? මං මේ තරහෙන්මයි ඉන්නෙ කියල.
මේ සිතුවිලි ඉවරයක් වෙලා යනව හිතට වැඩි වෙලාවක් තියාගෙන ඉන්න බැරි හින්ද එක සිතුවිල්ලක්. ඊළඟට ආපහු වෙන මොනව හරි හිත හිතා ගිහිල්ල ආපහු තරහක් එන්න පුළුවන්. එතකොටත් මෙයා හිතන්නෙ මොකද්ද? අර පරණ තරහමයි තියෙන්නෙ කියල. ඔන්න ජන්මාන්තරගත වෛරක්කායො හැදෙන විදිහ. මේ මිනිස්සුන්ට මේ සිහියක් පතක් නැතුව නෙවෙයි මේ. තියනව. පුරුදු කරන්න ඕන මට්ටමට සිහිය නෑ.
බුදු හාමුදුරුවො කියල දෙන රටාව මෙන්න මේකයි. අපිට ඉගෙන ගන්න කියල කියනව පින්වතුනි, අපේ ජීවිතේ මේ මොහොත තුල කරන්නෙ මෙන්න මේකයි කියල අංක එකට. මේ මොහොත තුල තමන්ට දැනට තියෙන්නෙ මෙන්න මේකයි, කියල ඉගෙන ගන්න කියනව අංක එකට. ඕකට කියනව සතිපට්ඨානය කියල. සිහිය පිහිටුවා ගන්නව.
ඒ කියන්නෙ මේ වෙලාවෙ තරහ නම් තියෙන්නෙ, "ඔව් මට තරහ තියෙනව." මේ වෙලාවෙ රාගය නම් තියෙන්නෙ, "ඔව් මට රාගය තියනව." මේ වෙලාවෙ ආශ්වාසය නම් පේන්නෙ, "ඔව් ආශ්වාසය පේන්නෙ." මේ වෙලාවෙ වේදනාව නම් දැනෙන්නෙ, "ආශ්වාසය බලනව නෙවෙයි මං මේ වෙලාවෙ වේදනාවයි බලන්නෙ."
එතකොට අපි අපේ හිත හදාගෙන තියෙනවා අංශුමාත්රයෙන් අංශුමාත්‍රයට අයින් වෙන එක අයින් කරල, ඊළඟට තියන එකත් එක්ක හිත හදාගෙන පැලපදියම් වෙන්න. මේක අංශු මාත්‍ර ක්ෂණයයි ඉන්නෙ. ඕකට කියන්නෙ 'ක්ෂණය' කියල. ඒ ක්ෂණයෙන් ප්‍රයෝජනය ගන්න කෙනාට කියමු ක්ෂණය සම්පත්තියක් කර ගන්න කෙනෙක් කියල. හොඳේ.
ඒ ඒ සුළු මොහොතින් ප්‍රයෝජන ගන්න කෙනා. අන්න ඒ කෙනා වේදනාවක් එනකොට "හා..වේදනාව" කියල තේරුම් ගන්නව. එයා බලාපොරොත්තු වෙන්න යන්නෙ නෑ "මට ආනාපානය ඕන" කියල. ඔන්න සාමාන්‍ය ලෝකයාට ඕනකම තියෙන්නෙ "නෑ නෑ නෑ වේදනාව එපා, මට ආනාපානය ඕන." නමුත් ධර්මානුකූලව ඉන්න කෙනා මොකද කරන්නේ? "දැනට වැඩිපුර ඉහළට යන්නෙ මොකද්ද වේදනාවද? හා..වේදනාවට කැමතියි."
ඊයෙ අපි ගියා මුහුද බලන්න. ඕක දිහා බලාගෙන ඉඳ්දි මට ඔය සිද්ධියම තේරුනා. තේරුනා කියන්නෙ ඔළුවට ආවා. එක රැල්ලක් දිහා මම බලාගෙන හිටියා කියන්නකො. මං කැමතියි ඒ රැල්ල ඇවිල්ල උඩට ගිහිල්ල උඩට ගිහිල්ල කොහොම හරි එයා නැති වෙනවට. නමුත් ඒ රැල්ලට අදාල ගමනක් ඒ රැල්ලට තියෙන්නෙ. ඒක මට වෙනස් කරන්න බෑ ඔහොම නෙවෙයි මොන ජාතිකටවත්. මං ඒක දිහා බලාගෙන හිටිය වුනත් වෙන රැල්ලක් ඇවිල්ල ඊට වඩා උඩින් යන්න පුළුවන්. මේ ඉස්සරහ තියන රැල්ල ඊට වඩා උඩින් යන්න පුළුවන්. එක්කො මේක නැත්තට නැති වෙන්නත් පුළුවන්.
අන්න ඒ වගේ අපි බලාගෙන ඉන්න පටන් ගන්නෙ මොකද්ද? අපිට වැඩිපුරම පේන්නෙ ඒකයි. සාමාන්‍ය ජීවිතේදි පවා ඔය කියන අත්දැකීම අපිට හම්බ වෙන්න පටන් ගන්නවා. තරහ මරහා, ඉරිසියා ක්‍රෝධ හරි ආශාව හරි මොනව හරි කමක් නෑ, අපිට හම්බ වෙන හැම කාරණාවක්ම දකින්න පුළුවන්කමක් අපිට හිතට එන්න පුළුවන්. අර විදිහට භාවනාවෙ අත්දැකීමක් තියනව නම්.
හැබැයි භාවනාවෙදී අපිට අත්දැකීම තියෙන්නෙ ආනාපානය විතරක් බලන්න නම්, සාමාන්‍ය ජීවිතය තුල වුනත් අපේ මනස වැඩ කරන්නෙ එක කාරණාවක් දිහා අවධානය යොමු කරගෙන ඉන්න විතරක් වෙන්න පුළුවන්. භාවනාවෙදි අපිට හිත හදා ගන්න පුළුවන් නම් වේදනාව එනකොට වේදනාවත් එක්ක ඉන්න, හිත දුවනකොට හිත දුවන එකත් එක්ක ඉන්න, සද්දෙ ඇහෙනව නම්, ඒක නම් වැඩිපුර තියෙන්නෙ ඒකත් එක්ක ඉන්න, ඊට පස්සෙ හොඳට ආනාපානය දැනෙනව නම් ඒ මොහොතෙ ඒකත් එක්ක ඉන්න හිත හදාගෙන ඉන්නව නම්, සාමාන්‍ය ජීවිතය තුල මොන දේ වුනත් කමක් නෑ එයා ඒ හැම එකක්ම සමතුලිත කර ගන්නව. ඒ හැම එකකටම (ඉංග්‍රීසියෙන් කියනව involve වෙනවයි කියල) හැම එකකටම ටක් ටක් ගාල මාරු වෙන්න එයාට පුළුවන්කමක් තියනව.
'මේකමයි මට ඕන' කියන මමත්වයට යන්න එයාට ඕන අදහසක් නෑ. ඒ වගේ බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවයක් හෝ උවමනාකමක් හෝ නෑ. මම කියන කෙනා හෝ මගේ ලෝකය හෝ මගේ ජීවිතය මෙන්න මේ ආකාරයෙනුයි තියෙන්න ඕන, මේක විතරමයි තියෙන්න ඕන, කියන ඒ ස්ථිර සංඥාව මෙයාට නෑ. අර අස්ථිර සංඥාවයි ඇවිල්ල තියෙන්නෙ. අනාත්ම සංඥාව, විරාග සංඥාව, අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, ඔය ටිකයි පහළ වෙන්න පටන් අරන් තියෙන්නෙ.
කෙසේ හෝ වේවා සාමාන්‍ය ජීවිතය තුල තියන දුකින් නිදහස් වීමේ මාර්ගය හැටියට බුදු හාමුදුරුවො දේශනා කරනව සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨානය එකක්, සතිපට්ඨාන භාවනාව එකක්.
සතිපට්ඨාන භාවනාව හැටියට කියල දෙන්නෙ පින්වතුනි, හොඳට මතක තියාගන්න ඕන, අපිට මුලින්ම තේරෙන ඔය කියන සිහිය ඊළඟට තේරෙනව නම්, ආනාපානයෙ ආරම්භයේ ඉඳල මැදට මැද ඉඳල අගට තේරෙනව නම්, බුදු හාමුදුරුවො උගන්වනව මේ වෙන්නේ මේකේ වර්ධනය. "මේ වෙන්නේ මේකෙ බැසයෑම" කියන එක හොඳට නුවණින් මෙනෙහි කරන්න කියල කියනව.
සාමාන්‍ය ලෝකයාට, අර තරහ තියනවද කියල තේරෙන්නෙ නැති කෙනා නම් මේක දන්නෙම නැහැ. තරහ තියනවා කියල තේරෙන කෙනාට තේරෙනව නම් තරහ වැඩි වෙනව කියල, බුදු හාමුදුරුවන්ගෙ ඔය කියන ක්‍රමෙත් එක්ක එයා තමන්ටම මෙනෙහි කර ගන්න ඕන, තමන්ටම මතකයක් ඇති කර ගන්න ඕන, මේ මට තරහ වැඩි වෙන වෙලාව කියල. ඕක අපි මිස් කරනව.
ඕකෙත් වඩා වැදගත්ම කොටස තමයි "මේ මට තරහ අඩු වෙන වෙලාව" කියල මතක් කරන එක. මොකද එතනින් තමයි අපි ඒ හිටපු දුකෙන් නිදහස් වෙනවා කියන එක අපි අපේ හිතට උගන්වන්නෙ. මෙච්චර කාලයක් සාංසාරිකව පින්වතුනි, අපි අපේ හිත් වලට උගන්වල තියෙන්නෙ රාගය තියනව, ද්වේශය තියනව, මෝහය තියනව, ඉරිසියාව තියනව, පලිගැනීම තියනව, ශ්‍රද්ධාව තියනව, දන් දෙන්න හිතෙනව, භාවනා කරන්න හිතෙනව. මොනව හරි මේකෙ අර peak එක විතරයි. අර උපරිමස්ථය විතරයි. හැබැයි මේ හැම එකකටම ආපු තැනක් තියනවා, ආපු ක්‍රමයක් තියනවා, ආපු වටපිටාවක් තියනවා. බිංදුවේ ඉඳල නැගල යම්කිසි මට්ටමකදි තමයි අපිට මේව තේරෙන්න ගන්නෙ.
උදාහරණයක් හැටියට නින්ද එනව කියන්නකො. අපිට නිදිමත එන්න පුළුවන්. පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්නත් පුළුවන්. නමුත් නින්ද යන්නේ, අර පොඩ්ඩ පොඩ්ඩ තේරෙන මට්ටමෙන් නෙවෙයි නේද? නෑනෙ නේ? නින්ද යන්නෙ නින්ද යන්න පුළුවන් තැනට ආවට පස්සෙ විතරයි. අපි තේරුම් ගත්ත නම් බුදු හාමුදුරුවො මේ කියන හැටියට, දැන් මේ පටන් අරන් තියෙන්නෙ, මට මේ නින්ද යන විදියට මට මේ එන්නෙ කියලා එතකොට ඒක අර හැංගිච්ච එකක් නෙවෙයි. මේ සිද්ධ වෙන දේ අපි අපිටම තේරුම් ගන්න පටන් ගන්නව. ඔන්න ඕකට කියනව යථාර්තය අවබෝධ කරනව කියල.
මේකෙ අවබෝධ කරන්න වෙන යථාර්තයක් නැහැ. අපි හැම වෙලේම මුහුණ දෙන යථාර්තයයි අපි අපිටම මෙනෙහි කර ගන්න ඕන වෙන්නෙ. අපි ගාව තරහ එන වෙලාවට මෙනෙහි කරන්න ඕන "තරහ මට එනව." තරහ අපෙන් යන වෙලාවට මෙනෙහි කර ගන්න ඕන "තරහ මගෙන් යනව" කියල. හැබැයි මේකෙ පොඩි අවස්ථාවකුත් තියනව. කවුරු හරි කෙනෙක් දන්නෙ නැතිනම් මේ තරහ එන එක කියල, මේ තරහ අඩු වෙන විදිහ කියල, එන එකට අඩු වෙනවා කියලත් අඩු වෙන එකට එනවා කියලත් මෙනෙහි කර ගන්න පුළුවන්. ඒක කෘතීමයි. එහෙම හම්බ වෙන ඥාණය සම්මා ඥාණයක් වෙන්නෙ නැති එක දැන් ඔය ඇත්තොන්ට තේරෙනව ඇතිනෙ. ඒක යහපත් ඥාණයක් නෙවෙයිනෙ. ඒක හදාගත්ත මිත්‍යා ඥාණයක්.
නමුත් ධර්මානුකූලව ජීවත් වෙන අපිට එහෙම නම් කරන්න තියන වැඩපිළිවෙල තමයි, පළවෙනියෙන්ම විශ්වාසය ඇති කර ගන්න ඕන, සැකෙන් නිදහස් වෙන්න ඕන මොකද්ද? දැන් මට මේ රාගය වැඩි වෙනව. තරහ වැඩි වෙනව. ඉරිසියාව වැඩි වෙනව. ශ්‍රද්ධාව වැඩි වෙනව. උවමනාව වැඩි වෙනව. උත්සාහය වැඩි වෙනව. ආදී වශයෙන් වැඩි වෙනකොට මොනව හරි දෙයක්, ඒ දේ වැඩි වෙන විත්තිය තමන්ටම මුමුණාගන්න ඕන පළවෙනියෙන්ම. මේක අපි අපේ හිතට උගන්වන්න ඕන එකක්.
ඒ දේ තුල ඉන්නකොට තමන් තමන්ටම මෙනෙහි කර ගන්න ඕන,
"ඔව් මම දැන් තරහෙන් ඉන්නෙ. මම දැන් බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නෙ. මං හරි සංතෝසයෙන් ඉන්නෙ. මං හරි කම්මැලිකමෙන් ඉන්නෙ. මම හරි වේදනාවෙන් දැන් ඉන්නෙ. මං හරි ප්‍රශ්නෙකින් ඉන්නෙ දැන්."
අන්න ඒ ආකාරයට තමන් මේ ඉන්න ස්වභාවය තමන්ම තේරුම් ගන්න ඕන. ඕකට කියනව යෝනිසෝමනසිකාරගත කරනවයි කියල. ඊට පස්සෙ අපිට කරන්න තියන දේ මොකද්ද? මේ දේ බැහැර වෙනකොට,
"හා දැන් මගෙන් තරහ බැහැර වෙලා මේ යන්නෙ, බැහැර වීගෙනයි මේ යන්නෙ. මේ ඉරිසියාව බැහැර වීගෙනයි යන්නෙ. මේ එපාවීම බැහැර වීගෙනයි යන්නෙ. මේ කම්මැලිකම බැහැර වී ගෙනයි යන්නෙ. මේ නිදිමත, අලසගතිය බැහැර වී ගෙනයි යන්නෙ. මේ උත්සාහය බැහැර වීගෙනයි යන්නෙ. මේ වීර්යය බැහැර වීගෙනයි යන්නෙ. මේ ශ්‍රද්ධාව බැහැර වී ගෙනයි යන්නෙ ආදී වශයෙන් අපිට ඒ දේවල් බැහැර වෙලා යන ඒ ස්වභාවයත් ඔය විදියටම අපි යෝනිසෝමනසිකාරගත කර ගන්න ඕන. තේරුම් ගන්න ඕන.
අපි අපේ හිතට කවදාවත් උගන්වපු දේවල් නෙවෙයි මේව. ඔහොම වුනාම විතරයි පින්වතුනි අපි ඉගෙන ගන්නේ, මේ හැම එකටම හේතුවකුයි ඵලයකුයි තියනවයි කියල. හේතු වැඩි වෙන්න වැඩි වෙන්න ඵලය හැදෙනවා. හේතු නැති වෙන්න නැති වෙන්න ඵලය නැති වෙලා යනවා කියන මේ චතුරාර්යය සත්‍යය දහම තුල, ඔය පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න පටන් ගන්නෙ ඔන්න ඔහොම මෙනෙහි කරන්න පටන් ගන්නකොටයි.
මේකට යන පාර ටිකක් අමාරුයි නම් තමයි. සිහියට එන්න ඕන. සිහියට පස්සෙ මේව පුරුදු කර ගන්නත් පටන් ගන්න ඕන. එහෙම එකක් තියනව. නමුත් බැරි නෑ.
ඉතින් ආන් ඒ ටික කරන්න තමයි අපි භාවනාව කරන්නෙ. භාවනාව කරල, සිහිය පුරුදු කරගෙන, ඒ පුරුදු කරන සිහිය අනිත් හැම දේකටම පුළුවන් නම් දා ගන්න, එහෙනම් දක්ෂයි. ඉතින් අද දවස ඔය ඇත්තො ඒ කියන හපන්කම කරන්න පාවිච්චි කරන්න ඕන පුළුවන් තරමක්. පුළුවන් තරමක් ඒ දේවල්වලට පාවිච්චි කරන්න ඕන. මේ තියන වටපිටාව හොඳටෝම ප්‍රමාණවත්. ඉතින් ඒ කටයුතු එහෙම කර ගන්න ගමන්, තමන්ගේ බණ භාවනා කටයුතු කරන්න විවේකය හදා ගන්න. මොනව හරි ප්‍රශ්ණයක් තියනව නම් අහන්න ඕන, දන්න දෙයක් නම් කියල දෙන්න. ඒ වගේම අපි හවසට ධර්ම සාකච්ඡාවක් කරල ඊළඟ කටයුතු මොනවද කියල කතාබහ කර ගනිමු.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
කාලයකට අයිති නොවන කාලය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
ව්‍යවහාරික හැටියට මේ අවුරුද්දෙ අවසානම පෝය. මේ පෝයෙන් පස්සෙ ඊළඟට එන්නෙ ඊළඟ අවුරුද්දෙ පෝයයි ව්‍යවහාරික හැටියට. මම සතුටු වෙනවා අද දවසෙත් ඔය ඇත්තො තමන්ගෙ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න ආපු එක ගැන. භාවනා කරන්න හොඳ වටපිටාවක් තියන බව ඔය ඇත්තො දන්නවා. ඉතින් ඒ වටපිටාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් උත්සාහ කරන්න ඕන.
අපේ ජීවිතේ කියන්නෙ කොහොමත් විවිධාකාර වටපිටාවන්ට, විවිධාකාර තත්ත්වයන්ට නතු වෙන දෙයක් තමයි. සමහර කාලවලදි අපි සතුටෙන් සහ සාමයෙන් ඉන්නා අතර සමහර කාලවලදි එහෙම සතුටක් නැති වෙන අවස්ථා තියනවා. සමහර වෙලාවල්වලට ඔය 'සතුට නැති' කියන ඒ කොටස ටිකක් අධිකව තියෙන්නත් පුළුවන්.
කෙසේ හෝ වේවා දුක කියන එක බුද්ධ ශාසනයේ ටිකක් පුළුවල්ව කතා කරන වචනයක්. ඒ දුක කියන එක බුදු පියාණන් වහන්සේ අපිට කියල දෙනවා ඕනෑම කෙනෙක්ට, ඕනෑම තැනක, ඕනෑම වෙලාවක තියෙන්න පුළුවනි යි කියල. හැබැයි මේක තුල තියන රහස, ඒ දුක හඳුනාගෙන ඒ දුකත් එක්ක නොඇලී නොගැටී ඉන්න පුළුවන්කම තියනවද? ඇලෙනවද? ගැටෙනවද? කියන මේ කාරණා දෙක මත තමා ඒ මොහොත ගත කරනවාද? ගත වෙනවාද? කියන එක තීරණය වෙන්නෙ.
උදාහරණයක් හැටියට මොකක් හරි වද වේදනාවක් ආපු වෙලාවකදී ඒ වද වේදනාව ශාරීරිකව තියන දෙයක් නම් ඒ ශාරීරිකව තියන වද වේදනාවට අපි මනාප නැත්නම්, අමනාප නම්, රුචි කරන්නෙ නැත්නම් හෝ ඒ දෙයට තියෙන්න දෙන්නෙ නැත්නම් හෝ ඒ දේ ඉවසගෙන බලාගෙන ඉන්න බැරි නම්, අපිට මේ දේ පලවා හරින්න පුදුමාකාර උවමනාවක් තියනවා. එතකොට සමස්ථයක් හැටියට ගත්තහම අපේ ජීවිතය තුල අපි ගොඩක් වෙලාවට කරල තියෙන්නෙ ඔය කියන එකම තමයි. අකමැති දේ අයින් කරන්න උත්සාහ කරපු එකයි. කැමති දේ ලං කරගන්න වගේම අකමැති දේ අයින් කරගන්න.
ඒ හින්ද තමයි අපේ ජීවිතය තුල විවිධාකාර ශක්තීන් හැදිල තියෙන්නේ. උවමනා එපාකම් කියන ඔය ගොන්නට වැටෙන ශක්තීන් තමයි අපි ගාව තියෙන්නෙ. බුදු හාමුදුරුවො ඕකට කියනව 'තණ්හාව' කියල.
අපේ ජීවිතේ, ඇත්තම කියනව නම් යකඩ කෑල්ලක් වගේ. ආශාවල් උවමනාවල් කියන ඒවා කාන්දම් වගේ. අපි ඒ ආශාවල් හෝ උවමනාවල් හෝ ඕනකම් එපාකම් කියන ඒවා ඇසුරු කරන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න, හරියට අර යකඩ කෑල්ලක් කාන්දමක ගාවනව වගේ.
යකඩ කෑල්ලක් නිකං යකඩ කෑල්ලක ගෑවුවට ඒකෙ ආකර්ශණීය බවක් නැහැ. ඇලෙන බවක් නෑ. ඔය ඇත්තො දන්නව ඇතිනෙ. හැබැයි කාන්දමක් අරගෙන ඒ කාන්දම අර යකඩ කෑල්ලෙ ගාවල ගාවල ගාවල ගාවල ටික වෙලාවක්, ඊළඟට ඒ යකඩ කෑල්ල තවත් යකඩ කෑල්ලක තියල බැලුවොත් එහෙම අන්න ඒ යකඩ කෑල්ලට ඇලෙන්න පුළුවන්. අර දේ අලවන්න පුළුවන්. කාන්දමේ තිබුනු කාන්දම් බලය අල්ලාගන්නා වූ හයිය ශක්තිය යකඩ කෑල්ලට ගිහිල්ල තියනවා. ඕක කරල බලන්න.
ඒ වගේ තමයි පින්වතුනි අපේ ජීවිතයත්. අපි ඇත්තටම ඉපදෙනකොට මේ දේට එච්චර ශක්තියක් තිබිච්ච නැති එකක්. හැබැයි අපේ උවමනා එපාකම් කියන ඒවා එක්ක අපි අපේ ජීවිතය තුල විවිධාකාර විදිහේ ශක්ති ප්‍රභවයන් හදා ගන්නවා. මට ඕන, මට එපා, මම කැමති, මම අකමැති, මම බලාපොරොත්තු වෙන, මම බලාපොරොත්තු නොවෙන, මම විශ්වාස කරන, මම විශ්වාස නොකරන, මම අදහස් දරන, මම අදහස් නොදරන ආදී වශයෙන් අපේ ජීවිතය තුල අපි අනන්ත අප්‍රමාණ වශයෙන් විවිධ විදිහේ උවමනා එපාකම් ගොන්නක් හදාගෙන තියනවා.
අන්න ඒ ටික තමයි අපි එහෙට මෙහෙට පද්දවන්නෙ. ඔන්න ඕකටයි කියන්නෙ සංසාර ගමන කියල. මනුෂ්‍යයා කියන සත්ත්වයාව ඒකයි කැළඹෙන්නේ. දුකට යනකොට එයා ඉගෙන ගෙන තියෙන්නේ ඒ දුකෙන් අයින් වෙන්න නම්, එයා දන්නෙ නැත්නම් මේක තුල මධ්‍යස්ථභාවයට පත් වෙන්න ඕන කියලා, එයා දුකෙන් අයින්වෙන්න සැපයෙ අන්තයට යනවා. සැපට ගියාට පස්සෙ සැප තව තවත් හොයාගෙන ගිහිල්ල ආපහු දුකට වැටෙනවා. ඒ වැටෙන්නෙත් දුකේ අන්තයට තමයි.
මේ දේ තුල තියන මධ්‍යස්ථභාවය, නැත්නම් මැද ක්‍රමය හඳුනාගන්න ඇත්තටම නොහැකියාවක් තියනවා. හඳුනාගන්න නොහැකියාවක් තියන ප්‍රධානම හේතුව තමයි සාමාන්‍ය ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙන ඒ ගොල්ලන්ගෙ වින්දන පරාසය, සැප කියන එක ඕන වුනාම අතිශයින්ම සැප විඳින්න ඕන ඒගොල්ලන්ට. මනුෂ්‍යයන්ට එහෙමයි. ඕනම මනුෂ්‍යයෙකුට, මේ දේ හඳුනා නොගත්තොත්. දුක් වුනාමත් ඒ දුකේ ඒ ගොල්ලන්ට ගොඩාක් ගැලිල ඉන්න වෙනවා. ඒකටයි ඒගොල්ල දුක කියල කියන්නෙ.
ඒක හරියට අර යුධ හමුදාවෙ කියනවා අතක් පයක් කැඩුනොත් ඒකත් සුළු තුවාල වගේ කියනවා. ගණන් ගන්නෙ නෑ. ලොකු තුවාලයක් වෙන්න ඕන. ඉතින් සාමාන්‍ය ලෝකයා ඔය සැප අන්තයෙ ඉඳල දුක් අන්තයට යන්න වෙනකොට මේගොල්ලො අනිවාර්යයෙන්ම මධ්‍යස්ථභාවයත් පහු කරලයි යන්නෙ. මේ සැප අන්තයෙ ඉඳල දුක් අන්තයට යනකොට ඕකෙ මැද තමයි මේ මධ්‍යස්ථ වූ මාර්ගයත් තියෙන්නෙ.
හැබැයි සාමාන්‍ය ලෝකයාට මේක අල්ලන්න බැහැ. හේතුව තමයි ඒගොල්ලො හිතන පරාසයට ඒගොල්ලොන්ගෙ හිතට උගන්වලා නැහැ මධ්‍යස්ථ මතධාරීත්වය තුල සංතෝසය බුක්ති විඳින්නෙ කොහොමද කියල. අන්න ඒකයි අවුල. ඔය මධ්‍යස්ථ මතධාරීත්වය නැත්නම් මධ්‍යස්ථ වූ ප්‍රමාණය ඉගෙන ගන්න එකයි අපි භාවනාවෙන් මේ කරන්නෙ.
දුකක් තියනවද? සැපක් තියනවද? මොකද්ද තියෙන්නෙ? කියල හඳුනාගන්න සිහියෙන් තමයි ඒ දේ හඳුනාගෙන ඒ දේ කොච්චර දුරක් තමන්ට බද්ධ වෙලා තියනවද? නැත්නම් ඒ තියන කාරණාව කොච්චර දුරකට තමන්ට බලපෑමක් කරනවද කියන එක හඳුනාගන්නෙ සම්පජන්යයෙන්. ඒ හඳුනා ගැනීම එක්ක තමයි අපි තේරුම් ගන්නෙ මට තියන එක දැන් ගොඩක් දුකක් කියන එක හෝ මට තියෙන්නෙ ගොඩක් සතුටක් තියන එකක් කියල.
අන්න ඔතනට තමයි අපිට බුදුරජාණන් වහන්සේ එකතු කරන්න කියන්නේ, ඔය තියන දුකට හෝ ඔය තියන සතුටට මං ගාව තියන අල්ලාගැනීම මොකද්ද? තමන් ඒ ගැන දරන අදහස මොකද්ද? ඒ දේ තියෙන්න දෙන්න කැමතිද? ඒ දේ වෙනස් කරන්න කැමතිද? ඔන්න ඕක තමයි අපි හොයන්න ඕන.
භාවනාවෙදි ඇත්තටම කරන්නේ ඔන්න ඔය කියන කාරණාව අල්ලගන්න එක. පළවෙනියටම අපි කරන්නෙ වර්තමාන මොහොතට ඇවිල්ල ඇහෙන සද්දයක් දිහා අහගෙන ඉන්නවා. හේතුව තමා මම සද්දයක් එනව කියන්නෙ මේකයි. අපිට මේ හිත පුරුදු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපායැ. ඒ ක්‍රමය එතකොට අපිට අල්ලන්න පුළුවන් විදිහෙ මොකක් හරි සරල අවස්ථාවකින් පටන් ගන්නවා. ඉස්සෙල්ලම අපි මොකද කරන්නේ?
අපේ හිතට අපි උගන්වනව අපි කැමති දෙයක් එක්ක මොහොතක් ඉන්නෙ කොහොමද කියල. කැමති දෙයක් එක්ක උවමනාවෙන්ම දැනුවත්කමෙන්ම, මනා අවබෝධයෙන්ම ඒ කැමති දේත් එක්ක මොහොතක් ඉන්නෙ කොහොමද කියල අංක එකට අපි හිතට උගන්වනව. ඒක කරන්නෙ සද්දයක් අහගෙන ඉඳල තමයි. ඒ ඇහෙන සද්දෙට ඇහෙන්න දීලා, ඒ දේ අහගෙන ඉදලා, ඒ දේට මනාප වෙලා, රුචි වෙලා, කැමති වෙලා, මොහොතක් ඉන්න.
නමුත් ඊට කලින් අපි ගාව තිබිච්ච හිත ඔයිට වඩා වෙනස්. ඒ හිතට තියෙන්නේ ඒ ඇහෙන ශබ්දය විභේදනය කරන්න ඕන, විචාරයට ලක් කරන්න ඕන, කතන්දර හදන්න ඕන, උවමනාවල් හදා ගන්න ඕන, එපාකම් හදාගන්න ඕන. නමුත් දැන් භාවනා කරන වෙලාවට මොකද කරන්නේ? ඇහෙන සද්දෙට ඇහෙන්න දෙනවා.
ඒ දේ අපි ඇහෙන්න කැමති දෙයක් අල්ල ගන්න එක ලාභයි පළවෙනි එක. ඔය කුරුල්ලෙක් කෑ ගහන එකක් වෙන්න පුළුවන්, ගහක අත්තක් හෙලවෙන එකක් වෙන්න පුළුවන්. ඔය වගේ මොකක් හරි කැමති සද්දයක් අල්ලගන්නව ඉස්සෙල්ල. එතැනින් අපේ හිතට උගන්වනවා, හුරු කරවනවා, මනාප දේත් එක්ක මොහොතක් ඉන්න.
එහෙම හුරු කලාට පස්සේ ඊළඟට මොකද්ද අපි කරන්නේ? අකමැති වූ ශබ්දවලට ඒ වෙනුවට ඊළඟට අපේ හිත යොමු කරන්න පටන් ගන්නවා. කැමති ශබ්ද වගේම අකමැති ශබ්දත් තියෙන්න පුළුවන්නෙ. විශේෂයෙන් බය ඇතිවන ශබ්ද වෙන්න පුළුවන්. අපි අහන්න අකමැති ශබ්ද තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට භාවනාවක් කරන වෙලාවට සිංදුවක් අහන්න කැමති නෑ. නමුත් ඒක ශබ්දයක් හැටියට අරගෙන ඒක අහගෙන ඉන්න හිත හදා ගන්නව නම් අන්න දක්ෂතාවය.
එතකොට මේ කියන සිහිය පැවැත්වීමේ මූලරම්භය අපි පටන් ගන්නේ අපිට අල්ලන්න පුළුවන් දෙයින් තමයි. ඒ පුළුවන් දෙයින් පටන් ගත්ත ඒ ආරම්භක වූ ගමන ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට අරගෙන යනවා. වඩා වර්ධනය කර ගන්නවා, අකමැති දේ තුලත් අපේ හිත සාමකාමීව පවත්වා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීම තුලින්.
ඔන්න ඔය විදියට කණ පුරුදු කරලා ඊළඟට ඇස පුරුදු කරන්න උත්සාහ කරන්න ඕන. ඇසට දකින ප්‍රියමනාප දේ දිහා බලන්න, ඒ ප්‍රියමනාප දේට කැමති වෙනව කොහොම හරි. නමුත් මම දැන් මේ ප්‍රියමනාප දේ බලනවා කියන එක හඳුනාගන්න ඕන. උදාහරණයක් හැටියට අපිට මේ හරියෙ තියන මොකක් හරි දෙයක් බලන්න පුළුවන් හිතේ මොකක් හරි දෙයක් තියන ගමන්.
ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන සතිපට්ඨාන ක්‍රමය. සතිපට්ඨානය තුල තියෙන්නේ මම දැන් බලන්නෙ මොකක්ද? "හා..බලන්නෙ කොස්ස දිහාද? හා..මම මේ කොස්ස දිහා තමයි බලන්නෙ" කියන එක හොඳට තේරුම් ගන්නවා. කොස්ස දිහා බලන ගමන් වෙන දෙයක් හිතනවා නෙමෙයි. ඒ බලන එකම හොඳට තේරුම් ගන්නවා වගේම ඒක පුළුවන් නම් මෙනෙහි කරනවා. එතකොට තමයි අපි වර්තමාන මොහොත තුල ඒ කරන දේත් එක්ක සජීවී වෙන්න පටන් ගන්නෙ.
ඊළඟට අපි ඔය කියන මනාප දේට, නැත්නම් රුචි කරන දේට මහා ලොකු කරදරයක් හිංසනයක් නැති දේට,කිට්ටු වෙන්න ඉගෙන ගත්තට පස්සේ ඊළඟට අපි අර ඉස්සෙල්ල කිවුව වගේ අපි දකින්න අමනාප දේත් දකිනකොට ඒ දේත් එක්ක ඉන්න, ඒ දේත් එක්ක සජීවී වෙන්න ඉගෙන ගන්නවා. ඔන්න ඔය විදියට තමයි සතිපට්ඨාන ගමන, සිහිය පැවැත්වීමේ පුරුද්ද අපි අපේ ජීවිතේට හුරු කරගෙන යන්නෙ.
පස්සෙ කාලෙකදි අපි ඕක තව තව තව තව දියුණු කරගෙන යනකොට අපේ ශරීරයට එන හොඳ වේදනාව, නරක වේදනාව, එහෙම නැත්නම් සැප වේදනාව, දුක් වේදනාව හෝ සැපත් නැති දුකත් නැති ඒ කියන වේදනාවල්වලට පවා අපිට අපේ අවධානය, අපේ උවමනාකම, අපේ හිත යොමු කරන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්.
මේක එතකොට පටන් ගන්නෙ අපි කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහේ බොහෝම සරල වැඩපිළිවෙලකින්. හැබැයි අපි හඳුනාගන්න ඕන විශේෂයෙන්ම මොකද්ද? මම දැන් මේ වෙලාවෙ මෙන්න මේ දෙයයි කරන්නෙ කියලා. ඒ දේ තේරුම් ගත යුතු වෙනවා. එහෙම නැති වුනොත් අපේ හිත නින්දට වැටෙනවා. මොකද මේ තියන එක ඒකාකාර වුනහම අපේ හිතෙන් ඒකට යම්කිසි විදියක තල්ලුවක් ආවෙ නැත්නම් එහෙම, හිතත් මේකට බැස ගත්තෙ නැත්නම් එහෙම, (ඕකට කියනව 'ඡන්දූ ජායතී' කියල) අපේ හිත තුලත් යම්කිසි කුසලඡන්දයක්, කැමැත්තක්, ප්‍රේමයක්, උවමනාකමක් ඒ වගේ දෙයක් ඇති කර ගත්තෙ නැත්තං එහෙම, අර දකින දේ හෝ අහන දේ හෝ දැනෙන දේ හෝ දැනගන්න දේ, හුදෙක් ඇහිච්ච දෙයක්, හුදෙක් දැකපු දෙයක්, හුදෙක් දැන ගත්ත දෙයක්, හුදෙක් දැනිච්ච දෙයක් විතරක් බවට පත් වෙනවා. ඒක අපිට කිසි විදියක ඥානයක් අරගෙන දෙන්නෙ නැහැ.
නමුත් අපි මේ දකින දේ මෙයයි, අහන්නෙ මේකයි, දැනෙන්නෙ මේකයි කියල හොඳට මෙනෙහි කරගත්තොත්, හිතින්ම හොඳටම තේරුම් ගත්තොත්, (ඒක අපි කියමුකො මුමුණාගත්තයි කියල,වැරැද්දකුත් නෑ වචනයක් හැටියට මූලිකවම) එහෙම වෙනකොට අපි ඉන්නවා මේ වර්තමාන මොහොත තුල මොහොතක්. ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්නෙ ඔන්න ඔය කාරණාව.
මේක කරන්න ටිකක් අමාරුයි. මොකද මූලිකවම ඕක හරි කඨෝරයි තමයි. හරි අමාරුයි තමයි. අපි කැමති නැහැ තමයි. නමුත් සාමාන්‍ය ජීවිතේ අපි ඕන තරම් දේවල් හිතන අය හැටියට, මේ වගේ ධර්මානුකූල පැත්තට යන දෙයක් හිතන්න අපේ හිත නම්මව ගන්න එක ගොඩක් ලොකු ලාභයක්. මොකද ඒකෙන් අපිව අර කියන අන්ත දෙකෙන් අයින් වෙලා, අර කියාපු සැප අන්තයෙන් සහ දුක අන්තයෙන් කියන දෙකෙන් අයින් වෙලා, බුද්ධිමත්කමක් කියන අන්න ඒ තැනට අපිව පත් වෙනවා. බුද්ධිමත්කම කියල කියන ඒ ආලෝකය තියන පැත්තට අපිව කිට්ටු කරගෙන යනවා.
බුද්ධිමත්කම වෙන මොකක්වත් නෙමෙයි, මෙතන සැපක් නම් තියෙන්නෙ සැප තියන බව දැනගන්නවා. දුකක් නම් තියෙන්නෙ දුක තියන විත්තිය දැන ගන්නවා. නමුත් ඒ කියන බුද්ධිය නැති කෙනාට තියන උවමනාකම තමයි, සැප දැක්කොත් ඒ සැප වැඩි කරගන්න ඕන වෙනවා, දුක දැක්කොත් ඒ දුක අයින් කරගන්න ඕනකම එනවා. මොකක් නමුත් කමක් නෑ, මේ තියන එක වෙනස් කරන්න තමයි එයාගෙ සැලසුම යන්නෙ. මේ තියන එක තමන්ට ඕන විදියට මාරු කරන්න.
ඔන්න ඔතනින් තමයි අපි 'මමයා' කියන කෙනාගෙ සම්පූර්ණ ග්‍රහණයට පත් වෙන්නෙ. එහෙම වුනහම අපි ඒ මමයා කියන විදියට, මමත්වයට ඕන විදියට, ආත්ම සංඥාවට ඕන විදියට, අපේම තියන තණ්හාවට ඕන විදියට කටයුතු කරනවා විනා වෙන සිද්ධ වෙන යහපතක් නම් නෑ. මේ ලෝකයෙන් සියයට අනූනමයකටත් වඩා ඕකම තමයි සිද්ධ වෙන්නෙ. සිහියට ආවෙ නැත්තං, ධර්ම මාර්ගය තුල තියන මේ කියන ක්‍රියාපටිපාටිය තේරුම් ගත්තෙ නැත්තං, ඔය කියන වැඩපිළිවෙලමයි දිගටම යන්නෙ.
අන්න ඒක අයින් කරන්න තමයි අද දවසේදි සිල් සමාදන් වෙන්නෙ. රහතන් වහන්සේලාව අනුගමනය කරන්නෙ. උන් වහන්සේලා උන්වහන්සේලාගේ දිවි හිමියෙන්ම රැකපු සිල් පද ටිකයි අපි අද රකින්නෙ. එතකොට අද අපි අඩියක් තියනකොට පොඩ්ඩක් කල්පනා කරනවා, "සතෙක් මැරෙයිවත්ද?" පොඩ්ඩක් හිතනව ඒ ගැන. මදුරුවෙක් අතේ වහනකොට ඌ අයින් කරන්න කලින් පොඩ්ඩක් කල්පනා කරනව, "නෑ..උගෙ ජීවිතේ බේරල අයින් කරන්නෙ කොහොමද?" කියල. අන්න ඒකටයි කියන්නෙ බුද්ධිමත් වෙනවයි කියල. අන්න ඒකටයි කියන්නෙ ඥානවන්ත වෙනවයි කියල.
කතා කරද්දි අද බලනවා, කරන කතා බහ තුල මුසාවාදයකට යනවද? නැත්නම් බොරුවක් කියවෙනවද? සම්ප්‍රප්පලාපයක් නැත්නම් හිස් වචනයක් කියවෙනවද? කේලාමයක් කියවෙනවද? පරුෂ වචනයක් කියවෙනවද? කියල ටිකක් හිතට හොඳට අදහසක් ඇති කර ගන්නවා. එහෙම වුනහම අපි ඒ කරන කතාව තුල සජීවී වෙලයි කතා කරන්නෙ. ඒ කතාව අපි කරන්නෙ දැනගෙනමයි. නොදැන නෙවෙයි. පුරුද්දට නෙවෙයි. අන්න ඒ පුරුද්දෙන් නිදහස් වීමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ උගන්වන්නේ, සතිපට්ඨානය පුරුදු කිරීම හැටියට.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි අපි සිදු කරගෙන යන්නේ. නමුත් මේක මේ කරගෙන යන්න පටන් ගන්නකොටම මේ තියන අමාරුකම් තියනවා අනිවාර්යයෙන්ම කොහොමත්, ඒව හැමදාම තියෙයි කියල හිතන්න නරකයි. එහෙම නෑ. ඒකයි මේ භාවනා ක්‍රමයට බොහොම කට්ටිය එන්න කැමති වුනාට ඉන්න කැමති නැත්තෙ. මේකට එන අය වැඩියි, එන අයට වඩා යන අය වැඩියි.
මොකද මේක කට්ටිය හිතනව පොඩ්ඩක් කරගෙන යද්දි හරි අමාරු දෙයක්, කරන්න බැරි දෙයක්, මේක නම් මට කරන්න සුදුසු නැති දෙයක්, මට මේක හරි යන්නෙ නැති දෙයක් වගේ මොනව හරි හිතල ඊළඟට ඉතින් පින්කම් කරන්න පටන් ගන්නවා, කවි කියන්න පටන් ගන්නවා, සිංදු කියන්න පටන් ගන්නවා, මල් හදනවා, ඉතින් අනං මනං ඕව තමයි. නමුත් ඒ හැම එකකින්ම වෙන්නෙ අපේ අභිප්රායක් නැත්නම් මමත්වයක් වැඩිදියුණු වීමක් කියල කිවුවොත් සමහරක් විට මට බනින්නත් පුළුවන්. නමුත් වෙන්නෙත් ඒකම තමයි.
ඉතින් ඒක හින්දා අපි පුළුවන් තරමක් උත්සාහ කරමු මේ ලැබිච්ච ජීවිතය තුල බුදු හාමුදුරුවො දේශනා කරන ඔය කියන අනාත්මීය වූ දර්ශනය අපේ ජීවිතේට පොඩ්ඩක් එකතු කර ගන්න. අන්න ඒ දේ එකතු කර ගන්න වෙන වෙලාවක් නැහැ, කාලයකට අයිති නැති අකාලික වෙච්ච මේ වර්තමානයෙ මිසක්.
අතීතය කියන එක අපිට ඇත්තටම කාලයක් හැටියට පනවන්න පුළුවන් පින්වතුනි. හේතුව ඔය ඇත්තො මෙහාට එනකොට ඒ ආපු වෙලාව අතීතයක්. ඔය ඇත්තො පාරෙ පයින් එන්න ඇති. ඒක දැන් අතීතයට ගිහිල්ලයි තියෙන්නෙ. හෙට කියන දවසක් ඔය ඇත්තො සැලසුම් කරල තියෙන්න පුළුවන්. ඒක අනාගතයක්. ඒක මවන්න පුළුවන් හෙට මම මේ දෙයයි කරන්න යන්නෙ, මෙහෙම මෙහෙමයි කියලා.
මේ වර්තමාන මොහොත කොහොමද මවන්නෙ? මේක ගලාගෙන යන ප්‍රවාහයක්. ඒ ගලාගෙන යන ප්රවාහයේ අංශුමාත්ර ක්ෂණයක් ජීවත් වෙන්නටයි, සජීවී වෙලා ජීවත් වෙන්නටයි බුදු හාමුරුවො අපිට උගන්වන්නෙ. ආන් ඒ දේ කරන්නට අද දවස ඔය ඇත්තො භාවිතා කරන්නට කියල මං යෝජනා කරනවා.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධා ධම්මං සංඝං නමස්සාමි !
"හිතෝ පරං සක්කච්චං ධම්මෝ වෝදපෝති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසිතුන අවුරුද්දෙ පළවෙනිම පෝය. ඔය ඇත්තො බොහොම සාදරයෙන් පිළිගන්නවා සිල් සමාදන් වෙන්න පැමිණීම ගැන. ව්‍යවහාරික හැටියට තියන මේ අවුරුද්ද දැන් ආරම්භ වෙලා තියනවා. ඒ කාලය ඒ විදියට ගලාගෙන යනවා. ඒත් එක්කම අපේ ජීවිතයත් ඒකට සාපේක්ෂව, එන එන විදියට මුහුණ දෙමින් ගලාගෙන යනව. ඉතින් ඔය අතරේ බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන මේ ධර්මය අපි ගලපා ගන්න උත්සාහ කරනවා. උත්සුක වෙනවා අපේ ජීවිතය තව ටිකක් සංතෝසදායක කරගන්නට.
බුදුරජාණන් වහන්සේ කියන ඒ උත්තමයාගේ දහම තුල තියන හරිම ලස්සනම ස්වභාවය තමයි, උන් වහන්සේ අපිට අර අනිත් ආගම්වල වගේ, මේ තියන දේ හැර වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න හෝ වෙනත් දෙයක් ප්‍රාර්ථනා කරන්න, වෙනත් දෙයක් පතන්න අපි යොමු කරන්නෙ නැහැ.
ඒ වෙනුවට උන් වහන්සේ අපිව යොමු කරන, අපිට කියල දෙන මාර්ගය තමයි තම තමන්ගේ සතුට, තම තමන්ගේ සැනසීම, නිවන, තමන්ගෙන් බාහිරව තියන දෙයක් නෙවෙයි, ඒක තියෙන්නෙ තමන් ළඟමයි තමන් තුලමයි කියන පණිවිඩයයි, බුදුරජාණන් වහන්සේ හැමදාම නිතර නිතරම අපිට කියල දෙන්නෙ. උන් වහන්සේගේ ඔය කියන න්‍යාය, ඔය කියන මූලධර්මය, ඒ දේශනා කරල තියන ධර්මස්කන්ධය අරගෙන බැලුවොත් හැම තැනකම මනාව පිළිඹිබු වෙයි.
සරල උදාහරණයක් ගත්තොතින්, සීලය කියල ඒ සීලයෙන් කියල දෙන්නෙ ඇත්තටම තමන් මේ මොහොත තුල ප්‍රාණඝාතයක් කරනවද? තමන් මේ මොහොත තුල සොරකමක් කරනවද? තමන් මේ මොහොත තුල වැරදි ජීවිතයක් ගෙවනවද?තමන් මේ මොහොත තුල වැරදි වචනයක් කියනවද? ආදී වශයෙන් තමන් ළඟට එන්නටයි අපිට උගන්වන්නෙ සීලය තුලින්.
ඊළඟට භාවනාව ගැන කියල දෙනකොට භාවනාවෙදිත් ප්‍රකට වෙන්නෙ ඔය කියන සත්‍යයමයි. ඔයිට වඩා ටිකක් ගැඹුරට යන්න පුළුවනි, සමහරක් විට ඔය හා සමාන වෙන්නටත් පුළුවනි. තමන්ට මේ මොහොත තුල ඇහෙන්නෙ මොනවද? තමන්ට මේ මොහොත තුල දැනෙන්නෙ මොනවද? තමන්ට මේ මොහොත තුල තියෙන්නෙ? මොනවද විඳින්නෙ? විඳගන්නෙ මොනවද?අන්න ඒ ටික ගැන තේරුම් ගන්නටයි සතිපට්ඨානය ඔස්සේ අපිට කියල දෙන්නෙ.
ඊට පරිබාහිරව ඊළඟට කියල දෙන න්‍යායක් තමා අපේ හිත වැඩිමනක් ක්‍රියාත්මක වෙන පැත්තක් තියනව නම්, ප්‍රමාණය ඉක්මවා ගිහිල්ල වගේ ඒ ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා ක්‍රියාත්මක වෙන ස්වභාවය අඩු කරගන්නට, ඊට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තක් බුදුරජාණන් වහන්සේ අපිට මෙනෙහි කරන්න කියලා ආරාධනා කරනවා. ඒක කරන්න කියන්නෙත් මේ මොහොත තුල තමන්ට වැඩිපුරම තියන දේ මේකයි නම්, ඒ දේ පාලනය කරගන්න බැරි නම්, එහෙම නම් මෙහෙම දෙයක් කරන්න කියලයි උගන්වන්නෙ.
ඒකයි ද්වේශ සිතුවිලි වැඩිමනක් එනව නම්, ඒව තමන්ට පාලනය කරගන්න බැරි වෙන පරාසයක තියනව නම්, මෛත්‍රීමය සිතුවිලි හිතන්න කියල කියල දෙන්නෙ. කාම සහිත සංඥා, කාමයට ඇලිච්ච ලොල් වෙච්ච සිතුවිලි වැඩිමනක් මතු වෙනවා නම්, මෙනෙහි කරන්න කියල කියනවා ඒ කාමයට මතු වෙන හෝ ඒ ලොල් වෙන අදහස්වලට යන විදිහේ අසුභ කාරණා මොනවද? කියල. අපි දැක්කේ ඒ කාම සහගත කාරණාවේ හෝ ඒ සිතුවිල්ලේ හෝ ඒ කාරණාවේ හෝ ඒ සිද්ධියේ කාමය ඉස්මතු වෙන කාරණා විතරක් වුනාට, බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරන්න කියල උගන්වනවා අපි නොදැකපු තවත් පැත්තක් ඒක තුල තියනවා නේද? කියල.
මේකත් කරන්න කියල කියන්නෙ මේ මොහොතෙමයි.
ඔය ආදී වශයෙන් මේ සද්ධර්මය ගලාගෙන යන ඒ හැම කාරණාවකම අපිට කියල දෙන්නේ තමන් ළඟට එන්න. තමන් එක්ක ජීවත් වෙන්න. තමන් එක්ක සැරිසරන්න.
තමන් එක්ක ජීවත් වෙනවා කියන එක, තමන් එක්ක සැරිසරනවා කියන එක, තමන් යා වෙලා, හා වෙලා, එකතු වෙලා, සැරිසරනවා හෝ ජීවත් වෙනවා කියන එක, තථාගතයන් වහන්සේගේ වචනයකින්ම කියනවා,
"තමන්ට තමන් දූපතක් කරගන්නවා" කියල.
"තමන්ට තමන් ආලෝකයක් කරගන්නවා" කියල කියනව.
ඔන්න ඔතනයි පින්වතුනි, අන්‍ය ආගම් සහ බුද්ධ දර්ශණය තුල තියන පැහැදිලි වෙනස පේන්න තියෙන්නේ. අන්‍ය ආගම්වල තමන්ගේ පිළිසරණ තමන්ට බාහිර කෙනෙක්, තමන්ගෙන් බාහිර කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම. තමන්ට තියන ආලෝකය, තමන්ට තියන රැකවරණය, තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න තියන නියමිත දිශාව කියල දෙන දේත්, තමන් හැර බාහිර කෙනෙක් වෙනවා.
එතකොට එවන් වූ චරිතයක් නිරන්තරයෙන්ම සකස් වෙන්නේ, එයාගෙ හිත සකස් කරගන්නේ තණ්හාවකිනුයි. හේතුව, තමන් ළඟ තියන එයා දෙයින් සංතෝස වෙන්න දන්නෙ නැති හින්ද වගේම, තමන් කොච්චර දක්ෂතාවයක් තියන කෙනෙක්ද කියන එක තමන්ට හඳුනාගන්න හෝ ඒක අනුමත කරන්න ඒගොල්ලො මනාප නෑ. ඒ තමන් ළඟ තියන දක්ෂතාවය හෝ ඒ තමන් ළඟ තියන ඒ ඉස්මතුවීම, අන්‍යාගම්වල ඇත්තො තේරුම් ගන්නෙ, තීරණය කරන්නෙ ඒක බාහිර කෙනෙක් විසින් ලබා දුන්නු දෙයක් කියල.
නමුත් බුද්ධ දර්ශනය තුල කියල දෙන ඒ දහමේ, ඒ දේශනාවේ, අපිට උගන්වන්නේ තමන් කාලාන්තරයක් තිස්සේ මහන්සි වෙලා, උත්සාහවන්ත වෙලා ඇති කරගත්ත ගුණාංගයි තමන් ළඟ තියෙන්නේ කියල. ඒකට අපි බොහෝම කාලයක් මහන්සි වෙලා තියනවා. බොහෝම කාලයක් උත්සාහ කරල තියනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය ඇත්තොත් මමත් අද මේ ඉන්න තැනට එන්න සංසාරේ අවුරුදු ලක්ෂ ගාණක්, කෝටි ගාණක්, කල්ප ගාණක් මහන්සි වෙලා තියනවයි කියල.
අන්‍ය ආගම් එක්ක සලකනකොට ඒ ඇත්තො පුනරුප්පත්තිය කියන දේ, නැවත උපදිනවා කියන එක බොහෝ විට විශ්වාස කරන්නෙ නැහැ. විශ්වාස කරන්න පුළුවන්, දෙවියන් අතරට යනවා කියන එක නම්. බුද්ධ ශාසනය තුල කියල දෙන්නේ, තමන් මේ ජීවිතේ ගත කරනකොට, තමන්ගෙ හිතේ දෙවියෙක් වැඩ ඉන්නෙ නැත්නම්, තමන්ගේ සිතුවිල්ලේ දෙවියන්ගේ හා සමාන විදිහේ අදහස් නැතිනම්, දෙවියන්ගේ හා සමාන විදිහේ වචන නැති නම්, ක්රියාකාරීත්වයන් නැති නම්, එවන් වූ ජීවිතයක් ගෙවන්නෙ නැති නම්, මරණයෙන් මත්තේ දෙවියෙක් වෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නාර්ථයයි තථාගතයන් වහන්සේ අහන්නෙ.
ඒක හින්දයි පින්වතුනි, බුද්ධ ශාසනය මේ සංසාර ගමන එක්කො නතර කරන්න එක්කො ගෙනියන්න තෝතැන්නක් වෙන්නෙ. බුද්ධ දර්ශනයෙන් විතරයි අපිට කියල දෙන්නෙ, මනුෂ්‍යයෙක් කියන්නෙ මෙන්න මෙහෙම කෙනෙක්. මනුෂ්‍යයෙක් වෙන්නෙ මෙන්න මෙහෙමයි. දෙවි කෙනෙක් කියන්නෙ මෙන්න මෙහෙම කෙනෙක් දෙවියෙක් වෙන්නෙ මෙහෙමයි. ඒ දේවත්වයෙහි ලා තියන හිතට එහා ගිය හිතක් තියන කෙනෙක් වෙන්නෙ මෙන්න මෙහෙමයි, ඒ කෙනාගෙ ස්වාභාවය මෙන්න මෙහෙමයි. තිරිසන් සතුන් කියල කියන්නෙ මෙන්න මෙහෙම අය. එහෙම අය වෙන්නෙ මෙන්න මෙහෙමයි. අපාගත වෙච්ච නිරිසතුන් කියල කියන්නෙ මෙන්න මෙහෙම අය, එහෙම වෙන්නෙ මෙන්න මෙහෙමයි කියල උගන්වන්නෙ බුද්ධ ශාසනේදි විතරයි.
අන්න ඒකයි අපි ලබාපු භාග්‍යය. අපි ලබාපු වාසනාව. අපේ පුණ්‍ය විපාකය. අපේ පින් ඵල දීම.
ශාස්තෘවරයාණන් වහන්සේ හැටියට තමන් වහන්සේ තුල තිබිච්ච ඒ ගුණ සමුදාය දියුණු කරගෙන, වෙන කිසීම කිසි ගුරු උපදේශයක් රහිතව, ධර්මය අවබෝධ කරපු ඒ උත්තමයාණන් වහන්සේ, එහෙම නැතිනම් ඒ උදාහරණය සරණ යන්නට අපිට අවස්ථාවක් සැලසීම මහා වාසනාවක්. උන් වහන්සේගේ ජීවිතේ ඒ තියන හැම කාරණාවකින්ම අපිට කියල දෙන්නේ මේ කටයුත්ත තමන්ගෙ ඒක කරගන්න කියලයි.
අපේ ජීවිතේ පින්වතුනි, බොහෝ වෙලාවල්වලට තමන් එක්ක ජීවත් වෙනව හරිම අඩුයි. අපි අන් අයගේ වචන, අන් අයගේ ක්රියාකාරීත්වයන්, අන් අයගේ සිතුවිලි, අන් අයගේ ජීවිත පැවැත්ම, අනික් අයගේ වටිනාකම් හෝ අනික් අයගේ වැරදි ආදී දේවල් ගැන විමසන්න, තර්ක කරන්න, කතාබහ කරන්න, හිතන්න, යොදවන කාලය අතිමහත්. එදිනෙදා දවසක් ගත්තොත්, එහෙම බාහිර කෙනා ගැන හිතන, කාලය විමසන, හෝ හොයන කාලය සහ තමන් ගැන හිතන, සොයන, කාලය අතර පරතරය බැලුවොත් එහෙම සියයට එකකුත් නැති තරම් වෙන්න පුළුවන්.
වනවාසී සම්ප්රදායෙදි අපිට කියල දෙන ප්‍රධානම ඉගැන්වීම තමයි, සියයට අනූපහක් තමන් දිහා බලන්න. සියයට පහක් බාහිර දිහා බලන්න කියල.
සියයට අනූපහක් තමන් දිහා බලන්න, සියයට පහක් විතරක් බාහිර දිහා බලන්න කියන එකයි අපේ භාවනා ගුරුවරු අපිට කියල දෙන්නෙ.
ඒකට හේතුව තමා ලෝකයේ සිද්ධ වෙන්නෙ පින්වතුනි, ඕකට ප්‍රතිවිරුද්ධ පැත්ත. බාහිර දිහා බලනව සියයට අනූපහක්. තමන් දිහා බලන්නෙ සියයට පහකටත් අඩු ප්‍රමාණයක්. අන්න ඒකයි තියන සාමාන්‍ය වූ ස්වාභාවය. ඉතින් භාවනාවෙන් තමයි, අපිව ඔය කියන තමන්ගෙ දිහා බලනවා තමන්ට කිට්ටු කරනවා කියන එක පුරුදු කරවන්නෙ, හුරු කරවන්නෙ. අපේ ජීවිතේට ඒ කියන ක්‍රම පටිපාටිය මෙන්න මේකයි, ඒක සිද්ධ වෙන්නෙ මෙන්න මෙහෙමයි, කියන එක බුදුරජාණන් වහන්සේ අපිටම චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට උගන්වන ක්‍රමේටයි කියන්නෙ භාවනාව කියල, විශේෂයෙන්ම සතිපට්ඨානය කියල.
අපි ඒ කියන සතිපට්ඨාන භාවනාවට, නැත්නම් මේ කියන භාවනාවට කිට්ටු වෙන්න වුනාම අපිත් එක්ක සමීප වෙන්න ගන්නවා. තථාගතයන් වහන්සේගේ දහම තුල තියන සුවිශේෂත්වය පින්වතුනි, උන් වහන්සේගේ දහමේදී උන් වහන්සේගේ දේශනාවේදී හෝ උන් වහන්සේගේ හැසිරීමේදී උන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතෙන් බැහැර කරපු කෙනෙක් නෑ. බැහැර කරපු දෙයක් නෑ. බැහැර කරපු අවස්ථාවක් නෑ, වචනයක් නෑ, හෝ සිතුවිල්ලකුත් නෑ. මේකෙ තේරුම අපි අර මේ දෙය විතරක් තියාගන්න ඕන, මේ දෙය මේ ඕන නැහැ, කියල හිතන අන්න ඒ ස්වාභාවය බුදු හාමුදුරුවො අපිට ඉඟි කරල කියල දෙනවා ඒකෙන් නිදහස් වෙන්න කියල. ඒව මනින, "හොඳයි හෝ නරකයි හෝ කියල ඒ විදියට හිතන, අන්න ඒ අදහස් දරන ස්වාභාවයෙන් බැහැර වෙන්න කියලයි බුදු හාමුදුරුවො කියල දෙන්නෙ. ඒ අදහස්වලින් බැහැර වෙන්න කියල දෙන ඒ දේශනාව, අපේ ජීවිතය තුල ක්‍රියාත්මක කරන විදිහයි උගන්වන්නේ භාවනාව තුලින්.
සරල උදාහරණයකින් කිවුවොත් එහෙම, පර්යංකයට වාඩි වෙලා ඉන්නකොට හොඳ ලස්සන හුළඟක් ඇවිල්ල ඇඟේ වැදිල යන්න පුළුවන්. ඒක හරිම මටසිළුටු, හරි සුමට වින්දනයක්. බුදු හාමුදුරුවො අපිට ඒවෙලාවට උගන්වනවා, අසවල් විදිහේ වින්දනයක් නම් වින්දා කියල දැන ගන්න. ඊළඟට අපිට තව මොහොතකින් එන්න පුළුවනි ශරීරය තුල මොකක් හෝ තදබල වේදනාවක්. දුක්ඛ වේදනාවක්. අන්න ඒ වෙලාවෙදිත් අපිට උගන්වනවා අසවල් අසවල් වින්දනයක් මම වින්දා.
ඔන්න ඔය ආකාරයට අර හොඳ වින්දනයට, ඒ කියන්නෙ සැප සහගත වින්දනයට සහ අර දුක් සහගත කියන ඒ වින්දනයට කියන මේ දෙකටම එක විදියට ප්‍රතිචාර දක්වන්නටයි සතිපට්ඨානය අපිට කියල දෙන්නෙ. ඒ කරන ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය ලෝකයාගේ හරීම පුළුල් පරාසයකයි තියෙන්නේ. සතුටට කැමතියි, දුකට අකමැතියි. නමුත් ධර්මය තුල අපිට උගන්වන ඒ චරිතයෙන්, ධර්මය තුල ගොඩ නංවල නිර්මාණය කරල දෙන ඒ චරිතය තුලින්, උගන්වන්නේ සතුටත් එකයි දුකත් එකයි කියන ඒ දෙකටම මධ්‍යස්ථ මතධාරීත්වයෙන් මුහුණ දෙන, ඒ දෙකටම එක හා සමාන විදිහේ ප්‍රතිචාරයක් දක්වන, ජීවිතයකුයි, චරිතයකුයි, හිතකුයි, අපිට හදල දෙන්නෙ.
ඒක හින්දයි පින්වතුනි, ඒ කෙනා තමන්ට දූපතක් වෙන්නෙ. ඒ කෙනාගෙ චිත්ත අභ්‍යන්තරයෙ තිබිච්ච මූලධර්මය වුනේ, අනිත් කෙනා, බාහිර කෙනා, දූපතක් කරගන්න නම්, සැපතක් කරගන්න නම්, තමන්ගේ ක්ෂේමභූමිය තමන්ගේ වාසනාව සතුට කරගන්න නම්, සංතෝසය දැක්කහම එයා ඒ සංතෝසය හඹා යනව. සංතෝසය තමන්ගෙන් බාහිර තියන දෙයක් කියල ඒක හඹා යනව. දුක දැක්කහම දුක පලවා හරින්න දුකෙන් දුවනව. දුකෙන් හඹා යනව, දුකෙන් පලවා හරිනව ,දුකෙන් බැහැර වෙන්න උත්සාහ කරනව. මේ දෙකේදිම මෙයා කරන්නෙ වට වන්දනාවෙ යන එක. ගමනක් යන එක. ඕකට අපි කියමු සංසාරෙ කියල. සතුට පසුපස්සේ දුවනවා. දුක අපිට පිටිපස්සේ දුවනව. කොහොම නමුත් කරල තියෙන්නෙ දුවන එක විතරයි.
බුද්ධ සාසනයකදි උගන්වනවා, දුවන එක නතර කරන්න. එක තැනකට වෙලා ඉන්න. සතුට සහ දුක කියන දෙකම එක සිතින්, සම සිතින්, මැදහත් සිතින් භාර ගන්න. අන්න එතකොට අපි නිහඬයි. අප සමතුලිතයි. අපේ හිත තැන්පත්. අපිට මේ දේ ඕන හෝ මේ දේ ඕන නෑ කියල කියන ඒ අර ඇදීමට අපේ හිත නැමිල නැහැ. මම කැමති මේ දේටයි මම අකමැති මේ දේටයි කියල කියන තණ්හාවේ ග්‍රහණයට යට වෙලා නෑ. මේ දේ තිබ්බා හෝ මේ දේ නැතා හෝ ඒ දේ දැනගෙන ඉන්නවා කියන ඒ අදහසට විතරයි අපි ඇවිල්ල ඉන්නෙ.
එහෙම වුනොත් පින්වතුනි, අපි එතන ජීවත් වෙන්නෙත් නැහැ. අර කියාපු දුක කියන අනිත් තැනේ ජීවත් වෙන්නෙත් නැහැ. ඔය අන්ත දෙකෙන් නිදහස් වෙලා අපි වර්තමාන මොහොත තුල විතරක් ජීවත් වෙන්න බලනවා. අපිට තියාගන්න හෝ බෞද්ධයාට තියාගන්න ඉතුරු කරන්න, අර අදින්න, ඉලක්ක ගත කර ගන්න, මොකක්වත්ම දෙයක් නැති වෙන්නෙ අන්න ඒකයි. හරියටම කියනව නම් බෞද්ධයාට ප්‍රාර්ථනා නැත්තෙ ඒකයි.
බෞද්ධයන්ට තියෙන්න ඕන ප්‍රාර්ථනාව මං හිතන්නේ, ප්‍රාර්ථනාවක් නැතුව ඉන්න එක තමයි. මොකද ප්‍රාර්ථනාව කියල කියන්නේ, බලාපොරොත්තුව කියල කියන්නේ, හැම වෙලාවකම අපේ හිසට බරක් ගෙනැල්ල දෙන දෙයක්. ඉතින් ඒ සරලත්වයට යන, ඒ සැහැල්ලුවට යන මාර්ගයයි බුදු හාමුදුරුවො අපිට මේ කියල දෙන්නේ භාවනාව ඔස්සේ, සීලය ඔස්සේ, ධර්ම දේශනා ඔස්සේ, වත් පිළිවෙත් ආදී ඒ දේවල් ඔස්සේ.
ඉතින් අද වගේ දවසක අපි උත්සාහ කරන්නේ, ඔය කියන බුදුරජාණන් වහන්ස්ගේ ඒ සුවිශේෂී වූ මාර්ගය අපේ ජීවිතේට කුඩාවට හරි, මොහොතකින් මොහොත හරි, චුට්ට චුට්ට හරි පමුණුවා ගන්නටයි පුරුදු කරන්නටයි. ඒ අනුව සැරිසරන්නටයි, ඒ අනුව ජීවත් වෙන්නටයි. එහෙම බලනකොට පින්වතුනි, අපි ඊට කලියෙන් හොඳයි කියාපු දෙයත්, ඊට කලින් නරකයි කියාපු දෙයත්, දැන ගත්ත එක හොඳයි ඒවට දක්වපු ප්‍රතිචාරය තේරුම් අරගෙන, ප්‍රතිචාර නොදක්වා ඉන්න හිත හදා ගන්නව නම්, අන්න එතනයි දක්ෂතාවය. අන්න එතනයි සැනසිල්ල තියෙන්නෙ. ක්ෂේමභූමිය තියෙන්නෙ.
නමුත් අපිට ඕක කරන්න ටිකක් අමාරුයි. අපේ හිත තාම පුරුදු වෙලා තියෙන්නෙ සතුටට දුවන්න නම්, දුකෙන් දුවන්න නම්, ස්වාභාවික විදියට සතුට එනකොට අපි ඒ සතුටට දුවනවා කියන එකමයි සිද්ධ වෙන්නෙ. අපි කොච්චර ප්‍රාර්ථනා කලත් අන්න ඒකයි ප්‍රාර්ථනාවෙ ඵලක් නැත්තෙ. අපි කොච්චර බලාපොරොත්තු වුනත්, ප්‍රාර්ථනා කලත්, දුකෙන් පලා යන්නෙ නැහැ කියලා, හිත ඇතුලෙ ක්‍රියාත්මක වෙන සිද්ධාන්තය තුල තියෙන්නේ, ඔබ දුකක් දැක්කොත් පලා යා යුතුයි කියන අදහස නම්, ඒ කියන මූලධර්මය නම්, ඔය ඇත්තන්ගෙ හෝ මගේ හෝ ලෝකෙ කාගෙ හරි හිතේ තියෙන්නේ දුකට මුහුණ දෙනකොට ඒ දුකෙන් පලා යනවා කියන එක හැරෙන්න වෙන දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ. මොකද ඒක තමයි හිතේ තියන ශක්තිය. ඒ විදියටයි හිත පුරුදු කරල තියෙන්නෙ.
නමුත් දැන් අපිට අවස්ථාවක් තියනවා ඒ දුක දිහා බලන්න. ඒ සතුට දිහා බලන්න. දුක දිහා බලාගෙන ඒ දුකත් එක්ක හාදු වෙලා, හාමු වෙලා, යා වෙලා, කැමති වෙලා, සාමයෙන් ඉන්න. ඒ මොහොත තුල තියෙන්නෙ ඒ දේ නම්, හොඳ හෝ නරක කියන එක අපි අළුතෙන් දාන වචනයක් පින්වතුනි. හිත පැත්තෙන් ගත්තහම හිතට ඇත්තටම වචන නැහැ. අපි තමයි හිතට මේ ආරෝපණය ගැන කියල දෙන්නෙ. මේක හොඳ එකක්, මේක නරක එකක්.
ඒක හරියට අර කාබන් කූරක් තියන එකට පැන්සල කියනවා, තව මොනව හරි වතුර වගේ තියන එකට පෑනක් කියල කියනවා. ආන් ඒ වගේ දෙයක්. නමුත් ඔය දෙකේ නම් දෙක මාරු වෙලා අපේ හිතට කියල දුන්න නම් එහෙම, අපි අද වෙනකොට පෑනට පැන්සල කියයි පැන්සලට පෑන කියයි. මේක ඒ තරම්ම සරලයි.
අපි ගන්නා වූ වින්දනයන් වලට මේ දේ හොඳයි මේ දේ නරකයි කියලමයි කියල දෙන්නෙ. ඒ විදියට හඳුනාගන්න එක කාරි නෑ, නමුත් හඳුනාගෙන විතරක් ඒක එතනින් බැහැර කරන්න පුළුවන් නම් තමයි ක්‍රමය වෙන්නෙ, ඒ ඔස්සේ හඹාගෙන යන්නෙ නැතුව. ඒ ඔස්සේ හඹාගෙන යන්නෙ නැති වුනාම. ඒ දේ දිහා බලන්නෙ නැති වුනහම. සැපයක නම්, සැප වේදනාවක නම්, සැප සහගත කාරණාවක නම්, අපි ඒ දේ දිහා බලාගෙන ඉන්නකොටයි දකින්න ගන්නෙ ඒ දේ තුල තියන කතාව මොකද්ද කියල.
ඔය එක්තරා චීන රුවන් වැකියක තියනවා,
"ඔබ නිහඬ වන්න. එතකොට ඔබට තේරේවි ඔබ කොපමණ කතා කරල තියනවද කියල."
අන්න ඒ වගේ, අපි අර දුක ඔස්සේ යන එක හෝ සැප ඔස්සේ යන එක, සැප හොයාගෙන යන එක හෝ දුකෙන් පලා යන එක නතර කලාට පස්සේ, අපි බලන්න ගන්නවා, දකින්න පටන් ගන්නවා, මෙච්චර කාලයක් මම එපා කිවුවෙ මොකටද මේ? මෙච්චර කාලයක් මං ඕන කිවුවෙ මොකටද මේ? කියල අපිම ඉගෙන ගන්නව. මෙන්න මේකටයි කියන්නෙ යථාර්තය අවබෝධ කරනව කියල.
අපි යථාර්තය ඊට කලින් අවබෝධ කරපු අය නෙවෙයි. යථාර්තය මෙන්න මේකයි කියල හිතාගෙන, හිතින් හදාගෙන, හිතින් මවාගෙන, ඒ ඔස්සේ දුවාපු අය. බුදු හාමුදුරුවො ඒකයි සංස්කාර වලට කියන්නෙ 'කෙහෙල් කඳක්' කියල. හරයක් නෑ. ඒ වගේ වූ සංඥාවක්, ඒ වගේ වූ හඳුනා ගැනීමක් ඇති වුනාම, අපි කරන්නෙ දුවන එක. සතුට මේකයි කියල තේරිච්ච ගමන් දුවනව. දුක කියන්නෙ මේකයි කියල දැනිච්ච ගමන් ඒකෙන් දුවනව.
සංඥාවට දෙන සමාන නම තමයි, බුදුරජාණන් වහන්සේගේ උපමාව තමයි 'මිරිඟුව.' ඔය ඇත්තො දන්නවනෙ මිරිඟුව කියන්නෙ මොකද්ද කියල. ගොඩාක් අව්ව තියන වෙලාවට ඈතක් බලනකොට වතුර වගේ පේනව. නමුත් වතුරක් නෑ. දුවන්න දුවන්න ඒක ඈතට යනව. ආන් ඒ වගේම තමයි අපි මේ ධර්මයට පැමිණෙන්නෙ නැති තාක් කල් කාලයක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රමයට අපි නොපැමිණෙන තාක් කල්, අපි දන්නෙ නෑ සැබෑ සතුට මොකද්ද? කියල. අපි දන්නෙ නෑ ඇත්තටම දුකෙන් නිදහස් වීම මොකද්ද? කියල.
සතුට මෙන්න මේකයි කියල අපි සතුට ඔස්සේ දුවාගෙන ගියාට අපිට ඒ සතුට හම්බ වුනේ නැහැ, ඒක මිරිඟුවක්. දුකෙන් පලා යන්නෙ මෙහෙමයි කියල කොච්චර දිවුවත් ඒක හරි ගියෙත් නෑ. දුකෙන් එහෙම නිදහස් වෙන්න බැහැ. ඒක හරියට යකාට බයේ දුවනව වගේ වැඩක්. යකා ඉන්නෙ අපේ හිතේ නම්, අපි දුවන්නෙත් හිතත් එක්ක නම්, දුවල ආපස්සට බලනකොට කොහොමත් යකා අපි ගාවම තමයි. මොකද යකා ඉන්නෙ අපේ හිතේනෙ. ඇත්ත යකෙක් නැති වුනාට.
සැබෑ සතුට තියෙන්නෙ පින්වතුනි, සැබෑ සැනසීම තියෙන්නෙ දුවන එක නතර කලාට පස්සෙයි. තමන් තුල තියන මේ නිවීම, තමන් තුල තියන මේ සැනසීම උපුටා ගන්නටයි බුදු හාමුදුරුවො අපිට උගන්වන්නෙ. තමන් තුල තියන ඒ නිවී සැනසීමට වෙලා මොහොතක් ජීවත් වෙන්නටයි අපි භාවනාව පුරුදු කරන්නෙ. ඒ තියන දේ එතකොට හොඳ හෝ වේවා, නරක හෝ වේවා, ඒක කාරි නෑ. ඒ තියන දේ මොකද්ද? ඒ තියන දේත් එක්ක මොහොතක් ඉන්න එකයි අපිට කරන්න තියන සහ අපිට කරන්න දෙන එකම ක්‍රියාව වෙන්නෙ.
මේක ඒ තරම්ම සරලයි.
නමුත් ඕකට අපි එකතු කරොත් එහෙම අපේ උවමනා එපාකම් කියන ඒවා, අර මූලධර්මය, අර වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විනාස වෙලා යනව.
ඉතින් අද වගේ දවසක අපි පුරුදු කරන්නේ, මේ දුවන හිත දුවන්නෙ කොහොමද? ඇයි දුවන්නෙ? කියල හඳුනා ගන්නටයි. ඒ දේ හඳුනා ගැනීම තුලින්මයි ඒ හිත දුවන එක, සංසාරගතව තියෙන දුකෙන් නිදහස් වෙන්න අපිට පුළුවන්කම හම්බ වෙන්නෙ. අපි එතනත් නැති මෙතනත් නැති තැනකට හිත පත් කරගන්න පුළුවන්කමක් තිබ්බොත් එහෙම, අන්න ඒක තැනක් නොවුනාට එතන නිවනක් තියේවි.
ඉතින් එවන් වූ සැනසීමක් ඇති කරගන්න ඒ වැඩපිළිවෙලයි අද දවසේදී ඔය ඇත්තෝ පුරුදු කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මං විශ්වාස කරනවා, මේ තියන වටපිටාව ඒ දේට ඕනෑ තරම් නිදහස තියනවා. සක්මන් කරන්න ඕන. ගලක් පෑගෙනව නම් ඒකත් එක්ක විඳින්න බලන්න. ගලක් පෑගෙනකොට ඒක තුල තියන සෞම්‍යත්වය, ඒක තුල තියන සෞන්දර්යය විඳින්න බලන්න. ඒකත් එක්ක යා වෙලා, ඒකත් එක්ක සජීවී වෙලා, ජීවත් වෙන්න.
පර්යංකයේ වාඩි වෙලා භාවනා කරනකොට නින්ද යාගෙන එන්න පුළුවන්. බලන්න කොහෙටද පළවෙනියෙන්ම නින්ද යන්නෙ කියල. කාරි නෑ නින්ද ගියාට. ඒ නින්ද යෑමත් එක්ක ඒක තමන්ට දැනෙනකොට, තමන්ගෙ හිතට දැනෙනකොට, හිතෙන් තියන ප්‍රතික්‍රියාව මොකද්ද? කියල බලන්න. හිත මොකද්ද බුර බුරා කියන්නෙ? කියල බලන්න. ඒකට කැමතියිද? ඒකට අකමැතියිද ? බනිනවද? මොකද්ද කරන්නෙ? කියල බලන්න. අන්න ඒ තමයි සැබෑ අපි.
මේක තුල දැනෙන දේ මොකක් හෝ වේවා ඒක කාරි නෑ. ඒ දැනෙන ඕනෑම දේකට දක්වන ප්‍රතිචාරයෙන් තමයි අපේ සැබෑ චරිතය ඉස්මතු වෙන්නෙ. එළියට එන්නෙ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවුරුහරි කෙනෙක් මාර්ගඵලලාභී කියල කියනව නම්, ප්‍රශ්නයක් වෙනකං ඉන්න කියල. ප්‍රශ්නයක් වුනහම ඒ දේට එයා මුහුණ දෙන විදිහ අනුව තමයි කියවෙන්නෙ කියල කියනවා, මෙයා කොහොමද ධර්මය පුරුදු කරල තියෙන්නෙ? කියල.
ඉතින් ධර්මය කියල කියන්නෙ පින්වතුනි, අපි දිහාම බලන්න තියන කැඩපතක්. අපිවම පේන කැඩපතක්. අපි ඒක ඉස්සරහ හැම වෙලාවෙම හිටගෙන ඉන්නවා. ගොඩාක්ම අඩු වෙලාවකදි තමයි අපි අපේම මූණ දිහා අපි අපේම ජීවිතේ දිහා බලන්නෙ.
ඉතින් තමන් දිහා බලන්න අද දවස ඔය ඇත්තො පාවිච්චි කරන්න ඕන. මේ වටපිටාවෙන් ප්‍රයෝජනය ගන්න ඕන. නොදන්න දෙයක් තියනව නම් අහන්න ඕන. හවස් වෙලාවෙ අපි ධර්ම සාකච්ඡාවක් කරමු. කමටහන් සුද්ධ කරගනිමු. එහෙම කටයුතු කරල දවස සමාප්ත කරමු. එහෙම නම් සියළු යහපත සැලසෙන්න ඕන.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සල්ලේඛෝ
(වරද දැක නිවැරදි කරන්නා)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පරිමුඛං සතිං උපට්ඨපෙත්වා තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
මේ දෙදහස් විසිතුන අවුරුද්දේ දෙවනි පෝය. ඔය ඇත්තො අද දවසේ සිල් සමාදන් වෙන්න පැමිණීම ගැන මම බොහොම සංතෝසයට පත් වෙනව වගේම, සාදරයෙන් පිළි ගන්නවා.
ඉතින් ඔය ඇත්තො දන්නව, මේ ආරණ්‍යය භාවනාව කියන කටයුත්තට සකස් වෙච්ච තැනක් බව. ඒ වෙනුවෙන් තියන කරුණු කාරණාවල්, ඒ තියන වටපිටාවල්, භාවිතා කරන්න ආරාධනා කරනවා. ඉතින් මේ භාවනාව කියන කටයුත්තට ඔබත් මමත් වගේම මේ ලෝකේ බහුතර පිරිස් බොහෝමත්ම රුචිකත්වයක්, කැමැත්තක්, මනාපයක් දක්වනව.
ඒකට ප්‍රධානම හේතුව තමයි, අපි මොකද්දෝ සිතුවිල්ලකට, මොකද්දෝ අදහසකට, දරන ආකල්පයක් තියනවා. භාවනාව කියල කියන්නේ අපේ හිත තැන්පත් කරල දෙන දෙයක්, භාවනාව කියල කියන්නේ අපේ හිත නිදහස් කරවල දෙන දෙයක්, භාවනාව කියල කියන්නේ අපිට සොම්නසක් ගෙනැල්ල දෙන දෙයක් කියන මේ වගේ ආකාර වූ අදහස් අපි ගාව තියනව.
මං බොහොම සංතෝසයි කියන්න, භාවනාව තුලින් ඔය කියන විදිහේ ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගන්න හම්බ වෙනවා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මයේ පින්වතුනි, ඒ ධර්මය භාවිතා කිරීම තුලින්, ලැබෙන ප්‍රතිඵලයේ නිමාව නෙවෙයි ඔය කියල කිවුවෙ. ඔය කියාපු හිත තැන්පත් කරගන්න එක, හිත නිදහස් කරගන්න එක, සංතෝසමත් කරගන්න එක, සැහැල්ලු කර ගන්න එක, පහසුවක් හදා ගන්න එක, විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනා මාර්ගය තුල, සතිපට්ඨානය වැඩීම තුලින්, ඔය ඇත්තන්ටත් මටත් ලැබෙන ප්‍රතිලාභය වෙන්නෙ.
ඔය කාරණාවල් ඇත්තටම කියනව නම් පින්වතුනි, අපිට ලැබෙන අතුරුඵල විතරයි. ධර්මය භාවිතා කිරීම තුලින්, භාවනා කිරීම තුලින්, ඒ ලැබෙන ආනිසංසයන් තමන්ට මෙලොවදීම විඳ දරා ගන්න පුළුවන්කමක් හම්බ වෙනව. ඒව විපාක දෙනවමයි. ඒ අතර, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා වදාරන නිවන් සැපත කියල කියන, නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමයි ඇත්තටම කියනව නම් මේ ධර්මය තුලින් බලාපොරොත්තු වෙන අපේ අවසාන ඉලක්කය වෙන්නෙ.
ඒ ඉලක්කයට යන්නට, තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය ක්‍රමයත් එක්ක බලනකොට පින්වතුනි, අපි හිතන සහ අපි දකින හෝ අපි අදහස් දරණ ක්‍රමයට වඩා, බුදු පියාණන් වහන්සේ අපිට කියල දෙන, ඇති කරගන්න ඕන කියල කියන, ගුණාංගයන් හරීම වෙනස්. ඒක තමයි මේ දහම සාමාන්‍ය ලෝකයා හිතන පැත්තට ගලන විදිහට නෙමෙයි, අනිත් පැත්තට ගලන දෙයක් හැටියට තථාගතයන් වහන්සේගේ වචනෙකින් දේශනා වෙන්නේ, 'පටිසෝතගාමී' කියල.
අනිත් පැත්තටයි යන්නෙ මේක. ලෝකයා හිතන පතන, බලාපොරොත්තු වෙන, අදහස් දක්වන, ඒ ආකාරයට හෝ ඒ අයුරට නෙවෙයි මේ කියන දහම ගලාගෙන යන්නේ. ගලාගෙන යමින් පවතින්නේ. දහමින් ප්‍රයෝජන ගන්න ඇත්තන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්නට නම්, සාමාන්‍ය ලෝකයා හිතන පතන විදියට වඩා වෙනස් විදියකට හිතන්න පතන්න සිද්ධ වෙනව.
උදාහරණයක් හැටියට සාමාන්‍ය ලෝකයා කතා බහ කරනකොට, නිරන්තරයෙන්ම ගැටෙන, නිරන්තරයෙන්ම අමනාපය ඇති කර ගන්න, නිරන්තරයෙන්ම අනිත් අයව හෙළා දකින හෝ අනිත් අය මත වරද පටවන ආදී වශයෙන්, ඒ වගේ කතා නම් කරන්නෙ, සාමාන්‍ය ලෝකයේ කොහොමත් තියන කතා ඔය වගේමයි. නමුත් ධර්මයට අනුකූලව ඉන්න කෙනා, ධර්මානුකූලව ඉන්න කෙනා, ඔය කියන විදිහේ තිරශ්චීන කතාවලින් බැහැර වෙන්න ඕන. විය යුතුමයි.
අනික් අය කෝප ගන්නවන සුළු කතාවල් කරන අතර, තමන් උත්සාහ කරන්න ඕන අනික් අයගේ ඒ කෝප ගන්වන සුළු කතාව අහලම, "මම නම් ඒ වගේ කතාවක් කියන්නේ නෑ" කියල.
අනිත් අය අමනාපය ඇති කරවන විරසකය ඇති කරවන, භේදබින්න කරවන, කොටවන, ප්‍රශ්නයක් මතු කරවන, එපා කරවන ආදී වශයෙන් විවිධාකාර තිරශ්චීන කතා කරනකොට, ඒ පිරිස් එක්ක අපිට ඉන්න වුනාට පින්වතුනී, අපි ඉගෙන ගන්නට ඕන, ඒ දේවල් දැක දැක "හා..මේ වගේ දෙයක් නම් මං මගේ ජීවිතේට ගන්නෙ නෑ. මගේ වචනය නම් ඔය හැටියට නම් පාවිච්චි කරන්නෙ නෑ" කියන අදහසයි අපි ගන්න ඕන.
මෙන්න මෙහෙම කරන කෙනාට කියනව 'සල්ලේඛ' කියල. වැරැද්ද දැක දැක, ඒ වැරැද්දෙන් නිදහස් වෙන කෙනා.
ඉතින් අන්න ඒ විදියටයි, අපි ධර්මයේ හැසිරෙන විදියට කටයුතු කල යුතු වෙන්නෙ. මේක කරන්න පුළුවන් වෙන්නෙ පින්වතුනි, අපි අපිත් එක්ක තියන දේවල් එක්ක අවධානයෙන් ඉන්න හිත හදා ගත්තොත් විතරයි. මම කරන දේ හෝ මගෙන් සිදුවන දේට වඩා මාත් එක්ක තියන දේ මොකද්ද? කියල අවධානමත් වෙන්න, මම මේ වෙලාවෙ ඇසුරු කරන දේ මොකද්ද? කියලා ඒ දේ තේරුම් ගන්න, අපේ හිතේ අදහසක් තියනව නම්, කැමැත්තක් තියනව නම්, මනාපයක් තියනව නම්, රුචිකත්වයක් තියනව නම්, නැඹුරුවක් තියනව නම්, හුරු බවක් තියනව නම්, අන්න ඒ කෙනාටයි කියන්නේ සිහියෙන් යුතුව වාසය කරන කෙනා කියල.
අන්න ඒ විදිහේ ජීවිතයක් ගෙවන අවස්ථාවටයි කියන්නේ "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" කියල. සිහියට ප්‍රධානත්වය දීල ජීවත් වෙනව.
මේක එතකොට පර්යංකයට ආපු වෙලාවට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ හෝ සිද්ධ කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම තැනකදී, වෙන කෙනෙක් කතාබහ කරද්දී වුනත්, අපි අපේ අදහසට ප්‍රධාන තැන දෙන්නෙ නැතුව, ඒ කෙනාට කතා කරන්න උවමනාවක් තියනව නම් ඒක අහගෙන ඉන්නව. හැබැයි එයා ඒ කියන කතාව තුල නරකක් තියෙන්න පුළුවන්, අමනාපයක් ඇති කරවන, වචනයක් තියෙන්න පුළුවන්, කෝප ගන්වන බවක් තියෙන්න පුළුවන්, විරසක කරවන බවක් තියෙන්න පුළුවන්, කේලාමයක ස්වාභාවයක් තියෙන්න පුළුවන්, ගැටෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්, අමනාපයක් ඇති කරවන බවක් තියෙන්න පුළුවන්.
ඔය කියන ආදී විදිහට එයාගේ වචනය අධ්‍යනය කරන්න පටන් ගත්තහම අපිට අපේ නුවණට තේරෙන්න ගන්නවා, අපිට තේරෙන ප්‍රමාණයට තේරෙන්න ගන්නවා, මේ කියන තැනැත්තා හෝ තැනැත්තිය, මේ කරන කතාබහෙන් නම් ඇති වෙන්නෙ මෙන්න මේ වගේ ස්වභාවයක්මයි කියල. ඒක ඒ විදියට දැන ගන්න එක, ආයෙ සැකයක් හැරල දැන ගන්න අපිට පුළුවන් වෙනව.
ආ..එහෙම වුනාට පස්සෙ පින්වතුනි, අපි අපේ පැත්තට ඉගෙන ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයො හැටියට, ඒ වැරැද්ද දැක දැක, "නෑ..මම ඔය වගේ වැරැද්දක් කරන්නෙ නෑ, මගේ වචන ඔය විදියට වැරදි ආකාරයට පාවිච්චි කරන්නෙ නෑ" කියල උත්සාහයක් ඇති කරගන්න ඕන. වැරැද්දක් කියන්න හෝ වැරදි විදියට වචනයක් භාවිතා කරන්න අවස්ථාව එනකොට, වැරැද්ද නොකර ඉවසනව. යහපත් විදියටම වචනය භාවිතා කරනව.
මෙන්න මේ විදියටයි ධර්මය තුලින් අපේ ජීවිතය පෝෂණය කරගන්නෙ. මේ විදිහටයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන භාවනාව, සිහිය පැවැත්වීම, අපේ ජීවිතයට භාවිතා කරගෙන, අපේ ජීවිතවල තියන දුකෙන් නිදහස් වෙන්නෙ. ඕක ඔය විදිහටමයි කායික ක්‍රියාවටත් ගලාගෙන යන්නෙ.
බාහිර ඇත්තො හෝ අපිට පේන දේවල්වල ගැටෙන බවක්, විනාස කරන්න හදන බවක්, කඩාකප්පල් කරන්න හදන බවක්, ප්‍රශ්නයක් ඇති කරවන බවක්, ආදී ඕනෑම විදියක කාරණාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ වැරැද්දක් නම් තිබුනේ, අපේ හිතට අපි අදහසක් ගන්න ඕන, "මං එහෙනම් ඔය වගේ කාරණාවල් නම් මගේ ජීවිතේට ගන්නෙ නෑ" කියල.
ඒ වගේමයි පින්වතුනි ඕකෙ අනිත් පැත්තත්. බාහිර කෙනා කතා කරන වචනය තුල තියනව නම් මෛත්‍රී සහගත බවක්, බාහිර කෙනා කතාබහ කරන වචනය තුල තියනව නම් අපිව නිවී සනසවන බවක්, අනිත් කෙනාව සංතෝස කරවන බවක් තියනව නම්, සතුටු ගන්වන බවක් තියනව නම්, අනිත් කෙනාටත් අනුග්‍රහය දක්වන බවක් තියනවා නම්, එවන් වූ වචන එකතු කරගන්න ඕන අපේ ශබ්දකෝෂයට දවසෙන් දවස. එවන් වූ ගති පැවතුම් දකින්න ලැබෙනව නම්, අපිට පේනව නම් ඒ වගේ ගති පැවතුම්, අපි අපේ ජීවිතේට ඈදා ගන්න ඕන මොහොතින් මොහොතට.
අන්න එතකොටයි එයා ධර්මයෙන් දියුණු වෙන්නෙ. ඒ කෙනාටයි කියන්නෙ 'පරිමුඛං සතිං උපට්ඨපෙත්වා විහරති' කියල. එයා සිහියට ප්‍රධාන තැන දීල ජීවත් වෙනව. එයා එයාගේ උවමනාවට නෙමෙයි. එයා එයාට අහුවෙන දේට, එයා එයාට තේරෙන දේට ප්‍රධාන තැන දීල, ඒත් එක්ක ජීවිතේ ගෙනියනව. එයා එතකොට පින්වතුනි, ඉගෙන ගන්නවා කියන එක නතර කරන්න වෙලාවක් නෑ මේ කියන කෙනාට.
ධර්මයේ සැරිසරන කෙනාට ඉගෙන ගැනීම කියන එක නතර කරන්න කාලයක් නැහැ. හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙන්න පුළුවන් මියැදෙන තාක් කල්. මට මතකයි හේනෙපොල ගුණරතන හාමුදුරුවො මෑතකදි කරපු ධර්ම දේශනාවක ඔය විදියටම කිවුව. "අපිට මැරෙනකංම ඉගෙනගන්න දෙයක් තියෙනවා"ය කියල. ඒක එහෙමම තමයි.
සමහර අවස්ථාවන්වලදි, අපි ඇත්ත කියල හිතාගෙන මේ විදියට කියන එක හෝ මේ විදිහට කරන එක හොඳයි කියල හිතාගෙන, යම්කිසි වචනයක් කිවුවොත් හෝ යම්කිසි වැඩක් කලොත් ඔය දේ බාහිර කෙනා ඒ විදියටම කරනකොට දැක්කොත්, ඒ දේ තුල තියන හරිකමක් හෝ වැරදිකමක්, එතකොටයි අපිටත් තේරෙන්නෙ, මේ දේ සකස් කරගන්න ඕනද? නැත්නම් මේ දේ පවත්වා ගන්න ඕනද? කියල.
අන්න ඒ වගේ පින්වතුනි, අපේ ජීවිතේම පරීක්ෂණාගාරයක් කරගන්න ඕන. ඒකයි භාවනා කරන ඇත්තන්ට, සතිපට්ඨාන භාවනාව කරන ඇත්තන්ට, කියල දෙන්නෙ තමන්ට තමන් නිරීක්ෂකයෙක් වෙන්න කියල. ඒකයි අපි මේකට 'අපක්ෂපාතී වූ නිරීක්ෂණය' කියන වචනය භාවිතා කරන්නෙ.
තමන් තුල ඇති කර ගන්නා වූ ස්වභාවයන්ට සහ තමන්ගේ චර්යාවට සහ බාහිර ඇත්තන්ගෙ චර්යාව කියන මේ දෙකොට්ඨාසය දිහාවටම, පැති දෙක දිහාවටම, පක්ෂයක් ගන්නෙ නැතුව, පැත්තක් ගන්නෙ නැතුව, මධ්‍යස්ථ මතධාරීව බලන්න පුළුවන් හිතයි, 'පරිමුඛං සතිං උපට්ඨපෙත්වා' කියන වචනයෙන් අපිට බුදුරජාණන් වහන්සේ කියල දෙන්නෙ.
සිහියට ප්‍රධාන තැන දෙනවා මිසක, පුද්ගල සංඥාවට හෝ ඒ සිදුවන ක්‍රියාවට හෝ කියාපු වචනයට නෙවෙයි මේ ප්‍රධාන තැන දෙන්නෙ. ඒ කෙනාට නෙමෙයි, ඒ සිද්ධ වෙන කාරණාව මොකද්ද? කියන එකයි තේරුම් ගන්නෙ. ඒ සිද්ධ වෙන කාණාවෙන් ඉස්මතු වෙන ධර්මතාවය මොකද්ද? ඉස්මතු වෙන ධර්මතාවය තුලින් තියෙන්නෙ, අපිව හෝ බාහිර කෙනාව හෝ සෑම සියළු දෙනාවම දුකට ඇදල දාන බවක්ද? දුකෙන් නිදහස් කරවන බවක්ද? කියන මෙන්න මේ අවබෝධයයි අපිට ගෙනැල්ල දෙන්නෙ සතිපට්ඨානය තුලින්.
එතකොට ඔය ඇත්තෝ පර්යංකයට වාඩි වුනහමවත් සක්මනට ගියහම වුනත් හඳුනා ගන්න පුළුවනි පින්වතුනි, මම මේ විදියට මේ කරන අධ්‍යයනය හෝ ආනාපානය දිහා නම් බලාගෙන ඉන්නෙ එහෙම නැතිනම් සක්මන දිහා නම් අවධානය යොමු කරන්නෙ, මේ දැන් තියන මේ දැක්ම හෝ මේ තියන අවධානය මාව ගෙනියන්නේ නීවරණයකටද?, උදාහරණයක් හැටියට කිවුවොත් නින්දකටද? කම්මැලිකමකටද? එපාවීමකටද? එහෙම නැතිනම් උද්යෝගීමත්භාවයකටද? වීර්යයකටද? සතිමන්තභාවයකටද? හොඳ අවබෝධයකටද? මේ කාරණාව දිහා දැක ගන්න පුළුවන් විදිහේ හොඳ දර්ශනයකටද මාව අරන් යන්නේ? කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් එනව.
අන්න ඒ ටිකයි පින්වතුනි අපි භාවනා කරල හොයාගන්න පටන් ගන්නෙ. අන්න එහෙමයි අපි භාවනාව කරනකොට, අපි අපිවම පරීක්ෂකයෙක් බවට පරිවර්තනය කරගන්නෙ. සතිපට්ඨානය වඩන කෙනා විවේචකයා විතරක් නෙවෙයි පරීක්ෂකයා, නිරීක්ෂකයා, සහ නිගමනකයා වෙන්නත් පුළුවන්.
තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන මාර්ගය තුල අපි මුහුණ දෙන ගැටළුවට පිළිතුර ඒ වෙලාවෙම හම්බ වෙනවා. හැබැයි අපි ඒ විදියට බැලුවොත් විතරයි.
ඉතින් ආන් ඒක හින්ද පින්වතුනි, අපේ මේ අද දවස, මේ පොහොය දවසේදී මේ ගත වන කාලය භාවිතා කරන්න ඕන ඔය කියන විදිහේ සතිපට්ඨානය වඩන්නට, සතිමත්භාවය වඩන්නට හෝ සතිමත්භාවය පුරුදු කරන්නට ඒ අරගෙන යන මාධ්‍යය ඔස්සේ ඒ අරගෙන යන රටාව ඔස්සේ ගෙනියන්න උත්සාහ කරන්න ඕන. ඔය ඇත්තෝ එක තත්පරයක්, එක විනාඩියක්, එක මොහොතක්, චිත්තක්ෂණයක් ඔය කියන විදිහේ සිහියට ප්‍රධාන තැනක් දීලා ඉන්න උත්සාහ කරන, ඒ විදිහට හිත පුරුදු කරන ඒ ප්‍රමාණයම ඔය ඇත්තන්ගෙ සාමාන්‍ය ජීවිතේටත් ඒ දේ ස්වාභාවික හැටියටම ආදේශ වේවි. ඔය ඇත්තන්ගෙ සාමාන්‍ය ජීවිතේ තියන කටයුතු පවා බොහෝම ලේසියට සහ පහසුවට විසඳගන්නට අවස්ථාව සලසලා දේවි. අපි ඥාණවන්ත වේවි.
පින්වතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නේ,
"ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය"
කියන මේ උද්වෘත පාඨයත් එක්කයි. ඔය ඇත්තො සතිපට්ඨානයක් වඩනව නම් ඔය ඇත්තන්ට තේරෙයි, ඇයි ශෝක සන්තාපයන් මම හදාගන්නෙ? සහ ලෝකයා හදල දෙන්නෙ ඇයි? කියල තේරුම් ගනීවි. ඇයි මම දුකක ඉන්නෙ? ඒ දේ තේරුම් ගනියි. ඇයි මට ඥාණවන්ත වෙන්න බැරි? ඇයි ලෝකයාට ඥාණවන්ත වෙන්න බැරි? ඕක තේරුම් ගනියි. ඇයි ලෝකයාට නිවී සැනසීමක් නැත්තෙ? ඇයි මට නිවී සැනසීමක් නැත්තෙ? කියන එක අපිම තේරුම් ගන්න පටන් ගනීවි සතිපට්ඨානය හින්ද.
මෙන්න මේකටයි පින්වතුනි කියන්නෙ දහම කැඩපතක් කරගන්නවා කියල.
මේ ආකාරයටයි අපි අපේ භාවනාව කරගෙන යන්නෙ. ඉතින් ඔන්න ඔය කියන කටයුත්ත කරන්නටයි ඔය ඇත්තන්ට මේ වටපිටාව සකස් කරල දීල තියෙන්නෙ. මම විශ්වාස කරනව මේ තියන විවේකයෙන්, මේ තියන නිදහසෙන්, ඔය ඇත්තන්ගේ සාංසාරික ගමන කෙටි කරගන්නා වූ ඒ ඉලක්කය පුරුදු කරන්නට, වඩන්නට, අද දවස භාවිතා කරන්නට කියල. නොදන්නා දෙයක් තියනව නම් අහන්න ඕන. හවස් අතේ අපි ධර්ම සාකච්ඡාවක් කරල, භාවනාවේ අත්දැකීම් කතාබහ කරල, කමටහන් සාකච්ඡාවක් කරල, දවස හමාර කරමු.
ඉතින් ඔය විදියටයි පින්වතුනි, අපි යන ගමන යන්නෙ. මේකටයි අපි කියන්නෙ 'නිවීමේ කලාව' කියල. සියළු දෙනාටම මේ කටයුතු ටික යහපතින් කරගන්න අවස්ථාව සැලසේවා කියල මම බලාපොරොත්තු වෙනව.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
දහම් කැඩපත
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මග්ගානට්ඨංගිකං සෙට්ඨෝ
සච්චානං චතුරෝපදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
ද්විපදානංච චක්ඛුමා තීතී"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද මැදින් මාසෙ පසලොස්වක පෝය දවසයි. ඔය ඇත්තො සිල් සමාදන් වෙන්න පැමිණීම ගැන බොහොමත්ම සංතෝසයට පත් වෙනව. ගෙවීගෙන යන කාලයේ, අද දවසේදී ඔබ අප සෑම සියළු දෙනාම කල්පනා කරන්නේ තමන්ගේ ජීවිත වලට ධර්මයෙන් යම්කිසි වූ පෝෂණයක් අරගෙන දහම් පිඬක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන, රැස් කරගෙන, තමන්ගේ ජීවිතය සුඛිත මුදිත භාවයට පත් කර ගන්නයි.
කාලයක් හැටියට ගන්නකොට පින්වතුනේ, මේ වර්තමාන නැත්නම් මේ ගෙවීගෙන යන කාල වකවානුව අපි කාටත් එක්තරා මට්ටමකින් කරදර බාධකයන් සහිත සහ දැඩි කාල වකවානුවක් තමයි. මෑත කාලය වෙනකොට එන්න එන්නම, එන්න එන්නම වගේ ඒ වගේ කරදර බාධකයන් අපිට මුණ ගැහෙන ප්‍රමාණය, දැනෙන ප්‍රමාණය, තේරෙන ප්‍රමාණය සහ අපිට වෙන බලපෑම එන්න එන්නම, එන්න එන්නම වැඩි වෙලා තියනවා කියල පේන්නත් පුළුවන්. විශ්වාස කරන්න ඕන ඒක ඔය ඇත්තන්ටත් එහෙමයි, පැවිදි ජීවිතයක් ගත කරන අපිටත් බාහිරින් නම් එහෙමම තමයි.
වාසනාවකට වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන මේ ධර්මයේ අපිට උගන්වනවා, මේ මේ වගේ අවස්ථාවන්වලට මුහුණ දෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාවකදී වුනත් ධර්මයේ පිළිසරණ සලසා ගන්නෙ කොහොමද? කියල. ඉතින් අද මම කල්පනා කරනවා ඔන්න ඔය කියන කාරණාව ගැන චුට්ටක් භාවනාව අනුසාරයෙන් ඔය ඇත්තන්ට කියල දෙන්න කියල.
මම ප්‍රිය කරන භාවනාව කියන මේ විෂයයේ ප්‍රධානම කොටස හැටියට උගන්වන්නේ, වර්තමානය තුල ජීවත් වීමයි. එතකොට සතිපට්ඨාන සූත්‍රය කියන දේ අරගත්තොත් එහෙම, සතිපට්ඨාන සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ අන්තර්ගත කරල තියනව පින්වතුනි, ඔය ඇත්තොත් මමත් වගේම මේ ලෝකයා ජීවත් වෙන, සැරිසරන, පුරුදු කරන, මුහුණ පාන, යම්කිසි වූ දෙයක් තියනවද හොඳ හෝ වේවා නරක හෝ වේවා, ඒ සෑම සියළු දෙයක්ම අන්තර්ගත වෙලා තියනව වගේම, ඒ සෑම සියළු මොහොතකම සතිමත් භාවය පුරුදු කරන්නේ කොහොමද? සතිවන්ත වෙන්නේ කොහොමද? සිහියෙන් ඉන්නෙ කොහොමද? සතිපට්ඨානයට ඒක දා ගන්නෙ කොහොමද? කියන එකයි සතිපට්ඨාන සූත්රයෙදි අපිට කියල දෙන්නෙ.
අපේ ජීවිතය තුල අනික් පැත්තකට අරගෙන බැලුවොත් එහෙම, අපි බලාපොරොත්තු වෙන එක රටාවක් තියනව පින්වතුනි, ඒ රටාව තුල තියෙන්නේ අපිට ප්‍රිය වූ ද අපිට මනාපය වූ ද අපි රුචි කරන්නා වූ ද අපේ මන වඩන්නා වූ ද අපිට සංතෝසය ඇති කරන්නා වූ ද අන්න එවන් වූ දේවල්ම ළඟා කර ගන්නට, කිට්ටු කර ගන්නට, උත්සාහ කරන ස්වභාවයකුයි සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ හිත තුල තියෙන්නෙ. හැබැයි බණ පොතේ තියන ගාථාවක මෙන්න මෙහෙමත් තියනවා,
"යේන යේනහි මඤ්ඤංතී
තතෝ තං හෝති අඤ්ඤතා"
කියල. අපි යම් යම් ආකාරයකට බලාපොරොත්තු ඇති කර ගන්නේ වේද, ඒ බලාපොරොත්තු ඇති කර ගන්නා වූ දෙය සිද්ධ වෙනකොට, ප්‍රායෝගිකව ඒ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට, ඒ දේ අනිකක්ම බවට පත් වෙලාම තියනව. අපි බලාපොරොත්තු ඇති කර ගත්ත විදියට ඒ දෙය අපිට සන්තර්පණය කර ගන්නට අවස්ථාවක් හම්බ වෙන්නෙ නැති කතාවයි තථාගතයන් වහන්සේ උගන්වන්නෙ.
හේතුව පින්වතුනි, ඔය ඇති කරගන්නා වූ බලාපොරොත්තුව කියන දේ සංකල්පයක්. ඒක අපි හිතේ හදා ගත්ත, හිතේ මවාගත්ත, හිතේ ඇඳ ගත්ත චිත්ත රූපයක්. ඒ චිත්ත රූපය තමයි අපි හඹාගෙන යන්නෙ, හොයාගෙන යන්නෙ, පසුපස යන්නෙ.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම, ඔය ඇත්තන්ට අපි කියමුකො මොකක් හරි භාණ්ඩයක් ගන්න ඕනකමක් තියනව කියල. අපි හිතමු ඒක මොකක් හරි පෙට්ටියක් කියන්නකො. යම්කිසි දෙයකට ඕන වෙන විදිහේ පෙට්ටියක් ඔය ඇත්තන්ට ගන්න ඕනකමක් තියනව නම්, ඒ දේ මෙන්න මේ විදිහේ හැඩයක් තියෙන්න ඕන, මේ විදිහේ පාටක් තියෙන්න ඕන, මේ විදිහේ මටසිළුටු භාවයක් තියෙන්න ඕන, ඒ දේ ස්පර්ශ කරනකොට අතට මේ වගේ දැනෙන්න ඕන, බර මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන, ඒවට මෙන්න මේ මේ මේ විදිහේ ගෙත්තම් කරල තියෙන්න ඕන, ආදී වශයෙන් අපි අපේ හිතේ හදා ගන්නවා සංකල්පනාවක්. හීනයක්, අරමුණක්, ඉලක්කයක් අපි හදා ගන්නව.
ඒ සිතුවිල්ල හෝ ඒ අරමුණ හෝ ඒ ඉලක්කය පස්සෙ තමා ඊළඟට අපි හඹාගෙන යන්නෙ. ඊළඟට අපි කඩේට හරි වෙළඳපොළට හරි ගිහිල්ලා අපේ හිතේ අර තියන සංකල්පය තියන එකම හොය හොයා, හොය හොයා යනව. හැබැයි අපි ඒ සංකල්පය මතම බැහැල ඉන්නව නම් පින්වතුනි, අපේ ඒ හිතේ තියන සංකල්පය වගේ එකක් හම්බ වෙන තාක් අපි ඒ දෙය හොයනව විනා ඒ කඩපොලේ තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න අපි හිතන්නෙ නෑ. හේතුව අපි ආසා කරන්නේ සංකල්පයට නිසා.
බුදු හාමුදුරුවො ඒකයි මේකට කියන්නෙ,
"සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ"
කියල. සාමාන්‍ය ලෝක සත්ත්වයා රාගය ඇති වෙන්නෙ හෝ ආශාව ඇති කර ගන්නෙ සංකල්පයටයි. ඉතින් පින්වතුනි, ඔය කියන ස්වභාවය තමයි අපිට තියෙන්නෙ. අපි අර බලාපොරොත්තු වෙච්ච විදිහේ වටපිටාවක් නැති නම් ඒ කඩපොලේ තියන ඒ පෙට්ටියට, අපි ඒ දේ ගන්න හිතන්නෙ නෑ. ඒ දේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ ස්පර්ශයක් ලබා දෙන්නෙ නැත්නම්, බරක් ලබාදෙන්නෙ නැත්නම්, හැඩයක් ලබාදෙන්නෙ නැත්නම්, ලස්සනක් ලබාදෙන්නෙ නැත්නම්, පාටක් ලබාදෙන්නෙ නැත්නම්, ආදී වශයෙන් අපේ අරමුණට යන්නෙ නැත්නම්, අපේ සංකල්පය රජයන්නෙ නැත්නම්, ඒ සංකල්පය ක්‍රියාවට නැඟවෙන්නෙ නැත්නම්, අපි ඒක ගන්න මනාප නෑ.
මෙන්න මේකයි සාමාන්‍ය ලෝකයාගේ තියන සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ඔය කියන සංකල්පය සංකල්පයක් මිස ඒක ක්‍රියාත්මක වෙනකොට ලෝකයේ තියන්නෙ වෙනම දෙයක් කියල. මෙන්න මේකයි ධර්මය තුල තියන පුදුමාකාර වූ රහස ගැබ් වෙලා තියන ගැඹුරාර්ථය. අපිට හම්බ වෙන්නේ බලාපොරොත්තු වෙන විදියට වඩා ටිකක් වෙනස් විදියකටයි.
සතිපට්ඨානයෙන් උගන්වන්නේ, ඒ වෙනස් විදියකට හම්බ වුනා හෝ බලාපොරොත්තු වෙච්ච විදියට හම්බ වුනා හෝ මේ අවස්ථා දෙකටම එක හා සමාන විදිහේ අගය කිරීමක් දෙන්නටයි. ඉතින් මේ කරදර බාධකත් ඔය වගේම තමයි. ඔය ඇත්තොත් මමත් අපි අපේ හිතේ සංකල්පයක් හදාගෙන තියෙනවා අපි ඉන්න වටපිටාව මේ වගේ වෙන්න ඕන. අපිට ගන්න පුළුවන් දේවල් මෙන්න මේ වගේ ස්වභාවයක වෙන්න ඕන, ඒ විදියට ප්‍රියමනාප වෙන්න ඕන, මේ විදිහේ ලස්සන තියෙන්න ඕන, මේ වගේ හැඩහුරුකම්වලින් තියෙන්න ඕන, මේ වගේ ප්රනීතභාවයෙන් තියෙන්න ඕන, අද කාලෙ හැටියට කියනව නම් මේ වගේ මිල මුදල් අඩුවෙන් තියෙන්න ඕන කියල.
ඒ වුනාට මයෙ පුතා ඒක ඒ විදියට වෙන්නෙ නෑ. අද වෙනකොට අපිටම සාක්කි දරන්න පුළුවන්, අපිටම පේන්න පටන් ගන්නව, බුදුරජාණන් වහන්සේ අවුරුදු දෙදහස් හයසිය ගාණකට කලින් කියාපු කතාව සහතික ඇත්ත කියල. අපේ හිතේ තියන සංකල්පය රජයන්න අද වෙනකොට අවස්ථාවක් නෑ. ඔන්න ඔතන හොඳ ලස්සන කතාවක් තියනවා. අපේ හිතේ තියන සංකල්පය රජයන්න බැරි හින්ද අපි අමනාපයි. එතකොට මේක තුල ආපස්සට ගියොත් එහෙම ඇයි අපේ අමනාපය? අපේ හිතේ තියන දේ රජයන්න බැරි හින්ද. එතකොට අමනාපය නැති වෙන ස්වභාවයකට අපේ හිත ගන්න නම් මොකක් කලොත් හොඳද?
ඔන්න ඕකටයි ධර්මය පුරුදු කරනව කියල කියන්නෙ. ධර්මයෙන් කියන්නෙ මොකද්ද? හිතේ රජයන දේ හදා නොගෙන ඉන්න කියල. අපේ හිතේ රජයන බවක්, අපේ හිතේ යම්කිසි වූ සංකල්පයක් හදාගෙනයි ජීවත් වෙන්නෙ. ඒ සංකල්පය තමයි අපි හඹාගෙන යන්නෙ. ඒ සංකල්පය තමයි අපිට වර්ධනය කරගන්න ඕන වෙන්නෙ, සාක්ෂාත් කරගන්න ඕන වෙන්නේ, ඒ අරමුණ ඉලක්කය ඒකයි. නමුත් ඒ සංකල්පයට අපිට යන්න බැරි හින්දයි, ඒ සංකල්පය අපිට ඒ විදියට සාක්ෂාත් කර ගන්න නොහැකි වෙන හින්දයි අපේ හිතට දුක තියෙන්නෙ.
අන්න එතනයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ, අපේ හිතේ සංකල්පය හදා ගන්න ඕන, තියාගන්න ඕන, අරමුණක් තියෙන්න ඕන. නමුත් ඒ අරමුණ තුල ස්ථිර හැටියට ඉන්න නම්, ඒ දේ සකස් කරගන්න අවස්ථාවක් තියෙනව නම්, ඒ දේ සකස් කර ගන්න ඕන. මම සරල උදාහරණයක් කියන්නම්.
සාමාන්‍ය ජීවිතය තුලදී අපි කතාබහ කරන වචන මේ විදිහටම වෙන්න ඕන කියල හිතාගෙන හිටිය කියන්නකො. හැබැයි ඒ විදියටම වචනය කතා කරනකොට, අපි හිතාගෙන හිටියට මේ මේ අවස්ථාවන්වලදී මේ ආකාරයටම කතා කරන එක හොඳයි කියල හිතාගෙන හිටිය වුනාට, හැබැයි අපි හිතාගත්ත විදියට කතා කලත් ප්‍රශ්ණය වැඩිවෙන්න පුළුවන්. එතකොට මෙතන වැරැද්ද තියෙන්නේ අපි ඒ කතා කරපු එක නෙවෙයි. ඒ කතා කරන්න මං මෙන්න මේ විදිහේ මුල් බැස ගැනීමකින් කතා කරනවා කියල හිතට ගත්ත අදහස තුලයි මේ අවුල තියෙන්නෙ. අන්න එතනයි බුදු හාමුදුරුවො හදන්න කියල කියන්නේ.
ඔය දේට වෙන බාහිර බලපෑමක් නැතුව, වර්තමානය තුලට ගැලපෙන සුදුසු ආකාරයට කටයුතු කරන්නෙයි කියල අපිට උගන්වනව. ඒ ගැලපෙන සුදුසු ආකාරයට කටයුතු කරනකොට පින්වතුනි, අර වගේ සංකල්පයකට ඇලෙන බවක් නෑ. වෙන දෙයක් අල්ලාගෙන ඒ දේ මත යැපිලා කටයුතු කරන්න යන බවක් නෑ. කල යුතු දේ තියනවද, ඒ කල යුතු දේ කරන්න පුළුවන් ප්‍රමාණයෙන් කරනව. දැනට තියන දෙයක් තියනවද, ඒ තියන දේ තියන ප්‍රමාණයෙන් රස විඳින්න ඉගෙන ගන්නව. ජීවිතේ කියල කියන්නේ අන්න ඒ විදිහට පැන නඟින දේට, පැන නඟින දේ හඳුනාගෙන ඒ හඳුනාගත්ත දේත් එක්ක සාමයෙන් ඉන්න බවයි.
මෙන්න මේකටයි කියන්නෙ සතිපට්ඨානයයි කියල. සතිපට්ඨානය උගන්වන්නෙ, සතිපට්ඨාන සූත්‍රයෙන් උගන්වන්නෙ හොඳ හෝ වේවා නරක හෝ වේවා, හැම තැනකම තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙ, ඒ හොඳ දෙයත් නරක දෙයත් එන බව දැන ගන්න, තියෙන බව දැන ගන්න, යන බව දැන ගන්න. එන බවත් එක්ක ජීවත් වෙන්න, තියෙන බවත් එක්ක ජීවත් වෙන්න, යන බවත් එක්ක ජීවත් වෙන්න. ඔන්න ඕකමයි උගන්වන්නෙ.
අපේ ජීවිතය තුල අපි හොඳ දේ එනවට කැමතියි, හොඳ දේ තියනවට කැමතියි, හොඳ දේ නැති වෙනවට අකමැතියි. නරක දේ එනවට අකමැතියි, නරක දේ තියනවට අකමැතියි, නරක දේ යනවට කැමතියි. ඔන්න ඕකයි අපි ගාව තියන සංකල්පය.
මෙන්න මේක හන්දා තමයි මේ ප්රශ්නය අපිට සකස් වෙන්නෙ. ඉතින් මේ කාලය වුනත් ගත්තහම, අපිට මේ තියන ප්‍රශ්ණ කරදර හැම එකක්ම...ඇත්ත, අපේ හිතේ අහිංසක බලාපොරොත්තුවක් තියනව මේ දේ සාක්ෂාත් වෙන්න ඕන, මේ විදිහේ දියුණුවකට අපිට යන්න ඕන, රටක් හැටියට ගත්තහම නායකයො ගැන හරි කවුරු හරි ගැන කමක් නෑ විශ්වාසය තියන්න පුළුවන් විදිහේ පිරිසක් අපිට ආශ්‍රය කරන්න ලැබෙන්න ඕන කියල. ඉතින් එහෙම එකක් මේ ලෝකෙ කොහෙවත් නැත්නම්, මගෙ රත්තරන් පුතා කොහොමද හොයා ගන්නෙ? එහෙම එකක් තියනවනෙ.
නමුත් ඒ කෙනා අපි වෙන්න පුළුවන්. අපි හිතන, අපි බලාපොරොත්තු වෙන, ඒ කෙනා අපි බවට අපිට පත් වෙන්න පුළුවන්. මං මේ කියන්නෙ අපි හැමෝම ඡන්දෙ ඉල්ලන්න ඕන කියන එක නෙවෙයි. නමුත් අපි හිතන ඒ සෘජුභාවයට අපිට යන්න පුළුවන්. අන්න එතකොටයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට අපි පත් වෙන්නෙ.
එතකොට මේ වගේ කරදරකාරී අවස්ථාවන් වලත් අපි කොහොමද ජීවත් වෙන්නෙ? බුදු හාමුදුරුවො දේශනා කරනවා, නැත්තම් භාවනාව පැත්තෙන් ගත්තහම භාවනාවෙදි අපිට කියල දෙන ප්‍රධානම වචනයක් තමයි, හැම එකක්ම කමටහනක් කර ගන්න කියන එක. මේක එක පැත්තකින් ගත්තහම මහ අපභ්රංසයක්. මේකෙ තේරුම මොකද්ද කියල හිතාගන්න බැහැ.
උදාහරණයක් හැටියට වාහනයක් එළවනකොට මගේ කමටහන අසුභය බලන එක නම්, එක්කො ආනාපානය කරන එක නම්, කොහොමද මං හුස්ම බලන්නෙ? අන්න ඒක ලොකු ප්‍රශ්ණයක් තමයි. හැබැයි සතිපට්ඨාන භාවනාවෙදි විතරයි හැම දෙයක්ම කමටහනක් කරගන්න කියන ඔය කතාව කියල දෙන්නෙ. හේතුව තමයි සතිපට්ඨානය වෙන්නෙ වර්තමානය තුල අපි කරන දෙයයි. නැත්නම් සිහියට ගත යුතු වෙන්නෙ වර්තමානය තුලදී අපි මුහුණ දෙන දේ හින්ද.
අන්න එතකොට පින්වතුනි, මේ කාලය තුලදී අපි ඇත්තටම මුහුණ දෙන්නෙ මේ දුක නම්, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනව මාර්ගයක් හැටියට තියන හොඳම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල. අපේ ජීවිතය තුල දුකෙන් නිදහස් වෙන්න හොඳ කාලයේදී හෝ නරක කාලයේදී හෝ දුක තියන කාලයේදී හෝ දුක නැති කාලයේදී කියන ඕනෑම කාලයකදී ප්‍රතිඵලයක් තියන එකම එක කාරණාවක් තියනවද? ආන් ඒකට කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.
එතකොට මේ දුක් සහිත කාලය තුලදී නැත්නම් මේ කරදර සහිත කාලය තුලදී වුනත් අපි ඉගෙන ගන්න ඕන මම හිතන දේ ආර්ය හැටියටද මං මේ හිතන්නෙ? අනාර්ය හැටියටද? කියල. මම කතා කරන වචනය ආර්ය හැටියටද මේ කතා කරන්නෙ? අනාර්ය හැටියටද? කියල. නැත්නම් සම්මා හැටියටද මේ කතා කරන්නෙ? මිත්‍යා හැටියටද? කියල. එහෙම නැත්නම් හොඳ හැටියටද නරක හැටියටද කියලා අපි විමසන්න පටන් ගන්න ඕන. අපි කරන ක්‍රියාව ආර්ය හැටියටද සිද්ධ වෙන්නෙ අනාර්ය හැටියටද? අපි කරන වෑයම ආර්ය හැටියටද සිද්ධ වෙන්නෙ අනාර්ය හැටියටද? අපි පවත්වන ජීවිතය ආර්ය හැටියටද සිද්ධ වෙන්නෙ අනාර්යය හැටියටද?
විශේෂයෙන්ම අපි පවත්වන සිහිය සිද්ධ වෙන්නෙ ආර්ය හැටියටද අනාර්යය හැටියටද? අනිත් එක තමයි අපි හිතේ තැන්පත්කම හදාගෙන ඉන්නෙ ආර්ය දෙයක් සඳහාද නැති දෙයක් සඳහාද? කියන එකයි අපි හොයන්න ඕන.
පින්වතුනි, මේ දේ හොයාගන්න මේ වගේ වකවානුවකදී මොන විදිහේ ක්රමයක්ද? මගේ ජීවිතය තුල පුද්ගලිකව මට තියෙන්නෙ කියල තේරුම් ගන්න මේ ලැබිල තියන අවස්ථාව ඇත්තටම කමටහනක් තමයි. මේ වගේ වටපිටාවක් එන්නම ඕන අපිට මෙහෙම එකක් ඉගෙන ගන්න නම්.
අපි හිතමු මේක සංසාරිකව අපිට ලැබිච්ච ලොකු අවස්ථාවක් කියලා. මාර්ගඵලයක් අවබෝධ කර ගන්න. මං මේ විහිළුවට නෙවෙයි ඇත්තටමයි කියන්නෙ. මේ වගේ වූ වකවානුවක ඒ වගේ වකවානුවකට මුහුණ දෙන්නෙ කොහොමද? ඒ වගේ වකවානුවක් තුල වුනත් ධර්මය කොහොමද අපිට පෝෂණයක් කර ගන්නෙ? ධර්මයෙන් පෝෂණය වෙන්නෙ කොහොමද? ධර්මයෙන් පිළිසරණක් ලබාගන්නෙ කොහොමද? කියල දැන ගන්න, ඉගෙන ගන්න, අපි මේ කාලය යොදවා ගමු. මේ එන අවස්ථාවන් ටික යොදවා ගමු.
අපේ හිතේ තැන්පත්කම ගැනත් කතා කලානෙ සම්මා සමාධිය ගැන. ඕක මිත්‍යා වෙන්නත් පුළුවන්නෙ. මිත්‍යා වෙන්නෙ මෙන්න මෙහෙම. අද කාලෙ තියන මොනව හරි කාරණාවක් එක්ක ද්වේශ සහගත විදියට හිතන්න, ද්වේශ සහගත දෙයක් කල්පනා කරන්න බොහෝම සුළු ක්ෂණයයි යන්නෙ. වටපිටාවෙ බලනකොට කඩපිලකට ගියා වුනත්, රූපවාහිනියක් බැලුවා වුනත්, ප්‍රවෘත්තියක් බැලුවා වුනත්, බස් එකක ගියා වුනත්, පාරෙ ඇවිදගෙන ගියා වුනත්, ඕන තරම් සාධක තියෙන්න පුළුවන් තරහ ඇති කරගන්න පුළුවන් වෙන විදිහේ.
එහෙම දෙයක් වුනොත් අපි අපේ හිත ගොඩාක් වෙලාවල්වලට තැන්පත් කරගෙන ඉන්නව, ඒකාකාර විදියට හිත හිතා ඉන්නව ඔය කියන තරහ සිතුවිල්ල. එතකොට මේ හිත තැන්පත් කරගෙන ඉන්නෙ මොකේද? හා...සමාධිය තියෙන්නෙ තරහෙ. තේරුනා නේද? අන්න එතනිනුයි අපි වෙනස් වෙන්න ඕන. අන්න ඒ වෙලාවටයි අපි ඉගෙන ගන්න ඕන මේ ඉන්නෙ බුදු හාමුදුරුවො කියාපු ක්‍රමයෙ නෙවෙයි. මොකද්ද කියාපු ක්‍රමේ? සම්මා ක්‍රමය තුලයි ඉන්න කියල කියන්නෙ.
ඕක මෛත්‍රී සිතුවිල්ලක ගැබ් වෙලා ඉන්න පුළුවන් නම් අන්න හොඳයි. ඒක තුලම තැන්පත් වෙලා ඉන්න පුළුවන් නම්, ඒක තුලම ඒකාත්මික වෙලා, ධ්‍යානගත වෙලා, ඉන්න පුළුවන් නම් අන්න ඒක හොඳ දෙයක්. මොකද ආර්ය වූ මාර්ගයෙන් විතරයි අපිට යහපතක් හදල දෙන්නෙ. අනාර්ය වූ විදියට සිදු කරන යම්කිසි කටයුත්තක් තියනවද, ඒ කිසීම කිසි දෙයකින් අපිට යහපතක් හදල දෙන්නෙ නැහැ.
මම දකින දෙයක් තමයි මේ මෑත කාලයේදී මේ කරදර බාධකත් එක්ක ලෝකයාගේ තිබිච්ච සංවේදීතාවය, අහිංසකකම, ඉවසනසුළු බව, සමාව දෙන බව, ඊළඟට මෛත්‍රීසහගත කාය කර්ම වචී කර්ම මනෝකර්ම ඒ වගේ දේවල්, හරීම අඩු වෙලා තියනව. හරීම වෙනස් වෙලා තියනව. ඒක ලොකූ පාඩුවක්.
එතකොට මේකෙන් කියවෙන්නේ ලෝකයා තුල තිබිච්ච මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ ටික නැති වුනා කියන එකනේ. එතකොට පින්වතුනි, අපි භාවිතා කරන්න ඕන මේ වගේ කරදරයක් එද්දිත් මගේ දර්ශනය මෛත්‍රියෙන් කරන්නෙ කොහොමද? කරුණාවෙන් සිදු කරන්නෙ කොහොමද? මුදිතාවෙන් හෝ නැත්නම් ඊර්ෂ්‍යාවක් නැතුව කරන්නෙ කොහොමද? උපෙක්ෂාවක් නැත්නම් මධ්‍යස්ථ මතධාරීත්වයක් ඇතිව තැන්පත්භාවයකින් කරන්නෙ කොහොමද? කියන එකයි ඉගෙන ගන්න ඕන.
හිතන්නෙ කොහොමද? මෛත්‍රියෙන් හිතන්නෙ කොහොමද? කොහොමද මේ වගේ වටපිටාවකදි කරුණාවෙන් හිතන්නෙ කොහොමද? ඊර්ෂ්‍යාවක් නැතුව හිතන්නෙ කොහොමද? තැන්පත් විදියට හිතන්නෙ කොහොමද? කියලයි අපි ඉගෙන ගන්න ඕන.
වචන කතාබහ කරනකොටත් ඔය විදිහමයි. මෛත්‍රියෙන් කතාබහ කරන්නෙ කොහොමද? කරුණාවෙන් කතා කරන්නෙ කොහොමද? ඊර්ෂ්‍යාවක් නැතුව කතා කරන්නෙ කොහොමද? තැන්පත් වෙලා කතා කරන්නෙ කොහොමද? කියලයි අපි ඉගෙන ගන්න ඕන.
කරන වැඩකටත් ඔය වගේමයි. හිතන සිතුවිල්ලකටත් ඔය වගේමයි. අපි ගත කරන ජීවිතය තුල කරන වෑයමටත් ඔය වගේමයි. හිත තැන්පත් කරගන්නා වූ විදියටත් ඔය විදියමයි. ඉතින් මෙන්න මේ කාරණාවයි අපි පුරුදු කල යුත්තේ කියල මම විශ්වාස කරනව.
කරදර බාධක කියන ඒව අපේ ජීවිතේට ඇත්තටම කියනව නම් හරීම සරල සාමාන්‍යයි. ඒ සරල සාමාන්‍ය කරදර බාධකයන් අතර ධර්මයෙ පෝෂණය ලබා ගත්ත, ධර්මයෙහි ඒ රැකවරණයට ආපු කෙනා හැමදාම පිළිසරණ පතන්නේ වෙන මොහොකකින්වත් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. වෙන මොහොකකින්වත් නෙවෙයි. හේතුව එයා දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව අනාර්ය වූ ක්‍රමයට හිතන්න වුනහම ඒ හිතන්නෙ කොහොමද? මෛත්‍රියක් නැතුව, කරුණාවක් නැතුව, මුදිතාවක් නැතුව, උපේක්ඛාවක් නැතුව.
කතා කරනව නම් කතා කරන්නෙ කොහොමද? මෛත්‍රියක් නැතුව, කරුණාවක් නැතුව, මුදිතාවක් නැතුව, උපේක්ඛාවක් නැතුව. වැඩකටයුත්තක් කරනකොට අනාර්ය වූ විදියට ඒ කරන්නෙ කොහොමද? මෛත්‍රියක් නැතුව, කරුණාවක් නැතුව, මුදිතාවක් නැතුව, උපේක්ඛාවක් නැතුව. හිත තැන්පත් කරගෙන ඉන්නව නම්, ජීවිතේ වෑයම් කරනව නම්, ජීවිතයක් ගෙවනව නම් ඒ හැම එකක්ම කරන්නේ අනාර්ය වූ ක්‍රමයට නම් එයා ගාව මෛත්‍රියක් නෑ, එයා ගාව කරුණාවක් නෑ, එයා ගාව මුදිතාවක් නෑ, එයා ගාව තැන්පත් භාවයක් නැත්නම් උපේක්ෂාවක් නෑ.
ඉතින් මේ එකකින් වත් ජීවිතයට සැපතක් ගෙනැල්ල දෙන්නෙ නෑ නෙව. එතකොට අපේ ජීවිතයට සැපත ලඟා කර ගන්න නම් මේ ලැබිල තියන අවස්ථාව තෝතැන්නක් කර ගනිමු කියන එකයි මගේ යෝජනාව. මේ තියන වටපිටාවට, අපි මේ වඩන පුරුදු කරන මේ ගමන් මාර්ගය, ධර්ම මාර්ගය භාවිතා කරන්නෙ කොහොමද? කියල අපි ඉගෙන ගන්න බලමු. මේ තියන වටපිටාවට අපේ අදහස් එනකොට අපේ දෘෂ්ටිය එනකොට දෘෂ්ටියට මෛත්‍රිය මුසු කරගන්නෙ කොහොමද? කියල බලමු. කරුණාව මුසු කර ගන්නෙ කොහොමද? කියල බලමු. මුදිතාව නැති නම් ඊර්ෂ්‍යාව නැති අදහසක් දෘෂ්ටියක් ඇති කරගන්නෙ කොහොමද? කියල බලමු. තැන්පත් වෙන විදිහේ දෘෂ්ටියක් ඇති කර ගන්නෙ කොහොමද? කියල බලමු.
හිතන සිතුවිල්ලටත් ඔය වගේමයි. කරන කතාවටත් ඔය වගේමයි. ගත කරන ජීවිතයටත් ඔය වගේමයි. අපි කරන්න ඕන වෑයමටත් ඔය වගේමයි. මේ අනුසාරයෙන් ගත්තොත් පින්වතුනි, සතිපට්ඨාන සූත්‍රයෙ අපිට කියල දෙන හැටියට හැම මොහොතක්ම, හැම අවස්ථාවක්ම, අපිට කමටහනක් තමයි නේද? හැම වෙලාවකදීම භාවනාවක් කරන්න පුළුවන් අවස්ථාවක් අපිට සලසල තියනව.
ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සතිපට්ඨාන සූත්‍රයෙ කියන්න පටන් ගන්නෙ ඒ උත්තමයාණන් වහන්සේ,
"සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානාං අත්ථංගමාය"
කියල. කාට හරි ශෝකයක් තියනව නම්, කායික දුකක් මානසික දුකක් තියනව නම්, කායික පසුතැවීමක් මානසික පසුතැවීමක් තියනව නම්, අඩුම වශයෙන් කායික රෝගයක්, මානසික රෝගයක් තියනව නම් වුනත් කමක් නෑ ඒ හැම දේකටම තියන එකම එක පිළිසරණ, තියන එකම එක උත්තරේ, එකම එක බෙහෙත තමයි සතර සතිපට්ඨානයෙ යෙදීම. සතිමත් භාවය පුරුදු කිරීම. එහෙම නැත්නම් අපි අර හුරතලයට වගේ කියන වචනය අපක්ෂපාතී වූ නිරීක්ෂණය දියුණු කිරීම.
ඉතින් මෙන්න මේ කියන තැනට අපිට යන්න පුළුවන් කමක් තියනව නම් පින්වතුනි, මේ තියන කරදර බාධක අපිට හම්බ වෙච්ච ධන නිධාන වගේ දේවල්. මේ හැම අවස්ථාවකින්ම අපි ප්‍රයෝජනයක් ගනීවි. මේ හැම දේකින්ම අපි බුදුරජාණන් වහන්සේට තව තව ළං වේවි. නිවනට ළං වේවි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ ආර්ය මාර්ගයට ගියපු ඒ උත්තමයාණන් වහන්සේලා වැඩම කරපු, ඒ පාරට අපි චුට්ට චුට්ට කිට්ටු වේවි.
හේතුව තමයි අපි ඇති කර ගන්න ඒ සතර බ්‍රහ්ම විහරණ හින්ද. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාවන් හින්ද. ඒව අපේ ජීවිතේට ආරක්ෂාවක්මයි.
අවුරුදු තිස් නමයක් වන මගේ මේ ජීවිතේ මං එක ඇත්ත කතාවක් කියන්නම්. ආපස්සට හැරිල බැලුවොත් පින්වතුනි, මං මගේ ජීවිතේ යම්කිසි දේකට තීන්දුවක් ගත්තා නම්, තීරණයක් ගත්තා නම්, මෛත්‍රියක් නැතුව, කරුණාවක් නැතුව, මුදිතාවක් නැතුව, උපේක්ෂාවක් නැතුව, තීරණයක් ගත්තා කියල හිතමුකො, ගත් අවස්ථා අනන්තයි අප්‍රමාණයි, ඒ හැම අවස්ථාවකින්ම මම දුකට පත් වුනා සහ අනික් ඇත්තන්වත් දුකට පත් වුනා වගේම සමහරක් වෙලාවල්වලට අදටත් මං ඒකෙන් පීඩාවට පත් වෙනව.
හැබැයි යම්කිසි තීන්දුවක් හෝ තීරණයක් මම ගත්තා නම් මෛත්‍රියත් එක්ක, කරුණාවත් එක්ක, මුදිතාවක් එක්ක සහ උපේක්ෂාවක් එක්ක, ඇත්තටම ඒ දේවල් අද වෙනකොට මට අමතකත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධීන් නැවත මතක් කලත් හිතට පුදුමාකාර සහනයක් නිදහසක් ලැබෙන්නත් පුළුවන්. ඒ මගේ අත්දැකීම.
ඉතින් ධර්මය කියල කියන්නෙ පින්වතුනි හැමදාම අපි දිහා බලන්න තියන 'කැඩපතක්' හැටියට ගත්තොත් එහෙම, මේ අවස්ථාව තුලදි අපි බලන්න ඕන, මේ වගේ වකවානුවක් වෙනකොට මගේ හැසිරීම කොහොමද වෙන්නෙ? මම භාවිතා කරන ජීවන පැවැත්ම මොන ආකාරයටද යන්නෙ කියල. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක මේ වෙන තැනකදි හදාගන්න තියන එකක් නෙවෙයිනෙ.
අපි වචන කොහොමත් කතා කරනව. අපි කොහොමත් හිතනව. අපි කොහොමත් දෘෂ්ටි හදා ගන්නව. අපි කොහොමත් වෑයම් කරනව. අපි කොහොමත් දේවල් ගැන කල්පනා කර කර ඉන්නව. හිත තැන්පත් කර ගන්නව. අරමුණු ඇති කර ගන්නව. ඉතින් මේව සාමාන්‍ය ජීවිතේ තුල සිද්ධ වෙන දේවල්. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ දේවල්වල තියන හරි වැරැද්ද තේරුම් ගන්න කියලයි. ඉතින් මගේ යෝජනාව, මේ කරදර බහුල කාලය තුලදී අපිට හම්බ වෙලා තියනව හැම වතාවකදීම, හැම මොහොතකදීම, භාවනාවක් කරන්න අරමුණක්. අපි ඒක ඒ පැත්තට භාවිතා කරමු. ඒක ලොකු ලාභයක් වේවි. ඒක අපිව සංසාර දුකෙන් නිදහස් කරාවි.
මේ වගේ සංසාරයේ දුක් කියන ඒව පින්වතුනි, ඔය ඇත්තොත් මමත් අප්‍රමාණ විදියට විඳල ඇති. බුදු පියාණන් වහන්සේ දේශනා කරනව සංසාර ගමනේදී අපි අඬපු කඳුළු ටික එකතු කලොත් එහෙම, එක්කෙනෙක් අඬපු කඳුළු ටික එකතු කලොත් එහෙම, සප්ත මහා සාගරයෙ වතුරටත් වඩා වැඩියි කියල. අපේ අතපය කපලා, එක් කෙනෙක්ගෙ අතපය කපලා ගලාගෙන ගියපු ලේ, නැත්නම් අපේ ජීවිතෙන් අපිට දුකක් වෙන විදියට අපේ ශරීරයෙක් වැගිරිච්ච ලේ එකතු කරන්න පුළුවන්කම තිබ්බ නම් සාංසාරික ගමන තුලදී, ඒ ලේ ඔක්කොම ටික මේ සප්ත මහා සාගරයෙ වතුරටත් වඩා වැඩියි කියල කියනව. එච්චර අප්‍රමාණ දුක් අපි විඳල තියනව.
ඒවත් එක්ක සසඳල බැලුවොත් පින්වතුනි, මේ අපිට විඳින්න තියෙන්නෙ බොහොම පොඩි එකක්. මේක බොහොම පොඩි එකක්. ඉතාම සුළු එකක්. අපිට හිතාගන්න බැරි තරම් ඉතාම සුළු එකක්. දැන් අපිට අවස්ථාව හම්බ වෙලා තියනවා මේ දුකම සතුටක් හැටියට හරව ගන්නෙ කොහොමද? කියල. මේ දුක සතුටක් හැටියට දකින්නෙ කොහොමද කියල, බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්න. සතිපට්ඨානය පුරුදු කරල හින්ද.
ඉතින් මගේ ආරාධනාව හා යෝජනාව ඔය කියන හපන්කම අපි කරන්න බලමු. වර්තමානය තුල මොහොතක් අපිත් එක්ක තියන දේවල් එක්ක සාමයෙන් ඉන්න බලමු. ඒ වර්තමානය තුල තියන දෙයත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එකත් එක්ක තමා පින්වතුනි, අපි අපේ හිතට උගන්වන්නෙ ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ගාව වැඩ කරන්නෙ කොහොමද කියල.
අපිට නින්ද යන්න පුළුවන් භාවනාවේදී. ඒක දිහා අපිට ද්වේශයෙන් බලන්නත් පුළුවන්නෙ. නේ? නමුත් ඒ ගැන මෛත්‍රියෙන් හිතන්නත් පුළුවන්.
"නෑ...නින්ද කියන්නෙ යන්න පුළුවන් දෙයක්. මං ආයෙ නැඟිටිනව."
ඒ වගේ. අන්න ඒ විදියට අපි අපේ හිත පෝෂණය කර ගන්න බලමු ධර්මානුකූල බීජ වලින්. අපි අපේ හිතේ ගබඩාව ධර්මයෙන් පුරවන්න බලමු. ධර්මයෙන් පුරවාගන්න ජීවිතයක් බවට පරිවර්තනය කර ගන්න බලමු. අන්න එහෙම කරගන්න පුළුවන්කමක් තිබිච්ච කාලෙක අපිට හැමදාම සංතෝසයෙන් ඉන්න පුළුවන්කමක් හම්බ වේවි. මේ ලෝකෙ දුකක් වුනත් එකයි, සැපතක් වුනත් එකයි. ලෝකයෙ කරදර තිබ්බත් එකයි, නැතත් එකයි. අපි අපේ පාඩුවේ අපේ ගමන යන්න පුළුවන් වෙන විදිහේ ජීවිතයක් හදා ගන්න හිතන්නට පුළුවන්කම හම්බ වේවි.
අන්න එවන් වූ කටයුත්තක් සිදු කරන්න අද දවසේදීත් ඔය ඇත්තො මේ ලැබිල තියන වටපිටාව භාවිතා කරන්න කියල මම ආරාධනා කරනව. හවස් අතේ අපි භාවනාව ගැන කමටහන් සාකච්ඡාව කරල, ප්‍රශ්න සාකච්ඡා කරල, කටයුතු අවසාන කරමු. එහෙනම් සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පූර්ව නිගමන
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සබ්බේ ධම්මා නාලං අභිනිවේසායාතීතී"
පූජනීය මහා සංඝරත්නය ඇතුළු පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික හැටියට තියන මේ අවුරුද්දේ 2023 අවුරුද්දේ අප්‍රේල් මාසෙ පුන් පෝය දවසයි. සීල සමාදානයට පැමිණිම ගැන මම බොහොමත්ම සංතෝසයට පත් වෙනවා. ඉතින් මේ ගෙවී ගෙන යන කාලය තුල බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරල තියන සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට, ඵලයක් නෙලා ගන්නට බලාපොරොත්තු වෙන ඔය ඇත්තන්ට අද දවසේදී මම කල්පනා කලා සාමාන්‍ය ජීවිතයටත් අතිශයෙන් වැදගත් වෙන මාතෘකාවක් යටතේ කරුණු කාරණා ටිකක් කියල දෙන්න ඕන කියල.
අද දවසේ මාතෘකාව 'පූර්ව නිගමන'
පින්වතුනි, සාමාන්‍ය ජීවිතයක් ගෙවන ඔය ඇත්තොත් මමත් ජීවිතේ කටයුතු කාරණා කරනකොට, ජීවිතේට මුහුණ දෙනකොට, අපිට විවිධාකාර දේවල් තීරණය කරන්න, තීන්දු ගන්න සිද්ධ වෙනව. ඒක සාමාන්‍යයි. ඒ ගන්න තීන්දු, ඒ ගන්න තීරණ මත තමා අපි කටයුතු කරන්නෙ කොහොමද කියන එක තීරණය වෙන්නෙ.
සාමාන්‍ය ජීවිතේදී අපි තීන්දු ගන්නෙ කොහොමද? තීරණ ගන්නෙ කොහොමද? කියල කතා කලොත්, ඇහැට දකින රූපය ඇහැට දැකපු විදිහෙන් අපි තීරණයක් ගන්නව. කනට ඇහිච්ච සද්දය කනට ඇහුනු ස්වභාවයෙන් අපි තීරණයක් ගන්නව. තීන්දුවක් ගන්නව. නාසයට දැනිච්ච ගඳ සුවඳටත් ඒ වගේමයි. දිවට දැනිච්ච රසයටත් ඒ වගේමයි. මේ අපේ හමට දැනෙන නැත්නම් ශරීරයට දැනෙන ස්පර්ශයටත් ඒ වගේමයි. ඒත් එක්කමයි හිතට එන අදහසටත්, හිතට එන සිතුවිල්ලටත් අනුව අපි තීරණයක් ගන්නව, තීන්දුවක් ගන්නව.
කාරණාව තියෙන්නේ ඔය ගන්න තීරණය හෝ ඔය ගන්න තීන්දුවට පාදක වෙන්නේ අපි දැකපු හෝ අහපු හෝ දැනගතපු ඒ අරමුණ විතරක් නම්, ඒ ප්‍රමාණය හෝ ඒ කොටස විතරක් නම් පින්වතුනි, අපි ඒ තීන්දුව අරගෙන තියන ප්‍රමාණය ගැන ඉගෙනගෙන තියන කොටස ඉතාම කුඩයි හෝ ඉතාම පොඩියි.
බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය තුල කියල දෙනවා, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන දීර්ඝ කාලයක් උන් වහන්සේ පාරමිතා ධර්ම පිරුවලු. අපිත් ඒ වගේම තමයි. ඔය ඇත්තොත් මමත් ඊට වඩා වැඩි කාලයක් මේ සංසාරෙ ඉඳල තියනව. තථාගතයන් වහන්සේම දේශනා කරනවා අපි මේ සංසාර ගමන ආරම්භ කරපු ආරම්භය, හරියට මැනල කරල කියන්න අමාරුයි කියල.
එතකොට පින්වතුනි, සාමාන්‍ය ජීවිතය තුලත් අපි ඔය කරන හැම මැනීමකටම, හැම තීරණයකටම, සාංසාරිකව පුරුදු කරල තියන ඒ අපේ පුරුද්දත් ඈදගෙනයි අරන් යන්නෙ. ඒ වෙන මොකක්වත්ම නෙවෙයි ඇහැට දැක්කද, දැකපු එකේ විදියට නිගමනයට ගන්නව. කනට අහුනද, ඒ ඇහිච්ච විදිහෙන් නිගමනයකට ගන්නව. නාසයට දැනුනද, ඒ දැනිච්ච විදිහෙන් නිගමනයකට යනව, ස්ථිර ස්වභාවයකට යනව. ඒ අනුව ඊළඟට කටයුතු කරන්න ගන්නව.
සරල උදාහරණයක් ගත්තොත්, ඔය ඇත්තො පාරෙ ඇවිදගෙන යනකොට ඔය ඇත්තන්ව දන්න කාව හරි කෙනෙක් මුණ ගැහුන කියන්නකො. එයා එනව ඉස්සරහට. එයා එනකොට ඔය ඇත්තො හිනා වුනොත් එයාට, ඒ කෙනා ඔය ඇත්තන්ව දකින්නෙ නැතුව හෝ දැකල හෝ හිනා නොවී ගියා කියල කියන්නකො. එහෙම වුනොත් අපි අපේ හිතට ගන්න අදහස් තුල මොකක්ද තියෙන්නෙ?
අපි ආයෙ හිනා වෙන්නෙ නෑ කියන එකයි හිතා ගන්නෙ. බොහෝ වෙලාවට. මේක මා අතින් වුනත් කට්ටිය කියල තියන එකක්. ආයෙ හිනා වෙන්න හිතෙන්නෙ නැහැයි හෝ හිනා වෙන්නෙ නැහැයි කියල. නමුත් අර කෙනාට මොනව හරි වෙන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ කෙනා වෙනත් මොනව හරි සිතුවිල්ලක ඉන්න පුළුවන්. වෙන මොකක් හරි අදහසක ඉන්න පුළුවන්. ඒ ඒ වටපිටාව හෝ ඒ අවධිය ගැන හෝ එයාගෙ පැත්තෙන් අපි මොකක්වත්ම දන්නෙ නැහැ.
නමුත් අපි පූර්ව නිගමනයක් කරනවා, පළවෙනියෙන්ම නිගමනයක් කරනවා,
"දැකපු දේ මේකයි. හා...එහෙනම් මම වැඩ කරන්නෙ මෙහෙමයි."
කනට අහන සද්දෙටත් ඔය වගේම තමයි.
ලස්සන උපමා කතාවක් තියනව මේක මේ ඇත්ත සිදුවීමක් කියලයි කියන්නේ. මේ පොතේ තියන හැටියට කාරණාව ගැන එහෙම සලකන්නම ඕන නෑ, නමුත් ඒ කතාව මම අහපු විදියටම කිවුවොත් එහෙම,
එක කාන්තාවක් ගමනක් යනව. අපි කියමුකො වෙනත් රටකට යන්න කියල. එහෙම යන්න එයාපෝට් එකට ගිහිල්ල එයාගෙ ටිකට් අනං මනං ඔක්කෝමත් අරගෙන ගුවන් යානයට නඟින්න පෙරාතුව බලනකොට, ඒ කියන්නෙ එයාපෝට් එක ඇතුලට යන්න කලින් වගේ, මෙයාට වෙලාව තියනව. ඒ හින්ද මෙයා මොකද කරන්නේ කඩේකට ගිහිල්ල බිස්කට් පැකට් එකකුයි බීම බෝතලේකුයි ගන්නව. ඒක අරගෙන වටපිට බලලා බංකුවක් තියනව එතන ඉඩ තිබ්බ හින්දා ඒකෙ වාඩි වෙනව. වාඩි වෙලා වටපිට පොඩ්ඩක් බලනවා, යන්න තියෙන්නෙ කොහෙද අන්න ඒ වගේ මොන මොනව හරි කාරණා. වටපිට බලලා මේසෙ දිහා බලනකොට එයාට පේනවලු එයා ගත්ත බිස්කට් එක කවුරු හරි එක්කෙනෙක් කඩාගෙන කනව. මේක දැකපු ඒ කාන්තාවට ඉහවහා ගිය ප්‍රීතියක් නෙවෙයිනෙ එන්නෙ.
ඉතින් ඒ තරහ ගිය ස්වභාවයෙන්ම අර කෙනාගෙ අතේ තිබිච්ච බිස්කට් පැකට් එක උදුරල වගේ අරගෙන මේ කෙනා කන්න පටන් ගන්නව. දැන් එහා පැත්තෙ හිටපු එක්කෙනා කිසි හැලහොල්මනක් නෑ සීරුමාරුවෙන් ඒ බිස්කට් එක කාලා, මේ ගෑනු ළමය ගාවටම අත දික් කරල තවත් බිස්කට් එකක් අරගෙන එයා කනව. ඔය විදිහට තරහෙන් පුපුර පුපුරා මේ කාන්තාව අර බිස්කට් පැකට් එක දෙන්නත් එක්ක කොහොම හරි බෙදාගෙන කනව. මෙයා උදුරගෙන කනවා. අර කෙනා හිමීට බොහොම බයෙන් වගේ අත දික් කරල බිස්කට් එකක් අරගෙන කනව.
අවසානෙට බීම බෝතලෙත් තිබ්බා මේසෙ උඩ. මෙයා මොකද කලේ, ඒ බීම බෝතලෙත් කඩාගෙන බීලා, ඒ පැකට් එකයි බීත බෝතලේවත් විසික් කරන්නෙත් නැතුව ඒ ටික එහෙමම දාල දමල ගහල යනව. ඔය ඇත්තො දන්නව ඇති අහස් යානාවකට යන්න කලියෙන් අපේ ගමන් මළු චෙක් කරනවා. ඒ චෙක් කරන තැනේදී ඒ පරීක්ෂක මහත්වරු කිවුවලු, "ඔයාට මේ අහස් යානාවට කෑම ගෙනියන්න අවසරයක් නැහැ"යි කියල. මේ කාන්තාව කිවුවලු "මං ගාව කෑම නෑනෙ. මං ඒව කෑව" කියල.
ඊට පස්සෙ අරගොල්ලො බෑග් එක ඇරල පෙන්නුවලු. බිස්කට් පැකට් එකකුයි බෝතලේකුයි එළියට ආවලු ඒක අස්සෙන්. මෙන්න මෙහෙම වෙනකොටයි ඒ කාන්තාවට තේරිලා තියෙන්නේ "හා...මං කාල තියෙන්නෙ අර කෙනාගෙ බිස්කට් පැකට් එකයි, බීල තියෙන්නෙ අර කෙනාගෙ බීම බෝතලයයි" කියල.
මේක එක සිද්ධියක් විතරයි පින්වතුනි. ඔය ඇත්තන්ටත් මටත් අපේ ජීවිතය තුල මුහුණපාන්න වෙන අනේකවිධ වූ අත්දැකීම් අතර. ඒ කෙනා පූර්ව වූ නිගමනයක් කලා, කලින්ම තීන්දුවක් ගත්තා, "මං ගත්ත බිස්කට් එක තමයි මෙයා කන්නෙ" කියල. "මට බඩගින්නට ගත්ත බිස්කට් එක තමයි මෙයා කන්නෙ." ඇයි එහෙම කලේ? ඇහැට දැකපු රූපය හින්දා.
මෙතන ප්‍රශ්නෙ ඔන්න ඕක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහම පින්වතුනි, අපිට භාවිතා කරන්න, පුරුදු කරන්න කියල දෙන්නේ පර්යංකය තුල විතරක් නෙවෙයි. අසනීපයක් වෙච්ච වෙලාවට පිරිත් කියන්නත් නෙවෙයි. කරදරයක් වෙච්ච වෙලාවට බෝධි පූජාවක් තියන්නත් නෙවෙයි. විභාගයක් පාස් කරන්න බෝධි පූජාවක් තියන්නත් නෙවෙයි.
සාමාන්‍ය ජීවිතය තුල අපි අපිව දුකට පත් කර ගන්නා වූ හෝ අන් අයව දුකට පත් කරන්නා වූ ඒ ස්වභාවයෙන් නිදහස් වෙන්නටයි තථාගතයන් වහන්සේගේ මේ ධර්මය අපිට කියල දෙන්නෙ. විශේෂයෙන්ම සතර සතිපට්ඨානය කියල දෙන්නෙ ඒ වෙනුවෙනුයි.
එතකොට සතර සතිපට්ඨානයේ යෙදෙන කෙනෙක් නම් හෝ සිහිය පුරුදු කරන කෙනෙක්ට මේ වගේ ගැටළුවකින් නිදහස් වෙන්න තියන ක්‍රමය මොකද්ද කියන එකයි අද දවසේ මට ඔය ඇත්තන්ට කියල දෙන්න ඕනකම තියෙන්නෙ. මොකද ඔබත් මමත් මේ ලෝකෙ හැමදෙනාම තීන්දු තීරණ ගන්නෙ පින්වතුනි, ඇහැට දකින රූප හින්දාමයි. කනට අහන සද්ද හින්දාමයි. නාසයට දැනෙන ගඳ සුවඳ හින්දාමයි. දිවට දැනෙන රසය හින්දාමයි. කයට දැනෙන ස්පර්ශය හින්දාමයි. හිතට එන සිතුවිලි හින්දාමයි.
තවත් එක කතාවක් තිබුනා. මේක මං හිතන්නෙ රූපවාහිනියෙ ගිය කතාවක් ද කොහෙද මට මතක හැටියට.
එක යාළුවො කට්ටියක් ඉන්නව. ඒ යාළුවන්ගෙ එක යෙහෙළියක් තව යාළුවෙක් එක්ක තරහ වෙලා. දැන් ඒ තරහ වෙච්ච එක්කෙනාගෙන් ඒ තරහවට පාත්‍ර වෙච්ච එක්කෙනා අහනව, "ඇයි ඔයා තරහ වුනේ? මට කියන්නකො." අර කෙනා කියනව "මම තරහයි ඔයත් එක්ක. නමුත් මම දන්නෙ නෑ හේතුව මොකද්ද කියල."
හේතුවක් කියන්න බැහැ නමුත් තරහයි. අනිත් කෙනා හාර අවුස්ස හාර අවුස්ස අහනව, නමුත් තරහ වෙච්ච කෙනාට කියන්න තේරෙන්නෙ නැහැ මොකද්ද හේතුව කියල. නමුත් එයා තරහයි.
ඔය විදියට දවසක් දෙකක් ගෙවෙනවා. ඊට පස්සේ මේගොල්ලො සමූහයම ඉන්න තැනක කතා කරන්න ගන්නවා දවස ගෙවෙන්නෙ කොහොමද කියල. ඔහොම ඔහොම කතා කර කර යද්දී මාතෘකාව එනවා නිදා ගන්න එක. මේ මාතෘකාව දුරට යනව තව ටිකක්, හීන බලන්න කියල. අන්න එතකොට අර තරහ වෙච්ච කෙනාට මතක් වෙනවා,
"හා...මං හීනයක් දැක්කනෙ. ඔයා මට හීනෙදි බැන්නනෙ. ඒකයි මං ඔයත් එක්ක තරහ වුනේ."
එතකොට හිතල බලන්න පින්වතුනි අපි අපිට දැනෙන දේ, හැඟෙන දේට අනුව ඒ හැඟිච්ච විදියට, දැනිච්ච විදියට අනුව අපේ හිතේ ඉක්මන් තීරණයක් ගන්නකොට, පූර්ව නිගමනයක් කරනකොට, යහපත සහ අයහපත කියන දේ බලන්නෙ නැතුව නිගමනය කරනකොට, මේ සමාජය තුල කොච්චර නම් ප්‍රශ්න හදනවද කියල. අද කාලෙ වෙනකොට සමාජය පැත්තෙන් ගත්තහම මේ සමාජය හරී දූෂිත වෙලා තියනවා. හරීම ප්‍රශ්න තියන මහා මතබේදකාරී මහා මඩගොහොරුවක් වගේ පේන්න පුළුවන්. මොකද හිතන්නෙ?
ඒ ඔක්කෝටම වගේ හේතු අරගෙන බැලුවොත් එහෙම, දුර දිග බලල කල්පනා කරල කටයුතු කරනවා නම්, තීන්දු තීරණ ගන්නවා නම්, මොකද හිතන්නෙ ඒ වගේ වෙයිද? ළඟ බලලාම තීරණ ගන්න හින්දා, ළඟ බලලාම තීරණය කරන හින්දා. (මේ කියන්නෙ මේ ඇහෙන් බලනවා කියන එක විතරක්ම නෙමෙයි) බොහොම ළඟින් තීන්දු තීරණය කරන හින්දාමයි මේ සමාජය තුල මෙච්චර ප්‍රශ්න තියෙන්නෙ.
එහෙම නම් බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන ක්‍රමය මොකද්ද? සතර සතිපට්ඨානය කියන සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නෙම, සියළුම ශෝකයන්ගෙන්, සන්තාපයන්ගෙන් නිදහස් වෙන්න තියන එකම කාරණාව හැටියට. ඒ කාරණාවෙදිත් අපිට කියල දෙන්නේ, අපේ ජීවිතය තුල සිද්ධ වෙන, අපි සිද්ධ කරන දේවල් එක්ක අවදිමත් භාවයෙන් ඉන්න කියන එකයි.
ඒ අවදිමත් භාවය පින්වතුනි, අපි පුරුදු කරන්න පටන් ගන්නෙ පර්යංකය තුල විතරක් වෙන්න පුළුවන්. භාවනාවට වාඩි වුනාට පස්සෙ අපි හැමෝටම ගොඩක් වෙලාවට තියන උවමනාව තමා සිතුවිලි නතර කරන්නයි වේදනාවල් නතර කරන්නයි. නමුත් තියෙන්නෙ ඔය දෙක තමයි. ඒක හින්ද එපා වෙනව. ඔන්න ඔතනත් තියෙන්නෙ පූර්ව නිගමනයමයි. මොකද්ද භාවනාවට කලින් අපි ගාව තිබිච්ච පූර්ව නිගමනය?
භාවනාව වනාහි සිතුවිලි නැත. වේදනාව නැත. අහල පහල සද්ද ඇහෙන්නේ නැත. කිසීම කිසි කරදරයකුත් නැත. ඒ වගේ ජීවිතයක් පවත්වන්න පුළුවන් මං හිතන්නෙ පොළොව යටදි. ඒ වෙලාවට හුස්ම ගන්නෙත් නෑ.
බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන සද්ධර්මය පින්වතුනි, අපිට කියල දෙන්නෙ මේ මොහොත තුල භාවිතා කරන්න තියන දෙයක් හැටියටයි. මේ මොහොත තුල අපි භාවිතා කරන දේ ඇත්තටම මේ මොහොත තුල තියන දේ වෙන්නත් පුළුවන්. මේ මොහොත තුල අපිට ඕන දේ නෙවෙයි.
මං ආයෙත් කියනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය අපි පුරුදු කරන්න ඕන මේ මොහොත තුලයි. ඒ මේ මොහොත තුල භාවිතා කරන හෝ පුරුදු කරන ධර්මය අපිට තේරෙන්නත් ඕන මේ මොහොත තුල තියන දෙයින්මයි. මේ මොහොත ගැන අපි හිතාගෙන ඉන්න දෙයින් නෙවෙයි. මේ මොහොත ගැන අපි කරල තියන පූර්ව වූ නිගමනයෙන් නෙමෙයි.
ඒ පූර්ව වූ නිගමනය ඇත්තටම කියනව නම් වැරදියිමයි. අපි නිදහස් වූ පිරිසිදු වූ මනසකින් යන්න ඕන. නිදහස් වූ සිතුවිල්ලකින් යන්න ඕන.
මට මතකයි ඒ කාලෙ මම බණ කියන්න කලින් ඉස්සෙල්ලා, අද මම මෙහෙම කියන්නේ මෙහෙම කියන්නේ කියලා පොඩ්ඩක් කාරණා හදා ගත්ත කියන්නකො. මොන. බණ කියන්න පටන් ගත්තම කියන්න බැහැ. ඒ කල්පනා කරපුව ඔක්කොම මතක නෑ නෙව අපේ හිතේ. අමතක වෙනවනෙ, ඒක සාමාන්‍යයිනෙ. එහෙම වුනාම මුල් කෑල්ල කියයි, මැද කෑල්ල කියයි, අවසාන කෑල්ල කියයි, කියාපු දෙයක් නෑ අවසානයට.
මට මතකයි අපේ නායක හාමුදුරුවොත් කියාපු ලස්සන කතාවක් තිබ්බා. නායක හාමුදුරුවන්ගෙ පළවෙනි ධර්ම දේශනාව. අවුරුදු දහඅටයි කිවුව එතකොට වයස. ඉතින් උන් වහන්සේ ලොකු හාමුදුරුවො කිවුවට පස්සෙ හොඳ බණක් හදා ගත්තලු. පොත් බලලා අනං මනං කරලා පැය දෙකහමාරක තුනක හොඳ බණක් හදා ගත්තලු. හදාගෙන බණ ටික හොඳට කටපාඩම් කර ගත්තලු.
කරගෙන කොහෙදෝ තැනකට එක්ක ගියාට පස්සෙ, කට්ටියත් ඉතින් ඇවිල්ල හිටියලු පොඩි හාමුදුරුවොනෙ ඉතින් අවුරුදු දහඅටයි කියන්නෙ. ඊට පස්සෙ ඉතින් දේවතාරාධනාවල් කරලා, නමස්කාර කියලා ඉතින් බණ කියන්න පටන් ගත්තලු. ඊට කලින් බුද්ධ පූජාව එහෙමත් තියන්නත් ඇති. බණ පටන් ගත්තලු. ගාථාව කිවුවලු. නිධාන කතාව කියන්න ගත්තලු. මැද අමතක වුනාලු. අවසානෙට බලනකොට දෙයියන්ටයි මළගිය ඥාතීන්ට පින් දෙන එක මතක් වුනාලු, ඒක කිවුවලු. විනාඩි දහයයි පහළොවයි බණ ඉවරයි. මටත් ඕක වෙලා තියනව.
අපි මේ දේට යන්නේ මුලින්ම හිතේ හදා ගත්ත එක්තරා වූ විදිහේ මහා විශාල සැලැස්මක් එක්ක නම් පින්වතුනි, ඇත්තටම අපිට මේ ගමන යන්න බැහැ. භාවනාව කරන අපි බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි, "මට පැයක් නම් ඉන්න බෑමනෙ. පැයක් භාවනාව කරගෙන ඉන්න බෑ. වාඩි වෙලා ඉන්න බෑ මයි." ඒකට හේතුව අපි හිතාගෙනයි වාඩි වෙන්නෙ මම පැයක් ඉන්නවාමයි හෝ පැයක් ඉන්න ඕනමයි කියල.
නමුත් මොකද කියන්නේ එක හුස්මක් බලන වෙලාව ඉන්නවා, ඒකට තව එක හුස්මක් එකතු කර ගන්නවා කියල හිතුවොත් එහෙම. අපි අපිට දරන්න පුළුවන් ප්‍රමාණයේ බරක් අපේ හිතට දෙන්න ඕන. අපි අපට දරන්න පුළුවන් ප්‍රමාණයේ ධාරිතාවයක් අපේ හිතට දෙන්න ඕන. නැත්නම් අපිට කරන්න පුළුවන්, ඇත්තටම පුළුවන් ප්‍රමාණය තේරුම් ගන්න ඕන. මේ දේ තේරුම් ගත්තා නම් පින්වතුනි, භාවනාව හරි සාර්ථකයි. භාවනාව හරිම සරලයි.
ඒක සරල වෙන්නෙ නැහැ පූර්වයෙන්ම නිගමනය කරන හින්දා, "මේක මේ විදියටම වෙන්න ඕන, මේ වගේ කාලයක්ම තියෙන්න ඕන, මදුරුවෝ කන්න හොඳ නෑ, වේදනාවල් දැනෙන්න බැහැ, සිතුවිලි යන්න එන්න බැහැ, දාඩිය ගලන්න බැහැ, අහල පහල සද්ද බද්ද ඇහෙන්නත් බැහැ." මේව තමා තියන ප්‍රශ්න.
මේ කියන පූර්ව නිගමන හින්දයි අපි දුක හදා ගන්නෙ. මේ කියන දේවල් තමයි අපිව දුකට අරගෙන යන්නෙ. දුකට පමුණුවන්නෙ. මං මේ කියන කාරණාව ගැන ඕනෑ තරම් අත්දැකීම් ඔය ඇත්තො ගාව ඇති. ඕනෑ තරම් අත්දැකීම් ඔය ඇත්තෝ ගාව ඇති. එතකොට පින්වතුනි, අපි අපේ ජීවිතය තුල මේ වගේ පුරුද්දකට ඇබ්බැහි වෙලා තියෙන්නෙ, මේ වගේ පුරුද්දකට අපිව යොමු වෙලා තියෙන්නෙ, හුරු වෙලා තියෙන්නෙ මොකක් හින්දද?
අන්න එතන තමයි ලස්සනම කාරණාව තියෙන්නෙ.
ඔය 'අනත්ත ලක්ඛණ' සූත්‍රයෙ අපිට කියල දෙන්නෙ පින්වතුනි, අපි ඇහැට දකින රූපය බලන්නෙ නිත්‍ය හැටියටමයි. ස්ථිර හැටියටමයි. "මම දැකපු එකමයි හරි." කනට අහන සද්දෙ අහන්නෙ හෝ ඒක තේරුම් ගන්නෙ, ඇත්තටම අහනව කියනවටත් වඩා ඒ දේ තේරුම් ගන්නෙ ස්ථිර හැටියටමයි.
"මේකයි මම දැක්කෙ, හා...ඒකමයි තියෙන්නෙ. මේකයි මම ඇහැව්වෙ, හා...ඒකමයි තියෙන්නෙ. මේකයි මට දැනුනෙ, හා...ඒකමයි තියෙන්නෙ."
ඔන්න ඔතනයි ප්‍රශ්නෙ. ඔය කියන ස්ථිර වූ අදහසත් එක්කයි අපි පූර්ව වූ නිගමනයට යන්නෙ. අපි මුලින්ම තීන්දුව ගන්නෙ මුලින්ම තීරණය කරන්නෙ මේකෙ මෙන්න මේකමයි තියෙන්නෙ කියල. හිතේ ඒ විදිහේ අදහසක් හදා ගත්තට පස්සේ ඒ රූපය වෙනත් ආකාරයකින් අපි හිතාමතාම දකින්නේ නැති තාක් අපේ හිතේ තියෙන්නේ අර විදියටම තමයි.
උදාහරණයක් හැටියට කවුරුහරි කෙනෙක් අපිට ගුරුහරුකමක් දුන්න කියන්නකො. ඒ දුන්න ගුරුහරුකම අපි ගත්තා නම් එහෙම "මෙයා මට ඔච්චමක් කරනව" කියල, අපේ හිතේ ඒ පූර්ව වූ නිගමනය ඒ විදිහට තියන හින්දා තමයි, ඒ කෙනා ආයෙ ගුරුහරුකමක් දුන්නත් ආයෙ යමක් කියල දුන්නත් අපේ හිත අපිට මතක් කරල දෙන්නේ, "මෙයා මං නොදන්න කතාවක් කියල දෙනව කියල නෙමෙයිනෙ. මට ඔච්චම් කරනව" කියල. "මට විහිළුවක් කරනව" කියලමයි. මේ තමයි අපි කරල තියන පූර්ව වූ නිගමනය.
එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනව, "ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි හෝ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥා අනිත්‍යයි" ආදී වශයෙන් අපිට ඒවා බලන්න ඕන කියලා. මේක ඇත්තටම තව බලන්න ඕන පැත්තක් තියනවා අපි නොදැකපු.
ඒ පැත්ත තමයි මේ රූපය බලනකොට මං ඒක බැලුවෙ මෙන්න මේ විදිහෙ අදහසකින් කියන එකයි අපි අනිත්‍යයෙන් බලන්න ඕන. මොනවද?
මේ රූපය බලනකොට හෝ මේ සද්දය අහනකොට, ඒ සද්දය හරි ඒ රූපය හරි මොකක් හරි, ඒ අරමුණ මම ග්‍රහණය කර ගත්ත විදිහක් තියනව. ඒක ස්ථිර හැටියට තියාගත්තොත් තමයි මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ. ඒක අපිට පුළුවන්කම තියෙන්න ඕන අළුත් කර ගන්න පුළුවන් අදහසකට යන්න. මේ මොහොත තුල අපි ඒ දේ ස්ථිර කර ගත්තා වෙන්න පුළුවන්. අපේ තියන නොදැනුවත්කමට, මෝහයට වෙන්නත් පුළුවන් අවිද්‍යාවට.
නමුත් යහපත හෝ යථාර්තය හෝ ඇත්ත ඇති සැටියෙන් අපිට තේරෙන්න පටන් ගත්තාම අපේ හිතේ නිහතමානීබවක් ඇති කරගෙන තියෙන්න ඕන "හා...ඊට කලින් මම ඇති කරගෙන තිබ්බ අදහස වැරදියි. මෙන්න මේ විදිහේ අදහසක් මම ඇති කර ගන්න ඕන" කියල.
එහෙම කර ගත්තොත් විතරයි අර පූර්වයෙන් කරපු නිගමනය අළුත් කර ගන්න පුළුවන් වෙන්නෙ. අපි අළුත් කෙනෙක් බවට පත් වෙන්නෙ. එහෙම නැත්නම් පරණ අදහස් තුලම තමයි ගිලිල ඉන්නෙ. පරණ අදහස්ම තමයි ගිලගෙනත් ඉන්නෙ. අපි වෙනස් වෙන්නෙ නෑ ඔහොම නෙමෙයි මොන තාලෙකින්වත්.
එහෙම කෙනාට සංසාරෙ දුක මිසක සතුටක් හම්බ වෙන්නෙත් නෑ. හේතුව මේ ජීවිතේ මේ සංසාර ගමන ඔය ඇත්තොත් මමත් යන්නෙ මොකක් හින්දද? ඇහැට දකින රූප නිත්‍ය හැටියට බලාපු හින්ද තමා. කනට අහපු සද්ද නිත්‍ය හැටියට අදහස් දරාපු හින්ද තමා. නාසයට දැනිච්ච ගඳ සුවඳ, දිවට දැනිච්ච රසය, කයට දැනිච්ච ස්පර්ශය වගේම හිතට ආපු අරමුණ මේකමයි කියල තීන්දුවක් තීරණයක් ගත්ත හින්ද තමයි. ඉතින් මේක මෝහයක් නේ. ඒක මුලාවක්.
එතකොට ඔය කියන මුලාවෙන් නිදහස් වෙන්නටයි පින්වතුනි භාවනාව අපිට කියල දෙන්නෙ. භාවනාව තුලදී, අපි මේ මොහොත තුල තියෙන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ලාම දැන ගන්නව. මුලින්ම තියන ප්‍රශ්ණය අපිට භාවනාවක් කරනකොට අසවල් දේ විතරයි තියෙන්න පුළුවන්, අසවල් දේ බෑ කියන එකනෙ.
නමුත් සතර සතිපට්ඨාන සූත්‍රය අරන් බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
සැප වේදනාවක් තියනව නම්, "හා..සැප වේදනාව එනවා, තියනවා, යනවා." දුක් වේදනාවක් තියනව නම්, "හා..දුක් වේදනාවත් එනවා තියනවා යනවා."
අපි කියමුකො තව එකක්. නීවරණ පබ්බයෙ තියනවා,
"කාම සිතුවිල්ලක් එනවා නම් එනවා, තියනවා නම් තියනවා, යනවා නම් යනවා. කාම සිතුවිල්ලක් තිබ්බ එකක් නැති වුනා නම් නැති වුනා. ඒ නැති වෙච්ච බව දන්නව නම්, දැනගත්තා. තිබ්බ එක නැති වෙලා ගියා."
මේ ආකාරයට අපේ ජීවිත තුල පින්වතුනි, සතර සතිපට්ඨානයට සිහිය පිහිටුවා ගැනීමට, අපි අර හුරතලයට වගේ කියන වචනයට 'අපක්ෂපාතී වූ නිරීක්ෂණයට' දා ගන්නට බැරි කාරණාවක් ඇත්තේම නෑ.
අපේ ජීවිතය තුල තියන හෝ අපි අත්දකින, අපිට මේ මොහොත තුල තේරෙන, කරන, හැම දෙයක්ම සිද්ධ වෙන්න පුළුවන් දේවල්. නමුත් අපි පූර්වයෙන් නිගමනය කරල තියනවා,
"මේ දේ වෙන්න බෑ" කියල. "භාවනාව කියල කියන්නෙ මේව නෙවෙයි. භාවනාව කියන්නෙ මෙහෙම එකක් නෙවෙයි. මගේ ජීවිතේ කියල කියන්නෙ මෙහෙම එකක් නෙවෙයි. මම ආදරේ කරන කෙනා හරි මම ගරු කරන කෙනා හරි එයා මෙහෙම වෙන්න බෑ. එයා මට මෙහෙම කියන්න බෑ. අහස කියල කියන්නෙ වහින එකක් විතරයි. එක්කො පායන එකක් විතරයි."
මේ විදියට අපි පූර්වයෙන් නිගමනය කරල තියන හින්දාමයි අපි දුක හදා ගන්නෙ. ඇයි ඒ? ඒ නිගමනය කරන්නෙ ස්ථිර හින්ද. අපි දන්නවා, අහල කියනවා, කනටත් හුරුයි මේ ලෝකේ කිසීම කිසි දෙයක් නිත්‍ය නෑ කියලා. නැති වුනාට අපි ගන්න අදහස නිත්යයිනෙ. ඉතින් ඒක හින්දනෙ මේ දුක හදා ගන්නෙ. ඒ නිත්‍ය අදහස අරගෙන අපි ඒක තුල බැසගෙන ඉන්නවා මේක තමයි සැප කියල. නෑ ඒක දුකක් තියෙන්නෙ. ඒක අතහරින්නත් බෑ. හේතුව මොකද්ද?
එච්චරයිනෙ මට තියෙන්නෙ. ඕක තමයි ඉතින් ආත්මය හැටියට ගන්නෙ. මගේ හැටියට ගන්නෙ.
එතකොට අපි පුරුදු කරන්න ඕන පින්වතුනි, සතර සතිපට්ඨානය තුල මුලින්ම මේ තියන දේවල් ඕන එකක් එක්ක සාමයෙන් ඉන්න. ඒක හදාගෙන යන ගමනට අනිත්‍යතාවය හෝ දුක්ඛතාවය හෝ අනාත්මතාවය නැතිනම් ස්ථිර හැටියට හිතන්නෙ නැති බව, දුකකට පමුණුවන්න පුළුවන්බව වගේම මට පාලනයක් කරන්න බැරි විත්තිය හොඳහැටි තේරුම් ගන්න ඕන. මම ගන්න තීන්දුවම හෝ තීරණයම නෙවෙයි සිද්ධ වෙන්නෙ කියන එක අපි අපේ හිතට තේරුම් ගන්න ඕන, තේරුම් කරල දෙන්න ඕන.
එතකොට මුලින්ම අපි සිහිය කියන එක පුරුදු කරන්න පටන් ගත්තේ හුදෙක් තියන දේ දකින්නමයි. නමුත් දැන් මේ දේට යෝනිසෝමනසිකාරය නැත්නම් සම්පජන්‍යය නැත්නම් විපස්සනාවක් එකතු කරනව හෝ විපස්සනාවෙ තැනට දැන් අපේ සිහිය වර්ධනය වෙමින් පවතිනව. ඒ කොහොමද?
අපි තියන දේ දකින්නෙ අනිත්‍ය ස්වභාවයක් හැටියට. ඒ තියන දේ නෙවෙයි එතකොට අපිට අරමුණ වෙන්නේ, අනිත්‍යතාවයි අපේ අරමුණ වෙන්නෙ. මේ තියන දේ, මම ගත්ත අදහස, දුකක් හදන්න පුළුවන් එකක් වෙන්න පුළුවන් කියන විදියටයි අපි අදහස් ඇති කර ගන්නෙ. මට පාලනය කරන්න බැරි හෝ අනාත්මයක් වෙන හැටියටයි අපි තීරණය ගන්නෙ හෝ තේරුම් ගන්නෙ.
අන්න එතකොට මේ තියන දේ වෙනස් වෙලා තව එකක් බවට පත් වුනාට අපිට ප්‍රශ්නයක් නෑ. හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට අපි තේරුම් ගන්න ඉගෙනගෙන තියනව. යථාර්තය යථාර්තය හැටියටම, ඇත්ත ඇති සැටියෙන්ම අපි තේරුම් ගන්න උත්සුක වෙලා තියනව. හිත පුරුදු කරනව.
සතර සතිපට්ඨානය යන්නෙ ඔන්න ඔය කියන ගමනටයි. ඔන්න ඔය විදිහේ ගමනකුයි සතර සතිපට්ඨානය තුලින් අපිට යන්න කියන්නෙ.
ඔය ඇත්තො භාවනා කරනකොට මේ වටපිට ඇහෙන සද්ද ඇහෙන්න පුළුවන්, වේදනාවල් දැනෙන්න පුළුවන්, හිත එහෙ මෙහෙ දුවන්න පුළුවන්, නින්ද කඩාගෙන වැටෙන්න පුළුවන්, ඇඟ රිදෙන්න පුළුවන්. මේ එකක්වත් පින්වතුනි, වෙන්න බැරි ඒව නෙවෙයි. මේ ඔක්කොම ටික වෙන්න පුළුවන් ඒව.
මගේ යෝජනාව ඒ එකකටවත් බැමි දාන්න එපා, 'වෙන්න බැරි දෙයක්' කියල. වෙන්න දෙන්න.
ඒ දේ හසුරුවා ගන්න පුළුවන්ද බැරිද කියන එක ඒක අපි පස්සෙ ඉගෙන ගනිමු. දැනට අපිට තේරෙන මාධ්‍යය තුල හෝ තේරෙන මට්ටම තුල තියෙන්නේ අපි එක එක ඒව බැමි දාල නතර කරන එක නම්, නෑ දැනට අපි ඒ දේවල් වෙන්න දෙමු. භාවනාව තුලදිනෙ.
එන සිතුවිල්ලකට එන්න දෙමු. දැනෙන වේදනාවකට දැනෙන්න දෙමු. ඇඟ රිදීමකට රිදෙන්න දෙමු. ඇහෙන සද්දෙකට ඇහෙන්න දෙමු. අපි හොඳට යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම, හොඳ අවධානයෙන් යුක්තවම ඇහෙන එකක් නම් අහගෙන ඉමු. දැනෙන එකක් නම් දැනි දැනී ඉමු. ඇහැට රූපයක් නම් පේන්නෙ නෑ භාවනාව තුලදි ඇහැ පියාගෙන ඉන්න හින්දා. අනික් දේවල්වලට අපි ඉඩ සලසා දෙමු.
තේරෙන එකක් නම් ඒ විදියට තේරෙන්න දෙමු. අපේ හිතට පැන නඟින හෝ අපිට මේ මොහොත තුල දැනෙන යම්කිසි දෙයක් තියනවද, ඒ කිසීම කිසි දෙයක් වැරදි නෙවෙයි. ඒව දැනෙන්න පුළුවන් දේවල්. හැබැයි අපිට ඕන නෑ ඒව දැනෙන්න. අපි කැමති නෑ ඒව දැනගන්න. නමුත් පින්වතුනි, සාමාන්‍ය ජීවිතය තුල අපි ඕන තරම් රූප බලනව, ඕන තරම් සද්ද අහනව, ඕන තරම් නාසයට ගඳ සුවඳ දැන ගන්නව, ඕන තරම් හිතනව. ඒ පැත්තට නම් ඒ පැත්තට, මේ පැත්තට නම් මේ පැත්තට.
ඕන තරම් කතාබහ කරනව. ඕන තරම් වැඩ කටයුතු කරනව කිසිම කිසි සංවරයක් නෑ. ඉතින් ඒ හිත භාවනා කරන්න වාඩි වුනාට පස්සේ ඔය කියන අරමුණුත් එක්ක ඇලෙනවා, ගැටෙනවා කියන එක අහන්න දෙයක්යැ.
අපි පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕන මේකෙ ඇතුලෙ ඉන්නෙ මම කවුද කියල. පූර්ව නිගමනය කරල තියන මම ඇත්තටම සැබෑම අහිංසකයෙක් කියල හිතන්නත් පුළුවන්. ඒ අපි හිතාගෙන ඉන්න එක්කෙනානෙ, පූර්ව නිගමනය කරල ඉන්න එක්කෙනානෙ. නමුත් හැබෑම කෙනාව එළියට එන්නෙ කොහොමද?
අර පූර්ව නිගමනය පැත්තකට කරලා ඇත්තටම තියන ස්වභාවය තේරුම් ගත්තට පස්සෙයි.
ඒ ඇත්තම ස්වභාවය ඇහැට දකින රූපය මොන විදියටද බලන්නෙ කියල හොයල බලන්න ඕන. තරහෙන් බලනව වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. අමනාපයෙන් බලනව වෙන්න පුළුවන්. ගැටීමෙන් බලනව වෙන්න පුළුවන්. කනට අහන සද්දය මොන තාලෙන්ද බලන්නෙ කියල බලන්න ඕන. නාසයට දැනෙන ගඳ සුවඳ කොහොමද බලන්නෙ කියල බලන්න ඕන. දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය ඒ වගේම හිතට එන අරමුණත් මොන අයුරකින්ද ගන්නෙ? මොන ආනතියකින්ද ගන්නෙ කියල බලන්න ඕන.
අන්න ඒ දෙයයි තේරුම් ගන්න ඕන වෙන්නෙ. මේක කරන්න සිහිය තියෙන්න ඕන. මේක කරන්න මේ මොහොත තුල තමන්ට දැනෙන තේරෙන යමක් තියනවද, ඒ හැම දේම දැනෙන්න පුළුවන් තේරෙන්න පුළුවන් කියන එකයි අනුමත කරන්න ඕන පළවෙනියෙන්ම. ඕකට අපි පාවිච්චි කරපු වචනය තමයි 'සාදර වෙනවා' කියන එක.
මේකෙදි වෙන කල්පනා කිරිලි නෑ ඇත්තම කියනව නම්. සාමාන්‍ය ලෝකයේ අර අපිට දහමේ උගන්වන, කියල දෙන, ඒ වගේ අර මවාපා ගත්ත විපස්සනාවක් නෑ මේක අස්සෙ. මේ මොහොත තුල තියන දේ තේරුම් ගන්න එකයි තියෙන්නේ. මේ මොහොත තුල අපිට තියන ප්‍රශ්ණය හඳුනා ගැනීමයි කරන්නෙ. ඒ ප්‍රශ්ණය හොඳට හඳුනා ගත්තා නම් මේ මොහොත තුල, තමන් සමතුලිත ද අසමතුලිතද කියන එක අපිටම විද්‍යාමාන වේවි. අපි වටහා ගනීවි. තේරුම් බේරුම් ඇති කර ගනීවි.
ඒක හරි සරලයි.
ඒ කාරණාවට යන්න පුළුවන්කමක් තිබ්බොත් එහෙම පින්වතුනි, ඊට පස්සෙ අපිට පේන්න පටන් ගනීවි ඒ රූපය බලනකොට හෝ ඒ විදිහේ වේදනාවක් විඳිනකොට, ඒ විදිහේ සද්දයක් අහනකොට, ඒ විදිහේ සිතුවිල්ලක් හිතනකොට, අපි මොන අදහසක් එක්කද ඒ රූපය බලන්නෙ? මොන අදහසක් එක්කද ඒ සද්දය අහන්නෙ? මොන අදහසක් එක්කද ඒ සිතුවිල්ල විඳගන්නෙ? කියල අපිට තේරේවි.
ඔය මොන අදහසද කියන එක තමයි ඊළඟට වැදගත්ම සාධකය වෙන්නෙ. මොකද ඒ මොන අදහසද කියන එක තමා, ඒ හිතට ගන්නා වූ, ඒ මුලින් ඇති කරගන්නා වූ, පූර්ව නිගමනය තමයි ස්ථිර හැටියට ගන්නෙ. අර රූපය නෙවෙයි. ඒ සද්දය නෙවෙයි. ඒ ආපු සිතුවිල්ලත් නෙවෙයි. ඒක ගැන අපි තීන්දුවක් කරපු, විනිශ්චය කරපු විදිහයි අපි ස්ථිර හැටියට හිතේ තියාගන්නෙ.
ඔය තීන්දු තීරණ ටික තමයි, පූර්ව නිගමන ටික තමයි අපේ ජීවිතේ ඉස්සරහට හරි ආපස්සට හරි අරගෙන යන්නෙ. සාමාන්‍ය ජීවිතය තුල අනිත් ඇත්තොත් එක්ක සංතෝසයෙන් ඉන්නවද? ප්‍රශ්නයක් හදනවද? කියන එක තීන්දු තීරණය කරන්නෙ අපි ඇති කරගෙන තියන තීන්දු තීරණම තමයි.
මේ මොහොත තුල අපිට ඇහැට පේන රූපය පින්වතුනි, ඊළඟ මොහොත තුල පේන රූපය නෙවෙයි නෙව. රූපය ස්ථිර නැහැ අනිත්‍යයයි අනිවාර්යයෙන්ම. නමුත් අපි ස්ථිර හැටියට ගන්නවා, ස්ථිර හැටියට හිතේ හදා ගන්නවා, "මම දැක්කෙ මේ විදියටයි. හා...එහෙනම් මෙන්න මේකයි තියෙන්නෙ මෙතන" කියල.
ඔන්න ඔය කියන තැනෙනුයි නිදහස් වෙන්න ඕන.
සතිපට්ඨානයෙන් උගන්වන්නේ මේ මොහොත තුල ඉන්න නම්, මේ මොහොත තුල ඉන්න එකේ පළවෙනි ඉලක්කය තමයි 'විය නොහැක්කක් නොමැත' කියන එක.
මේ මොහොත තුල සිද්ධ වෙන හැම එකක්ම වෙන්න පුළුවන් දේවල් භාවනාව තුලදි. ඒ විදිහට හිත හදා ගන්න වුනහම, අපිට පැලපදියම් වෙන්න පුළුවන්කමක් තියනවා, අපිට රැඳෙන්න, ඉන්න පුළුවන්කමක් තියනවා, නතර වෙන්න පුළුවන්කමක් තියනවා, මේ මොහොත තුල තියෙන්නෙ මොකද්ද, ඒ තියන ඕනම එකක් එක්ක.
ඒකයි සතර සතිපට්ඨානයේ ඔය දේශනාව පටන් ගන්නකොට කායානුපස්සනා කොටස තුල බලන්න සම්පජන්යයේ, ඒකෙ කියනව,
"උච්චාරපස්සාවකම්මෙවා සම්පජානකාරී හොති" කියල.
අඩුම තරමෙ වැසිකිළි කැසිකිළි කරනකොට පවා අපිට සිහියෙන් ඉන්න පුළුවන් කියලයි කියන්නෙ. ඔය කතාව කියල සමහර ලොකු හාමුදුරුවරු බැනුම් අහලත් තිබ්බ. "හාමුදුරුවො හරි කතාවක් කියන්නෙ" කියල. නමුත් ඒක ඇත්ත කතාව. වැරැද්දක් නෑ ඒකෙ. ඒක තමයි සත්‍යම වූ ඇත්ත කතාව.
අපි අපේ ජීවිතය තුල පින්වතුනි, පුරුදු කරන්න පටන් ගන්න ඕන, එදිනෙදා අපි ගත කරන ජීවිතයේ අපිට භාවිතා කරන්න හෝ පුරුදු කරන්න පුළුවන් මොකක් හරි කාරණා කිහිපයකට සිහිය දා ගන්න පටන් ගන්න ඕන. වචන කතාබහ කරද්දි වෙන්න පුළුවන්, වැඩකටයුත්තක් කරද්දි වෙන්න පුළුවන්, රූපයක් බලද්දි වෙන්න පුළුවන්, සද්දයක් අහද්දි වෙන්න පුළුවන්, ශරීරයට මොනව හරි දැනෙද්දි වෙන්න පුළුවන්.
හැබැයි හිතන්න නරකයි ඔය ටික ඔක්කොම එකපාර කරනවා කියල. ඒක වැරදියි. මං අත්දැකීමෙන් කියන්නෙ ඒක වැරදියි.
හැබැයි එක කාරණාවක් කෙරහි අවධානය යොමු කරලා, එතනින් පටන් අරගෙන කරනව නම් අන්න ඒක සාර්ථකයි. ඕකට මං පටන් ගත්තෙ කෝප්පෙ බිම තියන එක තමයි. මුළු දවසේම අනික් වැඩ හැම එකක්ම ඔහේ කරන්න ඇති, ඕව එහෙම තමයි ගොඩක් වෙලාවට කරල තියෙන්නෙ. අවංකවම පිළිගන්නව ඒක. හැබැයි කෝප්පෙ බිම තියන වෙලාවට විතරක් මං සිහියෙන් කලා. ඒ වෙලාව විතරයි, ඒ තත්පර කිහිපය විතරයි මුළු දවසේම මුල් කාලයේ මං භාවිතා කරපු සිහියේ ප්‍රමාණය. මං අවංකවම ඒක පිළි ගන්නව. ඒක කියන්න බය වෙන්නෙත් නෑ, ලැජ්ජ වෙන්නෙත් නෑ.
හැබැයි එතනින් පටන් ගන්න අපේ ජීවිතේ ඒ පුහුණුව ඊළඟට අපිට පුළුවන්කමක් හම්බ වේවි පින්වතුනි, වචනයක් කතා බහ කරනකොට අපි ඒ කතාබහ කරන වචනය තුල තියන ස්වරයේ මොකද්ද ගැබ්වෙලා තියන කතාව කියල බලන්න. කතා කරන වචනය නෙවෙයි. ඒ කතා කරන ස්වරයේ තියනවා, ඒකෙන් ඇතුලේ කියවෙන යම්කිසි කතාවක් තියනවා.
අපි ඇහැට බලන රූපය ඒ බලනකොට, ඒ බලන රූපයේ බලන ස්වභාවයෙන්, අපේ නෙත් යොමන ස්වභාවයේ තියනවා අපේ අභ්‍යාන්තරිකව තියන කතාවක් තියනවා. ඒ රූපෙ අපිට බලන්න පුළුවන් තරහෙන් හෝ අමනාපෙන් හෝ ඊර්ෂ්‍යාවෙන්, ඒ වගේම බොහොම පහන් සංවේගය ඇති වෙන හැටියට, දුක හිතෙන හැටියට, බොහොම ආදර කරුණාවෙන් යුක්තව, මෛත්‍රියෙන් යුක්තව, බොහෝම මධ්‍යස්ථ භාවයෙන් යුක්තව බලන්නත් පුළුවන්.
එතකොට හිතල බලන්න සාමාන්‍ය ජීවිතය තුල අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලවත් අපි දන්නෙ නැහැ. හේතුව සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන රටාව ඒක හින්ද. සතර සතිපට්ඨානයෙන් තමයි අපිට අපේ ජීවිතය පවා අරන් දෙන්නෙ. අපි ගාවට අපිව කිට්ටු කරල දෙන්නෙ.
අපි හිතාගෙන ඉන්නවා විපස්සනාවක් බාහිරෙන් හිතන්න ඕන කියලා. ඒක හිතුවට මේක අහුවෙන්නෙ නම් නෑ. මං අවංකව කියන්නත් ඕන ඒක. අපි මොනව හරි හිතාවි. ඒක හොඳයි. දැනුම ඇති කර ගන්න හොඳයි ඉතින්. ඒ වුනාට අපි අවබෝධයක් කරන්නෙ නෑ අපිව. පොතක් අවබෝධ කරනවා මිසක.
අපිව අවබෝධ කර ගත්තොත් විතරයි පින්වතුනි අපිට අපි දූපතක් කර ගන්න පුළුවන්කම හම්බ වෙන්නෙ. ඉතින් භාවනාව කියන ගමන අපිව අරගෙන යන්නෙ ඔන්න ඔය කියන දිශානතියටයි. ඔය කියන ස්වභාවයයි අපි අපේ ජීවිත තුල පුරුදු කරන්න දක්ෂ වෙන්න ඕන වෙන්නෙ.
සිහිය ඇති කිරීම කියල කියන්නෙ හරි පුදුමාකාර පාරුවක් වගේ හරියට. අපි බොහෝම කරදර බාධක තියන තැනක ඉන්න අය නම් ඒ කරදර බාධක තියෙන තැනින් අයින් වෙලා වෙනත් ක්ෂේම භූමියකට යන්න කියල නිකං හිතෙන් හදා ගත්තොත් එහෙම, අන්න එහෙම තැනකට යන්න බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරල දුන්න පුදුමාකාර පාරුවක් මේක.
මේ ගමන තුල එතකොට අපි ඉගෙන ගන්න ඕන දේ තමයි මුලින්ම තියෙන දේ මොකද්ද? කියල හඳුනාගන්න. මේ මොහොත තුල මම මේ දෙයයි කරන්නෙ කියල හඳුනා ගන්න ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ මේ මොහොත තුල මම කරන්නෙ මොන අදහසින්ද? කියන එක තේරුම් ගන්න පටන් ගන්නව ඕන. ඊළඟට ඒ අදහස තුල තියන යහපත් භාවය හෝ අයහපත් භාවය තේරුම් ගන්න ඕන.
කරන්න බැරි දෙයක් නෙවෙයි. අපිට කරන්න පුළුවන් දෙයක්. හැබැයි කාලයක් ගන්න පුළුවන්.
හොඳම ක්‍රමය තමා තමන් එදිනෙදා ජීවිතේදී හෝ සිහිය භාවිතා කරන්න කල්පනා කරන්න බලාපොරොත්තු වෙන මොනව හරි කාරණාවකට බොහෝ කාලයක් තිස්සේ පුරුද්ද ඇති කර ගන්න. බොහෝම කාලයක් තිස්සේ ඒ දේ පුරුදු කරන්න, වඩන්න. බොහොම කාලයක් තිස්සේ වඩනකොට, පුරුදු කරනකොට, ඒ දේ ක්‍රියාත්මක කරනකොට, අපිට ඒ කාරණේ හින්දා අනිත් ඒව ටික තේරෙන්න පටන් ගන්නවා.
මේක උදේට එක භාවනා ක්‍රමයක්, දවල්ට තවත් භාවනා ක්‍රමයක්, හවසට තවත් එකක්, එහෙම කරන්න එපා. තමන්ට දැනට කරන්න පුළුවන් දේ වාඩිවෙලා පොඩ්ඩක් ඉන්න එක විතරක් නම්, ආනාපානෙ බලන්න බැරි නම්, ඒ ඇති හොඳටෝම. ඒක හොඳයි කමටහනට.
ඒක නම් කරන්න පුළුවන්කම තියෙන්නේ, ඒක තමයි කරන්නත් ඕන දේ.
නමුත් අපි පූර්වයෙන් නිගමනය කරනවා "නෑ ඕක නෙවෙයි වෙන්න ඕන වෙන එකක්" කියල. අන්න ඒකනෙ වැරැද්ද. ඒකයි අපි කරගෙන තියන වැරැද්ද. ඒකයි අපි කරගන්න වැරැද්ද. අහිංසකයි කියනවට වඩා මෝඩයි.
හැබැයි දැන් අපිට අවස්ථාව තියනවා සතිපට්ඨානය හින්දා, මේ මොහොත තුල තියන ඒ ඕනම එකක් අනුමත කරන්න. අපි ඒ තරමට නිහතමානී වෙන්න පටන් අරන් තියෙන්නෙ. අපි කලින් නිගමනය කරන්න යන්නෙ නෑ මම හිතන ස්වභාවය මේකයි හෝ මට මේ විදිහයි තේරුනේ කියල. එහෙම ස්ථිර අදහසක් දැන් අපි ගන්න හිතන්න ඕනෙ නෑ.
මොකද බුදු හාමුදුරුවො දේශනා කරනව අපි ඒ හිතට ගන්න අදහස්වලට පවා අනිත්‍යතාවය දාන්න. ඒ අදහස් කියන හැම එකක්ම වුනත් අපි බලන්න ඕන අනිත්‍ය කෝණයෙන්. සිහියටත් යන්න ඕන අනිත්‍ය මුසු වෙච්ච සිහියකින් ඊට පස්සෙ.
ඊළඟට අපි හිත තැන්පත් කර ගන්නෙ පින්වතුනි ආනාපානයට නෙවෙයි. වේදනාවට නෙවෙයි. අපෙ හිත සමාධිමත් වෙන්නෙ අනිත්‍යතාවය හින්ද. අපි අනිත්‍යය හැටියට බලන හින්ද.
ඒක අමුතුම ලෝකයක්. ඒක හරිම ලස්සන රටාවක්. මේක කල්පනා කිරීමක් නෙවෙයි. යථාභූත ඥාණ දර්ශනයක්. මේ මොහොත තුල අපි පේන දේ, තියන ඇත්තම කතාව තේරුම් ගැනීමක්.
ආශ්වාසය නම් පේන්නේ ආශ්වාසය දිහා මුලින් බලාගෙන ඉන්න බෑ. කැඩි කැඩී යන්නෙ. එතකොට මුලින් අපි ඒකට මනාප නෑ, කැමති නෑ. ඊට පස්සේ ඔන්න ඉගෙන ගන්න පටන් ගන්නව කාලයක් යනකොට,
"නෑ, මම කොච්චර හිතාගෙන හිටියත් මට ආශ්වාසයක් එක දිගට බලාගෙන ඉන්න බෑ."
එතකොට මුලින් හිතාපු එක තමා, "මේ දේ වෙන්න බැහැ" කියන එක. නමුත් පස්සෙ තේරුම් ගන්නව, "නෑ මේ දේ වෙන්න පුළුවන්" කියල. "මේ සිද්ධ වෙන විදිහ තමයි හරි" කියල.
එතකොට තේරෙන්නෙ ආශ්වාසයෙ කොටහක් නම්, "හා..ඒක තමයි හරි එක. මේ වෙන්නෙ හරි දේ" ඒ කොටස දිහා බෙහෙම කැමැත්තෙන් මනාපයෙන් බොහොම ගෞරවයෙන් බලාගෙන ඉන්න හිත හදා ගන්න ඕන. හිත පුරුදු කරගන්න ඕන.
එහෙම පුරුදු කරගත්තට පස්සේ, කාලයක් යනකොට, ඒ පොඩි කොටස විතරක් නම් අපිට පේන්නේ, ඒ පොඩි කොටස තුලත් ඇති වීමක් ඇති, පැවතීමක් ඇති, නැති වීමක් ඇති. ඒක ඇති වීමක ඉදල පැවතීමකට යන්න නම්, ඇති වීම නැති වෙන්න එපැයි පැවතීමට යන්න. පැවතීමෙ ඉඳලා නැත්තටම නැති වෙලා යන්න නම්, ඒ පැවතීම වෙනස් ස්වභාවයකට පත් වෙන්න එපැයි.
මෙන්න මේ අවස්ථාවන් වලදි අපි මේක තුල තියන අනිත්‍යතාවය දකින්න පටන් ගනීවි ඇහෙන් නැතත්. ඒක අපිට විද්‍යාමාන වේවි. මේකයි ධර්මයේ තියන ආශ්චර්යය. අන්න ඒ විදියටයි අපේ හිත් තැන්පත් කරගන්නෙ. එහෙම තැන්පත්කමක් අනිවාර්යයෙන්ම එන්නත් ඕන.
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ කාරණා අටක එකක්නෙ. අටක්ම තියෙන්නත් ඕන. කාලයක් ගන්නවා අපිට මේක කොහොමද ඕන වෙන්නෙ කියල තේරුම් යන්න. අපි දන්නව පොතේ පතේ කියල දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියනව. කාරණා අටයි. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තහම. ඒ වුනාට අපේ පූර්ව නිගමනය මොකද්ද මා පුතා?
"සමාධිය හරි යන්නෙ නෑ. සමථය ඕන නෑ විපස්සනාව විතරයි."
හා නැද්ද? බහුතර මතය ඕකනෙ. නමුත් සමාධියක් ඕන නැත්නම් බුදු හාමුදුරුවො දේශනා කරයිද ඒක? තථාගතයන් වහන්සේ බොරු කියනව කියලද හිතන්නෙ? අපිට බොරුවක් තේරිලා තියනව කියලද හිතන්නෙ?
මෙන්න මේකයි රහස. කාලයක් යනව මේව පුරුදු කරන්න. ඒක හින්ද හදිස්සි වෙන්න නරකයි. ඉක්මන් තීරණ ගන්න නරකයි. විගහට තීන්දු තීරණ කරන්න නරකයි. කරුණු කාරණා හරි හැටියට දැනගෙන, තේරුම් අරගෙන, කාලයක් තිස්සෙ පුරුදු කරලා තීරණය කරන්න මිසක්.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බෙ. ඉතින් භාවනාවක් කරන්න, විවේකයෙන් ඉන්න මේ වටපිටාව බොහොම හොඳ තැනක්. ඒක ඔය ඇත්තො දන්නව. ඒ නිදහස භාවිතා කරන්නත් ඕන. අපි හවස් අතේ ධර්ම සාකච්ඡාවක් කරල, කමටහන් සුද්ධ කරල, ඒ කටයුතු ටික හමාර කරමු. එතකං අද දවසේ තියන මේ කටයුතු සාර්ථකව කර ගන්න ඕන.
මේ කියල දුන්න කාරණාවලින් මං හිතනව ඔය ඇත්තන්ට මොනව හරි ප්‍රයෝජනයක් අත් වේවි කියල. එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව. සියළු යහපතම වේවා !
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
අනවරත සසර
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අනේකජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ’සි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
ව්‍යවහාරික 2023 අවුරුද්දේ වෙසක් පෝය දවසයි අද. ස්වභාව ධර්මයේ ආශිර්වාදය කියල අපි සලකමු. මහා විශාල විදිහේ වැස්සක් අද බෝලන්කන්දට තියනව.
මේ පොහොය දවස එක්තරා විදියකට අපිට විශේෂයි බෝලන්කන්ද තපෝ අරණට. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වැඩමවීම. තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ජීවමාන ශරීරයට හා සමාන ප්‍රමාණයකින් යුක්ත වෙච්ච බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරවලා, අද ඉඳල ඒක වන්දනා කටයුතු වලට දැකබලාගෙන සැනසෙන්න, මොහොතක් භාවනාවක් කර ගන්න අවස්ථාව සැලසෙනව. ඉතින් එවන් වූ වකවානුවක ඉඳල තමා අද දවසේදී මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. අද දවසේ මාතෘකාව අනවරත සසර.
පින්වතුනි, සංසාරය කියන එක, සසර කියන ගමන අපි අහල තියන හැටියට බොහොම දීර්ඝයි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමේ හැටියට ඔය ඇත්තොත් මමත් මේ සංසාර ගමන ඇරඹුවේ කවද්ද? අරඹල තියෙන්නෙ මොන ජීවත කාලයෙන්ද? කියන එක ගණන් කරන්න, මනින්න, හොයා ගන්න ලේසි නෑ. ඒක ඒ තරම්ම අතිශයින්ම දීර්ඝයි. පුදුමාකාර දුර අතීතයක් තියනව.
මේ වගේ දීර්ඝ කාලයක් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් ඒ පැත්තට මේ පැත්තට හරව හරව අභිරමණය කරපු ඔය ඇත්තොත් මමත්, මේ කියන ඉන්ද්‍රියන් ඒ පැත්තට මේ පැත්තට අභිරමණය කරන්න ඉගෙන ගත්ත අපිට, තථාගත ලොවිතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමයක් තියනවාය කියලා ඒ සංසාර ගමන නතර කරන්න, සසර කියල කියන නොනැවතී යන ඒ ඒකාකාර චක්‍රය නතර කරල දාන්න අවස්ථාවක් අපට හම්බ වෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව.
එතකොට අපිට එක පැත්තකින් එන්න පුළුවන් විමතියකුත්, සැකයකුත් ගණන් කරන්න බැරි තරමේ සසර ගමනක් තිබිච්ච අපිට මේ එක ජීවිත කාලයක් තුලදී ඒ සම්පූර්ණ ගමන නතර කරන්න තරම් හයියක් තියේවිද? බලයක් තියේවිද? කියල. ඔය කියන අදහස හන්දාම තමයි, පසුකාලීනව විවිධාකාර විදිහේ මතිමතාන්තර පවා එකතු වෙන්නට ගත්තෙ. ශාසනය පැත්තෙන් ගත්තහම ඒ ඇත්තෝ ගොඩක් වෙලාවට කියන්නත් උත්සාහවත් වුනා "අපිට පින් මදි" ආදී වශයෙන් වුනත්.
කෙසේ හෝ නමුත් පින්වතුනි, සංසාරය කියන ගමන පැත්තෙන් ගත්තොත් එහෙම, සංසාරය කියන වචනය ගැන සලකන්න වුනොත් එහෙම, ඒ සංසාරය කියන ගමන ඔය ඇත්තොත් මමත් යන්නෙ පුදුමාකාර විදිහේ බැඳීම් සමුදායක් එක්කයි. එකකට එකක් සම්බන්ධ කරගෙනයි. එකකට එකක් හා කරගෙනයි. යා කරගෙනයි. ඔය එකකට එකක් සමානව යා කරගෙන යන මේ ගමන තුල ඒ විදිහේ ගමනක් කරන හින්දා, අපිට මේක තේරෙන්නෙ ඒකාකාර රටාවක් තියනවා කියලයි. මං සරල උදාහරණයකින් මේක පෙන්නන්නං.
ඔය ඇත්තන්ටත් මටත් මොකක් හරි කරදරයක්, බාධකයක්, දුකක් තියනවා නම් (තියෙන්න පුළුවනි) ඒ වගේ දෙයක් ගැන අපි මෙනෙහි කරනකොට, සිහිපත් කරනකොට, අපි මතක් කරන්නේ, අපි සිහිපත් කරන්නේ ඒ කාලෙ තිබිච්ච ඒ කාරණාව තවමත් තියනවා වගේ අදහසකින්. ඒක හරියට සරලයි භාවනාව පැත්තෙන් කතා කරනවා නම්.
භාවනා කරනකොට ගොඩක් අයගෙන් භාවනාව ගැන කමටහන් වාර්ථාව ගැන අහද්දී ඒ ගොල්ලො කියන්නේ,
"අසවල් තැන රිදෙනවා හාමුදුරුවනේ."
"හිත තාම දුවනවා හාමුදුරුවනේ.
"හිත තැන්පත් වෙන්නෙ නැහැ." "භාවනාවෙදි නින්ද යනවාමයි හාමුදුරුවනේ."
ආන් ඒ වගේ කාරණාමයි ඉදිරිපත් කරන්නෙ, කියන්නෙ. මේ වගේ අදහස් එක්ක අපි අපේ වචනය භාවිතා කරනකොට, අපි අපේ හිත භාවිතා කරනකොට, අපිට තේරෙන අරමුණ තමයි, අපිට තේරෙන අදහස තමයි,
"මගේ හිත ඒකාකාර විදියට දුවනවාමයි." "මේ වේදනාව ඒකාකාර විදියට තියනවාමයි."
"නින්ද යන එක ඒකාකාර විදියට සිද්ධ වෙමින් තියනවාමයි."
"භාවනාව කියන දේ ඒකාකාර විදියට සිද්ධ නොවී, හරියාකාරව සිද්ධ නොවී පවතිනවාමයි."
කියන එකයි අපේ හිතේ තියන කාරණාව. ඒක හරි සරලයි, අපි හිතන විදියත් එක්කත්. අපි හිතන රටාවත් එක්ක ඒ විදියට තමයි අපට තේරෙන්නෙ. එතකොට ඔය වගේ රටාවක් තියන හින්දා තමයි පින්වතුනි, ලෝක සත්ත්වයා සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් නැවතත් තියනවා කියන අදහසින්, ඒ ප්රශ්නය තුලින්ම දුක් විඳින්නෙ හෝ අතීතයේ තිබිච්ච ඒ ප්‍රශ්නේ අනාගතේටත් අරගෙන යන්නෙ. අතීතයෙ වෙච්ච ප්‍රශ්නෙ හෝ අතීතයෙ වෙච්ච ඒ කාරණාව අනාගතේ දක්වාම රැගෙන යන්නෙ කොහොමද?
මේ සිද්ධිය ඒකාකාර හැටියටම තියනවා කියන මේ අදහසත් එක්කයි. මේ සංඥාවත් එක්කයි.
මේක එතකොට නවතින්නෙ නැති ගමනක් තමයි. අනවරත සසරක් තමයි. ඒ නොනවතින ගමන තුල අපි දුක් විඳිනව ගොඩක්. ඔබත් මමත් කියන අපි හැමෝම ලොකු දුකක් විඳිනවා. අපි ලොකු සන්තාපයක් බුක්ති විඳිනවා. හේතුව මොකක්ද? මේ තියන කරදරේ, මේ තියන ප්‍රශ්නේ නිමාවක් නම් නෑ කියන අදහසත් එක්ක.
සංසාර ගමන ආපු ඇත්තොත් එක්ක බලනකොට අතීතයෙ තියන කතා එහෙම අපි අරගෙන බැලුවොත් පින්වතුනි, ඒ කතාවල සඳහන් වෙන්නෙ ඒ ඇත්තන්ගෙ තෘප්තිමත් සිතින් ආපුවත් එක්කම දුක් සන්තාපයන් එක්ක, ශෝක සන්තාපයන් එක්ක ආපු ගමනකුයි සඳහන් වෙන්නෙ. මෑත කාලය වෙනකොට බොහෝ පිරිසකට මුහුණ දෙන්න වෙලා තියන ප්‍රශ්නයක් තමා මතකය නැති වීම කියන එක. ඒ මතකය නැති වෙන එකෙත් හරි පුදුමාකාර පැත්තක් තියනවා.
ඔය ඇත්තන්ට මතක නැති අවස්ථා ඇති ඕන තරම්. හැබැයි ඒ මතක නැති අවස්ථා අතර මතකෙ තියන අවස්ථාත් තියනව නේද? ඒ මතකෙ තියන අවස්ථාවන් අරගෙන බැලුවොත් එහෙම, වෙනම කොටසකට අරගෙන බැලුවොත් එහෙම, අපේ ජීවිතේට කරදරයක් වෙච්ච ඒවා, අපිට මොකක් හරි පාඩුවක් වෙච්ච ඒවා, නැත්නම් අපෙන් කාට හරි කරදරයක් වෙච්ච ඒවා ආදී වශයෙන් මේ ආකාරයට තියන කාරණා අපිට හොඳට මතකයි. නමුත් යතුරු කොහෙද තිබ්බේ? පර්ස් එක කොහෙද තිබ්බේ? දොර වැහුවද නැද්ද? ඕව මතක නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි.
මෙහෙම වෙන්න හේතුව තමා අපි ඒකාකාර විදියට මතක් කරනවා පින්වතුනි, අපිට වෙච්ච අකටයුතුකම් සහ අපෙන් වෙච්ච අකටයුතුකම් දෙක. අපේ හිතට උපද්දවගන්නෙ නැහැ ඒකෙන් බැහැර වෙන්නෙ කොහොමද කියල. ඒකයි අපේ ගමන සසරක් වෙන්නෙ. ඒකයි අපිට මෙච්චර දුකක් තියෙන්නෙ. ඒකයි අපිට දුකෙන් නිදහස් වෙන්න මෙච්චර අමාරුකමක් තියෙන්නෙ, බැරිකමක් තියෙන්නෙ.
තථාගතයන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන භාවනා ක්‍රමය තුල අපිට උගන්වන ඒ රටාවේදී, ඒ ගමනේදී කියල දෙන ප්‍රධානම පාඩමක් තමා, ඔය විදියට ඒකාකාර මට්ටමේ තියන කාරණාව ගැන දිනපතා වෙනත් පැත්තකින් දකින්නයි උගන්වන්නෙ. ඒකට හේතුව මොකද්ද?
අපි තණ්හාව ඇති කරගන්නේ, අපි කැමැත්ත ඇති කර ගන්නේ, අපේ මනාපය ඇති කරගන්නේ, අපි පුරුදු වෙලා තියන්නේ, මේ ගැටළුව, මේ ප්රශ්නය ඒකාකාර විදියටම, එක ප්‍රමාණයෙන්ම පවතිනවාම කියන එකයි.
නමුත් සතිපට්ධාන සූත්‍රය අරගෙන බැලුවොත් එහෙම, විශේෂයෙන්ම ඔය නීවරණ පබ්බයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි,
"කාමච්ඡන්දය එනවා නම් ආවා. තියනවා නම් තියනවා. නැති වුනා නම් නැහැ."
ඊළඟට දේශනා කරනවා, "තිබුන කාච්ඡන්දය දැන් නැහැ"යි කියල. අපිට මෙනෙහි කරන්න කියල කියනවා තිබිච්ච කාමච්ඡන්දය නැති වුනාය කියල. ඊළඟට ආපහු කාමච්ඡන්දයක් එනවා නම් ඒක අළුත් එකක්. අර පරණ ආපු සිතුවිලි රටාව වෙන්න පුළුවන්. නමුත් ඒ පරණ ආපු සිතුවිලි රටාව ඇවිල්ලා, පැවතිලා, තිබිලා, ඒ දේ නැති වෙලත් ගියා. ඊට පස්සෙ අපි වෙනත් සිතුවිල්ලකටත් සම වැදුන.
ඊළඟට අපිට ආපහු කාමච්ඡන්දය එන්නත් පුළුවන්. නමුත් අපි අර තිබිච්ච කාමච්ඡන්දය පැමිණිලා, ඒක නැති වෙලා ගිහිල්ලා, අළුත් සිතුවිල්ලකටත් සම වැදිල, ඊළඟට ආපහු කාමච්ඡන්දයක් ඇති වුනා කියන එක නෙවෙයි මෙනෙහි කරන්නේ. අපි මෙනෙහි කරන්නෙ කොහොමද? ඒකාකාර විදියට මේ කාමච්ඡන්දය පවතිනවා කියන විදිහටයි.
එහෙම සිතක් තියන අපිට පින්වතුනි, නිවීමක් ගැන තේරෙන්නෙ නෑනෙ. සැනසීමක් ගැන තේරෙන්නෙ නෑනෙ. නමුත් හිතල බලන්න, විනිවිද භාවයෙන් අපි දැක්කොත් එහෙම, කාමච්ඡන්දයට හිත ගියා කියන එක දුකක් නම්, ඒක කරදරයක් නම්, පීඩාවක් නම්, හැබැයි ඒකෙන් අපි නිදහස් වෙලා තියනව නේද මොහොතකට? කාරණාව තියෙන්නේ ඒ නිදහස් වෙච්ච මොහොත අපි හඳුනා නොගත්ත එකයි. ඒ නිදහස් වෙච්ච මොහොත අපි හඳුනා නොගත්ත එකයි ප්‍රශ්නෙ.
ඔය ඇත්තොත් මමත් පින්වතුනි, ඇත්තටම කියනව නම් දුක් විඳිනව. ඇහැට බලන රූප හින්දා, කනට අහන ශබ්ද හින්දා, නාසය දැනෙන ගඳ සුවඳ හින්දා ආදී වශයෙන් අපිට හැමදාම අත්විඳින්න සිද්ධ වෙන කරදර තියනව. ප්‍රශ්න තියනව. අපි දුක් විඳිනව.
නමුත් ඒ දුකෙන් අපි නිදහස් වෙන අවස්ථාවක් තියනව. ඒ දුකෙන් අපි බැහැර වෙන අවස්ථාවක් තියනව. දේශනාවෙ තියනව 'විනිර්මුක්ත වෙනව' කියල. ඒ තිබිච්ච දුකෙන් සහමුලින්ම නිදහස් වෙන මොහොතක් තියනව. බැහැර වෙලා යන මොහොතක් තියනව. අන්න ඒ මොහොත අපි හඳුනා ගත්තොත් තමා, අපි නිවී සැනසුනු මොහොත ගැන අපිට තේරෙන්න පටන් ගන්නෙ.
පින්වතුනි, නිවීම කියන එක මේ අපි ඉන්න රටාවෙන් බැහැර වෙලා ගියපු අළුත්ම ලෝකයක් නෙවෙයි. අළුත්ම මානසික තලයක් නෙවෙයි. අළුත්ම අවස්ථාවක් හෝ අළුත්ම ස්ථරයක් නෙවෙයි. නිවීම හෝ සැනසීම කියන දේ අපි ඉන්න මේ ප්‍රශ්නෙන් මිදිච්ච වෙලාවයි. අපි ඉන්න හෝ අපිට මේ ගත කරන්න සිද්ධ වෙලා තියන දුකෙන් අංශුමාත්ර මොහොතකදි හෝ නිදහස් වුනා නම්, ඒ නිදහස් වෙච්ච වෙලාවයි, ඒ නිදහස් වෙච්ච මොහොතයි නිවීම ලැබෙන්නේ, සැනසීම ලැබෙන්නේ. ඒ නිවීම හොයා ගන්නේ කොහොමද? ඒ සැනසීම හොයාගන්නෙ කොහොමද?
සතිපට්ඨානය භාවිතා කිරීම තුලින්.
සතිපට්ඨානය භාවිතා කරන්නෙ කොහොමද?
අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන, භාවනාව තුලදී අපිට මේ තියන වේදනාවන් පවතිනවා නම්, "ඔව්...පවතිනව." අපි අපිටම මෙනෙහි කරගන්න ඕන මේ වේදනාව නැති වෙලා ගියා නම්, "දැන් ඒ වේදනාව නැති වෙලා ගියා"ය කියල. සිතට සිතුවිල්ලක් තියනවා නම් මෙනෙහි කරනවා, "ඔව් මට සිතුවිලි තියනවා" කියල. ඒක හරියටම හරි, වැරදි නැහැ.
දැන් අළුත් එකක් තියනව, මොකද්ද?
ඒ තිබිච්ච සිතුවිල්ල ගෙවිල ගියා නම්, ඒ තිබිච්ච සිතුවිල්ල අපේ හිතෙන් අයින් වෙලා ගියා නම්, අපේ හිතෙන් බැහැර වෙලා ගියා නම්, අන්න ඒ දේ මෙනෙහි කරනවා,
ඒ "තිබිච්ච සිතුවිල්ල බැහැර වෙලා ගියා" කියල.
"අයින් වෙලා ගියා" කියල.
"නික්මිලා ගියා" කියල.
අන්න ඒ මොහොතේදී තමයි පින්වතුනි අපි ඉගෙන ගන්න පටන් ගන්නේ, මේ දුකේ නිමාවක් තියනවා කියල. ඒකාකාර හැටියට අපිට තේරෙන සංසාරික දුක, "නෑ ඒකෙ එහෙම එකක් නෑ, මේ අතර හිඩැසක් තියනවා. මේ අතර යම්කිසි වූ මොහොතක හරි කමක් නෑ නවාතැනක් තියනවා" කියල. ක්ෂේම භූමියක් තියනවා සංතෝස වෙන්න පුළුවන් අවස්ථාවක් තියනවා කියලා අපි අපේ හිතට පුරුදු කරන්න පටන් ගන්නේ භාවනාව තුලදී.
ඕක ඔය විදියට පුරුදු නොකරන තාක් කල් පින්වතුනි, ඔය ඇත්තොත් මමත් වේදනාව කියන දේ, දුක කියන දේ, සිතුවිල්ල කියන දේ, කරදරය කියන දේ හෝ මෙකී නොකී ආදී සෑම සියළු දෙයක්ම ඒකාකාර විදියට පවතිනවා කියලයි අපි හිතන්නෙ. ඒකයි මේක 'අනවරත සසරක්' වෙන්නෙ. ඒකයි මේ ගමනේ අපිට නිමාවක් නෑ කියල තේරෙන්නෙ. ඒකයි මේ ගමන තුලදි අපිට සංතෝසයක්, සැනසීමක් නෑ කියල තේරෙන්නෙ.
නමුත් අපිටම තේරෙනව භාවනාව තුලදී තිබිච්ච වේදනාව ගෙවිල යනව. තිබිච්ච වේදනාව අඩු වෙලා යනව. තිබ්බ සිතුවිලි ටික බැහැර වෙලා යනව. ඒ තිබිච්ච අසහනකාරී, අපහසුකාරී ඒ මානසික ස්වභාවය, ඒ වටපිටාව කායික හෝ පාරිසරික වටපිටාව බැහැර වෙලා යනව. හැබැයි අපි අපේ හිතට කියල දීල නැත්නම් දැන් ඒ තිබිච්ච වටපිටාව බැහැර වෙලා ගියාය කියල, ඒ දේ අපි යෝනිසෝමනසිකාරයට ලක් කලේ නැත්නම්, අපේ හිත ඒ දේ ඉගෙන ගන්නෙ නෑ. අපේ හිත ඒ දේ ඉගෙන ගන්නෙ නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේ සූත්‍රයට දාල තියෙන්නෙ.
එහෙම නම් අපි මෙනෙහි කරන්න පටන් ගන්න ඕන, අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන, අපිට කරදරේ එන වෙලාවේදී, "එහෙමයි කරදරේ තියනව." කරදරේ නැති වෙලාවේදී, "දැන් කරදරෙන් නිදහස් වෙලා."
අන්න එතනදී අපි අපේ දුක හදන වඩුවාව අයින් කරල දාල තියෙනවා. අල්ලා ගැනීම කියල කියන, ඒකාකාරී විදියට මේ සසර තුල යන මේ ගමන, මේ රටාව නතර කරල දාල තියෙන්නෙ ඒ වෙලාව තුලයි.
පින්වතුනි ඔය වගේ අවස්ථා ඔය ඇත්තන්ටත් මටත් හම්බ වෙලා තියනවා. ලැබිලත් තියනවා. ලැබෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ දේ හඳුනාගෙන නෑ. සංසාර ගමන කියන එක අර මං දේශනාවේ මුලින්ම පටන් ගන්නකොට කිවුවා වගේ, මේ සංසාර ගමන කියන දේ අපි හිතාගෙන ඉන්නේ ඒකාකාර හැටියටම තියන ගමනක් හැටියටයි.
'සේරිවාණිජ' ජාතක කතාවේ අර ආපු වැරදි විදියට වෙළඳාම් කරපු කෙනා හරි වෙළඳාම් කරපු බෝධිසත්ත්වයොත් එක්ක තරහ හිතක් හදා ගත්තනෙ. හැබැයි එයා හඳුනාගෙන තිබුනා නම්, "මට තරහ හිත ඇති වුනා. ඒත් ඇති වෙච්ච තරහ හිත නැති වෙලා ගියා" කියලා, දේවදත්ත වෙලා පවා පලි ගැනීමකට ලක් කරන්න තරම් ඒ සිතිවිල්ල එහෙනම් බලපවත්වන්නෙ නැති වෙයි නේද? නමුත් එයා ඒ දේ කලේ නෑ.
ඒ වෙනුවට එයාගෙ හිතේ ඒ තරහම තියාගෙන, ඒ තරහාම රජය රජයා, රජය රජයා, නැවත නැවතත් ඒ දේම මෙනෙහි කර කර හිටිය. එතකොට එයාගෙ හිතට ගිය අදහස මොකද්ද? "ඒ තරහ තවමත් තියනවාමයි. තවමත් ඒ ප්රශ්නය තියනවාමයි තාම ඒකෙන් නිදහස් වෙලා නෑ"යි කියල. ඒක හින්දයි සසරෙ. ඒක හින්දයි එච්චර දුක් වින්ඳෙ. මොකද හිතන්නෙ?
ඔය ඇත්තන්ගෙත් මගෙත් ඊට වඩා වෙනසක් තියෙයිද? ඔය ඇත්තොත් මමත් ටිකක් හිතල බැලුවොත් එහෙම, අපේ ජීවිතේ තුල අපිට සිද්ධ වෙන කාරණාත් එක්ක අපි ඒ දේවල් හිතේ තියාගෙන නැවත නැවත මතක් කරමින්, ආයෙ ආයෙ අපේ සිහියට ඒ දේවල් කැන්දා ගනිමින් හිතන්න පටන් ගත්තහම, පුරුදු කරන්න පටන් ගත්තහම, අපි තණ්හාවෙන් ඇලෙන්නේ අපේ දුකටයි. අපිට ඒ දුකෙන් නිදහස් වෙලා ඉන්න තේරෙන්නේ නෑ.
නමුත් අපි දන්නවා දුක් විඳින්නේ දුකෙන් හින්දම කියල. නමුත් දුකෙන් නිදහස් වෙන්න බෑ. අපිට ඒ තණ්හා සංස්කාරය ඇති කරගෙනම යන්න ඕන. ඒ දුකම ඇති කරගෙන පිය නඟන්න ඕන. මොකක් හරි ප්‍රශ්නයක් වුනහම ගොඩක් ඇත්තො කතාබහ කරන්නෙ ඒ ප්රශ්නය තාමත් තියනව වගේ. ඒ කාරණයට තාමත් මුහුණ දෙමින් පවතිනවාමයි. මුහුණ දෙමින් ඉන්නවා කියලමයි. නමුත් ඒකෙ එහෙම එකක් නෑ.
ඒ ගැටළුව විසඳිලා ඉවරයි. ඒ සිද්ධිය වෙලා ඉවරයි. අතීතයෙ වෙච්ච එකක් නම් ඒක වෙලා ඉවරයි. නමුත් අපේ හිතේ අපි තාම ඒකට එහෙම අදහසක් දීල නෑ. අපි තාම හිතන්නේ ඒ සිද්ධිය වෙනවා කියලමයි. ඒකයි අපිට නිදහසක් නැත්තෙ. ඒකයි අපිට විමුක්තියක් නැත්තෙ. සැනසීමක් නැත්තෙ. තව සරල උදාහරණයක් මම කියන්නම්.
කාට හරි කෙනෙක්ට අපි හිතමුකො අතේ හරි කකුලෙ හරි වේදනාවක් තියනවා කියල. අපි හිතමුකෝ ඒක පිළිකාවක් කියල. මහා දරුණු ගණයේ වේදනාවක් තියනවා නම්, ඒකට ප්‍රතිකාර කරලා කරලා කරලා බැරීමකොට අවසානයේදී නිගමනය කරන්න පුළුවනි වෙන විකල්පයක් නැති හින්දා, ඒ අත කපල දාන්න ඕන කියල හෝ ඒ කකුල අයින් කරන්න ඕන කියල. අකමැත්තෙන් හෝ ඒ දේට මනාප වෙන්න සිද්ධ වෙනවා කියල අපි හිතමුකො.
මොකද හිතන්නෙ එහෙම වුනා කියලා, ඒ අත හරි කකුල හරි ඡේදනය කරල අයින් කලා කියලා, ඒ රෝගියාගෙන් ඇහුව්වොත් එහෙම "ඔයාට වේදනාව දැන් නැද්ද?" කියලා මොකද කියන්නෙ ඒගොල්ලො මොනව කියයි කියලද? ඒ ඇත්තො කියන්නෙ "තාම වේදනාව තියනව" කියල. වේදනාව තිබ්බෙ අතේ නම්, ඒ තිබිච්ච කොටස අයින් කරල දැම්මා නම්, කපලම අයින් කරා නම්, තව කොහොමද වේදනාවක් තියෙන්නෙ? අන්න එතනයි මේ කාරණාව තියෙන්නේ.
අපි හිතන්නේ ඒ වේදනාව තාමත් තියන එකක් හැටියටයි. එතකොට පින්වතුනි මේක කායික දේකට වඩා මේක මානසික දෙයක්. මේක හිතේ හදාගත්ත දෙයක්.
"විසංඛාරගතං චිත්තං"
අපි හදාගත්ත සංස්කාරයකුයි සංසාර ගමන මේ තරම් දුරට අරගෙන යන්නෙ. සේරිවාණිජ කතාවෙ අර වැරදි විදියට වෙළඳාම් කරන කෙනා හිතේ හදා ගත්ත සකස් කිරීමක් තිබ්බා. සංස්කාරයක් තිබ්බා. තරහ සංස්කාරයක් තිබ්බා. තරහ සිතුවිල්ලක් තිබ්බා. ඒ සිතුවිල්ල හින්දයි එයා ඒ තරමේ දුරක් අරගෙන ගියේ. දේවදත්ත වෙලා පවා පලිගන්න හැදුවේ. එයා දන්නෙ නෑ ඒකෙ මුල කොහෙද කියල. අග මුල දන්නෙ නෑ. දන්නෙ පලිගැනීමක් තියනව කියල විතරයි. දන්නෙ ගැටළුවක් හදන්න ඕන කියල විතරයි. මේකෙ මුල මොකද්ද මොකද්ද මේකට වෙච්ච වස්තු බීජය? ඒව ගැන කිසීම කිසි අදහසක් නෑ. හරි අසරණයි. හරිම අසරණයි.
හැබැයි පින්වතුනි දැන් අපිට අවස්ථාවක් තියනවා සතිපට්ඨානය තියන හින්දා, අපේ ජීවිතේ දිහා බලන්න. අර ඉස්සෙල්ල මං කතා කලානෙ ලෙඩෙක් ගැන. ඒ අත කපාපු ඇත්තන්ට ඒගොල්ලොන්ගෙන් අහනකොට තාම වේදනාව තියනවද කියල ඒගොල්ලො කියන්නෙ තාම වේදනාව තියනව කියලමයි. වෛද්‍ය විද්‍යාවේදී ඒ ගොල්ලන්ට දෙන ඊළඟ ප්රතිකාරයලු කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල බලන්න කියනවා තමන්ගේ ශරීරයේ ඔය කියන කොටස දැන් නෑ නේද කියල. හිතට අදහසක් දෙනවා මේ හිත හදන වේදනාවක් විනා ශරීරය තුල තියන වේදනාවක් නෙවෙයි කියල.
ධර්මය කියල කියන්නෙත් පින්වතුනි කණ්නාඩියක්, අපේ ජීවිතේ දිහාම බලන්න තියන. ඒ දහම් කණ්නාඩිය තුල බලාගෙන ඉන්නකොට සතිපට්ඨානය තුලදී අපි දකිනවා,
"ඔව් මගේ හිත දුවනවා. ඔව් වේදනාව තියනවා. ඔව් ආනාපානයක් තියනවා. ඔව් බාහිරව සද්ද බද්ද වලිනුත් මට කරදර වෙනවා. විවිධාකාර ප්‍රශ්න දේවල්වලිනුත් මට කරදර සිද්ධ වෙනවා"
නමුත් එතනින් අපි බලන එක නතර කරන්න හොඳ නෑ. ඉන් එහාටත් අපේ බැල්ම අරගෙන යන්න ඕනෑ. කොහොමද අරගෙන යන්නේ?
අපි දකින්න පටන් ගන්න ඕන,
"මේ සිතුවිල්ල දැන් ගෙවිල යනවා. ඒ සිතුවිල්ලේ බර, ඒ සිතුවිල්ලේ රළුකම දැන් නැහැ අඩුයි. තිබිච්ච නිදිමත දැන් අඩු වේගෙන යනව. ඒ තිබිච්ච තරහ දැන් අඩු වෙලා යනව. හිතේ තිබිච්ච ආශාව ලෝභකම ඒ දේ දැන් බැහැර වේගෙන යනව. ඒ දෙයින් මම නිදහස් වේගෙන යනව. සිතුවිලි දුවන එක දැන් අඩු වේගෙන යනව. ශාරීරික වේදනාව දැන් අඩු වේගෙන යනව. මට තිබිච්ච කරදරය ඒ තිබිච්ච ප්‍රශ්නේ දැන් අඩු වේගෙන යනව. නිමා වීගෙන යනවා. එක්කො ඒ ප්‍රශ්නෙ දැන් නැහැ."
ආදී වශයෙන් අපි අපේ හිතටම කියල දෙන්න ඕන. අපි අපේ හිතටම නැවත නැවත උගන්වන්න ඕන. මම දුකේ ඉන්නව වගේම ඒ දුකේ නිදහසක් තියන, විමුක්තියක් තියන, ඒ දුකෙන් නිදහස් වෙන අවස්ථාවකුත් තියනවා කියල.
පින්වතුනි, නිවන කියන දේ ඔය ඇත්තොත් මමත් ළඟ තියන, ඔය ඇත්තන්ටත් මටත් ළඟට ගන්න පුළුවන් අපි හැමදාම ස්පර්ශ කරන දෙයක්. නමුත් මේක සසර ගමනක් වෙන්නේ, මේක නතර කරන්න බැරි තරමේ සංසාර ගමනක් වෙන්නේ, අපි ඒ නිවන ස්පර්ශ නොකරන හින්දයි. සැනසීම අත්දකින්නෙ නැති හින්දයි. එවන් වූ සැනසීමකට කිට්ටු වෙන්නෙ කොහොමද? භාවනාව තුලදී අර ලබාගන්නා වූ අත්දැකීම් ටික හන්දයි. මොකද්ද අත්දැකීම?
නැතිවෙලා යන වෙලාව හඳුනා ගැනීම තුලයි.
බැහැර වෙලා යන මොහොත හඳුනා ගැනීම තුලයි.
අයින් වෙලා යෑම හඳුනා ගැනීම තුලයි. අතහැර යෑම හඳුනාගැනීම තුලයි.
මේ ටික භාවනාව තුලදි අපි හඳුනා ගන්න වුනාම පින්වතුනි, සාමාන්‍ය ජීවිතය තුල අපිට දුක් කරදර එනකොට ඒ දුක් කරදරවලින් බැහැර වෙන වෙලාවේදී, නිදහස් වෙන වෙලාවේදී, කරදර සිතුවිල්ලේ ඉඳල ඒ සිතුවිල්ලෙන් බැහැර වෙලා අයින් වෙලා යන අවස්ථාවේදී, අපි අපිටම හිතාගනීවී, අපි අපේ පැත්තත් බලල සිතුවිල්ලක් ඇති කර ගනීවී, ඒ තිබ්ච්ච දුකෙන් දැන් මං නිදහස් නේද? කියල. ඒ තිබිච්ච කරදරෙන් මම දැන් නිදහස් නේද? කියල.
මේක පින්වතුනි, හිතෙන් නිදහස් වෙන්න තියන දෙයක්. කයෙන් කොහොමත් නිදහස් වෙනවා. අපිට හිතෙන් නිදහස් වෙන එකයි මේ අවස්ථාව බුදු හාමුදුරුවො හඳුන්වල දෙන්නෙ
"තණ්හානං ඛයමජ්ඣගා"
තණ්හාව ක්ෂය කරන්නයි මේ උගන්වන්නෙ. අපි තණ්හාව ඇති කරගෙන තියනව පින්වතුනි ඒකාකාර විදියට මේ ප්‍රශ්නෙ තියනව කියල හිතන්න. ඒකයි අපේ තියන බොළඳකම. ඒකයි අපේ තියන අවිද්‍යාව. අපි හිතන්නේ එදා වෙච්ච ප්‍රශ්නේ තාමත් තියනවාමයි කියලයි. එදා හිටි විදියටයි තාමත් මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලයි අපි හිතන්නෙ. ඒ කාලේ තිබිච්ච ඒ වටපිට, ඒ මානසික ස්වභාවය තාමත් තියනවා කියලයි අපි හිතන්නෙ. අපි අදහස් දරන්නෙ.
හැබැයි කායිකව අපි ඊට වඩා වෙනස් විදියේ මානසික ස්වභාවයන්වලට ලක් වෙලා තියනව. අවස්ථාවන්වලට මුහුණ දීල තියනව. එහෙම අවස්ථාවන්වලට මුහුණ දීලා, ලක්වෙලා ආපහු අර පරණ විදිහේ අවස්ථාවට යනකොට නැවතත් අර ප්‍රශ්න ටික දාගන්නව. අපි හිතන්නෙ තාමත් අර ප්‍රශ්න තියනවා කියලයි. නිදහසක් වුනා කියල හිතන්නෙ නෑ.
බුදු හාමුදුරුවො දැන් අපිට උගන්වනවා, නිදහස් වෙන වෙලාවට, ඒ මොහොත හරි කමක් නෑ නිදහස් වෙච්ච විත්තිය හඳුනාගන්න. එහෙම හඳුනා ගත්තොත් පමණයි පින්වතුනි අපිට සැනසීම හම්බ වෙන්නෙ. ඔය ඇත්තන්ට සැනසීමක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නෙ.
ඒ දේ හඳුනාගන්නට තියන සරලම, පහසුම ක්‍රමය තමයි භාවනාව වඩන එක. සතිපට්ඨානය පුරුදු කරන එක. වේදනාවත් එක්ක ඉන්න බලන්න. සද්ද ඇහෙන එකත් එක්ක ඉන්න බලන්න. කරදර කරන හිතත් එක්ක ඉන්න බලන්න.
හැබැයි මොහොතකදි ඒ හිත වෙනස් වෙලා යයි. මොහොතකදි ඒ වේදනාව වෙනස් වෙලා යයි. අන්න ඒ වෙලාවෙදි අපි ඒක මෙනෙහි කරන්නෙ. අන්න ඒ වෙලාවෙදි ඒක තේරුම් ගන්න, "තිබිච්ච කරදරය දැන් නැති වෙනව. තිබිච්ච කරදරය දැන් අඩු වේගෙන යනව. මේ තිබ්බ ප්‍රශ්නෙ දැන් ඉවරයක් වේගෙන යනව" ආදි වශයෙන් අපේ හිතට සැනසිල්ලේ සේයාව උගන්වන්න පටන් ගන්න. ඒ සැනසිල්ලේ මාධ්‍යය, ඒ සැනසිල්ලේ කලාව, නිවීමේ රටාව පෙන්නල දෙන්න පටන් ගන්න.
අන්න එහෙම වුනොත් අපි මානසිකව නිදහස බුක්ති විඳියි. කායිකව ඇත්තටම ඒක ලැබිල තියෙන්නෙ. මානසිකව බුක්ති විඳින්නෙ නැති එකයි තියන අඩුපාඩුව. කායිතව ලැබිච්ච සැනසිල්ල මානසිකව බුක්ති විඳින්නෙ නැති එකයි තියන අඩුපාඩුව.
අන්න ඒ අඩුපාඩුව මකා ගන්න අද දවස භාවිතා කරන්න. සංසාර ගමනක් ගෙවපු බුදුරජාණන් වහන්සේ අද වගේ දවසකදි තමයි ඔය කියන රටාව තේරුම් අරගෙන දුකෙන් නිදහස් වුනේ. කයට සිද්ධ වෙච්ච දේවල් ටික වුනා නැති වුනා ආදී වශයෙන් එක එක දේවල් සිද්ධ වුනා. කාරි නෑ ගාණක් නෑ. අද වගේ දවසක උන් වහන්සේ අවබෝධ කලා හිතෙන් නිදහස් වුනා නම් ප්‍රශ්න ඉවරයි කියල.
ඉතින් එහෙම දෙයක් අවබෝධ කරගෙන අද වගේ දවසක තථාගතයන් වහන්සේ ශරීරයෙනුත් අයින් වෙලාම ගියා. ඊට පස්සෙ ආයෙ කවම කවදාවත් ලෝකෙට පහළ වුනෙත් නෑ, ආවෙත් නෑ. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මතක මාත්‍රයක් විතරයි.
හැබැයි උන් වහන්සේ ගත කරපු ඒ ජීවිතේ තුල ඒ ගලාගෙන ගියාවූ ගුණ සුවඳ තුලින් ඔය ඇත්තොත් මමත් මේ ලෝකෙ සුවහසක් දෙනා සිත් සතන් සනසා ගන්නවා. සැනසීමකට පත් කරගන්නවා. එවන් වූ උතුම් වූ දවසකදි මං බොහොම සංතෝස වෙනවා දුකෙන් නිදහස් වෙන හැටි ගැන කියන්න අවස්ථාවක් හම්බ වෙච්ච එක ගැන. ඉතින් ඒ අවස්ථාව සලසා දුන්න සෑම සියළු දෙනාටම අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන වගේම අද දවසේදී මේ තියන වටපිටාවල් ටික භාවනා කටයුතු ගෙන යන්න, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට සැනසීම තියන මොහොතවල් ටික හඳුනා ගන්න අවස්ථාවක් කර ගන්න ලැබේවා කියල බලාපොරොත්තු වෙනව.
සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පවිවේකය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"විවේක නිස්සිතං තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන අවුරුද්දේ පොසොන් පෝය දවසයි. බෝලන්කන්ද තපෝ අරණට සීල සමාදානය සඳහා ඔය ඇත්තන්ගෙ පැමිණීම මම බොහෝම ගෞරවයෙන් අපේක්ෂා කරනව. ඉතින් අද දවසේදී අපේ ධර්ම දේශනා කරන වටපිටාව වෙනසක් වෙලා තියනව. සේනාසනයට වැඩම කරන්න යෙදුන බුදු පිළිම වහන්සේ අභියස ඉඳලයි අද අපේ ධර්ම දේශනාව සිදු වෙන්නේ. කවදත් සතිපට්ඨානය කියන මාතෘකාවට ප්‍රධාන තැනක් දුන්න බෝලන්කන්ද තපෝ අරණේ අද දවසේ මාතෘකාවත් සතිපට්ඨානය ඔස්සේම යන ස්වභාවයකුයි තියෙන්නේ. අද දවසේ මාතෘකාව පවිවේකය.
පින්වතුනි 'විවේකය' කියන වචනය අපේ ව්‍යවහාරයේ තියෙන, අපිට අහල හුරු අපි භාවිතා කරල තියන වචනයක්. ඒ වචනයෙහි තියන ඒ අර්ථය එක්තරා විදියකට කියනව නම් අපේ ජීවිත වලට බද්ධ වෙලා තියනව කියල කියන්නත් පුළුවන්. විවේකය කියන වචනය බුද්ධ ශාසනය තුල කතා වෙන ප්‍රධානම පැති දෙකක් තියනවා. පළවෙනි එක තමයි කාය විවේකය. දෙවනි එක තමයි චිත්ත විවේකය.
විවේකය කියල කියන ඔය කාරණා දෙක අතරම තවත් එක විවේකයක් තියනවා. ඒ තමයි කාය විවේකයත් චිත්ත විවේකයත් කියන මේ කාරණා දෙකෙනුත් ඔබ්බට ගියපු, කෙලෙස් වලින් නිදහස් වෙන විවේකය කියලා. ඕකට සාමාන්‍යයෙන් හඳුන්වන වචනයක් තියනව පවිවේකයයි කියල. කෙලෙස්වලින් නිදහස් වීම වගේ දෙයක්. ඉතින් අද දවසේ මට ඔන්න ඔය කියන කාරණාව ගැන පොඩි කාරණා කීපයක් කියන්න කියල අදහසක් ආවා.
කාය විවේකය සලසා ගන්න එක සහ චිත්ත විවේකය සලසා ගන්න එක තමයි ඇත්තටම කියනව නම් පින්වතුන් බොහෝමයක් අපේ අයගේ, අපේ හිතේ තියන ධර්මය පුරුදු කිරීමේ අභිලාශය. කායිකව සහ චෛතසිකව යම්කිසි වූ විදියකට නිදහසක්, විවේකයක්, සතුටක්, සැනසීමක්, තෘප්තියක් අත්දකින එක බුක්ති විඳින එක. ඒක හරි, වැරදි නැහැ.
නමුත් ඒකෙන් එහාටත් යන්න බුදු හාමුදුරුවො අපිට දේශනා කරනව. භාවනාවක් කරන්න පටන් ගන්නකොට සතිපට්ඨානය පැත්තෙන් නම්, මෙන්න මේ විදිහේ ක්‍රමයක් භාවිතා කරොත් හොඳයි කියන අදහස මට අද කියන්න හිතුනා ඇත්තම කියනවා නම්. ඒක සතිපට්ඨාන භාවනාව සිදු කරන විදිහ කියල හිතුවෙ නැතිවුනාට කමක් නෑ, කාරියකුත් නෑ. වැරැද්දකුත් නෑ. මේ කියන කාරණාවට මූලාශ්‍රය ගත්තේ තථාගතයන් වහන්සේගේ දේශනාවල්වල තියනවා හරියටම කියනවා නම් අපි මේ සිදු කරන ඕනෑම පුහුණුවක් සිද්ධ කරන්න ඕන පැති කිහිපයක් ගැන කියල දෙනව.
පළවෙනි එක තමා විවේකයක් ඇති වෙන විදිහට. ඊළඟ එක තමයි විරාගයක් ඇති වෙන විදියට. ඊළඟ එක තමයි නිරෝධයක් ඇති වෙන විදියකට. අවසාන එක තමයි අතහැරීමක් සිදු වෙන විදියට. එතකොට අපි සිදු කරන්න ඕන ඕනෑම කටයුත්තක් සිදු කරන්න ඕන පැති කිහිපයක් තියනවා. ඒ පැති කිහිපය තමයි ඔය ආශ්රයෙන් ගලාගෙන යන්නෙ.
ඉතින් මේ කියන අරමුණට යන අපේ ගමන තුල සාමාන්‍යයෙන් භාවනාවට අපි වාඩි වුනාම එදිනෙදා තියන ඒ මතකයත් එක්ක අපේ තියන මහන්සියත් එක්ක ඇඟට විගහට විවේකයක් ඉල්ලන්න පුළුවන්. ඒ විවේකයේ ඊළඟ අවදිය අපිව කම්මැලිකමකට යට වෙන්නත් පුළුවන්. නින්දක් එන්නත් පුළුවන්. ඕව ගැන අපි කතා වුනා, එහෙම වුනාට කාරි නෑ, ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියල. දැන් අද මට කියන්න හිතක් තියනවා ඒ වගේ අවස්ථාවකින්, ඒ වගේ අවදියකින් කොහොමද සතිපට්ඨානුකූලව මිදෙන්නෙ, නිදහස් වෙන්නෙ, විමුක්තියක් ලබාගන්නෙ කියල.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට පින්වතුනි, අපි කරන ඕනෑම භාවනාවකින් යන්න ඕන පැත්ත, යන්න ඕන විදිහ, විවේකයක් ඇති වෙන ස්වභාවයක් නම්, විරාගයක් ඇති වෙන ස්වභාවයක් නම්, නිරෝධයක් වෙන්න ඕන බවක් නම්, සහ අතහැරීමක් කෙලෙස් වලින් නිදහස් වීමක් නම්, ඒ කියන ලක්ෂණයන් ටික අපිට ප්‍රායෝගිකව බුක්ති විඳින්න හෝ ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මේ ධර්මය ස්වාක්ඛාත වෙනවා කියල කියන්නෙ. ධර්මය අපේ ජීවිතේට පැමිණවෙනවා නම් ඒ පැමිණවෙන දහම තුලින් ලැබෙන තෘප්තිය, ඒ තුලින් ලැබෙන ප්‍රයෝජනය අපේ ජීවිතේට අපිට ප්‍රායෝගික වෙන්න ඕන.
අපි භාවනාවට වාඩි වුනහම අපි එකපාරටම ආනාපානයකට හෝ ඒ වගේ දේකට අදහස යොමු කර ගත්තහම හොඳයි, නරක නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතේ තුල බොහෝම රළු පරළු විදිහට කටයුතු කාරණා සිද්ධ වෙන්න පුළුවන් නෙව. ඒ අතර, ඒ විදියට කටයුතු කරලා, ඊළඟට අපි මේ වගේ දේකට එන්න වුනහම හිත එක පාරටම තැන්පත් වෙන්න බලනව. ඒ තැන්පත් වීමේ ස්වභාවය ඇත්තටම කියනව නම් හිතට ටිකක් දරන්න අමාරු තැන්පත් වීමේ ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක හින්ද ඒ දේ එයා තේරුම් ගන්නේ එකපාරටම තදටම ලැබෙන විවේකයක් හෝ නින්දක්. ආන් ඒ වගේ අවධියක් හැටියටයි. මේකටයි මේ විගහටම නින්ද යන්නෙ.
එතකොට ඕකට තියන අපිට ගන්න පුළුවන් හොඳම විසඳුමක් වෙන්නෙ පින්වතුනි, අපි කරන ඕනෑම භාවනාවක් කරන අතරතුර හිතාමතාම, උවමනාවෙන්ම, අපේ ශරීරය දිහා හොඳට විපරම් කරල බලන්න ඕන. මේ ශරීරය දිහා හොඳට විපරම් කරල බලන්න ඕන. ඒකෙ තේරුම ඇත්තටම කියනව නම් අපි කරන භාවනා අරමුණ මොහොතකට අළුත් එකක් දෙනව. මොහොතකට අළුත් භාවනා අරමුණක් දෙනව. මේක හරියට අපි රූපවාහිනියක් බලනව වගේ හිතුවට කාරි නෑ.
උදාහරණයක් හැටියට අපි ඇත්තටම රූපවාහිනිය බලනකොට එකම රූප රාමුවම ඒකාකාරීව බලාගෙන ඉන්නෙ නෑ නෙව. අපිට ඒක එහෙම බලාගෙන ඉන්න බැහැ. ඒක හින්දා අපි මොකද කරන්නේ? ඒ ඒ වෙන වෙන රූප රාමු ලැබෙනකොට තමයි අපිට ඒක බලන්න කැමැත්තක් එන්නෙ. එහෙම නැත්නම් අපිට ඒක හරි ඒකාකාරයි. නීරසක් වගේ එනවා. අන්න එහෙම හින්දා ඔය කියන ක්රමයම අපි භාවිතයට ගන්නවා කොහොමද ගන්නේ?
අපි කරන භාවනා අරමුණ තුල මොහොතක් ඉන්නවා එක් චිත්තක්ෂණ කිහිපයක් වගේ ඉන්නවා. එහෙම ඉඳලා ඊට පස්සෙ මොකද කරන්නේ? ආපහු අපේ ශරීරය දිහා මුල ඉඳල අගටම හොඳටම විපරම් කරගෙන යනව. මුල ඉඳල අගටම හොඳටම ශරීරය දිහා අපි විමසීමක් ඇති කරගෙන යනව. බලාගෙන යනව. එහෙම බලාගෙන යනකොට අපිට හම්බ වෙනව පින්වතුනි, අපේ ශරීරය තුල යම් යම් කොටස් ස්වභාවයෙන්ම මෘදුයි, සැහැල්ලුයි. යම් යම් කොටස් අපිට හම්බ වෙනවා අනිවාර්යයෙන්ම අපේ ශරීරය තුල ස්වභාවයෙන්ම මෘදුයි, සැහැල්ලුයි.
උදාහරණයක් හැටියට මෙහෙම ඇඟිල්ල උඩ තියාගෙන ඉන්නව නම්, අත් තියාගෙන ඉන්නව නම්, ඒ ටික ස්වභාවයෙන්ම මෘදු හැටියට තියෙන්න පුළුවන්. තදට මෙහෙම කිටි කිටියෙ තද කරගෙන එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ නැති අවස්ථාත් ඒ වගේ නැති තැනුත් අපේ ශරීරය තුල තියනවාම තමයි. උදාහරණයක් හැටියට මේ උරහිස් තද කරගෙන ඉන්න පුළුවන්. සමහරක් විට අත් මෙහෙම හිර කරගෙන ඉන්න පුළුවන්. කකුල තද කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයන් තියනව නම් ඒවා අපි මොකද කරන්නේ, දැක දැක, බල බලා, චුට්ට චුට්ට, චුට්ට චුට්ට ලිහිල් කරගන්න පටන් ගන්නව.
මේ භාවනාව සිදු කරගෙන යනකොට ඒ සිදු කරන භාවනාව තුලින් අපේ හිතේ තැන්පත්භාවයක් ඇති වෙනවා නම් පින්වතුනි, ඒ තැන්පත් භාවය කියන එක ගලාගෙන යන්න ඕන මුළු ශරීරය පුරාවටම. ඒක ශරීරයෙ එක පැත්තකට විතරක් ලැබිලා අනික් පැත්තට නොලැබී යන විදිහේ දෙයක් වෙන්න බෑ. එහෙම එකක් සිදු නොවිය යුතුයි. එහෙම එකක් සිද්ධ වෙන්න බෑම තමයි. එතකොට අපි භාවනාවක් කරගෙන යනකොට ඉස්සෙල්ලම ඒ මොකක් හරි කරගෙන යන කමටහනකට ගිහිල්ල (හතරවටේ තියන සද්දයක් අහගෙන හිටියත් කමක් නැහැ. මොකක් හරි කමක් නෑ සිහිය පිහිටුවාගෙන ඉන්න ගමන්ම) මොහොතකදි අපිට පුළුවන්කමක් හම්බ වෙනකොටම මේ ශරීරයෙ අභ්‍යන්තරයට යන්න, ඒ තරමේ හිතේ තැන්පත්කමක් එනකොට, අපි කරන්න ඕන හොඳම දේ තමයි මේ ශරීරයේ ඇතුලට ගිහිල්ලා මේ ශරීරය තුල කොහෙද මෘදු? කොහෙද සැහැල්ලු? කොහෙද මෘදු නැත්තෙ? කොහෙද සැහැල්ලු නැත්තෙ? කියලා හොඳට විපරම් කරල බලන්න ඕන. ඇස් දෙක පියාගෙනමයි මේක කරන්නෙ.
මෙහෙම කරනකොට අපිට ඇත්තටම කියනව නම් හොඳ විමසීමක් එනවා, අපේ සිහිය තුල හොඳ විවෘතකමක් එනවා, ශරීරයෙ කොයි කොයි තැන්වලට අපිට යන්න පුළුවන්ද කියල. පළවෙනි ධ්‍යානය කියන එක අපි එළියට ඇදල ගත්තොත් පින්වතුනි ඔය වචනය විස්තර කරන තැනේ බුදුරජාණන් වහන්සේ 'ද්වේධා විතක්ක' කියන සූත්‍රයේදී කියල දෙනව මෙන්න මෙහෙම ලස්සන පාඨයක්.
"ආරද්ධං පනමේ විරියං අසල්ලීනං
උප්පට්ඨිතාසති අසම්මුට්ඨා
පස්සද්දෝකායෝ අසාරද්දෝ"
යම් වෙලාවක මට හොඳ වීර්යයක් ඇති වුනා නම් ආනන්ද (මේ දේශනාව ආනන්ද හාමුදුරුවන්ට කරන්නේ) "උප්පට්ඨිතාසති අසම්මුට්ඨා" ඒ වෙලාවෙදී මට ඇති වෙච්ච සිහියත් මොට නෑ. හොඳ දියුණු තියුණු සිහියක් තියනව. "පස්සද්දෝකායෝ අසාරද්දෝ" හරි ලස්සන වචනයක් ඊළඟට කියනවා මුළු ශරීරය පුරාවටම මගේ ශරීරය මට තේරුනා මෘදු සහ සැහැල්ලුයි කියල. ඔන්න ඔය මෘදුයි සහ සැහැල්ලුයි කියන මුළු ශරීරයම, මෘදුයි සහ සැහැල්ලුයි කියන එක අපිට දැක ගන්න දැන ගන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. මොකද ඊට කලින් අපි නින්දට වැටෙනව. එහෙම නේද?
හා..ඒක ලබාගන්න හෝ ඒක තේරුම් ගන්න විදිහ තමයි, භාවනාව සිදු කරගෙන යන ගමන් සිහියට මුල් තැන දීල ඉන්න ගමන්, මොහොතකින් මොහොත, මොහොතකින් මොහොත, අපි සිහිපත් කරන්න බලනවා, නැවත නැවත නැවත නැවත ශරීරයට ගිහිල්ල බලන්න බලනවා කොහෙද මෘදු කොහෙද නැත්තෙ?
මේ ඉන්නෙ කායානුපස්සනාව තුලමයි. මේ ඉන්නෙ ශරීරය ඇතුලෙම තමයි. මේ මේක අස්සෙ ඉඳලමයි සම්පූර්ණ වැඩ ටික කරන්නෙ. එතකොට මේවත් එක්ක පින්වතුනි අපිට මූලිකව අපි කියමුකො එක රවුමක් යන්න අපි ඉගෙනගෙන තිබුනයි කියල. ඒකෙ හම්බ වෙන්න පුළුවන් ශරීරයේ සමහර සමහර කොටස්වලට යන්න පුළුවන්, සමහර කොටස්වලට යන්න බෑ. හෝ සමහර කොටස් මෘදුයි සමහර කොටස් මෘදු නෑ. හෝ සමහර කොටස් මෘදු කරගන්න පුළුවන්, සමහර කොටස් මෘදු කරගන්න බෑ. ඔන්න ඔය වගේ මහා විපර්යාස ගොඩක් මේකෙ ඇතුලෙ තියනව.
අන්න ඒවත් එක්ක බලනකොට ආශ්වාසයටම වෙලා ඉන්න අපිට බැරි, මේ ජීවිතය තුල බැරි, මේ හිත තුල, අපි අපේ හිතට උගන්වන්න පටන් ගන්නවා මෘදු සහ සැහැල්ලු දේකට වෙලා මොහොතක් ඉන්නෙ කොහොමද? ආයෙත් වතාවක් ආශ්වාසයකට යන්නෙ කොහොමද? ඒකත් එක්ක ඉන්නෙ කොහොමද? කියල. මෙන්න මේ විදියටයි සතිපට්ඨානය ආශ්‍රය කරගෙන ඔය කියන සමථ විපස්සනා කියන දේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයම අපේ භාවනාව තුල භාවිතයට ගන්නෙ.
මේ අතරින් බලනකොට පින්වතුනි අපිට සමථය සහ විපස්සනාව කියන එක ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. මේ දෙක එකට තියෙන්න ඕන එකක්. මේ දෙක එක ළඟ තියෙන්න ඕන දෙයක්. අපේ හිත තැන්පත් වෙන්නෙ අපි ඒ දෙය දිහා විශේෂයෙන්, එහෙම නැත්නම් විපස්සනාවෙන් බලන හින්දයි. විපස්සනාවක් තියෙන්නෙ තැන්පත් වෙන හින්දයි. තැන්පත් වෙන්නෙ විපස්සනාව තියන හින්දයි. මේ දෙක එකිනෙකට සම්බන්ධයි.
එතකොට මේ ආකාරයෙනුයි සතිපට්ඨානය ආශ්රයෙන් යන භාවනාවක් අපි වඩාගෙන යන්නෙ. ඉදිරියට කරගෙන යන්නෙ. සක්මන් භාවනාවකදිත් සිදුවෙන ක්‍රමය, සිද්ධ වෙන කාරණාව ඔය විදිහමයි. ඔය ස්වභාවයමයි. ඔය ඇත්තන්ට අද වෙනකොට අපේ සක්මන් මළු කීපයකුත් හැදෙනව මෙහේ. කොහොම නමුත් සක්මනක මේ කෙළවරේ ඉඳල එහා කෙළවරට හිමීට හිමීට, හිමීට හිමීට තමන්ට යන්න පුළුවන් අඩුම වේගයෙන් ඇවිදගෙන යනව. අඩුම වේගයෙන්. එහෙම යනකොට තමන්ගේ හිත දුවනවා නම්, හිතට ගොඩාක් කරදර සිද්ධ වෙනවා නම්, එහෙම නම් මොකද කරන්නේ සිතුවිල්ලක් ළඟ තියාගන්නව. මොකක් හරි සිතුවිල්ලක් ළඟ තියාගන්නව.
ඒක හරියට අර යුධ හමුදාවේ කියල දෙනව වගේ 'වම දකුණ' වුනත් කමක් නෑ. ප්‍රශ්නයක් නෑ ඒක වචනයේ තියාගන්නෙ ඇත්තටම කියනව නම් අපේ හිත දුවන හන්දයි. ඒ දුවන හිත මොහොතකට සිතුවිල්ලකට තියල ගැට ගසා ගන්නයි සිතුවිල්ලක් තියාගන්නෙ. තායිලන්තයේදී ඔය දේට භාවිතා කරන වචනය තමයි 'බුද්ධෝ' කියන එක. එක කකුලක් තියද්දි 'බුද්' කියල මතක් කරන ඒ ඇත්තො ඊළඟ කකුල තියනකොට 'ධෝ' කියල මතක් කරනව. එච්චරයි. ඒ ඇත්තො භාවිතා කරන එකම එක කමටහන ඔච්චරම තමයි. ඒ වගේ අපි සක්මන් කරනකොට හිත දුවනව වැඩි නම් සිතුවිල්ලක් භාවිතා කරන්න හොඳයි. ඒක කාරි නෑ.
කොහොම නමුත් සක්මනක මේ කෙළවරේ ඉඳල එහා කෙළවරකට හරි මැදකට හරි යනකොට තමන්ට තේරුනොත් එහෙම, දැන් නම් හිත කැඩුනා හොඳටම කියලා වහාම නවතින්න ඕන. නැවතිලා හොඳට බලන්න දැන් මේ මොහොත තුල තමන්ට සිහිය තියන දේ මොනවද කියල. ශරීරය දැනෙන්න පුළුවන්. හිත පිට යන්නත් පුළුවන්. කමක් නෑ. ඒ හිතේ හැටි නෙව. ඒක සාමාන්‍ය හිතේ ස්වභාවය. ඒක හරියට වතුරක ස්වභාවය ගලාගෙන යනව නම්, ඒක එක තැනක තියෙන්නෙ නෑ ගලක් වගේ. වතුර කියන්නෙ ගලාගෙන යන දෙයක්. හිතක ස්වභාවය හිතක් ගලන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නෙ, ගලනවාම තමයි. ඒක සාමාන්‍යයයි.
එතකොට අපිට කරන්න තියෙන හොදම දේ තමයි, සක්මනකදි හෝ අපේ හිත දිවුවා නැත්නම් හිත කලබලයි, හිත පාලනය කරගන්න බැරි මට්ටමකට ආවා කියල තේරුනොත් එහෙම නවතින්න ඕන. කාරි නෑ නැවතුනාට. ඉරියව් හතරක් තියනව, එකක් තමයි හිටගෙන කරන භාවනාව. නැවතිලා කොණක ඉඳල ආපහු බලන්න ඕන, අර පර්යංකයෙදි කරා වගේ, දැන් මගේ හිස තේරෙනවද? බෙල්ල තේරෙනවද? උරහිස් තේරෙනවද? අත් තේරෙනවද? මොන අත්ද තේරෙන්නෙ? ඇඟිලි තේරෙනවද? මොන ඇඟිලිද තේරෙන්නෙ? බඩ කොහොමද? පපුව කොහොමද? කකුල් කොහොමද? දණහිස් කොහොමද? මේ මේ තැන්වලට තමන්ට සිහියෙන්ම යන්න පුළුවන්ද බලන්න ඕන.
අපි සක්මන් භාවනාවක් තුල හෝ කරන ඕනෑම භාවනාවක් තුල ඇති කර ගන්නා වූ හිතේ තැන්පත්කම ප්‍රයෝජනවත් වෙන වෙලාව ඔන්න ඕක තමයි. තේරුනාද? ඒ දේවල් ප්‍රයෝජනවත් වෙන්නෙ මේ වෙලාවට තමයි. අපිට ඒ වෙලාවට තමයි අපි ඒ සිදු කර ගත්ත භාවනාව තුළ තියන ඒ ලැබිච්ච ප්‍රයෝජනය ටික අපිට එළියට එන්න පටන් ගන්නෙ. ආන් ඒ වගේ වෙලාවට අපි හොඳට මේ ශරීරය මෙනෙහි කරල, අසවල් අසවල් තැන් ටික මෙනෙහි කරගන්න පුළුවන් වුනා කියල, අපි හොඳ අවබෝධයකට එනව. ඊළඟ වතාවෙ දැන් අපිට අරමුණක් තියනවා මූලිකව නම් අපිට මෙච්චරයි.
උදාහරණයක් හැටියට එක අතක් විතරයි මට තේරුනේ කියල තේරුනොත්, ඊළඟ අවස්ථාවෙදී අපේ හිත තැන්පත් කර ගන්න උත්සාහ කරනවා, තමන්ගෙ ශරීරයේ තියන තවත් කොටසක් දැනුම් තේරුම් ඇති කරගන්නා වූ ප්‍රමාණය දක්වා. එතකොට මේ ගමන පින්වතුනි කාටවත් වැහිල යන්න ඕන ගමනක් නෙවෙයි. හොරෙන් යන ගමනකුත් නෙවෙයි.
"විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ"
මේක හරි විවෘත ගමනක්. අපි අපිව විවෘත කරගන්නා වූ තරමට අපිව අපිට පේන ගමනක් මේක. අපි අපිට තේරෙන ගමනක් මේක. තේරුනාද? ආන් ඒ විදියටයි අපි මේ කියන භාවනා මාර්ගය අපේ ජීවිතේට සෙමින් සෙමින් පුරුදු කරගෙන යන්නේ විවේකය ඇති කරගන්නා වූ ස්වභාවයෙන්. ඒ විවේකය ඇති කරගන්නා වූ ස්වභාවය සමාන වෙනවා එක හා සමානවම, මෘදු භාවය, සැහැල්ලු භාවය කියන කාරණාවල් වලට. මේ විදියට ශාරීරිකව ඒ කියන මෘදු භාවය හෝ සැහැල්ලු භාවය දෙන විදියට තමයි අපි අපේ හිතටත් සැහැල්ලු භාවය සහ මෘදුභාවය දෙන්නෙ.
පහුගිය දවස් ටිකේ ඇත්තටම කියනව නම් පීඩනය කියන වචනය මගේ ඔළුවෙ හරියට රැව් පිළිරැව් දුන්න වචනයක්. ආතතිය පීඩනය කියන වචන. ඔන්න ඕකට උත්තරයක් කියන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට තමයි ඇත්තටම කියනව නම් මට මේ මාතෘකාව ඔළුවට ආවෙ. ඉතින් මං කල්පනා කරනව පින්වතුනි අපි අපේ ජීවිතයට අපි උගන්වන්න පටන් ගන්න ඕන, මෘදු බවක් තියනවා, සැහැල්ලු බවක් තියනවා, නිදහසක් අපි බුක්ති විඳිනවා කියල. ඒ බුක්ති විඳින නිදහස, ඒ ලබා ගන්නා වූ මෘදුබව හෝ සැහැල්ලු භාවය ප්‍රායෝගිකව උගන්වන වෙලාවට කියන්නෙ මොකක් කියලද? භාවනා කරනව කියල. තේරුනාද?
ඒ කරන භාවනාවෙදි හෝ කරන මෙනෙහි කිරීමේදී කුරුල්ලෙක්ගේ ශබ්දය කරදරයක් නම්, ඒක බාධාවක් නම්, විඩාවක් නම්, ආපහු තමන්ගේ හිත මොකක් හරි භාවනා අරමුණකට ගන්න එක හොඳයි. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම එහෙම කරදරයක් නෑ කියන්නකො. මං මෙහෙම කියන්නම්. අපේ හිත බොහෝම කම්මැලි වෙලා, ඔතෑනි වෙලා, කුලෑටි වෙලා තිබිච්ච වෙලාවක කුරුල්ලෙක්ගෙ
සද්දෙ කියල කියන්නේ හිතට ලොකු ආශිර්වාදයක් වෙන්න පුළුවන්. හිතට (අර ඉංග්‍රීසියෙන් කියනව anchor එකක් කියල) ගැට ගහගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. එතකොට අපේ අර තිබිච්ච හිතේ විසිරිච්ච ස්වභාවයක් හරි, හැකිලිච්ච ස්වභාවයක් හරි තියනව නම්, ඒ ටික අයින් වෙලා ගිහිල්ල හිතට නැවතත් පණ ගහල එන්න අර සතාගෙ සද්දෙ ඇහිච්ච එක හේතු වෙන්න පුළුවන්.
ඒක එතකොට භාවිතා කරන එක තමන්ට රුචියි. ඒක තමන්ට කැපයි. මේ කරන භාවනාව තුලින් හෝ අපි මේ ලබන අත්දැකීම තුලින් හෝ ඒ ප්‍රායෝගික දැනුම තුලින් තමන්ගේ හිත තැන්පත් වෙනවා නම්, ඒ දේ භාවිතා කරන්නත් තැන්පත් නොවෙනවා නම්, ඒ දේ භාවිතා නෙකරන්නත් ස්වාධීනත්වයක් තමන්ට තියනව.
ඇත්තටම කියනව නම් සමහරක් වෙලාවල්වලදි අපේ හිත කියන්නකො බුදුගුණම හිතන්න කියල. දැන් ගොඩක් වෙලාවට භාවනා කරන ඇත්තන්ට තියන ප්‍රශ්නයක් මේක. ඒගොල්ලන්ට බුදුගුණ සිතිය යුතුමයි. එහෙම නැතුව බෑ. ඉතින් ඒක කරන්න ඕනමයි. ඒක හරියට ආනාපානය විතරක් බලන්න පුරුදු වෙච්ච කෙනාට ආනාපානය බලන්න ඕනමයි. නැතුව බෑ. නමුත් ශරීරයෙ යම්කිසි අවස්ථාවක් එනවා ආනාපානයක් ඕන නැති වෙන. එහෙම තැන් තියනව.
උදාහරණයක් හැටියට හතර වෙනි ධ්‍යානය කියන්නෙ ඇත්තටම හුස්ම නැති තැනක්. කට්ටිය හිතන්නෙ මැරෙනවද කියල. ඇත්තටම මැරෙන්නෙ නෑ. ඕන තරම් ජීවත් වෙලා ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි හුස්ම නෑ එතනදි. හැබැයි හුස්ම කියන එක භාවනා අරමුණ හැටියට තියෙන්නම ඕන කියල හිත තියාගෙන හිටියොත් එහෙම, අර වගේ තැනකට යන්න බෑනෙ. ඇයි? ස්වභාවයෙන්ම හිත තැන්පත් වුනාට හුස්මක් ඕන නැති තැනකට මට ඕන හුස්මක්.
ආන් ඒ වගේ තමයි ස්වභාවයෙන්ම අපේ හිත යන්න පුළුවන්, ඒ ශබ්දය අපිට අමනාපයක් නැහැ, කරදරයක් නැහැ කියන තැනට. එහෙම වුනොත් එහෙම ඒ නිමිත්ත අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න ඕන. ඒ නිමිත්ත අපි හරියට තේරුම් ගන්න ඕන. "සකස්ස නිමිත්තං උග්ගණ්හාති" කියලයි කියන්නෙ ඕකට.
එතකොට දැන් අපේ හිත අපි හොඳට නිස්කලංකෙ ඉන්නකොට, නිදිමතක් හැදීගෙන කම්මැලි වීගෙන යනව කියල ගමුකො. එහෙම වෙනකොට මොකෙක් හරි සතෙක් කෑ ගහන සද්දයක් ඇහිල අපේ හිත නැවතත් පණ ගැහිල, ආපහු වීර්යයක් ඇති වෙනවා නම්, ඇත්තටම ඒ සතා කෑ ගහපු එක ලොකු දෙයක්. නමුත් සමහරක් වෙලාවල් තියෙන්න පුළුවන් අපේ හිත හරි කලබලයි. හිත එහෙ මෙහෙ දුවනවා. ඒ වගේ වෙලාවට අර වගේ සතෙක් කෑ ගැහුවොත් එහෙම, ඒ හිත දුවන එක හරි, කලබල ගතිය හරි තව ටිකක් වැඩි වෙන්නත් පුළුවන්.
ඒ වගේ මේක මට හරියටම කියන්න බැහැ භාවිතා කළ යුතුමද නැද්ද කියල. ඒක තමන්ගේ නුවණට සාපේක්ෂ වෙනව. ඒක තමන්ගේ ප්‍රායෝගික දැනුමට සාපේක්ෂ වෙනව. ඒකයි මේ ගමන තුලදී හදල දෙන ශ්රාවකයා ඇත්තම කියනව නම් ස්වාධීන චරිතයක් වෙන්නෙ. එයා තමන්ට තමන් දූපත කර ගන්න කෙනෙක්. එයා තමන්ගෙ දූපත තමන් හොයන කෙනෙක්. අන්න එහෙම චරිතයකුයි බුදුරජාණන් වහන්සේ සකස් කරල දෙන්නෙ, නිෂ්පාදනය කරල දෙන්නෙ.
ඉතින් මං හිතනව ඒ දේ කරගන්න අපිට පුළුවන් කියල. කෙසේ හෝ වේවා මේ යන ගමන තුලදී අපි කරන හැම පුහුණුවකින්ම අපි අපේ ජීවිතයට චුට්ට චුට්ට හරි උගන්වන්න පටන් ගන්න ඕන,
"මම හැම වෙලාවකම හිර වෙලා නැහැ. හැම වෙලාවකම මම මේ ප්‍රශ්නේ, මේ කරදරේ, මේ ගැටේ, මේ උගුලෙ හිර වෙලා නැහැ. මං මේකෙන් නිදහස් වෙන අවස්ථාවක් එනවා"
කියන එක අපි අපේ හිතට උගන්වන්න ඕන. ඒ නිදහස් වෙන වෙලාව, ඒ නිදහස් වෙන අවධිය, ප්‍රායෝගිකව අත්දකින, ප්‍රායෝගිකව බුක්ති විඳින මොහොතට තමයි කියන්නේ භාවනාව වඩනවා කියලා. ඒක පර්යංකය හෝ වේවා සක්මනේ හෝ වේවා හිටගෙන ඉන්න ඉරියව්වේ හෝ වේවා සැතපිලා ඉන්න ඉරියව්වේ හෝ වේවා කාරි නෑ. මේ ඕනෑම වෙලාවක අපිට මෙනෙහි කරන්න පුළුවන්, අපිට බලන්න පුළුවන්, අපේ ශරීරය තුල දැනට තියන දැනුවත්භාවය මොකද්ද කියලා. කොහෙද මෘදු? කොහෙද නැත්තෙ?
ඔය ඇත්තො සාමාන්‍ය ජීවිතය තුල ඕනෑම වැඩක් කරනකං වුනත් මේක කරන්න පුළුවන් පුරුදු කරල තියනව නම්. කොහෙද මෘදු කොහෙද නැත්තෙ. ඕක කායික ස්වභාවයට එහා ගිහිල්ල ඕක අපේ වචනයටත් දාන්න පුළුවන්. මගේ වචනය තුල මොන මොන කොටස්ද මෘදු? මොන මොන කොටස්ද මෘදු නැත්තෙ? ඕක තව ටිකක් එහාට යවන්න පුළුවන්, හිතන ස්වභාවය තුලත් මොන මොන කාරණාවල් ගැනද මොන මොන කෙනා ගැන හිතන ඒවද මම මෘදු හැටියට හිතන්නෙ? සැහැල්ලු හැටියට හිතන්නෙ? මොන මොන දේවල් ගැන හිතන එකද මොන මොන කෙනා ගැන හිතන එකද මෘදු හැටියට හිතන්නෙ නැත්තෙ?
ඔතන තියෙන්නෙත් මේ මනසම තමයි. ඒ වගේම තමයි අපි ඇහැට බලන රූපයත් කනට අහන සද්දයත් පවා. මේ හැම එකකටම ඔය කියන විවේකයක් ඇති වෙන බව, විරාගයක් ඇති වෙන බව, නිරෝධයක් ඇති වෙන බව සහ අතහැරීමක් සිද්ධ වෙන බව, ඔය කියන මේ කාරණාවල් ටික අපිට පා කරල යවන්න පුළුවන්. බෙදා හදා ගන්න පුළුවන්.
අන්න එතකොටයි පින්වතුනි අපි සාමාන්‍ය කාය විවේකයෙන් චිත්ත විවේකයත්, චිත්ත විවේකයෙන් ඒ දෙකටත් එහා ගියපු කෙලෙස්වලින් නිදහස් වෙලා ලබන විවේකය කියන මේ විවේකයන් ලබා ගන්නෙ. එතකොට මේ හැම එකක්ම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් අවධියයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ.
ඉතින් මේ ඇත්තන්ට බොහෝ පින් සිද්ධ වෙන්න ඕන අපිට පිළිම වහන්සේලා පූජ කරලා, ඒ දේවල්වලට හරියන විදිහේ වියපැහැදම් දරලා, අපේ ආරණ්‍යය ඇත්තටම කියනව නම් ආරණ්‍යයක් හැටියට සකස් කරලා දුන්නට. ඒ වියපැහැදම් කරපු සෑම සියළු දෙනාටම අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. ඒක හින්ද තමයි අපිත් භාවනාවක් වඩන්න, ඔය ඇත්තොත් මේ භාවනාවක් වඩල හිත සංතෝස කරගන්න, තැන්පත් කර ගන්න මේ උත්සාහවන්ත වෙන්නෙ. ඉතින් ඒ හැම දෙයකින්ම සැලසෙන කුසලය, ඒ පින, ඒ සෑම සියළු දෙනාගේම සියළු ජීවිතවල තියන සියළු යහපත සැලසීම පිණිසම අපි ඇති කරගන්නවා නම් යම්කිසි වූ හිතේ තැන්පත්භාවයක්, ඒ තැන්පත්භාවය වගේ සිය දහස් ගුණයක තැන්පත්භාවයක් ඇති කරගන්න හේතු වාසනා වේවා !
සෑම සියළු දෙනාටම අමා නිවන සාක්ෂාත් කර ගන්නට සහ ප්‍රායෝගිකව මේ ජීවිතය තුල සාන්දෘෂ්ටිකව මේ ධර්මයේ පහස ලබා ගන්නත් අද දවසේදී මේ කියල දුන්න කාරණාවලුත් හේතු වාසනා උපකාර වේවා කියල මම බලාපොරොත්තු වෙනවා. සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
භව නිරෝධය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අනේකජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ’සි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දවසේ මාතෘකාව භව නිරෝධය
වචනයක් හැටියට ගත්තහම භව නිරෝධය කියන එක ටිකක් බරපතල වචනයක් නම් තමයි. බරපතල ස්වරයක් තියන වචනයක් නම් තමයි. නමුත් සතිපට්ඨාන භාවනාව පැත්තෙන් ගත්තහම භාවනාවට හරිම ප්‍රායෝගික සහ අපිට භාවිතා කරන්න පහසු සහ භාවිතා කළ යුතුම ධර්මතාවයක් හැටියට මම සලකනව.
මේ මාතෘකාවට ප්‍රස්ථුතය හැටියට ගත්තොත් එහෙම, පහුගිය කාලෙ කරපු ධර්ම සාකච්ඡා බොහෝමයක් සලකලා බලනකොට ඒ හැම ධර්ම සාකච්ඡාවකම, ඒ හැම කමටහන් වාර්ථාවකම සඳහන් වෙච්ච පොදු වචන කිහිපයක් තිබුනා. ඒ එකිනෙකාගේ කමටහන් වාර්ථා හෝ භාවනා අත්දැකීම් වෙන වෙන වුනත් සමස්ථයක් හැටියට බලනකොට, පොදුවේ අරන් බලනකොට ඒ හැම කමටහන් වාර්ථාවකම දකින්නට ලැබිච්ච එක හා සමාන වචන කිහිපයක් තිබ්බා. එක හා සමාන අත්දැකීම් කිහිපයක් තිබ්බා.
ඒ අත්දැකීම් වලින් කියවුනේ පින්වතුනි, යම්කිසි වූ දෙයක් අත්දකිනව. යම්කිසි වූ දෙයක් බුක්ති විඳිනව. ඒ බුක්ති විඳිනව වගේම ඒ දේ බුක්ති විඳිමින් පවතිනව. සමහර වෙලාවට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඒ දේ නරක දෙයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට කිවුවොත් එහෙම කොහේ නමුත් වේදනාවක් තිබුනොත්, ඒ කාලෙ ඉඳල දැනිච්ච තේරිච්ච විදිහේ හිත දුවන බවක් තිබුනොත්, භාවනාව තුලදී ඒ ඇත්තොන්ගේ කමටහන් වාර්ථාවේ භාවනා අත්දැකීමේදී කියාපු කාරණේ තමා,
"තාමත් ඒ විදියටම හිත දුවනවා හාමුදුරුවනේ"
"තාමත් ඒ වේදනාව ඒ විදියටම දැනෙනවාමයි හාමුදුරුවනේ"
මෙන්න මේ කියන වචනය එකිනෙකාගෙ කමටහන් වාර්ථා වෙනස් වුනත්, ඒ කමටහන් වාර්ථාවල තියන අදහස් වල සමාන හැටියට මම දැක්කා. එහෙම බලනකොට එක්තරා පැත්තකින් පින්වතුනි, අපි ධර්මය පුරුදු කළා වුනාට හරි අසරණ බවකුත් ගැබ් වෙලා තිබුනා. ඒ අදහස්වල ගැබ් වෙලා තිබුනා. ඒ අසරණකම තමා අපි මේ ධර්මය පුරුදු කළාට, මේ කියන දහම පුරුදු කරන්නට භාවනා කළාට, වැඩුවට, අපිට තියන දුක තාම එහෙමමයි. අපිට තියන සන්තාපය, අපිට තියන දුක, අපිට තියන දෝමනස්සය, තාමත් එහෙමමයි. ඒ දෙයින් නම් තාම ගැලවීමක්, ඒ දෙයින් නම් තාමත්ම බැහැර වීමක්, ඒ දෙයින් නම් තාමත් නිරුද්ධ වීමක් සිද්ධ වෙලා නැහැ.
මෙච්චර කාලයක් මේ දේ වැඩුවා වුනාට, මෙච්චර කාලයක් මේ දේ පුරුදු කළා වුනාට, තවමටත් අපිට මේ ජීවිතේ විඳින දුකෙන්, ඒ දෝමනස්සයෙන්, ඒ සන්තාපයෙන්, ඒ තැවුලෙන් නිදහස් වෙන්න අවස්ථාවක් හම්බ වෙලා නෑ කියන වචනයයි ඇතුලෙන් එළියට ආවෙ.
ඒ අවදියෙන් බලනකොට පින්වතුනි, ඇත්තටම අපි එක්තරා විදියකට අසරණයි කියල තේරෙන්න පුළුවනි. මොකද අපේ දුක අපි දකිනව. ඒ දුක දැක දැක ඉන්නව. බුදු හාමුදුරුවො දේශනා කරනව අපිට මේ දුකේ අවසානයක් තියනව කියල. ඒ හින්ද අපිට නිකන් හිතෙන්නත් පුළුවන්, එහෙම නම් මේ දුක ඉවර වෙන්නෙ කවදා හෝ දවසක මියෑදුනාට පස්සේ කියල.
දේවවාදී ආගම්වල තියන ඒ සංකල්පයට කිට්ටු වෙමින් වගේ අපි විශ්වාස ඇති කරගන්නවා, අපි හිතනවා, එහෙම නම් මේ දුකේ අවසානය, මේ දුකේ කෙළවර, නිමාව, කවදා හෝ දවසක මරණය සිද්ධ වුනාට පස්සෙ තමයි හම්බ වෙන්නෙ. එහෙම නැති නම් නිවන මරණයෙන් මත්තෙ ලැබෙන දෙයක් වෙන්න ඇතියි කියල අපි සළකන්න පුළුවන්. අපි හිතන්න පුළුවන්.
එතකොට පින්වතුනි භාවනා නොකරන ඇත්තො ගැන හිතා ගන්නකො. ඒ ඇත්තො කොහොම ඔය අදහස් දරයිද කියල. භාවනා කරන අපිටත් මේ අදහස් එනව නම්, අපි මේ ප්‍රායෝගික අත්දැකීම් බුක්ති විඳිනකොටත්, ඒ ප්‍රායෝගික අත්දැකීම දැක බලාගෙන ඉන්නකොටත්, අපිට තේරෙන්නෙ මේ දුකේ ඒකාකාර බවක් නම්, මේ දුක එක විදියටම, මේ සන්තාපය, මේ විඩාව, මේ කරදරය, මේ ප්රශ්නය, මේ ගැටළුව හෝ මේ සතුට වෙන්න පුළුවන් ඒකාකාර විදියට පවතින දෙයක් හැටියට නම්, අපිට තේරෙන්නෙ, අපිට වැටහෙන්නෙ, හැඟෙන්නෙ, අවබෝධ වෙන්නෙ, අපි ඒ දුකට කැමති අය වෙනව.
අපි කවදාවත් දැකල නැහැ එතකොට මේ දුකේ නිමාව මොකද්ද කියල. ඒ තැවුලේ නිමාව මොකද්ද කියල අපි දැකල නැහැ. ඒ සන්තාපයෙ නිමාව මොකද්ද කියල අපි දැකල නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියන ශ්‍රද්ධාව හින්ද, උන් වහන්සේ දේශනා කරල තියන දේ විශ්වාස කරන හින්ද අපි විශ්වාස කරනව, අපි හිතනව, මේ දුකේ නිමාවක් කවදා හෝ දවසක තියේවි කියල.
පහුගිය දවස්වල ඇත්තටම මට ආපු කමටහන් වාර්ථාවල ඔය වචනය ඔය විදියටම තිබුනා.
"මේ දේ මේ විදියට බලාගෙන ඉන්න එක හරි දුකයි හාමුදුරුවනේ. හරිම අමාරුයි. නමුත් එහෙම බලාගෙන හිටියහම මේකෙ අවසානයක් ඇති නේද හාමුදුරුවනේ?"
ඒ විදියට අහල තිබුන. හරි අහිංසකයි වගේම හරි අසරණයි. ඒ වගේ තත්ත්වෙකදි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයෙන් අපිට දුකෙන් නිදහස් වෙන්න බැරිද? තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය තුල ඒ තියන නිවන, නිවී සැනසීම සාන්දෘෂ්ටිකයි කියල කියනව. ඒ මොහොත තුලදීම අපි බුක්ති විඳිනවා කියල කියනව. ඇයි එහෙනම් අපිට නැත්තෙ ඒක? ඒ තරම් බුක්ති විඳින්න පුළුවන්, කාලයකට අයිති නැති, අකාලික දහමක් නම්, මේ දේ පුරුදු කරන කෙනාට ඒ පුරුදු කරන ප්‍රමාණයෙන් ඒ තුලින් සැනසීමක් ලැබෙනවා නම්, නිවීමක් ලැබෙනවා නම්, නිවෙනවා නම්, නිවන් දකිනවා නම්, පරිනිර්වාණයට පත් වෙනවා නම්, ඇයි අපිට තාම දුක තියෙන්නෙ?
මේක හොඳ ප්‍රශ්නයක් මං හිතන්නෙ අපි හිතන්න ඕන. සිතිය යුතු හොඳ ප්‍රශ්නයක්.
අපි විවිධාකාර විදිහේ භාවනා ක්‍රම පුරුදු කරනව. ඒ පුරුදු කර කර, පුරුදු කර කර ඉන්නව නමුත්, අපේ දුකත් තියනව. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වෙන්න පුළුවන්. තමන්ගෙ හිත ඇතුලෙ වෙන්න පුළුවන්. ශාරීරිකව වෙන්න පුළුවන්. කායිකව හෝ මානසිකව වෙන්නත් පුළුවන්. කොහොම හරි දුකක් විඳිනව. සන්තාපයක් බුක්ති විඳිනව.
ඒ දෙයින් නිදහසක් වෙන්න අපි මෛත්‍රියත් භාවනාවක් හැටියට වඩනව වෙන්න පුළුවන්. බුදු ගුණයක් හිතනව වෙන්න පුළුවන්. ඒ මොහොතක හරි මට සැනසීමක් ලැබේවා කියල. නමුත් ඒ දෙයින් නිදහස් වුනාට පස්සෙ ඒ කරන මෙනෙහි කිරීමෙන්, ඒ කරන භාවනාවෙන් හෝ පුරුදු කිරීමෙන්, වැඩීමෙන් නිදහස් වුනාට පස්සේ අපි ආපහු පරණ ලෝකේ දුකට වැටෙනව. ඇත්ත නේද මේ කතාව? එහෙම වෙනව නේද?
අපිට තේරෙන්නේ තාමත් මං දුක් විඳින කෙනෙක්මයි. එතකොට අද කාලෙ අපිට බැරිද පරිනිර්වානයට පත් වෙන්න ඔය කියන හැටියට? තථාගතයන් වහන්සේගේ දහමෙන් අපිට නිවීමක් හොයා ගන්න බැරිද? ඒ වුනාට ඒ උත්තමයා දේශනා කරන සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නෙම,
"සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය" කියල.
ඒ දේශනාව තුල එහෙම තියන තාක් කල්ම, එහෙම තියෙද්දිම, තවත් පැත්තකින් අපි දුකක් විඳිනව. දුකකට උරුමකම් කියනව. දුකක්ම බුක්ති විඳිනව. අපිට නැද්ද මේකෙන් නිදහසක්? එහෙම නැතිනම් මේ නිදහස බුක්ති විඳින ක්‍රමය මොකද්ද? මේ නිදහසට යන විදිහ, යන ආකාරය, යන ස්වරූපය, බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කොහොමද? සතිපට්ඨානය පුරුදු කරන ඇත්තො හැටියට ඒ දේ අපි අපේ ජීවිතේට කොහොම ගලපා ගත්තොත් හොඳද? අද දවසේ ඔන්න ඕකයි මං කියන්න උත්සාහ කරන්නෙ.
අපි බොහෝම පිරිසක් පින්වතුනි භාවනාවට රුචියි. මෑත කාලයේදී මට මුණ ගැහිච්ච බොහෝ පිරිසක් භාවනාවට ඇත්තටම හරියටම රුචියි. බොහොම මනාපයක් තියනව. ඒ ඇත්තො මොකක් හරි භාවනාවක් වඩන්නත් උත්සාහ කරනව. හැබැයි ඒත් එක්කම සාමාන්‍ය ජීවිතය තුල, (ජීවිතයෙ පැති දෙකක් තියනව කියල ගත්තොත් එහෙම දුක සහ සැප හැටියට හොඳ සහ නරක හැටියට) අපිව හොඳක් කරපු ඇත්තන් මුණ ගැහෙනකොට ඒගොල්ලො තාමත් හොඳයිමයි අපිට. අපිට නරකක් කරපු ඇත්තන්ව මුණ ගැහෙනකොට ඒගොල්ලො තාමත් නරකයිමයි අපිට.
පහුගිය කාලෙම මට මුණ ගැහිච්ච ඇත්තොත් එක්ක කතාබහ කරනකොට මේ අදහස ගොඩක් වෙලාවට ඉස්මතු වුනා. ඒකෙ එහෙම ස්වභාවයක් තියනවාමයි කියල. එතකොට අපිට අවැඩ වෙච්ච හරි අපිට කරදරේ වෙච්ච හරි අපිට ප්‍රශ්නයක් වෙච්ච හරි හෝ ප්‍රශ්ණයක් කරපු හරි අය මුණ ගැහෙද්දි අපි කොයි තරම් මෛත්‍රියක් වඩල තිබුනත්, කොච්චර බුදු ගුණයක් ගැන හිතල තිබුනත්, කොච්චර කරුණාබරිත භාවයක් ගැන මෙනෙහි කරලා තිබුනා වුනත්, කොච්චර මුදිතාවක් උපේක්ෂාවක් ගැන මෙනෙහි කරල තිබුනා වුනත්, අපේ හිතට පැන නඟින්න පටන් අරන් තියනවා, ඉහළට එන්න පටන් අරන් තියනවා අර වගේ අකුසල්කාරී සිතුවිල්ලක්.
අර පරණ තිබිච්ච ඒ රටාවම, ඒ පරණ සිතුවිල්ලම නැවතත් මේ මොහොත තුල සිද්ධ වෙනවා වගේම අපේ හිතට ප්රාර්දූර්භූත වෙලා තියනව, පහළ වෙලා තියනව, හට ගෙන තියනව. එහෙම වුනාම අපි මෙනෙහි කරන්නෙ, සිහිපත් කරන්නෙ, අර එදා වෙච්ච කාරණාව අදටත් මේ මොහොතේදීත් සිද්ධ වෙමින් පවතිනවා කියලයි. උදාහරණයක් හැටියට ඔය ඇත්තොන්ට මොකක් හරි කරදරයක් වෙච්ච ,මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවක් හෝ කෙනෙක් ගැන දැන් මතක් කරල බලන්නකො. මේ දැන් මේ මොහොත තුල.
අපි මෛත්‍රියක් වඩල තියනව තමයි. ඒක හොඳයි. නමුත් හිත ඇතුලේ සියයට සීයකම පිරිසිදු විදියට ඒ සිද්ධ වෙච්ච කාරණාවට හරි, ඒ කරදරය සිද්ධ කරපු කෙනාට හරි, අපි ඇත්තටම සැබෑ මෛත්‍රියක් දක්වල තියනවද? ගොඩක් අවස්ථා වලදි නැහැ. ගොඩක් අවස්ථාවන්වලදි නැහැ. එතකොට අනික් පැත්තෙන් ගත්තහම පින්වතුනි, ඒ කියන ප්‍රශ්නෙ හරි ඒ කියන කාරණේ හරි එක්තරා කාලෙකදි සිද්ධ වුනා. දැන් ඒක සිද්ද වෙලා ඉවරයි.
මං ආයෙත් කියනවා. එක්තරා කාලෙකදි ඒ කියන ප්‍රශ්නෙ හරි ඒ කියන සිද්ධිය හරි සිද්ධ වුනා අපිට කරදරයක් වෙන විදිහට. ඒක සිද්ධ වෙලා ඒ කාලෙදි ඒක සිද්ධ වෙලා ඉවරයක් වුනා. හැබැයි තවමත් අපේ හිතේ රැව් පිළිරැව් දෙන්නේ, අපේ හිතේ සිහිපත් වෙන්නේ, ඔය කියන කාරණේ, ඔය කියන ප්‍රශ්නේ, ඔය කියන සිද්ධිය තාමත් සිද්ධ වෙමින් පවතිනවා කියලම තමයි. තවමත් සිද්ධ වෙමින් පවතිනවා වගේ තමයි අපිට මෙනෙහි වෙන්නෙ. අපිට සිහිපත් වෙන්නෙ.
භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම, භාවනාව ආශ්රයෙන් කතා කලොත් එහෙම, ඔය කියන සිද්ධිය මට විස්තර කරන්න ගොඩක් ලේසියි. දේශනාව මුලින්ම අර කිවුවා වගේ කට්ටියගෙන් අහනකොට කමටහන් වාර්ථාව දිග හරින්න කියල, ඒ දේ ගැන කියන්න කියල කිවුවම කියන්නෙ,
"හාමුදුරුවනේ, හිත දුවනවම තමයි හාමුදුරුවනේ. එදත් දිවුවා අදත් දුවනවා."
තවත් කෙනෙක් කියන්න පුළුවන් "වේදනාවක් තියනව හාමුදුරුවනේ, ඒක එදත් තියනව අදත් තියනවමයි. තව එක්කෙනෙක් කියනව "තව මොකක් හරි කරදරයක් තියනව හාමුදුරුවනේ, ඒක තියනවාම තමයි." තව එක්කෙනෙක් කියන්න පුළුවන් "තව මොනව හරි භාවනාවේ අවධියකට යනවා ඒක එහෙමම තමයි."
ඇත්තටම ඒක එහෙමම තමයිද?
සතිපට්ඨානය පුරුදු කරනකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ එක් මොහොතකදී එක වැඩක් කරන්න ඉගෙන ගන්න කියලයි. ඒ එක මොහොතකදී එක වැඩක් කරන්න ඉගෙන ගන්නකොට අපිට අහු වෙන්නෙ සිතුවිල්ල නම්, අපි දිහා බලන් ඉන්න පුළුවන්කමක් තියනව නම්, ඒ තරම් මේ හිතේ තැන්පත්කමක් තියනවා නම්, ඕක දිහා බලාගෙන ඉන්න වුනාම ඇත්තටම අපේ හිත කැඩෙනව. වෙන මොකකට හරි හිත යනව. ඒකනෙ සරල සාමාන්‍ය සත්‍ය සිදුවීම.
වෙන මොහොකට හරි හිත ගියාම, අපි ඒ දේට යා වෙලා, ඒ දේට හා වෙලා, ඒ දේත් එක්ක සම්බන්ධ වෙලා, ඒකත් එක්ක අභිරමණය කරගෙන යම්කිසි වූ කාලයක් ගත කරනව. එහෙම කාලයක් ගත කරල ආපහු සිතුවිල්ල මතක් වෙනකොටම අර පරණ පුරුදු තියන සිතුවිල්ලම වගේ දෙයක්, ඒ සිතුවිල්ල වගේම දෙයක් අපි ගාව තියනව. ඒක හින්දා අපි මෙනෙහි කරන්නෙ කොහොමද? අපි හිතන්නෙ කොහොමද?
"ආ මේ තියෙන්නෙ පරණ සිතුවිල්ලම තමයි. මේ දැනටත් ක්‍රියාත්මක වේගෙන යන්නෙ."
ඒකයි කමටහන් වාර්ථාවලදී එළියට එන්නේ. කමටහන් වාර්ථා වලින් කියන්නේ.
"හාමුදුරුවනේ මං එදත් හිතුවා, තාමත් හිතනවාම තමයි. එදත් මගේ හිත දිවුවා, තාමත් හිත දුවනවාම තමයි. එදත් මට වේදනාව දැනුනා, තාමත් ඒක ඒ විදියටම තමයි. එදත් මගේ හිතට දුකක් තිබ්බා, තාමත් ඒ විදිහම තමයි. එදත් මේ ප්‍රශ්නෙ තිබ්බ එකක්මයි. තාමත් ඒ ප්‍රශ්නෙන් මම දුක් විඳිනවමයි."
මේක සමාජයේ අය බහුතරයක් කියන කතාවක්. බහුතරයක්. සමහරක් විට සියයට සීයයක්ම වෙන්න පුළුවන්. හැබැයි සතිපට්ඨානය පුරුදු කරන්න වුනාම, සිහිය පුරුදු කරන්න වුනාම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා,
"එක වෙලාවකට එක වැඩක් කරන්න ඕන. ඒ දේ දැක බලාගෙන ඉන්න ඕන. ඒ වගේමයි තියෙන දේ මෙන්න මේකයි කියලා මනා සිහි නුවණක් ඇති කර ගන්න ඕන" කියලා. "තියන දේ මේ දේමයි සිද්ධ වෙන්නේ මේ දේමයි කියල මනා සිහි නුවණක් ඇති කරගන්න ඕන" කියල. ඔන්න ඔතන පොඩි කාරණාවක් තියනව අපි අල්ලන්නෙ නැති. අපි හුරු කරන්නෙ නැති. විපස්සනාවක් හැටියට අපි ඕන තරම් දේශනා අහල තියෙන්න පුළුවන්. ඇති වීම මේකයි, පැවතීම මේකයි, නැති වීම මේකයි. රූපයෙහි ඇති වීම වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඥ්ඥාණයෙහි ආදී වශයෙන් ඔය ඕනෑම දේක, ඇහේ ඇතිවීම, කනේ ඇතිවීම, මේ පඨවි ධාතුවේ ඇතිවීම, ආපෝ ධාතුවේ ඇති වීම ආදී වශයෙන් අපි මේ හැම දේකම ඇති වීම සහ නැතිවීම කියන කාරණාවල් ගැන පොතේ භාෂාවෙන් ඉගෙනගෙන තියෙන විත්තිය මං හොඳාකාරවම දන්නව. සමහරක් වෙලාවට මටත් වඩා දන්නව වෙන්න පුළුවන්.
නමුත් සිතිවිල්ලක් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඕනකම තියෙන්නෙ සිතුවිල්ල දිහා බලාගෙන ඉන්න තමයි නමුත්, ඒක කොරන්න බෑ. මොකද විගහට හිත වෙන දේකට පනිනව. ඒක හිතේ ස්වභාවය. ඒක තමයි හිත කියල කියන්නෙ. ඒ පනිනකොට හිත පැන්නා කියන එක හඳුනාගන්නව, මම පිළිගන්නව ඒකත් සමහරක් වෙලාවට. ආපහු කට්ටිය කියන්නේ, "මම හිත අරගෙන එනවා මගේ පරණ පුරුදු තැනට. ඒ එනකොට එතන තියෙන්නෙත් පරණ පුරුදු හිත දුවන විදිහම තමයි කියල. ඇයි අපි තේරුම් ගන්නෙ නැත්තේ අර හිත දුව දුව තිබිච්ච එක ඉවරයක් වුනාට පස්සෙයි අනිත් දේකට ගියේ කියල.
තථාගතයන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේ හැම දේකටම උත්තරයක් තියනවා කියල කියන්නෙ ඒකයි පින්වතුනි. අරගෙන බලන්න ඔය ඇත්තො පොතේ ඔය නීවරණ පබ්බයේ මේ කොටස ගැන විශේෂයෙන්ම සඳහනක් තියනවා. කාමච්ඡන්දය ඇති වුනා නම්, ඒ ඇති වෙච්ච විත්තිය තේරුම් ගන්න කියල කියනව. කාමච්ඡන්දය තියනවා නම් ඒ තියන විත්තිය තේරුම් ගන්න කියල කියනව. කාමච්ඡන්දය අඩු වෙලා යනවා නම්, නැති වෙලා යනවා නම්, ප්‍රහීණ වෙලා යනවා නම්, ඒ නැති වෙලා යන විත්තියත් තේරුම් ගන්න කියල කියනව.
ඊළඟට දේශනා කරනවා විශේෂයෙන්ම වැදගත් දෙයක්. තිබුන කාමච්ඡන්දය දැන් නැහැ. තිබිච්ච කාමච්ඡන්දය දැන් නැහැ කියල අපිට මෙනෙහි කරන්න කියල කියනව. අර සිතුවිල්ලක ඉඳලා ඊළඟ කටයුත්තකට යනකොට අපි ඒ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට සිතුවිල්ල මතක් කරන්න වුනහම සමහරක් විට සිතුවිල්ල එතන තියනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. තිබ්බොත් එහෙම අපි හිතන්නෙ මේ පරණ සිතුවිල්ලම තමයි මේ ඒකාකාර හැටියට මේ ගලාගෙන යන්නෙ කියල. නමුත් අර වෙනත් කටයුත්තකට ගියාට පස්සේ ඒ වෙලාවෙ අපි ඊට කලින් මෙනෙහි කර කර හිටියෙ කාමච්ඡන්දය නම් ඒ කාමච්ඡන්දයෙන් බැහැර වෙලා තියනව ඊළඟ අවස්ථාවට ගියාම.
ඒ බැහැර වෙච්ච විත්තිය, ඒ බැහැර වෙච්ච බව අපි මෙනෙහි කරන්න ඕන පින්වතුනි. හේතුව, කාමච්ඡන්දය කියල කියන්නෙ, ද්වේශය කියල කියන්නෙ නැත්නම් නීවරණයක් කියල කියන්නෙ දුකක් නම්, ඒ නීවරණයකින් අංශු මාත්‍ර මොහොතක් හරි නිදහස් වුනා නම්, ඒ නිදහස් වීම සැපක් නේද? ඒ නිදහස්වීම නිවනක් නේද? ඒ නිදහස්වීම නිවී සැනසීමක් නේද? අපි ඔන්න ඔය දේ ස්පර්ශ කලේ නෑ. අපි ඔන්න ඔය දේ හඳුනා ගත්තෙ නෑ.
අපේ හිතේ මෙන්න මෙහෙම රටාවක් තියනව. ඒ රටාවේ යනකොට, අපි මේ දේ හඳුනාගන්න වුනහම අපේ හිත දුවන බව අපිට තේරෙනව. ඒකත් එක්ක ඉන්නකොට වෙනත් දේකටත් හිත යනව. ඒ වෙනත් දේකට හිත යනකොට අපි මෙනෙහි කරන්න ඕන, අපි පුරුදු කරන්න ඕන, අර තිබිච්ච දෙයින් මම දැන් අයින් වුනාය කියල. වේදනාවක් දිහා බලාගෙන ඉන්නකොට පින්වතුනි, ඒ වේදනාවේ ඇත්තටම වැඩිවීමක් තේරෙන්න පුළුවන්. හැබැයි යම්කිසි අවස්ථාවල් තියනව වේදනාවල් නැතිවීමකුත්. හැබැයි වැඩේ තියෙන්නෙ මේකයි. අපි ඔය වේදනාවේ වැඩිවීමට දෙන අගය හා සමාන අගයක් නෙවෙයි දෙන්නේ වේදනාව නැතිවීම කියන අවස්ථාවට.
මං ආයෙත් කියන්නම්. අපේ ශරීරයේ යම්කිසි තැනක වේදනාවක් අපිට දැනුනොත් එහෙම, ඒ දැනෙන වේදනාව වැඩිවේගෙන යනවා කියල අපි දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන ගන්නත් ඕන. සමහරක් වෙලාවට. යම් වෙලාවක් යනකොට ඔය වේදනාව නැති වෙලා ගියා නම්, ඒ වේදනාව ක්ෂය වෙලා ගියා නම්, අයින් වෙලා ගියා නම්, බැහැර වෙලා ගියා නම්, අපි ඒ වෙලාවෙ හඳුනා ගන්න ඕන, අර තිබ්බ වේදනාව බැහැර වෙලා ගියාය කියල.
නමුත් වැඩේ තියෙන්නෙ මේකයි. අපි ඒ වේදනාවේ වැඩිබව හඳුනා ගන්න දෙන අපේ අවධානය වගේ අවධානයක් මේ වේදනාව නැති වෙලා ගියා කියන එක හඳුනා ගන්න දෙන්නෙ නෑ. අපි හඳුනා ගන්න උත්සාහ කරන්නේම වේදනාවෙ වැඩි අගයක් විතරයි. ඒ වේදනාව අඩු වේගෙන යනව. වේදනාව නැති වේගෙන යනව. වේදනාවෙන් බැහැර වෙනව. මේ කියන සිද්ධි හෝ මේ කියන අවස්ථාවල් එකක්වත් අපි හඳුනා ගන්නට වැඩිපුර උත්සාහවන්ත වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? ඇතිවීම මේකයි, නැතිවීම මේකයි කියල යම්කිසි විදිහකට මෙනෙහි කරනව. පොතේ භාෂාවෙන් මෙනෙහි කරනව. දේශනාවල් ආශ්රයෙන් මෙනෙහි කරනව.
වැරදි නෑ නමුත් ප්‍රායෝගිකත් නෑ.
ඒ ප්‍රායෝගික නොවෙන හින්දා පින්වතුනි තියෙන ප්‍රශ්නෙ තමයි, අපිට හැමදාම තේරෙන්නෙ මොකද්ද? මේ ප්‍රශ්නෙ තාම තියෙන එකක්. මේ වේදනාව තාම තියෙන එකක්. මොකද අපි ස්පර්ශ කරල නැහැ මේ වේදනාවෙන් මාව නිදහස් වෙන යම්කිසි මොහොතක් තියනවාය කියල. මේ දුකෙන්, මේ කරදරයෙන්, මේ ප්‍රශ්නයෙන්, මේ සන්තාපයෙන්, මේ ශෝකයෙන්, නිදහස් වෙන අංශුමාත්ර මොහොතක් මං ගාව තියනව කියල හඳුනාගෙන නෑ.
"මේක ඒකාකාර විදියට පවතින දෙයක්. මේ භවය කියන එක පවතිනවාමයි. මේකෙ නිරෝධයක් නෑ."
ඉතින් එහෙම හින්ද තමා කමටහන් වාර්ථාවල අර විදිහට කියවෙන්නේ,
"වේදනාව තිබ්බ හාමුදුරුවනේ, තාමත් තියනව. සිතිවිලි තියනව හාමුදුරුවනේ, තවමත් දුවනව. කරදර තිබ්බ හාමුදුරුවනේ, තාමත් තියනව. ප්‍රශ්න තිබ්බ හාමුදුරුවනේ, තාමත් ඒ විදිහමයි."
ඔය සිතුවිල්ල දුවනවා කියනව කියන එක මම පිළිගන්නවා. වැරදි නෑ ඇත්ත කතාව. භාවනාව තුලදි සිද්ධ වෙන්නෙ හෝ දැනෙන්නෙ තේරෙන්නෙ, ඔක්කොම වෙන්න පුළුවන් දේවල්. මොකක්වත් බැරි දෙයක් නෑ. නින්ද එනව නම් ඒකත් වෙන්න පුළුවන් දෙයක් තමා. නමුත් වැඩේ තියෙන්නෙ මේකයි. අපි හිතාගෙන ඉන්නේ සිතුවිල්ල දුවල නතර වුනාට, අපි මෙනෙහි කරන්නෙ නෑ මේ නතර වෙච්ච අවස්ථාවක් තියෙන්නෙ. සිතුවිල්ල නතර වෙච්ච අවස්ථාවක් තියෙන්නෙ කියල මෙනෙහි කරන්නෙ නෑ. ඒ දේ අපි හඳුනාගන්නෙ නැති හින්ද අපේ මතකයේ තියෙන්නෙ මොකද්ද? සිතුවිල්ල දුවනවාම කියලයි.
නමුත් මේ අතර සිතුවිල්ල අඩු වේගෙන ගිහිල්ල තියෙන්න පුළුවන්. වෙනත් මොකක් හරි සිද්ධියකට අපේ හිත ගිහිල්ල තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට සද්දයක් අහන්න වගේ දේකට අපේ හිත නැඹුරු වෙලා තියෙන්න පුළුවන්. ඒක අපිට මතක නැහැ. ආපහු අර සිතුවිල්ල හිතන්න පටන් අරගෙන තියෙන්න පුළුවන් යම්කිසි වෙලාවකට පස්සේ. ඊළඟට අපි මොකද කරන්නේ? මේක ඒකාකාර රටාවක් හැටියට ඉගෙන ගන්නව.
නමුත් මේ සිතුවිලි දුවන එකෙන්, කාමච්ඡන්දයට හිත යන එකෙන්, ද්වේශයට හිත යන එකෙන්, හිත විච්කිච්ඡාවට බර වෙන එකෙන්, උද්ධච්ඡයට බර වෙන එකෙන්, ථිනමිද්ධයට යට වෙන එකෙන් නිදහස් වෙච්ච මොහොත, නිදහස් වෙච්ච අවධිය අපි හඳුනාගන්නෙ නැහැ. අර දුකෙන් නිදහස් වෙච්ච, ඒ දුක් කරදරයෙන් නිදහස් වෙච්ච, ඒ දෙයින් නිරෝධය ලබාගත්ත, සැනසීම ලබා ගත්ත මොහොත අපි ස්පර්ශ කරන්නෙ නැහැ. ඒ වෙනුවට අපි හිතනවා තාමත් මේ දුක තියනවාමයි කියල.
නමුත් පින්වතුනි, වේදනාවක හරි සිතුවිල්ලක හරි මොකක හරි කමක් නෑ, පොතේ භාෂාවෙන් අපි දන්නවා, තියන එකම එක ලක්ෂණය තමයි ඇතිවීමකුයි පැවතීමකුයි නැතිවීමකුයි. හැබැයි අපේ හිතේ ඒක නෑ. අපේ හිතේ තියෙන වේදනාවට ඇතිවීමකුයි පැවතීමකුයි තියනවා. නැතිවීමක් තාම හම්බ වෙලා තියනවද? නැතිවීමක් අපිට තාම හම්බ වෙලා නෑ.
ඇයි නැති වීම හම්බ නොවුනේ? ඇයි නැතිවීමක් පේන්නෙ නැත්තේ?
මේ වේදනාවේ නිරෝධය ඒ නිරෝධය වෙන වෙලාවෙදි අපි ස්පර්ශ නොකළ හින්ද. ඒක හින්ද අපිට හැමදාම තේරෙන්නෙ මේ දුක කියන දේ, මේ කරදරේ කියන දේ, මේ ප්‍රශ්නෙ කියන දේ, තියන දෙයක්. ධර්මය පුරුදු කලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට මේ දුකෙන් නිදහසක් තියනවා කියල, එහෙම නිදහසක් අපිට ලැබෙන්නේ ඔන්න දැන් අපි හිතන්න කිට්ටු වෙනවා මොකක් වුනාට පස්සෙද, "හා එහෙනම් මැරෙන්න ඕන. මියෑදෙන්න ඕන. ඊට පස්සෙ නම් දුකෙන් නිදහසක් හම්බ වෙයි" කියල.
නමුත් මම විශ්වාස කරනවා ඔය ඇත්තන්ට තේරෙන්න ඇති කියලා, සාමාන්‍ය ජීවිතයේදී හෝ වේවා භාවනාවෙදි විශේෂයෙන්ම අපි විඳින දුක් සන්තාපයක, අපි විඳින කාරණාවක, ගැටළුවක, ප්‍රශ්නයක, නිරෝධයක් තියනව. නැවතීමක් තියනව. අවසානයක් තියනව. බැහැර වීමක් තියනව.
ඒ අවසානය, ඒ නැවතීම, ඒ නතරවීම, ඒ විදිහටම අපි ස්පර්ශ කරන්න ඕන. ඒ විදියටම අනුමත කරල අපි අපේ හිතට ධාරණය ඇති කරගන්න ඕන. අපි ඒක යෝනිසෝමනසිකාරගත කරන්න ඕන. ඒ දේ අපි ඒ දෙයක්මයි කියල හඳුනාගන්න ඕන.
කාමච්ඡන්දයට යට වෙලා තිබිච්ච හිතක් කාමච්ඡන්දයෙන් නිදහස් වුනාට පස්සේ අපිටම මෙනෙහි කර ගන්න ඕන පින්වතුනි, දැන් මම ඒ කාමයට යට වෙලා තිබිච්ච හිතෙන් බැහැර වෙලයි ඉන්නෙ කියල. ද්වේශයට යට වෙලා තිබ්බ හිතක් යම්කිසි කාලයක් ද්වේශයත් එක්ක ඉඳල ඒ හිත ද්වේශයෙන් බැහැර වෙලා ගියාට පස්සේ, ද්වේශය හිතේ නැත්නම්, තරහ හිතේ නැත්නම් තමන්ටම මෙනෙහි කර ගන්න ඕන, සිහිපත් කර ගන්න ඕන, දැන් මගේ හිතේ ඒ තරහ නැහැයි කියල. සැකයට බර වෙලා තිබිච්ච හිතක් සැකයක් තිබිලා ඒ සැකයෙන් නිදහස් වෙලා ගියාට පස්සෙ තේරුම් ගන්න ඕන, තිබුන සැකය දැන් ඉවරයක් වුනා කියල. තිබුන සැකය දැන් බැහැර වුනාය කියල.
මෙන්න මෙහෙම කලොත් විතරයි පින්වතුනි අපිට තේරෙන්න පටන් ගන්නේ, මේ ධර්මය 'ස්වාක්ඛාතයි' කියල. අන්න එහෙම කලොත් විතරයි ධර්මය ස්වාක්ඛාත වෙන්නෙ. අපිටම මේ සැනසීම කියන දේ තේරෙන්න පේන්න පටන් ගන්නව. අපි ස්පර්ශ කරන්න පටන් ගන්නව. නිදහස විමුක්තිය කියන දේ අපි ස්පර්ශ පටන් ගන්නව. ඒ සැනසීම, ඒ නිදහස සහ විමුක්තිය කියන එක ස්වාක්ඛාතයි කියල කියනවා අපි පුරුදු කරන ප්‍රමාණයට අපිට හම්බ වෙනව කියල. හම්බ වෙන්න ඕන.
හම්බ වෙන්න ඕන.
භාවනාව තුලදී ඔය ඇත්තෝ කොපමණ ප්‍රමාණයක් තමන්ට මුණ ගැහෙන, දැනෙන, තේරෙන, දැනගන්න දේවල්වලට අවස්ථාවක් දෙනවද, සාදර වෙනවද, දේවල් අපක්ෂපාතී වූ විදිහට නිරීක්ෂණය කරනවද කියන එක මත අපිට පේන්න පටන් ගන්නව ඒ කාරණාවේ මොන දිශානතියක්ද තියෙන්නෙ කියල. ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ශබ්දයක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්නත් පුළුවන්. සංඥාවක් වෙන්නත් පුළුවන්. මොකක් හරි හිතේ හදාගත්ත එකක් වෙන්න පුළුවන්. ගාණක් නෑ කාරි නෑ. ඒ ඕනම දේක තියනව පැවැත්මක්. ඒ ඕනම එකක තියනව ජීවිත කාලයක්. වගේම බැහැර වෙලා යෑමක් තියනව.
එතකොට අපි මෙනෙහි කරන්න ඕන, සිහිපත් කරන්න ඕන, වැදගත්ම කාරණාවක් තියනව ඔය අතර. ඒ වැදගත්ම කාරණාව මොකද්ද? ඒ තිබිච්ච දෙයින් දැන් මම බැහැර වෙලා ඉන්නෙ කියල. ඒක පින්වතුනි සංතෝසදායක සිද්ධියක් වෙන්නත් පුළුවන්. අපිට ඒ දෙයිනුත් බැහැර වෙන්න සිද්ධ වෙනව.
නිවන කියල කියන්නෙ එතකොට, අපි හිතනවා නම් වේදනාව නැත්නම් කකුල රිදෙන එකෙන් නිදහස් වීමම කියලා, එහෙමනම් හිතෙන්න පුළුවන් එහෙනම් කකුලට වේදනාවක් නැති හරි මෘදූ මටසිළුටු විදිහේ මොකක් හරි සංඥාවක් තියනව නම් "ආ... ඒක එහෙනම් සැනසීමක්" කියල. නෑ, ඒකෙනුත් අපි නිදහස් වෙනව. ඒකෙනුත් අපි බැහැර වෙනව. ඒ හැම එකකින්ම බැහැර වෙන අවස්ථාවල් ටික බැහැර වුනා කියල අපි අපිටම මෙනෙහි කරගන්න ඕන. යෝනිසෝමනසිකාර ගත කර ගන්න ඕන. සිහි නුවණට ඈදා ගන්න ඕන. සිහි නුවණින් යුක්තවම මෙනෙහි කරන්න ඕන.
එහෙම කලොත් විතරක් අපිට තේරෙන්න පටන් ගන්නව, ඒ තිබිච්ච ප්‍රශ්නෙන් අපි දැන් නිදහස් කියල. අපි දැන් බැහැර වෙලා ඉන්නෙ කියල. ඒ කාලෙ ඉඳල මට තිබිච්ච කාරණාවක් තමයි ඔය තරහ ගන්නව කියන එක. පස්සෙ කාලයක් තිස්සෙ මට මතකයි තරහ වෙන අවස්ථා තිබුනා. මහා ලොකු අවස්ථාවක් හෝ මහා ලොකු කාලයක් තරහ නොගත්තා වුනත් තරහ සිතුවිල්ලක් ආවොත් එහෙම, සිතට ඒ ආපු සිතුවිල්ල ගැන පශ්චත්තාප වෙච්ච වාර ගණන, නැත්නම් පශ්චත්තාප වෙච්ච කාලය, තරහ සිතුවිල්ල තිබිච්ච කාලයට වඩා අතිමහත් වුනා. මහා විශාල මහා වැඩි කාලයක්. කාලයක් යනකංම ඔය රටාව ඔය විදියටම ගියා මේ සිද්ධිය තේරෙනකං.
මොකද්ද සිද්ධිය? තරහ මගේ හිතෙන් අයින් වෙලා ගියාට පස්සේ, මං මටම තේරුම් කරල දෙන්න පටන් ගත්තා, උගන්වන්න පටන් ගත්තා, ඒ තිබිච්ච තරහ දැන් මගෙන් අයින් වුනාය කියල. එහෙම නැති තාක්කල් පින්වතුනි, (මේක මට විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ඔය ඇත්තන්ටත් මේක වෙනවාම තමයි කිවුවෙ නැති වුනාට) එහෙම තේරුම් ගන්න තාක් කල් අපේ හිත අපිට මතක් කරල දෙන්නේ "මම තරහ වෙච්ච කෙනෙක්, මම තරහෙන් ඉන්න කෙනෙක්. මගේ හැටි මේකයි" කියල.
නෑ එහෙම එකක් නෑ. නෑ එහෙම දෙයක් නෑ. කාටත් ඒ වගේ කෙලෙස් එන්න පුළුවන්. නමුත් ඒ කෙලෙස්වලින් නිදහස් වෙන වෙලාවක් තියනව. අංශුමාත්ර මොහොතක් තියනව. අන්න ඒ අංශුමාත්ර මොහොතයි අපි මේ එකතු කරන්න හදන්නෙ. එකතු කරන්න පටන් ගන්නෙ. දුකක් සහිතව තියන මේ භවයේ නිරෝධයක් තියනව යම්කිසි තැනක. අන්න ඒ නිරෝධය තියන අවස්ථාවල් ටිකයි මේ අල්ලගන්න බලන්නෙ.
අන්න එතකොටයි අපි ඉගෙන ගන්නේ, මේ දුකක් එක්ක යන සංසාර ගමන ඒකාකාර විදියකට යන රටාවකට වඩා, මේ ගමන තුල යම්කිසි වූ අස්වැසිල්ලක් ලබන්න නවාතැනක් තියනව, සැනසීමක් ලබන්න තැනක් තියනව, ක්ෂේමභූමියක් තියනව, දූපතක් තියනව. අන්න ඒ දූපතයි අපි මේ හොයාගන්න උත්සාහ කරන්නෙ.
මේක වෙන කාටවත් ධර්ම දේශනාවකින් කරල දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වතුනි. මේක බෝධි පූජාවක් කරාට හම්බ වෙන්නෙත් නෑ කියල ඔය ඇත්තන්ට දැන් තේරෙනව ඇතිනෙ.
මේක අපේ අත්දැකීම් තුලින්ම, අපිම අපිටම තේරුම් කරල දෙන්න ඕන කාරණාවක්. තේරුම් කරල දෙන්න ඕන සත්‍යය කතාවක්.
මේ සිද්ධිය හරි සරලයි වගේ පේන්න පුළුවන්. නමුත් කරල බලන්න ඕන. ඒක සංකීර්ණයි. මේ මොහොත තුල ඉන්න හිත හදාගන්න ඕන. මේ මොහොත තුල තියන දේට තියෙන්න ඉඩ දෙන්න හිත හදාගන්න ඕන. මේ මොහොත තුල තියෙන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා, ඒ දේ දිහා බලාගෙන ඉන්න හිත හදාගන්න ඕන. මේ මොහොත තුල තියන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා, ඒ තියන දේත් එක්ක ජීවත් වෙන්න හිත හදා ගන්න ඕන.
අන්න එතකොට ඒ කාරණාවේ ඇති වීම, සමහරක් විට ඇති වීම හම්බ වෙන්න පුළුවන් සමහරක් විට පැවතීම, සමහරක් විට නැති වීම පේන්න පටන් ගන්නව. සිතුවිල්ලක ඇතිවීම, පැවතීම, නැතිවීම කියන එක හොයන්න හරි අමාරුයි. වේදනාවක ලේසියි ඇත්තම කියනව නම්. සිතුවිල්ලේ ඔය කියන අවස්ථාවට කරන්න පුළුවන් ලේසිම සිද්ධිය මට තේරෙන හැටියට කිවුවොත් එහෙම, "මේක තිබ්බා, දැන් නෑ" කියන එක.
ඇති වීම නැතිවීම හොයනවා කියන එක ටිකක් සංකීර්ණ වැඩියි. මේක හිත ගොඩාක් තැන්පත් කරගත්ත මනසකට විතරක් කරන්න පුළුවන් කාරණාවක් වේවි. නමුත් කාමච්ඡන්දයට යට වෙලා තියන තාක් කල් අපිට තේරෙනවනෙ, දැන් කාමයට යට වෙලා ඉන්නෙ කියල. ද්වේශයට යට වෙලා ඉන්න තාක්කල් අපිට තේරෙනවනෙ, දැන් මං මේ ද්වේශයටයි යට වෙලා ඉන්නෙ කියල. හිත විසිරිලා තියන තාක් කල් අපිට තේරෙනවනෙ, දැන් නම් මොනවත්ම කරන්න හිතෙන්නෙ නෑ හිත විසිරිලාය තියෙන්නෙ කියල. හිත සැකයට බර වෙලා තියන තාක් කල් අපිට තේරෙනව නෙව, දැන් නම් මේ හිත සැකයට බර වෙලා තියෙන්නෙ කියල.
යම්කිසි වෙලාවක ඒ සැකයෙන් නිදහස් වුනා නම්, යම්කිසි වෙලාවක අර හිතේ තිබිච්ච විසිරීමෙන් නිදහස් වුනා නම්, යම්කිසි වෙලාවක අර තිබිච්ච කම්මැලි කුලෑටි ගතියෙන් නිදහස් වුනා නම්, ද්වේශයෙන් නිදහස් වුනා නම්, කාම හෝ රාග හෝ ලෝභ අදහසින් නිදහස් වුනා නම්, ඒ ටිකත් අපිට තේරෙනවනෙ.
අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙනව සතිපට්ඨාන සූත්‍රයේ, මෙනෙහි කරන්න කියලා, සිහිපත් කරන්න කියලා, දැනගන්න කියලා, සිහිනුවණින්ම අවබෝධ කරගන්න කියලා, මේ තිබ්බ කාමච්ඡන්දයෙ නැතිවීමයි. මේ සිද්ධ වුනේ මොකද්ද? තිබ්බ කාමච්ඡන්දයේ නැතිවීමයි. මේ සිද්ධ වුනේ තිබ්බ ද්වේශයේ නැතිවීමයි. මේ සිද්ධ වුනේ තිබ්බ ථිනමිද්ධයේ, නිදිමතේ, අලස ගතියේ නැතිවීමයි. තිබ්බ උද්ධච්ච කුක්කුච්චයේ නැති වීමයි. තිබ්බ සැකයේ නැතිවීමයි කියලා තේරුම් ගන්න කියල කියනව.
මේ විදියට පින්වතුනි අපි අපේ ජීවිතය තුල නිරෝධයට ලක් වෙන, දුකෙන් නිදහස් වෙන මොහොතවල් ටික හඳුනා ගන්න උත්සාහ කලොත්, අපේ කමටහන් වාර්ථාවල්වලට අළුත් අළුත් දේවල් ටිකක් එකතු වෙයි.
"දුකක් තියනවා. ඒක පිළිගන්නවා. හැබැයි ඒකෙ නිමාවකුත් තියනවා. ඒ නිමාව මං හඳුනා ගන්නව" කියල.
අර දුකත් එක්ක ඔට්ටු වෙවී හිටපු අපිට පේන්න පටන් ගන්නවා, චතුරාර්ය සත්‍යය තුල දේශනා කරන මොකද්ද? දුකේ නැතිවීමක් තියනව. දුකේ නැතිවීමක් තියනවා කියල. දුකේ වැඩිවීමක් වගේම, නෑ..නැතිවීමකුත් තියනවා කියල. ඒ නිරෝධය කියන එකයි මේ හඳුනාගන්න යන්නෙ. ඒ අවස්ථාවයි මේ තේරුම් ගන්න යන්නෙ.
මේක කරන්න පින්වතුනි සතිපට්ඨානය කරන්නම ඕන. සිහිය පුරුදු කරන්නම ඕන.
නරක නෑ, වැරදි නෑ දේශනාවල් ආශ්රයෙන් උදයව්‍ය මෙන්න මේකයි කියලා ඉගෙන ගන්න එක වැරදි නෑ. නමුත් විතර්ක වැඩි වෙන්න පුළුවන්. හැබැයි භාවනා කරන්න යනකොට තමන් ඉගෙන ගෙන තියන පොත්පත් ටික ඔක්කොම පැත්තකින් තියලා, මොකක්වත් නොදන්න කෙනෙක් වගේ භාවනාව පටන් ගන්න ඕන. නිහඬ නිස්කලංකෙ, මේ භාවනාවට අදම තමයි පටන් ගන්නෙ නැත්නම් අදම ඉඳල යන ආධුනිකයෙක් හැටියට වැඩේ පටන් ගන්න ඕන.
ඒ 'ආධුනික සංඥාවෙන්' යුක්තව වැඩේ කරගෙන යන්න ගියොත් එහෙම, අපිට හැමදේකින්ම යමක් ඉගෙන ගන්න තියෙයි. ඒ ලබන අත්දැකීම් මොකක් වුනත් කමක් නෑ ඒක නැවත නැවත නැවත නැවත පුරුදු කරන්න ඕන.
තමන්ගේ ජීවිතේට හුරු වෙන තාක් කල් පුරුදු කරන්න ඕන.
ආන් එහෙම පුරුදු කරන්න වුනාම අපිට හම්බ වේවි, මුලින්ම හමු වේවි "මේකෙ මහ කරදර ගොඩක් තියෙන්නෙ" කියල. පස්සෙ තේරේවි අද මේ කතා කලා වගේ, "නෑ ඒවගෙ නිමාවක් තියනව, අංශුමාත්ර මොහොතක හරි" කියල.
අපේ හිතේ පින්වතුනි ඊට පස්සේ ගුණයක් හැදෙන්න පටන් ගනීවි, අර දුකත් එක්ක ඔට්ටු වෙවී ඉන්න හිතට වඩා, ඒ දුකෙන් නිදහස් වෙච්ච මොහොත අගය කරන්න, ඒ තුල ජීවත් වෙන්න, ඒකත් එක්ක සැරිසරන්න අපිට හිතක් හම්බ වේවි.
ඒ දුකේ නිදහසත් එක්ක ජීවත් වෙන්න, ඒ දුකේ නික්මීමත් එක්ක, නිරෝධයත් එක්ක එකට එකතු වෙලා තේරුම් අරගෙන ඉන්න, "දුකේ නිමාව නම් මෙන්න මේකයි. ඒ තිබිච්ච දුකේ නිමාව මෙන්න මේකයි" කියල ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට තේරුම් ගන්න අපිට අවස්ථාවක් හම්බ වේවි. ඇසිල්ලක් හම්බ වේවි. මොහොතක් හම්බ වේවි.
අන්න එවන් වූ අවස්ථා ටිකකුයි අපි භාවනාව තුල ඉදිරියට ඇදගෙන යන්න ඕන වෙන්නෙ. ඉදිරියට පුරුදු කරගෙන යන්න ඕන වෙන්නෙ. හුදෙක්ම සිතුවිල්ල දිහාම බලගෙන ඉන්නවා නෙවෙයි. හුදෙක්ම වේදනාව දිහාම බලාගෙන ඉන්නවා නෙවෙයි. හුදෙක්ම මේ තියන ප්රශ්නය දිහා බලාගෙන ඉන්නවාම නෙවෙයි. මේක ඇතුලෙ අපිට කරන්න කියල තව තව කාරණා තියනව.
හැබැයි හදිස්සි වෙන්නත් එපා.
වර්තමාන මොහොත මෙන්න මේකයි කියල හඳුනා ගන්නෙ නැතුව, ඔක්කෝටම කලින් මේක පාවිච්චි කරන්න යනවා කියන අදහසට යන්නත් එපා. "මං මේක දැන් අහගත්තා, එහෙම නම් මං මේක දැන් කරනවා" කියන මේ ලේසි පාරෙන් යන්න හිතන්නත් එපා. එහෙම නම් බුදුරජාණන් වහන්සේ කියනවනෙ ලේසි පාරක් තියනව කියල. එහෙම එකක් නෑ.
වර්තමාන මොහොත හඳුනා ගන්න. වර්තමාන මොහොතේ ජීවත් වෙද්දී ඉගෙන ගන්න ඒ ජීවත් වෙන්න ඉගෙන ගැනීම මත, වර්තමාන මොහොතේ කටයුතු කාරණා පුරුදු කිරීම මත, තමන්ට සිහිය ඇති වෙන්න පටන් ගනීවි, "මේ දෙයයි දැන් සිද්ධ වෙන්නෙ" කියල. ඒ සිහිය ඇති වෙන දේවල් එක්ක පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න බලන්න.
දැනෙන්නෙ හෝ තේරෙන්නෙ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක කිසීම කිසි ප්‍රශ්නයක් නෑ. කාරි නෑ. හොඳ දේත් අපිට දැනෙන්න පුළුවන්, නරක දේත් දැනෙන්න පුළුවන් භාවනාව තුලදී. ඒක කිසීම කිසි ප්‍රශ්නයක් නෑ. කාරණේ තියෙන්නේ ඒ හොඳ දේ හරි නරක දේ හරි කමක් නෑ, දැනෙන දේ අපි අනුමත කරනවද? කියන එකයි. දැනෙන්න ඉඩ දෙනවාද? කියන එකයි.
ඒ දැනෙන්න ඉඩ දෙන කෙනාගෙත් ඊළඟට කියන කාරණේ තමයි ඒ දේ දැනි දැනී, ඒ දේ දිහා මධ්‍යස්ථ මතධාරීව බලාගෙන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? කියන එකයි.
ඒ දේ ඇති වේවි, පැවතේවි, නැති වෙලා යාවි කියල අපි දන්නවා පොතේ භාෂාවෙන්. නමුත් ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යනකං අපිට ඉන්න පුළුවන්ද? කියන එකයි ඊළඟට දියුණු කරන්න ඕන කාරණය වෙන්නෙ.
අන්න ඒකටයි ඉවසීම කියල කියන්නෙ.
ඉතින් ඔන්න ඔය ටික පුරුදු කරනකොට පින්වතුනි, තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සංසාර ගමනේ, මේ භවයේ, මෙලොවදී සිද්ධ වෙන අවස්ථාවල් ටික අපිට හම්බ වේවි භාවනාව තුලදී.
හැබැයි ඉතින් අහන්න නම් එපා, "හාමුදුරුවනේ මම මෙච්චරක් භවයක් දැන් නිරෝධ කර ගත්තා දැන් කොහොමද මේකෙ තත්ත්වෙ?" කියල නම් අහන්න යන්න එපා. මං හිතනවා ඒක හරි අනුවණ ප්‍රශ්නයක් නේද කියලා. නමුත් ඔය ඇත්තන්ට තේරේවී අපිට මේ ධර්මය තුල කියල දෙන හැටියට, මේ ධර්මයෙන් ඇත්තටම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ජීවිතය තුලදීම. සැනසීමක් ලබාගන්න පුළුවන්. ඒ අපිට කිට්ටු වීම තුලයි.
තමන්ට කිට්ටු වීම තුලයි.
තමන් එක්ක ජීවත් වීම තුලයි.
තමන් එක්ක තියන දේවල් එක්ක සැරිසැරීම තුලයි.
ඒ දේ හඳුනාගෙන ඒ දේත් එක්ක ඉන්න හිත හදාගැනීම තුලයි.
මෙන්න මෙහෙම වුනාම අපිට තේරෙන්න පටන් ගනීවි, ප්‍රශ්නයක් තියනවා හෝ කරදරයක් තියනවා හෝ යමක් තියනවා වගේම, ඒ තියන දේ නැති වෙලත් යනව කියල. ඒ තියන දේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. දෙකම එකයි. ඒ හැම දෙයක්ම නැති වෙන අවස්ථාවක් එනවා.
ඒ නැති වීමත් එක්ක අපිට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද?
ඒ නැතිවීම අපි අගය කරනවද?
ඒ නැති වීම තුල තියන නිදහස, ඒ අතහැරීම, බැහැර වීම තුල තියන නිදහස අපි බුක්ති විඳිනවද?
මෙන්න මේ දෙයයි ඉගෙන ගන්න ඕන. මං හිතනව ඔය කියන කාරණාව අද ඔය ඇත්තන්ට කියන්න මට අවස්ථාවක් හම්බ වුනා කියල. මේ දේශනාව ඇත්තටම කියනව නම් පෝය දා කරන්න හිටපු දේශනාව. එදා වරුසාවෙන් ගොඩක් ප්‍රශ්න කරදර තිබිච්ච හන්ද අද කරන්න කියල කල්පනා කලා. අදත් මේ සද්ද බද්ද වලින් ගොඩක් ප්‍රශ්න තියනව. ඒ හින්දා මේ කියන තැන පොඩ්ඩක් වෙනස් කලා.
කෙසේ හෝ වේවා, ධර්මය ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නම්, සතිපට්ඨානය අනුසාරයෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඉන්නව නම්, මං විශ්වාස කරනවා අද කියල දුන්න මේ කාරණාව උපකාරයක් වේවි කියල. එය එසේම වෙන්න ඕන. එහෙම කල්පනා කරන ගමන් අද දවසේදී මේ සිදු කරගත්ත කුසලයක් තියනව නම් ඒක සියළු යහපත පිණිසම ඔය ඇත්තන්ගෙ භාවනා ගමන දියුණු කරගන්නම, සංසාර දුකෙන් අත්මිදෙන්නම, භව නිරෝධය සඳහාම හේතු වාසනා වේවා කියල මං බලාපොරොත්තු වෙනව.
එය එසේම වේවා. සාදු සාදු සාදු
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
විභජ්ජවාදී
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"හිතෝ පරං සක්කච්චං ධම්මෝ වෝදපෝතීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද අධි ඇසළ පෝය දවසයි දෙදහස් විසිතුන අවුරුද්දෙ. ඔය ඇත්තො සීල සමාදානයට පැමිණීම ගැන මම බොහොම සතුටු වෙනවා. ඉතින් භාවනාව කියන ඒ දිශාව ඔස්සේ යන ගමන් ඔය ඇත්තො අද දවසෙත් කල්පනා කරනව තමන්ගෙ ජීවිතයට යම්කිසි වූ තැන්පත් භාවයක්, විවේකයක්, නිදහසක් හදල දෙන්නට උත්සාහවත් වෙන්න කියල. ඉතින් ඒ කටයුත්ත කරන්න දැනට මේ සකස් වෙලා තියන වටපිටාව බොහෝමත් ප්‍රමාණවත්. ඒ තියන වටපිටාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමා එතකොට අපිට කරන්න තියන උපරිම දේ.
සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන මේ වකවානුව තුලදී විවිධාකාර විදිහේ හැලහැප්පිලි දේවල්වලට මුහුණ දෙන්න වෙනකොට අපේ හිතත් ඇත්තටම කියනවා නම් පුරුදු වෙනවා ඒ අනුසාරයෙන්, ඒ විදිහේ ස්වභාවයක් එක්ක පවතින ආකාරයකට හුරු වෙන්න. කාලයක් යද්දී ඒ කියන දිශා ආනතිය ඔස්සේම යන ගමන්, යන විදියටම කටයුතු කාරණා සිද්ධ වෙන්න පටන් ගන්න පුළුවන්.
උදාහරණයක් හැටියට කියනවා නම්, යම් කාලයකදී අපි කලබලකමින්ම, කලබල විදියටම හැම දේකටම මුහුණ දුන්න නම්, කටයුතු කලා නම්, එතකොට පසුකාලීනව අපි ඒ කලබල වූ ස්වභාවයෙන්ම කටයුතු කරන්න, කෙරෙන්න හෝ කටයුතු සිද්ධ වෙන්න පටන් ගන්නව. ඒ සාමාන්‍ය ස්වභාවයක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ පින්වතුනි, බහුල හැටියට පුරුදු කරන දේ, වැඩිපුර වැඩිපුර කාලයක් හිත යොමු කරන දේ, නැවත නැවත, නැවත නැවත හිතට කුළු ගන්වන දේ, අපේ හිතේ පැලපදියම් වෙනව. ඒ පැත්තට අපේ හිත නැඹුරු වෙනව.
එතකොට ඔය කියන ක්‍රමයට අනුව අපේ හිත්වල නැමියාව, නැඹුරුකම, බර බව ඇති වෙනවා නම්, අද වෙනකොට පින්වතුනි අපි අද මේ ඉන්න ප්‍රමාණයේදී ඔබත් මමත් යම්කිසි විදියකට කායිකව හෝ චෛතසිකව දුකක් සන්තාපයක් බුක්ති විඳිනවා නම්, ඒක මේ වෙලාවේදී හට ගත්ත එකකට වඩා අතීතයේ ඉඳල තිබිච්ච නැවත නැවත, නැවත නැවත ඉස්මතු වෙමින් පවතින දුකක් නම්, එහෙම නම් ඒ කියන කාරණාවත් අපි උකහාගෙන තියෙන්නෙ, ගලපාගෙන තියෙන්නෙ, පවත්වාගෙන තියෙන්නෙ, ඔය කියන විදිහට නැනත නැවත, නැවත නැවත දුකක් හට ගන්නා වූ ස්වභාවයකට තමයි.
එතකොට උදාහරණයක් හැටියට කියනවා නම්, යම්කිසි දෙයක් අපිට ආයෙ ආයෙ, ආයෙ ආයෙ ඉස්මතු වෙලා අපේ හිතට වදයක් ගෙනැල්ල දෙනවා නම්, ඒ කාරණේ ඉස්මතු වෙනකොට අපි මුලින්ම අරගෙන තියන සංඥාවක් තිබුනා නම් "මේ කාරණෙන් මට වදයක් වෙනවා" කියල, "මේ කාරණෙන් මට කරදරයක් වෙනවාය" කියල, ඒ දේ ගැන අපි විදර්ශනා කලේ නැති වුනොත්, ඒ දේ විදසුන් නුවණින් නැත්නම් විශේෂ වූ ඥණයකින් දැක්කෙ නැති වුනොත්, මේ සිද්ධිය මතු වෙනකොට නැත්නම් මේ කාරණාව සිහිපත් වෙනකොට මම ඒකට දාන ප්‍රතික්‍රියාව තමයි, "මේක මට වදයක්" කියන එක.
මෙන්න මෙහෙම එකක් මේක අස්සෙ තියනවා කියල මේකෙ සංඝටක ටික වෙන් වෙන්, වෙන් වෙන් කරල බලන තාක්කල් ඔය සිද්ධිය මතු වෙනකොට අපි අර විදිහේ කණස්සලු ස්වභාවයකට පත් වෙනවාමයි. අපි හඟින්නේ මේ සිද්ධිය සහ කණස්සල්ල කියන දෙක එකට යන දෙයක් කියල.
අන්න ඒකයි පින්වතුනි ඔය අසුභය කියන භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ. ඒකෙ හරි ලස්සන කොටසක් කියල දෙනවා. දැන් ඔය ඇත්තොත් මමත් හිතනවනෙ මේක ශරීරයක් කියල. සාමාන්‍ය ලෝකයා කොහොමත් හිතනවා මේ පොදු ශරීරයක් තියෙන්නෙ කියල. ඔය ඇත්තන්ට හැඩයක් තියනව, මට තව හැඩයක් තියනව, තව කාට හරි තව හැඩ තියනව, පාටෙන් වෙන්න පුළුවන්, උස මහතෙන් වෙන්න පුළුවන්, හැඩහුරුකමෙන් වෙන්න පුළුවන්, කොහොම වුනත් කමක් නැහැ ඔය කියන පොදු වූ ශරීරය දිහා බුදුරජාණන් වහන්සේ බලන්න කියල කියනව කොටස් වශයෙන්.
එක කොටසක් අපිට කියල දෙනවා ඕකෙ තියන තද ස්වභාවයවල් ටික, මෙලෙක් ස්වභාවයවල් ටික, ගලාගෙන යන්න පුළුවන් ස්වභාවයවල් ටික, ඊළඟට හුළඟට ගහගෙන යන්න පුළුවන් ස්වභාවයවල් ටික, රස්නෙ ස්වභාවයවල් ටික, අවකාශයෙ තියන ස්වභාවයවල් ටික, ආන් ඒ ටික වෙනස් කරන්න කියනව. එහෙම බලනකොට අපි අර පොදු හැටියට ගත්ත ඒ අදහස, ඒ සංඥාවට වඩා බුදු හාමුදුරුවො දේශනා කරනව මේක තුල අපි අර හිතාපු විදිහේ මැවීමක් නෑ කියල.
ඒක හරියට ඉස්සෙල්ල උදාහරණෙට ගත්ත වගේ කණස්සලු ස්වභාවය එන සිද්ධියත් එක්ක, ඒ කණස්සල්ල එනවා කියල එක ඒකකයක් හැටියට අපි ගත්තට විදර්ශනා කලාට පස්සෙ, නැත්නම් විදසුන් නුවණින් විශේෂයෙන් බැලුවට පස්සෙ, මේක තුල තියෙන්නෙ සිද්ධියකුයි කණස්සල්ල කියල එකක් අපි එකතු කරපු එකකුයි කියල මේ දෙක දෙකක් කලාට පස්සේ, වෙන් කලාට පස්සේ, දුරස් කලාට පස්සේ තවදුරටත් මේ දෙන්නාව එක ඒකකයක් හැටියට හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්, තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්.
එහෙම වුනොත් එහෙම අර සිද්ධියට සිද්ධියේ තැන දීලා, හිතින් මම දෙන කනස්සල්ල කියන එකට වෙනම අගයක් අපිට දීලා, මේකෙන් අයින් කරන්න ඕන දේ අයින් කරන්න පුළුවන්. එතකොට අපිට අයින් කරන්න ලේසිම දේ තමයි සිද්ධිය නෙවෙයි, මේ කණස්සලු වෙනවා කියන එක පැත්තකින් තියන්න පුළුවන්. එතකොට සිද්ධිය කියල කියන්නේ හුදෙක් ඇති වෙච්ච, පැවතිච්ච, නැති වෙච්ච සිද්ධියක් විතරයි. කණස්සල්ල කියන එක තමයි ආටෝපය හැටියට දාලා මේක අපි තවරල තියන දේ.
ඉතින් ආන් ඒ වගේ ශරීරයක් දිහා බලනකොට හෝ කෙනෙක් දිහා බලනකොට අපේ හිත හොඳ හෝ නරක හැටියට යන්න පුළුවන්. ඒ වුනාට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඕකෙ තියන ස්වභාවයවල් ටික වෙන වෙනම දකින්න කියල. එහෙම වුනහම අපි හිතමු ගැටීමක් ඇති වුනා කියල. ගහක් කොළක් දැක්කාම අපිට එහෙම ගැටීමක් ඇති වෙන්නෙ නැති නම්, ඔය ගහක කොළක තියන දෙයක්ම නම් මේ ඇඟේ තියෙන්නෙත්, අන්න එතකොට තේරෙන්න ගන්නවා එහෙනම් ඇයි ගැටෙන්නෙ කියල. එහෙම නම් ඇයි ඇලෙන්නෙ කියල.
ඒ වගේම ඕක තවදුරටත් ඔය කියන ප්‍රමාණයෙන්, සීමාවෙන් අපිට නතර කරගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව තව කෑලි ගලවන්න කියල. තව තව කොටස් හැටියට බලන්න කියල. කෙස් හැටියට, ලොම් හැටියට, නිය හැටියට, දත් හැටියට ආදී වශයෙන්. එතකොට ඒකෙදිත් අර තියන ඒ දැකපු එක ඒකකය තවදුරටත් තවදුරටත් තවදුරටත් අපි වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ගලව ගලවා ගලව ගලවා දුරස් කර කර බලන්නයි යන්නෙ.
මේ වගේ ස්වභාවයක් එක්ක පින්වතුනි අපිට තේරෙන්න පේන්න පටන් ගන්නවා මේ කාරණාව තුල තියන සත්‍යම වූ ස්වභාවය මොකද්ද කියල. ඔය ඇත්තෝ ඔය වාහන සම්බන්ධයෙන් වැඩ කරන හින්දා බොහෝ දෙනෙක්, සාමාන්‍යයෙන් ඉන්ජින් එකක් හරි මොකක් හරි කැඩුනොත් එහෙම ඕකෙ තියන ප්‍රශ්න බාහිරින් බැලුවාට අපිට පේන්නෙ හුදෙක් බාහිර ස්වභාවය පමණයි. හැබැයි ඕක කෑලි කෑලි කෑලි කෑලිවලට ගලවන්නත් පුළුවන්. එච්චර ගලවන්නෙ නැතුව පොඩ්ඩක් කොටස් කරන්නත් පුළුවන්.
පොඩ්ඩක් කොටස් කලොත් එහෙම අපිට තේරෙන්නෙ ඒ පොඩ්ඩක් කොටස් කරපු එකේ තියන ඒ මොනව හරි සංඝටකවල වෙනසක් විතරයි. ඒ සම්පූර්ණ කෑලි ටික ගැලෙවුවොත් එහෙම හැම තැනකම තියන මොනව හරි රොඩු තියනව නම් ජරාව තියනව නම් ඒව වෙන වෙනම අයින් කරන්න පුළුවන්. ආන් ඒ වගේ තමා අපේ ජීවිතය තුල අපිට යම්කිසි දේකට ඇලීමක් හෝ ගැටීමක් තියනවා නම් විශේෂයෙන්ම පුද්ගලයෙක්ට, එහෙම නම් අපි කරන්න ඕන හොඳම දේ තමයි මේ ස්වභාවය තුල ඇලෙන්නෙ කොහෙටද? ඇලිල තියෙන්නෙ කොහෙටද? ගැටෙන්නෙ කොහෙටද? ගැටිල තියෙන්නෙ කොහෙටද? කියල හොඳට විමර්ශනය කරල හොයල බලන එක. විදර්ශනා කරල බලන එක.
එහෙම බලන්න වුනාම ඇත්තටම තේරෙනව නම් සිද්ධියක් තියේවි, පුද්ගලයෙක් කියල හඳුනා ගන්න දෙයක් තියේවි, අපි ඒකත් එක්ක ආටෝපය කරපු ගාවල තියපු ගැට ගහල තියපු තව මොනව හරි අදහස් ගොඩක් තියේවි. ඔය හැරෙන්න මේක තුල ඇත්තටම සිද්ධ වෙච්ච කාරණාවක් නැහැ. ඉතින් එහෙම බලනකොට පින්වතුනි අපි කායිකව හෝ මානසිකව හිර වෙලා ඉන්නව නම් යම්කිසි දෙයකට, ඒ දේවල්වල හේතුව තමයි මේ ඔක්කොම තනි ඒකකයක් හැටියට ගන්න එක. මේ ඔක්කොම තනි ඒකකයක් හැටියට ගන්න එක.
උදාහරණයක් හැටියට වාහනයක් පණ ගැන්වෙන්නෙ නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනව මේ වාහනේ වැඩක් නෑ, ස්ටාට් වෙන්නෙ නැති එකක් කියල. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තෙල් නැති එක විතරක් වෙන්න පුළුවන්. තෙල් ටික දැම්ම නම් වාහනේ පණ ගැන්වෙනව. එතකොට තෙල් නෑ කියන එක හරියට දැක්කෙ නැතුව, තේරුම් ගත්තෙ නැත්නම් අපි සමස්ථ වාහනයටම තමයි වැඩක් නෑ කියන ලේබල් එක අලවන්නෙ. හැබැයි වාහනේ රෝද හොඳ වෙන්න පුළුවන්, වටපිටාවෙ තියන බඳ හොඳ වෙන්න පුළුවන්, සීට් හොඳ වෙන්න පුළුවන් ආදී වශයෙන් ඒකෙ තියන අනිත් දේවල්වල යහපතක් පවතින්න පුළුවන්.
එතකොට බුදුරජාණන් වහන්සේ අපිට විදර්ශනා කරන්න නැත්නම් විශේෂයෙන් බලන්න, දැක ගන්න කියල දේශනා කරන්නෙ, කියල දෙන්නේ, අපි මේ දකින දෙය තුල නොදකින කාරණාවයි. ආන් ඒ ටික හඳුනා ගන්නටයි පින්වතුනි අපි භාවනාව කරන්නේ. භාවනාව තුලදී අපි මේ දකින කාරණාවන්වල තියන ස්වභාවයන් මොනවද කියන එකයි හඳුනා ගන්නෙ.
හුළඟක් එනව නම්, ඒ හුළඟ වදිනව නම්, ඒ කොහෙටද වදින්නෙ? මොන පැත්තෙන්ද වදින්නෙ? මොන ගාණෙන්ද වදින්නෙ? ඒ හුළඟ වදිනකොට මට දැනෙන්නෙ කොහොමද? ඒ හුළඟේ පහස මම විඳ දරා ගන්නවද? ඒ පහස විඳ දරා ගන්න කලියෙන් ඔය අතර ඒ දේ ගැන වෙන වෙන මොනව හරි සිතුවිලි හිතනවද? මෙන්න මේ ටිකක් තමා, මේ වගේ දෙයක් තමා අපි හොයන්න ඕන, බලන්න ඕන, දකින්න ඕන. ආනාපානය තුලත් එහෙමම තමයි. එහෙම කරන ගමන්, ශරීරය තුල තියන යම් යම් වූ ස්වභාවයන් ටික හඳුනා ගන්න ගමන්, චෛතසිකව තියන කාරණාවල් ටික හඳුනා ගන්න ගමන්, අපේ හිත ක්ලේශයකට වැටෙනවා නම්, දුකකට වැටෙනවා නම්, අන්න ඒ ස්වභාවය සකස් කරගෙන හදාගෙන යන, ඒ ස්වභාවයන් ටික නිදොස් කරගෙන, බැහැර කරගෙන යන ස්වභාවයකුයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කියල දෙන ධර්ම මාර්ගය තුල තියෙන්නෙ.
ඉතින් ඒකට පින්වතුනි සමහරක් වෙලාවට කායික ඉරියව්ව තුල ඒකාකාරී ස්වභාවය අපිව කම්මැලිකමකට අරන් යන්න පුළුවන්. එහෙම වුනොත් එහෙම අපි ටිකක් ඉගෙන ගන්න පටන් ගන්නවා අසවල් අසවල් වූ ස්වභාවයන් නිසයි, නැත්නම් අසවල් අසවල් වූ විදියට කල්පනා කරන, හිතන හින්දයි මෙන්න මේ වගේ අවස්ථාවකට නැත්නම් මේ වගේ විදියකට තමන්ව යොමු කරන්නෙ කියල. මෙයාකාරයෙන් සලකල අපි අපේ ජීවිතය තුල කෙලෙස් තියාගෙන තියනවද? ඒ තියන ක්ලේශයන් ටික සකස් කරගන්නෙ කොහොමද? අයින් කරගන්නෙ කොහොමද? කියල කියන එකයි ඉගෙන ගන්නෙ.
ඒකට හොඳම දේ තමයි මේ තියන සම්පූර්ණ සමස්ථ කාරණාව, සමස්ථ චිත්‍රය, එක ඒකකයක් හැටියට ගන්නෙ නැතුව පුළුවාන් තරමක්, පුළුවාන් තරමක් කඩල කඩල, කඩල කඩල බලන එක. පුළුවාන් තරමක් දුරස් කරල බලන එක.
උදාහරණයක් හැටියට එක ආශ්වාසයක් අපිට පේන්නෙ තනි දෙයක් හැටියට නම්, ඕක පුළුවන් නම් පොඩි පොඩි කෑලිවලට චුට්ටක් මාරු කරන්න බලන්න. ආශ්වාසයේ මුල, ආශ්වාසයේ මැද, ආශ්වාසයේ අග, ප්‍රාශ්වාසයේ මුල, ප්‍රාශ්වාසයේ මැද, ප්‍රාශ්වාසයේ අග ආදී වශයෙන්. මේ හැටියට චුට්ටක් ගලවල බලන්න. වේදනාවක් දැක්කොත් වේදනාව කොහෙද? මොන ගාණෙන්ද? ඒක වැඩි වෙනවද? අඩු වෙනවද? වේදනාව මට දරන්න පුළුවන්ද? බැරිද? කොච්චර වෙලාවක් ඉවසගෙන ඉන්න පුළුවන්ද? ඒක දැන් තියෙන්නෙ අඩු වෙන තැනේද? වැඩි වෙන තැනේද? ආරම්භයේද? ආන් ඒ වගේ. අපි මේක දිහා වෙනම කතාවක් ගොතනව වගේ වැඩක් තියෙන්නෙ. ඒකත් එක්ක එතකොට ජීවත් වෙන්න උගන්වන ක්රමයකුයි සතිපට්ඨානයෙන් උගන්වන්නෙ.
ඉතින් පින්වතුනි මං කල්පනා කරනවා සහ ඔය ඇත්තන්ට කියන්න කැමතියි, මේ තියන වටපිටාව ඔය කියන කටයුත්ත කරගන්න බොහොමයක් ප්‍රමාණවත්. ඒක හින්දා ඒ තුලින්, ඒ තියන වටපිටාවෙන් ඔය ඇත්තො ප්‍රයෝජන ගන්න උත්සාහවන්ත වෙන්න ඕන. අද දවසේදී තමන්ගෙ ජීවිතේට සිහිය තියෙන, සිහිය පුරුදු කරල තියන කාරණාවල්වල තවදුරටත් සිහිය පුරුදු කරන්නටත්, සිහිය පුරුදු කරන්න බැරි වෙච්ච කාරණාවලට සිහිය එකතු කර ගන්නටත් කාලය යොදවගන්න ඕන කියල මං ආරාධනා කරන්න කැමතියි.
එහෙම කියන ගමන් අද දවසේ භාවනා උපදේශය මම මෙතකින් සමාප්ත කරනවා. ඉතින් හවස් වරුවේ අපි එකට එකතු වෙලා දහම් සාකච්ඡාවක් එහෙම කරලා, සමහරක් වෙලාවට සමූහ භාවනාවක් කරන්නත් අවස්ථාවක් හම්බ වේවි, එහෙම කරලා අද දවසේ කටයුතු නිමා කරන්නට බලමු.
තෙරුවන් සරණයි !
2023 අධි ඇසළ පුන් පොහොය දා බෝලන්කන්ද තපෝ අරණේදී පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද නිවීමේ කලාව ධර්ම දේශනාව මෙතකින් අවසන්.
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
විරාගය
දීඝ නිකාය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අට්ඨීනං නගරං කතං
මංස ලෝහිත ලේපනං
යත්ත ජරාච මච්ඡූච
මාන මක්කෝච ඕහිතෝ තීති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද මේ පුන් පොහොය දා ඔය ඇත්තො තමන්ගෙ ජීවිතයට යහපතක් වඩා වර්ධනය කර ගන්නට, කුසලයක් ඇති කර ගන්නට, පිනක් සිදු කර ගන්නටයි මේ සිල් සමාදන් වෙලා අදහස් කරන්නෙ.
සීලයක් සමාදන් වීමේ ගැඹුරාර්ථය ගත්තොත් එහෙම ධර්මයෙහි කියල දෙන්නෙ පින්වතුනි, අපි රහතන් වහන්සේලා කියන උත්තමයාණන් වහන්සේලාව අනුගමනය කරන, අනුකරණය කරන දවස තමයි පෝය දා කියල කියන්නෙ. උන්වහන්සේලා යම්කිසි විදියකට ජීවිතය ගෙවුවේ, පුරුදු කලේ, හැසිරුනේ ඒ අයුරින්, ඒ ආකාරයෙන්, ඒ අනුසාරයෙන්, ඒ විදියට ජීවත් වෙන්නට, කතාබහ කරන්නට, වැඩ කරන්නට, අතපය හසුරුවන්නට, හිතන්නට, කල්පනා කරන්නට, යොදවා ගන්නා, භාවිතා කරනා දවසට තමයි කියන්නේ සිල් සමාදන් වෙන දවස කියල.
එදිනෙදා ජීවිතයේදී දහසකුත් එකක් කටයුතු කරන අතර සීලයකට තැනක් දීලා, සීලයකට අවස්ථාවක් දීලා, කටයුතු කරන්නට නිතැතින්ම ස්වාධීනවම යොමු කරවන අවස්ථා තියෙන්නත් පුළුවන්, නැති අවස්ථා බහුලයි. හැබැයි සීලයක් සමාදන් වෙන ඒ දවසට, උපෝසථය සිදු කරන ඒ දවසට, පෙහෙවස් සමාදන් වෙන දවසට අපි අනුගමනය කරන්න පටන් ගන්නවා, අනුකරණය කරන්න පටන් ගන්නවා, තමන්ගේ ජීවිතය බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා මහණ දම් පුරලා ඒ ධර්මයෙහි තියන ප්‍රයෝජනය අරගත්ත, ඒ ධර්මයෙහි තියන ප්‍රයෝජනය බුක්ති විඳින, මාර්ගඵලයන්ගෙන් ඉහළම වූ මාර්ගඵලයට පැමිණිච්ච, සපැමිණිච්ච, රහතන් වහන්සේලාවයි අපි අනුගමණය කරන්නේ. උන් වහන්සේලාගේ ක්රියකලාපයයි, උන් වහන්සේලාගේ සිතුම් පැතුම් සමුදාය වගේ සිතුම් පැතුම් සමුදායකුයි අපි අද දවසේදි ඇති කරගන්නට උත්සාහ කරන්නෙ.
එහෙම ගෙවී යන මේ වගේ දවසක පින්වතුනි, අද දවසේදී මම කල්පනා කලා කතාබහ කරන්නට, සාමාන්‍ය ජීවිතයේදී අපිට දකින්නට පේන්නට තියන දෙයක් වගේම, භාවනාවේදී අපි දැක ගත යුතු, හඳුනා ගත යුතු, ප්‍රධාන කාරණාවක් ගැන. ඒක තමයි 'විරාගය' කියල කියන්නෙ. නොඇල්ම කියලත් කියන්න පුළුවන්.
පින්වතුනි මේ විරාගය කියන වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට උන් වහන්සේගේ ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
"මග්ගෙනට්ඨංගිකං සේට්ඨෝ
සච්චානං චතුරෝපදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
ද්විපදානංච චක්ඛුමා" කියල.
"මග්ගෙනට්ඨංගිකං සේට්ඨෝ" කියල කියන්නේ මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංගික වූ මාර්ගය ඒ කාරණා අට තමයි ප්‍රධාන වෙන්නෙ උතුම් වෙන්නෙ.
"සච්චානං චතුරෝපදා" සත්‍යය හැටියට මේ ලෝකේ ඇත්ත හැටියට කියන්න පුළුවන් දේවල්වලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තියන ඇත්ත තමයි චතුරාර්ය සත්‍යය. දුකත් දුක ඇති වීමට හේතුවකුත් දුක නැති කිරීමේ අවශ්‍යතාවයකුත් ඒ දුක නැති කරන මාර්ගයකුත් කියන මේ කාරණා හතර.
දෙපා ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ, ප්‍රධාන වෙන්නේ, පාරිශුද්ධ වෙන්නේ, උතුම් වෙන්නේ, වැදගත් වෙන්නේ, විශිෂ්ඨ වෙන්නේ ඔය ඇත්තොත් මමත් සරණ ගිය තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි.
ධර්මතාවයන් අතරින් දැකබලා ගත යුතු, තේරුම් ගත යුතු, ධර්මතාවයන් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ, වැදගත් වෙන්නේ, වටින්නේ, උත්කෘෂ්ට වෙන්නේ පින්වතුනි විරාගයයි. "විරාගෝ සෙට්ඨෝ ධම්මානං"
එතකොට ඔය කියන විරාගය ඇතිකර ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරන්නේ. ඉතින් අද දවසේදී මම කල්පනා කලා මේ පිණ්ඩපාතෙ වැඩලා එනකොට හිතට ආපු අදහසක් එක්ක ඔය කියන දිශානතිය පොඩ්ඩක් කතා කරන්න කියල. අද මාතෘකා පාඨයට ගත්ත ගාථාව පින්වතුනි,
"අට්ඨීනං නගරං කතං
මංස ලෝහිත ලේපනං
යත්ත ජරාච මච්ඡූච
මාන මක්කෝච ඕහිතෝ"
ඔය ඇත්තො සමහරක් විට දැකලත් ඇති අත්දැකීමුත් එක්ක, එහෙම නැතිනම් අපි පින්තූරවලත් දැකල තියනව, හැබෑ රූපයට නැතත් අපේ ශරීරය හැදිල තියෙන්නෙ ඇටකටු ගොඩකින්. මේ තියෙන්නෙ ඇටකටු ගොඩක් කියල. ඒක ටිකක් සිතියමක් වගේ. අරගෙන බැලුවොත් එහෙම හරියට නගරයක සැලැස්මක් වගෙයි.
ප්‍රධාන මංමාවතක් තියනව, ඒකට අපි කියනව අද කාලෙ main road එක කියල. ඒ වගේ එකක් තියනව අපේ කොඳු ඇට පෙල කියල පල්ලෙහාට යනකං. ඒකෙන් ඊළඟට අනු අනු පාරවල් හැදිල තියනව දෙපැත්තට. මේක හරියට නිකං "අට්ඨීනං නගරං කතං" මේ ඇටකටු ටික පිහිටල තියෙන්නේ නගරයක් වගේ හරියට. නගරයක සැලසුම තියෙන්නෙ. එහාට මෙහාට විහිදිච්ච ගම් තියන එක එක ප්‍රධාන පාරවල්, අනු පාරවල් හැටියට තියන ඒ වගේ තියන නගරයක් වගේ.
"මංස ලෝහිත ලේපනං" නිකම්ම ඒක නෑ. ඒක ආලේපනය කරල තියනවා මස්වලිනුයි ලේ වලිනුයි. ඒ තියන මස ලේ වලින් ආලේපනය කරල තියනව. මසක් නිකං තිබ්බට පාට නෑ, ලේ ගෑවමයි පාට තියෙන්නෙ.
හැබැයි මේකෙ තියන ප්‍රධානම ධර්මතාවයක් තමයි පින්වතුනි, "යත්ත ජරාච මච්ඡූච" නිරන්තරයෙන්ම ජරාවට සහ මරණයට පත් වෙනව.
ඔය අතර අපට නොතේරෙන කතන්දරයකුත් තියනවා. "මාන මක්කෝච ඕහිතෝ" හැබැයි මේක අස්සේ මේ මාන්නය, මසුරුකම, ඉරිසියාව, ක්‍රෝධය, තරහව, පළිගැනීම ආදී හැටියට ගත්ත කෙලෙස් වගේම නිකෙලෙස් දේවලුත් වුනත් එව්ව තියනව.
දැන් අපි හිතන හැටියට ඔය කියන ගාථා පදයෙ තියන තුන් වෙනි වචනෙ "යත්ත ජරාච මච්ඡූච" ජරාව කියල කිවුවම අපේ හිතට ගොඩක්ම එන්නෙ වයසට ගිය, ගොඩාක්ම වැහැරිච්ච, ගොඩාක්ම දුර්වල වෙච්ච, කරකියාගන්න බැරි වෙච්ච, විදිහේ චිත්‍රයක් හිතේ මැවෙනව. මරණය කිවුවහම අපිට ඇත්තටම තේරෙන්නෙ මිනී පෙට්ටියක් වගේ වෙන්නත් පුළුවන්.
හැබැයි ගාථාවෙ කියනව ලස්සන වචනයක් "යත්ත". නිරන්තරයෙන්ම. නිරන්තරයෙන්ම ජරාවටයි මරණයටයි පත් වෙනව. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නෙ?
මෙන්න මෙතනයි පින්වතුනි අපිට භාවනාවට සම්බන්ධ වෙන්නේ. අපි මේ ලෝකෙ මොන දේ කලත් මයෙ පුතා, අපිට හැංගෙන්න බැරි කාරණාවල් කීපයක් තියනව. අපි එක එක විදිහේ හපන්කම් තියන අය වෙන්න පුළුවන්, දක්ෂතා තියන අය වෙන්න පුළුවන්, බලපුළුවන්කාරකම් තියන අය වෙන්න පුළුවන්, හැකියාවල් තියන අය වෙන්න පුළුවන්, මෝඩ වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුනත් ජරාවෙන් සහ මරණයෙන් අපිට බේරීමක් නැහැ. ඔහොම නෙවෙයි මොන ජගතාටවත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ.
හැබැයි ඕක අවබෝධ කරන්නට, තේරුම් ගන්නට මැරෙන්නම ඕනත් නෑ. අන්න ඒකයි බුද්ධ ශාසනය තුල කියල දෙන පුදුමාකාර විදිහේ පාඩම. පුදුමාකාර විදිහේ ඉගැන්වීම. දර්ශණය. ඒකයි මේක ආගමක් නොවෙන්නෙ. දර්ශණයක් වෙන්නෙ ඒකයි. මේක ජීවන හැඩතලයක්. ජීවිතේ දකින්නට අපිට කියල දෙන අළුත් ඇහැක්. ඒකයි මේකට 'දහම් ඇස' කියල කියන්නෙ මම හිතන්නෙ.
පින්වතුනි අපි මොන දේ කලත් අපිට ඔය කියන ජරාවෙන් සහ මරණයෙන් බේරෙන්න බැරි විත්තිය අපිටම අද වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ හරි තේරෙන්න ඕන. මොන දේ කලත් අවසානෙදි අනිවාර්යයෙන් අසනීප වෙලා මැරෙනවාමයි. ඔය මරණය කියන එක තාම අපිට තේරිලා නෑ. සමහරක් විට shock වගේ වෙන්න පුළුවන් මොකක් හරි මරණයක් දැක්කහම.
භාවනා කරන්න වාඩි වුනාම අපිට එක හුස්මක් දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියනවා නම්, ඒ බලාගෙන ඉඳල තියන හුස්ම ගැන ආපහු මතක් කලොත් එහෙම, ඒ හුස්මෙත් හරි ලස්සන විදිහේ ගමනක් තියනවා. චාරිකාවක් තියනවා. අපි කියමු වැඩම කිරීමක් තියනවා කියල.
එක්තරා තැනකින් ආරම්භ වෙලා, කොහෙන්ද නාසිකාග්‍රය පැත්තෙන් ඊලඟට ඕක ඔහොම නාසිකාග්රයෙන් ගිහිල්ලා, නහය ඇතුලට ගිහිල්ලා, උගුරට ගිහිල්ලා, පපුව ගාවට ඇවිල්ලා, අපි විද්‍යාවෙන් අහල කියනවා මේක පෙනහළු දක්වාම යනවයි කියල. ඒ පෙනහළු පිරෙනකොට ඔන්න අපේ උදරයත් පිම්බෙනව. එතකොට ගන්න හුස්ම එතනින් ඉවරයි. ඊළඟට හෙළන හුස්ම පෙනහැල්ලෙන් පටන් ගන්නව. පෙනහැල්ල පිරිල තියන ස්වභාවය ඔන්න හැකිලීගෙන හැකිලීගෙන යන්න පටන් ගන්නව. ඊළඟට ඒ හුළං ටික උගුරු දණ්ඩ දිගේ බෙල්ල හරහා ඔහොම ඔහොම නහය පැත්තෙන් නාසිකාග්රයෙන් එළියට යනව.
මේක දිහා හොඳ නිරීක්ෂණාත්මකව බලාගෙන හිටියොත් එහෙම ඔය හුස්මෙත් ආරම්භයකුයි පැවතීමකුයි නැති වීමකුයි තියනව. හරි ලස්සනයි ඒක දකින්න. අපි ජීවත් වෙන්නෙ පින්වතුනි ඔය හුස්ම ඇති වෙලා පැවතිලා නැති වෙන හින්දයි. තේරුනාද? ඒ එක සුසුම් පොදක් හටගෙන, පැවතිලා, නැතිවෙන හින්දයි අපි ජීවත් වෙන්නෙ. හටගෙන පවතින හින්ද නෙවෙයි හටගෙන පැවතිලා නැති වෙන හින්දයි.
ආශ්වාසයක් ඇති වෙලා, පැවතිලා, නැති වෙන්න ඕන ආශ්වාසයක් පටන් ගන්නට. ආශ්වාසයක් ඇති වුනේ නැති නම් ප්රාශ්වාසයක් ඇති කරගන්න බැහැ. ප්රාශ්වාසයක් ඇති වෙලා, පැවතිලා, නැති වුනේ නැති නම් ආශ්වාසයක් ඇති වෙන්නෙත් නෑ. මේ දෙකම ඇති වෙවී, පැවති පැවතී, නැති වෙවී තියෙන්නෙ නැති නම් අපි ජීවත් වෙන්නෙත් නෑ.
"යත්ත ජරාච මච්ඡූච" මෙන්න මේක තමයි පින්වතුනි, මේ වගේ දෙයක් තමයි අපේ ජීවිතේ තුල ඇත්තටම මේ වෙද්දි සිද්ධ වෙන ජරාව සහ මරණය.
මේ වෙනකොට ඔය ඇත්තො සිල් සමාදන් වෙන්න ආපු වෙලාවෙ ඉඳලා මේ කාලය වෙනකං හුස්ම වාර කීයක් නම් මියෑදෙන්න ඇද්ද? අපි හිතනව මරණ සතිය හැටියට අපි යමක් වඩන්න ඕන, හිතන්න ඕන, කල්පනා කරන්න ඕන අරෙහෙ මෙහෙ කියලා. වැරදි නෑ නරක නෑ, නමුත් අපි හිතන ඒ කොටසට අයත් වෙන්නෙ අපි දන්න අය විතරක් නම් හිතන්න පුළුවන්, මමත් මැරෙනවයි කියල.
මං මැරෙනවයි කියල හිතපුවහම තේරෙන්නේ හෝ සිහියට නැඟෙන්නෙ, සංඥාවට එන්නෙ මම මිනී පෙට්ටියෙ ඉන්නව කියන එකනෙ. එතකොට මගේ මරණය කියන එක ගැන මට එන අදහස තමයි කවදා හෝ දවසක මං දන්නෙ නැති වෙලාවක මෙන්න මෙහෙම එකක් වෙනවය කියල. සමහර ඇත්තො ඊළඟට සැලසුම් කරන්නත් පටන් ගන්නව.
මට මතකයි පහුගිය කාලෙක එක මනුස්සයෙක් එයාගෙ මිනී පෙට්ටිය හදල ජෝතිපාල මහත්තයගෙ සිංදු දාන්න කැසට් එකකුත් හදල තිබ්බ ඒකටම. එයා ජෝතිපාල මහත්තයගෙ සිංදුවලට කැමතියිලු. ස්පීකර් වගයකුත් හයි කරල ඒක දාගෙනලු යන්න ඕන කනත්තට "සිරියමෙ සාරා" ත් වැඩ කරා ඒකෙ. එයා නිදාගෙනත් පෙන්නනව ඒකෙ. අටපට්ටමට හරි මොහොකට හරි පෙන්නුවෙ.
හේතුව අපි හිතාගෙන ඉන්නෙ අපි මැරෙන්නෙ ජීවිතේ එක වතාවයි කියල. නෑ. හැබැයි ප්‍රශ්නයක් වුනාම නම් අපි හිතනවා, අනිත් ඇත්තොත් එක්කත් කියන්නත් පුළුවන් "මම මැරි මැරී ඉපදෙන කෙනෙක්" කියල.
හරි ලස්සනයි ඒ කතාව. හරිම ලස්සනයි. බලන්න අපේ ජීවිතේට සැබෑවටම දුකක් ළං වෙච්ච දවසට, මුණ ගැහිච්ච දවසට, උරුම වෙච්ච දවසට, අපි ධර්මය තේරුම් ගන්න බලනව. අපිට ධර්මය විදහා පානව. අපිට ධර්මය ඉස්මතු වෙනව. අපිට ධර්මය වැටහෙනව. මොකක්ද? "මම මැරි මැරී ඉපදෙනව."
හැබැයි ඒක ගන්නෙ ධර්මයෙන් දෙයක් ඉගෙන ගත්ත හැටියට නෙවෙයි. ඒක ගන්නේ හැඟීම්බරතාවයෙන් යුක්තව. ඉතින් අඬන්න පටන් ගන්නව. භාවනාවෙන් පින්වතුනි අපි ඉගෙන ගන්න දේ තමයි මේ ඇට වලින් හැදිච්ච නගරයේ, මස්වලින් ලේවලින් ආලේපනය කරල වහල හංඟල තියන මේ ශරීර කූඩුවේ, ඔය ජරාවට පත් වෙන අවස්ථාවල් ටික තියනව වගේම මේකට අපි දාගන්න හොඳ හෝ නරක අදහස් වුනත් ඒ දේවල්වලටත් තියන ක්‍රියත්මක වන එකම ධර්මතාවය සිද්ධ වෙන ආකාරය, ස්වරූපය, ඇති වීමක් පැවතීමක් නැතිවීමක්. තේරුනාද?
අපේ හිතට තරහක් ආව කියන්නකො. ඒ එන තරහත් එක්තරා හේතුවක් හින්දා, ඇහැට දකින රූපය වෙන්න පුළුවන් කනට අහන සද්දෙ වෙන්න පුළුවන්, මොනව හරි කමක් නෑ, ඒ මොකක් හරි දෙයක් හින්ද හට ගැන්මක් තියනව. පැවතිල්ලක් තියනව වගේම නැතිවිල්ලක් තියනව. හැබැයි අපි හිතා ගන්නව ඊලඟ වතාවෙදිත් ඒ වගේ තරහක් මතක් වුනාට පස්සෙ මට පරණ තරහමයි ඇවිත් තියෙන්නෙ කියල.
නමුත් මේක අළුත් එකක්. මේ අළුත් එකක්. අපි දන්නෙ නැහැ මේක වෙනස් කරන්න. ඒකයි මේකෙ සංසාරයක් තියෙන්නෙ. මේකෙ සංසරණයක් තියෙන්නෙ. මේකෙ සම්බන්ධයක් තියෙන්නෙ. මේකෙ එකතුවක් තියෙන්නෙ. එක්කාසුවක් තියෙන්නෙ. වැල නොකැඩී ගමන් කිරීමක් තියෙන්නෙ.
හැබැයි අපි මේක දකින්න පටන් ගත්ත නම් මයෙ පුතා, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කාරණාවක් කියලා, ඊළඟ කාරණය ඇති වෙන්න පුළුවන් පවතින්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක වෙනයි අරකට වඩා. එකම සිද්ධිය වෙන්න පුළුවන්, අපිට දකින්න පුළුවන්කමක් තියනව නම් මෙතන තියෙන්නෙ කාරණා දෙකක හැටියට දෙකක් කියලා, සංසාරයක් ගෙනිච්ච ගමන අපි නතර කරනව.
සෝතාපන්න කෙනා ආයෙ උපදින්න පුළුවන් කියල කියනවනෙ උපරිම ආත්ම හතක්. ඕකෙත් ඔය වර්ග තුනක් ඉන්නව. කොහොම හරි ඒක හරියට එයාට එක දෙයක් මෙනෙහි කරන්න හෝ ආපහු ආවර්ජනය කරන්න, ඒක හිතෙන් අයින් කරන්න හත් පාරක් යනවා කියන එක වගේ අදහසක් නේද මේ තියෙන්නෙ.
මං ආයෙත් කියන්නං කියපු එක. අපේ හිතට යම්කිසි දෙයක් ආවොත් ඒක අනන්ත අප්‍රමාණ වාර ගණනක් අපිට හිතෙන්න හිතෙන්න හිතෙන්න හිතෙන්න ඕන, ජීවත් වෙන්න ඕන ඒක තුල. ඒක තමයි අපේ තියන සාමාන්‍ය පෘථග්ජන මනසේ තියන ස්වභාවය. සෝතාපන්න කෙනාට පුළුවන්කමක් තියනවලු ආත්ම හතක් ඇතුලතදී එයාගෙ දුක සම්පූර්ණයෙන්ම සහමුලින්ම නැති කරල දාන්න. ඒක අර කියන සිතුවිල්ලට, අර කියන ක්ලේශය මතු වෙන එකට සමාන කරල ගත්තොත්, එයාට ඒ කියන ක්ලේශය හිතට මතු වෙනවා නැතුවාම නෙවෙයි හැබැයි නැත්තටම නැති වෙලා යනව හත් පාරකට පස්සෙ. ඊට කලින් වෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි මේකෙ කතාව තුල තියෙන්නෙ.
එතකොට බලන්න අපි ඉන්න මානසික ස්වභාවය හෝ මානසික තලය මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන් මොකක් හරි සිද්ධියක් වුනාට පස්සේ. එතකොට අපි මේ ඉගෙන ගත යුතු හෝ දැනගත යුතු දහම තුලින් මේ ඉගෙන ගන්න ඕන වෙන්නෙ, පුරුදු කරන්න ඕන වෙන්නෙ, රහතන් වහන්සේලා වැනි වූ මාර්ගඵල ලබාපු උත්තමයන් වහන්සේලා ජීවිතේට මුහුණ දුන්න ආකාරය කොහොමද? ස්වරූපය කොහොමද? කියල. ඒ ස්වරූපය අපේ ජීවිතයත් එක්ක සසඳල බලනකොට අපි ඉන්න තැන හොඳ හැටි අවබෝධ කරගන්න පුළුවන්.
එතකොට පෝය දා අපි මේ සිදු කරන්නේ අපි ඉන්න තැන මනාකොට හඳුනාගෙන, ඒ තැන රහතන් වහන්සේගේ තැන හැටියට ආරෝපණය කරන්න උත්සාහවන්ත වෙන එකයි. එතකොට පින්වතුනි අපි හඳුනාගත යුතු දෙය තමයි භාවනාවෙදී අඩියක් තියල ඊළඟ අඩිය ගන්නකොට ඒ අඩියට ඇත්තටම ඇතිවිල්ලක් තියනවා අඩිය තුල පිහිටීමකුත් තියනවා ඒ අඩිය තිබ්බ එකේ තිබිච්ච සංඥාව වේදනාව සංඛාරය විඥ්ඥාණය හරි මොනව හරි මේ තිබිච්ච ඔක්කෝම ටික එකක් පාසා එකක් ඇති වෙලත් තියනවා පැවතිලත් තියනවා නැති වෙලත් තියනවා.
ඔන්න ඔය කියන ආකාරයට අපි විරාගී බවක් ඇති කරගත යුතුයි අපේ ජීවිතේ තුල. මේක එතකොට වේදනාව දණිස්සක එනවා නම් ඒ දණිස්සේ එන වේදනාව දිහාත් විරාගී සංඥාවෙන් බලන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වේදනාවෙන් සතිමත් වෙන්න විතරක් නෙවෙයි, ඒක විරාගය මුසු වෙච්ච ස්වභාවයකින්, ඒකට නොඇලිච්ච, ඒක තුල තියන සමස්ථ සිද්ධියම මනාකොට හඳුනා ගන්නා වූ ස්වභාවයෙන් දකින්න අපි දහම් ඇස පහළ කරගන්න ඕන. හදා ගන්න ඕන. පුරුදු කරගන්න ඕන.
ඒ විදිහේ දෙයක් අපිට කරගන්න පුළුවන් වුනා නම් රූපයට, ඒ විදිහේ දෙයක් අපිට කරගන්න පුළුවන් වුනා නම් වේදනාවට, සංඥාවට, අපේ හිතේ හදා ගන්න සංඛාරයට සහ ඇති කර ගන්න සිතුවිලිවලට, විඥ්ඥාණයටත්, අපිට ඒ ඒ අවස්ථාවන්වලින් නිදහස් වෙන්නට මිදෙන්නට අවස්ථාවක් තියනව.
එක ගැටළුවකින් සහමුලින්ම නිදහස් වුනා නම් බුදුරජාණන් වහන්සේ සල්ලේඛ සූත්‍රයේ දේශනා කරනව ඒ කෙනා ඒ කාරණාවෙන් පරිනිර්වාණයට පත් වෙච්ච කෙනෙක් කියල. ඒ කාරණාවෙන් විතරක් පරිනිර්වාණයට පත් වෙච්ච කෙනෙක් කියල. එතකොට පින්වතුනි එක සිද්ධියක්, එක ගැටළුවක්, එක අවස්ථාවක්, මනාකොට ධර්මානුකූලව යහපත් විදියට විසඳගත්තා නම්, ආයෙ සංසාරයේ කවම කවදාකවත් ඒක අපිට ගැටළුවක් වෙන්නෙ නෑ, ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ආයෙ කරදරයක් වෙන්නෙ නෑ. මේකයි ධර්මයේ තියන හරි ලස්සනම විදිහ.
මේ කියන නිවන් සුවය ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි ඉන්න වටපිටාව තුල එදිනෙදා ජීවිතයට මුහුණ දෙන ස්වභාවයට අනුව තීන්දු වෙනවා, තීරණය වෙනවා. ඒ මුහුණ දෙන ස්වභාවය ධර්මානුකූලයි නම්, 'වරහන් ඇතුලෙ' ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුලත් වෙනවා නම්, එහෙනම් එච්චර තමයි. එහෙනම් ඒ ජීවිතේ නිවී සැනසෙනව.
හැබැයි යම්කිසි අවස්ථාවකදි ඔය කියන මාර්ගයෙන් පිට පැන්නා නම්, පිට පැනල කටයුතු කරනවා නම්, දුකත් ඒකාන්තයි. ලැබෙනවාමයි.
පින්වතුනි කල්පනා කර ගන්න ඕන අපේ ජීවිතේ මේ ලැබිල තියන අවස්ථාව මඟ හරවා නොගෙන කටයුතු කරන්න. මොකද ඔය මොන දේ කලත්, මොන විදියට හිටියත්, අපිට බේරෙන්න බැරි කාරණාවල් කිහිපයක් තියනවා. ඒක කාටත් වෙනවා. ඒ බේරෙන්න බැරි කාරණාවල් දැනටත් සිද්ධ වෙනව. ඒ සිද්ධ වෙන විත්තිය තමයි අපි භාවනාවෙදි දකින්නේ ඉගෙන ගන්නෙ බලාකියා ගන්නෙ.
එතකොට අපි මේකට ඇලිල නෙවෙයි ජීවත් වෙන්නෙ, විරාගයෙන් ජීවත් වෙන්නෙ. අපි විරාගයෙන් ජීවත් වෙනව. හේතුව ඒ විරාගය කියන එක අපි දන්නේ පොතේ පතේ තියන ඒව කටපාඩම් කරපු හින්ද නෙවෙයි. අපේ ජීවිතේ තුල බුක්ති විඳින දේ ගැනම හොඳ හැටි අවධානමත් වෙච්ච හින්ද. හොඳ හැටි තේරුම් කරගත්ත හින්ද. සතිමත් වෙච්ච හින්ද. ඒ තියන කාරණාවල්ම සිහිනුවණක් බවට පරිවර්තනය කර ගත්ත හින්ද. අපිට විරාගයක් මතු වෙනව. අපිට විරාගය පහළ වෙනව.
ඉතින් මෙන්න මේ ධර්මතාවයයි පින්වතුනි අපි අපේ ජීවිතයට ඇති කර ගන්න ඕන වෙන්නෙ. පුරුදු කරගන්න ඕන වෙන්නෙ. එහෙම වුනාම අපිට අවස්ථාවක් හම්බ වේවි
"මාන මක්කෝච ඕහිතෝ"
මානය මසුරුකම ක්‍රෝධය වෛරය පළිගැනීම ඊර්ෂ්‍යාව ඒ වගේ කාරණාවල් එක්ක තියන කෙලෙස් වුනත් (අපේ හිතේ අපිට තියාගන්න ඕන ඒව නෙවෙයි ඒ) ඒව පහළ වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. ගොඩක් වෙලාවට අපි කරන දේ තමයි ඕවට නැති වෙලා යන්න දෙන්නෙ නෑ. අපි ඒවට ජවය හදල දෙනව. ජීවිතය හදල දෙනව. ඇයි?
එක සිතුවිල්ලක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න ඕන අනිත් සිතුවිල්ල ඇති වෙන්න. ඒකෙ තේරුම ඒ සිතුවිල්ලේ ජීවිත කාලය ඉවර වෙන්න ඕන අනික් සිතුවිල්ලේ ජීවිත කාලය ආරම්භ වෙන්න. නමුත් අපි ඇලීමක් හදා ගන්නව, අපි රාගයක් ඇති කර ගන්නව මේ සිතුවිල්ලමයි මං මේ හිතන්නෙ, මේ සිතුවිල්ලමයි මම මේ දකින්නේ හෝ තේරුම් ගන්නෙ කියල. මේ රූපයමයි මම දකින්නෙ, මේ සද්දයමයි මම අහන්නෙ, මේ ගඳ සුවඳමයි දැනෙන්නෙ ආදී වශයෙන් අපි මුලාවකට පත් වෙනව.
මෙන්න මේකට කියනව අවිද්‍යාව කියල. වචනය සාධාරණයිනේ. අවිද්‍යාව කියල කියමු. මෝහය, මුලාව මේ වචන කොච්චර සාධාරණද නේද? කොච්චර නම් සාර්ථකද නේද? අපි තේරුම් නොගත්තට.
එතකොට ඔය කියන අවිද්‍යාව පින්වතුනි වෙන කොහේවත් තියන එකක් නෙවෙයි, මේ මොහොත තුල තමා ගාව තියනවද කියල තේරුම් ගන්න ඕන. හැබැයි ඒකෙ හැම වෙලාවෙම අවිද්‍යාවකුත් නෑ. ධර්මානුකූලව අපි යහපත් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ හැටියට වැඩ කරනව නම් එයා ඉන්නව හේතු හදා ගන්නෙ නැති සීමාවෙ.
බුදු හාමුදුරුවන්ගෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ හරියට තෙල් බෙහෙත් කුප්පියක් වගේ නිකං මැජික් බලයක් තියන එකක් නෙවෙයි. හැබැයි ඒක තුල ඉන්න වුනාම අපි දන්නව අපිට කරදරයක් නැහැයි කියල. ප්‍රශ්නයක් නැහැයි කියල.
ඉතින් මෙන්න මේ විදියටයි පින්වතුනි මේ ඇටකටු ගොඩෙන් හැදිච්ච අපේ නගරය, මස්වලින් ආලේපනය කරල ගැට ගහගෙන ඉන්න මේ ශරීරය, මානය මසුරුකම ආදිය කරගත්ත කෙලෙස්වලින් බැහැර කරල නිකෙලෙස් තත්ත්වයට පත් කරගන්නෙ. ඒක කරගන්නෙ එතකොට තමන් මේ මොහොත තුල තියන දේ ගැන කරන අපක්ෂපාතී නිරීක්ෂණය මතයි. තමන් අවබෝධ කරගන්න ඕන ඇත්තටම මම මේ අතීතය කන එකද කරන්නේ? නැත්නම් වර්තමානය තුල ජීවත් වෙන එකද කරන්නේ?
ගිය අවුරුද්දේ හිතේ හදා ගත්ත විදියට, ගිය අවුරුද්දේ ඉගෙන ගත්ත විදියට, ගිය අවුරුද්දේ කල්පනා කරල අදහස හිතේ තැන්පත් කර ගත්ත විදියට අද වැඩ කරනවා නම්, කෙනෙක් කෙරෙහි අද හිතනවා නම්, ඒ කෙනත් එක්ක කතා කරනකොට අද කතා කරනවා නම්, ඒ කෙනත් එක්ක වැඩ කරනකොට ඒ විදියට වැඩ කරනවා නම්, අද ජීවත් වෙනවා කියනවට වඩා ගිය අවුරුද්දෙ හරි ඒ කාලෙ හරි ජීවත් වෙනවා කියන එක ඇත්තනෙ.
අපේ ඇඟ තියෙන්නෙ වර්තමානයේ තමයි. නමුත් හිතෙන් අපි වැඩ කරන්නෙ අතීතයෙ වගේ ඒ ගත්ත අදහසට අනුව. ඉතින් මේ වෙද්දි මේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අපි වෙනස් වෙලා නෑ. අපේ හිතේ වෙනසක් වෙලා නෑ. මෙන්න මේ වෙනසයි පින්වතුනි අපි ඇති කරගන්න ඕන. මොකද අපි රාගය ඇති කරගෙන තියනවා ඒ කාලයේ ඇති කරගත්ත සිද්ධියට. ඒකෙ විරාගයෙන් දැකල නෑ. තේරුනාද? ඒකයි විරාගය මෙතරම් ප්‍රකට වෙන්නෙ.
"විරාගෝ සෙට්ඨෝ ධම්මානං" වෙන්නෙ ඒකයි.
සියළු ධර්මයන් අතරින් දකින්න ඕන, තේරුම් ගන්න ඕන, බලන්න ඕන, අවබෝධ කරගන්න ඕන ධර්මතාවය තමයි විරාගය කියල කියන්නෙ. ඒ දේ ඇති කරගන්න පුළුවන්කමක් තියනව නම්, ජීවිතේ නිදහස සහ සාමය කියන දෙක ඕනෑම වෙලාවක අපි ගාව තියනව.
අන්න ඒ නිදහස ඇති කරගන්න සාමය සැනසීම ඇති කරගන්න අදත් මේ කියල දුන්න කාරණාවල් ඔය ඇත්තන්ගේ භාවනා මාර්ගයට වගේම අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නටත් හේතු වාසනා උපකාර වේවා කියල අපි බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
මට අහිමි මම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ජීරංති රාජා රතෝ සුචිත්තා
අථෝ සරීරම්පි ජරං උපේතී
සතංච ධම්මෝ නජරං උපේතී
සබ්බාදිසා සප්පුරිසෝ පවාතී"
ඔය ඇත්තන් බොහොම සාදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. මේ වස් කාලයයි ගෙවීගෙන යන්නෙ. ඉතින් අපේ සුජාතා මෑණියො වස් ආරාධනා කරල දුක සැප බලන්න කියලයි මේ ඇවිල්ල තියෙන්නෙ බොහොම දුර මඟ ගෙවාගෙන.
මේ කාලෙ හැටියට අද වෙනකොට බොහොම සම්බාධක තියනව. බොහොම කටයුතු තියනව. හරි විපත්ති බහුල කාලයක් වගේ පේනවා. ඉතින් මේ කාලයකදි වුනත් පින්වතුනි ඔය ඇත්තෝ කල්පනා කරන ඔය ඇත්තො උත්සාහවත් වෙන ධර්මයේ හැසිරෙන්නට කරන වීර්යය තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියන විශ්වාසයෙන් යුක්තව, උන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ ධර්මය ගැන තියන විශ්වාසයෙන් යුක්තව, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අනුව ගිහිල්ලා සංසාර දුකෙන් නිදහස් වෙච්ච සංඝ රත්නය විශ්වාස කරගෙනයි ඔය ඇත්තො උත්සාහ කරන්නේ අපිත් ඒ ගොඩට ගියා නම් අපිත් නිදහස් වෙලා කියන අදහසින්.
ඔය ඇත්තන්ට කියන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගාවට ආපු හැම කෙනෙක් වගේමත් තථාගතයන් වහන්සේත් ඇතුළුව ඒ හැමෝටම ධර්මය පිළිසරණ වුනා වුනාට ඒ කාටත් හැංගෙන්න බැරි දෙයක් තියනව. ඒ හැමෝටම ධර්මය පිළිසරණ වුනා ඒකයි මාර්ගඵල ලබා ගත්තේ. හැබැයි ඒ මාර්ගඵල ලබා ගත්ත අය හෝ නැති අය හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ වෙන කවුරු හෝ කෙනෙක් වුනත් මුවා වෙන්න නැතිනම් වහං වෙන්න හැංගෙන්න බැරි කාරණා කිහිපයක් තියනව.
ඒ එකක් තමා අද මේ මාතෘකාවටත් ගත්තෙ. අපිව වයසට යන එක. අනිත් එක තමයි ලෙඩට දුකට පත් වෙන එක. තවත් එකක් තියනවා මියෑදෙන්න වෙන එක. ඒක අපි කැමති වුනා හෝ නැතා, අපි බලාපොරොත්තු වුනා හෝ නැතා, ඒක අපි ගාවට එනවමයි. අපිට ඒකෙන් අයින් වෙන්න බැහැර වෙන්න බැහැ. ඒකෙන් හැංගෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ඔය කතාව කුළු ගන්නවන්න හරි ලස්සන ගාථාවක් කියනව මේක දහම් පදයෙ ජරා වර්ගයෙ තියෙන්නෙ.
"ජීරංති රාජා රතෝ සුචිත්තා"
රජ්ජුරුවන්ට තියන වාහනේ සෙල්ලං වාහනයක් නෙවෙයි. අද කාලෙ වුනත්, ජනාධිපති කියල කියනව අද කාලෙ රජ්ජුරුවොන්ට, එයා යන වාහනේ බොහොම ආරස්සා සහිතයි. ඒ වාහනේට වෙඩි වදින්නෙ නැහැ කියල කියනවා, හැප්පුනොත් එහෙම ආරක්ෂාවයි ඇතුල මොනවවත් වෙන්නෙ නැහැ කියල කියනව අඩුම තරමෙ ටයර් එකකට වෙඩි තිබ්බත් ඒකෙ හුළං බහින්නෙ නැල්ලු. එහෙම ටයර්ලු තියෙන්නෙ. මං දන්නෙ නෑ ඒ ටයර් මොනවද කියල.
හැබැයි ඔය වගේ වාහන වුනත් පින්වතුනි කාලයක් යනකොට "ජීරංති" කියල කියනව බුදු හාමුදුරුවො හරි ලස්සනට. දිරනව. ඒව දිරනව. දිරන්නෙ මොකද්ද?
"ජීරංති රාජා රතෝ සුචිත්තා"
රජ්ජුරුවො වෙනුවෙන් කරපු, රජ්ජුරුවො හින්දාම සකස් කරපු, හදාපු ඒ සුවිශේෂී විදිහේ ආරක්ෂක උපකරණ ආදිය දාල තියන ඒ වාහනෙත් කාලයක් යනකොට දිරනවා කැඩිල බිඳිල යනවා.
"අථෝ සරීරම්පි ජරං උපේතී"
එහෙනම් බුදු හාමුදුරුවො අහනවා එහෙම නම් සබඳ, ඔයාගෙත් මගෙත් මේ බොල් ඇඟ ගැන කවර කතාද නේ? දැන් ඒ වාහනේට නම් වෙඩි වැදුනොත් එහෙම bulletproof කියල කියනවනෙ. අපේ එකට මොනව වේවිද? මේව bulletproof නෑ. හැබැයි අපිට හිතෙන්න පුළුවන් ඔය කියන කාරණේ ගැන විතරක් දැන ගත්තහම එහෙම නම් අපේ ජීවිතේ හැම වෙලාවකම කැඩිල බිඳිල යන එකක්මයි මේක. මේක තුල තියන අග්‍ර ඵලය එහෙම නම් අවසානයෙදි ජරාවට පත් වෙනව, ලෙඩට දුකට පත් වෙනව මියෑදෙනව කියල.
ඔය අතර බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථා පාඨයෙන් කියල දෙනව හරි ලස්සන කතාවක්.
"සතංච ධම්මෝ නජරං උපේතී"
ජරාවට පත් වෙන්නෙ නැති, දුර්වර්ණ වෙන්නෙ නැති, විනාස වෙලා යන්නෙ නැති කාරණාවක් මේ ලෝකෙ තියනවා කියල කියල දෙනව. ආන් ඒකට කියනව "සතංච ධම්මෝ" සත්පුරුෂ ධර්මය. සද්ධර්මය, යහපත් වූ දහම මේ ලෝකෙ කවදත් තියනවා. හැමදාමත් රැඳෙනවා.
සරල හැටියට කියනවා නම් යථාර්ත වූ දහමට නැත්නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ හතරට පින්වතුනි මනුෂ්‍යයො විතරක් නෙවෙයි කැමති. සත්තුත් කැමතියි. ඒක ඔය ඇත්තොත් දන්නව නෙව. සත්තු විතරක් නෙවෙයි ගහකොළ පවා කැමතියි.
ඕක එක පරීක්ෂණයක් කරල තියනවා. ගස් දෙකක් අරගෙන ස්පීකර් දෙකක් තියල තියනවා ගස් දෙකට වෙන වෙනම කාමර දෙකක. තියලා එක ස්පීකර් එකකට ඇහෙන්න සැලැස්වුවලු බනින එක. අනිත් එකට ඇහෙන්න සැලැස්වුවලු ආදරෙන් කතා කරන එව්ව. හොඳේ. මහ කාලයක් යන්න වුනේ නෑ. අර බනින ස්පීකරේ ගාව තිබිච්ච ගහ ස්පීකරෙන් ඈතට යනවලු. ස්පීකරෙන් අයින් වෙනවලු. අර ආදරෙන් කතා කරපු ස්පීකරේ පැත්තෙ තිබුනු ගහ ඒ ස්පීකරේ වෙලා ගන්නවලු.
එතකොට බලන්න සද්ධර්මය නැත්නම් යහපත් වූ දහමට කාගෙත් මනාපය, කැමැත්ත අනිවාර්යයෙන්ම තියනව. කවදත් තියනව. ඒක ජරාවට පත් වෙන්නෙ නැහැ. ඕක තව දුරටත් එහාට ගෙනිච්චොත් පින්වතුනි යථාර්ත වූ දහමක් අපි ගාව තියෙන්න ඕන ප්‍රධානම හේතුවක් තියනවා. ඒ හේතුව තමයි ඔය ඇත්තොයි මේ කතා කරන අපියි ආයෙත් හම්බ වෙන්නෙ නැති වෙන්න පුළුවන්.
මේක ටිකක් බරපතලයි තමයි කතාව ඒ වුනාට පහුගිය සතියේ වැඩසටහන කරනකොට ආරංචියක් ආවා අපිට බොහොම උදව් කරපු මහත්තයෙක් නැති වුනා කියල. තරුණයි. මට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. හැබැයි ඊට කලින් සතියෙ හිතුවෙ නෑ එහෙම එකක් වෙයි කියල. වාහනයක් ඇවිල්ල හප්පං ගිහිල්ලා. අද තමයි අවසාන කටයුතු. එයාල ඕස්ට්‍රේලියාවෙ.
ඉතින් මේ වගේ ජීවිතයක් තියෙන්නෙ. අපිට ඔය ඇත්තො මේ හම්බ වෙලා තියන වෙලාව අපි හිතනව මං ලබන පාරත් එනවයි කියල. ඒක හොඳයි. මේ බය වෙන්න කියන එකක් නෙවෙයි. එහෙම නිකං අර මානසික පීඩනේ හදා ගන්න කියන එකක් නෙවෙයි. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ, කුළු ගන්වන්න උත්සාහ කරන්නේ මේකයි.
අපි හිතනව නම් පින්වතුනි අපි මේ මුණ ගැහිල තියෙන්නෙ අවසන් වතාවටයි කියල, අපි අපේ හොඳම කෙනාව එළියට ගන්නෙ. අපිට කතාබහ කරන්න පුළුවන් හොඳම වචනයයි අපි කතාබහ කරන්නෙ. අපිට කරන්න පුළුවන් හොඳම වැඩයයි අපි කරන්නෙ. අපිට හිතන්න පුළුවන් හොඳම සිතුවිල්ලයි අපි හිතන්නෙ. මොකද ඊළඟ මොහොත අවිනිශ්චිත හින්ද.
ඒ විදියට අපිට අපිව රැක ගන්න පුළුවන් නම් අපි අපි ගාව තියන සද්ධර්මය රැක ගන්නව. ඒ විදියට ඒ කාලෙ ජීවත් වෙච්ච ඇත්තො පින්වතුනි අදත් ජීවමානයි. අදත් ජීවමානයි. ආන් ඒක තමයි ඊළඟ ගාථා පාඨයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ,
"සබ්බාදිසා සප්පුරිසෝ පවාතී"
සත්පුරුෂ ගුණය පුරුදු කරපු කෙනෙක් ඉන්නව නම් ඒ අය මැරෙන්නෙ නෑ. කය විනාස වෙලා යනව ඒක වෙනම කතාවක්. හැබැයි ඒගොල්ලො මැරිල නෑ. බුදුරජාණන් වහන්සේ අද කාලෙ ඉන්නවද? නමුත් නැද්ද? ඉන්නව. අන්න ඒකයි. උන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය තුලින්, උන් වහන්සේ ඒ කියල දුන්න ඒ දර්ශණය තුලින් අපේ ජීවිත ඔප් නංවා ගන්න හදනකොට, අපේ ජීවිත සාර්ථක කර ගන්න සංතෝස කරගන්න උත්සාහ කරනකොට, ඇත්තටම උන් වහන්සේ අපි ගාව ඉන්නව වගේ තමයි. හැබැයි උන් වහන්සේ නෑ, නමුත් ඉන්නව.
ඒ වගේ පින්වතුනි අපේ ජීවිත තුලත් අපි පුරුදු කරනවා නම් යහපත් වූ දහමක්, විශේෂයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව එකතු වෙච්ච ඒ අනුව ගිය දෙයක් අපි පුරුදු කරනවා නම්, අපේ ජීවිතත් කවදා හෝ දවසක විනාස වෙලා යාවි, ඒක ස්වභාව ධර්මය ඒක අපිට වෙනස් කරන්න බෑනෙ, ඒව හැංගෙන්න බැරි දේවල් නෙව. නමුත් මේ ලෝකය තුල මම කියන්නෙ නෑ අපි ඉන්න ඕන කියල. ඒ වුනාට අපි රැඳේවි.
හාමුදුරුවන්ට නම් දානකොට එක එක විවිධාකාර නම් දානව. මටත් හොයල හොයල අපේ නායක හාමුදුරුවො දැම්ම මේධාවි කියල. හැබැයි කවුරුහරි හාමුදුරු කෙනෙක්ට දේවදත්ත කියල නම දාල තියනවද කියන්න. කාට හරි. අඩුම තරමෙ එක් කෙනෙක්ටවත්? මම නම් අහල නෑ. හේතුව ඒ ඇත්තො පුරුදු කරපු ධර්මයෙ තියන වෙනස. ඒ ඇත්තො මේ ලෝකයට දීපු දේ තුල තියන වෙනස.
හැබැයි අංගුලිමාලට අදත් කට්ටිය කැමතියි. හේතුව ඒ මනුස්සය වෙනස් වෙච්ච කෙනෙක්. අළුත් වෙච්ච කෙනෙක්. එයා වැරැද්ද හදා ගත්ත කෙනෙක්. දේවදත්තට අදටත් අකමැති එයා වැරැද්ද හදා ගත්තෙ නැති කෙනෙක්. වැරැද්දමයි, ඒකමයි, ඒකම හරියි කියල හිතාගෙන හිටපු කෙනෙක්. ඔන්න ඕක තමයි පින්වතුනි අපි හඳුනා ගන්න ඕන ප්‍රධානම කාරණාව බුද්ධ ශාසනය තුල අපිට උගන්වන. මමත්වය කියන වචනය.
දේවදත්ත එයාගෙ අකුසලය මම හැටියටයි අරගෙන හිටියෙ. ඒක මගේ හැටියට. එයා එහෙමයි තියාගෙන හිටියෙ. "මේක තමයි මගේ ජීවිතේ." ඕක තමයි ඔය කියවෙන්නෙ බුද්ධ ශාසනය තුල තථාගතයන් වහන්සේ මම, මගේ, මගේ ආත්මය කියල කියපු. එයාට ඒකෙන් නිදහස් වෙන්න බැරි වුනා. හැබැයි අංගුලිමාලටත් මමෙක් හිටිය. අංගුලිමාලගෙ මම තමයි මිනී මරන එක. ඒ තමයි එයාගෙ ක්‍රමය. මගේ හැටි මෙහෙමයි කියලයි එයා හිතාගෙන හිටියෙ. එයා හිතාගෙන හිටපු, එයා විශ්වාස කරපු, එයාගෙ ජීවිතේ, එයාගෙ ආත්මය, ඒකයි කියලයි එයා හිතාගෙන හිටියෙ.
හැබැයි මෙයාට හරි ගුරු උපදේශය හම්බ වුනාට පස්සේ මෙයා වෙනස් වෙන්න පටන් ගත්තා. එයා එයාව දුකට ඇදල දාපු, එයා වගේම අනික් අයවත් දුකට ඇදල දාපු, 'මම' අයින් කලා. ඒකෙ තේරුම එයා සිය දිවි හානි කරගත්ත කියන එක නෙවෙයිනෙ. නේද? එයාගෙ ක්ලේශයට යන්න දුන්න. එයාගෙ ක්ලේශය එයා ආයෙ තියාගෙන හිටියෙ නෑ මම හැටියට. ඒක මගේ හැටියට තියාගෙන හිටියෙ නෑ. මේක තමයි මගේ ලෝකය මේ විදියටයි මම ජීවත් වෙන්න ඕන කියල මේ හණමිට්ටේ හිටියෙ නෑ.
අන්න ඒක හින්දා ඒ කාලෙ මිනීමරුවෙක් පස්සෙ උත්තමයෙක් වුනා. නේද? පස්සෙ උත්තමයෙක් වුනා. හැබැයි මං දන්නෙ නෑ දේවදත්ත එච්චර මිනී මරල තියනවද කියල. ඒ වුනාට එයාට ගොඩ යන්න බැරි වුනා. මෙන්න මෙතනයි පින්වතුනි බුද්ධ ශාසනය තුල කියල දෙන ලස්සනම කතාව තියෙන්නෙ පින්වතුනි. දර්ශණය, දෘෂ්ටිය. අපි දෘෂ්ටියයි හදා ගන්න ඕන.
අපි අපේ ජීවිතවල කතාබහ කරන්න, වැඩකටයුතු කරන්න, හිතන්න පතන්න, එක එක විදිහේ අදහස් හදාගෙන තියනව. අසවල් වෙලාවට මෙහෙමයි, අසවල් කෙනාට මෙහෙමයි ආදී වශයෙන්. මේ මෑත කාලෙ අසනීපයක් හොයාගෙන තියනව amnesia අහල තියනවද? මට පහුගිය දවස්වල දොස්තර මහත්තුරු කීපදෙනෙක් හම්බ වුනු නිසා මේක ගැන හොයන්න හිතුනා. මොකද්ද amnesia?
"හාමුදුරුවනේ වර්ග කිහිපයක් තියනව"යි කිවුව මේකෙ.
මම ඇහුව, "මොනවද?"
"එකක් මතකය සහමුලින්ම නෑ. තව අයට සමහරක් ඒව මතකයි."
ඕක මට හොඳ point එකක් වුනා. මම ඇහුව,
"ඔය මතක තියන දේවල් මතක තියෙන්නේ එයාව සංතෝස ගන්වපු දේවල්ද? එයාගෙ තරහ මරහද?"
"හාමුදුරුවනේ තරහ මරහ මතක තියන ගාණ වැඩියි."
බුද්ධ ශාසනයෙන් මම ඕක විස්තර කරන්න උත්සාහ කලොත් එහෙම බුදු පියාණන් වහන්සේ 'විතක්ක සන්ඨාන' කියන සූත්රයෙදි විස්තර කරනව පින්වතුනි
"බහුලමනු විතක්කේතී අනුවිචාරේතී
තථා තථා නති හෝති චේතසා"
මේ හිතේ තියන සාමාන්‍ය ස්වභාවය ඕකයි කියල. මොකද්ද ස්වභාවය?
"බහුලමනු විතක්කේති"
වැඩිපුර හිතනව ඒ පැත්තෙන්.
"අනුවිචාරේති"
ඒකට යන විදියට තව තව දේවල් දාගෙන හිතනව. උදාහරණයක් හැටියට ඔය ඇත්තන්ට මං ගැන සැකයක් ආවයි කියන්නකො. "හාමුදුරුවො මෙහෙමයිනේ. හත්ඉලව්වේ බලන්නකො ඈ..." ඔන්න එකක්. ඒක තමයි සැකයේ මුල්ම සාධකය වුනේ. සැක බීජය කියල කියමුකො අපි.
ඊළඟට ඕකට තව කාරණා ගන්න බලනව. "අහවල් එකත් මෙහෙම එකක්නෙ වෙලා තිබ්බෙ. ඒකත් එහෙනම් මෙහෙමනෙ වෙන්න ඇත්තෙ."
ආ එතකොට දැන් අනුවිචාර වෙනව. ඒ සැකය කියන තැනට යන්න තව තව පාරවල් හදා ගන්නව. තව තව කණු ගහගන්නව මේක මේ හොඳට තියාගන්න, ජැක් හයි කරගන්නව. ආ එහෙම නම් මොකද්ද දන්නවද වෙන්නෙ?
"තථා තථා නති හෝති චේතසා"
ඒ පැත්තට හිත බර වෙන්න පටන් ගන්නව. ඔය ඇත්තො මේධාවි හාමුදුරුවො ගැන මෛත්‍රී සහගතව කාලයක් තිස්සෙ හිත හිත හිටියොත් මෛත්‍රිය වඩා වර්ධනය වෙනව. වැඩි වෙනව. ඒක නතර කරන්න සක්කරයටවත් බෑ. බෑම තමයි. ඕක නෙවෙයි මොන කවුරුත් පොල් ගහල ගියත් බෑ. ඒක වෙනවමයි.
හේතුව අපි මේක හිතින් හිතලා අපිම ඒ පැත්තට හිත බර කරල තියෙන්නෙ. ඕකෙම අනිත් පැත්ත වුනොත් මොකද වෙන්නෙ? මේධාවි හාමුදුරුවො ගැන තරහ හිතන්න පටන් ගත්තොත් අමනාප හිතන්න පටන් ගත්තොත්, ඒ පැත්තට වුනොත්, ඒක අනිත් පැත්තට හරවන්න තමන් දැක්කොත් හැර වෙන කෙනෙක්ට බෑ. මෙන්න මෙතනයි පින්වතුනි අපි හඳුනාගන්න ඕන ප්‍රධානම දේ.
අපි අපේ ජීවිත වලට හැම අවස්ථාවකදීම එකතු කරගන්නා වූ යම්කිසි අරමුණක් තියනව. අල්ල ගන්න දෙයක් තියනව.
'ගද්දුලබද්ධ' කියල සූත්‍රයක් තියනව හරි ලස්සනයි. බුදු හාමුදුරුවො දේශනා කරනව, බල්ල කැරකෙන්නේ ගැට ගහල තියන කණුව වටේනෙ. ආ ඒ වගේ තමයි. අපි අනෙකුත් හැම වෙලාවකදීම කුඤ්ඤයක් ගහ ගන්නව. "මේ කෙනා මේ වගේ, අර වෙලාවෙදි මේ විදිහයි, අර විදියට මෙහෙමයි" ආදී වශයෙන්. මේ කෙනා ගාවට ගියපුහම ඒ කණුව වටේ කැරකෙනව. අර ගහගෙන තියන කණුව වටේට. අර තැනට ගියාම අපි හිතාගෙන තියන විදිහ අනුව ඒක වටේ කැරකෙනව. අර වටපිටාවට ගියපුහම ඒ කණුව වටේ කැරකෙනව.
මේ තමයි මම. මේව තමයි මගේ හැටියට මම තියාගෙන ඉන්නෙ. මම මෙහෙමයි කරන්නෙ. මගේ හැටි මෙහෙමයි. අන්න එහෙම එකක් තියනව. මගේ ආත්මය තමයි මේ තියෙන්නේ කියන එකයි අපි විශ්වාස කරන්නෙ.
මේක එතකොට පින්වතුනි වෙන කොහෙවත් තියන එකක්ද, මේ වෙලාවෙ තියන එකක්ද? මේ වෙලාවෙයි අපි ගාව තියෙන්නෙ. මේ වෙලාවෙයි තියෙන්නෙ. මේක අල්ලගන්න වෙන්නෙ මේ වෙලාවෙ. හැම වෙලාවකම තියෙන්න පුළුවන්. අල්ල ගන්න වෙන්නෙ මේ වෙලාවෙ. අපි ගාව තියන මමායනය මොකක්ද? අපි ඒකෙන් නිදහස් වෙලාද? කියල.
හැබැයි සමහර කාරණා අපි ගාව තියෙන්න පුළුවන් හොඳ එව්ව. එව්වට අපි කියනව කුසලච්ඡන්ද කියල. විශේෂයෙන්ම අපි ගාව අදහසක් තියෙන්න පුළුවන් මම මෛත්‍රියෙන් කතා කරනව කියල. කෙනෙක් හිතන්න පුළුවන්
"හාමුදුරුවනේ දැන් ඔය හැම එකක්ම අල්ල ගැනිල්ලක් නම් තියෙන්නේ මෛත්‍රියෙන් කතා කරන එකත් වැරදියි නේද?"
එහෙම නම් කතා නොකර ඉන්න ඕන. එහෙම ඉන්නත් බෑනෙ අපිට මේ ලෝකෙ. නේද? එතකොට පින්වතුනි අපි හුරු කරන්න ඕන දේ තමයි, සාදු සම්මත කවුරුත් යහපතයි, හොඳයි, ගුණයි, වටිනවා, වැදගත් කියල කියාපු එහෙම කාරණාවල් තියනව නම් අන්න එවන් වූ දේවල් අපි අපේ ජීවිතේට ඈද ගන්න ඕන. ඒ වගේ දෙයක් ළඟ තියාගන්න එක කුසලයට හේතු වෙනව. පුණ්‍යාභිසංඛාරයක් කියල කියන්නත් පුළුවන්. එහෙමත් වර්ගයක් තියනවනෙ. මේව සකස් කිරීම්.
හැබැයි අපි ගාව තියන අපුණ්‍යාභිසංඛාර ටික හිතාමතා දැක දැක අයින් කරන්න ඕන. බැහැර කරන්න ඕන. ආන් ඒක කරන්න ඉගෙන ගන්න එකයි පින්වතුනි භාවනාවෙන් කරන්නෙ. ඒ දේ කරන්න හිත පුරුදු කරන එකයි, හිතට උගන්වන එකයි පර්යංකයෙදි හෝ සක්මනේදී මේ කරල දෙන්නෙ.
ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්නවා අපි මෙච්චර කාලයක් තුල හිතේ තියාගෙන ඉන්න, පුරුදු කරගෙන ඉන්න දේ මොකද්ද කියල. උදාහරණයක් හැටියට අපිට තේරෙන්න පුළුවන්,
"වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්න බෑනෙ හාමුදුරුවනේ"
ඔහොම එකක් තියෙනව. මේ ඔක්කොම සංස්කාර තමයි. අපි තියාගෙන ඉන්න ඒව තමයි. එතකොට දැන් අදහසක් තියෙනවා මොකද්දෝ ඉලක්කයක් තියනව භාවනාව හරි යන්න නම් පැයක්ම ඉන්න ඕන කියල. ඒකනෙ මේ කතාව. ඒක තියන හින්ද නේද අපිට වැඩි වෙලාවක් භාවනාවට වාඩි වෙලා ඉන්න බැරි.
නමුත් අපි විශ්වාස කරනවා නම් වාඩි වෙලා ඉන්න කාලය පලක් නෑ, කොච්චර හිටියත් පලක් නෑ, හැබැයි ඉන්න වෙලාව මං සිහියෙන් ඉන්නව නම්, හොඳ අවබෝධයෙන් ඉන්නව නම්, ඒ ප්‍රමාණවත් කියන ඒ තැනට අපි ඇවිල්ල තියනව නම් අර ප්‍රශ්ණය වෙන්නෙ නෑනෙ. නේද? ඒ විනාඩියක්ද භාවනා කරන්නෙ, තත්පර විස්සක්ද? කාරි නෑ. භාවනාවක් තමයි ඒ කරන්නෙ.
ලෝක ප්‍රකට භාවනා ආචාර්යවරයෙක්ගෙන් එක්කෙනෙක් අහනව (ගොඩක් වයසයි මේ හාමුදුරුවො),
"ආධුනිකම කෙනෙක්ට භාවනාව පටන් ගන්න හාමුදුරුවනේ කොච්චර වෙලාවක් භාවනා කරන්න ඕනද?"
හාමුදුරුවො හිනා වෙලා උත්තරයක් දෙනවා "තත්පර විස්සක් ඇති"යි කියල.
හැබැයි අපි කරන්නෙ නෑ ඒක. අපි හිතනව මේක ඊට වඩා තියෙන්න ඕනෙයි කියල. මෙහාට ආපු ගොඩාක් ඇත්තන්ට මම ඉතුරු කිරීම ගැන කියල දෙනව. අඩුම තරමේ පඩියෙන් රුපියල් පහක් හරි ඉතුරු කරන්න කියල. පහක් කියල කිවුවම මොකද්ද දන්නවද කරන්නෙ. බකස් ගාල හිනා වෙනව. "හාමුදුරුවො රුපියල් පහට මොනවද කරන්න පුළුවන්"
හැබැයි මුකුත් නොකර ඉන්නවට වඩා රුපියල් පහක් ඉතුරු කරන එක වටින්නෙ නැද්ද? ඒක වැදගත් නැද්ද? මේකෙ වැදගත්කම තියෙන්නෙ ඉතුරු කරන ගාණ නෙවෙයි. මේ ඉතුරු කරන පුරුද්ද හදා ගන්න එකයි. අපිට පුරුද්දක් නැති එකනෙ මේ තියන ප්‍රශ්නෙ.
භාවනාව තුල පින්වතුනි ඔය හදන්නෙ අපි ඇත්තටම කියනව නම්, අකුසල සංස්කාර ටික බැහැර කරල කුසල සංස්කාර හදා ගන්න එකයි මේ කරන්නෙ. සමහර විට ඒක නිවන් දකින්න හේතු වෙන සංස්කාරයක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි අපිව දැක දැක දැක දැක දැක දැක අපේ අභ්‍යන්තරය තුල තියන ඒ හදාගත්ත දේවල් ටික, එකතු කරගත්ත ටික, ගොනු ගහගත්ත ටික, ගොඩ ගහගත්ත ටික, චුට්ට චුට්ට අයින් කරගන්න ගමන්, හරියාකාරව සකස් කරගන්න වෙලාවටයි කියන්නෙ භාවනාව කියල.
භාවනාවට වාඩි වෙන කෙනාට තේරෙන්න ගන්නව ආනාපානය පේන්න පුළුවන් හෝ නැති වෙන්න පුළුවන්, වේදනාව එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි තමන් ඔය දේ දිහා අපි (අර හුරතලයට කියන වචනයක් තියනව) අපක්ෂපාතී විදියට නිරීක්ෂණය කරනව නම්, ඒක දිහා පැත්තක ඉඳල බලනව නම්, අපිට තේරෙනවා ඔය එන ආනාපානය මම බලන්නෙ මෛත්‍රියෙන්ද මං බලන්නෙ තරහෙන්ද කියල. තේරුනාද?
මේ එන වේදනාව දිහා මම දක්වන ආකල්පය තුල ඇත්තටම තියෙන්නෙ මෛත්රියක්ද? නැතිනම් මේ තරහකින්ද මේ වේදනාව දිහා බලන්නෙ? එපා වුනු ස්වභාවයකින්ද? කියල අපිම හඳුනා ගන්න බලනව.
අපි හිතමුකො අපිට හම්බ වුනා කියල අපි මේක දිහා බලන්නෙ තරහෙන් කියල. ඕක තමයි මේක ඇතුලෙ තියෙන්නෙ. ඒකෙ තේරුම ඒ වගේ චරිතයක් ඒ වගේ හිතක් තියන කෙනෙක්ගේ සාමාන්‍ය ජීවිතේදි වුනත් තමන්ට කරදරයක් එනකොට ප්‍රතිචාර දක්වන්න දන්න එකම එක ලේසි විදිය මොකද්ද? තරහෙන්. ඒක තමයි හිතේ තියන ඇත්ත කතාව.
භාවනා කරන්න එක හිතකුයි සාමාන්‍ය ජීවිතේට තව හිතකුයි කියල දෙකක් අපිට නෑ. භාවනා කරනකොට එළියට එන්නේ සාමාන්‍ය ජීවිතේ තියන හිත තමයි. ඒකයි මම කිවුවෙ මේකට අපේ හිතේ තියන වැරදිකම් දකින්නත් ඕව සකස් කරගන්නත් තියන අවස්ථාවක් කියල.
ඇත්තටම භාවනාව කියල කියන්නෙ පින්වතුනි ආත්ම ගවේෂණයක්. තමන්ගේ ස්වභාවය මොකද්ද කියල හරියටම දකින වෙලාව. තක්කෙටම පේන වෙලාව. මේක සාත්තරකාරයෙක්ට කරන්න බෑ. ඒගොල්ලො දන්නෙ නෑ මේව ගැන. මේකෙ සාත්තරකාරය කවුද? අපිම තමයි. අපේ භාවනාව. අපි අපිව තේරුම් ගත්ත හෝ දකින ප්‍රමාණය මත අපිට අපෙන් නිදහස් වෙන්නට හෝ ඒ දේ පවත්වා ගන්නට ස්වාධීනත්වයක් හම්බ වෙනව.
ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ සම්මා වායාමය යටතේ කියල දෙන්නේ හරි ලස්සනට. තියන කුසලය පවත්වා ගන්න. නැති කුසලය ඇති කරගන්න. තියන අකුසලය නැති කරගන්න. නූපන් අකුසලය නූපදවා ගන්න. මේ හතර කරන්න ඉගෙන ගන්නෙ පින්වතුනි ඔය විදියට අපි දැක්කොත් පමණයි.
අපි අපේ අභ්‍යන්තරය දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන්න පටන් ගත්තොත් එහෙම, මම මේකට අත තියන්නේ මෙන්න මේ ස්වභාවයෙන් කියලා, අපිටම තේරුම් බේරුම් ඇති කරගන්න පුළුවන් මං මේ වඩන්නෙ මෛත්‍රියද, වඩන්නෙ තරහද කියල. කාලයක් තිස්සෙ කවුරු හරි කෙනෙක් භාවනාව වඩනව කියන්නකො. බොහොම හොඳයි නරක නෑ. එන එන අරමුණත් එක්ක ගැටුන කියන්නකො. බොහෝමයක් ඇත්තන්ට පස්සෙ කාලෙකදි වෙන වැඩේ තමයි හරි ගැටෙන චරිත වෙනව ඒ ඇත්තො.
මෙයාල ඒ වුනාට සාමාන්‍ය ජීවිතේදි බොහොම හොඳට හිටපු අය. නෑ භාවනා කරන්න වුනාට පස්සෙ මේක වෙලා තියනව. හේතුව කොහෙන්ද ඇවිල්ල තියෙන්නෙ? භාවනාවට මෙයා ගොඩක්ම රුචියි. හැබැයි කරල තියෙන්නෙ මොකද්ද, ආපු ආපු අරමුණට ගැටිච්ච එක. තරහ ඇති කරගත්ත එක. හිත එතකොට කාලයක් තිස්සෙ පුරුදු කරන්නෙ මොනවද? තමන්ට එන කරදරයට බාධකයට ගැටෙන්න. ඒක පුළුවන් ඉක්මණට පලවා හරින්න උත්සාහ කරන්න ඕන.
අපිට මේ ගුණය නැද්ද? මේක අපිට හුරුයි. ඒකයි පින්වතුනි සතර සතිපට්ඨානය කියන මේ ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නෙ "සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චකිරියාය" කියල.
මේක ඒකායන ක්‍රමය කියල කියනව දුකෙන් නිදහස් වෙන්න තියන. ඒකායන. එකම එක ක්‍රමය කියල කියනව. වෙන එකක් නෑ කියලයි මේ කියන්නෙ. ඒ දුක පින්වතුනි කායික දුකක් වෙන්නත් පුළුවන්, චෛතසික දුකක් වෙන්නත් පුළුවන්. කායික පීඩාවක් වෙන්නත් පුළුවන්, චෛතසික පීඩාවක් වෙන්නත් පුළුවන්. මානසික පීඩාවක් වෙන්නත් පුළුවන්. අනුවණකමින් ජීවත් වෙච්ච ඒ ලෝකයට ඒ ජීවිතයට නුවණක්කාර බව ගෙනැල්ල දෙන දෙයක් වෙන්නත් පුළුවන්. නිවී සැනසීමක් නැතුව තිබිච්ච ඇස්වලට, කනට, නාසයට, දිවට, කයට, මනසට නිවීම, සැනසීම, නිවන ගෙනැල්ල දෙන පාරත් මෙන්න මේකයි.
මෙන්න මේ ටික තමා අපි එතකොට හුරු කරන්න පටන් ගන්න ඕන. පුරුදු කරන්න පටන් ගන්න ඕන. අපේ ජීවිතේට කිට්ටු කරගන්න පටන් ගන්න ඕන. ඒ ගමන හරි ලස්සනයි ඇත්තටම කියනව නම්. මේකෙදි අපිට උගන්වනව, ධර්මය ඉගෙන ගන්න හින්ද ඔය ඇත්තො දන්නව ඇති, දහම කියන්නෙ කැඩපතක් කියල. දැන් ඔය කැඩපත දැකල තියනවද මීට කලින්? සතිපට්ඨානය වඩන කෙනා දකින්නෙ. මං අවංකවම කියන්නෙ.
එයාට පේනවා එයාගේම තියන ඡායාව මොකද්ද කියල. ඕක පේන්නෙත් කමටහන් වාර්තාව ලියන කෙනාට තමයි. භාවනා කරල ආපස්සට මතක් කරන කෙනාට අහු වෙන්න පටන් ගන්නව, එහෙම නැතිනම් අපක්ෂපාතී විදියට නිරීක්ෂණය කරන කෙනාට පේන්න පටන් ගන්නව, තමන්ගේ ඇත්තටම තියන අදහස මොකද්ද? (ඕකට attitude කියලත් කියනව) මේ මේ එක එක කාරණාවන්වලට, එළියට එන එන මතුවෙන දේවල්වලට තමන් මොකද්ද දාන්න උත්සාහ කරන ප්‍රතිචාරය? තමන් ඒ දේ හඳුනා ගන්න හෝ ඒ දේට මුහුණ දෙන්න භාවිතා කරන ක්‍රමය මොකද්ද? කියල.
අන්න එතනින් තමයි පින්වතුනි පේන්න පටන් ගන්නෙ අපේ ඇත්ත මොකද්ද කියන එක. මේ අපේ කැඩපත කියල කියන්නෙ කණ්නාඩියක් ඉස්සරහට ගියාට පස්සෙ "කොණ්ඩෙ දැන් ටිකක් සුදු වෙලා, මූණ පොඩ්ඩක් රැලි ගැහිලා, ඇස් දෙක පේන්නෙත් නැද්ද මන් දන්නෙ නෑ, මෙන්න මේ පැත්තෙ පොඩි ඇදයක්, කළු පාට ඩොට් එකකුත් ඇවිල්ල" ඔන්න ඕවනෙ පේන්නෙ. එව්ව නෙවෙයි.
අපි මේ ධර්මය කියන කැඩපත තියාගත්තට පස්සෙ පේන්න පටන් ගන්නෙ මෙච්චර කාලයක් අපි එකතු කරගෙන තියන සංස්කාර ගොඩයි. අවිද්‍යා ගොඩයි. මේ ටිකයි අපිට පේන්න පටන් ගන්නෙ. ඒක හරි ලස්සනයි ඇත්තටම කියනව නම්. මෙච්චර කාලයක් අපි හොඳයි, සැපයි, සතුටුයි, නියමයි, ෂෝක් කියල එහෙම තියාගෙන තිබිච්ච දේවල්වල තියන ස්වභාවය පේන්න පටන් ගන්නව.
ආයෙත් අර ඉස්සෙල්ල කතාවටම ගියොත් එහෙම, දේවදත්තට ඔය ටික තේරුනා නම්, "නෑ මමමයි හරි මම හිතපු විදිහමයි හරි මගේ විදියටම යන්න ඕන" කියන එක අයින් කරලා ඒ කියන පැත්ත පොඩ්ඩක් තේරුම් ගත්ත නම් අද අවීචියෙ ඉඳීද? අද අවීචියෙ නෑ. අන්න ඒකයි මේක තුල තියන වෙනස.
හැබැයි ඔය කියන කතාව මොන තාලෙන් හරි කමක් නෑ, අඬ අඬා හරි ඉඳල කමක් නෑ අංගුලිමාල අල්ලගත්ත හින්ද අද වෙනකොට එයා නෑ. ආයෙ මේ ලෝකෙ නෑ ආයෙ දුකක් හදාගන්නෙ නෑ. මේකෙ රහස මෙන්න මේකයි. අපිට ඔය දේ කරන්න බැරිද? අපිට පුළුවන් මේ දේ කරන්න. මේ ඇඟ විනාශ වෙලා යනවා "ජීරංති රාජා රතෝ සුචිත්තා" රජ්ජුරුවොන්ගෙ වාහනේ වගේ නෙවෙයි ඒකත් විනාශ වෙලා යනව නම්, ඒ තරම් හයිය නැති වාහනයක් තමයි මේක, මේකත් විනාශ වෙලා යනව. හැබැයි අපි එකතු කරගත්ත සද්ධර්මයක් තියනව නම්, යහපත් වූ අත්දැකීමක් තියනව නම්, යහපත් වූ දහමක් තියනව නම්, ඒව මේ ලෝකෙ රැඳෙනව.
ඒව වෙන කාටවත් පෙන්නන්න ඕන වෙන්නෙ නැති වෙන්න පුළුවන්. අපිට බලාගන්න පුළුවන් වෙන්න වෙයි. අපි සැනසෙනව. අපි නිදහස් වෙනව. අපි විමුක්තියට පත් වෙනව. එතකොට පින්වතුනි අපි පුරුදු කරන්න පටන් ගන්න ඕන මේ ජීවිතේ ගැන මනාකොට තේරුම් අරගෙන, හඳුනාගෙන, මේ තියන කරදර කියල කියන්නත් පුළුවන් දුක් දොම්නස් කියල කියන්නත් පුළුවන් මේක තමයි ලෝකෙ හැටි කියල කියන්නත් පුළුවන්, ආන් ඒ දේවල් වලින් නිදහස් වෙලා අපි අපේ හිතට කුසල් එනවද, අකුසල් එනවද, අපි මොන වෙලාවෙද කුසලයක ඉන්නෙ, මොන වෙලාවකද අකුසලයක ඉන්නෙ කියන කරුණ හොඳ හැටි හඳුනාගෙන අපිට අපේ ජීවිතේ තේරුම් බේරුම් ඇතුව තීරණයක් ගන්න පුළුවන්.
තථාගතයන් වහන්සේගේ කාලේ මාර්ග ඵල ලබාපු ඇත්තොන්ට ගිහිල්ල අහන්න වුනේ නෑ ඇත්තටම බුදු පියාණන් වහන්ස මම රහත් වෙලාද සෝතාපන්නද කියල. මොකද ඒ ඇත්තො දන්නව. මේක හීනෙන් වෙන දෙයක් නෙවෙයිනෙ. මේක තමන් දන්න දෙයක්.
තමන් ඇත්තටම දන්නව නම් තමන්ගේ ජීවිතය තුල වැඩකටයුතු කරනකොට තමන් උත්සාහ කරන්නේ ධර්මානුකූලවද අධර්මානුකූලවද කියන එක, තමන් දන්නව මේ ධර්මය තුල තමන් කොහෙද ඉන්නෙ කියල. ඒක වෙන කෙනෙක් ඇඟිල්ල දික් කරල කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒක සැක හැර තමන් දන්නව. සැක හැර දන්නව.
තමන් තුල රාගය, ද්වේශය, මෝහය කොච්චර ප්‍රමාණයක් තියනවද? ඒ තියන දේ බාහිරට දෙන්න ඕනද? එහෙම නැත්නම් තමන් තුලම තියාගෙන බාහිරට දෙන්නෙ නැතුව ඒක විසඳගන්න පුළුවන්ද? එහෙමත් නැතිනම් තමන් තුලට රාගයක්, ද්වේශයක්, මෝහයක්, මොනම ජාතියකින්වත් එන්නෙ නැද්ද කියල දන්නවා නම් තමන්, ඒක ඉතා හොඳයි. හැබැයි මේ ඇත්තන්ට කියන්නෙ නෑ කවුරුවත් ඇවිල්ල ඔයා අහවල් මාර්ගඵලයෙ ඉන්නේ අහවල් ලෙවල් එකේ ඉන්නෙ කියල.
හැබැයි තමන්ට තේරෙනව තමන් නිදහස කොච්චර දුරට බුක්ති විඳිනවද කියල. තමන්ගේ විමුක්තිය තමන්ගේ නිදහස තමන් කොච්චර දුරට බුක්ති විඳිනවද කියල විතරක් තමන් දන්නව. ඒ ප්‍රමාණවත්. ආන් ඒ නිදහස හදාගන්න, ඒ නිදහස ඇති කරගන්න විදිහ ඉගෙන ගන්න වෙලාවටයි කියන්නෙ භාවනාව කියල. විශේෂයෙන්ම සතර සතිපට්ඨානය කියල කියන්නෙ.
සතිපට්ඨානය වඩන්න වුනාම අපිට පේන්න පටන් ගන්න ඕන කොටස් හතරයි පින්වතුනි තියෙන්නෙ. එකක් අපේ ශරීරය. අනිත් එක වේදනාවල්. අනිත් එක හිතේ ස්වභාවය. ඊළඟ එක තමා මේ ඇහට පේන, කනට ඇහෙන, අතපය දිගහරිනව, හකුළුවනව ආදී මේ ස්වභාව ධර්මය තුල තියන පැය විසිහතර තුලම අපි සිදු කරන සියළුම කටයුතු. මේවා දිහා බලාගෙන ඉන්න අපිට පුළුවන් නම්, ඒව දිහා බලාගෙන ඉන්නකොට පේන්න පටන් ගන්නවා නම්, අපි දකිනවා නම්, මොන මොන වෙලාවටද මම ඇත්තටම මෛත්‍රියෙන් ඉන්නෙ, මොන මොන වෙලාවටද මට මෛත්‍රිය නැත්තෙ, මොන මොන වෙලාවටද මට කරුණාව තියෙන්නෙ, මොන මොන වෙලාවටද මට කරුණාව නැත්තෙ, මොන මොන වෙලාවටද මට මුදිතාව තියෙන්නෙ, මොන මොන වෙලාවටද මට ඊර්ෂ්‍යාව තියෙන්නෙ, මොන මොන වෙලාවටද මට උපේක්ෂාව හෝ සමානාත්මතාවය තියෙන්නෙ, මොන මොන වෙලාවටද මට සමානාත්මතාවය හෝ උපේක්ෂාව නැත්තෙ කියල අපිම හඳුනා ගන්නවා නම්, අන්න ඒකටයි පුහුණුව කියල කියන්නෙ.
අද දවසේදී කරපු ඒ විදිහේ පුහුණුවක් හොඳ හැටි මතක තියාගන්න ඕන. ඒ මතක තියාගන්න වෙලාවටයි කියන්නෙ කමටහන් වාර්ථාව කියල. ආපස්සට මතක් කරනව භාවනාව ඉවර වෙන්න කලින්. "අද මම මොකද කලේ? නින්ද ගියාද? නැඟිට්ට ගමන් බැනගත්තනෙ මට." මේක තමයි තියන ඇත්ත කතාව. අපි මේක අනුමත කරන්න ඕන. අපි ගොඩක් වෙලාවට මේක අනුමත කරන්නෙ නැහැනෙ. මෙන්න මේකයි මේක තුල තියන වැරැද්ද පින්වතුනි.
සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ කියල දෙනවා නින්ද යන එකත් කමටහනක් කියල. විශ්වාස කරනවද? නින්ද යන එකත් කමටහනක්. රාගය එන එකත් කමටහනක්. රාගය තියන එකත් කමටහනක්. රාගය නැති එකත් කමටහනක්. අපි හඳුනා ගන්න පටන් ගන්න ඕන මම දැන් කරන්නෙ හෝ මට දැන් තේරෙන්නෙ මේ දේවල්වලින් මොන කොටසද කියල.
අපි එකපාරම රහත් වෙන්න යන්නෙ නෑ නෙව. රහතන් වහන්සේ නමකට පරිවර්තනය වෙන්නේ, ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය සහ රහත් ඵලය කියන මෙන්න මේ දීර්ඝ ගමන ගිහිල්ලයි එතනට යන්නෙ. එකපාරම අර කාටුන්වලින් වගේ දඩස් ගාල වැටෙන්නෙ නෑ. එතකොට මේ මාර්ගයේ යන්න අපි අපිම හඳුනාගන්න ඕන. තමන් තමන්ව දකින්න පටන් ගන්න ඕන. අන්න එතකොටයි අපිට අපෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ.
අපි මෙච්චර කාලයක් මම හැටියට මගේ හැටියට, මගේ ලෝකය, මගේ ජීවිතය, මගේ ආත්මය හැටියට හදාගෙන හිටපු දුක හදා ගන්න දේවල් ටික දැක්කහම අපි මේක අතහරින්න පටන් ගන්නව. "නිබ්බිදා විරාගෝ" කියල කියන්නේ, යථාර්තය දැක්ක ගමන්ම ආ මම මේකනෙ මෙච්චර කාලයක් අල්ලන් ඉන්නෙ කියල තමන්ටම මේක ගැන ලොකු ලැජ්ජාවක් ඇත්තටම එන්නෙ. මහ හිරිකිතයක් එන්නෙ. ඒක වෙන කවුරුහරි දාන්න ඕන එකක්ද? නෑ ඒක තමන් තේරුම් ගන්න එකක්.
ඒක තේරුම් ගත්තට පස්සෙ අයින් කරනවා කියන එක ඇත්තටම අපි ඉබේටම කරන දෙයක්. අපිට අයින් කරනවා හැරෙන්න, ඒ මමත්වයෙන් ගත්ත අදහස බැහැර කරනව හැරෙන්න වෙන විකල්පයක් නෑ. නිදහස් වෙන්න ඕන නම් ඒක කරන්න වෙනව.
හැබැයි ඕක කරපු නැති අයත් ඉන්නව. ඒගොල්ලො අදටත් දුක් විඳිනව. ආපහු අර නම කියන්නම්, දේවදත්ත. පව් ඇත්තටම ඒ අහිංසකයින්ට. මේ දහම තුල තියන, ඔය වගේ සාරයක තියන වටිනාකම තේරුම් ගන්න තරම් ඒ හිත් දක්ෂ වුනේ නෑනෙ බලන්නකො. අපිටත් අවස්ථාව තියනව පින්වතුනි.
අර වෙලාව ටක් ටික් ටක් ටික් ගගා යනවා. අපේ ෆෝන්වල නම් පෙන්වනවා තව බැට්‍රියෙ මෙච්චර වෙලාවයි තියෙන්නෙ බැහැල යන්න කියල. අපෙත් ඉතින් එහෙම බැට්රියක් තියනව. චාජ් වෙන්නෙ නෑ මේක හොඳේ. ජීවිතේටම එක වතාවයි චාජ් කරන්න පුළුවන්. දැන් ඒක කොච්චර බැහැලද කියන එක අපි දන්නෙ නෑ.
අපේ ෆෝන් සමහරක් ඒව එහෙන් මෙහෙන් කැඩිලා, එක පැත්තකින් අඬු කැඩිලා. එවුව තියනව ඉතින්. මගෙත් එහෙම තමයි. සමහරක් ඒවගෙ display ගිහිල්ල කණ්නාඩි දාන්න වෙලා තියනව. මටත් එහෙමයි. ඒ වුනාට අපිට තව ඉතුරු වෙච්ච කාලයක් තියනව ඔය කියන සද්ධර්මය පුරුදු කරන්න. ඔය කියන යථාර්ත ධර්මය අපේ ජීවිතවලට ගන්න. එකතු කර ගන්න.
එහෙම කරගන්න පුළුවන්කමක් ලැබුනොත් පින්වතුනි, අපිට බැරි වේවි මහා ලොකු පිරිසකට කියල දෙන්න. හැබැයි අපිට උගන්වන්න පුළුවන්. තමන්ට කියල දෙන්න පුළුවන්, ඕක නෙවෙයි මේ ලෝකෙ තියන ඇත්ත, හැබෑ සංතෝසය, හැබෑ සතුට, මෙන්න මේකයි කියල. මමත්වයෙන් මෙච්චර කාලයක් අල්ලගෙන හිටපු මම, මගේ, මගේ ආත්මය හැටියට අල්ලගෙන හිටපු දුක හදාගත්ත දේවල් ටික බැහැර කරල දාන්න ඩිංග ඩිංග ඉගෙන ගත්තට පස්සේ අපි අපෙන් නිදහස් වේවි. මම මගෙන් වෙන් වේවි. මම කියල හිතාගෙන හිටපු මගේ ආත්මය මම බැහැර කරල දාවි.
සාමාන්‍ය ලෝකයාට පින්වතුනි ඕක මූලධර්මයක් හැටියට කියල දුන්නහම තියන ප්‍රශ්නෙ තමයි ලෝකයා බයයි.
"මට මං නැතිවුනොත් වෙන්නෙ මොකද්ද හාමුදුරුවනේ?"
තියන ප්‍රශ්ණෙ ඒක. මං හිතනව දැන් ඔය ඇත්තන්ට තේරෙනව මං මේකෙන් අයින් වෙන්න ඕන කියල. අයින් වුනේ නැත්නම් අපි නිදහස් නෑ. එහෙම අයින් වුනාට පස්සෙ ඊළඟට මොනවද කරන්නෙ කියන එක තමන්ගෙ තීරණයක්. ඒකට වෙන බලධාරීන් ඕන නෑ. ඒකයි කියන්නෙ ධර්මයේ පිළිසරණ හොයා ගත්ත කෙනාට එයාම තමයි දූපත කියල. එයාට කැමති දිශාවට එයා ඒක පදිනව. සෝතාපන්න කෙනාට කැමති නම් ආත්ම හතක් ඉන්න පුළුවන්. මේ අසූචි කකා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මේ ජරා ගොඩේ. එහෙම නැතිනම් එයාට එයාගෙ වැඩේ ඉවරයක් කරන්නත් පුළුවන්.
ඉතින් කොහොම හෝ වේවා අපි අපිට සම්මුඛ වෙන, අපි අපේ ජීවිතය දකින, අපි අපේ ජීවිතේට යහපත මේකයි, අයහපත මේකයි, අපි ගාව මෙච්චර කාලයක් තිබිල තියන දේ මෙන්න මේකයි කියල හඳුනාගන්න දැන කියා ගන්න වෙලාවටයි කියන්නෙ භාවනාව කියල. ඒක සක්මනේදී කරන්නත් පුළුවන්, පර්යංකයේදී කරන්නත් පුළුවන්. හොඳම කාරණේ තියෙන්නෙ දවසට විනාඩි කිහිපයක් හරි ඕකට යොදවන එක.
මේ දේ කරල පින්වතුනි නිවන් දැකපු අය හිටිය අවුරුදු එකසිය විස්සෙනුත්. හිතන්න එපා ඒ කාලෙ එකසිය විස්සෙ අයගෙයි අද කාලෙ එකසිය විස්සෙ අයගෙයි වෙනසක් තියෙයි කියල. නෑ හැරමිටියෙන්මයි ගියේ කොන්ද කුදු වෙලා තිබ්බෙ. ඒ කාලෙ හිටියෙ මහා අසහාය ගණයෙ, මහා පුදුමාකාර ශක්ති සම්පන්න, ජව සම්පන්න අය කියල එහෙම හිතන්න එපා. ඔක්කෝටම තිබ්බෙ ඔය අපිට තියනව වගේ එකම ඉස්කුරුප්පු ටික තමයි. මේ ජරා ඇඟම තමයි.
හැබැයි ඒ ඇත්තන්ට උත්සාහය තිබ්බා. අප්‍රමාදය තිබ්බා. ඇයි අපිට බැරිද? අපිත් උත්සාහ කරන්න ඕන. ඒ ඇත්තො ඒ විදියට කරා නම් උත්සාහවන්ත වෙලා, ඒ ඇත්තන්ගෙ තිබිච්ච සංසාරික දුකෙන් ඒ ඇත්තො නිදහස් වුනා නම්, ඇයි අපිට බැරි? එහෙම නේද? අපිත් උත්සාහ කරන්න ඕන.
එහෙම වුනාම පින්වතුනි කවදා හෝ දවසක අපිත් මියෑදිලා යාවි. දන්න කියන අය එකතු වෙලා අපිව එක්කො පුච්චාවි, නැත්නම් වළ දායි, මොකක් හරි කරාවි, හැබැයි ඉගෙන ගත්ත සද්ධර්මය වැළලෙන්නෙ නැතුව තියේවි. ඒ ධර්මය තුලින් පෝෂණය කරගත්ත සත්පුරුෂ ගුණය ලෝකයෙ හැමදාම තියේවි.
අපි දන්නෙ නෑ අනාථපිණ්ඩිකව දැකල නෑනෙ. ඒ වුනාට අදත් මුණ ගැහෙනව නේ? මහණ වෙලත් නෑ නෙව. ඒත් අදත් අපි කැමතියි මෙයාට. හේතුව එයාගෙ ජීවිතේ එයා පුරුදු කරපු ඒ යහපත් වූ ප්‍රතිපදාව.
ඉතින් මං බොහොම සංතෝස වෙනවා අද දවසේදී ඔය ඇත්තන්ට මේ කියන කාරණා ටික කියන්න මට අවස්ථාවක් හම්බ වුන එක ගැන. ඔය ඇත්තො ආපු එක ගැන බොහොම සංතෝසමත් වෙනව වගේම වස් කාලයේ ඉතින් අපි පුළුවන් තරමක් උත්සාහ කරනවා ධර්මය තමන්ගෙ ජීවිතේට පුරුදු කරගන්න. තමන්ගේ ජීවිතේ ආලෝකමත් කර ගන්න.
ඇත්තටම කියනව නම් වස් කාලයක් තුලදි තමයි බොහොමයක් මාර්ගඵල ලාභියො බිහි වුනා කියන්නේ. හේතුව ධර්මයට ලැදිව, බොහොම කිට්ටුවෙන්, ධර්මය ඇසුරු කරන්න පටන් ගත්ත හින්ද. ඉතින් ධර්මයේ හැටියට අපිට තේරෙනව මොකද්ද පුරුදු කරන්න තියෙන්නෙ කියල. නේද?
අපි ගාව තියෙන්න පුළුවන් මහා ලොකු දැනුමක්. සමහර කට්ටිය ඇත්තටම දැනුම තියනව කියල හිතන් ඉන්නව සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් වඩා. භාවිත නෑ. පහුගිය ටිකේ ඔය එක පැත්තකට පිණ්ඩපාතෙ යනකොට කට්ටියක් හිටිය. හරි හොඳයි. ඒ ඇත්තොන්ගෙන් ධර්මය ගැන අහනකොට අසවල් හාමුදුරුවොන්ගෙන් බණ අහනව, අසවල් දේ දන්නව, අසවල් අසවල් අසවල් කියල දැන් මටත් එක්ක කියල දෙනව. අපිත් ඉතින් අහගෙන ඉන්නව කාරි නෑ කියල දුන්නට. හැබැයි මළ ගෙදරක් වුනාම පොළොවෙ පස් කනව. මොකද්ද මේකෙ තියන ගැලපීම?
පුරුදු කරලු නැති ගැලපීමයි මේ තියෙන්නෙ. අපි පුරුදු කරන්නෙ පින්වතුනි සතිපට්ඨානයයි. සතිපට්ඨානය පමණයි පුරුදු වෙන්නෙ. නැත්නම් අපි කණ්නාඩියක් හදන්නෙ නෑ. අපේ කණ්නාඩියෙන් බලන්නෙ හැම වෙලාවෙම අනිත් අය ගැන තමයි. බල බල "අරය යන්නෙ ඔහොමනෙ. ඔහොමද යන්නෙ ධර්මය පුරුදු කරන අය?" ඕක තමයි අපි කරන්නෙ. කණ්නාඩිය අනික් අයටයි දාන්නෙ.
හැබැයි සතිපට්ඨානයෙදි තමයි කණ්නාඩිය තමන්ගෙ ඉස්සරහ තියාගෙන බලන්නෙ. ඕක බලන්න කැමති කෙනා ඇත්තටම කියනව නම් සංසාරෙන් නිදහස් වෙනව. අකමැති කෙනා ආපහු සංසාරෙටම වැටෙනව. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරමු පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ ඝෝර සසරෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් ඇති කරගන්න.
ආයෙ ඉපදුනොත් එහෙම, ප්‍රාර්ථනාවක් කලොත් එහෙම, මොන තැනක ඉපදුනත් ජරාවට ලත් වෙන්න වෙනව. ඒක දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන්, මනුස්ස ලෝකෙ වෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකෙට ගියොත් කතා කරන්න දේකුත් නෑ. අපාය ගැන ඉතින් ආයෙ වචනත් ඕන නෑනෙ. කොහෙට ගියත් ජරාව තියනව. බ්‍රහ්ම ලෝකෙට ගියත් ඒ ඇත්තො කයක් නෑ හිත විතරයි තියෙන්නෙ. ඒ වුනත් ඒකත් උපතක්නෙ හත්ඉලව්වෙ කොහෙ හරි තැනක.
ඒ හින්ද පුළුවන් තරම් පින්වතුනි අපි ඒ වගේ සැප සම්පත් ප්‍රාර්ථනා කරනව කියන්නෙ දුක ප්‍රාර්ථනා කරනව කියන එකම තමයි. දුකමයි ඉල්ලන්නෙ. හැබැයි මේකෙන් නිදහස් වෙනකොට අපිට අයින් කරන්න බෑ කියල හිතෙනව. මං කියල තියාගත්ත ඒව තියනවනෙ. මගේ අය ඉන්නවනෙ. මාල, වළලු, මුදු, කරාබු, ළමයි, හරක බාන, වතුපිටි, ගස් කොළන් ගෙවල්, ඕවත් තියෙන්න පුළුවන්නෙ.
මේ එකක්වත් අරගෙන නම් යන්නෙ නෑ. අර මහත්තය වාහනේ නැග්ගා. දරුවව ඉස්කෝලෙට අරන් ගියා. එන ගමන් වෙන වාහනයක් ඇවිල්ල හප්පගෙන ගිහිල්ල. හරිම හොඳ කෙනා. ධර්ම සාකච්ඡාවට හරිම ලැදියි. හරි නිහතමානියි. හරි ගුණ යහපත් කෙනා. පැවිදි වෙන්න හිතාගෙන හිටියෙ පස්සෙ කාලෙක. ඉතින් ඒ අයටත් යන්න වුනා. මොනවත් අරගෙන ගියේ නෑනෙ. අඩුම තරමෙ ෆෝන් එකවත් ගෙනිච්ච නම් කෝල් එකක්වත් දෙනවනෙ නේද, ඒත් නෑ ඒකත් දාල ගිහිල්ල තියෙන්නෙ.
නමුත් ඕව අපි තියාගෙන ඉන්නෙ මගේ ෆෝන් එක කියල නේ. අල්ලන්න දෙන්නෙ නෑ වෙන කාටවත්ම. ඇඟිල්ලක් තියන්න බෑ. ඉතින් අපි නිදහස් වෙන්න පටන් ගන්න ඕන ඔය කියන මමත්වයෙන්. ආන් ඒ දේ කරන්න අපි මේ කාලෙ යොදවගමු කියන යෝජනාව කරමින් මම අද දවසට කරන දේශනාව මෙතකින් සමාප්ත කරනව.
ඉතින් ඔය ඇත්තො වෙනුවෙන් මම බොහොම සතුටු වෙනවා අද දවසේදී බොහොම දුර මඟ ගෙවාගෙන මෙහෙ ඇවිල්ල මේ දාන මාන පූජා කරන්න, ධර්ම ශ්‍රවනය කරන්න, වත් පිළිවෙත්වල යෙදෙන්න කරන උත්සාහය ගැන. ඉතින් ඒ ආකාරයෙන් ජනිත කරගන්න සියළුම කුසලය ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලෙව ගිය සියළු ඥාති මිත්‍රාදීන්ටත්, අද දවසේදී ඒ අවසාන කටයුතු සිදු කරන අනුරුද්ධ ප්‍රියංකර මහත්තයටත් අත්පත් වේවා ! එහෙම අනුමෝදන් වෙලා ඒ ඇත්තො සංසාරික දුකෙන් අත්මිදී අමා මහ නිවන සාක්ෂාත් කර ගනිත්වා කියල සාදු කියල පින් අනුමෝදනා කරමු.
ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් වගේම ඔබ අප සෑම සියළු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා විසිනුත් මේ පින් අනුමෝදන් වේවා ! ඒ ඇත්තන්ගෙ දිව්‍ය බලය වඩා වර්ධනය වී ඔය ඇත්තන්ට ආරක්ෂාව සලසා දෙත්වා! දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම ලබත්වා කියල සාදූ කියල පින් අනුමෝදන් කරමු.
සිදු කර ගත්තා වූ කුසලානුසංස බලයෙනුත් තුනුරුවන්ගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ බලයෙනුත් පින් අනුමෝදන් වූ සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙනුත් සුජාතා මෑණියො ප්‍රධාන වෙච්ච ඔය ඇත්තො සෑම සියළු දෙනාගේම ජීවිත වලට සියළු යහපතම වේවා ! සෙතක් ශාන්තියක් අභිවෘද්ධියක්ම සැලසේවා !නිදුක් වේවා ! නීරෝගි වේවා ! සුවපත් වේවා ! කායික වූ ද මානසික වූ ද සැහැල්ලු භාවයක්ම වේවා ! අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා උපකාර වේවා කියල සාදු කියන්න ඕන.
සියළු යහපත වේවා කියන අදහසින්, ඒ සංඝාශිර්වාදය සිත් සතන්වල බොහෝ කාලයක් යහපත පිණිසම රැව් පිළිරැව් දේවා කියන අදහසින්, වන්දනා කර ගන්න හොඳයි.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
"සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං"
සාදූ සාදූ සාදූ
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුරුදු පුහුණු කළ යුතු දහම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"කායේනචේව පරම සච්චං සච්චිකාතබ්බංතීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද පුන් පොහොය දා සීල සමාදානයට පැමිණිච්ච ඔය ඇත්තන්ව බොහොම සාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. බෝලන්කන්ද තපෝ අරණ කියන සේනාසනයේ, භාවනාවට මුල් තැන දීලා සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනේ තව එක දවසක් තමයි අද මේ විදියට ගෙවීගෙන යන්නෙ.
තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය පින්වතුනි අපිට කියල දෙන්නේ ඉගෙන කියාගෙන තම තමන්ගේ ජීවිතවලට පුරුදු කරන්න කියලයි. ඒ ගැන කියන එක ගාථාවක් මෙන්න මෙහෙම තියනවා.
"යෝච අප්පංපි සුත්වාන
ධම්මං කායේන පස්සතී
සවේධම්ම දරෝහෝතී
යෝධම්මං නප්පමජ්ජතීතී"
අපි ඉගෙන ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට,
"යෝච අප්පංපි සුත්වාන"
"අප්පංපි" කියල කියන්නේ අල්පයක්, බොහොම පොඩ්ඩක්, ඩිංගිත්තක්, සුළුකොට හෝ දහම් කාරණාවක් ඉගෙන කියාගත්තොත්. දහම් කාරණාව කියල කියන්නේ අපේ ජීවිතය තුල තියන ගැටළුවකට, අපි මේ තාක් දුරට හිතාපු නැති විදිහේ කාරණාවකට, මේ තරම් කාලයක් අපි විඳපු දේකට, කායිකව හෝ මානසිකව හෝ වේවා වද වේදනා විඳපු දේකට යම්කිසි වූ පිළිසරණක්, ඔසුවක්, යම්කිසි වූ විසඳුමක් හම්බ වෙනවා නම්, අන්න එවන් වූ දේ කායිකව ස්පර්ශ කරන්න පටන් ගන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව.
කායිකව ස්පර්ශ කරනවා කියල කියන්නෙ පින්වතුනි, අපි හිතමුකෝ අපිට ඇහිච්ච වචනේ, නැත්නම් අපිට කියල දුන්න දහම් කාරණාවෙ තියෙන්නේ සිහියෙන් කතා කරන්න කියල නම්, අපි කරන කතාවට සිහිය තියනවද? එහෙම නැති නම් අපි වචනයක් කියනකොට ඒ වචනය කියන්නෙ දැනුවත් භාවයකින්මද? දැනුවත් භාවයක් නැතුවද? පුරුද්දට කියන වචන තියනවද? කියලා ඉගෙන ගන්න පටන් ගන්න ඕන. මේ විදියට කරන දේට කියනවා කායිකව ස්පර්ශ කරනවාය කියල.
අපිට ඇහිච්ච දහම් කාරණාවේ තියෙන්නේ අපි වැඩකටයුත්තක් කරනකොට ඒ දේ මනා දැනුවත් භාවයකින් යුක්තවම, මනා උවමනාවකින් යුක්තවම කරනවා කියන උපදේශය නම්, අපි අපේ පැත්තට හැරිල බලන්න ඕන, මම වැඩකටයුතු කරනකොට, අතපය හසුරුවනකොට මොන වෙලාවන්වලදිද මේ දෙයයි මම කරන්නේ කියල දැනගෙනම කරන්නෙ?, මොන දේද නොදැන කරන්නේ? කියන මෙන්න මේ කොටස් දෙක අපි හොඳට හඳුනා ගන්න ඕන. මේ පැති දෙක අපි හඳුනාගන්න ඕන.
මේ දේ හරියට හඳුනා ගත්තහම අපිට අවස්ථාවක් එනවා පින්වතුනි, මේ තරම් කාලයක් සිහියක් නැතුව, නැතිනම් අසිහියෙන්, අවධානයක් නැතුව, අනවධානයෙන් වැඩකටයුතු කරලා අපිට අපිටම දුක හදාගත්ත, ලෝකයාට දුක හදල දුන්න, කායිකව පසුතැවිලි වෙච්ච, චෛතසිකව වද වේදනාවලට මුල පුරපු ඒ දෙය දැක දැක දැක දැක අයින් කරන්න පුළුවන්කමක් හම්බ වෙනවා.
තථාගතයන් වහන්සේ දේශනා කරන ඔය ගාථා රත්නයේ ඊළඟ පාඨ දෙකත් හරීම ලස්සනයි. පළවෙනි පද දෙක තමයි,
"යෝච අප්පංපි සුත්වාන
ධම්මං කායේන පස්සතී"
ඊළඟ පද දෙක තමයි,
"සවේධම්ම දරෝහෝතී
යෝධම්මං නප්පමජ්ජතීතී"
ඒ විදියට අහපු දහම තමන්ගේ ජීවිතයට මනාකොට පමුණුවා ගත්ත කෙනා, තමන්ගේ ජීවිතයට මනාකොට භාවිතා කරපු කෙනා, තමන්ගේ ජීවිතේ එක්තරා ක්‍රියාවක් බවට පරිවර්තනය කරගත්ත කෙනා, ඒ ධර්මය තුලින් පරිවර්තනය කරගත්ත කෙනාගෙ දහම අප්‍රමාදයට වැටෙන්නෙ නෑ කියල කියනව. ඒ විදියට පුරුදු කරපු දහම, කායිකව ස්පර්ශ කරපු දහම, කායිකව පවා ක්‍රියාත්මක කරපු දහම ප්‍රමාදයට වැටෙන දහමක් නෙවෙයි අප්‍රමාදයට වැටෙන දහමක්. ප්‍රමාදයට වැටෙන්නෙ නැහැ. "යෝධම්මං නප්පමජ්ජතීතී"
අන්න ඒ විදියට ධර්මය පුරුදු කරන කෙනාටයි කියන්නෙ පින්වතුනි 'ධර්මධරයා' කියල. දහම දන්නවා කියල. එතකොට මේ ශාසනය තුල ධර්මය කියන කාරණේ අපි හඳුනාගෙන තියෙන්න පුළුවන් මූලාශ්‍ර ආශ්රයෙන්. එය තුලින් අපි තුල තර්ක විතර්ක ගොඩ නංවන්න, අදහස් කරුණු කාරණා තියෙන්නත් පුළුවන්, නමුත් කාරි නෑ. ඒවගෙන් නෙවෙයි අපි ධර්මධරද ධර්මධර නැද්ද කියන එක කියල දෙන්නේ, ප්‍රකට වෙන්නේ, මේ ධර්මය අපේ ජීවිතයට භාවිතා කරන ප්‍රමාණය තුලිනුයි අපි ධර්මධරයෙක් වෙනවාද නැද්ද කියන එක විසඳෙන්නෙ.
තායිලන්තයේ ඔය 'වට් පා නනචට්' කියන ආරණ්‍යයට ගිහිල්ලා එහේ හිටපු කාලයේදී මම දැකපු විශේෂම කාරණයක් තමයි, ඒ ඇත්තන්ට මහා ලොකු දහම් කතාවක් හෝ ලොකු ගැඹුරු ධර්මයක් ගැන විශේෂ සඳහනක් කරන්න යන්නෙ නෑ ඇහුවෙ නැත්නම්. හැබැයි එන හැමෝටම පංච සීලයක් ගැන කියල දෙනවා. ඇවිදිනකොට, පැමිණෙනකොට ගත කරන්න ඕන විදිහ, තමන්ගේ වචනය භාවිතා කරනකොට සංවර වෙන්න ඕන විදිහ, වැඩකටයුතු කරනකොට පිළිවෙලක් තියෙන්න ඕන විදිහ, වගේම සතිමත් වෙන්න ඕන විදිහ කියල දෙනවා.
තමන් කරන කතාවට සතිය විතරක් නෙවෙයි, සිහිය විතරක් නෙවෙයි, මෛත්‍රියත් මුසු වෙලා තියනවද? කරුණාවත් මුසු වෙලා තියෙනවද? මුදිතාවත් එකතු වෙලා තියෙනවද? මධ්‍යස්ථ බව නැත්නම් සමානාත්මතාවය, උපේක්ෂාව කැටි වෙලා තියෙනවද? කියල උගන්වනව.
තමන් වැඩ කටයුත්තක් කරනකොට, අතපය හසුරුවනකොට, ගමනක් බිමනක් යනකොට, වටපිට ඔබ මොබ බලනකොට, යමකට සවන් දෙනකොට, යම්කිසි දෙයක් අතට ගන්නකොට, අතේ තියන දෙයක් තවත් තැනක තියනකොට ආදී වශයෙන් මේ කටයුතු කරනකොට ඒ දේ සිහියෙන් කරන්න උගන්වනව වගේම ඒ සිහියට මෛත්‍රිය තියනවාද, ඒ කරන ක්‍රියාව මෛත්‍රිය මුසු වෙලා කරනවාද, මෛත්‍රියෙන් යුක්තව කරනවාද, කරුණාවෙන් කරනවාද, ඊර්ෂ්‍යාවක් නැති මෘදු මොළොක් මුදිතාවකින් කරනවාද, සමානාත්මතාවයකින්, උපේක්ෂාවකින් කරනවාද කියල ඉගෙන ගන්නටයි එහේ උගන්වන්නෙ.
මේ ක්‍රමය දිහා දැක්කහම පින්වතුනි ඒක අපේ රටේ අපි ඉගෙන ගත්ත ක්‍රමයට වඩා ටිකක් වෙනස්. අපිට ගොඩාක් පෙළ දහම උගන්වනවා, පෙළ දහම කියල දෙනවා, හැබැයි භාවිතා කරන්න වුනාම ඒ භාවිතා කරන පැත්තෙන් අපි පෙළ දහම කොච්චර දැනගෙන හිටියා වුනත් ප්‍රායෝගික අභ්‍යාසයකට යනකොට අපිව බොහොම පල්ලෙහාට වැටෙනව.
තරහ යන එකේ ආදීනවය ගැන සූත්‍ර දේශනා, එහෙම නැතිනම් කතාන්දර, උපමා උපමේයයන්, අභිධර්මය ආශ්‍රය කරගත්ත දහම් කාරණා මේ ආදී කොට ගත්ත මහා විශාල දැනුම් සම්භාරයක් අපි ගාව තියෙන්න පුළුවන්, හිත බොහොම තැන්පත් වෙලා තියෙන්න පුළුවන්, හැබැයි සැබෑවටම වචනයක් කතා කරනකොට තරහෙන් කතා කරනවද? තරහෙන් කතා කරන්නෙ නැද්ද? ඇත්තටම මෛත්‍රියක් තියෙනවද? වැඩක් කරනකොට ඇත්තටම මෛත්‍රියෙන්ද කරන්නේ? තරහකින්ද කරන්නේ? අමනාපයකින්, නුරුස්සනා බවකින්ද කරන්නේ? කියන එක අර තියෙන දැනුමත් ගත්තහම හාත්පසින්ම වෙනස් වෙනව.
කොච්චර දැනුමක් තිබ්බත් වැඩක් නැහැ ඒ දැනුම තුලින් ලබාගත්ත දේ අපි අපේ ජීවිතේට භාවිතා කරගත්තෙ නැත්නම්. සංදිට්ඨික කරගත්තෙ නැත්නම්. ඒක නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ යෝජනාව තියෙන්නේ
"යෝච අප්පංපි සුත්වාන" කියල.
පොඩ්ඩක් අහන්න. ඒ අහන ඩිංගිත්ත,
"ධම්මං කායේන පස්සතී"
කායිකව ස්පර්ශ කරන්න කියල කියනව. කායිකව පුරුදු කරන්න කියල කියනව. කායිකව භාවිතා කරන්න කියල කියනව.
"සවේධම්ම දරෝහෝතී
යෝධම්මං නප්පමජ්ජතීතී"
අන්න එයාටයි ධර්මධරයා කියල කියන්නෙ. එයා ගාවයි ධර්මය තියෙන්නෙ. එයයි මේ ධර්මය පුරුදු කරන්නෙ. එයයි මේ ධර්මය වඩන්නේ, භාවිතා කරන්නේ, මේ ධර්මය තමන්ගේ ජීවිතය බවට පරිවර්තනය කරගන්නේ.
අනික් හැම අවස්ථාවකදීම අපි ගාව ධර්මයක් තියනව වෙන්න පුළුවන්. එව්වට කියන්නෙ දහම් කාරණා කියල. එව්වට කියන්නෙ මූලාශ්‍ර කියල. ඒවට කියන්නෙ තර්ක විතර්ක කරන්න ඕන කරුණු කියල.
හැබැයි සැබෑ ධර්මය තුලින් ඒ ගොඩ නැංවෙන, ඔප් නැංවෙන චරිතය, මෛත්‍රිය මුසු වෙච්ච, කරුණාව මුසු වෙච්ච, මුදිතාව එකතු වෙච්ච, සමානාත්මතාවයෙන් යුක්ත වෙච්ච වචන කියන කෙනෙක් නම් හැදෙන්නේ, වැඩ කටයුතු තියන කෙනෙක් නම් හැදෙන්නේ, ගමන බිමන යනකොට, අතපට හසුරුවනකොට, බලනකොට, කතාබහ කරනකොට පවා අඩුම වශයෙන් හිතනකොටත්, ඔය කියන සතර බ්‍රහ්ම විහරණයන් එකතු කරගත්ත කෙනෙක් නම් මේ දහම තුලින් හදල දෙන්නෙ, සකස් කරන්නේ, ඒ කෙනා සමාහිතයි පින්වතුනි. ඒ කෙනා සමාහිතයි. එයා තැන්පත් වෙනව.
මෙන්න මේ ආකාරයටයි මේ ධර්මය තුලින් සකස් කරන චරිතය යන්න ඕන දිශානතිය තීරණය කෙරෙන්නෙ. ඒ කෙනා එතකොට පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමා, තමන්ගේ ස්වභාවය තුල දැනට තියන සත්‍ය වූ ආකාරය මනාකොට අවබෝධ කරන්න ඕන. අනුමත කරන්න ඕන. ඔන්න ඔතනටයි පින්වතුනි සතිපට්ඨානය කිට්ටු වෙන්නේ. එකතු වෙන්නේ.
මේ ලෝකෙ තියන වෙන ඕනෑම භාවනාවක් කරන්න පුළුවන්, වැරැද්දකුත් නෑ හැබැයි සතිපට්ඨානයට වඩා වෙනස්. අනික් හැම භාවනාවක් කරනකොටම අපි කරන්නේ "හා...අද මේ දේ කරනවා" කියල පටන් ගන්නව. "හා...අද මම මෛත්‍රිය වඩනවා" කියල පටන් ගන්නව. "හා...අද මම අසුභය වඩනවා" කියල පටන් ගන්නව. "හා...අද මම බුදුගුණ වඩනවා" කියල පටන් ගන්නව. එහෙම කරල අපි හිතාගෙන ඉන්නවා මම මෛත්‍රිය වඩන එකේ ආනිසංස හැටියට මට තරහ නොඒවා කියල.
හැබැයි තරහ යන වෙලාවට අන්න, මෛත්‍රිය වඩාපු එකේ තියන අදහස, ඒ සිතුවිල්ල, ඒ ආකල්පය, ඒ දෘෂ්ටිය, දැක්ම අපි ගාවට ගන්න උත්සාහ කරන්නෙ නැත්නම්, අපි කොපමණ වෙලාවක් මෛත්‍රිය වැඩුවත් පින්වතුනි අපේ හිතේ තැන්පත් භාවයක් හෝ අපේ හිතට සහනයක් සැනසීමක් ලැබෙයිද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්.
මේ ආකාරයෙන් බලනකොට මේ දහම අපි අපේ ජීවිතේට පුරුදු කරගන්න ප්‍රමාණයෙන් මෙච්චර කාලයක් අපි ගෙවාපු දුක, ඒ සංසාරික වද හිංසනය, පීඩාව, අපෙන් පොඩ්ඩ පොඩ්ඩ නිදහස් වෙන්න පටන් ගන්නව. ඒ චරිතය අතීතය තුල හිර වෙලා ඉන්න හදන්නෙ නැහැ එතකොට. එයා දන්නව එයාට වර්තමානයක් වගේම අළුත් අනාගතයක් තියනව කියල. ඒ අතීතය වර්තමානය තුල තියාගෙන අනාගතයට අරන් යනවා කියන එකට වඩා එයා තේරුම් බේරුම් ඇති කරගන්නවා, එයාගෙ අතීතය දැන් ගෙවිල ඉවරයි වර්තමානය අළුතෙන් පහළ වෙන්නේ. ඒ වගේමයි අනාගතය කියල කියන්නේ තවම ආපු නැති දෙයක්, ඒක වෙනස්.
සතිපට්ඨානය පුරුදු කරන කෙනාගේ ලක්ෂණ මේවා තමයි. එයා එයාගේ ජීවිතය ඩිංග ඩිංග ඩිංග ඩිංග පුරුදු කරන්න පටන් ගන්නවා ඔය කියන අනුසාරයෙන්. ඔය කියන පැත්තෙන්. ඔය කියන දිශානතියෙන්. එයා තේරුම් ගන්නවා ඇත්තටම එයාට තරහක් එන වෙලාව ඇත්තටම මට මේ තරහක් තියන වෙලාවක් කියල. එයාට ආශාවක් තියන වෙලාවක් නම් අවංකව එයා තේරුම් ගන්නවා ඔව් මට ආශාව තියන වෙලාවක් කියල. එයා ඇත්තටම බොරුවක් කියන වෙලාවක් නම් පැහැදිලිවම තේරුම් ගන්න උත්සාහ කරනවා ඔව් මේක බොරු කියන වෙලාවක් තමයි.
එව්ව හරියි කියල අනුමත කරනව නෙවෙයි මේ. ඒ වුනාට තමන්ගේ තියන සත්‍ය ස්වභාවය තමන් අනුමත කරන්න ඕන. තමන් මේ තියන දේ පැහැදිලිවටම අනුමත කලාට පස්සේ සියයට සියයකම මේ දෙයින් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඔය වෙනුවට පින්වතුනි වෙනත් භාවනාවක් අපි කරන්න පුළුවන්, වැරදි නෑ. ඒ වුනාට අපි ගාව තියන වැරැද්ද දකින්නවත්, ඒ වැරැද්දට නිවැරදි විදිහේ උත්තරයක් දෙන්නවත් අවස්ථාවක් හම්බ වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒකයි සතිපට්ඨානය තුලින් හදන චරිතය තමන් තමන්ට කිට්ටු කරවන්නෙ.
අනික් භාවනාවලින් ගොඩක් වෙලාවට ඒ කෙනාව වෙන වෙන අරමුණුවල, වෙන වෙන තැන්වල, වෙන වන ලෝකවල හිර වෙන්න පුළුවන් නමුත් සතිපට්ඨානය තුලින් ගොඩ නංවෙන චරිතය තමාම දූපත කරගන්න පටන් ගන්නව.
එයා තමන්ගෙ වචනය හින්දම තමන්ගෙ වචනයෙන් නිදහස් වෙනව. වචනයෙන් නිදහස් වෙන්නෙ කොහොමද? තමන්ගේ වචනයම දැකලා, ඒ වචනය කතාබහ කරනකොට දුක හදා ගත්තා නම් ඊට කලින්, පශ්චත්තාපය හදා ගත්තා නම් ඊට කලින්, ශෝක වුනා නම් ඊට කලියෙන්, තමන්ගේ වචනයේ තියන වැරැද්ද හින්දා අනිත් ඇත්තෝ දුක හදා ගත්තා නම්, අනිත් ඇත්තො ශෝක කලා නම්, අනික් ඇත්තො දුක් පීඩා හදා ගත්තා නම්, අන්න ඒ දෙයින් නිදහස් වෙන්න පටන් ගන්නව. තමන්ගේ වචනය හින්දා තමන්ව නිදහස් වෙනව. ඒ වගේමයි ක්‍රියාකාරීත්වය තුලින් පවා. ඒ වගේමයි සිතුවිලිවලින්.
මෙන්න මේ ආකාරයට පින්වතුනි සතිපට්ඨානය පුරුදු කරන කෙනා තමන්ට කිට්ටු වෙනව. තමන් කරන කියන හැම දේකටම ලොකු වටිනාකමක් දෙන්න පටන් ගන්නව. මේක මේ මාන්නයකට ගන්න එකක් නෙවෙයි. තමන් කරන කියන හැම දෙයක්ම වැදගත් විදියට සලකනව.
මේ ජීවිතේ අපිට මෙච්චර කාලයක් තව ඉතුරු වෙලා තියනවද කියල කියන්න අමාරු හින්දා ගත කරන ජීවිතය තුල පුළුවන් තරමක් නිවී සැනසුනු ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා.
තමන් භාවිතා කරන වචනය පුළුවාන් තරමේ ධර්මානුකූල වචනයක් බවට පරිවර්තනය කර ගන්නවා. තමන් කරන කියන වැඩක් තියනවා නම් ඒ කාරණාව පුළුවාන් තරම් ධර්මානුකූල දෙයක් බවට සකස් කර ගන්නට, යොමු කර ගන්නට උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මෙයා සිහිය තුලින් තමන්ගේ ක්‍රියාව දකින හින්දා. ඒ සිහිය නිකමටත් දකින්නෙ නැහැ ඒ සිහියට මෙයා එකතු කරන්න පටන් ගන්නවා මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක් සහ උපේක්ෂාවක්.
මේවත් එක්ක එයාට තේරුම් බේරුම් ඇති කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා පින්වතුනි පසුකාලීනව තමන් රූපයක් දිහා බලනකොට ඒ රූපය ඔය අල්ලගෙනද බලන්නේ, හුදෙක් උපේක්ෂාවකින්ද බලන්නේ කියල. තියාගන්න ඕනකමකින්ද බලන්නේ, බැහැර කරන්න ඕනකමකින්ද බලන්නේ කියල.
ඔබත් මමත් මේ ලෝකය තුල ජීවත් වෙද්දී දෛනිකව බලන රූප අතර කීයකට නම් කැමති වේද කීයකට නම් අකමැති වේද? මේ දේ අපි හොඳ හැටි හඳුනා ගන්න ඕන. හඳුනාගන්න එකේ තියන වැදගත්කම වෙන්නෙ මේකයි.
ඒ මනාපයි කියල දැකපු රූපය ආයෙත් වතාවක් දකිද්දි හිතට මනාපය එකතු වේවි. අමනාපය හැටියට දැකපු රූපය දකිනකොට නැත්නම් ඒ අනුසාරයෙන් දැකපු අවස්ථාවක් එනකොට ආපහු අර අමනාපය ප්‍රකට වේවි. පස්සෙ කාලෙකදි දකින රූපය නෙවෙයි අපිට දුක හදල දෙන්නේ, මේ කරදරය සන්තාපය එකතු කරල දෙන්නේ, අපි ඒ රූපය කෙරෙහි හිතේ මවාගත්ත, හිතේ ඇති කරගත්ත මොකද්දෝ අදහසක් තියනව මං මේකට කැමතියි නැත්නම් අකමැතියි කියල. ඔය කැමැත්ත සහ අකමැත්ත තමයි ඊළඟට අපිව පාලනය කරන්න පටන් ගන්නෙ. අපිට දුක ගෙනැල්ල දෙන්නෙ.
සතිපට්ඨානය පුරුදු කරනකොට අපි හොයාගෙන යන්නෙ මෙන්න මේ ටිකයි. තමන්ට තමන් කිට්ටු වෙනකොට තමන් තේරුම් ගන්න පටන් ගන්නෙ මෙන්න මේ කාරණාවයි. එහෙම බැලුවාම තමන් කල ක්‍රියාව තුල තියන වැරැද්ද ගැන පළවෙනියෙන්ම විවේචනය කරන්නේ බාහිර කෙනා නෙවෙයි තමන්ම තමයි. ඒක තමන් ගන්නේ තමන් මානසික පීඩනයට ලක් කරන්න ඕන දෙයක් හැටියට නෙවෙයි තමන් නිධානයක් දැක්ක වගෙයි.
"නිදීකංව පවත්තාරං
යංපස්සේ වජ්ජ දස්සිනං
නිග්ගයිහවාදිං මේධාවී
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෛය්යෝ හෝති නපාපියෝ"
තමන් කරන වැරැද්ද තුලින් යම්කිසි කෙනෙක්ට පින්වතුනි පුළුවන්කම තියනව දුක හදා ගන්න විදියට හිතන්න. පශ්චත්තාපය ඇති කරගන්න විදියට හිතන්නත් මානසික පීඩනයක් ඇති කරගන්න විදියට හිතන්නත් දකින්නත් අදහස් ඇති කරගන්නත්. නමුත් බුද්ධිමතා, නුවණැති කෙනා මොකද කරන්නේ, තමන්ගෙ වැරැද්ද දකිනව නිධානයක් හැටියට.
හේතුව මේ තරම් සංසාරිකව කාලයක් දුක හදල දුන්නෙ තමන්ගෙ ඒ තියන වැරැදි ක්‍රියාව නම්, ඒ වැරැදි විදිහ නම්, ඒ වැරදි අදහස නම්, ඒ වැරැදි සිතුවිල්ල නම්, වැරදි වචනෙ නම්, ඒ වැරැද්දෙන් නිදහස් වෙන ක්‍රමය හම්බ වෙන එක ඇත්තටම නිධානයක් තමයි.
එහෙම කරල මෙයා මොකද කරන්නේ, ඒ වැරැද්දම දැක දැක තමන්ට වැරැද්ද කියල දෙන අවස්ථාවක් තියනව නම් හෝ තමන්ම වැරැද්ද දකින අවස්ථාවක් තියනව නම් ඒවා නිධානයක්ම හැටියට සලකලා ලැබිච්ච මහා අවස්ථාවක්, අනගි අවස්ථාවක් හැටියටම සලකල ජීවිතේ යහපත් කරගන්නව.
"සෛය්යෝ හෝති නපාපියෝ"
ඊට පස්සෙ එයා පරිවර්තනය වෙන්න පටන් ගන්නවා පාපයන් සිදු කරන්නෙ නැති කෙනෙක් හැටියට. තමන්ගේ හිත පිරිසිදු කරගන්න පටන් ගන්නව. තමන්ගේ හිත දමනය කරගන්න පටන් ගන්නව. මේ ස්වභාවයට යන්න පින්වතුනි අපිට භාවිතා කරන්න තියන එකම එක මෙවලම තමයි තමන්ටම කිට්ටු වෙන එක. තමන් දෛනිකව කරන කටයුතු වලදී තමන්ට කිට්ටුවෙන් ඒ කටයුතු කරන එක.
වැඩක් පලක් කරනකොට කල්පනාවකට බර වෙලා මොන මොනවා හරි මෙනෙහි කරන එක එකක්. නමුත් ඒ කරන දේටම යා වෙලා වර්තමානය තුල ඒ ඇහෙන දෙයත් එක්ක අහගෙන, පේන දෙයත් එක්ක බලාගෙන, දැනෙන දෙයත් එක්ක දැනගෙන, වැඩකටයුතු කරන එක තවත් එකක්. ඒ දෙවනි ක්‍රමය තමයි පින්වතුනි සතිපට්ඨානයට කිට්ටු වෙන්නෙ.
අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තියනවා වෙනත් යමක් කල්පනා කරන ගමනුත්. හැබැයි ඒ වගේමයි ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන්කම තියනවා ඒ දේත් එක්කම සම්බන්ධ වෙච්ච සිහියක් ඇතුව. මේ විදියට පුළුවන්කමක් තියනව නම් අපි වර්තමානය තුල ජීවත් වෙන්න ඉගෙන ගනීවි. වර්තමානය තුල සැරිසරන්න ඉගෙන ගනීවි. ඒ වර්තමානය තුල සැරිසරන ජීවිතය තේරුම් බේරුම් ඇති කරගන්න ප්‍රධානම කාරණය තමයි, අතීතය කියන එක ගෙවිල ඉවරයි, වර්තමානය වෙනස් එකක්. ඒක ගලාගෙන යනවා.
අතීතයෙ තියන දේ අනාගතයට ගෙනියනවද නැද්ද කියන එක ගැන ස්වාධීන අයිතිය තමන්ට තියනව. ඒ විදියට පින්වතුනි තමන්ගේ අත්දැකීමම ප්‍රයෝජනයට අරගෙන, තමන්ගේ මේ වර්තමානයත්, එන්න තියන අනාගතයත් යහපත් විදියට සකස් කරගන්නට අපිට අවස්ථාව තියනවා සතිපට්ඨාන භාවනාව භාවිතා කිරීම නිසා. ධර්මය තමන් තුලට පමුණුවා ගැනීම නිසා ධර්මය තමන් තුල ක්‍රියාත්මක කිරීම නිසා.
මේ දේට මහා ලොකු දහම් කරුණු හෝ දහම් කරුණු මහා ගොඩක් උවමනා වෙන්නෙ නෑ. මහා ප්‍රමාණයක දහම් කාරණා ඕන වෙන්නෙත් නෑ. හැබැයි තමන්ට අහන්න ලැබුනේ "පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි" ආදී කොට ඇති පන්සිල් පද ටික නම්, ඒ ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්නව. කතාවක් කරනකොට මෛත්‍රියෙන් කතා කරන්න කියල කියාපු එකක් නම් ආන් ඒ ටික කරන්න පටන් ගන්නව.
හැබැයි අපේ පුරුද්ද එළියට ඇවිල්ලා මෛත්‍රියක් නැතුව කතා වෙන්න පුළුවන්. මෛත්‍රියක් නැතුව වැඩක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි අපි අපේ අප්රමාදී භාවය එළියට දාගෙන ඒ වැරදියට කියාපු වචනය නිවැරදි කරල ආපහු කියන්නෙ. අපිට ආපහු ඒ වචනය නිවැරදි කරල කියන්න පුළුවන්, ඒක එහෙමම හිතේ තැන්පත් කරන්න නැත්නම් ඒ වටපිටාව තුල ඒක එහෙමම ගිලිල යන්න දෙනවට වඩා. ඒ වැරැද්ද නිවැරදි කරගෙන නිවැරදි ආකාරයට වචනය නැවතත් භාවිතා කරල කියන්න පුළුවන්.
උදාහරණෙකට කියනව නම්, ඔය ඇත්තන් මොනව හරි වචනයක් කිවුවොත් එහෙම තමන්ට තේරුනොත් ඇත්තටම මේක නම් කිවුවෙ වැරැද්දකටමයි, මට සිහිය නැති වුනාමයි කියල, ආපහු කතා කරල කියන්න පුළුවන් "සමාවෙන්න ඕක නෙවෙයි මම කියන්න ගිය කතාව වෙනම එකක්. මෙන්න මේකයි මට කියන්න ඕනකම තිබ්බෙ" කියල.
මෙවන් වූ දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තිබ්බොත් පින්වතුනි අපේ වචනයත් එක්ක, මෙවන් වූ ආකාරයට අපිට කටයුතු කාරණා කරන්න පුළුවන් නම්, ජීවිතයේ හැසිරෙද්දී මේ විදියට හිතන්න පුළුවන්කමක් තියනව නම්, තමන්ගෙ චිත්ත සන්තානයෙ අභ්‍යන්තර තුලදි පවා අපි ඊයෙට වඩා අද වෙනස් අය. අදට වඩා අනිවාර්යයෙන්ම හෙටත් වෙනස් වේවි. ඒකට හේතුව තමයි මේ ධර්මය අපි තුලට ගලපා ගත්ත නිසා.
මෙන්න මේ වගේ තමන් තුලට ධර්මය ගලපා ගැනීම තුලින් සැනසීම උදා කරගන්නට ඔය ඇත්තන්ටත් මටත්, අපිට අවස්ථාවක් හම්බ වේවි. ඒ කියන අරමුණට යන්නටයි අද දවසේදී මම මේ කියන කාරණා කියල දෙන්න කල්පනා කලේ. මම විශ්වාස කරනවා අද දවසේදී මේ කතාබහ කරපු කාරණාවන් වලින් ඔය ඇත්තන්ගේ ජීවිතයට මොනව හරි එකතු වෙන්න ඇති කියල. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
ශ්‍රේෂ්ඨතම දහම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ
සච්චානං චතුරෝ පදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
ද්විපදානං ච චක්ඛුමා තීතී"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන වෙච්ච මෑණිවරුන්ගෙන් අවසරයි ! ශ්රද්ධාවන්ත පින්වතුනි,
වස්සාන සමය කියන දේ අවසාන වෙන පොහොයයි අද. පෙර වස් අවසාන වෙන පොහොයයි අද. ඉතින් අද දවසේදී සිල් සමාදන් වෙන්න, භාවනා කටයුතු කරන්න පැමිණිච්ච ඔය ඇත්තන්ව බොහොම සාදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළි ගනු ලබනව.
වස් කාලය කියන කොටස බුද්ධ ශාසනය තුල කතාබහ වෙන්නේ බොහෝමයක් දෙනා මාර්ග ඵල ලාභීන් බවට පරිවර්තනය වෙච්ච, එහෙමත් නැතිනම් තමන්ගේ චිත්ත සන්තාන දුකෙන් මුදවාගත්ත, දුකෙන් බැහැර කරගත්ත කාලයක් හැටියටයි.
මේ වස් කාලයේදී මේ වගේ දෙයක් කරන්න ලැබෙන සුවිශේෂීතාවය ඇති වෙන්නට හේතුව තමයි, වස් කාලය තුල ස්වාමීන් වහන්සේලා චාරිකාවේ වඩින එක නතර කරලා, එක තැනකට වෙලා, ධර්මානුකූල කටයුතු කරන්න පටන් ගන්න බවත් ධර්ම සාකච්ඡාව ආදී වූ ඒ දැහැමි කතාව සිදු කරන්න අවස්ථාව සලසා ගැනීමත්.
තායිලන්තය වගේ රටක නම් විශේෂයෙන්ම කියල දෙනවා පාරමිතාවක් හැටියට තියන අධිෂ්ඨාන පාරමිතාව පුරන්නට, තමන්ගේ ජීවිතය තුල මේ වස් කාලයේදී යම් යම් වූ අධිෂ්ඨානයන් පුරන්නට යොදව ගන්න කාලයක් හැටියට. අධිෂ්ඨානය කියල කිවුවහම ඒක අර්ථ ගැන්වෙන්නෙ මෙන්න මෙහෙමයි.
සමහර කෙනෙක් සලකන්න පුළුවන් මේ වස් කාලය තුලදීම පර්යංක භාවනාව පැය අසවල් ප්‍රමාණයක් කරනවා කියල හෝ සක්මන් භාවනාව පැය අසවල් ගාණක් කරනවා කියල. එහෙමත් නැතිනම් සතියකට වතාවක් හැම පෝයකටම නිදි වර්ජිතව භාවනා කරනවා කියල. මේ ආදී වශයෙන් තමන්ට රුචි හැටියට තමන්ගේ මොනව හරි ක්ලේශයක් තියනවා නම්, ඒ ක්ලේශය අභිබවා යන්නට හැකි වන විදිහේ අධිෂ්ඨානයක් තමයි, හැකි වෙන විදිහේ ආකල්පයක් සමාකල්පයක් තමයි ඇති කරගන්නෙ අධිෂ්ඨානයක් වශයෙන්.
සමහර කෙනෙක් මේ දේට තමන් ගන්නා වූ ආහාර වර්ග පවා එකතු කර ගන්නවා. උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙක් ගිජු වෙලා ඉන්නවා නම් පැණි රස වගේ ආහාර වගේ වැඩිපුර වළඳන්නට හෝ වැඩිපුර ආහාරයට ගන්න, ඒ ඇත්තො හිතාගන්නව මේ වස් තුන් මාසය තුලදී හෝ මේ කාලයේදී හෝ අසවල් කාලයේදී මම මේ දේවල්, අසවල් අසවල් වූ ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් එක්කො වැලකී සිටිනව, එක්කො නැතිනම් ඒ ගන්නා වූ ප්‍රමාණය මෙන්න මෙච්චරයි මින් එහාට යන්නෙ නැහැයි කියල.
අන්න ඒ ආකාරයට තම තමන්ගේ ජීවිත වලට අළුත් වූ විනයක් උගන්වන්නට අළුත් වූ සීමාවන් කියල දෙන්නට ඒ තුලින් තමන්ගේ හිතේ තිබිච්ච, තමන්ගේ ශරීරයේ තිබිච්ච, තමන්ගේ ආත්ම භාවය තුල මේ ජීවිතය තුල තිබිච්ච, දුක තේරුම් ගන්නට ඒ වගේම ඒ දුකෙන් නිදහස් වෙන්නට උත්සාහවත් වෙන කාලයක් හැටියටයි වස් කාලය සඳහන් කරන්න පුළුවන් වෙන්නෙ. වස් කාලය ගණන් ගැනෙන්නෙ.
එවන් වූ වස් කාලයක අවසානයයි පින්වතුනි අද දවසේදී සනිටුහන් වෙන්නේ. සාමාන්‍යයෙන් වසක් සමාදන් වෙන්න නම් උපසම්පදාත්වයක් තියන හාමුදුරු කෙනෙක් වස් අධිෂ්ඨාන කරන්න ඕන. මේ කාලයේදී මේ ස්ථානය තුල වස් සමාදන් වෙලා වැඩ වාසය කරනවාය කියල. එයා ඊට පස්සෙ ඒ ස්ථානය තුල ඉඳල තමන්ගේ ධර්මානුකූල කටයුතු කර ගන්නා වූ අතරම එළියකට පැහැලියකට බැහැර වෙලා යනවා නම් අනිවාර්යයෙන්ම වස් ශික්ෂා පදය සිහියේ තබාගෙනමයි ගමන් කරන්න ඕන වෙන්නෙ.
එක්කෝ යන්න පුළුවන් අද දවසේම ගිහිල්ලා අද දවසේම එන හැටියට. එහෙම නැති නම් අද දවසේ ගිහිල්ල ඊළඟ දවසේ එන හැටියට. එහෙමත් නැති නම් අද දවසේදී එළියට වැඩම කරල දවස් හතක් ඇතුලත නැත්නම් රෑ හතක් ඇතුලත එන හැටියට අධිෂ්ඨාන කරල යන්න පුළුවන්.
ඒ සීමාවල් පණවාගෙන ගියාට ඒ සීමාවල් කඩා බිඳ දාගෙන ඉන් ඔබ්බට ගියොත් එහෙම, ආන් ඒ ඇත්තන්ගෙ වස් ඡේදනය වෙනව. උදාහරණයක් වශයෙන් අද එනවාය කියල හිතාගෙන අද නොඑනවා කියන තැනට පත් වුනොත් එහෙම, අද ආපහු වැඩම කරන්නට බැරිකමක් වුනොත් එහෙම, අන්න ඒ කෙනාගේ වස් ශික්ෂා පදය ඡේදනය වෙලා යනවා. ඉතින් එයා ඒ ඇති කරගත්ත අධිෂ්ඨානය ඡේදනය වෙනව. අන්න ඒකයි මේකෙ රහස. මේකෙ කතාව.
එයා හිතේ හදා ගත්ත, එයාම හිතේ ඇති කරගත්ත, එයාගේ අභිප්‍රාය එයා විසින්ම ඡේදනය කරල දාගන්නව.
ඉතින් කෙසේ හෝ වේවා පින්වතුනි, මේ වස් කාලය තුලදී අපිත් ඉගෙන ගන්නට පටන් ගත්තේ අපේ චිත්ත සන්තානවලට මේ ධර්මයේ පහස ලබා ගන්නෙ කොහොමද? ඒ සැනසීම ඇති කරගන්නේ කොහොමද? කියන මේ කතාවයි. මේ කාරණාවයි.
ඒ අතරින් බලනකොට මේ වෙද්දී අපිට අපේ ජීවිතය තුල තියන අත්දැකීම් එක්ක බලනකොට පේනවා, දැනෙනවා, තේරිලත් තියනවා, අපි දුකක් විඳිනවාය කියල. අපි ගැටළුවකට මුහුණ දීල ඉන්නවා හෝ ගැටළුව අපේ මුහුණට එනවා කියන එක අපිට හොඳාකාරවම තේරෙන්න පටන් අරන් තියෙන්න පුළුවන්. එක අතකින් දුක්ඛ සත්‍යය තේරෙනව වගේ කතාවක් තමයි මේකත්.
තථාගතයන් වහන්සේ දේශනා කරන ගාථා රත්න අතර එක සුවිශේෂී ගාථා රත්නයක් තියනවා
"මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ
සච්චානං චතුරෝ පදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
ද්විපදානං ච චක්ඛුමා තීතී"
ඔය ගාථා රත්නයේ තුන්වෙනි පාඨය විශේෂ කරගත්තොත්, වෙන් කර ගත්තොත්, ඒකෙන් කියවෙන්නේ,
"විරාගෝ සෙට්ඨෝ ධම්මානං" කියලයි.
විරාගය, නොඇල්ම, හැම ධර්මතාවයක් කෙරෙහිම ශ්‍රේෂ්ඨ වෙනවා කියලයි.
අපිට අපේ ජීවිතය තුල ගැටළු, ප්‍රශ්ණ, කරදර, බාධක ආදී දේවල් නිරන්තරයෙන්ම හම්බ වෙනවා, මුණ ගැහෙනවා, මුලිච්චි වෙනවා, එව්වට මුහුණ දෙන්න සිද්ධ වෙනවා, ඒක සාමාන්‍යයි. ඒක හැටි. හැබැයි ඔය අතර බුදුරජාණන් වහන්සේ කියල දෙන හරි ලස්සන කතාවක් තියනවා.
යම්කිසි අවස්ථාවක අපි දුකෙන් නිදහස් වුනාද, ඒ ගැටළුවෙන් නිදහස් වුනාද, ඒ ප්රශ්ණයෙන් නිදහස් වුනාද, ඒ කරදරයෙන් නිදහස් වුනාද, ඒ දෙයින් නිදහස් වෙච්ච විත්තිය සිහිපත් කරන්න කියල අපිට කියා දෙනව.
සාමාන්‍ය ලෝකයා කරන්නෙ නැති දෙයක් මේක. තථාගත දහම කියන මේ දර්ශණය තුල උගන්වන රටාවේ තියෙන්නේ පින්වතුනි අපි දැනගෙනමයි, අපි දැක දැකමයි, අපිම තේරුම් ගනිමින්ම තමයි දුකෙන් නිදහස් වෙන්නේ, නිවී සැනසීමක් ලබා ගන්නේ, සංතෝසයකට යන්නේ, කරදරයෙන් අත්මිදෙන්නේ ආදී වශයෙන් මේ කතාව සිද්ධ වෙන්නෙ.
ඒක වෙන්නෙ කොහොමද? අපි දැන දැනමයි මේක සිද්ධ වෙන්න ඕන. අපි හිතා මතාමයි. අපි හඳුනා ගැනීම තුලින්ම තමයි. එතකොට සාමාන්‍ය ලෝකයාට මතක තියන කතාව තමයි, අපි ප්‍රශ්ණයක ඉන්නවා, ගැටළුවක ඉන්නවා, කරදරයක ඉන්නවා කියන කතාව දන්නවා. හැබැයි යම්කිසි වෙලාවක් තියනවා මයෙ පුතේ ඔය ගැටළුවෙන්, ඔය කරදරයෙන්, ඔය ප්‍රශ්නයෙන් අපි මිදෙන, අපි නිදහස් වෙන. ඒ දෙයින් නිදහස් වුනාම ඒ දෙයින් නිදහස් වෙච්ච විත්තිය අපි තේරුම් ගත යුතු බවයි බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන්නෙ. ලෝකයා ඔන්න ඔය කොටස කරන්නෙ නෑ.
ඒ ඇත්තෝ දුක හට ගන්න විදිහ තේරුම් ගන්නව වෙන්න පුළුවන්, දුකෙහි ඉන්න බව තේරුම් ගන්නව වෙන්න පුළුවන්, ඒ දුක නැති වෙලා ගියාට පස්සේ මට තිබුන දුක නැති වුනාය කියන එක (ඒ දේ තාවකාලිකව නැති වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක් ප්‍රශ්නයක් නැහැ නමුත්) ඒ තිබිච්ච දුක මගෙන් නිදහස් වුනා මේ මොහොතේදී කියන එක හඳුනා නොගන්න එකයි තියන ලොකුම ගැටළුව. හේතුව තමයි විරාගය ශ්‍රේෂ්ඨතම ධර්මය හැටියට අපි තේරුම් නොගෙන තියන හින්ද.
මේ දේවල්වලින් නිදහස් වෙන්නට, නොඇලී ඉන්නට අපිට අවස්ථාවක් හම්බ වෙනවා, ඒ දේවල් අපෙන් බැහැර වෙලා යන වෙලාවක් මොහොතක් එනවා, ඒ වෙලාව ඒ හැටියට හඳුනා නොගන්නා තාක් කල් අපේ හිත තුල පැලපදියම් වෙලා තියෙන්නේ අර තිබුනු වේදනාව, අර තිබුනු ගැටළුව, අර තිබුනු ප්රශ්නය තාමත් තියනවා විදියටමයි. තාමත් පවතිනවාය කියන මේ අදහසයි අපේ හිතේ ගැබ් වෙලා තියෙන්නේ, තැන්පත් වෙලා තියෙන්නේ, රැඳිල තියෙන්නේ, ආයෙ ආයෙ මතක් කරවන්නේ. මෙන්න මේකයි ගැටළුව පින්වතුනි.
සාමාන්‍ය ජීවිතය තුල ඔබත් මමත් එදිනෙදා ජීවත් වෙනකොට අනේකවිධ වෙච්ච ගැටළුවලට, කරදරවලට මුහුණ පානවාමයි, මුහුණ දෙනවාමයි, නමුත් ඒ ගැටළු හැම තිස්සෙම පවතින්නෙත් නෑනේ. ඒ ගැටළුවලින් අපි නිදහස් වෙනවා. ඒ ගැටළුව තිබුනා නම්, ඒ ගැටළුවට මොකක් හරි විසඳුමක් ඇවිල්ල හරි යටපත් වෙලා හරි ගිහිල්ල ඒක නැති වෙලා යනව. ඒක විනාශ වෙලා යනව. ඒ නැති වෙලා ගිය විත්තිය, ඒ වෙනස් වෙලා ගිය විත්තිය අපි හඳුනා ගත යුතු වෙනවා.
"මේ තිබුනු දුක දැන් නැති වෙලා තියෙන්නෙ. ඒ තිබුනු දුක මේ වෙනකොට නැති වෙලා තියෙන්නෙ" කියල අපි හඳුනා ගත යුතු වෙනව.
එක්තරා විදියකින් අපි අපිටම මුමුණා ගත්තට කමකුත් නැහැ මූලිකව. එහෙම වුනාට පස්සෙ අපි ඉගෙන ගන්න පටන් ගන්නව පින්වතුනි, මේ ඕනෑම දේකට පොදු වූ ධර්මතාවයක් තියනවා, හට ගත්තා නම් නැති වෙනවාය කියල. හට ගත්තා නම් නැති වෙනවාය කියල අපි තේරුම් අරන් තියනවා හෝ අපි තේරුම් ගන්න පටන් ගන්නවා අපේම අත්දැකීම දැක බලා ගන්න වුනාම. ඔන්න ඔය කියන තැනටයි සතිපට්ඨානය අපිට උදව් කරවන්නෙ.
සිහිය තුලින් කරන්නෙ ඇත්තටම, කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකක්ද කියන එක පෙන්නන එක විතරයි. සම්ප්‍රජන්‍යය නැත්නම් සිහි නුවණ තුලින් තමයි මේ දෙයමයි වෙන්නෙ කියන එක අපි හඳුනා ගන්නෙ. සිහියෙන් කරන්නෙ පෙන්නන එක විතරයි. සිහි නුවණින් තමයි අපිටම කියල දෙන්නෙ
"හා... දැන් තියෙන්නෙ මෙන්න මේ අසවල් දේ. හා... දැන් මේ අසවල් දේ නිදහස් වෙලා යන වෙලාව. අඩු වෙලා යන වෙලාව. බැහැර වෙලා යන වෙලාව."
අන්න ඒ විදියට මෙයින් බැහැර වෙලා යන විත්තිය, බැහැර වෙලා යන ස්වභාවය, බැහැර වෙලා යන අයුර, ආකාරය අපිට තේරෙනකොට අපි ඒ දේ බලන්න පටන් ගත්තහම, දකින්න පටන් ගත්තහම, ඔන්න අපිට සැබෑ නිදහස පේන්න පටන් ගන්නව. අතහැරීම තුලින් නොඇලීම තුලින් ලබා ගන්නා වූ නිදහස නැත්නම් විමුක්තිය කියන දේ මොහොතකට අපිට ස්පර්ශ කරන්න පුළුවන්කමක් හම්බ වෙනව. මොහොතකට හඳුනා ගන්නට, විඳ ගන්නට පුළුවන්කමක් හම්බ වෙනව.
අන්න ඒ වෙලාවෙදි තමයි පින්වතුනි අපි තේරුම් ගන්න පටන් ගන්නෙ බුද්ධ දර්ශණය තුල තියන, උගන්වන මේ දහම තුලින් කියල දෙන්නේ, මේ මොහොත තුල සිහියෙන් ඉඳලා ඒ තියන කරදර වලින් නිදහස් වුනා නම් නිදහස් වෙච්ච විත්තිය හඳුනා ගන්න කියලයි. මේ මොහොත තුල තියන දේ මනාකොට හඳුනා ගන්න කියක එකයි අපිට මේ කියල දෙන්නේ.
හැබැයි සාමාන්‍ය වූ ලෝක සත්ත්වයා ඔය විදියට නෙවෙයි කරන්නෙ. ඒ අයට තියන දුක ආයෙ ආයෙ මෙනෙහි කරන්න ඕන. ඒක ඊයෙ තිබ්බ එකක් වෙන්නත් පුළුවන්, පෙරේදා තිබ්බ එකක් වෙන්නත් පුළුවන්, ගිය සතියෙ තිබ්බ එකක් වෙන්නත් පුළුවන්, ගිය මාසෙ තිබ්බ එකක් වෙන්නත් පුළුවන් ගිය අවුරුද්දෙ තිබ්බ එකක් වෙන්නත් පුළුවන්, නමුත් මෙනෙහි කරන්නෙ තාම තියනව වගේ තමයි.
හැබැයි ධර්මය තුලින් අපිට හම්බ වෙනවා ඒ දෙයින් නිදහසක් හම්බ වෙච්ච අවස්ථාවක් තියනවාද කියන ඇසිල්ල, ඒ දෙයින් නිදහස් වෙච්ච මොහොතක්, ඒ දෙයින් විරාමයක් මට තියනව නේද කියන එක අපිට කියල දෙනව ධර්මය තුලින්. අන්න එතනයි පින්වතුනි ධර්මයෙහි රසය තියෙන්නේ. සැනසීමෙහි රසය තියෙන්නේ. නිවීමෙහි අගය තියෙන්නේ. නිවීම කියන දේ තේරෙන්න පටන් ගන්නේ ඒ දෙයින් නිදහස් වුනා කියල අපි අපිටම තේරුම් ගත්ත වෙලාවෙදි තමයි.
ඔය අපි අපිටම තේරුම් ගන්න ඇසිල්ල හෝ ඒ පාඩම තමයි භාවනාවෙදි උගන්වන්නෙ. ඔය ඇත්තො පර්යංකයට ගියාම කොහොමත් ඇඟේ වේදනාවක් දැනෙන්න පුළුවන්. කැමති සද්ද වගේම අකමැති සද්දත් ඇහෙන්න පුළුවන්. කැමති ගඳ සුවඳ වගේම අකමැති ගඳ සුවඳත් දැනෙන්න පුළුවන්. ඇහැ ඇරගෙන ඉන්නව නම් කැමති රූප වගේම අකමැති රූපත් පේන්න පුළුවන්. කැමති සිතුවිලි වගේම අකමැති සිතුවිලි එන්නත් පුළුවන්. නමුත් මේ ඕනෑම දේක තියන සාමාන්‍ය වූ පොදු යථාර්තය, පොදු ස්වභාවය තමයි එව්ව පවතිනවා. හැබැයි නැති වෙලත් යනවා.
නමුත් අපි අපේ මනස හුරු කරවල තියනව නම් නැවතත් මේක පවතින විදියක් ගැනම හිතන්න (බහුතර ජනයා මේ විදිහමයි) ඒ හිතට නිදහසක් නෑ. හැබැයි අපි ඉගෙන ගන්න පටන් ගත්තා නම් මේ මොහොත තුල ජීවත් වෙන්න, අන්න එතකොට අපි දන්නවා, "ඔව් වේදනාවක් තිබ්බා තමයි ඇඟේ, හැබැයි දැන් ඒ වේදනාව නැහැ"යි කියලා.
මේ වේදනාව තියනවා කියන අදහස අපේ හිතට මතු කරල පෙන්නල දෙනකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕන පින්වතුනි ධර්මාවලේපනයක් එකතු කරන්න, මේ දේට ධර්මයෙන් උත්තර දෙන්න, හා... ඒ තිබ්බ වේදනාව දැන් නැහැයි කියල.
සතර සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ පබ්බය අරගෙන බැලුවොත් එහෙම හරිම ලස්සනයි කියල දෙන කතාව. කාමච්ඡන්දයක් තියනවා නම් තියන බව හැබැයි තිබ්බ කාමච්ඡන්දය නැති වුනා නම් ඒක නැති වෙච්ච බවත් තේරුම් ගන්න කියල කියනව. මේ තිබ්බ කාමච්ඡන්දය නැති වුනා නම් නැති වුනා කියල තේරුම් ගන්න කියල කියන්නෙ.
මං ඔය සූත්‍රය කියවපු මුල් කාලයේ ඕක කියවනකොට මට ඇත්තටම තේරුනේ නෑ ඇයි මේක කියන්නෙ බුදු හාමුදුරුවො කියල. ඇයි මෙහෙම කරන්න ඕන වෙන්නෙ කියලා. තිබ්බ කාමච්ඡන්දය ඉවර වුනා කියල ඇයි මම හිතන්නෙ. මට ඒ කාලෙ එහෙමයි හිතුනෙ. නමුත් දැන් තේරෙනවා නෑ අපි ඒ විදියට තේරුම් ගන්න ඕන. එහෙම නැති නම් අපේ හිත අපිට කියල දෙන්නේ අර තිබිච්ච කාමයට ආශාව හෝ ඒ ඇති වෙච්ච කාම සංකල්පනාව තාමත් මං ගාව තියනවා කියලයි.
ඒක අයින් වෙලා ගිහිල්ලනේ. ඒ දේ අයින් වෙලා ගියා නම්, ඒ දේට අයින් වෙලා යන්න අපේ හිතේ අවකාශයක් අපි දෙන්න පටන් ගන්න ඕන. හැබෑවටම ඒ දේ අයින් වෙලා යනකොට ඒ දේට අයින් වෙලා යන්න ඉඩක් දෙන්න ඕන. අන්න එහෙම වුනාමයි පින්වතුනි අපිට තේරෙන්නේ නිවීමෙහි තියන වටිනාකම මොකද්ද කියල. විමුක්තියෙහි තේරුම මොකද්ද කියල. අතහැරීමෙහි තියන බැරෑරුම්කම මොකද්ද කියල. මටසිළුටුකම ලස්සන මොකද්ද කියල.
මේ විදියට හිත පුරුදු කරන එකයි භාවනාව තුලදි කරන්නෙ. ඔය ඇත්තො සිල් සමාදන් වෙන්නෙ අද දවස තුලදි දැනෙන හුස්ම එනවා විතරක් නෙවෙයි, පවතිනවා විතරක් නෙවෙයි, මේ හුස්ම නැති වෙලත් යනවා කියන එක අවබෝධ කරගන්නටයි. ඔන්න ඕකයි අපි බලන්න ඕන. එව්ව බලන්න වුනාම ඇත්තටම අපේ හිතට ගොඩක් ලොකු වැඩක් තියනව.
තියන වේදනාව පටන් ගත්තා කියල විතරක් බලන්න නෙවෙයි, තියනවා කියල බලන්න විතරමකුත් නෙවෙයි, මේක දැන් අඩු වෙලා යන්නෙ නැති වෙලා යන්නෙ කියලත් තේරුම් ගන්නටයි. මේක තමන්ටම මෙනෙහි කරගත්තට කමක් නෑ. තමන්ට ඇහෙන මනාප අමනාප ශබ්දය පටන් ගත්තා නැත්නම් නැඟීගෙන ආවා, ආරම්භ වුනා විතරක්ම නෙවෙයි පවත්වාගෙන තිබුනා, පැවතුනා විතරක්මත් නෙවෙයි හා දැන් ඒක අඩු වෙලා ගියා, දැන් ඒක අයින් වෙලා ගියා කියලත් තේරුම් ගන්න.
ඊට පස්සෙ අපිට හොඳට හඳුනා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා පින්වතුනි, කායිකව, අපි භෞතිකව ලබා ගන්නා වූ ඉන්ද්‍රියන්ගෙන් ඇති කරගන්නා වූ ඒ සංවේදනාවත්, තවත් විදියකින් කියනව නම් ඇහිච්ච සද්දයක් වෙන්නත් පුළුවන්, දැනිච්ච ගඳ සුවඳක් වෙන්න පුළුවන්, දැනිච්ච රසයක් වෙන්න පුළුවන්, දැනිච්ච ස්පර්ශයක් වෙන්න පුළුවන්, හිතිච්ච සිතුවිල්ලක් වෙන්නත් පුළුවන් එක පැත්තකින්, හැබැයි ඒක ඇත්තටම සිද්ධ වෙන එකක්ද අපේ හිත මවා පාන වෙන එකක්ද මං දැන් තියාගෙන ඉන්නෙ කියල, මෙන්න මේ දෙක වෙන් කරල හඳුනා ගන්න අපිට අවස්ථාවක් හම්බ වෙනව.
මොහොතකට කලින් ඇහිච්ච සද්දයක් ගැන මම මෙනෙහි කරනවා නම්, මට ඒ සද්දය ඇහෙන්නේ ආපහු ඒ සද්දය ඇහෙනව වගේමයි. මං ඒක මෙනෙහි කරනකොට මට තේරෙන්නේ. හැබැයි ඒ සද්දය එතන නෑ.
කවුරු හරි කෙනෙක් ගැන අපිට මතක් වෙනවා නම්, උදාහරණයක් හැටියට සරලම විදියට ගත්තොතින් කවුරු හරි කෙනෙක් අපිට බැන්නොතින් එහෙම, ඒ බැනපු එක අපි මතක් කරනකොට අපිට ඒ දේ සිහිපත් වෙන්නෙ එයාගෙ කටහඬින්මයි. අපේ හිත මතක් කරල දෙන්නෙ එයාගෙ ස්වරයෙන්මයි. එයාගේ ඒ විලාශයෙන්මයි. නමුත් එයා එතන ඉන්නවද?
එයා එතන නෑ. අපි හඳුනා ගන්න ඕන මෙතන නැහැ කියන කතාව. අපි හඳුනා ගන්න ඕන, අපි තේරුම් ගන්න පටන් ගන්න ඕන, මෙතන ඒ කියන ස්වභාවයක් නැහැ, මෙතන තියෙන්නෙ හිතේ කතාවයි කියල. අන්න එහෙම වුනාම අපිට හම්බ වෙන්න පටන් ගන්නවා, අපි භෞතිකව මේ දකින දේමද මේ හඳුනාගෙන තියෙන්නෙ, නැති නම් අපේ හිත අපිට මවාපාල තියන දේ ද මේ හඳුනා ගන්නෙ කියල.
මෙහෙම වුනාම පින්වතුනි අපිට අපිව දුකට ඇදල දාන දේ විසඳාගන්නට හරි ලේසි ක්‍රමයක් හම්බ වෙනව. බොහොම පහසු මාර්ගයක් හම්බ වෙනව. අන්න ඒ දේ පුරුදු කරන්නටයි ඔය ඇත්තො අද දවසේදී සිල් සමාදන් වෙන්නෙ. පෝයකට මේ විදියට කටයුතු කරන්න උත්සාහවත් වෙන්නෙ.
ඉතින් ඔය කියන දේ කරන්න මේ තියන ඉඩකඩ මේ තියන වටපිටාව බොහෝමයක් ප්‍රයෝජනයි. සක්මන භාවිතා කරන්න ඕන. පර්යංකය කරන්න මේ ස්ථානය භාවිතා කරන්න ඕන. තමන්ගේ විවේකයෙන් තමන්ගේ නිදහසෙන් තමන්ගේ චිත්ත සන්තානය තුල තමන්ම හිර වෙලා ඉන්නෙ කොහෙන්ද, තමන්ම අල්ලා ගන්නෙ කොයි හරියෙද, ඒ දේ බැහැර කරන හැටි කොහොමද කියල ඉගෙන ගන්නට භාවිතා කරන්න ඕන.
අන්න ඒ දේ කරන්න අද දවසේදී මේ කියල දුන්න කතාවත් මේ කියල දුන්න කාරණා ටිකත් හේතු උපකාර වේවා කියල මම බලාපොරොත්තු වෙනවා.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සතිමත්බව එදිනෙදා භාවිතයට
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ආතාපි සම්පජානෝ සතිමා
වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සංතී ති"
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි ! ශ්රද්ධාවන්ත පින්වතුනි,
මීට බොහෝම කාලෙකට කලින් මේ ලෝකයේ නිවන කියන දේ හොයන අය හිටියා වුනාට නිවන කියන්නෙ මොකද්ද කියල ස්පර්ශ කරපු අය, හරියටම දැන කියාගත්ත අය හොයා ගන්න නැති වුනා. හැබැයි කවුරුත් සැනසීම මොකද්ද, නිදහස මොකද්ද කියල විවිධාකාර විවිධාකාර පැති ඔස්සේ ගමන් කලාට, ඒ අයට තේරුනේ නැහැ ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද කියල.
ඔය අතරෙදි තමයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියල කියන දීර්ඝම කාලයක් පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ. උන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශණා කරපු ධර්මයෙහි මුදුන්මල්කඩ හැටියටයි සතර සතිපට්ඨානය හඳුන්වන්නෙ.
සතර සතිපට්ඨාන දේශණාව දේශණා කරනකොට පින්වතුනි, තථාගතයන් වහන්සේ අවධාරණයෙන්ම විශේෂයෙන්ම සඳහන් කරන කොටස තමයි,
"ශෝක පරිද්දවානං සමතික්කමාය
දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය
නිබ්බානස්ස සච්චකිරියාය" කියන එක.
ශෝකයක් තියනව නම්, හඬා වැළපීමක් තියනවා නම්, ඒ දෙයින් හඬා වැළපෙන්නටත්, දුකක් දොම්නසක් තියනවා නම් කායික හෝ මානසික, ඒ දෙයින් නිදහස් වෙන්නටත්, ගත කලාට වඩා, ජීවිතේ ගෙවුවාට වඩා නුවණක්කාර විදියකින් ගෙවන්නට ඉගෙන ගන්නටත් සංසාර දුක කියල කියන මේ මහා ඕඝයෙන් එතෙර වෙලා නිවන් දකින්නටත් හේතු වාසනා වෙන, හේතු උපකාර වෙන එකම එක ක්‍රමය හැටියටයි සතර සතිපට්ඨානය හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ දේශණා කරන්නේ.
පෙළ පොතේ ඔය කියන දේශණාව කියවලා හෝ දේශණාවන්වලට සවන් දීලා ඔය දේ පුරුදු කරන්නට බලනකොට පින්වතුනි, බොහෝ වෙලාවල්වලට අපේ හිත් කැළඹෙන්න පටන් ගන්නවා. අපිට තේරුම් බේරුම් නොයන්න පටන් ගන්නවා මේ දේ ඇත්තටම භාවිතා කරන්න පුළුවන් දෙයක්ද මටත් මේක කරන්න පුළුවන්ද කියල.
සාමාන්‍යයෙන් අපි භාවනාවක් කියන වචනය භාවිතා කරන්න පටන් ගන්නේ එක්කො පර්යංකයේදී, එහෙම නැත්නම් වාඩිවෙලා ඉන්න භාවනා කරන වෙලාවෙදි, එහෙම නැතිනම් සක්මන් කරන වෙලාවෙදි විතරක් කියන එක තමයි බොහෝ දෙනෙකු තුල තියන සාමාන්‍ය අදහස. හැබැයි සතර සකිපට්ඨානය කියන මේ භාවනාව තථාගතයන් වහන්සේ අරගෙන යනව පින්වතුනි පර්යංක භාවනාවෙන් සහ සක්මන් භාවනාවෙන් ඔබ්බටත්.
සාමාන්‍යයෙන් අපි භාවනාවක් කරන්නට ඉගෙන ගන්න පටන් ගන්නේ, පුරුදු කරන්න පටන් ගන්නේ ඔය කියන ඉරියව් දෙකේ තමයි බොහෝ වෙලාවල් වලට. එකක් සක්මනේදී, අනික් එක පර්යංකයේදී. හැබැයි සතිපට්ඨානය අපිට කියල දෙනවා ඊට වඩා ගමනක්, ඊට වඩා ආරම්භයක් මේ ගමනට තිබිය යුතුයි කියල. මොකද සතිපට්ඨානය කියන මේ දේශණාව සකස් වෙලා තියෙන්නේ සිහියට ප්‍රධාන තැන දෙනවාය කියල කියන ඒ දිශා ආනතියත් එක්කයි.
එතකොට සිහියකට ප්‍රධාන තැන දීලා කටයුතු කරන එකේ වැදගත්කම තියෙන්නේ පර්යංකයේ ඉන්න වෙලාවට විතරක්ම හෝ සක්මනෙහි ඉන්න වෙලාවට විතරක්ම නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතේදී කටයුතු කරන, කතාබහ කරන, හැසිරෙන, ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අරමුණු ගන්නකොට ආදී මේ හැම අවස්ථාවකදීම සිහිය පවත්වා ගැනීම නැත්නම් දැනුවත් භාවයකින් යුක්තව ඒ දේ සිදු කිරීම අපිත් දන්නවා වැදගත් කියලා. ඒ වගේම පහසුයි කියලා. ඔය කියන පහසු ඉලක්කයත් එක්ක තමා අපිට සතිපට්ඨානය කියල කියන මේ බාරදූර භාවනා ක්‍රමය උගන්වන්නට පටන් ගන්නෙ පින්වතුනි.
හැබැයි මටත් මගේ පැත්තෙන් මගේ පැවිදි ජීවිතේ මුල් කාලයේදී සතිපට්ඨානය කියන දේශණාව මුණ ගැහෙනකොට එච්චර අදහසක් තිබුනෙ නැහැ මේ දේ වඩන්නෙ මෙන්න මෙහෙමයි කියල. පෙළපොත අරගෙන බලනකොට දේශණාව දිග ඇරල බලද්දි තේරෙනවා ඒකෙ තියන භාවනා ක්‍රම එකකට එකක් පරස්පර විරුද්ධයි වගේ කියල. හැබැයි අපිට ලැබිච්ච උපදේශය වුනේ කරන්න අමාරු දෙයට වඩා කරන්න පුළුවන් දෙයින් වැඩේ පටන් ගන්න කියලයි.
එතකොට ඔය දේශණාව අස්සේ තව ටිකක් හොයාගෙන යනකොට අහුවෙන්න ගත්තා කරන්න ලේසි කාරණා සමුහයකුත් තියනවයි කියල. කරන්න අමාරු දේවල් වගේම. ඊට පස්සෙ පින්වතුනි මමත් උත්සාහ කරන්න වුනා භාවනාව තුල කරන්න පුළුවන් දේ පුරුදු කරන්න. එහෙම නැතිනම් මගේ ජීවිතේ තුළ සිහිය පවත්වන්නට භාවිතා කරන්න පුළුවන් ලේසිම දේ භාවිතා කරන්නට උත්සාහවත් වුනා.
මුලින් නම් මමත් හිතුවේ ඕක පර්යංකයේදී හෝ සක්මනේදී විතරයි කරන්නෙ කියල. හැබැයි සාමාන්‍ය ජීවිතේට ආවට පස්සේ, සිහියක් නැතුව කටයුතු කරනවා නම්, අවධානයක් නැතුව කටයුතු කරනවා නම්, ඒ සෑම කටයුත්තකම කොහේ හෝ තැනක කඩතොලුවක් තිබුනා. අවසානෙට ඉතුරු වෙන පරිලාහයක් තිබුනා. දුකක් දොම්නසක් තිබුනා.
මෙන්න මේ කියන කාරණේ නිතර නිතර නිතර නිතර තේරෙන්න වුනාම ඊළඟට හිතුනා බුදුරජාණන් වහන්සේ දේශණා කරන සතර සතිපට්ඨාන දේශණාවේ ඵලය මට ලැබෙන්නෙ නැහැ, ප්‍රතිඵලය හම්බ වෙන්නෙ නැහැ, මොකක් හින්දද? සිහියකින් තොරව වැඩකටයුතු කරන හින්දා.
සාමාන්‍ය ජීවිතයක් ගත්තහම පින්වතුනි අපි කවුරුත් වැඩකටයුතු කරන අය. කතාබහ කරන අය. ඒ වගේම හිතන අය. මේ ලෝකෙ කවුරුත් හිතනවා, කවුරුත් වැඩකටයුතු කරනවා, කවුරුත් කතාබහ කරනවා ඒ ඒ මට්ටම්වලින්. හැබැයි ඔය හිතන දෙයට, කකාබහ කරන වචනයට, කරන වැඩකටයුත්තට අවධානය දාලා, සිහිය දාලා කරනවාය කියල කියන, මේ මොහොතේදී මේ දෙයයි කෙරෙන්නේ හෝ කරන්නේ කියල කියන, මේ කියන අදහසෙහි පිහිටලා වචන කතාබහ කරන හිතන සහ කායිකව ක්‍රියාකරන පිරිස බොහොම අතලොස්සයි.
ඒ අතලොස්සක් පිරිසට ලැබෙන පාරිතෝෂිකය තමයි පින්වතුනි ඒ ඇත්තන්ට තමන්ගේ වචනයටම තමන්ගේ ක්‍රියාකාරීත්වයටම තමන්ගේ සිතුවිල්ලටම හොඳ වටිනාකමක් දෙන්න පුළුවන්කමක් තියනව. හොඳ වැදගත්කමක් දෙන්න පුළුවන්කම තියනව.
සිහියෙන් තොරව කටයුතු කරන එකේදී ලැබෙන අවාසිය ඕකෙම අනිත් පැත්ත තමයි. තමන් කතාබහ කරන වචනයට දෙන්න පුළුවන් වටිනාකම හෝ තමන්ගේ වචනයට ලැබිය යුතු ගරුත්වය ලබා දෙන්න ඒ කෙනාට බැහැ. තමන් කරන වැඩකටයුත්තට, ක්‍රියාවට දෙන්න පුළුවන් වටිනාකම, වැදගත්කම දෙන්න තේරෙන්නෙ නෑ. ඒ වගේමයි තමන් විසින් මොනවගේ සිතුවිලිද හිතන්න ඕනෙයි කියල කියන නිවැරදි වූ දැක්මක්, අදහසක් එයාට නෑ.
ඒක හින්දා මේ වගේ ජීවිත පවත්වනකොට අපිට තේරෙන්න වුනා අපේ ජීවිතේ තුල ධර්මය පුරුදු කරද්දී සම්පූර්ණ වෙන කාරණා වගයකුත් සම්පූර්ණ නොවෙන කාරණා වගයකුත් තියනව කියල. එතකොට සතර සතිපට්ඨානය ආශ්‍රය කරගත්තහමයි තේරෙන්න වුනේ, "ශෝක පරිද්දවානං සමතාක්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය" කියල කියන මේ ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් නිදහස් වෙන්නටත් දුක් දොම්නස් වලින් නිදහස් වෙන්නටත් කියන මේ දිශා ආනතියට පත් වෙන්නට නම්, යන්නට නම්, භාවිතා කරන්නට ඕන ක්‍රමය මොකද්ද කියල.
ඒත් එක්ක තමයි පින්වතුනි පර්යංකයේදීම විතරක් සිහියට ප්‍රධාන තැන දෙනවාය කියල කියන අදහසෙන් සක්මනේදීම විතරක් සිහියට ප්‍රධාන තැන දෙනවා නැත්නම් සිහිය පුරුදු කරන්න පටන් ගන්නවාය කියන අදහසින් මම අයින් වෙන්න පටන් ගත්තෙ. බැහැර වෙන්න පටන් ගත්තෙ. ඒ වෙනුවට භාවිතා කරන එක හොඳයි කියන අදහසක් හිතට එන්න පටන් ගත්තා අපි කතාබහ කරන වචනය සිහියෙන් කතා කරනවා නම් කොච්චරද කියල.
සාමාන්‍ය දවසක් ගත්තහම අපි කතාබහ කරන වචන බොහෝ විශාල ප්‍රමාණයක් තියනවා. හැබැයි ඒ කතා කරන වචන වලට සිහිය එකතු වෙනවා වෙනුවට හැඟීම් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඔය කියන හැඟීම හොඳ හෝ නරක හැටියට වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හැඟීමකින් කෙරෙන වැඩක් යම් විදියකට සාර්ථක වෙන්නත් පුළුවන්, නමුත් ආපස්සට පරිලාහයක් ඉතුරු කරන්නත් පුළුවන්.
හැබැයි අපි සිහියෙන් කතාබහ කරන්න සාමාන්‍ය ජීවිතේදී උත්සාහ කරනවා නම්, සිහියෙන් කතා කෙරෙන වෙලාවල් වගේම කතා නොකෙරෙන වෙලාවලුත් තියනවාය කියන එක හම්බ වෙන්න පටන් ගනීවි, අහු වේවි. අපි හිතමුකො හදිස්සියෙ හරි අපි කතාබහ කරන වචනයකට සිහිය දා ගන්නට සිහිය ඈදා ගන්නට අපිට නොහැකි වුනාය කියල. කමක් නෑ. මොකද ජයග්‍රහණය කියන එක පින්වතුනි පරාජයෙන් තොර දෙයක් නෙවෙයි.
තථාගතයන් වහන්සේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පාරමිතා ධර්ම පුරපු අවුරුදු ගණන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. පාරමිතා පුරපු දවස් ගණන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය වැඩි කිරීම තුන්සිය හැටපහක්. ගත කරපු පැය ගණන ගණං හදල බලාගන්න ඕන. ගත කරපු තත්පර ගණන, විනාඩි ගණන ගණං හදල බලාගන්න ඕන. හැබැයි ඒ හැම අවස්ථාවකදිම උන් වහන්සේ ජයග්‍රහණය කලාම නෙවෙයි. උන් වහන්සේ සමහර සමහර දේවල්වලදි පරාජයට පත් වුනා. හැබැයි ඉගෙන ගත්ත.
මේ භාවනාව කියන විෂය පින්වතුනි අපේ ජීවිතේට පමුණුවා ගන්නකොට අපි හිතන්න නරකයි හැම එකකින්ම අපිට ජයග්‍රහණයම ලැබිය යුතුයි කියල. එහෙම එකක් නෑ. සතිපට්ඨානය වඩන කෙනාට බුදුරජාණන් වහන්සේ කියල දෙන්නේ අසතියෙන් ඉන්නවා නම්, සිහිය නැතුව ඉන්නවා නම්, ඒ දේ දැන ගත්තා නම්, ඒක සිහියක් කියල.
හැබැයි සිහිය නැතුව ඉන්නවා කියන එක අපේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමක් නෙවෙයි, අපි පරාජය වීමක් පැහැදිලිවම. නමුත් මම අසවල් වෙලාවේදී සිහියෙන් නෙවෙයි හිටියේ කියන දේ හඳුනා ගත්තා නම් ඒක සතිමත් භාවයක්.
එතකොට පින්වතුනි ඔය කියන ආශ්රයෙන් ගත්තහම අපි සාමාන්‍ය ජීවිතේ කතාබහ කරද්දී කතා කරන සමහර වචනවලට අපේ සිහිය නැති වෙන්නට පුළුවන්. මේ වෙලාවෙදි මම මේ දෙයයි කතා කළ යුත්තේ මේ දෙයයි කතා කරන්නේ කියන අදහසෙහි ගිලෙන්නෙ නැතුව අපි අපේ වචනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට වචනය ක්‍රියාත්මක වෙන්නෙ හැඟීම්බරව. හැඟීමට ලොල් වෙලා. තණ්හාවට යට වෙලා. ඒ තණ්හාව තුල තියෙන්න පුළුවන් තමන්ගේ මනාපය හෝ අමනාපය කියන මේ දෙපැත්තම.
කොහොම නමුත් ඒකෙ අවසාන ප්‍රතිඵලය අපිට දුකක් ගෙනැල්ල දෙනව බාහිර කෙනාට වගේම. සතිපට්ඨානය වඩන්න පුරුදු කරන කෙනාට මම කරන යෝජනාව තමයි පින්වතුනි අපි ගාවින් එළියට ගියාට වැරදි වචනයක්, ඇත්තටම ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ කෙනා වැරදි පුද්ගලයෙක් කියල. ඒකෙන් කියවෙන්නෙ එයා කතා කරපු වචනය වැරදියි කියන එක විතරයි. එහෙම වුනොත්, ඒ වැරැද්ද හඳුනා ගත්තොත් අපිට අවස්ථාවක් තියනවා ඔය වැරැද්ද නිවැරදි කරන්න. ඒක කරන්නෙ කොහොමද? ඔය දහම්පදයෙ ගාථාවකුත් තියනවා,
"යෝ ච පුබ්බෙ පමජ්ජිත්වා
පච්ඡා සෝ නප්පමජ්ජති"
යම්කිසි කෙනෙක් මුලදී ප්‍රමාදයට වැටෙන්න පුළුවන්. පරදින්න පුළුවන්. ජීවිතේ තුල සාර්ථකත්වයටම නොයා යන්න පුළුවන්. හැබැයි,
"පච්ඡා සෝ නප්පමජ්ජති"
පස්සෙදි මෙයා මොකද කරන්නේ ආපහු තමන්ගෙ ජීවිතේ හදා ගන්න බලනවා. සකස් කරගන්න බලනවා. නිවැරදි කරගන්න බලනවා. වැරදි වචනය කියවුනාට මෙයා තේරුම් ගත්තොත් මේ වචනය කියපු විදිහයි වැරදි කියලා, සමහරක් වෙලාවට කියපු වචනය හරි වෙන්න පුළුවන්, කියපු ස්වරය වැරදි වෙන්න පුළුවන්, කියපු විලාසය වැරදි වෙන්න පුළුවන්, කියපු ආකාරය වැරදි වෙන්න පුළුවන්.
මේ ආකාරයට අපි තේරුම් ගත්තොත් මේ දෙය මම වැරදියටයි කලේ කියලා සතිපට්ඨානය වඩන කෙනාට මම කරන යෝජනාව තමයි පින්වතුනි ඒ වචනය නිවැරදි කරල ආපහු කියන්න ඕන. කිව යුතුමයි. මොකද අපි කරන හැම දෙයක්ම පින්වතුනි අපේ හිතේ තැන්පත් වෙනවා. ඊයෙ අපි හිතට ගත්ත අදහස්වලට ස්ථිර හැටියට, හිතාගත්ත ක්රමෝපායන්වලට තමයි අද ජීවත් වෙන්නේ.
මේ ලෝකෙ ඇත්තටම කියනව නම් අපිව පාලනය කරන සර්ව බලධාරී දෙවි කෙනෙක් නැහැ අපි හැරෙන්න. අපිම අපේ හිතට ගන්න අදහස්වලින් තමයි හෙට දවස ගැන අපි තීරණයක් කරන්නෙ. හෙට දවසට අපි මුහුණ දෙන්නෙ. එතකොට අපි මේ ගන්න හැම අදහසක්ම අපේ හිතේ තැන්පත් වෙන්න වුනාම ඒ අනුසාරයෙන් නම් අපේ ජීවිතේ ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ, (ඕකටම තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ සංඛාර කියල) අපි විවිධාකාර වූ දේවල් සකස් කර ගන්නවා, හදා ගන්නවා, "මේ දෙයයි මේ විදියට තියෙන්න ඕන, මේ කාරණාව මේ විදියට වෙන්න ඕන, මේ වචනය මෙහෙමයි කියන්න ඕන" කියල.
හැබැයි ඒ තුලින් ආපහු ඒ දේ සිහිපත් වෙනකොට, අපේ හිතට මතු වෙලා එනකොට, දුකක් දොම්නසක් එනවා නම්, ඒක එහෙම නම් ධර්මය භාවිතා කිරීමකුත් නෙවෙයි.
දැන් අපිට අවස්ථාව එනවා ඔය සංස්කාරයන් ටික බැහැර කරල දාන්න. දුකක් සන්තාපයක් හදන විදියට සකස් වෙච්ච ඒ සකස් කිරීම් ටික, ඒ එකතු වෙච්ච දේවල් ටික, ඒ එකතු වෙච්ච කාරණාවල් සමූහය, අපිට දැන් අවස්ථාවක් එනවා ඒ දුකක් ඇති නොකර ගන්නා වූ විදියට භාවිතා කරන්නට. ඒ කොහොමද?
වචනය වැරදි විදියට කියවුනාට කාරියක් නැහැ ඒ වචනය නැවතත් නිවැරදි කරල කියනව. ඒ වචනය නැවතත් හදලා සකස් කරලා හරියාකාරයට කියනවා. මෙන්න මේ කෙනාට කියනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ, 'අප්රමාදී කෙනා' කියලා.
ඒ විදියට අපි භාවිතා කරනවා නම් අපේ වචනය, අපේ ජීවිතය, ඔන්න අපි සිහිය පුරුදු කරන්න පටන් අරගෙන තියනවා සාමාන්‍ය ජීවිතේ ඉඳලා පවා. අපි කතාබහ කරන වචනය වැරදි විදියට කියවුනාට සමාව අරගෙන ආපහු ඒ වැරදි විදියට කියාපු වචනය නිවැරදි විදියට කියන්න ඕන. ඒ තරමේ නිහතමානීත්වයක් අපිට හදා ගන්න අපි අපේ හිත මෘදු මොළොක් කරගන්න ඕන.
ධර්ම මාර්ගය භාවිතා කරනකොට පින්වතුනි අපිට ලැබෙන අංග තියනව. අංග ලක්ෂණ තියනව. ඒවගෙන් ප්‍රධානම කාරණා තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව කියල කියන්නෙ. මේව තියෙන්නම ඕන කාරණා. තිබිය යුතුම කාරණා.
ධර්මය පුරුදු කරන කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේගේ වගකීමක් හම්බ වෙනව. උන් වහන්සේගේ වගකීමේ සහතිකයක් තියනවා. සතර සතිපට්ඨානය භාවිතා කරන කෙනා පින්වතුනි එක්කො අනාගාමී වෙනව කියල කියනවා. එහෙම නැත්නම් අරිහත් වෙනවා කියලයි කියන්නෙ. ඒ ඇත්තො නවතින්නෙ නැහැ සෝතාපන්න වෙලා. ඒ ඇත්තො නවතින්නෙ නැහැ සකෘදාගාමී වෙලා. ඒ ඇත්තො නවතින්නෙ නැහැ ශ්‍රද්ධානුසාරී වෙලා. ඒ ඇත්තො නවතින්නෙ නැහැ ධම්මානුසාරී වෙලා.
මේ ගමන තුල ලැබෙන පාරිතෝෂිකය, ඵලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ එක්කො අනාගාමීත්වය, එහෙම නැත්නම් රහත් භාවය. ඒ කියන දිශා ආනතියට අපේ හිත අරගෙන යන්න නම් පින්වතුනි, බ්‍රහ්මයන්ගේ හිත්වල තියන ගුණයන් අපේ හිත්වල වඩා වර්ධනය වෙන්න ඕන. බ්‍රහ්මයන්ගේ තියන සිතුවිලි භාවිතා වෙන්න පටන් ගන්න ඕන. අන්න එතනටයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව එන්නෙ.
අපි මෘදු මොළොක් වෙන්න බලනවා සහ මෘදු මොළොක් වෙන්න පටන් ගන්නවා. සතර බ්‍රහ්ම විහරණ හැටියටම දේශණා කරන්නේ මෙන්න මේ කාරණායි. ඒවා අපේ ජීවිතය තුළට පුරුදු කරන්න පටන් ගන්නව. එතකොට පින්වතුනි සතර සතිපට්ඨානය කියන මේ භාවනාව අපි පුරුදු කරන්නේ සාමාන්‍ය ජීවිතේ ඉඳලමයි. වගකීමක් සහිතවමයි. ඒ දේ පුරුදු කරන ප්‍රමාණය මත අපේ ජීවිතේට ලැබෙන සැනසීම බාහිර ලෝකයාටත් ගලා ගෙන යාවි.
අපි භාවිතා කරන ප්‍රමාණයත් එක්ක අපිට ලැබෙන නිදහස අපි අත්දකීවි. අපේ ජීවිතේ දුක, සන්තාපය, කායික වූ ද මානසික වූ ද පීඩාව, විඩාව, නිදහස් වන බව සංසිඳෙන බව අපිට තේරෙන්න පටන් ගනීවි. ඊට කලින් ජීවත් වුනාට වඩා නුවණක්කාර විදියට ජීවත් වෙන්නට, නුවණක්කාර විදියට කතාබහ කරන්නට අපි ඉගෙනගෙන තියේවි. පින්වතුනි ඒක නිවනක් නේද? ඒක සැනසීමක් නේද?
ඒ සැනසීම ලැබුනේ ඒ නිවීම ලැබුනේ සතිපට්ඨානය භාවිතා කළ නිසයි, පර්කයේ ඉඳල විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේදී පවා. ඔය විදියටමයි ක්‍රියාකාරීත්වයටත්. අපේ සාමාන්‍ය ජීවිතේ වැඩකටයුතු ඕනෑ තරම් කරනවා එක දවසක් ගත්තහම. හැබැයි ඒ කරන වැඩය පුරුද්දට කරන, එහෙම නැතිනම් හැඟීමට කරන අවස්ථා කොච්චරක් තියනවද නේ? ඒ විදියට නොහිතා, නොදැන, හඳුනා නොගෙන, ඒ විදිහේ කටයුතු කරන්න වුනාම අපි දුකට පත් වෙන කරදරයට පත් වෙන පීඩාවට පත් වෙන අවස්ථා කොච්චරක් නම් අපිට තියනවද.
අපි උත්සාහ කරන්න පටන් ගනිමු පින්වතුනි අපි කරන ක්‍රියාවටත් වටිනාකමක් දෙන්න, අපි කියන වචනයට වටිනාකම දෙනව වගේම. අපි කරන ක්‍රියාවටත් වටිනාකමක් දීලා, වැදගත්කමක් දීලා ඒ කරන්නට අපි උත්සාහවත් වෙමු.
ඔය දේ මං මගේ පැත්තෙන් පටන් ගත්තෙ ඇත්තම කියනව නම් සිහිය පිහිටුවා ගැනීමේ ආරම්භය හැටියට, ගිලන්පස වළඳලා කෝප්පෙ බිම තියනකොට තමයි. ඒ දේ කරද්දි මට නොහිතා, නොදැන අවධානය පවත්වන්නෙ නැතුව, වෙන වෙන දේවල්වලට හිත යවන ගමන් කරන්න පුළුවන්කම තිබ්බා වුනාට ඒ වගේ දේවල් කරල තිබ්බත් වුනාට සිහිය මුණ ගැහුනාට පස්සේ පුරුදු කරන්න පටන් ගත්තා අඩුම තරමේ කෝප්පෙ තියන වෙලාවටවත් මං සිහියෙන් ඉන්න ඕන කියලා.
හැබැයි මේ වෙද්දි මට වචන කතාබහ කරද්දි සමහර සමහර වෙලාවල්වලට සිහියෙන් ඉන්න බැරි වුනා තමයි. මගේ ජීවිතේ අනිත් කටයුතු කරද්දි සිහියෙන් ඉන්න බැරි වුනා තමයි. පර්යංකයේ භාවනා කරද්දි සිහියෙන් ඉන්න බැරි වුනා තමයි. සක්මනේදීත් බැරි වෙන්න වුනා තමයි. හැබැයි ඒව කමක් නෑ. කාරි නෑ. ඒ දේ ඕන එකක් වුනාට එක වෙලාවක් මම හදා ගත්තා මට සිහියෙන් ඉන්න පුළුවන් හැටියට. ඒ වෙලාව තමයි ගිලන්පස වළඳලා කෝප්පෙ බිම තියන වෙලාව. ඒ දේ සිදු කරා හොඳ උවමනාවකින්. මනා දැනුවත් භාවයකින් යුතුවම.
ඒ වෙලාවට විතරක් පින්වතුනි තේරෙන්න වුනා පසුකාලීනව, ආපහු මතක් වෙලා, ආපහු හිත උඩට ඇවිල්ලා, ඉලිප්පිලා කරදර කරන, දුකක් ගෙනැල්ල දෙන, දෝමනස්සයකට පත් කරවන මතකයක්වත් සිහියෙන් වැඩකටයුතු කරපු වෙලාවට ඇත්තෙ නැහැයි කියලා.
මෙන්න මෙතනින්, වගේ මේ වගේ අවස්ථාවනින් තමයි පින්වතුනි අපිත් පටන් ගන්න ඕන අපේ සිහිය පුරුදු කරන්නට. සාමාන්‍ය ජීවිතේදී ඔය ඇත්තෝ අතු ගානව නම් ඒ අතු ගාන එකට සමවැදිල කරන්න. අතුගානකොට වෙනත් දෙයක් මෙනෙහි කර කර, වෙනත් දෙයක් කල්පනා කර කර, ඒ දේ කරනවා වෙනුවට අතු ගාන එකක් එක්ක යා වෙලා ඒ දේ කරන්න බලන්න.
තව විදියකට කිවුවොත් එහෙම, අතු ගාද්දි ඔය කොස්ස කතා කරන බවක් තියනවා අපි එහෙම හිතුවොත් එහෙම. කොස්සෙන් නැඟෙන සද්දයක් තියනව. අපි බොහොමයක් වෙලාවට ඔය සද්දෙ අහන්නෙ නෑ. මොකද අපිට හුරු හින්දා අතු ගාන දේ ඇහෙන්න තියන සද්දත් අපි ගොඩක් වෙලාවට ගන්නව ඒකාකාරයි එක හා සමානයි කියල. හැබැයි ඔය අතර වෙන මොකක් හරි යකඩයක් ඇදෙනව වගේ හඬක් ආවොත් විතරක් අපි බලනව.
සිහිය පුරුදු කරන කෙනාට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි සාමාන්‍ය ජීවිතේදී කරන කියන දේවල්වලටත් අවධානය පවත්වන්න පටන් ගන්න එක. තමන් අතුගානවා නම් ඒ අතු ගාන එක සිහියෙන් යුතුව කරන්න උත්සාහ කරනවා. එළවළු කපනවා නම්, ආ ඒ දේ එහෙම කරන්න උත්සාහ කරනව. මෙයාකාරයට පින්වතුනි ජීවිතය තුල තමන් ගත කරන හැම දෙයක්ම භාවනා අරමුණක් බවට පරිවර්තනය කරගන්නට, පුරුදු කරන්නට, හුරු කරන්නට පටන් ගන්නව. මේ කියන කාරණාවේ තියන අත්දැකීම් එක්කයි එතකොට අවසාන වශයෙන් පර්යංකයට යන්නේ සහ සක්මනට යන්නේ.
එහෙම වුනාම පින්වතුනි භාවනාව කියන විෂය නැත්නම් සතර සතිපට්ඨානය කියන කියන දේ අපි පුරුදු කරන්න පටන් අරගෙන තියෙන්නේ ක්‍රියාත්මක කරල තියෙන්නේ පර්යංකයේදී විතරක් නෙවෙයි, සක්මනේදී විතරකුත් නෙවෙයි, සාමාන්‍ය ජීවිතේ ඉඳලම පවා.
මේ කියන දිශා ආනතියකින් අපිට භාවනාවට අවතීර්ණ වෙන්න පුළුවන් නම් පින්වතුනි, සිහියට ප්‍රධාන තැන දෙනවාය කියන එකේ අර්ථය මොකද්ද කියන එක අපි හඳුනාගෙන තියේවි. පුරුදු කරල තියේවි. අත්දැකීම් ලබල තියේවි. ඒ අනුව කටයුතු කරන්න වුනාම මේ භාවනා ගමන ඉදිරියට කරගෙන යන්න අපිට හරිම ලේසියි. මොකද අපි දන්නවා සිහිය කියල කියන්නෙ මොකද්ද, සිහියට අරමුණක් නැති වුනාට. ඒ සිහිය පුරුදු කරන්නෙ කොහොමද, එක ක්‍රමයක් නැති වුනාට.
මේ කියන අත්දැකීම් එක්ක භාවනාවට සපැමිණෙන කෙනා පින්වතුනි සාර්ථක විදියට තමන්ගේ භාවනාව සිදු කරගෙන යාවි. ඒ කෙනාට තේරෙන්නට පටන් ගනීවි තමන්ගේ ජීවිතය තුල දුක් දොම්නස් හදා ගත්ත කාරණා තියනවා, ඒ හදාගත්ත දුකට හේතුව මෙන්න මේකයි කියලා. තමන්ට තමන්ගෙ ජීවිතේ නුවණක්කාර විදියට ගත කරන්න පුළුවන් වෙච්ච අවස්ථා තිබිල තියනවා, නමුත් ඒව පැහැර හැරිලත් තියනව, මඟ හැරිලත් තියනවා, ඒකට හේතුව මේකයි කියල හම්බ වේවි.
ඊට පස්සේ පුරුදු කරන්නත් පටන් ගනීවි මෙන්න මේ විදියට එහෙනම් ජීවත් වෙන එක හොඳයි කියලා. නුවණක්කාර භාවයකින් යුක්තව ජීවත් වෙන්නෙ කොහොමද කියන දේ අපි හඳුනා ගනීවි. තේරුම් බේරුම් ඇති කරගනීවි. සතර සතිපට්ඨානය තුලින් ඇති කරන ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි, ඒ කෙනාට ලැබෙන ප්‍රයෝජනය තමයි, තමන්ගේ ජීවිතය තමන්ට හම්බ වෙනව.
බාහිර කෙනෙකුගෙන් සංතෝසය සහ රැකවරණය, ආරක්ෂාව ආදී හැම දෙයක්ම බලාපොරොත්තු වෙච්ච ලෝකයාට සතර සතිපට්ඨානය තුලින් පින්වතුනි තමන්ගේ සංතෝසය තමන් ළඟමයි කියන දේ බුදුරජාණන් වහන්සේ උගන්වන්න පටන් ගන්නව. කියල දෙන්න පටන් ගන්නව. මෙන්න මේ දේයි අපි මේ විදියට පුරුදු කරන්නේ.
ඉතින් මගේ යෝජනාව තමයි, ගත කරන ජීවිතේ පැය විසිහතරම බැරි වෙන්න පුළුවන් සිහියට දා ගන්න, පැය විසිහතරේම කරන කියන හැමදේකටම සිහිය පුරුදු කරගන්න බැරි වෙන්න පුළුවන්, ඒකට කමක් නැහැ, අපි කරන කියන වැඩකටයුතු කිහිපයකට සිහිය පුරුදු කරන්න පටන් ගනිමු.
එක දවසක් ගත්තහම, පොදුවේ සමස්ථයක් හැටියට කරන කාරණා අතරෙන් සිහිය දා ගන්න පුළුවන්ම කාරණා කිහිපයකට සිහිය දාගන්න, පුරුදු කරගන්න බලන්න. ඒ දේ නිරන්තරයෙන්ම සිදු වෙන තාක්කල්ම අපේ බාහිර විදිහේ බලපෑමක් නැතුව සිහියෙන්ම ඒ කටයුත්ත කරන්න හිත පුරුදු වෙන තාක් කල් ඒ දේ විතරක් සිදු කරන්න ඕන.
ඊට පස්සෙ පින්වතුනි ඔය තියන අත්දැකීමුත් එක්ක භාවනාවක් විනාඩි පහක් හරි සිදු කරන්න ඕන. එක තැනක වාඩි වෙලා නිදහසේ ඉඳලා තමන්ට බාහිරින් කරදර මොනව හරි තියනව නම්, (සද්ද වලින් රස්නෙන් හෝ සීතලෙන්, එහෙමත් නැතිනම් මේ ශරීරයෙන් තියන වද වේදනාවලින් ආදියෙන්, නැතිනම් සිත දුවනවා වෙන්නත් පුළුවන්) ඒ ඕනෑම දෙයක් හඳුනා ගන්න බලන්න.
ඒක හරියට සමාන වේවි අපි අතුගානකොට කොස්සෙ සද්දෙ අහගෙන අතු ගෑව වගේ. එළවළු කපනකොට හෝ පිඟන් හෝදනකොට ඒ දේ සද්දෙ අහගෙන කලා වගේ. ඒ දේ අපේ අතට දැනෙන ස්වභාවය දැනගෙන ඒ දේ කළා වගේ.
භාවනා කරද්දිත් ඔය දැනෙන දෙයක් එක්ක සමවැදිලා, ඒ දෙයත් එක්ක යා වෙලා, හා වෙලා, ඒ මොහොතේ ගත කරන්න ඉගෙන ගන්න. එහෙම වෙනකොට පින්වතුනි අපි හදාරාවි, පුරුදු කරාවි, මට උවමනාම දේ කරන්න උත්සුක වෙනවාට වඩා (ඒ දේ ඇත්තටම අපිට කරන්න බැරි දෙයක්) මේ වෙලාවෙ තියන දෙයත් එක්ක සම වැදුනහම, මේ වෙලාවෙ තියන දෙයත් එක්ක කැමති වුනාම, මනාප වුනාම, සාදර වුනාම, ජීවිතේ කොච්චර සරලද සහ ලේසිද කියල හම්බ වේවි. භාවනාව කොච්චර ලේසිද සරලද කියල හම්බ වේවි.
මේ කියන දිශා ආනතිය තුලින් භාවනාව පුරුදු කරගන්න බලන්න පුළුවන් තරම් කාලයක්. එහෙම කරලා අද දවසේදී කරපු ඒ භාවනාවක් තියනවා නම් ඒ භාවනාවේ අත්දැකීම තමන් ලබා ගත්තේ මොකද්ද කලේ මොකද්ද කියලා ඒ අතීත මතකය හොඳට ආවර්ජනය කරන්න. අද දවසේදී භාවනාවට ලැබිච්ච අත්දැකීම ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් කියවන්න පුළුවන් වෙන විදියට සටහන් කරල තියනව නම් වඩාත්ම හොඳයි. මොකද ඒක තමයි භාවනාව ගැන ඔය ඇත්තන්ට ඔය ඇත්තො විසින්ම දෙන හොඳම භාවනා උපදේශය.
ඉතින් මෙන්න මේ කියන ආකාරයට අපිට සතර සතිපට්ඨානය කියන මේ සුවිශේෂී වූ භාවනා ක්‍රමය පුරුදු කරන්න පුළුවන්කමක් තියනවා නම් පින්වතුනි, මේ දේ ඇත්තටම අපිට හම්බ වේවි අපේ ජීවිතේ නිදහස කරා යන්නට තියන ලේසිම මාර්ගය හැටියට.
ඉතින් ඔන්න ඔය කියන කතාවයි, ඔය කියන කාරණයයි මට අද ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බේ. අද මේ දේශණාව කරන්නේ ආරාධනාවක් මතයි. වෛද්‍ය සමිත රත්නායක මහත්මයාගේ ආදරණීය සිඟිති දියණියගේ උපන්දිනය නිමිත්තෙනුයි අද දවසේදී මේ දේශණාව සිදු කරන්නට යෙදුනේ.
ඉතින් මේ දේශණාව තුලින් ජනිත වෙච්ච යම්කිසි කුසලයක් තියනවා නම් දහම් දැනුමක් හැටියට හරි, අපේ ජීවිතේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් හැටියට හරි, ඒ සතුට ඒ සංතෝසය ඒ සිඟිති දියණියගේ ජීවිතේ සියළු යහපත සැලසෙනු පිණිසම වේවා ! තුනුරුවන්ගේ ආශිර්වාදය, සියළු දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණය පිණිසම වේවා !
ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණයට සහභාගී වෙච්ච, සම්බන්ධ වෙච්ච ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා ! අද දවසේ මේ ධර්ම දේශණාවේ මූලිකත්වය දරන වෛද්‍ය සමිත රත්නායක මහත්මයත් ඒ මහත්මියත් ප්‍රධාන වෙච්ච ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ ධර්මානුශාසනාව තුලින් ජනිත වෙච්ච කුසලය ඔය ඇත්තන්ගෙ ජීවිතේ සියළු යහපත සැනසීම ඇති කරගැනීම පිණිසම, අමා නිවන සැලසීම පිණිසම හේතු වාසනා උපකාර වේවා !
ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව ගිය සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින් සදා අනුමෝදනා වේවා !
ඒ වගේම ලෝකයත්, සම්මා සම්බුද්ධ ශාසනයත්, ඔබ අප සෑම සියළු දෙනාමත් මැනවින් ආරක්ෂා කරන සියළු දෙවිදේවතාවුන් වහන්සේලා විසිනුත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා කියල ආශිර්වාද කරමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
2023 දෙසැම්බර් මස 21 බ්‍රහස්පතින්දා
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
බෝලන්කන්ද තපෝ අරණ 2023 කඨිනානිසංස දේශනාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
ඒකස්ස කඨින දානස්ස සංඝේ දින්නං නනස්සතීති
පූජනීය මහා සංඝ රත්නය ප්‍රධාන මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්රද්ධාවන්ත පින්වතුනි,
මේ සමාප්තියක් දකින්න සූදානම් වෙන්නේ මේ අවුරුද්දේදී සිදු කරන කඨින පින්කමයි.
වස් කාලයක් එළඹෙනවා කියන්නේ පින්වතුනි වැස්ස වහින කාලයක් එනවා කියන එකයි, අපේ රටට වස් කාලයේදී වැස්ස එතරම් පාත් වුනේ නැති වුනාට. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ස්වාමීන් වහන්සේලා බොහෝමයක් වැඩ ඉඳලා තියෙන්නේ චාරිකාවෙන්. ඒකට හේතුව තථාගතයන් වහන්සේගේ දර්ශනය තුල, දේශනාව තුල කියල දෙන්නේ, හාමුදුරු කෙනෙක්ට නැත්නම් මහණ කෙනෙක්ට ජීවත් වෙන්න කියල කියන්නේ කුරුල්ලෙක් වගේ.
කුරුල්ලගෙ ජීවිතේ තියන වෙනස තමා, ඔය ඇත්තො දැකල තියනවද කුරුල්ලො ගොඩාක් ලොකු බර මළු අරගෙන යනවා? ආන් ඒ වගේ ගෙනියන්නේ, ඒ ඇත්තන්ට ගෙනියන්න පුළුවන් අර කූඩුවක් හදාගන්න පුළුවන් චූටි පරඬැලයක් විතරයි. අන්න ඒ වගේ, හාමුදුරු කෙනෙක්ට නැත්නම් සාසනයේ පැවිදි වෙච්ච ඇත්තන්ට දේශනා කරන්නේ බොහොම සුළු දේවල්වලින් යැපෙන්න ඉගෙන ගන්න කියලයි. ඒ විදියට යැපෙන ඇත්තෝ තමන්ගේ ජීවිතේ ගෙවන්න පටන් ගන්නේ, ගෙවන්නේ, ඒ කාලයේ අද වගේ නෙවෙයි චාරිකාවෙන්.
එක ගමක එක කාලයක් වාසය කරලා ඊළඟ පාර තවත් ගමකට වඩිනවා. සමහරක් වෙලාවට ගහක් යට ඉන්නවා වෙන්න පුළුවන්. ගල්ගුහාවක ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ වගේ ස්ථානයක ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔය අතර සමහර සමහර ඇත්තෝ එක එක ස්ථාන කේන්ද්‍රගත කරගෙන, ඒ වගේ තැන්පත් වෙලා දීර්ඝ කාලීනව ඉන්න වුනත් කල්පනා කරලත් තියනවා පසුකාලීනව.
උදාහරණයක් හැටියට කියනවා නම්, බුදුරජාණන් වහන්සේ වුනත් වස් කාල බොහෝමයක් ජේතවනාරාමයේ වැඩ හිටියා. ඉතින් කෙසේ හෝ වේවා, වස් කාලයකදී වැස්ස පටන් ගත්තහම, ස්වාමීන් වහන්සේලා චාරිකාවේ වැඩම කරනකොට උන් වහන්සේලා අසනීපවෙන්න ගත්තා. සංඝ රත්නය අසනීප වෙන්න ගත්තා. තෙමිලා, ඊළඟට ඔය ලිස්සන පාරවල්වල ඇවිදගෙන ගිහිල්ලා, වැටිලා, ආන් ඒ වගේ දේවල් වෙලා. පිණ්ඩපාතයේ යනවා වෙන්න පුළුවන්. දානෙ එකතු කරගන්න යනවා වෙන්න පුළුවන්. කැලෑ පාරවල්වලින් යනවා වෙන්න පුළුවන්. වැස්ස වහිනකොට ටිකක් කරදරයි නම් තමයි.
ඉතින් මෙන්න මේ වගේ කාරණාවල් එක්ක ඒ කාලේ තවත් මතවාදයක් තිබුනා පින්වතුනි. ඔය නිගණ්ඨනාථපුත්ත කියන ශාස්තෘවරයාටත් මහා පිරිසක් හිටියා. ඒ ඇත්තෝ 'පරම අවිහිංසාවාදය' කියන න්‍යායක් තමයි කිවුවේ. බුදුරජාණන් වහන්සේ අවිහිංසාවාදය ගැන කතා කලා වුනාට පරම අවිහිංසාවාදය කියල කියන ඒ ඕනෑම කාරණයක අන්තයට යන එකක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කලේ නෑ. නමුත් නිගණ්ඨනාථපුත්තයෝ එතුමාගේ දර්ශණය තුල කියන්න උත්සාහ කලා මේ ගස්වලටත් පණ තියනවා, තණකොළ වලටත් පණ තියනවා, වතුරටත් පණ තියනවා ආදී වශයෙන්. ඒ අය හේතු කියන්න වුනේ අපිට ඇහැට පේන්නෙ නැති සත්තු ඕකෙ ජීවත් වෙනවා කියලයි.
තථාගතයන් වහන්සේගේ දර්ශණය තුල, දහම තුල කියල දෙන්නෙ නැහැ අපිට හිතාමතා මේ තියන කිසිම කිසි දෙයක් කඩා බිඳ දාන්න. අඩුම තරමේ උපසපන් හාමුදුරු නමකට ඔය ගහක කොළයක් කඩන එකත් කැප නෑ. තණකොළ ටිකකට කෙළ ගහන එකත් කැප නැහැ. ඉතින් මුත්‍රා කරන එකක් ගැන කවර කතාද නේද? ගස් කපන එක ගැන කවර කතාද නේද? ඉතින් අර ආගමේ ශාස්තෘවරයා ඒ වස් කාලයේදී වැස්ස වහිනකොට, හාමුදුරුවරු චාරිකාවේ වඩිනකොට, ආරංචියක් පතුරුවන්න පටන් ගත්තලු, කියන්න වුනාලු, මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ කිසිම කිසි මෛත්‍රියක් නැහැ, මේ තණකොළ පාග පාගා යනවා, කිසි අනුකම්පාවක් නැහැ, මෙහෙම මෙහෙම කියලා.
ඒක නෙවෙයි ප්‍රධානම භූමිකාව, ප්‍රධානම හේතුව වුනේ වස් කාලයක් කියන්න. ස්වාමීන් වහන්සේලා ඔය වස් කාලයේ යන්න ගිහිල්ලා අසනීප වෙච්ච එක ප්‍රධාන හේතුවක් වුනා. කෙසේ හෝ වේවා මේ කියන කාරණා කිහිපයක් ප්‍රධාන කරගෙන බුදුරජාණන් වහන්සේ දේශණා කොට වදාලා,
"වස්සානේ වස්සං උපගන්තුං" කියලා.
වස්සාන කාලයේදී එක තැනකට වෙලා වැඩ වාසය කරන්න ඕන චාරිකාවේ යන්නෙ නැතුව කියලා.
මේ සිද්ධිය පින්වතුනි පසුකාලීනව ටිකක් අමුතු විදියකට, අළුත් විදියකට, නව විදියකට වෙනස් වුනා. චාරිකාවේ වඩින ස්වාමීන් වහන්සේලා වස් කාලයකට කිට්ටු වෙද්දී කොහෙට හරි වඩිනවා නම්, කවුරු හරි කෙනෙක් මනාප වුනොත් මේ ශාසනයට, මම උපස්ථාන කරන්න කැමතියි කියලා ආරාධනා කරනවා.
"අපේ හාමුදුරුවනේ අවසරයි, ඔය ඇත්තෝ මේ වස් තුන් මාසයේ අහවල් තැන ඉන්න ඕන. අපි ඔය ඇත්තන්ට උවමනා කරන සිව්පසය සම්පාදනය කරනවා."
ඔන්න ඕක තමා වස් ආරාධනා කරනවා කියන එකේ ආරම්භය වුනේ. එතකොට දැන් අපේ රටේ ඔය ඇත්තෝ අහල තියනවා, අහනවා, කඨින පින්කමක් කරපුහාම සියළුම වැරදි වලට සමාවක් හම්බ වෙනවා, සුගතිගාමී ම වෙනවා, එහෙම එහෙම කියලා. එක්තරා මට්ටමකින් පින්වතුනි ඒ කියන කියමනේ වැරැද්දකුත් නැහැ. තවත් පැත්තකින් සියයට සීයක් නිවැරදිත් නෑ කියල කියන්නත් ඕන.
ඒකෙ කියන්නේ අර වෙනත් ආගම්වල වගේ, ඕනෑම වැරැද්දක් කරලා දෙවියන් වහන්සේට ගිහින් කිවුවහම මට සමාව දෙන්න කියලා, උන් වහන්සේ සමාව දුන්නහම අපේ හිත සංතොස වෙනව වගේ එහෙම එකක් නෙවෙයි මේ. හැබැයි වස් තුන් මාසයක් කවුරුහරි කෙනෙක් වස් ආරාධනා කරලා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා,
"අපේ හාමුදුරුවනේ වැඩ ඉන්න ඕන අපිට පුළුවන් නම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන."
එතකොට ඒ කෙනාගේ ජීවිතය තුල පින්වතුනි ඊට කලින් වැරැද්දක් සිද්ධ වෙනවා නම්, මොනව හරි විදිහේ අකුසලයක් සිද්ධ වෙමින් තිබුනා නම්, මේ ඉන්න වස් තුන් මාසය තුලදී අහන ධර්මයෙන්, ඇහෙන ධර්මයෙන්, අන්න එයාව වෙනස් වෙන්න ගන්නව. එයාව සකස් වෙන්න ගන්නව. එයාගේ හිත අනිත් පැත්තට බර වෙනව. කුසලයට නැඹුරු වෙනව.
මේ වස් තුන් මාසයක් ඇසුරු කරලා, ඒ ස්වාමීන් වහන්සේලා කියල දෙන, නැත්නම් සංඝ රත්නය කියල දෙන, ඒ මොනව හරි ධර්ම දේශනාවක් හරි ඒ දෙන අනුශාසනාවල්වලට සවන් දීලා, තමන්ගේ ජීවිතේ යහපතට පමුණුවා ගත් ඇත්තෝ මට වඩා මං හිතන්නෙ ඔය ඇත්තො දන්නවා ඇති. ධර්මයේ තියන කතා එහෙම.
එක කතාවක මට මෙන්න මෙහෙම මතකයි. එක මෑණි කෙනෙක් හාමුදුරුවො හතර නමකටද කොහෙදෝ චාරිකාවේ වඩිනකොට ආරාධනා කරනවා, "අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ වස් කාලයේ වැඩ ඉන්න ඕන අපේ ගෙවල් ගාව." කැලෑවක් තියනව කියල අපි හිතමු කතාව පොඩ්ඩක් ලස්සන කරල. "අපේ ගම පැත්තෙ තියනව කැලෑවක්. ඒ කැලෑවේ ඔය ඇත්තන්ට ඉන්න තැන් කිහිපයක් හදල දෙන්න පුළුවන්. වැඩ වාසය කරන්න ඕන" කියල ආරාධනා කරනව. හාමුදුරුවරු වැඩ වාසය කරනවා.
හාමුදුරුවරු වැඩ වාසය කරනකොට මේ ඇත්තෝ දන් පැන් ආදිය ගිහිල්ල පූජා කරනවා නිරන්තරයෙන්ම. ඒ දන් පැන් පූජා කරනකොට ඒ මෑණියොත් මොකද දන්නවද කරන්නෙ? ඒ ධර්මය අහගෙන ඉඳල ඒව පුරුදු කරන්න පටන් ගන්නව. පුරුදු කරලා මේ උපාසක අම්මා වස් කාලය ඉවර වෙන්න කලියෙන් අනාගාමී ඵලය සාක්ෂාත් කරගත්තා කියලයි පොතේ සඳහන් වෙන්නෙ.
අනාගාමීත්වය ළඟා කරගන්නව කියල කියන්නෙ පින්වතුනි ඒ ඇත්තන්ගෙ හිතට රාග දෝස කියන දේවල් ආයෙ එන්නෙ නෑ. දැන් අපිට හැමදාම තියන ප්‍රශ්ණ නෙ මේව නේද? අපි සමහර සමහර දේවල්වලට කැමතියි. සමහර ඒවට අකමැතියි. ඒක සාමාන්‍යයිනෙ. ඔය ඇත්තො දන්නවද අපිට අකමැත්ත එන්නෙ මොකක් හින්දද කියල? අපි යම්කිසි දේවල්වලට කැමති හින්ද. තේරුනාද?
අපේ හිත කියල කියන්නේ හරියට තරාදියක් වගේ දෙයක්. අපි යම්කිසි දේකට කැමැත්තක් තියනවා නම් ඒ හා සමානම දුරක් අකමැත්තකුත් අපේ හිතේ තියනවා මොනව හරි දේකට. ඒ දේ මොකද්ද කියන එක හිතට එච්චර උවමනා වෙන කාරණයක් නෙවෙයි. හැබැයි මොකක් හරි තියනව.
හැබැයි අනාගාමීත්වය සලසා ගත්ත කෙනා මේ දෙකෙන් නිදහස් වෙනව. එයා එයාගේ හිත තව ටිකක් මධ්‍යස්ථ භාවයට පත් කරගන්නවා. මැදට අරන් එනවා. ඉවසීම උපරිමයි. සමාධියට යන්න ලේසියි. ඒ ඇත්තො තමයි සමාධිය පරිපූර්ණ හැටියට වඩා ගන්නෙ.
අපිත් කියනවනෙ භාවනා කරන්න වුනාම ස්වාමීන් වහන්ස සමාධියට ගියා අරම මෙහෙමයි කියල. කියන්න පුළුවන්, වැරදි නෑ. ඒ ක්ෂණ මාත්‍රයක්. මහ ගොඩක් නෙවෙයි චුට්ටක් වෙන්න පුළුවනි කාරි නෑ. මොකද අපිට ඉතින් රාග දෝස තියනව නෙව. ඒ තියනකං අපේ හිත පත් වෙන සමාධිය මහ කාලයක් රැඳෙන්න බෑ මොකද අපි දන්නෙ නෑ අපි මොකකටද ඇලෙන්නෙ කියල. අපි දන්නෙ නෑ අපි මොකකටද ගැටෙන්නෙ කියල.
මේ දෙක හොඳට මේ මෑණියො තේරුම් ගත්තලු වස් තුන් මාසෙ ඉවර වෙන්න කලියෙන්. කාගෙන් බණ අහලද? අර වස් ආරාධනා කරපු ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහල. එහෙම කරල මේ මෑණියො නිකං ඉඳල නෑ.
හිත සමාධියට පත් වුනාට පස්සෙ පින්වතුනි, තථාගතයන් වහන්සේ දේශනා කරනවා හිත හොඳට තැන්පත් වෙච්ච කෙනාට එක එක පැති වලට හිත නැඹුරු කරන්න පුළුවන් කියල. ඒ කෙනාට වෙන අයගෙ හිත් කියවන්න පුළුවන් නම් අන්න ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. වෙන අයගෙ සද්ද අහන්න ඕන නම් ඒකත් පුළුවන්. මේක අර විහිළුවට වගේ කිවුව වුනාට බොහොම බරපතල, කරන්න හරි අමාරු කාරණා.
හැබැයි මේ මෑණියෝ ගිහි ජීවිතයක් ගත කරන ගමන් ස්වාමීන් වහන්සේලා හතර නමකට වස් ආරාධනා කරල, දන් පැන් හැමදාම පූජා කරන ගමන්, උන් වහන්සේලාගෙන් බණ අහල, භාවනාත් කරලා, මේ විදියට හිත හදා ගන්නවා. මේ මෑණියන්ට පුළුවන් වෙනව අනිත් අයගෙ හිත් කියවන්න. නිකමට වගේ කල්පනා කරනවලු මේ හාමුදුරුවරු දැන් මොකද කරන්නෙ, පොඩ්ඩක් බලන්න ඕන කියල. උන් වහන්සේලා දැන් කොහොම තැනකද ඉන්නෙ කියලා.
අන්න එතකොට තමයි හොයා ගන්නේ හාමුදුරුවරු මාර්ගඵල ලබල නෑ. උන් වහන්සේලාට කැමති අකමැති තියනවා. කැමති අකමැති තියනවා කියල මේ මෑණියො හොයා ගත්තෙ කොහොමද දන්නවද මට තේරෙන හැටියට. උන් වහන්සේලා හිතන සිතුවිලි වලින්.
ඒ ඇත්තොන්ගෙ සිතුවිලිවල යම්කිසි දෙයක් ඕනෑවට වඩා හොය හොයා හොය හොයා යනව නම් ආසා කර කර, ඒකට කියන්න පුළුවන් නේද ඇලීම කියල. යම්කිසි දෙයක් හිතට එනකොට, ඕක ඕන වෙන්නෙ නෑ බැහැර කරන්න ඕන කියල ගැටෙනවා නම්, බැහැර කරන්න උත්සාහ කරනවා නම්, ප්‍රතික්ෂේප කරනවා නම්, මේකට කියන්න පුළුවන් නේද ගැටීම කියලා. මේ දෙක ඒ හාමුදුරුවරුන්ට තිබිල තියනවා. උන් වහන්සේලා ඒවගෙන් නිදහස් වෙලා නෑ.
අවසානෙදි බැලුවලු මේ ඇත්තො මොනවටද මේ ආසාව තියෙන්නෙ, මොනවටද මේ ගැටෙන්නෙ කියල. බලනකොට මේ හම්බ වෙන දානෙ ගැනලු. ඒ කාලෙ හම්බ වෙන දානෙ ගැන සංතෝස වෙන අතර දැන් හම්බ වෙන දානෙ ගැන යම් අකමැත්තක් තියන බවකුයි කතාවෙ තියෙන්නෙ.
පස්සෙ මේ මෑණියෝ මොකද කරන්නේ, දෙන දානේ වෙනස් කරනවා. මේ ස්වාමීන් වහන්සේලාට රුචි වෙන විදියට, මනාප වෙන විදියට දානෙ පූජ කරල තියනව. කැමති වෙන විදියට දානෙ පූජ කරල තියනව. හැබැයි අහන්නෙ නෑ. මේ ඇත්තන්ගෙ හිත කියවල මේක කරන්නෙ. හාමුදුරුවරුන්ට තමන්ගේ රුචිකත්වයේ හැටියට දානෙ හම්බ වෙනවා.
වස් තුන් මාසේ අවසාන වෙනකොට විශ්වාස කරනවද ඔය ඇත්තෝ, මේ හතර නම රහත් භාවයට පත් වෙනවා. එහෙමයි පොතේ තියෙන්නේ මට මතක හැටියට. තව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් මාර්ගඵල ලබනවා.
එතකොට පින්වතුනි ඒ මෑණියොන්ගෙ
පැත්ත ගත්තොත් උදාහරණයකට, ඒ ඇත්තො සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන්, ඒ ගත කරන ජීවිතය තුල ධර්ම දේශනාවන්ට සවන් දීලා හිටියට, කටයුතු තියෙන්නත් ඇතිනෙ වෙන. ඔය ඇත්තන්ට වගේම තමා. කොන්දෙ අමාරු තියෙන්න ඇති, දණහිසේ අමාරු තියෙන්න ඇති, කකුලට බෙහෙත් බැඳගෙනත් ඉන්න වෙන්න ඇති, ඒ වගේ ඒව ඕන තරම් තියනවා. මේ අතරම තමා භාවනා කරන්නෙ.
ඒ වගේ වස් තුන් මාසයක් දන් දීලා පින්කම් කරලා ඒ කරගන්න පින, කඨිනයකින් කරගන්න පින බොහෝ කාලයක් යහපත හිත සුව පිණිස පවතිනවයි කියල කියන කතාව කොච්චර සාධාරණද? ඒ මෑණියන්ගෙ පැත්ත බැලුවොත් එහෙම, එතුමිය එතුමියගෙ හිත තමන්ට පුළුවන් තරමින් සමබර කර ගත්තා. ඔය ඇත්තන්ටත් මටත් තාම බැරි වෙලා තියෙන්න පුළුවන් කැමති දෙයින් සහ අකමැති දෙයින් නිදහස් වෙන්න.
අපි තාමත් පින්වතුනි, කැමති සද්දෙ අහන්න කැමතියි. අකමැති සද්දෙ අහන්න අකමැතියි නේ. ඔය ඇත්තන්ට කවුරු හරි කෙනෙක් ගුණ කියනවා නම් හරි සංතෝසයි අහගෙන ඉන්න නේ? කවුරු හරි කෙනෙක් ඔයගොල්ලන්ගෙ වැරැද්දක් කිවුවොත් මොකද වෙන්නෙ? ඒකෙ අනිත් පැත්ත නේද?
හැබැයි ඕක වෙනස් වෙනවා පින්වතුනි, අපිට කියන ගුණයට අපි ඕනාවට වඩා ඇලෙන්න ගියේ නෑ කියන්නකො. මම කියන්නෙ මේ ගුණයක් කියන කෙනාට බනින්න කියන එක නෙවෙයි. හැබැයි අපි ඇලුනෙ නැත්නම් ඒ දේට, එහෙම නම් අපේ හිතට ගැටීමක් එන්නෙත් නෑ. මේකෙ හරි පුදුමාකාර ධර්මතාවයක් තියෙන්නෙ.
හැබැයි ඊටත් කලියෙන් අපි විශ්වාස කරන්න පටන් ගන්න ඕන ධර්මය හැටියට මේ කියල දෙන දේ ඇත්තක් කියලා. මම හැටියට මං කරන්න හිතන දේම සිද්ධ කරන එක
කරන්න බැරි දෙයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. මගෙන් අයින් වෙන්න වෙනවා. මගෙන් නිදහස් වෙන්න වෙනවා. මගෙන් බැහැර වෙන්න වෙනවා.
සාමාන්‍ය ලෝකයේ ගොඩක් වෙලාවට තියෙන්නේ එක සිද්ධියක් ලෝකයක් වෙන අවස්ථාවක් තියෙන්නෙ. බොහොම පොඩි සිද්ධියක් වෙන්න පුළුවන් කාරණේ. හැබැයි ඒක ලෝකයක් කරගන්නවා. ගොඩක් ලොකු කතාවක් කරගන්නවා. ඊට පස්සෙ ඒකට ගොඩාක් වස්තු බීජ එකතු කරලා (අපි කියනවා තෙල් ගහනවා කියලා) ඒක පවත්වනවා ලෝකය හැටියට. ඊට පස්සේ එයාගේ ලෝකය ඒක තමා.
හැබැයි භාවනාවෙන් උගන්වන්නෙ පින්වතුනි එක සිද්ධියකට ඒ සිද්ධියේ අවස්ථාව විතරක් දෙන්න. ඒ මොහොත විතරක් දෙන්න. මොහොතක වටිනාකම මොහොතකට දුන්නහම ඒ මොහොත මොහොතක් මිසක, මොහොත ලෝකයක් නෙවෙයි.
අපේ හිතට රාග සිතුවිල්ලක් ආවා කියන්නකො. උදාහරණයක් හැටියට කියනවා නම් සමහර ඇත්තො කියන්න පුළුවන් මේ හිතට රාග සිතුවිලි එනවනෙ ඉබේට. ද්වේශ සිතුවිලිත් එනවනේ අප්පා. හැබැයි අපි අනිත් පැත්තට හිතලා බැලුවොත් අපේ හිතට දවසක් ඇතුලත එන්නේ රාග සිතුවිලි විතරද? එන්නෙ ද්වේශ සිතුවිලි විතරද? එහෙම නෑ. හැබැයි අපිට මතක තියෙන්නෙ රාග සිතුවිලි විතරයි නේද? මතක තියෙන්නේ ද්වේශ සිතුවිලි විතරයි නේද? මෙන්න මෙතනයි වෙනස.
අර චූටි කාලය අපි අපේ ලෝකය කරගෙන තියනවා. අර ආපු රාග සිතුවිලි එක හෝ දෙක හෝ කිහිපය මුළු දවස පුරාවටම තිබ්බා කියලා අපි හිතාගෙන තියනවා. මෙන්න මෙතනයි වැරැද්ද තියෙන්නෙ. හැබැයි සතිපට්ඨානයේ උගන්වන්නේ පින්වතුනි මේ මොහොතට වෙලා ජීවත් වෙන්න.
මේ මොහොතට වෙලා අපි ජීවත් වෙනකොට අපිට පේන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා, ඒ දේ දිහා බලාගෙන ඉන්නකොට (ඕකට මම හුරතලේට කියන වචනයක් තියනවා අපක්ෂපාතී නිරීක්ෂණය කියලා) අපි ඒ දකින දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා, දැනෙන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ දේ දිහා බලාගෙන ඉන්නකොට, ඒ දේ හඳුනාගෙන දැනගෙන ඉන්නකොට, අපිට පේන්න පටන් ගන්නවා මේකෙ ආරම්භයක් තියනවා. අනිවාර්යයෙන්ම තියනවා.
ඔය ඇත්තන්ගෙ කකුලක් රිදෙනවා කියන්නකො. ඕකට දෙස් දෙවොල් තියන්න පටන් ගත්තතොත් එහෙම වේදනාව බලන්න වෙන්නේ නෑ. ඒක අමතක වෙලා යනවා අපිට. හැබැයි වේදනාව දිහා බලාගෙන හිටියා කියන්නකො. එතකොට පේනවා, තේරෙනවා වේදනාව මුලින් තිබිච්ච ස්වභාවයට වඩා දැන් චුට්ටක් වෙනස්. දැන් චුට්ටක් වෙනස්. එක්කො මේක වැඩි වෙලා. එහෙම නැත්නම් අඩු වෙලා.
මේක නිතර නිතර නිතර නිතර දකින්න වුනාම අපේ හිතට එන්න ඕන කතාවක් තියනවා, කාරණාවක් තියනවා පින්වතුනි, මේ හැම එකකටම තියනවා ආරම්භයකුයි පැවැත්මකුයි අවසානයකුයි. අපේ හිතට එන්නෙ නැති කතාව ඔන්න ඕක තමයි. අපි දන්නවා ආරම්භයක් තියනවා කියලා. අපි දන්නවා පැවැත්මක් තියනවා කියලා. අපි දන්නෙ නෑ අවසානයක් තියනවා කියලා.
ඒක හරියට අපේ තියන කොන්දෙ කැක්කුම වගේ තමයි. "එදත් තියනවා, අදත් තියනවා, හෙටත් තියනවනේ මං අහන්නේ." අපි කල්පනා කරනවා කියන එකත් ඒ වගේම තමයි. අපි එදත් හිතුවා, අදත් හිතනවා, හෙටත් හිතනවනේ. මේ කරදර මේ ප්‍රශ්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන ලස්සන පාඨයක් තියනවා පින්වතුනි,
"විරාගෝ සෙට්ඨෝ ධම්මානං" කියලා.
විරාගය කියල කියන, නොඇල්මට ලක් වෙන්න පුළුවන් ස්වභාවය තමයි කියල කියනවා ශ්‍රේෂ්ඨතම දහම. හැබැයි අපි ස්පර්ශ කරන්නෙ නැති දහම මේකයි. අපි දන්නවා අපිට ප්‍රශ්ණයක් තියන විත්තිය හෝ හට ගන්න විත්තිය. අපි දන්නවා ඒ ප්‍රශ්නයට මුහුණ දීල ඉන්න විත්තියත්. නමුත් අපිට අමතක වෙනවා මේ ප්‍රශ්නෙන් අපි නිදහස් වෙනවා කියලා. මොහොතකට.
ඊළඟට එන්නේ ඒ වගේ ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් නමුත් ඒක නෙවෙයි. ඒක නෙවෙයි. සතිපට්ඨානයෙන් උගන්වන්නේ ඔය කියන හට ගැනීමක් තියනවා, ඔය කියන පැවතීමක් තියනවා, ඇත්තටම ඒ දෙයින් නිදහස් වීමක් තියනවා කියන එකයි අපිට බලන්න කියල දෙන්නේ. අපි බලන්නේ. බල බලා ජීවත් වෙන්නේ. එහෙම වුනාමයි අපේ හිත ඉගෙන ගන්නේ හැම එකකටම 'උත්පාද, ථිති, භංග' කියන තත්වයක් තියනවා කියලා.
මේක මං දන්නවා ඔය ඇත්තෝ කටපාඩමෙන් දන්නවා දේශනාවේ. මට වඩා දේශණාව දන්නවා. අද කාලේ ඉන්න ඇත්තෝ ඇත්තටම කියනවා නම් ඒ කාලෙ හිටපු ආනන්ද හාමුදුරුවන්ටත් වඩා බහුශ්‍රැතයි. ඇයි ආනන්ද හාමුදුරුවෝ දැනගෙන හිටියේ නෑ නේ අටුවාව. දැනගෙන හිටියද උන් වහන්සේ? උන් වහන්සේ දැනගෙන හිටියෙ නෑ ඒ කාලේ අටුවාව. ඒ කාලෙ තිබ්බෙත් නෑ නේ ඕක. ටීකාව? ටිප්පනිය? ඒ මොකවත් දන්නෙ නෑ. දැන් කාලෙ අළුත් අළුත් බණ? එව්ව දන්නෙත් නෑ. අපි කොහොමද?
අපි දන්නව ඊට වඩා නේ? ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ටත් වඩා අපි දන්නවා. හැබැයි මා පුතා මේක ඕන කරන්නේ දහම් දැනුම නෙවෙයි ප්‍රායෝගික දැනුමයි.
අපි අපේ හිතට කියල දෙන්න ඕන අපේ හිතට එන සිතුවිල්ල එනවා, තියනවා වගේම මේ සිතුවිල්ල අපෙන් අයින් වෙනවයි කියල. එහෙම නැතිනම් අපේ හිතට ආපු තරහ සිතුවිල්ල අපි තාම තියාගෙන ඉන්නව. ඕක අයින් කරන්න බැරි වෙච්ච හින්ද තමයි දේවදත්ත අදටත් අවීචියෙ ඉන්නෙ. ඕක අයින් කරන්න පුළුවන්කමක් තිබ්බා නම් එයාට අර සේරිවාණිජ කතාවේදී, මෙලහකට නිවන් දැකලා. මෙන්න මේකයි අපි ඉගෙන ගන්න ඕන.
සතිපට්ඨානයෙන් උගන්වන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි හරි නිහඬ චරිතයක්. ඒ නිහඬ චරිතය තේරුම් බේරුම් ඇති කරගන්නවා, එයාට සිතුවිලි එනවා කියලා එයා අනුමත කරනවා. එයාට තරහ එනවා එයා අනුමත කරනවා. එයාට රාගය තියනවා, එයා අනුමත කරනවා. එයාට වෛරය තියනවා, එයා ඒක අනුමත කරනවා.
හැබැයි තියනවා කියන එක විතරක් නෙවෙයි මේ දෙයින් එයා නිදහස් වෙනවා. තරහ තමන්ගේ හිතෙන් අයින් වෙලා යනවා. මේ තරහා තමන් ස්ථිර හැටියට තියාගෙන ඉන්න හින්දා තමයි, ඒ තරහ මගේ කරගෙන ඉන්න හින්දා තමයි, මං ගාව තරහ තියෙන්නේ කියන එක එයා තේරුම් ගන්න ඕන.
හැබැයි ඒ තරහ තමන්ගෙන් අයින් වෙලා ගියා නම්, තමන් ඒ තරහෙන් නිදහස් වෙලා ඉන්නේ කියන එක තමන් හඳුනා ගන්න ඕන. එහෙම හඳුනා ගත්තහම තියන ලාභය තමයි පින්වතුනි, එයා ඒ දුකෙන් නිදහස් වෙනවා.
අපි දැන ගත්තා නම් අපි තරහෙන් ඉන්නේ කියලා, අපි වචනයක් කතා කරන්නේ තරහෙන් කියලා දැනගත්තා නම්, මේ විදියට වැඩ කටයුතු කරන්නේ තරහෙන් කියල දැන ගත්තා නම්, කෙලෙස් වලින් කියලා දැන ගත්තා නම්, අපිට තේරෙන්න පටන් ගන්නවා අපි බුක්ති විඳින දුක.
තමන් කොච්චර නම් හිත් පීඩාවකට ලක් වෙනවාද, තමන් කොච්චර නම් පිච්චෙනවාද කියලා තමන්ට පේන්න පටන් ගන්නවා සතිපට්ඨානය වඩන්න වුනාම. ඕක හන්දා තමයි කට්ටිය සතිපට්ඨානයට කැමති නැත්තෙ. ඇයි තමන්ගේ වැරැද්දමනේ පෙන්නන්නේ.
හැබැයි තමන් තමන්ගේ වැරැද්ද දැක්කා නම් වැරැද්දක් හැටියට ආයෙ ඒක කරන්නේ නෑ. ආයෙ ඒක කරන්නේ නෑ. තමන් තේරුම් ගත්තා නම් තමන් විඳින දුක කොච්චරක්ද කියලා, ඒ වගේ දුකක් එහෙම නම් බාහිර කෙනෙක්ට දෙන්න යන්නෙත් නෑ. හැබැයි මේ දේ හඳුනා නොගන්නා තාක් කල් බෝධිසත්ත්වයන්ට දේවදත්තයො කලා වගේ සංසාරයේ හැමදාම එහෙමම තමයි. දුකම තමා. අල්ල ගත්තෙ මොකද්ද? තමන්ගේ තරහ අල්ල ගත්තේ.
අපි ඔය තරහ කියන කාරණාව පොඩ්ඩක් අරගෙන බලමු චුට්ටක් විකාශනය කරලා. දැන් හිතට සිතුවිල්ලක් එනවනේ. තරහ සිතුවිල්ලක් එනවා. උදාහරණයක් හැටියට කවුරු හරි කෙනෙක් මොනව හරි කලා කියන්නකො. මේ අදහස එනකොට බලන්න ඒ සිතුවිල්ල,
"කවුරු හරි කෙනෙක් මොනව හරි කලා"
මේක තමයි අපි අල්ලන්නෙ. දැන් ඔතන කොතනද අල්ලන්න පුළුවන් බලන්න. දැන් මේක ඒකකයක් නෙවෙයිනෙ. නිකං ඉඳිකට්ටක් නම් මෙහෙම කරල පෙන්නන්න පුළුවන්. නමුත් අර සිද්ධි දාමයක් තියෙන්නෙ. අපි අල්ලලා තියනවා හැබැයි අහුවෙලා නෑ කොහේවත්. තැනක් නෑ මේකෙ අල්ලන්න. මෙන්න මෙතනයි කතාව තියෙන්නේ.
ඒකයි හිතට මායාකාරයෙක් කියල කියන්නේ. හිත අපිට පෙන්නල දෙනවා නැති දෙයක් තියන හැටියට. අපි මේක අල්ලගන්නෙ. අන්න ඒකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගන්න කියල. ඇති වෙනවා නැති වෙනවා කියල. ඒ ටික හඳුනා ගන්න අපිට පුළුවන්කමක් හම්බ වුනොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මට ඇත්තටම අල්ලන්න දේකුත් නෑ නැති වෙන්න දේකුත් නෑ. අල්ල ගන්නව නම් මම අල්ලගන්නෙත් දුකමයි. අත හරිනවා නම් අත හරින්නෙත් දුකම තමයි. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.
මේ විදියට තේරුම් ගන්න වුනාම මේ ලෝකෙ ජීවත් වෙන හොඳම පුද්ගලයා බුදු හාමුදුරුවො විතරක් නෙවෙයි. අපිත් වෙනවා. මේ ලෝකයේ මෛත්‍රියෙන්ම කතා කරපු හොඳම කෙනා, හොඳම මෛත්‍රී වචනය තිබුන මහා කාරුණිකම කෙනා බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි මමත් වෙනවා. තමනුත් වෙනවා. තේරුනාද? මේ ලෝකයේ මෛත්‍රියෙන්ම ජීවත් වෙන, වෙන කාගේවත් හිතක් රිදවන්නේ නැති, කරදරයක් කරන්නෙ නැති, හිංසාවක් පීඩාවක් කරන්නේ නැති හොඳම කෙනා බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අපිත් ඒ වගේ වෙනවා.
හා...ඒ කෙනාව සමාන වෙනවා නේද 'කකචූපම' සූත්‍රයේ තියන උපමාවට. ඒ කෙනා ඒ කෙනාගේ ශරීරය කියතකින් කපද්දී හරි අනික් කෙනා ගැන තරහ හිතක් ඇති කරගන්නෙ නැති වේවි. හේතුව පින්වතුනි ඔය ඇත්තො අපි හැමෝම මේ මුණ ගැහෙන්නෙ සමහරක් වෙලාවට අවසාන වතාව වෙන්න පුළුවන්. හා නැද්ද?
අම්මේ ඔය ඇත්තෝ මුලින්ම ත්‍රිපිටකය ආරණ්‍යයට පූජා කරන්න අරන් ආපු දවසේ හිටපු ඇත්තොන්ගෙන් දැන් කීයද ඉතුරු වෙලා ඉන්නෙ කියන්නකො. අර මෑණියොත් නැති වුනානේ. එතුමිය ඇවිල්ල පූජාවල් කරල ගිය ඇත්තෝ.
එතකොට පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන මේ දර්ශණයෙන් උගන්වන්නේ, අපි හැමෝම ජීවත් වෙන්නේ මොහොතක් නම්, ඒ මොහොත තුල තමන්ගේ උපරිම හොඳම චරිතය නිරූපනය කරන්න කියලයි. තමන්ට කතාබහ කරන්න තියන හොඳම වචනය කියන්න ඕන. ඒක අනික් කෙනා හින්ද කරන එකක් නෙවෙයි. තමන් හින්දා කරන දෙයක්. තමන්ට කරගන්න එකක්. තමන් වෙනුවෙන් කරගන්න එකක්.
"අත්ථානං රක්ඛේ පරං රක්ඛති"
තමන්ගේ වචනය, තමන්ගේ හිත, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ සිතුවිල්ල හොඳ හැටි මනාකොට රැක ගන්න කෙනා අනික් කෙනාව රැකල තියෙන්නෙ. එයාට ආයෙ වෙනම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් උගන්වන්න ඕන නෑ. වෙනම ආයෙ පංච සීලයක් සමාදන් කරන්න ඕන වෙන්නෙ නෑ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව මේකයි කියල ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන වෙන්නෙ නෑ. එයා දන්නව සුදුසු දේ මොකද්ද නුසුදුසු දේ මොකද්ද කියල. මෙන්න මේ ටික තමයි පින්වතුනි සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් ඉගෙන ගන්නෙ.
අර මෑණියෝ වස් තුන් මාසය තුල පුරුදු කරන්න පටන් ගත්තෙ මේකයි. ඒ විදියට පුරුදු කරලා ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගෙ හිත අනාගාමී තත්වයකට හදා ගත්තා කියන එක එතකොට වෙන්න පුළුවන් දෙයක් නේද?
ටිකක් හිතන්න මේක කරන්න බැරි දෙයක්ද කියන්නකො. මියෑදෙන්න කලින් අපිට කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපි මේක කරන්නෙ නැත්තෙ ඇයි දන්නවද?
කම්මැලිකම.
බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කරනවා මජ්ජිම නිකායේ, ඔය කවුරු හරි ප්‍රශ්ණයක් අහනවා මේ මුළු සද්ධර්මයම හකුළුවලා ගත්තොත් ඔබ වහන්සේට පුළුවන්ද කියල අහනව එක වචනයකින් කියන්න. උන් වහන්සේ එක වචනයකින් කියනව මුළු සම්පූර්ණ සමස්ථ සම්බුද්ධ ශාසනයම. දන්නවද වචනය මොකද්ද කියලා?
අප්‍රමාදය.
වචනය අප්‍රමාදය. අපි ප්‍රමාදයි. භාවනා කරන්න කිවුවහම අද නොවෙයි හෙට. බාලගිරිය වගේ තමයි. කුසලය පුරුදු කරන එක අද නෙවෙයි හෙට. අන්න එහෙම එකක් තියෙන්නෙ. සතිපට්ඨානය උගන්වන ජීවිතය පින්වතුනි, සකස් කරල දෙන ජීවිතය, හදල අරගෙන යනවා යහපතෙන් තවත් යහපතක් කරන්න. ඒ කෙනා තමා ඇත්තටම අර 'පුණ්ණමා' සූත්‍රයේ තියනවා වගේ ඊයෙට වඩා අද දිදුලන්නෙ. හඳ ඊයෙට වඩා අද ලස්සනයි. හරි දැකුම්කළුයි බලන්න හරි ලස්සනයි. අළුත්.
ඒ වගේ අපිට කියනවා අපේ ජීවිතේ අළුත් කරගන්න කියලා ඊයෙට වඩා අද. ඊයෙ අපේ අතින් වැරදි වචනයක් කියවුනා කියන්නකො. වැරදි සිතුවිල්ලක් හිතුනා කියන්නකො. වැරදි වැඩක් කලාය කියන්නකො. දවසේ නිදාගන්න කාලයෙන් සාමාන්‍යයෙන් බෞද්ධයා මොකද්ද දන්නවද කරන්නෙ? දවස මතක් කරනවා. අද මම මොනවද කලේ? මොනවද හිතුවේ? කියල මතක් කරනවා.
මතක් කරනකොට මෙයාට හම්බ වෙනවා අහවල් දේ නම් හොඳයි හැබැයි අහවල් දේ හරි යන්නෙ නෑ වගේ තමයි කියල. ඒ හරියන්නෙ නෑ නරකයි වැරදියි කියල හිතන දේ ගැන මෙයා අධිෂ්ඨානයක් ඇති කරගන්නවා, "මේක මට හෙට කරන්න වුනොත් ආයෙ කරන්නෙ නෑ ඒක." හොඳක් තිබ්බා නම් මෙයා හිතට ගන්නවා "මේක හොඳ දෙයක් මේ විදිහේ දෙයක් මම හෙටත් කරන්න ඕන. මේක යහපත් වූ දෙයක්."
මේක සමාන වෙයිද පින්වතුනි සම්මා වායාමයට? උපන් කුසලය රැක ගන්නවා. නූපන් කුසලය හදා ගන්නවා. උපන් අකුසලය නැති කරගන්නවා. නූපන් අකුසලයට ඉපදෙන්න දෙන්නෙ නෑ. මේ විදියට තමයි ප්‍රායෝගිකව තථාගතයන් වහන්සේගේ දර්ශණය, ඒ දහම අපි ජීවිතයට පමුණුවා ගන්නෙ.
එතකොට ඔය ඇත්තො කියන්න නරකයි අපේ හාමුදුරුවනේ භාවනා කරන්න වෙලාවක් නෑ කියලා. අපි කතා කරන වචනයකුත් භාවනාවක් තමයි එක්තරා මට්ටමකින් සතිපට්ඨානය පැත්තෙන් කතා කරද්දි. ඕක හන්දා තමයි මම ඒ කාලේ ඉඳලා කියන්නේ කෝප්පය තියන එක තමයි මගේ භාවනාවේ ගුරුවරයා කියලා. ඒක තමයි මගේ ජීවිතේට සිහිය ගෙනැල්ල දීපු පළවෙනි පාඩම.
එතකොට පින්වතුනි ඔය ඇත්තන්ට මම කරන ආරාධනය තමයි තමන්ගේ ජීවිතය තුල කරන මොනවා හරි එක කටයුත්තකට සිහිය දාගන්න. අදින් පස්සෙ අපි හම්බ වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. නේද? ඒක හින්දා මතක තියගන්න ඕන මෙව්වා.
අතුගානවා නම් අතු ගාන්න අහගෙන. කවදාවත් කොස්ස කතා කරනව අහල තියනවද? අතු ගානව ඇති ඕන තරම්. කොස්ස හරි ඉඳල හරි කතා කරනව අහල නෑනේ? අහගෙන අතු ගාන්න ආයේ. එළවළු කපල ඇතිනේ ඕන තරම්. හාල් හෝදලා ඇතිනේ ඕන තරම්. කවදාවත් ඕකෙ සද්දෙ අහගෙන ඕක කරල තියනවද?
මට මතකයි සමහරක් ගෙවල්වල, වෙන එකක් ඕන නැහැ අපේ ගෙදර, අම්ම කුස්සියෙ වැඩ කරනව නම් රූපවාහිනිය හයියෙන් දාල තියෙන්නෙ. හේතුව කුස්සියට ඇහෙන්න ඕන හින්දා. ගොඩක් තැන්වල මෙහෙම නේ? ඒක හින්දා දැන් අපි පුරුදු වෙමු පින්වතුනි මේ මොහොත තුල, අපි කරන දෙයත් එක්ක ජීවත් වෙන්න. අපි මේ මොහොතට සජීවී වෙන්න ඉගෙන ගමු. මේ මොහොතේ ඉන්න ඉගෙන ගමු.
මේ මොහොත තුල සජීවී වෙලා, මේ මොහොත තුල සම්පූර්ණයෙන්ම ජීවත් වෙලා, මේ මොහොත සතුටින් සමරන්න අපි ඉගෙන ගමු. ඒ මොහොත සතුටින් සමරන්න බැරි හින්දා තමයි අපි වෙනත් දෙයක් ඔළුවට දාගෙන කල්පනා කරන්න පටන් ගන්නේ. හේතුව අපි මේ මොහොතට මනාප නෑ. කැමති නෑ. අරුචියි. අපිට ප්‍රත්‍යය නෑ මේක. මේක ඔක්කාරයට එනවා.
ගැස්ට්‍රයිටිස් කියන අමාරුව හැම මොහොතෙම තියනවා වගේ තමයි කෑම කනකොට විතරක් නෙවෙයි මේ මොහොතේ තියන ඒවට කැමති නෑ. ඉන්න අයට කැමති නෑ. දකින අයට කැමති නෑ. ඒ මොනවාවටවත් මනාපයක් නෑ. මේක අපි වෙනස් කරගන්න බලමු.
අපේ හිතට අමනාපය එනවා නම් පින්වතුනි අපි හඳුනා ගනිමු "ඔව් මට අනමාපය එනවා. ඔව් දැන් මම අමනාපයෙන් ඉන්නේ." අමනාපයෙන් කතාවක් කරනවා නම් තමන්ම තේරුම් ගනිමු "ඔව් මම අමනාපයෙන් මේ කතාව කරන්නේ. මේ කෙලෙස්වලින් කතාව කරන්නේ." තමන් තමන්ට සාධාරණ විනිශ්චයකාරයෙක් වෙනවා. අපක්ෂපාතී වූ නිරීක්ෂණය කියන්නේ අන්න ඒකටයි.
භාවනාවේදී සතිපට්ඨානය වඩනකොට පරීක්ෂකයා, නිරීක්ෂකයා වගේම විවේචකයාත් තමාට තමන්ම තමයි. තමන් තමන්ව තේරුම් ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වෙන විදියකට තේරුම් ගන්න බෑ මේක අපි දිහා බලලා මිසක.
මෙන්න මේ කටයුත්ත තමයි පින්වතුනි අර මෑණියන්ට ස්වාමීන් වහන්සේලා ඒ කාලේ කියල දෙන්න ඇත්තෙ නේද සතිපට්ඨානය කියල දෙනකොට? හැබැයි උන් වහන්සේලා රහත් වෙලා හිටියෙ නෑ. මේක අහගෙන හිටපු මෑණියෝ මේක කලා. කරල එතුමිය අනාගාමීත්වයට පත් වුනා. පස්සෙ ස්වාමීන් වහන්සේලාට ආපහු සලකන්න ගත්තා. වස් තුන් මාසය ඉවර වෙනකොට උන් වහන්සේලාත් උන් වහන්සේලාගේ ශ්‍රමණ කෘත්‍යය කරගත්තා. ඉවරයක් වුනා. අද වෙනකොට ඒ ඇත්තෝ මේ ලෝකේ නෑ.
සාමාන්‍යයෙන් මළ ගෙදරක් වුනාම කට්ටිය කියනවනේ ඔය කතාවල්වලදී එහෙම, අද අපේ මේ උපාසක මහත්තයා හරි උපාසක මෑණියො හරි සදහටම සමු ගන්නව කියලා. නෑ එහෙම එකක් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. එහෙම එකක් වෙන්නෙ නෑ රහත් වෙනකං. ඕක සාමාන්‍යයෙන් වෙන තැනක උපදින එක කියන්නෙ මේ කරේ තියන එකක් බිමට වැටෙන වේගෙන්. රහත් වෙලා නැති නම්, එහෙම නම් කරේ තියන එකක් බිමට වැටෙන වේගෙන් තමයි වෙන කොහේ හරි ගිහිල්ල උපදින්නෙ.
හරි ලස්සන වැඩකුත් වුනා අර පහුගිය දවසක පුතෙක් ඇවිල්ල හිටියා. එයා එයාගේ සීයට උපස්ථාන කරල තියනවා. සීයව මියෑදුනාට පස්සේ දැන් රෑ හීනෙන් පේනවලු. මගෙන් අහනවා,
"හාමුදුරුවනේ මළ පෙරේතයො එනවද එහෙම?" කියල.
මං ඇහුවා, "දැන් සීයව දැක්කා කියල හීනෙන් ඇයි කියන්නේ මළ පෙරේතයෙක් කියලා?"
"සමහරක් කට්ටිය කියනවනේ හාමුදුරුවනේ."
"ඉතින් සීයව පේන්න බැරිද අපිට එහෙම? එහෙම එකක් නෑ."
මම කිවුවා "පුතේ දැන් සීය මැරිල අවුරුදු ගාණක් වෙනව නම්, ඇයි මෙයා මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් දැන් අවුරුදු ගාණක ළමයෙක් එයත්. එයාට ඔයාව මතක ඇද්ද?" කියල ඇහුව.
"නෑ හාමුදුරුවනේ" කියල කිවුවා.
"එයා එහෙම නම් මළ පෙරේතයෙක්ද?" කියල ඇහුවා.
"නැහැ"යි කිවුවා.
අපිට අපේ ජීවිතය තුල හිර වෙලා තියන දේවල් තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි. ධර්මය හරියට පුරුදු කරන්න ඕන. අර මෑණියෝ එතුමියගේ හිතේ තිබිච්ච ඒ කරදර ටිකෙනුයි නිදහස් වුනේ. එතකොට බලන්න වස් තුන් මාසයක් ආරාධනා කරලා, ඒ කාලයේදී දන් පැන් දීලා, කරන පින්කම සාරානීයයි කියල කියනවා. මහත් ඵලයි මහානිසංසයි කියල කියනවා. ඒක කතාව ඇත්ත නේ පින්වතුනි. ඒක වෙන්නේ කොහොමද?
ඒ වස් තුන් මාසයේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා අහන්න ඇති,
"අපේ හාමුදුරුවනේ අහවල් ප්‍රශ්නෙ මට තියනවා මම ඒක හදාගන්නෙ කොහොමද? මේ දේට විසඳුමක් කරගන්නෙ කොහොමද?"
එව්වයි අහන්න ඕන. එව්ව අහල ඉගෙන ගන්න ඕන. පුරුදු කරන්න ඕන. හාමුදුරුවන්ගෙන් ප්‍රශ්ණ ඇහුවොත් කියල දෙනවා. අද කාලෙ අහන්නෙ ඒව නෙවෙයිනේ. "ඔබ වහන්සේ මහණ වුනේ ඇයි?" ඕක තමා අහන්නේ. "ගෑණු ළමයෙක්ගෙ ප්‍රශ්ණෙකට තමයි නේ?" ඕක තමයි වැඩිපුරම මගෙන් අහල තියන ප්‍රශ්නෙ. කැම්පස් ගියාද? ඉගෙන ගත්තද? පවුලෙ තව කවුද ඉන්නෙ? ගම කොහේද? එව්ව තමයි ගොඩක් අහන්නෙ. එව්ව නෙවෙයි අහන්න ඕන.
අර 'චූලකම්ම විභංග' සූත්‍රයේ කියනවා අපි බුද්ධිමත් හැටියට උපදින්න ගත කරන්න ඕන ජීවිතේ ගැන කියල දෙනවා. මොකද්ද? බුද්ධිමත් ප්‍රශ්න අහන්න ඕන. තේරුනාද? බුද්ධිමත් ප්‍රශ්න අහන්න ඕන. අන්න ඒ විදියට ජීවත් වෙන්න ඕන.
අර මෑණියොත් ඔහොම කරන්න ඇති. ඒ වස් තුන් මාසයේදී ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඇති තමන්ගේ ජීවිතේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගය හොයන විදියට. ඒ මාර්ගය සකස් කරගන්න විදියට. ආන් ඒ දේ හාමුදුරුවො කියල දුන්නා. ඒ වස් තුන් මාසයේදී එතුමිය ඒ දේ පුරුදු කලා. අවසානයේදී නිවන් සාක්ෂාත් කරගත්තා.
ඔය ඇත්තොත් අද දවසේදී කරගන්න යන්නෙ, මාර්ග ඵල ලැබුවද කියන්න මම දන්නෙ නෑ, නමුත් මේ වස් තුන් මාසයේ මේ පින්කම කරලා ඒ අවසාන පිනයි මේ කරගන්නෙ. එතකොට පින්වතුනි අපි භාවනාවක් හැටියට කරන ඒ පුහුණුව තුලින් ඉගෙන ගන්නත් ඕන වෙන්නේ, මේ මොහොත තුලට එන්නෙ කොහොමද? මේ මොහොත තුල ජීවත් වෙන්නෙ කොහොමද? මේ මොහොත තුල තමන් තුල කෙලෙස් මොනව හරි තියනවා නම් ඒවා හසුරුවා ගන්නෙ කොහොමද? තේරුම් ගන්නෙ කොහොමද? කියල.
ධම්මජීව හාමුදුරුවෝ ඕකට කියන ලස්සන වචනයක් තියනවා, තියන ඕනෑම දේකට එන්න දෙන්න 'සාදර වෙන්න' කියල. අන්න ඒකයි අපි ඉගෙන ගන්න ඕන. අපිට බෑ සාදර වෙන්න. අපි සමහර දේකට කැමතියි සමහර දේකට අකමැතියි.
භාවනා කරන්න වුනාම ඔය මොනවත් තේරෙන්නෙ නැති එකක් වුනා කියන්නකො. කට්ටිය කියනවා, "හාමුදුරුවනේ පා වුනා වගේ නියමයි. අද භාවනාව නම් ෂෝක්." සමහර දවස්වල දණහිස එහෙම රිදෙන්න වුනා කියන්නකො. එදාට හරියන්නෙ නෑ. "අද නම් වැඩක් නෑ හාමුදුරුවනේ, සත පහකට වැඩක් නෑ මැස්සෙක් ආවා, ඇන්නා ඇන්නා" කියලා. නමුත් ඉවසීම පුරුදු කරගන්න පුළුවන් දවස මැස්ස හිටපු දවස තමා. ඒ දවස හොදයි අනික් දවසට වඩා.
එතකොට ඔය ඇත්තෝ ගෙදර ඉන්නකොට හැමදාම පුරුදු කරන්න පටන් ගන්න, තමන් කරන එක කටයුත්තකට සිහිය දා ගන්න. එක මහත්තයෙක් මට හම්බ වුනා එයා ඔය මොකක් හරි කොම්පැනියක් කරන කෙනෙක්. එයා කිවුවා "හාමුදුරුවනේ මගේ භාවනාව අතු ගාන එක" කියල. තට්ටු හතරක් තියනවලු ගෙදර. හතරම අතු ගානව කිවුව උදේටයි හවසටයි. දැන් අපි හිතන්න පුළුවන්නෙ මේක කමටහනක් නෙවෙයි කියල. නෑ ඒකෙ කමටහනක් තියනව. ඒකෙ හොඳ භාවනාවක් තියනව.
ඒ වගේ ඔය ඇත්තො කරන කියන එක දේකට සිහිය දාගන්න. මේකෙන් කියන්නෙ නෑ ඒක විතරක් කරල අනික් ඒව නිකං ඉන්න කියල හොඳේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. තමන් කරන එක කටයුත්තකට සිහිය දාගන්න. ඒ අනුව ජීවත් වෙන්න බලන්න. ඊට පස්සෙ දවසකට විනාඩි පහක් හරි කමක් නෑ පර්යංකයට ගිහිල්ලා ඒ ටික කරන්න. මලක් පහනක් අනිවාර්යයෙන් පූජ කරන්න.
සාමාන්‍ය ජිවිතේ ජීවත් වෙනකොට පින්වතුනි අපිට හයියෙන් කතා කරන්න වෙනවා. තරහෙන් කතා කරන්න වෙනවා. සැර කරන්න වෙනවා. තරහ කියන එක කෙසේ නමුත් සැර කරන්න වෙනවා. හැබැයි අපේ හිතේ ඔය සැර කරන විදිහ, හයියෙන් කලබලෙන් වැඩ කරන විදිහම නම් තියෙන්නේ, පස්සෙ කාලෙකදී අපි ඒ විදියට වැඩ කරන අය බවට පරිවර්තනය වෙනවා. මේ වෙනුවට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ සකස් කලේ මේ මල් පූජා කරන එක.
ඔය ඇත්තො මලක් කඩනකොට කඩන්නෙ නෑනෙ අර නිකං ගල්බොරළු ගන්නව වගේ ගන්නෙ නැහැනෙ නේද? බොහෝම හිමීට ගන්නෙ. මල තැන්පත් කරනකොට නිකං ඒ පෙති කැඩෙන්නෙ නැති වෙන්න තමයි අපි තැන්පත් කරන්නේ. මෙව්ව කරන්න ඕන අපි දවසකට සැරයක් අනිවාර්යයෙන්ම. එතකොට තමයි අර කලබලයෙන් තිබිච්ච හිත ඒ මොහොතට මොහොතක් තැන්පත් වෙන්නෙ. මොහොතක් තැන්පත් වෙන්නෙ. අන්න ඒ ටික ඉගෙන ගන්න ඕන.
ඉතින් ඔය ඇත්තන්ට කරන ආරාධනාව තමයි තමන් කරන ඕනෑම කටයුත්තකට සිහිය දා ගන්න පටන් ගන්න ඕන. දෛනිකව. දෛනිකව භාවනාවකට යන්න ඕන විනාඩි පහක් හරි කමක් නෑ. භාවනාවකට ලිහිල්ලා අද දවසේදී මොකද්ද භාවනාවෙදි වුනේ කියල භාවනාව අවසානෙදි කල්පනා කරන්න ඕන. මතක් කරන්න ඕන. මතක් කරල පුළුවන් නම් පොතක ලියන්න ඕන. ලියලා ඕක ඊළඟ දවසේ භාවනා කරන්න කලින් බලන්න ඕන. ඒක තමයි හොඳම කමටහන් වාර්ථාව. ඒක තමයි හොඳම භාවනා උපදේශය.
ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි මට ඔය ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බේ. වෙලාවත් හරියටම හරි. ඉතින් මේ අනුසාරයෙන්, මේ විදියට ඔය ඇත්තෝ හිත පුරුදු කලා නම් මේ වස් තුන් මාසය තුලදී, එහෙම කරල අවසානයේ කරන මේ වගේ පින්කමක් මහත්ඵල වෙයිනේ? කොච්චර දෙයක්ද ඒක. එය එසේම වේවා කියල බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සරණාගමනය දේශණා පිටපත්
සරණාගමනය
01 මූලික අඩිතාලම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
පැවිදි ජීවිතයට පැමිණෙන්න කැමති එක පුතෙක් ආරාධනාවක් කලා අපේ තියන අත්දැකීම් එක්ක, පැවිදි ජීවිතය කියන ගමන යන්න උපකාර වෙන කාරණා ගොනු කරල දෙන්න කියල. එකතු කරල දෙන්න කියල. අද ඉඳල මේ කරන්න කියල උත්සාහ කරන්නේ ඒ කටයුත්ත.
බුද්ධ ශාසනයක පැවිදි ජීවිතයක් ලබනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. හේතුව තමයි පැවිදි ජීවිතේකට උවමනා වෙන කරුණු කාරණා එකතු කරගන්න එකයි අමාරු වෙන්නෙ. සාමාන්‍යයෙන් අපි කෙස් රැවුල් බාලා සිවුරක් දරාගත්ත කෙනෙක්ව දකිනකොට පැවිද්දෙක් කියන අදහස හිතට ගන්නවා. ඒ වුනාට චිත්ත සන්තානය තුල පැවිද්දා කියන කෙනාගේ ඇතුල, පැවිදි ලක්ෂණ, පැවිදි ගතිගුණ, පැවිදි ගුණාංග, පැවිදි ආකල්ප, පැවිදි සිතුම් පැතුම් තිබිය යුතුම වෙනවා. ඇති කරගන්න ඕන වෙනවා.
එව්ව ඇති කරගන්න හරිම අමාරුයි. ඒව කරන්න බොහොම කාලයක් මහන්සි වෙන්න වෙන්න පුළුවන්. ඒ අතරින් ගන්නකොට පැවිදි ජීවිතේකට යන්න ඕන මූලිකම අඩිතාලම අපි කල්පනා කරොත් පැවිදි වෙලා තමයි සකස් කරගන්න ඕන කියලා, ඊට වඩා මම විශ්වාස කරනවා, මම හිතනවා මහණකමකට යන්න ඕන කරන ඒ ගුණාංග සාමාන්‍ය ජීවිතේ ඉඳලාම පුරුදු කරන එකයි වැදගත් වෙන්නෙ. වටින්නෙ.
තමන්ගේ සීලය ආරක්ෂා කරන එක, සමාදන් වෙලා ඉන්න සීලය රැක ගන්න එක, ගමන බිමන සංවර කරගන්න එක, වැඩක් පලක් කරනකොට සිහියෙන් ඒ කටයුතු කරන එක ආදී කාරණා එක්ක හැදිච්ච, බැඳිච්ච, යා වෙච්ච ක්‍රම රටාවල් ටික ඉගෙන ගන්න එක ගොඩක්ම වටිනව තමන් ඉන්න ගිහි පරිසරය තුලම. අපි ඉන්න ජීවිතේදී විවිධාකාර විදියට කටයුතු කරල, විවිධාකාර විදියට ජීවිත ගෙවල, විවිධාකාර පුරුදු, විවිධාකාර උවමනාවල් එක්කයි මහණකම කියන දේ ළඟා කරගන්න තැනට එන කෙනා එන්නේ.
හැබැයි ශ්‍රද්ධාව තියනවා වෙන්න පුළුවන් පැවිද්දකට යන්න ඕන කියලා. හඅබැයි පැවිද්ද කියල කියන්නෙත් එක්තරා ජීවන ක්‍රමයක්. ඒ ජීවන ක්‍රමයට උවමනා කරන මූලික අඩිතාලම සාමාන්‍ය ජීවිතය තුලම සකස් කරගෙන එන එකයි ලාභදායක වෙන්නේ. පහසු වෙන්නේ. ඒ මූලික අඩිතාලම් ටික ඇති කරගන්න තමන්ට ඇත්තටම කාලයක් ගත වෙන්න පුළුවන්. කාලයක් යන්න පුළුවන්.
ඒ අනුසාරයෙන් බලනකොට කියන්නත් පුළුවන්, පැවිද්ද කියන එකට පැති දෙකක් තියනවා. පැවිද්ද කියන දේට පැති දෙකක් තියනවා එකක් තමයි කායිකව සිදු කරන පැවිද්ද. අනිත් එක තමයි මානසිකව සිදු වන පැවිද්ද. ඕකෙදි ඔය කියන කායික වූ පැවිද්ද නැත්නම් කෙස් රැවුල් බාලා සිවුරක් දරා ගන්න එක කරන්න බොහොම ලේසියි. නමුත් චිත්ත සන්තානය තුලම චිත්ත අභ්‍යන්තරයෙම නිවිලා සැනසිලා පැවිද්දකට යනවා කියන එක ඊට වඩා කරන්න හරි අමාරුයි.
ආරණ්‍යයකට යනකොට හෝ පන්සලකට යනකොට පැවිද්දක් ලබාගන්නට ඒ යන කෙනාට සිද්ධ වෙනවා තමන්ගේ තියන ආකල්පයන්, තමන්ගේ තියන උවමනාවල්, තමන්ගේ තියන ඕනෑ එපාකම්, බොහෝමයක් පැත්තකින් තියන්න. අයින් කරල දාන්න. ඒ දේවල් බැහැර කරල දාල, අයින් කරල දාල, ඒ තියන ආරණ්‍යයේ හැටියට හෝ ඒ තියන ස්ථානයේ හැටියට හැඩ ගැහෙන්නට, කටයුතු කරන්නට, හිත එකඟ කරගන්න වෙනවා. ඒ දේට අනුමත වෙන්න වෙනවා.
අපි අපේ ජීවිතය තුල විවිධාකාර දේවල් දැන කියාගෙන තියෙන්න පුළුවන්. ඉගෙන ගෙන තියෙන්නත් පුළුවන්. ඒ වුනාට පැවිදි ජීවිතයක් ගත කරනකොට මේ ජීවිතය තුල කතාබහ කරන දේ ඉඳලාම, අතපය හකුළුවන, දිගහරින, ඇඳුමක් පැළඳුමක් අඳින, යම්කිසි වැඩක නිරත වෙන, වතක් පිළිවෙතක් කරන ආකාරය පවා යම්කිසි වූ වෙනසක් තියනවා පැවිදි ජීවිතයක් තුල. ක්රමානුකූල භාවයක් තියනව.
එතකොට ඔය කියන ක්රමානුකූල භාවයන්, ඔය කියන සැහැල්ලු වෙච්ච, ඔය කියපු විදිහේ නිර්මල විදිහේ එහෙම සාන්ත දාන්ත වූ ගති පැවතුම් තමන් ඔය ඉන්න වටපිටාව තුලම පුරුදු කරන්න පටන් ගන්න එක තමයි පැවිදි ජීවිතේකට යන කෙනාට තියන ප්‍රධානම ලාභය හැටියට මම සලකන්නෙ.
තමන් ඉන්න වටපිටාව තුල සමාදන් වෙලා ඉන්න පංච සීලය අකුරටම ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. දෙන්න පුළුවන් දානයක් තියනව නම් ඒ දානය, ඒ පින්කම, බොහොම ඉතසිතින්ම කරන්න ඉගෙන ගන්න ඕන. නිකම්ම නෙවෙයි නිස්සරණධ්යාසයෙන්ම ඒ දේවල් කරන්න ඉගෙන ගන්න ඕන. ඒකෙ තේරුම අතහැරීමේ චේතනාව, බැහැර කිරීමේ අදහස.
මේ අනුසාරයෙන් කටයුතු කරල පුළු පුළුවන් හැම වෙලාවකම භාවනාවකට හිත යොමු කරගන්න ඕන. ඒ වගේම සාමාන්‍ය ජිවිතය තුල කටයුතු කරද්දී, සිහියෙන් යුක්තව කතාබහ කරන්නෙ කොහොමද? වැඩක් පලක් කරන්නෙ කොහොමද? අඩුම තරමේ ගත්ත දෙයක් තියන්නෙ කොහොමද? කියන එක පවා ඉගෙන ගන්න ඕන.
පැවිදි ජීවිතේට එනකොට ඔය දේවල් ඉබේට හම්බ වෙන්නෙ නැහැ. ඔය දේවල් තමයි අපි ඉගෙන කියාගන්න පටන් ගන්නෙ. පුරුදු කරන්න පටන් ගන්නෙ. එතකොට පැවිද්දකට එන කෙනෙක්ට පළවෙනි අවවාදය හැටියට මං කියන්න කැමතියි, තමන් ඉන්න වටපිටාව තුල නිවෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන්, සාමකාමීත්වය පවත්වා ගන්න පුළුවන් උපරීම වූ ස්වාභාවයෙන් ජීවිතේ පුරුදු කරනව.
ඒ ජීවිතය තුල එයාට ඉන්න ඕන කාලය ඔය කියන පැවිද්දට සුදුසු වෙනකං තියනවාමයි. එච්චර කාලයක් එයා ඒ තුල රැඳෙන්නත් ඕන. ඒකයි පැවිදි ජීවිතේකට එන කෙනෙක්ව කාලයක් තිස්සේ තියල තියෙන්නේ, ඒ අනුසාරයෙන් ඇති වෙච්ච ගුණාංග වඩාගන්නට. වර්ධනය කරගන්නට. ඉතින් අන්න ඒ කියන ගුණාංගයන් ටික වැඩිදියුණු කරගන්න පුළුවන්කමක් තියනව නම් බුද්ධ ශාසනය තුල පැවිද්ද කියන දේ අර්ථ ගැන්වෙන්නේ,
"සෛය්යතාපි පක්ඛි සඛුණෝ" කියල.
හැම දෙයක්ම අතහරින්න පුළුවන්, බැහැර කරන්න පුළුවන් විදිහේ, කිසීම කිසි විදිහේ බරක් එල්ලගෙන යන්නෙ නැති, පියාඹගෙන යන කුරුල්ලෙක්ගෙ ජීවිතේට තමයි සමාන කරන්නේ. අන්න ඒ වගේ කායිකව තියාගන්න පුළුවන් දේවල් වගේම මානසිකවත් කිසීම කිසි දෙයක් අල්ලා ගන්නෙ නැති විදිහේ හිතක් හදාගන්න පුළුවන්කම තියනවා නම්, ඒ හැම දෙයක්ම බැහැර කරන්න පුළුවන්කම තියනවා නම්, පැවිද්ද සාර්ථක වෙනවා. පැවිදි ජීවිතේට එන ගමන සාර්ථක වෙනවා.
ඒක හින්දා පළවෙනියෙන්ම ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේවල් තමයි, තමන් තුල තියන ක්ලේශයන් එක්ක, තමන් තුල තියන අදහස් උදහස් එක්ක, කටයුතු කාරණා කරද්දි තමන්ව රාගයකට යනවද? ද්වේශයකට යනවද? මෝහයකට යනවද? කියන එක හොඳ හැටි බලලා, තමන්ගෙ කතාව රාගානුසාරයෙන් කෙරෙනවද? ද්වේශනුසාරයෙන් කෙරෙනවද? මෝහානුසාරයෙන් කෙරෙනවද? ආදී හැටියට හොඳට සලකලා බලලා, හොඳට අධ්‍යනය කරලා, තමන් ගාව තියන ඒ වැරදි අඩුපාඩුකම් හදාගෙන, සිහියෙන්ම කතා කරන, සිහියෙන්ම වැඩකටයුතු කරන, සිහියෙන්ම ජීවිතේ පවත්වන්නට උත්සාහ කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන එකයි, හිත පුරුදු කරන එකයි, කය පුරුදු කරන එකයි, වචනය පුරුදු කරන එකයි තමයි පැවිදි ජීවිතේ මූලිකම අඩිතාලම.
ඒ අනුසාරයෙන් අපිට යන්න පුළුවන්කම තිබ්බොත්, එදිනෙදා අපේ භාෂාව තුල, අපේ වචනය තුල අසිහියෙන් කතා කරපු වචන ප්‍රමාණය වෙනුවට සිහියෙන් කතා කරන වචන ප්‍රමාණය දිනෙන් දින එකතු වෙන්න පටන් ගනීවි. අසිහියෙන් වැඩ කරපු ප්‍රමාණය වෙනුවට සිහියෙන් වැඩ කරන ප්‍රමාණය එකතු වෙන්න පටන් ගනීවි.
ඕක තවදුරටත් වර්ධනය කරගන්න හම්බ වුනොත් අසිහියෙන් හිතන ප්‍රමාණය වෙනුවට සිහියෙන් හිතන ප්‍රමාණය වැඩිදියුණු වෙන්න පටන් ගනීවි.
අන්න ඒ විදියට ගලාගෙන යන ජීවිතයක් සාර්ථක වූ පැවිද්දකට එක් කරගෙන යන්න පුළුවන්. සාර්ථක වූ නෙක්ඛම්මයකට අපිට පාර කියන්න පුළුවන්. ඒ විදියට සරල, සාමාන්,ය සැහැල්ලු විදිහේ ජීවිතයක් ගත කරන කෙනෙක් පංච සීලයේ උපරිමස්ථානයට රකින්න පුරුදු වුනාට පස්සේ, ඊළඟට එයාට තේරෙන්න පුළුවන්, මම දැන් සුදුසුයි මීට වඩා ඉහළ සීලයකට යන්න. මීට වඩා ඉහළින් තියන සීලයක් රකින්න කියල.
ඒක එතකොට තමන්ට ලැබෙන ගෞරව නාමයක් නෙවෙයි, තමන්ට ලැබෙන නිහතමානීත්වයක් විදියටයි මෙයා සලකන්න පටන් ගන්නෙ. ඉගෙන ගන්න පටන් ගන්නෙ. පුරුදු කරන්නෙ. මෙන්න මේ ක්‍රමයටයි හිත පුරුදු කරගෙන යන්න ඕන. මොකද බුද්ධ ශාසනය තුල උපරිම ඵලය ලබා ගත්ත රහතන් වහන්සේලා උන් වහන්සේලාගේ ජීවිතය සමාන කරන්නේ පාපිස්සකට. උන් වහන්සේලාගේ ජීවිතය සමාන කරන්නේ අං කැඩිච්ච හරකෙක්ට. එතකොට අපි ශාසනයට එනවා නම් හෝ කවුරු නමුත් ශාසනයකට එනවා නම් ඒ කියන නිහතමානීත්වයන් ඇති කරගන්නා වූ ඒ කෝණය තමන්ගේ හිතේ ධාරණය කරගන්න එක ගොඩක් වටිනව.
තමන් ගොඩක් දේවල් දැනගෙන තියාගෙන ඉන්න පුළුවන්, බොහෝම අධ්‍යනය කරපු, කටපාඩම් කරපු, ඉගෙන ගත්ත අය වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකය තුල මේ පැවිදි ජීවිතයට එන ඒ ලෝකය තුලදී බලනකොට තමන් ඉගෙන කියා ගත්ත දේවල් සාපේක්ෂ වෙනව ඒ කාලෙ තිබිච්ච දැනුමට. සමහරක් වෙලාවට ඒව අයින් කරන්න වෙන්නත් පුළුවන්.
ඒක හින්දා හිත හදාගන්න ඕනම, හිත හදාගන්න සුදුසුම, හිත හදාගන්න උවමනාම කාරණාව තමයි තමන්ගේ තියන යහපත සහ අයහපත තේරුම් අරගෙන, ඒ යහපත පවත්වා ගන්නටත්, අයහපත් දේ බැහැර කරලා යහපත නැවත නැවත ඇති කරගන්නටත් උත්සාහවන්ත වෙන එකයි සිතින් කයෙන් සහ වචනයෙන්.
මේ අනුව කටයුතු කරන්න වුනහම භාවනාවකට යන්න වෙලාවක්, ඉඩක් හදාගන්න පුළුවන්කම තියනවා නම්, අන්න ඒ වෙලාවටත් අර ඇති කරගත්ත සිහියේ තියන ඒ තල්ලුව, ඒ සිහියෙන් ලැබිච්ච හිතේ තැන්පත්කමේ තියන වාසිය අපිට සලසා ගන්නට පුළුවන්කමක් හම්බ වේවි.
ඉතින් ඒ විදිහට ගිහි ජීවිතේ ඉන්නකංම හිත පුරුදු කරල, සිල් පද ටික ආරක්ෂා කරල, කරන්න පුළුවන් උපරිම විදිහේ උපකාරය සහ උපස්ථානය මෛත්‍රී සහගතවම කරල තමන්ගේ හිත කාරුණික, මෘදු මොළොක් චරිතයක් කරගන්නට ලැබුනා නම්, අන්න ඒ කෙනා ගිහි ජීවිතේ ඉඳලාම පැවිදි ජීවිතේ කියන දේ හුරු කරන්න පටන් ගන්නව.
කය මහණ කරන්න කලියෙන් හිත මහණ කරගන්න පටන් ගන්නව. වචනය මහණ කරගන්නට පටන් ගන්නව. ක්‍රියාව මහණ කරගන්නට පටන් ගන්නව. ආකල්පය මහණ කරගන්නට පටන් ගන්නව. මේ විදියට යන ජීවිතයකුයි සාර්ථක ගමනක් යන්නේ කියලා මම කියන්න සංතෝසයි.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
සරණාගමනය
02 ඉලක්කය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
පැවිදි ජීවිතයක නොපෙනෙන පැතිකඩ ගැන කතා කරන දෙවනි දවසයි අද.
බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන දීර්ඝ කාලයක් පාරමිතා පුරලා අවබෝධ කරගත්ත ධර්මය, එක ජීවිත කාලයක් තුලදී පුරුදු කරන විදියයි අපිට කියල දෙන්නේ ධර්මය තුලින්. ඒ දේ ඉගෙන කියාගන්න ලැබෙන පහසු වගේම සම්බාධක අඩු පරිසරයටයි කියන්නේ පැවිදි ජීවිතය කියල.
මේ ජීවිතේට එන හෝ එන්න බලාපොරොත්තු වෙන බොහෝමයකට වගේ, අදහස් විවිධාකාර දේවල් තියෙන්න පුළුවන්. හැබැයි පැවිදි ජීවිතයක් තුලදී සිදු කළ යුතු කටයුතු සම්භාරය තමන් මැනවින් හඳුනා ගන්න ඕන. වටහා ගන්න ඕන. තේරුම් ගන්න ඕන.
විශේෂයෙන්ම වත පිළිවෙත, ආචාර්ය ධර්ම පද්ධතිය, මෘදු මොළොක් භාවය, නිහතමානී වූ ස්වභාවය සහ ඉවසීම අතිශයින්ම වැදගත් වන කාරණා තමයි පැවිදි ජීවිතයකට. ධර්මය හදාරන්න පටන් ගන්නකොට, පුරුදු කරන්න වුනාම, අපි තේරුම් බේරුම් ඇති කරගන්න පුළුවන්, මේ ධර්මය තුලින් එහෙම නම් අසවල් අසවල් කාරණා දැන කියාගන්න එක තමයි සිද්ධ වෙන්න ඕන හෝ අවසාන ප්‍රතිඵලය කියලා.
හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ විනය දේශනා කරන තැනේදී උන් වහන්සේ කියන ලස්සන ගාථා පාඨයක් මෙන්න මෙහෙම තියනවා,
"ඛන්තී පරමං තපෝ තිතික්ඛා" කියල.
ඉවසීම තමයි උතුම්ම වූ තපස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ.
තථාගතයන් වහන්සේලා නිර්වාණය කියන දේ තමයි වර්ණනා කරන්නේ. නමුත් ඉවසීම තමයි උතුම්ම වූ තපස් ගුණය හැටියට පැවිදි ජීවිතයක් තුල ලබා ගන්න, සාක්ෂාත් කරගන්න තියන උතුම්ම වූ ගුණය හැටියට සඳහන් වෙන්නේ.
විවිධාකාර විවිධාකාර අවස්ථාවන් වලදී අපේ පරණ මතකය, පරණ පුරුදු එළියට ඇවිල්ලා ඒ අනුසාරයෙන් හිතන්න, ඒ අනුසාරයෙන් කටයුතු කරන්න, ඒ අනුසාරයෙන් කතාබහ කරන්න, අදහස් එන්න පුළුවනි. නමුත් පැවිදි කෙනාට නිතර නිතර මෙනෙහි කරන්න කියන කාරණාවක් තියනවා.
"අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝතී" කියල.
අපි දැන් වෙනස්ම විදිහේ ආකල්පයන් දරන්න, වෙනස්ම විදිහේ වචන, සිතුම් පැතුම්, ක්‍රියාවන් කරන්න යොමු වෙන, නැඹුරු වෙන ඇත්තො. මේ තරම් කාලයක් අපි කරල තියන විදිහ, හිතල පතල තියන විදිහ, කතාබහ කරල තියන විදිහ සර්ව සාධාරණ වුනා නම්, අද වෙනකොට අපිට ඕන වෙන්නෙ නැහැ පැවිදි ජීවිතයක් අවැසි වෙන්නේ මන්ද කියන ප්‍රශ්ණයට යන්න.
අපි දන්නව ඒ කාලේ ඒ ගත කරපු විදිහ සහ ස්වභාවය අසාර්ථකයි කියනව නෙවෙයි, නමුත් තමන් බලාපොරොත්තු වෙච්ච තරමේ විමුක්තියක්, සැනසීමක් ළඟා නොවිච්ච හින්දයි අළුත් ජීවිතේකට යන්න පටන් අරගෙන, අළුත් විදිහකට හැඩ ගැහෙන්න පටන් අරගෙන තියෙන්නෙ. අන්න එවන් වූ අවස්ථාවකදි තමයි අපි අපේ ඉවසීම කියන දේ ප්‍රකට කරගන්න ඕන වෙන්නේ. ඒ කොහොමද?
කටයුත්තක් කරනකොට පරණ පුරුද්ද එනවා නම් ඒ ක්‍රියාව සිදු කරන්න, අන්න ඒකයි අපි ඉවසන්න ඕන. කතාබහ කෙරෙනව නම්, අපේ වචනයට පරණ පුරුද්ද එකතු වෙලා කතාව කෙරෙනවා නම්, අන්න එතනිනුයි වෙනස් වෙන්න ඕන. සිතුවිල්ලක් හිතනකොට ඒ සිතුවිල්ලට කෙලෙස් එකතු වෙලා, එහෙම නැතිනම් රාග, ද්වේශ, මෝහ කියන මේ දේවල් එකතු වෙලා ඒ සිතුවිල්ල හිතනවා නම්, හිතෙනවා නම්, ආන් ඒ දේ හිතන්නෙ නැතුව ඉන්නටයි අපි ඉවසන්න ඕන. ඒ දේට යන්න දෙන්න නෙවෙයි.
මෙන්න මේ ආකාරයටයි පැවිදි ජීවිතේට එන කෙනෙකුගේ හිතට, ධර්මයෙහි තියන ආකර්ශණියත්වය වගේම ධර්මයේ තියන සාර්ථකත්වය ගලාගෙන යන්නෙ. ධර්මයෙහි තියන හැඩතලය පුරුදු කරන්න පටන් ගන්නෙ. මේ විදියට පුරුදු පුහුණු කරන්න වුනාම අපි අපිට නැඹුරු වෙන්න පටන් ගන්නවා. අපි අපිට සමීප වෙන්න පටන් ගන්නව. අපිට කිට්ටු වෙන්න පටන් ගන්නව. අපේ සිතුවිල්ලට අපි කිට්ටු වෙන්න පටන් ගන්නව. අපේ වචනයට අපි කිට්ටු වෙන්න පටන් ගන්නව. අපේ අතපය දිගහරින හකුළුවන විදියට අපි කිට්ටු වෙන්න පටන් ගන්නව.
සතිපට්ඨාන සූත්රයෙදි අපිට කියල දෙනවා තනිපොට සිවුර නම් අඳින්නෙ, තනිපට සිවුර නම් මේ වෙලාවෙ දරන්නෙ, තමන් තනිපට සිවුර දරන බව දැනගෙන ඒක කරන්න කියල. මේකෙ තේරුම "මම මේ තනිපට සිවුර අඳිනවා මම මේ තනිපට සිවුර අඳිනවා" කියල මෙනෙහි කර කර කරනවා කියන එකම නෙවෙයි. එහෙම කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට ඇඳුමක් අඳිනකොට ඒ දේ අඳිනවා වෙනත් දෙයක හිත තියාගෙන ඉන්න ගමන්ම. වෙනත් සිතුවිල්ලක, වෙනත් මතකයක, වෙනත් අපි කැමති උවමනා එපාකම් ආදී දවල් හීනයක අපේ හිත තැන්පත් කරගෙන ඉන්න ගමන්, හීන මවන ගමන් අපි අර ඇඳුම අඳිනවා වෙන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය ජීවිතය තුලදී මෙතුවක් කාලයක් අපි පුරුදු කරල තියන අපේ සාමාන්‍ය වූ ස්වභාවය.
හැබැයි "අඤ්ඤෝමේ ආකප්පෝ" කියන ආකාරයට ගත්තහම, වෙනස් වූ ආකල්පයකින් ජීවත් වෙන්න පුරුදු වෙන්න පටන් ගන්නකොට අපි දැන් ඉගෙන ගන්නවා ඒ අඳින ඇඳුම දැනගෙනම අඳින්න. දැනගෙනම ලා ගන්න. ඔය ඇත්තො තවමත් ගිහි ජීවිතය තුල ඉන්න හින්ද අපි හිතමුකො ෂර්ට් එකක් අඳිනකොට, අපේ අතට ෂර්ට් එක ගන්නකොට, ඒක අතට තේරෙන විදිහක් තේරෙනව. ඒ දේ මහල තියන තැනක් අහු වෙනකොට, අතට අහුවෙන විදිහ නෙවෙයි මහල නැති නිකම්ම නිකං රෙද්ද තියන තැන අහුවෙන විදිහ. අපිට දැනෙන ප්‍රමාණය සහ ස්වභාවය.
බොත්තමක් ලා ගන්නකොට දැනෙන ස්වභාවය නෙවෙයි ඒ ෂර්ට් එකේ තියන රෙද්ද ස්පර්ශ කරනකොට දැනගන්න ස්වභාවය. අතක් ඒ ෂර්ට් එකේ තියන අත ඇතුලෙ අරගෙන යනකොට ඒ අතට දැනෙන ස්පර්ශය සමහරක් වෙලාවට මෙතුවක් කාලයක් අපි ඇඳුම් ඇන්දා වුනාට දැනගෙන නැති වෙන්න පුළුවන්.
නමුත් ඔන්න ඔය වගේ දේවල් තමා අපි හුරු කරන්න පටන් ගන්නේ, පුරුදු කරන්න පටන් ගන්නේ. ඒ තුලින් තමයි අපි අපිට කිට්ටු වෙන්නේ. අපි අපිට ළං වෙන්නේ. ඔය ආකාරයටමයි වැඩක් පලක් කලත් අතුපතු ගෑවත් දානෙ වැළඳුවත් ගිලන්පසක් වැළඳුවත් තමන් නිදා ගන්න ගියත් භාවනාවක් කලත්. මේ හැම අවස්ථාවකදීම පුරුදු කරන්න පටන් ගන්නවා අපි සිහියෙන් ඉන්නෙ මොන වෙලාවල්වලදීද? අපේ සිහියට ක්ලේශයක් එකතු වෙලා තියෙන්නෙ මොන වෙලාවල්වලදීද? ඇත්තටම අපේ සිහිය මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව වගේම අතහැරීම එකතු වෙලා තියෙන්නේ මොන වෙලාවටද? කියල ඉගෙන ගන්න එකයි අපි පුරුදු කරන්න පටන් ගන්නෙ.
මේ ටික මේ විදිහට දෛනිකව සිදු කරලා, ඒ දවස තුලදී රෑ නින්දට යන්න කලියෙන් දවස ආපස්සට මතක් කරනවා, අද දවසේදී මම මොනවද කලේ? මම මොන විදිහටද ආකල්ප සකසා ගත්තෙ? කියල. අන්න එහෙම වුනාම අපිට හම්බ වෙන්න පටන් ගන්නවා, අපි අපේ ජීවිතය තුල ඇත්තටම නිවී සැනසිලා සිහියෙන් වැඩ කරපු දේවල් ආපස්සට මතක් වෙනවා.
හැබැයි ඒ මතක් වීම තුලම ගැබ් වෙලා තියෙන්න පුළුවන්, ඒ සිහියට සැබෑම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, ඉවසීම, අතහැරීම තිබුනාද? ඊට වඩා ක්ලේශයක් තිබ්බාද? කියල. එහෙම වුනොත් ඊළඟ දවසට අපිට කරන්න අළුත් වූ වැඩසටහනක් තියනවා, අළුත් වූ සැලැස්මක් තියනවා, ගත වෙච්ච දවසේදී සිදු වෙච්ච යහපත පවත්වා ගන්නටත් ගත වෙච්ච දවසේදී සිදු වෙච්ච අයහපත, ක්‍රියාත්මක වෙච්ච අයහපත තවදුරටත් ක්‍රියාත්මක නොකර ගන්නටත් අපිට අවස්ථාවක් තියනව.
මෙහෙම වුනාම ඊයෙට වඩා අද අපේ සාර්ථකයි. ඊයෙට වඩා අද අපේ නිවී සැනසිලා. ඊයෙට වඩා අද අපේ ආකල්පය වෙනස් වෙලා. මෙයාකාරයට ගමන් කරන ජීවිතයක් සාර්ථකත්වය කරා යන්න පුළුවනි.
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සරණාගමනය 03
සැහැල්ලු දිවි පෙවෙත
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
පැවිදි ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට හරියට කුරුල්ලෙක්ගෙ වගෙයි. කුරුල්ලා කියන සතා පියාඹගෙන යන්නේ වෙන කිසිම කිසි බරක් එල්ලගන්නෙ නැතුවා වගේම පැවිද්දා කියන කෙනාටත් තමන්ගේ ජීවිතය පුරුදු කරන්න කියල කියනවා කුරුල්ලෙක් වගේ සැරිසරන්න.
"සෙය්යථාපි පක්ඛී සකුණො"
කියලයි ගාථාවෙ සඳහන් වෙන්නේ. මේ කියන කාරණේ එක පැත්තක් තමා අටපිරිකරක් දරන්න කියන එක. අඩුවෙන් භෞතික දේවල් පරිහරනය කරන්න කියන එක.
ඇත්තම කියනව නම් සාර්ථක අභ්‍යන්තර ගමනක් යන්න බාහිර දේවල් පුළුවන් තරම් අඩු කරගන්න එක ලාභයි සහ ලේසියි. ඒ වගේමයි අභ්‍යන්තරිකව අපි අපේ ජීවිතයට ගන්න හෝ පුරුදු කරන්න පටන් ගන්න දේවල් පවා සැහැල්ලු කරගන්න පුළුවන් තරමට මේ ගමන යන්න තියන ඉස්පහසුව වැඩියි. අවස්ථාව වැඩියි. අධිකයි.
පැවිදි ජීවිතේකට එන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න ඕන පුස්තකයන් වහන්සේලා අතරින් ප්‍රධානතම තැනක් ගන්නවා විනය පිටකය. ඒ විනය පිටකය තුලත් බොහෝමයක් දෙනා පරිශීලනය කරන්නේ මුලින්ම සඳහන් වෙලා තියන ශික්ෂා පද කිහිපයක් ගැන විතරක් වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම 'සතර පාරාජිකා, සංඝාදිසේස, අනියත' වගේ තැනට එනකොට බොහෝමයක් වෙලාවට විනය පිටකය හදාරන එක අතරමඟ නතර කරන්න වගේ කල්පනා කරන අවස්ථා වැඩි බව පේන්න තියනවා.
මගේ පැත්තෙන් මං වුනත් විනය පිටකය හදාරන්න වුනාම පළවෙනියෙන්ම පටන් ගත්තේ ඒ වගේ බර තැනකින් අල්ලන්න තමා. හැබැයි මම සහජයෙන්ම දන්නවා මොනම තාලෙකටවත් එවන් වූ අකටයුත්තක් මගෙ අතින් වෙන්නෙ නැහැයි කියල.
ඒ වුනාට පළවෙනියෙන්ම ඒ දේවල් හදාරන්න පටන් ගත්තට පස්සේ අනිසි බියක් එන්න පටන් ගත්තා හිතට. නැති බයක් එන්න පටන් ගත්තා. ඊට පස්සෙ මට තේරුනේ නැහැ මගේ පැත්තෙන් මම දැන් මොකද්ද කරන්නෙ කියලා. විනය පිටකය ඒ අතරෙන් බලනකොට මට සහනයක් ගෙනැල්ල දෙන දේකට වඩා අසහනයකට පමුණුවන, බියක් ඇති කරවන, මහා මොකද්දෝ අදෘෂ්‍යමාන බලවේගයක් වගේ දෙයක් වුනා මුල්ම කාලයේ.
ඔය කියන වටපිටාව තුල බොහෝම කාලයක් රැඳෙන්නත් වුනා. හැබැයි ඒ අතර විනය පිටකය තව දුරටත් කියවගෙන යද්දී තවත් කොටසක් හම්බ වුනා 'සේඛියා' කියලා. මේක සාමනේර ජීවිතයක් ගත කරන ඇත්තන්ටත් තියනවා. එතන ඉඳලම හොයන්න ඕන කතාවක් තමයි සේඛියා කියල කියන්නේ.
මොකද මේ කියන කොටසේ අන්තර්ගත වෙලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී, එදිනෙදා දෛනිකව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්, සකස් කරගන්න පුළුවන්, හදා ගන්න පුළුවන් දේවල්.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම පිණ්ඩපාතෙ යනකොට මම සංවරකමෙන් පිණ්ඩපාතෙ ගිහිල්ල නැත්නම්, වටපිට බල බල, දකින දකින නිමිති අරගෙන, ඒ දේවල් හිතේ තැන්පත් කරගෙන, ආපහු හිත හිතා ඉන්න විදියට පරිවර්තනය කරගෙන නම් පිණ්ඩපාතයේ ගිහිල්ල තියෙන්නේ, කුටියට ආවට පස්සේ ඔය ඔළුවට දාගත්ත ටික තමා වමාරන්න පටන් ගන්නේ.
හැබැයි සේඛියා වල සඳහන් වෙනවා, පාත්තරේට තියන සංඥාව ඇති කරගෙන පිණ්ඩපාතෙ යනව, වටපිට බලන්නෙ නැතුව පිණ්ඩපාතෙ යනව ආදී වශයෙන්. ඒ වගේ ශික්ෂා පදයන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න වුනාම මහණ ජීවිතේ මුල් කාලෙ තිබිච්ච, අර පොඩියට දකින දෙයක් මහා ලොකූ කාරණාවක් බවට පත්කරගෙන ආපහු ආපහු හිතනවා කියන ඒ තත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් හම්බ වුනා.
නමුත් ඊට කලින් කලේ ඉතාම කුඩා කාරණාව මහ විශාල දෙයක් බවට පරිවර්තනය කරගෙන, සමහරක් වෙලාවට රෑ එළි වෙනකං පවා ඒ සිතුවිල්ලෙන් අයින් වෙන්න බැරුව උත්සාහ කරල තියන අවස්ථා තියෙන්න පුළුවන්. මහණ ජීවිතේ තුල මේක වෙන්න පුළුවන්. හේතුව තමයි අපි මේ ගමන සැහැල්ලුවෙන් යන්න පුළුවන් කියන කාරණාව නිවැරදිව හඳුනා නොගෙන තියන නිසා.
"සෙය්යථාපි පක්ඛී සකුණො", එහෙම නැතිනම් කුරුල්ලෙක් වගේ ජීවත් වෙනවා කියන දේ බැලූ බැල්මට අපි හිතන්නෙ ඇත්තම කියනවා නම්, මේක බාහිරෙන් විතරක් තියෙන්න ඕන එකක් කියලා. පුළුවන් තරම් දේවල් අඩු කරගන්න ඕන කියලා. ඒක හරි වැරදි නැහැ, නමුත් ඒ කියන ප්‍රමාණයෙන් විතරක් ඔය කියන කතාව හෝ ඔය කියන මූලධර්මය පරිපූර්ණ වෙන්නෙ නෑ කියන එකයි මගේ අත්දැකීම.
ඒ දේ සම්පූර්ණ වෙන්න නම්, පර්පූර්ණ කරගන්න නම්, අපි අපේ හිතට දාගන්න අදහස් පවා සැහැල්ලු ප්‍රමාණයෙන් දාගන්න ඕන. ඊට වඩා බර ගැඹුරු කාරණා දාගන්න පුළුවන්, බැරි නැහැ, නමුත් අපිට දරන්න පුළුවන් නම් විතරක්. දැරීමට හැකියාවක් තියන කාරණාවක් පමණක් අපේ චිත්ත සන්තානයට තැන්පත් කරගන්න එක, ඇතුළත් කරගන්න එක හෝ පුරුදු කරන්න පටන් ගන්න එක මේ ජීවිතේදී හරි ලේසියි.
ඊට වඩා කරන්න බැරි දෙයක් පටන් අරගෙන හෝ කරන්න අමාරු දෙයක්, කොහෙත්ම කරන්න බැරි දෙයක් වගේ දෙයක් කරන්න උත්සාහ කරනවාට වඩා, තමන්ට හැබෑවටම සකස් කරගන්න පුළුවන් දෙයක්, තමන්ට හැබෑවටම වෙනසක් දකින්න පුළුවන් දෙයක්, තමන් හැබෑවටම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න එක, පුරුදු කරන්න පටන් ගන්න එක බොහොම සාර්ථකයි.
එහෙම වුනොත් එහෙම අපිට තේරෙන්න පටන් ගන්නවා අපි මේ ධර්මයත් එක්ක ජීවත් වෙනවයි කියල. එහෙම නැතිනම් දැනෙන්නේ ධර්මය කියල කියන්නෙ අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට පහර දෙන්න හදන හෝ එළව එළවා අපිට හැම වෙලේම කරදර කරන මහ අසහනකාරී දෙයක් කියලයි. ධර්මය කියල කියන්නේ එහෙම එකක් නෙවෙයි.
ධර්මයෙන් සැලසෙන දේ අපේ ජීවිතේ තියන දුකෙන් නිදහස් වෙන එකයි. හෝ අපි විඳපු දුකක් තියනවා නම්, විඳිමින් ඉන්න දුකක් තියනවා නම්, ඒ දේවල්වලින් නිදහස් වෙන එකයි, බැහැර කරල දෙන එකයි ධර්මයෙන් කරන්නෙ. ඒ දේ කරන්න අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ කියන පාරට අනුව ගමන් කරන්න පටන් ගන්න ඕන. ඒ කියන දිශානතිය තේරුම් අරගෙන යන්න උත්සාහ කරන්න ඕන.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සරණාගමනය 04
මමායනයට එරෙහිව
ගිහි ජීවිතයක් ගත කරනකොට අපිට තියන වත්කමේ හැටියට, අපිට තියන තත්වයේ හැටියට, හැසිරෙන්න ඕන, ජීවිතේ ගෙවන්න ඕන ක්‍රමයක් අපිට තියෙන්න පුළුවන්. හැබැයි පැවිදි ජීවිතේ කියල කියන්නේ ඔය හැම දෙයකින්ම නිදහස් වෙච්ච ආකල්පයක් දරන, වෙනස්ම ජීවන ක්‍රමයක්.
ඒ ජීවන ක්‍රමයේදී අපිට පළවෙනියෙන්ම 'ගේහ සංකප්ප' කියල කියන, ගිහිගෙදරදී තිබුන සංකල්පනාවන්ගෙන් අයින් වෙන්න වෙනවා. බැහැර වෙන්න වෙනවා. නිදහස් වෙන්න වෙනවා. ඒව අතහරින්න වෙනවා. ඒවගේ ප්‍රධානම ලක්ෂණයක් හැටියට මම විශ්වාස කරනවා කෙස් රැවුල් බෑම වගේම සිවුරු පරිහරණය කිරීම.
ගිහි ජීවිතයක් ගෙවනකොට නම් අපි හරි කැමතියි ලස්සනෙන් ඉන්න. පිළිවෙලකට ඉන්න. හැබැයි පැවිදි ජීවිතයක් කියල කියන්නේ, ලස්සන කියන දේ ඉස්මතු කරන, රූපයට වඩා තැනක් දෙන, එවන් වූ ආකල්ප ඇති කරගන්න හෝ එවන් වූ ආකල්පයන්ට අවස්ථාවක් දෙන වටපිටාවක් හෝ ජීවන ක්‍රමයක් නෙවෙයි.
පැවිදි ජීවිතය තුලදී අපිට කියල දෙන්නේ ප්රතිපත්තියානුකූල වෙන්න කියලයි. අපි පිළිපදින්න හිතන හෝ පිළිපදින්න බලාපොරොත්තු වෙන ක්‍රමය තුල ගමන් කරද්දී, තමන්ගේ කෙලෙස් තිබෙනවා නම්, වැරදි සහ අඩුපාඩු තියනවා නම්, ඒවායෙන් අත්මිදෙන්න, නිදහස් වෙන්න, භාවිතා කරන්න ක්රමෝපායන් මොනවාද කියන එකයි මහණ ජීවිතේදී හොයාගන්න පටන් ගන්නෙ.
සමහර වෙලාවට කෙස් රැවුල් බාන එක, සිවුරු සකස් කරගන්න එක හෝ ඒ සිවුරු සෝද පවිත්‍ර කරන එක අපි කරන්න උත්සාහවන්ත වෙන්න අපිට මොකක් හරි ලාභයක් ලැබෙන්න තියන අවස්ථාවක් කේන්ද්‍රගත කරගෙන හෝ ලාභයක් ලැබෙන්න තියන අවස්ථාවක් අරඹයා.
උදාහරණයක් හැටියට කවුරු හරි විශේෂිත කෙනෙක් හෝ පිරිසක් එනවා නම් අපි උත්සාහවන්ත වෙන්න පුළුවන් ඒ අයව පිළිගන්න, ඒ අවට වඩා හොඳ විදිහේ රූපයක් පේන්න, අපි අපේ ස්වභාවය ටිකක් ලස්සන කරගන්න ඕන, හැඩ කරගන්න ඕන කියල. නමුත් මේක නෙවෙයි පැවිදි ජීවිතයකදී බුදුරජාණන් වහන්සේ අපිට කියල දෙන්න උත්සාහ කරන, අනාත්මයට යන, ආත්මයක් දකින්නෙ නැති, සැපතක් බලාපොරොත්තු නොවෙන ජීවිතය.
අපි මේ ජීවිතය තුලදී හුරු වෙන්න ඕන, තමන්ගේ සිතැඟියාවන් වලට හෝ තමන්ව කායිකව හෝ මානසිකව හෝ ඉස්මතු කරන්න උත්සාහවන්ත වෙන අවස්ථාවන්වලට යට නොවී ඉන්නටයි බලාපොරොත්තු වෙන්න ඕන. මේ අතරින් ගන්නකොට තායිලන්ත වනවාසී සම්ප්රදාය තුල මම දැකපු සුවිශේෂත්වයක් තියනවා.
එහේ කෙස් රැවුල් බෑම සහ සිවුරු පඬු පෙවීම සිදු කරන්නේ සතියකට එක වතාවයි හෝ සති දෙකකට එක වතාවයි. සමහර ස්ථානවල සති හතරකට එක වතාවයි.
ඒ කාලේ අතරතුරදී ඒ ඇත්තන්ට ඒ ස්වාමීන් වහන්සේලාට හෝ ඒ පැවිදි වෙච්ච ඇත්තන්ට මොනව හරි පින්කම්වලට යන්න තිබ්බා වෙන්න පුළුවන්, විශේෂිත වූ උත්සව වලට යන්න තිබ්බා වෙන්න පුළුවන්, දාන මානාදියට මුහුණ දෙන්න තිබ්බා වෙන්න පුළුවන්, විශේෂිත පුද්ගලයන්ව හමු වෙන්න යන්න තිබ්බා වෙන්න පුළුවන්, ධර්ම දේශනා කරන්න යන්න තිබ්බා වෙන්න පුළුවන්, කාරි නෑ. ඒ ඇත්තො යන්නෙ ඒ දවස්වල ඒ තියන ස්වභාවයට විතරයි.
ඒ කටයුත්ත අරඹයාගෙන, ඒ කටයුත්ත කේන්ද්‍රගත කරගෙන, තමන්ගේ රූපය හැඩ කරගන්න හෝ ලස්සන කර ගන්න හෝ පිළිවෙලක් කරගන්න, කාරි නෑ, කල්පනා කරන්නෙ නෑ, උත්සාහවත් වෙන්නෙ නැහැ. ඒක හින්දා ඒ රටේ තියන පැවිදි ජීවිතය තුල මම දකිනවා රටේ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ව දකිනකොට එක ස්වභාවයක් පේන්න තියනවා.
ඒ ඇත්තො හැමෝගෙම කෙස් රැවුල් වැවිල නම් කෙස් රැවුල් වැවිලා. ඒ ඇත්තො හැමෝගෙම කෙස් රැවුල් බාල නම් කෙස් රැවුල් බාලා. ඒ වගේ හරි පුදුමාකාර පිළිවෙලක් තායිලන්ත සම්ප්රදාය තුල, තායිලන්ත වනවාසී පැවිදි ජීවිතය තුල මම දකිනවා.
ඒත් එක්කම තමයි සිවුරු පරිහරණය කරනකොට අපේ වගේ රටක සාමාන්‍යයෙන් දරන සිවුර විවිධාකාර වර්ණයන්ගෙන් යුක්ත වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා කිහිප පොළක් එක තැනක සිටියෝතින් ඒ ඇත්තෝ දරන සිවුරුවල පැහැය විවිධාකාර වෙන්නත් පුළුවන්. ඒ බව අපිට පේන්නත් පුළුවන්.
නමුත් තායිලන්තයේ පැවිදි ජීවිතය තුල එහේ පැවිදි වෙච්ච කෙනෙක්ට දරන්න කැප තියෙන්නෙ, දරන්න අවස්ථාව දෙන්නේ සිවුරු වර්ග දෙකයි. එකක් තමා තැඹිලි පාටට හුරු සිවුර, ඒකාංශ කරනවා නම්. එහෙම නැති නම් කොස් පඬු පොවන, කොස් පඬු පාටට හුරු වෙච්ච ඒ සිවුර.
අපිත් අපේ ජීවිතය තුල පැවිදි ජීවිතයකට යනකොට උත්සාහවන්ත වෙන්න ඕන අපි එක්තරා වූ ප්‍රතිපත්තියක් ඔස්සේ යන්න වගේ. ප්රතිපත්තියකට ජීවිතය සකස් කරගන්න වගේ. තමන් දෛනිකව වැඩකටයුතු කරන්න වගේම තමන්ගේ ඔය කියාපු කාරණාවල් පවා සැලසුම් සහගත විදියට කරන්න උත්සාහවන්ත වෙන්න ඕන.
එහෙම නැතිනම් අපි ඒ කරන හැම කටයුත්තක්ම කෙලෙස් ඇතිවෙන ස්වභාවයෙන් හෝ තියන කෙලේසයක් වඩා වර්ධනය වන ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. අපේ ජීවිතය තුල අපි දන්නෙම නැතුව අපිව කෙලෙස්වලට යටපත් වෙලා යන්නටත් පුළුවන්.
ඒක හින්දා අපි උත්සාහවත් වෙන්න ඕන අපි කරන සෑම සියළු කටයුත්තක්ම දිහාම තවත් කෙනෙක් බලනවා වගේ බලන්න. තවත් කෙනෙක් අත්දකිනව වගේ අත්දකින්න. අපි කරන කටයුතු කරන්නේ මොන කාරණය අරඹයාද කියන දේ හිතට හදා ගන්න ඕන.
මේ අනුසාරයෙන් ගන්නකොට සතියකට සැරයක් හෝ පෙර පෝය දවසකට සිවුරු පඬු ගහන එක හෝ කෙස් බාන්නට සූදානම් කරගෙන තියන එක තමයි බෝලන්කන්ද තපෝ අරණෙ තියන සාමාන්‍ය ස්වභාවය. එදාටම තමයි බුදු පිළිම වහන්සේලා සුද්ධ පවිත්‍ර කරලා පූජාසනයේ තියන ඒ හැටියේ තියන ඒ දේවල් ටික සුද්ධ පවිත්‍ර කරලා මකුණු දැල් කඩල ආදිය කරලා ඒ ධර්මශාලාව පිරිසිදු කරන වත කරන දවස.
මේක එතකොට සතියකට සැරයක් සිද්ධ වෙන දෙයක් හැටියටයි සිදු කරන්නේ. තමන්ට උවමනා ඕනෑ වෙලාවට සිදු කරනවාමත් නෙවෙයි. මේ අනුසාරයෙන් අපි ධර්මය පුරුදු කරගෙන යනකොට හුරු කරන්න පටන් ගන්න ඕන එක්තරා වූ වෙච්ච ක්‍රමවේදයක් යටතේ අපේ හිත සකස් කරගන්න. හදා ගන්න.
ඒක මට ඕන විදියට වඩා මගේ තියන කෙලෙස් යටපත් වෙන හෝ කෙලෙස්වලින් නිදහස් වෙන ක්‍රමයක් හැටියට පරිවර්තනය කරගන්න යොදව ගන්න උත්සාහවන්ත වෙන එකයි ඥානවන්තකම කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ.
ඉතින් මේ අනුසාරයෙන් බලනකොට පැවිදි ජීවිතයක් කියල කියන්නෙ ඇත්තටම කියනවා නම් ඊයෙ දවසට වඩා අද දවසේදිත් හෝ මීට මොහොතකට වඩා ඊළඟ මොහොතේදිත් අළුත් වෙන්න පුළුවන්, නව්‍ය වෙන්න පුළුවන් සහ වෙනස් වෙන්න පුළුවන් අළුත් ජීවිතයක්. වෙනස්ම විදිහේ ජීවිතයක්.
ඒ ජීවිතය තුල එයා ගාව වැරදි තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි දැකපු ගමන් සකස් කරගන්න පුළුවන් වෙන විදිහේ අළුත් අදහසක් හදා ගන්න එකයි, අළුත් ක්රමෝපායක් හදා ගන්න එකයි පැවිදි ජීවිතය තුල සිදු කරන්න තියන ප්‍රධානම කාරණාව සහ අභිප්‍රාය.
අපි භාවිතා කරන ජීවිතය තුල හෝ අපි භාවිතා කරන ක්‍රමය තුල ආපස්සට හැරිල බලනකොට අපිට තේරෙනවා නම් මම මේ කරපු දේ තුලින් ඇති වෙච්ච සංස්කාරය පුණ්යාභිසංස්කාරයක් ද? අපුණ්යාභිසංස්කාරයක් ද? ඒක ආනෙඤ්ජාභිසංස්කාරයක් බවට පරිවර්තනය කරගන්නෙ කොහොමද? කියන එකයි අපි ඉගෙන ගන්න ඕන.
අකුසලයක් ගැන කියල දෙන හුරු කිරීමක්ද? කුසලයක් ගැන කියල දෙන හුරු කිරීමක්ද? එහෙමත් නැති නම් නිවී සැනසීමට හේතු වන විදිහේ පුරුද්දක් ගැන
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
කලබල හිත තැන්පත් කරගන්නෙ කොහොමද?
එක්තරා දිනක කුසිනාරාවට වඩින අතරමඟදී ආනන්දයන් වහන්සේ අසා සිටිනවා,
"බුදුරජාණන් වහන්ස, කලබල හිත තැන්පත් කරගන්නෙ කොහොමද?" කියල.
මේ වෙලාවෙදි ගමන් විඩාවට අසල ගසක් යට අසුන් ගත්ත බුදුරජාණන් වහන්සේ කියා හිටිනව,
"ආනන්ද මට පිපාසයි. පැන් බිඳක් රැගෙන එන්න" කියල.
ළඟපාත තිබිච්ච කුක්කුටා කියන නදියට ගිය ආනන්දයන්ට මහා සංවේගයක් ඇති වෙනවා. කරත්ත වගයක් ගිහිල්ල ඒ නදියෙ වතුර හොඳටෝම මඩවෙලා, පානය කරන්න බෑ. කනස්සල්ලෙන් ආපහු පැමිණිච්ච උන් වහන්සේ සැල කර සිටිනවා,
"බුදු පියාණනි වතුර මඩෙන් පිරිල. පානය කරන්න බැහැ. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් වතුර පානය කරමු" කියල.
බුදුරජාණන් වහන්සේ නැවතත් කියා හිටිනව,
"ආනන්ද වතුර දැන් හොඳයි. ගිහින් රැගෙන එන්න" කියල.
හනිකට නදියට ගිය ආනන්දයන් වහන්සේව පුදුමයට පත් වෙනව. කුක්කුටා නදියෙ වතුර හොඳටම පැහැදිලියි. පැන් පාත්තරයක් අරන් ඇවිල්ල, පිළිගන්වල, උන් වහන්සේ කියා සිටිනවා,
"බුදු පියාණන් වහන්ස, මහා ආශ්චර්යයක්. මහා පුදුමයක්. පළවෙනි වතාවේ වතුර හොඳටෝම බොරයි. පානයට නුසුදුසුයි. ඊළඟ වතාවෙදි වතුර හොඳටම පැහැදිලියි. ඔබ වහන්සේ කොහොමද ඒක කලේ?" කියල අහනව.
තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා,
"ආනන්ද, වතුරයි මඩයි කියන්නේ එකට පෑහෙන දෙයක් නෙවෙයි. මඩ කැළඹුනහම වතුර නොපෙනී යනව. නමුත් කාලයක් දුන්නහම මඩ තැන්පත් වෙනව. එතකොට වතුර පැහැදිලියි.
ආනන්දගෙ ප්‍රශ්ණෙටත් උත්තරේ ඕකම තමයි. හිත කලබල වෙලාවට හිත තැන්පත් වෙන්න දෙන්න. හිත නවත්වන්න බාහිරින් උත්සාහ කලොත් හිත තවත් කලබල වෙනව. හරියට මඩ වගේම තමයි.
හිතේ ස්වභාවය තේරුම් අරගෙන තැන්පත් වෙනකම් ඉවසන්න."
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
How to Calm the Mind
(1)
How to Calm the Mind
In the ancient past during the Great Lord Buddha’s period
one fine day when Ven Ananada was walking with Lord Buddha to the city of Kusinara
Ven Ananda questioned Lord Buddha with respect how to calm the disturbed mind.
At that time As Lord Buddha was tired and resting under a tree, he requested
Ven Ananda for some water as he was so thirsty.Ven Ananda having gone to the
river Kukkuta for water he became so worried that the river was so muddy and
the water was not suitable for drinking.
Having returned Ven Ananda told to Lord Buddha that the water in the river was
so muddy and not suitable to drink .Ven Ananda suggested “Dear Lord we will
walk a little further” for a drink of water.
But Lord Buddha repeated that the water in river Kukkuta is now pure and
requested Ven Ananda to now fetch it and come. Ven Ananda having reached
the river in a hurry faced a pleasant surprise . The water in the river had
become as clear as crystal. Now Ven Ananda having brought and offered a bowl of
water asked “My Lord with (respect) It is a miracle performed how did U create the change of making water so pure”.
Lord Buddha said that water & Mud are not nature friendly, therefore water
gets muddy when mixed with mud. But giving some interval of space & time it
settles down. The answer to Ven Ananda’s question at the beginning was
also the same. Such as when the mind is disturbed it is best to give
some space & time to settle down without controlling it externally which will then be more disturbed .Just like Mud & Water.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ධර්මය යනු සත්‍යයක්ද?
එක්තරා දිනක තරුණ ගෙහිමියෙක් බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා වන්දනා කරලා අසා සිටිනවා,
"බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ දහම මට තේරෙන විදියට කෙටියෙන් කියල දෙන්න"
කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ගෘහපතිතුමාගේ ආරාධනාව පිළි අරගෙන මෙන්න මෙහෙම විමසනව.
"ගෘහපතිතුමනි, ඔබට දරුවන් ඉන්නවද?"
ගෙහිමිය පිළිතුරු දෙනවා,
"එසේය භාග්‍යවතුන් වහන්ස, මට දරුවන් ඉන්නව"
"ඔබගේ සහෝදරයට දරුවන් ඉන්නවද?"
"එසේය. මගේ සහෝදරයටත් දරුවන් ඉන්නව."
"ඔබගේ අසල්වාසීන්ට දරුවන් ඉන්නවද?"
"එසේය. අසල්වාසීන්ටත් දරුවන් ඉන්නව."
"අසල්වාසීන් නොවන නොහඳුනන අයටත් දරුවන් ඉන්නවද?"
"එසේය."
"ඔබගේ දරුව මියදුනහොත් ඔබට කොයිතරං නං දුකක් ඇති වේවිද?"
ගෘහපතිතුමා පිළිතුරු දෙනවා,
"බුදුරජාණන් වහන්ස, මට දරාගන්න බැරි තරම් දුකක් ඇති වේවි. මට මගේ ලෝකයම කඩා වැටුන වගේ වේවි. මට එහෙම දෙයක් හිතා ගන්නවත් බැහැ."
"ඔබගේ සහෝදරයගෙ දරුව මියගියොත් එතකොට ඒක කොච්චර දුකක් වේවිද?"
"මට ලොකු දුකක් දැනේවි. නමුත් මගේ දරුව මිය ගිය තරම් නම් දුකක් දැනෙන් නැතිවේවි."
"ඔබගේ අසල්වාසියකුගේ දරුවෙක් මිය ගියොත් එතකොට කොච්චර දුකක් දැනේවිද?"
මට යම් දුකක් දැනේවි. නමුත් සහෝදරයගෙ දරුව මිය ගියා වගේ නම් දුකක් දැනෙන එකක් නැහැ."
"එහෙම නම් ඔබ නොදන්න කෙනෙකුගේ දරුවෙක් මියගියොත් ඒක ඔබට කොච්චර දුකක් වේවිද?"
"බුදුරජාණන් වහන්ස, සමහර විට මට දුකක් දැනෙන එකක් නැහැ."
"එහෙම නම් ගෘහපතිතුමනි, ඔබ දුක්වීමේ ප්‍රමාණය තීරණය වුනේ මොකකින්ද?"
ගෙහිමියා මොහොතක් කල්පනා කරල පිළිතුරු දෙනව,
"බුදුරජාණන් වහන්ස, මම දුක්වීමේ ප්‍රමාණය තීරණය වුනේ මට අයිති දෙයටත්, මගේ කියල ගත්ත ප්‍රමාණයත් මතයි."
"ඔබ ඔබේ දරුවා මුහුද බලන්න එක්ක ගිය වෙලාවක වැලි මාළිඟා හදන්න ඉඩදීල තියනවද?"
"එසේය."
"මුහුදු රැල්ලට වැලි මාළිඟා කැඩුනම දරුව ඇඬුවද?"
"එසේය."
"ඔබත් ඇඬුවද?"
"නැහැ බුදුරජාණන් වහන්ස. මම ඇඬුවෙ නැහැ."
"ඇයි ඔබ ඇඬුවෙ නැත්තෙ?"
"බුදුරජාණන් වහන්ස, දරුව අඬන්නෙ එයා හිතන්නෙ වැලි මාළිඟා ලස්සනයි ස්ථිරයි කියලනෙ. ඒක හින්ද එයා ඒකට ආසයි, ඇළුම් කරනව. නමුත් මම දන්නවා, වැලි මාළිඟා කියන්නෙ ස්ථිර දේවල් නොවෙන විත්තිය. ඉතින් රැල්ලට ඒව හේදුනාට මට කමක් නැහැ."
"ගෘහපතිතුමනි, දැන් ඔබට තේරුනාද ඔබ යථාර්තය නොදන්නා තාක් කල් දුක පසුපස හඹාගෙන යනව. මගේ කියල හිතන මගේ කියල ගන්න, හැම දෙයක්ම කැඩේවි. එතකොට අඬාවි. යලි හදාවි. යලි කැඩේවි. මේකටයි සංසාරය කියල කියන්නෙ.
එතකොට සිද්ධ වෙන්නෙ මේ දේ නම්, වැලි මාළිඟා හේදුනාම අඬන දරුවයි දරුව නැතිවුනාම අඬන ඔබයි අතර කිසිම වෙනසක් නැහැ.
තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැ. නමුත් ඕනෑම කෙනෙක්ට හරි, ඕනෑම දෙයකට හරි ඔබ දැඩිව ආශා කලොත් හෝ දැඩිව ඇළුනොත්, ඒ දේ විනාශ වුනාම හරි ඒ කෙනා නැතිවුනහම හරි, ඒ තියන ආශාවට හෝ ඇලීමට සමාන වන විදිහේ දුක් විපාක භුක්ති විඳින්න වෙනවා කියන එක අනිවාර්යයි. මේකටයි දහම කියල කියන්නෙ."
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
What is Dhamma ( Buddhist Motivation)
No (2).
What is Dhamma ( Buddhist Motivation)
On a day in the ancient Past a young house holder approached Lord Buddha, worshipped, settled down and having forwarded a question with respect,such as.
“Lord Buddha with respect ! Can Your Worthyself explain Your doctrine to me in short so that I will be able to understand the same.
The Great Lord ( Lord Buddha) having accepted the humble request inquired as such:-
Lord Buddha asked the House Holder”Dear House Holder! Do you have children “? The house holder replied the Lord as “ Yes My Lord I have children”. Then in return Lord Buddha asked him ,” does Your brother have children”? and the householder replied“ Yes My Lord my brother also has children”. Then the Lord questions again as such “ Do Your neighbours have children?” “ Yes My lord my neighbours also have Children “ So answered the house holder. Lord Buddha repeatedly asked “ Do people other than your neighbours have children?”. “Yes My Lord” the house holder replied.
Then Lord Buddha questions the house holder humbly “ If Your children die what extent of sorrow would you suffer with.” The house holder replies. “ Dear Lord my sorrow will be unbearable to an extent as if the whole world has collapsed on my head and I cannot even imagine such a disasterous happening.
Then Lord Buddha asked again “ Supposing Your brother’s child dies how extensive is the sorrow you suffer with”?. The house holder said “ Dear Lord here also I will undergo a lot of sorrow but it cannot be compared with the suffrlering of my own child’s death. Then the Lord repeated again” supposing your neighbour’s child died how extensively would you have suffered?”. The householder says “I wll undergo some sort of sorrow, but not as much as when my brother’s child died”. Again Lord Buddha asked the House Holder “ Supposing if an unknown person ‘S child died how extensive would you suffer?”
The reply comes from the house holder “ Dear Lord sometimes I May not have been sorrowful at all”.
Then Lord Buddha asked“ Dear house holder on what status did you classify your sorrow”? The house holder having thought for a little while replies that “Dear lord my limitations of undergoing sorrow is dependant on the feeling of my belonging of someone or something and the acquisition (ownership)of the same that belongs to me.
The Lord Buddha said again “Dear House holder one day having taken your child to the sea shore,have you allowed your child to build Sand Castles?”. “Yes my Lord “. Then the Lord asked. “When the sand castles broke down by the sea waves did the child cry”? “Yes My Lord”. Then the Great Lord asked the House Holder “ Did you also cry”? “ No dearLord”. The Lord asked “ Why didn’t You cry”? The household said “ Dear Lord the child cried thinking that the Sand Castles were nice and permanent . But I knew that the sand castles were not permanent therefore I did not mind them getting washed away”.
“Dear Householder now did you understand that as as you do not realize the practical truth of seeing things (objects of the six senses)as they are, (more than theoretically understood )the sorrow keeps following you.
If one gets clinging ( Upadana) to something or someone & if one looses them the resultant suffering would be endless.This is Samsara (the endless cycle of birth death & rebirth) Then there is no difference of the child who cried for sand castles and one who cried at the death of his own child.Everything that is accepted as me and mine is bound to destroy . the end result of everything is nothing in the mind eye. What one has to realize is universal Impermanance This is Dhamma
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ඇබ්බැහි වීමෙන් නිදහස් වන්නට
එක්තරා දවසක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා වන්දනා කරලා අසා සිටිනවා,
"භාග්‍යවතුන් වහන්ස, ඇබ්බැහි වෙනවා කියල කියනවා. මොකද්ද ඇබ්බැහි වෙනවා කියල කියන්නෙ?"
ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා,
"භික්ෂුව, යම්කිසි කෙනෙක් යම් කාරණාවක් ඒකාකාරී විදියට කාලයක් තිස්සේ පුරුදු කරන්න වුනාම පසුතාලීනව ඒ කෙනාට ඒ කියපු කාරණාව නොකර බැරි තැනකට හිත පත් වෙන්න පුළුවන්. ඒ වෙනකොට මුලදි ඒ කියන කාරණාව ඒ තැනැත්තා උවමනාවෙන් කලා වුනාට පසුකාලීනව ඒ කියන කාරණාව ඒ තැනැත්තා යට කරල දාන්න, නැත්තම් පාලනය කරන තැනට පත් වෙලා තියෙන්න පුළුවන්. අන්න එහෙම වුනාම කියනවා ඇබ්බැහි වනවා කියල."
"එසේය භාග්‍යවතුන් වහන්ස, මට තවත් ප්‍රශ්නයක් අහන්න අවසරයි. ඇබ්බැහි වීමකින් නිදහස් වෙන්නෙ කොහොමද?"
බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මෙහෙම උත්තර දෙනවා.
"භික්ෂුව, හිතමයි හැම දෙයකටම මූලිකත්වය ගන්නෙ. හිතින් හිතලමයි ඕනෑම දෙයක් ක්‍රියාත්මක කරන්නෙ. කාලයක් තිස්සේ හිතන, වැඩිපුර පුරුදු කරන දේ පැත්තට හිත නැඹුරු වෙනව. ඒ දේ හොඳද නරකද කියන එක හිත පැත්තෙන් ගත්තම හිතට කාරණාවක් නෙමෙයි.
ඉතින් අපි හිතින් හිතලා හොඳ දෙයක් කාලයක් තිස්සෙ පුරුදු කරන්නත් පුළුවන්, නරක දෙයක් කාලයක් තිස්සෙ පුරුදු කරන්නත් පුළුවන්. හොඳ දේ කියන්නේ තමන්ට යහපත ගෙනැල්ල දෙන අනික් අයට යහපත ගෙනැල්ල දෙන පොදුවේ ගත්තම තමන්ට සහ අනික් අයට කියන මේ දෙපිරිසටම යහපත ගෙනැල්ල දෙන, දුකක ඉන්නව නම් ඒ දුකෙන් නිදහස් කරවන, ශාන්තියක් සැපතක් උදා කරල දෙන කාරණාවලටයි.
අයහපත කියල කියල කියන්නේ, නරක කියල කියන්නේ තමන්ට අයහපත කැන්දන, අනික් අයට අයහපත කැන්දන, තමන්ට සහ අනික් අයට කියන මේ දෙගොල්ලන්ටම අයහපතක් කැන්දන, දුකකට ඇදල දාන, සැපත හෝ යහපත කියල කියන ශාන්තියෙන් ඈත් කරවන, බැහැර කරවන, කාරණාවකටයි.
ඉතින් යම්කිසි කෙනෙක් යම් කාරණාවක් කාලයක් තිස්සේ පුරුදු කරපුවහම, ඒ පුරුදු කරන දේ තමන්ට සහ අනික් අයට යහපතක් නම් කරල දෙන්නෙ එවන් වූ ඇබ්බැහි තිබුනාට කම් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් ඒ පුරුදු කරන කාරණාවල් කාලයක් යනකොට තමන්ටත් අනික් අයටත් කියන මේ හැමෝටම කරදරයක් කරල දෙනව නම්, අන්න ඒ කාරණාව හොඳට තේරුම් අරගෙන, ඒ කාරණාවෙන් නිදහස් වෙන විදියට බිඳෙන් බිඳ හිත යහපත පැත්තට හසුරුවන්න ඕන. හිතට යහපත කියල කියන්නෙ මේකයි කියල කියල දෙන්න ඕන. සිත කය වචනය කියන තුන් දොර යහපත පැත්තට හසුරුවන්න ඕන. අන්න එතකොට ඇබ්බැහි වීමෙන් නිදහස් වෙන්න පුළුවන්."
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
Bhavana Instructions to overcome addiction
No (3). (Bhavana Instructions to overcome addiction).
One day in the long past ,during Lord Buddha’s period a (Ven) Monk approached Lord Buddha , Worshipped the Lord , Settled down and questioned with respect as to what ADDICTION meant and how to overcome addiction .
Then Lord Buddha replied as Dear Monk! When one keeps repeatedly practising the same action Mentally, Physically, or Verbally,( Sita , Kaya, Vachanaya ) becomes an unavoidable habbit and it is known as Addiction, which means that one becomes a slave to the situation processively led by the mind. The second question the monk asked the Lord (with respect ) was the path to the cessation of Addiction.
Lord Buddha replied as “ Dear Monk it is that when the mind repeatedly thinks of the same thing for a long period the mind gets attached to the thought and whether the attached thought process is right or wrong is not the responsibility of the mind as the mind is only a processive leader. So one can keep practising either good or bad both the same way.
Practising a Good deed means that it brings Wellness & Welfare to oneself and others. Also gives realizational relief to Dukkha in many ways such as preached by Lord Buddha namely Dukkha Dukkhata(Suffering as Pain), Sankara Dukkhata(suffering inherit in the formation), & Viparinama Dukkhata(Suffering in Change).
What is meant by a Bad thought Process is Bringing unhappiness to oneself & Others meaning as Dissatisfaction.
This particular Addiction committes dissatisfaction to oneself & Others.
Therefore the answer to the Monk’s question was to be mindfully converted one’ S thoughts to a peaceful state of Mental, Body, and Verbal practise.( Sita Kaya Vachanaya)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිළිගත යුත්තේ කාගේ ඉගැන්වීමද?
කුසිනාරාවේ සාල වනෝද්‍යානයේ රැහැයියන්ගේ නදට එකතු වෙච්ච බිංකරුවලෙන් වැහීගෙන ගිහිල්ල තිබුන. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසෙන්ම පිරිවරාගත්ත, පරිනිර්වාණ මංචකයේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට, වෙසක් සඳේ කිරණින් රන්වන් පැහැති ආලෝකයක් ගෙනැල්ල දුන්න.
ආනන්ද හාමුදුරුවෝ තමන් වහන්සේගේ දුක දරාගන්න බැරුව ඉකි ගහ ගහ පැත්තකින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පිරිස අමතල ආරාධනාවක් කරනව කාට හරි ප්‍රශ්ණයක් අහන්න තියනව නම් දැන් අහන්න කියල.
මේ වෙලාවෙ ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ල වන්දනා කරල ප්‍රශ්ණයක් අහන්ට අවසර ඉල්ලනව. ආනන්ද හාමුදුරුවෝ ඒක වළක්වන්න උත්සාහ කලත් බුදුරජාණන් වහන්සේ අවසරය දෙනව. ඒ හාමුදුරුවො කියා හිටිනව එතකොට,
"තථාගත බුදුරජාණන් වහන්ස, මම නවකයෙක්. බුද්ධ ශාසනය ගැන අළුතෙන් දැනගන්න කෙනෙක්. අළුතෙන් ඉගෙන ගන්න කෙනෙක්. හැබැයි ගොඩක් ශාස්තෘවරු කියනව, ගොඩක් ආගමික නායකයො කියනව, ගොඩක් අය කියනව, ඒගොල්ලන්ගෙ දේශනාව තමයි නිවැරදි කියල. ඒගොල්ලන්ගෙ ධර්මය තමයි හරි කියල කියනව. ඒගොල්ලො දේශනා කරන දහම තමයි හරි කියල කියනව. කාගේ ධර්මයද මම පිළිගන්නෙ? කාගේ ධර්මයද අපි හරි කියල පිළිගත යුත්තේ?"
කියල ප්‍රශ්ණයක් අහනව. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙදි දේශනා කරනවා,
"ඇවැත්නි, කවුරු හරි දේශනාවක් කරනව නම්, ඒක අහගෙන ඉන්න රුචි නම්, අහගෙන ඉන්ට ඕන. ඒ අහගෙන ඉන්න දේශනාවෙදි තම තමන් තුල නැති රාගයක් ඇති වෙනවා නම්, තියන රාගය වැඩි වෙනවා නම් ඒක නිවැරදි දහමක් හැටියට දරන්න නරකයි.
තමන් තුල නැති තරහක් ඇති වෙනවා නම්, තියෙන තරහක් වඩා වර්ධනට වෙනවා නම්, එවන් වූ දහමක් නිවැරදි දහමක් හැටියට දරන්න නරකයි.
තමන් තුල නැති මෝහයක් මුලාවක් ඇති වෙනව නම් තමන් තුල තියෙන මුලාවක් වැඩිදියුණු වෙනවා නම් එවන් වූ දහමක් යහපත් ධර්මයක් හැටියට දරන්ට නරකයි.
ඒ වගේමයි, කවුරු හරි දේශනා කරල දෙන ධර්මයක, දේශනාවක, තමන් තුල තියන රාගය නිදහස් කරන හැටි ගැන කියල දෙනව නම්, තමන් තුල තියන ද්වේශය නිදහස් කරන හැටි ගැන කියල දෙනව නම්, තමන් තුල තියන මෝහය නිදහස් කරන හැටි ගැන කියල දෙනව නම්, එවන් වූ දහමක් යහපත් දහමක් හැටියට දරන්ට හොඳයි."
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
Whose Teaching Should be Accepted ?
No 4.
Arunalle Daham Sisila ( peaceful Dhamma In A Beautiful Morning)
Whose Teaching Should be Accepted ?. ( Mindful Meditation).
In the city of Kusinara the forest namely Upawarthana Sala Wana Udyanaya,was covered with songs of a particular kind of birds called Sahayiya, singing in complete darkness in the surroundings.
Lord Buddha’s Prinirvana Manchakaya or the most respectable bed on which the Lord attained Anu-Padi-Sesa Nibbana.,was surrounded by 4 kinds of followers of the Lord namely Bikkhu, Bikshuni, Upasaka, Upasika.
The most worthy of worshipping body of Lord Buddha was shining with golden rays of the Wesak Full Moon.
When Great Ven Ananda was weeping beyond Sorrow on the bed side of the Great Lord , The Great Lord requested the surrounding crowd to ask questions if needed.
At this stage one monk having come near the Lord respectfully worshipped requesting a question.
Although the most Ven Ananada tried to stop the questioning Lord Buddha gave permission to ask questions.
The monk as mentioned above started saying “ With respect Great Lord I am a novice to the Buddhist Doctrine. But having heard other religious doctrines their lords say they are the correct doctrines. Great Lord Whose Dhamma can I follow?” “Then Lord Buddha replied Dear friend if anyone at all sermonizes a sermon You must listen if you like listening to it. “ While listening to this particular sermon if you develop Greed ( Raga) or attachment that was not in your mind before or if your Greed(Raga) that you already have is expanding then that doctrine cannot be correctly accepted. Also in the same way if you are incorporating Anger that was not there in you before,and increasing the Anger that you already have in you in listening to a doctrine is also not suitable for acceptance. In addition if you are embracing ignorance from externally and developing more the ignorance in you by listening to a doctrine is truly unsuitable.
In the same way in any doctrine you hear is heard as cessation of (Raga) Greed or attachment , Cessation of Anger, or Cessation of ignorance should be accepted with Will and Wish. Jinam Wandama Gotamang.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
බොදු පිළිවෙතින් දියුණු වන්නට නම්
තායිලන්තයේ එක ගමක තරුණ පිරිසක් හිටියා. ඒගොල්ලො රැකියා කරන අය. නමුත් ඒ තරමටම දියුණු වෙන්න බැරිවුන අය උනා.
මේ ගොල්ලො දවසක් එකතු වෙලා කතා කරනවලු
"අපි මේ ධනවත් වෙන විදිහ දියුණු වෙන විදිහ ඉගෙන ගන්න ඕන"
කියල. ඊට පස්සෙ මේ ගොල්ලො තීරණය කරනවා ඒගොල්ලොන්ගෙ ගම කිට්ටුව වනාන්තරේ ගල්ගුහාවක වැඩ ඉන්න භාවනායෝගී ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන අහන්න ඕන කියල. කතා කරගත්ත එක්තරා දිනයක මේ දරුවො කීපදෙනා අර වනාන්තරයට පැමිණිලා ස්වාමීන් වහන්සේට වන්දනා කරල අහනවලු,
"හාමුදුරුවනේ අපි ඔක්කොම රැකියා කරන අය. වේතන ගන්න අය. ඒත් ඒ මුදල නිස්කාරණේ වියදම් වෙනවා. අපිට තේරෙන විදිහේ විශේෂ දියුණුවක් නම් තාම නැහැ. අපි කැමතියි දියුණු වෙන්න. අපි කැමතියි ධනවත් වෙන්න. අපිට ඒ ක්‍රමය කියල දෙන්න"
කියල ඉල්ලා සිටිනවා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවලු,
"ධර්මානුකූල විදිහට හරි හම්බ කරන ධනය කොටස් හතරකට කඩන්න. එක කොටසක් විතරක් ආහාර සඳහා වෙන් කරල තියන්න. තවත් කොටස් දෙකක් විතරක් එදිනෙදා වියදමට තියා ගන්න. අනික් කොටස හදිසි උවමනාවකදි ප්‍රයෝජනයට ගන්න ඉතුරු කරන්න"
කියල උපදෙස් දෙනව.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
Buddhist Way of Prosperity
No5) (Bodu Piliwathin Diunuwannata ).
(Buddhist Way of Prosperity). A true Happening.
In a certain village in Thailand a young crowd of people with reasonable jobs for their own support could not prosper much. One day they got together to discuss a way of leading to prosperity.
Then they decided that they should approach the Buddhist Monk living in the forest in a rock cave near to their village.
After a few days time these young children approached the monk in the forest , worshipped and asked in respect.
“ Dear Monk with respect We all have jobs and earn our own wages . But our earnings get spent for no good reason””To our understanding we haven no savings as yet”.
“We like to prosper and become rich . With respect we like to learn from your Worthyself how to become rich “.
The monk replied that people who earn wages reasonably, According to Dhamma ( In Buddhist Way of Life) can be divided into 4 parts , out of which one part can be used for food , two parts can be used for daily expenses and the fourth part can be saved for emergencies in life.
This was the Monk’s advise to the young crowd of Ur people.
May All be well & Hsppy
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
නිසල සිත
භාවනාවේ වඩාත්ම අභියෝගාත්මක කොටසට ගොඩක් වෙලාවට කියන්නේ මනසේ නොපෙනෙන පැත්ත, නැතිනම් අඳුරු පැත්ත කියලයි. මේවා මෙතෙක් කල් ඉහළට ආපු නැති, අපේම චිත්ත අභ්‍යන්තරයේ, නැතිනම් යටි සිතේ පමණක්ම ඇති වෙච්ච, සිතුවිලි හරි දවල් හීන හරි වෙන්න පුළුවන්.
ඒවා සමහර වෙලාවට උද්යෝගිමත් සිතිවිලි වගේම ප්‍රචන්ඩකාරී මෙන්ම පළිගැනීමේ හෝ අතිශයෙන්ම දුක්ඛිත මතකයන්ගෙන් ද පිරිල තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි එවැනි වූ සිතිවිලි අපේ සිත තුළ පහළ නොවිය යුතු බවක් අපි තරයේම විශ්වාස කරන දෙයක්.
සිතක නැඟෙන මේ ආකාර සිතුවිලි සම්පූර්ණයෙන්ම ස්වාභාවික වෙනව වගේම, පැහැදිලිවටම ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම ද අනවශ්‍යම කාරණාවක්. ඒ කොහොම වුනත් තියන ප්‍රශ්ණය මෙන්න මේකයි. අපි භාවනා කරන්න පටන් ගත්තට පස්සෙ ඒවා නිතර නිතර ඉස්මතු වෙන්නෙ ඇයි?
හේතුව මෙන්න මේකයි.
සාමාන්‍යයෙන් අපි අපේ එදිනෙදා දවස ගත කරන්නේ, ඔය කියාපු අකමැති වූ සිතුවිලි පුරුද්දට හෝ උවමනාවෙන්ම පාලනය කරන්න, නැතිනම් ඒවාට අවහිර කරන්න මනසට බල කරමිනුයි. අපි ඒවා පුරුද්දක් හැටියට අවහිර කරනකොට, අපි තුල එහෙම දෙයක් සිදුවන බව පවා අපට ඇඟවෙන්නේවත් නැහැ. අපි අපේ හීන ලෝකේ අතරමං වෙලා හුදෙක් කැමති අකමැති විදිහට කල්පනා කරාවි.
නමුත් අපි සිතුවිලි හිතාමතාම අවහිර කරනකොට අපිට ඒ සිතුවිලි පැහැදිලිව පෙනුනට, එවැනි සිතුවිලිවලින් පුද්ගලයෙකු හැටියට අපි ගැන මවාපාන චිත්‍රයට බයෙන් හෝ අකමැත්තෙන් අපි ඒවාට විරුද්ධ වෙනවා විය හැකියි.
භාවනාවේදී සිතුවිලි ගැන කියාදෙන උපදේශය වන්නේ,
මම හිතනවද?
මට හිතෙනවද? කියල බලන්නයි.
එනම් සිතුවිලි ඇතිවීම යනු තමන්ගේ උවමනාවට සිදුවන්නක්ද නැත්ද යන්න සොයා බැලීමයි. එම නිසා ඒවා හඳුනා ගැනීමට හොඳ හෝ නරක වශයෙන් විනිශ්චය කිරීමක් අවශ්‍ය වන්නේ නැත.
භාවනාව තුලින් සිතුවිලි වඩාත් පැහැදිලිව දකින නිසා අපි අපේම මනසට වැඩි ඉඩක් නිර්මාණය කරල දෙනව. ඒකෙ තේරුම සිතුවිලි වැඩි කරනවා කියන එක නෙවෙයි. නමුත් තියෙන සිතුවිලි අපිට වඩාත්ම පැහැදිලිව පෙනෙනවා කියන එකයි. ඒ වගේම හුදෙක් සිතුවිලිවලින් විතරක් පහත්, බිහිසුනු, දඟකාර හෝ නරක පුද්ගලයෙකු බවට ඔබව පත් කල නොහැකි බව ඔබටම පෙනී යාවි.
සිතේ පැන නඟින සිතුවිලිවලට ඇතිවීමට සහ යාමට ඉඩ සැලසීමෙන්, මනස සමඟ සැහැල්ලුවෙන් සිටීමේ වෑයම තුලින්, අප අපේම මනසේ නිසලබව සොයා ගනිමු.
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Quiet Mind
(No 6 )
(Aranalle Dhamma Sisila)Peaceful Dhamma on a Beautiful morning ).
Quiet Mind (Mindfulness) ( Bhavana Instructions).
The most prominent feature in meditation is known as the dark side of the mind.Sometimes this can be due to the thoughts processively roaming in the subconscious mind.or it can be noted as day dreaming .
This thought process can be classified as important, Angry, revengeful ,or else can be sorrowful in various ways.
In the same way we believe for certain that we should not entertain such thoughts as mentioned above.
It is natural that the above mentioned thoughts can haunt our minds processively . But we should always try not to entertain an above mentioned thought process. What ever it is the question is as follows:-
“ When we start our meditation programmes why do those unwanted thoughts often bother us?”The reply is that our normal life style is with or without effort to restrain the unwanted thoughts & when we restrain such thoughts we may not even know or do not show others that we deal with them at the present moment. But we might get sunk in our dreamworld and think only as likeable and dislikeable thoughts fearing the gravity of it internally.
In Meditation the Meditative instruction is as follows:-
It is to realize whether it is a Me who thinks or whether it is just processive thinking of this thought process.
Due to this above mentioned thought process it is not necessary to have any judgemental assessment of whether the thoughts are good or bad. Because we comprehend the thoughts wisely via meditation ( Sati Sampajanna)Clear Comprehension making more room for the mind to think clearly to understand the thoughts that are already there and not to fill the mind with Poliferations (Prapancha).
In addition you will realize that alone with the thought processive actions and reactions you cannot become a low graded personality , with the already acquired broad processive mind space that the thoughts can find their relaxation leading to mindfulness.
Jinam Wandami Gotamang ( I worship Gothama the Victor)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
යමක් ඔබගේ නොවන්නේද?
එය අතහරින්න
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තනිවම වනාන්තරයක ගල්ගුහාවක වැඩහිටපු කාලයේ, ඒ සමීප ගමේ වාසය කරපු එක උපාසක කෙනෙක්ට බුදුරජාණන් වහන්සේව දකින්න යන්න කියල අදහසක් පහළ වෙනව. කවදත් බුදුරජාණන් වහන්සේව දකින්න යනකොට මල් මිටක් අරගෙන යන එක අපේ සංස්කෘතිය නිසා මේ උපාසකත් මොකද කලේ, මල් මිටි දෙකක් නෙලාගෙන අත් දෙකෙන් ඒක අරගෙන අර කැලේට ඇතුළු වුනා. තථාගතයන් වහන්සේගේ ආසන්නයට යනකොට, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තිබ්බ ආසනයක වැඩ ඉන්නව. මේ උපාසක මහත්තය දැකල,
"අතහරින්න"
කියල දේශනා කරනව.
ඒ වෙලාවෙ මේ උපාසක හිතනවලු,
"මම මේ මල්මිටි දෙක ගෙනාවට එකක් වම් අතේනෙ තියෙන්නෙ. වම් අතින් යමක් පූජ කරන එක හොඳ නැහැ කියල මමත් අහල තියෙනව. ඒක හින්ද වෙන්න ඇති මේ කියන්න ඇත්තෙ"
කියල වම් අතේ තිබ්බ මල්මිට අයින් කරල දාල එනවලු.
එහෙම වුනාම බුදුරජාණන් වහන්සේ නැවතත් වතාවක් කියනවලු
"අතහරින්න"
කියල. එතකොට මේ දායක කෙනා හිතනවලු,
"එහෙම නම් මල් ගෙනියන එකට බුදුරජාණන් වහන්සේ මනාප නැතුව ඇති. මම එහෙම නම් මේකත් අයින් කරනව"
කියල මේ අනිත් මල් මිටත් අයින් කරනව. එහෙම කරල බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ල වන්දනා කරල පැත්තකින් වාඩි වුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව,
"මම අතහරින්න කියල කිවුවේ මල්මිටි දෙක නෙවෙයි. අතහරින්න කියල කිවුවෙ වෙන දෙයක්. මෙහාට එන බොහෝම පිරිස් මල් අරගෙන එනවා. වන්දනා කරනවා. කියන දේ අහගෙන ඉන්නවා. ආපස්සට යනවා. හැබැයි ප්‍රඥාවන්තයෙකු ආශ්‍රය කරනව කියන්නෙ මොකද්ද? කියල තේරුම් අරගෙන නෙවෙයි බොහෝ පිරිසක් පිටවෙලා යන්නෙ. තථාගතයන් වහන්සේ කියන්නෙ කව්ද? ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙ මොකද්ද? කියල තේරුම් අරගෙන නෙවෙයි ගොඩක් දෙනෙක් පිටවෙලා යන්නෙ."
අද මේ කිවුව දේ ඔබත් තේරුම් ගත්තේ නැති නම්, ඔබටත් ධර්ම මාර්ගය තේරුම් ගැනීමේ ඉඩ ඇහිරෙන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතයට නව මානයක් නව අර්ථයක් එකතු කරන්න අවශ්‍ය නම්, අනිවාර්යයෙන්ම 'අතහැරල' දාන්න ඕන.
'අතහරිනව' කියල කිව්වහම ඔබට තේරෙන්නේ, ඔබේ රැකියාව හෝ පවුල හෝ වෙනත් බාහිර හරි අභ්‍යන්තර හරි දෙයක් හැටියට නම්, ඒක නෙවෙයි මේ කියල දෙන 'අතහැරීම.'
බුද්ධ ශාසනයෙන් කියල දෙන අතහැරීම කියල කියන්නේ, මේ මොහොතේ ඔබ මම හැටියට හඳුනාගෙන තියෙන මගේ හැටියට තියාගෙන තියෙන, සිතිවිලි, හැඟීම්, අදහස්, විශ්වාසයන්,මතවාද හා උවමනා එපාකම්. අන්න ඒවයි අතහරින්න කියල කියන්නෙ.
ඔය විදියට මමත්වයෙන් තියාගෙන ඉන්න හැම දෙයක්ම ලස්සනට ආකර්ශණීයව තියනවා කියල පෙනුනට, කිසිම කිසි හරයක් නැහැ. ඒවගේ දේවල් අතහරින්නෙ නැතිනම්, අළුත් ජීවිතයක් අළුත් හැකියාවක් තියන අළුත් ලෝකයක් ඔබට හොයාගන්න වෙන්නෙ නැහැ. ඔබ මමත්වයෙන් ගත්ත මේ පැරණි අදහස්ම අමතර දේවල් වලින් ආටෝප කරල, ලස්සන කරල, අනාගතයක් හදන්න උත්සාහ කරනව නම්, ඒකෙන් තමන්ට උදව්වක් වෙනවට වඩා තමන්ට අයහපතක්මයි වෙන්නෙ.
නමුත් අතහරින්න කියල කියපු ඉක්මණට ඔබට අතහරින්නටත් තේරෙන්නෙ නැහැ. ඒ දේ අතහරින තැනට ගෙනියන්න ක්‍රම උපායක් තියනව. ආන්න ඒ ක්‍රම උපාය පුරුදු කරල නිදහස භුක්ති විඳින්න පුළුවන්.
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Letting Go
(No 07 )
Peaceful Dhamma in a beautiful morning (Arunalle Daham Sisila)
(Letting Go. ) Bhavana Instructions. Mindfulness Meditation.
When ,With the most worthy of Metta , our Lord The Buddha was living in contentment in a forest cave, a follower of the Lord ( Upasaka),residing in the adjoining village decided to visit the Lord.
As it is of a worthy respectful tradition that people take a bunch of flowers to offer the Lord on visiting , the above mentioned follower of the Buddha entered the so called forest with two bunches of flowers in both hands.
Having reached the Lord Buddha the follower of the Buddha (Upasaka) saw him seated in front of him.
Having sighted the Upasaka , Lord Buddha the preached the words “LET GO” (Athaharinna).
At that time this follower of the Lord (Upasaka) , having thought that it was not good to offer something with the left hand “thus I have heard before” he said to himself and that is why the Lord said “ Let go” and he kept aside the bunch of flowers from his left hand. But the Lord Buddha again said “Let go”. Then the follower of the lord thought that it was not suitable to take flowers to the Lord and he kept aside the other bunch of flowers too.
Now having kept aside the flowers the Upasaka went to Lord Buddha, Worshipped him and having sat aside ,Lord Buddha preached that “What I told you to let go were not the flowers but something else and it was that many people who come here bring flowers ,listen to me and go back but they do not comprehend the meaning of associating a wise person. “
“ Most people do not know who a BUDDHA is and does not understand what A BUDDHA preaches.”
“If you also do not understand what I preach today you also might block your path to realizing Dhamma.
“If You want to get introduced to a New future and a New meaning to your life you have to “Let Go”(Atha Hareema).
“Lord Buddha said “ Letting Go in Buddhism as a philosophy is not to leave your job or your family or any other internal or external phenomena ,but at the moment what you have recognized as YOU,ME,MINE,My thoughts,My Sesations,My Ideas , My Beliefs,Wanting and Not wanting , have to be LET GONE.. The Lord also said “ that in the above mentioned way everything that’s is beautiful and attractive and VICE VERSA are superficial “.
“ If you do not let go the above mentioned ideation of superficiality you will not be able to find the reality or a new world.
From the ideations of superficiality achieved from the past if you are trying to build up the future’s fake world it will only bring you a disastrous existence “. But you may not understand the path leading to letting go All at once which isMeditation of Mindfulness (The topic of this Deshana) and via practising this meditation you will be able to enjoy Spiritual Joy (Niramisa Preethiya).
The path in Dhamma leading to Nibbana
Jinam Wandami Gotamang (I Worship Gotama The Great Lord
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිරිනිවුන ඒ රහත් මුනිවරු
අවවාද අනුශාසනා දීම කවදත් සිදු වන දෙයක්. ඒ වගේමයි ඒ අවවාද අනුශාසනා කා අතරත් ගෞරවාදරයට පාත්‍ර වෙන දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ඔය අවවාද අනුශාසනාවල පැති දෙකක් තියනවා.
රාග දෝස මෝහ ඇති කෙනෙක් දෙන අවවාදයකත්, රාග දෝස මෝහවලින් නිදහස් වෙච්ච උතුමෙක් දෙන අවවාදයකත් මහ විසාල පරතරයක් තියනවා. රාග දෝස මෝහ ඇති අය දෙන අවවාදවලින් සමාජය මොන විදිහේ දෙයක් බවට පරිවර්තනය වෙලා තියනවද කියලා උදාහරණ අපිට ඕන තරම් ගන්න පුළුවනි. නමුත් රාග දෝස මෝහවලින් නිදහස් වෙච්ච උතුමෙක්ගේ අවවාද අනුශාසනාවක තියන සාරය අපිට ලබා ගන්න හම්බ වෙන්නෙ බොහෝම කලාතුරකින්.
ඒ වගේ අවස්ථාවක් සැලසුනු සිද්ධියක් සූත්‍ර පිටකයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලයේ, තථාගතයන් වහන්සේ සිවුරු පොරවල, පාත්තරෙත් අරගෙන, එක්තරා ගිහි උපාසක මහත්තයෙක්ගෙ ගෙදරකට පිණ්ඩපාතෙට වඩිනවා. ඉතින් ඒ උපාසක මහත්තය මොකද කලේ? තමන්ගෙ ගෙදර තිබ්බ ඒ ආහාර ද්‍රව්‍යවලින් පාත්තරේ පුරවනව. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිළි අරගෙන, ආපහු වැඩම කරල, දානය වළඳන්න ඇති. දෙවෙනි දවසෙදිත් මේ විදියටම බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. දෙවෙනි දවසෙදිත් මේ උපාසක මහත්තයා ඒ විදියටම දානය පූජ කරනවා.
තුන්වෙනි දවසෙදිත් බුදුරජාණන් වහන්සේ මේ විදියට වැඩම කරනවා. තුන්වෙනි දවසෙදිත් මේ උපාසක මහත්තයා සුපුරුදු පරිදි දානය පිළිගන්වලා එදා එයාගෙ හඬ අවදි කරනවා. එයා නිකං ඔච්චමට වගේ බුදුරජාණන් වහන්සේට "රසයට ගිජු වෙච්ච බුදුන් නැවත නැවත වඩිනවා" කියල කිවුවලු.
මේ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හඬ අවදි කරල මෙන්න මෙහෙම දේශනා කරනවා.
"ගොවියෝ නැවත නැවත කෙත් වතු අස්වද්දනව. නැවත නැවත බීජ වපුරනව. වැස්ස නැවත නැවත වහිනව. ධාන්‍ය නැවත නැවත එකතු වෙලා රට සාරවත් වෙනව. යාචකයෝ නැවත නැවත ඉල්ලනව. දන් දෙන්නට කැමති අය නැවත නැවත දන් දෙනව. දානපතියෝ නැවත නැවත දන් දීල සුගතියට පැමිණෙනව. කිරි දොවන්නෝ නැවත නැවත කිරි දොවනව. වහු පැටවු බඩගිනි වුනහම නැවත නැවත මව කරාම එනව.
පුහුදුන් ලෝකයා නැවත නැවත කම්පාවට පත් වෙනව. ක්ලාන්ත වෙනව. යහපත නොදන්නා වූ කෙනා, සැප දුක් දෙකට ඇලිලා නැවත නැවත ඉපදීමක්ම ප්‍රාර්ථනා කරනව. නැවත නැවත ඉපදෙනව. නැවත නැවත මව් කුසකට පැමිණෙනව. ලෝක සත්ත්වයා නැවත නැවත ඉපදෙනව. නැවත නැවත මියැදෙනව. නැවත නැවත සොහොනට අරන් යනව. නමුත් සැප දුක් දෙකෙහි නොඇලෙන නුවණැත්තා නැවත නැවත ඉපදීම නතර කරනව."
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
LORDS WORTHY OF PERFECTION (ARAHANTS)IN NIBBANA.
No8
(Arunalle Daham Sisila).
Peaceful Dhamma in a Beautiful Morning.
Mindful Meditation LORDS WORTHY OF PERFECTION (ARAHANTS)IN NIBBANA.
Dhamma (Phylosophical) Advise & Sermons (Deshana) are a daily occurrence.
At the same time these above mentioned occurrences could be subjected to the great respect of people.But there are two sides to these Dhamma advises and Deshanas(Sermons).
There is a big difference between the adviser with the craving, anger and ignorance (Raga, Dwesha,Moha)embedded in him, and the great adviser without having Craving, Anger, and Ignorance.
We have enough and ample examples of disasters in the society which got corrupted advises given by people with Craving, Anger and Ignorance habitually owned by them.
As such we are rarely fortunate in getting the effect of the untainted phenomena which are Non Craving, Non Anger, and Non Ignorance (wisdom).
In the Sutta Pitaka (Basket of Discourse) there appears an incident of such nature in hearing an untainted phenomena.
In the ancient past when Lord Buddha was residing in a certain temple. The worthy lord having got ready with robes and the bowl went with respect to a follower’s (Upasaka)house for Alms.
The (Upasaka) follower of the Lord Buddha filled the Alms bowl of the Lord with all kinds of healthy foods .The Lord having gone back to the temple would have consumed the food from the bowl of Alms.
Consequently on second and third days also the Lord having gone to the same house was respectfully offered with bowls full of Alms. On the third day the (Upasaka) having opened up and said”With Craving for the delicious food the Lord kept coming to my house for food”. The Great Lord replied as such that “ The farmers keep cultivating the food(Food scaping) , repeatedly, the rain falls processively then the resultant crop makes the country prosperous with food .” “ People in need asks for food , and then the giver repeatedly gives food,and such generous givers get rebecome (reborn) in good places (Heavenly Realms inclusive).” “Then the Lord says that the peole who extract milk from cows repeatedly extract milk, but the calves ( young cows or bulls) continuously come to their mother for milk.”
“ The Lord also says that the nature of the peole is continuous stress and sometimes even collapse.
In addition the person who does not know what kindness is misled with attachment leading to sorrow processively ends up with rebirth . Therefore what one usually gets is birth death & a trip to the cemetery.
But the wise people not attached to craving and not leading to sorrow cease rebecoming (Rebirth) with mindfulness and Sati Sampajanna (Clear Comprehension).
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
මානෙල් මලෙන් උපන් අහිංසකාවිය
උපුලී වයස නොපෙනෙන තරමේ ඉතාම රූපසම්පන්න කාන්තාවක්. එක දවසක් බොහෝම තරුණ සිටුවරයෙක් මෙයාට විවාහ යෝජනාවක් ගේනවා. උපුලිටත් තමන්ගෙ ජීවිතේ වෙන සැලැස්මක් තිබ්බෙ නැති හින්දා මේකට කැමති වෙනව.
හැබැයි උපුලිගෙ රූපසම්පන්නභාවය තිබ්බට උපුලිට ගොඩක් වයසයි. ඒක හින්ද එයාට දරුවො හදන්න බැහැ. මේක හින්දම ඒ සිටුවරය ටිකක් කනස්සල්ලෙන් ඉන්නව. කාලයක් යනකොට දුර ඈත ප්‍රදේශයක ගමනකදි, සිටුවරයට දකින්න ලැබනව උපුලි වගේම රූපයක් තියන තවත් කාන්තාවක්. හැබැයි එයා තරුණයි. මේ සිටුවරයා කොහොම හරි උත්සාහ කරලා ඒ කාන්තාව සරණ පාවා ගන්නව.
දැන් උපුලියි ඒ අළුතෙන් ගෙනාපු භාර්යාවයි අර සිටුවරයාගේ නිවසේ වාසය කරනවා. මේ භාර්යාවො දෙන්නා හරීම කිට්ටුයි. හරීම සමීපයි. ඒ දෙන්නට දෙන්න හරීම ආදරෙයි. කවදාවත් කිසීම කිසි විදිහේ ප්‍රශ්නයක් හදා ගත්තෙ නැහැ. කාලයක් යනකොට දෙවනි භාර්යාවට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුනා.
ඒත් එක්කම උපුලී මේ දෙවනි භාර්යාවට ගුරුහරුකම් දෙන්න පටන් ගත්තා. කෑම කන්නෙ මෙහෙමයි, අඳින්න ඕන ඇඳුම් මෙහෙමයි, දඟලන්න හොඳ නෑ, ඕව ගැන කියල දුන්නා. හැබැයි මේ දෙවනි භාර්යාව කෙලිලොල්. ගොඩාක් තරුණයි. ඒව එච්චර ගාණකට ගත්තෙ නෑ. හැබැයි "අක්කන්ඩි අක්කන්ඩි" කිය කිය ළඟට වෙලාම හිටිය.
එක දවසක උපුලි මේ දෙවනි භාර්යාවගෙ හිස පීරන වෙලාවෙ දකිනවා, එයාගෙ හිසේ තියනවා මොකද්දෝ පැල්ලමක්. මෙයා මීට කලිනුත් මේක දැකල තිබුන වුනාට එදා කල්පනා කරනවා මේක ගැන අහන්න ඕන කියල. උපුලි අර දෙවනි භාර්යාවගෙන් අහනවලු
"නැගෙණියනි, මොකද්ද මේ සළකුණ?"
එතකොට දෙවනි භාර්යාව කියනවලු,
"ආ..ඕක අපේ තාත්තනෙ කලේ මම පොඩි කාලෙ."
උපුලි කියනවලු එතකොට,
"ඒ කිවුවෙ මොකද්ද?"
දෙවනි භාර්යාව කියනවලු,
"අක්කන්ඩී, අපේ තාත්ත හරි බොන කෙනෙක්. අපේ අම්ම හරී ලස්සනයි. ඔයා වගේමයි. හරී කරුණාවන්තයි, මට හරී ආදරෙයි. තාත්ත හැමදාම බීල ඇවිල්ල අම්මට ගහනව. එක දවසක් මං නිදාගෙන ඉන්නකොට මට ඇහුන සද්දයක්. තාත්ත මොනව හරි කරදරයක් කරන්න යනව අම්මට. ඒත් එක්කම මගේ ඔළුව රිදෙන්න ගත්තා. පස්සෙ මට නින්ද ගියා. නැගිටල බලනකොට මං හිටියෙ ආච්චිලයි ගෙදර. අම්ම හිටියෙ නෑ. එදයින් පස්සෙ මට මගේ අම්මව දකින්න හම්බ වුනේ නෑ. හැබැයි දැන් ඔයා ඉන්නවනෙ. ඔයා අපේ අම්ම වගේමයි. ඒක හින්ද මට පාළු නෑ"
කියල ඒ දෙවනි භාර්යාව කිවුවලු. මේ කතාව අහගෙන හිටපු උපුලිට ඇඬෙන්න පටන් ගන්නව. මේ දෙන්නගෙම සංවාදය අහගෙන හිටපු සිටුවරයගෙ මෑණියෝ ළඟට ඇවිල්ල කියනවලු,
"ආ..පුතේ ඔහොම තමයි. සමහරක් වෙලාවට ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්නෙ. සමහර අය ඉන්නවනෙ ඒ විදියට කරදර කරන අය නේද? අපි හිතන දේවල් වෙන්නෙ නෑනෙ මේ ලෝකෙ."
කියල එයා කතාවක් කියනවලු,
"අපිත් හිතාගෙන හිටියෙ අපිට දරුවො නැති වෙයි කියලා. ඉතින් එහෙම කියල අපි බාර හාර වුනා පුද පූජාවල් පැවැත්වුවා හැම තැනකටම වගේ. ඔය දුර ඈත ප්‍රදේශයක එක තැනකට ගියාට පස්සෙ ඒගොල්ලො කිව්ව, අසවල් මාර්ගයෙ අසවල් දවසෙ යනකොට පාර අයිනෙ දරුවෙක් ඉදියි, ඒ දරුව ගෙනිහිල්ල හදා ගන්න කියල. ඒ කිවුව වගේම එහෙම එකක් වුනානෙ. අපි ඒ කියන දවසෙ ඒ කියන පාරෙ යනකොට අර කිවුව වගේම දරුවෙක් හිටියනෙ. ඉතින් ඒ දරුවව අරගෙන ගිහිල්ල අපි අපේ දරුවෙක් වගේ හදා ගත්ත. එයා තමා අපේ සිටුවරය. ඔයගොල්ලන්ගෙ හාම්පුතා."
එහෙම කියනකොට උත්පලා ආයෙත් අඬන්න පටන් ගන්නවා. සිටුවරයගේ මෑණියොත් සිටුවරයගෙ දෙවනි භාර්යාවත් හිතන්නේ මේ දුක්ඛිත කතාව අහලා උත්පලාට දුක හිතිල කියලයි. ඒ දෙන්න මෙයාව සනසවන්න හදනකොට ඒ දෙන්නට වඩා කටහඬ අවදි කරල උත්පලා කියනව,
"ඔයගොල්ලො දන්නෙ නෑ මං අඬන්නෙ ඇයි කියල. ඔයගොල්ලො දන්නෙ නෑ මම අඬන හේතුව."
මේ වෙලාවෙදි සිටුවරයගෙ දෙවනි භාර්යාව අහනව උත්පලාගෙන්,
"අක්කන්ඩි මොකද්ද එතකොට කතාව?"
දිග සුසුමක් හෙලපු උත්පලා මෙන්න මෙහෙම කියනව.
"ඔයාගෙ නැති වෙච්ච අම්ම මමයි. මගේ මහත්තය තමයි මට ගැහැව්වෙ. එක දවසක් එයාගෙ අතේ තිබිච්ච පිහියෙන් ගැහැව්ව. ගහනකොට මම ඒ පිහියෙන් බේරෙන්න පැත්තකට වෙනකොට ඒක ඔයාට වැදුන. ඔයාගෙ ඔළුවට වැදුනෙ. මම මහත්තයව තල්ලු කරල දාල ඔයාව රෙද්දකින් ගැට ගහගෙන අපේ අම්මලයි ගෙදර ඇවිල්ල, අම්මට දුවව දීල මං කැලේට පැන්නා. මගේ ජීවිතේ බේරගන්න. එහෙම ඇවිදගෙන ඇවිදගෙන තවත් ගමකට යනකොට ඒ ගමේදි මට තවත් එක්කෙනෙක්ව හම්බ වුනා. මට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුබෙ නැති හින්දා එයා ගෙනාපු යෝජනාවට මම කැමති වෙලා එයාව සරණ පාවා ගත්තා.
ඒ විවාහයෙන් මට දරුවෙක් හම්බ වුනා. ඒ පිරිමි ළමයෙක්. හැබැයි එයත් බොනවා. එයත් මට හරියට කරදර කලා. ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පිරිමි ළමයත් අරගෙන, එයාව වඩාගෙන මං ඒ ගෙදරින් පැනල ගියා. බොහොම දුරක් ඇවිදිනකොට මට හරිම පිපාසයි. දරුවත් හරි බරයි. මම දරුවව පාර අයිනෙ තියල එහා පැත්තෙ තිබ්බ විලට ගියා වතුර ටිකක් අරන් එන්න කියල. වතුර ටිකක් අරගෙන එනකොට දරුව හිටියෙ නෑ ඒ හරියෙ. ඊට පස්සෙ මට මගේ ජීවිතේම එපා වුනා වගේ වුනා. මං තැන් තැන්වල වැඩ කලා. එක එක්කෙනාට බැලමෙහෙවරකං කලා. ඔහොම අවුරුදු පහලොවක් විස්සක් ගියාට පස්සේ ආයෙත් වතාවක් මට මංගල යෝජනාවක් ආව. මං ඒකටත් කැමති වුනා. ඔය කියන හැටියට මම සරණ පාවාගෙන තියෙන්නෙ මගේම පුතාවයි."
මෙහෙම කියපු උත්පලා සිටුවරයගෙ මෑණියො දිහාවට හැරිල කියනවා,
"මට මේ ජීවිතේ ගැන හරී කළකිරීමක් තියෙන්නෙ. කරදර කියන එකේ කෙලවරක් නැහැ. මේ ජීවිතේ කිසිම කිසි ඵලක් නැහැ"
කියල කිවුව. සිටුවරයගෙ මෑණියෝ හොඳ ධාර්මික උපාසිකාවක්. බුදුරජාණන් වහන්සේව නිතර නිතර මුණ ගැහෙන්න යන කාන්තාවක්. මෙයා කියනව උත්පලාට ඔයාට ඕකට විසඳුමක් ගන්න ඕන නම්, අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව. ගිහිල්ල උන් වහන්සේත් එක්ක කතා කරල බලන්න කියල. උත්පලා මේ යෝජනාවට එක පයින් කැමති වෙනවා. ආරණ්‍යයට යනව. බුදුරජාණන් වහන්සේට සම්පූර්ණ කතාව කියනව.
බුදුරජාණන් වහන්සේ කියල දෙනවා සංසාරයේ තියන බරපතලකම. මේ සංසාරයේදී අපිට මවෙක් වෙච්ච, පියෙක් වෙච්ච, අපිට ස්වාමිපුරුෂයෙක් වෙච්ච, දරුවෙක් වෙච්ච, අපිට භාර්යාවක් වෙච්ච, නැගෙණියක් වෙච්ච නැති කෙනෙක් කොහෙන්වත් හොයාගන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ උත්පලාට කියල දෙනව. සංසාර ගමන තුල ජීවත් වෙනවා නම්, සැරිසරනවා නම්, ඔය කියන දුක උරුමයි. නමුත් සංසාරයෙන් නිදහස් වෙන්න, සතර සතිපට්ඨානය වැඩීම තුලින් ඔය කියන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියල උත්පලාට පැහැදිලි කරල දෙනව.
උත්පලා මහණ වෙන්න කැමති වෙනව. 'උත්පලවණ්ණා' හැටියට මහණ දම් පටන් ගන්නව. ටික කාලයකට පස්සේ සද්ධර්මයට අනුව කටයුතු කරලා උතුම් වූ අරහත්වයට පත් වෙච්ච රහත් මෙහෙණින් වහන්සේ නමක් වෙලා සංසාර දුකෙන් අත්මිදෙනවා.
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Innocent Girl born from the Blue lotus
[09]
Peaceful Dhamma in a beautiful morning
(Arunalle Daham Sisila) Mindful Meditation
(The Innocent Girl born from the Blue lotus) (Manel Malin Ipaduna Ahinsakaviya) .
Upuli was an extremely beautiful girl with an unpredictable age limit.
One fine day in the past she got a marriage proposal from a very young Rich banker (Situvaraya). Because Upuli had no other responsibilities in her life she accepted the marriage proposal .
Although she was beautiful she could not have children due to her elderly age. As such the Situvaraya (The Rich Banker) had rather an unsatisfactory life. After a certain period had passed Situvaraya(The Rich banker)happened to meet another girl with similar beautiful looks to Upuli but young. The Rich Banker having tried his best married this young girl . From here onwards the two wives lived a very happy , loving and united life.
As time passed the second wife showed the signs and symptoms of a pregnancy.In addition Upuli the Rich Banker’s first wife began to give Advise to the second wife in accordance with the with the pregnancy , such as what to eat , how to dress and not to be too much busy mentally and physically.
But the second wife was quite playful not caring much of herself , always getting closer to the first wife addressing her”Akkandi , Akkandi” “Sister Sister”. One fine day when Upuli was combing the second wife ‘S hair she saw a peculiar patch on her head. Even though she had seen it before she wanted to know what it was.
The second wife said”Oh sister this was done by my father”. The first wife repeatedly asked what did you say”? Then the second wife answered “ My father was a great drunked , My mother was very beautiful. Just like you. Very kind,She loved me too much. Anyway my father always hit her due to drunkedness”.
“One day when I was asleep I heard a noise , suspected that the father was getting aggressive towards the mother. But unawares at that time my head started to ache following which I fell asleep.
Having woken up in the morning I was found in my Grand mother’s house, but my mother was not there. Ever since then I had not seen my mother. Anyway now you are there ,you are just like my mother .As such I am not lonely “ Such was told by the second wife. Upuli having heard this story processively happened to cry.
such the mother of the Situvaraya (The Rich Banker) having heard this conversation told the two daughters “Oh My Children things like this can happen some people tend to be wicked to others,things do not always happen the way you want.”.And continuing the story “The mother said we also thought we would not have children and made vows and so many offerings. As such once having gone to a far away place the preacher there said that on such and such a day when going along a certain road you will find a little child and to adopt this so called child “. “Having followed the instructions we picked up the child , brought up and made him our own. Such is your Husband (Hamputa)Situvaraya The Rich Banker. “.
Hearing the above mentioned story Uthpala started to cry again. The mother and the other daughter thought that Upuli was continuously sad.
When they were trying to console Upuli she said loudly” You do not know why I am crying You do not know why I am crying “.Then the second wife asked Uthpala”Sister What then is the story”. “Then Uthpala having taken a deep sigh says that Your mother was me and my husband one day hit me with a knife and when trying to save my life the knife accidentally hit your head. Having pushed my husband aside,wrapped You in a cloth came to my mother’s house gave you to her and hid in the woods.Having gone through the forest approaching a village I found another man and as I had no supprt I married him on his request. From that marriage I had a son but as my present man was also a drunked I had to run away with my son. Having gone further away I was very thirsty and the child was also very heavy . I kept the child on a side and crossed to a river across the road and on return with the water my son was lost.
Then I got disgusted of my own life. But I kept working as a servant to all kinds of people . Henceforth after fifteen to twenty years time I gotmarried again to another man to look back it was to my own son.Having explained this Uthpala told the mother that “ The disgust ofthis life is reality for me . Life is full of sorrow and there is no success in this life”.
Then the mother being a great follower of Lord Buddha meeting him with respect regularly told Uthpala to get a solution for her own problems is the one and only way.Uthpala was highly taken up by the decision and met the Lord with respect. Having exposed the whole story to him with respect . The Lord explained the gravity of this Samsaric journey to her saying “there is no one on earth who was
Not , who is not or who will not be each other’s mother,father , child, wife, husband ,brother,sister and so forth. If You are born and entered the Sansaric journey your sole entitlement is nothing but ceaseless sorrow (Dukkha ) in different ways.”
“ But if you want to escape the Sansaric journey , the practise of Vipassana via Sathipattana ( 4 Foundation’s and a second of Mindfulness)have to be practised.
Then Uthpala got a liking to become a Nun and not long after Uthpala entered the path of the Stream Winner as Uppalawanna which after a short period having followed the Dhamma ( The philosophy of the Lord) attained enlightenment (The Arahanthship). Jinam Wandami Gotamang( I worship Gotama the Great Lord)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ශාන්ත මුනිවරයා
බිම්බිසාර කියල කියන්නේ ඉන්දියාවෙ හිටපු බොහෝම බලවත් රජ කෙනෙක්. බෝධිසත්ව අවධියේ සිටම සිද්ධාර්ථ ගෞතමයන්ව හඳුනන මේ රජතුමා, සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවනය කරලා උතුම් වූ සෝතාපන්න භාවයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්.
මේ රජතුමා යටතේ වැඩ කරපු එක්තරා ප්‍රාදේශීය නායකයෙක් හිටියා. එයාගෙ නම පුක්කුසාති. පුක්කුසාතිත් මේ බිම්බිසාර රජ්ජුරුවන්ට බොහෝම කුළුපගයි. හරීම යටහත් පහත්. වෙළඳ කණ්ඩායම් එනකොට නිතර නිතර ඒ ගොල්ලො අතේ තුටු පඬුරු එවන්න අමතක කලේ නැහැ. මේවට පෙරලල තුටු පඬුරක් යවන එක බිම්බිසාර රජ්ජුරුවන්ගෙත් එක්තරා විනෝදාංශයක් වුනා.
හැබැයි ධර්ම ශ්‍රවනය කරලා ආර්ය භාවයට පත් වුනාට පස්සේ, බිම්බිසාර රජ්ජුරුවො කල්පනා කරනවලු, දැන් මම යවන්න ඕන තෑග්ග ඊට වඩා වෙනස් එකක් වෙන්න ඕන කියල. එහෙම හිතල බිම්බිසාර රජ්ජුරුවො කල්පනා කරනවලු, මහා කාලෙකින් මේ ලෝකයට පහළ වෙන, තමන් වහන්සේගේම නුවණින් ධර්මය අවබෝධ කරන, සියළුම ලෝක සත්වයන්ට ඒ කරුණාවේ මාර්ගයේ, ධර්මය පහදල දෙන්න සූදානමක් තියන, ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් වලට එන අරමුණු වලට, ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති, ඒ වගේම මුලා වෙන්නෙත් නැති, සිහියෙන් යුක්තව වාසය කරන, මේ ලෝකේ කාටත් වන්දනාමාන කරන්න පුළුවන්, උතුම් වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන සඳහන් කරල රන්පතක් යවන්න කල්පනා කරනවා.
මේ රන්පත දැකලා පුක්කුසාති රජ්ජුරුවන්ට පුදුමාකාර ශ්‍රද්ධාවක් එනවා. ඒකට හේතුව පෙර ජීවිතයකදී මේ රජතුමාත් බොහෝම වීර්යය වඩලා භාවනා කරපු, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හින්ද. මෙයා වහාම එයාගෙ රාජ්‍යය අයින් කරල, ඔටුන්න ගලවල පැත්තකින් තියල, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරක් වගේ දෙයක් අරගෙන පොරව ගන්නව. පොරවගෙන බිම්බිසාර රජ්ජුරුවන්ගෙ ඒ සඳහනේ තිබ්බ හැටියට, බුදුරජාණන් වහන්සේ කියන කෙනා ඉන්න පැත්තට මෙයාගෙ රට අතෑරල, රාජ්‍යය අතෑරල යන්න පටන් ගන්නව.
දවස් ගාණක් ඇවිදගෙන යනවා. අවසානෙදි එක්තරා ගමක, වළං හදන තැනක් හම්බ වෙනව මෙයාට. රෑ බෝ වෙච්ච හින්ද කල්පනා කරනව, එදා එතන නවතින්න ඕන කියල. ඒ ගෙදර අයිති එක්කෙනාගෙන් ඇහුවට පස්සෙ එයා අවසරය දෙනව. එදාම ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්, කොහේ හෝ ගමනක් වඩින ගමන් හරි මේ කුඹල් ගෙදරටම එනවා. එහෙම වැඩම කරලා ඒ කුඹල්කාරයගෙන් අහනවලු,
"අද රාත්‍රී මට මෙහේ නවාතැන් ගන්න පුළුවන්ද?" කියල.
කුඹල්කාරයත් දන්නෙ නෑ මේ කාටද කතා කරන්නෙ කියල. බුදුරජාණන් වහන්සේට කුඹල්කාරය කියනවලු,
"තව ශ්‍රමණයෙක් ඉන්නවා. එයා කැමති නම් ඔයත් ඉන්න" කියල.
බුදුරජාණන් වහන්සේ ඒ ශාලාවට ගිහිල්ල ඇතුලෙ හිටපු පුක්කුසාති පැවිද්දගෙන් අහනවලු,
"මමත් අද මෙහෙ නතර වුනාට කමක් නැද්ද?" කියල.
පුක්කුසාති අවසරය දෙනව. දැන් බුදුරජාණන් වහන්සේත් මේ පැවිද්දත් නිහඬව භාවනාවේ ඉන්නවලු. රෑ බොහෝ වෙලාවක් දෙදෙනාම භාවනාවේ කල් ගත කරාට පස්සේ, බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවලු, දැන් මේ කෙනාට කතා කරන්න ඕන කියල. තථාගතයන් වහන්සේ හඬ අවදි කරල පුක්කුසාතිගෙන් අහනවලු,
"ඔබ කවුරු වෙනුවෙන්ද පැවිදි වුනේ?" කියල.
මේ කාමරේ හරි අඳුරු කාමරයක් කියලයි සඳහන් වෙන්නේ. එකිනෙකාට එකිනෙකා පේන්නෙ නැතුව ඇති එතකොට. පුක්කුසාති බිම්බිසාර රජ්ජුරුවො එවපු ලියුමෙ තිබිච්ච ඒ සම්පූර්ණ ගුණ ටික කියනවලු.
"ශාක්‍ය කුලයේ ඉපදිච්ච, සිද්ධාර්ථ ගෞතම නමින් මහණ වෙච්ච, 'බුද්ධ' කියල සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච, ඇස කන ආදී ඉන්ද්‍රියන්ගෙ ග්‍රහණයට හසු වෙන්නෙ නැති, ලෝකයෙන් නිදහස් වෙච්ච, තමන් වහන්සේගේම අවබෝධයෙන් ධර්මය අවබෝධ කරපු, ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙනුයි මං පැවිදි වුනේ"
කියල බුදුරජාණන් වහන්සේටම කියනවලු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිගෙන් අහනවලු,
"හොඳයි ඔබට ඒ කෙනාව හම්බ වුනොත් හඳුනගන්න පුළුවන් වෙයිද?" කියල.
පුක්කුසාති කියනවලු,
"මම දැකල නැති හින්ද හඳුන ගන්න බැරි වෙයි" කියල.
ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිට ධර්මය දේශනා කරන්න පටන් ගන්නව.
බුදුරජාණන් වහන්සේ කියල දෙනවා,
"සත්වයාගේ කොටස් හයක් තියනව. පොළවෙ පස් වගේ ඝණ කොටස් තියනව. ඒව පොළවට එකතු වෙච්ච දවසට විනාස වෙලා යනව. අතුරුදහන් වෙලා යනව. ගලන වතුර වගේ තවත් කොටසක් තියනව. ඒව කවද හරි වතුරට එකතු වෙච්ච දවසට නැති වෙලා යනව. නොපෙනී යනව. ගින්දරට අහු වුනාම පිච්චෙන කොටසක් තියනව. ඒව ගින්නට අහු වෙච්ච වෙලාවට ගින්නෙන් දැවිල විනාස වෙලා යන්න පුළුවන්. වාතය වගේ කොටසක් තියනව. ඒව වායුගෝලයට, වාතයට එකතු වුනාම වායුවත් එක්ක ගසාගෙන යනව. අතුරුදහන් වෙනව. ඔය කාරණා අතර හිඩැස් පිරිල තියනව. අවකාශ හැටියට. ඒව අවකාශයට එකතු වුනාම නැති වෙලා යනව. මේ කාරණා ඔක්කෝම එකට ගැට ගහල තියන විඥ්ඥාණයක් තියනව. ඒක මායාවක්. ඒ දේ විවිධාකාර වූ දේවල් මවා පානව.
ලෝකයා ඔය කියන කාරණාවල් හයට ලොල් වෙනව. මනාපය ඇති කර ගන්නව. ඇලෙනව. බැඳෙනව. ඒ ඇලෙන, බැඳෙන, මනාපය ඇති කරගන්න, ලොල් වෙන හින්දා ලෝක සත්ත්වයා සංසාර වූ දුකට පත් වෙනවා. දුක් විඳිනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න ඥාණවන්ත වෙන්න ඕන. ඒ දුකෙන් නිදහස් වෙන්න, අතහරින්න ඉගෙන ගන්න ඕන. ඒ දුකෙන් නිදහස් වෙන්න සත්‍යවාදී වෙන්න ඕන. ඒ දුකෙන් නිදහස් වෙන්න බැහැර කිරීම පුරුදු කරන්න ඕන. නොඇලීම පුරුදු කරන්න ඕන.
ලෝකයා ඔය කියාපු කාරණාවලට ඇලිල ඉන්නෙ, හැඟීමෙන් අල්ලන හින්දයි. හැඟීම නැතිකරපු කෙනාට ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ හැඟීම නැති කරපු කෙනාටයි කියන්නෙ ශාන්ත මුනිවරයා කියල.
මේ දේශනාව අහලා පුක්කුසාති, සංසාර දුකෙන් අත්මිදිච්ච උතුම් වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Peaceful Lord Of Mindfulness
No 10.
( Arunalle Daham Sisila) Peaceful Dhamma in a beautiful Morning.( Mindfulness Meditatiln)
The Peaceful Lord Of Mindfulness.
(Shantha Munivaraya)Bimbisara a powerful king in India. From the period of our Lord Buddha was Buddha to be ( Bodhisatva) also as Prince Siddhartha was well known to King Bimbisara and vise versa.
When Bodisatva became Lord Buddha (Attained Enlightenment). King Bimbisara having listened and absorbed his Dhamma ( the doctrine) attained Stapatti phala as a stream enterer.
King Bimbisara had a faithful District leader ( pradeshiya Nayakaya) called (? Also a king) Pukkusati serving under him. Pukkusati was quite respectful and trustworthy to the King.
Pukkusati habitually kept sending respectfully gifted tokens to King Bimbisara via the Business Groups that went along the kingdom. In return King Bimbisara also enjoyed sending Pukkusati a gift in the same way.
But after King Bimbisara attained Sotapatti a Stream Enterer he was thinking of a different kind of a gift instead to send to Pukkusati.
King Bimbisara was thinking of a(Supermundane Gift worthy of Self attained by the Lord himself and the one and only rare blessing received by the Universe and beyond preaching the four Sublime Abodes ( Metta , Karuna , Mudhita,, Upekkha) leading to neither attachment nor detachment or not subjected to deceit by the six sensual bases of the Sansaric journey ( Eye,Ear, Nose , Tongue, Body and Mind), Mindful Existence, Approachable by Univesal and Beyond , The praise of Reality.)Written on a Slate of Gold to Pukkusati.
Having seen the Gold Slate Pukkusati developed a Greater Faith and Respect towards King Bimbisara.
The reason being that Pukkusati was also a king (May have been an associate king)at the time being the Divisional leader to King Bimbisara. He having been a follower of Kasyapa Buddha practising meditation in a previous birth (and he may have been overwuhelmed with the gold slated messege sent by King fBimbisara ,), left the kingdom and the crown aside , got into a robe (look alike) as Lord Buddha’s ,left the country heading to see Lord Buddha following the instructions of the Gold Slate.
Pukkusati walked endlessly and in the end having reached a certain village decided to sleep in a potter’s house having got permission with difficulty.
That night with respect Lord Buddha also arrived in the same house after a long journey ,having asked permission from the potter not knowing who the lord was the potter said “ That there is another monk also here , Yes You also can stay with him”. Lord Buddha also got permission from Pukkusati and having settled down they both got into silent meditation . After a long period of meditation the Lord asked Pukkusati “ Who is Your follower”?
Then Pukkusati related the whole messege full of ( Budu Guna) The realitlcal messege of the praise of Lord Buddha as follows:- “ Born in the clan of Sakya a monk namely Siddharta Gautama attained the highest stream of enlightenment as Buddha . Self renounced from attachments , detachments ,and deceit from the six senses Universally and beyond . “ Such is my follower”. Then Lord Buddha having asked questions such as whether Pukkusati could recognize the lord if he saw him. “ Then Pukkusati said having not met him before I cannot recognize him”.
Henceforth Lord Buddha started to preach to him saying that “ There are six parts together to name as a being or anything in life. There is hardness (earth) getting together with outside hardness get destroyed completely. Then the liquid part gets together with outside liquid gets destroyed to nothing.Then something sensitive to fire gets together with fire outside destroys to nothing. Things sensitive to blow away gets together with outside air gets blown away to nothing. Amongst all those discussed above there is space and things caught in space also get destroyed to nothing.
When all these things come together there comes Conciousness ( Vinnanaya) and that is a trickster , misleading the mind and people get attached and detached to these above mentioned six senses leading to Life’s existence ( Samsaric journey) full of sorrow .
To cease this sorrowful status , one has to become wise, by being honest, Letting go,and Detachment via realization .
Why people suffer by both Attchment and Detachment are due to sensuality which means by always trying to give pleasure to body and mind and loosing the expectations unawares.
The day one gives up sensuality enjoyment with no attachment, no detachment, and not get deceived by the ignorant pleasures with the six senses leading to the stability of mind of the face of fluctuations of worldly fortunes, One clears the path to Enlightenment.Pukkusati having listened and observed the Lord’s Dhamma attained enlightenment
Such is the meaningful and PEACEFUL LORD. OF. MINDFULNESS. (Shantha Munivaraya).
JINAM. WANDAMI. GOTAMANG. (I Worship Gotama The Great Lord).
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
මෛත්‍රියේ හාස්කම්
අද්භූත ආශ්චර්යය ධර්ම කියන වචනය බුද්ධ ශාසනයට බොහෝම කිට්ටු වචනයක්. ඒ අද්භූත ආශ්චර්යය දේවල්, ශ්‍රද්ධාවෙන් විශ්වාස කල යුතු බවකුයි දේශනාවේ සඳහන් වුනේ. අත්දැකීමක් ලැබෙන තුරු යමක් විශ්වාස නොකරනු ඇතැයි කියන වචනයත්, පොතපතේදීම මට හම්බ වෙලා තිබුනා.
2015 අවුරුද්දේ අවසාන කාලය වගේ වෙනකොට තායිලන්තයේ උබොන් (Ubon) නගරයේ පිහිටිච්ච, 'අජාන් චා' (Ajahn Chah) මහ තෙරුන් වහන්සේ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයට 'වට් පා නනචට්' (Wat Pah Nanachat) කියන ආරණ්‍යයට වැඩම කිරීමට මට අවස්ථාවක් සැලසුනා. ඒ මාව පැවිදි දිවියට පත් කරපු, ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ආදි කතෘ, අපවත් වී වදාළ අම්පිටියේ අනුනායක ගුරු හාමුදුරුවන්ගේ සංකල්පනාවකට අනුවයි. ඒ වෙනකොට වට් පා නනචට් කියන ආරණ්‍යයේ ස්ථානාධිපති ධුරය දැරුවේ මාගේ තායිලන්ත ගුරු පියාණන් වහන්සේ වන ජර්මන් ජාතික 'අජාන් කේවලී' (Ajahn kevali) මහ තෙරුන් වහන්සේ විසිනුයි.
ඒ ආරණ්‍ය සේනාසනයේ ඉඳලා අජාන් චා කියන ගුරුවරයාණන්ගේ සම්ප්‍රදායට අනුව තායිලන්ත වනවාසී ආරණ්‍ය ප්‍රතිපදාව ඉගෙන ගනිමින් ඉන්න කාලයේදී මට මුණ ගැහෙන්න අවස්ථාවක් හම්බ වුනා, මැලේසියාවේ ධනවත්ම පවුලක ඉපදිලා, සියළුම සැප සම්පත් අතහැරල දාලා සසුනේ පැවිදි වෙච්ච 'අජාන් සිරිපඤ්ඤෝ' (Ajahn Siripanyo) කියන මහ තෙරුන් වහන්සේව. කාලයකට පස්සේ උන් වහන්සේ මට ආරාධනා කලා, උන් වහන්සේගේම ආරණ්‍යය වන 'කන්චනාභූරි' (Kanchanaburi) කියන පළාතේ පිහිටල තිබිච්ච 'වට් පා ටඔ ඩම්' (Wat Dtao Dam) කියන ආරණ්‍යයට වඩින්න කියල.
ඒ ආරණ්‍ය සේනාසනයට ගමේ ඉඳලා කිලෝමීටර පහළොවක විතර දුරක් තිබුනා. සාමාන්‍ය වාහනයකට යන්න අමාරු පාරක් ඒක. ගොඩක් තැන්වල අපි පයින් තමයි ගියේ. පැය කීපයක ගමනකින් පස්සෙ ආරණ්‍යයට පැමිණියාම ඒ ආණ්යයෙ දාන ශාලාවක් තිබ්බ ඉස්සෙල්ලම. ඒ දාන ශාලාවෙ එක උපාසක මහත්තයෙක් නැවතිලා, වනවාසීව පිළිවෙත් පුරන සංඝරත්නයට දානය සකස් කරනව. ඒ දාන ශාලාවෙ ඉඳලා කුටි ගෙවල්වලට පැය භාගයක, විනාඩි හතළිස්පහක, සමහරක් විට පැයක විතර දුරක් කැලෑව ඇතුලට යන්නත් තිබුනා. මේ වනාන්තරය තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක මැදක පිහිටල තිබිච්ච වනාන්තරයක් හින්දා, ඒ ආරණ්‍යයේ අලි කොටි වලස්සු කියන හැම වර්ගයකම සත්තු බහුලව වාසය කලා.
2017 වස් කාලය ගත කරන්න සූදානම් නම්, වනාන්තරයෙ කැමති තැනකින් උණ බට කුටියක් සාදා දෙන්න සූදානම් බව, අජාන් සිරිපඤ්ඤෝ මහ තෙරුන් වහන්සේ මට කියා සිටියා. ඒක අහල මම බොහෝම සංතෝසයට පත් වෙලා, එක්තරා කඳු ගැටයක තිබිච්ච තැනක් පෙන්නුවා. ඒ තැනට ඉස්සරහා ඇළ පාරක් ගලාගෙන ගියා. ඒ කන්දෙ ඉඳලා අඩි කීපයක් ඇවිදගෙන ගියාට පස්සේ, ඒ ඇළ පාර කඩාගෙන වැටෙන දිය ඇල්ලත් පේනවා. ඔය කියන ලක්ෂණ දෙකම අරගෙන මම යෝජනා කලා මෙතන කුටියක් හදල දෙන්න කියල.
ස්වාමීන් වහන්සේ සේවකයන්ට කියලා කුටිය හදල දෙන අතරතුර මට ආපහු උබොන් නගරයට යන්න වුනා, වීස සකස් කරන්න. වීස හදාගෙන එනකොට කුටිය නිම කරල තිබුනා. ඒ වගේම කුටියේ තායි ජාතික හාමුදුරු නමක් දින කීපයක් වැඩ ඉඳලත් තිබුනා. ඒ වගේම කුටියට නමකුත් දාල තිබ්බ. ඒ තායි භාෂාවෙන් 'නූ කුටිය' කියලයි. තායි භාෂාවෙන් නූ කුටිය කියල කියන්නේ 'මී කුටිය' කියන එකටයි.
ඒකට හේතු වුනේ මම වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව කුටිය හදන්න කියල යෝජනා කරල දීල තිබ්බේ, මීයො පන්සීයක් දාහක් වගේ විශාල පිරිසක් හිටපු මී ගුහාවක් උඩයි. ඒකෙ හිටපු තායිලන්ත හාමුදුරුවොන්ගේ අත්දැකීම හැටියට උන් වහන්සේ මට කිවුවේ, වතුර වළකට කෑම දානකොට ඒ කෑම කන්න එන මාළුවො වගේ, ගණන් කරන්න බැරි තරමේ මීයො ප්‍රමාණයක් ඒ කුටියේ ඉන්න විත්තියයි. උන් වහන්සේලාගේ යෝජනාව වුනේ "කොච්චර වියදමක් ගියත් කමක් නෑ මේධාවි, අපි වෙනත් තැනකින් තවත් කුටියක් හදමු. ඔබ වහන්සේ ඔය කුටියේ ඉන්න එපා" කියන එකයි මට කිව්වෙ.
ඒ වෙනකොට සේවකයන්ට බොහෝම පඩිනඩි ගෙවල තිබුන. දින ගණනාවක් ඒගොල්ල වැඩ කරලත් තිබුන. ඒක හින්ද මං ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා හිටියා, "ඔබ වහන්සේලා මනාප නම් මං ටික දවසක් හරි ඉඳල බලන්නම්" කියල. අවසරය හම්බ වුනාට පස්සේ මං කුටියෙ නැවතුනා. තායි ජාතික ස්වාමීන් වහන්සේ කිවුව කතාව ඇත්ත. ඒ කුටිය මීයොන්ගෙන් පිරිල තිබුන. කුටිය ඇතුලෙ සකස් කරල තිබිච්ච ආසනයේ භාවනා කරනකොට හෝ සැතපෙනකොට ආක්ෂාවට සකස් කරල තියන නෙට් එක අස්සට වෙලා, භාවනා කරන්න පටන් ගත්ත.
ඒකටත් මීයොන්ගෙන් ඇත්තටම ආශිර්වාදයක් හම්බ වුනේ නැහෑ. මගේ ළඟටම ඇඟ දිගෙත් සත්තු දුවන්න පටන් ගත්තා. අවසානෙට මම මේ සත්තුන්ට කතා කරන්න කියල කල්පනා කලා වුනත්, ඒ අයට මගේ භාෂාව තේරෙන්නෙ නැති බවත්, ඒ සත්තුන්ගෙ භාෂාව මට තේරෙන්නෙ නැති බවත් මටත් තේරුනා. භාවනා ඒ ආසනේ ඉඳලම මොහොතක් මෛත්‍රිය වඩලා අවසානෙට මං හිතින්ම හිතුවා මේ මීයන්ට කතා කරන්න ඕන කියල. මට අද වගේ මතකයි මං හිතපු සිතුවිල්ල.
"මං මෙහාට ආවෙ ගොඩාක් දුරක ඉඳල. ඒ භාවනාව ඉගෙන ගන්න. ඒ දුකින් නිදහස් වෙන විදිහක් තියනව නම් ඒක පුරුදු කරන්න. නමුත් මට සමාවෙන්න ඕන මම අත්වැරදීමකින්, ඔයගොල්ලන්ගෙ ගේ උඩයි මගේ කුටිය හදල තියෙන්නෙ. ඒක මගේ වැරැද්දක්. මං වැරැද්ද පිළිගන්නව. හැබැයි මට මේ වගේ නිදහසක් තියන තැනක් හොයාගන්න ලෝකෙන් බාගයක් දුර යන්න ඕන වුනාට, මීයො වෙච්ච ඔයගොල්ලන්ට මේ වගේ තැනක් හොයාගන්න තව අඩි කීපයක් එහාට ඇවිද්ද නම් පුළුවන් වෙයි කියල මං විශ්වාස කරනවා. ඒක හින්දා පුළුවන්කමක් තියනව නම් මේ වස් කාලෙ තුල මේ කුටියට වෙලා ඉන්න මට අවස්ථාව දෙන්න."
කියල මං මීයන්ගෙන් හිතින් ඉල්ලුවා. ඊට පස්සේ මම සැතපුනා. අනික් පහුවදා දාන ශාලාවට ගිහිල්ලා හාමුදුරුවරුන්ට සැල කර සිටියා, මෙන්න මේ වගේ සිද්ධියක් වුනා, මං මෙහෙම දේකුත් කලා කියලා. ඊට පස්සේ ආපහු සුපුරුදු පරිදි කුටියට ආවා. එදා ඉඳලා ඒ ආරණ්‍යයේ අපිට කියල දීල තියන හැටියට දවසේ පැය ගාණ බෙදාගෙන, පර්යංකයට සහ සක්මනට කාලය යොදවන්න පටන් ගත්තා. රාත්‍රී වෙනකොට මං අර ඊට කලින් දවසේ දැකපු මීයො එක්කෙනෙක්වත් දැක්කෙ නෑ.
මාස තුනක් ඉන්න කියල බලාපොරොත්තු වෙච්ච ඒ කුටියේ අවසානයට වසරකට ආසන්න කාලයක් ගත කරන්න මට අවස්ථාව හම්බ වුනා. ඊට පස්සෙ මං ඒ කුටියෙන් එළියට ආව. හැබැයි ඒ එනකොට මට එක අදහසක් ආවා. "අර හිටපු මීයො ටික ආයෙත් දකින්න තියනවා නම්" කියල.
අන්න එදයි මම තේරුම් ගත්තේ මෛත්‍රිය කියල කියන්නේ අද්භූත ආශ්චර්යය දෙයක් කියල. මෛත්‍රිය කියල කියන්නේ හාස්කම් දක්වන දෙයක් කියල.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
POWER OF METTA
No (11)Eleven.
Peaceful Dhamma in a beautiful morning ( Arunalle Daham Sisila)Mindful Meditation Instructions ( Practical Living Of a Forest Monk )POWER OF METTA.
Miraculous Dhamma( Philosophy of Lord Buddha)is a very close group of words to Buddhist Doctrine. These miraculous happenings should be believed with faith is what was stated in the Sermon.
The saying of “Till one physically or mentally experiences something one should not believe anything was my book experience.
“By the end of Year 2015 I was able to visit the Universal Meditation Centre organised in the name of Ajan Cha namely “Watpan Anachati”. in the City of “Vubun”.
This great chance was given to me by my teacher who ordained me as a monk , namely Late Ampitiye Anunayaka Thero.” “This Hon.Monk headed the Madakada Aranyaka Senasuna ( The Buddhist temple worthy of the Great Buddhist Doctrinne) at that time in Sri Lanka.
Also at the same time “Watpan Nanacha”in Thailand was headed my teacher of Thailand namely Ajan Kewali belonging to the German Clan.” “ When I was learning the Buddhist Doctrine conducted according to the Culture of Thailand Forest Monkhood , I met a Malaysian Monk ordained from a very rich family ( having given up all his worldly comfort),a monk called Ajan Siripanno”.
“ After some time Ajan Siripanno invited me to his own monastery in Kanchanabhuri in an area called Watipadavudani .
To this Moasteric Buddhist temple the distance being about 15 Kilometres from the village with hardly a path motorable where most of the distance was a walk of a few hours which ultimately reached the Monasteric Temple.” “ In that moasteic Temple the Monks’ Dining room was the first entry where one Upasaka (A follower of the Lord Buddha) lived and arranged Alms (Meals or Dana) for the worthy monks.”
“ The distance from the dining room to the Monasteric Cells were between 30 to 45 minutes or to even one hour .
Because this Forest was situated in the middle of a huge Thai International Forest there was a mixture of Animals namely Elephants, leopards,Bears, in a plentiful variety of a population in existence.” “ Also Ajan Siripanno told me that if I wanted to spend the Rains Retreat (Vas Season), in 2017 there that he could build a Monasteric Cell ( A kutiya) with Bamboo sticks in a likeable place to myself in the area.
“ I was very pleased at the idea and showed him a certain hilly place in the forest where a stream of water was flowing by and in a short walk from this hilly place I also could see this stream of water joining a Water Fall. With these beautiful surroundings I decided to live on the hilly place” “ In the mean time the Monasteric cell was being built I had to go back to the City of Vubun for my Visa arrangements. By the time I returned from Vubun the Monasteric Cell(Kuty) was ready for my residency.
Just before that another monk had been residing in the cell and gone away.
Also the Monasteric cell was named as NU KUTIYA in Thai language the same as MI KUTIYA. These names meant the fact that this Monasteric Cell was built on a Mouse Cage which was the residency of about five hundred to thousand mice.
Ajan Siripanno said that the mice were disturbed in the same way as if a shoal of fish came swimming to the shore when food was dropped to them in the water.The suggestion of the monks were to build another Monasteric Cell requesting not to live in the MI KUTIYA.By this time a lot of money and effort had been sacrificed for the MI KUTIYA. But Ven Medavi having made a humble request to have a trial of living in the same MI. KUTI ,got permission and stayed back in the MI. KUTIY.The story was true that the MI KUTI was full of mice . Then when I meditated on the chair prepared for me or lay down to sleep I covered myself with the protection net prepared for myself. But as I had no consideration from the mice they were all over me at the slightest chance they ever got.
I also realized that there was no chances of communication between us due to the language barrier. But later I thought of communicating with the mice via loving kindness mentally and I still remember the thought I spread and it was as such:- “ I was mindfully thinking that I came here from very far to learn meditation leading to the realization of Dukkha ( Sorrow). Please forgive my mistake of building my Cell on top of your residence ( Mouse Cage) . It is my fault and I accept my fault .Mindfully with Metta I want to say that finding a peaceful residence like this is not easy for me even by travelling half this world.But as for You if you go another few feet away you will find a suitable place like your’s for sure. So if possible if you can kindly let me live in this Cell ( KUTI ) during this Rains Retreat I would be grateful. Having said this I slept. Also having gone to the dining room for alms I also told Ajan Siripanno the whole story of the mindful request of Metta to the Mice.Now again from here onwards . According to the instructions conducted Monasterially as arranged before I did my sitting and Walking meditation and as the night approached unlike usually not a single mouse was seen to the naked eye. I who limited my stay in the Cell only for three months , now managed to stay for nearly one year and having left the Cell I suddenly got an idea of wishful thinking to see those mice again.
After all this I realized how powerful and miraculous the attainment and mindfully spreading Metta ( Loving Kindness) can be definitely led to.
JINAM. WANDAMI. GOTAMANG. (I Worship Gotama The Great Lord).
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිරිනිවුන ඒ රහත් මුනිවරු - 2
නිධානයක් ලද දුගියා
අරුණෝදයෙන් දවසට ආරම්භයක් ලබා දෙනවා සමඟම, කසාවත පොරවාගෙන, පාත්‍ර අතට ගත්ත භික්ෂූන් වහන්සේලාගෙන්, මං මාවත් පිරී ඉතිරී යනවා. අරුණෝදයෙ නැගෙන හිරුටත් වඩා දීප්තියක් ඇති තථාගත බුදුරජාණන් වහන්සේ, පිරිස ඉදිරියෙන් වඩිනවා දක්නට ලැබුනා. මේ දසුන නරඹන්නට, දන් පූජා කරන්නට, වන්දනා මාන කරන්නට, ඒ කාලයේ පිරිස බොහෝ සැදී පැහැදී හිටියා.
සුපුරුදු පරිදි එක්තරා දිනක, මේ විදියටම දවස ගෙවීගෙන යනකොට, ඉතා අහඹු සිදුවීමක් සිදු වුනා. පිණ්ඩපාතයේ වඩින විට ධර්මයක් දේශනා නොකරන බුදුරජාණන් වහන්සේ, එක්තරා විකාර වස්ත්‍රයක් ඇඳ ගත්ත තපසෙක්ට යමක් දේශනා කරනු දක්නට ලැබුනා. ඉන්පසුව තථාගතයන් වහන්සේ නැවතත් පිඬු සිඟා වැඩි අතර, ඒ තවුසා එතනම හිඳ, දෑස් පියාගෙන භාවනාවට යොමු වුනා. සුළු මොහොතක් මේ තවුසා භාවනාවේහි නිරත වෙමින් සිටින කාලයේදී, කොහෙන්දෝ පැනගෙන දුවාගෙන ආපු, කුලප්පු වූ ගවයෙකු වෙතින් පහර කෑමකට ලක් වෙලා, ඇදගෙන වැටුනා.
මේ සිද්ධිය ඇසින් දුටු අයෙක් වහාම මේ විකාර රූපයක් ඇඳ ගත්ත තවුසා ළඟට ගිහිල්ලා,
"ඔබට කෙසේද? වහාම ප්‍රතිකාර ලබා ගන්නට යමුයි නේදැ" යි යෝජනා කර සිටියා.
ගවයා පහර දීමෙන් ඉතා බරපතල ලෙස තුවාල ලබා සිටි මේ තවුසා, අතින්, ඒ බව නොකරන ලෙස සංඥා කර සිටියා. ඒත් සමඟම සිනාමුසු වූ ප්‍රීතිමත් මුහුණින්, ඔහු මෙසේ පැවසුව.
"මම බාරුකච්ච ගමේ. මගේ නම බාහිය. මගේ වෘත්තිය වුනේ මුහුදු යන එක. අපි කාලයක් තිස්සෙ මුහුදු ගියා. එක දවසක් අපේ නැව ගිලුන. නැවේ හිටපු අනෙක් ඔක්කෝම අය වගේ අතුරුදහන් වුනා. මම සුප්පාරක පටුන පැත්තට පීනගෙන පීනගෙන ගිහිල්ල ජීවිතේ බේරගත්තා.
වෙරළට ලඟා වෙනකොට මට හොඳටෝම මහන්සියි. බඩගිනියි. ඇඟේ එක වස්ත්‍රයක්වත් තිබ්බෙ නෑ. පස්සෙ ගස්වල අතුකොළ, පොතු එකතු කරල, වැල්පටකින් ගැට ගහලා, වස්ත්‍රයක් වගේ ඇඳ ගත්ත. දින ගණනාවක් ආහාර ගත්තෙ නැතුව හිටපු මට අධික කුසගින්නක් දැනුන වගේම, මගේ හැඩයත් බොහෝම කෘෂ වෙලයි තිබුනෙ. ඊට පස්සෙ ඒ වෙරළට තිබුනු මංමාවතක් ඔස්සේ ඇවිදගෙන යනකොට මට එක්තරා ගමක් හම්බ වුනා.
ඒ ගමේ හරි අපූරු මිනිසුන් කොට්ඨාසයක් හිටියා. මාව දැකපු ගමන්ම ඒගොල්ලො මට වන්දනා කරන්න ගත්ත. ආහාර වලින් සංග්‍රහ කරන්න ගත්ත. ඉන්න තැනක් දුන්න. පුද සත්කාර කරන්න ගත්ත. මට 'රහතන් වහන්සේ'ය කියල ආමන්ත්‍රණය කරන්න ගත්ත. ඔය විදියට මම අවුරුදු ගණනාවක්ම ජීවත් වුනා. මමත් හිතාගෙන හිටියෙ ගස්වල පොතුවලින්, කොළ කෑලි වලින්, ලී කෝටුවලින් වස්ත්‍රයක් හදාගෙන, ඒක ඇඳගෙන ඉන්න එක තමයි රහත්කම කියල.
අවුරුදු ගණනාවකට පස්සේ මේ පහුගිය දවසක, මං දැකපු එක්තරා හීනෙක කවුරු හරි කෙනෙක් මට කතා කලා. එයා කතා කරල හයියෙන් හිනා වුනා. හිනාවෙලා කිවුවා,
"ඔයා රහත් වෙලත් නෑ. රහත් වෙන මාර්ගය ගැන දන්නෙත් නෑ. ඒ මාර්ගය පුරුදු කරන්නෙත් නෑ. ඒ මාර්ගය පුරුදු කරන්න අහලවත් නෑ" කියල.
මෙහෙම හීනෙන්ම කිවුවහම, මමත් හීනෙදි කතා කරල ඒ හීනෙන්ම ඇහුවා, "එහෙනම් මං කොහොමද රහත් වෙන්නෙ?" කියල. අන්න එතකොට ඒ හීනෙන්ම මට සැවැත්නුවර ගැන කිවුව.
ඒක ඇහිච්ච ගමන්ම, නිධානයක් මුණ ගැහිච්ච දුගියෙක් ඒ නිධානය හොයාගෙන යනව වගේ, මම සැවැත්නුවර පැත්තට දුවන්න පටන් ගත්ත. දින ගණනාවකින් පස්සේ මේ රම්‍ය වනයට එනකොට, බුදුරජාණන් වහන්සේ කියන කෙනා එහෙ වැඩ හිටියෙ නැහැ. එහෙ හිටපු කට්ටියගෙන් මම ඇහුව, "කෝ බුදුරජාණන් වහන්සේ?" කියල. ඒගොල්ලො කිවුව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වීදියේ පිඬු සිඟා වඩිනවයි කියල.
සූර්යයාගේ වගේ දීප්තිමත් මුහුණක් තිබිච්ච, නිසසල අත් තිබිච්ච, ශාන්ත දාන්නතව හැසිරිච්ච, අමා ධර්මය බෙදන්නෙකු වගේ පාත්‍රයක් අතින් ගත්ත, බුදුරජාණන් වහන්සේව මම හිතින් මවාගෙනයි හිටියේ. හැබැයි මට මේ හරියෙදි උන් වහන්සේව හම්බ වුනා. මම උන් වහන්සේට වන්දනා කරල ඉල්ලා සිටියා,
"උවදුරු සහිත මාර්ගයේ මුලා වෙලා ඉන්න මට, නිවැරදි ධර්මය දේශනා කරන සේක්වා !" කියල.
බුදුරජාණන් වහන්සේ මාව දන්නවා. උන් වහන්සේ මගේ නමින් මට කතා කලා. මට කිවුවා,
"බාහිය මේ පිණ්ඩපාතෙ වඩින වෙලාව. බණ කියන වෙලාව නෙවෙයි" කියල.
මං නැවත නැවතත් පෙරත්ත කර සිටිය.
"බුදුරජාණන් වහන්ස, මගේ ජීවිතේ ඉවරයක් වෙන්න පුළුවන්. ඊට කලින් හරි මට මේ ධර්මය පොඩ්ඩක් කියල දෙන්න" කියල.
මං එහෙම කිවුවහම බුදුරජාණන් වහන්සේ මං දිහාවට හැරිල, ඒ ධර්මය මට කියල දුන්න.
ලෝකයෙ ඉන්න අපි ඇහැට රූප දැකල, ඒ රූප වලට කැමති අකමැතිකම් හදාගෙන, ඒව ඔස්සේ සිතුවිලි මෙහෙයවූවා වුනාට, බුදුරජාණන් වහන්සේ මට කියල දුන්නා, 'දැක්කොත් දැක්කා පමණයි' කියන තැනින් නවතින්න කියල.
ලෝකයා කනට ශබ්දයක් අහලා, කැමති අකමැතිකම් හදා ගත්තා වුනාට, ඒ ඔස්සේ තමන්ගෙ සිතුවිලි මෙහෙයවූවා වුනාට, බුදුරජාණන් වහන්සේ මට කියල දුන්නා, 'ඇසුනොත් ඇසුනා පමණයි' කියන තැනින් නතර වෙන්න කියල.
ලෝක සත්ත්වයා ශරීරයට ස්පර්ශය දැනගෙන, කැමති දේට ආලය කරන අතර, අකමැති දේට ගැටෙන එක සාමාන්‍ය ස්වාභාවයක්. එහෙම කරගෙන උවමනා එපාකම් නිර්මාණය කර ගන්නව. නමුත් බුදුරජාණන් වහන්සේ මට කියල දුන්න 'දැනුනොත් දැනුනා විතරයි' කියල. එතනින් නවතින්න කියල කිවුව.
ලෝක සත්ත්වයා හිතට අරමුණක් ආපුහම, ඒ අරමුණ ඔස්සේ කැමති අකමැති විදියට කල්පනා කරන්න පටන් ගන්නව. ඒ අරමුණ ක්‍රියාත්මක කරන්න යනව. ඒ වුනාට බුදුරජාණන් වහන්සේ මට කියල දුන්න බාහිය, 'දැනගත්තොත් දැනගත්තා විතරයි' කියන තැනින් නතර වෙන්න කියල.
මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මට තවත් කිවුවා,
"බාහිය, ඔබ ඔය විදියට ජීවත් වෙනවා නම්, ඔබ අතීතයෙ ඉන්නෙත් නැහැ. අනාගතයට යන්නෙත් නැහැ. වර්තමානය තුල ගිලෙන්නෙත් නැහැ. අන්න එහෙම කලොත් ඔබ දුක කෙලවර කරනවා" කියල
බුදුරජාණන් වහන්සේ මට දේශනා කරල පිණ්ඩපාතේ වැඩිය. මගේ ජීවිත කාලයටම මං අහපු බණ පදය එච්චරයි. ඒක අහල මම භාවනා කරන්න ගත්ත. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය මට හම්බ වුනා. ඊට පස්සෙ වෙච්ච සිද්ධිය ඔය ඇත්තො දන්නවනෙ.
මෙසේ කිවූ බාහිය දාරුචීරිය තවුසා, ප්‍රීතිමත් මුහුණෙන් යුක්තව අවසන් සුසුම හෙලනව.
ජිනං වන්දාම ගෝතමං
පුජනීය පදියතලාවේ මේධාවි හිමි
(The Mendicant ( Dugiya) who won a Treasure(Nidhanaya).)
(No 12).
Peaceful Dhamma in a Beautiful morning. ( Meditation Instructions on Mindfulness) (The Mendicant ( Dugiya) who won a Treasure(Nidhanaya).). As the day dawned with Bright Sunlight , the roads were full up with monks worthy of worship seeking Alms. Brighter than the Sun Light the Great Lord , Lord Buddha was seen in front of the queues of the Arahants and Monks.
The place was full of people to worship , offer and acknowledge the worthiest of all beings. Ignoring the cultural rules one fine day as the morning kept passing by ,”a miraculous incident happened.
Lord Buddha who normally did not preach sermons , while walking on Alms rounds was sermonizing that day to a person dressed in abnormal clothes. This hermit( Look Alike) person got into meditation with closed eyes then & there.
In a short period while on meditation this hermit got attacked by a wild cow and collapsed immediately.
Another person having seen this incident came running to the hermit offering help.
The hermit having struck badly by the cow rejected help with signalling by hand and saying something with a smiling face.
“ The hermit said I am Bahia from the village namely Barukachcha . My job was in the sea and our ship having got sunk one day , only I escaped. I having swung towards Supparaka Patuna I escaped death.When I reached the seashore I was very tired, hungry,and having had no clothes on me I managed to cover myself with something made out of leaves ,branches,wood barks,and strings around me.
Hence then as I was starving for food for a long time, I grew very thin. I walked endlessly till I reached a village . There I met a clan of very kind people who began to worship me from their very first sight , gave food, lodging,and having looked after me called me an Arahant.Having lived a long time like this I also misunderstood my status being dressed up with wild leaves etc, as really an Arahant.
After so many years of living as mentioned before,I dreamt of someone in my dreams having laughed aloud at me said that I was neither an Arahant, nor knew the path to Arahantship,nor practised the path to Arahanthship, nor have ever heard the path to Arahantship.Then in return in my same dream itself I asked the same dreamt person the way to the path of Arahantship and he introduced me to the City Sravasti ( Savath Nuwara). to follow the Lord. As I heard this , I became like a medicant running in search of a Treasure. Went towards the City of Sravasti. After a very long period of walk again having not found Lord Buddha asked the people and heard that he was on an Alms round on the roads of the City of Sravasti. Bahiya had already mind depicted the picture ofLord Buddha as a shining sun, humble in nature,delivering Dhamma seeking alms with a bowl in hand.
In reality Bahiya said “I met him now , worshipped him and requested the worthy lord to sermonize Dhamma to myself “who was now stranded on a chaotic road. Lord Buddha addressed him by his name as such”Bahiya This is an Alms round and not a Dhamma preaching time.” I (Bahiya) begged of him and said verbally, to preach Dhamma before I die as I could die at any moment”.“ Then Lord Buddha turned to me and explained the Dhamma of reality to me.” “.
“As such the worthy Lord explained to me the fact of “seeing is Seeing”by not creating Love or Hatred towards the Universal beings or things as such by adding Coceptual Poliferations ( Prapancha) with likes. & dislikes.
Then the worthy Lord preached the Same Concepts as mentioned above regarding “ Hearing is only Hearing”without adding Your own thought process with the conceptual Poliferations .
Also to. Practise “ Contact is only Contacting” Although there is love & hatred normally in contact also , not to be clinging or detesting them with conceptual Poliferations . In addition this is the same with all the six senses.
Therefore Lord Buddha repeated again addressing Bahiya “Bahiya if You live like as I mentioned before with neither attachment nor detachment you will not embrace the past , the future and also not get sunk in the middle. You will cease Dukkha by realization of the Dukkha within itself.”
“ Bahiya says. This is the only word of Dhamma I ever heard of in my whole life & started to meditate. As it is stated earlierwhat happened to the hermit was that he was led to death with a smiling face attaining Arahantship.
I worship Gotama The Great Lord. ( Jinam Wandami Gothamang)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
බණ පදයක අසිරිය
බුද්ධ ශාසනය තුල කියල දෙන වචන අතර, කතා වෙන වචන අතර, 'දුක' කියන වචනය ප්‍රධාන තැනක් ගන්නව. අපේ සමාජයේ සහ සංස්කෘතියේ තියන අදහසට අනුව, දුකෙන් නිදහස් වෙන්න නම් පැවිදි වෙන්න ඕන කියල යමකුත් මමත් අහල තියනව. ඒකෙ අනිත් පැත්තට තියන තේරුම තමයි, බොහෝ දෙනෙක් හිතනවා පැවිදි වුනොත් දුකක් නැහැයි කියල. අපි පුද්ගලිකවත් අහල තියනවා, "ඔබ වහන්සේලාට නම් ඉතින් කිසිම දුකක් නැහැනෙ" කියල.
නමුත් අත්දැකීමක් හැටියට කිවුවොත්, අපිට ගිහි දුක නැහැ. ගිහි ඇත්තන්ට පැවිදි දුක නැහැ. නමුත් දුක කියන දේ කොහෙත් තියන සාමාන්‍ය ධර්මතාවයක්.
නායක හාමුදුරුවන්ගෙ ආරාධනාවකට අනුව අජාන් චා මහ තෙරුන් වහන්සේගේ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයට ගිය කාලයේ, ඉගෙන ගන්න ලැබිච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි. අපේ රටේ පුරුදු කරන මේ පැවිදි සම්ප්‍රදායට වඩා, එක්තරා මට්ටමකින් දියුණු සහ පිළිවෙලක් තිබිච්ච පැවිදි ක්‍රමයක්, ආරණ්‍යගත ප්‍රතිපදාවක් එහි දකින්න ලැබුනා.
එහේ හැම ආරණ්‍යයකම වගේ උදෑසන කටයුතු ආරම්භ කරන්නෙ පාන්දර තුනට. කවුරුත් අවදි වෙන්න ඕන ඒ වෙලාවට. තුනහමාරට වන්දනාව සහ සමූහ භාවනාව. පාන්දර පහමාරට පිණ්ඩපාතෙ. දානය වැළඳීම උදෑසන අටට. දවසටම දානය වළඳන්න තිබ්බෙත් එක වේලයි. ඒ වගේමයි, පිණ්ඩපාතය වැඩම කරන්න අකමැති නම් දානය වළඳන්න හැකියාවකුත් නැහැ.
දවසට පැය කිහිපයක් වත් පිළිවෙත් කිරීම අනිවාර්යයි. ඒ වගේමයි හවස හතරහමාරට ගිලන්පස. හයයි කාලට සවස වන්දනාව සහ සමූහ භාවනාව. රාත්‍රී අටෙන් පස්සෙ කුටි ගෙවල්වලට යන්න පුළුවනි. ඒ අතර නිතර නිතර රැස් වෙන එක, නිතර නිතර ධර්ම සාකච්ඡා කරන එක, නිතර නිතර සමූහ භාවනා කරන එක, සාමාන්‍ය දෙයක්. හැමදාම උදේ දානෙන් පස්සේ ස්ථානයෙ වැඩ ඉන්න මහ තෙරුන් වහන්සේ නමක් විසින්, දවසට ගැලපෙන විදිහේ අවවාදයක් දේශනා කිරීම හරිම සිත් ඇදගන්නා සුළු කාරණාවක් වුනා.
ඒ දේශනාවට, එදිනෙදා සිද්ධ වෙන සිද්ධියක් අලලා හෝ ගැටළුවක් අලලා, දේශනාව ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කවුරු හරි දෙන්නෙක් අතර ගැටළුවක් ඇති වුනොත්, ඒ වගේ ගැටළුවක් විසඳන්න කොහොම කටයුතු කලොත් හොඳද? ඒ වගේ ගැටළු විසඳන්න අතීතයේ මහ තෙරුන් වහන්සේලා කොහොමද කටයුතු කරල තියෙන්නෙ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කොහොම දෙයක්ද උගන්වල තියෙන්නේ? යනාදී කාරණාවල් වලින් සමන්විත වෙලයි අවවාදය ගලාගෙන යන්නෙ. ඒ වගේ අවවාදයකින් දවසටම හොඳ පන්නරයක් හම්බ වෙනව. ලොකු ජවයක් හම්බ වෙනව.
ඔය අතරට අපිටත් අවස්ථාව හම්බ වෙනව විවිධාකාර වන සෙනසුන්වලට වැඩම කරන්නට. එහෙම ගිය එක කාලෙකදි, එක ආරණ්‍යයක ප්‍රධානත්වය දැරුවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්. උන් වහන්සේ බටහිර රටක ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි ටිකක් තද පරුෂ චරිතයක් එයා. ඒ ආරණ්‍යයේ හිටපු සමහර සමහර දෙනෙක් ගැන උන් වහන්සේ නිතර නිතර චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. නිතර නිතර ඒ ස්වාමීන් වහන්සේලාගේ හොඳත් වැරදි හැටියට කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒක සාමාන්‍යයක් වගේ පේන්නත් තිබ්බා.
නමුත් අජාන් චා මහ තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සම්ප්‍රදායට අනුව උන් වහන්සේගේ ඉගැන්වීම තමයි, තමන්ගෙ තියන මමත්වය නිදහස් කරගන්න ඒ මමත්වයට සෘජුව මුහුණ දෙන්න කියල. පුද්ගලිකව මටත් ඒ වගේ අඩන්තේට්ටම් වෙනකොට, මමත් උත්සාහ කලා මගේ මමත්වය හඳුනා ගන්න. ඒ දේට තියන ඇලීම සහ ගැටීම තේරුම් ගන්න අවස්ථාවක් කරගන්න. නමුත් ඒක හිතන තරම් ලේසි වුනෙත් නැහැ. ඒකට හේතු වුනේ මම කරපු කිසීම කිසි කටයුත්තක් නිවැරැද්දක් හැටියට ඒ ස්වාමීන් වහන්සේ දැකපු නැති එකයි.
ඒක මට ලොකු ප්‍රශ්නාර්ථයක් වුනා. ඒ වගේ වෙලාවට පිරිස ඉදිරියේ හෝ දෝෂාරෝපණයට ලක් වුනහම, බිම බලාගෙන මුකුත් නොකියා ඉන්නවා කියන අදහසටයි මං එළඹිලා හිටියෙ. ඒක ඒ පැවිදි සමාජයේදී සමච්චලයකටත් හේතුවක් වෙලා තිබුන. කොහොම නමුත් කාලය මෙහෙම ගෙවීගෙන යනකොට, ඒ ආරණ්‍යයේ හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක කිවුව, මම නැති තැන ලොකු හාමුදුරුවො ඒ හාමුදුරුවරුත් එක්ක කිවුවලු, අසවල් හාමුදුරුවො සමච්චලයට ලක් කරන එක උන් වහන්සේට ලොකු සංතෝසයක් කියල. උන් වහන්සේ ඒක උන් වහන්සේගේ සතුටට කරන විහිළුවක් කියල කිවුවලු.
මේක අහපු මට ආපස්සට හිතෙන්න ගත්තා, මම එහෙම නම් ඉවසන්න ඕන ප්‍රමාණයට එහා ගිහිල්ල තියනව. මොකද උන් වහන්සේට ඒ අඩන්තේට්ටම් කරන එක පුරුද්දක් වෙනකොට, මට ඒ දේවල්වලට මුහුණ දෙන එක මානසික පීඩාවක් බවට පරිවර්තනය වෙලා තිබ්බ හින්ද. ඒ දුකේ මම ගැලිල හිටිය. සමහරක් වෙලාවල්වලදි භාවනා කරගන්න බැහැ. හිතට හරීයට වෛර සහගත සිතුවිලි ආව. මෛත්‍රියෙන් ජීවත් වෙන්න හරිම අමාරු වුනා. මම ගොඩක් වෙලාවට පිරිසෙන් බැහැරව ජීවත් වෙන්න කල්පනා කලා. උත්සාහත් කලා.
ඔය අතරෙ එක්තරා සූත්‍රයක් හිතට ආව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙක්ට කරුණු කියල දෙන්න ඕන නම්, කාරණා කිහිපයක් ප්‍රධාන කරගෙන ඒක කරන්න කියල.
සුදුසු වටපිටාවක් බලන්න
සුදුසු කෙනාව තෝරන්න
තමන් කතා කරන්න යන අදහස නිවැරදිද කියල හොයන්න
මෛත්‍රී සහගත වචන භාවිතා කරන්න
මෛත්‍රී සහගත ක්‍රියාව භාවිතා කරන්න.
පෙර පිනකට වගේ ඔය කියන වචන ටික මට මතකයට ආවට පස්සේ, කුටියේ ඉඳලා ඊළඟ දවසේ උන් වහන්සේ මට කරදර කරනකොට කියන වචන ටික මෙන්න මෙහෙමයි කියල මං පුහුණු වෙන්න පටන් ගත්තා. මුලින්ම හිතුනු වචනවල නම් තිබුනේ ඒ තරම් ශ්රමණසාරුප්පයට ගැලපෙන බවක් නොවුනට ඒ වගේ වචන කතා කරන එක මහණකමට ඔබින්නෙ නැති හින්ද, මම පුළුවාන් තරම් මෛත්‍රියෙන් කතා කරන විදිහ ගැන ඉගෙන ගත්ත. තනියම කතා කරල වචන කිහිපයක් හදාගෙන ඊළඟ දවසේ තිබිච්ච ශ්‍රමදානයට ගියා.
සුපුරුදු පරිදි එදත් මේ හාමුදුරුවො, පිරිස ඉදිරියෙම කිසීම කිසි හේතුවක් නැතුව ප්‍රසිද්ධියේම දෝෂාරෝපණයට ලක් කලා. වෙන දවස්වල හිස නමාගෙන මුකුත් නොකියා යන මම, එදා උන් වහන්සේ දිහාවට හැරිල හිනා වෙලා ඇහුවා, "ස්වාමීන් වහන්ස, මට පොඩ්ඩක් යමක් කියන්න අවසර දෙනවද?" කියල. උන් වහන්සේත් උන් වහන්සේගේ සමච්චල් සහගත ස්වරූපයෙන්ම, "මොකද්ද?" කියල ඇහුව. මම එතකොට කිවුවා,
"අපේ හාමුදුරුවනේ, මම ලංකාවෙ ඉඳල ආවෙ, තායිලන්තයෙ වනගත සම්ප්රදාය ඉගෙන ගන්න. ඒ සම්ප්රදාය අපි ඉගෙන ගන්නෙ වැඩිහිටි හාමුදුරුවො දිහා බලල. උන් වහන්සේලා කතා කරන්නෙ කොහොමද? වැඩකටයුතු කරගන්නෙ කොහොමද? උන් වහන්සේලාගෙ හැසිරීම් කොහොමද? ඒව දැකලයි අපි ඒව අපේ ජීවිතවලට ඈදා ගන්නෙ. හැබැයි පහුගිය කාලෙ පුරාවටම, ඔබ වහන්සේ පුද්ගලිකව මට ගොඩක් අඩන්තේට්ටම් කලා. නමුත් මං ඒව මූලිකව හිතුවේ මගේ මමත්වය තේරුම් ගන්න මට ලැබිච්ච අවස්ථා හැටියටයි. ඒ වුනාට ඔබ වහන්සේ මම නැති තැන අනිත් අයට කියල තිබ්බා, ඔබ වහන්සේ ඒව කරන්නේ හුදෙක් ඔබ වහන්සේගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කියල. විහිළුවක් හැටියට කියල.
මගේ ප්රශ්නය මෙන්න මේකයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ඒ විදියට මට අඩන්තේට්ටම් කලේ මෛත්‍රියෙන්ද? ඒ විදියට වචන කතා කරනකොට, ඒ විදියට ක්‍රියා කරනකොට, ඔබ වහන්සේ වැඩ කටයුතු කලේ සිහියෙන්මද?"
කියල මං ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහැව්ව.
ඊට පස්සෙ මං ආයෙ කිවුව,
"ඔබ වහන්සේ ඒ කරන දේවල් සිහියෙන්ම නම් කලේ, මෛත්‍රියෙන්ම නම් කලේ, මමත් ඔබ වහන්සේ වගේ වැඩිහිටි වුනහම ඔය විදියටද අනිත් අයට කටයුතු කල යුත්තේ?"
කියලත් මම උන් වහන්සේගෙන් අසා සිටිය. මේ වචනයට ඇත්තටම ඒ හාමුදුරුවන්ට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. උන් වහන්සේගේ තිබිච්ච අර සමච්චල් සහගත මූණ වෙනස් වුනා. උන් වහන්සේ කුටියට ගියා. දවස් තුනකට එළියට ආවෙ නෑ. හැබැයි මං ඒ තරමේ පීඩාවක් කරන්න සූදානම් වුනේ නැහැ. නමුත් අපි උන් වහන්සේට කුටියට දානෙ ගෙනිහිල්ල දුන්න. එදයින් පසුව ඒ ආණ්යයේ හිටපු කාටවත්ම ඒ හාමුදුරුවන්ගෙන් කිසීම කිසි වැරැද්දක් වුනේ නැහැ.
අවසානයේදී උන් වහන්සේ, ඒ ආරණ්‍යයෙන් මං එළියට එනකොට උන් වහන්සේ මගෙන් සමාවත් ඉල්ලුවා. ඒ වගේම අද වෙනකම්ම අපි බොහොම හොඳ යාළුවො. මං හිතන්නෙ ඒ ප්‍රශ්නෙ යහපත් විදියට විසඳගන්න පුළුවන්කම තිබ්බෙ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හින්දයි.
ඒ දේශනාව ලැබීමම මහා භාග්‍යයක්.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Beauty of Dhamma Even in a Word Of Buddhist Philosophy
Deshana 13.
Peaceful Dhamma in a beautiful morning(Mindfulness Meditation)(Beauty of Dhamma Even in a Word Of Buddhist Philosophy).
The word Dukkha ( Sorrow) takes a prominent place in Buddhist Philosophy .
In our culture there is a saying that to realize Dukkha , one has to become a Buddhist Monk.Because people mistakenly think that if one becomes a Buddhist Monk the Dukkha (Sorrow)disappears. So most people tell the Great Buddhist Monks “Ven Sir! You of course do not have any worries”. But with experience Dukkha (Sorrow) is nature in general and extensively analysed by Lord Buddha (as Dhamma). The Dukkha is different between the Ven Sangha and the lay communities , universally affecting the (Samsaric Journey) or the Life’s existence.
“As requested by my Great Ven. chief Monk, I ( Ven Medavi) having attended the Universal Meditation Centre an Organization by Late Ven Ajhan Cha, where the Philosophical Buddhist Education was tremendously sophisticated.
The progressive and the methodical difference of the habitual prominency in Forest monkhood was highly visible and available in Ajhan Cha Monastery than the usual training of Monkhood.”
“. In every Monastery in Thailand the daily time table of the work routine begins at 3 AM,then comes the worshipping and the Meditation time at 3.30 AM,Seeking Alms round(Pinnapatha) at 5.30 AM,and at 8AM was the one and only meal time for the monks. If someone neglected the Alms seeking round there was no possibility of having the main meal for the day.”
“ Then there were various duties (Piliweth) to be performed for a few hours for the day , and at 4 PM was the tea time ( Gilanpasa) for the monks , while at 6.30 PM were the Buddhist Offerings and Meditation leading to the finishing time of the day timetable at 8 PM the monks retiring to the Monasterial Cells. “In addition there were Dhamma discussions (of Buddhist Philosophy) conducted just after the main meal in the morning for monks by a leading Monk in the Monastery along with the meditation sessions which were greatly appreciated and highly absorbed by the group of monks. These Dhamma discussions were also planned to suit the day’s Kammatthana. Also these discussions helped greatly to settle conflicts and vise versa amongst everybody.” “This gave the Meditative monks enough & Ample Energy and courage for the Continuity of a daily peaceful meditation programme. “.
Amidst all this daily routine the monks got a chance to visit other monasteries . One day in that opportunity I (Ven Medavi) met a foreign monk, rather strong minded as the leader of a monastery . This particular Chief Monk often use to blame some other monks by not properly comprehensing the good and the bad nature of those monks.”
“ This nature of this particular monk appeared as a part of his habitual nature.”
“ But according to the cultural background of Great Ven. Cha’s Monastery the advise given was to look after your own self realization , face it and realize it.
“ personally I (Ven Medavi) also tried greatly to follow the path of Ajhan Cha ,but as I was also blamed frequently I also found it difficult.” This above mentioned problem of getting humiliated became a question mark to me because the blame given to me in front of others with my tolerance and no defence from my side was treated as a big joke aimed at me.”
As time went by, the Chief Monk had told another monk that the chief monk enjoyed the humiliation given to me and the way I became a joke amongst others.
Having heard this story I ( Ven Medavi) thought “ I have gone too far in my tolerance as this Chief monk’s behaviour had become very painful in mind to me. Having got entangled in that sorrowful texture of my mind, experienced a lot of angry thoughts , I found it very difficult to spread loving kindness , Sometimes I even thought whether I would live away from the crowds.
In the meantime a thought came into my mind, that Lord Buddha had sermonized that if one wants to advise someone to do so with a few leading facts as guidance.
The guide lines were as follows:- (1) Look for suitable surroundings. (2) Look for the correct person. (3). Whether your intensions were correct. (4). Apply loving kindness mentally & verbally. (5). Apply loving kindness in the act as well. To my luck I happened to practise these advisory facts in a very kind and responsible manner before I met the chief monk the next day. That day also the chief monk repeated the same blame on me in front of others. That day I looked up and asked permission humbly to speak a few words. The chief monk asked “What” in the usual insulting manner.” I (Ven Medavi) said in return kindly “ Ven Monk with respect I came from Sri Lanka to learn the Thaiway of Forest Monkhood by following the chief Thai Ven Monks of how to talk, how they conduct themselves,and behave accordingly . It is that particular advisory Buddhist Cultural behaviour was what we came to learn from the Ven Chief Monks.
But to tell your honour that the whole of the past period of my life here I was subjected to a lot of personal humiliation for me. But I took it as advise and tried to change my “ SELF” Attitude . But you have told others that you did the humiliations for your own enjoyment.
So with respect I am asking You Ven Monk whether U humiliated me with kindness or Mindfulness, and if so when I also grow up whether to exhibit the same behaviour to my followers. As the chief monk had no answer to my questions his face changed , went back to his Monasterial cell and did not return for 3 days.
Having accepted everything with Loving Kindness I treated the chief monk respectfully again serving Alms & Serving his needs in his Monasterial Cell.Hence then there was no humiliation to anyone at all in the Monastery from the chief monk. Also when I left the Monastery the chief monk apologised to me and ever since then we were very good friends.
I am positive I managed to solve that problem due to our Great Lord’s (Lord Buddha’s)Dhamma ( The Buddhist Philosophy)The Universal Doctrine. Jinam Wandami Gotamang.I worship Gotama The Great Lord
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිරිනිවුන ඒ රහත් මුනිවරු
වරද දුටුවාද?
බුද්ධ ශාසනයට ඇතුලත් වෙන අයට, තමන්ගේ ගිහි කාලයේදී පාවිච්චි කරපු, භාවිතා කරපු වස්තුව, ධනය, බලය, නම්බුනාම, යහළුවො, නෑදෑයො ආදී සියළුම දෙයක්ම අතහැරල දාන්න සිද්ධ වෙනව. ඒ හැම දෙයක්ම බැහැර කරල ශාසනයට පැමිණුනාට පස්සේ, ඒ අයට මුලින්ම ගිහි ජීවිතයෙ තිබුනාට වඩා වෙනස්ම විදිහක ආචාර ධර්ම පද්ධතියක් ඉගෙන ගන්නට අවස්ථාව හම්බ වෙනව.
විනය පොතේ මේක ගැන සඳහන් වෙන්නේ සේඛියා කියන මාතෘකාව යටතේයි. ගමන් බිමන් කරන්න ඕන කොහොමද? කතාබහ කරන්න ඕන කොහොමද? ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් හසුරවන්න ඕන කොහොමද? ඇවතුම් පැවතුම් තියා ගන්න ඕන කොහොමද? ආදී දේවල් මේ යටතෙදි කියල දෙනව.
තමන් සන්තකයෙ තිබිච්ච ධනය, බලය, නම්බුනාම, මිල මුදල්, යහළුමිත්‍රාදීන්, නෑදෑයන් අතහැරල දැම්මා වුනාට, ඒව ගැන තියන මතකයන් අතහැරල දාන එක ඒ තරම් ලේසි වෙන්නෙ නැහැ. හිස මුඩු කරල කසාවතක් ඇඳ ගත්ත පමණින් පැවිදි චරිතයක් බිහි වෙනවා වුනාට, සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන හිතත් මහණ කරගන්න එක, බොහෝම කාලයක් ගත වෙන දෙයක් බවයි ගුරු වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ ඉගැන්වීම.
කොහොම නමුත් ඔය කියන බාහිර හැම දෙයක්ම බැහැර කරල දාල සසුනට පැවිදි වෙච්ච හැමෝටම වගේ, තමන්ගේ දින චර්යාව පවත්වා ගන්නට, ශරීරය පවත්වා ගන්නට අනිත් ඇත්තන්ගෙන් තමයි දානමානාදිය හම්බ වෙන්නෙ. ඒ දේවල් සලසා ගන්නට බුදුරජාණන් වහන්සේලා පවා භාවිතා කරපු ක්‍රමය තමයි පිණ්ඩපාතයෙ වැඩම කිරීම. සාමාන්‍යයෙන් පිණ්ඩපාතයක් වැඩම කරන්නට ආරම්භ කරන්නෙ උදෑසන අරුණැල්ල වැටුනට පස්සේ භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්න ස්ථානයක නම් ඒ ඇත්තො කාණ්ඩ කාණ්ඩ වශයෙනුත්, ඒ තරමට නැති ස්ථානයක නම් තනි තනිව වශයෙනුත්, එහෙමත් නැතිනම් තමන්ගේ රුචිකත්වය මත තනි තනියෙන් වශයෙනුත්, පිණ්ඩපාතයෙ වැඩම කිරීම සිද්ධ වෙනව.
බොහොම කාලෙකට කලින් එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා, උන් වහන්සේගේ ගිහි ජීවිතයේදී උන් වහන්සේ පුද්ගලිකව ගොඩාක් වැරදි කරපු කෙනෙක්. ඒ වැරදි කරපු සිතුවිලි වලින් බැහැර වෙන්න උන් වහන්සේට අමාරු වුනා. සාමාන්‍යයෙන් අපිටත් ඒ වගේමයි. මොකක් හරි වැරැද්දක් අපි අතින් සිද්ධ වුනොත් ඒ වැරැද්ද නිරන්තරයෙන්ම අපේ හිතේ රැව් පිලිරැව් දෙන්නේ තාමත් ඒ වැරැද්ද කරන අය හැටියටයි.
ඉතින් මේ කියන ස්වාමීන් වහන්සේටත් හිතට ඇවිල්ල තියන සිතුවිලි ඔයහාම සමාන වෙලා තිබුන. උන් වහන්සේගේ මතකය තුල උන් වහන්සේ කරපු ඒ වැරදි වලින් පිරිල තිබුන. ඒවගෙ දුක් විපාකය උන් වහන්සේ නිරන්තරයෙන් බුක්ති වින්ද. නමුත් උත්සාහවන්ත වෙලා ශාසන ප්‍රතිපදාව රකින්න උත්සාහ කලා.
එක්තරා දවසක, මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතෙ වඩින්න පිටත් වුනාම, උන් වහන්සේට එක්තරා කැලෑ මාවතක් ඔස්සේ වැඩම කරන්න තිබ්බ. ඒ කැලෑවට කිට්ටු කරල බලනකොට තවත් කට්ටියක් ඒ කැලේ ගාව නතර වෙලා ඉන්නව දැක්ක. ඒත් එක්කම ඒ කැලෑව ළඟ නතර වෙලා ඉඳපු පිරිසෙන් එක කාන්තාවක් බොහොමත්ම අමාරුවෙන් කෑ ගහන සද්දෙකුත් මේ ස්වාමීන් වහන්සේට ඇහුන. උන් වහන්සේගේ හිතේ තිබිච්ච කාරුණිකත්වය පෙරදැරි කරගෙන උන් වහන්සේ මෙතනට ගිහිල්ල ඒ කට්ටියගෙන් අහනවා,
"ඇයි ඔයගොල්ලො මෙතන නතරවෙලා ඉන්නෙ? ඇයි මේ කාන්තාව කෑ ගහන්නෙ?" කියල.
එතකොට ඒ පිරිසේ හිටපු එක පිරිමි කෙනෙක් කියනවා,
"මේ ඉන්නෙ මගේ භාර්යාව. එයා ගැබ්බරයි. අපිට මේ කැලෙන් එහා පැත්තෙ තියන වෛද්‍යවරයා ගාවට යන්න ඕන. නමුත් මේ කැලෙන් අපිට යන්න බයයි."
අර ස්වාමීන් වහන්සේ මේ පිරිසෙන් අහනවලු, "ඇයි කැලෙන් යන්න බය?"
එතකොට අර පිරිසෙ හැමෝම එක හඬින් උත්තර දෙනවලු,
"මේ කැලේ ඉන්නව මහ භයානක මනුස්සයෙක්. එයා යන යන අයව ඝාතනය කරනව. විනාශ කරනව. ඉතින් අපි කොහොමද යන්නෙ?"
මේ කතාව අහපු අර ස්වාමීන් වහන්සේට මහා ලැජ්ජාවක් එක්ක හරි බයක් හිතට ආව. හැබැයි මේ වෙලාවෙදි මුන් වහන්සේට කරන්න ඕන මොකද්ද කියල හරියට තේරුනේ නැහැ. ආපහු හැරිල බුදුරජාණන් වහන්සේ අභියසට පැමිණියා. එහෙම වැඩම කරල, බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන, කියා සිටියා මේ සම්පූර්ණම සිද්ධිය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ අහිංසක කියන නම තියන ස්වාමීන් වහන්සේ දිහා බලලා උන් වහන්සේට බොහෝම කරුණාවෙන් දේශනා කලාලු,
"ඉතින් අහිංසක, ඔබ ගිහිල්ල කියන්න ඔබ කාටවත් කරදරයක් කරන්නෙ නෑ කියල."
මේ කතාව අහපු මේ අහිංසක හාමුදුරුවන්ට ඇඬෙන්න ගන්නව. උන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උන් වහන්සේ ගැන නැවතත් කියා සිටිනව.
"බුදුරජාණන් වහන්ස, මම පව්කාරයෙක්."
"බුදුරජාණන් වහන්ස, මම පව්කාරයෙක්. මමයි ඔය කැලෑවෙ හිටපු මිනීමරුව. මමයි ඔය කැලෑවෙ හිටපු මනුෂ්‍ය ඝාතකය. මං වැරැද්දක් කරල නෑ කියල මේ පිරිසට මම කොහොමද කියන්නෙ?" කියල බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනව.
අන්න ඒ වෙලාවේ, වැරැද්දක් කරපුහම අපෙත් හිතේ තියනව වගේ, අර අහිංසක කියන නම තිබිච්ච හාමුදුරුවන්ගෙත් හිතේ තිබිච්ච ගැටළුව බුදුරජාණන් වහන්සේ දැක්ක. එහෙම දැකලා උන් වහන්සේ නැවතත් අර ස්වාමීන් වහන්සේට දේශනා කරනවලු,
"අහිංසක, ඔබ සත්ත්ව ඝාතනය කරපු විත්තිය ඇත්ත. හැබැයි මහණ දම් පුරන්නට පටන් ගත්තට පස්සෙ, සීලවන්ත වෙන්න පටන් ගත්තට පස්සෙ, ඔබ ඒ විදියටම සත්ත්ව ඝාතනය කලාද?"
කියල ඇහැව්වලු. අන්න එතකොටයි අහිංසක කියන හාමුදුරුවන්ට තමන්ගෙ ජීවිතයෙ තිබිච්ච යථාර්තය පැත්ත, තමන් ඇත්තටම දුකක හිටිය කෙනෙක් වුනාට, ඒ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් බව තේරෙන්න පටන් ගත්තෙ.
උන් වහන්සේ මේ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන විහාරෙට ගිහිල්ල අර පිරිසේ හිටපු ඒ මෑණියන්ට කියනවලු,
"නැගෙණියනි, බය වෙන්න එපා. මමයි ඒ අංගුලිමාල. නමුත් මම දැන් අහිංසකයි. මමයි මේ කැලෑවෙ හිටපු ඝාතකයා. ඒ කරදර කරපු කෙනා. නමුත් මම ආර්ය ජාතියෙ ඉපදුනාට පස්සේ, පැවිදි ජීවිතේ පටන් ගත්තට පස්සේ ,මහණ වුනාට පස්සේ, සිල් සමාදන් වෙලා ඒ සීලය රකින්න පටන් ගත්තට පස්සේ මගේ අතින් එහෙම වැරැද්දක් වුනේ නැහැ. ඒක හින්ද ඔය ඇත්තො බය නැතුව යන්න" කියල කිවුවලු. මේ වචනය අහපු අර පිරිසේ හිතේ තිබිච්ච බය නැතිවෙලා ගියාලු. ඒත් එක්කම ඒ මෑණියන්ට දරුවා ලැබෙන්න පහසුවක් වුනා කියල සඳහන් වෙනව.
අපේ ජීවිතෙත් ගොඩක් වෙලාවට ඔබත් මමත් අතරින් වැරදි වෙනවා වෙන්න පුළුවනි. නමුත් මොනවා හරි බරපතල කාරණාවක් නොවුනත්, කුඩා කාරණාවක් වුනත්, අපි අතරෙන් සිද්ධ වුනොත් අපේ හිත අපිට නිතරම මතක් කරල දෙන කාරණාවක් තියෙන්න පුළුවන්, තවමත් අපි ඒ වැරැද්ද කරන කෙනා හැටියට.
ඒ වුනාට මම මේ වැරැද්දෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා කියල හිතට අධිෂ්ඨානය අරගෙන ඒ අනුව ක්‍රියාත්මක කරන්න වෙර වීර්යය ගන්න වෙලාවේ ඉඳල අපි අළුත් පුද්ගලයෙක්. අපි අළුත් කෙනෙක් බවට පරිවර්තනය වෙනව. අපි ඒ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ යන්නට උත්සාහ කරන පිරිසක් බවට පරිවර්තනය වෙනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Was the fault Realized
(No 14).
Peaceful Dhamma in a Beautiful Morning (Arunalle Daham Sisila) Arahants who attained Nibbana ( WARADA DUTUWADA)Was the fault Realized. Mindful Meditation Instructions
When one enters Monkhood or Nunnery ( Renunciation) , one has to give up all he or she owned such as the wealth they enjoyed , the wealth at present and future, the Leadership ,the praise, the pride, the relatives, the friends, etc., etc.,
Then as such the monk or the nun now accordingly has to learn a very different system of manners(etiquette) in Dhamma ( the nature of Buddhist Philosophy),for their own practise.
In the BASKET OF DESCIPLINE( The Vinaya Pitakaya),it is stated under the heading SEKHIYA the rules of descipline.
The Desciplinary Code is consisted of how a monk or a nun should walk ,talk, , the desciplinary actions and reactions of six sense bases , Dressing, and behaving in inhabited areas.
Just because a monk or a nun has physically left all their belongings with a Shaven Head and dressed in Yellow Robes it is not easy to mentally give up their belongings and adhere to the desciplinary code in the Vinaya Pitakaya ( Basket of Descipline), and be ordained Mentally, Physically and Verbally. Such was the experienced worthy saying of the Great Teachers in Monkhood.
But of course in giving up every single aspect in life , the Monks and the nuns mostly have to depend on the lay people for existence in their Samsaric journey. To earn this type of daily living as mentioned above even Lord Buddha had led an exemplary life of Seeking food (Begging Alms)on foot with an Alms Bowl (As stated in the Desciplinary Code).
Generally the monks start on the Alms Round in the early dawn of the day. The nature of the Alms Round happens according to the will and wish of the monk, Such as in groups in thickly populated areas of monks or singly in less populated areas of monks or singly according to the monk’s wish to do so.
“ In the ancient past there was a monk who was unable to comprehend , realize and forgive his own mistakes.
Generally We also sometimes keep recalling and repenting at our own mistakes of the past as if they are happening now.
The very same Mental Concept was also bothering this above mentioned monk. This particular monk suffered a lot mentally owing to his own mistakes of the past. But with effort (SammaVayama) he tried to follow the road leading to the extinction of suffering ( The Patipada).
One fine day when this above mentioned monk was on an Alms Round he saw a group of people waiting near the Forest that this monk had to cross and go . At the same time the monk was hearing a female voice screaming ,and he reached that place to ask them with loving kindness of what was happening. Then a man from the crowd was answering to say” This is my wife and she is about to give birth to a baby”.” He also said We are frightened to cross the forest to meet the native docter on the other side of the forest.” “So the monk asked why are you frightened to cross the forest?”. “ Then all the men at once said that there is a man in this forest who kills every single person who crosses this forest”.
Having heard this story the monk felt quite ashamed & frightened . Not knowing what to do the monk soon went and met the Great Lord Lord Buddha .
Having approached the Lord , Worshipped With Great Respect, told the whole story to the Lord.
The Great Lord with unshakenly bound with Loving Kindness told this above mentioned monk namely Ahinsa to go and tell that group of people your story and tell them that you will not harm anyone now. The Monk Ahinsa having heard this Great Saying of Lord Buddha replied the lord with respect “ Great Lord I am a Sinner, I am a Sinner”.””How can I tell them that I was the killer in the forest and that I have not done anything wrong.””
Then Lord Buddha inquiringly having perceived the monk Ahinsa’s mind with his divine eye understood the monk Ahinsa and repeated that “Ahinsa it is true that You killed people before you became a monk , but did you kill anybody after you got ordained as a monk with the worthy descipline of your great Monkhood?”
Then only the Monk Ahinsa began to realize that , although he was mentally suffering his past mistakes now he is in the Patipada leading to the realization of Dukkha the first Noble Truth.
Soon the Monk Ahinsa hurried to the pregnant lady and said” Sister Do not get frightened I am the person who was known as Angulimala and I was the leader of this forest killing people but now I am reformed namely Ahinsa.
Because now after I became a follower of Lord Buddha and I have rebecome as a monk , I observed (Seela) the precepts which are commitments to abstain from killing living beings ,stealing, sexual misconduct, lying, intoxication and adhered to the rules of The Basket Of Descipline (Vinaya Pitakaya)within the Buddhist Doctrine which were meant to develop my mind and character to make progress in the path to enlightenment. So Monk Ahinsa told the people to take the pregnant lady across the woods to the native docter without any fear.From the spur of the moment of uttering these words the lady was going through easy labour to deliver the baby.
In the same way in our lives also we may have faults that are unforgettable & May not even be big, But from the time we try hard(Samma Vayama), to forget and forgive ourselves, we processively become a freshly motivated person by developing wisdom as the followers of Buddha Dhamma & Sangha.
Jinam Wandami Gotamang (I Worship The Gotama The Great Lord).
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
භාවනාව සහ වඳුරු මනස
අපි භාවනා කරන්න පටන් ගත්තහම, හිත එහෙ මෙහෙ දුවන එක සාමාන්‍ය දෙයක්. භාවනාව කියන විෂයට කවුරුත් කැමැත්තක් දැක්වුවා වුනාට, හිත එහෙ මෙහෙ යන විෂයට, කවුරුත් අකමැත්තක් දක්වන්න පුළුවන්. සුළු සුළු දේවල් පස්සේ හඹාගෙන යන්නට හිතේ තියන කැමැත්ත නිසා, ඒ අභිප්‍රාය හින්දා, හිත මේ විදියට විවිධාකාර අරමුණු ඔස්සේ විසිරෙනවා වෙන්න පුළුවනි.
වර්තමානය තුල මොහොතක් රැඳුනා වුනාට නිරන්තරයෙන්ම අතීතයට සහ අනාගතයට පනින මේ හිතට 'වඳුරු මනස' කියලයි හඳුන්වන්නෙ.
ඒ වගේම මේ විදිහට දුවන හිතකුත්, කලාතුරකින් ස්වභාවයෙන්ම තැන්පත් වෙන්නත් පුළුවනි. කෙසේ හෝ නමුත් හිත තැන්පත් කරන්න අපි බාහිරින් හිතට කරන හැම බලපෑමකින්ම, හිත තව තවත් විසිරෙන්න පටන් ගන්නව. හිත තව තවත් මුරණ්ඩු වෙනව.
හිත පාලනය කිරීමට අපිට කරන්න තියන ලේසිම සහ පහසුම ක්‍රමය තමයි, හිත පිටට ඇඳී යන බව මනාකොට තේරුම් අරගෙන, ඒ බැහැර වුනු හිතට සමාව දීල, නැවතත් මෘදු වශයෙන් හෝ මෘදු ලෙස තමන්ගේ සුපුරුදු භාවනා අරමුණට හිත රැගෙන එන්නට ඕන.
සමහර විට, මේ ක්‍රියාව එක පාරක් කරාට මදි වෙන්න පුළුවනි. නැවත නැවත, නැවත නැවත පුරුදු කිරීමෙන්, මේ විදියට දුවන හිත පාලනය කර ගන්න අපිට පුළුවන්කමක් තියනව. හිතේ විසිරී යෑම සාමාන්‍යයක් ලෙස සලකලා, මෘදු ලෙස, නැවතත් තමන්ගේ සුපුරුදු භාවනා අරමුණට හිත රැගෙන ඒම බොහොම පහසු ක්‍රමයක් වෙන්න පුළුවනි.
නමුත් මේ ක්‍රියාව නැවත නැවත, නැවත නැවත සිදු කිරීමට ඔබට සිදු වෙනව විය හැකියි. නමුත් මේ විදිහට උත්සාහයෙන්, වීර්යයෙන්, අප්‍රමාදීව කටයුතු කලොත් වඳුරු මනස පාලනය කර ගැනීමේ හැකියාව ඔබටත් ලැබෙන්න පුළුවනි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Meditation & the Monkey Mind
No. 15.
Meditation & the Monkey Mind ( Mindful Meditation Instructions)Peaceful Dhamma In a Beautiful Morning).
The fact that when we sit to meditate, our mind running everywhere is a usual habit. Although people like meditation it is the truth that they do not like the mind getting disturbed.
Because the mind’s inquisitive state of interference has a habitual access to a variety of thoughts that the mind acts and reacts on its own way. Although the mind stays for a minute or two in the present moment , it runs to the past and to the future in a double quick hurry labelling itself the Monkey Mind.
But this type of mind can also rarely become stilled via nature.Anyway the more you try to still the mind the more the mind gets stubborn & disturbed via nature.
The only way to control the disturbed mind is to be aware of the situation and to get the mind back to the Meditation Object slowly & Steadily. Sometimes if you repeatedly practise the above mentioned slow & steady method you will be able to get the mind into a calm state. Having accepted the disturbed mind as a natural process to bring the mind back to the Meditation Object May not be a difficult task. This type of above mentioned slow & steady object guided mindful meditation has to be repeatedly done and you will definitely be able to quieten the mind which is a fact of life ,so explained by the Lord Lord Buddha.
Jinam Wandami Gotamang. (I Worship Gotama The Great Lord)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
හිත කියවූ භාවනා ගුරුවරයා
ශාසන ප්‍රතිපදාවක් හැටියට ගත්තහම, ලංකාව කියන අපේ රටේ, තමන්ට උවමනා කරන, ඕනෑම විදියකට කටයුතු කරන්නට අවස්ථාව දීල තියනව. තමන්ට උවමනා දවසක කෙස් රැවුල් බාන්නට, තමන්ට උවමනා වෙන විදිහේ වර්ණයක සිවුරක් දරන්නට, තමන්ට උවමනා වෙන විදිහේ වෙලාවකදි අවදි වන්නට, තමන්ට උවමනායි නම් පිණ්ඩපාතෙ වැඩම කරන්නට, ආදී වශයෙන්, තම තමන්ගේ රුචිකත්වය පරිදි හෝ ගුරුකුලවල උගන්වන ක්‍රමයට අනුකූලව, කටයුතු කාරණා සිද්ධ වෙනව.
ඒක හින්දම, ලංකාවේ ගොඩාක් වෙලාවට විවිධාකාර මතිමතාන්තර සහ විවිධාකාර අදහස්වලට ගරු කරන පිරිස් අපිට දැක බලා ගන්නට හම්බ වෙනව. නමුත් වාසනාවකට වගේ, තායිලන්තය කියන රටට වැඩම කරන්නට අවස්ථාව හම්බ වුනාට පස්සේ, එහිදී මුහුණ දෙන්න තිබ්බ, සම්පූර්ණම වටපිටාව, ඔය කියාපු ක්‍රමේට වඩා හාත්පසින්ම වෙනස් වුනා.
ඒ රටේ කෙස් රැවුල් බාන්නට අවසරය තියෙන්නෙ, හැම මාසයකම පෝය දවසට කලින් දවසේ විතරයි. සිවුරු සබන් දාල සෝදන්න අවසරය නැහැ ආරණ්යවලදී. කොස්පඬු පෙවීම විතරයි, කරන්න අවස්ථාව තියෙන්නෙ. අපේ රටේ වගේ විවිධ වර්ණයන්ගෙන් යුතු, සිවුරු දැරීම, ඒ රටේදි තහනම්. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නම්, කොස්පඬු යෙදූ සිවුරු පමණයි, පාවිච්චි කළ යුතු වන්නේ. ඒක ඒ රටේ නීතියක්. සංඝ නායක මහ තෙරුන් වහන්සේ විසින්, හැමෝගේම සම්මුතියෙන්, ඇති කර ගත්ත නීතියක්.
ග්රාමවාසී ස්වාමීන් වහන්සේලා, තැඹිලි වර්ණයට හුරු සිවුරු දරන අතරම, උන් වහන්සේලාත් ඒ සිවුරු ඒකාංස කරගෙන දරන අවස්ථාවල් වලදී, බඳ පටියක් පැළඳවීම අනිවාර්යයි. මුළු රටේම ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් බහුතරය, අසනීප වුනු පිරිස හැර අන් සියළුම ස්වාමීන් වහන්සේලා, පිණ්ඩපාතය වැඩම කිරීම අනිවාර්යය වෙනව. ඒ වගේම සියළුම ස්ථානවල, උදෑසන වන්දනාව, පාන්දර තුනහමාරටයි ආරම්භ වන්නෙ. සමහර ස්ථානවලදී වන්දනාව ආරම්භ වන්නේ, පාන්දර තුනට.
මේ ආකාරයට ප්‍රතිපත්තියෙන් පූර්ණය කර ගනිමින්, දවසට එක වේලක් පමණක් දානය වළදලා, සතිපට්ඨාන භාවනාව පමණක් සිදු කරමින්, උන් වහන්සේලාගේ ජීවිතය ගෙවනව. ඒ රටේ බොහෝමයක් මහ තෙරුන් වහන්සේලා, මාර්ගඵලලාභීන් හැටියට හඳුන්වනව. ඒකට හේතුව, තායිලන්තය කියන රටේ, සියළුම පිරිමි අය, පැවිදි දිවියට පත් විය යුතු බව කවුරුත් දන්නා සම්මත කතාවක්. ඒ අතරින් අර තරමේ දරුණු සහ දැඩි ප්‍රතිපත්තියක් රැකගෙන, අවුරුදු තිහක් හතළිහක් වැඩ සිටින ස්වාමීන් වහන්සේලාව, මාර්ගඵල ලැබූ උත්තමයන් හැටියට සැලකීම, ඒ සමාජයේ සාමාන්‍ය ලක්ෂණයක්.
අපේ රටේ, හැම මොහොතකම වගේ සිවුරක් දරන එක අනිවාර්යය අංගයක් වුනාට, තායිලන්තය කියන රටේ සිවුරක් දරන්න උවමනාවක් වෙන්නේ දානය වළඳනකොටත්, ධර්ම දේශනාවකට සවන් දෙනකොටත්, පිණ්ඩපාතයෙදිත්, සිල්පද සාකච්ඡා කරන පොහොය කරන වෙලාවලදිත් පමණයි. අනික් සියළු වෙලාවල්වලදී, ස්වාමීන් වහන්සේලා සිවුර බහා පැත්තකින් තියල, තමන් වහන්සේලාගේ වත් පිළිවෙත් ආදී කටයුතු සිදු කරනව. ලංකාවේ ක්‍රමයට මේක හරිම පටහැනියි.
එක්තරා කාලෙක එක ලාංකීය ස්වාමීන් වහන්සේ නමක්, ලංකාවෙ ඉඳල තායිලන්තයට ගියා, තායිලන්ත සංස්කෘතිය ඉගෙන ගන්නට. උන් වහන්සේ මාත් එක්ක කිවුව හැටියට, එහෙදි ඒ ස්වාමීන් වහන්සේලා ගත කරන ජීවිතය, උන් වහන්සේ දන්න විනයෙ හැටියට, හාත්පසින්ම වැරදි බවයි කියා සිටියෙ. දානය එක වේලක් වැළඳීම, දිනපතාම කෙස් රැවුල් බෑමට අවසරය නොදීම, වත්පිළිවෙත් කරන වෙලාවන්වලදි සිවුරු නොපැළදීම, ආදී කටයුතු, උන් වහන්සේගේ දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් වෙච්ච බව මා එක්ක කිවුව.
ඒත් එක්කම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීම, ඒ රටේ කියල දෙන ප්‍රධානම දෙයක්. අපේ රටේ කොහිදීවත් දකින්න ලැබිච්ච නැති විදිහේ ඒ උපස්ථානයක්, ඒ රටේදී මහ තෙරුන් වහන්සේලාට හෝ වස් දහය ඉක්මවූ ස්වාමීන් වහන්සේලාට, ලැබීම සාමාන්‍යයි.
ඉතින් මේ ලංකාවෙන් ගිය ස්වාමීන් වහන්සේටත්, එක්තරා දවසකදි අවස්ථාවක් හම්බ වෙලා තියනව, ඒ රටේ ප්‍රධානම ස්ථානයක, ප්‍රධානම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නට. උන් වහන්සේ අහල තියන හැටියට ඒ ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලාභියෙක්. නමුත් උන් වහන්සේගේ අධ්‍යනයෙ හැටියට, ඒ ස්වාමීන් වහන්සේ ඒ තරම් සීලවන්තයෙක් නෙවෙයි. මේක හන්ද මේ ස්වාමීන් වහන්සේ, ඒ මහ තෙරුන් වහන්සේට උපස්ථාන කරනකොට හිතින් හිතුවලු,
"මම හිතන හැටියට, මං කියවල තියන පොත්වල හැටියට නම්, මේ හාමුදුරුවො රහත් වෙලා නෑ. හැබැයි, මං මේ කරන උපස්ථානය කවද හරි දවසක මටත් රහත් භාවයක් ලබා ගන්න උපකාරයක්ම වේවා !"
කියන අදහසින් උන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට, උපස්ථාන කරන්න පටන් ගත්තලු. ඒ ආණ්යයේ හිටපු, භාවනා ආචාර්ය මහ තෙරුන් වහන්සේ, ඉංග්‍රීසි භාෂාව කතා කරන්න දන්නෙ නැති, ගොඩාක් වයසක තායි හාමුදුරු නමක්. උන් වහන්සේ තායි භාෂාවෙන් මොකද්දෝ වචනයක් එතකොට කිවුවලු. ඒත් එක්කම තායි භාෂාව තේරුනු, ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේ නමක්, ලොකු හාමුදුරුවො ඒ කියපු දෙයට හිනා වුනාලු. ලංකාවෙන් ගිය ස්වාමීන් වහන්සේට මේක ගැන සැකයක් ඇති වෙලා, උන් වහන්සේ අර ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේගෙන් අසා සිටියා කියල කියනව, "ලොකු හාමුදුරුවො මොකද්ද කිවුවෙ?" කියල. අන්න ඒ වෙලාවෙ අර ඉංග්‍රීසි භාෂාව කතා කරන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ ලංකාවෙන් ගිය ස්වාමීන් වහන්සේට කිවුවලු,
"ලොකු හාමුදුරුවො කිවුවා, ඔබ වහන්සේ පොතෙන් රහතන් වහන්සේලාව හොයනවා" කියල.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Meditation Teacher Who Read The Mind
No 16.
Experiences in Forest Monkhood.( The Meditation Teacher Who Read The Mind)Mindful Meditation Instructions ( Peaceful Dhamma In a Beautiful Morning).
“ In accordance with the culture of the Buddhist Philosophy in Sri Lanka, we are allowed to cultivate our minds relaxingly to lead our Patipada ( The Path) towards the extinction of suffering, such as we have the freedom to shave our head and the beard at the time we want , the colour of the robe can be any type of yellow, Begging Alms can be done according to our needs, We as monks can wake up being suitable to our convenience but as taught by the Senior Monks. In addition our duties ( suited for monks) can be performed to our likes & dislikes but as taught by the Senior Monks. Also in Srilanka Monks meet people of a variety of Caste & Creed who have respectable ideation.
But fortunately or not as I ( Ven Medavi) having gone to Thailand faced an entirely a different cultural background.
In Thailand Monks are allowed to shave their heads & beards only on the day before the Full Moon day ( Poya day) of every month.
Washing robes were not allowed with soap. Instead the robes had to be soaked into a bath of hot or cold water mixed with boiled bark of a Jak Tree.Also in Thailand the robes were not allowed to have different colours.
A Monasterial monk only had to wear the robe soaked with boiled bark of a Jak tree. This was a decision taken by their committee of leading Monks . The Village monks in Thailand had to wear Orange Coloured robed with a belt around the waist. All the monks in the area excepting the sick monks have to go begging Alms as a rule .
(Only one main meal a day) In addition the morning worshipping time begins at either 3 or 3.30AM. In this way the noble monks lead their lives with one meal a day and also practising only the meditation of four foundation of mindfulness ( Sathi Pattana). Thailand society considered that the Majority of their Senior monks were Stream Enterers, who would ultimately lead to liberation. The reasons being that in Thailand all men have to go through Monkhood for sometime , therefore as a fact, the monks who followed the residential Monkhood for thirty to forty years were naturally Stream Enterers or Stream Winners .
In Sri Lanka it is common to wear the yellow robe continuously. But in Thailand Robes were worn by monks only when taking Alms , Sermonizing or listening to Sermons , Seeking or Begging Alms, At discussions of Seela . All other times monks left the robes aside and performed their own duties suitable for their Monkhood. This is quite different from the Srilankan descipline (Vinaya) of Monkhood.
In the past a Monk from Srilanka went to Thailand for Buddhist training in that country. What he told me was that the Thai traditional habits for monks were entirely wrong according to ( Vinaya Pitakaya)Basket of Descipline in Buddhism.
One & Only meal a day, No daily shaving allowed, Not wearing robes when performing the monks’ duties were completely wrong and such was what the Srilankan monk said.
To look after the elderly monks and the Greater monks who had finished going through the ten Vas seasons( 10 Rainy Retreats)were also inclusive in this above mentioned Thai traditional duty performance. As such one day this Srilankan monk also had to look after a leading monk in quite an important Monastery or a temple .
Although the Srilankan monk had heard that this leading monk was a Stream Winner , according to his assessment this particular leading monk was not so pious. As such the Srilankan monk was thinking to himself “ Although I think that this leading monk is not so pious , with this meritorious act of looking after the leading monk May I one day become an Arahant”.This particular leading monk was very old & did not know the English Language. But when he happened to tell something in Thai language to another English Speaking monk, he laughed.The Srilankan monk being inquisitive had asked the English Speaking Monk what he said in Thai language” The English speaking monk replied saying to the Sri Lankan monk that You are trying to find Arahants by the Book”.
Jinam Wandami Gotamang (I Worship Gotama The Great Lord).
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ඇයි මටම මෙහෙම වෙන්නෙ?
භාවනාව කියන වචනය, ලස්සන සහ සුන්දර වචනයක් වුනාට, බොහෝ දෙනෙක් හිතන හැටියට, භාවනාව කියන අත්දැකීම ඒ තරමටම සුන්දර දෙයක් නෙවෙයි. භාවනාවට වාඩි වුනාට පස්සේ අපිට ගොඩක් වෙලාවට දැන ගන්නට, විඳ ගන්නට, හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන්නේ සංතෝසයට වඩා දුක පැත්තට බර, කම්කටොල්ල පැත්තට බර කාරණාවන්ය.
මේ වගේ දේවල් අත්විඳනකොට ඒ අත්විඳින කෙනා පුද්ගලිකව හිතන විදිහ තමයි, තමන් මේ අත්දකින අත්විඳීම හෝ අත්දැකීම, තමන්ට විතරක්ම විශේෂ වෙච්ච සුවිශේෂී දෙයක් හැටියටයි. නමුත් මනස පැත්තෙන් ගත්තහම අත්දැකීම කියල කියන්නෙ මනසට, එක්තරා රටාවක් විතරයි.
අපි අපේ අත්දැකීම, මගේ අත්දැකීම, ඔහුගේ අත්දැකීම, ඇයගේ අත්දැකීම, අපේ අත්දැකීම, ආදී වශයෙන් නම් කලා වුනාට දුක කියන වචනය මනසට සාමාන්‍යයයි. මනස දුක් වෙන්නෙත් නැති සතුටු වෙන්නෙත් නැති දෙයක්, අපි අපේ අත්දැකීමට දුක හැටියටත් සතුට හැටියටත් නම් කලායින් පස්සේ, ඒ දේ අපි දුකක් හැටියට සහ ඒ දේ අපි සතුටක් හැටියට බුක්ති විඳින්න පටන් ගන්නවා.
අපක්ෂපාතී වූ නිරීක්ෂණයෙන් නැත්නම් සතිමත් භාවය වැඩීම තුලින් අපි ඉගෙන ගන්න ප්‍රධානම කාරණාව තමයි, මේ කිසීම කිසි කාරණාවකට විශේෂ විදිහේ නාම මාත්‍රයක් නොදී, මධ්‍යස්ථ මතධාරීව, පැත්තක් ගන්නෙ නැතුව, දකින්නට, බලන්නට, විඳගන්නට ඉගෙන ගන්න එක.
මෙහෙම වුනාම අපි තේරුම් ගනීවී, මම මේ ලබන අත්දැකීම්වලට ප්‍රතිචාර දැක්වූ විදියටයි මට ඒව බුක්ති විඳින්න ලැබෙන්නෙ කියල. පසුකාලීනව ඔය කියන අත්දැකීමෙන් බර වෙච්ච භාවනා යෝගාවචරයා තමන්ට දකින දකින, තේරෙන තේරෙන, පේන පේන, හැම දෙයක්ම තමන්ගේ කර ගන්නෙ නැතුව, ඒක හුදෙක් අත්දැකීමක් බවට පත් කර ගනීවි. ඒ අත්දැකීමක් වුනාම අත්දැකීම ඇති වේවි. අත්දැකීම පවතීවි. අත්දැකීම නැති වෙලා යාවි.
එදාට, 'ඇයි මට මෙහෙම වෙන්නෙ?' කියල හිතෙන්නෙ නැති වේවි. මේක තමයි සිද්ධ වෙන විදිහ කියල තේරේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Why is it happening only to me?
No 17.
“Why is it happening only to me?” ( Meditation of Mindfulness ‘Instructions)
. ‘Peaceful Dhamma in a Beautiful morning.’
Although the word Bhavana( Meditation)is Sweet & Sound in reality, for the majority of people the experience in meditation is not so acceptable. When one sits to meditate the experiential awareness is more problematic than not.This is the way they think to themselves, when undergoing ignorant based misery ( Such as why is this happening only to me).
But considering via mindfulness it is just a perceptional process in the mind. Although we classify each One’s experience as his, hers, or ours,only the mind is processively experiencing some sort of processive ideation via contact in different ways. Mostly ending up in Dukkha or Domanassa. Mind can neither accept nor detest sorrow or happiness (Domanassa or Somanassa), in reality.
When one with the concept of self, perceptively (Sanna) identifies sorrow or happiness only one can either be happy or unhappy accordingly. Via impartial observation ( Apakshapathie Nirikshanaya) of Sati ( Mindfulness) , the most important lesson to learn is to live without labelling or passing judgement on others or on yours own.
On realizing the above mentioned method of living ,one will realize not to be dependant only on one’s own or others’ realizations whether they are right or wrong.
Then what one will begin to realize are only experiences. of Arising ,Peak,& Passing Away moments( Uppada, Thiththi, Bhanga). On realizing the above mentioned Dhammata ( Nature’s Own) one will not repeat the question “ WhyOnly Me”. but will accept the Pholosophy of nature analysed by Lord Buddha as Buddhist Philosophy.
Jinam Wandami Gotamang I Worship Gotama The Great Lord.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
අතහැරීමේ කලාව
බොහෝවිට භාවනා කරද්දී අපිට වැටහෙන්නේ මනස ඉබාගාතේ ගිහිල්ල තියන බවයි. ඒ වගේ වෙලාවක් නිවැරදිව හසුරුවා ගන්නේ කෙසේදැයි අපි නොදන්නවා වෙන්නත් පුළුවන්. එවන් මොහොතක අපි දුවන හිතට විරාමයක් තබන්නට හිත හඳුනා ගැනීමේ ක්‍රියාදාමය භාවිතා කරමු.
ඔව්..හිතනවා....
ඔව්..ඒක හැඟීමක්....
මෙලෙසින් සනිටුහන් කිරීමෙන්, සිත ගැන ඉතාම පැහැදිලි වැටහීමක් අපට ලබාගත හැකියි. මෙම වෑයම මූලික භාවනා අරමුණ වෙතට ආපසු යෑම ඉතාම පහසු කරයි. නමුත් අනිවාර්යයෙන්ම මේ කරදරය නැවතත් සිදු වනු ඇත. එවිට ඒවාද හඳුනා ගනිමු.
මෙලෙස හඳුනා ගැනීම නැවත නැවත සිදු කරන විට ඇතිවන ගැටළුව වන්නේ, සෑම සිතුවිල්ලකින්ම ඉවත් වීමට අප උත්සාහ කිරීමයි. එවිට අපි ඉක්මණින් වෙහෙසට පත් වේ. විශේෂම දෙය වන්නේ සනිටුහන් කර ගත යුත්තේ සිතිවිලි පාලනය කරගත නොහැකි නම් පමණි. එවිට පවා ඉතාම මෘදු ලෙස පිළිගැනීමෙනි.
සැර පරුෂ නොවී ටිකක් බර අඩුවෙන් සහ සැහැල්ලුවෙන් මෘදු ලෙස හඳුනා ගන්න. මෙවිට සිතේ පවතින සාමය නොවෙනස්ව පවතිනු ඇත. එවිට සිත ආයාසයකින් තොරව තමන්ගේ සුපුරුදු භාවනා අරමුණ වෙතට ආපසු පැමිණෙනු ඇත.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Way of Letting Go
No. 18.
‘The Way of Letting Go’ ( Instructions on Meditation of Mindfulness) Peaceful Dhamma In A Beautiful Morning). Mostly when we meditate we feel that our mind has gone astray unawares. We may not be knowing how to descipline our Monkey Mind. To descipline the mind we must first know our own mind.
When we get a distraction to the mind as we note it ,it can be easily taken back to the meditation object. But this problem of the Mind’s distraction repeatedly happens. By trying to get rid of the distraction of the disturbing thoughts what we are doing is instant cessation of each and every thought. In this way we get tired very soon. Instead we have to patiently wait at the distracted thought or the object till it gradually vanishes via sati Sampajanna ( Clear Comprehension).we have to apply Sati on the distracted object or thought and comprehend or observe how it fades away or how you realize the state of Impermanance of it and gradually you begin to realize the Anithya or the Impermanance of all existence. And if there is some distraction that is difficult to be got rid of ,you may have to make a note of it , in writing later if You think you are unable to remember it. Then We must note our distractions via Sati Sampajanna in a very quiet and humble manner. In this way with great tolerance we are able to return to the Meditation Object peacefully to continue our meditation procedures. Jinam Wandami Gotamang. I Worship Gotama The Great Lord.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සසර කළකිරුනු අමාත්‍ය භාර්යාව - සුමනා
එක් දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක.
"ආනන්දය, මෙම සූකර පෝතිකාව කකුසඳ බුදුරජානන්වහන්සේ ලොව වැඩ වසනා සමයෙහි කිකිළියක්ව ඉපිද, භික්ෂුන් දන් වළඳනා දාන ශාලාවක් අසල ගැවසෙමින් සිටියාය. දිනක් ශාලාව තුළ වූ එක් යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා භාවනාවේ කර්මස්ථානය හඬ නගා සජ්ජායනය කරනු මෙම කිකිළියට අසන්නට ලැබිනි. තිරිසන් ආත්මභාවයක පසුවු මැයට එම ධර්මය අවබෝධ කරගැනීමට භාග්‍යයක් නොමැති වුවද සතුටින් එම කර්මස්ථානයේ සිත යොමා සිටි බැවින්, එම කුසලයේ බලයෙන් තිරිසන් ආත්මයෙන් මිදීමෙන් පසු "උබ්බරී" නම් රාජකුමාරිකාවක් ලෙස උපත ලැබුවාය.
මෙම රාජ කුමාරිය දිනක් වැසිකිළි වලක අශුචිවල සිටි පණුවන් සමූහයක් දැක කළකිරී "පුළවක" සංඥාව උපදවා,එය කර්මස්ථානය කොටගෙන භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට පත්වී, ධ්‍යානය නොපිරිහී කලුරිය කළ බැවින් 'බ්‍රහ්මපාරිසජ්ජ' බඹ ලොව උපත ලැබීය. ඉන් බොහෝ කළක් බඹ ලොව සමාධි සුවයෙන් ගතකළ ඇය එයින් චුතව කකුසඳ, කෝණාගමන,කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේලා ලොව පහලව, උන්වහන්සේලාගේ ශාසනයන්ද අවසන් වන තුරුම සසරෙහි සුගතින් මෙන්ම දුගතින්හී ද උපත ලබමින් සසර සැරිසරා, අද දින මෙලෙස ඌරු යෝනියේ උපත ලැබුවාය."
මෙලෙස අනවරාග්ර සසරෙහි, බියකරු බව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ පිඬුසිඟා වැඩි මහා විථිය මධ්‍යයෙහිම,ආනන්ද හිමියන් ප්‍රධාන මහාසංඝ රත්නයට, සසරෙහි ආදීනව පහදා දෙමින් මෙසේ ධර්මය දේශනා කළ සේක.
"යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ
ජින්නෝපි රුක්ඛෝ පුන රේව රූහති
ඒවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං"
"මුල ශක්තිමත්ව නිරුපද්‍රිතව තිබෙනා තාක් කල් කැපූගස නැවත නැවත නැඟ ඒම, වැඩීම එහි ස්වභාවයයි. එලෙසම නිදන්නාක් මෙන්, එනම් අනුශය ලෙස චිත්ත සන්තානයේ සැඟවී පවතින තෘෂ්ණාව, නැවත නූපදනා පරිදි අනුත්පාද නිරෝධයෙන් නසනා තාක් කල්ම, මෙම පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත ඇතිවීම එහි ස්වභාවයයි"
රජගහනුවර මහමඟ මධ්‍යයෙහි සිට මෙම ධර්මය ශ්‍රවණය කළාවූ ස්වාමින් වහන්සේලා ඇතුළු බොහෝ පිරිස් සෝවාන් ආදී මාර්ගඵල ලබමින්, නිර්වානාවබෝධයට පත්වූ බව ධර්මයේ සඳහන්වේ.
සූකර පෝතිකාවගේ ඉරණම මෙතෙකින් අවසන් නොවීය. මෙම සූකර පෝතිකාව එම ආත්මභාවයෙන් මිදී ,මීලඟ ආත්ම භාවය ස්වර්ණ භූමි නම් රට ,රජකුලයක උපත ලැබීය. අනතුරුව එයින් චුතව බරණැස් නුවර මනුෂ්‍ය දියණියක් ලෙසද, එයින් පසු ආත්මභාවයක සුප්පරක පටුනෙහි දිවිගෙවූ අශ්ව වෙළෙන්දෙකුගේ දියණියක් ලෙසද ,එයිනුත් අනතුරුව කාවිර පටුනෙ නැවියකුගේ නිවසෙහිද උපත ලැබීය. මීලඟ ආත්ම භාවය අප ලක්දිව අනුරාධපුරයෙහි ඉසුරුමත් කුළගෙයක උපත ලැබීය.
ඒ වනවිට අප ගෞතම සර්වඥයන් වහන්සේ පිරිනිවී වර්ෂ 300ක් පමණ ගතවී අවසන්ය. ඇයගේ එම ආත්ම භාවයද කෙළවර, ඇය යළි අනුරපුරයෙහිම දකුණුදිශා භාගයෙහි "ගෝකන්න" නම් ග්‍රාමයෙහි සුමන නම් කෙළෙඹියාගේ සුමනා නම් රූමත් දියණිය ලෙස උපත ලැබීය. ඇය උපත ලැබූ වකවානුව, දුටුගැමුණු අනුරපුරේ රජ වීමට ආසන්න සමයයි. අනතුරුව සුමන කෙළෙඹියා ගෝකන්න ග්‍රාමය අත හැර දිගාවැව 'මහමුනිගාමය' නම් ගමෙහි වාසයට පැමිනි බැවින් මහමුනිගාමය ඇගේද වාසභූමි බවට පත්විය.
සුමනා දියණිය වැඩිවියට පත්වන විට දුටුගැමුණු ලක්දිව රජු ලෙස අභිෂේකය ලැබීය. දිනක් මහ රජුගේ මහ ඇමතියෙකු වූ "ලකුණ්ටක අතින්බර" නැමත්තා රාජකාරියක් පිණිස මහමුනිගාමයට පැමිනි කල්හී, රූමත් සුමනාවන් දැක ඇය කෙරෙහි සිත් බැඳී ඇය සරණපාවා ගත්හ. එලෙස ඇය දුටුගැමුණු රජුගේ මහ ඇමතියකුගේ දේවිය බවට පත්ව ඔහු වසනා 'මහපුණ්ණ' නම් ග්‍රාමයට වාසය පිණිස පැමිණියාය.
දිනක් මහාවිහාර වාසී 'මහා අනුල' මහරහතන් වහන්සේ භික්ෂුන්ද පිරිවරා පිඬු පිණිස 'මහාපුණ්ණ' ගමට වැඩම කළ අවස්ථාවේදී ලකුණ්ටක අමාත්‍ය මාළිගයටද වැඩමකල සේක. මෙවිට පිණ්ඩපාතය පිළිගන්වනු පිනිස මාළිගයෙන් එලියට බට සුමණා දේවිය දුටු මහරහතන් වහන්සේ, ඇයගේ පෙර භවය සිය නුවණින් දැක ඇයට ඇසෙන ලෙස
"ඇවත්නි, මහා ආශ්චර්යයකි. සූකර පෝතිකාව ලකුණ්ටක අමාත්‍ය දේවිය බවට පත්ව සිටී".
මහ රහතන් වහන්සේ නමක කිසිදා නිශ්ඵල වදන් නොකියන බැව් මනාකොට දැන සිටි සුමනා දේවිය, තම කන වැකුනු එම ප්‍රකාශය පිළිබඳව මෙනෙහි කිරීමට පටන් මොහොතෙහිම ඇයට ජාතිස්මරණ ඥානය එනම් පෙර භවයන් සිහිකිරීමේ ඥානය පහළවිය.
ඉන් පසුව පෙර සසරෙහි තමා ගත කළ දුක්ඛිත ආත්ම භාවයන් සිහිවී මහත් කළකිරීමට පත්වූ ඇය, අනතුරුව තම ස්වාමියා වූ ලකුණ්ටක ඇමතිතුමාගේද අවසරය ඇතිව සසුන්ගත විය. නොබෝ කලකින්ම සුමනා මෙහෙනින් වහන්සේ තිස්ස මහාවිහාරයේදී දෙතිස ,සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලයට පත්විය. ඉක්බිති ලක්දිව ඇතිවූ දුටුගැමුණු එළාර යුද්ධයෙන් පසු, තම මව්පියන් විසූ ගෝකන්න ග්‍රාමයට නැවත වාසය පිනිස වැඩම කළාය. අනතුරුව කල්ලන මහා විහාරයේදී 'ආසිවිෂොපම' සූත්‍ර දේශනාව ශ්‍රවනයෙන් සව් කෙලෙසුන් නසා රහත්භාවයට පත්ව මෙම බියකරු සසරින් සදහටම එතෙර විය.
සුමනා රහත් මෙහෙනින් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහිදී භික්ෂූන්, භික්ෂුනීන්, උපාසක, උපාසිකාවන් විශාල පිරිසක් එහි රැස්වූහ. එවෙලෙහි ඕතොමෝ අහසට පැන නැගී, තමා කිකිළියක්ව උපන් තැන් පටන් තම පෙර ආත්ම 13ම මුල්කොට දම් දෙසා රැස්වූ පිරිස සංවේගයට පත්කොට පිරිනිවීය.
අප සර්වඥයන් වහන්සේ වරක් මෙසේ වදාළසේක.
"සබ්බේ සංඛාරා අනිච්චාතී
යදා පඥ්ඥාය පස්සතී
අථනිබ්බින්දතී දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා"
"සියළුම සංස්කාරයෝ අනිත්‍යයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකීද, එම විසුද්ධි සංඛ්‍යාත නිවන ඔහු දකින්නේය".
එනිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කොට සියළුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන, ඒ අමිල නිර්වාණය සාක්ෂාත් කොට, අනවරාග්ර සසරින් හා සසර දුකින් එතෙරවීමට සියල්ලෝම උත්සහ කරත්වා..!!!
ජිනං වන්දාම ගෝතමං
Recollection of the Previous Births
No 19.
Recollection of the Previous Births ( Existences).The young Lass who attained Nibbana in SriLanka. ( Melaka Pirinivu Manavika). Mindful Meditation Instructions. Peaceful Dhamma in a Beautiful Morning.
One day in the ancient past when Lord Buddha the Lord was begging alms with Great Ven. Ananda , having seen a (Sow) a female pig our Great Lord the Buddha laughed.
Ven Ananda having noted our Lord’s laughter questioned him with respect as to why our Lord laughed.
Having answered Ven Ananda’s questions Lord Buddha said “ Ananda During Lord kakusanda Buddha’s time this (Sow) the female pig was found wandering to & fro as a hen near a monks’ refectory( Dining Hall).
One day the hen heard a certain monk reciting the Buddhist Doctrine loudly of the Cause & Effect with the insight meditation ( Kammasthana of Vidarshana Bhavana).
Although this hen had no insight of Comprehending the doctrine mentioned above, because she was happily listening to the Dhamma , the hen happened to be born as a Royal Princess Ubbari in her following birth.
One fine day this Princess Ubbari , having sighted a group of worms in a big earthly hole of faeces got disgusted of the scene but somehow achieving ( Pulavaka Sanna) perception of Fowlness attained the 1st Absorption (1st Dyana). Because she died with the 1st Absorption still in place she was born in a ( Brahma Realm) called Brahma Parisujja,
( in the abode of Brahmas.).
This Princess Ubbari existed in the Abode of Brahmas for a very long period in Samadhi Status (Tranquillity).
Having ceased existence from the Abode of Brahma’s, and by being born in the human world as well as in ( Niraya) A transient state of loss and woe after birth in four types of status & now born as a(Sow) A female Pig.
As such Lord Buddha showing the fearful status in the Samsaric journey, sermonized the Great Doctrine to the monks with Great Ven. Ananda inclusive.
YATHAPI MULE ANUPADDAWE.
JINOPI RUKKHO PUNA REVA ROOHATHI.
EVAMPI THANHANUSAYE ANUHATHE.
NIBBANTHI DUKKHAMIDAM PUNAPPUNAM.
As long as the root is strong the felled tree repeatedly grows again is it’s true nature.
In the same way like the sleep , till the hidden defilements , the hidden craving in the deep mind are completely ceased to be unborn again the Dukkha (the Sorrow) in the five aggregates repeatedly exist continuing the Samsaric journey.
In the city of Rajagaha many people with the great monks inclusive became Stream Enterers & Sream Winners after hearing the above mentioned doctrine of Lord Buddha.
The Samsaric Journey of the (Sow) the female pig did not end up here. The following birth she was born to a family of a Royal Clan in Swarna Bhumi and consecutively being subjected to continuous Samsaric journey now being born as the daughter of a Horse Dealer, then being born in a sailor’s house ,Again being born in a rich home in Anuradhapura,in Srilanka.
By that time it was about 300 years of Lord Buddha’s Great Sasana. At this time she was born as a daughter of a person called Sumana in the Southern Anuradhapura in a village called “ Gokanna” as Sumanaa as a very pretty daughter. The period she was born then was closer to the reign of King Dtugamunu . At this period her father left “ Gokanna”and went to reside in a place called Digawewa, Mahamunigamaya being followed by the daughter Sumanaa.
In the same period that Sumanaa attained age king Dutugamunu also became the king of Anuradhapura.
One day a person called’ Lakuntaka Athinbara’ being the leading minister of King Dutugamunu having visited the village of Mahamunigama met Sumanaa, married her for beauty. As such she became the wife (Deviya) of King Dutugamunu’s leading Minister & came to live in a village called Mahapunna.
One day an Arahant called Maha Anula having gone on an Alms Round came to the village of Mahapunna and happened to go to the castle of Lakuntaka the leading minister of King Dutugamunu.
Now the wife (Devi) Sumanaa having come out to offer Alms to the Arahant, mind read her past birth & said “A Great Miracle the Sow ( The female Pig) has become the Minister’s wife “ So said to her by the Great Arahant.
Sumanaa having trusted that the great Arahants never lie , began to recall the statement made by the Great Arahant & She having achieved the Knowledge recalling the Past Births ( Jathis Marana Gnanaya), She got quite disgusted of the whole Samsaric Journey, got permission from her husband Lakuntaka & entered the Sasana as a follower of the Buddha. The Nun Sumanaa could recall thirteen past births of her own from the birth of the hen onwards.
In a short period The Worthy Nun entered Sowan Pala , the 1st Entry as a stream enterer, at Thissa Maha Vihara after having listened to the Dethisa Satipattana Sutta(Four Foundations of Mindfulness).
Hence the war between king Dutugamunu & King Elara’s ended , the worthy Nun Sumanaa returned home to Gokanna village for residence.
In addition at Kallana Monastery the Great Nun Sumanaa attained Arahantship ceasing all taints after hearing the Ashee Vishopama Sutta. The day she attained Parinirvana a number of Bikkhu, Bikshuni, Upasika, Upasika were present at the destination where the the great Nun performed a miracle in the air with 13 of her past births from the hen’s birth onwards accordingly to the crowd and attained Parinibbana. Lord Buddha also recited the following doctrine.
SABBE. SANKARA ANICCHATI.
YADA PANNAYA. PASSATI.
ATHANIBBINDATHI DUKKHE.
ESA MAGGO VISUDDHIYA.
All taints are impermanant.Any one, mind seeing this with wisdom. That is called the Pure Nibbana visioned by himself.
Jinam Wandami Gotamang. I Worship Gotama The Great Lord.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිරිනිවුන ඒ රහත් මුනිවරු
මරණය පෙනි පෙනී උත්සාහය අත් නොහල විරුවා
(උත්තර මහරහතන් වහන්සේගේ කතාව)
අතීතයේ සුමේධ නම් බුදු රජාණන් වහන්සේ වැඩ වසන සමයේ, එක්තරා තරුණයෙක් ගිහි ගෙය ගැන කලකිරිලා, වනගතව බවුන් වඩා, සෘද්ධි බල ලබා සිටියා. දිනක් අහසින් යන ඒ තවුසාට, බුදුරැසින් දිදුලමින් ගසක් මුල වැඩ සිටි සුමේධ බුදු රජාණන් වහන්සේව දක්නට ලැබුනා. ඔහු තමන්ට දකින්නට ලැබුනු ඒ බුද්ධශ්‍රීයෙන් මහත් සේ පැහැදිලා අහසින් බැස ඇවිත් කිණිහිරියා මල් මිටක් ගෙන බුදුරදුන් පිදුවා. බුද්ධානුභාවයෙන් ඒ මල් බුද්ධ ශීර්ෂයට ඉහළින් ඡත්රයක් මෙන් පිහිටියා. එයින් තවුසා තුල ඇති වූයේ ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියක්.
පසු කාලයක තවුසා මිය ගිහින්, තමන් සිදු කරන ලද බුද්ධ පූජාවේ කුසලානිසංසයෙන් තුසිත දෙව්ලොව උපන්නා. එතැන් පටන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහිම පමණක් ඉපදෙමින්, ඒ සුගති සම්පත් විඳිමින්, සසරේ ඇවිත්, අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය ලොව පිහිටි කාලයේ මහත් ඉසුරු ඇති බමුණු ගෘහයක ඉපදිලා උත්තර නමින් හැඳී වැඩුනා.
උත්තර වැඩිවිය පැමිණෙත්ම රූපයෙන්, ගුණ නුවණින් සහ ශිල්ප ශාස්ත්‍ර දැනුමෙන් අන් තරුණයන් අභිබවා බොහෝ සේ ප්‍රසිද්ධ වුනා. ඒ නිසාම මගධ දේශයේ මහාමාත්‍ය, මහා බලසම්පන්න, වස්සකාර බමුණා පවා තම රූමත් දියණිය ඔහුට සරණ පාවා දෙන්නට මහත් කැමැත්තෙනුයි පසු වුනේ. නමුත් මේ කාලය වන විට උත්තර, තෙරුවන් කෙරෙහි මහත් සේ පැහැදී සිටියා. ඔහු ඒ වන විටත් සිටියේ දම් සෙනවි සැරියුත් මහ රහතන් වහන්සේ වෙතින් ධර්මය උගනිමිනුයි. කාමයන්ගේ ආදීනව වටහා ගෙන සිටි තරුණයා බොහෝ දෙනා ලබා ගන්නට කැමැත්තෙන් හුන්, වස්සකාර බ්‍රාහ්මණයාගේ අතිශය රූමත් දියණිය, එකහෙලා ප්‍රතික්ෂේප කලා. නොබෝ කලකින්ම බුදු සසුනෙහි පැවිද්ද ලැබූ උත්තර, සැරියුත් තෙරුන්ගේ ගුරු උපදෙස් ලබමින් මහණ දම් පුරන්නට පටන් ගත්තා.
දවසක් උන් වහන්සේ පාසිවුරු සහ පාත්‍රය අරගෙන බැහැරක වඩිනා අතරමඟ, පොකුණක් දැක නැවතුනේ පැන් පහසුවීම සඳහායි. පාත්‍රය පොකුණු තෙර තැන්පත් කර උන් වහන්සේ දියට බැස්සා. ඒ අතර රන් බඩු සොරකම් කල සොරෙක් රාජපුරුෂයන් විසින් ලුහුබඳිනු ලැබ ඒ පොකුණ අසබඩින් පලා යමින් සිටියා. පොකුණු තෙර තිබුනු භික්ෂුවගේ පාත්‍රය දුටු සොරා රන් බඩු සමඟ තමන් හසු වෙතැයි බියෙන්, ඒවා පාත්‍රයට දමා පලා ගියා. මද වේලාවකින්ම සොරා ලුහුබැඳ එතැනට ආ රාජ පුරුෂයෝ පාත්‍රය තුල වූ රන් බඩු දැක සොයා බලද්දී දුටුවේ අසල පැන් පහසු වෙමින් හුන් තෙරුන් වහන්සේවයි. අවට වෙනත් කිසිවෙකු නොසිටි නිසා තෙරුන් වහන්සේ සොරා බවට ඔවුන්ට වෙනත් සාක්ෂි අවශ්‍ය වුනේ නැහැ. ඔවුන් නිර්දෝෂී උන් වහන්සේ අල්ලා ගෙන, තලමින් රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කළා. අවාසනාවක මහත. එදින විනිශ්චය ආසනයේ හුන්නේ තම දියණිය උත්තර විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු කෙරේ වෛර බැඳ සිටි වස්සකාර අමාත්යවරයාමයි. හෙතෙම භික්ෂූන් වහන්සේ හැඳිනගෙන, කිසිදු සොයා බැලීමක් නොකොටම උන් වහන්සේ උල තබා මරන්නට නියම කලා.
රාජ පුරුෂයෝ උත්තර තෙරුන් වහන්සේ වධක මාලය පළන්දවා නුවර හරහා තලමින් ගෙන ගොස්, නුවර කෙලවර උලක හින්ඳවූවා. උල සිරුර හරහා යද්දී උන් වහන්සේ වින්දේ අපමණ වූ වේදනාවක්.
අප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් උත්තර තෙරුන් වහන්සේ දැක මහා කරුණාවෙන් යුතුව, සෘද්ධියෙන් එහි වැඩම කළා. විපතකදී පියෙකු තම පුතු සනසන්නාක් මෙන් තම ශ්‍රී හස්තය තෙරුන්ගේ හිස මත තබා උන් වහන්සේ,
"මේ ඔබ සසරේ රැස් කර ගත් ඔබේම කර්මයක විපාකයයි. එය නුවණින් විමසා ඉවසා ගත යුතු යැ"යි වදාරා ධර්මය දේශනා කළා.
නුවණ මෝරා තිබූ තෙරුන් වහන්සේ සම්බුදු හස්තයේ ස්පර්ශයෙන් සසරේ හුරු කල බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගෙන, දෙසූ ධර්මය උල උඩ හිඳම අවබෝධ කර, ෂඩ් අභිඥා සහිතව මහ රහත් ඵලයට පත් වුනා.
ඉක්බිතිව උත්තර මහ රහතන් වහන්සේ උල මතින් අහසට පැන නැඟී, එහි රැස්ව සිටි බොහෝ දෙනාට අනුකම්පා පිණිස සෘද්ධි ප්රාතිහාර්ය පා වදාළා. සිත් පහදවා ගත් මිනිසුන්ගේ සාදු නාදයෙන් වධක භූමිය ගිගුම් දුන්නා. දෙව් බඹුන් අහසෙහි සිටි රහතන් වහන්සේට වන්දනා කලා.
"නිත්‍ය වූ කිසි භවයක් නැත. සදාකාලික වූ සංස්කාරයෝ හෝ කිසිවක්ම නැත. ඒ හා සම්බන්ධ කෙනෙක් ඔබමොබ උපදින්නාහුද චුත වෙන්නාහුද වෙති. මේ දෝෂය දැක භවය උවමනා නොවූයෙක් වූයෙමි. සියළු කාමයන් අත්හලෙමි. මා විසින් කෙලෙස් නැති කරන ලදී."
උත්තර මහ රහතන් වහන්සේ එසේ සිංහ නාද කළා. උල තබා තිබූ උන් වහන්සේගේ සිරුර තවදුරටත් පරිභෝග කල හැකිව තිබුනේ නැහැ. සිත නිවී ගොසින්. ඒ සිරුර අත්හරින විට තවත් නවාතැනක්, තවත් සිරුරක් උන් වහන්සේට අවශ්‍යව තිබුනේ නැහැ. පහන නිවී ගියා. පහන් සිල ගිය අතක් නොවුනා.
උන් වහන්සේ 'උත්තර' නමින් එදා නිම කල සංසාර චාරිකාවේ පෙර භවයක, ගම් දරුවන් සමඟ සෙල්ලමින් ගත කල එක් දිනෙක, කොහොඹ කූරකින් මැස්සෙක් උල තැබුවා. තවත් දිනෙක මෑණියන් හා උරණ වී "තී දිනෙක උල තබාවා" යි ශාප කලා. ගොනා පසුපස එන ගැල් සක මෙන් ඒවා උන් වහන්සේ අත්නොහැර අන්තිම භවය තෙක් පසුපසින් ආවා.
බුදු වදනට කීකරු වන පුරුද්දත් ඒ හා සමවම සෙවණැල්ල මෙන් ආවා. එසේ පැමිණ, තවත් කෝටි ගණනක් උල්වලින් සිදුරු විය හැකිව තිබූ සිරුරු කෝටි ගණනක් උපදවන සුළු තෘෂ්ණාව සිඳ දැමුවා.
ජිනං වන්දාම ගෝතමං
The Victor who never gave up Victory
No 20.
The Victor who never gave up Victory ( Mindful Meditation Instructions)Peaceful Dhamma in A Beautiful Morning.
The Victory was not given up even if the death was in site.
The Great Arahants who attained Nibbana.
During Lord Buddha Sumedo’s period , A young person having got disgusted of the Samsaric journey led his life as a hermit in a forest , also achieving divine powers. One day when this person was in his divine powers in the air he saw Lord Buddha Sumedho seated under a tree with beaming powers shining around him. Having got overjoyed with this Lord Buddha Sumedo’s charming powers of the Buddhahood , the hermit came down from his divine powers and offered a bunch of flowers ( Kinihiri flowers) to the Lord. With the powers of the lord the flowers turned into a circle of flowers and took its place above the circle of the beaming rays of Lord Sumedo. Having cited this great processive miracle of the Lord the hermit was compassionately refrained with joy. In later years this hermit was born in Thusita heavenly realm as a result of the above mentioned meritorious act of offering flowers to Lord Sumedho.
Hence this birth in Thusitha Realm the hermit was being comfortably born between the human world and heavenly realms , which later the hermit was born to a very rich Brahmans family with a name given as Uttara.. In the period of Lord Gautama Buddha.
Uttara became very popular with his handsome appearance, Knowledge, Intelligence, kind attitude, and became higher in above mentioned qualities than other young men in the city.
Due to these above mentioned qualities the chief minister of the city of Magadha called Brahamin Vassakara had a great liking to give his beautiful daughter in marriage to this young man Uttara. But in this period of time Uttara was well versed with Dhamma ( The doctrine of Lord Gautama Buddha)advancing Uttara’s knowledge of Dhamma under the guidance of Great Ven Sariputta the right hand chief desciple of Lord Gautama Buddha.
Uttara being a young man who had absorbed the gravitational suffering of Craving (Thanha) in the Samsaric journey detested the marriage proposal of the Brahamin Vassakara’s beautiful daughter at once.
In a short period of time Uttara got ordained himself as a Buddhist Monk and followed Great Ven Sariputta. One day when Uttara ( Now Monk) along with his robes and the Alms bowl going somewhere on foot stopped at a certain pond for a bath. Having settled his robes and tha Almsbowl on the shore of the pond and stepped into the pond.
In the meantime there was a robber with his stolen gold jewellery being chased by the kingsmen , the robber happened to drop all his stolen goods into Monk Anuttara’s Alms Bowl at the shore of the pond and ran away. Shortly the kingsmen chasing the robber saw this Alms bowl full of jewellery , needed no evidence to suspect that the monk was not the robber,and caught the monk bathing in the pond instead. The kingsmen caught the harmless monk , beat him and forwarded him to the court of law.
For the monk’s bad luck the judge in court of law that day was ( Vassakara) the father of the beautiful girl who was refused the marriage proposal by Anuttara when he was a lay person. The judgement was passed to kill the monk on a spear as the rule of law. The kingsmen took the monk around the city by putting the garland of torture around him, bashing him which at the end of the city the monk was made to sit on the pointed edge of the Spear. The Monk was in unbearable pain while the spear was passing through the robe and the body upwards.
The Great Ven Lord Gautama Buddha having divinely visualized this arrived there kept his respectful hands with Metta on Monk Anuttara’s head , just like how a beloved father smoothly rubs his son’s head and said that” This is the result of your own Kammic force which you have to tolerate by your own realizations.” With the advancement of the Samsaric knowledge , and the recollection of the Samsaric following of the Buddha Damma & Sangha and the Supernatural Direct knowledge this Monk Anuttara attained Arahantship.
Hence this great monk performed divine powers in the air out of which the lay people with the attainment of Clear minds & the verbal noise of Happiness as Sadhu Sadhu Sadhu managed to blast the manslaughter area in court. Also Gods & Brahmas worshipped the Great Arahant Anuttara from their realms in the air.
“ The Monk in divinity preached as follows:- There is No universal permanency , No permanent Volitional existence, excepting the Samsaric journey with eternal ly being born & becoming everywhere.Due to all cravings ceased & fetters completely destroyed to the ultimate , the great Arahant Anuttara let out the following humble words of nature the Dhamma such as. “ The Body was all of no use, the mind was all calm of serene absorption , and was never in need of another Physical body, just like an oil lamp completely & processively lit off and the wick was never to be found”.
The cause & Effect of the above mentioned Kammic Force as such that in The Great Arahant’s Samsaric Journey in one of his past births when he was playing with his village friends , he speared a fly with a pointed stick (named Kohomba).And another day having argued with his mother he told her that the mother deserved to be speared.
As such just like the bull following the cart, these above mentioned unwholesome deeds followed Arahant Anuttara to the end of his Sansaric Journey. Being the follower of Lord Buddha also he habitually followed him like his own shadow, due to which the damage that could have happened with millions of spears Arahant Anuttara was destroyed with one solid spear point which was Thanha Craving equivalent to more than the damage of millions of other spears.
Jinam Wandami Gotamang. I Wordhip Gotama The Great Lord.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
භාවනාවෙහි දායාද
මතකය
අද කාලෙ වෙනකොට ලෝකෙ බොහෝම දෙනෙක්ට තියන ප්‍රධානම ගැටළුවක් තමයි මතකය නැතිවීම. නවීන ලෝකය තුල යම් යම් වූ අසනීප හැටියටත් මේ මතකය නැතිවීම හඳුන්වනවා. මෙවන් වූ ගැටළුවකට ඉතා සෘජු සහ ස්ථිරසාර පිළිතුරක් සතිපට්ඨාන භාවනාව ඔස්සේ අපිට සකස් කර ගන්න පුළුවනි. අද ඒක ගැන කතා කරන්නයි මේ සූදානම.
තථාගත බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට ඒ දේශනාව පටන් ගන්නෙම
"ශෝක පරිද්දවානං සමතින්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය"
කියන වචන දෙකත් එක්කයි. ඒකෙ තේරුම හැටියට කියවෙන්නේ, ශෝකයක් දුකක් සන්තාපයක් තියනව නම්, කායිකව හෝ මානසිකව හෝ යම්කිසි වූ දුකක් තැවුලක් තියනව නම්, මේ කියන හැම දේකටම තියන එකම පිළිතුර සතර සතිපට්ඨානය වැඩීම බවයි. එහෙම නම් අපේ මතකය නැති වීම කියල කියන බහුතර ගැටළුවටත් සතර සතිපට්ඨානයෙන්ම පිළිතුරක් ලැබිය යුතුයි. මේක සිද්ධ වෙන්නෙ කොහොමද?
බුද්ධ ශාසනයෙ මේ කියන දහම් මාර්ගයෙ යන ගමන පටන් ගන්නෙ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව උපමා කරන්නෙත් වතුර බිංදුවකට. වතුර බිංදුවකට තියන බලය පින්වතුනි පුදුමාකාරයි. උදාහරණයක් හැටියට කියනව නම් සමනල කන්ද මුදුනේ වතුර බිංදුවක් හිමීට පල්ලෙහාට ඇවිල්ල ළඟපාත තියන තව තව වතුර බිංදු එකතු කරගෙන, ඒ දියපාර පහළට පහළට ගලාගෙන ඇවිල්ලා, මහා ගංගාවක් හැටියට හැදිලා, අවසානයෙදි මහවැලි ගඟ නමින් නම් වෙලා ත්‍රිකුණාමලයෙන් මහා මුහුදට එකතු වෙනව. මේ මහා ගංඟාව කියන දේ හැදෙන්න කලින් ඒ ගඟේ ආරම්භය සිද්ධ වුනේ ඉතාම පොඩි වතුර බිංදුවකිනුයි.
බුද්ධ ශාසනය තුලත් යම්කිසි කෙනෙක් ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව, විශ්වාසය, උපමා කරන්නෙ ඔය කියන වතුර බිංදුවටයි. හේතුව ඒක ආශ්‍රය කරගෙන එයාට මහා සමුදුරයි කියල කියන නිවන් සුවය කරා යන්න පුළුවනි. ශ්‍රද්ධාව කියන වචනය ධර්මයෙහි විස්තර වෙන්නේ අවබෝධයෙන් යුතුව කරන පැහැදීම, නැතිනම් ගුණ වශයෙන් හඳුනාගෙන සිදු කරන විශ්වාසය හැටියටයි. බහුතර මතය හැටියට ශ්‍රද්ධාව ගැන කියවෙන කාරණාව වෙන්නේ බුදුරජාණන් වහන්සේව විශ්වාස කරනවා කියනව වගේ අර්ථයක් නම් තමයි. තවත් ඒකෙ ගැඹුරකට ගියොත් එහෙම, අපි ගුණ වශයෙන් හඳුනාගෙන පහදිනවා කියන අර්ථයත් ගැබ් වෙලා තියනවා.
භාවනාවෙදී ඔය කියන ලක්ෂණයන් අපි තුලින් මතු වෙන්නට, විද්‍යාමාන වෙන්නට, ප්‍රකට වෙන්නට, පටන් ගන්නව. මූලිකව සතිපට්ඨාන භාවනාව සිදු කරන අපිට දකින්නට, පේන්නට පටන් ගන්නවා මේ මොහොත තුල මොන දෙයක්ද මට තියෙන්නෙ කියල. භාවනාව වඩල අවසානයේදී ආපස්සට කරන ආවර්ජනයෙන්, කමටහන් වාර්ථාව සකස් කිරීම තුලින් මතක් කිරීම තුලින්, අපිට සිහිපත් වෙන්න පටන් ගන්නවා අපි ඇත්තටම භාවනාවේ ඉන්නකොට සිහියෙන් හිටපු අවස්ථා ටික මොනවද? කියල. නමුත් සිහියෙන් නොහිටි අවස්ථා ටික අපේ මතකයෙන් බැහැර වෙලයි තියෙන්නෙ. තාමත් අපිට ඒ ටික එළියට ඇදල ගන්නට අවස්ථාවක් හම්බ වෙලා නැහැ.
කාලාන්තරයක් තිස්සේ ඔය කියන හැටියට වර්තමාන මොහොත තුල තියෙන්නෙ මෙන්න මේ දෙයයි කියලා දැක දැක සතිමත්භාවය පුරුදු කරන්නට, එහෙමත් නැතිනම් අපක්ෂපාතී වූ නිරීක්ෂණය පුරුදු කරන්නට හිත හදා ගත්තට පස්සේ, කාලයක් යනකොට අපේ හිතේ අපි සිහියෙන් හිටපු අවස්ථා මතකය බවට පත් වෙන්නට පටන් ගන්නවා. හේතුව සිහියේ තියන එක ලක්ෂණයක් තමයි මතකය.
නමුත් මෙතනදිත් තියන ප්‍රශ්නේ, අපිට මතක තියෙන්නේ සිහියෙන් හිටපු අවස්ථා ටික විතරක් වීම. හැබැයි කාලාන්තරයක් තිස්සේ භාවනා කරගෙන යනකොට අපිට පේන්න පටන් ගන්නවා, අපේ හිත දුවනවා, ඒක නතර කරන්න බෑ කියල. ඒත් එක්කම අපිට තේරෙනවා අපේ හිත භාවනා අරමුණටත් එනවා, ඒකත් ස්වභාවිකයි කියලා. අර ශ්‍රද්ධාවේ කියන අර්ථය, ශ්‍රද්ධාවේ කියන ගුණය අපි ගාව හැබෑවටම තියනව නම්, අපි විශ්වාස කරන්න පටන් ගන්නවා මෙන්න මේ ගුණ මං ගාව තියනවා, නැතිනම් මෙන්න මේ ගුණයි මේ ධර්මය තුල තියෙන්නෙ කියලා. ඒ ගුණය වෙන මොකක්වත්ම නෙවෙයි,
"සමහර වෙලාවට භාවනා අරමුණට මට එන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට භාවනා අරමුණෙන් මගේ හිත පිට යනව."
මුල් කාලයේදී ඔය කාරණා දෙකට අපි අවස්ථා දෙකක් දුන්නට, අගය කිරීම් දෙකක් දුන්නට, කාලාන්තරයක් තිස්සේ භාවනා කරන්න වුනහම ඔය දෙකම එක හා සමාන අගයක් තියන එකක් නේද කියල අපිට වැටහෙන්න පටන් ගනීවි. අපි විශ්වාස කරන්න ගනීවි. අන්න එහෙම වුනාට පස්සේ අපි භාවනා අරමුණේ ඉන්න වෙලාව වගේම භාවනා අරමුණේ නැති වෙලාවත්, සිහියෙන් ඉන්න බව අපක්ෂපාතී වූ විදියට නිරීක්ෂණය කරන බව, නිරපේක්ෂව පරීක්ෂා කරන බව, අපි විශ්වාස කරන්න පටන් ගනීවි.
මූලිකව අපේ 'මතකය' කියන දොර විවර වුනේ සිහියෙන් ඉන්න කොටසේ විතරක් වුනාට පසුකාලීනව මම අසවල් වෙලාවේදී සිහියෙන් හිටියේ නැහැ කියන දේ විශ්වාස කරන්න වුනාම, ඒ කොටස් ගැනත් මතකය අවදි වෙන්න පටන් ගනීවි. කාලාන්තරයක් භාවනාව නැතිනම් සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් තමන්ගේ ජීවිතයේ තියන, සිහියෙන් හිටපු වගේම සිහියෙන් නොසිටි සියළුම අවස්ථාවන් ආවර්ජනය කර ගැනීමේ ශක්තිය ඔබට ලබා ගන්න පුළුවනි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Memory
No 21.
Mathakaya ( Memory)Contributions from the 4 foundations of Mindfulness, ( Sathipattana Bhavanawe Dayada) Mindfulness Meditation.
Today the greatest problem for people is experiencing Memory Loss. In the present world the memory loss is diagnosed as a result of various types of illnesses too. We can easily find a solution for a problem like this via the meditation of 4 foundations of Mindfulness . This is what we are ready to talk about today.
Lord Buddha initiates the Sathipattana Sutta as follows:—-SOKA. PARIDDAVANAM SAMATHIKKAMAYA. DUKKHA DOMANSSANAM ATTHANGAMAYA.
Which means that for any type of Physical or Mental Pain or sorrow the relief is 4 foundations of Mindfulness. If so the resultant relief should be the same as mentioned above for the common problem of Memory Loss ( The 4 foundations of mindfulness meditation) .
But How does this happen?
The path of Dhamma preached by Lord Buddha ( The Doctrine of Lord Buddha). The Philosophical analysis of nature begins with faith ( Saddha).
Faith is compared with a drop of water which is highly strong in power. As an example a drop of water which initiates from Adams Peak flows down slowly joining other drops of water on the way , having come down like a little stream , continuing as a big river such as River Mahavali joins the Great Big Ocean. Before it was formed a river it was only a drop of water.
In Buddhist Phylosophy also the faith (Sadda) and its belief are compared with the drop of water creating a big river leading to the sea. The reason being the comparison of a drop of water leading to the sea via a river , in the same way the faith and its belief also leads to Nibbana via a very minor but a strong initiation of mindfulness ( Sati). Faith is experienced in Buddhist Philosophy as acceptance with realization or the realization of Dhamma via Seela , Samadhi , Panna. (Morality, Concentration & Wisdom) being the Mundane & Supermundane qualities preached by Lord Buddha which ends up as an ultimatum in the Noble eightfold Path. This means the unshakeable faith in Buddha leading to Dhamma & Sangha.
In Buddhist Meditation the qualities of Lord Buddha can be mind seen as a practise.
Firstly in Sathipattana meditation we begin to mind see the present moment.
At the end of the meditation , having recollected from the beginning of the Bhavana procedure for the Kammattana record of the event we begin to note the mindfulness or the periods with Sati of the procedure. But the period of the distractive mind is still not noted, in the meditative period. For a long time when we develop the meditation practise of the present moment or the “Impartial observations”( Apakshapathie Nirikshanaya),we begin to be well aware of the mindfulness or the Sathi period of the Bhavana procedure. But still the question is we still only remember the mindfull period of the meditation as mentioned above. But as time goes on we realize that our minds are distractively desperate and cannot stop it. In addition we also feel that our minds return to the meditation object habitually.
But if we have the quality of faith embedded in us we begin to realize the fact that it is near to normality that the mind is subjected to distractions sometimes but it anyway returns to the meditation object. Although at the beginning we consider these two above mentioned instances ( distractions & returning to the object)as seperate incidents , later we give the same status to the two in acceptance, via mindfulness as an impartial observation, by the development of Sathipattana bhavana.
Jinam Wandami Gotamang. ( I worship Gotama the Great Lord)
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
භාවනාවෙහි සහ ජීවිතයෙහි වැදගත්ම ගුණාංගය
වීර්යය
වැඩිපුර උත්සාහ කලොත් වැඩිපුර සාර්ථක වෙන්න පුළුවන් බව අපි දැඩිව විශ්වාස කරන දෙයක්. නමුත් අවාසනාවකට ඒක හැම වෙලාවකදීම එහෙම වෙන්නෙ නෑ.
උදාහරණයක් හැටියට නිදා ගන්න එක ගත්තොත්, අපිට හරියන වටපිටාවක සුවපහසු ඇඳක ගැලපෙන ඉරියව්වකින් අපිට නිදා ගන්න සැරසෙන්න පුළුවන්. මේ ඔක්කොම කලත්, ඕන වෙලාවට නින්ද නම් එන්නෙ නෑ. ඒක වෙන්නේ අපිට ඕන විදියට වඩා අනික් පැත්තටයි. වැඩිපුර නිදා ගන්න උත්සාහ කරන තරමට අපි අඩුවෙන් නිදා ගන්නව. නමුත් උත්සාහ කරන එක නැවැත්තුවහම, අපිට නින්ද යනව. සුවදායක නින්දකින් පසුව බොහොම සැහැල්ලුවෙන් සහ සනීපයෙන් ඊළඟ දිනයේදී අපිට පිබිදෙන්න පුළුවනි.
මනස හදන එකත් ඒ වගේම තමයි.
මනස අශ්වයෙක් හීලෑ කිරීම වගේ කියල ගත්තොත්, ඌව දමනය කරන්න පුළුවන් පහසුම විදිහ තමයි එක තැනක කොටු කරනවාට වඩා, අශ්වයව දිග කඹේක ගැට ගහල නිදැල්ලේ දුවන්න අරින එක. අන්න එතකොට මුළු ලෝකයම වටේ දුවනව වගේ අශ්වය දුවන්න පටන් ගනීවි. ඒ වෙලාවෙදි කඹේ හෙමිහිට හෙමිහිට ඔතන්න පටන් ගන්න ඕන. මෙහෙම වුනහම අශ්වයත් මේ අදහස තේරුම් ගනීවි. අවසානයෙදී ඌ හීලෑ වෙන තැනට හිමින් හිමින් පැමිණේවි.
භාවනාවෙදිත් අපි මේ ක්‍රියාවලියම හිත හීලෑ කර ගැනීමට යොදා ගනිමු. හිතට බලපෑම් කර එක තැනක කොටු කරනවා වෙනුවට, හිතට සැහැල්ලුවෙන් සහ නිදැල්ලේ ඉන්න ඉඩ සලසමු. යමක් ලබා ගැනීමට හෝ යමකට පත් වීමට ඇති උවමනාව අතහැර දැම්මාට පස්සේ, සාමයෙන් සහ සැහැල්ලුවෙන් මේ මොහොතේ මොහොතක් විවේක ගනිමු.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
leading to RIGHT EFFORT
No 22.
The Worthy Feature of Meditation & Life’s Existence is EFFORT leading to RIGHT EFFORT( Samma Vayama)Mindful Meditation.
The more we try the more we become successful is our belief. But unfortunately it does not happen that way all the time.
As an example if we look at the Sleeping Posture we may try to sleep on a very comfortable bed wanting extra good sleep but we may not get it which is nature’s responsibility.
Things mostly happen the opposite way to our needs. The more we try to sleep the less we do. The less we try to sleep the more it happens. After a very good sleep we can wake up peacefully without any doubt.
As an example if we compare our mind control with restraining a horse , the best way to control a horse is instead of tying him tight to a pillar , he must be let loose to run around tying him to a long rope . Then the horse will run around enjoying his own way of freedom & then gradually (little by little) we have to shorten the rope which instinctively he comes back to his destiny. (The place where he should come back to).
In meditation too we will use a method similar to the above mentioned , to descipline our minds.
Instead of trying to forcefully control the mind let us freed the mind as it needs.
The very need to achieve something or the need to become somebody are led with freed freedom of the mind enjoying the right contentment at the present moment.
Jinam Wandama Gotamang.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
අමනුෂ්‍ය බලපෑමෙන් ඔබ මුදවාලන බලසම්පන්න සත්‍යක්‍රියාව
(ආටානාටිය සූත්‍රයේ ඔබ මෙතෙක් නොදත් සත්‍ය පැතිකඩ)
කරදර බාධක කියන දේ අපේ ජීවිතයට පුදුමාකාර විදිහේ කිට්ටු සම්බන්ධතාවයක් තියනව. මේ කරදර බාධකයන් අතර, එක්තරා විදියක ප්‍රධානත්වයක් ගන්න දෙයක් තමයි අමනුෂ්‍ය බලපෑම. මෙවන් වූ අමනුෂ්‍ය බලපෑමකින් මිදෙන්නෙ කොහොමද? අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්නෙ කොහොමද? කියල අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු.
වනාන්තරයක ජීවත් වුනා හෝ වේවා ග්‍රාමයක හෝ නගරයක ජීවත් වුනා හෝ වේවා අප බොහෝ දෙනෙක්ට තියන ප්‍රධානම ගැටළුවක් තමයි අමනුෂ්‍යයන්ගේ බලපෑම. බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන සංඝ රත්නය පුරාතනයේ ඉඳලම වැඩ හිටියේ බොහෝ වෙලාවට වනාන්තරවලයි. ගල්ගුහාවල, ගස් බෙනවල, අභ්‍යවකාශයේ, පාළු තැන්වල, නිදහස් පරිසරයක, බණ භාවනා කටයුතු කරමින් උන් වහන්සේලා පිළිවෙත් පුරනවා. මේ වගේ පිරිස් වලට සමහර සමහර අවස්ථාවන්වලදී අමනුෂ්‍යයන්ගේ බලපෑම ඇති වෙච්ච විත්තිය අපි කතාන්දරවලත් අහල තියනව. හිත වික්ෂිප්ත වීම, රාග ද්වේශ මෝහ ආදී කෙලෙස් දියුණු තියුණු විදියට වර්ධනය වීම, තමන්ගේ ප්‍රතිපත්තිය පූර්ණය කර ගන්ට බැරි විදියේ වටපිටාවක් ඇති වීම, නිතර නිතර බයට ත්‍රාසයට පත් වීම, ආදී කාරණා ඒවාට උදාහරණයි.
මේ වගේ සිද්ධීන් වුනහම අපි ජීවත් වෙන්නෙ කොහේ හෝ වේවා, අපි කරන කියන කටයුත්ත මොකක් හෝ වේවා, අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කෙරෙන්න පුළුවනි. මෙවන් වූ අමනුෂ්‍යයන්ගේ බලපෑමක් කාගේ හෝ ජීවිතයකට එනවා නම් ඒ එන්නේ ඇයි? එවන් වූ අමනුෂ්‍යයන්ගේ බලපෑමෙන් නිදහස් වෙන්නෙ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.
එක්තරා දවසක තථාගතයන් වහන්සේ වැඩ හිටපු තැනට ගෝත්‍රික නායකයො වගයක් පිරිවරාගෙන පැමිණෙනව. මේ නායකයො සියළුම දෙනාගේම ප්‍රධානත්වය ගත්තේ 'වෙස්සවන' කියල කෙනෙක්. ඒ කෙනා යටතේ තමයි අනික් හැම පිරිසක්ම හිටියෙ. මේ වෙස්සවන කියන ඒ ගෝත්‍රික නායකයා අනික් ගෝත්‍රික නායකයොත්, අනිත් ගෝත්‍රිකයොත් එකතු කරගෙන ඇවිල්ල, බුදුරජාණන් වහන්සේ අබියසට වෙලා, සමහර කෙනෙක් වන්දනා කරල පැත්තකින් ඉන්නව. සමහර කෙනෙක් වන්දනා නොකර පැත්තකින් ඉන්නව. මෙහෙම හිටපු වෙලාවේ අර වෙස්සවන කියන ගෝත්‍රික නායකයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා,
"තථාගත බුදු පියාණන් වහන්ස, අපේ පිරිසේ සමහර අය ඉන්නවා යහපත් වූ වැඩට කැමතියි. යහපත ගැන කතා කරනවට කැමතියි. යහපත සිද්ධ කරනවට කැමතියි. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා යහපතට කැමති නැහැ. යහපත සිද්ධ කරනවට කැමති නැහැ. යහපත අනුව යනවට කැමති නෑ. ඒ යහපතට කැමති පිරිස යහපත් විදියට ජීවත් වෙන අයට ආශිර්වාදයක්. යහපතට අකමැති පිරිස යහපත කරන අයට කරදර බාධකයක්.
බුදුරජාණන් වහන්ස, ඔය යහපත් පිරිසත් අයහපත් පිරිසත් කියන ඒ හැමෝම අපේ මේ ගෝත්‍රවල ඉන්න නායකයන්ගේ බසට යටයි. ඒ නායකයන්ගේ කීමට යටයි. ඒ හැම නායකයෙක්ම තථාගතයන් වහන්ස ඔබ වහන්සේගේ ගුණයට යටයි. අපි පුරාතනයේ ඉඳලම විපස්සී ආදී බුදුරජාණන් වහන්සේලාටත් වන්දනාමාන කරපු ගරු බුහුමන් දක්වපු පිරිසක්. තථාගතයන් වහන්සේලාව විශ්වාස කරන පිරිසක්. තථාගතයන් වහන්සේ ඇතුළු යහපත කරන, යහපතට පුරුදු වෙන, යහපතට අනුව යන පිරිස් අනුමත කරන පිරිසක්.
ඒ යහපතට යන පිරිසට අපේ මේ ගෝත්‍රවල ඉන්න අමනුෂ්‍ය කෙනෙක් හිංසාවක් කරනව නම්, පීඩාවක් කරනව නම්, බලපෑමක් කරනව නම්, ඒ කිසීම කිසි කෙනෙක් අපි ගෝත්‍රයේ තියාගන්නෙ නෑ. ඒ අයව ගෝත්‍රයෙන් නෙරපනව. ගෝත්‍රයෙන් නෙරපුවට පස්සෙ ඒ කාටවත්ම ජීවත් වෙන්න විදියකුත් නැහැ.
තථාගතයන් වහන්ස, පිළිවෙත් පුරන ඒ සෑම සියළුම දෙනාට කියා හිටින්න ඕන, මේ අමනුෂ්‍යාදී සියළුම දෙනාගේ ප්‍රධානත්වය ගන්න ඒ සෑම සියළු දෙනාම, බුදුරජාණන් වහන්සේව අනුමත කරන අය විත්තිය පිළි ගන්ට කියල. තථාගතයන් වහන්සේව විශ්වාස කරන අයයි කියල පිළිගන්ට කියල"
කියන්නෙයි කියනව. තථාගතයන් වහන්සේව විශ්වාස කරන පිළිගන්න ඒ කාටවත්ම අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්න විදියක් නැහැයි කියල, වෙස්සවන කියන ඒ ගෝත්‍රික නායකය කියා සිටිනව. අමනුෂ්‍යාදී බලපෑම්වලට තියන විශ්වාසය බැහැර කරල ඒ අමනුෂ්‍යාදී යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම්, ඒ සෑම සියළු දෙනාමත් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන, බුදුරජාණන් වහන්සේට වන්දනා කරන, බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කරන, පිරිසක් බව අපි අපේ හිතට උගන්වන්ට ඕන. අපි අපේ හිතට කියල දෙන්ට ඕන.
අපේ හිත් අමනුෂ්‍යාදී දේවල්වලින් යටපත් කර ගන්නට හෝ අපේ හිත් අමනුෂ්‍ය බලපෑමකට යටපත් වෙනවා කියන ස්වභාවයකට පත් කර ගන්නවාට වඩා, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයො වෙනවා කියන හිතේ ස්ථිර අධිෂ්ඨානය, හිතේ ස්ථිර වූ අදහස, අපේ හිතට ඇති කර ගන්ට ඕන.
එම සත්යානුභාවයෙනුයි ඔය කියන අමනුෂ්‍ය බලපෑම් වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්කම හම්බ වෙන්නෙ.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
A Solemn Declaration of Truth Expressed In Ritual Speech(SATHYAK KRIYA) to prevent ghastly ( Ghostly) evokes
No 23.
A Solemn Declaration of Truth Expressed In Ritual Speech(SATHYAK KRIYA) to prevent ghastly ( Ghostly) evokes. Meditation Instructions.
The problems in life are always Life Friendly.
Amongst these problems the ghastly evokes take a certain type of importance.
We will discuss today how these ghastly evokes initiate and the remedy to cease them.
Whether we live in a City Village or a Forest these ghastly evokes become one of our main problems.
The Great Novice Monkhood in the ancient past lived either in forests , rock Caves, Tree Bens, or in open vacant places in Meditation following the Buddhist Philosophy.
Groups of monks as mentioned above were faced with ghastly evokes , in the ancient past , such were heard in (fiction) story form. This type of ghost stories disturbed their minds with Greed, Hatred, and Delusion.
Also got obstructed with their way of meditation by a fearful environment. When such Coincidences happened such as ghastly evokes whatever was done or said for protection could have been turned upside down.
Why do these ghastly evokes happen in life’s existence?. and how do You escape them?.
The worthy replies for the above mentioned questions are unshakeably stated in Buddhist Doctrine the Buddhist Philosophy.
One fine day in that era a group of Ghastly Tribal Chiefs visited Lord Buddha. Their Leader was called WESSAVANA. After having gathered all other Tribal Chiefs, WESSAVANA visited Lord Buddha.
Some of the The Tribal Chiefs worshipped The Great Lord The Buddha and settled down, while some others settled down without worshipping the Lord. In the meantime the Tribal Leader WESSAVANA started telling Lord Buddha that” In our Group ,there are some who like right speech, and right Action while some others do wrong speech and wrong action.
In addition the tribal leaders who talk right and do right live well with blessings. Others who do and talk wrong are a hindrance to self and others. “Dear Lord all tribal clans whether good or bad are ruled by our leaders . But Dear Lord with respect all of us are destined to be guided by the Great Lord’s (Yours)Nine Wholesome Qualities.
From the Ancient Past we are a tribe who worshipped the Great Lords( The Buddhas) with wholesome respect , had faith in the Lords, and as such we acknowledge all people worthy of respect giving special honour to the Lords (Lord Buddhas)sacred and worthy of Worship.
“If anyone of our ghastly tribes trying to do harm to the wholesome Lords or ordinary beings they get chased out of our tribes , which leads to no help of survival.” “Dear Lord worthy yourself should tell your followers that we all ghastly tribes are ones who respect , follow and have faith in the Great Lord. All who have faith in the Great Lord have no ghastly evokes. ““ Such was the saying of the Tribal Leader WESSAVANA. Therefore we should all cease the fear of ghastly evokes by wholesome faith towards the Lord (The Buddha),worship the Worthy Lord, and follow the Worthy Lord.
We should all cease our delusional beliefs of ghastly evokes,and follow BUDDHA, DHAMMA, SANGHA with unshakeable Faith leading to the blessings of freeing Ghastly Evokes.
Jinam Wandama Gotamang.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
නිධන් හෑරීම සහ පොලීසියට හසු වීම
පැවිදි ජීවිතය කියල කියන්නේ හරියට කුරුල්ලෙක්ගෙ වගේ ජීවිතයක් කියලා අපි අහල තියනව. නමුත් කුරුල්ලෙක්ගෙ තරමට සැහැල්ලු වෙන එක ඒ තරම් ලේසි නෑ. ඇඟ මහණ කර ගත්තට, කෙස් රැවුල් බාල සිවුරක් ඇඳල හිත මහණ කර ගන්න එක ඒතරම් ඉක්මණට කර ගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඒකට ගොඩක් කාලයක් වැය වෙන්නත් පුළුවන්.
ඉංගිරිය මඩකඩ ආරණ්‍යයේ නායක හාමුදුරුවො ළඟ මහණ වෙච්ච කාලෙ මුලින්ම හිතේ තිබ්බ දේවල් තමා, සිවුරු පඬු ගහන හැටි ඉගෙන ගන්න, පාත්තර පුච්චන හැටි ඉගෙන ගන්න, සිවුරක් හරියට දරන හැටි පොරවන හැටි ඉගෙන ගන්න, ඒ ධර්මානුකූල වෙච්ච ආරණ්‍ය වටපිටාවක් තුල කළ යුතු, සිදු කළ යුතු වත් පිළිවෙත් මොනවද? සදාචාරසම්පන්න භාවයන් මොනවද? කියල ඉගෙන ගන්න එක. ඒ දේවල් ඉගෙන ගන්න එක පළවෙනිම කාරණාව වුනා වගේම, හිත ඇතුලෙ තිබිච්ච තවත් හීනයක් තිබ්බා කැලෑවක තනියෙන් ඉන්න ඕන කියල.
නායක හාමුදුරුවො දරුවෙක්ට වගේ හැම දෙයක්ම උගන්වල දුන්න. සමිත හාමුදුරුවො හැම දෙයක්ම හරියට කරන්නෙ කොහොමද? සකසුරුවම් වෙන්නෙ කොහොමද? වතක් පිළිවෙතක් නිවැරදිව කරන්නෙ කොහොමද? කියල ළඟින් ඉඳල කියල දුන්න.
තරුණ හිතක් තිබිච්ච අපිට කැලෑවට යන්න ලොකු උවමනාවකුත් තිබුන ඔය අතරම.
ඒක හින්දම හාමුදුරුවරු හතර පස් නමක් එකතු කරගෙන ඉංගිරිය ආරණ්යයෙම තිබිච්ච කන්දෙ උඩට උඩට උඩට උඩට නැග්ග අපි. මේ පාර කූඩැල්ලො කාගෙන තමයි යන්න තිබ්බෙ. එහෙම ගියාට පස්සේ පොඩි ගල් පොත්තක් හම්බ වුනා. එතනට ඈත පේනව. ඉංගිරිය ආරණ්‍යය කඳු පන්ති දෙකක් අතර යට තිබිච්ච තැනක්. ඒක හින්ද ඈත පේන්නෙ නැහැ. ලස්සන දොලක් නම් ගලාගෙන යනවා. ඈත බලන්න විදියකුත් නැහැ. අර කියාපු ගල් පොත්තට වටපිට හරි ලස්සනට පෙනුන. හැබැයි ඒ ගල් පොත්තෙ පර්යංකයට වාඩි වෙන්න ඉඩ තිබ්බ මිසක කකුල් දෙකක් දික් කලොත් එහෙම ගලෙන් පල්ලෙහට එල්ලෙන විදියට තමයි කකුල දා ගන්නත් පුළුවන්කම තිබ්බෙ. ඒ තරමටම ඒක පොඩි ගලක්.
කොහොම නමුත් හාමුදුරුවරු හතර නමක් විතර අපි ඔය තැන සුද්ධ කරගෙන රෑට රෑට ඉමුයි කියල කතා වුනා, කැළෑවට හුරු වෙන්න. පොඩියට වගේ පාරකුත් කපාගෙන නෙට් එකකුත් ගිහිල්ල එල්ලුව. නෙට් එකක් අරගෙන, කුඩයක් ඕක අස්සට ගහල, කුඩේ ඇටෙවුවට පස්සෙ නෙට් එක වගේ සම්බන්ධ වුනා. එතකොට වැස්සත් ප්‍රශ්නයක් නැහැ තෙමෙන්නෙ නැති හින්ද. හැබැයි ප්‍රශ්නෙ වුනේ ඒ විදියට කුඩේ දිග ඇරියට පස්සේ නෙට් එකේ තියන හිල් අස්සෙන් අර කුඩේ තිබ්බ කූරු ටික බහින හින්ද ආයෙ කුඩේ අකුලන්න බෑ. ඒක ඉතින් එතනම තියල තමයි උදේට පල්ලම් බහින්නෙ.
හාමුදුරුවරු හතර නමම වගේ හැටියට අපි දවස් තුන හතරක් ඒ කැලේ හිටිය ලන්තෑරුම් එළියක් යට. හරීම සුන්දරයි හරීම ලස්සනයි. කැලෑවෙ අත්දැකීම්වල පළවෙනිම එක ඒක තමයි. දවස් කීපෙකට පස්සෙ අපි හැමෝම ඔතන සාකච්ඡා කලා දැන් එහෙනම් අපි තනියෙන් ඉන්න පටන් ගන්න ඕනෙ කියල. මමත් බොහෝම කැමැත්තෙන් හා වුනා මේ වැඩේට. ඊට පස්සෙ දැන් ඉතින් කතා කර ගන්නව කවුද පළවෙනියෙන්ම ඉන්නෙ?
එතන හිටපු පැවිද්දෙන් වැඩිමල් කෙනාව යවමු කියල කතා වුනා. එහෙම වුනොත් හිටියෙ, අපිට ගොඩාක් කාලෙකට කලින් මහණ වෙච්ච එක සාමණේර හාමුදුරු නමක්. අපිත් ඒ කාලෙ සාමණේරයි ම තමා. උන් වහන්සේ බැහැයි කිවුව, උන් වහන්සේ අපිට වඩා බොහොම පොඩි හින්ද. ඊට පස්සෙ "එහෙම නම් අපි 'ගල-මල' අල්ලමු" කියල කතා වුනා. එක දෙක තුන හතර හැටියට අහඹු ලෙස කෙනෙක්ව තෝරමු කියල කතා වුනාම, අවසානෙට මාව ඒ තැනට පත්වුනා. මට යන්න සිද්ධ වුනා කැලෑවට.
"ඒක හොඳ අත්දැකීමක්, මම යන්නං" කියල හවස් වුනාට පස්සෙ (කාටත් නොකියාම තමයි අපි හැමදාම කන්දට ගියේ) එදත් පුරුදු විදියට කාටත් නොකියා කන්දට යන්න ගියා. නමුත් ආරණ්‍යයෙ ඉන්නකොට කැපකරු මහත්වරුත් එක්ක කැලෑව ගැන නිකමට වගේ කියපු හින්ද, මේගොල්ලො අපිව බය කලා,
"සමහර වෙලාවල් තියනවා ටෝච් එක ගහනකොට නිල් පාට ඇහැක් එහෙම දැක්කොත් එහෙම ඔය එන්නෙ මහසෝන, අනිවාර්යයෙන්ම. කැලේ යන්න හොඳ නෑ පොඩි හාමුදුරුවො."
අපිට ඔහොමයි කිවුවෙ. මං ඕවට බය නෑ කියල හිතුව වුනාට, ඕකත් හිතේ තිබ්බෙ නැතුවාම නෙමෙයි. කොහොම වුනත් කකුල් දෙකේ සිද්ධාලේපත් ගාගෙන කන්දට නැග්ග. කන්දට නැඟල පරණ පුරුදු විදියට ලන්තෑරුමත් පත්තු කර ගත්ත. තිබිච්ච විශේෂත්වයක් වුනේ වෙනදට ලස්සනට පේන ඈත ගමේ ලයිට් ඈත ගමේ තියන ආලෝකයන් එදා එකක්වත් තිබ්බෙ නෑ.
මට හරි පුදුමයි. වෙනද අපි ඔතනට එන්නෙ ඔය තියන සුන්දරත්වය බලන්නමයි. අවසානාවට මං ආපු දවසටම ඒකෙ එහෙම එකක් ඇත්තේම නෑ. ඒ මදිවට සර බර ගාන සද්දයක් ඇහිලා වටපිට බලනකොට නිල්පාට ඇස් දෙකකුත් දැක්ක. දැන් මහසෝනත් ඇවිල්ල අර උපාසක මහත්තය කියාපු හැටියට. මං කල්පනා කලා, විගහට සැතපෙන්න ඕන අද නම් කරන්න තියන එකම එක දේ ඔච්චරයි, කියල අර ගැට ගහල තිබිච්ච නෙට් එක අස්සට රිංගල විගහට දෑස පියා ගත්ත.
රෑ එකොළහමාර දොළහ වගේ වෙන්න ඇති එතකොට වෙලාව, මුළු කැලේම පෙරලන සද්දයක් ඇහුන මට. මං හිතුව මේ ගල් පෙරලනව වත්ද කියල. අහවල් ලෝකෙ පෙරළෙනව කියල හිතල දිවුව වගේ මටත් ඇත්තටම දුවන්න නොහිතුනාමත් නෙමෙයි නමුත් දුවන්න තැනක් තිබ්බෙ නෑ ගලෙන් පල්ලට පනිනව හැරෙන්න. ඒක හින්දා වෙන ඕන එකක් වෙච්චාවයි කියලා මං එහෙමම අවදි වුනා. අවදි වුනාමත් කකුල් දෙක පල්ලෙහාට දා ගන්න ඉඩක් නැති ඒ ගලේ කකුල් දෙක එරමිණියා ගොතාගෙන වාඩි වුනා.
මෙන්න මේ වෙලාවේ කැලෙන් එළියට ආවා කඩු කිණිසි ගත්ත පිරිසක්. සමහර අය ගාව කඩු තිබ්බා. සමහර අය ගාව කිණිසි තිබ්බා. සමහර අය ගාව ලොකු පොලු තිබ්බා. ඒ එන එන අය "අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේනෙ මේ ඉන්නේ" කිය කියා වන්දනා කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තුවක්කු අතින් ගත්ත පිරිසකුත් ආවා. ඇවිල්ල ඒගොල්ලො කිවුව හයියෙන්, "සර් මෙතන ඉන්නෙ භාවනා කරන හාමුදුරු කෙනෙක්" කියල. මට තේරුනේ නෑ මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියල. මං ඇහුව, "මොකද්ද මේ කාරණේ?" කියල.
අන්න එතකොටයි කිවුවේ කවුරු හරි එක් කෙනෙක් පොලීසි හදිසි දුරකතන අංකයට දැනුම් දීල තියනවලු, දවස් ගාණක ඉඳල කවුරු හරි කෙනෙක් කන්දෙ නිදන් හාරනව, ඒක බලන්න ඕනෙයි කියල. මේගොල්ලො කන්දට එන්න කලින් ගමේ කට්ටිය ඔක්කෝටමත් දැනුවත් කරල ගමේ හැමෝගෙම ලයිට් ටික ඔක්කොම ඕෆ් කෙරෙව්වලු. ඕෆ් කරවල ආරණ්‍යයටත් කළුවරේම පයින් ආවලු. එහෙම ඇවිල්ල නායක හාමුදුරුවන්ගෙන් ඇහුවලු "හාමුදුරු කෙනෙක් කැලේ භාවනා කරනවද?" කියල. නායක හාමුදුරුවො කිවුවලු, "මං දන්න තරමින් නම් නෑ" කියල. කතාව ඇත්ත. අපි නායක හාමුදුරුවන්ට කිවුවෙ නෑනෙ. කිවුව නං යන්න වෙන්නෙ නෑ ඒකයි.
කොහොම හරි ඊට පස්සෙ මේ ගොල්ලො අර කන්දෙ කූඩැල්ලො කකා, ඇඟ තුවාල කරගෙන, කඳු නැඟල තිබ්බා මේ මහ රෑ මැද නිධන් හාරන හොරුන්ට ගහන්න. සමහර අය කිවුව, "අපි හාමුදුරුවනේ ආවෙ කාව හරි එක් කෙනෙක්ව විනාශ කරන හිතින්" කියල. ඒ වුනාට ඇවිල්ල බලනකොට ඔබ වහන්සෙ භාවනා කරනව.
ඒ අයට ඒගොල්ලන්ගෙ ජීවිතේ තමන්ගෙ තිබිච්ච අර රළු අදහස වෙනුවට, එක පාරටම වතුර දැම්ම වගේ පුදුමාකාර වෙනසක් වුනා. සමහර අය භාවනා කරන්න පටන් ගත්තා. සමහර අය පෝයට සිල් සමාදන් වෙන්න ගත්තා. නිකමටවත් පන්සල් ආපු නැති අය හෝ ආරණ්‍යයට ගියේ නැති අය ආරණ්‍යයට යන්න පටන් ගත්තා.
පොලිසියෙ ලොකු මහත්තුරු ඇවිල්ල නායක හාමුදුරුවොත් එක්කත් කතා කලා. මං ඇහැව්වා ඒගොල්ලන්ගෙන් "ඇයි ඔයගොල්ලො මෙහෙම හිතුවෙ?" කියල.
"හාමුදුරුවනේ අපි දවල්ට දකිනකොට ඔතන අපිට පේනව මල් බුලත් වට්ටියක් එල්ලල තියනවයි කියල." කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. නෙට් එක ගැට ගහල තිබ්බනෙ. ඒක ඈතට පේන්නෙ ඒ වගේ වෙන්න ඇති.
"රෑට අපි දැක්ක කවුරුහරි එක්කෙනෙක් නටනව." හා ඒකත් වෙන්න පුළුවන්. මොකද ලන්තෑරුම හුළඟට හෙල්ලෙනවනෙ. ඒක හින්ද හෙවනැල්ල ගස්වලින් පේනව වෙන්නත් පුළුවන්.
"අපි හිතුවෙම මෙතන කවුරු හරි නිධානයක් හොයනව කියල."
මාත් හිනා වෙලා කිවුව, "මාත් නිධානයක් නම් හොයනව තමයි, තාම හම්බ වුනේ නෑ කියල."
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Digging A Treasure Being Caught By Police.
No 24.
Digging A Treasure Being Caught By Police. (Meditation Instructions).
We have heard that Monkhood is an easy life as a Bird’s Life. But it cannot be compared with the superficiality of a bird’s life.
Although one’s physical body enters Monkhood easily, for the mind to enter Monkhood would last a very long period. “ The period is hat I (Ven Padiyatalawe Medavi Thero ) was a monk guided by the Hon Ven ( The Head Monk) of Madakada Monastery , and my very first intensions were to learn how to colour the robes , how to get ready the Alms bowls suited for begging alms according to the ( Vinaya ) Buddhist doctrinal descipline , also how to acknowledge and wear a robe in accordance with the Monasterial Descipline.Also in addition the learning of internal and external traditions of Buddhist doctrinal descipline where Monasterial doctrine of descipline was taught.
Inaddition to the above mentioned initial preparations
“I ( Ven Medavi Thero) was in a dreamland of establishing loneliness in a lonely forest life.”
The Hon. Head Monk taught us so dearly and nearly like teaching a little child of how to behave, how to perform Monasterial duties and all what was mentioned above as doctrinal Monasterial descipline.
As young minded people we were very eager to live a Forest Life. “Merely due to this particular need of living in the forest, having collected four to five other monks we started to climb the hill of Ingiriya Monastery even while being able bitten by multiple Leeches , and having reached a rocky slate we could see the further distance.
Ingiriya Monastery was situated at the bottom of two adjoining mountainous areas with a stream flowing by serenely , but the vicinity was barely visible to the naked eye.
From the already landed rocky slate the surroundings were quite enchanting.
But on the rock slate being so small could not have been seated cross legged , and the legs were hanging down while seated.
Whatever the situation was.about 4 of our worthy monks discussed an idea of staying there at night time to get use to the forest life.
We cleared a very narrow roadway , hanged a net also to cover ourselves at night , and also with the help of an umbrella we tried to steady the net as there was no signs of rain at the time.
But the problem was we could not fold the umbrella due to the nettish holes being caught by the umbrella.
Having left the open umbrella as it was we had to come down in the mornings.
We four monks resided the nights there for 4 to 5 nights with the help of a Lantern Light serenely experiencing the first days of Forest life.
After a few days we were trying to live individually and having requested a monk senior in Monkhood to initiate it, , he refused the request. We all were novice monks anyway.
Then monks decided betting to choose the monks in the order of numbers. and the firstly chosen was me ( Ven Medavi Thero).
Having agreed I Ven Medavi Thero started to climb the hill as usual that day.
But in the early days the workers in the monastery had given a fearful commmentary about the forest and they have said that if someone saw a blue eye in the nightly forest with a torch light , that it is (Mahasona)being the chief ghost in the forest. As such the workers discouraged the monks going to the forest.
Although “ I ( Ven Medavi Thero) was very brave the fright was haunting my mind” “Whatever was going to happen I ( Ven Medavi Thero) having applied Medicinal oil on the legs climbed the mountain and settled down with the Lantern lit up by the side.” But that night there were no surrounding lights lit up in the village . “ Being my first night alone became a cloudy night with no serenity in the vicinity. One of our main fascinations here was the serene vicinity thought to himself by Ven. Medavi.”
In addition “ I Ven Medavi having heard voices and mind seeing the blue eyes I decided to sleep soon.”
“At about 12 Midnight I Ven Medavi heard the rocks rolling down and suspected it was me,””As there was no place to run I first sat on the rock with legs down & then sat cross legged and let go to whatever happened”.
“Instantly a crowd with swords Batons, and spears came towards me ( Ven Medavi) but immediately they saw me they worshipped me repeatedly saying “Here is our worthy monk and in addition a gang of peole also came and worshipped saying that here is a meditative monk”. “ I asked them what was it all about and they said that the police was informed saying that a treasure was being digging out in the forest and all lights were ordered to be off in the vicinity by police . Police also having gone to the monastery to inquire about the monk and could not
get any information as it was done with a will & wish quietly. Police said they came with the idea of destroying someone but it took completely an opposite reaction.
Due to this reaction some of the battalions cooled down like in a Cold Water Bath , there came a change in their lives and some even began to observe Sil. (Virtue) while some others began to meditate and some others who never even sighted the monastery became regular followers, via Buddhist doctrine. The head of the Police too met the Monasterial head monk . They also said that they saw sheafs of beetle leaves hanging on the rock and also somebody was dancing in the night meaning to the Lantern flickering in the night.
The Polce had thought that somebody was looking for atreasure there. Then Ven Medavi Thero said that” I am of course searching for a treasure which I have not received yet”,
Jinam Wandama Gotamang.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම 1
වේදනාකාරී අතීත මතකයෙන් නිදහස් වෙමු.
සාමාන්‍ය ලෝක සත්ත්වයා එදිනෙදා කටයුතු කරද්දී අපි අහල තියනවා, සිත කය සහ වචනය කියන මේ තුන් දොරයි භාවිතා කරන්නෙ කියල. සිත ගැන කතා කරද්දී අපි හැමෝම හිතන්න කල්පනා කරන්න රුසියො. මේ හිතන්න කල්පනා කරන්න තියන රුසිකම කැමැත්ත, අපිට හොඳ දේවල් වගේම නරක දේවලුත් කිට්ටු කරල දෙනව. හොඳ දේවල් අපි ගාවට එන එක බොහොම කලාතුරකින් සිද්ධ වුනාට, අමිහිරි මතකයන් අපේ හිතේ නිතර නිතර රැව් පිලිරැව් දෙනව. මෙවන් වූ අමිහිරි මතකයන්ගෙන් නිදහස් වෙන්නෙ කොහොමද? අද දවසේ සාකච්ඡාව ඒ ගැනයි.
කල්පනා කරන එක හෝ හිතන එක මේ ලෝකෙ කාටත් තියන කවුරුත් ආසා කරන පොදු පුරුද්දක්. මේ තාක් දුරට මේ ලෝකෙ ඉන්න එක්කෙනෙක් කල්පනා කරල තියන ප්‍රමාණයන් සටහන් කරන්න පුළුවන්කමක් තියනව නම් මං හිතනවා, දැනට මේ ලෝකෙ අච්චු ගහල තියන පොත් ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඒ තරමටම අපි කල්පනා කරල තියෙන අය. කල්පනාවක් කරනව වගේ නෙවෙයි කල්පනා වෙන්න පටන් ගත්තහම. භාවනාවෙදිත් අපිට කියල දෙනවා කල්පනාව ගැන බලන විදියක් ගැන. ඒ තමයි,
මම හිතනවද?
මට හිතෙනවද?
කියල බලන්න කියල. මේක හරිම සරල උපක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වුනාට 'මම හිතනවා' කියල කියන්නේ මගේ උවමනාවෙන් කරන දෙයක් බවයි. නමුත් 'මට හිතෙනවා' නම් ඒක මගේ කැමැත්තෙන් වෙන එකක් නෙවෙයි. ඒක හිතේ ස්වභාවයට වෙන දෙයක්. අපිට හිත සකස් කර ගන්න වෙනවා හිතේ ස්වභාවයට වෙන දේට ඉඩ දෙන්න.
කොහොම වුනත් හිතේ එන ස්වභාවයටත් ඉඩ දුන්න කියමුකො. ඒත් එන ප්‍රශ්නෙ තමයි, අමිහිරි මතකය, වේදනාකාරී පිඩාකාරී මතකයන්, නැවත නැවත අපේ හිතට පැමිණීම පුදුමාකාර වේදනාවක්. එවන් වූ වේදනාවක් දරා ගන්න හෝ එවන් වූ වේදනාවකට මූණ දෙන්න අපි ඉගෙනගෙන නැති නම්, එවැනි වූ රටාවක් අපි පුරුදු කරල නැති නම්, අන්න එහෙම වුනාම සමහර වෙලාවල්වලට අපිට අපේ දුක කියන්න ඕන වෙනව. සමහරක් වෙලාවට ඉකි ගහල අඬන්න හිතෙන්න පුළුවන්. කෑ ගහල විලාප තියල තමන්ගේ දුක කියන්න හිතෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒ දුක අහන්න කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. මේ වකවානුවක් තුල ඇත්තටම අපේ මේ වේදනාකාරී සිතිවිලිවලින් වේදනාකාරී අතීත මතකයෙන් අපි නිදහස් වෙන්නෙ කොහොමද?
මේ වගේ ගැටළුවකට බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම සාර්ථක පිළිතුරක් දීල තියනව. එක්තරා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි සිතුවිලිවල වල්මත් වෙලා ඉන්නව නම්, ඒ සිතුවිලි අපිට පීඩාකාරී නම්, මෙවන් වූ සිතුවිල්ලක් හිතන්න කලින්, නැතිනම් මේ වගේ පීඩාකාරී මට්ටමකට හිතට වහල් වෙන්න කලින් කල්පනා කරේ මොකද්ද කියල ආපස්සට බලන්න කියල කියනව. ඒ සිතුවිල්ල පැන නඟින්නට මූලිකව බලපාපු හේතුව මොකද්ද කියල හොයා ගන්න කියල කියනව.
උදාහරණයක් හැටියට අපිට යම්කිසි වූ රූපයක් දකිනකොට හෝ යම්කිසි වූ ශබ්දයක් ඇහෙනකොට, අපේ අඳුරු මතකයක්, වේදනාකාරී පීඩාකාරී මතකයක් අපි අභියසට එනව වෙන්න පුළුවන්. අපි හැමදාම කලේ ඔය අපි අභියසට එන ඒ වේදනාකාරී පීඩාකාරී සිතුවිල්ල පලවා හරින්න උත්සාහ කරපු එකයි. හැබැයි ඒක සාර්ථක වුනේ නෑ. හේතුව මොකද්ද?
ඒ සිතුවිල්ල පැන නඟින්නට බලපාපු මූලික කාරණාවට නෙවෙයි අපි උත්තර හොයල තියෙන්නෙ, ඵලයට හින්ද. බුද්ධ ශාසනය, හේතුවකට ඵලයක් ගැන කියල දෙන දහමක්. හේතුව තියෙනකොට ඵලය කොහොමත් තියනවා. හේතුව නැති තැන ඵලයක් ඇති වෙන්න විදියකුත් නැහැ.
අපි අපේ වේදනාකාරී සිතිවිලිවල හිර වෙලා ඉන්නකොට, බුදුරජාණන් වහන්සේ ඔය කියල දෙන හැටියට, ඒ සිතුවිල්ලට පෙරාතුව තිබිච්ච මූලික කාරණාව, මූලික වස්තු බීජය මොකද්ද? කියල හොයා ගන්න ඕන. මෙවන් වූ සිතුවිල්ලක් පැන නඟින්න හේතු වෙච්ච අවස්ථාව මොකද්ද? හේතු වෙච්ච කාරණාව මොකද්ද? මොන ඉන්ද්‍රියන්ගේ බලපෑමකින්ද මේ වගේ සිතුවිල්ලක් ආවෙ? කියල පොඩ්ඩක් ආපස්සට විමර්ශනය කරල බලන්න ඕන.
අන්න එතකොට අපිට හම්බ වේවි, මේ වගේ පඹ ගාලක පටලවන්නට, මේ වගේ වේදනාත්මක හිතක් හදල දෙන්නට, දුක්ඛිත දවසක් පමුණුවන්නට, දුක්ඛිත ජීවිතයක් බවට පරිවර්තනය කරන්නට හේතු වෙච්ච කාරණය මොකද්ද? කියල.
ඒක හැම වෙලාවකම අපි ඇහැට දැකපු රූපයක, කනට අහපු ශබ්දයක, නාසයට දැනිච්ච ගඳ සුවඳක, දිවට දැනිච්ච රසයක, ශරීරයට දැනිච්ච ස්පර්ශයක හෝ හිතටම ආපු සිතුවිල්ලක වුනත් නතර වෙලා තියෙන්න පුළුවන්. හෝ ආරම්භ වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ කියන අවස්ථාව අපිට හරියට හඳුනා ගන්න පුළුවන්කම තිබ්බොත්, ඊළඟ මොහොතකදී එවන් වූ රූපයක් දකිද්දී, එවන් වූ ශබ්දයක් අහද්දී, එවන් වූ ගඳ සුවඳක් දැනෙද්දී, එවන් වූ රසයක් දිවට විඳිද්දී, එවන් වූ ස්පර්ශයක් ශරීරයට ලබා ගනිද්දී, අපි හඳුනා ගනීවි මෙවන් වූ ස්පර්ශයක, මෙවන් වූ වින්දනයක, මෙවන් වූ දැනීමක, මෙවන් වූ සංඥාවක, අවසාන ප්‍රතිඵලය මාව අසවල් වූ ආකාරයක වේදනාත්මක මට්ටමකට අරන් යනවයි කියල.
අන්න ඒ විදිහේ බුද්ධිමත් විදිහේ හිතක්, බුද්ධිමත් විදිහේ ඥාණවන්ත භාවයක් ඇති කර ගන්නට අපිට ඉඩ හසර හම්බ වේවි සතිපට්ඨානය පුරුදු කිරීම තුලින්. අපක්ෂපාතී වූ නිරීක්ෂණය තුලින්. අපිම කරන කියන දේවල් ගැන අපිම ආපස්සට හැරිල බැලීම තුලින්.
අපි මේ වගේ වේදනාවක, මේ වගේ සිත් පීඩාවක නතර වෙන්න කලින් ඊට පෙරාතුව මට මොකද්ද වුනේ? ඊට පෙරාතුව මං මොකද්ද හිතුවෙ? ඊට පෙරාතුව මම නැඹුරු වෙලා හිටියෙ මොහොකටද? මෙන්න මේ කාරණාව හොයා ගත්තා නම්, අපිව මේ දුකට ඇඳල දාන වස්තු බීජය හොයා ගන්න පුළුවන්කමක් හම්බ වේවි. හේතුව හොයාගන්න පුළුවන්කමක් හම්බ වේවි.
ඒ හේතුව නැති කරන්න පුළුවන්කමක් තිබ්බොත් ඵලයකුත් නැති වේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Clearing The Mind
No. 25.
Clearing The Mind ( Relief From Past Painful Memories) Meditation Instructions).
ARUNALLE DAHAM SISILA (Peaceful Dhamma In A Beautiful Morning.
In a our daily lives we have heard that we normally use thought ,bodily action , snd Speech(Sitha, Kaya, Vachanaya). Talking about the mind we are very active in the above mentioned tasks. But being active specially in thought and Speech we get close to good and bad equally well. We rarely get into good thoughts and Speech , but we often entertain the opposite.
Today’s discussion is how to get rid of the unpleasant thought process leading specially to bad speech.
Thinking is a general processive gift to all beings.
If one person’s thought process is assessed, all universal book libraries would not be enough to fill it.
Such is the extent of our thoughts, and in addition it becomes a process without our knowledge.
In meditation also we are advised to differentiate between thinking and a thought process.
Although the thinking and the thought process appear quite simple , thinking has to be classified as a task done by oneself.
Although a thought process is not one’s own we have to be thought friendly. Whatever it is , thoughts that come in a process are sometimes very painful.
If we have not learnt to face these painful thoughts we sometimes have to let them out by telling someone , crying or weeping to the utmost.
But very often there will not be a listener available in these situations to console us.
“Therefore how are we going to be free from our past painful memories?. In these situations Lord Buddha has given us a peaceful solution in a certain Sutta , as such he sermonizes to recollect the initiative thoughts that brought out this situation of painful thoughts.
As an example of having seen, or heard,some type of unpleasant object or sound,we always tried to get rid of it. “ But that method was not helpful.””Why was that?”. The reason being that we were only interested in the result (the pain) of the incident and not the cause of the same.
Buddhism is a doctrine of Cause & Efffect which is nature’s gift of philosophy. If there is cause anyway there is a result , and no cause no result. According to Lord Buddha’s philosophycal advise , when we are packed with painful thoughts we are directed to recollect the cause of the problem that led to these painful thoughts with regards to the (1) time (2) the reason (3) the sense out of the 6 senses. ., that led to this problem as needed.
Then we will get the results of relief to find the cause that led to all the painful experiences.
This type of painful experiences always can be due to an Eye Contact( Object Seen) ,
Ear Contact ( Something Heard),Nose Contact ( Smells), Tongue Contact(Taste), Body Contact ( Touch With the body),Mind Contact( Thoughts). If we can pin point this particular momentary contact of the initiation of this painful experience ,and if we can subsequently note it and be aware of the contact leading to pain( Vedana), perception (Sanna), to avoid the Volitional (Sanskara) result of all these above mentioned experiences which will otherwise ultimately lead to Conciousness (Vinnana) and beyond into the Sansaric journey.
Such a procedure as mentioned above by practising 4 foundations of Mindfulness , and Impartial Observations( Apakshapathi Nirikshanaya) via recollective investigations of (Dhamma ), Buddhist Doctrinal Philosophy which are.
(1) Whathappened before the incident.
(2)The thoughts before the incident.
(3) Concentration of contact before the incident.
Would lead to the victory of solving problematic situations.
Jinam Wandama Gothamang.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
අප්‍රකට සත්‍ය කතා 01
ධර්මය සහ අධර්මය
ධර්මය කියන වචනය අපි කවුරුත් ප්‍රිය කරන, කවුරුත් ගරු කරන, අහන විට පවා පහන් සංවේගයක් ඇති කරවන, පෞරාණික වචනයක්. හැබැයි බොහෝ වෙලාවට මේ වචනයේ තේරුම අපි බොහෝ දෙනෙක් හරියට දන්නෙ නැහැ. විවිධාකාර මත, විවිධාකාර අදහස්, ආශ්රයෙන් ධර්මය කියන අර්ථය මේ වෙනකොට සමාජය තුල විකෘති වෙලා තියෙන්නත් පුළුවන්. සැබෑවටම ධර්මය කියන්නෙ මොකද්ද? ධර්මය කියන දෙයින් ප්‍රකට වෙන්නෙ මොකද්ද? කියල අද අපි සාකච්ඡා කරමු.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන අති දීර්ඝ කාලයක් පාරමිතා ධර්ම පුරපු බෝධිසත්වයානන් වහන්සේ, අවසාන ජීවිතයේදී මහාමායා දේවියගේ මව් කුසෙහි ඉපදිලා, සිද්ධාර්ථ නමින් හැදී වැඩිලා, අවුරුදු විසිනමයේදී ගිහිගෙය හැර ගිහිල්ලා, ගුරුවරුන් යටතේ කාලයක් බණ භාවනාව පුරුදු කරලා, අවසානයේදී වසර හයක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා, ඒ ද ඵල රහිත බව තේරුම් අරගෙන, මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගෙන, සම්මා සම්බුද්ධත්වයට පත් වෙනව.
තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වුනාට පස්සේ උන් වහන්සේගේ අත්දැකීම, ඒ දේශනාව, 'ධර්ම රත්නය' වශයෙන් අපි හඳුන්වනව. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන දේශනාව පිළිගන්න පිරිසට 'සංඝ රත්නය' යැයි හඳුන්වනව.
ඔය බුද්ධ ධම්ම සංඝ කියන වචන තුනෙන් ධම්ම කියන වචනය උපුටා ගත්තොත් එහෙම, අපි ධර්මය කියන වචනයට විවිධාකාර අදහස් උදහස් පමුණුවනව. සමහර කෙනෙක් තමන් කියන ධර්මය තමයි හරි, අනික් කෙනා කියන ධර්මය වැරදි යැයි පවසන අතරම,
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"
යන අයුරින් "යමෙක් ධර්මය ආරක්ෂා කරයි නම්, ධර්මය ඔහුව ආරක්ෂා කරයි" යන අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබ්බා වුනත්, සමාජයේ සමහර අය කියන කාරණාව තමයි, ධර්මය රකින අපිටම තමයි කරදර කියල. එසේ නම් සැබෑ ධර්මය කුමක්ද? අපි පුරුදු කරන දේ සැබෑ ධර්මය නොවන්නේද? මේ ගැටළුවට ගැලපෙන විදිහේ පිළිතුරක් ජාතක කතා පොතෙන් අපිට උපුටා ගන්න පුළුවනි.
මීට බොහෝම ඉස්සර එක කාලයක් තිබිල තියනවා, පුරාතන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා, සද්ධර්මය දේශනා කරලා, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ, ආර්ය වූ මහා සංඝ රත්නයෙ අවසානයෙන් පස්සේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෝකයෙන් තුරන් වෙමින් යන කාලයක් පැවතිලා තිබිල තියනව. මේ කාලයේදී වුනත් තමන්ට පුළු පුළුවන් හැටියට දහමට අනුව කල්පනා කරන්න, දහමට අනුව වැඩකටයුතු කරන්න යොමු වෙච්ච, එක්තරා අම්මෙකුයි පුතෙකුයි හිටිය.
තමන්ගේ ස්වාමි පුත්‍රයා මියදුනාට පස්සේ, හැකි පමණ වූ ධාර්මික වූ ජීවිතයක් ගෙවමින් තමන්ගේ පුතාව මේ මෑණියෝ පෝෂණය කලා. කාලයක් ගත වෙනකොට දරුවාගේ කල වයස තරුණ බවට පත් වුනා. මේ මව වැඩිහිටි බවට පත් වුනා. මේක හන්දම පුතාට යෝජනා කලා සරණ පාවා ගත්තොත් හොඳයි කියල. මූලිකව පුතා ඒ අදහසට එකඟ නොවුනාට පසුකාලීනව එකඟත්වය පළ කලා. අවසානයේදී ඒ පවුලට ගැලපෙන විදිහේ පවුලකින් ආවාහයක් කරල දුන්න. ඊට පස්සෙ මේ මෑණියොත් පුතත් ඒ ලේලියත් එක ගෙදරක කාලාන්තරයක් තිස්සෙ වාසය කළා.
කාලය මෙහෙම ගත වුනාට ඒ ලේලියට දරුවෙක් හම්බ වුනේ නැහැ. ඒ වගේමයි ඒ පවුල ඒ තරම් පෝසත් වුනෙත් නැහැ. මේ සිද්ධිය වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයෙන් අතුරුදහන් වෙමින් තිබූ කාලයක් හින්දා, සමාජය තුල විවිධාකාර මතිමතාන්තර පැවතී තිබුන. දියුණු වෙන්න නම් තමන්ගෙ දෙමව්පියො ගෙදරින් අයින් කරන්න ඕන කියන එක ඒ කාලෙ තිබිච්ච එක මතයක් වුනා. මේක හන්දම ඒ ලේලිය තමන්ගෙ ස්වාමිපුත්‍රයාට නැන්දම්මා ගැන විවිධාකාර වැරදි කියන්න පටන් ගත්තා.
මුලින් මුලින් නම් තමන්ගෙ මෑණියො ගැන කියන වැරදි ඒ පුතා විශ්වාස නොකලා වුනත් පස්සෙ කාලෙකදි විශ්වාස කරලා, තමන්ගේ බිරිඳගේ කීමට තමන්ගෙ මවව ගෙදරින් එළියට පන්නනව. සරල සාමාන්‍ය විදිහේ ජීවිතයක් ගෙවපු මේ වයසක මාතාව තනිව වාසය කරනව. කාලය මෙහෙම ගෙවීගෙන යනකොට ලේලියට දරුවෙක් හම්බ වෙනව. ඒ වගේමයි ඒ පවුල සැප සම්පත් වලින් ආඩ්‍ය වෙන්න පටන් ගන්නව.
මේ වග ආරංචි වෙච්ච මෑණියො එතකොට කල්පනා කරනවලු,
"ඒ කාලෙ තමයි මම අහල තිබ්බෙ ධර්මය රකිනකොට ඒ ධර්මය විසින් අනිත් අයවත් රකිනවා කියල. දරුවන්ට දෙමව්පියන්ව පෝෂණය කරනකොට සැප සම්පත් හම්බ වෙනවා, සතුටින් කල් ගෙවන්න පුළුවන් වෙනව කියල මං ඒ කාලෙ තමයි අහල තිබ්බෙ. අද කාලෙ ධර්මය නැහැ. අද කාලෙ ධර්මය මැරිල. මේ තියෙන්නෙ අධර්මයමයි. දරුවන්ට දියුණු වෙන්න නම් දෙමව්පියන්ට ගෙදරින් එළියට යන්නම වෙනව."
මෙන්න මේ විදියට කල්පනා කලාලු. ඒ කාලේ අප මහා බෝධි සත්ත්වයාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා හැටියටයි පහළ වෙලා ඉඳල තියෙන්නෙ. ශක්‍ර දේවේන්ද්රයාට මේ අසරණ කාන්තාවගේ සිතුවිල්ල දැනිලා තාපසයෙක්ගෙ වේශයක් මවාගෙන කාන්තාව ගාවට ඇවිල්ල කියා හිටියලු,
"එහෙම හිතන්න එපා මෑණියනි. අද කාලෙ ධර්මය තියනවා. අධර්මය නෙවෙයි. ධර්මය මියෑදිලා නෑ. ධර්මය මැරිල නැහැ. ධර්මය යටපත් වෙලා නෑ."
මෙහෙම කියනකොට අර මෑණියො භෞතිකව කල්පනා කරල නැවතත් කියා හිටිනවා,
"නෑ අද කාලෙ ධර්මය නැහැ. අද කාලෙ ධර්මය මැරිල. අධර්මයමයි තියෙන්නෙ. දරුවන්ට සැප සම්පත් ලබන්න නම්, දරුවන්ට තමන්ගෙ දරුවන්ව දකින්න ඕනකමක් තියනව නම්, දෙමව්පියන්ව ගෙදරින් එළියට එලවන්නම ඕන."
මෙහෙම කියල වෙස්වලාගත්ත තාපසවරයාගේ වචනය අර මෑණියො ප්‍රතික්ෂේප කරනව. ඒ වෙලාවෙ බෝධිසත්ත්වයො උප්පරවැට්ටියක් කල්පනා කරල මෑණියන්ට කියා හිටිනවලු,
"හොඳයි එහෙනම් මාතාවනි, අද කාලෙ ධර්මය නැත්නම්, අධර්මය නම් තියෙන්නෙ, අපි අධර්මයෙන්ම වැඩක් කරමු එහෙනම්."
අර මෑණියො මොකද්ද කියල අහනවලු. අන්න එතකොට තාපසවරයා උත්තර දෙනවලු,
"ඔයාගෙ දරුවවයි ඔයාගෙ ලේලිවයි ඝාතනය කරන්නම්. මට විනාශ කරන්න පුළුවන්. ඒ හැකියාව මට තියනව. එහෙම වුනහම ඔයාට ආපහු ගෙදරට යන්නත් පුළුවන්නෙ. ප්‍රශ්නෙ එතකොට විසඳෙයි"
කියල කියනව. අන්න ඒ වෙලාවේ ධාර්මික හිතක් තිබිච්ච ධාර්මික විදියට ජීවත් වෙච්ච ඒ අහිංසක මෑණියො කියා හිටිනවලු,
"අපොයි එහෙම කරන්න එපා. මගේ ලේලියත් මගේ දරුවත් සංතෝසයෙන් ජීවත් වුනාවයි."
බෝධිසත්ත්වයො කියා හිටිනවලු මෑණියන්ට,
"ඔන්න ඕකයි ධර්මය කියන්නෙ. ඒක අපිට බාහිරට පේන දෙයක් නෙවෙයි. ඒක අපේ හිත ඇතුලෙ තියෙන්න ඕන ගුණයක්."
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Undisclosed True Stories
No26.
Undisclosed True Stories.( Dhamma & Adhamma)
Meditation Instructions
Arunalle Daham Sisila
( Peaceful Dhamma In A Beautiful Morning)
The Word Dhamma is liked, Respected by all of us. Even listening to the word Dhamma rings our ears an ancient enlightened serenity.
Most of the time truly we do not know the real meaning of Dhamma.
Several views have complicated the real meaning of Dhamma in today’s society.
Today we will discuss the real meaning of the word Dhamma.
After having completed the ten perfections ( Paramithas) according to Buddhism such as (1)Daana ,(Genorosity )(2) Sila, (Morality)'
(3)Nekkhamma (Renunciation)(4)Panna (Wisdom)(5)Viriya ( Energy). (6)Kanthi ( Patience)(7)Saccca (Truthfulness)
(8)Aditthana ( Resolution)
(9) Loving Kindness(Metta)
(10)Upekkha ( Equanimity)
and was born after 4 Asankhyas & 100,000 Aeons ( Sara Sankya Kalpa Lakshayak) as the final birth to Queen Maha Maya
Being brought up as Prince Siddhartha left for renunciation at the age of 29 years. Practised Meditation under many teachers , and at one stage redoubled his efforts practised the Ascetic Life , refusing food and water,eating only what was found on the ground, drinking only rain water,and wearing only a loin cloth,for which he was resultless after having tried for 6 years in trying his achievement of becoming a Buddha.
He finally attained Buddhahood via practising the middle path in Buddhist Doctrine which he self realized ,meaning to the Avoidance of 2 extremes of the practicality of life , namely , Indulgence of sensual Pleasures on one side and severe Ascetism on the other side , and therefore the Life leading to the Buddhahood had been a comfortable and an affluent victory.
After a Buddha had been born to the world his worthy experiences , his worthy Sermons are accepted as worthy of Dhamma ( Buddhist Doctrine).
The Active followers of the Buddha are the Worthy Sangha & Doctrinally classified as Buddha, Dhamma , Sangha.
The word Dhamma is introduced in different ways, while some people think that their way of sermonizing Dhamma is the only correct way , although Lord Buddha is sermonizing the following stanza as “ Yo Dhamma Passathi So Mang Passathi”meaning to that if someone has the realizational faith in Dhamma the Dhamma will processively protect that person.
But our usual question in the society is that why worries come only to us having so much faith in Dhamma. Then in that case what else is true Dhamma ? Is it not what we practise?
The reply to this question could be answered via a certain Jataka Story.
As such in the ancient past after a certain Lord Buddha’s Parinibbana and also after the cessation of the Sangha period there had been a time where Lord Buddha’s sermons were also going to cease existence
Even in such a period of time as mentioned above there was a mother and a son who always habitually followed the Buddha’s Dhamma virtually via(Sita, Kaya, Vachanaya) Mind, Bodily Action and Verbally. After the husband died the mother (wife) supported the son so dearly & nearly. The son having approached the marriageable age the mother suggested him to think about the same. Although he disagreed to this suggestion at first. he later agreed to it.
Then the marriage was done accordingly and the three of them lived happpily ever after.
Although the time passed like this the young couple neither had chidren nor became rich in their lives.
That period being the Lord Buddha’s ( of that period) Dhamma was gradually coming to an end in existence the society was full of fabricational ideas such as Conceptual Poliferations ( Prapancha).
One idea the society had was that if one wanted to prosper one had to get rid of the parents.Merely due to this above mentioned idea the daughter in law started to condemn the mother in law so sourly to the husband. Although at the beginning the son ignored the whole story, later the son believed the wife and chased the mother away from the house.
The mother who lived a simple life anyway now started to live alone. As time passed by, the young couple had a child as well as they prospered too.
The mother was thinking now “ So have I heard that people who have faith in Dhamma are protected by Dhamma in return” And people who support the parents are prospered in every way.
But today no existence of Dhamma . Dhamma has ceased away.Today if children have to prosper parents have to be chased away.
In this period our Lord Gautama Buddha was God Sakra. He having mind read this lady’s thoughts visited her disguised as an Ascetic “ Mother do not think like that there is Dhamma in existence today also , neither the Dhamma has ceased nor suppressed.
Having heard this the mother repeated “ No there is no Dhamma today , Dhamma has ceased for the children to prosper & have their own children by chasing the old parents away.
At this time the Bodhisatva ( God Sakra) thought of a solution to this and said” Alright if you say so we will do something against the Dhamma and see” The mother having asked what it was the disguised ascetic ( Bodisatva) said “ we will destroy your son & the daughter in law as I am capable of doing it”and then you can go home and live happily.””Then this lady with mindful of Dhamma said” Please do not do that. Let my children live happily”
In return the Bodisatva replied” This is what Dhamma is , it is not visible to the naked eye,it is only mind friendly to the processive Dhamma practitioner.
Jinam Wandama Gotamang
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
පිරිනිවුන ඒ රහත් මෙහෙණිවරු
රජුන් නොදුටු රුව දුටු අම්බපාලී
රූපයෙන් ලස්සන වෙන්න මේ ලෝකෙ කවුරුත් කැමතියි. තමන් ගාව තියන ලස්සන වැඩි කරගන්න, ඒ ලස්සන තවදුරටත් පවත්වා ගන්න කවුරුත් ආසා කරන්න පුළුවන්. ලස්සන වැඩි කරගන්න නම් මොනවද කරන්න ඕන? ඇත්තටම ලස්සනයි කියල කියන්නෙ මොකද්ද? අද දවසේ සාකච්ඡාව මෙන්න මේක ගැනයි.
රූපයෙන් ලස්සන බව ගැන කතා කරන කොට එවන් වූ ලස්සන අය එදත් හිටියා, අදත් ඉන්න පුළුවන්. ඒ වගේ අසහාය ගණයේ රූපයක් තිබිච්ච කෙනෙක් තමයි අම්බපාලී කියල කියන්නෙ. මේ අම්බපාලීට තිබිච්ච රූපය නිසාම ඒ කාලෙ රජවරු පවා යුද්ධ කරන්නට සැරසිලා තියනව. මේ තරමේ ලස්සන රූපයක් අම්බපාලීට හම්බ වුනේ කොහොමද? ඒක හරි ලස්සන කතාවක්.
ඵුස්ස කියල කියන බුදුරජාණන් වහන්සේගේ කාලයේ, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ශ්‍රද්ධාවෙන් දන් පූජා කරපු එක් උපාසිකාවක් මහා දානයක් දීල අවසානයට ප්‍රාර්ථනා කරනවා, මට රූප සම්පත්තිය හම්බ වෙන්න ඕන කියල. ඒ දානය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට දුන්න නිසා, ප්‍රතිග්‍රාහක පක්ෂයේ සීල සමාධි ගුණයන් ආදී ඒ සම්පූර්ණ ගුණයන් සම්පූර්ණයි. මේ වගේම මේ දානෙ දුන්න කාන්තාවත් සිල් සමාදන් වෙන දැහැමි කෙනෙක් නිසා, දායක පක්ෂයේ ගුණයත් සම්පූර්ණයි. මේ පිනේ විපාකයෙන් මැයට බොහෝ ආත්ම ගණනක් ඉතාමත්ම ලස්සන රූපශ්‍රීයක් හම්බ වෙනව.
සිඛී කියන බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මේ විදියටම ලස්සන රූප සම්පත්තියක් ඇතිව ඉපදුන මේ කාන්තාව, ඒ බුද්ධ ශාසනයේ ධර්ම ශ්‍රවනය කරල පැහැදිලා, ධර්මානුකූලව කටයුතු කරනව. මේ අතර දවසක් භික්ෂුණී ආරාමයක වතක් පිළිවෙතක් කරනකොට, ඒ තමන් පිරිසිදු කරන තැනට ආපු එක්තරා රහත් භික්ෂුණියකට කිවිසුමක් යනව. තමන් ඒ පිරිසිදු කරපු තැන අපිරිසිදු කරාය යන අදහසින් යුක්තව මේ කාන්තාව ඒ රහත් භික්ෂුණියට බැණ වදිනව. "වෛශ්‍යාවක් වගේ බුද්ධ ශාසනය විනාස කරනව" කියල ප්‍රලාප කියනව.
මේ විදියට වැරදි කාරණාවකින් බැණ වැදීම නිසා ආර්යෝපවාදය කියල කියන පව සිදු කර ගන්නා මේ කාන්තාව ඒ ජීවිතයෙන් පස්සෙ නිරයේ උපදිනව. නිරයේ බොහෝ කාලයක් දුක් විඳල නැවතත් වතාවක මනුෂ්‍ය ලෝකයක ඉපදෙන්නට පෙර පින තියනව. ඒ ඉපදුනු හැම ආත්ම භාවයක්ම ඉපදෙන්නෙ කාන්තාවක් හැටියටමයි. කල වයස සම්පූර්ණ වෙනකොට වෘත්තිය වෙන්නෙ ගණිකා වෘත්තියමයි.
ඔය විදියට ආත්ම භාව ගාණක් කල් ගෙවුනට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදීත් කාන්තාවක් හැටියටම උපදිනව. හැබැයි මේ ශාසනයේදී ධර්ම ශ්‍රවනය කරල හිත පහදවා ගෙන මහණ දම් පුරන්න පටන් ගන්නව. බඹසර වාසය කරනව. ඒ පිනෙන් දිව්‍ය ලෝකයේ උපදිනව. ඊට අනතුරුව අපි සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දිව්‍ය ලෝකයෙන් චුත වෙලා, අඹ වනයක ඕපපාතිකව උපදිනව. මේ උපදිනකොටත් තරුණ වයසේ ඇති කෙනෙක් හැටියටයි උපදින්නෙ. ඒ වගේම උපදින ක්‍රම අතරින් ඕපපාතිකව ඉපදුනු තැනැත්තෙක් ගැන පතපොතේ සඳහන් වෙන හැටියට තියෙන එකම එක චරිතයත් මේ අම්බපාලියමයි. මැය අඹ වනයක ඉපදුනු නිසා 'අම්බපාලී' හැටියට හෝ 'අම්බ්රපාලී' හැටියට නම් වෙනව.
කාගේවත් භාරකාරයෙක් නැතුව ඉපදුනු නියාවෙන් සහ දකින්නන්ගේ මන බඳිනා රූප සොබාවක් තිබුනු මේ කාන්තාව පාවා ගන්නට අහල පහල රජවරු ඉතා කැමැත්තෙන් පසුවෙනව. අවසානයේදී මේ සියළු දෙනාම මේ කියන අම්බපාලී කියන කාන්තාවව බෙදා ගන්නට යුද්ධ කරන්නටත් සැරසෙනව. ඒ අවස්ථාවේදී රජවරු සියළු දෙනාම එකට එකතු වෙලා කතා කරගෙන, එක්තරා ගෘහයක් හදල දීල මැයව ඒ ගෙදර තියනවා කාගෙත් භාර්යාව හැටියට. එහෙමත් නැතිනම් වෛශ්‍යාව, ගණිකාව හැටියට. වසර ගණනාවක් තිස්සේ මේ අම්බපාලී රජවරුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරනව.
රූපයෙන් අන් ඕනෑම කෙනෙක් වශී කරවන ස්වභාවයේ හැඩයක් තිබිච්ච අම්බපාලිය, පෙර කාලයක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් ශ්‍රද්ධාවේ පින් මහිමය හින්දම බුදු සසුනට බොහොම ලැදියාවක් දැක්වූවා. මේක හින්දම ධර්ම ශ්‍රවනය කරන්න, දන් දෙන්නට, ඉතා කැමැත්තක් තිබුන. දුගී මගී යාචකාදීන්ට දන් දෙන එක මැයගේ විනෝදාංශයක්. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට අඹ වනයක් පූජා කලා.
පසුකාලයකදී රජවරුන්ට අම්බපාලී යටතේ තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට බොහෝ කාලයක් බලා සිටින්නට වීම නිසාම, අම්බපාලිය බෙදා ගන්නට ඔවුන් යුද්ධ කරන්නට පටන් ගත්තා. මේ යුද්ධයේ ප්‍රතිපලයක් හැටියට බොහෝ ජීවිත විනාශ වුනා. ඒ විනාශය දුටු අම්බපාලියට ජීවිතේ ගැන කළකිරීමක් ඇති වෙලා, ඒ දුක කියන්නට බුදුරජාණන් වහන්සේ කරා පැමිණියා. ඒ වෙලාවෙදි තථාගතයන් වහන්සේ සරුයි කියල හිතාගෙන ඉන්න ජීවිතේ තියන නිස්සාරත්වය අම්බපාලියට කියල දුන්න.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා, අම්බපාලිය තමන්ගේ ජීවිතේ දිහා ආපස්සට කල්පනා කරන්න පටන් ගන්නව. එදා මගේ කෙස් පල්ලෙහාට කඩාගෙන වැටුන. හරියට ගලන ගඟක් වගෙයි. අල්ලපුහම හරි බරට තේරුනා. හරිම සුවඳයි. නමුත් දැන් ඒව හරියට වේලිච්ච කොළ පරඬැල් වගෙයි. අල්ලනකොට කැඩෙනව. තැන් තැන් වලින් ගැලවිලා යනව. එහෙට මෙහෙට නැවෙනව. විකාර වෙලා තියනව. ඒ කාලෙ මගේ ඇස් දෙක නිල් පාටයි. දිලිසෙනව. හරි දීප්තිමත්. මට ඕන තරම් දුරක් බලන්න පුළුවන්කම තිබ්බ. බලන බැල්මෙන් පවා අනික් අයව වශී කරන්න පුළුවන්කමක් තිබ්බ. ඒ වුනාට දැන් ඇස් දෙක යටට ගිලිල ගිහිල්ල. අර දීප්තිය නැතිවෙලා.
ඒ කාලෙ මට හරි ලස්සන කටහඬක් තිබ්බ. කවුරුත් මගේ කටහඬට වශී වුනා. නමුත් දැන් මගේ කටහඬ බොල් වෙලා තියෙන්නෙ. හරියට වචන පිට වෙන්නෙත් නෑ වගේ. ඒ කාලෙ මගේ ශරීරෙ හරියට පිරිල තිබුන. හරි ලස්සනට. නමුත් දැන් ඒ තැන් හරියට වතුර පිරිච්ච පෙරහන්කඩක් වගෙයි. එල්ලා වැටෙනව. ඒ කාලෙ මගේ කකුල් හරි ලස්සනට පිරිල තිබුන. ඇවිදිනකොට ලෙල දෙනව. හරියට පිපෙන්න කලින් තියන නෙළුම් පොහොට්ටු වගෙයි. නමුත් දැන් ඒ කකුල් හරියට වේලිච්ච බට දඬු වගෙයි.
"බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාරණාවමයි සත්‍යය. ලස්සනයි කියල හිතාගෙන ඉන්න මේ ශරීරය තුල මම නොදැකපු කාරණාවකුත් තිබිල තියනව."
යනුවෙන් අම්බපාලිය තමන් මෙච්චර කාලයක් ලස්සන හැටියට ඔප් නංවාගෙන සිටි ශරීරය ගැන යථාර්තය අවබෝධ කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන භික්ෂුණියක් හැටියට ශාසනේ පැවිදි වුනා. පැවිදි වුනායින් පස්සෙ ශාසන ප්‍රතිපදාවෙහි යෙදිල උතුම් වූ අරහත්වයට පත් වෙලා සංසාර දුකෙන් අත්මිදුන.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Ambapaliya
No27.
Ambapaliya ( Dhamma & Adhamma)
Meditation Instructions
Arunalle Daham Sisila
Peaceful Dhamma In A Beautiful Morning.
Everybody likes to look beautiful firstly in physical Appearance.
To look more beautiful and maintain the beauty is your Will & Wish.
“ What would you really do to look more beautiful and what is beauty ?” Is today’s topic of discussion.
Such beauties in Physical Appearance would have existed in both past & the present.
One of those extreme beauties was Ambpali. Her extreme beauty had caused war between even kings in the ancient past.
How did Ambapali become such a beauty ? Was a well established story.
With respect during Lord Buddha ‘s(Namely Pussa) era one of his lady followers (Upasika) made a wish to become an extreme beauty after having offered (Dana)Alms in multiplicity to worthy Sangha headed by Lord Buddha( Lord Pussa) and in completion with (Sila , Samadhi, Panna) Ethical Conduct, Wise Mindfulness & Wisdom , was with a wholesome sacrifice. In addition this particular Dayika ( The follower of the Buddha) was with full of virtue ( Seela) completed as a supreme lay quality.
Due to this meritorious act she was entitled for beauty in Physical appearance for many a birth in Samsara.
During Lord Sikhi Buddha’s period the above mentioned Upasika ( follower of Buddha)also was born very beautiful , became a wholesome follower of Lord Sikhi
In the meantime one day when she was doing her wholy duties of care in a Monastery of Bikkhunies an Arahant Bikkhuni having come there happened to sneeze involuntarily.
Having misunderstood the involuntary act of above mentioned sneezing , as a purposeful act , The Upasika who was cleaning the monastery scolded the Arahant Bikkhuni as “ You (prostitute)are destroying the Monasterial cleanliness”.
As a result of this ignorant act to Arahant Bikkhuni , the Upasika was next born in hell (Realm of evil & suffering). Having suffered an enormous period in hell , she was destined to be born in the human world again.
Each & Every human birth she was born in she became a professional prostitute in the Samsaric journey.
After being born as a prostitute endlessly .,Again she was born a female human being in Lord Kassapa Buddha’s period where she lived listening to the Buddhist Doctrine & a Peaceful life of a Buddhist None in solitude. With this meritorious act she was spontaneously born in a heavenly realm in her following birth. Then consequently she was destined to another spontaneous birth in a Mango grove as a young girl.
In addition the only spontaneous human birth (According to book biographies )was Ambapali.
Because she was spontaneously born in a Mango Grove she was named as Ambapali or Ambrapali.
Having been born with no obligation to anyone , and being born no second to a beauty Queen , many kings in the nearby states were proposing her in marriage.
In the end the so called kings were getting ready for war to own Ambapali. In the end all the kings built a house joining together & kept her as a wife to the kings themselves (or in prostitution).
Ambapali continued satisfying the needs of the kings.
Although Ambapali was a real beauty & attracted the whole world, was very pious & devoted to Lord Gautama Buddha & his doctrine.
Due to the cause & Effect of her ardent dedication to All Lord Buddhas & their doctrines in her Samsaric journey ,eternally she was listening to Buddhist doctrine & giving Alms to Monks & Poor people which gave her the joy of life
In a certain period of her life Ambapali offered a Mango Grove to Lord Gautama Buddha and the worthy Sangha.
After a acertain period the kings who were unlawfully using her had to go to war due to the lengthy time factor that each king had to wait for their own turn of claim towards Ambapali.
As a result of this war , heaps of lives got destroyed , due to which Ambapali having got disgusted of her own life approached Lord Gautama Buddha to complain of her own dissatisfaction (Dukkha) in life.
At that time Lord Buddha explained to her the so called (Adinava),the bad consequences of the Sansaric journey, though we perceive it as (Asvada) the mental pleasures.
Having listened to the Great Lord’s sermon in processive mindfulness Ambapali started to recollect her past.
In fact she remembered that in the past “she was telling herself My hair was sliding down heavily like a river flowing by from a mountain . It was heavy and scented smelling. Now my hair is like a branch full of dried leaves, breaking away & dropping from here & there & not in my control. Also my eyes were sparkling blue and far sighted.with my look I was able to attrack people as I wanted. Now my eyes are sunken and have lost the radiance.
Those days my voice was quite pleasing to hear captivating people . Now my voice is hoarse and the speech is slurred. And my body was young and strong . Now my body is like a tea strainer with no strength. My legs were like lotus buds about to bloom, but now they are like dried bamboo sticks. She said to Lord Buddha “Great Lord What ,,Worthy you sermonized was the noble truth . There were somethings that were unknown to me all these years”.
As such Ambapali gradually began to realize the reality of the Mind & Body which are subject to decay & death all the time.
After all these Changes were accepted by Ambapali & got ordained as a Bikkhuni in the Buddha Sasana(Buddhist Philosophy & Practice) under the Guidance Of Lord Buddha.
Following the ordination having fulfilled the due path especially in the context of their historical continuity as religious tradition (Sasana Patipada)became an Arahant Bikkhuni processively aiming the destiny of Nibbana
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
අසිරිමත් වූ පිණ්ඩාහාරය
උදෑසන පින්නෙන් බරව පවතින මංමාවතක් දිගේ, අරුණැල්ල හා සමාන සිවුරකින් හෙබිව, පාත්‍රයක් අතැතිව, බිම බලාගෙන වඩින ස්වාමීන් වහන්සේ නමක් දර්ශනය වීම මංගල කාරණයක්. එවන් වූ දර්ශනයක් නෙත ගැටීම පවා අපිට පහන් සංවේගයක් ඇති කරල දෙනව. නමුත් සමාජය තුල පවතින මතයන් ඊට වඩා ටිකක් වෙනස්.
ඒක හින්දාමදෝ මන්දා, තායිලන්තය වගේ රටකට වඩා ලංකාවේ අපේ රටේ පිණ්ඩපාතයේ වැඩම කිරීමත් දුර්ලභයි. පිණ්ඩපාතයක් ලැබීමත් දුර්ලභයි. එවන් වූ දුර්ලභම වූ ප්රතිපදාවක අසිරිමත්ම වූ පිණ්ඩපාත දානයක් ගැනයි අද කතාව.
පුරාතනයේ පටන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ ආරණ්යවලයි. වනාන්තරවලයි. ගල්ගුහාවලයි. ගස්බෙනවලයි. තනිවයි. උන් වහන්සේලා පැවිදි උපසම්පදාව ලබා ගත්තාට පස්සේ, ආධ්‍යාත්මික ප්‍රතිපදාව තුලින් තමන් වහන්සේලාගේ ජීවිතයේ තියන වැරදි නිවැරදි කර ගන්නටත්, නිවැරදි වඩා වර්ධනය කර ගන්නටත් උත්සාහ කරනවා.
සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් වස් කාලය අවසාන වුනාට පස්සේ, තමන් වැඩ සිටි සෙනසුන් හකුළුවා දමල, අටපිරිකර අතට අරගෙන මඟට බහිනව. ඒ යන ගමනට කියන්නෙ 'චාරිකාව' කියලයි. සාමාන්‍යයෙන් චාරිකාවක් පටන් ගන්නේ පාන්දර පහට විතර. ඒකට හේතුව ඒ වෙලාවේ අව්ව සැරක් නැති හින්ද. මෙහෙම යනකොට ප්‍රධාන මාවතකටත් වඩා චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා අතුරු මංමාවත් තෝරා ගන්නව. ඒකට හේතුව අතුරු මංමාවත්වල වාහන තදබදය ඉතාම අල්ප සහ හරීම නිහඬ, නිස්කලංක, සාමකාමී පරිසරයක් දකින්නට තියන හින්ද. නමුත් මේ වගේ ගමනකදි තියන ප්‍රධානම ගැටළුව තමයි සුනඛයන්ගේ බලපෑම. චාරිකාවේ වැඩම කරපු අතලොස්සක් ස්වාමීන් වහන්සේලාට සුනඛයන්ගේ ග්‍රහණයට හසු වීමට ලැබුනු අවස්ථා ගැන සඳහන් වෙනවා. එහෙම වෙච්ච අය අතර මාත් එක්කෙනෙක්.
මගෙත් මහණ දිවියේ සොඳුරුතම කාලය ගෙවුනේ චාරිකාව වැඩම කරපු කාලයෙදියි. චාරිකාවෙ වැඩම කිරීමේදී සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර විස්සක් විසිපහක් වගේ සක්මනෙන් ඇවිදගෙන යනව. වාහනවල ගමන් කිරීම ඉතාමත්ම දුර්ලභයි. බොහෝ වෙලාවට සිදු කරන්නේම නැහැ. කොහේ හෝ නිදහස් පරිසරයක් හම්බ වුනොත්, නිදහස් වටපිටාවක් දැක්කොත් ඒ දවසට එතන ලැඟුම් ගන්නව. එතන සමහර වෙලාවට වැව් ඉස්මත්තක් වෙන්න පුළුවන්. පාළු ගෙයක් වෙන්න පුළුවන්. සුසාන භූමියක වෙන්න පුළුවන්. හෝ නැවතීමට අවසරය දෙන පන්සලක් හෝ පල්ලියක් වෙන්නත් පුළුවන්.
මේ වගේ තැනක රාත්‍රිය ලැඟුම් ගත්තට පස්සේ අනික් පහුවදා පාන්දර, සුපුරුදු විදියටම උදේ රැයින් අවදි වෙලා, සිවුරුත් පොරවාගෙන මඟට බහිනව. චාරිකාව වඩින ස්වාමීන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් එක එල්ලයක් නැත්නම් එක අරමුණක් හිතේ හදාගන්නව. මම මේ පාර, මම මේ වතාවේ චාරිකාව වඩින්නේ හෝ අපි මේ වතාවේ චාරිකාව වඩින්නේ අසවල් ස්ථානයේ සිට අසවල් ස්ථානය දක්වායි කියල. ඒ ආකාරයට චාරිකාවේ වඩින්න වුනාම, දානය සකස් කර ගන්නට හෝ දානය සම්පාදනය කර ගන්නට තියන ලෙහෙසිම විදිහ තමයි, පිණ්ඩපාතයෙ වැඩම කිරීම.
සාමාන්‍යයෙන් චාරිකාවක වඩිනකොට, නිවෙස්වල පවත්වන දානවලට සාමාන්‍යයෙන් සහභාගී වීමක් සිද්ධ වෙන්නෙ නැහැ. පිණ්ඩපාතයෙදි තියන විශේෂ ලක්ෂණයක් තමයි, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හිතූ හැටියට, රුචිකත්වයේ හෝ මනාපයේ හැටියට, පිණ්ඩපාතයක් වඩින්නත් බුදුරජාණන් වහන්සේගේ අවසරයක් නැහැ. අපට කියල දීල තියන ක්‍රමය තමයි එක් නිවසකට පිණ්ඩපාතය වැඩියහොත් ඊළඟ නිවසටත් පිණ්ඩපාතය වැඩිය යුතු බවයි. මේ නිවසට පිණ්ඩපාතය වැඩමකර ඊළඟ නිවසට පිණ්ඩපාතය වැඩම නොකර යෑමට අපිට අවස්ථාවක් නැහැ, හෝ අවසරයක් නැහැ.
මට මතක හැටියට, එක්තරා දවසක ලැඟුම් ගන්නට අවස්ථාවක් ලැබුනා සොහොනක. එතන ඉඳලා අනිත් පහුවදා පාන්දරම පාසිවුරු අරගෙන චාරිකාව නැවතත් පටන් ගත්තා. මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන යනකොට, වේලාව උදේ හය හයහමාර වගේ වෙනකොට සාමාන්‍යයෙන් පිණ්ඩපාතය එකතු කරන්නට පටන් ගන්නව. නිවසකට ගිහිල්ලා කිසීම කිසි සද්දයක් නොකර විනාඩි කිහිපයක් නිසොල්මන්ව සිටගෙන සිටිනව. සමහරක් වෙලාවල්වලට මොකක් හෝ සූත්‍රයක් සජ්ජායනය කරන ප්‍රමාණයක් හෝ එවන් වූ කාලයක් සිටිනව වෙන්න පුළුවන්. හෝ මෛත්‍රී භාවනාවේ ඇති ඒ පාඨයන් එක් වතාවක් හෝ දෙවතාවක් හෝ හිතින් සජ්ජායනා කරන ප්‍රමාණයක් සිටිනවා වෙන්නත් පුළුවන්.
කෙසේ හෝ වේවා එක්තරා දවසක, ඔය වගේ වෙලාවට කිට්ටු වෙච්ච හින්දා පිණ්ඩපාතය එකතු කරන්නට පටන් ගත්තා. කලින් දැනුම් දීමක් නොකර පිණ්ඩපාතය වැඩම කිරීම නිසා ගොඩාක් ගෙවල්වල අය තමන් ආහාරයට ගත්ත දෙයක් දන් දෙන්න මනාප වෙන්නෙ නෑ. රුචි වෙන්නෙ නැහැ. මේකයි ලංකාවෙ තියන ක්‍රමය. ඒ වගේම පිණ්ඩපාතයක් පූජා කරනව නම්, ලංකාවෙ අයට සියළුම දේවල් එකට එකතු කරල මහ විශාල විදිහේ දානයක් දෙන්නත් ඕන. එහෙම නැත්නම් හිතට හරිත් නැහැ. එසේත් නැතිනම් තමන් පිණ්ඩපාතය පූජා කරන්න බලාපොරොත්තු වෙන හැම දේම දානයට දෙන්නත් ඕන. ඒ සියළුම දේ. එහෙම නැතිනම් ඉතින් සංතෝස වෙන්නෙත් නෑ.
තායිලන්තය කියන රටේ ඇත්තටම මීට වඩා ක්‍රමය හරිම වෙනස්. හාමුදුරුවරු දසදාස් ගාණක් පිණ්ඩපාතයෙ වැඩම කරනව. ඒක හින්ද ඒ හැමෝටම මහ විසාල විදියට දානයක් දෙන්න ඒ අයට බෑ. ඒ හින්ද බත්පිඬ ගානෙ තමයි හැමෝටම දන් දෙන්නෙ. හෝ කෙසෙල් ගෙඩියක් ගානෙ තමයි දන් දෙන්නෙ. හෝ එක බිස්කට්ටුවක් ගානෙ තමයි දන් දෙන්නෙ. හැබැයි ලාංකිකත්වය තුල තියන මානසිකත්වයට, ඒ වගේ දානයක් දීල හිත සංතෝස කර ගන්න තේරෙනෙත් නැහැ. ඉතින් අපිත් ගිහිල්ල ගෙයක් ඉස්සරහ හිට ගත්තහම ගොඩක් වෙලාවට කට්ටිය දුක් අදෝනාව කියනව.
"අනේ හාමුදුරුවනේ දානෙ දෙන්න විදියක් නැහැ. අපි දානෙට හැදුවෙ නැහැ මොනවත්ම. අපි ඒ තියන ඒව අනුභව කරලයි තියෙන්නෙ. ඉතිරි ඒව දෙන්න බෑ. එහෙම හිතක් නෑ."
නමුත් පිණ්ඩපාතය කියල කියන්නේ තමන් ආහාරයට ගන්න දෙයින් තමන්ට යමක් කැප කරන්න පුළුවන් නම්, ඒ දේ පූජා කරන එකයි. මේ විදියට ගෙවල් කිහිපයක්ම පහුකරන්නට සමහරක් දවස් වලට සිද්ධ වෙනව. සමහරක් වෙලාවට පූජ කරන්නෙ සබන් කැටයක් වෙන්න පුළුවන්. ඒක දානෙ වළඳන්න ගන්න බැරි හින්ද අපි ප්‍රතික්ෂේප කරනව.
ඔය ආකාරයට මට මතකයි එක්තරා දවසක එක ගෙදරකට පිණ්ඩපාතයට වැඩම කලාට පස්සෙ, ඒ ගෙදර දානෙ තිබුනෙ නැහැ. ඒ අය මාව ඊළඟ ගෙදරට එක්කරගෙන ගියා. ඒ ගෙදරදි දානය පිඬක් හම්බ වුනා. මේ ගෙවල් දෙකම වපසරියෙන් කිවුවොත් එහෙම, යම්කිසි වූ ප්‍රමාණයක ධනයක් තියන පොහොසත් පවුල් කියල කියන්න පුළුවන්. ඊළඟ ගෙදර මට හොඳට මතකයි කටු මැටි ගහපු වහලයට ඉටිරෙදි දාල තිබිච්ච බොහොම පොඩි ගෙදරක්. බුදුරජාණන් වහන්සේගේ නියමයට පොහොසත් ගෙයට විතරක්ම පිණ්ඩපාතයෙ යන්න අපිට තහනම්. අනිවාර්යයෙන්ම අනිත් ගෙදරටත් යා යුතුමයි. මම මේ නියාමයට ගරු කරලා ඊළඟ ගෙදර ඉස්සරහින් හිට ගත්ත.
ඒ ගෙදර හිටිය තරුණ අම්ම කෙනෙක්. පොඩි ළමයි රොත්තක් එක්ක. මේ අම්මා මාව දැක්කට පස්සේ "හහ්..." කියල බය වුනු ස්වභාවයක් පෙන්නුව. ආපහු හැරිල යන්නත් බැහැ. මං එහෙම නිසොල්මන්ව හිටිය. ඒ මෑණියොත් එච්චර වයසක් නැති තරුණ මෑණි කෙනෙක්. එයා ඊට පස්සෙ ළඟට ඇවිල්ල, "අවසරයි" කියල කියා හිටිය,
"අපේ හාමුදුරුවනේ මේ අපේ ගෙදර. මහත්තය නෑ මේ වෙලාවෙ. වැඩට ගිහිල්ල. අපේ ගෙදරට හාමුදුරු කෙනෙක් කවදාවත්ම වැඩලත් නෑ. අපි කවදාවත් දානයක් දීලත් නෑ. ඔබ වහන්සෙ ගෙදරට වැඩම කරපු හින්දම මට දානෙ දෙන්නත් ඕන. මට දෙන්න දෙයක් ඇත්තෙත් නෑ. හැබැයි හාමුදුරුවනේ, මං ගාව මෙන්න මේ දේ තියනව"
කියලා ඒ මෑණියන්ගෙ පිඟානක තිබිච්ච එක කොටසක් කාපු රොටියක් මට පෙන්නුව. ඊට පස්සෙ මගෙන් ඇහැව්වා,
"හාමුදුරුවනේ මට මේක පූජ කරන්න අවසර දෙනවද?"
මං කිවුව "එහෙමයි" කියල.
ඊට පස්සෙ ඒ මෑණියො එයා කාපු කොටස අතින් කඩල පැත්තකින් තියල, නොකාපු කොටස අරගෙන පාත්තරේට පූජ කලා. සාමාන්‍යයෙන් පිණ්ඩපාතෙ පිළිගත්තහම "සුවපත් වේවා ! තෙරුවන් සරණයි !" කියලයි කියන්නෙ අපි. එහෙම කියල, වන්දනා කලාට පස්සෙ එහෙම කියල, මගේ චාරිකාව නැවතත් පටන් ගත්ත.
ඊළඟ ගෙදරටත් ගිහිල්ල පිණ්ඩපාතෙ එකතු කරන්න මොහොතක් රැඳී හිටිය. මට මතක හැටියට යමක් එහෙදිත් හම්බ වුනා. ඊට පස්සෙ මට සිතුවිල්ලක් ආවා, අර උපාසක අම්මට අර වගේ දරුවො රැලක් බලාගන්න අද දවසටම ප්‍රමාණවත් වෙනව නම් ඉතුරු කර ගත්ත රොටී කෑල්ල, මහණ වෙච්ච මට මේ ලැබිච්ච දානය මදිද කියල. එහෙම කියල හිතාගෙන එදා දවසට පිණ්ඩපාතය වඩින එක එතනින් නැවැත්තුව.
අදට වසර දාහතරක් වෙන මගේ පැවිදි ජීවිතය තුල, මෙතෙක් මා ලද උතුම්ම පිණ්ඩාහාරය එයයි.
අපේ රටේ තියන මානසිකත්වයට අනුව, ඒ මෑණියො කියාපු හැටියට, එතුමියට මහ විශාල දානයක් දෙන්නට ඇත්තටම වත් පොහොසත්කමක් නැහැ. නමුත් ලැබිච්ච අවස්ථාවෙන් තමන්ට දන් දෙන්න පුළුවන් උපරීම දේ දන් දෙන්නට කල්පනා කරපු මේ කාන්තාව මං හිතනව තමන්ගේ හිතේ හැටියට පිනක් කර ගත්තාය කියල.
පිණ්ඩපාතයක් තුලින් බලාපොරොත්තු වෙන පාරිශුද්ධත්වය මෙන්න මේකයි.
පිණ්ඩපාතයක අර්ථය මෙන්න මේකයි.
මා ලද උතුම්ම පිණ්ඩාහාරයත් මෙන්න මේකයි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Most Spiritually Precious Bowl Of Alms
No 28
(The Most Spiritually Precious Bowl Of Alms)
Experiences Of Forest Monkhood
(Arunalle Daham Sisila )
Peaceful Dhamma in A Beautiful Morning
As the day dawned along the Earthern Lanes soaked with heavy Rain Dust the scene of the Worthy Monks dressed in yellow robes and an Alms Bowl in Hand looking down with Serinity walking to beg alms was an Auspicious Visualization to the multiplicity of nature which rarely happens even today .
The Serinity of Auspicious Nature as mentioned above gives mental peace & happiness to the whole Universe within awareness or not.
But the wrong attitude of the society is rather different to that in the above mentioned Serinity. Due to most ignorant attitudes of people such as wrong ideations of perfection ,& not offering or not giving Dana (Alms)to your own capability or availability you miss out on many noble virtues
Unlike in Thailand begging on Alms rounds are less.
Therefore today we are discussing a Non Spititual Alms Round
From the ancient past the Buddhist monks lived alone in Monasteries, Forests, Rock Caves,& Tree Bens.
After the monk got fully ordained , he got trained via compliment and General specific ethical practices ( Adyatmica Patipada) ,and also conduct the wrong path to the right path & improve the right path to the utmost.
Generally after the rainy season (Vas Season), worthy monks packed up their Eightfold Offerings ( Atapitikara), and started travelling (Charika ) , spreading Dhamma accordingly. Very often this (Charika) travelling started at day dawn (05AM),due to the comfortable weather status.
Usually the monks walked (Charika)through side lanes avoiding the main roads aiming the peaceful environment “. The biggest hindrance here were the stray dogs where I Ven Medavi also faced with dignity.and my most peaceful era in Monkhood was the ( Charika) travelling era.”The travelling distance for a day was about 20 to 25 Kilometers on foot. Travelling by vehicles on this journey was almost zero.
Immediately the monk saw a vacant place with freedom and no signs of danger he took lodging on the spot. It could have been a river bank , an empty house,a Cemetry, a temple or a church with permission
After every night’s sleep getting up early morning and starting on the (Charika) journey as early as possible was a processive compulsion.
When planning this journey the worthy monk usually had a plan in mind such as the distance, the starting point & the returning point of the walk.These plans also helped the worthy monks to arrange the (Pinda patha) begging Alms.
Generally the travelling monks did not join the house hold Danas on the go.
A great feature in begging Alms was that the monk had to keep to the ( Vinaya) traditional descipline of the doctrine such as if a monk went to one house he had to go to the next house as a Vinaya Rule.
“ As I Ven Medavi remember ,one day I took lodging in a Cemetry & having woken up early next morning , with the robe & bowl I started my walk (Charika) and as usual at about 6.30 AM I began to collect Alms”. “When going to a house for Alms we keep a time limited duration of a Chanting period of Pirith or the limit of Metta Meditation once or twice till the house holder to felt our presence.
Anyway on Monks’Alms Rounds , in many homes with no previous notice given,the worthy monk was not offered a meal due to respect feeling not correct to serve left over food in the house.Srilankans usually want to offer a complete meal even to the Alms Bowl. Otherwise they were not satisfied.
In Thailand it was very different such as if a whole circle of monks went begging Alms , Thai people offered only one each of any item ,for example a banana , a biscuit or a handful of rice per monk.
But Srilankans could not satisfy themselves with this above mentioned system.
So mostly when we went begging Alms in Srilanka, they wept saying that they could not offer the leftover food after the householder’s consumption.But according to Vinaya rules offering alms mean to offer anything to the suitable availability. Likewise the monks had to pass many houses without getting alms & sometimes only a piece of Soap was offered.
“ One day one householder having had nothing to offer ,took me ( Ven Medavi) to the next house and was offered with Dana ,but the 3rd house being a small hut, there was a young mother with many chidren . Having seen me ( Ven Medavi) the young mother said “Hm Hm”& appeared scared.But she came to me & took pardon( Avasarai). from me & said Swameeni with respect , my husband has gone to work & a monk has never come to my house and I have never given alms”.
But today I want to give something , but I have only half a roti in a plate and asked me “ Hon Monk Can I offer this to you?”Then I ( Ven Medavi) said. OK.Then she cleared the used part of the roti & offered the rest to me.”
Now having gone through offering merit I continued on my Charika & managed to get alms from the next house too.
But having recalled the piece of roti meant for so many children being offered to me( VenMedavi) ,I thought this is enough to me now & stopped the Alms round for the day.
“ Out of my 14 years of Monkhood the piece of roti offered to me was the most meritorious offering I ever had which was Everlasting.
Jinam Wandama Gotamang
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
ලැබිය හැකි වටිනාම අස්වැසිල්ල
සමාව ගැනීම
මට මතකයි හාමුදුරු කෙනෙක් හැටියට, නවක හාමුදුරු කෙනෙක් හැටියට උපසම්පදා වෙච්ච මුල් කාලේ නායක හාමුදුරුවන්ගෙන් අවසරය ගත්තා කැලෑවට යන්න කියල. නායක හාමුදුරුවො ගාවට ගිහිල්ල ඇත්තම කියනව නම් මට ඒක අහන්න හරි අමාරු වුනා. මට මතකයි මං මගේ ජීවිතේ මෑත කාලෙදි අඬල තියන වැඩිම ඇඬීම එදා තමයි ඇඬුවෙ. මට වචන කතා කර ගන්න බැරි වුනා. මං නායක හාමුදුරුවො ගාව හිටගෙන ඉද්දී කඳුළු කඩාගෙන වැටුනා. එච්චරයි මතක තියෙන්නෙ.
නායක හාමුදුරුවො ගොඩාක් මං දිහා බලන් හිටියා, ඔළුව අත ගගා හිටියා. මුකුත්ම කිවුවෙ නැහැ. අවසානෙට ගොඩාක් වෙලාවක් ගියාට පස්සේ ඔළුව අත ගාල කිවුවා, "පුතේ මං දන්නවා ඔයා කැලෑවට යන්නයි යන්නේ. ගිහිල්ල ඒ කටයුතු කර ගන්න" කිවුව. "කරන්න ඕන දේ දන්නවා. ඒක හින්ද ඒ කටයුතු ටික කර ගන්න" කියල කිවුව.
නායක හාමුදුරුවන්ගෙන් යන්න බැරි වෙච්ච ප්‍රධානම හේතුව තමයි, උන් වහන්සේ හරි පතාක යෝධයෙක් වගේ. හේතුව උන් වහන්සේගේ ඉගැන්වීම හරි දාර්ශනිකයි. සාමාන්‍ය දේට වඩා. මට හම්බ වෙච්ච ගුරුවරු අතරින් අති ශ්‍රේෂ්ඨ කෙනෙක්. මං හිතනව ඒක හන්ද වෙන්න පුළුවන් නායක හාමුදුරුවන්ව අයින් කරන්න බැරි වුනේ. වගේම මගේ ජීවිතේ තුල මාව විශ්වාස කරපු, මං ගැන යම්කිසි තක්සේරුවක් දුන්න මතක තියන කාලෙක, ප්‍රධානම කෙනෙක් එයා. ඒක හින්ද උන් වහන්සේව අයින් කරන්න අමාරු වුනා.
කොහොම හෝ නමුත් කැලෑවට ගියාට පස්සේ, එක කාලෙක මම ඔය හිටිය බිබිල පැත්තෙ කැලෑවක. ඉන්නකොට එහේ තිබුනේ ඉටි රෙදි ගහපු කුටියක්. සමහරක් විට මම මේ කතාව ඔය ඇත්තන්ට කියලත් ඇති. ඉටි රෙදි ගහපු කුටියක්. ඒ කුටියේ දොරවල් නැහැ. ජනෙල් නැහැ. වහලෙ නම් උළු දාල තිබ්බ. පස්සේ මං එහේට වෙලා හරියට භාවනා කරනව.
ඔය ඉන්න අතරතුර එක දවසක් මට ඇහුන නිකං බටයක් අදිනව වගේ සද්දයක්. පස්සේ වටපිට හැරිල බලනකොට ලොකු සර්පයෙක් යනව. මහ විසාල ගැරඬියෙක් වගේ කියලයි මම හිතුවේ. ඉන් පස්සේ ගල් කැටයක් අරගෙන ගැහැව්ව මං සතාට. විශ්වාස කරන්න. ඌ එහෙමම නැවතිලා පෙණේ පිප්පුවා. බලනකොට මහ විශාල නාගයෙක්. මම මගේ ජීවිතේට දැකල තියන ලොකුම නයි පෙණේ තිබ්බ නාගයා. ගැරඬියා කියන්නෙ සුදු පාටට ටිකක් බර සතෙක්. හැබැයි මහ විශාල ඇඟක් තිබ්බා. කොටයි එයා. ගොඩක් දිග නෑ මහත වුනාට කොටයි. මහ විශාල පෙනයක් තිබ්බ.
ඊට පස්සේ ඇත්තටම කියනව නම් මට බය හිතුන ඒ වෙලාවෙ. මොකද මං හිටියේ ආරක්ෂාවක් නැති තැනක. අඩුම තරමෙ නෙට් එකක්වත් තිබ්බෙ නෑ මට, මට මතක හැටියට. ඉටි රෙදි කුටියෙ හිටියෙ එතකොට. ඒ කැලෑවේ මේ වගේ සතෙක් එක්ක ඔට්ටු වෙලා කොහොමත් ඉන්න වෙන්නෙ නෑ යහතින්. ඊළඟට මං කතා කරන්න පටන් ගත්තා. නමුත් මං අහල තියනව සර්පයන්ට කනක් නැහැයි කියල. උන්ට ඇහෙන්නෙ නැහැයිලු. උන්ට අර සංවේදනාවලු ඇහෙන්නෙ. අහල තියන හැටියට. කොහොම නමුත් මම කතා කරන්න පටන් ගත්තා. කතා කරල කිවුවා,
"මගේ අතින් වැරැද්දක් වුනා. මං හිතුවෙ ඔයා ගැරඬියෙක් කියල. නමුත් බලාගෙන යනකොට ඔයා එහෙම එක්කෙනෙක් නෙවෙයි ඊට වඩා වෙනස් සතෙක්. මේ මම ඉන්න තැන. මම දන්නව මේ ඔයාගෙ කැලෑව ඒ වගේම මේ මම ඉන්න කැලෑව. මම මෙහෙ කාලෙකට තමයි ආවෙ. භාවනාව කරගෙන ඉන්නව පිණ්ඩපාතෙ කරගෙන. වැරැද්දක් වුනා නම් සමාවෙන්න ඕන"
කියල කිවුව. ඇත්තටම කියනව නම් නයා අර විදියට බඩ ගාගෙන යන එක නතර කරලා, මම කතා කරන්න වුනහම ඌ ගුලි ගැහිල ගුලි ගැහිල, එක ඇහැකින් මං දිහා බලාගෙන ඉන්නව දැන්. එයයි මායි අතර පරතරය ඇත්තටම කියනව නම් ඔය ඇත්තන්ට වඩා චුට්ටක් ඕන නම් දුර ඇති. මට දුවන්නත් බැහැ. උන් එක්ක දුවන්න බැහැ කොහොමත්.
පස්සේ මං කියාපු ටික අහගෙන හිටපු මේ නයා, විශ්වාස කරන්න මං මේ කියන එක ඇත්තටම මේ කියන්නෙ. එයාගෙ පෙණේ පිප්පුවා ඔළුව බිම තියාගෙනම. සාමාන්‍යයෙන් නයෙක් පෙණයක් පුප්පන්නෙ මම දන්න තරමින් නම් දැකල නැහැ මීට කලියෙන්, එයාලගෙ ඔළුව උස්සල. මේ සතා ඔළුව බිම තියලා පෙණේ මෙහෙම විශාල කරලා, මගේ පැත්තට ඔළුව පොඩ්ඩක් හැරෙව්ව. මට නිකං ඒක තේරුනේ උගේ භාෂාවෙන් ඌ මට කතා කරල කියනවා,
"හාමුදුරුවෝ, සර්පයො වගේ වුනාට හිතන්න එපා ගැරඬි ඉන්නෙ කියල හැමතැනම. නයෙක් වුනාට හිතන්න එපා හැමෝම කරදර කරනවා කියල."
මට තේරුනේ මෙයා මට මේ කතාවයි කිවුවෙ කියල. හේතුව තමයි එයා පෙන්නුවා එයා නයෙක් විත්තිය. ඔළුවත් හරවල පෙන්නුවා. හැබැයි ඔළුව පල්ලෙහාට තියාගෙන කලා. මට නිකං හරියට කිවුව වගේ, හිතන්න එපා නයා වුනාට හැමෝටම කරදර කරන කෙනෙක් කියල. ඇත්තටම කියනව නම් එයා එහෙම කරල මට පොඩ්ඩක්..(මෙන්න මෙච්චරක් විතර ලොකු පෙණයක් තිබ්බ එයාට අවංකවම කියනව නම්) එහෙම කරල ඔළුවත් පල්ලෙහා තියාගෙන චුට්ට වෙලාවක් හිටිය තත්පර කිහිපයක් වගේ. ඉඳලා ඊළඟට එයා යන්න ගිය පාර අයින් කරල වෙනත් පාරකින් ගියා. පෙණේ පුප්පගෙනම, අර විදියට පෙණේ කරගෙනම නමුත් ඔළුව පල්ලෙහාට තියාගෙන. ගිහිල්ල ගලක් උඩට නැග්ගා. නැගල මං දිහා බලාගෙන හිටිය. ඊට පස්සෙ ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ.
විශ්වාස කරන්න, අදත් මම බලාගෙන ඉන්නව ඌ එනකං. මොකද මං දන්නව උගෙන් කරදරයක් වෙන්නෙ නැහැයි කියල. හේතුව මට තේරුනේ, සමාව ගත්ත එකයි. මම මගේ හිතේ අර පීඩනය තියාගෙන, ඒ ආවේගශීලීත්වය, මම කරපු වැරැද්ද වහන විදියට හිත හදාගෙන, එහෙම කටයුතු කලා නම් පින්වතුති, අදටත් මම ඌ එනකං බයයි. අදටත් සර්පයෙක් දකිනකොට මට බය හිතෙනව. අනිවාර්යයෙන්ම ඒක වෙනවමයි.
මං හිතුවා මම අවංක වුනේ නැහැ, මගේ වැරැද්ද පිළිගත්තෙ නැහැ. නමුත් අර වෙලාවෙදි බුදු හාමුදුරුවො අර අපිට උගන්වල තියන දේවල් හින්දා, උන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඕන ඇත්තම කියනව නම්, අපේ ගුරු හාමුදුරුවරුන්ට පවා උගන්වල තියන හින්ද, වැරැද්දක් වුනා නම් සමාව ගන්න කියල, අන්න ඒ කාරණේ හන්දා මට අද පුදුමාකාර සහනයක් තියනව. නිදහසක් තියනව. ඒ වගේම මම අදත් බලාගෙන ඉන්නව ඒ සතා එනකල්.
ගමේ කට්ටියට මේ කතාව කිවුවට පස්සෙ, ඒ ගොල්ලො කිවුවා ඒගොල්ලන්ගෙ සීයලගෙත් සීයා කියල තියනවලු ඒ වගේ සර්පයෙක් ගැන ඒ කැලෑවෙ හිටපු. ඒ කියන්නෙ සමහරක් වෙලාවට මෙයා ඒ තරම් ලොකු අතීතයක් තියන පෞරාණික සතෙක් වෙන්නත් පුළුවන්. ඒ කැළෑව මහ විසාලයි. ලොකූ පරණ පන්සලක් තිබිල තියනව. දැන් නම් ගරා වැටිලා. ඒක මං හිතනවා අක්කර හයහත්සීයකටත් වඩා වැඩි මහ විසාල කැලෑවක්. ඒකෙ පැත්තක තමයි මම හිටියෙ ගමට කිට්ටුව.
ඉතින් කොහොම නමුත් මට කියන්න ඕනකම තියෙන්නේ, බුදු හාමුරුවෝ අපිට අර කියල දී තියන, වැරැද්දක් වුනහම ඒ වැරැද්ද වැරැද්දක් හැටියට අනුමත කරලා ඒ වැරැද්ද නිවැරදි කරන විදියට කටයුතු කරන්න කියන පාඩම මම එදා ඉගෙන ගත්ත. ඒක ඒ විදිහට බුදු හාමුදුරුවො කියාපු එකට අනුමත වෙලා, අනුගත කරලා, ඒ විදියට කටයුතු කරපු හින්දා අදටත් මට ඒ සතාව මතක් වෙනකොට හිතට හරි පහන් සංවේගයක එන්නෙ. බයක්, භීතියක්, ත්‍රාසයක් නෙවෙයි ඇත්තටම කියනව නම්. මට හරි පහන් සංවේගයක් එන්නෙ. ඒ හරියට මගේ ගුරුවරයෙක් වගේ, යාළුවෙක් වගේ.
මම දකිනව පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහම් මාර්ගය අපිව පමුණුවලා තියෙන්නෙ හෝ රැගෙන යන්නෙ, ඔන්න ඔය කියන දිශානතියට කියල. ඒක පටන් ගන්නෙ භාවනාවෙන් වෙන්න පුළුවන්. ඒක පටන් ගන්නෙ සාමාන්‍ය ජීවිතෙන් වෙන්න පුළුවන්. එතකොට අපි ආපස්සට හැරිල බලනකොට, අපේ ජීවිතේ ප්‍රශ්නයක් එක්ක ඉන්නව නම්, අපේ හිතේ කරදරයක් හරේ මෙහේ තියනව නම්, ගොඩක් වෙලාවට තියන කාරණාව තමයි අපි ඒ වැරැද්ද අනුමත නොකරන එක.
ඒක අපේ වෙන්න පුළුවන් බාහිර කෙනාගෙ වෙන්නත් පුළුවන්, සහ ඒකට සමාවක් හරියට ගත්තෙ නැති එක හේතු වෙන්න පුළුවන්.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Begging Forgiveness
No 29
Begging Forgiveness
Experiences in Forest Monkhood
Meditation Instructions
ArunalleDaham Sisila
Peaceful Dhamma In A Beautiful Morning
I ( Ven Medavi) as a novice monk. Just attained the Vetting Ordination (Upasampada) ,decided on Forest Monkhood . I (VenMedavi) sincerely found it difficult to beg permission to go to the forest.
“As I remember where I ( Ven Medavi) shed tears to the utmost was that particular day that I was standing in front of my Hon Head Monk, having gone to get permission to go into forest life. I really could not talk but kept on shedding tears was my only memory retained about that day .
The Hon Head Monk kept on looking at me with Metta while he continuously & pacifyingly rubbed my head.
At the end the Hon Head monk said “ Son I know You are trying to go to the forest, as you know your correct path ,it is better to follow the path in the forest .
Why (Ven Medavi) I was reluctant to leave the Hon Head Monk was because in addition to his Majestical look his teaching of Dhamma was quite exemplary & he was the most remarkably impressive teacher that I ever met
Also in addition to the above mentioned reasons I(Ven Medavi) was trustworthily assessed with honesty by the Hon. Head Monk. “ Hence later I (Ven Medavi) started living in a forest in Bibile .” “ My hut was tiled but covered with Mackintosh Cloth ( Iti Redi) ,with no doors & windows .But I really meditated well over there.
“In the meantime one day I ( Ven Medavi) heard a noise like a large bamboo trunk was being dragged around , but to see a large Serpent was crawling around. “ “ I threw a stone at it and it reared up ready to strike giving me the look of a huge snake”’” With a huge head and a large fairly a short body.”To tell the truth I ( Ven Medavi) felt a bit scared with no
Protection around me.
“Then although the story was that snakes had no ears ,but only having the sensation ,I began to talk to the snake and said””I mistook your image to a Rat Snake( Garandiya) ,but You are a Venomous Snake , I know I live in Your territory , but only for a short period meditating and begging Alms,.””Therefore Please forgive me if I have done any wrong by mistake.”
“To be honest now the snake coiled himself looking at me with one eye. The distance between the two of us was very narrow & I could not have run a race with him.Then the snake again reared up ( Pene pippuwa) in the sleeping mode itself.”
Generally so I heard that the snakes do rear up their heads only above the ground,but this snake reared up his head in the sleeping mode. I mentally suspected that the snake slightly turned his head towards me & was talking to me via signal.”As if he said Dear Monk please do not think that you get only Rat Snakes everywhere and also that all Venomous snakes are fierce.”. All movements of the snake were very sullen for a few minutes as described above.
Then the snake started crawling with the reared head down, along a different route & then he crawled up a Little Rock staring at me & vanished with no return.
But because of the forgiveness I begged from him “I ( VenMedavi) was sure of no danger coming from him. If I covered up my true feelings & acted unwisely , even today my fear of Serpents may be stabilised in me unawares.
Due to our Lord. Lord Buddha’s teaching , exceptionlly worthy of following ‘& our teachers’ Great teachings such as begging Forgiveness being the Motto in Life gave endless relief to body& mind of Self & Others.
The Villagers who listened to this story also told that their great Grand parents also sighted a snake like this in their adjoining forest . So in that sense this particular snake may have been a descendant of an ancient heredity. Because the Forest where the snake lived was about 700 Acres huge in existstance with a ramshackled building of a Buddhist Temple too.
Whatever it is Lord Buddha’s
Teaching is to accept our own faults & correct them with Will & Wish. Because ( I Ven Medavi) followed this above mentioned advise of the Great Lord, even today I mindfully recollect an enlightened sensation of the incident mentioned above .
No fears endangering my life as if a teacher is supporting me all the time.
Therefore I ( Ven Medavi) address “ Dear Friends that our Lord , Lord Buddha ‘S doctrinal Philosophy leads us specificallly to a place of divinity of neither satisfaction nor dissatisfaction at the end of the Samsaric journey.This status could arise either via meditation or otherwise.
Then having wisely recollected the past with the intension of a procedure of Kammattana we begin to see the fault of not realizing our own mistakes. It could be self or another not begging forgiveness for the mistakes made with awareness or otherwise would remain as an obsession Inheritance.( Anusaya Kilesha).
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
භාවනාවෙහි දායාද
බාධක ජය ගැනීම
මම ප්‍රිය කරන භාවනාව කියන මේ විෂයයේ ප්‍රධානම කොටස හැටියට උගන්වන්නේ, වර්තමානය තුල ජීවත් වීමයි. එතකොට සතිපට්ඨාන සූත්‍රය කියන දේ අරගත්තොත් එහෙම, සතිපට්ඨාන සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ අන්තර්ගත කරල තියනව පින්වතුනි, ඔය ඇත්තොත් මමත් වගේම මේ ලෝකයා ජීවත් වෙන, සැරිසරන, පුරුදු කරන, මුහුණ පාන, යම්කිසි වූ දෙයක් තියනවද හොඳ හෝ වේවා නරක හෝ වේවා, ඒ සෑම සියළු දෙයක්ම අන්තර්ගත වෙලා තියනව වගේම, ඒ සෑම සියළු මොහොතකම සතිමත් භාවය පුරුදු කරන්නේ කොහොමද? සතිවන්ත වෙන්නේ කොහොමද? සිහියෙන් ඉන්නෙ කොහොමද? සතිපට්ඨානයට ඒක දා ගන්නෙ කොහොමද? කියන එකයි සතිපට්ඨාන සූත්රයෙදි අපිට කියල දෙන්නෙ.
අපේ ජීවිතය තුල අනික් පැත්තකට අරගෙන බැලුවොත් එහෙම, අපි බලාපොරොත්තු වෙන එක රටාවක් තියනව පින්වතුනි, ඒ රටාව තුල තියෙන්නේ අපිට ප්‍රිය වූ ද අපිට මනාපය වූ ද අපි රුචි කරන්නා වූ ද අපේ මන වඩන්නා වූ ද අපිට සංතෝසය ඇති කරන්නා වූ ද අන්න එවන් වූ දේවල්ම ළඟා කර ගන්නට, කිට්ටු කර ගන්නට, උත්සාහ කරන ස්වභාවයකුයි සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ හිත තුල තියෙන්නෙ. හැබැයි බණ පොතේ තියන ගාථාවක මෙන්න මෙහෙමත් තියනවා,
"යේන යේනහි මඤ්ඤංතී
තතෝ තං හෝති අඤ්ඤතා"
කියල. අපි යම් යම් ආකාරයකට බලාපොරොත්තු ඇති කර ගන්නේ වේද, ඒ බලාපොරොත්තු ඇති කර ගන්නා වූ දෙය සිද්ධ වෙනකොට, ප්‍රායෝගිකව ඒ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට, ඒ දේ අනිකක්ම බවට පත් වෙලාම තියනව. අපි බලාපොරොත්තු ඇති කර ගත්ත විදියට ඒ දෙය අපිට සන්තර්පණය කර ගන්නට අවස්ථාවක් හම්බ වෙන්නෙ නැති කතාවයි තථාගතයන් වහන්සේ උගන්වන්නෙ.
හේතුව පින්වතුනි, ඔය ඇති කරගන්නා වූ බලාපොරොත්තුව කියන දේ සංකල්පයක්. ඒක අපි හිතේ හදා ගත්ත, හිතේ මවාගත්ත, හිතේ ඇඳ ගත්ත චිත්ත රූපයක්. ඒ චිත්ත රූපය තමයි අපි හඹාගෙන යන්නෙ, හොයාගෙන යන්නෙ, පසුපස යන්නෙ.
සරල උදාහරණයක් ගත්තොත් එහෙම, ඔය ඇත්තන්ට අපි කියමුකො මොකක් හරි භාණ්ඩයක් ගන්න ඕනකමක් තියනව කියල. අපි හිතමු ඒක මොකක් හරි පෙට්ටියක් කියන්නකො. යම්කිසි දෙයකට ඕන වෙන විදිහේ පෙට්ටියක් ඔය ඇත්තන්ට ගන්න ඕනකමක් තියනව නම්, ඒ දේ මෙන්න මේ විදිහේ හැඩයක් තියෙන්න ඕන, මේ විදිහේ පාටක් තියෙන්න ඕන, මේ විදිහේ මටසිළුටු භාවයක් තියෙන්න ඕන, ඒ දේ ස්පර්ශ කරනකොට අතට මේ වගේ දැනෙන්න ඕන, බර මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන, ඒවට මෙන්න මේ මේ මේ විදිහේ ගෙත්තම් කරල තියෙන්න ඕන, ආදී වශයෙන් අපි අපේ හිතේ හදා ගන්නවා සංකල්පනාවක්. හීනයක්, අරමුණක්, ඉලක්කයක් අපි හදා ගන්නව.
ඒ සිතුවිල්ල හෝ ඒ අරමුණ හෝ ඒ ඉලක්කය පස්සෙ තමා ඊළඟට අපි හඹාගෙන යන්නෙ. ඊළඟට අපි කඩේට හරි වෙළඳපොළට හරි ගිහිල්ලා අපේ හිතේ අර තියන සංකල්පය තියන එකම හොය හොයා, හොය හොයා යනව. හැබැයි අපි ඒ සංකල්පය මතම බැහැල ඉන්නව නම් පින්වතුනි, අපේ ඒ හිතේ තියන සංකල්පය වගේ එකක් හම්බ වෙන තාක් අපි ඒ දෙය හොයනව විනා ඒ කඩපොලේ තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න අපි හිතන්නෙ නෑ. හේතුව අපි ආසා කරන්නේ සංකල්පයට නිසා.
බුදු හාමුදුරුවො ඒකයි මේකට කියන්නෙ,
"සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ"
කියල. සාමාන්‍ය ලෝක සත්ත්වයා රාගය ඇති වෙන්නෙ හෝ ආශාව ඇති කර ගන්නෙ සංකල්පයටයි. ඉතින් පින්වතුනි, ඔය කියන ස්වභාවය තමයි අපිට තියෙන්නෙ. අපි අර බලාපොරොත්තු වෙච්ච විදිහේ වටපිටාවක් නැති නම් ඒ කඩපොලේ තියන ඒ පෙට්ටියට, අපි ඒ දේ ගන්න හිතන්නෙ නෑ. ඒ දේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහේ ස්පර්ශයක් ලබා දෙන්නෙ නැත්නම්, බරක් ලබාදෙන්නෙ නැත්නම්, හැඩයක් ලබාදෙන්නෙ නැත්නම්, ලස්සනක් ලබාදෙන්නෙ නැත්නම්, පාටක් ලබාදෙන්නෙ නැත්නම්, ආදී වශයෙන් අපේ අරමුණට යන්නෙ නැත්නම්, අපේ සංකල්පය රජයන්නෙ නැත්නම්, ඒ සංකල්පය ක්‍රියාවට නැඟවෙන්නෙ නැත්නම්, අපි ඒක ගන්න මනාප නෑ.
මෙන්න මේකයි සාමාන්‍ය ලෝකයාගේ තියන සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ඔය කියන සංකල්පය සංකල්පයක් මිස ඒක ක්‍රියාත්මක වෙනකොට ලෝකයේ තියන්නෙ වෙනම දෙයක් කියල. මෙන්න මේකයි ධර්මය තුල තියන පුදුමාකාර වූ රහස ගැබ් වෙලා තියන ගැඹුරාර්ථය. අපිට හම්බ වෙන්නේ බලාපොරොත්තු වෙන විදියට වඩා ටිකක් වෙනස් විදියකටයි.
සතිපට්ඨානයෙන් උගන්වන්නේ, ඒ වෙනස් විදියකට හම්බ වුනා හෝ බලාපොරොත්තු වෙච්ච විදියට හම්බ වුනා හෝ මේ අවස්ථා දෙකටම එක හා සමාන විදිහේ අගය කිරීමක් දෙන්නටයි. ඉතින් මේ කරදර බාධකත් ඔය වගේම තමයි. ඔය ඇත්තොත් මමත් අපි අපේ හිතේ සංකල්පයක් හදාගෙන තියෙනවා අපි ඉන්න වටපිටාව මේ වගේ වෙන්න ඕන. අපිට ගන්න පුළුවන් දේවල් මෙන්න මේ වගේ ස්වභාවයක වෙන්න ඕන, ඒ විදියට ප්‍රියමනාප වෙන්න ඕන, මේ විදිහේ ලස්සන තියෙන්න ඕන, මේ වගේ හැඩහුරුකම්වලින් තියෙන්න ඕන, මේ වගේ ප්රනීතභාවයෙන් තියෙන්න ඕන, අද කාලෙ හැටියට කියනව නම් මේ වගේ මිල මුදල් අඩුවෙන් තියෙන්න ඕන කියල.
ඒ වුනාට මයෙ පුතා ඒක ඒ විදියට වෙන්නෙ නෑ. අද වෙනකොට අපිටම සාක්කි දරන්න පුළුවන්, අපිටම පේන්න පටන් ගන්නව, බුදුරජාණන් වහන්සේ අවුරුදු දෙදහස් හයසිය ගාණකට කලින් කියාපු කතාව සහතික ඇත්ත කියල. අපේ හිතේ තියන සංකල්පය රජයන්න අද වෙනකොට අවස්ථාවක් නෑ. ඔන්න ඔතන හොඳ ලස්සන කතාවක් තියනවා. අපේ හිතේ තියන සංකල්පය රජයන්න බැරි හින්ද අපි අමනාපයි. එතකොට මේක තුල ආපස්සට ගියොත් එහෙම ඇයි අපේ අමනාපය? අපේ හිතේ තියන දේ රජයන්න බැරි හින්ද. එතකොට අමනාපය නැති වෙන ස්වභාවයකට අපේ හිත ගන්න නම් මොකක් කලොත් හොඳද?
ඔන්න ඕකටයි ධර්මය පුරුදු කරනව කියල කියන්නෙ. ධර්මයෙන් කියන්නෙ මොකද්ද? හිතේ රජයන දේ හදා නොගෙන ඉන්න කියල. අපේ හිතේ රජයන බවක්, අපේ හිතේ යම්කිසි වූ සංකල්පයක් හදාගෙනයි ජීවත් වෙන්නෙ. ඒ සංකල්පය තමයි අපි හඹාගෙන යන්නෙ. ඒ සංකල්පය තමයි අපිට වර්ධනය කරගන්න ඕන වෙන්නෙ, සාක්ෂාත් කරගන්න ඕන වෙන්නේ, ඒ අරමුණ ඉලක්කය ඒකයි. නමුත් ඒ සංකල්පයට අපිට යන්න බැරි හින්දයි, ඒ සංකල්පය අපිට ඒ විදියට සාක්ෂාත් කර ගන්න නොහැකි වෙන හින්දයි අපේ හිතට දුක තියෙන්නෙ.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Solving Problems
No. 30
Solving Problems (Mindful gifts from Sathipattana)Meditation Instructions , Peaceful Dhamma In A Beautiful Morning.
In the Subject of Meditation I ( Ven Medavi) teach the topic of Living In The Present Moment as No 1 .
As the importance of Satipattana ( 4 foundations of Mindfulness )Lord Buddha has comprehended as just like the lives of yours & Mine all other beings ‘ practices facing barriers of good & bad are solved via Sathipattana .
To reach this above mentioned solution in every minute of our lives one should practise how to achieve &, live, by adding mindfulness (Sati) to all procedures of Satipattana taught in the Sutta.
Apart from all this there is one aspect of our lives which is to do what one likes , Appreciates, Craves, Joyous & things continuously pleasing our minds only. This above mentioned nature gets actively energized in our minds as Clinging or Attachment(Upadana).
But in Dhamma there is this particular Stanza also follows/- “Yena Yenahi Manjanthi”
“ Thatho Thang Hothi Anjatha”. Meaning to whatever our expectations are and if the expectations do fullfill & begin to experiment them, the experiments have often taken an opposite reaction. Nothing specifically happens the way we want is the Buddhist teaching (The nature’s Analysis of the Buddhist Philosophy).
Because it is the true nature of our mind made (Sankalpa)and also the mind created (Chitta Rupa) ( Means the Mind plays a part of creating Rupa via past memory or the subconscious mind). according to as much as expected all the invisible status to the naked eye that we follow through with craving.
As an example let us say that one really wants to buy a particular instrument or a box & this particular box or the instrument should have shape, colour, texture, weight, embroidery,etc., etc., as needed would turn into a dreamland of nature (Sankalpana) in an aimed expectation.
Then one follows this above mentioned dreamland , the object, or the Aim ( Sankalpana) till one finds it in the market place or elsewhere. If supposing one is now attached to the above mentioned (Sankalpana) or the mind made need , one will only keep searching identically the same without utilizing the similarities available.
Because one is attached unawares via craving to his mind’s need (Sankalpana), which indirectly leads the Samsaric journey where Lord Buddha Sermonizes as/-
“SANKAPPA Rago Purisassa Kamo”
The Craving of the being is mainly due to ( SANKAPPA) which is an unwholesome act of nature entertained via ignorance( Avidya).
If one does not get the environmentally needed contact in mind one’s mind would not accept the same.
If one does not get all the features of the expectations as mentioned above and if ( Sankalpa) which is a feature of the unwholesome nature does not capture the mind’s need as an example of a ‘ (King Capturing a Country’one would not acquire the mind’s satisfaction leading to the victory of ignorance in the Samsaric journey.
But dear friends( Ven Medavi)”sermonizes that according to Lord Buddha that this ( Sankalpa) an ignorant nature is a mirage compared to the realization of Dhamma in depth,Sacred & Dedicated to the fact that what one gets is a little different to one’s expectations.
The Great Sathipattana teaches that whatever one achieves in life as Good or Bad to be valued, and accepted alike ( The same Way).
The Samsaric problems are such that due to one’s ( Sankalpas), mind made expectations (as an example )via ignorance have to agree to beauty, acceptable shape, pleasant nature, cheaper prices in regards to spending, suitable environment, so forth & so on. “ My Son ( As Ven Medavi addresses) It does not happen that way . Such is proved by Lord Buddha in the duration of the ancient past 2600 years ago as one’s mind made expectations has no place in true nature.”
So what is the remedy to the dissatisfied mind when things ( Sankalpa) mind made expectations are subject to change according to true nature.
The Solution is to practise the true Dhamma in realization. Practising Dhamma means recollecting the past meditative Dhamma ( Vitakka Vichara) questioning our mind situation with Sati Sampajanna( Clear Comprehension) .This will lead to neither satisfaction nor Dissatisfaction via equanimity leading to the Noble Eight Fold path .
Jinam Wandama Gotama
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම 2
සිතිවිලි සහ හැඟීම් නිවැරදිව මෙහෙයවීම
බලාපොරොත්තු වන ක්‍රමයට වඩා හිත පුරුදු කරන විදිහ හරිම වෙනස්.
සිතිවිලි නතර කරන්නත්, හැඟීම් අයින් කරන්නත් තමයි අපි හැමෝටම වගේ ඕන වෙන්නෙ. නමුත් යථාර්තය ඊට වඩා වෙනස්.
උදාහරණයකට, වාහන ඉතා අධික මාර්ගයක් අයිනේ වාඩි වෙලා ඉන්නව කියල හිතන්න. යන එන වාහන සිතිවිලි සහ හැඟීම් කියල ගනිමු. අපිට කරන්න තියන එකම එක දේ හරිම සරලයි. වාඩි වෙලා වාහන දිහා බලාගෙන ඉන්න එක විතරයි.
නමුත් භාවනාවෙදි නම් ඇත්තටම වෙන්නෙ මොකද්ද? අපි වාහන වල ගමනට කැමති නෑ. ඉතින් මැද්දට පැනල නතර කරන්නයි උත්සාහය. සමහර වෙලාවට වාහනයක් පස්සෙ එළවගෙන යන්නත් පුළුවන්. මේ වෙනකොට අපිට අමතකයි නේද වාඩි වෙලා බලාගෙන ඉන්න විත්තිය. මේක තමයි හැමදාම සිද්ධ වුනේ. අවසාන දායාදය එපා වීම විතරයි.
හිත පුරුදු කිරීම කියල කියන්නේ, සිතිවිලි සහ හැඟීම් එක්ක අපිට තියන සම්බන්ධතාවය හඳුනාගෙන ඒවා දැකීම කෙරෙහි තියන දෘෂ්ටිකෝණය වෙනස් කර ගැනීමයි. මෙහෙම කලාම ස්වාභාවිකවම හිත සාමකාමී වේවි. පාලනය කිරීමේ අදහස අයින් කරල, බැහැර කරල තියල හුදෙක් බලා හිඳින්න වුනාම, පාරේ වාහන එහෙ මෙහෙ යාවි. අපි නිස්කලංකේ ඒ දෙස බලා හිඳීවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Clearing the mind
No 31
Clearing the mind( .Thoughts & Sensations to be precisely Directed) Peaceful Dhamma in a Beautiful Morning.
Training the mind is entirely different from our own expectations.
To get rid of the Unwanted Thoughts and to stop the sensational impact are our own needs. But the reality is totally different.
As an example let us imagine that we are sitting down on the pavement of a busy road & taken for granted that all those on going vehicles were thoughts.
In reality we do not like the roaring noise of the vehicles , as such we are feeling like jumping in the middle of the road wildly or may have been chasing behind a vehicle,. As such by this time we have forgotten that we were watching the vehicles., with less mindfulness . Therefore the resultant impact was a gift of hatefulness
C
towards watching the vehicles.
Instead training the mind means to accept the connection between the so called processive us and the thoughts to comprehend the realization of the thought process.,which means Clear Comprehension ( Sati Sampajanna).
In this above mentioned processive way the mind would adopt the calming texture of the so called thought process.
In this way when we processively cease the domineering texture of the mind we would mindfully watch the cars travelling to&fro on the road.
Therefore it is a necessity to add Sati Sampjanna ( Clear Comprehension) & live mindfully in our daily lives.
Jinam Wandama Gotama.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
සිරිපා වනයේ දේවතාවිය
හිටි හැටියේම ලැබුනු අවස්ථාවක් නිසා, දානයක් දීල දුකෙන් පිරිච්ච හිතක් සංතෝස කරගෙන, දෝමනස්සයෙන් පිරිච්ච හිතක් පිනෙන් පුරවාගෙන, මිය පරලොව ගිහිල්ල සුගතිගාමී වෙච්ච උදවිය ගැන ශාසන වංශ කතාවේ අපි බොහෝම කතා අහල තියෙන්න පුළුවන්. 'විමානවත්ථු' කියන පොතේ මේවගෙ කතා බොහෝමයක් රැඳිල තියනව.
ඒ වගේම අපේ කාලයේ ජීවත් වෙච්ච කෙනෙක්, තමන්ගෙ දුක්බර හිතට පින් සිතිවිල්ලක් ඇති කරගෙන, දානයක් දීල, ඒ දුන්න කුසල් සිතින් මිය පරලොව ගිය කතාවකුයි අද කියන්නට මේ සූදානම.
බොහෝම ඈත අතීතයේ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගෙ කාලේ, ඒ රජතුමාගේ මල් උයනේ මල් හොරකම් කරන කෙනාව හොයන්න ගිහිල්ල අහම්බෙන් මුණ ගැහිච්ච තැනක් තමයි අපි හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වෙච්ච, තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ සළකුණ පිහිටල තියෙන සිරීපාදය කියල කියන්නෙ. 'පූජාවලිය' රචනා කරපු මයුරපාද පරිවේනාධිපතීන් වහන්සේ වැඩ හිටපු පලාබද්දල පාරෙන් තමයි නිශ්ශංකමල්ල රජ දරුවෝ එදා සිරීපාදෙ වන්දනා කරන්න ගිහිල්ල තියෙන්නෙ.
මේ මෑතක් වෙනකං සිරිපා නඟින නඩවලට ගමන් පහසුකම් සැලසුවෙ පලාබද්දල පාරයි. මේ විදියට සිරිපා කරුණා කරන අයට ගිමන් නිවන්නට, වෙහෙස නිවා ගන්නට තියන ප්‍රධානම සහ එකම නිදහස් තැන තමයි අම්බලම. සිරීපාදෙ කරුණා කරන්න යන කාටත් ගිමන් නිවන්නට මොහොතක් රැඳී යන්නට, රැඳී ඉන්නට කාගෙවත් බල කිරීමක් නැති, කාගේවත් අය කිරීමකුත් නැති එකම එක තැනක් තමයි අම්බලම කියල කියන්නෙ.
ඔය පලාබද්දල පාරෙත් අම්බලමක් තියනව. සිරීපාදෙට යන කවුරුත් ඔතනින් පොඩ්ඩක් නැවතිලා, ගිමන් ඇරල, විඩා නිවල, යන පුරුද්දක් තියනව. ඔය පලාබද්දල පාරෙ තියන අම්බලමේ මේ මෑතක් වෙනකං එක කාන්තාවක් රැඳිල හිටිය. යන එන මං හරියට තිබ්බෙ නැති මේ කාන්තාව, තමන්ට ඉන්න නිවසක් හැටියට තියාගෙන හිටියෙ ඔය කියන අම්බලම තමයි. අසනීපයක් දුකක් හැදුනහම, පලාබද්දල පන්සලේ නායක හාමුදුරුවො මේ මෑණියන්ට ලෙඩට දුකට බෙහෙත් අරන් දීල තිබුන.
යාචකයෙක් හැටියට ජීවිතේ ගෙවපු මේ කාන්තාව අනිවාර්යයෙන්ම පෝය දවසට සිල් සමාදන් වුනා. සිරිපා වනයේ ඉඳල බවුන් වඩල පල්ලෙහාට පැමිණිච්ච ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න මේ කාන්තාව හරීම රුචියි. හරි කැමතියි. එච්චර පිරිසිදු නැති ඇඳුමක් ඇඳගෙන හිටියට බොහොම උවමනාවෙන් බණ දහම් අහන්න හෝ පෝයට සිල් සමාදන් වෙන්න උවමනාවක් තිබුන මෙයාට. මේ සිද්ධිය වෙනකොට මේ කාන්තාවගෙ වයස අවුරුදු අසූවක් අසූපහක් විතර ඇති.
එක්තරා දවසක සිරිපා වනයේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා දෙනමක් පහළට වැඩම කලා. එදා මේ අම්බලමෙ හිටපු අර වයෝවෘද්ධ කාන්තාවට හිතක් පහළ වෙලා තිබුනා දානයක් දෙන්න ඕන කියල. ඉතින් මැය මොකද කරල තියෙන්නෙ, වළං කෑලි වගයක් හොයාගෙන, ඒකෙ බතකුයි පරිප්පුවකුයි තව පලා ව්යංජනයකුයි හදල, අර හාමුදුරුවරු එනකං මඟ බලාගෙන ඉදල තියනව.
ස්වාමීන් වහන්සේලා ආවට පස්සේ, කුදු වෙලා තිබිච්ච ඇඟෙන් යුක්තවම වන්දනා කරල ආරාධනා කරල තියනව, අද මගෙ දානයට වඩින්න ඕනෙයි කියල. එක ස්වාමීන් වහන්සේ නමක් ඒ වෙනකොට දානය වළඳලයි හිටියේ. අනික් ස්වාමීන් වහන්සේ ඒ දාන ආරාධනාව කාරුණිකව බාර ගත්ත.
ඊට පස්සෙ මේ කාන්තාව තමන් ඉන්න අම්බලමට මේ ස්වාමීන් වහන්සේව වැඩම කරගෙන එක්කං ගියා. දූවිලි ගෑවිච්ච බංකුවක් දුන්න වැඩ ඉන්න ඕනෙයි කියල. තමන් උයාගත්ත දානය කැඩිච්ච ප්ලාස්ටික් හැන්දක් අරගෙන ස්වාමීන් වහන්සේගේ පාත්තරයට පිළිගැන්වුව. සිරිපා වඳින්න යන නඩ වගේම මැස්සන්ගෙනුත් අඩුපාඩුවක් තිබිච්ච නැති මේ අම්බලමේ අර ස්වාමීන් වහන්සේ දානෙ වළඳනකොට, හොයාගත්ත කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන අර මෑණියෝ ස්වාමීන් වහන්සේට පවන් සලන්න ගත්තා. මැස්සන්ගෙන් වෙන කරදරවලින් බේරෙන්න ඕනෙයි කියන ඒ අදහසින්.
ඒ තැනේ හැටියට එච්චර පිරිසිදුකමක් තිබිච්ච නැති තැනක් වුනාට, දානෙ පිළිගත්ත ස්වාමීන් වහන්සේ බොහෝම උපේක්ෂාවෙන් යුක්තව ඒ දානය වැළඳුව. අවසානයේදී දානය වළඳනකං, වෙලාවකදි පවන් ගහමින්, වෙලාවකදි වන්දනා කරගෙන හිටපු මේ කාන්තාව බොහෝම සංතෝසමත් වෙච්ච බව ඒ සිද්ධිය දැක බලාගෙන හිටපු අය අපිත් එක්ක කිවුව. අවසානෙදි ස්වාමීන් වහන්සේ තමන් අතේ තිබිච්ච ධර්ම පුස්තකයක් මේ මෑණියන්ට පූජා කළා. ඒකත් බොහෝම ගෞරවයෙන් සහ බොහොම කැමැත්තෙන් පිළිගත්ත මේ කාන්තාව හද පිරි සතුටෙන්, දානය පිළි අරගෙන දානය වළඳල වඩින ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන හිටිය.
ඊට පස්සෙ එදා දවසෙම මේ කාන්තාව බොහෝම සතුටෙන් සහ සොම්නසින් හිටපු විත්තිය ඒ ළඟ පාත අය අපිත් එක්ක කිවුව. සුපුරුදු පරිදි අනික් පහුවදා එළිය වැටෙනකොට පුරුදු හැටියට අම්බලමෙන් එළියට ආපු ජේන් අම්මා, ආයෙ එළියට ආවෙ නෑ. ළඟපාත කට්ටිය ගිහිල්ල බලනකොට ඊට කලින් දවසේ සිඟමන් යැදලා එකතු කරගත්ත ධනයෙන් දානයක් දීල හිත සකස් කරගත්ත, හිත සංතෝස කරගත්ත ජේන් අම්මා මියපරලොව ගිහිල්ල තිබුන.
ඔය කතාව අහපු මටත් හිතුනා, දානයක් දීල හිත සංතෝස කරගෙන, සතුටු සිතින්, සැහැල්ලු සිතින්, මිය පරලොව ගිය අය එදා වගේම අදත් ඉන්නව නේද කියල. එදා ඒ විදියට මිය පරලොව ගිය අය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට, තථාගතයන් වහන්සේ ඒ අය දේවතාවෝ වෙච්ච විත්තිය, දේවතාවියෝ වෙච්ච විත්තිය සඳහන් කළා.
අද අපි දන්නෙ නැහැ ඒ මෑණියො කොහෙ ගියාද කියල, නමුත් අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ මෑණියෝ සිරිපා වනයේම තවත් දේවතාවියක් වෙන්න ඇති කියල.
එය එසේම වේවා !
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Goddess in the Sripada forest
No 32.
Siripa Wanaye Devataviya ( The Goddess in the Sripada forest (Adam’s Peak))The Sacred Mouuntain. Experimental Life In Forest Monkhood.
Meditation Instructions ( Arunalle Daham Sisila),Peaceful Dhamma in a Beautiful Morning.
Sripada is described as a hollow of 67 inches . 170 CMS Long & 18 inches (46 CMS)wide, & resembles the print of a human foot .
The Sripada is venerated by Buddhists, Hindus, Christians & Muslims. Many pilgrims of various faiths visit Adam’s Peak every year.
Initiating the story to follow that.,having consoled the mind full of sorrow, & having achieved a mindful of containment of merit or Kusal in advancement, (according to availability ) by offering (Dana) Alms in respect of the deceased people is a continuous ritual , so read in the books of Buddhist doctrine namely Sasana Wansa&Vimana Wattu as evidence.
In addition today the story begins of a person who was of full of sorrow processively & in contact with a meritorious thought offered A(Dana) Alms and died not long after,hopefully being born followed by all the meritorious thoughts in tact
as the last thought.
One fine day. In the ancient past during the reign of king Nissanka Malla , the robber who robbed flowers from the king’s garden was caught at Adam’s Peak & on the same day King Nissanka Malla & the Royal family climbed Adam’s Peak via a road called Palabadda Road passing the temple namely Mayurapada headed by Worthy Hon. Author of a doctrinal Buddhist book called Pujavaliya. The monk’s name was Mayurapada Nayaka Thero.
Till most recently the pilgrims climbed up Adam ‘S Peak via Palabadda road , with the necessary limited comforts.The most important resting place for Pilgrims was a place called ( Ambalama) , a wayside resting place. This is also the resting place for pilgrims to Adam’s peak for a little rest , free of charge and full of rest. Even along Palabadda road had an Ambalama(A Wayside Rest) for Adam’s Peak Pilgrims.
There was a lonely old lady who made it her home. For her illhealth and other medical needs, The head monk of the Palabadda temple helped her with Metta. This lonely lady living as a vagrant observed Sil ( right conduct) ( Right action , Right Speech, Right Livelihood) & May be 8 precepts on every full moon day.
Listening to Dhamma from the Meditative monk, often coming down the Peak was a great virtuous pleasure for this lady. Although she was not rich enough to wear much of clean clothes she had the greatest intention to observe Sil & listen to Dhamma. She was about 80 to 85 years of age at this stage.
One fine day there were two worthy monks who came down from the Adam’s Peak Forest who processively contacted a meritorious thought to offer (Dana) Alms to these monks.
what the old lady did was, she collected a few broken clay pots, cooked rice, Dhal & a vegetable & was waiting for the monks.Even though she was hunched in posture, had worshipped the worthy monks inviting humbly for Dana (Alms) in her hut.
One out of the 2 monks
had already had Dana for the day
Having gone with respect with the monk to the Ambalama & offered the bench for the monk to sit. Then she offered her cooked Dana with a broken plastic spoon to the monk’s Alms bowl.
As usually the pilgrims were affected by the flies around, this Ambalama was also overtly affected by the same. While the monk. Was having Dana , the old lady was fanning him with a piece of Cardboard to chase the flies away. This lady while fanning the monk kept on continuously worshipping the monk, so said the onlookers.
Although the Ambalama was not so clean the monk consumed the Dana with Metta beyond words.
In the end this old lady blooming with happiness was her outward appearance due to her satisfied mind status , so said the observers.
Then the monk offered her a book of buddhist doctrine which she accepted with respect & was watching the monks disappearing with unshakeable faith.
The whole day this lady lived with full of happiness &, such was mentioned by the onlookers.
But unfortunately this lady (Jane Amma) who usually comes out early morning , never came out there after.When the Onlookers having gone inside the Ambalama to investigate , found her deceased, after having collected all her collection of wealth and given Dana to a monk.
I ( Ven Medavi) thought later such people with a luminous mind still live amongst us .
In the ancient past Lord Buddha had mentioned of such people were being born in heavenly realms.Although we know nothing of Jane Amma today we can vaguely imagine that she may be in a celestial birth in a heavenly realm or in Adam’s Peak itself.
May her be the same or more in her Samsaric journey.
Jinam Wandama Gtaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
නිවීම යනු ගමනාන්තයද?
යා යුතු ගමනක්ද?
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමත් සමඟම ලෝක සත්ත්වයා දුකින් නිදහස් වුනා. ඒ දුකින් නිදහස් වීම, නිවීම, නිවන් සුවය හැටියට අපි හඳුන්වනව. මේ නිවන් සුවය කියන එක, නිවීම කියන දෙය ගමනාන්තයක්ද? එහෙම නැතිනම් අපි යා යුතු ගමනක්ද? අද දවසේ කතාව ඒ මාතෘකාව ගැනයි.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරමිතා ධර්ම පුරලා, අවසාන ජීවිතේදී අභිනික්මන් කරලා ධර්මය අවබෝධ කර ගත්තට පස්සේ, ඒ අවධියට කියන වචනය තමයි පිරිනිවන් පෑව කියන එක. අපි දන්න හැටියට, අපි අහල තියන හැටියට, ඔය කියන පරිනිර්වාණය අපිට තේරෙන විදියට නම් යමක අවසානයකදී ලැබෙන දෙයක් වගේ හරියට. බහුතර මතයක් ඒ වගේම තමයි. මරණ දැන්වීමක් දැක්කා වුනත්, කාට නමුත් ශෝක ප්‍රකාශයක් එළි දැක්වුවා වුනත්, අපිට නෙත ගැටෙන පොදු වචනය තමයි නිවන් සුවය අත්වේවා කියල.
මේ වගේ වචනයකින් එළියට එන්නෙ සහ ගැබ් වෙන්නෙ නිවන කියන දෙය එක්තරා අවධියකින් පස්සෙ හෝ සමහරක් විට මරණයෙන් පස්සේ ලැබෙන මොකක් නමුත් අපි කවුරුත් නොදන්නා වූ ගුඨ දෙයක් වෙන්න පුළුවන් කියලයි.
තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්ම මාර්ගය පටන් ගන්නේ ශ්‍රද්ධාවෙන්. බුද්ධ ශාසනයෙ ශ්‍රද්ධාව කියන වචනය විස්තර වෙන්නෙ ප්‍රඥාව මුසු අවබෝධය හැටියටයි. සාමාන්‍ය ලෝකයාගේ ආගම් ඇදහීම, භක්තියකට සීමා වෙලා තියනව. භක්තිය කියල කියන්නෙ බය මුසු ගෞරවය. ශ්‍රද්ධාව කියල කියන්නෙ ප්‍රඥාව මුසු ගෞරවය.
බුද්ධ දර්ශනයට පැමිණෙන කෙනෙක් බුද්ධ දර්ශනයේ පහස ලබන්නට කැමති වෙන කෙනෙක් මේ ධර්මයට කැමති වෙන්නේ භක්තියකට නෙවෙයි. හේතුව මොකද? තථාගතයන් වහන්සේගේ ධර්මය තුල කොහේවත් තාඩන පීඩන නෑ. බල කිරීම් නැහැ. නීති පැණවීම් නැහැ. ඒ වෙනුවට ශ්‍රී සද්ධර්මයෙ කියල දෙන්නේ නිවැරදි දේ මේකයි, වැරදි දේ මේකයි, නිවැරදි විදිහේ ජීවිතය මේකයි, වැරදි විදිහේ ජීවිතය මේකයි, නිවැරදි විදිහට කතාබහ කරන්නෙ මෙහෙමයි, වැරදියට කතා කෙරන්නෙ මෙහෙමයි, නිවැරදියට කරන වැඩකටයුතු කරන්නෙ මෙහෙමයි, වැරදියට වැඩ කටයුතු වෙන්නෙ මෙන්න මෙහෙමයි, නිවැරදිව පිහිටුවන සිහිය හෝ අවධානය මෙන්න මේකයි, වරදවා ගත්ත සිහිය මෙන්න මේකයි, නිවැරදි වූ හැටියට හිත තැන්පත් කර ගන්නෙ මෙන්න මෙහෙමයි, වැරදි විදියට හිත තැන්පත් වෙන්නෙ මෙන්න මෙහෙමයි.
මෙආකාරයට ජීවන තලය තුල තියන, අපේ ජීවිතය තුල තියන හැම පැතිකඩකම අපි දකින පැත්තත්, අපි නොදකින පැත්තත් පෙන්වා දීම විතරයි බුද්ධ දර්ශනයෙන් කියල දෙන්නෙ. මේ හැම දේකටම ප්‍රධාන වෙන්නෙ අපි ගාව තියන දෘෂ්ටියයි. ඒ තියෙන්නා වූ දෘෂ්ටිය හෝ අදහස යහපත්ද නැද්ද කියන දේ මත අපි ඊළඟට කටයුතු කාරණා කරන විදිහ තීන්දු තීරණය වෙනව.
ධර්මය ඉගෙන ගන්න කෙනාට පළවෙනියෙන්ම හම්බ වෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියන කාරණා මොකක් වුනත් කමක් නැහැ, ඒ තමන්ට මුණ ගැහිච්ච කාරණාව යහපත්ද අයහපත්ද කියන එක මුලින්ම වැටහෙන්න පුළුවන්. තමන්ම අවබෝධ කළාට පස්සෙ තමන් ඒ දැන ගත්ත, තේරුම් ගත්ත දේ තුල තියන යහපත හෝ අයහපත තමන්ටම තීන්දුවකට එන්න පුළුවන්, තීරණයකට එන්න පුළුවන්.
යහපතක් නම් යහපත පවත්වන්නටත් අයහපතක් නම් අයහපතෙන් ඉවත් වන්නටත්. නමුත් සමහර කෙනෙක් යහපතට කැමති වෙනව වගේම සමහර කෙනෙක් අයහපතටත් කැමති වෙනව. සරල උදාහරණෙකට ගත්තොත්, අපේ හිත මෛත්‍රී අරමුණේ තියන්න කැමති වෙන්නත් පුළුවන් වගේම සමහර වෙලාවල්වලදි ද්වේශ සිතුවිලිවල යන්නත් කැමති වෙන්නත් පුළුවන්. මේක එතරම්ම සරලයි.
එතකොට නිවී සැනසෙන කෙනා සතිපට්ඨානය භාවිතා කරනකොට ලැබෙන ප්‍රයෝජනය තමයි, එයා මධ්‍යස්ථ මතධාරීව තමන්ගේ ජීවිතය තුල සිද්ධ වෙන දේවල් දිහා දකින්න පටන් ගන්නව, බලන්න පටන් ගන්නව. පිට ඉඳන් කෙනෙක් බලන් ඉන්නව වගේ. මේක පැත්තක් ගත්තෙ නැති පරීක්ෂණයක්. නිගමනයක් නැති පරීක්ෂාවක්. පක්ෂපාතීත්වයක් ගත්තෙ නැති පරීක්ෂාවක්. අපක්ෂපාතී වූ නිරීක්ෂණයක්.
ඒ නිරීක්ෂණය තුලින් තමන්ට තේරෙන, තමන්ට දැනෙන ප්‍රමාණය තුලින් තමන් දුකක ඉන්නව නම් ඒ දුකෙන් නිදහස් වෙන්නට තමන්ටම අවස්ථාව තියනව. ඉඩහසර තියනව. ඒ තමන් මේ දේ හඳුනා ගැනීමේ ප්‍රමාණය මතයි. තමන් ඇත්තටම මේ මොහොත තුල නිවී සැනසිලාද ඉන්නේ? නිවීමක් හෝ සැනසීමක් නැතුවද ඉන්නෙ? කියන එක අවබෝධ කළාට පස්සේ, තමන්ටම තමන්ගේ ජීවිතේ නිවී සැනසීමකට අරගෙන යනවද? නොනිවී දුක් විඳිනවද? කියන පුද්ගලික තීරණය ගන්නට අවස්ථාවක් හම්බ වෙනව.
තමන් කතාබහ කරන වචනය තුලින් ක්ලේශයක් ඉස්මතු වෙනවා නම්, තරහක් ඉස්මතු වෙනවා නම්, වෛර ගැන්වෙන බවක් ඉස්මතු වෙනවා නම්, කෝප ගැන්වෙන බවක් ඉස්මතු වෙනවා නම්, ඒ දෙය සිහියෙන් කතා කරන කෙනාට තේරේවි. ඒ වගේමයි තමන් කතා කරන වචනය තුල මෛත්‍රිය ගැබ් වෙලා තියනව නම්, කරුණාව මුසු වෙලා තියනව නම්, මුදිතාව එකතු වෙලා තියෙනව නම්, සමානාත්මතාවය නැත්නම් උපේක්ෂාව ගැබ් වෙලා තියනව නම්, ඒ දෙයත් තේරේවි. මේ වගේමයි ජීවිතය තුල තියන අනික් සියළුම කාරණාවලටත්.
කෙසේ හෝ නමුත්, අපිට අපිව පේන තරමට, තමන් තමන් දිහා බලන තරමට, තමන් මේ සංසාර දුක කියල කියන ගැටයට කොච්චර අහු වෙලා ඉන්නවද? කොච්චර ඒ කියන උගුලෙ පැටලිලා ඉන්නවද? කියන එක තේරෙන්න, පේන්න ගන්නව. මේ දේ තේරෙන ප්‍රමාණයට, පේන ප්‍රමාණයට, නිවන් දකින්න කැමති කෙනා තමන්ට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් සැනසීමක් ඇති කර ගන්නව. තමන්ට කරන්න පුළුවන්කම තියෙන්නෙ දවසට එක වචනයක් මෛත්‍රියෙන් කියන එක නම්, දවසකට එක බැල්මක් මෛත්‍රියෙන් යුතුව, කරුණාවෙන් යුතුව හෙළන එක නම්, දවසට එක සිතුවිල්ලක් මෛත්‍රියෙන් හිතන එක නම්, ඒ ප්‍රමාණය වත් කරලා සංතෝස වෙනව. සැනසීමකට පත් වෙනව. නිවෙන්න උත්සාහ කරනව. ඒ මොහොත තුලදී හෝ.
මෙහෙම යන ගමනක් යන කෙනෙක්ට නිවීම කියල කියන්නෙ පින්වතුනි, අනාගතයේ කවදා හෝ දවසක පහළ වෙන මතු වෙන ඉස්මතු වෙන දෙයක් නෙවෙයි. ඒ කෙනා මේ මොහොත තුලදීම බුක්ති විඳින දෙයක්. එනයින් බලපුහාම නිවන කියල කියන්නෙ ගමනාන්තයක් නෙවෙයි. නිවන කියල කියන්නෙ යායුතු ගමනක්.
මේ ගමන තුල, මේ ධර්ම මාර්ගයෙ සැරිසැරීම තුල, ඒ ධර්ම මාර්ගයෙ සැරිසරන කෙනා තමන්ට තේරෙන ප්‍රමාණයෙන් දුකින් නිදහස් වෙමිනුයි ගමන යන්නෙ. සැනසීම අත්දකිමිනුයි ගමන යන්නෙ. නිවීම බුක්ති විඳිමිනුයි ගමන යන්නෙ. එවන් වූ ගමනකට පාර කියල දෙන්නේ සතිමත් විදිහේ ජීවිතයක් ගෙවීම තුලිනුයි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Is Niveema ( Bliss ) an end of a Sansaric Journey or still a Sacred Feature to continue with?
No33
Niveema yanu Gamana Anthayakda or Yaa Uthu Gamanakda ( Is Niveema ( Bliss ) an end of a Sansaric Journey or still a Sacred Feature to continue with?(Arunalle Daham Sisila)Peaceful Dhamma in A Beautiful Morning.
Soon as Lord Buddha was being Spiritually achieved Buddhahood Universally , people began to realize the meaning of Dukkha , Dukkha Samudaya & Dukkha Nirodhaya.
This realization of Dukkha ( Dissatisfaction), is considered as Bliss , Peace or Niveema .
The topic today is as mentioned above is to find out whether Niveema ( Bliss) is an end of journey or a Spititual feature still in the journey of Samsara?.,
Our Great Lord (Lord Buddha) after having fulfilled 10 Paramitas (Perfections), such as (1) Genorosity (Dana), (2) Morality (Sila), (3)Renunciation (Nekkhamma), (4) Insight (Panna), (5) Energy (Viriya), (6) Patience ( Kanthi), (7) Truthfulness (Sacca), (8) Resolution ( Adittana), (9) Loving Kindness ( Metta), (10) Equanimity (Upekkha) and attained Abhinikkamana ( Spiritual Enlightenment). Which is identified as Sopadisesha Nibbana,leading to Anupadisesha Nibbana meaning ( From Nibbana with a remainder to Nibbana without a remainder) as final Nibbana achieved on Pari nirvana (Death).
People usually think that Nibbana is something we get after death beyond expression.
As we all know that this path of Dhamma of Lord Buddha begins with Saddha (Faith). Saddha means realization with Panna or Wisdom.
The general public has limited their commitment to religion via Bakthi ( Means worshipping to cease the fear of danger),. But Sardha means Respect via Panna or Wisdom. Lord Buddha’s followers of Buddhism practise via Sardha & not via Bhakti ( to avoid danger).
But the cause being in Buddhism has no involvement in forceful laws of unwholesome nature., which instead Lord Buddha’s Great Dhamma ( Analysis of Nature’s Pholosophy ) teaches the good & bad of all deeds, the good & bad of livelihood, the good & bad speech, the good & bad of bodily Action, the bad side of mindlessness,& the way leading to a good & bad of a collective mind..( Rituals).
In this way Buddhist Philosophy only shows the right & wrong side of an existence which we sometimes mistakenly get misled via ignorance.
The leading factor mentioned above is Whether the View (Ditti), or the ideation that we pocess is reasonable or not leading to our present moment.
The Novice in the Dhamma ( apart from the Noble Eight fold Path), be able to realize the good or bad of her or his primary context that he or she meets for the first time. After this above mentioned realization on his or her own, one can develop oneself into a self realizational level leading to a processive nature of existence later.
But unfortunately some people do agree to both good & bad contexts , such as one can be full of Metta while another can be full of anger in nature.
As such the person with Metta via Satipattana would be able to comprehend his own mind of Sati Sampajanna ( Clear Comprehension),then he can get a calm observation of himself & others’ approaching the mind state of impartial observation ( Apakshapathee Nirikshanaya).
From this above mentioned Apakshapathee Nirikshanaya with self realizational equanimity one can mind visualize the Impermanance , Sorrow, & Noself in Dukkha itself ( Anithya . Dukkha, Anathma) of Dukkha Ariya Satya. This is called ceasing Dukkha.
When one can clearly understand whether one is in distress or not one will differentiate between the twofold path of getting Sober or Painful.
Whether one talks speech of anger , creating bad (Sankaras), formations or beaming with anger , would be understood by the so called person , full of Sati ( Mindfulness), in the same way this person will understand whether he or she talks with the 4 Sublime Abodes, ( Metta, Karuna, Muditha, Upekkha). This aspect of Dhammata applies to all other values of one’ S life.
Therefore one would understand how much one is caught in this Sansaric journey . According to one’s own understanding the one who is destined to achieve Nibbana enjoys an appropriate amount of Bliss ( Niveema) on the Samsaric Journey.
If one can contribute only a single word of loving kindness., or only a look of kindness or just show one feeling of kindness will result Bliss ( Niveema) in the Sansaric Journey. In reality the person on the path to Nibbana is always with full of Bliss ( Niveema),in the present moment instead of awaiting the outcome of future Nibbana.
Considering these facts of the Sansaric Journey Bliss ( Niveema), is not an end journey , but Bliss is a sacred feature of the Samsaric Journey depending on the individual , who with Dhamma ( The Buddhist Philosophy) , travels in accordance with one’s realizational attitude of Bliss in peaceful Cessation of Dukkha ( The Dissatisfaction).which can can travel hand in hand with Sati Sampajanna.
Jinam Wandama Gotaman.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සොබාව ධර්මයේ ආශිර්වාදය සැලසෙන බුදුන් වහන්සේ දේශනා කළ සුභ මුහුර්තිය
ඕනෑම කටයුත්තක් කරන්න අපි බොහෝ දෙනෙක් සුභ වේලාවක් බලනව. ඒ කරන හැම දේකටම නක්ශාත්රය වේලාපත ප්‍රයෝජනයට ගන්නව. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ස්වභාවධර්මයෙහි පවා ආරක්ෂාව, ආශිර්වාදය සැලසෙන සුභ මුහුර්තියක් තියනව. සුභ වෙලාවක් තියනව. සුභ නැකතක් තියනව. අද දවසේ කතාව ඒක ගැනයි.
සංසාරගත ජීවිතයක් ගෙවන ලෝක සත්ත්වයා, තමන් කරන කියන දේවල්වලට මුහුණ දෙන්නෙ මහා විසාල බලාපොරොත්තු කන්දරාවක් ඇති කරගෙනයි. ඒ බලාපොරොත්තු සමුදායන් සන්තර්පණය කර ගන්නට, සාක්ෂාත් කර ගන්නටයි කාගේත් උවමනාව. මේ වෙනුවට ගොඩාක් අයට උපකාර කරන ප්‍රධානම සාධකය තමයි නක්ශාස්ත්‍රය.
තමන්ගේ වේලාපතට අනුව නැත්නම් උපන් වෙලාවට අනුව හොඳ වෙලාවක් බලලා, හොඳ දවසක් බලලා, දිශාවක් බලලා, බොහෝ දෙනෙක් තමන්ගෙ කටයුතු කාරණා ආරම්භ කරනව. ව්‍යාපාරයක් කරන එක හෝ ගේ දොරකට පදිංචියට යන එක හෝ යම්කිසි දෙයක් හදන්න පටන් ගන්න එක හෝ අඩුම වශයෙන් පොඩි ළමයෙක් කෑම කන එක පවා නැකතකට අනුව කරන්න, දිශාවකට අනුව කරන්න අපි බොහෝ දෙනෙක් පෙළඹිලා තියනව සහ සූදානම්. මේ විදියට නැකැත් බලලා, දිශාව බලලා, සුදුසු වර්ණයකින් යුක්ත වූ ඇඳුමක් ඇඳගෙන ඒ කටයුත්ත කරපුහම, ඒකෙන් අපි බලාපොරොත්තු වෙන විදිහේම ප්‍රතිඵලයක් සැලසෙනවාද? අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ඒ ගමන යනවාද?
සමහර අවස්ථාවල් තියනවා, ඔය කියන ඉලක්කයට අපිට යන්න පුළුවන් වෙලා තියනව. සමහර අවස්ථාවල් තියනව ඒ කියන ඉලක්කය අපිට සාක්ෂාත් කර ගන්න බැරි වෙලත් තියනව. ඔය කියන ප්‍රශ්නාර්ථය අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා ස්වභාවධර්මයෙහි ආශිර්වාදය පවා සැලසෙන උතුම්ම වූ නැකත ගැන, උතුම්ම වූ සුභ මුහුර්තිය ගැන.
සාමාන්‍ය ජීවිතයක් ගෙවන ලෝක සත්ත්වයා, හොඳ සහ නරක කියන කාරණා දෙකේ ඇලී ගැලී වාසය කරන්නෙ. සමහර වෙලාවට හොඳ කරනව වගේම සමහර වෙලාවට නරකත් කරනව. ඒ හොඳ කරන එක සහ නරක කරන එක තමන්ගෙ පුරුද්දකට වෙනව වෙන්න පුළුවන්. හොඳ අවස්ථාවකදි හොඳ හැටියට හැසිරෙනව වගේම, හොඳ හැටියට කතා කරනව වගේම, නරක අවස්ථාවකදී නරක හැටියට කතා කරන, නරක හැටියට හැසිරෙන බවකුත් සාමාන්‍ය සමාජයේ තියනව.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි අපිට උගන්වන්නෙ පින්වතුනි, මනාකොට අවබෝධයෙන් යුක්තව, මනා දැනීමකින් යුක්තව, කටයුතු කරන්න කියලයි. තමන් වචනයක් කතා කරනව වෙන්න පුළුවන්. යමකට සවන් දෙනව වෙන්නත් පුළුවන්. යමක රස බලනව වෙන්නත් පුළුවන්. යමක් දිහා බලන් ඉන්නව වෙන්නත් පුළුවන්. මොකක් හරි වැඩකටයුත්තක යෙදිල ඉන්නව වෙන්නත් පුළුවන්. සිතුවිල්ලක් හිතනව වෙන්නත් පුළුවන්. මෙකී නොකී ඔය වගේ කාරණා එක පැත්තකින් අපිට දැනුවත්ව කරන්නත් පුළුවන්. බොහෝ විට අපි නොදැනුවත්ව තමයි කෙරෙන්නෙ.
තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සද්ධර්මය තුල අපිට කියන දෙන්නෙ, දුකින් නිදහස් වෙන ඒකායන මාර්ගය සිහිය පිහිටුවා ගැනීම කියලයි. ඒ වර්තමානය තුල සිත පවත්වා ගැනීම. වර්තමානය තුල සිත පවත්වනව කියන්නේ, අතීතයෙහි හෝ අනාගතයෙහි වහලෙක් වෙන්න යන්නෙ නැතුව, මේ ගලාගෙන යන මොහොතත් එක්ක සාමයෙන් ඉන්න හිතක්, සාමයෙන් ඉන්න ජීවිතයක් හදා ගන්න එකයි. ඒ වගේ ජීවිතයක් ඇලීම් සහ ගැටීම්වලින් තොරයි. සාමාන්‍ය සමාජය යහපතක් කරන්නට හෝ යහපතට අනුව ජීවත් වෙන්නට එක්තරා විදියකට මැලිකමක් දක්වන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් කියන කතාවක් තියනවා. යහපත කරන කෙනාටයි කරදරය තියෙන්නෙ කියලා.
ඇත්තටම කියනව නම්, තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට කවුරුහරි කෙනෙක් ධර්ම මාර්ගය තුල පුරුදු වෙලා, ඒ ධර්ම මාර්ගයෙහි හැසිරිලා, අපි හිතමුකො සෝතාපන්න භාවයකට පත් වෙන්න යනවයි කියල. අපි හිතමුකො මාර්ගඵලයකට පත් වෙන්න යනවයි කියල. දේශනාවෙ තියනව පින්වතුනි, කවුරු නමුත් කෙනෙක් ඒ වගේ කුසලයක් කරගන්න නම් යන්නෙ, මේ ලෝකයේ භූමිකම්පාවක් සිද්ධ වෙන්න තියනවා නම්, මොහොතකට හෝ ඒ භූමිකම්පාව නවතීවි. මොහොතකට හෝ මේ ලෝකයේ සිද්ධ වෙන්න තියන ඒ ස්වාභාවික ව්‍යවසනය නතර වෙලා අර කුසලය කරන්න යන කෙනාට ආශිර්වාදයක් වේවි. ඒ කුසලය කරන්න යන කෙනාව රැක ගනීවි.
තථාගතයන් වහන්සේ දේශනා කරන සුභ මුහුර්තිය තමයි, අකුසලයෙන් පිරිච්ච හිත් තියන මේ ලෝකය තුල, අකුසලයෙන් පිරිච්ච වචන තියන මේ ලෝකය තුල, අකුසලයෙන් පිරිච්ච වැඩකටයුතු තියන මේ ලෝකය තුල, අකුසල්වලින් බර වෙච්ච රූප දකින, ශබ්ද අහන මේ ලෝකය තුල, කවුරුහරි කෙනෙක් කුසලයෙහි යෙදෛනව නම්, ඒ මොහොතයි සුභ වේලාව.
එවන් වූ සුභ කටයුත්තක් කරන කෙනෙක් ඉන්නව නම්, ඒ කෙනාව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනව. ඒ කෙනාට රැකවරණය සලසල දෙනව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල සුභ මුහුර්තිය මෙන්න මේකයි.
සුභ වෙලාව මෙන්න මේකයි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Auspicious Time
No.34
(Subha Muhurthiya),Auspicious Time,Meditation Instructions,(Arunalle Daham Sisila),Peaceful Dhamma In A Beautiful Morning.
Nature’s Blessing is what Lord Buddha has sermonized as an Auspicious time.
In life to begin with any type of task we look for an Auspicious time . To support all above mentioned Auspicious Times we seek help of the Astrological Aspect.
Even in Lord Buddha’s Sermonizations in accordance with the suitability of Dhamma( Lord Buddha’s Analysis of Nature ) also there is a Suprermundane Auspicious time, is our Buddhist Teaching Today.
People in the Sansaric Journey face their activities with an immenseful hopes of success.
For most people the Greatest Support for this Success is Astrology.,where many people begin their important work in life according to an Auspicious Time , an Auspicious Day, and the direction to face in accordance with the task auspiciously being performed at that time supported by Astrology.
As an example Initiating A Business, A House Warming Ceremony, or Mounting a New Building, or Weaning a baby, (Feeding Solids to a baby for the first time) are done according to an auspicious time , facing the so called Auspicious Direction .
Having performed such Auspicious tasks , dressed up in white or Suitable clothes,facing the Auspicious direction etc., etc., would one achieve the expected Satisfaction of the task carried out ?,
Sometimes in accordance with all these Auspicious performances we may have neither succeeded nor not.
In accordance with this ? Above mentioned Question mark , Even with the Highest Nature’s Auspicious times ( in disguise), because the general public ignorantly do good & bad together, or seperately, and also sometimes because people are well behaved in reasonable times and badly behaved in unreasonable times, verbally unwholesome and in action, which may be habitually or not , is also a question not often answered.
Lord Buddha had always Sermonized to us to behave with mindfulness or Sati with Sampajanna ( Clear Comprehension),is the answer to the above mentioned question as Dhamma ( Analysis of Nature).
May be in Speech, Listening, Tasting, or gazing at someone or something, or involving in some task, or thinking can always be performed with awareness leading to mindfulness. But habitually our performances are mostly mindless.
Lord Buddha always has sermonized to us that the direct path for Cessation Of Dukkha ( Realization of the reality of Dukkha)leading to Anithya, Dukkha, Anathma is Mindfulness is Sati in the present moment.
To be in the present moment means not to be a slave to be clinging into the past or future , but to be mindful & peaceful to the transformation of the present moment. Such a life as mentioned above is of equanimity (Upekkha)Even minded.means No Clinging & No Anger.
The general public sometimes could be reluctant to live a life with goodness or helping others.The people‘S ignorant talk always is that “All bad things happen to good people”.
Let us say in reality some person who follows the Dhamma ( Lord Buddha’s Doctrinal Philosophy ), leading to Sovan Pala ( Stream Entry), it sermonizes in Dhamma that owing to the force of this wholesome processive action , even if there is going to be an Earthquake , it stops for a moment naturally & processively blessing that wholesome person to fulfill his wholy abode with protection.
The Auspicious moment that Lord Buddha Sermonizes is that , amidst these universal full of unwholesome thoughts ,deeds, & Actions or the six sense full of unwholesome sensations , If just only one single person Carries out a wholesome action as opposite to what are mentioned above,as unwholesome is defined as the Auspicous moment in Buddhism as Lord Buddha Sermonizes.
If anybody is involved in such wholesome deeds even the nature processively protects this particular person.Thiis is the one & only universal Supermundane Auspicous moment that Lord Buddha has processively sermonized.
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
මේ අවසන් මොහොත විය හැක. කුමක් කරම්ද?
සබඳකම් පැවැත්වීම, අපි කා අතරත් සිද්ධ වෙන, කාටත් කරන්න සිද්ධ වෙන කාරණාවක්. ඒ සබඳකම පවත්වන ආකාරයට අනුව, ඉදිරියට පවත්වාගෙන යනවාද? අතරමඟ නතර වෙනවාද? කියන එක තීරණය වෙනව. බුද්ධ දර්ශනයෙ කතාබහ කෙරෙන හැටියට, අපිට මුණ ගැහෙන හැම කෙනෙක්වම මුණ ගැහෙන්නෙ ජීවිතේ අවසාන වතාවට වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් වුනොත් අපි ඒ අවස්ථාවට කොහොමද මුහුණ දෙන්න ඕන? අද ඒක ගැනයි කතාව.
සාමාන්‍ය ජීවිතයක් ගෙවන ඔබ අප සෑම සියළු දෙනාම, විවිධාකාර වෙච්ච අදහස්වල, විවිධාකාර වෙච්ච අරමුණුවල, විවිධාකාර වෙච්ච ඉලක්කවල නතර වෙලා ඉන්නව. ඒ දේවල් හඹාගෙන යනව. මේ අතර එක්කෙනෙක් කරන විශ්වාසයන්, එක්කෙනෙක්ට තියන විශ්වාසයන් තවත් කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. සමීප සම්බන්ධතා පවත්වන්න අපි ගොඩක් වෙලාවට තෝරගන්නෙ හැබැයි, මම දරන විශ්වාසයට, මම දරන මතයට කැමති අයවයි.
නමුත් මම දරන මතයටම අනික් හැමෝම එකඟ වෙන්නම ඕන නැහැ. මගේ විශ්වාසයටම අනෙක් අය හැමෝම එකඟ වෙන්න ඕනම නැහැ. අපි එකිනෙකාට වෙනස් වෙච්ච, එකිනෙකාට තේරුම් ගන්න පුළුවන් විදිහේ, එකිනෙකාගේ බුද්ධි මට්ටමට අනුව තේරුම් ගැනීමේ ප්‍රමාණයට අනුව ජීවිතේ දිහා බලන්න අවසරයක් තියනව. ලෝකය තේරුම් ගන්න අවසරයක් තියනව. ඒකෙ කිසීම කිසි ප්‍රශ්ණයක් නැහැ. ගැටළුවක් නැහැ.
නමුත් මේ හැම විශ්වාසයක් තියන අතරම, ඒ එකිනෙක වූ විශ්වාසයන් තියන අයත් එක්ක අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනව. ආශ්‍රය කරන්න සිද්ධ වෙනව. මෙන්න මේ වෙලාවෙදි තමයි අපේ තියන විශ්වාසයන් සහ ඒ අයගේ තියන විශ්වාසයන් පෙරට ගත්තොත් ගැටළුව මතු වෙන්නෙ. ප්රශ්නය හැදෙන්නෙ.
අපි එකිනෙකාත් එක්ක සම්මුඛ වෙනකොට, සම්බන්ධතාවය පවත්වනකොට, එකිනෙකාට වටිනාකමක් දෙන්නෙ නැතිනම්, එකිනෙකාට වැදගත්කමක් දෙන්නෙ නැතිනම්, අපිට එකිනෙකාව හඳුනාගැනීමේ හැකියාවක් නැති වෙලා යනව. එකිනෙකාව හඳුනාගන්න බැරි වුනාම අපිට එකිනෙකාව තේරෙන්නෙ නැතුව යනව. එකිනෙකාව තේරුම් ගත්තෙ නැතිවුනහම එකිනෙකාගේ කොච්චර ගුණයක් තිබ්බත්, කොච්චර යහපතක් තිබ්බත්, අපිට ඒ දේවල් මඟ ඇරෙනව.
මේ විදිහේ වකවානුවක යටතේ නම් අපි එකිනෙකාව ඇසුරු කරන්නෙ, කතාබහේදී හෝ කරන කියන කටයුත්තේදී හෝ අඩුම වශයෙන් තමන් හිතන සිතුවිල්ලේදී පවා බාහිර කෙනාට අනිත් කෙනාට අගයක් නොදෙන්න, වටිනාකමක් නොදෙන්න, අවස්ථාවක් නොදෙන්න, සමාවක් නොදෙන්න, ඒ කෙනාගේ යහපතක් බලාපොරොත්තු නොවෙන්න නම් අපෙන් සිද්ධ වෙන කටයුතු ඉදිරියට සිද්ධ වේගෙන යන්නෙ, ඒ කෙනාව අපිට මඟ ඇරිල යන්න පුළුවන්.
එකිනෙකාව මඟ හැරෙන තවත් අවස්ථාවක් තමයි, ලෝකයට දෙන්න බැරි දෙයක් ලෝකයාගෙන් බලාපොරොත්තු වෙන එක. ලෝකයට දෙන්න පුළුවන් සීමාවක් තියෙන්න පුළුවන්. ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයට එහා ගිය දෙයක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ, ඒ ප්‍රමාණයට එහා ගිය වචනයක් නම් බලාපොරොත්තු වෙන්නේ, ඒ ප්‍රමාණයට එහා ගිය ක්රියාකාරීත්වයක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ, ඒක ඇත්තටම ලෝකයාට අපිට දෙන්න බැහැ. නමුත් අපේ හිතේ ඒ වගේ දෙයක් ඇති කරගෙනම අපි ලෝකයා ආශ්‍රය කරනවා නම්, ලෝකයාව ඇසුරු කරනවා නම්, ඒ දේ අපිට නොලැබුනහම අපි ඒ අයව ඇසුරු කරන එක නතර කරල දානව.
හෝ ඕකෙ තවත් පැත්තක් තියනවා. ලෝකයට යමක් අපිට දෙන්න පුළුවන්කම තිබුනා වුනත්, අපි ඒ දේ ලෝකයට කියන්නෙ නැතිනම්, ඒ දේ වචනයක් බවට හෝ ඒ දේ අඟවන්නෙ හෝ නැතිනම්, අඩුම වශයෙන් එහෙම වුනොත් ලෝකයා දන්නෙ නැහැ. ඒ දේ අපේ හිතේ පැලපදියම් වෙලා තියන දෙයක් වෙන්න පුළුවන්. අපේ හිතේ ඒකට කැමැත්තක්, මනාපයක් ඇති වෙලා තියන්නත් පුළුවන්. නමුත් බාහිර කෙනා මේක ගැන දන්නෙ නැතිනම්, අපිට හිතෙන සිතුවිල්ල තමයි ඒ වගේ අයව ආශ්‍රය කරන එක හොඳ නැහැයි කියල. නමුත් ඒකෙ ඇත්තටම තියන ගැටළුව වෙන්නේ අපි ඒ දේ හරියට විවෘතව කියල නැති එකයි.
එතකොට වෙන කෙනෙක්ව ඇසුරු කරනකොට, සමීප සම්බන්ධතාවයක් පවත්වනකොට, තියෙන්න ඕන හොඳම ගුණාංගයක් තමයි විවෘතකම. විවෘතභාවය.
ජීවිතේ අභිමතාර්ථ පැත්තෙන් ගත්තහම, ඉලක්ක පැත්තෙන් ගත්තහම, අරමුණු පැත්තෙන් ගත්තහම, ඔබ අප සියළු දෙනාම බලාපොරොත්තු වෙන අරමුණට හෝ ඉලක්කයට අපිට තනියම යන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම පිරිසකගේ අවශ්‍යතාවය තියනවාමයි. අනිවාර්යයෙන්ම බාහිර කෙනෙක්ගේ උදව්ව සහ උපකාරය අත්‍යවශ්‍ය වෙනවාමයි. ධර්ම මාර්ගයෙ වුනත් කියල දෙන්නෙ, මේ ගමන සම්පූර්ණ කරන තාක්කල්ම කළ්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය තියෙන්න ඕන කියලයි.
හැබැයි මේකෙන් කියවෙන්නෙ නැහැ අප වටා ලක්ෂ ගාණක් හෝ ඒ වගේ මහ විශාල ප්‍රමාණයක පිරිසක් ඉන්න ඕන කියන එකත්. ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. විශේෂම කාරණය තමයි ඔබව තේරුම් නොගන්නා ලක්ෂ ගාණක් ඔබ වටා ඉන්නවට වඩා, ඔබව අනුමත නොකරනා ලක්ෂ ගාණක් ඔබ වටා ඉන්නවට වඩා, ඔබගේ කටයුතුවලට ස්තුති නොකරනා ලක්ෂ ගාණක් ඔබ වටා ඉන්නවට වඩා, ඔබව විශ්වාස නොකරනා ලක්ෂ ගාණක් ඔබ වටා ඉන්නවට වඩා, ඔබව පිළිගන්න, ඔබව විශ්වාස කරන, ඔබව තේරුම් ගන්න සහ ඔබට ස්තුති කරන කිහිප දෙනෙක් ඉන්න එක වටිනව.
හේතුව අර ඉන්න පිරිස ලක්ෂ ගාණක් වගේ වුනාට, ඒ හැමෝම හිසේ කැක්කුමක් ගෙනැල්ල දුන්නට, අනුමත කරන පිරිස, විශ්වාස කරන පිරිස එක්ක මේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යා ගන්න පුළුවන්කමක් හම්බ වේවි.
කොහොම නමුත් මෙකී නොකී කාරණාත් එක්ක මේ ජීවිතේ ගලාගෙන යනකොට, ධර්මයේ එක තැනක සඳහන් වෙනවා, 'ජීවිතේ හරියට ගඟක් වගේ' කියල. ගඟක ස්වභාවය ගලාගෙන යනව. පොදුවේ ගත්තහම ගඟ කියන දේ අපිට හරි ඒකාකාරකමක් වගේ පෙනුනට බාහිරින්, එක තැනකට වෙලා හොඳට නිරීක්ෂණය කලොත් ඒ එක තැනකදි, එක මොහොතකදි අපි දකින ගඟ, ඊළඟ මොහොතේදී ඒ තැනෙන්ම බැලුවත් ස්වභාවය වෙනස් වෙලයි තියෙන්නෙ. හැඩය වෙනස් වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. වතුරේ සැඬපහර වෙනස් වෙන්න පුළුවන්. වතුරේ තියන පිරිසිදුකම වෙනස් වෙලා තියෙන්න පුළුවන්, ආදී වශයෙන් විවිධාකාර හේතු එකතු වෙලා තියෙන්න පුළුවන් හෝ හේතුවලට නැත්නම් විවිධාකාර අංශවලට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්.
අපේ ජීවිතයත් මේ වගේම තමයි. ඊයෙ මුණගැහිච්ච කෙනා අදත් මුණ ගැහෙන්න වෙන එක සාමාන්‍ය දෙයක් වගේ වුනාට, ඒ කෙනාම තමයි මේ ඉන්නෙ කියල හිතුනට, ඇත්තටම කියනව නම් ඒ කෙනාම නෙවෙයි මෙතන ඉන්නෙ. ඊට වඩා වෙනස් වෙච්ච, අත්දැකීමෙන් වෙනස් වෙච්ච, වයසෙන් වෙනස් වෙච්ච, සමහරක් විට ශරීර සෞඛ්‍යයෙන් වෙනස් වෙච්ච, මානසික සෞඛ්‍යයෙන් වෙනස් වෙච්ච, වෙනම කෙනෙක්ව තමයි අපිට ඊළඟට හම්බ වෙන්නෙ.
අතලොස්සක් තියන අත්දැකීමෙ හැටියට බැලුවොත් එහෙම, සමහර කෙනෙක්ව මුණ ගැහුනහම අපි ඒ කෙනාට අපේ තියන විශ්වාසය මත පදනම් වෙලා, ඒ කෙනාට දෙන අගයකිරීම මත පදනම් වෙලා, ඒ කෙනාට අපි වෙන විවෘතභාවය මත පදනම් වෙලා, අපි කතාබහ කරන්න පුළුවන් හෝ ඒ කෙනත් එක්ක සමීප සම්බන්ධතාවය පවත්වන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ කෙනාව අපිට හම්බ වුනේ අවසාන වතාවකට නම්, ඒ අවසාන වතාවට මුණ ගැහිච්ච එක අපිට ආපහු මතක් වෙද්දී හෝ ඒ දේ අපිට ස්මරණය වෙද්දී අපේ හිතේ ඉතුරු වෙන්නේ හොඳ සිතුවිල්ලක්ද? නරක සිතුවිල්ලක්ද? කියන එකයි ගැටළුව.
මේ ලෝකෙදි මුණ ගැහෙන හැමෝම පින්වතුනි, අපට හම්බ වෙන්නෙ ඇත්තටම කියනව නම් අවසාන වතාවට. ඒක හැබෑවටම ජීවිතේම කෙලවර වෙන අවසාන වතාව වෙන්නත් පුළුවන්. ඒ මුණ ගැහෙන හැම අවස්ථාවකදීම අපි ඒ අයව ඇසුරු කරන්නෙ පරණ විදියට හදාගත්ත මොනවා හරි මතක, මොනවා හරි හිතේ හදා ගත්ත අදහස්, මොනවා හරි හිතට එකතු කරගත්ත කරුණු කාරණා ගොන්නක් එක්ක නම්, (ඕකට සංඛාර කියලත් කියනව) අපි එයාට මුහුණ දෙන්නෙ හෝ ඒ කෙනාට, ඒ පරිසරයට, ඒ අයට, ඒ පිරිසට මුහුණ දෙන්නේ නිදහස් පුද්ගලයො හැටියට නෙවෙයි. නිවී සැනසුනු අය හැටියට නෙවෙයි. ධර්මය පුරුදු කරන අය හැටියට නෙවෙයි.
ධර්මය පුරුදු කරන අය අතීතය අතහැර එන්න ඉගෙන ගන්නව. තමන් දරන අදහසම අනිත් කෙනා දරන්නෙ නැහැ කියල අදහසක් තියනව නම්, ඒව අයින් කරනව. එහෙම වෙන්න ඕන නැති හින්ද. බාහිර කෙනාව අගය කරන්නෙ නැති විදිහේ අදහසක් නම් තමන්ට තියෙන්නෙ, ඒක බැහැර කරනව. ඒ කෙනාගේ තියන ගුණයක් තියනව නම් මොනව හරි කමක් නෑ, ඒ ගුණය තුලින් කතාබහ කරන්න බලනව. ඒ ගුණය ඉස්මතු කරගන්න බලනව.
මීට කලියෙන් බාහිර කෙනාව තේරුම් නොගැනීමෙන් කතාබහ කලා නම්, ඇසුරු කලා නම්, දැන් උත්සාහ කරනව තේරුම් අරගෙන කතාබහ කරන්න. තේරුම් අරගෙන, එයාට වටිනාකමක් දීල, එයාව විශ්වාස කරන විදියට, එයාට ස්තුති කරන විදියට, එයාට ගෞරව කරන විදියට, සැරිසරන්න, ජීවත් වෙන්න ඉගෙන ගන්නව.
දහමේ කියල දෙන හැටියට ඕනෑම කෙනෙක් අපිට මුණ ගැහෙන්නේ ජීවිතේ අවසාන වතාවට නම්, අපි ඒ මොහොතට කොහොමද මුහුණ දෙන්න ඕන?
වෙන කොහොමවත්ම නෙවෙයි, අපේ හොඳම කෙනා හැටියටයි. අපේ හොඳම වචනයයි කතා කරන්න ඕන. අපේ හොඳම ක්රියාකාරීත්වයයි, හොඳම වැඩකටයුතු සමුදායයි, හොඳම සැරිසැරීමයි සිදු කරන්න ඕන. අපේ ජීවිතය තුලින් ඇති කරගන්න පුළුවන් හොඳම කෙනා හැටියටයි ඒ ඒ මොහොතවල්වලට මුහුණ දෙන්න ඕන.
එහෙම වුනොත් විතරක් අපි සැනසීමට පත් වේවි. අන් අයත් සැනසීමට පත් වේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Last Moment
No 35.
Last Moment( Ava saana Mohotha) Meditation Instructiond. ( Arunalle Daham Sisila) Peaceful Dhamma in a Beautiful Morning.
Getting into beautiful friendship happen between most of us . The ? Question mark is whether this above mentioned friendship continues or halts on the way.
According to Buddhist Philosophy we may be meeting people simply for the last time, and if so how are we going to face this situation is our worthy talk going to be today.
All of us who lead a general life ( General Public) , may be experiencing, different ideation , different objectivity,and Aims & perhaps these facts may be stationary for a lengthy period or eternally keep changing.Also these plans and beliefs may be different from each other.
But very often we choose our companions to suit to our caste & creed ( Likes & Dislikes). But there is no hard & fast rule to agree with one’s own beliefs.
Anyway being different to each other’s views,wisdom and understanding we are able to lead a peaceful life. Undoubtedly we have to live with different people as mentioned above.
At this point only if we try to overtake others’ views and ideas only we create problems. In associating people if we do not give priority to other people’s views & giving recognition to them we may not develop proper associations with them.
Therefore failing to tolerate & understand people leads to misunderstandings via missing out on the good nature of them if there are any at all existing in them.
In this aspect of life by comprehending the good & bad together with tolerance in people ,
we should mentally, bodily ( in Action)& Verbally (Sitha, Kaya, Vachanaya) forgive & forget their unsuitable qualities if any is realized.
Another situation to loose touch with people is the expectation of something impossible beyond nature’s competence from people, which means expecting something beyond their limited capabilities ( unreasonable expectations),we just discard associations with people .
Also there is another side to it.,which is even if there is something not impossible to help with, but the pretence of ignorance not understanding the actual needy help then they can escape helping. But that secretive bad nature cannot be hidden mentally & accordingly as a nature’s gift. The guilt feelings are difficult to be hidden. As such secretive people are not worth to associate with.
Therefore the most welcoming feature in a person should be openness & honesty.
Considering the satisfaction, the Aim, the objectives, to be reached we often find the individuality a difficult task.
Even in Dhamma ( Buddhist Doctrine Analysed) Lord Buddha summarizes that we need a Spiritual Friend ( Kalyana Mitta) to succeed the wholesome path to exit the Samsaric Journey.
But this does not mean that we need an immense population around us for mundane or Supermundane success, which is a? Question mark of May or May not be. The most important reason should be instead of having a thickly populated surrounding of ignorant people who do not have (Sati Sampajanna) or Clear Comprehension who are not supportive in nature , it is better to associate a few people with faith, understanding, & gratitude with clear comprehension. The cause being that although a thick crowd of people bring you all sorts of ideation , A few people with acceptance could only lead one to the correct Aim in life.
Whatever is said & done the Dhamma of the Lord sermonizes & Compared the Samsaric Journey to a flowing river. Taking it to consideration the flowing of the river although visualized as a smooth flow to the naked eye , watching mindfully we could see a change of state ( Viparinama),in every momentary action & reaction in the smooth flow of the river .
For example the flow of the river can change its shape , the colour of water, the quantity of water, the speed of the flow, the cleanliness of water,leading to a multiple processive change.
Our Samsaric Journey is also the same as mentioned above, such as even if you meet the same person Daily it is in reality is a different person each day in accordance with the nature’s philosophy sermonized by Lord Buddha.For example , this person could have changes physically, Mentally,experimentally, & in Appearance as well. But a certain group of people due to the great faith & respect developed in him cannot see any difference.
The question is that if we met that above mentioned person for the last time , our recollection of thoughts towards him as the last time ( good or bad), being the obsessional thought ( Anusaya kilesha), would be a problem, as the universal feeling in reality is that the contacts of all 6 senses are the last & the least in every moment.These
momentary meetings universally can be even the death of some one.
Every time we meet someone we associate that person with initial impression based on him or her.As an example -/ Collective thoughts, impressions, ideations, which are named also as Sankara ( Volition), entangled with good & bad also ( Conceptual Poliferations)Prapancha, literally means fabrications are continuous.
This happens not pertaining to as followers of Dhamma or not people with Bliss.
Followers of Dhamma the Buddhist Philosophy always cease the past ( good or bad) & live in also realizing the changing of the present moment , then leading to the cessation of disrespect , bringing forward the changing nature ( Viparinama) of existence to realize that it does not hold the same quality , quantity, & the same texture etc ., etc., universally.
Beforehand if we associated the other person without a good understanding now we should talk to that person with due respect because he may have changed in every way. As our meeting people are momentary according to nature we must make the best of our last moment with Mind , Body (Action), & verbally.( Sita , Kaya, Vachanaya ). This is the processive Path to Bliss .
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම 3
ඒකාකාරබවෙන් අත්මිදෙමු.
ඒකාකාර බවක් සහිතව තියන දෙයක් ඒ තරම් විශේෂත්වයකින් දකින්න සාමාන්‍ය ලෝකයා පෙළඹෙන්නෙ නැහැ. ඒකට ඊට වඩා දියුණු මානසිකත්වයක් අවශ්‍ය වෙනව. සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ තියන එක ගැටළුවක් තමයි, තමන් ළඟින් ආශ්‍රය කරන, කිට්ටුවෙන් ඇසුරු කරන අයට සැබෑ මෛත්‍රිය සහ කරුණාව දක්වන්නට නොහැකි වීම. ඒකාකාර බවෙන් මිදෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මොනවද? අද දවසේ කතාව ඒක ගැනයි.
එක හා සමාන දෙයක් නැවත නැවත නෙත ගැටීම හෝ එක හා සමාන දේකට නැවත නැවත යොමු වෙන්නට සිද්ධවීම, සාමාන්‍ය ජීවිතේ තුල තියන සරල සිද්ධියක්. නමුත් ඒකාකාර විදියට එකම දෙයක් තුල රැඳිල ඉන්න පුළුවන් ප්‍රමාණය තත්පර කිහිපයක් කියලයි බටහිර විද්‍යාවේදී පවා කියල දෙන්නෙ. සාමාන්‍ය ජීවිතයක් ගෙවන සෑම සියළු දෙනාම අරමුණු ලබා ගන්නේ ඉන්ද්‍රියන් ඔස්සේනුයි. ඇසට රූප වගේම කනට ශබ්ද ආදියෙන් ඒව ඉස්මතු වෙනව. ඇසට රූපයක් පමණක් ගෝචර වෙනව වගේම කනට රූපයක් ගෝචර වෙන්නෙ නැහැ. කනට ශබ්දයක් පමණයි. කෙසේ නමුත් මේ කියන අරමුණු අපේ හිත්වලට පහළ වෙන්න වුනාම, එක හා සමාන විදියකට ඒ පහළ වෙන අරමුණු අපිට ඒකාකාර බවකින් තේරෙන්න පුළුවනි.
ඒකාකාර බවක් සහිතව තියන දෙයක් ඒ තරම් විශේෂත්වයකින් දකින්න සාමාන්‍ය ලෝකයා පෙළඹෙන්නෙ නැහැ. ඒකෙදි ඊට වඩා දියුණු මානසිකත්වයක් අවශ්‍ය වෙනව. සාමාන්‍ය ලෝක සත්ත්වයාගේ තියන එක ගැටළුවක් තමයි තමන් ළඟින් ආශ්‍රය කරන, කිට්ටුවෙන් ඇසුරු කරන අයට සැබෑ මෛත්‍රිය සහ කරුණාව දක්වන්නට නොහැකි වීම. තමන්ගේ අසල්වාසීන්ට හෝ තමන්ට නිතර නිතර නෙත ගැටෙන අයට සැබෑ ආදරය කරුණාව දැක්වීමේ ගැටළුවක් සාමාන්‍ය සමාජය තුල බහුලව පවතිනව. මේ වගේ ගැටළුවකට හේතුව හැටියට සඳහන් වෙන්නේ අපි හිතන හැටියට නම් ඒකාකාර බව තමයි නමුත්, ඊට වඩා වෙනස් යමක් ගැබ්වෙලා තියනව මේ කාරණාව අස්සෙ.
ඕනෑම දෙයක් තුල අපිට බලන්න පුළුවන් ආකාර බොහෝම ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට, ආශ්වාදය ආදීනවය සහ නිස්සරණය කියල ඒක කෙටියෙන් සඳහන් කරන්නත් පුළුවන්. කෙසේ හෝ නමුත් සාමාන්‍ය ලෝකයාගේ හෝ සාමාන්‍ය ජීවිතයක් පවත්වන අයගේ අදහස් සහ මතවාදයන් බොහෝ වෙලාවල්වලට එක් අංශයකට විතරක් කුළු ගැන්වෙනව හෝ මුළුගැන්වෙනව.
උදාහරණයක් හැටියට කිවුවොත් ඕනෑම දෙයක් ආශ්වාදජනකව දකින්න උත්සාහවන්ත වෙන කෙනා හෝ උත්සාහවන්ත වෙන කාලයේදී, ඒ හැම දෙයක්ම ආශ්වාදජනක, ප්‍රිය උපදවන සුළු වෙන්න පුළුවන්. නමුත් සමහර කාල තියෙන්න පුළුවන් හෝ සමහර අය ඉන්න පුළුවන් පුරුද්දක් හැටියට ආදීනවයක්ම, වැරැද්දක්ම හොයනවා සහ දකිනවා වෙන්න පුළුවන්. එහෙම අයට හෝ එහෙම කාලයට වැරැද්දම තමයි ප්‍රකට වෙන්නේ. ආදීනවයමයි ප්‍රකට වෙන්නේ. ඊළඟ කාරණය නිස්සරණය. අතහැරීම සහ බැහැර කිරීම. ඒ කාරණාවටත් ඔය විදියටමයි ඔය සිද්ධාන්තය ගැලපිලා යන්නේ. ඒක ඒ ඒ කෙනාගේ හෝ ඒ ඒ කාලයේදී දරන අදහස් වලට හෝ දරන මතයට සාපේක්ෂ වෙනව.
මේ වගේ ගැටළුවක් හින්දා සාමාන්‍ය ලෝකයාට බොහෝ වෙලාවල්වලට තමන් නිතර නිතර දකින දෙයට, නිතර නිතර මුණ ගැහෙන කෙනාට සැබෑම වූ මෛත්‍රිය දක්වන්නට, සැබෑම වූ කරුණාව දක්වන්නට, සැබෑම වූ මුදිතාව, ඉරිසියාවක් රහිතභාවය පෙන්වන්නට හා විශේෂයෙන්ම සමානාත්මතාවයෙන් සලකන්නට බොහෝ වෙලාවල්වලට අමතක වෙනව. තමන් ළඟින් ඇසුරු කරන අයට නිතර නිතර ඒ විදිහේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියල කියන සතර බ්‍රහ්ම විහරණ වලින් තොරව ප්‍රතිචාර දක්වන්නට පුරුදු වුනාට පස්සේ, කාලයක් යනකොට හිත ඒ අනුසාරයෙන් හැදෙන්න වැඩෙන්න ඉගෙන ගන්නව. එහෙම වුනාම අන් අයට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේකඛාව දැක්වූවා වුනාට තමන්ට සමීපතම අයට හෝ නිතර නිතර ඇසුරු කරන අයට සැබෑ මෛත්‍රියක්, කරුණාවක් සහ මුදිතාවක් දක්නොවන්නට හිත් පෙළඹෙනව. හිත් පුරුදු වෙනව. මේකයි හිතේ තියන සාමාන්‍යය.
මේ වගේ ප්‍රශ්නයකින් අපි ගැලවෙන්නෙ කොහොමද?
තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය තුල අපිට හම්බ වෙනව විවිධාකාර විදිහේ ඉගැන්වීම්. විවිධ අවස්ථාවන් වලදී, විවිධ උදාහරණ අරගෙන කරල දුන්න ඉගැන්වීම්. ඒ ඉගැන්වීම් අතර අපිට මේ තියන ගැටළුව ගැන කතා කරන ඉගැන්වීම සතිපට්ඨාන සූත්රයෙදි හම්බ වෙනව. තියෙන හැම ප්‍රශ්නෙකටම, කායික වූ හෝ මානසික වූ හැම ගැටළුවකටම, හැම දුකකටම, හැම සන්තාපයකටම යොදව ගන්න තියන බෙහෙත සතිපට්ඨානයයි. සිහිය පැවැත්වීමයි. සිහිය පැවැත්වීමේදී මේ තුලින් ලැබෙන ප්‍රයෝජනය අත් වෙන්නෙ අපිට විතරක් නෙවෙයි. බාහිර කෙනාටත් මේ ප්‍රයෝජනය අත් වෙනවාමයි.
"අත්ථානං රක්ඛේ පරං රක්ඛතී"
සතිපට්ඨානය තුලින්, එහෙම නැතිනම් සිහිය පැවැත්වීම තුලින් තමන්ව ආරක්ෂා කරගන්න කෙනා බාහිරවත් ආරක්ෂා කරනව. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
අසිහියෙන් කතා කරන කෙනා කතා කරන්න ඕන දෙය සහ ඕන නැති දෙය දන්නෙ නැහැ. අසිහියෙන් බලන කෙනා බලන්න ඕන දෙය සහ නොබලන්න ඕන දෙය දන්නෙ නැහැ. බලන්න ඕන ස්වභාවය සහ බලන්න ඕන සීමාව, ප්‍රමාණය දන්නෙ නැහැ. සිහියෙන් අහන්නෙ නැති කෙනා අහන්න ඕන දෙය සහ අහන්න ඕන නැති දෙය දන්නෙ නැහැ. කන් යොමන්න ඕන නැති දෙය දන්නෙත් නැහැ. කන් යොමන්න ඕන දෙය දන්නෙත් නැහැ. ඒ වගේමයි අසිහියෙන් වැඩකටයුතු කරන කෙනා තමන් කරන කටයුත්ත මොන ප්‍රමාණයකින් කරන්න ඕනද? ඒ කරන කටයුත්තේ තියන ඵල ප්‍රයෝජන මොනවද? කියල එහෙම දන්නෙත් නැහැ. මෙන්න මේ වගේ වකවානුවක් මතයි සිහිය පැවැත්වීමේ අතිශය වැදගත්කම අපිට තියෙන්නෙ.
සිහිය පවත්වනව කියල කියන්නේ, පර්යංකයකට හෝ සක්මනකට ගිහිල්ලා මොනව හරි දෙයක් මෙනෙහි කරනව කියන එක නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී පවා කතාබහ කරන වචනය අසිහියෙන්, එහෙමත් නැතිනම් නොදැනුවත්භාවයකින් නම් අපි මේ තාක් දුර කතා කරල තියෙන්නේ, දැන් ඉගෙන ගන්න පටන් ගන්නවා සිහියෙන් කතා කරන්න. අසිහියෙන් නම් මෙච්චර කාලයක් අපි රූප බලල තියෙන්නේ, දැන් ඉගෙන ගන්නවා සිහියෙන් බලන්න. දැන්වත්භාවයකින්ම බලන්න.
දැනුවත්භාවයකින් බලනව කියල කියන්නෙ, දැනුවත්භාවයකින් කතා කරනව කියල කියන්නෙ, තමන් මේ වෙලාවේදී කතා කරන්නෙ මේ දෙයයි කියල තේරුම් අරගෙන කතා කරනව. තමන් මේ වෙලාවේදී දකින්නෙ මේ රූපයයි කියලා දැනගෙන ඒ රූපය බලනව. ඒ විදියට මේ ජීවිතේ පුරුදු කරන්න පටන් ගන්නව. එදිනෙදා ජීවිතේ සැරිසරන්න පටන් ගන්නව.
මෙහෙම සැරිසැරීම තුල ලැබෙන වෙනසක් තියනව පින්වතුනි. ඒ තමයි අපි අපේ ජීවිතේ තුල දැකපු නැති ලස්සන එන්න පටන් ගන්නව. උදාහරණයක් වශයෙන් එක දේකට අපි 'එපා' කියල කිවුව නම්, ඒ එපා කියන වචනය දිහා බලන්න හෝ ඒ එපා කියන වචනය මං මේ එපා කියන එක තමයි දැන් කරන්නෙ කියල දැනගෙන කරන්න පටන් ගත්තහම විතරක් අපිට තේරේවී, ඒ එපා කියන වචනෙත් කියන්න පුළුවන් ස්වර කීපයක් තියනව කියල. එකක් රළු ස්වරයෙන්. තව එකක් මධ්‍යස්ථ ස්වරයෙන්. තවත් එකක් බොහොම බයාදු ස්වරයෙන් කියල උදාහරණෙකට ගත්තොත්, සමහරක් වෙලාවට මධ්‍යස්ථ ස්වරයෙන් එපා කියන්න ඕන දෙයක් අපි ඉතා දැඩි ස්වරයකින් එපා කියනව වෙන්න පුළුවන්. රළු ස්වරයකින් එපා කියනව වෙන්න පුළුවන්.
ඔය වගේමයි ජීවිතය තුල කරන කියන කටයුතු පවා. ඔය වගේමයි මේ ලෝකෙ බොහොම දෙනෙක් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් භාවිතා කිරීම පවා. සුදුසු ස්වභාවය නොදැනයි ගොඩක් වෙලාවට කරන්නෙ. ඒක හින්දයි මේ ලෝකෙ මෙච්චර ප්‍රශ්නත් තියෙන්නෙ. එතකොට මේ වගේ ගැටළුවකින් නිදහස් වෙන්නට අපිට දේශනා කරන එකම එක විදිහ තමයි, සතියෙන් නැත්නම් සිහියෙන් වර්තමානය තුල ජීවත් වීම. මේ මොහොත තුල කරන්නෙ කතාව නම්, ඒ කතාව දැනගෙනම කරනව. මේ මොහොත තුල කරන්නෙ සවන් දෙන එක නම්, දැනුවත් භාවයකින්ම සවන් දෙනව.
මම දැන් මෙතන සවන් දෙනව.
මම දැන් සවන් දෙනව.
මම දැන් කතා කරනව.
මේ ආදී වශයෙන්. මෙහෙම වුනහම අපි අපේ කතාවෙම නොදැකපු ලස්සනක් දකීවි. නොදැකපු අර්ථයක් දකීවි. අපි අපි බලන බැල්මෙම, තමන් බලන බැල්මෙම, නොදැකපු බැල්මක් දකීවි. අහන, සවන් දෙන දෙය තුලම මීට කලින් නෑසුන දෙයක් සවන් දේවි.
සිහිය තුලින් ඒකාකාර භාවයේ මානසික ස්වභාවය වෙනස් කරල දානව. ඒ ඒකාකාර භාවය වෙනුවට සිහිය අපිට උගන්වනවා විවිධාකාර වෙච්ච විදිහේ අළුත් අළුත් පැතිකඩවලින් දකින්නට. ජීවිතය දිහා විවිධ විදියට දකින්නට. විශේෂයෙන් දකින්නට. වෙනස් ආකාරයෙන් දකින්නට සිහිය අපිව යොමු කරවනව.
අන්න එහෙම වුනහම 'දෙවේලෙ දකින කුකුළගෙ කරමල සුදුයි' කියල අපිට තේරෙන්නෙ නැති වේවි. අපි දකින දේ තුල හෝ අහන දේ තුල හෝ අපිට මුණ ගැහෙන අයගේ නොදැකපු වටිනාකමක්, නොදැකපු වැදගත්කමක් අපි දකීවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Getting rid of Oneness
No 36
(Ekakara Baven Athmidemu)
Getting rid of Oneness ( Individuality). Meditation Indtructions, ( Arunalle Daham Sisila), Peaceful Dhamma in a beautiful morning.
Devele Dakina Kululage Karamale Sudui ( English proverb is , “Too much of anything is good for nothing”). Cleansing the mind.
People do not give much importance to oneness , To achieve this realization people need Sati with Sampajanna.(Clear Comprehension).
One problem in human nature is that people cannot show Metta or Karuna ( Loving Kindness or Compassion) to closely associated people. They may have been taken for granted that they are there for you anyway with no effort needed at all.
What has Lord Buddha sermonized in ridding the negligence of oneness ? is our talk today..
To face oneness or (A Look Alike of the same person or task), is a common happening in our Samsaric journey. But maintenance of gratitude to oneness is very rare & may be limited to only a few seconds , and such is stated in western education too. Generally people meet their objects via six senses such as the eye gets to see, Ear gets to hear, Nose gets to smell, Tongue gets to taste, body to touch, and the mind gets to feel.As such each sense gets directed to its particular object, and never get mixed up with each other.
But in our minds we may treat all objects of the six senses the same way, due to which there is not much importance given to the individuality of the objects, as they are also taken for granted because there is not much mindfulness (Sati) involved.Instead there should be Sati involved to differentiate them.
Repeatedly saying that the problem of people is that they processively do not apply loving kindness & compassion to their closely associated people etc., etc., such as this above mentioned look alike indifference is shown unawares only to the neighbours or frequently associated people .
Although the cause for this above mentioned practise of indifference is due to oneness being due to too much familiarity connecting the ancient proverb as “ Too much of anything is good for nothing”.
There is more to it such as in any situation according to Lord Buddha’s ( Dhamma) analysis of nature sermonizes Asvada ( Mind Made Pleasure), Adinava( Bad Outcomes), Nissarana ( Relinquishment), are the changing features.
Grossly people’s ideas or impressions can lead or get stuck only in one direction out of the 3 discussed above.As an example as one’s life temporarily could be full of mind made pleasures ( Asvada) , but some others may be only habitually involved with the bad outcomes (Adinava). Such people precisely get obsessed with Adinava or the bad outcomes. Nissarana or the relinquishment also follows the same pattern in comparison with the life style they are involved with in the Samsaric journey.
Due to these changing processes people become immune to the natural habitat & so on & so forth to a great extent leading to a mindless or a situation of lack of Sati. And to close friends due to too much closeness when one associates them carelessly ,people forget to show them enough & ample loving kindness ( Metta) & Compassion ( Karuna) to satisfy their expectations.
That is the nature of the mind & how do You get rid of this unreasonable nature?.
In Lord Buddha’s Sermonizations we meet with many different teachings , with various examples as solutions to the above mentioned problems. The most important solution is the practise of Sathipattana Sutta or the 4 foundations of mindfulness.semonized by our Lord.
With existence of all our nature’s problems of Mentally, bodily ( Action), & Verbally the only Solutionsl Medicine is Sathipattana or establishing mindfulness or Sati via Kayanupassana, Vedananupassana, Chittanupassana & Dhammanupassana. This is a great Asset of practise (Ajjatta Bahiddha) internally & Externally.
ATTANAM. RAkKHA. PARAM. RAKKHATHI.
The above mentioned line of stanza says With mindfulness or Sathipattana at large protects internally & Externally , of the Universal Nature.
It is practised as follows-/ people who are mindless talk the wanted & the unwanted, they see the seen & unseen , & all 6 senses work accordingly on confusion unlimited & with no comprehension, In addition mindless person does not know the limits & the values of the task involved at the present changing moment.
To achieve clear comprehension only that the mindfulness is important in any processive task big or small in the Samsaric Journey.
Establishing Mindfulness is not limited only to Sitting & Walking Meditations. But the mindfulness has to be processively practised with our daily life in every action & reaction.If we were mindless in the past now we should be mindful with all our 6 senses, which will processively lead to Clear Comprehension ( Sati Sampajanna), with neither attachment nor detachment but equanimity.
By practising as the above mentioned , we begin to realize a sense perception as a process , not as a substance & none or nothing are permanent, giving Bliss.
As an example we say No to something & knowing that we are saying No is very important. Also we can say No in different ways such as Rough ways, Mediumly harsh ways, & Soft Ways & also these textures apply to all 6 senses. Because of not being aware of the textures due to no clear comprehension being in processive practice there creates Chaos in the universe.
The only solution to these above mentioned problems is to be mindfully use the 6 senses brings processive Freed Freedom ceasing sensual desires Clearing the path to Bliss.
In addition Mindfullness ( Sati Sampajanna ) changes the obsessive compulsion of the mind to flexibility of the Clear Comprehension, showing many different ways of solving problems.
In this above mentioned aspect of Practise of Sati Sampajanna or Clear Comprehension we will also agree to the saying Too Much of Anything is Good For Nothing ( Nithara Dakina Kukulage Karamale Sudui) & Vise Versa & always to follw the middle Path( The Great saying of the Lord). We will also learn to value Nature’ S Gifted ways of Mundane Humanity to Supermundane Nothingness.
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
කර්මක්ෂය කිරීමෙන් ජීවිතයේ නිදහස විඳගන්න
මේ ලෝකෙ ජීවත් වෙන බොහෝ පිරිසක් එක පැත්තකින් කායිකවත්, තවත් පැත්තකින් මානසිකවත්, තවත් වෙලාවකට ඔය කියන ආකාර දෙකෙන්මත් දුක් විඳින බව ඔබ අප කවුරුත් දන්නා කාරණාවක්. මුදලට ගන්නත් බැරි, වෙනත් කෙනෙක්ට බලෙන් දෙන්නත් බැරි දෙයක් තමයි නිදහස කියල කියන්නෙ. සැනසීමක් ලබන්නට, සාමයක් අත්දකින්නට, තමන් තුල තියන විවිධාකාර කාරණා හේතුභූත වෙනව. අද දවසේ කතාව, බුද්ධ දර්ශනය ආශ්රයෙන් නිදහස බුක්ති විඳින්නෙ කොහොමද කියලයි.
මේ පෘතුවියේ ඕනෑම තැනක ජීවත් වෙන ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන එකම අරමුණක් තියනව නම්, මං හිතනව ඒ අරමුණ තමයි 'නිදහස' කියල. 'සැනසීම.' කවුරුත් කැමතියි සංතෝස වෙන්න. කවුරුත් කැමතියි සතුටින් ඉන්න. ඒ සතුට ඇති කර ගන්නට ලෝකයා බොහෝම බොහෝම දේවල් කරනවා. බොහෝ මිල මුදල් වැය කරනව. අද කාලෙ වෙනකොට තමන්ගෙ සිතැඟියාවන් එළියට දාන්න, කියන්න ලෝකයාගේ ලොකු නැඹුරුතාවක් තියනව. එකී මෙකී නැඹුරුතාවයල් අතර මේ ලෝකෙ ජීවත් වෙන බොහෝ පිරිසක් එක පැත්තකින් කායිකවත් තවත් පැත්තකින් මානසිකවත් තවත් වෙලාවකට ඔය කියන ආකාර දෙකෙන්මත් දුක් විඳින බව ඔබ අප කවුරුත් දන්නා කාරණාවක්.
ජීවිතයක් ලබපු අපට බුදුරජාණන් වහන්සේ කියල දෙන ආකාරයට සාංසාරගත බැඳීමක් තියනව. මේ ජීවිතේ අපි ලබල තියන සෑම සියළු දෙයක්ම, අපිට මුණ ගැහෙන සෑම සියළු කෙනෙක් වගේම, හේතුවක ඵලයක්. සාංසාරිකව ඇති කරගත්ත සබැඳියාවක, සම්බන්ධතාවයක එක අවස්ථාවක්. එක පුරුකක්. එවන් වූ සංසාරගත චක්රයක, සංසාරගත බැඳීම් සමුදායක ගමන් කරන ලෝක සත්ත්වයා විවිධ ආගම්වලට බෙදිල තියනව. විවිධ ජාතීන්වලට බෙදිල තියනව. තමන් කතා කරන භාෂාව අනුව බෙදිල තියනව. තමන් විශ්වාස කරන විශ්වාසය මත බෙදිල තියනව.
ඒ කෙසේ නමුත් මේ ලෝකෙ හැමෝටම දුක කියන දේ උරුමයි. දුක කියන දේ සනාතන ධර්මතාවයක්. ඒක ලෝකෙ කාටත් මුහුණ දෙන්න වෙන සාමාන්‍ය සරල සහ පොදු අත්දැකීමක්. කාරණය වෙන්නේ, දුකක් මුණ ගැහුනහම, දුකකට මුහුණ දෙන්න සිද්ධ වුනහම, බහුතර මිනිස් ප්‍රජාව ඒ දෙයට ප්‍රතිචාර දක්වන විදිහෙන් දුක තව ටිකක් වැඩි කරනව. දුක තව ටිකක් උඩුදුවවනව.
අපේ භාෂාවෙ වුනත් දුක විඳින එකට, නැතිනම් දුකක් විඳින්න වුනහම ඒක කරුමයක් හැටියට කියවෙන බවකුත් තියනව. ඔය 'කරුමය' කියන වචනය 'කර්මය' කියන වචනයෙන් කැඩිල ආපු වචනයක් හැටියටයි අපිට තේරෙන්නෙ. කර්මය කියන්නෙ නම් ක්‍රියාව. බුද්ධ ශාසනය තුල කර්මය විග්රහ වෙන පැති කිහිපයක් තියනව. කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම නැත්නම් මනෝ කර්ම කියල හඳුන්වන්නත් පුළුවන්.
තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අප විසින් කරගන්නා වූ ලබන ඕනෑම කර්මයක්, කායිකව හෝ වාචසිකව හෝ මානසිකව ඇති කරගන්නා වූ ඕනෑම කර්මයක් විපාක දෙනවාමයි. සරල උදාහරණයක් හැටියට ගත්තොත්, හොඳ වචනයකින් යම් කෙනෙක්ට කතා කලොත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන් හෝ තමන්ගේ හිතට සහනයක් සැහැල්ලුවක් එන්න පුළුවන්. ඔය වගේමයි නරක වචනයකින් ප්‍රතිචාර දැක්වුවොත් ඒකට ලැබෙන විපාකයත්. කරන ක්රියාවේ විලාසය අනුව ලැබෙන ප්‍රතිඵලය විපාකයක් හෝ ආනිසංසයක් වෙන්න පුළුවනි.
කෙසේ හෝ නමුත් සංසාරගත ජීවිතයක් ගෙවන ඔබටත් මටත්, නිර්වාණය කියන දේ සාක්ෂාත් වෙන තාක් කල් දුක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනව. අපි ගොඩක් වෙලාවට අපිට උවමනා විදියට යම්කිසි දෙයක් සිද්ධ නොවුනහම හිතන විදිහ තමයි, මේක තමයි මගේ කර්මය කියල. මට ඒකට මුහුණ දෙන්න වෙනවා කියලයි ගොඩක් වෙලාවට හිතන්නෙ. ඒ වගේම තමන්ට කරදර බාධකයකට මුහුණ දෙන්න සිද්ධ වුනහම ඒ දේට දක්වන්නා වූ ප්‍රතිචාරය, බොහෝ වෙලාවල්වලදී තවත් ප්‍රශ්නෙකට හෝ ප්‍රශ්න කිහිපයකට අත වනන්නත් පුළුවන්.
මෙන්න මේ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි එක්තරා තැනක සඳහන් වෙනවා, අපිට යම්කිසි වූ කර්මයකට, යම්කිසි වූ විපාකයකට මුහුණ දෙන්න සිද්ධ වුනොත් ඒ විපාකය අපි මැදහත් සිතින් මධ්‍යස්ථ සිතින් බාර ගත්තොත් එහෙම, අතීතයේ සංසාරයේ අපි කවදා හෝ දවසකදී කරල තියෙන අකුසල කර්මයක විපාකයක් බුක්ති වින්ඳා වෙන්න පුළුවනි. නමුත් යම්කිසි වූ දුක් විපාකයක් අපි බුක්ති විඳිනකොට ඒ දුක් විපාකයට අපි යම්කිසි වූ ආකාරයකට ප්‍රතික්‍රියා දැක්වුවහොත්, විශේෂයෙන්ම අකුසලයක් හැටියට ප්‍රතිචාර දැක්වුවොත් එහෙම, අන්න ඒක අළුත් කර්මයක් බවට පත් වෙනව.
උදාහරණයක් ගත්තොත් එහෙම, එක්තරා දවසක සාරිපුත්තයන් වහන්සේ පිඬු සිඟා වඩිනකොට එක මනුස්සයෙක් ඇවිල්ල සාරිපුත්තයන් වහන්සේට මහා හයියෙන් වේගයෙන් පහර දෙනව. වැරෙන් පහර දෙනව. ඒ වෙලාවෙදි සාරිපුත්තයන් වහන්සේ මහ රහතන් වහන්සේ නමක් හැටියට උන් වහන්සේ සිතුවිල්ලක් හිතනවලු, "මේ ඇඟ මේ තරම් රළු වෙලා තියෙන්නෙ නැතුව මීට වඩා මෘදු වෙලා තිබ්බ නම් මේ වගේ එකක් වදින්නෙ නැහැ"යි කියල.
බැලූ බැල්මට ඒ විදියට හිතන එක අපේ සමාජයේ හැටියට ප්රඥාගෝචර නැති දෙයක් හැටියට පේන්න පුළුවන් නමුත්, මෙන්න මේ වගේ අවස්ථාවකින් එළියට එනවා අතීතයෙ මොකක් හරි කර්මයක් තිබුනා නම් ඒක ගෙවිල ඉවර වෙනවා කියන එක.
ඔය වගේම අවස්ථාවක් විනය පිටකයේ සඳහන් වෙනවා තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තවත් එක්කෙනෙක් ගිහිල්ලා බැණ වදිනවා. උන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. උන් වහන්සේ සිවුරු ටික පැත්තකින් ගලවල තියලා අර මනුස්සයට හොඳටෝම තඩි බානව. ඒක එතකොට අළුත් කර්මයක ආරම්භයක්. අළුත් ප්‍රශ්නෙක, අළුත් ගැටළුවක ආරම්භයක්.
අපේ ජීවිතවලටත් කරදර බාධක එනකොට, නිදහස බුක්ති විඳින්න, නිදහසක් විඳගන්න අපිට තියන ක්‍රමය මොකද්ද? අපේ ජීවිතවලට කරදර බාධක එනකොට අපි පුරුදු වෙලා තියන ක්‍රමය තමයි, ඒ කරදර බාධකය ආපු විදිහ ගැන හෝ තියන විදිහ ගැන හෝ තමන්ට ඒකෙන් ලැබෙන කරදරය ගැන, විලාප තියන්න කතා හදන්න, සමහර වෙලාවට ඔච්චම් කරන්න, මතවාද හදන්න, තමන්ට සිද්ධ වෙච්ච කරදරයක් තියනව නම් ඒ කරදරය කරපු කෙනාට හෝ ඒ පිරිසට විරුද්ධව පුළුවන් තරම් කටයුතු කාරණා කරන්න, ඒ අයට පුළුවන් තරම් රිද්දවන්න, ආදී වශයෙන් කෙලෙස් හැටියටම මුහුණ දෙන්න, කෙලෙස් ආකාරයෙන්ම මුහුණ දෙන්න සකස් වෙච්ච හිතක්, සකස් වෙච්ච පුරුද්දක් බහුතර මිනිස් ප්‍රජාවට තියනව.
ඒකෙන් එතකොට වෙන්නේ අළුත් කර්මයක් ඇති වෙන එකයි. අළුත් ප්‍රශ්ණයක් ඇති වෙන එකයි. ඔය කර්මය කියන තැනට ප්‍රශ්ණය කියන වචනය දාගත්තොත් එහෙම මේක ටිකක් ලේසියි තේරුම් ගන්න. කවුරු හරි කෙනෙක් අපිත් එක්ක ප්‍රශ්නයක් තිබිලා එයාගෙ හිතේ තරහ තියාගෙන අපිට ඇවිල්ල බැන්න කියල හිතුවොත් එහෙම, අපි ඒ බැනුම අහල අපේ හිතෙන් එයාට සමාව දුන්නා නම්, "කමක් නෑ මෙයා බැන්න එකට" කියල ඒ ප්‍රශ්ණය එතනින්ම ඉවරයක් වෙනව. නමුත් අපේ තියන සාධාරණකම හෝ අසාධාරණකම හෝ මොකක් හරි හේතුවක් අල්ලගෙන ඒ ප්‍රශ්නයට වෙනත් පැත්තකින් අපි කතාබහ කරන්න ගියොත් අර තිබිච්ච ප්‍රශ්නේ ඉස්සරහටත් ඇදීගෙන යනව.
සංසාරය කියන්නෙ ඔන්න ඕකටයි. සංසාර ගමන හැදෙන්නෙ මෙන්න මේ විදියටයි. මේ සංසාර ගමනට ජවය දෙන්නෙ අපිම තමයි. ඒ සංසාර ගමනෙන් නිදහස් වෙන්න පුළුවන් ශක්තිය තියෙන්නෙත් අපි ගාවම තමයි. එක පැත්තකින් කියනව නම් ඒ කර්මක්ෂය කිර්‍රිම තුලිනුයි. කර්මයක් ක්ෂය වෙන්නේ ඒ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉඳීම තුලයි. ප්‍රතිචාරයක් නොදක්වා බලාගෙන ඉඳීම තුලයි.
ඔය කියන වැඩපිළිවෙල පුරුදු කරන්න තියන ලේසිම ක්‍රමය තමයි භාවනා කරන එක. සතිපට්ඨානය වැඩීමේදී අපිට කියල දෙන එකම එක ක්‍රමය තමයි කිසිම කිසි ප්‍රතිචාරයක් නොදක්වා හුදෙක් ඒ දේ දිහා බලාගෙන ඉන්න. හුදෙක් දකින අරමුණ දිහා බලාගෙන ඉන්න. හොඳ හෝ වේවා නරක හෝ වේවා තමන්ට මටසිළුටු අරමුණක් හෝ වේවා රළු ගොරෝසු අරමුණක් හෝ වේවා ප්‍රතිචාරයක් නොදක්වා හුදෙක් බලාගෙන හිඳින්නැයි සතිපට්ඨානයෙදි උගන්වන්නෙ.
ඒ විදිහට බලා හිඳින්න වුනහම අපි දකීවී, අපි තේරුම් ගනීවී, ඒ ඇති වෙච්ච දේට පැවතීමක් තියනව වගේම ඒකෙ නැතිවීමකුත් තියනවයි කියල. සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නෙකට කරදරයකට මුහුණ දුන්නහම, අපි කියන කරුමයකට මුහුණ දුන්නහම, සාමාන්‍ය ලෝකයාට හිතෙන්නෙ නැති කාරණාව තමයි මේ කාරණාවේ අවසානයක් තියනව කියන එක. ඉවරවීමක් තියනවා කියන එක. ගෙවීමක් තියනවා කියන එක තේරෙන්නෙ නැහැ.
සතිපට්ඨාන භාවනාව වඩන කෙනා දකින්න පටන් ගන්නවා, තමන්ට භාවනාව තුල වේදනාවක් නම් කරදර වෙන්නේ, වේදනාවකින් නම් කරදර වෙන්නේ, ඒ වේදනාවෙත් ඇති වීමක් පැවතීමක් වගේම නැතිවීමකුත් තියනවාය කියල. සිතිවිල්ලකින් නම් කරදරය වෙන්නේ, ඒ සිතිවිල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියනවා නම්, ඒ සිතිවිල්ලට ඇති වීමක් වගේම පැවතීමකුත් ඒ වගේම නැවතීමකුත් තියනවයි කියල. නමුත් සාමාන්‍ය ලෝකයාගේ චින්තන පරාසය මත ඒගොල්ලන්ට හිතන්න තේරෙන්නෙ, මේ තියන දුක, මේ තියන ප්‍රශ්නෙ, මේ තියන කරදරය, හැමදාම මේ විදියමයි කියලයි.
නෑ ඒකෙ එහෙම එකක් නැහැ. නිදහසක් බුක්ති විඳින්න පුළුවන්. ඒ කොහොමද? කර්මක්ෂය කලාට පස්සේ. කර්මක්ෂය කරන්නෙ කොහොමද? ප්‍රතිචාර නොදක්වා ඉන්න ඉගෙන ගත්තට පස්සෙ. ඒක අකුසල් පැත්තට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කුසල් පැත්තට වෙන්නත් පුළුවන්. ඒ ඕනෑම පැත්තකට ප්‍රතිචාර නොදක්වා ඉන්න අපිට ඉගෙන ගන්න පුළුවන් නම් අතීත කර්මයක් ගෙවිල ඉවර වේවි. අනාගතයෙ කර්මයක් හට ගන්නෙ නැති වේවි. එහෙම වුනහම අපිට නිදහස බුක්ති විඳින්න පුළුවන්. සැනසීම බුක්ති විඳින්න පුළුවන්.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Leading to Bliss in the Samsaric Journey.
No. 37
Karmakshaya Kirerma
(Ridding The Power Of Fate)Leading to Bliss in the Samsaric Journey.
Meditation Instructions ( Arunalle Daham Sisila),
Peaceful Dhamma in a Beautiful Morning.
In the Samsaric journey the beings suffer mentally & Physically , Individually or Simultaneously ( both together), as a law of nature analysed by Lord Buddha .
Bliss is something that one cannot buy for money or give as a gift or, by force . To achieve bliss & experience it ( Freedom or Bliss) leading to Niramisa Sukha , The highest form of happiness by giving up sensory pleasures one needs a variety of causes from within one ‘s processive life.
Today’s Sermon is how one can achieve Bliss leading to Niramisa Sukha ( sense of Happiness due to Giving Up Sensory Pleasures)according to Dhamma the Analysis of nature by Lord Buddha.
One & only expectation of beings in the Samsaric journey is to achieve Bliss leading to Niramisa Sukha (Giving up sensory Pleasures) knowingly or unknowingly.
But people , unawares in the Samsaric Journey even spend a lot of money exhibiting their likes & dislikes to enjoy their way of bliss the Samisa Preethiya ( Mundane Joy), but the task becomes quite stressful as the law of nature (the Dhamma ) analysed by Lord Buddha is impermanancy the Anithya. leading to Dukkha & Anathma.
As beings in the Samsaric Journey (Bhava), naturally have attachment & detachment which later by the realization of nature’s Analysis sermonized by Lord Buddha some wise beings become neither nor attached or detached leading to equanimity ( Upekkha).
These existences as mentioned above could be classified as cause & Effect of the Samsaric Journey.
The beings who travel through the Samsaric Journey get slotted into a variety of religions , Castes & Creeds , belonging to various spoken languages according to their Samsaric beliefs.
What ever is said & done Dukkha is of tri natured namely (1) Dukkha (2) Sukha (3) Adukkhama Sukha . Adukkhama sukha leads to neither painful nor joyful , but only the realization of the above mentioned situation leads to Upekkha. Not realizing Adukkhama Sukha leads to Moha. These situations of Dukkha is common to all beings.
But the way most beings respond to Dukkha aggravates the situation to worse , by developing secondaries mentally, Physically or in both. Sometimes beings think that it is due to bad Karmic Force only ( Bad Fate)the Dukkha arrives.
Karma means performing an act , but it pertains to many sides, such as Bodily Action, Verbal Action, & Mental Action according to Dhamma the Nature’s Analysis by Lord Buddha.Any action or reaction that people processively do,give due results according to nature.
As an example one does a peaceful talk , that one immediately becomes peaceful .Also one does a hurtful talk then one gets a similar reaction as mentioned above.
Also in these 2 actions $ & reactions mentioned above the results would carry Aasvada mind made pleasures & Adinava the bad outcomes accordingly.
Anyway the reallity is that until we attain Nibbana we are processively destined to good & bad Karmic forces. Many a time when bad happens one accepts it as a bad Karmic force.In the same manner the way one faces the bad incident wrongly can wave at many other disasters.
Amongst all these wrong or right doings , when we face the resultant force as a past Kamma & realize accordingly would be the peaceful solution. Or in the Supermundane aspect if one realizes the resultant good or bad Karma as only a process via cause & effect (by cessation of sensory pleasures ) would be the direct path to Nibbana.
But in Mundane life if one responds to bad karmic result in a bad way this particular karmic resultant would transfer into a new Karmic Force.
As an example in the ancient past when the Great Ven Sariputta was on an Alms round a strange man hit him hard ,then the Greyyat Ven Sariputta thought that if his body was softer in nature this knock would not have happened and the man would not have hit him so hard & the man’s Kammic force would have ended up there.
Another example was that another monk ( Not an Arahant) was scolded by someone on the road, and the monk having left all his belongings aside hit the man properly , therefore the monk gathered a New Kammic Force at the very moment.
In the same way what beings in the Samsaric Journey are use to is also lamenting about the bad effects of the wrong incidents , weeping & roaring at others , creating a painful situation at the opposite party.
As such most beings collectively keep on gathering defilements (Akusal),in an unfortunate situation as mentioned above.
What happens now is that the Karmic force gets continued unawares.
If someone scolds us with anger mentally, & if we forgive and forget we end up the formation of defilements then & there. But if we take revenge from the opposite party , the defilements are processively created & dragged on without an end to it.This so called ignorant procedure is the Sam saric journey which is also created by the Self Identity.(Sakkaya Ditti).
And the so called we are the ones who can destroy or cease the Samsaric Journey by applying Sati with Sampajanna ( Clear Comprehension) on the collective defilements , with tolerance watching & noting their appearance & cessation with viparinama ( suffering with change), adding a calm response to them.
The only way to practise this great method is via Sathi Pattana. Not retorting but , but watching the situation till one runs into the calm texture of the mind realizing that there is the beginning & an end to any situation what ever the situation is.
In Sathipattana contemplation one realizes that if one is in pain of any nature( Dukkha, Sukha,Adukkhama Sukha) & by watching it, gives one a few lessons of how there is a changing nature ( Viparinama) of anything & by Clear Comprehension , how the pain gets tolerable or a complete cessation of the pain with becoming , staying, & passing away( Uppada, Tithi, Bhanga)” Also it is the same happening with all the 6 senses with their particular objects causing the Tri natured pain or otherwise.But the most of the ignorant public thinks that there is no change in existence.But No, there is no such thing.
If we learn to accept any situation with tollerance leading to Clear Comprehension ( Sathi Sampajanna), with no formation of defilements & with Karmically wholesome profits we can reach Bliss.
It can act as mentioned above to both Kusal & Akusal ( Good & Bad thoughts & Deeds etc.,)
Then we will not gather defilements as well as kharmically wholesome profits in the past , Present or future to extend the Samsaric Journey instead of ending up with Nibbana.
Jinam Wandama Gotama
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සක්මන් භාවනාව
වාඩි වී භාවනා කරන්න, නැතිනම් පර්යංකයේ භාවනා කරන්න බොහෝ දෙනෙක් කැමති වුනාට ශාරීරිකව දැනෙන වද වේදනා නිසා ඒ දේට මැලිකමක් දක්වනව. මේ ගැටළුවට සාර්ථකම සහ හොඳම පිළියම හැටියට තියන භාවනා ක්‍රමය ගැනයි අද කතාව.
තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ 'සල්ලේඛ' සූත්‍රයේ දැක්වූ ආකාරයට, සංසාර දුකෙන්, සසර පුරුදු කරගෙන ආපු ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රම හතක් තියනව. ඒ ක්‍රම හතෙන් එකක් තමයි භාවනාව කියල කියන්නෙ.
භාවනාව කියන වචනය වැඩීම, පුරුදු කිරීම, පුහුණු කිරීම, දියුණු කිරීම ආදී අර්ථ වලින් හඳුන්වන්න පුළුවන්. මෙකී අර්ථවලින් හඳුන්වන භාවනාව සිදු කරන්නට කාටත් භාවිතා කරන්න පුළුවන් ක්‍රම හතරක් තියනව. ශරීරය පවත්වන්න පුළුවන් ක්‍රම හතරක් තියනව.
එකක් තමයි ඉඳගෙන භාවනා කිරීම. ඉඳගෙන ඉන්න ඉරියව්ව. දෙවනි එක තමයි සක්මන් කරමින් භාවනා කිරීම. සක්මන් කරන ඉරියව්ව. තුන්වෙනි එක තමයි හිටගෙන භාවනා කිරීම. එක තැනක නිසලව හිටගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කිරීම. හතරවෙනි එක තමයි නිදාගන්න ඉරියව්වෙන් භාවනා කිරීම.
මේ ඉරියව් හතරේ අපිට කරන්න පුළුවන් භාවනා වර්ග විශේෂයෙන් වෙන වෙනම දක්වා තියෙන්නත් පුළුවන්. නමුත් සතිපට්ඨානය ආශ්‍රය කරගෙන කතා කලොත් එහෙම, සිහියක් පුරුදු කරන්නට නම් ඔය ඉරියව් හතරේදීම මනාකොට පුළුවන්කම තියනව. මොකද සතිපට්ඨාන භාවනාව කියන දේ ඉරියව්වකට හෝ එක්තරා එක්තරා වටපිටාවකට පමණක් සීමා සහිත වෙච්ච භාවනාවක් නොවෙන නිසයි. ඒක හින්දයි සතිපට්ඨාන භාවනාව අපේ සාමාන්‍ය ජීවිතේ ඉඳලම ආධ්‍යාත්මිකව යන නිර්වාණය දක්වාම ආවරණය කරන එකම මාර්ගය හැටියට තථාගතයන් වහන්සේ හඳුන්වල තියෙන්නෙ.
ඔය කියන ඉරියව් හතරෙන් සක්මන් භාවනාව ගැන කතා කලොත්, සක්මනකට සාමාන්‍යයෙන් තමන්ට ප්‍රමාණවත් යැයි කියල හිතෙන ඉඩක් අරගෙන, අඩි දහයක් විතර අපි උදාහරණයක් හැටියට ගත්තොත්, එක කෙළවරක ඉඳලා තමන්ට ඇවිදගෙන යන්න පුළුවන් හෙමින්ම අනෙක් කෙළවරට, අවධානයෙන්, දැනුවත්කමෙන්, තේරුම් බේරුම් ඇතුවම ඇවිදගෙන යනව. මෙහෙම හිමිහිට හිමිහිට ඇවිදගෙන යනකොට, තමන්ට තමන්ගෙ කකුල පොළොවෙ ස්පර්ශ වෙන එක, ලණු පැඳුරක නම් ඇවිදින්නෙ ඒ ලණු පැඳුරෙ ස්පර්ශ වෙන විදිහ, වැල්ලක නම් ඇවිදින්නෙ ඒ වැල්ලෙ තමන්ගෙ කකුල ස්පර්ශ වෙන විදිහ, වෙනත් පොළවක නම් ඇවිදින්නෙ ඒ පොළවෙ තමන්ගෙ කකුල ස්පර්ශ වෙන විදිහ තේරුම් බේරුම් යන්න පුළුවන්.
මෙහෙම තේරුම් බේරුම් යන ස්වභාවයට වඩා තමන්ගේ හිතේ සිතුවිලිවල ප්‍රමාණය වැඩි නම්, සිතුවිලිවලින් වෙන කරදරය වැඩි නම්, අඩිය තියනකොට ඒ හා සමගාමීව යන සිතුවිල්ලක් භාවිතා කරන එක ලේසි වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිවුවොත්, වම් කකුල තියනකොට 'වම' ආදී වශයෙනුත් දකුණු කකුල තියනකොට 'දකුණ' ආදී වශයෙනුත් මෙනෙහි කරන්න පුළුවන්කමක් තියනවා. ඒකේ වැරැද්දක් නැහැ.
හැබැයි මේකෙන් කියවෙන්නෙ නැහැ සෑමදාම, නිරන්තරයෙන්ම, වම හෝ දකුණ හෝ වෙනත් වූ වචනයක් ආකාරයෙන් මෙනෙහි කළ යුතුමයි කියල. සක්මන කරනකොට මෙනෙහි කළ යුතුමයි කියලා ඒකෙන් සඳහන් වෙන්නෙ නැහැ. අපි ඒ විදිහට සිතුවිල්ලක් භාවිතා කරන්නෙ මොකටද? හිත දුවනවා වැඩි නම් තමයි.
නමුත් යම්කිසි අවස්ථාවක් එනවා, එන්න පුළුවනී, අපේ හිත ඒ තරමේ කලබල භාවයක් නැතිව හිත තැන්පත් වෙන අවධියක්, අදියරක් අපිටම දැනෙන්න තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයකට පත් වුනාට පස්සේ කරන්න ඕන හොඳම දේ තමා, පරණ පුරුදු සිතුවිල්ල පැත්තකින් තියලා හුදෙක් සක්මන කරගෙන යන්න ඕන.
අන්න ඒ වෙලාවට කකුලේ පළවෙනියෙන්ම කොහේද බිම වදින්නෙ? ඊළඟට කොහෙද බිම වදින්නෙ? ආදී වශයෙන් හොඳ තේරීමක්, හොඳ දැනීමක් ඇති කරගන්න ඔබට පුළුවන් වේවි. මේ විදියට දැනුම් තේරුම් ඇති කරගන්න එක කකුල් දෙකම පොළවේ තියනකොට කරන්න අමාරු නම්, ඉස්සෙල්ල එක කකුලකට තමන්ගෙ අවධානය පවත්වලා, අනෙක් කකුල ස්පර්ශ වෙනකොට දැනෙනවා වෙන්නත් පුළුවන් නොදැනෙනවා වෙන්නත් පුළුවන්, ඒ දේ එහෙම පැත්තකින් තියලා තියන එක ලේසි වෙන්න පුළුවන්. අත්දැකීමේ හැටියට කිවුවොත් එහෙම, ඒ දේ ඇත්තටම මුල්ම කාලයේදී කරන්න පුළුවන් ලේසිම උපක්‍රමයක්.
කොහොම නමුත් සක්මනේ කෙළවරකට ඇවිදගෙන ගිහිල්ලා, මොහොතක් නැවතිලා, ඉඳල එතන ආපස්සට මතක් කරල බලන එක හොඳයි, මේ තියාපු අඩි කීපයෙහි අඩි කීයක් තමන්ට දැනුවත්කමෙන්ම, උවමනාවෙන්ම, සිහියෙන්ම තියන්න පුළුනවන්කම හම්බ වුනාද කියල. ඊට පස්සෙ තමන්ගෙ ශරීරය දිහා ඇස් දෙක පියාගෙනම හොඳට විපරම් කරල බැලුවොත්, මේ ශරීරයේ කොහේ කොහේ හෝ තැන්වල දැඩි කරගෙන, තද කරගෙන, රළු කරගෙන තියනව වෙන්න පුළුවන්. ඒ දේවල් දැක දැක, බල බලාම, ඒ විදිහට දැඩි කරගන්න ඕන නැති තැන් ලිහිල් කරගන්න ඕන. බුරුල් කරගන්න ඕන. සැහැල්ලු කරගන්න ඕන. හොඳ දැනුවත් භාවයකින්ම හෙමිහිට හෙමිහිට අනිත් පැත්තට හැරිලා නැවතත් අර විදියටම සක්මන පටන් ගන්න ඕන.
මේ විදියට ආරම්භයක් හැටියට කරන සක්මන, සමහර වෙලාවල්වලදි සුළු වෙලාවකදි එපා වෙන්නත් පුළුවන්. හැබැයි භාවනාව කියන විෂයට හෝ භාවනාව කියන මේ මාතෘකාවට කැමති කෙනා සමහර වෙලාවල්වලදි පැයක් හමාරක් වුනත් භාවනා කරනව. මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවල්වලට පැය හතර පහ වගේම, සමහර කාලවලදී රාත්‍රියේ නිදි වරාගෙන රැය පහන් වෙනතුරුම පවා සක්මන් කරන අවස්ථා ඒ කාලෙත් තිබිල තියනවා, අදත් තියෙන්න පුළුවන්.
ඉතින් මේ විදියට හෙමිහිට හෙමිහිට සක්මන් කරලා ගමන යන්න අමාරු නම්, තමන්ගේ හිතේ තියන ශබ්දය, හිතේ තියන දිවීම වැඩිනම්, ශරීරයත් ඒ තරමේ හෙමිහිට යන්නට එච්චර රුචිකත්වයක් දක්වන්නෙ නැති නම්, පළවෙනියෙන්ම සක්මන ආරම්භ කරලා තමන්ට යන්න පුළුවන් පහසුම විදිහට ඉස්සරහට සහ ආපස්සට ඇවිදින එක හොඳයි කියල මං යෝජනා කරනව.
ඒ විදිහට ගිහිල්ලා තමන්ටම තේරුනොත් දැන් ගමන අඩු කරන්න හොඳයි කියලා, ඒ වගේ තැනකට අඩුවට අඩුවට, හෙමිහිට හෙමිහිට සක්මන් කරන්න හිත හදාගන්න ඕන. සක්මනේ තමන්ට යන්න පුළුවන් වේගය අඩු තරමට හිතේ තැන්පත්කම එක්තරා මට්ටමකින් තීරණය වෙනවා කියන එක මං කියන්න කැමතියි.
කෙසේ හෝ නමුත් සක්මන් කරනකොට තමන්ගේ අඩිය හොඳට පොළවේ තියන්න තේරුනා නම්, ඒ තේරුනේ හෙමිහිට ඇවිදිනකොට නම්, නැවතත් වතාවක් සාමාන්‍ය ජීවිතයේ ගමන සිද්ධ වෙන ඒ වේගය දක්වාම සක්මනේ වේගයත් වැඩි කර කර, සිහිය තමන්ගේ කකුල ස්පර්ශ වෙන තැනට හෝ ඇඟේ රෙදි ගෑවෙන තැනකට හෝ වෙනයම් වූ තමන්ට තේරෙන, ඇවිදිනවා යැයි තේරෙන ඒ අරමුණට හිත ගන්න, ඒ අරමුණට නැවත නැවත එන්න පුරුදු වෙන්න ඕන.
සක්මන් කරනකොට සමහර වෙලාවන්වලදී තමන්ගෙ ඇඟේ හුළඟ වදින එක දැනෙන්නත් පුළුවන්. බිත්තියකට කිට්ටු වෙනවා නම් ඒ පැත්ත තුල තියන රස්නය බිත්තියකින් බැහැර වෙනවා නම්, ඒ පැත්ත තුල තියන සැහැල්ලු බව ආදී මේ වගේ දේවල් වුනත් දැනෙන්න තේරෙන්න පුළුවන්. කොහොම නමුත් සක්මන් භාවනාවකින් කරන්නේ හතර වටේම දුවන හිත මේ ශරීරය තුල මොකක් හෝ චලනයක් සිද්ධ වෙන තැනක නතර කරල තියන එකයි.
මේ වගේ භාවනාවක් කරන එකක තියන ප්‍රධානම වැදගත්කම තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි ක්රියාකාරීත්වයන් සිදු කරන අතරම, ඒ ක්රියාකාරීත්වයක සිහිය නතර කරගන්නෙ කොහොමද? ඒ වර්තමාන මොහොතේ ඉන්නෙ කොහොමද? කියලා අපිට කියල දෙන හොඳම පාඩම සක්මන් භාවනාවෙන් උගන්වන එකයි.
ඉතින් මේ විදියට සක්මනක් සිදු කරල තමන්ට තේරෙනවා නම් දැන් තමන්ගෙ හිත හොඳටම තැන්පත් කියල, අන්න ඒ වෙලාව වඩාත්ම සුදුසුයි පර්යංක භාවනාවකට යන්න. මොකද ඒ වෙනකොට ශරීරයත් ස්වභාවික හැටියටම තැන්පත් වෙන්න පටන් අරන් තියනව. හැබැයි ඊට පස්සෙ ආපහු සිතුවිලි හිතන්න පටන් ගත්තොත් එහෙම, කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම, නැවතත් ආපහු අපිව මුලට වැටෙනව. ලාංකීයත්වය තුල තියන විපස්සනාව කල්පනාවකට බර එකක් හින්දා මේක ටිකක් අර්බුදකාරී ගැටළුවන් වෙන්න පුළුවන්.
නමුත් කවුරු හරි කෙනෙක්ට සතිපට්ඨානය නැත්නම් සිහිය පිහිටුවා ගැනීම කියල කියන්නේ 'වෙන දේ දිහා බලා ඉඳීමයි' කියන දේ අවබෝධ වුනොත්, තේරෙන්න පටන් ගත්තොත් අත්දැකීමක් හැටියටම, ඒ කෙනාට සිතුවිලි හිතන්න උවමනා වෙන්නෙ නැති වේවි. තැන්පත් වෙච්ච හිතත් එක්ක සිද්ධ වෙන දේ දිහා විනිවිද දකින නුවණකින් යුක්තව බලාගෙන ඉන්න හැකියාවක් ලැබේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Walking Meditation
No. 38
Walking Meditation(Meditation Instructions)peaceful Dhamma in a Beautiful Morning( Arunalle Daham Sisila).
Although everybody likes the Sitting Down Meditation or the Walking Meditation, people also have a reluctancy to do them due to physically or (bodily) aches & pains
Today’s talk is the resolution for the above mentioned problem.
According to our Great Lord Buddha’s , sermonization in SALLEKHA Sutta there are 7 methods of how to cease Kileshas ( Defilements), and one of them is meditation or ( Bhavana) .
The word Meditation Or Bhavana can be introduced as a Contemplation. A Practise with realization and a continuation of the Practise. (Bhavita Bhahulee Katha)means Practise makes Perfect .There are 4 methods to practise the above mentioned Bhavana or the Meditation. Which are
Numbers (1) is the Sitting down Meditation, or the Seated posture of the Meditative Aspect. (2) is the Walking or the Walking Posture (3) is the Standing or the Standing Posture (4) is the Lying down or the Lying Down Posture . are the 4 postures of the Meditative Aspects.
Out of these above mentioned 4 postures of the Meditative Aspects , each Meditative Posture can be individually practised with mindfulness following the Sathipattana Sutta . Because the Contemplation of the Sathipattana Sutta is Universal & Unlimited to any being in Practise.
This. above mentioned reason is why the Sathipattana Contemplation is classified as the direct path to Nibbana,to be practised domestically or Otherwise.
Amongst the 4 Meditative postures mentioned above , if we seperate at least 10 feet long distance of a walking path & start to walk with Mindfull Awareness, of each of the simple step we walk, to the other end of the walking path, & begin to recall the contact of the feeling of the souls of the feet in the past & in the present (also the changing )moment , on the so called stretch of sand or on the fibre mat, would be the best processive way of practise.
Or else while walking like this if our thought process dominates us with distractions we can even start a friendly contemplation with the distractions depending on the gravity of them & then slowly ending the friendship we can return to each step contemplating as right foot & left foot.
But this does not mean that the friendship with distractions should be a habitual practise, ignoring the main object of the mind on the souls of the feet. We are destined to a friendly touch with a distraction ,only to control the monkey mind. By this way of practise we may get a collective thought process of a stilled mind on the needed object to follow through. On achieving a status like this we can continue our walking meditation peacefully , with Clear Comprehension (Sati Sampajanna).
In this new processive atmosphere we begin to feel specifically where the foot contacts , individually, processively, and Continuously. If this processive method is becoming a difficult task with both feet we can contemplate the contact of the feet individually. At the beginning of the contemplation , actually we can completely ignore one foot on contemplation.
Whatever it is when we finish half the walk of the walking path it is better to recollect the detailed past of the walk , to gather how much mindfull we were in the past few steps of the walk.
Then we also can scan our standing posture of the body with eyes closed to find out whether the different textures of the body such as hardness or tightness etc., etc., are felt accordingly. Having felt them as they are we can mindfully loosen the textures of the body felt , & become quite peaceful.
Then we can mindfully & slowly turn back to walk backwards . Sometimes at the start of these walks , we can get fed up with it. But if we reallly like meditation,the practise is processively extended to one or one and a half hours.
The Great Monks sometimes do this type of extensive meditation from even 4 hrs. to the Whole night through.
If we cannot walk at a slow pace or having a disturbed mind , we can initiate to walk just a small space up & down as a trial start is my (. Ven Medavi Thero’s ) suggestion.
Also (Ven Medavi ) sermonizes that the lesser the speed of the walk is the better the association with the collective thought process is going to be. Whatever it is when walking slowly if we feel the souls of the feet on the ground we are advised to exeed the walking speed to our normality, and mindfully & mentally visualize the contact of the feet either on the ground ,or on the bottom part of the clothes we ware , and successfully get the awareness of the reality of the walking Meditation. Sometimes we even feel the contact of the wind blowing ,or if we get closer to a wall we can feel the contact of the warmth or the flimsiness (lightness)in the area of the wall.
Whatever it is walking meditation leads to the calming of the distractive mind .The main importance of this nature of the walking meditation , is that while we are involved with all our daily work , the way we become mindfull in each of our individual tasks at the present (also) changing moment.
Now if we realize that we are in a real collective mind of the walking meditation , then we can go into the sitting meditation, the reason being that by this time the body is also processively in a Calm status. But again if we happen to welcome outside thoughts then we can have an unwholesome reverse processive mind.
Because of the Common Srilankan way of Vipassana is usually a more of a Mental Advertance( Manasikara), than contemplation (Deep Reflective Thought), may be somewhat problemetic.
But as time passes with experience we realize that mindfulness or Sati with Sampajanna is deeply a specific objective & a reflective thought process, We as Srilankans will be rid of mental Advertance(Manasikara) gaining a processive aquisition of Contemplation (Deep Reflective thought process) leading to a settled mind.
Jinam Wandama Gotamang
Ven. Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම 4
නිකෙලෙස් සිත
සිත යන්නට විවිධාකාර අර්ථකතන, විවිධාකාර නිර්වචන තියනව. ඒ තියන අර්ථකතන සහ නිර්වචන අතර බුද්ධ දර්ශනයේ උගන්වන්නේ, 'සියළුම දේට ප්‍රධාන වන්නේ සිත' කියලයි. තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට, සිතෙහි ඇති පිරිසිදු බව සංසාර දුකෙන් නිදහස් වෙන්නට ඔබට පාර කියා දෙනවා. සිත කිළිටි කරන කෙලෙස්වලින් නිදහස් වෙන්නෙ කොහොමද කියලා අද සාකච්ඡා කරන්න අපි කල්පනා කරනව.
ලෝකයේ ජීවත් වෙන ඕනෑම සත්ත්වයෙක් සතු උපාංග අතර, ආයතන අතර, එකක් තමයි 'සිත' කියල කියන්නෙ. වෙනත් ආගම්වල තමන් කරන කියන හැම දෙයක්ම බාහිරෙන් ඉදන් තමන්ව පාලනය කරන යමෙකුගේ හෝ පිරිසකගේ බලපෑමෙන් සිදුවෙන බවකුයි පිළිගැනෙන්නෙ. නමුත් ලොව්තුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම, 'සියළුම දෙය සිත පෙරටු කොටගෙන පැමිණෙනවා' යන්නයි.
අපේ ජීවිතේ අපි සිදු කරන සියළුම කටයුතු එසේ නම් සිත ඔස්සේ නම් පැමිණෙන්නේ, සිත ඔස්සේ නම් පෙළ ගැහෙන්නේ, සිත නිසා නම් ක්‍රියාත්මක වන්නේ, ඒ සිතෙහි තියන ආරෝපණය වෙනස් කරන්නට පුළුවන්කමක් තිබුනෝතින්, නිවැරදි වූ දිශානතියකට ඒ සිත පවතින කෙනා ගමන් කරනු ඇති.
එක්තරා ආකාරයෙන් ගත් කළ, සිත යන්න කිසිම කිසි බලයක් නැති, ශක්තියක් නැති දෙයක්. හරියට යකඩයක් වගෙයි. ලෝකයාගේ තියන උවමනාවල් සහ එපාකම් කියන ආකර්ශණීය භාවය හරියට කාන්දම් වගේ කියල ගත්තොත් එහෙම, ඒ තියන උවමනාවල් සහ එපාකම් කියන මේ ඕනෑම කාරණාවක් නිතර නිතර නිතර නිතර සිතට යන්නට, නිතර නිතර නිතර නිතර සිතට ඔබ්බවන්නට උත්සාහ කිරීමේදී, කාන්දමක් අරගෙන යකඩයක නිතර නිතර ගාවනකොට ඒ කාන්දමේ තියන කාන්දම් බලය අල්ලා ගැනීමේ, ඇද ගැනීමේ ශක්තිය යකඩයකට යනව වගේම ස්වභාවිකවම නිශ්චල, ස්වභාවිකවම කිළිටි නැති සිතකට ඔබ අප සියළු දෙනාම එකතු කරන කාරණාවල් නිසා ආරෝපණයක්, පණ ගැන්වීමක් ඇති වෙන්න පටන් ගන්නව.
මේව 'කෙලෙස්' හිටියට ධර්මයේ සඳහන් වෙනව. මේ කෙලෙස් අපිට තේරුම් ගන්න බැරි ප්‍රමාණයකින් වර්ධනය වුනාට පස්සේ ඒ ක්ලේශය අපිව පාලනය කරන තැනට පත් වෙනව. ඒක හරියට නිකම්ම නිකං යකඩයක් තවත් යකඩයක තිබ්බට සාමාන්‍යයෙන් ආකර්ශණයක් හෝ විකර්ශනයක් ඇති නොවුනාට, කාන්දමක් අරගෙන නිතර නිතර නිතර නිතර ගෑවුවට පස්සේ ඒ යකඩයට ආකර්ශණිය බවක් ඇති වෙනව. ඊට පස්සේ ඒ යකඩයට පුළුවන්කමක් තියනව යම්කිසි කාලයක් තුල හෝ තවත් දේවල් ආකර්ශණය කර ගැනීමේ හැකියාවක් ලබා ගන්නට හෝ විකර්ශණය කිරීමේ හැකියාවක් පවත්වා ගන්නට.
අපේ හිතට දෙන අරමුණු වලටත් සිද්ධ වෙන විපර්යාසය ඕකම තමයි. අපේ හිතට අපිම උවමනාවෙන් ඇස, කන, නාසය, දිව, කය, මනස කියල කියන මේ ආයතනයන් ඔස්සේ ලබාදෙන අරමුණු හින්දා එක්තරා විදියකට ආකර්ශණීය බවකුත් තවත් විදියකට විකර්ශණීය භාවයකුත් අපිම ඇති කරගන්නව. ඒ ආකර්ශණීය භාවයට සහ විකර්ශණීය භාවයට අපි පුද්ගලිකව හරිම කැමැත්තක් දක්වනව. ඒ කැමැත්ත හින්දාම තමයි ආකර්ශණය ඇති වෙන්නේ සහ විකර්ශණය ඇති වෙන්නේ.
ගැටළුව තියෙන්නේ අපිට ඔය කියන කැමැත්ත හෝ අකමැත්ත කියල කියන ක්ලේශය, ක්ලේශයක් දක්වා වර්ධනය වෙන්නේ ඒක අපට පාලනය කර ගන්න බැරි තැකකට ආපුහාමයි. ඒ වගේ අවධියකට පත් වුනාට පස්සේ අපේ හිත අපිට පාලනය කරගන්න බැරි ඉබාගාතේ යන බවකට පත් වෙනව. මේ වගේ ස්වභාවයක් යටතේ ජීවත් වෙන ලෝක සත්ත්වයාට, කෙලෙස් හින්දා හැමදාමත් කැමැත්තකට සහ අකමැත්තකට ළඟ වෙන්නට, යොමු වෙන්නට, කොටු වෙන්නට, ග්‍රහණයට හසු වෙන්නට සිද්ධ වෙලා තියනව. මේ දෙයින් නිදහස් වෙන්නෙ කොහොමද?
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දහම තුල කියල දෙන එක කාරණාවක් තියනවා. තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සියල්ලම අවබෝධ කරපු කෙනෙක් කියල. එසේ නම් උන් වහන්සේගේ දර්ශණය තුල ලෝක සත්ත්වයා දුක් විඳින ඔය කියන කාරණාවෙනුත් නිදහසක් ලබන්නට ක්‍රමයක් උගන්වලා තියෙන්න ඕන. අපේ හිතේ කෙලෙස් තියන බවත් නිකෙලෙස් තියන බවත් හඳුනා ගැනීම සඳහා අපිට සිහිය භාවිතා කරන්න සිද්ධ වෙනවාමයි. සිහිය කියල කියන වර්තමාන මොහොතේ තමන් එක්ක තියෙන්නෙ මොකද්ද? තියන දේ මොකද්ද? කියල දැන ගන්න, අවදානමත් වෙන එක අපි පුරුදු කළ යුතුමයි.
මෙහෙම පුරුදු කලායින් පස්සේ අපිට හම්බ වෙනවා, මම දැන් මෙතන හොඳින් නම් ඉන්නෙ හොඳින්, නරකින් නම් ඉන්නෙ නරකින්, සතුටින් නම් ඉන්නෙ සතුටින්, අසතුටින් නම් ඉන්නෙ අසතුටින්, මෛත්‍රියෙන් නම් ඉන්නෙ මෛත්‍රියෙන්, තරහකින් නම් ඉන්නෙ තරහෙන්, සැක සහිතව නම් ඉන්නෙ සැක සහිත බවින්, සැක රහිතව නම් ඉන්නෙ සැක රහිත බවින් ආදී වශයෙන් තමන් ළඟ මේ මොහොත තුල චෛතසිකව තියන ස්වභාවය, තත්ත්වය අපිට තේරෙන්නට පටන් ගන්නවා සිහිය වඩන කෙනාට සිහිය වැඩීමේ පාරිතෝෂික වශයෙන්.
මේ කියන ඉලක්කය සපුරා ගන්නට මේ ලෝකෙ බොහෝ දෙනෙක් බොහෝ බොහෝ කටයුතු කරනවා. වෙනත් වෙනත් විදිහේ සිතුවිලි දහරාවන් ඇති කර ගන්නට, වෙනත් වෙනත් විදිහේ රූපක දකින්නට, ශබ්ද අහන්නට යොමු වෙනව. ඒ දේවල්වල වැරැද්දකුත් නැහැ නමුත්, සිත තුල හට ගන්න ක්ලේශය, සිත තුල පවතින ක්ලේශය නැති කරල දාන්නට බාහිරෙන් ඒ විදියට ගන්න සංඥාව සමහර අවස්ථාවන් වලදී ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.
මොකද සියළු දේම සිත හින්දාම ආරම්භ වෙන නිසාම, සිතින්ම පෙරටු වෙවී ගමන් කරන නිසාම, සිත කළඹලා තියන ඒ කාරණාවන්ගෙන් නිදහස් වෙන එක තවත් ඉන්ද්‍රියන් ඔස්සේ කරන කාරණාවකින් වහල දාන්නට බැරි වෙන්නට පුළුවන්. මේ වගේ ගැටළුවකට තියන සාර්ථකම පිළිතුර හොයාගෙන හොයාගෙන යනකොට, සතිපට්ඨාන සූත්‍රයේදී අපිට කියල දෙනවා හරි ලස්සන වචනයක්. හරි ලස්සන මුර පදයක්. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයෙ තියන අමෘත වචනය ඇත්තටම කියනව නම්.
සාමාන්‍ය ලෝකයා ගැටළුවකට වෙනත් උත්තරයක් හෙව්වාට සතිපට්ඨානය ඔස්සේ බලනකොට ගැටළුවක පිළිතුර කියල කියන්නේ ගැටළුව හඳුනා ගැනීමමයි.
ඒක තවදුරටත් විස්තර කලොත්, අපි ගාව තියන තරහ හෝ සැකය හෝ ආදී වශයෙන් මේ තියන කාරණාව කුමක් හෝ වේවා ඒ දෙය යන්තමින් තේරුම් අරගෙන, ඒ යන්තමින් තේරුම් ගත්ත දෙය තරහක් නම් ඒ දෙයට අපි විශාල වශයෙන් මෛත්‍රිය ඇති කර ගන්නට උත්සාහ කරන්න පුළුවන්. ඒක ධර්මානුකූලයි. දේශනානුකූලයි. ඒක හරි. නමුත් ඒ ඇති කර ගත්ත ද්වේශය නම් තිබුනු ක්ලේශය, ඒ ඇති කරගත්ත ද්වේශයේ ආරම්භය සහ ඒ ද්වේශය පවතින්නෙ මොන කාරණාවකින්ද කියන එක අපි අවබෝධ කරල නැහැ.
ඒ දෙය අවබෝධ කරන්නට නම් ඒ පැවතිච්ච හෝ ඒ පවතින ක්ලේශයත් එක්ක සතිමත්ව ඉන්නට, ඒ පවතින ක්ලේශයක් එක්කම අවදානමත්ම වෙලා ඉන්නට අපි ඉගෙන ගන්නට ඕන. නිකෙලෙස් සිතක් හදා ගන්න ස්වභාවය තමයි, කෙලෙස් සහිත හිත දැක දැක සිටිනකොට හිතේම ඒ කෙලෙස් සහිත භාවයත් හිතේම හට ගන්නා වූ එක්තරා චිත්‍රයක් හෝ එක්තරා රූපකයක් විතරක් බව පෙනී යාවි. එහෙම වුනොත් එහෙම අපිට හිතේ අවකාශයක් හදා ගන්න පුළුවන්, සිතට කෙලෙස් ආවට තමන් ඒ කෙලෙස්වලට යට වෙන්නට ඕන නෑ නේද කියල.
නමුත් සාමාන්‍ය ලෝකයේ බොහෝ විට සිද්ධ වෙන්නේ සිතට එන ක්ලේශයට යට වීමයි. සතිපට්ඨානය වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ක්ලේශයන් මතු වෙනකොට ඒ ක්ලේශයට වෙනත් උත්තරයක් හොයන්න යන්නෙ නැතුව තමන්ට දැන් මේ වෙලාවේදී ක්ලේශයක් තියන බව, තමන්ට දැන් මේ වෙලාවේදී හිතේ කලබලයක් තියෙන බව, තරහක් තියන බව, සැකයක් තියන බව, අමනාපයක් තියන බව හෝ කැමැත්තක් තියන බව, මෛත්‍රියක් තියන බව, කරුණාවක් තියන බව, ඉරිසියාවක් නැති බව, සමානාත්මතාවයක් තියන බව, තමන් කතා කරන බව, තමන් නිහඬව ඉන්න බව ආදී කරන කියන දේවල් පිළිබඳව අවදනමත් වෙන්නට ඔබට පුළුවන්කම හම්බ වේවි.
එහෙම වුනහම, කෙලෙස් හින්දා කැලතෙන හිත කෙලෙස් දැක දැක නොකෙලෙසී ඉන්න, කෙලෙස් දැක දැක නොකෙලෙසී ඉන්න තැනට පත් කරගන්නට ඔබට පුළුවන්කම හම්බ වේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Luminous Mind
No 39
Luminous Mind ( Nikeles Sita) Meditation Instructions( peaceful Dhamma in a Beautiful morning) Arunalle Daham Sisila
Mind is of different Views. Amongst all these View points The Dhamma ( Lord Buddha’s Analysis of Nature)classifies the mind as the leader of Nature & as such “ Mind is the Mental Activity Experiencing Life”
In Buddhism The Concept of the Mind is connected with Sense Perceptions,Verbal & Abstract Thoughts, Emotions, Feelings Of Happiness & Unhappiness, Attention, Concentration, Intelligence, & more referring to every type of Mental Activity.
About the mind the Lord describes as the “ Individual Subjectively experiencing of Something which is always changing from moment to moment)Viparinama. Also The Lord Buddha says when the mind is Supermundanely Pure Joy follows like a shadow that never leaves ( Niramisa Preethiya.).
According to Dhamma the way to Nibbana is the Supermundanely purified Clear Path.
As such Today’ Dhamma Deshana would be the topic on the Cessation of Kilesha ( Defilements).
Mind is a Universally processive factor where all experiences are generated & Regenerated, In our lives . if everything reaches us & Orientates us, via mind contact ( sparsha), and if we can only change these mundane actions & reactions to a wholesome way with Sathi or the Mindfulness processively we will be led in the correct Path. In a different view point mind appears to be a helpless data not knowing what to do due to noself.
In other religions the Support to beings is believed to be given externally. But according to Buddhist teachings with our Lord’s analysis of nature each & every Action & Reaction is mind made Via contact & in process.
If we take our likes & dislikes as kind of Magnetism ,by trying to impose the trial frequently into the mind , the task is similar to the power of a Magnet eternally rubbing on an iron rod , habitually belongs to each other.As such if our mind collectively & ignorantly gathers all Kileshas ( Defilements), they habitually become their own & when grows.,the Kileshas get the power governing the mind unawares.
This above mentioned situation is like when 2 iron rods kept together do not have any magnetism ( Kaandama) , but via a magnet the magnetism or the attraction of the iron rods can be created. Then the iron rods get the ability of Magnetism.
These same things as mentioned above happens yo the mind too, as such due to all objects via six senses it is processively created magnetism or Demagnetism.
Personally & Mundanely we thoroughly get attracted to these above mentioned magnetising & Demagnetising effect via 6 senses. This so called magnetism mundanely grow up to Kileshas. & unfortunately the recognition & the realization of the Defilements (Kileshas ) are noted only when they are beyond Control. In this helpless situation we really do go astray, with no control in the mind status.
Such is the Samsaric journey with all its mundane Satisfactions & Vise Versa we eternally get imprisoned. What is the remedy for this imprisonment?
In our Lord Buddha the most Important feature is “ Loka Vidhu”.( knowing All). Therefore there has to be a relief given to the above mentioned problem. Undoubtedly to recognize the defilements & Vise Versa ( Kilesha & Niklesa) we have to develop mindfulness (Sathi) meaning to be in the present moment (Also with changing .,Viparinama)
Knowing with whom & What we are doing,so on and so forth with every action & reaction ,. Due to this practise of being in the present moment ( Although changing), we become aware of whether we are alright, not alright,Happy ,Unhappy, In Metta , in Anger , In Doubt, Not in doubt etc.,etc.
Then we begin to realize the Mental effects & Defects of the present moment.
To achieve this Aim of Niramisa Preethiya ( Freed from Sendual Desires),people try multiple methods of various types. Although trying to achieve Bliss is OK in any form, may not be specific for the needful,because the defilements are inborn & roaming in the mind nonstop .,the external remedies may not be able to attack them.The reply for the cessation of defilements or kileshas is the Contemplation of Sathipattana with deep realizations. The great solutions of Sathipattana to ease problems are (1) Knowing the problem in depth with Sathi (2) when we know the problem whether it is good or bad to accept with Loving Kindness. As an example if the defilement is Anger (3) we have to find the beginning or the cause for the Anger (4)Then the middle part of the anger by being with Anger itself with Sati added with Sampajanna . ,( Clear Comprehension) Then we begin to realize that this is only equivalent to a Chitta Rupa . A picture pertaining to Nama Rupa processively created in the mind by itself. And then we still keep staying in the Chitta Rupa till it vanishes with realization., Mentally, If this solution is successful we should not get caught to the monkey mind for defilements in the future.
As a follower of Sathipattana we should only get to the real depth of Sathipattana contemplation with Sathi Sampajanna Specially to investigate & know the present moment of Anger, doubt about Dhamma , Annoyance, and at the same time A liking,, Loving Kindness, No jealousy, No indifference, Now Talking, now Silent. Can be noted with awareness even in the height of a disturbed mind. by not paying attention to defilements & destined
with Putification of the minds
Jinam Wandama Gotaman
Ven. Padiyatalawe Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම 05
සියලු දෙයම පුද්ගලිකවම ගත යුතුද?
ජීවිතය කියල කියන නෞකාව අත්දැකීම් කියල කියන ගංගාව මතින් ඉදිරියට ඇදීගෙන යනව. ඒ අත්දැකීම්වලින් ප්‍රයෝජනය ගන්න ප්‍රමාණයට, ඉදිරියට ඇදීම හෝ එක තැනක රැඳීම තීරණය වෙනව. අපේ ජීවිතයට ලැබෙන, දැනෙන දේවල් හම්බ වෙන, මුණ ගැහෙන දේවල් අපි අපි තුල ගබඩා කර ගන්නව. තැන්පත් කර ගන්නව. මේ ලැබෙන හැම දෙයක්ම පුද්ගලිකවම ගත යුතුද? අද උපදේශය ඒ දේ ගැනයි.
ගත වන හැම තත්පරයක් පාසාම, ජීවත් වෙන හැම මොහොතක් පාසාම, ඔබ අප සෑම සියළු දෙනාම මතක සාදා ගන්නව. ඇහැට දකින, කනට අහන, නාසයට දැන ගන්න, දිවට රස විඳින, ශරීරයට ස්පර්ශ හැටියට ලබා ගන්න, ඒ වගේමයි මනසට එන අරමුණු හැටියටත්, අපිට පහළ වෙන අරමුණු අපේ හිතේ මතකයක් හැටියට තැන්පත් වෙනව. ඒ තැන්පත් කරගන්නා වූ මතකය තුලින් අපි වර්තමානයට මුහුණ දෙනවා. අනාගතයක් බලාපොරොත්තු වෙනවා.
අතීතය කියල කියන්නෙ කොහොමත් මතකයක් විතරයි. ඔය තැන්පත් කරගන්නා වූ මතකය තුල, එක එක කාල වකවානුවලදී අපි බලාපොරොත්තු වෙන ආකාරයට තැන්පත් වෙන ස්වභාවයන් විවිධාකාරයි. වෙනස් සහ විශමයි. යම් කාලයකදී ප්‍රියමනාප වූ ආකාරයට සියළු දේම ලබා ගන්නට හෝ යම් යම් අරමුණු ලබාගන්නට උත්සාහවන්ත වෙන ලෝකයා, එවන් වූ කාල වකවානුවක් තුලදී තමන්ගේ මතකය ඒ ප්‍රියශීලී ස්වභාවයෙන්ම තැන්පත් කර ගන්නව. අප්‍රිය අමනාප වශයෙන් අදහස් දරන, ආකල්ප ඇති කර ගන්නා කාලය තුලදී ඇති වෙන්නා වූ මතකයන් වල අප්‍රිය අමනාප බව ගැබ් වෙලා තියනව.
මේ විදියට සකස් කරගන්නා වූ මතකයන් නැවත නැවත අපිට මතක් කරල නැවත නැවත අපිට සිහි ගන්වල දෙනවා, අතීතය තුල ඇස කන ආදී ඉන්ද්‍රියන් මෙන්න මේ විදියටයි පරිහරණය කලේ කියල. ඇත්තටම කියනව නම් ඇස කන ආදී ඉන්ද්‍රියන්වලට හසු වෙච්ච දේට මම දක්වන්න ඕන ප්‍රතිචාරය මෙන්න මේකයි කියලයි මතකය අපිට මතක් කරල දෙන්නෙ.
ඔය ඇති කරගන්නා වූ ප්‍රතිචාරය අපි අපේ මතකයේ තැන්පත් කරගත්ත රාමුවට අනුකූලව, ඒ පරාසයට සාපේක්ෂව, තීන්දු වෙනවා, තීරණය වෙනවා, ක්‍රියාත්මක වෙනවා. අපි මේ ජීවත් වෙන ලෝකය තුල එක දවසක කාලයක් ගත්තොත්, විවිධාකාර විදිහේ වකවානුවලට මුහුණ දෙන්නට, විවිධාකාර විදිහේ තත්ත්වත් එක්ක කටයුතු කරන්නට ලෝකයාට සිද්ධ වෙනව. ඒ දේට රටක පරතරයක් හෝ ජාතියක පරතරයක් හෝ ආගමික පරතරයක් කියලා විශේෂ දෙයක් නම් නැහැ. මේ කොයි කාටත් විවිධාකාර වෙච්ච වකවානුවන්වලට මුහුණ දෙන්නට, මුහුණ පාන්නට සිද්ධ වෙනවාමයි. ඒ අතර විවිධාකාර පිරිස් මුණ ගැහෙන්නට, ඇසුරු කරන්නට, අදහස් උදහස් බෙදා හදා ගන්නටත් අවස්ථාව හම්බ වෙනව.
මේ හිතේ තියන එක ක්‍රමයක් තමයි, යම්කිසි කාරණාවක් කතාබහ කෙරෙනකොට හෝ යම් අවස්ථාවකට මුහුණ දෙනකොට, ඒ අවස්ථාවෙන් තමන්ගේ අභිලාෂයන්වලට, තමන්ගේ මතයට හෝ තමන්ගේ ආකල්පයට, තමන්ගේ දෘෂ්ටි කෝණයට යම් විදියකට ඒ තියන වකවානුව එබිකම් කරනවා නම්, තට්ටු කරනවා නම්, ඒ සියළුම දෙය, ඒ සියළුම වකවානුව, ඒ සියළුම කටයුත්ත, ඒ සියළුම වචන, තමන් උදෙසාමයි මේ සිද්ධ වෙන්නේ කියල ගන්න විදිහේ අදහසක්, පුරුද්දක් සාමාන්‍ය ලෝකයාගේ මනසේ තියනව. ඒක එතකොට කතාබහේදි වෙන්නත් පුළුවන්. මොකක් හරි ක්‍රියාවකදි වෙන්නත් පුළුවන්. තවත් විටෙක අවවාදයකදි වෙන්නත් පුළුවන්. ඒ හැම එකක්ම පුද්ගලිකවම ගන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්.
ඒ හැම දෙයක්ම තමන්වම සෘජුවම සළකුණු කරල, තමන්ටම සෘජුවම, එක්තරා ආකාරයකට කියනව නම් පහරදීමක් වශයෙන් කරනම, ඒ විදිහේ ආකල්පයක් ඇතුවම සිද්ධ වෙන දෙයක් හැටියට හිතන්නට සාමාන්‍ය හිතක් තියන කෙනෙක් පෙළඹෙනව. ඒක සාමාන්‍යයි. ඕකට 'හීනමානය' කියලත් කියන්න පුළුවන්.
හැම එකක්ම වෙන්නෙ තමන්ටමයි, මේ හැම එකකම බලපෑම තමන්ට තියනවා, කියල හිතන එක හීනමානය කියන ගණයටත් වැටෙනව. මේ දෙය තුල අර්ථයකුත් නැතුවාම නෙමෙයි. නමුත් අනර්ථයකුත් තියනව බහුල වශයෙන්. ශාසන වංශ කතාව අරගෙන බලනකොට, වෙනත් පිරිසකට හෝ වෙනත් කෙනෙකුට දහම් දේශනා කරන අවස්ථාවේ, ඒ දේශනාව අහගෙන හිටපු ඇත්තෝ මාර්ගඵල සම්ප්‍රාප්ත කරගත්ත. එවන් වූ ආකාරයකට තමන්ගේ ජීවිතේට යහමඟ ඇති කර ගන්නට, යහමඟ සලස්වා ගන්නට හැකි වෙන විදියට බාහිර කාරණාවක් ගලපා ගන්න පුළුවන් නම්, එවන් වූ දෙයක් පුද්ගලිකව ගන්න එක මහා ලාභයක්. එවන් වූ දෙයක් තමන්ටමයි කියන්නේ කියල සලකන එක ලාභයක්.
නමුත් යම්කිසි කාරණාවකින් තමන්ගේ සැකය වැඩි වෙනවා නම්, තමන්ගේ ප්‍රතිවිරුද්ධභාවය වැඩි වෙනවා නම්, තමන්ගේ ශ්‍රද්ධාව අඩු වෙනවා නම්, විශ්වාසය අඩු වෙලා යනවා නම්, පැහැදීම අඩු වෙලා යනවා නම්, ඒ වගේ දෙයක් හෝ එවන් වූ ආකාරයේ දේවල් පුද්ගලිකව ගන්නවා කියන එක තමන්ට බොහොම අයහපතක් ගෙනැල්ල දෙනව.
මේ ලෝකෙ තියන දේවල් අපි බලාපොරොත්තු වුනත් නැතත් කොහොමත් සිද්ධ වෙනවාමයි. කන කියන ආයතනයට ඇහෙන්න පුළුවන් තාක් කල් ශබ්ද ඇහෙනව. ඇස කියන ආයතනයට පෙනෙන්න පුළුවන් තාක්කල් රූප පේනව. හැබැයි අපි ඔය ඇහෙන ශබ්ද හෝ පෙනෙන රූප, හොඳ සහ නරක හැටියට වර්ග කරනව. එහෙම වර්ග කිරීමකට ලක් කරාට පස්සෙ තමා තමන්ට මන වඩන, ප්‍රිය වඩන දේ, තමන්ටමයි කියන්නේ කියලා, තමන් උදෙසාමයි කියන්නේ කියලා හෝ තමන් උදෙසාමයි ඇති කරල තියෙන්නේ කියල, පිහිටලා තියෙන්නේ කියලා හිතන මනස තමන් දකින්න අප්‍රිය, අමනාප, තමන් අහන්න අප්‍රිය, අමනාප දෙයක් ඇහුනහම හෝ දැක්කහම ඒකත් පුද්ගලිකවම ගන්නව.
ඒකට හේතුව මන වඩන දෙයට ලොල් වෙන හිතකුයි තියෙන්නෙ. මන වඩන දෙයට නිතර නිතර ලක් වෙන, නතු වෙන හිතක් නම් තියෙන්නේ ඒ හිතට මන නොවඩන දේට යටත් වෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නෑ. මොකද කන පැත්තෙන් ගත්තහම ශබ්දය කියල කියන්නේ හොඳ ශබ්දය සහ නරක ශබ්දය කියල අපි බෙදුවට කනට හුදෙක් ශබ්දයක්, වගේමයි හිතට එන අදහස හොඳ සහ නරක හැටියට අපි බෙදුවට හිතට ඒක හුදු සිතුවිල්ලක් විතරයි.
එතකොට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ගෞරවාදරයම, ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයටම ඒ දේ නොලැබී යනකොට තමන්ගේම පැත්තට තමන්ගේ දුක හදා ගන්නට මේ සිද්ධ වෙන සියළුම දේවල් තමන්ට අහිත පිණිසමයි, කරදරය පිණිසමයි තියෙන්නෙ කියල සලකන්නට ඒ හිත නැමෙනව. හේතුව තමයි ඒ හිත සතුටට පක්ෂපාතයි. අසතුටටත් පක්ෂපාතයි. ඔය වගේ හිතකින් නිදහස් වෙන්නෙ කොහොමද? අද කාලෙ වෙනකොට ඔය වගේ ගැටළුවක්, ඔය වගේ ප්‍රශ්නයක් මේ මුළු ලෝකයම සිසාරා තියනව. මෙවන් වූ ගැටළුවකට තියෙන විසඳුම මොකද්ද? මේ විදිහේ පක්ෂපාතී විදිහේ බැල්මකට අදහසකට දැක්මකට නැඹුරුතාවයකට තියන විසඳුම මොකද්ද?
අන්න එතනටයි සතිපට්ඨානය කිට්ටු වෙන්නේ. සතිපට්ඨානය තුලින් අපිට උගන්වල දෙන්නෙ පින්වතුනි, තියන දේ යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා මෘදු හෝ වේවා රළු හෝ වේවා මිහිරි හෝ වේවා අමිහිරි හෝ වේවා සැහැල්ලු හෝ වේවා තද ගොරෝසු හෝ වේවා ඒ තියන දේ ඒ තියන දේමයි කියල දැනගන්න එකයි. සතිමත් බව වැඩීමෙන් උගන්වන්නෙ. ඒකයි සතිමත් භාවයට 'අපක්ෂපාතී වූ නිරීක්ෂණය' කියල කියන්නේ.
එයා දැනගන්නවා මේක තුල තියෙන්නේ රළු බවක් නම් රළු බව හැටියටත්, සුමට බවක් නම් සුමට බව හැටියටත්, සැක සහිත බවක් සැක සහිත බව හැටියටත්, සැක රහිත දෙයක් නම් සැක රහිත බව හැටියටත් ආදී වශයෙන් තියන කාරණය මොකද්ද කියලා, තියන කාරණය කුමක්දැයි මනාකොට හඳුනා ගැනීමයි සිහියෙන් කරල දෙන්නෙ. තමන් මේ වෙලාවේදී අසවල් කාරණය කරනවා යැයි කියන අදහසේ නිමග්න වෙලා ඒ කරන කාරණාව දැනගෙනම කරනවා නම් එපමණකුයි සතිපට්ඨානයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
නමුත් ඊළඟ ක්ෂණයේදී අපිට තවත් දෙයකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවට එහෙම නම් ඒ කාරණයට නැඹුරු වෙන එකයි, ඒ කාරණය අනුමත කරල ඒ කරන ඒ සිදු කරන කාරණයට මූලිකත්වය දෙන එකයි සතිපට්ඨානය තුලින් ලබන අභ්යාසයෙ තියන ප්‍රධානම ක්‍රියාදාමය වෙන්නෙ. මෙවන් වූ කටයුත්තක් සිද්ධ කරන්නට වුනහම,
"සිද්ධ වෙන දේවල් මං උදෙසාම සිද්ධ වෙච්ච දෙයක්, මටම වෙච්ච දෙයක්"
ආදී වශයෙන් පුද්ගලිකව ගන්න හිතෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්කමක් හම්බ වේවි.
ඒ වෙනුවට,
"යම්කිසි වූ සිද්ධියක් වුනා"
"යම්කිසි වූ කාරණාවක් සිද්ධ වෙනවා" "යම්කිසි වූ රූපයක් දකිනවා" හෝ "තමන්ගේ හිතට මේ විදිහේ ක්ලේශයක් පැමිණෙනවා" හෝ
ඒ දේ තියනවා සහ ඒ දේ තමන්ගෙන් දැන් බැහැර වෙලා ගියා"
කියල පමණක් තේරුම් බේරුම් ඇති කර ගන්නට සතිපට්ඨානය වඩන භාවනා යෝගාවචරයට තේරුම් ගන්න හැකියාව ලැබෙනව. මෙන්න මේ තුලින්, සියළුම දේ තමන්ටමයි සිද්ධ වෙන්නේ කියල හිතන හීනමානයෙන් නිදහස් වෙන්නට, හැම එකක්ම පුද්ගලිකවම අරගෙන අනිත් හැම දෙයක්ම හෝ හැම කෙනෙක්ම ගැන තීන්දු තීරණය ගන්නට අදහසක් එන්නෙ නැති වේවි. මේ විදිහට මධ්‍යස්ථ මතධාරීව කරුණු කාරණා තේරුම් ගන්න වුනාම, සිද්ධ වෙන සියළුම දේම තමන්ටමයි සිද්ධ වෙන්නෙ ආකාරයෙන් හීනමානයක නැවතිලා ඉන්නෙ නැති විදිහේ හිතක් හදාගන්නට සතිපට්ඨානය වඩන්නාට පුළුවන්කමක් හම්බ වේවි.
එහෙම වුනොත් එහෙම මේ ලෝකයෙ තියන සිද්ධි හෝ තියන කාරණා හෝ දකින රූප හෝ අහන ශබ්ද තමන්ගේ හිතට එන අරමුණු පවා හුදෙක් එන සහ යන ඒව විතරක් වේවි. ඒ වගේමයි ඒ ලබා ගන්නා අත්දැකීම්වල හරයක් තියනවා නම්, සාරයක් තියනවා නම්, යහපතක් තියනවා නම්, ඒ හරය, සාරය, යහපත ජීවිතේට එක්කාසු කරගෙන, එකතු කරගෙන මේ ජීවන ගමන කියල කියන නෞකාව සාර්ථකත්වය කරා ගෙනියන්නට ඔබට හැකියාවක් ලැබේවි. එය එසේම වේවා !
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Do not take Everything Personally
No 40
Do not take Everything Personally ( Cessation of The Inferiority Complex).Heena Maanayen Nidahaswemu.Meditation Instructions ( Arunalle Daham Sisila). Peaceful Dhamma in a Beautiful Morning.
Mind Clearance , (Do not take Everything Personally.)
The ship of the Samsaric Journey gets dragged along by the river of Experiences.Also everything we feel, we get, we face, are stored in our minds.
But do we have to take up the above mentioned storage of good or bad personally? Today’s Sermon is on the above mentioned topic.
In every minute of our Samsaric Journey, the so called ME processively invest a memory in our minds via Visual (Eyes).,Auditory(Ears). , Olfactory(Nose)., Gustatory(Taste, Tongue).,Tactile ( Sense of Touch). as Physical Contacts, and in the same way, Mental Objects( Chitta Rupa), Feelings, Thoughts etc., settle down in mind as memory via contact ( Sparsha).
With all these types of contacts , as mentioned above settled in the mind we face the present moment,& build Castles in the Air ,for the future,(Impossible expectations). But the past is only a memory while the present is changing mundanely unawares.
The hesitantly established past memory changes in different times (Viparinama) as Change for the Good , Bad, Reverse,& Gravely, At times we try to achieve happiness.,and keep dwelling only in happiness,while another time we dwell in unhappiness due to unforgettable bad memories.
The memories that got clinging ( Upadana), in our minds get repetitively recollected,of how we associated the 6 senses.
As a reality the recollection of the past memories via 6 senses now begin to teach us how we should have reacted to the subjective objects we got in the past.,
In accordance with the past frame of memories via 6 senses, the outcome created is relatively the same.
In this Samsaric Journey if we look at just one single day as an example , we have a multiplicity of tasks to face , irrespective of the caste &Creed.
There is no difference or indifference between countries , castes or religion , or any specificity in facing the public. In addition we have to face different people & exchange different ideation.
It is a mind made situation that when we meet different people & exchange ideation there is a tendency for us to take for granted that everything, every word, every task, every action or reaction & all of it is hinted at the so called ‘ Me’. In other words these above mentioned situations can be misunderstood as a verbal blow at the listener.
This ideation of the misunderstood mind is called the Inferioriy Complex ( Heena Maana), The thought of thinking that every bad thing happens to the so called ‘ Me’ , is the Inferioriority Complex ( Heena Maana).This also can be analysed as neither nor status of a delusion (False Judgement)
When in the Deshana of Sasana Wansa Katha, is being sermonized to some specific people but a different group of listeners attained Arahantship. This is wise listening & not biased listening. In this way we can entertain Deshanas in Dhamma or any other talks etc ., etc. as a passer by & be a Universal beneficiary .
But with the opposite direction to the above mentioned,status our doubts get worse, rage gets worse, Saddha (Faith) declines, Reality gets delusional & as mentioned above , unwise status become personal leading disaster via ignorance.
Universally via nature & inborn wisdom or Clear Comprehension with or without expectations things can processively happen with the 6 senses & after a classification of good & bad the good becomes habitually our own. But in addition the bad side of the Classification also ignorantly hints personally at us. The reason being that the aspect of the thought process Always processively agree with the mind via Impermanance (No self )irrespective of the fact whether it is good or bad simultaneously agree with the mind.
Also in addition thinking of the 6 senses Mundanely & as an example if the sound to the ear is accepted as good or bad mundanely, & the Supermundanely & processively the acceptance of the sound only as a bare sound with no perception ( Sanna) attached to it, is achieved and in the same way , the thoughts to the mind also come on the same process Supermundanely.is realized
As such if the realization of the above mentioned Situation is not achieved the Dukkha ( Unsatifactoriness) is created for ourselves in every action & reaction.in our minds. The cause being the mind ignorantly & unawares accepts both good & bad .
Therefore the question is , How to escape such a Mind?.
This problem mentioned above is Universal & prejudiced to the unwise.
This is where Sathipattana or the 4 foundations of mindfull contemplation has to be dealt with. What Sathipattana teaches us is whether our thoughts are good or bad, Soft or tough. , Pleasant or Unpleasant, rough or smooth, to know them as they are with mindfulness,.or Sathi which is an Impartial Observation ( Apakshapathie Nirikshanaya)
What ever we get via 6 senses if we see it with Sathi Sampajanna ( Clear Comprehension) is the teaching of Sathipattana.
But then if we get distracted from one job to another then we have to give kind attention to the second job & come back slow & steady (home) to the first job & carried on accordingly is what is taught by Sathipattana.
When applying Sathi , becoming part & partial in our lives Sampajanna begins to creep in ( Clear Comprehension) also adopting the ideation of “ Do Not Take Everything Personally”
Without delusionally grabbing “ Why Me” all the time ,Noting that Something happened , something is happening, Seeing a Rupa ( A Picture) , or entertaining a Kilesha ( Defilement), Ceasing a Kilesha , etc. are detected with Sati Sampajanna, solving the problems of Confusion via Sathipattana
FollowingSathipattsna Contemplation via Sathi Sampajanna would be a specific solution to adopt in “ Do not take Everything Personally”.
Therefore the follower of Sathipattana also would cease the Samyojana the( Fetter). Of Heena Mana ( Inferiority Complex),
As such all objects subjectively via 6 senses would be realized as Impermanance leading to Sorrow & Noself (Anithya, Dukkha,Anathma) & final Nibbana.
Jinam Wandama Gotaman
Ven Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සතිපට්ඨාන භාවනාවේ දායාද
තරහ පාලනය
එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ගැටළු අතර ප්‍රධානම ගැටළුවක් තමයි තරහට බඳුන් වීම. තරහ ඒම හෝ තරහ ගැනීම සමාජය තුල බහුලව පේන්නට තියන පොදු ක්ලේශයක්. මේ වගේ ක්ලේශයකින් නිදහස් වෙන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද? අද දවසේ උපදේශය ඒ දේ ගැනයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට, ලෝක සත්ත්වයාව සසරට ඇද බැඳ තබන කෙලෙස් වර්ග තුනක් තියනව. එකක් රාගය. නැතිනම් ලෝභය කියලත් හඳුන්වනව. ඊළඟ එක ද්වේශය. ඊළඟ කාරණය තමයි මෝහය.
රාගය, එහෙම නැතිනම් ලෝභය කියල කියන දේ, මනසක පොඩ්ඩ පොඩ්ඩ, පොඩ්ඩ පොඩ්ඩ තිබිලා කාලාන්තරයක් තිස්සේ වැඩිලා, එහි උපරිමයට ගියාට පස්සේ, එක පාරටම එපා වෙලා යනව. හැබැයි ද්වේශයක ස්වභාවය ඔයිට වඩා හාත්පසින්ම වෙනස්.
ද්වේශයක් නැත්නම් තරහක් එකපාරටම වැඩි වෙන්න පුළුවන්. එක පාරටම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වුන සැනින් ඒ ඇති වෙන ද්වේශය හිතින් අයින් වෙන්නෙ නෑ. ඒක බොහෝම හෙමිහිට හෙමිහිට තමයි හිතෙන් බැහැර වෙලා යන්නෙ. මෝහය කියල කියන්නෙ රාගයක සහ ද්වේශයක එකතුවක් වගේ හරියට. ඒක හින්දා මෝහයක් ඇති වීමත් බොහෝමත්ම සෙමෙන් සිද්ධ වෙනව වගේම, මෝහයක බැහැර වීමත් බොහෝම සෙමිනුයි සිද්ධ වෙන්නෙ.
එතකොට එදිනෙදා ජීවිතයේදී සිද්ධ වෙන විවිධාකාර හැලහැප්පිලි වලට මුහුණ දෙනකොට, අපිට කෝපය ඇති වීම, තරහ ඇති වීම කියන කාරණයට ගොඩක් වෙලාවට තියන හේතුව තමයි, ඒ සිද්ධ වෙන දේ අපිට උවමනා විදියට සිද්ධ නොවීම. ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නෙ අපිට ඕන විදියට නෙවෙයි නම්, ඒ දේ ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය ලෝකයාගේ මනසේ තියන සාමාන්‍ය පුරුද්දක්. ඒ පුරුද්ද එළියට එන විදිහ ප්රකෝපයක් හැටියට හරි ප්‍රතික්ෂේප කිරීමක් හැටියට හරි වෙන්න පුළුවන්.
ප්රකෝපයක් හැටියට හෝ ප්‍රතික්ෂේපයක් හැටියට නැතිනම් තරහක් හැටියට ඒ දේවල් ප්‍රකට වෙන්නේ, ද්වේශයක් හැටියට තරහක් හැටියට තමන්ගෙ චිත්තාභ්‍යන්තරයෙ තියන අදහස වචනයක් වශයෙන් හෝ ක්‍රියාවක් වශයෙන් සාමාන්‍ය ලෝකයාට ගලාගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට බලන බැල්මක පවා ද්වේශය කියන දේ ආරෝපණය වෙලා තියෙන්න පුළුවන්.
තමන්ගේ ජීවිතේ ගත කරන ස්වභාවයට අනුව, ඒ ඒ කෙනා ඒ ඒ කාරණාවන්වලදී දක්වන ප්‍රතිචාරයට අනුව, ඒ ඒ කෙනාගේ තියන ද්වේශය ප්‍රකට වීම හෝ තරහ එළියට ඒම සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවකදි පින්වතුනි තරහක් ක්‍රියාත්මක වෙනකොට, තරහකින් කතා කරනකොට, තරහකින් වැඩක් කරනකොට, ඒ වෙලාවේදී සම්පූර්ණයෙන්ම ඒ කෙනාගේ පාලනය ක්ලේශය විසින් උදුරල අරගෙනයි තියෙන්නෙ. ඒ මොහොතේදී ඒ කෙනාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ක්ලේශය විසිනුයි. ඒ ක්ලේශය කියල කියන තරහා යොමු කරවන යොමු කරවන පැත්තට ඒ කෙනාව ඇදිල යනව.
ක්ලේශය අපේ හිතට බල කරනව නම් තරහෙන් කතා කරන්න, අනිවාර්යයෙන්ම තරහෙන් කතා කරනව. තරහෙන් බලන්න නම් අපිව පොළඹවන්නෙ, තරහෙන් බලනව. තරහෙන් වැඩක් කරන්න නම් අපිව පොළඹවන්නෙ, ඔව් තරහෙන් ඒ වැඩේ කරනව. තරහෙන් ඇවිදින්න නම් අපේ හිත අපිව පොළඹවන්නෙ ඒ වෙලාවේදී, ඔව් තරහෙන් ඇවිදිනව. මේ ආකාරයට ගත කරන ජීවිතය තුල හැම පැතිකඩක්ම ඒ මොහොත තුලදී ක්ලේශයේ ආරෝපණයට, නැත්නම් ක්ලේශයේ යටවීමට ලක් වෙනව.
මේ වගේ තත්ත්වයක් වුනහම, දේශනාවෙත් සඳහන් වෙන කාරණය තමයි එවන් වූ ක්ලේශයකට යට වෙච්ච වෙලාවකදී, තමන්ගේ යහපතත් අනිත් අයගේ යහපතත් කියන මේ දෙකම අමතක වෙලා යන එකයි. තමන්ගේ යහපතත් අනිත් අයගේ යහපතත් තමන්ගේ වටිනාකමත් අනිත් අයගේ වටිනාකම ආරක්ෂා කිරීමත් කියන මේ සියළුම කාරණා යටපත් වෙලා යනවා, අමතක වෙලා යනවා, ඒ දේවල් ප්‍රකට කරගන්නට නොහැකි තැනකට පත් වෙනවා ක්ලේශයේ බලපෑම නිසා.
එතකොට හිතට පැන නැඟිල තියන එවන් වූ ක්ලේශයක බලපෑමක් සිද්ධ වෙන්නට ප්‍රධානම කාරණාව හැටියට, ප්‍රධානම හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට හොරා ඒ ක්ලේශය ක්‍රියාත්මක වීමයි. මොකද්ද එතකොට මේ අපිට හොරා ක්ලේශය ක්‍රියාත්මක වෙනව කියල කියන්නෙ?
අපේ හිතේ තරහක් තියනවා නම්, දැන් මේ මොහොත තුල තමන්ගේ චිත්ත සන්තානයේ තරහක් තියන විත්තිය තමන් දන්නෙ නැතිනම්, ඔබ අපි දන්නෙ නැතිනම්, එහෙම නම් ඒ තරහට අපිව පාලනය කරන්න පුළුවන්කමක් තියනව.
සතිපට්ඨාන භාවනාවෙන් කියන දෙන ප්‍රධානම උපක්‍රමය තමයි, මේ මොහොත තුල තියන දේ හඳුනා ගන්න කියන එක. මේ මොහොත තුල තියෙන්නේ යම් දෙයක්ද, ඒ දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා මෘදු හෝ වේවා රළු හෝ වේවා මොකක් වුනත් කමක් නැහැ, ඒ තියන දේ මොකද්ද කියල හඳුනාගන්නටයි සතිපට්ඨානයෙන් අපිට කියල දෙන්නෙ.
ඉතින් මේ කියන මූලික අභිප්‍රාය තරහ සිතකටත් අපි දැම්මොත් එහෙම, තරහෙන් නිදහස් වෙන්න අපිට කරන්න තියන හොඳම උපක්‍රමය තමයි, තමන් දැන් තරහෙන් ඉන්න බව අවබෝධ කරගැනීම. තමන් මේ මොහොත තුලදී තරහකට නිමග්න වෙලා, තරහකට යට වෙලා ඉන්න විත්තිය අනුමත කරන්න පටන් ගත්තා නම්, අනුමත කළා නම්, තමන් මේ මොහොත තුලදී කතා කරන්නේ තරහෙන් කියල, තමන් මේ මොහොත තුලදී හිතන්නේ තරහෙන් බව තමන්ම අනුමත කළා නම්, තරහ අපිව පාලනය කරනවා වෙනුවට අපිට තරහව පාලනය කර ගන්න පුළුවන්කමක් තියනව. තරහව පාලනය කර ගන්න තැනට හසුරුවන්නට පුළුවන්කමක් තියනව, මොකද ඒ ක්ලේශය තවදුරටත් අපිට හැංගි හොරා, අපිට වහං වෙලා සිද්ධ වෙන දෙයක් නොවන හින්ද.
මේ මොහොත තුලදී තමන් තරහෙන් නම් ඉන්නේ, තමන් මනාකොට ඒ දේ අවබෝධ කළා නම්, ඔව් මම තරහෙන් ඉන්නෙ කියලා, ඒ ක්ලේශයට තවදුරටත් අපිව පාලනය කිරීමේ හැකියාව නැති වෙලා යනව. ඒක හරියට සොරෙකුට හැංගිලා ඉන්න තාක් කල්, සොරෙක් හැටියට ප්‍රකට නොවී ඉන්න තාක් කල්, ඒ සොරකම කරන්නට පුළුවන්කම තියනව. නමුත් සමාජයට එළි වුනාට පස්සේ, සමාජයට තේරුම් ගියාට පස්සේ මෙන්න මේ කෙනා සොරෙකුයි කියලා, නැවතත් එවන් වූ සොරකමක් කරන්නට ඒ කෙනාට නොහැකි වෙනව වගේම අපේ හිත ඇතුලෙ ඉඳල අපිව වංචනික විදියට රවට්ටන්නට තරහ කියන ක්ලේශයට නොහැකි වෙනවා අපි ඒ ක්ලේශය හඳුනා ගත්තට පස්සේ.
එහෙම වුනාට පස්සේ තරහ කියන සිතුවිල්ලත් අපිට පැමිණේවී. ඒ පැමිණෙන බව අපි දකීවී. තරහ සිතුවිල්ල අපේ හිතේ තියේවී. ඒ තියන බවත් අපි දකීවී. ඒ වගේම තරහ සිතුවිල්ල අපෙන් නිදහස් වෙලා යන බවත් අපි දකීවි. ඒ බවත් හඳුනාගනීවි. තරහකටත් තියන පොදු ලක්ෂණය තමයි ඇති වීමක් පැවතීමක් සහ නැතිවීමක් කියල කියන අවසානයක්.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Anger Management
No 41
Tharaha Paalanaya ( Anger Management), Meditation Instructions,Peaceful Dhamma In A Beautiful Morning, ( Arunalle Daham Sisila).
Gifts from Sathipattana.
One important problem in the Samsaric Life is Anger unawares.Getting angry in an unwholesome process or Creating Anger purposely, is a common Kilesha ( Defilement) is often noted in life.
What is the Solution for Anger Management is today’s topic of Discussion.
According to the Great Lord’s (Lord Buddha’s) Realization there are 3 unwholesome Main roots of Kileshas ( Defilements), namely Raga, ( Craving), Dwesha (Anger), Moha( Ignorance), as the source of all other Kileshas ( Defilements).
The main features of these 3 Defilements or Kileshas as mentioned above individually are as follows :- As such Greed or Craving, gradually reaches its depth, & May vanish by itself. But Dwesha or Anger processively acts differently such as , Anger can erupt Suddenly , Improve enormously, with no instantaneous cessation, but May adopt quite a slow process of Ceasing. In addition Mohaya(Ignorance) being the cause of both Raga & Dwesha ( Craving & Anger), is a slow process in Appearing ( Uppada), Existing(Thithi), Ceasing( Bhanga).
Anger is mostly in daily life happens according to a variety of causes & results which may be due to not achieving what one craves & Vice Versa facing what one likes or dislikes. This displaying of Anger to the public as Animosity, Rejection , or Annoyance, are what is settled in the mind as a Chiita Rupa ( A Mental Process), can be expressed verbally, In Action, or Even in an Angry Look.
According to the individual life style with reasons or otherwise , people’s actions & reactions,manage to show up their Anger to the public.
In such an above mentioned situation , one has lost his or her Anger beyond Control as cheated by the Kileshas (Defilements) & unawares one is dragged & kidnapped by the Kileshas ( Defilements). In this grave moment one is fully controlled by the Kileshas ( Defilements).
In talking, Looking, Acting, & Reacting, can easily manipulate Anger based by Kileshas ( Defilements).
In a situation as mentioned above , habitually one forgets the good qualities of the one & others. Also mainly due to the leadership of Kileshas. ( Defilements) one forgets the values of nature just as “Thunder struck by Lightening”.
What our Lord ( Lord Buddha) Sermonizes is that the above mentioned Kileshas ( Defilements), can escape our minds unawares leading to a Universal Unwholesome Disaster. Therefore what does unawares escapism of Kileshas ( Defilements Specially Anger Mean?)
The cause of this above mentioned problem means that one does not know there is Anger in action at the present moment of Viparinama or Changing due to lack of Sathi or lack of Mindfulness.
The main advise given by Sathipattana ( The 4 Foundations of Mindfulness),is to be aware of the present moment, along with its changing or ( Viparinama), a univesal factor in nature analysed by Lord Buddha , irrespective of the fact whether it is good or bad , rough or gentle, to note it anyway. Great Sathipattana Sutta worthy beyond expression sermonizes to be aware of the wholesome path to Nibbana.
As such if we accept the factual idea that we are in Anger at the present moment & also talking in Anger, Acting in Anger, we should be able to control Anger instead of Anger controlling us, because the recognition & wisely accepting of Anger as a Kilesha ( Defilement) both wholesome factors are important for us to take over the control of Anger.
As a mundane example it is like a robber when he or she is clearly sorted out of their robbing nature by the public they are immediately or gradually rejected.
In the same way by knowing the Kileshas ( Defilements) properly with Sathi and with Wisdom Via Sampajanna the Clear Comprehension having realized the unwholesome side of defilements , such as Anger, will never be entertained, by the recognition & realization of Anger & Other Defilements such as Craving , Anger , Sloth & Toper, Restlessness & Doubt on the Buddha Dhamma & Sangha ( Sceptical doubt). Kamacccanda, Vyapada, Theenamidda, Uddaccha Kukkuccha,Vicikiccha, Which appear as Uppada( Becoming), Thithi (Existing) & Bhanga(Ceasing)as a nature’s process.
Jinam Wandama Gotamang
Ven . Padiyatalawe Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ඔබගේ පාලකයා ඔබමයි
අපි ඇසුරු කරන සියළුම දෙයක්ම අපගේ වසඟයේ පවත්වන්නට, අපේ උවමනාව යටතේ තියාගන්නට, අපි බොහෝමයක් දෙනා කැමතියි. හැබැයි අවාසනාවකට ඒ කියන ඉලක්කය සම්පූර්ණ කර ගන්නට අපිටම නොහැකි වෙනව. මේ ලෝකෙ තියන දේවල් අපිට පාලනය කරගන්න බැරි තැනක පවතිනව. එහෙම තියන ලෝකයක මේ දේවල් පාලනය කර ගත්ත ඇත්තෝ සංසාර දුකෙන් අත්මිදෙනව. මේ සියළුම දෙයක්ම අපේ වසඟයේ පාලනය කරන්නෙ කොහොමද? අද දවසේ උපදේශය ඒ දේ ගැනයි.
සංසාර ජීවිතයක් ගෙවන ලෝක සත්ත්වයා නිරන්තරයෙන්ම විවිධාකාර අරමුණු ඔස්සේ හඹාගෙන යනව. එක් වෙලාවක රාගයක නැවතිලා ඉන්න, රාගයක් පසුපස්සෙ හඹාගෙන යන අතරම තවත් ක්ෂණයකින් ද්වේශයක් ඔස්සේ හඹාගෙන යන්න පුළුවන්. ඊළඟ මොහොතේදී මාන්නයකට යටපත් වෙන ඒ ඇත්තෝ තවත් වෙලාවක ලෝභයකට යටපත් වෙලා ඉන්න පුළුවන්.
මේ ආදී වශයෙන් ගන්නකොට ලෝක සත්ත්වයා රාග, ද්වේශ, මෝහ, මාන, උද්ධච්ච, අවිජ්ජා, ඊර්ෂ්‍යා ආදී කෙලෙස්වල ග්‍රහණයට නතු වෙලා එදිනෙදා ජීවිතේ ගෙවනව. කතාබහ කරන්නෙ මොකද්ද කියල නොදැන සැකෙන් යුක්තව කතා කරන්න පුළුවන්. තරහෙන් යුක්තව කතා කරන්න පුළුවන්. රාගයෙන් යුක්තව කතා කරන්න පුළුවන්. මෝහයෙන්, මුලාවෙන් යුක්තව කතා කරන්න පුළුවන්. කරන වැඩේ මොකද්ද? මේ වැඩේ කරනකොට ඇති වෙන ප්‍රයෝජනය මොකද්ද? කියල නොදැන මෝහයෙන් වැඩ කරන්න පුළුවන්. මානයෙන් වැඩ කරන්න පුළුවන්. උද්ධච්ඡයෙන් වැඩ කරන්න පුළුවන්. වෛරයෙන් වැඩ කරන්න පුළුවන්. පලි ගැනීමේ චේතනාවෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම වැඩ කරනව.
මේ හැම දේකම තියන අවසාන ප්‍රතිඵලය තමයි, තමන් හිතුවට තරහ ඔස්සේ හෝ මාන්නය ඔස්සේ හෝ තමන්ට වැඩිපුර දැනෙන ඒ ක්ලේශය ඔස්සේ ගිහිල්ලා ඒ බලාපොරොත්තු වෙන ඉලක්කයට, අරමුණට යා ගන්න උවමනාකම තිබ්බා වුනාට, ඒ අරමුණට යා ගන්න කලියෙන් ඒ කෙනා විනාසයට පත් වෙනව. කොහොම හෝ ආකාරයකින් එවන් වූ අරමුණක් සාක්ෂාත් කර ගත්තොත් එහෙම, ඒකෙන් ලැබෙන දුක් විපාකය, අතුරු විපාකය, තමන් අතින් සිද්ධ වෙච්ච වැරැද්දටත් වඩා සිය දහස් ගුණයක ප්‍රතිශතයකින් ඒ කෙනාටම ආයෙත් හම්බ වෙනව. මේ හැම දේකම යටපත් වෙලා යන ලෝක සත්ත්වයා නිරන්තරයෙන්ම දුකක් බුක්ති විඳිනව. කායිකව සහ මානසිකව දුකක් බුක්ති විඳිනව.
ඒ දුකේ ඇලී ගැලී වාසය කරන්න ප්‍රධානම හේතුව තමයි, හිතට නැඟෙන ක්ලේශය, හිතට නැඟෙන අරමුණ මොකක් හෝ වේවා ඒ අරමුණට යට වීම. ඒ අරමුණ තණ්හාවෙන් යුතුව අල්ලා ගැනීම.
උදාහරණයක් හැටියට කියනව නම්, හිතට නැඟුනේ සැකය නම්, සැකෙන් හිතන්න කැමති වෙනව. සැකයට පෙම් බඳිනව. හිතට නැඟුනෙ තරහක් නම්, තරහෙන් වැඩ කටයුතු කරන්න, තරහෙන් කතා කරන්න, තරහෙන් බලන්න, තරහෙන් ඇවිදින්න, තරහෙන් හිතන්න පෙළඹෙනව. තරහට පෙම් බඳිනව. හිතට නැඟුනේ මෝහයක් නම්, මුලාවක් නම්, මාන්නයක් නම්, මාන්නයෙන් යුක්තව කතා කරන්න, මාන්නයෙන් යුක්තව වැඩ කටයුතු කරන්න, මාන්නයෙන් යුක්තව බලන්න, මාන්නයෙන් යුක්තව හැසිරෙන්න උත්සාහ කරනව, පෙළඹෙනව. මාන්නයට පෙම් බඳිනව. මාන්නය තණ්හාවෙන් අල්ලගන්නව.
මේ හැම තැනකම තියන, අපිව මේ ගැටයට තල්ලු කරල දාන ධර්මතාවය තණ්හාවයි. මේ තණ්හාවත් ඇත්තටම කියනව නම් එක්තරා උද්දීපන මට්ටමක් වගෙයි කියල කියන්න පුළුවන්. අපිට තියන අවශ්‍යතාවය, අපිට තියන අරමුණ, ක්‍රියාත්මක කර ගන්න හිත ඇතුලෙන්ම හදල දෙන ශක්ති විශේෂයක් වගෙයි හරියට. ඒක හින්දම තමයි ධර්ම මාර්ගය තුල ක්‍රියාත්මක වෙද්දී, ධර්ම මාර්ගය වඩාගෙන යද්දී, පුරුදු කරගෙන යද්දී, ඔය තණ්හාව කුසලච්ඡන්දය හැටියට හඳුන්වන්නෙ. මේක එක හා සමාන ධර්මතාවයක්.
මුලින් අපේ හිතට නැඟිච්ච අකුසලය, අකුසල අරමුණ, අපි හඳුනා ගත්තෙ නැති වුනාම, ඒ අරමුණ අපි ගාව ප්‍රතිෂ්ඨාපනය වුනාම, හිත විසින් එයාට යම්කිසි වූ විදියකට තල්ලුවක් දෙනවා ඒ අරමුණ ක්‍රියාත්මක කරවන්න. හැබැයි අපි හඳුනා ගත්තෙ නැහැ සිහිබුද්ධියෙන් යුක්තව. ඒක හින්දයි තරහෙන් යුක්තව කතා කරන්නෙ. ඒක හින්දයි මාන්නයෙන් යුක්තව වැඩ කටයුතු කරන්නෙ ආදී වශයෙන් කෙලෙස්වලට යට වෙන්නෙ.
හැබැයි ඔය පැත්තම තමයි අනිත් පැත්තට පෙරල ගන්න වෙන්නේ. අපිට නැඟෙන ක්ලේශය හඳුනා ගත්තා නම්, අපේ පාලනය ක්ලේශයට නතු නොවී අපේ බලධාරීත්වය අපිට ගන්න පුළුවන්කම තියනව. තමන් මේ වෙලාවේදී යම්කිසි වූ ක්ලේශයකට යට වෙලයි කතා කරන්නෙ හෝ වැඩ කරන්නෙ හෝ ඉන්නෙ කියන දේ හඳුනා ගත්තා නම්, ඒ ක්ලේශය තේරුම් ගන්නට ඒ ක්ලේශයෙන් නිදහස් වෙන්නට අපිට අවස්ථාවක් තියනව.
නමුත් මුලින් නම් අපේ බලධාරියා, අපේ පාලකයා වුනේ ක්ලේශයයි. ඒ ක්ලේශයට තණ්හාවෙන් ලැබුනු තල්ලුව හින්දා, ක්ලේශයට පෙම් බැඳපු හින්දා, ක්ලේශය වර්ධනය වුනා. ඒ වර්ධනය වෙච්ච ක්ලේශය හින්දා අනන්ත අප්‍රමාණ දුකකට බුක්ති වින්ඳා. නමුත් ක්ලේශය හඳුනා ගත්ත ගමන්ම, ඒ ක්ලේශය හඳුනා ගැනීමේ ඇසිල්ලේ ඉඳලම, ඒ ක්ලේශය හඳුනා ගැනීමේ සති මාත්‍රයේ ඉඳලාම, අපේ නුවණ වැඩෙන්න පටන් ගන්නව. එතකොට අර ක්ලේශයට වර්ධනය වෙන්නට පාර කියාපු තණ්හාව, කුසලච්ඡන්දය හැටියට අපිට යහපත පෙන්නන්න පාර පෙන්නනව.
ක්ලේශය විසින් පාලනය කරපු අපිව අපේ පාලනයට ආපහු අරගෙන එනව. අපි හඳුනා ගන්නවා අපිට දැන් මොකද වුනේ? මොකද වෙලා තියෙන්නෙ? කියල. තමන්ට මේ කියන විදියට හැසිරෙන්නට හෝ මේ කියන විදියට ජීවිතය පවත්වන්නට තමන්ව මෙහෙයවුවෙ මොකද්ද? කියල අපිම හඳුනා ගන්නව. අපිම අවබෝධ කරනව. අපිම තේරුම් ගන්නව.
ඒ තේරුම් ගත්තට පස්සෙ අපිට දුක අවබෝධ වෙන්න වුනහම, ඒ දුකේ ආරම්භය කොහෙදිද සිද්ධ වුනේ කියලා අපේ මතකය අපිට කියා දේවි. ඒ දුකේ ආරම්භය ඒ විදියට තිබ්බහම, ඒ ඇති කර ගත්ත ක්ලේශය වර්ධනය වීම තුලින් අපිට කොච්චර නං දුකක් ඇති වුනාද? අපි කොච්චර නම් දුකක් බුක්ති වින්දද? හෝ සමාජයට නැත්නම් බාහිරට අපි කොච්චර දුකක් ගෙනල්ල දුන්නද? කියල මෙනෙහි වෙන්න, තීරණය වෙන්න, තේරුම් යන්න අපි ඉගෙන ගන්නවා, මෙච්චර දුකකට හේතු වුනේ මම ක්ලේශයට පෙම් බැඳපු හින්දයි කියල. එහෙම හඳුනා ගත්තට පස්සේ ඒ ක්ලේශයෙන් වහා අත් මිදෙන්නට කටයුතු කරන්නට පටන් ගන්නව. අපේ පාලනය අපි යටතට ගන්නව.
ඒ පාලනය කරන ස්වභාවය තුල ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයේ කාරණා අට තමන්ගේ ජීවිතයට සිදු කරගන්නා බවක් තියේවි. තමාව මනාකොට පාලනය කර ගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුල සිදු වෙන සියළුම කාරණාවන්වලට, තමන්ගේ ජීවිතයට මුහුණ දෙන්න වෙන සියළුම කාරණාවන්වලට ඉදිරියෙන් තියාගන්නා වූ එකම එක මෙවලම වෙන්නේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය පමණයි. ඒ අනුව කටයුතු කරන්න පටන් ගන්නවා තමන්ට තේරෙන තේරෙන ආකාරයෙන්.
උදාහරණයක් හැටියට කියනව නම්, කතා කරන්නෙ වචනයක් නම් යහපත් වූ වචනයක් කතා කරන්න පටන් ගන්නව. කරන්නෙ වැඩක් නම් යහපත් වූ වැඩක් කරනව. කරන්නෙ වෑයමක් නම් යහපත් වූ විදියට වෑයම කරනව. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න වුනාම ක්ලේශය විසින් පාලනය කරපු අපේ ජීවිතය, අපේ ලෝකය, අපේ ආත්මය අපි විසින් පාලනය කරන්න පටන් ගන්නව, ක්ලේශය හඳුනා ගැනීම තුලින්. අපේ ගෞරවය රැකගෙන, අනිත් ඇත්තන්ගෙත් ගෞරවය රැකගෙන, අපේ වටිනාකම ඉතුරු කරගෙන, අනික් ඇත්තන්ටත් වටිනාකමක් දීලා, අපිට ගත කරන්න පුළුවන් වන විදිහේ හොඳම ජීවිතය ගෙවන්න පටන් ගන්නව, තමාව රැක ගන්න හින්ද.
හිත රැක ගන්න හින්ද.
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Real Leader
No 42
U are responsible for Urself( The Real Leader)( Obage Paalakaya Obamai),Meditation Instructions, ( Arunalle Daham Sisila), Peaceful Dhamma In A Beautiful Morning.
What & Whom do we ever associate with to keep them under our (Thumb) is our Great Liking,but unfortunately this above mentioned need is beyond our reach.
All Universal things & beings are beyond our control. The only way to control the above mentioned Castes & Creed lead to the realization of Dukkha, which is the Noble Truth Of Suffering, The Cause Of Sufffering , the Cessation Of Suffering& the path leading to the Cessation Of Suffering.
Today’s Sermon is the realization of the Path leading to Effort, Bodily Action, Mind, Speech, Hearing, Sight, Smell , Taste & Touch.In short the realization of the Control of the Six Senses, pertaining to the Salayathana Vibhanga Sutta.
We who lead the Samsaric Journey, are involved in a variety of Subjective objects continuously. This continuity often sways between Craving & Anger,( Raga, Dwesha).
In addition we also can entertain Pride & Greed in accordance With, Craving, Anger ., Ignorance,delusion, Jealousy,& Anxiousness & Worry (Raga, Dwesha , Moha, Maana, Uddaccha, Avijja Eershya),
Being totally unawares with no Sathi we can let out speech of Anger, Doubt,Craving, & Ignorance.
Even in Action,we can let it out unawares of the bad Veg mental & Physical actions via ignorance (Moha)., Anxiety & Worry (Uddaccha)., Anger & Revenge(Tharaha & Paliganeema).,and yet the action is displayed as a process.
The end result of all these above mentioned actions & Reactions after getting dominated via all the previously mentioned Kileshas ( Defilements), or even being dominated by one single Kilesha the intended good aims of the genuine actions get destroyed.
Supposing such an action or reaction gets fulfilled, with preoccupation of Kileshas the end result of the above mentioned tasks could be unsatisfactory.
We with such above mentioned ignorance often suffer with Dukkha, Physically & Mentally. The cause for this Dukkha being the Clinging ( Upadana) to the Kileshas ( Defilements) which went through the mind, unawares leading to an example of -/kilesha which is a doubt , we get attached to it inseparably,if it is anger we think, talk,& even look via Anger, by clinging to it. If it is Moha(Ignorance),we exhibit the characteristics as mentioned above, if it is Maana, we exhibit the characteristics of Pride,by clinging to Pride.
We get pushed to all these characteristics of Kileshas as mentioned above by such as Craving ( Thanha),the most influential of the lot. Thanha has the special
stamina ( Shakthi Viseshaya),as defilement ( Kilesha), to push through the objective mind.
This is why Thanha the Craving is recognised as a teacher of Dhamma ( Kusalacchandaya)
Or the teacher of the Philosophical nature.
At first when we do not understand or not realize the Kilesha we get pushed in our minds to be in it till it is sorted out. That is why we unawares keep on acting on the defilimental idea , which later we get a processive realization of the good (opposite)side of the defilement, with the sacred achievement of Reality developing Sathi Sampajanna ( Clear Comprehension)
But beforehand the Kilesha was our mind leader due to which with the help of the stamina of Thanha ( Also An influential defilement) we embraced a period of unwholesomeness.
But from the very moment we realized the cessation of the Kilesha (Defilements) , Sati took over to develop our wisdom. Hence the path shown by the understanding to dwell in Kilesha in order for the realization of cessation via Viparinama ( Changing Process),namely Kusalacchandaya directs us correctly to our processive wholesome mindfulness.
We who were governed by Kileshas now gets governed by us as a process. Now we get the realizational reality of the whole past due to the ultimatum of our processive wholesome effort( Samma Vayama) the 6th of the Noble Eighthfold Path.
With this realization as mentioned above we will be able to advance ourselves to the beginning , the middle, & the End of any wholesome Process.
By this processive realization we begin to understand how much the public & us suffered owing to presence of Kileshas ( Defilements), and to get them under our guidance which becomes a wholesome Path.
With this processive guidance as mentioned above, the Noble 8th fold path could be understood as (1) Morality ( Seela ) , Concentration(Samadhi), Wisdom ( Panna).led by Samma Ditthi the right understanding of the 4 Noble Truths the universality of suffering ( Unsatisfactoriness) its Origin, & its Cessation & the path leading to the Cessation which is the only path the (Magga) to Nibbana, to be practised with the guidance of the Noble 8th fold path to the utmost ability & effort to descipline processively to govern the Kileshas instead of the Kileshas governing us, which also maintains the dignity of ( Ajjatta, Bahiddha) internally & externally with Sati Sampajanna ( Clear Comprehension)leading to a Supermundane existence.
Jinam Wandama Gotaman
Ven Padiyatalawe Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම
අතීතයේ සිරකරුවා
උදේට පායන ඉරක් හවසට බැහැල යනව වගේ, එක හා සමාන විදිහේ ක්‍රියාවලියක් අපේ ජීවිතේට තියනවා කියලා උදාහරණයකට අහල තිබුනට ඒ වගේ පායපු ඉරවල්, බැහැල ගියපු ඉරවල් රාශියක් අපි පහු කරල තියනව. මේ ඇවිල්ල තියන ගමන දිහා බලනකොට අද වෙනකොට ඉන්න කෙනා, ඊයෙ ලබාපු අත්දැකීමෙන් ආපු කෙනෙක් හැටියටයි බණ පොතේ සඳහන් වෙන්නෙ.
නමුත් අපි බොහෝ දෙනෙක් ඊයෙ ලබාපු අත්දැකීමෙන් අද සාර්ථකත්වයට පත් වුනා කියන තැනට වඩා බොහෝමයක් වෙලාවට අපේ හිතේ රැඳෙන දේ තමයි, අතීත සිදුවීම්වල අපි සිරකාරයෙක් කියන දේ. මේ අතීත සිදුවීම්වල ග්‍රහණයට හසු වීමෙන් වළකින්නෙ කොහොමද? අද දවසේ මාතෘකාව ඒ දේ ගැනයි.
ඇස, කන, නාසය, දිව, කය, මනස කියන අරමුණු ඔස්සේ ලෝක සත්ත්වයා වන ඔබත් මමත්, අපිට බාහිරව තියන සහ අපිට අභ්‍යන්තරව තියන දේවල් ගැන හඳුනාගැනීමක් ඇති කර ගන්නව. ඒ කරන හඳුනා ගැනීම් හෝ ඒ මුණ ගැහෙන, මුලිච්චි වෙන දේවල් සමහර වෙලාවට අපිට සංතෝසයක් ගෙනැල්ල දෙනව වගේම සමහර වෙලාවල්වලට සංතෝසයක් ගෙනැල්ල දෙන්නෙ නැහැ. අපේ ජීවිතේට මුණ ගැහෙන, ළඟා වෙන බොහෝ අත්දැකීම් සමහර කාලවලදී අපිව පහතට හෙළන්නට, අපේ ගමන අහුරුවන්නට හේතු වෙන බවකුයි ගොඩක් වෙලාවට තේරෙන්නෙ.
ඒ වගේම තවත් වෙලාවකදී අපේ ජීවිතයට සිද්ධ වෙන ඒ අත්දැකීම් අපේ ජීවිතයට පන්නරයක්, හයියක් වෙලා, ජීවිතය ජය ගන්නට පාර කියා දෙන්නටත් පුළුවන්. මේ දෙකේ පරතරය කොහොමද තියෙන්නෙ?
සාමාන්‍ය මනුෂ්‍ය මනස කියන දේ ක්‍රියාත්මක වෙන ආකාර දෙකක් තියනවා. එකක් හොඳ පැත්තට, අනිත් එක නරක පැත්තට. දේශනාවේ සඳහන් වෙන හැටියට එකක් සම්මා පැත්ත. අනිත් එක මිත්‍යා පැත්ත. සම්මා හෙවත් යහපත් වූ පැත්තට හිත නැඹුරු වෙලා තියන තාක්කල්, අපිට සිද්ධ වෙන සියළුම අරමුණු, අපි ලබාගන්නා වූ සියළුම අත්දැකීම්, යහපත් වූ දෘෂ්ටි කෝණයකින් දකින්නට ඒ කෙනා පෙළඹෙනව.
නමුත් යම් විදියකට හිත අයහපතට නැත්නම් මිත්‍යාවට බර වෙලා තියනව නම්, එවන් වූ වකවානුවකදී ලබා ගන්නා වූ සියළුම අත්දැකීම්, දැන හැඳින ගන්නා වූ සියළුම අරමුණු, අයහපත් හෝ මිත්‍යා හැටියට හිතෙහි තබා ගන්නට, සිතෙහි දරාගන්නට ඒ හිත පෙළඹෙනව.
කාරණාව තියෙන්නේ පෘථග්ජන කියන මානසිකත්වයට අදාල ලක්ෂණය තමයි, කරුණු කාරණා හෝ සිද්ධ වෙන අත්දැකීම් ස්ථිර හැටියට ගන්න එක. පෘථග්ජන වූ මනස තමන්ට සිදු වෙන අත්දැකීම් ඒකමයි, ඒ විදියටමයි ආදී වශයෙන් ස්ථිර සංඥාවකින්, ස්ථිර අදහසකින් ගන්නවා විනා, පෘථග්ජනභාවයෙන් නිදහස් වෙච්ච ආර්ය වූ කෙනෙක් දකින ආකාරයට නෙවෙයි ඒගොල්ලො දකින්නෙ.
ආර්යත්වයට පත් වූ මනසක ස්වභාවය, ඒ සිද්ධ වෙච්ච සිදුවීම හෝ අත්දැකීම හෝ ඒ හඳුනා ගත් දෙය සදාකාලිකවම ස්ථිර හැටියටම පවතිනවා කියන අදහසින් බැහැර වෙලයි ඒ අදහස තේරුම් ගන්නෙ. සරල උදාහරණයක් හැටියට ගත්තොත්, යම්කිසි කෙනෙක් මොකක් නමුත් වැරදි වැඩක් කලොත් හෝ වැරදි කතාවක් කිවුවොත් පෘථග්ජන මනස හිතාගන්න විදිය තමයි මේ කෙනා හැමදාම කියන්නෙ වැරදි කතාමයි, මේ කෙනාගේ ස්වභාවය සකස් වෙලා තියෙන්නේ වැරැද්දක් කියන හැටියටමයි හෝ වැරදි කරන හැටියටමයි කියලා ස්ථිර අදහසකට යනව.
නමුත් ආර්ය ස්වභාවයට නැත්නම් ධර්මානුකූල වූ විදියට තේරුම් බේරුම් ඇති කරගන්න කෙනා යම්කිසි කෙනෙක් වැරැද්දක් කලොත්, අවැඩක් සිදු වුනොත්, "ඔව් ඒ කෙනාගේ අතින් ඒ වෙලාවේදී, ඒ අවස්ථාවේදී වැරැද්දක් වුනා හෝ අවැඩක් වුනා" කියන අදහසට යනවා විනා ඒ කෙනාගේ ජීවිතය වැරදි ජීවිතයක් හැටියට හෝ ඒ කෙනාගේ සම්පූර්ණ වූ ගති පැවතුම්වල තියෙන්නෙ වැරදි වූ ස්වභාවයක්මයි කියල කියන ස්ථිර වූ දහසට හෝ ලේබල් එක අමුණන්නට උත්සුක වෙන්නෙ නැහැ. ඒක තමා ආර්ය ස්වභාවයෙ තියන ඇත්තන්ගෙ ලක්ෂණය.
පෘථග්ජන මනස තුල නැත්නම් අයහපතෙහි හිතන මනස තුල, මිත්‍යාවෙහි ජීවත් වෙන මනස තුලට හෝ ඒ කෙනාට ලැබෙන අත්දැකීම් එයා දන්නෙ, හඳුනාගන්නෙ හෝ දරාගන්නෙ ස්ථිර හැටියට හින්දා, අතීතය තුල සිද්ධ වෙච්ච ගැටළුවක් තියනවා නම්, කරදරයක් තියනවා නම්, ප්‍රශ්නයක් තියනවා නම්, ඒ කෙනා තවමත් මෙනෙහි කරන්නේ ඒ කරදරය තියන හැටියටමයි. අනාගතයටත් ඒ විදිහේ කරදරයක් සිද්ධ වෙයි කියලාමයි.
නමුත් ජීවිතය තුල තියන අනිත්‍ය වූ ස්වභාවය, ස්ථිර නැති අස්ථිර වූ ස්වභාවය හඳුනා ගත්ත කෙනා අතීතය තුල සිද්ධ වෙච්ච කාරණය අතීතයට භාර දීලා වර්තමානයට මුහුණ දෙනව සතුටින්. අතීතය තුල වහලෙක් වෙන්න යන්නෙ නැහැ. අතීතයෙන් ලබාගත්ත පන්නරයෙන් ආදර්ශයක් අරගෙන වර්තමානය සකස් කරගන්නව, එතකොට එයාගෙ අනාගතය සාර්ථකයි.
අපේ ජීවිතේ තියන වැදගත්ම කොටස ගොඩක් වෙලාවට බොහෝ අයට හිතන්නේ අතීතය ගැන පසුතැවිලි වීම හෝ අතීතය ගැන මෙනෙහි කර කර ඒ අතීතයෙන් ලබාපු අත්දැකීම් වලට ප්‍රතිඋත්තර සපයන්නට හෝ ඒවාගේ වාඩුව ගන්නට උත්සාහ කරන එකයි කියලයි. නමුත් තමන්ට අතීතය තුල සිද්ධ වෙච්ච දේ හෝ තමන් අතීතය තුල සිද්ධ කරපු කාරණය නෙවෙයි වැදගත් වෙන්නේ, තමන් මේ වර්තමානය තුල මොකද්ද කරන්න යන්නේ, තමන් අනාගතය තුල මොන කෙනෙක් බවට පරිවර්තනය වෙන්නද යන්නෙ කියන එකයි වැදගත් වෙන්නෙ.
අතීත කාරණාව අතීතයට දීලා වර්තමානය තුල ඒ අතීත කාරණාව මෙනෙහි නොකර ඉන්නවා නම් අතීතයට අතීතය හැටියට තිබෙන්නට ඉඩ හරින්නට අපිට පුළුවන්කම තියනවා. නමුත් ඒ අතීත කාරණාව වර්තමානය තුල නැවත නැවත මෙනෙහි කරන්නට මෙනෙහි කරන්නට, නැවත නැවත උළුප්ප උළුප්පා හිතන්නට, කල්පනා කරන්නට වුනාම, ඒ අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම අතීතයේ නැවතිලා නැහැ. අපි ඒක අරගෙන ඇවිල්ල තියනවා වර්තමානයටත්.
ඒ පුරුද්ද නම් තියෙන්නේ එයා අනිවාර්යයෙන්ම එයාගෙ අනාගතයටත් ඒ දේ අරගෙන යාවි. අතීතයේ වහල්කමෙන් අපි මිදෙන්නේ, අතීතයේ සිරගෙදරින් අපි මිදෙන්නේ, අතීතයට අතීතය වගේ ඉන්න දීලා වර්තමානය තුල අපිට සැරිසරන්න පුළුවන් යහපත් වූ ජීවිතය ගත කරන්න වුනාමයි. අතීත අත්දැකීම හෝ අතීතයේ සිද්ධ වෙච්ච ඒ කාරණාවල් නැවත නැවත මෙනෙහි කර කර, කල්පනා කර කර, දුක් වෙන එකට, පසුතැවිලි වෙන එකට වඩා වැදගත් වෙන්නේ වර්තමානය තුල තමන් මොන ආකාරයෙන්ද ජීවත් වෙන්නේ, මොන විදියට ජීවත් වුනොත් හොඳද, අනාගතයේදී තමන් කොයි විදිහේ කෙනෙක් හැටියට ජීවත් වුනොත්ද කියල හිතන එකයි වඩාත්ම වැදගත් වෙන්නේ.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Prisoner in the Past
No 43
(), Atheethaye Sirakaruwa,( Meditation Instructions), Peaceful Dhamma In A Beautiful Morning, ( Arunalle Daham Sisila), Cleansing The Mind.
Although there is an example heard such as A Processive Quality of the Rising Sun & The Setting Sun, in our lives , this had happened many a time in our Samsaric Journey.
Considering this way of life, the Dhamma ( The Philosophy Of Nature Analysed by Lord Buddha), considers this Samsaric Journey as a processive ( Kriya Waliyak) continuation of a causation in day to day happening of the so called nature.
But the majority of us get attached to the past happenings with likes & dislikes, by clinging on to them ( Upadana), as a never ending detention. By mindfully learning to accept the past , as only a mind status, ( Chitta Rupa), depicting an empty mind in deep wisdom of insight Meditation (Vipassana),we can cleanse our past thoughts. The slight difference in Vidarshana although they go interchangeably together with Vipassanna is that Vidarshana is exploring the mind & Vipassana is leading to realize the No ME with no clinging by not dwelling in the objective thought process.
THE TOPIC TODAY IS A BETTER EXPLANaTION OF. CLEANSING THE MIND.
As such we usually get a deep recognition ( Sanna), A perception ( One of the 5 Aggregates of our Pancha Upadanaskandha with internal (Mano) & external objects received via 6 senses, which are likeable or dislikeable. Although sometimes we recognize these perceptions as dislikeables, they can lead to success, so then what is the difference between these 2 Likeable & Dislikeable perceptions ( Sanna)?
In the event there are 2 ways of mind acting as good & bad namely the good (Samma) & the Bad(Mithya)are processed accordingly.
We via Samma tend to lead to the right path in every task Verbally & in Action & Reaction , where as we tend to lead the wrong path via Mithya verbally & in every action & reaction, as well as experiences of every aspect in our Samsaric Journey.
In Mundane life we always adopt a ( Sanna), a perception of permanency ( Nithya Sanna), in all our experiences, but rarely accept the experiences in a Supermundane level ( Anithya Sanna) to escape from the Mundane (LoKiya) existence.
The quality of a Supermundane mind is always in acceptance with the change ( Viparinama ).
As an example if we make a mistake verbally, or in action or Reaction, the mundane mind always labels the mistake as never to be changed to good or a Supermundane level.
But in accordance with Dhamma ( The nature’s Philosophy), the acceptance of the mistakes done in the past are limited to the past & not for life long , we can forget & forgive them.
Because of the Mundane or the ( Mithya) mind the experiences are always adopted with Nithya Sanna or a Permanant Situation, which therefore the past becomes existing in the present & the future.
But if we realize the Impermanancy (Anithya), of our Samsaric Journey , we easily forget & forgive the past good & bad in both ways & try io be in the ( Also Changing ) present moment. Hence we use the past as WISE. ATTENTION ( Yoniso Manasikara), to correct the present & the Future.
We usually give importance to the past, by assuming the fact of excusing the past by looking for various remedies to cease the past memories. But the importance should be correctly given to the present moment’s changing nature of existence leading to the realization of a successful changing future. The best aim should be to forget the past as non existing via Vipassana Contemplation.
By not practising a Vipassana contemplation (as a explanation given at the very beginning of the Deshana),we only cling to the past, ( as upadana) as a cause of Dukkha “ Pancha Upadanaskandaa Dukkha”. Sermonized by Lord Buddha as the 4 Noble Truths, Dukkha, the Cause of Dukkha, the Cessation of Dukkha & the Path Leading to the Cessation of Dukkha, which is the Noble 8th fold Path.
Therefore it is best to forgive & forget the past & be in the present changing moment leading to the future ( Also changing),by being aware & acceptance of the Universal Change in the Samsaric Journey via Vipassana Contemplation being a way of self transformation,through self observation leading to no self by focussing on the deep interconnection between mind & body , continuously conditioning the existence of the mind. With the help of
always domineering with Sathi & Sampajanna Clear Comprehension leading us to Final Nibbana would be the end of our Sansaric Journey.
Jinam Wandama Gotaman
Ven Padiyatalawe Medavi Thero.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
අසීමාන්තික චින්තනය
මේ ලෝකෙ ජීවත් වෙන කවුරුත් කල්පනා කරන්න, හිතන්න රුසියෝ. තමන් තනි වෙච්ච වෙලාවක හරි ඒකාකාර විදිහේ වැඩක් කරන්න යෙදුනු වෙලාවක හරි එක එක ස්ථානවලට හෝ ප්‍රදේශවලට ගොනු වෙච්ච වෙලාවට හරි කල්පනා කරන එක, හිතන එක, දවල් හීන දකින එක ලෝකයාගේ සාමාන්‍ය පුරුද්දක්.
හැබැයි මේ කල්පනා කරන ස්වභාවයන් කාලෙන් කාලෙට වෙනස් වුනාට, ඒ කල්පනා කරන රාමුව බොහෝ දුරට එක හා සමානයි, ඒකාකාරයි. දුක කියල කියන සනාතන ධර්මතාවයට මුහුණ දෙන ලෝකයා ඒ දුකෙන් නිදහස් වෙන්න කල්පනාවක පිහිට පතනවා. කායිකව ලබා ගන්න බැරි විදිහේ තෘප්තිමත් භාවය මානසිකව සලසා ගන්නට සිතුවිල්ලෙන් හෝ උත්සාහ කරනවා. හැබැයි එක තැනක කැරකීමක් තියෙන්නෙ. මේ ඒකාකාරී වෙච්ච, සීමාසහිත චින්තනයෙන් නිදහස් වෙන්නෙ කොහොමද? අද දවසේ උපදේශය ඒ දේ ගැනයි.
එක්තරා දවසක හොඳට අතපය තියන පුද්ගලයෙක් තමන්ගෙ ජීවිතේ දිහා හිතල බලල කලකිරීමකට ලක් වෙනවා. තමන් බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට, තමන් බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න බැරි වුනා කියල. එහෙම හිතලා මෙයා කල්පනා කරනව මෙයාගෙ ජීවිතේ නහගන්න ඕන කියල. මහා කන්දක් උඩට යනව ඒ කන්දෙන් පල්ලට පනින්න බලාපොරොත්තුවෙන්.
කන්දෙන් පල්ලට පනින්න ඔන්න මෙන්න තියනකොට පේනවලු මෙයාට, පල්ලෙහා තව කවුරුහරි කෙනෙක් කඳු පාමුල නට නටා ඉන්නව. හැබැයි තව ටිකක් හොඳට විපරම් කරල බලනකොට පේනවලු, ඒ නට නටා ඉන්න මනුස්සය අත් දෙකක් නැති කෙනෙක් කියල. මෙයාට හිතුනලු,
"මේ මට අත්දෙකකුත් තියාගෙන මං නටන්නෙ නෑ. මේ මිනිහ මේ අත් දෙකකුත් නැතුව නටන්නෙ ඇයි කියල කෝ පොඩ්ඩක් බලන්න ඕන"
කියල කන්දෙන් පනින එක පැත්තකින් තියනකං කන්ද පල්ලම් බැහැල අර මනුස්සය ගාවට යනවලු. ගිහිල්ල අහනවලු,
"මොකද දැන් ඔය නටන්නෙ?"
එතකොට අර අත් දෙකක් නැති මනුස්සය කියනවලු,
"ඔහෙත් මේ මාර කතාවක් කියන්නෙ. මං මේ නටනව නෙවෙයි. මේ ඇඟේ වහන මැස්සොයි මදුරුවොයි එළවගන්න බැරුවයි මං මේ දඟලන්නෙ" කියල.
මේක එක්තරා උපමා කතාවක්.
අපේ ජීවිතේ පින්වතුනි බොහෝමයක් අවස්ථාවන් වලදී, අපි හිතන පතන ස්වභාවය තුල තියෙන්නේ අපිට නොලැබී යාම් හෝ අපි නොලද දේවල් මිසක අපි ලබාපු දේවල් නෙවෙයි, අපිට තියන දේවල් නෙවෙයි. අපි හැමදාම වගේ කල්පනා කලේ, මතක් කලේ, මෙනෙහි කලේ, පශ්චත්තාප වුනේ, ශෝක කලේ අපිට නොලැබිච්ච, අපිට අහිමි වෙච්ච, අපිට බැරි වෙච්ච, අපිට පාඩු වෙච්ච, අපිව පල්ලෙහාට ඇදගෙන වැටිච්ච හෝ අපිව පල්ලෙහාට ඇදල දාපු, අපිව ගරහාවට ලක් කරපු, නින්දාවට ලක් කරපු, තාඩනයකට පීඩනයකට ලක් කළ අවස්ථා, අපිව දුකකට වැටිච්ච අවස්ථා, මානසිකව හෝ කායිකව වද වේදනා දුන්නු අවස්ථා ආදී කාරණා පමණයි.
මේ වගේ අපිව පහතට හෙලන, එහෙම නැතිනම් දුකකම ගිල්වල තියන සිතිවිලි හිතන්නට වුනහම, ඒ අනුසාරයෙන් තව තව කාරණා සිහිපත් කරන්නට, මෙනෙහි කරන්නට, කල්පනා කරන්නට වුනහම, එවන් වූ හිතකට මේ ලබාපු ජීවිතය තුල සතුටක් තියනවා හෝ සැනසීමක් තියනවා කියන දේ තේරුම් ගන්න අමතක වෙනව. හේතුව එයා හිතන්නෙ එක්තරා මට්ටමක් තුල, එක්තරා පැත්තක් තුල විතරක් වෙන හින්ද.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට අපිට අපේ ජීවිතය තුල 'ආදීනවය' කියන දේ බැලිය යුතුයි. නමුත් අපි අමතක කරන්න නරකයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'ආශ්වාදය' කියලත් දෙයක් මේ ලෝකෙ තියනවා කියල. ඒ වගේමයි 'නිස්සරණය' කියල දේකුත් තියනව.
අපේ ජීවිතය තුල සමබරතාවයක් පවත්වන්න නම් ආදීනවය ගැන අපි මෙනෙහි කල යුතුමයි. නමුත් යමක ආශ්වාදයක් පවතිනවා නම් ඒ දේ තුල ආශ්වාදයක් පවතින බවත් මෙනෙහි කළ යුතුමයි, තේරුම් ගත යුතුමයි, අවබෝධ කළ යුතුමයි. ධර්මානුසාරයෙන් අපි අහල තියනවා පංචඋපාදානස්කන්ධයට තියන ඇලීම දුරු කරන්න ඕන කියල. අතීතයෙදි අපිට වෙච්ච අඳුරු මතක? ඒව එතකොට ඔය ගොඩට අයත් වෙන්නෙ නැද්ද? අපිට ලබා ගන්නට නොහැකි වෙච්ච ඉලක්කයන් ගැන මෙනෙහි කරන එක අතහැරීමට ලක් නොවිය යුතුද? අපි හැමදාම පශ්චත්තාප වෙච්ච, හිතින් දුක් විඳපු, සමහර වෙලාවට කායිකව පවා ඒ දුක ගලාගෙන ගියපු එවන් වූ අඳුරු මතකයන්, අඳුරු සිතුවිලි, එවන් වූ ආශාවල්, බලාපොරොත්තු හිත් කඩවීම් ආදී දේවල් අතහරින්න ඕන නැද්ද?
අපිට මෙන්න මේව ගොඩක් වෙලාවට අමතක වෙනව. ඒකට හේතුව අපි මෙනෙහි කරන්නේ එක් පසක තියන කොටසක් විතරක් වෙන හින්ද. අපේ චින්තනය සීමා සහිතයි ඒ විදියට බලනකොට. එවන් වූ චින්තනයක් තියනවා නම්, ඒ වගේ හිතකට තේරෙන්නෙ මේ තියන ස්වභාවය මෙහෙමමයි, මේකෙ මීට වඩා වෙනස් කරන්න බැහැ කියල. ඒ අදහසින් කෑම කන්න පුළුවන්, ගමන් බිමන් යන්න පුළුවන්, අඳින්න පළඳින්න පුළුවන්, වැඩ රාජකාරි කරන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, හැබැයි වැරදි විදිහේ කණ්නාඩියක් දාගෙනයි ඉන්නෙ.
ඒක තුල නිරන්තරයෙන්ම ගැබ් වෙලා තියෙන්නෙ හෝ පේන්නෙ තමන් අර නිතර නිතර මෙනෙහි කරන තමන්ගේම දුර්ගුණ හෝ තමන්ටම නොලැබුනු, තමන්ටම අහිමි වෙච්ච ඒ වගේ ස්වභාවයන් විතරයි. එයාගෙ චින්තනය සීමා සහිතයි.
හැබැයි මේ ලබාපු මනුෂ්‍ය ජීවිතය තුල එයාට සීලවන්ත වෙන්න පුළුවන්, තවදුරටත් සීලවන්ත වෙන්න පුළුවන්, හිත තැන්පත් කරගන්න පුළුවන්, තවදුරටත් හිත තැන්පත් කරගන්න පුළුවන්, ඥානවන්ත වෙන්න පුළුවන්, තවදුරටත් ඥානවන්ත වෙන්න පුළුවන්, මෛත්‍රී සහගත වෙන්න පුළුවන්, කාරුණික වෙන්න පුළුවන්, මුදිතාවන්ත වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වෙන්න පුළුවන් ආදී වශයෙන් තියන කුසල් සහගත කටයුතු කරන්න පුළුවන් විත්තිය අමතක වෙලා යනව.
මේ ලෝකේ පින්වතුනි ජීවත් වෙන ඔබටත් මටත් බලන්නට, තේරුම් ගන්නට ආදීනවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විත්තිය ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ අපිට මෛත්‍රිය කරන්න එපා කියල. මෛත්‍රිය කියල කියන්නෙ ආශ්වාදයක්. ආදීනවය බලන්න කියපු එකෙන් කියවෙන්නෙ නැහැ කාරුණික වෙන්න එපා කියල. වෙන කෙනෙක්ගෙ දුකකට පිහිට වෙනව කියල කියන්නෙ ඒක ලොකු ආශ්වාදයක්. ඒක ලොකු ආත්ම තෘප්තියක්.
මේ ලෝකේ දුර්ගුණයන් තියනව නම් මෙනෙහි කරන්න කියල තථාගතයන් වහන්සේ දේශනා කරපු විත්තිය ඇත්ත. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට ඊර්ෂ්‍යා සහගත වෙන්න කියල. ඒකෙන් කියන්නෙ මුදිතාවන්ත වෙන්න කියලයි. ඒකෙන් කියන්නෙ නැහැ සමානාත්මතාවයක් හිතේ හදා ගන්න එපා කියල. සමානාත්මතාවයකින් සලකන්න එපා කියල කියල දෙන්නෙ නැහැ. ඒකෙන් උගන්වන්නෙ සමානාත්මතාවයෙන් යුතු වෙන්න කියල. මොකද සමානාත්මතාවය කියල කියන්නෙ බොහොම ආශ්වාදජනක දෙයක් හින්ද.
අපි අපේ ජීවිතය තුල සීමාසහිත විදිහට හිතන්න පතන්න වුනහම ධර්ම මාර්ගයෙන් අපි ඉවතටයි යන්නෙ. ධර්ම මාර්ගයෙන් ඉවතට යන්න යන්න මෛත්‍රී, කරුණා මුදිතා උපේක්ඛා ආදී අපිට දියුණු කරගන්න පුළුවන් ගුණාංගයන්ගෙන් අපි චුට්ට චුට්ට දුරස් වෙනව. අපේ වචන මෛත්‍රියෙන් දුරස් වෙන්න පුළුවන්. අපේ වචන කරුණාවෙන් දුරස් වෙන්න පුළුවන්. අපේ වචන මුදිතාවෙන් දුරස් වෙන්න පුළුවන්. අපේ වචන උපේක්ෂාවෙන් දුරස් වෙන්න පුළුවන්. සමානාත්මතාවයෙන් දුරස් වෙන්න පුළුවන්. ඔය වගේමයි වැඩකටයුතු. මේකට හේතුව මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛා නැති විදිහේ සිතුවිලි හිතන එකයි. ඒ චින්තනය සීමා සහිත නිසා.
සතිපට්ඨාන කියන භාවනාවට අවතීර්ණ වෙන යෝගාවචරයා ඉගෙන ගන්නේ, නොලබපු, නොලද දේවල් ගැන හූල්ලන්න නෙවෙයි. හිත හිතා පසුතැවිලි වෙන්න නෙවෙයි. ලබාපු, ලැබිල තියන යම් හෝ කුඩා හෝ දෙයක් තියනවද, ඒ දේ සතුටින් භාරගන්නටයි. කල්පනා ලෝකයක නිමග්න වෙලා බොහෝ ගැටළු ගණනාවක, බොහෝ අවුල්සහගත සිත් රිදීම් ගණනාවක හිර වෙලා ඉන්නවට වඩා මේ මොහොත තුල වදින පවන් රැල්ලක පහස විඳගෙන ඉන්න එක මහානීයයි. ආශ්වාදජනකයි. කන කෑම එකක් කනකොට වෙන මොනව හරි දෙයක් කල්පනා කර කර හිතෙන් පුපුර පුපුරා කෑම කනවාට වඩා හිතන දේ පැත්තකින් තියලා ඒ කන කෑම එකේ රස විඳ විඳ ආහාර ගන්න එක, ඒක සතිවන්ත බවයි.
තමන්ගේ සිතුවිල්ලටම නිමග්න වෙලා ඉන්නවට වඩා, ඒකාකාර විදිහේ ස්වභාවයන් දිහාම නිතර නිතර බලනවාට වඩා, තියන විවේකයකදී තමන්ගෙ නෙත පිනායන, අකුසලයක් නොවෙන කුසල් දේවල් නරඹන එක, ඒක හිතට අළුත් දෙයක්. තමන්ට මෙච්චර කාලයකට යන්න බැරි වෙච්ච සිද්ධස්ථාන තියෙන්න පුළුවන්. වැඳපුදාගන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්. ඒ වගේ තැනකට යන එක තමන්ට ලොකු ආශ්වාදයක්. අර ඒකාකාර විදියට කල්පනා කරන ඒ සිතුවිලි රාමුවෙන් නිදහස් වෙන්නට අපිට ඉඩහසර හම්බ වෙන විවිධාකාර ක්‍රියාමාර්ග මේව.
තමන්ට තියන ශක්ති ප්‍රමාණයෙන් වෙනත් කෙනෙක්ට ඇප උපස්ථාන කරන්න පුළුවන්, උදව් උපකාර කරන්න පුළුවන්, බලාකියා ගන්න පුළුවන්, රැකවරණය සලසන්න පුළුවන්.
මේ ලෝකෙ ගැටළු, ප්‍රශ්න හෝ තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවෙනකොට ලෝකයාට ගොඩක් වෙලාවට තේරෙන දේ තමයි, ආයෙ නම් මට සතුටු වෙන්න බැහැ කියල වගේ දෙයක්. නමුත් අපිට අපේ තියන ඇඟේ කොටස් ගැලවිලා ගියත් හිතේ හදා ගන්න පුළුවන් බ්‍රහ්ම විහරණ ගුණයන් ටික ඒ ඇඟේ තියන අඟපසඟ කැපිල යනව වගේ හිතින් කැපිල යන්නෙ නැහැ. ඒව ඉතුරු කරගන්න පුළුවන්. මෛත්‍රිය ඉතුරු කරගන්න පුළුවන්, කරුණාව ඉතුරු කරගන්න පුළුවන්, දයාව ඉතුරු කරගන්න පුළුවන්, මුදිතාව ඉතුරු කරගන්න පුළුවන්, සමානාත්මතාවය ඉතුරු කරගන්න පුළුවන්. මේ වටිනා කියන ජීවිතය ආරක්ෂා කරගෙන මීට වඩා සීලවන්ත වෙන්න පුළුවන්.
මේ කලබල හිත, තැන තැන දුවන හිත හින්දයි මේ ප්‍රශ්නෙ තියෙන්නේ. ඒ හිතත් තමන් ඒකාකාර කොටසක දුවවන හින්දයි මේ ප්‍රශ්නෙ තියෙන්නේ කියල තේරුම් අරගෙන, ඒ හිත තැන්පත් කරගන්න පුළුවන්. ඒ ඒකාකාර විදියට හිතන හිත හින්දා ප්‍රඥාවන්ත නොවෙන විදිහේ කටයුතු කරන්න අපේ හිත අපිව යොමු කෙරෙව්වට, හිත තැන්පත් කරගත්තට පස්සේ, ඥාණවන්ත විදිහේ වැඩකටයුතු කරන්න, ඥාණවන්ත විදියට හැසිරෙන්නට අපිට අවස්ථාවක් හම්බ වේවි. ඒ වෙනුවෙන් ධර්ම ශ්‍රවනය කරන එක හොඳයි. ඒ වෙනුවෙන් තමන්ට වඩා සිල්ගුණ තියන, හිතේ තැන්පත්කම තියන, ප්‍රඥාවන්ත ඇත්තන්ව ආශ්‍රය කරන එක හොඳයි.
මෙවන් වූ කටයුතුවලින් අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් හම්බ වේවි ඒකාකාර විදියට තමන්ගේ ගැටළුව දිහාම සලකනවාට, බලනවාට වඩා ඉන් එහාට නිරීක්ෂණය කරන්න පටන් ගත්තා නම් තමන්ගේ ගැටළුව කොයි තරම් නම් කුඩා එකක්ද කියල, තමන්ට වඩා ගැටළුවල ඉන්න අය, ප්රශ්නවල ඉන්න අය හිනා වෙලා ඉන්නත් පුළුවන්. අපි අපේ ජීවිතය තුල අපේ චින්තනය යම් සීමාවක කොටු කරගන්න වුනාම ඔබට ඔබේ යහපත හොයාගන්න අමාරු වේවි. නමුත් තමන් හිතන සීමාවෙන් ඔබ්බට, ඉන් එහාට ඉගෙන ගන්න විදියට හිත යොමාගන්න පටන් ගත්තට පස්සෙ, තමන් හිතන දුක පවා, තමන් අත්දකින තමන් බුක්ති විඳින දුක පවා, ඇති වෙලා, පැවතිලා, නැති වෙලා යන ධර්මතාවයටම අයිති බව තමන්ටම පසක් වේවි.
ඒ වගේ විත්තියක් තේරුනොත් එහෙම, ඒ දුක ඇති වෙලා නම් තියෙන්නෙ නැති වෙලා යනකං ඉවසාගෙන ඉදීවි. හැබැයි ඒ ඉවසීම සිදු කරල ඉවර වෙනකම් තමන්ට ගත කරන්න පුළුවන් විදිහේ උපරිම හොඳ ජීවිතය, යහපත් වූ මෛත්‍රී සහගත කාරුණික වූ ජීවිතය පවත්වන්නට උත්සුක වේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Limitless Mind
No 44
Limitless Mind ( Aseemanthika Chinthanaya) Meditation Instructions. ( Peaceful Dhamma In a Beautiful Morning) Arunalle Daham Sisila.
The variety of people of the whole Universe are experts in thinking.
When U are lonely or involved in a job, or in a gathering together people habitually keep thinking which is led to a dreamland unawares.
Although the thought process is different from time to time , in the long run the frame of the mind is the same, or the way of thinking is the same.
Dukkha or the Noble Truth of 4 ( The 4 Noble Truths)being the Unsatisfactoriness is the main intention of ridding in human life with various ways of processively planned or unplanned thinking.
As this above mentioned thought process is single minded , how would U achieve the deep realization of Clear Comprehension ( Sathi Sampajanna),? Is the topic of the day.
One fine day a well built human being became really dissatisfied of his life style , by being unable to fulfill his aims in life. Then he decided to commit suicide by jumping down a mountain, As he was about to jump down the mountain he saw someone without arms, dancing around at the foot of the mountain. Therefore he wanted to see why he without arms could dance and not me ( the man with arms)not doing the same. So he slowly went down the mountain reaching & questioning why the Armless man was dancing . The armless man (Look Alike)replied to say he was only ridding of flies & Mosquitos, & not dancing.
This above mentioned story was an example to prove that all our wishes good or bad, do not come right but they often miss out.
All through our lives we are recollecting our worries , our tasks being unable to fulfill, things that we failed to own, Losses that we were destined to accept, and as such this is how we fell to the rock bottom of our lives with Unsatisfactoriness , shame, & Pain, Physically & Mentally.
By contemplating the above mentioned misery & adding fuel into this status, we always get sunk in pain ( Mentally & Physically), forgetting the effort, ( Viriya), in gladly engaging on wholesome activities, which function to accomplish us in virtuous actions.
But in accordance with Lord Buddha’s Sermons we are taught to realize all the 3 statuses of Aswaada( Mind Made Pleasures), Adiinawa( their bad Consequences), & Nissarana( Freedom or Liberation).
Therefore we have to be mentally aware of all the 3 statuses as mentioned above, As such According to Lord Buddha’s Sermons Aren’t Aaswada & Aadiinawa getting into the category of the 5 Aggregates of Clinging( Pancha Upadanaskandha),as a Dak Past? Where our Lord has advised us to forget & forgive.
The dark past were of our defeated aims, Our Unsatisfactoriness, or Dukkha due to failures, even to the extent of Physically & Mentally both together. Don’t we have to forget & forgive these above mentioned Dark Past?
Unfortunately we often forget about ( Samma Vayama), the 6th stage of the Noble 8th fold path to rid of the Dark Past, (by being single minded )as mentioned at the beginning & now to apply Viriya Energy, as Padhana sermonized by Lord Buddha following (1) With effort to avoid (Samvara Padhana), (2) To Overcome(Pahana), (3) To develop (Bhavana), (4) To maintain(Anurakkhana).
With the ideas of the Dark Past, we always wear the wrong pair of glasses, to view the past ( With Wrong Ideation), of not being able to achieve the good side ( Samma), the proper as it ought to be, the best.
But in our lives the fact that we have the ability to become virtuous, Achieve a Collective Mind, Gain Panna ( Wisdom), Acquire 4 Sublime Abodes( Metta, Karuna, Muditha, Upekkha,), which sometimes are forgotten unawares.
It is true that our Lord sermonized about Aadeenawa ( Bad Consequences of Aaswada), as a cause that Aaswada not being able to cling to it becomes Aadiinawa.
Lord Buddha has sermonized to us that to wisely contemplate on bad qualities, via Vipassana contemplation by developing Sati with Sampajanna, ( Clear Comprehension), to realize the impernance ( Viparinama the changing process), of the whole contemplation leading to Anithya, Dukkha, Anathma ( Impermanance, Sorrow, Noself), with Equanimity Upekkha.
In Sathipattana Contemplation we are taught not to grieve for failures but to tolerate what U get & wait for what U deserve by enjoying the slight breeze before the storm comes which means to be in the present moment ( although changing), instead of recalling the dark past & planning the uncertain future.
As an example if one is having a meal to be mindfull with it without being distracted in mind & Body. Also instead of being distracted with the 6 senses , but to be with Clear Comprehension ( Sati Sampajanna), of all our actions & reactions would be the best in our Samsaric Journey.
In addition for comfortable recreation we should go to a place of worship as to achieve the real sense of Aaswada with realization leading to (Niramisa Preethiya) which is gradually leading to free from sensual desires & in addition as relaxation caring for a disabled person with mindfulness of sympathetic joy also gradually leads to (Niramisa Preethiya) freed from sensual pleasures.
With all these wholesome deeds as recreation to our utmost ability developing the 4 Sublime Awards ( Metta. Karuna muditha. Upekkha) steadying processively would never leave our minds. Therefore we can steadily maintain our Seela (Ethical Conduct), Samadhi ( Mental Descipline ) & Panna ( Wisdom), leading to the Noble 8th fold path processively. With this open mindedness & the Practise of the Vipassana with Contemplation or Ugananada meditation ( practice of continued close attention to sensations with tranquillity seeing the ultimate true nature of existence),would be realized with Uppada , Thithi, Bhanga (origination, Persistence, & Cessation)leading to Anithya , Dukkha, Anathma ( Impermanance, Sorrow, & No self).
Jinam Wandama Gotaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ආනාපාන සතිය
අද මං කල්පනා කළා, භාවනාවට රුචිකත්වයක් තියන හින්දා ඒ සම්බන්ධ කාරණාවක් කියන්න කියලා. පහුගිය දවස්වල ඔය සිද්ධ වෙච්ච ධර්ම සාකච්ඡාවන්වලදී ගොඩක් දෙනෙක් තමන්ගේ අවධානය යොමු කරන බවක් තේරුනා, මේ ඇති වීමක් සහ නැති වීමක් බලන්න.
'ආනාපාන සති' සූත්‍රය අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ ආශ්වාසයක සහ ප්රාශ්වාසයක අවධානය පවත්වාගන්නට, සිහිය තියාගන්නට කියල අපිට උගන්වනවා. ඕකට 'සිහිය' කියල කියනව. ඒත් එක්කම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඵලය, ප්‍රයෝජනය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ක්‍රියාත්මක කරන කෙනාට කියලයි ධර්මයේ තියෙන්නේ.
"ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ"
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ඒ භගවතාණන් වහන්සේගේ, ඒ භාග්යවතාණන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන්නාට තමයි ප්‍රයෝජනය හම්බ වෙන්නෙ කියල කියනව. එතකොට ආනාපාන සති සූත්‍රයේදී තථාගතයන් වහන්සේ අපිට මුලින්ම කියල දෙන්නේ නිදහස් තැනකට ගිහිල්ල වාඩි වෙන්න. කොන්ද සෘජු වෙන විදියට ඉඳලා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියල.
එහෙම කරල ඊළඟට කියල දෙන කාරණා දහසයක් තියනවා. ඒ දහසය නිකං කියවගෙන කියවගෙන වගේ ගියොත්, තමන්ගේ හුස්ම දීර්ඝව දැනෙනවා නම් දීර්ඝව දැනෙන විත්තිය තේරුම් ගන්න. කෙටිව දැනෙනවා නම් කෙටිව දැනෙන විත්තිය තේරුම් ගන්න. හුස්ම දැනෙනකොට ශරීරයත් දැනෙනවා නම් ඒ දෙක එකට දැනෙන විත්තිය තේරුම් ගන්න. හුස්ම දැනෙනකොට දැනෙන මේ ශරීරයේ තද, රළු, ගොරෝසු ඒ දේවල් ටික මෘදු, සැහැල්ලු කරගන්න. හුස්මක් දැනි දැනීම ශරීරයේ අර මෘදු වෙච්ච, සැහැල්ලු වෙච්ච ඒ දේවල් ටික නිෂ්ප්රභා කරමින් ආපහු හුදු හුස්මකට විතරක්ම එන්න. එහෙම නැත්නම් කායිකව තියන ඒ සකස් කර ගැනීම් සහ ඒ දැන හඳුනාගැනීම් ඔක්කෝම ටික පැත්තකින් තියන්න.
ඊළඟට චෛතසික පැත්තට යනවා. කායික ස්වභාවය තේරෙන්නෙ නැති වුනාමත් කොහොමත් චෛතසික ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ. හුස්ම සමඟ හිතේ ඇති වෙන, හිතේ පවතින ප්‍රතික්‍රියාව, හිතේ කතාව, හිතේ නැමියාව, හිතේ බරවීම මොකද්ද කියල තේරුම් ගන්න. ඒ හිතේ තියන බලපෑම තුල තියන ගොරෝසු රළු අවස්ථාවන් ටික නැවතත් වතාවක් මෘදු කරගන්න.
අවසානයේදී හිතේ හදාගත්ත එවන් වූ සංස්කාරයන්, සකස්කර ගැනීම් පසෙක ලා, බැහැර කරල දාලා නැවතත් අර තිබුනාටත් වඩා පියකරු හුස්මකට එන්න. හුස්මෙහි තියන වෙනස්වන ස්වභාවය තේරුම් ගන්න. හුස්මක තියන ඇලෙන්න බැරි ස්වභාවය තේරුම් ගන්න. ඇලෙන්න කරන්න දෙයක් මේකෙ නෑ කියන එක හඳුනා ගන්න. හුස්මක තියන ඒකාකාර නොවුනු ස්වභාවය දැන ගන්න. නැවත වතාවක් පැන නැඟියාට එක හා සමාන විදියක ස්වභාවයක් නැති විත්තියක් වගේ දෙයක් හඳුනා ගන්න වගේම හුස්මකට තියන ඇල්මක් තියනවා නම් ඒ දේවල් ටික බැහැර කරල දාලා පේන හුස්ම දිහා බලන් ඉන්න.
ඔය කියන කාරණා දහසය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්රයෙදි දේශනා කරන්නේ. හැබැයි මේකෙ එක තැනකවත්ම නැහැ ආශ්වාසයක සහ ප්රාශ්වාසයක ඇතිවීම සහ නැතිවීම බලන්න කියල. මේක මාරම හරි ලස්සන තැනක්. අපිට ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡා කරනකොට කට්ටිය කියන එකක් තමයි, ඒගොල්ලන්ගෙ භාවනාවෙ අවසාන ඉලක්කය ඇති වීම සහ නැති වීම බලනවා කියන එක. මේක ඇත්තටම කියනවා නම් හුදු මතයක් විතරයි. හැබැයි සතිපට්ඨාන සූත්‍රයෙ මෙන්න මෙහෙම එකක් කියනවා.
"සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති,
වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති" කියල.
මේ ඇති වීමක් දකින්න, නැති වීමක් දකින්න කියල. හැබැයි මේකෙ එහෙම තිබ්බට සූත්‍රය තුල බුදු හාමුරුවො විශේෂයෙන් විස්තර කරල දෙන්නෙ නැහැ ආශ්වාසයක හෝ ප්රාශ්වාසයක ඇති වීමක් සහ නැති වීමක් බලන්න කියල. සූත්‍රය අරන් බලන්න ඕන මං මේ කිවුවට අහන්නෙ නැතුව.
එතකොට පින්වතුනි අපිට සිහියක් ඇති කරගන්න නම් තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ, අපේ භාවනාව තුල හිතන එකක් කල්පනා කරන එකක් තියනවා නම්, ඒකත් සිහියටම අන්තර්ගත වෙන්න ඕන විනා ඒක කරන්න තියන දෙයක් නම් නෙවෙයි. අපි හිතනවා නම් මෙතන ඇති වීමක් තියනවා, මෙතන නැති වීමක් තියනවා කියලා ඒක ඇත්තටම ශාරීරිකව සිද්ධ වෙන දේකට වඩා මානසිකව අපි සිද්ධ කරගන්නා වූ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්.
ඇත්තටම කියනවා නම් ආනාපානය බලන්න පටන් ගත්තහම අපිට පේන පැති දෙකක් තියනවා මා පුතා. එකක් තමා කායිකව සැබෑවට සිද්ධ වෙන ආනාපානය. ඕව අල්ලන්න හරි අමාරුයි. අනික් එක තමා අපි මානසිකව බලාපොරොත්තු වෙන ආනාපානය. ආශ්වාසය, ප්රාශ්වාසය. මේ දෙක බොහෝම පරතරයකින් තියන දෙකක්. ඒකයි ආශ්වාසය සහ ප්රාශ්වාසය බලන්න වුනාම අපිව විගහට කම්මැලි වෙන්නෙ. අපිව විගහට ඒ වැඩෙන් අයින් වෙලා යන්නෙ. මොකද මේ දෙක තුල සමබරතාවයක් නැති හින්ද. මේ දෙක සමතුලිත නැති හින්ද.
හැබැයි මේ දෙක සමතුලිත වුනා නම් ඒක ධ්‍යාන මට්ටමක්. ඒක සමාධි මට්ටමක්. ඒ වෙලාවේදී අපේ මානසිකව අපි තල්ලු කරන, එකතු කරන, යොමු කරන, බලපෑම් කරන, සියළුම තත්ත්වයන්ගෙන් නිදහස් වෙලා තිබ්බා. ආනාපාන සති සූත්‍රයේ සියයට සීයක්ම ක්‍රියාත්මක වෙලා තියනවා. හැබැයි අපේ හිත තැන්පත් වෙන්නෙ නැහැ. අනිත් දේවල්වලටත් හිත යනවා. කරදරවලටත් පත් වෙනවා.
මේකට හේතුව තමයි කායිකව ස්වභාවයෙන්ම සිද්ධ වෙන ආනාපානය බලනවාට වඩා, ආශ්වාසය ප්රාශ්වාසය බලනවාට වඩා, මානසිකව අපි බලාපොරොත්තු වෙන ආශ්වාසයක් සහ ප්රාශ්වාසයක් බලන්න උත්සාහ කරන එක. මෙන්න මේකයි කාරණේ.
මෙහෙම වුනාම පින්වතුනි, අපි අහල තියන දෙයක් ඉස්සර කර ගත්තහම, (කවුරු නමුත් කෙනෙක් කියල තියෙන්න පුළුවන් ඇති වීම සහ නැති වීම බලන එක තමයි මොකක් හරි කමක් නෑ භාවනාවක පරතෙර හරි කෙළවර හරි කියල) මෙහෙම වුනහම වැඩේ තියෙන්නේ අපි හිතාගන්නව එහෙනම්, මේ ඇති නැති වීම කියන එක බලන එකම තමයි එහෙනම් කරන්න ඕන, ඒක තමයි ලොකුම හපන්කම කියල.
සතිපට්ඨානය පැත්තෙන් ගත්තොත් ඒක ඇත්තටම හපන්කමක් නෙවෙයි. මේක බලන එක නෙවෙයි සතිපට්ඨානය තුල උගන්වන්නේ. මේක දකින එකයි. තේරුනාද? මේ දේ බලන එක නෙවෙයි, ඇති වීම සහ නැති වීම කියන දේ බලන එකක් නෙවෙයි සතිපට්ඨානයෙන් උගන්වන්නේ, ඇති වීම සහ නැති වීම දකින එකයි. මෙන්න මේ දෙක හොඳට අපි හඳුනා ගන්න ඕන.
ඉතින් එහෙම හඳුනාගත්තොත් තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට අපි මේ භාවනාව සිදු කරනවා වෙන්නේ. එහෙම නැතිනම් යම්කිසි වූ හිතේ තැන්පත්කමක් හදා ගත්තාට පස්සේ, අපි පරණ පුරුදු අර හිතන ඒ තැටිය දාගන්න පටන් ගන්න පුළුවන්. කායික ස්වභාවයට එන්න, කය දැනගන්න මොහොතක් ඒ වගේ ඉන්න හිත හදාගත්තට පස්සේ, අපි පුරුදු වෙලා තියනව නම් ආශ්වාසයක සහ ප්රාශ්වාසයක ඇති වීමක් නැතිවීමක්, ඇති වීමක් නැති වීමක්, ඇති වීමක් නැතිවීමක්, ඔහොම බලන්න, (ඔහොම හිතන්න, බලන්න කියනවටත් වඩා) පුරුදු වෙලා තියනව නම්, ඔය කියන ඒ තැටියේ, ඒ මට්ටමේ, ඒ ප්‍රදේශයේ, ඒ විදිහට කල්ප ගාණක් ජීවත් වෙන්න පුළුවන්. ඕකම තමයි තියෙන්නෙ. වැඩි වෙනසක් නෑ.
ඇති වීමක් නැති වීමක්, ඇති වීමක් නැති වීමක්.
පින්වතුනි එතකොට මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට වදාළ ඒ නෛර්යානික වූ දහම. ඒ නෛර්යානික වූ දහමේදී තියන ප්‍රතිඵලය අපි හිතා ගත්තට. අපි හිතා ගන්නව ඇති වීමක් සහ නැති වීමක් බලන එකක් තමා එහෙනම් මේකෙ තියන මහා ලොකුම හපන්කම කියල. මේකෙ අපි ඇති නැති වීම බලන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ, මම දැන් කායානුපස්සනාවට එනවාද? මම දැන් කායානුපස්සනාවෙන් යනවාද? මේකෙ අභ්‍යන්තරයෙ වෙනම කතා ටිකක් තියෙන්නෙ. කායානුපස්සනාවට එනවාද? කායානුපස්සනාවෙන් යනවාද? මේ ටික තේරුම් ගන්න ඕන.
හැබැයි මේකෙ අභ්‍යන්තරය තුල අනික් පැත්තට, ආශ්වාසයක ඇති වීමක් නැති වීමක් බලන්න කොහේවත් උගන්වන්නෙ නෑ. දේශනාව අරන් බලන්න ඕන මං මේක කියන එක විශ්වාස කරන්නෙ නැත්නම්. ඒක හින්දයි පින්වතුනි භාවනාව තුල ගොඩක් ඇත්තන්ගෙ වාර්ථාවල් එක හා සමාන වෙන්නෙ. එදත් එකයි, අදත් එකයි, ඒ විදියට තියෙන්නෙ ඒ භාවනාව තුල ඒ ඇත්තො හිතනවා, (කවුරු නමුත් කියල දුන්න එකක් වෙන්න පුළුවන්) ඇති වීමක් සහ නැති වීමක් බලන එක තමයි මේකෙ පරතෙර කියල. හෝ අපිම හිතාගන්න පුළුවන්, තමන්ම හිතාගන්න පුළුවන්, එහෙනම් බුද්ධ දර්ශණය තුල අවසාන ඉලක්කය මෙන්න මේ දෙක බලන එක කියල. නෑ.
පූර්ණ සතිමත්භාවය.
අපිට සිහිය තියෙන්න පුළුවන් තරහක් එක්ක. අපිට සිහිය තියෙන්න පුළුවන් මෛත්‍රියක් එක්ක. උදාහරණයක් හැටියට දරුවෙක් ඇවිදිනව කියන්නකො. ඒ ඇවිදින දරුව දිහා අපි අවධානයෙන් බලාගෙන ඉන්න පුළුවන් බොහොම කරුණාවන්තව. මෛත්‍රීසහගතව. බොහොම ආදරෙන්. ඒ වගේමයි බලාගෙන ඉන්න පුළුවන්, එයා කරන හැම දෙයක්ම හඳුනා ගන්නත් පුළුවන් බොහොම වෛරීසහගතව. බොහොම අමනාපයෙන්. බොහොම අකමැත්තෙන්. බොහොම ප්‍රතික්ෂේප කරන අදහසින්. මේ දෙකේම සිහියක් කියනවා. මොකද්ද 'සම්මා'? මොකද්ද යහපත්? ඔන්න ඔතනයි ඉගෙන ගන්න ඕන.
අපිට සිහිය පුරුදු කරන්න පුළුවන් අනන්ත අප්‍රමාණ පැති තියෙන්න පුළුවන්, නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කොටසට එන්නෙ කොහොමද? කියන එකයි හදාරන්න ඕන. යහපත් වූ ක්‍රමයට අදාල වෙන විදියට සිහිය පුරුදු කරන්නේ කොහොමද? කියන එකයි අපි ඉගෙන ගන්න ඕන වෙන්නෙ.
ඉතින් ඒ අතින් බලනකොට පින්වතුනි, භාවනාව කියන විෂය තුල අපි දැන හෝ නොදැන හිර වෙන්න පුළුවන් තැන් බොහෝමයි. බොහෝමයි. හැබැයි අපේ ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි ධර්ම රත්නය කෙරෙහි, ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි මේ ධර්මය පුරුදු කරපු ඒ ආර්ය මහා වූ සංඝ රත්නය කෙරෙහි, අපි ඒ දහම ඇහෙනකොටම ඒ දේ ඒ විදියට කරන්න හිතෙන්නෙ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? "නෑ මම දන්නෙ මේ විදිහයි, ඒ විදිහ තමයි නිවැරදි" කියලා ඒ ස්වභාවය සිද්ධ කරන්න පටන් ගන්නව. අන්න ඒකෙනුයි පින්වතුනි බැහැර වෙන්න ඕනකම තියෙන්නෙ. එහෙම වුනොත් තමා අපට සැනසීම ලබාගන්න පුළුවන් වෙන්නෙ.
අපි කරන භාවනාව කරන වෙලාව නෙවෙයි ඇත්තටම වැදගත් වෙන්නෙ. කොච්චර වෙලාවක් කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම පලක් නැති වැඩක්. පලක් නැති කාරණාවක්. නමුත් කාරණාව තියෙන්නේ භාවනා කරන වෙලාව තත්පර විස්සද භාවනා කරන වෙලාව පැයද පැය දෙකද පැය තුනද, ඒ ඕනෑම කාලයක් තුල තමන් සැබෑවටම සතිමත්ව ඉන්නවාද? කල්පනා ලෝකෙක නිමග්න වෙලා ඉන්නවද? කියන එකයි හොයා ගන්න ඕන. මේ දෙක හඳුනා ගැනීම බොහෝම අමාරු දෙයක්. බොහොම අමාරු දෙයක්.
හැබැයි මේ දෙක හඳුනා ගත්ත කියල අපි හිතමුකො. ඒ හඳුනා ගන්නා වූ ප්‍රමාණයෙන්ම තමන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලැබෙන ඒ සැනසීම අත්දකින්නට, අත්විඳින්නට අවස්ථාව හම්බ වෙනව. ඒක හරියට අර කායිකව අපි බුක්ති විඳින ආනාපාන සතිය මානසික අපේ අවශ්‍යතාවයන් ටික බැහැර කරල දාලා ඔහේ බලාගෙන ඉන්න පටන් ගත්තහම, අපිට ඒ ආනාපානයත් එක්ක පාවෙලා යන්න පුළුවන්. ඒ ආනාපානයත් එක්ක ජීවිතේ පටන් අරගෙන, පැවතිලා, ඒ ආනාපානයත් එක්ක මියෑදිලා යන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයකට පත් වෙනවා.
හැබැයි මේක කල්පනා කරන්න පටන් ගත්ත කියන්නකො. ඒ ආශ්වාසය තියේවි. ඒ ප්රාශ්වාසයත් තියේවි. අපි හිතන්න ගන්නව, හරි දැන් මෙතන ඇති වුනා, දැන් මෙතන නැති වුනා. මේ අපේ සිතුවිල්ල ඉස්සර කර ගැනීමකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඉස්සර කර ගන්නවාට වඩා. ඒ ධර්මතාවය ඉස්සර කර ගන්නවාට වඩා.
ඉතින් ඒක හින්ද පින්වතුනි අපි පුළුවන් තරමක් උත්සාහ කරන්න ඕන මේ ධර්මය තුල අපිව විනිවිද දකින්න පුළුවන් වෙන විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පවත්වා ගෙන, ධර්ම රත්නය කෙරෙහි සහ සංඝ රත්නය කෙරෙහි, විශේෂයෙන්ම ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පවත්වා ගෙන, මේ ගමන යන්නට. එහෙම වෙනකොට අයහපත බැහැර කරල යහපත විතරක් අපේ ජීවිතය තුලට කිට්ටු කරගන්නට ලං කරගන්නට අපිට අවස්ථාව හම්බ වෙනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Meditation Of Mindfulness Instructions
No 45.
Ana Pana Sathi Bhavana. ( Meditation Of Mindfulness Instructions).Arunalle Daham Sisila ( Peaceful Dhamma In A Beautiful Morning).
Today I ( Ven Padiyatalawe Medavi Thero), intended to sermonize on Bhavana as a majority of people are interested in the topic of Meditation or Bhavana.
In this particular technique of meditation of Mindful Of Breathing or Ana Pana Sathi Bhavana our Lord teaches us the reality of “ Practice Makes Perfect”. but of course with Sati or the Mindfulness of breathing by taking it easy.
As such the practitioner of Dhamma ( Analysis of the Philosophy of Nature by Lord Buddha), is known to be a perfect STOPPER in the Samsaric Journey.
The Dhamma as explained above is also sermonized as (Svaakkaatho Bhagavatha Dhammo , Sandittiko Akaliko Ehipassiko), which means that the Dhamma is not a speculative ( not Unproven),Philosophy but an exposition ( a comprehensive description) of the Universal law of nature based on the natural analysis , which can be tested by personal practice , and it can be seen, known , and be experienced, with one’s own life, gaining ( Seela) Moral Conduct, ( Samadhi) Concentration, & (Panna) Wisdom.
Therefore in the Ana Pana Sathi Sutta we are initially advised by Lord Buddha to approach a quiet place, sitting upright, & in a Comfortable position being prominently mindful.
Hence there are 16 methods to follow processively watching , to initiate(1)Long Breath in & out (2) Short Breath in & out (3)Breath body in & out (4) Breath body Calming (Processively) in & out (5) Feeling rapture ( Processively) in & out(6)Feeling joy (Processively) in & out(7) Feeling Chitta Sankara ( Mental formations) in & Out (8) Calming Mental formations ( Gradually lessening ) in & out (9) Clearly perceiving the mind in & out (10) Gladdening the mind in & out (11)Concentrating the mind in & out (12) Feeling the mind in & Out (13) Reflecting (Processively) impermanancy ( Anicca) in & out (14)Reflecting detachment ( Viraga) in & out (15) Reflecting processively the extinction ( Nirodha) in& out (16) Reflecting processively the abandonment ( Patinissagga) in & out. ( in & Out meaning while being in the Breath Body).
Above mentioned 16 stages are taught in the Ana Pana Sathi Sutta to achieve processively in a period of time.
In detailed explanation to note the in & out breath as the breath body ,noting the rough areas of the interior body & be with it till the feelings become smooth & return home to in & out breath or let all body feelings gradually cease.
Now attending to the mental side, the feelings of all changes mentally known realizing the rough feelings & processively led to be light feelings via Viparinama (Changing via Sathi ) & noting it mindfully processing a cause & effect status leading to Impermanance or Anithya.
At the end let the mind processively rid of the Chitta Sankara ( Mental formations) jointly or individually ridding with Kaya Sankara ( Change of form), of breath in each rise & fall leading to detachment of the breath being able to watch independently as if it’s not mine Anathma & in the process is Dukkha caused by experiencing impermanancy or Anithya
This above mentioned explanation is the realization of Ana Pana Sathi Bhavana. But it is not to watch the rising & falling of the breath body without mind seeing the Anithya ( Impermanance),
to Cling & own).
In reality Sathipattana Sutta sermonizes as follows “ Samudaya Dhammanupassiva KAYASMIN Viharati”. “Vaya Dhammanu passiva KAYASMIN Viharati “which says to watch the rise & fall of the breath. But What this means is to note the thought process in the meditation of Ana Pana Sathi with Sathi Sampajanna ( Clear Comprehension).
This above mentioned process of Clear Comprehension ( Sathi Sampajanna) could be purely mindful.
There are 2 sides of expectations in Ana Pana Sathi Bhavana which are physically & Mentally being rather difficult to comprehend,where we become lethargic towards the continuity of the Ana Pana Sathi Bhavana.
Realization of the twin equality of physical & Mental Ana Pana Sathi meditation means an achievement of an absorption ( Dyana Quality). At this point we are at Freed Freedom where we are relieved of an obstructive mind. But this unreal satisfaction is due to the Clinging to the ( Dyana Suvaya) impermanent tranquillity status of the mind.
But what Sathipattana teaches is the processive achievement of the realization of the Impermanance & the Viparinama ( Changing of the Mental Formation) of the Doer in the process of Meditation. Which means again if the doer arises in accordance with the independant arising of the doing & then it is done with noself.
If we do not try & achieve the Clear Comprehension of the meditation ( Sathipattana) sermonized by Lord Buddha as mentioned above we go astray & get involved in Conceptual Poliferations ( Prapancha),( Diversification as translated by Ven. Nanamoli)
Dear Dhamma Friends we can have loving kindness with Subdued Anger. As an example we can see a little child walking with loving kindness , Also we can watch someone patiently , though with anger . Both these situations have mindfulness as one with Samma ( Wholesome) & the other with Mithya ( Unwholesome) & there we have to learn the difference between Samma & Mithya. To do the wholesome actions we only need the (Faith ) Saddha in Buddha. Dhamma & Sangha to be their followers. If not we travel through Samsara forever & Ever.
In our meditation the time limit is not as important as the quality, of mindfulness lasting even for a few minutes is better than hrs of meditation with No Sathi. It is very important to differentiate between Mindfull & Mindless meditation & leading mindfully to Niramisa Preethiya remaining unattached to the sensations Good or bad with feelings of realizational Anithya ( Impermanance) . Sorrow ( Dukkha)& Noself (Anaathma).
This above mentioned method of Sathipattana Contemplation of Kaya. Vedana. Chitta. & Dhamma Anupassanas, as sermonized by Lord Buddha carry us to ( Uppada) Arising, ( Thithi)static , but variable. ( Bhanga) Cessation with Sathipattana Contemplations,
Jinam Wandama Gotama
Ven Padiyatalawe Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
ආනාපාන සතිය
අද මං කල්පනා කළා, භාවනාවට රුචිකත්වයක් තියන හින්දා ඒ සම්බන්ධ කාරණාවක් කියන්න කියලා. පහුගිය දවස්වල ඔය සිද්ධ වෙච්ච ධර්ම සාකච්ඡාවන්වලදී ගොඩක් දෙනෙක් තමන්ගේ අවධානය යොමු කරන බවක් තේරුනා, මේ ඇති වීමක් සහ නැති වීමක් බලන්න.
'ආනාපාන සති' සූත්‍රය අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ ආශ්වාසයක සහ ප්රාශ්වාසයක අවධානය පවත්වාගන්නට, සිහිය තියාගන්නට කියල අපිට උගන්වනවා. ඕකට 'සිහිය' කියල කියනව. ඒත් එක්කම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඵලය, ප්‍රයෝජනය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ක්‍රියාත්මක කරන කෙනාට කියලයි ධර්මයේ තියෙන්නේ.
"ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ"
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ඒ භගවතාණන් වහන්සේගේ, ඒ භාග්යවතාණන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන්නාට තමයි ප්‍රයෝජනය හම්බ වෙන්නෙ කියල කියනව. එතකොට ආනාපාන සති සූත්‍රයේදී තථාගතයන් වහන්සේ අපිට මුලින්ම කියල දෙන්නේ නිදහස් තැනකට ගිහිල්ල වාඩි වෙන්න. කොන්ද සෘජු වෙන විදියට ඉඳලා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්න කියල.
එහෙම කරල ඊළඟට කියල දෙන කාරණා දහසයක් තියනවා. ඒ දහසය නිකං කියවගෙන කියවගෙන වගේ ගියොත්, තමන්ගේ හුස්ම දීර්ඝව දැනෙනවා නම් දීර්ඝව දැනෙන විත්තිය තේරුම් ගන්න. කෙටිව දැනෙනවා නම් කෙටිව දැනෙන විත්තිය තේරුම් ගන්න. හුස්ම දැනෙනකොට ශරීරයත් දැනෙනවා නම් ඒ දෙක එකට දැනෙන විත්තිය තේරුම් ගන්න. හුස්ම දැනෙනකොට දැනෙන මේ ශරීරයේ තද, රළු, ගොරෝසු ඒ දේවල් ටික මෘදු, සැහැල්ලු කරගන්න. හුස්මක් දැනි දැනීම ශරීරයේ අර මෘදු වෙච්ච, සැහැල්ලු වෙච්ච ඒ දේවල් ටික නිෂ්ප්රභා කරමින් ආපහු හුදු හුස්මකට විතරක්ම එන්න. එහෙම නැත්නම් කායිකව තියන ඒ සකස් කර ගැනීම් සහ ඒ දැන හඳුනාගැනීම් ඔක්කෝම ටික පැත්තකින් තියන්න.
ඊළඟට චෛතසික පැත්තට යනවා. කායික ස්වභාවය තේරෙන්නෙ නැති වුනාමත් කොහොමත් චෛතසික ස්වභාවය තමයි ප්‍රකට වෙන්නේ. හුස්ම සමඟ හිතේ ඇති වෙන, හිතේ පවතින ප්‍රතික්‍රියාව, හිතේ කතාව, හිතේ නැමියාව, හිතේ බරවීම මොකද්ද කියල තේරුම් ගන්න. ඒ හිතේ තියන බලපෑම තුල තියන ගොරෝසු රළු අවස්ථාවන් ටික නැවතත් වතාවක් මෘදු කරගන්න.
අවසානයේදී හිතේ හදාගත්ත එවන් වූ සංස්කාරයන්, සකස්කර ගැනීම් පසෙක ලා, බැහැර කරල දාලා නැවතත් අර තිබුනාටත් වඩා පියකරු හුස්මකට එන්න. හුස්මෙහි තියන වෙනස්වන ස්වභාවය තේරුම් ගන්න. හුස්මක තියන ඇලෙන්න බැරි ස්වභාවය තේරුම් ගන්න. ඇලෙන්න කරන්න දෙයක් මේකෙ නෑ කියන එක හඳුනා ගන්න. හුස්මක තියන ඒකාකාර නොවුනු ස්වභාවය දැන ගන්න. නැවත වතාවක් පැන නැඟියාට එක හා සමාන විදියක ස්වභාවයක් නැති විත්තියක් වගේ දෙයක් හඳුනා ගන්න වගේම හුස්මකට තියන ඇල්මක් තියනවා නම් ඒ දේවල් ටික බැහැර කරල දාලා පේන හුස්ම දිහා බලන් ඉන්න.
ඔය කියන කාරණා දහසය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්රයෙදි දේශනා කරන්නේ. හැබැයි මේකෙ එක තැනකවත්ම නැහැ ආශ්වාසයක සහ ප්රාශ්වාසයක ඇතිවීම සහ නැතිවීම බලන්න කියල. මේක මාරම හරි ලස්සන තැනක්. අපිට ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡා කරනකොට කට්ටිය කියන එකක් තමයි, ඒගොල්ලන්ගෙ භාවනාවෙ අවසාන ඉලක්කය ඇති වීම සහ නැති වීම බලනවා කියන එක. මේක ඇත්තටම කියනවා නම් හුදු මතයක් විතරයි. හැබැයි සතිපට්ඨාන සූත්‍රයෙ මෙන්න මෙහෙම එකක් කියනවා.
"සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති,
වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති" කියල.
මේ ඇති වීමක් දකින්න, නැති වීමක් දකින්න කියල. හැබැයි මේකෙ එහෙම තිබ්බට සූත්‍රය තුල බුදු හාමුරුවො විශේෂයෙන් විස්තර කරල දෙන්නෙ නැහැ ආශ්වාසයක හෝ ප්රාශ්වාසයක ඇති වීමක් සහ නැති වීමක් බලන්න කියල. සූත්‍රය අරන් බලන්න ඕන මං මේ කිවුවට අහන්නෙ නැතුව.
එතකොට පින්වතුනි අපිට සිහියක් ඇති කරගන්න නම් තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ, අපේ භාවනාව තුල හිතන එකක් කල්පනා කරන එකක් තියනවා නම්, ඒකත් සිහියටම අන්තර්ගත වෙන්න ඕන විනා ඒක කරන්න තියන දෙයක් නම් නෙවෙයි. අපි හිතනවා නම් මෙතන ඇති වීමක් තියනවා, මෙතන නැති වීමක් තියනවා කියලා ඒක ඇත්තටම ශාරීරිකව සිද්ධ වෙන දේකට වඩා මානසිකව අපි සිද්ධ කරගන්නා වූ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්.
ඇත්තටම කියනවා නම් ආනාපානය බලන්න පටන් ගත්තහම අපිට පේන පැති දෙකක් තියනවා මා පුතා. එකක් තමා කායිකව සැබෑවට සිද්ධ වෙන ආනාපානය. ඕව අල්ලන්න හරි අමාරුයි. අනික් එක තමා අපි මානසිකව බලාපොරොත්තු වෙන ආනාපානය. ආශ්වාසය, ප්රාශ්වාසය. මේ දෙක බොහෝම පරතරයකින් තියන දෙකක්. ඒකයි ආශ්වාසය සහ ප්රාශ්වාසය බලන්න වුනාම අපිව විගහට කම්මැලි වෙන්නෙ. අපිව විගහට ඒ වැඩෙන් අයින් වෙලා යන්නෙ. මොකද මේ දෙක තුල සමබරතාවයක් නැති හින්ද. මේ දෙක සමතුලිත නැති හින්ද.
හැබැයි මේ දෙක සමතුලිත වුනා නම් ඒක ධ්‍යාන මට්ටමක්. ඒක සමාධි මට්ටමක්. ඒ වෙලාවේදී අපේ මානසිකව අපි තල්ලු කරන, එකතු කරන, යොමු කරන, බලපෑම් කරන, සියළුම තත්ත්වයන්ගෙන් නිදහස් වෙලා තිබ්බා. ආනාපාන සති සූත්‍රයේ සියයට සීයක්ම ක්‍රියාත්මක වෙලා තියනවා. හැබැයි අපේ හිත තැන්පත් වෙන්නෙ නැහැ. අනිත් දේවල්වලටත් හිත යනවා. කරදරවලටත් පත් වෙනවා.
මේකට හේතුව තමයි කායිකව ස්වභාවයෙන්ම සිද්ධ වෙන ආනාපානය බලනවාට වඩා, ආශ්වාසය ප්රාශ්වාසය බලනවාට වඩා, මානසිකව අපි බලාපොරොත්තු වෙන ආශ්වාසයක් සහ ප්රාශ්වාසයක් බලන්න උත්සාහ කරන එක. මෙන්න මේකයි කාරණේ.
මෙහෙම වුනාම පින්වතුනි, අපි අහල තියන දෙයක් ඉස්සර කර ගත්තහම, (කවුරු නමුත් කෙනෙක් කියල තියෙන්න පුළුවන් ඇති වීම සහ නැති වීම බලන එක තමයි මොකක් හරි කමක් නෑ භාවනාවක පරතෙර හරි කෙළවර හරි කියල) මෙහෙම වුනහම වැඩේ තියෙන්නේ අපි හිතාගන්නව එහෙනම්, මේ ඇති නැති වීම කියන එක බලන එකම තමයි එහෙනම් කරන්න ඕන, ඒක තමයි ලොකුම හපන්කම කියල.
සතිපට්ඨානය පැත්තෙන් ගත්තොත් ඒක ඇත්තටම හපන්කමක් නෙවෙයි. මේක බලන එක නෙවෙයි සතිපට්ඨානය තුල උගන්වන්නේ. මේක දකින එකයි. තේරුනාද? මේ දේ බලන එක නෙවෙයි, ඇති වීම සහ නැති වීම කියන දේ බලන එකක් නෙවෙයි සතිපට්ඨානයෙන් උගන්වන්නේ, ඇති වීම සහ නැති වීම දකින එකයි. මෙන්න මේ දෙක හොඳට අපි හඳුනා ගන්න ඕන.
ඉතින් එහෙම හඳුනාගත්තොත් තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට අපි මේ භාවනාව සිදු කරනවා වෙන්නේ. එහෙම නැතිනම් යම්කිසි වූ හිතේ තැන්පත්කමක් හදා ගත්තාට පස්සේ, අපි පරණ පුරුදු අර හිතන ඒ තැටිය දාගන්න පටන් ගන්න පුළුවන්. කායික ස්වභාවයට එන්න, කය දැනගන්න මොහොතක් ඒ වගේ ඉන්න හිත හදාගත්තට පස්සේ, අපි පුරුදු වෙලා තියනව නම් ආශ්වාසයක සහ ප්රාශ්වාසයක ඇති වීමක් නැතිවීමක්, ඇති වීමක් නැති වීමක්, ඇති වීමක් නැතිවීමක්, ඔහොම බලන්න, (ඔහොම හිතන්න, බලන්න කියනවටත් වඩා) පුරුදු වෙලා තියනව නම්, ඔය කියන ඒ තැටියේ, ඒ මට්ටමේ, ඒ ප්‍රදේශයේ, ඒ විදිහට කල්ප ගාණක් ජීවත් වෙන්න පුළුවන්. ඕකම තමයි තියෙන්නෙ. වැඩි වෙනසක් නෑ.
ඇති වීමක් නැති වීමක්, ඇති වීමක් නැති වීමක්.
පින්වතුනි එතකොට මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනාකොට වදාළ ඒ නෛර්යානික වූ දහම. ඒ නෛර්යානික වූ දහමේදී තියන ප්‍රතිඵලය අපි හිතා ගත්තට. අපි හිතා ගන්නව ඇති වීමක් සහ නැති වීමක් බලන එකක් තමා එහෙනම් මේකෙ තියන මහා ලොකුම හපන්කම කියල. මේකෙ අපි ඇති නැති වීම බලන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ, මම දැන් කායානුපස්සනාවට එනවාද? මම දැන් කායානුපස්සනාවෙන් යනවාද? මේකෙ අභ්‍යන්තරයෙ වෙනම කතා ටිකක් තියෙන්නෙ. කායානුපස්සනාවට එනවාද? කායානුපස්සනාවෙන් යනවාද? මේ ටික තේරුම් ගන්න ඕන.
හැබැයි මේකෙ අභ්‍යන්තරය තුල අනික් පැත්තට, ආශ්වාසයක ඇති වීමක් නැති වීමක් බලන්න කොහේවත් උගන්වන්නෙ නෑ. දේශනාව අරන් බලන්න ඕන මං මේක කියන එක විශ්වාස කරන්නෙ නැත්නම්. ඒක හින්දයි පින්වතුනි භාවනාව තුල ගොඩක් ඇත්තන්ගෙ වාර්ථාවල් එක හා සමාන වෙන්නෙ. එදත් එකයි, අදත් එකයි, ඒ විදියට තියෙන්නෙ ඒ භාවනාව තුල ඒ ඇත්තො හිතනවා, (කවුරු නමුත් කියල දුන්න එකක් වෙන්න පුළුවන්) ඇති වීමක් සහ නැති වීමක් බලන එක තමයි මේකෙ පරතෙර කියල. හෝ අපිම හිතාගන්න පුළුවන්, තමන්ම හිතාගන්න පුළුවන්, එහෙනම් බුද්ධ දර්ශණය තුල අවසාන ඉලක්කය මෙන්න මේ දෙක බලන එක කියල. නෑ.
පූර්ණ සතිමත්භාවය.
අපිට සිහිය තියෙන්න පුළුවන් තරහක් එක්ක. අපිට සිහිය තියෙන්න පුළුවන් මෛත්‍රියක් එක්ක. උදාහරණයක් හැටියට දරුවෙක් ඇවිදිනව කියන්නකො. ඒ ඇවිදින දරුව දිහා අපි අවධානයෙන් බලාගෙන ඉන්න පුළුවන් බොහොම කරුණාවන්තව. මෛත්‍රීසහගතව. බොහොම ආදරෙන්. ඒ වගේමයි බලාගෙන ඉන්න පුළුවන්, එයා කරන හැම දෙයක්ම හඳුනා ගන්නත් පුළුවන් බොහොම වෛරීසහගතව. බොහොම අමනාපයෙන්. බොහොම අකමැත්තෙන්. බොහොම ප්‍රතික්ෂේප කරන අදහසින්. මේ දෙකේම සිහියක් කියනවා. මොකද්ද 'සම්මා'? මොකද්ද යහපත්? ඔන්න ඔතනයි ඉගෙන ගන්න ඕන.
අපිට සිහිය පුරුදු කරන්න පුළුවන් අනන්ත අප්‍රමාණ පැති තියෙන්න පුළුවන්, නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කොටසට එන්නෙ කොහොමද? කියන එකයි හදාරන්න ඕන. යහපත් වූ ක්‍රමයට අදාල වෙන විදියට සිහිය පුරුදු කරන්නේ කොහොමද? කියන එකයි අපි ඉගෙන ගන්න ඕන වෙන්නෙ.
ඉතින් ඒ අතින් බලනකොට පින්වතුනි, භාවනාව කියන විෂය තුල අපි දැන හෝ නොදැන හිර වෙන්න පුළුවන් තැන් බොහෝමයි. බොහෝමයි. හැබැයි අපේ ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි ධර්ම රත්නය කෙරෙහි, ශ්‍රද්ධාවක් තියනවා නම් විතරයි මේ ධර්මය පුරුදු කරපු ඒ ආර්ය මහා වූ සංඝ රත්නය කෙරෙහි, අපි ඒ දහම ඇහෙනකොටම ඒ දේ ඒ විදියට කරන්න හිතෙන්නෙ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? "නෑ මම දන්නෙ මේ විදිහයි, ඒ විදිහ තමයි නිවැරදි" කියලා ඒ ස්වභාවය සිද්ධ කරන්න පටන් ගන්නව. අන්න ඒකෙනුයි පින්වතුනි බැහැර වෙන්න ඕනකම තියෙන්නෙ. එහෙම වුනොත් තමා අපට සැනසීම ලබාගන්න පුළුවන් වෙන්නෙ.
අපි කරන භාවනාව කරන වෙලාව නෙවෙයි ඇත්තටම වැදගත් වෙන්නෙ. කොච්චර වෙලාවක් කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම පලක් නැති වැඩක්. පලක් නැති කාරණාවක්. නමුත් කාරණාව තියෙන්නේ භාවනා කරන වෙලාව තත්පර විස්සද භාවනා කරන වෙලාව පැයද පැය දෙකද පැය තුනද, ඒ ඕනෑම කාලයක් තුල තමන් සැබෑවටම සතිමත්ව ඉන්නවාද? කල්පනා ලෝකෙක නිමග්න වෙලා ඉන්නවද? කියන එකයි හොයා ගන්න ඕන. මේ දෙක හඳුනා ගැනීම බොහෝම අමාරු දෙයක්. බොහොම අමාරු දෙයක්.
හැබැයි මේ දෙක හඳුනා ගත්ත කියල අපි හිතමුකො. ඒ හඳුනා ගන්නා වූ ප්‍රමාණයෙන්ම තමන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලැබෙන ඒ සැනසීම අත්දකින්නට, අත්විඳින්නට අවස්ථාව හම්බ වෙනව. ඒක හරියට අර කායිකව අපි බුක්ති විඳින ආනාපාන සතිය මානසික අපේ අවශ්‍යතාවයන් ටික බැහැර කරල දාලා ඔහේ බලාගෙන ඉන්න පටන් ගත්තහම, අපිට ඒ ආනාපානයත් එක්ක පාවෙලා යන්න පුළුවන්. ඒ ආනාපානයත් එක්ක ජීවිතේ පටන් අරගෙන, පැවතිලා, ඒ ආනාපානයත් එක්ක මියෑදිලා යන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයකට පත් වෙනවා.
හැබැයි මේක කල්පනා කරන්න පටන් ගත්ත කියන්නකො. ඒ ආශ්වාසය තියේවි. ඒ ප්රාශ්වාසයත් තියේවි. අපි හිතන්න ගන්නව, හරි දැන් මෙතන ඇති වුනා, දැන් මෙතන නැති වුනා. මේ අපේ සිතුවිල්ල ඉස්සර කර ගැනීමකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඉස්සර කර ගන්නවාට වඩා. ඒ ධර්මතාවය ඉස්සර කර ගන්නවාට වඩා.
ඉතින් ඒක හින්ද පින්වතුනි අපි පුළුවන් තරමක් උත්සාහ කරන්න ඕන මේ ධර්මය තුල අපිව විනිවිද දකින්න පුළුවන් වෙන විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පවත්වා ගෙන, ධර්ම රත්නය කෙරෙහි සහ සංඝ රත්නය කෙරෙහි, විශේෂයෙන්ම ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පවත්වා ගෙන, මේ ගමන යන්නට. එහෙම වෙනකොට අයහපත බැහැර කරල යහපත විතරක් අපේ ජීවිතය තුලට කිට්ටු කරගන්නට ලං කරගන්නට අපිට අවස්ථාව හම්බ වෙනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
Open Secret
No 46
Open Secret. ( Mind Clearance Meditation Instructions), Arunalle Daham Sisila ( Peaceful Dhamma in a Beautiful Morning)
In talking of Uncleanliness , The Mind in Buddhism (Chitta), is the quickest Individual , subjectively experiencing of “Something” which is always changing from moment to moment . Therefore it can go defilementally astray unawares in a double quick hurry ( Prematurely).
The cause for this above mentioned unclean mind prematurely are the daily experiences and how the ideation flowing through , to face the so called experiences abruptly, which happen in association with the momentary mind objects of the so called being (who is neither nor in analysis of Dhamma as the Philosophy of Nature).
As an example of the Mundane (Earthly or Lokiya )World if one creates anger with someone , how ever much after a long period of absence with each other , if they meet again , the anger created before has a definite tendency to arise again.
Therefore with all the habitually established Life Style in the Samsaric Journey one may have to lead a life with a continuous sinful disturbed mind, with no sense of Virtue due to ignorance.
How would one get a peaceful mind for the continuity of the Samsaric Journey is the question today?
This above mentioned question answers as the reply via Sathipattana ( The 4 foundations of Mindfulness).
In answering this question Lord Buddha sermonizes , as advice, to recall the past with Sathi Indriya ( Mindfulness)pertaining to good & bad or neither nor of the good & bad as the full history of the past.
In this way we can recollectively correct conscientiously or unconcientiously (Unawares), ( Savinnaka or Avinnaka),stored up good as good , & bad as bad ideation. Then one will begin to accept via Sathi good as good & reject bad as bad.But in a Supermundane level both good & bad & Neither bad nor Good end up equally with ( Anithya. Dukkha. Anathma) Impermanent, Sorrow & Noself).
As an example to the above mentioned situation there was a true Kammattana ( The report of the Objective & Subjective Concentration & Contemplation of the Meditative process). This Bhavana session consists of a sermon discoursed by the Ven Monk for about 25 mins. & then conducted the practical session with instructions.
In the recent past one meditator having heard the Bhavana instructions given by the Ven Monk , after a period of very settled & Serene Concentrated moment of this client, himself became angry, but subsided the anger & continued the meditative programme ,but this person forwarded the Kammattana presentation along with the story of anger he faced. The gain this person got out of this incident was although the same behaviour took place in the next session of the guided meditation ,the processive anger period was much shorter than before. The reason being the previous thought of anger was due to ignorance (Avinnanaka)unconcientiousness, but now because it was let out to the Ven Monk, the whole process substituted an Openness.
But because at present such stories as mentioned above (Anger), are always secretive , the anger gets imprisoned, in the mind & the anger comes out in different nasty ways , unexplainably.
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සිත පිරිසිදු කිරීම
බුදුරදුන්ගේ වගකීම් සහතිකය
වගකීම් සහතිකය කියන වචනය ගැන කතා කලොත් එහෙම, අපි ගන්න භාණ්ඩයකට, මිලදී ගන්න දේකට ඒ දේ හදපු ආයතනය විසින් කරන රැකවරණය, වගකීම් සහතිකය හැටියට දරනවා කියන එකයි මම දන්න කාරණේ. ඉතින් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්න කියලා උන් වහන්සේ අපිට දෙන වගකීමක් තියනවා. ආන් ඒ දේ ගැන.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන දීර්ඝ කාලයක් පාරමිතා පුරලා මේ ධර්මය අවබෝධ කරපු තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි, උන් වහන්සේ දේශනා කරන උන් වහන්සේගේම මේ අත්දැකීම් සමුදාය අපිට කියල දීලා ඊළඟට කියනවා මේ දේ භාවිතා කලොත් ඒ භාවිතා කරන කෙනාට අනිවාර්යයෙන්ම සැලසෙන යහපතක් තියනවා කියල.
සතිපට්ඨානය පැත්තෙන් කතා කලොත්, සතිපට්ඨානය ඔස්සේ කියල දෙන්නේ, කවුරු හරි කෙනෙක් සිහිය වැඩීමේ කොටස් හතර එහෙම නැති නම් තමන්ගේ ශරීරය කෙරෙහි පවත්වන සිහිය, තමන් ලබා ගන්නා වූ වින්දනයන් කෙරෙහි ලබා ගන්නා වූ සිහිය, ඇති කරගන්නා වූ සිහිය, තමන්ගේ හිතේ පැවැත්ම හිතේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇති කර ගන්නා වූ සිහිය වගේම දෛනික ජීවිතයේදී වැඩකටයුතු කරනකොට දෛනික ජීවිතයේ හැසිරෙනකොට පවත්වන්නා වූ සිහිය කියන මේ කාරණා හතර ඔස්සේ තමන්ගේ අවධානය පවත්වා ගෙන අවම වශයෙන් අවුරුදු හතක් ජීවත් වුනොත් ඒ කෙනා රහත් වෙනවා, එහෙම නැතිනම් අනාගාමීත්වයට පත් වෙනවා කියල කියනව.
ඕක කැඩි කැඩී බිඳි බිඳී නැතුව, බොහෝම දැඩි විදියට, දෘඩ විදිහට, තද විදියට බොහෝම උවමනාවෙන් ඕනෑකමෙන් කරගෙන ගියොත් දවස් හතක් වුනත් ප්‍රමාණවත් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. ඔය අතර කාලයත් ඒ අතර කියල දෙනව.
එතකොට පින්වතුනේ තථාගතයන් වහන්සේ මේ දෙන්නේ, උන් වහන්සේගේ නිර්වාණය කියල කියන, නිවන කියල කියන (අපි කියමුකො ඒක දෙයක් කියල නිකං මාතෘකාවට වචනයකට) ඒ දෙයට උන් වහන්සේ දෙන වගකීම් සහතිකය තමයි,
"ඔය ඇත්තො මේ දෙය කරන්න අසවල් කාලයක්. කැඩි කැඩී බිඳි බිඳී හරි කලොත් මෙන්න මෙච්චර කාලයකදී අසවල් ප්‍රයෝජනය තියනවා. එහෙම නැතුව උත්කෘෂ්ට හැටියට බොහොම උවමනාවෙන්, ඕනෑකමෙන් කරන්න පුළුවන්කම තියනවා නම් දවස් හතක් වගේ කෙටි කාලයකදි වුනත් ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්කම තියනවා"
කියල කියල දෙන්නෙ මේක තමා වගකීම් සහතිකය.
එතකොට ඔය කියන වගකීම් සහතිකය ඇත්තටම කොහොමද ලැබෙන්නෙ? අන්න ඒකයි හරි ලස්සනම පැත්ත. සියළුම කෙලෙස්වලින් නිදහස් වෙච්ච ඒ ඇත්තෝ රහත් භාවය ලබා ගන්නව කියල අපි අහල තියනවා. උන් වහන්සේලාට මුකුත්ම ක්ලේශයක් නෑ. උන් වහන්සේලාගේ චිත්ත සන්තාන නිවී සැනසිලා. ආනාගාමීත්වය සලසා ගන්න ඇත්තෝ බ්‍රහ්ම ලෝකෙ උපදිනව. එතකොට අවම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ කියන වැඩපිළිවෙල තුල ඉන්න කෙනාට තථාගතයන් වහන්සේ අනුදැන වදාරන්නෙ නැහැ ආයෙ කාම ලොකෙ උපතක් හම්බ වෙනවයි කියල.
සතර අපායක කොහොමත් වැටෙන්නෙ නෑ. මනුෂ්‍ය ලෝකෙට එන්නෙත් නැහැයි කියල කියනව. දිව්‍ය ලෝකෙකට යන්නෙත් නැහැයි කියල කියනව. දෙවියෙක් වෙන්නෙත් නෑ. නමුත් බ්‍රහ්මයෙක් වෙනව. බ්‍රහ්මයගෙ ස්වභාවය තමයි පින්වතුනි, ඒ අයට ඇත්තටම කියනව නම් කයක් නෑ. හිතින් ජීවත් වෙන්නෙ. අපිට වගේ තද කයක් නෑ. කාම ලෝකය ප්‍රධාන වෙච්ච, නැත්නම් කාම ලෝකයෙන් පහළ තියන ඒ ලෝකවල ඉන්න ඇත්තන්ට තමයි ශරීරයක අත්යවශතාවය උවමනාව තියෙන්නෙ. විශේෂයෙන්ම කාමය හින්ද. මේ කාමය කියන එක සකස් වෙලා තියෙන්නෙම ශරීරය හින්දාම තමයි. මේ තද කොටසක් හින්දාම තමයි.
හැබැයි ඔය කියන කාම තලය ඉවරයක් කරපු, පහුකරපු, අනාගාමීත්වය ලබා ගත්ත ඒ ඇත්තන්ට කාමයක අවශ්‍යතාවයක් නැහැ. උවමනාවක් නැහැ. ඕනකමක් නැහැ. හැබැයි ඒ ඇත්තො චෛතසික ලෝකෙක ජීවත් වෙනව. එතකොට දැන් අපි සාමාන්‍ය විදියට ජීවත් වෙනකොට සිහියක් පුරුදු කරල, කතාවට සිහිය පුරුදු කරනව නම්, දකිනකොට බලනකොට සිහිය පුරුදු කරනව නම්, වැඩ කටයුත්තක් කරනකොට සිහිය පුරුදු කරනව නම්, ඒ තුලින් කොහොමද ඔය කියන බ්‍රහ්ම ලෝකයක උපත ලබන්න, බ්රහ්මයෙක්ගෙ ගුණ හදා ගන්න හේතු සකස් වෙන්නෙ? මම හිතනව ඒක හොඳ ප්‍රශ්නයක් කියල.
අපි අහල තියනව බුදුරජාණන් වහන්සේම උගන්වනව පින්වතුනි, හැම එකක්ම මනස කේන්ද්‍රගත කරගෙනයි මනස මූලික කරගෙනයි සිද්ධ වෙන්නෙ කියල. "මනෝ පුබ්බංගමා ධම්මා" තමා අපේ දහම්පදයෙ පළවෙනි ගාථාවත්. ඒ ගාථාවෙන් කියල දෙන්නෙ, හැම දේටම මනස මූලික වෙනවා කියන එක. එතකොට එහෙම නම් කොහොමද ඔය කියන බ්රහ්මත්වය ලබා ගන්නට අපි මේ කරන සිහිය පැවත්වීම හේතු වෙන්නෙ?
ඔය පැත්තෙන් ගන්නකොට පින්වතුනි, සාමාන්‍යයෙන් ලෝකයා සිහිය පවත්වන්නා වූ පැත්ත ගැන කිවුවොත් එහෙම, එකාකාරයකට ගත්තොත් එහෙම, මේ ලෝකෙ කාටත් සිහියක් තියනව. ඕනෑම වැඩක් කරන, ඕනෑම විදියකට ජීවත් වෙන, ඕනෑම විදිහේ උත්සාහයක් යොදන, කාටත් සිහියක් තියනවාම තමයි. බයිසිකලේකට නඟින්න සිහියක් තියෙන්න ඕන. ළිදෙන් වතුර බාල්දියක් ඇදල ගන්න සිහියක් තියෙන්න ඕන. අවධානයක් යොමු කරන්න ඕන. වෙන කවුරුහරි කෙනෙක්ට බනින්න සිහියක් තියෙන්න ඕන. උවමනාවක් තියෙන්න ඕන. අවධානයක් තියෙන්න ඕන. ජඩකමක් කරනවා නම්, හොරකමක් කරනවා නම්, මැරකමක් කරනවා නම්, ඒ ඇත්තො සෑම සියළු දෙනාමත් සිහිය තියන අයම තමයි.
හැබැයි ඒ සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියට වෙච්ච සම්මා සතිය නෙවෙයි. ඒ සිහිය තුලින් යහපත් වූ ප්‍රතිඵලයක් අත් වෙන්නෙ නෑ. සම්මා සතියක තියන ලක්ෂණය මෙන්න මේකයි. ඒක තමන්ගේ ගැටළුව විසඳනවා වගේම අනිත් අයගේ ගැටළුවත් විසඳනව. තමන්ට කරදරයක් අත් නොකරනවා වගේම අනිත් අයටත් කරදරයක් අත් නොකර දෙනව.
හැබැයි සාමාන්‍ය ලෝකයා ඔය විදියට සිහිය පවත්වල තමන්ට තේරෙන තේරෙන, උවමනා උවමනා හැටියට අදහස් මතු කරගෙන උවමනාවෙන්ම ඕනෑකමෙන්ම සැලසුම් කරලා විවිධාකාර විදිහේ කෙලෙස් සහගත කටයුතු කරන්නත් සිහිය භාවිතා කලාට ඒ සිහිය තුලින් ඒ ඇත්තන්ට සැනසීමක් එන්නෙත් නෑ, අනිත් අයට සැනසීමක් ලැබෙන්නෙත් නෑ. ඒකයි ලෝකයා දුකක ඉන්නෙ.
ඔන්න ඔය කියන පැත්තට තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ සිහිය කියන දේට මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව එකතු කරගන්න කියල උගන්වන්නෙ. මොනවද එකතු කරන්න කියන්නෙ? මෛත්‍රියයි, කරුණාවයි, මුදිතාවයි, උපේක්ෂාවයි. මේවට ධර්මයේ කියන ලස්සන නමක් තියනවා සතර බ්‍රහ්ම විහරණ කියල.
එතකොට අපි අපේ සිහියට නැතිනම් අපි වචනයක් කතාබහ කරනකොට අවස්ථාවට අනුව අපි මොකක් හරි වචනයක් කතා කරන්න පුළුවන්. අපිට හිතෙනව මේක මේ විදියට කියන එකයි හොඳ කියල. හැබැයි අහගෙන ඉන්න කෙනාට ඒකෙන් කම්කටුල්ලක් එනවා නම්, දුකක් සන්තාපයක් එනවා නම්, ඒක පින්වතුනි අපිට තේරෙනවා. හේතුව, ඒ අපි කියාපු වචනය හින්දා ඇති වෙච්ච මතකය අපිට ආයෙ ආයෙ හාර අවුස්ස අවුස්ස, හාර අවුස්ස අවුස්ස අපිට කරදර කරනව. කොනහනව. අපිට වද දෙනව.
හැබැයි යම්කිසි අවස්ථාවකදි අපි හරියට ධර්මයෙහි පිහිටලා සැබෑ මෛත්‍රියක් එක්ක, සැබෑ කරුණාවක් එක්ක, සැබෑ මුදිතාවක්, සැබෑ උපේක්ෂාවක් එක්ක කටයුතු කාරණා කලා නම්, අපේ වචනය මැනවින් භාවිතා කලා නම්, එවන් වූ විදියට ගත කරලා යහපත් විදිහට කරපු අවස්ථාවක් අපිට ආයෙ කරදරයක් හැටියට හිතට මතක් වෙන්නෙ නෑ. ආයෙ ඒක හිතට එන්නෙ නැති වෙන්නත් පුළුවන්.
මෙන්න මේකයි නිර්වාණය කියන සැනසීමට යන සහ සංසාරය කියල කියන දුක හදල දෙන මංසන්ධිය. අපිම යම්කිසි අවස්ථාවකදී අපේ සිහිය භාවිතා කරනවා නම් අධාර්මික පැත්තට, මිත්‍යාව පැත්තට, ඒ තුලින් අපිට සාංසාරික දුකක් හදල දෙනව. සංසාරයක් කියල කියන්නෙ ඇත්තටම කියනව නම් නැවත නැවත, නැවත නැවත මතක් කරල, සිහිපත් කරල අපිට වේදනාවක් හදල දෙනව. ඒක කායික වෙන්න පුළුවන් ඒක මානසික වෙන්න පුළුවන්. මෙහෙම දේකට අපිව ඇදල දානව. අපිව හිර කරල තියනව. ගොනු කරල තියනව.
නමුත් යම්කිසි වෙලාවකදී අපේ මෛත්‍රිය මුසු වෙච්ච, කරුණාව මුසු වෙච්ච, මුදිතාව මුසු වෙච්ච, සහ උපේක්ෂාව මුසු වෙච්ච, විදියට අපේ සිහිය භාවිතා කරනවා නම්, අපේ වචනය කතා කරනවා නම්, අපේ වැඩකටයුත්ත කරනවා නම්, ඇහෙන් රූපෙ බලනවා නම්, කනට සද්දෙ අහනවා නම් අවම වශයෙන් දොරක් වහනව නම් පවා ඒ හැම දේකින්ම අපි ඒ මොහොත මනාකොට විසඳල තියනව. ඒ අවස්ථාවේදී නිවී සැනසීමක් ලැබෙන විදියට, නිවනක් ලැබෙන විදියට ඒ කටයුත්ත නිමා කරල තියනව. ඒ තුලින් ආයෙ සංසාර දුකක් හදල දෙන්නෙ නෑ අපිටත් බාහිර කෙනාටත් කියන මේ කාටත්.
එතකොට පින්වතුනි අපි සිහිය පවත්වනව කියල කෙනෙක්ට කියන්න පුළුවන්. මම කතා කරන්නෙ සිහියෙන්මයි කියල කෙනෙක්ට බනින්නත් පුළුවන්. හැබැයි ඒක එතකොට සම්මා සතියද කියන ප්‍රශ්නාර්ථය අපිට එනව.
අපි එතකොට භාවිතා කරන්න පටන් ගන්න ඕන සිහියට එකතු කරගත්ත මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක් සහ උපේක්ෂාවක්. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ වගකීම් සහතිකේ. ඒ ඇත්තො අනිවාර්යයෙන්ම රහත් වුනේ නැත්නම් බඹ ලොව උපදිනව කියල කියන විදියට.
හේතුව ඒ ඇත්තො ඒ ඇත්තන්ගෙ හිතේ මොකද්ද ඇති කරගන්න ගුණය? අර සතර බ්‍රහ්ම විහරණය හින්ද. මෙන්න මේක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ වගකීම් සහතිකය. තථාගතයන් වහන්සේ ධර්මය පුරුදු කරන කෙනාට දෙන රැකවරණය, ආරක්ෂාව.
ඉතින් මේ වගේ කාරණාවල් පින්වතුනි අපි අපේ ජීවිතයට ගලපා ගන්න වුනහම, ඈදා ගන්න වුනහම, ඒ කාලයේ තිබුනු ජීවිතයට වඩා දැන් අපි වෙනස් වෙන්න පටන් ගන්නව. අපි අළුත් වෙන්න පටන් ගන්නව. ඒ කාලෙ අපි හිතපු සිතුවිල්ලට තිබුනා නම් ද්වේශ සහගත භාවයක්, දැන් අපිම අපි දිහා බලල තේරුම් ගන්න පටන් ගන්නවා, මං ඒ කාලෙ හිතල තියන හැටියට සිහිය පුරුදු කරල තියනවා. හැබැයි ඒ පුරුදු කරපු සිහිය පිරිසිදු නෑ අපිරිසිදුයි.
ඒ පුරුදු කරපු සිහියෙන් මාව ඇත්තටම හිතාමතාම ගොඩ නංවලා තියෙන්නේ, අධාර්මික දුසිල්වත් මහා දරුණු විදිහේ චරිතයකට වෙන්න පුළුවන්. නොසරුප් විදිහේ ජීවිතයක් පවත්වන කෙනෙක්ගේ තත්වයකට වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ ජීවිතේ ඉවරයක් වුනාට පස්සේ ඊළඟ ජීවිතේක උපතකට යන්න කරුණු හදල දෙන්නෙ අපිට වෛර කරන කට්ටිය නෙවෙයි. අපිට බලපෑම් කරන කට්ටිය නෙවෙයි. අපිම තමයි. අපිම හදාගන්න සිතුවිලි ටිකම තමයි. අපිම හදාගන්න අපේ වින්දනයන් පරාසය තුලමයි.
මෙන්න මේක වෙනුවට තමයි අපි භාවිතා කරන්න ඕන ඔය කියන මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන හතර. මේක අපිට කරන්න බැරිකමක් නෑ. හරිම සරලයි වගේම අපේ ජීවිතේට පුදුමාකාර සැහැල්ලුවක් නිදහසක් ගෙනැල්ල දෙන කාරණාවක් මේක.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
The Confidence of Certainty of The Lord
No 47.
The Confidence of Certainty of The Lord ( Lord Buddha). (Budunge Wagakeem Sahatikaya. ) Cleansing the Mind, Meditation Instructions. Arunalle Daham Sisila (Peaceful Dhamma In A Beautiful Morning .
If we discuss the Concept of the ( Confidence Of Certainty),Wagakeem Sahatikaya, we usually apply it for something bought from a shop with a Warrantee for several years, but never for a life time warrantee.
Today we are discussing the Analysis of the Nature of Philosophy sermonized by Lord Buddha as Dhamma, presenting in a Universal gift as an unshaken ( Secure) refuge of Buddha, Dhamma, and Sangha, with the right discernment ( refinement)the 4 Noble Truths as Dukkha, the Cause Of f Dukkha, Cessation of Dukkha, & the Path to the Cessation of Dukkha ( The Noble 8th Fold Path).
After practising attainments of Perfection ( Paramitha),for 4 Eons (4 Billion & 100,000 Years)( Sara Sankya Kalpa Lakshayak),our Great Lord ( Lord Buddha), by Sermonizing his own experiences of attainments of Perfections (Paramita),he tells us that the people who practise accordingly would get the perfect results of Bliss.
When referring to Sathipattana ( 4 foundations of Mindfulness),if somebody Practices the above mentioned Sathipattana techniques , or the Sathi (Mindfulness), on the body ( Kaya & Breath Body inclusive),Pain (Vedana), Chita ( Mind), Dhamma ( the true nature of our mind)Svabava Dhamma, this person can attain Arahantship ( having freed himself from the bonds of desire),will not be reborn or at least be Anagami ( The 3rd stage of a Non Returner.) , by eradicating the 5 lower fetters (Samyojana),( Sankhaya ditti, Vicikiccha, Seelabbatha Paramasa., Kamaraga, Patiga),in 7 Years of Completion.
If these above mentioned methods are Practised genuinely with Sathi with Sampajanna ( Clear Comprehension), in perfection you can achieve the Arahantship or the Anagami status in 7 days, so sermonizes Lord Buddha.
This is the Certificate of Guarantee ( The Confidence of Certainty),that the Lord gives leading to Arahantship.
The Lord also mentions that to do the practice 4 foundations of mindfulness is possible anyway,but if You do it in perfection ( in genuinity), with a will and a wish & with ( Bhavita Bahulee Katha), practice makes perfect the Arahantship is guaranteed in 7 days.
How would You achieve this Confidence of Certainty leading to the Blissful pathway is a Big Question ?.
In addition we have heard according to Buddhism that Arahants ( who have freed the bonds of Desire). have ceased all kileshas (Lobha , Dwesha, Moha),& have attained a peaceful thought process.( has attained Nirvana the Spiritual attainment).
Also Lord Buddha Sermonizes that the Anagami status who have destroyed the 5 lower fetters as mentioned above are born & reborn in Brahma loka(with full energy , knowledge & bliss), and not inclined to be reborn in Kaama Lokas ( Desire Realms),such as in the Hell Realms, Humanv Realms, or Deva Realms, ( 6 Deva, 4 Apayas, & 1 Human realms).
The nature of Brahmas are creaters & mind made with no physical existence.
The necessity of the Physical existence is needed only by Kama lokas ( Worlds of Desire) as mentioned above.
But when you cease the Kamalokas & reach Anagami status you do not need any physical existence. But the Anagami status has the mind made existence.
But when we practise Sathi in the human world in every aspect of our Samsaric Journey how are we reborn in Brahma Worlds with only a mind made nature.?
We have heard in Lord Buddha’s Discourses that our Samsaric Journey is mainly mind made as “ Mano pub amgamaa Dhamma”( Mind is the forerunner of all phenomena). in the 1st Verse in Dhammapadha.
In the process of entering the Brahma world the solution comes later as such we all live with Sati to some extent in all our good & bad deeds namely riding a bicycle, . drawing water from a well, for awareness of something, also for all aggressive actions like to scold someone & also for steeling & killing someone etc.
But this above mentioned Sati is not in the Category of Samma Sathi as discoursed by the Lord.
The main feature of Samma Sathi is that problems can be solved in both parties ( Ajjatta Bahidda),with 4 Sublime Abodes, ( Metta, Karuna, Muditha, Upekkha. As Sathara Brahma Viharana)benefitting internally & Externally, Processively. Also using Sathi with Sampajanna ( Clear Comprehension)which would have led to acquire the 4 Sublime Abodes in an advanced power called wisdom or panna. By this above mentioned method we can avoid hurting other people’s feelings as a practice which will not then return to us as a painful memory.
Otherwise it will block the Safe & Sound Samsaric Journey to Nibbana as an obstructive junction.
If we use Sati in a false ( Mithya) way it repeatedly brings us pain Mentally & Physically leading us to the continuation of our Sansaric Journey with both a mixture of good & bad.
But if we remember with Sathi Sampajanna to conduct ourselves with the 4 Sublime Abodes( Metta, Karuna, Muditha, Upekkha),in our Mentally, Bodily, & Verbally, ( Sita . Kaya , Vachanaya),actions & reactions and also via the 6 senses namely Eye, Ear, Nose, Tongue, Tactile , & Mind is called the Nivana in the Present Moment.
Then we will be reminded of the difference between Samma & Mithya Sathi.So as mentioned above, the practice of Samma Sathi with Sampajanna ( Clear Comprehension),is a must in our Samsaric Journey.
This is callled the Certificate of Certainty in the Dhamma or the Analytical Philosophy of Nature discoursed by the Lord.
Adopting these Dhammic forces into our lives we begin to realize that we are our own Xaviers by Comprehending with Sathi the cessation of all our defilements by ourselves., with the Blissful weapon of the 4 Sublime Abodes of Metta Karuna Muditha Upekkha ( Loving Kindness, Compassion, Altruistic Joy & Equanimity) leading to Nibbana with Confidence of Certainty.
Jinam Wandama Gotamang
Ven Padiyatalawe Medavi Theropods
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
අවමංගල්‍යය මංගල්‍යකට පෙරලීම
බුද්ධ ශාසනය තුල පැවිදි වෙච්ච ශ්රමණයන් වහන්සේ නමක් දැකීම, මංගල කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේගේ මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනව. නමුත් සමාජ ව්‍යවහාරයේ හැටියට හිස මුඩු කර ගත්ත කෙනෙක්ව දකින එක, බොහෝ දෙනෙක් අසුභ කාරණාවක් කියලත් හිතනව. ඒකට හේතුව හැටියට ඒගොල්ලො කියන්නෙ පෙරනිමිත්තක් හින්දයි කියලයි. සතර පෙරනිමිති දැක්ක බෝසතාණන් වහන්සේයි. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. බෝධි සත්ත්වයාණන් වහන්සේ නමකට සතර පෙර නිමිත්තක් වෙච්ච දේ සාමාන්‍ය කෙනෙක්ට පෙරනිමිත්තක් වේද? අසුභ කාරණයක් වේද? කියන ප්‍රශ්නාර්ථය අපිට තියනව.
කෙසේ හෝ නමුත් වස් කාලයේදී එක තැනකට වෙලා වස් වසන ස්වාමීන් වහන්සේලා, වර්ෂාව කාලය අවසාන වුනාට පස්සේ තමන් හිටපු සෙනසුන හකුළුවල, පාත්තර සිවුරු අරගෙන, මහමඟට බැහැල, චාරිකාවක වැඩම කරනව. මේ ජීවන ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම පැවතගෙන එන බෞද්ධ සම්ප්රදායක්. භික්ෂු චාරිත්‍රයක්.
අපේ පැවිදි ජීවිතේ එක්තරා කාලයක් චාරිකාවෙන් ගත කලා. සාමාන්‍යයෙන් චාරිකාවක් යනකොට උදේ රැයින් පිටත් වෙනවා. සාමාන්‍ය පාර පේන තරමේ ආලෝකයක් වැටුනු ගමන්ම ගමන පටන් අරගන්නව. එහෙම අරගෙන හෝරාවක් දෙකක් චාරිකාවෙන් වැඩම කරල අසල තියන ගමකින් පිණ්ඩපාතය සකස් කරගන්නව.
ඊට පස්සෙ වතුර තියන තැනකට ගිහිල්ල, නිස්කලංක තැනකට ගිහිල්ල, දානෙ වළඳල, මොහොතක් විවේක ගන්නව. ඉන් අනතුරුව නැවතත් පාත්තර සිවුරු අරගෙන තමන් යන්න කල්පනා කරපු ගමනාන්තයට චුට්ට චුට්ට කිට්ටු කරනව. හවසට කිට්ටු වෙනකොට ඉන්න අවසරය දෙන පන්සලක හෝ ආරණ්‍යයක, ඉස්කෝලෙක, ප්‍රජා ශාලාවක, එහෙම නැතිනම් සුසාන භූමියක, වැව් ඉස්මත්තක, නිදහස් තැනක ලැගුම් ගන්නව.
ඒ ජීවිතේ හරීම චමත්කාරජනකයි. බොහොම සැහැල්ලුයි. ඒ වගේමයි අත්දැකීම් බහුලයි.
චාරිකාවේ වැඩම කරනකොට දානෙ එකතු කරගන්නට පිණ්ඩපාතයක් හැටියට, පිණ්ඩපාතෙ වඩින වෙලාවට ආසන්නයෙන්ම තියන ගෙවල් කිහිපයකට වැඩම කරනව. ඒ ගෙදරට ඉතාම කිට්ටුවෙනුත් නැතුව බොහොම දුරකිනුත් නැතුව එක්තරා මැද තැනකට වෙලා මොහොතක් රැඳිල ඉන්නව. සමහර වෙලාවල්වලදි කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනව වෙන්න පුළුවන් හිතින්. තවත් අවස්ථාවකදි තෙරුවන් ගුණ හිතෙන් සිහිපත් කරනව වෙන්නත් පුළුවන්. මේ වගේ කාලයක් පිණ්ඩපාතේ වැඩම කරල නිසොල්මනේ එක තැනකට වෙලා ඉන්නවා ගේ ඉස්සරහ.
එක්තරා දවසක චාරිකාවේ වැඩම කරනකොට එක ගමකට වැඩියා. ඒ ගමේ කෙළවරේම තිබිච්ච ගෙදරට පිණ්ඩපාතයට වැඩම කරනකොට ඒ ගෙදරින් මහා සද්දයක් ඇහුනා. මහා සද්දෙ හින්දම පොඩ්ඩක් කන් යොමු කරල බලනකොට, ගෙදර ඉඳපු අඹු සැමි යුවල අතර මහා ඝට්ටනයක්. මහා කෝලාහලයක්. එකිනෙකා එකිනෙකාට දොස් පවරා ගන්න ගමන්ම තද පරුෂ වචනයෙන් බැණ වැදීගත්තා. සුපුරුදු පරිදි කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනය කර කර ඒ නිවස ඉස්සරහ මොහොතක් රැඳී සිටිය.
මෙහෙම ඉන්නකොට ඒ ගෙදර ගෘහ මූලික කෙනා, "අද නම් මම උඹව විනාස කරල මිසක් පස්ස බලන්නෙ නෑ, හිටපන්කො මගෙ කැත්ත අරන් එන්නං" කියල අර තිබුනු පැල්පත් නිවසෙන් එළියට පැන්න. එහෙම පනිනකොටම ස්වාමීන් වහන්සේව දැකපු හින්ද ඒ ගෘහ මූලික මහත්තයගෙ සද්දෙ නැති වුනා. ආයුධය අරගෙන තමන්ගෙ බිරිඳට කොටන්න හරි, මොනව හරි කරදරයක් කරන්න ගිය හිතක් තිබිච්ච කෙනා වහාම ආපහු ගේ ඇතුලට ගිහිල්ල පහත් හඬින් තමන්ගෙ බිරිඳට, "සද්ද කරන්න එපා හාමුදුරුවො වැඩල පිණ්ඩපාතෙට" කියල කියනව මට ඇහුන.
මේ දේ ඇහිච්ච ගමන්ම ඒ කාන්තාවගෙත් කටහඬ නැති වුනා. දෙන්නම ඉරාගත්ත ඇඳුම් හද හද, තුවාල කරගත්ත පහුරු ගා ගත්ත තැන් පිහිද පිහිද, කොණ්ඩෙ හද හද, බොහෝම ගරු සරුවෙන් යුක්තව ළඟට ඇවිල්ල වන්දනා කලා. දෙදෙනාම එකට වන්දනා කරල ඇහැව්වා, "අපේ හාමුදුරුවනේ අද වැඩියෙ මොකටද දන්නෙ නෑ නේද?" කියල.
"දානෙට යමක් එකතු කරගන්න වැඩිය" කියල කිවුවට පස්සෙ දෙන්නම විගහට ගේ ඇතුලට දුවගෙන ගිහිල්ල බත් මුට්ටියකුයි වැංජන මුට්ටියයි අරගෙන ආව. ඊට පස්සේ ඒ භාජන දෙක දෙන්න හදනකොට මං ආපහු කිවුවා, "මට ඔහොම ගන්න බැහැ. ඔය ඇත්තොත්ගෙන් එක් කෙනෙක් ගිහිල්ල හැන්දක් අරගෙන එන්න" කියල.
ඒ වෙනකොට මේ දෙන්නගෙ හිතේ තිබිච්ච තරහ ඔක්කොම නිමිල, මහත්තය නෝනට කතා කරල කියනව, "මං ඔය මුට්ටිය අල්ලගන්නං. ඔයා ගිහිල්ල හැන්දක් අරන් එන්න" කියල. නෝන මහත්තයගෙ අතට ඒ තිබිච්ච වැංජන භාජනේ දීල ගේ ඇතුලට ගිහිල්ල, පොල්කටු හැන්දක් අරගෙන එනව. එහෙම අරන් ඇවිල්ල එක්කෙනෙක් භාජනේ අල්ලං ඉන්නකං අනික් එක්කෙනා දානෙ පිරිනැමුව.
ඇති ප්‍රමාණය දානෙ හම්බ වුනාට පස්සෙ, ඇතියි කියල අතින් සංඥා කලාට පස්සෙ මේ දෙන්න වන්දනා කලා. ඒ අසබඩ තිබිච්ච අනිත් නිවෙස්වලටත් පිණ්ඩපාතෙට වැඩම කලා වුනාට, ඊට කලින් බොහෝ දුරකට ඇහිච්ච කෑ කෝ ගහන සද්දේ, විලාප තියාගන්න පරුෂ වචන කියන සද්දේ, ආයෙ ඇහුනෙ නෑ.
ස්වාමීන් වහන්සේ නමක් දැකීමත් මංගල කාරණයක් කියල කියන්නෙ මෙන්න මේක වෙන්න පුළුවන් නේද කියල එදා මට තේරුනා.
ජිනං වන්දාම ගෝතමං
FUNERAL TURNS INTO A WEDDING
No 48
Arunalle Daham Sisila ( Peaceful Dhamma In A Beautiful Morning )Experiences in Forest Monkhood (FUNERAL TURNS INTO A WEDDING).
In Maha Mangala Sutta , Lord Buddha discourses, that Visualizing a Buddhist Monk Physically or Mentally is an Auspicious ( Mangala) Vision of Wisdom.
But according to the ignorant attitude of people it is an omen of bad luck. For ordinary people because the omen of a Sangha is known as one of the 4 objectives of what led our lord Buddha in his Bodisatva period (the period that his goal of renunciation was awakening) visualized as the most serene appearance, & left the family to Monkhood.
The ordinary people do not understand the value of the serenity of renunciation , unlike the Lord who was born to be a Buddha in his Samsaric cyclic journey.
Would the 4 objectives of good omen of a Bodisatva ( With the Awakening goal of renunciation )be the same intentional satisfaction to an ordinary human being? Is a question mark to us.
Whatever it is when the Vas ( Rainy) season ends, the Monks gather all their belongings of simplicity & start begging Alms again.
This above mentioned life style had been a Buddhist etiquette from the Ancient past.
Generally when going on an Alms Round , Monks wake up early morning at the earliest Day Break, Monks go walking to earn some food from a passing village. Then the monks go in search of a sip of water & have the meal there, with a little rest, & start the walking journey again. And at the Sun Set monks begin to rest , either in a temple, A protective School Building, A worship of Rituality Hall, a Cemetry or a River Bank for Lodging.
This above mentioned Life Style is very free & full of experiences. Monks collect Alms (food , Dana) from a few houses close to each other.
At times monks Chant softly to themselves, Karaneeya Metta Sutta ( Sutta of boundless loving kindness), Contemplate on the Noble Triple Gem ( Thunuruwan), & in addition Monks quietly stand in front of the houses awaiting food.( Alms).
One day on an Alms Round , at the very end of the Village., The monk heard an earsplitting noise, with a quarrelsome
Argument,between a husband & a Wife,blaming each other in harsh words.
Habitually & Softly Chanting Metta Sutta the monk stayed in front of the house for a moment. In the process of the quarrel, the husband was saying that “ Today of course I will destroy you, & I will fetch the Axe”, Along with this saying the man of the house came out of the house & as he came out of the house Blessingly he saw the monk, the man stopped in silence , ceasing the verbal Abuse.
Now the husband of the house shockingly changed his attitude of abuse , went inside the house & told the wife to stop shouting that a monk was here standing at the doorstep.
As she heard the great news she also stopped shouting , cleaning the scratchy wounds, rearranging the torn clothes, Combing the hair & came & worshipped the monk respectfully asking the cause of the arrival. Then the Monk said he came for a little Dana (Food). Then the couple went inside & brought the pots of Rice & Curry. ,Then the monk having requested the spoons to serve,(By this time the fighting couple’s anger was subsiding)brought wooden spoons made out of Coconut shell as well , Then the couple together with one of the couple holding the pots & the other serving the food, and at the end the couple worshipped the monk & the monk left the place.
When the monk was having food later in a close by place the noise of the fight was never heard again.
Visualizing mentally & Physically the Great Sangha is a Compassionately peaceful Vision is guaranteed with also the the Noble Triple Gem ( Buddha, Dhamma Sangha) is Universallly Peaceful is discoursed by Lord Buddha
Jinam Wandama Gotamang
Ven Padiyatalawe Medavi Thero
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
නිහඬතාවයට සවන් දෙන්න
ගත කරන ජීවිතයේ එක දවසක් ගත්තහම, අපේ සිත හරහා ගමන් කරන සිතුවිලි ප්‍රමාණය මෙතකැයි කියා නිම කරන්න බැරි තරම්.
මේ යන සමහරක් සිතුවිලි අපගේ ග්‍රහණයට නතු වෙනවා වගේම සමහර සිතුවිලි අපෙන් නිශ්ප්‍රභා කරලත් දමනව. ඒ වගේමයි සමහර සිතුවිලි ඒකාන්තයෙන්ම ඇත්තයි, සත්‍යයි සහ නිවැරදියි කියන අදහසින් හිතේ දරා ගන්නව.
බැහැර කරල දාපු සිතුවිලිත් හිතේ නතර කරගත්ත සිතුවිලිත් ආයෙ නැවතත් වතාවක් අපේ අභියසට පැමිණෙන්නත් පුළුවන්. අපිව නොසන්සුන් කරවන්නත් පුළුවන්.
සමාජය තුල අද වෙනකොට විවිධ වූ නොසන්සුන්තාවයන් වලට, විවිධ වූ කලබගෑනි වලට, කරදරවලට හේතුව මේ දුවන හිතේ තියන ප්රශ්නයයි. මේ වගේ ගැටළුවකින් නිදහස් වෙන්න භාවිතා කරන්න පුළුවන් සරල උපක්‍රමය කුමක්ද?
නිදහස් තැනකට ගිහිල්ල වාඩි වෙන්න. දෑස් පියාගන්න. තමන් නිහඬ වෙලා, එන සිතුවිලිවලට එන්න සහ යන්න දෙන්න. අල්ලා ගැනීමක් ඇති කරගෙන තමන් තුල තියාගන්නට, ඒ සිතුවිල්ල ඉදිරියට ක්‍රියාත්මක කරවන්නට, ඒ සිතුවිල්ලට බැහැල තවදුරටත් හිතන්නට, කල්පනා කරන්නට අදහස් නොකර, එන සිතුවිල්ලට එන්න දෙන්න. ඉන් අනතුරුව යන්න දෙන්න.
තමන් නිහඬ වුනාට පස්සේ තියන නිහඬතාවයේ අපූර්වත්වය විඳ දරාගන්න ඔබට හැකියාවක් ලැබේවි.
මෙවන් වූ පුහුණුවක් තුලින් අත්දැකීම් ලැබූ හිතක්, මීට කලින් සිතුවිලි ඇවිල්ලා ඒ සිතුවිලිවලින් කරදර කරන්න හෝ කරදර සිදු කරගන්න අපිව යොමු කරපු හිතක්, අපිව යොමු කරපු සිතුවිලි, පැමිණෙන්න වගේම නොරැඳී හිතින් බැහැර වෙලා යනු ඔබට දැකගත හැකි වනු ඇති.
අපේ ජීවිතයේ අපි මගේ කියා හෝ තමන්ගේ කියා හෝ සන්තකයේ තබා ගන්නා වූ මේ දේවල්, නිහඬව බලා හිඳ, පැමිණෙන්නට මෙන්ම යන්නට ඉඩ හැරීම තුලින් ආධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතයේ නිදහස ඔබට බුක්ති විඳ ගන්න හැකි වනු ඇති.
කාලාන්තරයක් තිස්සේ සිතිවිලි නිසා කරදරයට පත් වූ ඔබට තමන්ගේ චිත්ත සන්තානය තුලම නිදහස, සාමය අත්දකින්නට හැකි වේවි.
නිහඬතාවයට සවන් දෙන්න.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහතාට ගෞරවණීය පුණ්්යානුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
Listen To the Silence
No 49.
Arunalle Daham Sisila ( Peaceful Dhamma In A Besutiful Morning) Listen To Silence, ( Freed The Monkey Mind).
Observing just a day in the Samsaric Journey , the incoming & Outgoing thoughts are unlimited.
Some of this thought process is knowing , unknowing as well as ignorant.
Also some thoughts are clinged on to ( Upadana) ,believing they are true & permanent.
Thoughts that are discarded & retained in & out of the mind,with awareness or unawareness May come back giving us happiness or unhappiness leading to restlessness.
What is the method of Freed or release out of a problem as mentioned above?.
To initiate Freedom, firstly sit in a quiet place ,close Your eyes & quieten the mind with no inner chatter,welcoming & Letting go the thoughts in & Out.
By clinging & not extending a thought Process making Conceptual Poliferations ( Prapancha), you can Allow thoughts come & go lnstantly & individually . Then You can enjoy the resultation of the changing mode (Viparinama)& Impermanance by realizing the Dukkha Sathya of Clinging to a changing thought process.
By experiencing the above mentioned Practise mode we can realize how In & Out of a Thought process with awareness can give peace & Happiness with the realizational acceptance of Impermanance , instead of clinging on to an ever changing thought process.
In our SamsaricJourney if we practise Letting Go with no claiming of Ownership to anything ( which is Universally Impermanent),we can achieve Freed Freedom .
With the processive mind.
The In & Out Thoughts that bothered us for Aeons will now give us peace & Happiness by letting go of the Welcomed & Retained ( Uppada, Tithi, Bhanga)thoughts to Conceptual foliferations ( Prapancha) with clinging ( Upadana), as our Great Lord. ( Lord Buddha), discourses with Nature’s Phylosophy (Thanha is Pacchaya Upadana , Upadana Pacchaya Bhavo)..
Jinam Wandama Gotama
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
මා නොදුටු මම
ජීවිතේ තියන වටිනාකම, වැදගත්කම සහ අර්ථය, බාහිරින් හොයලා තමන්ට ගලපා ගන්නට උත්සාහ කළාට, තමන්ගේ ජීවිතේ සැබෑ වටිනාකම, සැබෑ අගය, සැබෑ වැදගත්කම තියෙන්නේ තමන් ඉන්න ස්වභාවය හඳුනා ගැනීම මතයි. අවබෝධ කිරීම මතයි.
ජීවිතේ යථාර්තය හොයන, අර්ථය හොයන, වටිනාකම හොයන, සතුට හොයන කවුරුත් විවිධාකාර දේ විශේෂයෙන් ඉගෙන ගන්නව. විවිධාකාර දේ මිලදී ගන්නව. විවිධාකාර තැන්වලට ගමන් කරනව. විවිධාකාර අය වගේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නව. ඒ අය කතාබහ කරන්නේ, අඳින්නෙ පළඳින්නේ, ගමන් බිමන් කරන්නේ, විය පැහැදම් කරන්නේ, හිතන්නේ, පතන්නේ, මෙන්න මේ විදියටයි කියල අදහසකට ඇවිල්ලා ඒ අනුසාරයෙන් තමන්ගේ ජීවිතය ගෙවන්න උත්සාහ කරනව.
හැබැයි ඒ හැම අවස්ථාවකදිම තමන් උත්සාහ කරන්නේ බාහිර කෙනෙකු වගේ, බාහිර පිරිසක් වගේ, බාහිරින් තියන පොතපතක වගේ, ජීවත් වන්නට නම්, සැරිසරන්නට නම්, හැසිරෙන්නට නම්, ඒ හැම ක්‍රියාදාමයකම අවසාන ප්‍රතිඵලය තමන්ට අසංතෝසය, අකමැත්ත, අතෘප්තිමත්බව, අසහනකාරීත්වය වගේම මීට වඩා දෙයක් තිබිය යුතුයි යන අදහසට නැවතත් පැමිණෙන්නට පටන් ගන්නව.
ඒ විදියට එකිනෙකා හැටියට, වෙනත් අය හැටියට, වෙනත් පොතපත හැටියට, හැසිරෙන වෙලාවල් පැත්තකින් තිබ්බට පස්සේ තමන් තමන් වගේ හැසිරෙන, තමන් තමන් වගේ හිතන, තමන් තමන් වගේම කතාබහ කරන අවස්ථා එක දවසක් ගත්තහම බොහෝ ප්‍රමාණයක් තියනවා, නමුත් අපි නොදන්නා තරම්.
ඒ තමන් තමන් වගේම කතාබහ කරන අවස්ථාවල්, තරහක් ඇති වෙලා තියෙන්න පුළුවන්. වෛරයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන්න පුළුවන්. මෘදු මොළොක් නැති බවක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේමයි මෛත්‍රියක් ඇති වෙලා තියෙන්න පුළුවන්. කරුණාව මුසු වෙලා තියෙන්න පුළුවන්. මුදිතාව එකතු වෙලා තියෙන්නත් පුළුවන්. සමානාත්මතාවයෙන් යුක්ත වෙන්නත් පුළුවන්.
තමන් පුද්ගලිකව බුක්ති විඳින, තමන් වගේම ජීවත් වෙන අවස්ථාව තමන් දුටුවා නම්, එතනින් එහාට තමාට වෙන පිළිසරණක් හොයන්නට, වෙන රැකවරණයක්, හව්හරණක් හොයන්නට අවැසි වෙන්නෙ නැහැ. මොකද තමන්ගේ ස්වභාවය, තමන්ගේ ප්‍රමාණය, තමන් හොඳාකාර දැකල තියෙන හින්ද.
තමන් ඒ දකින ස්වභාවය තුල පෙන්වීමට උත්සාහ දරන චරිතයට වඩා වෙනස්ම විදිහේ ආකල්ප දරන, සිතුම් පැතුම් දරන, ක්රියාකාරීත්වයක් තියන, වෙනම පුද්ගලයෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ ඉන්න ස්වභාවය මනාකොට තේරුම් ගත්තට පස්සේ, ඒ ස්වභාවය තුල තමන් තවදුරටත් රැඳෙනවද? ඒ ස්වභාවය වෙනස් කරගත යුතුද? කියා සිතීමට හෝ තේරුම් බේරුම් ඇති කරගැනීමට තමන්ට අවස්ථාවක් තියනව.
ජීවිතේ තියන වටිනාකම, වැදගත්කම සහ අර්ථය බාහිරින් හොයලා තමන්ට ගලපා ගන්නට උත්සාහ කළාට, තමන්ගේ ජීවිතේ සැබෑ වටිනාකම, සැබෑ අගය, සැබෑ වැදගත්කම, තියෙන්නේ තමන් ඉන්න ස්වභාවය හඳුනා ගැනීම මතයි. අවබෝධ කිරීම මතයි. එය හඳුනා ගන්නා වූ තමන්, අවබෝධ කරන්නා වූ තමන්, ඇත්තටම 'බලාපොරොත්තු වෙන තමන්ට' වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්න පුළුවන්.
හැබැයි ඒ හාත්පස වූ වෙනස් චරිතය තමයි තමන්ට තියෙන්නෙ කියලා තේරුම් කරගත්තට පස්සේ, දැක්කට පස්සේ, අවබෝධ කළාට පස්සේ, තමන්ගේ සැබෑ චරිතය තමන්ට පේන්නට පටන් ගනීවි. ඒ සැබෑ වූ තමන් එක්ක ඊළඟ පියවර කොහොමද තියන්නෙ කියලා තමන්ටම තේරුම් බේරුම් ඇති කරගන්නට, අවබෝධමත් වන්නට, අවස්ථාවක් හම්බ වේවි.
මේ විදියට ඉදිරියට යන ජීවිතය අනුකරණයකින් තොර වෙච්ච, අත්දැකීමෙන් බහුල වෙච්ච ජීවිතයක්. මොකද ඒ ජීවිතේ තේරුම් ගන්න දේ තමයි, තමන් ඇත්තටම තමන් බව. තමන්ගේ වැරැද්ද හැබෑවටම වැරැද්දක් බව. තමන්ගේ නිවැරැද්ද හැබෑවටම නිවැරැද්දක් බව. ඒ කෙනා තවදුරටත් බාහිර කෙනාව අනුකරණය කරන්නට, බාහිර කෙනාව මත යැපෙන්නට, හෝ පොතපතෙහිම ගැලිල ඉන්නට උත්සාහ නොකරාවි. ස්වාධීනව තමන්ගේ ජීවිතය තුල තියන අගය, වටිනාකම, වැදගත්කම, වගේම වැරැද්ද, අඩුපාඩුව, දුර්ගුණයත් මැනවින් හඳුනා ගනීවි.
තමා මෙතෙක් කාලයක් නොදුටු තමන්ව දැක්කට පස්සේ, සැබෑ තමාව තමාට හමු වේවි වගේම, පරිලාහයෙන් යුක්ත වෙච්ච, ඇති වීමක් නැති වෙච්ච ගමන එතෙකින්ම නතර වේවි. සංතෝසය බාහිරකින් හොයන්නට බැරි බවත්, තමා තුළම දුක හදා ගන්නා වූ කාරණාවල් තියෙනකං බාහිරින් කවම කවදාකවත් සතුටක් හොයන්නට බැරි බවත් අපිටම තේරේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
I who never saw me
No 50
I who never saw me ( Arunalle Daham Sisila),Peaceful Dhamma in a Beautiful Morning , The Truth of Peace & Happiness ( Bolankanda Thapo Arana).
The dignity , Value, Reality, of our own (So Called Lives), can never be realized by external ( Bahiddha), investigations or findings.
Our own so called reality of lives can be found out only from within the so called ourselves.
To realize the reality ,Meaning, & the values of lives we qualify in various ways leading to Buy variety of things , visiting important places, and changing our lives to a multiplicity of importance.
Such people as above mentioned spend their lives accordingly.
But in every instance as mentioned above , if we imitate ourselves as intentionally adopted from outside as copied from a book or followed an external crowd would bring us unhappiness , disliking, restlessness , resulting an unknown gap of dissatisfaction.
As mentioned above if we leave aside all these adopted outside personality traits , there is a lot of untouched vacancies pending to follow our own thoughts , speak our own words in one single day a lot without awareness ,with a mixture of Anger , Animosity, jealousy & attitude. Also there can be thoughts & Actions of Loving Kindness ( Metta) , Compassion ( Karuna ) , Altruistic Joy ( Muditha), & Equanimity(Upekkha).
If we personally by spending our own time recognize & realize & differantiate the mixture of good & bad ( As above mentioned), there is nothing more a natural great teaching ( as nature’s Anslysis by Lord Buddha) that we can ever learn & absorb to descipline ourselves internally & processively developing Vipassana as insightful or meditatively leading to ( Panna) Wisdom
By this method of achieving insight our personalities can be much different to what we had, processively via nature & desciplined via Wisdom with Clear Comprehension ( Sati Sampajanna). ,which definitely interferes in the Clear Mind.
The valued reality of the Samsaric Journey is to know where the journey is leading to in order to know the correct path to Dukkha Nirodha is the path to the cessation of Birth & Death.
This processive journey of Samsara with pure wisdom via Sati Sampajanna is Lord Buddha’s Philosophycal Analysis of Nature contributing to Sila, Samadhi ,Panna & not copying the external Mundane World.
After realizing the truth of the Samsaric Journey where we followed with ignorance , now begins to realize that the Samsaric Journey is only an empty process via nature.
This leads to the ( I Who never saw Me) by observing our so-called own thoughts in &Out & how it always works in a changing process leading to Impermanence’s(Anithya). ,(Dukkha)(Also changing) & Both together No Retention & No Self (Anathma)
Jianam Wandama Gothaman
Apriciation and Saadhu Anumodhana for the Translating of the Dhamma Talk Goes to Kusuma Jayasinhe Maniyan 🙏🙏🙏
සැමදා සඳක් වගේ වන්න
තත්පර එකතු වෙලා විනාඩි හැදිලා, විනාඩි පැය බවට පත් වෙලා, පැය දවස් වෙලා, දවස් මාස වෙලා, මාස අවුරුදු වෙලා අපේ කාලය ගෙවෙනව. මේ විදියට ගෙවෙන කාලය තුල ඔබත් මමත් ආපස්සට හැරිල බලපුහම කොයි තරම් නම් කාලයක් ජීවිතේට මුහුණ දීල තියනවද කියන දේ අපේ වයසින් තීරණය වෙනව.
හැබැයි ගිය අවුරුද්දේ හෝ මීට කාලෙකට කලින් හෝ අවම වශයෙන් මේ මෑතකදී හැටියට හරි හදා ගත්ත, හිතා ගත්ත, අනුමත කර ගත්ත, තීන්දු තීරණය කරගත්ත විදියට ලෝකයා කතා කරනවා, වැඩ කරනවා, අදහස් දරනවා, ජීවත් වෙන්න උත්සාහ කරනවා, ජීවිතේ පවත්වනව. කාරණාව තියෙන්නේ ඊයේ හෝ පහුගිය දිනෙක හෝ පහුගිය වසරක සිදු කරපු විදියටම කටයුතු කරනවාද කියන එක නෙවෙයි. ඒ විදියට කතාබහ කරනකොට, ඒ විදියට වැඩ කරනකොට, ඒ විදියට හිතනකොට, තමන් සෑහීමකට පත් වෙනවාද කියන එකයි.
අද වෙනකොට අපේ සමාජය තුල අපි හුරු වෙච්ච, පුරුදු වෙච්ච, එක රටාවක් තමන්ට තියෙනවාය කියන අදහසෙන් යුක්තව, ඒ රටාවට අනුකූලව ගමන් බිමන් කරන, කතාබහ කරන, වැඩ කටයුතු කරන, හිතන පතන ස්වභාවයක් තම තමන් පුද්ගලිකව පුරුදු කරනව. ඊයේ ලබා ගත්ත අත්දැකීමට අනුව, ගිය සතියේ ලබා ගත්ත අත්දැකීමට අනුව, ගිය අවුරුද්දේ ලබා ගත්ත අත්දැකීමට හෝ පහුගිය කාලයකදී වෙච්ච සිදුවීමකට අනුව අද කතාබහ කෙරෙනවා නම්, අද හිතනවා නම්, අද වැඩ කරනවා නම්, අපි මේ මොහොත තුල ජීවත් වෙනවා කියල කියනවට වඩා ඊයේ ජීවත් වෙනවා කියන එක, ගිය සතියේ ජීවත් වෙනවා කියන එක, ගිය අවුරුද්දේ ජීවත් වෙනවා කියන එක හෝ පහුගිය කාලයක ජීවත් වෙනවා කියන එක සාධාරණයි.
අපේ ශරීරය මෙතන තිබුනා වුනාට අපි හිතින් ජීවත් වෙන්නෙ මෙතන නෙවෙයි, අතීතය තුලයි. ඒක නිසයි අපේ හිතට ඇති කර ගත්තා වූ ඒ අදහස් මත පිහිටලා ඒ අනුව කටයුතු කරන ලෝකයා සෑහීමකට පත් නොවෙන්නෙ. හේතුව මේ වර්තමාන මොහොතට ඒ අය සෘජුව, ස්වාධීනව, විවෘතව, මුහුණ දෙනවා නෙවෙයි අතීතයක් තුලින් මුහුණ දෙන හින්දයි.
සාර්ථක ජීවිතේකට මඟ කියල දෙන පාඩමක් ධර්මයේ සඳහන් වෙනවා. අපිට කියල දෙනව 'හඳක්' වගේ වෙන්න කියල.
හඳක තියන වෙනස ඊයෙට වඩා අද ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට අඩු වෙන්න පුළුවන්. එක්කො වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි හඳ නැවුම්. හඳ ආකර්ශණීයයි. හඳ විකසිතයි. හඳෙහි ප්‍රභාව, හඳෙහි ස්වභාව, හඳෙහි හැඩය, චමත්කාරජනකයි. විශේෂයි. වෙනස්. ඒකාකාර නැහැ. ඊයෙ වගේ ඒකාකාර නැහැ. පෙරේද වගේ ඒකාකාර නැහැ. ගිය සතියෙ වගේ ඒකාකාර නැහැ, ගිය අවුරුද්දෙ වගේ.
අපිටත් ජීවිතේ කියල දෙන පාඩම, ගිය අවුරුද්දෙ හිතපු විදියට, පහුගිය කාලෙ හිතපු විදියට, ගිය සතියෙ හිතපු විදියට, ඊයෙ හිතපු විදියට අද හිතන්න නෙවෙයි. මේ පහුගිය කාලය තුලදී හිතපු විදිහ තුල, අදහස් දරපු විදිහ තුල, වෑයම් කරපු විදිහ තුල, වැරැද්දක් තියනවා නම්, ධර්මානුකූල නොවෙන බවක් තියනවා නම්, ඒ දේවල් ටික බැහැර කරල ධර්මානුකූල විදියකට, අළුත් විදියකට හිතන්න පෙළඹෙන්නටයි, විශේෂයෙන් හිතන විදිහේ, විශේෂයෙන් දකින විදිහේ අළුත් ජීවිතයක් ගෙවන්නටයි ධර්මයෙන් ආරාධනාව කරන්නෙ.
අතීතය තුළම ගිලිල ඉන්නවාට වඩා වර්තමානයේ විවෘත මනසකින් දකින්නට, වර්තමානයට විවෘත මනසකින් මුහුණ දෙන්නට පුළුවන් චරිතයකුයි හදා ගන්න කියල ධර්මයෙහි උගන්වන්නෙ. එහෙම වුනහම කලින් තමන්ගෙ හිතට ආපු අදහස තුල තිබිච්ච හරි වැරැද්ද තේරුම් අරගෙන, ඒ දේම කරපින්නාගෙන රැගෙන යනවාට වඩා අළුත් විදිහේ අදහසක් දරන්නට, පරණ අධාර්මික වචනයම කතාබහ කරනවාට වඩා ධර්මානුකූල වෙච්ච නිවැරදි වෙච්ච සංවර වචනයකින් කතාබහ කරන්නට, සංවර වැඩක නියැලෙන්නට ඔබගේ හිත නැවේවි. ඒ මොකක් කලොත්ද?
ඊයේට වඩා අද විශේෂයෙන් තමන්ගේ ජීවිතය දිහා බලන්න පටන් ගත්තොත්.
සැමදා සඳක් වන්න.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
ඇබ්බැහිවීමෙන් නිදහස් වන්නට
ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්නෙ කොහොමද? ඇත්තටම ඇබ්බැහිවීමකින් අපිට නිදහස් වෙන්න බැරි ඇයි? ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන ක්‍රමය මොකක්ද?
සමාජයේ ජීවත් වෙන කොයි කාටත් තමන්ටම ආවේණික වෙච්ච විවිධාකාර පුරුදු තියෙන්න පුළුවන්. එක පැත්තකින් සංස්කෘතිය හැටියටත් හඳුන්වන මේ කාරණාවල්, තවත් පැත්තකින් පුරුද්දකට නොකර ඉන්න බැරි තැනට පත් වෙලා තියෙන්නත් පුළුවන්. නොකර ඉන්න බැරි තැනක් දක්වාම පුරුදු වෙලා තියන කාරණාවල් ගණයට පත් වුනාට පස්සෙ ඒ දේවල් ඇබ්බැහි වීමක් කියල හඳුන්වන්නත් පුළුවන්.
ඇත්තටම ඇබ්බැහි වීමකින් අපිට නිදහස් වෙන්න බැරි ඇයි? ඇබ්බැහි වීමෙන් නිදහස් වෙන ක්‍රමය මොකක්ද?
කාරණා පහකින් සමන්විත වෙච්ච ඒකකයක් තියනව කියන එකයි බුද්ධ දර්ශනයේ මූලික අඩිතාලම. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ හැටියට මේ කාරණා පහ හඳුන්වනව. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් ඇහැට රූපයක් දකිනව වගේම කනට ශබ්දයක් අහන්නෙ. ඇහැට දකින රූපය කනට දකින්න බැරි වුනාට, ඒ ඇහැට දැකපු රූපය ආශ්‍රය කරගත්ත ශබ්ද සංඥා මාත්‍රයක් හෝ ශබ්ද සංඥා සමූහය සෝත විඥ්ඥාණය හැටියට තැන්පත් කරගන්නව.
යම්කිසි කෙනෙක් ඇබ්බැහි වෙලා හිටියොත් ඇහැට දකින රූපයක් කෙරෙහි, එයාට උත්සාහ කරන්න පුළුවන් තමන් ඒ දකින අවස්ථාවන් නොදැක ඉන්න, නොබලා ඉන්න ආදී වශයෙන් නුවණ මෙහෙයවල කටයුතු කරන්න පුළුවන්. එහෙම කලත් තමන්ගේ ඇබ්බැහි වීමෙන් නිදහස් වෙන්නට බැරිකමක් තියෙන්නත් පුළුවන්.
ඒකට හේතුව තමයි ඇහැට දැකපු රූපය ඇහෙන් ගත්ත සංඥා ටිකෙන් විතරක් සකස් කරගත්ත දෙයක් නොවෙන හින්ද. ඒ ඇහැට දකින රූපය හඳුනා ගත්ත, හිතේ තැන්පත් කරගත්ත, කල්පනා ඇති කරපු, වෙනම ආකාරයක් තියෙන්නත් පුළුවන්. වෙනම ක්‍රමයක් තියෙන්නත් පුළුවන්. ඒ ඇහැට දකින රූපය දැකලා, ඇහැට දකින රූපය ඇහෙන් දැකලා ඒ රූපය කනෙන් වින්දනය කරන්න පුළුවන්. ඒ රූපය අතින් ස්පර්ශ කලොත් එහෙම ඒ ස්පර්ශය තුල තියන වින්දනය අපේ මතකයේ තියෙන්න පුළුවන්.
ඒක කෑමක් වගේ දෙයක් නම්, දිව ගාල බැලුවොත් එහෙම ඒ දිවට නැඟිච්ච රසය හෝ කැමැත්ත හැටියට ඇති කරගත්ත රස සංඥාවල් සමූහය තමන්ගේ මතකයේ තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කාරණය කෙරෙහි අපි නැවත නැවත නැවත නැවත හිතල, කල්පනා කරල, සිහින මවල, එකතු කරගත්ත මතක පොදියත් ඔය අස්සෙ තියනව. මේව තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියල කියන්නෙ.
එතකොට යම්කිසි කෙනෙක් රූපයෙන් විතරක් නිදහස් වෙන්න කියල හිතාගෙන ඇහැට දකින රූපයකට හෝ පේන දේකට ඇබ්බැහි වීමක් තියනවා නම්, ඒ දෙයින් නිදහස් වෙන්න ඇහැ වහාගෙන හිටියත්, එයාට එයාගෙ හිතෙන් නිදහස් වෙන්න බැහැ. එයාට එයාගෙ මතකයෙන් නිදහස් වෙන්න බැහැ. හේතුව තමයි තමන් හිතුවට තමන් මේ ඇබ්බැහි වීමට ලක් වෙලා තියෙන්නෙ ඇහැට දකින රූපය හින්දා විතරක් කියලා, ඒ ඇහැට දකින රූපයත් හඳුනාගෙන තියෙන්නේ ඇහෙන් විතරක්ම නෙවෙයි, ඒ අරමුණ නිසාම ගත්ත කන, නාසය, දිව, කය, මනස කියල කියන මේ අනිත් ඉන්ද්‍රීය හැම එකකින්ම ගත්ත සංඥා සමූහයත් එක්ක තමයි අර කියන ඇබ්බැහිවීමට අපිව ලක් වෙලා තියෙන්නෙ.
මේ අනික් ආයතන ඔස්සේ ගත්ත සංඥාත් එකතු වෙලා තියනවා ඇස කියන ඉන්ද්‍රීය තුලින් ගත්ත ඒ රූප සංඥාවටත්. එතකොට යම්කිසි කෙනෙක් උත්සාහ කරන්න පුළුවන් යම් දෙයක් නරඹන එක ඇබ්බැහිවීමකට ලක් වෙලා තියනව නම් හෝ යම් ආහාරයක් බුක්ති විඳින එකට ඇබ්බැහි වෙලා තියනව නම් එයා ඒ ආහාරය නොගෙන ඉන්න කල්පනා කරපු පමණින් එයින් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ රූපය නොබලා ඉන්න උත්සාහ කරපු පමණින් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න පුළුවන්.
හැබැයි ඒ ආහාරයකට නම් එයා ඇබ්බැහි වෙලා හිටියේ, ඒ ආහාරය කෙරෙහි ඇහෙන් ගත්ත සංඥා ටික අයින් වෙන්නෙ නැහැ. අමතක වෙලා යන්නෙ නැහැ. නැති වෙලා යන්නෙ නැහැ ඒ ආහාරය නොගෙන හිටියයි කියල. ඒක යම්කිසි දෙයක් දිහා බලන එකක් නම්, ඒ දේ කෙරෙහි නොබලා හිටියාට ඒ දේ තුල තිබිච්ච මතකය, ආවර්ජනය, සංඥාවල් ඒ දේ අපේ ශරීරයට දැනිච්ච විදිහ, ඒ දෙයෙහි යම්කිසි ගඳ සුවඳක් තිබුනා නම් ඒ ආදී කාරණා සමූහය, අපේ හිතෙන් නිදහස් වෙන්නෙත් නැහැ.
එතකොට යම්කිසි දෙයක් කෙරෙහි ඇබ්බැහි වීමක් තියනවා නම් එයින් නිදහස් වෙන්න අපිට පංචඋපාදානස්කන්ධයෙන්ම නිදහස් වෙන්න වෙනව. ඒ එක ඇබ්බැහි වීමක් කෙරෙහි තියන සම්පූර්ණම ආකර්ශන ශක්තිය අයින් කරන්න සිද්ධ වෙනව.
අන්න එහෙම කරන්න පුළුවන් වෙච්ච වෙලාවකට අපිට හම්බ වේවි ඇහෙන් දැකපු රූපය කනෙනුත් බුක්ති විඳපු ආකාරය. ඒ වගේම නාසයට ගඳ සුවඳක් හැටියට බුක්ති විඳපු ආකාරය. දිවට රසයක් හැටියට, ශරීරයට ස්පර්ශයක් හැටියට වගේම හිතට අරමුණක්, මතකයක්, සිහිපත් කිරීමක්, ආවර්ජනය කිරීමක්, දවල් හීනයක් හැටියට කල්පනා කරපු මේ දේවල් ඔක්කෝම අපිට බැහැර කරන්නට සිද්ධ වෙනවා එකක් හැර එකක්.
මේ විදියට කරන්න පුළුවන්කම තිබුනෝතින් ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්නට පුළුවන්කමක් හම්බ වෙනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
වීරයාගේ මරණය
සමහර කෙනෙක්ව අපේ ජීවිතය තුල මතකයේ රැඳෙන්නටත් සමහර කෙනෙක් අපේ හිතෙන් බැහැර වෙලා යන්නටත් හේතුව මොකද්ද?
ඉපදුනු අප කාටත් මරණයක් උරුමයි. මියෑදෙන්නට සිද්ධවීමට ජාති, ආගම්, කුලමල බේදයක් නෑ. අපිට අපේ ජීවිතය තුළ මූණ දෙන්නට සිද්ධ වෙන කාරණා අතරින් අතහරින්න බැරි, බැහැර කරන්න බැරි ප්‍රධානම කාරණා කීපයක් තියනව කියල බුද්ධ ශාසනයෙ කියල දෙනව.
ඉපදීමක් තියනවා නම් ඒ කෙනාව ජරාවට එහෙම නැතිනම් ලෙඩට දුකට පත් වීමත් මරණයට විනාශයට පත් වීමත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව. ජීවත් වෙලා ඉන්න කාටත් ජරාවකට සහ ව්‍යාධියකට පත් වෙන්න සිද්ධ වුනාට, අවසානයේදී මරණයකට ලක් වෙන්නට සිද්ධ වුනාට, මියෑදුනාට පස්සේ බොහෝ පිරිසකගේ මතකය සමාජයෙන් බැහැර වෙලා යනව.
ඒ අතර සමහර කෙනෙක්ගේ මතකය, සමහර කෙනෙක් පිළිබඳව තියන අතීත සැමරුම අපේ හිත්වල රැඳෙනව. ඉතුරු වෙනව. සමහර කෙනෙක්ව අපේ ජීවිතය තුල මතකයේ රැඳෙන්නටත් සමහර කෙනෙක් අපේ හිතෙන් බැහැර වෙලා යන්නටත් හේතුව මොකද්ද?
මව් කුසක ගත කරලා උපතක් ලබා ගත්තට පස්සේ, සාමාන්‍ය ජීවිතය තුල හැදෙන වැඩෙන පරිසරය අනුව, තමන්ගේ රුචි අරුචිකම් අනුව, ඒ ඒ කෙනාගේ හැකියාවල් අනුව, දක්ෂතා අනුව, ඒ අය සමාජයට ප්‍රකට වෙන ලක්ෂණ, ඒ අය සමාජයට ප්‍රකට කරන ලක්ෂණ අතිශයින්ම වෙනස් වෙනව. ඒ ලක්ෂණයන් අතර සමහර කාරණා සමාජයට යහපත හිතසුව වගේම සතුට සැනසීම ගෙනැල්ල දෙනව. එලෙසම සමහර කෙනෙකුගේ දක්ෂ පක්ෂකම් උවමනාවල් සමාජයට බොහෝ දුක් ගැහැට කරදර හිංසා පමුණුවනව.
සමාජය තුල කරන්න පුළුවන් හොඳම පරිවර්තනය ශුද්ධවන්තයෙකු තවත් ශුද්ධවන්තයෙකු කරන එක නෙවෙයි. සීලවන්තයෙකු තවත් සීලවන්තයෙකු කරන එක නෙවෙයි. ඥාණවන්තයෙකු තවත් ඥාණවන්තයෙකු කරන එකටත් වඩා අශුද්ධවන්තයෙක් ශුද්ධවන්තයෙක් කරන එකයි මේ ලෝකේ තියන සැබෑ ප්රාතිහාර්යය. දුශ්සීලයෙක් සීලවන්තයෙකු කරන එකයි සැබෑම ප්රාතිහාර්යය. දුශ්ප්‍රාඥ කෙනෙක් ප්‍රඥාවන්ත කරන එකයි සැබෑම ප්රාතිහාර්යය.
හැබැයි මේ කියන කටයුත්ත කරන්නට මුල පුරන උත්සුක වෙන කෙනා බොහෝමයක් දුක් ගැහැට, බොහෝමයක් කම්කටොළු, බොහෝමයක් පීඩා, හිතින් හෝ කයින් දරාගන්න පටන් ගන්නව. එයා එයාගෙ ජීවිතය තුල සිදු කරන සියළුම වූ කාරණාවල් අන් අයගේ යහපත, හිතසුව, සැනසීම පිණිසම සිදු කරනව.
මෙවන් වූ අය ජීවත් වෙනකොට ඒ අයට බුක්ති විඳින්නට ලැබිච්ච වද වේදනාවල්, ඒ අයට බුක්ති විඳින්නට ලැබිච්ච දුක් ගැහැට, කම්කටොළුවලින් තමයි ඒගොල්ලන්ගෙ ජීවිතේ ආවරණය වෙලා තියෙන්නෙ. ඒ අය බොහෝම ලේසි පහසු මාර්ගයක ගිහිල්ල සමාජය යහපත් අතට පෙරළන්නට කටයුතු කරපු අය නෙවෙයි. බොහෝම අමාරු මාර්ගයක ගිහිල්ල තමන්ගේ ජීවිතය බොහෝම උත්සාහයෙන්, බොහොම ඉවසිලිවන්තව, බොහෝමත්ම ඕනෑකමින්, පුදුමාකාර කරුණාවකින් සහ මෛත්‍රියෙන් යුක්තව සමාජය සරසවාපු අය, සමාජය යහපතට ගෙනාපු අය.
මේ වගේ ඇත්තන්වත් මියෑදෙනව. හැබැයි ඒ ඇත්තන්ගෙ ශරීරය මියෑදුනාට, ඒ ඇත්තන්ගෙ ශරීරය විනාශ වෙලා ගියාට, ඒ අය කෙරෙහි තියන මතකය ලෝකෙ කවදත් ඉතුරු වෙනව. ඒ වීරයො මැරෙන්නෙ නෑ කවදාවත්ම. සමාජය තුල දකින දකින තැනක යහපත් විදියට හැසිරෙන කෙනෙක් ඉන්නව නම්, ඒ සෑම සියළු දෙනාම අර වීරයාගේ අඩිපාරේ යන අය. ඒ වීරයාව අනුගමනය කරන අය.
ඒ වීරයා මැරිල නැහැ.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
වඳුරු උගුල
ලෙහෙසියෙන් අතහරින්න පුළුවන් දේ අමාරුවෙන් අල්ලගෙන ඉන්නෙ ඇයි?
ලෝක සත්වයාට සංසාරික ගමනක් තියෙන්නේ මමායනය, නැතිනම් මමත්වය හින්දා කියලයි බුද්ධ දර්ශනයෙ උගන්වන්නෙ. තමන්ගේ හැටියට ගත්ත, තමන් වගේ මෙහෙමයි කියල ගත්ත, තමන්ගේ විදිහ මෙහෙමයි කියල ගත්ත අදහස් හින්දා, ආකල්ප හින්දා, අරමුණු හින්දා මතවාද හින්දා, ලෝකයා තමන්ට දුක ඇති කරගන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනව.
අපිම හදාගත්ත අපේ ආකල්පවල, අපේ අදහස්වල, අපේ මතවාදවල, හිරවෙලා ඒ අදහස්වලින්, ඒ මතවාදවලින්, ඒ ආකල්පවලින් එළියට යන්න බැරුව දුක් විඳිනව. වද වේදනා විඳිනව. පසුතැවිලි වෙනව.
තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම අනාත්මීය දර්ශනයක් නම්, ඒ අනාත්මීය දර්ශනයෙන් අපිට කියල දෙන්නේ මමය මාගේය මගේ ආත්මයය කියල නොගන්නට නම්, අපේ ජීවිතයට ඇවිල්ල තියන, අපේ ජීවිතය පුරා පවතින මේ ආත්මීය අදහස්වලින් අපිට නිදහස් වෙන්න අමාරු ඇයි?
අපි ඇති කරගෙන තියන අදහස් වර්ග දෙකක් තියනව. එකක් අපේ පුද්ගලික අත්දැකීම මත ඇති කරගත්ත අදහස්. අපේ ජීවිතය තුල කල් ගෙවද්දි අපි යම්කිසි මතයක් දරනවා නම්, යම්කිසි අදහසක් දරනවා නම්, ඒ දරණ අදහසට ඒ දරණ මතයට අපේ අත්දැකීම් එකතු වෙලා තියනව නම්, තමන් අත්දැකීමෙන්ම දන්නව නම් මෙන්න මේකයි සත්‍යම කාරණය කියල, එවන් වූ අදහස් අපි ගාව තියෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අදහසක්, ඒ වගේ අත්දැකීමට බර වෙච්ච අදහසක් අපිට දුකක් ගෙනැල්ල දෙනවා නම්, අපේ අතීත අත්දැකීමක්ම ප්‍රයෝජනයට අරගෙන ඒ අපි ගාව තියෙන අදහස අපිට අනාගතයෙදි වෙනස් කරගන්න පුළුවන් හෝ වර්තමානයේදී වෙනස් කරගනිමින් ජීවත් වෙන්න පුළුවන්.
නමුත් අපි ඇති කරගෙන තියන අදහස වෙනත් කෙනෙකුගේ අදහසක් අපි බවට තියාගෙන ඉන්න එකක් නම්, වෙනත් කෙනෙකු දරන මතයක් අපේ මතය හැටියට තියාගෙන ඉන්න එකක් නම්, වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් අපේ අත්දැකීමක් හැටියට අරගන්න එකක් නම් අපි කරන්නේ, එවන් වූ මතයකින් නිදහස් වෙන්නට අපිට නොහැකියි. ඒකට හේතුව තමයි අපි දන්නෙ නැහැ ඒ වගේ අත්දැකීමක් ඇති වෙන්නට හේතුභූත වෙච්ච කාරණා මොනවද කියල. අපි හුදෙක් එයාගේ අදහස හෝ එයාගෙ ආකල්පය, එයාගෙ මතය අනුගමනය කරනව මිසක.
ඒකයි බුද්ධ ශාසනය තුල "ඒහිපස්සිකෝ" කියන අර්ථයෙන් "ඇවිල්ල බලන්න" එහෙම නැතිනම්, "මේ ධර්මයට පැමිණිලා ධර්මය පුරුදු කරල බලන්න" කියල කියන්නෙ.
අපි අපිට කිට්ටු වෙන්න ඕන. අපි තමන්ට කිට්ටු වෙන්න ඕන. තමන් තුල තියන අනන්ත අප්‍රමාණ වූ අදහස් දිහා බලල ඒ තියන අදහස් තමන්ට ඇත්තටම පුද්ගලිකව ලබා ගත්ත අත්දැකීමක් හින්ද තියන දෙයක්ද, එහෙම නැතිනම් වෙනත් වූ බාහිරකින් ආපු දෙයක්ද තමන් මේ පිළිගන්නෙ කියල, තමන් හොයල බලන්න ඕන.
සමහර අදහස් තියෙන්න පුළුවන් අපිට අහිත අවැඩ නොකරන වගේම සමහර අදහස් තියෙන්න පුළුවන් අපිට කරදර පමුණුවන. තමන්ට ඒකෙන් නිදහස් වෙන්න ඕනකමක් තියනවා නම්, සාංසාරික දුකෙන් නිදහස් වෙන්න ඕනකමක් තියනවා නම්, තමන් ජීවිතේ තුල තමන් වටා තියාගෙන තියන තමන්ව දුකට ඇදල දාන දේවල් හිතාමතාම, උවමනාවෙන්ම, දැනුවත්කමින්ම බැහැර කරන්න ඕන.
මේව ලේසියෙන්ම අතහරින්න පුළුවන් දේවල්. අපි බොහොම අමාරුවෙනුයි අල්ලගෙන ඉන්නෙ. ලේසියෙන් අතහරින්නෙ කොහොමද?
තමන් ලබාගත්ත අත්දැකීමක් නම් ඒ අත්දැකීමේ හරි වැරැද්ද තේරුම් ගැනීමත්, ඒ තමන් ගාව තියන අදහස තමන්ගේම අත්දැකීමකට හේතු නොවිච්ච එකක් නම්, බාහිරෙන් ආපු අදහසක් විතරක් නම්, ඒක කෙළින්ම බැහැර කරන්නටත් අපිට පුළුවන්කමක් තියනව.
මෙහෙම පුළුවන්කමක් වුනොත් එහෙම, සාංසාරයක් අපේ වටා තිබිච්ච අපිම සැපයි කියල හිතාගෙන හිටපු අදහස, ආකල්පය, මතය අපිට දුකක් ගෙනැල්ල දෙන එකක් නම්, එයින් නිදහස් වෙන්න අපිට පුළුවන්කමක් තියනව.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සාර්ථකම විසඳුම
උපමා කතාවක්
එක්තරා කාලයක එක ගමක් ඇසුරු කරගෙන නයෙක් වාසය කරල තියනව. මේ නයා නිතර නිතර අහල පහළ ජීවත් වෙච්ච අයට දෂ්ට කරන්න වුනාම, නිතර නිතර ගමේ කට්ටිය මියෑදෙන්න පටන් අරන් තියනව.
මේ සතාව දකිනකොටත් ගමේ අය බොහොම බය වෙන්න වුනා. ගමේ කාගෙවත් පිළිගැනීමක් මේ නයාට ලැබුනෙ නෑ. තමන්ගෙ ජීවිතේ ගැන කළකිරීමක් ඇති වෙච්ච නයා එයාගෙ ජීවිතේට වටිනාකමක් ගෙනල්ල දෙන්න ක්‍රමයක් හොයන්න පටන් ගන්නව.
මෙයා දවසක් කැලේ යනකොට කැලෑවෙ හිටපු එක තාපසයෙක්ව දකිනව. දැකලා තාපසය ගාවට කිට්ටු වෙලා, ගිහිල්ල අහනවලු,
"තාපසතුමනි මම නයෙක්. මම නිතර නිතර මේ ගමේ අයට දෂ්ට කලා. ඒ ගමේ අයට කරදර කලා. අහල පහළ හිටපු සත්තු ඔක්කෝම මම කෑවා. ගිලල දැම්මා. දැන් මං තනි වෙලා. කවුරුවත් මට කැමැත්තක් නෑ. මට මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කියල දෙන්න"
කියලා ඉල්ලා සිටිනව. අර තාපසතුමා මේ නයාට පංච සීලය කියල දෙනව. සත්ව ඝාතනය කරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි අයව ඇසුරු කරන්න එපා, බොරු කියන්න එපා, රහමෙර පානය කරන්න එපා කියල.
නයා ආපහු ගමට ගිහිල්ල බොහොම සාන්ත දාන්තව ජීවත් වෙනව. ඊට කලින් ගමේ කවුරු හරි දකිනකොට එළව එළවා දෂ්ට කරන්න උත්සාහ කරපු නයා, දැන් පෙණේ හකුළුවාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්නව. මේක ගමේ අයට හරි අළුත් අත්දැකීමක් වුනා. ගමේ අය තේරුම් ගත්තා දැන් නයාට කිසිම කිසි හැකියාවක් නෑ කියල.
ඊට පස්සෙ ඒ ගොල්ලෝ නයාට සෙල්ලම් දාන්න පටන් ගත්තා. අතට අහුවෙන අහුවෙන එකෙන් ගහන්න පටන් ගත්තා. ඊට කලින් හිටියා වගේ නෙවෙයි, මේ වෙද්දි නයාව ගොඩාක් වැහැරුනා. ඇඟ හැමතැනම තුවාල. කන්න දේකුත් නැහැ. බොහෝම වැහැරිලා.
ආයෙත් නයා කල්පනා කරනවලු, බොහොම ලේසියෙන් හිටපු මට මේ දේ වුනේ අර තාපසය හින්ද. ආපහු යන්න ඕන මෙයාව මුණ ගැහෙන්න කියල නැවතත් තාපසය ගාවට කන්දට යනව. බොහොම අමාරුවෙන් අමාරුවෙන් ඇද ගගහ ඇද ගගහ තාපසය ගාවට ගිහිල්ල කියනවලු,
"මේ බලන්න ඔයා මට කරපු දේ."
එතකොට තාපසතුමා අහනවලු,
"මම මොකද්ද කලේ?"
"ඔයා මට කිවුවනෙ පන්සිල් රකින්න කියල. ඉතින් මම පන්සිල් රැක්කා. එහෙම වුනත් මට ප්‍රශ්න අඩුවක් නෑ. කරදර අඩුවක් නෑනෙ. කාගෙත් කරදරවලට දැන් මම ලක් වෙනවනෙ. මේ බලන්න මගේ ඇඟට වෙලා තියන දේ"
කියල නයා තමන්ගෙ ඇඟේ තිබිච්ච තුවාල ටික පෙන්නුවලු. මෙන්න මේ වෙලාවෙදි තාපසතුමා හරි ලස්සන කතාවක් කියනව මේ නයාට.
"මං ඔයාට දෂ්ට කරන්න එපා කිවුව තමයි. ඒ වුනාට පෙණේ පුප්පන්න එපා කිවුවෙ නෑනෙ."
'ජිනං වන්දාම ගෝතමං'
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
මවකගේ පැතුම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
වස් ආරාධනා කරපු සුජාතා මෑණියනුත් ප්‍රදීප් මහත්තයා සහ ධම්මි මෑණියොත් මේ උපාසක අම්මාත් මම සාදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඔය ඇත්තො අද දවසේදී කල්පනා කලා දානෙ පූජ කරන්න ඕන කියලා කියලා, විශේෂිත වූ මාතෘකාවක්, තේමාවක් යටතේ.
අපේ ජීවිතේට බොහෝ දෙනෙක් හම්බ වෙනවා. සමහර අය අපේ මතකයේ රැඳෙනවා. සමහර අය එච්චර මතකයේ රැඳෙන්නෙ නෑ. සමහර අයට අපිව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, සමහර අයට නෑ. සමහරක් ඇත්තො අපිත් එක්ක කාලයක් ජීවත් වෙනවා. සමහර ඇත්තෝ වැඩි කාලයක් ඉන්නෙත් නෑ. නමුත් අපිට මේ ලෝකෙ එක්කෙනා එක්කෙනා වශයෙන් හම්බ වෙන අය කීප දෙනයි ඉන්නෙ. ඒ එක්කෙනෙක් තමයි අම්මා.
අපි කාටත් අම්ම කියනව තමයි. මමත් හාමුදුරු කෙනෙක් හැටියට ඔය ඇත්තො හැමෝටම අම්ම කියල කතා කරන්නෙ. ඒ වුනාට මටත් ඉන්නෙ අම්මල එක්කෙනයි. ඔය ඇත්තන්ගෙ මෑණියො නැති වෙලා මම හිතන්නෙ දැනට දවස් හතක් අටක් වගේ ගෙවෙනව මං හිතන්නෙ.
එක්තරා විදියකට ආපස්සට හැරිල බලනකොට අපේ ජීවිතේ පින්වතුනි අද වෙනකොට අපි මේ තැනේ ඉන්නේ, අපි ඉගෙන කියා ගත්ත දේවල් හින්දාම නෙවෙයි. අපිත් එක්ක හිටපු, අපිට කිට්ටුවෙන් හිටපු, ගොඩක් වෙලාවට අපිට බැනපු, අපේ මේ ගමන යන්න තල්ලු කරපු සහ සමහර වෙලාවට අපිව පල්ලෙහාට ඇදල දාන්න උත්සාහ කරපු මේ හැමෝගේම තල්ලුවෙන් තමයි අද අපි මෙතන ඉන්නෙ.
අපි අපේ ජීවිතය තුල සිදු කරන යම්කිසි වූ ක්‍රියාවක් තියනව නම්, අද වෙනකොට ඒ හැම එකකටම හේතු භූත වෙච්ච අතීත සිද්ධියක් තියෙන්න පුළුවන්. අත්දැකීමක් තියෙන්න පුළුවන්. වාසනාවකට ගොඩක් වෙලාවට ඔය කියන අත්දැකීම ගලාගෙන එන්නෙ දෙමව්පියො හරහා.
ඒ ඇත්තො තමයි අපිට හම්බ වෙන මූලාශ්‍රය වගේ දේ, අපේ ජීවිතයේ අසවල් අසවල් අවස්ථාවන් වලදී වැඩ කරන්නෙ කොහොමද, හිතන්නෙ කොහොමද, කතා කරන්නෙ කොහොමද, අදහස් දරන්නෙ කොහොමද ආදී වශයෙන්, සමහරක් විට ඒ ඇත්තන්ගෙ අදහස් වැරදි වෙන්න පුළුවන් අද කාලයට, ඒ වුනාට කාලයක් අරගෙන කල්පනා කරල බලනකොට, අවසානයට තේරෙන්න පුළුවන් එදා ඒ ගොල්ලො කියපු කතාව අද නම් ඇත්ත නේද කියල.
කොහොම නමුත් ඒ සෑම සියළු දෙනාම අපි ඇසුරු පහදු කරන්න වුනාම, අපේ පිටිපස්සෙන් ඉඳලා අපිව තල්ලු කරනවා. අපේ ගමන යන්න, අපි ආරක්ෂා කරන්න, දියුණු වෙන්න, ඒගොල්ලන්ට වඩා සැපවන්ත, නිවී සැනසුනු, සංතෝසදායී ජීවිතයක් ගත කරන්න අපිව තල්ලු කරනව. මං හිතන්නෙ ඒක ඔය ඇත්තන්ගෙ ජීවිතේ දිහා ආපස්සට හැරිල බැලුවොත් එහෙම, ඔය ඇත්තන්ගෙ දරුවො වෙනුවෙන් ඔය ඇත්තො කරන කටයුතු බලනකොට, එක හා ම සමයි.
දැන් වෙනකොට මෑණියො මිය පරලොව ගිහිල්ල තියනව. එතුමිය එතුමියගෙ ජීවිතේ ගත කරන්න පුළුවන් කාලය ගත කරල යන්න වෙන කාලෙ ගියා. ඒ යන්න වෙන මොහොත කොහොම වෙනවාද කියන එක නෙවෙයි සිද්ධිය තියෙන්නේ. අපිට මේ ජීවිතේදි අම්මේ, කාටත් මුහුණ දෙන්නම සිද්ධ වෙන කරුණු කාරණා කිහිපයක් තියනව. ඒකට කාටත් මුහුණ දෙන්න වෙනව. බෝධි සත්ත්වයාණන් වහන්සේලාට පවා. තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් අසනීප තිබුනා. උන් වහන්සේත් මිය පරලොව ගියා. අපි කියනව පිරිනිවන් පෑවයි කියල. අපිටත් ඒ වගේමයි.
ඒ ඇත්තො මේ ජීවිතේදී කරකියා ගත්ත දේවල් වලින් සහ අපිට උගන්වපු දේවල්වල තියන සාරය තුලින් තමා අද වෙනකොට අපි අපේ ජීවිතේ මේ ඉන්න ප්‍රමාණය තුල සැනසීමක් ලබන්න, යහපතෙහි හැසිරෙන්න ඉගෙන ගන්නෙ, ඒ අනුව ක්‍රියාත්මක වෙන්නෙ, ජීවත් වෙන්නෙ, සැරිසරන්නෙ. ඒකට ඒ ඇත්තන්ට ඇත්තටම බොහොම පින්. ඒක හරියට එක පැත්තකින් කියනකොට අපේ පිටිපස්සෙන් ඉඳල කවුරු හරි අපිව නිකං තල්ලු කලා වගේ තමයි එක්තරා මට්ටමකින්.
ඒ වගේ ගමනක් තියනකොට, ඒ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නකොට, ඇත්තටම කියනව නම් පහසුවකුත් තියනව ලේසියකුත් තියනව. සමහර වෙලාවට අපි ඒක දකින්නෙ නම් ලේසියක් හැටියට නෙවෙයි ඒ වුනාට. ධර්මානුකූලව බැලුවොතින් එහෙම තවත් පැතිකඩක් තියනවා. අපේ පිටිපස්සෙන් ඉඳලා අපිව තල්ලු කරන තවත් බලවේගයකුත් තියනව.
අපිට කොයි කවුරු, කොහොම කරුණු කාරණා කියල දුන්නත්, කොයි කවුරු මොන විදිහේ උපදෙස් අනුශාසනා කලත් අපේ උවමනාකම එපාකම කියන දේ අපිව තල්ලු කරනවා මේ මේ විදියට හිතන්න, ඔය කොහොම කිවුවත් මේ මේ විදියට කරන්න ඕනෙයි කියල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ ලෝකය තුල කවුරු හරි කෙනෙක් නිදහස් වෙනව නම්, සම්පූර්ණ වූ නිදහස නැත්නම් නිදහස් තත්වය ලබා ගන්න, ඔන්න ඔය විදියට කරන තල්ලුවෙනුයි නිදහස් වෙන්න ඕන කියල.
එයාට එතකොට දෙයක් දිහා බලනකොට, කෙනෙක්ට කතා කරනකොට, වැඩක් කරනකොට, යටි අදහසක් එක්ක ඒ දේ කෙරෙනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට දැන් අපිටත් තේරෙනව, එයා ඇත්තටම විමුක්තියක් ලබල නැහැ. නිදහසක් නැහැ. එයාගෙ ඒ අදහස හෝ අභිප්‍රාය පරම පිවිතුරු නෑ. හේතුව යටින් තවත් එකක් තියනව.
"තණ්හාය දුතියෝ පුරිසෝ
දීඝමද්ධාන සංසරං"
ඔය තණ්හාව කියන දේ තමා අපිත් එක්ක පිටිපස්සෙන් ඉන්න දෙවනි කෙනා. දෙවනි පුරුෂයා. එයා අපිව තල්ලු කරනව, "ඔයා මේ විදියට හිතන්න, ආ...මේකෙදි මෙහෙම කරන්න, මේකට කැමති වෙන්න, මේ දේට අකමැති වෙන්න, අර කෙනත් එක්ක ගැටෙන්න, මේ කෙනත් එක්ක යාළු වෙන්න" ආන් ඒ ආකාරයට. එතකොට අපේ ජීවිතේ ඇත්තටම කියනව නම් ඔය අතින් බලනකොට, අපි නිවිල නැහැ ගොඩක් වෙලාවට.
මං මේ කතාව කියන්න හේතු වුනේ අද උදේ සිද්ධ වෙච්ච වැඩක් හින්දා. අද උදේ මං පිණ්ඩපාතෙ යනකොට, කැලේ මැදින් යද්දි ඇදගෙන වැටුන. පාර හොඳටම අබලන්. අබලන් කියල කියන්නෙ ගස් වැවිල. කටු වැල් අනං මනං ගොඩක් තියනව, ඕක මැදිනුයි යන්නෙ. මට ගමේ කට්ටියට කියන්න උවමනාව තිබ්බා මට පාර සුද්ධ කරල දෙන්න කියල. ඒ වගේම මං ඒක කිවුව. හැබැයි ඒක කියල ඉවර වුනාට පස්සෙ, නැතිනම් ඒ කියන වෙලාවෙදි තමයි මට තේරුනේ මම මේක කියන්නෙ, මම වැටුනා කියන එක කියන්න ඕන අදහසින් විතරක් නෙවෙයි.
මට මේ ගොල්ලන්ට ඒත්තු ගන්වන්න ඕන යට පැත්තෙන්, මම බලාපොරොත්තු වෙනවා මේක අහල මේගොල්ලෝ මට විගහට පාර හදල දෙයි කියල. මට හරියට තේරුනා මම එක්කෙනෙක්ට දෙන්නෙක්ට මේක කියනකොට, මං කොච්චර වංචනිකද කියල. හැබැයි මගේ හිතේ කිසිම කිසි අදහසක් නෑ කවුරුවත් රවට්ටන්න. ඒ වුනාට අපේ වචනය මෙහෙමයි. අපේ අදහස මෙහෙමයි.
ඕකත් එක්කයි මගේ හිතට ආවේ තණ්හාව කියන දෙවනි කෙනා තමයි මාව මේ තල්ලු කරන්නෙ කියල. මම හරි කැමතියි මනුස්සයෙක්ට දෙයක් කියන්න, හැබැයි මගේ තියන පුරුද්ද හෝ අපේ මනසේ තියන පුරුද්ද අපිව යොමු කරවනවා ඒකත් එක්ක වෙන මොකක් හරි දෙයක් ඈදවන්න. සම්බන්ධ කරවන්න. ගැට ගහල තියන්න. ඕකටයි කියන්නෙ තණ්හාවයි කියල.
එතකොට අපි ඒ කරන කටයුත්ත කරන එක හරි කියන වචනය කියන එක හරි නිවී සැනසිලා නෑනෙ. ඒක හරියට අපි යම්කිසි දෙයක් දෙනවා මොකක් හරි ගැට ගහල වගේ. මේකෙ ස්වභාවය අන්න එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය දේ නිදහස් කරගන්න එකයි විමුක්තිය කියල.
එතකොට මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න කෙනා වචන කතා කරන්නෙ නැහැ නෙවෙයි. වැඩකටයුත් කරන්නෙ නැහැ නෙවෙයි. හිතන්නෙ නැහැ නෙවෙයි. හැබැයි ඊට කලින් එයාගෙ වචනයට තිබුනා අර බලාපොරොත්තුව, නැතිනම් තණ්හාව. උවමනා එපාකම කියන එකතු කිරීම. එයාගෙ වැඩකටයුත්තට තිබ්බ ඒ දේ. එයාගෙ සිතුවිල්ලට, අදහසට, ආකල්පයට, දකින බැල්මට, ශ්‍රවනය කරන දේට, ස්පර්ශ කරන දේට, රස විඳින හැම දේකටම පවා.
මේ ආදී කොට ඇති එයාගේ ජීවිතේ භාවිතා කරපු හැම කාරණාවකටම ඔය කියන තණ්හාවේ එකතු වීමක් තිබ්බා, ඇලීමක් තිබ්බා, යා වීමක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා, වචනය කතා කරන්න තණ්හාවක් දාගන්නෙ නැතුව. වැඩකටයුත්තක් කරන්න, අර වගේ ක්ලේශයක් එකතු කරගන්නෙ නැතුව. හිතන්න, අර වගේ ක්ලේශයකට යන්නෙ නැතුව. එච්චරයි.
එහෙම වුනොත් අපි නිදහස් වෙනවා. නික්මෙනවා. එහෙම වුනොත් අපේ පිටිපස්සෙන් එන තවත් එක්කෙනෙක් නෑ. අපිව පාලනය කරන, අපිව ක්‍රියාත්මක කරන, අපිව අරගෙන යන වෙනත් එක්කෙනෙක් නෑ. ඔන්න ඔය කියන දේ ඇති කරගන්නට ඉගෙන ගන්නටයි අපි භාවනා කරන්නෙ.
සාමාන්‍යයෙන් තියන භාවනා ක්‍රම අතර සතිපට්ඨානය කියන එක සුවිශේෂ වෙන්නෙ ඕක හන්දයි. සාමාන්‍ය භාවනා ක්‍රමයකදි වෙන්නෙ අපි මොනව හරි දෙයක් මෙනෙහි කරන එකනෙ. මෛත්‍රිය හෝ වේවා අසුභය හෝ වේවා බුදුගුණ හෝ වේවා මොනව හරි කමක් නෑ ඒවනං, අපි ඒ දේ මෙනෙහි කරන එක වෙන්නෙ. නමුත් සතිපට්ඨානය කියන භාවනාව තුලදී අපිට කියල දෙනවා අපි ගාවට එන්න. අපිත් එක්ක ජීවත් වෙන්න.
අපි ගාවට එනව කියල කියන්නේ, "මම දැන් මෙතන, මම දැන් මෙතන, මම දැන් මෙතන" කියල කියනව නෙවෙයි. මේ කතාබහ කරන වචනය තුල සජීවී වෙලා කතාබහ කරනව. මේ දැන් කරන වැඩක් තියනව නම්, ඒ වැඩේට සජීවී වෙලා ඒ වැඩේ කරනව. ඒ වැඩෙත් එක්ක ජීවත් වෙනව. ඒ දේ දිහාම නැවතත් හාර අවුස්සල බලනව. විමර්ශනය කරනව.
මේ විදියට ජීවිතේ පුරුදු කරන්න, සරසවා ගන්න, ඉගෙන ගන්න පටන් ගත්තහම, අපි අපිට කිට්ටු වෙන්න පටන් ගන්නව. අපි කිට්ටු වෙන්නේ අපේ වචනයටයි. ඒ වචනය කතාබහ කරන ස්වභාවයටයි, ආකාරයටයි අපි කිට්ටු වෙන්නේ. එහෙම කිට්ටු වෙන්න වුනාම අපි දකින්න පටන් ගන්නව මේකෙ අභ්‍යන්තරය තුල මීට කලින් නොදැකපු කතාවක් තියනව කියල. ඒ තියන කතාවක් තමයි අර ක්ලේශයක් එකතු කරගෙන තියනවා නම්, තණ්හාවක් ආදී දෙයක් ගැට ගහගෙන තියනවා නම්, ආන් ඒ දේ පේන්න පටන් ගන්නව.
හැබැයි වෙනත් භාවනාවක් කලොත්, නරකක් නෑ, ඒ වුනාට එවන් වූ භාවනාවක් කරන්න වුනාම, ඔය කියන සංසිද්ධිය තේරුම් ගන්න තියන අවස්ථාව ඉතාම අල්පයි. සමහරක් විට නැති තරම්. හේතුව මෙයා මෙනෙහි කරනවා එයාට මෙනෙහි කරන්න ඕන වෙන මොනව හරි සිතුවිලි ටිකක්. හැබැයි තමන්ගෙ චිත්තාභ්‍යන්තරය තුල හැබෑවටම ජනිත වෙන, ක්‍රියාත්මක වෙන දුක මොනවද කියලා, දුක වනාහි මෙයයි කියල තේරුම් ගන්න තරම් සිහියක්, බුද්ධියක්, සම්පජන්යයක්, යෝනිසෝමනසිකාරයක් නෑ.
හැබැයි සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් අපි අපිට කිට්ටු වෙන්න වුනාම, අපි අපිට ලං වෙන්න වුනාම, අපි දකින්න පටන් ගන්නවා අපේ වචනයත් එක්ක ගැට ගැහිල තිබිච්ච දේ මොකද්ද කියල. අපේ ක්‍රියාවත් එක්ක ගැට ගැහෙමින් පවතින දේ මොකක්ද, අපේ බලන බැල්මක තියන අභ්‍යන්තර කතාව මොකද්ද කියල.
මේ ආකාරයට හිත පුරුදු කරන්න වුනාම, අපේ ජීවිතේ තේරුම් ගන්න වුනාම, අපි දකින්න පටන් ගන්නවා, "මම කෙලෙස් එක්ක කතා කරනවා, මම කෙලෙස් එක්ක ජීවත් වෙනවා, මම කෙලෙස් වලින් බලනවා, මම කෙලෙස් වලින් අහනවා, මම කෙලෙස්වලින් වැඩ කරනවා" කියල.
ඇත්තම කියනව නම් පින්වතුනි අපි අපේ ජීවිතේ දුක හදා ගන්නව හෝ අපි දුක් විඳිනවා. දන්නෙ නෑ දුකට හේතුව මොකද්ද කියල. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව තණ්හාව කියල. ඔය තණ්හාව තමයි අපි අර බලනකොට ක්ලේශයක් ගැට ගහගෙන තියන ස්වභාවය. අහනකොට ක්ලේශයක් ගැට ගහගෙන තියන ස්වභාවය. ස්පර්ශයක් ලබනකොට, කතා කරනකොට, හිතනකොට, අදහස් දක්වනකොට ආදී අපේ ජීවිතේ තුල ජීවත් වෙනකොට, ඒ ගැට ගහගෙන ඉන්න ස්වභාවයටයි තණ්හාව කියල කියන්නෙ. ඒ හින්දයි අපි දුක හදා ගන්නෙ.
හැබැයි අපිම අවබෝධ කලා නම් "මම මේ වගේ දෙයක් කරනවා, ඒකෙන් නිදහස් විය යුතුයි" කියලා, ඒ අනුව කටයුතු කරන්න පටන් ගත්තා නම්, ඊළඟ අවස්ථාවෙදී එවන් වූ ක්ලේශයක් ඉස්මතු වෙනකොට, ඒ දේට ඉස්මතු වෙන්න ඉඩ නොදී හුදෙක් ක්‍රියාව විතරක් සිදු කරනවා නම්, එහෙම නම් අපි කෙලෙස් නැති ක්‍රියා හිත් හදා ගන්න ඉගෙන ගන්නව. ක්‍රියා හිතක් විතරක් පාවිච්චි කරන්න හිත හදා ගන්නව පුරුදු වෙනව. ඒ අනුසාරයෙන් ජීවත් වෙන්න, ඒ අනුසාරයෙන් කතා කරන්න, දකින්න හෝ අදහස් දරන්න අපිට ඉගෙන ගන්න පුළුවන්කමක් තියනවා නම් අපේ හිත් නිවී සැනසේවි, දුකක් දෝමනස්සයක් ඇති කර ගන්නේ නැතුවම.
මේකයි සරල වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන, ඒ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක තිබිච්ච පාරමිතාවල අවසානම සාරය හැටියට, මුදුන් මල්කඩ හැටියට කියල දෙන, සතර සතිපට්ඨානය තුලින් අපිව අරගෙන යන දිශානතිය මෙන්න මේකයි. ඇත්තටම කියනව නම් මේක එක්තරා විදියකට හරි සරලයි අම්මේ.
තථාගතයන් වහන්සේ ඔය දේශනා කරපු සූත්රයේම අවසානෙට කියල දෙනවා, හරියට ඔය වැඩේ කලොත් අපේ දුක නැති කරගන්න දවස් හතක් ඇති කියල කියනව අඩුම වශයෙන්. ටිකක් හිතන්න බුදු හාමුදුරුවො වගකීම් සහතිකයක් දෙනව නම් දවස් හතක් මෙහෙම කරන්න ඔයාලට ප්‍රයෝජන තියනව කියල, අපේ සංසාරෙම තියන දුක්, මේ ජීවිතය තුල අඬ අඬා හිනා වෙවී මේ වින්ඳ දුක් ඔක්කෝම ටික ඉවර වෙනව නම්, ඉතින් දවස් හත කරාම මොකද කියන්නකො.
අපේ කකුලක් කැඩුනහම හරි අතක් කැඩුනහම හරි මොකක් හරි එකක් වුනාම, මාස ගාණක් ඇඳකට වෙලා ඉන්නෙ. හා නැද්ද? ඉන්නවනෙ අපි. මේක එච්චර කාලයක් ඉන්න ඕනත් නෑනෙ. දවස් හතක් කියල කියන්නෙ. ඕක හරියට කරන්නෙ නැති වුනාම (මම හිතනව හරියට කරන්නෙ නැති වුනොත් කියල) උපරිම අවුරුදු හතක් යයි කියල කියනව මේක කරන්න වුනොත් එහෙම.
එතකොට මම හිතන්නෙ අපි අවුරුදු හතක වැඩපිළිවෙලක් පටන් ගත්තට කමක් නැහැ අම්මෙ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නෙ සතර සතිපට්ඨානය වඩන කෙනාට ඔය විදියට ඒ කටයුතු කලොත් එහෙම ලැබෙන ඵල දෙකක් තියනව කියල. එකක් අනාගාමීත්වය අනෙක් එක අරිහත් ඵලය. සෝතාපන්න කම් ගැන සකෘදාගාමී කම් ගැන කතා කරන්නේවත් නෑ. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී ඒව ගැන මතක් කරන්නේවත් නෑ. මේ ඒව අවතක්සේරුවට ලක් කරනව නෙවෙයි. ඊටත් වඩා මේකෙන් හිත දියුණු කරගන්න පුළුවන් කියලයි මේ කියල දෙන්නෙ.
එතකොට අපිට මේ කියන දේ කරන්න අම්මා ඉතුරු වෙලා තියන ජීවිතේ තමයි අපි හුස්ම ගන්න කාලය. හැබැයි හරියට ගණන් හදල බැලුවොත් දැනට අපේ රටේ පරමායුෂ අවුරුදු අසූවක් තියෙයිද? අසූවයි හැත්තෑවයි අතර වගේ නේද? ඒක රවුම් කරල ගමුකො ගණන් වලින් හැත්ත පහයි කියල. ඔය හැත්ත පහෙන් දැනට ගෙවිල තියන කාලෙ ගත්තහම ඉතුරු කාලෙ හිතා ගන්නකො.
ඒ ඉතුරු කාලයෙන් දවසකට නිදා ගන්න පැය ගාණයි, තේ බොන්න, රූපවාහිනිය බලන්න, කතා කරන්න (ෆෝන් එකෙන් විශේෂයෙන්ම), ඊළඟට කල්පනා කර කර ඉන්න, තරහ වුනාම හූල්ල හූල්ල ඉන්න, රෙදි හෝදන්න, නාන්න, මේකප් කරන්න, ඒ වගේ වැඩ ඔක්කෝම අයින් වුනාට පස්සෙ අම්මේ භාවනාවක් කරන්න අපේ පරමායුෂ වලින් අවසානෙට ඉතුරු වෙලා තියන කාලය විශ්වාස කරන්න සමහරක් විට පැයක් දෙකක් වෙන්න පුළුවන්, අපේ ජීවිත කාලෙටම තව ඉතුරු ඔය කියන වැඩවලට කාලය දැම්මට පස්සෙ. එව්ව අපිට කරන්න ඕනෙමනෙ. නොකර බෑනෙ. එහෙම තැනකට ඇවිල්ල තියනව නේද?
"අලං වායතුමිං තත්ත
අත්ථකාමේන ජංතුනෝති"
උත්සාහ කරන එක හොඳයි මයෙ පුතා එහෙම නම්. මොකද මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න අපිට බැරි වුනොත් හදිස්සියේ හරි, තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනාගාමී වෙච්ච කෙනෙක් නම් බඹ ලොව ඉපදෙනව. ඒ ඇත්තොන්ට රාග ද්වේශ කියන එවුව නෑ. ඉවසීම හොඳට තියනව. සමාධියත් තියනව. ඊට මෙහා ඇත්තන්ට රාග ද්වේශ තියෙන්න පුළුවන්, හැබැයි පිටට දෙන්නෙ නෑ ඇතුලෙ තියනව. රාග ද්වේශ එයා ගාව තියනව පිටට දෙන්නෙ නෑ. සකෘදාගාමී කියල කියනව ඒගොල්ලන්ට.
තව කට්ටියක් ඉන්නව ඒ ගොල්ලොන්ට රාග ද්වේශ තියනව පිටට දෙන්නත් ඕන. හැබැයි සැක නෑ. සීල ව්‍රත නෑ. සීලය රකිනව. මිත්‍යා දෘෂ්ටි අදහස් නෑ. සෝතාපන්න කියල කියනව අන්න ඒ ගොල්ලන්ට. ඒ ගොල්ලො සහ ඉන් ඉහලට ඉන්න ඇත්තො තමන්ගෙ ජීවිතේ තුල කටයුත්තක් කරද්දි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ කාරණාවල සීමාවක් තියාගෙන තියනව, ඒ සීමාවෙන් ඔබ්බට යන්නෙ නෑ ඔහොම නෙවෙයි මොන තාලෙන්වත් සක්කරයටවත් බෑ වෙනස් කරන්න.
ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියල තව කට්ටියක් ඉන්නව ඒගොල්ලො ඉතින් වැට උඩ ඉන්න අය. ශ්‍රද්ධාවක් තියනව විතරයි. "සද්ධා මත්තං පේම මත්තං" කියලනෙ කියන්නෙ ශ්‍රද්ධානුසාරී කෙනාගෙ ලක්ෂණ හැටියට. ශ්‍රද්ධා මාත්‍රයක් තියනව. "බුදු හාමුදුරුවො මෙහෙම වෙන්න ඕන නේ, මෙහෙම තමයි නේ." "හාමුදුරුවරු ඒ කාලෙ නම් හිටියනෙ" අද කාලෙ අයට ඒ වුනාට බනින්න පටන් ගන්න පුළුවන්.
ධම්මානුසාරී හැටියටත් ඉන්න පුළුවන්, "මම පෝයට සිල් ගන්නවනෙ" කියල. ඉතින් half day සිල් තමා අද කාලෙ ගොඩක් වෙලාවට තියෙන්නේ. උදේට අටසිල් සමාදන් වෙලා, හවසට පන්සිල් සමාදන් වෙලා, රෑට කනවා. ඉතින් ඕකට half day සිල් කියන එක මං හිතනව සාධාරණයි කියල. ධම්මානුසාරී කියල කියන්නෙ නෑ, ඒ වුනාට අද කාලෙ ඉන්න හැටි එහෙම තමා.
ඊට පහළ ඇත්තො තමයි පෘතග්ජන මානසිකත්වය. ඒ ගොල්ලෝ, "අම්මෙක් ඉන්නවා, තාත්තතෙක් ඉන්නවා, හොඳ යහපත් දේවල් මේ ලෝකෙ තියනවා, තමන්ගෙ හිත දියුණු කර ගත්ත ඇත්තො මේ ලෝකෙ ඉන්නවා" කියල විශ්වාස කරන්නෙ නෑ. "දන් දෙන එකේ ප්‍රයෝජන තියනවා" ඒව විශ්වාස කරන්නෙ නෑ. ඒ මොනවත් හිතන්න යන්නෙ නෑ පෘතග්ජනයගෙ ලක්ෂණය.
හැබැයි මේ කියන ඇත්තො මියැදෙන්න වුනාම, සෝතාපන්න ඇත්තන්ට එහා අය කොහොමත් මනුස්ස ලෝකෙට එහා තැනක තමයි උපදින්නෙ. අනිවාර්යයි. හැබැයි ඊට මෙහා ඇත්තො ආපහු පල්ලෙහාට වැටෙන්න පුළුවන්. සිදධිය තියෙන්නෙ අපිට ඔය පල්ලෙහාට එන එක නතර කරගන්න අර ගණං හදල බලනකොට තව ඉතුරු වෙලා තියෙන්නෙ පැය දෙකයි. අපි දැනට ඉන්නෙ ඒ තැනේ නම්, අපිට තව ඉතුරු වෙලා තියෙන කාලය වනාහි විනාඩි එකසිය විස්සක් පමණයි. වෙන්න පුළුවන්. ඒ තරම් සීමිතයි කාලය. ඒ තරම් සීමිතයි.
මේ ජීවිතය තුල තියන ඒ වෙනස ගැන අපිට කියන්න බෑ, මොකද අපි කවුරුත් හෝ අපි කාටත් මුහුණ පාන්න වෙන කාරණාවන් දෙකක් තියනවා. එකක් තමයි අසනීප වෙන එක අනික් එක තමයි මියැදෙන එක. ඕක වෙන්න වුනාම කාටත් යන්න වෙනව. හරියට ඔය ඇත්තන්ගෙ මෑණියො ගියා වගේ. ඒක කාටත් සිද්ධ වෙන එකක්.
ඒක හින්දා අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕන, මේ හම්බ වෙච්ච අවස්ථාව තුල අපි ඇත්තටම මේ වෙනකොට නිදහස් වෙලා ඉන්න කාරණා සමූහයක් තියනවා. තණ්හාවක් ඇති කරගන්නෙ නැතුව අපි නිවී සැනසීමෙන්ම කටයුතු කරන ස්වභාවයන් තියනවා. අවස්ථාවන් තියනවා. ඒ ටික හොඳ හැටි හඳුනා ගන්න ඕන. ඒවට ඇත්තටම ධර්මය ආයෙ දාන්න ඕන වෙන්නෙත් නෑ.
ඒක හරියට ඔය ඇත්තො හැමදාම පන්සිල් සමාදන් වෙනව තමයි. ඒ වුනාට පින්වතුනි අපි පුරුද්දක් හැටියට අපේ ස්වභාවයෙන්ම රකින සිල් පද කිහිපයක් තියෙන්න පුළුවන්. ඔහොම නෙමෙයි මොන තාලෙන්වත් කඩන්නෙ නෑ. එතකොට අපි සංතෝස වෙන්න ඕන, සතුටු වෙන්න ඕන, අහවල් ගුණය මං ගාව තියෙනවයි කියල. අන්න ඒ වගේ අපි හඳුනා ගන්න පටන් ගන්න ඕන අපේ දිහාවටම හැරිල බලල, "අසවල් වූ දේවල්වලින් නම් මම නිදහස් වෙලා තියනව, තවමත් මට අසවල් වූ කාරණා පමණයි නිදහස් කර ගන්න තියෙන්නෙ" කියල.
ඒ අතින් බලනකොට සමහරක් වෙලාවල්වලදි ඇත්තටම අපිට හදා ගන්න, සකස් කරගන්න තියන කාරණා මහ ගොඩක් නැති වෙන්න පුළුවන් තාම. මහ ගොඩක් ඉතුරු නැති වෙන්න පුළුවන්. උත්සාහ කරන එක වටිනව ඒක හින්ද.
ඉතින් ඒ කියන ගමන යන්න, ඔය ඇත්තන්ව අද වෙනකොට මේ කියන තත්ව වලට එන්න, මේ වගේ ධර්මානුකූල වටපිටාවකට යන්න කටයුතු කරන්න යොමු කරවල තියෙන්නෙ, ඔය ඇත්තන්ගෙ දෙමව්පියන් තමයි. ඒ ඇත්තන්ගෙ ඒ සමාගමය, ඒ යොමු කිරීම, ඒ උදව්ව, උපකාරය හින්දා තමයි අද දවස වෙනකොට ඔය ඇත්තො මේ විදිහෙ ස්වභාවයක් කරා යන්න හික්මවාගෙන තියෙන්නෙ.
හිතන්නකො ඒ ඇත්තො වෙන දේකට යොමු කරා නම් එහෙම, වෙන පැත්තකට ගිහිල්ල නෙව. ඔය ඇත්තන්ගෙ වයසෙ ඉන්න කීයෙන් කී දෙනාද කියන්නකො අද දවසේ දානයක් දෙන්නෙ. ඒ අතින් බලනකොට පින්වතුනි ඔය ඇත්තො ඔය කරන පින් දහම් වලින් ඇති කරගන්නා වූ හිතේ සංතෝසය, ඒ ඇත්තන්ට අනුමෝදන් කරන්න සුදුසුයි. ඒක යුතුකමක් ඇත්තටම කියනව නම්. ඒක අපේ සංස්කෘතියෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි, ඒක අපේ කළගුණ සැලකීමක් ඇත්තටම කියනව නම්.
මොකද ඒ ඇත්තන්ට බොහොම පින් අපේ අත පය හරියට හදලා, සමාජයෙන් ඇඟිල්ලක් දික් කරල කෑ ගහන්න බනින්න ඕන නැති වෙන විදියට අපිව සකස් කරල, හදල ගෙනල්ල මේ සමාජය තුල යහපත් පුරවැසියෙකු බවට පරිවර්තනය කරල, මේ වගේ ස්වභාවයකට ගෙනල්ල තියන එක. ඒ විදිහෙ ජීවිතයක් ගෙවන අය හැටියට ඒ ගෙවන ජීවිතය තුලින් ලබා ගත්ත සාරය, තියන සංතෝසය අනුමෝදන් කරන එක ඇත්තටම ඒක අපිට සංතෝසයක්. අපිට සැනසීමක්.
ඒ ඇත්තො පින් ගන්න පුළුවන් තැනක ඉන්නව නම් අනේ සාදු කියල සතුටු වෙන්න, ඒක වෙන්න පුළුවන් දෙයක්. ටිකක් හිතන්න. ඒක නිකම්ම වෙන දෙයක්. ඉතින් එවන් වූ කුසලයකුයි ඔය ඇත්තො අද දවසේදී සිදු කරගත්තෙ ඇත්තටම කියනව නම්.
මං හිතන්නෙ ජීවිතේ පළවෙනි වතාවට තමයි පඬු ගැහුවෙ කියල කිවුව. ඉතින් ආරණ්‍ය පරිසරයකට ඇවිල්ල, බොහොම දුර මඟ ගෙවාගෙන ඔය ඇත්තො දාන මාන ආදිය අරගෙන ඇවිල්ල, මේ විදියට පිරිකර ආදියත් සකස් කරන් ඇවිල්ල, දානෙ පූජ කරල, ඒ කුදු මහත් වූ ශාසනික වත පිළිවෙතත් සිදු කරල, පන්සිල් සමාදන් වෙලා, ධර්මයත් ශ්‍රවනය කරල, මේ හිතේ ඇති කරගත්ත සියළුම කුසල සිතුවිලි සමුදායක් තියනව නම් මෑණියනි, ඒ ඔක්කෝම ටික අපි හරියට සිරීපාදෙ යන්න කිට්ටු වෙනකොට කිට්ටු වෙනකොට සිරීපාදෙට කිට්ටු වෙනව වගේ මේ හැම එකක්ම කිට්ටු වුනේ මෑණියන්ට පින් අනුමෝදනා කරන්නමයි.
ඒ හැම එකක්ම සිදු කලේ ඒ ඇත්තන්ගේ ගුණය ගැන කතා කරන්න, සිහිපත් කරන්න අවස්ථාවක් සලසා ගන්නමයි. ඒ සතුටම මහානීය දෙයක්. ඒ පිනම මහානීය දෙයක්. එහෙම කල්පනා කරලා අද දවසේදී සිදු කර ගත්ත සෑම සියළු කුසලයක්ම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව ගිය ආදරණීය මෑණියො ප්‍රධාන වෙච්ච සියළුම මලගිය ඥාති මිත්‍රාදීන්ට සතුටු සිතින්, සාදර සිතින් අනුමෝදන් කරමු ! අනුමෝදන් වෙත්වා ! කියල සාදූ කියල පින් අනුමෝදනා කරන්න.
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
වනවාසී පැවිදි දිවියේ අත්දැකීම්
කැලේ ගහක්
අපිට තේරෙන ප්‍රමාණයෙන්, පුළුවන් උපරිම ප්‍රමාණයෙන් උදව් කරන එක, සලකන එක, බලා කියා ගන්න එක, හැමෝම කවදත් කරන්න උත්සාහ කරන දෙයක්. හැබැයි මේ මොන දේ කලත් ආපස්සට චෝදනාවක් පැමිණීම, නින්දාවට සහ අපහාසයට ලක් වීමත් කවදත් සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්.
ශාසන ඉතිහාසය ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පවා මෙවන් වූ සිදුවීම් සිදු වෙලා තියනවා. ඒ වගේ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ, මේ ලෝකෙ නින්දාවට ලක් නොවිච්ච කෙනෙක් නැහැයි කියලයි.
නින්දාවකට ලක් නොවිච්ච අය මේ ලෝකේ නැති වුනාට, ඒ නින්දාවල් හමුවේ කළ යුතු දේ මොකක්ද කියන එක හැමදාම මට ප්රහේළිකාවක් වුනා. කොච්චර යහපත් විදියට ජීවත් වෙන්න උත්සාහ කළත්, කොයි තරම් උදව් උපකාර කළත්, අවසානයේදී ඒ කරන උදව්ව සහ උපකාරය, බලාපොරොත්තු රහිත වෙච්ච විදිහේ මහා කරදරයකට, අවමානයකට, නින්දාවකට ලක් වෙන්න තියන අවස්ථාව, ඉඩකඩ වැඩි බව දැන් වෙනකොට මට තේරිලා තියනව.
මේ වගේ ගැටළුවකට මුහුණ දෙන්න වුනහම කල්පනා කරන දේ තමයි, ඒ වගේ දේකින් නිදහස් වෙන්න භාවිත කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියන එකයි. මේ අතරින් බලනකොට සතිපට්ඨානය කියල දෙන ප්‍රධානතම උපක්‍රමය තමයි, තමන්ට මේ මොහොතේ තියන දේ මොකක්ද, ඒ තියන දේ ඒ විදියටම අවබෝධ කරගන්න කියන එක.
ඒ තුලින් මේ මොහොත තුල තමන් සංසිදීමකට, සැනසීමකට පත් වෙනව. ඒ වගේ මොහොතකින් පවතින ජීවිතයක්, ඊළඟ මොහොතේදී අළුත් විදියකට ලෝකය දකින්න උත්සාහවන්ත වෙනව.
ඔය කියන අදහසත් එක්කම ධර්මය සසඳාගෙන බලනකොට, තායිලන්තයේ 'අජාන් චා' මහ තෙරුන් වහන්සේගේ එක පොතක හරි ලස්සන උපමාවක් තිබුනා. උන් වහන්සේ උන් වහන්සේව සමාන කරනවා කැලේ ගහකට.
ඒ කැලේ ගහ සොබාව ධර්මයේ වැඩෙන දෙයක්. අනික් සත්තු ඇවිල්ලා ඒ කැලේ ගහේ ගෙඩි කන්න පුළුවන්. ඒ ගහ යටට වෙලා තෙමෙන්නෙ නැතුව ඉන්න පුළුවන්. අව්වේ රස්නෙට හෙවණැල්ල යටට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේමයි තමන්ට උවමනා නම් ගහේ ගෙඩි කඩාගෙන කන්න පුළුවන්. තමන්ට උවමනා නම් ගහේ අතු කපන්න පුළුවන්. ඒ වගේමයි ගහේ ගෙඩි කාලා, ඒ ගහේ ගෙඩි කාලා, ගහේ අත්තකම ඉඳලා, තමන් කාපු කෑමේ තියන බහිස්රාවී ද්‍රව්‍ය එක්කො ගහ මතටම දාල යන්නත් පුළුවන්. ගහ යටට හෙලල යන්නත් පුළුවන්.
සාමාන්‍ය මනුස්ස ජීවිතයක් ගත කරන අපි පැත්ත බැලුවත්, අපිටත් ඇත්තටම හැමදාම සිද්ධ වෙන සාමාන්‍ය පොදු යථාර්තය මෙන්න මේකයි. ලෝකයාට බොහෝ විට උදව් පදව්, කරුණාව, දායාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ඛාව වැනි වූ බ්‍රහ්ම විහරණයන්ගෙන් ලෝකය සරසවන්නට, ලෝකයාට ප්‍රධානය කරන්නට උත්සාහවන්ත වුනාට, ලෝකයා ඒවාගෙන් ප්‍රතිඵල ලබා ගත්තාට, ප්‍රයෝජන ලබා ගත්තාට, ස්තූති කරන ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඉතාමත්ම සුළුතරයි.
ඒ වෙනුවට කෙරෙන්නේ ගහේ හිටපු කුරුල්ලා ගහේම තියන ගෙඩි කාලා ගහටම තමන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය එකතු කරල යනව වගේ වැඩක්. ද්‍රව්‍යයක් හැටියට ගත්තහම හෝ ක්‍රියාවක් වශයෙන් ගත්තහම අර වගේ වසුරු පිඬ හළන එකත්, නින්දාවට සහ අවමානයට ලක් වෙන එකත්, හිතට මහ කනස්සල්ලක් නම් තමයි. නමුත් ඒ වසුරු පිඬ ගැන කල්පනා කලොත් එහෙම, ගහේ පෝෂණයට ඒ දේ මහ උපකාරයක් වෙන්නත් පුළුවන් එක අතකට.
හැබැයි ස්වභාව ධර්මයට අයත් වෙච්ච ගහක් නම්, ඒ ගස ගසම තමයි. කුරුල්ලෙක් ඇවිල්ල යනවා, කෙනෙක් අත්තක් කපාගෙන යනවා හෝ කෙනෙක් ගහ තුවාල කරල යනවා හෝ කෙනෙක් ගහ කපන්න උත්සාහ කරනවා කියල කියන්නේ ස්වභාව ධර්මයෙහිම එක්තරා සංසිද්ධියක් විතරයි ගහකට.
නින්දාව සහ අවමානය කියන දේ තුලත් ඔය කියන රටාව තියන බව පසුකාලීනව මට තේරෙන්න වුනා. අපිට පුළුවන් නම් කැලේ ගහක් වගේ වෙන්න, ඒ ගහ ස්වභාව ධර්මයට කරන සේවය වගේ සේවයක් ලෝකයාට කරන්න පුළුවන් නම්, ලෝකයෙන් මොන විදිහේ දෙයක් ආවත්, මොන විදිහේ බලපෑමක් ආවත් අපිට කමක් නැහැ.
හේතුව අපි කැලේ ගහක් වගේ හින්ද.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
හඳුනා ගන්න
කළණ මිතුරා ඔබ ළඟමයි
කළ්‍යාණ මිත්‍රයා කියන වචනය අපේ ව්‍යවහාරයේ තියන බොහොම ගෞරවාන්විත වචනයක්. මේකෙන් ගැබ් වෙන අර්ථය අපිට කවදත් යහපත කියල දෙන, අපිව හරි මඟට යොමු කරවන, කරදරයකදී මුදවාලන, සංතෝසයකදී සතුටු වෙන, අපේ ළඟින් ඉන්න කෙනෙක් හැටියටයි.
මෙවන් වූ අර්ථයක් සමඟින් කළ්‍යාණ මිත්‍රයා කියන වචනය විග්රහ වෙන විටදී අපේ හිතට නැඟෙන අදහස වෙන්නේ, කළ්‍යාණ මිත්‍රයා කියල කෙනෙක් බාහිරින් ඉන්නවා කියලයි. ඇත්තටම සැබෑ කළ්‍යාණ මිත්‍රයා බාහිරින් ඉන්නවද? බාහිරින් අපිට කළ්‍යාණ මිත්‍රයෙකු හොයා ගන්න පුළුවන්ද?
එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කර කර ඉන්න අතරතුර, ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා කියල කියනවා,
"බුදුරජාණන් වහන්ස, මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කළ්‍යාණ මිත්‍රයා මත නෙව" කියල.
ඒ වෙලාවෙදි තථාගතයන් වහන්සේ ඒ වචනය අනුමත කරන්නෙ නැතුව, ආනන්දයන් වහන්සේට අළුත් ගුරුහරුකමක් දෙනවා.
"ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනේ සම්පූර්ණයෙන්ම පවතින්නේ කළ්‍යාණ මිත්‍රයා මතයි"
කියලා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. ඔය කියන දේශණාව, ඔය කියන අවවාදය අපේ කන වැකුනහම අපි හිතන දේ තමයි,
"එහෙම නම් අපි හිතන පතන අදහස අනුමත කරන, අපිට තේරෙන විදියට ධර්මානුකූල කාරණාවල් කියල දෙන, බාහිර කෙනෙක් තමයි එහෙම නම් ධර්ම මාර්ගය පුරාවටම අපි ඇසුරු කරන්න ඕන, අපේ කළ්‍යාණ මිත්‍රයා වශයෙන් හඳුනා ගන්න ඕන"
කියන එකයි අපේ අදහස වෙන්නෙ. හැබැයි ආනන්දයන් වහන්සේගේ එක ථේර ගාථාවක මෙන්න මෙහෙම ලස්සන පාඨයක් සඳහන් වෙනවා.
"අබ්භතීත සහායස්ස
අතීතගත සත්තුනෝ
නත්ථි ඒසා දිසං මිත්තං
යථා කායගතාසතී" කියල.
ආනන්දයන් වහන්සේට යාළුවො දෙන්නෙක් හිටියා. ඒ තමයි සාරිපුත්තයාණන් වහන්සේත් මොග්ගල්ලානයන් වහන්සේත්. උන් වහන්සේලා දෙනම තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නට බොහෝ කාලයකට කලින් පිරිනිවන් පා වදාලා. ඊට පස්සේ තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් මහා පරිනිර්වාණයට පත් වුනා.
ආනන්දයන් වහන්සේ කියා හිටිනවා උන් වහන්සේගේ ජීවිතයට තවත් යාළුවෝ නැහැ, දැන් ඔක්කෝම මිය පරලොව ගිහිල්ලයි කියලා. පරිනිර්වාණයට පත් වෙලයි කියලා. හැබැයි එක යාළුවෙක් හැර.
ඒ තමයි තමන්ගෙ ශරීරය.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ ධර්ම මාර්ගය පුරාවටම, ජීවිත කාලය පුරාවටම, තමන්ට කළ්‍යාණ මිත්‍රයෙක්ගෙ සේවනයක් තියනවා හෝ ලැබිය යුතුයි හෝ මේ ධර්ම මාර්ගයෙ අවසානය තෙක්ම කළ්‍යාණ මිත්‍රයගෙ ආශ්‍රය උවමනායි කියල කියපු එක, වෙන බාහිර කෙනෙක්ට දීලා බාහිර පුද්ගලයෙක්ගේ සරණක් බලාපොරොත්තුවෙන් හිටපු අපිට, ආනන්දයන් වහන්සේගේ ඒ කියමන, ඒ භාෂිතය පුදුමාකාර ගැඹුරු අර්ථයක් ගෙනැල්ල දෙනව.
භාවනාවේදී අපිට මුලින්ම මුණ ගැහෙන දේ තමයි 'අපි හිතනවා' කියන දේ. තමන් හිතනවා කියන දේ අනුමත කලාට පස්සේ ඒ දේ දිහා බලාගෙන ඉන්න වුනාම තේරෙනවා, ඔව් මම හොඳ දේවලුත් හිතනවා නරක දේවලුත් හිතනවා කියල. නරක දේ හිතන එකෙන් බැහැර වෙන්න හෝ නරක දේ හිතෙන එකෙන් බැහැර වෙන්න හොඳ දේවල් හිතන්න අපි හිත යොමු කරනකොට, කාලයක් යද්දි තේරෙනවා හිතට ඒ හොඳ දේවල්ම හිත හිතා ඉන්න එකත් ඒ තරමටම රුචි දෙයක් නෙවෙයි කියල.
ඊට පස්සෙ හිතට උවමනා වෙනවා එක්තරා ආරක්ෂක ස්ථානයන්වල, ආරක්ෂාකාරී ප්‍රදේශයක සැරිසරන්න, ගමන් බිමන් යන්න අවශ්‍යතාවයක් ඇති වෙනව. මෙන්න මේ තැනටයි අපේ ශරීරය කියන කළ්‍යාණ මිත්‍රයා කිට්ටු වෙන්නේ.
භාවනාව තුලදී කුසල අරමුණකට ඔබට හිත ගන්නට පුළුවන්කම තියනවා නම්, ඒ කුසල අරමුණ තුලම කාලයක්, බොහෝ කාලයක් රැඳී ඉන්න අවස්ථාවක් හම්බ නොවෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවට තමන් තුල ඉන්න කළ්‍යාණ මිත්‍රයා හඳුනා ගන්න. තමන්ගේ ශරීරය තියනවා. ශරීරයේ කොටස් ටික මෙනෙහි කරන්න බලන්න.
මේ කියන්නෙ කල්පනා කරනව නෙවෙයි. ඒ දේවල් තේරුම් ගන්න බලන්න. ඒත් එක්ක තමන්ට මේ ශරීරය තුල තියන දේවල් අභ්‍යන්තරයෙන් හෝ බාහිරෙන් හඳුනා ගන්න පුළුවන්කමක් හම්බ වේවි, ඝන හෝ රළු හෝ සියුම් හැටියට. තමන් ඒ දකින දකින ආකාරයෙන්, ඒ ඒ කාරණාවල් ඒ ඒ ස්වභාවයෙන් තේරුම් බේරුම් ඇති කරගන්නට, බලා කියා ගන්නට අවස්ථාවකුත් හම්බ වේවි.
ඒ විදියට කාලය ගත වීගෙන යනකොට තමන් තුල සැබෑවටම කළ්‍යාණ මිත්‍රයෙකු සිටින විත්තිය තමන්ට හඳුනා ගන්නට පුළුවන්කමක් වේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
යථාර්තයේ පෙර සළකුණ
වටිනාම කියන දේ, වැදගත්ම කියන දේ ලබා ගන්නට, හොයා ගන්නට, කවුරුත් උත්සාහවන්ත වෙනවා. ඒ වටිනාම කියන දේ හෝ වැදගත්ම දේ තමන්ට බාහිරින් තියන දෙයක් කියලයි බොහෝ දෙනෙකුගේ අදහස සහ බලාපොරොත්තුව.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි අපිට කියල දෙන ලස්සනම උපමාව තමයි,
"තමන් තමන්ට දූපතක් වෙන්න ඕන" කියල.
මේ කියන උපමාවත් එක්ක වටිනාකම සසඳලා බැලුවොත් එහෙම, අපි අපේ වටිනාම කියන දේ හෝ වැදගත්ම දේ බාහිරින් හොයන්න ගියාට, අපිට ඒ දේ කවදාවත්ම හම්බ නොවෙන්නේ ඒ සෑම සියළු දේකටම වඩා වටිනා කියන දෙයක්, වැදගත් කියන දෙයක් තවමත් මුණ නොගැහී තියන නිසයි.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ හැටියට ඒ වටිනාම කියන දේ, වැදගත්ම කියන දේ තමන් තුල ඇති, තමන් තුල තිබිය යුතු, තමන් තුල වර්ධනය කරගත යුතු ගුණාංගයක්. ජීවිතයේ යථාර්තය හොයාගෙන යන අය තමන් තුල ඇති මේ කාරණාවල් හොයන්නට උත්සාහවන්ත වෙනවා. අන්න එතකොටයි ඒ ඇත්තන්ට හම්බ වෙන්නේ, ඒ කාලෙ මං ගාව තිබිච්ච යහපත් වූ ගුණාංග දැන් වෙනකොට අඩු වෙලා තියනව නේද කියල.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව තුලින් ගලාගෙන ගියපු වචන, සිතිවිලි සහ ක්‍රියාකලාපයන් කෙමෙන් කෙමෙන් තමන්ගෙන් බැහැර වෙලා තියන විත්තිය තේරෙන්න පුළුවන්. අවබෝධ වෙන්න පුළුවන්. සමානාත්මතාවයෙන්, තැන්පත් බවෙන්, සංසිඳීමෙන් සහ ඉවසීමෙන් ගත කරපු ජීවිත, ඊට වඩා වෙනස්ම වූ දිශා ආනතියකට ගමන් කරමින් තියන බව පෙනී යන්න පුළුවන්.
බාහිරින් මොන දේ හම්බ වුනත්, තමන්ගෙ අභ්‍යන්තරය තුල මෙවන් වූ ගුණාංගයන් ඇති බව තමන්ට තේරෙන්නෙ නැති නම් හෝ මෙවන් වූ ගුණාංගයන් තමන්ගේ අභ්‍යන්තරය තුල පවත්වා ගන්නට නොහැකි නම්, අපිට අපේ ජීවිතය තුල කොයි තරම් වටිනා කියන දේ මුණ ගැහුනත් ඒ කිසීම කිසි දෙයක වටිනාකමක් පෙනී යන්නෙ නැහැ.
ජීවිතේ යථාර්තය අවබෝධ කරන්නට, බාහිර තියන දේවල් පසෙක දාලා තමන් තුල තියන ගුණාංගයන් වර්ධනය කර ගන්නට උත්සාහ කරන්නට දැන් කාලය හොඳයි. මොකද මේ ගෙවී යන ජීවිතය තුල අපිට ඒ දේ කරන්නට තව මහා ලොකු කාලයක් ඉතුරු නැතුව තියෙන්න පුළුවන්. ඒ අවසාන මොහොතට මුහුණ දෙන්නට වෙනකං විතරයි අපිට මේ දේ කරන්නට කාලය ඉතුරු වෙලා තියෙන්නේ.
උත්සාහ කරන එක වටිනවා ඒ දේ සිද්ධ වෙන්න කලින්.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සක්මන් භාවනාව
වාඩි වී භාවනා කරන්න, නැතිනම් පර්යංකයේ භාවනා කරන්න බොහෝ දෙනෙක් කැමති වුනාට ශාරීරිකව දැනෙන වද වේදනා නිසා ඒ දේට මැලිකමක් දක්වනව. මේ ගැටළුවට සාර්ථකම සහ හොඳම පිළියම හැටියට තියන භාවනා ක්‍රමය ගැනයි අද කතාව.
තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ 'සල්ලේඛ' සූත්‍රයේ දැක්වූ ආකාරයට, සංසාර දුකෙන්, සසර පුරුදු කරගෙන ආපු ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රම හතක් තියනව. ඒ ක්‍රම හතෙන් එකක් තමයි භාවනාව කියල කියන්නෙ.
භාවනාව කියන වචනය වැඩීම, පුරුදු කිරීම, පුහුණු කිරීම, දියුණු කිරීම ආදී අර්ථ වලින් හඳුන්වන්න පුළුවන්. මෙකී අර්ථවලින් හඳුන්වන භාවනාව සිදු කරන්නට කාටත් භාවිතා කරන්න පුළුවන් ක්‍රම හතරක් තියනව. ශරීරය පවත්වන්න පුළුවන් ක්‍රම හතරක් තියනව.
එකක් තමයි ඉඳගෙන භාවනා කිරීම. ඉඳගෙන ඉන්න ඉරියව්ව. දෙවනි එක තමයි සක්මන් කරමින් භාවනා කිරීම. සක්මන් කරන ඉරියව්ව. තුන්වෙනි එක තමයි හිටගෙන භාවනා කිරීම. එක තැනක නිසලව හිටගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කිරීම. හතරවෙනි එක තමයි නිදාගන්න ඉරියව්වෙන් භාවනා කිරීම.
මේ ඉරියව් හතරේ අපිට කරන්න පුළුවන් භාවනා වර්ග විශේෂයෙන් වෙන වෙනම දක්වා තියෙන්නත් පුළුවන්. නමුත් සතිපට්ඨානය ආශ්‍රය කරගෙන කතා කලොත් එහෙම, සිහියක් පුරුදු කරන්නට නම් ඔය ඉරියව් හතරේදීම මනාකොට පුළුවන්කම තියනව. මොකද සතිපට්ඨාන භාවනාව කියන දේ ඉරියව්වකට හෝ එක්තරා එක්තරා වටපිටාවකට පමණක් සීමා සහිත වෙච්ච භාවනාවක් නොවෙන නිසයි. ඒක හින්දයි සතිපට්ඨාන භාවනාව අපේ සාමාන්‍ය ජීවිතේ ඉඳලම ආධ්‍යාත්මිකව යන නිර්වාණය දක්වාම ආවරණය කරන එකම මාර්ගය හැටියට තථාගතයන් වහන්සේ හඳුන්වල තියෙන්නෙ.
ඔය කියන ඉරියව් හතරෙන් සක්මන් භාවනාව ගැන කතා කලොත්, සක්මනකට සාමාන්‍යයෙන් තමන්ට ප්‍රමාණවත් යැයි කියල හිතෙන ඉඩක් අරගෙන, අඩි දහයක් විතර අපි උදාහරණයක් හැටියට ගත්තොත්, එක කෙළවරක ඉඳලා තමන්ට ඇවිදගෙන යන්න පුළුවන් හෙමින්ම අනෙක් කෙළවරට, අවධානයෙන්, දැනුවත්කමෙන්, තේරුම් බේරුම් ඇතුවම ඇවිදගෙන යනව. මෙහෙම හිමිහිට හිමිහිට ඇවිදගෙන යනකොට, තමන්ට තමන්ගෙ කකුල පොළොවෙ ස්පර්ශ වෙන එක, ලණු පැඳුරක නම් ඇවිදින්නෙ ඒ ලණු පැඳුරෙ ස්පර්ශ වෙන විදිහ, වැල්ලක නම් ඇවිදින්නෙ ඒ වැල්ලෙ තමන්ගෙ කකුල ස්පර්ශ වෙන විදිහ, වෙනත් පොළවක නම් ඇවිදින්නෙ ඒ පොළවෙ තමන්ගෙ කකුල ස්පර්ශ වෙන විදිහ තේරුම් බේරුම් යන්න පුළුවන්.
මෙහෙම තේරුම් බේරුම් යන ස්වභාවයට වඩා තමන්ගේ හිතේ සිතුවිලිවල ප්‍රමාණය වැඩි නම්, සිතුවිලිවලින් වෙන කරදරය වැඩි නම්, අඩිය තියනකොට ඒ හා සමගාමීව යන සිතුවිල්ලක් භාවිතා කරන එක ලේසි වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිවුවොත්, වම් කකුල තියනකොට 'වම' ආදී වශයෙනුත් දකුණු කකුල තියනකොට 'දකුණ' ආදී වශයෙනුත් මෙනෙහි කරන්න පුළුවන්කමක් තියනවා. ඒකේ වැරැද්දක් නැහැ.
හැබැයි මේකෙන් කියවෙන්නෙ නැහැ සෑමදාම, නිරන්තරයෙන්ම, වම හෝ දකුණ හෝ වෙනත් වූ වචනයක් ආකාරයෙන් මෙනෙහි කළ යුතුමයි කියල. සක්මන කරනකොට මෙනෙහි කළ යුතුමයි කියලා ඒකෙන් සඳහන් වෙන්නෙ නැහැ. අපි ඒ විදිහට සිතුවිල්ලක් භාවිතා කරන්නෙ මොකටද? හිත දුවනවා වැඩි නම් තමයි.
නමුත් යම්කිසි අවස්ථාවක් එනවා, එන්න පුළුවනී, අපේ හිත ඒ තරමේ කලබල භාවයක් නැතිව හිත තැන්පත් වෙන අවධියක්, අදියරක් අපිටම දැනෙන්න තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයකට පත් වුනාට පස්සේ කරන්න ඕන හොඳම දේ තමා, පරණ පුරුදු සිතුවිල්ල පැත්තකින් තියලා හුදෙක් සක්මන කරගෙන යන්න ඕන.
අන්න ඒ වෙලාවට කකුලේ පළවෙනියෙන්ම කොහේද බිම වදින්නෙ? ඊළඟට කොහෙද බිම වදින්නෙ? ආදී වශයෙන් හොඳ තේරීමක්, හොඳ දැනීමක් ඇති කරගන්න ඔබට පුළුවන් වේවි. මේ විදියට දැනුම් තේරුම් ඇති කරගන්න එක කකුල් දෙකම පොළවේ තියනකොට කරන්න අමාරු නම්, ඉස්සෙල්ල එක කකුලකට තමන්ගෙ අවධානය පවත්වලා, අනෙක් කකුල ස්පර්ශ වෙනකොට දැනෙනවා වෙන්නත් පුළුවන් නොදැනෙනවා වෙන්නත් පුළුවන්, ඒ දේ එහෙම පැත්තකින් තියලා තියන එක ලේසි වෙන්න පුළුවන්. අත්දැකීමේ හැටියට කිවුවොත් එහෙම, ඒ දේ ඇත්තටම මුල්ම කාලයේදී කරන්න පුළුවන් ලේසිම උපක්‍රමයක්.
කොහොම නමුත් සක්මනේ කෙළවරකට ඇවිදගෙන ගිහිල්ලා, මොහොතක් නැවතිලා, ඉඳල එතන ආපස්සට මතක් කරල බලන එක හොඳයි, මේ තියාපු අඩි කීපයෙහි අඩි කීයක් තමන්ට දැනුවත්කමෙන්ම, උවමනාවෙන්ම, සිහියෙන්ම තියන්න පුළුනවන්කම හම්බ වුනාද කියල. ඊට පස්සෙ තමන්ගෙ ශරීරය දිහා ඇස් දෙක පියාගෙනම හොඳට විපරම් කරල බැලුවොත්, මේ ශරීරයේ කොහේ කොහේ හෝ තැන්වල දැඩි කරගෙන, තද කරගෙන, රළු කරගෙන තියනව වෙන්න පුළුවන්. ඒ දේවල් දැක දැක, බල බලාම, ඒ විදිහට දැඩි කරගන්න ඕන නැති තැන් ලිහිල් කරගන්න ඕන. බුරුල් කරගන්න ඕන. සැහැල්ලු කරගන්න ඕන. හොඳ දැනුවත් භාවයකින්ම හෙමිහිට හෙමිහිට අනිත් පැත්තට හැරිලා නැවතත් අර විදියටම සක්මන පටන් ගන්න ඕන.
මේ විදියට ආරම්භයක් හැටියට කරන සක්මන, සමහර වෙලාවල්වලදි සුළු වෙලාවකදි එපා වෙන්නත් පුළුවන්. හැබැයි භාවනාව කියන විෂයට හෝ භාවනාව කියන මේ මාතෘකාවට කැමති කෙනා සමහර වෙලාවල්වලදි පැයක් හමාරක් වුනත් භාවනා කරනව. මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවල්වලට පැය හතර පහ වගේම, සමහර කාලවලදී රාත්‍රියේ නිදි වරාගෙන රැය පහන් වෙනතුරුම පවා සක්මන් කරන අවස්ථා ඒ කාලෙත් තිබිල තියනවා, අදත් තියෙන්න පුළුවන්.
ඉතින් මේ විදියට හෙමිහිට හෙමිහිට සක්මන් කරලා ගමන යන්න අමාරු නම්, තමන්ගේ හිතේ තියන ශබ්දය, හිතේ තියන දිවීම වැඩිනම්, ශරීරයත් ඒ තරමේ හෙමිහිට යන්නට එච්චර රුචිකත්වයක් දක්වන්නෙ නැති නම්, පළවෙනියෙන්ම සක්මන ආරම්භ කරලා තමන්ට යන්න පුළුවන් පහසුම විදිහට ඉස්සරහට සහ ආපස්සට ඇවිදින එක හොඳයි කියල මං යෝජනා කරනව.
ඒ විදිහට ගිහිල්ලා තමන්ටම තේරුනොත් දැන් ගමන අඩු කරන්න හොඳයි කියලා, ඒ වගේ තැනකට අඩුවට අඩුවට, හෙමිහිට හෙමිහිට සක්මන් කරන්න හිත හදාගන්න ඕන. සක්මනේ තමන්ට යන්න පුළුවන් වේගය අඩු තරමට හිතේ තැන්පත්කම එක්තරා මට්ටමකින් තීරණය වෙනවා කියන එක මං කියන්න කැමතියි.
කෙසේ හෝ නමුත් සක්මන් කරනකොට තමන්ගේ අඩිය හොඳට පොළවේ තියන්න තේරුනා නම්, ඒ තේරුනේ හෙමිහිට ඇවිදිනකොට නම්, නැවතත් වතාවක් සාමාන්‍ය ජීවිතයේ ගමන සිද්ධ වෙන ඒ වේගය දක්වාම සක්මනේ වේගයත් වැඩි කර කර, සිහිය තමන්ගේ කකුල ස්පර්ශ වෙන තැනට හෝ ඇඟේ රෙදි ගෑවෙන තැනකට හෝ වෙනයම් වූ තමන්ට තේරෙන, ඇවිදිනවා යැයි තේරෙන ඒ අරමුණට හිත ගන්න, ඒ අරමුණට නැවත නැවත එන්න පුරුදු වෙන්න ඕන.
සක්මන් කරනකොට සමහර වෙලාවන්වලදී තමන්ගෙ ඇඟේ හුළඟ වදින එක දැනෙන්නත් පුළුවන්. බිත්තියකට කිට්ටු වෙනවා නම් ඒ පැත්ත තුල තියන රස්නය බිත්තියකින් බැහැර වෙනවා නම්, ඒ පැත්ත තුල තියන සැහැල්ලු බව ආදී මේ වගේ දේවල් වුනත් දැනෙන්න තේරෙන්න පුළුවන්. කොහොම නමුත් සක්මන් භාවනාවකින් කරන්නේ හතර වටේම දුවන හිත මේ ශරීරය තුල මොකක් හෝ චලනයක් සිද්ධ වෙන තැනක නතර කරල තියන එකයි.
මේ වගේ භාවනාවක් කරන එකක තියන ප්‍රධානම වැදගත්කම තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි ක්රියාකාරීත්වයන් සිදු කරන අතරම, ඒ ක්රියාකාරීත්වයක සිහිය නතර කරගන්නෙ කොහොමද? ඒ වර්තමාන මොහොතේ ඉන්නෙ කොහොමද? කියලා අපිට කියල දෙන හොඳම පාඩම සක්මන් භාවනාවෙන් උගන්වන එකයි.
ඉතින් මේ විදියට සක්මනක් සිදු කරල තමන්ට තේරෙනවා නම් දැන් තමන්ගෙ හිත හොඳටම තැන්පත් කියල, අන්න ඒ වෙලාව වඩාත්ම සුදුසුයි පර්යංක භාවනාවකට යන්න. මොකද ඒ වෙනකොට ශරීරයත් ස්වභාවික හැටියටම තැන්පත් වෙන්න පටන් අරන් තියනව. හැබැයි ඊට පස්සෙ ආපහු සිතුවිලි හිතන්න පටන් ගත්තොත් එහෙම, කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම, නැවතත් ආපහු අපිව මුලට වැටෙනව. ලාංකීයත්වය තුල තියන විපස්සනාව කල්පනාවකට බර එකක් හින්දා මේක ටිකක් අර්බුදකාරී ගැටළුවන් වෙන්න පුළුවන්.
නමුත් කවුරු හරි කෙනෙක්ට සතිපට්ඨානය නැත්නම් සිහිය පිහිටුවා ගැනීම කියල කියන්නේ 'වෙන දේ දිහා බලා ඉඳීමයි' කියන දේ අවබෝධ වුනොත්, තේරෙන්න පටන් ගත්තොත් අත්දැකීමක් හැටියටම, ඒ කෙනාට සිතුවිලි හිතන්න උවමනා වෙන්නෙ නැති වේවි. තැන්පත් වෙච්ච හිතත් එක්ක සිද්ධ වෙන දේ දිහා විනිවිද දකින නුවණකින් යුක්තව බලාගෙන ඉන්න හැකියාවක් ලැබේවි.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
මරුගෙ උගුල
ජීවිතය කියන ගමන පැත්තකින් ඉඳල බලනකොට හරිම විවිධාකාරයි. එක්තරා කෝණයකින් කිවුවොත් එහෙම චමත්කාරජනකයි.
අපේ ජීවිතයට මුණ ගැහෙන, ළඟා වෙන දේවල් වගේම අපිට අතහැරල දාන්න වෙන, බැහැර කරල දාන්න වෙන දේවලුත් බොහෝමයක් අපේ ජීවිතය තුල තියනව. මේ සෑම දෙයක්ම අතරම ජීවිතය ඉදිරියට ගලාගෙන යනකොට අපි අත්දැකීම් ලබා ගන්නව. ඒ අත්දැකීම් ලබා ගන්න භාවිතා කරන ක්රමෝපායන්වලට බොහෝවිට රාගය සහ ද්වේශය, ඒ වගේම මෝහය අපිට එකතු කරන්න සිද්ධ වෙනව.
මූලධර්මයක් හැටියට ගන්නකොට රාග,
ද්වේශ, මෝහ කියල කියන්නේ සංසාරයේ අපිව දුකට ඇදල දාන දේ වගේම අනික් පැත්තෙන් බලනකොට ලෝකය කියන දේ පවතින්නෙත් රාග, දෝස, මෝහ තියන හින්දාම තමයි.
තණ්හාව තියන කෙනාට රාගය සහ ද්වේශය, මෝහය කියල කියන්නේ දුක ඇති කරගන්නට, දුක වැඩි කරගන්නට හේතුවක් වෙනවා වගේම තණ්හාවෙන් නිදහස් වෙන කෙනාට රාගය, ද්වේශය සහ මෝහය කියන දේ ඇසිල්ලක් පවා නිවන් සුවය ඇති කරගන්නට මඟ පාදා දෙන කමටහනක්.
මේ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මඟ අහුරුවන ප්‍රධානම බාධකය සාධකය හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මාරයාගේ බලපෑම. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති ආත්මයක් ගැන කතා කරන බුද්ධ ශාසනය තුල, මාරයෙක් ගැන කතා කිරීම එක්තරා මට්ටමකින් විවාදාත්මක වුනාට, එවන් වූ ගැටළුවකට ඉඩ තියන්නෙ නැතුව බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයක දස මාර සේනාවක් සඳහන් කරනවා, කාමය, නිදිමත, අලසකම, තණ්හාව ආදියෙන් පටන් අරගෙන.
ඒ අනුසාරයෙන් බලනකොට, ලාභ සත්කාර සිලෝක ආදියටත් එකතු වෙච්ච විදිහේ, අපේ ජීවිත සන්තානය තුලම තියන උවමනා එපාකම්ම තමයි මේ මාරයා කියල තථාගතයන් වහන්සේ හඳුන්වන්නෙ. ඒ මාරයාගේ බලපෑම, මාරයාගේ උගුල අපි අපේ ජීවිතවල තියන තාක් කල් හෝ එවන් වූ බලපෑමක් අපිට තියන බව දකින තාක් කල් එයින් නිදහස් වෙන්නට අපිට හැකියාවක් නැහැ.
ධර්මයෙහි කියා දෙන ගැඹුරුම වගේම සරලම මූලධර්මය තමයි, වැරැද්ද දකිනකං උත්තරය හොයන්න බැහැ කියන එක. යම්කිසි දෙයක් කෙරෙහි අපේ අමනාපයක් තියනකොට, අපිට ඒ අමනාපය තියන දේ බැහැර කරල තියන්න පුළුවන්. හැබැයි යම්කිසි දෙයක් අපේ ජීවිතයට වැරැද්දක් කරනවා නම් හෝ අකටයුත්තක් කරනවා නම්, යම්කිසි කෙනෙක් අපිට අකටයුත්තක් කරනවා නම් හෝ වැරැද්දක් කරනවා නම්, බලපෑමක් කරනවා නම්, ඒ කෙනාව හෝ ඒ දෙය අපිට පැත්තකින් තියන්න පුළුවන්. එතකොට අපිට හිතන්නත් පුළුවන් මම දැන් මාරයාගේ ග්රහණයෙන් මිදුනාය කියල.
හැබැයි ඒ කෙනා කෙරෙහි හෝ ඒ දේ ගැන අපි විවේචනය කරනවා නම්, සිතිවිලි බඳිනවා නම්, ඒ වෙලා තියෙන්නෙත් අර මාරයාගේ උගුලට අහුවෙච්ච එකම තමයි. අපේ ජීවිතේට මුණ ගැහෙන දේවල් බැහැර කලාට, අපේ හිතෙන් ඒ දෙයට බැහැර වෙලා යන්නට අපිට ඉඩ දෙන්න බැරි නම්, අපි හැබෑවටම නිදහසක් අත්දැකල නැහැ. යම්කිසි දෙයක් කායිකව අතහැරියාට චෛතසිකව අතහරින්න අපිට බැරි නම්, ඒ කාරණාවෙන් අපි සැබෑ නිදහසක් ලබලත් නැහැ.
සමහරක් වෙලාවට කායිකව ලබන නිදහසට වඩා චෛතසිකව ලබන නිදහස විශාල අගයක් දරන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්ත තමයි කායිකව ලබා ගන්න නිදහස මානසික නිදහසකට වඩා ඒ තරම් යා දෙන්නෙ නැතුවත් වෙන්න පුළුවන්.
ඒක හන්දාම තමා අසනීප හැදුන අය ඒ අසනීපයෙන් නිදහස් වෙන්න බෙහෙත් බීලා හෝ ප්‍රතිකාර අරගෙන එයින් නිදහස් වුනාට පස්සේ, කායිකව දුක නැති වුනාට තමන් විඳපු දුක ගැන, තමන්ට තිබුන අසනීපය ගැන, නැවත නැවත කතාබහ කරන්නෙ, කියන්නෙ. කායිකව තිබිච්ච උගුලෙන් බේරුනාට ඒ කෙනා චෛතසික උගුලෙන් නිදහස් වෙලා නැහැ.
අපේ ජීවිතය තුල අපිට මුණ ගැහෙන දේවල් අපිට අතහරින්න සිද්ධ වෙන්න පුළුවන්. බැහැර කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ගැන විවේචනය කරන තාක් කල්, නැවත නැවත මෙනෙහි කරන තාක් කල්, දෙස් දෙවොල් තියන තාක් කල්, අපි තාමත් ඒ දේවල් ඇසුරු කරනවා. අත හැරල නැහැ.
ජිනං වන්දාම ගෝතමං
පූජනීය පදියතලාවේ මේධාවි හිමි
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
අද නොවැම්බර් මාසෙ තිස් වෙනිදා. බෝලන්කන්ද තපෝ අරණ අපේ ආරණ්‍යයට අද අළුත් දවසක්. මේ දවසේ ආරම්භය සනිටුහන් වුනේ අද දවසේ දාන වේල ආරණ්‍යයට වැඩමවීමත් සමඟයි. ඒ කටයුතු සම්පාදනය කරන්නට වෙහෙස මහන්සි වෙච්ච, ආධාර උපකාර කරපු, පරිත්‍යාගයන් කරපු ඔය ඇත්තො සෑම සියළු දෙනාටම කෘතවේදී වෙනවා පළවෙනියෙන්ම.
දානය කියන වචනය මේ ලෝකයට ඇහෙන්නෙත් පින්වතුනි කාලෙකදි විතරයි. ඒ වචනය තුල තියන පරිසමාප්ත අර්ථය කියල දෙන්නෙත් කාලයකදි විතරයි. ඒ හැම දේකටම හේතුව තමයි ඔය ඇත්තොත් මමත් සරණ ගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමු වීම.
උන් වහන්සේ බොහෝම කාලයක් මහන්සි වෙලා, කැප වෙලා, උත්සාහ කරලා, වෑයම් කරලා හදා ගත්ත, දියුණු කරගත්ත, වැඩිදියුණු කරගත්ත තමන්ගේ ජීවිතය තුල තිබිච්ච ගුණාංගයන් සමුදාය තමා, තමන්වහන්සේගේ ජීවිතය තුල තිබිච්ච ගුණාංගයන් සමුදාය තමා අපිට කියල දෙන්නේ ධර්මය හැටියට. අත්දැකීම් හැටියට. උපදෙස් හැටියට.
ඒ කියල දෙන අත්දැකීම් හෝ උපදෙස් මාලාවන් අපේ ජීවිතේට ඈද ගන්න යනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඇති වෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියනවා කියලා. ඒ ලක්ෂණවලින් එකක් තමා අපේ හිත පිනා යන්න ඕන. හිත සංතෝසමත් වෙන්න ඕන.
"හදයං පුනාතීති පුඤ්ඤං"
කියලයි කියන්නේ. පින කියන දේ හිත පිනා යන දෙයක් වෙන්න ඕන. හිත සංතෝසමත් කරන දෙයක් වෙන්න ඕන. මටත් මතකයි භාවනා කරන්න පටන් ගත්ත මුල් කාලේ සමහර කාරණා මගේ හිතේ රැව් දුන්නා. මං කරපු වැරදි, මගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුකම්. සමහරක් විට මහා ලොකු දේවල් නෙවෙයි. හැබැයි හිත ඒ දේවල්ම පෙන්නලා දෙන්න උත්සාහ කරපු කාලයක් තිබ්බා.
හැබැයි පිනක ස්වභාවය, හද පිනා යනවා කියන වචනය ඇහුනට පස්සේ, මමත් කල්පනා කරා එහෙම නම් මම කරපු පින් මතක් කලොත් එහෙම මට මේ තියන සිත් තැවුල් වලින් මම නිදහස් වෙන්න ඕන නේද කියලා.
ඇත්තටම ඒක එහෙමම තමයි. යම් වෙලාවකදි මට භාවනා කරද්දි හිතට පීඩාවක් කරදරයක් ආවා නම් භාවනාවෙ මුල්ම කාලෙදී මං කරපු කුඩා හෝ පිනක් මම මතක් කලා. අඩුම තරමේ වතුර බෝතලේ හිටපු කූඹියෙක්ව පොඩි ලී කෑල්ලකින් ගොඩ දැම්ම නම් එහෙම, ඒකක් හරි මෙනෙහි කලා. සිහිපත් කලා. හැබැයි එතකොට හිතට ආපු සහනය සහ නිදහස අර කාලාන්තරයක් තිස්සේ හිත සෘණාත්මක හැටියටම කියල දුන්න කල්පනාවන් වලින් බොහොම බැහැර දෙයක් වුනා. මේක අළුත්ම අත්දැකීමක් වුනා මට මගේ පැත්තෙන්.
ඉතින් ඔය කතාව, ඔය කාරණාව කේන්ද්‍රගත කරගෙන දේශනාවල් කියවනකොට එක තැනක මෙන්න මෙහෙම තිබ්බා. විශාඛාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා, වන්දනා කරලා, එතුමිය කියා හිටිනවලු,
"බුදුරජාණන් වහන්ස මම අම්ම කෙනෙක්. මට හැමදාම දන් දෙන්න බෑ. මට දන් දෙන්න පුළුවන් කාලෙකට විතරයි. නමුත් මේ තියන ශක්ති ප්‍රමාණයෙන් මම හැමදාම දන් දෙන්න සලස්වනව. අපේ ගෙදර නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා පිණ්ඩපාතෙට. මම ඒකට කට්ටිය සූදානම් කරල තියෙන්නෙ. හැබැයි මට හැමදාම සම්බන්ධ වෙන්න බෑ. සම්බන්ධ වෙන දවසක් තිබ්බොත් එදාට මම තමයි සම්පූර්ණ ඒ කටයුතුවල මූලිකත්වය ගන්නෙ. ඒ දේවල් සැලසුම් කරන්නේ, සකස් කරන්නේ, පූජ කරන්නේ ආදී ඔක්කොම මමමයි ගොඩක් වෙලාවට හැම දේකටම මැදිහත් වෙන්නේ. මූලිකත්වය ගන්නේ.
ඒ වගේමයි එදාට මම දානය දීලා කරන විශේෂ දෙයක් තියනවා. ඒ දානෙ දුන්න දවසටත් අනිත් දවස්වල වගේම වන්දනා කරලා භාවනා කරනකොට, ඒ දවසට කරන විශේෂ භාවනාව තමයි මම දුන්න දානය දෙන්න සූදානම් වෙච්ච විදිහ, සැලසුම් කරපු විදිහ, මහන්සි වෙච්ච විදිහ, ආපස්සට මතක් කරනව. ආයෙත් ආයෙත් සිහිපත් කරනව."
විශාඛාවෝ කියනවා බුදුරජාණන් වහන්සේට පින්වතුනි,
"බුදුරජාණන් වහන්ස, හරිම ආශ්චර්යයයි, මම මං කරපු පින මතක් කරනකොට, ඒ පින කරන්න මං ආපස්සට මතක් කරනකොට මගේ ඇඟේ වේදනාවක් තිබ්බා නම්, කායික දුකක් තිබ්බා නම්, ඒ කායික දුකෙන් මම නිදහස් වෙනව. චෛතසික දුකක් තිබ්බා නම් ඒ චෛතසික දුකෙනුත් මම නිදහස් වෙනව. කය පිනා ගිහිල්ල කය මෘදු සැහැල්ලු වුනාට පස්සෙ සිතත් සැහැල්ලු වුනා. ඒ සැහැල්ලු හිත පුදුමාකාර සහනයක් සතුටක් ගෙනැල්ල දුන්නා. ඒ සතුටුදායක හිත මාව සමාධියකට එක්කං ගියා"
කියල කියනව. මේක අහගෙන හිටපු බුදුරජාණන් වහන්සේ සාදු නාදයක් දීලා ඊළඟට දේශනා කරනවා,
"සමාහිතේ චිත්තේ ධම්මා පාතුභවන්ති" කියල.
"විශාඛාවුනි, සමාහිතක් තියන කෙනෙකුගෙ හිතකට යථා ධර්මය තේරෙන්න පටන් ගන්නව" කියල.
පින්වතුනි මම කියන්න යන්නේ, ඔය ඇත්තොත් දුර බැහැරක ඉඳල හරි කමක් නැහැ, ළඟ පාතක ඉඳල හරි කමක් නැහැ, මේ කරන පින් කටයුතු විශාඛාව එදා කරපු පින් කටයුතු වගේමයි. ඒ හා ම සමානයි. ඔය දේ කරන්නට ඔය ඇත්තො මහන්සි වෙච්ච විදිහ, ඒ මතකය ඔය ඇත්තො ගාව ඇති.
පිනක් කරනවා කියන අදහසෙන්මයි, නැතිනම් ඔය ඇත්තො මේ කටයුත්ත කරන්න හිතේ තිබිච්ච යටගියාව, හිතේ තිබිච්ච අදහස ඔය ඇත්තො දන්නව හොඳටම. ඒ තිබිච්ච කුසල සිතුවිල්ල ආපහු මෙනෙහි කරන්න ඕන. ඒ දේ මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ මොහොතකට හරි සැනසීමක් ලබා ගන්න ඕන.
මොකද ඔය ඇත්තො ඔය කරන පරිත්‍යාගය හින්දා තමා අපේ ජීවිතය ආරක්ෂා වෙන්නේ ලෙඩන් දුකෙන්, සහ ජීවිතය රැකෙන්නේ. අපිට ලැබෙන සහනය වගේ අනන්ත අප්‍රමාණ විදියේ සහනයක් ඔය ඇත්තන්ට ලැබෙන්න ඕන.
අද දවසේදී දානය සකස් කරන, පූජ කරන ඒ ඇත්තො සෑම සියළු දෙනාටම වගේම මේ කටයුත්තට සහසම්බන්ධ වෙච්ච, අනේ හොඳයි කියල එකතු වෙච්ච ඒ සෑම සියළු දෙනාටමත් ඔය ඇත්තන්ගෙ නමෙන් මිය පරලොව ගිය සෑම සියළු දෙනාටමත් මේ පින් ඒකාකාර වශයෙන්ම අනුමෝදන් වෙන්න ඕන.
අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ සිත්සතන් නිවී සැනසෙන්න ඕන. අමා නිවනින් සැනසීමක් ලබා ගන්නට මේ පිනත් හේතු වාසනා වෙන්න ඕන. ඔය ඇත්තො සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
මේ පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ පස්යාල බෝලන්කන්ද තපෝ අරණේ ඉඳලා.
2023.11.30
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 02
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මනෝපුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායා’ව අනපායිනී"
ශ්රද්ධාවන්ත පින්වතුනි, අද 2023 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ පළමුවෙනිදා. සුපුරුදු පරිදි හතයි තිහේ කනිසම වගේ වෙනකොට ආරණ්‍යයට දානෙ වේල පැමිණුනා. ඒ කටයුතු සිදු කරන්නට අද දවසේදී දායකත්වය දරපු ඔය ඇත්තන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම මේ කටයුත්තට සහසම්බන්ධ වෙන, සූදානම් කරන, සැලසුම් කරන, ඒ සෑම සියළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන්න ඕන.
අපේ ජීවිතේ පින්වතුනි හරි පුදුමාකාරයි. බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා ළඟා වෙන දේවල් හරිම වෙනස්.
එක්තරා පවුලක දරුවෙක් හිටියා. ඒ පවුල බොහොම ධනවත් පවුලක්. හැබැයි ඒ දරුවගේ දෙමව්පියෝ ටිකක් ලෝබයි. ටිකක් නෙවෙයි ගොඩක්ම ලෝබයි. කාලයක් යනකොට මේ ළමයට අසනීපයක් හැදෙනවා. මේ ළමයගේ දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ තියන ලෝබකම කොච්චරද කියන්නේ මේ ළමයට බෙහෙත් කරන එක වෙනුවට, වෛද්‍යවරු හොයාගෙන ගිහිල්ල මොනවද කරන්න පුළුවන් බෙහෙත් කියල අහගෙන ඇවිල්ල, ඒ ළමයට බෙහෙත් කරන්න පටන් ගන්නව. මොකද වෛද්‍යවරු එක්කං ආවොත් එහෙම වැඩිපුර ගෙවන්න වෙයි හරි තව මොනව හරි කාරණාවල් හින්ද.
ඒ වෛද්‍යවරුත් සමහරක් වෙලාවට හරියට බෙහෙත කිවුව වෙන්න පුළුවන් නැතා වෙන්නත් පුළුවන් කොහොම කොහොම හරි කමක් නෑ දරුවට අසනීපය වැඩි වුනා. අවසානෙදි දරුව මරණාසන්නයට පත් වුනා. මෙහෙම වුනාට පස්සෙ අර දෙමව්පියො මොනවද කලේ මේ දරුවව දානවා පොඩි කාමරේකට පිළිකන්නෙ තියන. ඒක නිකං අඟුපිලක් වාගේ තැනක්.
මේ වගේ සිද්ධියක් ඔබටත් මටත් වුනා නම්? අවාසනාවකට මේ වගේ සිද්ධියකට මුහුණ දුන්න කෙනෙක් මේ ලෝකෙ ඉඳල තියනවා. නමුත් ඔබටත් මටත් මේ වගේ සිද්ධියක් වුනා නම් අපිට එන සිතුවිලි කොහොම වෙන්න පුළුවන්ද? අපිට එන හැඟීම් මොනව වෙන්න පුළුවන්ද?
මේ ලෝකෙ ලබා ගන්න පුළුවන් හැම එකක්ම ලබා ගන්න පුළුවන් වෙන තරමේ වටපිටාවක් තිබිලත් ඒ දේවල් අත්පත් කරගන්න තරම් හැකියාවක් නැති වුනාම, ඒ දේවල් ළඟා කරගන්නට තියන ඉඩ අහුරපු අයට හෝ එය අහුරපු අය ගැන මොන විදිහේ අදහස් නම් අපිට මතු වෙයිද? ගලාගෙන එයිද? සංකල්පනා ඇති වෙයිද? ක්‍රියාත්මක කරන්න බැරි වුනාට.
මට්ටකුණ්ඩලී කියන පුතාටත් වෙච්ච සිද්ධිය සිදුවීම ඕකම තමයි. අතිශයින්ම ලෝභ තමන්ගෙ දෙමව්පියො ගැන ඒ වගේ සිතුවිලි එන්න ඇති. එයාට එයාගෙ ජීවිතය තුල දකින්න ලැබිල තිබුනේ, අහන්න ලැබිල තිබුනේ, හැමදාම ලෝබකමින් ඉන්න, නිරන්තරයෙන්ම මසුරුකම ගැන කතාබහ කරන, මසුරුකමෙන්ම යුක්ත වෙලා හිටපු ඒ පිරිසක් විතරයි. එයා කවම කවදාවත් දැකල තිබ්බෙත් නැහැ ඊට පරිබාහිර ලෝකයක්. ඊට පරිබාහිර ජීවිතයක්. ඊට පරිබාහිර කෙනෙක් මේ ලෝකෙ ඉන්නවාය කියල.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක් පිණ්ඩපාතේ වඩිනවා මේ පුතා ඉන්න අඟුපිල පැත්තෙන්. අපි හිතමු මෙයාලගෙ ගෙදර පිටිපස්ස පැත්තෙ පැලක් තිබ්බ කියල. එහෙම වෙන්න පුළුවන්. අර තරහෙන් පුපුර පුපුර හිටපු, හිතේ අමනාපයම තියාගෙන මරණාසන්න භාවයට පත් වෙලා අච්චර මිලමුදල් තිබිච්ච වත්පොහොසත්කම් තිබිච්ච ගෙයින් එළියට දාපු, ගෙයින් දොට්ට දාපු, ඒ දරුවව බලන්න බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා ඒ පැත්තෙන්.
තමන්ගෙ ජීවිතේ කාරුණිකත්වය කියන දෙයක පුළුටක්වත් දැකපු නැති හෝ අහපු නැති, එවන් වූ ජීවිතයක් තියනවාද කියලවත් අදහසක්වත් නොතිබ්බ මේ දරුවට බොහොම ශාන්ත දාන්ත විදියට වැඩම කරන බුදුරජාණන් වහන්සේගේ රූපය පේන්න පටන් ගන්නව.
රත් වෙච්ච ගලකට වතුර දැම්මහම දුම් දාලා ඒ ගල සීතල වෙනව වගේ, රත් වෙච්ච බඳුනකට වතුර දැම්මහම ඒක විගහට සීතල වෙලා යනව වගේ, අර දරුවගෙ අමනාපයෙන් පිරිච්ච, දුකෙන් පිරිචචච චිත්ත සන්තානයට පේන්න පටන් ගන්නවා මසුරුකම කියන දේ හැම වෙලාවකම රජයන්නෙ නැති විදිහේ, කුරිරුබව කියන දේ හැම වෙලාවකම පවතින්නෙ නැති විදිහේ හෝ මසුරු බවක් නැත්තටම නැති කුරිරු බවක් නැත්තටම නැති, මහ පුදුමාකාර විදිහේ සංතෝසය සතුට ගන්වන විදිහේ රූපශ්‍රීයක් තියන පුද්ගලයෙක් එයා ඉන්න පැත්තෙන් වැඩම කරනව.
මේ සිද්ධිය දැකපු ඒ දරුවට හරි සහනයක් ඇවිල්ල තියනවා, හිතට හරි සංතෝසයක් ඇවිල්ල තියනවා, මට හිතා ගන්න බැරි වුනාට මේ ලෝකයේ සංතෝසයෙන් ඉන්න අය, හොඳින් ඉන්න අය ඉන්නවා කියලා දැන් මම දන්නවා කියල එයාටත් හිතෙන්න ඇති. ඔය සිතුවිල්ලෙන් ඒ දරුව මියෑදුනා. මියෑදිලා සුගති ලෝකයක උපදිනවා කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ.
දුකක හිටපු මේ දරුවව සුගතියකට ගෙනියන්න බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කලේ නෑ. හැබැයි ක්‍රියාවක් විතරයි සිදු කලේ. පින්වතුනි අපිත් බුදුරජාණන් වහන්සේගේ අඩිපාරේ යන ශ්‍රාවකයො හැටියට සමහර අවස්ථාවල් තියනවා අපේ ජීවිතවල තියන වටිනාකම ඔප් නැංවෙන්න කතාබහ කරන්නම අවශ්‍ය වෙන්නෙ නැහැ ඇත්තම කියනව නම්. එක කාරුණික ක්‍රියාවක් ඇති.
ඒක හරියට ඔය ඇත්තො මේ දානය දෙන්න උත්සාහ කරනව වගේ දෙයක්. ඔය ඇත්තො බොහොම අමාරුවෙන් වෙහෙස මහන්සි වෙලා උපයා සපයා ගත්ත ධනයයි මේ විදියට පූජ කරන්නෙ. හැබැයි ඒ දේ තුලිනුයි අපේ දිවි රැකෙන්නෙ.
එනයින් කල්පනා කරනකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා අපිට කියල දෙන මේ ධර්ම මාර්ගය තුල තියන කාරණාවල් පිළිපදින එක, පුරුදු කරන එක, වඩන එකම තමයි ඔබ අප සෑම සියළු දෙනාගේම ජීවිතවලට තියන එකම එක රැකවරණය, එකම එක නිදහස.
එවන් වූ ගමනක් යන්නට දිරිමත් වීමක් හැටියට අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය තුලින් ජනිත වෙච්ච පින, ඒ පින් සිතුවිල්ල මහානීය සිතුවිල්ලක්ම වේවා !
අද දවසේදී දන්මුරය බාර ගත්ත ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් ඒ කාරණාවට සහසම්බන්ධ වෙච්ච, අනේ හොඳයි කියපු කෙනෙක් ඉන්නව නම් ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ කටයුතු සම්පාදනය කරන ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් ඒකාකාර වශයෙන් මේ පින් අනුමෝදන් වෙලා, සංසාරයේ දුකක් නැති අමා මහ නිවනෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියල ආශිර්වාද කරනවා.
ඒත් එක්කම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින් අපි බොහෝම සතුටු සිතින් අනුමෝදනා කරමු. ඒ ඇත්තන්ගෙත් සිත් සතන් නිවී සැනසිලා අමා නිවන සලසා ගන්න අද දවසේදීත් මේ විදියට සිදු කරගත්ත මේ කුසල් සිතුවිලි සමුදාය හේතු වාසනා උපකාර වේවා කියල අපි ආශිර්වාද ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
මේ පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ පස්යාල බෝලන්කන්ද තපෝ අරණේ ඉඳලා.
2023.12.01
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 03
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"චිරප්පවාසිං පුරිසං
දූරතො සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච
අභිනන්දන්ති ආගතං තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දෙවනි සෙනසුරාදා. මේ හිමිදිරි උදෑසන ඔය ඇත්තෝ බොහොම දාඩිය මහන්සියෙන් එක්රැස් කරගත්ත ධනය තුලින් ජනිත වෙච්ච දානය අපේ ආරණ්‍යයට වැඩම වුනා. ඒ පිළිබඳව කෙරෙන පුණ්‍යානුමෝදනාවයි මේ.
අපි ජීවත් වෙන කාලෙදි පින්වතුනි අපි විවිධාකාර ප්‍රදේශවලට ගමන් කරනවා. සමහරක් වෙලාවට අපි ඉන්න ප්‍රදේශය මාරු කරනව. සමහර වෙලාවට විවිධ විවිධ තැන් නරඹන්නටත් යනව.
ඒ කොහොම ගියත් අපි ආපහු අපි ඉන්න හෝ තාවකාලිකව හෝ අපිට උරුම වෙලා තියන ප්‍රදේශයට ආපහු එන්න වෙනව. එහෙම එනකොට අපි කොයි දේශ දීපංකරේ ගියත්, කොයි තැනකට වෙලා හිටියත්, ආපහු අපිට හුරු තැනට එනකොට අපි දන්න කියන ඇත්තෝ අපිව පිළිගැනීමට මඟ බලාගෙන ඉන්නව.
ඔය කියන ප්‍රායෝගික සිදුවීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසඳනවා, සමාන කරනවා ඔය ඇත්තො සිදු කරගන්න කුසලයටත්.
දුර බැහැරක ගිහිල්ල ඉන්න කෙනෙක් ආපහු ගෙදරට එනකොට නෑදෑයො එයාව බලාගන්න හෝ පිළිගන්න සූදානමින් ඉන්නව වගේ, ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ කුසල් සිත ප්‍රධාන කරගෙන සිදු කරන පින් කටයුතු, ඒ කියන්නේ සිල් සමාදන් වෙන ඒවා, දන් දෙන ඒවා, අනික් අයට උපස්ථාන කරන ඒවා, රැක බලාගන්න ඒවා, අඩුම වශයෙන් දෛනිකව මෛත්‍රී සහගතව හෝ කරුණාවන්තව කතා කරන වචනයක් පවා අපේ හිතට ලොකු නිදහසක්, සතුටක් ගෙනැල්ල දෙනව වගේම ඒ දේවල් අපේ චිත්ත සන්තානයට පුදුමාකාර නිදහසක්, සැහැල්ලුවක් ගෙනැල්ල දෙනව.
ඊටත් තථාගතයන් වහන්සේගේ මේ ගාථා රත්නයේ කියල දෙන කතාවේ තේරුම තමා, පින්දහම් කරන කෙනා මිය පරලොව ගියාට පස්සේ ඒ පින්දහම් වලට කැමති ඇත්තෝ ඒ කෙනාව බොහොමත්ම ගෞරවයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ ඔය ඇත්තො කරපු පින්කම ඔය ඇත්තන්ට රැකවරණය පිණිස පවතිනවා, ආරක්ෂාව පිණිස පවතිනවා, නිදහස පිණිස පවතිනවා, සතුට පිණිස පවතිනවාය කියල.
ඉතින් අපිට මේ විදිහේ කුසල් දහම් කරන්නට, පින්දහම් කරන්නට නිරන්තරයෙන්ම හැකියාවකුත් නැහැ. අවස්ථාවකුත් නැහැ. අවධියකුත් නැහැ. සමහර වෙලාවට හැකියාවකුත් නැහැ. හැබැයි ඒ ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයක් ගන්න උත්සාහවන්ත වෙනවා නම්, අපේ ජීවිතේ පිනෙන් පෝෂිත වෙච්ච ජීවිතයක් කරගන්න ඔබටත් මටත් පුළුවන්කම හම්බ වෙනව.
අන්න ඒ කටයුත්තටයි ඔය ඇත්තො මේ අතගහන්නෙ. මේ විදියට කටයුතු කාරණා සිද්ධ වෙන්නෙ. ඉතින් අද දවසේදිත් සිදු කරන්නට යෙදුනු මේ කුසලයන් අද දවසේ දන් වේල පිරිනමන ඒ පින්වත් පිරිසටත්, මේ කටයුත්තට සහසම්බන්ධ වෙච්ච "හා.. හොඳයි" කියල අනුමෝදන් වෙන සෑම සියළු දෙනාටත් ඔය ඇත්තන්ගෙ නමින් මියපරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් එක ලෙස අනුමෝදන් වේවා.
ඔය ඇත්තො සෑම සියළු දෙනාගේම ජීවිතවලට සියළු යහපත සැලසීම පිණිසම අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය මහානීය පින් සිතුවිල්ලක්ම වේවා කියල ආශිර්වාද කරනවා. සියළු යහපතම වේවා!
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
බෝලන්කන්ද තපෝ අරණ
පස්යාල
2023. 12. 02
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 04
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්යං සුදුත්තරං"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසි තුන අවුරුද්දේ දෙසැම්බර් මාසේ තුන් වෙනි ඉරිදා. ඔය ඇත්තො අද දවසෙදිත් තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත්ත ධනයෙන් සකස් කරගත්ත දානය සේනාසනයට වැඩම කරවන්නට කටයුතු සම්පාදනය කලා.
යම් තැනකින් එතෙර වෙනවා කියන එක කරන්න බොහොම අමාරු භාරදූර කාර්යයක්. හැබැයි අපි උත්සාහවන්ත වුනොත් ඒ දේ කරන්න ලේසි තැනක් අපිට හොයා ගන්නත් පුළුවන්.
උදාහරණයක් හැටියට අපි හිතමු ඔය ඇත්තෝ මහවැලි ගඟෙන් තරණය කරන්න කල්පනා කරනවා නම්, ඔය ඇත්තන්ට පුළුවන්කමක් තියනවා ත්රිකුණාමලේදිත් කරන්න. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ හරියෙදී ඒ දිය පාර චන්ඩයි. ප්‍රභලයි. වැඩියි. ගැඹුරුයි. භයානකයි.
හැබැයි මහවැලි ගඟේ ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ආවොත්, ඒ ඉහළේ අවසානයට කිට්ටු කරන තැන, අපි හිතමුකො අපි සිරීපාදෙට නැග්ග කියල. ඒ වගේ තැනකට කිට්ටු වුනොත් එහෙම එතනදිත් අපිට මහවැලි ගඟ හම්බ වෙනව ගඟක් තරමට නැති වුනාට.
හැබැයි තරණය කරන්න තියෙන්නෙ එක අඩියක් විතරයි. එතනදි චන්ඩ නැහැ, එතනදි ඒ දියපාර රළු නැහැ, දැඩි නැහැ, භයානක නැහැ, ගැඹුරු නැහැ, අමාරු නැහැ.
අපේ ජීවිතත් පින්වතුනි මෙන්න මේ විදිහේ දිශා ආනතියකට ගෙනියන එක තමයි නිවැරදි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි අපේ ජීවිතය තුල යමක් පහසුවෙන් ළඟා කරගන්න උත්සාහ කරනකොට, අපිට මුහුණ පාන්නට සිද්ධ වෙන භයානකකම, කරදර බාධක ප්‍රමාණය ඉතා අධිකයි.
හැබැයි අමාරුවෙන් හෝ ඒ දේ ලෙහෙසියෙන් සාක්ෂාත් කරගන්නට උත්සාහවන්ත වෙනකොට, අපේ ජීවිතේට ලැබෙන නිදහස, සහනය වගේම අත්දැකීම අතිමහත්. ඒක හරියට මහවැලි ගඟ තරණය කරන්න ත්‍රිකුණාමලයත් සිරීපාදයත් භාවිතා කරනව වගේ දෙයක්.
ධර්මයට පැමිණෙන ඇත්තෝ ධර්මය පුරුදු කරන්න පටන් ගන්නකොට ඒ පුරුදු කරන ධර්මය ඒ ඇත්තෝ තමන්ගේ ජීවිතයට ගලපගන්න උත්සාහවන්ත වෙනවා, ලේසි පාරවල්වලින් නෙවෙයි දීර්ඝ කාලීනව කාලයක් තිස්සේ පුරුදු කරලා.
හරියට සිහිය පුරුදු කරනවා වගේ වැඩක් මේක. තමන්ගේ ජීවිතේ පවත්වන, නිරන්තරයෙන්ම පුරුදු කරවන හෝ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරවන එක කාරණාවකට සිහිය තියාගෙන, ඒ කාරණාව නැවත නැවත නැවත නැවත වඩන්න හදනව.
අන්න එතකොට ඉගෙන ගන්න පටන් ගන්නවා මේ ධර්මය භාවිතා කරල සසර දුකෙන් එතෙර වෙන්න ක්‍රමය මොකද්ද? විදිහ මොකක්ද? අවධිය මොකක්ද? කියල. හැබැයි ඊට වඩා කෙටි ක්‍රම හොයාගෙන යන්න වුනොත් එහෙම, තමන්ගේ ජීවිතේ බොහොම භයානක තැන්වලට අත්විඳන්නත් හෝ මුහුණ පාන්නටත් සිද්ධ වෙනව. මෙන්න මේ කාරණාවයි දහම්පදයේ අපිට ඔය කියල දෙන්නේ,
"යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්යං සුදුත්තරං" කියල.
සසරෙන් එතෙර වෙනව කියන එක ටිකක් අමාරුයි කරන්න. හැබැයි බැරි නෑ. අපි හොයාගන්න පටන් ගන්න ඕන අපිට කරන්න පුළුවන්ම ප්‍රමාණය සහ පුළුවන්ම අවධිය මොකක්ද කියන එකයි.
ලද හැම අවස්ථාවකදීම සීල සමාදානය, ධර්ම ශ්‍රවණය, බණ භාවනා කරන එක වගේම දන් දෙන එක ඉතාමත්ම වැදගත් කාරණාවක්.
ඉතින් මෙන්න මේ කියන කාරණාවයි අද දවසේදී ඔය ඇත්තො සිදු කරගන්න යෙදුනෙ. තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයා සපයා ගත්ත ධනයෙන් මේ පූජ කරන්න යෙදුනෙ.
ඒ තුලින් ඒ ඇති වෙච්ච සියළුම කුසලය ඔය ඇත්තන්ගෙ මෙලෝ යහපත පිණිසම හේතු වාසනා වේවා ! පරලොව යහපත පිණිසම හේතු වාසනා වේවා ! අමා නිවන සාක්ෂාත් කරගන්න මේ පින ඒකාකාර වශයෙන්ම උපනිශ්‍රය වේවා ! කියල ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
පස්යාල බෝලන්කන්ද තපෝ අරණ
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 05
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තේසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරෝ මග්ගං න වින්දති තීති"
සැදැහැවත් පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසේ හතරවෙනි සඳුදා. වැහිබර කාළගුණයක් තිබුනත් අද දවසේදීත් උදෑසන හතයි තිහේ කණිසම වෙනකොට බෝලන්කන්ද තපෝ අරණේ දානය වැඩමවීම සිදු වුනා.
'වැඩමවීම' කියන වචනය බොහොම ගෞරවාන්විත වචනයක් වගේම 'බැහැරවීම" කියන වචනයත් කරන්නට බොහොම භාරදූර දෙයක්.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සද්ධර්මයෙහි එක තැනකින් ගැටළුවක් තියනවා පින්වතුනි. එක්කෙනෙක් ඇවිල්ල අහනවා මේ සද්ධර්මයම එක වචනයකින් කියන්න පුළුවන් නම් ඒ වචනය මොකද්ද? කියල.
ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි අප්‍රමාදය කියල. අපේ ජීවිතය තුල වඩා වර්ධනය කරගත යුතු, වැඩිදියුණු කරගත යුතු ප්‍රධානම ගුණාංගය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අප්රමාදී බවයි.
සිල් රකින්නට, බණ භාවනා කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, කුසලයෙහි හැසිරෙන්නට, සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නට, ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ වගේම හිතට දැනෙන අරමුණු, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියල සතර බ්‍රහ්ම විහරණ ආශ්රයෙන් සිදු කරන්නට, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියල කියන පංචස්කන්ධය උපාදානයක් කරගන්නෙ නැතුව ජීවත් වෙන්නට, ඉගෙන ගන්න මේ සරල ක්රමයේ ඉඳලා ගැඹුරාර්ථය දක්වා යන ඒ වැඩපිළිවෙල දක්වා වෙන හෝ ඒ වැඩපිළිවෙල සිදු කරගන්නට භාවිතා කළ යුතු ප්‍රධානම ගුණාංගය තමයි, මෙවලම තමයි අප්‍රමාදීත්වය.
මේ කියන ගුණාංගය අපේ ජීවිතය තුල ඇති කරගන්නකොට, වැඩිදියුණු කරගන්නකොට, සංසාරය කියල කියන මහා ඕඝයෙන් නිදහස් වෙන්නට, ඒ ගැඹුරු ප්‍රපාතයෙන් නිදහස් වෙන්නට, ඔබටත් මටත් හැකියාව ලැබෙනව. ඒ වෙනුවෙන් පින්වතුනි අපිට සිදු කරන්නට වෙන, මිඩංගු කරන්නට වෙන දේ හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදීත්වය.
අපි සිහියේ තබා ගන්න ඕන, මතකයේ තබා ගන්න ඕන, අසවල් අසවල් වෙලාවල් වලදී මම ප්‍රමාදයට වැටෙනවා, අසවල් අසවල් වෙලාවල්වලදී මම අප්‍රමාදීව සිටිනව කියල. ඒ අනුව අපි සළකන්න වුනාම, හිතන්න වුනාම, තේරුම් ගන්න වුනාම, ආපස්සට ආවර්ජනය කරන්න මෙනෙහි කරන්න වුනාම, අපි මෙතෙක් ආපු ගමන තුල ධර්මානුකූලව ඒ කටයුතු විසඳාගෙන තියන, නිවනට නැමෙන සුළුව කටයුතු කරල තියන ප්‍රමාණය සහ නැති ප්‍රමාණය හොඳට තේරෙනව.
මෙන්න මේ ආකාරයට තමයි පින්වතුනි ධර්මය විසින් අපිව ආරක්ෂා කරල දෙන්නෙ. ධර්මය විසින් අපිව රැකල දෙන්නෙ. ඉතින් ඒ රැකවරණයට යන, ඒ රැකවරණය ඒ විදියටම සැලසෙන හෝ සලසවාගන්න ඇත්තො හැටියට ඔය ඇත්තො අද දවසේදිත් උත්සාහ කරන්නට යෙදුනා, තමන්ගේ ධාර්මික ධනය විය පැහැදම් කරලා බොහෝම ගෞරවයෙන් යුක්තව පූජා කරලා දානයක් සලසා දෙන්නට.
ආරණ්‍යය හාමුදුරු කෙනෙක් හැටියට දවසට එක වේලක් වළඳන්න පුරුදු වෙලා ඉන්න අපිට, ඔය ඇත්තො මේ සලසන දානයෙන් තමයි ඒ දන්වේල සැලසෙන්නෙ. ඒ තුලින් තමයි අපිට පහසුව සැලසෙන්නේ. අපේ ශරීරයට සුවතාවය සැලසෙන්න. මේක එතකොට පුද්ගලිකව දෙන දේකටත් වඩා ඔය ඇත්තො සිත්හි දරාගන්න ඕන සංඝ රත්නය උදෙසා කරන පොදුවේ ඒ ගුණ තියන සංඝ රත්නය උදෙසා සිදු කරන පින්කමක් හැටියට.
ඉතින් එහෙම සලසා ගන්න ගමන්, එහෙම සිත්හි දරාගන්න ගමන් අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය තුළින් ජනිත වෙච්ච සියළුම පින් සිතුවිලි සමුදාය, ඔය ඇත්තන්ගේ මෙලොව ජීවිතය යහපත් කරගන්නටත්, පරලොව ජීවිතය යහපත් කරගන්නටත්, නමින් මිය පරලොව ගිය සියළු මළගිය ඥාති හිතමිත්රාදීන්ගේ සාංසාරික ජීවිත සුඛිත මුදිත භාවයට පත් වෙන්නටත්, තුනුරුවන්ගේ ආශිර්වාදයම වේවා ! සියළු ආරක්ෂාවම වේවා !
ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, ඒ සෑම සියළු දෙනාටමත්, මේ පිනෙන් ජනිත වේචච කුසලය ඔය ඇත්තො සෑම සියළු දෙනාගේම ජීවිතවලට සියළු යහපත සැලසීම පිණිසම, අමා නිවන පිණිසම හේතු වාසනා උපකාර වේවා කියල ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
බොලන්කන්ද තපෝ අරණ පස්යාල
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 06
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන
කත්තබ්බං කුසලං බහුං තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන අවුරුද්දේ අවසාන මාසයේ පස්වෙනි අඟහරුවාදා. වැහිබර කාළගුණයක් තියන ආරණ්‍ය ප්‍රදේශය උදෑසන මීදුමෙන් බර වෙලයි තියෙන්නේ. ආරණ්‍යය වට වෙලා තියන කැළෑ රොද අස්සෙන් ඒ මීදුම මැදින් හතයි තිහේ කනිසම වෙනකොට සෙරෙප්පු සද්දයක් ඇහුනා. ඒත් එක්කම ආරණ්‍යයට අද දවසේ දානය වැඩමවුනා.
මේ දානය වැඩමවන්නට අද දවසේදී දායකත්වය දරණ ඔය ඇත්තෝ, තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයා සපයා ගත්ත ධනයයි බොහොම කාරුණිකව, පරිත්‍යාගශීලීව පූජා කරන්නට යෙදුනේ.
ඒ විදියට සිදු කරගන්න කුසලය ගැන කල්පනා කරනකොට පින්වතුනි, අපිත් හරියට අපේ ජීවිතය තුල හැම දවසකම හැම වෙලාවකම යමක් හදනවා වගේ දෙයක් තමයි මේ කරන්නෙ. බෞද්ධ සංස්කෘතියට අනුකූල විදියට කතා කලොත්, අපි හැම වෙලාවකම හැම මොහොතකම අපි හිතමු මල් වට්ටියක් වගේ දෙයක් හදනවාය කියල.
අපේ ජීවිතය කියල කියන මල් වට්ටියට අපි විවිධාකාර විදිහේ මල් එකතු කරනවා. හැබැයි මල් වට්ටියක් හැටියට ගත්තොත් එහෙම, බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයක් වශයෙන් ගත්තොත්, අපි ඔය මල් වට්ටියට කඩතොළු වෙච්ච, කැඩිච්ච බිදිච්ච, දුර්වර්ණ වෙච්ච, වේලිච්ච හෝ විනාශ වෙච්ච, අපවිත්‍ර, දුගඳ හමන ඒ වගේ මල්, මල් වට්ටියට තියන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙ නෑ.
මේ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ අපිට දේශණා කරනවා අපේ ජීවිතේටත් එකතු කරගන්නා වූ කුසලය හරියට මල් වට්ටියක මල් එකතු කරනවා වගේ සුවඳ, පිවිතුරු, නිකැලැල්, ලස්සන හා යහපත් දේවල්වලින් ගොතා ගන්න කියල. අපේ ජීවිතය සීලවන්ත විදියට ගෙවෙන එක ලස්සන සුවඳ හමන මලක් වගේ නම්, සීලවන්ත භාවයකින් තොර වෙන එක එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දුගඳ හමන බවක් තියනවා නේද කියල.
බණ භාවනා කරන එක, ධර්ම ශ්‍රවණය කරන එක, ධර්මයට අනුව ජීවත් වෙන එක, කවදත් කාටත් යහපතක් ගෙනැල්ල දෙන එක, සුවඳවත් දෙයක් හැටියට අපි කවුරුත් සලකනවා. එහෙම නම් බණ භාවනා නොකරන එක, ධර්ම ශ්‍රවණය නොකරන එක, ධර්මයට අනුව ජීවත් නොවෙන එක, මේ කියාපු ක්‍රමයෙන් අනිත් පැත්තට යන බවක් අපිටත් වැටහෙන්න පුළුවන්.
අපි කතාබහ කරන වචනයට මෛත්‍රිය මුසු, කරුණාව මුසු, මුදිතාව මුසු සහ උපේක්ෂාව, සමානාත්මතාවයෙන් යුක්ත වෙච්ච, නිකැළැල්, නොඉඳුල් වචන භාවිතා කරනවා නම්, ඒක අපිට වගේම අන් අයටත් අහන්න ප්‍රියයි ඒ දෙය අහන්න මනාප අයට. ඒ විදියට නෙවෙයි නම් වචනය ක්‍රියාත්මක වෙන්නේ, එළියට ගලාගෙන යන්නේ, එහෙම නම් අපිත් දුගඳයි, බාහිරටත් ඒ දුගඳ දැනෙනවා.
ඔය වගේමයි කායික ක්‍රියාව වගේම චෛතසික සිතුවිල්ලටත් භාවිත වෙන න්‍යාය. මූලධර්මය. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ පින්වතුනි අපේ ජීවිතය කියල කියන මල් වට්ටියට නිරන්තරයෙන්ම කුසලය නැත්නම් යහපත, හොඳ තියන ටික එකතු කරගන්න කියලයි. මොකද අපි අපේ හිතට දාගන්න, හිතට එකතු කරගන්න දේවල් ඔක්කෝම, එහෙම නැතිනම් අපේ ඉස්සරහ ක්‍රියාත්මක වෙන දේවල් හැමෝම හෝ හැම දෙයක්ම, අපි අපේ හිතේ තැන්පත් කරගන්නව.
අපේ හිතේ ගබඩා වෙලා තියන ප්‍රමාණය මෙච්චරයිද කියල කියන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි හැමදාම, හැම මොහොතකම සිදු කරන සියළුම ක්රියාවල්වල මතකයක් අපේ හිත තුල තැන්පත් වෙනවා වගේම නිතර නිතර එක හා සමාන විදිහේ ක්‍රියාවලීන් සිදු කරන්න වුනාම ඒ අනුසාරයෙන් ආරෝපණය වෙන බවකුත් සිතකට තියනව. ඒක හින්දයි බුදුරජාණන් වහන්සේ අපිට දේශණා කරන්නේ,
"කත්තබ්බං කුසලං බහුං" කියල.
නිතර නිතර නිතර නිතර කුසලය බහුල හැටියට වඩන්න ඕන. කුසලය බහුල හැටියට පුරුදු කරන්න ඕන. ඒක එතකොට දානයෙන් වෙන්න පුළුවන්, සීලයෙන් වෙන්න පුළුවන්, භාවනාවෙන් වෙන්න පුළුවන්, ධර්ම ශ්‍රවණයෙන් වෙන්න පුළුවන්. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව භාවිතා කිරීමෙන් වෙන්න පුළුවන්.
මේ කාරණාවල් භාවිතා කරල සිත කය වචනය කියන තුන්දොර යහපතෙහි යොමු වෙන එකයි හෝ යොමු කරවන එකයි, ක්‍රියාත්මක කරගන්න එකයි, අපේ ජීවිතේට අපි එකතු කරගන්න ලස්සන සුවඳවත් වූ පුෂ්පයන් ටික අපේ මල් වට්ටිය සරසවා ගන්නට.
ඉතින් ඒ කියන ගමනේ එක්තරා සන්ධිස්ථානයක් තමයි ඔය ඇත්තෝ අද දවසේදිත් මේ සම්පූර්ණ කරගත්තේ, සපුරා ගත්තේ දානය පිරිනමලා. පින්වතුනි කල්පනා කරගන්න ඕන අපේ මල් වට්ටියටත් ලස්සන මලක් අද දවසේදීත් එකතු කරගත්තා කියලා.
මේ කටයුත්ත කරන්න දායකත්වය දරපු ඇත්තො වගේම උදව් පදව් කරපු, ඒ සම්බන්ධයෙන් මහන්සි වෙච්ච, අනේ හොඳයි කියල අනුමෝදන් වෙන සෑම සියළු දෙනාටමත් මේ කුසල් එක හා සමානව අත්පත් වේවා ! අනුමෝදන් වේවා ! ඒ ඇත්තන්ගෙ සාංසාරික සිත් සතන් සැනසීමකට පත් වෙන්නටමත් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නටමත් මේ පින හේතු වාසනා වේවා ! උපනිශ්‍රයක්ම වේවා !කියල ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 07
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සුකරානි අසාධූනි
අත්තනො අහිතානි ච
යං වෙ හිතඤ්ච සාධුඤ්ච
තං වෙ පරමදුක්කරං"
(ධම්ම පදය ආත්ම වර්ගය හත් වන ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසේ හය වෙනි බදාදා. මේ මෑතක ඉඳලා අපේ ආරණ්‍යයට පළවෙනියෙන්ම එන කෙනා තමා දානෙ සකස් කරන මාමා. හතයි තිහ වගේ වෙනකොට ඒ මාමා දානෙ අරගෙන ආරණ්‍යයට එනවා. ඒ එන්න තියන පාර කැළැවක් අස්සෙන් එන්න තියන බොහොම පොඩි අඩි පාරක්. පල්ලම් බැහැගෙන, කඳු නැඟගෙන උදේ පාන්දර පින්න පීරාගෙන ආරණ්‍යයට එන්න ඕන.
මේ අක්මාවෙ තෙල් කියල කියන අසනීපය මටත් හැදෙන්න කලින් අපිත් පිණ්ඩපාතේ වැඩම කලේ ඔය වගේම පාරකින් තමයි. ආරණ්‍යයට එහා පැත්තෙ තියන රබර් වත්තට ගොඩවෙලා, ඒ රබර් වත්ත දිගටම ගිහිල්ලා කැළෑ මණ්ඩියට ගොඩ වෙනව. කැළෑව දිගට ගිහිල්ලා පල්ලෙහාට බැස්සහම කන්දෙන්, ගම හම්බ වෙනවා.
අපි පිණ්ඩපාතෙ ගියේ සාමාන්‍යයෙන් එක ගමකට සතියකට වතාවක් වගේ. ඊළඟ ගමට ගියේ ඊළඟ දවසකදි. සමහර දවස්වල පිණ්ඩපාතේ වැඩම කරන්න කිලෝ මීටර හතරක් වගේ දුර තියෙන්න ඇති. සමහර දවස්වල කිලෝ මීටර අටත් දහයත් අතර කාලයක් හෝ දුරක් පයින් යන්න වුනා.
ඒත් එක්කම මේ මෑතකදී අපි අළුත් වැඩක් කරන්න පටන් ගත්තා. බොහොම දුර (බොහොම කියන්නෙ වාහනයකින් පැය භාගයක් හමාරක් විතර දුර) වෙන ගම්වලත් පිණ්ඩපාතෙ වඬින්න පටන් ගත්තා. ඒකෙදි කලේ ඒ ගමේ අය මාර්ග පහසුකම් සැලසුවා ඒ ගමට යනකං වඬින්න.
ඒ ගමේ අය කියාපු ප්‍රධානම කාරණාවක් තිබ්බා.
"අපේ හාමුදුරුවනේ අපි පිණ්ඩපාතයක් පූජ කරගත්තෙ මේ පළවෙනි වතාවට."
ඔය පිණ්ඩපාතෙ වඬිනකොටත් විශේෂ ක්‍රමයක් තිබුනා. ගෙවල්වලට වැඩම කරන්නෙ නැතුව ඉන්න කල්පනා කලා. ඒක එක අතකින් සම්බන්ධතාවයක් ඇති නොවෙන්නත් අනික් අතට ආරක්ෂාවටත් ගොඩක් හොඳයි. ගමේ එක්තරා තැනක ඉඳල තවත් තැනකට කියල සීමාවක් පණවාගෙන ඒ ටිකේ තමයි පිණ්ඩපාතේ කරේ ප්‍රධාන පාරේ. එතකොට දානෙ දෙන්න කැමති ඇත්තෝ පාරට ඇවිල්ලා දන් පූජ කරනවා.
සමහර දවස්වලට ඒගොල්ලො ගාව දෙන්න මොනවත් නැති වෙන්න පුළුවන්. සමහර දවස්වල තියන දේ හාමුදුරුවන්ට දෙන්න සුදුසු නෑ කියල හිතෙන්නත් පුළුවන්. තවත් සමහර දවස්වල දානෙ සකස් කරගෙන පිළිගන්වන්නට බලාපොරොත්තුවෙන් හිටියට හාමුදුරුවන්ගේ පාත්තරේ ඉඩ නැති වෙන්නත් පුළුවන්. මේ හැම දේකින්ම නිදහස් වෙලා තමයි ඒ අත්දැකීම අනුසාරයෙන් ගත්තත් පින්වතුනි ඒ ඇත්තන්ට දානයක් දෙන්න අවස්ථාවක් සැලසුනේ බොහොමත්ම අමාරුවෙන්.
හැබැයි ඔය වැඩම කරන අතර සමහර සමහර නිවෙස්වල් සමහර සමහර අයගේ උස් හඬින් කෙරෙන කතා සල්ලාප අපිටත් ඇහුනා. සමහර වෙලාවට අසභ්‍ය වචනයනුත් තිබුනා. මට මතකයි එක්තරා දවසක පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ එක පුද්ගලයෙක් අපිටත් බැණ වැදුනා පිණ්ඩපාතය පිළිගන්නේ නෑ යි කියලා. පිළිගන්න විදියක් නෑ පාත්තරේ ඉඩක් නෑ.
හැබැයි ඒ හැම අවස්ථාවකදිම මම දැකපු විශේෂත්වයක් තිබ්බා. ලෝකයාට අකුසලයක් කරන්න, වචනය වැරදි විදියට පාවිච්චි කරන්න, වචනයෙන් අනිත් අයගේ හිත් රිදවන්න, ක්‍රියාව වැරදි විදියට පාවිච්චි කරන්න, ක්‍රියාවෙන් අනිත් අයගේ හිත් රිදවන්න, තමන්ගෙ හිත් රිදවා ගන්න, වචනයෙන් වගේම සිතින් වැරදි හිතන්න ඉතාමත්ම සුළු ඉන්ධන ප්‍රමාණයකුයි වැය වෙන්නෙ. ඒ දේ කරන්න හරිම ලේසියි. පුදුමාකාර විදිහේ අනුග්‍රහයක් තියනවා.
හැබැයි හිත් සකසලා දානයක් දෙන්න, පිනක් සිදු කරගන්න බොහොම අමාරුයි. ඒ දේ කරන්න අවස්ථාව ලැබෙන්නෙත් හරිම කළාතුරකින්. දහම් පදයේ ගාථාවෙත් ඔය අර්ථයමයි තියෙන්නේ.
අහිතක් කරන්න, අවැඩක් කරන්න තියන අවස්ථාව ඉතා අධිකයි. නමුත් යහපතක් කරන්න, හොඳ දෙයක් කරන්න ඉතාමත් අමාරුයි. හැබැයි නුවණැත්තා ඔය අහිත කරන දේ, අහිත හැටියට තියන දේ තමයි තමන්ව සංසාරයට ගෙනියන්නේ හෝ මේ ලෝකයට දුකක් ජනිත කරවන්නේ කියල තේරුම් බේරුම් අරගෙන, යහපතෙහි යෙදෙන්න උත්සාහ කරනවා අමාරුවෙන් හෝ.
උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම, අද ඔය ඇත්තෝ මේ දන් පූජ කරන දවසේ ටිකක් හිතල බලන්න ඔය ඇත්තන්ගේ වයසේ ඉන්න කීයෙන් කී දෙනෙක් අද දන් පූජ කරනව ඇද්ද කියල. ඒ විදිහේ හිතක් නවාගෙන ඇද්ද කියල හිතන්නකො. ඒ අතරින් කල්පනා කරනකොට පින්වතුනි ඔය ඇත්තොත් මේ කරන්නේ කරන්න අමාරු දෙයක්. තමන්ගේ ජීවිතයට සිදු කරගත යුතුම, කරන්න අමාරුම දේකුයි ඔය ඇත්තො මේ කරන්නෙ.
ඒ අනුසාරයෙන් සිදු කරගත්ත ඒ සියළුම පින් සිතුවිලි සමුදායන් ඔය ඇත්තන්ගෙ හිතේ තැන්පත් වේවි සංතෝසයක් හැටියට, සැනසීමක් හැටියට, සැහැල්ලුවක් හැටියට, සිහිපත් කලත් අනේ සාදු කියල කයත් හිතත් තැන්පත් වෙන සතුටු වෙන දෙයක් හැටියට. එය එසේම වේවා කියල බලාපොරෙත්තු වෙනවා.
ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාතිමිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදනා වේවා කියල අපි ආරාධනා කරමු. සුජීවත්ව වාසය කරන සෑම සියළු දෙනාටමත් ධර්මයෙහි ආභාෂයම සැලසෙන්නටම අද දවසේදීත් මේ සිදු කරගන්නා වූ කුසලයන් හේතු වාසනා උපකාර වේවා !
මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු ඒ සෑම සියළු දෙනාටමත් ඔය ඇත්තන්ට වගේම මේ පින් අනුමෝදනා වෙලා අමාමහ නිවනින් සැනසෙන්න, මේ සියළුම කුසලය හේතු වාසනා උපකාර වේවා කියල ආශිර්වාදයක් ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 06
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 08
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"අත්තදත්ථං පරත්ථේන
බහුනා’පි න හාපයේ
අත්තදත්ථමභිඤ්ඤාය
සදත්ථපසුතෝ සියා"
(ධම්ම පදය ආත්ම වර්ගය දස වන ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසයේ හත් වෙනි බ්‍රහස්පතින්දා. අද සුපුරුදු වේලාවට දානය ආවෙ නෑ. සාමාන්‍යයෙන් හතයි තිහේ කණිසම වෙනකොට මාමගෙ සෙරෙප්පු සද්දේ කැලෑව අස්සෙන් ඇහෙනව. අද ඒ දේ තිබ්බෙ නෑ. පස්සෙ පොඩ්ඩක් හොයල බලනකොට මාමට චුට්ටක් අසනීපයිලු. ඒ වුනාට ඒ ඇත්තො දානෙ ලැබෙන්න සැලැස්වුව.
ඒත් එක්කම මගේ හිතට ආවා මේ ලෝකෙ කවුරු හරි කෙනෙක් පරාර්ථය කරනවා නම් බොහොම මහන්සි වෙලා, වෙහෙස වෙලා, උත්සාහවන්ත වෙලා, ඒකෙ තේරුම එයාල ආත්මාර්ථය ජය ගන්නෙ නැහැ කියන එක නෙවෙයි. ඒකෙ තේරුම එයාලා ආත්මාර්ථය මනාකොට ජය ගන්නේ පරාර්ථය සිදු කරන හින්දා කියන එකයි.
ඔය ඇත්තොත් මමත් සරණ ගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගැන අපි හිතන්න පටන් ගත්තොත්, උන් වහන්සේගේ ජීවිත කතාව අරගෙන බැලුවොත් එහෙම, බෝධිසත්ත්ව අවධියේ ඉඳලා මහා පරිනිර්වාණයෙන් සසර ගමන නවත්වන මොහොත දක්වාම තථාගතයන් වහන්සේ සිදු කරපු සේවාව පරාර්ථයක්මයි. විශේෂයෙන්ම බෝධිසත්ත්ව අවධිය ගත්තහම ඒක මනාකොට කැපිල පේනවා.
හැබැයි අද කාලෙ හැටියට හෝ අපිට නිකමට වගේ හිතෙනවා නම් හෝ හිතෙන්න පුළුවන් නම් පරාර්ථය සිදු කරනකොට ආත්මාර්ථය සිද්ධ වෙන්නෙ නැහැයි කියලා, බෝධිසත්ත්වයාණන් වහන්සේගේ ජීවිතය තමයි හොඳම සාක්ෂිය පරාර්ථය සිදු කරනකොට ආත්මාර්ථයත් සිදු වෙනවා කියන එක ඔප්පු කරන්න.
උනි වහන්සේ උන් වහන්සේගේ ජීවිතේ කරන, කියන, හිතන, උත්සාහවන්ත වෙන ආදී හැම දෙයක්ම භාවිතා කරන්න උත්සාහ කලා බාහිර කෙනාගේ යහපත වෙනුවෙන්. පරාර්ථය උදෙසා. ඒ කටයුත්තේ ප්‍රතිඵල හැටියට බාහිර පුද්ගලයෝ ප්‍රයෝජනය ලබනකොට බෝධිසත්ත්වයාණන් වහන්සේ සංසාර ගමන නවත්වන්නෙ කොහොමද කියන දේ ගැන පාඩමක් ඉගෙන ගත්තා.
ඒ ඉගෙන ගත්ත දේ තුල තිබිච්ච අවසානම ප්‍රතිඵලය හැටියට තමයි, මුදුන්මල්කඩ තමයි බුදුරජාණන් වහන්සේ නමක් බවට පරිවර්තනය වීම. එහෙම පරිවර්තනය වෙලා සංසාරයක් තිස්සේ ඉගෙන ගත්ත හැම දෙයක්ම අපිට කියනවා දේශනා දහඅටදහසක් අස්සේ. සමහර විට එක ගාථාවක් අස්සෙ. මේකයි තියන දක්ෂතාවය. මේකයි තියන මහ පුදුමාකාර ආශ්චර්යය සහ උන් වහන්සේගේ තියන පරිනත බව.
එතකොට පින්වතුනි අපි අපේ ජීවිතයටත් පරාර්ථය සිදු කරන එක ආත්මාර්ථය ජය ගැනීමක්මයි. ඔය සංයුක්ත නිකායෙ එක සූත්රයකත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා "පරං රක්ඛතෝ අත්තානං රක්ඛිස්සන්ති" කියල. බාහිර කෙනාව රකින්න ආරක්ෂා කරන්න උත්සාහවන්ත කෙනා තමාවත් රැක ගන්නවා. තමාව රැක ගන්නේ කුසලය තුලිනුයි. තමාව රැක ගන්නේ ධර්ම ඥාණය තුලිනුයි. තමාව රැක ගන්නේ අත්දැකීම තුලිනුයි. තමාව රැක ගන්නේ හිත සංතෝස කිරීම නොහොත් පින තුලිනුයි. තමාව රැක ගන්නේ නෙක්ඛම්මය නැතිනම් අතහැරීම තුලිනුයි.
අපි අපේ ජීවිතයේදී අපිට ඉගෙන ගන්න ලැබෙන දේවල් හරි පුදුමාකාරයි සහ විවිධාකාරයි. ඒවා ඉගෙන ගන්න හම්බ වෙන්නෙ විවිධ අවස්ථාවන්වලදී. හැබැයි ඒ හැම අවස්ථාවක්ම පරාර්ථය ඉස්මතු කරන්නට උත්සාහ කරන එක බාහිර කෙනාගේ යහපත කල්පනා කරන්නට බලාපොරොත්තු වෙන්නට උත්සාහවන්ත වෙන එක අතිමහත් දෙයක්. ඒක සුවිශේෂයි කියල මම සඳහන් කරන්න කැමතියි. ඉතින් එවන් වූ පින්කමකුයි අද දවසේදී මේ සිදු කරගන්නේ.
තමන්ගේ ආත්මාර්ථය කෙසේ හෝ වේවා පරාර්ථය පිළිබඳ වූ උතුම් වූ අදහස මස්තකප්රාප්ත කරගන්නටයි මුදුන් පමුණුවා ගන්නටයි මේ පින්කම අද දවසේදී සිදු කරන්නේ.
අද දවසේ දායකත්වය දරණ ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන ඒ අදහස් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්නට ඕන. ඒ වගේමයි අද දවසේදී මේ පින්කම කරන්නට සහසම්බන්ධ වෙච්ච, අනුමෝදන් වෙච්ච ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන්න ඕන.
අපි මේ ලෝකයට කරන ඉතා කුඩා යහපතකින් හෝ මේ ලෝකයේ ලොකු පරිවර්තනයක් කරන්න පුළුවන්. මහ විශාල විදිහේ වෙනසක් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සමහර කෙනෙක්ට දුකේ ඉන්නකොට දුකෙන් නිදහස් වෙන්න කිවුවේ එකම එක වචනයක් විතරයි සමහර වෙලාවට. සමහර අවස්ථාවල් තියනවා වචනයක්වත් කතා කලේ නෑ එකම එක කාරුණික බැල්මක් පමණයි. ඒකෙන් තථාගතයන් වහන්සේට ලැබිච්ච දෙය හින්දයි අපි අදටත් උන් වහන්සේට ගරු කරන්නේ.
ඉතින් එවන් වූ කුසලයක් කරගන්න, අද දවසේදීත් මේ සිදු කරගත්තු කුසලය ඔය ඇත්තන්ට හේතු වාසනා වේවා කියල ආශිර්වාද කරනවා. ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීනුත් මේ පින් අනුමෝදනා වේවා ! ඔය ඇත්තන්ගෙ ජීවිතය යහපතකට යන්න, අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටම මේ සිදු කරගත්ත කුසලය බොහෝ කාලයක් හිතේ රැව් පිළිරැව් දෙන උතුම් වූ පින් සිතුවිල්ලක්ම වේවා කියල අපි ආශිර්වාද කරන්න සංතෝසයි.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 07
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සුසුඛං වත ජීවාම
යෙසං නො නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම
දෙවා ආභස්සරා යථා තීති"
(ධම්ම පදය සුඛ වර්ගය හතරවන ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන අවුරුද්දේ අවසාන මාසයේ අට වෙනි සිකුරාදා. සුපුරුදු පරිදි අදත් හිමිදිරියේම ආරණ්‍යයට දානය පැමිණිමත් සමඟින් දෛනික කටයුතු ආරම්භ කරන්න යෙදුනා.
දෛනික කටයුතු කියල කියනකොට අපි එක දවසක් ඇතුලත කරන කියන දේවල් අතර අපේ සිත් ගන්නා වූ කාරණා මෙන්ම සිත් නොගන්නා වූද කාරණා තියනවා. අපේ සිත් සංතෝස වෙන කාරණා වගේම සිත් සංතෝස නොවන්නා වූ ද කාරණා තියනව.
ධර්මය තුලින් අපිට පෙන්වල දෙන මේ ගමන් මාර්ගයේදී අපිව රැගෙන යන දිශාආනතිය පින්වතුනි සංතෝසයම හොයාගෙන නෙවෙයි දුකම හඹාගෙනත් නෙවෙයි. මේ සංතෝසය සහ අසංතෝසය කියල කියන දෙකෙහි තියන බලපෑම තේරුම් ගනිමින් ඒ කාරණා දෙකම මැනවින් හඳුනා ගැනීම ඒ කාරණාවන්හි මධ්‍යස්ථ වූ භාවය පුරුදු කිරීමයි එක්තරා විදියකට කිවුවොත් ධර්මයෙහි තියන අභ්‍යාන්තරික න්‍යාය. දර්ශණය.
එදිනෙදා කටයුතු කරද්දි අපි සැලෙන, තැලෙන, පොඩිවෙන කාරණාවල් සිදුවීම අනිවාර්ය සහගතයි. එවන් වූ කාරණාවන් හමුවේදී අපිට සිදු කරන්නට සිද්ධ වෙන ප්‍රතික්‍රියාව බුදුරජාණන් වහන්සේ සංස්කාර කියල හඳුන්වනවා. අපේ සිත් කාරන, පාරන හෝ රිදවන කරන වෙලාවන්හිදී හෝ සංතෝසය ගන්වන, සතුට ගන්වන, ප්‍රීතිමත් කරවන අවස්ථාවන්හීදී ඔබත් මමත් දරන ආකල්පය හෝ ප්‍රතික්‍රියා දක්වන ආකාරය, ප්‍රමාණය, ක්‍රමය මත ඔබ අප සියළු දෙනා ළඟ තියන සංස්කාර මට්ටම තීන්දු වෙනවා. තීරණය වෙනවා.
සංස්කාර කියල කියන සකස් කරගැනීම්, ආරෝපණය කරගැනීම්, මීට කලින්ම හිතට හදා ගත්ත, හිතින්ම හදා ගත්ත විසඳීම් කියල හඳුන්වන්න පුළුවන් ඔය කියන කාරණාවල්. හැබැයි මේ බොහෝමයක් දේවල් බුදුරජාණන් වහන්සේගේ දහම් පදයේ ගාථාවේ තියන හැටියට අපිව 'කිඤ්චනය' කරනවා. අපිව සොලවනවා.
සංතෝසයකදී මහා විදියට සංතෝසයට කුල්මත් වෙන ඔබත් මමත් ලෝකයාත් මේ දේ හඳුනා නොගන්නා තාක්කල් ඒ සංතෝසය නැතිවෙන නියාවෙන් දුක ඇති කරගන්නවා. ශෝකය ඇති කරගන්නවා. ඒ වගේමයි දුකට පාත්‍ර වෙන ලෝකයා මේ දුක මටමයි උරුම ආදී වශයෙන් සලකලා එයද මමායනයක් ආශ්රයෙන් අරගෙන, එයින් බැහැර වුනු කල්හි පවා එය නැතත් ඇත යයි යන හැඟීම හිතේ තියාගෙන දුක් වේදනා විඳිනවා. සැලෙනවා.
මෙවන් වූ දෛනික වූ ජීවිතයක් ගෙවන ලෝකයාට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ එක ගාථා රත්නයක හරි ලස්සන අදහසක් සඳහන් වෙනවා. ඒ අදහසින් කියල දෙන්නෙ අපිට හිතුනට මේ ලෝකය තුල නොසැලී ඉන්න බැහැයි කියලා එහෙම පුළුවන්කමක් තියන බවකුයි කියල දෙන්නෙ.
"පීතිභක්ඛා භවිස්සාම
දෙවා ආභස්සරා යථා"
ඔය ආභස්සර කියන දිව්‍ය ලෝකයෙ ඉන්න ඇත්තෝ ජීවත් වෙන්නෙ ආහාර වලට වඩා හෝ ආහාර හැටියට ගන්නේ ප්‍රීතිය කියල සඳහන් වෙනව. එතකොට පින්වතුනි අපිටත් මේ ජීවිතය තුලදී කිඤ්චනයක් නොවී ඉන්න නම්, නොසැලී ඉන්න නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම අවස්ථාවකදීම ප්‍රීතිමත් විදියට ඒ අවස්ථාව ගලපා ගන්නට, ඒ අවස්ථාවට මුහුණ දෙන්නට ක්‍රමයක්, රටාවක්, හැකියාවක්, පුරුද්දක්, තථාගතයන් වහන්සේගේම වචනයෙන් කියනව නම් සංස්කාරයක් හදාගන්න කියන එකයි අපිට කියල දෙන්නෙ.
මේ වෙනකොට ඔය ඇත්තො ගාව සහ මං ගාව තියන සකස් කිරීම තුල ඒ ඒ අවස්ථාවන් අපි ප්‍රීති සහගතවම ගන්නවද, එහෙම නැතිනම් ප්‍රීතියක් නැතුව ගන්නවද කියන ආකාරය අපිට තේරුම් බේරුම් ඇති කරගන්න පුළුවන් වගේම අපි ගාව ඒ තියන ප්‍රමාණය ඉතුරු කරගන්නටත් නැති ප්‍රමාණයක් තියනවා නම් ප්‍රීතිමත් වෙන ආකාරයට ඒ දේවල් ඇති කරගන්නටත් අපේ කාලය යොදවන්න, අපිට පුරුදු කරන්න පුළුවන්. අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස වඩන්නට ඉගෙන ගන්නට පුළුවන්. අන්න ඒ දෙයට කියනව ධර්මය පුරුදු කරනව කියල.
හරි ලස්සනයි ධර්මයෙහි තියන සාරය. අපිට කරන්න තියන වැඩපිළිවෙල. මේක එතකොට ප්රාර්ථනාවකින් වෙන කාටවත් කරල දෙන්න පුළුවන් දෙයක් නෙවෙන විත්තිය ඔය ඇත්තන්ට හොඳාකාරවම තේරෙනව ඇති. හැබැයි කාටවත්ම බාහිර කෙනෙක්ට කරන්න බැරි, කිසිම කිසි ප්‍රාර්ථනාවකට බෝධියකට කරන්න බැරි දෙයක් තමන්ට කරන්න පුළුවන් විත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමන් තමන්ට කරගන්නා වූ කාරණාවන්ගේ එක්තරා සන්ධිස්ථානයක් තමයි දන් දෙනව කියන එකත්.
තමන් තුල තියන ප්‍රීතිය, තමන් තුල තියන සංතෝසය, සතුට, සැහැල්ලුව, දයාව, කරුණාව, නිර්ලෝභී භාවය බාහිරට දෙනව. මේක එක්තරා විදියකට හිතෙන්න පුළුවන් මුදලක් පරිත්‍යාග කලාය කියල නමුත් ඊට වඩා දේකුයි දීල තියෙන්නෙ. ඇත්තම කියනව නම් ආයුෂය, වර්ණය, සැපය, බලය සහ පරිභාන කියන මේ කාරණා පහයි දෙන්නෙ මේ. මේ කාරණා පහම පින්වතුනි ලෝකයා බොහෝම කැමැත්තෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා වූ, ප්‍රීතිය ඇති කරගන්නා වූ දේවල්. සංතෝස වෙන දේවල්.
එතකොට යම් වෙලාවකදි අපේ හිතට අපි ඇතුලත් කරගත්තා නම් ප්‍රීතිය නම් මෙයයි කියලා, සතුට නම් මෙයයි කියලා, යම් අවස්ථාවක් තියෙන්න පුළුවන් අපිට කෑම නැතා ඔය සිතුවිල්ල සිහිපත් කරල හෝ සතුටු වෙන්න ජීවත් වෙන්න. මෑත කාලයේදී අඩු වුනත්, පහුගිය කාලයකදි නම් අපිටත් ඔය ධර්ම සාකච්ඡාවක් හොඳට කෙරුනට පස්සේ හරීම සංතෝසයි, දින කිහිපයක් වුනත් නොකා ඉන්නත් පුළුවන් තරමේ වාතාවරණයක් හැදුනා. මේ කොරෝනා වසංගතයෙන් පස්සෙ ඒක නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියනව. ඒක ටිකක් කණගාටුදායකයි.
කෙසේ හෝ වේවා පින්වතුනි ඔය ඇත්තො තමන්ගෙ ධනය වියදම් කරලා, තමන්ගේ යහපතට තියන, දුවා දරුවන්ගේ යහපතට තියන දෙයයි මේ පූජ කරන්නේ ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි ප්‍රීතිය. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි සතුට. ඒ සතුට තුලින් දෙනිකව අපි ගෙවන ජීවිතය තුල, සැලි සැලී ඉන්නා වූ ජීවිතය තුල, එක අංශු මාත්‍රයක්, එක මොහොතක්, එක ක්ෂණයක් නොසැලී ඉන්නට අපිට අවස්ථාව හදා ගන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේ එවන් වූ චිත්ත සන්තානයක් සසඳනවා, සමාන කරනවා, ආභස්සර දිව්‍ය ලෝකයේ තියන තත්ත්වයකට.
ටිකක් හිතල බලන්න අපිට මේ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ කොයි තරම් නම් රැකවරණයක් දෙනවද කියල. එවන් වූ රැකවරණයක් සලසා ගන්න කාරණාවකුයි ඔය ඇත්තො අද දවසෙදිත් මේ සිදු කරන්නට යෙදුනෙ. තමන්ගේ ඒ තියන සතුටයි පිනයි ප්‍රීතියයි මේ අනිත් අයට දන් දුන්නෙ.
ඒ දේ නැවත සිහිපත් කරද්දි හෝ ඒ තුලින් ජනිත වන්නා වූ සියළුම කුසලය අද දවසේදී දානය පූජා කරන ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළුම මියගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු, අනේ සාදු කියල අනුමෝදන් වෙච්ච සෑම සියළු දෙනාටමත් අපි සතුටු සිතින් අනුමෝදනා කරමු ! ඒ ඇත්තන්ගෙ සාංසාරික සිත් සතන් සැනසීමකටම පත් වේවා ! පිනෙන් පිරේවා ! අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නටම මේ පිනත් උපනිශ්‍රය වේවා ! හේතු වාසනා උපකාර වේවා ! කියල අපි ආශිර්වාදයක් අපි ඇති කරගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023.12.08
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 10
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"පූජාරහේ පූජයතේ
බුද්ධේ යදි ව සාවකේ
පපංච සමතික්කන්තේ
තිණ්ණසෝක පරිද්දවේ"
(ධම්මපදය 195 බුද්ධ වර්ගය 17 වන ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ නව වෙනි සෙනසුරාදා. සුපුරුදු පරිදි හතහමාර පහු වෙනකොට ආරණ්‍යට දානෙ පැමිණිම සිද්ධ වෙනවා. මේත් එක්කම තමයි එක්තරා විදියකට කිවුවොත් බෝලන්කන්ද තපෝ අරණේ වැඩකටයුතු ආරම්භ වෙන්නේ.
අපි දෛනිකව කරන කියන කටයුතු වගේම ආරණ්‍යයක් හැටියට සිවුරු පඬු පෙවීම කෙස් රැවුල් බෑම ආදී කටයුතු සාමාන්‍යයෙන් සිදු කරන්නේ සතියකට සැරයයි. පෙර පෝය දවසෙදි විතරයි. ඊට අමතරව මුළු ආරණ්යයම පිරිසිදු කිරීම ආදී කටයුතු සිදු කරන්නේ සිකුරාදා දවස්වල ශ්‍රමදානයක් හැටියට. මේ විදියට කටයුතු කරන්න, වත් පිළිවෙත් පුරන්න කියල තමා ආරණ්‍යය සකස් කරගත්තේ, මේ වෙනකම් පවත්වාගෙන යන්නේ.
අපි යමක් පවත්වාගෙන යනකොට, යමක් සිදු කරගෙන යනකොට ඒ තුලින් ජනිත වෙන මතකයක් තියනවා, ඒ කාරණාව අරඹයා අපේ හිත මතක් කරල දෙන මතක සටහනක් තියනවා, නැවත නැවත හිතන්නට, නැවත නැවත කල්පනා කරන්නට. බොහෝවිට නැවත නැවත හිත ඇතුලෙ පෙරලි කරන්නට ඒ මතකය අපිව යොමු කරනව.
බුද්ධ දර්ශණයේදී මේ දේට කියන වචනය තමයි 'ප්‍රපංච'. ආයෙ ආයෙ ආයෙ ආයෙ හිතන්න, ආයෙ ආයෙ ආයෙ ආයෙ මතක් කරවන්න අපිව යොමු කරවන, අපිට බලපෑම් කරවන මානසික සාධකයටයි බුද්ධ දර්ශණය තුල කියල දෙන්නේ ප්‍රපංච කියලා.
ඔය ඇත්තොත් මමත් මේ ලෝකේ ජීවත් වෙනකොට පින්වතුනි, අපි කටයුතු කාරණා කරන ප්‍රමාණය හෝ කරන දේවල් හැම එකක්ම වගේ අපේ හිතේ තැන්පත් වෙනවා. නතර වෙනවා. අතීතයට අයිති දෙයක් හැටියට නතර වෙන ඒ දේවල් සමහරක් වෙලාවට අනාගතයේ මෙන්න මේ විදියට වෙන්න ඕන කියල කියන උවමනාවක් ඇති කරවනව. එහෙම නැතිනම් අතීතයේ මෙහෙම දෙයක් වුනානේ කියල කියන පසුතැවීම ළඟ නතර කරවන්නත් පුළුවන්. අතීතයේ නම් මං මෙහෙම සතුටින් හිටියා අනාගතයේ කෙසේ වෙයිදෝ කියලා අනිසි බයක් ඇති වෙන්නත් පුළුවන්.
කොහොම නමුත් සමස්ථයක් හැටියට ගත්තහම අපේ හිතට මතුවෙන, අපේ හිත කියාපාන සිතුවිලි හෝ ඔය කියන ප්රපංචයන් අපේ හිත කළඹවන්න හේතු වෙනව. දෛනිකව ගෙවන මේ ජීවිතය තුල සාමය, සංහිදියාව පවත්වා ගන්නට යම් විදියකට බාධාවක් ඇති කරන්නට හෝ පරිපූර්ණ හැටියේ බාධාවක් ඇති කරන්නට හේතුභූත වෙන්න පුළුවන්, අපි විසින් සිදු කරන බොහෝමයක් කාරණා.
ඒ අතර තථාගතයන් වහන්සේගේ දහම්පද ගාථාවේ සඳහන් වෙනවා, අපි ගාව තියන ශෝකයක් තියනවා නම් කායික හෝ මානසික හැටියට තියනවා නම් පරිදේවයක් තියනවා නම්, හිතේ දුකක් තියනවා නම්, ඒ හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් වෙන විදිහේ සිතිවිල්ලකුත් අපිට හිතන්න පුළුවන්. මෙන්න මේකයි ධර්මය තුල තියන පුදුමාකාරම ලස්සන මම දකින.
අපිට ගැටළුව වෙන දේම තමයි පිළිතුර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන්නෙ. හැබැයි වෙනත් පැත්තකින්.
අපේ හිතට විවිධාකාර දේවල් මතු වෙන එක සිහිපත් වෙන එක ඒක ප්‍රපංච කියල හැඳින්වුවා. ඒ දේ නම් අපිට දුක දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්රපංචයම ආපස්සට හරවල දෙනවා භාවිතා කරන්න කියලා,
"තිණ්ණසෝක පරිද්දවේ"
ශෝක පරිදේවයන්ගෙන් නිදහස් වෙන්න. ඒ වෙනුවට අපිට සිදු කරන්න කියල කියන ප්රපංචය තමයි, ඇති කරගන්න කියල කියන සිතුවිල්ල තමයි, මතකය තමයි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට හෝ උන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලාට පූජාවල් සිදු කරනවා නම්,
"පූජාරහේ පූජයතේ
බුද්ධේ යදි ව සාවකේ"
එහෙම ඇත්තන්ට ඒ සිදු කරගත්ත කාරණාව පින් සිතුවිල්ලක් හින්දා,
"පපංච සමතික්කන්තේ
තිණ්ණසෝක පරිද්දවේ"
කියනව. ඒ ඇත්තන්ට ඇති වන ප්‍රපංච සමතික්‍රමණය වෙන ඒව. නිදහස් වෙන්න පුළුවන් වෙන විදිහේ සිතුවිලියි ඇති වෙන්නෙ. ඒ කියල දෙන දහම් දේශණාව වෙන්න පුළුවන්, තමන් ලබා ගත්ත අහහැරීම වෙන්න පුළුවන්, ඒ ඇත්තන්ගේ කල්ක්‍රියාව වෙන්න පුළුවන්, ඒ දකින දර්ශණය පවා වෙන්න පුළුවන්, මේ හැම එකකින්ම සිද්ධ වෙන්නේ අපේ හිත් තැන්පත් වෙන එක නම්, අපේ හිත් සනහන එක නම්, ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් නිදහස් වෙන්නට අපි ඒ කරපු පිනම හේතු වෙනවා කියන එක ඔය ඇත්තන්ට සක්සුදක් සේ පැහැදිලි වෙනව.
එවන් වූ කුසලකුයි, පිනකුයි ඔය ඇත්තො අද දවසෙදිත් මේ සිදු කරගත්තෙ පින්වතුනි. ඔය ඇත්තො දන් පූජ කරන්නෙ බුදුරජාණන් වහන්සේ වටා එක්රොක් වෙච්ච, උන් වහන්සේගේ දහමෙන් ප්‍රයෝජන ඇති කරගත්ත සංඝ රත්නය කියන ඇත්තො උදෙසායි. ඒ අයට උවමනාවල් එපාකම් කියන දේවල් විශේෂයෙන් තිබුනේ නැහැ මාර්ගඵල ලාභීන්ට. ඒ ඇත්තො මේ ලෝකෙ ජීවත් වුනේ හරියට කුරුල්ලො වගේ කිසිම කිසි බාහිර බලපෑමක් හෝ සම්බන්ධතාවයක් හෝ ඒ විදිහේ දෙයක් පවත්වාගන්නෙ නැතුව, කිසිම කිසි අරඅරඳිල්ලක් නැතුව උවමනාවක් හෝ එපාකමක් නැතුව.
මේ වගේ ඇත්තන්ට දන් දෙන එකේ යහපතක් තියනවා කියල ඔය ඇත්තොත් පිළිගන්නව මාත් පිළිගන්නව. එතකොට කල්පනාවක් ඇති කරගන්න ඕන අද දවසේදිත් ඔය ඇත්තන්ගෙ මේ කාරුණික වූ ධනය පූජා කරන්න යෙදුනේ එවන් වූ පිරිසෙන් පැවතගෙන එන ආර්ය මහා සංඝ රත්නය උදෙසායි කියල, පුද්ගලිකව දෙන දානයකට වඩා. ඒ විදියට හිතන එක ඔය ඇත්තන්ට මහානීය වෙන්න පුළුවන්.
ඒ අනුසාරයෙන් කල්පනා කරල පින්වතුනි සිහිපත් කරගන්න ඕන, තමන් මේ සිදු කරගත්තා වූ සියළුම කුසලයන් ඔය ඇත්තන්ගේ මෙලෝ යහපත පිණිසමත් පරලොව යහපත පිණිසමත් ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ට අනුග්‍රහය පිණිසමත් අද මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච සෑම සියළු දෙනාගේම සියළුම යහපත පිණිසමත් හේතු වාසනා උපකාර වේවා කියල ආශිර්වාදයක් ඇති කරගනිමු.
එය එසේම වේවා කියල අපිත් ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 09
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 11
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"සද්ධා සීලේන සම්පන්නෝ යසෝභෝගසමප්පිතෝ
යං යං පදේසං භජති
තත්ථ තත්ථේව පූජිතෝ තීති"
(ධම්මපදය 303 ප්රකීර්ණක වර්ගය 14 වෙනි ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ අවසාන මාසයේ දහවෙනි ඉරිදා. සුපුරුදු පරිදි උදෑසනින් ඔය ඇත්තන්ගේ කාරුණික වූ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය වෙච්ච දානය වැඩමවුනා.
මේ දානය කියන වචනය පින්වතුනි අර්ථය විග්රහ කරන එක, ඒ දේ තුල තියන ගැඹුර ගැන කතාබහ කරන එක, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තරම් වෙන කිසීම කිසි කෙනෙකුට තේරෙන්නෙ නැති බවකුයි දේශනාවේ සඳහන් කරන්නේ. ඒ තරමටම දානයක තියන ආනිශංසය, දානයක තියන වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළා.
විශේෂයෙන්ම ගත්තොත් එහෙම උන් වහන්සේගේ පාරමිතා පුරන අවධියේ, බෝධි සත්ත්වයෙකු වශයෙන් පුරන්නට යෙදුන, එක ප්‍රධාන පාරමිතා වර්ගයක් තමයි දානය කියල කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා දන් දෙන්න කැමති කෙනාට, තමන් කෑම කාලා ඒ කෑම කාපු භාජනය හෝදලා විසි කරන වතුර ටික පවා බැහැර කරනවා නම්, "මේකත් කාට හරි සතෙක්ට ආහාරයක් වේවා" යි කියලා ඒකෙනුත් දානානිසංශ ලැබෙනවාය කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම.
ඒකට හේතුව තමයි බොහෝම කුඩා කුඩා සත්තු ඉන්නවා මේ ලෝකේ. ඒ සත්තුන්ට කෑමක රසයක් විඳින්න අපිට වගේ භාජනේකට දාල දුන්නට තේරෙන්නෙ නෑ. දන්නෙ නෑ. ඒ වගේ අයට පොළවෙ තියෙන්න ඕන කෑම. ඔය කූඹි වගේ අයට. අපි හිතමුකෝ කැඳක් හරි මොකක් හරි දියරයක් වගේ දෙයක් භාජනේකට දාල දුන්නොත් එහෙම, ඒ සත්තු ඔය සුවඳට, පුසුඹට කිට්ටු වෙයි. ළං කරයි. ඒ වුනාට ඒ වතුරෙ ගිලිල මැරෙනව. හැබැයි ඒ වගේ සත්තුන්ට කිසි කරදරයක් වෙන්නෙ නෑ ඒ ටික පොළවට වැටුනහම. එයාලට ඒකෙන් ආහාරයක් ගන්න පුළුවන්කමක් තියනව.
ඒ වගේ සතෙක්ට දෙන දානයත් හෝ ආහාරයත් පරිත්‍යාගයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිශංස සහිතයි කියල. එතකොට මේ දෙන දානයක තියන ආනිශංස පක්ෂය තීරණය වෙන්නේ තීන්දු කරන්නේ ඒ දානය ලබන කෙනා සහ දානය දෙන කෙනාගේ තියන සීල සමාධි ප්‍රඥා කියල කියන ගුණ වලටයි. සීල සමාධි ප්‍රඥා කියන ගුණ වැඩි වෙන තරමට ආනිශංසය වැඩි වෙනවා, හැබැයි ඒක තමන්ගේ සීල සමාධි ප්‍රඥාවත්, ඒ කියන්නේ දානය දෙන කෙනාගේ තියන සීල සමාධි ප්‍රඥාවත් බලපානව.
කෙසේ හෝ නමුත් පින්වතුනි දානයක් දෙන්න හිත හදා ගන්න, ඒ විදියට සකස් කරගන්න, පුරුදු කරන්න හිතේ කැමැත්තක් තියෙන්න ඕන. ඔය කියන කටයුත්ත කරන්න හිතේ මනාපයක් තියෙන්න ඕන. අපි කියනව ශ්රද්ධාවන්ත වෙන්න ඕන කියල. තථාගතයන් වහන්සේ දේශණා කරනවා දහම් පදයේදී, ශ්‍රද්ධාව සහ සීලය තියන කෙනාට මෙලොවදීම ලැබෙන ආනිශංසයන් තියනවාය කියල.
ශ්‍රද්ධාව කියල කියන බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන එකත් ධර්ම රත්නය විශ්වාස කරන එකත් ආර්ය වූ මහා සංඝ රත්නය විශ්වාස කරන එකත් එහෙම නැතිනම් මඟඵලලාභීන්ගෙන් පැවතගෙන එන ඒ මහා සංඝරත්නය විශ්වාස කරන එකත් කියන මේ කාරණාවල් අපේ හිත තුල තියනවා නම්, අපි මේ කරන කටයුත්ත යහපතකටම තමයි කරන්නේ යන අදහස තියනවා නම්, අපි එක්තරා විදියකට හඳුන්වමු ඒ කෙනාව ශ්රද්ධාසම්පන්නයි කියල.
"ශ්රද්ධාමත්තං පෙම මත්තං" කියලයි කියන්නේ. ශ්‍රද්ධා මාත්‍රයක් තියනව ප්‍රේම මාත්‍රයක් තියනව. ඔය කියන කාරණාවල් කෙරෙහි කැමැත්තක් තියනව. සඳ කියලත් කියනව මේකට. ඒ වගේම සීල සම්පන්නයි නම්, තමන් රකින පංච සීලය ආදී ඒ සිල් සමාදන් වෙන ඒ කටයුතුත් පොහොයට සමාදන් වෙන අට සීලයත් ආරක්ෂා කරනවා නම් මැනවින්, අන්න ඒ කෙනා සීලසම්පන්නයි.
එයා එතකොට වදනක් කතා කරද්දී කල්පනා කරනවා, මම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් හැටියට නම් කතා කරන්නේ ඒ වචනයට පරුෂ වචනය ගැබ් නොවිය යුතුයි, කේලාමය ගැබ් නොවිය යුතුයි, බොරුව ගැබ් නොවිය යුතුයි, හිස් වචනය ඇතුළත් නොවිය යුතුයි කියන අදහස එයාගේ හිත ඇතුලෙන් එයාට කියනව.
ක්‍රියාවක් කරන්න ගියත් අතපය හසුරුවන්න ගියත් උත්සාහවන්ත වෙනවා තමන්ගේ ඒ ක්‍රියාව තුලින් සීලච්ඡේදනයක් වෙන්නෙ නැති විදිහේ කටයුත්තක් සිදු කරන්න. පුළුවන්කමක් තියනව නම් හිතට එන සිතුවිලි පවා ඔය ආකාරයට සකස් කරගන්න පටන් ගන්නව. ඒ කෙනාට කියනව සීලවන්තයි කියල.
මෙහෙම කෙනෙක්ට මේ ජීවිතේදීම ලැබෙන ආනිශංස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි,
"යසෝභෝගසමප්පිතෝ
යං යං පදේසං භජති
තත්ථ තත්ථේව පූජිතෝ"
යම් යම් ප්‍රදේශවලට යනවා නම් ඒ කෙනාව පූජාවන්ට ලක් වෙනවා, ඒ කෙනාව විශේෂ කෙනෙක් හැටියට සලකනවා කියල. එයාගෙ භෝගය නැත්නම් එයාට තියන වස්තුව ධනය පිරිහෙන්නෙ නැහැ ඒක තවත් වඩා වර්ධනය වෙනව කියල කියනව.
බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු සුදත්ත කියන කෙනා සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හැටියට වැඩකටයුතු පටන් ගත්තා. පස්සෙ ජේතවනාරාමය හදල පූජ කලා. ඒ කෙනා කෙරෙහි තියන ගෞරවය අදටත් අපි ගාව තියනවා. අදටත් අනාථපිණ්ඩික කියන නමට පවා අපි ගෞරව කරනවා. ලෝකයා ගෞරව කරනවා.
හැබැයි එයාව අපි දැකල නැහැ. එයාගෙ කටහඬක් අපි අහල නැහැ. එයාව අපි ඇසුරු කරල නැහැ. නමුත් අපේ හිතේ ගෞරවයක් තියනවා, ආදරයක් තියනවා, ඒ කෙනා ඒ සිදු කරපු ඒ කටයුත්ත කෙරෙහි. එයාගෙ ජීවිතය තුලින් ලෝකයට ගලාගෙන ගියපු ඒ ක්‍රියාවන්ගේ තියන ඵලය අපි බුක්ති විඳිනකොට එයා ඇත්තටම අපිට විශේෂ කෙනෙක් බවට පරිවර්තනය වෙලා ඉවරයි.
මෙන්න මේක තමයි පින්වතුනි ශ්‍රද්ධාව තියන කෙනාගේ සීලය රකින කෙනාගේ දන් පැන් දෙන කෙනාගේ ජීවිතයට ලැබෙන පාරිතෝෂිකයන්. එහෙම ඇත්තො අද දවසේදී ජීවත් වෙනවා නම්, අදත් ලෝකයා බොහොම ගෞරවාදරයෙන් කතාබහ කරනවා අසවල් අසවල් හැටියට කියල. කතා කලා හෝ නැතා අපේ පැත්තෙන් අපිට අපේ හිත තැන්පත් කරගන්න, සංතෝස කරගන්න, සිතුවිල්ලක් ඉතුරු වෙනවා දහසකුත් එකක් කටයුතු අතරෙදී, "අද දවසේදීත් මම මෙන්න මේ වගේ කටයුත්තක් කලා"ය කියල.
අන්න ඒ විදිහේ පින් කටයුත්තක් තමයි ඔය ඇත්තො අද දවසේදීත් මේ සිදු කරන්නට යෙදුනෙ. තමන්ගේ ජීවිතේ යහපතට තියන, දුවා දරුවන්ගේ යහපතට තියන දෙයක් පූජ කරන්නෙ එහෙම ඒ සිදු කරන ඒ දේ තුලින් ජනිත වෙච්ච හිතේ සංතෝසය, සැහැල්ලුව තියනව නම්, ඒ දේ තමයි ඇත්තටම කියනව නම් දානයක් හැටියට අපිටත් ලැබෙන්නෙ.
ඒකෙන් අපේ ජීවිතේ රැකෙනවා, ආරක්ෂා වෙනවා, පහසුවක් සැලසෙනවා වගේම ඔය ඇත්තන්ගෙ ජීවිතයටත් රැකවරණයක්ම වේවා ! පහසුවක්ම වේවා ! ආරක්ෂාවක්ම වේවා !
ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ හිතේ සංතෝසය අපි සතුටු සිතින් අනුමෝදනා කරමු. ඒ පින අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගෙ
සංසාරික සිත් සතන් සනසවාගන්නට කියල අපි ආරාධනාවක් ඇති කරගනිමු වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින ඒකාකාරයෙන්ම අනුමෝදනා වෙලා මේ සංසාරික දුකේ අවසානය කියල කියන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ඔය ඇත්තො සෑම සියළු දෙනාටම අද දවසේදීත් මේ සිදු කරගත්ත කුසලය මහානීය පින් සිතුවිල්ලක්ම වේවා කියල අපි ආශිර්වාද කරනව.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 10
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 12
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තේ තාදිසේ පූජයතෝ
නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං
ඉමෙත්තමිති කේනචීති"
(ධම්මපදය බුද්ධ වර්ගය 18 වෙනි ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ එකොළොස් වෙනි සඳුදා. සුපුරුදු පරිදි හතහමාර වගේ වෙන වෙලාවෙදි ඔය ඇත්තොන්ගේ කාරුණික දායකත්වය තුලින ජනිත වෙච්ච දානය සේනාසනයට පැමිණෙනවා.
දානය කියන වචනය ගැන කතාබහ කරනකොට, අපිට දන් දෙන්න පුළුවන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන පැත්තකට අපිව එක්කරගෙන යනවා මේ බුද්ධ වර්ගයේ තියන ගාථාවත් එක්ක.
ලෝකයා දන් දෙන අය, තථාගතයන් වහන්සේ කොටස් දෙකකට ගන්නවා. එකක් තමයි බය සැක තියන අය. එහෙම නැතිනම් නීවරණයන්ට යටපත් වෙන අය. අනික් පැත්ත තමයි බය සැක නැති අය. එහෙමත් නැතිනම් නීවරණයන්ට යටපත් නොවෙන අය.
තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට කවුරුහරි කෙනෙක් නිවුනා නම්, ඒ අය බයක් නැති නම්, ඒ අයට බයක් නැති නම්, ඒ අය බයෙන් නිදහස් වුනා නම්, (අකුතෝ බයං කියල කියනවා) එහෙම කෙනෙක්ට හෝ එහෙම පිරිසක් අරඹයා කරන පින්කම, දෙන දානය මෙතෙකැයි කියල කියන්න සමත් වෙන කෙනෙක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම.
ඒකට හේතුව පින්වතුනි ලෝකයේ ජීවත් වෙන ඔබත් මමත් බයට සන්තාපයට ලක් වෙනවා නම්, නීවරණයන්වලට යටපත් වෙනවා නම්, ඒ තුලින් අපි කොපමණ දුකක් ඇති කරගන්නවාද කොපමණ සිත් පීඩාවකට පත් වෙනවාද කියන එක අත්දැකීම්වලින් බැලුවත් පින්වතුනි අපිට ගණන් කරන්න බෑ. මනින්න මැනල ඉවරයක් කරන්න බෑ.
ඕකෙම අනිත් පැත්ත දකින, ඔය තියන රටාව අනිත් පැත්තට පෙරලපු උත්තමයෝ, (නිබ්බුතෝ කියල කියනවා) නිවුන ඇත්තෝ එහෙම නම් අර අනන්ත අප්‍රමාණ විදිහේ වද වේදනාවන්වලට ලක් වෙච්ච, අනන්ත අප්‍රමාණ විදිහේ දුක් ගැහැට විඳපු, ඒ බයෙන් නම් ඒ සන්තාපයෙන් නම් ඒ නීවරණයෙන් නම් නිදහස් වුනේ, ඒ ඇත්තන්ගෙ හිතේ තියන විමුක්තිය, හිතේ තියන සංතෝසය, හිතේ තියන සැනසීම, නිදහස, සාමය, නිවීම ප්‍රමාණ කරන්න බැරි විත්තිය අපිටත් දැන් තේරෙනවා.
එහෙම වුනොත් එහෙම, ඒ වගේ පිරිසක් අරඹයා, ඒ වගේ ගුණයන් ප්‍රධාන කරගෙන සිදු කරන පින්කමක තියෙන ආනිසංශ පක්ෂය, ආනිසංශ ප්‍රමාණය මෙතෙකැයි කියල කියන්නත් බැරි බව දැන් අපිට තේරෙනව.
හරි ලස්සනයි පින්වතුනි අපිට මේ ලැබිල තියන දහම. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරල දෙනවා අපේ ජීවිතය තුල අපේ කරන පින්කමේ තියන සාර්ථකත්වය සහ අතිසාර්ථකත්වය තීරණය වෙන්නෙ මොන දෙයින්ද කියල. ඒ ඒ කෙනාගේ තියන බලපුළුවන්කාරකමෙන් හෝ ශරීරයේ ප්‍රමාණයෙන් හෝ වර්ණයෙන් හෝ ලස්සනෙන් හෝ වත් පොහොසත්කම්වලින් නෙවෙයි ඇත්තටම ධර්මය තුල කතාබහට ලක්වෙන සාර්ථක චරිතය නිර්මාණය වෙන්නේ.
ඒ කෙනාව නිර්මාණය වන්නේ ඒ කෙනා තුල තියන ගුණ සමුදාය ප්‍රධාන කරගෙනයි.
එතකොට අපි දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ සලකන්න කියල කියනවා, අපේ පැත්ත තුල තියන ගුණය වගේම බාහිර පැත්ත තුල තියන ගුණයත්.
ඉතින් මෙන්න මේ කියන කාරණාවල් අරමුණු කරගන්නටයි අපිට ආරාධනා කරන්නෙ පින්වතුනි, දානයක් දෙනකොට ඒකයි ආර්ය වූ මහා සංඝරත්නය ගැන සඳහන් කරන්නෙ. මෙතන මේ ආර්ය කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම කියනවා නම් මාර්ගඵල ලබාපු අයට ඒක නමක් නෙවෙයි. ඒක නමක් නෙවෙයි ඒක ගුණයකට හඳුන්වන විශේෂණ පදයක්.
ඉතින් එවන් වූ මහා සංඝ රත්නය කියල කියන ඒ පිරිස අරඹයා තමයි ඔය ඇත්තො අද දවසෙදිත් මේ දානෙ පූජ කරන්න කල්පනා කරන්නෙ. මොකද ඒ ඇත්තන්ගේ ජීවිතය තුල බයෙන් ඒගොල්ලො නිදහස් වෙච්ච අය. සන්තාපයෙන්, ශෝකයෙන් නිදහස් වෙච්ච ඇත්තො. කායිකව සහ මානසිකව. නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච අය.
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්චා කියන මාරයාගේ ඇල්ම බැල්ම ලැබෙන, මාරයාගේ ග්රහණයෙන් නිදහස් වෙච්ච අය. එහෙම අය හිතේ බුක්ති විඳින නිදහස සහ සාමය සංතෝසය කොච්චරක්ද කියල අපිට හිතාගන්න පුළුවන්.
මොකද අපි ඔය කියන නීවරණයන්ට යට වෙලා, ඔය කියන බයට, සන්තාපයට ලක්වෙලා අපි සිත් පීඩා හදා ගන්න, දුක් තැවුල් හදා ගන්න, ශෝක කරන වාර ගණන එක දවසක් ඇතුලෙදිත් සමහරක් වෙලාවට මෙතෙකැයි කියන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම නම් එයින් නිදහස් වෙච්ච ඇත්තොන්ගේ හිත්වල තියන සංතෝසය කෙතරම්ද? කොච්චරක්ද? කියලා අපිට නිකං අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි.
ඉතින් එවන් වූ දෙයක් කරන්නටයි, එවන් වූ කුසලයක් ජනිත කරගන්නටයි ඔය ඇත්තෝ අද දවසේදීත් තමන්ගේ ධාර්මික වූ ධනය මේ ආකාරයෙන් පූජා කරන්නට යෙදුනෙ. කල්පනාවක් ඇති කරගන්න ඕන පින්වතුනි තමන්ගේ කරපු දේ, තමන්ගේ ඒ දායකත්වය යහපත් වූ කාරණාවක් අරඹයාමයි, යහපත් වූ අදහසකටමයි පූජ කරන්නට යෙදුනේ කියලා.
ඒ තුලින් අපිට ජනිත වෙන, අනිත් පැත්තට ලැබෙන පාරිතෝෂිකයක් තමා, දානයක් දෙන කෙනාට ලැබෙන ආනිසංශ තියනවා. අනික් පැත්තට ඒ කෙනාට ධනය ලැබෙන්න පුළුවන් ආදී ඒ කාරණා වෙනවා. හැබැයි ඒත් එක්ක අනිත් පැත්තෙන් තවත් ධර්මානුකූල පැත්තකින් කාරණාවක් ගත්තොත්, ඒ දන් දුන්න ඇත්තන්ගේ ගුණයක් තියනවා නම් ඒ දේ කරන්නට අපේ හිතටත් අවස්ථාවක් එන්න පුළුවන්.
ඔය බෝධිසත්ත්ව අවධිය අරගෙන බැලුවහම, ඒ කාලෙදි ස්වාමීන් වහන්සේලා පාරමිතා පුරන්න පටන් ගන්නකොට ඒ ඇත්තො ඒ දේවල් පටන් ගත්තෙ ගොඩක් වෙලාවට දානයක ආරම්භයක්. දානයක් මුල් කරගෙනයි. දානය දෙන කෙනා තුල තියන ලක්ෂණය වගේ ලක්ෂණයක් කවදා හෝ දවසක තමන් තුලත් ඇති කරගන්නවාය කියන අධිෂ්ඨානය, අදහස තමයි මුදුන් පමුණවාගත්තෙ. කේන්ද්‍රගත කරගත්තෙ. මූලික කරගත්තෙ.
ඉතින් මෙන්න මේ ආකාරයටයි පින්වතුනි අපි ඇසුරු පහදු කරන, අපි පූජාවල් කරන ඒ ඇත්තන්ගෙ තියන යහපතෙන් අපේ ජීවිතත් පෝෂණය කරගන්නෙ. ඔය ඇත්තො එතකොට සංතෝසයක් ඇති කරගන්න ඕන මහා සංඝ රත්නයේ ගුණ උදෙසායි මේ පින්කම කලේ, පුද්ගලිකව නෙවෙයි. ඒ පොදුවේ කරපු හෝ ඒ පොදු හැටියට සලකන ඒ පිරිස තුල තියන ගුණයක් අපේ ජීවිතේටත් එකතු කරගන්නට අද දවසේදීත් අවස්ථාව සලසාගත්තා කියල සංතෝසයක් ඇති කරගන්න ඕන.
ඒ තුලින් ජනිත වන්නා වූ සියළුම කුසලය ඔය ඇත්තන්ගෙ මෙලොව යහපත පිණිසමත් පරලොව යහපත පිණිසමත් අමා නිවන පිණිසමත් වගේම ඔය ඇත්තන්ගෙ
නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් සතුටු සිතින් අපි ආරාධනා කරමු මේ පින් අනුමෝදන් වෙන්න කියල.
ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, අනේ හොඳයි කියල අනුමෝදන් වෙච්ච ඒ සියළු දෙනාටමත් මේ පින් අනුමෝදනා වේවා ! ඒ සෑම සියළු දෙනාටම වගේම ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින තම තමන්ගේ චිත්ත සන්තානවල නිවීම සැනසීම සළසා ගන්නටම හේතු උපකාර වෙන, මහානීය පින් සිතුවිල්ලක්ම, පින් මතකයක්ම වේවා කියල අපි ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 11
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 13
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"යො සහස්සං සහස්සේන
සඞ්ගාමේ මානුසේ ජිනේ
එකඤ්ච ජෙය්‍ය අත්තානං
ස වේ සඞ්ගාමජුත්තමෝ තීති"
(ධම්මපදය සහශ්‍ර වර්ගය හතරවෙනි ගාථාව)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දොළොස් වෙනි අඟහරුවාදා. සුපුරුදු පරිදි උදෑසනින්ම ඔය ඇත්තොන්ගෙ කාරුණික ධනයෙන් ජනිත වෙච්ච, ඒ කාරුණිකත්වයෙන් ඉපදිච්ච ප්රණිත දානය ආරණ්‍යය වෙත වැඩමවුනා.
එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපේ ජීවිතයේදී අපි ලබාගන්නා වූ ජයග්රහණයන් අපිව සාර්ථකත්වයකට අරගෙන යනවා නම්, එවන් වූ ජයග්‍රහණ ලඟා කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන කියල. සාමාන්‍ය ලොක්යා බලාපොරොත්තු වෙන ජයග්‍රහණය බුද්ධ දර්ශණය තුල කතාබහට ලක්වෙන ජයග්‍රහණයට වඩා, දිනුමට වඩා වෙනස්.
සාමාන්‍ය ලෝකයා යහපත්, හොඳයි ආදී වශයෙන් සලකන්නා වූ කාරණාව ධර්මය තුල ජීවත් වෙන කෙනා එතරම් ගණනකට නොගන්නට පුළුවන්. හැබැයි ධර්මය තුල ජීවත් වෙන කෙනා, ධර්මය පුරුදු කරවන ධර්මය වඩන කෙනා, වඩා වැදගත් කියල හිතන කාරණාවල් සාමාන්‍ය ලෝකයේ ඉන්න පෘතග්ජනයා ඒ තරම් වැදගත්කමකට නෑ කියල සලකන්නත් පුළුවන්.
උදාහරණයක් හැටියට කියනවා නම් සීලය සමාදාන වීම, සීලය ආරක්ෂා කිරීම, තවත් විදියකට කිවුවොත් එහෙම තමන්ගේ වචනය සංවර කර ගැනීම, කායික ක්‍රියාව සංවර කර ගැනීම සාමාන්‍ය ලෝකයා ඒ තරමටම හිතන්නෙ නැති, තකන්නෙ නැති කාරණාවක්. නමුත් ධර්ම මාර්ගය තුල ඉන්න කෙනා ඔය කියන කාරණාවල් එකින් එක එකින් එක උපුටා අරගෙන ඒ හැම දේකටම තමන්ගේ ජීවිතේ අතිශයින්ම වැදගත් වූ අවස්ථාවක් දෙන්නට කල්පනා කරනවා. වගබලා ගන්නවා. වීර්යය වඩනවා. උත්සාහ කරනවා.
බුදුරජාණන් වහන්සේ සහස්ස වග්ගයේ පින්වතුනි දේශනා කරන ගාථා රත්නයක තියනවා දහම් පදයේ, කවුරු හරි කෙනෙක් තමන්ගේ තියන ශක්ති ප්‍රමාණයෙන් සටන් කරලා, කාය ශක්තියෙන් තවත් පිරිස් බොහෝ ප්‍රමාණයක් යටපත් කරල දිනුවත්, තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ හැටියට ඒක ජයග්‍රහණයක් නෙවෙයි කියල සඳහන් කරනව. ඊට වඩා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන, අපිව යොමු කරන ජයග්‍රහණය තමයි තමාව දිනන්න කියන එක. තමාව ජයග්‍රහණය කරන්න කියන එක.
මේ තමාව ජයග්‍රහණය කරනවා, තමාව දිනනවා කියන එකේ අර්ථය තමා අපේ වචනය අසංවර නම් ඒ අසංවර වචනය සංවර කරනවා කියන්නෙත් ජයග්‍රහණයක්. ක්‍රියාව අසංවර නම් ඒ අසංවර ක්‍රියාව සංවර කරගන්නවා කියල කියන්නෙ ජයග්‍රහණයක් තමා. හිත අසංවර නම් ඒ අසංවර හිත සංවර කරගන්නවා කියල කියන්නේ හැබෑ ජයග්‍රහණය තමයි. මේවාගෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, උන් වහන්සේ අපිව යොමු කරන්නට බලාපොරොත්තු වෙන හැබෑ ජයග්‍රහණය, සැබෑ දිනුම සාක්ෂාත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ.
ඒක බාහිර කෙනාව යටපත් කිරීමක් නෙවෙයි, තමන්ම ජයග්‍රහණය කිරීමක්. තවත් විදියකට කියනවා නම් තමන්ම යටපත් කිරීමක්. තමන් තුල තියන මොකක් හෝ කාරණාවක් බැහැර කරල දාන එකයි බුදුරජාණන් වහන්සේ එතකොට අපිට දේශනා කරන ජයග්‍රහණයේ ඉලක්කය පින්වතුනි.
මේක එතකොට තමන් හීනමානයකට හෝ අධිමානයකට යනවා කියන කතාවක් නෙවෙයි මෙතනින් කියවෙන්නේ, තමන් තුල තියන ක්ලේශයක්, අකුසලයක් අභිබවා යන එකකුයි. ඉතින් එවන් වූ අභිබවා යෑමක් සිදු කරන්නට අවස්ථාවකුයි, අද දවසේත් ඔය ඇත්තො තමන්ගේ යහපතට තියන නැත්නම් තමන්ගේ දුවාදරුන්ගේ යහපතට තියන ධනයයි මේ පරිත්‍යාග කරන්නට යෙදුනේ.
ඒ පරිත්‍යාග කරලා ඒ ධනයෙන් ජනිත වෙච්ච දානයයි අපිට දානයක් විදියට පූජ කරන්නෙ සංඝ රත්නය වෙනුවෙන්. ඒ අතරින් බලනකොට පින්වතුනි ඔය ඇත්තො සංතෝස වෙන්න ඕන අද දවස තුලදීත් මේ ලෝකයේ බොහෝමයක් ප්‍රජාව මට අයිති දේවල් තියාගන්නටම රැස් කරගන්නටම උත්සාහ කරන වෙලාවේ අපි කල්පනා කරනවා ඒ දේවල් අස් කරන්නට කියල.
ඒ දේ තුලින් තමන්ගේ හිතේ තියන සංතෝසය ධනයක් හැටියට පරිවර්තනය කරලා ඒ දේ තුලින් බාහිර ජීවිතවලටත් රැකවරණය ආරක්ෂාව පහසුව සලසාගන්නටයි මේ උත්සාහවන්ත වෙන්නේ. වෑයම් කරන්නේ.
මෙයාකාරයෙන් ජනිත කරගත්තා වූ සියළුම කුසලය ඔය ඇත්තන්ගෙ මෙලෝ ජීවිතය යහපත් කරගන්නට හේතු වාසනා වේවා !පරලොව ජීවිතය යහපත් කරගන්නට හේතු වාසනා වේවා ! ඒ වගේම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදනා වේවා !
ඒ ඇත්තො සෑම සියළු දෙනාම වගේම අද මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, අනේ හොඳයි කියල අනුමෝදන් වෙච්ච, ඒ සෑම සියළු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදනා වෙත්වා ! ඒ ඇත්තන්ගෙ සංසාරික දුකෙන් නිදහස් වෙන්නට අද දවසේ මේ සිදු කරගත්ත කුසලයත්, මේ පින් සිතුවිල්ලත්, මේ මතකයත් හේතු උපකාර වේවා කියල අපි ආශිර්වාදයක් ඇති කරගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023.12.12
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 14
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤො උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ තීති"
(ධම්මපදය යමක වර්ගය දහසය වෙනි ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙසැම්බර් මාසේ දහතුන්වෙනි බදාදා. සුපුරුදු පරිදි උදෑසන හතයි තිහ පහුවෙනකොට ඔය ඇත්තන්ගෙ කාරුණිකත්වයෙන් ජනිත වෙච්ච දානය ආරණ්‍යයට වැඩමවීම සිද්ධ වුනා.
'ජනිත වෙනවා' කියන වචනය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ විශේෂණ පදයක් හැටියටයි. ගෞරවාර්ථයක් හැටියටයි. මේ ලෝකයට යහපත කරන අය, යහපත ඇති කරන අය වෙනුවෙන් භාවිතා කරන සුවිශේෂ වචනයක් හැටියට සලකන්න පුළුවන් ජනිත කරනවා කියන දේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියටත් මේ ලෝකෙයෙහි අපිට යමක් ජනිත කරන්න පුළුවන් නම්, ඇති කරන්න පුළුවන් නම්, ඒ දේ තුලින් තමන් මේ ගත කරන ජීවිතේ සංතෝසය ලබන්නටත් ඊළඟ ජීවිතයක්, බුද්ධ ශාසනයක කියල දෙන හැටියට පුනුරුප්පත්තිය තුලින් ලැබෙන ජීවිතය තුල සැනසීමක් ලබන්නටත් හේතු වෙන කාරණාවක් තියනවා කියල තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
එතකොට යම්කිසි දෙයක් සිදු කිරීම තුලින් මේ ජීවිතය තුල සංතෝසය ලබන්නටත් පරලොව ජීවිතය තුල සංතෝසය ලබන්නටත් හැකියාවක් ලැබෙන කාරණාවක් තියනවා කියලා තමයි දහම්පදයේ ඔය ගාථාවෙන් දේශනා කරන්නේ.
ඒක තමයි තමන්ගේ ජීවිතය මෙහෙයවල, තමන්ගේ ධනය යොදවල, තමන්ගේ ශ්‍රමය යොදවල, කාලය යොදවල සිදු කරන්නා වූ කුසලය, පින එය සිදු කරන කෙනාට මෙලොව ජීවිතයේ යහපත පිණිසමත් පරලොව ජීවිතේ යහපත පිණිසමත් පවතිනවා. ඒ වගේ දෙයක් කුසලයක් ආකාරයට ජනිත කරපු කෙනෙක් ඒ තුලින් ජනිත වන්නා වූ පින් සිතෙන්, පින් සිතුවිල්ලෙන් සෑහීමකට පත් වෙනවා, සංතෝස වෙනවා කියන කාරණාවයි දේශනාවේ සඳහන් වෙන්නෙ.
එතකොට පින්වතුනි දහසකුත් එකක් වැඩ කරන අපේ ජීවිතය තුල අපි කරන හැම දෙයකින්ම අපිට සංතෝසයක් හම්බ වෙන්නෙ නැහැ. සමහර වෙලාවට අපි කරන දේවල් අපතේ යන, එක්තරා මට්ටමකින් ඵලකට ගන්න බෑ නේද කියල හිතෙන විදිහේ වාතාවරණයක් තියෙන්නත් පුළුවන්.
නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදියට අපි අපේ ජීවිතයට පිනක් සිදු කරගන්නවා නම්, ඒක කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ සිදු කරගන්නා වූ පින අපේ හිතේ රැව් පිළිරැව් දෙන වෙලාවකුත් විශේෂයෙන්ම කියල සඳහන් කරන්න ඕන වෙන්නෙ නෑ. මොකද ඒ දේ ගැන සිහිපත් කරන ඇසිල්ලෙන් පවා අපේ හිත් පිනා යනව. තමන්ගේ සිත් සතන් සැනසීමකට පත් වෙනව.
සංසාරය තුල දන් දීල පුරුදු ඇත්තෝ තව තවත් දන් දෙන්නටම, තව තවත් ඒ විදිහේ කටයුතු කරන්නටම සිත් සකස් කරගන්නවා, සිත් යොමු කරගන්නවා, නතු කරගන්නවා, කැමැත්තක් ඇති කරගන්නවා. දානයෙහි ආනිසංශ තියනවා, දන් දීමෙහි, අතහැරීමෙහි ආනිසංශ තියනවාය කියන අදහස තුලයි ඒ ඇත්තො මේ කටයුතු කරන්නෙ.
ඒ කියන කාරණාවෙන් ජනිත වෙන මතකය ඒ ඇත්තන්ට මෙලෝ ජීවිතය සංතෝස වෙන්න, සතුටින් ඉන්න හේතු වෙනව. තමන් දුන්නු දානයක් සිහිපත් කිරීමම තමන්ගේ හිතට සාමකාමී මට්ටමක් සාමකාමී වටපිටාවක් ඇති කරගන්න හේතු වෙන බවයි අත්දැකීම්වලින් වුනත් මටත් තේරෙන්නෙ.
භාවනා කරන්න ගියාම සමහර වෙලාවල්වලදි හිත ගොඩාක් එහෙ මෙහෙ ගිය වෙලාවල්වලට, විපිළිසර වෙච්ච වෙලාවට මම වුනත් ඒ කාලේ කුසල සහගත අරමුණු හිතන්න උත්සාහවත් වුනා, කල්පනා කරන්න උත්සාහවත් වුනා. අදටත් සමහරක් විට කරනවා වෙන්නත් පුළුවන්.
මම ම උත්සාහ කරලා ඒ කරපු පින්කමක් ගැන සිහිපත් කරනකොට, අර කරදර බහුල විදිහේ සිතේ රැව්පිළිරැව් දෙන එක නතර වෙලා, බැහැර වෙලා, අයින් වෙලා, ඒ වෙනුවට හිතට සාමකාමීත්වයක් සැලසෙන, නිදහස් වෙන විදිහේ සිතුවිලි හිතෙන්න හෝ හිත තැන්පත් වෙන්න, අර හිතන කුසල සහගත සිතුවිල්ල හේතු වෙනව.
එතකොට පින්වතුනි මේ දේ වෙන්න පුළුවන්, මේ දේ වගේ දෙයක් තමයි ධර්මය තුලින් අපිට ලැබෙන දානයේ ආනිසංශ තුලින් අපිට ලැබෙන පාරිතෝෂිකය. ඒ වගේමයි දන් දුන්න ඇත්තෝ සංසාරයේ ඊළඟ ඊළඟ ජීවිතවලදී ඒ දේවල් ලබන්න, බුක්ති විඳින්න හිත නැවෙන විදිහේ වටපිටාවක ඉපදීමක් ලබනවා, පිහිටීමක් ලබනවා කියලත් ඔය 'චූල කම්ම විභංග' කියන සූත්‍රයේ දේශනා කරනවා.
ඒ අතරින් බලනකොට පින්වතුනි ඔය ඇත්තො අද දවසේදීත් මේ සිදු කරගන්නේ තමන්ගේ මෙලොව යහපත පිණිස පවතින, පරලොව යහපත පිණිස සුගතිය පිණිස පවතින උතුම් වූ පිනකුයි. උතුම් වූ කුසලයකුයි. ඒ තුලින් ජනිත වන්නා වූ මතක ශක්තියක් ඇති ඔය ඇත්තෝ, මේ ධනය එකතු කරන්න මහන්සි වෙච්ච විදියක් ඇති. ඒ දේ සකස් කරන්න, ඒ දේ පූජ කරන්න, දන් දෙන්න උත්සාහවන්ත වෙච්ච විදිහක් ඇති. මහන්සි වෙච්ච විදිහක් ඇති. හැබැයි මේක තත්පර කිහිපයක දෙයක් වෙන්නත් පුළුවන් මහා කාලයක දෙයක් වෙන්නත් පුළුවන්
කොහොම නමුත් තමන්ගේ හිතේ ඒ දේ තැන්පත් වෙලා තියෙන්නෙ පිනක් ආකාරයෙන් නම්, ඒ දේ තුලින් ඔය ඇත්තන්ට සංතෝසයක් මතු වේවි අනිවාර්යයෙන්ම. සිත සැහැල්ලු වේවි.
එවන් වූ පිනක් ඇති කරගන්න, එවන් වූ සිත සැහැල්ලු වීමක් සිදු කරගන්න, අද දවසේදීත් මේ සිදු කරගත්ත කුසලය හේතු වාසනා උපකාර වේවා ! ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්න යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදනා වේවා !
ඒ වගේම අද දවසේදී මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, "අනේ හොඳයි" කියල අනුමෝදන් වෙච්ච ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින් ඒකාකාරයෙන්ම අනුමෝදනා වෙලා, ඒ ඇත්තො සෑම සියළු දෙනාගේම සාංසාරික සිත් සතන් සැනසීමකට පත් වේවා !අමා මහ නිවනින්ම සැනසීමක්ම ලබත්වා ! කියල අපි ආශිර්වාදයක් ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 13
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 15
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති."
(ධම්මපදය අප්‍රමාද වර්ගය හතර වෙනි ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දාහතරවෙනි බ්‍රහස්පතින්දා. සුපුරුදු පරිදි අද දවසේදීත් දන් වේල ආරණ්‍යයට වැඩමවීමත් එක්ක ආරණ්‍යයේ සාමාන්‍ය කටයුතු ඇරඹෙන්න පටන් ගත්තා.
බුද්ධ ශාසනය කියන දර්ශණය, බුද්ධාගම, අද වෙනකොට අපේ රටේ විවිධාකාර පැති ඔස්සේ, පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට ලක් වෙන අතරම එක්තරා විදියකට මේ වකවානුව වෙනකොට සතිමත්බව ගැන කතා කරන්න, මේ මොහොත ගැන කතාබහ කතා කරන්න වඩා වැඩියෙන් උත්සුක වෙන බවක් පේන්න තියනවා. ඒක විශේශයෙන් අගය කරන්න ඕන.
ඒ වගේම එවන් වූ තැනකට අරගෙන යන්න, එවන් වූ තැනකට මේ රටේ ධර්ම දේශනා ශෛලිය ගෙනියන්න උත්සුක වෙච්ච, ප්‍රධානම වෙච්ච, මූලිකත්වය ගත්ත ස්වාමීන් වහන්සේ තමයි උඩඊරියගම ධම්මජීව හාමුදුරුවො. උන් වහන්සේට ඒ දේ තුල තියන ගෞරවය ලැබිය යුතුමයි. පූජා කරන්න ඕනමයි.
ගැඹුරු ධර්මය ගැන කතාබහ කරනකොට පින්වතුනි අපි අහල තියනවා හිත තමයි හැම දේකටම මුල් වෙන්නෙ කියල. ඒ හිතෙන් ඇති කර ගන්නා වූ, පවත්වා ගන්නා වූ දේවල් අල්ලා ගැනීම, ග්‍රහණය කරගැනීම කියල කියන උපාදානය ජීවිතයේ දුක හදන්නට ප්‍රධාන වෙන බවත් ඒ උපාදානයෙන් නිදහස් වීම සැනසීමට හේතු වෙන බවත් අපි අහල තියනවා.
බුද්ධ ශාසනය තුල, ධර්මය තුල නිරන්තරයෙන්ම දුක කියන වචනයක් කතාබහට ලක් වෙනවා. දුකෙන් නිදහස් වීම, නිවීම, නිවන ආදී අදහස්වලින් ඒ දේ ඔප් නැංවෙනව. මේ වගේම දේශනාවල් ඇහෙනකොට සමහර වෙලාවට ශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන් බුද්ධ දර්ශණය එහෙම නම් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කියල දෙන මෙවලමක් නෙවෙයි වත්ද කියල.
නමුත් තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණාකොට වදාළ මේ ධර්මයෙහි ආවරණය කරන්නෙ පින්වතුනි එක පැත්තක් විතරක් නෙවෙයි. සාකච්ඡාවට ලක් කෙරෙන්නෙ එක පැත්තක් විතරක් වෙන්න පුළුවන් බාගදා. ඒ කෙසේ හෝ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යසස වැඩෙන්නට නම් තමන්ගේ ධනය, තමන්ගේ වස්තුව කියල කියනවා, මේ දේවල් වර්ධනය කරගන්න නම් හෝ අධ්‍යාත්මික පැත්තෙන් අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ වර්ධනයක් ඇති කරගන්න කළ යුතු කාරණා කිහිපයක් ගැන.
පළවෙනි එක තමයි උත්සාහවන්ත බව. අපි අපේ ජීවිතය තුල පින්වතුනි කරන කියන ඕනෑම දෙයකට නිවැරදි උත්සාහයක් සලසා ගන්න එක නිවැරදි දිශා ආනතියක් තේරුම් බේරුම් ඇති කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඒ දිශාවට යන්න උත්සාහවන්ත වෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා.
උදාහරණයක් වශයෙන් භාවනාව කියන විෂය ගැන අපි මෙච්චරටම කතා කරන හන්ද අපිට උවමනාවක් තියනවා නම් භාවනාව ගැන, භාවනා කරන්න උත්සාහ කරන්න පටන් ගන්න ඕන පින්වතුනි පුළු පුළුවන් හැම අවස්ථාවකම මේ දේ සිදු කරන්නට. මොකද මේ දේ කරන්න අපිට ලැබෙන අවස්ථාවට වඩා මේ දේ නොකර ඉන්න වෙන අවස්ථා ගණන වැඩියි. හැබැයි උත්සාහය තියන කෙනා කිනම් ආකාරයකට හෝ භාවනාවකට තමන්ගේ හිත නතු කරගන්නවා, යොමු කරගන්නවා, පැලපදියම් කරගන්නවා, බහා තබා ගන්නවා.
ඒ වගේම තමයි ජීවිතේ දිනන්න හේතුභුත වෙන ඊළඟ කාරණාව තමයි "සතිමතෝ" සතිමත් භාවය. සිහියෙන් ජීවත් වීම. මේ වෙලාවෙ මං මෙන්න මේ දෙයයි කරන්නෙ කියන මනා දැනුවත්භාවයකින් යුක්තව, එහෙම නැතිනම් මේ වෙලාවේදී සිදු කරන කාරණාව දැන හඳුනාගෙන, ඒ කාරණාව වෙත තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරලා ඒ කටයුත්ත සිදු කිරීම, එහෙම නැතිනම් තවත් පැත්තකින් කිවුවොත් ඒ කරන කාරණාව අභිරමණය කරමින් සිදු කිරීම, ඒ සිදු කරන කාරණාව තුලින් සංතෝසයක් ඇති කර ගැනීම, සතුටු වීම සිහියේ ලක්ෂණයක්.
මේ වෙලාවෙදී කරන්නේ අතපය හසුරුවලා මොනව හරි වැඩක් කරන එක නම්, ඒ දෙයට ප්‍රධාන තැන දෙනවා මේ වෙලාවෙදි. කරන්නෙ කතාබහ කරන එක නම් ඒ දෙයට ප්‍රධාන තැන දෙනවා. මේ වෙලාවෙදි කරන්නෙ හිතන දේ නම් ඒ දෙයට ප්‍රධාන තැන දෙනව. අන්න ඒ වගේ.
ඊළඟට කෙටියෙන් වගේ ගත්තොත් එහෙම ධර්මානුකූල විදිහේ ජීවිතයක් ගෙවන එක බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා යහපතට යන්න තියන මාර්ගයක් කියල. අද කාලෙ වෙනකොට ධර්මානුකූල මාර්ගයන් ගැන සලකන්නෙ නැති ඇත්තන්ට බොහෝ යසස වැඩෙනවාය කියලා සමාජයේ මතයක් තිබ්බට පින්වතුනි මේ එන දේවල් ඒ ඒ ආකාරයෙන් අධර්මානුකූල හැටියට ඒකරාශී කරගෙන එන දේවල් බැහැර වෙලා යන්න වුනාමත් ඒ ආකාරයෙන්ම තමයි.
ඊට වඩා ජීවිතය තුල සමබර විදිහේ ගමනක් යන එක, කාලයට ඉඩ දීලා සෙමෙන් සෙමෙන් ගමන යන එක ඉතාමත්ම අගනේය සහ වටිනාය කියල මමත් අදහස් දරනව. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත එක්තරා මතයක් තියනවා එක පාරටම කන්දක් නැග්ගොත් එහෙම, ඕකෙ අනික් පැත්ත එක පාරටම පල්ලමකුත් තියනවාය කියල. ඒක හින්දා බුදුරජාණන් වහන්සේ අපිට දේශණා කරනව ධර්මානුකූල විදිහේ ජීවිතයක්. මේ ධර්මානුකූල විදිහේ ජීවිතය සෙමෙන් යනවා වෙන්න පුළුවන් හැබැයි බාධක නැහැ, කරදර නැහැ.
යහපතෙහි හැසිරෙන එක, දන්පැන් දෙන එක බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා වස්තුව ධනය ලබන්න තියන ඊළඟ ක්‍රමය කියල. තමන්ගේ හිතේ තියන සංතෝසය තමන්ගේ ජීවිතය තුල තමන් එකතු කරගත්ත දෙයයි වෙන කෙනෙකුට පූජ කරන්නේ, වෙන ඇත්තන්ට දන් දෙන්නේ. මේකෙදි පින්වතුනි කතාබහට ලක් වෙන්නෙ නැහැ ස්වාමීන් වහන්සේලා විතරක්ම කියලා කුරා කූඹියෙක්ට පවා මොනව හරි දෙයක් දෙනව නම් ඒකෙත් ආනිශංස තියනව කියල කියනව.
එතකොට ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ ජීවිතේ එකතු කරගත්ත දෙය, ඒක තියෙන්න ඕන දෙයක්. මොකද ගිහි ජීවිතයක් ගත කරන ඇත්තො හැටියට ඔය ඇත්තො දියුණු වෙන්න ඕන. විශේෂයෙන්ම කියනව නම් බෞද්ධයා තරමට හිතේ නිදහසක් ඇතිව දියුණුවක් ලබන්න පුළුවන් කෙනෙක් වෙන මේ ලෝකෙ නැහැ. ඒ තරමටම මේ දේ කරන්න පුළුවන් ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශණා කරල තියනව මේ ගාථා රත්නය තුල. මේ අප්පමාද වග්ගය තුල තියන හතරවෙනි ගාථා රත්නය තුල.
ඉතින් තමන්ගේ හිතේ තියන සංතෝසය බාහිර කෙනාට දෙන එක නම් දානය කියල කියන්නෙ, දානයෙන් ගැබ් වෙන අර්ථය වෙන්නෙ ඔය ඇත්තො අද දවසෙදිත් මේ සිදු කරගත්තෙ එවන් වූ කුසලයක්. මෙවන් වූ ආකාරයට කටයුතු කරන ජීවිත තමයි "අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති" කියල කියන්නෙ. මේ ඇත්තො අප්රමාදීයි. ඒ ඇත්තන්ගෙ යසස වැඩෙනවා කියල බුදු හාමුදුරුවො දේශණා කරනවා.
එතකොට පින්වතුනි එවන් වූ පින්කමකුයි ඔය ඇත්තො අද දවසේදීත් මේ සිදු කරගන්නට යෙදුනේ හිමිදිරි පාන්දරම. ඒ ආකාරයට තමන්ගේ ජීවිතය තුල එකතු කරගත්ත, රැස් කරගත්ත දෙයයි දන් දීලා ඒ ධනයෙන් ජනිත වෙච්ච දානය තමයි අපිට පූජ කරන්න යෙදුනෙ අද දවසේදිත්.
කල්පනාවක් ඇති කරගන්න ඕන පින්වතුනි මෙවන් වූ පින්කම් ඔය ඇත්තන්ගෙ ජීවිතය තුල ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත පිණිසම, හිතසුව පිණිසම සිහිපත් වේවා යි කියල. හිතේ රැඳේවා යි කියල. ඒ වගේම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් අපි ආරාධනා කරමු මේ පින් අනුමෝදනා වෙන්න කියල.
අද දවසේදී අපි මෙන්න මේ විදියේ පිනක් කරගත්තා, ඒ දේ තුලින් ජනිත වෙච්ච අපේ හිතේ සංතෝසයක් තියනවා. ඒ සතුට හරිම සැහැල්ලුවක්. හරීම නිහඬ නිස්කලංකයි. එවන් වූ සතුටක්, එවන් වූ සැහැල්ලුවක් අපි නමින් මිය පරලොව ගිය සියළු ඥාති හිතමිත්‍රාදීන්ටත් අත්පත් වේවා ! ඒ ඇත්තන්ගේ සාංසාරික සිත්සතන් සැනසීමකටම පත් වේවා !
ඒ වගේම ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අප සෑම සියළු දෙනාගේමත් යහපත් වූ සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදනා කර ගනිත්වා ! ඒ ඇත්තන්ගේ ආරක්ෂාව ඔය ඇත්තන්ටත් සලසා දෙත්වා !
අද දවසේදී මේ පින්කමට සම්බන්ධ වෙච්ච, විය පැහැදම් කරපු ඇත්තො වගේම මේ වෙනුවෙන් උපකාර කරපු, යම්කිසි විදියකට මේ වෙනුවෙන් දායකත්වය දක්වපු යම් පිරිසක් ඉන්නව නම් ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ සිදු කරගත්ත කුසලය, මේ සිදු කරගත්ත පින් සිතුවිල්ල, තමන්ගේ සිත් සතන් නිවී සනසාලන උතුම් වූ පින් සිතුවිල්ලක්ම වේවා ! බොහෝ කාලයක් හිතේ රැව් පිළිරුව් දේවා ! ඒ තුලින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වාසනා උපකාර සැලසේවා කියල අපි ආශිර්වාදයක් ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 14
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 16
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"ඒකේන භෝගේ භුජ්ජ්යෙය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ් ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති"
(සිඟාලෝවාද සූත්‍රය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ පහළොස් වෙනි සිකුරාදා. ඔය ඇත්තන්ගේ කාරුණිකත්වයෙන්, ධන පරිත්‍යාගයෙන් ජනිත වෙච්ච, සකස් වෙච්ච දානය මේ වනවාසී සෙනසුනට වැඩමවීමත් සමඟම ආරණ්‍යයේ කටයුතු ආරම්භ වුනා.
බුද්ධ ශාසනය කියන දර්ශණය අපි අහල තියනව පින්වතුනි, සංසාරෙ දුක් විඳින ලෝක සත්ත්වයාට ඒ දුකෙන් අත්මිදෙන්නට, ඒ දුකෙන් අතමිදෙන ක්‍රමය කියල දෙන ඒකායනම මාර්ගයයි කියල. එතකොට එක්තරා මට්ටමකින් අපිට හිතෙන්නත් පුළුවන්, එහෙම නම් මේ ජීවත් වෙන ලෞකික ජීවිතය සතුටු කරගන්නට, සංතෝස කරගන්නට, සෞභාග්‍යමත් කරගන්නට ඔය කියන බුද්ධ දේශණාව හේතු නොවේවිද කියල.
මොකද සංසාරෙන් එතෙර වෙනවාය කියනකොට බොහෝමයක් දෙනෙක්ට තියන හෝ බොහෝමයක් දෙනාට හිතෙන අදහස තමයි අපිට මේ හැම එකක්ම අතහැරල දාන්න වෙනවා ආදී වශයෙන් සෘණ ආකල්පයක් හිතට මතු වෙන්න පුළුවන්. අපෙනුත් ඒ වග අහලත් තියනව.
ඒ වුනාට පින්වතුනි බුද්ධ දර්ශණය තරම්, ගත කරන ඕනෑම ජීවිතයක සාර්ථකත්වයකට යන්න පාර කියල දෙන, මඟ කියල දෙන වෙනත් දර්ශණයක් නැති තරම්. ඇත්තටම කිවුවොත් නැහැ.
මේ ලෝකේ අපිට දුක හදල දෙන කාරණාව තණ්හාව තමයි, රාග දෝස මෝහ හරහා තමයි ඒ දේ අපි ග්‍රහණය කරගන්නේ, රූප වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ කියල කියන පංචස්කන්ධය හින්ද තමයි, ඒව උපාදාන කරගත්ත හින්ද තමයි. ඒවගෙන් නිදහස් වෙන විදිහ සතර සතිපට්ඨානයේ යෙදීමත් තමයි. එතකොට සාමාන්‍ය ජීවිතයක ඔය කියන ආධ්‍යාත්මික වශයෙන් ගන්න පැත්ත එක් අදියරක් වගේ ගත්තොත් සාමාන්‍ය ජීවිතයක තියන ලෞකිකත්වය තුල දිනන්න, ජයග්‍රහණය ලබන්න සිදු කළ යුතු, භාවිතා කළ යුතු ක්රමයන් මොනවද කියන එකයි හොයන්න ඕන වෙන්නෙ.
බුදුරජාණන් වහන්සේ එක ගාථා රත්නයක් දේශණා කරනවා අපි අපේ ජීවිතය තුල හරිහම්බ කරන දේවල්වලින් සකසුරුවම් බවෙන් කටයුතු කරන්නෙ කොහොමද කියන ඒ පාඩම උගන්වන්න. ඒ ගථා රත්නයේ කියන හැටියට පින්වතුනි අපි ගන්න වේතනයෙන් හරිහම්බ කරන මුදල, බුදුරජාණන් වහන්සේගේ යෝජනාව තමයි, උපදේශය තමයි කොටස් හතරකට කඩන්න කියල.
අපි ගාව තියන වේතනයෙන් කොටස් හතරක් කඩපුවාම සියයට විසිපහ ගානේ, අපේ වේතනය කෑලි කෑලිවලට වෙනස් වෙනවා, තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තමයි පින්වතුනි එයින් පළවෙනි සියයට විසිපහේ කොටස, එහෙම නැති නම් එක සියයට විසිපහක් ආහාර වෙනුවෙන් වියදම් කරන්න කියලා. තමන්ගේ ආහාර වෙනුවෙන් නැත්නම් තමන් එක්ක ජීවත් වෙන ඇත්තන්ගේ ආහාර සඳහා. කෑමබීම සඳහා.
තවත් කොටස් දෙකක් වියපැහැදම්වලට ළඟ තියාගන්න කියල කියනව. මේකෙ තේරුම පින්වතුනි කොටස් දෙකක් තියාගන්න කියල කියන්නේ අපිට සැලැස්මක් හදනවා නම් සැලසුමකට යනව නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තමයි, උපදේශය තමයි, ඔය අය ගන්න වේතනයෙන් සියයට පනහකට සැලසුමක් හදන්න කියන එකයි.
අද වෙනකොට සමාජය තුල අපි හෝ බොහෝ දෙනෙක් සැලසුම් කරන සැලසුම තුල තියෙන්නේ තමන් ගාව තියන මුදලට වඩා බොහෝමයක් මිල අධික දේවල්. හැබැයි අපි හිතමුකො අපේ අවශ්‍යතාවය අපේ තියන වත්කමට වඩා වැඩි එකක් නම් ඒකට යන්නෙ කොහොමද? අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව කියල දෙන්නේ,
"චතුත්ථඤ් ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති" කියල.
අපි අර විදියට කෑම වලට සියයට විසිපහකුත් තමන් ගාව ළඟ තබා ගන්න, වියපැහැදම් කරන, ගමන් බිමන් යන, ගෙවල් දොරවල් හදන, තෑගිබෝග දෙන, දන් දෙන ආදී මේ හැම එකකටම පාවිච්චි කරන්න තව සියයට පනහකුත් තියාගත්තහම, තවත් සියයට විසිපහක් ඉතුරු වෙනව.
මේ ඉතිරි වෙන සියයට විසිපහ බුදුරජාණන් වහන්සේගේ උපදේශය තමයි පින්වතුනි තැන්පත් කරන්න කියල කියනව. මොකක් හින්දද? ආපදාවකදි ගන්න.
"ආපදාසු භවිස්සති"
එතකොට අපි උත්සාහවත් වෙන්න ඕන පින්වතුනි, තථාගතයන් වහන්සේ මේ කියාපු හැටියට අපිට සියයට විසිපහකට දැම්ම යන්න බැරි වෙන්න පුළුවන්, හැබැයි අසවල් කාලය වෙද්දි හෝ මම මේ කියන ඉලක්කයට යනවා කියන ඒ අරමුණ අරගෙන යනව නම් තමයි අපේ ජීවිතේ ධර්මානුකූල වෙන්න පටන් ගන්නෙ.
අපි හිතමු කවුරුහරි කෙනෙක් මාස හතරක් සියයට විසිපහ ගානෙ තමන්ගෙ වේතනය ඉතුර කළා නම්, පස්වෙනි මාසෙ වේතනය ගන්නකොට මුදල් වශයෙන් ගත්තහම මෙයාගෙ අතේ තියනව පින්වතුනි තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. තමන්ගෙ වත්කමේ වැඩිකමක් වෙලා තියනව. අන්න එවන් වූ තත්වයක් වුනොත් එහෙම යම්කිසි කාලයක් ඉවසලා, ඉතුරු කරලා, තමන්ගේ අරමුණකට යන්න පුළුවන්කමක් තියනවා නම්, උත්සාහ කරනවා නම්, අන්න ඒ ජීවිතය නිදහස් නිවහල් හැටියට සාර්ථක කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ දේශණා කරන දහමට කියනව පින්වතුනි 'නාථකරණ දහමක්' කියලා. මේක අනාථ දහමක් නෙවෙයි. නාථ කියල කියන්නෙ රැකවරණය සලසන කියන වගේ අදහසක් තියෙන්නෙ. ඒ රැකවරණය සැලසීම කියන දේ ලෝකෝත්තරව ලෝකයෙන් එතෙර වෙන අයට පවා වගේම ලෞකිකත්වය තුල ඉන්න ඒ ලෞකික ජීවිතය ගත කරන අයටත් ඇති කරගන්නට පුළුවන්, සාර්ථක කරගන්නට පුළුවන්, දියුණු වෙන්නට පුළුවන් ක්රමයකුයි මේ කියල දෙන්නෙ.
ඒ අතරින් බලනකොට පින්වතුනි බුද්ධ ශාසනය කියන්නේම ඉතිරි කිරීමේ බැංකුවක් වගේ හරියට. ශාසනය තුලින් අපිට කියල දෙන්නේ ඉතුරු කරගන්න වගේ, අපේ වැරදි වචන වෙනුවට හරි වචන, වැරදි වැඩ වෙනුවට හරි වැඩ, වැරදි මතක වෙනුවට හරි මතක.
වැරදි දේවල් ඒ කාලෙ තිබ්බා වෙන්න පුළුවන්, දැන් දන්න හින්ද නොකර ඉන්නව. ඒ වැරදි ඒ කාලෙ කලා වෙන්න පුළුවන්, දැන් දන්න හින්ද නොකර ඉන්නව. ඊළඟ එක තමයි ඒ නිවැරදි දේට තව නිවැරදි දේවල් එකතු කරන එක. මේ වගේ අටියක් තමයි, මේ වගේ කාරණාවක් තමයි ඔය සම්මා වායාමය යටතේදී අපිට උගන්වන්නේ.
එනයින් බලනකොට පින්වතුනි බුද්ධ ශාසනය කියන්නෙම ඉතිරි කිරීමේ බැංකුවක්. ඒ ඉතිරි කිරීමට අපිට දෛනිකව එකතු කරගන්න පුළුවන් තමයි දානය, සීලය සහ භාවනාව විශේෂයෙන්ම. එවන් වූ කාරණාවක් ඔය ඇත්තෝ අද දවසේදිත් මේ සිදු කරගත්තෙ. තමන්ගේ ධාර්මික වූ ධනයයි, ධන පරිත්‍යාගයයි සිදු කලේ. ඒ තුලින් ජනිත වෙච්ච ඒ කුසලයයි පිනයි අපේ හිතේ තැන්පත් වෙන්නේ. ඒ දේ නැවත නැවත සිහිපත් කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ.
පිනක් හැටියට ඒ තුලින් ජනිත වන්නා වූ පින, ඒ සතුට, සංතෝසය ඔය ඇත්තන්ට බොහෝ කාලයක් යහපත, හිතසුව පිණිස වේවි කියන එකයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. අපිත් අනුශාසනා කරනව පින්වතුනි ඔය ඇත්තන්ගෙ කාරුණික වූ ඒ ධන පරිත්‍යාගයෙන් ජනිත වෙච්ච ඒ දානයට, ඒ තුලින් අපේ හිතට සැනසීමක් ලැබුනා නම් යම්තාක් දුරට, එවන් වූ සැනසීමක් සතුටක් ඔය ඇත්තන්ගේ සිත් සතන් වලටත් සැනසීමක් වශයෙන් ලැබේවා !
ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා ! ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අප සෑම සියළු දෙනාගේම යහපත් වූ සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන් වහන්සේලා විසිනුත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා ! ඒ ඇත්තන්ගේ ආරක්ෂාව ඔය ඇත්තන්ටත් සලසා දෙත්වා !
අද දවසේදී මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු, අනේ හොඳයි කියල අනුමෝදන් වෙච්ච හෝ අනුමෝදන් වෙන ඒ සෑම සියළු දෙනාටමත් මේ පින ඒකාකාරයෙන්ම අනුමෝදන් වෙලා තම තමන්ගේ සාංසාරික සිත්සතන් සුවපත් කරගන්නම හේතු වාසනා වේවා ! අමා මහ නිවනින් සැනසෙන්න හේතු උපකාර වෙන මහානීය පින් සිතුවිල්ලක්ම වේවා ! කියල අපි ආශිර්වාදයක් ඇති කරගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 15
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 17
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති"
(ධම්මපදය පුෂ්ප වර්ගය එකොළොස් වෙනි ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසේ දහසය වෙනි සෙනසුරාදා. මේ හිමිදිරි උදෑසනත් ඔය ඇත්තන්ගේ කාරුණික වූ ධන පරිත්‍යාගයෙන් ජනිත වෙච්ච දානය ආරණ්‍ය සේනාසනය කරා පැමිණියා.
වටපිටාවක් හැටියට ගන්නකොට මේ කාලේ බෝලන්කන්ද තපෝ අරණට යම් විදියකට වරුසාව වැටෙනවා. එතකොට පේන්න තියන දර්ශණය දැකල හුරු නැති එකක් හින්දා ඒකෙ නිකං විචිත්‍රත්වයක් ලස්සනකුත් තියනව. කන්ද වහගෙන තියන කැලෑව නෑ කියල පෙන්නවන්න හේතු හදන පින්න අස්සෙන්, ගස් ටික බොහොම අමාරුවෙන් තමන්ගේ ලීලාව පෙන්වගෙන ඉන්න ලක්ෂණයක්, එවන් වූ ලස්සනක් අද දවසේදී උදේ පාන්දර පේන්න තියනව.
මේ ලස්සන කියන වචනය පින්වතුනි මේ ලෝකෙ කවුරුත් අහන්න කැමති දෙයක්. අහන්න මනාප දෙයක්. ලස්සන කියන වචනයට කොච්චර කැමතිද කියනව නම්, ලස්සන නැහැ, නැත්නම් කැතයි කියන වචනයට ඒ හා සමානවම අකමැත්තක් තියනව. අපි කතාබහ වෙන මේ වටපිටාව තුල ලස්සන ගැන කතා කරනකොට ඒ ලස්සනට සමාන කරවන්න නිරන්තරයෙන්ම ගන්න උදාහරණයන් අතර ප්‍රධාන පෙලේ තැනක් ගන්නව මල් වර්ග.
මලක් කියල කියන්නේ හැමදාකම කිසීම කිසි විදිහේ බලාපොරොත්තුවක් නැතිව උදේට පිපිල, දවස පුරාම වටපිටාව වර්ණවත් කරල, පැහැපත් කරල, සුවඳවත් කරල, හවසට පරවෙලා යන දෙයක්.
එක්තරා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සුගන්ධ කුටියේ ඉහළ පැත්තට නඟිනව. කතාවෙ සඳහන් වෙන්නෙ තථගතයන් වහන්සේ එතකොට ගල් ලෙනක වගේ වැඩ හිටියයි කියල. ඒ ගල් ලෙනේ අනික් පැත්තේ කන්දක් වගේ තියෙන්න ඇති. හැබැයි ඒ කොටසේ මල් වවල තිබිල තියනව.
ආනන්දයන් වහන්සේ මේ කන්දට නඟිනකොට නඟිනකොට උන් වහන්සේට අර මල්වල සුවඳ, ලස්සන වගේම දැනෙන්න පටන් අරන් තියනව. පස්සෙ උන් වහන්සේ මේ ටික බලලා පල්ලෙහාට එනකොට එනකොට අර මල්වල සුවඳ අඩුවෙලා අඩුවෙලා ගිහිල්ල නැත්තට නැති වෙලත් තියනව.
ඒ වෙලාවෙදි ආනන්දයන් වහන්සේට එක සිතුවිල්ලක් ඇවිල්ල තියනව. මේ සුවඳ කියන දේ හමාගෙන යන්නෙ ඒ ඉන්න වටපිටාවට විතරයි. එහෙම නැතිනම් හුළං හමාගෙන යන පැත්තට විතරයි. හුළං හමාගෙන යන පැත්තට අමතරව අනික් පැත්තටත් ගලාගෙන යන සුවඳක් තියනවද? හමාගෙන යන සුවඳක් තියනවද? කියල ප්‍රශ්ණයක් ඇවිල්ල, උන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ල වැඳල කරලා අසා සිටිනවා තථාගතයන් වහන්ස,
"න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා"
මේ ලෝකෙ තියන ලස්සනම මලකත් සුවඳවත්ම මලකත් පුසුඹ හමාගෙන යන්නේ ඒ හුළං හමාගෙන යන පැත්තට විතරයි. අනිත් පැත්තටත් හමාගෙන යන සුවඳක් තියනවද කියල අහනව. අන්න එතකොට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා ආනන්ද,
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති" කියල.
සත්පුරුෂයාගේ සත්පුරුෂ ගුණය හුළඟ හමන පැත්තට වඩා අනිත් පැත්තටත් හමාගෙන යනව.
මලක් තියන එක තැනක් ගැන විතරක් අපි කතා වුනාට, අසවල් තැනක අසවල් පුෂ්පයක් තියනවා ආදී වශයෙන්, සත්පුරුෂයා කියන කෙනා ගැන ඕනෑම තැනක කතාබහට ලක් වෙනවා, ඒ සත්පුරුෂයෝ ඕනෑම තැනක ජීවත් වෙනවා කියන කතාවයි, ඒ කාරණාවයි, දහම් පදයේ පුප්ප වග්ගයේ එකොළොස් වෙනි ගථාවේදී ඔය සඳහන් වෙලා තියෙන්නෙ.
එතකොට පින්වතුනි මේ ලෝකයේ උදේට පිපිලා දවස පුරාම තමන් ඉන්න වටපිටාව විතරක් සුවඳවත් කරන්න තියන මලක් ලෝකෙ ලස්සන කරන දෙයක් තමයි. හැබැයි ඊටත් වඩා මේ ලෝකේ ලස්සන කරන දෙයක් තමා සත්පුරුෂයාගේ සත්පුරුෂ ගුණය. යහපත කැමති කෙනාගේ ඒ යහපතට නැමෙන සුළු ගුණය.
එවන් වූ ගුණයක් අපි අපේ ජීවිතවල ජනිත කර ගත්තොත්, ඇති කර ගත්තොත් ඒක උදේට පිපිලා දවල් කාලයේ තිබිලා හවසට පරවෙලා යන එකක් නෙවෙයි, ඒ ගුණය සිදු කළ මොහොතේ ඉඳලා ලෝකෙ හැමදාම කතා වෙන දෙයක්. ඒ මතකය ලෝකයේ බොහෝ කාලයක් රැඳේවි. ඒ රැඳෙන සම්පූර්ණ කාලයම කතාබහ වෙන දෙයක්.
උදාහරණයක් හැටියට කිවුවොත් ඔය ඇත්තොත් මමත් ඇහැට දැකල නැහැ පින්වතුනි සුදත්ත කියන සිටුවරයා. කවුරුත් එයාව හඳුනන්නේ සුදත්ත කියල නෙවෙයි අනාථපිණ්ඩික කියල. ඒ කෙනාව අපි දැකලත් නැහැ, ඒ කෙනාගෙ කටහඬක් අහලත් නැහැ, ඇසුරු කරලත් නැහැ, අඩුම තරමේ එයාගේ පවුලේ කෙනෙක් ඥාතියෙක්වත් අපි දන්නෙත් නෑ. හැඩේ කොහොමද කියලවත් අපි හඳුනන්නෙත් නැහැ.
නමුත් අදටත් අපි ඒ නමට, ඒ චරිතයට, ඒ මනුස්සයට ගරු කරනව. ඒ කෙනාගේ ගුණ ගායනා කරනව. ඒ කෙනාගේ වටිනාකම ගැන කියනව. ඒකට හේතුව තමයි ඒ කෙනා එයාගේ ජීවිතය භාවිතා කරල, ඒ වත්කම භාවිතා කරල, එයාගෙ හැකියාව භාවිතා කරල, ලෝකයේ කාටත් වැදගත් වෙන සත්පුරුෂ වූ දෙයක් කරපු හින්ද. සත්පුරුෂ වූ කටයුතු සිදු කරපු හින්ද.
එයාගෙ කාලෙ මීට අවුරුද් දෙදහස් ගාණක් වෙනව. එතකොට ඒ කාලෙ පිපිච්ච මලක් ඒ කාලෙම පරවෙලා යන්නත් ඇති දවල්ට විකසිත වෙලා. නමුත් අදටත් අනාථපිණ්ඩික කියන මල මේ ලෝකයට ජනිතයි. ඒක පරවෙලා නැහැ. ඒ මලේ තියන සුවඳ තාමත් හමාගෙන යනව. ගලාගෙන යනව.
අපි කවුරුත් ඒ කෙනා ගැන බොහෝම ආඩම්බරෙන්, බොහොම ගරුත්වයෙන් කතාබහ කරනව. සිහිපත් කරනව. ඒ කෙනාගේ ජීවිතේ තිබිච්ච මොනවා හරි ගුණාංගයක් තියනවා නම්, අපේ ජීවිතයට ගන්න වටින, ආ ඒ දේ ගන්නව. අපිත් පුරුදු කරනවා. මෙන්න මේකයි පින්වතුනි සත්පුරුෂයෝ හැම තැනකම වාසය කරනවා කියන කතාවේ තියන අර්ථය.
එවන් වූ කුසලයකුයි ඔය ඇත්තොත් අද දවසේ මේ සිදු කරගන්නෙ. තමන්ගේ ධාර්මික වූ ධනයයි, වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත්තු ධනයයි, මේ පූජා කරන්නෙ. ඒ පූජ කරල ජනිත වෙච්ච පිනයි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
තමන්ගේ හිතේ තියන ඒ සියළුම යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නටත් සමෘද්ධ වෙන්නටත් අද දවසේදී මේ සිදු කරගත්ත කුසලය වාසනා වේවා ! උපකාර වේවා ! නමින් මිය පරලොව යන්න යෙදුන සියළුම මළගිය ඥාති හිතමිත්‍රාදීන්ට අනුග්‍රහයක් වෙන්නටත්, ඒ ඇත්තන්ගෙ
සාංසාරික ජීවිත සුඛිත මුදිත වෙන්නටත් මේ පින ඒ ඇත්තන්ටත් අනුමෝදනා වේවා !
ලෝකයත්, සම්බුද්ධ ශාසනයත්, ඔබ අප සෑම සියළු දෙනාගේමත් යහපත් වූ සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළු දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා !
ඒ වගේම අද දවසේදී මේ පින්කමට සම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින ඒකාකාරව අනුමෝදනා වෙලා සංසාරයේ දුකක් නැතුව ඒ දුකෙන් අත්මිදීම කියල කියන නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න අද දවසේදී මේ කරපු දානය, මේ කරපු ධර්මශ්රවණය, ඒ ලබාගත්ත දහම් දැනුම, හිතේ ඇති කරගත්ත ප්‍රීතිය, හිතේ ඇති කරගත්ත සතුට, පිනක් හැටියට සලකලා එවන් වූ පිනක් මහෝපකාරී වේවා කියල අපි ආශිර්වාදයක් ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 16
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 18
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තේසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරෝ මග්ගං න වින්දති තීති"
(ධම්මපදය පුෂ්ප වර්ගය දහහතර වෙනි ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසි තුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දහහත් වෙනි ඉරිදා. ඉරිද දවසක් කියල කියන්නේ බෝලන්කන්ද තපෝ අරණට එක්තරා සුවිශේෂී දවසක් වගේම බෝලන්කන්ද තපෝ අරණ ආශ්‍රය කරගෙන එක්රොක් වෙලා ඉන්න ඒ කිහිප දෙනාට භාවනාව වඩන්න තියන දවස. අද තමා අපේ සතිපට්ඨාන භාවනාව ගැන සාකච්ඡා වෙන භාවනා වැඩමුළුව සිද්ධ වෙන්නේ සවස එකහමාරත් තුනහමාරත් අතර.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශණා කළ ධර්මය පින්වතුනි කියල දෙන දිශා ආනතියක් තියනවා. එක්තරා ඉලක්කයක් තියනවා. අරමුණක් තියනවා. ඒ අරමුණට යන අයට ගමනේදී ලැබෙන පාරිතෝෂිකයන් හැටියට ශ්රද්ධානුසාරීත්වයෙහි ඉඳලා අරහත්වය දක්වා කියල කියන මනස ඒ අනුවට සකස් වෙච්ච ඒ ඇත්තන්ගේ වචනය සහ ක්‍රියාව පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා. අළුත් වෙනවා, නැවුම් වෙනවා.
ඒ අනුසාරයෙන් තම තමන්ගේ ජීවිතවලට ධර්මය ගලපා ගන්නට උත්සාහවත් වෙන ශ්‍රාවකයන්ට සකස් කරගත යුතු ගුණාංගයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ, සීලවන්ත වෙන්න ඕන කියන බව, අප්‍රමාදීව කුසලයෙහි යෙදෙන්න නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන එක, කියන මෙන්න මේ කාරණා දෙකයි.
ඔන්න ඔය කියන කාරණාව ගැබ් කරගෙන, ප්‍රධාන කරගෙන, කේන්ද්‍ර කරගෙන තමයි තථාගතයන් වහන්සේ දහම්පදයේ දේශනා කරන පුප්ප වග්ගයේ දහහතරවෙනි ගාථාවේ සඳහන් වෙන්නේ,
"තේසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං" කියල.
මේ ධර්මයෙහි ඵලය ලබන්න, ප්‍රයෝජනය ලබන්න කැමති වෙන කෙනා තමන්ට ඊයෙට වඩා වැදගත් වෙන, වැඩිදියුණු වෙන විදිහේ සීලයක් අද දවසේ භාවිතා කරනවා. පාවිච්චි කරනවා. පුරුදු කරනවා. අදට වඩා සීලවන්තභාවයක් හෙට දවසේදී ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. මෙන්න මේ ආකාරයට අපි හිතුවොත් උදාහරණයක් වශයෙන්, හා ඒ කෙනා අප්රමාදී වෙන කෙනෙක් තමයි. ඒ කෙනා ප්‍රමාදයට වැටිල නැහැ.
නමුත් කවුරු නමුත් කෙනෙක් අද දවසේ තියන සීලවන්ත භාවය ඊයේ දවසේ තිබ්බ සීලවන්තභාවයට වඩා අඩු නම්, මීට කලින් දවසක තිබ්බ සීලවන්තභාවයකටත් වඩා අඩු නම්, හා එහෙම නම් ඒ කෙනා ප්‍රමාදයට වැටිච්ච කෙනෙක් හැටියටයි සඳහන් වෙන්නෙ.
හැබැයි පින්වතුනි අපි අපේ ජීවිතයට සීලය කියන දේ එකතු කරගන්නට, භාවිතා කරන්න පුළුවන් මෙවලම හැටියට අපි සාමාන්‍යයෙන් හිතන්නෙ, කායිකව කරන වැඩ සහ වාචසිකව කතා කරන වචනය තමයි. හැබැයි සාමාන්‍ය ජීවිතය තුල කරන කියන හැම දෙයක් එක්කම අපේ සීලවන්ත භාවය ගලාගෙන යන්න ඕන කියන එකයි, ඒ සීලවන්ත භාවය තුලින් අපේ හැම දෙයක්ම බාහිරට විසුරුවා හරින්න ඕන පැතිරෙන්න ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සහ උන් වහන්සේගේ ඉලක්කය, යොමු කිරීම.
අපි උත්සාහවන්ත වෙන්න ඕන පින්වතුනි අපේ ජීවිතය තුල තමන්ට හැකි පමණ සීලවන්ත භාවයක් රැකගෙන, රක්ෂා කරගෙන, තමන්ට කතාබහ කරන්න පුළුවන් හොඳම වචන ටික කතාබහ කරල, තමන්ට කරන්න පුළුවන් හොඳම වැඩකටයුතු කරල ජීවත් වෙන්නට.
හැබැයි මේ අතර කඩතොලුකම් තියෙන්න පුළුවන්. ඒ කඩතොලුකම් තිබ්බහම අන්න ඒ වගේ අවස්ථාවන්වලට පිළිතුරු දෙන්නෙ කොහොමද කියන එක තමයි අපි ඔය සතිපට්ඨාන භාවනා වැඩසටහනෙදි කියල දෙන්න උත්සාහ කරන්නෙ, කතාබහ කරන්නෙ, සාකච්ඡාවට ලක් කරන්නෙ.
අපි ඊට කලියෙන් වැරදි වචනයක් කියවුනාම, ආ කමක් නෑ ඒක වෙලා ඉවරයි කියල හිතුවට (මේ විදිහෙ දෙයක් කරන්නටයි අපේ සමාජය අපිට හුරු කරල තියෙන්නෙ අපේ සංස්කෘතියෙන් අපිට කියල දීල තියෙන්නෙ) තථාගතයන් වහන්සේ දේශණා කරනවා පින්වතුනි මේ අකුසලය කුසලයකින් වහන්න අපිට පුළුවන් කියල.
හේතුව එවන් වූ වටපිටාවකදී කතාබහ කරන්න හරියන විදිහේ නිවැරදි සංස්කාරයක්, නිවැරදි පුරුද්දක් තිබුනා නම් අපේ අතින් අර විදිහේ වැරදි වචනයක් කියවෙන්නේ නෑ. නමුත් ඒකෙ තේරුමකුත් නැහැ අපිට ඒ වගේ වචනයක් හදාගන්න බෑ කියල. සතිපට්ඨානය පුරුදු කරන හන්දා අපි දැන් මොකද කරන්නේ, සීලවන්ත වෙන්න බලනවා. කොහොමද?
වැරදි වචනය කියවුනා නම්, ඒක තේරුනා නම් වැරැද්දක් කියවගත්තේ කියලා, අපේ ඉගැන්වීම තමයි ඒ වැරදි වචනය නිවැරදි කරලා ආපහු කියන්න, සමාවත් අරගෙන. එහෙම වුනාම අපි වැරැද්දක් කරගත්තා තමයි, එහෙම වුනාට ඒ වැරැද්දෙන් නිදහස් වීමේ අවස්ථාවකුත් නිදහස් වෙන්න පුළුවන් කියන අප්‍රමාද විහාර භාවයකුත් අපි අපේ ජීවිතයට පුරුදු කරන්න පටන් අරන් තියනවා. හුරු කරන්න පටන් අරන් තියනවා. භාවිතා කරනවා.
මේ අනුසාරයෙන්මයි කායික ක්‍රියාවටත් චෛතසික සිතුවිල්ලටත්. එනයින් ගත්තහම පින්වතුනි ධර්මය කියල කියන්නෙ හැම තැනකදීම අපිට භාවිතා කරන්න තියන අපේ ජීවිතය තුල පවතින මෙවලමක්. එක්තරා එක්තරා මොහොතකදි භාවිතා කරන දෙයක් විතරක් නෙවෙයි. ධර්මය රකින කෙනා ධර්මයෙන් රැකෙන්නේ අන්න ඒ ආකාරයටයි.
ඒ ධර්මය රකින කෙනා තමන්ගේ ජීවිතයේ තියන සතුට, සංතෝසය, සැනසුමයි බාහිර ලෝකයාට දෙන්නේ. බාහිර ලෝකයත් එක්ක බෙදා හදා ගන්නේ. තමන් ගාව තියන එකයි බාහිරට බෙදා හදා ගන්නේ. තියන දෙයයි බාහිරට දෙන්නේ.
ඉතින් අන්න ඒ වගේ දෙයකුයි පින්වතුනි ඔය ඇත්තො අද දවසෙදිත් මේ සිදු කරගත්තේ. තමන් ගාව තිබිච්ච, ඒ දහඩිය මහන්සියෙන් හොයා ගත්ත, උපයා සපයා ගත්ත ධනයයි අද දවසේදීත් මේ පූජ කරන්නෙ. දන් දෙන්න කැමති ඇත්තෝ දන් දෙන්නෙ ඒකයි. තමන් ගාව තියන දේවල් ටික ඒ ඇත්තො බාහිරට දෙනවා. තමන් ගාව තියන සංතෝසයයි මේ දෙන්නෙ. තමන් ගාව තියන සැහැල්ලුකමයි දෙන්නෙ.
ඇත්තම කියනව නම් දානයක් දෙන එකේ ආනිසංශ පහක් තියනවා, ඒ ආනිසංශ පහයි මේ දෙන්නෙ. ඉතින් මේ අනුසාරයෙන් ගත්තහම පින්වතුනි ඔය ඇත්තන්ටත් ආපස්සට ලැබෙන ආනිශංස හැටියට සඳහන් වෙන්නෙත් ආයු, වර්ණ, සැප, බල, පටිභාන කියල කියන මේ කාරණා පහම තමයි. මේ ආනිශංස පහම තමයි. අපි ලෝකයට යම්කිසි දෙයක් දෙනවද ඒ දේමයි අපිට හම්බ වෙන්නෙ.
ඔය ඇත්තො අද දවසේදී ඔය ඇත්තන්ගෙ හිතේ තියන සංතෝසය දන් දුන්නා. ඒ දුන්න මුදලින් ජනිත වෙච්ච දානය තමයි මේ ආරණ්‍යවාසී ඇත්තන්ගෙ ජීවිතය සුවපහසුව සැලසෙන්නෙ. එවන් වූ සැහැල්ලුවක්ම ඔය ඇත්තන්ට සැලසේවා ! එවන් වූ කායික මානසික වූ පහසුවක්ම වේවා ! එවන් වූ නිදහස් නිවහල් නිරෝගී භාවයක්ම වේවා !
අද දවසේදී මේ දානයට සහසම්බන්ධ වෙච්ච, මූලිකත්වය ගත්ත ඒ ඇත්තො සෑම සියළු දෙනාගේමත් ඒ ඇත්තො බලාපොරොත්තු වෙන ඒ අදහස් මුදුන් පමුණවා ගන්නටත් අද දවසේදී මේ දුන්න දානය හේතු වාසනා උපකාර වේවා !
ඒ වගේම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාතිහිතමිත්රාදීන්ටත් මේ පින්පෙත් සදා අනුමෝදනා වෙත්වා ! ලෝකයත්, සම්මා සම්බුද්ධ ශාසනයත්, ඔබ අප සෑම සියළු දෙනාගේමත් යහපත් වූ සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළු දෙවිදේවතාවුන් වහන්සේලාද මේ පින්පෙත් අනුමෝදනා කරගනිත්වා !
ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින අනුමෝදනා වෙලා ඔය ඇත්තො සෑම දෙනාටම සංසාර දුකෙන් අත්මිදී ලබන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටම අද දවසේදී මේ සිදු කරගත්ත කුසලයත් උපනිශ්‍රයක්ම වේවා ! හේතු වාසනා උපකාර වේවා ! කියල අපි ආශිර්වාදයක් ඇති කරගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 17
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 19
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තථේව කතපුඤ්ඤම්පි
අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
පියං ඤාතීව ආගතං"
(ධම්මපදය ප්‍රිය වර්ගය අවසාන ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසිතුනේ දෙසැම්බර් මාසෙ දහඅට වෙනි සඳුදා. පැහැබර කාළගුණයක් තියන අද දවසේදී උදේ පාන්දරම ඔය ඇත්තන්ගේ දානය ආරණ්‍යයට වැඩම වුනා.
යම්කිසි දෙයක් අපි ගාවට ආපුහාම හෝ අපි ළඟට එනකොට ඒ දෙය ලබාගන්න හෝ ලබා ගන්න බලාපොරොත්තුවෙන් හෝ අදහසින් ඉන්න එක අපි කාගේත් සාමාන්‍ය පුරුද්දක්. ඒ වගේම තමයි පින්වතුනි අපි කොහේ හරි ගියත් අපි එනකං අපේ (සහලේ නෑයො කියලයි කියන්නේ) ඥාති හිතමිත්රාදියෝ බලාගෙන ඉන්න එක, බලාපොරොත්තුවෙන් ඉන්න එක සාමාන්‍ය දෙයක්.
මේ කියන ධර්මතාවය, මේ කියන සාමාන්‍ය ලෝකයේ තියන මූලධර්මය බුදුරජාණන් වහන්සේ සසඳනවා, සමාන කරනවා, පිනක් කරගන්න, කුසලයක් කරගන්න තැනැත්තාගේ ජීවිතයටත්. ඒ ගැන කියන ගාථා රත්නය තමයි ඔය ප්‍රිය වර්ගයේ අවසාන ගථාව හැටියට සඳහන් වෙන්නේ.
"තථේව කතපුඤ්ඤම්පි"
කියලයි කියන්නේ. තමන් සිදු කරගත්ත ඒ කුසලය තමයි
"අස්මා ලෝකා පරං ගතං"
වෙන ලෝකයක් තුලදී වෙන ජීවිතයකදි හෝ වෙන ප්‍රදේශයකදි තමන් කරගත්ත කුසලය
"පියං ඤාතීව ආගතං"
ඒ දෙය තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ, බලාගෙන ඉන්නේ අපි එනකං. මේක ගැන කියන්න තව ටිකක් විස්තර කරල දෙන සූත්‍රයක් තියනවා 'චූල කම්ම විභංග' කියලා. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ගාවට එක්තරා පුතෙක් ඇවිල්ලා වන්දනා කරල අහනවා,
"බුදුරජාණන් වහන්ස මට ප්‍රශ්ණ වගයක් තියනවා අහන්න අවසරද?" කියල.
තථාගතයන් වහන්සේ ඔව් කිවුවට පස්සේ අවසරය දුන්නහම දරුවා ප්‍රශ්ණ කිහිපයක් අහනවා. අදට ඒකෙන් එකක් විතරක් ඇති කියල මම හිතනවා. තථාගතයන් වහන්සේගෙන් ඒ දරුව අහනවා (සුභ කියල පුතෙක් එයාගෙ නම)
"බුදුරජාණන් වහන්ස, මං දකිනව මේ ලෝකේ හරි විෂමතාවයක් තියනවා. සමහර අය පොහොසත්. සමහර අය දුප්පත්. ඒ කියන්නෙ සමහර අය පොහොසත් තැන්වල උපදිනවා. සමහර අය දුප්පත් තැන්වලම උපදිනවා. ඇයි මේ?" කියල අහනව.
බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි පින්වතුනි, යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකයක ජීවත් වෙලා ඉන්නකොට ඒ කෙනා දන් දෙන්නෙ නැත්නම්, තමන් ගාව තියන ධනය අනිත් අය එක්ක බෙදා හදා ගන්නෙ නැත්නම්, අනිත් අයගේ යහපතට තමන් ගාව තියන කාරණාවල් පුළු පුළුවන් හැටියට භාවිතා කරන්නෙ නැත්නම්, ඒ කෙනාට ලැබෙන විපාකය හැටියට බුදු හාමුදුරුවො දේශණා කරනවා, මියෑදිලා ඉපදෙන්න පුළුවන් තැන් දෙකක් තියනවා කියල කියනවා.
එකක් තමයි නිරය. අනිත් එක තමයි තිරිසන් ලෝකය. මේක දේශණාවෙ තියෙන්නේ.
යම්කිසි විදියකින් කවුරු හරි කෙනෙක් දන් නොදුන්නාට ඒ කෙනා මනුස්සයෙක් සතු වෙච්ච ගුණාංගයන් එකතු කරගෙන තිබුනොත්, මනුෂ්‍යයෙක් සතු වෙන විදිහේ මානසික ගුණාංග, මානුෂීය ගුණාංග ඇති කරගෙන තිබුනොත් එහෙම, හදිස්සියෙ හරි අර කියන නිරයේ හෝ තිරිසන් ලෝකයේ ඉපදෙන්නට වරම් නොලැබුනොත්, ඒ කෙනාට අවස්ථාව හම්බ වෙනව ඊළඟට මනුෂ්‍ය ලෝකයකට පැමිණෙන්න.
නමුත් මේ වෙලාවෙදී මෙයාට මනුෂ්‍ය ලෝකෙකට එන්න පින තිබුනා වුනාට එයාගේ කරකියා ගත්ත හිතේ පුරුදු කරගත්ත එක්තරා විදියක් තියනවා. ඒ මොකක්ද? කලින් ජීවිත වලත් දෙන්න පුළුවන්කම තිබුනා වුනාට දීල නෑ. මේක හින්ද මේ කෙනා අල්පසාර කුලවල උපදිනවා කියල කියනවා. දුප්පත් වෙලා උපදිනවා කියල කියනවා.
ඕකෙ අනිත් පැත්ත කියල දෙනවා පින්වතුනි, කවුරු හරි කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්නකොට තමන්ට තියන අල්ප ධනය හරි කමක් නෑ විශාල ධනය හරි කමක් නෑ පුළුවන් උපරිමයෙන් දානයක් වශයෙන්, අතහැරීමේ චේතනාවෙන් යුක්තව, නිස්සරණාධ්‍යාසයෙන් පූජ කරනවා, දන් දෙනවා. එහෙම දන් දීලා අනිත් ඇත්තෝ ඒ දේවල් වලින් ඒ අයගෙ ජීවිත තුල විඳින පහසුව සංතෝසයෙන් සතුටෙන් අනුමත කරනවා. එකඟ වෙනවා. ඒකට සම වදිනව. කැමති වෙනව.
මෙහෙම කෙනෙක් මියැදුනාට පස්සේ (ඒ කාටත් මියැදෙන්න වෙනවා දන් දෙන කෙනාටත් නැති කෙනාටත්) එයාගෙ හිතේ හදා ගත්ත කුසලයත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා එයා ගිහින් උපදින්න පුළුවන් කියල සුගතියෙ. හැබැයි යම් හෙයකින් සුගතියෙ යන්න එයාට බැරිකමක් වුනොත් එයා ආපහු මනුස්ස ලෝකයට තමයි එන්නේ, මොකද ඒ කෙනා මානුෂීය ගුණාංග කොහොමත් එකතු කරාගන තියනවා මේ දානය කියන කාරණාව ඔස්සේ.
එහෙම වුනොත් එයා මනුෂ්‍ය ලෝකයකට ආපුහාම එයාට ලැබෙන පාරිතෝෂිකයක් තියනවා, ලැබෙන වටිනාකමක් තියනවා, එයා එනකං එයාගෙ පින බලාගෙන ඉන්නවා. මොකද්ද කරගත්ත පින? දුන්න දානය.
මේ දීල තියන දානයේ තියන ආනිශංස වලට මේ කෙනා උපදින්නෙ මහාසාර කුලවල, පොහොසත් තැන්වල කියලා තථාගතයන් වහන්සේ 'චූලකම්ම විභංග' කියන සූත්‍රයේ දේශණා කරනවා.
එතකොට පින්වතුනි පිට කොහේ හරි නගරයක ඉඳල හෝ රටක ඉඳලා අපි ආපහු අපේ රටට හෝ අපේ නගරයට එනකොට අපිව දන්න අය අපි දිහා බලාගෙන අපිව බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ, අපි කර ගත්ත කුසලාකුසල කර්මය අපි එනකං බලාගෙන ඉන්නව.
ඒ වගේමයි ඔය ඇත්තො අද දවසේදීත් මේ කරන පින්කම පින්වතුනි, තමන්ගේ හිතේ සංතෝසය ඇති කරගෙන තමන් ධාර්මිකව උපයා සපයාගත්තු ධනයයි පූජ කරලා මේ ආකාරයට දන් දෙන්න කල්පනා කරන්නේ. මේ ආකාරයට තමන්ගේ සතුටයි පූජ කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
ඒ තුලින් ජනිත වන්නා වූ ඒ පින, ඒ හිතේ සංතෝසය ඔය ඇත්තො එනකං බලාගෙන ඉඳීවි. සමහරක් විට ඒක මේ ජීවිතේදීම විපාක දෙන්න පුළුවන්, සුභ විපාක හැටියට, කුසල විපාක හැටියට. සමහරක් විට වෙනත් ජීවිතේක වෙන්නත් පුළුවන්.
මේ ජීවිතේදීම විපාක දෙනවා කියල කියන්නෙ භාවනාවකට වගේ දේකට භාවිතා කරන්න දක්ෂ වුනොත් එහෙම ඒක භාවනා ගමන ඉදිරියට දියුණු කරගෙන යන්න ලැබෙන පුදුමාකාර අස්වැසිල්ලක් වේවි. නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව දන් දීල තියනව නම් ඒ සිතුවිල්ල.
එවන් වූ සිතුවිල්ලක්ම වේවා එවන් වූ මතක් කිරීමක්ම වේවා සංසාරය තුල වුනත් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න කල් හිතේ සංතෝසයෙන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න හැකි වෙන විදිහේ උතුම් වූ පින්කමක් වේවා කියල අපි ආශිර්වාදයක් ඇති කරගනිමු. හිතට අධිශ්ඨානයක් ඇති කරගනිමු.
එහෙම සලකලා අද දවසේදී මේ සිදු කරගත්ත සියළුම කුසල සිතුවිලි සමුදායන් ඔය ඇත්තන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් අනුමෝදනා කරමු. ඒ ඇත්තන්ටත් ආරාධනා කරමු පින් අනුමෝදනා වෙන්න කියල. ඒ වගේම සියළු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් ආරාධනා කරමු මේ පින් අනුමෝදනා කර ගන්න ඕනෙයි කියල.
ඒ වගේම අද දවසේදී මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, "අනේ හොඳයි" කියල අනුමෝදනා වෙච්ච ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින් පෙත් සදා අනුමෝදනා වේවා කියල අපි බලාපොරොත්තුවක් ඇති කරගනිමු.
ඒ සෑම සියළු දෙනාටම අද දවසේ මේ සිදු කරගත්ත කුසලය අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටම, හිතේ සැනසීම ඇති කරගන්නටම හේතු වාසනා උපකාර වෙන මහානීය පින් සිතුවිල්ලක්ම වේවා කියල අපිත් ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 18
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 20
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"දිවා තපති ආදිච්චො
රත්තිමාභාති චන්දිමා
සන්නද්ධො ඛත්තියො තපති
ඣායී තපති බ්රාහ්මණො
අථ සබ්බමහොරත්තිං
බුද්ධො තපති තෙජසාතීති"
(ධම්මපදය බ්‍රාහ්මණ වර්ගය පස්වන ගාථා රත්නය)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දහනමවෙනි අඟහරුවාදා. අද දවසේදීත් ඔය ඇත්තන්ගේ කාරුණික වූ ධනයෙන් ගොඩ නැඟිච්ච දාන වස්තුව සේනාසනයට වැඩමවුනා හිමිදිරි පාන්දරම.
හිමිදිරි පාන්දරක් කියල කියන්නේ රාත්‍රියකට පස්සෙ එළඹෙන දෙයක්. දහවලක් තුලදි තමයි සූර්යයාගේ රෂ්මිය තියෙන්නේ. ඉරක බලපෑම තියෙන්නේ. හැබැයි රාත්‍රියට සූර්යයාගේ බලපෑමක් අපිට නැහැ ඒ තරමටම. රාත්‍රියට දිදුලන්නෙ හඳයි පායල තියනවා නම්.
ඒ වගේමයි සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ඇඳුමෙන් සැරසිලා ඉන්නකොට එයාගේ වෘත්තිය මොකද්ද කියන එක කාටවත් තේරෙන්නෙ නැහැ. දැනෙන්නෙ නැහැ. නමුත් ඒ කෙනා සෙන්පතියෙක් නම් ඒ සෙන්පතියාට අදාළ වන විදියේ ඇඳුම් ආයිත්තම් ලාගෙන ඉන්නකොට, එතකොට නම් තේරෙනවා මෙයා සෙන්පති කෙනෙක් තමයි කියල. ඒක අපි දන්නව.
භාවනා කරනවා කියල කියන ඇත්තෝ සාමාන්‍ය ජීවිතයක් තුල ජීවත් වෙනකොට ඔය එදිනෙදා දෛනික වැඩකටයුතු කොහොමත් කරන්න ඕන. අතුපතු ගාන ඒවා, සුද්ධ පවිත්‍ර කරන ඒවා, තමන්ගෙ රෙදි පෙරෙදි සෝද ගන්න ඒවා, ඒ ආදී හැම එකක්ම. හැබැයි ඒ කෙනාව දිදුලන්නෙ සහ බබලන්නෙත් භාවනාවක් සිදු කරන වෙලාවක් තුලදි තමයි මේ ඇරුමය තියෙන්නෙ.
ඔය කොයි කාටත් පින්වතුනි දිදුලන්නට, බබළන්නට එක්තරා වටපිටාවක් විතරයි තියෙන්නේ. එක්තරා කාලයක් විතරයි තියෙන්නේ. නිරන්තරයෙන්ම බැහැ, නිරන්තරයෙන්ම හැකියාවක් නැහැ, පුළුවන්කමක් නෑ. ඔය අතර එක දෙයක් තියනවා මේ ලෝකේ දිවා රාත්‍රී කියන දෙකේම දිදුලනව, බබළනව, ආලෝකවත්ව පවතිනව. අන්න ඒ දේ ගැනයි දහම් පදයේ ඔය ගාථාවෙන් සඳහන් වෙන්නේ "බුද්ධො තපති තෙජසා" කියල.
බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා උන් වහන්සේගේ තේජසින්, උන් වහන්සේ සාංසාරිකව සකස් කරගත්ත, එකතු කරගත්ත, හදා ගත්ත ගුණදහම්වල තිබිච්ච ඒ ආලෝකයෙන් තථාගතයන් වහන්සේව කොයි වෙලාවෙත් බබළනව. කොයි වෙලාවෙත් දිදුලනව.
ඒ තථාගතයන් වහන්සේව පින්වතුනි ඔය කියන දිදුලනත්වයට එන්න ඉබේට කරුණු සකස් වුනා නෙවෙයි. ඒ උත්තමයාණන් වහන්සේ සාංසාරිකව බොහොම වෙර වීර්යය යොදලා තමන් වහන්සේගේ ජීවිතේ ගුණයන් ඇති කරගන්නට උත්සාහවන්ත වුනා, කටයුතු කලා, මහන්සි වුනා, වෙර වීර්යය ගත්තා.
ඒ කරාපු දේවල් ගොනු කරනවා පිටකත්‍රයේ පාරමිතා කියලා. ඒවත් කොටස් දහයකට කඩනවා දස පාරමිතා කියලා. අටුවාවල් වලදි වගේ ඒවා තවත් කඩ කඩා ඔය තවත් විස්තර කරනවා, වෙනස් කරල පෙන්වලා දෙනවා. මෙකී නොකී කාරණාවල් සමූහයකදීම කොහොම නමුත් කතා වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේගේ ජීවන චර්යාවයි. උන් වහන්සේගේ කාල ක්‍රියාවයි. පැවැත්මයි.
ඒ පවත්වාපු කාල ක්රියාවේ තියෙන ගුණයන්ගේ අවසානම වූ ප්‍රතිඵලය හැටියට බෝධිසත්ත්වයන් වහන්සේ සිද්ධාර්ථ නමින් මේ ලෝකයට ජනිත වෙනකොට පින්වතුනි උන් වහන්සේට ලැබෙනවා කාරණා තිස් දෙකක විශේෂත්වයක්. ඕකට අපි කියනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියල. ඒ ලැබිච්ච හැම පුරුෂ ලක්ෂණයකටම සුවිශේෂ වූ ගුණාංගයක් තිබ්බ. ඒ උත්තමයාණන් වහන්සේ පුරුදු කරපු, හුරු කරපු, මොකක් නමුත් ගුණාංගයක් තිබ්බ.
උදාහරණයක් ගත්තොත් එහෙම, අපි සමාජයේ අපි ජීවත්වෙන බොහෝ දෙනෙකුගේ යටිපතුල පොළොවට එච්චර ගැටෙන්නෙ නැහැ. සමහර කෙනෙකුගේ ඇඟිලි ගැටෙන්නත් පුළුවන්, සමහරක් විට ඒත් නැති වෙන්නත් පුළුවන්. ඇඟිලි දෙක තියන විළුඹ හරියෙම තියෙන කොටසක් තියනව ඉස්සරහ පැත්තේ විළුඹෙ. අන්න ඒ කොටස පොළොවෙ වදිනව වෙන්න පුළුවන්. ඊළඟට විළුඹෙ පිටුපස කොටස පොළොවෙ වදිනව වෙන්න පුළුවන්. නමුත් යටිපතුලක තියන අනික් සාමාක්‍ය පැති පොළොවෙ ස්පර්ශ නොවෙනව වෙන්න පුළුවන්. සමහරක් විට වෙන ඇත්තො ඇති. කොහොම නමුත් බොහෝ විට නොවෙන තත්වයකුයි තියෙන්නෙ.
හැබැයි තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල තියෙනවා ඔන්න ඔය කාරණේ ඔප් නැංවෙන කාරණාවක්. උන් වහන්සේගේ සිරිපතුල සමව පොළොවේ වදිනව කියල කියනව. ඒක හින්ද උන් වහන්සේට බොහෝ වේලාවක් ඇවිදින්න පුළුවන් කිසිම කිසි පීඩාවක් නැතුව, කරදරයක් නැතුව.
ඔය වගේ ලක්ෂණයක් ඇති වෙන්න හේතුව මොකද්ද කියල හොයල බලනකොට අන්න ඒක ගැන කියවෙන්නේ උන් වහන්සේ සමානව හැමෝටම සළකාපු එක කියලයි. විශේෂයෙන්ම දානයක් වගේ දෙනකොට ඒ තුලින් ලැබෙන්න ඕන කුසලය, පින හැමෝමත් එක්කම බෙදා හදා ගත්ත එකයි, හැමෝටම සමානාත්මතාවයෙන් යුක්තව සලකාපු එක කියලයි ධර්මයෙහි සඳහන් වෙන්නෙ.
තව තව කාරණාත් ඕකට එකතු වෙලා තියෙන්න පුළුවන්. කෙසේ හෝ නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ඒ උත්තමයාණන් වහන්සේ දිවා රෑ දෙකේදීම බබළන්නේ ඒ උත්තමයාණන් වහන්සේගේ නමට හෝ ජීවිතයට අදෘෂ්‍යමාන විදියට ඇති වෙච්ච බලවේගයක් හින්ද නෙවෙයි. තමන් වහන්සේ තුළ ජනිත කර ගත්ත, තමන් වහන්සේම හිතාමතා, උවමනාවෙන්, කැමැත්තෙන්, ඕනකමෙන්, මහා වීර්යයකින්, කැපවීමකින් කරපු ඒ පරිශ්රමයෙ ප්‍රතිඵලයක් හැටියටයි.
එතකොට අපිට උන් වහන්සේගේ ශ්‍රාවකයො හැටියට කියල දෙන, උගන්වන පාඩමත් ඔය හා ම සමානයි. අපිටත් කියල දෙන්නේ එවන් වූ චරිතාපදානයක් හදා ගන්නටයි. ඒ දේ සීලය පැත්තෙන් වෙන්න පුළුවන්, සමාධිය පැත්තෙන් වෙන්න පුළුවන්, ප්‍රඥාව පැත්තෙන් වෙන්න පුළුවන්, ඒ දේ දානය පැත්තෙන් වෙන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් ඔස්සේ පින්වතුනි අපේ ජීවිත සකස් කරගෙන යන ගමනේ එක සන්ධිස්ථානයක් තමයි අද දවසේදී මේ ඔය ඇත්තො සම්පූර්ණ කරන්නට අවස්ථාව සලසා ගත්තෙ. අද දවසේදීත් ඔය ඇත්තෝ තමන්ගේ ජීවිතය තුල පුරුදු කරන දාන පාරමිතාවක් හැටියටයි මේ කියන ධන පරිත්‍යාගයන් සිදු කරන්නට යෙදුනෙ.
එතකොට ඒ තුලින් ජනිත වන්නා වූ යම්කිසි කුසලයක් තියනව නම් ඒ කුසලය ඔය ඇත්තන්ට මෙලොව දී විපාක දෙන්න කුසල විපාක හැටියට ප්‍රයෝජන වෙන්න වෙන අවස්ථාවක් ආවොත් ඒ දේ ඒ විදියට වේවි. සංසාරයක කවදා හෝ දවසක් ඔය ඇත්තො ජීවත් වෙනවා නම් ඒ වෙන තාක් කල් මේ තුලින් ජනිත වෙච්ච කුසලයක් තියනව නම් එයින් ප්‍රයෝජන සලසා ගන්නට, රැකවරණය සලසා ගන්නට අවස්ථාව සැලසේවි. එය එසේම වේවා !
ඒ වගේම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුන සියළු මළගිය ඥාතිහිතමිත්රාදීන්ටත් මේ පින්පෙත් සදා අනුමෝදනා වේවා ! ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් සංසාරයේ දුකෙන් අත්මිදී ලබන අමා මහ නිවන සලසා ගන්න මේ පින් හේතු වාසනා වේවා ! ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අප සෑම සියළු දෙනාගේමත් යහපත් වූ සිතුම් පැතුම් ආරක්ෂා කරන සියළු දෙවිදේවතාවුන් වහන්සේලාද මේ පින්පෙත් අනුමෝදනා කරගනිත්වා !
මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු ඇත්තො සෑම සියළු දෙනාටමත් ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ පින් අනුමෝදනා වෙලා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියල කියන මේ දේවල්වලින් බැහැර වෙච්ච අමා නිවන සලසා ගන්න, අද දවසේදී මේ කරන පින්කම, මේ කරපු කුසලය, ඒ පින් සිතුවිල්ල පින් මතකයක්ම වේවා ! හිතේ තැන්පත් කමටම හේතු වාසනා වේවා කියල අපි ආශිර්වාදයක් ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
2023. 12. 19
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏